Title
stringlengths
7
238
content
stringclasses
970 values
රනිල්ලා සාමාන්ය තත්ත්වයට ගෙනාවා කියන රටේ 46ක් කන්නෙ දෙවේලයි ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ
රනිල් වික්රමසිංහල සාමාන්යකරණය කළා කියූ රටේ ජනතාවගෙන් සියයට 46ක් කෑම කන්නෙ දෙවේලක් පමණයි යැයි ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ 16 දා පැවසීයමාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය නුවන් බෝපගේ මහතා මෙසේද පැවසීයපොහොට්ටු ගෝල බාලයන් එක්ක සම්මුතියකට ආපු රනිල් වික්රමසිංහ කියනවා එයා මේ රට සාමාන්යකරණයට පත් කළා කියලා අම්මෝ ඒක බැලුවහම ඇත්තකුත් තියෙනවා කලින් අසාමාන්ය දෙයක් තමයි දවසකට වේල් දෙකක් කන එක සාමාන්ය දේ වුණේ වේල් තුනක් කන එක දැන් සමීක්ෂණවලින් වාර්තා වෙලා තියෙනවා රටේ ජනතාවගෙන් සියයට 46ක් දවසකට කන්නෙ වේල් දෙකයි කියල ඔන්න එයාලා හදපු නව සාමාන්යකරණය ඉස්සර මිනිස්සු ලයිට් දාගෙන ෆෑන් එකක් දාගෙන ලස්සනට හිටපු එක තමයි සාමාන්ය තත්ත්වය දැන් මේගොල්ලෝ කියන සාමාන්ය තමයි මිලියනයක ජනතාවට විදුලිය නැති එක අනිත් මිනිස්සුත් යන්තම් එක ලයිට් එකක් දාගෙන දාඩිය පෙරාගෙන ජීවත් වෙන්නෙ ඔන්න එයාලා හදපු සාමාන්ය තත්ත්වය ඉස්සර සාමාන්ය තත්ත්වය තමයි තමන්ට කියලා වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු එවැනි වාහනයක් පාවිච්චි කරපු එක දැන් නව සාමාන්ය තමයි මිනිස්සුන්ට බස් එකේ කෝච්චියේවත් යන්න සල්ලි නැති එක ඉස්සර සාමාන්ය තමයි මිනිස්සුන්ට අධික රුධිර පීඩනය දියවඩියාව හැදුනහම අමාරුවෙන් හරි බෙහෙත් බිව්ව එක දැන් සාමාන්ය තමයි මිනිස්සු බෙහෙත් නොබී ලෙඩත් එක්ක ඔහේ ජීවත් වෙන එකඔන්න එයාලා හදපු නව සාමාන්යයහැබැයි නව අසාමාන්යතාවයකුත් තියෙනවා එළියට බහින්නවත් බැරුව හිටිය පොහොට්ටුවේ මන්ත්රීල ටික දැන් අසාමාන්ය විදිහට එළියට බැහැලා ඉන්නවා රනිල්ලගේ මිතුරන් වන විදෙස් බැඳුම්කර හිමියන්ට බිලියන දෙකකින් තමන්ගේ ලාභය වැඩි වන ලෙස ණය ප්රතිව්යුහගතකරණය කරලා තියනවා ඒ වගේම ශ්රී ලංකාවේ තමන්ගේ න්යාය පත්රයේ ක්රියාත්මක කරගන්න බැරුව හිටිය ඉන්දියාව ඇමරිකාව වගේ රටවල් දැන් අසාමාන්ය විදිහට ඔවුන්ගේ න්යායපත්රය අපේ රටේ ක්රියාත්මක කරන්න පටන් ගෙන තියනවා ඔවැනි රටක් තමයි මේ ආණ්ඩු හැදුවේ මීට එරෙහි එකම දේශපාලන යෝජනාවලිය ගේන්නේ ජන අරගල සන්ධානයයි ඒ නිසා අප සමග එක්වන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා අනුරාධ හිරිපිටියගේ
ජනපති අපේක්ෂකයන්ට ආරක්ෂාව දෙන්න විශේෂ කමිටුවක් අවසන් තීරණ බුද්ධි තොරතුරු අනුව
ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව වැඩබලන පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා මාධ්ය හමුවකදී පැවැසීය බුද්ධි තොරතුරු මත එක් එක් අපේක්ෂකයාට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව තීරණය කරන බව ද හෙතෙම කීය මේ ජනාධිපතිවරණ කාලසීමාවේ දී අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් පත්කර තිබෙනවා මේ කමිටුවේ සභාපති ධුරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්තුමා ඒ අනුව සෑම අපේක්ෂකයකුටම යම් ආරක්ෂාවක් ලබාදීම සිදුවෙනවා ඊට අමතරව එක් එක් අපේක්ෂකයාට තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරනවා ඒ තක්සේරුව සිදු කරන්නේ ඒ කමිටුව මගින් ඒ අනුව කමිටුව තීරණය කරනවා ආරක්ෂාව වැඩි කිරීමට අවශ්ය නම් ඒ ආරක්ෂාව වැඩි කරන්න ඒ අනුව තමා සෑම අපේක්ෂකයකුටම ආරක්ෂාව සපයන්නේ ඒ අනුව එක් එක් අපේක්ෂකයා සහභාගි වන රැස්වීම් සම්බන්ධව කල්වේලා ඇතිව දැනුම්දීමෙන් අනතුරුව ඒ රැස්වීම් සඳහා අවශ්ය ආරක්ෂාව සැපයෙනවා ඒ සම්බන්ධයෙන් ඒ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා අවශ්ය දැනුම්වත් කිරීම් කරලා ඒ සම්බන්ධීකරණය සිදුකරනවා ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
වැසි වැඩි වෙයි
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලිකාර තත්ත්වය හේතුවෙන් අද දිනයේදී 17 දා වැසි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි බස්නාහිර සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළියථ ගාල්ල මාතර යන දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දිනයේදී ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවලට මිලිමීටර් සීයට වැඩි වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි ප්රදීප් ප්රසන්න සමරකෝන්
මා කාටවත් සහාය දෙන්නේ නෑ මෛත්රී
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට සහයෝගය දීමට තමා තීරණය කර නැති බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී එම නිවේදනයේ මෙසේද සඳහන් වේ ඇතැම් මාධ්ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලඥයන් මා පිළිබඳව කරන ප්රකාශවල කිසිදු සත්යයක් නොමැති බවද කාරුණිකව දන්වමි ශ්රී ලංකා නිදහස් පක්ෂ අභ්යන්තරයේ ඇති වී තිබෙන ගැටලුව මේ වනවිට අධිකරණයේ පවත්නා බැවින් අධිකරණය විසින් පක්ෂයේ සභාපතිවරයා කවුද යන්න මෙතෙක් තීන්දුවක් දී නොමැත ඒ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂ ව්යවස්ථාව යටතේ සම්පූර්ණ බලතල ඇත්තේ සභාපතිවරයාට බැවින් වෙනත් කිසිදු නිලධාරියකු විසින් කරනු ලබන පත්කිරීම් සහ ගනු ලබන තීරණවල කිසිදු වලංගුභාවයක් නොමැති බවද කාරුණිකව දන්වමි
සිවිල් ආරක්ෂකයන්ට ගෙවල් හදන්න බළකායෙන්ම ශ්රමය
සිවිල් ආරක්ෂක බළකායේ නිවාස නොමැති සාමාජිකයන්ට නව නිවසක් සාදා ගැනීමට හා තිබෙන නිවාස අලුත්වැඩියා කටයුතු කරගෙන යෑමට සිවිල් ආරක්ෂක බළකායේම ශ්රමදායකත්වය ලබාදීමට රජය තීරණය කර ඇත එහි මුල්ම පියවර ලෙස තෝරාගත් 100 දෙනකු සඳහා ශ්රම දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇත ඊට අමතරව සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් සඳහා මෙතෙක් ලබාදුන් රු350 වූ දෛනික සලාක දීමනාව රු500 දක්වා වැඩි කිරීමටත් පියවර ගෙන ඇති බව රාජ්ය ඇමැති ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි අරුණ බෝගහවත්ත
ජනපති සටනට 39ක් නම් දෙති
නව වැනි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයෝ 39 දෙනෙක් ඊයේ 15දා සුදුසුකම් ලැබූහ නාම යෝජනා පත්ර භාර ගැනීම රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්රවණාගාරයේදී ඊයේ පෙරවරුවේ සිදුවිය අපේක්ෂකයන් 40 දෙනකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් නාම යෝජනා පත්ර භාරදී තිබුණේ 39 දෙනකු පමණි ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න මහතා නාම යෝජනා පත්ර භාර දීමට පැමිණ සිටියේ නැත නාම යෝජනා පත්ර භාර දීමෙන් පසුව පැවැති විරෝධතා ගොනු කිරීමේ කාලසීමාව තුළ අපේක්ෂකයන් තුන් දෙනකු වෙනුවෙන් විරෝධතා 3 ක් ඉදිරිපත්ව තිබූ නමුත් ඒවා නීතියට අනුකූල නොවන බැවින් ප්රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය මේ අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂ අපේක්ෂකයෝ 22ක් ද වෙනත් පක්ෂයක එක් අපේක්ෂකයෙක් ද ස්වාධීන අපේක්ෂකයෝ 16 දෙනෙක් ද ජනාධිපතිවරණයට තරග කරති රනිල් වික්රමසිංහ ස්වාධීන සරත් කීර්තිරත්න ස්වාධීන ඕෂල හේරත් අභිනව නිවහල් පෙරමුණ ඒඑස්පී ලියනගේ ශ්රී ලංකා කම්කරු පක්ෂය සජිත් ප්රේමදාස සමගි ජන බලවේගය පීඩබ්ලිව්එස්කේ බණ්ඩාරනායක ජාතික සං පෙරමුණ විජයදාස රාජපක්ෂ ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ කේකේ පියදාස ස්වාධීන සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය අජන්ත ද සොයිසා රුහුණු ජනතා පෙරමුණ ආනන්ද කුලරත්න ස්වාධීන සරත් මනමේන්ද්ර නව සිහළ උරුමය බත්තරමුල්ලේ සීලරතන හිමි ජනසෙත පෙරමුණ අක්මීමන දයාරතන හිමි ස්වාධීන සිරිපාල අමරසිංහ ස්වාධීන කේආර් ක්රිෂාන් අරුණළු ජනතා පෙරමුණ සරත් ෆොන්සේකා ස්වාධීන අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය පානි විජේසිරිවර්ධන සමාජවාදී සමානතා පක්ෂය ඇන්ටනී වික්ටර් පෙරේරා ස්වාධීන මුහම්මද් ඉල්යාස් ස්වාධීන පේමසිරි මානගේ ස්වාධීන සිඩ්නි ජයරත්න ස්වාධීන ඩීඑම් බණ්ඩාරනායක ස්වාධීන ප්රියන්ත පුෂ්පකුමාර නව සම සමාජ පක්ෂය එම් තිලකරාජා ස්වාධීන ජේඩීකේ වික්රමරත්න අපේ ජනබල පක්ෂය රොෂාන් රණසිංහ ස්වාධීන මහින්ද දේවගේ ශ්රී ලංකාවේ සමාජවාදී පක්ෂය අනෝජ් ද සිල්වා ප්රජාතන්ත්රවාදී එක්සත් ජා පෙරමුණ පී අරියනේත්තිරම් ස්වාධීන මොහොමඩ් ඉන්ෆාස් එක්සත් ප්රජාතන්ත්රවාදී සන්ධානය දිලිත් ජයවීර ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නුවන් බෝපගේ සමාජවාදී ජනතා සංසදය නාමල් රාජපක්ෂ සමබිම පක්ෂය අනුරුද්ධ පොල්ගම්පොල ස්වාධීන ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනක රත්නායක එක්සත් ලංකා පොදුජන පක්ෂය හා ලලිත් ද සිල්වා එක්සත් ජාතික නිදහස් පෙරමුණ යන අපේක්ෂකයෝ මැතිවරණයට තරග කරති නාම යෝජන පත්ර භාර ගැනීමෙන් අනතුරුව පැමිණ සිටි ජනාධිපතිවරණ අපේක්ෂකයෝ ඇමැතූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්එල්ඒඑම් රත්නායක මහතා මෙසේ කීය නාම යෝජනා භාරදුන් දින සිට ඡන්ද විමසීම අවසන් වන තෙක් අපේක්ෂකයකු ප්රවර්ධනය හෝ අගතියට පත් කිරීම සඳහා ප්රචාරක පත්රිකා බෙදාහැරීම හා ප්රදර්ශනය කිරීම සඳහා වන නීති ප්රතිපාදන ගැන අවධානය යොමු කරන්න නීති ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය උපදෙස් පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇත මැතිවරණ ප්රචාරක දැන්වීමක් හෝ වෙනත් ආකාරයක ප්රචාරක ඡායාරූප චිත්ර ඡන්ද ලකුණු ධජ පතාක ප්රදර්ශනය කළ හැක්කේ ප්රචාරක රැස්වීමක් පැවැත්වෙන ස්ථානයක අසල හෝ විධිමත්ව අවසර ගත් නියෝජිත පක්ෂ කාර්යාලවල පමණි නාම යෝජනා දිනයේ සිට ජනාධිපතිවරණය අවසන් වී සතියක් යන තුරු පෙළපාළි පැවැත්වීම තහනම්ය නීති විරෝධී පෙළපාළි පැවැත්වීමට මෙන්ම ඒවා වීඩියෝගත කර අධිකරණයට වාරතා කිරීමට ද පොලිසිය කටයුතු කරනු ඇත ශබ්ද විකාශන යන්ත්ර භාවිතා කළ හැක්කේ පොලිසියේ අවසරය ඇතිව පමණි ඡන්දය ලබාගැනීම සඳහා සංග්රහ කිරීම් අල්ලස් ලබාදීම් අයුතු බලපෑම් දූෂණ ක්රියා සේ සැලකේ ආගමික වැඩසටහන් හරහා හෝ පූජනීය ස්ථානවල පවත්වන රැස්වීම් හරහා පක්ෂ අපේක්ෂක ප්රවර්ධනය අයුතු බලපෑම් ගණයට වැටේ රජයේ අමාත්යාංශ දෙපාර්තමේන්තු මෙන්ම රාජ්ය සංස්ථා බැංකු මණ්ඩල ආදී ව්යවස්ථාපිත ආයතන ද පළාත් සභා හා පළාත් පාලන ආයතන ද රාජ්ය ආයතන වෙයි මෙම ආයතනවල රාජ්ය දේපළ ජනාධිපතිවරණයේදී පක්ෂ හෝ අපේක්ෂක ප්රවර්ධනයට යොදා ගැනීම සපුරා තහනම්ය දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධාරියකුට ජනාධිපතිවරණයට ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්රියාවක නිරත විය නොහැකිය දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්ය නිලධාරීන් පවා කාර්යාල වේලාව තුළ දේශපාලන කටයුතු කිරීම තහනම් සෑම රජයේ නිලධාරියකුම මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් පත්රයේ විධානවලට යටත් විය යුතුයි එම විධාන කඩකිරීමට කිසිදු නිලධාරියකු පොලඹවන්න එපා අපේක්ෂකයන් නියෝජිතයන් සාමාජිකයන් කිසිවකු නීති විරෝධී ක්රියා නොකළ යුතුයි ඊට අපේක්ෂකයන් ඉඩ දෙන්න එපා වැරදි හෝ නීති විරෝධී ක්රියාවලට දඬුවම ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ හා ව්යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබේ ඇතැම් වැරදි සඳහා දඬුවම තේරී පත්වීම අවලංගු වීම ප්රජා අයිතිය අහිමි වීම තරම් බරපතළය අපේක්ෂකයන් හා දේශපාලනඥයන්ට ආචාරධර්ම පවතී ඒවා අනුගමනය කිරීම ඔවුන්ගේ වගකීමකි ඒ ආචාරධර්ම මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් ප්රසිද්ධියට පත්කර ඇත රාජ්ය මාධ්ය ආයතන අපක්ෂපතීව කටයුතු කිරීමට නීතියෙන්ම බැඳී සිටී මාධ්ය ආයතන සියල්ල උපමාන පිළිපැදිය යුතුයි පෞද්ගලික මාධ්ය ද උපමානවලට සවන් දිය යුතුයි පෞද්ගලික මාධ්ය ද අපේක්ෂකයන් ප්රවර්ධනයට හෝ අනෙක් අපේක්ෂකයන් අගතියට පත් කිරීම ද නොකළ යුතුයි පෞද්ගලික ආයතන ද ජනතාව සතු සංඛ්යාත භාවිතා කරනවා ඒ සංඛ්යාත රජය සතුයි මේ මාධ්ය භාවිතාව අධීක්ෂණය කිරීමට අදාළ රාජ්ය ආයතන වෙත පවරා ඇත රනිල් ධර්මසේන
ජනතා හරසර පිළිගනිමින්
ඡායාරූප නිශාන් එස් ප්රියන්ත කමල් බෝගොඩ ජූඩ් ඩෙන්සිල් පතිරාජ නිමල් දයාරත්න සමන් රණවීර ධර්මසේන වැලිපිටිය තුෂාර අතපත්තු ආයුබෝවන් ජනපති සහ සජිත් අනුරනාමල් සුහදව
ජනපති රනිල් නාමයෝජනා දී ශ්රී දළදා සමිඳුන් වැඳපුදා ගනී
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහනුවරට පැමිණ ශ්යාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහ නායක හිමිපාණන් හා ශ්යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහ නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය
පොදුජන යුගයක් බිහි කිරීමට එක් වෙමු සජිත් ප්රේමදාස
පොදුජන යුගයක් බිහි කිරීමට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඉල්ලා සිටියේය ජනාධිපතිවරණය සඳහා ඊයේ 15දා නාමයෝජනා භාර දීමෙන් අනතුරුව පැමිණ සිටි පාක්ෂිකයන් අමතමින් ඒ මහතා මේ බව පැවසීය අපේ දේශය සහ ලක්ෂ 220ක් ජනතාව දුකින් මුදා ගන්නා සැමට සෞභාග්යය ලැබෙන සැමට සංවර්ධනය උදා කරන නව යුගයක් දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක් පොදුජනතාවට පරාර්ථකාමීව සේවාවක් කරන යුගයක් නියත වශයෙන් ම සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයත් සමග ආරම්භ වන බව එහිදී විපක්ෂ නායකවරයා පැවසීය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය පොදු ජනතාවගේ හයියෙන් ලක්ෂ 220ක් ජනතාව දිනවන ගමන යන බවත් රට ගොඩගත හැකි උගත් බුද්ධිමත් කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට බවත් පැවසූ ඒ මහතා ශ්රී ලංකාව ලොව අංක 1ට ගෙන ඒමේ ප්රතිපත්තිය තුළ සියලු දේ කැප කර පොදු ජනතාව ජීවත් කරවන රටේ නීතියට ගරු කරන අහිමි වූ දේපළ සහ සම්පත් ද හොරා කෑ මුදල් නැවත රටට ලබා ගන්නා පොදුජන යුගය බිහි කරන බවත් ඒ මහතා පැවසීය
ලෝක සෞඛ්ය සංවිධානය මන්කිපොක්ස් හදිසි සෞඛ්ය තත්ත්වයක් ලෙස යළි නම් කරයි
වරක් හදිසි සෞඛ්ය තත්ත්ව දර්ශකයෙන් ඉවත් කර තිබූ එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගය ජාත්යන්තර වශයෙන් හදිසි සෞඛ්ය තත්ත්වයක් ලෙස නැවත නම් කිරීමට ලෝක සෞඛ්ය සංවිධානය විසින් පියවර ගෙන තිබේ බටහිර අප්රිකානු රාජ්යයක් වන කොංගෝ රාජ්යයේ ශීඝ්රයෙන් පැතිර ගොස් පසුව තවත් අප්රිකානු රටවල් රැසකට පැතිර ගොස් ඇති එම්පොක්ස් රෝගයෙන් මේ වන විට 450 දෙනකු පමණ මියයෑමෙන් අනතුරුව ලෝක සෞඛ්ය සංවිධානය විසින් මෙම පියවර ගෙන තිබේ ප්රජාතන්ත්රවාදී සමාජවාදී කොංගෝ රාජ්යයේ පැතිරීම ඇරැඹි එම්පොක්ස් රෝගයේ නව වෛරස් ප්රභේදය ඉතාමත් වේගයෙන් පැතිරීමත් ඉන් සිදුව ඇති මරණ සංඛ්යාව ඉහළ යෑමත් හේතුවෙන් එය සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්ය සංවිධානය විසින් මෙසේ එම රෝගය හදිසි සෞඛ්ය තත්ත්වයක් ලෙස ප්රකාශයට පත් කර ඇති බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ වෛද්ය ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්රේයේසුස් පවසයි රෝගය අප්රිකානු රටවලත් ඉන් ඔබ්බටත් පැතිර යන ආකාරය කනස්සල්ලට හේතුවක් බව ද වෛද්ය ගෙබ්රේයේසුස් සඳහන් කර තිබේ කොංගෝ රාජ්යය තුළ මෙම එම්පොක්ස් රෝගය පැතිර යෑමෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 13700ක් හා මරණ 450ක් වාර්තා වී ඇති බවත් රෝගය මේ වන විට බුරුන්ඩි මධ්යම අප්රිකානු රාජ්යය කෙන්යාව රුවන්ඩාව ඇතුළු රටවල් ගණනාවකට පැතිර ගොස් ඇති බවත් ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රධානියා පවසයි ලෝක සෞඛ්ය සංවිධානයට අනුව එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගය උණ රෝගයෙන් ආරම්භ වී සමේ ආසාදන උගුරේ ආසාදනය සමේ පළු මතු වීම හිසරදය කොන්දේ වේදනාව මාංශපේශිවල වේදනාව ශරීර ශක්තිය අඩු වීම වසා ගැටිති ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර පසුව එය මාරාන්තික විය හැක සෑම රෝගීන් 100 කින්ම 4 දෙනෙක් රෝගය නිසා මිය යති මෙම රෝගය කෙනෙකුගෙන් තවත් අයකුට පැතිර යනුයේ ලිංගික ඇසුරකින් ආසාදිතයකුගේ සමෙහි ගැටීමෙන් ආසාදිත පුද්ගලයකු සමග සමීපව කතාබස් කිරීමෙන් හා හුස්ම ගැනීමේදී බව වෛද්යවරු පවසති එම්පොක්ස් රෝගය මුල් වරට ජාත්යන්තර හදිසි සෞඛ්ය තත්ත්වයක් ලෙස ප්රකාශයට පත් කරන ලද්දේ 2022 වසරේදීය එවර මෙම වතාවේ මෙන් රෝගය දරුණුවට පැතිර නොගිය බවත් ජාත්යන්තර මට්ටමෙන් සම්බන්ධීකරණය කිරීමේ ක්රියාදාමයක් හරහා මෙම රෝගය පැතිරීම පාලනය කර මිනිස් ජීවිත රැසක් බේරාගත හැකි බවත් ලෝක සෞඛ්ය සංවිධානය පවසයි ඒමන්ති මාරඹේ
නාමයෝජනා දුන් ජනපති අපේක්ෂකයෝ කියූ කතා
බංකොළොත් වූ රටක් භාරගෙන වසර දෙකක් තුළ සාමාන්ය තත්ත්වයට පත් කළ තමා ඉදිරි පස් වසර තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළේ රටේ අනාගතය ස්ථාවර කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ 15 දා ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් අනතුරුව රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටි සිය පාක්ෂිකයන් අමතා කීවේය නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු පෙරටුව සිය පාක්ෂිකයන් හමුවට පැමිණි ජනපතිවරයා මෙසේද කීවේය මුළු රටම ගිනි ගොඩක් වෙලා තියෙද්දී මම රට භාරගත්තේ කව්රුත් හිතුවා ඡන්දයක් තියන්න කෙසේ වෙතත් ආණ්ඩුව ගෙනියන්නවත් බැරිවෙයි කියලා මමත් කථානායකතුමාත් අපි හැමෝම එකතු වෙලා පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත්තා එදා කට්ටිය ලෑස්ති වුණේ පාර්ලිමේන්තුව අල්ල ගන්න එහෙම වුණානම් අපේ රටත් බංගලිදේශයේ තත්වයට පත්වෙනවා අද අපි රට සාමාන්ය තත්ත්වයට පත් කරලා ඡන්දයකුත් තියනවා රට ගිනිගන්න වෙලාවේ විපක්ෂයේ කව්රුත් අපිට සහයෝගය දුන්නේ නැහැ ඒ ගින්න නිවන්න එයාලා කළේ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න කියලා පැනලා දුවපු එක දැන් අපිට පිංසිද්ධ වෙන්න එයාලාට පුළුවන් වෙලා තියෙනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න එහෙම බයේ දුවපු අයට පුළුවන්ද ආණ්ඩුවක් භාරගන්න මේ ප්රජාතන්ත්රවාදය දෙන්න ඒ අයට පුළුවන්ද අවුරුදු දෙකක් තුළ රට යථා තත්ත්වයට පත් කරලා සහන දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා තව ප්රශ්න තියෙනවා විසඳන්න මම ඒක දන්නවා අස්වැසුම විශාල පිරිසකට වැඩි කළා ලක්ෂ 20කට ඉඩම් අයිතිය දුන්නා රුපියල් 10000කින් රජයේ සේවකයන්ගේ පඩිය ලබන ජනවාරි මාසේ වැඩි කරනවා ඊළඟ අවුරුද්දෙ ජනවාරි මාසේ තව රුපියල් 15000කින් පඩි වැඩි කරනවා මධ්යම පන්තියේ බදු බර අඩු කරනවා ආපසු රජයේ රැකියා දෙනවා ඒ නිසා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනිහිල්ලා ශක්තිමත් ආර්ථිකයක් හදනවා ඒ සඳහා දක්ෂයන් කණ්ඩායමක් අපිට ඉන්නවා රට ඉදිරියට ගෙනියන්න මට ඡන්දය දෙන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සැප්තැම්බර් 21වැනිදාට ජනතාව බුද්ධිමත්ව තීරණය ගන්නවා නිසැකයි සැප්තැම්බර් 22 වැනිදා මා රට භාර ගත්තාට පසු රට හදන වැඩපිළිවෙළ ආරම්භ කරනවා ආර්ථීක අර්බුදයෙන් බැටකන ජනතාව මුදාගන්න වැඩපිළිවෙළකට අපි යනවා මා වටා පක්ෂ ගණනාවක් සන්ධානගත වෙලයි ඉන්නේ මේ සැලුන් දොර තවදුරටත් ඕන කෙනකුට විවෘතයි වංචාව දූෂණය නැති කරන රටක් නිර්මාණය කරනවා මේ වෙලාවේ ජනතාව බුද්ධිමත් ඔවුන් හොඳින් වටහාගෙන තියෙන්නේ සියලු දෙනා සූදානම් වෙන්න මාත් එක්ක වැඩ කරන්න පොදු ජනතාවගේ හයියෙන් ලක්ෂ 220ක් ජනතාව දිනවන ගමන සමගි ජනබලවේගය හා සමගි ජන සන්ධානය සමග යනවා රට ගොඩගත හැකි උගත් බුද්ධිමත් කණ්ඩායම් ඉන්නේ සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේයි ශ්රී ලංකාව ලොව අංක එකට ගෙනඒමේ ප්රතිපත්තිය තුළ සියලු දේ කැපකර පොදු ජනතාව ජීවත් කරවන රටේ නීතියට ගරුකරන අහිමි වූ දේපළ සම්පත සොරාකාපු මුදල් නැවත රටට ලබා ගන්නා පොදු ජන යුගයක් මා බිහි කරනවා රට මේ වනවිට අභියෝග රැසකට මුහුණදෙමින් තිබෙනවා ජනතාව දුක් පීඩා රැසකට මුහුණ දෙමින් ඉන්නේ බොහෝ පිරිසක් පීඩාවට පත්වෙලා ඉන්නවා මේ සියලු ප්රශ්න සැප්තැම්බර් 22 වැනිදා විසඳනවා රටේ ජනතාව මා ගැන දැඩි බලාපොරොත්තුවක් තියාගෙනයි ඉන්නේ එහෙට මෙහෙට පනින ගෙඹි දේශපාලනය ජනතාවට අද වෙනකොට තිත්ත වෙලයි තියෙන්නෙ ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී මගේ ජයග්රහණය විශ්වාසයි සැප්තැම්බර් 21 වැනිදාට ජනතාව නිවැරැදි තීරණය ගන්නවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 15 වැනිදා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලය අසලදී පැවති මාධ්ය හමුවේදී පැවසීය ජනාධිපති ධුර අපේක්ෂකයන් නාමයෝජනා භාරදීමේ අවස්ථාවට සහභාගි වී නැවත පිටතට පැමිණෙන අවස්ථාවේ ඔහු එසේ කියා සිටියහ නාමයෝජනා භාරදීම සඳහා ඊයේ දිනයේ ජනාධිපති ධුර අපේක්ෂකයන් 39 දෙනකු පැමිණ සිටි අතර ජනාධිපති ධුර අපේක්ෂක සරත් කුමාර ගුණරත්න නාමයෝජනා භාරදීමට පැමිණ සිටියේ නැත මෙහිදී තවදුරටත් කතාකළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය ජාතික ජන බලවේගයේ දොරට හුඟක් කට්ටිය තට්ටු කරනවා නමුත් ඒ තට්ටු කරන අය ගන්න අදහසක් නෑ සන්ධාන ගතවෙන්නත් අදහසක් නෑ අපි පක්ෂයක් හැටියට තනිවම යනවා දැන් මේ රටේ තියෙන්නේ මජර දේශපාලනය මගේ පාලනයක් යටතේ ඒකට තිත තියනවා මේ දිනවල අපිට ජනතාවගෙන් හොඳ ප්රතිචාරයක් තියෙනවා මේ දවස්වල කට්ටිය එහෙට පනිනවා මෙහෙට පනිනවා ගෙඹි දේශපාලනයක් තියෙන්නේ සැප්තැම්බර් 22 වැනිදාට මේ රට හදන වැඩපිළිවෙළට යනවා කටින් නොවෙයි ප්රායෝගිකව අපේ සම්මුතිය තියෙන්නෙ අපේ ගිවිසුම තියෙන්නේ ජනතාවත් එක්ක මේ තමයි මේ රට වෙනස් කරන ඡන්දය මේ රටේ වංචා දූෂණ කරපු සියලු දෙනාට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා තරුණ පරපුර වෙනුවෙන් රැකියා උත්පාදන වැඩපිළිවෙළක් මගේ පාලනය යටතේ ආරම්භ කරනවා රැකියා නැතිකමින් අද බොහෝ තරුණයන් විවිධ වැරැදි වැඩවලට යොමුවෙලා තියෙනවා ඒ පිරිසට රැකියා ලබාදීම තුළින් ඔවුන් වැරැදි ක්රියාවලට යොමුවන එක නතර වේවි මගේ දේශපාලන ගමනේ එක එක දේශපාලකයන් විවේචනය කරන්නෙ නැහැ දැන් මේ පොහොට්ටුව කඩාගෙන වෙන වෙන පක්ෂවලට මුක්කු ගහන්න ගිය අයට ජනතාව නිවැරැදි තීන්දුවක් ලබාදේවි මේ රට නිවැරැදි දිශානනතියක් සඳහා ගෙනාවේ කව්ද කියලා බුද්ධිමත් ජනතාව දන්නවා රට වෙනුවෙන් කළ හැකි උපරිම මෙහෙවර ඉටු කරනවා ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟ නූතන පරම්පරාවේ රට මෙහෙයවන තරුණ නායකත්වය මගෙන් ඇරැඹෙනවා මේ රට තරුණයන්ට පමණක් නොවෙයි වැඩිහිටියන් වෙනුවෙනුත් කළ යුතු වැඩ කොටසක් තියෙනවා ඒක නිකම්ම නිකම් වැඩ කොටසක් නොවෙයි ඇඟට දැනෙන ප්රායෝගික වැඩපිළිවෙළක් මා ඉදිරිපත් කරනවා මේ රට කුරිරු ත්රස්තවාදයෙන් වෙළී තියෙද්දි රට දිනවා දුන්නා දැන් මම සටනට එක්වුණේ රට ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන මොහොතක ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටුකරන යුගයක් මගේ පාලන කාලය තුළ බිහි කරනවා ඒ සඳහා ජනතාව හරි තීන්දුව ගනීවි කියලා මම විශ්වාස කරනවා අද ඉඳන් ගලඋඩ සටන ආරම්භ කරනවා මේ වෙලාවේ ජනාධිපති ධුර අපේක්ෂක තරුව මමයි ශ්රී ලාංකීය ජනතාවට සලකන සටන අරඹනවා රටේ ජනතාවට දැනෙන වැඩක් කරනවා මගේ පැත්තෙන් කරන්න පුළුවන් ජනතා මෙහෙවර අනිවාර්යෙයන්ම ඉටු කරනවා මට ඕන රටට වැඩක් කරන්න ඒ සඳහා ජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා ජනතාව මට ඡන්දය දෙනවා අනිවාර්යෙන්ම මම මේ සටන භාර ගත්තේ අභියෝග රැසක් මැද්දේ ඒ අභියෝගවලට මුහුණ දෙන්න මම ශක්තිමත් අද වෙනකොට බොහෝ දෙනෙක් මට සහයෝගය ලබාදෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා ජනතාවගෙන් විශාල ප්රතිචාරයක් ලැබෙනවා ඒක ඒ අය අතරට ගියහම දකින්න ලැබෙනවා ලාංකීය ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ මම ජනාධිපති වුණහම පස්සෙ සිදු කරනවා ඒ නිසා මම තරුවක් හැටියට ජනතාව වෙනුවෙන් කැප වෙන බවට පොරොන්දු වෙනවා මේ රට හදන්න හොඳ නායකයෙක් ඕන මේ පාරත් මගේ එස්එෆ් මෙහෙයුම අරඹනවා රණවිරුවෝ මේ වෙලාවේ නිවැරැදි තීන්දුව ගනීවි 17 වැනිදා ගම්පහින් මගේ ජනාධිපතිවරණ සටන අරඹනවා මේ රට බේරා ගත්තේ රණවිරුවොයි මගේ පළමුවැනි එස්එෆ් මෙහෙයුම වන රට බේරා ගැනීමේ මෙහෙයුම ජය ගත්තා දැන් මේ රට බේරා ගැනීමේ එස්එෆ් මෙහෙයුම අරඹනවා මේ මෙහෙයුමත් ජය ගන්නවා නියතයි රටක් හදන්න හොඳ නායකත්වයක් තියෙන්න ඕන ඒවගේම පවුල්වාදයට තිත තියන්න ඕන යුද්ධයෙන් බේරගත්තේ යුද හමුදාපතිවරයා වශයෙන් මමයි එදා අභීත රණවිරුවෝ මටත් අති විශාල සහයෝගයක් ලබා දුන්නා ඒක එස්එෆ් මානුෂීය මෙහෙයුම දැන් මේ රට අගාධයට වැටී තිබෙන මොහොතක බේරගන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා ඒ සටනත් මම අරඹන්නේ ශක්තිමත්වයි ඒ සඳහා සියලු දෙනාට පෙළගැහෙන්න කියලා මම ආරාධනා කරනවා මේ රටේ ජනතාව බුද්ධිමත් ඒ අයව අන්දන්න බැහැ 21 වැනිදාට ඒ අය නිවරැදි තීන්දුව ගන්නවාට කිසිදු සැකයක් නෑ මේ රටේ පළමුවැනි පුරවැසියා වෙන්නේ මම ඒක මට විශ්වාසයි අද මේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට රූකඩ අපේක්ෂකයෝ ටිකකුත් එකතුවෙලා තියෙනවා බොහොම කනගාටුයි අනිත් කාරණාව තමයි අද මැතිවරණ ලේකම් කාර්යාලය තුළ විනය පවත්වාගෙන යමේ දුර්වලතාවක් දැක්කා මගේ බොහොම සුබවාදී බලාපොරොත්තුවක් තියෙනවා ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගේ එකම අරමුණ විනයගරුක රටක් බිහිකිරීම ඒ වගේම නීතියට අනුව වැඩකිරීම මගේ තවත් එක වැඩපිළිවෙළක් එක පැත්තකින් සංවර්ධනය අනෙක් පැත්තෙන් මේ රටේ විනය විනයක් නැත්නම් රටක් පවත්වාගෙන යෑමට හැකි වෙන්නේ නෑ මේ නිසා රටේ පුරවැසියෝ බුද්ධිමත් තීරණයක් ගනීවි කියලා මම විශ්වාස කරනවා මගේ මැතිවරණ මෙහෙයුම ශක්තිමත්ව සිදු කරගෙන යෑම එකම අරමුණයි ඒ සඳහා ජනතාව පෙළගැහෙනවා නිසැකයි ප්රදීප් ප්රසන්න සමරකෝන් කමල් බෝගොඩ සහ ධර්මසේන වැලිපිටිය ඡායාරූප නිශාන් එස් ප්රියන්ත
ජනපති අපේක්ෂකයන්ගේ මංගල ජන රැලි හෙට
ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව ප්රධාන පෙළේ අපේක්ෂකයන් වෙනුවෙන් සංවිධානය කරන මංගල ජන රැලි හෙට 17දා පැවැත්වෙයි ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ මංගල ජන රැලිය හෙට සවස අනුරාධපුර මහජන ක්රීඩාංගණයේදී පැවැත්වෙයි ජනපතිවරයාට සහාය දෙන සන්ධාන හා පක්ෂ රැසක එකමුතුවෙන් එම රැලිය පැවැත්වෙයි විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතාගේ මංගල ජන රැලිය හෙට කුරුණෑගල සත්යවාදී ක්රීඩාංගණයේදී පැවැත්වෙයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පවත්වනු ලබන මංගල ජන රැලි මාලාවේ රැලි තුනක් දකුණු පළාත කේන්ද්ර කරගනිමින් හෙට ගාල්ල මාතර තංගල්ල යන නගරවල පැවැත්වෙයි අරුණ බෝගහවත්ත
සජබයේ වේලු කුමාර් ජනපති ළඟට රිෂාඩ් හා පොහොට්ටුවේ කරුණාදාස සජිත් ළඟට
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වේලු කුමාර් මහතා ඊයේ 15දා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී ඉදිරි ජනපතිවරණයේදී ජනාධිතිවරයාට සහාය දෙන බවට ප්රකාශ කර තිබේ නාමයෝජනා භාරදීමට සුළු මොහොතකට පෙර කොළඹ මල් පාරේ පිහිටි නිවසට පැමිණි මන්ත්රීවරයා ජනාධිපතිවරයා හමුවී මේ බව පවසා ඇත මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කරුණාදාස කොඩිතුවක්කු මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත ඒ අනුව හෙට 17දා අකුරැස්සේදී පැවැත්වීමට නියමිත සජිත් ප්රේමදාස මහතාගේ දේශපාලන රැලියට තමා එක්වන බව කොඩිතුවක්කු මහතා දිවයින ට පැවසීය මේ අතර ඉදිරි ජනපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය තහවුරු කිරීමට කැපවන බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගයාශාන් නවනන්දන දිගාමඬුල්ල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ හිටපු ඇමැතිනි ශ්රියානි විජේවික්රම හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ගුණසේකරම් ශංගර් එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයා හමුවී සහතික වී ඇත මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්රසය සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කරමින් ගිවිසුමකට එළඹීම ඊයේ සිදුවිය චමින්ද සිල්වා
පාර්ලිමේන්තුව ලබන බදාදා පමණක් රැස්වෙයි
පාර්ලිමේන්තුව ලබන සතියේ 21 වැනිදා බදාදා පමණක් රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි එදින සුරාබදු ආඥා පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කරනු ලැබූ නිවේදනය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට එහිදී තීරණය වී ඇත අනතුරුව වර්ල්ඩ් ලයිෆ් ලයින් යෝගා ආයතනය සංස්ථාගත කිරීමේ පෞද්ගලික මන්ත්රී පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට ද නියමිතව තිබේ
ලබන වසරේ රාජ්ය ආදායමේ වර්ධනයක් මුදල් අමාත්යාංශය ඉලක්කය කියයි
ලබන වසර 2025 අග වන විට මුළු රාජ්ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස සියයට 151ක් දක්වා වර්ධනය කර ගැනීමට ඉලක්ක කර ඇතැයි මුදල් අමාත්යාංශය කියයි එසේම වර්ෂ 2027 වන විට මුළු රාජ්ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස සියයට 153 ක් දක්වා ද වර්ධනය කර ගැනීමට ද එම අමාත්යාංශය අපේක්ෂා කරයි වර්ෂ 20252027 යන වර්ෂ තුනේ මැදිකාලීන රාජ්ය මූල්ය ඉලක්කවල මේ බව සඳහන් වේ බදු පරිපාලනය ශක්තිමත් කිරීම බදු ජාලය පුළුල් කිරීම බදු අනුකූලතාවය බදු ගෙවීම වර්ධනය කිරීම සහ තාක්ෂණය යොදා ගැනීම යන ක්රියාමාර්ගවලින් මේ බදු ආදායමේ වර්ධනය සිදුකර ගැනීමට මුදල් අමාත්යාංශය ඉලක්ක කර ඇත ශ්යාම් නුවන් ගනේවත්ත
ජනතා ජයග්රහණය අතළඟයි සජිත් අගලවත්ත රැලියේදී කියයි
අද එන්න එන්නම ජනතාව තුළ අපේක්ෂාවන් ප්රාර්ථනයන් වර්ධනය වී ඇති බවත් සාමාන්ය ජනතාව ජයග්රහණය කරන යුගය අතළඟ බවත් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය තුළ ශක්තිමත් ජනතා කේන්ද්රීය ගමනක් ගියත් අනික් කණ්ඩායම් කයිවාරුව පමණක් ක්රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය එසේම සමහර නායකයන් වසර 2030 දේශපාලන පක්ෂයක නායකයාවෙලා ඓතිහාසික දේශපාලන පක්ෂ විනාශ කරලා ස්වාධීන වුවත් සමගි ජන බලවේගයට එවැනි ගැටලු නොමැති බවත් වසර 4ක් පමණ වයසැති සමගි ජන බලවේගය අද මේ තැනට පැමිණ ඇත්තේ ජනතාව නිසා බවත් පසුගිය දශක කිහිපයේ අමනෝඥ පාලකයන් ගත් වැරැදි තීන්දු නිසා පරම්පරා කිහිපයකට හොඳ අනාගතයක් අහිමි වී තරුණ පරපුරේ සිහින නැති වී ඇති බවත් ඒ වැරැදි නිවැරැදි කිරීමේ භාරදූර අභියෝගය තමා සතු බවත් මේ රට නිවැරැදි ගමනක යමින් මේ රටේ නායකයා ලෙස උපරිම කැපකිරීම කර ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් කළ හැකි ඉහළම කැප කිරීමට තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ මතුගම අගලවත්තේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන හා එක්වෙමිනි විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත රට වෙනුවෙන් පොදු ජනයා වෙනුවෙන් දැවැන්ත හඬක් නැගු බවත් මෙරට ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන් පවා අනාවරණය කළේ සමගි ජන බලවේගය බවත් ශ්රේෂ්ඨාධිකරණය මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ රාජපක්ෂවරු ප්රමුඛ කණ්ඩායමම අනාවරණය කළ බවත් මෙහිදී තමා කිසිදා ෆයිල් පෙන්වා බලයට ආවම හොරු අල්ලනවා කියන රගපෑම නොකළ බවත් ලක්ෂ 220 වෙනුවෙන් ඒ මූලික අයිතිවාසිකම් තීන්දුව ගත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය එමෙන්ම වීසා මගඩිය ගැන රට දැනුවත් කර එය හෙළි කළේද සමගි ජන බලවේගය බවත් රටේ ලාභ ලබන ආයතන විකුණන අදූරදර්ශී ප්රතිපත්තිවලට විරුද්ධව හඬක් නගා ඒවා විකිණීම නවත්වා ගත්තේ සමගි ජන බලවේගය බවත් ජනාධිපතිවරණයක් ක්රියාත්මක වන අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්රියාත්මක කරන ලාභ ලබන රාජ්ය සම්පත් හා දේපළ විකුණන කුමන්ත්රණවලට හවුල්වන රාජ්ය සේවකයන්ටද නීතිය හමුවේ දඬුවම් විදීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය රාජ්ය දේපළ හා සම්පත් අවභාවිතය ඉහළින්ම සිදුවන බවත් පසුගිය සති 2 3 සජිත් ප්රේමදාසගේ සක්වළ හා හුස්ම වැඩසටහන තහනම් වුවත් රජයේ මුදල් වැයකර ජනාධිපතිවරයාට විවිධ විවෘත කිරීම් කරන්න කිසිදු තහනමක් නොමැති බවත් මේ මැතිවරණ සමයේ මේ රාජ්ය දේපළ අවභාවිත කළ අය ගැනත් සොයා බලන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය රටේ ලක්ෂ 220 ජනතාව දුක් විඳින විට රටේ ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන් සුවසේ සිටින බවත් අපේ රටේ නිහඬ බහුතරයට හඬක් නොමැති ජනතාවට හඬක් වී ඔවුන් මේ දුකින් මුදවා ගන්නා බවත් ගම හදා නගරය හදන නගර හදා රට හදන වැඩපිළිවෙළක් තමාට ඇති බවත් මේවා බොරු පොරොන්දු නොව විපක්ෂයේ සිටම ඒවා තමා ක්රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය තමා ළඟ රැවටිලි දේශපාලනය ජනතාව අන්දවන දේශපාලනය නොමැති බවත් කයිවාරු දේශපාලනය නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය
GMOA ඉදිරිපත් කළ සේවා යෝජනාවලිය සෞඛ්ය අමාත්යාංශයට
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇති වෛද්ය නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් සහ පහසුකම් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවලිය සෞඛ්ය අමාත්යාංශය වෙත යොමු කිරීමට ශ්රී ලංකා වෛද්ය පාර්ලිමේන්තු මන්ත්රී සංසදයේ එකඟතාව හිමිව තිබේ එම සංගමය ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෛද්ය පාර්ලිමේන්තු මන්ත්රී සංසදය පසුගියදා එහි සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තිබේ විශේෂඥ ශ්රේණියේ වෛද්ය නිලධාරීන් සහ අනෙකුත් ශ්රේණිගත වෛද්ය නිලධාරීන් සඳහා රාජකාරි ආවරණය කිරීමේ දීමනාවක් හඳුන්වාදීම සහ මෙරට වෛද්ය සේවය සුවිශේෂී සේවා කාණ්ඩයක් ලෙස එයට අදාළ වැටුප් කේතයක් ස්ථාපිත කිරීම සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා අතර ප්රධාන තැනක් ගන්නා බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්ය ප්රකාශක වෛද්ය චමිල් විජේසිංහ මහතා දිවයිනට පැවසීය සුජීව තත්සර
ජනකගෙන් අල්ලස් ඉල්ලූ බව කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ දෙදෙනෙක් රිමාන්ඩ්
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාවේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා දීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුදලක් ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම පක්ෂයේ හිටපු ලේකම් සහ පක්ෂ සාමාජිකයකු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්රාත් මොහොමඩ් රිස්වාන් මහතා ඊයේ 15 පස්වරුවේ නියෝග කළේය නිහාල් ප්රේමකුමාර සහ රුවන්තිලක පේදුරුආරච්චි යන දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි සෙසු සැකකරුවන් හා සැකකාරියන් හයදෙනා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටද අතිරේක මහෙස්ත්රාත්වරයා නියෝග කළේය එම සැකකරුවන් පිරිස පෙරේදා 14 පස්වරුවේ බොරැල්ලේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එම අල්ලස් ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබිණි ඒජේඒ අබේනායක
තැපැල් ඡන්ද පහසුකම නොදී සෞඛ්ය සේවකයන්ට ඡන්ද අයිතිය අහිමි කළොත් ලේකම්ට නඩු දානවා සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති
හෙද හෙදියන් ඇතුළු සමස්ත සෞඛ්ය කාර්ය මණ්ඩලයේ ජන්ද අයිතිය අහිමි වුවහොත් සැප්තැම්බර් 21 වැනිදායින් පසුව අනිවාර්යයෙන්ම සෞඛ්ය ලේකම්වරයාට එරෙහිව අධිකරණ පියවර ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්ර කහදවආරච්චි මහතා ඊයේ 15දා පැවසීය මාතලේ පැවැත්වූ මාධ්ය හමුවට එක්වූ ඔහු තවදුරටත් කියාසිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත රෝහල්වල සේවය කරන වැඩි පිරිසකට ඡන්ද වරම් අහිමි වීමේ අවදානමක් මේ වනවිට මතුවී තිබෙන බවයි ජනාධිපතිවරණයේදී සෞඛ්ය කාර්ය මණ්ඩලයට ඡන්ද වරම් අහිමි වුවහොත් සෞඛ්ය ලේකම්වරයාට විරුද්ධව නීතිය හමුවට යෑමට පියවර ගන්නා බව ද ඒ මහතා කීය සේවා ස්ථානයේ සිට ඡන්දය පාවිච්චි කිරීමට ඉතා දුර බැහැර ඡන්ද පොළට යෑමට සිදුවන රෝහල් කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්දය පාවිච්චි කිරීමට ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව සිදු කළ 20200807 දා නිරීක්ෂණ හා නිර්දේශවලට අනුව ආයතන ප්රධානීන්ට වගකීම පවරා තිබෙන බව සභාපතිවරයා පැවසීය රෝහල්වල හෙද හෙදියන්ගේ හිඟය 3600 ඉක්මවා ඇති බවත් සෙසු කාර්ය මණ්ඩලවල ද හිඟයක් පවතින බවත් පෙන්වාදුන් ඔහු සේවා ස්ථානයේ සිට ඉතා දුර බැහැර ඡන්ද මධ්යස්ථානවලට යෑමට සිටින කාර්ය මණ්ඩලයට නිවාඩු ලබා ගැනීමේදී ගැටලු රැසක් උද්ගත වී ඇති බව පැවසීය මැතිවරණ කොමිසමේ නිර්දේශ සහ නිරීක්ෂණ ක්රියාත්මක නොකිරීම සෞඛ්ය කාර්ය මණ්ඩලයේ ඡන්දය අයිතිය අහිමි කිරීමේ කුමන්ත්රණයක් බවට සැකයක් ඇතැයි ද සභාපතිවරයා චෝදනා කළේය සේවා ස්ථානයේ සිට ඉතා දුර බැහැර ඡන්ද මධ්යස්ථානවලට ඡන්දය පාවිච්චි කිරීමට යෑමට සිදුව ඇති සෞඛ්ය කාර්ය මණ්ඩලයට තැපෑලෙන් ඡන්දය භාවිත කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ හා නිර්දේශවලට අනුව සෞඛ්ය ලේකම්වරයා කටයුතු නොකිරීම සෞඛ්ය කාර්ය මණ්ඩලයේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට බවට සැකයක් පවතින බව හෙතෙම පැවසීය ඡන්දය දා රෝගී සත්කාර සේවාවන් අඩාළ නොවන ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා තැපෑලෙන් ඡන්දය පාවිච්චි කිරීමට පහසුකම් සැලසීමට පියවර නොගතහොත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයෙන් අනතුරුව සෞඛ්ය ලේකම්වරයාට විරුද්ධව නඩු පවරන බව සභාපතිවරයා පැවසීය මාතලේ විශේෂ නිමල් ගුණතිලක
අපි ජනපතිට උදව් කරන්නේ අභියෝගය භාරගත් පුද්ගලයා රැකගත යුතු නිසයි දුමින්ද දිසානායක
මෙම ජනාධිපතිවරණයේදී අපි සහාය දෙන්නේ රනිල් වික්රමසිංහ නමැති පුද්ගලයාට නොව වැටුණු රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් තැනැත්තා ආරක්ෂා කර ගැනීමේ අදිටනින් බව ශ්රී ලංකා නිදහස් පක්ෂයෙහි ප්රධාන ලේකම් හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය තෙල් පෝලිම් ගෑස් පෝලිම්වලින් ජනතාව හෙම්බත්වී වැටුප් ගෙවා ගන්නවත් බැරිවෙච්ච රට නැඟිට්ටුවේ එතුමා බව අමතක නොකළ යුතු බව ද ඔහු කීය ජනාධිපතිතුමාට අද පාර්ශ්ව රැසක් එකතුවී උදව් කරනවා එතුමා තරග කරන්නේ ස්වාධීනව එතුමා ස්වාධීනව ඉල්ලන නිසා ලංකාවේ ඕනෑම පක්ෂයක අයට එවැනි උදව්වක් කළ හැකිය දේශපාලන පක්ෂයක නම් තම අනන්යතාව රැකගෙන එම සහයෝගය ලබාදීමට හැකියි යැයිද කීය සුසිල් ජයකොඩි
අතාවුල්ලාගේ ජාතික කොංග්රසය ජනපති සමග එක්වෙයි
පාර්ලිමේන්තු මන්ත්රී ඒඑල්එම් අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්රසය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වෙයි ඒ එල් එම් අතාවුල්ලා මහතා ඇතුළු එහි නියෝජිතයන් පිරිසක් ඉකුත් 14 දා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී මේ පිළිබඳ නිල වශයෙන් දැනුම් දුන්නේය මෙරට ජනවාර්ගික ගැටලුව විසඳීමට අදාළව ජාතික කොංග්රසයේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි එසේම එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය තහවුරු කිරීමට කැපවන බව දේශප්රේමී ජනතා බලවේගය ප්රකාශ කරයි එම පක්ෂයේ ප්රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඉකුත් 14 දා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී මේ පිළිබඳ දැනුම් දුන්හ බිඳවැටුණු මෙරට ආර්ථිකය නීතිය හා සාමය ස්ථාපිත කිරීමට පසුගිය වසර දෙකක කාලය තුළ ජනාධිපතිවරයා ක්රියාත්මක කළ වැඩපිළිවෙළ අගය කරන බවත් මින් ඉදිරියට ද රට ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිවරයාගේ නායකත්වය අවශ්ය බවත් සුගත් හේවාපතිරණ මහතා පෙන්වා දුන්නේය ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයේ දී තම පක්ෂයේ අනුබද්ධ සංවිධාන සහ සමස්ත සාමාජිකත්වය එක්ව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය තහවුරු කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය
නවවැනි ජනාධිපතිවරණය 40ක් ඇප බඳිති
නවවැනි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා පත්ර භාරගැනීම අද 15දා පෙරවරු 900 සිට 1100 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්රවණාගාරයේදී සිදු කෙරේ තරග කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ කාලසීමාව ඊයේ 14දා මධ්යහ්න 1200ට අවසන් වූ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ ඊයේ දිනයේදී පමණක් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙක් ඇප මුදල් තැන්පත් කරනු ලැබූහ මේ අනුව දේශපාලන පක්ෂ 23කින් හා ස්වාධිනව අපේක්ෂකයන් 17 දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇත රනිල් වික්රමසිංහ සරත් කීර්තිරත්න ඕෂල හේරත් ඒඑස්පී ලියනගේ සජිත් ප්රේමදාස පීඩබ්ලිව් එස්කේ බණ්ඩාරනායක විජයදාස රාජපක්ෂ කේකේ පියදාස සිරිතුංග ජයසූරිය අජන්ත ද සොයිසා ආනන්ද කුලරත්න සරත් මනමේන්ද්ර බත්තරමුල්ලේ සීලරතන හිමි අක්මීමන දයාරතන හිමි සිරිපාල අමරසිංහ කේආර් ක්රිෂාන් සරත් ෆොන්සේකා අනුර කුමාර දිසානායක පානි විජේසිරිවර්ධන ඇන්ටනී වික්ටර් පෙරේරා මුහම්මද් ඉල්යාස් එම්එම් පේමසිරි සිඩ්නි ජයරත්න ටීඑම් බණ්ඩාරනායක ප්රියන්ත පුෂ්පකුමාර වික්රමසිංහ එම් තිලකරාජා ජේඩීකේ වික්රමරත්න රොෂාන් රණසිංහ මහින්ද දේවගේ අනෝජ් ද සිල්වා පී ආරියනේත්තිරන් මොහොමඩ් ඉන්ෆාස් දිලිත් ජයවීර නුවන් බෝපගේ නාමල් රාජපක්ෂ අනුරුද්ධ පොල්ගම්පොල ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ ජනක රත්නායක ලලිත් ද සිල්වා හා සරත් කුමාර ගුණරත්න යන අය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ මෙවර වීම විශේෂත්වයකි පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 36 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබුණි ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 දෙනාටම නාමයෝජනා පත්ර භාරදීම සඳහා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පිවිසීමට අවස්ථාව ඇති අතර ඔවුන් සමග නාමයෝජනා පත්රයට අත්සන් කළ පුද්ගලයාටත් තවත් එක් අයකුටත් ඇතුළුවීමට අවසර හිමිවෙයි මැතිවරණ කොමිෂන් සභාව පිහිටි රාජගිරිය සරණ මාවත අවට ප්රදේශය විශේෂ ආරක්ෂිත කලාපයක් බවට පත්කර ඇති අතර අවසරලත් වාහන හා පුද්ගලයන් හැර වෙනත් කිසිවකුට ඇතුළුවීම තහනම් කර ඇත එමෙන්ම පොලිසිය විසින් අවට මාර්ග උපයෝගි කරගෙන විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කර ඇති බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි නාමයෝජනා පත්ර භාරගන්නා පෙරවරු 900 සිට 1130 දක්වා විරෝධතා කාලසීමාවක් නම්කර ඇති අතර එම කාලය අවසන් වීමෙන් පසුව පිළිගත් නාමයෝජනා පත්ර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්රකාශයට පත් කරනු ඇතරනිල් ධර්මසේන
රනිල් නාමයෝජනා අත්සන් තබමින්
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ 14දා සිය නාමයෝජනා පත්රවලට අත්සන් තැබීම කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සිදුකළ අවස්ථාව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින්ද අන්යාගමික පූජකවරු ආගමික වතාවත් සිදු කරමින්ද ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද මැති ඇමැතිවරු දේශපාලන පක්ෂ නියෝජිතයන්ද ඊට එක්ව සිටියහ
ශ්රේෂ්ඨාධිකරණ නියෝග අනුව කටයුතු නොකළ රනිල් ජනාධිපතිවරණයට සුදුසු නෑ
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකිරීමෙන් ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ලබන මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ලෙස හා එම ජනාධිපති මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥවරයකු ඊයේ 14දා ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය පිළියන්දල පදිංචි ශාන් රණසූරිය මහතා නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නම් කර ඇති අතර දෙවන වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 35 3 ව්යවස්ථාව අනුව එම පෙත්සමේ තුන්වන වගඋත්තරකරු ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා නම්කර ඇත ශ්රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ජූලි 24 වැනිදා ලබාදුන් නියෝගය අනුව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් අතරින් සුදුසු අයකු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට පළමු වන වගඋත්තරකාර රනිල් වික්රමසිංහ මහතාට නියෝග කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කාර නීතිඥවරයා එමගින් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ ශ්රේෂ්ඨාධිකරණය විසින් තමන් ඇතුළු රටේ ජනතාවට දැඩිව බලපාන සිද්ධීන් සම්බන්ධයෙන් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකිරීමෙන් වගඋත්තරකාර ජනාධිපතිවරයා තමන්ගේ මෙන්ම රටේ ජනතාවගේ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ද පෙත්සම්කාර නීතිඥ ශාන් රණසූරිය මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ රටේ පවතින අනාරක්ෂිත වාතාවරණය අනුව විශේෂයෙන් මැතිවරණයක් ප්රකාශයට පත්කර ඇති වකවානුවක මහජන ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති ශ්රී ලංකා පොලිසියට නායකත්වය දීමට නිසි බලයලත් නිලධාරියකු පත් නොකර එම තනතුර පුරප්පාඩුව පැවතීම ඉතාමත් අහිතකර තත්ත්වයක් බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ තමා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන නිසා පොලිස්පති ධූරයේ වැඩ බැලීමට නිලධාරියකු පත් කිරීමේ හැකියාව නොමැති බව ජනාධිපතිවරයා ප්රකාශ කර ඇතත් එලෙස ප්රකාශ කළ ඔහුම පුරප්පාඩු වූ අධිකරණ අමාත්ය ධුරයට ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පත්කිරීම සිදුකර ඇති බවත් පෙත්සම්කරු වැඩිදුරටත් සිය පෙත්සම මගින් ශ්රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේඒජේඒ අබේනායක
අද රාජගිරියේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් පොලිසියේ දහසක් මහ පාරට
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදෙන අද 15 වැනිදා මැතිවරණ ලේකම් කාර්යාලය පිහිටි රාජගිරිය ප්රදේශයේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම අද පෙරවරු 800 සිට පෙරවරු 1100 දක්වා සිදුකෙරෙන අතර ඒ අනුව අද පෙරවරු 800 සිට පස්වරු 200 දක්වා එම විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්ම ක්රියාත්මක බව වැඩබලන පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා දිවයින ට පැවසීය මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සහ රථවාහන සැලැස්ම සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදවන බවද ඒ මහතා කීය අද ක්රියාත්මක කෙරෙන රථවාහන සැලැස්මට අනුව පොල්දූව දෙස සිට නාවල පාරෙන් කොළඹට ඇතුළු වන සියලුම වාහන සාමාන්ය පරිදි වැලිකඩ හන්දියට පැමිණ එතැන් සිට ආයුර්වේද හන්දිය දක්වා ගමන් කර සාමාන්ය පරිදි කොළඹට ඇතුළු විය හැකිය වැලිකඩ හන්දියත් ආයුර්වේද හන්දියත් අතර අතුරු මාර්ගවලින් ශ්රී ජයවර්ධනපුර මාර්ගයට ඇතුළු වන සියලුම වාහන වමට හරවා බොරැල්ල ආයුර්වේද හන්දිය දෙසට ගමන් කළ යුතුය බොරැල්ල කොටා පාරෙන් හා කාසල් වීදියෙන් කොළඹින් පිටවන වාහන ආයුර්වේද හන්දියට පැමිණ පරණ පාර ඔස්සේ වැලිකඩ හන්දිය දක්වා ගමන් කළ හැකිය එසේම අතුරු මාර්ගවලින් පරණ පාරට ඇතුළු වන සියලුම වාහන වමට හරවා වැලිකඩ හන්දිය දෙසට ගමන් කළ යුතුය ශ්රී ජයවර්ධනපුර මාර්ගයේ ආයුර්වේද හන්දියේ සිට වැලිකඩ දක්වා අද පෙරවරු 800 සිට පස්වරු 200 දක්වා කොළඹට ඇතුළු වන සහ පිටවන වාහන ගමන් සීමාකෙරේ එසේම තලවතුගොඩ හන්දියේ සිට කොළඹ දෙසට ගමන් කරන සියලුම වාහන තලවතුගොඩ හන්දිය කිඹුලාවල හන්දිය ඔස්සේ පිටකෝට්ටේ හන්දියට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට දෙසට හෝ නුගේගොඩ දෙසට ගමන් කර කොළඹ දෙසට ගමන් කළ හැකිය ඔබේසේකරපුර මාර්ගයෙන් පරණ පාරට පැමිණෙන වාහන මාදින්නාගොඩ හරහා වැලිකඩ හන්දියට ගමන් කළ යුතු අතර පොල්දූව හන්දියේ සිට බොරැල්ල දෙසට සහ බොරැල්ල සිට පොල්දූව හන්දිය දෙසට කන්ටේනර් රථ ගල් වැලි ටිපර් රථවලට ඇතුළුවීම සීමා කෙරෙන බවද හෙතෙම කියා සිටියේය එසේම 176 බස් රථ මාර්ගය නාවල පාරෙන් වැලිකඩ හන්දියට පැමිණ ශ්රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දියට පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතු අතර මාර්ග අංක 170 171 175 177 190 යන මාර්ගවල බස්රථ වැලිකඩ හන්දියට පැමිණ ශ්රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දිය වෙත පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතුය රාජගිරිය හන්දිය සිට කොටා පාර ආයුර්වේද හන්දිය පරණ පාර බොරැල්ල හන්දිය දක්වා මාර්ගය අත්යවශ්ය කටයුත්තක් සඳහා පමණක් භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටීප්රදීප් ප්රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
බදු ගෙවන්නන්ට සහනයක් රජයෙන් IMF වෙත යෝජනා
පසුගිය කාලයේ සිදුකළ බදු ප්රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම රු 500000 සිට රු 720000ක් දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්යන්තර මූල්ය අරමුදලට යෝජනා කර ඇත මේ වසරේ 2024 බදු ආදායමේ පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් රජය මේ යෝජනාව මූල්ය අරමුදල වෙත කර තිබේ එම යෝජනාව සඳහා මූල්ය අරමුදල විසින් සංශෝධන ඉදිරිපත් කර ඇතශ්යාම් නුවන් ගනේවත්ත
අපේ රටේ ඩිජිටල් තාක්ෂණය කියන්නේ ඩර්ටි පොලිටික්ස් අපි මේ කැත දේශපාලන පොරපිටිය සුද්ද කරනවා
ඩිජිටල් තාක්ෂණය ගැන කතා කළාට අපේ රටේ තියෙන්නේ ඩර්ටි පොලිටික්ස් අපි මේ කැත දේශපාලන පොරපිටිය සුද්ද කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය විවිධ ක්ෂේත්රවල විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් අයිටී ක්ෂේත්රයට ඉතාමත් වැදගත් ප්රතිපත්ති ප්රකාශනයක් සකස් කිරීම සඳහා අපි සැලකිය යුතු කාලයක් වෙහෙසුනාමේ ප්රතිපත්ති ප්රකාශය සකස් කිරීම සඳහා විවිධාකාරයෙන් උදව් කළ සියලු දෙනාටම පළමු කොටම ස්තුතිවන්ත වෙනවා අපෙන් සමාජය අහන ප්රශ්නයක් තමයි මොකක්ද කරන්නේ කියන එක අපි ක්ෂේත්ර ගණනාවක කුමක්ද කරන්නේ කියන කාරණය අපි ඉදිරිපත් කර තිබෙනවා සමස්ත ප්රතිපත්ති ප්රකාශන එළඹෙන 26 වැනිදා එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අපෙන් අහන ප්රශ්නයක් තමයි කරන්නේ කවුද කියලා කරන අය තමයි මේ ඉන්නේ කළ යුත්තේ කුමක්ද කියන එකත් කරන්නේ කවුද කියන එකත් ගැන අපි සහතිකයක් ජනතාවට දීලා තියෙනවා මේ කාලයේ ස්මාර්ට් ඇග්රිකල්චර් ස්මාර්ට් ක්ලාස්රූම් ගැන කතා වෙනවා හැබැයි රටේ තිබෙන්නේ ඩර්ටි පොලිටික්ස් මම හිතනවා ඩිජිටල්කරණයට යාමට පෙර දේශපාලන පිටිය සුද්ද කළ යුතුයි මීට සතියකට පෙර එක් අයෙක් කෙරෙහි බරපතළ විවේචන එල්ල කරන කෙනා ඊළඟ සතියේ නැවත එයා වර්ණනා කරන තත්වයට පත්වී තිබෙනවා මාධ්යවල බ්රේකින් නිව්ස්වලින් එන්නේ එහෙන් මෙහාට මෙහෙන් එහාට පනින තොරතුරු අපි ඔබට සහතිකයක් දෙනවා මේ සියල්ල කරන්න කලින් මේ දේශපාලන පොර පිටිය පිරිසිදු කළ යුතුයි මේ එහෙට මෙහෙට පැනීම සිදුවන්නේ ප්රතිපත්තිමය කරුණු මතද නැහැ සමහර අය ඊළඟ පාර්ලිමේන්තුවට තමන්ගේ දොරටුව විවෘත කරගැනීමට පනිනවා සමහර මාරුවීම් පිටුපස මූල්යමය ගනුදෙනු රජයේ ඉඩම් ලබාදීම් බාර් ලයිසන් පෙට්්රල් ෂෙඩ් ලබාදීම් තිබෙනවා අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු මාරු කරනවා හැබැයි ආණ්ඩුව මාරු කරල ඉවර වෙනකොට ඒගොල්ලන් මාරු වෙනවා මේ නිසා 1994 සිට 2024 දක්වා එක දිගට අමාත්ය ධුර දරපු ගණනාවක් අදත් අමාත්ය ධුර දරනවා අපේ රටේ ව්යසනයට මේ පොලිටිකල් කල්චර් එක කැත දේශපාලන සංස්කෘතිය විශාල බලපෑමක් ඇතිකර තිබෙනවා ආණ්ඩුව 2016දී තීරණය කරනවා අයිටී ක්ෂේත්රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 05ක් බවට පත්කරන්න 2020දීත් කියනවා ඩොලර් බිලියන 03ක ආදායමක් අයිටී ක්ෂේත්රයේ අපනයන ආදායම ළඟාකර ගන්නා බව හැබැයි ගිය වසරේ අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි මේ ක්ෂේත්රය පිළිබඳ සකස් කරන ලද ප්රතිපත්ති ඉලක්ක සම්පූර්ණ කිරීම සඳහා මෙහෙයවීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට මේ ක්ෂේත්රයට එන ව්යවසායකයා රටක් හැටියට සකස් කරන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ පංගුකාරයෙක් පමණයි ඉලක්ක සම්පූර්ණ කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට අපේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කර තිබෙනවා අපේ ඉලක්කය වන්නේ 2030දී ඩොලර් බිලියන 05ක අපනයන ආදායමකට යන්න ඉතාමත් හොඳ විභවතාවක් අපට තිබෙනවා ඉන්දියාවේඅයිටීක්ෂේත්රයේ නිපුණතාවය තිබෙන කෙනෙක් සාමාන්යයෙන් වාර්ෂිකව උපයනවා ඩොලර් 36000ක් සිංගප්පූරුවේ සාමාන්ය අගය ඩොලර් ලක්ෂ දෙකයි ලංකාවේ සාමාන්ය අගය ඩොලර් 14200යි මේ ගැප් එක අපිට පනින්න පුළුවන් අපි ක්ෂේත්ර ගණනාවකට අයිසීටී යොදාගැනීම ගැන කල්පනා කොට තිබෙනවා අපේ ආර්ථිකයේ පංගුව වැඩිකර ගැනීම සඳහා අපේ රටේ රාජ්ය සේවය කාර්යක්ෂම කරගැනීම සඳහා රාජ්යයේ ගනුදෙනුවල විනිවිදභාවය ඇතිකර ගැනීම සඳහා මේ ක්ෂේත්රය උපයෝගී කරගන්නේ කොහොමද තොරතුරු සහ දැනුම පුරවැසියන් වෙත ගලාගෙන යාම සඳහා පුරවැසියා බලගැන්වීම සඳහා මෙමක්ෂේත්රය උපයෝගී කර ගන්නේ කොහොමද කියන එක අපි සැලසුම් සකස් කොට තිබෙනවා අපේ රටේ ග්රාමීය ජනතාවට තොරතුරු දැනුම ගලාගෙන යාමේ වේගයේ අඩුවක් තිබෙනවා දැනුම තොරතුරු කේන්ද්රගතවෙලා තිබෙනවා නගරබදව සෑම කෙනෙකුටම දැනුම සහ තොරතුරු ලබාගැනීමේ සාධාරණ ලෙස ප්රවිෂ්ට වීමේ සම අයිතියක් නැහැ අපේ රැකියා ක්ෂේත්රය ගත්තොත් අයිටී ක්ෂේත්රයට එන්නේ වසරකට 12000ත් 15000ත් අතර ප්රමාණයක් අපේ ඉලක්කයක් තිබෙනවා වසරකට 30000ක් අයිටී ක්ෂේත්රයට කැඳවන්න ලෝකයේ දැනට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 26ක් ඉන්නවා ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් ඉන්නේ 85000යි දැන් පුරෝකථනය කර තිබෙනවා 2030 වන විට ලෝකයට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්යයි කියලා අලුතින් මිලියන 19ක් අවශ්යයි ඒ ලෝකයේ ඇතිවෙන නව දියුණුව ශ්රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීමේ ටාර්ගට් එකකට යන්න සැලසුමක් හදන්න ඕනෑ අපි ඩොලර් බිලියන 05ක ආර්ථිකයට යන්න නම් ඉංජිනේරුවන් 85000 ප්රමාණවත් නැහැ අපට අභියෝගයක් තිබෙනවා බිලියන 05ක ආර්ථිකය අත්පත් කරගැනීමට දියුණුවන ශ්රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්නත් වසරකට ඉංජිනේරුවන් 30000ක් වත් නිර්මාණය කරන්න එහෙම යන්න නම් රාජ්ය අධ්යාපන පද්ධතියේ පංගුවක් වැඩිකර ගන්න ඕනෑ ඒ වගේම අර්ධ රාජ්ය ආයතනවල පංගුව වැඩිකර ගන්න ඕනෑ නියාමනයට ලක් කරන ලද පෞද්ගලික අධ්යාපනයේ පංගුවක් ඇතිකර ගත යුතුව තිබෙනවා කාර්යක්ෂම මැදිහත්වීමක් කළොත් නිපුණතාවයක් සහිත අලුත් ශ්රම සම්පතක් නිර්මාණය කර ගත හැකි වෙනවා දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35000ක් විතර ඉන්නවා උපාධියක් හිමි අය කියන්නේ යම් මුවහත් කරන ලද ශ්රම සම්පතක් එතනින් පංගුවක් අරගෙන කෙටි කාලීන පාඨමාලාවන් හරහා මේ ක්ෂේත්රයට යොමුකර අලුත් සම්පතක් නිර්මාණය කරගැනීමට අවධානය යොමු කරනවා මේ ක්ෂේත්රයේ ශ්රම සම්පත වර්ධනය කර ගැනීම සඳහා සැලැස්මක් තිබෙනවා ඉස්සර තිබුණේ ෆිල්ටර් කරන ලද නිවුස් පත්තරයක් ප්රින්ට් කරන්න ප්රථම අයිතිකරුවාගේ අධීක්ෂණයෙන් පසුව තමයි ප්රින්ට් කරන්නේ රූපවාහිනියක අයිතිකරු නිව්ස්වලට මැදිහත් වෙනවා ඒ කියන්නේ පෙරන ලද නිව්ස් ජනතාවට ලැබෙන්නේ හැබැයි දැන් ජනතාව අතරට නිදහසේ ප්රවෘත්ති ගලාගෙන එනවා මේක තව තවත් වර්ධනය කළ යුතුයි ඒ වර්ධනය නිසාම වෙන්නේ සෑම පාලකයෙකුටම තමන්ගේ ක්රියාකාරකම් ගැන නැවත නැවත සිතා බැලීමට සිදුවෙනවා අද සාම්ප්රදායික මධ්ය ජාලය ඉක්මවා යමින් අධිකාරියක් සහිත තොරතුරු ගලා යාම මේ ක්ෂේත්රය වර්ධනය වීම නිසා නිදහස් භාවයක් නිර්මාණය වී තිබෙනවා මේ නිසා අපේ රාජ්ය පාලනයේදී ඉතාමත් වැදගත් අපේ රටේ ආර්ථික පැත්තෙන් නව රැකියා උත්පාදනය පැත්තෙන් ඩොලර් උපයා ගැනීමෙන් සමාජයේ සමානතා නිර්මාණය කිරීමෙන් සමාජයට තොරතුරු ගලාගෙන යාාමෙන් රජයක් මොනිටර් කිරීම පැත්තෙන් මේ සෑම පැත්තකින් බැලූ විට මෙම ක්ෂේත්රය ඉතාමත්ම වැදගත් වෙනවා අපි මේ ඉදිරිපත් කළ ප්රකාශනය මේ සියලු අරමුණු ගැබ් කරන ලද ප්රකාශනයක් මෙතෙක් අපේ ප්රකාශන කුණුකූඩෙට ගියත් මේක කුණු කූඩෙට යන ඉතිහාසයක් නොවෙයි මේක අනිවාර්යෙන්ම ප්රාණවත්භාවය ලබන ප්රතිපත්ති ප්රකාශනයක් ඕසට්රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්යාලයේ ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඨයේ ආචාර්ය රජිත් විතානාරච්චි මහතා මම ඕසට්රේලියාවේ මෙල්බන් විශ්ව විද්යාලයේ ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඨයේ කෘත්රිම බුද්ධිය හා පරිගණක විද්යාව පිළිබඳව මෙන්ම වාස්තු ගොඩනැගිලි හා සැලසුම්කරණ පීඨයේ උගන්වනවා ඒ වගේම ප්රවාහන සෞඛ්ය හා නාගරික පද්ධතිය පිළිබඳ විද්යාත්මක පර්යේෂකයෙක් විදිහටත් කටයුතු කරනවා විවිධ අයට විවිධ දේශපාලන මත වගේම වෙනත් මත පවතිනවා ප්රතිපත්ති සම්පාදනයට ගියාම මේ මත දරන අයගෙන් විවිධ ප්රශ්න මතුවෙනවා ඒ නිසාමයි නූතන ලෝකයේ ප්රතිපත්ති සැකසීමේදී තොරතුරු තාක්ෂණය ඉතාම වැදගත්ත වෙන්නේ අපට තොරතුරු ලැබී තිබියදී ඒ තොරතුරු පැත්තක තබා ප්රතිපත්ති හදන්නේ ඇයි නවීන තාක්ෂණය යොදාගෙන ඩිජිටල් ලෝකයේ මොඩල් එකක් අනුරුවක් අපේ අදහස පිළිබඳව ගොඩනගා ගන්න පුළුවන් ඒ අනුව පනින්න පෙර සිතා බලන්න යන්න යොදා ගනිමින් අපේ අදහස ප්රායෝගිකව කරගෙන යන්න නිශ්චිතවම නිරාකරණය කරගන්න පුළුවන් පරිසරයට හොඳ නිසා කාබනික පොහොර ව්යාපෘතිය ක්රියාත්මක කරන්න ගිහින් තව ගොඩක් දේවල් නැතිකර ගත්තා ඒ ප්රතිපත්තිය ක්රියාත්මක කරන්න කලින් අපිට ඒ සම්බන්ධයෙන් මොඩල් එකක් තිබුණේ නැහැ විශේෂයෙන්ම ප්රවාහන සෞඛ්යය සහ නාගරික පද්ධතියට විශේෂ අවධානයක් යොමුකර තිබෙන්නේ ඒ නිසයි
අපේක්ෂකයන් 40කගේ නම් එකම ඡන්ද පත්රිකාවේ උඩ සිට පහළට
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 40 දෙනාගේම නම් සහ ලාංඡන සාමාන්ය වර්ෂවල මෙන් තනි ඡන්ද පත්රිකාවේ කොළයේ උඩ සිට පහළට මුද්රණය කිරීමේ හැකියාව පවතින බව රජයේ මුද්රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය ඊයේ 14දා පැවැසුවාය ඡන්ද පත්රිකාව අඟල් 27ක දිගකින් යුක්ත වන බවත් ඡන්ද පත්රිකාවේ අපේක්ෂකයන්ගේ නම් සහ ලාංඡන උඩ සිට පහළට මුද්රණය කළ යුතු ද එසේ නැති නම් පත්රිකාව දෙකට බෙදා නම් හා ලාංඡන මුද්රණය කළ යුතු ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලබාදෙන උපදෙස් අනුව මුද්රණ කටයුතු සිදු කරන බවත් ඇය කීවාය ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් අතරින් ඇතැමුන් නාම යෝජනා භාර නොදී සිටීම ප්රතික්ෂේප වීම වැනි හේතු නිසා අපේක්ෂක සංඛ්යාව ඇතැම් විට අඩුවිය හැකි බවත් ඒ ආකාරයේ සිදුවීම් මීට පෙර සිදුවී තිබෙන බවත් ඇය කීවාය මීට පෙර ඡන්ද පත්රිකාවේ උඩ සිට පහළට අපේක්ෂකයන් 35 දෙනකුගේ නම් තනි කොළයේ මුද්රණය කර තිබෙන බවද ඇය තවදුරටත් කියා සිටියායචමින්ද සිල්වා
කෝටි 3ක් අල්ලස් ගනිද්දී ජනක ඇප බැන්ද පක්ෂයේ ලේකම් ඇතුළු 7ක් දැලේ
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා තමාගෙන් රුපියල් කෝටි තුනක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටියේ යැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණිල්ලකට අනුව එම පක්ෂයේ ලේකම්වරයා ඇතුළු හත් දෙනකු ඊයේ 14දා සවස අත්අඩංගුවට ගෙන ඇත බොරැල්ල වැලිකඩ ප්ලාසාහිදී මෙම මුදල ජනක රත්නායක මහතාගෙන් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ ඉදිරි ජනාධිපතිවරණයට එම පක්ෂයෙන් ජනක රත්නායක මහතා ඊයේ පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් ද තැන්පත් කරනු ලැබීය මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ ඒ මහතා වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්රේම කුමාර දේශප්රිය විසින් ඊයේ 14වැනිදා ඇප මුදල් තැන්පත් කරනු ලැබීය ප්රභාත් විතාන
ව්යවස්ථාවට හානි නොවන ලෙස දෙමළ ජනතාවගේ ප්රශ්න විසඳන්න සජිත් පොරොන්දු වුණා
තමන් ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කළහොත් දෙමළ ජනතාවගේ ප්රශ්න සියල්ල විසඳා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා දෙමළ පක්ෂ නියෝජිතයින්ට කොළඹදී පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්රීවරයා ඊයේ 14 දා පැවසීය මන්ත්රීවරයා එසේ ප්රකාශ කළේ දෙමළ පක්ෂ කීපයක මන්ත්රීවරුන් හා නායකයන් පිරිසක් කොළඹදී ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා හමුවීමෙන් පසුවය තමන් මේ දක්වා රටේ අගමැති හෝ ජනපති තනතුරු හොබවා නොමැති බවත් පළමු වතාවට ජනාධිපතිවරයකු වීම පිණිස නාමයෝජනා ලබා දුන් බවත් සජිත් ප්රේමදාස මහතා දෙමළ මන්ත්රීවරුන්ට පවසා ඇත කෙසේ හෝ තමන් ජයග්රහණය කළහොත් මේ රටේ දෙමළ ජනතාවට ඇති සියලුම ප්රශ්න ආණ්ඩුක්රම ව්යවස්ථාවට හානියක් නොවන අන්දමට විසඳා දෙන බවට ඔහු පොරොන්දු වී තිබේ දෙමළ ප්රශ්න විසඳීමට පළාත් සභා ක්රමය ප්රයෝජනයට ගෙන එම පළාත් සභාවලට වැඩි බලතල ලබාදීමට තමන් අපේක්ෂා කරන බව සජිත් ප්රේමදාස මහතා සඳහන් කළැයි අඩෙයිකලනාදන් මන්ත්රීවරයා පැවසීය දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා විශේෂ කාර්ය බළකායක් පිහිටුවා තම සෘජු අධීක්ෂණය යටතේ සියලු ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට ද ඔහු පොරොන්දු වූ බව පැවසූ මන්ත්රීවරයා තමා ජාතිවාදියකු නොවන බවත් දෙමළ ජනතාව ගැන සලකා බැලිය යුතු බවත් ඔහු ප්රකාශ කළ බවද කියා සිටියේය මේ නිසා ජනාධිපතිවරණයේදී තමන්ට සහාය ලබා දෙන මෙන් සජිත් ප්රේමදාස මහතා ඉල්ලා සිටියත් සාකච්ඡාවට සහභාගි වූ දෙමළ පක්ෂ නියෝජිතයන් ඔහුගේ ඉල්ලීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද අඩෙයිකලනාදන් මන්ත්රීවරයා ප්රකාශ කළේයදිනසේන රතුගමගේ
වැය කරන හැම රුපියලකටම ප්රතිලාභ ඕනෑ
ලබන වර්ෂය 2025 සඳහා රාජ්ය වියදම් දැරීමේදී වැය කරන මුදලට අගය සහ වැය කරන සෑම රුපියලකටම උපරිම මහජන ප්රතිලාභ ලැබෙන බවට තහවුර කරගත යුතු බවට මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් සියලුම අමාත්යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්ය ආයතන ප්රධානීන්ට දැනුම් දී ඇත ජාතික අය වැය චක්රලේඛය නිකුත් කරමින් ලබන වසර සඳහා වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා දෙමින් මුදල් අමාත්යාංශ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත ආර්ථිකය මුහුණ දී සිටින අවදානම් සහ ශ්රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ආරම්භක අවධිය තුළ ඇති විය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් වීම අත්යවශ්ය බවද මුදල් අමාත්යාංශ ලේකම්වරයා යවා ඇති එම චක්රලේඛයේ සඳහන් වේ අභ්යන්තර සහ බාහිර අභියෝග තුළින් අනාගතයේදී එල්ල විය හැකි දුෂ්කරතා පිළිබඳව සලකා බලා මහා භාණ්ඩාගාරය විසින් මුදල් සංචිත ගොඩනැගීම සහ රාජ්ය මූල්ය ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවද එහි සඳහන් කර තිබේ එහි තවදුරටත් සඳහන් වන්නේ පසුගිය දෙවසරට සාපේක්ෂව රාජ්ය මූල්ය තත්ත්වයේ සැළකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් ඇතිව තිබුණත් මෙය කිසිසේත්ම සෑහීමට පත්විය යුතු අවස්ථාවක් නොවන බවයිශ්යාම් නුවන් ගනේවත්ත
පවුල් පාලනයෙන් හා ගජ මිතුරු වාදයෙන් තොර පාලනයක් බිහි කිරීමට ඇපකැප වෙනවා සජිත් ප්රේමදාස
මෑත ඉතිහාසයේ ප්රථම වරට පවුල් පාලනය හා ගජ මිතුරු වාදය බැහැර කළ පාලනයක් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව බිහි කිරීමට සමගි ජන සන්ධාන රජය යටතේ ඇප කැප වන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඊයේ 14දා පැවසීය හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම වෙනුවෙන් කොළඹ දී ඊයේ 14දා පැවති උත්සවයකදී එසේ කී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කීවේය එක්සත් ජනරජ පෙරමුණ රට ගොඩනගන සමගි ජන සන්ධානය සමග එක්වීම පිළිබඳව සතුටු වෙනවා ඉදිරියේදී ක්රියාත්මක වන රාජ්ය පාලනය තුළ හිතවත්කම් මත පදනම් නොවන විiාත්මක සමාජ කුසලතාව පදනම් කරගත් දක්ෂයන් කණ්ඩායමක් රාජ්ය පාලනයට එක්කර ගනිමින් විශේෂඥ වූ රාජ්ය නිලධාරීන් කණ්ඩායමක් එකතු කර ගනිමින් සංවර්ධිත රටක් බිහිකර ගැනීමේ සටනට අද දැවැන්ත ශක්තියක් එකතු වුණා අපේ රටේ මෑත කාලයේ විවිධ රාජ්ය පාලනයන් තුළ ප්රධාන ආර්ථික ධාරාවන් දෙකක් මේ රටේ ජනතාව අත්දැක තිබෙනවා එක් ආර්ථික ධාරාවක් තමයි අසීමිත කෑදරකම ගජ මිතුරන් කේන්ද්ර කරගෙන ක්රියාත්මක වන අන්ත දක්ෂිණාත්මක ක්රමය තුළ චෞර බල ලෝභී ධාරාව අනෙක් පැත්තෙන් සංවෘත හුදකලාව තමන් තමන්ට ප්රශංසා කර ගනිමින් හුදකලා ගමනක් යන දූපන් මානසිකත්වයෙන් පෙළෙන අන්ත සමාජවාදී ක්රමය සමගි ජන සන්ධානය රටට ඉදිරිපත් කරන්නේ මේ දෙකෙන් එකක්වත් නොවෙයි අපි අනුගමනය කරන්නේ මැද මාවත සමාජ ප්රජාතන්ත්රවාදය තුළ සමාජ වෙළෙඳපළ ක්රමයක නිදහස් ආර්ථිකය රටට අවශ්ය ධනය උත්පාදනය කිරීමට ඇති හොඳම මාර්ගයයි සමාජවාදය තුළ පැහැදිලි සාර්ථක ක්රමවේදයක් නැහැ හැබැයි අපි විශ්වාස කරන ධනවාදය තුළ මානුෂීයභාවය සමානාත්මතාවය තිබිය යුතුයි ධනය උත්පාදනය කිරීමේදී ඇති නැති පරතරය අවම විය යුතුයි ඒ සඳහා අභිවෘද්ධියෙන්ම සමාජ ප්රජාතන්ත්රවාදී ප්රතිපත්ති අවශ්යයි මේ මැද මාවතේ ඉදිරියට යන්න බලාපොරොත්තු වන අපි මුල්තැන දෙන්නේ එහිදී සමාජ වෙළෙඳපළ ආර්ථිකය ඉල්ලුම සැපයුම මත ක්රියාත්මක වන නිදහස් වෙළෙඳපළ රටකට අත්යවශ්ය ධනය උත්පාදනය කිරීමේ හොඳම ක්රමවේදයි සමාජවාදයට ධනය උත්පාදනය කිරීමේ පැහැදිලි ආර්ථික ලොවට ඔප්පු කළ ක්රමවේදයක් නැහැ ඒ අනුව අපි විශ්වාස කරන ධනවාදය තුළ සංවේදීතාව සමානාත්මතාව තියෙන්න ඕනෑ මූලික මිනිස් අවශ්යතා සපුරාගැනීමට සීමාසහිත රාජ්ය මැදිහත් වීමත් අවශ්ය වෙනවා අපි අනුගමනය කරන සමාජ ප්රජාතන්ත්රවාදී ක්රමය තුළ ධනය උත්පාදනය කරන්නට මානුෂීය ධනවාදයේ සාධනීය ප්රතිපත්තිය ඒ වගේම නිර්මාණය වන ධනය සාධාරණව සමාජයේ බෙදී යෑමටත් ප්රතිපත්ති අවශ්යයි මේ රට ගොඩගන්නට රටක ආර්ථික එන්ජිම වන පුද්ගලික ව්යවසායකත්වයට මුල් තැන දෙන්න අපි බලාපොරොත්තු වෙනවා අලුත් ව්යවසායකයන් දසලක්ෂයක් බිහි කිරීමේ වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනවා ඒ වගේම පළාත් 9ට දිස්ත්රික් 25ට ප්රාදේශීය ලේකම් කොට්ඨාස 341 කට නිෂ්පාදන වැඩපිළිවෙළ වැඩිදියුණු කිරීමේ ව්යාපෘති ආරම්භ කරනවා රජය සතු සම්පත් උපයෝගී කරගෙන හවුල්කාරී ව්යාපෘතිවලට ප්රවේශ වී නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා කවුරුත් බැහැ කියන කොට දෙපැත්ත පත්තු වෙන විලක්කුවක් භාරගෙන අපනයන ප්රවර්ධන ක්ෂේත්රයේ ස්වර්ණමය යුගය ක්රියාත්මක වුණේ රට තුළ යුද්ධ 2 ක් තියෙන අවස්ථාවක ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්රියාත්මක කළා මුළු රාජ්ය ක්ෂේත්රයම සවිබල ගන්වන්නට ඕනෑ ජාතික අරමුණු සවිබල නංවන්නට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය පිළිබඳවත් අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි ඒ විෂය ගැන චම්පික රණවක මහතා විශේෂ උනන්දුවක් දක්වනවා තොරතුරු තාක්ෂණය පටන් ගන්න ඕනෑ පෙර පාසලේ ඉඳලා අපේ රට මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන මධ්යස්ථානයක් බවට පත් වෙනවා කටින් බතල හිටවන සම්ප්රදාය අපි වෙනස් කරලා තියෙනවා සක්වල හා හුස්ම වැඩසටහන් වලින් බලයක් නැතුව අපි වැඩ කරලා පෙන්වලා තිබෙනවා ජයගත් දවසේ සිට නොනිදන ගමනක් යන්න අපි ලෑස්තියි ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරක්ෂිත කරන්න අපි ඇපකැප වෙනවා මොනම හේතුවකටවත් මැතිවරණ කල්දාන්න අපි ක්රියා කරන්නේ නැහැ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරනවා වගේම ආර්ථික සමාජීය ආගමික අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම් බවට පත් කරන අලුත් ව්යවස්ථාවක් ගේනවා පැහැදිලි කාලවකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනවා ඒ තුළ ඉතිරි කිරීම නිෂ්පාදනය වැනි ප්රධාන ගුණාංගයන්ගෙන් සමන්විත නව ක්රමවේදයක් හදනවා කාලයක් පුරාවට මේ රටේ ජනතාවගේ මුදල් සොරාගත් කණ්ඩායම් අද නිදැල්ලේ ඉන්නවා දූෂණය වංචාව හොරකම ක්රියාත්මක කළ සියලු දෙනා නීතිය හමුවට ගේනවා රටට අහිමි වූ දේපළ නැවත රටට ලබාගන්නා වැඩසටහනක් සකස් කරනවා ජනතාවට වග කියන විනිවිද භාවයෙන් යුත් රාජ්ය පාලනයක් ක්රියාත්මක කරන්න වගබලා ගන්නවා අපගේ පාලනය තුළ දක්ෂයින්ට පමණයි තැන ලැබෙන්නේ පවුල්වාදය මගේ ළඟ නැහැ මෑත ඉතිහාසයේ ප්රථම වතාවට පවුල් පාලනය ගජ මිතුරු වාදය බැහැර කළ පාලනයක් බිහිවන්නේ සැප්තැම්බර් 21 වැනිදායින් පසුව බිහිවන සමගි ජන සන්ධාන රජය යටතේයි අපිට භාරගන්න තියෙන්නේ අභියෝගාත්මක රටක් ඒ නිසා නායකයන් පරමාදර්ශී විය යුතුයි ඒ සඳහා මමත් අපගේ කණ්ඩායමත් සූදානමින් සිටිනවා මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා එළැඹෙන ජනාධිපතිවරණය ඉදිරි අවුරුදු පහට ජනාධිපතිවරයෙක් තෝරන මැතිවරණයක් පමණක් නොවෙයි ඉදිරි දශක දෙකක මේ රටේ ඉරණම තීරණය කරන ප්රධාන සාධකයක් තවත් අවුරුදු 18ක් අපිට අතීතයේ ණය ගෙවන්න තියෙනවා ඒ නිසා අපේ රට යළි යළිත් බංකොළොත් වීමේ අවදානමක් තියෙනවා ඉදිරි වසර පහේ ජනාධිපතිවරයා ගන්නා ක්රියාමාර්ග තීරණාත්මක වන්නේ ඒ නිසයි මේ ජනාධිපතිවරණය තීරණය කරන්නේ මේ රටේ ඉරණම මිස එක් පුද්ගලයෙකුගේ දේශපාලන අනාගතය නොවෙයි මේ රටේ ප්රථම වරට මහජන නැගිටීමකින් පසුව රටේ පාලකයන් පලවා හැරීමෙන් පසුව පවත්වන ප්රථම මැතිවරණය මෙම ජනාධිපතිවරණයයි ඒ අනුව එදා පැන නැඟුණු අරගලය අවිහිංසාවාදීව පාවිච්චි කිරීමට අද අවස්ථාව ලැබිලා තිබෙනවා අද සමහරු කියනවා අවුරුදු 75ක ශාපයක් ගැන මේ රටේ යම් යම් අවස්ථාවල දේශපාලන නායකයන් අතින් වැරදි සිදුවුණා නමුත් කිසිම අවස්ථාවක හමුදා පාලනයකට යටත් වුණේ නැහැ ඒ නිසා අපිට පේනවා 76 වසරක ඉතිහාසය තුළ අපිට හරිගිය තැන් වගේම වැරදුණු තැන් 76 වසරක ඉතිහාසය තුළ මේ රට මේ තත්ත්වයට පත්වීමට ප්රධාන හේතුවක් තමයි ප්රචණ්ඩකාරීත්වය ඒක අමතක කරන්න බැහැ නිදහසෙන් පස්සේ 1978 දී 8ක ආර්ථික වර්ධන වේගයක් අත්පත්කර ගත්තා ඒ ආර්ථික වර්ධනය මේ දක්වා ගෙනිච්චා නම් අද ශ්රී ලංකාව සංවර්ධිත රටක් ඒ තත්ත්වයට රට ගේන්න බැරි වෙන්න ප්රධාන හේතුවක් තමයි කැරලි කාරයින්ගේ කඩාකප්පල් කාරී වැඩ එවැනි වැඩ කරපු අය අද මේ රට ගලවාගන්න ඉදිරිපත්වීම විහිළුවක් රට මේ තැනට ඇද දැමීමට ප්රධාන වගඋත්තරකරුවෙක් තමයි කැරලි ගසමින් මේ රට ගිනිතැබූ අය ඒකේ ආසන්නම සිද්ධිය තමයි පසුගිය අරගලය සමයේ පාර්ලිමේන්තුව ගිනි තැබීමට කුමන්ත්රණය කිරීම පාර්ලිමේන්තුව ගිනි තියලා බංග්ලාදේශය වගේ අරාජික කරන්න උත්සාහ කළා මේ අය අද විවිධ සළුපිළි ඇඳගෙන ආවාට ඊට යටින් තියන ලේ තැවරුණු ඇඳුම් මේ රටේ මහජනතාවට පේනවා මෙම අවස්ථාවට සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන් විශාල පිරිසක් සහභාගිවී සිටි අතර විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා සහ පාඨලී චම්පික රණවක මහතා අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම ද මෙහිදී සිදුවියකමල් බෝගොඩ සිරිමන්ත රත්නසේකර
වතු කම්කරු වැටුප 1700ක් කළ ගැසට්ටුවට එරෙහි විරෝධතා 28ට පෙර ඉල්ලයි
තේ සහ රබර් වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමීමට නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව විරෝධතා ඇත්නම් ලබන 28 වැනිදා මධ්යහ්න 1200ට පෙර තමා වෙත යොමු කරන ලෙස පඩි පාලක සභාවේ සභාපති කම්කරු කොමසාරිස් ජනරාල් එච් කේ කේ ඒ ජයසුන්දර මහතා ඉල්ලා සිටී විරුද්ධවීමට හේතු ඉදිරිපත් කරන ලෙසද හෙතෙම පවසයි වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට පඩි පාලක සභාව ගත් තීරණයට අනුව සභාපති ජයසුන්දර මහතා විසින් පෙරේදා 13දා ගැසට් පත්රය නිකුත් කර ඇත එම ගැසට් නිවේදනයට අනුව දෛනික වැටුප 1350ක් වන අතර එයට ඵලදායිතාවය මත පදනම් වූ දිරිදීමනාවක් ලෙස රුපියල් 350ක් ගෙවිය යුතු බව සඳහන් වේ පසුගිය මැයි දිනයේදී වතු කම්කරු වැටුප රුපියල් 1700 කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එයට එරෙහිව වතු හාම්පුතුන් කිහිපදෙනකු ශ්රේෂ්ඨාධිකරණය හමුවට යෑමෙන් පසු එය තාවකාලිකව අත්හිටුවීමට ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබුණි ඒ අනුව අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට කම්කරු අමාත්යාංශයද කටයුතු කළ අතර පෙත්සම්කරුවෝද අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළහචමින්ද සිල්වා
පෝය හේවිසි පූජා මංගල්යය 19 20 දෙදින අනුරාධපුර පුදබිමේදී
ජයසිරි මහා ස්වර්ණමාලි සෑ පෝය හේවිසි පූජා මංගල්යය ලබන 19 වැනිදා නිකිණි පෝදා සහ 20 වැනිදා යන දෙදින ඓතිහාසික අනුරාධපුර පුදබිමේදී පැවැත්වෙන බවත් එම උතුම් පිංකමට සුදුවතින් සැරසී විනය ගරුකව සහභාගි වන ලෙසත් ශ්රී ලංකා සකල කලා සංසදයේ සභාපතිනි කලා ශිල්පිණි ශ්රියානි දිසානායක මහත්මිය ඉල්ලා සිටී මෙම අවස්ථාවට හේවිසි වාදන ශිල්පීන් සියයකට අධික පිරිසක් සහභාගි වන බව ද මෙම උතුම් පිංකමට රජයේ අනුග්රහය ඉල්ලා සිටිය ද මෙතෙක් ඒ සඳහා කිසිදු ප්රතිචාරයක් ලැබී නැතැයි ද ඇය පැවසුවාය නුගේගොඩ දෙල්කඳ එච්ඩී ජයමාන්න උත්සව ශාලාවේ පැවැති මාධ්ය හමුවක දී ඇය එසේ කියා සිටියාය අගෝස්තු 19 වැනිදා මහාචාර්යවරුන් සහ විද්වතුන් විසින් සම්පාදනය කරන ලද පෝය හේවිසි නමැති ග්රන්ථය ද එළිදක්වන බවත් ඇය කියා සිටියාය 19 වැනිදා සවස 400 සිට රැය පහන් වනතුරු ඓතිහාසික අනුරාධපුර පුද බිමේදී පෝය හේවිසි පූජාව පැවැත්වෙන බවත් 20 වැනිදා සවස 300 සිට රාත්රී 1000 දක්වා හේවිසි බුද්ධමය ශබ්ද පූජාව ථූපාරාමය අභයගිරිය මිරිසවැටිය ජේතවනාරාමය ලංකාරාමය සමාධි පිළිමය අබියසදී පැවැත්වෙන බවත් ඇය කීවාය මෙහිදී ජාතික ශිල්ප සභාවේ සභාපති ආචාර්ය සම්පත් ඇරැහැපොල මහතා සිය සුබසාධක සංගමයේ සාමාජිකයන්ගෙන් එකතු වූ මුදල් මෙම පිංකම සඳහා පරිත්යාග කළේය මෙම අවස්ථාවට මහාචාර්ය කමල් වලේබොඩ කරුණාරත්න බණ්ඩාර සහ ගංගොඩවිල බොදු පදනමේ සභාපති දේශමාන්ය ජයන්ත ජයමාන්න යන මහත්වරු ද සහභාගි වූහප්රදීප් ප්රසන්න සමරකෝන් සහ උදේනි චන්ද්රසිරි මහරගම
තැපැල් ඡන්ද විමසීම සැප් 456 තෙදින
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 4 5 6 දිනවලදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත දිස්ත්රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල හා පොලිසියේ නිලධාරීන් තැපැල් ඡන්ද සලකුණු කිරීම 04 වැනිදා සිදු කිරීමට නියමිත අතර අනෙකුත් තැපැල් ඡන්දදායකයන් 5 සහ 6 දිනවල ඡන්ද සලකුණු කිරීමට නියමිතයරනිල් ධර්මසේන
ආරක්ෂක අංශ රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා අද ජනපතිවරයෙක් තෝරා ගන්න ජනතාවට අවස්ථාව ලැබිලා
2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 දා තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ මෙරට සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ශ්රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා 13 දා පස්වරුවේ එක් වෙමිනි පොලිස් විශේෂ කාර්ය බළකායේ වත්මන් අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වීය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය අද මෙම විශේෂ ක්රියාකාරී මධ්යස්ථානය විවෘත කිරීම විශේෂ කාර්ය බළකායේ තවත් සුවිශේෂී පියවරක් ලෙස සඳහන් කළ හැකියි එදා එල්ටීටීඊ ත්රස්තවාදය සමඟ සටන් කිරීම සඳහා මඩකලපුව ප්රදේශයට යැවූ මෙම කණ්ඩායම අද ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කරන විශේෂ කාර්ය බළකායක් බවට පත්ව තිබෙනවා ඒ වගේම ලොව පුරා ප්රසිද්ධියක් ලබා තිබෙනවා අද ලෝකය එදාට වඩා වෙනස් ඉදිරියේ දී එය තවත් වෙනස් වෙනවා 2030 වසර වනවිට මේ රටේ ආරක්ෂාවට මෙම බළකායෙන් සිදුකරන සේවය කුමක්ද කියා හඳුනාගෙන එහි නවීකරණයක් කළ යුතුව තිබෙනවා එහිදී තාක්ෂණය වැඩි වශයෙන් භාවිතයට ගත යුතුයි අද සෑම අංශයක්ම තාක්ෂණය මත ක්රියාත්මක වෙනවා සාමාන්ය අපරාධ සහ විශේෂ අපරාධ අතර අද වෙනසක් නැතිව ගොස් තිබෙනවා එදා අපරාධකරුවන් ලෙස හැදින්වූයේ එකට එක් වූ කණ්ඩායමක් නමුත් අද එය ඔවුන් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා ඒ වගේම මත්ද්රව්ය ජාවාරමද අද කණ්ඩායම් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා එමනිසා මෙම නීති විරෝධී ක්රියාවන්ට එරෙහිව ගෙන යා යුතු වැඩපිළිවෙළ අප අලුතින් සිතා සකස් කළ යුතුයි පාතාලයේ ඕනෑම අයකුට අද තිබෙන නව තාක්ෂණය භාවිත කළ හැකියි එමනිසා ඒවා පාලනය කිරීම සඳහා වෙනම නීතිගෙන ඒමට සිදු වෙනවා ඒ වගේම මත්ද්රව්ය පාලනය සඳහා ද එක් ආයතනයක් යටතේ නව නීති ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා පොලිස් හමුදා සහ සිවිල් සියලු ආයතන එකට එක් කරගනිමින් මත්ද්රව්ය විරෝධි විධාන පනත යටතේ නව ආයතනයක් ස්ථාපිත කර ඊට බලතල පැවරීමට මා බලාපොරොත්තු වෙනවා අවශ්ය නම් මෙම කණ්ඩායම දීර්ඝ වශයෙන් මෙම කටයුතුවල යෙදවිය හැකියි මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට සමාජය විනාශ කිරීමට ඉඩ දෙන්න බැහැ රටේ ජනතාවට නීතිය හා සාමය යටතේ ජීවත්වීමට ඉඩදීම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බව කිව යුතුයි එයත් නීතියට ඇතුළත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඉදිරි මාසය තුළ ඔබට තවත් විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා මෙරට ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකම වන්නේ රට තුළ නීතිය හා සාමය තහවුරු කර නීත්යානුකූල ආකාරයට මෙම මැතිවරණය පැවැත්වීමට අවස්ථාව සලසා දීමයි ජනාධිපතිවරයා ලෙස එය මගේ මෙන්ම මැතිවරණ කොමිසමේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකමක් බව කිව යුතුයි එපමණක් නොවෙයි ඕනෑම මැතිවරණයකින් පසු ප්රචණ්ඩ ක්රියා ඇති වෙනවා අප ඒවා නැවැත්විය යුතුයි මෙවර මැතිවරණයෙන් පසු කිසිදු අයුරකින් ප්රචණ්ඩ ක්රියා ඇතිවිය නොහැකියි අප ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුව තිබෙනවා අපට අද මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවී තිබෙන්නේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වී තිබෙන නිසයි අපේ ව්යවස්ථාව ආරක්ෂා වී තිබෙන නිසයි අපි නව ආණ්ඩුවක් පත් කරගන්නේ ව්යවස්ථාව අනුවයි 1931 වසරේ සිට සර්වජන ඡන්ද බලය සහ ප්රජාතන්ත්රවාදය අඛණ්ඩව ක්රියාත්මක කර ඇත්තේ ශ්රී ලංකාව පමණයි මානව හිමිකම් උල්ළංඝණය වූ බවට සහ වෙනත් චෝදනා තිබෙනවා නමුත් මෙම ප්රජාතන්ත්රවාදී ක්රමය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් තිබෙන්නේ ශ්රී ලංකාව පමණයි අප මෙම ක්රමවේදය ආරක්ෂා කරගත යුතුයි කිසිවිටෙකත් එය කැඩීමට ඉඩ දිය යුතු නැහැ දේශපාලන පක්ෂ අතර කෙතරම් ප්රශ්න තිබුණද මැතිවරණ ප්රතිඵලවලින් පසු ජය පරාජය පිළිගෙන ආණ්ඩු මාරු කරගන්නවා එය කළ හැක්කේ මෙම වාතාවරණය තිබෙන නිසයි නමුත් මීට වසර දෙකකට පෙර මේ රටේ ආණ්ඩුව බිඳ වැටීමට ගියා ජනාධිපති කාර්යාලය ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය අත්පත් කරගෙන අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ගිනි තබා අගමැති කාර්යාලයත් අත්පත් කරගෙන පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට අරගලකරුවන් උත්සාහ කළා නමුත් අපේ යුද හමුදාව ඇතුළු නීතිය ආරක්ෂා කරන සියලුදෙනා ගත් පියවර නිසා එදා අපිට පාර්ලිමේන්තුව අහිමි වී යෑම වළක්වා ගැනීමට හැකි වුණා මම ආණ්ඩුව භාරගෙන රටේ ආර්ථිකය ස්ථාවර කර බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට අවශ්ය පියවර ගෙන තිබෙනවා ඒ නිසා අද අපට රටේ මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී තිබෙනවා ඒ පිළිබඳ අප ආඩම්බර විය යුතුයි අද මේ මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබී තිබෙන්නේ අප එදා ගත් පියවර නිසයි අද බංග්ලාදේශයේ ආණ්ඩුව පන්නා දමා තිබෙනවා ආණ්ඩුව භාරගන්න කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැහැ මන්ත්රීවරුන්ව ඝාතනය කරනවා ආරක්ෂක ලේකම්වරයාට අගවිනිසුරුවරයාට මහ බැංකු අධිපතිට රටින් පිටවෙන ලෙස දැනුම් දී තිබෙනවා හෝටල් ගිනි තබා විනාශ කර තිබෙනවා ඒ රටේ තවමත් සාමාන්ය තත්ත්වයක් ඇති වී නැහැ නමුත් අපේ රටේ ආරක්ෂක හමුදාව ලෙස ඔබ එදා ගත් පියවර නිසා අප එම තත්ත්වයෙන් බේරුණා දැන් සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ජනතාවට තමන් කැමැති අපේක්ෂකයකුට ඡන්දය ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා අපි සෑම අවස්ථාවකම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කළා මගේ මිත්ර මුහම්මද් යූනුස් මැතිතුමාට මගේ සුබ පැතුම් පළකරන අතර බංග්ලාදේශය තුළ කඩිනමින් නීතිය හා සාමය ස්ථාපිත වේවායිද කියා ප්රාර්ථනා කරනවා කිසිවිටෙක එයින් ඉවත්විය යුතු නැහැ මේ රටේ මූලික අයිතිවාසිකම ප්රජාතන්ත්රවාදයයි ඒ වගේම ආණ්ඩුවක පැවැත්මයි නීත්යානුකූල ආණ්ඩුවක් තිබෙනවා නම් එම ආණ්ඩුව ආරක්ෂා කළ යුතුයි මම එය ඉගෙන ගත්තේ 1970 වසරේදීයි එක්සත් ජාතික පක්ෂය එදා විපක්ෂයේ කටයුතු කළා ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඇති වූ අවස්ථාවේ විපක්ෂ නායක ලෙස ජේ ආර් ජයවර්ධන මැතිතුමා ප්රකාශ කළා මේ ආණ්ඩුවට අපි කැමති නැහැ මේ ආණ්ඩුව පන්නා දැමිය යුතුයි නමුත් අප එය කළ යුත්තේ ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළයි කියලා ඒ වගේම මෙය ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් ඒ නිසා මම බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවට සම්පූර්ණ සහාය ලබා දෙනවා එය මම කැමති ආණ්ඩුවක් නොවුණත් ජනතාව තෝරාගත් ආණ්ඩුවක් කියා එතුමා ප්රකාශ කළා එදා සිටම අප එම ක්රමය ඇති කර තිබෙනවා 1989 විරුද්ධ පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා ප්රේමදාස ජනාධිපතිවරයා හමු වී ප්රකාශ කළා ඔබතුමාට අපේ සම්පුර්ණ සහාය ලබා දෙනවා කියලා අපේ ඉතිහාසය එයයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මෙවැනි මෙහෙයුම් කටයුත්තක් පිළිබඳ අපේ අවධානය යොමු වූයේ පොලිස්පතිවරයා හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරිවරයා සමඟ සිංගප්පූරුවේ දී සිදුකළ සංචාරයක් අතරතුරදීයි එහිදී සිංගප්පූරු රජය මෙවැනි මෙහෙයුම් විධානයක ක්රියාවලිය පිළිබඳ පැහැදිළි කළා මේ ගැන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට දැන්වූ විට ශ්රී ලංකාව තුළත් මෙවැනි විධානයක් ආරම්භ කරන ලෙස දැනුම් දුන්නා ඒ වගේම මේ ඉඩම විශේෂ කාර්ය බළකායට ලබා දුන්නා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සිංගප්පූරු රජයේ නීතිය හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්ය කේ ශම්මුගම් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
දෙවැනි වරටත් උසාවි නියෝගය පැහැර හැරිය 4කට නොතිසි
තම අධිකරණය විසින් දෙවැනි වරටත් ලබාදුන් නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට කළ අපහාසයට දඬුවම් නොකිරීමට නිදහසට කරුණු ඇත්නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා සුප්රකට සමාගම් කළමනාකාර අධ්යක්ෂවරයකු ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට නොතිසි නිකුත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහතා නියෝග කළේය සිය සේවා දායකයා වන සජිත් රාජපක්ෂ නමැත්තා ඔහු දැරූ තනතුරුවල නැවත පිහිටුවන ලෙස හා ඔහුගේ රාජකාරි කටයුතුවලට බාධාවන ආකාරයේ කිසිදු ක්රියාවක් සිදු නොකරන ලෙසට 2024430 වැනිදා අධිකරණය ලබාදුන් නියෝගය විත්තිකරුවන් විසින් නැවතත් නොසලකා හැරීමෙන් ඔවුන් අධිකරණයට අපහාසයක් මෙන්ම නීතියේ ආධිපත්යයට දැඩි බලපෑමක් සිදුකර ඇතැයි පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය ඒ අනුව ලබන සැප්තැම්බර් 19 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස නියෝග කරමින් කසුන් රාජපක්ෂ චන්දුල ජනිත් රාජපක්ෂ ලසිත රන්දික රාජපක්ෂ හා වරුණි ද සිල්වා යන විත්තිකරුවන්ට නොතිසි නිකුත් කෙරිණි නීතිඥ ගයාන් සල්වතුර මහතාගේ උපදෙස් මත නීතිඥ උදිත වික්රමසිංහ හා තරිඳු රාජකරුණා යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පැමිණිල්ල නියෝජනය කළේයඒ ජේ ඒ අබේනායක
රනිල් සජිත් අනුර කෑගැහුවාට ක්රම වෙනසකට එන්නේ ජන අරගල සන්ධානයයි
රනිල් වික්රමසිංහ සජිත් ප්රේමදාස අනුර කුමාර දිසානායක මොන විදිහට කෑ ගගහා සමුළු තිබ්බත් ක්රම වෙනසක් යෝජනා කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එකම දේශපාලන ව්යාපාරය ජන අරගල සන්ධානය යැයි එම සන්ධානයේ ජනාධිපති ධුරාපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන එම සන්ධානය පැවැත්වූ පළමු රැලිය ඊයේ 14 දා නුගේගොඩ දී පැවැති අවස්ථාවේදී හෙතෙම මේ බව සඳහන් කළේය ඔහු මෙසේ ද කීවේය JETRO කියන සමීක්ෂණයෙන් අනාවරණය කරා මේ කලාපයේ තියෙන අවම වැටුප් ලබන රට අපේ රට බව විශේෂයෙන්ම එහි සඳහන් කරනවා විශාල ආදායමක් සපයන ඇඟලුම් සේවකයකුගේ වැටුප රුපියල් 16000කට අඩු වුණේ කොහොමද කියන කාරණය මසකට තම සමාගමකට රුපියල් ලක්ෂයකට වඩා මුදලක් උපයලා දෙනවා එහෙම තත්ත්වයක් තුළ තමයි සේවිකාව රුපියල් 16000 ක පමණ වැටුපක් ලබාගන්නෙ ඒක සූරාකෑමක් ඊළඟට වී ගොවියෙක් රුපියල් 130 ක විතර වියදමක් වී කිලෝවකට වැය කරන කොට අතරමැදියෙක් ගිහිල්ලා රුපියල් 85 ට මිලදී ගන්න බලකරන මේ ක්රමය මොකද්ද ඊළඟට මෑතකදී වර්ධනය වුණා GIG රැකියා ක්ෂේත්රය ඒ අනුව ඇප් එකක් අතේ තියාගෙන ආහාර ප්රවාහනය කරන මගීන් ප්රවාහනය කරන රැකියා ක්ෂේත්රය ගත්තොත් පැහැදිලිව සමීක්ෂණයකින් හෙළි වුණ කාරණය තමයි බරපතළ සූරාකෑමට ලක්වෙන පිරිසක් කියලා අපේ රටේ සීයට හැට හතක් අවිධිමත් ක්ෂේත්රයේ වැඩ කරන කම්කරුවෝ පිරිසක් ඉන්නවා මේසන්වරු වගේ ක්ෂේත්ර නියෝජනය කරන ඒ අය බරපතළ සූරාකෑමකට ලක්වෙනවා ඒ ක්රමය මොන නමින් ආවත් ඒක ධනවාදය රනිල් වික්රමසිංහ සජිත් ප්රේමදාස අනුර කුමාර මොන සමුළු තිබ්බද මේ ඡන්දෙන් පස්සේ සමාජයට අත්වන ඉරණම වෙනසක් නැහැ එහෙම නම් අපි මේ ක්රමය වෙනස් කරන්න යෝජනා කරන ව්යාපාරයක් මිනිහෙකුට ජීවත් වෙන්න අවශ්ය අවම වැටුප මහ බැංකුව කියන විදියට අවම තරමින් පනස් හත්දහස් පන්සියයක් අපි ඒ අවම වැටුප ජනතාවට හිමිකරන ව්යාපාරයක් වෘත්තීය සමිති විදියට වැඩ කරන ජනතාව එකතු වී ඒ හරහා සාමූහික දේවල් කිරීම ප්රවර්ධනය කරන ව්යාපාරක් අපි යෝජනා කරනවා අසනීප නිවාඩුව ව්යවස්ථාපිත නිවාඩු බවට පත්කරන්න විශේෂයෙන් කාන්තාවන් ඔසප් නිවාඩු හිමිකරන වැඩ බිම්වල ළමා සුරැකුම් මධ්යස්ථාන ඇති කරන ප්රවාහනය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතිකරන වැඩකරන ජනතාවට උසස් අධ්යාපනය ලැබීමට අවශ්ය පහසුකම් සලසන තාක්ෂණික පාසල් සන්ධ්යා පාසල් වැනි දේවල් නිර්මාණය කරන ව්යාපාරයක් එහිදී අදහස් දැක්වූ වසන්ත මුදලිගේ මහතා ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 40ක් ඇප තැන්පත් කරලා මේ දුසිම් ගාණක් අපේක්ෂකයෝ මොනවද ඇවිල්ලා කියන්නේ ඒ ගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ගේ ප්රශ්න ගැන ඒ ගොල්ලන්ගේ පක්ෂවල ප්රශ්න නායකත්වයේ ප්රශ්න පනින අයගේ ප්රශ්න මේ කවුරුත් කතා කරනවද දෛනික හෝ මාසික වැටුපට වැඩ කරන කෙනාට දවසේ තුන් වේල කන්නවත් වැටුප ප්රමාණවත් නැති ප්රශ්නය ගැන මේ කවුරුත් කතා කරනවද ජනගහනයෙන් 605කගේ ආදායම් බිඳ වැටීමේ ප්රශ්නය ගැන දස අතේ ණය වෙලා හදා ගත්ත අස්වැන්නට මිලක් නැතිව ගොවියා විඳින දුක ගැන මේ කවුරුත් කතා කරනවද ශරීරයට ඇණ ගහගෙන ලිංගික බලහත්කාරකම්වලට ලක් වෙමින් වහල් සේවයේ යෙදෙන විදේශගත ශ්රමිකයන්ගේ ප්රශ්නය ගැන කවුරුත් කතා කරනවද තුට්ටු දෙකට සියවස් දෙකක් කඹුරන වතු කම්කරුවාගේ ප්රශ්නය ගැන නැතිනම් රැකියා විරහිත තරුණයාගේ ස්ත්රියගේ ශිෂ්යයන්ගේ ප්රශ්නය ගැන නෑ ඒ එකක්වත් කතා කරන්නේ නෑ කතා කරන්නේ තම තමන්ගේ ඇතුළේ ප්රශ්න මිස ජනතාවගේ ප්රශ්න නෙවෙයි ජන අරගල සන්ධානය මෙවර මැතිවරණ වේදිකාවට එන්නේ ජනතාවගේ ප්රශ්න කතා කරන්න ඒවගේ ම ඒවාට විසඳුම් දෙන්න ඒ විසඳුම් සඳහා පදනම් වන ප්රතිපත්තිය අරන් ඒ නිසා ජනතාව වෙනුවෙන් තිබෙන වේදිකාව ජන අරගල සන්ධානයේ වේදිකාව දුසිම් ගාණක් අපේක්ෂකයන් අතර ජනතාවගේ අපේක්ෂකයා නුවන් බෝපගේ සහෝදරයා පමණයි ඡන්ද පත්රිකාව අඩි කීයක් දිග වුණත් ජනතාවට තමන්ගේ ප්රශ්න වෙනුවෙන් කතිරයක් ගහන්න තියෙන්නේ එක ලකුණක් විතරයි ඒ කුඩය ලකුණඅනුරාධ හිරිපිටියගේ
නාමල් ජනපති කරන ගමන ඉදිරියට යනවා මහ ලේකම් සාගර කියයි
සැප්තැම්බර් 22 වැනිදා වනවිට මෙරට 9 වන විධායක ජනාධිතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා පත් කිරීමට අවශ්ය ගමන යන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ 13දා පැවැසීය මහ ලේකම්වරයා එසේ කියා සිටියේ ඊයේ උදෑසන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්රහණය සම්බන්ධයෙන් සියලුම ගණන් මිනුම් සිදුකර අවසන් බව ප්රකාශ කළ මහ ලේකම්වරයා එම කටයුත්ත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බවත් පැවැසීය එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා කියා සිටියේ රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වූ පිරිස මේ වන විටත් පරාජය පිළිගෙන ජනාධිපතිවරණය අමතක කර පක්ෂ සැදීම සඳහා යොමුවී ඇති බවයි ජාතික බලවේග සමග හිටගැනීමට කොන්දක් ඇති පිරිස ඉදිරියේදී යළිත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වනු ඇති බව ද හෙතෙම පැවැසීය රට ඉදිරියට ගෙනයා හැකි වැඩපිළිවෙළ ඉදිරියේදී ඉදිරිපත් කරන බව පැවැසූ මහ ලේකම්වරයා එම වැඩපිළිවෙළ ඉදිරිපත් කළ පසුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ මොකද්ද කරන්න යන්නේ කියා සියලු දෙනාටම අවබෝධ කරගත හැකි බව ද කියා සිටියේයඑරික් ගාමිණි ජිනප්රිය
රට අරාජික වෙද්දී ජනපති ඉදිරිපත් වී විශාල කැපවීමක් කළා
අප පත්කළ ජනාධිපතිවරයකු 2022 දී ජනතා අරගලය නිසා සිය තනතුර අත්හැර රටින් පිටවී යන්න සිදුවුණා පවතින ආර්ථික ක්රමය සැමදා පිළිගන්න බැරි නිසා ජනතාවට මහ පාරට බහින්න සිදුවුණා අපගේ ආර්ථිකය කඩාවැටීම පිළිබඳව ආර්ථිකය දෙස අප ඇස් ඇරලා බලලා නැහැ කුමන අභියෝග පැමිණියත් රනිල් වික්රමසිංහ මහතා වගකීම භාර ගනිමින් රට භාර ගත්තා අප අද ආරම්භ කළ නව සන්ධානය නායකත්ව මණ්ඩලයක් හරහා සියලු දේශපාලන පක්ෂ ජාතීන් ජනකොටස් ඒකරාශී කරන බැව් පොදුජන එක්සත් පෙරමුණ වාමාංශික පක්ෂද එක්කර ගනිමින් ඊයේ පිහිටු වූ නව සන්ධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ අනුර ප්රියදර්ශන යාපා මහතා කීය ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් හා යුගයේ අවශ්යතාවක් ඉටු කරමින් නව සන්ධානය ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ වාමාංශික දේශපාලන පක්ෂ සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධානගත වීම ඊයේ 14 දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි පොදුජන එක්සත් පෙරමුණ 21 දෙනකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් යටතේ ක්රියාත්මක වේ පොදුජන එක්සත් පෙරමුණේ නිලධාරි මණ්ඩලයේ ප්රධාන අනුශාසක ලෙස නව සන්ධානය නියෝජනය කරමින් ජෝන් සෙනවිරත්න නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපා ලේකම් ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න භාණ්ඩාගාරික ලෙස නව සන්ධානයේ චාමර සම්පත් දසනායක ජාතික සංවිධායකවරුන් ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක නව සන්ධානයේ නලීන් ප්රනාන්දු යන මහත්වරුන් කටයුතු කරනු ලබයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහින්ද අමරවීර දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න ජගත් පුෂ්පකුමාර සූරේෂ් රාඝවන් නීතිඥ ෆයිසර් මුස්තාපා නව සන්ධානය නියෝජනය කරමින් අනුර ප්රියදර්ශන යාපා සුසිල් ප්රෙම්ජයන්ත ජෝන් සෙනවිරත්න නිමල් ලාන්සා ප්රියංකර ජයරත්න නලින් ප්රනාන්දු චාමර සම්පත් දසනායක උදයකාන්ත ගුණතිලක සුදත් මංජුල ජගත් ප්රියංකර ඊළාම් ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා ඉලංගෙයි මහජන කොංග්රසයෙන් ස්වාධීන වූ එස්එම්එම් මුසාරෆ් සමගි ජන බලවේගයෙන් ස්වාධීන වූ ඉෂාක් රහුමාන් මුත්පෝක්කු තමිලර් කලකම් පක්ෂයෙන් ස්වාධීන වූ එස් වියාලේන්ද්රන් ජාතික නිදහස් පෙරමුණෙන් ස්වාධීන වූ මොහොමඩ් මුසම්මිල් නිදහස් ජනතා සභාවෙන් ස්වාධීන වූ උදයන කිරිඳිගොඩ ශ්රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ යුතුකම ජාතික සංවිධානයේ ස්වාධීන වූ අනූප පැස්කුවල් එක්සත් ප්රජාතන්ත්රවාදී සන්ධානයේ නසිර් අහමඩ් ස්වාධීන කණ්ඩායමක් ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ස්වාධීන කණ්ඩායමක් ලෙස හිටපු ශ්රී ලංකා ඉන්දියානු තානාපති මිලින්ද මොරගොඩ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර දේශ විමුක්ති ජනතා පක්ෂයේ ඩී කලංසූරිය යන මහත්වරුන් පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධාන ගතවී සිටියි පොදුජන එක්සත් පෙරමුණ ප්රමුඛ සන්ධානයේ නිල වෙබ් අඩවියද මෙහිදී එළිදක්වනු ලැබීය සැමට වෙනස් දැක්මක් සැමටම සුබවාදී අනාගතයක් යන මැයින් ඡැදචකැි ්කකස්බජැ වෙබ් අඩවිය එළි දක්වනු ලැබීය මෙහිදී අදහස් දැක්වූ පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රධාන් ලේකම් දුමින්ද දිසානායක මහතා අද අපි අලුත් දේශපාලන ගමනකට මුල පුරනවා අද විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටින්නේ මෙරට සන්ධාන ඉතිහාසයේ අලුත් පිටුවක් සංකේතවත් කරන්න සන්ධාන ඉතිහාසයේ ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රබල ස්ථානයක් හැමදාමත් හිමිකර ගත්තා සුසිල් ප්රේම්ජයන්ත අනුර ප්රියදර්ශන යාපා යන දෙපළම ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙරට සන්ධාන දේශපාලනයේ ශක්තිමත් අඩිතාලම් දැමූ දෙපළක් මේ නිර්මාණය වන්නේ මෙරට දැවැන්තම සන්ධානයයි පොදුජන එක්සත් පෙරමුණ ගොඩනගන මෙම සන්ධානය ඉදිරියේදී මුළු රටේම අනාගතය තීරණය කරන ප්රබල සාධකයක් අද රට ඔසවා තබන්නට හැකිවන්නේ අප නිර්මාණය කළ මෙම සන්ධානය තුළින් ඒ අනුව අද අපි අලුත් දේශපාලන ගමනක් යන්නට සූදානම් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා පොදුජන එක්සත් පෙරමුණ ප්රමුඛ පැරණි සන්ධානය මේ රටේ දේශපාලනය තීරණාත්මක තැනකට අරන් ආ කඳවුරක් පැරණි සන්ධානය නූතන යුගයට සරිලන පරිදි සකස් කර ගනිමින් ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවාලීමට තීරණය කළා ව්යවස්ථාව වෙනස් කරමින් නීතිමය තත්ත්වයන් සංශෝධනය කරමින් අපි අලුත් සන්ධානයක් ගොඩනැඟුවා ශ්රී ලංකා නිදහස් පක්ෂය නායකයා විසින් විනාශ කරද්දී දේශපාලනයට ප්රවේශ වීම සඳහා අනෙකුත් සාමාජිකයින්ට ප්රජාතන්ත්රවාදී සන්ධානයක් ගොඩනැගීමට සිදුවුණා පක්ෂයක් කෑලිවලට කැඩෙද්දි දේශපාලනය කළ නොහැකියි පසුගිය කාලය තුළ ශ්රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ විවිධ කණ්ඩායම් දේශපාලන පක්ෂ සමග සාකච්ජා කරනු ලැබුවා ජාති ආගම් භේද නොතකා සියලුම ජන කොට්ඨාසයන්වලට ඒකාබද්ධ විය හැකි සන්ධානයක් ගොඩනැඟුවා ඕනෑම තරාතිරමක අයෙකුට අපේ දේශපාලන කදවුර තුළ ඉහළටම යා හැකි ආකාරයේ ප්රජාතන්ත්රවාදයක් සුරක්ෂිත කර තිබෙනවා පුරුදු දේශපාලනය අවසන් කරමින් ආර්ථිකය ශක්තිමත් තැනකට ඔසවා තබමින් අපි මේ මොහොතේ රනිල් වික්රමසිංහ මහතාට ලබා දිය යුතුයි යන්න තීරණය කළා පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්රියදර්ශන යාපා අපි පසුගිය කාලය තුළ විශාල කාලයක් වෙන්කළා අලුත් දේශපාලන වැඩපිළිවෙලක් වෙනුවෙන් අපේ සන්ධානයේ විශේෂත්වය තමා නායකත්ව මණ්ඩලයක් තුළින් සියලු දෙනා සමගම සාකච්ජා කිරීම අපි ළඟ විශේෂත්වයක් තියෙනවා ප්රජාතන්තවාදය වඩාත් පුළුල් ලෙස ක්රියාවට නැංවීම මෙරට දේශපාලන ඉතිහාසය තුළ ශ්රී ලංකා නිදහස් පක්ෂයට උරුමයක් තිබෙනවා පොදුජන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපි සියලු දෙනාම මේ මොහොතේ ඒ වෙනුවෙන් කැපවෙන බව ප්රකාශ කරන්න කැමතියි මම මොන සන්ධානයේ නායකත්වය දැරුවත් නිමල් ලාන්සා මහතා නොවන්නට මේ ආකාරයේ පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම අපහසුයි එතුමාගේ අසිමිත කැපකිරීමට අපි සියලු දෙනාගේ ස්තූතිය පුදකර සිටිනවා පසුගිය කාලයේ ආර්ථික කඩාවැටීමත් සමග අපිටම ආවේණික වූ රටාවක් නිර්මාණය කර ගැනීමට අපට සිදුවුණා නව සන්ධානයේ ලේකම් ශ්රීලනිප භාණ්ඩාගාරික ප්රවාහන රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න 1994 වර්ෂයේදී යුගයේ අවශ්යතාව සලකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආශිර්වාදයෙන් චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මැදිහත්වීමෙන් බිහිවූ පොදුජන එක්සත් පෙරමුණ ජනාධිපතිවරණ දෙකක් පාර්ලිමේන්තු මැතිවරණ තුනක් පළාත් සභා මැතිවරණ හා පළාත් පාලන මැතිවරණ දෙක බැගින් ජයගත් බවත් තම පෙරමුණ වත්මන් අවශ්යතාව තේරුම් ගෙන නව සන්ධානයක් ලෙස පක්ෂ ගණනාවක් අද 14 දිනයේ නව සන්ධානයක් ලෙසින් එළිදැක්වූ බැව් පොදුජන එක්සත් පෙරමුණේ හා ශ්රීලනිප භාණ්ඩාගාරික ප්රවාහන රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය මෙහිදී පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතා විසින් නව නිලධාරී මණ්ඩලය හා නායකත්ව මණ්ඩලය සභාවට හඳුන්වා දීමද සිදු වියජූඩ් ඩෙන්සිල් පතිරාජ
නාමල් නාමයෝජනා අත්සන් තබයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ 14දා උදෑසන සුබ මොහොතින් නාමයෝජනා පත්රයට අත්සන් තැබීය කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැති සෙත්පිරිත් සජ්ඣායනාවෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්රයට අත්සන් තබා ඇත එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ද ශිරන්ති රාජපක්ෂ හා ලිමිණි රාජපක්ෂ යන මහත්මීන් ද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් හිටපු අමාත්යවරුන් වන ගාමිණී ලොකුගේ ජොන්ස්ටන් ප්රනාන්දු සිරිපාල ගම්ලත් රාජ්ය අමාත්යවරුන් වන ඉන්දික අනුරුද්ධ ඩීවී චානක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහඑරික් ගාමිණි ජිනප්රිය
සිසුන් 21ක් විසින් සිසුවියක කෙලෙසීම වසන් කළ තණමල්විල විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට
තණමල්විල පාසලක 16 හැවිරිදි ශිෂ්යාවකට ශිෂ්යයන් 21 දෙනකු විසින් ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළ අපරාධය පිළිබඳ තොරතුරු වසන් කිරීම ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිව් දෙනකු තණමල්විල පොලිසිය මගින් ඊයේ 13දා සවස අත්අඩංගුවට ගෙන ඇත මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර විදුහල්පතිවරයාට අමතරව එම පාසලේ උප විදුහල්පතිවරයකු උපදේශන ගුරුවරියක සහ විනය කමිටු භාර ගුරුවරයකු ද සිටින බව පොලිසිය පවසයි මෙම සැකකරුවන් අද 14දා දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය වසරකට අධික කාලයක් තිස්සේ මෙම දැරියට සැකකාර ශිෂ්යයන් ලිංගික අතවර කර ඇති බව පවසන පොලිසිය සැකකාර විදුහල්පතිවරයා ඇතුළු පිරිස ඒ බව දැනගෙන පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නොමැති බව ද කියා සිටියි අතවරයට පත්වූ දැරිය මීට ඉහතදී මනෝ වෛද්යවරයකු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එම වෛiවරයා විදුහලේ බලධාරීන්ට පවසා ඇත්තේ දැරියට සිදුවන අතවර පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙසයි එහෙත් විදුහලට සිදුවන අපකීර්තිය මකා ගැනීම සඳහා මෙම සැකකරුවන් දැරියගේ අතවර සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නොමැති බව විමර්ශනවලින් හෙළි වී ඇත විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම ශිෂ්යාව පාසලේ ශිෂ්යයන් දෙදෙනකු විසින් මුලින්ම අතවරයට ලක් කර ඇත්තේ ඉකුත් 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීය එම අතවර සිද්ධියෙන් පසු ශිෂ්යාවගේ පංතියේ ශිෂ්යයන් 17 දෙනකු විසින් ඇයට විවිධ අවස්ථාවලදී ලිංගික අතවර කර ඇත පාසල තුළදී මෙන්ම ප්රදේශයේ නිවාස කිහිපයකදී මෙසේ මෙම ශිෂ්යාවට අතවර කර ඇති බව හෙළිවී තිබේ දැරිය අධ්යාපනය ලැබූ පාසලේ ශිෂ්යයන්ට අමතරව ඔවුන්ගේ මිතුරන් වූ වෙනත් පාසල් දෙකක අධ්යාපනය ලැබූ ශිෂ්යයන් දෙදෙනකු ද ඇයට අතවර කර තිබූ බව මේ වනවිට හෙළිවී තිබේ මෙම අතවරයන්ට සම්බන්ධ ශිෂ්යයන් සියලු දෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන් සියලු දෙනා සහ ඊට ආධාර අනුබල දුන් කාන්තාවක් ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැල්ලවාය අධිකරණය නියෝග කර තිබිණි ශිෂ්යාවට අතවර කළ සැකකාර ශිෂ්යයන් අතර ප්රදේශයේ ධනවත් ව්යාපාරිකයකු වන ඖෂධහල් හිමිකරුවකුගේ පුත්රයන් දෙදෙනකු ද සිටින බව පොලිසිය පවසයි අතවරයට ලක්වූ ශිෂ්යයාව එම ව්යාපාරිකයාගේ සොහොයුරියගේ දියණිය බවද විමර්ශනවලින් හෙළිවී ඇත ඒ අනුව මෙම ශිෂ්යාව තම ඥාති සොහොයුරන් දෙදෙනකු අතින් ද අතවරයට ලක්වී තිබේ ඊට අමතරව ගුරුවරියකගේ සහ කලාප අධ්යාපන නිලධාරියකුගේ පුත්රයකු ද මෙම ශිෂ්යාවට අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටී මෙම ශිෂ්යාවට පාසල් ශිෂ්යයන් දිගින් දිගටම අතවර කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සහ පාසලේ කාර්යමණ්ඩලය දැන සිට ඇතත් ඔවුන් ඒ බව පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්රකාශ ලබා ගැනීමට ඔවුන් ඊයේ සවස පොලිසිය වෙත කැඳවා තිබිණි සැකකාර විදුහල්පතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවය තණමල්විල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සීඑම්පී බණ්ඩාර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කළ විමර්ශනයකදී මෙම අපරාධයේ සුල මුල හෙළි කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ හේමන්ත රන්දුණු සහ මත්තල දිලිප් එන් ජයසේකර
අනුප්රාප්තික අගමැතිකම් ජනාධිපතිකම් ලබා නොගත්තේ හොරු රකින්න කැමති නැති නිසයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහියංගන සජබ ජන පවුරේදී කියයි
අනික් පක්ෂ ඡන්ද දිනන එක ගැන සමීක්ෂණ කරන විට සමගි ජන බලවේගය රට ගොඩනගන ආකාරය සම්බන්ධයෙන් සමීක්ෂණ කර ඇති බවත් අද රටේ බෙදුම් රේඛාවක් ඇති බවත් එක් පැත්තකින් කයිවාරු කාරයෝ සිටින විට අනික් පැත්තේ වැඩ කරන වැඩ කාරයෝ සිටින බවත් එක පැත්තක හොරු මෙන්ම අනික් පැත්තේ අවංක සමාජ සේවය හා සංවර්ධනය ඇති බවත් එක් පැත්තක ආත්මාර්තකාමීත්වය ඇති විට තවත් පැත්තකම පරාර්ථකාමීත්වය ඇති බවත් තමා සමග හොරු කයිවාරුකාරයෝ වංචාකාරයෝ අල්ලස් දූෂිත දේශපාලනය නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය තමා සමග ඇති දක්ෂ කණ්ඩායම සමග එකතු වී හොරු අල්ලා හොරාකෑ දේපල රටට ලබාගන්නා බවත් තමා අනුප්රාප්තික අගමැතිකම් ජනාධිපතිකම් ලබා නොගත්තේ හොරු රකින්න කැමති නැති නිසා බවත් තමා ඒ තනතුරු බාර ගත්තා නම් පොහොර වංචාකාරයෝ මූල්ය වංචාකාරයෝ රකින්න සිදුවන බවත් තමා අනුප්රාප්තික අගමැතිකම් අනුප්රාප්තික ජනාධිපතිකම් 225න් පත්වෙන ජනාධිපතිකම් නම් අපේක්ෂා නොකරන බවත් තමා අපේක්ෂා කරන්නේ ජනතාවගේ තෝරා ගැනීමෙන් රටේ නායකයා වීම බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ මහියංගනයේ පැවැති සමගි ජන බලවේග ජන පවුර වැඩසටහන අමතමිනි මෙතෙක් කල් රටේ වූයේ ජනතාව බෙදා රජවීම බවත් ජාති ආගම් කුල ජන කොට්ඨාස ගම් නගර අනුව බෙදා සුළු කොටසක් සැපසේ සිටියත් සාමාන්ය ජනතාව දුක් විඳින බවත් මේ වන විට කරන කරන හැම සමීක්ෂණයකින් ම සමගි ජන බලවේග ජයග්රහණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය රට ගොඩනගන්න ප්රේමදාසලාට කාගෙන්වත් උපකාරක පන්ති අවශ්ය නොවන බවත් ජනසවිය ක්රියාත්මක කළේ රටේ යුද්ද 2ක් ඇති අවස්ථාවේ බවත් ඒ කාලේ පාසල් දරුවන්ට නිල ඇඳුම දිවා ආහාරය පවා ලබාදුන් බවත් ඒ ආකාරයෙන් රටට ලබාගත හැකි ඉහළම ආධාර ලබාගැනීමට කටයුතු කරන්නේ සක්වල හා හුස්ම ක්රියාත්මක කරන ආකාරයට බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය ජනාධිපතිවරයා අගමැතිවරයා මැති ඇමැතිවරුන්ට නිකං රට සවාරි යා නොහැකි බවත් යන සෑම ගමනකින්ම රටට ප්රායෝජනයක් ගෙන පැමිණිය යුතු බවත් ක්රමයේ වෙනස ඇති කරන බවත් කයිවාරු ක්රමයේ වෙනසින් රටට වැඩක් නොමැති නිසා ජනතාවට දැනෙන ක්රමයේ වෙනසක් ක්රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය රටෙන් අඩක් දුප්පතුන් බවට පත්ව ඇති බවත් රට හිතාමතාම බංකොලොත් කිරීම නිසා විපතට පත් ජනතාව දුප්පතුන් බවට පත්ව ඇති බවත් එම නිසා ජන සවියට වඩා ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කරන බවත් සදාකාලික සහනාධාර ලබා නොදී දුප්පත් කමින් මිදෙනකම් ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ක්රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය මේවා කරන්න වැඩ බැරි කයිය නායකයන්ට මුදල් නොමැති වුවත් තමාට ඒ සඳහා මුදල් සොයන ක්රම ඇති බවත් රටේ පාලකයා ටයි කෝට් ඇදන් ලෝකේ වටේ සවාරි ගැහුවත් රටට අගයක් එකතු නොවූ බවත් ඔවුන්ට පොදුජනතාව ගැන හැඟීමක් නොමැති වුවත් තමාට ජනතාව ගැන කැක්කුමක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය දැන් ඉන්න පාලකයෝ හැසිරෙන්නේ රට සින්නක්කරව ලියා ගත් ආකාරයට බවත් ලිට්රෝ ගෑස් එක ටෙලිකොම් රක්ෂණ සමාගම වැනි ලාභ ලබන ආයතන විකුණන වෙන්දේසි ලන්තයක් වී ඇති බවත් ඔවුන් ඒවා විකුණුවත් තමා මේ ආයතන තවත් ලාභ ලබන ආයතන බවට පත් කරන බවත් මේ රටේ භූමිය හා රාජ්ය සම්පත කාගේවත් දේපලක් නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය මහියංගනය රංජිත් කරුණාවීර
ඡන්ද ව්යාපාරය සාධාරණ වනු ඇතැයි විශ්වාසයක් නෑ මාලිමාවේ ඡන්ද ප්රචාරක කටයුතු 17 දා අරඹනවා
මැතිවරණ ව්යාපාරය සාධාරණ එකක් වේවි යැයි විශ්වාස නොකරන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 13 දා පැවසීය ආණ්ඩුව මෙන්ම ප්රධාන විපක්ෂය ද රාජ්ය සම්පත් මැතිවරණය සඳහා යොදාගනිමින් ඇති බව සඳහන් කළ ඒ මහතා රාජ්ය මාධ්ය මෙන්ම ඇතැම් පෞද්ගලික මාධ්යය ද තෝරාගත් අපේක්ෂකයන් ප්රවර්ධනය කරමින් සිටින බව කියා සිටියේය එසේ වුවද ජයග්රහණයට අවැසි සියලු සාධක සම්පූර්ණ කරගත් මැතිවරණ ව්යාපාරය බවට ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්යාපාරය පත්ව ඇතැයි කී ඒ මහතා මැතිවරණ ප්රචාරක කටයුතු ලබන 17 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් කීවේය එදින තංගල්ල මාතර සහ ගාල්ල නගරවලදී මහා ජන රැලි තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා එසේම උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව රට පුරා සෑම ආසනයක් පුරා මහජන හමු සහ රැස්වීම් ද ගම් සහ නගර මට්ටමින් කුඩා ජන හමු ද පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව කීවේය හෙට 15 දා සිට නිවාස මට්ටමින් මැතිවරණ ප්රචාර කටයුතු සිදු කෙරෙන බවත් මේ වන විට රට පුරා නිවාස සියයට පනහක් ආවරණය කර ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා කීය මෙහිදී ජාතික ජන බලවේගය මූලික ප්රතිපත්තීන් සහ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන යෑම සඳහා මුද්රිත පුවත්පතක් ලබාදීමට කටයුතු කෙරෙන බව පැවසූ හෙතෙම ලංකාවේ ප්රබලතම මැතිවරණ ව්යාපාරය මෙය බවද පැවසීය ලබන 26 වැනිදා ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත් සිය බලවේගය සටනට අවතීර්ණ වන්නේ සංවිධානාත්මක ශක්තිමත් ජනතා බලයක් යාන්ත්රණයක් වැඩපිළිවෙළක් සහ රට ගොඩ නැඟිය හැකි ශක්තිමත් කණ්ඩායමක් සමග යැයි ද ඔහු කියා සිටියේය අනෙකුත් පක්ෂ මන්ත්රීවරුන් බිලිබා ගැනීමට කටයුතු කරද්දී ජාතික ජන බලවේගය රට නගන වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙනයන බවත් සිය බලවේගය තුළ රට විනාශ කළ කිසිවකු නොමැති බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය අනුර කුමාර දිසානායක මහතා ඊයේ එම අදහස් පළ කළේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේ පැවැති මාධ්ය හමුවකදීය සිරිමන්ත රත්නසේකර
දැන් 36ක් ඇප බැඳීම අදින් අවසන්
ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ නාම යෝජනා පත්ර භාර ගැනීම හෙට 15දා පෙරවරු 900 සිට 1100 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්රවණාගාරයේදී සිදු කෙරේ හෙට උදෑසන සිට දහවල් දක්වා මැතිවරණ කොමිෂන් සභාව පිහිටි රාජගිරිය සරණ මාවත ප්රදේශය ආරක්ෂිත කලාපයක් බවට පත් කෙරෙන අතර අවසර ලත් අයට හැර වෙන කිසිවකුට එම කාල සීමාව තුළ සරණ මාවතට ඇතුළු වීමට තහනම් වෙයි නාම යෝජනා භාර ගැනීමේදී විරෝධතා ගොනු කිරීමට එදින පෙරවරු 1130 දක්වා කාලය ලබාදී ඇති අතර විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව පිළිගත් නාම යෝජනා කොමිසම විසින් ප්රකාශයට පත් කරනු ලබයි මේ අතර තරග කරන අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් භාර ගැනීම අද 14දා මධ්යහ්න 1200ට අවසන් කරන බව මැතිවරණ කොමිසම පවසයි ඒ අනුව ඊයේ දිනය අවසන් වනවිට අපේක්ෂකයන් 36 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත ශ්රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂයේ ගීගනගේ වීරසිංහ මහතා ද සමාජවාදී ජනතා පක්ෂයෙන් නුවන් සංජීව බෝපගේ මහතා ද සමබිම පක්ෂයෙන් නාමල් රාජපක්ෂ මහතා ද ඡන්ද හිමියකු විසින් යෝජනා කළ අපේක්ෂකයකු ලෙස පොල්ගම්පල රාලලාගේ චමින්ද අනුරුද්ධ මහතා ද මෙලෙස ඇප මුදල් ඊයේ තැන්පත් කළහ රනිල් ධර්මසේන පොදුජන එක්සත් පෙරමුණ මව්බිමේ වත්මන් අවශ්යතාව වෙනුවෙන් නව පක්ෂ සංවිධාන හා සන්ධාන ගතවීම අද 14 දා පෙරවරු 1030 ට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදු කිරීමට නියමිතය පොදුජන එක්සත් පෙරමුණ ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ප්රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂවල එකතුවෙන් නිර්මාණය වූ පක්ෂයකි ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සමග මෙහිදී සන්ධාන ගතවීමට නියමිතව ඇත නිමල් සිරිපාල ද සිල්වා මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න දුමින්ද දිසානායක ජගත් පුෂ්පකුමාර සුසිල් ප්රේම්ජයන්ත අනුර ප්රියදර්ශන යාපා නලින් ප්රනාන්දු ජෝන් සෙනවිරත්න ප්රියංකර ජයරත්න නිමල් ලාන්සා චාමර සම්පත් දසනායක උදයකාන්ත ගුණතිලක සුදත් මංජුල ජගත් ප්රියංකර එස්එම්එම් මුසාරෆ් ඉෂාක් රහුමාන් එස් වියාලේන්ද්රන් නසීර් අහමඩ් මොහොමඩ් මුසම්මිල් අලි සබි්ර රහීම් උදයන කිරිඳිගොඩ යන මහත්වරුන් ඇතුළු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් මෙන්ම වෘත්තීය සමිති සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතව ඇත චමින්ද සිල්වා රටක කලාව හා කලාකරුවන්ගේ අභිවෘද්ධිය ජාතික වගකීමක් ලෙස සලකන ජනාධිපති අපේක්ෂකයකුට තම සහාය ලබාදෙන බව නිදහස් කලා සන්ධානය ඊයේ 13දා ජනාධිපති ධුර අපේක්ෂකයන් වෙත විවෘත සංදේශයක් මගින් දන්වා සිටියේය එහි සභාපති සුදත් රෝහණ මහතා නිකුත් කර ඇති සංදේශයේ මෙසේ ද දැක්වේ ජනාධිපති ධුර අපේක්ෂකයන් සිය ප්රතිපත්ති ලෙස කවර දේ ඉදිරිපත් කළත් රටේ කලා ක්ෂේත්රය ශක්තිමත් කිරීමට ගන්නා ක්රමවේදයක් හෝ ප්රතිපත්තියක් දක්නට නොමැත එම නිසා රට අභිමානය කරා රැගෙන යෑමේ සැබෑ අරමුණින් ජනතාවාදී සහ මානවවාදී ලෙස කටයුතු කරන ඕනෑම අයකුට මෙම සංදේශය විවෘත කරමින් කලාකරුවන් සමග විවෘත කථිකාවකට පැමිණෙන ලෙස කාරුණිකව ආරාධනා කර සිටින අතර මේ සඳහා නිසි ප්රතිචාර දක්වමින් විශ්වසනීය ක්රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ඕනෑම කණ්ඩායමකට පාට පක්ෂ භේදයකින් තොරව අපගේ ආශීර්වාදය හිමිවේ එමෙන්ම මෙහිදී කලාකරුවන් වන අපි කිසිසේත් වරදාන වරප්රසාද බලාපොරොත්තු නොවන බවත් හුදෙක් සාරධර්ම පිරි රටක් දැකීමේ අභිලාෂය පෙරදැරිව සිදුකරන්නක් බව කාරුණිකව වැඩිදුරටත් සඳහන් කරන්නෙමු සුජීව තත්සර
රාජිත රනිල් ළඟට යයි අත්සන් තබා සහතික වෙයි
සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය රාජිත සේනාරත්න මහතා ඊයේ 13දා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව දැනුම් දුන්නේය කොළඹ හුණුපිටිය ගංගාරාම සීමාමාලකයේදී ජනාධිපතිවරයා සමග ලිපියකට අත්සන් තබමින් ඒ බවට සහතිකයක් ද දුන්නේයපිංතූරය ධර්මසේන වැලිපිටිය
ශ්රී ලංකාව නව ආර්ථික යුගයකට ප්රවේශ වෙමින් සිටිනවා ජනාධිපති රනිල් වික්රමසිංහ
ශ්රී ලංකාව මේ වන විට නව ආර්ථික යුගයකට ප්රවේශ වෙමින් සිටින බවත් ලබන වසර මැද භාගය වන විට මෙරට ආර්ථිකය මීට වඩා දියුණු තත්ත්වයකට පත්වන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසිය ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර දිස්ත්රික් වෙළෙඳ සංගම් නියෝජිතයන් සමග හමුවකට 10 දා මහනුවරදී එක් වෙමිනි මහනුවර එක්සත් වෙළෙඳ පෙරමුණ විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට මහනුවර සිංහල දෙමළ මුස්ලිම් ව්යාපාරික සංගම්වල නියෝජිතයන් රැසක් එක්ව සිටියහ මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ අද මෙහිදී දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කෙරුණා අප දැන් රටක් ලෙස ප්රවේශ වී සිටින්නේ නව යුගයකටයි පළමු වතාවට රජය දේශීය ණය ලබා ගැනීම නවත්වා තිබෙනවා ඒ වෙනුවෙන් අපට නව ආදායම් මාර්ග සෙවිය යුතුව තිබෙනවා එම ආදායම් මාර්ග ලබා ගැනීම වෙනුවෙන් සංස්ථාවලට මුදල් යොදවන්නේ නැතිව මිල සුත්රයකින් මුදල් උපයා ගන්නා ලෙස සමාගම්වලට දැනුම් දී තිබෙනවා ඛනිජ තෙල් අංශයේ සහ විදුලිබල ක්ෂේත්රයේ එය සාර්ථක වී තිබෙන අතර ලෝක මිල තත්ත්වයන් අනුව ඉන්ධන සහ විදුලිබලයේ මිල නියම කිරීම සිදු වෙනවා ඒ වගේම වැට් බදු වැඩි කිරීම නිසා 2023 වසරේ සහ 2024 වසර මුල් කාලය සියලුදෙනාට අසීරු කාලයක් වුණා නමුත් දැන් ආර්ථික ටිකෙන් ටික හොඳ අතට හැරෙමින් තිබෙනවා ප්රාථමික අයවැයෙහි අතිරික්තයක් ලබා ගැනීමට අපට හැකි වූ අතර එය හොඳ තත්ත්වයක් බව කිවයුතුයි මෙය පෞද්ගලික අංශයට ද බලපානවා අපි ජාත්යන්තර මූල්ය අරමුදල සමග මසකට වරක් සාකච්ඡා කරනවා අප ලබා ඇති ප්රගතිය එහිදී පෙනෙන්නට තිබෙනවා මේ අයුරින් අද රටේ ආර්ථික දියුණු වෙමින් තිබෙනවා මේ වන විට මෙරට විදේශ සංචිත ප්රමාණය වැඩි වී තිබෙනවා නමුත් ලබන වසරේදී වාහන ආනයනයට ඉඩදීම සමග එම විදේශ සංචිත ප්රමාණය අඩු විය හැකියි නමුත් වාහන ආනයනය නොකර සිටීමටද හැකියාවක් නැහැ මෙම ප්රශ්න අප කෙටිකාලීනව විසඳාගත යුතුව තිබෙනවා සමස්තයක් ලෙස අද රටේ ආර්ථිකය දියුණු වෙනවා අප රාජ්ය ආදායම් ඉහළ නංවා ගත යුතුයි ඒ වෙනුවෙන් ආදායම් අධිකාරිය ස්ථාපිත කර මෙම වැඩකටයුතු සිදු කළ යුතුයි ඒ වගේම එම නිලධාරින්ට අවශ්ය පුහුණුව ද ලබාදිය යුතුව තිබෙනවා රටේ ආදායම් ඉහළ ගොස් ආර්ථිකය දියුණුවන විට බදු අය කිරීම්ද ඒ අනුව සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා එම සහන ලබාදීම පිළිබඳවත් අප ජාත්යන්තර මූල්ය අරමුදල සමග සාකච්ඡා කරනවා ඒ වගේම බැංකුවලට අදාළව අලුත් නීතියක් ද ගෙන එනවා එහිදී ණය පතිව්යුහගතකරණය කරන අයට එම කටයුතු ඉදිරියට කරගෙන යා හැකියි ඒ වගේම බැංකුවල තිබෙන බොල් ණය ඉවත් කළ යුතුයි අලුතින් ප්රාග්ධනය ද ලබාගත යුතුව තිබෙනවා එම කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා කෙසේ හෝ දේශීය ණය අඩු කරගෙන ඉදිරියට යා හැකි තත්ත්වයකට අප පැමිණ තිබෙනවා ව්යාපාරිකයන් මුහුණ දී තිබෙන ප්රශ්න පිළිබඳවද මට හොඳ අවබෝධයක් තිබෙනවා අප මෙම ප්රශ්න විසඳාගෙන ක්රමනුකූලව ඉදිරියට යා යුතුයි ලබන වසර මැද වන විට රටේ ආර්ථිකයේ මීට වඩා හොඳ දියුණුවක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා ඒ වගේම ව්යාපාර නව නීතිවලට ඇතුළත් කිරීමට හා තිබෙන නීති රෙගුලාසි බොහොමයක් අඩු කිරීමට ද මා බලාපොරොත්තු වෙනවා අප සියලුදෙනා සාකච්ඡා කර මෙම නව ක්රමවේදය සකස් කර ගමු ඒ වගේම ආර්ථික කොමිසම ඇති කිරීමට ද අප කටයුතු කරනවා දේශීය ව්යාපාරිකයන්ට එක් ස්ථානයකදී තම කටයුතු ඉටුකර ගැනීමට වෙනුවෙන් දැනට තිබෙන ආයතන එක් කර එන්ට්රප්රයිස් ශ්රී ලංකා නමින් නව ආයතනයක් ඇති කරනවා එහිදී ප්රාදේශීය වෙළෙඳ මණ්ඩල තවත් ශක්තිමත් විය යුතුයි ආර්ථිකය විමධ්යගත කරන විට එය අවශ්යයි පළාත් සංවර්ධන මණ්ඩල ඇති කිරීමට ද මම යෝජනා කර තිබෙන අතර අනෙකුත් පක්ෂද ඊට එකඟතාව පළ කර තිබෙනවා මහනුවර නගර සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්රියාත්මක කිරීමට අප ජපානය සමග සාකඡා කර තිබෙනවා මහනුවර කේන්ද්රස්ථානය කර ගනිමින් මධ්යම පළාතේ ආර්ථිකය ගොඩනැගීමට අප සැලසුම් කර තිබෙනවා එහිදී සංචාරක ව්යාපාරය දියුණු කළ යුතුයි අඩුම තරමින් සංචාරකයෙක් රාත්රි 03ක් වත් මහනුවර ගත කරන අන්දමින් එම සංචාරක ප්රවර්ධන වැඩසටහන් සකස් කළ යුතුය එහිදී ප්රධාන හෝටල් කිහිපයක්ම මෙහි ස්ථාපිත කිරීමට කටයුතු කරනවා මධ්යම අධිවේගි මාර්ගයේ කටයුතු අවසන් වීමෙන් පසු මෙම ප්රදේශය විශාල දියුණුවක් ඇතිවන බව සඳහන් කළ යුතුයි ඒ වගේම මේ ප්රදේශයේ පිහිටි උඩවත්ත කැලේ සංචාරක ආකර්ශනයට ලක් කළ යුතුයි බෞද්ධ ශිෂ්ටාචාරය කේන්ද්රයක් ද මේ ප්රදේශයේ ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා සෑම බෞද්ධ රටකම තිබෙන විහාරස්ථාන එම ආකෘතියට අනුව එහි ස්ථාපිත කිරීමට නියමිතයි ඒ වගේම නුවරඑළිය දියුණු කිරීම වෙනුවෙන්ද නව වැඩසටහන් රැසක් අප සැලසුම් කර තිබෙනවා මෙම වැඩසටහන් සමග මධ්යම පළාත සංචාරක ව්යාපාරයේ ප්රධාන කේන්ද්රස්ථානයක් බවට පත් වෙනවා ඒ වගේම මහනුවර තාක්ෂණය මධ්යස්ථානයක් ලෙස ගොඩනැඟීමට ද අප අපේක්ෂා කරනවා තවද නව විශ්වවිද්යාල කිහිපයක් මේ පළාතට ලැබෙනු ඇතියි එසේම මධ්යම පළාත තුළ පුළුල් කෘෂිකර්ම නවීකරණයක් සිදු කර අපනයන ආර්ථිකයකට මේ පළාත සූදානම් කළ යුතුයි මහනුවර මෙරට ආර්ථිකයේ ප්රධාන කේන්ද්රස්ථානක් ලෙස ගොඩනැඟීමේ සැලසුම් ලබන වසරේ සිට ක්රියාත්මක කරන බව ද කිවයුතුයි ඒ සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ද මා බලාපොරොත්තු වෙනවා මහනුවර සිංහල වෙළෙඳ සංගමයේ සභාපති යසස් චන්ද්රසේකර ලේකම් නදීච් වීරරත්න මහනුවර දෙමළ වෙළෙඳ සංගමයේ සභාපති එම් කුමාරදාස මහනුවර මුස්ලිම් වෙළෙඳ සංගමයේ සභාපති සලිම් ඩීබ් මහත්වරුන් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
දේශපාලනය අපි ඔබට ආදර්ශයෙන්ම ඔප්පු කරනවා ජාජබ නායක අනුර කුමාර දිසානායක මහරගම ව්යාපාරික හමුවේදී කියයි
දේශපාලනය කියන්නෙ මොකක්ද කියලා අපි ඔබට ආදර්ශයෙන් ඔප්පු කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය ජාතික ජන බලවේගයේ මහරගම ව්යාපාරික හමුව එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය ඔබ සැප්තැම්බර් 21 මැතිවරණයකට මුහුණ දෙනවා මේ ඔබ මුහුණ දෙන පළමු මැතිවරණය නොවෙයි ඔබ මෙතෙක් ආණ්ඩු හැදුවත් නායකයන් ගෙනාවත් ඉතා කෙටි කාලයකින් එම විශ්වාසය බිඳ වැටීමට පටන් ගන්නවා මම ඔබට එක පොරොන්දුවක් දෙන්නම් ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොනකින් තරම්වත් හානියක් වෙන්න ඉඩ තබන්නේ නැති බවට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු ඔබගේ වුවමනාවත් ආණ්ඩුවේ වුවමනාවත් එකට සමපාත වෙන ආණ්ඩුවක් ඔබ සහ අප යන එක අරමුණකට වැඩ කරන එක ඉලක්කයක් ජයග්රහණය කිරීම සඳහා වැඩකරන පොදු මෙහෙයුමක් අපට තිබෙනවා මීට පෙර හැදුණු ආණ්ඩු ජනතාවගේ අපේක්ෂාවත් පාලකයාගේ අපේක්ෂාවත් දෙකක් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්ය ධුරයෙන් අයින් වෙලා මාධ්ය සාකච්ඡාවක් තිබ්බා එහිදී ඔහු මගේ අරමුණු ඉටු වුණා තිබුණු නඩු ටික අයින් කර ගත්තා කිවුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන අවස්ථාවේ ඔහුට වංචා දූෂණ අපරාධ පිළිබඳ නඩු ගණනාවක් තිබුණා ඔහු ජනාධිපති වුණු විගසම ඔහුගේ නීතිඥවරු අධිකරණයට ගොස් ඔහුට විරුද්ධව තිබූ නඩු ටික අයින් කර ගත්තා ගෝඨාභයට ජනාධිපති වීම නිසා තිබුණු ලාභය නඩු ඉවත්කර ගැනීමයි ඒ නිසා අපේ රටේ හැමදාම ජනතාවගේ අරමුණත් පාලකයාගේ අරමුණත් දෙකක් වුණා රනිල් වික්රමසිංහලා මෛත්රීපාලලා 2015 බලය ගන්නේ වංචාව නතර කරන්නත් වංචා කළ අයට දඬුවම් දෙන්නත් බලය පිහිටුවන්නේ ජනවාරි 08 මහ බැංකුවට ගහන්නේ පෙබරවාරි 28 ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අපේක්ෂාවයි ජනතාවගේ අපේක්ෂාවයි එකක් නොවෙයි දෙකක් අපේ රට ආර්ථික වශයෙන් ප්රධාන ගැටලු දෙකක හිරවෙලා තිබෙනවා එකක් තමයි වසරකට අපට අවශ්ය වෙන ඩොලර් ප්රමාණය උපයා ගන්න අපි සමත් නැහැ අපේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් වෙන විට අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20ක් ණය ගෙවීම සඳහා අතිරේක වශයෙන් ඩොලර් බිලියන 06ක් අවශ්ය වෙනවා සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 03කට ආසන්න ප්රමාණයක් ලැබෙනවා විදෙස්ගත ශ්රමිකයන්ගෙන් ඩොලර් බිලියන 68ක් ලැබී තිබෙනවා අපට වසරකට ඩොලර් බිලියන 05 6ක හිඟයක් තිබෙනවා ඒ කියන්නේ වසරකට අවශ්ය වන ඩොලර් ප්රමාණය උපයා ගන්න සමත් නැහැ ඒ නිසා අපට ණය ගන්න සිදුවෙනවා එසේ නැතිනම් විකුණා සොයාගත යුතු වෙනවා 1980 සිට අපට හිඟ ඩොලර් ප්රමාණය සොයා ගැනීමට ගත් අනෙක් පියවර තමයි ණය ගැනීම 2021 වෙන කොට අපට කවුරුත් ණය නොදෙන තත්වයක් උදාවුණා ආර්ථිකය වැටුණා ලෝකයේ රටවල් ශ්රේණිගත කරන සමාගම් කිවුවා ලංකාවට ණය දෙන එක අවදානම් කියලා නැවත කිවුවා ශ්රී ලංකාවට ණය දෙන්න එපා කියලා අවසානයේ මහ බැංකුව ප්රකාශයක් කළා ණය ගෙවන්න නොහැකි බව රටට අවශ්ය දේවල් ගෙන්නවන්න නොහැකි වුණා ආර්ථිකය මුළුමනින්ම කඩා වැටුණා අපට දැන් පොඩි සහනයක් දැනෙනවා එහෙම දැනෙන්නේ අපි ගත් ණය ගෙවන්නේ නැති නිසා අතේ ගාණක් ඉතිරිවෙන නිසා රනිල් වික්රමසිංහගේ පාලන කාලයේදී ණය ගෙවීම සඳහා කිසිවක් කළේ නැහැ වසරකට අවශ්ය ඩොලර් ප්රමාණය උපයා ගැනීම සඳහා අපට ආර්ථික සැලැස්මක් අවශ්ය වෙනවා දෙවෙනි අර්බුදය තමයි වසරකට වියදම් සඳහා අවශ්ය වෙන රුපියල් උපයා ගැනීම ණය වාරික හා පොලී ගෙවීමටත් රජයේ අනෙකුත් වියදම් සඳහා අපට රුපියල් බිලියන 11277 අවශ්ය වෙනවා බදු ගැසීම් ආදියෙන් භාණ්ඩාගාරයට එන්නේ වසරකට රුපියල් බිලියන 4168යි එහෙම නම් අපට අපේ භාණ්ඩාගාරයට එන රුපියල් ප්රමාණය වැඩිකර ගැනීමට සහ වියදම් ප්රමාණය අඩුකර ගැනීමට සැලැස්මක් අවශ්යයි අපිට අද මේ භුක්ති විඳීමට සිදුව තිබෙන්නේ දශක ගණනාවක ගෙන ගිය ආර්ථික ක්රියාමාර්ගවල ප්රතිඵලයි රනිල්ගේ උපායමාර්ගය තව තව බදු ගැසීමයි අපේ පාලනයක් ආරම්භයේදී සහනාධාර ලැබිය යුතු ජනතාව වෙනුවෙන් ආධාර තහවුරු කරනවා සහනාධාර කියන්නේ ලෝකයේ දියුණු රටවල් පවා අවශ්ය කරන ජනතාවට ලබාදෙන දෙයක් මිස අපරාධයක් නොවෙයි ඒ වගේම සෞඛ්යයත් මූලිකයි ආර්ථිකය සමග ක්රමානුකූලව ඒ ජනතාව බද්ධ කිරීමෙන් සහනාධාර ඉවත් කිරීමේ සැලසුම් දියත් කරනවා අද සිදුකරන්නේ පෞද්ගලික ව්යවසායකයන් උපයන දෙයින් බදු ගහලා ආණ්ඩුවට අරගෙන තමන්ගේ කටයුතු වෙනුවෙන් වියදම් කිරීමයි ඡන්දය ආසන්නයේදී පවා රනිල් වික්රමසිංහ කෝටි 875ක් අමතරව වෙන්කර ගත්තා පෞද්ගලික ව්යවසායකයා කර්මාන්තකරුවා උපයන ආදායම් වැඩිකරගෙන ව්යාප්ත කිරීමට පහසුකම් සැලසීම මඟ පෙන්වීම් සිදුකිරීම රාජ්යය සතු මූලික වගකීමයි ඔවුන් වෙත විද්යාව හා තාක්ෂණයේ නවීනතම උපකරණ හා දැනුම ලබා දෙනවා ආයුර්වේදය අද ලෝකය පුරා ජනප්රිය වෙමින් පවතිනවා නමුත් දැනට පවතින ලී පතුරු තබා පත්තු බැඳීමේ ක්රමවේදයෙන් එය ලෝකයට ගෙන යන්න බැහැ ඒ වෙනුවෙන් පර්යේෂණ අවශ්යයි විදෙස් තාක්ෂණය අවශ්යයි නම් එය අත්පත් කර දෙනවා පෙට්්රල් ෂෙඩ්වලින් තෙල් ගහන්න ආයෝජකයන් ගෙන්වන්න ඕනෑද සයිනොෆැක් ආයතනයට පෙට්්රල් ෂෙඩ් 200ක් දුන්නා කියලා අලුතින් ලැබෙන තාක්ෂණය මොකක්ද ඒ වගේම සමහර ආයෝජකයන් අපට ප්රාග්ධනය ගෙන්වා ගන්නත් අවශ්ය වෙනවා විදෙස් ආයෝජන කැඳවන්න අවශ්ය වෙන්නේ තාක්ෂණය ප්රාග්ධනය සහ මාර්කට් එකේ සුවිශේෂි හැකියාවන් තිබෙන අංශවලින් අපි ඉතාමත් සාමකාමීව නීති පද්ධතිය මගින් කටයුතු කරනවා ඇතැම් නීති ප්රමාණවත් නැත්නම් අවශ්ය නීති සම්පාදනය කරනවා ඒක ජාතික ජන බලවේගයේ පළිගැනීමක් ලෙස සතුරන් අර්ථකථනය කරමින් සිටිනවා ඒ වගේම රාජ්ය ආයතන මුහුණ දෙන අවශ්ය නිලධාරීන් පත්කිරීමේදී ඔවුන්ගේ දේශපාලනය අපට කිසිසේත්ම අදාළ නැහැ අදාළ ක්ෂේත්රයේ හැකියාවන් සහ නිපුණතාවයන් තිබෙනවාද යන්න පමණක් සලකා බලනවා ආරියශීල වික්රමනායක මහතා මිල්කෝ ආයතනයට පත් කිරීමේ උදාහරණය දෙන්න පුළුවන් රට කියන්නේ ආණ්ඩුව කියන්නේ අපේ පෞද්ගලික දේපළක් නොවෙයි අපි හැමදෙනාම එක්වී රට ගොඩනැගිය යුතුයි අපේ ඇමැති මණ්ඩලය 25යි නියෝජ්ය ඇමැතිවරු 25 දෙනා පමණයි රාජ්ය ඇමතිවරුන් නැහැ ඔවුන්ගේ නිල නිවාස ජල සහ විදුලි බිල් ගෙවීම් අනවශ්ය වාහන ලබාදීම් සියල්ල නතර කරනවා දේශපාලකයන් වංචා දූෂණ සිදුකරමින් සාමාන්ය ජනතාවට රට හදන්න කියලා හරියනවාද පසුගිය ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලබාදෙන ඉන්ධන දීමනාව මාසයකට රුපියල් ලක්ෂයකින් වැඩි කළා අපේ මන්ත්රීවරුන් තිදෙනා එය අනවශ්ය බව කථානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නා සමහර රෝහල් තිබෙනවා ඇමිබියුලන්ස් එකක් නැති නමුත් රනිල් වික්රමසිංහ පිටුපස්සෙන් මහින්ද රාජපක්ෂ පිටුපස්සෙන් වගේම ශිරන්ති රාජපක්ෂ පිටුපස්සෙන් ඇම්බියුලන්ස් ගමන් කරනවා දේශපාලනය මොකක්ද කියලා අපි ඔබට ආදර්ශයෙන් ඔප්පු කරනවා මහරගම තුෂාර අතපත්තු
සජිත් දිනවන්න පක්ෂ 27ක සන්ධානයක්
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහය පළ කරමින් පක්ෂ 27ක් සමගි ජනබල සන්ධානය සමග එක්වී සන්ධානගත වීම ඊයේ 13දා කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී සිදුවිය රටට නව යුගයක් උදාකරලීමට සියලු දෙනාටම එක් වන ලෙස ප්රේමදාස මහතා එහිදී ඉල්ලීමක් කර සිටියේය
පාස්පෝට් ගත් අයගෙන් 77 ක්ම රට ගිහින් නෑ ඇමැති ටිරාන් කියයි
විදේශ ගමන් බලපත්ර ලබාගත් අයගෙන් සියයට 77ක් විදේශ ගතවී නැතැයි අනාවරණය වී තිබෙන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි ගමන් බලපත්ර ලබාගත් අයගෙන් 23ක් පමණක් විදේශ ගතව ඇතැයි මේ පිළිබඳව අප කළ විමසීමකදී ඇමැතිවරයා පැවැසීය
අරමුණ දේශපාලනිකයි නිදහස් චතුරස්රයේ ජය පිරිත් දේශනාව මැකො නවත්වයි
දේශපාලනමය අරමුණක් වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස්රයේදී අද 14දා දින පැවැත්වීමට නියමිතව තිබූ බව කියන ජය පිරිත් දේශනාවක් මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් නැවැත්වූ බව කොමිෂන් සභාව සඳහන් කරයි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයකු වෙනුවෙන් ආශීර්වාදය පතා නිදහස් චතුරස්රයේ ජය පිරිත් දේශනාවක් පැවැත්වීමට සූදානම් වන බවට ලැබුණු පැමිණිල්ලක් මත ක්රියාත්මක වූ මැතිවරණ කොමිසම මෙම ක්රියාමාර්ගය ගෙන තිබේ වහාම ක්රියාත්මක වූ මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිත සංවිධානය කරන බවට තොරතුරු ලැබුණු කොළඹ ප්රධාන පෙළේ විහාරස්ථානයක නායක හිමියන් හමුවී ඇති අතර පිරිතට මුදල් වැය කරන රාජ්ය ආයතන කිහිපයකට ගොස් එහි නිලධාරීන් ද හමුවී මේ පිළිබඳ දැනුම් දී ඇත මේ අනුව අද දින පිරිත් දෙසුම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් දිවයිනට පැවැසීය මේ වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 360කට වඩා වාර්තා වී ඇති අතර කොමිසම පිහිටුවා ඇති කමිටුව වහා ක්රියාත්මක වී අවශ්ය ක්රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය රනිල් ධර්මසේන
බෝපගේ ඇප බඳියි පළමු රැලිය අද නුගේගොඩ දී
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ මහතා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ අගෝස්තු 13 පෙව1000 ට රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදුකෙරිණි ඇප තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේ ධර්මසිරි ලංකාපේලි මහතා විසිනි එම අවස්ථාවට නුවන් බෝපගේ වසන්ත මුදලිගේ ධර්මසිරි ලංකාපේලි නිරෝෂා ගුරුගේ දුමින්ද නාගමුව මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ එහිදී මාධ්ය වෙත අදහස් දැක්වූ නුවන් බෝපගේ මෙසේ පැවසුවේය අපේක්ෂකයෝ දැනටම 34 දෙනෙක් සිටියත් රටේ ගැටලු විසඳීමට කිසිදු සාධනීය වැඩපිළිවෙළක් ඔවුන්ට නෑ ඔවුන් සියලු දෙනාම තවත් රට ණය උගුලට අරන් යන අයිඑම්එෆ් පාරේ යනවා ඉන්දියාවේ බල න්යාය පත්රය ඉස්සරහ දණ ගහලා ඒවට විරුද්ධ වෙනවා පේන්නේත් නෑ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ජනතාවට බලය ලැබෙන නව ව්යවස්ථාවක් ගැනවත් කතාවක් නෑ ජනප්රිය පොරොන්දු දේශපාලනයේ හැමෝම යනවා අන්න ඒ හිදැස පුරවමින් රටට වෙනස් දේශපාලන වැඩපිළිවෙළක් ගේන්න තමයි අපි ජන අරගල සන්ධානයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ මේ අතර නුවන් බෝපගේ මහතාගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්යාපාරය අද අගෝස්තු 14 නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී පැවැත්වෙන රැලියෙන් ආරම්භ වේ අනුරාධ හිරිපිටියගේ
රනිල් ළඟට ගිය ප්රේමලාල් යළි නාමල් ළඟට යයි
පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කර නොතිබූ නිසා ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමට සූදානම් වුවත් මේ වනවිට පක්ෂය විසින් අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇති නිසා ඔහුගේ ජයග්රහණය සඳහා කටයුතු කරන බව රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර මහතා පැවසීය මන්ත්රීවරයා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී ඊයේ 13 දා මාධ්යවේදීන් සමග අදහස් දක්වමිනි එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා සඳහන් කර සිටියේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්ෂකයකු නම්කර නොතිබූ අවස්ථාවේ දී ජානක වක්කුඹුර මන්ත්රීවරයා සංවිධානය කළ රැස්වීකට සහභාගි වුවත් මේ වනවිට ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇති නිසා ඔහුගේ ජයග්රහණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ මූලස්ථානය වෙත පැමිණි බවයි මේ වනවිට හිටපු පළාත් සභා මන්ත්රීවරුන් වන රංජිත් බණ්ඩාර නිලන්ත ජයකොඩි අලගියවන්න මෙන්ම ප්රාදේශීය සභා මන්ත්රීවරුන් විශාල පිරිසක් ද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ ජයග්රහණය සඳහා කටයුතු කරන බවත් මන්ත්රීවරයා පැවසීය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසේකර මන්ත්රීවරයා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාට සහයෝගය දක්වන කණ්ඩායම පක්ෂයේ බලය අල්ලන බව ප්රකාශ කළත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ප්රධාන ලේකම් යන තනතුරු එම කණ්ඩායම නියෝජනය කරන මන්ත්රීවරුන් සතු නොවන නිසා කිසිසේත්ම එම පිරිසට පක්ෂයේ බලය ඇල්ලිය නොහැකි බවයි එරික් ගාමිණි ජිනප්රිය
අලුතින් බාර් ලයිසන් 200 ක් දෙන කතාව බොරුවක් සුරාබදු කොමසාරිස් ජනරාල්
නව සුරාබදු බලපත්ර 200ක් ලබාදීමට යන බවට මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය සිදුකරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා දිවයිනට පැවසීය මැතිවරණය ඉලක්ක කරගෙන හෝ මැතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් පසුව නව සුරාබදු බලපත්ර ලබාදීමට තීරණයක් නොගත් බවත් 2024 ජනවාරි සිට මේ දක්වා නව සුරාබදු බලපත්ර 80ක් පමණ ලබාදී ඇති බවත් ඒ මහතා පැවැසීය මේ වනවිට මුදල් අච්චු ගැසීම ණය ගැනීම වැනි දේවල් මගින් රජයට ආදායම් ලබාගත නොහැකි බවත් එම නිසා රජයේ ආදායම් පියවා ගැනීම සඳහා දේශීය ආදායම් රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව බදු ආදායම් ක්රමවත් කිරීමෙන් රජයට ආදායම් උපයා දීමට කටයුතු කරන බවත් හෙතෙම කීය සුරාබදු බලපත්රයක් ලබාදීමේදී අදාළ ප්රදේශයේ මහ නගර සභාව පළාත් පාලන ආයතනය ප්රාදේශීය ලේකම් කාර්යාලය පොලිස් ස්ථානය ඇතුළු අනුමැතිය ලබාගත යුතු සියලුම ආයතනවලින් අනුමැතිය ලබාගෙන මුදල් අමාත්යාංශයට යොමු කර බලපත්ර ලබාදීම සිදු කරන බවත් ඒ මහතා කීය මහ නගර සභා බල ප්රදේශයක් තුළ නව බලපත්රයක් ලබාදීමේ දී රුපියල් කෝටි 1 12ක් ද නගර සභා සීමාව තුළ එය රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් ද ප්රාදේශීය සභා සීමාව තුළ රුපියල් කෝටියක් ද අය කරන බව ඒ මහතා පැවැසීය ඒවාට අමතරව වාර්ෂික බලපත්ර ගාස්තු ඇතුළු වෙනත් අයකිරීම් සිදුකරන බව ද ඒ මහතා කීය මේ වනවිට නිකුත් කර ඇති බලපත්ර කිසිදු දේශපාලනඥයකුට ලබා දී නැති බවත් මෙතෙක් අක්රමවත්ව පවතින බලපත්ර ක්රමය විධිමත්ව සකස් කිරීම සඳහා නව බලපත්ර ලබාදීම් සිදු කරන බවත් ඒ මහතා පැවසීය මේ වසර තුළ රජයට මිලියන 2000ක් අයකර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව ක්රියාකාරී සැලැස්මක් සකස් කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කීය චමින්ද සිල්වා
රජයේ වැටුප් සංශෝධන යෝජනා ලබන වසරේ අය වැයට
රාජ්ය අංශයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීමට පත් කර ඇති විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති යෝජනා ලබන වසරේ 2025 අය වැය ලේඛනයට ඇතුළත් කර ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත එම අතුරු වාර්තාව මගින් යෝජනා 17ක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ඇමැති මණ්ඩලය විසින් ප්රතිපත්තිමය අනුමැතිය ද ලබාදී ඇත මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මේ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි රාජ්ය සේවයේ වැටුප් වේතන හා අනෙකුත් පාරිශ්රමිකයන් සමාලෝචනය කර රාජ්ය සේවයේ සියලු අංශවල වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම විශේෂඥ කමිටුව පත් කර තිබිණි ඒ අනුව හිටපු ජනාධිපති ලේකම්වරයකු වන උදය සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් මේ විශේෂඥ කමිටුව පත්කර ඇති අතර එම කමිටුව රාජ්ය නිලධාරීන් සහ රාජ්ය අංශයේ ප්රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු මේ අතුරු වාර්තාව සකස් කර තිබේ ශ්යාම් නුවන් ගනේවත්ත
විජිත් විජයමුණි සොයිසාත් ජනපති රනිල්ට එක්වෙයි
සමගි ජන බලවේගය පක්ෂයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය තහවුරු කිරීමට එක් වෙයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 12 දා හමු වූ විජිත් විජයමුණි සොයිසා මහතා ඒ බව නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේය දේශපාලනය කිරීමට රටක් අවශ්ය බව පෙන්වා දුන් ඒ මහතා මේ අවස්ථාවේ රට ඉදිරියට ගමන් කරන්නේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආර්ථික සහ දේශපාලන ප්රතිපත්තිය මත බවත් රට දියුණුව කරා ගෙන යෑමට හැකි වනුයේ ද එම වැඩපිළිවෙළ තුළින් පමණක් බවත් පෙන්වා දුන්නේය එම නිසා තම පාක්ෂිකයන්ගේ ද ආශිර්වාදය ඇතිව ඉදිරි ජනධිපතිවරණයේ දී ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තමා තීරණය කළ බවද ඒ මහතා සඳහන් කළේය ඇමැති ප්රසන්න රණතුංග පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ
නාමල් අද ඇප බඳී
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද 14දා උදෑසන ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතය නාමල් රාජපක්ෂ මහතා 15 වැනිදා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අනුරාධපුරය මහනුවර සහ කතරගම යන ප්රදේශවල ආගමික නායකයන්ගේ ආශීර්වාදය ලබාගැනීමට සහ පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට නියමිතය නාමල් රාජපක්ෂ මහතාගේ මංගල රැලිය අනුරාධපුරයේ කඩපනහ ප්රදේශයේදී ලබන 21 වැනිදා පැවැත්වෙයි එරික් ගාමිණි ජිනප්රිය
හඳුනාගත් රාජ්ය ආයතන ප්රතිව්යුහගත කිරීමට කැබිනට් අනුමැතිය
හඳුනාගත් රාජ්ය දෙපාර්තමේන්තු සංස්ථා සහ ව්යවස්ථාපිත ආයතන ප්රතිව්යුහගත කිරීමේ වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත ඒ අනුව එම රාජ්ය දෙපාර්තමේන්තු සංස්ථා සහ ව්යවස්ථාපිත ආයතන කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලියාපදිංචි පොදු සමාගම් බවට පත් කිරීමට නියමිතව තිබේ එසේම වර්ෂ 2030 වනවිට රාජ්ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය ලක්ෂ 10ක් හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමාකර ගැනීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර මේ අනුව රාජ්ය සේවකයන් ප්රමාණය අඩුකර ගැනීමට ක්රියාමාර්ග ගැනෙනු ඇත ශ්යාම් නුවන් ගනේවත්ත
නාමල් බලයට පත්වූ පසු 2015 රටේ සංවර්ධන කටයුතු නැවතුන තැන සිට යළි අරඹනවා රාජ්ය ඇමැති ඩී වී චානක ශ්රීලපොපෙ
නාමල් රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු 2015 දී මේ රටේ සංවර්ධන කටයුතු නැවතුන තැන සිට යළි ආරම්භ කරන බව රාජ්ය ඇමැති ඩීවී චානක මහතා පැවසීය ඊයේ 13 දා ශ්රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්ය හමුවේ දී මන්ත්රීවරයා ඒ පිළිබඳ සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා මෙසේද පැවසීය අද උදෑසන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් බඳිනවා 15 වැනිදා නාමයෝජනා භාරදීමෙන් පසුව අපගේ මැතිවරණ සටන ලබන 21 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා අපි ආසන රැස්වීම් මාලාවක් දිස්ත්රික් රැස්වීම් මාලාවක් ඒ වගේම සෑම සමෘද්ධි කලාපයකටම රැස්වීම බැගින් රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා මේ රටේ ජනතාව අපේක්ෂා කළේ තාවකාලික විසඳුමක් වෙනුවට ස්ථාවර විසඳුමක් එම ස්ථාවර විසඳුම ලබාදෙන්න පුළුවන් නායකත්වය අපි ලබාදීලා තිබෙනවා රටේ ආර්ථිකය කඩා වැටීමට බලශක්ති අර්බුදයට වගකියන්න ඕන යහපාලන ආණ්ඩුව එම යහපාලන ආණ්ඩුවේ සිටි අය කොටස් හතරකට බෙදිලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ඒ අතරේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙනවා අපගේ පක්ෂය ගොඩනැගිල තිබෙන්නේ මහින්ද චින්තනය වටා අපගේ පාර්ලිමේන්තු පළාත් සහ ප්රාදේශීය සභා මන්ත්රීවරු වටාත් සුළු ඡන්ද ප්රමාණයක් තිබෙනවා ශ්රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදෙන ඡන්ද දායකයන්ගෙන් 75ක් ඡන්දය ලබාදෙන්නේ මහින්ද රාජපක්ෂ සඳහා ඒ වගේම ප්රාදේශීය සභා මන්ත්රීවරුන්ගෙන් 95ක්ම තවදුරටත් අපගේ පක්ෂය සමග කටයුතු කරනවා ඒ වගේම පළාත් සභා මන්ත්රීවරුන්ගෙන් 95ක් තවදුරටත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරනවා බිම් මට්ටමේ ශාකා සමිති 99ක් තවදුරටත් අපත් සමග සිටිනවා අපගේ පක්ෂය ගොඩනැගිල තිබෙන රාමුවට අනුව ජනාධිපතිතුමාට සහයෝගය ලබාදීමට ගිය පිරිසට 10 කවත් ඡන්ද ප්රමාණයක් නැහැ ඒ වගේම අපට පමණයි රඟපාල පෙන්වන්න අවශ්ය නැති අපේක්ෂකයෙක් ඉන්නේ සමහර අපේක්ෂකයන් ක්රිකට් ගහල පෙන්වනවා සමහර අපේක්ෂකයන් දුවල පෙන්වන්න වෙනවා තමන්ට දුවන්න පුළුවන් කියලා නමුත් අපේ අපේක්ෂකයට එහෙම ප්රශ්න නැහැ ඒ වගේම රටේ සංස්කෘතිය වගේම නූතනත්වයත් රැකගෙන කටයුතු කරන්න පුළුවන් අපේක්ෂකයා තමයි නාමල් රාජපක්ෂ මහතා අනිවාර්යයෙන් සැප්තැම්බර් 21 ඒ මහතා ජයග්රහණය කරනවා පළමුවන වතාවට තමයි තරුණයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නාමල් මහතා අපේක්ෂකයා ලෙස නම් කරලා පැය 24ක් ගතවෙන්න කලින් මේ රටේ සිටින තරුණ නායකයන් ඇවිත් එතුමා හමුවෙනවා ඒ වගේම සමාජ මාධ්ය හරහා අපි තරුණයන්ට ආරාධනා කළා අපත් සමග එකතු වෙන්න කියලා පැය 2ක් ගතවෙන්න කලින් 5000ක පමණ පිරිසක් එකතු වූවා නාමල් රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ ජයග්රහණය කිරීම සඳහා මේ රටේ තරුණයන් තේරුම් අරන් තිබෙනවා මේ රටේ උරුමය වගේම තාරුණ්යයේ සිතුම් පැතුම් ඉටුකරන්න පුළුවන් ආරක්ෂා කරන්න පළුවන් නාමල් රාජපක්ෂ මහතාට කියලා ඒ වගේම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් උතුරට එකක් සහ දකුණට එකක් කියන්නේ නැත්තේ නාමල් රාජපක්ෂ මහතා පමණයි ඒ වගේම 13 වන සංශෝධනය අනිවාර්යයෙන්ම දෙනවා කියලා කියන්නේ නැත්තේ නාමල් රාජපක්ෂ මහතා පමණයි ඒ මහතාට මුළු රට සම්බන්ධයෙන්ම තිබෙන්නේ එක ප්රතිපත්තියක් පමණයි දකුණට වගේම උතුරටත් සංවර්ධනය ගෙන ආවේ මහින්ද රාජපක්ෂ මහතා පමණයි නාමල් රාජපක්ෂ මහතාගේ ප්රතිපත්තියත් ඒකම තමයි 2015 දී යහපාලන ආණ්ඩුව යටතේ මේ රටේ සංවර්ධනය නැවතුණා නමුත් නාමල් රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව මේ රටේ සංවර්ධනය යළි 2015 දී නැවතුන තැන සිට ආරම්භ කරනවා එරික් ගාමිණි ජිනප්රිය
වීසා පෝලිමෙන් සංචාරකයෝ හෙම්බත්
ශ්රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු සෙසු පුද්ගලයන්ට මාර්ගගත ක්රමයට OnlineVisa වීසා නිකුත් නොකිරීම නිසා ගුවන් තොටුපළේදී වීසා On Arrivel Visa ලබාගැනීමට කටුනායක ගුවන් තොටුපළේ දිගු පෝලිම් ඇති වෙමින් තිබේ ශ්රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් 2 වැනිදා නිකුත් කළ නියෝගයක් අනුව ශ්රී ලංකාවට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් වීඑෆ්එස් ග්ලෝබල් සමාගම ඉවත් කිරීමටත් පැරණි ක්රමයට සාමාන්ය පරිදි ගුවන් තොටුපළේදී වීසා නිකුත් කිරීමටත් නියම කර ඇත එහෙත් රජය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙතෙක් පැරණි ක්රමය අනුව මාර්ගගත ක්රමයට වීසා Online Visa නිකුත් කිරීම ආරම්භ කර නොමැති නිසා මෙලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ වීසා On Arrivel Visa ගැනීමට දිගු පෝලිම් පවතී ශ්රේෂ්ඨාධිකරණ නියෝගයත් සමගම මාර්ගගත ක්රමයට වීසා නිකුත් කිරීම ඇනහිටි අතර ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඇතුළු සියලු දෙනාට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ වීසා ON Arrivel Visa ගැනීම එකම විසඳුම වී තිබේ අගෝස්තු මාසයේ සිට ශ්රී ලංකාවේ සංචාරක සමය ආරම්භ වීමත් විශේෂයෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්යය නැරඹීමටත් විදේශීය සංචාරකයෝ විශාල පිරිසක් ශ්රී ලංකාවට පැමිණෙමින් සිටිති මෙම සංචාරකයන් මෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත එකවර ගුවන් යානා විශාල සංඛ්යාවක් පැමිණෙන අවස්ථාවලදී ගුවන් තොටේදී වීසා On Arrivel Visa ගැනීම සඳහා නිරන්තරයෙන් දිගු පෝලිම් ඇති වීම නිසා විදේශීය සංචාරකයෝ මහත් අපහසුතාවට ලක් වී සිටිති කටුනායක ටීකේජී කපිල
ශාන්ත මාටින් දූපත ඇමරිකාවට දුන්නා නම් මට මෙහෙම වෙන්නේ නැහැ
බංග්ලාදේශයට අයත් ප්රකට ශාන්ත මාටින් සෙන්ට් මාටින් දූපතේ ස්වාධිපත්යය ඇමරිකාවට පවරා දෙමින් බෙංගාල බොක්කේ ආධිපත්යය දැරීමට අවස්ථාව දුන්නා නම් තමාට තවදුරටත් බංග්ලාදේශයේ පාලන බලය පවත්වාගෙන යෑමට හැකිව තිබූ බව බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂික් හසීනා පවසා ඇතැයි අයිඒඑන්එස් හෙවත් ඉන්දු ආසියානු ප්රවෘත්ති සේවය වාර්තා කර තිබේ ජන අරගලයකින් බලයෙන් නෙරපීමෙන් පසු ඉන්දියාවට පලා ගොස් සිටින බංග්ලාදේශ හිටපු අගමැතිනිය ඉන්දියාවේදී ඇය ප්රසිද්ධියේ නොපැවසූ කතාවක අන්තර්ගතය හෙළි කරමින් අයිඒඑන්එස් ප්රවෘත්ති සේවය මේ බව සඳහන් කර තිබේ එම පුවත් වාර්තාවට අනුව තමා බංග්ලාදේශ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුණේ සිය රට තුළ මළසිරුරු ගොඩගැසෙනවා දැකීමට අවශ්ය නොවූ නිසා බව 76 හැවිරිදි හිටපු අගමැතිනි ෂික් හසීනා පවසා තිබේ මෙම අනාවරණය කිරීම් අගමැති නිල නිවසෙන් නික්ම යෑමට පෙර සිදු කිරීමට හිටපු අගමැතිනියට අවශ්යව තිබුණ ද විශාල ජනකායක් ඇය සිටි නිල නිවාසය වෙත පැමිණීමත් සමගම රටින් පලා යෑමට සිදුවීම හේතුවෙන් එය සිදු කිරීමට නොහැකි වී ඇති බව එම මාධ්ය වාර්තාවේ සඳහන් වේ වැඩිදුරටත් අදහස් දක්වමින් ෂික් හසීනා පවසා ඇත්තේ තමා නායකත්වය දුන් අවාමි ලීගය ඉලක්ක කර සිදු කර ඇති ප්රහාර සම්බන්ධයෙන් තමාට වේදනාවක් ඇති බවත් තමා ඉතා ඉක්මනින්ම බංග්ලාදේශයට යළි පැමිණෙන බවත්ය මා බංග්ලාදේශයේ අනාගතය වෙනුවෙන් යාච්ඤා කරමි මා ඉල්ලා අස්වුණේ මළසිරුරු පෙරහැරක් දැකීමට අවශ්ය නොවූ බැවිනි ඔවුන්ට අවශ්ය වුණේ ශිෂ්යයන්ගේ මළසිරුරු මතින් බලයට පැමිණීමටයි එහෙත් මා එයට ඉඩ ලබා දුන්නේ නැහැ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වුණා කරුණාකර රැඩිකල්වාදීන්ගේ හැසිරවීමට ලක්වන්න එපා යැයි මා මගේ රටේ ජනතාවගෙන් අයැද සිටිනවා මා තවදුරටත් බංග්ලාදේශයේ රැඳී සිටියේ නම් තවත් ජිවිත විශාල සංඛ්යාවක් නැතිවීමටත් රටේ බොහෝ සම්පත් විනාශ වීමටත් ඉඩ තිබුණා මා රටින් පිටව යෑමට ගනු ලැබුවේ අතිශයින්ම අසීරු වූ තීරණයක් මා ඔබගේ නායකයා වූයේ ඔබ මාව තෝරා පත්කර ගැනීම නිසායි ඔබලා මගේ ශක්තියයි යැයි බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය පවසා තිබේ ඉකුත් මැයි මාසයේදී ෂික් හසීනා සිය රජය පෙරළා දැමීමේ කුමන්ත්රණයක් පවතින බව අනාවරණය කර තිබුණු අතර එම කුමන්ත්රණය ඇය විසින් හඳුන්වා තිබුණේ බංග්ලාදේශය තුළ නව ක්රිස්තියානි රටක් නිර්මාණය කිරීමේ සුදු මිනිසාගේ කුමන්ත්රණයක් ලෙසයි එහිදී එක්තරා රටකට බංග්ලාදේශය තුළ ගුවන් හමුදා කඳවුරක් පිහිටුවීමට ඉඩ ලබා දෙන්නේ නම් ඇයට කිසිදු ප්රශ්නයක් ඇති නොවනු බව ද සඳහන් කර තිබිණි අනතුරුව සති කිහිපයකට පෙර රැකියා කෝටා ක්රමය වෙන් කිරීමේදී බංග්ලාදේශ රජය විසින් අලුතින් හඳුන්වා දුන් පිළිවෙතට එරෙහිව රට පුරා විරෝධතා හටගත් අතර එය අවසානයේදී බංග්ලාදේශ නායකත්වයට එරෙහි වූ පුළුල් ව්යාපාරයක් දක්වා වර්ධනය විය ඒමන්ති මාරඹේ
ජනපති සටනට දැන් 32ක්
ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් තැන්පතු භාරගැනීම හෙට 14දා මධ්යහ්න 1200ට අවසන් වෙයි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් 32 දෙනකු ඊයේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබිණි ඊයේ පමණක් අපේක්ෂකයන් 05 දෙනෙක් ඇප මුදල් තැන්පත් කරනු ලැබූහ ඡන්ද හිමියකු නාමයෝජනා කළ අපේක්ෂකයකු ලෙස එම් තිලකරත්න අපේ ජනබල පක්ෂයෙන් ජේ ඩී කේ වික්රමරත්න මහතා ඡන්ද හිමියකු නාමයෝජනා කළ අපේක්ෂකයා ලෙස අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් මහතා හිටපු ඇමැතිවරයෙකි ශ්රී ලංකා සමාජවාදී පක්ෂයෙන් මහින්ද දේවගේ මහතා ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් අගම්පොඩි ප්රසංග සුරංජිව අනෝජ් ද සිල්වා මහතා ඡන්ද හිමියකු නාම යෝජනා කළ අපේක්ෂකයකු ලෙසින් පාක්කිය සෙල්වම් ආරියතන්තිරන් මහතා එක්සත් ප්රජාතන්ත්රවාදී සන්ධානයෙන් අබුබකර් මොහොමඩ් ඉන්ෆාස් මහතා ද ඊයේ ඇප මුදල් තැන්පත් කළහ රනිල් ධර්මසේන
සජබ මන්ත්රී ධුර දෙකක් හිස් වැබ මහලේකම් මැකොට දන්වයි
මනූෂ නානායක්කාර සහ හරින් ප්රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුර අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 641 සහ 64 5 යන වගන්තිය ප්රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇත සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී හරින් ප්රනාන්දු යන මන්ත්රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජනබලවේගය ගත් තීරණය නීත්යානුකූල බව ශ්රේෂ්ඨාධිකරණය විසින් 20240809 දින තීන්දු කිරීම හේතුවෙන් එම මන්ත්රීවරුන් දෙදෙනාගේ මන්ත්රී ධුර මෙලෙස පුරප්පාඩු වී තිබේ සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජනබලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරින් ප්රනාන්දු අමාත්යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්රභ කරමින් ශ්රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී තිබේ අකිත පෙරේරා රනිල් ධර්මසේන
ජනපතිවරණයට මුදල් ගැටලුවක් නෑ මැකො ඉල්ලන වෙලාවටම මුදල් දීමට ලෑස්තියි
ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරන ඇස්තමේන්තු සඳහා ඒ ඒ අවස්ථාවේදී අවශ්ය මුදල් ලබාදීමට සූදානමින් සිටින බව මුදල් අමාත්යාංශය පවසයි තවමත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ වියදම් ඇස්තමේන්තුව රු බිලියන 10 සීමාව ඉක්මවා ගොස් නැති බවද ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන ඇස්තමේන්තු සඳහා මුදල් ලබාදීමට මුදල් අමාත්යාංශය පූර්ව සූදානමකින් පසුවන බවද මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි ජනාධිපතිවරණය සඳහා මෙතෙක් වෙන් කළ රු බිලියන 10ක මුදලින් මෙතෙක් ලබාදුන් ඇස්තමේන්තුවලට අනුව මුදල් වෙන් කිරීමෙන් පසුව තවත් සුළු මුදලක් ඉතුරුව පවතින බවත් ඇතැම් වියදම් සඳහා වහාම මුදල් ලබාදීම අවශ්ය නොවන බැවින් මුදල් අමාත්යාංශය විසින් ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද මාධ්ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් රාජ්ය ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේය ශ්යාම් නුවන් ගනේවත්ත
දේශීය විදේශීය නිරීක්ෂකයන් ජනපතිවරණය නිරීක්ෂණයට විශාල පිරිසක් ඉල්ලීම් කර තිබෙනවා මැතිවරණ කොමසාරිස් ජනරාල්
යුරෝපා සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ සංගමයේ නිලධාරීන් විශාල පිරිසක් සහ දේශීය මැතිවරණ නිරීක්ෂකයන් විශාල පිරිසක් ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසයි සමන් ශ්රී රත්නායක මහතා එසේ කියා සිටියේ නුවරඑළිය දිස්ත්රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා යොදවන පොලිස් නිලධාරීන් සහ රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගියදා නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුව මාධ්යට අදහස් දක්වමිනි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙසේ ද කියා සිටියේය සෑම දිස්ත්රික්කයකම රාජ්ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට කණ්ඩායම් පත්කර තියෙනවා මැතිවරණ සමයේ සිදුවිය හැකි වංචා වැළැක්වීමට පොලිසිය සහ දිස්ත්රික් ලේකම් කාර්යාල නිලධාරීන් සමග අපි සාකච්ඡා කරනවා පළාත් නවයේම නියෝජ්ය පොලිස්පතිවරුන් සහකාර පොලිස් අධිකාරිවරුන් පොලිස් ස්ථානාධිපතිවරුන් මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ සියලුම නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා මෙම සාකච්ඡාව නුවරඑළිය දිස්ත්රික් තේරීම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා විසින් සංවිධානය කර තිබුණි නුවරඑළිය දිස්ත්රික්කයේ ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට හයලක්ෂ පන්දහස් දෙසීය අනූදෙකක් ලියාපදිංචි වී සිටිති නුවරඑලිය නාලක රත්නායක
ලයින් කාමර පිහිටි ඉඩම් නැවත රජයට පවරා ගන්නවා ලයින් කාමරවල ජීවත්වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබාදෙනවා ජනාධිපති රනිල් වික්රමසිංහ නුවරඑළියේ ව්යාපාරික හමුවකට එක් වෙමින් කියයි
මෙරට ඉතිහාසයේ පළමු වතාවට ලයින් කාමරවල ජීවත්වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය හිමි කර දෙන බවත් ඒ වෙනුවෙන් වැවිලි සමාගම්වලට බදුදී තිබෙන ලයින් කාමර පිහිටි ඉඩම්වල බදු ගිවිසුම් අහෝසි කර එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය එම ජනතාවට ඉඩම් අයිතිය ලබාදී නිවාස ඉදිකර ගැනීමටද රජයේ සහාය ලබාදෙන බව පැවසූ ජනාධිපතිවරයා ඒ ආශ්රිත ප්රදේශවල ක්රීඩාපිටි වැනි පොදු ස්ථාන ඇති කළ හැකි ඉඩම් ද රජයට පවරා ගැනීමට කටයුතු කරන බව සඳහන් කළේය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්රික්කයේ ව්යාපාරිකයන් සමඟ පැවති හමුවකට 10දා නුවරඑළියේදී එක් වෙමිනි නුවරඑළිය ව්යාපාරික ප්රජාව මුහුණදී සිටින ගැටළු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාව දැනුවත් කෙරුණු අතර ප්රදේශයේ සංවර්ධනයට අදාළ යෝජනා රැසක්ද ඔවුහු ඉදිරිපත් කළහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එක්සත් ජාතික පක්ෂ මස්කෙළිය ආසන සංවිධායක කේකේ පියදාස හිටපු පළාත් සභා මන්ත්රී ඩබ්ලිව්ජී රණසිංහ හැටන්දික්ඔය හිටපු නගරාධිපති එස්බාලචන්ද්රන් හැටන් වෙළඳ සංගමයේ ලේකම් එස් සෝමසුන්දරම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ මේ අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ නුවරඑළිය දිස්ත්රික් විද්වත් වෘත්තිකයන් අතර හමුවක්ද 10දා නුවරඑළියේදී පැවැත්විණි මෙහිදි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේ කඳුකරයේ ද්රවිඩ ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් වූ සම්මන්ත්රණයක් ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී කැඳවන බවයි රජය විසින් ඉදිරියේදී ඇති කිරීමට නියමිත සමාජ සාධාරණත්ව කොමිසම මඟින්ද කඳුරයේ දෙමළ ජනතාවගේ සමාජ ප්රශ්න පුළුල් ලෙස විමසා බැලීමට අවස්ථාව ලැබෙනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය නුවරඑළිය දිස්ත්රික්කයේ විදුහල්පතිවරුන් ඇතුළු වෘත්තිකයන්ගේ ගැටළුද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ සඳහා විසඳුම් ඇතුළත් යෝජනාවලියක්ද පිළිගැන්විණි ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේෂ් මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එදා සිටම වතුකරයේ ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළ බවත් එම ජනතාවගේ අයිතින් දිනාදීමට ජනාධිපතිවරයා ඉදිරියේදීද කැපවී සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය නුවරඑළිය දිස්ත්රික් හින්දු පූජක කමිටුවේ සභාපති වේලු සුවීශ්වර ෂර්මා පූජකතුමා සහ විද්වත් වෘත්තිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
බලහත්කාරයෙන් තනතුරුවල රැඳී ඉන්න කිසිම පාලකයෙකුට ඉඩක් නැහැ විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඇල්පිටියේ සජබ ජනපවුරේදී කියයි
ජනතාවට සවන් නොදී ජනතාවගේ මතයට ඉඩක් නොදී බලහත්කාරයෙන් මේ තනතුරුවල රැඳී ඉන්න පාලකයන් උත්සාහ කරන බවත් එළැඹෙන ජනාධිපතිවරණයේදී ජයගෙන ජනසවියෙන් ජනබලයෙන් ජනතා ආශිර්වාදයෙන් දුක නිවාලන යුගය සමගි ජන බලවේගය නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා ගාල්ලේ ඇල්පිටියේ පැවැති සමගි ජන බලවේගයේ ජනපවුර වැඩසටහන හා එක්වෙමිනි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය රජයට ගොවියාට අවශ්ය සහනාධාර ලබා දෙන්න බැරි වුවත් සැණකෙළි පවත්වන බවත් එවැනි සැණකෙළිවලින් බොරු උත්සවවලින් වැඩක් නොවන නිසා බිම් මට්ටමින් සංවර්ධන වැඩ ක්රියාත්මක කළ යුතුයි වත්මන් ජනාධිපති වරයාගේ නම ඉදිරිපිට අනුප්රාප්තික ජනාධිපතිවරයා කියන නම එකතු වන බවත් එවැනි අනුප්රාප්තික කියන කොටසක් තමාගේ නම ඉදිරිපිට දමාගැනීමට තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බවත් පොදු ජනතාවගේ ආශිර්වාදයෙන් ශක්තියෙන් පොදු ජනතාවගේ ජනාධිපතිවරයා වීම තමාගේ කැමැත්ත බවය ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව ඉතිහාසයේ දැවැන්තම ජන පවුර බිහි කර ජනතාව දිනවන මේ ගමන ගෙන යන බවත් සත්යවාදී යථාර්ථවාදී වැඩපිළිවෙළක් ක්රියාත්මක කරනවා ජනතාවට සවන් නොදී ජනතාවගේ මතයට ඉඩක් නොදී බලහත්කාරයෙන් මේ තනතුරුවල රැඳී ඉන්න පාලකයන් උත්සාහ කරන බවත් තවත් පිරිසක් ඊර්ෂ්යාව වෛරය කුහකකම් තමන්ගේ ප්රමුඛ දේශපාලන වැඩපිළිවෙළ ලෙස නිර්මාණය කරගෙන රට තවදුරටත් විනාශ කරන්න උත්සාහ දරන බවත් එළඹෙන ජනාධිපතිවරණයේදී ජයගෙන ජනසවියෙන් ජනබලයෙන් ජනතා ආශිර්වාදයෙන් දුක නිවාලන යුගය සමගි ජන බලවේගය නිර්මාණය කරනවා රට සංවර්ධනය කරන්න පුළුවන්ද කියා සමහර අය ප්රශ්න කරන බවත් රණසිංහ ප්රේමදාස මහතා රටේ යුද්ද දෙකක් ඇති විට ඇඟලුම් කම්හල් 200 ව්යාපෘතිය ආරම්භ කළ බවත් ඒ ආකාරයට රට සංවර්ධනය කළ හැකි බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ නව ව්යාපාර මිලියනයක් ඇති කිරීමත් සුහුරු තාක්ෂණය අධ්යාපනයට කර්මාන්තවලට ආදියට ලබාදෙන බවයි ලෝකයේ රටවල් 195ක් ඇති බවත් තාක්ෂණික දියුණුව තුළින් ඉදිරියට යන රටවල් අතර දකුණු කොරියාව ඇමෙරිකාව තායිවානය ඩෙන්මාර්කය ස්විට්සර්ලන්තය ආදී රටවල් 65ක් ශ්රේණිගත කළත් ඒ ලැයිස්තුවේ ලංකාව නොමැති බවත් නව තාක්ෂණය මෙරට අධ්යාපන ක්ෂේත්රය තුළට ලබාදී අප රටත් මේ ශ්රේණිගත කිරීමට යා යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය ඇල්පිටිය විදානආරච්චි කීර්තිරත්න
වරදාන වරප්රසාදවලට එහෙට මෙහෙට පනින දේශපාලනේ අවසන් කළ යුතුයි ජාජබ නායක අනුර කුමාර දිසානායක කැබිලිතිගොල්ලෑවේදී අවධාරණය කරයි
සල්ලිවලට තනතුරුවලට අමාත්ය ධුරවලට එහෙට මෙහෙට පනින දේශපාලනයක් තිබෙනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පැන්නොත් මන්ත්රී ධුරය අහෝසි වෙන නීතියක් සම්පාදනය කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි හෙතෙම මේ කරුණු අවධාරණය කළේ කැබිලිතිගොල්ලාවේ පැවති ජනහමුවක් අමතමිනි එහිදී ඔහු මෙසේද පැවසීය සැප්තැම්බර් 21 ඡන්දෙ පවත්වනවා ගන්න ඕන තීරණය මොකක්ද කියලා පසුගිය දින කිහිපයේ සිදුවීම් දෙස බැලුවත් තේරුම් ගන්න පුළුවන් දැන් පොහොට්ටුවේ පෙති හැලිලා එක කෑල්ලක් නාමල් රාජපක්ෂ එක්ක එක කෑල්ලක් රනිල් වික්රමසිංහ එක්ක තව කෑල්ලක් සජිත් ප්රේමදාස එක්ක ඉන්නවා මේ රට බිඳ වට්ටන්න විශාල වැඩ කොටසක් කළ ඒ පක්ෂය දැන් කෑලිවලට කැඩිලා සජබයේ සභාපති එළියේ පොහොට්ටුවේ සභාපති සජබයේ ඇතුලේ මහ බැංකු මහ හොරා රනිල් කියපු මහින්දානන්ද අලුත්ගමගේ අද රනිල් එක්ක මේ එහෙට මෙහෙට පනින එහෙන් මෙහෙන් ගන්න දේශපාලනය නතර කරන්න ඕනෑ නැද්ද අද උසාවියෙන් තීන්දුවක් ලැබුණා සජබ පැනපු මන්ත්රීවරු දෙන්නෙකුගේ මන්ත්රී ධුරය අහෝසි වුණා එය හොඳ තීන්දුවක් හැබැයි තීන්දුව ලැබෙන්න වසර දෙකක් ගත වුණා ජනතාවගේ ඡන්දෙ අරගෙන එහෙට මෙහෙට පනින එක හරිද 19 සංශෝධනය හදන අවස්ථාවේ අපි පැන්නොත් මන්ත්රී ධුරය අහෝසියි කියන සංශෝධනය ගෙනාවා විජේදාස රාජපක්ෂ එය ඉදිරිපත් කළත් දිනේෂ් ගුණවර්ධන එය අහෝසි කරන්න බැරිද කියා විමසුවා විජේදාස ඒක අයින් කළා සල්ලිවලට තනතුරුවලට අමාත්ය ධුරවලට එහෙට මෙහෙට පනින දේශපාලනයක් තිබෙනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පැන්නොත් මන්ත්රී ධුරය අහෝසි වෙන නීතියක් සම්පාදනය කරනවා සමහර අය පනින්න විතරක් නොවෙයි තියාගන්නත් සල්ලි ගන්නවා දුන්නේ නැතිනම් යනවාලු මේ දේශපාලනය නතර කරන්න ඕනෑ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ ගඳගහන පොර පිටිය සුද්ද කරන බවට ඔබට පොරොන්දු වෙනවා ඒවගේම මේගොල්ලන්ගේ දේශපාලනය යන්නේ පවුල්වලින් පවුල්වලට මේ ඡන්දෙ දිහා බැලුවත් ජනාධිපති මහින්දගේ පුතා ජනාධිපති ප්රේමදාසගේ පුතා ජනාධිපති ජේආර්ගේ බෑනා පොර පිටියේ මම විතරක් තඹුත්තේගම මේ පවුල් දේශපාලනය නතර කරන්න ඕනෑ බණ්ඩාරනායක පවුල අවුරුදු 27ක් පාලනයේ හිටියා සේනානායකලා දශකයකට වැඩි කාලයක් පාලනය කළා ජේආර්ලා රනිල්ලා අවුරුදු 20ක් විතර හිටියා අවුරුදු 76ක් රට පාලනය කර තිබෙන්නේ උඩ ඉන්න පවුල් හතරක් දිස්ත්රික්ක ගත්තත් එහෙම තමයි එහෙම වෙලා රට හැදුවාද මේ පවුල් කණ්ඩායම් කිහිපයක් රට පාලනය කරලා මේ රට හැදුවාද ලෝකෙ රටවල් අපිව පහුකරලා ගියා 1980 ගණන්වල නිෂ්පාදන කර්මාන්තයක් නොතිබුණු ඉන්දියාව අද හඳට යනවා වාහන නිෂ්පාදනය කරනවා ආසියානු කලාපයට අවශ්ය වන බිත්තර බීජ ඖෂධ නිෂ්පාදනය කරනවා මහින්ද රාජපක්ෂ අවුරුදු 54ක් ආණ්ඩුවේ ඉන්නවා මොනවාද කළේ ඉන්දියාව අවුරුදු 54 තුළ ඉදිරියට එනවා රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 47ක් වෙනවා රටක් හදන්න මේ කාලය හොඳටම ඇති මේ පාලකයන් රට විනාශ කළා හැබැයි ඒගොල්ලන් විනාශ වුණේ නැහැ ජනතාවට අමාරු වුණාට ඒගොල්ලන්ට අමාරු වුණේ නැහැ කවදාවත් මැදවච්චියේගේ මදිවෙන කොට කොළඹිනුත් සීතලට ඉන්න නුවරඑළියෙනුත් හුළං වදින්න වැල්ලෙනුත් දරුවන්ට උගන්වන්න එංගලන්තෙනුත් ගෙවල් ගත්තා හැම ඇමැතියෙකුටම ඕස්ටේ්රලියාවේ එංගලන්තයේ ගෙවල් ඩුබායිවල එපාර්ට්මන්ට් තියෙනවා ඡන්දෙ කරන්න ගමේ ගෙයකුත් තියෙනවා රට හැදුවේ නැහැ ඒගොල්ලන් හැදුණා එයාලා කවදාවත් හදන්නෙත් නැහැ ජනතාවට ස්වාධීනව ආර්ථික හයියක් ආවොත් ඒ කියන්නේ රස්සාවක් තියෙනවා ගෙයක් හදා ගන්න ජීවත් වෙන්න සතුටින් ඉන්න පුළුවන් හොඳ ආදායම් මාර්ගයක් තිබෙනවා එහෙම වුණොත් හාල් කිලෝ 10ට පස්සෙන් යන්නේ නැහැ ඒ නිසා ඒගොල්ලන්ට ගම්වල ජනතාව හැමදාම දුප්පත්භාවයෙන් ඉන්න ඕනෑ දුප්පත්භාවයෙන් හිටියොත් තමයි බෙදලා ඡන්දෙ ගන්න පුළුවන් වෙන්නේ සාරි උදලුතල කෑම පාර්සල් සිල් රෙදි ගිනිපෙට්ටි බෙදුවා බෙදනවා තමන්ට වත්කමක් තිබෙනවා නම් ගිනිපෙට්ටියක් ගන්න සාරියක් ගන්න පෝලිමේ යන්නේ නැහැ කෑම පාර්සලේට රුපියල් 500ට ඡන්ද වැඩවලට යන්නේ නැහැ ග්රාමීය ජනතාව දුප්පත්භාවයෙන් තුරන් කරන රටක් අපි හදනවා ආරම්භය ලෙස අපි 10000ක සිට 20000 දක්වා වූ සහනාධාරයක් දෙනවා 2048 වෙනකම් ජනතාවට කන්නෙ නැතිව ඉන්න පුළුවන්ද ජාතික ජන බලවේගය රට හදනවා එතකම් ජනතාව බලාගන්නවා අනිවාර්යයෙන් අධ්යාපනය සෞඛ්යය ආහාර ලබාදෙන වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනවා ග්රාමීය ජනතාව දුප්පත්භාවයෙන් එළියට ගේන්න ඕනෑ එහි ප්රධාන කාර්යය තමයි අධ්යාපනය දරුවා ඉගෙනගෙන ලෝකයට විවෘත වුණොත් දරුවා ගමේ ආර්ථිකයෙන් නිදහස් වෙනවා අපේ රටේ පළමුවැනි වසරේ සිට දහය වසර දක්වා වූ දරුවන්ගෙන් සෑම වසරකම 30000ක් පාසල් අතහැර යනවා අපි සෑම ප්රාදේශීය ලේකම් කාර්යාලයකම නිලධාරීන් කිහිපදෙනෙක් පත්කරනවා අඛණ්ඩව දින තුනකට වඩා පාසල් නොඑන දරුවන් පිළිබඳ සොයා බලා ඒ දරුවා පාසලට ගෙන්වා ගැනීමේ වගකීම ඒ නිලධාරීන්ට පවරනවා එක දරුවෙකුටවත් පාසල අත්හැර යන්න අපි ඉඩ තබන්නේ නැහැ අපේ පාසල්වල ඉංග්රීසි ගණිත විද්යාව විෂය සම්බන්ධ දැනුම ඇති ගුරුවරුන්ගේ හිඟයක් පවතිනවා ඉතා හොඳින් පුහුණු කරන ලද මැනවින් දරුවන්ට ඉගැන්වීමේ හැකියාව ඇති ගුරුවරුන් පත් කරනවා අදත් පාසල්වල ගුරු පුරප්පාඩු 33000ක් තිබෙනවා රැකියා නැති උපාධිධාරීන් 35000ක් එළියේ ඉන්නවා අද අධ්යාපනය දෙමව්පියන්ට බරක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී අධ්යාපනය දෙමව්පියන්ගේ බරක් වෙන්න ඉඩ තියන්නේ නැහැ අධ්යාපනය රජයේ වගකීමක් බවට පරිවර්තනය කරනවා ග්රාමීය ජනතාවගේ දුප්පත්භාවය නැති කරන්න නම් ගමේ ජනතාවගේ ආර්ථිකය හොඳ වෙන්න ඕනෑ මේ කැබිතිගොල්ලෑවේ ජනතාවගේ ප්රධාන ආර්ථිකය ගොවිතැන ගොවිතැන පාඩු රස්සාවක් නොවෙයි ලෝකයේ සෑම රටකම කෘෂිකර්මාන්තය සඳහා සහනාධාර දෙනවා ඉන්දියාවෙ ගොවියාට තෙල් විදුලිය නොමිලේ ආණ්ඩුවෙන් දෙනවා කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා හොඳම බීජ ලබාදෙන්න ඕනෑ පිටරටින් අධික මිලට බීජ ගෙනත් වගා කිරීමෙන් වැඩක් නැහැ ඒ නිසා අපි අපේ බීජ පර්යේෂණායතන දියුණු කර හොඳ බීජ සොයා ගන්නවා ඒ බීජ ගොවිපොළවල්වල වැඩි දියුණු කරනවා ඒ බීජ ගොවීන්ට ලබාදී ගම්වල බීජ නිෂ්පාදනය කරන ගොවීන් හදනවා සමහර අය ආහාර සඳහාත් සමහර අය බීජ නිෂ්පාදනය සඳහාත් වගා කරනවා හොඳ බීජ අඩු මිලට ගොවියාට ලබාදෙන වැඩපිළිවෙළක් හදලා බීජ ව්යසනයෙන් ගොවි ජනතාව මුදා ගන්නවා අනෙක කෘෂිකර්මාන්තය සඳහා යන යෙදවුම් මිල ඉහළයි කෘමිනාශකවල පොහොරවල මිල ඉහළයි මේ ඉහළ මිල දරාගත නොහැකියි තෙල් පිරිපහදු කරන කොට ඒකෙන් එන අතුරු ඵලවලින් කෘමිනාශක නිපදෙව්වා සිපෙට්කෝ කියන කෘමිනාශක හැදුවේ ලංකාවේ සපුගස්කන්දේ රනිල් වික්රමසිංහ ඒවා වහලා දැම්මා ඒ නිසාම අද වල්නාශක කෘමිනාශක පිටරටින් ගෙන්වන්න සිදුවෙලා තිබෙනවා ඩොලරය ඉහළ යන කොට ඒවායේ මිලත් ඉහළ යනවා ඒ නිසා අපි කෘමිනාශක වල්නාශක හදන්න නැවත පර්යේෂණ ආරම්භ කරනවා අපට තියෙන්නේ හුදු ආණ්ඩු මාරුවක් නොවෙයි නායකයෙක් වෙනුවට නායකයෙක් ගේන එක නොවෙයි තමන්ගෙ ජීවිතය තමන්ට එපා වෙලා තියෙන්නේ තමන්ගෙ ජීවිතය අහිමි වෙලා යනකම් බලාගෙන ඉන්න ජීවිතවලට පණ දෙන හිනාව දෙන සමාජයක් ගොඩනැගීම තමයි අපේ සැලසුම තිබෙන්නේ මේ ජීවිතේ මීට වඩා හොඳ ජීවිතයක් බවට පත්කරන ආණ්ඩුවක් දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් නැතිව දෙමාපියන් හූල්ලනවා අපි හදන්නේ දරුවන්ට අලුත් අනාගතයක් නිර්මාණය කරන ආණ්ඩුවක් කඩා වට්ටපු කෘෂිකර්මාන්තය වෙනුවට දියුණු කෘෂිකර්මාන්තයක් දක්වා පරිවර්තනය කරන ආණ්ඩුවක් අපි හදනවා ඒ කියන්නේ අපේ රට වෙනස් කරන රට පොහොසත් කරන ලස්සන ජීවිතයක් උරුම කර දෙන ආණ්ඩුවක් මේක මේ වෙලාවේ කරන්නම ඕනෑ ජාතික ජන බලවේගය යනු ජනතාවට අලුත් ජීවිතයක් අරගෙන දෙන ආණ්ඩුවක් අපේ මේ සැලසුම් ක්රියාත්මක කරන්න අපට බලය ඕනෑ මෙතන පොහොට්ටුවට අලියට කතිරෙ ගහපු අය ඉන්නවා ඒ අතීතය පැත්තකින් තියන්න මේ ඉන්නේ ජාතික ජන බලවේගය දිනවීම සඳහා එකතු වුණු බලකායක් අපි ඔක්කෝම එකට පොර බඳිමු අපේ මේ උත්සාහයේ අවසන් ප්රතිඵලය ලබාගත හැකි වෙන්නේ ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිර ගහලා වැඩිම ඡන්ද ප්රමාණයකින් පිරෙව්වොත් විතරයි අපි මේ වැඩේ සාර්ථකව කරමු සැප්තැම්බර් 22 දා වන විට ලංකාවේ අලුත් ආණ්ඩුවක් අලුත් පාලනයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු මහන්සි වෙමු
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උරුමකර දෙනවා නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු අනුර කියයි
එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ 12දා පෙරවරුවේ ජවිපෙ ප්රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්රයට අත්සන් තැබීය මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්රධාන ලේකම් වෛද්ය නිහාල් අබේසිංහ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරු ඇතුළුව ජාතික විධායක සභිකයෝ කිහිප දෙනෙක් ද සහභාගි වූහ
බංගලාදේශයේ මෙන් කැලෑ නීතිය රජයන සමාජයක් ලංකාව තුළ ඇති වීම ජනාධිපති ව්යර්ථ කළා ඇමැති ප්රසන්න රණතුංග
බංගලාදේශයේ මෙන් නීතිය සාමය හා ප්රජාතන්ත්රවාදය අහෝසි කර කැලෑ නීතිය රජයන අති බිහිසුණු සමාජයක් ලංකාව තුළ ඇති කිරීමට අරගලකරුවන් එදා ගත් උත්සාහය රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ව්යර්ථව ගිය බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්රසන්න රණතුංග මහතා පවසයි අමාත්ය ප්රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ බියගම ආසනයේ ජනාධිපතිවරණ ඒකාබද්ධ කමිටු පිහිටුවීමේ සාකච්ඡාවට 11 දින එක්වෙමිණි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්ය ප්රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය අද බලන්න බංගලාදේශයේ වෙන දේ ලංකාවේ වුණ දේම කොපියක් තමයි අද බංගලාදේශයේ වෙන්නේ මුලින්ම ජනාධිපතිතුමාට ගැහුවා ජනාධිපති මන්දිරය ජනාධිපති කාර්යාලය නැති කළා ඊට පස්සේ අගමැතිව එලෙව්වා ඒ අය රටින් පැන්නා ඒ දේ තමයි අද බංගලාදේශයේ වෙන්නේ වාසනාවකට එදා ඒ සිද්ධීන් දෙකම ලංකාවේ වෙන කොට ජනාධිපතිතුමා රනිල් වික්රමසිංහ මහත්තයා රට භාර ගත්තා අරගලකාරයින්ට පහර දීමකට යන්න බැරි වුණා ලාල් කාන්ත ඒ කාලේ කියපු කතා රූපවාහිනියේ සමාජ මාධ්යවල පෙන්වනවා ඔබ දකිනවා ඇති ඔහු කිව්වා අපි අරගලය කැඳෙව්වා අපි මේකට ඇතුල්වෙන්න ගියා කියන කතා එදා පාර්ලිමේන්තුවත් අරගලකාරයින්ගේ අතට ගියා නම් මේ රටේ තත්ත්වය මොකක්ද කියලා හිතලා බලන්න බංගලාදේශයට වුණේ පාර්ලිමේන්තුවටත් ගැහුවා ගිනි තිබ්බා මහ බංකු අධිපතිවරයා අයින් වුණා නැත්තම් ඔවුන්ගේ ගෙවල් ගිනි තියනවා කියලා ඔවුන්ට තර්ජනය කරලා අද ඒ රටේ කැලෑ නීතිය ක්රියාත්මක වෙන්නේ මේකම තමයි ලංකාවෙත් වෙන්න තිබ්බේ අද සියළු දෙනාටම එකතු වී වැඩ කරන්න පුළුවන් ක්රමයක් නිර්මාණය කරලා දුන්නා අපේ යුතුකමක් වගකීමක් තියෙනවා කළගුණ දන්නා මිනිස්සු විදියට මේකට අපි උදව් කරන්න බංගලාදේශය කියන්නේ අපේ රටේ ආර්ථිකය කඩන් වැටුනට පස්සේ අපිට ණය දුන්න රටක් ඒ රට අද විනාශ වෙනකොට අපේ රටේ ආර්ථිකය ක්රමාණුකූලව ශක්තිමත් වෙනවා ඩොලර් එක ස්ථාපිත වෙලා කටයුතු කරගෙන යනවා මොකද මේ රටේ ජනතාව තීන්දු කරලා ඉවරයි මෙම අවස්ථාවට වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලීන් ප්රනාන්දු ප්රවාහන රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති සහන් ප්රදීප් විතාන ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරු වන මිලාන් ජයතිලක කෝකිලා ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන යන මහත්වරු හා පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ
ජනපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රුපියල් මිලියන 10 දක්වා ඉහළ නැංවිය යුතුයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල
ජනපතිවරණයට ඉදිරිපත්වන ස්වාධීන අපේක්ෂකයෙකු තැබිය යුතු ඇප මුදල රුපියල් මිලියන 10 දක්වා ඉහළ නැංවිය යුතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්ය හමුවකට එක් වෙමිනි වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ ඒමහතා මෙසේද පැවසීය 1981දී ජනාධිපතිවරණ පනත සම්මත කරන විට පක්ෂයක අපේක්ෂකයෙකුට රු 50000ක් ස්වාධීන අපේක්ෂකයෙකුට රු 75000ක් විධියට ඇප මුදල් නියම කළා මේ ඇප මුදල් ඉල්ලීමෙන් බලාපොරොත්තු වෙන්නේ බොරු අපේක්ෂකයින් ඡන්දයට එන එක වැලැක්වීම මොකද යම් අපේක්ෂකයෙක් 5කට අඩුවෙන් ඡන්ද ගත්තොත් ඇප මුදල රාජ සන්තක වන නිසා ලංකා ඉතිහාසයේ පැවැත්වුණු සෑම ජනපතිවරණයකම ප්රධාන අපේක්ෂකයින් දෙන්නා හැරුණු විට අනිත් සියළුම අපේක්ෂකයින්ගේ ඇප මුදල රාජ සන්තක වෙලා ඒත් සෑම ජනපතිවරණයකටම අපේක්ෂකයින් බුරුතු පිටින් ඉදිරිපත් වෙනවා 2019 ජනපතිවරණයට අපේක්ෂකයින් 35ක් මේ පාර ඊටත් වැඩි වේවි ඒ ඇයි සමහර අපේක්ෂකයින්ට මුදල් කුට්ටියක් ගෙවලා ඉදිරිපත් කරන්නේ ප්රධාන අපේක්ෂකයින් ඒ ජනපති අපේක්ෂකයින්ට ලැබෙන මාධ්ය ඉඩ භාවිතා කරලා තමන්ගේ ප්රතිවාදි අපේක්ෂකයින්ට පහර දෙන්න තවත් සමහරු ඉදිරිපත් වෙන්නේ රටේ ප්රසිද්ධ පුද්ගලයෙකු බවට පත් වෙන්න එහෙම නැතිනම් කුණු වෙන්න පැරදුනත් නැවත නැවත ඉදිරිපත් වීමේ හේතුව මොකක්ද අවස්ථා දෙකකදී ඡන්ද 20000ට අඩුවෙන් අරන් තුන්වන වරටත් ඉදිරිපත් වෙන අපේක්ෂකයෙකුත් ඉන්නවා අද වන විට රුපියල පිරිහිලා රු 50000ක් 75000ක් කියන්නේ මාසික වැටුප තරමට වටිනාකම පහත වැටිලා 1981 දී රු20ක් වුණු ඩොලරය අද රු300යි එදා රු10ක් වුණු පෙට්රල් ලීටරය අද රු345යි ඒ නිසා රු75000ක් සොයා ගෙන ජනපතිවරණයට ඉදිරිපත් වීම විලාසිතාවක් වෙලා මැතිවරණ කොමිසම කියන විධියට වැඩි වෙන එක අපේක්ෂකයෙකු සඳහා වැය වන වියදම රුපියල් මිලියන 200යිඒනිසා ස්වාධීන අපේක්ෂකයෙකු තැබිය යුතු ඇප මුදල රුපියල් මිලියන 10ක් කළ යුතුයි කියා අපි යෝජනා කරනවා තමන්ට කැපී පෙනෙන්න අනුන්ට මඩ ගහන්න මොවුන් මේ භාවිතා කරන්නෙ මහජන මුදල් ඒ වගේම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී අවම වශයෙන් එක් මන්ත්රි ධූරයක් වත් දිනා ගන්න බැරි වුණු පක්ෂ වලට ජනපතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා නොදිය යුතුයි කියා අපි යෝජනා කරනවා මේ යෝජනා අපි වරින් වර ඉදිරිපත් කළත් තමන්ගේ ප්රතිවාදි අපේක්ෂකයින්ට මඩ ගහන රූකඩ අපේක්ෂකයින්ට අවස්ථාව ලබා දිය යුතු නිසා කිසිම ආණ්ඩුවක් මේවා ක්රියාත්මක කලේ නෑ
වතු ප්රජාවට නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට කැප වෙනවා ප්රඥප්තියක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසයි
උඩරට පහතරට වතු ප්රජාවට නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය උඩරට හා පහතරට වතු ප්රජාව වෙනුවෙන් ප්රඥප්තියක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය වතු ජනතාවට අහිමි වූ අවස්ථා බොහෝමයක් ඇති නිසා ඒවා ඉවත් කර එම ප්රජාවට හිමිකමක් ලබාදෙන වැදගත් ගිවිසුමකට ප්රවේශ වන බවත් මෙරට ඉතිහාසයේ උඩරට පහතරට ඇතුළු වතු ප්රජාවට කළ හැකි උපරිම සංවර්ධන ක්රියාදාමය ක්රියාත්මක කරන බවත් මේ ක්ෂේත්රය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් තමා බලයට පත් වී පැය 48ක් තුළ ස්ථාපිත කරන බවත් විපක්ෂ නායක මෙහිදී පොරොන්දු විය එසේම මේ අහිංසක වතු ප්රජාව විවිධ දේශපාලන උප්පරවැට්ටි නිසා කූඨ දේශපාලන ක්රමෝපායන් නිසා අසරණ වී ඇති බැවින් මේ අයගේ පුරවැසිභාවයට අලුත් අරුතක් ලබාදී ලැයිම් කාමරයට සීමා නොකර කුඩා තේ වතු හිමියෙක් ඉඩමක හා ප්රාග්ධනයක අයිතියක් ඇති අයෙකු බවට පත් කර ආදායම් මාර්ග වර්ධනය කර ජාතික තේ නිෂ්පාදනයට ලබාදෙන දායකත්වයද වැඩි කරන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය එමෙන්ම බොරු පොරොන්දුවලට රැවටෙන සදාකාලික කම්කරු ජීවිතයක් නොව මේ ප්රජාවගේ අයිතීන් ශක්තිමත් කරන ජනතා සවිබල ගැන්වීමක් සිදු කරන බවත් සජිත් ප්රේමදාස මහතා පැවසීය මේ ප්රඥප්තිය සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පලනි දිගම්බරම් මහතා සහ එම් උදයකුමාර යනාදී වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අත්සන් තබන ලදී මෙරට කොන් වී වෙන් වී හුදකලා වී ඇති වතු ජනතාවට පිළිගැනීමක් ලැබුණු බවත් සමගි ජන බලවේග ආණ්ඩුවකටත් පෙර මෙවැනි පිළිගැනීමක් ලැබීම සතුටට කරුණක් බවත් මෙය වරප්රසාද හෝ දේශපාලන වුවමනා වෙනුවෙන් නොව සැබෑම සමාජ ගිවිසුමක් බවත් මේ තුළින් වතු ජනතාවගේ පුරවැසිභාවය සැබෑ ලෙසම සම්පූර්ණ වන බවත් පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා මෙහිදී පැවසීය
පාස්පෝට් නඩුවෙන් කීර්තිනාමයට හානි වූවැයි විමල් රජයෙන් කෝටි 10ක් වන්දි ඉල්ලයි
අවිධිමත් ගමන් බලපත්රයක් භාවිත කළ බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසත්ය චෝදනා නඟමින් නඩු පැවරීමෙන් තමන්ගේ කීර්තිනාමයට සිදුවූ හානියට රජයෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ 12දා නඩු පවරනු ලැබීය නීතිඥ දිනේෂ් ද සිල්වා මහතා මගින් ගොනු කර තිබූ එම නඩුවේ විත්තිකරුවන් ලෙස කටුනායක ආගමන විගමන කාර්යාලයේ බලයලත් නිලධාරි එරංග හෂාන් රඹුක්වැල්ල ජ්යෙෂ්ඨ බලයලත් නිලධාරි සුජීව ගුණරත්න රත්නායක හා නීතිපතිවරයා නම්කර ඇත තමා 20151023 වැනි දින එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ කේ 651 දරන ගුවන් යානයෙන් ඩුබායි හරහා ඉතාලියේ රෝමය වෙත ගමන් කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත ගිය බවත් එහිදී තමා භාවිත කළ ඩී 3643054 දරන රාජ්යතාන්ත්රික විදෙස් ගමන් බලපත්රය පරීක්ෂා කළ නිලධාරීන් එය අක්රීය විදේශ ගමන් බලපත්රයක් බව දැනුම් දුන් බවත් එම පැමිණිල්ලෙන් කියැවේ එකී විදේශ ගමන් බලපත්රය නැති වූ විදේශ ගමන් බලපත්රයක් ලෙස ප්රකාශ කර ඩී 3643428 දරන නව විදෙස් ගමන් බලපත්රයක් ලබාගෙන ඇති බවට මධ්යගත පරිගණකයේ සඳහන් වන බවට තමන්ට දැනුම්දීම නිසා තමා නැවත නිවසට ගොස් ඩී 3643428 දරන විදෙස් ගමන් බලපත්රය අස්ථාන ගතවී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් කොට ඩී 3644667 දරන නව විදේශ ගමන් බලපත්රය ලබාගත් බවද එම පැමිණිල්ලෙන් කියැවේ එදිනම තම පෙරකී ඩී 3643054 සහ ඩී 3644667 දරන විදෙස් ගමන් බලපත්රයක් රැගෙන විදේශ ගතවීමට පැමිණි බවත් විදේශ ගමන් බලපත්ර දෙකම තමා රැගෙන පැමිණියේ අංක ඩී 3643054 දරන විදේශ ගමන් බලපත්රයේ වීසා සටහන් ඇත්තේ එම විදේශ ගමන් බලපත්රයේ වීම නිසා බවත් පෙන්වා දී තිබූ විමල් වීරවංශ මහතා කෙසේ නමුත් අසත්ය තොරතුරු වාර්තා ඉදිරිපත් කර ගන්නා ලද විදේශ ගමන් බලපත්රයක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ තමාව එහිදී අත්අඩංගුවට ගත් බවද එමගින් පෙන්වා දී තිබේ තමාට එරෙහිව මීගමුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ චෝදනාවලින් 20240401 වැනිදා නිදොස්කොට නිදහස් කර ඇති බවත් අක්රිය ගමන් බලපත්රයක් සන්තකයේ තබාගැනීම වරදක් නොවන බව පැමිණිල්ලේම ස්ථාවරය වීම නිසා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම තමන්ව නිදොස් කොට නිදහස් කළ බවත් විමල් වීරවංශ මහතා එමගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ ඒජේඒ අබේනායක
විශ්රාමිකයන්ට වැඩි කළ 3000 හිඟ මුදල් ද සමග ඔක්තෝබරයේ සිට රාජ්ය ඇමැති සියඹලාපිටිය
කැබ්නට් අනුමැතිය හිමි වූ විශ්රාමිකයන්ගේ රු 3000ක අන්තර්කාලීන මාසික දීමනාව හිඟමුදල් ද සමග ඔක්තෝබර් මස සිට ගෙවන බව මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි විශ්රාමිකයන් සඳහා පසුගිය අප්රේල් මාසයේ සිට ගෙවන රු 2500ක දීමනාවට අමතරව වැටුප් විෂමතා ඉවත් කරන තෙක් මෙම රු 3000ක අන්තර්කාලීන දීමනාව ගෙවන බවද ඇමතිවරයා කියයි මේ අනුව සැප්තැම්බර් මාසයේ ගෙවිය යුතු රු 3000ක හිඟ මුදල ද සමග ඔක්තෝබර් මාසයේ දී විශ්රාම වැටුප සමග රු 6000ක මුදලක් විශ්රාමිකයන්ට හිමිවන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි මේ අනුව නොවැම්බර් මාසයේ සිට මෙතෙක් ලැබුණු රු 2500ක දීමනාවට අමතරව අලුතින් ලබාදෙන මෙම රු 3000ක අන්තර්කාලීන දීමනාව ද විශ්රාමිකයන්ට ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්ය ඇමැතිවරයා පවසයි මෙම රු 3000ක දීමනාව සඳහා මුදල් අමාත්යාංශය පූර්ණ ලිඛිත අනුමැතිය ලබා දී ඇත එහෙත් මැතිවරණයක් ප්රකාශයට පත්කර ඇති බැවින් සැප්තැම්බර් මාසයේදී එම දීමනාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව විරෝධය පළකර ඇත ඒ අනුව සැප්තැම්බර් මස ලැබිය යුතු රු 3000ක හඟ දීමනාව සමග ඔක්තෝබර් මාසයේ රු 3000ක දීමනාව ද එක්ව රු 6000ක් විශ්රාමිකයන්ට ඔක්තෝබර් මස විශ්රාම වැටුප සමග අනිවාර්යයෙන්ම ලබාගත හැකි බවද රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා තවදුරටත් කියයි ශ්යාම් නුවන් ගනේවත්ත
රටේ අනාගතය ගොඩනැඟිය හැක්කේ ජනපතිට පමණයි රාජ්ය ඇමැති අනුරාධ ජයරත්න
ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් මහනුවර දිස්ත්රික් හේවාහැට ආසනය සූදානම් කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා අධිකරණ කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය අනුරාධ ජයරත්න මහතාගේ ප්රධානත්වයෙන් ගුරුදෙණිය එලිගන් රේන්ජ් හෝටල් පරිශ්රයේදී පැවැත්විණි එක්ව ජයගමු ජනපති දිනවමු මැයෙන් සංවිධානය එහිදී අදහස් දැක්වූ රාජ්ය අමාත්යවරයා මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතා අනිවාර්යයෙන් ජයග්රහණය කරනවා වැටී තිබුණු රට අද තියෙන තත්ත්වයට ගෙනාවේ වෙන කවුරුත් නොවේ රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා ඒ වෙනකොට රට භාර ගන්න කවුරුත් හිටියේ නෑ හැමෝම වගකීමෙන් පැනලා ගියා ජනතාව හොඳට ඒක දන්නවා අද කතා වෙන් දිනන්න හදන කවුරුත් එදා වගකීමෙන් පැනලා ගියා ඒ නිසා රටේ අනාගතය ගොඩ නඟන්න කිසිම පැකිලීමකින් තොරව ජනතාව එක් වෙනවා අපේ බලවේගය වටා සියලු දෙනා පක්ෂ පාට නොබලා ඒ ගමනට දායකවෙමු යැයි රාජ්ය අමාත්යවරයා මෙහිදී පැවසීය එළැඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් එක්ව සහයෝගය ලබාදීම සඳහා හේවාහැට ආසනයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්රාදේශීය සභා සභාපති යාපා බණ්ඩාර මහතා ඇතුළු සියලු මන්ත්රී මණ්ඩලය ද පළාත් පාලන කොට්ඨාස අපේක්ෂක මහතුන් එක්සත් ජාතික පක්ෂයේ හේවාහැට ආසනයේ ප්රධාන සංවිධායක ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ඇතුළු හිටපු මන්ත්රී මණ්ඩලය මේ සඳහා එක්ව සිටියහ මෙහිදී එළැඹෙන මැතිවරණ සඳහා යෝජිත රැස්වීම් මාලාව තීරණය කිරීම ගෙයින් ගෙට ගොස් ප්රජාව දැනුවත් කිරීම සඳහා දින වකවානුව වෙන් කර ඒ සඳහා අවශ්ය කණ්ඩායම් සූදානම් කර ගැනීම හේවාහැට ආසනයේ ප්රධාන මෙහෙයුම් කාර්යාලය සහ එක් ඡන්ද මධ්යස්ථානයක් ඉලක්ක කොට මැතිවරණ ප්රචාරණ කාර්යාලය ඉදිකිරීම සඳහා අවශ්ය කටයුතු සැලසුම් කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය ජානක සම්පත් බණ්ඩාර ගුන්නෑපාන
අපි රනිල්ට බෑ කිව්වේ 13 දෙනවා කිව්ව නිසයි ජානක තිස්සකුට්ටිආරච්චි ශ්රීලපොපෙ
13 වන ව්යවස්ථා සංශෝධනය යටතේ තිබෙන ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබාදෙන බව පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළ නිසා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික්රමසිංහ මහතාට ලබාදීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා ඊයේ 12දා ශ්රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවැති මාධ්යහමුවේදී පැවසීය එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා මෙසේද පැවසීය සැප්තැම්බර් 21 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය වෙනස් කරමින් නාමල් රාජපක්ෂ මහතා තරුණ අපේක්ෂකයෙකු ලෙස ජයග්රහණය කරනවා අරගලය ඉල්ලා සිටියෙත් තරුණ නායකයෙක් යුද්ධය ජයග්රහණය කළ තාත්තාගේ පුතා විදියට ඒ අත්දැකීම් සමග තමයි නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ අරගලය අවස්ථාවේදී වසර දෙකකට පෙර රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරන්න ශ්රී ලංකා පොදුජන පෙරමුණට පුළුවන් නම් ඇයි දැන් බැරි කියල සමහරුන් අහනවා ඒ වගේම පෝලිම් යුගය නතර කළ කිරි පැකට් එකේ මිල අඩු කළ රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය දෙන්න බැරි ඇයි කියලත් අහනවා රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය ලබාදීම සඳහා අපි අහපු පළමු ප්රශ්නය තමයි 13 වන ව්යවස්ථාවට දෙන පිළිතුර කුමක්ද කියන එක අපි ඇහුවා පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙනවාද කියන එක රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කිව්වා මම ලබාදීමට තමයි කටයුතු කරන්නේ කියලා අපේ ප්රතිපත්තිය තමයි එක ජාතික ගීයයි එක කොඩියයි කියන එක ඒකීය රටක් තුළ සැමට සමානව ජීවත්වෙන්න පුළුවන් රටක් බිහිකිරීම තමයි අපේ අරමුණ ඉන්දියාවේ හෝ වෙනත් රටක වුවමනාව මත දෙනවද කියල තමයි අපි ඇසුවේ 13 වන සංශෝධන යටතේ තිබෙන පොලිස් බලතල ලබාදුන්නොත් වෙනත් නිල ඇඳුමක් නීතියක් තබාගන්න පුළුවන් අපි ජාතිවාදී කඳවුරක් නොවෙයි නමුත් අපේ කඳවුර ජාතිකවාදියි එරික් ගාමිණී ජිනප්රිය
මේ වසරේ මාස 6ට විදෙස් සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 1556ක ආදායමක්
මේ වසරේ 2024 පළමු මාස හයේදී මෙරටට විදේශ සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම ගිය වසරේ 2023 පළමු මාස හයට සියයට 779කින් වර්ධනය වී ඇත මේ අනුව ගිය වසරේ පළමු මාස හයේදී ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 875 සිට මේ වසරේ පළමු මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 15566ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ මේ කාලයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ප්රමාණය ද සියයට 617කින් වර්ධනය වී ඇති බව එහි සඳහන් වේ ශ්යාම් නුවන් ගනේවත්ත
ගොත අසංකගේ අවි ගබඩාවක් බන්ධනාගාර නියාමකගේ නිවසේ
පොලිස් මත්ද්රව්ය නාශක අංශ නිලධාරීන් විසින් රාජගිරියේ පිහිටි දෙමහල් නිවසක් වටලනු ලැබුවේ බන්ධනාගාර නියාමකයකු විසින් පවත්වාගෙන ගිය පාතාල කල්ලි නායක ගොත අසංක නමැත්තාට අයත් අවි ආයුධ සහ මත්ද්රව්ය ගබඩාවක් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබූ නිසාය බන්ධනාගාර මූලස්ථානයේ රාජකාරි කරන නියාමකවරයා විසින් පවත්වාගෙන ගිය මෙම අවි ගබඩාවේ තිබී ටී 56 අවියක් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 2ක් පිස්තෝල ගැබ් 01ක් පතරොම් ගැබ් 01ක් විවිධ වර්ගයේ ජීව උණ්ඩ 400ක් හෙරොයින් ගංජා කුෂ් මත්ද්රව්ය ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සොයා ගැනීමට මත්ද්රව්ය නාශක අංශ නිලධාරීහු සමත් වූහ ඉන්දියාවේ සැඟවී සිටින ගොත අසංක නමැති පාතාල නායකයා විසින් සිදු කළ කොන්ත්රාත් මිනිස් ඝාතන සඳහා අවි ආයුධ සපයා ඇත්තේ මෙම බන්ධනාගාර නියාමකවරයා විසින් බවට තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ රාජගිරිය ප්රදේශයේ පිහිටි මෙම බන්ධනාගාර නියාමකවරයාට අයත් දෙමහල් නිවසක සිවිලිමේ මෙම අවි ආයුධ සහ මත්ද්රව්ය ගබඩාව පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි කොන්ක්රීට් සහ ගඩොල් යොදාගෙන ඉතාම ආරක්ෂිත ආකාරයට සකස් කර තිබූ අවි ගබඩාවේ මෙම ආයුධ සඟවා තිබූ බවද පොලිසිය පවසයි මේ අතර අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගේ බැංකු ගිණුම් කිහිපයක් පරීක්ෂා කළ මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් එහි රුපියල් කෝටි ගණනක මුදල් හුවමාරු වී ඇති බව හෙළි කරගෙන ඇත බන්ධනාගාර නියාමකවරයා ගොත අසංකගේ මත්ද්රව්ය ජාලය ද මෙහෙයවා ඇති අතර එහිදී සිදුවූ මුදල් ගනුදෙනු මෙම බැංකු ගිණුම් හරහා සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් මීට දින කීපයකට උඩදී කළ වැටලීමකදී ගොත අසංකගේ මත්ද්රව්ය ජාලයට සම්බන්ධ සැකකාරියක ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරුවන් මත්ද්රව්ය නාශක අංශය වෙත භාරදුන් අතර ඔවුන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී මෙම බන්ධනාගාර නියාමකවරයා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබිණි පසුව මත්ද්රව්ය නාශක අංශ නිලධාරීන් බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී රාජගිරියේ පිහිටි ඔහුගේ නිවසේ තිබී මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලය මුලින් සොයා ගැනීමට හැකි විය තවදුරටත් ප්රශ්න කිරීමේදී එම නිවසේ උඩු මහලේ සිවිලිම තුළ සඟවා තිබූ අවි ගබඩාව පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට පොලිසිය සමත් වී තිබේ මෙම අවි ගබඩාවේ තිබී අත්අඩංගුවට ගත් ටී 56 අවිය සහ පිස්තෝල කුමන මිනිස් ඝාතන සඳහා යොදා ගත්තේද යන්න සොයා ඒවා රස පරීක්ෂක වෙත භාරදීමට මත්ද්රව්ය නාශක අංශය කටයුතු කර ඇත පසු ගිය කාලයේ බස්නාහිර සහ දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතනවලදී සොයාගත් හිස් පතරොම් කොපු මෙම ආයුධවලින් පිටවූ උණ්ඩදැයි සෙවීමට මෙම විමර්ශන සිදු කරන බවද මත්ද්රව්ය නාශක අංශය කියා සිටියි ගොත අසංක නමැති පාතාල නායකයා සහ මෙම සැකකාර බන්ධනාගාර නියාමකවරයා මාකොළ ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් දෙදෙනා කුඩා කල සිටම සමීප මිතුරන් බවද විමර්ශනවලින් හෙළිවී තිබේ පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ අධක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්රශාන්ත මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්රියාත්මකයහේමන්ත රන්දුණු
මහනුවර දෙවැනි කුඹල් පෙරහැර වීදි සංචාරය කරමින්
සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්යයේ දෙවැනි කුඹල් පෙරහැර ඊයේ රාත්රියේ වීදි සංචාරය කෙරිණි රාත්රී හත පසුවී මිනිත්තු විසිහතට දකුණු දිශාභිමුඛව නාථ විෂ්ණු කතරගම හා පත්තිනි දේවාල පෙරහැර සමගින් ශ්රී දළදා මාලිගාවේ පෙරහැර වීදි සංචාරය කෙරිණි එම පෙරහැර දළදා වීදිය ඩීඑස් සේනානායක වීදිය කොළඹ වීදිය කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළි ශ්රී දළදා මාලිගාව වෙත ගෙවැදුණි පළමු රන්දෝලි පෙරහැර 10 දා රාත්රි වීදි සංචාරය කළ අතර පෙරහැර නැරඹීම සඳහා දේශීය සැදැහැවතුන් සහ විදේශීය සංචාරකයන් රැසක් සහභාගිව සිටියහ පළමු කුඹල් පෙරහැර නැරඹීම මගින් කුඩා දරුවන්ගේ අපල උපද්රව දුරුවන බවට පවතින විශ්වාසය හේතුවෙන් දරුවන් රැසක් පෙරහැර නැරඹීම සඳහා සහභාගි කරවා ගෙන තිබිණි පළමු කුඹල් පෙරහැර දින සාධාතුක පෙරහැර කරඬුව වැඩම කරවන ලද්දේ ශ්රී දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් ඉන්දිරාජා ඇතු වන අතර බුරුම රාජා සහ කෝට්ටේ රාජා ඇතුන් දEලේ ගමන් ගත්හ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා ද පළමු කුඹල් පෙරහැර ගමනට එක් වියසමන්ති වීරසේකර
ඡන්ද පැමිණිලි 320ක් දැන් 27ක් ඇප බැඳලා
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 320ක් පෙරේදා 10දා වනවිට මැතිවරණ කොමිසමට වාර්තා වී ඇත මෙම පැමිණිලි පසුගිය ජූලි 01 සිට අගෝස්තු 10 දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසයි පෙරේදා දිනයේදී පමණක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්යස්ථානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 25ක් සහ දිස්ත්රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්යස්ථානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 26ක් ලැබී ඇත ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පුද්ගලයන් සංඛ්යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබිණිචමින්ද සිල්වා
හොර වෙබ් අඩවියට එරෙහිව මැකො පොලිසි යයි
ශ්රී ලාංකිකයන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්යාජ වෙබ් අඩවියක් පවතින බවට මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී ඇත ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස ශ්රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ අංශය වෙත පැමිණිලි කළ බව මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා දිවයිනට ඊයේ 11දා පැවසීය මෙම වෙබ්අඩවිය ගැන ගූගල් වෙතින් තොරතුරු ලබාගෙන එම වෙබ් අඩවියේ නිර්මාතෘ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ නියෝගක් ලබා ගැනීම සඳහා පොලිස් සයිබර් කොට්ඨාසයෙන් ඉල්ලීම් කළ බවද ඒ මහතා කීය මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ කටයුතු සඳහා පුද්ගලයන් බඳවා ගන්නා බව පවසමින් මෙම ව්යාජ වෙබ් අඩවිය whatsAPP X සහ එවැනි පණිවුඩ හුවමාරු ක්රම හරහා මහජනතාව සබැඳි link යවමින් සිටින බව නිරීක්ෂණය වී ඇත ඒ අනුව අදාළ වෙබ් අඩවිය මගින් පුද්ගලයන්ගේ සම්පූර්ණ නම් උපන් දිනය ඇතුළු පෞද්ගලික තොරතුරු රැස්කරන බව පෙනී ගොස් ඇත පරිගණක හදිසි ප්රතිචාර CERT සංසදය ද මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී අදාළ ව්යාජ වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා ශ්රී ලංකා රජයේ ලාංඡනය සහ මැතිවරණ කොමිසමේ නම භාවිතා කර ඇති බව අනාවරණය කරගෙන ඇත ව්යාජ වෙබ් අඩවිය ඇමෙරිකාවේ සද්කාරකත්වය ඇතිව නිර්මාණය කර ඇති බවට පෙනී ගියත් එහි හිමිකරුවන් ලෝකයේ ඕනෑම තැනක සිටිය හැකි බව හදිසි ප්රතිචාර සංසදයේ නිලධාරියෙක් පැවසීයචමින්ද සිල්වා
හෙට අලුයම උල්කාපාත වර්ෂාවක්
හෙට 13දා රාත්රියේ උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ශ්රී ලාංකිකයන්ට උදාවෙයි පර්සීඩ් උල්කාපාත වර්ෂාවේ උච්චතාවය වෙන බව ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කර තිබේ 13 වැනිදා පාන්දර දෙකෙන් පසුව මෙය නිරීක්ෂණය කළ හැකිය මෙම උල්කාපාත පර්සියසර් තාරකා රාශිය පසුබිම් කොටගෙන දිස්වන බැවින් පර්සීඩ් උල්කාපාත වර්ෂාව ලෙස හැඳින්වේචතුර පමුණුව
මාලිමා ආණ්ඩුවකින් පුරවැසියන්ට ලස්සන ජීවිතයක් උරුම කරදෙන රටක් හදා දෙනවා
මේ රටේ පුරවැසියන්ට ලස්සන ජීවිතයක් උරුම කරදෙන රටක් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ හදන බවත් ඒ සඳහා මාලිමාව වටා රටම පෙළගැහෙමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා 10දා ඇඹිලිපිටියේදී පැවැසීය පුනරුදයම රටම එකට යන තේමාව යටතේ ජාතික ජන බලවේගය ඇඹිලිපිටිය නගරයේදී සංවිධානය කළ දැවැන්ත රැලියේදී එසේ කියා සිටියේය මෙහිදී තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කියා සිටියේය රටක් දුප්පත් වුණාම දරුවන්ට රස්සාවල් නැහැ දරුවන්ගේ රස්සාවල් සොයාගැනීමේ එකම මාවත වෙලා තියෙන්නේ මොකක්ද අද මේ ගම්වල ඉන්න යමක්කමක් තේරෙන තරුණ පරම්පරාවක් ඉන්නවා ඒ හැම දෙනාගේම අපේක්ෂාව මොකක්ද තමුන්නාන්සේලාගේ දරුවන්ගේ තරුණ තරුණියන්ගේ හැම කෙනාගෙම අපේක්ෂාව රට දාලායන එක ආරම්භක පියවර තමයි පාස්පෝට්එක හදන එක ඒ නිසා හැම ගෙදරකම තරුණයෙක් ඉන්නවා නම් තරුණියක් ඉන්නවා නම් හැම කෙනාම හදාගෙන තියෙනවා පාස්පෝට් එකක් ඇයි රට දුප්පත් රස්සා ඇති වෙන්නේ නැහැ රස්සා ඇති වෙන්නේ නැත්නම් ජීවත් වෙන්න රට දාලා යන්න සිද්ධ වෙලා තියෙනවා රට දුප්පත්වීමේ ප්රතිවිපාක රට දුප්පත් වුණොත් ඉස්පිරිතාලවල බෙහෙත් නැතිව යනවා අපිට ලෙඩක් වුණාම අපිට බෙහෙතක් හේතක් ගන්න විදිහක් නැහැ ඇයි ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ ඇයි දොස්තරවරු රට දාලා යනවා රටක් දුප්පත් වුණාම අපරාධ වැඩි වෙනවා මංකොල්ලකෑම් වැඩි වෙනවා සමාජ අසහනය වැඩි වෙනවා රටක් දුප්පත් වුණාම සමාජයේ කැලඹිල්ලක් ඇති වෙනවා අපරාධ වැඩි වෙනවා රටක් දුප්පත් වුණාම හරිහමන් නිවාසයක් නැති වෙනවා රටක් දුප්පත් වුණාම පිරිසිදු වතුර ටිකක් නැති වෙනවා රටක් දුප්පත් වුණාම පරමායුෂ අඩුවී ඉක්මනින්ම මැරෙනවා අපි මොකද කරන්න ඕනෑ පොහොසත් රටක් හදන්න ඕන ජාතික ජන බලවේග ආණ්ඩුව සැලසුම් හදලා තියෙන්නේ මේ දුප්පත් භාවයෙන් අපේ රට මුදාගෙන පොහොසත් රටක් බවට මේ රට පත් කරන්න රට පොහොසත් බවට පත් කළාම මොකද වෙන්නේ අන්න රැකීරක්ෂා උත්පාදනය වෙන්න පටන් ගන්නවා රට පොහොසත් නම් භාණ්ඩාගාරයට සල්ලි වැඩියෙන් එනවා සංචාරක කර්මාන්තය දියුණු වෙනවා ඇඹිලිපිටියේ අලුත් ව්යාපාර හැදෙනවා රට පොහොසත් නම් කර්මාන්තශාලා හැදෙනවා භාණ්ඩාගාරයේ සල්ලි වැඩි වුණාම ඉස්පිරිතාලයට බෙහෙත් දෙනවා අධ්යාපනයට පහසුකම් එනවා පාරවල් ටික හැදෙන්න පටන් ගන්නවා පිරිසිදු වතුර ටිකක් එන්න ගන්නවා ආර්ථික හයියක් නැති අයට දීමනාවක් දෙන්න පටන් ගන්නවා අන්න රට පොහොසත් වුණාම ජනතාවට ලස්සන ජීවිතයක් උදා වෙනවා අද ජනතාවට ලස්සන ජීවිතයක් නැහැ හරිහමන් ආහාර ටිකක් නැහැ හරිහමන් බෙහෙතක් හේතක් නැහැ දරුවන්ට අධ්යාපනය පිළිබඳ විශ්වාසයක් නැහැ මොකක්ද සිදුවෙලා තියෙන්නේ ජනතාවගේ ජීවිතය ලස්සන නැහැ අපි හදන්නේ පොහොසත් රටක් වගේම පුරවැසියන්ට ලස්සන ජීවිතයක් උරුම කරලා දෙන රටක් තමයි අපි හදන්නේ මේක කරන්න ඕන අපි අවුරුදු 76ක් මේ වැඩේ කරන්න බැරි වුණු අය කරයි ද මේක පොඩි කාලයක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ගියේ 70 දැන් අවුරුදු 54ක් ඒ අවුරුදු 54 වියට්නාමයත් පසුකරගෙන ගියා දකුණු කොරියාව අපිව පසු කරගෙන ගියා චීනය අපිව පහු කරගෙන ගියා ඒ අවුරුදු 54 ඇතළත මන්ත්රීකම් දැරුවා විපක්ෂ නායකකම් දැරුවා අගමැති ධුර දැරුවා ජනාධිපති ධුර දැරුවා කොච්චර කාලයක්ද අවුරුදු 54ක් ආයෙ පරණ බඩු ගැන හොයලා වැඩක් නැහැ රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවට ආවේ 77 දැන් අවුරුදු 47යි මතක තියාගන්න මන්ත්රී ධුර දැරුවා ඇමැති ධුර දැරුවා විපක්ෂ නායක ධුර දැරුවා අගමැතිකම 6 වතාවක් දැරුවා ජනාධිපති ධුරය දැරුවා මේ අය අර්ධ ශතක ගහලා තියෙන්නේ හැබැයි රටට මොකද වුණේ රට දුප්පත් වෙච්ච එක විතරයි වුණේ ඒ නිසා ඒ පැරණි අසාර්ථක දේශපාලන මාවතේ අපේ රට ඉස්සරහට ගිහිල්ලා හරි යන්නේ නැහැ ඒ නිසා අපි යන්න ඕන අලුත් මාවතක අපි මේ රට හදනවා සජිත් ප්රේමදාස යටි ගිරියෙන් කෑ ගහනවා පිටි පස්සෙන් අත්පුඩි ගහනවා කිරිඇල්ල පිටිපස්සෙ ඉඳන් අත්පුඩි ගහනවා නාලක ගොඩහේවා මේ සියලු දෙනා එකට එකතු වෙලා මහජනයාගේ මුදල් කොල්ලකනවා හොරකම් කරලා වේදිකාවේ කෑ මොරදීලා කියනවා හොරකම නතර කරනවා වංචාව නතර කරනවා හොරුන්ට දඬුවම් දෙනවා සොරා ගත් දේවල් පවරා ගන්නවා කියලා ඒ නිසා ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ හොරකම වංචාව නතර කරනවා කඩා වැටී තියෙන රට ගොඩ ගන්නවා ඡන්දය සැප්තැම්බර් 21 එතකොට අපිට දින 40කට වඩා පොඩි කාලයක් තියෙනවා දැන් මොකද කරන්න ඕනේ අපිට මේ විදිහට ඇවිල්ලා කතා කරන්න පුළුවන් ජනතාවගේ අදහස් අරගෙන රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ හදන්න පුළුවන් ඒ වැඩපිළිවෙළ ක්රියාත්මක කරන්න පුළුවන් ශක්තිමත් නායකයන් ජාතික ජන බලවේගයට හදන්න පුළුවන් ජාතික ජන බලවේගයත් එක්ක ඉන්න කොට හැබැයි ඡන්දෙ තියෙන්නේ කොහේද ඡන්ද ලක්ෂ ගණන් තියෙන්නේ කොහේද ගමේ එහෙනම් වැඩේ තියෙන්නේ කා අතේද අන්න ඒ ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්රමාණය මාලිමාවට කතිරය ගහලා පුරවන්න ඕන එහෙම පිරෙව්වොත් තමයි ජයග්රහණය ලැබෙන්නේ ඔබගේ අසල්වැසියන්ගේ ඡන්ද ඔබගේ ගමේ ඡන්ද ඔබගේ ඡන්ද කොට්ඨාසයේ ඡන්ද අපිට ලබාදෙන්න අපිට පාර්ලිමේන්තුවේ යතුර දෙන්න අපිට මන්ත්රීවරුන් ටිකත් වැඩි කරලා දෙන්න අපිට පාර්ලිමේන්තුවේ රිමෝට් එක දෙන්න අපිට ඕන පැහැදිලි වැඩ පිළිවෙළක් තියෙන අවංක භාවය තියෙන මේ රටේ ජනතාව පිළිබඳව කැක්කුමක් තියෙන නව බලවේගයක් තමයි ජාතික ජන බලවේගය ඒක ජයග්රහණය කිරීම සඳහා තමයි අපේ වගකීම අපි මොනවා කිව්වත් ඒ වෙනකොට අපිට බලය දෙන්න ජනතාව සූදානම් වෙලා හිටියේ නැහැ අපි දන්නවා ඒ වෙලාවේ බලය දෙන්න ගෝඨාභය තොරාගෙන හිටියා සමහර විට රනිල් වික්රමසිංහ තෝරාගෙන හිටියා 2019 2015 2010 2005 මේ කිසි අවස්ථාවක බලය ලබාදීම සඳහා අපිව තෝරාගෙන හිටියේ නැහැ ජනතාව තෝරාගෙන හිටියේ එක්කො මහින්ද රාජපක්ෂ එක්කො රනිල් වික්රමසිංහ එක්කො මෛත්රීපාල සිරිසේන එක්කො ගෝඨාභය රාජපක්ෂ බලය ලබාදීම සඳහා අපිව තෝරාගෙන හිටියේ නැහැ ජනතාව මොකද කළේ අපිව බලාගෙන බලය ලබාදෙන්න තෝරාගෙන නැහැ එහෙනම් එක්කො ගෝඨාභය වෙන්න පුළුවන් එක්කො සජිත් වෙන්න පළුවන් එක්කො මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන් එක්කො මෛත්රීපාල වෙන්න පුළුවන් කොහොම වුණත් දැන් ඔබට බුද්ධිමත්ව තීරණය ගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ රට වෙනස් කරන ජනතාවාදී පාලනයක් ඇති කිරීමේ පළමුවැනි පියවර ගන්නැයි ඔබ සියලු දෙනා රැස්වෙලා ඉන්නේ සැප්තැම්බර් 21 කියන්නේ මේ රටේ සුවිශේෂී දිනයක් අවුරුදු 76ක් තිස්සේ මේ රට පාලනය වුණේ ජනතාව මූලික කරගෙන නෙවෙයි ඒ පාලකයෝ තීන්දු තීරණ ගත්තේ ජනතාව වෙනුවෙන් නෙවෙයි ජනතා සුබසාධනය වෙනුවෙන් නෙවෙයි ජනතාව දියුණු කරන්න නෙවෙයි ජනතාව පොහොසත් කරන්න නෙවෙයි ජනතාවගේ ප්රශ්න විසඳන්න නෙවෙයි ඒ නිසා තමයි අවුරුදු 76කට පස්සේ මේ රටේ ජනතාව දුප්පත් වෙලා මේ රටේ පාලකයන් පොහොසත් වෙලා විශාල පරතරයක් දුරස්ථභාවයක් ජනතාවත් අපේ මහජන නියෝජිතයොත් අතර ඇති වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අපේ අනුර කුමාර සහෝදරයාගේ ජයග්රහණය ගැන අපිට කිසිම සැකයක් නැහැ අපේ රටේ මීළඟ ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්වී ඇත කියන ප්රවෘත්තිය අපට අහන්න ලැබෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා ඒ අතරේ සමගි ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂයයි අතර තරගයක් තියෙනවා සජිතුයි රනිලුයි අතර ඒ දෙන්නගෙන් කව්ද දෙවැනියා ගන්නේ කියලා ලොකු තරගයක් තියෙනවා ඒක ඒගොල්ලොම තියාගත්තාවේ මොකද දැනටමත් අපේ රටේ ජනතාව පළමුවැනියා කව්ද කියලා තීරණය කරලා අවසානයි ජයග්රාහකයා කව්ද කියලා තීරණය කරලා අවසානයි ඒ තමයි මාලිමාවේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක සහෝදරයා එතුමා අනිවාර්යයෙන්ම ජයග්රහණය කරනවා කියන විශ්වාසයෙන් තමයි ජනතාව ඉන්නේප්රදීප් ප්රසන්න සමරකෝන් සහ සිරිමන්ත රත්නසේකර
ගැසට් කළ සේවා ව්යවස්ථාවට එරෙහිව ග්රාම නිලධාරීන්ගෙන් අද සිට කළු විරෝධතා සතියක්
ගැසට් මගින් ප්රකාශයට පත්කර ඇති සේවා ව්යවස්ථාවට විරෝධය පළ කරමින් ග්රාම නිලධාරීන් අද 12 දා සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා දිවයින ට පැවැසීය එසේම අද සහ හෙට 13දා දෙදින රාජකාරි කටයුතුවලින් ඉවත් වී සිටින බවත් මෙම දින දෙක තුළ කිසිදු නිලධාරියකු රාජකාරියට වාර්තා නොකරන බවත් හෙතෙම කීය එමෙන්ම එම සතිය තුළ දිවයින පුරා ඇති සෑම ග්රාම නිලධාරී කාර්යාලයක් ඉදිරිපිටම කළුකොඩි ප්රදර්ශනය කරන බවද ඒ මහතා සඳහන් කජ කළේය පරිපාලන නිලධාරීන්ගේ අදූරදර්ශී ක්රියා පිළිවෙතට විරෝධය පාමින් අද පෙරවරු 1100 ට රාජ්ය පරිපාලන අමාත්යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වන බවත් මේ සඳහා ග්රාම නිලධාරීන් 2000 කට වැඩි පිරිසක් සහභාගී වන බවත් හෙතෙම පැවසීය ග්රාම නිලධාරී සේවා ව්යවස්ථාවට ඇතුළත් කළ යුතු කරුණු පිළිබඳව මීට පෙර පරිපාලන නිලධාරීන්ට දැනුම් දී තිබූ බවත් එසේ නොකර තමන්ට අවශ්ය දෑ සේවා ව්යවස්ථාවට ඇතුළත් කර ගැසට් කර ඇති බවත් මේ නිසා කළු විරෝධතා සතියක් ක්රියාත්මක කිරීමට තීරණය කළ බවත් රණසිංහ මහතා පැවසීයඑසේම මේ සම්බන්ධයෙන් හෙට මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිලි කරන බවද පැවසූ සම සභාපතිවරයා ගැසට් මගින් ප්රකාශයට පත්කර ඇති සේවා ව්යවස්ථාව හකුලා නොගන්නේ නම් ඉදිරියේ දී මීට වඩා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයකට එළැඹෙන බව ද වැඩිදුරටත් කියා සිටියේයප්රදීප් ප්රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
ගනේමුල්ල සංජීව වෙන සිරකුටියකට මාරු නොකළ ජේලර්ගේ වැඩ තහනම්
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ඝනයේ අපරාධකරුවකු වන ගනේමුල්ල සංජීව නමැත්තා වෙනත් සිරකුටියකට මාරු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයා ලබාදුන් නියෝගය ප්රතික්ෂේප කළ බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන ගාමිණි බී දිසානායක මහතා පවසයි බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙම ජේලර්වරයාට ලබා දුන් නීත්යානුකුල නියෝගය නොපිළිපැදීම පිළිබඳව විනය පරීක්ෂණයකට යටත්ව ආයතන සංග්රහයේ වගන්ති ප්රකාරව ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව බන්ධනාගාර මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය ගනේමුල්ල සංජිව නමැත්තාගේ සිරකුටිය තුළ තිබී ජංගම දුරකථනයක් හමුවී ඇති අතර ඉන් පසු ඔහු වෙනත් සිරකුටියකට මාරු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් ජේලර්වරයාට නියෝග කොට ඇත මොහු වෙනත් සිරකුටියකට මාරු කිරීමට යෑමේදී ජේලර්වරයා හා ගනේමුල්ල සංජීව නමැත්තා අතර බහින්බස්වීමක් ඇති වී තිබෙන බවද පැවසේගාල්ල ලලිත් චාමින්ද
බොරු ප්රචාර පැතිරුණාට මත්පැන් මිල බහින්නේ නෑ
මත්පැන් මිල අඩු කරන බවට ඇතැමුන් ප්රචාරයන් ගෙන ගියත් එවැනි මිල අඩු කිරීමක් සිදුනොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පවසයි මත්පැන් නිෂ්පාදකයන් සමග පැවති සාකච්ඡාවකදී නීති විරෝධී මත්පැන් කසිප්පු භාවිතය අඩු කිරීමට රජයේ අනුමත මත්පැන් මිලෙහි අඩු කිරීමක් සිදුකළ හැකිදැයි තමා විමසූ විට බදු මුදල් අඩු කරනවා නම් මිල අඩු කළ හැකි බව ඔවුන් ප්රකාශ කළ බවද ගුණසිරි මහතා පැවසීය මත්පැන් මත පනවා ඇති බදු මුදල් අඩු කිරීමේ හැකියාවක් නොමැති බව තමා පැවසූ බවත් ඒ අනුව මත්පැන් මිලේ අඩුවීමක් සිදුනොවන බවත් ඒ මහතා කීය 2024 ජූලි මාසය අවසන් වනවිට සුරා බදු ලෙස රුපියල් බිලියන 122ක් උපයා ඇති බවත් එය 2023 වර්ෂයේ ජූලි මාසයේදී බිලියන 105ක් බවත් ඒ මහතා කීය 2023 හා සසඳා බැලීමේදී 2024 වර්ෂයේ සුරාබදු වැඩිවීමේ ප්රතිශතය සියයට 24ක් පමණ වන බවත් ඒ මහතා පැවසීයචමින්ද සිල්වා
VFS ක්රමයෙන් බිලියන 45ක් රජයට ලැබුණා ඔක්තෝබර් සිට ඊ පාස්පෝට් එකක්
වීඑෆ්එස් ආයතනය මගින් වීසා ලබා ගැනීමේ ක්රමවේදය හඳුන්වාදීමෙන් පසු රුපියල් බිලියන හතරයි දශම පහක 45 ආදායමක් ලැබී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය මෙම ක්රමය හඳුන්වාදීම සඳහා රජයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් හෝ මහජනතාවගෙන් කිසිදු මුදලක් වැය නොවූ බවත් VFS ක්රමය හඳුන්වාදීමට පෙර මොබිටෙල් ආයතනයට මසකට ලබාදුන් රුපියල් මිලියන දෙකක 02 මුදල පවා ඉතිරි වූ බවත් එම අමාත්යාංශයේ පැවැති මාධ්ය හමුවට ඉදිරිපත් වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය මෙම VFS ව්යාපෘතිය මුලින්ම 2022 පෙබරවාරි මාසයේ ජනාධිපති කාර්යාලයට යොමුකර සංචාරක ආරක්ෂක විදේශ කටයුතු අමාත්යාංශ ඇතුළු විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කර තිබුණා එදා ආගමන විගමන දෙපාර්තමේන්තුව සංචාරක අමාත්යාංශය යටතේ පැවැති නිසා එවක අමාත්යාංශ ලේකම්ව සිටි චූලානන්ද පෙරේරා මහතාගේ ප්රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර වැඩ කටයුතු කරගෙන ගොස් තිබුණා ඉන්පසු ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජන ආරක්ෂක අමාත්යාංශය යටතට පත්වීමෙන් පසුවත් එම කමිටුව ඔවුන් සමග සාකච්ඡා කර තිබුණා 2023 පෙබරවාරි හෝ මාර්තු මාසයේ අපේ අමාත්යාංශයට VFS ආයතනයේ නිලධාරීන් පැමිණ එතෙක් සාකච්ඡා කරමින් සිටි ව්යාපෘතිය සම්බන්ධයෙන් අපි සමගත් සාකච්ඡා කරා ඒ වනතෙක් මොබිටෙල් ආයතනය වීසා නිකුත්කිරීමේ ක්රමවේදයට සම්බන්ධව සිටි නිසා ඔවුන්ට නව ක්රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා තිබුණත් ඔවුන් එය සිදුකර තිබුණෙ නැහැ පසුව අපේ අමාත්යාංශ ලේකම් ආගමන විගමන පාලක ජනරාල්වරයා හා එක්ව VFS සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ගැසට් මගින් ප්රකාශයට පත් කළා නව ක්රමය යටතේ වීසා කාණ්ඩ 07 වීසා කාණ්ඩ 17 යටතේ තමයි ගැසට් කිරීම සිදු කළේ ඒ අනුව VFS ක්රමවේදයට වීසා ක්රමය හඳුන්වාදීම පසුගිය අප්රේල් 17 සිට ක්රියාත්මක කළා ඒ අනුව අපි කළ සොයා බැලීමේදී නව ක්රමවේදය නිසා රුපියල් බිලියන හතරයි දශම පහක පමණ ආදායමක් ලැබී ඇති බව පෙනී ගියා මෙම ක්රමය රටවල් 67ක කාර්යාල 160ක පමණ ක්රියාත්මක වෙමින් පවතිනවා එය තමයි අපේ රටේත් භාවිත කරන්නේ මෙම ක්රමවේදයට ජාත්යන්තර සහතිකය පවා ලැබී තිබෙනවා මේ ක්රමවේදය අධිකරණය මගින් අත්හිටුවීමට නියෝග ලැබී ඇතත් එය එකවර සිදුකරන්න බැහැ එහෙම වුණොත් වෙනත් ප්රශ්න ඇති වෙන්න පුළුවන් ඒ නිසා ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් ඉන්නවා මේ ක්රමවේදය පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නිසි ක්රමවේදයට කර ඇති නිසා මෙය වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවට ගිහින් කරන්න ඕන ද අධිකරණයට ගිහින් කරන්න ඕන ද කියන එක නීතිපතිවරයා විසින් දෙන උපදෙස් අනුව සිදුකළ යුතුයි ඒ වගේම ගුවන් ගමන් බලපත්රයක් පාස්පෝට් ලබා ගැනීම වසර 23ක් තිස්සේ එකම ආයතනයකින් නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදුකර තිබෙනවා මෙවරත් එසේ කිරීමට යෑමේදී මම ටෙන්ඩර් කැඳවා ගන්නා ලෙස උපදෙස් දුන්නා මෙතෙක් කාලයක් පාස්පෝට් එකක් ඇමරිකන් ඩොලර් පහයි දශම අටයි නවයකට අරන් තියෙනවා නමුත් අපි ටෙන්ඩර් කැඳවා E පාස්පෝට් එකක් නව තාක්ෂණය සහිතව ඩොලර් පහයි දශම පහකට ගන්න හැකිවෙලා තියෙනවා ඒ පාස්පෝට් ලබන ඔක්තෝබර් මාසයේදී ලැබීමට නියමිතයි එය වර්ණ තුනකින් ලබාදීම සිදු කරනවා අපි සතුව පාස්පෝට් ඔක්තෝම්බර් වනතෙක් දිනකට 1000 බැගින් ලබාදීමේ හැකියාව තියෙනවා ඒ වගේම පාස්පෝට් ගත්ත පිරිසෙන් සියයට 23ක් විදෙස්ගතවීම් සිදුකර නැහැ ඒ නිසා මේ නව පාස්පෝට් ලැබෙන තෙක් අත්යවශ්ය නොවන අයට පාස්පෝට් ගැනීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිනවා ලබන ඔක්තෝබර් සිට නව තාක්ෂණය සහිත E පාස්පෝට් එකක් ඒ අයට ගන්න පුළුවන් කියලත් මම කියනවාචමින්ද සිල්වා
හිස් වුණු ඇමැති ධුර ගැන රජයෙන් අද තීරණයක්
හිස්ව තිබෙන ඇමැති ධුර සඳහා නව අමාත්යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් අද 12දා රජය තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා ඇමැති ධුර අහිමිවූ මනුෂ නානායක්කාර සහ හරීන් ප්රනාන්දු මහත්වරුන්ගෙන් හිස්වූ ඇමැති ධුර සඳහා නව අමාත්යවරුන් පත්කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුවී ඇති බව එම ආරංචි මාර්ග පවසයි හරීන් ප්රනාන්දු මහතා සංචාරක ඉඩම් ක්රීඩා සහ යෞවන කටයුතු ඇමැතිවරයා වශයෙන් ද මනුෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්යවරයා ලෙස ද කටයුතු කළේය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා නීති ප්රතිසංස්කරණ ඇමැති ධුරයෙන් විජෙයදාස රාජපක්ෂ මහතා ඉවත්වීම නිසා එම අමාත්ය ධුරයේ කටයුතු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ගැසට් පත්රයක් මගින් තමාට පවරා ගෙන තිබිණිචමින්ද සිල්වා
වැටුණු ආර්ථිකයක් වසර දෙකකින් උඩට ආවේ ලංකාවේ පමණයි
රටක බිඳ වැටුණු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර මට්ටමකට ගෙන ආවා නම් එය සිදු වූයේ ශ්රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය රටක් ලෙස ලැබූ එම ජයග්රහණය ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සියලු දෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ශ්රී ලංකා ප්රදර්ශන හා සම්මේලන මධ්යස්ථානයේ ඉකුත් 09දා පැවති දියවර දිරිය ජාතික ධීවර සම්මේලනය අමතමිනි දිවයින පුරා ප්රධාන ධීවර සමිති සහ ශාඛා සමිති සභාපතිවරුන් ඇතුළු නියෝජිතයන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ ධීවර අමාත්ය ඩග්ලස් දේවානන්දා රාජ්ය අමාත්ය පියල් නිශාන්ත යන මහත්වරු සහ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයන් විසින් ධීවර ප්රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිණි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය අද ධීවර ජනතාව මෙහිදී තම ප්රශ්න ඉදිරිපත් කළා නමුත් මීට වසර දෙකකට පෙර මේ ප්රශ්න පිළිබඳ කථා කිරීමට තබා අපට මේ රට පිළිබඳවත් අනාගතය පිළිබඳවත් කිසිදු විශ්වාසයක් තිබුණේ නැහැ අපි රටක් ලෙස ඉන්ධන ඖෂධ ආහාර හිඟයකට මුහුණ දී සිටියා වසර දෙකක් ගත වන විට රටේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට අද අපට හැකිව තිබෙනවා නමුත් තවමත් අපට ආර්ථික ගැටලු තිබෙනවා වසර දෙකක අසීරු කාල වකවානුවේ එම ජීවන බර දරා ගත් ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත විය යුතුයි අපි එදා අසාර්ථක වුණා නම් රට විනාශ වෙනවා නමුත් අපට ඉදිරියට යා හැකි බව මම විශ්වාස කළා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටක ආර්ථිකයක් ස්ථාවර මට්ටමකට ගෙන ආවා නම් එය සිදුවූයේ ශ්රී ලංකාවේ පමණක් බව පැවසිය යුතුයි අපි 16 වතාවක්ම ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම් කඩ කළ නිසා අප කෙරෙහි ඔවුන්ට විශ්වාසයක් නැහැ මෙවර අප ඇති කරගත් ගිවිසුම ශක්තිමත් ගිවිසුමක් බව කිවයුතුයි අපි ඇතිකරගත් එම එකඟතා අනුව ඉදිරි වසර 04ක්05ක් ඉදිරියට යමින් රටේ ආර්ථිකය ගොඩනඟා ගන්නවාද එසේ නොමැතිනම් එම කොන්දේසි කඩකර අපට ලැබෙන සහන අහිමිකර ගෙන රටේ ආර්ථිකය කඩා වැටිමට ඉඩ හරිනවාද කියා අප තීරණය කළ යුතුයි ඒ වගේම ධීවර වරායන් දියුණු කළයුතුයි ඒ අයුරින් විශාල වැඩකොටසක් ක්රියාත්මක කිරීමට තිබෙනවා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ ධීවර නවීකරණ වැඩසටහන ද ක්රියාත්මක කරනවා තායිලන්තය වියට්නාමය වැනි දියුණු ධීවර කර්මාන්තයක් අපේ රටේ ඇති කළ යුතුයි ඒ වෙනුවෙන් මධ්යකාලීන සහ දීර්ඝකාලීන වැඩසටහන් ක්රියාත්මක කළ යුතුයි මැලේසියාවට වියට්නාමයට තායිලනත්යට හොඳ ධීවර කර්මාන්තයක් ඇති කර ගත හැකි නම් අපිට එසේ කිරීමට නොහැකි ඇයි කියා අප සිතා බැලිය යුතුයි අප අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට යා යුතුයි ධීවර අමාත්ය ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රට බංකොලොත්භාවයෙන් මුදවා ගෙන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් සිටිනවා අද වන විට ශ්රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් වෙමින් සිටිනවා ජනාධිපතිතුමා ලෝකයේ බලවත් නායකයෙක් බව කිව යුතුයි දේශපාලනයෙන් පමණක් නොව දැනුමෙන් පිරිපුන් එතුමා රට ඉදිරියට ගෙන යමින් සිටිනවා ධීවර රාජ්ය අමාත්ය පියල් නිශාන්ත මහතා ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් දරුණුතම අර්බුදයට මුහුණ දුන් අවස්ථාවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා මේ රට බාර ගෙන අරමුණු සහගතව කටයුතු කර අද වන විට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා එසේ නොවන්නට අප තවමත් පෝලිම්වල බව සඳහන් කළ යුතුයි දැන් ඔබේ ඉදිරි ගමන පැහැදිලියි
නියත ජනවරමක් සමග අපි අලුත් ගිවිසුමකට ප්රවේශ වී ප්රතිසංස්කරණයක් සිදු කරනවා
වෙන්දේසි ලන්තයක් බවට පත්වී තිබෙන රට වෙන්දේසිකරුවන්ගෙන් මුදවාගෙන විශිෂ්ඨ ස්ථිර වරමක් හරහා තාවකාලික භාරකාර ආණ්ඩුවක් යටතේ හෝ ආරක්ෂා කිරීමට යුතුකම් ඉෂ්ඨ කරනවා යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය ඒ මහතා මෙම අදහස් පළ කළේ මොනරාගල භික්ෂු උපදේශක සභාවේ රැස්වීමක් ඉකුත් 10 වැනිදා මොනරාගල දිස්ත්රික් පුස්තකාල ශ්රවනාගාරයේදී පැවැති අවස්ථාවේදීය පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර මොනරාගල දිස්ත්රික්කයේ විහාරස්ථානවල නායක ස්වාමීන්වහන්සේලා ප්රමුඛ දෙසීයකට ආසන්න භික්ෂූන්වහන්සේලා පිරිසක් මෙම රැස්වීමට සහභාගීවී සිටියහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ගයන්ත කරුණාතිලක ඩබ්ලිව්එච්එම් ධර්මසේන හිටපු නියෝජ්ය කථානායක ජේඑම් ආනන්ද කුමාරසිරි යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මොනරාගල දිස්ත්රික්කය නියෝජනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට මාගේප්රණාමය සහ ප්රශංසාව පිරිනමනවා අද රට පත්වෙලා තියෙන්නේ අමාරු තත්වයක ඒ නිසා ආර්ථික පුනර්ජීවයක් අවශ්යයි එම පුනර්ජීවය ඇතිවන්නේ හැමෝම ඇතුළු කරගත් ආර්ථික වර්ධනයක් තුළ අපේ ජනතාව දුප්පත්කම කියන මහා මර උඟුලේ පැටලිලා තිබෙනවා දුප්පත්කමින් නිර්මාණය වන ණය මර උඟුල ඇතුළු දැවැන්ත ආර්ථික සමාජීය ව්යසනයකට ජනතාව මුහුණදී සිටිනවා කොච්චර අමාරු තත්ත්වයක්ද කිවහොත් ජාත්යන්තර ආයතන වාර්තාවක් සකස්කර තිබෙනවා බහුමාන දුගීභාවය පිළිබඳව ළදරු පරපුර දරුපරපුර මව්පරපුර ආබාධිත ප්රජාව වැඩිහිටි වයෝවෘධ ප්රජාව අවදානමට ලක්වුණු කොට්ඨාසඒ වගේම තාරුණ්ය ව්යවසායකයින් ව්යාපාරිකයින් කර්මාන්තකරුවන් ගොවියා ධීවරයා කම්කරුවා දුප්පතා ස්වයං රැකියාලාභියා දෛනිකව වේතනයක් ලබන කුලී ජනතාව මේ හැම කොට්ඨාසයක්ම මේ ව්යසනය නිසා විපතට පත්වෙලා තිබෙනවා හැබැයි මේ ව්යසනයෙන් බේරිච්ච කණ්ඩායමකුත් ඉන්නේවා ඒ තමයි රටේ ඉන්න සුපිරි ධනවතුන් අපි විශ්වාස කරනවා මේ රටේ සුපිරි ධනවතුන්ට මේ රටේ බහුතරයක් මේ අවාසනාවන්ත තත්වය මඟහරවා ගැනීමේ වැඩසටහනට දායකත්වය ලබාදිය යුතුවෙනවා මොකද මේ ධනවතුන් බිහිවෙන්නේ වර්තමාන ආර්ථික ක්රමය නිසා නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය තුළ ඉල්ලුම සැපයුම ක්රියාත්මක වන වැඩපිළිවෙල තුළ ධනවාදී ක්රමය තුළ සුපිරි පැලැන්තියක් මේ රටේ බිහිවෙලා තිබෙනවා රටට ධනය අවශ්යයි හැබැයි ධනවාදය ලුම්පන් ධනවාදය නොවිය යුතුයි ගජමිතුරු ධනවාදය නොවිය යුතුයි එය මානුෂීය ධනවාදයත් සමාජ ප්රජාතන්ත්රවාදී ප්රතිපත්තිම මුසුවුණු රටේ සැමට සෞභාග්ය ලැබෙන එකක් වියයුතුයි සියලු දෙනාටම සෞභාග්ය බෙදී යායුතුයි ඒ තුළ අපේ රට ගොඩනගන්න කටයුතු කරනවා පාලකයන්ගේ නොහැකියාව අදක්ෂකම නිසා රටට අවාසිදායක ගිවිසුම්වලට අත්සන් තැබූ නායකයෝ අද ගෝනිබිල්ලෙක් මවන්නට කටයුතු කරනවා මේ යන විදිය ක්රියාත්මක නොවුණොත් රට අනතුරේ කියලා නැවතත් වරක් පෝලිම් යුගයක් නිර්මාණය වෙනවා කියලා මම ඒකට උත්තරයක් ලබා දෙනවා පෝලිම් යුගය නැතිවෙලා තිබෙන්නේ ආර්ථික සංකෝචනයක් තුළ ජනතාවගේ ජන ජීවිත කුඩාවීමත් සමඟ රටේ ආර්ථික වර්ධනයවේගය හිතාමතාම පළුදුකිරීම තුළ වෙනදා වගේ ජනතාව පාරිභෝජනය කරන්නේ නැහැ නිෂ්පාදනය කරන්නේ නැහැ ඉතිරි කරන්නේ නැහැ ආර්ථිකය කුඩා කරලා දරිද්රතාවය වැඩි කරලා ජනතාව තුළ අසහනය පීඩාව පටවලා ඕනෑම පුද්ගලයෙකුට පුළුවන් පෝලින් ටික නතර කරන්න අපි පෝලින් ඇති කරන්න ඕන ජනතාවට හොඳ ජන ජීවිතයක් සමඟ ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායම් රාශියක් අපි හමුවුණා මෙම ආර්ථික සංකෝචනය තුළ ගොවිධීවර ආදී ජනතාව කොයි තරම් අසහනයකට පත්වෙලා තියෙනවද කියලා අපි පැහැදිලි කළා ශුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර කීයක් වැහිලා ගිහිල්ලා තියෙනවද කියා කර්මාන්තශාලා කීයක් වැහිලා ගිහිල්ලා තියෙනවද කියල ස්ථාවරයක් වෙලා තියෙනවලු ආර්ථිකය තුළ ඔව් ඉතින් ස්ථාවරයක් වෙලා තියෙනවා හැබැයි ජනතාවගේ අතේ සල්ලි නැහැ අපි සමඟ සුහුරු දක්ෂ කණ්ඩායමක් ඉන්නවා මම ඔවුන් සමඟ රටට වාසිදායක ජනතාවගේ හිස මත බර පටවන්නේ නැති පීඩනය දුක්ඛිතභාවය අසහනය බොහෝ දුරට අවම වන ආකාරයට රට දිනවන ගිවිසුමකට ්රවේශ වන්නට කටයුතු කරනවා නොහැකියාවෙන් පෙළෙන කණ්ඩායම් ඒක කියනකොට කෑවා කෑවා කියලා මරළතෝනි දෙන එකට මට කරන්න දෙයක් නැහැ වරමක් නැති මෙම කණ්ඩායම් කරන්නේ තමන්ගේ ගජමිතුරු කණ්ඩායමට සාත්තු සප්පායම් කරමින් ඒ අයගේ අධිපෝෂණීය ජීවන රටාව ශක්තිමත් කිරීමයි දේශීය ණය ප්රතිව්යුහගතකරණය තුළින් මේ රටේ සුපිරිම පෝසතුන්ගේ කරපිට බර පටවන එක නතර කරලා ඊපීඑෆ් ඊටීඑෆ් අර්ථසාධක පික්පොකට් ගහපු ආකාරය කදිම නිදසුනක් විශේෂයෙන් ඒ සඳහා මහා සංඝරත්නය ප්රමුඛ ලංකාවාසී සියලු දෙනාට අපි කියන්න කැමතියි අපි නියත වශයෙන්ම ජනවරමත් සමඟ අපි අළුත් ගිවිසුමට ප්රවේශ වෙනවා ඔව් අපි ප්රතිසංස්කරණය කරනවා වෙනස් වෙනවා කාර්යක්ෂම වෙනවා කරන හැම ක්රියාදාමයක් තුළ ජනතාවගේ කර මත පැටවිලා තිබෙන අසීමිත බරෙන් රටේ ජනතාව මුදාගන්නවා ලාභ ලබන ආයතන තවදුරටත් ලාභ ගන්න තත්වයට පත්කරනවා තවතවත් රැකී රක්ෂා උත්පාදනය කරන සාර්ථක ව්යාපෘති බවට පත් කරනවා අපේ රටේ විහාරස්ථාන 14130 තිබෙනවාදහම් පාසල් 10344පිරිවෙන් 824මොනරාගල දිස්ත්රික්කයේ ගත්තොත් පූජනීය ස්ථාන 478 දහම් පාසල් 338 පිරිවෙන් 27 පූජනීය ස්ථාන කේන්ද්ර කරගෙන අපි ගමේ නගරයේ පන්සල ශක්තිමත් කරනවා විහාරස්ථානවලට සුහුරු අධ්යාපනයක් ලබාදෙන කේන්ද්රස්ථානයක් බවට පත්කරනවා පිරිවෙන් අධ්යාපනය සුහුරු අධ්යාපනයක් බවට පත්කරනවා අඩාල කරපු සිසු දහම් සෙවන ව්යාපෘතිය ශක්තිමත් කරලා ගස් යට දහම් අධ්යාපනය වෙනුවට ස්ථිර ශාලාවක් තුළ දහම් අධ්යාපනය ලබාදීමට කටයුතු කරනවා සසුනට අරුණ දහම් අධ්යාපන වැඩසටහන යටතේ වැවයි දාගැබයි ගමයි පන්සලයි ව්යාපෘතිය හරහා මේවන විට චෛත්ය රාජයාණන්වහන්සේලා 14 නමක් අපි සසුනට පූජා කරලා තිබෙනවා තවත් චෛත්ය රාජයාණන්වහන්සේලා කිහිපනමක් ඉඳිවෙමින් පවතිනවා අපි ආගම ධර්මය ආරක්ෂා කරමින් ඒ තුළින් අනෙකුත් ආගම් වලට සම්බන්ධ සියලුම ජන කොට්ඨාස වල ආගමික නායකයින් සමඟ සමාජය තුළ තිබිය යුතු සංහිඳියාව සහෝදරත්වය මිත්රශීලීත්වය ප්රවර්ධනය කරනවා රටේ ජාතික ආරක්ෂාව සාක්ෂාත් කරනවා සම්බුදු සසුන සදාකල් බැබලේවා කියලා ප්රාර්ථනා කරනවාබඩල්කුඹුර රවිඳු ගුණතිලක
1700 වැටුප සාකච්ඡාවට වතු හාම්පුතුන් අද පඩි පාලක සභාවට කැඳවනවා ජනපති
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් වතු හාම්පුතුන් අද 12දා පඩිපාලක සභාවට කැඳවා සාකච්ඡා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය රුපියල් 1700 දෛනික වැටුප ලබාදීමට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර තිබෙන බව ලංකා කම්කරු කොංග්රසය විසින් පෙරේදා 10දා මහනුවර කරළිය සම්මේලනය හා රංග කලා මධ්යස්ථානයේ සංවිධානය කර තිබූ මහනුවර දිස්ත්රික් වතු කම්කරු වෘත්තීය සමිති හා තරුණ නායක හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය වතු හාම්පුතුන් සමග සාකච්ඡා කරන බවත් අවශ්ය නම් එම තීරණය ක්රියාත්මක කිරීමට විශේෂ නීති ගෙන ඒමට සූදානම් බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීයචමින්ද සිල්වා
රනිල්ගේ ප්රවර්ධනයට ඇප බැන්ද කුලරත්නට ඉඩ දෙන්න එපා
මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයකු වෙනත් අපේක්ෂකයකු ප්රවර්ධනය කිරීමේ අරමුණින් ඇප තැන්පත් කර ඇතැයි ද එබැවින් ඔහුට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා අවස්ථාව ලබා නොදෙන මෙන් ඉල්ලා නීතිඥ දසුන් නාගස්හේන මහතා ඊයේ 11දා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය කේ ආනන්ද කුලරත්න නමැති එකී ජනාධිපති ධුර අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කාර්යාලයේ රැඳී සිටිමින් කටයුතු කරන බවත් ඔහු රනිල් වික්රමසිංහ මහතා ප්රවර්ධනය කිරීමේ නියැළී සිටින බවත් එම පැමිණිල්ලේ දැක්වේ මෙම ජනාධිපති ධුර අපේක්ෂකයා ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් වීම මගින් අනවශ්ය පුද්ගලයකුගෙන් නාමයක් ඡන්ද පත්රිකාවට ඇතුළත් වීම සිදුවන බවත් ඒ හරහා ඔහුට පහසුකම් සැලසීම ගුවන් කාලය ලබාදීම වැනි රාජ්ය සම්පත් රාශියක් අපතේ යන බවත් එහි දැක්වේ එබැවින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා ආනන්ද කුලරත්න මහතා හට ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා අවස්ථාව ලබා නොදෙන්නැයි ද එකී ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇතසිරිමන්ත රත්නසේකර
ශ්රී ලංකා ක්රිකට් කාන්තා ජාතික කණ්ඩායමේ අනුලාවියන්ට පාසලෙන් මහත් හරසර
24 වැනි ආසියානු ක්රිකට් කුසලානය මව්බිමට දිනාදුන් ශ්රී ලංකා ක්රිකට් කාන්තා ජාතික කණ්ඩායමේ සාමාජිකාවන් මෙන්ම නුගේගොඩ අනුලා විදුහලේ ආදරණීය අනුලාවියන් ත්රිත්වයක් වන හර්ශිතා සමරවික්රම හසිනි පෙරේරා කෞශිනි සෙනෙවිරත්න මහත් හරසරින් උණුසුම් අන්දමින් පිළිගැනීමේ විශේෂ උත්සවයක් පසුගියදා විදුහල් පරිශ්රයේ දී පැවැත්විණි නුගේගොඩ මංසන්ධිය දෙස සිට ඔවුන්ව විශේෂ රථවල නංවාගෙන නුගේගොඩ අනුලා විදුහල් සිසු දැරියන්ගේ අලංකාරමත් සංස්කෘතික අංග මැද ඔවුන්ව පෙරහරින් කැඳවාගෙන ආහ පාසල ඉදිරිපිට දී ඔවුන් තිදෙනාව වත්මන් විදුහල්පතිනී එම් ආර් එස් අයිරාංගනී මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සිසු දැරියන් ආදි සිසුවියන් ඇතුළු විශාල පිරිසක් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය අනතුරුව උත්සව සභාවේදී හර්ෂිතා ඇතුළු ක්රීඩිකාවන් තිදෙනාට තිළිණ උපහාර පුද කරන්නට විය මෙහිදී කතාකළ හර්ෂිතා සමරවික්රම පැවුසවේ නංගිලා ඔයාලගෙ දක්ෂතාවන් වෙනුවෙන් මහන්සි වෙලා කැපවෙලා වැඩ කරන්න විනයත් එක්ක ඒ තුනම තිබ්බොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලො හිතන පතන හැමදේම ඕගොල්ලන්ට කරගන්න හැකියාව ලැබෙනවා යනුවෙනිප්රදීප් ප්රසන්න සමරකෝන්
විජයමුණි විමලවීර වඩිවේල් රනිල්ට ළං වෙති
එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්රේමදාස මහතාට සහාය දෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රිනි විශේෂඥ වෛi සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ 11දා පැවසුවාය ඊයේ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී ඇය තම සහාය දෙන බව පළ කළාය ගම්පහ දිස්ත්රික්කයේ කීර්තිමත් දේශපාලනඥයකු වූ හිටපු අමාත්ය ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන ඇය නියෝජ්ය අමාත්ය ධුර රැසක්ම දරා ඇති අතර පසුගිය රජය යටතේ ප්රාථමික සෞඛ්ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු භාර රාජ්ය ඇමැතිවරිය ලෙස කටයුතු කළාය මේ අතර සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්රික්කය සඳහා තරග කළ හිටපු ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන බව බිබිල පැවැති ජනහමුවේදී ප්රකාශ කළේය එමෙන්ම ඉදිරි ජනාධිපතිවරයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජයග්රහණය කරනු දැකීම තම පෞද්ගලික සතුට බව පාර්ලිමේන්තු මන්ත්රි විමලවීර දිසානායක මහතා පැවසීය එමෙන්ම හැටන් ප්රදේශයේ පැවැති ජන රැලියකදී ලංකා ජාතික එක්සත් පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රි වඩිවෙල් සුරේෂ් මහතා ද ජනාධිපතිවරයාට සහාය පළ කරන බව ප්රකාශ කළේයචමින්ද සිල්වා අනුරාධ හිරිපිටිය
හෝමාගම බාර් දෙකක ලයිසන් අත්හිටුවූ සුරාබදු නිවේදන උසාවියෙන් තහනම් කරයි
හෝමාගම ප්රදේශයේ පිහිටි දේශීය හා විදේශීය මත්පැන් අලෙවිහල් දෙකකට ලබාදී තිබූ බලපත්ර දෙකක් තාවකාලිකව අත්හිටුවමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නිවේදන දෙකක් ක්රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය ජනතාවගෙන් විරෝධතා එල්ලවී ඇති බවට චෝදනා නඟමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන්හල් දෙකට නිකුත් කර තිබූ බලපත්ර අත්හිටුවා ඒවා මුද්රා තබා ඇතත් එය සිදුකර ඇත්තේ වෙනත් පටු අරමුණක් පෙරදැරිව බවත් නිසි පරිදි බදු මුදල ගෙවා නීත්යනුකූල ලබාගත් එම බලපත්ර අත්හිටුවීම නීත්යනුකූල නොවන බවත් පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා කළ කරුණු දැක්වීම සලකා බලා විනිසුරු සෝභිත රාජකරුණා මහතා එම නියෝගය කළේය සමීර අත්තනායක හා ජීඑම් ජයසුන්දර යන දෙදෙනා නීතිඥ සහන් විජේවර්ධන මහතා මගින් එම පෙත්සම් ගොනු කර තිබිණි එම පෙත්සම් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා ලබන සැප්තැම්බර් 13 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ රුවන්ක කුරේ නීතිඥ ජේ මොරායස් යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේයඒජේඒ අබේනායක
ජයම්පතිගේ සහාය සජිත්ට
19 වැනි ව්යවස්ථා සංශෝධනයේ පුරෝගාමී මෙහෙවරක නිරතවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රි ජනාධිපති නීතිඥ ජයම්පති වික්රමරත්න මහතා මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය ලබාදෙන බවට ඊයේ 11දා ප්රකාශ කළේය
පොදුජන පෙරමුණේ මංගල රැලිය 21 දා අනුරාධපුරයේදී ජොන්ස්ටන්
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය මේ මස 21 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි ජොන්ස්ටන් ප්රනාන්දු මහතා මේ බව කියා සිටියේ මංගල රැලිය පැවැත්වෙන අනුරාධපුර කඩ පනහ ප්රදේශයේ භූමිය සූදානම් කිරීමේ කටයුතු සොයා බැලීමට ඊයේ 11දා පැමිණි අවස්ථාවේදී මාධ්ය වෙත අදහස් දක්වමිනි එහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්රීවරයා පැවසුවේ පොහොට්ටුවේ මන්ත්රීවරුන් ජනාධිපතිවරයා සමග එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවයිප්රභාත් වනසිංහ නාච්චාදුව
ඉදිරි දිනවල රට පුරා සවස් කාලයේ ගිගුරුම් වැසි
ඉදිරි දින කීපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි දිවයිනේ බොහෝ ප්රදේශවල අද 12 දා සවස් කාලයේදී හෝ රාත්රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද කළුතර ගාල්ල මාතර සහ රත්නපුර යන දිස්ත්රික්කවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව පවසයිප්රදීප් ප්රසන්න සමරකෝන්
මැතිවරණ වියදම් නියාමන පනත කඩ කළ අයකු දිනුවත් ධුරය අහෝසි කළ හැකියි විජයදාස
2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය පනත උල්ලංඝනය කර යම් අපේක්ෂකයකු ජයග්රහණය කළහොත් ඔහුගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට අධිකරණයට බලය ඇතැයි ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය එබැවින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීමේදී එකී පනත අනුව කටයුතු කිරීම අත්යවශ්ය කරුණක් බවත් එසේ නොවුණහොත් ජනතාවගෙන් ලැබෙන ඡන්දයට සාධාරණයක් කිරීමට අපේක්ෂකයන්ට නොහැකි වන බවත් හෙතෙම කීවේය එකී පනත අනුව ඕනෑම අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල් ප්රමාණය කුමක්ද යන්න සඳහන් කර ඇති බවත් එහි තෙවන වගන්තියට අනුව මැතිවරණ නාම යෝජනා භාරදීමෙන් පසු දින පහක් තුළ මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල කුමක්ද යන්න ප්රකාශයට පත් කළ යුතුව ඇති බවත් ඔහු කීවේය පනතේ පස්වන වගන්තියට අනුව රාජ්ය මුදල් විදේශීය හෝ ජාත්යන්තර සංවිධානවල මුදල් ශ්රී ලංකාවෙන් බැහැර සංස්ථාගත කළ හෝ නොකළ කුමන හෝ පුද්ගල මණ්ඩලයකින් ලැබෙන මුදල් අනන්යතාව හෙළි නොකළ තැනැත්තන්ගෙන් ලැබෙන මුදල් සහ පරිත්යාග මැතිවරණය සඳහා වියදම් කිරීම දණ්ඩනීය වරදක් බවත් හෙතෙම කීවේයසිරිමන්ත රත්නසේකර
චෞර තන්ත්රවාදය වෙනුවට කුසලතාවාදයට මුල්තැන දෙනවා සජිත්
අද වන විට රටේ පවතින්නේ දුටු දුටු තැන සමාජ ආර්ථික අසාධාරණත්වය රජවීම බවත් සුළුතරයකගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්න බහුතරය යටකර ඇති බවත් ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් චෞර තන්ත්රවාදය ක්රියාත්මක වන බවත් පටු වාසි තකා මේ රටේ සුවහසක් ජනතාව ලක්ෂ 220ක් ජනතාව බිල්ලට තබා මේ ක්රියාත්මක වන අසාධාරණ ක්රමය වෙනස් කළ යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය තරුණයන් ඉල්ලා සිටින වෙනස වන්නේ අනුග්රහවාදය වෙනුවට ගැතිකම්මත යාළු හිතවත්කම් මත සම්බන්ධකම් මත ක්රියාත්මක ක්රමය වෙනුවට කුසලතාවාදයට මුල් තැන ලබාදීම බවත් දූෂණය වංචාව හොරකම වෙනුවට පාරදෘශ්යභාවය සහ නිකැලැල්වාදයත් අධිපතිවාදය වෙනුවට සහභාගීත්ව ප්රජාතන්ත්රවාදයත් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට වීරකැටියේ පැවැති සමගි විහිදුම් බලගණයේ රැස්වීම අමතමිනි අද වන විට රටේ තරුණයන් පුරවැසියන් විවිධ නායකයන්ගේ අමනෝඥ තීන්දු තීරණ නිසා විපතට පත්ව ඇති බවත් රැකියා වෙළෙඳපොළ අධ්යාපනය ව්යවසායකත්වය හා සමාජ ආරක්ෂණය නැති වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය