Title
stringlengths
7
238
content
stringclasses
970 values
ඉල්ලීම් ලැබෙනතුරු ගුරුවරු අකුරට වැඩ ස්ටාලින්
ලංකා ගුරු සේවා සංගමය විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය කවරකු ජනපති වුවත් සිය ඉල්ලීම් ලැබෙනතුරු ඉදිරියටත් සිදු කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා දිවයිනට පැවැසීය පාසල් සිසුන්ට අසාධාරණයක් වන ලෙස කිසිම ක්රියාවලියක් සිදු නොකරන බවද දහවල් 130න් පසුව සිදු කරන කිසිම රැස්වීමකට හෝ සමාලෝචන රැස්වීමකට සිය සාමාජිකයන් සහභාගි නොකිරීමට තීරණය කොට ඇති බවද ඒ මහතා සඳහන් කරයි ධර්මසේන වැලිපිටිය
ෆොනී වෙනුවට ඉම්තියාස්
සමගි ජනබලවේගය සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරයට පාර්ලිමේන්තු මන්ත්රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිතය ඒ අනුව ඒ මහතා එම ධුරය සඳහා ඉදිරියේදී නම් කිරීම සිදුවන අතර සජබ පක්ෂ සම්මේලනයකදී එය නිල වශයෙන් යෝජනා කොට ස්ථිර කර ගැනීම සිදුවනු ඇත මේ අතර ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහිමි වූ මනුෂ නානායක්කාර මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත්වනු ඇත මේ අතර හරින් ප්රනාන්දු මහතාගෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට සුදුස්සෙකු පත්කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා යම් අයකු පත්කිරීම සම්බන්ධයෙන් මත කිහිපයක් ඉදිරිපත්ව ඇතැයි එම පක්ෂයේ ජ්යෙෂ්ඨයකු දිවයින ඉරිදා සංග්රහයට පැවසීය එහිදී හිරුණිකා ප්රේමචන්ද්ර සුජීව සේනසිංහ යන මහත්ම මහත්මීන්ගේ නම් ද ඒ සඳහා යෝජනාවී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියා සිටී කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්රේමදාස මහතා ජයග්රහණය කළහොත් ඔහුගෙන් හිස් වන කොළඹ දිස්ත්රික් මන්ත්රී ධුරය ලැයිස්තුවේ ඊළඟට සිටින හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මියට නිතැතින්ම හිමිවනු ඇත එබැවින් එම ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට අයකු පත්කිරීම තව දුරටත් සාකච්ඡා මට්ටමේ තිබෙන බව ඉහත ප්රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය අකිත පෙරේරා
පාස්පෝර්ට් ගත් 23ක් රට ගිහින් නෑ
විදේශ ගමන් බලපත්ර ලබාගත් 23ක පිරිසක් මෙතෙක් විදේශගත වී නැතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා 09 දා පැවසීය එම අමාත්යාංශයේ පැවැති මාධ්ය හමුවට ඉදිරිපත් වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය ගුවන් ගමන් බලපත්රයක් පාස්පෝට් ලබා ගැනීම වසර 23ක් තිස්සේ එකම ආයතනයකින් නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදුකර තිබෙනවා මෙවරත් එසේ කිරීමට යෑමේදී මම ටෙන්ඩර් කැඳවා ගන්නා ලෙස උපදෙස් දුන්නා මෙතෙක් කාලයක් පාස්පෝට් එකක් ඇමරිකන් ඩොලර් පහයි දශම අටයි නවයකට අරන් තියෙනවා නමුත් අපි ටෙන්ඩර් කැඳවා E පාස්පෝට් එකක් නව තාක්ෂණය සහිතව ඩොලර් පහයි දශම පහකට ගන්න හැකිවෙලා තියෙනවා ඒ පාස්පෝට් ලබන ඔක්තෝබර් මාසයේදී ලැබීමට නියමිතයි එය වර්ණ තුනකින් ලබාදීම සිදු කරනවා අපි සතුව පාස්පෝට් ඔක්තෝම්බර් වනතෙක් දිනකට 1000 බැගින් ලබාදීමේ හැකියාව තියෙනවා ඒ වගේම පාස්පෝට් ගත්ත පිරිසෙන් සියයට 23ක් විදෙස්ගතවීම් සිදුකර නැහැ ඒ නිසා මේ නව පාස්පෝට් ලැබෙන තෙක් අත්යවශ්ය නොවන අයට පාස්පෝට් ගැනීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිනවා ලබන ඔක්තෝබර් සිට නව තාක්ෂණය සහිත E පාස්පෝට් එකක් ඒ අයට ගන්න පුළුවන් කියලත් මම කියනවා චමින්ද සිල්වා
ගැම්ම සහ බැල්ම
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ගමන්මග දෙස ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයාත් අගමැතිවරයා හා කථානායකවරයා මෙසේ විමසිල්ලෙන් බලා සිටින්නේ අපවත්වී වදාළ ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයේදීය ඡායාරූප කමල් බෝගොඩ
අධිකරණය හරින් මනුෂ ගෙදර යවයි
සමගි ජනබලවේගය පක්ෂය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීරණය නීති විරෝධී තීරණයක් බවට නිගමනය කර එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අමාත්ය හරින් ප්රනාන්දු හා අමාත්ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් ගොනුකර තිබූ පෙත්සම් දෙක ශ්රේෂ්ඨාධිකරණය විසින් 09දා ප්රතික්ෂේප කරන ලදී සමගි ජනබලවේගය පක්ෂ පෙත්සම්කරුවන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ එම පක්ෂයේ ව්යවස්ථාවට අනුව බැවින් එම පක්ෂ අභ්යන්තර තීරණයට මැදිහත්වීමේ අවශ්යතාවයක් නොමැති බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි පෙන්වා දුන් විජිත් කේ මලල්ගොඩ අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල එකී තීන්දුව නිකුත් කළේය මනුෂ නානායක්කාර මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්රික්කයෙන් සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරමින් මන්ත්රීවරයකු ලෙස තේරී පත්වූ අතර හරින් ප්රනාන්දු මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබිණි ඔවුන් දෙදෙනා 2022 වසරේදී පක්ෂයේ තීරණයට පටහැනිව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පිහිටවූ රජයට සහය දැක්වීම නිසා නිදහසට කරුණු විමසා විනය පරීක්ෂණයක් පැවැත්වීමට සමගි ජනබලවේගය පක්ෂයේ විධායක කමිටුව තීරණය කර ඒ පිළිබඳ පෙත්සම්කරුවන්ට දැනුම් දී තිබූ නමුත් ඔවුන් විනය පරීක්ෂණය සඳහා ඉදිරිපත් නොවීම නිසා පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවට සමගි ජනබලවේගය පක්ෂය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්රේෂ්ඨාධිකරණයට සිය මූලික විරෝධතා මගින් පෙන්වා දී තිබිණි ශ්රේෂ්ඨාධිකරණය ඊයේ 09දා ලබාදුන් එම තීන්දුව අනුව පෙත්සම්කාර අමාත්යවරුන් දෙදෙනාගේ මන්ත්රී ධුර අහෝසි වනු ඇත පක්ෂයේ තීරණයට පටහැනිව රජයට සහය දැක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම අභියෝගයට ලක්කරමින් ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රස් මන්ත්රී හිටපු නියෝජ්ය අමාත්ය නසීර් අහමඩ් මහතා ගොනුකර තිබූ පෙත්සමක් ද ශ්රේෂ්ඨාධිකරණය විසින් මින් පෙර ප්රතික්ෂේප කිරීම අනුව ඔහුගේ මන්ත්රී ධුරය අහෝසි වී තිබිණි නීතිඥ කීර්ති තිලකරත්න චන්දිමාල් මෙන්ඩිස් මෙහෙරාන් කමීර් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා හා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළේය ඒ ජේ ඒ අබේනායක
අපි ජනපතිට බැහැලාම වැඩ
රට ගොඩනැඟීමට ජනාධිපතිවරයාට සහය පළකිරීමට එකතු වූයේ මගේ මන්ත්රී ධුරය අවදානමට ලක්වන බව දැනගෙනයි රටේ ප්රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් දේ කරපු එක ගැන මා සතුටු වනවා යැයි හිටපු ක්රීඩා හා සංචාරක ඇමැති හරින් ප්රනාන්දු මහතා කීවේය ශ්රේෂ්ඨාධිකරණය මගින් හරින් ප්රනාන්දු හා මනුෂ නානායක්කාර යන ඇමැතිවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහිමි කිරීම නිත්යානුකූල බවට නිගමනය කිරීමෙන් පසුව පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් හරින් ප්රනාන්දු මහතා මෙසේ ද කීවේය මේ විදියට එළියට බැහැලා යන්න වෙච්ච එක ගැන ඉතාම සතුටුයි අද මම මේ රට වෙනුවෙන් වැඩක් කරපු කෙනෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන ආඩම්බරයෙන් යන්න පුළුවනි එදා අර්බුද රැසකට මුහුණදී තිබුණ ක්රීඩා අමාත්යාංශය සංචාරක අමාත්යාංශය භාර ගනිද්දී මිනිස්සු අපිට හිනා වුණා නමුත් අපි පියවරෙන් පියවර මේ අමාත්යාංශ ඉස්සුවා මටයි මනුෂටයි ආත්ම විශ්වාසයක් තිබුණා අපිට කොන්ද පණ තිබුණු නිසා තමයි බය නැතිව තීරණ ගත්තේ රටේ නීතියට මම ගරු කරනවා අධිකරණයට ඇඟිලි ගහන්නේ නැති ජනාධිපතිවරයෙක් රටේ ඉන්නවා කියන එක මුළු රටම දැන ගත්තා දැන් අපිට ජනාධිපතිතුමාගේ ජයග්රහණය වෙනුවෙන් පූර්ණකාලීනව කැපවෙන්න පුළුවන් වැඩ පෙන්වපු කෙනෙක් ඉන්න කොට වෙනත් අයව අත්හදා බලන්න ඕනෑ නැහැ ජනාධිපතිතුමා නිර්පාක්ෂිකයි මමත් මනූෂත් අද ඉඳලා නිර්පාක්ෂිකයි මනුෂ නානායක්කාර මහතා අදහස් දක්වමින් එදා මේ රටට නායකයෙක් නැතිව හිටපු වෙලාවේ ඒ අභියෝගය භාර ගත්ත නායකයාට ශක්තියක් වෙන්න අපි ඔහු ළඟට ගිය එක ගැන අපි ආඩම්බර වෙනවා වගකීම් භාර ගන්න පුළුවන් කියපු නායකයා ළඟට හැමදාමත් වගකීම් භාර ගන්න දෙන්නෙක් විදියට අපි දෙන්නා ගියේ අභියෝගවලට බය නැති නිසා මේ අවුරුදු දෙකට රට ගොඩගන්න අපි ශක්තිය දුන්නා හරින් මේ රටේ සංචාරක ක්ෂේත්රය කඩාවැටිලා බින්දුවේ තියෙද්දී භාර අරගෙන අද වන විට සංචාරකයෝ ලක්ෂ ගණනක් රටට ගේන්න සමත්වෙලා තියෙනවා අද අපි අමාත්යාංශවලින් එළියට බහින්නේ ආඩම්බරයක් ඇතිවයි 21 වැනිදායින් පස්සේ රනිල් වික්රමසිංහ මැතිතුමා ජනාධිපති විදියට පත්වෙලා ඉතුරුවෙලා තියෙන වැඩ කොටසත් අවසන් කරලා අපි සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් ජනතාවට උරුම කර දෙනවා කමල් බෝගොඩ
දේශප්රේමින් පැන යද්දි උදව් කළ අය ගැන ජනපති කියයි
දේශප්රේමය ගැන කතා කළ අය පැන යද්දී රට ගොඩගැනීමට තමන්ට විදේශීය කාන්තාවන් තිදෙනකු උදව් කළ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කාන්තා අපේ බලය මැයෙන් කොළඹ ශ්රී ලංකා ප්රදර්ශන හා සම්මේලන මධ්යස්ථානයේ දී 09 දා පෙරවරුවේ පැවති කාන්තා සමුළුව අමතමිනි පක්ෂ භේදයෙන් තොරව දිවයින පුරා ප්රධාන කාන්තා සංවිධානවල සහ ශාඛා සමිති සභාපතිවරියන් සහ නියෝජිතවරියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය මම ජනාධිපති ධුරයට පත්වුයේ අනෙක් අය එම වගකීම භාර නොගෙන පැනගිය නිසයි එහිදී කාන්තාවන් තුන්දෙනෙක් මට සහාය ලබා දුන්නා ඉන්දියාවේ මුදල් අමාත්යවරිය වන නිර්මලා සීතාරාම් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්රිස්ටලිනා ජෝර්ජිවා එම කාන්තාවන් තිදෙනායි දේශප්රේමය ගැන කතා කරමින් ජනතාව විඳින දුක තමන් දන්නවා කියන අය එදා පැනලා ගියා විදේශ රටවල සිටින කාන්තාවන් තිදෙනෙක් මට රට ඉදිරියට ගෙන යෑමට උදව් කළා මේ තිදෙනාගේ උපකාර නොලැබුණානම් අද අපට මෙම තත්ත්වයට පත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ රටේ පොහොර නැති වූ අවස්ථාවේ ඇමරිකාවේ සමන්තා පවර් මහත්මිය අපට සහාය ලබා දුන්නා ඒ පොහොර ලබාදීම නිසා අපට එම යල කන්නය සාර්ථක කරගෙන ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වුණා ඒ නිසා අප මේ කාන්තාවන්ට ස්තූතිවන්ත විය යුතුයි ශ්රේෂ්ඨ දේශප්රේමී පළපුරුදු නායකයෝ යැයි කියාගන්නා කිසිවෙක් එදා මේ රටේ වගකීම භාරගත්තේ නැහැ අප රටක් ලෙස ඉදිරියට පැමිණියේ ඉතා අසීරුවෙන් අප තවත් ඉදිරියට යා යුතුයි අප සියලුදෙනා විඳි දුක මා අමුතුවෙන් සඳහන් කළ යුතු නෑ
ජනපති සටනට නාමයෝජනා 15දා ගැනේ
මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ නාමයෝජනා පත්ර භාරගැනීම සිදු කරනු ලබන 15 වැනිදා දින රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්රය අවට ආරක්ෂාව තර කිරීමට කොමිසමේ උපදෙස් පරිදි පොලිසිය තීරණය කර ඇත එමෙන්ම නාමයෝජනා පත්ර භාරදීමට පැමිණෙන අපේක්ෂකයන්ගේ නියෝජිතයන් ප්රමාණයද සීමාකර ඇත අපේක්ෂක පිළිගැනීම සඳහා පක්ෂවලට විවිධ ස්ථාන නම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් කේ වී රත්නායක මහතා පැවසීය අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් එකිනෙකා හමුනොවන ස්ථාන නම් කර ඇති අතර අපේක්ෂකයන්ට මැතිවරණ කාර්යාලයට පිවිසීමට වෙනම මාර්ග ද නම් කර තිබේ නාමයෝජනා භාරදීම සඳහා අපේක්ෂකයා සමග පක්ෂ ලේකම් ඇතුළු දෙදෙනෙකුට කාර්යාලයට පිවිසිය හැකිය තවත් තිදෙනෙකුට වෙනම ගොඩනැගිල්ලක රැඳී සිටීමට අවස්ථාව සලසා ඇත නාමයෝජනා පත්ර භාර ගැනීම ලබන 15 වැනිදා පෙරවරු 900 සිට 1100 දක්වා සිදු කරන අතර නාමයෝජනා පිළිබඳ විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 900 සිට 1130 දක්වා අවස්ථාව හිමි වේ ඉන් පසුව පිළිගත් නාමයෝජනා පත්ර ප්රමාණය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්රකාශයට පත් කෙරේ මේ අතර තරග කරන අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පතු භාර ගැනීම ලබන 14 වැනිදා මධ්යහ්න 1200ට අවසන් වෙයි රනිල් ධර්මසේන
මැති ඇමැතිලා 53ක් වත්කම් හංගලා
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් 53දෙනකු මෙම වර්ෂයේ 2024 ජුනි මස 30 වැනිදා වන විට සිය වත්කම් හා බැරකම් ප්රකාශ ලබා දී නොමැති බැව් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වෙයි මෙම වර්ෂයේ ජුනි මස 30 වැනිදා වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් 116 දෙනෙකු සිය වත්කම් හා බැරකම් ප්රකාශ ලබා දී තිබූ බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි සෑම වසරකම ජුනි මස 30 වැනිදා වන විට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සිය වත්කම් හා බැරකම් ප්රකාශ ලබාදිය යුතු වන අතර එම වත්කම් හා බැරකම් ප්රකාශ විමර්ශනය සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කෙරේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 54 දෙනකු මැතිවරණ කොමිෂන් සභාවේ 61 දෙනකු අගමැති කාර්ය මණ්ඩලයේ 53 දෙනකු සිය වත්කම් හා බැරකම් ප්රකාශ මෙම වර්ෂයේ ජුනි මස 30 වැනි දින වනවිට ලබා දී ඇති බව ද මෙම වර්තාවේ සඳහන් වෙයි ලලිත් චාමින්ද
ජනාධිපතිවරණයට නිරීක්ෂණ සංවිධාන 9ක්
ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා දේශීය නිරීක්ෂණ සංවිධාන 09ක් එක්වන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් දිවයින ඉරිදා සංග්රහයට පැවසීය පොදු රාජ්ය මණ්ඩලය හා යුරෝපා සංගමයේ නිරීක්ෂකයන් මෙරටට පැමිණීම සම්බන්ධව මැතිවරණ කාර්යාලය සාකච්ඡා පවත්වමින් පවතින අතර ඔවුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැත පැෆරල් සංවිධානය මැතිවරණ ප්රචණ්ඩ ක්රියා නිරීක්ෂණ මධ්යස්ථානය කැෆේ ඇතුළු සංවිධාන 07ක් මෙවර නිරීක්ෂණයට ඉල්ලුම් කර තිබේ මෙම සංවිධාන නියෝජිතයන් ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන් කළ සාකච්ඡාවලදී මේ බව ප්රකාශවී ඇත මේ අනුව මෙම මැතිවරණය සඳහා නිරීක්ෂණ නිලධාරීන් හයදාහක් සේවයට යෙදවීමට නියමිත බවද සඳහන්ය මේ අනුව මෙම නිලධාරීන් රටපුරා පළාත් රැසකට ගොස් මෙම නිරීක්ෂණ කටයුතු අරඹනු ඇත හොර ඡන්ද දැමීම මැර බලය තර්ජනය කිරීම් රංචු ගැසීම් ඇතුළු නීති විරෝධී ක්රියා පිළිබඳවද ඔවුන්ගේ අවධානය යොමු කිරීමට නියමිතය නෝමන් පලිහවඩන
සජිත් දිනවන්න ශ්රීලනිපයෙන් ජන හමු
ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ජනහමු මාලාවක් දිස්ත්රික්ක මට්ටමින් පැවැත්වීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්රධානත්වයෙන් මෙම ජනහමු මාලාව පැවැත්වීමට පියවර ගෙන ඇත මුල්ම රැස්වීම කුරුණෑගලින් ආරම්භ කිරීමට තීරණය කර තිබේ ඒ සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සජිත් ප්රේමදාස මහතාට සහයෝගය ලබාදෙනු ලබන දිස්ත්රික් හා ආසන සංවිධායකවරුන්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර තිබේ අරුණ බෝගහවත්ත
නාමල් ජයසිරි මහා බෝධිය වැඳ වැඩට බසී
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා දිස්ත්රික් හා ආසන මට්ටමින් මැතිවරණ ප්රචාරක රැස්වීම් 125ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බැව් පොදුජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්රකාශකයෙක් සඳහන් කළේය දිස්ත්රික් මට්ටමින් පැවැත්වෙන ප්රධාන රැස්වීම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද එම ප්රකාශකයා පැවසීය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මෙකී ප්රචාරක රැස්වීම් 125ට ම සහභාගි වීමට නියමිතව ඇත මෙම රැස්වීම් මාලාවට අමතරව ඡන්දපොළ කොට්ඨාස ඉලක්ක කරගෙන ග්රාමීය මට්ටමේ කුඩා රැස්වීම් 13000ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද එම ප්රකාශකයා පවසයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා නාම යෝජනා භාරදීමෙන් පසු ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද එම ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේයමෙ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය මැතිවරණ කටයුතු ලබන 15 වැනිදා ජය ශ්රී මහා බෝධිය වැඳ නමස්කාර කර ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂයේ ප්රකාශකයෙක් කීය ලබන 15 වැනිදා ඉදිරි ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර නාමල් රාජපක්ෂ මහතා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජය ශ්රී මහා බෝධිය වැඳ නමස්කාර කිරීම සඳහා අනුරාධපුරය බලා පිටත්ව යෑමට නියමිත බවත් ඉහත ප්රකාශකයා වැඩිදුරටත් පැවසීය එරික් ගාමිණි ජිනප්රිය ලලිත් චාමින්ද
අනුර දකුණෙන් පිටියට
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමෙන් පසු මෙම මස 17 වැනිදා දකුණු පළාතේ ප්රධාන මැතිවරණ ප්රචාරක රැලි තුනක් පවත්වා මැතිවරණ ප්රචාරක කටයුතු වේගවත් කිරීමට සැලසුම් කර ඇති බැව් ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පළාත් සභා මන්ත්රී නලින් හේවගේ මහතා පවසයි මෙකී ප්රචාරක රැලි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ගාල්ල මාතර තංගල්ල යන නගරවල දී පැවැත්වීමට තීරණය කර ඇති බව ද නලින් හේවගේ මහතා පවසයි මේ වන විට ජාතික ජනබලවේගය විසින් ග්රාමීය මට්ටමෙන් කොට්ඨාස සභා පිහිටුවා අවසන් කොට ඇති බවත් අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්රහණය ස්ථිර බවත් නලින් හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි ලලිත් චාමින්ද
ගෙවල් ගිනි ගත් මන්ත්රීලාට කෝටි 105ක්
රටේ පැවැති අර්බුදකාරී වාතාවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ පෞද්ගලික දේපළවලට සිදු වූ හානි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරු 41 දෙනකු සඳහා රුපියල් එකසියපන් කෝටි තුන්ලක්ෂ තිස්නම දහස් හයසිය විසිහයක මුදලක් 1050339626 වන්දි වශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වේ රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය වෙත ලද පරිපූරක අයවැය ඇස්තමේන්තු ප්රතිපාදන මගින් මෙකී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 41 දෙනා සඳහා මෙම වන්දි මුදල ගෙවා ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ 2022 මාර්තු මස 31 දා සිට 2022 ජුලි මස 31 දා දක්වා කාලයේ දී රටේ පැවැති අරගලය හේතුවෙන් මන්ත්රීවරුන්ගේ නිවාස හා දේපළවලට හානි සිදුවී තිබුණි රජයේ සිට විපක්ෂයට එක්වූ මන්ත්රීවරුන්ගේ නිවාසවලට හා දේපළවලට සිදුවී ඇති හානි තක්සේරු කිරීමේ දී අඩුවෙන් තක්සේරු කර ඇති බව එම මන්ත්රීවරු සඳහන් කරති මෙම තොරතුරු අනාවරණය වන්නේ මුදල් ආර්ථික ප්රතිපත්ති අමාත්යාංශය මගින් නිකුත් කර 2023 වර්ෂයට අදාළව අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාවේය ලලිත් චාමින්ද
බෙහෙත් හිඟය උප්පරවැට්ටියක්
පසුගිය 2023 වර්ෂයේදී සෞඛ්ය අමාත්යාංශයට විවිධ අංශයන්ගෙන් රුපියල් මිලියන 21324ක් ලැබී තිබියදීත් රෝහල්වල ඖෂධ සහ උපකරණ හිඟයක් ඇතිව තිබීම පිළිගත නොහැකි තත්ත්වයක් බව සෞඛ්ය අංශ පවසයි ආසියානු සංවර්ධන බැංකුව ආසියානු ප්රවර්තන වැඩසටහන ලෝක සෞඛ්ය සංවිධානය සහ රජය මගින්ද මෙලෙස අදාළ මුදල් ප්රතිපාදන ලැබී ඇතැයි තොරතුරු දැන ගැනීමේ පනත මාර්ගයෙන් ලබාගත් තොරතුරු උපුටා දක්වමින් වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි කෙසේ වෙතත් රජය මගින් මුදල් ප්රතිපාදන ලබාදීමේදී 2022 වර්ෂයට අදාළව රුපියල් මිලියන 13743ක් ලබාදී ඇතත් එය කප්පාදුවට ලක් කරමින් 2024 වර්ෂය සඳහා ලබාදී ඇත්තේ රුපියල් මිලියන 3768ක් පමණක් බවද එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්ය ජී ජී චමල් සංජීව මහතා සඳහන් කරයි මේ අනුව සෞඛ්ය අමාත්යාංශය තුළ නිවැරදි කළමනාකරණයක් සහ පරිපාලන ව්යුහයක් පැවතියේ නම් ඖෂධ හිඟය උපකරණ හිඟය ඇතුළු ප්රශ්නගත ගැටලුවලින් මෙරට මහජන විශ්වාසය බිඳ වැටීම වළක්වාගත හැකිව තිබූ බවද වෛද්යවරයා වැඩිදුරටත් පැවසීය සුජීව තත්සර
ගෝඨාගේ ජනපති කොමිසමට ශ්රේෂ්ඨාධිකරණයෙන් ටොක්කක්
පසුගිය 20152019 යහපාලන රාජ්ය සමයේ සිදු වූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාව ලබාදුන් සියලුම නිර්දේශ ශ්රේෂ්ඨාධිකරණය මඟින් ඊයේ 09 දා බලරහිත කරන ලදී එකී කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් ලබාදුන් නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා විශ්රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි එන් රණවක හිටපු නාවික හමුදාපති ට්රැවිස් සින්නයියා හිටපු නියෝජ්ය පොලිස්පති රවි සෙනවිරත්න විශ්රාමික ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ශ්ව නමයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව නිකුත්කරමින් ශ්රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේය මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පෙත්සම්කරුවන්ට වෙන් වෙන්ව රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් වූ නඩු ගාස්තු ගෙවන ලෙසට ද විජිත් කේ මලල්ගොඩ අචල වෙන්නප්පුලි හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව නිකුත් කළ එම තීන්දු ප්රකාශය මඟින් රජයට නියෝග කළේය එම නිර්දේශ හා සොයා බැලීම් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගැනීමට අමාත්ය මණ්ඩලය තීරණය කර ඇති බැවින් එම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්යතාවයක් නොමැති බව නීතිපතිවරයා මූලික විරෝධතාවක් ඉදිරිපත් කොට තිබූ නමුත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළිගත් ශ්රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කොට තිබිණි පසුගිය මාර්තු 15වැනිදා පෙත්සම් විභාගය අවසන් කොට තිබූ අතර තීන්දුව ප්රකාශයට පත් කළ ඊයේ 09 දා සියලුම පෙත්සම්කරුවෝ අධිකරණය හමුවේ පෙනි සිටියහ නීතිඥ මංජුල බාලසූරිය මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් මඟින් ගොනුකර තිබූ එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උපාලි අබේරත්න මහතා ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයන් එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්ය මණ්ඩලය හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා හා නීතිපතිවරයා ඇතුළු 90 දෙනකු නම් කොට තිබිණි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ ජ්යෙෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ජ්යෙෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක ජ්යෙෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන ඇතුළු පිරිසක් නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටියහ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ජනාධිපති නීතිඥ නයිජල් හැච් ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළහ ඒජේඒ අබේනායක
ඔට්ටමාවඩි බලාගාරයෙන් මිලියන 2317ක් කඩා වැටේ
මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන්ද අවසර ලබා නොගෙන ටෙන්ඩර් පටිපාටියද උල්ලංඝණය කරමින් ඔට්ටමාවඩි ප්රදේශයේ ඉදිකරනු ලබන මෙගාවොට් සියයක සූර්ය විදුලි බලාගාර ව්යාපෘතියෙන් වාර්ෂිකව මෙරටට රුපියල් මිලියන 2317ක මුදලක් අහිමි වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙළි කරයි මැතිවරණ සමයක් ප්රකාශයට පත්කර ඇති අවස්ථාවක විදුලිබල ඇමැතිවරයා සහ ලංවිම වැඩබලන සාමාන්යාධිකාරිවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පමණක් කඩිමුඩියේ මෙම ව්යාපෘතිය ප්රධාන කොන්ත්රාත්කරු වන සොලර් ෆෝර්ජ් නමැති සමාගමට ප්රදානය කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔවුහු සඳහන් කරති අදාළ ඔට්ටමාවඩි ව්යාපෘතියේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශයන්ට අනුව ඩොලර් ශත 666කට විදුලි ඒකකයක් මිලදී ගත යුතු වුවත් කොමිස් ගැසීමේ අරමුණින් විදුලි ඒකකයක් ඩොලර් ශත 875 රු 2668ක් කට විකුණුම් මිල නියම කිරීමෙන් අනෙකුත් සූර්ය පැනල ව්යාපෘතිවල ඒකකයක් සඳහා ගෙවනු ලබන මිලට වඩා රු 1078ක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇතැයිද විදුලි වෘත්තීය සමිති චෝදනා කරති මෙලෙස වැඩි මිලට විදුලිය මිලදී ගැනීම හේතුවෙන් ඉදිරියේදී මෙරට විදුලි පාරිභෝගිකයන්ට විදුලි ඒකකයක් සඳහා රුපියල් 30ක හෝ 40ක මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් සඳහන් කරන ඔවුහු ඒ හේතුවෙන් රට තුළ කර්මාන්ත විශාල ප්රමාණයක් වැසී යෑමෙන් රැකියා විශාල ලෙස අහිමිව යා හැකි බවත් කුඩා කර්මාන්ත බිඳ වැටීමෙන් ආයෝජකයන් රට තුළට පැමිණීම ඇනහිටිය හැකි බවත් සඳහන් කරති සුජීව තත්සර
හරින් සහ මනුෂ මන්ත්රී ධුරවලින් දොට්ට ඇමැති ධුරත් අහිමි වෙයි
සමගි ජන බලවේගය පක්ෂය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීරණය නීති විරෝධී තීරණයක් බවට නිගමනය කර එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඇමැති හරින් ප්රනාන්දු හා ඇමැති මනුෂ නානායක්කාර යන මහත්වරුන් ගොනුකර තිබූ පෙත්සම් දෙක ශ්රේෂ්ඨාධිකරණය විසින් ඊයේ 09දා ප්රතික්ෂේප කරන ලදී සමගි ජන බලවේගය පක්ෂය පෙත්සම්කරුවන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ එම පක්ෂයේ ව්යවස්ථාවට අනුව බැවින් එම පක්ෂ අභ්යන්තර තීරණයට මැදිහත් වීමේ අවශ්යතාවයක් නොමැති බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි පෙන්වා දුන් විජිත් කේ මලල්ගොඩ අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල එකී තීන්දුව නිකුත් කළේය මනුෂ නානායක්කාර මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්රික්කයෙන් සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරමින් මන්ත්රීවරයකු ලෙස තේරී පත්වූ අතර හරින් ප්රනාන්දු මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබිණි ඔවුන් දෙදෙනා 2022 වසරේදී පක්ෂයේ තීරණයට පටහැනිව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පිහිටවූ රජයට සහය දැක්වීම නිසා නිදහසට කරුණු විමසා විනය පරීක්ෂණයක් පැවැත්වීමට සමගි ජනබලවේගය පක්ෂයේ විධායක කමිටුව තීරණය කර ඒ පිළිබඳ පෙත්සම්කරුවන්ට දැනුම් දී තිබූ නමුත් ඔවුන් විනය පරීක්ෂණය සඳහා ඉදිරිපත් නොවීම නිසා පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවට සමගි ජනබලවේගය පක්ෂය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්රේෂ්ඨාධිකරණයට සිය මූලික විරෝධතා මගින් පෙන්වා දී තිබිණි ශ්රේෂ්ඨාධිකරණය ඊයේ 09දා ලබාදුන් එම තීන්දුව අනුව පෙත්සම්කාර අමාත්යවරුන් දෙදෙනාගේ මන්ත්රී ධුර අහෝසි වනු ඇත පක්ෂයේ තීරණයට පටහැනිව රජයට සහය දැක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම අභියෝගයට ලක්කරමින් ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රස් මන්ත්රී හිටපු නියෝජ්ය අමාත්ය නසීර් අහමඩ් මහතා ගොනුකර තිබූ පෙත්සමක් ද ශ්රේෂ්ඨාධිකරණය විසින් මින් පෙර ප්රතික්ෂේප කිරීම අනුව ඔහුගේ මන්ත්රී ධුරය අහෝසි වී තිබිණි නීතිඥ කීර්ති තිලකරත්න චන්දිමාල් මෙන්ඩිස් මෙහෙරාන් කමීර් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා හා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළේයඒ ජේ ඒ අබේනායක
ගෝඨාගේ ජනපති කොමිසම දුන් සියලු තීරණ බල රහිතයි
පසුගිය 20152019 යහපාලන රාජ්ය සමයේ සිදු වූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාව ලබාදුන් සියලුම නිර්දේශ ශ්රේෂ්ඨාධිකරණය මඟින් ඊයේ 09 දා බලරහිත කරන ලදී එකී කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් ලබාදුන් නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා විශ්රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි එන් රණවක හිටපු නාවික හමුදාපති ට්රැවිස් සින්නයියා හිටපු නියෝජ්ය පොලිස්පති රවි සෙනවිරත්න විශ්රාමික ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ශ්ව නමයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව නිකුත්කරමින් ශ්රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේය මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පෙත්සම්කරුවන්ට වෙන් වෙන්ව රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් වූ නඩු ගාස්තු ගෙවන ලෙසට ද විජිත් කේ මලල්ගොඩ අචල වෙන්නප්පුලි හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව නිකුත් කළ එම තීන්දු ප්රකාශය මඟින් රජයට නියෝග කළේය එම නිර්දේශ හා සොයා බැලීම් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගැනීමට අමාත්ය මණ්ඩලය තීරණය කර ඇති බැවින් එම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්යතාවයක් නොමැති බව නීතිපතිවරයා මූලික විරෝධතාවක් ඉදිරිපත් කොට තිබූ නමුත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළිගත් ශ්රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කොට තිබිණි පසුගිය මාර්තු 15වැනිදා පෙත්සම් විභාගය අවසන් කොට තිබූ අතර තීන්දුව ප්රකාශයට පත් කළ ඊයේ 09 දා සියලුම පෙත්සම්කරුවෝ අධිකරණය හමුවේ පෙනි සිටියහ නීතිඥ මංජුල බාලසූරිය මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් මඟින් ගොනුකර තිබූ එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උපාලි අබේරත්න මහතා ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයන් එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්ය මණ්ඩලය හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා හා නීතිපතිවරයා ඇතුළු 90 දෙනකු නම් කොට තිබිණි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ ජ්යෙෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ජ්යෙෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක ජ්යෙෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන ඇතුළු පිරිසක් නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටියහ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ජනාධිපති නීතිඥ නයිජල් හැච් ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළහඒජේඒ අබේනායක
ජීවන බර සැහැල්ලු කර ශක්තිමත් ආර්ථිකයක් හදනවා ජනාධිපති රනිල් වික්රමසිංහ කියයි
කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව පැවසූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටියේය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කාන්තා අපේ බලය මැයෙන් කොළඹ ශ්රී ලංකා ප්රදර්ශන හා සම්මේලන මධ්යස්ථානයේ දී ඊයේ 09 දා පෙරවරුවේ පැවති කාන්තා සමුළුව අමතමිනි පක්ෂ භේදයෙන් තොරව දිවයින පුරා ප්රධාන කාන්තා සංවිධානවල සහ ශාඛා සමිති සභාපතිවරියන් සහ නියෝජිතවරියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය මෙවර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස මම ඉදිරිපත් වන්නේ ඇයි කියා ඇතැම් අය මගෙන් ප්රශ්න කරනවා කුසගින්න නිර්පාක්ෂිකයි කුමන පක්ෂයකට අයත් වුවත් කුසගින්න දැනෙනවා කුස පිරවීම නිර්පාක්ෂිකයි ඒ නිසා අප දේශපාලන පක්ෂ පාට පසෙක දමා රටේ ජනතාවගේ කුස පිරවීමට එක්විය යුතුයි මේ රටේ ජනතාව විඳි දුක පිළිබඳ මට හොද අවබෝධයක් තිබෙනවා විදුලිය නොමැතිව ඉන්ධන හා ආහාර නොමැතිව දරුවන්ව පාසලට යවා ගත නොහැකිව එදා ඔබ සියලුදෙනා විශාල දුෂ්කරතාවකට මුහුණ දුන්නා නැවත අප මේ දුක විඳිය යුතුද ඒ නිසා අප සියලුදෙනා එකට එක්ව මෙම තත්ත්වය වළක්වාගත යුතුයි මම ජනාධිපති ධුරයට පත්වුයේ අනෙක් අය එම වගකීම භාර නොගෙන පැනගිය නිසයි එහිදී කාන්තාවන් තුන්දෙනෙක් මට සහාය ලබා දුන්නා ඉන්දියාවේ මුදල් අමාත්යවරිය වන නිර්මලා සීතාරාම් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්රිස්ටලිනා ජෝර්ජිවා එම කාන්තාවන් තිදෙනායි දේශප්රේමය ගැන කතා කරමින් ජනතාව විඳින දුක තමන් දන්නවා කියන අය එදා පැනලා ගියා විදේශ රටවල සිටින කාන්තාවන් තිදෙනෙක් මට රට ඉදිරියට ගෙන යෑමට උදව් කළා මේ තිදෙනාගේ උපකාර නොලැබුණානම් අද අපට මෙම තත්ත්වයට පත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ රටේ පොහොර නැති වූ අවස්ථාවේ ඇමරිකාවේ සමන්තා පවර් මහත්මිය අපට සහාය ලබා දුන්නා ඒ පොහොර ලබාදීම නිසා අපට එම යල කන්නය සාර්ථක කරගෙන ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වුණා ඒ නිසා අප මේ කාන්තාවන්ට ස්තූතිවන්ත විය යුතුයි ශ්රේෂ්ඨ දේශප්රේමී පළපුරුදු නායකයෝ යැයි කියාගන්නා කිසිවෙක් එදා මේ රටේ වගකීම භාරගත්තේ නැහැ අප රටක් ලෙස ඉදිරියට පැමිණියේ ඉතා අසීරුවෙන් අප තවත් ඉදිරියට යා යුතුයි අප සියලුදෙනා විඳි දුක මා අමුතුවෙන් සඳහන් කළ යුතු නෑ මම එක් උදාහරණයක් පෙන්වා දෙන්නම් 2021 වාණිජ බැංකුවල උකස් කළ රත්රන් භාණ්ඩවල වටිනාකම රුපියල් බිලියන 250යි අද එය රුපියල් බිලියන 500 පසුකර තිබෙනවා ඒ නිසා අප ඒ පිළිබඳ සහන ලබාදීමට කටයුතු කළා ඇතැම් නිවාසවල වැඩිහිටියන් එක් ආහාර වේලක් අත හැරීමට පුරුදුව සිටියා තවත් පිරිසක් දරුවන්ට හොඳ අධ්යාපනයක් ලබාදිය නොහැකිව දුක් වින්ඳා මම ජාත්යන්තර මූල්ය අරමුදලේ සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ එහි කළමනාකරණ අධ්යක්ෂවරිය වන ක්රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ලබාදුන් උපකාරය නිසා අද අපට මෙම සහන ලැබී තිබෙනවා ජැනට් යෙලන් මහත්මිය සහ නිර්මලා සීතාරමන් මහත්මිය අපට සහාය ලබාදුන් නිසා අද අපට ශක්තිමත්ව ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ මෙන්ම අපට ණය ලබාදෙන රටවල් ගණනාවක් සමඟ අප ගිවිසුම් අත්සන් තබා තිබෙනවා එහිදී අප ඇති කරගත් කොන්දේසි මම ආර්ථික පරිවර්තන නීතියට ඇතුළත් කර තිබෙනවා මේ මාර්ගයේ ඉදිරියට යනවා නම් අපට රටක් ලෙස ගොඩඒමට හැකියාව තිබෙනවා නමුත් ඇතැම් අය කියනවා ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ගිවිසුම සංශෝධනය කරනවා කියලා රටේ ප්රශ්න විසඳිය නොහැකි බව ප්රසිද්ධියේ ප්රකාශ කරමින් පැනගිය අය අද කාන්තාවන්ගේ සහයෙන් අපට ලැබුණු මෙම සහනය ඉවත් කරන බව ප්රකාශ කරනවා මෙම අසීරු ගමනේදි වුවද මම මේ රටේ කාන්තාවන් අමතක කළේ නැහැ අස්වැසුම උරුමය අඩු ආදායම්ලාභී ජනතාව ජීවත් වන මහල් නිවාසවල අයිතිය ලබාදීම කඳුකරයේ ගම්මාන ඇති කිරීමේ වැඩසටහන පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන වැනි වැඩසටහන් ක්රියාත්මක කරමින් සහන ලබා දුන්නා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය අද මේ පැවැත්වෙන්නේ අතිශය සුවිශේෂී කාන්තා රැස්වීමක් බව පැවසිය යුතුයි අපි මීට පෙර කාන්තා සම්මේලන පවත්වා තිබුණත් වසර 32ක දේශපාලන ජීවිතයේ බහුපාක්ෂික කාන්තා සම්මේලනයකට මා සහභාගි වන පළමු අවස්ථාව මෙයයි ඇයි අද අප එකට එක්ව සිටින්නේ එයට සංවාද විවාද තර්ක අවශ්ය නැහැ රූපවාහිනිය ඉදිරියට ගිහින් බංග්ලාදේශයේ තත්ත්වය දැක බලා ගත්තා නම් අපි එකතු වුණේ ඇයි කියන කාරණය පැහැදිලි වෙනවා බංග්ලාදේශ රාජ්ය නායිකාවගේ නිල නිවස මෙන්ම පාර්ලිමේන්තුව ද අරගලකරුවන් අත්පත් කර ගත්තා එරට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 20කට වැඩි පිරිසක් මේ වනවිට ඝාතනය කර තිබෙනවා ඒ අරගලකරුවන්ගේ ක්රියාකාරකම් රූපවාහිනියෙන් නරඹන විට එදා අප රටේ සිදුවුණෙත් එවැනිම දෙයක් බව පැහැදිලි වෙනවා කාන්තා හා ළමා කටයුතු රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ මහත්මිය රටේ ජීවනාලිය බඳු කාන්තා ඔබට වැදගත් තීන්දුවක් ගැනීමට ඉදිරි ජනාධිපතිවරණයේදී අවස්ථාව හිමිව තිබෙනවා ඒ වැදගත් තීන්දුව නොගතහොත් රට ආපස්සට යෑම වළක්වන්න බැහැ මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් එකම නායකයා රනිල් වික්රමසිංහ මැතිතුමා පමණයි එදා අපට ගෑස් ළමයින්ට කිරිපිටි තිබුණේ නැහැ එදා ආර්ථිකය බංකොලොත් කියන විට මේ රට භාර ගන්න විපක්ෂය හිටියෙ නැහැ විපක්ෂය හැංගුණා අපට හුස්ම පොදක් දුන්නේ ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමායි මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්රීවරියන් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු ජනතා නියෝජිතවරියන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ
සල්ලිවලටඇමතිකම්වලට එහෙට මෙහෙට පනින දේශපාලනය අවසන් කළ යුතුයි
වරදාන මුදල් ඇමති ධුර වෙනුවෙන් එහෙට මෙහෙට පනින දේශපාලනය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය බියගම මල්වාන පැවති ජාතික ජන බලවේගයේ මුස්ලිම් සහෝදරත්වයේ රැලිය අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය රට පුරා විසිරී සිටින මුස්ලිම් ජනතාව වෙත ජාතික ජන බලවේගයේ පණිවිඩය ගෙනයන්න විශාල කැපවීමක් වෙහෙසක් දරන පිරිසක් මෙතනට ඒකරාශී වී සිටිනවා සැප්තැම්බර් 22දාට අපේ රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්වීමට නියමිතයි ඉන්න කෙනා නම් කොහොමත් එන්නේ නැති බව පැහැදිලියි අපි ඔබ සැම හමුවන්නට ආවේ මේ ජනාධිපතිරණයේදී ජාතික ජන බලවේගය ජයග්රහණය කරවන්න කියලා ඉල්ලන්න මුස්ලිම් කොන්ග්රසයට සම්බන්ධව දේශපාලනය කළ බොහෝ පිරිසක් ගම්වල ඉන්නවා නමුත් මේ ජනාධිපතිවරණය පවත්වන්නේ මුස්ලිම් කොන්ග්රසයේ කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න නොවෙයි මේ තියෙන්නේ ජනාධිපතිවරණයක් පවත්වා රටට නායකත්වය සපයන්න කෙනෙක් තෝරන මැතිවරණයක් ඔබගේ නායකයෙක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ කියලා අපේක්ෂා කරනවා නම් මහා මැතිවරණයේදී ඡන්දය දෙන්න නමුත් ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්රහණය කරවන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා ගොඩක් දේශපාලන කතා පණිවිඩ දැන් අවශ්යත් නොවන තරම් මේ දවස්වල සිදුවෙන සිදුවීම් හොඳට බැලුවත් තෝරා ගන්න ඕනෑ කවුද කියලා තීරණය කරන්න පුළුවන් ගම්පහ දිස්ත්රික්කයේ පොහොට්ටුවේ වැඩිම මනාප ගත්තේ නාලක ගොඩහේවා පොහොට්ටුවේ නාලක ගොඩහේවා දැන් ඉන්නේත් සජබයේ ජාතිවාදය ඇවිස්සූ කෝවිඩ් වසංගතයෙන් මියගිය ඉස්ලාම් භක්තිකයන් ලෝකයේ අනෙක් රටවල මිහිදන් කරද්දී ලංකාවේ විතරක් ආදාහනය කරන්න ඕනෑ කියපු ආණ්ඩුව නියෝජනය කළ නාලක ගොඩහේවා ඉන්නේ සජිත් එක්ක මුස්ලිම් ජනතාව වේදනාවට පත්කළ ආදාහනය කිරීමේ තීන්දු ගැනීමේදී නාලක ගොඩහේවලා අත ඉස්සුවා පොහොට්ටුවේ දෙවැනියාව සිටි ප්රසන්න රණතුංග රනිල් එක්ක ඉන්නවා පොහොට්ටුවේ සභාපති ජී එල් පීරිස් සජිත් එක්ක ඉන්න අතර සජිත්ගේ සභාපති ෆොන්සේකා ඉන්නේ කොහේද සජබ සභාපති එළියේ පොහොට්ටුවේ සභාපති ඇතුලේ මේ දේශපාලනය නතර කරන්න ඕනෑ නැද්ද තමන්ට ලැබෙන වරදානවලට සල්ලිවලට ඇමති ධුරවලට එහෙට මෙහෙට පනින දේශපාලනයක් අද අපේ රටේ තිබෙන්නේ මේ දේශපාලනය අවසන් කළ යුතුයි ජාතිවාදයේ විෂ වපුරා පෝෂණය කළ පොහොට්ටුව අද තුනට කැඩිලා 2009යේ යුද්ධය අවසන් වූ පසු සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් ගොඩනඟයි කියලා ජනතාවගේ අපේක්ෂාවක් තිබුණා ආණ්ඩු කරපු ඔය කිසිවෙක් ජනතාව සහෝදරත්වයෙන් ඉන්න රටක් හදන්නේ නැහැ ඒ ගොල්ලන්ට හැමදාම ඕනෑ ගැටුම් තිබෙන යුද්ධ තිබෙන එකිනෙකා අතර වෛරය පතුරවන රටක් චන්ද්රිකාට ඡන්දය දුන්නේ දූෂණ වංචා නතර කළා කියලාද රට හැදුවා කියලාද නැහැ නගර සභා පිට්ටනියේ පිපිරූ බෝම්බය නිසයි 2005 මහින්ද තෝරා ගත්තේ යුද්ධය නිසයි 2010දී මහින්දත් ෆොන්සේකාත් දෙදෙනාම අපේක්ෂකයන් වෙන්නේ යුද්ධය නිසයි ෆොන්සේකා අපේක්ෂකයෙක් වෙන්නේ යුද්ධය අවසන් කළ හමුදාපතිවරයා හැටියට නමුත් ඡන්දය දිනන්නේ මහින්ද රාජපක්ෂ ආර්ථිකය ගොඩනඟනවා වංචා දූෂණ නතර කරනවා ප්රජාතන්ත්රවාදය තහවුරු කරනවා ජාතික සමගිය ගොඩනඟනවා කියන සටන් පාඨ ඔහුට නැහැ 2015 ඉඳලා නැවත ගැටුමක් පටන් ගත්තා ඒ අවස්ථාවේ වින්දිතයන් බවට පත්කර ගත්තේ මුස්ලිම් ජනතාව 2010 වන තුරු දෙමළ ජනතාව ඉන්පසුව ක්රමානුකූලව මුස්ලිම් විරෝධයක් ගොඩනඟන්න පටන් ගත්තා දිගනට අලුත්ගමට පහරදීම් සිදුකරන්නේ යුද්ධයෙන් පස්සේ මුස්ලිම් ජනතාවට විරුද්ධව විවිධ ජාතිවාදී සංවිධාන ගොඩනැගෙන්නේ යුද්ධ කාලයේ නොවෙයි යුද්ධයෙන් පස්සේ උතුරේ යුද්ධය අවසන් වූ පසු ඒ අයට නැවත ගැටුමක් අවශ්ය වුණා මහරගම විශාල විරෝධයක් දියත් කළා ඒ වේදිකාවේ හිටියේ තිලංග සුමතිපාල අද ඒ තිලංග සුමතිපාල සජිත් ප්රේමදාස එක්ක කරට අතදාගෙන ඉන්නවා කොහොමද එහෙම වෙන්නේ වඳ කොත්තු වඳ ඇඳුම් තිබෙනවා කියලා මුස්ලිම් ජනතාවට එරෙහිව ප්රචාරයන් ගෙන ගියා ඇඳුම් ඇන්දාම වඳ වෙනවා කියලා පොහොට්ටුවෙන් සොයා ගත්තා අම්පාර පැත්තේදි කොත්තු කෑවාම වඳවෙනවා කියලා පොහොට්ටුවෙන් සොයා ගත්තා ඊට පස්සේ සිදුවුණු පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සැකයට තුඩුදෙන විශාල කරුණු ප්රමාණයක් තිබෙන බව කවුරුත් දන්නවා මේ පන්නයේ කැත දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට එළඹෙන 21වැනිදා ජනාධිපතිවරණයේදී හැමෝම එකට එකතුවෙමු කියලා ඉතාම ඕනෑකමින් ආරාධනා කරනවා
ෆොන්සේකා සජබ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වී ඇත ඒ බව ෆොන්සේකා මහතා සජබය වෙත ලිපියකින් දන්වා තිබේ කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ද තමා අස් වෙන බව එම ලිපියේ සඳහන්ය තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා ඒ මහතා සජබ නායකත්වයට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ද ගෙන තිබුණි ඔහු මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කිරීම ද සිදු කර තිබේඅකිත පෙරේරා
පොලිස්පති නැතිව යුක්තිය අඩපණයි ඇමැති ටිරාන් කියයි
පොලිස්පතිවරයකු නොමැති වීම නිසා යුක්තිය මෙහෙයුම අඩපණ වී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ 09දා පැවැසීය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ධුරයේ ක්රියාකාරීව කටයුතු කළ සමයේ යුක්තිය මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා දෛනික වැඩසටහන් සකස් කරමින් නිලධාරීන් මෙහෙයවීම සිදු කළ බවත් ඔහු නොමැතිවීම නිසා එම මෙහෙයුම් අඩපණ වී තිබෙන බවත් කීය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මත්කුඩු ජාවාරම තුරන් කිරීම සඳහා යුක්තියේ මෙහෙයුම ආරම්භ කර පසුගිය මාර්තු සිට පාතාලය මර්දනය කිරීම සඳහා ද යුක්තිය මෙහෙයුම තවත් ශක්තිමත් කළ බවද ඔහු කීය ඒ වගේම ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට මහජන ආරක්ෂක අමාත්යාංශය අවශ්ය පියවර ගෙන ඇති බවත් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ලබාදීම සඳහා කමිටුවක් මගින් අධීක්ෂණ කටයුතු සිදුකර අවශ්ය පියවර ගනිමින් සිටින බවත් ඔහු කීයචමින්ද සිල්වා
පට්ට සතුටක් මට තියෙන්නේ හරින් කියයි
රට ගොඩනැඟීමට ජනාධිපතිවරයාට සහය පළකිරීමට එකතු වූයේ මගේ මන්ත්රී ධුරය අවදානමට ලක්වන බව දැනගෙනයි රටේ ප්රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් දේ කරපු එක ගැන මා පට්ට විදිහට සතුටු වනවා යැයි හිටපු ක්රීඩා හා සංචාරක ඇමැති හරින් ප්රනාන්දු මහතා ඊයේ 9දා කීවේය ශ්රේෂ්ඨාධිකරණය මගින් හරින් ප්රනාන්දු හා මනුෂ නානායක්කාර යන ඇමැතිවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහිමි කිරීම නිත්යානුකූල බවට නිගමනය කිරීමෙන් පසුව පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් හරින් ප්රනාන්දු මහතා මෙසේ ද කීවේය මේ විදියට එළියට බැහැලා යන්න වෙච්ච එක ගැන ඉතාම සතුටුයි අද මම මේ රට වෙනුවෙන් වැඩක් කරපු කෙනෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන ආඩම්බරයෙන් යන්න පුළුවනි එදා අර්බුද රැසකට මුහුණදී තිබුණ ක්රීඩා අමාත්යාංශය සංචාරක අමාත්යාංශය භාර ගනිද්දී මිනිස්සු අපිට හිනා වුණා නමුත් අපි පියවරෙන් පියවර මේ අමාත්යාංශ ඉස්සුවා මටයි මනුෂටයි ආත්ම විශ්වාසයක් තිබුණා අපිට කොන්ද පණ තිබුණු නිසා තමයි බය නැතිව තීරණ ගත්තේ රටේ නීතියට මම ගරු කරනවා අධිකරණයට ඇඟිලි ගහන්නේ නැති ජනාධිපතිවරයෙක් රටේ ඉන්නවා කියන එක මුළු රටම දැන ගත්තා දැන් අපිට ජනාධිපතිතුමාගේ ජයග්රහණය වෙනුවෙන් පූර්ණකාලීනව කැපවෙන්න පුළුවන් වැඩ පෙන්වපු කෙනෙක් ඉන්න කොට වෙනත් අයව අත්හදා බලන්න ඕනෑ නැහැ ජනාධිපතිතුමා නිර්පාක්ෂිකයි මමත් මනූෂත් අද ඉඳලා නිර්පාක්ෂිකයි මනුෂ නානායක්කාර මහතා අදහස් දක්වමින් එදා මේ රටට නායකයෙක් නැතිව හිටපු වෙලාවේ ඒ අභියෝගය භාර ගත්ත නායකයාට ශක්තියක් වෙන්න අපි ඔහු ළඟට ගිය එක ගැන අපි ආඩම්බර වෙනවා වගකීම් භාර ගන්න පුළුවන් කියපු නායකයා ළඟට හැමදාමත් වගකීම් භාර ගන්න දෙන්නෙක් විදියට අපි දෙන්නා ගියේ අභියෝගවලට බය නැති නිසා මේ අවුරුදු දෙකට රට ගොඩගන්න අපි ශක්තිය දුන්නා හරින් මේ රටේ සංචාරක ක්ෂේත්රය කඩාවැටිලා බින්දුවේ තියෙද්දී භාර අරගෙන අද වන විට සංචාරකයෝ ලක්ෂ ගණනක් රටට ගේන්න සමත්වෙලා තියෙනවා අද අපි අමාත්යාංශවලින් එළියට බහින්නේ ආඩම්බරයක් ඇතිවයි 21 වැනිදායින් පස්සේ රනිල් වික්රමසිංහ මැතිතුමා ජනාධිපති විදියට පත්වෙලා ඉතුරුවෙලා තියෙන වැඩ කොටසත් අවසන් කරලා අපි සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් ජනතාවට උරුම කර දෙනවාකමල් බෝගොඩ පිංතූර නිශාන් එස් ප්රියන්ත
බාල හොකී පිටිය හදන අය උත්තර බඳින්න ලෑස්ති වෙන්න විපක්ෂ නායක සජිත් ප්රේමදාස
ජනපතිවරණයට නාමයෝජනා දීමට පෙර ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තත්ත්වයෙන් බාල හොකී පිටියක් සාදා විවෘත කිරීමට ගන්නා උත්සාහය ඉතා වැරදි බවත් මෙවැනි වැරදි සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් පසු වගකිවයුත්තන්ට උත්තර බඳින්න සිදු වන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 09දා පැවසීය එහිදී ඔහු මෙසේද කීවේය ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කොළඹ 07 රීඩ් මාවතේ කෘත්රිම හොකී පිටියක් ඉදිකිරීමේ ව්යාපෘතියක් ආරම්භ කරලා තිබෙනවා ඒ ගැන අපට කලබලයක් නෑ ඒක බොහොම හොඳ වැඩසටහනක් මේ ක්රීඩා පිටියක් ඉදිකිරීමේදී මුලින් යොදන කොන්ක්රීට් තට්ටුව අඩුම තරමේ දින 20ක්වත් වේලෙන්න තියෙන්න ඕනා නමුත් ක්රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා මෙම ඉදි කිරීම සිදු කරන විදේශීය සමාගමට දන්වා තිබෙනවා කඩිනමින් මෙම ඉදි කිරීම අවසන් කරන ලෙස ඔහු උපදෙස් දීලා තිබෙන්නේ හොකී ක්රීඩාංගණය 15 වැනි දිනට පෙර විවෘත කරන්නයි ඉතින් මේ වගේ වැඩ කරන්න එපා මැතිවරණයක් ක්රියාත්මක වන මොහොතේ අක්රමවත් ක්රමවේදයක් තුළ අඩු ප්රමිතියක් ඇති කොන්ක්රීට් හොකී පිටියක් හැදීම නරක ආදර්ශයක් නියමිත ප්රමිතියට මෙය ඉදිකරන්න බාල පිට්ටනියක් හදන්න එපා මේක වැරදි වැඩක් ඇත්තටම මේ වගේ සිදුවීම්වලට සැප්තැම්බර් 21න් පසුව උත්තර බඳින්න වෙයි සභානායක ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හොකී පිටියක් හදිසියේ විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු මා ක්රීඩා ඇමැතිවරයා වෙත යොමු කරන්නම් එය නිසි ආකාරයෙන් කරන්න කියලා අපි කියනවා එහෙම හදිස්සියක් අපිට නම් නෑඅකිත පෙරේරා රනිල් ධර්මසේන
දූෂණය පිටුදැක විනයගරුක රටක් බිහි කිරීමට මා ඇපකැප වෙනවා ෆොන්සේකා කියයි
වහල් දේශපාලනයෙන් තොරව සැමට එක හා සමාන වරප්රසාද හිමිවන රටක් බිහිකරීම සඳහා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කීවේය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව මාධ්ය දැනුවත් කිරීම සඳහා ඊයේ 09දා කොළඹදී පැවති මාධ්ය හමුවකදී ෆොන්සේකා මහතා මෙසේ ද කීවේය ලංකාවේ සෑම පක්ෂයකම වැඩි පිරිසක් ඉන්නෙ දූෂිතයින් ඒ නිසා මම තීරණය කළා ස්වාධීනව ජනතාව ඉදිරියට පැමිණිලා ජනවරමක් ලබාගන්න අද තියන පක්ෂවල නායකයන්ට දැක්මක් නැහැ ඔවුන් ජනතාවට ආදරය කරන්නේ නැහැ ඒ නිසා අඳුරේ අතපත ගාන්නේ නැති ප්රමිතියක් ඇති නායකයෙකු බිහිකර ගැනීමට මෙය අවස්ථාවක් කරගත යුතුයි මම එදා රටට පොරොන්දු වුණා එල්ටීටීඊ සංවිධානය විනාශ කරලා යුද්ධය අවසන් කරනවා කියලා මම ඒක කළා ඒ වගේම අද මම පොරොන්දු වෙනවා නීතිය ආරක්ෂාව සහිත සැමට එක හා සමානව වරප්රසාද ලැබෙන රටක් බිහිකරනවා කියලා ඒ වගේම දූෂණය පිටුදැක විනයගරුක රටක් බිහිකරීමට මා ඇපකැප වෙනවා රටකට අවශ්ය වන්නේ අවදානම්වලට බෙල්ල තියලා රට බේරගන්න නායකයෝ මිස අභියෝග හමුවේ පැනලා දුවන නායකයෝ නොවෙයි රටේ ආර්ථිකය හදන්න දැක්මක් මට තියෙනවා ජනතාවගේ කුස පුරවන ආර්ථිකයක් ඇති කළොත් විතරයි රටේ ජනතාව සතුටින් ඉන්නේ එවැනි සමාජයකින් පමණයි සමාජ සාධාරණත්වය බලාපොරොත්තු වන්න පුළුවන් ඉදිරියේදී මාගේ මැතිවරණ ව්යාපාරය ගම් මට්ටමින් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා දූෂිත දේශපාලන සංස්කෘතිය ප්රතික්ෂේප කරන ජනතාවට මා වටා එකතුවන ලෙස ආරාධනා කරනවා යැයි ද ෆොන්සේකා මහතා මෙහිදී කීවේයකමල් බෝගොඩ
මනුෂගේ පුරප්පාඩුවට බන්දුලාල්
හරින් ප්රනාන්දු සහ මනුෂ නානායක්කාර මන්ත්රීවරුන් සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාදුන් සාධාරණ තීන්දුවට තමන් ගරු කරන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය හරීන් ප්රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජනබලවේගයෙන් නෙරපීම නීත්යානුකූල බව ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳව මාධ්යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය මනුෂ නානායක්කාර මහතා ඉවත් කිරීමෙන් ඇතිවන මන්ත්රී පුරප්පාඩුව වෙනුවෙන් ගාල්ල දිස්ත්රික්කයේ සජබ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා නීත්යානුකූලව පත්වන බවත් සඳහන් කළ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා හරීන් ප්රනාන්දු මහතා වෙනුවට පත් කරනු ලබන ජාතික ලැයිස්තු මන්ත්රීවරයා පිළිබඳව ඉදිරියේදී පක්ෂය සමග සාකච්ඡා කර මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවද සඳහන් කළේය පක්ෂ මාරු කරන දේශපාලකයන්ට මෙය හොඳ පූර්වාදර්ශයක් වනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේයසුජීව තත්සර
දැන් අපේක්ෂකයෝ 27යි
මෙවර ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයන් තුන් දෙනෙක් ඊයේ ඇප මුදල් තැන්පත් කළහ නව සම සමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස ප්රියන්ත පුෂ්පකුමාර මහතාත් ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු ලෙස එම් තිලකරත්න මහතාත් අපේ ජනබල පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජේ ඩී කේ වික්රමරත්න මහතාත් ඊයේ මෙසේ ඇප මුදල් තැන්පත් කළහ මේ අනුව ඊයේ වනවිට ජනපති සටනට අපේක්ෂකයෝ 27 දෙනෙක් තරග බිමට පිවිස සිටිතිරනිල් ධර්මසේන
හිස් මන්ත්රී පුටු දෙක පිරවීම පාර්ලිමේන්තු ලේකම් දැනුම් දුන්පසු
හරින් ප්රනාන්දු හා මනුෂ නානායක්කාර යන මහත්වරුන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්රීධුර පිරවීම පාර්ලිමේන්තු මහ ලේකම්වරිය නිල වශයෙන් දැනුම් දුන්පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්එම්කේජී රත්නායක මහතා දිවයිනට පැවසීය මන්ත්රීධුර දෙකෙහි පුරප්පාඩු පවතින බවට මුලින්ම පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මැතිවරණ කොමිසමට දැනුම් දියයුතු බවත් ඉන්පසුව අදාළ ගාල්ල දිස්ත්රික්කයේ පුරප්පාඩුව එම දිස්ත්රික්කයෙන් සමගි ජන බලවේගයේ ඊළඟට වැඩිම මනාප ලබාඇති තැනැත්තා නම් කිරීමට දිස්ත්රික් තේරීම් භාර නිලධාරියා කටයුතු කරනු ඇති බවත් සභාපතිවරයා කීය එමෙන්ම ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුවට අයකු නම් කර එවන ලෙස පක්ෂ මහලේකම්වරයාට දැනුම් දෙන බවද කී සභාපතිවරයා නම් දෙකම ලැබුණු වහාම ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත් කරන බවද කියා සිටියේයරනිල් ධර්මසේන
කෙහෙළියට ඇප ද තීරණය යළි කල්යයි
ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් සෞඛ්ය අමාත්යාංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ සැකකරුවකු වන හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින්නේද නැතිද යන නියෝගය ලබන සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා නැවතත් කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ 09දා නියෝග කළේය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගොනු කර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ඩී ශෂී මහේන්ද්රන් යන මහත්වරුන් හමුවේදී කැඳවිණිඒ ජේ ඒ අබේනායක
මන්නාරමේ සමූහ මිනී වළ ස්කෑන් කරන්නැයි නියෝග
මන්නාරම සතොස සමූහ මිනී වළේ කැණීම් කටයුතු අවසන් කොට ඇතත් එම වළ පිහිටි ප්රදේශය ස්කෑන් පරීක්ෂණයකට ලක් කරන ලෙස මන්නාරම මහෙස්ත්රාත් එස් සාජිත් මහතා කැණීම් බාර නිලධාරීන්ට 8 දා නියෝග කළේය මහෙස්ත්රාත්වරයා එම නියෝගය කළේ මන්නාරම සතොස සමූහ මිනී වළ සම්බන්ධයෙන් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතී සංගමය විසින් ගොණුකොට තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීය සතොස සමුහ මිනී වළේ තවත් මිනිස් අස්ථි කොටස් ඇති බවට එම සංගමය විශ්වාස කරන බව එම නඩුව ගොනු කළ පිරිස අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉල්ලා ඇත්තේ දනට වසා දමා ඇති එම සමූහ මිනී වළේ කැණීම් කටයුතු යළි ආරම්භ කරන ලෙසයි කැණීම් කටයුතු සඳහා මුදල් නොමැතිකමත් සමූහ මිනී වළ මන්නාරම නගරයේ ඉතාම අඩු ඉඩක් ඇති ස්ථානයක පිහිටීම නිසාත් උද්ගත වන ප්රායෝගික ප්රශ්න නිසා එම ස්ථානයේ කැණීම් ආරම්භ කිරීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම උචිත බවට විනිසුරුවරයා නියෝගයක් ලබා දෙන ලදී එම ස්කෑන් පරීක්ෂණ කටයුතු පුරා විද්යා දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ අධීක්ෂණය හා ප්රධානත්වයෙන් සිදු කරන ලෙසද මහෙස්ත්රාත්වරයා කැණීම් බාර නිලධාරීන්ට නියෝග කළේය මන්නාරමේ එමිල් නගරයේ සංවර්ධන කටයුත්තක් සඳහා පස් අවශ්ය වූ අවස්ථාවක 2018 මැයි මස 25 වෙනිදා පස් රැගෙන එන ලද්දේ මන්නාරමේ සතොස තොග ගබඩාව අසල පැරණි ගොඩනැගිල්ලක් කඩා දැමූ බිමකිනි පස්ගොඩක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඇටකටු කැබලි ඇති බව දුටු කොන්ත්රාත්කරුවෝ මන්නාරම පොලිසියට ඒ බව පැමිණිලි කළහ ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව එම ස්ථානයේ කැණීම් ආරම්භ කළ අතර මිනිස් ඇටසැකිළි 239 ක් එහිදී හමු විය ඉන් 18 ක් වයස අවුරුදු 18 ට අඩු ළමයින්ගේ බවටද තොරතුරු අනාවරණය විය සතොස මිනී වළ හෑරීමේ කටයුතු ඉතා අසීරු අඩියකට පත්වූයේ එම ස්ථානය අවට ස්ථිර ගොඩැනැගිලි විශාල සංඛ්යාවක් ඉදි කොට තිබීම නිසාය පසුව අධිකරණ නියෝගයක් මත හාරන ලද එම මිනීවල පස් දමා වසා දැමීමට පියවර ගන්නා ලදී යළි ඒ පිළිබඳව අවධානය යොමු වී ඇත්තේ එම මිනී වළ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මෙම නඩුව නිසාය මෙම නඩුව යළිත් සැප්තැම්බර් මස 16 වෙනිදා විභාගයට ගැනීමට නියමිතයදිනසේන රතුගමගේ
එක්ස්ප්රස් පර්ල් ගිනිබත් වීමෙන් අගතියට පත් පාර්ශ්වවලට නිසි වන්දියක් හිමි වුණේ නෑ විපක්ෂ නායක සජිත් ප්රේමදාස
එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිබත් වීම හේතුවෙන් රටේ සමුද්රීය පාරිසරික පද්ධතියට සිදුවූ හානිය අතිවිශාල බවත් මෙහිදී ආර්ථිකමය හානියක්ද සිදුවූ බවත් නමුත් එයින් අගතියට පත් පාර්ශ්වවලට සම්පූර්ණ වන්දි මුදල් හිමි වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය එක්ස්ප්රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව මෙතෙක් එළිදක්වා නොමැති බවත් එය බරපතළ ගැටලුවක් බවත් රටේ ලක්ෂ 220ට එම වාර්තාව පරිශීලනය කිරීමට ලබාදිය යුතු බවත් එම වාර්තාව හැකි ඉක්මනින් එළිදක්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය එක්ස්ප්රස් පර්ල් නෞකා අනතුර මගින් ධීවර ප්රජාව සඳහා රුපියල් බිලියන 25 ක වන්දි මුදලක් රක්ෂණ සමාගමෙන් ලබාදී ඇති බව හිටපු අධිකරණ ඇමැතිවරයා පැවසූ බවත් එම වන්දි මුදල් බෙදි ගිය ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ 09 දා පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 2 යටතේ එක්ස්ප්රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් ප්රකාශයක් කරමිනි විපතක් සිදුවුණු පසු විපතට භාජනය වුණ කණ්ඩායම ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වන්දි තක්සේරුවක් සිදුකොට විපත සිදුකළ කණ්ඩායමෙන් එම වන්දි මුදල අය කරගැනීම කටයුතු කළ යුතු බවත් නමුත් එවැනි කටයුත්තක් එක්ස්ප්රස් පර්ල් සිද්ධියේදී සිදුවී නැති බවත් විපත ක්රියාත්මක කළ පිරිස තක්සේරු කර මුදලක් ලබාදී ඇති බවත් මෙවැනි ආකාරයට වගකීම් විරහිතව රජයක් කටයුතු කරන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය මේ ආකාරයට ශ්රී ලංකාවට හැසිරීමට නොහැකි බවත් ශ්රී ලංකාව ස්වෛරී රටක් බවත් දේශපාලන නිදහසක් තිබෙන රටක් බවත් එම නිසා මෙවැනි ඛේදවාචකයකදී රටක් ලෙස තීන්දු තීරණ ගතයුතු බවත් සිදුවූ හානිය පිළිබඳව සහ එයින් විපතට පත් ප්රජාවට වන්දි ලබාදීම පිළිබඳව සැලැස්මක් විපත ඇතිකළ සමාගමට ලබාදීමට කටයුතු කළ යුතු බවත් විපත නිර්මාණය කළ සමාගම සමඟ සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් සාධාරණ වන්දියක් ලබාගැනීමට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මෙහි දී පැවසීය එමෙන්ම එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ රසායකින ද්රව්ය සම්පුර්ණයෙන් ඉවත් නොකිරීම හේතුවෙන් එම රසායනික ද්රව්ය ක්රමයෙන් ජලයට මිශ්ර වී ඇති බවත් එය ජලය භාවිතයේදී සනාථ වී ඇති බවත් මීගමුවේ සිට වත්තල හැඳල දක්වා වෙරළ තීරයේ ඇති ඉස්සන් කොටු ආශ්රිතවද ගැටලු රැසක් ඇති වී ඇති බවද වාර්තා වූ බවත් මේ හේතුවෙන් ඉස්සන් කොටු පවත්වාගෙන යන පිරිස් දුෂ්කරතාවට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් පියවරක් රජය ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය ධීවර කර්මාන්තය සඳහා යොදාගන්නා ආම්පන්නවල මිල ඉහළ ගොස් ඇති බවත් මාලු ගැවසෙන තැන් හදුනාගැනීමට යොදාගන්නා තාක්ෂණවල ඌණතාවයක් තිබෙන බවත් මාලු අස්වැන්න කල් තබාගැනීමට ශීතාගාර පහසුකම් නැති බවත් මාලු අස්වැන්න සඳහා ස්ථාවර මිලක් රට තුළ නොමැති බවත් විදේශීය ධීවරයින් ලංකාවේ මත්ස්ය සම්පත කොල්ලකන බවත් ඊට නිසි විසඳුමක් නැති බවත් සුහුරු ධීවර කර්මාන්තයක් රට තුළ ඇති කළ යුතු බවත් සජිත් ප්රේමදාස මහතා වැඩිදුරටත් පැවැසීයඅකිත පෙරේරා සහ රනිල් ධර්මසේන
සාගරට එරෙහි අනුරගේ නඩුව දෙසැම්බර්වලට කල්යයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර ඇති නඩුව ලබන දෙසැම්බර් 20 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඊයේ 09 දා නියෝග කළේය විත්තිකාර සාගර කාරියවසම් මහතා විසින් 2023 අගෝස්තු 19වැනිදා කොළඹදී පැවැති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකදී තමන් බිලියන ගණනක මුදල් වංචා කර ඇති බවට කළ ප්රකාශය අසත්ය ප්රකාශයක් බැවින් සිය කීර්තිනාමයට සිදුවූ හානියට එකී වන්දිය අයකර දෙන ලෙස පෙත්සම්කාර අනුර කුමාර දිසානායක මහතා නීතිඥ ශානිකා සිල්වා මහත්මිය මඟින් ගොනු කර තිබූ එම නඩුව මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබිණිඒජේඒ අබේනායක
ජන අරගල සන්ධානයෙන් රැලි 25ක් ජනහමු 500ක්
No Data
අල්ලස් ගත් පිළියන්දල හිටපු කොස්තාපල් වසර 4ක් හිරේ
No Data
මැතිවරණ සමයේ වුවත් ගුරු විදුහල්පති අකුරට වැඩ තවදුරටත්
No Data
තවත් බිත්තර රටින් ගෙන්වයි
No Data
පෑලියගොඩ තොග වෙළඳපොලේ එළවළු පලතුරු මාළු මිල ගණන්
No Data
ඉතාම ජනාකීර්ණ සුගතදාස ක්රීඩාංගණය අසල මරු කපොලු
No Data
දඩ කොළෙන් වෙඩි වදී චෝදනා නැති අයෙක් මරුට
No Data
එල්ලුම්ගහේ සිටි ළමාහේවා නිදොස් කොට නිදහස්
No Data
කඳුළෙන් පිරුණ මේ දේශයේ කඳුළු පිස දමන හැම දෙනාම දිනන ගමනට එකතුවෙන්න විපක්ෂ නායක සජිත් ප්රේමදාස
No Data
මොන සන්ධාන ගැහුවත් ජනතා අභිලාෂය මාලිමාව සමගයි අනුර කුමාර
No Data
ජාතික රෝහලේ සීටී ස්කෑන් දෙකක් කැඩිලා
No Data
තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද රෑ අවසන්
No Data
නිපුණ රාමනායක සිද්ධිය හිටපු ඩීඅයිජී වාස්ට තවත් සිර දඬුවමක්
බලහත්කාරයෙන් පැහැර ගනු ලැබූ මාලබේ තොරතුරු තාක්ෂණ විiා ආයතනයේ සිසුවකුව සිටි නිපුන රාමනායක නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයේ අයුතු ලෙස රඳවා තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එවකට එම කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම කළ කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා රවිඳු ගුණවර්ධනට හා විත්තිකාර පොලිස් නිලධාරීන් සිවු දෙනකුට ද බරපතළ වැඩ සහිත වසර හතර බැගින් වූ සිර දඬුවම් නියම කළේය එම නඩුවේ සෙසු විත්තිකරුවන් වූ වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්යාමලී ප්රියදර්ශනී පෙරේරා මෙන්ම සෙසු විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ද සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කළේය 2009 වසරේ අගෝස්තු 4 වැනිදා මාලබේදී ධනුෂ්ක නිපුන රාමනායක නමැත්තා බලහත්කාරයෙන් පැහැර ගැනීමට කුමන්ත්රණය කිරීම ඇතුළු චෝදනා හතකට වරදකරු කරනු ලැබූ ඉන්දික පුෂ්පකුමාර දමිත් ප්රියංකර රවිඳු ගුණවර්ධන වාස් ගුණවර්ධන හා ශාන්ත ලලිත් විතාන යන පස් දෙනාට එලෙස සිරදඬුවම් නියම කළ අතර ශ්යාමලී පෙරේරා නමැත්තිය මෙන්ම ලක්ෂ්මන් තිලකරත්න හා සමන්ත සඳුන් දිසානායක යන දෙදෙනා නිදොස් කොට නිදහස් කරනු ලැබූහ රටේ සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබූ වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකාර පොලිස් නිලධාරීන් සිවු දෙනා එලෙස අනීතික ලෙස කටයුතු කිරීමෙන් ඔවුන් වෙත ජනතාව තබා තිබූ විශ්වාසය බිඳ දමා තිබීම ඉතා බරපතළ කරුණක් බවත් ඔවුන් අතින් සිදුවූ වැරදි සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමක් අධිකරණය හමුවේ සිදු නොකිරීම දඬුවම් නියම කිරීමේදී තම අධිකරණය අවධානය යොමු කළ බවත් විනිසුරුවරයා සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය ඉන්දික පුෂ්පකුමාර දමිත් ප්රියංකර ද සිල්වා යන පොලිස් නිලධාරීන් දෙදෙනා පළමු සිවුවන හත්වන අටවන චෝදනාවලට වරදකරුවන් බවට නිගමනය කළ විනිසුරුවරයා එකී චෝදනාවලට වෙන් වෙන්ව බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිරදඬුවම් නියම කොට එකී සිරදඬුවම් කාලය එකවර එනම් වසර හතරක කාලයකින් ලබාදීමට නියම කළේය එයට අමතරව එම විත්තිකරුවන් තිදෙනාම රුපියල් 42000 බැගින් වූ දඩ ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කළේය හත්වන විත්තිකාර වාස් ගුණවර්ධන මහතාට ඔහු වරදකරු කරනු ලැබූ නවවන චෝදනාවට නියම කළ බරපතළ වැඩසහිත සිරදඬුවමට අමතරව රුපියල් 30000ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා 12 සහ 13 යන චෝදනාවලට වරදකරු කරනු ලැබූ අටවන විත්තිකාර ප්රධාන පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් විතාන නමැත්තාට වසර අටක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර එම සිරදඬුවම වසර හතරකට එකවර ගෙවී යන ලෙසට ලබාදීමට නියම කළ අතර රුපියල් 40000ක දඩයක් ද නියම කළේය එම ලලිත් විතාන නමැති විත්තිකරු මේ වනවිට පාදයක් කපා නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබනා බැවින් සක්රිය සිරදඬුවම් නොව අත්හිටුවූ සිරදඬුවම් නියම කරන ලෙස ජනාධිපති නීතිඥ ශ්රීනාත් පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය එසේ නමුත් එම විත්තිකරු ඇතුළු විත්තිකරුවන් පස් දෙනා සිදුකර ඇත්තේ සිවිල් පුරවැසියකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම වැනි බරපතළ වරදක් වන බැවින් එවැනි වැරදි සිදු කිරීමට අපේක්ෂා කරන සෙසු පොලිස් නිලධාරීන්ට ද පාඩමක් ඉගෙන ගත හැකි පරිදි සක්රිය සිරදඬුවම් නියම කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තියේ ඉල්ලීම ප්රතික්ෂේප කර වහාම තම අධිකරණය නියම කළ සිරදඬුවම ක්රියාත්මක කරන ලෙසත් ඔහු ප්රතිකාර ලබන ස්ථානයේදී ඔහුව භාරයට ගන්නා ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය මෙහි 7 වැනි විත්තිකරු වන වාස් ගුණවර්ධන වෙනත් නඩුවකට මේ වනවිටත් මරණීය දණ්ඩය නියමව සිටින්නෙකිඒ ජේ ඒ අබේනායක
දෙමළ ජනතාවගේ පොදු අපේක්ෂකයා අරියනේත්රන්
ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාවගේ පොදු අපේක්ෂකයා යන තේමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රි පාකියසෙල්වම් අරියනේත්රන් මහතා නම් කර තිබේ යාපනය සෙල්වා කලාගාරයේ ඊයේ 08දා පැවැති මාධ්ය හමුවකදී මේ සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ප්රකාශයට පත්කර ඇත සීවී විග්නේශ්වරන් මහතාගේ දෙමළ ජනතා සන්ධානය ටෙලෝ ප්ලොට් ඊපීආර්එල්එෆ් දෙමළ ජාතික හරිත ව්යාපාරය දෙමළ ජාතික පක්ෂය ප්රජාතන්ත්රවාදී සටන්කාමී පක්ෂය සිවිල් සමාජ සංවිධාන සමග එක්ව මෙම අපේක්ෂකයා තෝරාගෙන තිබේ දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසුකච්චි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය මෙතෙක් ප්රකාශ කර නොමැති අතර සමස්ත ලංකා දෙමළ කොංග්රසය ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ කටයුතුවල නිරතව සිටින බවට වාර්තා වේචමින්ද සිල්වා
ජනාධිපති අපේක්ෂකත්වයට නාමල් දමා පොහොට්ටුව මුළු රටම හිනස්සනවා
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර මුළු රටම හිනස්සවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙන්ති මහතා පැවසීය සුනිල් හඳුන්නෙන්ති මහතා ඒ බැව් කියා සිටියේ ජාතික ජන ජන බලවේගය විසින් දීප ව්යාප්තව දිස්ත්රික් මට්ටමින් සංවිධානය කරනු ලබන බැංකු මූල්ය සංසදයේ නුවරඑළිය දිස්ත්රික් සමුළුව 7 දා පැවැති අවස්ථාවේදිය මෙම වැඩසටහන ජාතික ජනබල වේගය රජයක් යටතේ ඉදිරියට ක්රියාත්මක කිරීමට නියමිත මූල්යමය කළමනාකරණ කටයුතු පිළිබඳව බැංකු හා මූල්ය ක්ෂේත්රවල නියැලී සිටින නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබුණි මෙහිදි අදහස් දැක් වු හිටපු පාම කෝප් කමිටුවේ හිටපු සභාපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියේ අද හොරු සෙට් එක දෙකට බෙදිලා එදා ඉදන් කරපු හොරකම් මැරකම් ඔක්කොම වමාරනවා හෙට අනිද්දා සහරාන්ට බෝම්බ ගහන්න කිව්වේ කවුද බෝම්බ හදලා දුන්නේ කවුද කියන එක වමාරයි සෙට් එකම ජනතාවට අවශ්ය දේ ජනතාව නිවැරැදිව තේරුම් ගත්තොත් හොරකමින් වංචාවෙන් මනුෂ්ය ඝාතනවලින් තොර නායකයෙක් වන අනුර කුමාර දිසානායක නිසැක වශයෙන්ම ජය ලබා ගන්නවා අද අපි දැක්කා ශ්රී ලංකා පොදුජන පෙරමුණ එයාලගේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරලා රට්ටු හිනස්සන කතාවක් කියනවා ඒ තමයි අරගලෙන් ඉල්ලුවේ තරුණයෙක් ඔන්න අපි තරුණයෙක් දුන්නා එයාව ජනාධිපති කරගන්න කියලා එදා අරගලය කරපු දේශ හිතෛෂී ප්රජාව කිව්වේ ගෝඨා ගෝ හෝම් රාජපක්ෂ ගෝ හෝම් කියලා එතන කොතනකදිවත් කිව්වෙ නෑ නාමල් කම් කම් කියලා ධම්මික පෙරේරට ඡන්ද ඉල්ලන්න කියලා එයා බෑ කිව්වහම මේ සුරංගනා කතා කියලා කැටයම් දාලා නාමල්ව පුප්පන්න හදනවා ඒකම ධම්මික පෙරේරා ඉල්ලන්න කැමති වෙලා තිබ්බනම් කියන්නේ වෙනම කතාවක් එදා රනිල් වික්රමසිංහ මහ බැංකු හොරා කියපු අයම අද රනිල් වික්රමසිංහ ළඟ නිදි එදා මම බැංකු හොරා කියපු අය ඒ කටවල්වලින්ම පහුගිය කාලේ කැටයම් දාලා රනිල් වික්රමසිංහව වීරයෙක් කළා ඒ හැමදේම එහෙම වුනාට අද වෙනකොට රටේ බහුතර රෝගවලට බෙහෙත් නෑ පිළිකා සුව කරන්න පුළුවන් බෙහෙත් කිසිවක් රටේ නෑ ඒ විතරක් නෙමෙයි තුවාල තියෙන වතුකම්කරුවන්ට බෙහෙත් දාන්න වෙලා තියෙන්නේ රෝගියා විසින්ම පාස්ටර් ගෙනත් දුන්නනම් විතරයි මෙහෙම යථාර්ථයක් තියෙන රටක ආණ්ඩුවේ අර්බුද ජනතාවට පටවලා ජනතාවගේ අර්බුදය මායිමට ගන්නැතුව ආර්ථික අර්බුදය වහන්න හදන රනිල් වික්රමසිංහ නැවත ජනාධිපති කරෝතින් අපිට මීට වඩා ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මැයි පළවෙනිදා කියනවා කම්කරුවන්ගේ පඩි වැඩි කරනවා කියලා අද කියනවා එහෙම එකක් කිව්වේ නෑ කියලා දෙන්නං කියද්දිත් අහිංසක මිනිස්සු අත්පොඩි ගහන්න ඕන බෑ කියද්දිත් අත්පොඩි ගහන්න ඕන මේක තමා රටේ මිනිස්සුන්ගේ ඉරණම එදා කිව්වා හොරු සෙට් එක එකට ඉන්නකොට අපි කවුරුත් අරගලේට ගැහුවේ නෑ කියලා ඒත් අද කියනවා ගහන්න කිව්වේ කවුද පොලු ගෙනිච්චේ කොහොමද ගැහුවේ කොහොමද කියලා ඒ වගේම හෙට අනිද්දා කියයි සහරාන්ට බෝම්බ ගන්න කිව්වේ කවුද බෝම්බේ හැදුවේ කවුද කියලත් හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්ගේ පුත්තු අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා එයාලගේ අප්පච්චිලා රට කාපු හැටි මහජනතාවට තවමත් මතකයි ආර්ථිකය හදන එකම ප්රතිපත්තිය හා ප්රායෝගික ක්රියාදාමය හිමි ජාතික ජන බලවේගයට පමණයි රටේ ආර්ථිකය උපද්දවන්න පුළුවන් වෙන්නේ මේ යථාර්ථය මහජනතාව තේරුම් ගෙන අවසන් බැවින් අපිට විශ්වාසයි ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක සහෝදරයා අතිවිශිෂ්ට ජයග්රහණයක් ලබන බව ඒ ජයග්රහණය ලංකාවේ වාර්තාගත ජයග්රහණයක් වන බව නොඅනුමාන යනුවෙන් හෙතෙම පැවසීය මෙම වැඩසටහන සඳහා පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික විද්යාව පිළිබඳ ජ්යෙෂ්ඨ මහාචාර්ය ඕ ජී දයාරත්න ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්ය සංසදයේ කැඳවුම්කරු සමීර අල්විස් ඇතුළු නුවරඑළිය දිස්ත්රික්කයේ රාජ්ය හා පෞද්ගලික බැංකු හා මූල්ය ආයතන නියෝජනය කරන කළමණාකාරිත්වය ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහනුවරඑලිය නාලක රත්නායක
පොලිසියෙන් භාගයක්ම ප්රභූ ආරක්ෂාවට යොදවලා ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය
රටේ ඉහළම තැන අධිකරණයට ගරු කරන්නේ නැත්නම් රටේ නීතිය කඩා වැටෙනවා යැයි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙරේදා 07දා පැවසීය ශ්රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්විට රටේ ඉහළ සිට පහළට විවිධ පාර්ශ්ව එයට එරෙහිව අදහස් ප්රකාශ කිරීමක් රටේ කවදාවත් ඇති වී නැතැයි ද ක්රමයේ වෙනසක් සඳහා නීති ප්රතිසංස්කරණ ජාතික සමුළුව 2024 අමතමින් ජයසූරිය මහතා මෙම අදහස් ප්රකාශ කළේය වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ක්රමයේ වෙනසකට නීති ප්රතිසංස්කරණය සඳහා වන නීතිඥ ඇකඩමිය වෘත්තීයවේදීන්ගෙන් සහ සිවිල් සංවිධාන කමිටුව ක්රමයේ වෙනසක් සඳහා නීති ප්රතිසංස්කරණ සමුළුවේ ප්රතිපත්ති ඇතුළත් ප්රකාශය පසුගිය ජූලි 30 කෝට්ටේදී එළිදක්වනු ලැබුවා මේ රටේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි කිව්වට එහෙම දෙයක් පේන්න නැහැ පාලන බලයට පත්වන උදවියට නීතිය නිසියාකාරව ක්රියාත්මක වන බවක් පේන්න නැහැ දැනට ඇමැතිවරයෙක් බන්ධනාගාරගතව සිටියට එය සිදුවූයේ සිවිල් සංවිධාන ඇතුළු ජනතාව පෙරට පැමිණි නිසයිමොකද ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයක් ගෙනාවාම ඔහු ජයග්රහණය කෙරුවා අපි දැක්කා පළාත් පාලන මැතිවරණය පවත්වන්න ශ්රේෂ්ඨාධිකරණයට ගියාම මුදල් නැහැ කියනවා ශ්රේෂ්ඨාධිකරණය තවත් තීන්දුවක් දුන්නම රටේ ඉහළ සිට පහළට විවිධ පාර්ශ්ව ඒ සම්බන්ධයෙන් අදහස් ප්රකාශ කරනවා එහෙම වුණොත් රටේ නීතිය කඩා වැටෙනවා සමහරු ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරාම මොනවද වෙන්නේ කියලා ජනතාව දන්නවා ඒ කියන්නේ ඇතැම් අය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්රියාත්මක වෙන්නේ නැහැ සමහර ඒවා දෝෂ සහිතයි ඒවා සංශෝධනය කරල නැවත ඉදිරිපත් කරලත් නැහැ සොරකම දූෂණය වංචා ගැන කතා කරාට එහි ප්රතිඵලයක් පේන්න නැහැ පොලිස් දෙපාර්තමේන්තුවෙන් භාගයක් විතර ප්රභූන් ආරක්ෂා කරන්න යොදවලා රජයේ වාහන විවිධ අය භාවිත කරනවා රාජ්ය ලාංඡන නැති නිසා එහෙම වෙනවා ඇති එදා සෑම රජයේ වාහනයකම රාජ්ය ලාංඡනය සලකුණු කරන්න කියලා නීතියක් තිබුණත් එක්තරා දේශපාලන පක්ෂයක පිරිස් ඒවාට හානි කළ නිසා එම නීතිය ඉවත් කරන්න සිදු වුණා බංගලාදේශයේත් අපේ රටේත් තරුණ පිරිස් තමයි වෙනසක් ඉල්ලා සිටියේ පොලිස්පතිවරයා ගැන ගත්තොත් ගෝල්ෆේස් පිටියට ආරක්ෂාවක් දෙන්න බැරිවුණ කෙනාට මැතිවරණයට ආරක්ෂාව දෙන්න පුළුවන් ද කියලා හිතෙනවා මෙහිදී ජයවර්ධනපුර විශ්වවිiාලයේ මහාචාර්යවරුන් වන දුනේෂ් ගන්කන්ද හා ගාමිණී රත්න ශ්රී යන මහත්වරුන් ද අදහස් දැක් වූහචමින්ද සිල්වාඡායාරූප ධර්මසේන වැලිපිටිය
දැන් අපේක්ෂකයෝ 24 යි
ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ තවත් අපේක්ෂකයන් දෙදෙනකු ඇප මුදල් තැන්පත් කිරීමත් සමග මේ වන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ගණන විසි හතර දක්වා ඉහළ ගොස් තිබේ ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයකු ලෙස සිඩ්නි ජයරත්න මහතා සහ ඡන්ද හිමියකු විසින් නාම යෝජනා කරන ලද අපේක්ෂකයකු ලෙස ඩීඑම් බණ්ඩාරනායක මහතා මෙසේ ඊයේ ඇප මුදල් තැන්පත් කළහරනිල් ධර්මසේන
ඔන්ලයින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ 08 ඉදිරිපත් කෙරිණ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා වෙනුවෙන් සභානායක ඇමැති ආචාර්ය සුසිල් ප්රේම ජයන්ත මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය මෙම පනත් කෙටුම්පතට පසුගිය 22 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය ඇති කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි මේ පිළිබඳ විවාදය ඉදිරි දිනෙක පැවැත්වීමට නියමිත වේඅකිත පෙරේරා රනිල් ධර්මසේන
ප්රචාරණ වැඩට පොලිතින් එපා පරිසර ලේකම් මැකොගෙන් ඉල්ලයි
ජනාධිපතිවරණ සමයේදී සැරසිලි කටයුතු සඳහා පොලිතින් ප්ලාස්ටික් භාවිතයෙන් වළකින ලෙසට නාමයෝජනා ඉදිරිපත් කරන සියලු අපේක්ෂකයන් දැනුවත් කරන්නැයි පරිසර අමාත්යාංශයේ ලේකම් ඩී කේ ප්රභාත් චන්ද්රකීර්ති මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී 2017 සැප්තැම්බර් මස 01 දිනැති අංක 203437 දරන ගැසට් නිවේදනය පරිදි සැරසිලි සඳහා පොලිතින් ප්ලාස්ටික් භාවිතය තහනම් රෙගුලාසි පරිදි කටයුතු කරන ලෙස ලේකම්වරයා විසින් මෙසේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් අදාළ ඉල්ලීම කර තිබේජගත් කණහැරආරච්චි
IMF ගිවිසුම බිඳ දැමුවොත් රට යළි පෝලිම් යුගයකට යාවි ජනාධිපති රනිල් වික්රමසිංහ
රාජ්ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සමුපකාර ව්යාපාරයේ ඉදිරි ගමන් මග පිළිබඳ සාකච්ඡා කිරීමට 07 දා කොළඹ ශ්රී ලංකා ප්රදර්ශන හා සම්මේලන මධ්යස්ථානයේ පැවති හමුව අමතමිනි දිවයින පුරා සමුපකාර සමිති ජාලයේ සභාපතිවරුන් අධ්යක්ෂ මණ්ඩල නිලධාරින් ඇතුළු නියෝජිතයන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සටන් පාඨ කියමින් මහ මග ගොස් ජනතාවගේ දුප්පත්කම නැති කළ නොහැකි බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය එදා මේ රටේ සමුපකාර ව්යාපාරය ඉතාමත් ශක්තිමත්ව පැවතුණා නමුත් 1970 ප්රතිසංස්කරණවලින් පසුව එය වෙනස් වුණා සමුපකාර නීතිය වෙනස් කිරීමට කිසිවකු කටයුතු කළේ නැහැ මම එක්වරක් ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයෙන් ප්රශ්න කළා නමුත් අමාත්යාංශ නිලධාරින් එම බලය අතහැරීමට අකමැති වුණා අද සමුපකාර ව්යාපාරය දේශපාලනික වී තිබෙනවා විවිධ සේවා සමුපකාර සමිතිවල බලය අල්ලා ගැනීමට සාමාජිකයන් ඉදිරිපත් කරනවා මෙය මහා විහිළුවක් බවට පත්ව තිබෙනවා අපි ජනතාව වෙනුවෙන් කියා කියන අයම ජනතා ව්යාපාරය නැති කරනවා අනෙක් සමුපකාර සංවිධානත් සම්පූර්ණයෙන්ම ක්රියාත්මක වන්නේ නැහැ ඒ නිසා අප සමුපකාර ව්යාපාරය ගැන අලුතින් සිතිය යුතුයි පසුගිය වසරවලදී සමුපකාර ව්යාපාරය මගින් විශාල සේවාවක් සිදු වුණා ඒ අනුව භාණ්ඩ බෙදාහැරීමේ ආයතන නිර්මාණය වුණා කෙසේ හෝ මේ සමිති සමාගම්වල අනාගතය පිළිබඳ අප සිතිය යුතුයි මේ රටේ තිබු පෝළිම් යුගය පිළිබඳ මා අලුතින් සිහිපත් කළයුතු නැහැ ඔබ දින ගණන් පෝලිම්වල දුක් විඳි අන්දම අමුතුවෙන් කිවයුතු නැහැ දැන් අප එම තත්ත්වයෙන් ගොඩ එමින් සිටිනවා ජාත්යන්තර මූල්ය අරමුදල සහ රජය අතර ඇති කර ගෙන තිබෙන එම ගිවිසුම නිසා අපට එම තත්ත්වය උදාකර ගැනීමට හැකිව තිබෙනවා අපට දැන් ජාත්යන්තර මූල්ය අරමුදලින් සහ ණය ලබාදුන් රටවලින් සහනයක් ලැබී තිබෙනවා අපි එම සහන ලබා ගනිමින් ගිවිසුම ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි අප එම ගිවිසුම බිඳ දැමුවහොත් නැවත පෝළිම් යුගයකට යාමට සිදු වෙනවා අපට උදව් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැහැ අප 16 වතාවක් ජාත්යන්තර මූල්ය අරමුදල සමග ගිවිසුම් ඇති කරගෙන ඒවා කඩ කර තිබෙනවා 17 වන වතාවෙත් මෙය කඩ කළහොත් නැවත ක්රියාත්මක නොකරන බව ජාත්යන්තර මූල්ය අරමුදල දැනුම් දී තිබෙනවා ඒ අනුව පළමු වතාවට එම කරුණු නීතියකට ඇතුළත් කර අප විසින් ආර්ථික පරිවර්තන නීතිය ඉදිරිපත් කර තිබෙනවා අප ඒ පසුබිම යටතේ වැඩ කළ යුතුයි මෙම ගිවිසුම පදනම් කරගෙන අප ඉදිරියට යා යුතුයි වඩා තරගකාරී නවීන අපනයන ආර්ථිකයක් කරා අප ගමන් කළයුතුයි මෙම ගමනේදී අපට සාමාන්ය ජනතාව අමතක කරන්න බැහැ ආර්ථික පීඩාකාරි අවස්ථාවන්හි එහි බර දරන්නේ සාමාන්ය ජනතාවයි නමුත් ආර්ථිකය දියුණු වන විට ඔවුන්ට එහි වැඩි වාසයක් ලැබෙන්නේ නැහැඑම ක්රමය වෙනස් කිරීමට මා තීරණය කළා ඒ වෙනුවෙන් උරුමය වැඩසටහන යටතේ ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කළා ඒ වගේම අඩු ආදායම්ලාභී මහල් නිවාසවල ජිවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාස අයිතිය ලබාදිමට අප පියවර ගෙන තිබෙනවා වතුකරයේ ජනතාව සිටින ලයින් කාමර ප්රදේශ ගම්මාන බවට පත් කර ඔවුන්ට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ක්රියාත්මක කළා සමෘද්ධිය මඟින් ලැබුණු මුදලට වඩා තුන් ගුණයක මුදලක් ජනතාවට එමගින් හිමි වෙනවා එදා සමෘද්ධි ප්රතිලාභ ලැබු ලක්ෂ 16 වෙනුවට ලක්ෂ 24ක ජනතාවකට අස්වැසුම ප්රතිලාභය ලබාදීමට අප කටයුතු කරනවා මේ සෑම වැඩසටහනක්ම ක්රියාත්මක කර තිබෙන්නේ ජනතාවගේ ආදායම වැඩි කිරීම සඳහායි වාණිජ බැංකුවල උකස් කරන රත්රන් භාණ්ඩවල වටිනාකම රුපියල් බිලියන 250 සිට 500 දක්වා වැඩි වුණා මේ අය වෙනුවෙන් අප සහන ක්රමයක් ඇති කර තිබෙනවා සාම්ප්රදායික ආර්ථිකයක් තුළ තිබෙන්නේ රාජ්ය අංශය සහ පුද්ගලික අංශය පමණයි මේ තුළ ජනතා අංශයක් ද ඇති කිරීමට මම බලාපොරොත්තු වෙනවා එම ජනතා අංශය ක්රියාත්මක වන විට තමන්ට තනි තනිව වැඩ කරන්න බැහැ එම ජනතා අංශයේ ධාවකය බවට සමුපකාර ව්යාපාරය පත් වෙනවා සමුපකාර ක්රමය මාර්ගයෙන් තමන්ගේ ආදායම් ඉහළ නංවා ගැනීමට ජනතාවට එමඟින් අවස්ථාව ලැබෙනවා ඒ වගේම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග අළෙවි ජාලයට පිවිසීමේ අවස්ථාව සමුපකාර ක්රමය හරහා ගොවි ජනතාවට ලැබෙනවා ඒ වෙනුවෙන් සමුපකාර ක්රමය සම්පුර්ණයෙන් දියුණු කර මෙම ජනතා අංශය ක්රියාත්මක කළ යුතුයි මෙම ජනතා අංශය ඇති කිරීමට අපට ස්වාධීන හා ශක්තිමත් සමුපකාර ව්යාපාරයක් අවශ්යයි ඒ නිසා පවතින සමුපකාර නීතිය සහ ක්රමය ඊට සුදුසු නැහැ ඒ සඳහා අලුත් ක්රමයක් ගෙන ආ යුතුයි එම කටයුතු වෙනුවෙන් ලබන වසර වන විට ආසියානු සංවර්ධන බැංකුවෙන් උපදේශක කණ්ඩායමක් ලබා දීමට මා කටයුතු කරනවා සමුපකාර සාමාජිකයන් පාලනය කරන සමුපකාර ව්යාපාරයක් ඇති කළ යුතුයි ආණ්ඩුවේ අතැම් අංශ ද ඊට එක් කර ගත හැකියි සණස සභාපති ආචාර්ය පී කිරිවන්දෙණිය මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක රාජ්ය අමාත්යවරුන් වන ලසන්ත අලගියවන්න එස් වියාලේන්ද්රන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අනුර ප්රියදර්ශන යාපා නීතිඥ ප්රේමනාත් සී දොලවත්ත මධුර විතානගේ ශ්රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ සභාපති පී ඩී සරත් වීරසිරි යන මහත්වරුන් සහ සමුපකාර සමිති සභාපතිවරුන් අධ්යක්ෂ මණ්ඩල නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
පොහොට්ටුවේම ඉන්නවා රනිල්ට සහාය දෙනවා පවිත්රාගෙන් නිවේදනයක්
ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහාය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලබා දෙන බව වාරිමාර්ග සහ වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමැතිනි පවිත්රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි ඒ සම්බන්ධව ඇය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත 2022 වර්ෂයේ අපගේ මාතෘ භූමිය ආර්ථීක දේශපාලන සහ සාමාජීය වශයෙන් බරපතල අස්ථාවරත්වයකට පත් වූ බව අප සියලු දෙනා දන්නා කරුණකි එවකට පැවැති අස්ථාවරත්වයෙන් රට මුදා ගැනීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රධාන කොටගත් දේශපාලන කණ්ඩායම් බොහොමයක් රනිල් වික්රමසිංහ මහතාව මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කළහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ එකී වෙනත් දේශපාලන බලවේග රනිල් වික්රමසිංහ මහතා වෙත තැබූ විශ්වාසය අනුව අප මාතෘ භූමිය සැලකිය යුතු ස්ථාවරත්වයකට මේ වන විට පත්ව ඇත එම හේතුවෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණෙහි රත්නපුර දිස්ත්රික්කයේ අති බහුතර පාක්ෂිකයන් සංඛ්යාවක් මා වෙත දන්වා සිටිනුයේ ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන ලෙසය එබැවින් ශ්රී ලංකා පොදුජන පෙරමුණෙහි තවදුරටත් සිටිමින් ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට මම තීරණය කළෙමි
කවුරු මොන සන්ධාන ගැහුවත හරි ප්රතිපත්තියකට ඡන්දය ඉල්ලන්නේ ජන අරගල සන්ධානය පමණයි
කවුරුන් කුමන සන්ධාන බිහි කළත් රටේ ප්රශ්නවලට නිවැරදි විසඳුම් සහිතව ජනතාවාදී ප්රතිපත්ති ප්රකාශයක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ජන අරගල සන්ධානය පමණක් යැයි එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ පැවසීය එම සන්ධානයේ කෑගල්ල දිස්ත්රික් විධායක සභාව පිහිටුවීම වෙනුවෙන් කෑගල්ල සණස ශාලාවේ පැවැති රැස්වීමකදී හෙතෙම මේ බව සඳහන් කළේය ඔහු මෙසේ ද පැවසීය දැන් එක එක සන්ධාන බිහිවෙනවා සජිත්ලා දයාසිරිලා සන්ධානයක් ගැහුවලු නාමල්ලත් තව සන්ධාන ගහනවලු එයාලා මොන සන්ධාන ගැහුවත් මෙච්චර කල් කළේ රට බංකොලොත් කරපු එක ජනතාවගේ ප්රශ්නවලට උත්තර නොදීපු එක වතුකරයේ දෙමළ ජනතාවගේ ශ්රමය හූරන් කාලා මුස්ලිම් ජනතාව රවට්ටපු අය ගහන සන්ධානවලින් ජනතාවට සෙතක් වෙන්නේ නෑ ජනතාවට මේ සැරේ හිතන්න තියෙන්නේ ප්රතිපත්තියක් තියෙන අපට ඡන්දය දෙනවද නැත්නම් ප්රතිපත්තියක් නැති අනිත් උදවියට ඡන්දය දෙනවද කියලායි රටේ ජනතාව ජන අරගල සන්ධානය සමග නිසි ප්රතිපත්තියට එක්වී රට දිනවන්න එක්වන බව අපට විශ්වාසයිඅනුරාධ හිරිපිටියගේ
ප්රථම රූපවාහිනි නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය අභාවප්රාප්ත වෙයි
ශ්රී ලංකාවේ ප්රථම රූපවාහිනි නිවේදිකාව මෙන්ම සම්මානිත ප්රවීණ ජ්යෙෂ්ඨතම නිවේදිකාවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය සිය දිවිසැරිය ඊයේ 08දා උදේ නිමා කළාය මියයන විට 80 වැනි වියේ පසුවූ ඇය දෙදරු මාතාවකි සිය මාධ්ය දිවිය ආරම්භ කිරීමට පෙර ඇය ගුවන් හමුදා නිලධාරිනියක ලෙස ද රාජකාරි කළාය හමුදා සේවයට සමුදුන් ඈ 1962 ජූලි 01 වැනිදා සහන නිවේදිකාවක ලෙස ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක්වූවාය වෙළෙඳ සේවයේ මැදිරි නිවේදිකාවක ලෙස මුලින්ම සිය හඬ අවදි කළාය පසුකාලීනව ඇය ස්ථීර නිවේදිකාවක බවට පත්වූවාය ඇය එදා නිවේදන කටයුතු කළ පිබිදෙන ගායක පරපුර ෆොරැන්ස් වාසනා හත ඕවල්ටීන් පැන පොඩි සිනමා ප්රවර්ධන වැඩසටහන් රේඩියෝ සඟරාව එකල අතිශය ජනප්රිය වූ වැඩසටහන් වේ එසේම කාලයක්ම වෙළෙඳ සේවය තුළින් ප්රවීණ නිවේදක අනුර ෆොන්සේකා සමග ඈ සෑම ශනිදාවකම පෙරවරු 1100 සිට 1200 දක්වා ඉදිරිපත් කළ යුනියන් ඇෂුවර්න්ස් රසවිමන ශ්රාවකයන් විශාල පිරිසක් අතරේ ජනප්රිය ගීත ඉල්ලීම් වැඩසටහනක් ද විය ප්රවීණ කලාවේදිනියක වූ දයා නෙල්ලම්පිටිය ඇයගේ නැන්දණිය ද වූවාය ප්රවීණ නිවේදිකාවක මෙන්ම ප්රවීණ ගුවන්විදුලි නාට්ය ශිල්පිනියක ලෙසින් ද සිය කුසලතාවයන් පෙන්වූ ඇය ජාතික ගුවන්විදුලියේ සිටි දක්ෂතම ප්රවෘත්ති ප්රකාශිකාවක ද වූවාය ඇය එකල රජයට පවරා ගත් ස්වාධීන රූපවාහිනියේත් ජාතික රූපවාහිනියේත් ප්රථම රූපවාහිනි නිවේදිකාව ලෙසින් ජීවමාන පුරාවෘත්තයන් අතරට එක්වූවාය එක්සත් අරාබි එමීර් රාජ්යයේ උම් අල් ක්වේන් ප්රාන්තයේ ප්රථම සිංහල ගුවන්විදුලි නාළිකාවේ ශ්රී ලාංකේය නියෝජනය ඇයගේ හඬින් මුසුවීම ද විශේෂත්වයක් වේ ඇය එහි ප්රථම ශ්රී ලාංකීය නිවේදිකාව ලෙසින් ද පුරාවසර 5ක් කටයුතු කළාය ඇය මෑතකදී ලක්හඬ ගුවන්විදුලිය තුළින් ඉදිරිපත් කළ හෙවණට එන්න වැඩසටහනින් ද ශ්රාවක සිත් සෙනෙහසින් ආමන්ත්රණය කරන්නට වූවාය ලාංකේය රූපවාහිනි ඉතිහාසයේ පළමු ස්ථීර වැඩසටහන් නිෂ්පාදිකාව ලෙසින් ද සම්භාවනාවට පාත්ර වූ ඈ හඬින් මෙන්ම රුවින් ද සෑම සිත් පුබුදුවාලන ප්රසන්න සිනාමලකින් සැරසෙන්නට අමතක නොකළ සුන්දර නිහතමානී චරිතයකි සුමනා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දේ මේ අතර අභාවප්රාප්ත ප්රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය මේ වනවිට කොළඹ 07 ටොරින්ටන් ඇවනියු ටොරින්ටන් ගාර්ඩ්න් අංක 255 බී12 නිවසේ තැන්පත් කර තිබේ දේහය හෙට සෙනසුරාදා 10දා පස්වරු 300ට මහජන ගෞරවය සඳහා ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට රැගෙන යන බවත් ඉන්පසු සවස 530ට මවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකරන බවත් සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ පුතනුවන් වන මහේෂ් ගුණතිලක මහතා දිවයිනට පැවසීයප්රදීප් ප්රසන්න සමරකෝන්
චන්ද්රගුප්තට සමන් රත්නායකට ඇප කෙහෙළියලා යළි රිමාන්ඩ්
ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය අදාළ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ඉතා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්ය පියවර ගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද ප්රධාන මහෙස්ත්රාත් ලෝචනා අබේවික්රම මහත්මිය වෙත ඊයේ 8 දැනුම් දුන්නාය සිද්ධියට අදාළ නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සොලිසිටරි ජනරාල්වරිය අධිකරණයට ඒ බව දැනුම් දුන්නාය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනකු ඊයේ දිනය වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඉන් 6 වන හා 10 වන සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙසද මහෙස්ත්රාත්වරිය නියෝග කළාය එම සැකකරුවන් දෙදෙනා රෝගී තත්ත්වයෙන් පසුවන බවට වෛද්ය මණ්ඩල වාර්තා මගින් පෙන්වාදී ඇති බව එම දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක්වූ කරුණු හා එම වාර්තා සැලකිල්ලට ගනිමින් මහෙස්ත්රාත්වරිය ඔවුන් එසේ ඇප මත මුදාහරින ලෙසට නියම කළාය හයවෙනි සැකකාර සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුත්ත හා දසවන සැකකරු වන සෞඛ්ය අමාත්යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක යන දෙදෙනා එසේ ඇප මත මුදාහැරීමට නියම කෙරුණි සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කළ මහෙස්ත්රාත්වරිය ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්ර අධිකරණ භාරයට පත්කරන ලෙසටද නියෝග කළාය එමෙන්ම අදාළ ඇපකරුවන් ඔවුන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවට ද අධිකරණයෙන් නියම විය මෙම සිද්ධියේ දෙවන සැකකාර කපිල වික්රමනායක නැමැති අය ඇප මත මුදාහරින ලෙසට අභියාචනාධිකරණය නියෝගයක් ලබාදී ඇති බවත් එම නියෝගය ප්රකාරව ඔහුට එරෙහිව සාක්ෂි නොමැති බවට කරුණු අනාවරණය වන බැවින් ඔහුව මෙම නඩුවෙන් තාවකාලිකව මුදාහරින ලෙසට සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීම ප්රතික්ෂේප කළ මහෙස්ත්රාත්වරිය එම නඩුවෙන් ඔහුව තාවකාලික මුදාහරිනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 22 ප්රකාශයට පත් කරන බවද ප්රකාශ කළාය එමෙන්ම මෙම සිද්ධියේ දොළොස්වන සැකකරුට විජිත් ගුණසේකර නමැති අයට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදිනටම ලබාදෙන බවද මහෙස්ත්රාත්වරිය දැනුම් දුන්නාය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප ඉල්ලා සිටින සෙසු සැකකරුවන්ගේ වෛද්ය වාර්තා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්රාත්වරිය එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට නියෝග කළාය මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ඇප ලබාදී නැති සෙසු සැකකරුවන් සිව්දෙනා මෙම මස 22 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහෙස්ත්රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය සුදත් ජානක රත්න කුමාර හේරත් කෙහෙළිය රඹුක්වැල්ල විජිත් ගුණසේකර යන සැකකරුවෝ එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහඒජේඒ අබේනායක
ප්රථම රූපවාහිනි නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය අභාවප්රාප්ත වෙයි
ශ්රී ලංකාවේ ප්රථම රූපවාහිනි නිවේදිකාව මෙන්ම සම්මානිත ප්රවීණ ජ්යෙෂ්ඨතම නිවේදිකාවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය සිය දිවිසැරිය ඊයේ 08දා උදේ නිමා කළාය මියයන විට 80 වැනි වියේ පසුවූ ඇය දෙදරු මාතාවකි සිය මාධ්ය දිවිය ආරම්භ කිරීමට පෙර ඇය ගුවන් හමුදා නිලධාරිනියක ලෙස ද රාජකාරි කළාය හමුදා සේවයට සමුදුන් ඈ 1962 ජූලි 01 වැනිදා සහන නිවේදිකාවක ලෙස ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක්වූවාය වෙළෙඳ සේවයේ මැදිරි නිවේදිකාවක ලෙස මුලින්ම සිය හඬ අවදි කළාය පසුකාලීනව ඇය ස්ථීර නිවේදිකාවක බවට පත්වූවාය ඇය එදා නිවේදන කටයුතු කළ පිබිදෙන ගායක පරපුර ෆොරැන්ස් වාසනා හත ඕවල්ටීන් පැන පොඩි සිනමා ප්රවර්ධන වැඩසටහන් රේඩියෝ සඟරාව එකල අතිශය ජනප්රිය වූ වැඩසටහන් වේ එසේම කාලයක්ම වෙළෙඳ සේවය තුළින් ප්රවීණ නිවේදක අනුර ෆොන්සේකා සමග ඈ සෑම ශනිදාවකම පෙරවරු 1100 සිට 1200 දක්වා ඉදිරිපත් කළ යුනියන් ඇෂුවර්න්ස් රසවිමන ශ්රාවකයන් විශාල පිරිසක් අතරේ ජනප්රිය ගීත ඉල්ලීම් වැඩසටහනක් ද විය ප්රවීණ කලාවේදිනියක වූ දයා නෙල්ලම්පිටිය ඇයගේ නැන්දණිය ද වූවාය ප්රවීණ නිවේදිකාවක මෙන්ම ප්රවීණ ගුවන්විදුලි නාට්ය ශිල්පිනියක ලෙසින් ද සිය කුසලතාවයන් පෙන්වූ ඇය ජාතික ගුවන්විදුලියේ සිටි දක්ෂතම ප්රවෘත්ති ප්රකාශිකාවක ද වූවාය ඇය එකල රජයට පවරා ගත් ස්වාධීන රූපවාහිනියේත් ජාතික රූපවාහිනියේත් ප්රථම රූපවාහිනි නිවේදිකාව ලෙසින් ජීවමාන පුරාවෘත්තයන් අතරට එක්වූවාය එක්සත් අරාබි එමීර් රාජ්යයේ උම් අල් ක්වේන් ප්රාන්තයේ ප්රථම සිංහල ගුවන්විදුලි නාළිකාවේ ශ්රී ලාංකේය නියෝජනය ඇයගේ හඬින් මුසුවීම ද විශේෂත්වයක් වේ ඇය එහි ප්රථම ශ්රී ලාංකීය නිවේදිකාව ලෙසින් ද පුරාවසර 5ක් කටයුතු කළාය ඇය මෑතකදී ලක්හඬ ගුවන්විදුලිය තුළින් ඉදිරිපත් කළ හෙවණට එන්න වැඩසටහනින් ද ශ්රාවක සිත් සෙනෙහසින් ආමන්ත්රණය කරන්නට වූවාය ලාංකේය රූපවාහිනි ඉතිහාසයේ පළමු ස්ථීර වැඩසටහන් නිෂ්පාදිකාව ලෙසින් ද සම්භාවනාවට පාත්ර වූ ඈ හඬින් මෙන්ම රුවින් ද සෑම සිත් පුබුදුවාලන ප්රසන්න සිනාමලකින් සැරසෙන්නට අමතක නොකළ සුන්දර නිහතමානී චරිතයකි සුමනා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දේ මේ අතර අභාවප්රාප්ත ප්රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය මේ වනවිට කොළඹ 07 ටොරින්ටන් ඇවනියු ටොරින්ටන් ගාර්ඩ්න් අංක 255 බී12 නිවසේ තැන්පත් කර තිබේ දේහය හෙට සෙනසුරාදා 10දා පස්වරු 300ට මහජන ගෞරවය සඳහා ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට රැගෙන යන බවත් ඉන්පසු සවස 530ට මවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකරන බවත් සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ පුතනුවන් වන මහේෂ් ගුණතිලක මහතා දිවයිනට පැවසීයප්රදීප් ප්රසන්න සමරකෝන්
අභියෝගය භාර ගත්තා අපි දිනනවා හැරගිය අය යළි එන්න
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ඊයේ 07දා ප්රකාශයට පත් කෙරිණි බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් ඒ බව ප්රකාශයට පත් කරනු ලැබීය 2010 වසරේ පැවති මහ මැතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය පසුගිය පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ක්රීඩා සහ යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේ නාමල් රාජපක්ෂ මහතාය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා වෘත්තියෙන් නීතිඥවරයෙකි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්රකාශයට පත් කළ අවස්ථාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද පාරිලිමේන්තු මන්ත්රීවරුන් වන ගාමිණී ලොකුගේ ජොන්ස්ටන් ප්රනාන්දු මහාචාර්ය රංජිත් බණ්ඩාර රාජ්ය ඇමැතිවරුන් වන ඉන්දික අනුරුද්ධ ඩීවී චානක මොහාන් ප්රියදර්ශන ද සිල්වා ප්රසන්න රණවීර තේනුක විදානගමගේ සරත් වීරසේකර සංජීව එදිරිමාන්න තිස්ස කුට්ටිආරච්චි නිපුණ රණවක ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ නමුත් රාජපක්ෂ පවුල නියෝජනය කරන හිටපු කථානායකවරයකු මෙන්ම ඇමැතිවරයකු ද වූ චමල් රාජපක්ෂ සහ ශෂේන්ද්ර රාජපක්ෂ ජනපති සටනට එන බවට නම කියවුණු ධම්මික පෙරේරා ද එම අවස්ථාවට එක්ව නොසිටීම කැපීපෙනෙන ලක්ෂණයක් විය ධම්මික පෙරේරා මහතා පෞද්ගලික හේතුවක් මත ඊට සහභාගි නොවන බවට දන්වා තිබිණි එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය පක්ෂයේ දේශපාලන මණ්ඩලයට පාක්ෂිකයන්ට මේ අභියෝගාත්මක අවස්ථාවේදී මා කෙරෙහි විශ්වාසය තබලා මේ වගකීම භාරදීම පිළිබඳව විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා පැහැදිලිවම අපි අභියෝග භාර ගන්න සූදානම් අභියෝග තිබෙන අවස්ථාවකදී තමයි නායකත්වයට තරුණයන් අවශ්ය වන්නේත් අපි අපේ පාක්ෂිකයන් සහ අපේ ප්රතිපත්ති කෙරෙහි විශ්වාස කරනවා මේ රටේ තරුණයන් අපේක්ෂා කරන නූතන පරම්පරාවේ දේශපාලනය මල්ඵල ගැන්වීමට පොදුජන පෙරමුණ ලෙස අපි බලාපොරොත්තු වෙනවා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැටියටත් ජනාධිපති අපේක්ෂකයා හැටියටත් අපේ පක්ෂය හැර ගොස් රනිල් වික්රමසිංහ මැතිතුමා සමග සිටින අපේ පොහොට්ටුවේ සියලුදෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා හිත් අමනාපකම් සිදු වූ අඩුපාඩුකම් අමතක කර අපි සමග නැවත එකතු වන ලෙසට අපි අනිවාර්යයෙන්ම ජයග්රහණය කරනවා මගේ ජයග්රහණය කියන්නේ පක්ෂයේ ජයග්රහණයයි පක්ෂයේ ජයග්රහණය කියන්නේ රටේ ජයග්රහණයයි මැතිවරණය කියන්නේ අභියෝගයක් අභියෝගවලට මුහුණ දෙන්න තමයි තරුණ අපි ඉන්නේ අපේ ගනුදෙනුව තිබෙන්නේ අපේ පාක්ෂිකයන් සමගයි පාක්ෂිකයන් ආරක්ෂා කරමින් රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් රට ජයග්රහණය කරා ගෙන යෑමට අපි කැපෙනවා රනිල් වික්රමසිංහ මැතිතුමා පොදුජන පෙරමුණ රැවැට්ටුවාද යැයි ඇසූ ප්රශ්නයට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ එතුමාගේ ප්රතිපත්ති එතුමා අනුගමනය කරන බවත් තමන්ගේ ප්රතිපත්ති තමන් අනුගමනය කරන බවත්ය තමන්ගේ ප්රතිපත්තිය අනුන්ගේ ප්රතිපත්ති විවේචනය නොකර තමන්ගේ ප්රතිපත්තිය ජනතාව හමුවේ තැබීම බවද හෙතෙම පැවසීය පොහොට්ටුවේ පෙති ගලවන්න උත්සාහ කරන්න පුළුවන් පොහොට්ටුව පිපෙන්නේ මඩෙන් නැට්ට එකතැනකත් උඩ කොටස තව තැනකත් තිබෙනවා වුවත් මේ දෙකම තිබෙන්නේ ජනතාව ළඟයි ධම්මික පෙරේරා මහතාගේ වෙනස් වීම එතුමාගෙන් අහන්න මට පැවරිලා තිබෙන වගකීම මම ඉෂ්ට කරනවා අරගලය ඉල්ලුවේ තරුණයෙක් අපි තරුණයෙක් දුන්නා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය 2024 ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසු ඒ මහතා මාධ්ය හමුවේ කීය නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී මාධ්යවේදීන් ඇසූ ප්රශ්නවලට පිළිතුරු දුන් ඔහු මෙසේද කියා සිටියේය මගේ අවුරුදු 50ක දේශපාලන අත්දැකීම්වලට අනුව නාමල් දිනනවා නාමල් රාජපක්ෂ ප්රබල අපේක්ෂකයෙක් අරගලය ඉල්ලුවේ තරුණයෙක් ඔන්න අපි තරුණයෙක් දුන්නා පක්ෂයේ හිටපු කීපදෙනෙක් ගියා එහෙට මෙහෙට යන එක දේශපාලනයේ හැටි රනිල් වික්රමසිංහ අභියෝගයක් වෙන්නේ නැහැ මට හරි සතුටුයිඑරික් ගාමිණී ජිනප්රියඡායාරූප නිශාන් එස් ප්රියන්ත
මාතෘ භූමියේ දිනුම් කණුව සජිත් දයාසිරි කියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කිරීමේ අවබෝධතා ගිවිසුමට ඊයේ 07දා අත්සන් තැබිණි එම ගිවිසුම අත්සන් තැබුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා අතරය මෙහිදී අදහස් දැක්වූ ශ්රී ලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා එදා ශ්රී ලංකා නිදහස් පක්ෂය රැක ගන්න ඕනෑ නිසා විපක්ෂ නායක ලෙස කටයුතු කරපු අනුර බණ්ඩාරනායක මහතාට භාර නොදී ඒ වෙලාවේ දිනන්න පුළුවන් නායිකාව විදිහට චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට භාර දුන්නා ඊට පසු තවත් පිරිසක් සිටියදී චන්ද්රිකා භාර දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාටයි මහින්ද මහත්තයා සිය පක්ෂය විශාල ජයග්රහණයක් කරා ගෙන ගියත් පවුලේ පක්ෂයක් ලෙස තියා ගන්න හැදුවා එහි ප්රතිඵලයක් ලෙස නිදහස් පක්ෂයේ ලේකම් පක්ෂයෙන් එළියට ගිහින් ජනාධිපති වුණා එතුමා අවුරුදු නවයහමාරක් හිටියා පොලොන්නරුවෙන් කිසිදාක නැවත ශ්රී ලනිප නායකයෙක් බිහි නොවන්නා වගේ ශ්රී ලනිපය නායකයෙක් නැති අනාගතයක් නැති පක්ෂයක් බවට පත් කළා එහි ප්රතිඵලයක් ලෙස කොටසක් ආණ්ඩුවට ගියා ලේකම් ලෙස මා ඇතුළු සැබෑ ශ්රී ලනිපය මාතෘ භූමිය දිනුම් කණුව තෙක් ගෙන යා හැකි පිරිසිදු දේශපාලන නායකයා වන සජිත් ප්රේමදාස මහතා මේ රටේ නායකයා බවට පත් කිරීමට කැපවී කටයුතු කරනවා මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා රටේ විවිධ අවස්ථාවලදී විවිධ දේශපාලන සන්ධාන බිහි වෙනවා බොහෝ අවස්ථාවලදී බලය ලබාගැනීමේ අරමුණින් අද අපි අවබෝධතාවකට ප්රවේශ වුණේ දේශපාලන බලය ලබාගැනීම සඳහාම කේන්ද්රගත වූ අවස්ථාවාදී දේශපාලන ගමනකට නෙවෙයි සත්ය වශයෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂයට සමගි ජන බලවේගයටත් එකඟ වෙන්න න්යායාත්මක පැහැදිලි පදනමක් තියෙනවා අන්තවාදී සමාජයක් හරහා රටක් ගොඩනැඟීම පුළුවන් කාරණයක් නොවෙයි ඒ නිසා අන්ත ධනවාදයත් අන්ත සමාජවාදයත් ප්රතික්ෂේප කරල සැබෑ ජනතා කේන්ද්රීය ජාතිකත්වයක් මැදමාවතක් දේශපාලනයක් ඔස්සේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයක් ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයත් සමග අපට එක්වීමට පසුබිමක් තිබෙනවා ප්රතිපත්තියක් දර්ශනයක් අනුව අපට එම එකතුවීම අවස්ථාවාදී දේශපාලන ගිවිසුම් නොව සැමට සෞභාග්ය ගෙනඑන වැඩපිළිවෙළ තුළ ජනතාවාදී දේශපාලන එකතුවීමක් නොවන බව සජිත් ප්රේමදාස මහතා සඳහන් කළේය ඥාති සංග්රහ පවුල්වාදයෙන් තොර පාලනයක් සහිත දූෂණය හා වංචාවෙන් තොර යහපත් සමාජයක් තම නායකත්වය යටතේ ස්ථාපිත කිරීම කිසිවකුට වළකාලිය නොහැකි බව ද ඔහු කීය මෙම අවස්ථාවට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගි වූහඅරුණ බෝගහවත්ත
විජයදාසගෙන් හිස්වූ අධිකරණ ඇමැති ධුරය ජනපති යටතට
විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අධිකරණ බන්ධනාගාර හා නීති ප්රතිසංස්කරණ අමාත්යාංශය ජනාධිපති යටතේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇත ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ 7දා නිකුත් කර ඇත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 44 3 ව්යවස්ථාව යටතේ අගමැතිවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව එම තීරණය ගත් බව ගැසට් නිවේදනයෙහි දැක්වෙයිරනිල් ධර්මසේන
රටේත් ජනතාවගේත් අනාගතය තීරණය වන්නේ ජනාධිපතිවරණය මතයි
මගේ ඉදිරි ගමන ජනාධිපතිවරණය මත මන්ත්රීවරුන්ගේ අනාගතය පාර්ලිමේන්තු ඡන්දය මත දූෂණ චෝදනා ඇති අයගේ තීරණය ජනතාව අතේබංග්ලාදේශයේ මම හිටිය නම් විපක්ෂ නායකව එළියෙ තියනව බස් එළව එළව ඉන්න ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකයකුගේ අනාගතය තීරණය කරන්නක් නොව රටේත් ජනතාවගේත් ඉරණම තීරණය කරන මැතිවරණයක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ 07දා පැවසීය විද්යුත් හා මුද්රිත මාධ්යවේදීන් පිරිසක් සමග ඊයේ 07 දා කොළඹ දී පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය ඊයේ රූපවාහිනියේ බංගලිදේශයේ අද තිබෙන තත්ත්වය බලාගෙන ඉන්නකොට මට හිතුණා මම එදා මේ රට භාර නොගත්තා නම් මොකද වෙන්නේ කියලා අගමැතිනියට යන්න කිව්වා නමුත් භාරගන්න කෙනෙක් හිටියේ නැහැ හමුදාව ඇවිත් අන්තර් පාලනයක් කළා එවිට කැරලිකාරයෝ කිව්වා අපිට හමුදාව පිළිගන්න බැහැ කියලා අන්තිමට මොහොමඩ් යූසුප් අගමැති කරන්න කියනවා නමුත් එහෙ ව්යවස්ථාවේ තියෙන්නේ මන්ත්රීවරයෙක් තමයි අගමැති වෙන්න ඕනෑ කියලා අපි ඒ තත්ත්වයට ගියා නම් ආණ්ඩුවක් නැතුව පාවුණා නම් මොකද වෙන්නේ අපේ වාසනාවට අපිට ආණ්ඩුවක් හදාගන්න පුළුවන් වුණා ඒ නිසා තමයි අපිට ජනාධිපතිවරණය තියන්න පුළුවන් වුණේ ජනාධිපතිවරණය තියලා අපිට තීරණය කරන්න පුළුවන් අපි කොහාටද යන්නේ කියලා මේ මාර්ගයේ ගිහින් අපි දියුණු රටක් වෙනවා ද රටේ දුක් විඳින ජනතාවට සහන දෙනවා ද තරුණයන්ට හොඳ අනාගතයක් දෙනවා ද නැත්නම් පරණ දේශපාලනයට ගිහින් ආපහු ආර්ථිකය කඩාවැටිලා අපි පෝලිම් යුගයකට යනවා ද කියලායි අපිට තීරණය කරන්න තියෙන්නේ මුහුද දිහා බලලා නෙමෙයි තීරණය කරන්න තියෙන්නේ රට බේරගන්න ශක්තියක් තියනවා ද ඒ සඳහා අවශ්ය ප්රතිපත්ති තියනවා ද කියලා තීරණය කරන්න ඕනෑ මේ අපේක්ෂකයකුගේ අනාගතය තීරණය කරන්න වෙලාවක් නොවෙයි රටේත් ජනතාවගේ අනාගතය තීරණය කිරීමයි තියෙන්නේ අපි ආපහු මෙතැනින් හෙමින් හෙමින් ඉදිරියට යනවා ද ශක්තිමත් වෙලා අපි ප්රශ්න විසඳනවා ද නැත්නම් 2022 තත්ත්වයට යනවා ද කියලා අපි තීරණය කරන්න ඕනෑ අපි ඇතිකරගෙන තියෙන ගිවිසුම් සියල්ල අයිඑම්එෆ් ගිවිසුම ඇතුළු අනෙක් ගිවිසුම් එකක්වත් ආපහු හරවන්න බැහැ මේ තියෙන ඉලක්ක වෙනස් කරන්න බැහැ ඒවා කළොත් අපිට මුදල් ලැබෙන්නේ නැහැ එහෙම වුණොත් ආපහු කඩාවැටෙනවා අපිට තියෙන ආදායම් ප්රමාණවත් නැහැ වැට් එක 18 ඉඳලා 20 කරන්න වෙනවා එහෙම වුණොත් ඇත්ත කියලා රට බේරගන්නවා ද බොරු කියලා බලය අරගෙන රට විනාශ කරනවා ද කියලා අපිට හිතන්න වෙලා තියෙනවා එනිසා මම ක්රියා කළේ මේ වැඩසටහන ඉදිරිය ගෙනයෑමට වරමක් ඉල්ලන්න මෙහිදී මාධ්යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසූ ප්රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් මෙසේ කීවේය ප්රශ්නය නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ඔහු සමග සටන් කරන්න ඔබට ශක්තිය තිබෙනවාද ජනාධිපතිවරයා සටන කොහොම වෙයි ද කියලා මම දන්නේ නැහැ මම එන්නේ සටන් කරන්න නෙමෙයි මේ රට ඉදිරියට යන්න ඕන කරන මාර්ගය කියන්න ඒකට කැමති අය ඡන්දය දෙන්න මම ජනාධිපති තෝරා ගැනීමට තරග කරද්දී නාමල් මන්ත්රිතුමාත් පොහොට්ටුවත් මට ඡන්දය දුන්නා මම ඒකට ස්තුති කරනවා අපි කිව්වේ මේ අවුරුදු 2 තුළ අපි එකතු වෙලා වැඩ කරමු කියලා දැන් අවුරුදු දෙක ඉවරයි දැන් ඔවුන්ට අයිතිය තිබෙනවා මේ ඡන්දයේදී මොකද කරන්නේ කියලා තීරණය කරන්න මට සහය දෙනවා නම් දෙන්න එහෙම නැත්නම් අපේක්ෂකයෙක් දාන්න ඒක පොහොට්ටුවේ අයිතියක් ප්රශ්නය ඔබතුමා ඊළඟ වතාවේදීත් ජනාධිපති ලෙස පත්කරන්න ඔබට තියෙන සුදුසුකම කුමක් ද ජනාධිපතිවරයා මේ තියෙන තත්ත්වය ඉදිරියට ගෙනිහිල්ලා රටට හොඳ ආර්ථිකයක් හදන එක තමයි මගේ සුදුසුකම අනික් අය කරල නැහැනේ මම කරල පෙන්නල තියෙනවානේ මේ සැරේ විතරක් නෙමෙයි 2001 දීත් මම භාරගත්තෙ කඩාවැටුණු ආර්ථිකයක් ඒ වෙලාවෙත් මම ආර්ථිකය ගොඩගත්තා මේ දෙවැනි අවස්ථාව අනික් අය පොරොන්දු දෙනවා විතරයිනේ මම මේ වතාවේ ස්වාධීනව තරග කරන්න තීරණය කළේත් ඕනෑම කෙනකුට මේ වැඩපිළිවෙළට සහය දෙන්න අවස්ථාව සලසා දෙන්න ඕනෑ නිසයි ප්රශ්නය මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන අනිත් අපේක්ෂකයෝ ඔබට අභියෝගයක් නොවෙයි ද ජනාධිපතිවරයා මට අභියෝගයක් නෙමෙයි අනික් අය තරග කරන්නේ ඒ අයගේ අනාගතය වෙනුවෙන් මම තරග කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් ප්රශ්නය බංග්ලාදේශයේ අද තිබෙන තත්ත්වය දෙස බලද්දී ඔබතුමා බංග්ලාදේශයේ ජනාධිපති ලෙස හිටියා නම් මේ වෙලාවේ මොකද්ද ගන්න පියවර ජනාධිපතිවරයා මම හිටියා නම් මෙවැනි තත්ත්වයක් වෙන්නේ නැහැ එච්චරයි හැම වෙලාවෙම විපක්ෂ නායක එළියේ තියන්න ඕනෑ එතකොට එයා ගිහින් බස් එළව එළව ඉඳියි ප්රශ්නය ඔබතුමා හා අධිකරණය අතර කිසියම් ගැටුමක් තියෙනවාද ඔබතුමා කිව්වා පොලිස්පති පත්කිරීමේ ගැටලුව පිළිබඳව කථානායක හා අගවිනිසුරු කතා කරලා තීරණයක් ගන්න කියලා නමුත් ඒක තවම වෙලා නැහැ ජනාධිපතිවරයා ඒක කථානායක හා අගවිනිසුරු අතර විය යුතු දෙයක් මගේ දෙයක් නොවෙයි මම කළේ අර්බුදය විසඳගන්න යෝජනාවක් දීපු එකයි මට බල කරන්න බැහැ කථානායකට හෝ අගවිනිසුරුට ඇත්ත වශයෙන්ම මම වගකියන්නේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව දීපු තීරණයකට මට ක්රියාත්මක කරන්න වෙනවා ප්රශ්නය ඔබතුමා කිව්වා ජනතාව ඔබව බලයට පත් කරයි කියලා නමුත් මේ වනවිට පොහොට්ටුවෙන් ඔබතුමාට එකතුවෙලා ඉන්න ගොඩක් මැති ඇමැතිවරු චෝදනා තියෙන අය මේ වගේ කණ්ඩායමක් එක්ක ඔබට ගමන් කරන්න පුළුවන් ද ජනාධිපතිවරයා චෝදනා තියන අයව පාර්ලිමේන්තුවට නොඑවා සිටීම ජනතාවගේ වගකීමක් අනික් අතට චෝදනා තියන අයට නඩු දාන්න පුළුවන් මම ඒවාට බලපෑම් කරන්නේ නැහැ දූෂණයට විරුද්ධව අපි ප්රබල පනත් ගෙනත් තියෙනවා මගේ ඉදිරි ගමන තියෙන්නේ ජනාධිපතිවරණයේදී අනෙක් මන්ත්රීවරුන්ගේ අනාගතය තියෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයේදී ඡන්දදායකයෝ දූෂණ තියන අයව පාර්ලිමේන්තුවට එව්වේ නැත්නම් ප්රශ්නයක් නැහැ මෙම අවස්ථාවට මනුෂ නානායක්කාර කංචන විජේසේකර යන ඇමැතිවරු ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක ජනාධිපති උපදේශක ආශු මාරසිංහ යන මහත්වරු ද එක්ව සිටියහකමල් බෝගොඩපිංතූර නිශාන් එස් ප්රියන්ත
ඩුබායි පැන්න බදුවත්තේ චාමර ඇතුළු 2කට ඉන්ටර්පෝල් රතු වරෙන්තු
මත්ද්රව්ය ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු දුන්නැයි සැකපිට ග්රෑන්ඩ්පාස් බදුවත්ත ප්රදේශයේදී ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටි 56 හැවිරිදි කාන්තාවක හා 31 හැවිරිදි ඇගේ ඥාතියකු වෙඩි තබා ඝාතනය කිරීමට කොන්ත්රාත්තුව දුන් බව කියන මේ වනවිට ඩුබායි රාජ්යයේ සැඟව සිටින බදුවත්තේ චාමර ඇතුළු ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවන් දෙදෙනකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ඉල්ලා සිටීමට පොලිසිය පියවර ගෙන තිබේ එම වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබාදුන් ප්රකාශ ඔස්සේ විමර්ශන දියත් කළ පොලිසියට ඩුබායි රාජ්යයේ සැඟවී සිටින එම අපරාධකරුවන් දෙදෙනා මෙරට සිදුවූ තවත් වෙඩි තැබීම් මනුෂ්ය ඝාතන කිහිපයක් හා මත්ද්රව්ය ජාවාරම මෙහෙයවා ඇති බවටත් මූලික තොරතුරු මත අනාවරණය කර ගැනීමට සමත්වී තිබිණි ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර එකී නියෝග ලබාගැනීමට පියවර ගනිමින් සිටින අතර ඊයේ 07දා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කැලණිය වනවාසල ප්රදේශයේදී හෙරොයින් කිලෝ දහයකට අධික ප්රමාණයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා ද බදුවත්තේ චාමර නමැත්තාගේ සගයකු බව පොලිසිය පවසයිඒ ජේ ඒ අබේනායක
මැලිබන් සභාපති අභාවප්රාප්ත වෙයි
මෙරට කීර්තිමත් දේශීය ව්යාපාර ආයතනයක් වන මැලිබන් සමූහ ව්යාපාරයේ සභාපති ඒජී රත්නපාල සමරවීර මහතා අභාවප්රාප්ත විය දේශීය බිස්කට් නිෂ්පාදන ජාත්යන්තර වෙළෙඳපොළ වෙත ගෙනයෑම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඒජී හින්නිඅප්පුහාමි මහතාගේ පුත්රයා ද වේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව සඳහන් කරයි
නුවන් බෝපගේ කුඩය යටින්
ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා කුඩය ලකුණ යටතේ තරග කරන බව එම සන්ධානය ඊයේ 07දා සඳහන් කළේය ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන 12 වැනිදා හෝ 13 වැනිදා සිදුකරන බව එහි විධායක සභික පුබුදු ජයගොඩ මහතා පැවසීය ඡන්ද ලකුණ එළි දැක්වීමේ උත්සවය ඊයේ 07දා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණිඅනුරාධ හිරිපිටියගේ
වාස්ගේ පෙත්සම්වල තීන්දුව අද
මරණීය දණ්ඩනය ඇතුළු දණ්ඩන නියෝගයන් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව අද 08දා පෙරවරුවේ ශ්රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කිරීමට දින නියම කර ඇත ලලිත් ජයසූරිය සරෝජනී කුසලා වීරවර්ධන හා අමේන්ද්ර සෙනෙවිරත්න යන ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් 20151127 වැනිදා නියම කළ එකී මරණ දණ්ඩනය ඇතුළු දණ්ඩන නියෝගයන් බලරහිත කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා 20151210 වැනිදා ගොනුකර තිබූ අභියාචනා පෙත්සම් විජිත් මලල්ගොඩ ප්රීති පද්මන් සූරසේන ගාමිණී අමරසිංහ අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී විභාගයට ගැනිණි 2013521 වැනිදා සිදුවූ කෝටිපති ව්යාපාරික මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ඇතුළු චෝදනා 10ක් නඩුවේ නීතිපතිවරයා විසින් වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු සමීර ද වාස් ගුණවර්ධන යන දෙදෙනාට මෙන්ම වාස් ගුණවර්ධන මහතා යටතේ සේවය කළ පොලිස් නිලධාරීන් සිවුදෙනකු ඇතුළු හයදෙනකුට එරෙහිව 2014 මාර්තු 6 වැනිදා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි එකී නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරුවන් සියලුදෙනාම වරදකරුවන් බවට ඒකමතිකව නිගමනය කළ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල විත්තිකරුවන් හයදෙනාටම මරණ දණ්ඩනය සිරදඬුවම් හා දඩ නියම කර තිබිණි මේ අතර 2009 වසරේදී මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකු වූ නිපුණ රාමනායක බලහත්කාරයෙන් පැහැරගෙන යෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ණන වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්යාමලී ප්රියදර්ශනී පෙරේරා ඇතුළු විත්තිකරුවන් අටදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ තීන්දුව ද අද 08දා කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් ප්රකාශයට පත් කිරීමට නියමිතයඒ ජේ ඒ අබේනායක
ඉන්දියා යන මගී නැව යළිත් ලබන සතියේ සිට
ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවැනි අදියරය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ශිව ගංගා නැව් සමාගම 6 දා නිවේදනය කර තිබේ මුලින්ම මෙම නැව් සේවාව ක්රියාත්මක වූ අවස්ථාවේදී චෙරියපානී නැව් සමාගම විසින් දෙරට අතර මගී නැව් සේවාව පවත්වා ගෙන ගිය අතර හදිසියේම ඇති වූ කාලගුණික විපර්යාසය නිසා නැව් සේවාව තාවකාලිකව නවතා දමන්නට සිදුවිය පසුව ශිව ගංගා නැව් සේවාව දෙවැනි අදියරයේදී එම නැව් සේවාව ආරම්භ කිරීමට අවස්ථා කීපයක්ම සූදානම් වූවත් එය අසාර්ථක වූයේ තාක්ෂණික දෝෂ කීපයක් නිසාවෙනි ලබන සතියේදී මෙම නැව් සේවාව ආරම්භ වීමත් සමගම එක් මගියකු සඳහා තනි ගමන් ගාස්තුව රුපියල් 26000 කි එක් වාරයකදී කිලෝ ග්රෑම් 60 ක බරක් සමග මගීන් 150 කට මෙම නෞකාවේ ද ගමන් කළ හැකි වේ මෙම නැව් සේවාවෙන් ගමන් කරන මගීන් සඳහා යාපනයේ ස්ථාන තුනකදී හා ඉන්දියාවේ ස්ථාන 12 කදී අදාළ ටිකට් පත් මිලට ගැනීමට ද පහසුකම් සූදානම් කර ඇත සතියේ ඉරිදා දිනය හැර අනෙක් දින හය පුරාම දෛනිකව මෙම නැව් සේවාව පවත්වා ගෙන යන බව ද ශිවගංගා නැව් සේවාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයිදිනසේන රතුගමගේ
විදෙස්ගත අය එවන මුදල්වලින් සංචිත වැඩිවීම රනිල් වික්රමසිංහගේ වික්රමයක් නෙවෙයි විජිත හේරත් ජාජබ
දැන් තිබෙන බදු බරින් ජනතාව හෙම්බත් කරන ක්රමය වෙනුවට අපනයන අභිමුක ආර්ථිකයක් ඉදිරියේදී ඇති කරන බව කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ 7දා පාර්ලිමේන්තුවේදී පැවසීය වසර මැද රාජ්ය මූල්ය තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව පැවසීය යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ කොළඹ දිස්ත්රික් මන්ත්රී මධුර විතානගේ ශ්රීලපොපෙ එදා රටේ කඩාවැටුණු ආර්ථිකය හදන්න බැහැ කියලා විපක්ෂය කිව්වා ඒත් ජනාධිපතිතුමා බිය නොවී රට භාරගත්තා තමන්ගේ පුරවැසියා දේපළ රාජ්ය නායකයා භාර ගන්න බැරි හමුදාවක් අපිට හිටියේ අපේ ජනතාවගේ වාසනාවට ජනාධිපතිවරයෙක් ලැබුණා අද පළමු මාස හය තුළ ධනාත්මක ආර්ථික වර්ධනයක් පවතිනවා ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයක් පවතිනවා විදෙස් ප්රේෂණ වැඩිවෙලා සංචාරක කර්මාන්තය ගැන එදා තිබුණේ පහළ තත්ත්වයක් ඒත් අද ඉහළටම ගිහින් තියෙනවා ආරක්ෂාව තහවුරු වීමත් ජනජීවිතය ශක්තිමත් වීමත් නිසා සංචාරක ව්යාපාරයේ වර්ධනයට හේතු වුණා කොළඹ දිස්ත්රික් මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා සජබ 17 වසරක් පාර්ලිමේන්තුවට කිව්වා මූල්ය අරමුදලට ගිහිල්ලා මූල්ය අර්බුදය විසඳන්න කියලා ඒ කියන විට කිසිම අරගලයක් හෝ ප්රශ්නයක් ඇවිත් තිබුණේ නෑ එහෙම කළා නම් අදටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි කාටවත් යූඑන්පියට යන්න වෙන්නෙත් නෑ බදු අඩු කළාම මුදල් තියෙනවා කිව්වා නමුත් මහ බැංකු අධිපති ඇවිත් මුදල් තත්ත්වයේ ඇත්ත කිව්වා අපි නන්දලාල් වීරසිංහට අපේ සහාය දුන්නා කකුලෙන් ඇද්දේ නෑ අගමැතිකම භාර ගන්න අපි ගිහින් සාකච්ඡා කළා ඒ අතරතුර රනිල් වික්රමසිංහ දිවුරුම් දුන්නා අපි භාරගන්න ඉන්න විට වෙන අයකුට දුන්නා අසත්ය කතා කියන්න එපා මේ ආර්ථිකය ප්රතිසංස්කරණය කළ යුතුමයි ඒත් අපි අවබෝධයෙන් සිටින්නේ අපිට සියයට අනූවක වර්ධනයක් ගන්න බැහැ ආනයන ආදේශන නිපදවන්නේ නැතිව 1994 සිටම ආනයන ආදේශන නිෂ්පාදනය කළා රාජ්ය සේවයට මුල්තැන දුන්නා එයාර්ලයින් දෙකක් තිබ්බා අවසානයේ මහා ආර්ථික කඩාවැටීමක් රටේ ඇතිවුණා දැන් අපිට පාරවල් දෙකයි තියෙන්නේ අපිට පාරවල් දෙකක් තියෙනවා නැවතත් අප රට වටේ තියෙන බදු තාප්ප උස්සලා ආනයන ආදේශන කරලා රට ඉස්සරහට යන්න දෙක තමයි අපිව වෙන්කර ඇති තාප්ප කඩලා ලෝකයට විවෘත කරලා ගත්ත ආර්ථිකයක් නිර්මාණය කරලා තාක්ෂණය ගෙනැල්ලා ව්යවසායකයෝ ගොඩනඟලා ධනය උත්පාදනය කරලා ධනය ජනයාට බෙදාගන්න සැලැස්වීමයි අපි ඉන්නේ දෙවැනි විකල්පයෙයි අපි ලාංකිකයො හැටියට පක්ෂ අනෙක් පක්ෂ එකතු වී සිටිනවා සියලු පක්ෂ එකතු වෙනවා සජිත් ජනාධිපති වූ පසු සියලුදෙනා එකතුවන ආණ්ඩුවක් ගොඩනඟනවා රටේ මිනිස්සුන්ව බැඳලා තියෙන ආර්ථික වැඩපිළිවෙළ අපි ලිහනවා අද ලෝකයේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ ගෝලීය නිෂ්පාදන ජාලවල ඒ රටවල් 43යි අපේ රට ඒ අතර නෑ භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට නිෂ්පාදනය කෑලිවලට කඩලා වෙන රටවලට නිෂ්පාදනය ලබාදෙනවා ලංකාවට ඊට ඇතුළත් වෙන්න බැරි සම්බාධක දාගෙන තියෙන නිසයි ආණ්ඩුවේ සැලැස්ම දේපළවලට සියයට 18ක වැට් බද්දක් ගහන්න යනවා ප්රතිසංස්කරණය කරන විට අමාරු ජනතාවට සහන දිය යුතුයි අපි අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරනවා ආණ්ඩුව කියනවා අකුරක්වත් වෙනස් කරන්න බැහැ කියලා අපි කරනවා අපි අපනයන අභිමුඛ ආර්ථිකයක් නිර්මාණය කරන්න පියවර ගන්නවා පවතින බදු ක්රමය වෙනස් කරනවා බදු ගහල ගහලා නිෂ්පාදකයා සිර කරලා බදු සාධාරණත්වයක් අපි ඇති කරනවා අද බදු දැලට හිරවී ඉන්න මිනිහගෙන් උපරිම බදු ගන්නවා ගෙවන්නේ නැති මිනිහාගෙන් ගන්නෙම නෑ බදුවලට ජනතාව හෙම්බත් වෙලා අපි බලයට පත්වූ පසුව මැද පංතියේ ජනතාවට ඇති බදු පීඩනය අඩු කරනවා බදු පැහැර හරින පුද්ගලයන්ගෙන් බදු අය කරනවා කොළඹ දිස්ත්රික් මන්ත්රී ප්රේමනාත් සී දොලවත්ත ශ්රී ලපොපෙ ධම්මික පෙරේරා මහතා විශාල කාර්යයක් කරනවා කියලා ජනාධිපතිවරණයෙන් අවසන් මොහොතේ කරඇරියා ඒ විදිහටම රට අසීරුවට පත්වූ අවස්ථාවේ රට අතට ගන්නේ නැතිව විපක්ෂ නායක කරඇරියා ගෝඨාභය ආපු ගමන් බදු අඩු කලා කියනවා එය වැරදි ප්රකාශයක් අඩු කරන විට වැරදියි කියනවා වැඩි කළාම ඔහොම වැට් ගහන එක වැරදියි කියනවා නිවැරදි තීන්දු තීරණ ගනිද්දී ඒවා විනාශ කරනවා ආර්ථිකමය තීරණවලදී දේශපාලනය නෑ අපි ඒවාට සහාය දුන්නා මේවා කරන්න පුළුවන් ඍජු න රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය කඩාවැටුණු ආර්ථිකය ගොඩනැඟුණු හැටි සංඛ්යාත්මකව බැලිය යුතුයි සියයට 70ක උද්ධමනය දැන් 17 දක්වා අඩුවෙලා තියෙනවා මේවා කිව යුතුයි අපනයන ඉපැයීම් ඩොලර් මිලියන 6147ක් දක්වා වැඩි කළා මුදල් ප්රේෂණ ඉහළ ගියා ඩොලර් මිලියන 3144 ක් මේ වනවිට ලැබෙනවා සංචාරක ඉපැයීම් මේ වසරේ ඩොමි 1556 දක්වා වැඩි වෙලා එය සියයට 80ක වර්ධනයක් සමස්ත රාජ්ය ආදායම බි 1860 ක් වැඩි වෙලා බදු දැල ශක්තිමත් කළා බදු සංයුතියේ අසමතුලිත බව නැති කළා බදු ප්රතිශතයක් අවශ්ය පළමු අවස්ථාවේම ලිහිල් කිරීම අපේ ප්රධාන අරමුණයි මේ අර්බුද ඇති වුණේ ආර්ථීක අර්බුදය නිසයි පිටින් බලා සිට කතා කිරීම පහසුයි වගකීම නියම වෙලාවේ භාරගෙන ක්රියා කිරීමයි වැදගත් කොළඹ දිස්ත්රික් මන්ත්රී එස් එම් මරික්කාර් සජබ අංක ගණන්වලින් ජනතාව මවාපාන්න හැදුවාට මහ පොළොවේ ඒ තත්ත්වය නැහැ වීඑෆ්එස් මංකොල්ලය ඩොලර් බිලියන 275යි අයිඑම්එෆ් එක දුන්නෙත් ඩොලර් මිලියන 29යි මේ අයගෙ තරම කොහොමද ගල්අඟුරු ගෑස්වලින් අනෙතුත් හොරකම් කරපුවා බැලුවහම මූල්ය අරමුදලේ ණයටත් පගා ගහලා තව දින 44යි තියෙන්නේ අනිවාර්යයෙන්ම මේවාට විරුද්ධව පරීක්ෂණ පවත්වලා දඬුවම් දෙනවා අද නාමල් රාජපක්ෂ අපේක්ෂක වුණාම රනිල් ගාවට ගිය පොහොට්ටුවේ අය අනාථයි ඔවුන් ගියේ පොහොට්ටුවෙන් පිට ධම්මික පෙරේරා දැමීමට විරුද්ධවයි ගම්පහ දිස්ත්රික් මන්ත්රී විජිත හේරත් ජාජබ අද විදෙස් සංචිත වැඩිවීම සිදු වුණේ රනිල් වික්රමසිංහගේ වික්රමයකින් නොවෙයි 2022 අපේ රටේ තුන්ලක්ෂ එකොළොස් දාහක් රට දාල ගියා රටේ ඉන්න බැරි නිසා 2023 දී දෙලක්ෂ අනූපන් දාහක් රට දාල ගියා ලක්ෂ හයකට වැඩි පිරිසක් රටේ ඉන්න බැරි කමට ගියා මේ ඔක්කොම ලක්ෂ 40ක් පමණ විදෙස්ගත වෙලා ඉන්නවා ඒ අය එවන ප්රේෂණ තමයි මේ වැඩි වෙලා තියෙන්නේ ඒවායින් තමයි විදෙස් සංචිත යන්නේ එය ආණ්ඩුවේ ආර්ථීක කෙරුවාවක් නොවෙයි රටේ ඉන්න අයට යන්න පාර කැපුවා රජයේ සේවකයන්ටත් අවුරුදු 5ක නිවාඩුවක් දුන්නා වෘත්තීයවේදීන් පවා රට දාල ගියා ඒ අය රටවල දුක් මහන්සි වී හම්බ කරපුවා ලංකාවට එව්වහම රනිල් වික්රමසිංහගේ වික්රමයක් වන්නේ නෑ මේ ආණ්ඩුව රාජ්ය සම්පත් කුණුකොල්ලයට විකුණනවා ටෙලිකොම් එක විශාල ලාභයක් ලැබුවා එයත් ටෙන්ඩර් දාල දැන් පාඩු ලබන තත්ත්වයට වට්ටලා හිතාමතා කුමන්ත්රණකාරීව වට්ටලා විකුණන්න දාලා ටෙලිකොම් සියලු වෘත්තීය සමිති විකුණනවාට විරුද්ධයි හිල්ටන් හෝටලය පත් කරපු කමිටු ඇස්තමේන්තුවක් වඩා අඩු මුදලට විකුණන්න යනවා ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න තියෙන ප්රධාන ආයතන ටික කුණුකොල්ලයට විකුණනවා ජ්යෙෂ්ඨ පුරවැසි බැංකු පොලී අනුපාතය යළි සියයට 15ට ගේන්න ඔවුන්ට මේ ආදායම නැති කරන්න එපා ග්රාම නිලධාරීන්ව අද ආණ්ඩුව රවට්ටලා ඔවුන්ගේ ප්රශ්නවලට නිසි පිළිතුරු දීල නැහැ දෛනිකව මේ ප්රශ්නය විසඳන්න බිත්තරය ඉන්දියාවෙන් ගේන්න වුණා නම් කොහාමද ආර්ථිකය ගොඩගියා කියන්නේ පුරාජේරුවලින් ජනතාව රවට්ටන්න බැහැ ජනතා ද්රෝහී ආණ්ඩුව පෙරළන්න ලක්ෂ සංඛ්යාත ජනතාව පෙළගැසී සිටිනවා මේ පුරාජේරු කතා තියෙන්නේ තව දවස් 46යි එතැනින් පස්සේ රට නිවැරදි මාවතකට ගෙන යන්න අලුත් මාවතක් තෝරා ගන්න ජනතාව සූදානම් අද උදේ 930ට පාර්ලිමේන්තුව යළි රැස්වේ
පොහොට්ටුවේ විජයග්රාහී ජනාධිපති අපේක්ෂකයා නාමල්
ජනපතිවරණය ජයග්රහණය කළ හැකි රටට ආදරය කරන ජන හදවත් දිනාගත හැකි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ 07දා පැවැසීය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්රකාශයට පත් කිරීමට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවය අමතා ඔහු මේ බව කීවේය එහිදී රැස්ව සිටි සියලු දෙනාගේ උණුසුම් සුබපැතුම් මැද නාමල් රාජපක්ෂ මහතාගේ නම ප්රකාශයට පත් කිරීම සිදුවිය එහිදී වැඩිදුරටත් කතා කළ කාරියවසම් මහතා අපේ ජනාධිපති අපේක්ෂකයා තෝරා පත්කර ගැනීමේදී මූලික කරුණු කිහිපයක් පිළිබඳව දැඩිව සැලකිල්ලට ගත්තා එම සැලකිලිමත්භාවයේ ප්රමුඛ අපේක්ෂාව වූයේ ජනාධිපතිවරණය ජය ගැනීම සහ ජයග්රහණයෙන් පසුව මාතෘභූමියේත් පොදු ජනතාවගේත් සමස්ත ශ්රී ලාංකේය සමාජ පද්ධතියේ යහපත සහ දියුණුවයි ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය පිළිබඳ අවසන් නිගමනයකට එළැඹීමේදී දැඩිව අප විසින් අවධානයට ගත් කරුණු කිහිපයක් තිබෙනවා ස්වදේශීය සංස්කෘතික හර පද්ධතීන් පිළිගෙන ඊට ගරු කරමින් කටයුතු කළ හැකි සහ සමස්ත ශ්රී ලාංකේය ජන හදවත් දිනා ගත හැකි ආකර්ෂණීය නැවුම් නායකත්ව ලක්ෂණවලින් හෙබි අයකු වීම තත්කාලීන සමාජ ආර්ථික සහ දේශපාලනික තත්ත්වයන් පිළිබඳ ප්රාමාණික අවබෝධයකින් යුතුව රට හමුවේ පවතින අභියෝග ජය ගනිමින් පොදු ජාතික අභිලාෂයන් ජයග්රහණය කළ හැකි අයකු වීම මහින්ද චින්තන ජාතික න්යාය පත්රයේ මූලික ප්රමිතීන් අනුගමනය කරමින් අප රට සතු ජාතික සම්පත් සහ අනන්යතාවයන් සුරක්ෂිත කර පෝෂණය කරමින් අනාගතවාදී දැක්මකින් යුතුව දියුණු ජාතික ආර්ථිකයක් වෙත මව්බිම ඔසවා තැබිය හැකි අලුත් නායකයෙක් අවශ්ය වීම ඊට අමතරව අභියෝග රැසක් මැද ශ්රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළ සහ පසුගිය ජාතික මැතිවරණ තුනේදීම අද්විතීය ජයග්රහණයන් වෙත අප පක්ෂය ඔසවා තැබූ මිලියන සංඛ්යාත ජන සමූහයේ පොදුජන අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කළ හැකි අයකු වීම නූතන ලෝකයේ අති නවීන ප්රවණතාවයන් පිළිබඳව යාවත්කාලීන දැනුමක් සහිතව ගෝලීය සමාජය සහ ආර්ථික පසුතලයෙහි ශ්රී ලංකා ජනරජයේ නාමය අනබිභවනීය අනන්යතාවයක් ලෙස සටහන් තැබිය හැකි අලුත් නායකයකු වීම ආදිය ගැඹුරින් විමර්ශනයට ලක්ව ඇත මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව 2024 ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්රාහී ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම්කරන බව ප්රකාශ කරනවා යැයි කීවේයඑරික් ගාමිණි ජිනප්රිය පිංතූර නිශාන් එස් ප්රියන්ත
අපේක්ෂකයන් වැඩිපුර ආරක්ෂාව ඉල්ලුවත් තීරණය මැකො අතේ පොලිසිය කියයි
ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් තමන්ට මරණීය තර්ජන ඇති බව කියමින් වැඩිපුර පොලිස් ආරක්ෂාව ඉල්ලුවත් ඒ පිළිබඳව පියවර ගන්නේ මැතිවරණ කොමිසම යැයි පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි අපේක්ෂකයකු විවිධ හේතු කියමින් වැඩිපුර පොලිස් රැකවල් ඉල්ලා සිටීමේදී ඒ පිළිබඳව සොයාබලා රැකවරණ ලබාදීමට මැතිවරණ කොමිසමට හැකි බවත් සියලු ජනාධිපති අපේක්ෂකයන්ට සාමාන්ය අයුරින් ලබාදෙන ආරක්ෂාව ලැබෙන බවත් පොලිසිය කියයිනෝමන් පලිහවඩන
විදෙස් සංචාරකයෝ දොළොස් ලක්ෂයක් මේ වසරේ ලංකාවට ඇවිත්
මේ වසරේ 2024 මේ දක්වා පැමිණි මුළු විදෙස් සංචාරකයන් ප්රමාණය දොළොස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ ඉකුත් අගෝස්තු 04 වැනිදා වන විට මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයන් ප්රමාණය 1224948ක් වේ මේ වසරේ 2024 මුල සිට ජූලි මස අග දක්වා 1198059ක මුළු විදේශ සංචාරකයන් පිරිසක් පැමිණ තිබූ අතර අගෝස්තු මස මුල් දින හතර තුළ පැමිණි 26889ක විදෙස් සංචාරක පිරිසත් සමග මෙසේ මුළු සංචාරක පැමිණීම් දොළොස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ ඉකුත් ජූලි මාසයේ පැමිණි මුළු විදෙස් සංචාරකයන් ප්රමාණය 187810කිශ්යාම් නුවන් ගනේවත්ත
තොරතුරු තාක්ෂණ පද්ධතිවලට දත්ත ඇතුළත් කිරීම ප්රධාන කරුණු 4ක් අනුව
සියලුම රාජ්ය ආයතන මගින් නියාමනය හෝ සංවර්ධනය කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීමේ දී ප්රධාන කරුණු හතරක් අනුව කටයුතු කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත මේ අනුව අදාළ දත්ත ඇතුළත් කිරීමේදී අවුරුදු 15ට වැඩි ශ්රී ලාංකික පුරවැසියකු හඳුනාගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීමට විදේශිකයකු හඳුනාගැනීම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීමට ආයතනවල අනන්යතාව හඳුනාගැනීම සඳහා ව්යාපාර ලියාපදිංචි අංකය සහ එම ආයතන හිමිකරුවන්ගේ අධ්යක්ෂ මණ්ඩලවල දේශීය සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හා විදේශ සාමාජිකයන්ගේ විදේශ ගමන් බලපත්ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීමට සහ අදාළ දත්ත විධිමත් පරිදි අනෙකුත් ආයතන සමග හුවමාරු කිරීමට හැකිවන පරිදි දත්ත ප්රමිතිකරණය සිදුකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මේ යෝජනාව අමාත්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත රාජ්ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්ය බවට රජය විසින් හඳුනා ගනු ලැබ ඇතශ්යාම් නුවන් ගනේවත්ත
සිවිල් සංවිධාන එකමුතුව හා විපක්ෂ නායක සජිත් අතර විශේෂ හමුවක්
විපක්ෂ නායක සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා සහ සිවිල් සංවිධාන එකමුතුව අතර විශේෂ හමුවක් ඊයේ 07දා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි අල්ලස දූෂණය නාස්තියට එරෙහි සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන 30ක් නියෝජනය කරමින් ඉදිරි මැතිවරණයේ දී සහාය ලබාදීම වෙනුවෙන් සැකසුණු අටවැදෑරුම් එකඟතාවය සහ කරුණු 60කින් යුත් ප්රතිපත්ති ප්රකාශයක් එම නියෝජිතයන් විසින් මෙහිදී විපක්ෂ නායකවරයාට භාරදෙනු ලැබ තිබේ අදාළ ප්රතිපත්ති ප්රකාශයට විපක්ෂ නායකවරයා දක්වනු ලබන ප්රතිචාරයන් සහ එකඟතාවයන් අනුව ඔහුට ජනාධිපතිවරණයේදී සහාය ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා දිවයින ට ඊයේ 07දා ප්රකාශ කළේය අල්ලස දූෂණය නතර කිරීම අධ්යාපනය සහ සෞඛ්ය සම්බන්ධයෙන් ආණ්ඩුක්රම ව්යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් ස්ථාපිත කිරීමටත් සිවිල් සංවිධාන සමග රටේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමටත් මෙම හමුවේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කැමැත්ත ප්රකාශ කර සිටි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේයසුජීව තත්සර
දැන් අපේක්ෂකයෝ 22ක්
තවත් අපේක්ෂකයෝ සිව් දෙනෙක් ඊයේ 07දා ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කළහ පානි විජේසිරිවර්ධන සමාජවාදී සමානතා පක්ෂය සහ ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයන් ලෙස බියන්විලගේ ඇන්ටනි විකටර් පෙරේරා ඒ මුහම්මද් ඉල්යාස් මරක්කල මානගේ පේමසිරි ඇප මුදල් තැන්පත් කළහ මේ අනුව ඊයේ වනවිට අපේක්ෂකයන් 22ක් ජනපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේරනිල් ධර්මසේන
මාස හතට ඩෙංගු ලෙඩ්ඩු තිස්තුන් දහසක් මරණ 14 ක්
මෙම වසරේ ගතවූ මාස 7 යි දින 7 ක් තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 33518 දෙනකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි මෙම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ 14 ක් ද වාර්තා වී තිබේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්රික්කයෙන් වන අතර එම සංඛ්යාව 8024 කි එසේම ගම්පහ දිස්ත්රික්කයෙන් 3684 ක්ද කළුතර දිස්ත්රික්කයෙන් 1836 ක්ද යාපනයෙන් 4034 ක්ද මහනුවරින් 2800 ක්ද කුරුණෑගලින් 1433 ක්ද පුත්තලමෙන් 860 ක්ද ගාල්ලෙන් 1494 ක්ද කෑගල්ලෙන් 1356 ක් ද රත්නපුරයෙන් 2076 ක්ද ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයිප්රදීප් ප්රසන්න සමරකෝන්
ඒකාධිපති පාලනයක් කරා යන ගමනට බාධාවක් එල්ල වන නිසා අධිකරණය අකර්මන්ය කිරීමට සැලසුමක් ක්රියාත්මක වෙනවා
2015 දී සිදුවූ මහ බැංකු මංකොල්ලයට වඩා වීඑෆ්එස් ගනුදෙනුව හරහා සිදුවූ මුල්ය වංචාව විශාල බවත් මහ බැංකු මංකොල්ලය සිදුකළේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේ බවත් වීඑෆ්එස් මංකොල්ලය සිදුකළේ ජනාධිපතිවරණයක් ආසන්න මොහොතක බවත් ඒ අනුව මෙලෙස මුදල් සොයන්නේ මැතිවරණ වෙනුවෙන් බව පැහැදිලි යැයි පාර්ලිමේන්තු මන්ත්රී මහචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය සමගි ජනබලවේග ප්රධාන කාර්යාලයේ ඊයේ 07 දා පැවැති මාධ්ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී මන්ත්රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය ශ්රී ලංකා ඉතිහාසයේ කෙරුණු විශාලතම මගඩිය වන්නේ වීඑෆ්එස් ගනුදෙනුවයි සංචාරකයන්ට වීසා නිකුත් කිරීම ශ්රී ලංකාව තුළ දිගටම සිදුකරගෙන ගිය ක්රියාවලියක් එය අලුත් ක්රියාවලියක් නෙවෙයි ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට වීසා නිකුත් කිරිම භාර දී තිබුණේ ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයට ඒ සඳහා මොබිටෙල් ආයතනය සහාය ලබාදුන්නා මෙම ආයතන වීසා බලපත්රයක් නිකුත් කිරිමට අය කළේ ඩොලර් එකක මුදලක් නමුත් අලුත් යෝජනාව අනුව වීසා නිකුත් කිරීම වීඑෆ්එස් ආයතනයට පැවැරුවා ඒ අනුව ඩොලර් එකක මුදලක් අය කළ සේවාව වීඑෆ්එස් ආයතනයට ලබාදුන් පසු ඩොලර් 25 ක් ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා වීඑෆ්එස් ආයතනය මැලේසියාවේ සිට ඉන්දියාවට යන සංචාරකයෙකුට වීසා බලපත්රයක් නිකුත් කරන්නේ ඩොලර් ශත 50 ක මුදලකට ඒ අනුව වීඑෆ්එස් ආයතනය මැලේසියාවෙන් අයකරන මුදලට වඩා 50 ගුණයක් ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් අය කරනවා ශ්රී ලංකාව වීසා නිකුත් කිරිමේ කොන්ත්රාත්තුව වීඑෆ්එස් ආයතනය ලබාදීලා තිබෙන්නේ වසර 16 කට ඒ වගේම ඩොලර් 25 කට නිකුත් කරන වීසා බලපත්ර ගාස්තුව වසරින් වසර තවත් ඉහළ යනවා මේ හරහා ශ්රී ලංකාව සිදුවන අලාභය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 14 ක් මෙම මුදල ජාත්යන්තර මුල්ය අරමුදලෙන් ශ්රී ලංකාවට ලැබෙන සම්පුර්ණ ආධාර ප්රමාණයෙන් සියයට 37 ක වගේ ප්රමාණයක් ඒ අනුව ශ්රී ලංකාවේ ජනතාවගේ මුදල් ආරක්ෂා කරගැනීම සඳහා බලාත්මක ලෙස ශ්රී ලංකා අධිකරණය ඉදිරිපත් වෙනවා ඒ සඳහා රජය ශ්රී ලංකා රජය දැවැන්ත ප්රහාර ශ්රී ලංකා අධිකරණයට එල්ල කරනවා අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවැසුවා ශ්රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කැමතිනම් පිළිගන්න පුලුවන් කැමැතිනම් ප්රතික්ෂේප කරන්නත් පුලුවන් කියලා ජනාධිපතිවරයා ප්රකාශ කළා ඒ වගේම පාර්ලිමේන්තු වරප්රසාද කමිටුවට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කැඳවිය යුතු බව ජනාධිපතිවරයා ප්රකාශ කරනවා ඒකාධිපති පාලනයක් කරා යන ගමනට බාධාවක් එල්ල වන නිසා අධිකරණය අකර්මන්ය කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්රියාත්මක වෙනවා මේ සම්බන්ධයෙන් ජාත්යන්තර ආයතන ද විවේචන ඉදිරිපත් කර තිබෙනවා ඒ වගේම වීඑෆ්එස් ගනුදෙනුව හරහා සිදුවණු මගඩිය වගේම මගඩියක් 2015 දී සිදුවුණා ඒ තමයි මහ බැංකු කොල්ලය මහ බැංකු කොල්ලයට වඩා වීඑෆ්එස් ගනුදෙනුව හරහා සිදුවණු මගඩිය විශාලයි නමුත් මෙම ගනුදෙනු දෙක අතර සමානතාවයක් තිබෙනවා මහ බැංකු කොල්ලය සිදුකළේ පාර්ලිමේන්තු මැතිවරණයකට මාස කිහිපයක් තිබියදී වීඑෆ්එස් මගඩිය සිදුකරන්නේ ජනාධිපතිවරණය ආසන්න කාලයකදී මෙලෙස හොර මගඩි හරහා මුදල් සොයන්නේ ඡන්දය වෙනුවෙන් වී එෆ් එස් ආයතනය සමග තිබෙන ගනුදෙනුව නවත්වන ලෙස ශ්රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව පෙර පරිදි වීසා නිකුත් කිරීම සිදුකරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා ඒ හරහා රටට සිදුවුණ විශාල මුල්ය පාඩුව වළාක්වා ගැනීමට හැකිවෙලා තිබෙනවා වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය ලබාදුන්න නඩු තීන්දුව පිළිබඳව සතුටු වෙනවාඅකිත පෙරේරා
හිරේ සිටි විපක්ෂ නායිකාවට නිදහස
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා වාසෙඩ් ඉල්ලා අස්වී රටින් පලා ගොස් දැන් දිල්ලි නුවර රහසිගත නිවසක වෙසෙන බව ඉන්දීය මාධ්ය කියයි මේ අතර අගමැතිනිය ධුරයෙන් පහකිරීමට මූලික වූ ශිෂ්ය ප්රජාව ප්රමුඛ විරෝධතාකරුවන් හා හමුදාව අතර මත ගැටුමක් ඇතිව තිබේ හමුදාව ප්රමුඛ රජයක් පිළිනොගන්නා බව බංග්ලාදේශ ශිෂ්ය විරෝධතාකරුවන් පවසන බව එරටින් වාර්තාවේ බංග්ලාදේශ හමුදාපතිවරයා ප්රකාශ කළේ අන්තර්වාර රජයක් පිහිටුවා නව මැතිවරණයක් කැඳවන බවය විරෝධතාකරුවන් පවසන්නේ නොබෙල් සාම ත්යාගලාභී මොහොමඩ් යුනුස් අන්තර්වාර රජයේ ප්රධාන උපදේශක ලෙස පත් කිරීමට අවශ්ය බවය එසේම ඊයේ 06දා පස්වරු 3ට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස විරෝධතාකරුවන් එරට ජනපතිගෙන් ඉල්ලා තිබිණි එම ඉල්ලීම අනුව ඊයේ සවස බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට පාර්ලිමේන්තු කාර්යාලය නිවේදනය කර තිබිණි මේ අතර නොබෙල් ත්යාගලාභී මොහොමඩ් යූනුස් ඊයේ උදෑසන නිකුත් කළ ෆේස්බුක් වීඩියෝවක සඳහන් කර තිබුණේ සිසු නායකයින්ගේ ඉල්ලීමට අනුකූලව ළඟදීම පිහිටුවන අන්තර්වාර ආණ්ඩුවේ ප්රධාන උපදේශක ලෙස කටයුතු කිරීමට කැමැති බවයි හමුදාපතිවරයා හා සිසුන් අතර හමුවක් ද ඊයේ පැවැත්වූ බව එරට මාධ්ය කියයි මේ අතර ෂෙයික් හසීනාගේ පුත්රයා වන සජීබ් වසේඩ් බීබීසීයට ප්රකාශ කර තිබුණේ සිය මව නැවත දේශපාලනයට පැමිණීමක් නොවනු ඇති බවය සියලු වෙහෙස මහන්සියෙන් පසු සුළුතරයක් ඇයට එරෙහිව නැගී සිටීම ගැන ඇය කලකිරුණා මේ රට තවත් පාකිස්තානයක් වෙන්න පුළුවන් යැයි ඔහු පවසා තිබේ බංග්ලාදේශ ජනපතිවරයා සඳුදා රාත්රියේ ජාතිය අමතමින් විපක්ෂ නායිකා බෙගම් ඛලිඩා සියා සිරෙන් නිදහස් කරන බව පවසා ඇත ඇය සිරගත කළේ දූෂණ චෝදනා මතය ඛලිඩා සියා කියා තිබුණේ එම චෝදනා දේශපාලනික අරමුණු මත ගොනු කර ඇති බවය බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය පෙරේදා ඉල්ලා අස්වීමෙන් පසු රට පුරා විවිධ ස්ථානවලින් ප්රහාර මංකොල්ලකෑම් විනාශ කිරීම් සහ ගිනිතැබීම් පිළිබඳ වාර්තා පළවෙමින් තිබේ එසේම ඊයේ දිනයේ ඩකා අගනුවර පොලිසිය දක්නට ලැබුණේ නැත නගරය පුරා අරාජිකත්වය පැතිර තිබිණි මාර්ග ආරක්ෂා කිරීමට රථවාහන පොලිසිය නැති නිසා සිසුන් රථවාහන හසුරවනු දක්නට ලැබිණි පෙරේදා 05දා අගමැති නිලනිවසේ භාණ්ඩ පමණක් නොව එළුවා ද පැහැර ගැනිණි මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් පත් කරන බව නිවේදනය කර ඇති බංග්ලාදේශ ජනාධිපති කාර්යාලය ආණ්ඩුවට එරෙහිව විරෝධතා පැවැත්වීම හේතුවෙන් ඉකුත් ජුලි 01 දා සිට අගෝස්තු දක්වා හිටපු අගමැතිනි ෂික් හසිනාගේ රජය විසින් අත්අඩංගුවට ගත් ශිෂ්ය ක්රියාකාරීන් නිදහස් කිරීම අරඹා ඇති බවත් දැනටමත් බොහෝ දෙනකු නිදහස් කර ඇති බවත් පවසයි මේ අතර දූෂණ චෝදනා මත වසර ගණනාවක් නිවාස අඩස්සියේ තබා සිටි බංග්ලාදේශයේ ප්රථම අගමැතිනිය මෙන්ම වත්මන් ප්රධාන විරුද්ධ පක්ෂය වන බංග්ලාදේශ් නැෂනලිස්ට්ස් බීඑන්පී පක්ෂයේ නායිකා ඛලිඩා සියා නිදහස් කර ඇති බව බංග්ලාදේශ බලධාරීහු පවසති මේ අතර හිටපු අගමැතිනිය බලයෙන් ඉවත් කිරීමේ අරගලය මෙහෙයවූ ශිෂ්ය ව්යාපාරයේ ක්රියාකාරීන් හා සිවිල් ක්රියාකාරීන් පොලිස් ස්ථානවලට ද පහර දී ගිනි තැබීම හේතුවෙන් බංග්ලාදේශ පොලිස් නිලධාරීන්ගේ සංගමය ඊයේ 06 දීපව්යාප්ත වැඩ වර්ජනයක් දියත් කර තිබිණි සිය සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට සහතිකයක් ලබා දෙන තෙක් වර්ජනය පවත්වාගෙන යන බව එම සංගමය නිවේදනය කර තිබේ බංග්ලාදේශ ක්රිකට් ඉතිහාසයේ මෙතෙක් සිටි සාර්ථකම ක්රිකට් නායකයා සේ සැලකෙන මෂ්රෆී මොර්ටාසා ගේ නිවස ද පෙරේදා 05දා ගිනි තබා විනාශ කර ඇති බව විදෙස් මාධ්ය පවසයි මොර්ටාසා හිටපු අගමැතිනි ෂික් හසිනා වජිඩ්ගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි නිසා ඔහුගේ නිවස මෙසේ විනාශ කර ඇති බව වාර්තා වේ නිරිතදිග බංග්ලාදේශයේ කුල්නා දිස්ත්රික්කයේ පිහිටා තිබූ මොර්ටාසාගේ නිවස මෙසේ විනාශ කර තිබෙන බව බංග්ලාදේශයේ ඩකා ටි්රබියුන් පුවත්පත විසින් වාර්තා කර තිබේ හිටපු බංග්ලාදේශ අගමැතිනියගේ නායකත්වයෙන් යුත් අවාමි ලීග් පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයන් රැසකගේ නිවාස ද සංවිධානාත්මක කණ්ඩායම් විසින් පසුගිය දිනවල ගිනි තබා විනාශ කර ඇත මේ අතර ඩකා අගනුවර පිහිටි බංග්ලාදේශ හිටපු අගමැතිනියගේ නිල නිවසට කඩා වැදුණු ඇතැම් පිරිස් ඇගේ සාරි බ්ලවුස් මෙන්ම යට ඇඳුම් පවා සොරා ගෙන ගොස් ඇත ඇතැමුන් ඒවා වීථිවල මහජන ප්රදර්ශනයට තැබීම සමාජ මාධ්ය ජාල පරිශීලනය කරන්නන්ගේ විවේචනයට ලක්ව තිබේ ඇතැම් පිරිස් ෂික් හසිනා හිටපු අගමැතිනියගේ නිල නිවසින් ඇඳුම් සහිත බෑග් සොරාගෙන පලා ගොස් ඇති අතර පිරිමින් පවා ඇයගේ සාරි පැළඳ සිටින ඡායාරූප බංග්ලාදේශ මාධ්යයේ පළ කර තිබේ අගමැති නිල නිවසේ තිබූ ගෘහ භාණ්ඩ විදුලි පංකා වායුසමීකරණ යන්ත්ර විදුලි උපකරණ මෙන්ම ශීතකරණ හා ඒවා තුළ තිබූ ආහාර වර්ග පවා එම නිවසට කඩා වැදුණු පිරිස් විසින් සොරාගෙන ගොස් ඇත හිටපු අගමැතිනි ෂික් හසීනා ධුරයෙන් ඉවත් වීමත් සමගම එරට හටගෙන ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඊයේ සර්ව පාක්ෂික සමුළුවක් පවත්වා තිබේ මෙම සමුළුව සඳහා ඉන්දියාවේ පාලක පක්ෂය මෙන්ම විපක්ෂයේ පක්ෂවල නායකයන් ද සහභාගි වී තිබේමෙම සමුළුව කැඳවා ඇත්තේ ෂික් හසීනා හිටපු අගමැතිනිය ධුරයෙන් ඉවත් වීමත් සමගම දකුණු ආසියානු කලාපයේ සිටින ඉන්දීය විරෝධී බලවේගයන් තවත් ශක්තිමත් වී ඇති බවට පැතිර යන මතවාද හේතුවෙන් බව විදෙස් මාධ්ය පවසයි චතුර පමුණුව ඒමන්ති මාරඹේ
අනුර ඇප බඳී දැන් 18යි
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඊයේ 06දා එම පක්ෂය ඇප මුදල් තැන්පත් කළේය එම පක්ෂයේ ප්රධාන ලේකම් වෛද්ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු නියෝජිතයෝ ඇප මුදල් තැන්පත් කිරීමට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණියහ ජාතික ජන බලවේගයේ ජාතික සංවිධායක විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්රිනි ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ ජාතික ජන බලවේගය පමණක් ඊයේ ඇප මුදල් තැන්පත් කර තිබූ අතර ඒ අනුව ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් ගණන 18 කි රනිල් ධර්මසේන
අනුරට රට භාරදීමට ජනතාව බලා සිටිනවා විජිත හේරත්
ප්රපාතයෙන් රට බේරාගැනීම සඳහා නිවැරදි දැක්මක් වැඩපිළිවෙළක් ඇති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට භාරදීමට ජනතාව සූදානමින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පැවසීය ඊයේ 06දා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන සිය පක්ෂයේ අපේක්ෂකයා වන ජාජබ නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් හෙතෙම එසේ සඳහන් කළ අතර ලබන 15දා සිය පක්ෂය වෙනුවෙන් නාමයෝජනා භාරදීමට සූදානම් බවද පැවසීය මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේ පැවැසුවාය ශිෂ්ට සම්පන්න පාලනයක් ගෙනයා හැකි නායකයකු තෝරාගන්න වසර ගණනාවක් රටේ ජනතාව බලා සිටියා තව දින 48ක කාලය තුළ ඒ නායකයා පත්කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා ජනතාව ඒ වෙනුවෙන් උනන්දුවෙන් බලාසිටින බව කිව යුතුයි සුජීව තත්සර
පොහොට්ටුවේ ජනපති අපේක්ෂක අද කලඑළි බසී
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අද 07දා පෙරවරු 700 ට නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී ප්රකාශයට පත් කිරීමට නියමිතය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්රකාශයට පත් කිරීමට නියමිතය ප්රකට ව්යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බව පක්ෂ ආරංචි මාර්ග පවසයි එරික් ගාමිණි ජිනප්රිය
දිගා මනෝ රාධා සහාය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක එහි නායක හා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය ලබාදීමට දමිළ ප්රගතිශීලී සන්ධානය තීරණය කර ඇත දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් නියෝජ්ය නායක පලනි තිගාම්බරම් සහ පාර්ලිමේන්තු මන්ත්රී වී රාධාක්රිෂ්ණන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ 06දා කොළඹ පැවැති මාධ්ය හමුවකදී මේ බව සඳහන් කළේය දමිළ ජනතාවගේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ නිවාස අධ්යාපනය යටිතල පහසුකම් සහ වතු කම්කරු වැටුප සම්බන්ධයෙන්ද සිය ජනතාවට ස්ථිර විසඳුම් ලබාගැනීමේ අරමුණින් සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව එම මාධ්ය හමුවේදී එම සන්ධානයේ නායකයෝ කියා සිටියහ සිය සන්ධානයේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව සමගි ජන සන්ධානය සමග අවබෝධතා ගිවිසුමකටද එළැඹ ඇතැයි දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මෙම මාධ්ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේය ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ කඳුරට ජනතා පෙරමුණ සහ ජාතික කම්කරු පෙරමුණ යන පක්ෂ දමිළ ප්රගතිශීලී සන්ධානය නියෝජනය කරනු ලබයි සුජීව තත්සර
සජිත්දයාසිරිඑජනිස ගිවිසුම් අත්සන් කිරීම අද
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාට සහාය දැක්වීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීම අද 07දා සිදු කිරීමට නියමිතය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ශ්රී ලංකා නිදහස් පක්ෂයට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය හා මානුෂීය ජනතා සන්ධානය ද එක්වීමට නියමිතය මෙම උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වේ අරුණ බෝගහවත්ත
පළාත් සභා මැතිවරණ සංශෝධන කෙටුම්පත ටීඑන්ඒ ඡන්ද ගන්න ගුණ්ඩුවක් විමල් වීරවංශ
ආණ්ඩුව පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ දෙමළ ජාතික සන්ධාන මන්ත්රීන්ගේ ඡන්ද ලබා ගැනීමේ ගුණ්ඩුවක් ලෙස යැයි කොළඹ දිස්ත්රික් මන්ත්රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ඊයේ 06දා චෝදනා කළේය එම පනත් කෙටුම්පත ව්යවස්ථාදායක සභාවට යොමු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් දැනුම් දීමෙන් පසු මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලද්දේ දෙමළ සන්ධාන මන්ත්රී එම්ඒ සුමන්දිරන් මහතා විසිනි එහිදී විමල් වීරවංශ මන්ත්රීවරයා මෙසේද කීවේය පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැම්මේ යහපාලන ආණ්ඩුව දැන් ජනාධිපතිවරණයක් ප්රකාශයට පත් කර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි එහෙම තියෙද්දි මේ කෙටි කාලයක් ඇතුළත පළාත් සභා පනත සංශෝධනය කිරීමේ පරමාර්ථය කුමක්ද මොකද අපි දන්නවා මහ ඇමැතිවරයාට අවශ්ය ආණ්ඩුකාරවරයෙක් පත් කර ගත් විට පොලිස් පරිසර වැනි ඕනෑම ප්රඥප්තියක් සම්මත කර ගන්න පුළුවන් එතකොට පළාත් සභා සංශෝධනයෙන් එදා ජේආර් ජයවර්ධන බලාපොරොත්තු වූ දැල් සියල්ල ඉවත්ව යනවා මම අනුමාන කරනවා ජනාධිපතිවරණයට පෙර මේ සංශෝධනය ගේන්නේ දෙමළ සන්ධානයේ මන්ත්රීවරුන්ගේ ඡන්ද ලබා ගැනීමේ ගුණ්ඩුවක් හැටියට මේක සදාචාරාත්මක නැහැ මෙවැනි ඡන්ද ගුණ්ඩු මේ වෙලාවෙ පාවිච්චි කරන්න එපා කියා ඕනෑකමින් ඉල්ලනවා සභානායක සුසිල් ප්රේමජයන්ත මහතා මේක හදිසියේ ඉදිරිපත් කරන එකක් නෙමෙයි මේක ක්රියාදාමයක් තව කාලයක් යනවා හැබැයි පළාත් සභා මැතිවරණය තියන්න බැරිව ඉන්නවා ඒ මැතිවරණය පවත්වන්න යම් ක්රමයකින් හෝ ඉඩකඩ සැලසීම තමයි මේ පනත් කෙටුම්පතේ පරමාර්ථය වෙන්නේ අකිත පෙරේරා රනිල් ධර්මසේන
මට කිසිදිනක මැතිවරණ කල් දැමීමට අවශ්ය වුණේ නැහැ ජනාධිපති රනිල් වික්රමසිංහ
ප්රාදේශීය මාධ්යවේදීන්ගේ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එසේ පැවසුවේ රට වටා මාධ්යවේදියෝ සංවිධානය විසින් ප්රාදේශීය මාධ්යවේදීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඊයේ 06දා සංවිධානය කර තිබූ ගෞරවාර්ථ හරසර වැඩසටහනට එක්වෙමිනි ප්රාදේශීය මාධ්යවේදීන්ගේ ගැටලු සහ යෝජනා ඇතුළත් යෝජනාවලියක් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යෑමට නම් වගකිව යුතු පක්ෂවලින් සමන්විත නව දේශපාලන ක්රමයක් රටේ ඇති කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මැතිවරණ කල් දැමීමට තමාට කිසිදිනක අවශ්ය නොවූ බවත් රටේ ඉදිරි ගමන තීරණය කිරීමේ වගකීම මෙවර ජනාධිපතිවරණයේදී ජනතාවට පවරන බවත් සඳහන් කළේය මට කිසිදිනක මැතිවරණය කල් දැමීමට අවශ්ය වුණේ නැහැ මැතිවරණ කල් දානවා කියා ඇතැමුන් කෑගැහුවා බලය දෙන විට පැනලා යනකොට මැතිවරණ පවත්වා වැඩක් නැහැ ජනාධිපතිකම අගමැතිකම දෙන්න හදන විට පැනලා ගියා රටේ ප්රශ්න විසඳන්න බැහැ කිව්වා මැතිවරණයක් පැවැත්වීමෙන් පසුවත් අපට කරන්න බැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ මෙය අලුත් දේශපාලන ක්රීඩාවක් බවට පත්වෙලා තියෙනවා යැයි හෙතෙම එහිදී පැවසීය
දෘශ්යාබාධිතයන්ට ජාතික සභාවේ නියෝජනයක් ලබාදෙනවා විපක්ෂ නායක සජිත් ප්රේමදාස
දෘශ්යාබාධිත ජනතාවගේ අයිතීන් සොයා බැලීමට ලැබීම ගැන සතුටු වන බවත් මේ අයට ජාතික සභාවේ නියෝජනයක් ලබා දීමටත් දෘශ්යාබාධිත අයට අවශ්ය උපකරණවලට ගසා ඇති බදුවලට විසඳුමක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය ශ්රී ලංකා දෘශ්යාබාධිත ජනතා සම්මේලනය සමග පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටිය්ය එසේම ජල විදුලි සම්බන්ධතාවයේ සහ බිල්වලට මීට පෙර ලබා දුන් සහනාධාරය නැවත ලබා දෙන බවත් ආබාධිත පවුල්වල දරුවන්ට ශිෂ්යාධාර සහ ආධාර ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය ආබාධිත ප්රජාවගෙන් 3 රැකියා සඳහා වෙන් කිරීම මෙන්ම නිවාස වැඩසටහන් ද ක්රියාත්මක කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේ ආබාධිත හා දෘශ්යාබාධිත ප්රජාවගේ ගැටලුවලට ප්රගතිශීලී විසදුම් ලබා දෙන බවය
2040දී පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගන්නවා ජනාධිපති රනිල් වික්රමසිංහ
පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ 06 දා පෙරවරුවේ කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර සමාජීය හා පාලනය පිළිබඳ සමුළුව අමතමිනි කොළඹ විශ්වවිද්යාලයේ ව්යාපාර පරිපාලන පශ්චාත් උපාධි ආදි විද්යාර්ථීන්ගේ සංගමය විසින් පැහැපත් අනාගතයක් සඳහා තිරසර මංපෙත් යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම සමුළුව දිනය පුරා පැවැත්විණි පරිසර සමාජ සහ පාලනය යන ක්ෂේත්රයන්හි විශේෂඥයන් 15 දෙනෙක් පමණ තිරසරභාවය සඳහා පරිවර්තනය වීම වෙනුවෙන් වැදගත්වන දැනුම අවබෝධය සහ නවෝත්පාදන විසඳුම් බෙදා ගැනීම වෙනුවෙන් ඊට එක්ව සිටියහ මෙහිදී ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් වෙත පරිසර සමාජීය හා පාලනය පිළිබඳ විශිෂ්ටතා සම්මාන පිරිනැමීම ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් සිදු කෙරිණි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය ලෝකය තවමත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා චීනයේ ආර්ථිකය තවමත් උපරිමයෙන් ක්රියාත්මක වන්නේ නැහැ ඒ සඳහා තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි මා විශ්වාස කරනවා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනයක් පිළිබඳ කතා කළ නමුත් ඔවුන් දැන් සඳහන් කර තිබෙන්නේ රැකියා වෙළඳපොළ අතුරුදහන් වී ඇති බවයි ඒ නිසා අප ලෝකයේ ප්රධාන ආර්ථිකය දෙක දෙස අවධානය යොමුකළ යුතුයි යුරෝපය ඉදිරියට ගමන් කරන නමුත් එහි ද ගැටළු තිබෙනවා අප තිරසාර සංවර්ධන ඉලක්ක දෙස අවධානය යොමු කරන්නේ මෙවන් පසුබිමක් තුළයි අප තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගන්නේ කෙසේද අප ඒ සඳහා අරමුදල් සපයා ගන්නේ කොහොමද රටවල් කොපමණ ප්රමාණයකට මේ සඳහා මුදල් වියදම් කළ හැකිද ඔබ පෙරළියක් අපේක්ෂා කරනවා නම් පරිසර සමාජීය හා පාලනය පිළිබඳ කටයුතු කරන්නේ කෙසේද ඩොනල්ඩ් ට්රම්ප් මහතා ඇමරිකාවේ ජනාධිපති ධූරයට පත් වුවහොත් එය විවෘත ප්රශ්නයක් බවට පත්වෙනවා අපට ලැබෙන්න තිබෙන සියලුම අරමුදල් පිළිබඳ අප සාකච්ඡා කර තිබනෙවා අප COP 27 28 29 සමුළුවලදී මේ පිළිබඳ සාකච්ඡා කළා අප කොපමණ ප්රමාණයක් අරමුදල් ලබා දෙනවාද අප ණය පිළිබඳ සමුළුව සඳහා පැරිස් නුවර දී හමුවූ නමුත් තවමත් අවසන් ප්රතිඵලයක් ලැබී නැහැ එය නරක අතට හැරෙමින් පවතිනවා මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනය සහ ඊශ්රායලය සඳහා වැඩි මුදලක් වියදම් කර තිබෙනවා එම අරමුදල් අපිට මේ වෙනුවෙන් යෙදවිය යුතුව තිබුණා යැයි මා සිතනවා යුරෝපය මේ සඳහා වියදම් කර ඇති මුදල් ප්රමාණය දෙස බලන්න ඒ වගේම රුසියාව කොපමණ මුදලක් වියදම් කළාද කියා අපි දන්නේ නැහැ ඒ අරමුදල් සියල්ලම මේ සඳහා යෙදවිය හැකිව තිබුණා නමුත් එය සිදුවන්නේ නැහැ දෙවනුව මැදපෙරදිග තත්ත්වයත් ඒ හා සමානයි ඉරානයට ප්රතිප්රහාර එල්ල කිරීමට අවශ්ය බව පෙනෙන්ට තිබෙනවා ප්රතිප්රහාර එල්ල කිරීම මගින් ශ්රී ලංකාව ඇතුළු සියලු රටවලට අයහපත් ප්රතිවිපාක එල්ල වෙනවා අපගේ මිත්ර රටක් වන බංගලාදේශයේ දේශපාලනය පිළිබඳ කතා කිරීමට මා අදහස් නොකරන නමුත් ඒ පිළිබඳ යමක් සඳහන් කළයුතුයි ෂෙයික් හසීනා මහත්මිය අග්රාමාත්ය ධුරයෙන් ඉවත්ව ගියත් අප ඉතා අසීරු අවස්ථාවක සිටිදී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මා සිහිපත් කළ යුතුයි ඒ නිසා මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයෙකු ගැන හොඳ වචනයක් ප්රකාශ කිරීම සාධාරණ යැයි මා සිතනවා කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ සතුටු වෙනවා ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම් ඇයට තවමත් බංගලාදේශයේ අග්රාමාත්යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වේවායි අප ප්රාර්ථනා කරනවා බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට මට සැකයක් නැහැ කෙටි කාලීනව යම් යම් ප්රශ්න ඇති වේවි නමුත් මතක තබා ගන්න ශ්රී ලංකාවේ අපටත් ඒ දේම සිදුවුණා බංගලාදේශයේ විශාලතම ආයෝජකයින්ගෙන් අප ද එක් රටක් වන නිසා අපි ඒ රටේ රැකියා අවස්ථා ඇති කර තිබෙනවා ලෝකය තුළ පවතින තත්ත්වයන් යහපත් නොවන බව මෙම සිදුවීම්වලින් පැහැදිලි වෙනවා නමුත් ශ්රී ලංකාව මෙම කටයුතුවලින් ඉවත් වන බවක් එයින් අදහස් වන්නේ නැහැ මෙම ගෝලීය සන්දර්භය තුළ ශ්රී ලංකාවේ අක්කර 600ක ප්රදේශයක ජාත්යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්යාලය පිහිටුවීට පියවරගෙන තිබෙනවා ඒ සඳහා අවශ්ය නීති සම්පාදන කටයුතු ලබන වසර මුල වන විට සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා වාණිජ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් කාබන් අවශෝෂණය සඳහා නිවර්තන කලාප සහ ඉන්දියන් සාගරය යොදාගැනීම සඳහා නිවර්තන කලාප මුලපිරීම ඉදිරිපත් කර තිබෙනවා පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලමින් සහ ශුන්ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්රී ලංකාව කටයුතු කරමින් සිටිනවා
ජ්යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවලට 10ක පොලියක්
ජ්යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සියයට 10ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත මේ අනුව වයස අවුරුදු 60ට වැඩි ජ්යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රු මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා මෙම සියයට 10ක වාර්ෂික පොළී අනුපාතය වර්ෂ 02ක් සඳහා ලබාදීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතය සියයට 85ක් දක්වා සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර ඒ හේතුවෙන් බහුතරයක් ජ්යෙෂ්ඨ ගිණුම් හිමිකරුවන් සිය තැන්පතු මුදල් ආපසු ලබාගෙන ඇත ශ්යාම් නුවන් ගනේවත්ත
ගිය වසරේ සිට මේ වසරේ මැයි තෙක් බිත්තර කෝටි 23 ක් ලංකාවට ගෙන්වලා
2023 සහ 2024 මැයි දක්වා කාලය තුළ ශ්රී ලංකාවට බිත්තර මිලියන 23368ක් ආනයනය කර ඇතැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 06දා පැවසීය ඒ අනුව 2023 වසරේදී බිත්තර මිලියන 1685ක් සහ 2024 වසරේ මැයි දක්වා බිත්තර මිලියන 6518 ක් ආනයනය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය එම වසරවල මෙරට තුළ පිළිවෙළින් බිත්තර මිලියන 2047 ක් සහ බිත්තර මිලියන 1073 ක් වශයෙන් බිත්තර මිලියන 3120 ක් නිෂ්පාදනය කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට බිත්තර ගොවිපළ හරි අඩකින් පමණ වැසී ගොස් බිත්තර නිෂ්පාදනය පහත වැටීම නිසා බිත්තර ආනයනය කිරීමට සිදු වූ බව ඇමැතිවරයා කීය මේ වනවිට ශ්රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය යථා තත්ත්වයට පැමිණ ඇතත් සංචාරක හෝටල්වලින් බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවත් මාළු සහ කුකුළු මස් මිල ඉහළ ගොස් ඇති බැවින් බිත්තරවලට දැඩි ඉල්ලුමක් පවතින බව ද ඇමැතිවරයා කියා සිටියේය කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුමිත් උඩුකුඹුර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය අකිත පෙරේරා රනිල් ධර්මසේන
සජබ කඩා එජාපය හදනවා වෙනුවට ජනපති පොහොට්ටුව කඩා එජාපය ගොඩනගනවා ශ්රී ලපොපෙ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්
රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමාට නැවත එජාපය හැදීමට අවශ්ය නම් කිරීමට තිබුණේ සමගි ජනබලවේගය කඩා එජාපය හදන එක බවත් නමුත් ජනාධිපතිතුමා කළේ පොහොට්ටුව කඩා එජාපය ගොඩනැගීමේ කටයුතු සිදුකිරීම බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි ජනාධිපතිතුමා ඉතා හොඳට ශ්රී ලංකා පොදුජන පෙරමුණට කළගුණ සැලකුවා යැයිද සාගර කාරියවසම් මහතා සඳහන් කළේය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් හෙතෙම මෙසේද කීවේය ජනාධිපතිතුමා ඉතාම හොඳට අපිට කළගුණ සැලකුවා සමගි ජනබලවේගය කඩලා එජාපය හදනවා වෙනුවට පොහොට්ටුවෙ අපේ මන්ත්රීවරුන්ට වරදාන වරප්රසාද දීලා කඩලා අරගෙන අද එජාපය ගොඩනැගීමේ කාර්යයයේ එතුමා යෙදිලා ඉන්නවා මේ රටේ ජනතාව අපේ පක්ෂය එක්ක එකතුවුණේ එජාපය ගොඩනගන්න නෙවෙයි ඔවුන් පක්ෂය සමග එකතුවුණේ රටේ එකියභාවය ආරක්ෂා කරන්න රටේ අනාගතය වෙනුවෙන් රටේ හෙට දිනය වෙනුවෙන් අපේ දරුවන්ගේ හෙට දිනය වෙනුවෙන් මේ රට සුරක්ෂිත කරන බලාපොරොත්තුවෙන් තමයි එකතුවුණේ ජනතාව ඉන්නේ පොහොට්ටුව සමගයි උඩින් ඔලුගෙඩි මාරුවුණාට මහජන නියෝජිතයන් මාරුවුණාට අපේ පාක්ෂිකයින් පක්ෂය අත්හැරගොස් නැහැ රටේ ඩොලර් නැති අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහින් මෝදි අගමැතිතුමා සමග සාකච්ඡා කරලා ඩොලර් බිලියන 04ක මුදල් ප්රමාණයක් රටට අරන් ආවා ඒ අවස්ථාවේ තමයි අරගලය දැඩි ලෙස උස්සන්න තත්ත්වයට පත්වුණේ එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ඉවත් කරලා රනිල් වික්රමසිංහ මහත්තයාට අගමැතිකම දුන්නා එම අවස්ථාවේ ඔහු පොරොන්දුවුණා ඩොලර් බිලියන 06ක මුදලක් රටට ගේනවා කියලා ඔහු ජනාධිපතිධුරයට පත්වූ පසු තෙල් පෝලිම් ගෑස් පොලිස් නැති කළා විදුලිය ලබා දුන්නා ඖෂධ ගෙනවිත් දුන්නා ඒ සියල්ල කළේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්දියාවෙන් රටට ගෙනාපු ඩොලර් බිලියන 04 මුදල පාවිච්චි කොට බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය ලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි ගාල්ල
2019 සිට මේ දක්වා ළමා සහ කාන්තා අපචාර පැමිණිලි හැට නවදහසක් කාන්තා කටයුතු රාජ්ය ඇමැතිනී ගීතා කියයි
මෙරට තුළ 2019 වසරේ සිට මේ දක්වා ළමා අපචාර හා ළමා හිංසන මෙන්ම කාන්තා අපචාර සහ කාන්තා හිංසන 69748 ක් සිදුව ඇති බව කාන්තා කටයුතු රාජ්ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ 06දා පැවසුවාය ඒ අතරින් 52460 ක්ම ළමා අපචාර හා ළමා හිංසන බවත් කාන්තා අපචාර සහ කාන්තා හිංසන ප්රමාණය 17288 ක් බවත් ඇය සඳහන් කළාය ඒ අතරින් ළමා අපචාර හා ළමා හිංසන වැඩි වශයෙන්ම සිදුව ඇත්තේ 2021 වසරේදී බවත් එම ප්රමාණය 11187 ක් බවත් පැවසූ ඇමැතිනිය කාන්තා අපචාර සහ කාන්තා හිංසන වැඩි වශයෙන්ම සිදුව ඇත්තේ ද එම වසරේ බවත් එය 4976ක් බවත් පැවසුවාය මෙම ළමා කාන්තා හිංසන සහ අපචාර පැමිණිලිවලින් 3330ක් සමථයට පත්ව ඇති බව කී ඇමැතිනිය ඉතිරි පැමිණිලි සම්බන්ධයෙන් ද නීතිය ක්රියාත්මක කිරීමට කටයුතු කළ බව කීවාය කෑගල්ල දිස්ත්රික් මන්ත්රිනී රාජිකා වික්රමසිංහ මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කළාය අකිත පෙරේරා රනිල් ධර්මසේන
මැණික්දිවෙල මහා විද්යාලයේ සිසුන්ගේ ඉල්ලීමට ජනපතිගෙන් එවලේම ප්රතිචාර
තම විද්යාලයට අඩු පාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක් ලබා දෙන ලෙස සහ ක්රීඩාපිටිය නවීකරණය කර දෙන ලෙස මහනුවර මැණික්දිවෙල මධ්ය මහා විද්යාලයේ සිසුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම ඉටුකර දීමට ජනාධිපතිවරයා එම අවස්ථාවේම ඊට අදාළ උපදෙස් දෙනු ලැබීය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරය වරාය නගරය මහබැංකුව පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදාකර දී තිබේ මැණික්දිවෙල මධ්ය මහා විද්යාලයේ සිසුන් 570ක් පමණ පෙරේදා 05 එම ක්ෂේත්ර චාරිකාවට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව හමුවීමට අවස්ථාව ඉල්ලා සිටියහ කෙතරම් කාර්ය බහුල වුවද ජනාධිපතිවරයා දරුවන් වෙත පැමිණ ඔවුන් සමග සුහද කථා බහකට එක්වෙමින් අධ්යාපන කටයුතු පිළිබඳවද විමසා බැලීය එහිදී සුහුරු පන්තිකාමරයක් ලබා දෙන ලෙසත් ක්රීඩාංගණය නවීකරණය කර දෙන ලෙසත් සිසුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනමින් ඉටුකර දීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර යුද හමුදාවේ ශ්රමදායකත්වයෙන් කඩිනමින් විද්යාලයේ ක්රීඩාංගණය නවීකරණය කිරීමට ද උපදෙස් දුන්නේය පාසලේ අධ්යාපන කටයුතු සහ වත්මන් ප්රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ක්රීඩා මෙන්ම සිසුන්ගේ විෂයබාහිර ක්රියාකාරකම් දියුණු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අවධානය යොමු කෙරිණි මැණික්දිවෙල මධ්ය මහා විද්යාලයේ විදුහල්පති ඩබ්ලිව් එම් ආර් එස් වීරසේකර මහතා සහ ආචාර්ය මණ්ඩලයේ හා දෙමාපියන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ
දුෂ්කර පළාත්වල ජාතික පාසල්වලට දුන් උපාධි ගුරු පත්වීම් 462 ක් භාරගෙන නෑ අධ්යාපන ඇමැති මැති සබයේදී කියයි
ජාතික පාසල් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ලබාදුන් පත්වීම් 1700 න් 462 ක් භාරගෙන නොමැති බව අධ්යාපන ඇමැති සුසිල් ප්රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 06 පැවසීය ජාතික පාසල්වල ගණිතය රසායන විද්යාව භෞතික විද්යාව ජීව විද්යාව තාක්ෂණවේදය සහ විදේශ භාෂා සඳහා පැවැති පුරප්පාඩු සඳහා උපාධිධාරීන් 1700 කට දුන් ගුරු පත්වීම්වලින් 462 දෙනකු පත්වීම් ලබාගෙන නොමැති බව ඇමැතිවරයා ප්රකාශ කළේය මීට සති දෙකකට පමණ පෙර පත්වීම් ලබාදීම සිදු කර දින 14 කින් පසුව පත්වීම් භාර ගත් පිරිස ගැන සොයා බැලීමේ දී පත්වීම් නොගත් 462 ක් වාර්තා වූ බව ඇමැතිවරයා පැවසීය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටි අතර රැකියා නොමැති පිරිසට ලබාදුන් පත්වීම් බාර නොගැනීම පුදුමයට කරුණක් බවත් මෙම පත්වීම් උපාධිධාරී දෙවැනි ශ්රේණියට ලබාදුන් පත්වීම් බවත් පැවසීය වවුනියාව මඩුකන්ද සහ උහන ජාතික පාසල ඇතුළු දුෂ්කර පළාත්වල ජාතික පාසල්වලට ලබාදුන් පත්වීම් භාරගෙන නොමැති බවත් එය පුදුම ගැටලුවක් බවත් පැවසූ ඇමැතිවරයා මේ දුෂ්කර ප්රදේශවලින් විද්යා උපාධිධාරීන් බිහි නොවන බවත් එම නිසා වෙනත් ප්රදේශවලින් බිහිවන උපාධිධාරීන් එම ප්රදේශවල ඉගැන්වීම් කටයුතුවලට යොමු කිරීම හැර විකල්පයක් නොමැති බවත් ප්රකාශ කළේය උපාධියක් ගත් පමණින් ඕනෑම අයකුට ගුරු වෘත්තියට ඇතුළත් වීමට අවස්ථාවක් නොමැති බවත් පාසල් තුළ ස්ටීම් අධ්යාපන ක්රමවේදය ක්රියාවට නැංවීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සුසිල් ප්රේමජයන්ත ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය අකිත පෙරේරා රනිල් ධර්මසේන
රට පාලනය කළ නායකයන්ගේ අර්බුදයට විසඳුම වන්නේ ණය ගැනීම හෝ විකිණීමයි ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි
එක් දහස් පන්සිය පහට 1505 පෙර ශ්රී ලංකාව පැවති තත්ත්වයේ රටක් හා පාලන ක්රමයක් නැවත ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන නායකත්වයක් බලයට පත්කිරීම සඳහා සහාය ලබා දෙන බව ඓතිහාසික මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ පැවසුහ නාහිමිපාණන් වහන්සේ මේ බව කියාසිටියේ ඊයේ 06 දා අනුරාධපුර මාතලේ හංදිය ප්රදේශයේ දී සිවිල් සංවිධාන ඇතුළු නව පාලනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නායක හිමියන් සමග එක්වූ පිරිසක් සමග පැවති රැස්වීමක් අමතමිනි නාහිමිපාණන් වහන්සේ තවදුරටත් මෙසේද පැවසුහ 1948 න් පසුව මේ දක්වා වසර හැත්තෑ හයක් පුරා රට පාලනය කල නායකයින් විසින් නිර්මාණය කර ඇත්තේ ආර්ථික සාමාජීය පාරිසරික අධ්යාත්මික හා දේශපාලන යන පංච අර්බුදයක් බවත් මෙම අර්බුදයන් පාලනය කිරීම සඳහා අපේ රටේ නායකයින් සිදුකරනුයේ ණය ගැනීම හෝ රටේ කොටසක් විකිණීමට කටයුතු කිරීම පමණයි සිංහල පමණක් නොව දෙමළ භාෂාව ද රටේ දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතු බවත් ඉංග්රීසි පෘතිග්රීසි හා ලන්දේසි නීති වෙනුවට 1505 ට පෙර පැවති රට නැවත මෙරට නිර්මාණය කරන ජනාධිපතිවරයෙකු බිහිකළ යුතු යැයි පැවසූහ සුද්දගේ නීතිය වෙනුවට රටට ගැලපෙන නීතියක් නිර්මාණය කළ යුතු බවත් ඊට එකඟවන ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් රටේ ජනතාව සහාය ලබාදෙන ලෙස රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා යැයිද කීහ බුද්ධාගම පෝෂණය කර සුරක්ෂිත කරන බවට දේශපාලකයින් පොරොන්දු ලබා දුන්න ද රටේ නායකයින් බුද්ධාගම පමණක් නොව සියලුම ආගම්වලට කිසි දෙයක් සිදුකර නෑ දේශපාලනඥයන්ට පමණක් නොව ඇතැම් රාජ්ය නිලධාරීන්ට ද ඇත්තේ මනි මේනියාවයි ජනතාවගේ යෝජනාවන් වෙනුවෙන් ඇප කැප වෙන බවට මහානායක හිමිවරුන් ඇතුළු ආගමික නායකන් ඉදිරියේ පොරොන්දු ලබාදිය යුතු බවද නාහිමිපාණන් වහන්සේ පැවසුහ බලය අත් හැරීමට අකමැති බංගලදේශ අගමැතිනියට සිදුවූ දේ මෙරට බලය අතහැරීමට අකමැති නායකයින්ට හොඳම උදාහරණය බවත් ආත්මාර්ථකාමීව බලයට ගිජුව තවදුරටත් පාලනය ගෙනයෑම නොහැකි යැයිද කීහ ප්රභාත් වනසිංහ නාච්චාදුව අනුරාධපුර පර්සි කුරුනේරු නොචිචියාගම එම් එම් පී ජී පෙරේරා
කෝකිලාට එරෙහිව රවි පැවරූ අපහාස නඩුව සමථයට
පාර්ලිමේන්තු මන්ත්රිනි කෝකිලා ගුණවර්ධන විසින් සිදු කළ ප්රකාශයක් හේතුවෙන් තමන්ට අපහාසයක් වී ඇතැයි කියමින් මිලියන 900ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා හිටපු ඇමැති රවි කරුණානායක මහතා විසින් ගොනු කර තිබූ නඩුව ඊයේ 06දා සමථයට පත්විය මන්ත්රීවරිය කරුණානායක මහතාට තම නීතිඥවරුන් මාර්ගයෙන් පවසා සිටියේ සිදුවූ ප්රකාශයට මා කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවය එමෙන්ම රුපියල් දස දහසක මුදලක් පිළිකා අරමුදලට පරිත්යාග කරන බවත් නීතිඥවරුන් ප්රකාශ කර තිබේ සමථ කොන්දේසි මත කටයුතු කරන ලෙස දෙපාර්ශ්වකරුවන්ට අධිකරණය නියෝග කර තිබේ
රටේ ම කුඹුරු සිතියමකට කාටවත් සල්ලි දෙන්න එපා ගොවිජන දෙපාර්තමේන්තුව
මේ දිනවල රටපුරා ඇති කුඹුරු ඉඩම් සිතියම් ගත කිරීම ආරම්භ කර ඇති අතර එම කටයුතු සිදුවන්නේ නොමිලයේ බැවින් කිසිවෙකුට හෝ මුදල් ලබා නොදෙන ලෙස ගොවිජන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී එම දෙපාර්තමේන්තුව මෙසේ ද නිවේදනය කරයි දැනට අප රටේ කුඹුරු ඉඩම් කොපමණ ප්රමාණයක් ඇත්ද යන්න සහ කුඹුරු ඉඩම්වල සත්ය ප්රමාණය මැනීම සඳහා GEO Goviya යෙදවුම ඔස්සේ කුඹුරු සිතියම්ගත කිරීම කරනු ලබයි මෙම කටයුතු සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන අතර අදාළ කුඹුරු ඉඩම් හිමි ගොවීන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරේ නමුත් ඇතැම් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ගොවීන්ගෙන් මුදල් අයකරන බවට වාර්තාවී ඇත ආසන්න සිදුවීම වශයෙන් පොල්පිතිගම රඹේ ප්රදේශයේ ගොවීන් ගෙන් මේ සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මුදල් ලබාගෙන ඇති බවට වාර්තා වී ඇත මෙම සිද්ධිය සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත කුඹුරු සිතියම්ගත කිරීම සඳහා ගොවීන්ගෙන් යම් පුද්ගලයකු හෝ නිලධාරියකු මුදල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහොත් වහාම දිස්ත්රික් ගොවිජන සහකාර කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවට දැනුම් දෙයි
ආර්ථික ප්රතිසංස්කරණ දිගටම සිදු කරගෙන යෑම ආර්ථිකය ස්ථාවර කිරීමට වැදගත්
IMF අලුත්ම වාර්තාවෙන් කියයි මේ දක්වා අත්කරගෙන ඇති දුෂ්කර ආර්ථික ප්රගතිය වඩා තහවුරු කිරීමට නම් ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය වැඩසටහන යටතේ වන සියලුම වගකීම් නියමිත කාලයට ක්රියාත්මක කිරීම සහතික කිරීම ඉතා වැදගත් වන බව ජාත්යන්තර මූල්ය අරමුදල පවසයි ශ්රී ලංකාව අභියෝග සහිතව යථා තත්ත්වයට පත්ව සිටින මේ අවස්ථාවේදී ආර්ථික ප්රතිසංස්කරණ අඛණ්ඩව සිදුකරගෙන යෑම ආර්ථිකය ස්ථාවර පදනමක් මතට ගෙන ඒමට ඉතා වැදගත් බවද එම අරමුදල නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ සමස්ත ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට සහ ණය තිරසරත්වය නැවත තහවුරු කරගැනීම සඳහා රාජ්ය ආදායම ඉහළ නැංවීම පිණිස තවදුරටත් ප්රයත්න දැරීම අවශ්ය බවද එහි සඳහන් වේ ශ්රී ලංකාවේ ණය තිරසරභාවය ප්රතිෂ්ඨාපනය කිරීමට අවශ්ය ප්රධාන සාධකයක් වන මැදිකාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 23ක ප්රාථමික ශේෂයක් පවත්වාගෙන යෑමේ අරමුණ කරා ළඟා වීම සඳහා ලබන වසරේ 2025 අය වැය සුදුසු ආයාදම් ක්රියාමාර්ග සහ අඛණ්ඩව වියදම් සීමා කිරීම මත පදනම් විය යුතු බවද මූල්ය අරමුදල නිකුත් කළ වාර්තාවේ තවදුරටත් සඳහන් වේ ශ්යාම් නුවන් ගනේවත්ත
සජිත් දයාසිරි සහ එජනිස හෙට ගිවිසුම්ගත වෙති
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාට සහාය දීමට අදාළ ගිවිසුම අත්සන් කිරීම හෙට 7දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදිී සිදු කිරීමට නියමිතය සජබ නායක සජිත් ප්රේමදාස හා දයාසිරි ජයසේකර යන මහත්වරු එම ගිවිසුමට අත්සන් කරනු ලබති ඉදිරි මැතිවරණවලට තරග කරන ආකාරය පිළිබඳව ගිවිසුම් කරුණු ඇතුළත් බවත් ඒ අනුව මැතිවරණවලට තරග කරන බවත් දයාසිරි ජයසේකර මහතා දිවයිනට පැවසීය අරුණ බෝගහවත්ත
ජාතිය ඇමතීමටවත් ඉඩක් නොලද අගමැතිනි හසීනා ඉන්දියාවට පලා යයි
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී සිය සහෝදරිය සමග ඊයේ 05දා ඉන්දියාවට පලාගොස් තිබේ ඩකා අගනුවර පිහිටි අගමැතිනියගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදීමට පෙර ඇය ආරක්ෂාව පතා හමුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාවේ අගර්තාලා නගරය වෙත ගොස් තිබේ ඩකා නුවරට පැමිණි උද්ඝෝෂකයන් රජයේ වැදගත් ගොඩනැඟිලි අත්පත් කරගෙන තිබේ අගමැති නිල නිවාස ගණභබාන් ලෙස හඳුන්වන අතර ඇතැමුන් එහි භාණ්ඩ විනාශ කර ඇත කිහිප දෙනකු පුටු මේස රැගෙන පිටව යන අයුරු ද දක්නට ලැබිණි බංග්ලාදේශයේ චැනල් 24 රූපවාහිනිය අග්රාමාත්යවරයාගේ අගනුවර නිල නිවසට දිව යන ජනතාවගේ දර්ශන විකාශය කර තිබිණි විරෝධතාකරුවන් හසීනාගේ මාලිගාවට කඩා වැදී ගෘහ භාණ්ඩ පෙරළමින් වීදුරු දොර ජනෙල් කඩා බිඳ දමමින් අගමැති නිවසේ ඇති කළ කුකුළකු ඇතුළු පොත්පත් සහ අනෙකුත් භාණ්ඩ රැගෙන යන අයුරු බංග්ලාදේශ රූපවාහිනි නාලිකාවල විකාශය වූ දර්ශනවල දැක්විණි මම ඉන්නේ ගණභබාන් මන්දිරය ඇතුළේ මාලිගාව ඇතුළේ 1500 කට වැඩි පිරිසක් ඉන්නවා ඔවුන් ගෘහ භාණ්ඩ සහ වීදුරු කඩනවා යැයි බංග්ලාදේශ මාධ්යවේදී යේසීර් අරෆත් කියයි හසීනාට සමීප මූලාශ්රයක් ප්රංශ පුවත් සේවය වෙත පවසා තිබුණේ 76 හැවිරිදි ඇයට ජාතිය ඇමතීමේ කතාවක් පටිගත කිරීමට අවශ්ය වූ නමුත් ඊට අවස්ථාවක් නොලැබුණු බවයි අවසාන මොහොතේ එරට හමුදාව නිවේදනය කර තිබුණේ තමන් ජනතාව සමග සිටින බවයි ඊයේ සවස 400ට රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ එරට හමුදාපති වකෙර් උස් සාමාන් පවසා තිබුණේ හමුදාව අන්තර්වාර රජයක් පිහිටුවන බවය ඔහු මෙසේද පවසා ඇත අපි තීරණය කළා අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවනවා කියලා අපි දැන් ජනාධිපතිවරයා හමුවී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා කරනවා අපිව විශ්වාස කරන්න ගරු අගමැතිනිය ඉල්ලා අස්වුණා දැන් අන්තර්වාර ආණ්ඩුවක් හදන්න අපි කටයුතු කරනවා අපි සියලුම දේශපාලන පක්ෂ නායකයන් සමග කතා කර තිබෙනවා අපි හැමෝටම මෙතැනට ආරාධනා කළා අපි සාකච්ඡාවක් කළා අපි විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ආපසු නිවෙස්වලට යන්න කියලයි කරුණාකර මට උදව් කරන්න අපිට තවත් රණ්ඩු වෙන්න බැහැ එබැවින් කරුණාකර සියලු විනාශයන් වළක්වා ගනිමු ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉවත්ව යන පුවත පැතිර යෑමෙන් පසු උද්ඝෝෂකයෝ ඩකාහි ධන්මොන්ඩි හි පිහිටි ස්වදේශ කටයුතු අමාත්ය අසදුස්සමන් ඛාන්ගේ නිවසට පහර දී විනාශ කළහ ඊයේ සවස 330 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත එම අවස්ථාවේ බොහෝ පිරිසක් ගොඩනැඟිල්ලේ ප්රධාන ගේට්ටුව කඩා ස්වදේශ කටයුතු අමාත්යවරයාගේ නිවසට ඇතුළු වී තිබිණි ටික වේලාවකට පසු ගොඩනැඟිල්ලෙන් දුමක් පිටවන අයුරු දැකගත හැකි විය සිවිල් සේවා රැකියා සඳහා වන කෝටා ක්රමය අහෝසි කරන ලෙස ඉල්ලා පසුගිය මාසයේදී ශිෂ්ය විරෝධතාව ආරම්භ වුව ද එය පසුව පුළුල් ආණ්ඩු විරෝධී ව්යාපාරයක් බවට පත්ව තිබිණි මේ නිසා ඇතිවූ ගැටුම්වලින් පසුගිය දින කිහිපය තුළ පුද්ගලයෝ 300ක් පමණ මරුමුවට පත්වූහචතුර පමුණුව ඒමන්ති මාරඹේ
නිවනින් නිවී සැනසේවා සග රජුනේ
අපවත්වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්රධාන සංඝ නායක ආචාර්ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහයෙන් ගංගාරාම විහාරස්ථ භූමියේ ඊයේ 05දා සිදු කෙරිණි මෑත ඉතිහාසයේ සම්බුද්ධ ශාසනයත් රටත් ජාතියත් ආරක්ෂා කරමින් ඕනෑම අභියෝගයකට එඩිතරව මුහුණ දෙමින් නිර්භයව මහා මෙහෙවරක් ඉටුකළ ගංගාරාමයේ විහාරාධිපතිව වැඩසිටි අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අපවත්වීම වර්තමාන සමාජයටත් රටටත් ශාසනයටත් පිරිමැසිය නොහැකි පාඩුවක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ පැවසූහ නාහිමියන් එසේ පැවසුවේ කොළඹ ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්රධාන සංඝ නායක අපවත්වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ආදාහනය සිදුවූ අවස්ථාවේදීය රාජ්ය අනුග්රහය යටතේ පැවති ආදාහන පූජෝත්සවයේ පන්සිල්හි පිහිටුවීම නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමියන් විසින් සිදුකළ අතර මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනා පිළිගැනීමේ කතාව විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් සිදු කළහ අපවත්වී වදාළ නාහිමියන්ගේ ඥාතීන් හා ශිෂ්ය භික්ෂූන් වහන්සේලාගේ පැන් වැඩීමෙන් හා මතක වස්ත්ර පූජාවෙන් අනතුරුව වැඩි දුරටත් අදහස් දැක්වූ ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ අපේ පොඩි හාමුදුරුවෝ නමින් බොහෝ දෙනා හඳුන්වන ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් අප රටට කළ අප කිසිම කෙනකුට අමතක කළ නොහැකි සේවයක් වැදගත් උගත් ගුණවත් ශිෂ්ය පිරිසක් සම්බුද්ධ ශාසනයට දායාද කරමින් සම්බුද්ධ ශාසනය දේශ දේශාන්තරවල ප්රචලිත කරන්නට ගත් උත්සාහය පිළිබඳව බෞද්ධයන් වශයෙන් ඉතා අගය කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ එහිදී සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් අදහස් දක්වමින් ශ්රී ලංකා විද්යොදය විශ්වවිද්යාලයෙන් ලබාගත් පූර්ණ අධ්යාපනය මුල්කොට සසුනබර ආලෝකමත් කරන්නටත් ප්රාදේශීය වශයෙන් අඩුපාඩු සහිත විහාරස්ථාන නවීකරණයටත් සාමනේර භික්ෂූන් වහන්සේලා අධ්යාපනය නගාසිටුවන්නට ගත් උත්සාහය පිළිබඳව අප සියලු දෙනාම උන්වහන්සේට ගෞරවය හිමිවිය යුතු බවද උන්වහන්සේ ප්රකාශ කළහ මෙහිදී රාමඤ්ඤ නිකායේ මහානායක මකුලෑවේ ශ්රී විමල නාහිමියෝද කරගොඩ උයන්ගොඩ මෛත්රිමූර්ති නාහිමියෝද අනුශාසානා සිදු කළහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදහස් දක්වමින් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසාත් දූදරුවන්ගේ අනාගත ගමන යහපත් කරන්නට අභීතවත් එඩිතරවත් යම් ඉලක්කයක් කරා අප සංවර්ධනය කිරීමට පුරෝගාමී වූ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අභාවය අප සියලු දෙනාටමත් රටටත් පාඩුවක් බවද ජනාධිපතිවරයා පැවසීය විවිධ හැකියාවන්ගෙන් පිරිපුන් සඟ නාහිමිනමක් වූ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ වැනි හිමිනමක් යළිත් පහළ වනු ඇතැයි මා සිතන්නේ නැහැ යැයි ද ජනාධිපතිවරයා අවමංගල සභාව අමතා කීවේය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ද අදහස් දක්වමින් ඤාණිස්සර හිමියන්ගෙන් අවවාද අනුශාසනා නොලැබූ රාජ්ය නායකයකු නැති තරම් උන්වහන්සේ තමන් වහන්සේ දරන මතය නොබියව ඕනෑම අයකු වෙත කියාපෑමට මැලි වුණේ නැහැ මගේ පියාණන්ගේ ගම්උදා වැඩසටහනට සමගාමීව පොඩි හාමුදුරුවෝ දුප්පත් ජනතාවට නිවාස තනා දීමේ ව්යාපෘතියක් දියත් කළා උන්වහන්සේගේ අපවත්වීම කොළඹ ජනතාවට වගේම මුළු මහත් ලක් වැසියන්ටම දැරිය නොහැකි පාඩුවක් ගංගාරාම විහාරස්ථ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු දායක පිරිස ද මැති ඇමැතිවරු ත්රිවිධ හමුදාපතිවරු විදෙස් තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් ද කිතුනු මුස්ලිම් හා හින්දු ආගමික නියෝජිතයන් ද ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගි වූහ අවමංගල සභාව අවසන් වීමෙන් පසුව ඤාණිස්සර නාහිමිපාණන්ගේ ශ්රී දේහය රැගත් දෙන උන්වහන්සේගේ ශිෂ්යවරයන් වහන්සේලාගේ කර මතින් චිතකය වෙත වැඩම කර මළහිරු බැස යද්දී රැස්ව සිටි දහස් සංඛ්යාත දායක දායිකාවන්ගේ සෝ සුසුම් මැද චිතකයට ගිනි දැල්වීය ඡායාරූප කමල් බෝගොඩ ධර්මසේන වැලිපිටිය බුද්ධික ඩී රණසිංහ
දේශපාලනය ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ අපට පමණයි
දේශපාලනය ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ මාලිමාවට පමණක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි දිසානායක මහතා මේ කරුණු පැවසුවේ පසුගියදා මාලිගාවත්ත පීඩී සිරිසේන ක්රීඩාංගණයේ පැවති විශ්රාමික ත්රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව අමතමිනි එහිදී ඔහු මෙසේද කීය වේදිකාවේ ඉන්න සියලු දෙනා පසුගිය කාලයේ දරන ලද උත්සාහයේ ප්රතිඵල ලැබී තිබෙනවා හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මේ අවස්ථාවට සහභාගි වීම අපට විශාල ශක්තියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර විශාල අපරාධ සංඛ්යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නිසා දඩයමට ලක්වී තිබෙනවා ඔහු සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීම වගේම මේ සියලු දෙනාටම සාධාරණය ඉටුකිරීම අපගේ වගකීමක් සාමාන්යයෙන් හමුදා බැටෑලියන් එකක 600ක් 700ක් විතර පිරිසක් ඉන්නවා එහෙම බැලුවොත් මෙතන බැටෑලියන් 30ක 40ක විතර පිරිසක් එකතු වී සිටිනවා ඕනෑම අභියෝගයකට මුහුණ දී ජයග්රහණය ලබා හැකි පිරිසක් මෙතනට එකතු වී සිටිනවා මේක සමහර මාධ්යවල විරුද්ධවාදී හැසිරීම දේශපාලන අධිකාරීන්ගේ කෝපාවිෂ්ඨ ගර්ජනයන් තවදුරටත් ඉදිරියේදී වැඩිකරන සමුළුවක් මෑතකදී බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තාවක ප්රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර තිබුණා විදෙස්ගත ශ්රී ලාංකිකයන් මහත් උනන්දුවෙන් ජාතික ජන බලවේගය වටා එක්වීමත් විශ්රාමික ත්රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගයට අනුබද්ධව ප්රබල ලෙස සංවිධාන ගතවීමත් නිසා ජාතික ජන බලවේගය ජයග්රාහී ලෙස ඉදිරියට යමින් සිටින බව දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා තිබුණා මේ නැගීගෙන එන බලවේගය සැප්තැම්බර් 21දා නියත ජයග්රහණය කරා ඉදිරියට යාම වැළැක්වීමට කිසිදු ජගතෙකුටවත් බැහැ පොදු ජනයාගේ ඛේදවාචකය පිළිබඳ වේදනාව අපට ඉතා හොඳින් දැනෙනවා හදවතේ තෙතමනයක් තිබෙනවා නම් අපේ මාතෘභූමියට අත්කර දී තිබෙන ඛේදවාචකය ගැන කම්පනයක් තිබෙනවා අවුරුදු 75ක ඉතිහාසය පැත්තකින් තබා මේ සති දෙකක කාලය තුළ සිදුවීම් ගත්තත් ඛේදවාචකයේ තරම තේරුම් ගන්න පුළුවන් මේ තරම් අප්රසන්න දේශපාලන සිදුවීම් තවත් දකින්න පුළුවන්ද ප්රසන්න රණතුංග කප්පම් ගැනීම මහින්දානන්ද මූල්ය අපරාධ සිදුකිරීම පිළිබඳ චෝදනා ගොනු කරන විට රනිල් වික්රමසිංහ අගමැති රත්වත්තේලා බන්ධනාගාරවලට පැනලා සිරකරුවන්ට පිස්තෝලය එල්ල කළ බව ඔවුන් දන්නවා අනික් පැත්තෙන් සජබ ගොඩනඟන විට සභාපති ලෙස තෝරා ගත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැන් එළියේ පොහොට්ටුවේ සභාපති ජීඇල් පීරිස් ඇතුලේ මේක මොනතරම් කැත පන්නයේ දේශපාලනයක්ද එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් වන්දි ගැනීමට බාධා කළ නාලක ගොඩහේවා සජිත් ප්රේමදාසගේ දකුණු අත මහින්ද රාජපක්ෂට අප්පච්චි කියූ එස්එම් චන්ද්රසේන රෝහිත අබේගුණවර්ධන දැන් රනිල්ට අප්පච්චි කියනවා මේ දේශපාලනය ලැජ්ජා නැද්ද රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගෙන හිරේ දාන තුරු නින්ද යන්නේ නැහැ කියූ මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් වික්රමසිංහගේ ඔඩොක්කුවේ නිදි මහ බැංකුවේ මහ දවල් මහ බැංකු බැඳුම්කර කොල්ලය හෙළිදරව් කළා කියන බන්දුල ගුණවර්ධනත් ඒ කියූ හොරාගේ තැන ඉන්නේ මේක කැත නැද්ද මේ කැත දේශපාලනය අපි අවසන් කළ යුතුයි පුරවැසියන් ගැන මාතෘ භූමිය ගැන වග නොකියන මේ දේශපාලනය අපි අවසන් කළ යුතුයි අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි හමුදාවේ සොල්දාදුවන් හැටියට ඔබ දිවුරුම් දී ව්යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිතය පවා කැප කරනවා රටේ ස්වාධීනත්වය ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඔබ ආසන්නයේම සිටි සගයා මියගොස් සිටියදී සදාකාලික ආබාධිතයන් බවට පත්ව සිටියෙදී දිවුරුම අත්හැරියේ නැහැ ඔබේ ශරීරය තුළ මූනිස්සම් වැදී ඇස් අන්ධ වී අතපය අහිමි වී අනන්ත අප්රමාණ කැපකිරීම් කළත් පාලකයා හැකි හැම අවස්ථාවකදීම ව්යවස්ථාව කඩනවා චන්ද්රිකා තමන්ගේ හිතවතුන්ට ජනාධිපති සමයේදී ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වැරදිකාරියක් වූවා ආර්ථිකය කඩා වැට්ටවීම සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයෙන් මහින්ද රාජපක්ෂව වැරදිකරුවෙකු කළා මෛත්රීපාල සිරිසේන හඳපානේ දේශපාලන කුමන්ත්රයක් දියත් කිරීම පාර්ලිමේන්තු විසුරුවා හැරීම පාස්කු ප්රහාරය වළක්වා නොගැනීම රෝයල් පාර්ක් එකේ තරුණිය ඝාතනය කළ අපරාධකරු ජනාධිපති බලතල යටතේ නිදහස් කිරීම වැනි ව්යවස්ථා උල්ලංඝනය කිරීම් රැසකට වැරදිකරු බව ශ්රේෂ්ඨාධිකරණය තීරණය කළා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව පැවැති නඩු ගණනාවක් ජනාධිපති වූ වහාම මුක්තියට යටත් කර ඉල්ලා අස්කර ගත්තා ආර්ථිකය කඩා වැටීම පිළිබඳවත් ඔහු වැරදිකරුවෙකු බවටත් පත් කළා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වීම නිසා පොලිස්පති ලෙස පත් කළ දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ අත්හිටුවීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කළා අගමැති දිනේෂ් ගුණවර්ධන ඒ නියෝගයට අභියෝග කරන අතර රනිල් වික්රමසිංහ කියා සිටියේ කථානායකත් අගවිනිසුරුවරයාත් සාකච්ඡා කර ප්රශ්නය විසඳා ගන්න කියලයි චූදිතයෙකුත් අධිකරණ විනිසුරුවරයෙකුත් සාකච්ඡා කර නඩු තීන්දු දෙන්නේ ලෝකයේ කොයි රටේද තවමත් ශ්රේෂ්ඨාධිකරණය කථානායක සමග සාකච්ඡා නොකිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා නඩු තීන්දුව පිළිගන්නේ නැතිනම් පොලිස්පති හැටියට එක අත්සනක් ගහන ලෙස දේශබන්දු තෙන්නකෝන්ට අපි අභියෝග කරනවා පොලිසියට පැවරී තිබෙන කාර්යභාරය ඉටුකිරීම සඳහා දේශබන්දුම ඕනෑද එහෙම නම් ඒ ආයතනවලින් වැඩක් නැහැ පොලිසියට ඕනෑ වැඩකරන්න නම් ඊළඟ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයෙකු වැඩ බලන පොලිස්පති ලෙස පත්කළ හැකියි දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණ හැටියට රටේ තිබුණු ඇත්ත ප්රශ්න ගැන ආර්ථික ප්රශ්න ගැන ජනතාවට කරුණු කීවා නමුත් ඔවුන් නිර්මාණය කළ ජාතිවාදී දේශපාලනය විසින් ඇත්ත ප්රශ්නය යට ගහමින් රටේම අවධානය යුද්ධය කෙරෙහි යොමු කර තිබුණා 1982 පැවැත්වීමට නියමිතව තිබුණු මහ මැතිවරණය නියමිත පරිදි පැවැත්වූවා නම් උතුරේ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනවා නමුත් ජේආර් ජයවර්ධන තමන්ගේ 56ක බලය ඒ ලෙසම පවත්වාගෙන යාමට ක්රියාකිරීම නිසා උතුරේ සන්නද්ධ ව්යාපාරයට ඉඩකඩ නිර්මාණය කර 1983 කළු ජූලියෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කරගැනීමේ අවස්ථාව සලසා දුන්නා 1999 ජනාධිපතිවරණයේදී චන්ද්රිකා දිනන්නේ ටවුන්හෝල් බෝම්බය නිසා 2005 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය 2010 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්දට අත්කර ගැනීමයි ෆොන්සේකා මහතා අපේක්ෂකයෙක් වෙන්නේත් යුද්ධයට නායකත්වය දුන් නිසයි 2019 ගෝඨාභය අපේක්ෂකයෙක් බවට පත්කරන්නේ පාස්කු ප්රහාරයෙන් පසුව ඇති කළ යුද්ධ භීතිය නිසයි ඒ ගොල්ලෝ යුද්ධ නිර්මාණය කර දීර්ඝ කාලයක් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තත් දැන් රනිල්ලාට මහින්දලාට යුද්ධ නැතිව පාළුයි නැවත නැවත ආගමික ගැටුම් ඇතිකර ගැනීම සඳහා උතුරේත් දකුණේත් උත්සාහ කරන බව අපි දන්නනවා ඒ අයට දේශබන්ධු ඕනෑ කරන්නේ ඒ නිසයි ඔවුන් කවදාවත් යුද්ධයේ වින්දිතයන් නොවී තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් එය යොදා ගත්තා