id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_0001
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (9) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 13,908 දක්වා ඉහළ ගොස් ඇත.වයස අවුරුදු 60 ට වැඩි 14 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර දෙදෙනකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොරෝනා මරණ වැඩි වීමක්
0
hp_train_0002
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.  2015 මාර්තු  මස 28 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි.
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_0003
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි ඇති විය හැකියි. නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද  වැසි ඇති විය හැකි බවත්  ශ්‍රී ලංකාව වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස 4.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.  
‘පළාත් රැසකට තද වැසි‘
0
hp_train_0004
(යොහාන් භාසුර)විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (19) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (18) පස්වරු පැවසීය. ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට හෙට පැය 3 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා දහවල් කාලයේ පැයයි විනාඩි 30 ක් ද, පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 30 ක් ද,විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය. 
හෙටත් පැය 3 යි විනාඩි 45 විදුලි කපයි
1
hp_train_0005
( රංජිත් රාජපක්ෂ)අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි නිවසක් අසලට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ එක් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා අද (12) දින අලුයම දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් බඹරගල වතු යායේ නිවසක තිබු උත්සවයක සහභාගි වි ආපසු නෝටන්බ්‍රිජ් බලා ත්‍රිරෝද රථය ධාවනය කරවන අවස්තාවේ අලුයම 1.30 ට පමණ ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේය.ත්‍රිරෝද රථය අනතුරට පත්වන අවස්තාවේ ත්‍රිරෝද රථයේ රියදුරා සමග මගින් තිදෙනෙකු ගමන් කර ඇති බවත්,ත්‍රිරෝද රථයේ රියදුරා නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවට පොලිසිය සැකකරයි.අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත. 
ත්‍රිරෝද රිය අඩි 50 ක් පහළට: දෙදෙනකුට තුවාල
1
hp_train_0006
යුද හමුදාවේ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව පළමු වරට සංවිධානය කරන ‘වලව සුපර් ක්‍රොස් - 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ මස 20 වැනිදා උඩවලව සෙවණගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ. උඩවලව ජාතික වනෝද්‍යානයට සමීපව උඩවලව තණමල්විල මාර්ගයේ 17 වැනි කණුව අසළ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු රෙජිමේන්තු යුද හමුදා කඳවුරට අයත් මෙම ධාවන පථයේ දුර ප‍්‍රමාණය කිලෝමීටර 1.5 කි. මෝටර් රථ ඉසව් 11 ක් සහ යතුරු පැදි ඉසව් 12 කින් සමන්විත මෙම තරගාවලියේදී දිවයිනේ නම ගිය මෝටර් රථ ධාවකයන් සහ යතුරු පැදි තරගකරුවෝ 150 කට ආසන්න පිරිසක් මෙම තරගාවලියට සහභාගිවෙති. කෙසේ වෙතත් ශ්‍රී ලංකා යතුරු පැදි මෝටර් ක්‍රොස් ශූරයා ගයාන් සඳරුවන් මෙම තරගාවලියට සහභාගි නොවීම කී‍්‍රඩා ලෝලීන්ට සුබ ආරංචියක් නොවනු ඇත. පසුගියදා පැවැති සීගිරිය රැළි ක්‍රොස් තරගාවලිය ඉලක්ක කරමින් පුහුණුවීම්වල නිරතවීමේදී සිය පිට කොන්දේ ඇති වු ආබාධය සම්පූර්ණයෙන්ම සුව නොවීම නිසා තමන් මෙම තරගාවලියට සහභාගි නොවන බව සඳරුවන් ‘ලංකාදීපයට’ පැවසීය.වෛද්‍ය උපදෙස්වලට අනුව මාස තුනක කාලයක් විවේකය අවශ්‍ය බවත්, ලබන වසරේ ජනවාරි මස සිට පුහුණුවීම්වලට යොමු වන බවත් ගයාන් පවසයි.කෙසේ වෙතත් ගයාන්ගේ අඩුව පුරවමින් ඔහුගේ සොහොයුරු ශානුක සඳරුවන් තරගාවලියේ 250 සී. සී. සහ 125 සී. සී. රේසිං ඉසව් සඳහා සහභාගි වෙයි. යතුරු පැදි ඉසව් අතරට කනිෂ්ඨ ධාවකයන් සඳහා ඉසව් සහ සුපර් මෝටාඞ් ඉසව් ද ඇතුළත්වේ. මෝටර් රථ ඉසව්වල වේගවත්ම ඉසව් වන සිලින්ඩර ධාරිතාව 1600 සී. සී. සහ එස්. එල්. ජී. ටී කාර් 3500 සී. සී. ඉසව් ද තරගාවලියට ඇතුළත්වේ. තරගාවලිය දැනුවත් කිරීම සඳහා කොළඹ පැවැති මධ්‍ය හමුවේදී යුද හමුදා මෝටර් රථ හා යතුරු පැදි ක‍්‍රීඩා කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් රවී මායාදුන්නේ මහතා පැවසුවේ උඩවලව ප‍්‍රදේශයේදී පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය දැකගැනීමට එම ප‍්‍රදේශයේ ජනතාව උනන්දුවෙන් පසුවන බවයි.තරගාවලිය පැවැත්වීමෙන් උඩවලව ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කර ගැනීමේ අවස්ථා ද සැලසෙන බව බි‍්‍රගේඩියර් මායාදුන්නේ මහතා පැවසීය. තරගාවලියේ ජයග‍්‍රාහී ධාවකයන්ට කුසලාන සමග මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය සහ යුද හමුදා මෝටර් රථ ධාවකයන්ගේ කමිටුව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරති.
‘වලව සුපර් ක්‍රොස්’ 20 දා සෙවණගලදී
1
hp_train_0007
(ටී.කේ.ජී.කපිල)විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (17) කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී  රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.අත්අඩංගුවට පත් කාන්තාව කුඹුක්වැව , නිකගොල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි  කාන්තාවක් බව වීරකෝන් මහතා පැවසීය.ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල රුපියල් 22,51,200 ක් වටිනා දුම්වැටි 37,520 ක් අඩංගු , දුම්වැටි කාටූන් 126 ක් සහ පැකට් 616 ක් සඟවාගෙන සිටිය දී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි. 
විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
1
hp_train_0008
ඉදිරි දිනවලදී නිරිත දිග ප්‍රදේශයට වැඩිපුර වැසි ඇති වීමට  සහ මෝසම් සුළං මදක් වැඩි වීමේ හැකියාවක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් අනෙක් පළාත්වල ස්ථාන කීහිපයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35259050සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33268570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269570උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.ගාල්ල30269080උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.යාපනය34278065ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30219565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249570උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය35269055සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32269070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘පළාත් කීපයකට අද සවසත් වැසි‘
0
hp_train_0009
කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (27) වර්ධනයක් පෙන්නුම් කළේය.සියලු කොටස් මිල දර්ශකය සියයට 0.41කින් ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 0.86කින් ද ඉහළ ගියේය.දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,800.01ක් ලෙස දැක්වුණු අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 2,014.36ක් ලෙස දැක්විණි.එම මිල දර්ශක දෙක පිළිවෙළින් ඒකක 19.79කින් සහ ඒකක 17.16කින් ඉහළ ගියේය.කොළඹ කොටස් වෙළෙඳපොළේ ඊයේ දිනයේ දෛනික ගනුදෙනු අවසන් වෙද්දි සියලු කොටස් මිල දර්ශකය සියයට 0.47කින් ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 1.83කින් ද පහළ ගියේය.කෙසේ නමුත් පසුගිය සතියේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දින දෙකකදී ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය.මේ අතර දෛනික ගනුදෙනු කාලසීමාව පස්වරු 2.30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන ඇත. මාස දෙකකට පසු මැයි 11 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත කෙරුණු අතර එදින සිට පසුගිය සතිය දක්වා දෛනික කටයුතු උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පැය දෙකකට සීමා කෙරුණි.කෙසේ නමුත් ඊයේ (26) සිට බලපැවැත්වෙන පරිදි සියලු දිස්ත්‍රික්කවලට බලපවත්නා ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගැනීමත් සමඟ දෛනික ගනුදෙනු කාලසීමාව දීර්ඝ කරන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කළේය.මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.30 සිට පෙරවරු 11.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 11.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත. ඒ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 1/2 ක් වේ.කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු කාලසීමාව පැය 5ක් වන අතර එය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වේ.055 
කොටස් වෙළෙඳපොළ දර්ශක දෙකම ඉහළට
1
hp_train_0010
(රංජිත් රාජපක්ෂ)                      තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉන් එක් වතු කම්කරුවෙක් මිය ගිය බව හැටන් පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ පොලොන් කොටසේ පදිංචි එස්.විජෙකුමාර් (49) නැමති දෙදරු පියෙකි.බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි වතු කම්කරුවා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන විට මිය ගිය බවත්, මිය ගිය වතු කම්කරුවන්ට බඹරුන් විශාල ප්‍රමාණයක් ප්‍රහාරය එල්ල කර තිබු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා පැවසීය.තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කූඩුවක් එකවරම ඇවිස්සී වතු කම්කරුවන්ට පහර දී ඇති බව එම වතුයායේ පාලන අධිකාරිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
බඹර ප්‍රහාරයකින් 8ක් රෝහලේ
0
hp_train_0011
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි ඇති ‍වන බවත්  සෙසු  ප්‍රදේශවලට සවස 2.00න් පසු,  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 26/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259065සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව34258555සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිකොළඹ29258575විටින් විට වැසිගාල්ල28259080විටින් විට වැසියාපනය32268070සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමහනුවර27229575විටින් විට වැසිනුවරඑළිය17139585විටින් විට වැසිරත්නපුරය29249575විටින් විට වැසිත්‍රීකුණාමලය33248055සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමන්නාරම30269080සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
‘පළාත් කීපයකට අදත් වැසි‘
1
hp_train_0012
ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්තවය වැඩි වන බවත් වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල බොහෝ ස්ථානවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇති විය හැකියි. නැගෙනහිර පළාතේ තැනින් තැන උදය කාලයේදීද වැසි බලාපොරොත්තු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ.  ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31249070උදෑසන වැසි සහ දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249075දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32238560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක්.මහනුවර29219570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32249565උදෑසන වැසි සහ දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32259070දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘ඉදිරි කාලයේත් ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_0013
(දයාරත්න ඇඹෝගම)මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියන් පස් දෙනෙකු මී උණ රෝගයෙන් මිය ගොස් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.අනුරාධපුර දිස්ත්‍රික්කය තුල මී උණ රෝගය පැතිර යාමේ අවදානම සම්බන්ධයෙන් අප කළ විමසුමේදි වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද (21)දින මේ බව පැවසිය.අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින මී උණ රෝගය පිළිබදව අදහස් දැක්වු වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසිය.ගිය වසරත් මෙම වසරත් සසදා බලන විට ගිය වසරට වඩා මී උණ පැතිර යාමේ අවධානම වැඩිවි තිබෙනවා.2019 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින් වාර්තා වුනේ 160 දෙනෙක්.එහෙත් මේ වසරේ ජනවාරියේ සිට මේ දක්වා මී උණ රෝගින් 120 ක් වාර්තාවි තිබෙනවා.මින් මී උණ රෝගින් පස් දෙනෙක්ම මිය ගොස් තිබෙනවා.ඉපලෝගම,තලාව,තඹුත්තේගම,විලච්චිය හා තිරප්පනේ යන ප්‍රදේශ වලින් මේ ආකාරයට ගොවි මහත්වරු පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.පසුගිය කාලයේ වැඩ නොකරපු කුඹුරැ රැසක් මේ වසරේ වැඩ කර තිබෙනවා.පසුගිය කාලයේ වැඩ නොකරපු කුඹුරැවල මීයන් බෝවිම නිසා මේ වසරේ මී උණ රෝගින් වැඩි වෙලා.සමහර ගොවි මහත්වරැ කුඹුරැ වැඩ කරද්දි උණ රෝගය හැදුනත් එය නොසලකා එම කටයුතු අවසන් වන තෙක්ම ප්‍රතිකාර ලබා නොගැනිම මරණ වලට හේතුවි තිබෙනවා.එම නිසා දින දෙකකට වැඩි කාලයක් උණ තිබුන හොත් වහාම රජයේ රෝහලකට ගොස් රුධිරය පරික්ෂා කොට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක හා සසදා බලන විට මි උණ රෝගින් වාර්තා වන දිස්ත්‍රික වලින් අනුරාධපුර දිස්ත්‍රික්කය හත්වන ස්ථානයට පැමින ඇති බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙහිදි පැවසිය.
මී උණ රෝගයෙන් අපුරේ පහක් ජීවිතක්ෂයට
1
hp_train_0014
(මනෝප‍්‍රිය ගුණසේකර) වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු  හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 13 වැනිදා සිට  දිනපතා විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය (05) තීරණය කළේය.පැමිණිලි පාර්ශවය විසින් විත්ති පාර්ශවයට බාරදිය යුතු ලේඛන ආදිය නිසි අන්දමට බාරදී ඇති බව මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී අනාවරණය වීමෙන් අනතුරුව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය එලෙස තීරණය කළේය.විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත‍්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නීතීපතිවරයා මෙම නඩුව පවරන ලදී.2012 ජුනි මස 05 වැනිදාත් 2015 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ මහරගම, නාවල හා බත්තරමුල්ලේදී නීත්‍යණුකූල බලපත‍්‍ර නොමැතිව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.වන සතත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ, දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ  පොදු දේපළ පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.මෙලෙස චෝදනා ලැබ සිටින්නේ අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්, උචිත නිශාන් ධම්මික, කේ. චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පී. ගමගේ ජයලත්, වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී ප‍්‍රියංගිකා සංජීවනී සහ වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ (නීතී) උපාලි පද්මසිරි නමැත්තන්ටය.මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නඩුව දිනපතා විභාග කිරීමට තීරණය කළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව කැදවන ලබන වසරේ පෙබරවාරී මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්කිකරුවන්ට නියම කළේය.
අලි රොෂාන් ඇතුළු 7 කගේ නඩුව 28 දා
0
hp_train_0015
(ගම්පොල - සුරංංග රාජනායක)උපතින්ම කතා කිරීමේ අපහසුතාවෙන් පෙළුනු ඇය විවාහකය.විමසීමකින් තොරව වැඩ කරන ඇගේ සැමියාට වගකීම් සහිත වැඩක් පැවරිය නොහැකි තරම්ය. එබැවින් පවුලේ සියලූ බර ඇය විසින්ම මනාව සැලසුම් කොට පවත්වා ගෙන යයි.පසුගිය දිනක ඇගේ පියා මිය ගියේය. ඉතා සංවේදී ඇය ඒ පිළිබඳව දැඩි සේ දුක් වූවාය. මිය ගිය අයගේ අවසන් කටයුතු දින ඇය වඩාත් හැඬුවාය. මිය ගිය පියාගේ අවසන් කටයුතු සිදු කොට සොහොන ළඟ සිට ති‍්‍රරෝද රථයකින් ඇය හා ඇගේ සැමියා නිවෙසට එමින් සිටියහ. හඬමින් පැමිණි ඇය එක් වරම සිහිසුන් වූවාය.ති‍්‍රරෝද රථ රියැදුරු සිහිසුන් ඇයට වතුර ටිකක් ඉසීම සඳහා ජලය රැුගෙන ඒමට අසල නිවෙසක් කරා දිව ගියේය. ඔහු නැවත ජලය රැුගෙන එන විට සිහිසුන්ව සිටි ඇය දෑතින්ම මුහුණ බදාගෙන බිම පෙරළෙමින් විලාප දෙන අයුරු දැක ඒ පිළිබඳ ඇගේ සැමියාගෙන් විමසීය.”ත‍්‍රිරෝද රියේ තිබුණු වතුර බෝතලෙන් මම මෙයාගේ මුහුණ හේදුවා. ඊට පස්සේ තමයි මේ විදිහට කෑ ගහන්න ගත්තේ” යැයි පවසත්ම ති‍්‍රරෝද රථ හිමියාට දොලොව රත් වූයේ ති‍්‍රරෝද රථයේ තිබූ පැට‍්‍රල් බෝතලය ඇගේ මුහුණට හලා ඇති අයුරු දැකීමෙනි. වහාම ඇය රෝහලට ගෙන ගිය අතර එහි දින 3ක් නැවතී ඇයට ප‍්‍රතිකාර ගැනීමට සිදු විය.
ත‍්‍රිරෝද රියේ පැට‍්‍රල් බෝතලෙන් මගියාගේ මුහුණ සෝදලා
1
hp_train_0016
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය  අනුරාධපුර, ඉසුරු පුර නව නුවර පාරේ, අංක 128 දරන ස්ථානයේදී විවෘත විය.අංග සම්පුර්ණ ප්‍රාථමික පාසල් අංශයයක්,නවීන පහසුකම්  සහිත පුස්තකාලයක්,පරිගණක විද්‍යාගාරයක් ඇතුළු සියලු පහසුකම් ද එහි ඇතැයි එහි පාලකයෝ කියති.ලයිසියම් ජාත්‍යන්තර පාසල් නිර්මාතෘ  අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු,ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධිකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු මහත්මිය, අනුරාධපුර නගරාධිපති එච්.පී සෝමදාස, ප්‍රාදේශීය ලේකම් සමන් බන්දුලසේන මහත්වරු  ආචාර්ය මණ්ඩලය,කාර්ය මණ්ඩලය හා මව්පියෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.       
ලයිසියම් පානදුරේටත් යයි
0
hp_train_0017
 (ක.ග. කරුණාරත්න)නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ ජලය පිටාර මට්ටමට පිරෙමින් පවතින නිසා එහි  වාන් දොරටු 12න් 2ක් අඩි 01බැගින් විවෘත කිරීමට අද (11) සවස පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. කවුඩුල්ල ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 104,4000ක් වන අතර මේ වනවිට එහි ජල මට්ටම අක්කර අඩි 94,700කි. දැනට විවෘතකර තිබෙන එම වාන් දොරටු මගින් තත්පරයකට ඝන අඩි 600ක පමණ ජල කඳක් පිටතට යැවෙන  බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා  පැවැසීය. වර්ෂාව තවදුරටත් නොකඩවා පැවැතුණහොත් අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට ජලාශයේ වාන් දොරටු විවෘත කරන අඩි ප්‍රමාණය ඉහළ දැමීමට සිදුවනු ඇති බවද  කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.
කවුඩුල්ල ජලාශයේ වාන්දොරටු 2ක් අරී
1
hp_train_0018
ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ධීවර නියෝජිත කණ්ඩායමක් අද (31) ඉන්දියාවට පිටත්වීමට නියමිතය. උතුරේ ධීවරයන් නියෝජනය කරමින් ධීවර නියෝජිතයන් දස දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරයට එක්වන අතර ධීවර අමාත්‍යාංශ නිලධාරියකු ඇතුළු පිරිසක්ද මෙම සංචාරයට එක්වෙති. ඔවුන් තමිල්නාඩුවේ ධීවර නියෝජිතයන් සමඟ නවදිල්ලි නුවරදී සාකච්ඡා පැවැත්වීමෙන් පසු වෙන වෙනම මාධ්‍ය හමු පැවැත්වීමට ද නියමිතය.ඉන්දීය ධීවරයන් නීතිවිරෝධි ලෙස උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් නොවැම්බර් මස 2 වැනිදා මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන්දීය ධීවරයන් මෙරට මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම නිසා ඇති ව තිබෙන අර්බුදයට ස්ථීර පිළියමක් සෙවීමට එරට විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ඇතුළු අමාත්‍යවරු පිරිසක් එරට ධීවර නියෝජතයන් සමඟ මීට පෙර සාකච්ඡා පවත්වා තිබිණි.මෙම සාකච්ඡාවලින් අනතුරුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නොවැම්බර් 3 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත අතර එහිදි මධ්‍යම රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වෙනු ඇත. එම සාකච්ඡාවලට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ්, එරට කෘෂිකර්ම අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු දෙරටේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වෙති.
ධීවර ගැටළු ගැන ඉන්දු-ලංකා සාකච්ඡා
0
hp_train_0019
බස්නාහිර, සබරගමුව,  මධ්‍යම හා වයඹ පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
‘අදත් කඩින් කඩ වැසි‘
0
hp_train_0020
(මනෝප‍්‍රිය ගුණසේකර) ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොමැතිව නඩුව විභාගය ආරම්භ කිරීමට සුදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාට අද (17) දැනුම් දුන්නේය. ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදුකළ බවට  ඔහු චෝදනා ලැබ සිටී.  මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයේ පෙනී නොසිටීම සැළකිල්ලට ගනිමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා එසේ පැවසීය.  ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සදහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමු බවට ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස ලබාගත් බවට ‘‘රක්නා ලංකා’’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.  මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාද අධිකරණයේ පෙනී සිටි අතර ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන ඔක්තෝම්බර් මස 22 වැනිදා කැදවීමට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.  විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.
ඇවන්ට්ගාඩ්-රක්නා ලංකා සභාපතිවරුන්ට එරෙහි නඩුව 4 වැනිදා සිට විභාගයට
0
hp_train_0021
(රංජිත් රාජපක්ෂ)                        බලපත්‍රයක් නොමැතිව පරිසරය විනාශ කරමින් එළවළු වගා භූමියක අවසරෙන් මැණික් ගැරු තිදෙනෙකු බගවන්තලාව පොලිසිය (28) අත්අඩංගුවට ගෙන ඇත. බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි තේ වත්තේ වතු නිවාස පේලියට පිටුපස එළවළු වගා භූමියක අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිසිය භාරයට ගෙන ඇත. සැකකරුවන් එම වත්තේම පදිංචිකරුවන් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව පොලිසිය පවසයි.
බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට
1
hp_train_0022
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා බදු ගැනීම සඳහා වන “ප්‍රසම්පාදන දැන්වීම” පිළිබඳව මෙන්ම ගුවන් සමාගමේ වත්මන් ක්‍රියාකාරීත්වයට අදාළව මෑතකදී පළවූ වාර්තා සහ සමාජයේ ඇති වී තිබෙන සංවාද පිළිබඳ අපි සතුටු වෙමු.අදාළ සියලු‍ තොරතුරු මනාව සලකා බැලීමෙන් මෙම සංවාදය වඩාත් ඵලදායී වනු ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේත් අදහසයි.ඒ අනුව, පහත ප්‍රශ්න සඳහා ලබා දී ඇති පිළිතුරු මගින්, ඉහත කාරණාව වඩා නිවැරදි හා දැනුවත්භාවයකින් යුතුව විශ්ලේෂණය කිරීමට හැකි වෙතැයි ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශ්වාස කරයි.ප්‍රශ්නය:- ගෝලීය වෙළෙඳපොළ හරහා ගුවන් යානා ලබාගැනීමට අදාළ විකල්ප තුළ බදු ක්‍රම සොයාබැලීම පිළිබඳ කළමනාකාරිත්ව යෝජනාවේ සහ ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියේ පදනම කුමක්ද?පිළිතුර:- කළමනාකාරිත්වය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ මූලික අවධානය යොමුව තිබුණේ, දැනට කල් ඉකුත්ව ඇති/කල් ඉකුත්වීමට අත්‍යාසන්න, බදු ක්‍රමයට ලබාගත් ගුවන් යානා දොළහක් (12) ප්‍රතිස්ථාපනය කිරීම කෙරෙහි ය. ඉන් ගුවන් යානා නවයක් (09), 2022/23 වර්ෂයේ අගභාගයේ සිට 2025 වසර අතරතුර කාලයේදී ගුවන් යානා ඇණියෙන් ඉවත් වන අතර, තවත් යානා තුනක් (03) වසංගත කාලසීමාව තුළ ගුවන් යානා ඇණියෙන් ඉවත්ව ගොස් තිබේ.නිසි වේලාවට ගුවන් යානා බදු ක්‍රමයට ලබාගැනීමට අපොහොසත් වුවහොත් ගමනාන්ත රැසක් අත්හැර දැමීමට ගුවන් සමාගමට සිදුවනු ඇති. ගුවන් සේවය වසා දැමීමට හෝ එහි පරිමාණය අඩු කිරීමට කොටස්හිමියා වන ශ්‍රී ලංකා රජය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති (රාජ්‍ය බැංකු ඇතුළු ණය හිමියන්ට එවැනි ක්‍රියාමාර්ගයකින් අනිටු ප්‍රතිවිපාක උදාවනු ඇත) වාතාවරණයක, අධ්‍යක්ෂ මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් නොගැනීම ඔවුන්ගේ වගකීම් පැහැර හැරීමක් ලෙස සැලකෙනු ඇත.ශ්‍රී ලංකාවේ විදේශ මුදල් අර්බුදය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් උපායමාර්ග අතර සම්බන්ධතාව ද මෙහිදී සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණකි. මෙම කාරණාව පිළිබඳව පහත දැක්වෙන විශේෂිත ප්‍රශ්න සහ පිළිතුරු හරහා වඩාත් විස්තර කෙරෙනු ඇත. විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණ වන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි ඉපැයීම්වලින් සියයට 85 අමෙරිකානු ඩොලර්වලින් උපයන ශ්‍රී ලංකා ආර්ථිකයට විදේශ මුදල් සපයන්නෙකු (අපනයන ව්‍යාපාරයකට සමාන ලෙසින්) වීමත්, ගුවන් යානා අඩු වීම හරහා ගුවන් සේවයේ විදේශ මුදල් ඉපැයීමේ ධාරිතාව අඩු වීම මගින් රටේ විදේශ මුදල් තත්ත්වයට විය හැකි අහිතකර බලපෑමයි.දැනට ගුවන් යානා බදු වෙළෙඳපොළ අනුපාත ඉතා අඩු මට්ටමක පැවතීම ද කළමනාකාරීත්වයේ මෙම යෝජනාවට ප්‍රධාන හේතුවකි. (වත්මන් බලඇණියට සාපේක්ෂව 20-40% ක ඉතිරියක් ලබාගත හැකිවනු ඇති) වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති සහ නඩත්තු කිරීමට පහසු, වියදම් අඩු ගුවන් යානා ලබාගැනීම හරහා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට ගුවන් සමාගමට අවස්ථාව උදාවනු ඇත. මෙම සියලු‍ සාධක හරහා ගුවන් සමාගමේ ආදායම වර්ධනය කිරීමට හැකි වනු ඇති.එසේම මෙම අඩු බදු සහ මෙහෙයුම් පිරිවැයෙන් ඉදිරි වසරවල පුරෝකථනය කරන ලද සංචාරක ඉල්ලු‍මෙන් උපරිම ප්‍රයෝජන නෙළා ගැනීම සඳහා 2023-2025 කාලය තුළ තවත් ගුවන් යානා නවයකින් (09) ගුවන් යානා ඇණිය පුළුල් කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ද කළමනාකාරිත්වය විසින් අනුමැතිය ඉල්ලා සිටින ලදී.ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගම දියත් කර ඇති මෙම ක්‍රියාවලිය හරහා ගුවන් යානා බදු ගැනීමට මෙම අවස්ථාවෙහිදී බැඳී සිටී ද?පිළිතුර:- නැතප්‍රශ්නය:- මෙම ක්‍රියාවලියේ අනාගත අදියරකදී වුවද කුමන හෝ හේතුවකට ගුවන් යානා බදු පදනම මත ලබා නොගැනීමට ගුවන් සමාගම තීරණය කළ ද, මෙම යානා 21 අනිවාර්යයෙන් බදුගැනීම සඳහා සමාගම බැඳී සිටින්නේද?පිළිතුර:- නැත. අවශ්‍ය ගුවන් යානා ඕනෑම බදු ක්‍රමයට ලබාගැනීමට හෝ අවශ්‍ය නම් සම්පූර්ණ ක්‍රියාවලියම අත්හැර දැමීමේ නිදහස ගුවන් සමාගම සතු ය. සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම එවැනි බැඳීමකින් තොරව ක්‍රියාත්මක වනු ඇත.ප්‍රශ්නය:- ගුවන් සමාගමේ අරමුණ වන්නේ අලු‍ත් ගුවන් යානා බදු ක්‍රමයට ලබාගැනීම ද?පිළිතුර:- නැත. ගුවන් සමාගමේ  අවධානය ප්‍රධානව යොමුව ඇත්තේ, එහි මෙහෙයුම් පිරිවැය ව්‍යුහය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ අරමුණින්, පාවිච්චි කරන ලද ගුවන් යානා ලබාගැනීම සඳහා පවතින ගෝලීය වෙළෙඳපොළ තත්ත්වය ගවේෂණය කිරීම ය.ප්‍රශ්නය:- මෙම ගුවන් යානා බද්දට ගැනීම ශ්‍රී ලංකා රජයට අමතර බරක් වනු ඇත්ද?පිළිතුර:- නැත. සියලු‍ බදු ගෙවීම් සමාගම උපයාගත් විදෙස් විනිමය මගින් සිදු කෙරෙනු ඇත.ප්‍රශ්නය:- ගුවන්යානා කුලියට ලබාගන්නේද නැද්ද යන්න සහ ලබාගන්නේ නම්, අදාළ ප්‍රමාණය, ගුවන් යානා වර්ගය, ගුවන් යානා වයස යනාදිය ගැන කිනම් කාලයක් වනවිට තීරණයක් ගැනීමට ගුවන් සමාගමට සිදුවේද?පිළිතුර:- 2022 ඔක්තෝබර් වන විට ප්‍රසම්පාදන ක්‍රියාවලිය තීරණ ගැනීමේ මට්ටමට ප්‍රගතියක් ලබා ඇත්නම් එය වඩාත් සුදුසු වනු ඇත. එසේ කිරීමට අපොහොසත් වීම තුළ 2023 මාර්තු මාසයේ සිට ගුවන් ගමනාන්ත කිහිපයක් අවලංගු කිරීමට සිදුවන අතර මේ නිසා සමාගමේ ආදායම අඩුවීමට ඉඩ ඇත.ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකා ආර්ථිකය සතු විදේශ මුදල් සංචිත පරිභෝජනය කරන්නේද?පිළිතුර:- නැත,  සාමාන්‍ය මෙහෙයුම් තත්ත්ව යටතේ ශ්‍රී ලංකන් සමාගම එහි ආදායමෙන් සියයට 85ක් විදේශ මුදල් උපයන ආයතනයකි. එසේ වුව ද, වසංගත හෝ රට තුළ ඇතිවිය හැකි විශේෂිත තත්ත්ව නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමෙන් ගුවන් සේවා ව්‍යාපාරය යම් බිඳවැටීමකට ගොදුරු විය හැකි බව සඳහන් කළ යුතුය.ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවකදී, කල් ඉකුත්වන බදු ගිවිසුම් වෙනුවෙන් ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම හෝ අලු‍ත් ගුවන්යානා ලබාගැනීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිදුකළ යුතුද?පිළිතුර:- ගුවන් සේවයේ මෙහෙයුම් තුළින් රට තුළට විදේශ විනිමය ගලා එන පසුබිමක, ගුවන් යානා සංචිතය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ මුදල් ජනනය කිරීමේ හැකියාව අඩු වනු ඇත. එය, රටේ විදේශ විනිමය ශේෂයට අහිතකර ලෙස බලපානු ඇත. සමාගමේ විදේශ මුදල් ප්‍රවාහය වර්ධනය වීම රටේ ආර්ථිකයට ද ධනාත්මක බලපෑමක් ඇතිකරනු ඇති. එබැවින් සමාගමෙහි සහ කොටස් හිමියාගේ යහපත උදෙසා අඩු මුදලකට ගුවන් යානා ප්‍රතිස්ථාපන කිරීමටත්, නව මුදල් උත්පාදන මාර්ග සුපරික්ෂාකාරීව තෝරාගැනීමටත් නොකඩවා ව්‍යාපාරය ඇගයීම සිදුවිය යුතුය.ප්‍රශ්නය:- 2022 වසර අවසානය වන විට මෙම යෝජනාව පිළිබඳව කොටස් හිමියාට (ශ්‍රී ලංකා රජයට) නිර්දේශයක් කිරීමට නම්, අධ්‍යක්ෂ මණ්ඩලයට සම්පූර්ණ කළ යුතු පියවර මොනවාද?පිළිතුර:- විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා ගුවන් යානා බද්දට සැපයීම සඳහා විශ්වාසවන්ත ලංසුකරුවන් හඳුනා ගැනීම විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා සුදුසුකම් ලත් විශ්වාසවන්ත ලංසුකරුවන්ගෙන් බදු යෝජනා කැඳවීම ලංසු ඇගයීම කාලය, ප්‍රමාණය, ගුවන් යානා වර්ගය, වයස සහ පිරිවිතර අනුව නිර්දේශයක් සකස් කිරීම.ප්‍රශ්නය:- ගුවන් යානා බදු ගැනීමට අදහස් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සාමාන්‍ය සිරිතද?පිළිතුර:- පූර්ණ විනිවිදභාවය සහ ඕනෑම බදුකරුවකුට ඉදිරිපත්වීමට අවස්ථාව ලබා දීම යහපාලන පිළිවෙතයි. එවැනි විනිවිදභාවයක් පවත්වාගැනීම, ගුවන් සමාගමේ බදු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සැලකිය යුතු දියුණුවක් වන අතර එය ඉදිරි සමස්ත පාලන රාමුව තුළ ස්ථාවර භාවිතයක් විය යුතුය.ප්‍රශ්නය:- මෙම ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය කුමක්ද?පිළිතුර:- 2022 දක්වා කාලසීමාව තුළ ගුවන් යානා සැපයීමට අදාළ විශ්වාසවන්ත ලංසුකරුවන් හඳුනාගැනීමට වත්මන් අදියර (ප්‍රසම්පාදන නිවේදනය) සීමා වී තිබේ. මෙම අදියරේදී මිල පිළිබඳ තොරතුරු කිසිවක් ඉල්ලා නැත. ඊළඟ අදියර වනුයේ සුදුසුකම් ලත් විශ්වාසවන්ත ලංසුකරුවන්ට යෝජනා කැඳවන ලේඛනයක් (RFP) නිකුත් කිරීමයි. කෝප් කමිටුවේ යෝජනාව මත මිල ගණන් සලකාබැලීමට අදාළ මීළඟ අදියර, මාස 3 කින් කල් දමා ඇත.ප්‍රශ්නය:- ගුවන් යානා කුලියට ගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු මොනවාද සහ කුලියට ලබාගන්නේ නම්, යානා ප්‍රමාණය, මිල සහ ගුවන් යානා වර්ගය යනාදිය.a. සෑම ගුවන් යානා බදු ගැනීමක් සඳහාම ඇති ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම සහ ඇගයීම (කල් ඉකුත්වන බදු සඳහා ආදේශ කිරීම හෝ නව මාර්ග එකතු කිරීම සඳහා)b. විවිධ අවස්ථා යටතේ ඒ වන විට පවතින ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වයc. ඒ වන විට පවතින සාර්ව ආර්ථික තත්ත්ව සහ ප්‍රක්ෂේපිත අනාගතයd. ගුවන් යානා ප්‍රතිස්ථාපනය සහ/හෝ එකතු කිරීම සඳහා වන ව්‍යාපාරික සිද්ධි ඇගයීමේදී, ව්‍යතිරේක තත්ත්වයන් සහ ඒවා අවම කර ගැනීමේ අවදානම බලපානු ඇත.ප්‍රශ්නය:- ගෝලීය ගුවන් යානා බදු වෙළඳපොළ සමීක්ෂණය කිරීමේ තීරණයට අදාළ වන වෙනත් කරුණු මොනවාද?පිළිතුර:- දැනට ගෙවනු ලබන බදු ගාස්තුවලට සාපේක්ෂව සියයට 20-40 ක ඉතිරියක් කරගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හැකි වීමේ ඉහළ සම්භාවිතාවක් සමඟ ගුවන් යානා බදු වෙළෙඳපොළ දැනට ඉතා වාසිදායක තත්ත්වයක පවතියි. වඩාත් ඉන්ධන කාර්යක්ෂම සහ නඩත්තු කිරීමට ලාභදායී ගුවන් යානා ලබාගැනීම හරහා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමට අමතර අවස්ථාවක් උදාවෙයි.ප්‍රශ්නය:- ප්‍රසම්පාදන නිවේදනයට අනුව 2025 වසර දක්වා බදු ක්‍රමයට ලබාගැනීමට නියමිත ගුවන් යානා සංඛ්‍යාව 21 කි. මෙම සංඛ්‍යාව නිර්ණය කළේ කෙසේද?පිළිතුර:- ඊට ප්‍රතිස්ථාපන කළ යුතු ගුවන් යානා 12 ක් ඇතුළත් වේ. ඉන් ගුවන් යානා නවයක් (09) මෙම වසර ආරම්භයේ සිට 2025 දක්වා ගුවන් යානා ඇණියෙන් ඉවත් වන අතර, තුනක් (03) වසංගත කාලසීමාව තුළ ගුවන් යානා ඇණියෙන් ඉවත්ව ගොස් ඇත. IATA (ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය) වැනි කීර්තිමත් ජාත්‍යන්තර සංවිධාන විසින් ප්‍රකාශයට පත්කරන ලද ජාත්‍යන්තර සංචාරක පුරෝකථන අනුව යමින්, 2025 දක්වා කාලය තුළ තවත් ගුවන් යානා 9 ක් ලබාගැනීමට අදාළ වෙළඳපොළ තත්ත්වයන් විශ්ලේෂණයට ලක් කිරීමට කළමනාකාරීත්වය යෝජනා කර ඇත.ප්‍රශ්නය:- ඉකුත් අප්‍රේල් 12 වැනි දින සිට ශ්‍රී ලංකාව සිය විදේශ ණය වාරික ගෙවීම අත්හිටුවන බව නිවේදනය කරන ලදී. මෙය කුමන බලපෑමක් ඇති කරයිද?පිළිතුර:- ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පෙරනිමි මට්ටම පහත හෙළීමේ ප්‍රතිඵලයක් ලෙස බදු දෙන්නන් වෙළඳපොළේ මිල මට්ටම්වලට අමතරව අවදානම් වාරිකයක් එක් කිරීමට ඉඩ ඇත. එසේ අමතර ගාස්තුවක් එක් වුවද, එම බදු වාරික, ගුවන් සමාගම වර්තමානයේදී ගෙවනු ලබන බදු වාරිකවලට වඩා වාසිදායක වනු ඇත.ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය කොතරම් දුරට දැනුවත්ව සිටියාද?පිළිතුර:- ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය සම්පූර්ණයෙන්ම දැන සිටි අතර, එය එදිනෙදා මෙහෙයුම්වලට බලපා ඇති ආකාරය ද අපගේ අවධානයට යොමුවිය. ගුවන් සමාගමේ මෙහෙයුම් කෙරෙහි අර්බුදය නිසා ඇතිවන බලපෑම අවම කිරීම සඳහා විවිධ උපායමාර්ගික පියවර ගනු ලැබිණි. අයහපත් ආර්ථික තත්ත්ව පැවතිය ද ගුවන් සමාගම විසින් අනුගමනය කරන ලද උපායමාර්ග තුළින් ජනවාරි-මාර්තු කාර්තුව සඳහා මෙහෙයුම් ලාභයක් ළඟාකරගැනීමට හැකිවිය.ගුවන් යානා බදුවලින් 50% ක් පමණ කල් ඉකුත් වෙමින් පවතින බැවින් ද, සෘජු පිරිවැය ඉතිරිකිරීම් සහ අඛණ්ඩව පවත්වාගෙන යාම ඉලක්ක කරගත් මුල පිරීම් වෙත යොමු වෙමින් පවතින බැවින් ද, ඉහත විස්තර කර ඇති හේතු මත පිහිටා ගුවන් යානා බදුගැනීමේ මිල ගණන් විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට හේතුවක් නැත. තව ද, විදේශ මුදල් ප්‍රවාහයේ වර්ධනය, සමාගමට සහ කොටස්හිමියාට (ශ්‍රී ලංකා රජයට) ඍජුවම ප්‍රතිලාභ ලබාදෙනු ඇත.ප්‍රසම්පාදන නිවේදනය අප්‍රේල් 10 වැනිදා නිකුත් කරන ලද අතර කෝප් කමිටුව ඉදිරියේදී ද ප්‍රකාශ කළ පරිදි, අප්‍රේල් 12 වැනි දින විදේශ ණය සේවා සිදුකිරීමට අදාළ අත්හිටුවීමක් ප්‍රකාශයට පත් කිරීමේ රජයේ අදහස පිළිබඳව සමාගමට පූර්ව දැනුමක් නොතිබුණි. ඉහත පැහැදිලි කළ පරිදි, මෙය බදු වාරික මිල කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති නමුත් වත්මන් බදු වාරික මිලට වඩා අඩු බදු වාරික මිලක් ගෙවා ප්‍රතිලාභ ලැබීමට ගුවන් සමාගමට අවස්ථාව ලැබෙනු ඇත.ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය කෙබඳුද?පිළිතුර:- 2022 ජනවාරි-මාර්තු කාර්තුව සඳහා ගුවන් සමාගම අමෙරිකානු ඩොලර් මගින් සමූහ මෙහෙයුම් ලාභයක් (විගණනය නොකළ) වාර්තා කර ඇත. මෙය වසර 6කට පසු ලැබූ පළමු ලාභදායී කාර්තුව (අමෙරිකානු ඩොලර් මගින් ලද) විය. එය 2006 වසරෙන් පසු 4  වැනි කාර්තුවක් සඳහා මෙහෙයුම් ලාභ (අමෙරිකානු ඩොලර් මගින්) ලද පළමු අවස්ථාව වීම ද විශේෂත්වයකි.කෙසේ වෙතත්, ගුවන් සමාගම දිගු කලක් තිස්සේ දරාගත නොහැකි මට්ටමේ ණය ප්‍රමාණයක් රැස් කරගෙන ඇති අතර දැනට ඇති සම්පූර්ණ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 878 ක් වේ.සැලකිය යුතු විශේෂිත කරුණක් වන්නේ, අමෙරිකානු ඩොලර් මගින් මෙහෙයුම් ලාභයක් ලැබුව ද, මෑත කාලීනව රුපියල 50%කට වඩා අවප්‍රමාණය වීම හේතුවෙන් විගණනය කිරීමට පෙර (අමෙරිකානු ඩොලර්වලින් ගත් ණය නැවත තක්සේරු කිරීම හේතුවෙන්) ඉතා සැලකිය යුතු මුදල් නොවන විනිමය අලාභයක් වාර්තා කර ඇත.මෙම ණයවලින් බහුතරයක් රාජ්‍ය බැංකු සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දරනු ලබයි. අනෙකුත් සැලකිය යුතු ණය අතර 2019 දී නැවත නිකුත් කරන ලද රජයේ සහතික කළ ඩොලර් මිලියන 175ක බැඳුම්කරයක් ඇතුළත් වේ.පසුගිය මාසවල, වැඩිදියුණු කළ මෙහෙයුම් ලාභදායිතාවය සහ විදේශ මුදල් ප්‍රවාහ මත පදනම්ව, අනෙකුත් දිගුකාලීන ණය සඳහා නියමිත වේලාවට සේවා සැපයීම සහතික කිරීමටත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ණය ගෙවීමත් ආරම්භ කර ඇත. ප්‍රශ්නය:- මෙහෙයුම් කාර්යසාධනය වැඩිදියුණු කරගැනීමට බලපෑ ප්‍රධාන සාධක කවරේද?පිළිතුර:- නව ගුවන් මාර්ග මත පදනම් වූ පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම, අවස්ථානුකූල නව ආදායම් ග්‍රහණය කරගැනීම සහ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය යන දෙඅංශයේම ඉල්ලු‍මට අනුවර්තනය වීම යන ද්වීපාර්ශ්වික උපාය මාර්ගයක් හරහා, 2021 දෙසැම්බර් සහ ජනවාරි සිට 2022 මාර්තු දක්වා කාලය තුළ මෙහෙයුම් ලාභය ලබාගෙන ඇත.ශ්‍රී ලංකන් හි පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම අදියර කිහිපයක් මත පදනම් වන අතර බදු පිරිවැය වර්තමාන (හිතකර) මිලට නැවත සකස් කිරීම ද ඉදිරි ගමනේ තීරණාත්මක අදියරකි.ප්‍රශ්නය:- ගෝලීය ගුවන් සේවා කර්මාන්තයට සහ විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට වසංගතයේ බලපෑම කෙබඳුද?පිළිතුර:- ගෝලීය වශයෙන්, වසංගතයේ විනාශකාරී බලපෑම හේතුවෙන් ගුවන් සමාගම් 26 ක් ප්‍රතිව්‍යුහගත කෙරුණු අතර, තවත් ගුවන් සේවා 37 ක් වසා දැමුණි. ගෝලීය කර්මාන්තයට සාපේක්ෂව, ලාභදායී මෙහෙයුම් සඳහා පදනමක් සපයන පශ්චාත් වසංගත මෙහෙයුම් ව්‍යුහයක් සමඟින් ශ්‍රී ලංකන් සමාගම යම් සාර්ථකත්වයක් ලබාගැනීමට සමත්විය. ඊට බලපෑ සාධක කිහිපයකි.ගුවන් සේවයේ සේවකයන් විසින් කරන ලද කැපකිරීම්. ඔවුන්ගෙන් බහුතරයක් දීර්ඝ කාලයක් තිස්සේ විශාල වැටුප් කප්පාදුවක් යටතේ සිය සේවා ඉටුකළහ.  2020 දී ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 45.7 ක නව කොටස් නිකුත් කිරීම.සාර්ථක පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම (වසංගතය අතරතුර මෙහෙයුම් පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 100කින් පහත හෙළා ඇත) සහ වෙළඳපොළ අවස්ථා දිනාගැනීම (භාණ්ඩ ප්‍රවාහන සේවා, නැවත ගෙන්වා ගැනීමේ සේවා, නව ඉල්ලු‍ම ග්‍රහණය කර ගැනීම - උදාහරණයක් ලෙස ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර).ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සේවය වසා දැමිය යුතු නොවේද? විකිණිය යුතු නොවේද? ඈවර කොට නැවත ආරම්භ කළ යුතු නොවේද?පිළිතුර:- මේ සියල්ල වැදගත් ප්‍රශ්න ලෙස අපි දකින්නෙමු. එහෙත් මෙම විකල්ප තෝරාගැනීමේ ගැටලු‍වක් තිබේ. එනම්, ශ්‍රී ලංකන් හි බංකොලොත්භාවය මගින් අතීතයේ සිට සමාගමට ණය ලබාදී ඇති රාජ්‍ය බැංකුවලට ඇති කරන විනාශකාරී බලපෑම යි.ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ප්‍රාග්ධනීකරණය සහ/හෝ ඈවර කිරීම සහ නැවත ආරම්භ කිරීම (සමහර ගුවන් සමාගම් කර ඇති පරිදි) කොටස් හිමියා (ශ්‍රී ලංකා රජය) විසින් ගත යුතු තීරණ වන අතර ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයේ විෂය පථයෙන් ඔබ්බට ගමන් කරයි. කෙසේ වෙතත් අපේක්ෂිත ප්‍රතිවිපාක ද පෙන්වාදෙමින් එවැනි විකල්ප කිහිපයක් කොටස් හිමියා වෙත ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාකර ඇත.කොටස්හිමියා වෙතින් එවැනි මඟපෙන්වීමක් නොමැති පසුබිමක, සමාගමේ මෙහෙයුම් කාර්ය සාධනය උපරිම කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ යුතුකම වේ. ඒ අනුව, ලාභදායී මෙහෙයුම් වර්ධනය කරගැනීමට සහ දිගුකාලීන හිඟ ණය ගෙවීම ආරම්භ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.ප්‍රශ්නය:- අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන ලද ආකාරය සහ ඔවුන්ට වේතන පිරිනමන ආකාරය කුමක්ද?පිළිතුර:- ගුවන් සමාගමේ කොටස්හිමියා වන මුදල් අමාත්‍යංශය මගින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කරනු ලැබේ.වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන ලද්දේ 2020 ජනවාරි මාසයේදී එනම්, ගෝලීය වසංගතය එළඹීමට කෙටි කාලයකට පෙරදී ය.පත්වීම් අවස්ථාවේදීම, වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිසිදු වේතනයක් හෝ ප්‍රතිලාභයක් නොගැනීමට තීරණය කළහ.අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ගුවන් සමාගමේ කළමනාකාරිත්වය සඳහා සිය කාලය සහ ශ්‍රමය හුදු ගෞරවනීය පදනමක් මත පිරිනමති.-සටහන- චමින්ද මුණසිංහ
ශ්‍රී ලංකන් ගුවන් යානා බදු ගන්නේ ඇයි?
1
hp_train_0023
 ( රොමේෂ් මධුෂංඛ)මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනුකොට ඇති නඩුව අද (15)කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 22 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය. පවතින නඩුවේ තවත් එක් වාර්තාවක් පරිවර්තනය නොවීම හේතුවෙන් එම වාර්ථාවද පරිවර්තනය කිරීමෙන් අනතුරුව නඩු තීන්දුව 22 වනදා වන විට ලබා දිය හැකි බවට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා දැනුම් දුන් බවට මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේය. එමෙන්ම ලබන මාර්තු මස 22 වනදා දක්වා ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටද මුලතිව් මහේස්ත්‍රාත් වරයා විසින් විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ට දැනුම් දෙනු ලැබීය.
ගුරුකන්ද රජමහා විහාරයේ නඩුව කල් යයි
1
hp_train_0024
( රංජිත් රාජපක්ෂ)තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා අද (01) පැවසිය.මෙසේ බඹර ප්‍රහාරයකට ලක් වි තුවාල ලබා ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකි.තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහරදුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේය.
වතු කම්කරුවන් 15 දෙනෙකු බඹරු ඇනීමෙන් රෝහලේ
0
hp_train_0025
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට පරිත්‍යාග කර එරට ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයෙහි පීඩාකාරී අන්දමින් ජීවත් වන ‘කාවන්’ හස්තියා කාම්බෝරයේ පිහිටි අභය භූමියක් වෙත රැගෙනයාමට එරට බලධාරීන් මේ වන විට පියවර ගනිමින් සිටී.‍‘ලෝකයේ හුදෙකලා අලියා’ ලෙස ද හැඳින්වුණු කාවන්ට මේ වන විට මිතුරකු හමුවී ඇති අතර ඒ ප්‍රතිකාර ලබාදීමට පැමිණි පශු වෛද්‍යවරයෙකි.දැඩි ප්‍රචණ්ඩ හස්තියකු වූ කාවන් සමීපයට යාමට අමීර් කලීල් නැමති එම වෛද්‍යවරයාට හැකිවී ඇතැයි ද වාර්තා වන අතර කාවන් හා එම වෛද්‍යවරයා ඉතා සමීපව සිටින ඡායාරූප ද සමාජ මාධ්‍යවල පළ වී තිබේ.කාවන් හස්තියා පිළිබඳව පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇතිවූයේ එම සත්වයා ඉස්ලාමාබාද් හි මාගසාර් සත්වෝද්‍යානයෙන් නිදහස් කර සුදුසු සත්වෝද්‍යානයකට රැගෙන යන ලෙස එරට මහාධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙනි.කාවන් වාසය කළ ඉස්ලාමාබාද් හි ‘මාගසාර්’ සත්වොද්‍යානයයෙහි ඇති අවිධිමත් පරිපාලය හේතුවෙන් එය වසා දමන ලෙස ද මේ වන විට අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.තම සහකාරිය වූ සහේලිගේ අභාවයෙන් පසු 2012 වසරේ සිට දිගු කාලයක් තනිව ජීවත් වන කාවන් දැඩි මානසික පීඩනය හේතුවෙන් ඇතිවූ කාංසා තත්ත්වයකින් මෙන්ම පාදයේ ආබාධයක් හා මන්දපෝෂණ තත්ත්වයක් ආදී රෝගයන්ගෙන් පීඩා විඳින බව ද වාර්තා වේ.මේ හේතුවෙන් කාවන් කාම්බෝජියාවට ගෙනයාම ප්‍රමාද වී ඇති අතර මේ වන විට ලැබෙන ප්‍රතිකාර හේතුවෙන් කාවන් සුව අතට හැරෙමින් සිටින බවද වාර්තා වී තිබේ.වෛද්‍ය අමීර් සමඟ ඉතා කුළුපග වී ඇති මෙම හස්තියා මේ වන විට උදෑසනම තමා සිටින මඩුවෙන් පිටතට පැමිණ වෛද්‍යවරයා එනතුරු මග බලා සිටින බව ද වාර්තා වේ.මානසික පීඩාවන්ගෙන් පෙලෙන කාවන් නිරන්තර හිස දෙපස වැනීම ආදී ලක්‍ෂණ පෙන්නුම් කරන බවත්, කාවන් වෙනත් සුදුසු ස්ථානයකට ගෙනයාමේ කටයුතු භාරව කටයුතු කරන නිලධාරියා වන ෆ්‍රෑන්ක් සිනාත්‍රා හා වෛද්‍ය අමීර් එක්ව සංගීත චිකිත්සාවක් මගින් එම සත්වයාට මානසික ප්‍රතිකාර ලබාදීමද ආරම්භ කර ඇති බවත් විදෙස් තොරතුරු වාර්තා කර තිබේ.මෙය අලි ඇතුන්ගේ බරපතල මානසික රෝගී ලක්ෂණයක් වන හිස ගසාගැනීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කාවන් වර්තමානයේ දී හිස ගසා නොගන්නා එකම අවස්ථාව වන්නේ වෛද්‍ය අමීර් හා ෆ්‍රෑන්ක් සිනාත්‍රාගීතයක් ගායනා කරන විට වන අතර කාවන් කලබලයට පත්වන ඕනෑම අවස්ථාවක වෛද්‍යවරයා කාවන් වඩා ප්‍රිය කරන ගීතයක් ගායනා කර එම සත්වයා සාමාන්‍ය තත්ත්වයට පත්කරන බව ද වාර්තා වේ.මීට පෙර සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි ප්‍රදේශවාසීන් කවාන්ගේ වෙනස ගැන බොහෝ විට මවිතයට පත් වන බව ද සඳහන් වේ.අභයභූමියකට යැවීමට පෙර කාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කිරීම ෆෝර් පව්ස් ඉන්ටර්නැෂනල් ආයතනය, ඉස්ලාමාබාද් වනජීවී මණ්ඩලය සහ පශු වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර සිටී.කාම්බෝජයට රැගෙනයාම සඳහ කාවන් අලින් රැගෙන යා හැකි විශේෂ කූඩුවක රැගෙනයාමට සිදුවන නිසා තවදුරටත් හීලෑ කර පුහුණු කිරීමට සිදුවන බවත් එම කණ්ඩායම සඳහන් කර තිබේ. එම පුහුණුවෙන් පසු කාවන්ට කාම්බෝජයේ අභය භූමියක නිදහස් දිවියක් උරුම වනු ඇත.ශ්‍රී ලංකාවෙන් පකිස්තාන රජයට 1985 වසරේදී ලබාදී ඇති කාවන් මේ වන විට 35 හැවිරිදි වියෙහි පසුවන අතර එම හස්තියා 2012 වසරේ සිට එම සත්වෝද්‍යානයේ ඉතා පීඩාකාරී අන්දමින් තනිව ජීවත්ව ඇත.කාවන්ගේ, සහාකාරිය ලෙස 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයට යැවූ ”සහේලි” නම් ඇතින්න 2012 දී මියයාමෙන් පසු කාවන් හස්තියා මෙසේ 08 වසරක් පුරා තනිවම ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුල ජීවත්ව තිබෙන්නේ නිසි පහසුකම් හෝ නොමැතිව බව වාර්තා වේ.මෙම හස්තියට යහපත් ස්ථානයක් ලබා දීමේ අරමුණින් ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන චේර් ඇතුළු ස්වේච්ජා සංවිධාන එකමුතුවක් දැවැන්ත විරෝධාතාවයක් ආරම්භ කර පාකිස්තාන් අධිකරණයට පෙත්සමක් ගොනුකර් තිබූ අතර එය විභාග කළ පාකිස්තාන මහාධිකරණය කාවන් සුදුසු ස්ථානයකට යොමු කිරීමට එරට වනජීවී නිලධාරීන්ට නියෝග කර තිබිණි. 
ලෝකයේ හුදෙකලා හස්තියා ‘‘කාවන්‘‘ට මිතුරෙක්
1
hp_train_0026
(සුනිල් ජයසිරි ලන්ඩන් නුවර සිට)ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ අසත්‍ය තොරතුරු ලෝකයට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී පෙරේදා (17) පැවසීය.ලබා දෙන නිදහස යහපත් මිනිසුන් විසින් යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිසුන් එය අයහපත් ලෙස භාවිත කිරීම සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.මහනුවර ඇතිවූ සිදුවීමේදී ඇඳිරි නීතිය, හදිසි නීතිය දමමින් රජය අවශ්‍ය පියවර ගනිද්දී මෙරට සිටින තානාපතිවරුන් ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් හා සීමාව ඉක්මවමින් කටයුතු කළ බවකී ජනාධිපතිවරයා ඒ කිසිවකට නොසැලී තීන්දු තීරණ ගත් නිසා සිදුවීමට ගිය විශාල විනාශයක්  වළක්වා ගැනීමට හැකිවූ බව ද කීවේය.ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීය.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය. “ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. වැඩබලන මහ කොමසාරිස්තුමා සඳහන් කළ ආකාරයට මෙහි සිටින ලක්ෂ හතරකට ආසන්න වූ ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජිත පිරිසක් වශයෙනුයි මම මේ සන්ධ්‍යාවේ ඔබව දකින්නේ. සියලු දෙනාටම එකම ස්ථානයක කතා කිරීමට, සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණත් ඒ සියලු දෙනා නියෝජනය කරන ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේ මේ හමුවීම මා ඉතාමත් වැදගත් කොට සලකනවා. ඔබ එක්සත් රාජධානිය තුළ වෘත්තිකයන් වශයෙන් වෘත්තීන්වල, ව්‍යාපාරිකයන් වශයෙන් විවිධ ක්ෂේත්‍රවල සේවය කරනවා. එයින් එක්සත් රාජධානියට ඔබ සේවයක් කරනවා වගේම ඔබේත් මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඒ කරන සේවාවේ ගෞරවය ඔබ ලබා දෙනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කුමන රටක කුමන ආකාරයේ යහපත් වූ සේවාවක සිටියත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය තවත් පැත්තකින් ඔවුන් සිටින රාජ්‍යයේ සාර්ථකත්වය එමෙන්ම ආදරණීය මවුබිම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ සේවාව තුළ ඔවුන් පෙන්වන විවිධ හැකියාවන්, දක්ෂතාවන්, විශිෂ්ටත්වයන් පෙන්නුම් කිරීම අපි කවුරුත් දකින දෙයක්. ශ්‍රී ලාංකිකයන් ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, විශේෂඥයන්, බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වශයෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කිරීම මගින් අපේ ආදරණීය මාතෘභූමියට ඒ සියලු දෙනා ලබා දෙන්නාවූ ගෞරවය අපිට කිසිවිටකත් අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ විවිධ රටවල්වල විවිධ ජාතීන් අතරේ ශ්‍රී ලාංකිකයන් සැමවිටම කැපී පෙනෙන හැකියාවන් සහ දක්ෂතාවන් පෙන්නුම් කරනවා. දීර්ඝ කාලයක් සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය අපි පිරිනමනවා. ඔබ මෙහි ජීවත් වූවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරැදි තොරතුරු ඔබ වෙත ගලා එනවා ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම දකිනවා. අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මා හමුවීමට පැමිණ සිටියා. බොහෝ වේලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා මගින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරදි තොරතුරු ඔබ අහනවා ද දකිනවා ද කියන කාරණාව.අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්‍රවෘත්ති තුළ පැහැදිලි ලෙසම සියයට 75කට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. අසත්‍ය වූ දේවල්. නිමල් සිරිපාල ඇමතිතුමාත් මමත් අද සාකච්ඡා කිහිපයකම එකට වාඩි වුණා. ඇමැතිතුමාත් ළඟ සිටි නිසා සමහර දේවල්වලට මට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම්වලදී සිදුවූ සිද්ධීන් සහ එම පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා කොතරම් අසත්‍ය දේ පැතිර ගොස් තිබෙනවාද. එමෙන්ම රජය කළ කාර්යයන් පිළිබඳව නිවැරැදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තාවී තිබෙනවාද. වැරැදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවා ද කියන කාරණාව මම දැකපු දෙයක්. ඔබ සමහරවිට ඔබේ මවුපියන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට දිනපතා දුරකතනයෙන් කතා කරනවා ඇති. අන්තර්ජාලය හරහා කතා කරනවා ඇති. නමුත් සත්‍යය යටපත්වී අසත්‍යය ඉස්මතුවී අසත්‍යය වේගයෙන් සමාජය තුළ ගලා යාමයි මම දකින්නේ. රටේ සිදුවන දේ පිළිබඳ නිවැරැදි තොරතුරු නොලැබීම සහ නොදැකීම. රජය සිදුකරන කටයුතු සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීම වැනි කරුණු ගණනාවක් මම දකිනවා. නව තාක්ෂණික මෙවලම් නිර්මාණය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයන් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහායි එම මෙවලම් නිර්මාණය කර තිබෙන්නේ. එහෙත් ඒවා මොනතරම් දුරට අයහපත් ලෙස භාවිත වනවාද කියන කාරණය අද අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයම දකින දෙයක්. සමාජ වෙබ් අඩවි ඇමෙරිකා එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවකට එම තත්ත්වය ඇතිවී තිබෙනවා. මහනුවර ඇතිවූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතාවන් මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරන කොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැලුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපිට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා.එක්සත් ජාතීන්ගේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කළා ඇමෙරිකාවටත් බැරි වූ දේ ශ්‍රී ලංකා රජය සමාජ වෙබ් අඩවි වසා දැමීම ඉතා විශිෂ්ට විදියට සිදු කළා කියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තවත් අනු සංවිධානයක් කියා සිටියා, මහනුවර සිදුවීමේදී ශ්‍රී ලංකා රජය කළ දේ මියන්මාරයේ පළමුවැනි සිදුවීම ඇතිවූ අවස්ථාවේදී මියන්මාරය කළා නම්, මියන්මාරයේ අද සිදුවන මහා ඛේදවාචකය ඒ රටේ අද සිදුවෙන්නේ නැහැ කියා. ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කළ දේ නිවැරදියි කිව්වා. අපේ රටේ මවුපියන්, ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා කිව්වා. මගෙන් ඉල්ලා සිටියා පුළුවන්නම් හැමදාටම වෙබ් අඩවි වසා දමන්න කියා. ළමයි හදා ගන්න බැහැ කියා. අ.පො.ස සාමාන්‍ය/පෙළ හා අ.පො.ස උසස්/පෙළ ලියන ළමයින්ගේ මවුපියන් මට කතා කළා, ටෙලිග්‍රෑම් එව්වා, ලිපි එව්වා ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා. අපි යහපත් සමාජයක් ගොඩනගන්න ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ සියලු දේවල්වලින් ලබා දෙන නිදහස යහපත් මිනිස්සු යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිස්සු ඒවා අයහපත් ලෙස භාවිත කරනවාද යන ප්‍රශ්නය මුළු සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක්වී තිබෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥානයෙන්, ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා භාවිත කරන අය කොතෙක්ද කියා අප දකින දෙයක්. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බවත් ඔබ දන්නවා. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ මහා භාරතයේ සමාජය තුළ තිබුණු සංකීර්ණ ස්වභාවය ඔබ හොඳින් කියවා ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම මහම්මත්තුමා, ක්‍රිස්තුන්වහන්සේ උන්වහන්සේලා බිහිවූ සමාජ පසුබිම පිළිබඳ යම් අවබෝධයක් ඔබට තිබෙනවා. අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුදු දහම රැක ගැනීම වෙනුවෙන් අතිමහත් වූ මෙහෙවරක් ඉටු කළා. අවසානයේ රට තුළ ඇතිවුණු විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇමරිකාවට ගියා. අනගාරික ධර්මපාලතුමත් රට දාලා ඉන්දියාවට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ඉන්න රටේ පැත්තටවත් ඔළුව දාගෙන නිදාගන්නේ නැහැ කියලා කිව්වා. ඒ මොකද එදා ඒ සමාජයේ තිබුණු පිරිහීම නිසා. අපේ රටේ ඇතැම් අය හිතනවා දේශපාලන ඝට්ඨන තිබෙන්නේ අපේ රටේ විතරයි කියලා. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිණිය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණේ අද දහවල් 12.00 ට පමණ. නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්ක හදිසියේම එම හමුව අවලංගු කළා.නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමයි මමයි පසුගිය මාසේ ජපානයේ ගිය අවස්ථාවේ ජපන් අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ සාකච්ඡාවලට ගියා. ඒ යනකොට 2000 ක් විතර ජපන් අගමැතිතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉස්සරහ ජපන් අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බෝඞ් උස්සගෙන ඉන්නවා. මම බැලුවා මේ ලංකාවේ කට්ටියක්වත් වැරදිලා එහේ ගිහිල්ලද කියලා. ඒ නිල සාකච්ඡා අවසන් වෙලා ආපසු එන විට 5000 ක් විතර බෝඞ් උස්සගෙන ඉන්නවා. වර්තමානයේ සෑම රටකම වගේ මෙවැනි දේශපාලන ගැටුම්, ආර්ථික ගැටුම් තිබෙනවා.රජයක් විදියට අපේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කළ හැකි වගකීම් නොපිරිහෙලා වගකීමකින් ඉෂ්ට කරනවා. සියලු ජාතීන්ගේ සමගිය ගොඩනගන්න, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ සැබෑ සහජීවනයක් ඇති කරන්න, සැබෑ සමගියක් ඇති කරන්න, ගැටුම්වලින් තොර සමාජයක් ගොඩනගන්න, නැවත යුද්ධයක් ඇති නොවන විදියට කටයුතු කරන්න අපි කටයුතු කරනවා.  අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වැරදි විදියට භාවිත කරනවද කියන ප්‍රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්. ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම නිසා රටේ ඇතිවෙන පසුබෑම් වෙනුවෙන් ඒ සෑම අංශයකම කෙනෙක් ඒ වගකීම ගත යුතු වෙනවා.අපේ මාතෘභූමියේ අනාගතය සඳහා දැනට අවසන් කර ඇති සහ කරගෙන යන ආර්ථික සැලසුම් පැහැදිලිවම ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. රටේ සංවර්ධන කටයුතුත් ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැහැ. ඒවගේම පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අන්තර්ජාතික වශයෙන් අපි ලබා ඇති ජයග්‍රහණ රාශියක් තිබෙනවා. ඔබ දන්නවා මම 2015 එක්සත් රාජධානියට ආවා. 2015, 2016 වර්ෂවල සම්පූර්ණයෙන් කැප වුණේ ජාත්‍යන්තර වශයෙන් අපෙන් ඈත් වෙලා තිබුණු රටවල් වල හොඳ හිත දිනා ගැනීම සඳහායි. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි කිසිම කෙනෙක් අමනාප කරගෙන නැහැ. සෑම කෙනෙක්ම අපේ හිතවතුන්. මිත්‍රයන්. සෑම කෙනෙක්ම අපිට සලකනවා. යුරෝපය, අමරිකාව, මහ බි්‍රතාන්‍ය වගේම චීනය, ඉන්දියාව, රුසියාව, ජපානයත් මැද පෙරදිග රටවලුත් අපේ මිත්‍රයෝ. නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික සබඳතා මේ තරම් ශක්තිමත්ව තිබුණු කාලයක් මම දකින්නේ නැහැ. මෙය මම ජනාධිපති නිසා කියනවා නෙවෙයි. ඒ මොකද බොහෝ වෙලාවට ලෝකයේ තිබුණු දේශපාලන බලකඳවුරු දෙකෙන් එක් පාර්ශ්වයක හොඳ හිත දිනා ගැනීමත් අනික් පාර්ශ්වය ඈත් වීමක් තමයි අතීතයේ සිටම සිදුවුණේ. පනහේ දශකය හැටේ දශකය වගේ කාලය තුළ ලෝකයේ දේශපාලන බලකඳවුරුවාදය ඉතාමත්ම ප්‍රබලයි. ඇමරිකා එක්සත් ජනපදය සහ ධනවාදී රටවල් එක පැත්තකින් ඒවගේම සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් රටවල් තවත් පැත්තකින්. ඒ කාලයේ බලකඳවුරුවාදය තුළ අපි වගේ පුංචි රටවල්වලට ලෝකයේ තැනක් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වුණත් අපේ පුංචි රටවල්වල ඡන්දයට වැඩි වටිනාකමක් තිබුණා. ලෝකය තනි බලයකට යටත් වීමත් සමග ඉරාකය, ලිබියාව වැනි රටවල් මුළුමනින්ම කඩාදමනු ලැබුවා. ඉරාකයේ අදත් මොනතරම් මිනිස්සු මැරෙනවද කියලා ඔබ දන්නවා. මේ වන විට ලක්ෂ විස්සකට වැඩිය ඉරාකයේ මිය ගිහින් තිබෙනවා. ලිබියාව රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඉරාකය රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල නිසා තමයි අද තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන එක නිර්මාණය වුණේ කියලා අපි නම් විශ්වාස කරන්නේ. ඒක නිසා මේ බලවතුන්ගේ තිබෙන බලවත්කම් එක්ක ජනගහනය අඩු වුණාම භූමියෙන් පුංචි රටක් වුණාට ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ගෞරවාන්විත ජාතියක් විදියට අපි සෑම විටම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ ප්‍රතිපත්තීන් තුළ රැඳීසිටිය යුතු වෙනවා. ඒ තුළ අපිට ලෝකයේ සෑම කෙනෙක්ම දිනා ගන්න පුළුවන්. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ බලකඳවුරු වාදයෙන් බැහැරව විශේෂයෙන්ම නොබැඳි ප්‍රතිපත්තීන් තුළ. අපේ රජය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන තිබෙනවා. අපිට සෑම කෙනෙක්ම සලකනවා. සෑම කෙනෙක්ම උදව් කරනවා. අපි සුබවාදී ලෙස අපේ රට දිහා බැලිය යුතුයි. මාධ්‍ය තුළ පළවෙන අයහපත් දේ සහ අසුබවාදී දේ ප්‍රතික්ෂේප කරමින් රටේ අනාගතය සඳහා අපේ මාතෘභූමියේ හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න අපි සැමවිටම කැපවීම් කළ යුතු වෙනවා. යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වෛද්‍ය - හෙද - පරිපූරක වෛද්‍ය ක්‍ෂේත‍්‍රවල වෘත්තික හිඟය අපට ලොකු බලපෑමක්
0
hp_train_0027
(කටුනායක ටී.කේ.ජී.කපිල )යුරෝපා සංගමයට අයත් සයිප්‍රස් රාජ්‍යයේ බව අගවන ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පලා යෑමට තැත් කළ ඉරාක ජාතික පවුලක සාමාජිකයන් තිදෙනෙකු අද (15)  දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම පවුලේ පියා  35 හැවිරිදි වන අතර , මව 33 හැවිරිදි වියේ පසුවන්නියකි . ඔවුන්ගේ දියණිය 07 හැවිරිදිය .             මොවුන් ඉරාකයේ සිට තුර්කියේ , ඉස්තාන්බුල් නුවරට පැමිණ , පසුව  ඩුබායි වෙත ගොස් , එතැන් සිට , ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 557 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .              ඉන්පසු දින කීපයක් ශ්‍රී ලංකාවේ ගත කළ මොවුන් , මෙම සයිප්‍රසයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් අද (15 )  දහවල් 1.05 ට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයට , කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිස ,එම ගුවන් යානයට නැගීමේ අවසර පත්‍ර ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ලබා ගෙන තිබුණි එහෙත් වහාම ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපළ ආගමන - ව්ගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , මොවුන් සතුව තිබූ මෙම ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බව හදුනා ගෙන , ඔවුන් ගුවන් යානයට ගොඩ වීම වලක්වා , මොවුන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ . පසුව සිදු කරන ලද විමර්ශන වලදී , මොවුන් ශ්‍රී ලංකාවට පැමිණි ඉරාක ගුවන් ගමන් බලපත්‍ර , ඔවුන්ගේ ගමන් මලු වල සඟවා ගෙන තිබියදී මෙම ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි . මෙම පිරිස බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ගැනීම සදහා මෙසේ පිටත්ව යෑමට පැමිණ තිබූ බව මෙම නිලධාරීන් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ . කෙසේ වෙතත් මොවුන් තිදෙනා මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය මගින් ලන්ඩන් නුවරට ගෙන ගියේ නම් , මොවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 60 ක පමණ දඩ මුදලක් එරට ගුවන් තොටුපළ බලධාරීන් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගෙවීමට සිදු වන බව ආගමන - විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකුව පැවසීය .
හොරෙන් යුක්‍රේනයට යාමට ගිය වියට්නාම ජාතිකයින් 5 ක් අත්අඩංගුවට
0
hp_train_0028
අපරභාගයේදී හා සවස් කාලයේ දී දිවයිනේ උතුරු පළාත හැර සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_0029
(අංජුල මහික වීරරත්න සහ නෙළුව - පියරත්න ජයවික්‍රම)නියඟ-ගංවතුර ආදී ස්වභාවික විපත් ද, ණය කඳු, කුණු කඳු ආදී රාජපක්ෂ රජයෙන් උරුම වූ විපත්වලට ද මුහුණ දෙමින් ආර්ථීකය කළමනාකරණය කර ගැනීමට හැකිවීම යහපාලන ජාතික රජයේ සැබෑම ආශ්චර්යය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෙළුවේ දී පැවැසීය.ණය පොලී ගෙවා දමන්න මේ වනවිටත් ආර්ථිකය ශක්තිමත් කර ඇති හෙයින් 2020 වනවිට සමබර ආර්ථීකය ගොඩ නගන බව කී අග්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය ගෙවා දැමිය හැකි ශක්තිමත් ආර්ථිකය ඇතිකරන්නේ යයි ද ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ වර්ෂාපතනය හා ගංවතුර නිසා වූ ආපදා යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනේදීය.නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි. ප්‍රදේශයේ උසස් රාජ්‍ය නිලධාරීහු දේශපාලන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගී වූහ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.මීට මාසයකට පෙර නෙළුව ප්‍රදේශයට පැමිණීමට බලාපොරොත්තු වුණත් පැවැති කාලගුණය තත්ත්වය හේතුවෙන් පැමිණීමට නොහැකිවුණා. මාසයක් ගතවී තිබෙන මොහොතේ පැමිණීමට තීරණය කළේ ප්‍රදේශයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමටයි.හානියක් වූ විට පළමු මාසයේ ඒ ප්‍රදේශවලට ගොස් යම් තරමකට සහනදායී වැඩ කටයුතු සිදුවුවත් දෙවැනි, තුන් වැනි, මාසවල ඒ කටයුතු වේගවත්වූයේ ජනාධිපතිතුමාත්, මමත් නිතරම පැමිණ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉදිරි මාසය, දෙක, ඇතුළත ප්‍රදේශයේ ඇමැතිවරුන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට මා අදහස් කරනවා.හානියට පත් වූ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මුදල් ලැබී ඇතත් ඇතැම් ස්ථානවල අඩු පාඩු වී තිබෙනවා. චක්‍රලේඛ ලැබී තිබුණත් මුදල් නොලැබී අඩුපාඩුකම් තිබෙනවා. අපේ මූලික අරමුණ වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමයි.ජන ජීවිතය යනු මාර්ග ප්‍රතිසංස්කරණය කර නිවාස හා පාසල් ඉදිකිරීම නොව විනාශ වූ ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත් කිරීමයි. විනාශ වූ ව්‍යාපාරික කටුයතු ඉදිරියට ගෙන යාම සඳහා මුදල් දෙනවා නම් ආර්ථිකය දියුණු වන අතර ජනතාවගේ අතට මුදල් ලැබෙන විට ආර්ථික වශයෙන් ඉදිරියට යා හැකියි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය දෙස බලන විට සෑහීමකට පත්විය හැකියි. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම නිලධාරීන්ට මාගේ ස්තුතිය පුද කරනවා.ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීමටත්, ආර්ථික ඉදිරියට ගෙන යාමටත් මේ වනවිට අපට හැකියාව ලැබී තිබෙනවා. 2003 වසරේ ගංවතුර හේතුවෙන් විනාශ වූ ප්‍රදේශවල ජනතාවගේ එදිනෙදා ජීවිත හැකිතාක් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට එවකට අමාත්‍ය කරු ජයසූරිය, මලික් සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කිරීමට හැකි වුණා. ඒ අත්දැකීමත් මේ ව්‍යසනයේ දී උපකාර කිරීමට අපට ඉවහල් වුණා.ප්‍රමුඛත්වය දිය යුත්තේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමටයි. කුඩා ව්‍යාපාරියකයන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මුදල් ආධාර දී කුඩා තේවතු, කුරුඳු වගාව, සත්ත්ව පාලනය, කුඩා සංචාරක ව්‍යාපාර ආදි සියලු ව්‍යාපාර කටයුතු සඳහා මුදල් ආධාර දී ග්‍රාමීය ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි.ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නායකත්වය ගෙන ක්‍රියා කළ පරිපාලන ක්ෂේත්‍රයේ සියලුම නිලධාරීවරුන්ටත්, ආණ්ඩුවේ සියලුම නිලධාරීන්ටත් පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් මාගේ ප්‍රණාමය පුද කරනවා. මේ ව්‍යසනයේ දී රණවිරුවෙකුගේ ජීවිතය ද අහිමි වුණා.ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල ආපදා කටයුතුවල යෙදුණු සියලුම නිලධාරීන්ගේ ඉන්ධන, දුරකතන හා ගමන් වියදම් - දීමනා මාස තුනක කාලයක් සඳහා දෙගුණයකින් වැඩි කිරීමට ලේකම්වරුන් ඇතුළු කමිටුව තීරණය කළා. මේ ක්‍රමවේදය පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට බලනොපැවැත්වීම නිසා ඔවුන්ට ද දීමනා දෙන ලෙස ලේකම්වරුන්ගේ කමිටුවට මා දැනුම් දුන්නා.ප්‍රදේශයේ අනාගත දියුණූව දෙස බැලීය යුතුයි. නලීන් හේවගේ මන්ත්‍රීතුමා පැවැසූ පරිදි පරිසරය ආරක්ෂා කරගන්නේ නැතිව මේ ප්‍රදේශ ආරක්ෂා කර ගන්න බැහැ. ගංවතුර හා නාය යෑම් ඇතිවූ රක්වාන, දෙණියාය, හිනිඳුම, කලවාන, අගලවත්ත ප්‍රදේශවලින් රටේ ප්‍රධාන ජල මාර්ග කීපයක් ආරම්භ වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ වනාන්තරය ආරක්ෂා කර ගත යුතුයි. සිංහල රජ සමයේ උඩරට රාජධානිය ආරක්ෂා වුණේ වනාන්තර නිසයි. එකල කිසි විටක වනාන්තර කඩාගෙන මඩුවන්වල පසුකර ගෙන කාටවත් යන්න හැකි වුණේ නැහැ.වර්තමානයේ දී මේ ප්‍රදේශයේ ඇතැම් තැන්වල තේ වගාව ව්‍යාප්තවී තිබෙනවා. එය අවශ්‍ය වුවත් සමහර තැන්වල පරිසරයට හානි කරලා. මේ ප්‍රදේශවල දියුණුව සඳහා වෙනම වැඩසටහන සකස් කළ යුතුයි.හැම දිස්ත්‍රික්කයකම වනාන්නර මායිම් තිබෙනවා. ගාල්ලේ හිනිඳුම ප්‍රදේශයට වනාන්තර මායිම් වෙනවා. මාතර, දෙණියාය, අගලවත්ත, රක්වාන, කලවාන ප්‍රදේශත් සිංහරාජයට මායිම් වනවා. මේ ප්‍රදේශ හැමදාම නොදියුණු මට්ටමේ තිබෙනවා. මේ මැතිවරණ කොට්ඨාස පහ ඇතුළත් කර ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ සඳහා මුලින් විධිමත් සැලසුම් සකස් කළ යුතුයි. මේ වැඩසටහනේ මූලික අරමුණ විය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමයි. ජල මාර්ග ආරක්ෂා කිරීමයි. පරිසරය සහ ජල මාර්ග ආරක්ෂා කරනවා නම් මේ ප්‍රදේශ ආරක්ෂා කළ හැකියි.එමෙන්ම තේ වගාවද දියුණු කළ යුතුව තිබෙනවා. කුරුඳු වගාව දියුණු කළ යුතුයි. ග්‍රාමීය මට්ටමේ පහසුකම් දිය යුතුව තිබෙනවා.මේ ප්‍රදේශවල අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාව තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළ ඊට උපකාර වෙනවා. මල් වගාව හෝ වෙනත් අංශ හෝ කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියි. මුදල් අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡා කර ඊට විධිමත් සැලැස්ම ඉදිරිපත් කරන්නම්.ගාල්ල, මාතර, දකුණු ප්‍රදේශවල ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන්, නිලධාරින් රැසක් සිටිනවා. ඒ නිසා ජනාධිපතිතුමාත්, මමත් මෙහි එන්න අවශ්‍ය ද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ අමාත්‍යවරුනුත් මූලික වී දියුණුවට උපකාර කරාවි. පරිසරය ආරක්ෂා කරමින් දියුණුවක් ඇති කිරීම අපේ අරමුණයි.මාතර ඇතුළු ප්‍රදේශ සංචාරක ව්‍යාපෘතිය අතින් ශීඝ්‍ර දියුණුව ලැබීමට නියමිතයි. ගුවන් තොටුපොළ දෙකක් මේ ආශ්‍රීතව තිබෙනවා. වරාය දෙකක් පිහිටා තිබෙනවා. ගාල්ල සහ තංගල්ල වැනි කුඩා බෝට්ටු ගෙන එන්න හැකියාව ඇති වරාය තිබෙනවා. සැබෑ දියුණුව ළඟා කර ගැනීමට හැකි වන්නේ පරිසරය ආරක්ෂා කරගත්තොත් පමණයි.මගේ අදහස දේදුවේ සිට මාතර පිටබැද්දර දක්වා විශේෂයෙන්ම වැඩි ගාස්තු ගෙවන සංචාරකයන් එන ප්‍රදේශ බවට පත් කිරීමටයි. ඒ ප්‍රදේශවල පරිසර ආරක්ෂණය සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙනවා.අක්කර තුන - හතරක නොව අක්කර 300-600 දක්වා වන විශාල වැඩසටහන් ඇති කිරීම මගේ අරමුණයි. සංචාරකයන් එන්නේ පරිසරය ආරක්ෂා කළ පසුවයි. සංචාරක ව්‍යාපාරයට යෙදවීම සඳහා ගාලු නගරයේ ගොඩනැගිලි ගණනාවක් තිබෙනවා. මාතර නගරයේත් ඉඩම් ගෙන විශාල වැඩ කොටසක් කළයුතුයි.විදේශ විනිමය ඉපැයීම මෙන්ම තරුණ-තරුණියන් සඳහා රැකියා දීමේ මූලික අවශ්‍යතාව තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කළ විට කුඩා නිවාස ඒකකවල ආදායම් වැඩි වෙනවා. ඔවුන්ටත් ආපනශාලා ආදියෙන් මුදල් ඉපැයිය හැකියි. එමෙන්ම සංගීත, නර්තන අංශවලට ද විශාල දියුණුවක් ඇති වෙනවා.හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ නැවත ලාභ ලබන ආයතන බවට පත් කර හම්බන්තොට - මොනරාගල ප්‍රදේශවල කර්මාන්ත දියුණුව ඇති කරනවා. ඒ තුළින් මාතර ගාල්ල ප්‍රදේශවල සංචාරක දියුණුව ඇති වෙනවා. මධ්‍යයේ ප්‍රදේශවල කෘෂිකර්මික දියුණුව තුළින් ජීවනෝපාය මාර්ග රැසක් විවෘත වෙනවා. මේ විශාල දියුණුවෙන් පසු ඕනෑ තරම් රැකියා අවස්ථා බිහි වේවි.අධ්‍යාපනය දියුණු කිරීමේ සැලසුම් අනුව සෑම සිසු - සිසුවියක් සඳහාම වසර 13ක අධ්‍යාපනය අනිවාර්්‍යය කෙරෙනවා. සාමාන්‍ය පෙළ විභාගය අසමත්වන සිසුන් 50%ක් පමණ පාසලෙන් පිට වෙනවා. ඔවුන්ට විශ්ව විද්‍යාලයට යන්න දක්ෂකම නැති වුණත් වෙනත් දක්ෂතා තිබෙනවා.ක්‍රීඩාව, කලාව, ආදී විවිධ විෂයන්ගෙන් දක්ෂයන් ඒ අතර ඉන්නවා. අප ඒ සියලුම දෙනා පාසලේ තබා ගන්නවා. මූලික පුහුණුව එහිදී දෙනවා. එතැන් සිට රැකියාවකට යවන්න හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් තත්ත්වයකට ජනපතිට, මට සහ ආණ්ඩුවට මුහුණ දීමට වුණා. මේ වසරේ ආර්ථ්ික වශයෙන් විඳින්න ඇති සෑම දුකක්ම වින්දා.පසුගිය දෙසැම්බරයේ අපේ සංවර්ධන වේගය 6% කින් වැඩිවේයැයි සිතුවා. පළමුවෙන්ම නියඟය පැමිණියා. ඒ සමගම කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. විදුලිය බලය වෙනුවෙන් ඉන්ධන සඳහා  වැඩිපුර මුදල් වියදම් කරන්න වුණා.ඉන්පසුව ගංවතුර ආවා. ගංවතුරේ හානිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.5 ක් වෙනවා. ඒ සමගම මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඩෙංගු උවදුර ඇති වුණා. එය සමහර විට සංචාරක ව්‍යාපාරයටත් බලපාන්න ඉඩ තිබෙනවා. මේ හැම විපතකටම අප මුහුණ දුන්නා.ඒ අතර විදේශ ණය වශයෙන් අපට විශාල මුදලක් ගෙවන්න සිදුවී තිබෙනවා. සියලු විපත් ණය ගෙවීම් හමුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 සිට 3.5 ක් ලෙස පවත්වාගෙන යන්න  හැකිවේවි යයි අප කල්පනා කළා. නමුත් මේ වනවිට ආර්ථික වර්ධන වේගය අඩු ගණනේ සියයට 4.7 ක් මට්ටමට පැමිණ තිබෙනවා. ඇතැම් විට සියයට 5ක මට්ටමකට ළඟා වීමට හැකිවේවි.සියල්ලට මුහුණ දී ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ලබන වසර දෙක-තුන ඇතුළත ආර්ථීකය ඉහළ නැංවීය යුතුයි. අප රට බාර ගන්නා විට රජය ගත් ණයවල පොලිය ගෙවන්නවත් හැකියාව තිබුණේ නැහැ. පොලිය ගෙවන්න ණය ගත් විට ණය කන්ද තවත් වැඩි වෙනවා. එය විශාල ප්‍රශ්නයක් වූවා.ඔබේ දරුවන්ට ණය බර ඉතිරි කරනවාද? නැති නම් ඊළඟ දශකය තුළදී ණය ප්‍රශ්නය විසඳනවා ද? ඊළඟ වසර තුනෙහි අපට ගෙවීමට ඇති ණය සහ පොලී ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් වෙනවා. එනම් බිලියන 4600ක් ගෙවා දැමිය යුතුයි. එනම් ඩොලර් බිලියන 26 ක මුදල් ගෙවිය යුතුයි.ණය ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව සියයට 35 සියයට 36 ක් වෙන් කළ යුතුව තිබෙනවා. අපේ අරමුණ ආදායම වැඩි කිරීමයි. වැට් බද්ද වැඩි කළා. බැණුම් ඇහුවා. කරන්න දෙයක් නැහැ. අප වගකීම ගත යුතුයි.දැන් අපට ණය පොලිය ප්‍රශ්නයක් නැතිව ගෙවා දමන්න හැකියාව තිබෙනවා. ඊළඟ වසර තුනෙහි පොලිය ගෙවු පසු ණය ගෙවන්න තිබෙනවා. ඇතැම් විට නැවත ණය ගන්න වේවි. නමුත් දැවැන්ත සංවර්ධන වැඩ සටහන් ඇරැඹූ පසුව රටට ආයෝජන ලැබෙනවා.ඊළඟ වසර තුනෙහි අපට ඩොලර් බිලියන හතක් ගැනීමට හැකිවේවි. ඒ ප්‍රමාණය බිලියන අටක් හෝ නවයක් හෝ බවට පත් කිරීමට ද පුළුවනි. ඒ මුදල් නැවත අයෝජනය කළ විට ඉන් ලැබෙන ආදායමෙන් අපනයන ආදායම වැඩිවී ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගෙන ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා.2020 වනවිට සමබර තත්ත්වය ඇති කර 2025 වනවිට ආර්ථිකය ශක්තිමත් කර ණය ගෙවීමට හැකි තත්ත්වය උදා කරනවා.තරුණ-තරුණියන්ට පුහුණුව සහ රැකියා දීමේ වගකීම අපට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ශීඝ්‍ර සංවර්ධනයට ගමන් කළ යුතුයි.එහිදී දකුණට සුවිශේෂී ස්ථානය හිමි වෙනවා.ජේ.ආර්. ජයවර්ධන සමයේ මහවැලි ව්‍යාපාරයට ප්‍රධාන තැනක් ලැබුණා. එකල මහවැලිය අරඹා ඉදිරියට ගියා. යුද්ධය පැවැති නිසා ත්‍රිකුණාමලය දියුණු කරන්න නොහැකි වුවත්, මධ්‍යම, පොළොන්නරුව, අනුරාධපුර විශාල දියුණුව ඇති කළා. රජ කාලෙට වඩා අප වැව් හැදුවා. එවැනි විශාල සංවර්ධනය මෙවර දකුණු පළාතේ ක්‍රියාත්මක වීමට නියමිතයි. මහනුවරින් පටන් ගත්ත දියුණුව වැල්ලවාය දක්වා ව්‍යාප්ත වෙනවා.ඒ නිසා දකුණු පළාත දියුණු කිරීමට මධ්‍යම රජයටත්, පළාත් සභාවටත් විශේෂ වගකීමක් තිබෙනවා. එතැනින් පසු කළුතර කර්මාන්ත කලාපය බවට පත් වෙනවා.දකුණේ සංවර්ධන සම්බන්ධයෙන් පළාත් සභාව සහ මන්ත්‍රීවරුන් සමග කතා කරන්න මා බලාපොරොත්තු වෙනවා. ජාතික ආණ්ඩුව ඇති කිරීමේ වාසිය වන්නේ මේ කටයුතු ඉක්මනින් කළ හැකි වීමයි. දකුණේ නිලධාරින්ගේ මෙන්ම පළාත් සභාවේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යයි බලාපොරොත්තු වෙනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා - රාජ්‍ය නිලධාරීන් ව්‍යසනයේදී කැපවීමකින් කටයුතු කළා. එහි ප්‍රතිඵල ලෙස සියලුම මහජනතාව සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබුණා.ඉහළ සිට පහළ මට්ටම දක්වා ඉතා හොඳ සම්බන්ධීකරණය ගොඩ නඟා ගැනීමටත් අපට හැකියාව ලැබුණා. සියලුම දෙනා ඒක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵල දැන් ජනතාවට ලැබී තිබෙනවා.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා - ගංවතුර හා නාය යෑමේ විපතට හොඳින් මුහුණ දීමට අපට හැකි වුණා. අප රජය ලෙස ඉතා කාර්යක්ෂමව විපතට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළා. හානිවූ ජීවිත හැර අන් සියලුදේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය කටයුතු කළා.මගේ අමාත්‍යාංශයටත් බාර දුන් වගකීම ඉදිරියට පැවරී තිබෙනවා. ඉතා ඉක්මනින් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කරනවා.දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා - ගාල්ලේ ගංවතුරෙන් පසු ඉදිරි කටයුතු කරන්න අගමැතිතුමා නෙළුවට පැමිණීම අපට විශාල ශක්තියක් බව කිව යුතුයි. මෙවැනි ස්වභාවික විපත් වූ විට ටික දිනක් කතා කළත් ඉන් පසුව එය මතකයෙන් ගිලිහී යනවා.හානි කළමනාකරණය සඳහා ඉදිරි අනාගතයේදී ස්ථිර සාර විසඳුම සොයා ගත යුතුයි.අවතැන් වූ ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ රැස්වීම මහා රුකුලක් වන බව කිව යුතුයි.හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා - ගංවතුර උවදුර අපේ මතකයෙන් තවම ඉවත්වී නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම හානි වූයේ හිනිදුම ප්‍රදේශයටයි. සහන සැලසීම් දැන් වෙමින් තිබෙනවා. ඒ වැඩ කටයුතු කඩිනම් කිරීම අගමැතිතුමන්ගේ පැමිණීමේ අරමුණයි.ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු රජ්‍ය නිලධාරීන් සහන සැලසීමේ කටයුතු සඳහා ඉහළ දායකත්වය දැක්වුවා. බොහෝ නිලධාරින් රාජකාරිය අභිබවා ජනතාව වෙනුවෙන් කටයුතු කළා.හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා - අගමැතිතුමාගේ උපදෙස් පරිදි පෙර සූදානම නිසා මේ විපත කළමනාකරණය කරගැනීමට අපට හැකිවුණා.අප මෙවැනි ගංවතුර විපත් තුනකට මුහුණ දී තිබෙනවා. නමුත් ඉතා ඉක්මනින් ජනතා සහන සැලසුයේ මේ ආපදා අවස්ථාවේ දී බව කිව යුතුයි.අද කාටවත් අසාධාරණයක් වූවා යයි ඇඟිල්ල දිගු කරන්න බැහැ. දකුණු පළාත් සභාව ඉතා උනන්දුවෙන් කටයුතු කළා. රාජ්‍ය නිලධාරීන් විපතේදී කළ මෙහෙවර පිළිබඳව සුවිශේෂී ස්තුතියක් පළ කළ යුතුයි.පක්ෂ පාට බේද වලින් තොරව සැමට සමානව සහන දීමට අපට හැකිවූ බව මෙහිදී සඳහන් කළ යුතුයි.ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ඩී. කොඩිකාර මහතා - ආපදා තත්ත්වය ඇති වූ දිනට පසු දිනම සියලු රාජ්‍ය නිලධාරීන් රැස්වී අවශ්‍ය තීරණ කඩිනමින් ලනු ලැබුවා. පූර්ණ නිවාස හානි 364 ක් ද වාර්තා වෙනවා.ජනපති, අගමැති උපදෙස් යටතේ හානි තක්සේරු කිරීම් සියයට 80ක් පමණ කළා. හානියට පත්වූ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වලින් තක්සේරු කටයුතු සියයට 67 ක් අවසන් කර තිබෙනවා.
පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා
0
hp_train_0030
(සමන්  පාලිත නානායක්කාර) බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් අද (9)බණ්ඩාරවෙල ඩිපෝවේ ලංගම බස් රථ ධාවනයෙන්  ඉවත්වීමට රියැදුරන් හා කොන්දොස්තරවරුන්  තීරණය කර තිබේ. දියතලාව බණ්ඩාරවෙල අතරදී   ගමන් වාරයක් සම්බන්ධව ඇතිවූ බහින්බස්වීමක් දුරදිග  ගොස්  පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු මෙම තැනැත්තාට පෙරේදා (7) පහර දී ඇත. පහරකෑමට  ලක් වූ  කොන්දොස්තරවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා බණ්ඩාරවෙල පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත. 
බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ වර්ජනයක්
1

No dataset card yet

New: Create and edit this dataset card directly on the website!

Contribute a Dataset Card
Downloads last month
2
Add dataset card