Title
stringlengths 10
145
| Content
stringlengths 16
23.6k
|
---|---|
2021 වර්ෂයේදී ලොව පුරා ඇති Google Data Centers විසින් ජලය ලීටර බිලියන 15කට වඩා භාවිතා කර ඇති බව වාර්තාවකින් හෙලි වේ | ලොව මේ වන විට පවතින තක්ෂණික දියුණුවත් සමග ලොව පුරා විවිධ සමාගම් මගින් සිය මෙහෙයුම් වලට ප්‍රයෝජනවත් වන Data Centers භාවිතා කිරීම සිදුකරයි. පරිශීලක දත්ත ගබඩා කිරීම, නඩත්තු කිරීම සහ බෙදා හැරීම සඳහා මූලිකවම භාවිතා කරන මෙම Data Centers පිළිබඳව මේ දිනවල වාර්තා වන පුවතක් ඔබ වෙත මෙම ලිපිය ඔස්සේ අප විසින් ගෙන එන්නෙමු.Data Centers වැදගත් වන්නේ ඇයි?Data Center ලෙස හඳුන්වන්නේ යම් ආයතනයක් සතු දත්ත හා මෙහෙයුම් සියල්ලම මධ්‍යගත කර එහි පාලනය කිරීම සිදුකිරීමට භාවිතා කරනු ලබන පහසුකමකි. මෙහිදී දත්ත ගබඩා කිරීම, සැකසීම හා බෙදාහැරීම යන මූලික ක්‍රියාවලීන් සිදුකරන අතර එමෙන්ම එම සංවිධානය සතු උපකරණ සහ අනෙකුත් තාක්ෂණික මෙහෙයුම් මධ්‍යගත කිරීම ද සිදුකරයි.මෙම Data Center එකක් හරහා යම් සංවිධානයක ප්‍රධාන මෙහෙයුම් රාශියක් සිදුවන බැවින් මෙහි නඩත්තු කිරීම් හා යාවත්කාලීන වීම් සඳහා ද මෙහි ආරක්ෂාව සඳහා ද සංවිධානයක වැඩි සැලකිල්ලක් යොමුවීම දක්නට ලැබෙන කරුණකි.ඉහත සඳහන් කරනු ලබන් ආකාරයට 2021 වසර තුළදී Google සමාගම විසින් ලොව පුරා පවතින සිය සමාගම සතු Data Centers සඳහා ජලය ලීටර බිලියන 15ක පමණ ප්‍රමාණයක් භාවිතා කර ඇත. ඒ පිළිබඳව විස්තර කෙරෙන මෙම පුවත වසරක පමණ කාලයක් ප්‍රමාද වීමට හේතුව සමාගම් අතර පවතින ගැටලුකාරී වාතාවරණය විය හැකි බවට විචාරකයන් සඳහන් කරනු ලබයි.මෙලෙස අති විශාල ලෙස ජලය පරිභෝජනය කිරීම පිළිබඳව විවිධ සංවිධාන වල දෝෂදර්ශණයට ලක්වන Google සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින Data Center සඳහා පමණක් එම ජල පරිභෝජනයෙන් 80% ක පමණ ප්‍රමාණයක් භාවිතා කර ඇති බවට සඳහන් වේ. මෙය පසුගිය වසර 5දී භාවිතා කළ ජල ප්‍රමාණයට සාපේක්ෂව තුන්ගුණයක වැඩි වීමක් බව මාධ්‍ය වාර්තා කරයි.වැදගත් කරුණ වන්නේ මෙම වසරේම නිකුත් කළ වාර්තාවකින් Microsoft සමාගම සිය සමාගම සතු Data Centers සඳහා 2021 වසරේ දී ජලය ලීටර මිලියන 84කට අධික ප්‍රමාණයක් භාවිතා කර ඇති බවයි.Data Centers සඳහා ජලය මෙතරම් අවශ්‍ය වන්නේ ඇයි?Source:gizmochina.comකෙටියෙන් සඳහන් කරන විට Data Centers සඳහා ජලය අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන් එහි සිසිලන ක්‍රියාවලියට වේ. Data Centers තුළ පවතින Servers හි ක්‍රියාවලීන් තුළ දී ඇතිවන්නාවූ උෂ්ණත්වයේ වැඩිවීම පාලනය කිරීමට මූලිකවම ජලය භාවිතා කරයි. මූලාශ්‍ර වලට අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ඉක්මවන අවස්ථාවේ දී සිසිලන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුවේ.මෙහිදී පරිභෝජනය කරනු ලබන ජලය නැවත පුනර්ජනනීය ලෙස භාවිතා කිරීමේ ගැටලුව මේ වන විට විවිධ සමාගම් සඳහා පැනනැගී ඇති අතර ඒ සඳහා සාධනීය විසඳුම් ලබාගනු ඇතැයි අප හට බලාපොරොත්තුවක් තමාගත හැකිවේ. බොහෝ විට මෙලෙස Google සමාගම සතු Data Centers සඳහා භාවිතා කරන ලද ජල පරිභෝජනයේ ඉහළ යාම සඳහා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෘජුවම බලපා ඇති බවට අනුමාන කළ හැකිවේ.Google සමාගම සතු Data Centers පවතින ස්ථාන. Source:google.comඑමෙන්ම අමෙරිකාව ආශ්‍රිතව පවතින Data Centers වලට සාපේක්ෂව යුරෝපය තුළ පවතින ඒවායේ කැපී පෙනෙන ජල පරිභෝජනයේ අඩුවීමක් නිරීක්ෂණය කළ හැකිවේ. මෙම Data Centers ආශ්රයෙන් සිදුකළ පරීක්ෂණ ලිපියක් ඔබට පහතින් Download කිරීමට හැකියාව පවතී.Data Centre Water ConsumptionData Centre Water Consumption.pdf657 KBdownload-circleමෙවැනිම නවතම තොරතුරු සමග යාවත්කාලීන වීම සඳහා Android වැඩකාරයෝWhatsApp,TelegramසහFacebookඔස්සේ සම්බන්ධවී සිටින්න.Sources:google.comgizmochina.comusnews.comresearchgate.net |
Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ | ඔබට මතක ඇතිජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon Muskහට මේ වසරේදී Starlink Satellite Internet Service එක දියත් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්නයි ආරාධනා කර තිබෙන අතර ඔහු විසින් එම ආරාධනාව පිළිගෙන තිබෙන බවට Daily Mirror වෙබ්අඩවිය වාර්තා කර සිටිනවා.කෙසේ වෙතත් මේ සඳහා Elon Musk ශ්‍රී ලංකාවට පැමිණෙන නිශ්චිත දිනයක් පිළිබඳව තොරතුරු තවමත් නොමැති වුවත් මේ Starlink Satellite Internet Service එක සඳහා නිසි පරිදි අනුමැතිය හිමි වු විගසම ඔහු මෙරටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. දැනට වාර්තා වන තොරතුරුවලට අනුව බොහෝ විට මේ වසර අවසානය පමණ වනු ඇතැයි දක්වන්න පුලුවන්.මේ ඔස්සේ බොහෝ දුරට මේ වසර අවසානයට පෙර ශ්‍රී ලංකාව සඳහාත් Starlink Satellite Internet Service එකේ සහාය නිල වශයෙන්ම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව දක්වන්න පුලුවන්.Source:www.dailymirror.lk |
iPhone 14හි Emergency Satellite SOS පහසුකම, ඇලස්කාවේදී අතරමං වූවෙකු මුදවා ගැනීමට මඟ පෙන්වයි | Apple සමාගමේiPhone 14 Series එක සදහා හදිසි අවස්ථාවලදී සන්නිවේදන සදහා Satellite Connectivity එක හරහා Emergency SOS පහසුකමලබා දුන් බව ඔබ මේ වන විටත් දන්නවා. මෙම Satellite Connectivity එක හරහා ක්‍රියාත්මක වන Emergency SOS පහසුකම හරහා පසුගිය දිනක ඇලස්කාවේදි සාර්ථකව භාවිත වු බවට වාර්තා වනවා.වාර්තා වන තොරතුරුවලට අනුව ඇලස්කා ජාතිකයා අලුයම 2ට පමණ SnowMobile (හිම වාහයක්) හරහා ගමන් කරමින් සිටින අතර හදිසියේ මාර්ගය වැරදි අතරමං වි තිබෙනවා. මොහු සිටින ප්‍රදේශයට දුරකථන සංඥා නොමැති වි තිබෙන අතර ඔහු විසින් Emergency Satellite SOS පහසුකම ඔස්සේ හදිස්සි අනතුරු ඇගවිමක් පළ කර තිබෙනවා.ඒ අනුව ඔහු විසින් අනතුරු ඇගවිම සමග එවන ලද ඛණ්ඩංක වෙත ස්වෙච්ඡා මුදා ගැනිමේ සේවකයින් හතර දෙනෙකු පිටත් වි ගොස් ඇති අතර එම ඇලස්කා ජාතිකයාව ඔවුන් විසින් සොයා ගෙන ඇති අතර ඔහුගේ ගමනාන්තය දක්වා ඔහුව පිටත් කර තිබෙනවා.කෙසේ වෙතත් Apple සමාගම දක්වා ඇති ආකාරයට ඔවුන්ගේ මේ Emergency Satellite SOS පහසුකම අංශක 62ට වැඩි අක්ෂාංශවල ක්‍රියාත්මක නොකරන බව දක්වා තිබුණත් ඔහු විසින් මෙලෙස Emergency Satellite SOS පහසුකම භාවිත කර තිබෙන ස්ථානය දළ වශයෙන් අංශක 66ක අක්ෂාංශයක පිහිටා තිබෙනවා. එනම් Apple සමාගම දක්වා තිබෙන, මම Emergency Satellite SOS පහසුකම ක්‍රියාත්මක වන පරාසයෙන් පිටතයි.මෙම Emergency Satellite SOS පහසුකම සෑම iPhone 14 Series පාරිභෝගිකයෙකුටම වසර දෙකක් සදහා නොමිලයේ ලබා ගත හැකි වනවා. කෙසේ වෙතත් තවමත් මෙම වසර දෙක ඉකුත් විමෙන් පසුව මෙම පහසුකම ලඉා දීම සදහා මුදල් අය කරන ආකාරයක් හෝ මිල ගණන් පිළිබඳ කිසිදු ප්‍රකාශයක් Apple සමාගම විසින් සිදු කර නොමැති වනවා.Apple සමාගමේ iPhone 14 Series එකට අමතරව මේ වන විට Huawei Mate 50 Series එක සදහාද Satellite Communication පහසුකම ලබා දී තිබෙන අතරSamsung සමාගම විසින් ඉදිරියේදි නිකුත් කිරිමට නියමිත ඔවුන්ගේ Galaxy S23 Series එක සදහාත් මේ පහසුකමලබා දීමට බලාපොරොත්තු වන බව මීට පෙර වාර්තා වුවා.Sources:www.macrumors.comwww.androidauthority.com |
ඔබේ දුරකථනයට නව Emoji 20 ක් | The Unicode Consortium Unicode 14.0 නමින් අන්තිමටම අලුත් emoji released කරේ මීට අවුරුද්දකට කලිනි. දැන් Unicode update එකක් වශයෙන් version 15.0 released කිරීමට සූදානම් වෙනවා. එයට අලුත් emoji 20ක් ද ඇතුලත් වේ.Light Blue සහ grey පැහැති heart එකක් සමඟ වසර ගණනාවක් තිස්සේ බොහෝ දෙනා ඉල්ලා සිටි pink heart Emoji යක් ද ලබා දී ඇත. අනෙක් Emoji සදහා Arms pushing left and right ,trembling face, maracas , moose , donkey සහ Wi-Fi සංකේතයක්ද එහි ඇතුළත් වේ. තවද Unicode-recommended emoji එකතුව දැන් 3,664 දක්වා ඉහළ ගොස් ඇත.ඔබට දැන්ම මෙම නව emoji භාවිත කිරීමට නොහැකි වනු ඇත. ඒ සඳහා ඔබගේ device එකට නව updates ලැබෙන තෙක් ඔබට බලා සිටිය යුතු වේ.Android 13සහiOS 16සඳහා updated නව emoji සඳහා සහය දක්වමින් ඉදිරි මාස කිහිපය තුළ නකුත් වීමට නියමිතයි.ඒවා සියල්ලම ඉක්මනින් Android වෙත පැමිණෙන බව Google විසින් තහවුරු කර ඇති අතර, ඒවා ලබන වසරේ මුලදී Android devices හරහා ලබා ගත හැකි වනු ඇත. ඒ හා සමානව, WhatsApp වැනි apps සදහාද සහය දක්වනු ඇත.එතෙක්, ඔබට එම Emoji සඳහා Unicode symbols copy and paste කළ හැකිය, නමුත් type කරන අවස්ථාව වන විට, ඔබට ඕනෑම උපාංගයක කළු/සුදු චතුරස්රයකට වඩා දැකිය නොහැක.Sources:Emojipedia |
කඳුලු ගෑස් කියන්නේ මොනවාද සහ කොහොමද කඳුලු ගෑස් ප්‍රහාරයෙන් බේරෙන්නේ? | කඳුළු ගෑස් එහෙමත් නැතිනම් මේ Tear gas කියන්නෙ ඇස්වල කඳුලු, වේදනාව හා ඇතැම් විට තාවකාලික අන්ධතාවයක් ඇති කිරීමට භාවිතා කරනා රසායනික සංයෝග කීපයක් වේ. මෙය විශේෂයෙන් නිපදවා ඇත්තෙ ස්වයං ආරක්ෂක ක්‍රම හා විශාල කලහාකාරි පිරිසක් විසුරුවා හැරීම සඳහා යොදාගැනීමටයි. අනිත් කාරණාව තමයි තමා මේවට ගෑස් ගැස් කිව්වට මේවා ඇත්තටම ගෑස් නෙමෙයි. මේක Liquid (දියර) Solid ද්‍රවයක් (නිකන් පවුඩර් වගෙ ඝන ද්‍රවයක්). මේවා හදන්නෙ කෑන් එකක් තුලට Liquid හෝ Solid වශයෙන් තියෙන රසායනික සංයෝග කිහිපයක් අධි පීඩනයකට යටත්ව පිරවීමෙනුයි.කඳුළු ගෑස් වැඩ කරන්නේ කොහොමද?මේවා වැඩ කරන්නෙ මෙහෙමයි. කදුලු ගෑස් අඩංගු කෑන් එකකින් ප්‍රහාරයක් එල්ල කරාට පස්සෙ ඔයාගෙ ශරීරයෙ තියෙන lacrimal ග්‍රන්ථි වල මේක වදිනවා. එතකොට ඒ හරහා ඔයාගෙ මොලයට සංඥාවක් යනවා. ඒ අනුව මොළය තීරණය කරනවා ඔයාගේ ඇස්වල වේදනාව, කඳුලු, හුස්ම ගැනීමේ අපහසුතා වගෙ දේවල් ඇති කරවන්න. ඔයා ළූණු ගෙඩියක් කපද්දි, දෙහි ඉස්ම ඇහැට විසික් වෙද්දි, දර කැබලි පිච්චෙන දුමට නිරාවරණය වීමෙදි වගේ ඇති වන්නෙත් මේ කියපු ක්‍රියාවලියට ටිකක් සමාන දෙයක් තමා.මේ Tear gas එහෙමත් නැතිනම් මේ කඳුලු ගෑස් වලට භාවිතා කරන්නෙ මොනවද ?මේකට බහුලවම භාවිතා වන්නෙ Corson Stoughton කියන වායුව. ඊට අමතරව.Chloroacetophenone හෙවත් Phenacyl chlorideDibenzoxazepine හෙවත් CR GasOleoresin capsicum (OC)Nonivamide හෙවත් pelargonic acid vanillylamide (PAVA)Pepper spray කියන වර්ගයත් භාවිතා වනවා. නමුත් බහුලවම භාවිතා වන්නෙ අර උඩ කියපු CS GAS තමා.මේ CS Gas ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්න හේතුව තමා මේකෙ තියෙන Low Toxic ගතිය. (කැරලි මර්දනේට ගැහුවත් ඔක්කොම මිනිස්සුනෙ.) මේ CS GAS ගැන කියද්දි විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමා මේ දේ සොයාගත්තු අයව. කදුලු ගෑස් සොයාගන්නේ 1928දි ඇමෙරිකාවෙ විසු විද්‍යාඥයන් දෙන්නෙක් වන Ben Corson සහා Roger Stoughton යන පුද්ගලයින් දෙදෙනා විසිනි.කඳුලු ගෑස් ප්‍රහාරයකට ලක් උනොත් එකෙන් ගැලවෙන්නෙ කොහොමද?ලබන 3 වන ඉරිදා අරගලයට යන්ඩ ඔයාලට මේක බොහොදුරට වැදගත් වෙයි. ඒක නිසා මේ කියන්න යන ටික හොඳින් කියවා අවබෝධ කරගන්න. මේකට කරන්න පුළුවන් හොඳම දේ තමා ගෑස් මාස්ක් එකක් පළඳින එක. නමුත් ඔයාලට ගෑස් මාස්ක් එකක් හොයාගන්ඩ අමාරුනම් Swimming සඳහා භාවිතා කරන goggles දෙකක් පාවිච්චි කරන්න. ඒකත් හොයාගන්න අමාරුනම් 5L හෝ 7L වතුර කෑන් එකක් හොයාගෙන ඒක තමුන්ගෙ මුහුනට සරිලන පරිදි කපාගෙන මුහුණු ආවරණයක් ලෙස සකස් කර ගන්න.Gas Mask එකක් වෙනුවට ප්ලාස්තික් වතුර බෝතයල් කපා සාදාගත් Gas Mask එකක්Goggles දෙකක් භාවිතා කරගනිමින් සාදා ගත් ආරක්ෂක ක්‍රමයක්.මීට අමතරව ටිකක් තද මාස්ක් එකක් හෝ ස්කාෆ් එකක් නහයට කටට තදවන සේ ස්කාෆ් එකක් අනිවාර්යයෙන් පළඳින්න. නමුත් අනිවාර්යයෙන්ම මතක තියාගන්ඩ ඕන තව දෙයක් තමා ඇඟට හිර නැති අත්දිග ඇඳුමක් තද නැති ඩෙනිම් කලිසමක් ඇඳගෙන යන්ඩ මෙමගින් මේවා සමෙහි තැවරීමට ඇති සම්භාවිතාව අවම කරනවා.ඒ වගේම මේවා හමේ වැදුනාම දැවිල්ල අල්ලන්න පුළුවන්. ඒක නිසා අත හෝද ගැනීම වතුර බෝතලයක් හෝ තෙත් වෙච්ච කුඩා තුවා කැල්ලක් හෝ අනිවාර්යෙන් ලඟ තබා ගන්න. මේ තෙත තුවා කැබැල්ල මගින් මුහුණ හා අත් හොඳින් පිස දමා ගන්න.ඔබ ආරක්ෂා විය යුත්තේ මේ ආකරයටයිමීට අමතරව ඔයාලට කරන්න පුළුවන් තවත් ලේසිම දෙයක් තමා දැවිල්ල අල්ලපු ගමන් පුළුවන් තරම් දහඩිය පිටවන විදිහට වේගයෙන් දුවන එක එතකොට සම මතුපිටට එන දහඩිය මගින් මේවා ඉබේම සොදාහරිනවා එමගින් ඔයලට යම් කිසි සහනයක් ලැබෙයි.මම මේ කියපු කරුණු වලින් මොන වර්ගයේ කඳුලු ගෑස් ශ්‍රී ලංකා පොලීසිය විසින් භාවිතා කරනවා කියන එක නම් හරියටම කියන්න දන්නේ නෑ. නමුත් මම මේ කියපු ආරක්ෂණ පිළිවෙත ඒ ඕනෑම ක්‍රමේකට එරෙහිව පාවිච්චි කරන්ඩ පුළුවන්. 100%කම ආරක්ශාවක් නැතත් බොහො දුරට මේකෙන් ඔයාලට යම්කිසි සැලකිය යුතු මට්ටමකට ආරක්ෂවක් සහ සහනයක් ලබා ගන්න පුළුවන්.මීට අමතරව Flashbang වගෙ ඒවත් කැරලි මර්දනේදි යොදාගන්නවා. මේවා වැඩ කරන විදිහත් ඔයාලට දැනගන්ඩ ඕනෙනම් කමෙන්ට් එකක් දාන්න. වෙලාවක් තිබුනොත් මම මේකටම ඒකත් අප්ඩේට් කරන්නම්. |
ඉදිරියේදී නිකුත් වීමට නියමිත Black Shark දුරකතනය විසින් iPhone 12 Proහි features අභිබවන බව Luo Yuzhou ප්‍රකාශ කරයි | Xiaomi සමාගමේ Gaming Smartphone සන්නාමයක් වෙන Black Shark මේ වන විට ඔවුන්ගේ නවතම Gaming Smartphone එක එළිදැක්වීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මේ නව Black Shark Device එක මේ වන විට සංවර්ධන අවධියේ පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.මේ Gaming Smartphone එකේ තොරතුරු වාර්තා විමටත් පෙර සමාගමේ විධායකවරයා වෙන Luo Yuzhou විසින් පල කරන ලද Weibo සටහනකට අනුව දැක්වෙන්නේ මේ Black Shark Gaming Smartphone එකේ Features දැනට පර්යේෂණ අවධියේ පවතින අතරම නමුත් මේ Gaming Smartphone එකේ Apple iPhone 12 Pro Smartphone එකෙ Specs අභිබවා ගොස් ඇති බවයි.තවමත් මිලග Black Shark Gaming Smartphone එකේ Features පිළිබඳව තොරතුරු සදහන් නොවුවත් මේ Weibo සටහනට අනුව අපිට හිතන්න පුළුවන් මේ Gaming Smartphone එකෙන් iPhone 12 Pro හි පවතින Specs වලට වඩා Specs බලාපොරොත්තු විය හැකි වන බව. එනම් iPhone 12 Pro එක හා සසදන විට එහි Advance Version එකක Gaming Smartphone එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා.Sources :Gizmochina |
Microsoft Defender Anti-Malware App එක Android වල Release වෙයි | Microsoft සමාගම ඔවුන්ගේ cyber-security software එකේ public preview එක මේ වෙද්දි Android platform එකේ release කරලා තියෙනවා. ඉතින් මේක නම් කරලා තියෙන්නේMicrosoft Defender Advanced Threat Protection (ATP)විදිහටයි. මේ software ගොඩක් ම aim කරලා තියෙන්න් end-users ලට වඩා enterprises වලටයි. Microsoft ලට අනුව, මේ app එක ආයතනයන් වල රහස්‍ය තොරතුරු unsafe device accesses වලින් protect කරගන්න උදව් වෙනවා. තවදුරටත් ඔවුන් සඳහන් කරන්නෙ මේ security software එක insecure emails, applications සහ Android වල තියෙන unsafe endpoints detect කරලා ඒවයින් users ලව protect කරගැනීමට සමත් වෙනව කියලයි.පසුගිය අඟහරුවාදා (ජූනි 23) official blog post එකක් මගින්, ඔවුන් ප්‍රකාශ කරේ deep-learning සහ heuristics use කරමින් phishing සහ අනෙකුත් online threats වලට එරෙහිව users ලව protect කරගන්නට කටයුතු කරනව කියලයි. ඒ වගේම malware scanning facility එකත්, malicious apps සහ websites වලින් network connections ආරක්ෂා කරගැනීමෙ පහසුවත් මේ තුලින් ලැබෙනවා. ඊට අමතරව, risk එකක් විදිහට හඳුනාගත් devices restrict කිරීමේ හැකියාවත් මේ තුලින් network administrators ලට හිමිවෙනවා.“(This) will enable enterprises to secure users and data on their Android devices”-Microsoft.Microsoft ලා මේ අවුරුද්ද මුල දී Microsoft Defender ATP එකේ public preview එක Linux වලට release කරා. ඉතින් මේ development එක ආවෙ Microsoft ලා ඔවුන්ගේ enterprise security software එක Mac වල release කරලා අවුරුද්දකටත් වඩා අඩු කාලෙකින්. ඒ වගේම ඔවුන් කියල තිබ්බ මේ අවුරුද්ද අවසානය වෙද්දි Android සහ iOS වලටත් මේ software එක release වෙනවා කියලා.Desktop සහ mobile ඇතුලු හැම platform එකකටම endpoint threat protection එක ලබාදීමේ සැලැස්මේ කොටසක් විදිහට Microsoft ලා ‘Windows’ branding එක drop කරලා ඒ වෙනුවට ‘Microsoft Defender’ කියන නම use කරන්න පටන් ගත්තා. ඒ 2019 අවුරුද්දෙ. ඉතින් කලින් mention කරපු විදිහට, මේ ATP apps කියන්නේ Microsoft ලගෙ enterprise security program එකේ කොටසක්. ඉතින් මේ app එක general users ලට කවද release වෙයි ද කියල තාම් කියන්න හැකියාවක් නෑ.Source:Microsoft |
Apple සමාගම විසින් search engine එකක් නිර්මාණය කිරීම වැළැක්වීමට Google සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් ගෙවන බව හෙලිවේ | Apple සමාගමේ උපාංග සමඟින් ලබාදෙන Safari නම් web browser එකේ default search engine එක වශයෙන් Google search engine එක පවත්වාගෙන යාම සඳහා Google සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් ගෙවන බව ලොව ප්‍රකට කාරණාවකි. එසේ නොකරන්නට iPhones භාවිතා කරන ලොව මිලියන ගණනක පරිශීලකයන් ප්‍රමාණයක් Google සමාගමට අහිමිවී යනු ලබ අතර, ඒ හරහා දැන්වීම් මගින් ලැබෙන ආදායමද විශාල ප්‍රමාණයකින් එකවරම පහත වැටීමේ අවදානමක් Google සමාගමට පවතී.මේ වන විට විභාග වෙමින් පවතින antitrust නඩු විභාගයක විමර්ශනයන් තුලින් හෙලිවී ඇත්තේ Google සමාගම විසින් තම වෙළඳපල කොටස රඳවා ගැනීම සඳහා සිදු කරන නින්දිත ක්‍රියාවකි. එහිදී හෙලිවී ඇත්තේ Google සමාගම සහ Apple සමාගම විසින් antitrust නීතීන් කඩ කරමින් රහස් ගිවිසුමකට එළඹ ඇති අතර එම ගිවිසුමෙන් Apple සමාගම search engine එකක් නිර්මාණය නොකර සිටීම සඳහා එකග වී ඇති අතර ඒ සඳහා Google සමාගම විසින් ඩොලර් බිලියන ගණනක් Apple සමාගම වෙත ගෙවා ඇත.Google CEO Sundar Pichai සහ Apple CEO Tim Cook අවන්හලකදී හමුවී සාකච්චා කරන ආකරය කැමරාවක සටහන් වූ ආකාරය.ඉහතින් දැක්වූ චායාරූපයෙම වෙනත් ආනතියකින් ලබා ගත් චායාරූපයක්මෙහිදී සරලවම සිදුවන්නේ Apple සමාගම විසින් search engine එකක් නිර්මාණය කර නොසිටීම වෙනුවෙන් Google සමාගමෙන් මුදල් ලබාගැනීම සහ Google සමාගම විසින් තම වෙළඳපල ඒකාධිකාරය රැකගැනීම සඳහා සහ තවත් search engine එකක් සමඟින් තරඟයකට ඉදිරිපත් වීම වෙනුවට බිලියන ගණන් ගෙවා සිටීමයි.සැබැවින්ම Google සමාගමට සහ Apple සමාගමට මෙය බෙහෙවින් ලාභදායක ක්‍රියාවලියක් වූවත් ඇමරිකා එක්සත් ජනපදයේ පවතින නීතීන්ට අනුව non-compete agreement (තරඟයක් වැලැක්වීම සඳහා එළඹෙන ගිවිසුම්) වලට එළඹීම තහනම් වන අතර Google සහ Apple සමාගම අතර ඇති මෙම ගිවිසුම සහ Apple උපාංග වල default search engine එක ලෙස Google එක යොදා ගැනීම සඳහා එළඹ ඇති ගිවිසුම අහෝසි කිරීමට අදාලව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාල නීති ආයතනයන් විසින් අධ්‍යයනය කරමින් සිටී.මේ සඳහා වන තීරණය ලබා දෙන දිනය පිළිබඳව පැහැදිලි තොරතුරක් හෝ ප්‍රකාශයක් මේ වනතුරුත් ලැබී නැති අතර Google සමාගම හෝ Apple සමාගම විසින් මේ පිළිබඳව තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.Sources:Apple Insider,Macrumors, |
Android උපාංග වල ඇති Partitions | Android Development වලට ආස අයට මේ ලිපිය වැදගත් වේවි.ජංගම දුරකථන ඉතිහාසය වෙනස්ම මඟකට ගෙන ඒමට සමත් වුණ "ස්මාට් ජංගම දුරකථන - Smartphone" කියන්නෙ කුඩා පරිගණක බව අපි හැමෝම දන්නා කරුණක්. සාමාන්‍ය පරිගණකයක තියෙන සියළු මූලික උපාංග ස්මාට් ෆෝන් එකක කුඩාවට ඇතුළත් වෙලා තියෙනවා.Android නමින් හඳුන්වන Linux කර්නලය මත ගොඩනැඟුණු ජංගම උපාංග සඳහා වූ මෙහෙයුම් පද්ධතිය නිසා ස්මාට් ජංගම දුරකථන වල මිළ අඩු වී සාමාන්‍ය ජනතාව අතරටත් ආවා. ඒ වගේම, Android යනු විවෘත කේත එනම් Open Source ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් නිසා ලොව වටා සිටින මෘදුකාංග නිර්මාණ ශිල්පීන්ට, developers ලාට එම කේතය අධ්‍යනය කිරීමටත්, එම කේතය පාදක වූ විවිධ ආකාරයේ මෙහෙයුම් පද්ධති (Custom roms) නිර්මාණය කිරීමටත් ඉඩ ලැබුණා.Linux කර්නලය මත පදනම් වූ framework එකක් ලෙස ක්‍රියා කිරීම නිසා, Android මෙහෙයුම් පද්ධතියටත් ඇත්තේ සාමාන්‍ය Linux මෙහෙයුම් පද්ධතියක ඇති හැඩහුරුකම් ය. අද අපි කථා කිරීමට බලාපොරොත්තු වන Partitions ද ඇත්තේ පෙර කී ආකාරයට Linux පාදක මෙහෙයුම් පද්ධතියක ආකාරයටයි.ඔබ දන්නා පරිදි, ඔබ භාවිතා කරන Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයටත් Partitions වර්ග තිබෙනවා. උදාහරණ ලෙස,System partition (EFI System Partition / BIOS system partitionMicrosoft Reserved partition (MSRPrimary partitions (Windows partitions, data / utility partitionsRecovery partitionExtended partitionLogical partitions (Windows partitions, data / utility partitions)මේවායින් සමහරක්, පරිගණකය භාවිතා කරන ඔබට නොපෙනුණත්, සමහර ඒවා ඔබට File Explorer හරහා බලාගත හැකියි. Windows මෙහෙයුම් පද්ධතියේ නම්, C අකුරෙන් ඇරඹී primary/logical පාටිෂන් නම් කිරීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය වන්නේ මෙම C partition එකට යි.එනමුත්, Linux ආභාෂය සහිතව එන Android මෙහෙයුම් පද්ධතියේ ඇත්තේ මීට වඩා බොහෝ සෙයින් වෙනස් වූ Partition ක්‍රමවේදයක්. සාමාන්‍ය Linux පාදක මෙහෙයුම් පද්ධතියක ඇති බොහෝ Partitions වර්ග ඔබට Android මෙහෙයුම් පද්ධතියෙන් ද දැකබලාගත හැකියි.අපි මෙම ලිපියෙන්, Android මෙහෙයුම් පද්ධතියේ භාවිතා වන partitions මොනවාදැයි සහ ඒවායේ ගබඩා කරන්නේ කුමන ආකාරයක දත්ත දැයි විමසා බලමු, මෙම දැණුම Android Development සහ Modifications සඳහා බොහෝ ප්‍රයෝජනවත් වේවි./bootමේ Partition එකේ ගබඩා කරන්නේ Kernel එක සහ ramdisk එක. Ramdisk යනු කර්නලය විසින් boot time එකේ, එනම් උපාංගය on වන අවස්ථාවේ භාවිතා කරන, මෙහෙයුම් පද්ධතිය load වීමේදී ආරම්භ වන පළමු process එක වන /init daemon process එක සහ උපාංගයේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සැකසුම් ගොණු (config files) කීපයක් කබඩා කර ඇති කුඩා ඉඩ ප්‍රමාණයක්. Android උපාංගයක එක් විශේෂ කොටසක් වෙන Bootloader කේතය තියෙන්නෙත් මේ Partition එකේමයි./recoveryමේ Partition එකේ ගබඩා වෙන්නේ Recovery එක. Recovery එක කියන්නෙත් Bootable partition එකක්. Recovery එකට Boot කිරීමෙන් මෙහෙයුම් පද්ධතියේ වෙනස්කම් කිරීම, දත්ත මකා දැමීම ඇතුළු දේවල් රැසක් කරන්න පුළුවන්./systemමේකේ තමයි Kernel එක සහ ramdisk එක හැර සම්පූර්ණ Android OS එක වගේම System apps ටික ගබඩා වෙලා තියෙන්නේ. (Kernel එක සහ ramdisk එක කියන්නෙත් OS එකේම කොටස්, ඒවා ගබඩා තියෙන්නේ /boot පාටිෂන් එකේ, වෙනමමයි)/dataමේ කොටසේ ගබඩා වෙන්නේ අදාළ උපාංගය භාවිතා කරන පුද්ගලයා නිසා ගබඩා වෙන දත්ත. User විසින් install කරන apps, Messages, App වල data, user සිදු කරන settings වල වෙනස්කම් ආදී නොයෙක් දත්ත මෙහි ගබඩා වෙනවා. මේ partition එක wipe කිරීම, එහෙමත් නැත්නම් මකා දැමීමට අපි කියනවා Factory Reset එහෙමත් නැත්නම් Master Reset කරනවා කියලා./cacheකෑෂ් මෙමරි ගැන ඔයාලා දන්නවා ඇති. අපි නිතර භාවිතා කරන දත්ත මේකේ ගබඩා කරලා තියාගන්නවා, ඉක්මනින් ඒවට පිවිසෙන්න. ඕන නම් මේක ක්ලියර් කරලා දාන්න පුළුවන් මුකුත් අවුලක් වෙන්නෑ. ගොඩක් ෆෝන් වල මේක /data පාටිෂන් එක ඇතුළෙම ගබඩා කරලා එවනවා./miscමේ කොටසේ ගබඩා වෙන්නේ පද්ධතියේ සංකීර්ණ settings. ඉංගිරිසියෙන් කිව්වොත් Miscellaneous System Settings. මේකෙ ගබඩා වෙලා තියෙන්න පුළුවන් Carrier and Region Settings (CID) වගේ ඒවත්. දෘඪාංග සම්බන්ධ සැකසුම් එහෙමත්. මේ partition එකේ ගබඩා වෙන්නේ, මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බලපාන සංවේදී දත්ත./sdcardමේ කොටසේ ගබඩා වෙන්නේ User විසින් උපාංගයට ඇතුළත් කරන පින්තූර, වීඩියෝ, ගීත ආදී නොයෙක් files. මේ කොටසේ දත්ත user ට පහසුවෙන් මකන්න පුළුවන්, ඒ වගේම ඉඩ පිරෙනකන් ඕනම විදියකට තැන්පත් කරන්නත් පුළුවන්. Memory Card එකක් සහිත දුරකථන වල /sdcard2 වගේ නමකින් තවත් partition එකක් මෙහෙයුම් පද්ධතිය විසින් හදාගන්නවා. ඒකත් මේ partition එකෙන්ම වෙන කාර්යය තමයි කරන්නෙ.Android උපාංගයක partitions ගැන අවබෝධයක් දැන් ඔයාලටත් ඇති. ඉදිරියේදී Android මෙහෙයුම් පද්ධතියේ ඇතුළාන්තය ගැන තවදුරටත් කථා කිරීමේ බලාපොරොත්තුවෙන්, ගිහින් එන්නම්. ඔබට ජය! |
OnePlus Nord 2 ජංගම දුරකථනයක් පුපුරා යයි | ඉන්දියාවේ Dhule නනගරයේදී තවත් OnePlus Nord 2 ජංගම දුරකථනයක් පුපුරා ගිය බවට තොරතුරු මේ දිනවල වාර්තා වෙනවා. මේ සිදුවීම පිළිබඳ Suhit Sharma විසින් Twitter සටහනක් පළ කරමින් OnePlus ආයතනයට මේ ආකාරයෙන් ඍජුවම චෝදනා කර තිබෙනවා.මෙවැනි දෙයක් ඔබ ආයතනයෙන් කිසිදා බලාපොරොත්තු නොවුණි. ඔබගේ නිෂ්පාදනය සිදු කර ඇති දේ බලන්න. මිනිසුන්ගේ ජීවිත සමඟ ක්‍රීඩා කිරීම නවත්වන්න.@OnePlus_INNever expected this from you#OnePlusNord2Blastsee what your product have done. Please be prepared for the consequences. Stop playing with peoples life. Because of you that boy is suffering contact asap.pic.twitter.com/5Wi9YCbnj8— Suhit Sharma (@suhitrulz)November 3, 2021Suhit Sharma විසින් දුරකථනයේ පිටුපස පින්තූර කිහිපයක් මෙම Twitter සටහන සමග යොදා ඇති අතර, දුරකථනය පහළ වම් පැත්තේ සිට පිළිස්සී ඇති බව පෙනෙන්නට තිබෙනවා. මෙහි විනිවිද පෙනෙන TPU Back Cover එක පහළ පැතිවලින් පිළිස්සී ගොස් ඇති බවත් දකින්න පුළුවන්. දුරකථනය පිපිරිම නිසා හිමිකරුගේ දකුණු පාදයද පිළිස්සී තිබෙනවා.ඒ වගේම ඔබට මතක ඇති මීට පෙරOnePlus Nord 2 Smart Phone එකක් පුපුරා යාමමෙන්මOnePlus Nord 2 Charger එකක් ද පුපුරා යාමේ සිදුවිම්ඉන්දියාවෙන් වාර්තා වුණා. එමෙන්ම මෙලෙස Nord 2 දුරකථනය පුපුරා යාමට අදාලව මේ වෙන විට OnePlus සමාගම විසින් කටයුතු කරමින් සිටින අතර ඔවුන් විසින් අදාල පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳවත් සොයා බලා ඇති බවත් වාර්තා වෙනවා.Source:GIZMOCHINA |
පාකිස්ථානයේ සහය ඇතුව Number portability පහසුකම ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවට තොරතුරු වාර්තා වේ | පසුගිය වසරේ අගොස්තු මාසයේදි පමණඑකම දුරකථන අංකය සෑම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනීමේ හැකියාවලබා දිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවට අපි ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා.ඒ අනුව අපි දැනට භාවිත කරන දුරකථන අංකය සියළුම ජංගම දුරකථන සේවා ජාල ඔස්සේ එම අංකයම වෙනස් නොකර ලබා ගැනීමේ හැකියාව හෙවත් Number Portability යන සේවාව ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරිමට සුදානම් වෙමින් සිටිනවා. මේ Number Portability සේවාව ක්‍රියාත්මක කිරිම පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජනවාරි මාසයේ දි මහජන අදහස් විමසිමක් ද සිදු කරනු ලැබුවා.ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වෙන ඖෂධ සේනානායක මහතා විසින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුල ජංගම දුරකථන සේවා සපයන ආයතන මේ සදහා එකගතාව පළ කිරිමෙන් පසු මේ වන විට තාක්ෂණික සාකච්ඡා මට්ටමින් මේ Number Portability සේවාව ලබා දිම පවතින බවයි.ඖෂධ සේනානායක මහතා විසින් වැඩිදුරටත් අදහස් දැක්වා තිබෙන්නේ පාකිස්තානය තුල මේ Number Portability සේවාව ලබා ඇති සාර්ථකව නිසා පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය සමග මේ සේවාවට අදාල ප්‍රයෝගික හා තාක්ෂණය කටයුතු සාකච්චා කිරිමට බලාපොරොත්තුව සිටින බවයි.ඒ අනුව බොහෝ විට මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ Number Portability සේවාව ශ්‍රී ලංකාව තුල බලාත්මක කිරිමට හැකි වෙනු ඇත. පාරිභෝගිකයන් සදහා මේ Number Portability සේවාව 2022 වසරේ දි නිකුත් කිරිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බලාපොරොත්තු වි සිටිනවා.Source :NewsWire |
ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) අද එළිදැක්විමට සුදානම් | මේ වෙන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයත් සමග ඉතා දැඩි ඉන්ධන හිගයකට අප රට මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා මේ වෙන විට ඉතා සිමා සහගතව පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරිම දකින්න පුලුවන්.මේ නිසා ජනතාව ලක්වෙන අපහසුතාවයන් අවම කිරිමේ අරමුණෙන් යුතුව පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකාව පුරාම ඉන්ධන තිබෙන ඉන්ධන පිරවුම්හල් සහ ඒවාගේ තිබෙන ඉන්ධන වර්ගයන් පිළිබඳ තොරතුරු මහජනතාවට ඉතා පහසුවෙන් ලබා ගැනිම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ), ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය එක්වඉන්ධන තොරතුරු කළමනාකරණ පද්ධතියදියත් කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම පද්ධතිය නිකුත් කර සතියකට පමණ පසු ඉන්ධන තොග ලැබීම පිළිබඳව ඇති අවිනිශ්තතාවය නිසා මහජනයාට තොරතුරු සැපයීමට ඇති අපහසුතාවය නිසා මෙමපද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිත කරන බවඑම පද්ධතියට අදලාව හදුන්වා දුන් වෙබ් අඩවිය මගින් දක්වා තිබුණා.ඒ අනුව මෙලෙස මහජනතාවට ඉන්ධන ක්‍රමවත්ව ලබාදීමට හදුන්වා දුන් වැඩපිලිවල තවත් ක්රමානුකූල කරමින් අද දිනයේදි ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) හදුන්වා දීමට නියමිත තිබෙනවා.මෙය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ආයතනයේ තාක්ෂණික සහය ඇතිව අද දහවල් 12.30ට පමණ එළිදැක්විමට නියමිත වෙනවා.Introduction to the National Fuel Pass will be held @ 12.30pm. A guaranteed weekly fuel quota will be allocated. 1 Vehicle per 1 NIC, QR code allocated once Vehicle Chassis number & details verified. 2 days of the week according to Last Digit of number plate for fueling with QR.https://t.co/hLMI9Nm5ZF— Kanchana Wijesekera (@kanchana_wij)July 16, 2022මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) මගින් එක් සතියකට අවශ්‍ය නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලබා ගත හැකි වෙනු අතර වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම් අනුව සතියට දින දෙකක් ඉන්ධන ලබා ගත හැකි වෙනු ඇත. මෙලෙස ඉන්ධන ලබා ගත හැක්කේ එක් ජාතික හැදුනුම්පතකට එක් වාහනයක් සදහා පමණක් වෙන අතර මෙම තොරතුරු සහ වාහනයේ තොරතුරු ඇතුළත් කර QR කේතයක් ද ලබා දිමට නියමිත වෙනවා.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) එළිදැක්වු පසු ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවාSources:Kanchana Wijesekara - Twitter |
AppStoreහි තිබූ ව්‍යාජ wallet app එකක් හේතුවෙන් පුද්ගලයෙකුගේ ඩොලර් ලක්ෂ 6ක Bitcoins අතුරුදන්වේ | Apple කියන්නේ ඔවුන්ගේ Usersලාගේ Privacy & Security පිළිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමු කරන ආයතනයක් විදිහට දක්වන්න පුලුවන්. ඒ වගේම වරක් Apple සමාගමේ CEO වෙන Tim Cook විසින් "පෞද්ගලිකත්වය යනු මුලික මිනිස් අයිතිවාසිකමක්" බවටත් ප්‍රකාශ කර තිබුණා.කෙසේ වෙතත් පසුගිය දිනක Apple Store හි පැවතුණ Fake App එකක් නිසා iPhone User කෙනෙක් ඉතා වංචනික ක්‍රියාවකට හසු වි තිබෙනවා. Phillipe Christodoulou නමින් හදුන්වන පුද්ගලයා විසින් ඔහුගේ iPhone එක සදහා Trezor Wallet නම් App එකක් Install කර එම Wallet එක සදහා ඔහු සතුව තිබු ඩොලර් ලක්ෂ 06ක් පමණ වටිනා Bitcoin ප්‍රමාණයක් තැම්පත් කර තිබෙනවා.කෙසේ නමුත් පසුව ඔහුගේ මේ Wallet එකේ තිබු Bitcoin සියල්ල අතුරැදහන් වි තිබෙනවා. එවිට එම ප්‍රමාණයේ වටිනාකම ආසන්නව ඩොලර් මිලියනයක් පමණ වෙන බවත් සදහන් වෙනවා.මේ Trezor Wallet නම් Fake App එකට Apple Store එකට ඇතුළු විමට හැකි වු ආකාරය ඉතාම ගැටලු සහිත වෙන අතර මේ Trezor Wallet නම් Fake App එක ක්‍රියාත්මක වි ඇත්තේ Cryptocurrency Wallets වල Hardware Manufacturer කෙනෙක් වෙන Trezor ආකාරයටයි.Trezor සමාගම විසින් නිරන්තරයෙන්ම පවසා සිටින්නේ ඔවුන්ට Android හෝ iOS සදහා වෙන App එකක් නොපවතින අතර එලෙස Apps පවති නම් ඒ සියල්ල Fake Apps වෙන බවයි. එමෙන්ම එලෙස පවතින Fake Apps පිළිබඳව ඔවුන් නිරන්තරයෙන්ම ඔවුන් පැමිණිලි කරන බවත් ඔවුන් වැඩි දුරටත් පවසා තිබෙනවා.කෙසේ වෙතත් Apple සමාගම විසින් ඔවුන්ගේ App Store එක iPhone සදහා Apps ලබා ගැනිමට ආරක්ෂිතම ස්ථානයක් සේ දැක්වුව ද මේ සිද්ධියත් සමග එය එසේ නොවන බව Christodoulou විසින් වැඩි දුරටත් දක්වා තිබෙනවා. එමෙන්ම App Store එක මගින් ලබා ගත් App එකකින් සිදු වෙන මෙවන් වංචා කටයුතු පිළිබඳව සම්පුර්ණ වගකිම Apple ආයතනය සතු වෙන බවත් ඔහු වැඩි දුරටත් දක්වා තිබෙනවා. ඔහු විසින් අදහස් දක්වනු ලබන්නේ මේ පිළිබඳව අනිවාර්යයෙන් Apple ආයතනය විසින් ක්‍රියාමාර්ග ගත යුතු අතරම ඔහුට වන්දි මුලදක් ලබා දිමට ද කටයුතු කල යුතු බවයි.Source :GizmoChina,Bitcoin.com |
සාමාජිකයන් 5,000ක සීමාවක් සමග පැමිණෙන WhatsApp Announcement Groups | මේ වන විට ලොව පුරා මිලියන ගණනාවක් භාවිතා කරනු ලබන යෙදවුමක් වන WhatsApp සඳහා පසුගියදා WhatsApp Community විශේෂාංගය හඳුන්වා දෙනු ලැබීය. මෙහි ඉදිරි පියවරක් වශයෙන් WhatsApp වෙත Announcement Group එකක් හඳුන්වා දීම සඳහා Meta විසින් ක්‍රියාකර ඇති බව වාර්තා වේ.Source: www.behance.comWhatsApp Community භාවිතා කිරීමේදී එහි පරිශීලකයන් හට එකම ආකාරයේ පවතින Groups කිහිපයක් මෙම Community හරහා එකවර පරිශීලනය කළ හැක. මෙය Group එකක් නොවන නමුත් මෙය හරහා Community Creator හට එම Community එක හා සම්බන්ධ සියලුම Groups එකවර පාලනය කළ හැක. මෙය ඔබ මේ වන විට අත්විඳ ඇති Discord Server එකකට සමාන වේ.පහත ඡායාරූපයෙන් මෙහි ව්‍යුහය පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිවේ.Source: www.behance.comWhatsApp වෙතින් මේ පිළිබඳව විස්තර කෙරෙන වීඩියෝවක් YouTube සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණි.මෙම Community එකක් යටතේ පවතින Group එකකට සම්බන්ධ වූ විට ඔබගේ දුරකථන අංකය අනෙක් සාමාජිකයන් හට නිරීක්ෂණය කළ හැකිවේ. එයට පිළියමක් වශයෙන් මෙම Announcement Group හඳුන්වා දී ඇති අතර එයට සම්බන්ධ වන සාමාජිකයන් සඳහා නිරීක්ෂණය කළ හැකි වන්නේ Admin ගේ දුරකථන අංකය පමණි. එසේම Admin සඳහා පමණක් Group එකෙහි සිටින සියලුම සාමාජිකයන් ගේ දුරකථන අංකයන් නිරීක්ෂණය කළ හැකිවේ.මෙවැනිම තාක්ෂණික පුවත් පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ Community Group සමග සම්බන්ධ වීම සඳහා ඔබට අවස්ථාව ඇත.WhatsApp Community වෙත පිවිසීම සඳහා.Sources:wabetainfo.comnextbigwhat.com |
Mi, Redmi සහ POCO මාදිලියේ ජංගම දුරකතනයක් මිලදී ගන්න යන අයට නිවැරදිව ජංගම දුරකතනය තෝරා ගන්න පොඩි tip එකක් | මේ වෙද්දි ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා වගේ ගෙවන මුදලට වඩා හොද Specification ලබා දෙන Xiaomi Smart Phone එකක් මිලදි ගන්න නැඹුරු වෙමින් සිටිනවා. ඉතින් Xiaomi සමාගමේ Midrange Smart Phone එකක් හරි Flagship Killer (Affordable Flagship ) Smart Phone එකක් හරි මිලදි ගන්න බලාපොරොත්තු ඔයාට වැදගත් වෙන කරැණු කිහිපයක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ලිපියෙන් කතා කරන කරැණු Xiaomi Entry Level Smart Phones හා Xiaomi Flagship Smart Phones වලට ලොකුවට අදාලත්වයක් නෑ.Xiaomi සමාගම ගැන මෙන්ම අපිත් එක්ක ඉන්න ඔයාලත් මේ වෙන විට දන්න ප්‍රසිද්ධ කරැණක් තමයි ඔවුන් විසින්ලා මේ වෙන විට Market එකට Devices Release කරන වේගේ වැඩි කරලා තියෙන බව. සාමාන්‍යයෙන් වෙනදාට වසරකට Devices 5ක් හෝ 6ක් නිකුත් කරපු Xiaomi සමාගම මේ වෙන විට වසරකට Devices 20ක් - 30ක් නිකුත් කරනු ලබනවා. මේකට ප්‍රධානතම හේතුව මේ වෙන විට Global Market එක තුල Xiaomi සමාගම සදහා ප්‍රධාන ස්ථානයක් හිමි වි තිබිම. ඔබට මතක ඇතිනේ Xiaomi සමාගම පසුගිය දිනකලොව විශාලතම Smart Phone නිෂ්පාදකයාබවට පත් වුණා.හැබැයි මෙහෙම එක් වසරක් තුල Devices විශාල ප්‍රමාණයක් නිකුත් කිරිම තුල Xiaomi Devices සදහා ලබා දෙන MIUI Software එක ඒ ඒ Devices හැම එකකටම වෙන වෙනම Optimize කරන්න ඔවුන්ට සිද්ධ වෙනවා. නමුත් එහෙම ඉතා ඉක්මනින් Optimize විමක් සිදු වෙන්නේ නැ. සරලවම කියනව නම් Xiaomi සමාගම Devices නිකුත් කරන වේගයෙන් එයාලට MIUI Optimize කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා අලුතෙන් නිකුත් වෙන වගේම මේ වෙන විට වෙළෙඳපොලට නිකුත් වෙලා අපි භාවිත කරන Xiaomi Devices වලත් Bugs වැඩි වෙලා තියෙනවා.හැබැයි Xiaomi සමාගම විසින් චීනය සදහා නිකුත් කරන Devices වලට නිකුත් කරලා සාමාන්‍යයෙන් මාස දෙකක් වගේ ඇතුලත Stable Update 05-06ක් වගේ ලබා දිලා UI එකේ Bugs සැහෙන ප්‍රමාණයක් ඉවත් කරල හොද UI Experience එකක් පාරිභෝගිකයාට ලබා දෙන්න කටයුතු කරනවා. ඒකට හේතුව චීනය සදහා නිකුත් වෙන Devices සදහා හොද UI Testing Method එකක් එයාලා අනුගමනය කරනවා. ඒ අනුව Closed beta, Open beta හා Stable beta විදිහට Beta Update ලබා දිම මගින් හොදටම පරික්ෂා කරලා Bugs අවම Update එකක් තමයි Stable Update එකක් විදිහට ලබා දෙන්න කටයුතු කරන්නේ.ඒ වගේම Xiaomi සමාගම චීනය සදහා නිකුත් කරන Device එකම Global Market එක සදහාත් නිකුත් කරන අවස්ථා තියෙනවා. එහෙම නිකුත් වෙන Devices වලටත් Stable Update 02-03ක් ලබා දිලා Devices එකේ Bugs ඉවත් කරලා හොද Smooth UI Experience එකක් ලබා දෙන්න කටයුතු කරනවා.හැබැයි අපි උඩ කතා කරපු MIUI Optimize වෙන්නේ නැති ගැටලුව අපිට හොදට දැනෙන්නේ අපි Global Market එකට විතරක් නිකුත් වෙන POCO X3 NFC, POCO X3 Pro, Redmi Note 10 Pro, Redmi Note 9 Pro වගේ Devices වලින්. Xiaomi සමාගම විසින් Global Market එකට විතරක් නිකුත් කරන Devices එකකටවත් MIUI Optimize කරන්න කිසිම Testing Method එකක් තවමත් හදුන්වා දිලා නැ.සාමාන්‍යයෙන් මේ වෙන විට වෙන්නේ Xiaomi සමාගමට දැනෙන Bugs Fix කරලා Stable Update එකක් ලබා දීමයි. නමුත් ඒ Update එක Test කරලා බලන්න කවුරැත් නැ. කෙලින්ම ඒ Stable Update එක Usersලා සදහා ලබා දෙනවා. එතකොට තියෙන Bugs ටිකත් එක්කම තමයි ඒ Update එක ලැබෙන්නේ.මේ කරැණුත් එක්ක ලිපිය කියනව ඔයාටම තේරෙන දෙයක් තමයි Xiaomi සමාගම ඔවුන්ගේ Global Market එකට නිකුත් කරන Devices වල MIUI Optimize ගැන වැඩිදුර සලකා බලන්නේ නැ කියල එක. ඉතින් ඔයා Xiaomi සමාගමේ Midrange හරි Flagship Killer Smart Phone එකක් මිලදි ගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒ වගේම ඔයාට හොද MIUI Experience එකක් ගන්න නම් ඔයාට චීනය සදහා නිකුත් වුණ Device එකක් මිලදි ගන්න අපිට යෝජනා කරන්න පුලුවන්.ඒ කියන්නේ ඔයා මිලදි ගන්න බලාපොරොත්තු වෙන Smart Phone එක චීනය සදහාත් නිකුත් කරල තියෙනවද කියල පොඩ්ඩක් හොයල බලන්න. එහෙම නිකුත් වෙච්ච Device එකක් නම් ඔයාට Smooth වගේහ Stable UI Experience එකක් ඔයාගේ Xiaomi Device එකෙන් ලබා ගන්න පුලුවන් වෙයි.ඒ වගේම කියන්න ඕන වැදගත් කරැණක් තමයි Xiaomi සමාගම Global Market එක සදහා නිකුත් කරන Devices සදහාත් මේ වෙන විට Stable Beta Update එකක් මගින් MIUI Test කරන්න අවස්ථාව ලබා දිලා තිබෙනවා. නමුත් මේක තාමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැ. මේ නිසා තමයි මේ වෙන විට Xiaomi Devices වලට Buggy Update වගේ ඒවා ලැබෙන්නේ. මේ Stable Beta Channel එක ඉදිරියේදී හරියට ක්‍රියාත්මක වුනොත් අපිට හොද MIUI Experience එකක් ලබා ගන්න හැකියාව ලැබේවි. |
WhatsApp තුල Message Reactions පහසුකම අත්හදා බැලීමට කටයුතු කරයි | ඔබ දන්නවා Facebook සමාගම විසින් WhatsApp වෙත 2021 වර්ෂයේ නිකුත් කරපු නව Privacy Policy Update එක පරිශීලකයින් විශාල පිරිසක් විවේචනය කරා වගේම මේ Privacy Policy Update එක හේතුවෙන් WhatsApp පරිශීලකයින් විශාල පිරිසක් WhatsApp අත්හැර වෙනත් Messaging Platform වෙතට මාරු වුන බව.ඉතින් මේ හේතු නිසා අහිමි වු පරිශීලකයින් නැවත ගෙන්වා ගැනිම සදහා Facebook සමාගම Whatsapp වෙත මේ වන විට ඉතාමත් වේගයෙන් කෙටි කාලයක් තුලදී නව පහසුකම් කිහිපයක්ම එකතු කර තිබෙනවා වගේම ඉදිරියේදිත් නව පහසුකම් රැසක් එක් කිරිමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.ඉතින් දැන් මේ කියන්න යන්නේ Whatsappවලට අලුතින්ම එකතු වීමට නියමිත Message Reactions පහසුකම ගැනයි. විශේෂයෙන්ම සදහන් කරන්න අවශ්‍යයි මේ පිළිබඳ තොරතුරු පළ වන්නේ Wabetainfo වෙබ් අඩවියෙන් නිකුත් කරපු එකම එක Screen Shot එකකින් පමණක් බව.ඔබ Instagram, Twitter, Signal, Slack, සහ Facebook Messenger වැනි ඒවායින් එකක් භාවිතා කර තිබේ නම් ඔබට මේ වන විටත් Message Reactions කියන්නේ මොකක්ද කියන එක ගැන යම් අදහසක් ඇති බව නිසකයි. ඉතින් මේ Message Reactions පහසුකමෙන් ඔයාට එන Message එකකට ඔයාගෙ අදහස තනි Emoji එකකින් හෝ Emoji කිහිපයකින් ලේසියෙන්ම ප්‍රකාශ කරන්න පුලුවන්කම ලැබෙනවා.මෙය whatsapp හි ඡායාරූපයක් නොවේඉතින් මේ Message Reactions පහසුකම ගැන තවමත් විස්තරාත්මක තොරතුරක් ලැබී නොමැති අතර පළමුව මෙය Whatsapp Beta පරිශීලකයින් හට නුදුරේදීම නිකුත් වේවි කියා බලාපොරොත්තු වෙන්න පුලුවන්.Source-XDA-Developers,Wabetainfo |
Apple සමාගම විසින් Manchester United පාපන්දු කණ්ඩායම මිලදී ගැනීමට උනන්දු වන බවට තොරතුරු වාර්තා වේ | මේ වන විට අප රට තුළ මෙන්ම ලොව පුරා බහුතරයකගේ ක්‍රීඩාශීලී හැඟීම් අවුස්සමින් රසික සිත් අතර නවාතැන් ගෙන ඇත්තේ පසුගිය 20 වන දින ආරම්භ වූFIFA 2022පාපන්දු ලෝක කුසලානයයි. ලොවම ඇද බැඳ තබාගැනීමට සමත් වූ මෙම තරඟාවලිය පිළිබඳව Android වැඩකාරයෝ වන අප විසින් තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට කටයුතු සිදු කළෙමු.මෙම පුවතත් මෙම දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වන මාතෘකාවක් වන ලෝක ප්‍රකට Manchester United පාපන්දු කණ්ඩායම මිලදී ගැනීම සඳහා Apple සමාගම මේ දිනවල යම්කිසි උනන්දුවකින් පසුවන බවට දක්වන පුවතයි.මෙලෙස පුවත් වාර්තා කරනු ලබන මූලාශ්‍ර ඔස්සේ ලැබෙන තොරතුරු අනුව ලොව ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන Apple සමාගම විසින් මෙම Manchester United පාපන්දු කණ්ඩායම මිලදී ගැනීම සඳහා"උනන්දුවක්"දක්වන බවයි.එක්සත් රාජධානිය තුළ පවතින මෙම ක්‍රීඩා සමාජයේ වර්තමාන හිමිකරු වනThe Glazer Familyවිසින් 2005 වසරේ දී මෙම ක්‍රීඩා සමාජයපවුම් මිලියන 7 කපමණ මුදලකට මිලදී ගත අතර වසර 17ක පමණ පාලනයකින් අනතුරුව මෙම ක්‍රීඩා සමාජය විකිණීම සඳහා තීරණය කොට ඇත. මෙයට ආසන්නතම හේතුව ලෙස සඳහන් කර ඇත්තේ හිමිකරුවන් වෙත රසිකයන් විසින් එල්ල කරනු ලබන විරෝධතා සහ වර්තමානය වන විට ක්‍රීඩා පිටියේ ක්රියාකාරීත්වයේ ඇතිවී ඇති පහත වැටීමත් ය.skysports.com හි පළ කර තිබූ ඡායාරූපයක්. මෙයින් පෙන්නුම් කරන්නේ Manchester United හිමිකාරීත්වය කෙරෙහි රසිකයින්ගේ ඇති අප්රසාදයයි.මෙහි වත්මන් හිමිකරුවන් විසින් මෙම ක්‍රීඩා සමාජය සඳහා පවුම් බිලියන 8.25ක පමන මිලක් නියම කළ ද එය වර්තමාන වෙළඳපොළ තුළ පවතින තත්ත්වය මත සුදුසු නොවන යන වග විවිධ පාර්ශවයන් විසින් සඳහන් කර ඇති අතර එමනිසා මෙහිවිකුණුම් වටිනාකම පවුම් බිලියන 5.8 ක්ලෙස සඳහන් කර ඇත.ලොව ජනප්‍රියතම සහ ප්‍රධානම ක්‍රීඩා සමාජයක් වනManchester United විකිණීම පිළිබඳව නිල වශයෙන් පසුගිය 22 වන දින නිවේදනයක් නිකුත් කිරීම සිදුකර ඇත. Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන Tim Cook විසින් සඳහන් කර ඇත්තේ තම සමාගම මෙම ක්‍රීඩා සමාජය මිලදී ගැනීම සඳහා උනන්දුවක් දක්වන බවත් ඒ සඳහා පත් කර ඇති බැංකු සමග සාකච්ඡා කරමින් පවතින බවයි.මේ ආකාරයට Apple සමාගම ක්‍රීසා සමාජයක් මිලදී ගැනීමට මෙපමණ මුදලක් වැය කිරීම බොහෝ විචාරකයන්ගේ සහ රසිකයන්ගේ මතභේදයට මෙන්ම දෝශදර්ෂණයට ද ලක් වී ඇත. නමුත් Apple සමාගම විසින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව සැලකීමේ දී මෙය ද ඔවුන් භාවිතා කරනු ලබන යම් උපාය මාර්ගයක් විය හැකි බවට වෙනත් පාර්ශවයන් සඳහන් කරනු ලබයි.Sources:9to5mac.comwww.macworld.comwww.skysports.com |
තාමත් Google Chromeමද? දැන් ඇති!(ද?) | Google Company එක වගේම ඒගොල්ලන්ගේ browser එකත් දැන් advertisement agency එකක කොටසක් වෙලා ඉවරයි. Chrome එකේ engine එකෙන්ම හැදුන Chrome වලට වඩා හැම අතින්ම හොඳ browser දැන් ඕනේ තරම් තියෙනවා.ඉතින් තවමත් chrome වලම එල්ලිලා ඉන්න ඕනෙද? අපේ යෝජනාව නම් දැන් මාරු වෙන්න කාලේ හරි කියන එකයි. ඇයි එහෙම කියන්නේ?PC එකට බරක්Google Chrome RAM එක "කනවා" වගේම power usage එකත් වැඩියි කියන එක ප්‍රසිද්ධ දෙයක්. මේ දේවල් අඩු කරන්න Chrome විවිධ features test කළත් ඒවා සාර්ථක වෙන්නේ යම්තාක් දුරකට විතරයි.තවත් දෙයක් තමයි ලඟදි Microsoft එකෙන් RAM ඉතුරු කරගන්න Chromium project එකට හඳුන්වල දුන්න feature එකකුත් Google විසින් Chrome එකට disable කළා.මෙච්චර system resources පාවිච්චි වෙන්න විවිධ හේතු තියනවා තමයි. ඒත් ඒවාගෙන් බොහොමයක් chrome එකට විතරක් අදාල බව තේරෙන්නේ Edge, Brave වගේ chromium engine එකම තියෙන browsers වගේම non-chromium browsers වන Firefox, Safari වගේ ඒවත් මේ තරම් resources පාවිච්චි නොකරන නිසා.Ad-Blocking සීමා සහිතයිGoogle සමාගමේ පසුගිය වසරේ ආදායමෙන් 70% කටත් වඩා ලැබී තිබුණේ ads පෙන්නීමෙන්. Google එකට ads කොච්චර වටිනවද කියල එකෙන් තේරෙනවා ඇති නේ. ඒ හින්දම ඔවුන්ගේ web browser එකේ AdBlock වගේ extensions මගින් block කරන්න පුළුවන් ads ප්‍රමාණය සීමා කරලා තියෙන්නේ.Chrome Mobile එකේ මේ වගේ adblock පහසුකමක් ඇත්තෙම නෑ.ඒ වුණාට Opera, Brave, Edge වගේ chromium browsers සියලු ads block කරනවා වගේම අපේ web භාවිතය track කරන trackers පවා සම්පුර්ණයෙන් block කරනවා. එකෙන් පෞද්ගලිකත්වයත්, ආරක්ෂාවත් දෙකම රැකෙනවා.පෞද්ගලිකත්වයක් තියෙනවද?Chrome browser එකේ Incognito mode එකේදි දත්ත track කිරීමට බිලියන 5ක දඩයක්ඔයාලට මතක ඇති අපි කලින් news කීපයක්ම ගෙනාවා Xiaomi එකෙන් එයාලගේ web browserඑකේදි incognito mode එකේදි උනත් අපේ data collect කරන සිද්ධියක් ගැන. ඒකට අදාලnews ටික පල්ලෙහා links වලින් බලන්න පුළුවන්. Xiaomi විසින් මිලියන ගණනකගේ ”පුද්ගලික” දත්ත record කරගැනීමක් හෙලිවේXiaomi සමාගමඉතාමත් වේගයෙන් ලෝකයේ ඉ…Android වැඩකාරයෝ - සිංහලෙන් Tech ගැන කියවන්නThimira ThenuwaraAndroid පරිශීලකයන්ගේ අවසරයෙන් තොරව location track කිරීම හේතුවෙන් Google වෙත කැලිෆෝනියා අධිකරණයෙනුත් නඩු පවරයිGoogle සමාගමට user privacy එක ගැන චෝදනා එල්ල වෙන්න පටන් ගත්තෙ අද ඊයෙක ඉඳන් නෙමේ.ඉතින් පසුගිය අඟහරුවාදාත් (ජූලි 14) කැලිෆෝනියාවෙ, සැන් ජෝස් අධිකරණයේ දී එවැනිprivacy violation සම්බන්ධ නඩුවක් ගොනු කෙරුනා. මෙහි Google සමාගමට එල්ල උන චෝදනාවවූයේ smartphones වල සියලුම tracking options disable උනු අවස්ථා…Android වැඩකාරයෝ - සිංහලෙන් Tech ගැන කියවන්නGeeth Malinda Weerasingheමේ වගේ පිට පිට වැටෙන නඩු තොගය හින්දම දැන් Google එකෙන්ම අපි ගැන එකතු කරන data ප්‍රමාණය පාලනය කරන්න පුළුවන් tools ලබා දෙනවා. ඒත් තවමත් ඔවුන්ට ගන්න පුළුවන් උපරිම data ප්‍රමාණය user කෙනෙක්ගෙන් ඔවුන් ලබා ගන්නවා.මේ විදිහට ඔබ google account එකකට log වෙලා chrome එකෙන්ම web browse කරනවා නම්, ඒ email එක ගෑවුන හැම තැනකම තොරතුරු ඔවුන් අතට යන එක වලක්වන්න බෑ. විශේෂයෙන්ම Play Store එකෙන් වගේ malware app 1ක් තිබුනොත් ඇති ඒ email එක භාවිතා වුන හැම තැනකම login details පවා hacker කෙනෙක් අතට යන්න.අලුත් Edge Browser එකේදී Microsoft එක අයින් කළ Google Services.හොඳම Chromium Browser එකත් නෙමෙයිChromium Browsers, smooth වගේම භාවිතා කරන්නත් ලේසියි. කාලයක්ම හොඳම Chromium Browser එක වෙලා තිබුනේ Chrome තමයි. හැබැයි දැන් නම් ඒ කාලේ ඉවරයි.හැබැයි ඒ කාලේ Chrome පාවිච්චි කරන්න ගත්ත අය ගොඩක් දෙනෙක් තාමත් chrome වලම එල්ලිලා ඉන්නවා. Chrome, එකතැනම ඉද්දි අනිත් browsers chrome පහු කරන දැන් ගොඩක් දුර ගිහින්.Google වෙනුවට ආදේශකයක් තියෙනවද?Google, අපි ගොඩක් දෙනෙක් පළමුවෙන්ම Web Search එකක් කරපු Website එක වෙන්න ඇති.Web Search සේවයක් අවශ්‍ය වෙන්නේ කෙලින්ම web page එකක URL එක නිවැරදිව type කර ඒවෙත පිවිසෙන්න අපි හැමෝටම බැරි නිසා. Google Search හි රාජකාරිය අපි දෙන සෙවුමටඅදාළ webpage නාමාවලියක් අපිට ඉදිරිපත් කරන එක. නමුත් මේ ලිපිය Sea…Android වැඩකාරයෝ - සිංහලෙන් Tech ගැන කියවන්නAkila Maithripalaහොඳ Browser එකක් හොයාගන්නේ කොහොමද?පාවිච්චි කරලම තමයි. Chromium Browser එකකටම මාරු වුනොත් ලොකු වෙනසක් වුනත් දැනෙන එකක් නෑ. Microsoft Edge, Opera, Brave වගේ Chromium browsers PC, Mobile දෙකටම දාගෙන එකක් සතියක් විතර use කරලා බලන්න.ආයේ chrome වලට මාරු වෙන්න හිතෙන්නෙත් නැති වෙයි. |
ඉදිරි Samsung Galaxy සඳහා OLED තිර නිෂ්පාදනය BOE සමාගමෙන්? | ලෝකයේ ජංගම දුරකථන නිෂ්පාදන ක්ෂේස්ත්රයේ OLED සපයන විශාලතම නිෂ්පාදකයා වන්නේ Samsung බව අප කවුරුත් හොඳින් දන්නා කරුණකි. ඔවුන් විසින් ඔවුන්ගේ Galaxy ජංගම දුරකථන සඳහා යොදා ගන්නේ ඔවුන්ගේ කර්මාන්තශාලා තුල ඔවුන්ම නිපදවන OLED display බව නොරහසකි. ඒත් අපි මේ දැන් කියන්න යන්නේ අනාගතයේදී ඒක වෙනස් වෙන්න යන ආරංචියක්DCSS (Display Supply Chain Consultant)ආයතනය පැත්තෙන් අහන්න ලැබෙනවා.DCSS එකට අනුව, Samsung ආයතනය BOE වලින් ඉදිරියේදී නිපදවෙන Galaxy ජංගම දුරකථන සඳහා OLED screens නිෂ්පානය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙම screen ලබන අවුරුද්දේ නිපදවෙන Galaxy S21 lineup එකේ එක device එකකට හෝ අඟල් 6.67 flexible OLED screen එකක් යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර ඉදිරියේදී නිකුත් වීමට ඇති Galaxy A91 සඳහාද BOE විසින් නිෂ්පාදිත අඟල් 6.67 FHD+ screen යොදාගන්නා බව කියවේ.BOE කියන්නේ චීනයේ විශාලතම LCD screens නිපදවන්නා වන අතර, ලොව තෙවනියටම විශාලතම OLED screens නිපදවන සමාගමයි. පසුගිය අවුරුද්දේ නිකුත් වූ Huawei P30 lineup එක සඳහාද display සපයා තිබුනේ BOE ආයතනයයි. එමෙන්ම Apple සමාගමේ 2020 නිකුත් වීමට ඇති iPhone 12 series එකේ OLED සඳහාද BOE විසින් නිෂ්පාදිත screens යොදා ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එය එසේ වුවහොත් 2020 Q4 හිහී Smasung සමාගමේ smartphone OLEDහි වෙලඳපල කොටස 11% පමණ අහිමි වේයැයි ගණන් බලා තිබෙනවා.Source: DSCC’s Quarterly OLED Shipment Reportඒ අතරම මෙම තීරණයත් සමඟම Samsung සමාගම විසින් තම හිතුවක්කාර තීරණ අත් හැර නිෂ්පාදන පිරිවැය පහත හෙලමින් තම flagship සහ midrange devices වල මිල පහත හෙලමින් සෑම දෙනාටම මිලදී ගත හැකි ආකාරයේ මිලකින් තම ජංගම දුරකථන ඉදිරියේදී වෙලඳ පලට නිකුත් කරනු ඇතයි Android වැඩකාරයෝ අපගේ අදහසයි.Source -DSCC |
WhatsApp desktop app එක සඳහා audio සහ video ඇමතුම් ලබා ගැනීමේ පහසුකම නිල වශයෙන් ලබා දීමට කටයුතු කරයි | ඔබට මතක ඇති මිට සති කිහිපයකට පෙරWhatsApp Web හා PC Beta පරිශීලකයින්ට Audio Calls හා Video calls පහසුකම් ලබා දීමට කටයුතු කල බවට අපි ලිපියක් ගෙන ආවා. ඒ අනුව WhatsApp Web හා PC සදහා දැන් එම පහසුකම නිල වශයෙන් ලබා දිමට කටයුතු කර තිබෙන අතර එය ඔවුන්ගේ නිල WhatsApp Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.Sometimes you just need a little more space. Secure and reliable, end-to-end encrypted voice and video calls are now available on our desktop app. Download now:https://t.co/JCc3rUunoUpic.twitter.com/PgCl76Mn7U— WhatsApp (@WhatsApp)March 4, 2021දැනට Private Voice Calls හා Video Calls පහසුකම පමණක් WhatsApp Web හා PC වෙත ලබා දී ඇති අතර ඉදිරියේදි Group Voice & Video Calls පහසුකමත් ලබා දිමට බලාපොරොත්තු වෙන බවWhatsApp Blogඅඩවිය මගින් දක්වා තිබෙනවා.WhatsApp Web හා PC මගින් ලබා ගන්නා Voice හෝ Video Calls ආදියත් End-to-end Encrypt කර තිබෙන අතර ඒ සදහා වෙනත් පාර්ශවයකට ඇහුම්කන් දිය නොහැකි බව ඔවුන් වැඩිදුරටත් දක්වා තිබෙනවා.මේ Update එකත් සමග පරිශිලකයින්ට ඔවුන්ගේ Screen එකේ Orientation එක Portrait හෝ Landscape ලෙස සකසා ගත හැකි වෙන අතරම Video Turn On හෝ Off කිරිමේ Option එක මෙන්ම Microphone එක Mute කිරිමේ Option එකත් ලබා දි තිබෙනවා. මේ මගින් WhatsApp Mobile App එකෙන් ගන්නා අත්දැකීමට සමාන අත්දැකීමක් WhatsApp Web හා PC පරිශිලකයිටත් ලබා ගැනිමට හැකි වෙනු ඇත.Source :Xda Developers,WhatsApp Blog |
Smart Phones ගැන ඇති මිත්‍යා මත | අපි ගොඩක් වෙලාවට අපේ අතේ තියෙන ෆෝන් එක මනින්නේ මිල සහ එකේ දීලා තියෙන ෆීචර්ස් වලින් කියන එක අපි හැමෝම දන්නා එකක්නේ? ඒ වුනාට අපි අපේ ලෝකල් ස්පෙෂලිස්ට්ලා කියන එක එක හේතු ගැන කල්පනා කරලා සමහර වෙලාවට මෙලෝ වැඩක් නැති ෆෝන් එකක් ලොකු මිලක් දීලත් ගන්න වෙලාවල් තියනවා.අපි ගොඩක් වෙලාවට අපේ අතේ තියෙන හරි යාළුවගේ අතේ තියෙන හරිස්මාට් ෆෝන් වල හොඳ නරක සහ පාවිච්චි කරන විදිහ ගැන එක එක ජනප්‍රිය මත අපි අහල තියනව. ඒ උනාට මේ සමහරක් කතා ඇත්තද බොරුද කියලවත් අපි දන්නෙ නෑ. අද අපි කතා කරන්න හදන්නේ අන්න ඒ දේවල් ගැන තමයි.1. මෙගා පික්සල් වැඩි නම් ෆෝන් එක සුපිරිෆෝන් එකක් ගත්තා කිව්වම ගොඩක් අය අහන්නේ “කැමරාව මෙගා පික්සල් කීයද?” කියල තමා. එහෙත් ඔවුන් එහෙම අහන්නේ කාරණාව හරියට දන්නේ නැතුවයි. කැමරාවක පික්සල් ගණන වැඩි වුනාට වැඩක් නැහැ. කැමරා සෙන්සරය වැඩි දියුණු කරන්නේ නැතිව.ගොඩක් දුරකථන නිෂ්පාදකයින්ට එම සෙන්සරය වැඩි දියුණු කරන්න යන වියදමට වඩා අඩු වියදමක් මෙගා පික්සල් ගණන වැඩි කරන්න යන නිසා. ඔවුන් තෝරා ගන්නේ දෙවෙනි විකල්පය ම තමයි. ඒ කියන්නේ පික්සල් ගණනින් වැඩි කැමරාවක් තමන්ගේ ෆෝන් එකට එකතු කිරීම තමයි.ඒ හින්දා සෙන්සරේ බලන්නේ නැතුව මෙගා පික්සල් ගාණට රැවටෙන්නේ නැතුව ඉමු.2. ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් රන් වෙන ඇප්ස් අයින් කලාම ෆෝන් එක ස්පීඩ් වෙනෝ!ඔන්න දැන් තමයි බොහොමයක් පිරිසකගේ වල්ගය පෑගෙන ටයිම් එක. ඒක නිසා කියවලා බලන්න. තේරුනේ නෑ වගේ නම් ආයෙත් කියවන්න.හරි, අනවශ්‍ය ඇප්ස් battery savers යූස් කරල kill කරලා අපිට පවර් සේව් කරගන්න පුලුවන්. ඔව් ඇත්ත. සේව් වෙනවා. ඒත් ඇත්තටම සේව් වෙනවද? නෑ ඒකෙන් වෙන්නේ තවත් බැට්රි එක ඩ්රේන් වෙන එක.අයිසේ තිමිර, උඹ ගංජ ගහල කියවනවද මනුස්සයෝ..... වෙනවලු වෙන්නේ නැල්ලු.ඔන්න උඹේ හිතට ආපු දේ.කලබල වෙන්නේ නැතුව බලමු ඔය මාන්දමික සීන් එක වෙන්නේ කොහොමද කියල. ඔය බෑක් ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ගොඩක් ඇප්ස් හදල තියෙන්නෙ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ප්‍රොසෙසර් එක නෙට්වර්ක් එක යූස් වෙන්න කියල අපි දන්නවා. ඉතිං ඔය කියන ඇප්ස් කිල් කරාට ටික වෙලාවකින් ආයෙත් රන් වෙනවා. හොඳටම ගන්න පුළුවන් උදාහරණය තමයි අර ක්ලීන් මාස්ටරේ, බැට්රි ඩොක්ටරේ වගේ ඇප් වලින් ඇප් කිල් කරල විනාඩි 15කින් තව පාරක් ඇප් කිල් කරද්දි අර ඇප් ටික ආයෙත් කිල් වෙනව. ඒ කියන්නේ ඒ ටිකට විනාඩි 15කට කලින් කිල් කරපු ඇප් ආයෙත් බෑක්ග්‍රවුන්ඩ් එකේ වැඩ. උඹ ඔය විදිහට ඇප් කිල් කරන කරන වාරයක් පාසා ඒ ඇප් උඹට නෝන්ඩියට වගේ ආයෙත් බෑක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනව. ඉතිං කිල් කරන්නයි, ඔය ඇප් රීස්ටාර්ට් වෙන්නයි ගියාම ඒ ඇප් නිකාං කිල් නොකර ඔහේ රන් වෙන්න ඇරියම වැයවෙන බැට්රි ලයිෆ් එකට වඩා වැඩ් පවර් එකක් යනව කිල් කරන්නයි රීස්ටාර්ට් වෙන්නයි ගියාම.ඉතිං හොඳම දේ තමයි ඔය පාඩුවේ රන් වෙන ඇප්ස් වලට රන් වෙන්න අරින එක. ඒ වගේමයි ඔයාට ඇත්තටම නිතරම ඕනේ නැති, ඒත් හදිස්සියකට ඕන වෙයි කියල හිතෙන බෑක්ග්‍රවුන්ඩ් රන් වෙන ඇප් එකක් තියෙනව නම් ඒක සෙටින්ග්ස් වල ඇප්ස් වලට ගිහින් Force Stop හරි disable කරල දාන්න. එහෙමත් නැතුව වැඩක් ගන්නෙම නැති ඇප් තියෙනව නම් මහදෙයක් නෑ uninstall කරල දාන්න. වැඩක් නැත්තම් වැඩක් නෑ.ඔන්න දැන් කට්ටිය වල්ගය පාගගෙන ඉන්නේ මේ වෙලාව වෙනකොට. විශේෂයෙන්ම රූට් යූසර්ස්ලා. නෑ නෑ, මේ උඩ ටික කියල තියෙන්නෙ Non-root යූසර්ස්ලාට විතරයි. රූට් කරපු උංට අමුතුවෙන් මම කියන්න ඕනේ නෑනේ Greenify, Amplify, PowerNap වගේ xposed module වලින් wakelocks, alarms හැන්ඩ්ල් කරල බැට්රි ලයිෆ් එක සුපිරියට ඔප්ටිමයිස් කරගන්න විදිහ ගැන. ඒක නිසා ඔයාල මේක ගැන කලබල වෙන්න එපා.ඉස්සරහට Greenify, PowerNap, Amplify දාල කොහොමද ඩිවයිස් එකේ ඉනැක්ටිව් ටයිම් එකේ පවර් කන්සම්ප්ශන් එක අඩු කරගන්නෙ කියන එක ඇප් එකෙන් එකට පෝස්ට්ස් දාල කියල දෙන්නම්. හැබැයි සමාවෙන්නෝනේ. රූට් කරල Xposed Module එක දාල තියෙන අයට විතරයි ඒක අදාල වෙන්නේ.මේ කියල තියෙන්නෙ වෙනම අපි ප්ලේස්ටෝ එකෙන් දාන ඇප් ගැන මිසක ඕඑස් එකට සෙටින්ග්ස් වල එන ලොව් පවර් මෝඩ්, පවර්සේවර්ස් ගැන එහෙම නෙවෙයි ඈ.අපි හිතනවට වඩා අපේ ෆෝන් ස්මාර්ට් නිසා, ඇප් දෙකතුනක් එකට වැඩ කලත් වැඩ කරමින් සිටින ඇප් එක හැරෙන්නට අනික්වා ක්‍රියාත්මක වීම නතර කරනු ලබනවා. ඒ නිසා අමුතුවෙන් අපි ඇප් ක්ලෝස් කරන්නට අවශ්‍ය නැහැ. මේ නිසා මේ වැඩේ කරන්න එපා.3. ෆෝන් එක බැටරිය චාජ් කරන්න ඕනෙ සම්පුර්ණයෙන්ම බැහැලා ගියාමඔව් මෙහෙම කරන්නෝන කාලයක් තිබ්බා. ඒ තමයි අර අපි නයි ගේම් ගහපු චූටි චූටි ෆෝන් තිබ්බ කාලේ. හරියටම කියනව නම් නොකියා, මොටොරොලා, සෝනි "එරික්සන්" වගේ ෆෝන් වලට ගහන්න ෆෝන් තිබ්බ නැති කාලේ. ඒකට හේතුව ඒවගේ තිබ්බේ Ni-Cad (Nickel Cadmium) සහ Ni-MH (Nickel Metal Hydride) කියන බැට්රි වර්ග දෙක. අර සීයා කාලේ ෆෝන් වල විතරක් නෙවෙයි, කාලයක් යනකන් ස්මාර්ට් ෆෝන් වලටත් ඕය කියන බැට්රි ආවා. දැන් ඔය කියන Ni-Cad සහ Ni-MH බැට්රි වල තිබ්බා අවුලක්. ඒකට කියනව Memory effect කියල. මේ කියන effect එක නිසා ඔය කියන ජාතියේ බැට්රි වල memory එක lose වෙනවා.බැට්රියට කොහෙද යකෝ මෙමරියක්. අනේ තිමිරයෝ ගොං කතා නොකියා වැඩක් බලා ගනින්. ඔන්න දැන් බොට හිතුණු දේ. දැන් බලමු ඔය කියන හුට්ටප්පරේ මොකක්ද කියල.ඔය කියන මෙමරිය අපි හිතන මෙමරි එක නෙවෙයි. මේ මෙමරි එක වෙනස්. දැන් ඔය කියන එක වෙන්නේ මෙහෙමයි. අර කිව්ව ජාතියේ බැට්රියක් තියෙනව 1000mAh කැපෑසිටි තියෙන. ඕකේ 20% පවර් එක තියෙනව (200mAh). ඒ තියෙද්දි අපි චාර්ජ් එකට ගහනව. ගහල ෆුල් චාර්ජ් එකක් දෙනව. එතකොට ඔය බැට්රි දෙජාතිය එයාගේ සම්පූර්ණ කැපෑසිටිය අඳුර ගන්නේ 800mAh විදිහට. අර තිබ්බ 200mAh මතක් නෑ. එතකොට දැන් මෙයා හිතන්නේ අර චාර්ජ් වෙච්ච් 80% තමයි එයාගේ ෆුල් කැපෑසිටි එක කියලා. ඉතිං ෆෝන් එක ඔන් එකේ තියෙන ටයිම් එක අඩුයි. මොකද අර 20% දැනටමත් ලොස්ට්. ඔන්න ඕකයි ඒ දවස් වල කිව්වේ ෆෝන් එක Battery low වෙලා off උනාම (full discharge උනාම) ෆෝන් එක චාර්ජ් කරන්න කියල.දැන් එමු Lithium-Ion දිහාට. Li-Ion කියන්න ඉස්සර හිටපු Ni-Cad, Ni-MH කියන නට් ලූස් වෙච්ච සීය පප්ප ටයිප් බැට්රි එකක් නෙවෙයි. ඌ ඇවිල්ලා අමුතුම ජාති ඩයල් එකක්. හරියටම කියනව නම් නව පරපුරේ ඩෑල් එකක් (අර ලැම්බොගිනි ඉල්ලන ජාතියේ නෙවෙයි). 1000mAh Li-Ion බැට්රි එකක 20%ක චාර්ජ් එක තියෙද්දි අපි ෆෝන් එක චාර්ජ් එකට ගැහුවම එයා දන්නව, හරි මගෙ දැනට 200mAh තියෙනව, මගේ බඩ පිරෙන්න තව කන්න ඕනේ 800mAh කියල. ඉතිං ඔහොම චාර්ජ් එකට ගහල තියෙද්දි 80%දී ගැලෙව්වොත් ඒත් බැට්රි එක දන්නව මගේ බඩ පිරිල තියෙන්නෙ 80% කියල. ඉතිං දැන් එන ස්මාර්ට් ෆෝන් වල තියෙන්නෙ Li-Ion නිසා ඕනම වෙලාවක චාර්ජ් එකට ගහල ෆුල් චාර්ජ් වෙන්න කලින් ගැලෙව්ව කියල අවුලක් යන්නේ නෑ අර කලින් කියල තියෙන බැට්රි ජාතියේ වගේ.දැන් මෙහෙම මේ පෝස්ට් එක කියවල හිතුණු හිතුණු වෙලාවට චාර්ජ් එකට ගහන්න යන්නත් එපා. සාමාන්යෙන් Li-Ion තියෙන ෆෝන් එකක් චාර්ජ් එකට දාන්න ඕන ප්රශස්ත බැට්රි ලෙවල් එක 15% - 20% අතර කියල. ඒත් ඒකේ සත්‍ය අසත්‍යතාවය හෝ ඒකේ තියෙන ලොජික් එක නම් මං දන්නේ නෑ. ඒත් ගොඩක් අය එහෙම කියන්නේ හේතුවක් තියෙන නිසා වෙන්නත් පුළුවන්. මමත් මේ තාම ඒ ගැන හොයනව. හරි තොරතුරක් තාම ලැබුනේ නම් නෑ. ඒත් ඇපල් එකේ අයියලා නම් මෙන්න මෙහෙම කියල තියෙනවා."Charge your Apple lithium-ion battery whenever you want. There’ s no need to let it discharge 100% before recharging. Apple lithium-ion batteries work in charge cycles. You complete one charge cycle when you’ve used (discharged ) an amount that equals 100% of your battery’s capacity, but not necessarily all from one charge. For instance, you might use 75% of your battery’ s capacity one day, then recharge it fully overnight. If you use 25% the next day, you will have discharged a total of 100%, and the two days will add up to one charge cycle. It could take several days to complete a cycle. The capacity of any type of battery will diminish after a certain amount of recharging. With lithium-ion batteries, the capacity diminishes slightly with each complete charge cycle. Apple lithium-ion batteries are designed to hold at least 80% of their original capacity for a high number of charge cycles, which varies depending on the product."දැන් තේරුණානේ මොකද්ද ආදී කාලේ උන සීන් එක මොකක්ද, දැන් කාලෙ වෙන්න මොකක්ද කියලා. ඉතිං දැන් ඔය සේරම කියලත් තව කොස්සක් තියෙනව. ෆෝන් හදන උං කියනව මාස තුනකට සැරයක්වත් බැට්රි එක ෆුල් ඩිස්චාජ් කරල ෆුල් චාර්ජ් එකක් දීල බැට්රි එක calibrate කරන්න කියල. දැන් ඔහොම ෆුල් ඩිස්චාර්ජ් කරල ෆුල් චාර්ජ් එකක් දුන්නම බැට්රි එකේ චාජින් ලයිෆ් සයිකල් එකක් එහෙම්මම ඉවර වෙනව. ඔන්න ඔය ප්‍රශ්නේ නිසා දැන් එන ෆෝන්ස් වලට digital calibration tool built in එවනවා බැට්රි එකත් එක්කම. ඉතිං දැන් අපිට ඔය ඉස්සර කරා ගේ මාස ගාණකට සැරයක් calibrate කරන්න ඕන වෙන්නේ නෑ.හරි එහෙමයි කියල ජීවිත කාලෙටම calibrate නොකර ඉන්න වෙන්නෙත් නෑ. මේකෙන් වෙලා තියෙන්නෙ calibrate කරන්න ඕන වාර ගණන අඩු කරන එක විතරයි. අපි හිතමු ෆෝන් එක අවුරුද්දක් ඔහොම යූස් කරනව. එක පාරටම බැට්රිය ෆුල් අන්දොස් වෙලා වඩිගපටුන නටනව. අන්න ඒ වෙලාවට අපි අර විදිහට calibrate කරන්න ඕන. අර පිස්සු නටන ඒවට උදාහරණයක් මං දෙන්නම්. බැට්රිය ෆුල්චාර්ජ් එකට ගහල 100% පස්සෙ යූස් කර කර ඉද්දි එක පාරටම හෙණ ගැහුව වගේ ලොකු සයිස් percentage එකකින් බැට්රියේ චාර්ජ් එක අඩු වෙනව. 100% ඉඳලා 25%ට වගේ බහිනව එක සෙනෙකයකින්. අන්න බැට්රිය කියනව calibrate කරපිය මාව කියල. අන්න ඒ වගේ වෙලාවට ෆෝන් එක ඕෆ් වෙන්නම යූස් කරල ෆෝන් එක ඔෆ් කරල චාර්ජ් එකට ගහල ෆුල් චාර්ජ් එකක් දීල බැට්රිය calibrate කරගන්න ඕනේ. ඒ කරලත් අන්දොස් නටවනම් ඒ කියන්නේ බැට්රියේ කාලේ හරි, මාරු කරපං කියල තමයි කියන්නේ.දැන් ඉතිං ඉතිරි ටික. මේ කියපු දේවල් අදාල වෙන්නේ ඔරිජිනල් ඇක්සසරීස් වලට විතරයි. නැතුව කොටුවේ පේමන්ට් එකේ 200ට ගන්න තියෙන බැට්රියට, අලිඑක්ස්ප්‍රස් එකේ $5ට ගෙන්නපු බැට්රි එකට, ලංකාවේ කඩවල තියෙන 500 බැට්රියට මේව අදාල වෙන්නේ නෑ.ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ, දැන් කාලේ ෆෝන් ගන්න ගොඩක් අය බලන්නේ chip-set එක, RAM එක, Camera එක ඇරුනම front cam එකෙන් ගැහුවම සුදු පාටට පේනවද, කුරුලෑ නැති වෙනවද, වටේට බොඳ වෙනවද, ඩුවල් ලෙන්ස්ද, ඔලුබක්කො නටනවල විකුණනවද, වෙන රටවල විකිණිච්ච ෆෝන් ප්‍රමාණය වගේ එකී නොකී මෙකී ලඳ බොළඳ දේවල් මිසක ෆෝන් එකේ හදවත වගේ තියෙන බැට්රිය ගැන ලොකු අවධානයක් දෙන්නේ නෑ. බැට්රිය ගැන හෙව්වත් හොයන්නේ කැපෑසිටිය ගැන විතරයි. මං අර උඩ කිව්ව වගේ digital calibration tool එකක් ෆෝන් එකත් එක්ක inbuilt එනවද නැද්ද වගේ දේවල් ගැන හොයන්නේම නැති තරම්. ඉතිං අද ඉඳලවත් ෆෝන් එකක් ගන්න යනකොට ඒ ෆෝන් එකේ බැට්රියේ කැපෑසිටි එක විතරක්ම හොයන්න එපා. අනිත් දේවලුත් හොයන්න. හොයල බලල ගන්න. ගන්නම් වාලේ ගන්න එපා.4. රැයක් පුරා ෆෝන් එක චාජ් කරන්න එපාඇත්තටම ස්මාර්ට් ෆෝන් overcharge වෙනවද? දැන් තියෙන Smart phone සාමන්යෙන් පැය පැයකින් දෙකකින් charge complete කියන තත්වෙට පත්වෙනව, ඒ උනත් කවදවත් overcharge වීමක් වෙන්නේනෑ. ඔය සුපිරි කියන පට්ට කියන ෆෝන් හදන කම්පණිවලින් ෆෝන් එකේ හම හුට්ටප්පරයක්ම ස්මාර්ට් විදිහට හදල අර හද්දා පරණ technology එකේ විදිහට ෆෝන් එකක බැට්රි එක overcharge වෙන්න හදල හමන්නල එවයි කියල හිතනවද? අර සෙන්සරේ මේ සෙන්සරේ, ඇහැ තිබ්ඇ, ඇඟිල්ල ගැහුවම අන්ලොක් වෙන සෙන්සර් වගේ නානාප්‍රකාර සෙන්සර් දාල හදල රටේ නැති කතා කියල අපි ගාවට එවන ෆෝන් වල බැට්රි එකටත් සෙන්සරයක් තියෙනව. CPU Z වගේ ඇප් වලින් ඔය එක එක ටෙම්පරේචර් එහෙම අපිට පෙන්නන්නේ අන්න ඒ වගේ සෙන්සර් තියෙන නිසා.ඔන්න ඔය කියන බැට්රි සෙන්සර්ස් වලින් detect කරනව බැට්රි එකේ හීට් එකයි චාර්ජ් එකයි. බැට්රි එක ෆුල් චාර්ජ්ඩ් නම් ඒ සෙන්සර්ස් වලින් ඔටෝම චාර්ජින්ග් ප්‍රොසෙස් එක නවත්තනවා. හදීසියේවත් බැට්රි එකේ temperature එක ඕවර් ගියොත් එතනදිත් චාර්ජින්ග් ප්‍රොසෙස් එක නවත්තනවා.අනික තමයි ෆෝන් වල තියෙන්නේ Lithium-Ion බැට්රි. ඒ බැට්රි වල built in protection circuit එකක් එනව overheating සහ overcharging අඳුර ගන්න. ඒ කියපු circuit වලින් ෆෝන් එකේ බැට්රි එක චාජ් උනාට පස්සේ බැට්රි එකට එන පවර් එක කට් කරල trickle කරනව. ඒ කියන්නේ ෆෝන් එකේ බැට්රි එක ෆුල් චාජ් උනාට පස්සේ ෆෝන් එකේ බැට්රි එක ඩිස්චාර්ජ් වෙන රේට් එකටම බැට්රි එක චාර්ජ් වෙනව. උදාහරණයක් විදිහට ගත්තොත්, ටැංකියක තියෙනව overflow pipe එකක්. ඒකෙන් තප්පරේකට ලීටරයක් එළියට යනව. ඒ වගේම ඒ ටැංකියට water in pipe එකක් තියෙනව. ඒකෙන් වතුර ටැංකියට පිරෙනව තප්පරයකට ලීටරයක රේට් එකෙන්. ඉතිං ටැංකියේ වතුර මට්ටම අඩු වෙන්නේ නෑ. ඕකම බැට්රි චාර්ජ් එකේදිත් වෙනව. එහෙම වෙන්නේ ෆුල් චාර්ජ් උන බැට්රි එකේ charging level එක ඒ විදිහටම තියාගන්න.ඉතිං ෆෝන් එක දවසම උනත් චාර්ජ් එකට ගහල තිබ්බට මුකුත් වෙන්නේ නෑ. හැබැයි මේ දේවල් මේ විදිහටම වෙන්නේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එකේ ඔර්ජිනල් ඇක්සසරීස් වලට විතරයි. අනිත්වට නම් මොනව වෙයිද කියල කියන්න බෑදැන් මේක කියෙව්වම සමහර අයට ප්‍රශ්නයක් එයි, Note 7 පිපිරුවා, තව තව ෆෝන් පිපුරුවා. තව කට්ටියකගේ ෆෝන් චාර්ජ් එකට ගහල නිදාගත්තම පුපුරල සමහර අය මැරුනා කියල. ඒවට හේතු වෙනම තියෙනවා. අපි ඒව තව පෝස්ට් එකකින් කතා කරමු.මෙතන කියල නෑ ජීවිත කාලේම ගහල තියපං කියල. ජීවිතේට කීප වතාවක් වෙන්න පුලුවන් දෙයක්නේ ඕක. උඹට හෙට 4ට ගමන්ක් යන්නෝනේ. අද රෑ 9ට බලද්දි බැට්රි ලෙවල් 10%. චාර්ජ් වෙන්න ගහනව. නින්ද යනව. ඕක ෆුල්චාජ් වෙනකන් ඇහැරල ඉන්නයැ. අන්න ඒ වගේ දේවල් උනාට අවුලක් නෑ කියල මිසක දිගටම ගහපං කියල නෙවෙයි කියන්නේ. හරිය.දැන් ඉතිං පෝස්ට් එක කියෝලා සේරම මුළු රෑම ෆෝන් එක චාර්ජ් එකට දාන්න එපා ඈ. කලාතුරකින් කරන්නම බැරි අවස්ථාවක කරාට අවුලක් නෑ. පුරුද්දට තියා ගන්න එපා. මේක දිගටම කරොත් එන්න පුලුවන් ලෙඩ ගැන තව පෝස්ට් එකකින් කියන්නම්.5. වෙන ෆෝන් වල චාජරේකින් ඔබේ ෆෝන් එක චාජ් කරන්න එපාඉස්සර මේ අවුල තිබුණා. මොකද එක ෆෝන් වර්ගයක චජරේ අනිත් ෆෝන් වර්ගෙට නොගැලපෙන නිසා. නමුත් දැන් එන ගොඩක් ෆෝන් වල චාර්ජින් පින්ස් එක්කෝ USB C type එහෙම නැතිනම් Mini USB. අනික ගොඩක් ෆෝන් වල තිබෙන්නේ එකම වෝල්ටීයතාවය සහ වොට් ගණනින් යුතු බැටරි නිසා මේ අවුල දැන් මතුවෙන්නේ නැතිම තරම්.අපි කවුරුත් අතර තියෙන මතයක් තමයි ෆෝන් එක charge කරන්න ඕනේ ඔරිජිනල් චාජර් එකෙන්මයි කියල. මෙන්න මේ කියන දේ හරිත් නෑ වැරදිත් නෑ. හරියටම කියනව නම් මේක 50%ක් හරි 50%ක් වැරදී. බොහොමයක්ම ෆෝන් හදන කම්පණි මාකටින්ග් ට්‍රික් එකක් තමයි ඔරිජිනල් charger එකකින් charge කරන්න කියන එක. මොකද වැඩි ගාණකට එයාලගේ ඇක්සසරීස් විකුණ ගන්න පුළුවන් නිසා.අපි දන්නව ෆෝන් එකක් එක්ක charger එකක් එනවා ෆෝන් එක චාර්ජ් කරන්න. ඒ charger එකේ තියෙන දේවල් අපි හොඳට කියවලා බැලුවොත් අපිට බලා ගන්න පුලුවන් ඒකේ තියෙනව OUTPUT කියල ලයින් එකක්. මේ පෝස්ට් එකේ තියෙන ඉමේජ් එකේ තියෙනව. ඒකේ බලන්න 5V & 1500mA කියලා. ඉතිං ඔය charger එක එන SONY මොබයිල් එකට ඔය අවුට්පුට් එකම තියෙන SAMSUNG/LG ෆෝන් වලට එන charger එහෙකින් charge කරාට ෆෝන් එකට කෙල වෙන්නේ නෑ. මොකද අදාල ප්‍රශස්ථ මට්ටමේ විදුලු ධාරාවකින් බැට්රිය charge වෙන නිසා.ඒත් මෙහෙමයි. ඔය ඩීටේල්ස් දාල එන ෆේක් චාර්ජර්ස් මාකට් එකේ තියෙනව. ඔය 150ට 250ට 500ට කියල බාල කාඩ්බෝඩ් පෙට්ටියක දාල විකුණන්නේ අන්න ඒ වගේ ඒව. ඒවගෙත් ඔය කියන විදිහට ඩීටේල්ස් දාල තියෙනව උනාට ඒව ෂුවර් නෑ. ඉතිං මම මේ පෝස්ට් එකේ උඩින් අර විදිහට වෙන ඒවගෙන් චාර්ජ් කරාට අවුලක් නෑ කිව්වට මම උනත් කියන්නේ ඔරිජිනල් චාජරේ තරම් ෂුවර් වෙන එකක් නම් නෑ කියල. හරියට මේ ලෝකේ විශ්වාස කරන්න පුලුවන් එකම ගැහැණිය අම්මා වගේ.දැන් යන්නේ ඔරිජිනල් චාජරෙන් ටිකක් එහාට.මොබයිල් ෆෝන් මනුෆැක්චරින් කම්පණි වලින් රෙකමන්ඩ් කරන 3rd party චාජර්ස් තියෙනව. ඒ බ්‍රෑන්ඩ් වලින් ඉදිරියෙන්ම තියෙන බ්‍රෑන්ඩ්ස් වල නම් ටික මම කියන්නම්.01. Bellkin02. ANKER03. Baseus04. ROCK05. AUKEY06. NILLKIN07. UGreenඔන්න ඕව තමයි රෙකමන්ඩඩ් 3rd party චාජර්ස් මනුෆැක්චරින් කම්පණීස්. තවත් තියෙනව. මේ තියෙන්නෙ රේටින්ග්ස් වලින් ඉස්සරහින්ම ඉන්න අය. මෙතන දාල තියෙන්නේ රේටින්ග් පිලිවෙලට නම් නෙවෙයි. පළවෙනි දෙක විතරයි ratings පිලිවෙලින් තියෙන්නෙ. ඒ දෙකම යුරෝප්, අමෙරිකා බේස් කම්පණීස් දෙකක්. මේ චාජස් වලින් තමන්ගේ ඩිවයිස් එකට ගැලපෙන එක තෝරලා ගන්නත් පුලුවන්.දැන් කොච්චර කිව්වත් මම යූස් කරන්නෙත් ANKER එකේ A2141 කියන චාජර් එක. ඩුවල් පෝට් නිසා තමයි ඒක් අරං තියෙන්නෙ, මොකද මගේ ෆෝන් 3ක් තියෙනව චාර්ජ් කරන්න. මේ බ්‍රෑන්ඩ් එකට PSE,FCC,CE,RoHS කියන තත්ව සහතික ලැබිලා තියෙනව. ඉතිං ඔය චාජර් එක ගන්න් කලිං මම ඕක ගැන හොයල බැලුවා. බලද්දි ඒකේ අවුට්පුට් එක 5V/2.4A. 5V හරි උනත් 2.4A එක තමයි මට අවුලකට තිබ්බේ. ඒත් කමක් නෑ කියල මම තව ටිකක් හොයල බැලුවා. බලද්දි ඒකේ ස්පෙසිෆිකේශන්ස් වල තියෙනව ස්පෙශල් ස්පෙසිෆිකේශන්ස් 3ක්.01. PowerPort 202. PowerIQ03. VoltageBoostබලමු මොනවද මේ කියල.01. PowerPort 2මේක මහ දෙයක් නෙවෙයි. ෆෝන් දෙකක් එක පාර චාර්ජ් කරන්න පුලුවන් කියන එක තමයි මේකෙන් කියවෙන්නේ.02. PowerIQමෙන්න මේක තමයි මේ චාජර් එක ගන්න මාව පොලඹවපු ලොකුම හේතුව. PowerIQ කියන්නෙ මේ චාජර් එක ඇතුලේ තියෙනව චිප් එකක්. ඒකෙන් අඳුර ගන්නව දැන් connect කරපු ඩිවයිස් එක මොකක්ද කියල. ඊට පස්සේ ඒකෙන් measure කරනව කොච්චරක mA ප්‍රමාණයක් දෙන්න ඕනෙද කියල. රිවීව්ස් බලද්දි සීන් එක සිරා. ඇත්තටම ඒක වෙනවා. ඉතිං දෙපාරක් හිතන්නේ නැතුව ගෙන්නුවා. ගෙන්නලා මමත් චෙක් කරා යාලුවෙක්ගේ තිබ්බ පොඩි ගැජමැටික් එකකින්. SONY Z3 එකට ඕනේ 5V/1.5A. ඒක ඒ විදිහටම එනව. 2.4A කියල තිබ්බට 2.4A ආවේ නෑ. ඊට පස්සේ යාලුවා ඒක තව මොකක්ද කරල බැලුව වෙන මොකක්ද පොර ගාව තියෙන ගැජට් එකකට ගහල. එතකොට 2.4A ආව. ඉතිං ඔය PowerIQ කතාවත් ඇත්ත. ෆෝන් එකට ඕන ගාණ තමයි දෙන්නේ. Port දෙකටම මේක වැඩ.03. VoltageBoostමේකෙන් වෙන්නේ අපි චාර්ජ් කරන්න ගන්න කේබල් එකේ දිග අනුව වෝල්ටේජ් එකට ඇති වෙන resistance එක මෙශර් කරලා Voltage එක boost කරල ඩිවයිස් එකට අවශ්‍ය වෝල්ටේජ් එක දෙනවා. ඒකත් අර PowerIQ එකත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්.6. චාජ් කරනකොට ෆෝන් එක රත් වෙනවා නම් ඒක ලොකු ප්රශ්නයක්තියෙන්නේ ස්පීඩ් චාර්ජර් එකක් ද? චාර්ජ් වෙනකොට ෆෝන් එක රත් වෙනවා වගේ දැනුනද? බය වෙන්න එපා. ෆෝන් එකට මොකවත් වෙන්නේ නැහැ. විදුලිය මගින් ඔබේ දුරකථනය ඉක්මනින් ආරෝපණය වෙන විට යම් උෂ්ණත්වයකට පත් වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම එයින් ඔබේ දුරකථනයට හානියක් වෙන්නට ඉඩක් නෑ. දුරකථනය අල්ලාගෙන සිටින්නට අපහසු තරම් උෂ්ණත්වයක් දැනෙනවානම් විතරයි ඔබ බියවිය යුත්තේ.7. ඩොල්බි සවුන්ඩ් නම් ෆෝන් එකේ සවුන්ඩ්ස් සුපිරිසමහර තනි ස්පීකරේ තියෙන ෆෝන් වලත් ඩොල්බි සරවුන්ඩ් සවුන්ඩ් කියලා ගහලා තියෙනවා දැකලා තියෙනවා. ෆෝන් එකේ සද්දේ වැඩි වුනු පලියට ඒ විශේෂාංගය ඩොල්බි සරවුන්ඩ් වෙන්නේ නැහැ. සරවුන්ඩ් සවුන්ඩ් වෙන්න අඩුම තරමේ ස්පීකර් 2ක් වත් තිබීම අනිවා ෆැක්ට් එකක්, මේ නිසා. ඒ වගේම ඇත්තටම මේ විශේෂාංගය ඔබේ ෆෝන් එකට ඇතුලත් වෙලා තිබෙනවා නම් එය විඳින්න හොඳ ඉයර් ෆෝන් දෙකකුත් අවශ්‍ය වෙන බව අමතක කරන්න නම් එපා.8. ෆුල් සිග්නල් නං ඩේටා ස්පීඩ්මොන පිස්සුද? සිග්නල් ෆුල් තියෙන වෙලාවක වුනත් ඩේටා ස්පීඩ් එක බර කරත්තෙකටත් වඩා අඩු වෙන වෙලාවල් බොහොමයි. ඒ නිසා සිග්නල් ෆුල් වුනත් ඩේටා ස්පීඩ් එක අඩු වීම ෆෝන් එකේ අවුලක් කියලා හිතන්න එහෙම එපා හොඳද?9. ෆෝන් ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් ඔටෝ දැම්මම බැටරි සේව් වෙනවාමෙහෙම දේවල් අපි ඉස්සර හිතුවට දැන් හිතෙනවා අපි කොච්චර කාරණා නොදැන හිටියද කියලත්.ඇත්තටම ඔටෝමැටික් සෙටින්ග්ස් ඔන් කලාම වෙන්නේ ඔබේ වටපිටාවේ ආලෝකයට ගැලපෙන්නට ෆෝන් එකේ ආලෝක තත්ත්වය අඩු වැඩි කර සකස්කිරීමයි. මෙහෙම වෙනකොට ආලෝකය ඉබේ අඩු වැඩි වෙන්න ගත්තම බැටරි ක්ෂය වීම වැඩියි. මේ නිසා ඔටෝ බ්‍රයිට්නස් ඕන කරලා තිබෙනවා නම් දැන් ඒ ගැන දෙපාරක් හිතන එක හොඳයි. |
eBay Dropshipping වලට මූලිකවම අවශ්‍ය වන දේවල් මොනවද? - eBay Dropshipping Lesson 02 | පසුගිය ලිපියෙන් අපිeBay Drop shipping වලට ආරම්භයක්ලබා ගත්තා. මේ ලිපියෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ eBay drop shipping වලට අපිට අවශ්‍ය වන්නේ මොනවද සහ කොහොමද අපි ඒවා ගන්නේ කියල.පිලිවෙලට ඒ ගැන අපි කතා කරමු.01. මුලින්ම eBay account එකක් ඕනේමේකේ අවශ්‍යතාවය පැහැදිලිව පළවෙනි ලිපියේ සඳහන් කරලා තියෙනවා ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඒක කියවපුවාම ඔයාට තේරෙයි ඇයි eBay account එකක් ඕනේ කියල.02. PayPal account එකකුත් අවශ්යමයිමේ කාරණාව නම් හොඳටම ඔලුවට ගන්න ඕන එකක් සහ අවධානයෙන් හදාගන්න ඕනේ account එකක්.අපිට PayPal account එකක් ඕන වෙන්නේ buyer කෙනෙක් ඇවිත් eBay එකේ අපි list කරල තියෙන item එකක් buy කරාම ඒ buyer ගෙවන මුදල ලබා ගන්න.මෙතනදි අපිට සමහර ප්‍රශ්න එන්න පුළුවන්.අපි Paypalම භාවිතා කරන්න ඕනේද? බෑන්ක් එකකට බැරිද?කෙටියෙන්ම උත්තරේ බෑ. eBay එකේ දැනට තියෙන එකම payment gateway එක PayPal විතරයි. ඉදිරියේදී වෙනම එකක් හැදෙමින් පවතිනවා උනත් දැනට තියෙන එකම option එක PayPal නිසා උපරිම අවධානය මේකට දෙන්න.ශ්‍රී ලංකාවේ PayPal වලට Payments receive කරන්න බෑනේ?ඔව්, අන්න ඒ හේතුව නිසා තමයි අපි වෙනත් රටකින් PayPal එකක් හදාගන්න ඕනේ. සමහර අය නම් කියනවා මේ ක්‍රමය නීතිවිරෝධී කියල. නමුත් eBay හරහා භාණ්ඩයක් අලෙවි කරලා ඒකට අදාල මුදල PayPal ගිණුමකට ලබා ගන්න එක නීතිවිරෝධී නෑ. නීතිවිරෝධී වෙන්නේ අපි PayPal එක හරහා නීති විරෝධී දෙයක් කලෝතින් විතරයි.මෙතනදි අපිට ඕනේ card withdrawal කරන්න පුළුවන් PayPal එකක්. මෙතනදි bank withdrawal තියෙන ඕස්ට්‍රේලියාව වගේ රටකින් හදාගෙන ඒකෙන් සල්ලි ගන්න විදිහක් නැති උනොත් කරන්න දෙයක් නෑ. මොකද අපේ රටේ කිසිම bank account එකක් වෙන රටක PayPal එකකට add කරන්න බෑ. ලංකාවේ PayPal එකකට විතරයි add කරන්න පුළුවන්. ඒ නිසයි අපි payments receive කරන්න පුළුවන් සහ card withdrawal තියෙන රටකින් PayPal account එකක් හදාගන්නේ.Card withdrawal තියෙන ඕනම රටක PayPal account එකකට ලංකාවේ VISA Debit card එකක් add කරලා withdrawal කරන්න පුළුවන්. එතනදිත් අපිට පුළුවන් VISA card එකකට විතරයි. Master card එකකට බෑ.Card withdrawal කරන්න පුළුවන් රටවල් මොනවද?Bahrain, Bulgaria, Chile, Croatia, Cyprus, Estonia, Georgia, Gibraltar, Iceland, Indonesia, Israel, Jordan, Kazakhstan, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Malaysia, Malta, Moldova, Morocco, Oman, Philippines, Romania, San Marino, Saudi Arabia, Serbia, Slovakia , Slovenia, United Arab Emirates, UruguayPayPal limit වෙනවා කියන්නේ මොකක්ද?eBay එක සහ PayPal එක අතර තියෙන ගිවිසුමට අනුව eBay එක හරහා එක දිගටම ගෙවීම් PayPal එකට එනකොට PayPal එකෙන් අපේ account එක limit කරලා verification එකක් කරන්න documents ඉල්ලනවා. ඒ දේ මොන රටකින් PayPal account එකක් හදලා තිබ්බත් අපෙන් ඉල්ලනවා.එතනදී අපිට සමහර විට අපේ ID එකක්, supplier receipt එකක්, විකුණපු භාණ්ඩයක invoice එකක් වගේ ඉල්ලනවා. මේකට අපිට අදාල documents දෙන්න වෙන්නේ Google එකෙන් search කරලා, ඒ document එකක් අරගෙන edit කරලා තමයි. ඒකත් හරියට තිබ්බේ නැත්තම් අපේ PayPal එක ආයෙම භාවිතා කරන්න බැරි වෙන තැනටම limit වෙනවා. එහෙම උනොත් අපිට දැනට PayPal එකේ තියෙන සල්ලි ගන්න වෙන්නේ දවස් 180කට පස්සේ.සමහර විට මේ දේ හරියටම කරන විදිහ ඔයා දන්නෙ නැත්තම් ඒ දේ හරියට කරගන්න පුළුවන් කීප දෙනෙක්ව මං හඳුන්වා දෙන්නම්.Kasun Priyadarshana,M Sajith Gunathilaka,Online Hub,Paypal Hub - පේපැල් හබ්මේ අයට කියල ඔයාට ඔයාගේ limit උන PayPal එක හරියටම හදාගන්න පුළුවන් විදිහ ගැන අහගන්න හෝ සහය ලබා ගන්න පුළුවන්.PayPal එකට add කරන්න පුළුවන් ලංකාවේ Bank cards මොනවද?මම recommend කරන්නේ Commercial bank, HNB bank, Sampath bank, Seylan bank කියන banks වල VISA Debit cards විතරයි. Master Debit cards භාවිතා කරන්න බෑ.වෙන රටක යාළුවෙක් හරි නෑදෑ වෙන කෙනෙක් ඉන්නව නම් එයාලට කියල PayPal එකක් හදාගන්න පුළුවන් නේද?මේ අදහස ඔයාට ආව නම් ඒක ගොඩක් හොඳ අදහසක්. මොකද එතකොට limit උනත් verification එකට ගොඩක් ලේසී. ඒත් අවධානමක් තියෙනවා. ලොකුම එක තමයි ඔයාගේ සල්ලි අරං පනින්න පුළුවන්. එයා එහෙම නෑ කියල හිතෙනව නම් ප්‍රශ්නයක් නෑ. මොකද එහෙම හදන PayPal account එක හදන්නේ ඒ කෙනාගේ නමට සහ එයාගේ bank account එක link කරල නිසා ඔයාට withdraw කරන්න වෙන්නේ එයාගේ bank account එකට. ඊට පස්සේ තමයි අපිට එයාගෙන ගෙන්න ගන්න වෙන්නේ.සමහර විට ඔයාගේ හරි, PayPal එක හදවපු කෙනාගේ හරි වැරැද්දකින් PayPal එක limit උනොත් ආයෙම එයාගේ දැනට දාල තියෙන විස්තර දාලා ආයේම PayPal account එකක් හදන්න බැරි වෙනවා.03. විකුණන්න list කරන්න itemsමේ ගැන නම් ඔයාට මේ වෙනකොටත් සම්පූර්ණ අවබෝධයක් තියෙනවා මගේපළවෙනි ලිපියකියෙව්ව නම්. ඊට වඩා අමතරව පැහැදිලි කරන්න අවශ්‍ය දේවල් ඉස්සරහදී ඒ අවශ්‍ය තැන්වලදි පැහැදිලි කිරීම කරන්නම්.මීලඟ ලිපියෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය මූණ දෙන eBay account suspend වෙන හේතු මොනවද සහ ඒකෙන් වළකින්නේ කොහොමද කියල. ඒ ලිපියත් මං ඉක්මනින් අරගෙන එන පොරොන්දුවෙන් මෙතනින් නවත්වනවා. |
Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි | Android වැඩකාරයෝ අපිත් සමඟ එකතු වී සිටින ඔබ නම් මේ වන විට හොදින්ම දන්නවා Elon MuskගේNeuralink ව්යාපෘතියකියන්නේ මොක්කද යන්න. ඒ වගේම ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පමණ පෙර මේ ව්‍යාපෘතිය ආධාරයෙන්මනසෙන් චෙස් සහ පරිගණක ක්‍රීඩා කරන පුද්ගලයෙකුපිළිබඳවත් අප ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා.VivaTech සමඟින් පැවතුන Q&A session එකකදි ඔහු විසින් සඳහන් කර තිබෙන්නේ මේ Neuralink ව්‍යාපෘතිය ඔස්සේ ඉදිරියේදී අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දීමට බලාපොරොත්තු වන බවයි.ඒ අනුව උපතින්ම අන්ධ හෝ පසුව ඇස් පෙනීම අහිමිව යන පුද්ගලයින් සඳහා සෘජුවම මොලයේ දෟෂ්ටික සංවේදී ප්‍රදේශ සමඟ Neuralink පද්ධතිය අන්තර් සම්බන්ධ විය හැකි වන අතර ඒ ඔස්සේ පෙනිම නැවත ප්‍රතිනිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි මෙහිදි Elon Musk විසින් දක්වා තිබෙනවා."which will enable people who have lost both eyes or have no eyesight whatsoever to see…and this is directly interfacing with the optical processing areas of the brain."පසුගිය වසරේදී මානව අත්හදා බැලීම් සඳහා Neuralink ව්‍යාපෘතියට FDA අනුමැතිය හිමි වීමත්සමඟ ඉදිරියේදී ඔවුන් විසින් මිනිස් ජිවිතයේ විශාල පෙරලියක් සිදු කළ හැකි මෙයත් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.Source:vivatechnology.comwww.businesstoday.in |
Realme සමාගම විසින් Realme 10 Pro 5G Coca-Cola Edition ජංගම දුරකතනය එලිදක්වයි | Realme සමාගම විසින්Coca-Cola Themed Smartphone එකක් පිළිබඳවඉඟි පළ කළ බව අපි වාර්තා කළා ඔබට මතක ඇති. මෙසේ මෙම Coca-Cola Theme එක යොදා ඇත්තේ Realme 10 Pro 5G Smartphone එක සඳහා වනවා.මේ වන විට, Realme සමාගම විසින් Realme 10 Pro 5G Coca-Cola සංස්කරණය එළිදක්වා ඇති අතර, මෙහි පිටුපස වම් පැත්තේ කළු පාට තීරුවක් දිවෙන අතර රතු සහ සුදු වර්ණ වලින් කොකාකෝලා ලාංඡනය පිටුපස ඉතිරි කොටසේ යොදා තිබෙනවා.මෙම Coca Cola Theme එක UI එකටත් එක් කොට තිබෙනවා. මීට අමතරව Defualt Wallpaper, System Apps සඳහා සහ Charging Effect එකටත් Coca Cola Colours එක් කොට තිබෙනවා.තවද Ringintone එකට Coca Cola Commercial සඳහා යොදා ගනු ලබන Sounds සහ Notification Sound එකට Cool Bubble Sound එකක් යොදා තිබෙනවා.0:00/1×Special Coca-Cola sounds on Realme 10 ProCamera එකේද Cola නම් නව Filter කිහිපයක් ද Camera එකෙන් Photo එකක් Capture කරන විට Shutter Sound එක ලෙස Coke Bottle එකක ටොනික් පියන ඉවත් කරන විට නැගෙන ශබ්දය ද මේත් සමඟ එකතු කර තිබෙනවා.තවද UI එකේ සියලුම Icons Coca Cola වලට ගැළපෙන පරිදි Redesign කොට තිබෙනවා.Coke-themed icons found on the phone viaPhone Arenaමෙහි Box එක තුළ Smartphone එකට අමතරව Realmeow නමින් හඳුන්වන Action FIgure එකක්, Coca Cola බෝතලයට ටොනික් පියනක හැඩයෙන් යුත් Sim Card Tool එකක් සහ Coca Cola - Realme මේ Combination එකට සම්බන්ධ Stickers ද ඇතුළත් වනවා.Specificationsමෙම Smartphone එක බලගැන්වෙනු ලබන්නේ Snapdragon 695 Chipset එකෙන් වන අතර 120Hz Refresh Rate එකකින් යුතු LCD Display එකක්, 33W Wired Charging සහිත 5,000mAh Battery එකක් සහ 108MP සහ 2MP Dual rear Camera දෙකකින්ද මේ Smartphone එක සමන්විත වනවා. තවද මෙහි RAM එක 8GB වන අතර Internal Storage එක 128GB වනවා.මිල ගණන්මෙය පෙබරවාරි 14වනදා සිට ඇමෙරිකානු ඩොලර් 255කට මිලදී ගත හැකි වනවා. ඇමරිකාවේ මෙම මුදලට Coke Can 525ක් මිලදී ගත හැකියි.Sources:theverge.comandroidauthority.comphonearena.comIsa does tech-Youtube Channel |
විවිධ ආලෝක තත්වයන් යටතේදී වර්ණ වෙනස් වන Realme 9 Pro ජංගම දුරකතනය එලි දැක්වීමට Realme සමාගම සූදානම් වේ | Smartphone එකක් මිලදී ගැනීමේදී ඒ phone එකේ වර්ණය ගැන බොහෝ දෙනා සැලකිල්ලක් දක්වනවා. බොහෝ Smartphones සාම්ප්‍රදායික කළු පැහැයෙන් පැමිණෙන අතර සමහර Smartphones තම පරිශීලකයන්ට තෝරා ගැනීමට හැකි ලෙස විවිධ වර්ණ වලින් නිකුත් වෙනු ලබනවා.Realme සමාගම විසින් නිකුත් කිරිමට නියමිත Realme 9 Pro දුරකථනයට එකවර වර්ණ කිහිපයක් ලබා දීමේ හැකියාව පවතින බවට මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා. මේ සඳහා යොදාගෙන ඇති Light Shift Design එකට බොහෝ දෙනා මේ වෙන විටත් ආකර්ෂණය වි ඇති අතර Realme 9 Pro සහ Pro Plus හි වර්ණ වෙනස් වීම විවිධ ආලෝක තත්වවලදී වෙනස් වනවා.Your browser does not support HTML5 video.සාමාන්‍ය ආලෝක තත්ත්වය යටතේ මෙය නිල් පැහැයෙන් දිස්වන අතර අධික හිරු එළිය (ගෘහස්ථ නම් UV ආලෝකය) යටතේ තත්පර පහක පමණ කාලයක් තුළ දුරකථන රතු පැහැයට හැරෙනු ලබනවා. Realme සමාගම පවසන්නේ ලස්සන නිල් අහසක හිරු පෑයීමේ සිට රතු පැහැයට හුරු අහසක හිරු බැස යාම මෙමඟින් ආදර්ශනය කරන බවයි. ඔවුන් තවදුරටත් පවසන්නේ මේ තුළින් Realme Pro 9 Series එක අනෙකුත් Smartphones තුළින් කැපී පෙනෙන බවයි.Source -Android Authority |
Android 11 සැප්තැම්බරයේදී නිකුත් වන බව පුවත් වාර්තා වේ | ඔයා සාමාන්‍යයෙන් Android release ගැන උනන්දු කෙනෙක් නම් ඔයා දන්නවා සාමාන්‍යයෙන් Android වල stable version එකක් roll out වෙන්නේ සැප්තැම්බර් මාසයේ කියන දේ. මේ වෙනකොට Google ඔවුන්ගේ next-gen Android update එක එහෙමත් නැතිනම් android 11 version එක Pixel සහ third-party users ලා කීප දෙනෙක් සමගින් test කරමින් ඉන්නවා. ඉතින් title එක ගැන කතා කරද්දී, Google සමාගම අතින් අත්වැරැදීමකින් stable release එකේ official launch date එක reveal වෙලා තියෙනවා.ඉතින් මේක ඉස්සෙල්ලාම spot කරගෙන තියෙන්නෙ PhoneArena එකෙන්. ඉතින් මේ launch date එක reveal වෙලා තියෙන්නෙ Google’s virtual smart home summit එකේදි upload උන වීඩියෝ එකකින්. මේ වෙද්දි ඒ video එක ඉවත් කොට තිබෙනවා. පහලින් තියෙන screenshot එකේ විදිහට Android 11 stable version එක Google ලා roll out කරන්නෙ සැප්තැම්බර් 8 වෙනිදායි.ඉතින් කොහොමින් කොහොම උනත් මේක සීයට සීයක්ම ඇත්ත කියල කියන්න් අමාරුයි. මොකද, Google ලා මේ අවුරුද්දෙ schedule කරලා තිබුණු developer conference එක ලෝකය පුරා ඇති වෙලා තියෙන වෛරස තත්වයත් එක්ක cancel උනා. ඇමෙරිකාවෙ BLM උද්ඝෝෂණ නිසා Android 11 beta launch show එක postpone උනා. ඉතින් කිසිම prior notice එකක් නැතුව Android 11 beta version එක ගිය මාසයේදී release උනා.ඉතින් මේ අනුව Android 11 stable version එක එන්නත් පරක්කු වෙයි කියලා හිතන්න පුලුවන්.කෙසේ වෙතත් මේ විදිහට සැප්තැම්බර් 8 release වෙන එක surprise එකක් මත් නෙමේ මොකද අන්තිමට release උන Android versions දෙකත් release උනේ ඒ time frame එකේදිමයි. |
Microsoft සමාගම විසින් Discord සේවාව මිලදී ගැනීමට සූදානම් වේ | Discord සේවය පරිගණක ක්‍රීඩා කරන්නන් අතර ඇති ජනප්‍රියම සේවයක්. ඒ මගින් ඔවුන්ට (video, voice, text හරහා) සංවාදයේ යෙදීමට, තමන් කරන ක්‍රීඩාව විකාශය කිරීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මේ කොරෝනා සමයේ gamers ල හැරුණු කොට අධ්‍යාපන, හා විවිධ ඒ හා සමාන වැඩ කටයුතු කර ගැනීමට මේ සේවාව භාවිතා වනවා.Discord සතුව මිලියන 100කට අධික මාසික පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින අතර, මෙය දැන් සුවහසක් gamer ප්‍රජාවට පමණක් වෙන්වුණු තැනක් නොවී ඕනෑම පිරිසකට කතා බස් කිරීමට ඇති තැනක් බවට පත්වී තිබෙනවා.Source: Discordවිකිණීම සම්බන්ධයෙන් Discord සමාගමද විවිධ ගැනුම්කරුවන් සමඟ සාකච්ඡා පැවැත්වුවත් ඔවුන් තවමත් මේ පිළිබඳ නිශ්චිත තීරණයකට පැමිණ නැති බවයි සඳහන් වන්නේ.එසේම විකිණීමක් නොකර, පොදු සමාගමක් වීමටත් අදහස් කර ඇති බවටත් ඇතැමුන් අදහස් පල කරනවා. එවිට ඔවුන්ට කොටස් වෙළඳපොලේ ආයෝජන මගින් ප්රාග්ධනය වර්ධනය කර ගැනීමට හැකි වේවි.Microsoft පසුගිය වසරේ TikTok, Pinterest වැනි සේවාද මිලදී ගැනීමට අදහස් කරමින් සිටියත්, ඒවා සාර්ථක වුයේ නෑ.Microsoft සමාගමේ වෙනත් මිලදීගැනීම්. Source: Statistaකෙසේ වෙතත් ඔවුන් Elder Scrolls (Skyrim), Doom හා Fallout යන games අයිති Bethesda Softwork සමාගම (ZeniMax Media Inc.) ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5කට මිලදී ගනු ලැබුවා.Bethesda Games. Source: BBCඑසේම දැන්Microsoft Xbox Game Passසේවාව හරහා subscription ක්‍රමයට games play කිරීමට PC, Xbox හා Android පරිශීලකයින්ට අවස්ථාව හිමි වනවා.ඒත් සමගම මේ Discord වෙත අවධානය යොමු වීමත්, තම video-games අංශයsoftware as a service (SaaS)යන වෙළඳ ආකෘතිය වෙත හැඩගැන්වීමට Microsoft ගත් තවත් උත්සහයක් ලෙස හැඳින්විය හැකියි.Source:Bloomberg |
Google Phone App එක සඳහා FaceTime මෙන් Video Call Feature එකක් හඳුන්වා දීමට සුදානම් වේ | Google සමාගම විසින් Apple සමාගම මෙන් Google Phone App එක ඔස්සේ Video Call ගැනිමේ පහසුකම ලබා දීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඒ Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone dialer එක ඔස්සේ FaceTime හරහා Video Call ලබා ගැනිමට ලබා දී ඇති හැකියාවට සමාන ආකාරයටයි.Google සමාගම විසින් මෙලෙස Video Call ලබා ගැනිමේ පහසුකම ලබා දීමට සුදානම් වන්නේ Google Meet ඔස්සේ වන අතර සාමාන්‍ය Phone Call එකකදී පහත ඡායාරුපයේ පරිදි “Video call” ලෙසින් නව Button එකක් Display වන අතර ඒ ඔස්සේ Video Call එක ආරම්භ කළ හැකි වනවා.Image Source- Android Authorityඔබ ඇමතුම ගන්නා පුද්ගලයා සතුව Google Meet app එක නොමැති නම් පහත ඡයාරුපයේ පරිදි Google Meet සඳහා Invite එක Message එකක් ඔස්සේ යැවිමේ හැකියාව ලැබෙනවා.Image Source- Android Authorityමේ නව Video Call පහසුකම Beta Version ඔස්සේ පරික්ෂා කිරීම් මේ වන විටත් සිදු වක අතර බොහෝ දුරට ඉදිරියේදී මේ විශේෂාංගය නිල වශයෙන්ම හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්. ඒ වගේම මෙය Apple සමාගම විසින් iPhones සඳහා ලබා දි ඇති FaceTime මෙන් Android පරිශිලකයින් විසින් Video Calls ලබා ගැනීමට භාවිත කරන WhatsApp වැනි Third-party Apps සඳහා හොද විසදුමක් වනු ඇතැයි ද දක්වන්න පුලුවන්.Source:www.androidauthority.com |
Android සිට iOS කරා මාරු වීමේ සහය WhatsApp විසින් ලබා දේ | WhatsApp විසින් Android සහා iOS අතර Chat history හුවමාරු කිරීම පසුගිය කාලවකවානුවේ සිටම පරික්ෂා කරමින් සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම විශේෂාංගයේ සම්පුර්ණ ක්‍රියාකාරීත්වය නිල වශයෙන් සමාගම විසින් එළිදක්වනු ලැබුවා. මෙතෙක් මෙම හුවමාරු වීම third-party data transferring tools ආධාරයෙන් සිදුවූ අතර ඒවා තුලින් chat history එක මාරු කිරීමට පමණක් අවස්ථාව ලැබුණි. කෙසේ වෙතත් මෙම third-party tools සදහා යම්කිසි මුදලක් ගෙවිය යුතු වන අතර ඒවා භාවිත කිරීමද එතරම් පහසු නොවේ.A new way to keep the chats that mean the most 📱📲 Today, you’ll have the ability to transfer your entire chat history from Android to iOS and vice versa. Now you have the freedom to switch to and from your preferred devices.— WhatsApp (@WhatsApp)July 20, 2022මේ අවස්ථාව වන විට මෙම හුවමාරු ක්‍රමය Android සිට iPhone වෙත පමණක් ක්‍රියාත්මක වන අතර මෙය සිදු කිරීම සඳහා Android හි Move to iOS app එක භාවිතා කිරීම අවශ්‍ය වනවා. තවද මෙය සිදු කිරීම සදහා android හා එය ලබා ගන්නා iOS Device එක යන දෙකෙහිම WhatsApp latest version එක තිබිය යුතු වීම අනිවාර්ය වන අතර පැරණි දුරකතනයේ දුරකථන අංකයම හුවමාරු කරන දුරකතනයේද භාවිත කල යුතු වනවා. මීලග පියවර ලෙස හුවමාරුවට යොදාගන්නා iPhone එකද factory reset එකකින් පසුව යොදා ගත යුතු වන අතර හෝ නව උපාංගයක් විය යුතුය.ඉහත උපදෙස්වල දක්වා ඇති පියවර මත පදනම්ව, WhatsApp විසින් iOS හි දුරකථනයකට WhatsApp chat history එක සාර්ථක ලෙස මාරු කිරීම සඳහා එහි Move to iOS App එක piggyback කිරීමට Apple සමඟ කටයුතු කර ඇත. ඔවුන් විසින් වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම ක්‍රියාවලියේදී account information, profile photo, individual/group chats, chat history, chat media සහා WhatsApp settings යන අංගයන් සියල්ලම හුවමාරු වන බවයි. මෙහිදී WhatsApp call history එක හා peer to peer payment messages මාරු කිරීමට නොහැකි වනවා.iOS සහ Android අතර මාරුවීමේදී WhatsApp Chats ලබාගැනීමට නොහැකි වීම පරිශීලකයින් විසින් අත්විදින මහත් ගැටලුවකි. දැනට පවතින බොහෝමයක් messaging apps මගින් Android හෝ iOS යන ඕනෑම device එකක් ඔස්සේ messages සහ chats වෙත පිවිසීමට ඉඩ සලසා ඇති නමුත් WhatsApp භාවිතා කළ හැකිවන්නේ තනි දුරකථන අංකයකින් සහ තනි Smartphone එකක් ඔස්සේ පමණි. කෙසේ වෙතත් WhatsApp විසින් මෑතකදී හදුන්වා දුන් පරිදි main mobile device එක ලග නොමැති අවස්ථාවකදී linked devices මගින් WhatsApp වෙත log වීමට ඇති හැකියාව යම්තාක් දුරට හොද අවස්ථාවක් වනවා.Sources:GSMArenaWhatsApp via Twitter |
Google Knowledge Panel එකට සමාන information panel එකක් Facebook එකෙන් | Facebook සමාගම ඔවුන්ගේ users ලට වඩාත් කාර්යක්ෂමව සහ පහසුවෙන් platform එක භාවිතා කිරීම සඳහා අලුත් features සහ services නිරන්තරයෙන් තමන්ගෙ platform එකට එකතු කරනවා. ඉතින් මේ social media දැවැන්තයා ඔවුන්ගේ platform එක හරහා දැනුම වැඩි කරගැනීමට හොඳ අවස්ථාවක් උදා කරමින් තවත් අලුත් revolutionary feature එකක් විදිහට Wikipedia powered knowledge box එකක් announce කරා. ඒක ඔවුන් විසින් හැඳින්වෙන්නෙ Facebook Knowledge Box කියන නමින්. මේක දැනට ක්‍රියාත්මක වෙන්නෙ pilot program එකක් විදිහට සහ දැනට available වෙන්නෙ platform කීපයක විතරයි.Facebook Knowledge Box එකේ features සහ functionsමේකෙ primary function එක වෙන්නෙ public places, figures වගේ දේවල් ගැන විස්තර user විසින් search කරාට පස්සෙ ඒ අදාල තොරතුරු ලබාදීමයි. මේ නිසා user ට platform එකෙන් පිටතට ගිහින් search කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ නෑ. ඒක පහසුවක් විදිහට Facebook ලා පෙන්නලා දෙනවා. ඔවුන් පවසන විදිහට මේ feature එක ක්‍රියාත්මක වෙන්නෙ regular search bar එකක් හැටියට.උදාහරණයක් විදිහට user කෙනෙක් යම්කිසි ප්‍රසිද්ධ public place එකක් එහෙමත් නත්තන් public figure එකක් ගැන search කරාම පොඩි knowledge box එකක් දකුනු පැත්තෙන් pop up වෙනවා. ඒ box එකෙන් අර search කරපු දේ ගැන අදාල විස්තර ලබා දෙනවා. දැනට මෙමගින් පෙන්වන්නෙ ඒ ඒ subjects වලට අදාල සීමිත තොරතුරු ප්‍රමාණයක්. ඒ වගේම මේකෙන් තොරතුරු දෙන්නෙ ප්‍රසිද්ද අය, ස්ථාන ගැන විතරක් නෙමේ මේකෙන් user ට සින්දු, චිත්‍රපටි වගෙ දේවල් ගැන විස්තර ලබා ගැනීමේ හැකියාවත් ලැබෙනවා.ඒ වගේම තවත් වැදගත් දෙයක් තමා දැනට මේක ක්‍රියාත්මක වෙන්නෙ English language එකෙන් විතරයි. ඉදිරියට අනිත් භාෂා වලින් වගේම හැම user කෙනෙක්ටම මේ feature එක ලැබේවි. ඒත් ඒ කවද්ද කියල නම් තවම Facebook ලා ප්‍රකාශ කරලා නෑ.ප්‍රකාශ වෙන විදිහට නම් මේ feature එක ඉස්සෙල්ලම ලැබෙන්නෙ desktop, mobile web සහ iOS වලට යි. ඉන් පස්සෙ අපිට මේ feature එක Android app එකටත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒත් ඒක confirm කරන්න හැකියාව ලැබෙන්නෙ Facebook ලා මේ feature එක global market එකට release කරාට පසුවයි.මේ feature එක introduce කිරීමෙන් Facebook ලා බලාපොරොත්තු වෙන්නෙ users ලට Facebook platform එකෙන් leave වෙන්නෙ නැතුව ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්න උදව් කරන එකයි. මෙතනදි user ගෙ පහසුව වැඩි වෙනවා වගේම platform එක තුලින්ම සිය දැනුම වර්ධනය කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා.Source:SocialMediaToday |
Type කරන ශබ්දය හරහා වචන හඳුනා ගන්නා AI එකක් නිර්මාණය කෙරේ, Passwords අනතුරේද? | බ්‍රිතාන්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් විසින් යතුරුපුවරුවෙන් පිටවන ශබ්දය මඟින් type කරන වචන 95% ක නිරවද්‍යතාවයකින් හඳුනා ගැනීමට හැකි කෘත්‍රිම බුද්ධියක් පුහුණු කර ඇත.මෙහිදී පර්යේෂකයන් කණ්ඩායම විසින් ඒ ඒ keys සඳහා යතුරුපුවරු මඟින් නිකුත් කරන ශබ්ද භාවිතයෙන් AI model එක train කිරීමක් සිදුකර ඇත.පර්යේෂකයන් කණ්ඩායම මෙහි නිරවද්‍යතාවය තව දුරටත් පරීක්ෂා කිරීම සඳහා Zoom සහ Skype meeting එකක් හරහා type කරන password සාර්තකව මෙම AI model එක මඟින් හඳුනා ගෙන ඇත. මෙහිදී ඔවුන් MacBook Pro M1 16-inch 2021 ලැප්ටොප් පරිගණකයක් සහ 17cm දුරින් තැබූ iPhone 13 Mini දුරකතනයක් භාවිතා කර ඇත. මෙහිදී Zoom මඟින් 92% ක් සහ Skype මඟින් 93% ක නිරවද්‍යතාවයකින් යුත් වචන හඳුනාගෙන ඇත.MacBook Pro ලැප්ටොප් පරිගණක යතුරුපුවරුවකින් නිකුත්වන ශබ්දය ඉතා කුඩා වුවත් මෙහිදී මෙම AI Model එක මඟින් type කරන වචන් හඳුනා ගැනීමට සමත් වී ඇත. එනිසා මෙයට Mechanical Keyboard වැනි ශබ්දයක් නිකුත් කරන යතුරුපුවරු මඟින් type කරන වචන ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව පවතී.කෙසේ නමුත් මෙවැනි Tools වෙළඳපොළට නිකුත් වුවහොත් බොහෝ දෙනෙක්ට මෙය ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය. මන්ද යත් මෙවැනි AI model මඟින් ඉතා පහසුවෙන් passwords, chats හඳුනා ගත හැකි නිසාවෙනි.මේ වගේ අවදානමකින් මිදෙන්න නම් අපිට පුලුවන් Password Manager එකක් භාවිතා කරන්න. ඒ ගැන අපි ගෙනාපු ලිපි දෙකක් පහතින් දැක්වෙනවා.Password අමතක වෙනවද ? හොද Password Manager එකක් use කරමු.එන්න එන්නම අපේ ජිවිත Digital කරණය වෙනකොට , අලුත් social media flatform introduce වෙනකොට , මේ හැම Account එකකටම Log වෙන්න Password ඕනේ වෙනවා නේද? ඉතිං මෙ ඔක්කම මතක තියාගන්න පුලුවන්ද ? සමහරවිට ඔයා එකම password එක හැම Account එකකටම දාලා ඇති නේද, ඉතිං මේ කරදර විදින්නේ නැතුව හොද Password Manager එකක් use කරන්න. අද අපි ඒ ගැන කතා කරමු, Password එකක් කියන්නේ අපිට ගොඩක් personal දෙයක්. ඉතිං එක එක වෙලාවට අපි හදන account වල එකක password දානවා අපි. වෙලාවකට ඒ password එක ආයේ ඔනේ වෙන්නේ අලුත් phone එකක් ගත්තAndroid වැඩකාරයෝ - Sinhala Tech News providerTimira AyodyaPasswords අමතක නොවී ආරක්ෂා කරගමු (Online accounts ආරක්ෂාකරගමු - 02)Password Manager - මුරපද කළමනාකරු අපි කලින් පෝස්ට් එකෙන් කථා කළේ ශක්තිමත් මුරපදයක් යොදාගෙන අපේ අන්තර්ජාල ගිණුම් සුරක්ෂිත කරගන්න විදිය නෙ. ඒත් එතනදි අපිට පැන නැඟුණු විශාලම ගැටළුව තමයි අපි කොහොමද මේ විවිධ වෙබ් අඩවි වලට යොදපු විවිධ මුරපද මතක තියාගන්නෙ කියන එක. අනික අපි යොදපු ශක්තිමත් මුරපද මතක තියා ගන්න එක තවත් අසීරුයි. අන්න එතනදි තමයි අපේ උදව්වට Password Manager එකක් අවශ්‍ය වෙන්නේ. පාස්වර්ඩ් මැනේජර් එකක් කියන්නෙ මොකක්ද, කියන තැන ඉඳන් අපි අද සම්පූර්ණයෙන්ම වගේ Password Manager ගැන ඉගෙනගනිමු. මොකAndroid වැඩකාරයෝ - Sinhala Tech News providerPrabhash JayaweeraSource:www.theguardian.compcworld.com |
Google Fit හරහා iPhone වලින් හෘද ස්පන්දන වේගය සහ ස්වසන වේගය මැනීමේ හැකියාව ලබා දීමට කටයුතු කරයි | මේ වසර මුලදි Google සමාගම විසින් ඔවුන්ගේ Fitness App එක වෙනGoogle Fit සදහා ජංගම දුරකථනයේ කැමරාව ඔස්සේ හෘද ස්පන්දන සහ ශ්වසන වේගය මැනිමේ හැකියාවලබා දිමට කටයුතු කරනු ලැබුවා.හදුන්වා දිමේදි Google Pixel Devices සදහා පමණක් හදුන්වා දුන් අතර මේ වෙන විට තවත් Android Devices රැසක් සදහා මෙන්ම දැන් iOS සදහා වෙන Google Fit App එක සදහාත් මේ Feature එක ලබා දි තිබෙනවා.Smart Phone එකේ Selfie Camera එක භාවිතයෙන් ශ්වසන වේගය මැනිම සිදු වෙන අතර මෙහිදි Selfie Cameraවට ඔබේ හිස හා ඉහල කොටස පෙනෙන පරිදි තබා හුස්ම ගැනිම මගින් ඔබගේ Physical Signal pixel මට්ටමින් Track කර අවශ්‍ය තොරතුරු ලබා ගෙන ශ්වසන වේගය මැනිම සිදු වෙනවා.හෘද ස්පන්දන වේගය මැනිමේදි ඔබේ ඇගිල්ල පසුපස Camera එකේ Lens එක මත තැබිය යුතු අතර මෙහිදි ඇගිල්ල තුලින් ගමන් කරන රැධිර ප්‍රමාණය මැනිම සිදු කරන්නේ එහි වර්ණයෙන් හා සමේ වර්ණය හා තවත් සාධක ඔස්සේ වෙන අතර අවසානයේදි මේ දත්ත විශ්ලේෂණය කර හෘද ස්පන්දන වේගය ලබා දිම සිදු කරනවා.Source :Gizmochina,9to5 google |
2024 Apple වලට කොහොමද ? | හෙටින් අවසන් වන 2023 වසර Apple පාරිභෝගිකයින්ට නම් අලුත් විශේෂාංග රැසක් Apple සමාගම විසින් හඳුන්වා දුන් වසරක් බව කිව යුතුමයි. ඉතින් එළඹෙන 2024 වසර Apple සමාගමට කෙසේ වේවිද ? ඔවුන්ගේ නිෂ්පාදනවල සාර්ථකත්වය කෙසේ වේවි ද ?ඊට පෙර අපි බලමු මේ වසරේදී Apple සමාගම විසින් එළිදක්වන්න නියමිතව තිබෙන සුවිශේෂිම නව නිෂ්පාදන මොනවද කියල.වෙළදපොලට නිකුත් වන Vision ProImage Source- Apple.comපසුලිය ජුනි මාසයේදී Apple සමාගම විසින් තාක්ෂණික ලොව උඩුයටිකුරු කරමින් හඳුන්වා දුන් Vision Pro Mixed Reality Headset එක පිළිබඳව ඔබට මතක ඇති බව නිසකයි. (මේ පිළිබඳව වැඩි විස්තර පහතින් ඔබට කියවන්න පුලුවන්)තාක්ෂණික ලොව උඩු යටිකුරු කරමින් Vision Pro නම් mixed reality headset එකක් එලි දැක්වීමට Apple සමාගම කටයුතු කරයිApple සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙසින් Apple Vision Pro නම් නව Augmented Reality මත ධාවනය වන mixed reality headset එකක් එලිදැක්වීම සිදු කරනු ලැබුවා.Android වැඩකාරයෝ - Sinhala Tech News providerThimira Thenuwaraකෙසේ වෙතත් මෙහිදි සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා මෙය මිලදි ගැනිමේ අවස්ථාව උදා නොවු අතර සංවර්ධකයින්ට සහ මාධ්‍යවේදින්ට මෙහි අත්දැකිම ලබා ගැනිමේ හැකියාව උදා ලැබුණා. ඒ අනුව ඩොලර් 3,499කට ආසන්න මුදලකට එළඹෙන වසර මුලදී මිලදී ගැනිමේ හැකියාව Apple සමාගම විසින් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.2024 iPhone මාදිලිය - iPhone 16Apple පාරිභෝගිකයින් විසින් නොයිවසිල්ලෙන් බලා සිටින Apple නිෂ්පාදනය මෙය බව නිසකයි.Image Source - 9to5mac.comඉතින් මේ පිළිබඳවත් මිට පෙර අප විසින් ලිපි දෙකක් ඔස්සේම ඔබ වෙත තොරතුරු රැගෙන ඒමට කටයුතු කළ අතර පහතින් ඔබට එම ලිපි නැවත කියවිය හැකි වනවා.iPhone 16 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumours මෙන්න - Part IApple සමාගම විසින් මේ වසරේදී නිකුත් කරන ලද iPhone 15 Series එකත් සමඟින් ඉදිරි iPhone Series සඳහා වෙනස්කම් රැසක් සිදු විය හැකි බවට තහවුරු වුවා. ඒ අනුව එළඹෙන වසරේදී ඔවුන් විසින් එළිදැක්වීමට නියමිතව පවතින iPhone 16 Series එක පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා. ඉතින් අද සිට iPhone 16 Series එක පිළිබඳව අලුත් තොරතුරු සියල්ලම ඔබ වෙත රැගෙන ඒමට Android වැඩකාරයෝ අපි සුදානම්. සුපුරුදු පරිදි එළඹෙන 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත Apple සමාගමේ නවතම iPhone SAndroid වැඩකාරයෝ - Sinhala Tech News providerBhasura Nuwan KularathnaiPhone 16 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumours මෙන්න - Part IIමීළග වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්විම නියමිත Apple iPhone 16 Series එකේ Models ගැන, Size එක ගැන, Camera Setup එක ගැන සහ මිල ගණන් පිළිබඳව මේ වෙන විට නිකුත් වි ඇති තොරතුරු මීට පෙර ලිපියෙන් ඔබ වෙත ගෙන එනු ලැබුවා. iPhone 16 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumours මෙන්න - Part IApple සමාගම විසින් මේ වසරේදී නිකුත් කරන ලද iPhone 15 Series එකත් සමඟින් ඉදිරි iPhone Series සඳහා වෙනස්කම් රැසක් සිදු විය හැකි බවට තහවුරු වුවා. ඒ අනුව එළඹෙන වසරේදී ඔවුන් විසින් එළිදැක්වීමට නියමිතව පවතින iPhone 16 SerAndroid වැඩකාරයෝ - Sinhala Tech News providerBhasura Nuwan Kularathnaඒ අනුව සුපුරුදු පරිදිම එළඹෙන වසර සැප්තැම්බර් මාසයේදී මේ iPhone 16 Series එක නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.දශකයේ විශිෂ්ඨතම දුරකථනය විය හැකි iPhone SE4Image Source - macrumors.comදශකයේ විශිෂ්ඨතම දුරකථනය විය හැකි iPhone එකක් එළඹෙන වසරේදී Apple සමාගම විසින් නිකුත් කිරිමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව Android වැඩකාරයෝ අපත් සමඟ රැදි සිටින ඔබ මේ වන විටත් දන්නවා ඇති.ඒ පිළිබඳව මීට පෙර අප ඔබ වෙත ගෙන ආ ලිපිය පහතින් ඔබට නැවත් කියවිය හැකි වනවා.දශකයේ විශිෂ්ඨතම දුරකථනය විය හැකි iPhone SE 42024 වසරේදී ඔවුන්ගේ iPhone SE මාදිලියේ නවතම Smartphone එක වන iPhone SE 4 නිකුත් කිරීමට සුදානමින් සිටින බව. ඒ අනුව මේ Smartphone එක දශකයේ විශිෂ්ඨතම Smartphone එක වෙනු ඇතැයි ද බොහෝ දෙනා මත පළ කරනු ලබනවා.Android වැඩකාරයෝ - Sinhala Tech News providerBhasura Nuwan Kularathnaමෙය ඩොලර් 499ක වැනි මිලකට නිකුත් වනු ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.M3 සමඟින් බලගැන්වෙන MacBook AirImage Source - macrumors.comඔබට මතක ඇති Apple සමාගමේ Entry Level MacBook මාදිලිය වන MacBook Air නව මුහුණුවරකින් M2 Chipset එක සමඟින් 2022 වසරේදී එළිදැක්වීමට කටයුතු කලා. මෙහි මීලග මාදිලි පෙළ ලෙස එළඹෙන වසරේදී Apple සමාගම විසින් M3 Chipset එකෙන් බලගැන්වෙන MacBook Air මාදිලියක් නිකුත් කිරීමට සුදානමින් සිටින බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.Apple Watch පෙළේ දසවන සාමාජිකයා - Watch XApple Watch පිළිබඳව කතා කිරීමේදී එළඹෙන වසරේදී Apple සමාගමට නිකුත් කිරීමට නියමිතව පවතින්නේ Apple Watch Series 10 එහෙමත් නැතිනම් Apple Watch X.Image Source - macrumors.comමේ අනුව මෙය බොහෝ විට iPhone X Series එක මෙන් Special Watch Edition එකක් විය හැකි බව දක්වන්න පුලුවන් දැනට වාර්තා වන තොරතුරුවලට අනුව නව Slim Design එකකින් සහ microLED display එකකින් යුතුව නව Health Features රැසකින් සමන්විතව මේ Watch Series 10 නැතිනම් Watch X නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.සුපුරුදු පරිදිම iPhone 16 මාදිලි පෙළට සමගාමීවම මේ Watch Series එකත් වෙළදපොලට නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.මීට අමතරව iPad Pro මාදිලිය සඳහා 2024 දී OLED display එකක් ලබා දීමටත් Apple සමාගම විසින් කටයුතු කරනු ඇතැයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වනවා. |
Android System WebView හි දෝෂයක් නිසා ඇතැම් පරිශීලකයන්ගේ Android apps crash වීමක් පිළිබඳව වාර්තා වේ | මේ වන විට ඇතැම් Android apps, crash වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.මෙයට හේතුව ලෙස සඳහන් වන්නේ Android System WebView නම් system component එකයි. එහි කාර්යය Android apps සඳහා web content පෙන්වීමට සහය දැක්වීම වුවත්, මෙහි කුමක් හෝ දෝෂයක් නිසා දැන් ඇතැම් apps crash වන බව Google සමාගමThe Vergeවෙබ් අඩවියට ප්‍රකාශ කර තිබුණා.එසේම ඔවුන් මේ වන විට එම දෝෂය තහවුරු කරගනිමින් එය යථා තත්ත්වයට පත් කිරීමටත් කටයුතු කරන බව තවදුරටත් සඳහන් කර තිබුණා.තවම පිළියමක් නැද්ද?ඇතැම් පරිශීලකයින් සඳහන් කර තිබුණේ, WebView හි අලුත් update එක ඉවත් කිරීමෙන් මෙම දෝෂය මගහරවා ගතහැකි බවයි.එයම Samsung Support US twitter ගිණුමෙන්ද නිර්දේශ කොට තිබුණා.Hi! Thanks for bringing this to our attention. Please remove the Webview Update and then restart the phone. Here are the steps: Go settings > apps > tap the three dots in the top right corner > show system apps > search for Android System WebView > select Uninstall updates. ^Nina— Samsung Support US (@SamsungSupport)March 22, 2021එසේම Android හි Gmail app එකේ ඇති Google Workspace status page එකේ ඇති දෝෂයක් පිළිබඳවත් Google සමාගම සඳහන් කොට තිබුණා. දැනට ඔවුන් නිර්දේශ කරන්නේ ඒ සඳහා desktop interface එක භාවිතා කිරීමයි.Source:TheVerge |
Samsung Galaxy S22 Ultra සහ S22+ සඳහා 45W PD charger එකක් ලබා දීම සඳහා එම සමාගම සූදානම් වේ | එළැඹෙන පෙබරවාරි මාසයේදි පමණ Samsung සමාගම විසින් ඔවුන්ගේ High End Smart Phone Series එක වෙනSamsung Galaxy S22 Seriesඑක එළිදැක්වීමට නියමිතව පවතිනවා. මේ වෙන විටත් මේ Galaxy S22 Series එක පිළිබඳ අපි ඔබ වෙත විවිධ තොරතුරු ඔබ වෙත ගෙන එනු ලැබුවා.මේ Galaxy S22 Series එක පිළිබඳ වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව මේ Series එකේ Galaxy S22+ හා Galaxy S22 Ultra Devices සදහා 45W Fast Charging පහසුකම ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.මේ සදහා Samsung සමාගම විසින් 45W Fast Charging Technology එක සදහා සහය දක්වනු ලබන 45W PD Power Adapter එකක් නිෂ්පාදනය කර ඇති බවටත් වැඩි දුර තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම මේ Charger එක USB PD (Power Delivery) මෙන්ම PPS (Programmable Power Supply) සදහාත් සහය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ 45W PD Power Adapter එක මගින් Galaxy S22+ හා Galaxy S22 Ultra Devicesවල Battery එක 0% සිට 70% දක්වා මිනිත්තු 30කින් පමණ ආරෝපණය කිරිමේ හැකියාව ලැබෙනු ඇත.Source :Gizmochina |
හදිස්සි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා iPhones 14 මාදිලීන් වලට චන්ද්‍රිකා තාක්ෂණය සන්නිවේදන පහසුකම ලබා දේ | Apple සමාගමේ නවතම Smart Phone Series එක වනiPhone 14 සහ iPhone 14 Pro seriesඑක ඊයේ දිනයේදී එළිදැක්විමත් සමග ලොව ප්‍රථමවතාවට iPhones සදහා Satellite Connectivity එක ලබා දීම සිදු කරනු ලැබුවා. එනම් මේ මගින් Satellite Communication එක ඔස්සේ Emergency SOS පහසුකම ලබා ගැනිමට iPhone 14 Series එක සමත් වනවා.මෙලෙස Satellite Connectivity එක මගින් Emergency SOS පහසුකම ලබා දීම තුලින් ජංගම දුරකථන සංඥා නොමැති පෘථිවියේ ඕනැම ස්ථානයක සිට මෙම පහසුකම ලබා ගැනිමට හැකි වනවා. එමෙන්ම iPhone 14 Series එක සදහා වසර දෙකක කාලයකට මේ පහසුකම නොමිලයේ භාවිත කිරිමේ හැකියාවත් ලැබෙන අතර එක්සත් ජනපදයේ සහ කැනඩාවේ දී එළඹෙන නොවැම්බර් මස සිට මෙය භාවිත කිරිමටත් හැකියාව ලැබෙනවා.මෙලෙස Satellite Emergency SOS පහසුකම ලබා දිමේදි Apple සමාගම විසින් Custom Text Compression Algorithm එකක් නිර්මාණය කර ඇති අතර ඒ මගින් iPhone එකට Satellite එක සමග වඩාත් ඉක්මනින් සන්නිවේදන කිරිමේ හැකියාව ලැබෙනවා. මිට අමතරව Apple සමාගම විසින් Emergency Expert සේවයන් සමග සම්බන්ධ වි බහුල හදිසි තත්වයන් ඇතුළත් ලැයිස්තුවක් සකස් කර එය Tap කිරිම මගින් ඔබගේ හදිසි අවශ්‍යතාවය දැනුම්දිම පිළිබඳවත් ඉදිරියේදි කටයුතු කිරිමට සුදානම් බව දක්වන්න පුලුවන්.එමෙන්ම Find My App එක ඔස්සේ ඔබගේ Location එක Manually Share කිරිමේ හැකියාවත් ලැබෙනවා. කෙසේ වෙතත් මෙලෙස Emergency SOS පහසුකම භාවිත කිරිමට නම් ජංගම දුරකථනය Satellite එක ඇති දිශාවට යොමු කළ යුතු වන අතර, මේය කෙසේ සිදු වේදැයි යන්න මෙන්ම මේ සදහා කුමන Satellite එක Apple සමාගම විසින් භාවිත කරන්නේ ද යන්න පිළිබඳවත් තවමත් ඔවුන් විසින් තොරතුරැ දක්වා නොමැති වනවා. |
Amazon සමාගම විසින් ගෝලාකාර Echo Dot Smart Speaker එකක් එලි දක්වයි | පසුගිය දිනක පැවතුනු Amazon Hardware Event එකේදි ඔවුන්ගේ නවතම Smart Speaker එක වෙන Echo Dot පිළිබඳව තොරතුරු නිකුත් කරා. ඔවුන් මේ නවතම Smart Speaker එක සම්පූර්ණයෙන්ම Redesign කර තිබෙනවා. දැන් මෙය ගෝලාකාර හැඩයෙන් යුතු වෙනවා.ඩොලර් 44.99 වැනි මුදලකට Regular Echo Dot Speaker එක මිලදි ගත හැකියි. මෙය Fabric Cover එකකින් ආවරණය කර ඇති අතර පතුලේ අලංකාරවත් Alexa-Light එකක් අඩංගු කර තිබෙනවා. ඒ වගේම තවත් ඩොලර් 10 වැඩිපුර ගෙවු විට, එනම් ඩොලර් 59.99කට Fabric Cover එකේ Shining Watch එකක් සහිත Edition එක ලබා ගත හැකි වෙනවා.මිට අමතරව ළමයින් සදහාම වු Echo Dot Kids Edition එකකුත් ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. මෙය අලංකාරවත් සතුන්ගේ මොස්තර රටාවකින් යුතුව නිපදවා ඇති අතර මෙහිද Clock එකක් අඩංගු කර තිබෙනවා. මෙහි මිල ලෙස සදහන් වෙන්නේ ඩොලර් 59.99 ක්.මේ Echo Dot දැනටමත්Preorderකල හැකි අතර ඔක්තෝබර් 22 න් පසුව Ship කිරිම සුදු කරනු ලබන බව ඔවුන් දන්වා තිබෙනවා. ඒ වගේම Echo Dot Kids Edition එක Ship කිරිම දෙසැම්බර් 9 වනදා සිට සිදු කරනු ඇත.Source :The Verge |
Samsung M Series හි ප්‍රථම 5G device එක වන Galaxy M42 5G එළිදක්වයි | Samsung සමාගමේ Galaxy M series හි නවතම සාමාජිකයා වන Galaxy M42 5G ළඟදීම නිකුත් වීමට නියමිතයි.බැලු බැල්මට Galaxy A42 5G එක වගේ පෙනුනත් මෙම devices දෙක වෙනස් වෙන තැනක් තමයි specs.Image Source: GSMArenaSpecificationsDisplay - 6.6-inch Super AMOLED display with HD+ resolutionMain Camera - 48MP primary camera, 8MP ultrawide lens, 5MP macro, 5MP depthSelfie Camera - 20 MP (wide)Image Source: GSMArenaමෙහි කැමරා features සඳහා Single Take (shutter එක click කර phone එක එහා මෙහා කරමින් විවිධ කෝණයන්ගෙන් චායාරුපයක් ගැනීමට.), Night Mode, Hyperlapse, Super-Slow motion, Scene Optimizer, and Flaw Detection ආදී දැනට සාමාන්‍යයෙන් high-end galaxy phones වල තිබෙන බොහෝ features ඇති බව සඳහන් වනවා.Chipset - Snapdragon 750G (8nm)RAM/Storage - 6/8GB RAM, 128GB storage (microSD expandable upto 1TB)Battery - 5,000 mAh, 15W chargingImage Source: GSMArenaමෙහි battery capacity ගැන Samsung හි වාර්තා වලට අනුව නම්, එක් charge එකකින් පැය 36ක talk time ද, පැය 22ක internet browsing හා පැය 34ක video play ද ඇති බව සඳහන් වෙනවා. කෙසේ වුවත් මෙම සංඛ්‍යාවන් වෙනස් විය හැකි බව ඔබ දන්නවා.දැනට තිබෙන විදෙස් වාර්තා වලට අනුව ඉන්දියාවේ මිල ගණන් දැක්වෙන්නේ 6/128GB model එක ඉන්දියානු රුපියල් (INR) 21,999 ($295) කටද, 8/128GB model එක INR 23,999 ($322) කටද ලෙසයි.ඉන්දියාවට නිකුත් වී දින කීපයකින්ම ශ්‍රී ලංකාවෙත් නිකුත් වෙයි කියා අනුමාණ කරන්න පුළුවන්.Full SpecificationsSource:GSMArena |
Linux access permissions එක්ක Terminal තොවිලය - (Lesson 4) | Bash Shell එක්ක Terminal තොවිලය - (Lesson 3)ඔන්න තුන් වෙනි කොටසත් අරන් ආවා. දැන් මං හිතන්නෙ ආතුරයන්ට ගොඩක්ම බිය අඩු ඇති.අදත් අලුත් කමාන්ඩ්ස් ටිකක් ඉගෙනගන්න එහෙනම් සූදානම් වෙන්න. Terminal තොවිලය - (Lesson 2)අපි අපේ කලින් තොවිලෙන් ගොඩක් බය අඩු කළා. අද මේඋත්සාහය ඔයාව අලුත් commandsටිකකින් සවිමත් කරවන්න. Terminal තොවිලය - (Intro +Lesson 1)අමු…Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerPrabhash Jayaweeraඔන්න අද අපි අපේ තොවිලෙ 4 වෙනි කොටසට ආවා. මේකත් බොහොම වැදගත් පාඩමක්. අද අපි ඉගෙනගන්න යන්නෙ Linux access permissions ගැන. Terminal බිය දුරු කරලා CLI එකේ හැකරෙක් වගේ වැඩ දාන්න නම් අනිවාර්යයෙන් මේ ගැනත් ඉගෙනගන්න වෙනවා. එහෙනම් අපි පාඩමට යමු.Linux System එකක තියෙන files වලට අපිට විවිධ ආකාරයේ permissions දෙන්න පුළුවන්. මෙහෙම ක්‍රමවේදයක් තියෙන්නේ files වලට තියෙන access එක පාලනය කරන්න.Linux access permissions මෙන්න මේ ආකාරයට හඳුන්වලා තියෙනවා.Read (r) - File එකේ අන්තර්ගතය බැලීමට පමණක් ඉඩ ලබා දීම.Write (w) - File එකේ අන්තර්ගතය වෙනස් කිරීමට ඉඩ ලබා දීම.Execute (x) - File එක run කිරීමට (script එකක්, program එකක් වගේ) ඉඩ ලබා දීම. Directory එකක් නම් ඒකේ වෙනස්කම් සිදු කිරීමට ඉඩ දීම.මේ permissions ලබා දෙන්නේ කොටස් තුනකට අදාළව. ඒ groups තමයි.Owner - අදාළ ගොණුවේ හිමිකරුටGroup - හිමිකරු විසින් ඉඩ ලබා දුන් පිරිසකට.All others - ලෝකෙ හැමෝටම.වැදගත්ම දෙයක් තමයි, Directory එකක් access කරන්න ඒකට x permission එක, එහෙමත් නැත්නම් executable permission එක දෙන්නම ඕන.ls -l output එක තේරුම්ගනිමු.ls -lකියන කමාන්ඩ් එක අපි කලින් ඉගෙනගත්තා. අද අපි බලමු ඒකෙන් එළියට එන output එක තේරුම්ගන්න විදිය.මුලින්ම තියෙන්නෙ File permissions ගැන විස්තර. ඊළඟට Links ගැන විස්තර (links ගැන ඉස්සරහට කතා කරමු) ඊළඟට groups ගැන විස්තර, ඊළඟට file size එක. ඊළඟට file එක හැදුව දිනය, වෙලාව. අන්තිමට file එකේ නම. අපි මේ රූපසටහන භාවිතයෙන් මේක පැහැදිලි කරගනිමු.හොඳයි, මේ පාඩමට අපිට අවශ්‍ය වෙන්නෙ ඔය රතු පාට කොටුවකින් දක්වලා තියෙන කොටස.Note: Permissions වලට ඉස්සරහින් තියෙන ඉරි කෑල්ල එක්ක මේක පටලගන්න එපා. ඒ ඉරි කෑල්ලෙන් කියන්නෙ අදාල එක ෆයිල් එකක්ද, directory එකක්ද කියලා කියන එක. (ෆයිල් ටයිප්ස් තව තියෙනවා. පසුවට ඒවා ඉගෙනගනිමු) ඕක ඉරි කෑල්ලක් නම්, ඒ ෆයිල් එකක්. d අකුරක් නම් ඒක directory එකක්.Permissions දක්වන කොටසේ තියෙන්නේ අකුරු නවයක් ලියන්න ඉඩ. ඕකෙ මුල් අකුරු තුනෙන් කියවෙන්නෙ owner ට තියෙන permission වල විස්තරය. ඊළඟ අකුරු තුනෙන් group එකට තියෙන permission වල විස්තරය. අන්තිම අකුරු තුනෙන් අනික් හැමෝටම තියෙන permissions වල විස්තරය. අපිට මෙහෙම කිව්වට තේරෙන්නෙ නෑ නිසා, මම පහළින් පාට පාටින් මෙහෙම ඇන්දා. දැන් බලන්නකො තේරෙනවද කියලා.උඩ පින්තූරෙ තියෙන්නෙ එක්තරා ෆයිල් එකක permissions තියෙන ආකාරය. මේක උදාහරණයක් විතරයි. මේවා ෆයිල් එකෙන් ෆයිල් එකට වෙනස් වෙනවා. මෙතනදි ඉරි කෑල්ලක් තියෙනවා කියන්නෙ අදාළ user ට හෝ group එකට ඒ permission එක නෑ කියන එක. අනිවාර්යයෙන්ම ඔය අකුරු නවය තියෙන්නේ ඔය පිළිවෙලටම තමයි. ඒ වගේම, මුල් අකුරෙන් Read permission එකත්, ඊළඟ අකුරෙන් write permission එකත්, අන්තිම අකුරෙන් execute permission එකත් පෙන්වනවා. මේක ටිකක් තේරුම්ගන්න අමාරුයි නම්, හිමීට ආයෙ කල්පනා කරන්න මේ රූපසටහන බලාගෙන. එතකොට තේරේවි.තේරුම්ගන්න පහසු වෙන්න අපි උදාහරණ ටිකක් බලමු.rw-------මේකෙන් කියන්නෙ Owner ට විතරක් read, write permissions තියෙනවා අනික් කාටවත් නෑ කියන එක.rwxrwxrwxමේකෙන් කියන්නෙ හැමෝටම read, write, execute කරන්න පුළුවන් කියන එක. මේක නිකන් පොදු ෆයිල් එකක් වගේ.rw-r--r--හැමෝටම read කරන්න පුළුවන් වුණාට, write කරන්න පුළුවන් owner ට විතරයි.දැන් නම් අනිවාර්යයෙන් වැඩේ තේරෙන්නම ඕන.Directory PermissionsDirectories වලටත් තියෙන්නේ files වල වගේම ක්‍රමයක් තමයි. හැබැයි මේකෙ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා.Read - Directory එක ඇතුළත තියෙන contents බලන්න පුළුවන්Write - Directory එක ඇතුළෙ අලුත් files හදන්න සහ files මකන්න පුළුවන්Execute - Directory එක ඇතුළට cd command එක ගහලා යන්න පුළුවන් මේ permission එක තියේ නම් විතරයි.අපි දැන් Permissions වෙනස් කරමු!අපි මෙච්චර මේ රවුමක් ගැහුවෙ මේ permissions වෙනස් කරන හැටි කියලා දෙන්නයි. Permissions කියන්නෙ මොනාද නොදැන වෙනස් කරන්න කියලා දෙන්න බෑනෙ. ඒකයි මෙච්චර වටේ යන්න වුණේ. දැන් අපි හරි කාරණාවට බහිමු.Permissions වෙනස් කරන්නත් ක්‍රම දෙකක් තියෙනවා. එකක්, octal ක්‍රමය, ඒ කිව්වෙ අටේ පාදයේ සංඛ්‍යා ක්‍රමය. අනික සාමාන්‍ය ක්‍රමය. අපි සාමාන්‍ය ක්‍රමය මුලින් බලමු.සාමාන්‍ය ක්‍රමයට Permissions වෙනස් කරමු.මෙතනදි මතක තියාගන්න ඕන command එක තමයිchmodකියන කමාන්ඩ් එක.chmod [ugoa(+/-rwx) dir/file]Note: මේකෙ වරහන් දැම්මෙ පැහැදිලි වෙන්න, / මේ ඇල ඉරි දැම්මෙ 'හෝ' කියන අර්ථයෙන්. මේවා ඇත්ත code එකේ නෑ.මෙතනදි, u,g,o සහ a අකුරු වලින් කියන්නෙu - user/ownerg - groupo - others (අනික් හැමෝටම)a - all (හැමෝටම)කියන එක.+ කියන්නෙ permission දෙන්න කියන එක- කියන්නෙ permission ඉවත් කරන්න කියන එක.මෙහෙම කිව්වට මෙලෝ ලබ්බක් තේරෙන්නෙ නැති නිසා පහළ උදාහරණ බලමු.chmod a+r file.txtමේකෙන් කියන්නෙ a+r කියලනෙ. ඒ කියන්නෙ all, ඔක්කොටම + කියන්නෙ දෙන්න, r කියන්නෙ read permission එක. කෙටියෙන් කිව්වොත් හැමෝටම read permission දෙන්න කියන එක. මෙතනදි permission දෙන්න යන්නෙ file.txt කියන text file එකට. ඒකෙ නම තමයි අන්තිමට තියෙන්නේ.chmod a-x file.txtමේ කියන්නෙ execute permission එක හැමෝගෙන්ම අයින් කරන්න කියන එක. එතකොට ownerට වත් ආයෙ මේකෙ execute permissions ඉතිරි වෙන්නෑ.chmod go+rw file.txtමේකෙන් කියවෙන්නෙ Group එකටයි, owner ටයි දෙන්න read සහ write කියන permission දෙක, file.txt කියන ෆයිල් එකට.chmod u+x myscript.shමේකෙන් කියන්නෙ user ට, එහෙමත් නැත්නම් owner ට execute permission එක දෙන්න, myscript.sh කියන ෆයිල් එකට.මං හිතන්නේ.. දැන් ඔයාලට වැඩේ පැහැදිලියි.Note: අනිවාර්යයෙන් මේවා terminal එකේ try කරන්න. File එකක් හදලා, ඒකට විවිධ permissions දීලාls -lcommand එකෙන් ඒවා හරියට වැටිලද කියලා පරීක්ෂා කරලා බලන්න. Practicals නොකර ගොඩ යාමක් නෑ.Octal ක්රමයඔන්න ඊළඟ ලස්සන වැඩේ, octal ක්‍රමයට permissions ලබාදීම. මේක ඇත්තටම කලින් එකටත් වඩා ලේසියි, හැබැයි පේන්නෙ හරි අමාරුයි වගේ. මේකට අපි භාවිතා කරන්නේ අටේ පාදයේ සංඛ්‍යා. 0 ඉඳන් 7 දක්වා ඉලක්කම් ටික.chmod 754 file.txtමේන්න මේ වගේ තමයි command එක පේන්නෙ. මේකෙන් ඔයාට තාම මුකුත් අදහසක් ගන්න බැරි වුණත් මේකෙන් අර කලින් ක්‍රමයට හරි අමාරුවෙන් දෙන permissions සෙට් එකක්ම එක පේලියෙන් දීලා දාන්න පුළුවන්. පහළ වගුව ටිකක් බලන්නකො, එතකොට තවත් වැඩේ පැහැදිලි වෙයි.අන්න දැන් වැඩේ පැහැදිලි ඇති. අර උඩ කමාන්ඩ් එකේ තිබුණ 754 සංඛ්‍යාව ගනිමු. ඇත්තටම ඔතන තියෙන්නේ හත්සිය පණස් හතර නෙවෙයි. හත, පහ, හතර කියන ඉලක්කම් තුන. මුල් ඉලක්කමෙන් කියවෙන්නෙ owner ගෙ permissions ගැන. මැද ඉලක්කමෙන් group permissions ගැන. අන්තිම ඉලක්කමෙන් others ඒ කිව්වෙ අනික් හැමෝටම දෙන permissions ගැන.දැන් අපි ආයෙ 754 ගනිමු. එතකොට මම කිව්ව විදියට,7 න් කියවෙන්නෙ owner ගෙ permissions ගැන නෙ. දැන් අර වගුව බලන්න. 7 ඉස්සරහින් තියෙන symbolic representation එක මොකක්ද?rwxඒ කියන්නෙ මෙතනදි owner ට read, write සහ execute permissions ඔක්කොම දෙනවා.ඊළඟට යමු 5 ට. 5 කියන්නෙ මැද තියෙන ඉලක්කම. මැද ඉලක්කමෙන් කියවෙන්නෙ group permissions ගැන නෙ. 5 ඉස්සරහින් තියෙන්නේr-xකියලා ඒ කියන්නෙ group එකට දෙන්නෙ read සහ execute කියන permissions විතරයි.අන්තිම ඉලක්කම 4. අන්තිම ඉලක්කමෙන් කියවෙන්නෙ අනික් අයට දෙන permissions ගැන. 4 ඉස්සරහින් තියෙන්නේr--කියලා. ඒ කියන්නෙ අනික් හැමෝටම මේ ෆයිල් එක කියවන්න විතරක් permission දෙනවා කියලා.Note: අර වගුවෙ binary values දුන්නෙ මට වැරදිලා නෙවෙයි. ටිකක් ඒ වගුව අධ්‍යනය කරන්න. එතකොට තේරෙයි ඔය වගුව කට පාඩම් කරගන්න ඕන නෑ කියලා. හොඳට බලලා වැඩේ අවබෝධ කරගන්න.හොඳයි, පාඩම ඉවර වෙන්න දැන් ළඟයි.chownමේ කමාන්ඩ් එකෙන් පුළුවන් file එකක හෝ directory එකක owner වෙනස් කරන්න. (ඕන ෆයිල් ගොඩක එකපාරටත් පුළුවන්)තනි ෆයිල් එකක් -chown username file.txtෆයිල්ස් කීපයක් -chown username file1.txt file2.txt file3.txtchgrpමේ කමාන්ඩ් එකෙන් පුළුවන් file එකක් හෝ directory එකක් අයත් group එක වෙනස් කරන්න. මේකත් කලින් chown වගේ files, directories ගොඩකට එකපාරට දෙන්නත් පුළුවන්.chgrp groupname file.txtහොඳයි, දීර්ඝ පාඩමක් සරලව ඉවර කළා කියලා හිතනවා. මම හිතන්නෙ මේ හොඳටම ප්‍රමාණවත් වෙයි උවමනාවක් උනන්දුවක් සහ ආසාවක් තියෙන කෙනෙක්ට. අපි තවත් Terminal තොවිලයක් අරන් එන්නම්. ඔබට ජය!වඩාත්ම වැදගත් Bash commands 07, Terminal තොවිලයෙන් - (Lesson 5)හොඳයි, අපි අද සූදානම් වෙන්නෙ දැනගත යුතුම bash commands 7ක් ගැන ඉගෙනගන්න. එහෙනම්වැඩි විස්තර නැතිව කෙළින්ම බහිමු වැඩේට. grepමේකෙන් කරන්නෙ අපි දෙන input එකකට ගැලපෙන patterns, text එකක search කරන එක.සාමාන්‍ය වචනයක් විදියට හෝ, regular expression එකක් විදියට හෝ අපිට මේකට inputsලබාදෙන්න පුළුවන්. Regu…Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerPrabhash Jayaweera |
නිකුත් වීමට නියමිත GTA 6 පරිගණක සඳහා නිකුත් නොවෙයි? | බොහෝ දෙනා බලා සිටි GTA 6 වීඩියෝ ක්‍රීඩාවේ පූර්ව ප්රචාරක පටය මීට පැය කිහිපයකට පෙර නිල වශයෙන් Rockstar Games ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.කෙසේ වෙතත් මෙය හෙට දිනයේ නිකුත් කිරීමට සූදානම්ව සිටියද, ඊට පෙර එය වෙනත් පාර්ශවයක් විසින් Leak කළ නිසා අද දිනයේම ඔවුන් මෙය නිකුත් කිරීමට කටයුතු කොට තිබෙනවා.Our trailer has leaked so please watch the real thing on YouTube:https://t.co/T0QOBDHwBe— Rockstar Games (@RockstarGames)December 4, 2023බොහෝ දෙනා බලා සිටි Lucia Character එක පෙන්වා මෙම Trailer එක ආරම්භ වන අතර ඇය ඇඳ සිටින ඇදුම්වලින් පෙනෙනුයේ ඇය සිරගෙදර තුල සිටින බවය. Trailer එකෙහි බහුතරය මෙම නගරය සහ අහි ඇති විවිධ දේවල් කෙරෙහි අවධානය යොමු කරනු ලබනවා.මෙහි Story එක නවීන කාලය අලලා නිර්මාණය වි ඇති අතර සමාජ මාධ්‍ය තුළ පුද්ගලයන් පළ කරන ආකාරයේ ඇතැම් Footages ද මෙයට ඇතුලත් කොට තිබෙනවා. මේ තුළින් පෙනී යන්නේ Game එක තුළම Social Media Platform එකක් අනාගතයේදී ඇතුළත් විය හැකි බවයි.අවසානයේදී, Lucia අපරාධකරුවෙකු සමඟ (බොහෝ විට ඔහුගේ නම Jason විය හැකියි) එකතු වනවා. Lucia සහ ඇගේ සහකරු Bonnie යන දෙදෙනාම Clyde තත්වයේ සිටින අතර ඔවුන් දෙදෙනා තමන් ව එකිනෙකා විශ්වාස කිරීමට එකඟ වන අතර ඒත් සමඟින් Trailer එක අවසන් වනවා.නිකුත් වන දින සහ Platformsඅප ඔබට පෙර සිටම වාර්තා කළ පරිදිමෙය 2025දී නිකුත් වන අතර Rockstar Games සමාගම විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ මෙය PS5 සහ Xbox X/S Console සඳහා නිකුත් කරන බවයි.එහි PC සඳහා නිකුත් වන බවට කිසිදු සඳහනක් නොමැති අතර ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් ලැබෙන තෙක් අපට බලා සිටීමට සිදුවනවා. කෙසේ වෙතත් මෙය ක්‍රීඩා කිරීමට නම් 2025 තෙක් සිටිය යුතු අතර එතෙක් ඔබට කළ හැක්කේ මෙම Trailer එකම නැවත නෑවත නැරඹීම ම පමණි.GTA 6 පිළිබඳව නවතම තොරතුරු දැන ගැනීම සඳහා රැදී සිටින්න, Android වැඩකාරයේ අප සමඟම...Source:businesswire.com |
Apple සමාගම විසින් iPhone 12 ජංගම දුරකතන මාලාව එලි දැක්වීමට කටයුතු කරයි | ඔක්තෝම්බර් 13 වෙනිද Apple සමාගම එයාලගේ අලුත්ම iPhone 12 Series එක Announce කරා. වෙනද මේ වෙනකොට මේ iPhones release වෙලා තියෙන්න ඕනේ උනත් මේ අවුරුද්දේ ලොකේ තත්වේ එක්ක මේ හැමදේම කල් ගිහිල්ලා තියෙනවා.අවුරුදු 6කට පස්සේ design එක වෙනස් කරගෙන එන iPhone 12ඉතිං අපි මුලින්ම කතා කරන්න ඕන දේ තමා මේ අලුත් iPhone 12 වල Redesign එක. iPhone 6 ඉදන් මේ වෙනකන්ම Apple සමාගම විසින් rounded edge design එකක් follow කරා. ඒත් ඒ design එක අලුත් iPhone 12 series එකෙන් වෙනස් වෙනවා. මේ අලුත් design එක iPhone 4 / iPhone 4s එකට ගොඩක් සමාන වෙලා front and back glass එක්ක මැද metal border එකක් තමා එන්නේ. Aerospace Grade Aluminum වලින් මේ Body එක Design කරලා තියෙනවා. ඉතිං මේ side profile එක ඇරුනම මේ iPhone වල front and back design iPhone 11 වලට සමාන වෙනවා. ඒ වගේම මේ iPhone 12 එක iPhone 11 එකට වඩා,11% Thinner15% Smaller16% Lighterවෙනවා. ඒ නිසා smaller footprint එකක same display එකක් දැකගන්න පුලුවන් වෙනවා.අළුත් වෙන display එකඉතිං Display ගැන කතා කරද්දි මේ iPhone 12 එකට මේ පාර 6.1" Super Retina XDR Display එකක් එකතු වෙලා තියෙනවා. මේ තමා Entrée Level Main Line iPhone එකකට මුල් වතාවට OLED Display එකක් එකතු වෙන්නේ. ඉතිං මේ Display එක ගිය අවුරුද්දේ iPhone 11 Pro එකට සමාන වෙනවා. ඒ විතරක් නෙවේ මේ පාර Apple සමාගම මේ iPhone 12 වල Glass තවත් Strong and Scratch Resistance කරන්න Ceramic Shield කියන Technology එක Use කරලා තියෙනවා මේ නිසාම 4x ක Drop Performance එකක් දැකගන්න පුලුවන් වෙනවා. ඒ වගේම IP68 water resistance rating එක meter 6 ක් වෙනකන් වැඩි කරලා තියෙනවා.පළවෙනි පාරට 5G එන iPhone එකඒ වගේම තමා මේ පාර iPhones වල Headline Feature එක වෙන්නේ 5G. ඉතිං පලවෙනි වතාවට Apple iPhone එකකට 5G Ultra wide band support එක ගෙන්න සමත් වෙලා තියෙනවා. මේ නිසාම 3.5-4GB Per Second Download Speed එකකුත්. 200Mbps Upload Speed එකකුත් ලගා කරගන්න පුලුවන් වෙලා තියෙනවා.ඒ වගේම Smart Data Mode කියන Feature එකෙන් අවශ්‍ය වෙලාවට 5G වලට මාරු වෙන්නත් අනිත් වෙලාවට 4G LTE වල ඉන්නත් ඒ මගින් Battery Life එක Improve කරන්නත් පුලුවන් වෙලා තියෙනවා.Apple සමාගමේ අළුත්ම A14 Bionic Chipset එකමේ හැමදේටම බලය සපයන්නේ Apple ලගේ අලුත්ම A14 Bionic Chip Set එක. ඉතිං මේ Chip එක ගිය මාසේ Announce කරපු iPad Air එකටත් ආවා. දැනට Smartphone ලොකේ Powerful ම chip එක වෙන Apple A13 Bionic එකට වඩා මේ අලුත් Apple A14 Bionic Chip එක 40% ක් 6 Core CPU Performance එකකිනුත් 30% ක GPU Performance එකකිනුත් 80% Powerful 16 Core NPU එකකිනුත් සමන්විත වෙනවා.ඒ වගේම මේ හැමදේටම වඩා වැදගත් වෙන්නේ මේ Chip එක 5nm Process එකෙන් නිපදවලා තියන එක මේ නිසා Powerful වෙනවා වගේම ගොඩක් efficient වෙන්නත් පුලුවන් වෙලා තියෙනවා. ඉතිං මේ A14 Bionic Processor එක තමා ලොකේ පලවෙනි 5nm Smartphone chip එක.බලවත් උන Camera module එකඉතිං මේ හැමදේටම වඩා iPhones ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ Camera System එකට. මේ පාරත් Simple to use iPhone Camera System එක තවත් improve කරන්න Apple සමාගම සමත් වෙලස් තියෙනවා.iPhone 12 එකේ 12 MP Wide & Ultra Wide Dual Lens System එකක් තියෙනවා.Wide Camera එක ගත්තාම ගිය පාර Camera එකට වඩා 27% Low light Performance එකක් එකතු කරන්න පුලුවන් වෙලා තියෙනවා. ඉතිං මෙකට ලොකුම හෙතුව f1.6 Fast Aperture එක. ඒ වගේම 7 element glass lens එකකුත් මෙකට එකතු වෙනවා.ඒ වගේම Ultra Wide Camera එක f2.4 Aperture එකකින් හා 5 elements glass lens එකකින් සමන්විත වෙනවා.මෙකෙදි ලොකුම වෙනස වෙන්නේ මේ Camera ඔක්කම Night Mode Support කිරීම. ගිය පාර වගේ Wide Camera එක විතරක් නොවී Selfie , Wide , Ultra Wide කියන මේ Camera ඔක්කම Night Mode Support කරනවා. ඒ වගේම Apple සමාගම අලුත්න Smart HDR 3 , Deepfusion කියන technologies හදුන්වලා දුන්නා මේ Camera වලට. ඉතිං මේ ගැන කියන්න ඔනේ නෑ දැනට Computational Photography අතින් ඉහලින්ම ඉන්නේ iPhones.ඒ වගේම තමා ලොකේ හොදම video recording smartphone එක විදියට කාලයක් තිස්සේ සැලකෙන්නේ Apple iPhones ඉතිං මේ දේ තවත් ඉස්සරහට ගෙනියන්න Apple ලා මේ පාර 4K 60 HDR 10 bit Color Dolby Vision Technology එක හදුන්වලා දෙනවා. ඉතිං මේ Dolby Vision කියන්නේ Cinema Grade Camera වලට විතරක් Limited උන technology එකක්. ඒ වගේම මේ videos edit කරන්න Professional grade setup එකක් ඔනේ වෙනවා.ඒත් මේ iPhone 12 එකෙන් ඔයාට දැන් Dolby Vision Videos Record කරන්න වගේම Edit කරන්නත් පුලුවන් වෙනවා. මේ නිසාම හොදම Low light performance එක්ක Videos Record කරන්න ඔයලට පුලුවන් වෙනවා. ඒ වගේම Night Mode Time Lapse Feature එකෙන් ඔයාලට ලස්සන Light Trails එක්ක Videos Record කරන්න පුලුවන් වෙනවා.ඉතිං මේ හැම video feature එකක්ම wide, ultra wide , selfie කියන මේ camera 3 ටම එක සමානව හම්බවෙනවා.මේ හැමදේම පුලුවන් වෙන්නේ අලුත් A14 chip එකේ Advanced Image Signal Processor එක නිසා. ඒ වගේම Apple ලා මේ එක්ක පලවෙනි වතාවට RAW file support එක Native Camera Application එකට ලබාදෙනවා ඉතිං මේකට Apple ProRAW කියලා කියනවා. ඉතිං මෙකෙදි RAW සහා Processed කියලා File ක් වෙනුවට එකම File එකේ මේ දෙකම තියාගන්න පුලුවන් වෙනවා. ඒ නිසාම වෙන App එකකින් හරි Photos App එකෙන් හරි edit කරනකොට quality එක අඩු නොවී කරන්න පුලුවන් වෙනවා.අළුත් feature එක MagSafeඊලග ලොකුම feature එක තමා MagSafe කියන්නේ. MagSafe කියපු ගමන් අපිට මතක් වෙන්නේ Apple MacBook වල ආව charging system එක. ඉතිං මෙ අලුත් MagSafe System එකත් එකට සමානයි. මෙකෙදි iPhone 12 එකේ wireless charging coil එක වටේට magnets place කරලා තියෙනව. මේ magnets වලින් ඔයාලට iPhone cases , wallets , wireless chargers වගේ ගොඩක් එවා attached කරන්න පුලුවන් වෙනවා. ඉතිං අපිට මේ magnetic system එකට involved වෙන තව ගොඩක් Accessories දැකගන්න පුලුවන් වෙයි.Charging brick එකකුත් Headphone එකකුත් නැතුව එන iPhone 12ඉතිං charging ගැන කතා කරද්දි මේ පාර iPhone 12 Box එකේ Charging Brick එකක් වත් Headphones වත් එන්නේ නෑ මෙකට හේතුව විදියට Apple ලා කියන්නේ Environment Friendly වෙන්න කියලා ඉතිං මේ ගැන ඉස්සරහට අපි වෙනම කතා කරමු. ඒ උනාට මේ Box එකේ USB-C to Lightning Cable එකක් නම් එනවා. මේ iPhone 12 Series එක 15W Fast Wireless Charging Support කරනවා.ඉතිං මේ iPhone 12 එක Mint Green , Pacific Blue , Product Red , White , Black කියන Colors 5 න් ගන්න පුලුවන් වෙනවා.මේ iPhone 12 එක 64GB හා 256GB යන Capacity වලින් හා Starting Price එක $799 ක් වෙනවා.iPhone පවුලට එන අළුත්ම සාමාජිකයා, iPhone 12 miniඒ වගේම තමා මේ පාර iPhone LineUp එකට අලුත් සාමාජිකයෙක් එකතු වෙනවා ඒ, iPhone 12 mini . ඉතිං මේ iPhone 12 mini එකේ iPhone 12 එකේ එන හැම feature එකක්ම දැකගන්න පුලුවන් වෙනවා. හැබැයි මේ iPhone 12 mini එකේ තියෙන්නේ 5.4" Super Retina XDR OLED Display එකක්. මේ iPhone එක තමා iPhone 6 වලට පස්සේ Release උන පොඩිම iPhone එක. ඒවගේම All Screen iPhone වලින් Release උන පොඩිම Phone එක.මේ iPhone 12 mini එක 64GB හා 256GB යන Capacity වලින් හා Starting Price එක $699 ක් වෙනවා.සුපුරුදු iPhone 12 Pro සහ iPhone 12 Pro Maxඊලගට අපි කතා කරමු Pro Level iPhones ගැන. ඉතිං මේ පාරත් වෙනද වගේම iPhone 12 Pro හා iPhone 12 Pro Max විදියට Device දෙකක් Apple ලා Announce කරා. මේ iPhones දෙකේ iPhone 12 එකේ අපි කතා කරපු හැමදේම එක්ක තවත් features ගොඩක් එනවා.මුලින්ම design එක ගත්තාම iPhone 12 Pro එක iPhone 12 වගේම Flat edge design එකකට මාරු වෙනවා ඒත් මේ Phone එකේ Body එක Surgical Grade Stainless Steel වලින් නිපදවලා තියෙනවා. ඊලග ප්‍රදානම වෙනස වෙන්නේ iPhone 11 Pro / 11 Pro Max එකේ Footprint එකට වැඩි Display ප්‍රමානයන් ලබාදීමයි. මෙතනදි iPhone 12 එක 5.8" ඉදන් 6.1" වෙනකනුත් iPhone 12 Pro Max එක 6.5" වල ඉදන් 6.7" වෙනකනුත් increase වෙනවා.ඊලග ලොකුම වෙනස වෙන්නේ Camera Systems ඉතිං මේ පාර iPhone 12 Pro එකයි iPhone 12 Pro Max එකයි Camera අතින් වෙනස් වෙනවා.ඉතිං iPhone 12 Pro එක ගත්තම අලුතෙන් 52mm focal Length එකක් එක්ක f2.0 6 element Telephoto Lens එක් එකතු වෙනවා . මීට අමතරව iPhone 12 එකේ එන Ultra Wide Lens එකත් එනවා. ඒ වගේම iPhone 12 එකේ එන Wide Main Camera එකත් ඒ විදියටම එනවා.ඊලගට iPhone 12 Pro Max එක ගත්තාම අලුත් 65 mm Focal length එකක් එන f2.2 6 element telephoto lens එකක් එනවා. ඉතිං මේ නිසා Ultra Wide ඉදන් Telephoto වෙනකන් 5x Optical Zoom Range එකක් හම්බවෙනවා. ඒ වගේම iPhone 12 එක වගේම Ultra Wide Lens එකක් එනවා. ඊලග වෙනස වෙන්නේ Wide Lens එකේ ඉතිං iPhone එකක ආවා Largest ම Sensor එකක් තමා මේ iPhone 12 Pro Max එකේ එන්නේ.ඉතිං මේ device එකෙ 1.7 μm large pixel size එකක් එනවා ඒ වගේම f1.6 fast aperture එකකුත් එනවා. මේ නිසා 87% ක් වැඩි low light performance එකක් අපිට දකින්න පුලුවන් වෙනවා. ඒ වගේම 7 element lens එකකුත් එනවා. ඊට අමතරව ලොකුම වෙනස වෙන්නේ smartphone එකක පලමු වතාවට lens based OIS system එකක් වෙනුවට sensor based, sensor swift stabilization system එකක් එන එක. ඉතිං මේ වගේ advanced system එකක් මේ වෙනකන් ආවේ DSLR camera වලට විතරයි. ඉතිං Smooth Stabilized Videos Record කරන්න මේ නිසා පුලුවන් වෙනවා ඔයාලට.ඒ වගේම තමා iPad Pro 2020 එකේදි Apple ලා හදුන්වලා දුන්න LiDAR Sensor එක මේ Pro Models දෙකටමත් එනවා. මේ නිසා Night Portrait Mode එකක් , Fast Low Light Focus System එකක් වගේ ගොඩක් AR and Camera Implementation මෙ iPhone 12 Pro Models වලට ලැබෙනවා.ඉතිං මේ iPhone 12 Pro Models, Pacific Blue, Gold, Silver, Graphite කියන Colors වලින් ගන්න පුලුවන් වෙනවාඒ වගේම මේ iPhone 12 Pro Models Base 128GB storage capacity එකකිනුත් 256GB හා 512GB Option වලිනුත් හදුන්වා දෙනවා.ඒ වගේම Regular iPhone 12 Pro එක $999 කිනුත් iPhone 12 Pro Max එක $1099 කිනුත් Start වෙනවා.කොහොම උනත් මේ ඔක්කම අලුත් iPhones ලගදිම ගන්න වෙන්නේ නෑ.Regular iPhone 12 හා iPhone 12 Pro එක මේ මාසේ 23 වෙනිදත්; iPhone 12 mini හා iPhone 12 Pro Max එක ලබන මාසේ 16 වෙනිදත් ; Release කරන්න නියමිත වෙලා තියෙනවා. |
The Last of Us වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් නිර්මාණය වූ කතා මාලාවක් HBO වෙතින් | ප්‍රේක්ෂකයන් හට Game of Thrones වැනි මෙතෙක් බිහිවූ අද්විතීය කතා මාලාවන් ගෙන ආ HBO (Home Box Office) 2023 නව වර්ෂය ආරම්භයේදීම තවත් එවැනිම විශිෂ්ට කතාමාලක් නිකුත් කළේ 2023 වසරද ඔවුන්ගේ වසර කර ගනිමිනි. ඒ The Last of Us නම් Post-Apocalyptic (Post-Apocalyptic : බිහිසුණු විනාශයකට පසු කාල වකවානුවක්)රූපවාහිනී කතාමාලාවයි. මෙය Sony Pictures Television, PlayStation Productions, Naughty Dog, the Mighty Mint, සහ Word Games හි ඒකාබද්ධ නිෂ්පාදනයකි. මෙය මුලින් වීඩියෝ ක්‍රීඩාවක් ලෙසින් Naughty Dog විසින් 2013 දී නිකුත් කරනු ලැබූ අතර එහි වූ කතා ස්වරූපය(Story Mode)නිසා එය අතිශයෙන් ප්‍රසිද්ධියක් ලැබුවේය.එම වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් නිර්මාණය වූ The Last of Us කතා මාලාව, 2019 වසරේදී නිකුත් වූ අන්තර්ජාතික සම්මාන රැසකට පාත්‍ර වූ එම වසරේ අතිසාර්ථකම TV-Mini Series එක වන Chernobyl අධ්‍යක්ෂණය කළ Craig Mazinගේ සහ මුල් ක්‍රීඩාව රචනා කළ Neil Druckmann විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම කතා මාලාව තුළ 2023දී, මහා දිලීර ආසාදනයක් නිසා ඇති වූ ගෝලීය වසංගතයකින් එහි සත්කාරකයන් සියල්ල Zombie වැනි ජීවීන් බවට පරිවර්තනය වීම නිසා සමාජය බිඳවැටීමකට ලක්වීමක් සිදුවේ. එම zombieවරුන්ගේ සැපීම්වලදී හානි නොවූ යොවුන් දැරියක වූ එලීට ඉහළ ප්‍රතිශක්තියක් පවතින බව හදුනාගෙන ඇයව post-apocalyptic ජනපදය හරහා සුරක්ෂිතව රැගෙන යාමේ වගකීම ජාවාරම්කරුවෙකු වන ජොයෙල්ට පැවරෙයි.ප්‍රධාන චරිතය වන ජොයෙල් ලෙස රංගනයෙන් දායක වන Pedro Pascal හා එලී ලෙස දායක වන Bella Ramsay යන දෙදෙනාම මින් පෙර Game of Thrones කතා මාලාවට පවා රංගනයෙන් දායක වූ දෙපලකි. ආරාධිත නළු නිළියන් ලෙස ජොයෙල්ගේ දියණිය සාරා ලෙස Nico Parker, ජොයෙල්ගේ බාල සොහොයුරා ටොමී ලෙස Gabriel Luna, හමුදාවන්ට එරෙගි ප්‍රතිවිරුද්ධ පිළේ නායක මාර්ලීන් ලෙස Merle Dandridge සහ ජොයෙල්ගේ ජාවාරම්කාර සහකරු ටෙස් ලෙස Anna Torv රංගනයෙන් දායක වී ඇත.The Last of Us 2023 ජනවාරි 15 වන දින HBO නාලිකාව හරහා සතිපතා කථාංග ලෙසවිකාශනය විය. එය විචාරකයන්ගේ පැසසුමට ලක් වූ අතර, ඔවුන් රංගනය හා කතාව පීළිබදව ප්‍රශංසා කළහ.බොහෝ දෙනෙක් එය වීඩියෝ ක්‍රීඩාවක් ඇසුරින් නිර්මාණය වුණු හොඳම Live-Action Series එක ලෙස හැඳින්වූහ. මෙය කෙතරම් සාර්ථක නිර්මාණයක්ද කිවහොත් දැනට IMDB දර්ශකයේ 9.2 ක අගයක් ලබාගෙන ලොව ඉහළම IMDB වාර්තා ලැබූ කතා මාලාවන්ගේ 16 වන ස්ථනයේ රැදී සිටිනවා.ඒ වගේම HBO Max හරහා, මෙම කතා මාලාවේ Premiere එක සිදු වූ දිනයේ ප්‍රේක්ෂකයන් මිලියන 4.7 ක් නරඹා තිබූ අතර දින දොළහක් වැනි කෙටි කාලයකදී එය මිලියන 22 කට වඩා නරඹා තිබුණි. ඒ මේ දක්වා HBO කතා මාලාවක් සදහා HBO Max හරහා ලද දෙවන විශාලතම නැරඹුම් වාර සංඛ්‍යාව වන අතර එහි පළමු ස්ථානය හිමිවන්නේ 2022 වසරේ Game of Thrones හි prequel එකක් ලෙස නිකුත් වූ House of the Dragon කතා මාලවයි. කතා මාලාවේ සාර්ථකත්වය නිසාම 2023 ජනවාරි මාසයේදී, The Last of Us කතා මාලාව එහි දෙවන season එක දක්වා නිල වශයෙන් දීර්ඝ කිරීමටද නිෂ්පාදකවරුන් තීරණය කරන ලදි.Watch the Official Trailer of The Last of Us:https://www.youtube.com/watch?v=uLtkt8BonwM |
WhatsApp විසින් group call members limit එක වැඩි කරයි | හැමෝම වගේ මේ වෙනකොටත් තමන්ගේ Mobile Phone එකේ Voice Call වලට වැඩි හරියක් පාවිච්චි කරන App එකක් තමා Whats App කියන්නේ. ඔන්න අද කියන්න යන්නේ මෙච්චර කාලයක් Whats App Call වල තිබුන අඩුපාඩුවක් එයාලා විසින් හදලා තිබෙනවා. ඒ තමා මෙතෙක් කල් Group Call එකකට උපරිම Add කර ගැනීමට හැකිවූවේ Users ලා 4 දෙනෙකු පමනයි නමුත් Whats App හී නවතම Beta update (v2.20.133) එක මගින් සියලුම Users ලට එක වර Group Call එකකට උපරිම Users ලා 7 දෙනෙකු Add කිරීමේ පහසු කම ලබා දීලා තිබෙනවා.බොහො දුරට ඉදිරි දින වලදී ඔබගේ Device එකට මේ සදහන් කර Update එක ලැබීමට නියමිතයි. තවද මේ හරහා සදහන් කර තිබෙනවා මේ නවතම Feature එක භාවිතා කරන්න නම් ඔබ Group Call වලට එකතු කර ගන්න සියලුම Users ලා මේ නවතම Update Version එකට Update කරයුතු වනවා. ඒ වගේම මේ Group Call වලට තවත් අලුත් Features Add කර තිබෙනවා. Group Call එකක සිටින විට තවත් Members ලා Add කිරීමේ හැකියාව සහා Group Call එකට අලුතෙන් Join වෙන Members ලා ව Pick up කිරීමේ Option එකක්දා මේ හරහා ලබා දී තිබෙනවා. ඉතින් මේ වගේ Whats App වලට එන අලුත් අලුත් Features Globally Roll out කරන්න කලින් ඔබට අත්විදින්න පුලුවන් පහත සදහන් Link එකට පිවිස Whats App Beta Program එකට Sing Up වෙන්න ඒ හරහා ඔබට Beta Updates ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.https://play.google.com/apps/testing/com.whatsapp(සැ යු - Testers ලා Join වෙලා වැඩි නම් නවතම Users ලට Join වීමේ හැකියාව ටික දවසකට අවහිර වෙන්න ඉඩ තිබෙනවා) |
OnePlus 9 සහ OnePlus 9 Pro යන දුරකථන 2021 මාර්තු මසදී නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් වෙයි | පසුගිය දින කීපය තුල OnePlus වෙතින් ඉදිරියේදී නිකුත් වෙන්න නියමිත වෙනOnePlus 9 series එකගැන විවිධ ආරංචි පල වුනා. ඒ ආරංචි වල සඳහන් වුණ වැදගත් දෙයක් තමා මේ series එක ලබන වසරේ මාර්තු මාසයේ දී නිකුත් වෙනවා කියන දේ. Weibo වලින් පල වුනු වාර්තාවකට අනුව මේ release වෙන්න තියෙන line-up එකට devices තුනක් අයත් වෙනවා. ඒ OnePlus 9, 9 Pro සහ OnePlus 9 Ultra විදිහටයි. ඒත් TechDroider ලා කියන විදිහට devices දෙකයි. Ultra device එක ගැන ඔවුන් තහවුරු කිරීමක් කරන්නෙ නෑ,There's no Third OnePlus 9 Smartphone. OnePlus 9 and OnePlus 9 Pro Next year Mid-March. That Weibo News is Fake. So no "OnePlus 9 Ultra or Something" as some Speculated.— TechDroider (@techdroider)November 8, 2020ඉතින් මේ වාර්තාවට අනුව standard model එකට අයත් වෙන්නේ LE2110, LE2117 සහ LE2119 කියන model numbers. ඒ වගේම Pro model එකට LE2120 සහ LE2127 කියන model numbers අයිති වෙනවා. වැදගත් කාරණයක් තමා මේ model numbers වල පලවෙනි අකුරු දෙකට OnePlus 9 codename එක වෙන ‘Lemonade’ කියන වචනය ගැලපෙනවා කියන දේ. ඒත් මේ ගැන හරියට තහවුරු කරලා නෑ. ඒ වගේම මේ වාර්තාවෙන් පැහැදිලි කරන විදිහට මේ devices දැනට testing අදියරේ තමයි පවතින්නේ.Below are the Final Model no (Ofcourse there will be more) in Testing Phase right now. Mass Production is yet to begin.OnePlus 9LE2110LE2117LE2119OnePlus 9 ProLE2120LE2127— TechDroider (@techdroider)November 8, 2020තවත් මේ අතර තවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ devices මාර්තු මස මැදදී නිකුත් කරනු ඇති බවටයි. ඒ වගේම මෙ device එකට Snapdragon 875 SoC chip එකක් එක්ක 144Hz display එකක්, IP68-certified body එකක්, NFC chip එකක් සහ dual stereo speaker system එකක් ඇතුළත් වෙන්න ඉඩ තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම 65W fast-charging පහසුකම සහ 40W wireless charging support එකක් ලැබෙනවා කියලයි සඳහන් වෙන්නේ.ඉතින් මෙන්න මේ විදිහටයි OnePlus line-up එක ගැන වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ specifications ගැන හරියාකාර තහවුරු වීමක් සඳහන් වෙන්නේ නෑ. ඒ වගේම Samsung Galaxy S21 device එකත් production එකත් ඇරඹිලා තියෙන නිසා ඉස්සරහට ලොකු තරඟයක් දැකගන්න හැකිවේවි.Source :Gadgets 360 |
MIUI 12 සමඟ පැමිණි අළුත්ම feature එක Flare විසින් පෞද්ගලිකත්වයට හානි කරන Apps හදුනාගෙන පරිශීලකයාට දැනුම්දෙයි | MIUI 12, එහෙමත් නැත්තම් Xiaomi devices වල Android Skin එකේ major update එකක් ගිය මාසයේ ලෝකය පුරා සිදු උනා සහ තවමත් ඇතැම් devices වල ඒ update එක ලැබෙන ගමන් පවතිනවා. මේ update එකත් එක්ක ලැබුණු Flare කියන feature එකත් එක්ක Xiaomi භාවිතා කරන අයට ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානිදායක කරන apps හඳුනා ගැනීමට හැකියාව ලැබුනා.Flare feature එකට අනුව self-start වන apps, device information read කරන apps, සහ පෞද්ගලික තොරතුරු වලට access කරන apps, ලෙහෙසියෙන්ම හඳුනා ගැනීමට පුළුවන්.ඇත්තටම මොකක්ද මේ Flare කියන feature එක?Flare කියන්නේ MIUI 12 එක්ක Xiaomi ආයතනය විසින් හඳුන්වා දුන් feature එකක්. මේ හරහා අපගේ Xiaomi ජංගම දුරකථනයේ ඇති apps වල සංවේදී හැසිරීම් රටාවන් වාර්තා කරන එක තමයි කරන්නේ. ඊට අමතරව එම සංවේදී හැසිරීම් රටාවන් ජංගම දුරකථනය භාවිතාකරන්නා හට දැනුම් දීමක්ද කරනවා. උදාහරණ වශයෙන් පරිශීලකයාට නොදැනෙන ආකාරයට, පසුබිමින් සිදු කෙරෙන ශබ්ද පටිගත කිරීම්, දුරකථන ඇමතුම් ලබා ගැනීම්, call history එකට access කිරීම කියන දේවල් පෙන්වා දෙන්න පුළුවන්.මේ ආකාරයට පරිශීලකයාට නොදැනෙන අයුරින් ඇතැම් apps වලින් කරපු සංවේදී ක්‍රියාකාරකම් කිහිපයක් පහතින් ඇත.You Academyමෙම app එක විසින් ජංගම දුරකථනයේ පෞද්ගලික ගොනු සහ ෆොටෝස් වලට විනාඩි 5ක් ඇතුලත ආසන්න වශයෙන් වාර 25,000ක් පමණ ප්‍රවේශ වීම් සිදු කර ඇත.Tencent Timමෙම app එක පැයක් ඇතුලත වාර 7,000කට ආසන්න ප්‍රමාණයකින් self-start වීමට උත්සාහා දරා ඇති අතර වරින් වර Contacts list එකට ප්‍රවේශ වීමට උත්සාහ දරා තිබෙනවා.මීට අමතරව චීනයේ වඩාත් ප්‍රචලිත ඇප්ස් කිහිපයක් වන Pin Duoduo, National K Song, King of Glory, Sina Weibo සහ තවත් ඇප්ස් විශාල ප්‍රමාණයක් මේ ආකාරයට පසුබිමින් ක්‍රියාත්මක වීමට උත්සාහ දැරීම් Flare හරහා දැනුම් දී තිබෙනවා.නමුත් එවැනි බොහොමයක් ඇප්ස් පසුබිමින් ක්‍රියාත්මක වීමට උත්සාහා දරා ඇත්තේ වැදගත් අප්ඩේට් එකක් ලබාගැනීමට, target advertising සඳහා තොරතුරු ලබා ගැනීමට සහ app එකට ඇති traffic එක වැඩි කරගැනීමට වැනි කරුණු නිසාය.එ කෙසේ වෙතත් මේ වෙනකොට Xiaomi usersලට මේ වෙනකොට apps වල හැසිරීම ගැන පෙන්වන්න feature එකක් තියෙනවා සහ එම අදාල හැසිරීම් අදාල නොවන්නේ නම් ඒවා disable කිරීමට හැකියාව ඔවුන්ට ලැබී තිබෙනවා. පහුගිය දවස් වල Xiaomi සමාගම පැත්තෙන් වාර්ථ වු පෞද්ගලිකත්වයට හානි සිදුවන පුවත් වල හොඳ පිලිතුරක් ලෙස මෙය හැඥින්විය හැකියි. |
NOKIA 6300 (2020) සහ Nokia 8000 4G (2020)හි renders අන්තර්ජාලය හරහා හෙලි වේ | HMD Global සමාගම විසින් ඔවුන්ගේපැරණි Nokia 6300 හා Nokia 8000 යන දුරකථන වල නව මාදිලිනිකුත් කිරීමට සුදානම් වන බවට මිට පෙර ලිපියකින් අපි ඔබ වෙත ගෙන ආවා. මේ වන විට මේ දුරකථන දෙකේ Renders හා Design එක පිළිබඳව තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා. ඒ වගේම මේ Phone දෙකම 4G Connectivity එකෙන් සමන්විත වෙන අතරම WIFI Hotspot එකක් විදිහටත් භාවිත කරන්න පුළුවන්.Nokia 8000 4Gහැබැයි දැනට තියෙන තොරතුරුවලට අනුව නම් Nokia 8000 Phone එකේ Design එක පැරණි Nokia 8000 Phone එකේ Design එකෙන් සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වි තිබෙන බව කිව යුතුයි. පැරණි Version එක Slider Design එකකින් සමන්විත වුවත් මේ Modern Version එකේ දැනට නිකුත් වි තිබෙන තොරතුරුවලට අනුව එවැනි Design එකක් දැක ගැනිමට හැකි වෙන්නේ නැ.4G Connectivity එකෙන් යුතු මේ Phone එක Candy Bar Design එකකින් යුතු වෙන අතරම Alphanumeric Keyboard එකක් දකින්න පුළුවන්. මේ Design එක තුලින් මේ Nokia 8000 4G Phone එකට Premium Glass look එකක් ලැබි තිබෙනවා. ඒ වගේම මේ Phone එක WhatsApp හා Facebook Pre-installed විදහට පැමිණෙන අතර Wi-Fi Hotspot එකක් විදිහටත් භාවිත කරන්න පුළුවන්.මේ Poster එකට අනුව මේ Phone එක අගල් 2.8ක LCD QVGA Display එකකින් සමන්විත වෙනවා. මෙහි 320 x 240ක Display Resolution එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ Device එක Snapdragon 210 Quad-core Processor එකෙන් බලගැන්වෙන අතර 512MB RAM එකක් සමග 4GB Internal Storage එකකින් සමන්විත වෙනවා. මෙහි OS එක KaiOS එක වෙනවා. ඒ වගේම 128GB දක්වා වු MicroSD Card මගින් Storage එක වැඩි කර ගත හැකි වෙනවා. පසුපස 2MP Camera Setup එකක් ලබා දි තිබෙනවා. Dual Nano SIM Phone එකක් වෙන මෙහි Battery Capacity එක 1500mAh පමණ වෙනවා.Nokia 6300 4GDesign එක අනුව බලන විට නම් මේ Nokia 6300 4G Phone එකේ Design එකත් පැරණි Nokia 6300 Phone එකටම සමානයි කියන්න පුළුවන්.මේ Nokia 6300 4G Phone එක Stylish Color-blocking Design එකකින් යුතු වෙනවා. මෙහි Stainless Steel Housing එකේ දෙපස LED Light දෙකක් බලාගන්න පුළුවන්. මෙය 240 x 320ක Resolution එකක් සහිත අගල් 2.4ක Display එකකින් හා පසුපස 2MP Single lens Camera Setup එකකින් සමන්විත වෙනවා. මේ Camera Setup එක මගින් 8X දක්වා Digital Zooming පරාසයක් ලබා ගත හැකි වෙනවා.ඒ වගේම මේ Nokia 6300 4G Phone එක KaiOS operating System එකෙන් යුතු වෙනවා. මෙහි 7.8MB RAM එකක් හා 2GB Internal Storage එකකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ Device එක 860mAh Replaceable Lithium-ion Battery එකකින් යුතු වෙන අතර මේ Battery එක මගින් දින 14 Standby Time එකක් ලබා ගන්න පුළුවන්. Dual SIM Phone එකක් වෙන මෙය අපිට Black, Blue, White හා Gold Colorsවලින් මිලදි ගන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.Sources :Gizmochina,LetsGoDigital,Gizchina |
අඟහරු මත ජීවය සොයා ජෙසීරෝ ආවාටය පීරන Perseverance | මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික යසස් වික්‍රමතිලක සොයුරා විසින් ලියැවුණකි.මීට පෙර අඟහරු වෙත යැවුනු Curiosity රෝවරය මගින් අතීතයේ ද්‍රව ජලය අඟහරු මත පැවති බවත් ජීවය ඇතී වීමට අවශ්‍ය මූලික අණු අඟහරු මත තිබුනු බවත් සොයා ගැනුනා. මේ සියල්ල අනාවරණය කර ගත්තේ අඟහරු මත ඇති ගේල් ආවාටය (Gale crater) ආශ්‍රිතව කරන ලද පරීක්ෂණ වලින්.Perseverance රෝවරය මෙහි ඉදිරි පියවරක් තබමින් අතීතයේ අඟහරු මත යම් කිසි ජීවයක් පැවතුනිද යන්න සාක්ෂි ලබා ගැනීමට පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. මේ සියලු පර්යේෂණ සිදු වන්නේ අගහරුගේ ජෙසීරෝ අවාටය (Jezero crater) ආශ්‍රිතවයි. Perseverance රෝවරයේ අරමුණු 4ක් NASA ආයතනය විසින් ඉදිරිපත් කර තියෙනවා.අරමුණ A: භූවිද්‍යාව (Geology)ජෙසීරෝ ආවාටය ආශ්රිත පාෂාණ හා භූ දර්ශණය (Landscape) අධ්‍යයනය කිරීම. මෙමගින් බලාපොරොත්තු වෙන්නෙ අතීතයේදී ජීවය පැවතීමට අවශ්‍ය තත්වයක් ජෙසීරෝ ආවාටයේ පැවතුනාද යන්න සොයාබැලීමටයි. මේ සදහා ජෙසීරෝ ආවාටය යොදා ගැනීමට විශේෂ හේතු කීපයක් තියෙනවා. ජෙසීරෝ ආවටයේ අතීතයේදී ගංගා ඩෙල්ටාවක් පැවති බව අගහරු ගහයා මත කක්ශ ගත කරන ලද චන්ද්‍රිකා වලින් සොයා ගත හැකි උනා.පළවෙනි ඡායාරූපය බැලුවොත් ගංගාවක් ගලාගෙන ගියපු ආකාරයේ භූ විශමතාවයකුත් ඒ ගඟ ආවාටයට එකතු වුනු සලකුනුත් දැක ගන්න පුලුවන්. ඒ වගේම මැටි ආශ්රිත ඛණිජ (Clay minerals) සහ කාබනේට් සංයෝග (Carbonates) ඇති බවත් සොයා ගත් හැකි උනා. පෘථිවිය මතදී නම් මේ කාබනේට් සංයෝග හදන්නේ ජීවීන් මගින්.මේ අනුව ජෙසීරෝ ආවාටය ආශ්‍රිතව ඇති පාෂාණ හා ඛණිජ අධ්‍යයනයෙන් එහි භූ විද්‍යාත්මක විවිධත්වය (Geological diversity) නිර්ණය කීරීමටත් අතීතයේදී ආවාටය ආශ්‍රිතව පැවති කාලගුණය හා පරිසර තත්වය (Historical climate and environment) නිර්ණය කීරීමටත් පළවෙනි අරමුණ යටතේ බලාපොරොත්තු වෙනවා.අරමුණ B: තාරකා ජීවවිද්‍යාව (Astrobiology)දෙවෙනි අරමුණ වෙන්නෙ මෙම ප්‍රදේශය ජීවයකට සුදුසු ද කියලා (Habitability) සහ ආදි ජීවීන්ගේ ලක්ෂණ තිබේ දැයි පරීක්ශා කිරීමයි. රෝවරය, ආවාටය ආශ්‍රිතව ඇති මඩ තැන්පතු (deposits) අධ්‍යයනයෙන් ඒ තුල සංරක්ශනය වී ඇති ආදි ක්ශුද්රජීවීන්ගේ තොරතුරු සොයා ගැනීමට නියමිතයි.අරමුණ C: සාම්පල සංරක්ෂණය කිරීම (Sample caching)අඟහරුගේ පස් හෝ පාෂාණ සාම්පල අනාගතයේදී පෘථිවියට එවීම සදහා සංරක්ෂණය කිරීම රෝවරයේ තුන්වෙනි අරමුණ වෙනවා. ඇත්තටම Perseverance රෝවරය කියන්නෙ අඟහරු මෙහෙයුම් කිහිපයක් එක් මෙහෙයුමක් පමණයි. ඉතින් අනාගතයේදී සිදු කරන මෙහෙයුම් මගින් අඟහරුගේ සාම්පල පෘථිවියට රැගෙන ඒම සදහා තබා ඇති පළමු පියවර මේ රෝවරය කියලා කියන්න පුලුවන්.අරමුණ D: මිනිසුන් සදහා සූදානම් කිරීම (Prepare for humans)අනාගතයේදී මිනිස් වාසය අඟහරු ග්‍රහයා මත තහවුරු කිරීමට අවශ්‍ය නවතම තාක්ෂණය පරීක්ශා කිරීම (test) තමයි Perseverance රෝවරයේ අවසාන අරමුණ වෙන්නේ. අපි අනාගතයේදී මිනිස්සු අඟහරු මතට මිනිස්සු යවන්න බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ට අවශ්‍ය ඔක්සිජන් සපයා ගන්නෙ කොහොමද කියන එක විසදගෙන ඉන්න ඕන ප්‍රශ්නයක්.ඒ වගේම දැනට භාවිතා කරන රොකට්ටු වල ඉන්ධන විදියටත් ඔක්සිජන් යොදා ගන්නවා. මේ ඔක්කොටම ඕන කරන ඔක්සිජන් පෘථිවියෙන් අරන් යන එක කරදර සහ වියදම් අධික වැඩක්. ඒක නිසා අවශ්‍ය කරන ඔක්සිජන් අඟහරු මතදි හදා ගන්න පුලුවන් නම් ප්රශ්නය විසදෙනවා. මේකට දැනට NASA ආයතනය මගින් නිපදවල තියෙන අලුත්ම තාක්ෂණයක් test කරල බලන්න Perseverance රෝවරය බලාපොරොත්තු වෙනවා.Delta Deposit at Jezero Craterඅගහරුගේ වායුගෝලයේ කියන්නෙ දූවිලි වලින් පිරුනු තැනක්. ඉතින් අගහරු මතට මිනිස්සු යවනවා නම් මේ දූවිලි අංශු ගැන දැනගෙන ඉන්න ඕනෙ. ඒක නිසා දූවිලි අංශු වල ප්‍රමාණය හා මතුපිට ස්වභාවය (Morphology) පරීක්ෂා කරන්නත් රෝවරය බලාපොරොත්තු වෙනවා. මීට අමතරව අඟහරු මත තියෙන කාලගුණය ගැන පරීක්ෂණ සිදු කරලා මේ වනවිට නිර්මාණය කරල තියෙන අඟහරු වල වයුගෝලීය ආකෘති වල නිරවද්‍ය තාවය තහවුරු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් Perseverance රෝවරය මේ අරමුණු සම්පුර්ණ කර ගන්නෙ කොහොමද කියල ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒ සදහා රෝවරයට සවි කරල තියෙනවා විශේෂ උපකරණ 7ක්. මේ උපකරණ මොනවද මේව වැඩ කරන්නෙ කොහොමද කියන එක ඉදිරියේදී කතා කරමු. |
Nokia Android TV අගෝස්තුවේදී, Flipkart tweet එකකින් හෙලි වේ | Nokia සමාගම හා Flipkart සමාගම විසින් අගොස්තු මාසයේදි එළිදැක්වීමට සුදානම් වෙන Android Tv Box එක ගැනයි මේ විස්තරේ.ඒ වගේම දැනට මේ ගැන Nokia සමාගම විසින් කිසිම ප්‍රකාශයක් කරල නැති උනත් පසුගිය දවසක Flipkart සමාගමේ නිල Twitter ගිණුම හරහා මේ ගැන පොඩි Teaser Video Clip එකක් Release කරල තිබුණා.Something exciting is coming to make your TV smarter and better without upgrading your TV. What could it be? Watch this space for updates.pic.twitter.com/tYqsoF42jd— Flipkart (@Flipkart)July 26, 2020ඉතින් මේකට අනුව අපිට හිතන්න පුලුවන් Nokia සමාගමත් Android Tv Box නිෂ්පාදනය අරඹන්න තමා සුදානම කියල.ඒ වගේම දැනට තියෙන තොරුතුරුවලට අනුව මේ Android Tv Box එක මගින් අපේ සාමාන්‍ය Tv එකෙන්ම Smart Tv Experience එකක් ගන්න අවස්ථාව සලස්වන්න වගේම මේත් එක්කම ගොඩක් Features ඔවුන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනව කියලත් කියන්න පුලුවන්.මේකේ මිල ගැන කියනව නම් මිල ඉතාම සාධාරණ මිලක් වෙයි කියලත් ඉගි පල වෙනවා.මේ Tv Box එකේ Specs මොනව වෙයිද ?Android 9.0(Pie)ChromecastDolby AudioGaming AppsGoogle AssistantOver the top(OTT) Media Services1080P Full HD Resolutionඒ වගේම කියන්න ඔනේ අපිට මේ Nokia Android Tv Box එක හරහා අලුත්ම Smart Tv Experience එකක් ලබා ගන්න පුලුවන් වෙයි කියල.ඒ වගේම ඔයාලට මතක ඇති අපි කලින් කිවා Android Tv, Google Tv නමින් Brand Rename විමක් හරහා නැවත වෙළදපොලට පැමිණෙන්න නියමිතයි කියලත්. |
Huawei NOVA 9 මාදිලියේ ජංගම දුරකතන සඳහා Kirin වෙනුවට Snapdragon 778G 4G chipset යොදාගනී | Huawei සමාගම විසින් ඔවුන්ගේ නවතම Huawei Nova 9 Series එක නිකුත් කිරීමට සූදානම් අතර මේ Series එකට Phone models 2ක් ඇතුලත් වෙනවා. මේ යටතේ පැමිණෙන නවතම දුරකථන වන්නේ Huawei Nova 9 සහ Huawei Nova 9 Pro දුරකථනයි.මෙම Smartphones දෙකටම Hyperboloid Punch-hole Screens ඇතුලත් වෙනවා. Standard Version එකේ දුරකථන සඳහා අඟල් 6.57ක Screen size එකක් ඇති අතර Pro Version එක සඳහා අඟල් 6.72ක Screen size එකක් ලබා දි තිබෙනවා.මේවාට Dual punch-hole display ඇතුලත් වේ.දුරකථන දෙකෙහිම Refresh Rate එක 120Hz දක්වා ඉහළය. දුරකථන දෙකෙහිම පසුපස ප්‍රධාන කැමරාව 50 MP වේ. කෙසේ වෙතත්, Smartphones දෙකේම බැටරියේ සහ ආරෝපණ ධාරිතා වල වෙනස්කම් ඇත. Standard Model එකට 66W Fast Charging සහය වන අතර 4300 mAh බැටරියක් භාවිතා කරයි. කෙසේ වෙතත්, Pro Model එකට 100W Fast Charge සඳහා සහාය වන අතර 4000 mAh බැටරියක් භාවිතා කරයි.Huawei Nova 9 සහ Nova 9 Pro යන Smartphones 2කටම Snapdragon 778G 4G Chips භාවිතා කරන බවටද වාර්ථා වේ. Huawei P50 Series එක සඳහාද භාවිතා කරන්නෙ 4G Processors වේ.මීට අමතරව, Huawei Nova 9 Series එකට නව HarmonyOS 2.0 Operating System එකද ඇතුලත් වේ. තවද Huawei HarmonyOS 2 මඟින් නව Application service එකක්ද සපයයි. මෙම service එක තවදුරටත් එක උපාංගයකට පමණක් සීමා නොවන අතර උපාංග කිහිපයක් හරහා බාධාවකින් තොරව භාවිතා කල හැකිය.Huawei Nova 9 Series එක සඳහා ඉහළ Refresh rate එකකින් යුත් OLED තිර භාවිතා කරන අතර Super-Fast Charge සඳහාද සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. Camera Department එක මෙම Smartphones series එකේ ප්‍රධානතම Selling point එකක් වනු ඇත. ලැබී ඇති තොරතුරුවලට අනුව, Huawei Nova 9 series එක නිල වශයෙන් සැප්තැම්බර් 23 දා එළිදැක්වීමට නියමිතයි.Source:-Gizchina |
3.5mm Headphone Jack එකේ ආගමනය | 3.5mm Headphone Jack එක කිව්වම අද නොදන්න කෙනෙක් නෑනේ. මොකද ඒ jack එක ඒ තරමට අපිට ගොඩක් සමීපයි. Phone/ Laptop එකෙන් සිංදුවක් අහන්න ඕන උනාම, Phone එකෙන් call එකක් ගන්න ඕන උනාම ඕන කෙනෙක්ට මතක් වෙන්නෙ තමංගෙ සාක්කුවෙ, බෑග් එක අස්සෙ පතුලෙ කිඳා බැහැල තියෙන, එහෙමත් නැත්නම් මේසෙ උඩ ගුලි කරල තිබ්බ Headphone එක කියල ආයෙ කියන්න දෙයක් නෑ.ඒත් මීට අවුරුදු ගානකට (2016) කලින් එක්තරා Phone manufacture සමාගමක් විසින් (හරි හරි අර පැත්තක් කාපු ඇපල් ගෙඩිය තමයි) මේ 3.5mm Jack එකට සමුදෙනවා. ඒ එම අවුරුද්දෙ එයාල release කරපු එයාලගෙ අලුත්ම iphone 7 Smartphone එකෙන් මේ 3.5mm jack එක අයින් කරල. එයාලගෙන් පස්සෙ ගොඩක් Phone manufacture companies එයාලගෙ devices වලින් මේ Headphone jack එක අයින් කරන්න පටං ගත්තා..ඒ කාලේ මේ ගැන හරි හරියට ඉතින් කතා උනා. ගොඩක් අය බැන්නා, තමන්ගේ අප්‍රසාදය පලකරා (අදටත්) එහෙම කරාට. ඒ වගේම ඉතින් තව කට්ටියකට මේක එයාලගෙ භාශාවෙන් කියනව නම් so innovative. ඇත්තටම මේකට නම් මං එකඟයි එක පයින්ම.. මොකද මෙච්චර දියුනු තාක්ශණයත් එක්ක හදන 21 වෙනි සියවසේ Smartphone/Laptops/desktops වලට මොන එහෙකටද මං අහන්නෙ මේ අවුරුදු 200ක් විතර පරන Analog headphone jack එකක්??අවුරුදු 200ක් විතර පරණ?ඔව් ඔව් ඔයා කියෙව්ව විදිය හරි. අවුරුදු 200ක් විතර පරනයි මේක. ඉතින් අද කියන්නෙ යන්නෙ මං මේ අපි අදටත් පාවිච්චි කරන Headphone jack එක සහ මේ කියන 3.5mm headphone jack එක ගැන ඉතාම කෙටියෙන්.3.5mm එකට අමතරව තව එකක් තියෙනවද?ඔව් ඔව් නැතුව දෙයියනේ.. ඒකෙන් තමයි මේ අද වෙනකොට තියෙන 3.5mm එකත් හැදිල ආවේ.මුලින්ම මේ Standard audio jack එකක් නිර්මණය කෙරුනේ 1877 අවුරුද්දෙ. (ඔව් 19වෙනි සියවසේ තමයි)එකේ size එක උනේ 6.35mm තරම් විශාල ප්‍රමාණයේ එකක්.6.35mm Standard Headphone Jack එකක්මේව ඉස්සර පාවිච්චි කරේ ඔය අද අපි දන්න Telephone customer care වල වැඩ වලට. අර අපි Call එකක් ගත්තම ඒ ඉන්න නංගිල කියන්නෙ “රැඳී සිටින්න සර්. මං ඔබව ඒ Section එකට සම්බන්ද කරන්නම්..” කියල. අද කාලෙ මේක උනේ Computer through උනාට ඉස්සර තිබ්බෙ මේ අදාල Sections කියන එව්වට නම් ගහල Female audio jack headers හයි කරපු ලොකු Control board එකක්. ඉතින් හිතා ගන්න පුලුවන්නෙ ඒ කාලෙ හිටිය නංගිලා කොහොමද අදාල Sections වලට අපිව සම්බන්ද කරේ කියල. ඔව් ඔව් බරාස් ගාලා Jack එක ගලවල වෙන එහෙකට ඔබනවා. ඇත්තම කිව්වොත් මේ Audio jack එකේ Design එක මාරම Durable විදියට හදල තියෙනව. හිතන්න දවසට කී වතාවක් මේක ගලව ගලව ගහන්න වෙනව ඇද්ද කියල.1877 දී Telephone Switch Board Operate කරන ලස්සන නම්කිලා ටිකක්ලෝකෙ පලවෙනිම Telephone switch board එක Install කරේ 1877 අවුරුද්දෙ Boston වල Court Street හි Charles Williams Jr නැමැති පුද්ගලයගෙ ගෙදර.. එයත් එසේ මෙසේ වැඩ්ඩෙක් නෙමෙයි හොඳේ. එක එක ගැජමැටික් හදපු කෙනෙක්. මෙයාගෙ shop එකේදි තමයි Alexander Graham bell සහ Thomas A. Watson එයාලගෙ Telephone එක ගැන Experimental කරේ.Charles Williams Jr හා ඔහුගේ නිවසඉතින් ඔහොම කාලයක් තිස්සෙ මේ Standard audio jack එක පාවිච්ච් කර කර ඉන්නකොට 1950 අවුරුද්දෙ එනවා කරලියට අපි කවුරුත් දන්න 3.5mm headphone jack එක.අපි කවුරුත් දන්න 3.5mm Headphone Jack එකක්කලින් තිබ්බ Standard audio jacks ගොඩක් ආවේ Mono jack එක විදියට. ඒ කියන්නෙ ඒකේ යන්නෙ එක Signal එකයි. නමුත් මේ 3.5mm jack එකේ ආගමනය නිසා මේ Jacks ඔක්කොම හැදුවෙ Stereo විදියට. ඒ කියන්නෙ left right කියල වෙන වෙනම Signals යවන්න මේ Jack එක හරහා පුලුවන් උනා.. මේකේ මේ තියෙන Connectors ප්‍රමාණය අනුව මේවා වර්ග කිහිපයයකට බෙදනවා ඒ තමයි TS, TRS, TRRS සහ TRRRS (වැඩිය අපිට use කරන්න හම්බෙන්නෙ නැති එකක්) ලෙස.Audio Jacks වර්ග කිහිපයක්මේකේ T එහෙමත් නැත්නම් Tip එක තමයි Left signal යවන්නෙ. R එහෙමත් නැත්නම් Ring එක තමයි Right signal යවන්නෙ. එතකොට S එහෙමත් නැත්නම් sleeve එක තමයි Ground (GND) වෙන්නෙ.එතකොට දැං ඔයාලට තේරෙනව ඇති ඉස්සර ආපු සහමහර Standard jack වල තිබ්බෙ Left side එකට අදාල Signals විතරයි කියල. ඒකට අපි කියන්නෙ TS jacks කියල (TRS jacks ආවා ඒකාලෙත්)එතකොට මොකක්ද මේ අනිත් TRRS කියන එක?? අන්න ඒක තමයි අපි Phones වලට Laptops, PCs වලට මේ වෙනකම් පාවිච්චි කරේ සහ අදටත් කරන්නේ. ඒකේ අර කලින් කිව්ව Tip, Ring, Sleeve කියන තුනට අමතරව තව Ring එකක් තියෙනවා. ඒක තියෙන්නෙ sleeve එක ලඟමයි. අන්න ඒකට තමයි අපි mic එක Connect කරන්නෙ.ඉතින් මං උඩ කිව්ව මේ 3.5mm jack එක හදන්න හේතුව උනේ ඒ කාලෙ පාවිච්චි කරපු Transistor radios වලට බාවිතා උනේ මේ size එක නිසා. මොකද 6.35mm jack එකක් radio එහෙකට බරපතල් වැඩියි. මේ jack එක 1950දි හදුන්වල දුන්නට මේක ගැන ටිකක් කතා වෙන්න ගන්නෙ ලෝකෙ නම් දරාපු සමාගමක් වන Sony සමාගමෙන් 1964 අවුරුද්දෙ නිපදවා ජනතාව අතරට ආපු Sony EFM-117J radio එකත් සමගයි.Sony EFM-117J radio එකක්නමුත් ඊටත් පස්සෙ Sony සමාගමේම නිෂ්පාදනයක් වන ඔයාල කවුරු උනත් අදටත් ආස කරන 1979 ආපු Sony Walkman (ඔව් ඔව් අර Cassette Tapes දාන්න ආපු දඩි මෙව්ව එක) එකත් එක්ක මේ 3.5mm headphone jack එක හෙන පිස්සුවක් වගේ ජනප්‍රිය වෙන්න ගත්තා. ඒ කලින් තිබ්බ Sony transistor radio වලට වගේ මේකට Built in speakers නොතිබ්බ නිසා. එතකොට අනිවාර්යෙන්ම අපිට Headphone එක පාවිච්චි කරන්නම වෙනවනේ..1979 ආපු Sony Walkman එකක්ඉතින් 1950 අවුරුද්දෙ ඉඳං අවුරුදු 70ක් තිස්සෙ අපි මේක අපේ ගොඩාක් devices එක්ක පාවිච්ච් කරනවා. මේකෙත් Design එක තනිකරම Original design එක නිසා මේකෙ Durability එක ගැනත් අපි ආයෙ අමුතුවෙන් කත කරන්න දෙයක් නෑ.. අපිම දවසට කී වතාවක් මේක ගලව ගලව ගහනව ඇතිද.ඉතින් මේ Audio jack එක ගැන මං ඉතාම කෙටියෙන් විස්තර කරේ. මේ ගැන කියනව නම් සෑහෙන කියන්න එක එක පැතිවලට විහිදුන කතා තියෙනවා.ඇත්තටම දැං අපේ smart devices වලට ඉතාම හොඳ ගුණාත්මක බාවයක් තියෙන Digital audio processing කරන්න පුලුවන් D Amps තියෙන නිසා Smartphone ඇතුලු අනිත් Smart devices වලින් මේ වෙනකොට 3.5mm හැලීගෙන ගියාට මං කලින්ම කිව්ව අර standard audio jack එක අදටත් මේ වෙනකොටත් Music industry එකේ වගේම ගොඩක් Audio visual වැඩ වලට නැතුවම බැරි Jack එකක්. ඒක නම් තව අවුරුදු කිහිපයක්ම තියෙයි කියල හිතන්න පුලුවන්.මේ කිව්ව Standard සහ 3.5mm audio jacks වල signals යන්නෙ Analog signals විදියට.. අපි මේ වෙනකොට ඉන්නෙ Digital යුගයක. ඉතින් අවසාන වශයෙන් මේ 3.5mm jack එකේ අඩුව ගැන ගිය කිය තාමත් නහයෙන් අඬන අයගෙන් (මාත් ඇතුලුව) මං අහන්නෙ තාමත් ඔයාලා හිතනවද මේක තව දුරටත් අපිට අවශය කරන දෙයක් කියල? මෙච්චර quality digital audio systems තියෙන, Digital amps පාවිච්චි කරන Phone එකකට Laptop එකකට?තීරණය ඔබ සතුයි මිත්‍රයා. |
සැප්තම්බර් 17 වන දින Sony Xperia 5 II නිකුත් කිරීමට SONY සමාගම virtual event එකක් සැලසුම් කරයි | දැනට ලෝකයේ ඇතිවී තිබෙන කොරෝනා වෛරස තත්වය නිසා ලෝකය පුරාම technology conventions cancel උනා. ඉතින් මේ අනුව යමින් Sony සමාගමත් ඔවුන්ගේ ඊලඟ high-end Xperia smartphone එක standalone event එකකින් announce කරන්න සූදානම් වෙනවා. ඉතින් මේ event එක සැප්තැම්බර් 17 වෙනිදා උදේ 9 ට (CEST) (or 12:30 PM IST) හෝ virtual event එකක් විදිහට පැවැත්වෙනවා.ඉතින් මේ event එකේදී Sony Xperia 5 device එකේ අනුප්‍රාප්තිකයා වෙන Xperia 5 II device එක release වෙනවා. මේ device එක ගැන unveil උනේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී යි. 21:9 display එකක්, Snapdragon 865 chipset එකක් සහ smaller form factor එකක් offer කරන මේ device එක Xperia 1 flagship එකේ compact variant එකක් විදිහට හදුන්වන්න පුලුවන්.ඉතින් මේ device එක ගැන තොරතුරු ගොඩක් leak වෙන්න නොදී wraps යට තියාගන්න Sony සමාගම සමත් උනා. මේකේ leaks ගොඩක් scarce උනත් reliable tipster කෙනෙක් වෙනEven Blass (evleaks)ට හැකියාව ලැබුනා patreon හරහා මේ device එකේ first look එකක් ලබා දෙන්න. ගිය අවුරුද්ද වගේම familiar look එකක් Xperia 5 II device එකට තියෙනවා. තවත් පෙනුම ගැන කියනව නම් මේකට තියෙන්නේ Xperia 1 II (read as Xperia 1 Mark 2) device එකේ compact version එකක් වගේ.ඉතින් ඔයාට හැකියාව ලැබේවී 21:9 Full-HD+ OLED display එකක් දැකගන්න. ZEISS T* branding එකේ triple camera array එකක් මේකට feature කරනවා. ඒත් Xperia 1 II camera setup එකේ ToF sensor එක මේකට feature කරන්නෙ නෑ. ඉතින් බොහෝ විට 12MP primary, 12MP ultra-wide සහ 12MP telephoto lens එකක් විදිහට මේ camera setup එක feature වේවි. ඉදිරිපසින් තියෙන slim top bezel එකේ 8MP selfie camera එකක් feature වේවී.ඔයා Blass ගෙ patreon leaks follow කරොත් ඔයාට දැකගන්න පුලුවන් වේවි side-mounted fingerprint sensor එකක් සහ dedicated camera shutter button එකක් එක්ක දකුනු පැත්තෙ දාරයෙන් power සහ volume keys set එක. දැනට මේ device එකේ specs leak වෙලා නැති උනත් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් Snapdragon 865 chipset එක එක්ක එන 8 GB RAM එකක් සහ 256 GB දක්වා යන internal storage එකක්. සහ අවසානයේදී Xperia 1 II එකට වඩා ප්‍රමාණයෙන් වැඩි battery එකක්.ඉතින් ලබන මාසයේදී පැවැත්වෙන virtual event එකෙන් පස්සේ Android වැඩකාරයෝ අපි ඔයාලව මේ device එකේ price එක availability එක ඇතුලු වැදගත් කාරණා හැමදේම ගැන දැනුවත් කරනවා. රැඳිලා ඉන්න අපි එක්කම.Source :PhoneArena |
ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ | 2030 වසර වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ වැඩසටහන අනුව ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපනය කිරීම වු යෝජනාවට අනුමැතිය ලැබුණ බව පසුගිය දා (23) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කෙරුණා.මෙලෙස ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබුණ යෝජනාවට අනුමැතිය ලැබි තිබෙනවා.ඒ අනුව මේ සඳහා පත්කර කමිටුවේ නිර්දේශ අනුව 2024-2030 අතර කාලය සඳහා යොදා ගැනීමට සුදුසු බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සඳහා පුද්ගලික අයෝජන හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ලබා ගැනීමට නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ජාතික විදුලිබල පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා සුදුසු බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ස්තාපනය වෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.Source:www.news19.lk |
SONY සමාගම විසින් PlayStation 5 Pro මාදිලිය එලිදක්වයි | Playstation technical lead විදිහට SONY සමාගමේ කටයුතු කරන Mark Cerney විසින් PS5 Technical Presentation එක අතරතුරේදී PS5 මාදිලියේ නවතම මාදිලිය වන PS5 Pro එලිදැක්වීම සිදු කෙරුනා.PlayStation 5 ගැන, හැමදෙයක්මමේ මාසේ 11 වෙනිදා පැවැත්වුණු Sony PS5 live event එකේදී Play Station 5 එකේ design එක Sony සමාගම එළිදැක්වූවා.Android වැඩකාරයෝ - Sinhala Tech News providerAkila MaithripalaPlyStation 5 ගැන හැමදෙයක්ම කියවන්නPS5 Pro Console එකේ ප්‍රමාණය PS5 එකට බෙහෙවින් සමානයි. PS5 slim එකේ වගේ මැදින් බෙදිලා යන ඉරි තුනක් බලාගන්න පුළුවන්. Update එකෙන් controller එක ගැන මුකුත් එළිදැක්වුනේ නෑ. ඒ නිසා PS5 එක සඳහා ලැබෙන controller එකම මෙහිදිත් භාවිතා වෙනවා කියල අපිට හිතන්න පුළුවන්.Xboxද? PlayStationද? මොකක්ද හොඳම?මේ වන විටත් Microsoft සමාගම සිය ඊලග පරම්පරාවේ Gaming Console එක Xbox Series X ලෙසත් Sony සමාගම PlayStation 5 ලෙසත් නිල වශයෙන් බාහිර පෙනුම සහ System Specifications එලිදක්වා හමාරයි (මිල තවමත් නිලවශයෙන් ප්‍රකාශකර නොමැත). මෙම ලිපිය ඔස්සේ ඔබට PlayStation සහ Xbox අතර පුළුල් අවබෝධයක් ලබා දෙනු ඇත.Android වැඩකාරයෝ - Sinhala Tech News providerVibhutha Kumarageඔයා තෝර ගන්න ඕනේ Xboxද නැත්තම් PlayStation එකද?PS5 Pro එක සිරස්වල හිටවා තබන Stand එක වෙනම මිලදී ගත යුතු බව දක්වල තිබ්බා. ඒ කාරණාවට නම් PS5 Pro එක එළිදක්වා පැය කිහිපය තුළ මහත් අප්‍රසාදයක් පළවෙලා තියෙනවා. ඒක තවත් වැඩි වන්නේ disk reader එකක් PS5 Pro එකේ සමඟ නොලැබීමත් සමඟයි.කොහොම උනත් PS5 Pro එලිදැක්වීමේදී එහි ප්‍රධාන වැඩිදියුණු කිරීම 3ක් විශේෂයෙන් පෙන්වා දුන්නා.Larger GPU- මේක PS5 එකට වඩා 45% වේගවත්. ඒ නිසා games තවත් smooth වෙනවා.Advance Ray Tracing- මේක නිසා PS5 එකට වඩා දෙගුණයකින් සමහරවිට තුන් ගුණයකින් cast කිරීමේ හැකියවා හිමි වනවා.AI - Driven Upscaling- SONY හදුන්වා දීපු playstation spectral super resolution කියන machine learning පාදක කරගත් AI model එකක්. ඒකෙන් pixel එකක් ගානෙ upscale කරනවා. ඒ නිසා high resolution එකක් බලාගන්න පුළුවන්.Wifi 7, 8K , VR සඳහාත් සහය දක්වන PS5 Pro නොවැම්බර් 7 වෙනිදා සිට මිලදී ගැනීම සඳහා හැකියාව ලැබෙන අතර මෙහි මිල වශයෙන් සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් 699ක්. ශ්‍රී ලංකාවට එද්දි නම් අදාල බදුත් එක්ක මෙහි මිල තවත් වැඩි වෙන්න පුළුවන්.PlayStation Store හරහා Movies සහ TV shows මිලදී ගැනීමේ හා rent කිරීමේ පහසුකම නවතා දැමීමට තීරණය කරයිPlayStation Store තුළින් Movies සහ TV Shows මිලදීගැනීමේ හා rent කිරීමට ඇති පහසුකම 2021 අගෝස්තු 31 වැනිදා සිට නතර කරණා බවට Sony සමාගම විසින් ඔවුන්ගේ blog අඩවියෙන් නිවේදනය කර ඇත.Android වැඩකාරයෝ - Sinhala Tech News providerHasala Abhilasha |
ඉතිහාසයේ ප්‍රථමවරට Free Unlimited Night Time Data සමඟින් 300Mbps අධිවේගි අන්තර්ජාලය SLT-MOBITEL වෙතින් | SLT-MOBITEL සමාගම විසින් පසුගිය වසර ආරම්භයේදී කිසිදු අමතර ගාස්තුවකින් තොරව ඔවුන්ගේFiber ජාලයේ වේගය දෙගුණ කිරීමටකටයුතු කරනු ලැබු බව ඔබට මතක ඇති. ඒ අනුව ඔවුන්ගේ Fiber ජාලය ඔස්සේ 200Mbps වේගයකින් යුතුව අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව ලබා දුන්නා.මේ වසර ආරම්භයේදීත් ගිය වසර මෙන්ම Fiber ජාලයේ වේගය වැඩි කිරීමට මෙන්ම Unlimited Night Time Data ලබා දෙන්නත් කටයුතු කර තිබෙනවා.ඒ අනුව SLT-MOBITEL Fibre පාරිභෝගිකයින් සඳහා මෙම වසර ආරම්භයේ සිට Downloads සඳහා 300Mbps දක්වා සහ Upload සඳහා 150Mbps දක්වා වු වේගයක් ලබා දීමට කටයුතු කර තිබෙන අතරම මේ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකරන අතරම සෑම Fiber පාරිභෝගිකයකු සඳහාම සහ නව පාරිභෝගිකයින් සඳහාත් මෙය හිමි වනවා.Image Source- SLTMOBITEL FACEBOOK PAGEමේත් සමඟම SLT-MOBITEL සමාගම විසින් ඔවුන්ගේ සියලුම පසුගෙවුම් ADSL, 4G සහ Fiber පාරිභෝගිකයන් සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට නොමිලේ Unlimited Night Time Data ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.Image Source- SLTMOBITEL FACEBOOK PAGEමේ Unlimited Night Time Data පහසුකම රාත්‍රි 12.00 සිට උදෑසන 07.00 දක්වා නොමිලයේ භාවිත කිරීමේ හැකියාව අතර සියලු පසුගෙවුම් පාරිභෝගිකයින්ට (Unlimited Packages භාවිත කරන පාරිභෝගිකයින්ට හැර) භාවිත කළ හැකි වනවා. කෙසේ වෙතත් පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා මෙම සේවාව ලබා ගත නොහැකි වනවා. |
iOS 13.5 සඳහා Unc0ver Jailbreak නිකුත් වෙයි | iOS Jailbreak හා Android Rooting කරන හැමෝම මේ දේ කරන්නේ අපි ආසා කරන Device එකේ තියන customizing limits වලට වඩා එහා ගිය නිදහසක් ලබාගන්න. ඒත් Android වලටත් වඩා iOS වල තියෙන Limitations නිසා iOS Device එකක් Jailbreak කරන්න ගොඩක් අය කැමතී. ඒක නිසා තමා අලුත් Unc0ver exploit වගේ Jailbreaks වලට හැමෝගෙම අවදානය යොමු වෙන්නේ. ඒ වගේම ඉතාම කලාතුරකින් තමා අලුතින්ම release උන iOS version එකකට ඉක්මනටම මේ වගේ Jailbreak එකක් release වෙන්නේ. ඉතිං මේ unc0ver jailbreak එක Apple iPhone / iPad වලට iOS 11 ඉදන් iOS 13.5 වෙනකන් available වෙනවා. ඒත් iOS 12.3 / 12.3.2 / 12.4.2 / 12.4.5 යන version වලට නම් support කරන්නේ නෑ. ඉතිං ඔයාලා ඉන්නේ මේ unsupported version එකක නම් , අලුත් device එකක් නම් iOS 13.5 වලට වගේම පරණ device එකක් නම් iOS 12.4.7 වලට update කරගෙන මේ jailbreak එක කරන්න පුලුවන්.අලුත් Jailbreak එක මෑත කාලේ ආව ලොකුම exploit එකක් කීවොත් හරි. ඒ වගේම ලගදි chip level exploit එකක් ආවා checkra1n කියලා. මේක A7 සිට A11 chip එකක් තියෙන ඔනෙම Apple iOS device එකක් support කරනවා. ඒත් මේ unc0ver jailbreak එක use කරන්නේ zero-day exploit එකක්. මේ වගේ exploit එකක් jailbreak වලට අන්තිමට භාවිතා උනේ iOS 8 වලදි. ඒ වගේම මේ jailbreak එක කරන්නත් හරිම ලෙසී. ඔයාලට කරන්න තියෙන්නේ Altstore වගේ software එකකිම් unc0ver .ipa එක side load කරන එක විතරයි. ඉතිං මෙක කරන හැටි full tutorial එකක් unc0ver website එකේ තියෙනවා.ඒ වගේම මතක තියාගන්න ඔනේ දෙයක් තියෙනවා මේ jailbreak එකේදි ඔයාලා අලුත් iOS version එකක ඉදන් නම් යන්නේ. සමහර ඔයාලා ආසා කරන tweeks support කරන්නේ නැති වෙන්න පුලුවන්. ඉතිං ඒ tweeks අලුත් version වලට update වෙනකන් ඉන්න වෙනවා. ඉතිං jailbreak කරපු ගමන් tweeks install නොකර ටිකක් හොයලා බලලා full support නම් විතරක් කරන එක තමා හොදම.ඉතිං මේ jailbreak එක අපිට ගෙනාවට unc0ver team එකට Thanks කරන්න ඔනේ ඒ වගේම මේකට sponsor කරන්නේ youtuber කෙනෙක් ඒ තමා EverythingApplePro; එයා එයාගේ අලුත්ම Rebel Phone Case Lineup එක promote කරන්නත් එක්ක තමා මේ දේ කරන්නේ. |
Xiaomi සමාගම විසින් නිෂ්පාදිත ජංගම දුරකතන හිතාමතා slow කරන බව හෙළි වෙයි | Performance throttling, එහෙමත් නැතිනම් විවධ හේතු කරණා කියමින් OS එක විසින්ම smartphones යම්තාක් දුරකට slow කිරීම මින් පෙරත් වාර්තා වී තිබුණා. Snapdragon 810c chipset එකේ අධික රත්වීම් නිසා කළ throttling වගේම බැටරි ප්‍රශ්න නිසා පැරණි iPhone slow කිරීමද අපට අසන්නට ලැබුණා.මෙලෙස තම devices සිතාමතාම slow කිරීමට පටන් ගත අලුත්ම නිෂ්පාදකයා ලෙස දැන් Xiaomi කරළියට පැමිණ තිබෙනවා.ඇත්තටම Xiaomi විසින් 11T Pro හි performance අඩු කරාද? නැතිනම් මෙය තවත් overheating ප්‍රශ්නයක්ද?Xiaomi 11T Pro. Image: Anandtechසාමාන්‍ය භාවිතයේදී කොහොමත් 11T Pro Snapdragon දුරකථනය එහි උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කරනවා. නමුත් විදෙස් ප්රවෘත්ති වෙබ් අඩවි කීපයක්ම වාර්තා කර තිබු ආකාරයට, ප්රශ්නය මතු වන්නේ මෙලෙස chipset ධාරිතාව උපරිම ලබා දී අවසානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ට පැමිණ එය අධික උෂ්ණත්වයට (overheat) ලක් විමේදියි.Anandtech වෙබ් අඩවියේ reviewer කෙනෙක් සඳහන් කර ඇති ආකාරයට Xiaomi විසින්නොදන්නා apps(anonymous applications) run වීමේදී performance සඳහා කිසිම සීමාවක් පනවන්නේ නෑ. නමුත්හොඳින් දන්නා app එකක්(මෙහෙදී ඔවුන් භාවිතා කර තිබුනේ Genshin Impact නම් ප්‍රසිද්ධ ක්‍රීඩා app එකයි) run කරන විට processor speed එකට සීමාවක් පැන වෙනවා.Genshin Impact. Image: Pinterestමෙම Review එකේදී ඔවුන් performance test කරන්න භාවිත කර ඇති app එක run කිරීමේදී කිසි සීමාවක් නොපෙන්වා run වී ඇති අතර අවසානයේ overheating message එක පෙන්වා තිබෙනවා. නමුත්එමappඑකමGenshin Impact ලෙස අනුකරණය කර install (spoof) කර පෙර පරිදිම run කිරීමේදී phone එක overheat වීමකට ලක්වී නැති අතර ප්‍රොසෙසරය විසින් එම app එක Genshin Impact game එක ලෙස හඳුනාගත් නිසා performance ස්වයංක්‍රියවම අඩු කරගෙන තිබෙනවා.එහෙම වෙන්නේ ඇයි?ඇත්තෙන්ම මෙය phone එක ආරක්ෂා කරගැනීමට ගත් පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් ගැටලුව මතු වන්නේ benchmark test කිසිවකදී මෙම කරුණ පිළිබඳ Xiaomi විසින් සඳහන් නොකර තිබීමයි. එනම් අනෙක් phone සමඟ Xiaomi 11T Pro දුරකතනයේ performance සසඳන විට එය ඉහල අගයක් ගත්තත්, සැබෑවටම එම performance දුරකථනය මගින් ලබා නොදීමෙන් ඔවුන් මහජනයා රැවටීමකට ලක් කර තිබෙනවා.මෙම සංඛ්‍යා තවදුරටත් විශ්වාස කළ හැකිද? Image: Unite4Buyඑමනිසා, මෙය තරඟකරුවන්ට වඩා ඉහල performance/rating අගයක් ලබා ගැනීම සඳහාම Xiaomi විසින් භාවිතා කළ උපක්‍රමයක් ලෙස හැඳින්විය හැකියි.Sources:Fuentitech,Gizchina,AnandTech |
Windows 11 මෙහෙයුම් පද්ධතිය ලොව පරිගණක වලින් 20%ක පමණ ධාවනය වන බව AdDuplex වාර්තා කරයි | Microsoft සමාගම විසින් පසුගිය වසරේ ජුනි මාසයේදී ඔවුන්ගේනවතම Windows 11 සංස්කරණයනිල වශයෙන් හදුන්වා දුන් අතර පරිශීලකයන්ට බාගත කර ගැනිමේ හැකියාව ලබා දී මසක් වැනි කාලයක් තුලWindows 11 සංස්කරණය Modern PCsවලින් 05%ක පමණ ප්‍රමාණයක් භාවිත වෙන බවටAdDuplex මගින් සිදු කරන ලද සමික්ෂණයකින් හෙළි වුවා. ඉන් පසුව මේ වසරේ ජනවාරි මාසය වන විට එය 16.1%ක් දක්වා ඉතා සීඝ්‍ර වර්ධනයක් සිදු වූවා.මේ වන විට Windows 11 භාවිත කරන පිරිස 20% දක්වා ඉහළ ගොස් ඇති බව AdDuplex විසින් සිදු කරන ලද නවතම සමික්ෂණයකින් හෙළිවී තිබෙනවා.කෙසේ නමුත්, Windows 10 21H2 version එක දෙවන ස්ථානය ලබා ගන්නේ, එහි අඩු system requirements නිසා Windows 11 සඳහා සුදුසුකම් නොලබන පරිගණක සඳහා updates නිකුත් කරන බැවිනි. 20% ක් විශාල අගයක් නොවුනත්, Windows 11 තවමත් සාපේක්ෂව නව මෙහෙයුම් පද්ධතියක් වන අතර, ඉදිරි මාසවලදී ද එම අගය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිවනවා.Source:Gizmochina |
Google සමාගමේ දැඩි නීතිමය කටයුතු හේතුවෙන් YouTube Vanced සේවාව නවතා දැමීමට කටයුතු කරයි | Youtube Vanced කියන්නේ මේ වෙන විට අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන Android Youtube App එක සදහා ආදේශකයක් වුණ 3rd Party Mod App එකක් විදිහට සරලව හදුන්වා දෙන්න පුලුවන්. ඉතින් Android වැඩකාරයෝ අපිත් එක්ක නිතරම ඉන්න ඔබ නම් මේ වෙන විටත් දන්නවා මොකක්ද මේ Youtube Vanced App එක කියනනේ වගේම බොහෝ දුරට භාවිතා කරනවාත් වෙන්න පුලුවන්. මේ ගැන නොදන්න අයට අපි මීට පෙරYoutube Vanced Appඑක ගැන ගෙනාපු ලිපිය කියවන්න පුලුවන්.කෙසේ වෙතත් මේ අතිශය ජනප්‍රිය Youtube Vanced App එක නවතා දමන බව එහි සංවර්ධකයින් විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.Currently installed versions will work just fine, until they become outdated in 2 years or so.— Vanced Official (@YTVanced)March 13, 2022මෙයට හේතු ලෙස මොවුන් දක්වා තිබෙන්නේ Google සමාගම මගින් එල්ල වෙන නීතිමය බලපෑම් නිසා මෙලෙස Vanced Project එක ඔවුන් විසින් නවතා දමන බවයි. ඒ වගේම ඉදිරියේදි මෙම App එක Download කර ගැනිම සදහා ඔවුන් විසින් නිල වශයෙන් ලබා දී තිබෙන Links ද ඉවත් කරන බවත් ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.කෙසේ වෙතත් මෙලෙස Vanced Project එක නවතා දැමුවද මේ වෙන විටත් Youtube Vanced App එක භාවිත කරන්නන් සදහා කිසිදු ගැටලුවකින් තොරව භාවිත කළ හැකි අතර ඉදිරියේදි මේ App එක සදහා Update ලැබිම සිදු නොවෙනවා. ඒ අනුව යම් කාලසීමාවකට පසුව මේ App එක භාවිතා කිරිමේ හැකියාව නොලැබි යනු ඇත.කෙසේ වෙතත් ඔවුන් විසින් සටහන් කර ඇති ආකාරයට මෙලෙස Vanced Project එක නවතා දැමුවද ආසන්න වශයෙන් වසර 02ක් පමණ යනතුරු මේ Youtube Vanced App එක දැනටමත් භාවිත කරන පුද්ගලයන් සදහා භාවිත කිරිමේ හැකියාව ලැබෙනු ඇත.Source:The Verge |
Samsung සමාගම තම ජංගම දුරකතන නිපදවන අංශයේ නම Samsung MX ලෙස වෙනස් කිරීමට කටයුතු කරයි | පසුගිය දා Samsung සමාගම විසින් ඔවුන්ගේ Mobile Communication Division එක සමග Consumer Electronics Division එක එකාබද්ධ කරනු ලැබුවා. මෙලෙස අලුතින් එකාබද්ධ කරන ලද අංශය Samsung MX, එනම් Samsung Mobile Experience ලෙසින් හදුන්වනු ලබනවා.දෙසැම්බර් 10 වෙන දින සිට Samsung MX අංශයෙන් වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ වෙන අතර මෙහි අරමුණු අතර වඩා ගුණාත්මක User Experience එකක් හා Service එකක් සැපයිම හා Hardware & Software අතර වඩාත් හොද Ecosystem එකක් නිර්මාණය කිරිම ආදිය ප්‍රධාන වෙනවා.“We’re excited to announce the renaming of our business after decades of innovation and leadership in the mobile industry. We believe this name change will help us usher in a new era in mobile innovations where we can create even more exciting possibilities for Galaxy users.”- TM Roh, New President & head of the MX Business -මේත් සමගම Samsung සමාගම විසින්ලාස් වේගාස්හි පැවැත්වෙන Consumer Electronics Show ( CES ) 2022 සදහා සහභාගි වෙන බවත් නිවේදනය කරනු ලැබුවා. දැනට වාර්තා වෙව තොරතුරුවලට අනුව CES 2022හි දි Samsung Galaxy S21 FE එළිදැක්වීමට කිරිමට නියමිතව පවතිනවා.Source:Gizmochina |
වැසිකිලි දොරවල් වල අලවා තිබෙන රූප දැකීමෙන් නිර්මාණය වූ Android Logo එක | හැමෝම දන්න Android මෙහෙයුම් පද්ධතියේ Logo එක ගැන තමයි අද අපි කතාකරන්න යන්නේ. 2007 වර්ෂයේදී මේ Android logo එක නිර්මාණය කරනු ලබන්නේ Googleහී Graphic Designer වරියක් ලෙස කටයුතු කල Irina Block විසින්.Irina BlockAndroid Mascot, එහෙමත් නැත්නම් Android Logo එක හදුන්වන්නAndy,Bugdroidවගේ නම් කිහිපයක්ම භාවිතා වෙනවා. මේ Andy කියන නම එන්න හේතුව නම් Android මුලාරම්භයට දායක වූ Andy Rubin. කෙසේ වෙතත් මේ Android Mascot ට Google සමාගමෙන් official Name එකක් නම් තවම ලබා දීලා නැහැ. ඉතින් මේ Andy ගෙන් රොබෝවරයෙක්ව තමා නිරූපණය වෙන්නේ. එලෙස ලොගෝව මගින් රොබෝවරයෙකු නිරූපණය විය යුතු බවට නිර්මාණයේදී තමන්ට ඉහලින් උපදෙස් ලැබුණ බව Irina සදහන් කරලා තියෙනවා.මෙහි විශේෂම කරුණ නම් Irina හට මේ Andy ගේ මූලාකෘතියට අදහස පහල වෙලා තියෙන්නේ bathroom දොරවල් තුල ගැහැණු හා පිරිමි ලෙස අලවා තිබෙන රූප දැකීමෙන් වීමයි.තවත් කරුණක් නම් Google සමාගම මේ Android Mascot ව නිර්මාණය කරන්නේ Open-Source Project එකක් ලෙසට. එනම් Android Mascotගේ මූලාකෘතිය Creative Commons 3.0 Attribution License එක යටතේ ඕනෑම කෙනෙකුට වෙනස් කිරීමට හැකියාව ලැබීමයි. ඉතින් අපේAndroid වැඩකාරයෝ logoඑක නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ Android Mascot ඇසුරෙන්.2007 වර්ෂයේ නිර්මාණය කරන Android Mascotව මූලිකව අවස්ථා දෙකකදී වෙනස් කිරීම්වලට ලක්වුණා. අවසාන වශයෙන් වෙනස් කිරීමට භාජනය වූයේ 2019 වර්ෂයේදීයි. 2019 දී සිදුවූ වෙනස් වීමේදී අපේ Andy ට ඔහුගේ ශරීරය අහිමි වෙනවා.එදා සිට මේ දක්වා සිදුවූ වෙනස්කම්2007 වර්ෂයේදී මේ Android logo එක නිර්මාණය කිරීමෙන් වසර කිහිපයකට පසුව Google සමාගම හා Irina හට මෙම Android logo එක, 1990 වර්ශයේ නිකුත් වූGauntlet: The Third Encounterනම් කන්සෝල් ක්‍රීඩාවේ එන Game Character එකකින් සොරකම් කරා යැයි ප්‍රබල චෝදනාවක් එල්ල වෙනවා.Gauntlet: The Third Encounter ක්‍රීඩාවේ එන Game Character එකමෙම Game Character එකත් Android ලෙසම නම් කර තිබීමත් තවත් එක සැකයක් මතුවෙන කාරණාවක්. කෙසේ වෙතත් මෙම චෝදනාව Irina තරයේ ප්‍රතික්ශේප කල අතර Android Logo එක තමන් හා තම කණ්ඩායමේ ස්වනිර්මාණයක් බව වැඩිදුරටත් සදහන් කර තිබුණා.ඔන්න එහෙනම් අපි අද Android Logo ගැන සෑහෙන දේවල් ටිකක් කතා කරා. එහෙනම් මේ වගේ ලිපියකින් ආපහු හම්බෙමු.Sources:nytimes.comengadget.com |
සමාජ මාධ්‍ය අවහිරය හවස 3:30 සිට ඉවතට | ඔබ දන්නා පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා රජය විසින් සියලුම සමාජ මාධ්‍යයන් අවහිර කිරිමට ක්‍රියා කර තිබෙනවා. එලෙස සමාජ මාධ්‍යයන් අවහිර කර තිබුණත් බොහෝ දෙනා VPN යොදා ගනිමින් නැවත් සමාජ මාධ්‍යයන් වෙත ප්‍රවේශ වෙන්න කටයුතු කර තිබෙනවා.මීට පෙරඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වෙන නාමල් රාජපක්ෂ මහතා විසින් ද මෙලෙස සමාජ මාධ්‍යයන් අවහිර කිරීම නිශ්ඵල ක්‍රියාවක් බව Twitter සටහනක් ඔස්සේ පළ කර තිබුණ බවත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට නැවත සමාජ මාධ්‍යයන් වෙත ප්රවිශ්ඨ විමට ඉඩ දෙන දැනුම් දී තිබෙන බවත්අප ඔබ වෙත ගෙන ආවා.ඒ අනුව මේ වෙන විට නිවේදනය කර ඇත්තේ අද (03) සවස 3.30න් පසු සියලු සමාජ මාධ්‍ය අවහිර කිරිම් නවතා දමන බවයි. ඒ අනුව අද සවස 3.30න් පසු නැවත සාමාන්‍ය පරිදි සමාජ මාධ්‍යයන් වෙත ප්‍රවේශ විමේ හැකියාව ලැබෙනු ඇත.Source :News 1st |
Redmi Note 10 ජංගම දුරකතන මාලාව මෙම වසරේ මාර්තු මස එලිදක්වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි | Xiaomi සමාගම විසින් පසුගිය වසරේ නිකුත් කරපු Redmi Note 9 Series එක කියන්නේ විශාල වශයෙන් Smart Phone Market එක තුල ජනප්‍රිය වු Series එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තවමත් ලංකාවේ වෙළදපොල තුල මේ Series එකේ අලෙවිය ඉහලින්ම සිදු වෙනවා.මේ වන විට Xiaomi සමාගමේ India Managing Director and Global VP වෙනManu Kumar Jainමහතා Redmi Note 10 Series එක පිළිබඳ නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඔහු විසින් පළ කරන ලද Twitter සටහනට අනුව Redmi Note 10 Series එක මාර්තු මාසයේදි එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.? ??? ??????, ? ??? ??????? ???? ?? ??????????!#RedmiNote10series is from another orbit & it's arriving early March this year! ?Brace yourselves for a#10on10experience! RT if you want to know more. ?I ❤️#Redmi#RedmiNote?#Launchpic.twitter.com/rRMWkejnI4— Manu Kumar Jain (@manukumarjain)February 10, 2021මොහු මේ බව ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ Teaser Video Clip එකක් සමගම පල කර තිබෙනවා. ඒ අනුව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ Note 10 Series එක මගින් සුවිශේෂී Smooth Experience එකක් ලබා දෙනු ඇති බව. ඊට අමතරව High Refresh Rate එකකින් යුතු Display එකක් අඩංගු වනු ඇති බව මේ Teaser Video Clip එකට අනුව කියන්න පුළුවන්.මේ Redmi Note 10 Series එකේ දි අපිට ප්‍රධාන වශයෙන් Devices දෙකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ Redmi Note 10 හා Note 10 Pro කියන Devices දෙකයි. දැනට තියෙන තොරතුරුවලට අනුව Note 10 Device එක 4G Connectivity එක සමගිනුත් Note 10 Pro Device එක 5G Connectivity එක සමගිනුත් වෙළදපොලට නිකුත් කරන්න ඉඩකඩ පවතිනවා.Note 10 Device එක 4GB හෝ 6GB ලෙස RAM Options දෙකකින් 64GB Internal Storage එකක් සහිතව White, Green හා Gray කියන Coloursවලින් එළිදක්වෙන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. Note 10 Pro Device එක 6GB හෝ 8GB RAM Options දෙකකින් යුතුව 64GB හෝ 128GB කියන Internal Storage Options දෙකෙන් යුතුව Bronze, Blue හා Gray කියන Colors වලින් එළිදැක්වෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්.මාර්තු මාසයේදි නිකුත් විමට නියමිත මේ Redmi Note 10 Series එක පිළිබඳ ඉදිරි දිනවලදි තවත් නිල තොරතුරු පළවනු ඇත.Source :Gizmochina |
Windows 10 Updates ගැන අපි නොදන්න දේ | Windows 10 පාවිච්චි කරන/කරපු සමහරක් නිතර කියන කතා තමා Windows 10 වලට ඩේට කැපෙනව වැඩී, Windows updates හරි කරදරයි වගේ ඒව. හැබැයි ඉතින් කට්ටිය මෙහෙම කියන්න මූලිකම හේතුව Windows updates ගැන නොදැනුවත්කම.අපිලිවෙලට Windows Updates රිලීස් කරනව කියලතමා බහුතරයක් හිතන් ඉන්නේ. හැබැයි මේ ලඟදි Microsoft එකෙන් නිකුත් කල document එකක බොහොම පැහැදිලිව Windows updates වල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරල තියනව.ඒකට අනුව Windows Updates වර්ග කීපයක් තියනව.ඒවයින් ප්‍රධානම Windows update එක තමා A update එක. ඒව රිලීස් වෙන්නේ මාස හයකට වරක්. මේ තමා Redstone, October වගේ mega feature updates. මේව ගිගාබයිට් ගානක updates. මේව එන්නේ මාස හයකට වරක් නිසා කරදරයක් නෑ.අනිත් ඒවයින් පලවෙනි එක B updates. මේ B updates සෑම මසකම දෙවනි සතියේ අඟහරුවාද නිකුත් කරනව. මේ අප්ඩේට්ස් වලට කියන්නේ Quality Updates කියල. මේවයින් කරන්නේ Windows වල තියන bugs, security අවුල් fix කරන එක.මේ updates Cumulative. ඒකියන්නෙ මේ මාසේ update එකේ ඊට කලින් මාස වල fix ටිකත් එනව. ඒනිසා මාසයකupdate එක මගඇරුනම ඊලඟ මාසේ update දෙකක් ඩවුන්ලෝඩ් කරන්න ඔන වෙන්නේ නෑ.Beta updates අරං එන updates වර්ග දෙකඊලඟට තව update වර්ග 2ක් තියනව C හා D කියල. මේ updates නිකුත් වෙන්නේ සෑම මසකම තෙවන හා සිව්වන සතිවල.මේ C හා D updates කියන්නේ එක්තරා beta update වර්ගයක්. මේව අපි Check For Updates button එක ක්ලික් කලොත් මිසක download වෙන්නේ නෑ. මේ C හා D updates දෙන්නේ ඇඩ්වාන්ස්ඩ් යූසර්ලට විතරයි. හැබැයි මයික්‍රෝසොෆ්ට් එකෙන් මේ අප්ඩේට්ස් ටික අර බටන් එක ඔබන අයට ලබාදෙනව. මේ හින්ද අර බටන් එක ඔබන අයට Windows බග්ස් කියන්නේ අරුමයක් නෙවේ. ආන් ඒ අය තමා Windows 10 නරකයි කියල කෑගහන අයගෙන් බහුතරය.එකම මාසේ Check for Updates බටන් එක කීපවතාවක්ම එබුවොත් ඔයාව මයික්‍රෝසොෆ්ට් එකෙන් C හා D අප්ඩේට් සඳහා beta user කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙනව. මේකෙන් unregister වෙන ක්‍රමයක් එයාල කියන්නේ නෑ. ඒ වගේම මේක Windows Insider වලට අදාල එකක් නෙවේ. ඒනිසා ඒක එක්ක පටල ගන්න එපා.මේ updates වර්ග වලට අමතරව හදිසි bugs, security holes වලට එන updates තියනව. ඒව අත්‍යවශ්‍ය හා කුඩා updates නිසා අපිට නොදැනීම download වෙනව.අවසාන වශයෙන් කියන්න ඕන Windows updates කියන්නේ අනිවාර්යයෙන් ලබාගන්න ඕන එකක්. ඒක මගහරිනව කියන්න security threats ගනනාවකට පාරකපා ගැනිල්ලක්. |
INNO Day 2020හිදී Rollable OLED screen එකක් සහිත Oppo X 2021 Concept Phone එක දර්ශනය කරයි | ඔබට මතක ඇති මිට පෙර අපි වාර්තා කලාOppo සමාගම විසින් extendable display එකකින් යුතු ජංගම දුරකතනයක් සඳහා patent බලපත්‍ර ලබා ගැනිමපිළිබඳව. කෙසේ වෙතත් OPPO සමාගම විසින් මේ වන විට Oppo X 2021 නමින් Extendable Display එකක් සහිත Concept Smartphone එකක් පිළිබඳව තොරතුරු පල කර තිබෙනවා. මේ Smartphone එකේ Expendable Display එක Motorizedව ක්‍රියාත්මක වෙනවා. ඔවුන් මේ පිළිබඳව ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ සදහන් කර තිබෙනවා.The#OPPOX2021is the latest achievement from OPPO’s constant exploration into mobile phone form factors. It is built with a rollable OLED display measuring 6.7 inches which expands to 7.4 inches.#OPPOINNODAY20pic.twitter.com/T96DOQ8KZm— OPPO (@oppo)November 17, 2020Oppo සමාගමේ Concept Smartphone එකක් වෙන Oppo X 2021 අගල් 6.7ක OLED Flexible Display එකකින් සමන්විත වෙනවා. මේ Display එකේ Pixel Resolution එක 1175px x 2592px පමණ වෙනවා. ඒ වගේම Display එක Expend කිරිම සිදු වෙන්නේ Roll Motor powertrain එකක් මගින්. මේ මගින් දුරකථයේ Display එක එක් පැත්තකට Expend විම සිදු වෙනවා. මෙලෙස Full Expend වු විට Display Size එක අගල් 7.4 දක්වාත් Pixel Resolution එක 1785 x 2592 දක්වාත් වැඩි විම සිදු වෙනවා.Oppo සමාගම විසින් මෙය Rollable Concept Phone එකක් ලෙස හදුන්වා. ඒ වගේම මෙහි Display එක Expend විම සිදු කරන Powertrain එක Motors දෙකකින් සමන්විත වෙනවා. මේ ක්‍රමය නිසා අපිට මේ Smartphone එකේ Display එකේ Folds හෝ Bends දකින්න හැකියාවක් ලැබෙන්නේ නැ. ඒ වගේම ඔවුන් විසින් සදහන් කරන මෙහි ඇති OLED Display එක සාමාන්‍ය OLED Panel එකක් නොවන අතර මෙය නැමිම්වලට ඔරොත්තු දෙන ආකාරයේ 2-in-1 Plate එකකින් සමන්විත OLED Panel එකක් වෙනවා.තවමත් මේ Oppo X 2021 Concept Smartphone එකේ Internal Specifications පිළිබඳව තොරතුරු නිකුත් වි නැ. හැබැයි බොහෝ විට මෙය Under Display Selfie Camera Setup එකකින් හා 48MP Triple Lens Camera Setup එකකින් යුතු Rear Camera එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.ඊට අමතරව IceUniverse විසින්ද මේ පිළිබඳ Twitter පණිවුඩයක් තබා තිබුණා.pic.twitter.com/rhoApUh05q— Ice universe (@UniverseIce)November 17, 2020Sources :Beebom,The Verge |
iPhone 14 Pro සහ Pro Max සඳහා වන Hole-Punch displays සැපයීම LG සහ Samsung සමාගම් වලින් බවට තොරතුරු වාර්තා වේ | ඔබට මතක ඇති මීට දින කිහිපයකට පෙර අපි විසින් ඔබ වෙත තොරතුරු ගෙන ආවා Apple සමාගම විසින් මිලග වසරේ නිකුත් කිරිමට සුදානමින් සිටින ඔවුන්ගේiPhone 14 Series එකේ iPhone 14 Pro Device එක Punch Hole Display එකකින් යුතුව නිකුත් කිරිමට සුදානමින්සිටින බවට තොරතුරු වාර්තා වෙන බව.ඒ පිළිබඳ වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව අපිට iPhone 14 Pro Device එක Punch Hole Display එකකින් යුතු වෙනු ඇතැයි වැඩි දුරටත් බලාපොරොත්තු තබා ගත හැකි වෙන අතර ඒ නවතම වාර්තාවලින් මේ iPhone 14 Pro Device එක සදහා අවශ්‍ය Punch Hole Display Samsung හා LG සමාගම් මගින් සපයන බවට හෙළි විමත් සමගයි.Image - MacRumorsඉට අනුව Samsung සමාගම විසින් iPhone 14 Pro Device එක සදහා අගල් 6.1ක Hole-punched Display Panels සපයනු ඇති අතර iPhone 14 Pro Max සදහා LG සමාගම විසින් අගල් 6.7ක Hole-punched Display Panels සපයනු ඇත. කෙසේ වෙතත් iPhone 14 Series එකේ Base Model එක වෙන iPhone 14 හා iPhone 14 Mini සදහා iPhone 13 Series එකේ මෙන්ම සුපුරුදු පරිදි Apple සදහා ආවේණික Notch එක සහිත Display යොදා ගනු ඇත.කෙසේ වෙතත් Apple සමාගම විසින් මේ ආකාරයෙන් ඔවුන්ගේ Devices සදහා Hole Punch Display යොදා ගැනිම තුලින් Face ID පහසුකම එම Devices සදහා ලබා දෙන්නේ කෙසේ දැයි විශාල ප්‍රශ්නයක් පැණනැගෙනු ලබනවා. Apple සමාගම විසින් Face ID පහසුකම ලබා දිම සදහා Multi-sensor Setup එකක් යොදා ගනු ලබන අතර ඉට Flood Illuminator, Dot projector හා IR camera ආදිය අයත් වෙනවා.Face ID පහසුකම ලබා දිමට නම් මෙම Multi-sensor Setup එකත් අනිවාර්යෙන්ම අඩංගු විය යුතු අතර මෙලෙස දැනට පළවෙන තොරතුරුවලට අනුව ඔවුන් විසින් iPhone 14 Pro Devices සදහා Hole Punch Display යොදා ගැනිමට බලාපොරොත්තු වේ නම් මෙම Multi-sensor Setup එක අනිවාර්යෙන්ම Under Display Setup එකක් ලෙස ලබා දෙනු ඇතැයි දැනට පළ වෙන තොරතුරුවලට අනුව කියන්න පුළුවන්.Sources:MacRumors,Gizmochina |
අනාගතේට හරි පාර කියාදෙන Roadmap.sh | Android වැඩකාරයෝ අපත් සමග එකතු වි සිටින ඔබ බොහෝ දෙනෙකුම IT ක්ෂේත්රය දෙසට යම් හෝ නැඹුරුවක් දක්වන බව නොරහසක්. ඉතින් ලංකාවේ බොහෝ දෙනා ආසයි මේ IT ක්ෂේත්රය පැත්තෙන් ඉස්සරහට යන්න.ඒත් මූල්‍යමය ගැටලු වගේම, හරි මග පෙන්වීමක් නොමැති නිසා ඔවුන්ට හරියාකාරව තමන්ගේ පාර සොයා ගැනීමට අපහසු වෙනවා. ඉතින් මේ ලිපිය ඔස්සේ සුදානම් වෙන්නේ IT ක්ෂේත්රය පැත්තෙන් ඉස්සරහට යන්න කැමති නම් ඔයාගේ අනාගතය ඔයාටම Plan කර ගන්න, හරි විදියට පාර පෙන්වන වෙබ් අඩවියක් ගැන කෙටියෙන් හදුන්වා දෙන්නයි. මේ අඩවිය තමයිroadmap.shකියන වෙබ් අඩවිය. ඉතින් මේ වෙබ් අඩවියේ දැනට Role Based සහ Skill Based යන කොටස් දෙක වෙත දැනට භාවිතා වන Technologies කිහිපයක් සරලව සියලු විස්තර සහිතව මග පෙන්වීම් කර තිබෙනවා.Image : roadmap.shofficial Twitter Accountඒ අතර Front End develper, Backend Developer, DevOps, QA developer, Software Architect වැනි පුළුල් පරාස දක්වා විහිදෙන රැකියා වලට අවශ්‍ය මග පෙන්වීම විස්තර සහිතව ලබා දෙනවා. ඒ වගේම React, Spring Boot, Node Js, Java මුල සිට අග දක්වා ඉගෙන ගැනීමට අවශ්‍ය මාර්ගය ඉතා පැහැදිලිව අප වෙත ගෙන එනවා. මෙම වෙබ් අඩවිය ඉතාමත් වේගයෙන්ම යාවත්කාලීන වන නිසා අපගේ රැකියාවලට හෝ ඉගෙනුමට අදාලව අප දැනගත යුතු පරාසය ඉතා හොදින් අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසෙනවා.එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක් ! |
QR Code එකෙන් Whatsapp contacts Add කරගැනීමට හැකි නව feature එකක් | Latest WhatsApp Beta version එකේදී අපිට පුලුවන් වෙනවා QR Code එක Scan කරලා Contacts Add කරගන්න. මේ Feature එක iOS සහ Android දෙකේම Beta version එකේදී අපිට හොයාගන්න පුළුවන් App Settings menu එකේදි. මෙතනදි අපේ Code එක අපිට බලාගන්නත් අනිත් users ලගෙ Code අපිට scan කරගන්නත් පුළුවන්. මේ QR code එක Revoke කරගන්නත් පුළුවන් අපිට අපි Number එක දෙන්න අකමැති කෙනෙක්ට Share වෙලා තිබ්බොත්.මේක Minor Feature එකක් , නමුත් වෙලාවකට Contacts Add කර කර ඉන්න එක වදයක් නිසා ලග ඉන්න කෙනෙක්ට අපිට ටග්ගාලා Photo එකක් Video එකක් හෝ Document එකක් Share කරගන්න නම්බර් එක අහ අහ ඉන්න දෙයක් නෑ QR code එක scan කරලා ඉතා ඉක්මනින් ඒ අවශ්‍ය Document එක යවන්න පුළුවන් අපිට. මෙතනදි instantly Number එක View කරලා අපිට Documents යවන්න පුළුවන් උනාට Contact එක Save කරගන්න අපිට Normal procedure එක use කරන්න වෙනවා.මේ Feature එක දැනට Beta තිබුනට Main App එකේදි මේක කවදා දකින්න පුළුවන් වෙයිද කියලා නෑ. තමන්ට අවශ්‍ය නම් මේ Link එකෙන් ගිහින් WhatsApp Beta එකට Join වෙන්න පුළුවන්. නමුත් iOS Beta එක නම් ආරන්චි වුනු විදියට Closed. |
Xiaomi සමාගම virtual ආකාරයට RAM එක වැඩි කර ගත හැකි RAM extension පහසුකම හඳුන්වා දීමට සූදානම් වේ | මේ වෙන විට සැම Smartphone Manufacture සමාගමක් මෙන්ම ඔවුන්ගේ Smart Phone සදහා 4GB හෝ 6GB RAM එකක් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් Multitasking මෙන්ම ඉහල Performance එකක් ද ලබා ගැනිමට නම් බොහෝ විට Mid-range හෝ Flagship Smart Phone එකක් භාවිත කිරිම සිදු කල යුතුම වෙනවා.නමුත් බොහෝ දෙනා භාවිත කරන Entry Level හෝ Budget Smartphone මගින් Multitasking කටයුතු සිදු කිරිම අපහසු වෙනවා, ඒ වගේම හොද Performance එකක් Device එකෙන් ලැබෙනුයෙත් නැ. මේ සදහා මුලික වශයෙන්ම එම Smartphones වල පවතින අඩු RAM ධාරිතාව හේතු වෙනවා. කෙසේ වෙතත් Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Devices වල මේ ගැටලුව සදහා මේ වෙන විට සාර්ථක විසදුමක් ඉදිරිපත් කර තිබෙනවා.Xiaomi සමාගමේ Tipster කෙනෙක් වෙන Kacper Skrzypek විසින් මේ සදහා Memory Extension නම් නව Feature එකක් හදුන්වා දි තිබෙනවා. මේ මගින් Smartphone එකේ Storage එකේ කොටසක් අවශ්‍ය විටක Virtual RAM එකක් ලෙස භාවිතයට ගැනිම මේ මගින් සිදු වෙනවා.එනම් මේ මගින් Smartphone එකේ Storage එක Virtual RAM එකක් ලෙස භාවිතයට අවස්ථාව ලැබෙන අතර මේ වසර මුලදි නිකුත් කල Vivo X60 Series එක සදහා හදුන්වා දෙනු ලැබු Extended RAM Feature එකත් ද මේ ආකායෙන්ම ක්‍රියාත්මක වෙනවා. එහිදි Storage එකෙන් 3GB ප්‍රමාණයක් RAM එක සදහා වෙන් කර ඇති අතර ඒ මගින් මුලු RAM ධාරිතාවය 15GB දක්වා ඉහළ දමනු ලබනවා. මේ මගින් Smartphone එකේ උපරිම Performance එකක් වගේම හොද Multitasking Experience එකක් ගැනිමට ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම Windows තුලත් මේහා සමානම ReadyBoost නම් Feature එකක් ලබා දි තිබෙනවා.කෙසේ වෙතත් මේ Memory Extension Feature එක MIUI වෙත හෝ Xiaomi Devices වෙත ලබා දෙන දිනයක් පිළිබඳව නිශ්චිතවම සදහනක් නොමැති වුවත් මෙය අඩු RAM සහිත Xiaomi Smartphone භාවිත කරන පරිශිලකයින්ට නම් ඉතා සුබ ආරංචියක් වෙන බව නිසකයි. ඒ වගේම මේ Feature එක අඩු RAM ධාරිතාවක් සහිත Devices වලට සිමා නොවි ඔවුන්ගේ High End Flagship Devices සදහාත් ඉදිරියේ මෙය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.Source :Android Authority,Kacper Skrzypek |
iOS 16 Public Beta එක install කරන්නේ මෙහෙමයි | Apple සමාගම විසින් ලොවම මවිත කරවමින් නව උපාංග හා විශේෂාංග හඳුන්වා දෙමින් ඔවුන්ගේ WWDC 2022 Event එක පැවැත්වූවා. WWDC 2022 Event එකේදී ඉතා වටිනා සහ සුවිශේෂී ස්ථානයක්Apple "ios16"වලට ලැබුණා. මාසයක් තුළ Developer Beta තුනක් නිකුත් කිරීමෙන් පසුව දැන් Public Beta එකක් නිකුත් කර තිබේ.මේ හරහා ඔවුන් WWDC 2022හිදී සඳහන් කළ පරිදි iOS 16හි නව විශේෂාංග ද පරීක්ෂා කිරීමට හා අත්දැකීමට ඉඩ සලසා තිබේ. නව විශේෂාංග නිකුත් වීමට ත් පෙර අත්හදා බලන්නට කැමති "iPhone වැඩකාරයෙක්" නම් නිවැරදි ලිපියකට තමයි ඔබ ඇවිත් තියෙන්නේ.අපි එය ඔබගේ iPhone එකට භාවිතා කරන අයුරු පහතින් බලමු. එසේම iPad OS 16 Public Beta එකද මේ අයුරින් ඔබගේ iPad එකට ලබා ගන්නට හැකිය එසේමiOS 16 සහය දක්වන iPhone Model 19අපි පෙර ඔබට වාර්ත කලා.විශේෂයෙන්ම,iOS 16 Beta දා ගන්නට පෙර ඔබගේ iPhone එකේData Backupකරන්න. Beta Version එකක් නිසාවිවිධ විදියේ Bugs තියෙන්නට පුළුවන්. ඒක ඔබගේ දෛනික වැඩකටයුතුවලට බාධාවක් වෙන්නත් පුළුවන් ඒ නිසා අපි Recommend කරන්නෙ මේකට පුළුවන්නම් තමන්ගේ Primary Device එක භාවිතා නොකර වෙනත් iPhone එකක් භාවිතා කරන්න කියලා. ඒ වගේම යම්කිසි හේතුවක් මත ඔබේ Update එක Fail වුනොත් ඔබගේ Data Backup එක හරහා Restore කර ගැනීමට හැකියාව ලැබෙන නිසා.Back up කරන ක්‍රමය1. Settings -> Your Profile (Apple ID) -> iCloud2. iCloud Backup->“Back Up this iPhone” toggle එක ක්ලික් කරන්නඔබ ඔබගේ දත්ත Manually Backup කරන්නේ නම්, USB Cable එකක් හරහා iTunes භාවිතයෙන් Backup Option එක යටතේ Backup Now ලබාදෙන්න.iOS 16 Download කරගමු1. පළමුව Safari Open කරගෙනBeta.Apple.comවෙත පිවිසෙන්න. එහි පහළට ගොස් Sign in Click කරන්න.2. මීළඟට ඔබගේ ඇපල් ගිණුමට Log වී Data Software Program Agreement එක Accept කරන්න. මීළඟට එහි පහල ඇති get started section එකෙහි ඇති"Enroll Your iOS Device"link එක click කරන්න.3. ඉන්පසුව පහළට පැමිණDownload Profile buttonඑක ලබාදෙන්න.4. දැන් ඔබට Pop-up එකක් දිස්වනු ඇත එහි"This Website is Trying to Download a Configuration Profile"ලෙස ඇති අතර එය Allow කරන්න. මීළඟට Profile Downloaded Pop-up එකෙහි Close ලබාදෙන්නiOS 16 Install කරමු1. මීළඟට ඔබගේ iphone එකෙහි settings Open කරන්න, එවිට දැක්වෙන Profile"Downloaded option"එක ලබාදෙන්න2. මීළඟට"install"ලබාදෙන්න, ඉන් පසුව මතුවන Pop-up එකේදිත්"install"ලබාදෙන්න.3. මීළඟට ඔබේ iPhone එකට Restart එකක් ඉල්ලනු ඇත."Restart"ලබා දෙන්න4. මීළඟට iPhone එක restart වන අතර Public Beta profile එක install වනු ඇත.Restart වූ පසු settings භාවිතයෙන්General->Software Updateලබාදෙන්න. එවිට iOS 16 Public Beta එක දැක්වෙන ඇති අතර එය"Download & Install"ලබා දෙන්න.රූපයේ දැක්වෙන පරිදි iPhone se2 එකට 4.8GB පමණ වැයවනවා.එය ඔබගේ iPhone Model එක අනුව තීරණය වෙනවා. මේ සඳහා ඔබගේ Internet Speed එකද බලපානවා.ඉතින් මේ අයුරින් ඔබට iOS 16 public Beta එක භාවිත කළ හැකි.iOS 16 කොහොමද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. |
Telegram එකට video editor එකක් සමඟින් අලුත් පහසුකම් රැසක් | Telegram කියන්නෙ ලෝකයේ තියෙන ජනප්‍රියම instant messaging app එකක්. ඉතින් මේ app එකට අලුත් features කීපයක් ම එකතු වෙලා තියෙනවා. Telegram සමාගම විසින් app එකට අලුත් update එකක් නිකුත් කරමින් video editor එකක්, අලුත් media player එකක් සහ GIF improvements කීපයක් එක්කම තවත් features කීපයක් එකතු කරන්නට සමත් වෙලා තියෙනවා.Video editor එකTelegram ලගෙ in-app photo editor එක ඉතාමත් කාර්යක්ෂම විදිහට perform කරනවා. ඉතින් මේ අලුත් update එකෙන් පස්සෙ video edit කිරීමෙ හැකියාවත් user ට ලැබෙනවා. Automatic enhancements, manual adjustments වගේ features මේකෙ අන්තර්ගත වෙනවා වගේම Telegram ලගෙ blog එකට අනුව මේ video editor එක තුලින් user ට තමන්ගෙ video ඒකේ brightness, saturation සහ contrast වගේ දේවල් පවා adjust කරන්න පුලුවන්.ඒ වගේම app එකෙන් ලැබෙන zoom in/out facility එක නිසා brush tool එක accurate විදිහට use කරන්නත් පුලුවන්.Animated stickers පහසුකමTelegram වලින් දුන්න අලුත් feature එකක් විදිහට මේකත් හඳුන්වන්න පුලුවන්. මෙතනදි, තමන්ගෙ photo එකකට හෝ video එකකට animated sticker එකක් add කිරීමේ හැකියාව ලැබෙනවා. ඒත් මෙතන මතක තියා ගන්න ඕන කාරණයක් තමා photo එකකට sticker එකක් add කරපු ගමන් ඒක GIF format එකට convert වෙනවා කියන දේ.GIF improvements.Telegram ලා විසින් GIF panel එකත් අලුත් කරල තියෙනවා. සුවිශේෂ ම කාරණයක් තමා GIFs වලට වෙනම trending section එකක් වෙන් කර තිබීම. ඒ වගේම users ලා පාවිච්චි කරන common reaction GIFs හොයාගන්නත් වෙනම emoji-based tab එකක් නිර්මාණය කරලා තියෙනවා.ඒ වගේම GIF panel එකට GIFs load වෙන speed එකත් improve කරන්න Telegram ලා කටයුතු කරලා තියෙනවා. මේ නිසා පෙරට වඩා ඉක්මනින් GIFs හොයා ගන්න user ට හැකියාව ලැබෙනවා.අනිත් improvementsඋඩ තියෙන improvements වලට අමතරව Telegram එකෙන් තවත් improvements කීපයක් add කරලා තියෙනවා. Android version app එකේ messages send කරද්දි, delete කරද්දි වගේම edit කරද්දිත් තියෙන animations ගොඩක් smooth වෙලා තියෙනවා. ඒ වගේම video player එක improve කරන්න Telegram ලා කටයුතු කරල තියෙනව වගේම short videos (තප්පර 30ට අඩු) ස්වයංක්‍රීයව loop වීමත් මේ update එකේ විශේෂත්වයක් විදිහට හඳුන්වන්න පුලුවන්.Source:Telegram |
පැරණි Huawei දුරකතන වල storage upgrade කිරීමේ හැකියාව ලබා දීමට සූදානම් වේ | Huawei සමාගම විසින් ඔවුන්ගේ නවතම P50 Series එක හදුන්වා දිමට කටයුතු කල අතර ඔවුන් විසින් ඔවුන්ගේ පැරණි Devices තවත් දිගු කාලයක් Usersලාට කිසිදු ගැටලුවකින් තොරව භාවිතා කිරිමේ හැකියාව ලබා දිමටත් මේ වෙන විට ක්‍රියා කරමින් ඉන්නනවා.ඒ අනුව Huawei සමාගම විසින් ඔවුන්ගේ පැරණි Devices 30කට වැඩි ප්‍රමාණයක Storage එක Upgrade කිරිමේ හැකියාව ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් දක්වා තිබෙන ආකාරයට මේ මාසයේ සිට මෙම Storage Upgrade එක සිදු කර ගත හැකි වෙන අතර අවශ්‍ය පරිදි 128GB, 256GB හා 512GB යන Storage Option සදහා Upgrade කර ගත හැකි වෙනවා.Storage Upgrade එක සදහා පැරණි Huawei Devices 30ක් පමණ සුදුසුකම් ලබා ඇති අතර මේ සේවාව ජුලි මාසයේ සිට ලබා ගත හැකි වෙනවා.ජුලි ;Huawei Mate 9 seriesHuawei Mate 10 seriesHuawei Mate RSHuawei Mate 20 seriesHuawei Mate 30 seriesHuawei P10 seriesHuawei P20 seriesHuawei P30 seriesඅගෝස්තු හා දෙසැම්බර් ;Huawei Nova 2sHuawei Nova 3 & Nova 3iHuawei Nova 4Huawei Nova 5 seriesHuawei Nova 6 seriesHuawei Nova 7 seriesHuawei Enjoy 10 seriesමේ Storage Upgrade කර ගැනිම Huawei Service Centres මගින් සිදු කර ගත හැකි අතර මේ සේවාව සදහා ආරම්භක මිල ආසන්නව ඩොලර් 57ක් පමණ වෙනවා. ඒ වගේම මේ Storage Upgrade එක මගින් පැරණි Huawei Devices කිසිදු ගැටලුකින් තොරව HarmonyOS එකට Update කිරිමේ හැකියාවත් ලැබෙනු ඇත.Source :Gizmochina |
Android ලෝකයට Apple සමාගමේ Dynamic Island රැගෙන ඒමට සැරසෙන Realme | පසුගිය දා එළිදැක්වුන නවතම iPhone Series එකත් සමග Apple සමාගම විසින් iPhone 14 Pro හා iPhone 14 Pro Max Models සදහා හදුන්වා දී තිබෙනDynamic Island Featureඑක කෙරෙහි සැම ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක මෙන්ම අවධානය යොමුව තිබෙනවා.එමෙන්ම Apple සමාගමේ iPhoneවල Features අනුකරණය කිරිම පිළිබඳව නම් දරා සිටිනXiaomi සමාගමත් මේ පිළිබඳ දැනටමත් අවධානය යොමු කරඇති බවට තොරතුරු අප ඔබ වෙත ගෙන ආවා. ඒ අනුව ඔවුන්ගේ Developersලා විසින් දැනටමත් මේ හා සමාන පහසුකමක් Xiaomi Smart Phones සදහා ලබා දීමට කටයුතු කරමින් සිටින අතර Realme සමාගමත් මේ “Realme Island” නමින් මේ Feature එක ලබා දිමට කටයුතු කරමින් සිටින බවට ඔවුන්ගේ Forum එකක් මගින් තහවුරු කර තිබෙනවා.“Can you imagine what if Realme UI added a software trick to turn the camera cutout into a multifunctional feature? The UI around the camera hole could morph into different shapes and sizes to display incoming phone calls, alerts, notifications, and more,”ඒ වගේම ඔවුන්ගේ විසින් මේ “Realme Island” Feature එක ලබා දිම සදහා Realme Userලාගේ අදහස් දGoogle Formඑකක් ඔස්සේ ලබා දීමට අවස්ථාව දී තිබෙනවා. එහිදි ඔවුන් විසින් මේ පිළිබඳ තමන්ගේ අදහස් Sketch, GIF හෝ වෙනත් ආකාරයකින් ලබා දිමට හැකියාව ලබා දී තිබෙනවා.Sources:AndroidauthorityRealme |
Terminal තොවිලය - (Intro + Lesson 1) | අමුතු නමක් දාන්න වුණේ අවධානය ගන්න තමයි. Terminal එකට තියෙන බය අමනුෂ්‍ය බයටත් වඩා වැඩියිනෙ. ඒ නිසා බලි තොවිල් කරලා හරි මේ බය යවන්න ඕන!අද පටන්ගන්න යන්නෙ Terminal තොවිලය. Terminal එකට බය, Command Line Screen වලට බය, කොටින්ම කළු පසුබිමේ සුදු අකුරු වලට බය ඔක්කොම ආතුරයෝ ටික ඇවිල්ලා මෙහෙන් සූදානම් වෙන්න. හැමෝගෙම බිය දුරු කරන්නයි යන්නෙ.එහෙනම් තොවිලෙ පටන්ගමු.මුලින්ම දැන් වෙන්න ඕන තමන්ගෙ device එකෙන් ඔය බය හිතෙන CLI එක ඕපන් කරගන්න එක. මම මෙතන කෙළින්ම දෙන්නෙ Linux වලින් නිසා, Ubuntu වගේ Linux based OS එකක හරි, Windows Subsystem for Linux දාගෙන හරි, Android device එකක් නම් Termux වලින් හරි, මොකෙන් හරි Terminal එක ඕපන් කරගන්න එක.Linux වල විතරක් නෙවෙයි, Linux වල මුත්තා Unix වලත්, මුලින්ම System එකට ලොග් වුණ ගමන් ඔයාව එක directory එකකට තමයි යොමු කරන්නෙ. Directory එකක් කියන්නෙ ෆෝල්ඩර් එකක් වගේ. මෙන්න මේ Directory එකට අපි කියනවා Current directory, home directory නැත්නම් working directory කියලා.Linux සිස්ටම් එකක නම් ඔයා ලොග් වුණ ගමන් ඔයාව අරන් යන්නෙ Home directory එකට. Home directory එක සංකේතවත් කරන්නෙ ~ මෙන්න මේ සලකුණෙන් නිසා terminal එකේ මෙන්න මෙහෙම පෙන්වනවා ඇති.yourusername@ubuntu:~$ඔතනින් ගොඩක් දේවල් කියවෙනවා.මෙන්න මේ user, Ubuntu සිස්ටම් එකට ලොග් වෙලා ඉන්නෙ, working directory එක තමයි ~ මේ, ඒ කියන්නෙ Home directory එක, $ මේකෙන් කියන්න්නෙ shell එක access කරගෙනයි ඉන්නෙ, shell commands ගහන්න ඔයාට දැන් පුළුවන් කියන එක.මෙතන ඔයා ටයිප් කරන දේවල් ඔක්කොම Case sensitive. ඒ කියන්නෙ mkdir, Mkdir, MKDIR හෝ mKdir කියන ඔක්කොම වෙනස් වෙනස් කමාන්ඩ්ස්. ඒ නිසා මතක ඇතුව කමාන්ඩ් එකේ කැපිටල්, සිම්පල් බව පරීක්ෂා කළ යුතුමයි.මෙතන මේ නිවෙන පත්තු වෙන ඉරි කෑල්ලට කියන්නෙ prompt එක කියලා. මෙතනින් ඔයාට කමාන්ඩ්ස් ලියන්න පුළුවන්. ඔය prompt එක ඔයාට දෙන්නෙ Shell එකෙන්. ඔයා Linux වල ඉන්නවා නම් ගොඩක් විට Bash Shell එකෙන්. Shell එකක් කියන්නෙ commands accept කරන, ඒ commands run කරවන, මෘදුකාංගයක්. මේ shell එකට පුළුවන් shell scripts කියන වැඩසටහන් run කරවන්නත්. Shell scripts වල තියෙන්නෙ shell commands ගොඩක් පිළිවෙලකට ලියලා. මේවට අපිට එක්තරා ආකාරයක වැඩසටහනක්, program එකක් කියලා වුණත් කියන්න පුළුවන්. මේ scripts ගැන අපි කතා කරමු ඉස්සරහට.මේ shell එක ගැන වෙනම ලිපියක් ඕනනම් කමෙන්ට් එකක් දාන්න පහළින්. මම වෙනම ලිපියක් දෙන්නම්.Unix වල ප්‍රධාන වශයෙන් වර්ග දෙකක Shells තියෙනවා.Bourne ShellsC Shellsඅපි ඉගෙනගන්න යන්නෙ මේ පළවෙනි වර්ගය ගැන. Steven Bourne තමයි sh කියන මුල්ම Unix shell එක ලිව්වෙ. පසුව ආව ගොඩක් shell වල මේ sh දෙක පෙන්වන්න හේතුවත් මේ ඔක්කොටම මුල Bourne ගෙ shell එක බව පෙන්වීම.ඔයාගෙ Linux මෙහෙයුම් පද්ධතිය එක්ක Shell කීපයක් දාලා එවනවා වුණත් මූලික වශයෙන් අපි නිරතුරුව පාවිච්චි කරන්නෙ bash shell එක. මේක ලිව්වෙ Free Software Foundation එක විසින්. මේ FSF එක කාගෙ අදහසක්ද කියලා මතකනෙ?Linux වෙනුවෙන් අඩිතාලම දැමූ Richard Stallmanඅද අපි කතා කරන්න යන්නෙ විශේෂ පුද්ගලයෙක් ගැන. Software කියන්නේ නිදහසේ භාවිතාකරන්න සහ ඒවා තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරන්න වගේම බෙදාහදාගන්න නිදහස තිබිය යුතුදෙයක් කියලා ලොකු හඬක් නැඟුව සහ ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ බොහොම වටිනකෙනෙක් ගැන. අද අපි නොමිලේ භාවිතා කරන Linux පාදක මෙහෙයුම් පද්ධති බි…Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerPrabhash JayaweeraBash කියන්නෙ Bourne Again Shell කියන එකයි. මේ shell එක තමයි Linux වල default shell එක විදියට පාවිච්චි වෙන්නෙ. මුලින්ම Linux Terminal එක ඕපන් කරපු ගමන් ඔයාට prompt එක පෙන්නන්නෙ මේ Bash shell එක. Terminal එක ඕපන් කරලා තියෙන තාක් මේ bash shell එක දිගටම ක්‍රියාත්මකව පවතිනවා.මුලින්ම මතක තියාගත යුතුයි, ඕනම bash command එකකට options සහ arguments කියන ඒවා තියෙන්න පුළුවන්. ඒවා ලියවෙන්නෙ command එකට පිටිපස්සෙන්.ls කියන්නෙ bash command එකක්. ඒකෙන් වෙන්නෙ අපි දැන් වැඩකරන directory එකේ තියෙන දේවල් terminal එකේ print කරලා අපිට පෙන්වන එක. මේ command එකටම පිටිපස්සෙන් -al කියන option එක දුන්නමls -alඒකෙන් කලින්ට වඩා විස්තර සහිතව වෙනස් Output එකක් ඔයාට බලාගන්න පුළුවන්.ඉස්සරහට මේ commands, arguments ගැන කියවෙන නිසා ඒ මොනාද කියලා මතක තියාගන්න එක වැදගත් වෙනවා.හොඳයි, මෙතනින් අපි Intro එක නවත්වලා Bash commands ටිකක් ඉගෙනගන්න යමු!උදව් ලබාගනිමු - manඔයාට අවශ්‍ය bash command එකක manual page එක ඕපන් කරගන්න හැටි අපි මුලින්ම ඉගෙනගනිමු. ඔයා නොදන්න bash command එකකින් වෙන දේ මොකක්ද සහ ඒ හා සම්බන්ධ බොහෝ විස්තර ඔයාට මේකෙන් ලබාගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි බලමු ඔයා වැඩ කරන directory එකේ තියෙන දේවල් බලාගන්න භාවිතා කරන ls command එකේ manual page එක බලාගන්නෙ කොහොමද කියලා. ඔයාගෙ terminal එකේ මේක ගහලා බලන්න.man lsමේ man command එක පසුපසින් ඔයාට ඕන කමාන්ඩ් එක ලියන්න ඕන.man page of ls commandතේරෙන්න ඇතිනෙ පිළිවෙල. මේ command එක ගොඩක් වැදගත් වෙනවා ඕනම කෙනෙක්ට. Manual page එකෙන් ඉවත් වෙන්න q අකුර සහිත key එක ඔබන්න.whichමේකෙන් අපිට command එකක path name එක බලාගන්න පුළුවන්. මේකෙන් වෙන්නෙ කමාන්ඩ් එකට අදාළ environmental variable එක හොයලා absolute path එක මොකක්ද කියලා user ට පෙන්වන එක. මේකෙ වැඩි විස්තර ඔයාට අවශ්‍ය නම් කලින් දැනුම භාවිතා කරන්න. man which කියලා ටයිප් කරලා enter ඔබන්න. එතකොට බොහෝ විස්තර ලබාගන්න පුළුවන්.දැන් මේ කමාන්ඩ්ස් උත්සාහ කරලා බලන්න. Output එක අධ්‍යනය කරලා මේකෙන් වෙන දේ මොකක්ද කියලා අවබෝධයක් ලබාගන්න.which shwhich bashwhich lswhich cdwhich nanowhich touchමං හිතන්නෙ දැනටමත් Terminal බිය ටිකක් අඩු වෙලා ඇති. අද මීට වඩා කමාන්ඩ්ස් කියලා දෙන්නෑ. මම හිතන් ඉන්නෙ bash scripting, perl scripting වලටම කියලා දෙන්න. ඊළඟ පාඩමෙන් මුණගැහෙමු.Terminal තොවිලය - (Lesson 2)අපි අපේ කලින් තොවිලෙන් ගොඩක් බය අඩු කළා. අද මේ උත්සාහය ඔයාව අලුත් commandsටිකකින් සවිමත් කරවන්න. Bash commands ඉගෙනගන්න තරමට ඔයාගෙ Terminal බිය අඩු කරගන්න පුළුවන් වෙනවා. අපි අදකමාන්ඩ්ස් 10ක් සහ ඒවයින් මොනාද වෙන්නෙ කියලා ඉගෙනගනිමු. හැබැයි, මේක කියවලා විතරක් නම් මුකුත් වැඩක් වෙන්නෙ නෑ. ඔයා මේවා Te…Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerPrabhash Jayaweera |
Apple Music සේවාව හරහා Lossless music ලබාදීම හේතුවෙන් Spotify HiFi streaming ප්‍රමාද වන ලකුණු | ඔබට මතක ඇති මේ වසර මුලදි Spotify ආයතනය විසින්HiFi Streaming පහසුකම තම Usersලා සදහා ලබා දිමට සුදානමින්සිටින බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා. කෙසේ වෙතත් තවමත් Spotify මේ පහසුකම ලබා දිමට කටයුතු කර නොමැති වු අතර Apple සමාගම විසින් ඔවුන්ගේ Music Streaming Service එක වෙන Apple Music සදහා කිසිදු අමතර සේවා ගාස්තුවකින් තොරව HiFi Lossless Audio Stream කිරිමේ හැකියාව ලබා දිමට කටයුතු කරනු ලැබුවා.Spotify ආයතනය විසින් HiFi Streaming පහසුකම හදුන්වා දිමට සුදානම් විමේදි තොරතුරු වාර්තා වුයේ මෙය ඔවුන්ගේ Premium Usersලා සදහා Add On Feature එකක් ලෙස අමතරව මුදල් ගෙවා ලබා ගැනිමට යුතු සේවාවක් ලෙස හදුන්වා දිමට සුදානමින් සිටන බවයි. කෙසේ වෙතත් ඔවුන් මේ සදහා සේවා ගාස්තු ප්‍රකාශයට පත් නොකළ අතර මේ වසර අවසානය වෙන විට තොරාගත් රටවල් සදහා ලබා දිමට සුදානම් බවත් දන්වා සිටියා.මේ වෙන විට වාර්තා වෙන තොරතුරැවලට අනුව තවමත් Spotify සදහා HiFi Streaming පහසුකම නොලැබිමට ප්‍රධාන හේතුව ලෙස Apple සමාගම විසින් ඔවුන්ගේ Music Streaming Service එක සදහා කිසිදු අමතර සේවා ගාස්තු අය කිරිමක් නොමැතිව HiFi Streaming පහසුකම හදුන්වා දිම සදහන් කරන්න පුළුවන්. ඒ අනුව මේ වෙන විට Spotify ආයතනයත් කිසිදු අමතර සේවා ගාස්තුවකින් තොරව HiFi Streaming පහසුකම හදුන්වා දිමට සුදානමින් සිටින බැවින් තවමත් මෙය Spotify Usersලා සදහා ලබා දිමට ප්‍රමාද වෙන බව කිය හැකියි.කෙසේ වුවත් Spotify ආයතනයත් Apple සමාගමේ අඩිපාරේම යමින් Spotify Music Streaming Service එක සදහාත් HiFi Streaming පහසුකම නොමිලේ ලබා දිමේ වැඩි ඉඩක් පවතින බව අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්.Source:9to5 google |
Mid-Range ජංගම දුරකථන සඳහා 5G සහය ලබාදීමට MediaTek ආයතන විසින් Dimensity 800U chipset එක එලිදක්වයි | Dimensity chipsets එකත් සමග MediaTek විසින් ඔවුන්ගේ නව 5G Chipset එකක් වෙන Dimensity chipset එක පසුගිය දිනක හදුන්වා දුන්නා. මේ Dimensity chipset එක කියන්නේ Mid-Range Devicesවලටත් 5G Connectivity ලබා දිමට බෙහෙවින් වැදගත් වෙන Chipset එකක් කියන්න පුළුවන්. මේ Dimensity 800U chipset එක නිසා අඩු Cost එකකින් 5G Connectivity එක Mid-Range Smartphone සදහා ලබා දෙන්න හැකියාව ලැබෙනවා.ඔවුන් මේ Chipset එක ගැන මේ ආකාරයේ කෙටි හැදින්විමක් දක්වලා තියෙනවා.වැඩි විස්තරමෙතනින්.“Ultra-Connected Dual 5G chip that Balances Immense CPU Speeds with an Efficiency-Focused Design"Dimensity 800U කියන්නේ 7nm TSMC FinFET ක්‍රියාවලිය මගින් සැකසු Octa-core Chipset එකක්. මෙය 2.4GHz ARM Cortex-A76 Cores දෙකකින් හා 2.0GHz Cortex-A55 cores හයකින් සමන්විත වෙනවා. ඒ වගේම මෙහි Mali-G57 MC3 GPU එකක්ද දක්නට පුළුවන්.සමගම 5G Modemමය පැමිණෙන අතර මේ නිසා Dual-SIM Dual-Standby, Dual-mode 5G (SA/NSA) හා Carrier Aggregation සදහා සහය දක්වනවා. මේ සියල්ලටම MediaTek හි 5G UltraSave තාක්ෂණයෙන් සහය ලබා දිලා තිබෙනවා.මේ Chipset එකට Camera හා Security Enhancement සිදු කිරිමට වෙනම ක්‍රියාකරන Independent AI processing unit (APU) එකක් ඇතුලත් වෙනවා. එය 12GB දක්වා 2133MHz LPDDR4x වර්ගයේ RAM සදහා ද UFS 2.2-type Internal Storage සදහාද සහය දක්වනවා. ඒ වගේම මේ Chipset එක නිසා Mid-Range Smartphoneවලට 120Hz Refresh Rate එකක් සහිත Display ලබා දිමටත් හැකි වෙනවා. ඒ වගේම Full-HD+ හා MediaTek හි MiraVision තාක්ෂණය මගින් HDR10+ සදහාද මේ Chipset එක හොදින් සහය දක්වනු ඇත.ඒ වගේම මේ Chipset එකෙන් Single 64MP sensor හෝ 20MP+16MP Dual-camera Setup එකක් දක්වා ඉතා හොදින් Perform කරන්න පුළුවන්. මිට අමතරව මේ Chipset එක මගින් 4K video Recording, HDR-ISP, Multi-frame noise reduction හා තවත් ගොඩක් Camera features අපිට භාවිත කරන්න අවස්ථාව Mid-Range Device එකකින් ලැබෙනවා.විශේෂයෙන්ම මේ Chipset එක හරහා Mid-range Devices වෙතද 5G තාක්ෂණය ගෙන ඒමට එහි නිෂ්පාදකයාට හැකි වෙනවා. ඒ තුලින් අපිටත් Flagship Device එකකටම යන්නේ නැතුව 5G Experience එක වගේම හොද Features තියෙන Mid-range Device එකක් පාවිච්චි කරන්නත් අවස්ථාව ලැබෙන බව කියන්න පුළුවන්.Sources :Beebom,MediaTek |
ඉන්දියාවේ නිෂ්පාදිත OnePlus Nord 2 මාදිලියේ ජංගම දුරකතනයක් පුපුරා යයි, OnePlus සමාගම විමර්ෂණ ආරම්භ කරයි | OnePlus Nord Series එක යටතේ නිකුත් වු නවතම Device එක වෙන OnePlus Nord 2 Smart Phone එක මිලදි ගත් ඉන්දියානු පුද්ගලයෙකු විසින් ඉතා භයානක අත්දැකීමකට මුහුණ දි තිබෙනවා.බෙංගලොර්හි (Bengaluru) පදිංචි අන්කුර් ෂර්මාගේ (Ankur Sharma) බිරිද විසින් මේ භයානක අත්දැකීමට මුහුණ දි ඇති අතර ඇය විසින් මිලදි ගත් නවතම OnePlus Nord 2 Smart Phone එක පුපුරා ගොස් තිබෙනවා. ඇය මේ අවස්ථාවේදී පාපැදියේ ගමන් කරමින් සිට තිබෙන අතර ඇගේ Nord 2 Device එක ඇය සතුව තිබු බෑගය තුල පුපුරා ගොස් තිබෙනවා.මේ අනුව ඇගේ සැමියා, අන්කුර් ෂර්මා විසින් මේ සිදුවිම පිළිබඳව ඔහුගේ Twitter ගිණුම ඔස්සේ වාර්තා කර තිබෙන අතර ඔහු විසින් ඒ සමග පිපිරිමට ලක්වු Nord 2 Device එකේ ජායාරූපද පල කර තිබුණා. කෙසේ වෙතත් Oneplus සමාගම විසින් දැක්වු ප්‍රතිචාරය හමුවේ මේ වෙන විට ඔහු විසින් තම Twitter සටහන ඉවත් කර ගැනිමට කටයුතු කර තිබෙනවා.කෙසේ වෙතත් ඔහු විසින් පල කර තිබුණ Twitter සටහනට අනුව මේ Nord 2 Smart Phone එක ඔහුගේ බිරිද දින 05කට පමණ පෙර මිලදි ගෙන තිබු අතර පාපැදියේ ගමන් කර විය ඇය සතුව තිබු ස්ලිං බෑගය තුල මේ Smart Phone එක දමාගෙන ගොස් තිබෙනවා. හදිසියේම Nord 2 Smart Phone එක බෑගය තුල පුපුරා ගොස් තිබෙන අතර අධික දුමාරයක් පිට වි තිබෙනවා.පුපුරා ගොස් තිබෙන Nord 2 Devල්ice එකේ ජායාරූපවලට අනුව බොහෝ විට මේ සදහා හේතු වි ඇත්තේ Battery එක පුපුරා යාමයි. පිපිරිමෙන් Device එකේ Display එක, Back Side එක හා Battery එක විනාශ වි තිබෙනවා.Hi Ankur. We are gutted to hear about your experience. We are deeply concerned and want to make it up to you. We request you to connect to us over a direct message so that we can make amends and turn this around for you.https://t.co/Y6rHuMwu8J— OnePlus Support (@OnePlus_Support)August 1, 2021කෙසේ වෙතත් පිපිරිමට හේතු පිළිබඳව OnePlus සමාගම විසින් නිල වශයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර මේ ගැටලුව පිළිබඳව අන්කුර් ෂර්මා සමගද සම්බන්ධ වි තිබෙනවා.Sources:Beebom,Lets go digital |
ඔයාගේ Gmail එකට එන සමහර emails, Important emails විදිහට mark වෙන්නේ ඇයි? | අද වෙද්දී ලෝකයේ ප්‍රචලිතම email service එක විදිහට අපිට Google සමාගමෙන් අපිට ඉදිරිපත් කරන Gmail හදුන්වන්න පුලුවන්. ඉතින් මේ Gmail වල ඔයාලා දැකලා ඇති සමහර email වල important කියලා පුංචි mark එකක් වැටිලා තියෙනවා. හැබැයි සමහර ඒවාගේ එහෙම නැති වෙන අවස්ථාත් තියෙනවා.මොකක්ද මේකට හේතුව? සමහර ඒවා mark වෙන්නයි සමහර ඒවා mark නොවෙන්නයි.අපි බලමු ඇයි ඒ කියලා.Gmail service වලින් ඉතාමත් විශේෂ ආකාරයකට තමා මේ important mails හදුනා ගන්නේ. ඒකට එයාලා භාවිතා කරන්නේ අපි එක එක email වලට දක්වන ප්‍රතිචාර. ඒවා තමා,අපි කාටද නිතර නිතර email යවන්නෙඅපි මොනවගේ emails ද open කරලා බලන්නේඅපි නිතරම කියවන emails වල තියෙන පොදු keywordsඅපි එදිනෙදා කටයුතු වලදී star කරන්නේ, archive කරන්නේ සහ delete කරන්නේ මොන මොන වගේ emails ද කියන එක.මේ email එක අපිට විතරක්ම එවපු එකක් නම්.අපි කලින් අපිට මේ email address එකෙන් ආපු email එකක් important කියලා mark කරලා තියෙනවානම්Email එක තුල මොනවාහරි links අඩංගු වෙලා තියෙනවා නම් ඒවාගැන විස්තරඔන්න ඔය වගේ දත්ත තමා Gmail services වලින් අපෙන් එකතු කරගන්නේ, අපිට එන email එකක් අපිට important ද නැද්ද කියන එක තීරණය කරගන්න.මේවගේ විශේෂ කාර්යන් කරන්නේ මිනිස්සු නම් නෙමේ. මේ වගේ වැඩ කරන්නම සකසපු කෘතීම බුද්ධි වැඩසටහන් තමා වර්තමානයේ මේ කාර්යයට භාවිත කරන්නේ. මෙන්න මේ කාර්යය කරන විශේෂ ඇල්ගොරිතමයට කියන්නේ Google magic sauce කියලා.ඉතින් මේකෙදි ඇත්තටම කරන්නේ අපෙන් එකතු කරන දත්ත මේ කෘතීම බුද්ධි වැඩසටහන් මගින් විශ්ලේෂණයකට ලක් කරනවා.ඊටපස්සේ තමා අපිට එන emails අපිට වැදගත් ද නැද්ද කියලා පෙන්නන්නේ. මේකෙදී සමහර හේතු නිසා කෘතීම බුද්ධි වැඩසටහන් වලට මගහැරෙන අවස්ථාත් තියෙනවා.ඒක වෙන්නේ ඒ වැඩසටහනේ දෝෂයක් නිසා එහෙම නෙමේ. අපිට email එක එවන කෙනා විසින් කරන යම් යම් අතපසු කිරීම් නිසා සහ ඉහත කියපු කරුණු සම්පූර්ණ කරලා නැති නිසා.දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් Gmail services වලින් අපේ දත්ත බලනවා නේද කියලා.කෙනෙක්ට එහෙම හිතෙනවා නම් මේ පහසුකම අක්‍රීය කරන්නත් පුලුවන්කම Gmail වලින්ම හඳුන්වලා දීලා තියෙනවා.ඒකට කරන්න තියෙන්නේ Gmail වල settings වලට ගිහිල්ලා ඒකේ Inbox කියන එකට ගිහිල්ලා එහි සඳහන් විදියට පියවර අනුගමණය කරන එක.මේ ගැන තව කතා කරනවා නම් Gmail විසින් අපිට යම් කිසි email එකක් important කියලා mark වෙලා තියෙන්නේ ඇයි කියලත් බලාගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ importance mark එක උඩට mouse pointer එක ගෙනියන එකයි. |
මිනිසාට වඩා හොඳ නායකත්වයක් ලබාදීම සඳහා හැකියාව ඇති බව මානවරූපී රොබෝවරුන් සිය ප්‍රථම මාධ්‍ය හමුවේදී පවසයි | පසුගිය දිනෙක AI තාක්ෂණයෙන් බලගැන්වෙන මානවරූපී රොබෝවරුන් සහ එහි නිර්මාණකරුවන් එක්ව මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා. මෙය ජිනීවා සම්මන්ත්රණ මධ්‍යස්ථානයක පැවත්වූ අතර ඒ සඳහා මානවරූපී රොබෝවරුන් 9ක් සහභාගී වී තිබෙන අතර U.N Development ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරන ලද Sophia, මේ වන විට වඩාත්ම දියුණුම මානව සෞඛ්‍ය ආරක්ෂණ රොබොවරයා වන Grace, Desdemona, Rock Star Robot, Geminoid සහ Nadine යන රොබෝවරුන් මෙම මාධ්‍ය හමුව සඳහා සම්බන්ධ වී ඇත.AI for Good Global Summit 2023 හි ඡායාරූප කිහිපයක් │Source:apnews.comලොව ප්‍රථම මානවරූපී රොබෝවරුන් ඇතුළත් මාධ්‍ය සාකච්ඡාව ලෙස එක්සත් ජාතීන්ගේ ජාත්යන්තරච විදුලි සංදේශ සංගමය මගින් නිවේදනය කරනු ලැබූ අතර මෙම අවස්ථාව "AI for Good Global Summit 2023" හි එක් අංගයක් වූ අතර මෙහි අරමුණ වූයේ ලොව තුළ පවතින තිරසාර සංවර්ධනය සඳහා නව තාක්ෂණය සහාය විය හැකි ආකාරය නිදර්ශණය කිරීමයි.AI for Good Global Summit 2023 හි පවති මානවරූපී රොබෝවරුන් සමග සිදුකළ මාධ්‍ය සාකච්ඡාව │Source:ITU - YouTubeමෙහිදී මාධ්‍යවේදීන් විසින් මතුකළ ප්‍රශ්න සඳහා මානවරූපී රොබෝවරුන් ලබාදුන් පිළිතුරු සලකන විට එහි සඳහන් වන්නේ, ඔවුන් කිසිසේත්ම ඉදිරියේදී මානව රැකියා ප්‍රතිස්ථාපනය කිරීමක් සිදු නොකරන බවත් ඔවුන් මගින් වඩා කාර්යක්ෂම ප්‍රතිඵල ලබාගත හැකි බවත් සඳහන් කරන ලදී. එමෙන්ම AI මගින් බලගැන්වෙන රොබෝවරුන් වඩා ඵලදායී රාජ්‍ය නායකයන් වීමේ සම්භාවිතාවය කෙසේද යන්න විමසූ අවස්ථාවේදී Sophia ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ ඔවුන් මානව නායකයින්ට වඩා ඉහල මට්ටමේ කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කරන බවත් එම නිසා රාජ්‍ය පාලනය වැනි කටයුතු සඳහා ලබාගත යුතු තීරණ, ලබාදී ඇති දත්ත මත පදනම්ව ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.එමෙන්ම මෙහිදි මතුකළ තවත් එක් ප්‍රශ්නයක් වූයේ ඉදිරියේදී මානව ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නුදුරු අනාගතයේදී මෙම රොබෝවරුන් විසින් රොබෝ කැරැල්ලක් ඇති කිරීමේ අවදානමක් පවතී ද යන්නයි. එයට පිළිතුරු සපයමින් සඳහන් කර තිබුණේ තමාගේ නිර්ණකරු තමා වෙත කාරුණික වී ඇති අතර තමා මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව සතුටු වන බවයි.Sources:edition.cnn.comabc.netapnews.com |
Google Search එකේ ඔබේම විස්තර පෙන්වන්න, People Cards | ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ search වලදී Google Search page එකේ දකුණු පැත්තෙන් ඔවුන්ගේ විස්තර පෙන්වන 'cards' ඔබ ඕනේ තරම් දැක ඇති.ඒ වගේම card පහසුකමක් දැන් සාමාන්‍ය Google Account users ලා ටත් දෙන්න Google විසින් පහසුකම් සපයල තියෙනවා.ඔබ ගැන කුඩා විස්තරයක්, photo එකක්, location, social media හෝ website links වැනි දේවල් මේ card එකට ඇතුලත් කරන්න පුළුවන්. සරලවම ගත්තොත් virtual business card එකක් වගේ තමයි.People Cards කියා හඳුන්වන මේ feature එක දැන් අවුරුද්දක පමණ ඉඳල Google සමාගම ඉන්දියාවේ test කරලා තියෙනවා.මේ වගේ tool එකක වැඩිපුරම අවශ්‍යතාවය තිබුණේ ඉන්දියාවට නිසා තවමත් එරටට විතරක් මෙය සීමා කරනවා කියල තමයි Google සමාගම ප්‍රකාශ කර තිබුනේ.ඒ වගේම මේ තොරතුරු වල නිවැරදිතාවය පරික්ෂා කරන්න automated tools වගේම users ලගේ සහයත් ගන්නවා කියල ඔවුන් ප්‍රකාශ කර තිබුණා. නොගැලපෙන, අසත්‍ය තොරතුරු දැක්කොත් එවෙලේම report කිරීමේ හැකියාව තියෙනවා.තමන්ගේ People Card එක හදාගන්නේ කොහොමද?කරන්න තියෙන්නේmobileඑකෙන් "Add me to search" කියල Google කරන්න විතරයි. එතකොට ඔබේ card එක හදාගන්න අවශ්‍ය form එකක් ලැබෙනවා.ඉන්දියාවෙන් මිදිලා අඩුම දකුණු ඉන්දීය කාලපයටවත් මේ පහසුකම විහිදුනොත් ලංකාවටත් ළඟදීම People Cards පාවිච්චි කරන්න පුළුවන් වේවි.ඒ වගේම අපේ search history වලට අමතරව රැකියාව හා පෞද්ගලික තොරතුරු අපි ලවාම රැස් කරගන්න විදිහක් ලෙසටත් මේ feature එක හඳුන්වන්න පුළුවන්. ඒ හින්දා තමන්ගේ ව්‍යාපාර ආශ්රිත විස්තර විතරක් ඇතුලත් කරන එක ඇඟට ගුණයි.News Source:TechCrunch |
NOKIA 5G smartphone එකක් එලි දැක්වීමට HMD Global සමාගම සැරසේ | ඉතාමත් මෑතකදි, ලෝකයේ ප්‍රධාන පෙලේ chip manufacturer company එකක් වෙන Qualcomm ලා ඔවුන්ගේ අලුත්ම processor එක, Snapdragon 690 SoC විදිහට announce කරා. ඉතින් මේ announcement එක කරපු ගමන්ම Nokia brand එක යටතේ smartphones launch කරන HMD Global සමාගම tease කරලා තියෙන්නෙ මේ අලුත් chipset එක භාවිතා කරලා ඔවුන් අලුත් ම Nokia smartphone එකක් release කරන්න plan කරනවා කියලයි.ඉතින් මේ chipset එකේ launch එකෙන් පස්සෙ HMD Global සමාගමෙ Chief Product Officer වන, Juho Sarvikas මහතා tease කරේ ඔවුන්ගේ unannounced smartphone එකක් Snapdragon 690 SoC chipset එක run කරනවා කියලයි. ඒ වගේම ඔහු තව දුරටත් ප්‍රකාශ කරන්නේ මේ device එක සත්‍ය වශයෙන් ම global 5G smartphone එකක් වෙනවා කියලයි. ඉතින් මේ device එක Qualcomm ලගෙ latest ම chipset එක use කරන නිසා Nokia 8.3 5G device එකට වඩා cheap වෙයි කියන expectation එක තියාගන්න පුලුවන්.Congratulations@cristianoamonand the awesome team at@Qualcommfor the launch of#Snapdragon690 Mobile Platform! We are excited to bring our Nokia Phones vision of a truly global, future proof 5G experience at an even more affordable price with this transformational platform!pic.twitter.com/yctqfE13sY— Juho Sarvikas (@sarvikas)June 17, 2020ඉදිරියේ දී release වෙන Nokia smartphones.පල වෙන rumors සහ speculations ගත්තම අපිට හිතන්න පුලුවන් දෙයක් තමා මේ උක්ත device එක බොහෝ දුරට Nokia 6.3 හෝ 7.3 වෙයි කියලා. කෙසේ වෙතත් අපිට HMD Global ලගෙන් මේ ගැන official confirmation එකක් ලැබිලා නෑ.Qualcomm Snapdragon 690 SoC detailsSnapdraon 690 එක base වෙන්නෙ 8nm manufacturing process එකකින්. මේක මීට කලින් release උනු Snapdragon 675 SoC එක එක්ක compare කරද්දි CPU performance එක 20% කින් සහ GPU performance එක 60% කින් වැඩිවෙලා තියෙනවා. ඉතින් මේ chipset එක use කරන නිසා කලින් generation එකට වඩා මේ අලුත් devices වල overall performance එක වැඩී යී.Inbuilt Snapdragon X51 modem එක එක්ක මේ processor එක Sub-6GHz networks වලට support කරනවා. Qualcomm FastConnect 6200 එක්ක මේක WiFi 6 වලටත් support කරනවා. ඒ වගේම සුවිශේෂී ම දේ තමා Hexagon Tension Accelerator එකක් එක්ක ARCSOFT නමින් AI engine එකක් තියෙන එක. ඒ වගේම FHD+ resolution displays වලට සහ 120Hz refresh rate එකට මේ chip එක support කරනවා. ඊට අමතරව 30fps අගයක 4K video recording සහ 192MP photos වලටත් මේක support කරනවා. තවත් කතා කරද්දි මේක video encoding enhancement එකට වගේම Quick Charge 4+ fact charging technology එකටත් support කරනවා.මේ ගැන අපි හිතන දේ.Snapdragon 690 SoC use කරන Nokia 5G device එකක් ගැන reports circulate උනේ අද ඊයෙක ඉදන් නෙමේ. Nokia 8.3 5G launch කරලා මාස කීපයක ඉදන්මයි. මේ device එක හැඳින් වෙන්නෙ world first truly global 5G smartphone එක විදිහට. ඉතින් අපි හිතනවා මේ device එක Launch එකෙන් පස්සෙ ඉක්මනට market එකේ available වේවි කියලා. |
Facebookහි Hashing Algorithm එක පිලිබඳව සරලව මූලික දැනුමක් ලබාගනිමු | සරලව ගතහොත් Algorithm එකක් යනු යම්කිසි ගැටලුවක්, යම්කිසි පිළිවෙලකට (Step By Step) විසඳන්න හදපු ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්.උදාහරණයක් ලෙසට සෘජුකෝණාස්‍රයක වර්ගපලය මැනීමේදී ප්‍රථමයෙන් දිග සහ පළල මනිනු ලැබේ. ඉන්පනු දිග පලලෙන් ගුණ කරනු ලැබේ. අවසාන උත්තරය ලෙසට වර්ගඵලය මෙයින් ලැබේ.මෙම අවස්ථාවේදීත් ඇල්ගොරිතමයක් (Algorithm) Use වෙන බව දැන් තේරුම්ගතහැකි ය. මන්දයත් මෙම ක්‍රියාවලිය Step By Step සිදුවන බැවිනි.අපි හැමෝම Facebook අකවුන්ට් එකක් නිර්මාණය කිරීමේදී නම, email, වගේම Password එකකුත් ඇතුලත් කරනවා.Facebook Log In / Sign Up page.මෙලෙස ඇතුලත් කරන ලද Phone Number, උපන්දිනය හැම දෙයක්ම ඒ විදිහටම Facebook Database එකේ Save වනවා.නමුත් අප ඇතුලත් කරන ලද Password හෙවත් මුරපදය Database තුල Save වන්නේ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. අප ඇතුලත් කරන ලද Password එක Encrypt වී එම Encrypted Password එක Facebook Database එකේ Save වේ.මේකත් වැඩකරන්නේ එක්තරා ඇල්ගොරිතම් එකක් විදිහට යි මෙයFacebook Hashing Algorithmලෙස හඳුන්වනු ලබනවා.සරලව අප විසින් ඇතුලත් කරන මුරපදය/Password එක සරලව හදුන්වන්නේ Plain Text යන නමින්. මේ Plain Text මුරපදය Hashing Algorithm හරහා Encrypt වී මේ ආකාරයෙන් Facebook Database තුල සුරකිනුු ලැබේ.උදාහරණයක් ලෙස ඔබ Facebook Account එකක් නිර්මාණය කරමින් සිටී යැයි සිතමු. මෙහිදි ඔබ Password ලෙස 123456 ඇතුලත් කලේනම් එය Facebook ආයතනයෙ Database තුල Save වන්නේMD5 Hashයන ඇල්ගොරිතම් එක හරහා Encrypt වීමෙනි.එවිට එම123456Facebook Database වල Save වෙන්නේe10adc3949ba59abbe56e057f20f883eයන ආකාරයෙනි.මේ ආකාරයෙන් Encrypt වෙන ක්‍රම කීපයක්ම තිබේ.SHA 1MD5MD6SHA256Tigerලෙසට කිහිපයක් හදුන්වන්න පුලුවන්.අප අපේ ගිණුමට Log වීමේදී අපගේ email ඇතුලත් කොට Password පදය ඇතුලත් කළ විට Database තුලින් අප ඇතුලත් කළ මුරපදය Encrypt කර Encrypted මුරපදය හා සමානයි නම් අපට Log වීමට අවස්ථාව ලබා දෙනු ලබනවා.මේ ආකාරයට Algorithms විශාල ප්‍රමාණයක් Facebook තුල අපට බලගත හැකිය. |
Apple හා Google සමාගම් විසින් Fortnite Mobile ක්‍රීඩාව App store හා Play Store වෙතින් ඉවත් කරයි | Apple හා Google කියන්නේ ලොව තිබෙන දැවැන්තම technology සම්බන්ධ සමාගම් දෙක කීවොත් වැරදි නෑ. මින් විශේෂම කරුන වන්නේ ඔවුන්ට විශාල smart devices market එකක් වගේම ඒවාට individual device os තිබීමයි. මේ නිසාම ඔවුන්ට ඔවුන්ගේ devices මුල සිට අග දක්වාම පාලනය කරන්නට පුලුවන් වෙනවා. මෙහි විශේෂ තැනක් Apple වෙත යොමු වන්නේ Open Source නොවීම නිසයි. මෙයින් වාසි වගේම අවාසි තිබෙනවා.කෙසේ වෙතත් ලොව මුල් පෙලේ mobile os 2 වන iOS හා Google ප්‍රසිද්ධ game making company එකක් ban කරනවා කියන්නේ device බිලියන ගනනකට මේ software download කරන්න වෙන්නේ නෑ. ඒක consumerලාට වගේම app developers ලා හටත් ගොඩක් බලපෑමක්. ඒ වගේම මෙය iOS වල විශේෂයෙන් බලපාන්නේ Closed Environment එකක් නිසා Apps Google වල මෙන් Side Load කිරීමටද නොහැකි වීමයි.හැම කාසියකම දෙපැත්තක් තියෙනවා වගේ මෙක Epic Games නැත්තන් Fortnite developers ලා සිතා මතාම කල දෙයක්, ඒ නම් Apple App Store හා Google Play Store හි Regulations සිතා මතාම ඔවුන් කඩ කරන්නේ මෑත කාලයකදී සිට නැගෙන විරෝධයන් උපයෝගී කරගෙනයි. මෙයට හෙතුව Free to Play Category එකෙහි තිබෙන Fortnite වැනි Apps වල in app purchase වලින් 30% ක් Apple හා Google සමාගම් ලබාගැනීමයි. මෙය Apple හා Google පමනක් කරනා දෙයක් නොවේ. මෙය PlayStation ,Nintendo , Xbox වැනි Game Console සාදන සමාගම් විසින් සිදු කරනා දෙයකි.මෙසේ Developers ලා තමා සාදන දෙයකින් වාසි ලබනවා කියා චොදනා කලත් අනෙක් අතින් ඔවුන් ලොව ප්‍රචලිත වන්නට වගේම බිලියන ගනනක් අතට යන්නට platform වල වටිනාකමත් තිබෙනවා. Apple, Google වැනි Platform නොමැති නම් ඔවුන්ට කවමදාවත් ප්‍රචලිත වන්නට වෙන්නේ නෑ මෙසේ ඔවුන්ට තැනක් ලබාදී ඉදිරියට ගෙන ආ පසු මුල අමතක කිරීමත්, හා ඔවුන් සිතනවා නම් Apple , Google වැනි සමාගම් තම මුදල් වැයකොට Software නිපදවා නොමිලයේ අනෙක් අයට මුදල් උපයන්න දිය යුතුයි කියා එය ඉතාමත් මෝඩ වගේම ආත්මාර්ථකාමී කාරනයක්. කෙසේ නමුත් මෙයින් අන්තිමට අපහසුතාවයට පත් වන්නේ end users ලා වන ඔබ අපියි.Developer ලා හා විශාල සමාගම එකගතාවට පැමින සාදාරන ලෙස ගාස්තු අඩු කරගන්නවා නම් හා නිතිමය ලෙස කල් ඇදි ඇදී නොයනවා නම්. කාටත් පහසුවක් වෙතැයි සිතමු.කෙසේ නමුත් Epic Games මෙය සිතා මතා කරනවා කියන්නට හොදම සාක්ෂිය වන්නේ ඔවුන් Apple විසින් Fortnite Ban කල විගසම පිටු 65 ක චොදනා ගොනුවක් වගේම ඉතාමත් නිර්මානාත්මක Video එකක් හා #Freefortnite යනුවෙන් campaign එකක්. ගෙන යාමයි. කෙසේ නමුත් හරියටම සිතනවා නම් Epic Games විසින් තම fan base එක ඇපයට තබාගෙන සිතා මතාම මෙය සිදු කර තිබීමයි. එයින් ඔවුන්ගේ users ලා හට සිදුවන අපහසුතාව නොසිතීම ඉතාමත් කනගාටුවට කරුනකි.Source:CNN,IGN |
Samsung Galaxy S23 Ultra දුරකතනයේ specs අන්තර්ජාලයට නිකුත් වේ | 2023 වර්ෂය සදහා නියමිත Samsung Flagship Smart Phone එක ලෙස Samsung Galaxy S23 Ultra Smartphone එක එළිදැක්වීමට නියමිතව පවතිනවා. එහි Rumors කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ පැතිර යන අතර ඒ මොනවාද කියා අපි මේ ලිපියෙන් සොයා බලමු.පැතිරීයන Rumors වලට අනුව මෙහි Display එක S22 Ultra Device එකට බොහෝ සෙයින් සමාන අඟල් 6.8 QHD+ Display එකක් යොදා තිබෙනවා. මෙහි Chipset එක ලෙස Snapdragon 8 Gen 2 Chip එකෙහි Structure එකට සමාන 3.36GHz දක්වා වූ වේගයක් ඇති 3 Cluster Custom Variant Chipset එකක්, RAM එක ලෙස 12GB හෝ ඊට වැඩි RAM එකක් සහ 1TB Internal Storage එකක් යොදා ඇති බවට සඳහන් වනවා.Source:myfixguide.comමෙහි Camera Setup එකට200MP Main Cameraඑකක් භාවිතා කරනු ලබනවා. තවද 12MP Ultra-Wide Lens එකක් 12MP 3x zoom සහිත Telephoto Lens එකක් සහ 10x zoom සහිත 12MP Telephoto Lens එකක් මෙහි අඩංගු වන බව පැතිරී යන Rumors තුළින් පෙනී යනු ලබනවා.Source:sammobile.comමීට අමතරව මෙහි In Display Fingerprint Scanner එකක්, 5,000mAh Battery එකක් ඇතුළත් වනවා.Design එක සලකා බැලූ විට S23 සහ S23+ හි Design එක S22හි Design එකට බොහෝ සෙයින් සමාන වන අතර S23 Ultraහි Design එකේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතැයි සඳහන් වනවා.Source:sammobile.comමේවා කිසිවක් තවමත් මේ Smartphone එක පිළිබඳ නිල තොරතුරු නොවන අතර මෙය එළිදැක්වීමට මාස කිහිපයක් පමණක් ඉතිරිව ඇති නිසා Galaxy S23 Series එක පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.Source:beebom.comwww.91mobiles.com |
Redmi note 11 series එක සදහා Samsung AMOLED Panel යොදාගන්නා බවට වාර්තා වේ | පෙර දිනකදීRedmi Note 11 series එක එලිදක්වන දිනය හා ඒ පිලිබද වැඩි දුර තොරතුරුඅපි ඔබ වෙත ගෙනාවා මතක ඇති. ඉතින් මේ වන විටත් Xiaomi සමාගම Redmi note 11 series එකෙහි බොහොමයක් key features හෙලි කර අවසානයි.ගිය වර්ෂයේ xiaomi සමාගම ප්‍රථම වතාවට තම Redmi Note series (Redmi Note 10) දුරකතන සදහා AMOLED Display යොදාගනු ලැබුවා. එමෙන්ම එම AMOLED panel තත්වයෙන් බාල යැයි සමහර පරිශීලිකයන් මත පලකරා. ඉතින් මේ සියල්ලම සමග Xiaomi සමාගම මේ වර්ෂයේ Note 11 Series එක සදහා Samsung AMOLED Panel භාවිතා කිරීමට යන බවට මේ වනවිට වාර්තාවනවාXiaomi සමාගමේ Official Weibo ගිනුමෙහි සදහන් ආකාරයට මෙවර Note 11 හී AMOLED panel එක ඉතාමත් අඩු bezelsඑකක්,120Hz high refresh rate එකක්, 360GHz touch sampling rate එකක්, DCI P3 පුලුල් වර්ණ පරාසයක් සහ 2.96mm තරම් කුඩා වූ punch hole එකකින් සමන්විත වෙනවා. තවද මෙම AMOLED පැනලය හේතුවෙන් දුරකතනය සැහැල්ලුව හා තුනීව පවත්වා ගැනීමට සහය වන බවද සදහන් වනවා.මෙලෙස china version එක නිකුත් වුවත් එය එලෙසම globle නිකුත් කරයිද යන වග පිලිබද තවමත් කිසිදු තොරතුරක් නම් ලැබී නැහැ.Source:gizmochina.com |
Windows 11 සඳහා Google Play Store Install කරන්නේ කොහොමද? | Microsoft සමාගම Windows 11 නිකුත් කිරීමෙන් පසු එහි Android Apps Run කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරමින් සිටින අතර එහි මුල් පියවර ලෙසMicrosoft සමාගම Windows insiders ලාට Subsystem එක හරහා insider පරිශීලකයන්ට Android Apps run කිරීමේ අවස්ථාව ලබා දුන් බවඔබ වෙත මීට පෙර අප විසින් වාර්තා කරනු ලැබුවා.ඒ ඔස්සේනිවැරදිව Android Apps run කරන ආකාරයගැනත් අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඊටත් අමතරවinsider preview එක install නොකර windows 11 වලට Android Apps Sideload කරන හැටිත්අපි ඔබ වෙත ගෙන එනු ලැබුවා.මෙහිදි ඔබට අවශ්‍ය Apps සියල්ලම එකින් එක Download කර වෙන වෙනම Sideload කිරීමට සිදු වෙනවා. එසේ නොමැතිව Amazon Store එකෙන් ඔබ Apps Download කරනවා නම් ඔබට එහිදී ද යම් Apps ප්‍රමාණයකට සීමා වීමට සිදු වනවා. මේ අපහසුතාවය මගහරවා ගනිමින් Google Play Store එක Windows 11 මත Install කර ගන්නා ආකාරය අපි අද බලමු.Requirementsඔබගේ device එකෙහිRAM Size එක 8GB හෝ ඊට වැඩිවිය යුතු ය. (එසේ නොමැතිනම් Android සඳහා වූ Windows Subsystem එක Run කළත් එහි උපරිම Performance ගත නොහැකි ය)2. PC එකේVirtualization Enableවී තිබිය යුතුය. මෙය Disabled නම් ඔබගේ BIOS වලින් Enable කරගන්න.3. පහත ආකාරයටWindows Virtual Machine Platform Onකරගත යුතුය.Control Panel හි Programs වෙත යන්නඑහි Turn Windows Features on or off වෙත යන්නඑහි Virtual Machine Platform Tick කර device එක restart කරගන්නපියවර 1මුලින් මමෙමඟින්ADB Download කරගෙන එහි ඇති Set up එක run කරගත යුතුය.පියවර 2Windows Subsystem for Android පරිගණකයටමෙමඟින්බාගත කරගන්න.ඔබ මීට පෙර Microsoft Store එකෙන් හෝ වෙනත් ආකාරයකින් මෙය download කළේ නම් එය uninstall කර මෙය install කරන්න. මන්දයත් ඉහත සඳහන් කළ ඇති Windows Subsystem for Android Package එකක් ලෙස ඇති අතර එහි Google Play Services Files අඩංගු වන නිසා ය.පියවර 3මෙඟින්Kernel File එක Download කරගන්න.පියවර 4ඔබ Download කරගත් Windows Subsystem for Android File (WSA Package) එක Extract කරගන්න.පියවර 5එම Extract කරගත් Folder එක තුළට Kernel File එක Copy කර Paste කරන්න.පියවර 6දැන් පහත ආකාරයට WSA Package File එකෙහි path එක copy කරගන්න.පියවර 7Windows Logo එක මත Right click කර Windows Terminal (admin) Launch කරන්න.පියවර 8එහිcdලෙස type කර එම copy කරගත් path එක paste කර enter කරන්නපියවර 9දැන්Add-AppxPackage -Register.\AppxManifest.xmlලෙස Type කර පහත රූපයේ පරිදි නිවැරදි ස්ථානයට එම Path එක Paste කර Enter කරන්න.පියවර 10දැන් Start එකට ගිහින් Windows Subsystem for Android Launch කරගන්න.පියවර 11Windows Subsystem for Android launch කර එහි Settings තුළ ඇති Developer mode එක On කරන්න.පියවර 12දැන් එහි මුලින් ම ඇති files open කරගන්න. එය open වූ පසු close කරන්න.දැන් ඔබට Start එකේ Google Play Store එක බලාගන්න පුළුවන් නමුත් එය දැන්මම open කරගන්න එපා.පියවර 13දැන් ඔයාගේ C: drive එක open කරගෙන එහි ADB Folder එක තුළට ගොස් මේ ස්ථානයටcmdලෙස type කරන්න.පියවර 14Windows Subsystem for Android launch කර එහි Settings තුළ ඇති Developer mode එක On කරන්න.දැන් Refresh button එක මත click කර ඊට යට ඇති IP Address එක Copy කරගන්න.මෙම IP Address එක පෙන්නුවේ නැති වුවොත් Manage developer settings මගින් එය ලබා ගන්න.ඉන් පසුව device settings වෙත ගොස් පහත පරිදි developer mode on කරන්න.පියවර 15දැන් අපි කරන්න යන්නේ Windows Subsystem එක connect කරන එක. cmd හිadb connectලෙස type කර පෙර copy කරගත් IP Address එක paste කර Enter කරන්න.Connection Failed යනුවෙන් ඔබට දෝශය්ක් පැමිණි හොත් මෙය නැවත run කරන්න.පියවර 16දැන් ඔබට එහි පැමිණෙන ඊළඟ line එකේadb shellයනුවෙන් type කර enter කරන්න.පසුව ඊලඟ පේළියේsuලෙස type කර enter කරන්නමීලඟ පේළියේsetenforce 0ලෙස type කර enter කරන්න.දැන් cmd එක close කරන්නපියවර 17දැන් Start එකට ගොස් Google Play Store එක open කරගෙන Sign in වෙන්න.වැඩේ හරි! එහෙනම් දැන් ඔයාට ඔයාගේ phone එකේ වගේම Google Play Store හරහා ඕනම App එකක් install කරගන්න පුළුවන්.ඔයාට මේක install කිරීමේදී ගැටලු තියෙනවා නම් දැන්ම අපේCOMMIUNITYඑකට ගිහින් බොහෝම ඉක්මනින්ම සහ ලේසියෙන් ම ගැටලුවට පිළිතුර හොයාගන්න පුළුවන්. |
ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් සමඟින් අදින් ඇරඹෙන IPL 2024 නරඹන්නේ මෙහෙමයි | ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රිඩකයින් රැසක් සමඟින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2024) තරගාවලිය අද (22) සිට ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.පෙර වසර මෙන්ම මෙවරත් කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන අතර තරගාවලිය මුලු තරග 74කින් පමණ සමන්විත වනවා. ඒ වගේම මෙය ඉන්දියාව පුරා ඇති ක්‍රිකට් ක්‍රීඩාංගන 11 පුරා පැවැත්වෙනු ලබනවා. මෙම තරගවලියට අදලා පළමු කාණ්ඩයේ තරග කාල සටහන පහත අයුරු වනවා.17 වෙනි වරට පැවැත්වෙන මේ IPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකු සහභාගී වීමට නියමිතව පවතිනවා.Chennai Super Kings - මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණMumbai Indians - ඩිල්ෂාන් මධුශංක සහ නුවන් තුෂාරSunrisers Hyderabad - වනිඳු හසරංගKolkata Knight Riders - දුශ්මන්ත චමීරකෙසේ වෙතත් මින් මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක, වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර ආබාධවලට ලක් වී සිටිම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන් IPL සඳහා ලබා දීම නවත්වා තිබෙනවා. ඒ අනුව මේ වන විට මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර ඔවුන්ගේ කණ්ඩායම් සමඟ එක් වී තිබෙනවා.මෙම තරගාවලියේ නිල දේශිය විකාශන අයිතිය පසුගිය වසර මෙන්ම Supreme TV නාලිකාව විසින් ලබා ගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට TNL නාලිකාව ඔස්සේත් තරග මේ හා සමඟාමිව විකාශය වන බව දක්වා තිබෙනවා.Dialog TV පාරිභොගිකයින්ට මෙම තරගාවලිය STAR SPORTS 1, STAR SPORTS 2, STAR SPORTS HD, STAR SPORTS SELECT HD 1 සහ STAR SPORTS SELECT HD 2 යන නාලිකා ඔස්සේ නැරඹිමේ හැකියාව ලැබෙන අතර මේ සඳහා ඔවුන් විසින් සම්පුර්ණම තරගාවලියම දින 70ක් පුරා මෙම නාලිකා 05 ඔස්සේම නැරඹිම සඳහා රු.249.00කට විශේෂ IPL Channel Pack එකක් ද හඳුන්වා දී තිබෙනවා. (මෙය මාර්තු 25 දක්වා පමණක් සක්‍රිය කර ගත හැකියි)PEOTV පාරිභොගිකයින් සඳහා Star Sports 1 (Ch no - 41) ඔස්සේ මෙම තරගාවලිය නැරඹිමේ හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් තවමත් ඔවුන් විසින් IPL තරගාවලිය නැරඹිය හැකි HD නාලිකාවක් පිළිබඳව තොරතුරු නිකුත් කර නොමැති වනවා.ඒ වගේම FreeSat සේවාව විසින් තවමත් විකාශය වන නාලිකා මොනවාද යන්න ප්‍රකාශ කර නොමැති වනවා. |
ශ්‍රී ලංකාව සඳහා Starlink අන්තර්ජාල සේවය ලබා දිමට සුදානම් වේ??? | Starlink කියන්නේ ලෝකයේ ඕනෑම තැනකට අඩු වියදම්, අධිවේගී අන්තර්ජාල සේවා ලබා දීම සඳහා ඇමරිකාවේ SpaceX සමාගම මගින් දියත් කරමින් පවතින, පහළ පෘථිවි කක්ෂයේ ඇති චන්ද්‍රිකා 12,000 ක පමණ චන්ද්‍රිකා ජාලයක්. මේ වන විට ඇමරිකාවේ Amazon සමාගම සහ චීනය මෙවැනි අන්තර්ජාල සේවා සපයන චන්ද්‍රිකා ජාල දියත් කිරීමට සූදානමින් පවතින අතර බහුජාතික OneWeb සමාගම Starlink තරම් විශාල නොවන අන්තර්ජාල චන්ද්‍රිකා ජාලයක් දියත් කරමින් පවතී. මේ වන විට කිලෝමීටර් 500-600 ක් ඉහළ පෘථිවි කක්ෂවලට Starlink චන්ද්‍රිකා 4,200 ක් පමණ දියත් කර ඇති අතර ඒ අතරින් චන්ද්‍රිකා 3,700 ක් පමණ ක්‍රියාකාරී මට්ටමේ පවතී.Starlink චන්ද්‍රිකා මොන වගේද?මේ වන විට වර්ග 4 ක Starlink චන්ද්‍රිකා දියත් කර ඇත. මුළින්ම යැවූ පරීක්ෂණ චන්ද්‍රිකා යොදා ගත්තේ තාක්ෂණයන් පරීක්ෂා කිරීමට පමණි. ඉන්පසු Starlink v1.0, v1.5 සහ V2.0 Mini වර්ගවල සේවා සපයන චන්ද්‍රිකා දියත් කර ඇත. v1.0 සහ v1.5 වර්ගවල චන්ද්‍රිකා කිලෝග්‍රෑම් 300 කට ආසන්න ස්කන්ධයක් ඇති මෙම චන්ද්‍රිකාවක සූර්ය පැනල 1 ක් ඇත. v2.0 Mini වර්ගයේ චන්ද්‍රිකාවල හැකියාවන් වඩා ඉහළ අතර ඒවායේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1,250 ක් වේ. මේවායේ සූර්ය පැනල් 2 ක් ඇත.මෙම චන්ද්‍රිකා දියත් කරන්නේ කෙසේද?මේ වන විට සියලුම චන්ද්‍රිකා දියත් කරනු ලැබුවේ SpaceX සමාගමේ Falcon 9 Block 5 රොකට්ටු මගින්ය. එක රොකට්ටුවක් මගින් v1.0 සහ v1.5 චන්ද්‍රිකා එකවර 45-60 ක් බැගින් දියත් කරයි. මෙම සංඛ්‍යාව වෙනස් වන්නේ ගෙන යන කක්ෂය අනුවයි. v2.0 Mini චන්ද්‍රිකාවල ස්කන්ධය වැඩි නිසා Falcon 9 රොකට්ටුවකින් එකවර දියත් කළ හැක්කේ 21 ක් පමණි.මෙම චන්ද්‍රිකා අතර සන්නිවේදනය හා පෘථිවිය සමඟ සන්නිවේදනය කරන්නේ කෙසේද?චන්ද්‍රිකා අතර සන්නිවේදනය ලේසර් මගින් සිදු කරන අතර චන්ද්‍රිකා හා පෘථිවිය අතර සන්නිවේදනය Ka (26.5-40 GHz) හා Ku (12-18 GHz) කලාපයේ ක්ෂුද්‍ර තරංග හරහා සිදු කරයි.ජංගම දුරකථනය කෙළින්ම චන්ද්‍රිකා සමග සම්බන්ධ කර අන්තර්ජාල සේවා ලබා ගැනීමට හැකිද?බැහැ. ඒ සදහා User Terminal නම් පීසා පෙට්ටයක්/ලැප්ටොප් එකක් ප්‍රමාණයේ ඇන්ටනාවක් අවශ්‍ය වේ. මෙම User Terminal ඇන්ටනාව ඔබේ වහලය මත හෝ පිටත ඕනෑම තැනක සවි කර විවෘත අහසට එල්ල කළ තැබිය යුතුයි. මෙහි Phased Array ඇන්ටනාවක් ඇති අතර එය ස්වයංක්‍රීයව ඉහළින් ගමන් කරන චන්ද්‍රිකා සමග සම්බන්ධ වේ. ඒ චන්ද්‍රිකා පරාසය ඉක්මවා යන විට ස්වයංක්‍රීයව තවත් චන්ද්‍රිකාවලට මාරු වෙමින් නොකඩවා සම්බන්ධතාව පවත්වා ගනී. User Terminal එක මගින් නිර්මාණය කරන WiFi ජාලයට සම්බන්ධ වීමෙන් ඔබට දුරකථනය හෝ පරිගණකය හරහා අන්තර්ජාල සේවා ලබා ගත හැක.මෙම උපකරණය මෝටර් රථයක් මත සවි කළ හැකිද?ඔව්, වාහන වැනි ජංගම රථයන් වෙනුවෙන් Starlink Roam User Terminal පවතී. එහෙන්ම ගුවන් යානා සහ නෞකා වෙනුවෙනුත් සෑදූ ඇන්ටනා වර්ග තිබේ.මෙම සේවා සදහා මසකට කොපමණ මුදලක් ගෙවීමට සිදු වේද?User Terminal ඇතුළු උපාංග කට්ටලය මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් 599 ක් වැය වන අතර ඉන්පසු මාස් පතා ඇමරිකානු ඩොලර් 110 ක සේවා ගාස්තුවක් ගෙවීමට සිදු වේ. ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් මීට වඩා මිලෙන් සහ වේගවත් සේවාවන් සපයයි. ඒ වෙනුවෙන් වෙනම User Terminal මිලදී ගත යුතු වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම මිල ගණන් වෙනස් වේ දැයි නොදනී.ශ්‍රී ලංකාව සඳහා මෙය පෙර ඇණවුම් කිරීම සඳහා $9ක මුදලක් මූලිකව ගෙවිය යුතු වේ.සාමාන්‍ය පරිශීලකයාට අපේක්ෂා කළ හැකි වේගය කුමක්ද?500 megabit per second පමණ Download Bandwidth එකක් වාර්තා වේ. මෙය වෙනස් වේ.ශ්‍රී ලංකාවට මෙම සේවය ලැබෙන්නේ කවදාද?Starlink චන්ද්‍රිකා ජාලය මුළු ලෝකයම ආවරණය කරනු ඇත. කෙසේ නමුත් අන්තර්ජාල ප්‍රවේශය ලබා ගැනීමට එක් එක් රටවල්වල රජයෙන් SpaceX සමාගමට අවසර ලැබිය යුතුය. මේ වන විට ශ්‍රී ලංකාවට 2023 දී සේවා ලබා දීමට බලාපොරොත්තු වන බව Starlink නිල වෙබ් අඩවියේ දක්වා ඇත. මිට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙයශ්‍රී ලංකාව සදහා හදුන්වා දිමට මුලික ශක්‍යතා අධ්‍යනයන් සිදු කිරිමට අවසර ලබා ගත් බවත්සදහන් කරනු ලැබුවා. ඒ අනුව ඉදිරියේදි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අවසර ලැබුණු පසු ලංකාවටත් මෙම සේවාව භාවිත කිරිමට හැකියාව ලැබෙනු ඇත.මෙය Fibre Optics සහ 5G වලට වඩා වේගවත්ද?නැත. Fibre Optics හරහා 1 Gbps පමණ වේගයන් ලබා ගත හැකි අතර 5G ඊටත් වඩා වේගයන්ට ළගා වේ. නරගබද ප්‍රදේශවලදී Starlink වැනි චන්ද්‍රිකාවලින් ලැබෙන අන්තර්ජාල සේවාවන්ගේ වේගය නිතැතින්ම අඩු වේ.SpaceX සමාගම පවසන්නේත් Starlink ඉලක්ක කරන්නේ අධිවේගී අන්තර්ජාල සේවා නොමැති නගරවලින් පිටත ප්‍රදේශවලට බවයි. ඒ නිසා Elon Musk වටා ගෙතුණු "Hype" එකට මුලා වී දුටු සැණින් Starlink මිලදී ගැනීමට නොයා තමන්ට දැනට ලැබෙන අන්තර්ජාල සේවාවන් සමග සංසන්දනය කර අවශ්‍යතාවයක් පවතී නම් පමණක් Starlink හෝ ඒ ආකාරයේ වෙනත් චන්ද්‍රිකා අන්තර්ජාල සේවයකට මාරු වන ලෙස කාරුණිකව දැනුම් දෙමි.ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මේ Starlink අන්තර්ජාල සේවාව සදහා අවසර ලබා දුන් පසු ඔබටත් මේ සේවාව භාවිත කිරිමට අවශ්‍ය නම්මේ ඔස්සේමෙම සේවාව ඩොලර් 9ක මුදලක් ගෙවා පෙර ඇණවුම් කිරිමේ හැකියාව පවතිනවා.Sources:Starlink |
බ්‍රසීලයේ කුඩා ව්‍යාපාර සඳහා payment method එකක් WhatsApp වෙතින් ලබාදෙයි | අද WhatsApp ලා announce කරා එගොල්ලෝdigital payments WhatsAppවලට ගෙනාවා කියලා Brazil වල users ලට. Users ලට සල්ලි securely යවන්නත් local business store එහෙකින් chat එකෙම් leave නොවීම purchase එකක් කරගන්න පුළුවන්.තමන් ආදරය කරන අයට සල්ලි යවන එකත් message එකක් යනවා තරම් පහසු වැඩක් දැන්. WhatsApp වල payments enable කරලා තියෙන්නෙFacebook payඑකෙන්. Security ගැන බැලුවොත් special six digit PIN එකක් හෝ fingerprint එකක් ඕනේ payments කරද්දි unauthorized transactions වලක්වගන්න. දැනට මේක support කරන්නෙ Banco do Brazil , Nubank සහ Sicredi කියන ඒවයේ credit හෝ Debit card වලට විතරයි.සල්ලි යවන එක හෝ මොනා හරි purchase කරද්දි free නමුත් business වලට customer payments වලදි processing fee එකක් ගෙවන්න වෙනවා.අද ඉදලා මේක Brazil වල users ලට roll out වෙනවා ඉදිරියෙදි හැමෝටම හම්බ වෙන්න නියමිතයි.Source:WhatsApp Blog |
WhatsAppහි පරිශීලක අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් වන විශේෂාංග කිහිපයක් හඳුන්වා දෙයි | ඔබට මතක ඇති පසුගිය සතියේදී Meta සමාගම විසින්WhatsAp Status සදහා නව විශේෂාංග 05ක්හදුන්වා දීමට කටයුතු කළ බවට අප ඔබ වෙත වාර්තා කරනු ලැබුවා. ඒ වගේම ඔවුන් විසින් මීට පෙර ලබා දී තිබුණ තවත් පහසුකම් කිහිපයක් වැඩි දියුණු කිරිමටත් කටයුතු කර තිබෙන අතර එම වැඩි දියුණු කිරීම්ද සහිතව නව සංස්කරණයක් ද සියලු Android සහ iOS පරිශීලකයන් වෙතත් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.මෙලෙස හදුන්වා දී තිබෙන්නේ WhatsApp හි User Experience එක වැඩි කිරිම සදහා ඉවහල් වන වැඩි දියුණු කිරීම් බවයි ඔවුන් දක්වා තිබෙන්නේ.WhatsApp Changelog01. Document CaptionSource:malavida.comමේ ඔස්සේ ඔබ WhatsApp හරහා හුවමාරු කර ගන්නා Files / Documents සදහා ඔබට Caption එකක් එනම් විස්තරයක් යෙදිය හැකි වනවා.02. Longer group subjects & DescriptionsSource:wabetainfo.comමේ ඔස්සේ ඔබ විසින් නිර්මාණය කරන ලද Groupsවල Subject එකට සහ Description එකේ යෙදිය හැකි වචන ප්‍රමාණය පෙරට වඩා වැඩි කිරිමට කටයුතු කර තිබෙනවා.03. Share up to 100 MediaSource:thgim.comමේ මගින් ඔබට එකවර Images හෝ Videos 100ක් දක්වා ඔබගේ මිතුරන් සමග බෙදා ගැනිමේ හැකියාව ලැබෙනවා.04. Create Personalized AvatarsSource:beebom.comඔබට මතක ඇති මීට පෙරත්WhatsApp Profile Picture එක සදහා Avatars භාවිත කිරිමේ හැකියාවලබා දි තිබෙන බව අප ඔබ වෙත වාර්තා කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී Beta Version සදහා පමණක් සීමා වු මෙම පහසුකම මේ වන විට WhatsApp Stable Version එක සදහාත් එකතු කර තිබෙනවා.මෙම සියලු වැඩි දියුණු කිරිම් මීට පෙර WhatsApp Beta Versions මගින් නිකුත් වු අතර මේ වන විට WhatsApp Stable Version එක සදහා නිල වශයෙන් එක් කර ඇති බවට Play Store හි WhatsApp Changelog එක මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙම වැඩි දියුණු කිරිම් සියල්ලම නවතම Android සහ iOS සංස්කරණයන් ඔස්සේ ඔබට ලබා ගත හැකි වනවා.Source:wabetainfo.com |
Android 13 "Tiramisu", 2022දී නිකුත් වීමට නියමිත ප්‍රධානතම Android සංස්කරණය ගැන ඔබ දැන ගත යුතු දෑ | පසුගිය ඔක්තෝබර් මාසයේදි පමණ Google සමාගම විසින් නිල වශයෙන් නිකුත් කරන ලදAndroid 12කියන්නේ Android Operating System එක සදහා විශාල වෙනස්කම් රැසක් සමග හදුන්වා දුන්නක් බව කියන්න පුළුවන්. Google Pixel 6 Series එක සමග Android 12 Smart Phone සදහා හදුන්වා දුන් අතර මේ වෙන විට බොහෝ Flagship Smart Phones සදහා Android 12 Update ලැබි තිබෙනවා.ඒ වගේම Google සමාගම විසින් Foldables හා Tablets සදහාම නිර්මාණය කරන ලදAndroid 12LOperating System එකත් පසුගිය දිනක හදුන්වා දෙනු ලැබුවා.Android 12 පසුව Android 13 හදුන්වා දිමට මේ වෙන විටත් Google සමාගම වැඩකටයුතු සිදු කරමින් සිටින අතර මේ වෙන විට Android 13 පිළිබඳ තොරතුරු රැසක් අන්තර්ජාලය තුල වාර්තා වෙමින් තිබෙනවා. අපි අද බලමු Androidවල ඉලග සංස්කරණය වෙන Android 13 පිළිබඳව මේ ලිපියෙන්.Android 13 නිකුත් වෙන දිනය?Android 12 නිල වශයෙන් නිකුත් වෙලා මේ වෙන විට මාස කිහිපයක් නිසා දැන්ම නිශ්චිත වශයෙන් Android 13 නිකුත් වෙන දිනයක් පිළිබඳ ප්‍රකාශ කරන්න ඉක්මන් වැඩි වුවත් Android 12 Release Time Line එක සැලකු විට Android 13 Stable Version එකක් Google සමාගම විසින් 2022 වසරේ හතරවන කාර්තුවේ දි පමණ නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් Stable Version එක නිකුත් කරන්න කලින් Google සමාගම විසින් Developers Previews නිකුත් කරන නිසා ඉට පෙර අපිට Android 13 මොන වගේද කියල බලා ගැනිමේ හැකියාව ලැබෙනවා කියල කියන්න පුළුවන්.Android 13 Developer Previewසාමාන්‍යයෙන් සැම Android Version එකකම Stable Version එක නිකුත් කිරිමට මාස කිහිපයකටම පෙර Developer Preview Version එක නිකුත් කිරිම සිදු වෙනවා. ඒ අනුව මිලග වසර පළමු මාස කිහිපය තුලම අපිට Android 13 සදහා වු Developer Preview Version එකක් පිළිබඳ බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.Android 13 BetaDeveloper Preview Versionවලින් පසුව Beta Version එක නිකුත් කිරිම සිදු කරන අතර මෙය Stable Version එකට ඉතාම ආසන්න බව කියන්න පුළුවන්. මේ Beta Version බොහෝමයක් Smart Phones නිෂ්පාදන සමාගම් විසින් ඔවුන්ගේ Flagship Devices සදහා ලබා දෙන්නත් කටයුතු කරනු ලබනවා. මෙය බොහෝ විට සෑම වසරකම මැද පැවැත්වෙන Google l/O Event එකට සමගාමීව නිකුත් කෙරෙන අතර Android 13 Beta Version එකක් මිලග වසර මැයි මාසයේදි පමණ ලැබෙනු ඇතැයි ඒ අනුව බලාපොරොත්තු වෙන්න පුළුවන්.Android 13 StableAndroid 13 Stable Version එක නිකුත් විමත් සමග මෙය නිල වශයෙන් Google සමාගම විසින් නිකුත් කිරිම සිදු කරනු ලබනවා. ඒ අනුව සාමාන්‍ය පරිදි පළමුව Google සමාගමේ Pixel Devices සදහා Android 13 Stable Update එක ලැබෙන අතර ඉන් පසු අනෙක් Smart Phone නිෂ්පාදන සමාගම් විසින් ඔවුන්ගේ Flagship Devices සදහා Android 13 Stable Update එක ලබා දෙනු ලබනවා. ඉන් අනතුරැව ක්‍රමයෙන් Android 13 Operating System එකට යාවත්කාලීන විම සදහා සුදුසුකම් සපුරන Devices සදහා Update ලබා දිම ඔවුන් විසින් සිදු කරනු ඇත. Android 13 හි නිල වශයෙන් නිකුත් විම 2022 වසරේ ඔක්තොම්බර් පමණ වෙන විට සිදු වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.Android 13 ලැබෙන Devices මොනවාද?සාමාන්‍යයෙන් සෑම Smart Phone නිෂ්පාදන සමාගමක්ම තම Flagship හා Midrange Smart Phones සදහා නව Android Operating System එක ලබා දෙන අතර බොහෝ Budget Devices සදහාත් ලබා දෙන බව මෑත කාලයේදි දැක ගන්න පුළුවන්.Google සමාගමේ Pixel Devices වෙන Pixel 6, Pixel 6 Pro, Pixel 5, Pixel 5a (5G), Pixel 4, Pixel 4 XL, Pixel 4a හා Pixel 4a (5G) ආදියට Android 13 OS Update එක ලැබෙන අතර Samsung සමාගම විසින් වසර තුනක් දක්වා OS Update ලබා දෙන Devicesවලින් Android 13 OS Update එක ලැබිමට සුදුසුකම් සපුරන Flagship හා Upper Midrange Devices සියල්ල සදහාත්, OnePlus Flagship Devices සදහාත් Android 13 OS Update එක නිසක වශයෙන්ම ලැබෙනු ඇතැයි දැනට සදහන් කරන්න පුළුවන්.Android 13 හදුන්වන නාමය?සාමාන්‍ය Android OS එකක නාමය බොහෝ විට අතුරැපසක නාමයෙන් හදුන්වන බව බොහෝ අය දන්නා කරැණක්. නමුත් Android 10 Version එකේ දි මෙය තරමක් දුරට වෙනස් වු අතර ඉන් පසු Version Number එක මත නම් කිරිම සිදු වුවා.කෙසේ වෙතත් සෑම Android Version එකකටම Internal Code Name එකක් පවතින අතර එය අතුරැපසක නමින් නම් කරනු ලබනවා. ඒ අනුව Android 13 ට අදාල Internet Code Name එක Tiramisu වෙන අතර එය කෝපි රසති ඉතාලි අතුරැපසක් වේ.මේ වන තෙක් නිකුත් වූ Android සංස්කරණයන්ගේ logosAndroid 1.0 Apple PieAndroid 1.1 Banana BreadAndroid 1.5 CupcakeAndroid 1.6 DonutAndroid 2.0 EclairAndroid 2.2 FroyoAndroid 2.3 GingerbreadAndroid 3.0 HoneycombAndroid 4.0 Ice Cream SandwichAndroid 4.1 Jelly BeanAndroid 4.4 KitKatAndroid 5.0 LollipopAndroid 6.0 MarshmallowAndroid 7.0 NougatAndroid 8.0 OreoAndroid 8.1 OreoAndroid 9.0 PieAndroid 10 Quince TartAndroid 11 Red Velvet CakeAndroid 12 Snow ConeAndroid 13 New Features & Changesසෑම Android Version එකක් ඔස්සේම Android Operating System එක සදහා නව Features රැසක් හදුන්වා දෙන අතරම Operating System එක වෙනස් කිරිම්වලටද ලක් කිරිම සිදු කරනවා.ඒ අනුව මේ වෙන විට වාර්තා වෙන තොරතුරුවලට අනුව Google සමාගම විසින් Android 13 සදහා හදුන්වා දිමට නියමිතPanlingualනම් Feature එකක් පිළිබඳ අපි මිට පෙර ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා. මීට අමතරව Android 13 Update එකත් සමග ලැබිය හැකි නව Features පහත පරිදි වෙනවා.Multi-user NFC PaymentsNative support for DNS over HTTPSDisable Background App limitationsFull Support for Bluetooth LE AudioApp LanguagesRuntime Permission for NotificationsTARE: The Android Resource EconomyLock Screen Clock layoutsඉදිරියේ මේ සදහා තවත් Feature හා වෙනස්කම් එකතු විය හැකි මෙන්ම ඉදිරියේ Google සමාගම විසින්ම මෙම Features පිළිබඳ නිල වශයෙන් තොරතුරු නිකුත් කරනු ඇත. ඒ වගේම Android 13 අලුතෙන්ම හදුන්වා දෙන Features සියල්ල ගැනම මිලග ලිපියෙන් අපි කතා කරමු.Source:Xda Developers |
VGA, HDMI, DVI connectors ගැන සරලව | පහු ගිය දවස් වල Social Media වල Share වුණ Reading Book එකක ප්‍රින්ටින් මිස්ටේක් එකක් ඔයාලා ගොඩක් දුරට දකින්න ඇති. ඒ නිසාම තමා අද මං මේක ගැන් ලියන්න හිතුවෙ. අහ් තව දෙයක්, ඒ මිස්ටේක් එක නිවැරදි කරලා තමා පොත අදාල තැන් වලට යවලා තියෙන්නෙ.සරලව කිව්වොත් මේවා Display connectors. ඒ කියන්නෙ අපේ computers වල Home theaters..බ්ලා බ්ලා.. වල හැදෙන වීඩියෝස් screen එකකට අරං යන එක තමා මේවලින් සිද්දවෙන්නෙ.හරි අපි දැං එකින් එක බලමු මොනාද මේ කේබල්, මේ එකින් එකේ විශේශත්වෙ මොකද්ද කියලා.VGA (Video Graphics Array)connectorමේක 1987 IBM සමාගම විසින් තමා හඳුන්වලා දීලා තියෙන්නෙ. මේක දෙපැත්තෙන් scrow දෙකක් සහිතව එන නිල් පැහැති කනෙක්ටර් එකක්. මේ කනෙක්ටර් එක VGA, D sub, HD-15 කියන නම් වලින් හඳුන්වනවා. මේ කනෙක්ටර් එකේ සිදුවෙන ප්‍රධාන කාර්ය වෙන්නෙ analog signal එකක් අරං යන එක තමා. මේක ගොඩක් ප්‍රචලිත උනේ CRT monitor එක්ක. මොකද කිව්වොත් CRT monitor වැඩ කරන්නෙ analog signal එක්ක. ඒ කියන්නෙ digital devices වලිං analog signal එකක් අරං යන්න තමා මේ කනෙක්ටර් එක හැදුනෙ.මේ VGA port එක හරහා ලබා දෙන්න පුළුවන් උපරිම resolution එක 2048*1536 ක් වෙනවා. මේ signal එක analog නිසා කේබල් එකේ මහත වගේම කේබල් එකේ දිග මත මේ සිග්නල් එක ගුණාත්මක බාවය අඩු වෙනවා. ඒ කියන්නෙ කේබල් එක දිග වැඩි වෙන්න වැඩි වෙන්න signal එක අරං යන්න අපහසු වෙනවා.VGA port VGA cableDVI (Digital Video Interface) connectorLCD, LED වැනි මොනිටර් එක්ක තමා මේ port එක හඳුන්වාදෙන්න පටං ගත්තෙ. මේ කනෙක්ටර් එකෙත් අපිට දෙපැත්තෙන් scrow 2ක් සහිත ලොක් එකක් බලාගන්න පුළුවන්. මේ connector එකේ වර්ග දෙකක් එනවා. ඒ තමා DVI-I (single link) සහ DVI-D (single link).DVI-I (single link) වලදි analog සහ digital කියන signal වර්ග දෙකම සපෝට් කරනවා. ඔයාලගෙ graphic card එකේ තියෙන්නෙ DVI-I port එකක්නම් ඔයාලට පුලුවන් DVI to VGA connector එකක් පාවිච්චි කරලා අර පරන CRT මොනිටරේකට සිග්නල් එක යවලා ඒකෙන් output එක ලබාගන්න පුළුවන්.ඔයාලගෙ graphic card එකේ තියෙන්නෙ DVI-D port එකක් නම් මේකෙදි සපෝර්ට් කරන්නෙ Digital signal විතරයි.මේ DVI ports, Single Link සහ Dual Link කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉස්සර තමා DVI single link ආවෙ. දැං බොහෝ දුරට අපිට දකින්න තියෙන්නෙ DVI dual link port එක(මේකෙ අපිට full Pin සෙට් එකක් බලාගන්න පුළුවන්). මේ දෙකන්ම අපිට DVI-I සහ DVI-D connectors බලාගන්න පුළුවන්. DVI-I සහ DVI-D පහසුවෙන් හඳුනගන්න පුළුවන් ක්‍රමය තමා DVI-I වල වැඩිපුර තියෙන Pin හතර.DVI portsDVI-D Single Link CableDVI single link වලදි උපරිම 1920*1200 resolution අගයකුත් DVI dual link වලදි උපරිම 2560*1600 resolution වශයෙනුත් screen resolution එක බලාගන්න පුළුවන් වෙනවා.HDMI (High Definition Multimedia Interface) connectorMonitors වගේම Tv, Gaming consoles, Blue Ray player වැනි තවත් දේවල් වලට දියුනු කරලා හදපු හදපු connector එක තමයි මේ HDMI කියන්නෙ. මේකෙදි ඔයාලට VGA සහ DVI වල වගේ scrow ලොක් එකක් බලාගන්න හම්බෙන්නෙ නෑ. VGA සහ DVI වලට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් අපිට මේ පෝර්ට් එක හරහා ලබාගන්න පුළුවන්. උදාහරණ විදියට Uncompressed Video, Uncompressed Audio , Ethernet Data වගේ දේවල් අපිට මේ හරහා අරං යන්න පුළුවන් වෙනවා.ඔයා පාවිච්චි කරන device වල video වල තියෙන audio එකත් ඔයාට output එකට අරං යන්න පුළුවන් වෙනම audio output එකක් පාවිච්චි නොකරම මෙමගින්. සාමාන්‍ය වීඩියෝ වගේම 3D වීඩියෝස් වැනි දේවලුත් ඔයාට මේ HDMI හරහා අරගෙන යන්න පුළුවන්(ඒකට ඔයාගෙ devices 3D Technology support කරන්න ඕනෙ).HDMI cable HDMI portමේ HDMI වල විවිධ සංස්කරණ කිහිපයක් නිකුත් වෙලා තියෙනවා. ඒවල තියෙන පහසුකම් ගැන පහල වගුවෙන් ඔයාලට බලාගන්න පුළුවන්.Evolution of HDMIHDMI වලට වඩා advance මේ වගේම තව connector එකක් තියෙනවා Display port කියලා. නමුත් ඒක HDMI connector එක තරම් භාවිතයේ නෑ. ඒක ගැනත් ඔයාලා විස්තර ටිකක් හොයලා බලන්න.Display port cableඑහෙනම් මේ වගේම තවත් ලිපියකින් ඉදිරියේදි අපි හමුවෙමු. සුබ දවසක්.. |
අලුත් එක Galaxy Buds ද, Beansද? Samsung විසින් නිපදවන අළුත් earphones වල නම කොහොම වෙයිද? | Samsungලගේ අලුත්ම Earphone එක Galaxy Buds හෝ Galaxy Beans නමින් හදුන්වනු ඇතැයි Twitter Leaker කෙනෙක් වන Walkingcat විසින් පලකර තිබෙන Video හා Photos මගින් අපිට බලාගන්න පුලුවන්.Galaxy Beanspic.twitter.com/uJBO2BZbKB— WalkingCat (@h0x0d)July 17, 2020ඒ වගේම එහි පල වි තිබුණු Photos & Video අනුව මේ Galaxy Buds හෝ Beans 'Metallic Bronze' පාටින් දැක ගන්න පුලුවන්.ඒ වගේම Note 20 Ultraවල මෙතෙක් Leak වුන Photos & Video මගින්ද අපිට හිතන්න පුලුවන් මේ Metallic Bronze Colour එකෙන් Galaxy Buds හෝ Beans දෙකක් බලා ගන්න පුලුවන් වෙයි කියල.අනිත් Colour විදිහට Black , White අපිට බලා ගන්න පුලුවන් වෙයි.ඒ වගේම මේකේ Charging Case එක 'White' හෝ 'Black' Colourවලින් අපිට දැක ගන්න පුලුවන් වෙයි කියල විශ්වාස කරන්න පුලුවන්.ඒ වගේම Samsungලගේ මේ Galaxy Buds හෝ Beansවල "Keep the Noise Out, Let the sound in" කියන Tagline එකට අනුවත් අපිට හිතන්න පුලුවන් මේවා 'Active Noise Cancellation Feature' එකත් එක්කම එයි කියල.ඉතින් මේ Galaxy Buds හෝ Beans වගේම Note 20 එකත් ඉලග මාසේදි අපිට දැක ගන්න පුලුවන් වේවි. |
ලඟ ලඟ එන කළු සිකුරාදාව හෙවත් Black Friday කියන්නේ මොකක්ද, මොනවද වෙන්නේ? | Black Fridayනැත්තම්කළු සිකුරාදාකියන්නේ මේ වෙද්දි ලෝකයේ ජනප්‍රියම shopping දවසක් බවට පත්වෙලා. එක්සත් ජනපදයෙන් ඇරඹුන මේ Black Friday shopping trend එක මේ වෙද්දි ලෝකය පුරාමත් පැතිරිලා අපේ මේ පුංචි ශ්‍රී ලංකාවටත් ඇවිල්ලා ඉවරයි. මේ කළු සිකුරාදාව ඉතාමත් ලාභදායි මිලකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර නුදුරේදීම මේ Black Friday shopping festival එක ලොව පුරාම ආරම්භ වීමට නියමිත නිසා අපි හිතුවා ඔයාලට මේ ගැන තොරතුරු රැසක් අරගෙන එන්න.ඇත්තටම කවදද මේ Black Friday එක තියෙන්නේ?හැම අවුරුද්දෙම ඇමරිකා එක්සත් ජනපදයෙThanksgivingඋත්සවය සමරන නොවැම්බර් මාසyee 4 වැනි බ්‍රහස්පතින්දා දවසට පසුව එළඹෙන සිකුරාදා දිනය තමයිි Black Friday විදිහට සැලකෙන්නෙ. නත්තලට පෙර ඇමරිකානුවන්ට ලැබෙන අවසාන නිවාඩුව වන මේ කළු සිකුරාදාවෙන් පස්සේ තමයි නත්තල සඳහා වන සාප්පු සවාරි පටං ගන්නේ. මේ කළු සිකුරාදාව කොයි තරම් නම් ඇමරිකාව තුල සමරනවද කියනව නම් සමහර ප්‍රාන්ත වලට කළු සිකුරාදා දිනයට නිවාඩුවකුත් හම්බවෙනවා. මේ අවුරුද්දේ නොවැම්බර් 25 වෙනි සිකුරාදාට තමයි Black Friday දිනය වැටිලා තියෙන්නේ.අතීතයේ පැවති කළු සිකුරාදා දිනයක ඡායාරූපයක්කොහොමද මේ නම වැටුනේමේ දිනය කළු සිකුරාදාව ලෙස නම් කෙරෙන්නේ ආරක්ෂක අංශ විසිනි. එයට හේතුව ලෙස සැලකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ මේ දිනයට මාර්ග තදබදය, ඝෝෂාකාරී බව, මෝටර් රථ නැවත්වීමට ඉඩකඩ නොමැති වීම, මාර්ග අනතුරු, බැණ වැදීම්, හා එකිනෙකා රණ්ඩු කරගැනීම ඉතා ඉහළ ප්‍රමාණයක් වාර්තා වීමයි.මේ ආකාරයට කලකෝලාහල සහ රණ්ඩු සරුවල් ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ, Thanksgiving දිනයට පසුව එළඹෙන සිකුරාදා දිනයත්, ඉන් පසුව තවත් සති අන්ත දින දෙකක නිවාඩුවක් ලැබෙන නිසාත් බොහෝ ඇමරිකානුවන් මෙම දිනයේදී පොරකමින් භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹෙන්නේ වසරේ අනෙකුත් දින වලට වඩා විශාල ප්‍රමාණයක මිල අඩු කිරීමකින් යුතුව භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන නිසාය.මීට අමතරව ඇමරිකාවේදී යම්කිසි වෙළඳ ආයතනයක ගිණුම් වාර්තාව Black ලෙස හැඳින්වෙන්නේ නම් එයින් අදහස් කරනුයේ එම වෙළඳ ආයතනය ලාභ ලබන බවයි. ඉතින් මෙම දිනය තුලදී වෙළඳ ආයතන වල විකුණුම් ආදායම් සහ ලාභය ඉතා ඉහල අගයක් වාර්තා කරන බැවින් මෙම සිකුරාදාව කළු සිකුරාදා ලෙස හැඳින්වෙනවාය යන්න සැලකෙනවා.කළු සිකුරාදාවේදී මොකක්ද වෙන්නේ?බ්‍රහස්පතින්දා පැවැත්වෙන Thanksgiving උත්සවයේ ආහාර පාන වලින් හොඳින් විනෝද වෙච්ච ඇමරිකානුවන් පසු දින එළබෙන සිකුරාදාවේ වෙනදාටත් වඩා හිතේ සතුටින් සාප්පු සවාරි යන දවසක් විදිහට මේ දිනය හඳුන්වන්න පුළුවන්. මෙදාට වෙනදාටත් වඩා කලින් වෙළඳසැල් විවෘත කරන අතර බොහොමයක් වෙළඳසැල් කළු සිකුරාදාව ආරම්භ වන මධ්‍යම රාත්‍රියේ සිට විවෘත කරන්නේ බොහෝ පිරිස් උත්සවය අවසාන කර ඒ සැනින් භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම් ගැසී සිටින නිසාවෙනි.කළු සිකුරාදාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙලඳ සැල් විවෘත කරන තුරු ඒවා ඉදිරියේ රැඳී සිටින ජනතාවඒ වගේම වෙනදාටත් වඩා වැඩි කාල සීමාවක් මෙදිනට වෙළඳසැල් විවෘතව තැබෙන අතර මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම වගේ විශාල වටම් ලබා දීමට වෙළඳුන් පෙළඹෙන්නේ ඉහත කී පරිදි ඔවුන්ගේ ලාභය වැඩි කරගැනීමට මේ දිනය භාවිතා කරන නිසාවෙනි.එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් නත්තල සහ එළඹෙන නව වර්ෂය සඳහා සාප්පු සවාරි යාම ආරම්භ කරන මුල්ම දවස වන්නේද කළු සිකුරාදාවයි. ඇත්තටම ආරම්භ කරන දවස ලෙස පැවසුවාට ඒ සාප්පු සවාරි සඳහා පාරිභෝගිකයන් පොළඹවා ගැනීම සඳහා වෙන් කෙරුනු දිනය තමයි මේ කළු සිකුරාදාව. මෙය ඇත්තටම අලෙවිකරණ ප්‍රයෝගයක් ලෙස පැවසුවොත් වඩාත් නිවැරදියි.මේ හේතු නිසා නත්තලට වගේ ම අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන්ට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ මිල දී ගැනීමට කළු සිකුරාදා දිනය එනතෙක් පාරිභෝගිකයන් ඇඟිලි ගනිමින් ඉන්නවා.භාණ්ඩ මිලදී ගැනීමට පොරකන ජනතාවඇමරිකාවෙන් එපිටට ගිය Black Fridayමේ වන විට කළු සිකුරාදා සංකල්පය අමෙරිකාවෙන් එපිටට වර්ධනය වී ගොස් තිබෙනු දකින්නට ලැබෙන අතර විශාල රටවල් ප්‍රමාණයකට විහිදී ගොස් තිබෙනවා. ඒ සෑම රටකම පාහේ පිහිටි ලෝක ප්‍රසිද්ධ වෙළඳ සමාගම් මේ සඳහා අධික මුදලක් දරා ප්‍රචාරණ කටයුතු මෙහෙය වන අතර බොහෝ වෙළඳ සැල් සිකුරාදා දින එළඹෙන මධ්‍යම රාත්‍රියේ දී ම පර්භෝගිකයන් සඳහා විවෘත වෙනවා. මේ වන විටකළු සිකුරාදාව online shoppingද ආක්‍රමණය කර ඇති අතර Aliexpress, Banggood වැනි ප්‍රසිද්ධ ආයතන පවා ඉහත කී ආකාරයට විශාල මුදලක් වැය කරමින් ප්‍රචාරණ කටයුතු සිදු කරන්නේ කළු සිකුරාධාවට මාසයක් දෙකක් කල් තබාය.Black Friday black උන අවස්ථා2008 වසරේකළු සිකුරාදා දිනයේ ඇමෙරිකාවේ New York නගරයේ Walmart ශාඛාවට පැමිණෙන අතිවිශාල ගණනක් වූ පාරිභෝගිකයන්ගේ තෙරපීම හේතුවෙන් එහි වෙළඳ සේවකයෙකු මිය යනවා. තවත් පුද්ගලයන් මේ හේතුවෙන් තුවාල ලබන අතර, එහි පැවති තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කැඳවීමට පවා සිදුවෙනවා.2010 වසරේකළු සිකුරාදා දිනයේ Wisconsin ප්‍රාන්තයේ වෙළඳ සැලකට ගොඩවැදුණු කාන්තාවක් එහි සේවකයන් සමග භාණ්ඩයකට හෙට්ටු කරන අනතුරුව ඔවුන්ට වෙඩි තබන බවට තර්ජනය කරනවා.තව ද, එම වසරේ ම ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙළඳසැලකට කඩා වදින පිහි හා ගිනි අවිවලින් සන්නද්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වෙනවා.2011 වසරේතමන්ට කැමති භාණ්ඩයක් මිල දී ගැනීමට අවකාශය නොලැබූ එක්තරා කාන්තාවක් එහි සිටි සියලු දෙනාට ගම්මිරිස් දියර ප්‍රහාරයක් එල්ල කරනවා. මේ හේතුවෙන් 20කට අධික පිරිසක් රෝහල් ගත කිරීමට සිදුවෙනවා.2012 වසරේFlorida ප්‍රාන්තයේ වාහන නවතා තැබීමේ ඉඩක් වෙනුවෙන් රණ්ඩු වෙන පුද්ගලයන් දෙදෙනක් වෙඩි තබා ගන්නවා.2016 වසරේදීකළු සිකුරාදා දිනයේ ඇති වූ කෝලාහල නිසා එක් පුද්ගලයෙක් වෙඩි වැදී මරණයට පත්වෙන අතර, තවත් පිරිසක් තුවාල ලබනවා.කළු සිකුරාදාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි අය විසින් රූපවාහිනී යන්ත්‍රයක් සඳහා රණ්ඩු සරුව කරගන්නා ආකාරයලංකාවට ආපු Black Fridayලෝකය පුරා කළු සිකුරාදා දිනයේ දී ඇදහිය නොහැකි වට්ටම් පාරිභෝගිකයන්ට හිමිවෙන දිනයක් කියලා ඔබ දැන් දැනුවත් ඇති. මේ වන විට ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය වෙළඳ සමාගම් විසින් Black Friday දිනයේ දී විස්මිත වට්ටම් ලබා දීම ආරම්භ කරලා තියෙනවා.මං හිතනවා කළු සිකුරාදාව ගැන ඔයා නොදන්න කරුණු ගොඩක් මේ ලිපියෙන් ඉගෙන ගන්න ඇති කියල. |
Qualcomm සමාගම විසින් ලොව ප්‍රථම වරට iSIM තාක්ෂණය හඳුන්වා දේ; Processor එක තුලට SIM Card පතක් | Qualcomm Technologies, Vodafone සහ Thales සමාගම් එක්ව ලොව ප්‍රථම වරට iSIM (integrated SIM) තාක්ෂණය සාර්ථක ලෙස Smart Phone එකක් තුළ යොදා ගැනිමට සමත් වි තිබෙනවා.මේ iSIM තාක්ෂණය ඔස්සේ Device එකේ Processor එක තුළට SIM Card එක අන්තර්ගත කර තිබෙන අතර මේ ඔස්සේ SIM Card Slot එක සදහා පවතින අවශ්‍යතාවය මුලුමනින්ම ඉවත් වෙනවා. එමෙන්ම මේ මගින් Smart Phone එකක් සදහා Dedicated SIM Card Slot එකක් ලබා දිම මෙන්ම eSIM සදහා වෙනම Chip එකක් ලබා දිම ආදියත් සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමේ හැකියාව පවතිනවා.එමෙන්ම Device එකේ Processor එක තුළටම SIM Card එක අන්තර්ගත කීරිම තුලින් SIM Card එකේ Memory Capacity එක වැඩි කිරිමේ හැකියාවත් තිබෙනවා.Smart Phones සදහා මෙන්ම මේ iSIM තාක්ෂණය laptops, tablets, VR platforms, IoT devices, wearables හා වෙනත් LTE හෝ 5G Services අවශ්‍ය උපාංග සදහා ඉතා පහසුවෙන් භාවිතයට ගැනිමේ හැකියාව පවතින අතර මේ වසර තුල iSIM Support එක සහිත Smart Phone එකක් නිකුත් වෙනු ඇතැයි බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්.Source:Gizmochina |
වීඩියෝ 90කට වැඩි ප්‍රමාණයක් සමඟින් GTA 6 පිළිබඳ අන්තර්ජාලය හරහා හෙලි වේ | පසුගිය සැප්තැම්බර් 18වන දා යනු GTA V හි සංවත්සරය වුවත් එදින Rockstar Games ආයතනයට ඉතා අඳුරුතම දිනයක් විය. ඒ GTA Forum එක වෙත නිර්නාමික පරිශීලකයෙකු විසින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත යැයි සැලකෙන GTA VI හි Videos 90කට අධික ප්‍රමාණයක් පළ කර තිබීමයි. මේ leak එක කොතරම් විශ්වාසදායි ද එය පෙර උපකල්පන සමඟ ගැළපේද යන්න අපි මේ Article එකෙන් කතා කරමු.මෙම වසර මුලදීBloomberg වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද්දේGTA VI හි අපට play කළ හැකි Characters 2ක් ඇතුළත් වන බවත් ඉන් එකක් කාන්තා චරිතයක් වන බවයි. මෙසේ නිකුත් වූ Video වල එය තහවුරු වනවා. එපමණක් නොව Twitter පරිශීලකයින් කියා සිටියේ GTA හි Vice City හා සමාන බව පෙනෙන නගරයක කොටස් ද එම දර්ශනවල පෙන්වන බවයි. මෑත වසරවලදී Vice City නැවත එළිදැක්වන බවට මේවායින් කිහිපයක් පෙන්වා දී ඇති අතර, මෙම කාන්දු වූ දර්ශන ඒ සඳහා හොඳ සාක්ෂියක් ද විය හැකිය.සමහර video වල “vice city” යන නම ලියා ඇති දැන්වීම් පුවරු සහ වාහන ඇතුළත් වනවා. තවද එක් ප්‍රධාන වීඩියෝ පටයක අවන්හලක් කොල්ලකෑමට ලක්වන ආකාරය දැක්වෙන අතර, තවත් එකක තටාකයක් අසලදී චරිත දෙකක් අතර ජාතිවාදී දෙබස් කිහිපයක් පවසන ආකාරය පෙන්නුම් කරනු ලබනවා.මේවා පටිගත කර ඇත්තේ කවදාද?මේවා දුටු විවිධ පරිශීලකයින් පෙන්වා දී ඇත්තේ බොහෝ වීඩියෝ ඒවායේ නිමාව අසම්පූර්ණ බැවින් මුල් සංවර්ධන අවධියේ ඇති බවයි. කාන්දු වූ කිසිදු විඩියෝ වල දිනයන් සඳහන් කර නොතිබූ අතර කෙසේ වෙතත්, වීඩියෝ පටවල උඩින් Nvidia GeForce RTX 3080 Graphics ලෙස දක්වා ඇති බව පරිශීලකයින් කිහිප දෙනෙකු සඳහන් කළේය. 2020 දී RTX 3080 නිකුත් වූ බැවින්, මෙම වීඩියෝ පටිගත කර ඇත්තේ 2020දී හෝ ඊට පසු විය යුතුය.මේ GTA VI Leaks ඇත්තද බොරුද?මේ වන විට තවමත්, Rockstar සමාගම නිල වශයෙන් මෙම leaks වල සත්‍යය තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැත. එහෙත්, විශ්වාසදායක මූලාශ්‍ර කිහිපයක් පෙන්වා දෙන්නේ මෙම leak එක ඇත්ත වශයෙන්ම සැබෑ විය හැකි අතර පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම leak එකද විය හැකි බවයි. කාන්තා ප්‍රධාන චරිතය කාන්දු කළ Bloomberg වෙබ් අඩවියට අනුව මෙම leaks බොහෝ දුරට සත්‍ය වේ. Rockstar ආයතනයේ ක්‍රිඩා සංවර්ධකයින් Cloud Computers හරහා නිවසේ සිට වැඩකිරීම හේතුවෙන් මෙම video සංවර්ධකයින් අතර හුවමාරු කර ගැනීමේදී මෙසේ වෙනත් පාර්ශ්වයක් වෙතට පත්වන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා.Not that there was much doubt, but I’ve confirmed with Rockstar sources that this weekend’s massive Grand Theft Auto VI leak is indeed real. The footage is early and unfinished, of course. This is one of the biggest leaks in video game history and a nightmare for Rockstar Games— Jason Schreier (@jasonschreier)September 18, 2022Rockstar games ආයතනයේ මව් සමාගම වන Take-Two ආයතනය විසින් GTA Forum එකෙහි මේ thread එක දැනටමත් lock කර ඇති අතර මේවා upload කරන ලද YouTuberට වහාම ඒවා ඉවත් කරගන්නා ලෙසටත් දැනුම් දී තිබෙනවා.TakeTwo is starting to roll out takedown requests#GTA6pic.twitter.com/vjBCtg1JUQ— Mors Mutual Insurance (@morsmutual_)September 18, 2022Leaks අවසන්ද?මෙම GTA 6 leaks Rockstar games වලට විවිධ ආකාරවලින් හානි කිරීමට ප්‍රමාණවත් වුවද, මේවා නිකුත් කරන්නා තවමත් මේ තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්වී නැත. මුල් leak එකෙන් පැය 12 කට පමණ පසු, ඔහු තම post එක update කළේ තවත් videos උඩුගත කිරීම් නවතා ගැනීම සඳහා ඔවුන් සමඟ Rockstar සමාගම් ගනුදෙනුවක් සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටිමිනි.“i am looking to negotiate a deal”GTA VI leaker says they’ve woken up to thousands of messages and are calling on people from Rockstar/Take Two to contact them.pic.twitter.com/cnPs57NAt7— Stephen Totilo (@stephentotilo)September 18, 2022මේ leaks නිකුත් කරන්නා තව දුරටත් මෙය කරන්නේ නම් ඔහුට GTA V හි හෝ VI හි Source code එක ඔහු සතුව තිබෙනවා විය හැකිය.මේ වන විටද මෙසේ සිදු කරන පුද්ගලයාගේ තොරතුරු හෝ සිටින ස්ථානය පිළිබඳව නිශ්චිත තහවුරු කිරීමක් නොමැත.මෙම GTA 6 leaks Rockstar games වලට පමණක් නොව සමස්ත gaming industry එකටම බලපානු ඇත. මීළඟ leaks වල GTA VI main files අඩංගු වුවහොත්, අපට GTA 6 නිකුත් කිරීමේ දිනයේ විශාල ප්‍රමාදයක් දැකිය හැකි වනවා.එමෙන්ම මේ ලීක්ස් GTA 6 වල ඒවා බවට Rockstar විසින් තහවුරුද කර තිබෙනවා.Source:Beebom |
Huawei Smartphones සඳහා EMUI 11 නිකුත් කරන දිනයන් නිවේදනය කරයි | Samsung සමාගමේ OneUI, Xiaomi සමාගමේ MIUI, OPPO සමාගමේ ColorOS, OnePlus සමාගමේ Oxygen OS වගේම Huawei සමාගමේ UI එක එහෙමත් නැත්නම් User Interface තමයි EMUI ( Emotion UI ) කියන්නෙ. ඉතින් මේ EMUI හි නවතම EMUI 11 සංස්කරණය ලබාදීමට නියමිත Devices, Regions හා දිනයන් ඇතුලත් ලැයිස්තුවක් පසුගියදා නිකුත් කලා.දැනටමත් මේ නව EMUI 11 Update එක චීනය තුල විවිධ Huawei Smartphones සඳහා ලබාදීමට ආරම්භ කර ඇති අතර ඉදිරියේදී ලොව පුරා Huawei පරිශීලකයින්ට මෙය ලබාදීමට කටයුතු කරමින් සිටියි.EMUI 11 හි නවතම විශේෂාංග ලෙස නව Always-on Display mode and clock themes, improved multi-window mode, smoother UI animations, improved multi-screen collaboration සහ තවත් බොහෝ දෑ අඩංගුය. ඒ පිළිබඳව සියලුම විස්තරමෙතැනින්.EMUI 11 සංස්කරණය ලබාදීමට නියමිත Devices, Regions හා දිනයන් පහත පරිදි වේ.MIDDLE EAST, AFRICA, RUSSIA:Huawei P40 (ANA) –December 2020Huawei P40 Pro (ELS) –December 2020Huawei P40 Pro+ (ELS) –December 2020Huawei Mate 30 Pro (LIO) –December 2020Huawei Mate 30 Pro 5G (LIO) –December 2020Huawei Mate Xs (TAH) –January 2021Huawei Nova 7 (JEF) –January 2021Huawei P30 (ELE) –Q1 2021 (First Quarter)Huawei P30 Pro (VOG) –Q1 2021 (First Quarter)Huawei Mate 20 (HMA) –Q1 2021 (First Quarter)Huawei Mate 20 Pro (LYA) –Q1 2021 (First Quarter)Huawei Mate 20 RS Porsche Design (LYA) –Q1 2021 (First Quarter)Huawei Mate 20X 4G (EVR) –Q1 2021 (First Quarter)Huawei Mate 20X 5G (EVR) –Q1 2021 (First Quarter)Huawei Nova 5T (YAL) –Q1 2021 (First Quarter)Huawei MatePad Pro (MRX) –Q1 2021 (First Quarter)Huawei MatePad Pro 5G (MRX) –Q1 2021 (First Quarter)Huawei MediaPad M6 (10.8 inch) (SCM) –Q1 2021 (First Quarter)ASIA PACIFIC:Huawei P40 (ANA) –December 2020Huawei P40 Pro (ELS) –December 2020Huawei P40 Pro+ (ELS) –December 2020Huawei Mate 30 Pro (LIO) –December 2020Huawei Mate 30 Pro 5G (LIO) –December 2020Huawei Mate 30 (TAS) –December 2020Huawei Mate Xs (TAH) –January 2021Huawei Nova 7 (JEF) –January 2021Huawei P30 (ELE) –Q1 2021 (First Quarter)Huawei P30 Pro (VOG) –Q1 2021 (First Quarter)Huawei Mate 20 (HMA) –Q1 2021 (First Quarter)Huawei Mate 20 Pro (LYA) –Q1 2021 (First Quarter)Huawei Mate 20 RS Porsche Design (LYA) –Q1 2021 (First Quarter)Huawei Mate 20X 4G (EVR) –Q1 2021 (First Quarter)Huawei Mate 20X 5G (EVR) –Q1 2021 (First Quarter)Huawei Nova 5T (YAL) –Q1 2021 (First Quarter)Huawei MatePad Pro (MRX) –Q1 2021 (First Quarter)Huawei MatePad Pro 5G (MRX) –Q1 2021 (First Quarter)Huawei MediaPad M6 (10.8 inch) (SCM) –Q1 2021 (First Quarter)WEST EUROPE:Huawei P40 (ANA) –December 2020Huawei P40 Pro (ELS) –December 2020Huawei P40 Pro+ (ELS) –December 2020Huawei Mate 30 Pro (LIO) –December 2020Huawei Mate Xs (TAH) –January 2021Huawei P30 (ELE) –Q1 2021 (First Quarter)Huawei P30 Pro (VOG) –Q1 2021 (First Quarter)Huawei Mate 20 (HMA) –Q1 2021 (First Quarter)Huawei Mate 20 Pro (LYA) –Q1 2021 (First Quarter)Huawei Mate 20 RS Porsche Design (LYA) –Q1 2021 (First Quarter)Huawei Mate 20X 4G (EVR) –Q1 2021 (First Quarter)Huawei Mate 20X 5G (EVR) –Q1 2021 (First Quarter)Huawei Nova 5T (YAL) –Q1 2021 (First Quarter)Huawei MatePad Pro (MRX) –Q1 2021 (First Quarter)Huawei MediaPad M6 (10.8 inch) (SCM) –Q1 2021 (First Quarter)NORTHEAST EUROPE:Huawei P40 (ANA) –December 2020Huawei P40 Pro (ELS) –December 2020Huawei P40 Pro+ (ELS) –December 2020Huawei Mate 30 Pro (LIO) –December 2020Huawei Mate Xs (TAH) –January 2021Huawei P30 (ELE) –Q1 2021 (First Quarter)Huawei P30 Pro (VOG) –Q1 2021 (First Quarter)Huawei Mate 20 (HMA) –Q1 2021 (First Quarter)Huawei Mate 20 Pro (LYA) –Q1 2021 (First Quarter)Huawei Mate 20 RS Porsche Design (LYA) –Q1 2021 (First Quarter)Huawei Mate 20X 4G (EVR) –Q1 2021 (First Quarter)Huawei Mate 20X 5G (EVR) –Q1 2021 (First Quarter)Huawei Nova 5T (YAL) –Q1 2021 (First Quarter)Huawei MatePad Pro (MRX) –Q1 2021 (First Quarter)Huawei MediaPad M6 (10.8 inch) (SCM) –Q1 2021 (First Quarter)LATIN AMERICA:Huawei P40 (ANA) –December 2020Huawei P40 Pro (ELS) –December 2020Huawei P40 Pro+ (ELS) –December 2020Huawei Mate 30 Pro (LIO) –December 2020Huawei Mate Xs (TAH) –January 2021Huawei P30 (ELE) –Q1 2021 (First Quarter)Huawei P30 Pro (VOG) –Q1 2021 (First Quarter)Huawei Mate 20 (HMA) –Q1 2021 (First Quarter)Huawei Mate 20 Pro (LYA) –Q1 2021 (First Quarter)Huawei Nova 5T (YAL) –Q1 2021 (First Quarter)Huawei MatePad Pro (MRX) –Q1 2021 (First Quarter)Huawei MediaPad M6 (10.8 inch) (SCM) –Q1 2021 (First Quarter)JAPAN:Huawei P40 Pro (ELS) –January 2021Huawei Mate 30 Pro 5G (LIO) –January 2021Huawei P30 (ELE) –Q1 2021 (First Quarter)Huawei Mate 20 Pro (LYA) –Q1 2021 (First Quarter)Huawei Nova 5T (YAL) –Q1 2021 (First Quarter)Huawei MatePad Pro (MRX) –Q1 2021 (First Quarter)INDIA:Huawei Mate 20 Pro (LYA) –Q1 2021 (First Quarter)Huawei P30 Pro (VOG) –Q1 2021 (First Quarter)Source :HuaweiCentral |
ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් පද්ධතියේ දෝෂයක් හේතුවෙන් උදෑසන පටන් අන්තර්ජාල සම්බන්ධතා මන්දාගාමී වේ | මේ වන විට ශ්‍රී ලංකාව, මැලේසියාව සහ ඉන්දියාවේ චෙන්නායි සහ මුම්බායි නගර වල අන්තර්ජාල සම්බන්ධතාවලට බලපෑම් ඇතිවී තිබෙන බවට වාර්තා වෙනවා.මේ පිළිබඳව පරිශීලකයෙකු විසින් Dialog ආයතනය වෙතින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් Dialog සමාගම පහත නිවේදනය පළ කර තිබෙනවා.Hi Raghu, Sorry for the inconvenience caused. Had an interruption in the International submarine cable (Bay of Bengal) And Dialog HBB and Mobile You may experience a temporary loss of Data connectivity. The issue was sorted now.^Nadi— Dialog Axiata (@dialoglk)February 14, 2022මේ සඳහා හේතුව වී ඇත්තේ ඉන්දියන් සාගරය යටින් දිවෙන ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් පද්ධතියේ බෙංගාල බොක්ක අවට කොටසේ දෝෂයක් මතු වීමයි.නමුත් මෙය නැවත යථා තත්වයට පත් කිරීමට ගතවන කාලය සම්බන්ධයෙන් ස්ථිරව පැවසිය නොහැකි බව අදාළ ආයතනය දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙන විට Dialog ආයතනය විසින් ඔවුන්ගේ සේවාවන් යථා තත්වයට පත් කර තිබෙනවා. |
WhatsApp Profile Photos සඳහා Avatar විශේෂාංගය එළිදක්වයි | Meta සමාගම විසින් දැන් WhatsApp beta හි පරීක්ෂකයින්ට WhatsApp හි profile photos සඳහා avatars භාවිත කිරිමේ හැකියාව ලබා දී තිබෙනවා.ඔබට ඉහත Screenshotහි දැකිය හැකි පරිදි, WhatsApp automatically avatar එකක් config කිරීමෙන් පසු නව Sticker pack එකක් ලැබෙන අතර, එවිට ඔබට ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ මෙම Stickers බෙදා ගත හැකි වනවා.මීට අමතරව, ඔබට WhatsApp හි ඔබගේ profile photo එකක් ලෙසද භාවිතා කිරීමට Avatar තෝරාගත හැකියි.Sources:faq.whatsapp.comwabetainfo.com |
සමාජ මාධ්‍ය අවහිර කිරීම වහාම ඉවත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදාල ආයතන වෙත දැනුම් දේ | මේ වෙන විට ශ්‍රී ලංකා රජය විසින් සියලුම සමාජ මාධ්‍යයන් අවහිර කිරිමට ක්‍රියා කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙන විට බොහෝ දෙනා VPN යොදා ගනිමින් නැවත් සමාජ මාධ්‍යයන් වෙත ප්‍රවේශ වී තිබෙනවා.ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වෙන නාමල් රාජපක්ෂ මහතා විසින් ද Twitter සටහනක් පළ කර තිබුණේ මෙලෙස සමාජ මාධ්‍යයන් අවහිර කිරිමට නිශ්ඵල ක්‍රියාවක් බවත් ඒ පිළිබඳ තමන් විසින් අදාල අංශයන් දැනුම්වත් කළ බවයි.I will never condone the blocking of social media. The availability of VPN, just like I’m using now, makes such bans completely useless. I urge the authorities to think more progressively and reconsider this decision.#SocialMediaBanLK#SriLanka#lka— Namal Rajapaksa (@RajapaksaNamal)April 3, 2022එමෙන්ම මේ වෙන විට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දී තිබෙන්නේ සමාජ මාධ්‍යයන් අවහිර කිරීම වහාම ඉවත් කරන ලෙසයි.සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දන්වයි.Source:News First |
තම අසන්නන්ට නව පහසුකම් රැසක් ලබා දීමට Spotify ආයතනය විසින් සැරසේ | Spotify එකෙන් අළුත් features ගොඩක් දෙන්න යනවා කියලා app reverse engineer Jane Manchun Wong spot කරගෙන තියෙනවා. මේ features වලට include වෙනවා Karaoke Mode, Group Sessions, free 30-minute offline listening, updated Car Mode UI, සහ තවත්.Spotify ලා recently add කරපු time-synced lyrics support එකත් තියෙන්නෙ markets 26ක වගේ. දැන් company එක ඒක build කරනවා Karaoke mode එක්ක. නමට අනුවම මේ feature එකෙන් users ලට පුළුවන් වෙනවා තමන් කැමතිම සින්දු අහන ගමන් ඒවා sing කරන්නත්, තව මෙතනදි Spotify ලා අපිට vocal levels adjust කරන්න පවා දෙන පාටක් තියෙනවා.Spotify is working on Karaoke Modethe vocal level is adjustablepic.twitter.com/apeIlETAQs— Jane Manchun Wong (@wongmjane)September 7, 2020මෙගොල්ලො දෙන්න යන ඊලග feature එක free users ලා target කරලා දෙන එකක්.Premium usersලට ඒගොල්ලන්ගේ මුළු library එකම download කරලා offline අහන්න පුළුවන් එකේ, Spotify ලා ඉක්මනටම free users ලට සින්දු download කරලා දවසට විනාඩි 30ක් play කරන්න දෙන්න යන්නෙ, සින්දුවක average length එක 3 minutes and 30 seconds වගේ ගත්තොත් free usersලට අඩුම තරමේ සින්දු 8ක් වත් අහන්න පුළුවන් වෙයි දවසකට.Spotify is working on a new Car Mode home page where it shows:1. larger grids of recommended playlists2. a banner telling users they can control Spotify via Google Assistant3. a redesigned navigation bar for Car Mode (not exactly new but still)pic.twitter.com/Bmqhq0vUWj— Jane Manchun Wong (@wongmjane)September 5, 2020Spotify is working on a new player UI for Car Modepic.twitter.com/8Fy4bvud8J— Jane Manchun Wong (@wongmjane)September 5, 2020Spotify podcasts වලට use කරන අයට මේ feature එකක් ගොඩක් වටීවී, company එක plan කරලා තියෙනවා ‘Your Episodes’ section එකක් add කරන්න ‘Liked Songs’ section එකට පල්ලෙහයින්. මෙතනදි ටිකක් අමුතු දේකට තියෙන්නෙ company එක Your Episodes එක දාලා තියෙන්නෙ Music header යටතේ Podcast header එක වෙනුවට.Spotify is working on “Your Episodes” for saving your favorite podcast episodespic.twitter.com/Zv0xgOA8Ev— Jane Manchun Wong (@wongmjane)September 5, 2020Spotify is working on “Auto-refresh” for playlists,noting when enabled, the playlist will automatically refresh w/ new songspic.twitter.com/n9LoLWBPbo— Jane Manchun Wong (@wongmjane)September 5, 2020තව upcoming features වලට include වෙනවා like කරන සින්දු වලට අලුත් animation එකක් සහ users ලට same Wi-Fi network එකේ devices වලට connect වෙන්න Group Sessions feature එකත් මේක එකම වහලයක් යට ඉන්න users ලට ගොඩක් වටිවී සින්දු switch කරන්න.Spotify is working on a new like animationpic.twitter.com/kZDkaJ7Mov— Jane Manchun Wong (@wongmjane)September 5, 2020Spotify is working on “Group Sessions”,giving an option to let friends on the same wifi network to connect to the devicepic.twitter.com/S0uF4HGJyd— Jane Manchun Wong (@wongmjane)September 5, 2020මේ ටික තමා ඉතින් අලුත් Spotify features. මේවායේ exact launch timeline එකක් නම් නෑ, නමුත් අපිට expect කරන්න පුළුවන් Spotify ලා මේ features ඉදිරි මාස කිහිපය ඇතුලත introduce කරයි කියලා. |