Title
stringlengths 10
145
| Content
stringlengths 16
23.6k
|
---|---|
Hashtags Comment කරා කියලා Trend වෙන්නේ නෑ; දැනගෙන හරියට Trend කරමු | අද මේ වෙලාවේ Android වැඩකාරයෝ අපි සූදානම් වෙන්නේ මේ වෙනකොට ඔයාල trend එකක් වෙන්න කියල හිතාගෙන Facebook, Twitter වගේ social media platforms වල අනවබෝධයෙන් සිදු කරන යම් කිසි කටයුත්තක් පිළිබඳව නිවැරදි පැහැදිලි කිරීමක් සිදු කරන්න.මේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් හැමෝම යම්කිසි වූ එක් අරමුණකින් යුතුව එක්තරා hashtag එකක් භාවිතා කරමින් ඔවුන්ගේ පරමාර්ථයක් ජයග්‍රහණය කිරීමෙ අරමුණෙන් මේ වෙනකොට මහ මඟ, සමාජ ජාලා වල, කාර්යාලයන්වල, පාර්ලිමේන්තුව ඉදිරිපස, සහ හැකි සෑම තැනම සටන් වදිමින් සිටිනවා. ඒ මෙරට පවතින්නා වූ දේශපාලන ක්රමයේ අවසාන ගමන සහ අවසාන කාලය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව ලොව තිබිය යුතු ඒ ශ්‍රේෂ්ඨ ස්ථානය වෙත ඔසවා තැබීමේ අරමුණිනි.මේ ආකාරයට සිදු කරගෙන යන්නා වූ මේ ක්‍රියාවලියට කිසිදු නායකයෙකු නොමැති අතර ඒ සඳහා නායකත්වය සපයා ගන්නේ ඒ ඒ කොටස් විසින් ස්වේච්ඡාවෙන්ම වීම විශේෂත්වයක් වනවා. කර්තෲ කෙනෙකුන් නැති ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ අපූරු පරිච්ඡේදය ලිවීමෙහි උපරිම සේවයක් ඉටු කරලන්නේ සමාජ ජාලයන් වීම මෙහි ඇති විශේෂත්වයක් වනවා.ඉතින් මේ සමාජ ජාල වලදී මේ කටයුත්ත සඳහා සහභාගී වී ඇති පුද්ගලයන් විසින් සිදු කරන එක් කාර්යයක් වන්නේ ඉවක් බවක් නැතුව hash tags, එහෙමත් නැත්තම් hash tags comments ආකාරයට නිමාවක් නොමැතිව එක දිගටම පලකරගෙන යාමයි. ඇත්තටම මෙහි ඇති ප්‍රයෝජනය කුමක්ද?ලොව මේ වන විට සමාජ ජාලා විශාල ප්‍රමාණයක් පවතින අතර මේවායෙන් ලොව පෙරළියක් සිදු කිරීමට බහුලව භාවිතා වන සමාජ ජාලාවන් දෙක ලෙස සැලකෙන්නේ Facebook, Twitter යන සමාජ ජාලාවන් දෙකයි. බොහොමයක් Twitter භාවිතා කරන්නේ microblogging platform එකක් ආකාරයටයි. එහිදී ඔබ විසින් පල කරන යම් පණිවුඩයක්, ඒ කිව්වේ Twitter පණිවුඩයක් හැදින්වෙන්නේ Tweet එකක් ලෙසිනි. එම Tweet එකකට ඔබ හෝ කුමන අයෙකු විසින් ලබා දෙන පිළිතුර හෝ ප්‍රතිචාරය හැදින්වෙන්නේ reply Tweet එකක් ලෙසිනි. ඒවා කිසිදු දිනක comment එකක් ආකාරයට ක්‍රියකරන්නේ නැත. Tweet එකක් වුවද, Reply Tweet එකක් වුවද, Quoted Tweet එකක් වුවද එය Tweet එකකි. එහිදී ඕනෑම Tweet එකක අඩංගු වන hash tag එකක් trending යන්නේ ඒ හැම එකක්ම Tweet එකක අඩංගු වන නිසාවෙනි.නමුත් Facebook එක මීට හාත්පසින්ම වෙනස් වන කාරණාවක්. Facebook එකේ ඇති යම් post එකකට ලබා දෙන ප්‍රතිචාරය හැදින්වෙන්නේ comment එකක් හෝ reply comment එකක් ආකාරයටයි. එය අදාල වන්නේ ඒ අදාල post එකටම පමණයි. එමෙන්ම Facebookහි hash tag භාවිතා කිරීම සහ භාවිතා වීම Twitter එකට වඩා හාත්පසින්ම වෙනස් වනවා.Facebook තුල ඕනෑම තැනක hash tag එකක් භාවිතා කල හැකි වුවත් ඕනෑම තැනක ඇති hash tag එකකින් ඒ hash tag එකට අදාල feed එකට ගොස් ඒ සඳහා වන Post එකවර නැරඹිය හැකි වුවද, Facebook තුල කිසිසේත්ම hash tag එකක් comments ලෙස යොදමින් එය trend කිරීමේ හැකියාවක් නොමැති අතර එසේ සිදුවන්නේද නැත. එයට හොඳම උදාහරණය, ඔවුන් විසින් භාවිතා කරන#GoHomeGotaයන hash tag එක වෙත ගියහොත් ඔබට එම feed එකේ පෙන්වන්නේ එම hash tag එකට ඇතුලත් කරමින් සිදු කරන ලද පල කිරීම් පමණි. ඔබට කිසිසේත්ම එම hashtag එක අඩංගු comments එම feed එක තුල පෙන්වන්නේ නැත. නමුත් Twitterහි hashtag එකට ගියහොත් Tweet මෙන්ම Reply Tweetද පෙන්වනු ලබනවා.එබැවින් ඔබගේ වටිනා කාලය භාවිත කරමින් hash tags, comments ආකාරයට නොදමා, හැකිතරම් Facebook posts සමඟින් අදාල hash tags ඇතුලත් කර ඒවා Facebook තුල පලකරන මෙන් Android වැඩකාරයෝ අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.මේ වන විට ඉතාමත් සීග්‍රයෙන් සහ වේගයෙන් Facebook pages වලට comments විදිහට එකම අයෙකු විසින් කෙටි කාලයක් තුල එකම hashtags ඇතුලත් comments එක ලඟ එක දැමීම නිසා සහ කවදා හෝ එය නැවැතුනු පසු Facebook Algorithm එක හරහා එය unusual activity එකක් ලෙස හදුනා ගනිමින් Facebook pages සඳහා යම්කිසි panelty කාලයක් ලබාදෙනු ලබනවා. (මෙම පැනල්ටි කාලය Facebook විසින් ඔබට පනවන restriction එකක් නොව, ඔවුන් විසින් ඔවුන්ගේ algorithm එක භාවිතා කරමින් ස්වයංක්‍රීයවම ඔබගේ Facebook page එක සඳහා වන reach, engagements අඩු කරනු ඇත.) ඒ අනුව ඇතැම් විට Facebook page වල reach, engagements වැනි ඒවා සාමන්‍ය තත්වයේදී තිබුණාටත් වඩා පහලට යා හැකි වනවා. එමෙන්ම එසේ comments දමන ඔබගේ Facebook ගිණුමද unsual activities වලට හසු වූ ගිණුමක් ලෙසින් Facebook Algorithm වලින් හදුනා ගනු ලබනවා.ඔවුන්ට මේ වේලාවේ අවශ්‍ය වන්නේද එයයි. පාලකයන්ගේ සමාජ ජාලා විශ්ලේෂකයන්ට අවශ්‍ය වන්නේද සමාජ ජාලා තුල ක්‍රියකාරීව මෙම අරගලයට සහය දක්වන ඔබ සැම ඒ ආකාරයට කූඨ අයුරින් unusual activities වලට හසු කර ඔබගේ ගිණුම තුළින් comment කිරීමේ හැකියාව තාවකාලිකව වළක්වාලීමටයි. එයට හසු නොවී අවබෝධයෙන් නිවැරදිව සමාජ මාධ්‍යන් භාවිතා කරමු. හරි දේ ඉගෙන ගනිමු. කාලය ඉතුරු කරගනිමු, ඒ කාලය ප්‍රයෝජනවත් ආකාරයට මේ අරගලයට යොදාගන්න. |
Firebase කියන්නේ මොකක්ද? සරලව සිංහලෙන් | Firebase යනු, Google ආයතනය විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග නිර්මාණය කරන්නන් සඳහා අතිශය වැදගත් යෙදුම් සහිත Backend එකකි. මෙහි මෘදුකාංග සංවර්ධනය කරන්නන්ට වෙන්වූ නොමිලයේ ලබාගත හැකි යෙදවුම් මෙන්ම මුදල් ගෙවා ලබාගත හැකි යෙදවුම්ද විශාල ප්‍රමාණයක් තිබෙනවා. මෙම සියලු යෙදවුම් අපට Cloud Service ලෙස ලබාගත හැකි නිසා ඕනෑම අවස්ථාවකදී සම්බන්ධ වීමට හැකියාව තිබේ.එමෙන්ම දැනට නිතර භාවිතා වන ක්‍රමලේඛන භාෂා විශාල ප්‍රමාණයකට Firebase විසින්ම නිල වශයෙන් අත්පොත් ලබා දී ඇති නිසා එම ඕනෑම භාෂාවක සිට පහසුවෙන්ම Firebase හි ඇති විශේෂාංග භාවිතා කිරීමට අවස්ථාව සැලසේ. මෙම සේවාවන් වල නොමිලයේ භාවිත කිරීමේ සීමිතකම් ඇති අතර එය අපගේ සංවර්ධක අවදියේදී සෑහීමකට පත් වන අයුරින් සකසා ඇත. එම නිසා වැඩි පාරිභෝගික පිරිසක් සිටින විට මෙම සේවාවන් මුදල් ගෙවා ලබාගැනීමට හැකියාව ඇත. එහෙනම් අපට නිතර අවශ්‍ය වන යෙදවුම් කිහිපයක් ගැන කෙටියෙන් දැනගනිමු.AuthenticationFirebase සතු බෙහෙවින් ප්රයෝජනනවත් වන මෙවලමක් තමයි මේ Authentication කියල කියන්නේ. ඔබ අප එදිනෙදා භාවිතා කරන Android, iOS හෝ Web Application වල ඇති Sign in with Google / Sign in with Facebook වැනි Login හෝ Sign Up වීමට ඇති පහසුකම මෙම Firebase Authentication හරහා අපට ලබාගත හැකිය. එමෙන්ම ඒ හරහා එම අදාල පුද්ගලයාගේ එම ගිණුමේ නම, E - mail වැනි තොරතුරු මේ හරහා ලබාගැනීමට සංවර්ධකයාට හැකියාව ඇත. මෙම සේවාව මගින් ආරක්ෂාකාරීව අදාල මෘදුකාංගයට ඇතුලුවීමේ හැකියාව පාරිභෝගිකයාට ලැබෙන අතර මෘදුකාංග සංවර්ධනය කරන්නාටද ඉතාමත් පහසු ලෙස මෙය නිර්මාණය කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ හරහා පහත රූපයේ පරිදි කැමති සේවාවක් ලබාගැනීමට සංවර්ධකයාට අවස්ථාව සැලසේ.Firebase AuthenticationFirebase Authentication lets you add an end-to-end identity solution to your app for easy user authentication, sign-in, and onboarding in just a few lines of code.Firebaseවැඩිදුර තොරතුරු සදහා මෙම සබැදිය භාවිතා කරන්න.Real-Time DatabaseFirebase හි ඇති සුවිශේෂ ජනප්‍රිය මෙවලමක් තමයි මෙම Real Time Database එක. මන්ද යත් ඕනෑම විටක ඕනෑම භාෂාවකින් මේ සදහා සම්බන්ධ වී ක්ෂණිකව දත්ත ලබාගැනීම පුලුවන් Database එකක් වීමයි. මෙහි දත්ත යාවත්කාලීන වු සැනින් අදාල මෘදුකාංගයට දැනගැනීමට හැකියාව ද මෙමගින් ලබාදී ඇත. තවද මෙම Database එක IOT නිර්මාණකරුවන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වි තිබෙනවා. මෙහි සියලුම දත්ත Key-value ලෙස ගබඩා වන නිසා මෙහි sql භාවිතයක් නොමැත. තවද මෙම Database එකට වෙනම Url එකක් සහිත වන නිසා එමගින් GET Request යොමුකර json ආකාරයටද දත්ත ලබාගැනීමට හැකියාව ඇත. මෙම Real-time database එකට Security Rules ආදියද ලබාදීමට හැකිනිසා පිටස්තර අයගෙන් මෙහි ඇති දත්ත ආරක්ෂා කරගැනීමට හැකියාව ඇත.Firebase Realtime DatabaseStore and sync data with our NoSQL cloud database. Data is synced across all clients in realtime, and remains available when your app goes offline.Firebaseවැඩිදුර තොරතුරු සදහා මෙම සබැදිය භාවිතා කරන්න.Firestore Databaseමෙයද Firebase විසින් අපට ලබාදෙන Database එකකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි දත්ත ගබඩා කරනුයේ Collection සහ Document වශයෙනි. එමගින් විවිධ වර්ගයේ Data Types විශාල සංඛාවක් ගබඩා කල හැකි අතර එයද අදාල Document එක තුල Key Value ලෙස ගබඩාවීම සිදුවේ. මෙයටද Real-Time Database මෙන්ම Security Rules ලබාදීමට හැකියාව ඇත. මෙම Firestore සේවාව මගින් Real-Time ආකාරයට හෝ නැතිනම් One-Time ලෙස දත්ත ලබාගැනීමට හැකියාව ඇත. එය අප භාවිතා කරන පරිගණක භාෂාව මත වෙනස්විය හැකියි. මෙහි දත්ත ඉතා සියුම් ලෙස Filter කර පෙලගැස්විය හැකිවීමත් මෙහි තිබෙන වාසියකි. Firestore වෙත ඔවුන්ගේ නවතම Firestore Extensions ලබාදී ඇති නිසා පෙර නොවූ අද්දැකීමක් ඔබට දැන් ලබාගත හැකියි.Firestore | FirebaseUse our flexible, scalable NoSQL cloud database to store and sync data for client- and server-side development.Firebaseවැඩිදුර තොරතුරු සදහා මෙම සබැදිය භාවිතා කරන්න.HostingWeb Site එකක් අන්තර්ජාලයට මුදා හැරීමේදි අපට Domain සහ Web Hosting එකක් ලබාගැනීමට අනිවාර්යයෙන්ම කල යුතු දෙයකි. වෙබ් අඩවියක් නිර්මාණය කරන අවස්ථාවේදී එය පරීක්ෂණ කිරීමට හෝ අපට නොමිලයේ Host කිරීමට ඉතාමත් සීමිත වෙබ් අඩවි කිහිපයක් දැකගැනීමට පුලුවන්. ඒ අතරින් සුවිශේෂ වූ සේවාවක් Firebase Hosting වෙතින් සපයයි. මෙමගින් අපට නොමිලයේම .web.appවසම් නාමය යටතේ Domain එකක් නොමිලයේම ලබාගත හැකියාව ඇත. තවද අපට ඕනෑම වෙනස්කමක් පරිගණකය තුලම සිදුකර එවෙලෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට මෙම Hosting සේවාව මගින් අවස්ථාව හිමිවේ. මෙම සේවාව Command Line එකක් තුල සිදුවන නිසා ඉතාම වේගවත්ව පරිහරණය කල හැකිය. මෙම Firebase Hosting සේවාව React, Flutter, HTML, Javascript වැනි භාෂාවන්වලට සීමාවූ එකක් නිසා php වැනි භාෂාවන් වලට තවමත් සහාය නොදක්වයි. මෙයට අපට කැමති Domain එකක් සම්බන්ධ කර එයට Deploy කිරීමට හැකියාව ඇති අතර 10GB Storage, 10GB Monthly Downloads ප්‍රමාණයක් සහ SSL පහසුකම් ඇතුලු සේවා රැසක් ජීවිත කාලයටම නොමිලයේම ලබාදෙයි. තවද මෙය CLI ආකාරයට භාවිතා වන නිසා Files Drag and Drop ක්‍රමයට Upload කීරීමක් හෝ නොකල හැකි නිසා ආධුනික අයට තරමක් අපහසු වනු ඇත.Firebase HostingFirebase Hosting provides fast and secure hosting for your web app, static and dynamic content, and microservices.Firebaseවැඩිදුර තොරතුරු සදහා මෙම සබැදිය භාවිතා කරන්න.StorageFirebase Storage යනු Media Storage පහසුකම ලබාදෙන සේවාවයි. මෙහි ඔබට අවශ්‍ය ඕනෑම Images, Videos, Documents ආදී සියලු දේවල් Upload කිරීමට හැකියාව ඇත. මෙම සේවාව ඔබ Firestore හෝ Real-Time සේවාව සමග භාවිතා කරන්නේ නම් මෙහි ඇති එක් එක් ගොනුවට ඇති url එක ඔබගේ Database එක තුල ගබඩා කිරීමෙන් අදාල file එකට සෘජුවම සම්බන්ධ වීමට හැකිව ඇත. මෙම Storage සේවාවටද Security Rules භාවිතා කර ආරක්ෂාව ලබාගත හැකිය.Cloud Storage for Firebase | Firebase StorageCloud Storage for Firebase is built for app developers who need to store and serve user-generated content, such as photos or videos.Firebaseවැඩිදුර තොරතුරු සදහා මෙම සබැදිය භාවිතා කරන්න.AnalyticsFirebase භාවිතා කර සාදන ලද Web, Android, iOS වැනි Apps සඳහා මෙම සේවාව භාවිතා කිරීමට හැකි අතර එමගින් අපගේ Software එක දැනට භාවිතා කරන පරිශීලකයන්ගේ විස්තර මෙන්ම Software එකෙහිද සියලු විස්තර දින වකවානු සහිතව සවිස්තරව විශ්ලේෂණය කරහැකි අන්දමට ලබාගතහැකි පහසුකමක් ලෙස මෙය හදුන්වා දිය හැකිය. මෙම සේවාව Firebase සමග සියලු අංග නොමිලයේම සපයයි.Google Analytics for FirebaseGoogle Analytics is an app measurement solution, available at no charge, that provides insight on app usage and user engagement.Firebaseවැඩිදුර තොරතුරු සදහා මෙම සබැදිය භාවිතා කරන්න.CrashlyticsFirebase Crashlytics යනු අපගේ IOS, Flutter, Android සහ Unity මෘදුකාංග Production release කල පසුව ඇතිවන සියලු crash පිලිබදව Report එකක් ලබාගත හැකි අපූරු මෙවලමකි. මෙමගින් ඉතා පහසුවෙන්ම භාවිතා කරන්නට ඇතිවෙන දෝෂ හදුනාගැනීමට හැකිවන නිසා භාවිතා කරන්නන්ගෙන් Feedback ලබාගැනීම අවශ්‍ය වන්නේ නැත. එම ගැටලුව ඇති වූ අවස්ථාවේදීම Firebase Crashlytics Dashboard එක තුල එම ගැටලුව ඇති වූ ස්ථානය සහ එහි කේතය සමගම අපට දැකගැනීමට හැකිවන නිසා ලේසියෙන්ම එම ගැටලුව සදා මෘදුකාංගයේ යාවත්කාලීනකම් සිදුකල හැකිය.Firebase CrashlyticsGet clear, actionable insight into app issues with this powerful crash reporting solution for Apple, Android, Flutter, and Unity.Firebaseවැඩිදුර තොරතුරු සදහා මෙම සබැදිය භාවිතා කරන්න.මේ ආකාරයට Firebase තුල ඇති විශේෂාංග කිහිපයක් අපට සරලව හදුන්වා දිය හැකිය. එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක්. |
AirDrop පහසුකම භාවිතා කරන්නන්ගේ පෞද්ගලික දත්ත සොරාගැනීමට හැකියාව ඇති දුර්වලතාවයක් හඳුනාගැනේ | AirDrop කියන්නේ Apple Device එකකින් තවත් Apple Device එකකට Photos, Video හා Document හුවමාරු කර ගැනිමට Apple සමාගම විසින් ලබා දි ඇති Wireless File Sharing System එකක් වෙනවා. ඒ වගේම ඔබට මතක ඇති පසුගිය කාලයේදි මේ හා සමානවම Android Devices සදහාNearby Shareපහසුකම හදුන්වා දිමට Google සමාගම කටයුතු කරනු ලැබුවා.කෙසේ වෙතත් ජර්මානු විශ්ව විද්‍යාලයක Security Researchersලා පිරිසක් විසින් Airdrop මගින් File හුවමාරු කර ගන්නා විට අසල සිටින වෙනත් පුද්ගලයකුට අවශ්‍ය නම් AirDrop පහසුකම භාවිත කරන පුද්ගලයාගේ Phone Number හා Email ආදි පුද්ගලික තොරතුරු වෙත පිවිසිමට හැකියාව ඇති බවට සොයාගෙන තිබෙනවා.සාමාන්‍යයෙන් AirDrop පහසුකම Contacts Only Option එකෙන් භාවිත විමේදි Mutual Authentication Mechanism එක මගින් භාවිත කරන්නන්ගේ Phone Number හා Email ආදිය අනෙක් පුද්ගලයාගේ Contact List එකේ පවති දැයි පරික්ෂා කර බැලිමක් සිදු වෙන අතර ඉන් අනතුරුව File Share විම සිදු වෙනවා. මෙම ක්‍රියාවලිය කේතනය කර තිබෙන නමුත් අවශ්‍ය පුද්ගලයකුට Brute-force Attacks වැනි සරල උපක්‍රම මගින් එම තොරතුරු ලබා ගත හැකි වෙන බව මොවුන් දක්වා තිබෙනවා.මේ පිළිබඳව මොවුන් විසින් Apple සමාගම දැනුම්වත් කිරිමට කටයුතු කර ඇති අතර තවමත් Update එකකින් හෝ මේ ගැටලු විසදිමට ඔවුන් ක්‍රියාත්මක වි නොමැති බවත් ඔවුන් විසින් දක්වා තිබෙනවා.Source :Cnet |
Amazon Appstore විසින් Android App Bundle (AAB) ආකෘතිය සඳහාද සහය දැක්වීමට සූදානම් වේ | අගෝස්තු මාසයේ සිට නිකුත් කරන Apps සදහා මෙතෙක් කල් භාවිත වු APK ආකෘතිය වෙනුවට නව AAB ආකෘතිය යටතේ Apps නිකුත් කිරිමටසිදු වෙන බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන එනු ලැබුවා. ඒ වගේමWindows 11 සදහා Android Apps ධාවනය කිරිමේ හැකියාව ලබා දි තිබෙනබවටත් අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා.Windows 11 හිදි Android Apps ලබා ගත හැකි වෙන්නේ Amazon App Store එක හරහා වෙන අතර මෙය Google Play සදහා සහය දැක්විමක් සිදු වුයේ නැ. කෙසේ වෙතත් මේ වෙන විට Amazon සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙන්නේ ඔවුන් විසින් Amazon App Store එක සදහා නව AAB අකෘතියේ Apps සදහා ඉඩ ලබා දෙන බවයි.කෙසේ වෙතත් ඔවුන් තව දුරටත් APK ආකෘතිය සදහාත් සහය දක්වනු ලබන අතර AAB ආකෘතිය මගින් ලැබෙන වාසි Windows 11 Usersලාට ලබා ගැනිමට මේ හරහා අවස්ථාව ලැබෙනවා.මෙහි ප්‍රධානතම වාසිය ලෙස AAB අකෘතිය ඔස්සේ Appsවල Size එක අඩු කිරිමට හැකියාව ලැබි තිබිම දක්වන පුලුවන්. ඒ වගේම අනාගතේදි AAB අකෘතිය මගින් ලැබෙන සියලුම Features Amazon App Store එක තුලින් ලබා දිමට බලාපොරොත්තු වෙන බවයි.Source :Amazon,Gsm Arena |
iOS 15.4 හරහා iOS සඳහා වන තෙවන පාර්ශවීය apps සඳහා 120Hz refresh rate පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලබා දෙන බවට තොරතුරු වාර්තා වේ | Apple සමාගම විසින් පසුගිය වසරේදී iPhone 13 ජංගම දුරකතන මාලාව එලිදැක්වීම සිදු කරනු ලැබුවා. මේ වන විට ලොව ඉතාමත් හොඳ අලෙවියක් වාර්තා කිරීමට එම ජංගම දුරකතන මාලාව සමත් වී තිබෙන බව වාර්තා විසින් දක්වා තිබෙනවා. 2021 වර්ෂය වන තුරුම iPhone එකක් සඳහා 60Hz refresh rate එකකින් යුතු තිරයකින් එහාට යාමට Apple සමාගම විසින් කටයුතු නොකල නමුත් iPhone 13 දුරකතන මාලාව සමඟින් ඔවුන් විසින් iPhone 13 Pro සහ iPhone 13 Pro Max සඳහා 120Hz ProMotion display එකක් හදුන්වා දීමට කටයුතු කලා.Apple සමාගම විසින් 120Hz ProMotion displays හදුන්වා දුන්නත් එම පහසුකම ක්‍රියාත්මක වූයේ system apps වලට සහ තවත් apps කිහිපයකට පමණි. නමුත් මේ වන Apple සමාගම විසින් නිකුත් කර ඇති iOS 15.4 beta සංස්කරණය ඔස්සේ සියළුම apps සඳහා 120Hz refresh rate එක භාවිතා කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.මේ වන විට වාර්තා වන ආකාරයට iOS සඳහා apps develop කරන ඉංජිනේරුවෙකුගේ සටහනකට අනුව Apple සමාගමේ සේවය කරන තවත් developer කෙනෙකු විසින් iOs 15.4 හරහා අනෙකුත් apps සඳහාද 120Hz සහය ලබාදෙන බව ඔහුට ප්‍රකාශ කර ඇති අතර ඒ බව සඳහන් කරමින් ඔහුට ලැබුනු screenshot එකක් පවා ඔහු තම Twitter පණිවුඩයට ඇතුලත් කර ඇත.Yay, got a little message from someone at Apple today that this is fixed in the iOS 15.4 betas and all apps automatically get 120 Hz animations on supported iPhones going forward, and just confirmed myself. (See attached, 1/120 = 8.33 ms) ???https://t.co/EtZ9zkrM6Spic.twitter.com/04cl8uLb11— Christian Selig (@ChristianSelig)January 27, 2022මෙම පුවතත් සමඟින් විශ්ලේෂකයන් මත පල කර සිටින්නේ Apple සමාගම විසින් ඔවුන්ගෙ මෙහෙයුම් පද්ධතියේ තිබුණු Core Animation bug එක නිවැරදි කරගෙනු ඇති බවයි. කෙසේ නමුත් iOS 15.4 හරහා සියළුම ඇප්ස් සඳහා 120Hz refresh rate එක ස්වයංක්‍රීයවම ලබා දෙනවාද, එසේත් නැති නම් developersලාට ඒ සඳහා වෙනම කේතනයක් හරහා එම පහසුක්ම ඇතුලත් කර අදාල app එකේ update එකක් හරහා ලබාදීම සිදු කරන්න වේද යන්න තවමත් තහවුරු කර නැත.Source:Twitter |
TRCSL අනුමැතිය නැතුව ශ්‍රී ලංකාවට ගෙන්වන ජංගම දුරකථන වලට දුරකථන සංඥා ලබා දීම වලක්වමින් අද දින සිට (01.10.2020) නීති ක්‍රියාත්මක වේ | මීට පෙර මේ පිළිබඳව අප විසින් ඔබව දැනුවත් කරමින් පුවතක් ඔබ වෙත ගෙන ආවෙමු. එයමෙතනින්කියවන්න.අද සිට ඔබ ලංකාව තුලදී SIM කාඩ්පත් භාවිත වන උපාංගයක් මිලදි ගැනිමට බලාපොරොත්තු වෙනවා නම් එය අනිවාර්යයෙන්ම TRCSL හි අනුමැතිය සහිත ලියාපදිංචි උපාංගයක් විය යුතු වෙනවා. මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂවරයා පවසා සිටියේ දැනටමත් SIM කාඩ්පතක් සමග භාවිත කරන TRCSL අනුමැතිය සහිත හෝ රහිත උපාංග සදහා මෙය අදාල නොවන බවයි.එමෙන්ම අද සිට ශ්‍රී ලංකාවට ගෙන්වන හෝ මිලදි ගෙන රැගෙන එන Devices සියල්ල TRCSL හි ලියාපදිංචි කල යුතු වෙනවා. මෙය TRCSL වෙබ් අඩවිය හරහා සිදු කරගත හැකි බවත් එහි අධ්යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා. මෙලෙස TRCSL හි ලියාපදිංචි නොකරන Devices සදහා යොදන SIM කාඩ්පත් අදාල සේවා සපයන ආයතනය විසින්ම අවලංගු කිරිමට කටයුතු කරනු ඇත.මිට පෙර විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් TRCSLහි අනුමැතිය ලත් Devices මිලදි ගැනිමට කටයුතු කරන මෙන් පාරිභෝගිකයාව දැනුවත් කරනු ලැබුවා. එමෙන්ම මෙලෙස මිලදි ගැනිමේ දි TRCSLහි අනුමැතිය ලත් අලෙවිකරැවන්ගෙන් මිලදි ගත යුතු වෙනවා. මෙම අලෙවිකරැවන්ට ඔවුන් TRCSL අනුමැතිය සහිත Devices අලෙවි කරන බව ඒ Device එක මත අලවන ලද TRCSL Approved Sticker එක මගින් ප්‍රදර්ශනය කල හැකියි. එමෙන්ම TRCSL හි අනුමැතිය ලත් Devices නැවත ලියාපදිංචි කිරිමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එහි අධ්යක්ෂ ජනරාල්වරයා දක්වා තිබෙනවා.ඔබ මිලදි ගන්නා Devices එක සදහා TRCSL අනුමැතිය තිබේදැයි දැන ගැනිම සදහා එම Device එකේ IMEI අංකය 1909ට SMS කිරිමෙන් දැන ගත හැකි වෙනවා. මේ සදහා *#06# Dial කර හෝ Device එකේ Box එකේ ඇති ඉලක්කම් 15 කින් යුත් IMEI අංකය සොයාගත හැකියි. ඉන් පසු IMEI<15digit IMEI number> ලෙස 1909ට SMS කිරිමෙන් ඒ Device එක නිල වශයෙන්ම අනුමැතිය ලත් Device එකක් දැයි දැනගත හැකි වෙනවා.නවීකරණය කරන ලද (ව්‍යාජ) දුරකථන ශ්‍රී ලංකාවට විවිධ පුද්ගලයින් විසින් ගෙන්වන අතර මෙවැනි දුරකථනවල විකිරණ නිකුත් කිරිමේ හැකියාව ද ඉහල බැවින් මෙවැනි Devices හදුනා ගැනිමට මේ තුලින් අවස්ථාව ලැබෙන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වැඩිදුරටත් පැවසා තිබෙනවා.TRCSL හි ලියාපදිංචි අලෙවිකරැවන්ගෙන් 95% පමණම කුඩා පරිමාණ අලෙවිකරැවන් වන අතර මේ සදහා ලියාපදිංචි විමට වාර්ෂිකව යම් මුදලක් ගෙවිය යුතු වෙනවා. එමෙන්ම මෙලෙස ජංගම දුරකථන ලියාපදිංචි කිරිමේදි කිසිදු බදු මුදලක් අය නොකරන බවති ඕනැම පුද්ගලයෙකුට TRCSL නිල වෙබ් අඩවිය (http://www.trc.gov.lk) හරහා තම Device එක ලියාපදිංචි කර ගැනිමට අවස්ථාව ලබා දි ඇති බවත් ඔහු දක්වා තිබෙනවා.ඉදිරියේදි SIM කාඩ්පත් සමග ක්‍රියාත්මක වෙන TRCSL හි අනුමැතිය නොලත් Devices වලට දුරකථන සංඥා නිකුත් කිරීම SIM කාඩ්පත් එම සේවා සපයන්නා විසින්ම අක්‍රිය කල යුතු බව අදාල සේවා සපයන ආයතන වලට උපදෙස් සපයා ඇති අතර මෙය 2020 වර්ශයේ ඔක්තෝම්බර් 01 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත.Sources :Dailymirror,Colombo Times |
Windows 11 හි Local Account එකක් Microsoft Account එකක් සමඟ Link කරන්නේ කොහොමද? | Windows 11 තුළ ඔබ මීට පෙර local account එකක් භාවිතා කළේ නම් අද අප මේ කියාදෙන ක්‍රමය තුළින් ඔබට Microsoft Account එකකට ලැබෙන සියලුම Cloud Benefits ලබා ගත හැකි වනවා.උදාහරණයක් ලෙස, ඔබේ Local Account එක Microsoft Account එකකට සම්බන්ධ කරන විට, ඔබට පරිගණකයේ Windows 11 product key එක ඔබේ ගිණුමට සම්බන්ධ කළ හැකි වනවා, ඒ මඟින් ඔබ එම Device එකට නැවත Windows Install කිරීමේදී ඔබගේ Account එකට Sign In වූ පසුව Automatically Windows Activate වනවා. (මේ පහසුකම මෙසේ ක්‍රියාත්මක වනුයේ Original Windows Product Keys සඳහා පමණයි)තවද Settings Sync කිරීම Files Sync කිරීම, වෙනත් Device එකකින් ඔබගේ තවත් Device එකක් Find my device පහසුකම ඔස්සේ සොයා ගැනීම වැනි බොහෝමයක් පහසුකම් මේ තුළින් ඔබට ලබා ගත හැකි වනවා.අපි දැන් බලමු Windows 11 වල ඔයාගේ Local Account එක Microsoft Account එකත් සමඟ link කරන්නේ කොහොමද කියලා.පියවර 1Settings Open කර එහි Accounts වෙත යන්නපියවර 2එහි Your Info වෙත යන්නපියවර 3එහි Account Settings යටතේ ඇති Sign in a Microsoft account instead වෙත යන්න.පියවර 4ඔබට දැනටමත් Microsoft Account එකක් තිබේ නම් එහි Email Address එක ලබා දී Next කරන්න.ඔබට Microsoft Account එකක් නොමැති නම්, Create new account වෙත පිවිස අලුතෙන් Account එකක් සදාගන්න.පියවර 5දැන් ඔබගේ Account එකෙහි password එක ලබා දෙන්නපියවර 6දැන් ඔබ මේ වන තෙක් භාවිතා කළ local account එකෙහි password එක ලබා දෙන්න.?ඔබගේ local account එකට password එකක් යොදා නොමැති නම්, මෙය හිස්ව තබා next කිරීමෙන් ඔබට මීළඟ පියවර වෙත යා හැක.පියවර 7 (අත්‍යාවශ්‍ය නොවේ)Skip for now option එක Click කිරීමෙන් ඔබට Windows Hello Setup එක Skip කර Next Button එකමත Click කරන්න.පියවර 8දැන් ඔබගේ Account එකට Sign in වීම සඳහා PIN එකක් Setup කරගන්න.පියවර 9දැන් මෙහි Verify Button එකමත Click කර Account එක Verify කරගන්න.පියවර 10ඒ සඳහා Verification Code එක යැවීමට Email Address එකක් ලබා දෙන්න.පියවර 11දැන් ඔබට ලැබුණු Code එක ලබා දෙන්න.වැඩේ හරි! දැන් සම්පූර්ණයෙන්ම ඔබගේ Local Account එක Microsoft account එකත් එක්ක Link වී තිබෙනවා. |
චීන අභ්‍යවකාශ නැවතුම්පළට සම්බන්ධ මාස 3ක මෙහෙයුමක් අවසන් කරමින් චීන ගගනගාමීන් පෘථිවියට පැමිණෙයි | දින 90 ක් පුරා පෘථිවි කක්ෂයේ ඇති චීන අභ්‍යවකාශ නැවතුම්පළට සම්බන්ධ වී පරීක්ෂණ සිදු කළ Shenzhou 12 මෙහෙයුමේ ගගනගාමීන් තිදෙනා අද (17) පෙ.ව. 11.04 ට නැවත පෘථිවියට ගොඩබැස්සේ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනායතනයේ (CNSA) අළුත්ම අභ්‍යවකාශ නැවතුම්පළේ පළමු කාර්ය මණ්ඩලය ලෙස තමන්ගේ කාර්ය භාර්ය අවසන් කරමිනි.Tiangong-1 හා Tiangong-2 තනි මොඩියුල අභ්‍යවකාශ නැවතුම්පළවල් දෙකකට පසු අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළ ආකාරයේ මොඩියුල කිහිපයක අභ්‍යවකාශ නැවතුම්පළක් ඉදි කිරීම ආරම්භ කරමින් චීනය Tianhe නමින් හැදින්වූ මොඩියුලය කක්ෂගත කරනු ලැබුවේ මේ වසරේ අප්‍රේල් 29 වන දිනයි. මෙය ඔවුන්ගේ චීන අභ්‍යවකාශ නැවතුම්පළේ පළමු මොඩියුලය වූ අතර ගගනගාමීන් තිදෙනෙක්ට ජීවත් වීමට හා වැඩ කිරීමට අවශ්‍ය මූලික පහසුකම්වලින් යුක්ත විය.මේ මොඩියුලය තුළ මුළුතැන්ගෙයක්, වැසිකිළියක්, නිදන මැදිරි, ගිනි නිවන උපකරණ, සන්නිවේදන පද්ධතිය හා පාලක උපකරණ අන්තර්ගත විය. Tianhe මොඩියුලය දියත් කිරීමට යොදා ගත් Long March 5B රොකට්ටුව සුපුරුදු පරිදිම වගකීමකින් තොරව පෘථිවි කක්ෂයේ අතහැර දැමූ අතර ලෝකයේ කලබගෑනියක් ඇති කරමින් සති කිහිපයකට පසු නැවත වායුගෝලයට ඇතුළු වී කිසිවෙකුට හානියක් නොකර ඉන්දියන් සාගරයට කඩා වැටුණි.Tianhe ෙමාඩියුලයසමකයට 41.5° ක ආනතියක් ඇති කිලෝමීටර් 390 ක් ඉහළ පෘථිවි කක්ෂයක ඇති නැවතුම්පළ වෙත ගගනගාමීන් යැවීමට පෙර ඔවුන් සදහා අවශ්‍ය භාණ්ඩ හා සැපයුම් කිලෝග්‍රෑම් 6,640 ක් රැගෙන Tianzhou 2 යානය දියත් කරනු ලැබුවේ මැයි 29 වනදායි. එය ස්වයංක්‍රීයව නැවතුම්පළේ පසුපස දොරටුව හා සම්බන්ධ වූ අතර ගගනගාමීන් රැගත් Shenzhou 12 යානය දියත් කරනු ලැබවේ ජුනි 17 වනදායි.Nie Haisheng, Liu Boming හා Tang Hongbo රැගත් යානය Long March 2F රොකට්ටුවකින් කක්ෂයට ඇතුල් කළ අතර දියත් කිරීමෙන් පැය 6.5 කට පසු නැවතුම්පළේ ඉදිරි දොරටුව හා සම්බන්ධ වීමට හැකි විය. ඔවුන්ගේ පළමු කාර්යය වූයේ Tianhe මොඩියුලය ජීවත් වීමට හැකි පරිදි සකස් කර ගැනීමයි. ඒ අනුව භාණ්ඩ නිසි ස්ථානවල ඇසිරීම, සියළු පද්ධතීන් ක්‍රියාත්මක කර බැලීම ආදිය මුල් දිනවලදී සිදු කරන ලදී,ගගනගාමීන්අභ්යවකාශ නැවතුම්පළේ පළමු අභ්‍යවකාශ ඇවිදීම සිදු කරනු ලැබුවේ ජූලි 4 වනදායි. එහිදී Liu Boming හා Tang Hongbo විසින් චීනය සංවර්ධනය කළ අළුත්ම අභ්‍යවකාශ ඇදුම පරීක්ෂා කරන ලදී. මෙය චීනයේ දෙවන අභ්‍යවකාශ ඇවිදීම වන අතර පළමු අභ්‍යවකාශ ඇවිදීම සිදු කළේ වසර 13 කට පෙර Shenzhou 7 මෙහෙයුමේදීය. එය මිනිත්තු 22 ක් පමණක් සිදු කළ නමුත් මෙම අභ්‍යවකාශ ඇවිදීම අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළේ සාමාන්‍ය අභ්‍යවකාශ ඇවිදීමකට ආසන්න කාලයක් සිදු කරන ලදී. පැය 6 මිනිත්තු 46 ක් සිදු කළ මේ අභ්‍යවකාශ ඇවිදීමේදී Liu හා Tang නැවතුම්පළෙන් පිටත වැඩ කළ අතර නැවතුම්පළ තුළ සිටි Nie විසින් නැවතුම්පළේ රොබෝ හස්තය ක්‍රියාකරවන ලදී.සම්පූර්ණ අභ්‍යවකාශ ඇවිදීම පුරාවටම Liu රොබෝ හස්තයේ කෙළවර සිටි අතර Nie විසින් නැවතුම්පළ තුළ සිට මේ හස්තය යා යුතු ස්ථානය පාලනය කරන ලදී. ඒ අතර Tang නැවතුම්පළ පිටත පෘෂ්ඨයේ සවි කර ඇති ආධාරක මගින් නැවතුම්පළ වටා ගමන් කරන ලදී. මේ අභ්‍යවකාශ ඇවිදීමේදී මෙම මොඩියුලයේ පිටත සම්බන්ධ කර ඇති කැමරාවක් විවෘත කරන ලදී. මෙම කැමරාව දියත් කරන අවස්ථවේදී හකුළා තැන්පත් කර තිබුණි. මිනිත්තු 22 ක අත්දැකීමකින් පැය 7 කට ආසන්න අභ්‍යවකාශ ඇවිදීමක් සිදු කළ ගගනගාමීන් සාර්ථකව අභ්‍යවකාශ ඇවිදීම අවසන් කර නැවතුම්පළට නැවත ඇතුල් විය.ඔවුන්ගේ දෙවන අභ්‍යවකාශ ඇවිදීම සිදු කළේ අගෝස්තු 20 වනදායි. මෙහිදී Nei හා Liu නැවතුම්පළෙන් පිටතට ගමන් කළ අතර මෙහිදී සිදු කිරීමට බලාපොරොත්තු වූ ප්‍රධාන කාර්යයන් වූයේ කැමරාවක් හා අමතර උෂ්ණත්ව පාලක පොම්පයක් සවි කිරීමයි. පැය 5 මිනිත්තු 55 ක සාර්ථක අභ්‍යවකාශ ඇවිදීමක් අවසන් කරමින් ගගනගාමීන් නැවත නැවතුම්පළ තුළට ඇතුළු විය.මෙහෙයුමේ ඉතිරි කාල වේලවලදී ගගනගාමීන් විවිධාකාරයේ විද්‍යාත්මක පරීක්ෂණවල නිරත වූ අතර චීනයේ පාසල් සිසුන් සමඟ සජීවී සංවාදයක නිරත වීමටත් අමතක කළේ නැත. එමෙන්ම චීන ජනාධිපති ගගනගාමීන්ව අමතා සුභ පතන ලදී. දින 90 ක මෙහෙයුම් කාලය අවසන් වීමෙන් පසු ගගනගාමීන් තිදෙනා තමන් පැමිණි Shenzhou 12 යානයේ නැගී නැවතුම්පළින් වෙන් වූයේ ඊයේ (16) පෙ.ව. 06.26 ටයි. ඉන්පසු යානය අද (17) පෙ.ව. 10.18 ට එහි එන්ජින් ක්‍රියාත්මක කර තම කක්ෂය වායුගෝලය තුළට පහත් කර ගන්නා ලදී. මැද පෙරදිග ප්‍රදේශයට ඉහළින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ යානය එහි පැරෂුට් එක විවෘත කර චීනයේ ගෝබී කාන්තාරයට ගොඩබසින ලදී.මේ අතර නැවතුම්පළට සම්බන්ධ වී පවතින Tianzhou 2 යානය නුදුරු අනාගතයේදී නැවතුම්පළෙන් වෙන් වී පෘථිවි වායුගෝලයට ඇතුළු වී විනාශ වී යනු ඇත. ඊළඟ ගගනගාමීන් යැවීමට පෙර නැවතුම්පළට භාණ්ඩ රැගෙන වන Tianzhou 3 යානය රැගත් Long March 7 රොකට්ටුව මේ වන විටත් දියක් කිරීමට සූදානමින් ඇත. මීළඟ ගගනගාමී කණ්ඩායම ඔක්තෝබර් මාසයේදී නැවතුම්පළට ගමන් කරනු ඇත. |
Huawei සමාගම විසින් EMUI සඳහා භාවිතා කරන අවසාන Android සංස්කරණය ලෙස Android 11 නම් කෙරේ | ඉදිරි මාස කීපය ඇතුලත Huawei සමාගම Android වලින් Harmony OS (a.k.a. HongMeng in China) එකට මාරු වෙන බවට දැනටමත් තහවුරු වී අවසානයි. ඉතින් Huawei සමාගමේ consumer software department එකේ සභාපති වන Wang Chenglu මහතා සඳහන් කරන ආකාරයට Huawei සමාගමේ Android-based operating system line up එකේ අන්තිම OS එක විදිහට EMUI 11 හැඳින්වෙනවා. ඔහු සඳහන් කරන අකාරයට දැනටමත් EMUI 11 OS එක performance, system scheduling වගේ HongMeng වල features use කරනවා.Wang අතින් වැඩි දෙයක් සඳහන් වුනේ නැති උනත් HongMeng OS 2.0 launch කරාට පස්සේ Huawei සමාගම Android වලට සමු දීමට කටයුතු යොදමින් පවතිනවා. දැනට වාර්තා වෙන විදිහට mobile phones වලට කලින් televisions සහ automobiles සඳහා HongMeng OS 2.0 දෙසැම්බර් මාසයේ නිකුත් වීමට නියමිතයි කියලා සඳහන් වෙනවා.MyDrivers කියන Chinese tech blog එකට අනුව ලබන වසරේදී Huawei devices සඳහා “fully support HongMeng 2.0” OS එකක් නිකුත් කිරීමට නියමිත වෙනවා වගේම EMUI 11 users ලට මූලිකත්වය ලබා දෙමින් priority update එකක් ඔවුන්ට නිකුත් කිරීමට කටයුතු කරලා තියෙනවා.EMUI 11 run කරන ඇතැම් devices වලට Harmony OS 2.0 update එක ලබාදෙනවා කියන news එක Huawei සමාගම විසින් තහවුරු කරලා දින කීපයකට පස්සෙ තමයි මේ වාර්තාව නිකුත් වෙන්නේ. ඉතින් මේ OS එක පළමු වතාවට unveil උනේ පසුගිය අවුරුද්දෙයි. ඒ Huawei සමාගමට එල්ල උන ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් Android සඳහා ඇති access එක නැති වෙයි කියන සැකය නිසා.කලින් පල උන ආරංචි වලට අනුව මේ OS එක ලැබෙන පලවෙනි device batch එක විදිහට හැඳින්වෙන්නේ Kirin 9000 SoC එකෙන් බලගැන්වෙන device batch එක. ඊලඟට Kirin 990 තියෙන devices. වැදගත් ම කාරණය තමයි full update එක ගන්න දැනට rumor වෙලා තියෙන්නෙ 5G devices විතරයි කියන දේ. 4G devices ගැන් තවම සඳහනක් නෑ..Source :GSMArena |
Windows feature එකක් වන Sandbox enable කරගන්නේ කොහොමද? | ඔන්න මම කලින් කිව්වා වගේම sandbox ගැන article එක අරගෙන ආවා.Virtual machineගැන කලින් ගෙනාපු article එක කියෙව්වේ නැත්නම් එක මෙතැනින් කියවන්න.Windows sandbox කියන්නේ windows මෙහෙයුම් පද්ධතියේම කොටසක් වශයෙන් අපට තියෙන Virtual machine එකක්. අපි එදිනෙදා පරිගණකය භාවිතා කරද්දී විවිධ සැක සහිත files, e-mails ඕපන් කරන්න වෙනවා. මේ සැක සහිත files, e-mails ඕපන් කරන්න වගේ වැඩ වලට තමා මේ windows sandbox කියන පහසුකම තියෙන්නේ.Sandbox කියන්නෙ අපේ තාවකාලිකව නිර්මාණය වුන windows OS එකක් වගේ. මේ sandbox එක අනිත් virtual machine software වලට වඩා lightweight (ඒ කියන්නෙ system resources වැඩියෙන් භාවිත වෙන්නේ නෑ). එහෙනම් ඔයා windows පාවිච්චි කරන කෙනෙක් නම් windows සමගම නොමිලේ දෙන මේ sandbox එක පාවිච්චි කරලම බලන්න.මොනවද මේකට ඕනේ?Source -microsoft.com(AMD64 architecture කියන්නෙ×86-64හෙවත් 64bit OS එකට)Virtualization check කර ගන්න :-මේ රූපයේ තියෙන විදිහට Task manager එකේ Performance ටැබ් එකට ගිහින් CPU එක යටතේ virtualization enable වෙලාද කියල බලන්න. නැත්නම් BIOS වලට ගිහින් enable කරගන්න (මේක motherboard එකෙන් එකට වෙනස්)දැන් කොහොමද Sandbox Enable කරගන්නේ?දැන් ඔයාට උඩ කිව්ව system requirements තියෙනවනම් පල්ලෙහා තියෙන විදිහට sandbox එක enable කරගන්නපියවර 1Search box එකේ “Turn windows features on or off” කියලා search කරන්න.පියවර 2ඊට පස්සේ“Windows Sandbox” කියන එක ඉස්සරහින් හරියක් දාන්න. දැන් OK button එක ඔබන්න.දැන් Sandbox එකට අදාළ files ඩවුන්ලෝඩ් වෙනවා. මේ වෙන කොට ඔයා device එක Internet එකට connect කරන්න ඕන.එකත් හරි නම් PC එක restart කරගන්න ඕනේ.පියවර 3Restart කරාට පස්සේ search box එකේ Sandbox කියලා type කරන්න. දැන් Sandbox app එක පෙන්නයි ඒක ඕපන් කරලා පාවිච්චි කරන්න.Sandbox එකේ තියෙන විශේෂතා මොනවද?Microsoft ආයතනය කියනවිදිහට සඳහා sandbox එකට පහලතියෙන ලක්ෂණතියෙනවාPart of Windows- everything required for this feature ships with Windows 10 Pro and Enterprise. No need to download a VHD!Pristine- every time Windows Sandbox runs, it's as clean as a brand-new installation of WindowsDisposable- nothing persists on the device; everything is discarded after you close the applicationSecure- uses hardware-based virtualization for kernel isolation, which relies on the Microsoft's hypervisor to run a separate kernel which isolates Windows Sandbox from the 1host.Efficient- uses integrated kernel scheduler, smart memory management, and virtual GPUසිංහලෙන්Windows හි කොටසක්-sandbox සදහා අවශ්‍ය සියළුම දෑ windows සමග ම පැමිණේ. වෙනම බාගත කිරීමක් අනවශ්යයිනැවුම්(brand new වගේ) -sandbox ක්‍රියාත්මක වන සැම අවස්ථාවකම එය පිරිසිදුයි.ඉවත දැමිය හැකියි -Sandbox යෙදුම වසා දැමූ පසු එහි සියල්ල මැකී යයි.ආරක්ෂිතයි -දෘඪාංග අතථ්‍යකරණය (hardware-based virtualization) මගින් kernel isolation සිදු කරයි. Microsoft hypervisor හරහා sandbox සදහා වෙනම කර්නලයක් භාවිත වෙන නිසා ආරක්ෂිතයි.කාර්යක්ෂමයි -ඒකාබද්ධ කර්නල් උපලේඛනය, සුහුරු මතක කළමනාකරණය, virtual GPU භාවිත කරයි.Microsoft sandbox ගැන ඔච්චරයි. Article එකේ වැරදි අඩුපාඩු තියෙනවනම් comment කරන්න. enable කිරීම ගැන ගැටළුවක් ආවොත් එන්න අපේCOMMUNITYඑක පැත්තට. |
ලොව ප්‍රථම hypersonic මිසයිල ප්‍රහාරය රුසියාවෙන් යුක්රේනයට; Kh-47M2 Kinzhal පිළිබඳ සියල්ල | ලෝක ඉතිහාසය තුල Warzone එකකදි එහෙමත් නැතිනම් යුද්දෙකදි Hypersonic අවියක් භාවිතා කළ පළමු අවස්ථාව පසු ගිය සිකුරාදා රුසියාව විසින් යුක්රේනයට විරුද්ධව පාවිච්චි කරා.මේක Kinzhal කියන hypersonic missile එකක්. ඒ වගේම මේක ලෝන්ච් කිරීම සදහා MIG 31 යානයක් තමා යොදාගෙන තියෙන්නෙ. මේ මිසයිල් එකට 2,000kmක රේන්ජ් එකක් ගමන් කළ හැකි අතර මෙහි උපරිම වේගය Mach 12 ක් එහෙමත් නැතිනම් ඔයාලට තේරෙන විදිහට කිව්වොත් 14800km/h ක් වගේ විශාල අගයක් ගන්නවා. ඒ කියන්නෙ මේ මිසයිල් එක එක තත්පරයක් තුල 3.43Km ආසන්න වශයෙන් කිලෝ මිටර් හතරක් ගමන් කරනවා. ඔයාලට හිතාගන්ඩ පුළුවන්නෙ මේකෙ වේගෙ කොහොමද කියලා.වේගය වගේම තමා මේක accuracy එකත්. මේකේ accuracy එක (1m) මීටරයක් වගෙ විශාල අගයක් ගන්නවා. මේ මිසයිල් එකට කිලෝමිටර් විස්සක් (20Km) එහෙමත් නැතිනම් අඩි හැටපන්දාස් හයසිය දාහතක් දක්වා ඉහළට ගමන් කරන්න පුළුවන් (65,617 ft). (ඔයාලා දන්නවද සාමනය මගීන් රැගෙන යන ගුවන් යානයක් යන්නෙත් උපරිම අඩි 42,000ක් එහෙමත් නැතිනම් ආසන්න වශයෙන් කිලෝමිටර් 13ක් විතර වගෙ උඩකින් කියලා.)වේගය විතරක් තිබුනට මදිනෙ පිපිරුම් බලයක් නැතිනම්. ඒක මේ මිසයිල් එකෙ ඒක අඩු නැතුව තියෙනවා. මේකේ තියෙන 500Kg Warhead එකට පුළුවන් (100–500 kT) (කිලො ටොන්) අතර බලයක පිපිරීමක් සිදු කරන්න. නමුත් මේ මිසයිල් එකට මේ පිපිරවීම කියන එකත් දෙයාකාරයකින් කරන්න පුළුවන්. එ Nuclear හා Fragmentation විදිහට. මේකෙන් ඔයාලා Nuclear ගැන නම් ඔයාලා හොඳට දන්නවා ඇතිනෙ. හැබැයි Fragmentation ගැන අහලා තියෙනවද?Fragmentation කියන්නෙ පුපුරණ ද්‍රවය පිපිරවීමෙන් හා කොටස් විහුදුවාලීමෙන් ඇති කරනා පිපිරවීමකටයි. මේ Fragmantation කියන එක තමා anti-personnel weapon, bomb, barrel bomb, land mine, IED, artillery, mortar, tank gun,autocannon shell, rocket, missiles, grenades කියන හැම තැනකදිම පාවිච්චි වෙන්නෙ. හැබැයි මේ මම කියපු Nuclear Explotion එකය් Fragmantation Explotion කියන එකයි දෙකම එකපාර කරන්න නම් බැහැ. ඒක ටාගට් එකෙ ස්වාභාවය අනුව Missile එක ලෝන්ච් කරන්න තීරණය කරන කණ්ඩායම තීරණය කරලා Warhead එක මාරු කරනවා.දැන් ඔයාලා කල්පනා කරනවා ඇති යුක්රේනය සතුව තියෙන S-300 එකට මේක නතර කරගන්න බැරි උනෙ ඇයි කියලා. ඒකට හේතුව මේකයි. මේ මිසයිල් එකට පුළුවන් මිසයිල් එකෙ හැම ස්ටේජ් එකක් තුලදිම maneuvers කරන්න. ඒ වගේම මේක fly කරන්නෙත් රෙඩාර් ඩිටෙක්ශන් මට්ටමට වඩා ගොඩක් පහළින්.මම කියපු එක තේරුණේ නැහැ නේද. හරි කමක් නැහැ මම මේක ඔයාලට තවත් සරලව කියන්නම්කො සාමානයෙන් මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් එකක් වැඩ කරන්නෙ ප්‍රධාන කොටස් තුනකින්. ඒ detection and tracking radar, Battle management and control system, missile fireing unit කියන ප්‍රධාන කොටස් තුන එකතුවෙලා. මේක වෙන විදිහ ගැන මම සම්පූර්ණම පැහැදිලි කරාIron dome Articleඑකෙදි.කමක් නැහැ අලුතින් කියවන අයත් ඇතිනෙ මම ඒ නිසා මේක ඉතාමතම කෙටියෙන් සරලව පැහැදිලි කිරීමක් කරන්නම්.අර මම උඩ කියපු detection and tracking radar කියන යුනිට් එකෙන් මුලින්ම මිසයිල් එකෙ පාත් එක ඩිටෙක්ට් කරාගන්නවා. මේ විදිහට මිසයිල් එකෙ පාත් එක ඩිටෙක්ට් කර ගත්තාට පස්සෙ Battle management and control system එක මගින් තිරණය කරනවා Interceptor Missile එක නිකුත් කරන්ඩ ඕනෙ මිසයිල් පාත් එකෙ කොතෙන්ටද කියලා. ඊට පස්සෙ missile fireing unit එකෙන් Fire කරනවා Interceptor missile එක.මේක අර මිසයිල් එක එන ගමන් මගෙ ඉදිරියට ගොස් මිසයිල් එක ලඟදි සතුරු මිසය්ලයත් පුපුරවා හරිමින් තමන්ද පිපිරවෙනවා.නමුත් මේ Kinzhal මිසයිල් එකෙ නිතර වෙනස් වෙන ගමන් මාර්ගය නිසා මේ ක්රියාවලියෙන්ද පලක් නැතිවෙනවා. අනික S-300 එකට මේක ඩිටෙක්ට් වෙන්නෙ නැහැ. ඒකට ප්‍රධාන හේතුව මේකට Mach 8.5 වලට එහා වේගෙන් එන Missile Detecte කර ගන්න බැහැ. මොකද මේ Kinzhal එකෙ Topspeed එක Mach 12 ක් එහෙමත් නැතිනම් 14800 km/h ක්. දැන් ඔයාලට වැඩෙ වෙන විදිහ ගැන පොඩි අදහසක් ඇතිනෙ.මේ Kinzhal කියන Hypersonic missile එක ප්‍රධාන ක්‍රම දෙකකට දැනට ලෝන්ච් කරනවා. ඒ MIG - 31K හි බඳෙහි අමුනා හා TU 22 M3 එකෙ bomb bay එකෙ රඳවමින් කියන දෙයාකාරයටයි. ඒ වගේම තව විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමා අනාගතේදි මෙම මිසයිල රුසියාවෙ latestම fire jet එක වන SU - 57 මගින්ද ලෝන්ච් කරන බවට රුසියාව පවසනවා. එවගෙම මේ Mig 31 මගින් නිකුත් කරන මිසයිල් එකෙ රේන්ජ් එක 2000km කුත් Tu 22 මගින් නිකුත් කරන මිසයිල් එකෙ රේන්ජ් එක 3000Km ත් වෙනවා.මේ මිසයිල් ටෙක්නොලොජි එකෙදි වැදගත්ම වෙන තවත් ප්‍රධානම කාරණයක් තමා ඇකියුරසි එක කියන්නෙ. වේගයයි ස්ටෙල්ති බවයි තිබුනට වැඩක් නැහැ ඇකියුරසි එක නැතිනම්. මේ Kinzhal Hypersonic missile එකෙ ඇකියුරසි එක 1m පමණ වනවා. මෙන්න මේ ඇකියුරසි එක කියන තැනදි උදව්වට එනවා මිසයිල් එකෙ Guidance system එක. මේක හැදිලා තියෙන්නෙ කොටස් තුනකින්. ඒ inertial navigation system, GLONASS, optical homing system කියන කොටස් තුන. මේවා වැඩ කරන විදිහ මම වෙනම වෙලාවක කියලා දෙන්නම් මොකද මේවා ටිකක් වෙලාව අරගෙන තේරුම් කරල දෙන්න ඕන මාතෲකා.ඔයාලා මේ මිසයිල් එක ට්‍රැවල් කරන විඩියො එක දැක්ක නම් ඔයාලා දකින්ඩ ඇති සුදුපාට එලියක් වගෙ එකක් තමා ගමන් කලේ කියලා. මගේ අනුමානය අනුව නම් ඒ ඔයාල දැක්කේ මිසයිල් එක වටා ඇතිවුන ප්ලාස්මා එකක්. මොකද මේ මිසයිල් එක 14800 km/h වගෙ අධික වේගයකින් ගමන් කරද්දි මේ මිසයිල් එකෙ මුහුණත ලඟ වායුව අයනි කෘත වනවා. ඒ නිසා මේ මගින් රෙඩාර් වලින් නිකුත් කරන රේඩියෝ තරංග අවශෝෂණය කර ගන්නවා. රේඩාර් එකට මේක ඩිටෙක්ට් කර ගන්න නම් මේ තරංග මෙකෙ වැදිලා ආයේ රෙඩාර් එක යන්න ඕනේ. නමුත් මෙතනදි එහෙම සිදුවීමක් නොවෙන නිසා මේක රේඩාර් වලට ඩිටෙක්ට් කර ගන්න බැහැ.නමුත් මොනයම් හො ක්‍රමේකින් රෙඩාර් එකෙන් නිකුත් කරන තරන්ග මිසයිල් එකෙ වැදිලා ආයේ රේඩාර් එකට ගියා කියමුකො. ඒත් මේ මිසයිල් එක ගැන රේඩාර් එකෙ කම්පියුටර් එකෙන් දත්ත ප්‍රොසෙස් කරලා Interceptor missile එක ගහන්ඩ ඕන තැන තීරණය කරන කොට මිසයිල් එක ටාගට් එකට ගිහින් වැදිලත් ඉවරයි. අන්න ඒක නිසයි කියන්නෙ මේවා නතර කරන එක හිතාගන්න බැරි තරම් අපහසුයි කියලා. නමුත් මේකක් නතර කරනවා නම් කරන්න පුළුවන් එකම missile defence system එක තියෙන්නෙත් රුසියාව සතුව. ඒ තමා ගිය අවුරුද්දෙ එලි දක්වපු රුසියාවේ නවතම, ලෝකෙ හොඳම missile defence system එක වන S-500 එක. |
WhatsApp සඳහා නව Text Formatting Tools කිහිපයක් හඳුන්වාදෙයි | Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබටමේ ඔස්සේනැවත කියවිය හැකියි.WhatsApp හරහා යම් කිසි පණිවිඩයක් යැවීමේදි අහි අකුරු Bold කිරීම, Italic කිරීම යනාදී සරල Text Formatting සිදුකළ හැකි බව ඔබ දැනටමත් දන්නවා. මේවාට අමතරව ඔවුන් විසින් නව Text Formatting Tools කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.Source:wabetainfo.comඉහත Screenshot එකෙහි පරිදි Code Block, Quote Block සහ Bulleted List යනාදිය මේ නව Formatting Tools වනවා.Code Block හරහා Programmersලාට WhatsApp හරහා හුවමාරු කර ගන්නා Codes ඉතා පිළිවෙළට කියවීමට හැකිවන ලෙස සකස්වන අතර Quote Block හරහා යම් කෙනෙකු පවසන ලද දෙබසක් හෝ උපුටා ගන්නා ලද්දක් විශේෂ කර දැක්වීම සිදු කළ හැකිවනවා. Bulleted List මඟින් යම් කිසි ලැයිස්තුවක ඇති අයිතම පිළිවෙලකට පණිවිඩය තුළ දැක්විය හැකිවනවා.මේවා තවමත් සංවර්ධනය වෙමින් පවතින අතර මේවා භාවිතා කරන්නේ කෙසේද යන්න පිළීබඳව තවමත් තිරතුරු වාර්තා වී නැහැ. ඉහත Screenshot එක WhatsApp Desktop එකෙන් ගන්නා ලද්දක් වන අතර ඉදිරියේදී WhatsApp Desktop එකට මෙය නිකුත් වී ඉන් පසුව Android සහ iOS Apps වෙත මෙය නිකුත් වේ යැයි බලාපොරොත්තු විය හැකි වනවා.Source:wabetainfo.com |
GoPro සමාගමේ නවතම action camera එක වන GoPro Hero 10 Black එළිදක්වයි | GoPro සමාගම විසින් ඔවුන්ගේ නවතම action camera එක නවමු විශේෂාංග රැසක් සමඟින් එළිදක්වා තිබෙනවා. අලුත් ප්‍රොසෙසරයක් ලබා දී ඇති නිසා, තත්පරයට වැඩි frames ගණනක් ද (වඩාත් හොඳ slow-motion අත්දැකීමකට), හොඳ ස්ථාවරත්වයක් ද (stabilization) සහ charge වන විට ස්වයංක්‍රීයවම video upload වීමටත් දැන් මෙහි පහසුකම් ලබා දී තිබෙනවා.එම නිසා දැන් වඩාත් වේගවත් සහ ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට GoPro Hero 10 Black කැමරාවට හැකියාව ලැබී තිබෙනවා.Image: TheVergeප්‍රකාශ කර ඇති ආකාරයට Hero 9 ට වඩා දෙගුණයක් වැඩි frame rate එකක් මෙම කැමරාවට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එනම්5.3K resolutionඇති video,60FPS(තත්පරයට 5.3K resolution ඇති images 60ක් ගබඩා කරගත හැකි video) record කිරීමට හැකියාව ඇති අතර,4Kවලින්120FPSද,2.7Kවලින්240FPSද record කිරීමට හැකියි.Hero 9 හි 240FPS record කිරීමට හැකි වුයේ 1080p වලින් පමණයි.GP2ලෙස හඳුන්වන නව ප්‍රොසෙසරය නිසාවෙන් (GoPro Hero 6 Black සිටම තිබුනේ GP1 ප්‍රොසෙසරයයි) මෙවැනි විශාල වෙනසක් අත්කර ගැනීමට හැකි වූ බව ඔවුන් පවසනවා. එය smartphone වල භාවිත වන ප්‍රොසෙසර් සමඟ කරට කර සිටින බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.Image: GoProSmartphone ගැන සලකන විට, charge වන විටම cloud එකට video upload කිරීමට හැකි වීමත් කැමරාවකට විශාල පියවරක් ලෙස සලකන්න පුළුවන්. GoPro subscription සේවාව මගින් ඔබට මසකට $5 හෝ වසරකට $50 ලෙස cloud storage මිලදී ගැනීමට පිළිවන්. එසේම subscription එකත් සමඟම මිලදී ගන්නවා නම් කැමරා වල මිලත් අඩු වෙනවා. Hero 10 Black එක $100 කින්ම අඩු වනවා.Image: TheVergeබොහෝ විට ලංකාව වැනි රටවල නම් තිබෙන බිල් මදිවට GoPro බිලක්ද එකතු කරගන්න බහුතරය කැමති වන්නේ නෑ. නමුත් ඔබට පෙර සේම smartphone එකට video transfer කරගත හැකි අතර එය කලින්ට වඩා 30% ගුණයක වේගයෙන් කළ හැකියි. එසේම (තවමත් දත්ත හුවමාරු කිරීමේ හොඳම ක්‍රමය වන) cable එකක් හරහාද එය වඩාත් ආරක්ෂාකාරීව ඉටු කළ හැකියි.GoPro සමාගමේ හොඳ තුරුම්පුවක් වන video stabilizing ද Hero 10 Black සඳහා වඩාත් දියුණු කර තිබෙනවා. දැන් ඔබට කැමරාව අංශක 45ක් දක්වා video එක එල්ලේ තිබෙන ලෙස එහා මෙහා හැරවිය හැකියි. නමුත් මෙම "horizon leveling පහසුකම ලබා ගැනීමට හැකි උපරිම setting එක නම් 4k 60FPS පමණයි. (වැඩිත් එක්ක නේද?)Image: TheVergeඑසේම normal photography සඳහාද සුළු වැඩි දියුණු කිරීම් කර තිබෙනවා. 20MP සිට 23MP දක්වා මෙගාපික්සල් වැඩි කර තිබෙන අතර, 19.6MP සහ 15.8MP still frames, video මගින් (පිිළිවෙලින් 5K 4:3 හා 5.3K60) ලබාගැනීමට හැකියාව තිබෙනවා.Hero 9 සඳහා සහය දැක්වූ add-ons සියල්ලම පාහේ 10 එක සමගත් භාවිත කිරීමට හැකි බව GoPro සමාගම පවසා ඇති අතර, stock lens එකටත් ජලයේදී භාවිත වන විට, සහ සිරීම් වලට වඩාත් හොඳින් ඔරොත්තු දෙන ලෙසට වැඩි දියුණු කිරීම් කර තිබෙනවා. එසේම තවත් විශාල software update එකකුත් නොවැම්බර් 16 වනදා මෙයට ලැබීමට නියමිතයි. එමගින් GoPro හි Max lens mod support එක මේ සඳහා ලැබෙන බව ඔවුන් කියා සිටියා.GoPro හි Max lens mod add on එක. Image : GoProReviewThe Verge වෙබ් අඩවියේ video director වන Becca Farsace, මෙම නව කැමරාවේreview එකක් පළ කරතිබුණා. එහිදී ඇය කියා තිබු කරුණු කිහිපයක් පහත දැක්වෙනවා.හොඳ5.3K 60fps and 4K 120fpsවඩා ඉක්මන් photo සහ video recording පහසුකමHero 9 add-ons සඳහා සහය දැක්වීමනරකමිල අධික බවසාමාන්ය බැටරි ආයු කාලයඅඩු ආලෝක තත්ත්ව යටතේ ගන්නා footages වල grain (තිත් සහිත ස්වභාවය) එකක්ද, smooth කරද තිබීමඅවසානයේ ඇය කියා සිටියේ GoPro 8 හෝ ඊට වැඩ පැරණි මාදිලියක සිට මෙයට මාරු වීම විශාල වෙනසක් වුවත් Hero 9 Black සිට මෙම නව කැමරාවට මාරු වීම නම්, විශාල වෙනසක් ඇති නොකරන බවයි.ඇතැම් විට මෙම නව ප්‍රොසෙසරය සමඟින් වඩාත් දියුණු වූ මාදිලි ඉදිරියේදී පැමිණෙන්න පුළුවන්. |
සැප්තම්බර් 15 වන දින Apple සමාගම විසින් පැවැත්වීමට නියමිත Time Flies event එකේදී iPhone 12 නිකුත් නොවීමට ඉඩ ඇති බව වාර්තා වේ | මීට දින කිහිපයකට පෙර ඇපල් සමාගම විසින්iPhone 12 event එක පැවැත්වෙන දිනය නිවේදනය කිරීමට සූදානම්බව පවස්සමින් අප විසින් පුවතක් රැගෙන ආවා. ඊට දිනකට පසුව (සැප්තැම්බර් 8 දින) ඇපල් සමාගමේ SVP of Marketing අංශයේ සේවය කරන Greg Joswiak විසින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ තවත් දින 7කින් Apple Event එක හරහා මුණ ගැසෙමු ලෙසටයි. ඒ අනුව මෙවර Apple Event එක මේ මස 15 වන දින පැවැත්වීමට නියමිතයි.See you in 7 days!#AppleEventpic.twitter.com/zDXneII5di— Greg Joswiak (@gregjoz)September 8, 2020මෙම event එක ඔවුන් විසින් නම් කර ඇත්තේ Time Flies ලෙසයි. මීට පෙරBloombergහි පලවූ වාර්ථාවකටඅනුව මෙම වසරේදී ඇපල් සමාගම විසින් ඔවුන්ගේ නවතම Apple watch දෙකක් නිකුත් කිරීමට නියමිතව පවතින අතර ඒවා Apple Watch Series 6 සහApple Watch Series 3 එකේ මිල අඩු version එකක්වන බව එහි සඳහන්.මීට පෙර අන්තර්ජාලය හරහා පලවූ වාර්ථා සහ අප විසින් කල වාර්ථා වලට අනුව කියවුනේ iPhone 12 series එක ඇපල් සමාගම විසින් නිකුත් කිරීම ප්‍රමාද වන බවත් එය බොහො දුරට මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ නිකුත් කිරීමට නියමිත බවත්ය.Apple iPhone 12 එලි දැකීම කල් යයි?Apple සමාගමේ මීලග ප්‍රදාන iPhone හා අනෙකුත් Apple Devices එලි දැකීමට නියමිතවතිබුනේ සැප්තැම්බර් මාසයේ මුල බාගයේය. මෙය ටික කලක සිට Apple සමාගම එකම කාලාන්තරයකසිදු කරන්නෙ එක් එලිදැක්වීමක සිට පුරා වසරක් එම device වෙලදපල තුල පවත්වාගෙනයාමටයි. කෙසේ නමුත් මීලග එලි දැක්වීම වන iPhone 12 හා iPhone 12 Pro වගේ…Android වැඩකාරයෝTimira Ayodyaඑම වාර්ථා සමඟ සලකා බලන විට එළඹෙන සැප්තැම්බර් 15 වන දින පැවැත්වීමට නියමිත Time Flies event එක හරහා iPhone 12 series එක නිකුත් වේද යන්න පිළිබද ගැටළුවක් සහ අවිනිශ්තභාවයක් පවතී. එමෙන්ම මෙවරඇප්ල් සමාගම විසින් ඔවුන් සැප්තැම්බර් 15 වන දින පැවැත්වීමට නියමිතව පවතින event එක සම්ප්‍රදායෙන් පිටව Time Flies ලෙස නම් කිරීමෙන්ද මෙම අපැහැදිලි බව තහවුරු වේ.මේ පිළිබඳව The Vergeහි Editor-in-chief සහ CNBCහි සේවය කරන Nilay Patel විසින් Twitter පණිවුඩයක් නිකුත් කර ඇති අතර එහි කියැවෙන්නේ මෙවර සැප්තැම්බර් මස 15 වන දින පැවැත්වීමට නියමිත event එකේ නමට අනුව බොහෝ දුරට එහෙඉදී නිකුත් වීමට ඉඩ ඇත්තේ නව Apple Watch එක සහ නව iPad එක පමණක් බවත්, iPhone 12 series එක නිකුත් කිරීම මෙයින් සති කිහිපයකට පසුව සිදු කරනු ඇති බවයි.Apple event on Sept 15th! I would very much expect it to be a new Apple Watch ("Time Flies") and possibly a new iPad. From what I'm told and everything Apple has said on earnings calls, the new iPhone is coming a few weeks later.pic.twitter.com/EuKfN8BqHA— nilay patel (@reckless)September 8, 2020මීට අමතරව මෙම event එකේදී මිල අඩු HomePod speaker එකක්, Over-ear headphone එකක්, නව Apple TV version එකක් සහ AirTags නිකුත් කරනු ඇති බව අදහස් පලවනවා.Apple සමාගම ඔවුන්ගේ මෙම Time Flies event එක සැප්තැම්බර් 15 වැනි දින එරට වේලාවෙන් උදෑසන 10ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:30) ආරම්භ කිරීමට නියමිත අතර එදිනට ලොව පුරා සිටින තාක්ෂණයට ඇල්මක් දක්වන සියල්ලටම livestream හරහා නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා.Sources:Apple,The Verge,Bloomberg&GSM Arena |
යුක්රේනය සඳහා Starlink හරහා අන්තර්ජාල පහසුකම ලබා දීමට Elon Musk කටයුතු කරයි | මේ වෙන විට රුසියාව හා යුක්රේනය අතර ඇති වි තිබෙන යුධමය වාතාවරණය තව දුරටත් උග්‍ර වෙමින් පවතින අතර රුසියාව විසින් යුක්රේනය වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ ප්‍රදේශ රැසක අන්තර්ජාල පහසුකම් බිද වැටි තිබෙනවා.මේ පිළිබඳ සදහන් කරමින් යුක්රේන උප අගමැති Mykhailo Fedorov විසින් Twitter සටහනක් හරහා SpaceX සමාගමේ ප්‍රධානියා වෙන Elon Musk වෙතින් යුක්රේනය සදහා Starlink Satellite Broadband Service එක ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර එයට ප්‍රතිචාර දක්වමින් Elon Musk විසින් සදහන් කර ඇත්තේ යුක්රේනය සදහා Starlink Satellite Broadband Service එක ලබා දීමට කටයුතු කල බවයි.Starlink service is now active in Ukraine. More terminals en route.— Elon Musk (@elonmusk)February 26, 2022මීට අමතරව යුක්රේන රජය විසින් Apple සමාගමෙන් සහ Netflix සමාගමෙන් ඉල්ලා ඇත්තේ රුසියාව සදහා එම සමාගම්වල Services ලබා දිම අත්හිටුවීමට කටයුතු කරන ලෙසයි. මෙම ඉල්ලීම් සදහා තවමත් කිසිදු නිල පිළිතුරක් එම ආයතනයන්ගෙන් ලැබි නොමැති වෙනවා.Source :Al Jazeera |
Google Pixel 6 සහ Pixel 6 Pro මාදිලීන් ඔක්තෝම්බර් 19 වන දින නිකුත් කරන බව Google සමාගම නිල වශයෙන් නිවේදනය කරයි | මුළු ලෝකයේම ජංගම දුරක්තන ලෝලීන් දෑස් අයා නොඉවසිල්ලෙන් බලා සිටින අවස්ථා දෙකක් තිබෙනවා. ඒ තමයි ඇපල් සමාගම විසින් iPhone එලිදක්වන අවස්ථාව සහ Google සමාගම විසින් Pixel දුරකතන එලිදක්වන අවස්ථාව. සෑම වසරකම පාහේ සැප්තම්බර් සහ ඔක්තෝම්බර් යන මාස වලදී පිලිවෙලින් ඉහත කී ජංගම දුරකතන මාදිලීන් දෙක ඇපල් සහ ගූගල් සමාගම විසින් එලි දක්වනු ලබනවා.මේ වන විට ඇපල් සමාගම විසින් 2021 වර්ෂය සඳහා වන ජංගම දුරකතනයන් එලිදක්වා අවසන්ව ඇති අතර මේ වන විට වෙළඳපලෙන් මිලදී ගැනීමේ හැකියාවද පවතිනවා. දැන් ඉතිරිව පවතින්නේ ගූගල් සමාගමේ අවස්ථාවයි. මේ වන ගූගල් සමාගම විසින් 2021 වර්ෂය සඳහා ඔවුන් එලි දැක්වීමට නියමිතව පවතින Pixel 6 මාදිලියේ ජංගම දුරකතන පෙල එලිදක්වන දිනය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.ගූගල් සමාගම විසින් Pixel Fall Launch event නමින් වන event එක හරහා මෙම එලිදැක්වීම ඔක්තෝම්බර් 19 වන දින උදෑසන 10ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:30ට) සිදු කිරීමට නියමිතව පවතිනවා. ගූගල් සමාගම විසින් මෙම නිවේදනය සිදුකරනු ලැබුවේ Android 12 AOSP එලිදැක්වීමෙන් දිනකට පසුව වීමත් විශේෂත්වයක් වේ.#Pixel6, the new Google Phone.Tune in October 19th at 10 am PT:https://t.co/zmp5byVq1y#Pixel6Launchpic.twitter.com/v3wwySE5gs— Made By Google (@madebygoogle)October 5, 2021Google සමාගම විසින් මෙම Pixel 6 මාදිලියේ ජංගම දුරකතනයන් එලිදැක්වීම සඳහා සාම්ප්‍රදායෙන් පිටට ගොස් ඒ සඳහාම වෙන් වූ වෙබ් අඩවියක් එලිදක්වා ඇති අතර එයටpixelevent.withgoogle.comහරහා ලොව පුරා වෙසන අයට පිවිසීමේ හැකියාව පවතිනවා. එම වෙබ් අඩවිය පවා ඔවුන් විසින් නිර්මාණය කර තිබෙන්නේ මෙවර Pixel 6 මාදිලිය සඳහා Google සමාගම විසින් යොදාගෙන ඇති නව අතුරු මුහුණතේ භාවිතා කර ඇති elementsය.මෙම වෙබ් අඩවිය මෙම ජංගම දුරකතන වල specifications පිළබඳව කිසිදු ඉඟියක් හෝ පල කර නැති උනත් නව ජංගම දුරකතන සඳහා යොදා ගන්නේ Google සමාගම Samsung සමාගම හා එක්වී නිෂ්පාදනය කරන ලද නවතමGoogle Tensorනම් chipset එක බව අපි කවුරුත් දන්නා කාරණාවකි.Google Pixel 6 මාදිලි පිළිබඳව වැඩි දුර විස්තර දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ සමඟින් රැදී සිටින්න.Sources:9to5Google,XDA Developers |
WhatsApp backups සඳහා end to end encryption පහසුකම ලබා දීමට කටයුතු කරයි | මීට දිනකට පෙර WhatsApp විසින් Android සඳහා වූ තම 2.21.21.5 සංස්කරණය Google Play Store, Apple App Store වෙත නිකුත් කරලා තියෙනවා. මේ පිළිබඳව Facebook සමාගමේ හිමිකරු නිල වශයෙන් නිකුත් කළ පණිවිඩය පහත සඳහන් වනවා.ඔබ දැනටමත් දන්නවා ඇති WhatsApp Chats සඳහා End to End Encrypt පහසුකම තිබෙන බව. ඒ වගේම දැන් ඔබේChat backupsසඳහාත් End to end Encrypt පහසුකම භාවිතා කළ හැකි වෙනවා.මෙම පහසුකම Enable කරගැනීම WhatsApp හිSettings > Chats > Chat Backup > End to end encryptමඟින් සිදු කර ගත හැකිය.මෙහිදී ආරක්ෂාව සඳහා ඔබ පමණක් දන්නා මුරපදයක් හෝ Pin එකක් භාවිතා කළ යුතු වනවා. මෙම පහසුකම සක්‍රීය කළ පසු Facebook සමාගමට, Google සමාගමට හෝ Apple සමාගමට ඔබගේ Backups විවෘත කිරීමට නොහැකි වනවා.Source -PCMag |
Facebook සමාගම විසින් Smartwatch එකක් නිපදවීම සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ | සමාජ මාධ්‍ය ලොවේ දැවැන්තයා වෙන Facebook සමාගම විසින් ඔවුන්ගේ ආධිපත්‍යය නවතම අංශයක පැතිරවිමට සුදානම් වෙන බවයි ආරංචි වෙන්නේ. මේ අනුව Facebook සමාගම විසින් ඉදිරියේදි Facebook සන්නාමය යටතේ Smart Watches නිපදවිමට සුදානම් වෙන බවට තොරතුරු වාර්තා වෙනවා.ඒ අනුව Facebook සමාගම නිපදවිමට සුදානමින් සිටින මේ Smart Watch එක Messaging හා Fitness සදහා මුලික වශයෙන්ම මෙය නිපදවිමට සුදානම් බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙය Facebook Watch නමින් වෙළදපොලට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.මේ Smart Watch එක මගින් WhatsApp හා Messenger වැනි Messaging App සමග ක්‍රියාත්මක විය හැකි අතර ඒ තුලින් ඔබගේ මිතුරන් සමග ඉක්මනින්ම සම්බන්ධ විය හැකි වෙනව. ඒ වගේම මේ Smart Watch එක Cellular Connectivity එකත් සහිතව නිකුත් වන බවටත් තොරතුරු පල වෙනවා. ඒ අනුව WhatsApp, Messenger ආදියට පිවිසිමට Smart Phone එක සමග මේ Watch එක Integration & Sync කිරිමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇත.මේ Facebook Watch එකේ 1st Generation එක Google සමාගමේ Android Open Source Version එකක් මත ක්‍රියාත්මක වෙන අතර මෙහි 2nd Generation එක සදහා Facebook සමාගම විසින්ම නිපදවන ඔවුන්ගේම OS එකක් ලබා දෙන බවත් දැක්වෙනවා.මේ වන විට Smart Watch එකක අත්‍යවශ්‍ය අංගයක් වෙන Health Feature සදහාත් මොවුන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ඔවුන් Workout plans/Data, Track workouts, interact with Trainers හා Integrate with Fitness services ආදි පහසුකම් මේ සමග ලබා දෙනු ඇති බවත් වාර්තා වෙනවා. මිට අමතරව අත්‍යවශ්‍යම Features වෙන Heart rate monitoring(PPG), Blood Oxygen(SpO2) හා Stress monitoring ආදි පහසුකමුත් මේ Watch එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.ඩොලර් 400ක වැනි මිලකට නිකුත් කිරිමට බලාපොරොත්තුවෙන් සිටින මේ Facebook Watch එක මිලග වසර තුලදි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා.Source :Gizmochina,XDA Developers,The Information |
WhatsApp View Once විශේෂාංගය Voice Messages සඳහාද ලබා දේ | WhatsApp View Once විශේෂාංගය මුලදී Photos Videos සඳහා පමණක් ලබා දුන් අතරපසුව එය Text Messages සඳහාදලබා දුන්නා. මෑතකදී නිකුත් කර ඇති නවතම Update එකක් තුළින් Voice Messages ද View Once ලෙස යැවීමේ හැකියාවක් තිබෙනවා.ඔබ Voice Message එකක් සාමාන්‍ය පරිදි Record කර එය යැවීමට පෙර Send Button එකට වම් පසින් ඇති View Once icon එක Click කර ඉන් පසුව Send කිරීමෙන් මෙය View Once Voice Message එකක් බවට පත්වනවා.Source: neowin.comමෙහිදී Photos Videos හි ද මෙන්ම Voice Message එකට එක් වරක් සවන් දුන් පසු යවන්නාට හෝ ලබන්නාට නැවත ඇසිය නොහැකි අතර ලබන්නා Read Receipts On කර තිබේ නම් එහි Opened ලෙසින් දිස්වනවා.මෙම Update එක මේ වන විටත් ගෝලීය වශයෙන් නිකුත් කර ඇති අතර ඔබට තවම ලැබී නැත්නම් ඉදිරි දින කිහිපය තුළදී අනිවාර්රයෙන්ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි වනවා.Source:blog.whatsapp.com |
විභාග වල අවසානයද? ChatGPT හි බුද්ධිය MBA විභාගයක් සමත් වීම සඳහා ප්‍රමාණවත් මට්ටමේ පවතින බවට සොයාගැනේ | කුඩා කාලයේ අප විසින් විවිධාකාරවූ ක්‍රීඩා සිදුකළ ඇති බව මතක ඇති බවට මා විශ්වාස කරන්නෙමි. ඒ අතරින් පරිඝණක ක්‍රීඩා කිරීමට හෝ ඒ සම්බන්ධ අත්දැකීමක් ලබාගැනීමට හැකිවූයේ අතලොස්සකටයි. නමුත් මේ වන විට සියල්ලන්ම පාහේ මෙම තාක්ෂණික ලෝකයේ සිදුවන දියුණුවට විවිර වී අවසන් ය. පරිඝණයක් නොමැති වුවත් එහි අඩුව පියවා ගැනීම සඳහා මේ වන විට තාක්ෂණයෙන් සන්නද්ධ වූ Smartphone සහ අනෙකුත් උපාංගයන් අප වෙත සමීප වී ඇත.Source:entrepreneur.comසාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් ඔබ්බට අපට සිතීමට කාලය එළඹී ඇති අතරම එයට සම්බන්ධ වීමට අප හට අකමැත්තෙන් හෝ කිරීමට සිදුවන දෙයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මා දක්වන්නේ මෑත කාලය තුළ අන්තර්ජාලයේ මහත් සේ උද්යෝගයක් සහ ජනප්‍රියතාවයක් ලබාගත් ChatGPT නම් වූ කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මණය කළ යෙදවුම වේ. බොහෝ දෙනා මෙම යෙදවුම පරිශීලනය කිරීමෙන් පසුව අදහස් දැක්වූයේ අනාගතයේ විශාල ප්‍රමාණයේ රැකියා කප්පාදුවක් ඇතිවනු ඇති බවයි. නමුත් ඒ සඳහා අනාවැකි පැවසීමට අප ඉක්මන් විය යුතු නැත.Source:pcmag.comවිභාගයකට මුහුණ දී ඇති සියල්ලන්ම පාහේ සිය ප්‍රශ්න පත්‍ර තුළ සඳහන් වන එක් කරුණක් පිළිබඳව හොඳින් මතක ඇති බවට මා විශ්වාස කරමි. එනම් " කිසිඳු ඉලෙක්ට්‍රොනික උපාංගයක් භාවිතා කිරීම තහනම් බවයි." මාගේ විශ්වාසය නම් එය කාලීන වන්නේ මෙම 2022න් පසු කාලයටයි. මන්දයත් මේ වන විට සිදුකළ පර්යේෂණ කිහිපයකින් පසු ගත් නිගමනයන්ට අනුව ChatGPT භාවිතා කර MBA උපාධියක විභාගයක් සමත් වීමට හැකියාව ඇති වීමයි.මෙම පුවත සඳහන් වූ පමණින් සියල්ලම විසඳී නොමැත. එය 100%ක නිරවද්‍යතාවයකින් යුතුව සමත් වීමක් නොවන අතර එය තරමක දියුණු මට්ටමක පවතින්නාවූ සමත් වීමකි. නමුත් මෙය අප හට ඉතාම වැදගත් වන්නේ මෙවැනි තාක්ෂණික යෙදවුමක් මගින් ඉතාම සංකීර්ණ ගැටලු සඳහා යම්කිසි නිරවද්‍යතාවයකින් පිළිතුරු සැපයීම සිදුකළ හැකිවීම පිළිබඳවයි.ChatGPT යනු කුමක් ද?ChatGPT යනු OpenAI සමාගම විසින් නිර්මාණය කරන ලද Chatbot එකක් වේ. මෙය නිර්මාණය කිරීම සඳහා පාදක කරගෙන ඇති විශාල ප්‍රමාණයක Language Model භාවිතයෙන් සංවාදාත්මක තොරතුරු හුවමාරුවකින් පසුව එයට සමාන වූ ද නිරවද්‍ය වූද තොරතුරු පවතින දත්ත භාවිතා කර පරිශීලකයන් වෙත ලබාදීම සඳහා මෙම යෙදවුම නිර්මාණය කර ඇත.Source:pcmag.comChatGPT භාවිතයෙන් සිදුකළ MBA විභාගය ආශ්රිත පරීක්ෂණය.මෙම පරීක්ෂණ සිදුකර ඇත්තේ University of Pennsylvania’s Wharton School හි මහාචාර්යවරයෙකු වනChristian Terwieschවිසිනි. මොහු විසින් සිදුකර ඇත්තේ MBA විභාගයක් සඳහා සැකසෙන ප්‍රශ්න පත්‍රයක අඩංගු ප්‍රශ්න අතරින් ප්‍රශ්න පහක් පමණ මෙම ChatGPT වෙත ඇතුළත් කර ලැබෙන පිළිතුරු සමාලෝචනය කර බැලීමයි.අවසානයේ දී එමගින් ලැබුණු පිළිතුරු සලකා බලන විට එම ප්‍රශ්න පහ සඳහා "B හෝ B+" යන ලකුණු සීමාව වෙත ළඟා වීමට ප්‍රමාණවත් ලකුණු ලබාගෙන තිබූ බව ඔහු විසින් සඳහන් කර ඇත. එනම් එම විභාගය සමත් වීම සඳහා ප්‍රමාණවත් වන ලකුණු මට්ටම සපුරාගෙන ඇත. මේ පිළිබඳව ඔහු විසින් නිකුත් කළ පර්යේෂණ වාර්තාවක්ද පහත සඳහන් වේ. ඒ පිළිබඳව ද ඔබට අධ්‍යයනය කිරීම සඳහා අවස්ථාව ඇත.Christian Terwiesch Chat GTPChristian Terwiesch විසින් ChatGPT පිළිබඳව නිකුත් කළ පර්යේෂණ වාර්තාව.Christian-Terwiesch-Chat-GTP.pdf309 KBdownload-circleChristian Terwiesch on Twitterඉහත සඳහන් වාර්තාව තුළ ඔහු විසින් මෙම පරීක්ෂණය සඳහා භාවිතා කළ ගැටලු මෙන්ම ඒ සඳහා ChatGPT මගින් ලබාගත් පිළිතුරු ද සඳහන් වේ.අවසාන නිගමනයන් සහ දෝෂ.ලිපිය ආරම්භයේදී ඔබට හැඟෙන්නට ඇත්තේ මෙය ඉතාමත් නිරවද්‍ය වන බවත් ඉදිරියේදී ඔබට ද සියලුම විභාග සඳහා භාවිතයට ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ද? පිළිතුර 50% බැගින් ඔව් සහ නැත යන පිළිතුරු දෙකටම බෙදීමට සිදුවේ.මන්දයත් මොහු විසින් සඳහන් කරන පරිදි මෙම ChatGPT හි මේ වන විට පවතින අනුවාදය සමග එය ඉතාමත් ඉහළ මට්ටමේ පවතින බවයි. එය මේ වන විට සැලකිය යුතු මට්ටමේ නිරවද්‍ය තොරතුරු ලබාගැනීම සඳහා භාවිතා කිරීමට ඉතාමත් යෝග්‍ය වේ.නමුත් මෙම අනුවාදය සමග ක්රියාකිරීමේදී එය සම්මත සැකිල්ලක් මත පදනම් වී නිර්මාණය වී ඇති බැවින් ChatGPT සඳහා Advanced Process Analysis Questions එනම් විශ්ලේෂණාත්මක ක්‍රියාවලි සහිත ඉහළ මට්ටමේ ගැටලු සඳහා පිළිතුරු සැපයීමේදී ChatGPT හි දායකත්වය තරමක මන්දගාමී, නිරවද්‍යතාවයකින් අඩු මට්ටමක පවතී. එවැනි අවස්ථාවක දී මෙමගින් ලබාගන්නා තොරතුරු මත පදනම්ව විභාගය අසමත් වීමට ඉඩ ඇත. නමුත් ඉදිරියේදී නිකුත් වීමට නියමිත අනුවාද මගින් මෙම අඩුපාඩු සියල්ල සම්පූර්ණ කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බවට අප හට විශ්වාස කළ හැකිවේ.කෙසේ නමුත් ඔහු විසින් සඳහන් කරනු ලබන්නේ පරිශීලකයන් සඳහා පිළිතුරු සැපයීම කිනම් මට්ටමක පැවතියද ඔහුට මෙම ChatGPT භාවිතයෙන් ප්‍රශ්න නිර්මාණය කිරීමට ඉතාමත් පහසු වන බවයි.අධ්‍යාපන ක්‍රමය බිඳ වැටීමේ අවධානමක් පවතී ද?කිසිසේත් නැත. එයට හේතු ද මෙම පර්යේෂණ වාර්තාව ඔස්සේ ඔබ වෙත සඳහන් කර තිබීම විශේෂත්වයකි. නව තාක්ෂණයේ දියුණුවත් සමග අපට ද ඒ සමගම අනුගත වීමට සිදුවීම අප විසින් සිදුකළ යුතුම වේ. එසේ නොවුනහොත් අප කුඩා දූපතක තනි වූ ගෝත්‍රික කණ්ඩායමක් බවට පත්වනු ඇත. නමුත් මෙලෙස අනුගත වීම තුළ ද අප විසින් අනුගමනය කළ යුතු පියවර ඇත. රටක් තුළ හෝ යක් ප්‍රජාවක් තුළ පවතින අධ්‍යාපන ක්රමයේ දියුණුව සැලකීමේ දී ඔවුනගේ නිර්මාණශීලීත්වය සඳහා ප්‍රධාන ස්ථානයක් හිමිවනු ඇත.Source:pcmag.comමෙම පරීක්ෂණයේ ඇතුළත් වන තොරතුරුවලට අනුව පවතින අනුවාදය සමග A+ වැනි ප්‍රතිඵලයක් වෙත ළඟා වීම සඳහා ChatGPT හට තරමක අපහසුතාවයක් ඇත. එනම් දැනට මෙම පිටිය තුළ ඉදිරියෙන් පවතින්නේ මිනිසා වේ. මෙවැනි AI තාක්ෂණයන් ඉදිරියේදී ද නිර්මාණය වීමට නියමිතය. දැනටමත් නිර්මාණය වෙමින් පවතී. එලෙස නිර්මාණය වන්නේද යම් මිනිසෙකුගේ සිතෙහි ඇතිවන්නාවූ අදහසකට අනුවය.එමනිසා අප ද මෙම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් නික්මී ඉදිරි පියවර තැබීමට අපගේ පහළ පරම්පරාව සූදානම් කළ යුතු වන්නෙමු. පවතින තාක්ෂණයන් භාවිතා කර අපගේ දැනුම, අවබෝධය සහ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කර ගැනීම අප සතුව පවතින වගකීමකි.මෙම යෙදවුම හා මේ හා සම්බන්ධ තාක්ෂණික කරුණු පිළිබඳව දැනුවත් වීම සඳහා අප විසින් ඉදිරියේදී ගෙන එන ලිපි පෙළ සමග සම්බන්ධ වී සිටින්න.Sources:searchenginejournalglobalnewscomputingentrepreneurmedrxiv |
Google Maps භාවිතයෙන් navigate කිරීම පහසු කිරීමට Split Screen Street View UI එකක් ලබා දීමට Google ආයතනය කටයුතු කරයි | Google සමාගම මගින් නිකුත් කර ඇති apps අතරින් වඩාත් ජනප්‍රිය සහ ප්‍රයෝජනවත් app එකක් වන Google Maps වෙත පසුගිය මාස දෙක ඇතුලත නව විශේෂාංග කිහිපයක්ම ඇතුලත් කිරිමට Google සමාගම කටයුතු කරනු ලැබුවා. මෙසේ ඇතුලත් කල නව විශේෂාංග ලෙස නව community feed එකක්, නිතර පැමිණෙන ස්ථාන වලට ප්‍රවේශ වීම සදහා Go tab ලෙස හැදින්වෙන විශේෂාංගයක්, verified වුන ව්‍යාපාර සඳහා පණිවිඩ යැවීමේ හැකියාව, නව driving mode එකක්, food delivery alerts ආදිය දක්වන්නට පුලුවන්.මේ සියල්ලටම අමතරව split-screen UI එකක් සමග නව විශේෂාංගයක් ඇතුලත් කිරිමට Google සමාගම කටයුතු කර තිබෙනවා. Street View mode ඔස්සේ සැරිසැරීම පහසු කරන මෙම විශේෂාංගය Google Maps web version එකේ දිගු කලක් තිස්සේ පැවතුනත් ස්මාර්ට් ජංගම දුරකථන සදහා මෙය ලබා දී තිබුනේ නැහැ.Google Maps යෙදුම විවෘත කර map එකට pin එකක් දමා Street View mode වෙත පිවිසුන පසුව ස්වයංක්‍රීයව මෙම නව split-screen UI එක ක්‍රියාත්මක වන අතර මෙසේ ක්‍රියාත්මක වූ පසුව Google Maps තිරය දෙකට බෙදෙන අතර උඩ කොටසේ Street View අතුරුමුහුණතත්, යට කොටසේ එම Street View එකට අදාල map එකත් පෙන්වනු ලබනවා.Split screen Street View UI (Source:xda)දැනට මෙම පහසුකම Android උපාංග සදහා පමණක් ලබා දී තිබෙනවා.Source:XDA |
සුපුරුදු physical keyboard එක සහ 5G තාක්ෂණය සහිතව 2021දී Blackberry ජංගම දුරකතනයක් වෙලඳපලට නිකුත් කිරීමේ සූදානමක් | Security Brand එකක් වෙන Onward Mobility සමාගම හා අනුබද්ධව 2021 වසරේදි BlackBerry සන්නාමය සහිත දුරකථනයක් වෙළදපොලට පැමිණිමට නියමිත බව මේ වන විට වාර්තා වි තිබෙනවා. ඒ අනුව 2021 දි අපිට 5G තාක්ෂණයෙන් බල ගැන්වෙන BlackBerry-Branded Phones දැක ගැනිමට හැකි වෙන බව Onward Mobility සමාගමේ නිල වෙබ් අඩවිය විසින් සදහන් කර තිබෙනවා.මේ වසර මුලදි TCL හා BlackBerry සමාගම් ප්‍රකාශ කරේ මින් පසු TCL සමාගම විසින් BlackBerry-Branded Smartphones නිපදවිමක් සිදු නොකරන බවයි. ඒ අනුව මින් පසුව Onward Mobility සමාගම යටතේ BlackBerry-Branded Smartphones නිකුත් වෙන බවත් සදහන් කරනු ලැබුවා.මේ තොරතුරැවලට අනුව දැන් BlackBerry-Branded Smartphones නැවත වෙළදපොලට පිවිසිමට සුදානම් වි ඇති බව කියන්න පුළුවන්. Onward Mobility කියන්නේ එතරම් ප්‍රසිද්ධ නොමැති Mobile Security Brand එකක්.ඒ වගේම Onward Mobility නිල වෙබ් අඩවියට අනුව 2021 වසරේදි අපිට BlackBerry 5G දුරකථනයක් දැක බලා ගැනිමේ හැකියාව ලැබෙන බව නිසකයි. Onward Mobility ආයතනය පවසන්නේ මේ නව Devices “Highly secure” හා “suite of end-to-end security solutions” ආකාරයේ ඉතා ඉහල පෞද්ගලික ආරක්ෂාවක් සහිතව පෞද්ගලිකත්වය මුල් තැන දි නිර්මාණය කරන බවයි. නමුත් තාමත් මේ නව Device හෝ Devicesවල Specifications පිළිබඳව පැහැදිලි තොරතුරුක් නිකුත් වි නැ.BlackBerry සමාගමේ Executive Chairman and CEO වන John Chen මහතා මේ Onward Mobility සමග එකතු විම ගැන පහත ප්‍රකාශයක් නිකුත් කරල තියෙනවා.“BlackBerry is thrilled OnwardMobility will deliver a BlackBerry 5G smartphone device with physical keyboard leveraging our high standards of trust and security synonymous with our brand. We are excited that customers will experience the enterprise and government level security and mobile productivity the new BlackBerry 5G smartphone will offer,”මේ අනුව ඉදිරියේ දි නිකුත් විමට නියමිත මේ BlackBerry Devices physical keypad එකක් සහිතව Android Operation System එක සමග නිපදවිමට බලාපොරොත්තු ඇති බව කියන්න පුළුවන්.Onward Mobility සමාගමේ නිල වෙබ්අඩවිය දක්වා ඇත්තේ මේ Phones Design කිරිම හා Manufacture කිරිම BlackBerry සමාගම හා Foxconn subsidiary සමාගම අනුබද්ධ FIH Mobile සමග ඒකාබද්ධව සිදු වන බවයි.Sources :Android Authority,OnwardMobility |
Dialog සමාගම විසින් තම Apple පාරිභෝගිකයින් සඳහා eSIM Quick Transfer පහසුකම ලබා දෙයි | ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්රයේ පෙරළිකාර සමාගමක් වන Dialog Axiata සමාගම විසින් ශ්‍රී ලංකාවේ Apple iPhone සහ iPad භාවිත කරන තම පාරිභෝගිකයින් සඳහා ප්‍රථමවරට eSIM Quick Transfer පහසුකම හඳුන්වා දී තිබෙනවා.මේ සමඟ Apple iPhone හෝ iPad භාවිත කරන Dialog පාරිභෝගිකයින්ට හට ඔවුන්ගේ eSIM ඉතා පහසුවෙන් තම Apple Devices අතර හුවමාරු කර ගැනීමට ඉඩ ලබා දෙනවා. එමෙන්ම මීට අමතරව ඔබගේ Physical SIM පත Device Settings ඔස්සේ eSIM එකක් බවට පරිවර්ථනය කර ගැනිමේ හැකියාවත් ලැබී තිබෙන අතරම පැරණි Apple Device එකේ සිට නව Apple Device එකෙ Data හුවමාරු කරන අවස්ථාවේදීද eSIM එක එම නව Apple Device එකට ලබා ගැනීමේ හැකියාවත් ලැබෙනවා.කෙසේ වෙතත් මෙම පහසුකම් ලබා ගැනීමට නම් ඔබ Apple iPhone XS, iPhone XS Max, iPhone XR හෝ මේ Devicesවලට පසුව නිකුත් වු iPhone එකක් හෝ Apple සමාගමේ eSIM පහසුකම සහිත iPad එකක් භාවිත කළ යුතු වනවා. එමෙන්ම මේ iPhones සහ iPads සියල්ල iOS 17.5 හෝ එයට පසුව නිකුත් වු යාවත්කාලීනයක් ලබා තිබීමත් අත්‍යවශය වනවා.Source:www.dialog.lk |
නිකුත් වීමට නියමිත Snapdragon 8 Gen 3 Chipset එක ඉහළ කාර්ය සාධනයක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි | Snapdragon 8 Gen 3 Chipset එක එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පමණ නිකුත් කිරීමට නියමිත අතර, Snapdragon 8 Gen 4 Chipset එක 2024 වසර අග භාගයේදී පමණ නිකුත් කිරීමට නියමිතව පවතිනවා. එම Chipset එක පිළිබඳව මේ වන විට තොරතුරු රැසක් ලොව පුරා සිටින Rumorsලා විසින් අනාවරණය කොට තිබෙනවා.එම තොරතුරුවලට අනුව, Gen 3 Chipset එක සඳහා Phoenix cores 2ක් සහ Phoenix M Cores 6ක් ඇතුළත් විය හැකි වනවා. (Phoenix යනු, Nuvia විසින් නිර්මාණය කරන ලද ARM-Based CPU වල අලුත් Version එකකි)Snapdragon 8 Gen 4 නිෂ්පාදනය කරනු ලබන්නේ TSMC හි N3E ක්‍රියාවලිය මත බව වාර්තා වනවා. එයින් අදහස් කරන්නේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් වැඩිපුර Chipset ප්‍රමාණයක් නිවැරදිව නිපදවනු ඇති බවයි. ඉදිරියට එන Snapdragon 8 Gen 3 Chipset එක තවමත් 4nm ක්‍රියාවලිය මත පදනම් වී ඇති නමුත් එය අඩු කාර්යක්ෂමතාවයකින් ඉහළ කාර්ය සාධනයක් ලබා දෙනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරයි.මේ Gen 3 Chipset එක ප්‍රථමයෙන්ම භාවිත වන්නේ කුමන Smartphone එකද යන්න පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වී නොමැති අතර Samsung, Oppo, සහ Xiaomi යන සමාගම් මේ පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත් දක්වන්න පුළුවන්.Source:gizmochina.com |
Huawei සමාගම ඩොලර් 46,000ක් වටිනා නිෂ්පාදනයක් එලි දැක්වීමට සූදානම් වේ; මෝටර් රථයක් විය හැකියයි මත පලවේ | Huawei සමාගම 300,000 Yuan ක් එනම් ආසන්න වශයෙන් $46,000 ක නිෂ්පාදනයක් එලිදැක්වීමට වැඩකටයුතු සිදු කරමින් පවතින බව weibo blogger කෙනෙක් වන看山的叔叔විසින් weibo හි පළ කර තිබූ post එකක මේ පිළිබදව දක්වා තිබුනා. එම Post එක පහතින් දැක්වේ.微博随时随地发现新鲜事!微博带你欣赏世界上每一个精彩瞬间,了解每一个幕后故事。分享你想表达的,让全世界都能听到你的心声!මෙය බොහෝ දුරට Electric Car එකක් වීමටද පුලුවන්, මොකද මෙවැනි අදහාගත නොහැකි මිලකට වෙනත් smart product එකක් ගැන සිතාගත නොහැකි නිසාවෙන්. එය එසේ වුවහොත් සමහරවිට ඔවුන් වෙනත් හවුල්කාර මෝටර් රථ සමාගමක් සමග එක්ව මෙය නිෂ්පාදනය සිදුකිරීමටද ඉඩ ඇත.මීට කලකට පෙර ඔවුන් පවසා තිබෙන්නෙ ඔවුන් මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර නැති බවත්, ඔවුන් අවධානය යොමු කරනුයේ වාහන වල තොරතුරු තාක්ෂණික උපාංග හා අභ්‍යන්තර කොටස් නිෂ්පාදනයට බවයි. එයින් කියැවෙන්නේ ඔවුන් නිෂ්පාදකයෙකුට වඩා සැපයුම්කරුවෙකු බවයි.නමුත් වෙනත් මෝටර් රථ නිෂ්පාදකයකු සමග හවුල්ව ඔවුන්ගේම මෝටර් රථයක් එලිදක්වාවි යැයි අපට සිතිය හැක. මෑතකදී ඔවුන් චීනය තුළ අලෙවි වන Mercedes Benz S Class Sedans සදහා ඔවුන්ගේ HMS Services ලබාදෙන බවටත් ප්‍රකාශ කොට තිබෙනවා.කෙසේවෙතත් මෙම අධික වටිනාකමකින් යුත් නිෂ්පාදනය කුමක්ද යන වග Weibo blogger විසින් සදහන් කර නැත. නමුත් මෙම ලැබුණු තොරතුර සත්‍යක් නම් මෙය electric vehicle එකක් වීමට බොහෝ ඉඩකඩ ඇත. මක් නිසාද Tesla වැනි electric වාහනද මෙවැනි මිල යටතේ අලෙවිවන නිසාවෙන්.Source:Gizmochina |
Qualcomm විසින් 5G වලින් බලගැන්වෙන Snapdragon 690 chipset නිවේදනය කරයි | Qualcomm සමාගම විසින් 5G සඳහා සහය දක්වන 8nm process node එකක් සහිත Snapdragon 690 නම් SoC එකක් නිෂ්පාදනය කර ඇත. මෙය Snapdragon 675හි අනුප්‍රාප්තිකයා වන අතර මේ සඳහා ඔවුන් විසින් X51 modem එකක් ලබා දී ඇත. මෙමගින් Qualcomm සමාගම බලාපොරොත්තු වන්නේ ලොවපුරා පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට 5G chipset වලින් යුතු ජංගම දුරකථන මිලදී ගැනීමේ හැකියාව ඇති කිරීමයි. ඒ අනුව HMD, LG, Motorola, Sharp, TCL, Wingtech සමාගම් ඔවුන්ගේ ඉදිරි ජංගම දුරකථන සඳහා මෙම chipset ඇතුලත් කරනු ඇති බව ඔවුන් අපේක්ෂා කරයි.නව Snapdragon 690 SA, NSA සහ global 5G sub-6Ghz සහාය වනු ඇත. 690 සඳහා mmWave සහය ඇතුළත් කිරීමට Qualcommතීරණය කර නැත, එය දැනට ඉහළ මට්ටමේ 7-series and 8-series 5G chipsets Snapdragon 865 සහ 765G වැනි වේ. Snapdragon 675 හා සසඳන විට ඔබට 20% වේගවත් CPU වේගය සහ 60% වේගවත් graphics performance අපේක්ෂා කළ හැකිය.අළුතෙන් නිෂ්පාදනය කල Snapdragon 690 SoC එක SA, NSA සහ Global 5G sub-6GHz සඳහා සහය දක්වන නමුත් දැනට snapdragon 7 සහ 8 series වල 5G chipset වල පවතින mmWave ඇතුලත් කර නැත. ඒ කෙසේ වෙතත් Snapdragon 675 හා සසඳන විට ඔබට 20% වේගවත් CPU වේගයක් සහ 60% වේගවත් graphics performances, Snapdragon 690 වෙතින් අපට අපේක්ෂා කළ හැකිය.4K 30fps හරහා HDR videos Mid range වලටත්ඒ සමඟම මේ SoC එක හරහා ඔබට 4K 30fps videos වලදී HDR වීඩියෝ පටිගත කල හැකි අතර මෙය මෙගාපික්සල් 192ක් දක්වා සහය දක්වයි. එමෙන්ම මෙම චිප්සෙට් එක භාවිතා කිරීමෙන් FHD+ resolution එකෙන් අඩංගු තිරයක් දක්වා අපිට භාවිතා කල හැකි අතර 120Hz refreshing rate එකක් සහිත ඩිස්ප්ලේ ද භාවිතා කිරීමේ හැකියාව ලැබෙන අතර Quick Charge 4+ සඳහාද සහය දක්වයි. එමෙන්ම Qualcomm හි FastConnect 6200 සඳහා සහය දක්වන මෙම චිප්සෙට් භාවිතය හරහා අපට Wi-Fi 6 භාවිතා කිරීම හරහා වේගවත් Wi-Fi ජාලයක් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇත.එමෙන්ම මෙහි ඇතුලත්ව ඇති ARCSOFT නම් වූ 5th generation AI engine එකක් පැමිණේ. එය හරහා ultrawide, wide, and telephoto ලබාදි අතර zooming කිරීමේදී smoothness එක වැඩි වන නව අංගයක්ද ඇතුලත්ව ඇත.Qualcomm සමාගම අපේක්ෂා කරන ආකාරයට නුදුරේදීම Snapdragon 690 වලින් බලගැන්වෙන ජංගම දුරකථන අප හට භාවිතා කල හැකිවනු ඇත. |
ඔබ විසින් සමාජ මාධ්‍යජාලාවන්හි Apps භාවිතා කිරීමේදී පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය ගණනය කිරීමට ක්‍රමයක් හදුන්වා දේ | ඔයාලා පැය ගණනක් සමාජ මාධ්‍ය භාවිතා කරන විට කොතරම් කාබන් ප්‍රමාණයක් පරිසරයට මුදාහැරෙනවා ද කියන එක ඔයාලා දන්නවාද? මේ සිදුවන කාබන් මුදාහැරීමට අහල කොහොම නම් පෞද්ගලිකව දායක වනවාද කියන එක ගැන කල්පනා කරලා තියෙනවද?ඉතින් මේ පෞද්ගලික carbon footprint එක ගණනය කර ගැනීමට එක්සත් රාජධානිය මූලික කරගෙන නිර්මාණය වුණු වෙබ් අඩවියක් දැන් තියෙනවා. අපි බලමු ඒ ගණනය කිරීම ඒ වෙබ් අඩවිය හරහා සිදු කර ගන්නේ කොහොමද කියලා.මුලින්ම කරන්න තියෙන්නේcompare the market websiteහි තියෙන carbon footprint calculator එකට යන එක. මේ වෙබ් සයිට් එකට මුලින්ම ගියාම මට බලාගන්න පුළුවන් මේ carbon footprint එකට වැඩියෙන්ම දායක වෙන social media platforms තුන මොනවද කියලා.ඒ අතරින් පළමු ස්ථානයේ සිටින්නේ tik tok වන අතර ඔබ මිනිත්තුවක කාලයක් භාවිතයට ගන්නා විට කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 2.63ක් පරිසරයට මුදා හැරෙනවා. මේ විදිහටම විදිහටම දෙවැනි ස්ථානයේ ඉන්නෙ reddit; එහිදී කාබන්ඩයොක්සයිඩ් ග්‍රෑම් 2.48 මිනිත්තුවට මුදාහැරෙන අතර තෙවන ස්ථානයේ සිටින printerest හරහා මිනිත්තුවට ග්‍රෑම් 1.3ක් බැගින් මුදාහැරේ.ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති ඔයා සෝෂල් මීඩියා භාවිතා කිරීම නිසා පරිසරයට එකතු වන කාබන් ප්‍රමාණය ගන්නෙ වෙන්නේ ඔයා ශෝශල් මීඩියා පාවිච්චි කරන කාලයෙන් කියලා.ඉතින් ඔයාට මේක ගණනය කරගන්න කරන්න තියෙන්නේ වෙබ් සයිට් එකේ අදාල platforms යටතේ ඒ සඳහා ඔයා දවසකට වැය කරන කාලය යොදලා calculate බට්න් එක ඔබන්න විතරයි.දැන් ඔයාලට ඔයාලගේ පෞද්ගලික carbon footprint වාර්තාව ලබා ගන්න පුළුවන්. මෙහි රිපෝට් එකෙන් ඔයාට බලාගන්න පුුළුවන් ඔයා ඒ platform එක හරහා අවුරුද්දකට කොච්චර කාබන් ප්‍රමාණයක් පරිසරයට එකතු කරනවද සහ ඔයා පාවිච්චි කරන platforms සියල්ල හරහා පරිසරයට එකතු කරන කාබන් ප්‍රමාණය කොච්චර කියන එකත්.මේ social media platforms භාවිතය අවම කිරීම තුළින් අපේ වටිනා කාලය ඉතුරු කරගන්න පුලුවන් වෙනවා වගේම පරිසරය ආරක්ෂා කර ගන්නත් ඔයාට දායක වෙන්න පුළුවන් බව මෙවැනි වෙබ් අඩවි දැන් පෙන්වා දෙනවා.Source:Beebom |
වැඩ කරන්නේ නැති හාර්ඩ් එක හරි පෙන් ඩ්‍රයිව් එක හරි විසික් කරන්න කලින් මේක කියවලා ගොඩ දාගන්න බලන්න | ඔයාලා පාවිච්චි කරන USB drive මොකක් හරි හේතුවක් නිසා වැඩ කරන්නේ නැතුව ගියොත් නිකංම පිච්චිලා කියලා හිතලා විසි කරලා දානවද? එහෙනම් ඊට කලිං මේ ලිපිය හොඳින් කියවලා බලන්න. අපි මේක කරන්න CMD තමයි යොදාගන්නෙ. ප්‍රවේශ විය නොහැකි, කියවිය නොහැකි, Partition වූ සහ corrupted වූ USB flash drive, pen drive, memory stick නැවත සාමාන්‍ය පරිදි ක්‍රියා කරවීමට තමයි කියලා දෙන්න යන්නෙ. පිච්චිලා නැත්ත බොහෝ දුරට ඔයාගෙ USB drive එක ගොඩ දාගන්න පුළුවන් වෙයි.මං අද පෙන්නන්නෙ මගෙ partition වෙච්ච pen drive එක කොහොමද නැවත පෙර විදියටම සකස් කරගන්නෙ කියලා. (අනිකුත් අවස්ථා වලදිත් යොදාගන්නා step ටික මේවමයි).පහල මං දාලා තියෙනවා step by step වැඩේ කරන විදිය01. හරි ඉස්සෙල්ලම ඔයාගේ අදාල USB driver එක ඔයාගෙ පරිගණයකට plug කරගන්න. ඔයාගෙ USB drive එක පිච්චිලා නැත්ත Task bar එකෙයි Disk management වලයි මේ විදියට ඔයාගෙ drive එක පෙන්නයි. (සමහරවිට My computer/ This PC වල නොපෙන්වන්න ඉඩ තියෙනවා)මේ තියෙන්නෙ මගෙ partition වුන USB drive එක02. ඊටපස්සෙ ඔයාගෙ computer එකේ CMD එක run as administrator ලෙස open කරගන්න.03. ඊටපස්සෙ ඉස්සෙල්ලමdiskpartකියලා type කරලා enter කරගන්න. ඊටපස්සෙ පහළිත් තියෙන steps ටික පිලිවෙලට ටයිප් කරලා enter කර කර යන්න.04.list disk(hit enter) දැන් ඔයාගෙ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන Disk මොනාද කියලා මේ විදියට ලිස්ට් එකක් පෙන්නයි.05.select disk 1(hit enter)මෙතනදි ඔයා ඔයාගෙ USB drive එකේ අංකයට මේ (1) කියන අංකය replace කරගන්න. ඔය 0 කියලා පෙන්නන්නෙ මගෙ HDD එක.දැන් ඔයාට පෙන්නයි ඔයාගෙ disk එක එහෙම නැත්තං USB dive එක select වෙලා තියෙනවා කියලා.06.clean(hit enter)දැන් ඔයාට පෙන්නයි disk එක clean උනා කියලාදැන් තියෙන්නෙ ඔයාට ආය disk එකේ partition එක create කරගන්න.07.create partition primary(hit enter)දැන් ඔයාට පෙන්නයි partition එක create උනා කියලා.08.format fs=ntfs(hit enter)මෙතනදි ඔයාගෙ disk එක නැවත format වෙනවා පෙන්නයි. ඒක 100% complete වෙනකං ඉන්න.09.Assign(hit enter)මේක තමා අපේ අවසාන ස්ටෙප් එක. මේක එන්ටර් කරාම ඔයාට DiskPart successfully assigned the device letter or mount point කියලා පෙන්නයි. ඒ කියන්නෙ වැඩේ ගොඩ.My computer එකට ගිහින් ඔයාගෙ disk එක බලන්න ගොඩ ගිහින් ඇති. ?All steps are in one |
WhatsApp calls සදහා sharable links පහසුකම ලබා දේ | වීඩියෝ calls සඳහා Zoom හෝ Google Meet වැනි apps අප හට සාමාන්‍යය වේ. නමුත් දැන් ජනප්‍රිය App එකක් වන WhatsApp ද මෙම විශේෂාංගය එළිදක්වමින් සිටින අතර ඔබට ඇමතුමක link එකක් පවුලේ අය සහ මිතුරන් සමඟ බෙදා ගත හැකිය.Facebookසමාජ මාධ්‍යයේ සටහනක් තබමින්, Zuckerberg නිවේදනය කළේ WhatsApp විසින් Call Links feature එක එළිදක්වන බවයි.calls tab එක යටතේ video link සෑදීමේ option එක පරිශීලකයින් හට සොයා ගනු ලැබීමට ඇත. link එකක් නිර්මාණය කළ පසු, ඔවුන්ට වීඩියෝ ඇමතුමට සම්බන්ධ වීමට එය මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගත හැක.Image Credits:WhatsAppcall links feature එක සියලුම පරිශීලකයින් වෙත මෙම සතියේ තුල නිකුත් වේ, එබැවින් ඔබට WhatsApp updates පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වීමට සිදු වේ. දින 90කින් පසු එම ඔබ සාදන ලද link එක කල් ඉකුත් වන බව WhatsApp ආයතනය පවසයි. තවද, ඔබ එය WhatsApp භාවිතා නොකරන කෙනෙකුට යැවුවහොත්, ඔවුන් හට app එක බාගත කිරීමට හරවා යවනු ලැබේ.Sources:Tech CrunchAndroid Police |
Windows 11 සඳහා අලුතින් Windows Defender App එකක් හඳුන්වා දීමට සූදානම් වේ | Windows 8/8.1 සහ 10හිදී නොමිලේම අපට Anti-Virus Guard එකක් ලැබුනා. මෙය Windows 8හීදී Microsoft Defender ලෙස හැඳින්වූ අතර Windows 10හිදී මෙය විශාල වැඩි දියුණු කිරීම් රැසක් සමඟම Windows Security ලෙස මෙය ලබා දුන්නා.Windows 10හි තිබූ Windows Security App එකම ඔක්තෝම්බර් 05 වන දා එළි දැක්වූ Windows 11 සඳහාද ලබා දුන්නා. නමුත් Microsoft සමාගම අලුතින් Microsoft Defender App එකක් හඳුන්වා දීමට කටයුතු කරන බවක් මෑතකදී අන්තර්ජාලයට නිකුත් වූ Screen Shot එකකින් පෙනී යනවා.Microsoft සමාගමේ මේ සඳහා ඇති සැලසුම් හඳුනාගැනීමට මෙය ප්‍රමාණවත් නැහැ. නමුත් දැනට Windows Security App එක හරහා Microsoft Defender Antivirus එක Microsoft Store එක මඟින් Download කර ලබා ගත හැකි වනවා.වාර්තා වලට අනුව සඳහන් වන්නේ මෙම නවතම Defender Antivirus එක වැඩි Customization කිරීමේ හැකියාවකින් සහ වැඩි දියුණු කළ පහසුකම් සමඟ මෙමඟින් නව අත්දැකීමක් ලබා ගැනීමට හැකි වන බවයි.තවමත් මෙය නිකුත් වන දිනයක් නිශ්චිතවම කිව නොහැකි අතර, නමුත් මෙය නුදුරේදීම Windows 11 insider පරිශීලකයන්ගෙන් Dev Channel එකෙහි සිටින් පරිශීලකයන්ට ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.Source -Pure Info Tech |
Sony විසින් YouTube Content Creators සහ Vloggersලා ඉලක්ක කර ගනිමින් නවතම කැමරාවක් | සෝනි අද වන විට vloggers සහ content creators ඉලක්ක කර ගනිමින් නවතම කැමරාවක් එළිදක්වා තිබේ. සෝනි ZV-1 යනු සැහැල්ලු, compact කැමරාවක් වන අතර Sony පවසන්නේ video-forward design සහ compact body පහසුවෙන් භාවිතා කළ හැකි ක්රියාකාරීත්වයන් සමඟ උසස් imaging Processing තාක්ෂණයෙන් මෙම කැමරාව යුක්ත බවයි.කැමරාවපැත්තේ විවර වන තිරයක්සමඟ එන අතර එයසෝනි කැමරා වල එම තාක්ෂනය භාවිතා වන පළමුවැන්නයි.මෙය හුදෙක් vloggers සහ creators වරුන්ගේ භාවිතය පහසු සහ සරල කිරීමට උපකාරී වේ. එසේම, vloggers සඳහා,රැගෙන යැමේදි කැමරාවට තදින් ග්‍රහණය කර ගැනිමට හැකි ආකාරයට නිමවා ඇති අතර එය තනි අතකින් භාවිතා කිරීම පහසු කරයි. තවද, පටිගත (Video Recording) කිරීම සක්‍රිය (Start) කර ඇති විට ඇඟවීමට indicate Light ඉදිරිපස ඇත . මේ සියල්ලම සමගම කැමරාවට හුරුබුහුටි පෙනුමක් ලබා දි ඇත.image stabilization සමඟ කැමරාව, HD වීඩියෝ පටිගත කිරීමේදී කැමරාව both electronic and optical stabilization තාක්ෂනය භාවිතා කරයි , එමගින් නොසෙල්වෙන පැහැදිලි රුප රාමු ලබාදෙයි. 4K Mode වලදි, කැමරාව OIS තාක්ෂනය පමණක් භාවිතා කරයි, සෝනි කියා සිටින්නේ එය මගින් stable videos ලබා දෙන බවයි. තවද මෙය සමග, shooting grip එකක් සහ wireless remote controller ද ඔබට ලැබෙන ඇත. එය මගින් හොදින් ග්රහනය කරගනිමින් විඩියෝ කිරිමට සහ භාවිතයේ පහසුව සඳහාද උපකාරී වේ.ශබ්දය පටිගත කිරිම සඳහා, කැමරාව තුලදිශා තුනකින්මයික් සහ 3.5mm මයික්‍රොෆෝන් එකක් පිටතින් සවි කිරිමට හැකියාව ඇත. එබැවින් භාවිතා කරන්න් හට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නෙ නම් ඔවුන්ගේ කැමති බාහිර මයික්ස් සම්බන්ධ කළ හැකිය.සෝනි ZV-1 හි අනෙකුත් අංග අතර Modes අතර මාරුවීම සඳහා එක බොත්තම් ලබා දි තිබිම මගින් භාවිතා කිරීම පහසුය. මේ සමග ඇති අනෙක් විශේෂාංග අතර 4K recording with full pixel readout, support for Hybrid Log-Gamma, S-Gamut3.Cine/ S-Log3, and S-Gamut3 / S-Log 3. පටිගත කිරීමද කැමරාවට ඇත.Read more Full Specifications & FeaturesSony Digital Camera ZV-1Look what I found on sony-asia.comSony |
MacOS සඳහා EvilQuest නමින් නව ransomware එකක්, pirated apps භාවිතාවෙන් වලකින්න | Ransomware කියල හඳුන්වන්නේ මොකක්ද කියල අපි හැමෝම දන්නවා. දැනට තියෙන දරුණුම ගනයේ malwares වලින් එකක් තමා මේ cryptovirology වලින් එන ransomware එකක් කියන්නේ. ඉතින් 'EvilQuest' නමින් pirated apps හරහා Apple macOS users ලව target කරන අලුත් ම ransomware එකක් හඳුනාගැනීමට global cybersecurity firm එකක් වෙන K7 Computing ආයතනයේ researchers ලා පිරිසක් සමත් වෙලා තියෙනවා.පසුගිය දෙසැම්බරයේ fileless trojan එක හඳුනාගත්තට පස්සෙ K7 ලා හඳුනාගත් දෙවෙනි ransomware එක මෙය වීමත් විශේෂත්වයක්.සාමාන්‍යයෙන් ransomware එකකින් වෙන්නේ user ගෙ files encrypt කරලා ඒ files decrypt කරන්න ransom එකක් ඉල්ලා සිටීමයි. බොහෝ ඉට එය ඉල්ලන්නේ Bitcoin හරහායි.ඒත් මේ 'EvilQuest' කියන ransomware එක ඊට වඩා පියවරක් ඉස්සරහට ගිහින් keylogger එකක් install කරලා user ගේ keystrokes record කරනවා. Keylogger එකක් කියන්නේ attacker ට custom commands run කරන්න allow කරන reverse shell එකක්. ඒ වගේම මේ ransomware එක මගින් crypto-currency wallets වල පොදුවේ use files පවා සොරකම් කරනු ලබනවා. මේ පිළිබඳව K7 ආයතනය නිවේදනයක් පවා නිකුත් කරලා තිබෙනවා.ඔවුන් පවසන ආකාරයට EvilQuest ලා encrypt කරපු files decrypt කරන්න ඇ. ඩොලර් 50ක් Bitcoin මාර්ගයෙන් ඉලා සිටිනවා. ඒත් user ගෙ credentials සහ files retain කර ගැනීමේ හැකියාව ඔවුන් install කරපු malware එක හරහා රඳවගන්නවා."EvilQuest demonstrates that cybercriminals rapidly evolve attacks on every platform. By bundling ransomware with other malware they create threats that remain malicious even after the ransom is paid, confirming the futility of paying ransom to cyber attackers,"- J Kesavardhanan, Founder and CEO of K7 Computing. |
Bill Gates තෙවන ස්ථානයට පත් කරමින් Elon Musk ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර 2 වෙනි ස්ථානයට පත් වේ | Bloomberg Billionaires Index (BBI) කියන්නේ ලෝකයේ බිලියනපතියන් දෛනිකව ශ්‍රේණිගත කරන ලෝක ප්‍රසිද්ධ දර්ශකයක්. මෙම දර්ශකය නිව්යෝර්ක් කොටස් වෙළඳපොලේ සෑම වෙළඳ දිනයක් අවසානයේම අප්ඩේට් වෙනවා. පුද්ගලයන්ගේ ශුද්ධ වටිනාකම ගණනය කිරීමේදී, ලබා ගත හැකි වඩාත්ම විනිවිද පෙනෙන ගණනය කිරීම් සැපයීමට Bloomberg උත්සාහ කරනවා.Bloomberg ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන සමාගම්වල කොටස් අගය කරන්නේ කොටසෙහි අළුත්ම අවසන් මිල භාවිතා කරලා. සියළු තක්සේරු කිරීම් ඒ මොහොතේ තියෙන විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලර් වලට පරිවර්තනය කරලා තමයි ප්‍රකාශ කරන්නේ. 2020 නොවැම්බර් 25 වෙනිදා මේකේ වුණ විශේෂ වෙනස්කමක් නිසා තමයි මේක ගැන ලියන්න හිතුණේ.ඒ තමයි සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වෙන ඊලෝන් මස්ක් 2 වෙනි තැනට ආපු එක.ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනා ගැන තමයි මේ ලිපියේ තියෙන්නේ. මේ සියළු තොරතුරු 2020 නොවැම්බර් 27 වෙනකන් අප්ඩේට් එකෙන් ගත්තේ.ජෙෆ් බෙසෝස් (ඇමසන්) - ඇ.ඩො. බිලියන 187ඊලෝන් මස්ක් (ස්පේස් එක්ස්, ටෙස්ලා) - ඇ.ඩො. බිලියන 140බිල් ගේට්ස් (මයික්‍රොසොෆ්ට්) - ඇ.ඩො. බිලියන 129බර්නාඩ් ආර්නෝල්ට් (ලුවී විටෝන්, හෙනසි) - ඇ.ඩො. බිලියන 105මාර්ක් සකර්බර්ග් (ෆේස්බුක්) - ඇ.ඩො. බිලියන 104වොරන් බෆට් (බර්ක්ශයර් හැතවේ) - ඇ.ඩො. බිලියන 88.3ලැරී පේජ් (ගූගල්) - ඇ.ඩො. බිලියන 82.8සර්ජි බ්‍රින් (ගූගල්) - ඇ.ඩො. බිලියන 80.2ස්ටීව් බෝල්මර් (මයික්‍රොසොෆ්ට්) - ඇ.ඩො. බිලියන 77.4මුකේෂ් අම්බානි (රිලයන්ස්) - ඇ.ඩො. බිලියන 74.4බර්නාඩ් ආර්නෝල්ට් (ප්‍රංශය) මුකේෂ් අම්බානි (ඉන්දියාව) හැරෙන්න අනිත් අට දෙනාම ඇමරිකානු ජාතිකයන්. බර්නාඩ් ආර්නෝල්ට් (ලුවී විටෝන්, හෙනසි), වොරන් බෆට් (බර්ක්ශයර් හැතවේ) සහ මුකේෂ් අම්බානි (රිලයන්ස්) හැරෙන්න අනිත් හත්දෙනාම ටෙක් සයිඩ් එකේ දැවැන්තයෝ.මේ වන විට ටෙස්ලා එකේ කොටස් මිලියන 34 ක් අයිතිව තියෙන්නෙත් ඊලෝන් මස්ක් ට. ඒ කම්පැනියේ මුළු කොටස් ගණනින් 18% ක ප්‍රතිශතයක්. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 68 ක්.ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරියා වන ඊලෝන් මස්ක් ටෙස්ලා කම්පැනියෙන් කිසිදු නිත්‍ය වැටුපක් ලබා ගන්නේ නැහැ.නමුත් 2018 දී අනෙක් කොටස් හිමියන් විසින් ඔහුට කොටස් මිලියන 20.3 ක වැටුප් පැකේජයක් අනුමත කරා. වාරික 12කින් සමන්විත මේ පැකේජය බොහෝ ඉක්මනින් ඊලෝන් මස්ක් ව ලෝකයේ ධනවත්ම පුද්ගලයා කරයි.2020 මැයි මාසයේදී පලවෙනි වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 770 කුත්, 2020 අගෝස්තු මාසයේදී දෙවැනි වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 2.1 කුත් ඊලෝන් මස්ක් ට මේ වෙනකොට හම්බෙලා තියෙනවා. තව සති කිහිපයකින් මෙහි තුන්වෙනි වාරිකය ඔහුට ලැබෙන්නට නියමිත වෙලා තියෙනවා. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් .මේ ඊලෝන් ට ලැබෙන වැටුප් පැකේජය ඔහුට ලැබෙන්න නම් Tesla Company එක අවශ්‍යතා දෙකක් සපුරන්න ඕන. එකක් තමයි ඇමරිකානු ඩොලර් බිලියන 372ක් වෙන ටෙස්ලා එකේ කොටස්වල වටිනාකම කලින් මාස 6 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක සාමාන්‍ය අගයක් පවත්වා ගත යුතුයි කියන එක. අනෙක් කාරණය තමයි ටෙස්ලා ටෙස්ලා එකේ ලාභය කලින් මාස 12 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ඉක්ම විය යුතුයි කියන එක.2018 දී හෝ 2019 දී මෙම අවශ්‍යතා සැපිරීමට ටෙස්ලා එකට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඔහුට කිසිම වාරිකයක් ඒ අවුරුදු දෙකේදී හම්බුනේ නෑ. හැබැයි ටෙස්ලා එක මේ වන විට අත් කරගෙන තියෙන ඉමහත් සාර්ථකත්වය නිසාම ඔහුට 2020 දී මේ වෙනකොට වාරික 3කට යන්න පුළුවන් වෙලා තියෙනවා. |
මොනාද මේ DNS කියන්නෙ ? | DNS කියලා කෙටියෙන්ම හදුන්වන්නෙ Domain Name Service යන්නයි.අපේ මිනිස්සු එකිනෙකා හදුනාගන්න නමක් පාවිච්චි කරනව වගේම network එකක තියෙන devices එකිනෙක හදුනාගන්න ඒ අය numbers IP Address භාවිතා කරනවා.හැමෝම මොකක් හරි සයිට් එකකකට ලොග් වෙනකොට අපි එකට යොදාගන්නෙ එ සයිට් එකෙ වෙබ් ලිපිනය. උදා – Google.com එත් මේ වෙබ් සයිට් එකක් අන්තර්ජාලයට Host වෙන්නෙ IP address එකක් විදිහට උදා – 172.217.194.113. ඉතින් අර Google.com කියන අක්ෂර බැහැ මේ අන්තර්ජාලයේ සර්වර් වලට හදුනාගන්න. ඒ නිසා මේ ප්‍රශ්නයට විසදුමක් ලෙස විදිහට තමා network engineers ලා DNS කියලා system එකක් හදලා තියෙන්නෙ.browser එකේ google.com කියලා ගහපුවාම DNS එකෙන් එයාගෙ database එකේ හොයනව match වෙන IP address එකක් තියෙනවද කියලා.එහෙම ගැලපෙන IP address එකක් තිබුනොතින් අපේ Device එකට පුලුවන් google web server එක්ක connect වෙන්න.DNS වැඩ කරන්නෙ හරියට Phone book එකක් වගේ නම බලලා Number එක හොයාගන්නව වගේ.මේ වැඩේ වෙන්නෙ මෙන්න මෙහෙමයි. මුලින්ම අපි google.com කියලා ගහපුවාම browser එකේ අපේ web browser එකට හරි OS එකට හරි හොයා ගන්න බැරි උනොත් අපේ computer එකේ cache එකේ ..computer එක query එකක් යවනව ඊලග level එකට, ඒ කියන්නෙResolver Servrerලගට.resolver server කියන්නෙ ඔයාගෙ internet service provider. ඊට පස්සෙ මේ resolver server එයාගෙ cache එක check කරල බලනව google.com කියන එකට ගැලපෙන ip address එක තියෙයිද කියලාඑයාට හොයාගන්නත් බැයිනම් එයා ඊලග level එකට query එකක් යවනව. ඒ තමාRoot serverඑක.dns hierarchy එකේ top එකේ ඉන්නේ root server එක.Root servers set 13 ක් තියෙනවා.ලෝකේ පුරා විවිද තැන් වල ස්තාපිත කරලා.Organization 12 කින් Operate කරනව.Root server එකට Resolver query එක යවපුවාම Root server දන්නෙ නෑ මොකක්ද අදාල IP address එක කියලා..එයා දන්නව reolverව යවන්න ඕනි කොහාටද කියලා.Rroot Server,Resolver වTLD Serverඑකට යවනව TLD කියන්නෙ Top Level Domain Server එකට (.com domain එකට අදාලව ) .දැන් Resolver අහනව TLD server එකෙන් google.com එකට අදාල ip address එක.TLD server එක store කරගෙන තියාගන්නව address information,top level domain සදහා. උදාහරන:- .com , .NET , .ORG වගේ ඒවා.මේ අපි සලකන TLD server එක තියාගෙන ඉන්නේ (manage කරන්නෙ) .COM domain විතරයි.google.com කියන්නෙත් ඒ වගේම එකක්නේ.හැබැයි මේ TLD serve එක දන්නෙ නෑමොකක්ද ip address එක කියලා google.com එකට ගැලපෙන.ඊටපස්සේ TLD server, Resolver එක අන්තිම level එකට නැත්නම් අන්තිම server එකට යොමු කරවනව.ඒ තමාAuthoritative Name Serverඑයාගෙන් Resolver අහනව ip address එක google.com එකේ.Authoritative Name Server මෙයා domain එකක් ගැන ip address ඇතුලුව හැමදේම දන්නව.මේක තමා අන්තිම කෙනා.මෙයා තමා අන්තිමට resolver ට google.com එකේ ip address එක යවන්නේ.ඊට පස්සෙ resolver කියනවා ඔයාගෙ pc එකට මේකයි ip address එක කියලා.. දැන් pc එකට පුලුවන් google web page එක retrieve කරගන්න.එක පාරක් resolver ip address එකක් ගත්තට පස්සේ එයා ඒක store කරගන්නව cache එකේ.එතකොට ආයෙම අර විදිහට මුල ඉදලම යන්න ඕනි නෑ… |
Bitcoins තමන්ගේ ගෙවීම් මාධ්‍යන්ගෙන් ඉවත් කිරීමට Tesla ආයතනය කටයුතු කරයි | ඔබට මතක ඇති පසුගිය මාර්තු මාසයේ දිඇමරිකාව තුල Tesla මෝටර් රථ මිලදි ගැනිම සදහා Bitcoin භාවිත කල හැකිබවට Elon Musk විසින් නිවේදනය කරනු ලැබුවා.කෙසේ වෙතත් Elon Musk විසින් මෙලෙස Bitcoin මගින් Tesla මෝටර් රථ මිලදි ගැනිමට තිබු හැකියාව නවතා දමන්නට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් Twitter සටහනක් මගින් දක්වා තිබෙන්නේ මින් පසු Bitcoin භාවිත කර Tesla මෝටර් රථ මිලදි ගත නොහැකි බවයි.Tesla & Bitcoinpic.twitter.com/YSswJmVZhP— Elon Musk (@elonmusk)May 12, 2021මේ සදහා හේතුව ලෙස ඔහු විසින් දක්වා තිබෙන්නේ Bitcoin Mining හා Transactions මගින් ෆොසිල ඉන්ධන භාවිතය, විශේෂයෙන්ම ගල් අගුරැ ඉතා වේගයෙන් භාවිතය ඉහල නැංවිම සිදු වෙන බවයි. ගල් අගුරැ මගින් ඉතා වැඩි පරිසර දුෂණයක්ද සිදු වෙන බව මොහු දක්වා තිබෙනවා. ඒ අනුව Bitcoin Mining හා Transactions මගින් සිදු වෙන ඉන්ධන භාවිතයට වඩා 1% පමණ අඩු ඉන්ධන භාවිතයක් සිදු වෙන Cryptocurrency ඒකකයන් පිළිබඳව ඔවුන් මේ වෙන විට අවධානය යොමු කරමින් සිටින බවත් දක්වා තිබෙනවා.Wow.pic.twitter.com/jAAmmmFJtl— TradingView (@tradingview)May 12, 2021කෙසේ වෙතත් මේ Tweet එකත් සමග Bitcoinහි මිල පහත වැටුණු අතර එය ඇමරිකානු ඩොලර් 57,283.87ක සිට ඇමරිකානු ඩොලර් 46,294.72ක අගයන් දක්වා පහත වැටි තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙන විට නැවත Bitcoin මිල යථා තත්වයට පත් වෙමින් තිබෙනවා.Source :Beebom,TradingView |
රටවල් රැසකට Telegram සේවාව බිඳ වැටී ඇති බව තොරතුරු වාර්තා වේ | මේ වන විට ලොව වැඩි වශයෙන්ම භාවිතා වන සමාජ ජාල මාධ්‍යක් වන Telegram සේවාව බිදවැටිමට ලක්ව තිබෙනවා. ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් විසින් සපයන තොරතුරු මත පදනම්ව ගොඩනගන Down Detector වෙබ් අඩවිය මේ බව තහවුරු කර තිබේ.මෙම ගැටලුව නිසා telegram app එක භාවිතයෙන් අප යවනු ලබන මැසේජ්, ඡායාරූප, ෆයිල්ස් ආදී කිසිදු දෙයක් සිදු නොවන අතර තිරයේ වම් පස ඉහල කෙලවරේ "Updating" ලෙසින් දිස්වේ.කෙසේ වෙතත් මේ පිළිබදව Telegram ආයතනය විසින් මෙතෙක් කරුනු කිසිවක් වාර්තාකර නොමැති අතර වාර්තා වන තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, වියට්නාමය, බංග්ලාදේශය ආදී රටවල් රැසක මෙම බිද වැටීම බලපා තිබේ.මේ වන විට Twitter පරිශීලකයන් විශාල ප්‍රමාණයක් මේ පිළිබඳව හාස්‍යෝත්පාදක tweet පල කරමින් සිටිනු ලබයි.Telegram users on their way to Twitter to see wtf happened#TelegramDownpic.twitter.com/daJ1HuTbB1— Gyan Prakash (@Gyaaaaani)January 17, 2022Hit like if you open Twitter 'cause Telegram is updating and updating???#Telegram#TelegramDownpic.twitter.com/LI2xoR37gP— May ren (@mayren599)January 17, 2022#TelegramDownTelegram Right Now:pic.twitter.com/AVsqTzDGYu— Gyan Prakash (@Gyaaaaani)January 17, 2022තොරතුරු ලද විගසින් ඔබ වෙත ගෙන එන්නම්.Source:Down Detector |
තම වත්කම් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙක ඉක්මවූ ප්‍රථම ඇමරිකානු සමාගම බවට Apple සමාගම පත්වේ | මේ ලිපිය කියවන ඔබට මතක ඇති මීට වසර දෙකකට පෙරඇපල් සමාගම තම වත්කම් ට්‍රිලියනයක අගයක්වාර්තා කල පළමු ඇමරිකානු සමාගම බවට පත් වූ බව. අද මේ පුවතින් අපි ඔබ වෙත ගෙන එන්නේ ඇපල් සමාගමේ වත්කම් වල වටිනාකම ට්‍රිලියන දෙක පසු කර ගිය පළමු ඇමරිකානු ලැයිස්තුගත සමාගම බවට පත්වීමේ පුවතයි.ඇපල් සමාගම මෙම කඩඉම පසු කරන්නේ ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙලී ලෝක ආර්ථිකය මන්දගාමී වී සිට්න අවස්ථාවක වීම විශේෂත්වයක්. ඊටත් වඩා විශේෂත්වය වන්නේ ට්‍රිලියනය වාර්තා කර වසර දෙකක් වැනි කෙටි කාලයක් තුලදී ඔවුන් විසින් ට්‍රිලියන දෙකේ කඩඉම පසු කිරීමයි.ඇපල් සමාගම මෙම කඩඉම පසු කිරීමත් සමඟ එම සමාගමේ කොටසක වෙළඳපල වටිනාකම ඇමරිකානු ඩොලර් 467.77ක වටිනාකමක් ගෙන තිබෙනවා. The Wall Street Journalහි වාර්තාවට අනුව 2020 වසරේ කොරෝනා වසංගත සමය තුලදී තම කොටසක වෙළඳපල අගය 50%කටත් එහා ප්‍රතිශතයකින් විශ්මය දනවන ආකාරයට වැඩි කරගෙන ඇත.ඇපල් සමාගම මෙවැනි විශාල කඩඉමක් පසු කලද ලොව විශාල සමාගම් කිහිපයක් සමඟ අමනාපකම් ඇති බවද නොරහසකි. මෑතයේදී වාර්තා වූ ලඟම සිදුවීම වන්නේFortnite ක්‍රීඩාව AppStore වෙතින් ඉවත් කිරීමයි. එම හේතුව නිසා Epic පරිගණක ක්‍රීඩා සමාගම ඇපල් සමාගම ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කරන බවද අප වාර්තා කලෙමු. එමෙන්ම Facebook සමාගමේ Facebook Gaming වෙත AppStore policies හරස් වීම නිසා Facebook සමාගම විසින් එය හෙලා දැකීම, Microsoft සමාගමේ xCloud Game streaming සේවාව අවහිර කිරීම සහ Google සමාගමේ Stadia iOS සඳහා ලබා නොදෙන බව තහවුරු කිරීමත් සමඟ එය මැනැවින් පැහැදිලි වේ.ඇපල් සමාගමට පෙර තම වත්කම් ට්‍රිලියන දෙකක වටිනාකම පසු කල ප්‍රථම සමාගම වන්නේ සෞදි අරාබියේ ඛණිජ තෙල් සමාගමක් වන “Saudi Aremco” සමාගමයි. ඔවුන් විසින් එම කඩඉම පසු කරන ලද්දේ 2019 වර්ශයේදීය.ඇපල් සමාගම මෙම වත්කම් වාර්තා කිරීමේදී, Microsoft සමාගම තම වත්කම් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක්ද, Amazon සමාගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.6ක්ද, Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1ක්ද සහ Facebook සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 761ක්ද වාර්තා කරමින් පිලිවෙලින් ඇපල් සමාගමට පසුපසින් සිටින Tech companies බවට පත්වී ඇත.මෙම අතිවිශාල වර්ධනයට හේතුව ලෙස ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ කොරෝනා වසංගත කාලය තුලදී මුළු ලෝකයේම සිටින පුද්ගලයන් නිවෙස් වලට වී තම රැකියාන්වන්හි නිරත වීමත්, ඒ සඳහා අවශ්‍ය වන සේවාවන් සඳහා කල ගෙවීම් වලින් 30%ක ප්‍රමාණයක් ඇපල් සමාගමට හිමි වීමත් මත මෙවැනි වර්ධනයක් හිමිවන්නට ඇතැයි ලෙසය. ජූලි මාසයට මස අවසානය වන විට පමණක් ඇපල් සමාගමේ online sales වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 60ක අගයක් ගෙන තිබුණි.Source:The Wall Street Journal,Forbes |
iPhone එකේ සිට Android වෙත WhatsApp chat history එකෙ සංක්‍රමණය කිරීමේ හැකියාව ලබා දේ | ඔබට මතක ඇති මීට පෙරFacebook සමාගම විසින් Whatsapp Chat History එක iOS හා Android Devices අතර සංක්‍රමණය කිරිමේ හැකියාව ලබා දිමට සුදානම්වෙන බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආ බව. ඒ වගේම මීට පෙරSamsung සමාගමේ Galaxy Z Fold 3 හා Galaxy Z Flip 3 සදහා iOS Device එකක සිට Chat History එක සංක්‍රමණය කිරිමේ හැකියාවලබා දිමත් සිදු වුවා.Google සමාගම විසින් මේ වෙන විට නිවේදනය කර ඇත්තේ දැන් iOS Devices වල සිට Android 12 OS එකෙන් සමන්විත වෙන Devices වෙතට Whatsapp Chat History එක සංක්‍රමණය කර ගැනිමේ හැකියාව ලබා දි ඇති බවයි. ඒ අනුව මේ වෙන විටත් Android 12 OS එකෙන් සමන්විත වෙන Pixel Devices වෙත මෙලෙස iOS Devices එකක සිට Whatsapp Chat History එක සංක්‍රමණය කර ගත හැකි වෙනවා.Don’t let your@WhatsAppmemories go down in history, take them with you. You can now transfer your data to your#Androidphone, all it takes is a USB-C Lightning cable. Learn more:https://t.co/5WKK03tTyCpic.twitter.com/MTrBoFJ1mi— Android (@Android)October 26, 2021ඔවුන් විසින් වැඩි දුරටත් දක්වා ඇති ආකාරයට Android 12 OS එක මගින් සමන්විත වෙන සියලු Android Smart Phone වෙත iOS Devicesවල සිට Chat History එක සංක්‍රමණය කර ගැනිමේ හැකියාව ලැබෙනවා. මේ ඔස්සේ iOS Devices එකක සිට Android Device එකක් වෙත කිසිදු අපහසුවකින් තොරව Whatsapp Chat History එක සමගින්ම මාරැ විමේ අවස්ථාව පරිශීලකයන් වෙත ලැබෙනවා.මේ ආකාරයෙන් Whatsapp Chat History එක සංක්‍රමණය කිරිමේ ක්‍රියාවලිය Android Device එකේ පවතින USB Type C Pin Port එක හා iOS Device එකේ පවතින Lightning Port එක සම්බන්ධ කළ Cable එකක් ආධාරයෙන් සිදු වෙන අතර USB Type C to Lightning Cable එක මගින් Devices දෙක සම්බන්ධ වු විට Android Device එකේ පෙන්වන QR Code එක iOS Device එක මගින් Scan කිරිම ඔස්සේ iOS Device එකේ සිට Android Device එක වෙත Chat History එක සංක්‍රමණය කිරිම ආරම්භ කළ හැකි වෙනවා.යම් හෙයකින් iOS Device එකෙන් Android Device එකේ පෙන්වන QR Code එක Scan කිරිම කළ නොහැකි වුවහොත් Whatsapp හි Settings වෙත පිවිස Chats වල තිබෙන Move Chats to Android යන Option එක මගින් එය සිදු කර ගැනිමේ හැකියාවත් තිබෙනවා.මෙලෙස සිදු වෙන Chat History එක සංක්‍රමණය මගින් Whatsapp හි පවතින සියලු Conversations හා Media ආදිය Android Device එක වෙත සංක්‍රමණය කර ගැනිමේ හැකියාව ලැබෙනවා.මේ වෙන විට Android 12 මගින් සමන්විත වෙන Devices සුලු ප්‍රමාණයක් පමණක් පැවතියද ඉදිරි මාස කිහිපය තුල Android Devices බොහෝ ප්‍රමාණයක් සදහා Android 12 OS එක ලබා දිමට මෙන්ම Android 12 OS එකෙන් සමන්විත වෙන නව Devices රැසක් වෙළෙඳපොළට නිකුත් කිරිමට ඒ ඒ දුරකථන නිෂ්පාදන සමාගම් සුදානම්ව සිටින බැවින් ඔබගේ ප්‍රියතම Android Device එක වෙත iOS Device එකේ සිට මාරු විමට ඉක්මනින්ම හැකි වෙනු ඇත.Source:Google |
Google account එකක් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ කෙසේද? | අපි අද හදන්නෙ Google සමාගමට සදහටම සමුදෙන්න. කලන්තෙ වගේ හැදුණා නම් කොහෙන් හරි ඉඳගන්න ඉක්මනට. මොකද, අපිට Google වලට බායි කියන එක කරන්න බෑ කාට බායි කිව්වත්. ඇයි ඒ? Google උගුලට ඔයා අහු වෙලා ඉවරයි.මොකක්ද මේ කියන්නෙ? මොකක්ද මේ උගුල? මේවා ගැන අපි ඕනවටත් වඩා සාකච්ඡා කළා. ඒ ලිපි කියවපු කෙනෙක්ට රෝගයක් හැදෙනවා, ඒකට කියන්නෙ "Google භීතිකාව" කියලා. Google භීතිකාවෙන් මිදෙන්න නම් Google ලට බායි කියන්නම වෙනවා. කොහොමද අපි Google ලට බායි කියන්නෙ? අපි බලමු!බායි කියන්න කලින්...බායි කිව්වා වගේ නෙවෙයි, පස්සෙ සික් එක ගැහුවොත් ඉවරයිනෙ. ඒ නිසා අපි මුලින් බලමු බායි කියන්න කලින් හිතන්න ඕන දේවල් ගැන.Google වලට බායි කියන්න නම් Google වලට ආදේශක හොයාගන්න වෙනවා. එහෙමයි කියලා ඒ ආදේශක Google වගේම නම් එහෙම වැඩකුත් නෑනෙ. අපි මේ ආදේශක ගැන කලිනුත් කතා කළා. ඔයා පාවිච්චි කරන Google Services වල ලයිස්තුවක් හදන්න මුලින්ම. ඊට පස්සෙ ඒවට විකල්ප හොයන්න. පුංචි උදව්වක් කරන්නම්, ඔයා හොයන විකල්ප වලට මෙන්න මේ අඩවියෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන්PrivacyTools - Encryption Against Global Mass SurveillanceYou are being watched. PrivacyTools provides knowledge, encryption, and software recommendations to protect you against global mass surveillance.PrivacyToolsඔයා පාවිච්චි කරන Google සේවාවන් වලට හොඳම විකල්ප හොයාගත්තට පස්සෙ, අපි ඔයාගෙ Google account එකට සදහටම සමු දෙමු.ඔයාට විකල්පයක් හොයාගන්න බැරිම වුණොත් (බැරි නෑ, ඒ විකල්ප වලින් සෑහීමකට පත් වෙන්න බැරිම නම්.) ඔයාට පුළුවන් Fake account එකක් හදාගෙන ඔයාගෙ identity එක හෙළි නොවන විදියට විවිධ උපායමාර්ග අනුගමනය කරමින් ඒ account එක භාවිතා කරන්න. හැබැයි මේක සාර්ථක නෑ. මුකුත්ම කරන්න දෙයක් නැත්නම් තමයි මේක කරන්න ඕන.බායි කියමු!මේක account එකක් හදනවට වඩා සෑහෙන්න ලේසියි. අපි වැඩේට බහිමු. මම මේක කරන්න පාවිච්චි කරන්නෙ මගේ Laptop එක.මුලින්ම, මෙන්න මේ Link එකට යන්න.https://myaccount.google.comමේ පිටුවට ගියාම පේන්න ඕන මෙන්න මෙහෙමයි.මෙතනට යන්න ඔයාගෙන් password එක ඉල්ලුවොත් ලබා දෙන්න. මේ processes එකේදි කීප විටක් පාස්වර්ඩ් ඉල්ලාවි, ඒ හැම වෙලේම පාස්වර්ඩ් එක දෙන්න.ඊළඟට ඔයා යන්න ඕන Data & personalization කියන සෙක්ෂන් එකට. ඒකට යන්න ඔයාගෙ වම් පැත්තෙන් අදාළ ටැබ් එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ පෙනේවි.ඒ පිටුවේ පහළට යන්න. එතකොට මෙන්න මෙහෙම එකක් දකින්න ලැබෙයි. Delete a service or your account. එතන click කරන්න.ඒක ක්ලික් කළාම ඔයාට පෙනේවි මෙන්න මේ වගේ පිටුවක්.මේකෙ මේ පේන විදියට, ඔයාට පුළුවන් ඔයා අකැමති Google service එකක් වුණත් අයින් කරන්න. සම්පූර්ණ අකවුන්ට් එක මකලා දාන්නත් මෙතනින් පුළුවන්. ඒ වගේම ඔයාගෙ දත්ත බාගන්නත් inactive වුණාම (ඔයා මළොත්) වෙන්න ඕන දේ මොකක්ද කියලා හදාගන්නත් වගේ දේවල් මේකෙන් කරන්න පුළුවන්.දැන් බලමු අපිට අනවශ්‍ය සේවාවක් අයින් කරලා දාන විදිය.Delete a Google service කොටසට යන්න. එතකොට පේන්නෙ මෙන්න මෙහෙමයි.හරිම සරලයි, මෙතනදි නම් Gmail එක අයින් කරලා දාන්න පුළුවන්. බින් අයිකන් එක ක්ලික් කරා, මැකුවා. බොහොම සරලයි.ඊළඟට තමයි අපේ ප්‍රධාන වැඩේ කරන්න යන්නෙ. පසුපසට හැරුණ ඊතලය ඔබලා 4 වෙනි පිංතූරයේ දැක්වෙන පිටුවට ආයෙත් යන්න. එතනින් දැන් ඔයා තෝරන්න ඕන "Delete your Google Account" කියන තැන.එතකොට ඔයාව බය කරන පේජ් එකක් ඕපන් වෙනවා.මේකෙදි කියනවා මේක අර හැමදම පෙන්නන ජාතියෙ ඇග්රිමන්ට් එකක් නෙවෙයි මේක කියවන්න කියලා.කියවා හෝ නැතිව, පහළට ගිහින් මෙන්න මේ ටික් දෙක දාලා Delete Account බොත්තම ඔබන්න.ඊළඟට මේන්න මේ පිටුව එනවා. ආයෙ මුකුත් කරන්න දෙයක් නැහැ. ඔන්න අපි Google වලට සමු දුන්නා!ඔන්න ඔහොම සරලව ඔයාට පුළුවන් Google එකෙන් ගැලවෙන්න. දැන් මේක දැක්ක ගමන් ගිහින් තමන්ගෙ අකවුන්ට් එක මකලා එහෙම දාන්න එපා. කලින් කිව්වා වගේ සොයලා බලලා තමයි මකන්න ඕන. අනික් දේ, ඔයාගෙ නැති වෙන දත්ත ගැන මම වත් Android වැඩකාරයෝ වත් වග කියන්නෙ නෑ. අලුත් ලිපියක් එක්ක මුණගැසෙමු! |
Sindhi අකුරු කීපයක් රැගත් text bomber එකක් නැවතත් iPhone සහ iPad විශාල ප්‍රමාණයක් සැනින් අක්‍රිය කරවයි | iOS Usersලා මේ දින වල ටිකක් device use කරන්නේ ටිකක් භයෙන් . Mobile text එකක් විදියට එන bug එකක් තමයි මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. මේ bug එකෙන් වෙන්නේ Sindhi language characters පෙන්නන්න උත්සහ කරන විට iOS Systerm freeze වී Device එක Crash වෙන එකයි.මේ විදියටම අවුරුදු 2කකට කලිනුත් තෙළිගු අකුරු කිහිපයක් පෙන්නුම් කිරීමේදීත් iSO 11 Version එකේ මේ විදියටම Crash වුණා ඔයාලට මතක ඇති.කොහොම නමුත් මුලින්ම iMessage Service එකට විතරක් මෙම Crash එක බලපානවා කියලා කිව්වත් , දැන් Reddit Users ට වගේම අනිත් Messaging Apps මගින් මේ Crash එක වෙනවා කියලා හොයාගෙන තියෙනවා.මේ දින වල මේ Alphabet එකේ characters Telegram සහ Discord හරහා එහා මෙහා ගිහිං තියනවා. තවද මේ Bug එකෙන් වෙන Crash එක බලපාන්නේ iOS 13.4.1 Version Users විතරයි කියලත් සදහන් වෙලා තියනවා. අනෙකුත් iOS version users මේකෙන් හානියක් වෙන්නේ නෑ කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ඒ කොහොම උනත් iOS 13.3 භාවිතා කරන කීප දෙනෙකුත් මේ අකරතැබ්බයට මූණ දීලා තියෙනවා කියල EveryThingAppleProගේ Twitter ගිණුවේ සඳහන් වෙලා තියෙනවා.මේ ගැන EveryThingApplePro youtube channel එකෙන් Twitter සටහනක් තැබුවේ මේ අයුරිනි. ඔහුට අනුව මෙම හේතුව නිසා අඩුම තරමේ power button පවා අක්‍රියවී ගොස් ඇත.The craziest iOS crash text bug ?pic.twitter.com/29LJPb67WP— EverythingApplePro (@EveryApplePro)April 23, 2020ඒ වගේම මේ crash එක ඔයාගෙ device එකට වුණොත් forcefully reboot කිරීමෙන් හෝ iOS Springboard recover වෙනකල් තිබ්බොත් ඔයාට පුලුවන් device එක යථා තත්වයට පත් කරගන්න. කොහොම නමුත් New Update එකෙන් Solution එකක් ලබා දෙනකල් Apple Devices Crash වීම වැලැක්වීමට Fixed Solution එකක් නැති වීම ප්‍රධාන ගැටළුවක් වෙලා තියනවා.මේ Error එක Apps හරහා Sindhi Characters සහිත Notification වලිනුත් සිදුවෙන බැවින් , මේ Crash එකෙන් බේරී සිටීමට Messaging Apps වල Notifications temporary disable කරන්න පුලුවන්. තවද New iOS 13.4.5 Beta version එකෙන් මේ Bug එකට Settle කර ඇති බව හා Apple සමාගම දැනුවත් බව 9to5Mac web site එකේ සදහන් වෙනවා. |
WhatsApp Web ඔස්සේ Status Updates Share කිරීමේ හැකියාව ලබාදෙයි | WhatsApp Web පහසුකම මීට බොහෝ කලකට පෙර සිට ලබාදී තිබුණත්, බොහෝ දෙනෙකු බොහෝ කලෙක සිට මේ හරහා Status upload කිරීමේ හැකියාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් දිගින් දිගටම වෙනත් පහසුකම් මේ සඳහා ලැබුණත්, මෙම Status Upload කිරීමේ හැකියාව නම් ලැබුණේ නැහැ.කෙසේ නමුත් මේ වන විට WhatsApp Web සඳහා නිකුත් කර ඇති නවතම පහසුකම් තුළින් WhatsApp Web හරහා Status Upload කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.Source: wabetainfo.comඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Status Section එකට ගිය විට එහි ඉහළින්ම ඇති My Status මත Click කිරීමෙන් ලැබෙන Menu එක හරහා ඔබට පළ කිරීමට අවශ්‍ය වන්නේ text එකත් එහෙමත් නැතිනම් Photo & Video එකක් ද යන වග තෝරාගත හැකිවනවා.කෙසේනමුත් මෙම පහසුකම් මේ වන විට සක්‍රීයව ඇත්තේ WhatsApp Web හි Beta Program එකෙහි සාමාජිකයන්ට පමණක් වන අතර නුදුරේදීම සාමාන්‍ය පරිශීලකයන්ට සහ WhatsApp Desktop යෙදවුම වෙතද මෙය බලාපොරොත්තු විය හැකියි.Source:wabetainfo.comCover Image: chanty.com |
විනාඩි 23කින් 100% charge වෙන, 120X zooming lens එකකින් යුක්ත Mi 10 Ultra | Xiaomi සමාගමේ අලුත්ම, ගොඩක් Powerful Device එකක් විදිහට MI 10 Ultra එක දක්වන්න පුලුවන්. Flagship Device එකක් වෙන මේ MI 10 Ultra දුරකථනය අපිට මිලදි ගන්න පුලුවන් වෙන්නේ Color Variant තුනකින්. ඒ Black, Silver & Transparent Edition එක මගින්.Silver Colour ,Transparent & Black ColourBody & Design221.8g ක බරකින් යුතු මේ Device එක මිලිමීටර් 163.38ක දිගකින්, මිලිමීටර් 75.04ක පළලකින් හා මිලිමීටර් 9.45ක ඝණකමකින් යුතු වන අතර USB Type-C Charging Port එකකින් සමන්විත වෙන බවයි දැක්වෙන්නේ.MI 10 Ultra එකේ Design එකට යම් සමානකමක් දක්වන බව කියන්න පුලුවන්.ඒ වගේම මේ Device එක Ceramic Back Panelකින් යුතු විය හැකියි. ඉහලින් හා පහලින් පිහිටන Dual Speaker Setup එකක් මගින් හොද Sound Quality එකක් ලබා දෙන බව නිසකයි.Displayමේ Device එකේ අගල් 6.67ක වම් පසින් පිහිටන Punch Hole Cut Out එකකින් යුතු Curved Display එකක් බලා ගන්න පුලුවන්.FHD+ (2340 x 1080) AMOLED Display එකකින් සමන්විත වෙනවා. මෙය 19.5:9 Aspect Ratio එකකින් යුතු HDR10+ Support , 10-bit colors වලින් යුතු Display එකකින් සමන්විත වේ.Display එක අගල් 6.67ක Full-HD+ AMOLED Display වේ. මෙහි Display Refresh Rate එක 120Hz වන අතර Touch Response Rate එක 240Hz වනවා.PlatformOS එක වෙන්නේ නවතම MIUI 12 සංසරණය මත පදනම් වු Android 10 මගින්.Qualcomm® Snapdragon™ 865 , KyroTM 585 Processor මගින් බල ගැන්වෙන අතර AdrenoTM 650 GPU එකෙන් සමන්විත වෙනවා.ඒ වගේම මේකට භාවිතා කරන LPDDR5 RAM හා UFS 3.1 Storage මගින් දැනට වෙළදපොල තියෙන Deviceවලට අභියෝග කල හැකි අකාරයේ Fast & Smooth User Experience එකක් ලබා ගන්න පුලුවන් වන බව නොඅනුමානයි.Xiaomiලාගේ MIUI OS එක මගින් අපිට සාමාන්‍ය Android OS එකට වඩා වෙනස්ම Experience එකක් ලබා ගන්න පුලුවන් බව හැමෝම දන්න දෙයක් නේ. ඉතින් MIUI 12 සමගින් එන මේ Device එකෙන් අපිට අලුත් Experience එකක් ලබා ගන්න පුලුවන්.Memoryමේ Device එක 16GB RAM එකක් දක්වා මෙන්ම 512GB Storage එකක් සහිතව මිලදි ගැනිමේ හැකියාව ලැබෙනු ඇත.ඒ වගේම අපිට 8/12/16GB RAM Version වගේම 128/256/512GB Internal Storage Versionවලින් මිලදි ගැනිමේ හැකියාව ලැබෙයි.Main Cameraබැලු බැලුමටම මේක නම් සුපිරි Camera Setup එකක් කියල කියන්න පුලුවන්.Main Camera එක විදිහට අපිට Quad-Camera Setup එකක් මොවනු ලබා දිලා තියෙනවා.මේ Camera Setup එකේ Primary Lens එක විදිහට OIS & EIS Supported 48MP Ultra-large Pixel එකක් සහිත main camera එකක් ලබා දිලා තියෙනවා. මෙහි Sensor size එක 1/1.32-inch බවත් Pixel Size එක 2.4μm බවත් Aperture එක f/1.9 බවටත් තොරතුරැ පල වෙනවා.20MP Ultra Wide Lens එක මගින් අංශය 128ක් දක්වා පුළුුල් පරාසයක ජායාරූප ගැනිමේ හැකියාව වගේම මේ Lens එකම Macro ජායාරූප ලබා ගැනිම සදහාත් භාවිත කරන්න පුලුවන්. මේ Lens එකේ Aperture එක f/2.2 ද Focal Length එක 12mmක් ද වෙනවා.Portrait ජායාරූප සදහා 2X Optical Zoom කල හැකි 12MP Telephoto Lens එකක්ද ද මේ Quad-Camera Setup එකට ලබා දිලා තියෙනවා. මෙහි Focal Length එක 50mmක් පමණ ද Aperture එක f/2.0 පමණ ද වෙනවා. මේ Lens එක මගින් ඉතා හොදා Landscape, Architecture, Proup & Portrait photo ගත හැකි බව සදහන් වෙලා තියෙනවා.ඒ වගේම මේ Device එකේ විශේෂතම Lens එක වෙන 120x Digital Zoom Telephoto Lens එක දක්වන්න පුලුවන්. 48MP f/4.1 සහිත මේ Periscope Telephoto Lens එක මගින් 5× Optical Zooming Range එකක් වගේම 120× දක්වා Hybrid Zooming Range එකක් පවතිනවා.මේ සුපිරි Camera Setup එකෙන් ඕනැම ආලෝක තත්වයක් යටකේ ඉතා හොද ජායාරූපයක් ගැනිමේ හැකියාව පවතිනවා.ඒ වගේම OIS හා 8K Video Recoding පහසුකමත් ලැබෙනවා. HDR10 Video Capture කිරිමේ හැකියාව මගින් ඉතා හොද Dynamic Range එකක් හා Color Gamut එකක් සහිත Video Record කිරිමේ හැකියාව මේ Camera Setup එකට පවතිනවා.8K@24fps, 4K@30/60fps, 1080p @30/60/120/240/960fps යන Frame Rate වලින් Video Capture කිරිමේ හැකියාව පවතිනවා. 960fps Frame Rate එකක් සහිත Macro Slow-Motion Video Capture කිරිමේ හැකියාව ද පවතිනවා.AI 2.0, Night Mode 2.0, Shoot Steady Video, Vlog Mode වගේ Features ගොඩක් ලබා දිලා තියෙනවා. මේ Camera Setup එක සමග Dual-LED Dual-Tone Flasher එකක් ලබා දිලා තියෙනවා.Selfie Cameraමෙය 20 MP 1.8mm On-Display Wide Selfie Camera එකකින් සමසමන්විත වෙනවා. AI Portrait Selfies, AI Scene Detection, Portrait Video වගේ Features මේ Front Camera එකකටත් ලබා දිලා තියෙනවා. Slow Video Recodingවලදි අපිට 720p @120fps Format එකෙන් Video Recoding පහසුකම තියෙනවා.Soundමේ දුරකථනය සමන්විත වෙන්නේ Dual Stereo Speaker Setup එකකින්. මේ තුලින් ඉතා හොද Audio Quality එකක් ලබා ගැනිමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ Speaker Setup එකට Hi-Res Audio Certification එකත් ලබා ගෙන තියෙනවා.Battery4,500mAh Non-Removable Battery එකකින් යුතු වන මේ සමග 120W fast charging පහසුකම ලබා දිලා තියෙනවා.ඔවුන්ට අනුව මේ දුරකථනය 100% දක්වා Charge කිරිමට ගත වෙන්නේ මිනිත්තු 23ක් පමණයි.ඒ වගේම මේ Phone එක 50W Wireless Charging පහසුකමත් සමග පැමිණෙන අතර ඒ තුලින් මිනිත්තු 40ක දි Battery එක Full Charge කිරිමේ හැකියාව පවතිනවා.ඒ වගේම 10W Wireless Reverse Charging Feature එකත් මේ සමග තබා දිලා තියෙනවා.Other FeaturesIn Screen Fingerprint Sensor එකක් ලබා දිලා තියෙන අතර Face Unlock පහසුකමත් හිමි වෙනවා. Wi-Fi 6 හා 5G Network Connection Support කරන අතර Multi-functional NFC හා IR Blaster එකක් ලබා දිලා තියෙනවා.ඒ වගේම මේ දුරකථනය ඉතාමත් හොද Liquid Cooling System එකක් ලබා තියෙනවා. Liquid Cool 2.0 Vapor Chamber සමග 6-Stack Graphite Layer එකකින් හා Graphene වලින් මේ Cooling System එක සමන්විත වෙනවා.මිල ගණන් ගැන සදහන් කරනව නම් EUR 650 සිට ඉහලට ඇති මිලකට මේ දුරකථනයේ මිල නියම වෙයි කියල අපිට කියන්න පුලුවන්. |
මෙම මාසයේ අගදී Mini-LED display සහිතව නව iPad Pro 2021 මාදිලියේ iPad එලි දැක්වීමට Apple සමාගම සූදානම් වන බව වාර්තා වේ | ගිය වසරේ පල වූ වාර්තාවල සඳහන් වූ ආකාරයට ඇපල් සමාගම විසින් මෙම වසරේ මුල් භාගයේදී නව iPad කිහිපයක් එලිදැක්වීමට සූදානම්ව සිටියා. එම වාර්තා වල සඳහන් වූ ආකාරයටම මෙම මාසයේ අග වන විට ඇපල් සමාගම විසින් iPad Pro 2021 නිකුත් කිරීමට සූදානම් වන බවBloombergවිසින් වාර්තා කර තිබෙනවා.Bloomberg වාර්තා කරන ආකාරයට මෙවර එලිදැක්වීමට නියමිත iPad Pro 2021 අඟල් 12.9 මාදිලිය සඳහා ඇපල් සමාගම විසින් LCD panel වෙනුවට Mini-LED screens භාවිතා කිරීමට සූදානම් වනවා. Apple සමාගම මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ Mini-LED display වල සැපයුම අඩාල වීම නොතකා වීමත් විශේෂත්වයක්.ඊට අමතරව නව iPad Pro එකේ කැමරාව වැඩි දියුණු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර USB-C port එක හරහා Thunderbolt connection එක සඳහාද සහය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. එමෙන්ම මේ iPad Pro 2021 සඳහා Apple සමාගම විසින් Apple A14X chipset භාවිතා කරනු ඇති අතර මෙම chipset එක නිපදවීම සඳහා Apple M1 chipහි තාක්ෂණය භාවිතා කර ඇතැයි අනුමාන කෙරෙනවා.කෙසේ වුවත් මෙවර Mini-LED display එකක් සහිතව එලිදැක්වීමට නියමිත iPad Pro මාදිලිය අනෙකුත් මාදිලි වලට වඩා මිලෙන් වැඩි මාදිලියක් විය හැකි වන බව වාර්තාවන අතර, Mini-LED display වල මේ වන විට ඇති හිඟය නිසා ඒවායේ මිල ගණන් ඉහල යාමද මෙයට හේතු විය හැකි බව මත පලවෙනවා.නමුත් මේ වෙන තුරුත් ඇපල් සමාගම වෙතින් මෙම එලිදැක්වීම සිදු කරන්නේ කෙසේද යන්නට නම් පැහැදිලි ඉඟියක් ඒ වන තුරුත් පලවී නෑ.Source:9to5Mac |
වසරක් ඇතුලත Huawei AppGallery සඳහා යොමු වෙන apps ප්‍රමාණය දෙගුණයක් වීමත් සමඟ එය ලොව තුන්වන App Store එක බවට පත්වේ | Huawei සමාගමට Google Platforms භාවිතා කිරිමට නොහැකි නිසා ඔවුන් ඔවුන්ගේ Smart Phone සදහා අවශ්‍ය Apps ලබා දිමට Huawei App Gallery පහසුකම හදුන්වා දෙනු ලැබුවා. පසුගිය මාස 12 තුලදි එහි APP සංඛ්‍යාව වැඩි විම ආසන්න වශයෙන් දෙගුණයක් පමණ වි තිබෙනවා. ඒ අනුව මෙය මේ වන විට ලොව තුන්වනුවට විශාල App Store එක බවට පත් වි තිබෙනවා.මේ වන විට App Galleryහි ලියාපදිංචි Developersලා මිලියන 2.3කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර එය පෙර වසරට සාපේක්ෂව 77% පමණ වැඩි විමක් ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම App Galaxy එක සදහා ලොව පුරාම මසකට මිලියන 530ක පමණ Active Userලා ප්‍රමාණයක් සිටින අතර 2020 දි Apps බිලියන 384.4 පමණ Huawei Userලා හට ලබා දි තිබෙනවා. ඒය පසුගිය වසරට වඩා බිලියන 174ක පමණ විශාල වැඩි විමක් වෙනවා.පසුගිය වසරට සාපේක්ෂව AppGalleryහි මේ වන විට පවතින Games ප්‍රමාණය 500% පමණ වැඩි වි තිබෙනවා. එමෙන්ම මේ වන විට AppGallery එක මගින් චීන Apps 10000කට අධික සංඛ්‍යාවක් ලොවපුරා මේ වන විට ප්‍රචලිතව පවතිනවා. මෙලෙස AppGallery එක හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වු Apps විදිහට Banggood, Pascal’s Wager, and Rise of Kingdoms: Lost Crusade ආදිය හදුන්වා දෙන්න පුළුවන්.Huawei Consumer Business Group එකේDirector වෙන Zhang Zhe ( Global Partnerships & Eco-Development Business Development ) මහතා විසින් වැඩි දුරටත් පවසා තිබෙන්නේ 2019 අගභාගය වන විට ලොව පුරා රටවල් 25ක පමණ ප්‍රචලිතව පැවති AppGallery Store එක මේ වන විට යුරෝපය, ලතින් ඇමරිකාව, ආසියා පැසිෆික්, මැදපෙරදිග හා අප්‍රිකාව යන රටවල් සමග ලොව පුරා රටවල් 42කට වැඩි ප්‍රමාණයක් සාර්ථක වි ඇති බවයි.එමෙන්ම වසරක් තුල HMS Core සමග සම්බන්ධ වු Apps සංඛ්‍යාව දෙගුණක් පමණ විමෙන් පෙනි යන්නේ Huawei Userලාට වර්තමානයේ මෙන්ම අනාගතයේද ඉතා හොද User Experience එකක් ලබා ගැනිමට මෙන්න ලබා දිමට හැකි වෙනු ඇති බවයි.Source :Gizmochina |
Twitter හරහා මුදල් ඉපයීමට හැකියාව ඇති Super follower සහ Facebook Groups වලට සමාන Communities පහසුකම් Twitter සමාගම නිවේදනය කරයි | ලොව සමාජ ජාල අතුරින් ඉදිරියෙන්ම සිටින සමාජ ජාලයක් ලෙස හැඳින්වෙන Twitter සමාජ ජාලය තුල Twitter සමාගම හරහාම එහි පරිශීලකයන්ට මුදල් ඉපයීමේ පහසුකම මේ වන තෙක්ම ලබා දී තිබුණේ නැත. නමුත් මෙය වෙනස් කරමින් Twitter සමගම Super Follower නම් පහසුකම සමඟ Twitter පරිශීලකයන්ට ඒ හරහා ඍජුව මුදල් ඉපයීමේ හැකියාව ලබා දීමට කටයුතු කරන බව නිවේදනය කර තිබෙනවා.මෙහිදී සිදු වන්නේ Twitter පරිශීලකයන්ට තම followersලා හට පිවිසීමට අවශ්‍ය විශේෂ අන්තර්ගතයන් වේ නම් ඒවා සඳහා පිවිසීමට යමු මුදලක් අය කිරීමේ අවස්ථාව ලබා දීමයි. එමෙන්ම මේ සඳහා ඔවුන්ගේ කැමැත්ත අනුව විවිධ groups create කර ඒවා වෙත එකතු වීමේ හැකියාවද පිළිබඳවද ඔවුන් විසින් නිවේදනය කර තිබෙනවා.Super Follower පහසුකම හරහා යම් පුද්ගලයෙකුට තම followersලාට අවශ්‍ය කෙරෙන අතිරේකයන් මුදල් අයකිරීමකින් යුතුව ලබා දීම කල හැකිය. මෙහිදී Bonus tweets, community group access, newsletter subscriptions සහ තමන්ට සහය දක්වන අයට badge එකක්ද ලබා දීමේ පහසුකම් හැඳින්විය හැකිය. මෙම පහසුකම් පිලිබඳව Twitter සමාගම විසින් screenshot එකක්ද පල කර තිබෙනවා.පසුගිය කාලය පුරාවටම සමාජජාලයන්හි ක්‍රියාකාරීන් වෙත ඍජුව මුදල් ඉපයීමේ අවස්ථාවන් ලබා දෙමින් Facebook, YouTube, GitHub වැනි ආයතන direct creator payment පහසුකම් සලසනු ලැබුවා. මීට අමතරව Patreon වැනි ක්‍රමද ලොව ඉතාම ජනප්‍රිය මාධ්‍යන් වුනා. මෙය සඳහා Twitter සමාගමද එකතු වන අතර එහිදී අදාල ගෙවීම් තම ගිණුම් වල බැරකර ගන්නා විට Twitter ආයතන එම සේවාව සැපයීම වෙනුවෙන් කොපමණ ගාස්තුවක් අය කරන්නේද යන්න පිලිබදව නම් මෙතෙක් සඳහන් කර නෑ.මීට අමතරව Twitter සමාගම විසින් Facebook Groups වලට සමාන පහසුකමක් ලෙස Communities නම් පහසුකම හඳුන්වා දීමට යන බව නිවේදනය කර තිබෙනවා. Facebookහි ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන පහසුකමක් වන Groups පහසුකමට සමාන මෙම පහසුකම Twitterහි නොමැති වීම අඩුපාඩුවක් ලෙස සැලකුනා.There’s no timeline yet for when either of these features will launch. Twitter listed them as “what’s next” for its platform during a presentation for analysts and investors this afternoon.Twitter සමාගම විසින් මෙම පහසුකම් ලබා දෙන බවට නිවේදනය කරත් මෙම පහසුකම් නිකුත් කරන දිනයක් නම් පැහැදිලිව සඳහ්න් කර තිබුනේ නැහැ. ඔවුන් විසින් එය විශ්ලේෂකයන්ට සහ ආයෝජකයන් වෙත ඉදිරිපත් කිරීම සිදු කල අතර එය පිලිබඳව නිවේදනය කර ඇත.Source:The Verge |
ඉන්දියාව කලබල කරමින් ශ්‍රී ලංකාවට එන චීන ඔත්තු බැලීමේ නෞකාව ගැන ඔබ දැන සිටියාද? | අගෝස්තු 11 වනදා හම්බන්තොට වරායට Yuan wang 5 නම් චීන නැවක් පැමිණිමට නියමිත බව මේ වෙන විට අප සැම දන්නවා. ලංකාවෙන් සැපයුම් ලබා ගැනීමෙන් අනතුරුව එය නැගෙනහිර ඉන්දීය සාගරයේ අභ්‍යාවකාශ නිරීක්ෂණ මෙහෙයුම් වල නිරත වන බවයි පැවසෙන්නේ. නමුත් ඉන්දියාව නම් කියන්නෙ Yuan wang පැමිණෙන්නේ දකුණු ඉන්දියාවේ සිය කේන්ද්‍රස්ථාන පිලිබදව ඔත්තු බලන්න කියල. කොහොම වුණත් මේ නැව සම්බන්ධයෙන් නම් දැන් ලංකාව ඉන්නෙ ගිරයට අහුවුන දෙහිගෙඩිය වගේ.උද්ගත වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ නිසා අපි අද පොඩ්ඩක් බලමු මේ Tracking ships කියන්නේ මොනවද කියල. මේ වගේ ලොකු රේඩාර් පුරවගත්ත නැව් හැඳින්වෙන්නේ Tracking ships / Satalite Tracking ships යන නම් වලින්.Tracking ships කියන්නේ මොනවද ?Tracking ship භාවිතා වෙන්නෙ සතුරාගේ ඔත්තු බලන්න. මේ නිසා මේ නැව් පොදුවේ Spy ships ලෙසද හැඳින්වෙනවා. මේවා බොහොමයක් කෙලින්ම අදාළ රටේ නාවික හමුදාව යටතේයි ක්‍රියාත්මක වෙන්නේ. Spy ships ආදිය reconnaissance vessel, technical research ships වගේ නම් වලින්ද හදුන්වනු ලබනවා. ඔත්තු බලන නිසාම යුධ නැවකට වඩා සිවිල් නැව් ආකාරයෙන් තමයි tracking ships හදන්නේ. බොහෝවිට පර්යේෂණ නැව්වල (research vassels) ආකෘතිය මේ සදහා භාවිතා වෙනවා.වෙරළබඩ බලාගාර, කඳවුරු ආදිය පිළිබඳව බුද්ධි තොරතුරු බැලීම, එම ප්‍රදේශයේ නාවික හා ගුවන් ගමනාගමනය නිරීක්ෂණය, සතුරු දුරකථන සංවාද, රේඩියෝ සංඥා හා රේඩාර් තරංග ආදියට බාධා කිරීම, එම සංඥා විකේතනය කිරීම හා පටිගත කිරීම spy ship වල ප්‍රධාන කාර්යය වෙනවා. ඉලක්කවලට ආසන්නව ක්‍රියාත්මක වන නිසා චන්ද්‍රිකාවලට වඩා ප්‍රයෝජන spy ship වලින් ලැබෙනවා.Tracking/Spy ships ක්‍රියාත්මක වෙන්නෙ දේශසීමා වලින් එපිට ජාත්‍යන්තර මුහුදු සීමාවලදී. මොකද එතකොට කාටවත් නැවට බාධා කරන්න අමාරු නිසා. ජාත්‍යන්තර මුහුදේ ඉඳන් නැවේ අධිතාක්ෂණික උපකරණ මගින් මුහුදු සීමාවට එපිටින් තියෙන අදාළ සංඥා Track කරනු ලබනවා. බොහෝවිට මෙහිදී නැවේ පද්ධති ක්‍රියාත්මක වන්නේ නිශ්ක්‍රීය නැත්නම් passive ආකාරයෙන්. Radio receivers, passive sonar මේ වෙනුවෙන් භාවිත වෙනවා. ලබාගන්නා තොරතුරු ඉන්පසු වැඩිදුර විමර්ශනය සඳහා නවීන සන්නිවේදන පද්ධති ඔස්සේ තමන්ගේ රටට යවනු ලබනවා. මේ විදිහට ඔත්තු බැලීම හැඳින්වෙන්නේ Signal intelligence (SIGINT) ලෙසින්. ඔත්තු බැලීමේදී නැව සම්පූර්ණයෙන් Radio Silence ( රේඩියෝ නිශ්ශබ්දතාවය) මට්ටමේ ක්‍රියාත්මක වෙන්නෙSignal intelligence යටතේ ELINT නම් උප කාර්යභාරය ද spy ships ඉටු කරනවා. ELINT නැත්නම් Electronic signals intelligence වලදී වැඩිපුර අවධානය යොමු කරන්නේ සන්නිවේදනමය නොවන බුද්ධි තොරතුරු රැස් කිරීම පිළිබඳව. ELINT වලදී ඔත්තු බලන්නේ සතුරාගේ රේඩාර් පද්ධති, ගුවන් ආරක්ෂණ පද්ධති හා ගුවන්යානා වැනි යුද්ධෝපකරණ පිළිබඳව. මෙතැනදී නැවේ පද්ධති සක්‍රීය (Active) ලෙස ක්‍රියාත්මක වෙනවා. නමුත් Active ක්‍රියාත්මක වීමක් කියන්නෙ තමන් කරන දේ ප්‍රසිද්ධ කිරීමක් වැනියි.Spy ship වල සමස්ථ කාර්යභාරය,සෑම සංඛ්‍යාතයකම සන්නිවේදන නාලිකාවල සම්ප්‍රේෂණයට බාධා කිරීම.සංවෘත සන්නිවේදන නාලිකා නැවත සම්ප්‍රේෂණය කිරීම.Telemetry පිළිබඳව ඔත්තු බැලීම.විදෙස් සම්ප්‍රේෂණ ප්රභවයන්ට අයත් ලක්ෂණ හදුනා ගැනීම.විද්‍යුත් චුම්භක විකිරණ ප්‍රභවයන් හඳුනා ගැනීම.භෞතික ක්ෂේත්‍ර මැනීම.නැව් සහ සබ්මැරීන වල ධ්වනි හා විද්‍යුත් චුම්භක සංඥා ඇසුරෙන් ප්‍රතිමූර්ති සැකසීම.සමුද්‍රීය සන්නිවේදනය පාලනය කිරීම.සතුරෙකුගේ නැව් වල චලනය නිරීක්ෂණය.කාලතුවක්කු ප්‍රහාර සහ මිසයිල දියත් කිරීම් නිරීක්ෂණය කිරීම.න්‍යෂ්ටික පර්යේෂණ හා බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් ආදිය පිළිබඳව ඔත්තු බැලීම.Satalite tracking Ships ආදිය Spy ships වර්ග අතුරින් වඩා විශේෂිතයි. Satalite ship මගින් සාමාන්‍ය spy ship එකක කාර්යය වගේම අභ්‍යවකාශ නිරීක්ෂණය, චන්ද්‍රිකා පිළිබඳ ඔත්තු බැලීම, චන්ද්‍රිකා පාළනය, මිසයිල track කිරීම, තම රටෙන් දියත් කරන මිසයිලවලට සහාය දීම ආදියද සිදු වෙනවා. මේ විදියට ඔත්තු බැලීම සඳහා අවශ්‍ය කරන අධි තාක්ෂණික සංවේදක හා සන්නිවේදන පද්ධති spy ships සතුයි. X band, C band වැනි වර්ගවල ප්‍රබල රේඩාර් පද්ධති වලින්ද මේවා සමන්විතයි. Tracking ship වලට අදාල බොහෝ තොරතුරු අදාල රටවල් විසින් පවත්වාගෙන යන්නේ ඉතාම රහසිගතව.ඉතිහාසයTracking ship එකක් පිළිබඳව මුලින්ම වාර්තා වෙන්නෙ ඇමරිකාව දෙසින්. එවක ඇමරිකානු නාවික හමුදාවේ USS Gold star නම් සැපයුම් ප්‍රවාහන නෞකාව 1933 වසරේ සිට ජපන් නාවික යාත්‍රාවල සන්නිවේදන සංඛ්‍යාත සෙවීම සඳහා යොදවා තිබුණා. පර්ල් වරාය ප්‍රහාරය වන තෙක්ම එම නෞකාව බුද්ධි තොරතුරු සෙවීම සඳහා භාවිත වී තිබෙනවා.දෙවනි ලෝක යුධ සමයේදී Spy ships පිළිබඳව වැඩි වාර්තා ලැබෙන්නේ නෑ. නමුත් Spy ship වල සීග්‍ර වර්ධනයක් සීතල යුද සමයේදී දක්නට පුළුවන්. එවක රුසියාව සතුව 60 ක් පමණ Spy ships තිබුණ අතර ඇමරිකාව සතුව 80 ක් පමණ තිබුණා. 60' දශකය ආරම්භය සමග ඇමරිකාව tracking ships යෙදවීම වැඩි කරනු ලැබුවා. ඒවාට පැවරුණු ප්‍රධානම රාජකාරිය වූයේ සෝවියට් සබ්මැරීන් හදුනාගැනීම සඳහා නිශ්චිත සංඛ්‍යාත රටාවක් ගොඩනැගීම. ඔවුන් නිපදවූ බොහොමයක් Tracking ships හැඳින්වූයේ Technical research ships යන නමින්. Research ship කිව්වත් ඒවායේ සැබෑ අරමුණ එවක ප්‍රසිද්ධ රහසක්.USS Liberty ඇමරිකානු නාවික හමුදාව සතුව තිබූ මෙවැනි Technical research ship එකක්. 1967 ජුනි 8 වනදා එය යාත්‍රා කරමින් සිටියේ ඊජිප්තුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේයි. ඒ සය දින යුද්ධය ඇවිලී ගොස් තිබු කාලය. ඊශ්‍රායල නාවික හමුදාව විසින් එදින USS Liberty ගිල්වා දමනවා. එය ඊජිප්තු නැවක් ලෙස සිතා සිටි බවයි ඊශ්‍රායලය පවසා සිටියේ. නමුත් එය සිතාමතා කල දෙයක් ලෙසටත් සැළකෙනවා. ඇතැම් විට Liberty ඒ ආසන්නයේ ඔත්තු බලමින් සිටියා විය හැකියි.එවක සෝවියට් දේශයේ Spy ships සියල්ලම පාහේ ප්‍රමාණයෙන් කුඩා ට්‍රෝලර් යාත්‍රා ආදිය පරිවර්තනය කිරීමෙන් නිපදවූ ඒවා වුණා. මේවා හැඳින්වූයේ AGI Trollers නමින්. ප්‍රමාණයෙන් කුඩා වීම හා ධීවර යාත්‍රා මෙන් පෙනීම නිසා වැඩි කාර්යක්ෂම බවක් AGI යාත්‍රා පෙන්නුම් කර තිබුණා. මෙවැනි ඔත්තු බැලීම් හේතුවෙන් ගැටුමක් ඇති වීම වළක්වා ගැනීමට 1972 දී රුසියාව හා ඇමරිකාව ගිවිසුමක් පවා අත්සන් කළා. රුසියානු Spy ships ප්‍රමාණයෙන් කුඩා වුවත් කැපී පෙනෙන අන්දමේ Satalite Tracking Ships නම් ඔවුන් සතුව තිබුණා. Yuri Gagarin, SSV-33 Ural එවැනි ප්‍රසිද්ධ සෝවියට් Satalite ship දෙකක්. වර්තමානයේත් ඇමරිකාව හා රුසියාව සතුව Tracking ships කිහිපයක්ම තිබෙනවා.2001 වසරේ දෙසැම්බර් 22 දා ජපානයේ ක්යූෂූ කලාපයේ Amami Oshima දූපත් අසල ගමන් කරමින් සිටි සැකකටයුතු නැවක් ජපන් හමුදාව විසින් නිරීක්ෂණය කරනවා. සොයා බැලීමේදී එය උතුරු කොරියානු Spy ship එකක් බව සොයාගනු ලැබුවා. පසුව දැඩි සටනකින් අනතුරුව එය විනාශ කිරීමට ජපන් නාවික හමුදාව සමත් වෙනවා. වර්තමානයේ ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, නෝර්වේ, ස්පාඤ්ඤය හා ස්වීඩනය වැනි රටවල් සතුවත් Tracking ships පවතිනවා. ප්‍රංශය සතුව Dupuy de Lôme ලෙස නම්කල Satalite tracking ship එකක් සේවයේ යොදවා තිබෙනවා.චීනය Tracking ships වගේම Satalite Tracking ships වලින්ද සමන්විතයි. වර්තමානයේ කතා වන Yuan wang කාණ්ඩය 80' දශකයේ සිට නිශ්පාදනය කල ඔවුන්ගේ ප්‍රධානතම Spy ship වර්ගය වනවා. යුවෑන් වැන්ග් කාණ්ඩයේ නැව් 9 ක් පමණ නිපදවා තිබෙනවා. එයින් ඉදිරියේදී ලංකාවට පැමිණෙන්නේ Yuan wang 5 නම් නෞකාව.මොකක්ද මේ Yuan wang?යුවාන් වෑන්ග් කියන්නෙ චීන නාවික හමුදාව භාවිතා කරන ප්‍රධානතම Satalite Tracking ship කාණ්ඩය. Yuan wang කියන එකේ තේරුම 'දිගු දසුන' යන්න වෙනවා. මෙවැනි නෞකාවක් පිළිබඳව මුල්වරට චීනයේ අවධානය යොමු වෙන්නේ 1965 වසරේදී. එවක චීන අගමැති ශෞ එන්ලායි ගේ මඟපෙන්වීම මත තමයි Yuan wang නිපදවන්නේ. වැඩසටහනේ පලමු අදියර යටතේ 1977 හා 1978 වසරවලදී Yuan wang 1 හා Yuan wang 2 යන නැව් දෙක නිපදවා දියත් කරනු ලැබුවා.මෙම නැව් දෙකේ පළමු මෙහෙයුම 1980 මැයි මාසයේදී සිදු කරා. එතැන් පටන් දේශීයව නිපදවන ලද සන්නිවේදන චන්ද්‍රිකා දියත් කිරීම් නිරීක්ෂණය කිරීමට වගේම ජාත්‍යන්තර චන්ද්‍රිකා දියත් කිරීම් සඳහාත් yuan wang නැව් සහාය වීමට භාවිතා කරා. සාර්ථකත්වය මත වැඩසටහනේ ඊලඟ අදියර යටතේ Yuan wang 3,4,5,6,7,21 හා 22 යන නැව් ද ඉක්මනින් නිපදවීමට ඉන්පසු චීනය කටයුතු කරනු ලැබුවා.විස්තර කරා වගේ Yuan wang කියන්නෙ චන්ද්‍රිකා පිළිබඳව කටයුතු කිරීමට නිපදවූ නෞකා වර්ගයක්. නිදසුන් ලෙස Shenzhou 7 සහ Long March 5B යන රොකට්ටු වැඩසටහන් සඳහා Yuan wang 5, 6, 7 යන නෞකා සහාය වෙනවා. එයට සහය දීමට නැව් කිහිපයක්ම ලෝකයේ තැන් කිහිපයකම ස්ථානගත කර තිබෙනවා.Yuanwang 1 - කහ මුහුදේYuanwang 2 - ප්‍රංශ පොලිනීසියාවට කිලෝමීටර් 1500ක් නිරිත දෙසින්.Yuanwang 3 - නැම්බියානු වෙරළට ඔබ්බෙන්Yuanwang 4 - බටහිර ඕස්ට්‍රේලියා වෙරළට ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ.ඉතින් මේ විදිහට Yuan wang යාමට නියමිතව තිබෙන්නේ වයඹ දිග ඉන්දීය සාගරයට. ඒ වෙනුවෙන් සැපයුම් ලබා ගැනීමටයි මේ නැව හම්බන්තොටට එන්නේ.ඒත් ඉන්දියාව yuan wang සලකන්නේ Spy ship එකක් ලෙසට. ඉන්දියාව කියන විදිහට yuan wang නෞකාවට කිලෝමීටර් 750ක දුරක ඇති ස්ථාන වල ඔත්තු බැලීමේ හැකියාව තියෙනවා. ඒ අනුව හම්බන්තොට වරායේ සිට ඉන්දියාවේ මිලිටරිමය වැදගත්කමක් ඇති ස්ථාන සහ උපායමාර්ගිකව වැදගත් වරායන් 6ක ඔත්තු බැලීමේ හැකියාව චීනයට හිමියි. Economic Times වෙබ් අඩවියට අනුව,කල්පාක්කම් න්‍යශ්ටික බලාගාරය.කෝප්පන්කුලම් න්‍යශ්ටික බලාගාරය.කෝචින් හී ඉන්දීය දකුණු නාවික විධානය.වැනි සංවේදි ස්ථාන ගණනාවක තොරතුරු ලබා ගැනීමේ හැකියාව මෙම නෞකාව සතුයි. Yuan wang චීනයේ උපායමාර්ගික බලකාය යටතේ පාලනය වීම තවත් සැකයට කරුණක්ව තිබෙනවා. ඉදිරි සතිය තුළ yuan wang අර්බුදය සම්බන්ධයෙන් තවත් වැඩිදුර තොරතුරු දැන ගන්න ලැබේවි. |
Android Hardware | Part 2 – GPU & RAM | මේ කොටස විශේෂයෙන් වෙන්කරලා තියෙන්නේ GPU හා RAM එක වෙනුවෙන්. මුලින් GPU එකගැන කියන්නම්.GPUඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල Cpu එක පස්සේ ෆෝන් එකේ වඩා වැදගත්ම පාර්ට් එකක් තමා GPU එක. ඩෙස්ක්ටොප් වල වගේම තමා ෆෝන් වල GPU. ඩෙස්ක්ටොප් වල තියෙනවා ඔන්බෝඩ් හා සෙපරේට් විදිහට gpu ටයිප් 2ක්. ඔන්බෝඩ් කියන්නේ GPU සර්කිට් එක මදර් බෝඩ් එකේමයි තියෙන්නේ. මේ ඔන්බෝඩ් ඒවයි වෙනම මෙමරි එකක් නෑ. රැම් එක පාවිච්චි කරනවා ඒ වෙනුවට. නමුත් සෙපරේට් ඒවා එහෙම නෑ. ඒවගේ වෙනම මෙමරි එකක් තියනව.GPU කියන්නේ GRAPHICS PROCESSING UNIT කියන එක. මේකෙන් වෙන්නේ ඉතින් හැමෝම දන්න විදිහට 3D ග්‍රැෆික් සැකසීම්. මතක තියාගන්න 2D ඒකිව්වේ ද්විමාන ග්‍රැෆික් සැකසුම් බොහොමයක් වෙන්නේ CPU එකෙන්. ඒකට GPU එකේ ලොකු සම්බන්ධයක් නෑ.ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියෙන්නේ ඔන්බෝඩ් වර්ගේ GPU. මෙවට වෙනමම මෙමරි එකක් නෑ. සිස්ටම් එකේ රැම් එක තමා පාවිච්චි වෙන්නේ.මේ GPU වැඩකරන හැටි මම කෙටියෙන් කියන්නම්.මුල්ම යුගයේ ඒකිව්වේ DOS පාවිච්චි වුනු කාලේ සොෆ්ට්වෙයා වලට පුලුවන් උනා සෘජුව හාඩ්වෙයා වලට අණකිරීම කරන්න. මේකට හාඩ්වෙයා ගැන පට්ට දැනුමක් ඕන. නමුත් වින්ඩෝස් වගේ ඕඑස් එකකදී මේදේ බෑ. මෙහෙයුම් පද්ධතිය හරහා ඕන හාඩ්වෙයා වලට අණු කරන්න. මේ නිසා වින්ඩෝස් වලදි සෑම සොෆ්ට්වෙයා එකකටම අවශ්‍ය පොදු හාඩ්වෙයා වලට අණ කරන්න පුලුවන් වෙන ක්‍රමයක් අවශ්‍ය උනා. මේකේ ප්‍රථිපලයක් ලෙස DIRECT X බිහිවෙනවා. පස්සේ සෑම GPU නිශ්පාදකයෙක්ම මේ DIRECT X පාවිච්චි කරන්න ගත්තා. අද වෙද්දී මේක සම්මතයක් වෙලා. මේ විදිහට වෙනත් මෘදුකාංග කොටසක් හරහා හාඩ්වෙයා වලට අණ කරන මේ මෘදුකාංග කොටසට කියනවා API කියලා. (මේගැන පස්සේ සොෆ්ට්වෙයා කොටසින් වැඩි පැහැදිලි කිරීම් කරන්නම්)මේ DIRECT X වල තියනව කොටස් කිහිපයක්. 3D ප්‍රොසෙසින් වලට Direct3D වගේ API කිහිපයක්ම. මේකේ තියන 3D හා 2D ප්‍රොසෙසින් API වලට සමාන API එකක් තමා OPEN GL කියන්නේ.මේ OpenGL වල ක්‍රොස් ප්ලැට්ෆෝම්, ඒකිව්වේ විවිධ හාඩ්වෙයා සොෆ්ට්වෙයා වල වෙනසකින් තොරව පාවිච්චි කරන්න පුලුවන් API එක තමා OpenGL කියන්නේ.මෑතකදී (2015දී) Direct3D 12 වලට සමානව OpenGL වෙනුවට ආපු API එක තමා Vulcan කියන්නේ. මේක opengl වලට වඩා ගොඩක් වේගවත් වගේම තමා මේක බොහොම කාර්යක්ශම එකක්. නමුත් තාම opengl අයින් වෙලා නෑ . වුල්කන් තියනවනම් ඕපන් ජීඑල් තියනවම තමා.වඩා පාවිච්චි වෙන OpenglES වල වර්ශන් කිහිපයක් තියනවා. මේ වර්ශන් වල විවිධ වෙනස්කම් තියනවා. 2.0 , 3.0 , 3.1 , 3.2 වගේ. (අලුත් එක 4.5) වුල්කන් නං අලුත් නේ තාම ඉතින් 1.0 තමා.ඇන්ඩ්‍රොයිඩ් 7.0 වලින් තමා මුලින්ම මේ Vulcan API එකට සපෝට් කරන්න පටන් ගත්තේ. නමුත් වුල්කන් සපෝට් වෙන්න Nougat තිබිලා මදි GPU එකත් වුල්කන් සපෝට් වෙන්න ඕන.මං තව පැහැදිලි කරන්නම් කොහොමද මේ GPU එකෙන් ග්‍රැෆික් ගොඩනගන්නේ කියලා.මූලිකව ගත්තම ග්‍රැෆික් ගොඩනැගීම කොටස් 2කින් වෙනවා. මේ ගොඩනැගීම කරන්නේ Shaders වලින්.Vertex Shader වස්තුවල මූලික හැඩය ගොඩනැංවීමPixel Shader වස්තුවල පාට, සෙවනැලි, මතුපිට ගොඩනැංවීමමේ Vertex Shader වලින් කරන දේ බොහොම සරලයි. අපි දකින සෑම දෙයක්ම ගොඩනැංවිලා තියෙන්නේ සරල රේඛා එකතුවෙලා. මේ රේඛා ගොඩනැගීම තමා Vertex Shader එකෙන් වෙන්නේ. මැත්ස් කරපු අය දෛශික දන්නවනේ. ත්‍රිමාණයේ දෛශික ගොඩනැගීම තමා හරියටම වෙනදේ. සරල රේඛාවක දෛශික නිරූපණය a(x,y,z) හා |a|=N ආකාරයට. GPU වලින් ත්‍රිමාන පරිසරය ගොඩනගන්නේ ඉතින් ත්‍රිමාණයේ. ඒකයන්නේ XYZ අවකාශයක. මේකේ ඕනම සරල රේඛා ඛන්ඩයක් දෛශිකයකින් දක්වන්න පුලුවන්. දෛශික බිලියන ගනනකින් තමා ගේම් එකක කාර් එකක හැඩය වගේ දෙයක් ගොඩනැගෙන්නේ.නමුත් Pixel Shader එක අතිශය සංකීර්ණයි. Vertex Shader එකෙන් ගොඩනැගෙන්නේ මොඩල් එක විතරයි. පික්සල් ශේඩර් එකෙන් තමා අනිත් සේරම අපි දකින කොටස් වෙන්නේ. පාට,සෙවනැලි,පරාවර්තන,පාරදෘෂ්‍යබව වගේ ඒවා.මේ Pixel Shader පැහැදිලි කරන්න නං පොතක් ලියන්න ඕන.මේ Pixel & Vertex Shader වලත් එකඑක වර්ශන් එනවා. සෑම GPU එකක්ම සෑම වර්ශන් එකටම සපෝට් නෑ. 1.0/2.0/3.0/4.0/5.0/6.0 වගේ වර්ශන් එනවා.GPU එකෙන් වෙන්නේ මේ Shadesz ප්‍රොසෙසින් වෙන එක.මම මුලින් කිව්වා ඇන්ඩ්‍රොයිඩ් GPU වලට වෙනම මෙමරි එකක් නෑ කියලා. ඉතින් ඒනිසා GPU එකේ මෙමෙරි පවර් එක රැම් එක මත තියෙන්නේ. GPU එකට මුලු රැම් එකම පාවිච්චි කරන්න බෑ. නමුත් රැම් එක වැඩි තරමට හොදයි.මේ GPU වලත් තියෙනවා CPU වල වගේ Core. නමුත් CPU වගේ නෙවේ මේ GPU වල තියෙන්නේ Shader Core. (මං දැක්ක කෙනෙක් කියලා තිබ්බා ඇපල් වල GPU එක මල්ටි කෝ ඇන්ඩ්‍රොයිඩ් වල සින්ගල් කෝ කියලා. පව් ඉතින්)දැනට තියන ප්‍රසිද්ධම Mobile Phone GPU වර්ග නිශ්පාදකයන් පහල තියනවා.NVidiaARMQualcommImagination(ඔව් ඔව් ඇපල් නෑ තමා. එයාලා පාවිච්චි කරන්නේ Imaginationලගේ ඒවා)මේ නිශ්පාදකයන් හදන GPU පහල තියෙනවාNVidia – TegraARM – MaliQualcomm – AdrenoImagination – PowerVRමේ සේරම අතරින් Most PowerFull එක තමා NVidia Tegra. මේවා තියෙන්නේ Nvidia Shield ටීවී එකෙයි ටැබ් එකෙයි. ඒදෙකම ඇන්ඩ්‍රොයිඩ්.Tegra X1,P1 වගේ GPU කීපයක් තියනවා.ඊලග අනිත් 3න් දෙනාගේ එවා අතරින් කව්ද හොදම කියන එක ඉතින් මට කියන්න බෑ. නමුත් එක එක්කෙනාගේ හොදම GPU ගැන ටිකක් කියන්නම්.ARM Mali(මෙයාලම තමා ARM Processors හදන්නේ)Mali-G77Mali-T860 & T880Mali-T760Mali-T628Mali-T624G71 GPU එක ටිකක් විශේෂයි. මේකේ Core 32ක් තියන වර්ශන් එකක් උනත් හදන්න පුලුවන්!මේ මාලි GPU වල සාමාන්‍යයෙන් නමේ අගට MP කියලා කොටසක් තියෙනව. ඒකේ අගින් තියන අංකයෙන් කියන්නේ ඒකේ තියන Core ගාන. (Eg:- Mali-G71 MP8 මේකේ Core 8යි). මාලි GPU ගොඩක් පාවිච්චි වෙනවා සෑම හුවාවි හා හොනර් ෆෝන් එකකම වගේ. සැම්සන්ග් එහෙමත් Mali තමා පාවිච්චි කරන්නේ.Qualcomm Adrenoමේක තමා Snapdragon SoC එක තියන ෆෝන් වල එන්නේ. පහල GPU එකේ ඉස්සරහි ඒක එන SoC එක දාලා ඇති.Adreno 418 Snapdragon 808Adreno 420 Snapdragon 805Adreno 430 Snapdragon 810Adreno 530 Snapdragon 820Adreno 540 Snapdragon 835Adreno 630 Snapdragon 845Adreno 640 Snapdragon 855Adreno 650 Snapdragon 865Adreno 540 ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.පට්ට Mali G71 එක්ක ටොප් ලෙවල් එකේ ඉන්නවා.>>>Imagination PowerVR<<<මේක ගොඩක් පාවිච්චි වෙන්නේ ඇපල් ෆෝන් වල. සැම්සන්ග් වලත් තියෙනවා.මේක ඇන්ඩ්‍රොයිඩ් වලට ඒහැටි ගෑවෙන්නේ නැති නිසා ඒහැටි දෙයක් කියන්න යන්නේ නෑ.ෆෝන් එකක් ගනිද්දී ඔය GPU වලින් එකක් තියන එකක්වත් ගන්න. නැත්තං පස්සේ ගේම් ස්ලෝ කියලා කෑගහන්න වෙන්නේ.දැං එමු RAM එකට (RAM = Random Access Memory)රැම් එක ගැන මොනාකියන්නද මංදා. කොහොම හරි රැම් එකෙත් එක එක වර්ශන් එනවා. LPDDR විදිහට. දැන් නං LPDDR4X තමා මෝස්ට් පවර් ෆුල්. 1.8GHz වගේ ඒකේ ස්පීඩ් එක.සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට (Android 5.0 and UP) අවම ලෙස තිබිය යුතු රැම් එක 2GB කියලා කියන්න පුලුවන්. නමුත් ඊට වැඩි නං හොදයි. (කොහොම නමුත් මගේ පෞද්ගලික මතයනං ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට 8GB තමා උපරිමේ. ඊට වඩා වැඩි වුනාට තේරුමක් නෑ කියලා තමා මම හිතන්නේ. හැබැයි Honor එකේ CEO කියනවා 4GB උනත් ඇතිලු. ඇත්ත ඉතින් මොනාකරන්නද ඊට වැඩි මෙමරි එකකින්. මොකෝ 3D Rendering හරි Algorithm Analysis කරන්නද?)රැම් එක ගැන එච්චරයි ඔන්න.ඊලග කොටස CAMERA ගැන වෙන්කරලා තියෙන්නේ. ඔන්න කට්ටිය කෙල ගන්න එක.(වැරදි තියෙනවා නං කියන්න. ඕගොල්ලන්ගේ අදහස් යෝජනා දෙන්න. අඩුමගානේ කමෙන්ට් එකක් වත් දාන්න. අනිත් අයටත් කියවන්න ටැග් කරන්න) |
LinkedIn කියන්නේ මොකක්ද? කොහොමද ඒකෙන් අපේ වෘත්තිමය ජීවිතේ ගොඩ දාගන්නේ? | මේ ලිපිය කියවන වෘත්තිකයෝ, ඒ කියන්නේ රස්සාවක් කරන අය ඉන්නවනේ. එතකොට රස්සාවක් ලඟදීම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඉන්නවනේ. දැන් මේ අයගෙන් ඇහුවොත් LinkedIn ප්‍රොෆයිල් එකක් තියෙනවද කියලා, ගොඩක් දෙනෙක් නැහැ කියයි. තව කට්ටියක් උඩ බිම බලයි මොකක්ද ඒ කියලා. හැබැයි මේ අයගෙන් ඇහුවොත් ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් තියෙනවද කියලා, හැමෝම අත උස්සනවා!හරි, LinkedIn කියලා දෙයක් තියෙනවා. ඒකෙන් රැකියා කරන අයට හිතනවට වඩා සෑහෙන්න ප්‍රයෝජනත් තියෙනවා. මේ කතා කරන්න යන්නේ LinkedIn වෘත්තිය සමාජ ජාලයෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියන එක ගැන.1. මොකක්ද මේ LinkedIn කියන්නේ?පොතේ හැටියට නම් LinkedIn කියන්නෙත් තවත් සමාජ ජාලයක් තමයි. හැබැයි ඕපදූප හොයන්න, කාලේ කන්න වෙන් වුණු සමාජ ජාලයක් නෙවෙයි. වෘත්තිකයින්ට වෙන් වුණු, වෘත්තිමය පරිහරණයකට විතරක් භාවිතා වෙන සමාජ ජාලයක්. මේකේත් ෆේස්බුක් වගේම යාලුමිත්‍රයෝ එහෙම ඇඩ් කරගන්න පුලුවන්. හැබැයි ඕනම කෙනෙක්ව බෑ. තමන්ට කිසියම් වෘත්තිමය හෝ පුද්ගලික සම්බන්ධයක් තියෙන අය.එතකොට LinkedIn එකෙන් යාලුවෝ ඇඩ් කරගන්න ඕන පුද්ගලික යාලුපිට් ඇතිකරගන්න නම් නෙවෙයි. ඊට වඩා LinkedIn හරහා ඇතිකර ගැනෙන්නේ වෘත්තිය සම්බන්ධකම්. LinkedIn සමාජ ජාලය තුළ සාමාජිකයෝ බෙදාගන්නෙත් ඒ ඒ වෘත්තීන්ට සම්බන්ධ වුණු යම් යම් අදහස් තමයි. ඉතින් ඒ හින්දම කොටින් කියනවා නං, වෘත්තිකයෙක්ට වර්තමානයේදී LinkedIn ප්‍රොෆයිලයක් තියෙනවා කියන එක ලොකු වටිනාකමක් ගෙන එනවා. ඒ ඇයි කියලා ඊලඟට කියන්නම්.2. LinkedIn හින්දා ලැබෙන ප්‍රධානතම වාසිය මොකක්ද?දැන් අපි ෆේස්බුක් ගත්තොත් කෙනෙක්ට ෆේස්බුක් එකවුන්ට් එකේ හිමිකාරයා ගැන මූලික අවබෝධයක් ගන්න පුලුවන්. හැබැයි ඒ පුද්ගලයා ගැන. ඒත් LinkedIn එකවුන්ට් එකක් බලලා කෙනෙක්ට ඒ LinkedIn එකවුන්ට් එකේ හිමිකරුවාගේ වෘත්තිමය ස්වභාවය, පළපුරුද්ද, විශේෂ දක්ෂතා වගේ දේවල් ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් වෙන්න ඕන. LinkedIn මූලික පරමාර්ථයත් ඒකම තමයි. කෙනෙක්ට LinkedIn ප්‍රොෆයිල් එකක් හදලා ඒකට තමන්ගේ ජීව දත්ත සටහනේ තියෙන විස්තර එකතු කරන්න පුලුවන්. ඒ කියන්නේ තමන්ගේ අධ්‍යාපනික සහ වෘත්තිය දැනුම් මට්ටම, වෘත්තිය නිපුණතාවයන්, වෘත්තිය පළපුරුද්ද, විශේෂ දක්ෂතාවයන් සහ කුසලතාවයන් වගේ දේවල්. එතකොට මෙතෙක් සේවය කරපු තැන්වල විස්තර එක්ක තමන්ට පැවරිලා තිබුණු වගකීම් ගැන එහෙමත් මෙතන සවිස්තරව සඳහන් කරන්න පුලුවන්.මේකේ තියෙන වාසිය සරලයි. ඔබට නව රැකියා අවස්ථා ලබාගන්න, රැකියා අවස්ථා සඳහා ආරාධනා ලබාගන්න වගේම ඔබ දැන් කරන රැකියාවේ ඔබේ තත්ත්වය ඉහළ යන්නත් මේ විදියේ සවිස්තරාත්මකLinkedIn ප්‍රොෆයිල් එකක් තිබීම ලොකු වාසියක්.3. විශේෂ කුසලතා ලැයිස්තු කොහොමද හදන්නේ?ඔබේ LinkedIn එකවුන්ට් එකට ගියාට පස්සේ ඔබට තියෙනවා කියලා ඔබ දන්න කුසලතා ලැයිස්තුවකුත් හදන්න පුලුවන්. හැබැයි එහෙම තමන්ට ඕන ඕන දේවල් දැම්මට වැඩක් නෑ. ඔබව දන්න වෙන මිනිස්සු ඇවිත් ඔබට ඒ කුසලතා තියෙනවද නැද්ද කියලා සහතික කරලා යනවා. එතකොට එහෙම වැඩිම පිරිසක් සහතික කරලා තියෙන කුසලතා ඔබට ඇත්තටම තියෙනවා කියලා කෙනෙක්ට දැනගන්න පුලුවන්.දැන් ඔබේ LinkedIn ප්‍රොෆයිලයේ ඔබේ වෘත්තියට ගැලපෙන කුසලතා ලැයිස්තුවක් තියෙනවා නම්, ඒ කුසලතා ලැයිස්තුවෙන් බොහෝමයක් ඔබට තියෙනවා කියලා වෙනත් අය සහතික කරලා තියෙනවා නම්, ඔබව බොහොම ලේසියෙන් කෙනෙක්ගේ ඇහැ ගැටෙන්න හැකියාව තියෙනවා. ඔබව මෙහෙම නෝටිස් වෙන්නේ LinkedIn හරහා තමන්ගේ කොම්පැණියට වෘත්තිකයෙක්ව හොයන කෙනෙක්ට වෙන්න පුලුවන්. තේරෙනවනේ එතකොට තියෙන වාසිය?4. LinkedIn එකවුන්ට් එකක ෆීචර්ස් මොනවද?LinkedIn පාවිච්චියට ආධුනිකයෙක් තේරුම් ගන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. LinkedIn එකවුන්ට් එකක් හදන්න ඒ තරම් වෙලාවක් ගියේ නැතත්, ෆේස්බුක් එකවුන්ට් එකක් පුරවනවා වගේ ලේසියෙන් LinkedIn එකවුන්ට් එකේ විස්තර ඇතුළත් කරන්න බැහැ. ඒකට වෙලාව ගන්න ඕන. නිවැරදි භාෂා භාවිතය වැදගත්. එතකොට හැම වෙලාවේම නිවැරදි තොරතුරු දෙන්න ඕන. හරි බලමු LinkedIn පාවිච්චියේදී දැනුවත් වෙලා ඉන්න ඕන තව දේවල් ටිකක්Connections: මේ කියන්නේ LinkedIn හරහා පුද්ගලිකව දන්න අය. එක්කෝ ඉස්කෝලේ යාලුවෝ වෙන්න පුලුවන්, එහෙම නැතිනම් එකට වැඩකරන අය වෙන්න පුලුවන්.Second-degree connections: දැන් ඒ කනෙක්ෂන්ස් වලටත් තව කනෙක්ෂන්ස් තියෙනවනේ. ආන්න ඒ අය තමයි මේ. උදාහරණයක් විදියට ඔයාගෙ බොස්ගෙ බොස්. මේකම තවත් පියවරක් එහාට ගිහින් තමයි Third-degree connection කියලා කියන්නේ.Recommendations: මෙන්න මේක තවත් බොහෝම වටිනා දෙයක්. දැන් අපි හිතමු කලින් ඔෆිස් එකේ හිටපු බොස් කියලා. එතකොට ඔයා රස්සාවෙන් අස් වෙනකොට සාමාන්‍යයෙන් රෙකමන්ඩේෂන් ලෙටර් එකක් දෙන්න පුලුවන්. සමහර විට එහෙම දෙන්නෙ නෑ, වෙන කොහේ හරි තැනකින් රෙකමන්ඩේෂන් ලෙටර්ස් ඉල්ලුවොත් තමයි අපිටත් මතක් වෙන්නේ. හැබැයි දැන් ඔබට පුලුවන් එහෙම ඔබව රෙකමන්ඩ් කරන අයට කියලා ඔබේ LinkedIn එකවුන්ට් එකට රෙකමන්ඩේෂන්ස් එකතු කරන්න. ඒක ඔබේ වෘත්තිමය භාවයට වැඩි වටිනාකමක් වෙයි.Introductions: දැන් අපි කලිනුත් කිව්වනේ LinkedIn හරහා නොදන්න අයව ඇඩ් කරගන්න බෑ කියලා. හැබැයි අපි මෙහෙම හිතමු. දැන් අපේ යාලුවෙක් ඉන්නවා, එයා හිතනවා එයාගෙ යාලුවෙක්ගේ කොම්පැණියට කෙනෙක්ව ගන්න හොයනකොට ඒ ජොබ් එකට ඔයාව ගැලපෙනවා කියලා. එතකොට ඒ යාලුවට පුලුවන් එයාගෙ යාලුවාවයි, ඔයාවයි LinkedIn හරහා සම්බන්ධ කරන්න. ඒක තමයිIntroductions කියන්නේ.Messaging: ඉස්සර LinkedIn සයිට් එක තිබුණු විදියට ඔයාගේ නෙට්වර්ක් එක ඇතුලේ ඉන්න, ඒ කියන්නේ ඔයාගේ කනෙක්ෂන්ස් වෙලා ඉන්න අයට මැසේජ් කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට උපන් දිනේට සුබ පතන්න, අලුත් ජොබ් එකට එල කිරි කියලා කියන්න කියල LinkedIn එකෙන්ම අපිට මතක් කරනවා. හැබැයි දැන් මේ Messaging සේවාව තව දියුණු වෙලා තියෙනවා. දැන් ඒක චැට් පැනල් එකක් වගේ. කවුරුහරි කනෙක්ෂන් එකක් ඔන්ලයින් ඉන්නවා නං එයත් එක්ක මැසේජ් කරගන්න පුලුවන් චැට් කරන විදියටම.5. LinkedIn හරහා රස්සාවක් හොයාගන්න පුලුවන් වෙයිද?දැන් මේකනේ ඇත්තටම දැවෙන ප්‍රශ්නේ. හරි, ජොබ් සම්බන්ධයෙන් කියද්දී අපිට LinkedIn තුන් ආකාරයකට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ අපි ජොබ් එකක් හොයනවා කියන තැන ඉඳන් බැලුවොත්.එකක් තමයි කෙලින්ම LinkedIn සයිට් එකේ තියෙන Jobs කියන තැනට ගිහින් බලන එක. දැන් තමන්ගේ ප්‍රොෆයිල් එක හරි විදියට පුරවලා, කුසලතා ලකුණු කරලා ඔක්කොම කම්ප්ලීට් නම් ඔයාට හරියන ජොබ්ස් මොනවද කියලා මෙතන පෙන්නනවා. ඕන නං LinkedIn සේවාවේ මුදල් ගෙවලා ගන්න තියෙන Premium සේවාව ලබාගෙන වැඩිපුර රැකියා අවස්ථා හොයාගන්න පුලුවන්.දෙවෙනියට අපි හිතමු කෙනෙක් තමන්ගේ කම්පැණියට වෘත්තිකයෙක්ව හොයනවා කියලා. එයා නිකම්ම ජොබ් එක ගැන LinkedIn ඇඩ් එකක් දාලා නිකම් ඉන්නෙ නෑ. එයා ගිහින් එයාගේ Connections. Second-degree connections හරහා හොයනවා වැඩේට හරි යන මිනිස්සු. අන්න එතකොට ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එක දැකලා, ඒ ගැන පැහැදුනොත් එතනම ජොබ් එකකට අවස්ථාවක් ලැබෙන්න පුලුවන්.තුන්වෙනියට ගත්තොත් අපිට ඇත්තටම අපේ ජීව දත්ත සටහනට LinkedIn ප්‍රොෆයිල් එකේ ලින්ක් එක දාන්න පුලුවන්. එතකොට වෙන ජොබ් එකක් සෙට් වෙයි වගේ කියලා දැනෙන තැනකට වුනත් බය නැතුව කම්ප්ලීට් කරපු LinkedIn ප්‍රොෆයිල් එකේ ලින්ක් එක දෙන්න පුලුවන් ගිහින් බලන්න කියලා.ඇත්තටම මේ වෙනකොට ලංකාවේ ලොකු ප්‍රවණතාවයක් හැදෙමින් තියෙනවා LinkedIn හරහා ජොබ්ස් වලට ගැලපෙනම මිනිස්සු හොයන්න. මේක තමයි ඉතින් වෘත්තිමය ලෝකයේ වර්තමානය. අනාගතය නෙවෙයි, වර්තමානය. ඒ හින්දා දැන්මම ඒකට සූදානම් වෙලා ඉන්න එක හොඳයි.6. LinkedIn හරහා තියෙන වෙන ලාභ ප්‍රයෝජන මොනවද?දැන් ඔය LinkedIn Network කියන එක බොහොම වටිනවා ජොබ් එකක් කරන මනුස්සයෙක්ට වුනත්. මෙහෙම හිතන්න. දැන් ඔයා ඉන්න කම්පැණියෙන් එළිදක්වන අලුත් ප්‍රඩක්ට් එකකට මීඩියා කවරේජ් ගන්න ඕන වෙනවා. එතකොට දන්න අයට කෝල් කර කර හොයනවට වඩා ලේසියි කෙලින්ම LinkedIn ප්‍රොෆයිල් එකට ගිහින් ඔය සම්බන්ධව ඉන්නේ කවුද කියලා බලන එක. පහසුවෙන්ම මීඩියා වල වැඩ කරන අය විතරක් නෙවෙයි, මීඩියා ඒජන්සි පවා හොයාගන්න පුලුවන්. ආන්න ඒ විදියට වෘත්තීන් අතර සම්බන්ධතා හැදෙන්න LinkedIn බොහොම ප්‍රයෝජනවත්.දැන් LinkedIn වල තියෙනවා ප්‍රශ්න අහලා උත්තර හොයන්න පුලුවන් සිස්ටම් එකක්. ඒ කියන්නේ එක එක සමූහයන්, ගෘප්ස් තියෙනවා. දැන් අපි හිතමු සස්ටේනබල් ඩිවලොප්මන්ට් ගැන ඔයාට දැනගන්න ඕන දේවල් තියෙනවා කියලා. කරන්න තියෙන්නේ ඒ සම්බන්ධව තියෙන LinkedIn ගෘප් එකකට යන එක. දැන් එතන ඔයාට තියෙන ප්‍රශ්නේ ඇහුවහම, ඒ සම්බන්ධව ඒ ගෘප් එකේ ඉන්න එක්ස්පර්ට්ලා ඇවිත් අදහස් දක්වයි. ඒ වගේම තමයි ඔබටත් යම් කිසි දෙයක් ගැන විශේෂඥ දැනුමක් තියෙනවා නම් ඒ විදියට අනික් අයට උදවු කරන්න පුලුවන්.අපි හිතමු අපිට අලුත් කම්පැණියක් එක්ක ප්‍රොජෙක්ට් එකක් කරන්න ආවා කියලා. එහෙම නැතිනම් අලුත් කොම්පැණියක ඉන්ටවීව් යන්න ආවා කියලා. දැන් මේ කම්පැණිය ගැන පොඩි රිසර්ච් පාරක් දාන්න LinkedIn කියන්නේ මසුරන් වටින තැනක්. පොඩ්ඩක් කම්පැණියේ නමින් සර්ච් කරලා බලලා අපිට අවශ්‍ය කරුණු සෑහෙන්න හොඳින් හොයාගන්න පුලුවන් LinkedIn හරහා.7. අන්තිමට LinkedIn හරියට පාවිච්චි කිරීම ගැන ඉඟි කීපයක්හැමවෙලාවකම මතක තියාගන්න ඕන LinkedIn කියන්නේ වෘත්තිකයෝ එකතුවෙලා ඉන්න වෘත්තිමය අවකාශයක් කියන එක. ඉතින් ඒ වගේ තැනක ජොකා බයිලා කෙලිනවා කියන්නේ තමන්ගේ ප්‍රතිරූපයටම හානියක් කියන එක අමතක කරන්න හොඳ නෑ. විශේෂයෙන්ම තමන්ගේ LinkedIn ප්‍රොෆයිල් එකේ අන්තර්ගතය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, අපි ෂෙයාර් කරන පෝස්ට් එකක වුනත්, ස්ටේටස් අප්ඩේට් එකක වුනත් ඒ වෘත්තිමය භාවය අනිවා තියෙන්න ඕන.එතකොට LinkedIn සයිට් එකෙන් ඇඩ් කරන්න ඕනද කියලා අහන කොල්ලවයි බල්ලවයි ඇඩ් කරන්න යන්න එපා. තමන්ගේ වෘත්තියත් එක්ක සෘජු සම්බන්ධකම් තියෙන, එහෙම නැතිනම් වක්‍රව හෝ සම්බන්ධකම් තියෙන අයව මිසක් වෙන අයව ඇඩ් කරන්න යන එක මේ වගේ සමාජ ජාලයක තේරුමක් නෑ.අන්තිමට කියන්න තියෙන්නේත් මුලින්ම කිව්ව දෙයක්. හැම වෙලාවේම LinkedIn ප්‍රොෆයිල් එකට එකතු කරන කරුණු සත්‍යවාදී වෙන්න ඕන. නිරවද්‍ය වෙන්න ඕන. මොකද ඕවා හොයලා බලන්නෙ නැතුව කවුරුවත් ජොබ් දෙන්නෙ නෑනේ. එතකොට තමන් කරලා තියෙන එක බොරුවක් හරි ගැස්සුනොත්, එතනින් එහාට වෘත්තිමය ප්‍රතිරූපයම ඉවරයි.ඒ වගේමයි අපිට ෆේස්බුක් එක හරියට පාවිච්චි කරොත්, ඒකෙනුත් අපේ වෘත්තිමය ජීවිතේට පහසුවක් ගන්න පුළුවන්. ඒ ගැනත් කියවමු. |
Wallpaper එකකින් Android mobiles soft-brick වෙයි | අවවාදයයි!මේ bug එක බරපතල ගැටළුවක් බැවින් අවධානයෙන් කටයුතු කරන්න.ටිකක් වෙනස් හැබැයි භයානක Android bug එකක් ගැනයි මේ.ඒ තමයි, ඉහත තියෙන photo එක android phone එකේ wallpaper එකට දාපු ගමන් phone එක crash වෙලා boot වෙන්න බැරි වෙනවා.මේ ගැන ඉස්සල්ලම කිව්වේ twitter එකේ ප්‍රසිද්ධ leaker කෙනෙක් වන IceUniverse විසින්. එහිදී බොහෝ දෙනෙක් තහවුරු කරලා තියෙනවා, තමන්ගේ devices වලටත් මේ දේ වුණා කියන එක.WARNING!!!Never set this picture as wallpaper, especially for Samsung mobile phone users!It will cause your phone to crash!Don't try it!If someone sends you this picture, please ignore it.pic.twitter.com/rVbozJdhkL— Ice universe (@UniverseIce)May 31, 2020ඒ වගේම ඔහු සඳහන් කර තිබුනේ Weibo වලට මෙය upload කරන විට (වම) පැහැය වෙනස් වූ බවත් Twitter වලදී (දකුණ) එහි වෙනසක් නොවූ බවත්ය.නමුත් තමන්ගේ Mate 20 Pro smartphone එකට නම් මේකෙන් බලපෑමක් නැති බව Android Authority වෙබ් අඩවියේ Bogdan Petrovan කියලා තිබුණා.Wallpaper bug එක Pixel 2 එකකදීTwitter user කෙනෙක් වෙනSebastianකියලා තිබුනේ Android Studio emulator එකේ දී පවා මේ wallpaper එක ප්‍රශ්න ඇති කරන බවයි.Bug එකට මුහුණ දුන් Samsung Galaxy S20 Ultra එකක්ඇතැම් අයටSafe ModeCamera එක open කරPhoto එකක් ගෙනඑය Homescreen හා Lockscreen සෙට් කිරීමRestart කිරීමමගින් මෙය විසඳුනු බව කියා තිබුනා.iPhone වලට මෙයින් බලපෑමක් ඇති වී නෑ.කෙසේ හෝ තවම කව්රුත් මේකට හේතුව හෝ මේ bug එක බලපෑ බොහෝ devices Factory Reset නොකර බේරගන්න ක්‍රමයක් දක්වා නෑ.එතෙක් වගකීම් සහගත පුද්ගලයෙක් ලෙස ඔබ මේ ගැන අනෙක් අයට දැනුම් දීමටත් මෙහි original photo එක share නොකිරීමටත් වග බලාගන්න. මොකද යමෙකුගේ phone එකේ ඔහුට/ඇයට මිල කල නොහැකි දේවල් තිබෙන්න පුළුවන්.ඒ වගේම මේක හැමෝටම බලපාලා තිබ්බෙත් නෑ.පහතින් මේ සිද්ධියට මුහුණ පෑ තවත් ජංගම දුරකථන හිමියන්ගේ Tweets ඔබට නැරඹිය හැක.pic.twitter.com/Oay8gewL3A— ? (@abdalla_moneer1)May 31, 2020@UniverseIceThis is an android issue sadly is affecting also google pixels as wellpic.twitter.com/HZTtogLfwB— Sebastian (@seb3153)May 31, 2020Logs about the issue fix it@Google@googledevs@google@madebygoogle@[email protected]/jhvaRFXjRt— Sebastian (@seb3153)May 31, 2020ඇත්තටම අවධානමක ගන්න කැමති අය ඉන්නව නම් පල්ලෙහා ලින්ක් එකෙන් මේ ඉමේජ් එක අරගෙන බලන්න පුලුවන්. ඒත් අපි නම් අනුමත කරන්නේ නෑ සහ සිදුවන හානි වලට අපි වගකියන්නෙත් නෑhttps://drive.google.com/file/d/11rxzYvPcIOh_8GvS4XSC3YtbW3CecE-O/viewSource -Android Authority|IceUniverse on Twitter |
Origin of C language | මගේ පලවෙනි ලිපියේ කිව්ව විදියට Dennis Ritchie කියන මහත්තයා තමයි C language ලිව්වේ. Ken Thompson මහත්තයා ලියපු B language තිබුණේ typeless (everything is a word) ක්‍රමයක් ඉතිං ඒ වෙනුවට static types system හදපු එක තමයි Dennis Ritchie මහත්තයා කලේ.strcopy(sl,s2)
{
auto i;
i = 0;
while (lchar(sl,i,char(s2,i)) != '*e') i++;
}ඔය උඩ තියෙන්නේ B වලින් ලියපු code උදහරණයක්. auto කියන keyword තමයි veritable හදලා තියෙන්නේ. C වල වගේ void, int, char, double හ float වගේ data types නෑ ඔක්කොටම තියෙන්නේ auto විතරයි. ඒ කාලේ හැටියට C වලින් ලැබුණු ලොකුම ප්‍රයෝජනය තමයි Assembly language වලින් කලින් ලියපු apps C වලින් හුගක් හොදට ගොඩක් කාලයක් තියෙන විදියට ලියන්න පුලුවම් උන එක.Unix kernel තමයි assembly වලින් නැතුව C වලින් ලියපු පලවෙනි kernel.Timeline of language developmentYearC Standard1972Birth1978K&R C1989/1990ANSI C and ISO C1999C992011C112017/2018C18K&R C1978 Brian Kernighan හා Dennis Ritchie කියන මහත්වරු දෙන්නා එකතු වෙලා ලියපු The C Programming Language කියන පොත අනුව හදපු C version තමයි K&R C කියලා කියන්නේ.The cover of the bookThe C Programming Language, first edition, byBrian KernighanandDennis Ritchievoidfunctions (i.e., functions with no return value)functions returningstructoruniontypes (rather than pointers)assignmentforstructdata typesenumerated typesවගේ දේවල් මුලිනම එලි දක්වන්නේ K&R C වලදී තමයි.ඒ පොතේ දෙවෙනි edition දී ANSI C ප්‍රමිතියට අනුව තමයි එලි දක්වන්නේ.ANSI C and ISO C1983 දී American National Standards Institute (ANSI) පත් කරපු X3J11 කමිටුව තමයි ANSI සම්මුතිය නිර්මාණය කලේ.1990 දී International Organization for Standardization (ISO) ANSI C ISO/IEC 9899:1990 ව්දියට හදලා එලියට දැම්මා. C89 හා C90 කියලා හදුන්වන්නෙත් ඔය ISO C තමා. අද අපි පාවිච්චි කරන හුගක් C compilers පාදක කරගෙන තියෙන්නේ C89 තමා.ANSI C වලදී හදුන්වා දුන් දෑ :inline functionsseveral newdata types:long long intහාcomplexතවත් කිහිපයක්.variable-length arraysflexible array membersC99 and C111999 C99 (ISO/IEC 9899:1999) ත් 2011 දී C11 නුත් හදුන්වා දුන්නා.>> Don't forget to say hello to the search box for further details. |
Snapdragon 895 Chipset එක යෙදූ පළමු ජංගම දුරකතනය මෙවර Lenovo වෙතින් එලිදක්වන බවට තොරතුරු වාර්තා වේ | මේ ගැන කතා කරන්න දැන්ම කල් වැඩි වුනත් Android වැඩකාරයො වන අපි මේ ගැන කරුණු කිහිපයක් හොයලා බැලුවා. මොකද මේ Snapdragon 895 Chipset එක ගැන මේ වසරෙ අග ඒ කියන්නෙ දෙසැම්බර් වලදි Qualcommලා විසින් අනාවරණය කරන්න නියමිත නිසා.Snapdragon 895 ලෙස නම් කර ඇති Qualcomm ලගෙ Flagship Chip එක පිළිබඳ පුවත් කිහිපයක්ම අපට මෑතකදී අසන්නට ලැබුණා. මෙම Chip එක දෙසැම්බර් මාසයේදි පැවැත්වෙන Qualcomm Snapdragon තාක්ෂණ සමුළුවේදී අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කරනවා.ආරංචි වන ආකාරයට මේ Chip එක නිර්මාණය කිරීමට TSMCලගෙ 4nm Process එක භාවිතා කරන බවයි පැවසෙන්නෙ.මේ අනුව, මේ Chip එක තුල කුඩා ප්‍රදේශයක වැඩි ට්‍රාන්සිස්ටර ප්‍රමාණයක් භාවිතා කරනු ඇතැයි වාර්තා වේ. කොහොම නමුත්, මෙය ලබන වසරේදී මාදිලි ගණනාවකට බලය සපයන Smartphone සමාගම් වල මීළඟ General Top End Chip එක වන බව අපි දන්නවා.නමුත් අපි වඩාත් උනන්දු වන්නේ කුමන වෙළඳ නාමය සමඟ පළමු Smartphone එක දියත් කරන්නේද යන්න වගයි.කිරුළ Xiaomi වෙතින් ඉවතටපෙර වසරවල් වලදී, පළමුවෙන්ම නිකුත් කරන Snapdragon Chipset එක සහිත ප්‍රධාන දුරකථනය දියත් කිරීමේ දී වෙනස් නොවූ පුරෝගාමියා වූයේ Samsungය. ඒත් එක්කම වගේ Xiaomi සමාගම ඇවිත් මේ මාතෘකාව තම අතට ගත්තා. තව ද, මේ මොහොතේ, Xiaomi හි සැපයුම් දාම කළමනාකරණය ඉතා බලවත් ය.මෙය කළමනාකරුවෙකු ලෙස "ලී ජුන්" මහතා ලබා ඇති ප්‍රධාන වාසියකි. එය ප්‍රමුඛතම Chips මගින් බල ගැන්වෙන Smartphones දියත් කිරීම ගැන පමණක් නොව, ලොව ප්රමුඛ පෙළේ වාණිජ දුරකථන වලටද මෙය විශාල වාසියකි. උදාහරණයක් ලෙස, Snapdragon 888 Chip එක බලයෙන් ක්‍රියාකරන ජංගම දුරකථනයක් දියත් කළ පළමු අවස්ථාව පමණක් නොව එය වෙළඳපොළට ගෙන ආ පළමු අවස්ථාව ද විය.කෙසේ වෙතත්, මේ වසරේ දී මෙම කාරණය වෙනස් විය හැකිය, මන්ද වෙනත් වෙළඳ නාමයක් විසින් Snapdragon 895 සහිත Smart දුරකතනයක් එළිදැක්වීමේදී පුරෝගාමියා වීමට විශාල වැඩ කොටසක් කර ඇති බැවිනි.නව ප්‍රමුඛයා, Lenovoමෙම Chip එක පිළිබඳ ප්‍රථමයෙන්ම තොරතුරු අපට Lenovo Mobile හි වත්මන් ප්‍රධානී "චෙන් ජින්" මහතා වෙතින් ලැබීම පුදුමයක් නොවේ. චෙන් ජින් මහතා පැවසුවේ Lenovo හි නව Snapdragon 895 Chip එක ඇතුලත් Machine එකක් ශීත සෘතුවේදි වෙළඳපොලවල් තුලට පැමිණීමට නියමිත බවයි. මෙමගින් සරලවම පෙන්නුම් කරන්නේ Snapdragon 895 Chip එක සමන්විත Lenovo හෝ Motorola Device එකක් මේ වසරේ Q4 හීදී එළිදක්වන බවයි.මෙය සනාථ කල හැකි සිදුවීමක් දැනටමත් සිදුවී ඇත. Qualcomm විසින් Snapdragon 855 Chip එක නිවේදනය කල විට, Lenovo සමාගම විසින් මුලින්ම එම Chip එක මගින් ඔවුන්ගේ දුරකථන බලගැන්වීම සිදු කළේය.අපි බලමු මොනවද මේ Snapdragon 895 Chipset එකේ ප්‍රධාන විශේෂාංග කියලා.වඩා බලවත් 5G Baseband එක.ඒ සඳහා සහය දක්වන millimeter-wave or Sub-6GHz 5G ජාලය.එහි ISP එක Spectra 580 සිට Spectra 680 දක්වා ඉහළ නංවා ඇත.Fast Connect 6900 Subsystem එක Bluetooth LE Audio/5.2 සහ WI-FI 6E වේ.Source:Gizchina |
DIY Spy Detector එකක් හදමු 03 | 3: Main Programmingඅපි අද කතා කරන්න යන්නෙ මේකේ Main programming Part එක ගැන. කලින් Post දෙක බැලුවෙ නැත්නම් ඒ දෙක මුල ඉඳන් බලල ආව නම් හොඳයි. නැත්නම් මේ මොකක්ද කියවන්නෙ කියලවත් තේරෙන එකක් නෑ.එහෙනම් පටං ගමු.මම දෙනව Arduino codes දෙකක්. එකක් දාන්න ඕනේ pro mini එකට. අනික beetleඑකට. Code files වල Dongle කියල තියෙන එක beetle board එකටත් Remote කියන code එක pro mini එකටත් දාන්න ඕනෙ.Dongle Code:හරි ඉස්සෙල්ලම Dongle code එකෙන් පටන් ගමු. මේක open කරල beetle එක connect කරන්න PC එකට. මේක නිකන් හරියට mouse වල එන පොඩි USB dongle එක වගේ. ඊට පස්සෙ Arduino software එකේ tools – board වලට ගිහිල්ල එතනින් select කරන්න Arduino Leonardo කියන board එක. කලින් UNO එකේදි වගේම බලන්න Port එක හරියට select වෙලාද කියල. පස්සෙ අර upload button එක press කරල upload කරන්න. ඊට පස්සෙ ඒක ගලවන්න.Remote Code:දැං අපි බලමු කොහොමද pro mini එකට code එක දාන්නෙ කියල. ඒක පොඩ්ඩක් tricky. ඒකට ඕන කරනව mini USB cable එකයි FTDI board එකයි. එක connect කර ගන්න විදිය ගැන මං දාන්නම්.ඊට පස්සෙ සුපුරුදු විදියට tools වලින් board එක select කර ගන්න ඕනෙ. මේ පාර Arduino Mini කියන එක select කරල දෙවනියට දුන්න Remote code එක ඒකට upload කරන්න ඕනෙ.හරි. Programming part එක මෙතනින් ඉවරයි. අපේ වැඩේ Final part එක එහෙමත් නැත්නම් Wiring and Finishing part එකෙන් ආයෙ හමුවෙමු. |
Android වලට Dynamic Island දෙන dynamicSpot app එකේ Downloads මිලියනය පනී | ඔබත් Apple iPhone රසිකයෙක් නම් මෑතකදී නිකුත් කල iPhone 14 මාදිලි පෙළ පිළිබඳව නොදන්නවා විය නොහැක. මෙම මාදිලි පෙළ සඳහා සමාගම විසින් එක් කල නවතම විශේෂාංගය වන්නේ Dynamic Island නමින් හඳුන්වන Notch එක සදහා ලබා දුන් නව Feature එකයි. මෙය පෙර පැවති Notch වලට සාපේක්ෂව ඉතාමත් දැකුම්කළු Notch වන අතර ඕවලාකාර හැඩයක් ගන්නා මෙම Notch එක තුළ Front Camera සහ Face ID Sensor අන්තර්ගත වේ. එමෙන්ම මේ Dynamic Islandහි දුරකථනයේ ඇති විශේෂිත සටහන් කිහිපයක්ම පෙන්නුම් කිරීම සිදුකරනවා.iPhone Dynamic Islandමෙම උණුසුම අඩු වීමටත් ප්‍රථම මෘදුකාංග ඉංජිනේරුවකු වන Jawamo විසින් dynamicSpot නම් android යෙදවුමක් Play Store හරහා android පරිශීලකයන් හට ලබා දී තිබුණි. ඔහු විසින් සඳහන් කළ ආකාරයට එම යෙදවුම මගින් iPhone 14 හි පවතින Dynamic Island වැනි විශේෂාංග කිහිපයක් android දුරකථන භාවිතා කරන පරිශීලකයන් වෙත ලබාගැනීමට හැකියාව උදාවනු ඇත. මෙය හුදෙක් Third Party යෙදවුමක් වන නමුත් iPhone හි පවතින dynamic island feature තුළ අත්විඳිය හැකි බොහෝ පහසුමක් මෙහි අන්තර්ගත වේ. පහත සඳහන් වීඩියෝවෙන් ඔබට මෙම dynamicSpot යෙදවුම මගින් පරිශීලකයන් වෙත ලැබෙන features පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය.පසුගිය දිනෙක මෙම යෙදවුමේ downloads ප්‍රමාණය මිලියනය ඉක්මවූ අතර එය ඉතාමත් කතාබහකට ලක් වූ කාරණාවක් විය. මෙමගින් dynamic island යන සංකල්පය පිළිබඳව android පරිශීලකයන් තුළ පවතින උනන්දුව හා කුතුහලය පිළිඹිඹු කරන අතරම මෙලෙස දිනෙන් දින ඉහළ යන ඉල්ලුම මත ඇතැම් විට මේ හා සමාන හෝ මෙයට වඩා හොඳ මට්ටමේ features android පරිශීලකයන් හට ඉදිරියේදී සමාගම විසින් බලාදෙනු ඇති බවට බලාපොරොත්තුවක් තබාගත හැකි බව බොහෝ විචාරකයන්ගේ මතයයි.Sources:Business InsiderBusiness Standard |
චීනය සඳහා පමණක් නිකුත් වුණු Xiaomi 12 දුරකතන මාදිලිය මාර්තු 15 වන දින ගෝලීය වෙළඳපලට නිකුත් කරන බවට තොරතුරු වාර්තා වේ | පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙ එළිදැක්වුණු Xiaomi 12 දුරකථන මාලාව වෙළදපොලට නිකුත් කලේ චීනයට පමණයි. නමුත් මේ වන විට වාර්තා වන ආකාරයට මාර්තු මස 15 වන දින Globally නිකුත් කිරීමට නියමිත අතර එය පළමුව ඉන්දියාවටත් ඉන්පසු අනෙක් රටවල් වලටත් නිකුත් වනු ඇත.දෙසැම්බර් මාස එළිදැක්වුණු මෙම දුරකථන මාලාව Xiaomi 12, Xiaomi 12 Pro සහ Xiaomi 12X ලෙස මාදිලි තුනකින් සමන්විත උනා. නමුත් Gloabal Market මෙය නිකුත් කිරීමේදි මෙම මාදිලි තුන මෙලෙසම එළිදැක්වේදැයි නිශ්චිතව කියන්න බැහැ. මීට අමතරව දැන් කලෙක සිට නිකුත් වීමට නියමිත යැයි පැවසෙන Xiaomi 12 mini දුරකථනයත් මෙම event එක තුලදී එලිදැක්වෙණු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.කෙසේ නමුත් මෙම දුරකතන මාලාවේ සුවිශේෂීම අංගය වූයෙ එහි කැමරාවයි. එම නිසාම වෙන්නට ඇති මෙම මාර්තු 15 event එකේ තේමාව Master every scene ලෙස යොදා ඇත.මෙම දුරකතන මාලාවේ Xiaomi 12 හා Xiaomi 12 Pro දුරකතන චීනයට නිකුත් වුණු ආකාරයෙන්ම Snapdragon 8 Gen 1 flagship SoC එකෙන් සමන්විත වනු ඇති අතර Xiaomi 12X පෙර පරිදිම Snapdragon 870 න් පැමිණනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතරම මේවයේ මිල ගණන් ආසන්න වශයෙන් Xiaomi 12 Pro දුරකතනය $1200 ක් ලෙසත් Xiaomi 12X දුරකතනය $670 ක් ලෙසත් නිකුත් වීමට ඉඩ ඇත.Source:Gizchina |
විනාඩි 10ක් තුලදී OnePlus 8T ජංගම දුරකතනය ඇමරිකානු ඩොලර් මිලියන 30ක විකුණුම් අගයක් වාර්තා කරයි | මෑතකදී නිකුත් වුනOnePlus 8Tජංගම දුරකතනය චීනයේ ප්‍රධාන online retail selling channels දෙකක් වන JD සහ Suningහි නිකුත් කර පලවෙනි මිනිත්තුවේදීම යුවාන් මිලියන 100ක සහ විනාඩි 10ක් වන විට යුවාන් මිලියන 200ක විකුණුම් අගයක් වාර්තාකරමින් විකුණුම් දර්ශක වල ඉහළටම පැමිණීමට සමත් වී ඇත. එය පිලිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 15ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 30ක අගයක් ගනී.මේ සමඟම පළමු වාරයේ විකිණීමට තිබූ සියළුම ජංගම දුරකතන විකිණී අවසන් වීම හේතුවෙන් මෙම ජංගම දුරකතනය මිලදී ගැනීමට නොහැකි වූවන් හට ඊලඟ විකුණුම් වාරය වන ඔක්තෝම්බර් 22 වන දින වන තුරු බලා සිටීමට සිදුවනවා.යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ වෙසෙන අයහට මේ වන විට OnePlus 8T ජංගම දුරකතන OnePlus.com වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට හැකි අතර මිලදී ගැනීමෙන් පැය 24ක් ඇතුලත ජංගම දුරකතනය ship කිරීම සිදු වනවා. එමෙන්ම ඔවුන්ගේ රටට අදාලව පවතින Amazon වෙබ් අඩවිය හරහාද ඔවුන්ට ඇණවුම් කිරීම කල හැකිය.Sources:Weibo,Notebookcheck |
ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කෙරුනු විදුලියෙන් ක්‍රියාත්මක වන ප්‍රථම Smartbicycle එක එළිදක්වයි | ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට නිර්මාණය කරන ලද විදුලි ස්මාර්ට් බයිසිකලය වන Rhoda AT බයිසිකලය Rhoda AT නිර්මාතෘ හා Chief Executive Officer වන Eyas Fazul මහතාගේ මූලිකත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (24)කොළඹ දී එළිදැක්වනු ලැබුවා.Unveil of Rhoda AT, Sri Lanka's first Electric SmartbiycleOn the 24th of September, Team Rhoda introduced the Rhoda AT, Sri Lanka's first Electric Bicycle, at Hatch Works Colombo.
.
More info and preorder at www.rhoda.life,
.
Ideal for city commute with 2 modes of electric mobility.
.
60km in Power Assist Mode (the invisible push)
30km in Cruise Mode (the safer motorcycle)
25km/h Max Speed
.
Full Charge in 4 hours
Costs Rs.0.20/km
.
Biometric Authentication (Fingerprint/Face Recognition)
Smartphone HUD
Cruise Control
.
Starting at Rs. 129,000.
Pre-orders shipping in Q1 2021
.
Convenient | Sustainable | Economical
.
Visit www.rhoda.life
First 50 pre-orders get custom murals.
.
#rhoda #electricmobility #designedandmadeinsrilanka #ebike #electricbicycle #lka
.
More specifications at www.rhoda.life/#specificationsPosted byRhoda - Electric Mobilityon Wednesday, September 30, 2020Eyas මහතා පවසන පරිදි තම සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම විදුලි ස්මාර්ට් බයිසිකලය මගින් රටේ පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සදහා නිර්මාණය කර ඇති බවත් ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන් සිදුවන නාගරීකරණය හා වායු දූෂණය සදහා විසදුමක් ලෙසද නිර්මාණය කරන ලද්දක් බවද ඔහු තව දුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මෙම ස්මාර්ට් විදුලි බයිසිකය මූලික සංකල්පයන් 3ක් පදනම් කරගෙන නිර්මාණය වූවකි. එනම් Convenient, Sustainable හා Economical වේ.මෙම Rhoda AT විදුලි ස්මාර්ට් බයිසිකලය බලසම්පන්න විදුලි මෝටරයකින් බලගැන්වෙන අතර බයිසිකලය එක්වරක් ආරෝපණය කළ පසු 60km ක පමණ දුරක් ධාවනය කළ හැකි බවත් 19kmph සිට 25kmph දක්වා වේගයක් ලබා ගැනීමට ද හැකියාව තිබෙන බවද පැවසෙනවා.මෙහි තවත් විශේෂත්වයක් වන්නේ smart app එකක් මඟින් මෙම බයිසිකලය ඔබේ ජංගම දුරකථනයට සම්බන්ධ කළ හැකි වීම සහ එය බයිසිකලයේ මොළය ලෙස ක්‍රියා කරවීමට ඇති හැකියාවයි. මෙමගින් ඔබේ දුරකථනයේ fingerprint ඔස්සෙ බයිසිකලය Lock කිරීම සහ Unlock කිරීම සිදු කළ හැක. තවද මෙම බයිසිකලයේ ධාවන වියදම කිලෝ මීටරයකට ශත 20 ක් පමනක් බව සඳහන් කර තිබෙන අතර මෙහි බැටරිය full charge කරගැනීමට ගතවන්න කාලය උපරිම පැය හතරක් පමණක් බවත් සඳහන් කර තිබෙනවා.තවද මෙය මාර්ගයේ ධාවනය කිරීම සඳහා ලියාපදිංචිය අවශ්‍ය නොවන බවත් වාර්තා වනවා. ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාව තුළ ධාවනය වන විදුලි වාහන වල බලය 750 watts වලට ඉහළින් ඇති වාහන සඳහා පමණක් ලියාපදිංචිය අවශ්‍යය වීමයි. මෙහි මෝටර් බලය 750 watts ට වඩා අඩු අගයකින් යුක්තවීම නිසා ලියාපදිංචියක් අවශ්‍ය නොවන බව Fazul මහතා පවසනවා.පහතින් දැක්වෙන්නේ Rhoda ස්මාර්ට් විදුලි බයිසිකලයේ වර්ග දෙකෙහි ඇති specificationsයATAT SSFrameSteelStainless SteelFinishMatt Black / Flat WhitePolished Gloss FinishTires4" All Terrain4" All TerrainBuildWater ResistantWater ResistantRide ModesPure /Power Assist* /Cruise**Pure /Power Assist* /Cruise**Range30km* / 60km**30km* / 60km**Top Speed25km/h25km/hDisplaySmartphone HUDSmartphone HUDFull Charge4 Hours0.5 LECO / CEB Units4 Hours0.5 LECO / CEB UnitsLicense & RegistrationNoneNoneHelmetsNot enforced.Recommended by RhodaNot enforced.Recommended by RhodaRhodie Height4'10" - 6'2"4'10" - 6'2"Capacity100kg100kgWarranty1 year1 yearFeaturesBiometric AuthenticationCruise ControlIntegrated lockIntegrated LightsSensorsHall EffectBluetoothතවද එදින එළිදැකිවීම සදහා සහභාගිව සිටි අයගේ අදහස් වලට අනුව පළමු වරට බයිසිකලයක් පදින අයෙකුට වුවත් පහසුවෙන් ධාවනයට හුරුවිය හැකි බයිසිකලයක් ලෙස Rhoda AT හැඳින්විය හැකි බවයි. මෙහි Entry-level version එකේ මිල රුපියල් 129,000ක් වැනි මිලකටත් Stainless steel Flagship version එක රුපියල් 159,000 ක් මිලකටත් මිලදී ගත හැකි අතර 2021 වර්ශ අවසානයේ බයිසිකල් 1,000 ක් පමණ අලෙවි කිරීම සිය අභිලාශය බව Eyas මහතා තව දුරටත් පවසා සිටියා. කොහොම නමුත් මෙමෙ Rhoda AT ස්මාර්ට් විදුලි බයිසිකය ලංකාවේ ගමනාගමන කලාවේ නව පෙරළියක් සිදුකරන නිශ්පාදනයක් බවට පත්වන බවද ඔවුන්ගේ අදහසයි.Sources:The Morning,Rhoda Official Website |
Apple සමාගමේ Dynamic Island විශේෂාංගය Xiaomi සමඟින් Grumpy UI නමින් Android වෙතටත් නුදුරේදීම | පසුගියදා නිකුත් වූ iPhone 14 දුරකථන පෙළට විශාල ආකර්ෂණයක් ලබාදීමට එහි නවතම display cutout එක, එහෙමත් නැති නම් ඔවුන් Dynamic Island ලෙස හඳුන්වන අංගය සමත් වුණා.මෙය Pro මොඩල් පෙළ සඳහා පමණක් සීමාවන අංගයක් වන අතර, දැන් ඔවුන් පෙර iPhone වල තිබූ display cutout එකට වඩා ප්‍රමාණයෙන් අඩු cutout එකක් එක් කර ඇති අතර, ආකර්ෂණීයම කරුණ නම් ඔවුන් එය iOS සමඟ එකට ගලපා ඇති ආකාරයයි.all the feels for the dynamic island 🔥🥵pic.twitter.com/W4sjV2309B— MDS (@mds)September 7, 2022කෙසේ හෝ මෙම විශේෂාංගය දැන් Android මෙහෙයුම් පද්ධතියක් සඳහාද එක් කිරීමට Xiaomi Mi හි theme developers වරුන් සමත් වී තිබෙනවා. TechDroider වෙබ් අඩවියේViabhav Jain ඔහුගේ Twitter ගිණුමේදක්වා තිබු ආකාරයට මෙම theme එක මගින් දුරකතනයේ pin-hole කැමරාව සමානව සඟවනු ලබනවා. ඔවුන් විසින් මෙය Grumpy UI නමින් නම් කර තිබෙනවා.Dynamic Island Style Notifications / Now Playing on Xiaomi MIUI. Mi Theme Developers never disappoint 😎pic.twitter.com/ImHmbkRZnb— Vaibhav Jain (@vvaiibhav)September 11, 2022එනම් පෙර Apple විසින් කළාක් මෙන් මෙයින් hardware බාධකයක්, software සඳහා ආධාරකයක් කරගනු ලබනවා.කෙසේ වුවත් මෙම theme එක තවමත් review මට්ටමේ පවතින අතර Xiaomi වෙතින් අවසර හිමි වුවහොත් එය MIUI theme store එකට එක්වනු ඇති.Smartphone ලොවේ බොහෝ විට සිදුවන ආකාරයට එක නිෂ්පාදකයෙකුගේ අංග උපාංග තවත් නිෂ්පාදකයින් ඔවුන්ගේ මාදිලි වලට එකතු කිරීම සුලබ නිසා මෙම feature එක ඍජුවම Samsung, Xiaomi වැනි නිෂ්පාදකයින් ඔවුන්ගේ මාදිලි වලට ඇතුලත් කරන්නත් ඉඩ තිබෙන බව මතක් කළ යුතුයි.Sources:Gizmochina |
KaiOS - Mobile OS දෙකක් මදි ද ? | Nokia brand එක reboot කරාට පස්සේ Android phones එක්කම තව feature phone models , එහෙමත් නැත්තන් අපි keypad phone කියල හඳුන්වන phone models පෙලකුත් release කරා. නමුත් ඒ බොහොමයක් phones run වෙන්නේ අපිට හුරු පුරුදු Nokia Symbian OS එකෙන් නම් නෙවෙයි, Kai OS කියන මේ අලුත් mobile platform එකේ.අමුතුම දේ තමයි තමන්ගේ තරඟකරුවෝ ලත් තැනම ලොප් කරන Google ආයතනය (Windows Mobile වලට කරපු දේ මතකනේ) මේ Kai OS startup එකට ඩොලර් මිලියන 22ක ආයෝජනයක් කරන එක. වැඩි දෙනෙක් නොදන්නවා උනාට Kai OS තමයි දැනට ලෝකේ 3න් වෙනියට ජනප්‍රියම Mobile OS එක.Kai OS ලොකුද ?Image source - Engadgetනෑ , Kai OS ලොකු නෑ. ඒක ගොඩක් පොඩියි. ඒ කියන්නේ 250MB memory එකක් හොඳටම ඇති මේ OS එක run කරන්න. නමුත් විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් smartphone එකකින් නිතර use කරන,FacebookTwitterYouTubeGoogle MapsGoogle AssistantGoogle SearchWhatsAppවගේ services බොහොමයක් Kai OS එක හරහා අපිට use කරන්න හැකි වීම.Kai OS මොකටද ?Image source - Amarujalaඔයා මේ article එක කියවන්නේ ඔයාගෙම Smartphone හෝ PC එකකින් නම් Kai OS run වෙන phone එකකින් ඔයාට වැඩක් නෑ.හැබැයි Kai OS එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න Nokia, Alcatel, Jio වගේ OEM ල එහෙමත් නැත්තන් phone නිෂ්පාදකයෝ මේ OS එක ඉලක්ක කරන්නේ ආසියාව හා අප්‍රිකාව ආශ්රිත දියුණු වෙමින් පවතින රටවල් වල තවමත් Internet පාවිච්චියක් නැති මිනිස්සුන් ට.ඉන්දියාව සහ තවත් අප්‍රිකානු රටවල් එකඟ වෙලා තියෙනවා මේ feature phones සඳහාම අඩු Data ගාස්තු යටතේ Mobile plans ලබා දෙන්න.ඉන්දියාවේ Jio සමගම 4G plan 1GB/month සඳහා $0.75 ක් සහ 42GB/month සඳහා $2.35 තමයි මිල කරලා තියෙන්නේ. (ඔව්, 42GB).Kai OS run වෙන 4G Jio phone එකක් සාමාන්‍යයෙන් LKR 3500ක් ආසන්න ගානක්. ඉතින් රුපියල් 4000ක් වගේ මුදලකට ඕනෑම කෙනෙක්ට දැන් 4G Internet browse කරන්න පුළුවන්.මේ හේතුවෙන් එක පාරටම විශාල පිරිසකට ජිවිතේ පලවෙනි පාරට "online" එන්න හැකියාව ලැබිල තියෙනවා.Kai OS සහ InternetImage source - Kaiostechඉතින් මේ පොඩි phone එකෙන් පුළුවන් ද internet යන්න ? ඔව් පුළුවන්. මේක තමයි Kai OS වල තියෙන ලොකුම විශේෂත්වය.Mozilla එකෙන් කාලෙකට කලින් Mobile OS එකක් release කරාFirefox OSකියල. ඒක ජනප්‍රිය උනේ නැති හින්ද Mozilla ඒ project එක ඇත ඇර දාල open source කරා. Kai OS එක මේ project එක අරන් වැඩි දියුණු කරලා තමයි මේ release කරලා තියෙන්නේ.Android වගේම Linux Kernel එකක run උනාට මේකේ App එකක් කියන්නේ Web page එකක්. ඒ කියන්නේ App, install කරන්නේ නැතුව තමයි run වෙන්නේ. අපි Android phone එකකින් අත්විඳින features හැම එකක්ම නැති උනාට මුලික අවශ්‍යතා ටික ඉටු කරගන්න පුලුවන්.PWAඑහෙමත් නැත්තන් Mobile එකටත් PC එකටත් එක විදිහට optimize කරපු Webiste එකක් ඔයාට තියනව නන් ඒක App එකක් විදිහට Kai OS එකේ run කරන්න පුළුවන්. HTML 5, CSS සහ JavaScript කියන standard technologies තමයි මේකෙත් භාවිතා වෙන්නේ.හැබැයි Kai OS App store එකට App එකක් දාන්න කලින් ඒගොල්ලෝ බලනවා ඒක Low-end devices වලට optmize කරලද කියල. තවමත් සිමා සහිත Apps ප්‍රමාණයක් තමයි App store එකේ තියෙන්නේ.Kai OS සහ GoogleImage source - Android PoliceMicrosoftසමාගමේ Windows Mobile OS එක අසාර්ථක වෙන්න ලොකු හේතුවක් තමයි Google Apps support කරපු නැති එක. ඒත් Kai OS එකට ඩොලර් මිලියන 22ක ආයෝජනයක් කරනවා Google සමගම. ඉතින් ඇයි මේ වගේ තමන්ගේ තරඟකරුවන් ට දෙවිදිහකට සලකන්නේ ?සරලම පැහැදිලි කිරීම තමයි මේ අලුතින් එකතු වෙන විශාල ජනකායේ පාලනය තමන් අතට ගන්න Google සමාගමට අවශ්‍ය වීම. Google apps හරහා මේ "අලුත්" පිරිසේ තොරතුරු විශාල ප්‍රමාණයක් ඔවුන් අතට පත් වෙනවා.එතකොට අනාගතයේ Kai OS වඩා ලොකු දැවැන්ත platform එකක් උනොත් ඒකෙන් වැඩිම ප්‍රතිලාභයක් ලබන්නේ Google එක. Google එක ලාභ ලබන විදිහ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.(Google සමගම තමන්ගේ තරඟකරුවන් ට දෙවිදිහකට සලකන එක ගැන ලිපියක් ඉදිරියේදී ගෙන එන්නම්) |
පැරණි Gear wearables සඳහා Galaxy S21 සහ අනෙකුත් නව ජංගම දුරකතන සඳහා සහය නොලැබෙන බව Samsung සමාගම දන්වයි | Samsung Member App එක වෙත ලැබුණු Notification එකකට අනුව Samsung සමාගම විසින් 2021 දි නිකුත් කරනු ලබන Smartphone සමග2013-2014 අතර කාලයේදි නිකුත් කරන ලද සමහර Samsung Gear WearablesCompatible නොවන බව දන්වා තිබෙනවා. මේ අනුව Samsung Galaxy S21 පමණක් නොවේ Samsung Galaxy A32 හා A52 Devices සමගත් මේ පැරණි Samsung Gear Wearables ක්‍රියාත්මක නොවනු ඇත.Samsung Gear Series එකේ ඇති සියලු Wearables Samsung Galaxy S21 Series එකේ Devices සමග ක්‍රියාත්මක නොවන අතර Samsung Galaxy A32 හා A52 සමග Gear Fit හා Gear S Wearables ක්‍රියාත්මක නොවන බවත් මේ Notification එක අනුව පැවසෙනවා.මෙලෙස 2021 දි Samsung Galaxy Devices සදහා Compatible නොවන Wearables විදිහටGear1 (Galaxy Gear), Gear 2, Gear2 Neo, Gear SහාGear Fitදක්වන්න පුළුවන්. මේ ලැයිස්තුවේGear S2හාGear S3ඇතුලත් නොවන අතර ඒවා සදහා 2021 Samsung Devices සහය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.Sources :Galaxy Club,Gsm Arena |
iPhone 14 Pro නිකුත් වීමෙන් පසු පාරිභෝගිකයින් හට ඇති වී ඇති ගැටළු | Apple විසින් පසුගිය සිකුරාදා නව iPhone 14 series එක හදුන්වා දුන් අතර, ඉන් පසුව බොහෝ අය නව දුරකථනය මිලදී ගැනීමට උනන්දු වූ නමුත්, ඒවා නිකුත් වූ දා සිට, පරිශීලකයින්ට බැටරි ආයු කාලය ඉතා ඉක්මනින් වැය වීම, AirDrop ක්‍රියා නොකිරීම, කැමරාව සෙලවීම සහ විවිධ දෝෂ සහ ගැටළු වලට මුහුණ දී තිබේ.Social Media Apps භාවිතා කරන විට කැමරාව සෙලවීම.Snapchat, TikTok සහ Instagram වැනි Apps වල කැමරාව විවෘතව ඇති විටප්රධාන කැමරාව පාලනයකින් තොරව කම්පනයවන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සෙලවෙන වීඩියෝවක් ඇති බවත් වාර්තා විය.Apple සමාගම පවසන්නෙ එම ගැටලුව ඊලග සතියේ release වන software update එකෙන් අනිවර්යන්ම සකස් කරන බව සහ පාරිභෝගිකයින්ට hardware replace කිරීමට අවශ්‍ය නොවනු ඇති බවද Apple සමාගම පවසයි.So uh, we’re having some issues with the 14 Pro Max camerapic.twitter.com/7HH1wLFjdF— Luke Miani (@LukeMiani)September 16, 2022මෙම ගැටළුව ලබන සතිය වන විට නිරාකරණය බව ඇපල් සමාගම විසින් ප්‍රකාශ කර ඇති බවBloombergහි වාර්තාවකසඳහන් වී ඇත.අසාමාන්‍ය ලෙස බැටරිය වැය වීමසමහර පරිශීලකයින් iPhone 14 Pro සහ iPhone 14 Pro Max හි අසාමාන්‍ය බැටරි බැසීමක් වාර්තා කරයි. නව උපාංගයක් පිහිටුවා දින කිහිපයක් ඇතුළත බැටරි බැසීමක් සිදුවීම සාමාන්‍ය දෙයකි, එවැනි වාර්තා දිගටම පවතින්නේද නැතහොත් එය තාවකාලිකද යන්න අපට බලා සිටීමට සිදුවනු ඇත. iPhone 14 Pro නොවන පරිශීලකයින්ගේද iOS 16 හි අසාමාන්‍ය ලෙස බැටරි බැසීමක් වාර්තා කරයි.AirDrop ක්‍රියා නොකිරීමපරිශීලකයන් වාර්තා කරන්නේ AirDrop iPhone 14 Pro මාදිලිවල ක්‍රියාත්මක නොවන බව පවසමින්, iPhone 14 Pro එකක සිට වෙනත් iPhone එකකට යමක් AirDrop කිරීමට උත්සාහ කිරීමෙන් ප්‍රතිඵලයක් ලෙස බලා සිටීමට යුතු බව පරිශීලකයන් පවසයි.Slow Camera Appනව iPhone 14 Pro සහ iPhone 14 Pro Max පාරිභෝගිකයින් ඔවුන්ගේ නව iPhone වල stock Camera app එක slow බව පරිශීලකයින් පවසයි. Camera app එක විවෘත කළ විට එය තත්පර කිහිපයක් ගත වන බව පැමිණිලිවල සඳහන් වේ. සමහර පරිශීලකයින් මෙම ගැටළුව නවතම iPhone models වල RAM කළමනාකරණයට සම්බන්ධ විය හැකි යැයි අනුමාන කර ඇත, නමුත් පැහැදිලි හේතුවක් තවමත් තීරණය කර නොමැත. Apple විසින් ලබන සතියේ යාවත්කාලීන කිරීමේදී මෙම දෝෂය ද විසඳනු ඇති බව Apple සමාගම පවසයි.සැ.යු. මෙම ගැටලු සියල්ලම මෘදුකාංග ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු වන අතර iOS 16හි අනු සංස්කරණ හරහා මෙම ගැටළු නිරාකරණය කර ගත හැකි බව ඇපල් සමාගම ප්‍රකාශ කර ඇත.Sources:platformania |
Shazam සඳහා Facebook Sign-in option එක ඉවත් කරයි | Apple ලා Shazam එක ගත්තෙ අවුරුදු තුනකට කලින්. ඒ ගත්තු ගමන්ම company එක කරේ app එක තුල තිබූ සේරම advertising සහ third party SDKs ටික remove කිරීමයි. මේවා ඔක්කොම හොද steps users ලව app එක හරහා track වීම prevent කරගන්න. දැන් reportedly company එක Facebook sign in option එකත් අයින් කරන්න යනවා Android app එකෙන්.9to5Google විසින් කරපු Shazam APK teardown එහෙකදි අපිට app code එක තුල දකින්න ලැබුනු strings වලට අනුව Facebook login option එක අපිට ඉක්මනටම අයින් වෙනවා දකින්න පුලුවන් වෙයි වගේ.පල්ලෙහා තියෙන strings මේ change එක ගැන hint එකක් දෙනවා.<string name="signed_up_using_facebook">Signed up using Facebook?</string>
<string name="shazam_accounts_created_with_facebook_not_supported">Shazam accounts created with Facebook are no longer supported. Create a new account to back up your music.</string>මේ change එක කවදා වෙයිද කියලා නම් කියන්න දන්නෑ නමුත් මෙකෙන් පස්සෙ users ලට Shazams import කරගන්න පුළුවන් වෙනවලු old accounts වලින් new එකට ඒ හින්දා Facebook අයින් උනා කියලා users ලට දැනෙන එකක් නෑ. |
OPPO සමාගම විසින් ලබන වසරේදී tablet සහ notebook නිකුත් කිරීමට සැරසෙන බව වාර්තා වේ | OPPO සමාගම විසින් ඔවුන්ගේ නිෂ්පාදන පරාසය තවත් ව්‍යාප්ත කරමින් Tablets හා Notebooks නිෂ්පාදනය වෙත පිවිසිමට මේ වන විට සුදානමින් සිටිනවා. ඒ අනුව ඔවුන් විසින් නව Tablet හා Laptop Series එකක් එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.Android Tablet නිෂ්පාදනයට මේ වන විට යොමු වි සිටින්නේ සමාගම් කිහිපයක් පමණයි. ඒ අනුව Tablet නිෂ්පාදන සමාගම් වන Lenovo සමාගම Budget Devices ද Samsung හා Huawei සමාගම් Premium Devices ද නිෂ්පාදනය කරමින් සිටිනවා. OPPO සමාගම මේ අංශයට පිවිසිම තුලින් අපිට ඉදිරියේදි Tablet Devices අතරත් වඩා හොද තරගයක් බලා ගැනිමට හැකි වෙන බව නිසකයි. අනිවාර්යයෙන්ම OPPO සමාගමේ Tablets, Apple සමාගමේ iPad lineup එකට ද තරගයක් දෙනු ඇතැයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.ඒ වගේම OPPO සමාගමේ දැනට පවතින හා ඉදිරියට නිකුත් විමට නියමිත Technologies සමග ඔවුන්ගේ Laptop Series එකත් වෙළදපොල තුල කැපි පෙනෙනු ඇති. මේ නිෂ්පාදන පෙළ පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නොමැති වුණත් ඉදිරි මාස කිහිපය තුල නිල වශයෙන් OPPO සමාගම මෙය නිවේදනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.Sources :Gizmochina,Weibo |
Front-Facing Display එක සඳහා Color Display එකක් යොදමින් GoPro Hero 9 නිපදවීමට සැරසේ | GoPro කියන්නේ Action Camera ලොකේ ප්‍රමුඛයා විදිහට ඉන්න Camera එකක් කිවොත් නිවරදියි. මේ වෙනකොට Gopro Hero 8 Action Camera එකෙන් පසුව නිකුත් විමට තිබෙන්නේ GoPro Hero 9 Action Camera එක. මේ Action Camera එක අනිවාර්යයෙන්ම GoPro Hero 8 Action Camera එකට වඩා වැඩි Features සමග ඔවුන් හදුන්වා දෙයි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.මේ වෙනකොට පලවන Leaks & Renders අනුව පෙනි යන්නේ තව දුරටත් GoPro Hero 9 සදහා නම් Additional Front Display එකක් අවශ්‍ය නොවන බවයි. ඒ කියන්නේ මේ Hero 9 Front-Facing Color Display එකක් සමග අපිට දැක ගන්න හැකිවෙන බවයි.මේ Hero 9 Action Camera එකේ PhotosWinFutureවෙබ් අඩවිය විසින් පසුගිය දිනක පලකර තිබුණා. කෙසේ වෙතත් මේ Hero 9 Action Camera එක Front-Facing Display එකක් සහිත පළමු GoPro එක වෙන්නේ නම් නැ. GoPro Max Action Camera එකේ Front-Facing Display එකක් අපිට කලින් බලාගන්න පුළුවන් උනා. නමුත් මෙය GoPro Max Action Camera එක සමග බලද්දි නම් ඉට වඩා සැලකිය යුතු තරමින් ලාභදායක වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම Hero 9 Vloggersලා ඉලක්ක කර නිපදවන බවට කියන්න පුළුවන්.Front-Facing Display එක වගේම මදක් ප්‍රමාණයෙන් විශාල විම හැරැණු කොට GoPro Hero 8 Action Camera එකටම සමාන Look එකක් මේ Hero 9 Action Camera එකෙත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. Rumorවලට අනුව 5K Shootingවලට මේ Action Camera එක සහය දක්වනු ඇතැයි හිතන්න පුළුවන්. කෙසේ වෙතත් Design එක හැරැණු විට මේ Action Camera එකේ Specifications ගැන නම් තාම නිශ්චිත තොරතුරක් නැ.Hero Series Action Camera බොහෝ විට සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසයන්වලදි එළිදැක්වෙන බැවින් මේ වසරේත් එම කාලයේදිම මේ Hero 9 නිල වශයෙන් හදුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.Sources :Android Police&WinFuture |
Android දුරකතන සඳහා Satellite Connectivity එක ලබා දෙන Snapdragon Satellite පහසුකම එලිදක්වයි | Apple සමාගම විසින් ඔවුන්ගේiPhone 14 Series එක සමගින් Emergency Satellite Connectivity පහසුකමඔවුන්ගේ පාරිභෝගිකයන් සදහා හදුන්වා දීමට කටයුතු කළ අතර තවමත් කිසිදු Android Smart Phones නිෂ්පාදන සමාගමකට මෙම පහසුකම ඔවුන්ගේ Android Devices හරහා ලබා දීමට නොහැකි වී තිබෙනවා. ඔබට මතක ඇති මීට පෙර ලිපියක් මගින් ඔබව දැනුම්වත් කරනු ලැබුවා Samsung සමාගම විසින් ඔවුන්ගේGalaxy S23 Series එකත් සමග මේ Satellite Connectivity එක ලබා දීම සදහා සුදානමින්සිටින බවට තොරතුරු වාර්තා වන බව.කෙසේ වෙතත් Qualcomm සමාගම විසින් Next Generation Premium Android Smart Phones සදහා අඩංගු වන Snapdragon Satellite නම් නව Two-way Satellite Messaging Service එකක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා.මේ සදහා Qualcomm සමාගම විසින් Global Satellite Communications Company එකක් වනIridiumසමාගම සමගින් එක් වි තිබෙන අතර මෙම සමාගම Apple සමාගම විසින් ඔවුන්ගේ Emergency Satellite SOS පහසුකම සැපයිම සදහා හවුල්කාරීත්වයට එළඹ තිබෙන සමාගමේ ප්‍රධාන තරගකරු ද වනවා.Snapdragon Satellite ඔස්සේ ඔවුන් ගෝලීය වශයෙන් මෙම සේවාව ඕනෑම ස්ථානයට ලබා දීමට සුදානමින් සිටින අතර මේ Two-way Messaging Service එක Emergency භාවිත සදහා, SMS Texting සදහා මෙන්ම වෙනත් Messaging Applications සදහාත් භාවිත කිරිමේ හැකියාව ලැබෙනු ඇත.මේ Snapdragon Satellite සදහා Snapdragon 8 Gen 2 Chipset එක මගින් බලගැන්වෙන Android Smart Phones සහාය දක්වනු ලබන අතර මේ වසර දෙවන කාර්තුවෙන් පසු තෝරා ගත් ප්‍රදේශ සදහා නිල වශයෙන්ම මේ සේවාව එම Smart Phones සමගින් ලබා ගත හැකි වනු ඇත.එමෙන්ම මෙම Snapdragon Satellite සේවාව Smart Phones සදහා පමණක් සීමා නොවන අතර Laptops, Tablets, Cars සහ IoT Products සදහාත් ලබා ගත හැකි වනු ඇතැයි ඔවුන් දක්වා තිබෙනවා. නිකුත් වු පසු මෙය 5G Non-Terrestrial Networks (NTN) සදහා සහාය දක්වනු ලබනවා.Sources:QualcommGSM Arena |
ස්වයංක්‍රීයවම ban වූ WhatsApp ගිණුම් නැවත සමාලෝචනය සඳහා ඉක්මන් ක්‍රමයක් හඳුන්වා දීමට Facebook සූදානම් වේ | Facebook සමාගම විසින් WhatsApp හි නීතිරීති සදහා එකග නොවන පුද්ගලයන්ගේ ගිණුම් ඉවත් කිරිම ස්වයංක්‍රීය පද්ධතියක් හරහා සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් මේ ස්වයංක්‍රීය පද්ධතිය මගින් ද එලෙස නීතිරිති කඩ නොකළ පුද්ගලයන්ගේද WhatsApp ගිණුම් ඉවත් කළ අවස්ථා ද තිබෙනවා.මේ වෙන විට මෙලෙස WhatsApp ගිණුමක් ඉවත් වු විට එය නැවත ලබා ගැනිමට ඉක්මනින් ක්‍රමයක් නොපවතින අතර Whatsappහි පවතින ස්වයංක්‍රීය පද්ධතිය මගින් නීතිරීති කඩ නොකළ ගිණුමක් වුවද ඉවත් වු විට ඒ සදහා කළ හැකි වෙන්නේ නව දුරකථන අංකයක් සදහා WhatsApp ගිණුමක් සාදා ගැනිමයි.මේ ගැටලුවට පිළියෙමක් ලෙස Facebook සමාගම විසින් WhatsApp සදහා නව Tool එකක් හදුන්වා දිමට කටයුතු කරමින් ඉන්නවා. ඒ WhatsApp මගින් තහනම් වු / ඉවත් කරන ලද ගිණුම් නැවත ලබා ගැනිමට ඉල්ලිය හැකි in App Tool එකක් ලබා දිම පිළිබඳවයි.ඒ අනුව WhatsApp ගිණුම තහනමකට ලක් වු විට එම ක්‍රියාමාර්ගය පිළිබඳව යළි විමසිමක් කළ හැකි වෙනවා. මෙලෙස යළි විමසිමක් සිදු කළ විට පැය 24 කාලයක් තුල එම WhatsApp ගිණුම මගින් WhatsApp තුළ යම් නිතී විරෝධී කටයුත්තක් සිදු වි ඇත්දැයි නැවත සමාලෝචනයක් සිදු වෙන අතර ඉන් පසු එම නැවත සමාලෝචනය පිළිබඳව දැනුම්දිමක් සිදු වෙනවා. මෙම කටයුත්ත සදහා ගත වෙන පැය 24ක කාලය තුල WhatsApp Chat History එක මකා නොදැමෙන අතර සමාලෝචනයෙන් පසු ස්වයංක්‍රීය පද්ධතිය මගින් වැරදි ලෙස හදුනාගත් ගිණුමක් නම්, එනම් එම WhatsApp ගිණුම විසින් නීතිරිති උල්ලංඝණය කිරිමක් සිදු කර නොමැති නම් එම WhatsApp ගිණුම නැවත යථා තත්වයට පත් කරනු ඇති අතර මෙම සමාලෝචනය මගින්ද එම ගිණුම විසින් යම් කිසි නීතිවිරෝධී කටයුත්තක් සිදු කර ඇති බව තහවුරුවීමක් සිදු වුවහොත් එම WhatsApp ගිණුම ඉවත් කිරිමට කටයුතු සිදු වෙනු ඇත.කෙසේ වෙතත් තවමත් මේ Feature එක WhatsApp සදහා හදුන්වා දි නොමැති අතර ඉදිරි Beta Version එකක් මගින් iOS Beta සදහා මෙය ප්‍රථමයෙන්ම ලබා දෙන් ඇති අතර ඉන් පසු Android Beta Version එක නිකුත් වි අවසන Stable Version එක සදහා මෙය ලැබෙනු ඇත.Source :WaBetaInfo |
Samsung සමාගම විසින් නව Wearable Device එකක් හඳුන්වාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි | Samsung සමාගම විසින් ඔවුන්ගේ Smart Wearable ලැයිස්තුව සඳහා තවත් නවතම Wearable Device එකක් නුදුරේදීම එකතු කිරීමට සුදානම් වන බවට නිල නොවන ආකාරයෙන් මේ වන විට තොරතුරු වාර්තා වනවා.Galaxy Ring නමින් හඳුන්වනු ඇති මෙය සාමාන්‍ය ඇගිල්ලේ පළදින මුදුවක් වැනි Smart Wearable Device එකක් වනු ලබනවා. Galaxy Watches මෙන්ම මේ Ring එක තුළ ECG සහ PPG Sensors අඩංගු වනු ඇති අතර මේ ඔස්සේ ශරිර උෂ්ණත්වය සහ හෘද ස්පන්දන වේගය ආදිය පිළිබඳව දත්ත ලබා ගත හැකි වනවා.වාර්තා වන තොරතුරුවලට අනුව මේ වන විටත් මෙහි සංවර්ධන කටයුතු Samsung සමාගම විසින් අවසන් කර තිබෙන අතර එළඹෙන මාසයේදී පමණ මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත වන බව දක්වන්න පුලුවන්. කෙසේ වෙතත් මෙහි Mass Production එනම්, වෙළෙඳපොළ සඳහා හඳුන්වා දීමට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමක් පිළිබඳව තවමත් කිසිදු නිල තොරතුරක් වාර්තා වන්නේ නැහැ.අන්තර්ජාලය තුළ වාර්තා වන නිල නොවන තොරතුරුවලට අනුව බොහෝ විට මිලග වසරේදී මෙම Galaxy Ring එක වෙළෙඳපොළ සඳහා එළිදැක්වීමට ඉඩකඩ තිබෙන බව දක්වන්න පුලුවන්.කෙසේ නමුත් මේ පිළිබඳව කිසිදු තොරතුරක් Samsung සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කල නොමැති අතර මේ පිළිබඳව ඉදිරියේදීත් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟ රැඳී සිටින්න.Source:gsmarena.com |
Tablet, foldable, සහ Chrome OS devices සඳහා Google විසින් Android 12L සංස්කරණයක් නිකුත් කරයි | කාලයක් තිස්සේ Android මෙහෙයුම් පද්ධතියේ පැවති විශාල ගැටලුවක් ලෙස එය Large Screen සදහා හරි හැටි Optimize නොවීම දක්වන්න පුළුවන්. ඉතින් Apple සමාගම iPad සදහා iPadOS එක නිර්මාණය කිරිම හේතුවෙන් Google සමාගමට විශාල තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුවූවා. මේ සියල්ලත් සමග මීට පෙර Google සමාගම Android 12L ලෙසින් Large Screen සහිත Device සදහා නව Android මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන බවට නිවේදනය කරනු ලැබුවා.2021 ඔක්තෝබර් 26 පැවති Android Developer Summit හිදී Android 12L පිළිබඳ නිවේදනය කරමින් Google සමාගම ප්‍රකාශයට පත්කර සිටියේ මෙම නව Android සංස්කරණය Tablets, Foldable හා Chrome OS Device වැනි විශාල තිර සහිත Device සදහා ඉතාමත් ඉතාමත් හොදින් Optimize කර ඇති බවයි. එමෙන්ම මෙම නව UI එක 600sp ට වඩා විශාල තිර වලදි පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයට හා අලංකාරව නිර්මාණය කර ඇති බවට එහිදී වැඩි දුරටත් සදහන් කෙරුනා.Android 12L හී දී වෙනස් වන නව මුහුණුවර :තිරයේ ඉහල තිබෙන Google search Bar එකButton හයකින් යුත් Power Menu එකTwo-column Lockscreen එකSettings Menu එක සදහා Dual-pane Interface එකApps Resizeable නොමැතිනම් Automatic Enable වන Split-screen Mode එකනිෂ්පාදකයින් හට පහසුවෙන් වෙනස් කල හැකි ආකාරයට සකසා ඇති Letterbox එකTaskbar එක මගින් Apps අතර පහසුවෙන් මාරුවීමේ හැකියාවGoogle සමාගම පවසන්නේ මේ Android 12L හී Stable සංස්කරණය 2022 වර්ෂයේදී Tablets සහ Foldables සදහා ලබාදීමට සූදානම් බවයි. කෙසේ වෙතත් මේ වනවිට මෙය Developersලා සඳහා ලබා ගත හැකි අතර Developer Preview එක Lenovo P12 Pro සදහා ඉක්මනින් නිකුත් කරනු ඇත.Source-Gizmochina |
Xiaomi devices වල ලොකුම අවුල මොකක්ද? | මේ වගේ ලිපියක් ලියන්න මම දැන් ටික කාලෙක ඉඳන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද මමත් දැන් ටික කාලෙක ඉඳන් Xiaomi එකක් පාවිච්චි කරනවා. Redmi Note 8 එකක්. මේක කට්ටිය Trigger වෙන මාතෘකාවක් නිසා මම පුළුවන් තරම් පරිස්සමින් මේක ලියන්නෙ. Xiaomi විරෝධී සහ Xiaomi fans දෙපිරිසම රැකගනිමින් මේක ලියන්න මම උපරිම උත්සාහ කරන්නම්. මම මගේ අත්දැකීම් එක්ක මේක ලියන්නෙ. එහෙනම් කතාව පටන්ගනිමු.අදාළම නැති අවුල්මේවට අදාළ නැති අවුල් කියන්නෙ, මේවා මට ආවෙ නැති නිසා. ඒ ටිකත් කතා කරලා ඉමුකො.Signal අවුලXiaomi වල මම නිතර දකින ප්‍රශ්ණයක් තමයි Signal අවුල. විශේෂයෙන් Redmi Note 8, Note 8 Pro වල. මම නිතර දකිනවයි කිව්වෙ Facebook එකේ group වල නිතරම මේ ගැන කට්ටිය අහනවා, සාකච්ඡා කරනවා, මඩත් ගහ ගන්නවා.මට මෙහෙම ප්‍රශ්ණයක් තාම ඇවිල්ලා නැහැ. මගේ ළඟ Motorola, Samsung, Nokia කියන වර්ග තුනෙන් දුරකථන තුනක්, 3G router එකක්, 4G Wi-Fi dongle එකක්, 4G router එකක් ආදී උපාංග තියෙනවා. මේ ඔක්කොම එක්ක කරපු පරීක්ෂණ එක්ක, මගේ Redmi Note 8 එකේ signal දෝෂයක් නම් මට විශේෂයෙන් අහු වුණේ නෑ. ඇත්තටම කිව්වොත්, 4G Wi-Fi dongle එකට වඩා Redmi Note 8 එකේ signal receiving power එක මඳක් වැඩියි කියලා මට දැනුණා. Signal කතාව ගැන එපමණයි.Wi-Fi අවුලමේක ගැන කතා වෙලා තිබුණෙ gsmarena, XDA developers වගේ අඩවි/forum වල. වැඩි දෙනෙක් කියලා තිබුණ විදියට, Redmi Note 8 දුරකථන වල Wi-Fi සහ Bluetooth එකවර ක්‍රියාත්මක කිරීමේදී Wi-Fi සම්බන්ධතාව මන්දගාමී වීම කියන දෝෂය තියෙනවා. ඒකට හේතුව වශයෙන් එතන සාකච්ඡා වෙලා තිබුණේ Wi-Fi සහ Bluetooth එකම module එකක් ලෙස පැමිණීම සහ මෘදුකාංග වල අවුලක්. මේක මෘදුකාංග අවුලක් නම්, updates වලදි fix වෙන්න ඕන. මගේ කතාවෙදි, මම Bluetooth පාවිච්චි කරන්නෙම නැති තරම්. ඒ නිසා මේක මට බලපාන කාරණාවක් නෙවෙයි. අනික් දේ තමයි, කොහොමත් slow කනෙක්ෂන් පාවිච්චි කරන ලංකාවෙ අපිට, මේ slow වීම ලොකු අවුලක් වෙන එකක් නෑ කියන එක.Ghosting අවුලහොල්මන් අවුලකුත් තියේ. මේ කියන්නෙ, දීර්ඝ වේලාවක් එකම විදියේ window එකක් open කරන් හිටියම screen එක burn වීම. එතකොට, වෙන window එකක් ඕපන් කළත් (වෙන app එකකට ගියත්) කලින් ඕපන් කරන් හිටිය ඇප් එකේ හොල්මනක් (ඡායාවක්) අලුත් window එකෙත් පේනවා.මේක නම් බොහෝ Midrange/Budget දුරකථන වලට පොදු LCD අවුලක්. ගොඩක් අය ඉන්නවා මේ අවුල ආව. ඒකට විකල්පයක් නම් නැත. සමහර අය කියන දෙයක් තමයි, Display Settings වල color scheme එක Auto සහ Cool දාලා තිබුණොත් ඔය අවුල එනවා අඩුයි කියන එක. මට නම් ඔය අවුල මගේ device එකේ දැකගන්න බැරි වුණා. (තවම)බැටරි අවුල්ගොඩක් බැටරි අවුල් නම් මානසික ප්‍රශ්න. තරහ වෙන්න එපා, අපේ අය ගොඩක් කැමතියි ෆෝන් එකේ බැටරිය සදාකාලික නම්. බැටරිය චාජ් කළාම බහිනවා. ඒකයි ස්වභාවය. අපිට පේන්න තියෙන ඇප්ස් වලට අමතරව background එකේ run වෙන ඇප්ස් සහ විවිධ software optimization අවුල් නිසා බැටරිය ඉක්මනින් බහින්න පුළුවන්. බැටරිය ඉක්මනින් බහින්න හේතු නම් බොහොමයි.අනික් දේ, මේ ස්මාට්ෆෝන් වල තියෙන ප්‍රභල processors, අති විශාල display, GPU chips ආදී දේවල් වලට බැටරි බලය ගොඩක් උවමනායි. ඉතින් බැටරිය මෙච්චර බැස්සා, අච්චර බහිනවා කියලා චුරු චුරු ගාන එක හොඳ දෙයක් නෙවෙයි. අපි මීට කලින් බැටරි ගැන සවිස්තරාත්මක විග්‍රහයක් කළා. ඒකත් බලන්න.MIUI උපාංග වල බැටරිය ටිකක් වැඩියෙන් පාවිච්චි කරන්න පොඩි tip එකක් දෙන්නම්. WhatsApp, Telegram වගේ background processes අත්‍යවශ්‍ය ඇප්ස් හැරෙන්න, අනික් ඒවා background එකේ close කරලා දාන්න පුළුවන් මෙන්න මෙහෙම.MIUI Security ඇප් එකට යන්න. Battery & Performance කියන tile එකට යන්න. Battery Saver on කරන්න, App battery saver කියන තැනට යන්න, එතැනින් ඔයාට අත්‍යවශ්‍ය නොවන apps තෝරගන්න. එහෙම අත්‍යවශ්‍ය නොවන app එකක් තියේ නම් ඒක උඩ tap කරලා Restrict background activity දෙන්න.මේ ක්‍රමයට පුළුවන් Greenify තරම් නොවුණත් ඊට ටිකක් හෝ ළඟ තරමට බැටරිය ආරක්ෂා කරගන්න.ඇත්තම අවුල (Actual Problem)මේ Phone එකේ තියෙන ඇත්තම අවුල වුණාට මේවා ගැන කතා වෙනවා නම් මම දැකලම නෑ. දෙයියනේ කියලා අපේ කොල්ලන්ට පේන්නෙ වෙනම ජාතියක අවුල්.Bloatware!MIUI වල මම දැක්ක අති සුවිශාල අර්බුදය, අනවශ්‍ය Apps! MIUI කියන්නෙ අනවශ්‍ය apps කඳු පිටින් ඔබ්බවලා එවන android skin එකක්. මේවා ගැන අපිට complain කරන්න බෑ, කං කෙඳිරි ගාන්න බෑ. මෙන්න මේ bloatware නිසා තමයි අපිට මෙච්චර feature එක්ක Xiaomi සමාගමෙන් අඩුවට ෆෝන් දෙන්නෙ.Xiaomi Business Model (මිළ අඩු ඇයි?)මේ bloatware මාතෘකාව යටතේ අපි Xiaomi Business Model එක ගැනත් කතා කරමු. Xiaomi දුරකථන වලට බොරුවටත් එක්ක ආතල් එකට මඩ ගහන පිරිසක් ඇති වීමේ එක් හේතුවක් තමයි මේවයෙ අඩු මිල. අඩු මිලට මේවා දෙන්නෙ කොහොමද? මේ ප්‍රශ්ණෙට උත්තර නොමැති තැන තමයි කට්ටිය නිගමනයකට එන්නෙ, මේවා බාල බඩු නිසා තමයි මේ අඩුවට දෙන්නේ කියලා. ඒක හේතුවක් කරගෙන ඔන්න මඩ ගහනවා. ඇත්තටම ඒක එහෙමද? මේවයෙ තියෙන්නෙ බාල උපාංග ද? නෑ. සහ ඔව්. Xiaomi විතරක් නෙවෙයි, ඕනම දුරකථන නිෂ්පාදන සමාඟමක Mid Range, Budget කියන කැටගරියෙ තියෙන දුරකථන වල තියෙන්නෙ Flagship උපාංග වලට වඩා කොලිටියෙන් අඩු උපාංග තමයි. හැබැයි Xiaomi දුරකථන මිළෙන් අඩු ඒ නිසාම නෙවෙයි. එහෙනම් මෙයාලා අඩු ගාණට ෆෝන් දෙන්නෙ කොහොමද? ඒ මෙහෙමයි.Xiaomi සමාඟම එයාලගෙ දුරකථන වලින් වක්‍රාකාරව සල්ලි හොයනවා. ඒවා යන්නේ අපේ අතින්ම නෙවෙයි. හැබැයි අතින්ම යන්නත් පුළුවන් සල්ලි වලට වඩා වටින දේවල් (පෞද්ගලික දත්ත වගේ) වලින්.3rd Party Bloatwareඑයාලා සල්ලි හොයන එක ක්‍රමයක් තමයි 3rd party bloatware ඇතුළත් කිරීම. මොකක්ද මේ කියන්නෙ? මෙහෙමයි. ඔයා හැදුව ඇප් එකක් තියෙනවා. ඒක ජනප්‍රිය ඇප් එකක් නෙවෙයි. ඔයාට ඕනි ඒක ජනප්‍රිය කරවන්න. ඔයා මොකක්ද කරන්නෙ? ඇඩ්ස් දාලා දහසක් නැටුම් නටලා user ලවා මේක ඉන්ස්ටෝල් කරවන්න පුළුවන්. ඒත් ඊට වඩා ලේසි නැද්ද, ඔයාගෙ ඇප් එක ඔයා ගිහින් දෙනවා Xiaomi එකට. ගිහින් දීලා කියනවා මෙහෙම,"අඩේ Xiaomi බ්‍රෝ, මේ ඇප් එක උඹලා හදන අලුත් ෆෝන් ඔක්කොටම pre-install කරලා යවපල්ලකෝ ප්ලීස්."කියලා. එතකොට කරදර අඩුයිනෙ. මිනිස්සු අලුත් ෆෝන් එක ගන්නකොටම ඔයාගෙ ඇප් එක එයාලා ගාව තියෙනවා. ඕක කීයෙන් කී දෙනාද අයින් කරන්නෙ? ෆෝන් එකත් එක්කම ආපු ඇප්ස් අපි අයින් කරන්නත් බයයි. ඔන්න ඔහොම අපිට බලෙන් ඔබ්බවපු ඇප්ස් තමයි 3rd party bloatware කියලා මම නම් කළේ. "අඩේ Xiaomi බ්‍රෝ" කියලා දුන්නට එයාලා නිකන් ඕක කරන්නෑ. එයාලා ලොකු ගාණක් App developers ලගෙන් අය කරනවා. හැබැයි ඒක අය කළත් කමක් නෑ, මොකද වැඩේ හෙන effective. ඇප් එක කෝමත් install කරලමයි user ට දෙන්නෙ. User ලවා install කරවන්න අවශ්‍ය නෑ. ඔන්න ඕකෙන් Xiaomi ලට මුදල් ලැබෙනවා.Xiaomi/MIUI Bloatware3rd party bloatware වලට අමතරව, Xiaomi සමාඟමත් එයාලගෙම bloatware ගොඩක් එයාලගෙ phone වලට ඔබනවා. ඒවයින් ඔයාට Ads පෙන්නලා සල්ලි හොයනවා. Ads විතරක් නම් මදෑ, personal data එහෙමත් collect කරනවා. අපි වැඩිය නොහිතුවට, මෙන්න මේවයිනුත් විශාල මුදලක් Xiaomi සමාඟම උපයනවා.මෙන්න මේ මුදල් එයාලා උපයාගත්තම, අර අඩුවට phone විකුණලා ලබන පාඩුව බොහොම අපූරුවට පියවෙනවා. දුරකථනය මිළදීගත්ත කෙනා ඒ දුරකථනය පාවිච්චි කරන මුළු කාලය පුරාවටම එයාලා සල්ලි හොයනවා. කොහොමද වැඩේ? මෙන්න මේවයි නියම ප්‍රශ්ණ. බැටරි බහින එක නෙවෙයි.එහෙම බැලුවම, බාල parts එක්ක phone විකුණන එකත් හොඳයි. මේක ඊට වඩා දරුණු තත්වයක්. මම මේ ලිපියට Xiaomi වල ලොකුම අවුල විදියට නම් කළේ මෙන්න මේ අවුලයි. මේවා ගැන අපි කතා කරන්නෙ හරි අඩුවෙන්. නමුත් අපි කතා කරන්න ඕනත් මෙන්න මේවා ගැන තමයි. මේ Bloatware නිසා, ඔයාගෙ personal data ටික චීනෙට විකිණෙනවා, ඔයාගෙ RAM එකේ capacity එක අඩු වෙනවා, storage එක ඇහිරෙනවා, Mobile data කැපෙනවා, ඉක්මනින් battery බහිනවා, අන්තිමේ phone එක slow වෙනවා.දැන් Xiaomi පාවිච්චි කරන අය හොඳටම බය වෙලා ඇති. බය වෙන එක සාධාරණයි. හැබැයි මේවට පිළියම් නෑ කියලා හිතුවොත් ඒකත් වැරදියි. ටිකක් මොළේ පාවිච්චි කරන්න තමයි ඕන. මම මේ Bloatware කරදරේ නැති කරන්න කියලා දෙනවා. OTA updates වලට කිසිම බාධාවක් නොවී, Root නොකර, කිසිම බරපතළ වෙනස්කමක් නොකර සරලවම දෙන්න බෙහෙත් ටිකක් තියෙනවා. ඒක දැනගන්න ඕන අය කරන්න ඕන එකම දෙයයි. ඒ ගැන දැනගන්න ඕන අය පහළින් කමෙන්ට් කරන්න. සැලකිය යුතු තරම් කමෙන්ට්ස් ටිකක් ආවොත්, මම සලකා බලන්නම් ඒක කියලා දෙන එක ගැන!ඒ වගේම, කිසිම බාධාවක් නැතුව පහළින් ඔයා දන්න දේවලුත් අපිට කියන්න. මම වරද්දලා තියෙන තැනක් තියෙනවා නම් ඒක නිවැරැදි කරන්න මට උපකාර කරන්න.නැවත හමුවෙමු, ඔබට ජය! |
Z-Library වෙබ් අඩවිය අධිකරණ නියෝගයක් මගින් තහනම් කරයි! | ලොව විශාලතම Free E-book Piracy Site එක ලෙස සැලකෙන Z-Library වෙබ් අඩවිය හා සම්බන්ධ Domain සියල්ලම U.S. Department of Justice මගින් නොවැම්බර් 4 වනදා තම භාරයට ගෙන තිබෙනවා.මින් පෙර Z-Library වෙබ් අඩවිය ලොව Visits වැඩිම වෙබ් අඩවි 10 000 අතරේ පැවතුන අතර, මිළියන 11ක පොත් හා මිළියන 84කට අධික ලිපි ප්‍රමාණයක් එහි අඩංගු වුවා.නොවැම්බර් 4 වනදා Z-Library හා සම්බන්ධz-lib.org,b-ok.org, සහ3lib.netයන වෙබ් අඩවි තුළ පහත දැක්වෙන පරිදි "මෙම සේවාව US DOJ සහ Postal Inspection Service විසින් අත්පත් කර ගත්" බවට පණිවිඩයක් ප්‍රදර්ශනය කර තිබුනි.WHOIS තොරතුරු මගින් මුලින් පෙන්නුම් කළේ එක්සත් ජනපද රජය විසින් වෙබ් අඩවි නාම අල්ලාගෙන ඔවුන්ගේ DNS වනNS1.SEIZEDSERVERS.COMසහ NS2.SEIZEDSERVERS.COM වෙත මාරු කළ බවයි, කෙසේ වෙතත් පසුව මෙම domains සදහා DNS servers නිර්නාමික සැපයුම්කරුවෙකු වන Njalla වෙත මාරු කර ඇත. Z-Library විසින් domains සදහා නව hosting provider කෙනෙක් වෙත මාරු කරන්නේ කෙසේද යන්න තවම පැහැදිලි නැත.Surface web අඩවිය down උනද තවමත් Tor onion වෙබ් අඩවිය පෙර පරිදිම භාවිතයේ ඇත.අධිකරණ නියෝගයක් මගින් වෙබ් අඩවිය තහනම් කිරීමට හේතුව ලෙස පොත් අදාළ කතෲගේ අවසරයක් නොමැතිව බෙදාහැරීම යන්න බොහෝ දෙනා මත පළ කරයි. මින් පෙර 2015දීද ඇමරිකා එක්සත් ජනපදය හා ප්‍රංශය තුළදී Z-Library හා සම්බන්ධ domains කිහිපයක් තහනම් කර ඇත.Torrentfreekවෙබ් අඩවිය වාර්තා කරන පරිදි වෙබ් අඩවි තහනමට පෙර සතිය තුළ Tiktok සමාජ ජාලය තුළද Z-Library හා සම්බන්ධ hashtags තහනම් කර ඇත.Sources:www.bleepingcomputer.com |
ඍජුවම ජංගම දුරකතන සඳහා සහය දැක්වීමට Stalink V2 චන්ද්‍රිකා සැරසේ | සාමාන්‍යයෙන් ලොව පුරා පවතින වනාන්තරය ප්‍රදේශයන්, කදු සහිත ප්‍රදේශයන් සහ සාගරය වැනි දුෂ්කර ප්‍රදේශවලදී දුරකථනය මගින් සන්නිවේදනය සිදු කිරිම ඉතා අපහසු වන අතර මේ සදහා Satellite Communicator එකක් ඔබ සතුව පැවතිම අත්‍යාවශ්‍ය වනවා. මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ දුරකථන සේවා සපයන ආයතනවලට එම ප්‍රදේශයන් තුල තමන්ගේ දුරකථන සංඥා කුළුණු ස්ථාපනය කිරිමට ඇති බාධාවනුයි.කෙසේ වෙතත් මේ ගැටලු සදහා සාර්ථක පිළියම් යම් යම් සමාගම්වලින් යෝජනා කරමින් මෙන්ම ක්‍රියාත්මක කරමින් සිටින අතර ඇමරිකානු දුරකථන සේවා සපයන ආයතනයක් වන T-Mobile සමාගම සහ SpaceX සමාගමේ Starlink අන්තර්ජාල සේවාව විසින් මේ සදහා සාර්ථක විසදුමක් ලෙස Starlink V2 නම් නව සේවාවක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ Starlink සන්නිවේදන චන්ද්‍රිකා යොදා ගනිමින් Smart Phones සහ Tesla Cars සදහා එම ප්‍රදේශයන්හිදී සන්නිවේදන පහසුකම් ලබා දිම සිදු වෙනවා.Starlink V2, launching next year, will transmit direct to mobile phones, eliminating dead zones worldwide— Elon Musk (@elonmusk)August 26, 2022මෙම සමාගම් දෙක එක්වී ඇමරිකා එක්සත් ජනපදය තුල නව Network එකක් ගොඩනගනු ඇති අතර ඒ සදහා T-Mobile සමාගමේ දැනට පවතින mid-band spectrum යොදා ගනු ඇත. මෙලෙස දැනට භාවිතයේ පවතින spectrum එකක් මෙය සදහා භාවිත කිරිම තුලින් මේ නව network එක කිසිදු අමතර උපාංගයක සහයෙන් තොරව භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා.මේ නව Network එක ඔස්සේ Death Valley එකේ සිට Great Smokey Mountains දක්වා සන්නිවේදන හැකියාව ලබා දිමට නියමිතයි. ඔවුන් දක්වන ආකාරයට මේ Network එක Text Message සහ Voice Calls ගැනිමට හැකියාව ලැබෙන අතරම 2Mbps - 4Mbps අතර අන්තර්ජාල වේගයක් ද ලබා ගැනිමට හැකි බවයි. කෙසේ වෙතත් ඔවුන් දක්වා තිබෙන්නේ මෙය ඇමතුම් සහ පණිවිඩ යැවිම සදහා පමණක් ප්‍රමාණවත් වෙනු ඇති බවයි.ඒ අනුව ඉදිරි අනාගතයේ ලොව ඕනැම ස්ථානයකදී ඇමතුම් සහ පණිවිඩ යැවිමේ / ලබා ගැනිමේ හැකියාව අපට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.Sources:Gizmochina |
Google Magic Editor පහසුකම Pixel නොවන Devices සඳහා ද ලබා දෙයි | 9to5Google වෙබ් අඩවියේ වාර්තා කරන ආකාරයට, Magic Editor Feature එක දැන් Pixel නොවන devices වන Samsung Smartphones සහ Tabs සඳහා ද නිකුත් කරමින් පවතිනවා. මෙහි නාමය Magic Editor වුවත් Samsung Devices වල මෙය Generative Edit ලෙසින් හඳුන්වා තිබෙනවා.Magic Editor කියන්නේ Google සමාගම විසින් ඔවුන්ගේ Gemini LLM එක යොදා ගෙන නිර්මාණය කරන ලද AI image Editing Tool එකක්. මේකෙන් Reframe, Resize, සහ Reposition කිරීම, ආලෝකය වෙනස් කිරීම වගේ දේවල් කරන්න පුළුවන්.මෙහි Free Version එක සහ Google One Premium Version එකෙහි තිබෙන පහසුකම් ම තිබෙන අතර කෙසේ වෙතත් නොමිලේ පරිශීලකයන්ට මාසිකව Magic Editor මඟින් image 10ක් පමණක් Export කළ හැකි අතර Premium පරිශීලකයන්ට සහ Pixel පරිශීලකයන්ට කිසිම සීමාවක් නැහැ.ඔබේ උපාංගයේ Magic Editor පහසුකම ලබා ගැනීම සඳහා, Google Photos (6.85) නවතම Version එක වෙත Update කළ යුතු අතර මේ පහසුකම Enable වී තිබේ නම් ඔබ image එකක් Edit කරන විට වම් පස පහළින් Magic Editor icon එක දිස්වනු ඇත.Source:androidauthority.com |
Windows XP ඇතුලු තවත් පැරණි Windows මෙහෙයුම් පද්ධති කිහිපයක source code එක leak වේ | මේ වනවිට වාර්තා රැසකින්ම හෙළිදරව් වෙලා තියෙන විදිහට Windows XP වල source code එක 4chan කියන website එකට leak වෙලා තියෙනවා. ඒ source code එක ඊළඟට torrent විදිහටත්, Mega File Sharing සේවයටත් නැවත upload වෙලා තියෙනවා.The Windows XP source code was leaked online today.— vx-underground (@vxunderground)September 24, 202042.9GB leak එකක් වන මෙහි Windows XP, Windows Server 2003 හා Windows 2000 යන OS රැසකම source code එකටම ඇති බවයි සඳහන් වෙන්නේ. නමුත් තවමත් මේ leak වී තිබෙන්නේ full source code එකද, නැතිනම් එයින් එක කොටසක් පමණක් ද යන්න හෙළි වී නෑ.pic.twitter.com/aNYt07qKsI— DEY! (@RoninDey)September 24, 2020හානිය කාටද?Release කොට දැනට අවුරුදු 19ක් වන Windows XP සඳහා සහය දීම Microsoft සමාගම 2014 දී නවතා දැමුවා. ඒ වුණත් තවමත් 1% ක් පරිගණක වල run වෙන්නේ XP බව ඇතැම් වාර්තා පෙන්වා දෙනවා.මේ source codes, hackers ලා අතට ගියත් 1%ක් භාවිතා කරන OS එකකට virus හදන්න තරම් ඔවුන් මහන්සි වෙන්නේ නැති වේවි. නමුත් windows කියන්නේ කාලයත් සමඟ දියුණු වී ආ OS එකක් නිසා Windows 10 වල වුනත් XP වල භාවිතා කළ codes තවම තියෙන්න පුළුවන්.ඒ නිසා වඩාත් ඵලදායි attack එකක් කරන්න මේ leak එක hackers ලාට උදව්වක් වෙන්න බැරි කමක් නෑ.වාසිWindows XP කියන්නේ Microsoft සමගම නිකුත් කළ සාර්ථකම OS එකක්. මේ leak වී තියෙන්නේ එහි full source code එක නම්, ඒ සඳහා හැකියාව තිබෙන අයට අලුත් hardware සඳහා support කරන අද කාලයට ගැලපෙන OS එකක් ලෙස XP ප්‍රතිනිර්මාණය කරන්නත් මේ leak එක නිසා හැකියාව ලැබෙනවා.බොහෝ විට Open Source ප්‍රජාවට මේක හොඳ ආරංචියක් වේවි.මේ පිළිබඳ Microsoft සමාගම, "We are investigating the matter" යනුවෙන් පමණක් අදාල වෙබ් අඩවි වලට ප්‍රකාශ කර තිබුණා.Source -TomsHardware |
2021දී වෙළඳපලට නිකුත් වන සුපිරිම Electric vehicles 07 | මේ වෙනකොට ලෝකය බලපාල තියෙන වායු දූෂණය සහ ඉදිරියේදී ඇති වීමට නියමිත ඛණිජතෙල් අර්බුද හේතුවෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන වලට ඇති ලෝක ඉල්ලුම ඉතාමත් සීඝ්රයෙන් ඉහල යමින් තිබෙනවා. මේ 2021 වර්ෂයේදී නුකුත් වීමට නියමිත විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන වාහන අතුරින් සුපිරිම වාහන 07 ගැන කෙටියෙන් ඔබට ගෙන එන විස්තරයක්.1. Tesla Cybertruckමෙම රථයට stainless steel body එකක් ඇති අතර මේ වෙද්දි කිසිම වාහනයකට නැති body design එකක් මේ වාහනයට තියෙනවා. Cybertruck එක Single Motor RWD, Dual Motor AWD හා Tri Motor AWD වශයෙන් මාදිලි 3 කින් මිලදී ගැනීමට පුලුවන්. Tri Motor AWD Model එකට තත්පර 2.9 ට අඩු කාලයකින් 0 mph සිට 60 mph වේගයක් ලබාගැනීමට පුලුවන්. Tri Motor AWD Model එකට 500 miles ක range එකක් තියෙනවා.පෙර සදහන් කළ models 39900$ - 79900$ මිල පරාසය තුළ මිලදීගන්න පුලුවන්.2. GMC Hummer EVමේක තමයි ලෝකෙ පලවෙනි All Electric Super Truck එක වෙන්නෙ.මේක Models 4 කින් release උනත් 2021 දි මිලදී ගන්න පුලුවන් වෙන්නෙ මේක ගණන් වැඩිම Model එක වෙන Hummer EV Edition 1. මේක 3 Motor model එකක්. මේකට තත්පර 3 ට අඩු කාලයකින් 0 mph සිට 60 mph වේගයක් ලබාගන්න පුලුවන්. මේ Model එකට 350 miles ක range එකක් තියෙනවා. මේකේ විශේෂම කාරණයක් විදියට මේකට මිනිත්තු 10 ක charge එකකින් 100 miles දුරක් යන්න පුලුවන්. 2021 දි මිලදී ගන්න පුලුවන් මේකෙ මිල 112000$ + වෙනවා.3. Rivian R1tQuad Motor Setup එකක් එක්ක එන මේ vehicle එකට තත්පර 3 කින් 0 mph සිට 60 mph වේගයක් ලබාගන්න පුලුවන්.මේකට 300 miles range එකක් තියෙනවා. ඒවගේම extra feature එකක් විදියට 10000$ ගෙවල 400 miles range එකක් ගන්නත් පුලුවන්.මේකෙ මිල වෙන්නෙ 67500$ න් පටන් ගන්නවා.තමන් කැමති customizations එක්ක මිල ඉහල යනවා.4. Volkswagen Id.4මේ vehicle එකට 250 miles range එකක් තියෙනවා. ඒ වගේම මිනිත්තු 10 කින් 60 miles range එකකට charge කරගන්න පුලුවන්. මේකෙ මිල 40000$ වල ඉදන් ඉහලට වෙනවා.5. Ford Mustang Mach-Eමේ vehicle එක models 5 කින් release වෙනවා. මේකෙ GT model එකට 0 mph සිට 60 mph වේගයක් තත්පර 3.8 කින් ලබාගන්න පුලුවන්.ඒ වගේම 250 miles range එකක් තියෙනවා. මේ vehicle එකේ first edition කියන model 270 miles range එකක් තියෙනවා.මේකෙ මිල 42000$ ඉදන් ඉහලට වෙනවා.6. Nissan Ariyaමේ vehicle එකට 300 miles range එකක් තියෙනවා. ඒ වගේම තත්පර 5 කට වඩා අඩු කාලයකින් 0 mph සිට 60 mph දක්වා වේගයක් ලබාගන්න පුලුවන්.මේකෙ මිල 40000$ ඉදන් ඉහලට වෙනවා.7. Lucid Airමේ vehicle එක air, air touring, air grand touring, air dream edition විදියට models 4 කින් release වෙනවා. මේ හැම model එකක් මිනිත්තු 20 කින් 300 miles range එකක් charge කරගන්න පුලුවන්. මේකෙ air dream edition model එකට 0 mph සිට 60 mph දක්වා ලගාවීමට ගතවන්නේ තත්පර 2.5 ක කාලයක්. එම model එකේ range එක 465 miles පමණ වෙනවා. මෙහි air grand touring model එකේ range එක 517 miles පමණ වෙනවා.මේ vehicle එකේ මිල 77000$ සිට 169000$ දක්වා වෙනවා.Sources:The Verge YouTube,tesla.com,gmc.com,rivian.com,vw.com,ford.com,caranddriver.com,nissanusa.com,lucidmotors.com |
4th Gen Tensor Chipset එකේ සිට මීළඟ Tensor Chipset සියල්ලම Google සමාගම විසින්ම නිපදවීමට සුදානම් වන බවට තොරතුරු වාර්තා වේ | ඔබට මතක ඇති පසුගිය 2021 වසරේදී Google සමාගම විසින් ඔවුන්ගේ Pixel 6 Series එකට යොදා ගත් ඔවුන් විසින්ම නිපදවු1st Gen Google Tensor Chipsetඑක පිළිබඳව. ඉන් පසුවGoogle Pixel 7 Seriesඑක සඳහා Samsung සමාගමත් සමඟින් නිපදවු 2nd Gen Google Tensor Chipset එකත් භාවිත කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙලෙස Samsung සමාගම ඔස්සේ මේ Chipset එක නිර්මාණය කිරීම සඳහා Google සමාගම විසින් කටයුතු ආරම්භ කළේ පළමුව නිකුත් වු 1st Gen Tensor Chipset එක Snapdragon 888 සහ Apple Bionic A15 Chipsets තරම් ප්‍රබල නොවු බැවින් යන්නත් බොහෝ තැන්වල සඳහන් වනවා.එලෙස Samsung සමාගම ඔස්සේ Google Tensor G2 නැතිනම් 2nd Gen Google Tensor Chipset එක නිෂ්පාදනය වු අතර එය Pixel 7 Series එක සඳහා යොදා ගනු ලැබුවා. ඒ වගේම මේ Tensor Chipset එකේ මීලග Version එක වන Google Tensor G3 Chipset එකත් Samsung සමාගම සමඟින් එකතුව නිෂ්පාදනය කිරීමට Google සමාගම සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.Image Source -cellphones.comඒ වගේම Google Tensor G4 Chipset එකේ සිට ඉදිරි Versionවල Chipset සම්පූර්ණයෙන්ම Google සමාගම විසින්ම සැළසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට සුදානම් බවට තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ ඔස්සේ මේ Google Tensor G4 Chipset එක භාවිත වන Google Pixel Series එකේ මිල ගණන් යම්තාක් දුරට ඉහළ යා හැකි බවත් දක්වන්න පුලුවන්. මීට අමතරව Google Tensor G5 Chipset එක සඳහා TSMC සමාගම 3nm Manufacturing Process එකත් යොදා ගනු ඇතැයි වාර්තා වන තොරතුරුවලට අනුව දක්වන්න පුලුවන්.Google සමාගම මෙම වෙනස්කම් ඔස්සේ ඉදිරි Google Pixel Seriesවල කැපි පෙනෙන ආකාරයේ වැඩි දියුණු වීමක් අපේක්ෂා කරන්න පුලුවන්. මේ ඔස්සේ Google සමාගමට තම Pixel Series එකේ Devices සඳහා පෙරට වඩා වැඩි මැදිහත් වීමක් සිදු කිරිමේ හැකියාව ලැබෙනු ඇති අතර ඒ ඔස්සේ ඒ ඒ Devicesවල Performance සහ Efficiency වැඩි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.Sources:Gizmochina |
Android Gingerbread සහ ඊට පෙර නිකුත් කල Android සංස්කරණ සඳහා Google Sign-in පහසුකම සැප්තැම්බරයේ සිට ඉවතට | Android Version 2.3.7 සහ ඊට වඩා අඩු Android Version සහිත Devices සඳහා ඉදිරියේදී Google Apps සඳහා Sign වීමේදී "Username Or Password Error" ඇතිවිය හැකි බව Google සමාගම විසින් දැනුම් දෙනු ලබනවා.ඒ අනුව මෙය එලැඹෙන සැප්තැම්බර් 27 දින සිට බලපැවැත්වෙන බව Google සමාගම සඳහන් කර ඇත. එසේම Google සමාගම සඳහන් කරන්නේ පවතින Android Apps සහ මෙහෙයුම් පද්ධතිය අවම Android 3.0 Honycomb දක්වා හෝ Update කළයුතු බවයි.මෙම අපහසුතාවය Gmail, Google Search, Youtube වැනි Google Application සදහා Sign - in වීමේදී පැන නැගිය හැකි බවත් නමුත්, Google පරිශීලකයන්ට Web Browser එක හරහා සම්බන්ධ වීමේදී අපහසුතාවයක් ඇතිවන්නේ නැතැයි Google සමාගම තවදුරටත් සඳහන් කර තිබෙනවා.පරිශිලකයන්ගේ දත්තවල ආරක්ෂාව සහ පරිශීලක ගිණුම්වල ආරක්ෂාව සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගැනීමට බලාපොරොත්තු වන බවත් මේ පිළිබඳව මේ වන විටත් අදාල පරිශීලකයන් Email මගින් දැනුවත් කර ඇති බවත් Google සමාගම විසින් දක්වා තිබෙනවා. සමස්තයක් වශයෙන් සැලකිමේදි Android 2.3.7 Version පරිශීලකයන් සිටින්නේ ඉතා සුළුු ප්‍රමාණයක් වෙනවා.එම Email පණිවිඩය "Warning" ආකාරයේ Email පණිවිඩයක් වන අතර හැකි ඉක්මනින්ම අදාල මෘදුකාංගයෙන් ඉවත් වන ලෙස හෝ අදාල උපකරණය ඉවත් කරගන්නා ලෙස Google සමාගම එහිදී දැනුවත් කර ඇත.සැප්තැම්බර් 27 දිනයෙන් පසු අදාළ පරිශීලකයින් විසින් Google, Youtube, Gmail, Google Map, Google Drive සඳහා Resign වීමේදී, නව ගිණුමක් නිර්මාණය කිරීමේදී හෝ Factory Reset කිරීමෙන් පසුව, Account Setting සිදුකිරීමේදී මෙම "Username Or Password Error" අපහසුතාවය පැන නගිනු ඇත.Source-Gadgets 360,Android Community |
Microsoftලාගේ පළමු Foldable Android දුරකථනය - Microsoft Surface Duo | Surface Duo සමගින් Microsoft ආයතනයත් Foldable Dual Screen දුරකථන සදහා තරගයක් ලබා දෙන්න දැන් එකතු වෙනවා. ඔවුන් කියන විදිහට Microsoftලාගේ First Android Device එක වෙන්නේ මේ Surface Duo Phone එක. ඒ වගේම මේ Surface Duo Device එක සමගින් Google Play Store හි පවතින සැම Android App එකක්ම Use කරන්න පුලුවන්.ඒ වගේම සාමාන්‍ය Smartphone එකකින් කල හැකි Call & Sms සිට Tablet එකකින් කල හැකි සියල්ලද මේ Surface Duo මගින් ඉතා පහසුවෙන් සිදු කල හැකියි.Official Introduction Video එකBODY & DESIGNමේ Device එකේ 145.2 mm දිගකින් යුතු වනවා.හකුලා තිබෙන විට දි 93.3 mm පළලකින් ද විවෘත අවස්ථාවේදී 186.9 mm පළලකින් ද යුතු වනවා.හකුලා ඇති විට 9.9 mm ඝනකමකින් ද විවෘත අවස්ථාවේ දි 4.8 mm ඝණකමකින් යුතු වනවා. මෙය 250g බරකින් යුක්තයි. ඒ වගේම USB-C® 3.1 Port එකකින් සමන්විත වෙනවා.මෙය අපිට මිලදි ගන්න පුලුවන් වෙන්නේ නම් Glacier කියන Colour එකෙන් විතරයි.DISPLAYමේ Device එක සදහා භාවිතා කර තිබෙන්නේ PixelSense™ AMOLED Display දෙකක්. ඒ වගේම Corning Gorilla® Glass 5 Display Protection එකක්ද ලබා දිලා තියෙනවා.මෙය හකුලා ඇති විටදි Single PixelSense™ අගල් 5.6ක Display එකක් ද විවෘත ව ඇති විටදි Dual PixelSense™ අගල් 8.1ක සම්පුර්ණ Display Size එකකින් සමන්විත වෙනවා.හැකුලු අවස්ථාවේ දි 1800×1350 Resolution එකක් හා විවෘත අවස්ථාවේ 2700x1800 Resolution එකක් ලබා දිමට මේ Displayවලට හැකියාව තිබෙනවා.ඒ වගේම මේ සැම විටම මෙහි PPI අගය වන්නේ 401 ක්.PLATFORMමෙය Qualcomm® Snapdragon™ 855 Processor එකකින් බල ගැන්වෙන අතර DRAM හා UFS 3.0 Storage එක මගින් අපිට Smooth User experience එකක් ලබා දිමට සමත් වෙනවා.මේකත් එක්ක එන Microsoft Built-in Applications වෙන්නේ;Microsoft Office (Word, Excel, PowerPoint, Office Lens, PDF Reader, and more)Microsoft OutlookMicrosoft TeamsMicrosoft OneDriveMicrosoft EdgeMicrosoft OneNoteMicrosoft To DoMicrosoft NewsMicrosoft AuthenticatorMicrosoft Bing SearchIntune Company PortalLinkedInMicrosoft Solitaire CollectionSurface Audioඅනිත් preinstalled apps වෙන්නේ;Google SearchGoogle AssistantGoogle CalendarGoogle DriveGoogle DuoGoogle PhotosGoogle Play Movies & TVGoogle Play StoreGoogle MapsChromeGmailYouTubeYouTube MusicContactsMessagesPhoneFilesClockCalculatorSound recorderAndroid™ 10 සංසරණය මත පදනම් වු OS එකකින් තමා මේ Device එක ක්‍රියාකරන්නේMEMORYSurface Duo Device එක 6GB RAM එකක් සහිතව වෙළදපොලට පැමිණෙන අතර 128GB හෝ 256GB Internal Storageවලින් මිලදි ගැනිමට හැකියි.CAMERA (Single Lens)මෙහි Front & Rear Camera විදිහට එකම Camera එකක් Use වෙන්නේ.මේ සදහා මොවුන් 11MP f/2.0 අගයක් සහිත අංශක 84° ක Wide lens එකක් භාවිත කර තිබෙනවා. ඒ වගේම මෙයට AI තාක්ෂණයත් ඇතුලත් කර තිබෙනවා.මේ Lens එක Auto Mode එකකින් යුතු වන අතර සාමාන්‍ය මට්ටමේ Low Light Performance එකක් බලාපොරොත්තු විය හැකියි. මිට අමතරව HDR Multi-frame Photo Capture කිරිමේ හැකියාව ද Dynamic Range Scene Detection කිරිමේ හැකියාව පවතිනවා. ඒ වගේම 7X දක්වා Super zoom පහසුකමින් සමන්විත වෙනවා. මේ Single Lens එක මගින්ද හොද Portrait Photo එකක් ගැනිමේ හැකියාව ලබා දිලා තියෙනවා.සාමාන්‍ය Smartphone Cameraවක් ඇති අනිත් සියලු Featuresවලින් මෙම Cameraව සමන්විත වෙනවා.30 & 60 fps Formatවලින් 1080p Video Recoding කිරිම වගේම 30 & 60 fps Formatවලින් 4K video Recoding කිරිමේ හැකියාවත් ලබා දිලා තියෙනවා.ඒ වගේම Video Stabilization සදහා Gyro-based Digital Video Stabilization එකකින් සමන්විත වෙනවා.SOUNDDual Mono Speaker & Dual Mic setup එකකින් සමන්විත වන අතර Noise suppression & Echo cancellation පහසුකම්වලින් Mic සමන්විත වෙනවා.BATTERY3577 mAh Non-Removable Dual Battery එකකින් සමන්විත යන අතර 18W fast Charging USB Type C Charger එකක් ලබා දිලා තියෙනවා.ඔවුන් සදහන් කරන විදිහට දින 10ක Standby Time එකක් ද පැය 15.5 Video Playback Time එකක් ද පැය 27 Talk Time එකක් ද මේ Battery එක මගින් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.FEATURESමෙහි Side Mounted Fingerprint Reader එකක් ඇතුලත් කරලා තියෙනවා.ඒ වගේම Bluetooth® 5.0 සහය දක්වනවා.Dual SIM විදිහට පාවිච්චි කරන්න පුලුවන් අතරම මෙහි එක SIM එකක් eSIM එකක් වනවා.මෙහි ඇතුලත් Sensors විදිහටDual AccelerometerDual GyroscopeDual MagnetometerDual Ambient Light SensorProximity SensorHall SensorFingerprint Sensorහදුන්වන්න පුලුවන්.ඒ වගේම මේ Surface Duo එකට Surface Slim Pen, Surface Pen හා Surface Hub 2 Pen Support කරනවා. එමෙන්ම Simultaneous Pen හා touch are support කරනවා.මෙය $1399.99 සිට ඉහලට මිලදි ගන්න පුලුවන්. |
ඔබගේ කටහඬින්ම tweet කරන්න Voice Tweets, Twitter සමාගම විසින් හඳුන්වා දෙයි | අද Twitter සමාගම විසින් Twitter එකට අළුත් feature එකක් හඳුන්වා දුන්නා. මේ අළුත් feature එක හරහා tweepsලට, එහෙම නැත්තම් Twitter පරිශීලකයන්ට පුලූවන් මෙච්චර දවස් එයාල අකුරු 280කින් කරපු වචන හරඹය, තමන්ගේ කටහඬින්ම Twitter අවකාශයට උපරිමය තප්පර 140ක කාලයක් තුල මුදා හරින්න. 140 කියනකොට මතක් උනේ, ඉස්සර Twitter එකේ තිබ්බෙත් අකුරු 140ක සීමාවක්, පසුකාලීනව ඒක අකුරු 280ක් දක්වා වැඩි උනා.මේ පිළිබඳ නිවේදනය කරමින් Twitter සමාගම ඔවුන්ගේblog අඩවියේසටහනක් තැබුවේ පහතාකාරයෙනි.Twitter is where you go to talk about what's happening. Over the years, photos, videos, gifs, and extra characters have allowed you to add your own flair and personality to your conversations. But sometimes 280 characters aren't enough and some conversational nuances are lost in translation. So starting today, we're testing a new feature that will add a more human touch to the way we use Twitter - your very own voice.ඊට අමතරව Twitter එකේ නිල Twitter ගිණුම විසින් පහත ආකාරයෙන් Voice Tweets එලි දැක්වීම නිවේදනය කර තිබුනා.You can Tweet a Tweet. But now you can Tweet your voice!Rolling out today on iOS, you can now record and Tweet with audio.pic.twitter.com/jezRmh1dkD— Twitter (@Twitter)June 17, 2020ඊට අමතරව Twitter Support ගිණුම තුලින් Twitterහි ප්‍රථම Voice Tweet එක tweet කර තිබුනේ පහත අයුරිනිHear us out: we're testing a new way to start a conversation.pic.twitter.com/sZTHwyqaIF— Twitter Support (@TwitterSupport)June 17, 2020කොහොමද Voice Tweet එකක් දාන්නේ?මං මගේ tweet account එකෙන්ම ගත්තා screen record එකක් ඔයාලට තවත් ලේසි වෙන්න. ඒක GIF එකක් විදොහට හදලා ඔන්න දැම්මා.ඉතිං ඔය විදිහට ඔයාට දෙන්න තියෙන පණිවිඩය තප්පර 140ක්, එහෙමත් නැත්තම් විනාඩි 2යි තප්පර 20ක කාලයක් ඇතුලත ඔයාට ලබා දෙන්න පුළුවන්. මේ විදිහට දාපු Voice Tweet එකක් play කරලා, ඒ tweet එක play වෙන අතරතුරේදී ඔයාට පුළුවන් වෙනදා වගේම ඔයාගේ Time Line එකේ පල්ලෙහාට යන්න.දැනට Voice Tweets iOS වලට පමණක් නිකුත් කරල තියෙන අතර, සීමිත ප්‍රමාණයකට පමණක් නිකුත් කර ඇත.මගේ එකේ නෑනේ. ?— Dulaj Mendis ?? (@DulajMendis)June 17, 2020එක් tweep කෙනෙකුන් විසින් තමන්ට Voice Tweets ලැබී නැති බවට දන්වමින් මැසිවිලි නගමින් දැමූ Tweet එකක්.මීට අමතරව මේ අළුත්ම feature එක ගැන ශ්‍රී ලාංකීය Tweepsලා අතර ඇති මතය මේ ආකාරයෙන් ඔවුන් තම Twitter අවකාශයට මුද හැර තිබුණේ පහතයුරිනි.#VoiceTweetවල දෙපැත්තක් තියෙනවා.* ට්විටර් වල මෙච්චරකල් text වලින් interact වෙච්ච ජීව ගුණේ අප්සැට් වේවි කියලා හිතෙනවා.* හැබැයි අර කැමරාව ඇගිල්ලෙන් වහගෙන කලුපාට විඩියෝ එකක් විදිහට සිංදු කියපු අයට මේ Option එක ප්‍රයෝජනවත් වේවි හැබැයි.බලං ඉමු මොකද වෙන්නෙ කියලා.— RasikaIink ❁ (@RasikaIink)June 17, 2020Keyboard වීරයන්ට කෙල වෙනවා නේද? ?#VoiceTweetsහැමෝටම— සුලා ??? (@Sulaksh7)June 17, 2020ගෙවල් වලට වෙලා කීබෝඩ් එකෙන් පොර ටෝක් දෙන, මීටප් ආවම වචනයක් කතා කරන්නැති උන්ට ඉන්ටරැක්ට් වෙන්න හොඳ ඔප්ශන් එකක්#VoiceTweet— ටෝකා® ? ?? (@TheToka920)June 17, 2020එයා බැනලා දැම්මත් වොයිස් එකට ආදරේ හිතෙයිද?#VoiceTweetsහැමෝටම— සුලා ??? (@Sulaksh7)June 17, 2020මීට අමතරව අපේ ලංකාවේ Tweepsලා ඔන්න සුපුරුදු විදිහට#VoiceTweetsහැමෝටමhash tag එකක් ගහල time line එක හාන්න අරගෙන. ඔයාලටත් ගිහිං බැලුවොත් උඩ තියෙන Tweets වලට අමතරව ගොඩක් tweets බලාගන්න පුලුවන්.නුදුරේදීම සේරම Twitter usersලාට, iOS, Android, iPadOS සහ අනෙකුත් මෙහෙයුම් පද්ධති භාවිතා කරන Voice Tweets ලබා දෙන බව Twitter සමාගම නිවේදය කරල තිබ්බා.මේ Article එක ලියන මගේ නම් අදහස, මේ අළුත්ම feature එක ගොඩක් හොඳයි, ඒත් ඒක පිළිවෙලකට, නියම විදිහට අවශ්‍ය අවස්ථාවට භාවිතා කරන්න. නැත්තම් Twitter කේ ජීව ගුණය නැති වෙලා තවත් Facebook එකක් වගේ වෙයි.Source:Twitter Blog |
Realme සිය Bands, Watch, Buds Air Neo, Power Bank 2 යුරෝපයට ගෙන එයි | අද European event අතරතුර, Realme ඔව්න්ගේ නව දුරකථන දෙකක් එලිදක්වන ලදී. ඒ සමඟම Realme Band, Watch, Buds Air Neo and the Power Bank 2 හි European rollout පිළිබඳ විස්තර අපට ලැබුණි.Realme Watch හි මිල €54.99 (රු.11,235.60) ලෙසත් Band හි මිල €24.99 (රු.5,105.97) ලෙසත් Buds Air හි මිලෙන් අඩු (budget variant) වන Buds Air Neo €39.99 (රු.8,170.78) ක මිලකටත් වෙළඳපොලට නිකුත් වේ. මේ සමඟම නව Realme Power Bank 2 හි මිල €24.99 (රු.5,105.97) ලෙසත් මිල කර ඇත.සියළුම නිෂ්පාදන ජුනි 22, පෙ.ව. 10.00 සිට ලබා ගත හැකි අතර මුල් මිලදීගැනීම් සඳහා විශේෂ ත්‍යාග පිරිනැමෙනු ඇත, නමුත් ඒවා පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැත. |
Samsung Galaxy ජංගම දුරකතන අලෙවි ආදායමෙන් අඩකටත් වඩා වැඩි කොටසක් හිමි කර ගැනීමට Galaxy A මාදිලිය සමත් වේ | පසුගිය දා නිකුත් කරන ලද Counterpoint Research Report එකට අනුව Samsung සමාගමේ සියලු Smart Phones Series අභිබවා යමින් Galaxy A Series එක ජනප්‍රියතම මෙන්ම වඩාත්ම අලෙවි වු Smart Phone Series එක බවට පත්ව තිබෙනවා. Galaxy A Series එකේ අලෙවිය අනෙක් Samsung Series සියල්ලේම අලෙවියට ආසන්නව සමාන වෙනවා.ඒ අනුව Samsung සමාගමේ වඩාත්ම ජනප්‍රිය Smart Phone Series එක Galaxy A Series එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. එමෙන්ම Samsung සමාගමේ අනෙක් Smart Phone Series වෙන Galaxy S Series හා Galaxy M Series Smart Phonesවල අලෙවිය 58%ක් පමණ වෙන අතර සමාගමේ මුලු Smart Phone අලෙවියෙන් 42%ක් ම Galaxy A Series Smart Phones වෙනවා.පසුගිය වසර තුල Galaxy A Series එක ගෝලිය වශයෙන් මෙන්ම බටහිර සහ නැගෙනහිර යුරෝපය, ලතින් ඇමරිකානු කලාපය සහ මැද පෙරදිග අප්‍රිකාව යන කලාප තුලත් ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.Samsung සමාගම විසින් මේ වසරේදි ඔවුන්ගේ නවතම Galaxy A53 5G හා A73 5G Smart Phones නිකුත් කීරිමට සුදානමින් සිටින අතර මේ Smart Phones Upper Mid Range Devices ලෙස නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම Galaxy A73 5G Device එකට Xiaomi, Redmi, Oppo, හා වෙනත් Chinese Smart Phones සදහා හොද තරගයක් ලබා දෙන්න හැකියාව ලැබෙයි කියාත් බලාපොරොත්තු වෙන්න පුලුවන්.Source:Gizmochina |
Apple සමාගම විසින් එතෙක් මෙතෙක් නිකුත් කල බලයෙන් වැඩිම පරිගණක චිප්සෙට් එක ලෙසින් M1 Ultra chipset එක එලිදැක්වීමට කටයුතු කරයි | Apple සමාගම විසින් මීට මාස කිහිපයකට පෙර නව MacBook Pro මාදිලියේ notebooks මාදිලි දෙකක් සමඟින්M1 Pro සහ M1 Maxනමින් නව chipset ද්විත්වයක් හදුන්වාදෙනු ලැබුවා. එම එලිදැක්වීමෙ අනතුරුව Apple සමාගම විසින් මෙවර පැවති Peek Performance event එක හරහා M1 Ultra නමින් නව chip එකක් හදුන්වා දෙනු ලැබුවා. මුලදී හදුන්වා දෙනු ලැබූ M1 chipset වලට වඩා මෙය බලවත් වන අතර Mac Studio නම් වන Apple සමාගමේ නව පරිගණකය බල ගැන්වෙන්නේ මේ chipset එක හරහාය. (Mac Studio පිළිබඳ ලිපිය මේ ලිපියට පසුව බලාපොරොත්තු වන්න)Apple සමාගම විසින් මෙම එලිදැක්වීමේදී සඳහන් කල ආකාරයට මෙම නව M1 Ultra chipset එක නිපදවීම සඳහා ඔවුන් විසින් UltraFusion architecture නම් වන Apple සමාගමේම නව තාක්ෂණයක් භාවිතා කර ඇති අතර ඒ හරහා ඔවුන්ට පහසුවෙන්ම M1 Max මාදිලියේ chipset දෙකක් එක chipset එකක් බවට පත් කරගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම මේ හරහා M1 Max chipset දෙකක් එකට එකතු කිරීම මඟින් ගිගාබයිට් 8ක unified memory එකක්ද M1 Ultra chipset එක සඳහා හිමිවනවා.මේ M1 Ultra chipset එක ට්‍රාන්සිස්ටර්ස් බිලියන 114කින් සමන්විත වන අතර තප්පරයට ගිගාබයිට් 800ක memory bandwidth එකකින්ද, තප්පරයට ටෙරාබයිට් 2.5ක inter processor bandwidth එකකින්ද සමන්විත වනවා.Cores 20කින් සමන්විත මේ චිප්සෙට් එකේ high-performance cores 16ක්ද, high-efficiency cores 4ක්ද සමන්විත වනවා. M1 Ultra සතුව cores 32කින් යුතු Neural engine එකක් මෙන්ම cores 64කින් යුතු GPU එකකින් සමන්විත වනවා. මෙය M1 chipset එක හා සසදා බැලීමේදී M1 chipset එක මෙන් 8 ගුණයක් වේගවත් GPU performance එකක් ලබාදෙනු ලබනවා.මෙම නව චිප්සෙට් එක hardware-accelerated H.264 HEVC, ProRes සහ ProRes RAW සඳහා සහය දක්වනු ලබනවා. මේ සියල්ලම හැසිරවීම සඳහා මේ චිප්සෙට් එක video decode engine දෙකක්, video encode engine හතරක්, වෙනම පවතින ProRes encode/decode හතරක් යන දෑවලින් බලගැන්වෙනවා.මීට පෙර නිකුත් වූ M1 chipset මෙන්ම M1 Ultra chipset එකද අඩු වොට් සංඛ්‍යාවක් යටතේ වැඩි බලයක් ලබා දිය හැකි චිප්සෙට් එකක් වනවා මෙන්ම වොට් 100 කට අඩු බලයක් භාවිතා කරමින් මෙම චිප්සෙට් ඉතාමත් හොදින් තම performances දැක්වීමට සමත් වනවා.මීට පෙර සඳහන් කල ආකාරයට M1 Ultra chipset එක Apple සමාගමේ නවතම පරිගණකය ලෙස එලිදැක්වූ Mac Studio නම් Mac පරිගණකය බල ගන්වනු ලබනවා. Apple සමාගම විසින් අද දිනයේදී එලිදැක්වූ Mac Studio පරිගණකය, Apple Studio Display සහ M1 iPad Air එක පිළිබඳව තොරතුරුද හැකි ඉක්මනින් ඔබවෙත ගෙන එන්නම්.Source: Peek Performance event |
Axon 30 5G දුරකතනය සඳහා 120Hz display එකක් සහ second-gen under-display කැමරාවක් යොදාගන්න බව ZTE තහවුරු කරයි | ZTE සමාගම විසින් පසුගිය වසරේදිලොව ප්‍රථතම Under Display Camera Setup එකක් සහිත ZTE Axon 20 5G Smart Phoneඑක නිකුත් කිරිම සිදු කරනු ලැබුවා. මේ වෙන විට ZTE සමාගම විසින්2nd Gen Under Display Camera Setupඑකක් සහිත ඔවුන්ගේ මිලග Smart Phone එක වෙන ZTE Axon 30 5G Smart Phone එක පිළිබඳව මේ වෙන විට කටයුතු කරමින් ඉන්නවා.මේ 2nd Gen Under Display Camera Technology එක සදහා ZTE සමාගම විසින් මුලික වශයෙන් Under Display 3D Structured Light Technology එක යොදා ගනු ලබන අතර Under Display Camera Setup එක සහිත ප්‍රදේශයේ Pixel ප්‍රමාණය 400 ppi දක්වා වැඩි කිරිමටත් නියමිතයි. මේ මගින් එම ස්ථානයේ Camera Setup එකක් අඩංගු කර තිබෙන බවට හදුනා ගැනිම ZTE Axon 20 5G Device එකට වඩා අපහසු වෙනු ඇත.ඒ වගේම මේ Smart Phone එක සදහා 120Hz Display Refresh එකක් සහිත 1080p Display එකක් ලබා දෙනු ඇති බවටත් තොරතුරු පල වෙනවා.දැනට තිබෙන නිල නොවන තොරතුරුවලට අනුව මේ 2nd Gen Under Display Camera Technology එක සහිත ZTE Axon 30 5G Smart Phone එක මේ මස 22 වෙනිදා නිකුත් කරනු ඇති බවත් දක්වන්න පුලුවන්. කෙසේ වෙතත් බොහෝ විට ඉදිරි දින කිහිපය තුල ZTE සමාගම විසින් මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරනු ඇත.Source :Gsm Arena |
Two Popes, Bird Box, සහ තවත් Movies & Tv Series කිහිපයක් නොමිලයේ නැරඹීමට අවස්ථාව Netflix විසින් ලබා දෙයි | Netflix කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය තත්වයට පත්වු Video Streaming සේවාවක්. ඔවුන්ගේ ජනප්‍රියත්වය තවත් වැඩිකර ගැනිමේ අරමුණින් Netflix විසින් ලොව පුරා සිටින තවමත් Netflix භාවිතා නොකරන පරිශිලකයන් ඉලක්ක කර ගනිමින් මේ වන විට තෝරාගත් Movies & Tv Series කිහිපයක් නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දි තිබෙනවා.නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබා දි ඇති Movies & Tv Series පහතින් දැක්වෙනවා. ඒ වගේමමෙතනින්ඔබට ඒවා නැරඹීමට හැකියි.Stranger ThingsMurder MysteryEliteThe Boss Baby: Back in BusinessBird BoxWhen they See UsLove is BlindThe Two PopesOur PlanetGrace and FrankieWatch Free TV Shows and Movies | Watch Netflix for FreeNetflix shows and movies have everything you’re looking for–from comedies to sci-fi, dramas to documentaries and so much more. Sample some of our favorites now for free.Stranger ThingsTv Series සදහා නම් පළමු Episode එක පමණක් මෙලෙස නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දි තිබෙන අතර Movies සදහා නම් එලෙස සිමාවක් පණවා නැ. නමුත් Movies නැරඹීමේ දි Skip කල හැක තත්පර 30 ක වෙළද දැන්විම් පෙන්විම නම් සිදු වනවා. එමෙන්ම මේ Movies & Tv Series Netflix Android හෝ iOS App මගින් නම් නැරඹීමට හැකි වෙන්නේ නැ. මේ Movies & Tv Series නැරඹීමට හැකි වෙන්නේ Web Browsers මගින් පමණක් බව ඔවුන් දක්වලා තියෙනවා.ඒ වගේම මෙලෙස Original Content නොමිලේ නැරඹිට දුන් පළමු අවස්ථාව මෙය නොවන අතර එවම ලබා දිම් යම් යම් ප්‍රදේශවලට පමණක් සිමා විය. නමුත් ලොව පුරා සිටින පරිශීලකයන්ට ලියාපදිංචි නොවි Original Content නැරඹීමට හැකියාව ලබා දුන් පළමු අවස්ථාව ලෙස මෙය සදහන් කරන්න පුළුවන්.Source:Netflix&MobileSyrup |
ඉතාමත් හොඳ battery life එකක් ලබා දෙන බැටරියක් නිර්මාණය කිරීම සඳහා ජපාන ආයතනයක් සමත් වේ | වර්තමානයේ සැම Smartphone නිෂ්පාදකයෙකු මෙන්ම ඔවුන්ගේ Smartphones වල Battery Life එක පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙනවා. ඒ අනුව ඔවුන් විසින් මේ වෙන විට වැඩි Capacity සහිත Battery, Fast Charging Technology මෙන්ම වෙනත් විවිධ විවිධ Technologies හදුන්වා දෙමින් සිටිනවා.සමාන්‍යයෙන් Smartphone එකක Battery Capacity එක කාලය ගත විමත් සමග ඒවාගේ මුල් Battery Capacity එකෙන් යම් ප්‍රමාණයක් අඩු වෙන බවත් සමාන්‍යයෙන් බොහෝ Smartphone වල පළමු වසර තුලදි ඒවාගේ Battery Capacity එකෙන් 1/5ක පමණ ප්‍රමාණයක් අහිමි වි යනු ලබනවා. ඔබ iPhone User කෙනෙක් නම් ඔබට ඔබගේ Battery Capacity එක Battery Health ආකාරයෙන් දැන ගැනිමට Apple ආයතනය විසින් හැකියාව ලබා දි තිබෙනවා.මෙලෙස කාලය ගත විමත් සමග Battery Capacity එක අඩු විම පිළිබඳව පර්යේෂණ කරමින් සිටින ජපාන උසස් විද්‍යා හා තාක්ෂණ ආයතනයේ (JAIST) පර්යේෂකයන් පිරිසක් විසින් වසර පහක් දක්වා Battery Capacity එක මුල් තත්වයේම (95% දක්වා) පවත්වා ගැනිමට උපකාරි වෙන Revolutionary Material එකක් පිළිබඳව සොයාගෙන තිබෙනවා.වර්තමානයේ පවතින සැම Battery එකක්ම මෙන්ම Battery ආරෝපණ වාර 500කට පමණ පසුව එහි Battery Capacity එකෙන් 40%ක් පමණ අඩු වි යන අතර මේ සදහා Battery වල අභ්‍යන්තරයේ පවතින Binder Materialවල ක්‍රියාකාරිත්වය ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. දැනට භාවිත වෙන Battery වල මේ Binder Material එක ලෙස බොහෝ විට භාවිත වෙනු ලබන්නේ Polyvinylidene Fluoride (PVDF) වෙන අතර මේවා භාවිත වෙන Battery වල ආරෝපණ වාර 500කට පසුව Battery Capacity එක 35% කින් පමණ අඩු විම සාමාන්‍යයෙන් සිදු වෙනවා.මහාචාර්ය නොරියෝෂි මට්සුමිගේ (Noriyoshi Matsumi) ගේ ප්‍රධානත්වයෙන් යුතු JAIST පර්යේෂණ කණ්ඩාම විසින් මෙලෙස Battery Capacity එක අඩු වි යාමට ප්‍රධාන වශයෙන් හේතු වෙන Binder Material සදහා යොදා ගත හැකි නව Binder Material එකක් සොයා ගෙන ඇති අතර ඒ ඔස්සේ කරන ලද පර්යේෂණ මගින් ආරෝපණ වාර 1700කට පසුවද Battery Capacity එක 95%ක තත්වයේ පවත්වා ගැනිමට මේ නව Binder Material එක සමත් වු බවට ඔවුන් පෙන්වා තිබෙනවා.මෙලෙස ඔවුන් නව Binder Material එක ලෙස භාවිත කිරිමට හදුනාගෙන තිබෙන්නේ Bis-imino-acenaphthenequinone-Paraphenylene (BP) නම් ද්‍රව්‍යය යි. මේ නව Binder Material එක මගින් නිර්මාණය කරන ලද Battery වසර 05ක් දක්වා ඉතා කාර්යක්ෂම ලෙස භාවිත කල හැකි වෙනු ඇති බව මොවුන් විසින් පෙන්වා දි තිබෙනවා.මෙම පර්යේෂණ කණ්ඩායම විසින් Smartphone Brand සමග කටයුතු කිරිමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඒ මගින් ඉදිරි අනාගතේයේදි Smartphone Battery Technology එකේ මෙන්ම වෙනත් තාක්ෂණික උපාංගවල Battery Technology එකේත් විශාල පෙරලියක් මේ සමග අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.ඒ වගේම ඔබට මතක ඇති මීට පෙර අපි ඔබව දැනුවත් කලවිකිරණශිලි අපද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කල වසර 28000ක් පමණ භාවිත කල හැකි Self Charging Battery එකගැනත්.Source :Gizmochina |
Samsung සමාගම විසින් Next Generation Galaxy S22 Series එක එළිදැක්විමට කටයුතු කරයි | ලොව පුරා Samsung රසික රසිකාවියන් නොඉවසිල්ලෙන් බලා සිටි The Epic Standard Galaxy Unpack Event එක ඊයේ දිනයේදි පැවැත්වුණා. මෙහිදි Samsung සමාගම විසින් ඔවුන් මෙතෙක් එළිදැක්වු The Most Noteworthy S Series එක නිල වශයෙන් එළිදැක්විම සිදු කරනු ලැබුවා.Samsung සමාගම විසින් ඊයේ නිල වශයෙන් එළිදැක්විමට කටයුතු කරනු ලැබු මේ Galaxy S22 Series එක ගැන අපි දැන් බලමු.Galaxy S22 Series එක යටතේ Galaxy S22, Galaxy S22 Plus සහ Galaxy S22 Ultra ලෙසින් Devices තුනක් එළිදැක්වීමට Samsung සමාගම විසින් කටයුතු කරනු ලැබු අතර මේ Devices Phantom Black, Phantom White, Green, Pink Gold සහ Burgundy යන Coloursවලින් මිලදි ගැනිමේ හැකියාව ලැබෙනවා.Galaxy S22 & Galaxy S22 PlusDesign & Displayමේ Galaxy Devices දෙකම එකම Design එකෙන් සමන්විත වෙන අතර Galaxy S22 Device එක අගල් 6.1ක Display එකකිනුත් Galaxy S22 Plus Device එක අගල් 6.6ක Infinity O Display එකකිනුත් සමන්විත වෙනවා. Devices දෙක සදහාම Samsung සමාගම විසින් 120Hz Display Refresh Rate එකෙන් හා Vision Booster Technology එකෙන් සමන්විත FHD+ Dynamic AMOLED 2X Display ලබා දි තිබෙනවා.එමෙන්ම මේ Devices නිෂ්පාදනය සදහා Samsung සමාගම විසින් ඔවුන්ගේ ශක්තිමත්ම Armor Aluminum Frame හා නවතම Corning Gorilla Glass Victus+ මේ Devicesවල Display එක සදහා යොදා ගෙන ඇති අතරම සම්පූර්ණයෙන්ම Water Resistance වෙනවා.Processor & Storageමුළු Galaxy S22 Series එක සදහාම Samsung සමාගම විසින් ඔවුන්ගේ Exynos 2200 Chipset එක සහ Snapdragon 8 Gen 1 Chipset එක යොදා ගෙන තිබෙන අතර ඔවුන් විසින් තෝරාගත් කලාප අනුව ඒ ඒ Chipset එකෙන් යුතු Devices නිකුත් කරනු ඇත. ඔවුන් විසින් මේ Galaxy S22 Series එක සදහා භාවිත කරන Chipset එක මෙතෙක් Galaxy Devices එකක භාවිත වු වේගවත්ම 4nm Chipset එක වෙනවා.Galaxy S22 සහ Galaxy S22 Plus Devices 8GB RAM එකකින් යුතුව 128GB හෝ 256GB යන Storage Optionsවලින් මිලදි ගන්න පුලුවන්.CameraGalaxy S22 සහ Galaxy S22 Plus Devices දෙක සදහාම එකම Camera Setup එක ලබා දෙන්න Samsung සමාගම විසින් කටයුතු කර තිබෙනවා. මේ Devices සදහා 12MP Ultrawide Camera එකක්, 50MP Wide Camera එකක් හා 10MP Telephoto Camera එකක් ලබා දි තිබෙන අතර Devices දෙක සදහාම 10MP Front Camera Setup එකකුත් ලබා දි තිබෙනවා.මේ Galaxy S22 Devices දෙක සදහාම Super Resolution Photos ගැනිමේ හැකියාව, 100X දක්වා වු Space Zoom පහසුකම, Photo Remaster, Object Eraser, Pro Video හා Director View ආදි වැදගත් Camera Features රැසක් අමතරව ලබා දි තිබෙනවා.Battery & ChargingGalaxy S22 Device එක සදහා 3700mAh Battery Capacity එකකුත් Galaxy S22 Plus Device එක සදහා 4000mAh Battery Capacity එකකුත් ලබා දි තිබෙන අතරම මේ Devices දෙකම 25W Fast Charging සදහා සහය දක්වනු ලබනවා. එමෙන්ම මින් Galaxy S22 Plus Device එක 45W Super Fast Charging සදහා සහය දැක්වීම සිදු කරනවා. එමෙන්ම Wireless Power Share Feature එකත් මේ Devices සදහා ලබා දි තිබෙනවා.PriceGalaxy S22 Smart Phone එක 800$ පමණ මුදලක්ටත්, Galaxy S22 Plus Smart Phone එක 1100$ පමණ මුදලක්ටත් දක්වා තිබෙනවා.Galaxy S22 UltraDesign & DisplayGalaxy S Series Device එකක Design එකෙන් තරමක් වෙනස් වෙමින් Galaxy Note Series Device එකක Design එකට ආසන්න වෙමින් නව Design එකකින් යුතුව Galaxy S22 Ultra Device එක එළිදැක්විමට Samsung සමාගම කටයුතු කලා. 120Hz Display Refresh Rate එකකින් සමන්විත අගල් 6.8ක Vision Booster Technology එකෙන් සමන්විත QHD+ Dynamic AMOLED 2X Display එකක් මේ සදහා ලබා දි තිබෙනවා.Galaxy S22 Ultra Device එක නිෂ්පාදනය සදහා Samsung සමාගම විසින් ඔවුන්ගේ ශක්තිමත්ම Aluminum Frame හා නවතම Corning Gorilla Glass Victus+ මේ Device එකේ Display එක සදහා යොදා ගෙන ඇති අතරම සම්පූර්ණයෙන්ම Water Resistance වෙනවා.Processor & StorageGalaxy S22 Series එක සදහාම Samsung සමාගම විසින් ඔවුන්ගේ Exynos 2200 Chipset එක සහ Snapdragon 8 Gen 1 Chipset එක යොදා ගෙන තිබෙන අතර ඔවුන් විසින් තෝරාගත් කලාප අනුව ඒ ඒ Chipset එකෙන් යුතු Devices නිකුත් කරනු ඇත. ඔවුන් විසින් මේ Galaxy S22 Series එක සදහා භාවිත කරන Chipset එක මෙතෙක් Galaxy Devices එකක භාවිත වු වේගවත්ම 4nm Chipset එක වෙනවා.Galaxy S22 Ultra Device එක 8GB හෝ 12GB RAM Optionsවලින් මෙන්ම 128GB, 256GB, 512GB හෝ 1TB යන Storage Optionsවලින් මිලදි ගන්න පුලුවන්.Camera108MP Wide Camera එකකින්, 12MP Ultrawide Camera එකකින් සහ 10MP බැගින් වු Telephoto Camera Lenses දෙකින් යුතු Quad Camera Setup එකකින් මේ Device එක සමන්විත වෙනවා. Selfie Camera එක සදහා 40MP Camera Setup එකක් ලබා දි තිබෙනවා.Galaxy S22 Ultra Device එක සදහාත් Super Resolution Photos ගැනිමේ හැකියාව, 100X දක්වා වු Space Zoom පහසුකම, Photo Remaster, Object Eraser, Pro Video හා Director View ආදි වැදගත් Camera Features රැසක් අමතරව ලබා දි තිබෙනවා.S PenSamsung සමාගමේ Galaxy Note Series එක සදහා අනන්‍ය වු S Pen සහය පසුගිය වසරේ Galaxy S21 Series එක සදහා ලබා දෙනු ලැබුවා. Galaxy Note Series එක නවතා දැමිමෙන් පසු බොහෝ දෙනා බලාපොරොත්තු වු පරිදි Galaxy S22 Ultra Device එකත් සමග S Pen එක රදවා ගැනිමේ හැකියාව Note Series Device එකක ආකාරයටම ලබා දි තිබෙනවා.Battery & Chargingමේ Device එක සදහා 5000mAh Battery Capacity එකක් ලබා දි තිබෙන අතරම මෙය 45W Super Fast Charging සදහා සහය දැක්වීම සිදු කරන අතරම Wireless Power Share Feature එකත් ලබා දි තිබෙනවා.PriceGalaxy S22 Ultra Smart Phone එක 1200$ පමණ මුදලකට දක්වා තිබෙනවා.Source:Samsung |
Mac උපාංග සහ අනෙකුත් පරිගණක වෙත ChromeOS Flex නමින් ChromeOS එක නිල වශයෙන් ලබා දීමට කටයුතු කරයි | Google සමාගම විසින් ඔවුන්ගේ ලැප්ටොප් මෙහෙයුම් පද්ධතිය වන Chrome OS සඳහා නව සංස්කරණයක් හඳුන්වා දී තිබෙනවා, ඒ Chrome OS Flex යනුවෙන්.මෙම නවමු සංස්කරණය නිමවා ඇත්තේ පාසල් සහ කුඩා ව්‍යාපාර වෙනුවෙන් වන අතර විශේෂත්වය නම් එය officially PC සහ Mac පරිගණක සඳහා සහය දැක්වීමයි.මීට කලින්, පැරණි PC එකක හෝ Google විසින් අනුමත නොකරන ලද device එකක Chrome OS install කිරීමට නිත්‍යානුකුලව අවසර හිමි නොවුණ අතර, Linux OS එකක් හරහා, Chrome OS install කිරීම කළ හැකි වූවත් ඒ සඳහා Play Store සහය ලබා ගැනීම ප්රශ්නකාරී වුණා.එනම්, Google අනුමත නොකරන ලද device එකක Chrome OS හා Play Store භාවිත කිරීම ඔබේ Google ගිණුම අක්‍රිය කිරීමට හේතුවක් ලෙසයි Google සමාගම දන්වා තිබුණේ.මෙම නව Chrome OS සංස්කරණයත් සමඟ එම බාධා ඉවත් වනවා.Image: 9to5GoogleGoogle සමාගමට අනුව, Chromebook එකක් මත run කරන OS එකක් හා මේ සංස්කරණය අතර වෙනසක් නොදැනෙනු ඇති. එසේ වූවත්, ඇතැම් විශේෂාංග පරිගණකයේ දෘඩාංග (hardware) මත වෙනස් විය හැකි බවත් ඔවුන් දන්වා තිබුණා.ඔබට මෙම නව Chrome OS සංස්කරණය අත්හදා බැලීමට අවශ්‍ය නම්,Chrome Enterprise වෙබ් අඩවියෙන්ඒ සඳහා ලියාපදිංචි වී image එකක් බාගත කර ගෙන සාමාන්‍ය පරිදි USB boot එකක් කළ හැකියි.Installation. Image: GamingSymකෙසේ නමුත් මෙම OS එක තවමත් සංවර්ධන මට්ටමේ පවතින නිසා ඔබට බොහෝ bugs බලාපොරොත්තු වෙන්නට සිදු වේවි.Source:Chrome Enterprises |
TikTok app එක Amazon Fire TV හරහා Smart TV වෙත නිකුත් කිරීමට කටයුතු කරයි | මේ දවස්වල TikTok App එකට හැම තැනින්ම හිමි වෙන්නේ නම් හොද ප්‍රතිචාර නෙවෙයි. ඔයාලට මතක ඇති අපි කලින් ලිපි කිපයකින් TikTok Social Media platform එකට එල්ල වන බලැපැම් ගැන විස්තර ගෙනවා.ඒත් මේ News එකට අනුව නම් පෙනි යන්නේ ඔවුන් කිසිවිටෙකත් පසු බැස නොමැති බවයි.TikTok ඔවුන්ගේ Social Media Platform එක Smart Tv වෙතත් හදුන්වා දෙන්න කටයුතු කරල තියෙනවා. දැන් ඔවුන් Amazon Fire TV වෙත ඔවුන් TikTok App එක නිකුත් කරල තියෙනවා.ඒ වගේම තවමත් හදුන්වා දිමේ මට්ටමේ පවතින මෙය තුලින් දැනට ලබා දි ඇත්තේ Video නැරඹීමේ පහසුකම පමණයි. ඒ කියන්නේ තවම අපිට අපේ TikTok Account එක Access කිරිමට හෝ Videos Upload කිරිමට හැකියාව ලැබෙන්නේ නැ.Source: Business Insider |
WhatsAppහි Chat එකක් තුළ Message Pin කිරීමේ පහසුකමක් නුදුරේදීම | Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබටමේ ඔස්සේනැවත කියවිය හැකියි.දිගින් දිගටම WhatsApp සඳහා නව පහසුකම් හඳුන්වා දුන්නත් පරිශීලකයන් බොහෝ කලක සිට ඉල්ලූ පහසුකමක් ලෙස Message Pin කිරීම හඳුන්වාදිය හැකියි. WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරන පරිදි Meta සමාගම විසින් එම පහසුකම හඳුන්වාදීමට සූදානම් වනවා.ඉහත Screenshot එකෙහි දැක්වෙන පරිදි යම් කිසි Message එකක් මත Long Press කර සිටින විට මෙම Pin Icon එක දැකිය හැකිවනවා. එය Click කර පසුව Conversation එක තුල එම Message එක කොතරම් කාලයක් Pin විය යුතුද යන්න ලබාදිය හැකියි. මෙලෙස Message එකක් Pin කිරීමෙන් පසුව Chat Screen එකෙහි Header එකට පහළින් වෙනම Section එකක් ලෙස 📌 සළකුණත් සමඟ එම Messages දිස්වනු ලබනවා. එය මත Click කල පසු අදාළ Message එක Chat එක තුළ ඇති ස්ථානය වෙත ස්වයංක්‍රීයවම ගෙන යනු ලබනවා.තවද මෙම Message Pin කිරීමේ පහසුකම Group Chat වල මෙන්ම Private Chats වලද භාවිතා කිරීමට හැකිවීම විශේෂත්වයක්. මීට අමතරව ඉහත Screenshot එක තුලින් Attachment Menu එකෙහි Square Boxes සහ Rounded Edges සමඟ Re-Design කිරීමක්ද දක්නට ලැබෙනවා.මෙම විශේෂාංග තවමත් තෝරාගත් Beta පරිශීලකයන් කිහිපයක් සඳහා පර්යේෂණ මට්ටමේ ඇති අතර නුදුරේදීම සියලුම Android/iOS පරිශීලකයන් සඳහා බලාපොරොත්තු විය හැකියි.ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.Source:wabetainfo.com |
Android 13 මඟින් app එකෙන් app එකට භාෂාව වෙනස් කිරීමේ පහසුකමක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ | Android Operating System එක මේ වෙන විට ලොව භාවිත වෙන භාෂාවන් විශාල ප්‍රමාණයක් සදහා සහය දක්වනු ලබනවා. කෙසේ වෙතත් මේ වෙන විට Android Operating System එක තුල එක් විටක භාවිත කළ හැකි වෙන්නේ එක් භාෂාවක් පමණයි. එනම් Android Interface එක හා Device එකේ පවතින Apps සියල්ල බොහෝ විට එකම භාෂාව මත පදනම්ව ක්‍රියාත්මක වෙනු ලබනවා.වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Google සමාගම විසින් Android Operating System එක තුල එක විට භාෂා දෙකකින් හෝ කිහිපයක් භාවිත කල හැකි ආකාරයට Panlingual නම් නව Feature එකක් හදුන්වා දිමට කටයුතු කරමින් සිටින බව දක්වන්න පුළුවන්. ඒ අනුව මේ Feature එක මගින් Android Interface එකේ භාවිත වෙන භාෂාවට අමතරව ඔබට අවශ්‍ය Apps සදහා අවශ්‍ය භාෂාවක් භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා.මෙය සාමාන්යෙන් Android Interface එකේ භාවිත වෙන භාෂාවට අමතරව එදිනෙදා වැඩ කටයුතු සදහා වෙනත් භාෂාවක් භාවිත කරන පුද්ගලයින් සදහා අතිශය ප්‍රයෝජනවත් වෙනු ඇති අතර ඔවුන්ට අවශ්‍ය Apps සදහා එදිනෙදා භාවිත වෙන භාෂාව යොදාගෙන භාවිත කිරිමේ හැකියාව මේ මගින් ලැබෙනවා.මේ Feature එක තවමත් සංවර්ධනය කරමින් සිටින අතර බොහෝ විට Android 13 සමග ලැබිමේ හැකියාව පවතිනවා.Source :Android Authority,Android Police |
Google සමාගම විසින් Play Store සඳහා crowdsource ආකාරයට App install optimization පහසුකම හඳුන්වාදීමට සූදානම් වේ | පසුගිය වසර කිහිපය තුළම Google සමාගම විසින් Android Appsවල Size එක අඩු කිරිම පිළිබඳ කටයුතු කල අතර එහි ප්‍රතිඵලයක් විදිහට මේ වෙන විට අඩු RAM හා අඩු Internal Storage ඇති Smart Phones සදහා Google සමාගම විසින් ඔවුන්ගේ Android Go Edition එක හදුන්වා දිමට කටයුතු කරනු ලැබුවා. එලෙස හදුන්වා දුන්Google Go App එක Play Storeහි downloads මිලියන 500 සීමාව පසු කිරීමට සමත්වු බවත් අපි ඔබ වෙත පසුගිය දිනක වාර්තා කරනු ලැබුවා.මේ වෙන විට ලැබෙන නවතම තොරතුරුවලට අනුව Google සමාගම විසින් App Install Optimization Feature එක නමින් නව Feature එකක් Google Play සදහා හදුන්වා දිම පිළිබඳ කටයුතු කරමින් සිටින බවට Google සමාගම විසින් වාර්තා කර තිබෙනවා. මේ App Install Optimization Feature එක මගින් අපි අපේ Smart Phone එකේ Apps භාවිත කරන ආකාරය, එම Appවල භාවිත කරන Features ආදිය හදුනා ගන්නා අතර එම දත්තයන් මගින් අපි නැවත ඒ ඒ Apps භාවිතා කරන අවස්ථාවේදි ඉතා හොදින් ඉක්මනික් එම Apps ක්‍රියාත්මක කරවිමට හැකියාව අපේ Smart Phone එකට ලැබෙනු ඇත.මේ Crowdsourced Feature එක මගින් අපි අපේ Smart Phone එකේ Apps භාවිත කරන ආකාරයට, ඒ ඒ Appsවල භාවිත කරන Features ආදිය පිළිබඳ තොරතුරු ලබා ගත්ත ද ඔබේ නම, E mail Address හෝ වෙනත් කිසිදු පෞද්ගලික තොරතුරක් ලබා ගැනිම හෝ එකතු කිරිමක් සිදු කරන්නේ නැ. ඒ වගේම මේ App Install Optimization Feature එක නිසි ලෙස ක්‍රියාත්මක විමට ලබා ගන්නා තොරතුරු කිසිවක් ද වෙනත් පාර්ශවයක් සමග බෙදා ගැනිමක් සිදු නොවන බවටත් සදහන් වෙනවා.මේ App Install Optimization Feature එක මගින් ප්‍රධාන ප්රතිලාභ 03 ක් ලැබෙන බව Google සමාගම විසින් සදහන් කර තිබෙනවා.Google Play මගින් Download කරන Appsවල Install විමට ගත වෙන කාලය අඩු කිරිම.එම Apps Open කිරිමට හා Run කිරිමට ගත වෙන කාලය අඩු කිරිම.එම Apps සදහා භාවිත වෙන Device CPU, Battery හා Storage ප්‍රමාණයයන් අවම කිරිම.ඔවුන් දක්වන පරිදි මේ App Install Optimization Feature එක ඒ ඒ Apps සදහා විවිධ ආකාරවලින් ක්‍රියාත්මක වෙනු ඇත. එනම් ඒ ඒ Apps මගින් ඔබට කළ යුතුම අවශ්‍යතාව ඉක්මනින්ම ඉටු කර දිමට ඔබගේ Smart Phone එක Optimize කිරිම මේ මගින් සිදු වෙනවා. ඒ වගේම මේ App Install Optimization Feature එක භාවිතා කිරිම අනිවාර්ය නොවන අතර ඔබගේ අවශ්‍යතාව පරිදි එම Feature එක ඔබට ප්‍රයොජනවන් නම් එය Play Store Settings මගින් සක්‍රීය කර ගැනිමේ හැකියාව පවතිනවා. එය අවශ්‍ය නොමැති නම් ඉවත් කල හැකි ද වෙනවා.තවමත් මේ App Install Optimization Feature එක Google Play Store සදහා ලබා දි නොමැති අතර ඉදිරි දින කිහිපය තුල මේ Feature එක ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.Source :Google,9 to 5 Google |
HarmonyOS ඇතුලත් ජංගම දුරකථනයක් මෙම වසරේදී නිකුත් කිරීමේ සැලසුමක් නැත: Huawei වාර්තා කරයි | Huawei සමාගම හා ඉතාමත් ලඟින් කටයුතු කරන තාක්ෂණික විශ්ලේෂකයෙකු වන Ma Jihua විසින්Global Timesවෙත නිකුත් කල ප්‍රකාශයක් ඔස්සේ පසුගිය සතියේ අප වෙබ් අඩවිය විසින් ඔබවෙත ගෙන ආ පුවතක් වූයේ, Huawei සමාගම විසින් මෙම වසරේ අග වන විට HarmonyOS භාවිතා කරමින් තම පළමු ජංගම දුරකථනය නිකුත් කරනු ඇතැයි යන්නය.Huawei සමාගමේ Consumer Business CEO ලෙස කටයුතු කරන Yu Chengdong විසින් Qingdao Summitහි Yabuli Forum වෙත සහභාගී වූ විට මෙම පුවත ගැන අදහස් පල කරමින් මෙම වසර අගදී HarmonyOS එක භාවිතා කරමින් ජංගම දුරකථනයක් නිකුත් කිරීමේ සැලසුමක් තම සමාගම සතුව නොමැති බව ප්‍රකාශ කල බවSinaවෙබ් අඩවිය වාර්තා කර ඇත.ගිය වසරේ (2019) Huawei සමාගමේ ජ්‍යේෂ්ඨ උප සභාපති ධුරය හොබවන Vincent Yang විසින්මෙයට සමාන ප්රකාශයක්කරමින් පවසා තිබුනේ, Huawei සමාගම විසින් දිගටම Android සමඟින් තම ecosystem එකක් ඉදිරියට පවත්වාගෙන යන බවත්, HarmonyOS එක සංවර්ධනය කරන්නේ කල හැක්කක් නොමැතිම අවස්තාවකදී භාවිතා කිරීමේ දෙවන සැලසුමක් හෙවත් Plan-B එකක් ලෙස බවත්ය.මේ දිනවල Huawei සමාගම විසින් ඔවුන් විසින් නිර්මාණය කරන EMUI 11 නම් අතුරුමුහුණත Android 11 සමඟ නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින අතර ඊට සමගාමීව HarmonyOS 2.0ද නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවනවා. HarmonyOS 2.0හි විශේෂත්වය වන්නේ එය smartwatch, PSs සහ ටැබ්ලට් උපාංග වලට පවා සහය දැක්වීමයි. මේ වන විට HarmonyOS එක SmartTV වල භාවිතා වනවා.Source:Gizmo China |
Foxconn සමාගමේ සේවකයන් විශාල පිරිසක් සේවය හැර යාම නිසා iPhone නිෂ්පාදන වේගය අඩාල වන බව වාර්තා වේ | චීනයේ විශාලතම iPhone නිෂ්පාදන සමාගමක් වන Foxconn සමාගම සතු විශාලතම iPhone නිෂ්පාදන කර්මාන්තශාලාව Zhengzhou නගරයෙහි පිහිටා තිබෙන අතර ගත වූ දින කිහිපය තුල සේවක විරෝධතා ඇතුළු නොසන්සුන්කාරී තත්වයක් ඇතිවි තිබෙන අතර එහෙදි ආරක්ෂක නිලධාරීන් සමඟද විවිධ ගැටුම් ඇති වි තිබෙනවා.එහි ප්‍රතිඵලයක් වශයෙන් Foxconn සමාගම විසින් නොවැම්බර් මස 24වන දින වන්දි ප්රතිලාභ සම්බන්ධයෙන් අසාධාරණයට ලක්ව ඇති බව කියන නවතම බඳවා ගැනීමේ කණ්ඩායම බඳවා ගැනීමෙන් පසු සිදු වූ වැටුප් සම්බන්ධ "තාක්ෂණික දෝෂයක්" සම්බන්ධයෙන් සමාව අයැද සිටියා. මෙහෙදී සමාගම විසින් විරෝධතා දක්වන සෑම කණ්ඩායමටම CNY 10,000 ($1,400 පමණ) ගෙවීමට කටයුතු කරා.මෙම අවස්ථාව වන විට සේවකයන් 20,000 කට වැඩි පිරිසක් Foxconn වෙත ගෙන ගිය බවට වාර්තා පවතින බැවින් ඔවුන්ගේ ගෙවීම් තරමක් සාර්ථක විය හැකි බව පෙනේ. ඔවුන් විසින් බඳවා ගත් නව සේවකයන් එතෙක් නිෂ්පාදන ක්‍රියාවලි සදහා තම සේවය ලබා නොදී මුදල් ලබාගෙන පිටව ගිය අයයි. මේ අතරින් මෙම තත්වය ආරම්භ වීමට පෙර, සේවකයින් 200,000 කට වැඩි පිරිසක් සේවය කර ඇති බවට වාර්තා වනවා.කෙසේ වෙතත් මෙම සිදුවීම Foxconn සමගමේ iPhone නිෂ්පාදනයට සහ ඒවා shipping කිරීම් වැනි කටයුතු වලදි ඍජුවම බලපා ඇති අතර බලාපොරොත්තු වූවාට වඩා අඩු iPhone 14 Pro සහ Pro Max දුරකතන shipping කිරීම් අපේක්ෂා කරන බව දැනටමත් Apple සමාගම විසින් පවසා තිබෙනවා. බොහෝමයක් දෙනෙක් අනතුරු හගවා ඇත්තේ මෙම නිවාඩු සමයේ වෙළඳසැල්වල ඉහළ මට්ටමේ iPhone හිඟයක් ඇති විය හැකි බවටයි.විශ්ලේෂකයින්ගේ ගණනය කිරීම් වලට අනුව වත්මන් නිකුතුව දෙසැම්බර් මාසය දක්වා පැවතියහොත්, මුලින් සැලසුම් කළ ප්‍රමාණයට වඩා මිලියන 10ක් පමණ අඩුවෙන් iPhone නිපදවනු ඇත. එනම්, නිවාඩු සමය තුල සාමාන්‍ය ප්‍රමාණයට වඩා 25% සිට 30% දක්වා iPhone 14 Pro හී නිෂ්පාදනය අඩු වනු ඇත.Foxconn සමාගම විසින් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ මෙම සිදුවීමෙන් සමාගම පිළිබදව මහජනතාව අතර වැරදි ප්‍රතිරූපයක් ඇති කලද එය ඔවුන්ගේ වෙළඳපොළ කොටසට එතරම් බලපෑමක් සිදු නොකළ බවයි.Source:www.gsmarena.comwww.reuters.comcnn.com |
Xiaomi සමාගම Mi Band 5 එක announce කරයි, ජූලි මාසයේදී වෙළඳපලට | අතේ තියෙන ගාණට වටින Smart fitness tracker එකක් කිව්ව ගමන්ම මතක් වෙන්නෙ Mi band එක, මේක අඩුම ගාණකට ගන්න පුළුවන් හොද fitness tracker එකක් කියලා කිව්වොත් වැරද්දක් නෑ. ඒ නිසාම Mi band ජනප්‍රියයි. කොච්චර ජනප්‍රියයිද කිව්වොත් Mi band 4 එක නිකුත් කරලා මුල් විනාඩි 8 තුල device මිලියනයක් චීනෙදි අලෙවි උනා. මේ Mi band 4 එකේ successor එක තමයි Mi band 5 කියන්නෙ. මේක පහුගිය ජූනි 11වෙනිදා චීනයේ Announce කලා.Mi band 5 එක කොයි වගේද, Mi band 4 එකට වඩා අලුතින් ආපු දේවල් මොනාද,මේකෙ මිලගණන් කොහොම වෙයිද, global එනවද, කවදා එයිද වගේ දේවල් බලමුHow soon? Sooner than you expect???#MiSmartBand5pic.twitter.com/j1Gwyp5LsW— Xiaomi (@Xiaomi)June 11, 2020Design සහ screenමේකෙ design එක ගත්තොත් Mi band 4 වගේම තමයි. Oblong-shaped (දිගති) tracker එකක් වර්ණවත් පටියක් (strap) තියෙනවා.වර්ණ කිහිපයකින් බලා ගන්න පුළුවන්.47.2 x 18.5 x 12.4mm body එකක් සහ WO NFC version එක 11.9gක්, W NFC version එක 12.1g බරකුත් තියෙනවා. Mi band 4 එකට (22.2g) වඩා සැහැල්ලුයි.Display එක ගත්තොත් අඟල් 1.1ක AMOLED display එකක් මේකට තියෙනවා. Mi band 4 එකේ තිබ්බ අඟල් 0.95ක display එකට වඩා 20%ක් ලොකුයි. Mi band 5 එකේ කලින්ට වඩා smaller bezels තියෙන්නෙ. ඒවගේම මේකට 126 x 294 pixel resolution එකක්, 450 nit peak brightness එකක් වගේම 2.5D tempered glass panel එකක් තියෙනවා screen එකේ ආරක්ෂාවට.ඒවගේම සීයකට වැඩි themes තියෙනවා තොරගන්න. මේකෙ interface එක ඔයාට කැමති විදිහට customize කර ගන්නත් පුළුවන්.Battery සහ specමේකෙ WO NFC එකට තියෙන්නෙ 125mAh battery එකක්. W NFC එකට 135mAh battery එකක් තියෙනවා. මෙකෙන් දවස් 14ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි කියන්නෙ.Mi band 4 එක දවස් 20ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා. ඔව් ඒක මේකෙ තියෙන අඩුපාඩුවක්. හැබැයි පාවිච්චි කරන විදිහ මත තමයි මේක තිරණය වෙන්නෙ.මේක පැය දෙකකින් වගේ 0-100% charge කරන්න පුළුවන්. Xiaomiලා charging method එක වෙනස් කරලා තියෙනවා. Magnetic charging dock එකට පින් සිද්ද වෙන්න දැන් කලින් වගේ tracker එක පටියෙන් ගලව ගලව ඉන්න ඕනෙත් නෑ. කලින්ට වඩා faster chipset එකක් Mi band 5 එකට තියෙනවා. NFC (W NFC) Bluetooth 5.0, 16Mb storage, 512kb ram වගේ ඒවා තියෙනවා.Fitness සහ featuresMi band 5 එකේ sensor setup එක නම් වෙනස් වෙලා නෑ. ඒවෙනුවට software පැත්තෙන් improve කරලා තියෙනවා. Heart rate එක මනින optical pulse sensor කලින්ට වඩා 50%ක් නිවරදිව ක්රියාකරනවාලු.Mi band 5 එකත් එක්ක අලුත් sports mode කිහිපයක් අදුන්වලා දීලා තියෙනවා.Outdoor runningTreadmillCyclingWalkingFreestylePool swimmingElliptical (New)Rowing machine (New)Jump rope (New)Indoor cycling (New)Yoga (New)ඒවගේම කලින් පොඩි ගැටලු තිබුන sleep tracking මේපාර improve කරලා තියෙනවා. දිගටම heart rate එක track කිරීම මගින් නින්දේදි ඇති වෙන ගැටළු අඳුරගෙන වඩාත් සුවපහසු නින්දකට උපදෙස් දෙනවා.කාන්තාවන්ගෙ menstruation cycle tracking සහ breath training ,smartphone එකේ කැමරාව දුරස්ථව පාලනය කරන්න, Blood oxygen tracking, PAI (Personal Activity Intelligence) scoring system (මේකෙන් ඔයාගෙ heart rate එක, daily activities පදනම් කරගෙන 0-100 අතර Score එකක් දෙනවා) වගේ අලුත් features කිහිපයක්ම තියෙනවා.මිලMi band 5 එකේ XiaoAi voice assistant සහ NFC පහසුකම් තියෙනවා.මේපාර මේවා එනවා කියලා කියනවා. Voice assistant විදිහට Amazon’s Alexa voice assistant එක support කරයිලු, NFC ආවොත් Google pay, Master card බලා ගන්න පුළුවන් වෙයි. හරියටම කියන්න නම් global release කරන කම් ඉන්න වෙනවා.ජුලි මාසෙදි මේක "Mi Smart band 5" කියලා global release කරනවා ප්‍රකාශයට පත් උනත් හරියටම දවසක් තාම කියන්න බෑ.මේකෙ price ගත්තොත් W NFC - CNY 229 ( $ 30) WO NFC -CNY 189 ($25)වගේ මුදලකට තමයි අලෙවි කරන්නෙ. චීනයෙදි ජූනි 18 ඉදන් මිලදී ගන්න පුළුවන්. Global එද්දි $30-35 වගේ price එහෙකට එයි කියලා කියනවා. Green, Red, Yellow, Black වගේ පාට කිහිපයකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්.Mi band 4 එකේ ඉදන් Mi band 5 එකට upgrade වෙන්න තරම් දෙයක් තියෙනවද? ඒක ඔයාලට බාරයි. |
WhatsApp විසින් Community නම් විශේෂාංගයක් හඳුන්වාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ | ප්රමුඛ පෙළේ Encrypted Messaging Platform එකක් වන WhatsApp Communities නමින් නව විශේෂාංගයක් වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ. මෙවැනි විශේෂාංගයක් ඇති වීමේ හැකියාව ගැන ප්‍රථම වරට ඔක්තෝම්බර් මාසයේදී XDA Developers වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණි.Photo: WABetaInfoCommunities විශේෂාංගයේ දී Group Admin වරුන්ට දැනට වඩා වැඩි බලයක් ලබා දෙන බව පෙනේ. එනම් Communities තුළ Groups නිර්මාණය කිරීමේ හැකියාව ද මෙයට ඇතුළත් වේ. Android 2.21.21.7 Update අංකය යටතේ ආ WhatsApp Beta update එක පිළිබඳ Tweet එකක් මඟින් වාර්තා කරනු ලැබූ අතර අතර මෙය පරිශීලකයින් කිහිප දෙනෙකු විසින් සොයා ගන්නා ලදී.? WhatsApp beta for Android 2.21.21.7: what’s new?• A new way to manage the backup size is under development.• WIll Google Drive stop offering the unlimited plan to store WhatsApp backups?https://t.co/88UCXrfZyX— WABetaInfo (@WABetaInfo)October 11, 2021දැනට ඇති තොරතුරු වලට අනුව අන් අයට Join වීමට වීමට හැකි වන පරිදි Invitation Link එකක් හා QR Code එකක් මගින් Invite කිරීමේ පහසුකමක් Communities වලට ද තිබෙන අතර WhatsApp සහිත ඕනෑම කෙනෙකුට මෙම Communities වලට සම්බන්ධ වීමට මෙම Links මඟින් හැකියාව ලැබෙනු ඇති. ඔබට තවත් පුද්ගලයින් සමඟ එය Share කරගන්නට ද හැකියාව මේ සමඟ ලැබේ.Photo: WABetaInfoතව ද Communities තුළ ඇතුළත් කර ඇති සියලුම Groups වඩා හොඳින් Manage කිරීම සඳහා Community Admin වරුන්ට Tools කිහිපයක් ලබා දෙනු ඇත. මෙම විශේෂාංගය තවමත් සංවර්ධනය වෙමින් පවතින බැවින්, මෙම Advanced Tools වල කාර්යභාරයන් මොනවාදැයි යන්න නම් තවමත් වාර්තා වී නැත.Communities වැනි විශේෂාංගයක් වෙනුවෙන් වැඩ කිරීමෙන් පෙනී යන්නේ, WhatsApp එය සහ Telegram සහ Signal වැනි අනෙකුත් Messaging Apps අතර ඇති පරතරය නැති කිරීමට උත්සාහ කරන බවයි. මෙම වසර මුලදී, WhatsApp හි නවPrivacy Policy මගින් මව් සමාගම වන Facebook (දැන් Meta) සමඟ ඔවුන් Share කර ගන්නේ කුමක් ද යන්න පිළිබඳවපරිශීලකයින් අතර ව්‍යාකූලත්වයක් ඇති කළ අතර ඒ හේතුවෙන් පරිශීලකයින් වෙනත් Messaging Apps වෙත විශාල වශයෙන් මාරු වීමක් මෙන්ම පසුගිය මාසයේFacebook ජාලයම (WhatsApp ද ඇතුළුව) ක්‍රියා විරහිත වූ විට, මිලියන 70 ක අතිවිශාල පරිශීලකයින් පිරිසක් Telegram වෙත යොමු වී තිබුණි.Community Feature එක මඟින් Admin වරුන්ට Groups කෙරෙහි වැඩි පාලනයක් ලබා දිය හැකි අතර සාමාන්‍ය Group Chat වලින් Community වෙන්කර හඳුනා ගැනීමට Design එකෙහි වෙනසක් උපකාරී වනු ඇති බව පෙනේ.WABetaInfoපෙන්වා දෙන පරිදි, Community එකක icon එක වටකුරු කොන සහිත සමචතුරශ්‍ර හැඩයක් ගනු ඇති.ඔක්තෝබර් මාසයේදී WhatsApp වැරදීමකින් සක්‍රිය කළ (ඉන්පසු ඉක්මනින් අක්‍රිය කරන ලද) කරන ලද මෙම Community Feature එක නිල වශයෙන් ක්‍රියාත්මක වන්නේ කවදා ද යන්න පිළිබඳ තවමත් නිළ නිවේදනයක් සිදු කර නොමැත.තවමත් Android සහ iOS සඳහා WhatsApp Beta මත “Communities” විශේෂාංගයේ Development කටයුතු සිදුවෙමින් පවතින බැවින් එහි පෙනුම, විශේෂාංග, Beta Testers වෙත නිළ වශයෙන් නිකුත් කිරීමට පෙර වෙනත් ඕනෑම දෙයක් වෙනස් විය හැකි බවද අවසානයේ සඳහන් කළ යුතුයි.Source:WABetaInfo,The Verge |
Windows 11හි සැඟවුණු Education Themes Enable කරන්නේ කොහොමද? | Windows 11 තුළ අපට අවශ්‍ය පරිදි Personalize කර ගැනීමට Themes කිහිපයක් තිබෙනවා. Microsoft සමාගම විසින් නිල වශයෙන් නිකුත් කර නොමැති එහෙත් Windows 11 තුළ සැගවී ඇති Education Theme එක enable කරගන්න විදිය තමයි මේ Article එකෙන් කියලා දෙන්නේ.⚠️මෙම ක්‍රමය තුළින් Education Theme එක සක්‍රීය කරගැනීමට නම්, Windows 1122H2සංස්කරණය අත්‍යාවශ්‍ය වේ.පියවර 1Windows Search එක open කර එහි registry ලෙස type කර registry editor එක open කරගන්න.පියවර 2එම window එකෙහි ඇති address bar එකේ මෙම path එක Copy කර paste කරගන්න.Computer\HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\PolicyManager\current\deviceපියවර 3දැන් ලැබෙන folders list එකේ ඇති device folder එක මත right click කර New හි ඇති Key මත click කරන්න.පියවර 4දැන් ඒ අලුතින් සාදන ලද key එකEducationලෙසින් rename කරන්න.පියවර 5දැන්, Education key එක තෝරා දකුණු පස ඇති හිස් ඉඩෙහි right click කරන්න. ඉන්පසු, New -> DWORD (32-bit) තෝරන්න.පියවර 6DWORD එකෙහි නම "EnableEduThemes" ලෙසින් rename කරන්න.පියවර 7දැන් ඒ මත right click කර value data කොටස මත 1 type කර OK කරන්න.පියවර 8දැන් PC එක restart කරන්න.පියවර 9දැන් Windows Settings open කර එහි Personalization කොටසෙහි අලුතින් Education Themes 2ක් (Light හා Dark) බලාගන්න පුළුවන්.Bonus Trickඔබට මේ Wallpapers පමණක් වුවද Win+R මඟින් windows run එක open කර පහත path එක paste කර%localappdata%\Microsoft\Windows\Themesඑහි ඇති Planets folder එකෙන් ලබා ගත හැකි වනවා.වැඩේ හරි! මේක කරද්දී ඔයාට ගැටලු ආවා නම් අපේforumඑකට ඇවිල්ලා බොහොම ඉක්මනින් ඒවාට විසඳුම් හොයාගන්නත් පුළුවන්.මේ වගේ Tutorials සිංහලෙන් සරලවම දැනගන්න Android වැඩකාරයෝ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. සුභ දවසක්! |
Care Reaction එක පිලිබද සම්පුර්ණ විස්තරය | COVID-19 හෙවත් Corona වෛරස් අර්බුදයේදී සහයෝගය සහා සංවේදනය ප්‍රකාශ කිරීම සඳහා Facebook සමාගම විසින් නව Care Reactions Facebook සහා Messenger apps සඳහා හදුන්වාදී ඇත.Facebook & Messenger Care Reactions - Source: TwitterHow to get react care on Facebook?Facebook සමාගම ක්‍රමක් ක්‍රමයෙන් users ලට care emoji ලබා දෙයි. බොහෝ දෙනෙකුට දැනටමත් නව emoji ලැබී ඇත, කෙසේ වෙතත්, බහුතර users ලට මේ වනතෙක් ලැබී නොමැත, ඔවුන් හටද ඉදිරි දින කිහිපය තුළ emoji පෙනීමට සිටීමට පටන් ගනී. ඒ සදහා Facebook සහා Messenger app update කර තබාගන්නWe’re launching new Care reactions on@facebookappand@Messengeras a way for people to share their support with one another during this unprecedented time.We hope these reactions give people additional ways to show their support during the#COVID19crisis.pic.twitter.com/HunGyK8KQw— Alexandru Voica (@alexvoica)April 17, 2020මෙම පෙර නොවූ විරූ කාලය තුළ පරිශීලකයින්ට එකිනෙකා සමඟ සහයෝගය බෙදා ගැනීමට හැකිවන පරිදි නව emoji කට්ටලයක් හඳුන්වා දී ඇත. සමාගමේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ දැනට පවතින Corona වෛරස් අර්බුදයෙන් පීඩාවට පත් වූවන්ට ඔවුන්ගේ සහාය ප්‍රදර්ශනය කිරීමට නව ප්‍රතික්‍රියා මාලාවක් සැලසුම් කර ඇති බවයි.තවද මෙම Corona වෛරස් අර්බුදය තුළ emoji යනු කුඩා ඉරියව්වක් පමණක් බවත්, වසංගතයට ප්‍රතිකාරයක් ලබා නොදෙන බවත්, කෙසේ වෙතත්, එය හුදකලාවෙන් පෙළෙන අය සඳහා support එකක් වෙනු ඇතැයි ඔහු පැවසීය. |
YouTube Premium පහසුකම නොමිලේ ලබා දෙන ReVanced නිවැරදිවම Install කරගන්නේ මෙහෙමයි | කොහොමද ඉතින් ඔයාලට. තිබ්බ වැඩත් එක්ක කාලෙකින් තමයි Article එකක් දෙන්න වුනේ. Article එක ටිකක් දිගයි.ඔයාලා දන්නවා Youtube කියන්නෙ අද කාලෙ ලොකු පොඩි කොයිකාටත් නැතුවම බැරි දෙයක් කියලා. ඉතින් Youtube Free Version එක භාවිතා කරන කොට බොහෝ අයට පැන නගින ගැටලුවක් තමයි ඔයා Videos බල බල ඉන්න කොට නිතර නිතර Ads පෙන්නන එක. අනිත් කාරණය තමයි Background Play පහසුකම Free Version එකේ නොමැතිකම. මුලින්ම කියන්න ඕන මේ App එක Install කිරීම ගැන කිසිඳු වගකීමක් අපි භාරගන්නෙ නැහැ. හුදෙක්ම අධ්‍යාපනික අරමුණකින් තමයි මේක කියලා දෙන්නෙ. මොකද මේක Playstore එකෙන් ගන්න තියෙන Official App එකක් නොවන නිසා. සරලවම මේක Patch App එකක්.Youtube Premium ගන්න සල්ලි අඩුපාඩුකම් තියෙන අයට ඒකට හොඳ විසඳුමක් තිබ්බා Youtube Vanced කියලා. Google සමාගමෙන් ඒ App එකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට එලැඹුන නිසා Developers ලට ඒක Discontinue කරන්න සිද්ධ වුනා. Youtube Vanced වලට අලුතින් Update එන එක නතර වුනත් පරණ Vanced App කාලයක් යනකන්ම හොඳට වැඩ කලා. පස්සෙ Version එකේ පරණ වීමත් එක්කම Youtube Videos Play වෙන්නෙ නැති තත්වෙකට පත් වුනා. සමහරක් Videos Play වුනත් බොහෝ ඒවා Support නොකරන තැනකකටම ආවා. එතනදි තමයි Opensource project එකක් විදිහට Youtube ReVanced Project එක ආරම්භ වෙන්නෙ 👉https://github.com/ReVanced.Youtube ReVanced App එකේ තියෙන වැදගත් විශේෂාංග විදිහට Minimized video playback , Video Downloader, SponsorBlock සහ AdsBlock කියන පහසුකම් පෙන්වා දෙන්න පුලුවන්. ඉතින් මේ ගැන Article එකක් දෙන්න හිතුවෙ ReVanced App එක Install කරන ආකාරය ගැන හරි Youtube Video එකක්වත් මම Youtube එකේ නොදැක්ක නිසා. Fake Apps Install කරන හැටි තමයි ගොඩක්ම තියෙන්නෙ, ඒ App Install කරන්න සරල නිසා. හරි දැන් වැඩි කතා නැතුව ReVanced App එක හරියට ආරක්ෂාකාරීව Install කරගන්න විදිහ බලමු.මෙතනදි "ආරක්ශාකාරී" කියලා අදහස් කලේ කලින් කිව්වා වගේම මේ වෙනකොට ReVanced App එකේ Fake Apps කිහිපයක්ම Google Search එකේ උඩින්ම පෙන්වන නිසා. ඒ Website එකක්වත් Original ReVanced Project එකට අයත් ඒවා නෙවෙයි වගේම Malware විදිහට වැඩ කරන්නත් පුලුවන්. ඒ Websites තමයි revanced.net , revanced.io . මේ Site වලින් Download කරන App වැඩ කරනවා. නමුත් අනාරක්ශිතයි. ඒ නිසා Official විදිහට වැඩේ වෙන්නෙ මෙහෙමයි.1) මුලින්ම ඔයා Micro G කියන App එක Install කරගන්න ඕන. මොකද මේක හරහා තමයි ඔයාගෙ Google Account එක Revanced App එකට Log in කරවන්නෙ. මේක අනිවාර්යෙන්ම Install කරගන්න. වැඩක් නැති Google Business Mail එකක් මේකට ලබා දෙන්න. මේක ඕන වෙන්නෙ Channel Subscribe කරන්න, Like කරන්න, Comment කරන්න. ඔයාට Google Login ලබා දෙන්න බියක් එහෙම තියෙනවා නම් ලබා දීම අත්‍යාවශ්‍ය නෑ Micro G Install කරවලා විතරක් තියන්න, Log වෙන්න ඕන නැ. Micro G Install වුනාම App එක Hide වෙයි භය වෙන්නෙපා App කොහෙද කියලා. Micro G ඔයාලට Apkmirror Website එකෙන් ගන්නත් පුලුවන්. නැත්නම් පරන Vanced Manager App එක හරහා ගන්නත් පුලුවන්. මම දෙකේම Link දාන්නම්.APK Mirror -DownloadVanced Manager -Download2) දැන් ඔයාලට අවශ්‍ය වෙන්නෙ ReVanced Manager එක. ඒක ගන්නෙ මෙන්න මේ Website එකෙන් 👉https://revanced.app/. දැන් ඒ Website එකේ Revanced Manager App Version එකත් එක්කම Download Button එකක් ඇති. ඒක උඩ Click කරලා ReVanced Manager App එක Download කරගන්න. Default දාල තියෙන Settings වෙනස් කරන්න යන්න එපා.3) හරි දැන් අවශ්‍ය වෙන්නෙ Latest Original Youtube Apk එකක්. මේක ඔයාලට Apkmirror Website එකෙන් Download කරගන්න පුලුවන්. ඒකෙ Link එකත් පල්ලෙහායින් දාන්නම්Download YouTube -Download3) දැන් තියෙන්නෙ ඔයා උඩින් Download කරගත්ත Youtube Apk එක Patch කරගන්න. ඒක කරන්නෙ මෙහෙමයි. දැන් ReVanced Manager එක Open කරගන්න. ඒකෙ Patcher කියන කොටසට යන්න. දැන් Select an application කියන එක උඩ Click කරන්න. ඊට පස්සෙ පෙන්නයි Storage කියලා Button එකක්. ඒක උඩ Click කරලා ඔයා Download කරගත්ත Youtube.apk එක Select කරගන්න. අවවාදයයි!!! : ඔයා Storage යන්නෙ නැතුව App List එකේ දීලා තියෙන Youtube App එක Patch කරන්න එපා! මොකද ඒකෙන් Patch වෙන්නෙ ඔයාගෙ Phone එකේ දැනට තියෙන Youtube App එක. ඒක අදාලත්වයක් නෑ මේකට. මේකෙදි Patch කරන්නෙ අපි අර Download කරගත්ත Youtube.apk එක.4) Revanced Manager එකේ Patcher Option එකට ගිහිල්ලා ඒකෙ Storage කියන එක උඩ Click කරලා අපි අර Download කරගත්ත Youtube.Apk එක Select කරන්න. දැන් "Patch" කියලා Button එකක් පෙන්නයි ඒක උඩ Click කරලා App එක Patch කරගන්න.5) දැන් App එක patch වෙන්න ටික වෙලාවක් යයි. App එකෙන් Exit වෙන්නෙ නැතුව Patch වෙලා ඉවර වෙනකන් ඉන්න. Youtube Apk එක Patch වෙලා ඉවර වුනාම Open කියලා Button එකක් පෙන්නයි ඒක උඩ Click කරන්න. දැන් ඔයා Patch කරගත්ත Youtube Apk එක Patches Apply වෙලා Modify වෙලා Official ReVanced App එක Open වෙයි. දැන් වැඩේ ඉවරයි. ඔක්කොම Youtube Premium Features Defaultම Active වෙලයි තියෙන්නෙ.6) දැන් කැමති අයට Revanced App එකෙන් Google login වෙන්න පුලුවන්.කාලෙන් කාලෙට පොඩි පොඩි Bugs එන්න පුලුවන් එහෙම වුනාම Revanced Manager එකේ අලුත් Patches Update වෙලා තියෙයි. එතකොට කලින් වගේම තියෙන Revanced App එකට හරි අලුත් Youtube APK version එකකට ඒ Update වුන Patches ටික Patch කරගන්න.ඔයාලට සුභ දවසක්!සැ. යු. මෙම ක්‍රමය භාවිතා කිරීමේදී ඔබගේ එදිනෙදා භාවිතා කරන Google Account එක භාවිතා නොකරන්න. එමෙන්ම මෙම ක්‍රමය YouTube Premium භාවිතා කරන නිසි ක්‍රමය නොවන අතර, මෙය භාවිතා කිරීමට තෝරා ගැනීමදී එහි වගකීම ඔබ සතුවන අතර එමඟින් ඇති වන අතුරුපල වලට Android වැඩකාරයෝ වග කියනු නොලැබේ. |
Android TV සේවාව Google TV ලෙස නම් කිරීමේ සූදානමක් | ඔයාලට මතක ඇති අපි කලින් ලිපියක් ගෙනාවා Google ආයතනය විසින් නවතා දැමු සේවා කියල. ඒලිපිය ඔයාලා කියවලා තියෙනවානම් දන්නව Android TV කියන්නේ Google ආයතනය නවතා දැමු Product එකක් කියල.ඉතින් එහෙම තියෙද්දිත් මේ Google TV කියල එන්න හදන්නේ මොකක්ද ?කෙටියෙන්ම කියනව නම් මෙයාලා ආපහු Android TV සේවාව ආරම්භ කරන්න යන්නේ, හැබැයි පොඩි වෙනස්කමක් සමගයි. ඒ Google TV නමින් Rename වෙමිනුයි.ඒ වගේම ඔයාලට මතක නම් මේ විදිහට විටින් විට විවිධ සේවා Rename කරන්න මොවුන් කටයුතු කරල තියෙනවා. Android Market, Google Play Store විදිහටත් Android Pay, Google Pay විදිහටත් Rename කිරිමටත් කටයුතු කරල තියෙනවා .ඉතින් මෙහෙම Rename වෙලා එන Google TV එකට මේ පාරවත් අනෙක් නිෂ්පාදනය සමග තරග කරන්න හැකියාව ලැබෙනවද කියල බලමුඒ වගේම මේ අලුත් Google TV එකත් සමග පෙරට වඩා වෙනස් TV Remote එකක් හා TV Box එකක් ලබා දිමට සුදානම් බවට ඉගි පල වෙලා තියෙනවා.TV DongleTV Remote ControlGoogle Tv පැමිණෙන්නේ දැවැන්ත වෙනසක් සමග. ඒ Chrome Cast Feature එකත් එකතු කල Tv Dongle එකක් විදිහටයි. මේ Tv Dongle එක Black, White, and Light Pink colour වලින් නිකුත් වන බවට දැනට පලවි ඇති තොරතුරැ අනුව කියන්න පුලුවන්.Black, White, and Light Pinkඒ වගේම Google Assistant පහසුකමත් මේ හා එකතු කර තිබෙනවා. ඒ වගේම නවතම Google Tv එක මේ වගේ Features ගොඩකින් යුතු එකක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්. |
ජාත්‍යන්තරයට ගිය අපේ Vega EVX | මුලින්ම කියන්න ඕනේ මේ කාර් එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා මැනුෆැක්චර් කරන්නේ ශ්‍රී ලාංකීක ඉංජිනේරුවන් විතරයි.වේගා ඊවීඑක්ස් (Vega EVX) යනු ශ්‍රී ලංකාවේ මෝටර් රථ නිෂ්පාදක VEGA INNOVATIONS විසින් වැඩි දියුණු කරන ලද සම්පූර්ණයෙන්ම විදුලියෙන් පණ ලබන ආසන දෙකකින් යුත් ක්‍රීඩා මෝටර් රථයකි. එය 2022 දී නිෂ්පාදනයට පිවිසීමට සැලසුම් කර ඇත.ආරම්භය2013 දී වේගා නවෝත්පාදන(Vega Innovations) ආරම්භ කරන ලද්දේ ආචාර්ය හර්ෂ සුබසිංහ(President and Chief Executive Officer of CodeGen Group of Companies)සහ සම-නිර්මාතෘ ආචාර්ය බෙෂාන් කුලපාල විසිනි. 2015 වන විට Vega Innovations විසින් Vega EVX හී පළමු මූලාකෘතිය හඳුන්වා දුන්නේ 804hp කට වඩා උත්පාදනය කළ හැකි මෙන්ම තත්පර 3.1කින් පැයට කිලෝමීටර 100 (පැයට සැතපුම් 62) දක්වා ළඟා විය හැකි ලෙසය. 2017 දී පළමු Vega EVX මූලාකෘතිය නිර්මාණය කරන ලද්දේ සමාගම ඉදිරි වසර කිහිපය තුළ වාණිජ නිෂ්පාදනය ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරමිනි.ජිනීවා ගමනVega EVX හී මූලාකෘතිය 2020 මාර්තු මාසයේ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් එය Covid-19 වසංගතය හේතුවෙන් අවලංගු කරන ලදි. කෙසේ වෙතත් මෙම මෝටර් රථය 2020 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී අනෙකුත් මෝටර් රථ මෙන් අන්තර්ජාලය හරහා සජීවීව ලෝකයට එළිදක්වන ලදී.තියන දේවල්Vega EVX හී ඉදිරිපස සහ පසුපස අක්ෂවල (front and rear axel) ස්ථානගත කර ඇති 300 kW (408 hp) විදුලි මෝටර දෙකක් ඇති අතර, එය සියලුම රෝද සඳහා බලය සපයනු ලබයි. සම්පූර්ණ බලය 600 kW (816 hp) සහ 760 Nm ව්‍යවර්ථයක් ලබා දෙයි. මෙයට බලය සැපයෙන්නේ 3.3V LiFePo4 (ලිතියම් ෆෙරෝ පොස්පේට්)කෝෂ 600ක් භාවිතයෙනි. මෙහි බැටරි පැක් 12 ක් ඇති අතර එම එක පැක් එකක් තුල කෝෂ 50ක් ඇත.මේවා රථයේ පසුපස මධ්‍යයේ ස්ථානගත කර ඇති අතර එය කිලෝමීටර 300 (පැයට සැතපුම් 187) ක පරාසයකට ඉඩ සලසයි. 130 kWh විශාල බැටරියෙන් තවත් කිලෝමීටර 250 (පැයට සැතපුම් 155) දක්වා වේ. තත්පර 3.1 කින් පැයට කි.මී.240 km (150 mph).Vega EVX හී මුල් ආකෘතියට 0-100kmh වේගයට ළඟා වීමට ගත වන්නේ තත්පර 3.1 ට අඩු කාලයකි(2017 හදපු Lamborghini Aventador රථයට 0-100kmh යන්න තත්පර 2.9ක් යනවා.කොහොමද අපේ අයගෙ වැඩ). පැයට කි.මී.380 km/h (236 mph) ක උපරිම වේගයකට ළඟා විය හැකි අතර මෙහි ඇති සම්පූර්ණ බැටරි බලයෙන් ගමන් කල හැකි දුර 750 kmක් පමණ වේ.තවත් විශේෂිතම කරුණක් වන්නේ අපේ වේගා කාර් එකට පාවිච්චි කරන මෝටර් සහ බැටරි නිෂ්පාදනය කරන්නෙත් අපේම ඉංජිනියර්ස්ලා.මිනුම්මෙම රථයේ ඉදිරිපස සහ පසුපස රෝද අතර පරතරය 2846 mm වන අතර දිග, පළල,උස පිළිවෙලින් 4532 mm,1970 mm,1220 mm වේ.මෙම වේගා රථයේ සම්පූර්ණ බර 1900 kg ලෙස සඳහන් වේ. |
Snapdragon 875 Chipset එක දෙසැම්බර් 01 වනදා නිකුත් කිරීමට Qualcomm සමාගම සූදානම් වේ | ඉතින් මේ අවුරුද්දේ අවසාන කාලවකවානුවට හිමීට අපි එද්දී, ඊලඟ flagship Snapdragon chipset එක ගැන තියෙන බලාපොරොත්තුත් එන්න එන්නම වැඩි වෙනවා. ඒ අලුත් chipset එක 5nm process එකක base වෙයිද? ඒක Apple ලගෙ අලුත් A14 Bionic chipset එක අභිබවා යයිද? ඉතින් Qualcommලත් මේ ඇවිලෙන ගින්දරට පෙට්‍රල් දාන ගමන් confirm කරනවා rumor එකක් වෙලා තියෙන Snapdragon 875 chipset එක දෙසැම්බර් පළමු වෙනිදා නිකුත් කරනවා කියලා.ඉතින් මේක release කරන virtual event එකට දැනටමත් invitations යවන්න පටන් අරගෙන තියෙන්නේ කියල වාර්තා වෙනවා. ඉතින් අපිට පේනවා කලින් අවුරුදු වල වගේම මේ පාරත් Qualcommලා follow කරන්නේ year-end schedule එකක් කියලා. ඉතින් පහලින් තියෙන invitation එකෙන් දැකගන්න පුලුවන් මේක two day event එකක් කියලා. කෙසේ වෙතත් මේකේ branding එකක් සඳහන් වෙන්නේ නෑ.Snapdragon 875 Rumored Specsකලින් උන leaks වලට අනුවම මේ Snapdragon 875 chipset එක base වෙන්නේ 5nm fabrication process එකකින්. ඒ වගේම Samsung ලා දැනටමත් මේ සඳහා orders ලබා දීලා තියෙනවා කියලත් ආරංචි වෙනවා. ඒ වගේම පසුගියි ජූනි මාසයේ මේකෙ productions පටන් අරගෙන තියෙනවා.මේකේ internal specs ගැන කතා කරද්දී කලින් වගේම 1+3+4 core architecture එකකටයි stick වෙලා තියෙන්නේ. ඒ වගේම මේ සඳහා ARM v8 Cortex technology එකක build උනු අලුත්ම Kryo 685 cores තමා include වෙන්නේ. ඒත් prime core එක ගැන කතා කරද්දී Cortex-A78 core එක වෙනුවට use වෙන්නේ customized සහ ගොඩක් powerful Cortex-X1 core එකක්.ඒ වගේම මේකෙ 5G handle කරන්න Qualcomm සමාගම Snapdragon X60 modem එකක් include කරලා තියෙනවා. කෙසේවෙතත් මේ modem එක integrated ද එහෙමත් නැතිනම් වෙනම module එකක් විදිහටද available වෙන්නේ කියන එක ගැන නම් තවම විස්තරයක් නෑ.ඉතින් මේක මොන device එකටද ඉස්සෙල්ලම එන්නෙ කියන දේ ගැන කතා කරද්දී අපිට නිගමනය කරන්න පුලුවන් මේක බොහෝ විට Samsung S series එකේ device එකකට feature වෙයි කියලා. කෙසේවෙතත් Realme සහ Xiaomi සමාගමුත් ඔවුන් 5nm chipset-powered flagship එකක් ගැන වැඩ කරගෙන යනවා කියල tease කරලා තියෙනවා.Source :Android Authority |
Google Voice සඳහා Spam calls පිළිබඳව අනතුරු ඇඟවීමේ විශේෂාංගයක් ලබාදීමට කටයුතු කරයි | Google සමාගම සලකන විට මේ වන විට ලොව පවතින ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකිය හැකිවේ. නව තාක්ෂණයන් බොහෝමයක් පසුගිය වසර තුළ දී මෙන්ම මේ වන තෙක් ඔවුන් ගමන් කළ ගමන් මග තුළ ලොවට ලබාදී අතර ඒ අතරින් ඔවුන්ගේ සේවාවන් පරිශීලකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ එම යෙදවුම් මගින් පරිශීලකයන් හට ප්රතිලාභ විශාල ප්‍රමාණයක් ලබාදෙන බැවිනි.Source:hubspot.comමෙලෙස ඔවුන් විසින් ලබාදෙන සේවාවන් අතරින් Google Voice පහසුකම අපගේ රට තුළ වඩා ජනප්‍රිය නොමැති වූවත් අනෙකුත් රටවල් වල පරිශීලකයන් විසින් නිරන්තරයෙන් භාවිතා කරනු ලබන යෙදවුමක් බවට පත්වී හමාරය.Google Voice කියන්නේ මොකක්ද සහ Spam Calls හඳුනාගන්නා ආකාරය.Source:androidpolice.comGoogle Voice ලෙස හඳුන්වන්නේ පරිශීලකයන් සඳහා වෙනත් පාර්ශවයන් සමග සම්බන්ධතා සහ සන්නිවේදනයන් සිදු කිරීමට අවස්ථාව උදාකරන මාධ්‍යයක් වේ. මෙමගින් පරිශීලකයන් අතර Calls සහ Messages හුවමාරු කරගැනීම සඳහා අවස්ථාව සලසන අතර මේ සියල්ල අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරනු ලබයි.මෙය වඩා ජනප්‍රිය වීම සඳහා හේතු වි ඇත්තේ මෙයින් ලබාදෙන පහසුකම් පරිශීලකයන් හට වඩාත් උපකාරී වන බැවිනි. Pricing Plans හි පවතින පහසුකම මින් ප්‍රධාන ස්ථානයක් දරයි. ව්‍යාපාර වශයෙන් හෝ තනි තනි වශයෙන් මෙම පහසුකම ලබාගත හැකි අතර මෙය Android, iOS මාධ්‍යයේ මෙන්ම Desktop හරහාද භාවිතා කිරීමට හැඉවීම විශේෂත්වයකි.Source:androidpolice.comකෙසේ වෙතත් අප විසින් ඔබ වෙත මෙම ලිපිය ඔස්සේ ගෙන එන පුවත වන්නේ මෙම Google Voice පහසුකම ඔස්සේ තමාගේ දුරකථනය වෙත පැමිණෙන Spam Calls හඳුනාගැනීමට හැකියාව ඇති බව සඳහන් කිරීමයි.Google Voice ඔස්සේ ලබාදෙන මෙම පහසුකම මගින් දුරකථනය වෙත පැමිණෙන ඇමතුම් හඳුනාගෙන ඒවා Spam Calls ලෙස සැලකිය හැකි වන්නේ නම් පරිශීලකයා වෙත දුරකථන තිරය මත "Suspected Spam Caller" ලේබලයක් මගින් නිරූපණය කිරීමයි.Google Voice මගින් හඳුනාගන්නා Spam Calls පරිශීලකයා වෙත "Suspected Spam Caller" යනුවෙන් නිරූපණය කිරීම. Source:androidcentral.comමෙලෙස Spam Calls ලෙස සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම සාර්ථක නොවන නමුත් මෙම නිගමනය ගනු ලබන්නේ පෙර සඳහන් වන දත්ත මත පදනම්ව බව සඳහන් වේ. මේ සඳහා කෘතිම බුද්ධිය ආශ්රයෙන් දත්ත ලබාගැනීම, ක්‍රියාකරවීම හා ප්‍රතිඵල ලබාදීම සිදුවන අතර ඉදිරියේදී Google සමාගම විසින් තවදුරටත් මෙම සේවාව වැඩිදියුණු කිරීමට නියමිත බවට වාර්තා වේ.Sources:www.theverge.comwww.cnet.comwww.androidcentral.combgr.comwww.androidpolice.com |