id
stringlengths 13
13
| news_content
stringlengths 120
24.3k
| headline
stringlengths 10
171
| is_headline
int64 0
1
|
---|---|---|---|
hp_train_0201 | (ඩයනා උදයංගනී)දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (2) සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රිකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. | පළාත් රැසකට සවස තද වැසි | 1 |
hp_train_0202 | (ජේ.කේ.එල් චාමින්ද)ජනාධිපතිවරණය සම්බන්දව මැතිවරණ පැමිණිලි 185 ඔක්තෝබර් 1 වැනිදා සිට මෙම මස 12 වැනිදා දක්වා අතර කාලය තුළ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 166 ක්, ප්රචණ්ඩ ක්‍රියා 3 ක් හා වෙනත් පැමිණිලි 16 ක් ලැබී ඇති බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.ලැබී ඇති පැමිණිලි වලින් 28ක් අසභ්‍ය පැමිණිලි බවට අනාවරණය වී ඇති බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.මින් වැඩිම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගාල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 34ක් බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරිම, සම්බන්ධව වැඩි වශයෙන් පැමිණිලි ලැබි ඇති බව මෙම මධ්‍යස්ථානය සඳහන් කරයි.මීට අමතරව මැතිවරණ කාර්යාලවල පෝස්ටර් හා කටවුට් ඉරා දැමිම සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. | ගාල්ලෙන් පැමිණිලි 185 ක් | 1 |
hp_train_0203 | ( සිතුම් චතුරංග)ඉන්දියාවේ සිට ධිවර බෝට්ටු ඔස්සේ තලෙයිමන්නාරම උරුමලෙයි වෙරළ තීරයට රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 20 ආසන්න වටිනාකමින් යුත් කේරළ කිලෝ 14යි ග්‍රෑම් 690 සමඟ ගංජා ජාවාරම්කරුවකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම ප්‍රදේශයේ සිට කොළඹට කේරළ ගංජා ප්‍රවාහනය කරන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවද පොලීසිය කියයි. ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.ජාවාරම්කරු මා ප්‍රවාහනය කරන ලොරි රථවල පටවා කොළඹට කේරළ ගංජා තොගය ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ බවට තොරතුරු අනාවරණයවූ බව කීය. අත්අඩංගුවටගත් සැකකරු තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 පුද්ගලයකු වේ.සැකකරු හා කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදී ඇති අතර ඔහු මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මන්නාරම කොට්ඨාස භාර පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් මත මන්නාරම විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජීව ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති. | ලක්ෂ 20 ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට | 1 |
hp_train_0204 | (අනීෂා මානගේ)ජීව පතුරොම්, ගිනිඅවි, කඩු, කිණිස්සක් සිය නිවෙසේ සඟවාගත් බව කියන පෞද්ගලික ආයතනයක විධායක ඉංජිනේරුවකු අද බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරිහු කියති.බෝර දොළහ වර්ගයේ ජීව පතුරොම් 35, හිස් කොපු 3ක්, 303 රයිෆල් පතුරොම් 19, ටී56 පතුරොම් 15, මිලිමීටර 9 වර්ගයේ පතුරොම් 7ක්, කඩු දෙකක්, කිණිස්සක්, බෝර දොළහ වර්ගයේ ගිනිඅවි දෙකක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, ගිනිඅවි පිරිසුදු කරන විදෙස් රටක නිශ්පාදිත උපකරණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි. | බෙලිඅත්තේ නිවසකින් ගිනි අවි රැසක් සොයාගනී | 0 |
hp_train_0205 | උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි පවතින අතර කෙටි කාලයක් තද සුළං තත්ත්වයක් ද ඇතිවීමට ඉඩ තිබේ. | වහීද නැද්ද ? | 0 |
hp_train_0206 | ආර්ථිකය නගා සිටුවීමට ගෙන ඇති පියවර ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට රජය පසුගිය සතියේ කටයුතු කළේය.එවන් අවස්ථාවක් පසුගිය සිකුරාදා දිනයේදී දැකගත හැකිවූ අතර , මින් පෙර අවස්ථා කිහිපයකදීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් සමග මෙරටට පැමිණ අත්දැකීම් ඇති ටොඩ් ෂ්නයිඩර් ප්රමුඛ අන්තර්ජාතික මූල්‍ය අරමුදල් නියෝජිත කණ්ඩායමක් අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා,සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා,මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රරන් මහතා,අගමැති උපදේශක ආර්.පස්කාරලිංගම් මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වූයේය. රජයේ ආරංචි මාර්ගයක් සඳහන් කළ පරිදි මෙහිදී සාකච්ඡාවී ඇත්තේ අවශ්‍ය වුවහොත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට නියමිතව ඇති ණය මුදලක් පිළිඹදවය.එය ඩොලර් බිලියන 1.5 ක් හෝ ඩොලර් බිලියන 2ක් විය හැකි බව එම ආරංචි මාර්ගය කීවේය.ගෙවුණු සෙනසුරාදා දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දූත පිරිස රජයේ නිලධරයින් කිහිපදෙනෙක් සමග විශේෂ හමුවක් පැවැත්වූ බවද එහිදී මෙම ණය ලබාදීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කෙරුණු බවද සන්ඩේ ටයිම්ස් සම්බන්ධ කරගත් මෙම ආරංචි මාර්ගය පැවසුවේය.මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙම මස 10 වැනිදා වන විට ගත හැකිවනු ඇතැයි එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේය අනවශ්‍ය වියදම් කපා හැරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ලබා දෙන ලෙස කළ ඉල්ලීමකටද අන්තර්ජාතික මූල්‍ය අරමුදල එකඟතාවය පළකර ඇතැයි අගමැති වික්‍රමසිංහ කීවේය.‘රාජපක්ෂ පාලන සමයේ රජයේ ආයතන ඉතාම විශාල වශයෙන් පාඩු ලබා තිබීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.’ අගමැතිවරයා පැවසුවේය.මෙවන් අලාභ ලැබීමට හේතුව අවිධිමත් අයුරින් සිදුව තිබෙන කලමණාකරණ කටයුතු බව කියා සිටි අගමැතිවරයා එය කිසිසේත්ම නොසළකා හැරිය නොහැකි බව අවධාරණය කළේය.අවශ්‍ය වේලාවකදී ණය ගැනීමට නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන න්‍යාය පත්‍රයේ අන්තර්ගතව ඇති ප්‍රධාන කරුණක් වන්නේ රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීමට පියවර ගත යුතු බවයි. ශ්‍රීලන්කන් ගුවන්නියමුවෝ පෙරට එතිපසුගිය ඉරිදා රාජගිරිය දියවන්නා පෙදෙසේ පිහිටි කාර්යාලයේදී රැස්වුණු ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ගුවන් නියමුවෝ එදින සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවේ ශ්‍රීලන්කන් ගුවන්සේවයේ අලාභ සම්බන්ධයෙන් පළව තිබූ වාර්තාව පිළිඹඳව සාකච්ඡා කළහ.නමුත් ගුවන් නියමුවන්ගේ මෙම හමුව කැඳවා තිබුණේ වෙනත් කරුණක් අරබයාය.මෙම වසර සඳහා වැටුප් වර්ධක ලබා නොගෙන සේවය ලබාදිය හැකිදැයි ගුවන්සේවා කලමණාකාරීත්වය ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.ශ්‍රීලන්කන් හි සිටින 300 ක් පමණ වන ගුවන් නියමුවන්ගෙන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මෙම හමුවට සහභාගීව සිටියහ.රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සතියකට ඉහතදී පාර්ලිමෙන්තුව හමුවේ කියා සිටියේ ශ්‍රීලන්කන් හි අධික ණය බර දැරීමට සිදුව තිබෙන නිසා රාජ්‍ය බැංකු වලට කෘෂිකර්මාන්තය හා කුඩා හා මධ්‍යම පරිමාන කර්මාන්තයන්ට අවැසි වන ණය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවය. ශ්‍රීලන්කන් මුහුණදී සිටින අර්බුදයට සම්පූර්ණයේම වගකිව යුතු වන්නේ එහි කලමණාකාරීත්වය බවට ගුවන්නියමුවෝ චෝදනා කළහ.නව සභාපතිවරයකු , අධ්‍යක්ෂකවරයකු හා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්ව මාස 15 කට ආසන්න කාලයක් ගතව ඇතත් කිසිඳු ආකාරයක ප්‍රගතියක් වාර්තා කිරීමට ඔවුන්ට හැකිව නොමැති බව ඔවුහු පැවසූහ.එයට ප්‍රධානම හේතුව වන්නේ කලමණාකාරීත්වයේ අකාර්යක්ෂමභාවය බව ගුවන්නියමුවන්ගේ අදහස විය.මෙම අවස්ථාවේදී වැටුප් වර්ධක නොලබා සේවයේ යෙදීමට කර ඇති ඉල්ලීම නොසළකා හැරීම සුදුසු නොවන බව එක් ගුවන් නියමුවකුගේ අදහස විය.එසේ නොකළහොත් ගුවන්සේවයේ අලාභ වලට ගුවන් නියමුවන්ද වගකිව යුතුව ඇතැයි රජය චෝදනා කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. අගමැති වික්‍රමසිංහ ඉදිරිපත්ව ගුවන්සේවයේ වත්මන් අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්නේ නම් ගුවන් නියමුවන් පමණක් නොව, ගුවන් යානා සේවක පිරිස්ද, ඇතැම් විට ඉංජිනේරුවන්ද පවා මෙම වසර සඳහා අර්ධ වැටුප් ලබා සේවය ලබාදීමට කැමැත්ත පළකරනු ඇති බව තවත් ගුවන් නියමුවෙක් පැවසුවේය.ගුවන්සේවය නගා සිටුවීමට සුළු හෝ දෙයක් කර නොමැති වත්මන් අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කළහොත් මිස මෙවන් කැපකිරීමක් කිරීමට ශ්‍රීලන්කන් සේවක මඩුල්ල කිසිසේත්ම එකගතාවය පළනොකරනු ඇති බවද ඔහු කිවේය.මේ සම්බන්ධයෙන් ශ්රීලන්කන්හි ක්‍රියාත්මක වෙනත් වෘත්තිය සමිති හා සාකච්ඡා කිරීමට කමිටුවක් පිහිටුවීමට එකඟතාවය පළවිය.නමුත් ගුවන්සේවයේ ඉංජිනේරුවන්ගේ සංගමය වැටුප් කප්පාදුවකට කිසිසේත්ම එකඟ නොවන බවට දැනටමත් තීරණය කර ඇත. කලමණාකාරීත්වයේ වගකීම් දරන ඇතැම් සාමාජිකයින් සියලු සුඛ විහරණයන්ගෙන් සපිරි ජීවිත ගතකරමින් සිටීමද ගුවන් නියමුවෝ දැඩිව විවේචනය කළහ.ගුවන්සේවය නගා සිටුවීමට කිසිදු කැපකිරීමක් නොකරන ඔවුන් ගුවන්සේවය නගා සිටුවීමට යැයි කියමින් රජයෙන් තවත් මුදල් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ මෙම ජීවිත එළෙසම පවත්වාගැනීමට බවද ගුවන් නියමුවෝ පැවසූහ.මැයි මස පළමුවැනිදා සිට රෝමයේ ශ්‍රීලන්කක් ගුවන්සේවා කාර්යාලය වසාදමා තිබෙන බවද මෙහිදී සඳහන් විය.පැරිස් හා ෆ්රැන්ක්ෆර්ට් නුවර වල ඇති ශ්‍රීලන්කන් කාර්යාල වසා දැමීමටද අවධානය යොමුව තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.කල්බදු පදනම යටතේ මිලයට ගෙන ඇති එයාර්බස් ඒ 350 යානා හතරක් එම බදු පදනම යටතේම තුරකි ගුවන්සේවය වෙත ලබාදීමට එම යානා නිශ්පාදනය කරන එයාර්බස් සමාගම සමග සාකච්ඡා පැවැත්වන බවද නිල නොවන ආරංචි මාර්ගයන්ගෙන් දැනගැනීමට හැකිවිය. අගමැති වික්‍රමසිංහ ප්රමුඛ ආර්ථික කලමණාකරන කටයුතු පිළිඹඳ කැබිනට් උප කමිටුව පසුගිය අගහරුවාදා ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සභාපති අජිත් ඩයස් හා එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙක් හමුවිය.ඇගලුම් අපනයනකරුවකු වන අජිත් ඩයස්ට කොළඹ පිහිටි කෝපි අවන්හල් ජාලයක්ද අයත්ය.හමුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අජිත් ඩයස් ප්රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයට දැඩිව දෝෂාරෝපණය කළෝය.මෙම අවස්ථාවේදී අවධානය යොමුකළ යුතුව තිබෙන්නේ වහාම පියවිය යුතු ණය වලට බව කරුණානායක කීවේය.හෂීම් අදහස් දක්වමින් ගුවන් සේවය නගාසිටුවීමට මූලෝපායික වශයෙන් වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටියද දැනට ඇති තත්ත්වය සැළකීමේදී එය කිසිසේත්ම පහසු දෙයක් නොවන බව පැවසුවේය.ශ්‍රීලන්කන් කලාපීය වශයෙන් පමණක් ක්‍රියාත්මක වන ගුවන්සේවයක් ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ.ශ්‍රීලන්කන් ගුවන් මෙහෙයුම් කටයුතු භාරගැනීමට විදෙස් ගුවන් සේවයක හෝ වෙනත් පාර්ශවයක සහය ලබාගැනීමට රජයට හැකිවනු ඇතිදැයි යන්න ගැටලුවකි. අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට ශ්‍රීලන්කන් ගුවන්සේවය ලබා ඇති මුළු අලාභය රුපියල් ලක්ෂ 2119.64 කි.එය රටේ රාජ්‍ය ආයතන එම දිනය වන විට ලබාඇති මුළු ණය ප්‍රමාණයෙන් සියයට 20.33 ක ප්රමාණයකි.අලාභ ලැබීම අතින් පළමු ස්ථානයේ සිටින්නේ ශ්‍රීලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි.එහි අලාභය රුපියල් ලක්ෂ 3650.47 කි.දෙවැනි ස්ථානයේ සිටින්නේ ශ්‍රීලංකා වරාය අධිකාරියයි.එහි අලාභය රුපියල් ලක්ෂ 2602.21 කි.ශ්‍රීලන්කන් ගුවන්සේවය සිටින්නේ තෙවැනි තැනය. බදු අකුලාගනී2016 අයවැය යෝජනාවලිය සකස් කිරීමෙන් පසු ඊට පෙර අනාවණය නොවූ ණය විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බව පැවසූ අගමැතිවරයා එම ණය ගැනීම් පිළිඹද වාර්තා හෝ ක්‍රමවේද හෝ නොමැති බවද කීවේය.වානිජ බැංකු,ආර්ථික කලමණාකරණ පණත ප්‍රකාරව රජය දී ඇති වගකීම්,රාජ්‍ය ආයතන විදේශයන්ගෙන් ලබාගෙන ඇති මුදල්, ආදී ලෙස මෙම ණය ලබාගෙන තිබෙන බව අගමැතිවරයා අනාවරණය කළේය. මේ හමුවේ පසුගියදා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් කල්‍යාණි දහනායක නිකුත් කළ චක්‍රෙල්ඛයක් අරබයා රට පුරා කලබලයක් ඇතිවිය.2016 අයවැය යෝජනාවලට අගමැතිවරයා සිදුකරන බව පවසා තිබූ සංශෝධන චක්‍රලේඛයේ සඳහන්ව තිබිණ. ‘ 2016 මාර්තු මස 4 වැනිදා පැවැත්වුණු කැබිනට් මණ්ඩල හමුවේදී ගත් තීරණ ප්‍රකාරව මුදල් අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2016 අයවැය යෝජනාවලියේ සඳහන්වූ ආදායම් බදු යෝජනා සංශෝධනය කෙරෙනු ඇත.එම සංශෝධිත යෝජනා 2016 අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.’‘සමාගම් වලට අදාළ වන ආදායම් බද්ද 2015 නොවැම්බර් මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.බැංකු හා මූල්‍ය කටයුතු පිළිඹඳ සමාගම් සඳහා වන ආදායම් බද්ද සියයට 28 කි.මත්පැන්,දුම්කොළ,ලොතරැයි,රේස් ඔට්ටු හා සූදු යන ක්ෂේත්‍ර මත බලපැවැත්වෙන ආදායම් බද්ද සියයට 40 කි.’ ‘සමාගම් ආදායම් බද්දට යටත් නොවන ක්ෂේත්‍ර මත බලපැවැත්වෙන ආදායම් බද්ද සියයට 17.5 කි.’ සමාගම් නොවන ආදායම් බද්ද 2015 නොවැම්බර් මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වූ අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කළ චක්‍රෙල්ඛයේ සඳහන් විය. ‘ආදායම් බදු අනුපාතික ප්‍රගමණය වීම, බදු වලින් නිදහස් වීමේ අවසරය,වෘත්තියේ නියැළීමෙන් ලැබෙන ලාභය මත තීරණය වන බදු කප්පාදු කිරීම් හෝ බදු වලින් නිදහස් කිරීම්, බදු අයකරගෙන මාසික වේතනය ලබාදීමේ ක්‍රමවේදය ආදිය දිගටම ක්‍රියාත්මක වනු ඇත.මාසික වේතනයෙන් බදු ලෙස අයකරගැනෙන ප්‍රතිශතය සොයාගැනීම සඳහා දැනට සිදුකර තිබෙන ගණනය කිරීම් ඒ අයුරින්ම 2016 අප්‍රේල් මස 1 වැනිදා සිට යොදාගැනීමේ හැකියාව ඇත.’දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරියගේ චක්‍රෙල්ඛයට අනුව මාසික වේතනයෙන් අයකරගත යුතු බදු ප්‍රතිශතය තීරණය වනු ඇත්තේ කිසියම් පුද්ගලයකු මසකට උපයන මුදල මතය.මාසික වේතනයෙන් බදු නොගෙවා සාමාන්‍ය පරිදි මුදල ලබාගැනීම සඳහා රැකියා නියුක්තිකයන්ට අවස්ථාව ලබාගත හැකි මාර්ගයන්ද තීරණය කිරීමට නියමිතය.මත්පැන්,දුම්කොළ,ලොතරැයි,ඔට්ටු දැමීම් හා සූදු යන ක්ෂේත්‍ර වල ආදායම් අවස්ථා ඇති තනි පුද්ගලයින් හෝ හවුල්කරුවන් උපයන ලාභය මත ක්‍රියාත්මක වන සියයට 40 ක බදු ප්‍රතිශතය එළෙසම ක්‍රියාත්මක වුවද වෙනත් ක්ෂේත්‍ර වල තනි පුද්ගලයකු උපයන ලාභය මත ක්‍රියාත්මක වන බද්ද සියයට 17.5 ක උපරිමයකට යටත් කෙරෙනු ඇති බවද එහි දැක්විණ.බැංකු හා වෙනත් මූල්‍ය ආයතන වල ඇති තැන්පතු වලින් මේ දක්වා අයකර ගත් සියයට 2.5 ක බද්ද ඒ අයුරින්ම අයකර ගැනෙන බවද කොමසාරිස්වරියගේ චක්‍රෙල්ඛයේ වැඩිදුරටත් සඳහන් විය. නමුත් පසුගිය සිකුරාදා මුදල් අමාත්‍යංශය දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරියට නියෝග කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රෙල්ඛය බල රහිත කරන ලෙසය.එය දෙපාර්තමෙන්තුවේ වෙබ් අඩවියෙන්ද ඉවත් කරන ලෙස ඇයට උපදෙස් ලැබිණ.ඒ අනුව චක්‍රෙල්ඛයේ සඳහන්වූ පරිද්දෙන් එහි යෝජනා අප්‍රෙල් 1 වැනිදා සිට ක්‍රියාත්මක නොවුණි.එය කිසිසේත්ම මෝඩයාගේ දිනයේ විහිලුවක් නොවීය.මේ හමුවේ මහත් අපහසුතාවට පත්ව සිටි බදු නිලධරයෝ කිහිපදෙනෙක් පසු අවස්ථාවක කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගැනුණද එම තීරණ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනෙන තෙක් ඒවා බලාත්මක කළ නොහැකි බවය.මෙම ක්‍රියාවලිය ගැන දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ හෝ මුදල් අමාත්‍යංශයේ හෝ නිලධරයෝ දැන නොසිටින්ට කිසිසේත්ම ඉඩක් නැත.එවැනි තත්ත්වයක මෙවැනි තත්ත්වයක් උද්ගතවූයේ කෙසේදැයි යන්න ගැටලුවකි. වැට් බද්ද සියයට 11 ක අගයේ තැබීමට දැනට තීරණයක් ගෙන තිබේ.2016 අයවැය යෝජනාවලියෙන් නිර්දේශ කර තිබුණේ සියයට 8 ක හා සියයට 12.5 ක වැට් බදු වර්ග දෙකක් පවත්වාගැනීමටය.නමුත් මාර්තු හතරවැනිදා පැවැත්වුණු විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවකදී අගමැතිවරයා පැවසුවේ මෙළෙස වැට් බදු වර්ග දෙකක් පවත්වාගැනීම සංකීර්ණ හා ගැටලුකාරී බවය.සියයට 15 ක වැට් බදු අගයක් පවත්වාගැනීම සුදුසු බව ඔහුගේ යෝජනාව විය.ජනසන්නිවේදන,පෞද්ගලික අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා වලට ලබාදී තිබූ බදු නිදහස අහෝසි වන බවද ඔහු කියා සිටියේය.මෙලෙස සියයට 15 ක වැට් බදු අගයක් ගැන නොයෙක් අවස්ථා වලදී සඳහන් වුවද එය ක්‍රියාත්මක වන දිනය ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැත.සන්ඩේ ටයිම්ස් හට සම්බන්ධකරගත හැකිවූ රජයේ ආරංචි මාර්ගයක් කියා සිටියේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා සාකච්ඡා අවසන් කිරීමෙන් පසු මෙම බදු සංශෝධන පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කෙරෙනු ඇති බවය.තවත් බදු සංශෝධන සිදුවනු ඇතිදැයි සන්ඩේ ටයිම්ස් ප්‍රශ්න කළ විට පිළිතුරු ලබාදීම එම ආරංචි මාර්ගය ප්‍රතික්ෂේප කළේය. චීන සංචාරයවිශේෂ දූත පිරිසක් සමග අගමැති වික්‍රමසිංහ ලබන 6 වැනිදා චීනයේ සංචාරයක යෙදීමට නියමිතය.මලික් සමරවික්‍රම,සජිත් ප්‍රේමදාස,නිමල් සිරිපාල ද සිල්වා,සරත් අමුණුගම,රවුෆ් හකීම්,මංගල සමරවීර යන අමාත්‍යවරුද මෙම සංචාරයට එක්වනු ඇත. රටවල් දෙක අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුම් කිහිපයකි.පිටුවහල් කිරීම සම්බන්ධ එකගතාවක්ද ඇතුළුව ආයෝජන ප්‍රවර්ධනය හා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා වැඩිදියුණු කිරීම පිළිඹද ගිවිසුම්,ජංගම වකුගඩු සේවා රථ ව්‍යාපෘතියක්,ක්‍රීඩා කටයුතු ආශ්‍රීත සහයෝගීතාව වර්ධනය කෙරෙන ව්‍යාපෘතියක්,සංචාරක කටයුතු ප්‍රවර්ධනය,දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර,චීනයේ හා ශ්‍රීලංකාවේ මහ බැංකු අතර සහයෝගීතාවක් ඇති කිරීම සදහා වන ව්‍යාපෘති,ගම්පහ,අත්තනගල්ල,මිනුවන්ගොඩ ආදී ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත ජල ව්‍යාපෘතියක් සදහා ණය, දෙරටේ ජාතික විද්‍යා පදනම් අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන වැඩපිළිවෙලක් ,හම්බන්තොට අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා වන ගිවිසුමක් ආදී ලෙස දෙරට අතර නව සබදතා රැසක් ඇතිකරගැනීමට සැළසුම් කර ඇත.චීනය හා ශ්‍රීලංකාව අතර නිදහස් වෙළද ගිවිසුමක් ඇතිකගැනීම සදහා මූලික අදියරේ සාකච්ඡා පැවැත්වීමද එරට බලා යන ශ්‍රීලංකා දූත පිරිසේ අපේක්ෂාවයි. චීනය මෙරටට ලබාදී ඇති ඇතැම් ණය කපා හරින ලෙසද දූත පිරිස එරට බලධරයින්ගෙන් ඉල්ලා සිටිනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවේය.මෙම ඉල්ලීම සිදුකිරීමට යන්නේ චීනය වරක් නේපාලයට ලබාදී තිබූ ණය කපාහැරීමට පියවර ගැනීම සැළකිල්ලට ගෙන බවද එම ආරංචි මාර්ග කියා සිටියේය. ගෙවුණු සති කිහිපය මුළුල්ලේම මුදල් ඇමැති රවී කරුණානායක රටේ වත්මන් බදු තත්ත්වය පිළිඹඳව කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළේය.පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු අවස්ථාවේදී ඛනිජ තෙල් සංස්ථාවේ බොරතෙල් මිලදී ගැනීම් පිළිඹඳ සොයාබැලීමට එකඟත්වය පළවිය.ඉන්දියාවෙන් හුවමාරු ණයක් ලබාගැනීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු අතර උතුරේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීමට ඉන්දියාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවක් ආර්ථික කටයුතු පිළිඹඳ කැබිනට් උප කමිටුව හමුවට යොමුකිරීමටද තීරණය විය. තම තමන්ගේ මැතිවරණ කොට්ටාශ වල ජනතාවගේ අදහස් විමසීමට හා ඔවුන්ගේ අදහස් හඳුනාගැනීමට පහසුවන පරිදි කැබිනට් මණ්ඩල හමුව පැවැත්වෙන දිනය වෙනස්කරන ලෙස අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා සිටියේය.ඒ අනුව ඉදිරියේදී කැබිනට් මණ්ඩල හමුව සුපුරුදු බදාදා දිනයේ නොව අගහරුවාදා දින උදෑසන පැවැත්වීමට එකගත්වය පළවිය.තමන් යෙදීමට නියමිත චීන සංචාරය සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ අමාත්‍යවරුන්ව දැනුම්වත් කළේය.මෙහිදී සාකච්ඡාවට එක්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන විජයදාස රාජපක්ෂ සහ ෂීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දෙපළ ඔවුනොවුන්ගේ ගැටලු විසඳාගත යුතුව ඇතැයි පැවසුවේය.එක් අයකු පවසන දෙය අනෙකාට නොතේරෙන බවක් පෙනී යන හෙයින් හොඳම දෙය වන්නේ රාත්‍රී ආහාර වේලක් වැනි අවස්ථාවක් සැළසුම් කර දෙදෙන එක්වී සාකච්ඡා කිරීම බව ජනපතිවරයා යෝජනා කළේය.එවන් අවස්ථාවකට අනෙක් අමාත්‍යවරුන්ටද සහභාගීවිය හැකි බව ඔහු පැවසුවේය.ඊට සියලුදෙනාගේ එකගතාවය පළවිය. ව්‍යවස්ථාව සකස් කිරීමේ වැඩපිළිවෙලනව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීමේ මුල් පියවර ලබන අගහරුවාදා දිනයේදී තැබීමටද රජය සූදානම්ය.එම පියවර වන්නේ 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුව පත්කිරීමය.මෙම මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් විය යුත්තේ කවුරුන්දැයි තීරණය කිරීමේ අයිතිය හිමි ව්‍යවස්ථා සභාවටය.එක්සත් ජාතික පක්ෂය ජනපතිවරණ සමයේ මෙන්ම පාර්ලිමෙන්තු මැතිවරණ සමයේදීද විධායක ජනපතිධූරය අහෝසි කිරීමක් ගැන සඳහන් කළද ව්‍යවස්ථා සභාව පත්කිරීමටත්,ව්‍යවස්ථාවක් සකස් කිරීමටත් ඉදිරිපත් කෙරුණු යෝජනාවලියේ විධායක ජනපතිධූරය අහෝසි කිරීමක් ගැන සදහන් නොවීම විශේෂය. ව්‍යවස්ථා කවුන්සිලයට තම කණ්ඩායමේ සාමාජිකයින්ගේ නම්ද යෝජනා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සන්ඩේ ටයිම්ස් හා පැවසුවේය.මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගයද කතානායක කරූ ජයසූරිය මහතාට භාරදී තිබෙන බවද ඔහු කීවේය.අගහරුවාදා පක්ෂ නායකයින් හා සාකච්ඡා කිරීමෙන් පසු විශ්වාසභංගය විවාදයට ගත හැකි දිනය කතානායකවරයා දැනුම්දෙනු ඇත.එක පිටුවකට සීමාවී ඇති මෙම විශ්වාසභංගයෙන් මුදල් අමාත්‍යවරයා වන කරුණානායක 2016 අයවැය යෝජනාවලියෙන් පාර්ලිමෙන්තුවත් ජනතාවත් හමුවේ රට ගැන වැරදි චිත්‍රයක් මවා ඇතැයි චෝදනා නගා තිබේ.රටේ ආර්ථික කටයුතු සම්බන්ධ අවසන් තීරණය ගන්නේ පාර්ලිමෙන්තුවෙන් බවත් ඒ හමුවේ මුදල් ඇමතිවරයා හිටපු ජනපති සමයේ ගත් රුපියල් කෝටි ගණනක ණයක් සම්බන්ධව කිසිදු වාර්තාවක් නැතැයි කියා තිබීමෙන් පාර්ලිමෙන්තුව හෑල්ලුවට ලක්කර ඇති බවටත් විශ්වාසභංගයෙන් චෝදනා නගා ඇත.තමන් මේ හමුවේ කිසිදු ආකාරයකින් කලබලයට පත්ව නොමැති බවත් චෝදනා නගන්නවුන්ට ඉදිරියේදී නිසි පිළිතුරු දෙන බවත් කරුණානායක පැවසුවේය. කරුණානායකට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේද ඇතුළු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 34 දෙනෙක් අත්සන් තබාඇති බව ගුණවර්ධන පැවසුවේය.අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි විශ්වාසභංගයකටද මේ වන විට අත්සන් එකතුකරගැනෙමින් පවතින බවද ඔහු කීවේය.මෙය තමන්ට මඩ ගැසීමට ගන්නා උත්සාහයක් බවත් පළා නොගොස් ඊට මුහුණදෙන බවත් මේ සම්බන්ධයෙන් විමසූ විට රණවක පැවසුවේය. බලමණ්ඩලය නොසන්සුන්මහින්ද කඳවරු හා මෛත්‍රී කඳවුර ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතිව තිබෙන බෙදීම පක්ෂයේ පහළ මට්ටම් දක්වාද ව්‍යාප්තව ඇති බව පසුගිය සතියේ වූ සිදුවීමකින් පැහැදිලිව පෙනී ගියේය.නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ති මුතුහෙට්ටිගම අක්මීමනදී සංවිධානය කර තිබූ පක්ෂ බලමණ්ඩල රැස්වීමකට සහභාගීවීවූ එක්සත් ජනතා නිදහස් සනධානයේ අභිනව මහ ලේකම් මහින්ද අමරවීර මහතාට ඔහුගේ දේශනය අවසන් කිරීමට පැමිණ සිටියෝ අවස්ථාවක් නොදුන්හ.ආහාර ලෙස ලබාදී තිබූ මාළු පාන් ඔවුහු අමරවීර වෙත විසිකළහ.මේ හමුවේ ආරක්ෂකයින්ගේ පිහිටෙන් එතැනින් එවත්ව යෑමට ඔහුට සිදුවිය. එදිනම අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් අරණායක හා මාවනැල්ල ප්‍රෙද්ශවල පැවති පක්ෂ බලමණ්ඩල රැස්වීම් වලට සහභාගීවිය.පක්ෂයේ බෙදීම් ඇතිකිරීමට කැසකවන පුද්ගලයින්ට අසුනොවන ලෙස සාමාජිකයින්ව දැනුම්වත් කරන ලෙස ජනපති සිරිසේන ඔවුනට උපදෙස් දී තිබිණ. මෙම සියලු හමුවන්ලදී එක් දෙයක් පැහැදිලි විය.එනම් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බිම් මට්ටමෙහි කැමැත්ත තවමත් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවය.මෙය නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද වත්මන් නායකයා වන මෛත්‍රීපාල සිරිසේන හමුවේ දැල්වෙමින් තිබෙන රතු එළියකි.පක්ෂයේ හා සන්ධානයේ නායකත්වය තමන් වෙත දිනාගැනීමට ඔහු දියත්කර තිබෙන මෙහෙයුම් අසාර්ථකව ඇති බව මේ හමුවේ පැහැදිලිය.ඔහු නායකත්වය දිනාගැනීමට වෙහෙසවෙමින් සිටින අතර රාජපක්ෂ පක්ෂයේ හා සන්ධානයේ බිම් මට්ටමේ ශක්තිය තමන් වෙත නතුකරගනිමින් සිටී.බලමණ්ඩල රැස්වීම් වලදී මෙය මනාව සනාථ විය. ළග එන අවුරුදු සමය පිළිගැනීමට රට සූදානම්ද යන්න ගැටලුවකි.පසෙකින් විදුලිය කප්පාදු කිරීම්ය.අනෙක් පසින් දිනෙන් දින ඉහළ යමින් තිබෙන භාණ්ඩ මිලය.පිටි මිල ඉහළ ගිය නිසා ඒ ආශ්‍රීත නිශ්පාදනය මිලද මේ වන විට ඉහළ ගොස්ය.ඒ අතර නව බදු පැනවීම් ගැන කතාබහය.ශ්‍රීලාංකිකයන් වන අපට විනෝද වීමට ඇති කාලය තවත් දුරය. තදව ඇති පටි තවත් තද කරගන්නවා හැරෙන්නට වෙන කළයුතු දෙයක් දැනට පෙනෙන්නට නැත. | මහින්ද චීනෙන් ගත් ණයට රනිල්ගෙන් ප්‍රාග්ධන කොටස් | 0 |
hp_train_0207 | (සුජිත් හේවාජුලිගේ, මහරගම ගාමිණී සරත් ගුණවර්ධන හා කැස්බෑව ජී.එස්.එම්. කහටපිටිය)තමාද රාජ්‍ය සේවකයකු හෙයින් රාජ්‍ය සේවකයා විඳින දුක් ගැහැට, ඔවුන් විඳින අපහසුතා අන් කාටවත් වඩා තමා හොඳින් දන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගමදී පෙරේදා (30) පැවැසීය.තමා එදා රාජ්‍ය නිලධාරින්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවේ යැයි කී රාජපක්ෂ මහතා තම රජයක් යටතේ රාජ්‍ය ආයතනවලට ඉදිරියේදී පත් කරන්නේ දක්ෂ කාර්යශූර අය පමණක් යැයිද ප්‍රකාශ කළේය.කුළල් කා ගත්තා මිසක මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන සත පහකට මායිම් නොකළ බවද ඔහු කීය.රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ මහරගම නගරයේදී පෙරේදා (30) පස්වරුවේ පැවැති මැතිවරණ ජනහමුවේදීය.විශාල පිරිසක් වර්ෂාව මැද්දේ රැස්වීමට සහභාගි වූහ.ගෝඨාභය රාජපක්ෂ මහතා පස්වරු 6.00 ට පමණ රැස්වීම් භූමියට පැමිණි අතර මේ අවස්ථාවේදී ජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.තිරසර සංවර්ධනය ඇති කිරීමට අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට ඉදිරිපත් කළා. මෙය හුදු දේශපාලන පොරොන්දුවක් නොවෙයි. ඉටු කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක්. අප මේ ප්‍රතිපත්ති හැදුවේ විද්වතුන් බුද්ධිමතුන් සමග අවුරුදු ගණන් සාකච්ඡා කරලයි. අපි ඇති කරන්නේ ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන ඒකීය භාවය තහවුරු කරන රජයක්.යුද්ධයෙන් පසුව අප රටේ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. රටේ තවදුරටත් බෝම්බ පිපිරීම් නතර වුණේ ඒ නිසයි. අපි කොටි නායක කේ.පී. පිටරට ඉඳලා අල්ලාගෙන ආවා. එදා බුද්ධි අංශවල චිත්ත ධෛර්යය ඉහළම තැනක තිබුණා. පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සියලු තොරතුරු මේ රජයට කල්තියා ලැබිලා තිබුණා. නමුත් ආණ්ඩුව ඒ ප්‍රහාරය වළක්වන්න අසමත් වුණා. අසමත් රාජ්‍යයක්. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. රණවිරුවන් බුරුතු පිටින් දංගෙඩියට ගෙන ගියා. අප ඇති කළ ආරක්ෂාව මේ අය පැමිණ නැති කළා. අප බලයට පැමිණ මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා.එදා අප ටී.අයි.ඩී., සී.අයි.ඩී. පාවිච්චි කළේ ත්‍රස්තවාදය හිස එසවීම නැති කරන්නයි. නමුත් මේ ආණ්ඩුව බුද්ධි අංශ යෙදවූයේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්නයි. රටේ ජාතික ආරක්ෂාව නැතිවුණේ මේ නිසයි.අප යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා ගෙන ගියා. පාරවල් හැදුවා. නව නගර හැදුවා. අප හදපු මත්තල ගුවන් තොටුපළේ වායු සමීකරණ කාමරවල මේ අය වී ගබඩා කළා. රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට කටයුතු කරනවා. සියලු ව්‍යාපාර අද කඩාවැටිලා. ඒවාට තේරුමක් නැති බදු පටවලා. අප රටේ අනවශ්‍ය බදු සියල්ල ඉවත් කරනවා. ජනතාවට ගෙවිය හැකි පහසු බදු ක්‍රමයක් ඇති කරනවා.සමස්ත ව්‍යාපාර ප්‍රජාවම අද ණය බරින් පීඩාවට පත්ව සිටිනවා. අප ඒ අයට ඉදිරියේදී සහන දෙනවා. සෑම ප්‍රදේශයකම යටිතල පහසුකම් වර්ධනය කරනවා.මේ ආණ්ඩුව ලංකාවේ තේ වෙළෙඳපොළ බිමටම වැට්ටුවා. සිලෝන් ටී නාමය අද හෑල්ලුවට පත් වෙලා. වැරදි ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම නවත්වනවා. වැවිලි ආර්ථිකය දියුණු කරනවා. අපේ රටේ බුද්ධිමතුන් ආර්ථික වර්ධනය සඳහා මෙහෙයවිය යුතුයි. අප තාක්ෂණය මුල්වුණු ආර්ථිකයක් හදනවා.ඒ වගේම අධ්‍යාපනයට විශාල ආයෝජනයක් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. කාර්මික හා තාක්ෂණ විද්‍යාල අලුතින් පටන් ගන්නවා. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා. උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඉඩ හසර ලබා දෙනවා.අප ලෝක වෙළෙඳ පොළේ ඉල්ලුම මොකක්ද කියලා බලන්න ඕන. නුපුහුණු අය පිටරට යවනවාට වඩා නිපුණත්වය දී යැවීම වැදගත්. එතැනදි වැඩි වේතනයක් ලබා ගැනීමට හැකි වෙනවා.රාජ්‍ය සේවකයාගේ අපහසුකම් මා දන්නවා. මා එදා රාජ්‍ය සේවකයා දිරිමත් කළා. එදා කොළඹ හැදුවේ පිටින් ඇවිත් නොවෙයි. අප රාජ්‍ය නිලධාරීන්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවෙයි.රාජ්‍ය ව්‍යාපාර රැසක් වැරදි කළමනාකරණය නිසා අද පාඩු ලබනවා. අප මේ ආයතනවලට පත් කරන්නේ දක්ෂ අය විතරයි. රාජ්‍ය දේපල පුද්ගලික අංශවලට විකුණන්න බැරි නීති ගේනවා. අප නිලධාරීන්ට ඉලක්ක දෙනවා. අප අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් තට්ටු නිවාස ඇති කළා. දැන් ඒ වැඩ ඇනහිටලා. ජනතාවට පහසු මිලට නිවෙසක් ලබා ගැනීමට අවස්ථාව ඇති කරනවා.පැහැදිලි දැක්මක් අපට තියෙනවා. අපි අභියෝග බාරගෙන ඒවා ඉටු කරපු අය. මා කෙරෙහි විශ්වාසය තියන්න. මා ඔබලාට සුරක්ෂිත රටක්, අභිමානවත් දේශයක් ගොඩනගනවා.ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:-මහා ජයග්‍රහණයකට පෙළගැසෙමින් සිටින මොහොතක්. නොවැම්බර් 16 වැනිදා ලක් ඉතිහාසය අලුතින් ලියවෙනවා. ගෝඨාභය රට වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඔහු විනයගරුක වැදගත් නායකයෙක්. විරුද්ධ පක්ෂයේ කිසිම අයකු විවේචනය කළේ නැහැ. රට කඩාවැටුණේ රනිල් සජිත් යුගයේදීයි. රටේ ඒකීය භාවය රැකිය හැක්කේ ගෝඨාභයටයි. පාලන තන්ත්රය ආණ්ඩුක්‍රම නාඩගමක් බවට පත් කළා.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:-මේ රටට අද ඉන්නේ විදේශයන්ගේ පදයට නටන නායකයකු නොවෙයි. මේ ආණ්ඩුව ඇවිත් එක පාරක් හැදුවෙ නැහැ. සහරාන්ලා හැදුවේ මේ ආණ්ඩුවයි. රට ජාතික ආරක්ෂාව ඉල්ලනවා. පුතාණෝ සනීපාරක්ෂාව දෙන්න යනවා. මේ ආණ්ඩුව ඇවිත් දුප්පතාට බඬේ පාර හැදුවා. සනීපාරක්ෂක තුවාවල බද්ද වැඩි කළේත් මේ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව ව්‍යාපාරිකයාට කනේ පාර දුන්නා.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:-පාස්කු ඉරුදින සිද්ධියට අපේ අයත් ගාවල මඩ ප්‍රහාරයක් ගහන්න සූදානම් වෙනවලු. ඒ ප්‍රහාරයේ වගකීම මේ රජය බාරගත යුතුයි. රජයේ හිටපු සජිතුත් ඊට වග කියන්න ඕන. මහ බැංකු හොරකමට වගකිවයුත්තේ රනිල්.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:-යහපාලන ආණ්ඩුව වැඩ කටයුතු ආරම්භ කළේ මහ බැංකුව කොල්ලකාලයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මේ රට බෙදුම්වාදයට ගෙන යන්න මේ ආණ්ඩුව කටයුතු කළා. ත්‍රස්තවාදය, අන්තවාදය පෝෂණය කළේ මේ ආණ්ඩුවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය ඇතිවුණේ මේ නිසයි. මේ ආණ්ඩුව යටතේ ලක්ෂ හතරකගේ රැකියා නැතිවුණා. බුද්ධි අංශවල තුන්සිය විසි දෙනෙක් හිරේට දැම්මා.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා:-අද සජිත් බදුබර ගැන කිඹුල් කඳුළු හෙළනවා. රණවිරුවන්ට ගැහුවේ මේ ආණ්ඩුව කියලා අද සජිත් දන්නෙ නැහැ. සජිත්ට මේ රට ගියොත් අගමැති මමයි කියලා අද රනිල් ප්‍රකාශ කළා. එතකොට සජිත් සිග්නල් කණුවක් විතරයි. සියයට 37 ට වඩා අරගෙන පෙන්වන්න කියලා මම සජිත්ට අභියෝග කරනවා. අද සජිත් කවටයන් අතර පෙරමුණට ඇවිල්ලා. අවුරුදු දෙකෙන් කොටියා නැති කළේ ගෝඨාභයයි. හතරේ ගණන් දන්නෙ නැති සජිත්ට ආචාර්ය ගෝඨාභය සමග මොන විවාදද?කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා:-ගෝඨාභය ජයග්‍රහණය කරවන්න අද සියලු දේශපාලන පක්ෂ එකතුවී සිටිනවා. ගෝඨාභය දිනවන්න අද රටම එකතුවී සිටිනවා. විජයදාස රාජපක්ෂත් ගෝඨාභයට සහය දෙන්න ඉදිරිපත් වුණා.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා:-ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් පාලනයට සුදුසු නැහැ. මේ රටේ ත්‍රස්තවාදය නැති කිරීමට අණ දුන් එකම නායකයා මහින්ද රාජපක්ෂයි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂයි. මේ ආණ්ඩුවට රුපියල ආරක්ෂා කරන්නත් බැරිවුණා. මුදලට අගයක් දෙන්න බැරි ආණ්ඩුවක්. මහ බැංකුව මහ දවල් කැඩුවා.පොලී අනුපාතය කරටි කඩලා යනවිදියට වැඩිවුණා.පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා:-මේ මැතිවරණයේදී සියලු දෙනා එක වහළක් යටට ගේන්න අපට හැකිවුණා. සහරාන් බෝම්බ පුපුරවන කොට ඔබලාට මතක් වුණේ මහින්ද-ගෝඨායි. ආරක්ෂක ලේකම් සත පහක් වංචා කළ අයකු නොවෙයි. රාජ්‍ය සේවයට ගෞරවයක් දුන්නේ ඔහුයි. කොළඹ පැල්පත් නැතිකළා. ගෝඨා හිටියා නම් මේ වෙනකොට ගෙවල් 35,000 ක් හදලා ඉවරයි.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-මේ ආණ්ඩුවේ ඉන්නවා අයන් මෑන්. දැන් අලුත්ම කෙනා පෑඞ් මෑන්. 13 වැනිදා වෙනකොට මෙයා තව මොනවා ගෙනත් දේවිද දන්නෙ නැහැ. ජනාධිපති අපේක්ෂකයකු ගන්න වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්නේ ගෝඨාභයයි. සජිත් ආණ්ඩුවේ අගමැති මමයි කියලා අද රනිල් කියනවා. මේ රට සිංහල බෞද්ධ රටක් නොවෙයි කියලා කිව්වේ මංගලයි. 16 වැනිදා සජිත් එක්ක මංගලත් ගෙදර යවනවා. අද මහරගම ජන ගඟක්.පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි:-එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ රනිල්ගේ පඹයෝ ටිකක් විතරයි. සජිත් කියන්නේත් එක පඹයෙක් විතරයි. ඔහුට කිසිම දැක්මක් නැහැ. රට අද බරපතළ අර්බුදයකට ලක්ව සිටිනවා. සෝෆා ගිවිසුම අත්සන් කරනවාට කැමතිද නැද්ද කියලා සජිත් ප්‍රකාශයක් කළ යුතුයි. සිංගප්පූරු ගිවිසුම අස්සන් කළේ පිටරට ජාවාරම්කරුවන්ට මෙරටට පැමිණීමටයි. මේ රට ගොඩනැගිය හැකි නායකයා ගෝඨාභයයි. තවම මේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. කඩදාසි ටික එන්නෙත් පිටරටින්. සජිත් සිංගප්පූරු ගිවිසුම ගැන එක වචනයක් කතා කළේ නැහැ. රනිල්, සජිත්, මලික් මුළු පෙරමුණම පරාජය කරනවා. සිගරට්, අරක්කු දෙකටම බිලියනයක් වියදම් කරන රටක්. මේක නවත්වන්න රටට ආදරය කරන නායකයකු ගේන්න ඕන. රාජ්‍ය භාණ්ඩාගාරය හිස්. නමුත් සජිත් අරවා දෙනවා මේවා දෙනවා කියලා බොරු කියනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා:-මහරගම ප්‍රදේශයේ ජීවත්වන්නේ උගත් ජනතාවක්. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ හත්වැනි විධායක ජනපති වශයෙන් පත්වීම ස්ථිරයි. මහරගම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මේ යහපාලන රජය කිසිම දෙයක් කළේ නැහැ. මහින්ද යුගයේ අලුත් රක්ෂා නව ලක්ෂයක් බිහි කළා. තිබුණු රක්ෂා ලක්ෂ හතරක් මේ රජය යටතේ නැවතුණා. අද පොලී අනුපාතය සියයට හැටකින් අඩුවෙලා. සමාගම් වහනවා. ව්‍යාපෘති නතර වෙලා. ඩොලරය අද රුපියල් 184 යි. අද උපාධිධාරීන්ට රැකියා නැහැ.ගෝඨාභය රට වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. අද හමුදාපති පත් කරන්න උපදෙස් දෙන්නෙත් විදෙස් රටවල්. ගෝඨාභය කියන්නේ ප්‍රතිඵල පෙන්නූ නායකයෙක්. ඔහුගේ එඩිතර නායකත්වය රටට අවශ්‍යයි. මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒකට නායකත්වයක් අවශ්‍යයි. වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ඔහු දිනවන්නැයි මහරගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පළාත් සභා හිටපු අමාත්‍ය උපාලි කොඩිකාර මහත්වරු ඇතුළු පිරිසක්ද මෙහිදී කතා කළහ. | “බෝම්බ පිපිරීමට පටන්ගත්තේ ජාතික ආරක්ෂාව අමතක කළ නිසයි “ | 0 |
hp_train_0208 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,090 දෙනකු අද(21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,884 කි.මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,85,687 ක් දක්වා ඉහළ ගොස් ඇත. | අද ආසාදිතයන් 718 ක් | 0 |
hp_train_0209 | මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (23) පස්වරු 9.30 වනවිට එක්වූ ආසාදිතයන් 231 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 579 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 34,960 දක්වා ඉහළ ගොස් ඇත.අද රාත්රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති. | අද කොරෝනා ආසාදිතයන් 579 යි | 1 |
hp_train_0210 | (දියතලාව - ඩී.කේ.රත්න)තණමල්විල නගරයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කළ පුද්ගලයන් හතරදෙනෙකු තණමල්විල ප්‍රදේශයේදී අද (16) ගිනි අවි තුනක් ගිනිඅවිවලට යොදන ජීව උණ්ඩ දෙකක් සහ යතුරුපැදි දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි.තණමල්විල සූරියආර කුමාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක සහ 24ක තරුණයන් දෙදෙනෙකුද, තණමල්විල ගගේයාය පදිංචි වයස අවුරුදු 28ක සහ 25ක තරුණයන් දෙදෙනෙකුද තණමල්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මොවුන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී ඔවුන් ලග තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර් නවය වර්ගයේ රිවෝල්වරයක් බෝර 12 ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 බටය කපන ලද ගිනි අවියක්, මිලිමීටර් නවය රිවෝල්වරයට යොදන ජීව උණ්ඩ දෙකක් සහ යතුරුපැදි දෙකක්ද තණමල්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.තණමල්විල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.එස්.පනාවෙල මහතාගේ උපදෙස් පරිදි තණමල්විල පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. | අපරාධවලට සම්බන්ධ තරුණයන් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට | 1 |
hp_train_0211 | කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 981 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇත.අද දිනයේදී වාර්තා වු මුළු කොරෝනා ආසාදිතයින් ගණන 21 කි.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 423 ක් වේ. මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 538 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත. | කොරෝනා ආසාදිත රෝගීන් ගණන 649 දක්වා ඉහළට | 0 |
hp_train_0212 | චීනයේ චැන්ග්චුන් නුවර පැවති 16 වෙනි අන්තර්ජාතික ගණිත තරගාවලියේදී රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් තුනක්, ලෝකඩ පදක්කම් හතක් සහ ගෞරව සම්මාන අටක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ඒමට ශ්‍රී ලාංකික පාසැල් සිසු සිසුවියෝ පිරිසක් සමත් වුහ. ඔවුහු අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිවයිනට පැමිණි මෙම සිසු සිසුවියෝ ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත ශාඛාවේ අධ්‍යාපන අධ්යක්ෂ බී.ඩී චිත්තානන්ද බියන්විල, සහකාර අධ්‍යාපන අධ්යක්ෂ ගණිත කේ.ජී.එල් නිරීසා සහ සංවර්ධන නිලධාරිනී හෙලන් ජයසේකර යන මහත්ම මහත්මීන් විසින් මල් දම් පළදවා ඉතා උනුසුම් අන්දමින් පිලිගනු ලැබීය.ජපානය, චීනය, ඉන්දියාව, මලයාසියාව ඇතුළු රටවල් 29 ක, කණ්ඩායම් 151 ක සිසු සිසුවියෝ 608 දෙනෙකු තරග කළ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ජේෂ්ඨ අංශයේ රන් පදක්කමක් ලබා ගැනීම මෙහි ඇති විශේෂත්වයකි.මෙහිදී දරුවන් පිළිගනිමින් අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසූවේ ශ්‍රී ලංකික දරුවන් ලැබු මෙම සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ඉතාමත් සතුටු වන බවයි.එමෙන්ම වෙනදා කණිෂ්ඨ අංශයේ පමණක් ශ්‍රී ලාංකව දස්කම් පෙන්වුවද මෙවර ජේෂඨ අංශයේ දරුවන්ද රන් පදක්කමක් ඇතුළු පදක්කම් ලබා ගැනීම ශ්‍රී ලංකාව ලැබු විශාල ජයග්‍රහණයක් බවත් ඔහු කීවේය.මෙහිදී ගණිත අංශයේ අධ්‍යාපන අධ්යක්ෂ චිත්තානන්ද බියන්විල මහතා පැවසුවේ මෙම දරුවන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගනිමින් ශ්‍රී ලංකාවට අති මහත් කීර්තියක් ගෙන දුන් බවයි. එමෙන්ම දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන් ඔපවත් කර ශක්තියක් ලබා දුන් සියළු දෙනාට අධ්‍යාපන අමාතයංශය වෙනුවෙන් තමන් ස්තුතිවන්ත වන බවත් ඔහු කීය. දරුවන් වෙනුවෙන් කරන ආයෝජනය අනාගත ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සදහා වන බවට මෙය හොද සාක්ෂියක් බවත් ඔහු කීවේය.මෙහිදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කේ.එස් කොඩිතුවක්කු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ එස්.එස් කොටුවේවත්ත යන සිසුහු රන් පදක්කම් දෙකක් හිමිකරගැනීමට සමත් වු අතර යාපනය හින්දු විද්‍යාලයේ එන්. සිවමයින්දන් රිදී පදක්කමක් හිමිකරගත්තේය.ලෝකඩ පදක්කම්ලාභීන් අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ජී.මානෙත් බානුල පෙරේරා සහ ඩබ්ලිව්.එම්.ඩී.එස්.එස් රණසිංහ, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඩී.එම්.යූ.එස් විෙජ්රත්න, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ එල්.බී.එන්.පී.එස් ද සිල්වා යන සිසුහු වෙති.මෙහිදී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලේ චනුද අනුසර ජයලත්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කේ.ෙජ්.වයි.එන් ජයසේකර, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ අයි.එම්.පී.ටී ගුණවර්ධන, එච්.එම්.ඒ යසිරු හේරත්, ඩබ්ලිව්.එම්.අයි.වයි අබේසිංහ, කොළඹ රාජකීය විද්‍යාලයේ රුවිමල් යසන්ත පතිරාජ, ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ එච්.එම්.සී.එන්.කේ බංඩාර, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ පී.එල්.ඩබ්ලිව් විතාන යන සිසුහු ගෞරව සම්මාන හිමිකරගත් අතර කෑගල්ල ස්වර්ණ ජයන්ති විදුහලේ ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්,එච්.ආර්.ටී.ඩී.ආර්.බී කිරිදන සහභාගීත්ව සහතිකයක් හිමිකරගෙන තිබිණි.මීට අමතරව කණ්ඩායම් තරගවලදී පළමු අනු ශූරතා කුසලාන 2 ක් සහ දෙවන අනු ශූරතා කුසලාන 3 ක් හිමිකරගැනීමට මෙම සිසු සිසුවියෝ සමත් වුහ.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සිසු සිසුවියෝ 16 දෙනෙක් සහභාගී වු අතර සංචාරය සඳහා කණ්ඩායම මෙහයවිමන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අද්යාපන අධ්යක්ෂ එච්.නයනි පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය චානක්‍ය විජේරත්න, ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනමේ නියෝජිත රුසිරු රන්ගික ගම්බීර ආරච්චි සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ගණිත ආචාර්ය ජී. සුනිල් ශාන්ත යන මහත්ම මහත්මීන් සංචාරය සඳහා එක්ව තිබුණි. (රන් පදක්කම් හිමිකරගත් කේ.එස් කොඩිතුවක්කු සහ එස්.එස් කොටුවේවත්ත)(රිදී පදක්කමක් හිමිකරගත් යාපනය හින්දු විදුහලේ එන්. සිවමයින්දන්)(පදක්කම්ලාභීන්)(ජේෂ්ඨ කණ්ඩායම)(සංචාරයට එක් වු සියළු සිසුන්) | රටවල් 29 කට වැඩ පෙන්නයි | 1 |
hp_train_0213 | අනාගත පරපුරට රටේ සම්පත් ඉතිරි කර යෑම මිස එය විකිණීම පාලකයකුගේ වගකීම නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 2 වැනිදා පැවසීය.එබැවින් අනාගතයේ ඉපදීමට සිටින මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයන්ට රටේ සම්පත් ඉතිරි කර යාම පාලකයන්ගේ වගකීමක් බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ශාලාවේ පැවැති ‘‘රට සුරකින මහ පවුර’’ නියෝජිත සමුළුවට එක්වෙමින් ඉකුත් 2 වැනිදා හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.ජාතික සම්පත් සුරැුකීමේ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබූ එම සමුළුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.අද ජාතික සම්පත් ආරක්ෂා කරගන්න සියලූදෙනා එකතුවෙලා යුගයේ යුතුකම ඉටු කරන්න සැරසෙන වෙලාවක් හැටියට මේ වෙලාව හඳුන්වන්න පුළුවන්. අද සිද්ධවෙන්නේ රටේ තියෙන සම්පත් විකිණීමේ කාර්යයම නෙමෙයි. මේ කරන්නේ රට විකිණීමයි. දැන් ආණ්ඩුව කරගෙන යන්නේ රාජ්‍ය විකිණීමේ කාර්යයයි. මෙතනයි ගැටලූව තිබෙන්නේ. මොකද පවතින රටක පරපුරක් මේ භූමිය තුළ ඇති සම්පත් භුක්ති විඳිනවා. මේ සම්පත් භුක්තිවිඳලා මේකට අයිතිය කියන්න හෝ විකුණලා යන්න බැහැ. අනාගතයේ ඉපදෙන්න ඉන්න මිලියන ගණනාවක් වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සම්පත් ටික ඉතිරි කරලා යන්න. එය විකුණලා යෑම නොවෙයි අපේ වගකීම. අපි ඒ අයට මොනවද කියන්නේ. අනාගත පරපුරටයි මෙය අයිති.අපි මෙහි තාවකාලික භාරකාරයන් පමණයි. අද මේ යෝධයෝ ටික එකතුවෙලා මේවායේ අයිතිකාරයෝ වෙලා ඒ සම්පත් එකිනෙකාට විකුණනවා. අද එක රටකට විකුණනවා. තව දවසක තව රටකට විකුණනවා. මෙය නතර කළ යුතුයි.අද බලන්න ජල සම්පත් විකුණනවා. අපේ බලාපොරොත්තුව වුණේ 2017 වන විට ශ්‍රී ලංකාවේ 98% කට ජලය දෙන්න. ගම්වලට ජලය ගේන්න. අපි ඒ වෙනුවෙන් වඩාත්ම කටයුතු කළේ වකුගඩු රෝගය හේතුවෙන් පිරිසුදු ජලය ටිකක් ලබාදෙන්න. මේ නිසා පොළොන්නරුවේ වගේම උතුරු මැද පළාතේ ජල ගැටලූව ගැන වැඩිපුර අවධානය යොමු කළා. ඒත් අද මොනවද වෙන්නේ? අද එවැනි අවධානයක් නෑ. මම එතකොට දැනගත්තා මේ වෙනකොට ඩෙංගු රෝගීන් හතළිස් අටදෙනකු මිය ගිහින් කියලා. ඇමැතිතුමාටත් ඩෙංගු හැදිලා. මේ ආණ්ඩුව ඒවා ගැන කටයුතු කරන්නේ නෑ. ප්‍රාදේශීය සභා ටික විසුරුවා හැරීමේ, නගර සභා ටික විසුරුවා හැරීමේ අනියම් ප්‍රතිඵලය තමයි ඒ. ඒත් ඒවා ගැන උනන්දුවක් නෑ. රට විකුණන එක ගැන තමයි හිතන්නේ.අනෙක් එක තමයි මේ අය කියනවා අපට සල්ලි නෑ. මහින්දගේ ණය බේරන්න ඕන කියලා. ඒ අතරේ මම දැක්කා අමූලික බොරුවක් කියනවා. මේ අයට දැන් බොරුව කියන දේ බෝවෙලා. මේක කාගෙන් බෝවුණාද කියන්න මම දන්නේ නැහැ. රනිල්ගෙන් අනෙක් එක්කෙනාට බෝවුණාද, අනෙක් එක්කෙනාගෙන් රනිල්ට බෝවුණාද කියන්න මම දන්නේ නෑ. මේ ආණ්ඩුව කියන්නෙම අමූලික බොරු. අද වරාය විකුණන්නේ, මම පොරොන්දු වෙලා හිටියලූ විකුණන්න. මේ විකුණපු ඒවා ඔක්කොම ගත්තෙ මම. ශ්‍රී ලංකන් එයා ලයින්ස්, ඉන්ෂුවරන්ස් එක, ගෑස් එක, වෝටර්ස් ඒජ් එක, මේවා අපි ආපහු ගත්තා. අර ගෝඨාභයට අයිතියි කියලා තිබුණු ඉස්පිරිතාලේ ඒකත් විකුණලා තිබුණේ. ඒකත් අපි ගත්තා. මේවා අපි ගත්තේ මේ සම්පත් ටික රටට ඕන නිසයි. අපිට ඕන නිසා නෙමෙයි. අපේ අනාගත පරපුරට, හෙට ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් අපි ඒ යුතුකම ඉටුකළ යුතුයි.අද මේ අය බිහිරන් වගේ කිසිදේකට ඇහුම්කන් දෙන්නේ නැතුව හදිස්සියේ මේක විකුණලා දාල යන්න තමයි හදිස්සිය. ඒ මදිවට ඉන්න නිලධාරීන් කියන්නේ විකුණපං, විකුණපං කියලා.අපි ආවෙත් විකුණපු යුගයකින්. අපේ ආණ්ඩුවෙන් නෙවෙයි චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් තමයි විකුණුවේ. ඒ කියන්නේ නෝනගේ ආණ්ඩුවෙන්. වාසුලා, අපි ඒ යුගයේ විරුද්ධ වුණා. වැඩක් වුණේ නෑ. ඇය ඒ දේවල් කරගෙන ගියා. ඒවා ඇහුණේ නෑ රටට. ලාංකිකයන් ඒ ගැන කතා කළා. ඒත් දැන් මොකද වෙන්නේ. අපේ රට පිටරටට විකුණනවා. රාජ්‍ය විකුණනවා. එහෙමනම් මේ ගැන කතා කරන්න අපට අයිතියක් තියෙනවා. අපිට රට ඉතුරු වෙයිද කියන ගැටලූව තියෙනවා. අපට මේවාට විරුද්ධව සංවිධානය වෙන්න අයිතියක් තියෙනවා. මෙතනදී නොයෙක් මතවාද තියෙන්න පුළුවන්. එදා මේවා වෙනුවෙන් කතා කරපු අය අද ආණ්ඩුවට මුක්කු ගහලා සද්ද නොකර ඉන්නවා. ආණ්ඩුවේ ඉන්න අයට මින් බේරෙන්න බැහැ. අනාගතයේ් මේ විනාශයේ වගකීම ඔවුන් භාරගත යුතුයි.අනෙක් කාරණය ව්‍යවස්ථාව. මේ රටේ ඡුන්දයක් ඉල්ලූවද ව්‍යවස්ථාවක් වෙනස් කරන්න අපට ඡුන්දය දෙන්න කියලා නෑ. එකම දෙයයි කිව්වේ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න අපට ඡුන්දය දෙන්න කියලා. හැබැයි ජනාධිපතිතුමා ඊට අනෙක් පැත්තෙන් කිව්වා ජනමත විමසුමක් යනවා නම් එහෙම කරන්නේ නැතුව කරමු කියලා. ඇඟ බේරගන්න ඒක ලියලා දුන්නා. දැන් එතුමා කියනවා මම කිව්වේ අරක, රනිල් කියනවා නෑ මේක කියලා. සෝභිත හාමුදුරුවෝ ළඟ අත දික්කරලා දිවුරලා කරනවා කරනවමයි කියලා කිව්වා. ඒ කියන්නේ වෙන්නේ නෑ කියන එකයි. චන්ද්‍රිකාත් එහෙම කළා මළකඳක් ගාව. මළකඳන් ගාව දිවුරන අය ගැන නම් කිසිම විශ්වාසයක් මට නෑ. අද තියෙන තත්ත්වය ඕකයි.හැම මනුස්සයටම බඩගින්න ගැන කතා කරන්න වෙනවා. පොල් බෑය ගැනත් කතා කරන්න වෙලා. පොල් ගෙඩිය සීයයි. එකසිය විසිපහයි. මේ තත්ත්වය තුළ ජනතාව මැයි දිනය වෙනුවෙන් ඒකරාශී විය යුතුයි. අපේ සටන මෙතනින් නතර වෙන්නේ නෑ. මේ අය අහනවා මේ අවුරුද්දේ මේ ආණ්ඩුව පෙරළනවද කියලා. පෙරළන්න පුළුවන් නම් අපි පෙරළනවා. පෙරළන්නේ නැතුව ඉන්නේ නැහැ. හැම මහන්සියක්ම ගන්නවා. ඒ බැරිවුණොත් අපි ඊළඟ අවුරුද්දේ ඒක කරනවා. පෝය දෙකයි. වෙසක් පෝය මේ පෝය ඇරුණාම තව පෝයයි. වැඩිම වුණොත් මැතිවරණය එන්න ඕන. මේ යන්නේ තුන්වෙනි අවුරුද්ද. අවුරුදු පහෙන් ඉවරයි. මේ ආණ්ඩුව ආවාට පස්සේ ලෝක ගෝලේ ඉක්මනින් කැරකෙනවා වගෙයි.අපි කියන්නේ මේ සටනට එකතුවෙන්න. රටත් ජාතියත් පාවාදෙන්න මේ බලවේගවලට එරෙහිව නැගී සිටින්න රට ජාතිය ආරක්ෂා කරන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික සම්පත් සුරැුකීමේ මධ්‍යස්ථාන නායක ඩලස් අලහප්පෙරුම මහතා:xමේ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ජී.එල්. පීරිස් මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් සමග සංවිධානය ඇතිකර මාස 2 ක් පමණයි ගතවී ඇත්තේ ජනතාව මේ වැටී සිටින අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමටයි. ඒ අනුව මේ රජයේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව රාජ්‍ය ආයතන වෘත්තීය සමිති එකමුතුවෙන් කටයුතු සිදුකරගෙන යනු ලබනවා. එදා 77 විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමග ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ පුද්ගලීකරණය ඇතිවුණා. ඒ අනුව ලාභ ලැබූ ආයතන පවා විකුණුවා. ටයර් සංස්ථාව, ට්‍රැක්ටර් සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, ලූණු සංස්ථාව, වානිජ නීතිගත සංස්ථාව, සළුසල, තුනී ලෑලි වැනි ආයතන විශාල ප්‍රමාණයක් පුද්ගලීකරණය කරනු ලැබුවා. ඒත් අද දේශීය සම්පත් විජාතිකකරණය කරනු ලබනවා. ඒ අනුව මේ හවුල් රජයේ විදේශීයකරණය පිළිබඳ අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා.ප්‍රවීණ දේශක දයාන් ජයතිලක මහතා:xමේ රජයේ යම් යම් අයගේ ප්‍රකාශ අනුව භයානක ප්‍රතිඵල අනාගතයේ ඇතිවිය හැකි බව කිව යුතුයි. පසුගියදා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ හම්බන්තොට වරාය විකුණලා රුපියල් බිලියන 450 ක් මේ වසරේ ලබා නොගතහොත් මේ රජය ගෙනයාමට අපහසු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. ඒ නිසා අදියර කීපයක් යටතේ එය විකුණා මුදල් ලබාගැනීමට සිදුවී තිබෙන බව කියා තිබෙනවා. ඒ තරමටම රජයේ බංකොළොත් භාවය පෙනී යනවා.ඒ අනුව මේ රජයේ අවිධිමත් ක්‍රියා පිළිබඳ අප සාකච්ඡුා කරමින් ජනතාවට කරුණු තේරුම් කර දිය යුතුයි. ඒ අනුව අද මේ රජයට පුද්ගලීකරණය පුරුද්දක් වෙලා තියෙනවා.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:xඅද මේ රට විශාල අර්බුද රාශියකට මුහුණ දීල තියෙනවා. ඒ අනුව ජනතාවගේ අනාගතය පිළිබඳවත් අනතුරුදායක තත්ත්වයක් ද ඇතිවී තිබෙනවා. වෙනත් මර්දනකාරී ව්‍යාජ පොදු ජනතා විරුද්ධත්වය මත පරාජය කර තිබෙන බව අප ඉතිහාසයේ ඔප්පු කර තිබෙනවා.මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ජී.එල්. පීරිස්, සෝමවීර චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නායකයන් ද අදහස් දැක්වූ අතර ඒ සඳහා රාජ්‍ය ආයතන වෘත්තීය සමිති නියෝජිතයෝ විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.(දෙහිවල - එම්.එච්. ධර්මපාල සහ කළුබෝවිල - පින්සිරි ආරියරත්න) | දැන් කරන්නේ රටම විකුණා දැමීමය | 1 |
hp_train_0214 | (ඩී.කේ.රත්න) තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේ පර්චස් දෙකක ඉඩමක වගා කර තිබූ ගංජා ගස් 135ක් සමග පුද්ගලයෙකු අද (29) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු කිරම වෙළඳගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. තණමල්විල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති. | ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට | 0 |
hp_train_0215 | (අංජුල මහික වීරරත්න)ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැඟීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බවත් පසුගිය මාස කිහිපයේ පැවති ආර්ථික දුෂ්කරතා වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා තරමක් අඩු වී ඇති බවද ජනාධිපතිවරයා කීය. මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් සමග මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි. ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් නොකර ජනතාවට බොරු කියමින් දේශපාලන සෙල්ලමක නිරත වන බව පැවසු ජනාධිපතිවරයා රටේ සහ ජනතාවගේ අනාගතය සම්බන්ධව කිසිවකුට සෙල්ලම් කළ නොහැකි බව ද අවධාරණය කළේය. | ’’අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ’’ | 1 |
hp_train_0216 | (චන්දන ප්‍රනාන්දු) අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් පස් දෙනෙකු ඊයේ (19) සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල සිරිගම්පල වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පිරිසකි. ගෙවල් කොල්ලකෑම් නීතිවිරෝධි ජාවාරම්කිරිම සම්බන්ධයෙන් මෙම පිරිසව අධිකරණයට ඉදිරිපත් කර නැවත නඩු දිනයට ඉදිරිපත් නොවීම නිසා මාස 6 ට අධික කාලයක් සැඟව සිටිම සම්බන්ධයෙන් මෙලෙස අත් අඩංගුවට ගත්බව පොලිසිය කීය. | සැඟව සිටි වරෙන්තුකරුවන් 5 ක් අත්අඩංගුවට | 0 |
hp_train_0217 | (රොමේෂ් මධුෂංඛ)ලංගම බස් රථ ධාවනයේදී සිදු වන අසාධාරණකම් හේතුවෙන් ඒකාබද්ධ කාලසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අද (19) උතුරු පලාතේ සියලුම පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතු වලින් ඉවත්ව වැඩවර්ජනයක නිරත වූහ.උතුරු පළාතෙන් පෞද්ගලික බස් රථ 250 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය වන අතර අද දින මෙසේ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීම හේතුවෙන් මගී ජනතාව දැඩි අසීරුතාවන්ට පත්වූහ.බස් ධාවනයෙන් ඉවත් වූ උතුරු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් පෙන්වා දෙන්නේ උතුරු පළාතේ පිහිටි ලංගම බස් ඩිපෝ මගින් ඉතා අවධිමත්ව කාලසටහනකින් තොරව බස් ධාවනය කිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයට දැඩි සේ අසාධාරණකම් සිදුවන බවටත් පෞද්ගලික බස් රථ ධාවනය කාලසටහනකට සිදු වුවද ලංගම බස් අවධිමත්ව ධාවනය වීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතව තිබෙන බවටත්ය.එමෙන්ම ලංගම බස් ධාවනයේදී දුර ගමන්සේවා බස් රථ විශෙෂයෙන්ම යාපනයේ සිට ධාවනය වස බස් රථ වව්නියාව බස් නැවතුම්පලේදී දිගු වේලාවක් නවතා එහි සිටින මගීන්ද රැගෙන යාම මිගන් වව්නියාව බස් නැවතුම්පලේ සිට දුර ගමන් සේවා අරඹන බස් රථවලට දැඩි අසාධාරණයක් වන බවටද පෙන්වා දෙයි.මේ හේතුව නිසාවෙන් යාපනයේ සිට ධාවනය වන බස් රථ වව්නියාව බස් නැවතුම්පලේ නොනවතා වෙනත් ස්ථානයක නැවත්වීඹට පියවර ගත යතු බවටද පෞද්ගලික බස් රථ හිමියන් පෙන්වා දෙයි.පසුගිය 17 වැනිදාද යාපනය සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් වව්නියාව බස්නැවතුම්පලේදී නවතා මගීන් නංවා ගැනීමත් සමග පෞද්ගලික බස් රථ හිමියන්ගේ පහරදීමක් හේතුවෙන් දැඩි උණුසුම් තත්වයක් හටගෙන ලංගම බස් රථද ධාවනයෙන් ඉවත්ව පහරදුන් පිරිස් අත්අඩංගුවට ගැනීමක්ද සිදු වූ හෙයින් එවැනි ගැටලු සිදු නොවීමට බලධාරීන් කටයුතු කරන ලෙසටද පෞද්ගලික බස්රථ හිමියන් ඉල්ලා සිටිති.උතුරු පළාතේ ලංගම සහ පෞද්ගලික බස් ධාවනයට විධිමත් ඒකාබස්ධ කාලසටහනක් ඉදිරිපත් කරන බවට බලධාරීන් මීට පෙර අවස්ථා කිහිපයකදීම පොරොන්දු වුවද මෙතෙක එම පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් මෙම ගැටලුව දිනෙන් දින වැඩි වන හෙයින් ඉතා ඉක්මනින් මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට වැඩවර්ජනයේ නිරත පෞද්ගලික බස් සංගම් විසින් වැඩි දුරටත් ඉල්ලා සිටිති. | විනිසුරුගේ ආරක්ෂකයන්ට වෙඩි තැබීමට විරෝධය පා උතුරේ බස් වර්ජනයක | 0 |
hp_train_0218 | සෙලාන් බැංකුව, 2022 ප්‍රථම කාර්තුව සඳහා රු. බිලියන 1.1 ක බදු-පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. බැංකුවේ ප්‍රාග්ධන ප්රමාණතා අනුපාතය නියාමන අවශ්‍යතාවලට ඉහළින් පවතින අතර, ද්‍රවශීලතා මට්ටම ද කාර්තුවේ අවම අනුපාතවලට වඩා වැඩි අගයක පවතී.දේශීය බැංකු ඒකකය සහ විදේශ බැංකු ඒකකය සඳහා බැංකුවේ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාත පිළිවෙළින් සියයට 23.32 සහ සියයට 22.65 සියයට වේ. එමෙන්ම අදාළ කාර්තුව තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 6.8 ක් වන අතර, එය සියයට 22.51 ක වර්ධනයකි. පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 7.5 ක මෙහෙයුම් ආදායමට සාපේක්ෂව, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ සෙලාන් බැංකුවේ මෙහෙයුම් ආදායම සියයට 21.80 කින් වර්ධනය වී, රු. බිලියන 9.1 ක් ලෙස වාර්තා වී තිබේ. ප්‍රධාන වශයෙන් ව්‍යුත්පන්න මූල්‍ය උපකරණවලින් ලැබූ ශුද්ධ ආදායම වර්ධනය වීම නිසා, 2022 පළමු කාර්තුව තුළ වෙළඳ කටයුතුවලින් බැංකුව ලැබූ ශුද්ධ ආදායම රු. බිලියන 3.6 ක් ලෙස වාර්තා වී ඇත.කාඩ්පත් සම්බන්ධ ආදායම, වෙළඳ මූල්‍ය කටයුතු සම්බන්ධ ගාස්තු සහ, කොමිස් ආදායම හා විද්‍යුත් බැංකු කරණය වැනි අනෙකුත් මූල්‍ය සේවා ආශ්රිත ආදායම්වල වර්ධනය හේතුවෙන් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රු. බිලියන 1.157 සිට රු. බිලියන 1.437 දක්වා සියයට 24.20 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේ ය. බැංකුව නිකුත් කර ඇති ණය සහ අත්තිකාරම් එකතුව 2022 ප්‍රථම කාර්තුව තුළ රු. බිලියන 462.1 දක්වා සියයට4.56 කින් වර්ධනය වීම හරහා ද මුදලේ අගය අවප්‍රමාණය වීමෙන් සිදු වූ වර්ධනය නිරූපණය කරයි. කාලීන ණය, බැංකු අයිරා සහ අපනයනකරුවන්ට ලබාදෙන ණය (Packing Credits), ලබාදුන් ණය ප්‍රමාණයෙහි වර්ධනයට මූලික වශයෙන් හේතු විය. මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ බැංකුවේ තැන්පතු පදනම රු. බිලියන 515.6 දක්වා සියයට5.55 කින් වර්ධනය වූ අතර, බැංකුවේ ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය සියයට 34.24 කි.2022 පළමු කාර්තුවේ කාර්ය සාධනය පිළිබඳව සෙලාන් බැංකුවේ අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසීය, “මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාව දැවැන්ත කැළඹීම්වලට මුහුණ දුන්නා. පෙර නොවූවිරූ අර්බුදයක් හමුවේ රට කිසියම් ආකාරයක ස්ථාවරත්වයක් අපේක්ෂාවෙන් පසුවන මේ මොහොතේ, අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් අපගේ වර්ධන ප්රවණතාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට අපට හැකි වී තිබෙනවා. අපගේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 643.1 දක්වා වර්ධනය වුණා. මෙය 2021 දෙසැම්බර් 31 දිනට සාපේක්ෂව සියයට 5.85%ක වර්ධනයක්. බැංකුවේ සියලු කටයුතු ආවරණය වන පරිදි කාර්යක්ෂම කළමනාකරණ ක්‍රමවේද සහ ස්වයංක්‍රීයකරණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම තුළින්, වියදම් ඉහළ යාම අවම මට්ටමක පවත්වා ගැනීමට අපට හැකි වුණා. මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ උපරිම කාර්යක්ෂමතාවක් සාක්ෂාත් කරගැනීමට හැකි වන ආකාරයට රාජකාරි කළ හැකි ක්‍රම හඳුනාගෙන ක්‍රියාවට නංවමින් මනා ආදර්ශයක් ලබාදීමට සමත් වීම පිළිබඳව සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලයට කාගේත් ප්‍රශංසාව හිමි විය යුතුයි”.මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව සඳහා හිමිකම් මත ප්‍රතිලාභය සියයට 8.18% ක් වන අතර, එය 2021 වසරේදී අදාළ කාලසීමාව තුළ වාර්තා වූයේ සියයට 9.07 ක් වශයෙනි. සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය 2022 ප්‍රථම කාර්තුව තුළ සියයට 0.94% ක් ලෙස වාර්තා වී තිබේ. කොටසක් සඳහා ඉපැයුම මෙම කාලසීමාව තුළ රු. 1.82 ක් වන අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාවේ වාර්තා වූ රු. 1.74 ට සාපේක්ෂව සුළු වර්ධනයකි. බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම රු. 88.31 ක් විය (සමූහයේ මෙම අගය රු. 91.46 කි).2022 ප්‍රථම කාර්තුව තුළ ප්‍රමාණවත් ප්‍රාග්ධන පදනමක් බැංකුව සතු වූ අතර, එහි ප්‍රධාන ප්‍රාග්ධන ප්රමාණතා අනුපාත අවම නියාමන මට්ටම්වලට වඩා ඉහළින් පැවතිණි. බැංකුවේ ප්‍රථම පෙළ පොදු ස්කන්ධය (CET 1) සහ ප්‍රථම පෙළ ප්‍රාග්ධන අනුපාතය සියයට 9.78ක් වූ අතර, 2022 මාර්තු අවසානය වන විට සමස්ත ප්‍රාග්ධන අනුපාතය සියයට 12.78 ක් විය.ඡායාරූප:සෙලාන් බැංකුවේ සභාපති රවී ඩයස්සෙලාන් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න595 | සෙලාන් බැංකුවට රු. මිලියන 2,505ක බදු පසු ලාභයක් | 0 |
hp_train_0219 | (ඩී.කේ.රත්න)තණමල්විල නිකවැව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (4) අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි. තණමල්විල නිකවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු මෙම ගිනිඅවියත් සමඟ තණමල්විල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. නිකවැව ප්‍රදේශයේ නිවසක ගිනි අවියක් සගවා ඇති බවට තණමල්විල පොලීසියට ලැබුණු තොරතුරක් මත තණමල්විල පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙම නිවසේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගිනි අවියත් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබචව පරීක්ෂණ සිදුකරති. | ගිනි අවියක් සමඟ තණමල්විලදී අයෙක් අත්අඩංගුවට | 1 |
hp_train_0220 | (ඩයනා උදයංගනී)උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. | බස්නාහිර සහ සබරගමුවට වැසි | 0 |
hp_train_0221 | (ඩයනා උදයංගනී) දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති තද වැසි, නායයෑම් අවදානම් සහ සුළං තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,175 කට අයත් 30,838 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පීඩාවට පත්වූවන් අතරින් පවුල් 663 කට අයත් 2,081 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 31 ක රැ`දී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, කෑගල්ල, රත්නපුර, මහනුවර, මාතලේ, නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත්ව සිටිති. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 11ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 358කට අර්ධ හානි සිදුව ඇතැයි කොඩිප්පිලි මහතා ස`දහන් කළේය. මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ කෝරළේපත්තුව, කෝරළේපත්තු බටහිර, කෝරළේපත්තු දකුණ, මන්මුනේ බටහිර, මන්මුනේ උතුර, එරාවූර්පත්තු, පොරතිව්පත්තු සහ මන්මුනේපත්තු ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක පවුල් 6,696 කට අයත් 22,614 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. | ගංවතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 18,840 ක් අවතැන් | 0 |
hp_train_0222 | (මනෝප්රිය ගුණසේකර)කුඹුරු ඉඩමක් පවරා දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා ගොවියකුගෙන් රුපියල් 8000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ අක්කරේපත්තු හිටපු ගොවිජන සංවර්ධන නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (19) නියම කළේය.මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ හිටපු ලිපිකරුට ද වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 30000 ක දඩයකටද යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් ලබාගත් ගොවි මහතාට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතීඥ සශි්රකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬවම නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඬුවම නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අක්කරේපත්තු ගොවිජන සංවර්ධන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අබ්දුල් ලතීෆ් අබ්දුල් ගනී නමැත්තාට සහ මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ ලිපිකරු ලෙස කටයුතු කළ සුලෙයිමාන් ලෙබ්බේ මුනාෆ් නමැත්තාටය. | කළුතර නගර සබේ හිටපු වැඩ අධිකාරීට සිව් වසරක සිරදඬුවම් | 0 |
hp_train_0223 | (අංජුල මහික වීරරත්න සහ අතුරුගිරිය ගුණවතී ඉලංගකෝන් මැණිකේ)කාන්තාවගේ ආර්ථික මෙන්ම දේශපාලන බලය ද ශක්තිමත් කිරීමට ජාතික රජය පියවර ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලබේ දී පැවැසීය.”ශ්‍රී ලංකා ආර්ථිකයේ මුල් පුරුක වන කාන්තාව ආර්ථික ව්‍යුහයේ ඉහළටම ඔසවා තැබීම ජාතික රජයේ අරමුණ බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 25ක් කර කාන්තාව දේශපාලන වශයෙන් ද බලවත් කරන්නේ යයි” ප්‍රකාශ කළේය.සුජීව සේනසිංහ පදනම සංවිධාන කළ ‘දිරිය කතුන්’ කාන්තා බල ගැන්වීමේ ජාතික වැඩසටහනේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.කාන්තාවන් සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහන්, ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ සහ ණය ආධාර දීම වැඩසටහන යටතේ සිදු කෙරෙයි.කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී වැඩසටහන පැවැත්විණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.”සුජීව සේනසිංහ ඇමැතිතුමාගේ කඩුවෙල ආසනයේ කාන්තා සංවිධානය අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා රාජ්‍ය ඇමැති ධුරය බාර ගෙන මලික් සමරවික්‍රම ඇමැතිතුමා සමඟ එක් වී විශාල වැඩ කොටසක් කරමින් සිටිනවා.එතුමාගේ ප්‍රධානත්වයෙන් තායිලන්තයේ ප්‍රධාන සමාගමක් සමඟ එක්ව කළුතර ප්‍රදේශයේ අක්කර 400ක් පුරා පැතිරුණු විශාල කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.ඉන් පසුව අවිස්සාවේල්ල ප්‍රදේශයේත් එවැනිම විශාල කර්මාන්ත කලාපයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කළුතර, අවිස්සාවේල්ල සහ වැලිගම ප්‍රදේශයන්හි ආරම්භ කෙරෙන කර්මාන්ත කලාපවලට අමතරව හම්බන්තොට තවත් කර්මාන්ත කලාප කිහිපයක්ම ආරම්භ කිරීමට නියමිතයි. ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඇතුළු විශාල වැඩ කොටසක් සුජීව සේනසිංහ ඇමැතිතුමා යටතේ ක්‍රියාත්මක වෙනවා.සියල්ල කෙරෙන අතරතුර රටේ අපනයන වැඩි කිරීම ද කළ යුතුයි. රටේ අපනයනයට වඩා ආනයනයට වැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් ණය වීමට වෙනවා. ණය ගෙවීමට යාමේදී තවත් ගැටලූ ඇති වෙනවා. සියලූ දේ සඳහා ආර්ථික සංවර්ධන උපායමාර්ග අමාත්‍යාංශය යටතේ එතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ යුතුයි.ඒ වගේම පාර්ලිමේන්තුව තුළත්, රූපවාහිනියේ සියලූ සාකච්ඡා සඳහාත් ඉදිරිපත් වන ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ”front line of politices” ලෙස සුජීව සේනසිංහ ඇමැතිතුමා ඇතුළු තරුණ මන්ත්‍රීවරුන් අපේ පක්ෂය වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම එතුමාගේ ප්‍රධානත්වයෙන් කරන මේ වැඩසටහනත් අගැයීමට ලක්විය යුතුයි.මේ වැඩපිළිවෙළ මඟින් කාන්තාවන් සියලූ දෙනාටම රෙදි මහන මැෂින් දෙන අතර එමඟින් කාන්තාවන්ට අලූත් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා. අද මෙහි සිටින්නේ වැඩසටහන යටතේ ප්රතිලාභ ලබන පළමු කණ්ඩායම පමණයි. කාන්තා සංසදය තුළ සිටින මීටත් වඩා අති විශාල සංඛ්‍යාවකට මේ වැඩසටහන යටතේ ඉදිරියේදීත් රෙදි මහන මැෂින් දෙනවා.ඇඟලූම් කර්මාන්තය ඉතා හොඳ ව්‍යාපාරයක් වනවා. වර්තමානය වනවිට විවිධ මාදිලියේ ඇඳුම් - පැළඳුම් සඳහා විශාල ඉල්ලූමක් පවතිනවා. අද බොහෝ තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ වෙළෙඳපොළෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නවාට වඩා තමන් වෙනුවෙන්ම නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් භාවිතා කිරීමටයි.මේ ප්‍රවණතාව ලෝකයේ සෑම රටකම දැකිය හැකියි. ඒ නිසා ලෝකයේ කොතරම් විශාල ඇඟලූම් නිෂ්පාදන ආයතනය තිබුණත් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන්නේ තමන් වෙනුවෙන්ම නිර්මාණය කර ගත් හෝ තමන් විසින්ම නිර්මාණය කර ගත් හෝ ඇඳුම් පැළඳුම්වලටයි.මේ ආකාරයට මහා පරිමාණ සහ සුළු පරිමාණ වෙළෙඳපොළ දෙකටම ඇතුළත් වීමේ අවස්ථාව ජනතාවට දිය යුතුයි. මෙවැනි වෙළෙඳපොළ ගණනාවක් ලෝකයේ දැකිය හැකියි. ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සුපිරි වෙළෙඳසල් කොතරම් තිබුණත් ඇතැමුන් වැඩි කැමැත්ත දක්වන්නේ පොළට ගොස් තමන්ට අවශ්‍ය බඩු මිලදී ගැනීමටයි. අද පවතින ආර්ථිකය තුළ මේ කණ්ඩායම් දෙකම දැකිය හැකියි.අද ක්‍රියාත්මක වන මේ වැඩසටහන හරහා කාන්තාවන්ට විශාල සහනයක් ලැබෙනවා. මහන මැෂින් ගෙන සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ණය දීමේ වැඩසටහන ද මේ යටතේම ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සිංගර් සමාගමත්, හැටන් නැෂනල් බැංකුවත් එකට එකතු වෙලා. සියල්ල දෙන්නේ ස්වයං රැකියා ආරම්භ කරන ඔබ සඳහායි.තවත් වසර පහකින් මේ ස්ථානයට මා පැමිණෙන විට මේ පිරිසෙන් ස්වයං රැකියා කරන්නන් ඉතිරිව නැති බව මට පෙනේවි. ඊට හේතුව ඒ වනවිට ඔවුන් කුඩා ව්‍යාපාරිකයන් බවට පත් වන නිසයි. කොටසක් ස්වයං රැකියා කරන විට තවත් කොටසක් කුඩා ව්‍යාපාරිකයන් බවට පත්වී ඔවුන් යටතේ සේවකයන් කිහිප දෙනකු සේවය කිරීම දක්වා දියුණුව ගත හැකියි.තවත් අවුරුදු පහකින් පමණ මෙහි පැමිණියහොත් ඒ සියලූම දෙනා ළඟ පරිගණක යන්ත්‍ර ද තිබෙන්න පුළුවනි. මොකද නවීන ක්‍රමයට එය අත්‍යවශ්‍ය වන නිසයි.ඇතැමුන් ඒ වනවිට තමන්ගේ ජංගම දුරකතනයෙන් තමන්ට අවශ්‍ය මෝස්තරය ඍජුවම මහන මැෂිම දක්වාම සම්බන්ධ කිරීම දක්වා දියුණු වීමට හැකියි. ඉන් තවත් අවුරුදු 10ක් ගතවන විට කුමක් සිදුවේදැයි මට කිව නොහැකියි. කෙසේ හෝ කුඩා ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා කරන්නන් යන කාණ්ඩ දෙකම අපට අවශ්‍ය වනවා.ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු අප කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වසරකට ලක්ෂ 20ක් පමණ වනවා. අපේ අරමුණ එය ලක්ෂ 50 දක්වා වර්ධනය කිරීමයි. ඒ හරහා බලාපොරොත්තු වන්නේ විශාල අලෙවියක් ඇති කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමයි. සියල්ල තුළින් උත්සාහ කරන්නේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.මහා සංඝරත්නය ප්‍රකාශ කළ ආකාරයට එදා රට ණය බරට හසු වී තිබුණා. ණය ප්‍රමාණය නිසා අපේ ආණ්ඩුව එක් වසරක් හෝ පවතින්නේ නැති බව ඇතැමුන් එදා පැවසුවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පරමාර්ථය ඇතිවයි. මේ වනවිට අප ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් සිටිනවා.2015-2016 කාලවලදී ජනතාවට ප්‍රශ්න කිහිපයකට මුහුණ දීමට සිදුව තිබුණා. නමුත් 2017 වසරේ මේ වනවිට ජනතාව අතේ මුදල් ගැවසීමට පටන් ගත්තා. එළැඹෙන අලූත් අවුරුද්ද වනවිට මේ තත්ත්වය තවත් වර්ධනය කරගත යුතුයි.රටේ වැඩිම අලෙවියක් වාර්තා වන්නේ නත්තල් කාලයේ සහ සිංහල අලූත් අවුරුදු කාලයේයි. ඒ අලෙවිය තවදුරටත් වැඩි කරමින් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේද?සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට විදේශ ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් රටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර දේශීය ආයෝජකයන්ට සහන සලසා ඔවුන් දිරි ගැන්වීමට කටයුතු කරනවා. ඒ වගේම කුඩා ව්‍යාපාරිකයන් ශක්තිමත් කරනවා.රටේ ආර්ථිකය ශක්තිමත් වීමට අනුකූලව රැකියා අවස්ථා ඇති වෙනවා. මේ වනවිට රටේ රැකියා අවස්ථා බොහොමයක් නිර්මාණය වෙලා. එවිට ජනතාවගේ ආදායම ඉහළ යනවා. ජනතාවගේ පසුම්බියේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි වූ විට සුපිරි වෙළෙඳසලට, වෙළෙඳසලට හෝ පොළට හෝ පැමිණ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.අප ක්‍රියා කරන්නේ ඒ ආර්ථික දියුණුව ඇති කිරීමටයි. ආර්ථිකය දියුණු වූ විට ආගමික සිද්ධස්ථාන සඳහා මීටත් වඩා ආධාර උපකාර දීමට හැකියි.පැවැති රජය ආදායම් උපයා ගත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම මඟිනුය. නමුත් අප ඒ පිළිවෙත අනුගමනය කළේ නැහැ. ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිලට අනුව අපේ තෙල් මිල පාලනය කළා. ඉන්ධන මඟින් අපට අධික ලාභයක් හෝ අලාභයක් හෝ අවශ්‍ය නැහැ. ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය ඔස්සේ අප ජනතාවට සහනය දුන්නා.ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. ගැබිනි මවුවරුන් සඳහා රුපියල් 20,000 බැගින් දීම අප ආරම්භ කළා. ඒ අනුව ඉදිරි වසර තුන අපේ සංවර්ධන යුගය ලෙස වැඩ කරනවා.ඒ පිළිබඳව සඳුදා (04) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටට හෙළි කෙරෙනවා. ආර්ථික වැඩසටහනේ අපේ අවධානය යොමු වූ විශේෂ කණ්ඩායමක් සිටිනවා. ඒ කාන්තාවනුයි.වැවිලි කර්මාන්තයේත්, ඇඟලූම් කර්මාන්තයේත්, රාජ්‍ය සේවයේත් අංශ ගණනාවක් සිටින්නේ කාන්තාවනුයි. මැදපෙරදිග රැකියා ක්ෂේත්රයේ වැඩි ප්‍රමාණයක් කාන්තාවන් ඉන්නවා. ඒ අනුව රටේ ආර්ථිකය වැඩි වශයෙන් බලාත්මක කරන්නේ කාන්තාවන් විසිනුයි. කාන්තාවන් හැමදාම රටේ ආර්ථික ව්‍යුහයේ යටිපෙළෙහි පමණක් සිටිය යුතු නැහැ. ඔවුන් එතැනින් ඉහළට පැමිණිය යුතුයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ලේකම්වරුන් දක්වා පැමිණිය යුතුයි.මේ කටයුතු ක්‍රම ක්‍රමයෙන් ආණ්ඩුව විසින් කරමින් සිටිනවා. පුද්ගලික අංශයේ අධ්යක්ෂ, කළමනාකාර ධුරවලට කාන්තාවන් පත්විය යුතුයි. අපේ රටේ ඒ ප්රවණතාවේ අඩුවක් තිබෙනවා.නීති සහ වෛද්‍ය වෘත්තියෙහි කාන්තාවන්ගේ නියෝජනය හොඳින් දක්නට ලැබෙනවා. කම්කරු ක්ෂේත්රයේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 35%ක් වෙනවා. එය 40% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.ඒ වගේම කාන්තාවගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව මේ වැඩසටහන හරහාත් කාන්තා ව්‍යාපාරිකයන් බිහිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.කාන්තාවගේ ආර්ථික ශක්තිය ඉහළ නංවන අතරම මේ වනවිට අප කාන්තාවන්ගේ දේශපාලන ශක්තිය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනවා. මෙතෙක් කල් මැතිරවණ සඳහා කාන්තා නියෝජනය ඉතා පහළ අගයක් ගෙන තිබුණා.මනාප ක්‍රමය සමඟ කාන්තාවන් සහ අලූත් තරුණයන් පවා මැතිවරණවලට තරග කිරීමට අකැමැති වුණා. සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට, ඇතැම් තරුණ තරුණියන් බලෙන් මැතිවරණවලට ඉදිරිපත් කරවීමට එකල සිදු වුණා.නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා. කේවල සහ අනුපාත ක්‍රමය සම්මිශ්‍රණය වූ මැතිවරණ ක්‍රමයක් අප ඇති කළා. කේවල ක්‍රමය යටතේ මැතිවරණ පවත්වන විට මනාප 25% - 30%ක් ගත්ත ද ඇතැම් අපේක්ෂියන්ට පරාජය විය හැකියි. නමුත් ඔවුන්ට ද අවස්ථාව ලැබිය යුතුයි.පසුගිය වසරේ මෙන්ම ඡුන්ද අපේක්ෂක නාමලේඛන ඉදිරිපත් කර, ඡුන්දය දෙන්නේ කාටදැයි යන ක්‍රමය එළැඹෙන මැතිවරණයේ දී ක්‍රියාත්මක වන්නේ නැහැ. එය කොට්ඨාසවලට බෙදෙනවා. කොට්ඨාස ක්‍රමය අනුව කඩුවෙල ආසනය කොට්ඨාස 28කට බෙදෙනවා. ඒ කොට්ඨාස 28කට අපේක්ෂක අපේක්ෂිකාවන් 28ක් පත් කළ යුතුයි.එවිට ජනතාවට තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් සේවය කිරීමට වඩාත් සුදුසු පුද්ගලයාට මනාපය ප්‍රකාශ කරනවා. ඒ ක්‍රමය වඩාත් පහසුයි. නුසුදුසු පුද්ගලයන් කවුදැයි ජනතාව හඳුනා ගන්නවා. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට තම ප්‍රදේශය දියුණු කළ හැකි දැයි ජනතාව දන්නවා. ඒ අනුව තමන්ට සුදුසු අපේක්ෂකයා පහසුවෙන් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා.එමෙන්ම මැතිවරණයක් පරාජයට පත් වන පක්ෂවලට හිමි අනුපාත ක්‍රමය ද මේ මැතිවරණයට ඇතුළත් වෙනවා. අප තවත් අත්හදා බැලීමක් කරනවා. ඒ 25% කාන්තා නියෝජනය දීමයි. එක් එක් පක්ෂ එය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි අප අවධානයෙන් සිටිනවා. සෑම පක්ෂයක්ම මෙය කළ යුතුයි.මේ ආකාරයට අප අලූත් ක්‍රමවේදක් ඇති කර තිබෙන අතර මැතිවරණයෙන් අනතුරුව අඩුපාඩු තිබෙනවා නම් ඒ ගැනත් බලමු. පළාත් සභා මැතිවරණයේදී කාන්තා නියෝජනය අනිවාර්යෙන් 25% දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.මේ අත්හදා බැලීමටත්, නව මැතිවරණ ක්‍රමය සඳහත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාලය වුවමනා බැවින් පළාත් සභා මැතිවරණය අවුරුද්දකින් කල් දමා තිබෙනවා. මේ අනුව ක්‍රියා කළ විට පළාත් සභාව තුළත් කාන්තා නියෝජනය ඉහළ යනවා. ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටත්, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවටත් හොඳ ක්‍රියාකාරීන්ට තේරී පත් විය හැකියි.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික ශක්තියත්, දේශපාලන ශක්තියත් යන අංශ දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට කැප වුණා. තවදුරටත් ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා කරනවා.උතුරේ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය දීමටත් අප කටයුතු කරනවා. සමස්ත කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරන බව මා කියන්න කැමැතියි.පක්ෂයක් ලෙස පසුගිය වසර 10 තුළ අප තීරණ ගත්ත ද ඒවා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ආණ්ඩු බලය ගත් මේ අවස්ථාවේ අප ඒ තීරණ කි‍්‍රයාත්මක කරනවා. කාන්තාවන්ට මෙවැනි නියෝජනයක් දීම පිළිබඳ ඇතැමුන්ට ප්‍රශ්න තිබුණා. නමුත් මේ වනවිට රටේ කාන්තා ප්‍රතිශතය ජනගහනයෙන් 50% ඉක්මවලා. ඒ නිසා තවත් ඒ පිළිබඳව වාද විවාද කර ඵලක් නැහැ. පාර්ලිමේන්තුව තුළත් 25%ක අවම කාන්තා නියෝජනය ඇති කිරීමට කටයුතු කරනවා. එය නෝර්වේ රාජ්‍යයේ වගේ 50%ක කාන්තා නියෝජනයක් බවට පත්වන්න පුළුවනි. කෙසේ නමුත් ආරම්භයක් ලෙස අප මේ කටයුතු කරනවා. ඉදිරි වසර 10 තුළදී අපට එමඟින් විශාල ප්‍රගතියක් ලබා ගත හැකියි” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියෝ.”දිරිය කාන්තාව ලක් ඉතිහාසයේ දිගින් - දිගටම දකින්න අසන්න ලැබෙනවා. අගමැතිතුමා නිරන්තරයෙන් කතා කරන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගෙඩනැගීම පිළිබඳවයි.සුජීව ඇමැතිතුමා ඇරැඹූ මේ පියවර ශක්තිමත් ආර්ථිකයක් සහ කාන්තාවක් ගොඩනැගීමේ එක් පියවරක් බව කිව යුතුයි. මේ පළාතේ පමණක් නොව රටපුරා කාන්තාව බලගැන්වීමේ වැඩසටහන් කිරීමට හැකියාව ලැබේවි.ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් ඇති රටක් කිරීමට කාන්තාවන්ට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.”ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා:-”අගමැතිතුමා මට කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්න ඉගැන්නුවා. නායකතුමා අපට මුල සිට දේශපාලන ගමන ඉගැන්නුවා.මා කිසි දිනෙක පක්ෂ ප්‍රතිපත්ති කැඩුවේ නැහැ. ඞීල් දැමුවේ නැහැ. රාජපක්ෂ දුෂණ - වංචා ගැන හෙළි කළා. ඍණ ගණන්වල තිබූ ආර්ථිකය වසර දෙකක් ඇතුළත ධන ආර්ථිකයක් බවට පත් කිරීමට අගමැතිතුමා සමත්වුණා.අගමැතිතුමාට බොරු ගෞරව අවශ්‍ය වන්නේ නැහැ. ඕනෑම අවස්ථාවක අගමැතිතුමාට දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාව තිබෙනවා.එක නැවක් නැතිව හම්බන්තොට වරායට කෝටි ගණනින් මුදල් පිච්චුවා. අප ඒ තත්ත්වය නැති කළා. නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතිව ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද?අගමැතිතුමා ලංකාව ආසියාවේ මුල්‍ය කේන්ද්‍රය බවට පත් කිරීමට කටයුතු කළා. පාට පක්ෂ බේද අමතක කරමු. අප සොරකම් කරන්නේ නැහැ.ඇතැම් මාධ්‍යවලින් මඩ ගහනවා. අගමැතිතුමා ඉවසනවා. මට නම් මඩ ගහපු ගමන් අධිකරණයට යනවා. ඉදිරියේදී මමත් අගමැතිතුමාගෙන් ඒ පිළිවෙත ඉදිරියේදී ඉගෙන ගත යුතුයි.තව වසර පහක් ගතවන විට සීඝ්‍ර සංවර්ධනයේ ප්‍රතිඵල ඔබට දැක ගැනීමට අවස්ථාව ලැබේබි.තව වසර තුනක් යනවිට තායිලන්ත ආර්ථිකයට සම කරන්න හැකිවේවි. පෞද්ගලික ආයතන සමග එක්ව ණය සහන භාණ්ඩ විකිණීමේ පහසුකම් ආදිය දෙනවා. මගේ පෞද්ගලික ව්‍යාපාරවලින් සීයට 30ක් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.අපෙත් හොරෙකු දෙන්නෙකු ඇති. නමුත් නායකතුමා හෝ අප හෝ හොරකම් කරන්නේ නැහැ. මට බොරු අපහාස කරන අයට එරෙහිව නඩු දමා ඉන් ලැබෙන ආදායමත් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.එක්සත් ජාතික පක්ෂය යනු පිරිසුදු පක්ෂයයි. අපේ නායකයන් පිරිසුදු දේශපාලකයන් බව කිව යුතුයි. රටේ ආර්ථිකය දියුණු කළ හැකි එකම නායකයා අගමැතිතුමායි.අගමැතිතුමා හොරකමක් කර හසුවුණා යැයි යමෙකු සහතිකයක් දුන්නොත් එවෙලේම මා දේශපාලනයෙන් ඉවත් වෙනවා.”නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි:”ස්වයං රැකියා සඳහා අත්වැලක් සැපයීම සඳහා මහන මැෂින් දීමේ උත්සවයට ආරාධනා කිරීම ගැන පින් අනුමෝදන් කළ යුතුයි.අද බුදු දහම පවා ආරක්ෂාවී ඇත්තේ කාන්තාව නිසයි. ඇය ඉතා කාර්යශූරයි. ආගමට දහමට ලැදිව කටයුතු කරමින් විශාල කාර්යභාරයක් කරනවා.පිරිමි පක්ෂයට වඩා සියයට සියයකින් හැකියාවක් ඇතිව කාන්තාව කටයුතු කරනවා. සුජීව සේනසිංහ ඇමතිතුමාට ඔක්තෝබරයේදී ඉතා හොඳ ඇමතිධුරයක් ලැබෙන බව මා දන්නවා. එතුමාට ඊටත් වඩා හොඳ ඇමති ධුරයක් ලැබේවායි මා පාර්ථනා කරනවා.”ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමියෝ මෙසේ කීහ.”රට ඉල්ලා සිටින කාර්යභාරය සඳහා මේ වැඩසටහන ඉන්ධන සැපයීමක් බව කිව යුතුයි. රටට දැන් අවශ්‍ය කරන්නේ විශාල ආර්ථික පිම්මයි.රජය බාරගෙන වසර දෙකහමාර ගතවුණේ රටේ ශීලාචාරකම්, ජාත්‍යන්තරය දිනාගැනීම් ආදිය ඇතිකර ගැනීමටයි. රටට ඉදිරියට යාමට එය අවශ්‍යයි. අද ලෝකයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පිළිගැනීම ලැබිලා අපට අවශ්‍ය සහය දීමට ලෝකය සූදානමින් සිටිනවා.දැන් අප ඵලදාව නෙළාගන්නා යුගයට පැමිණ සිටිනවා.ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයේදී කාන්තාවට සුවිශේෂ තැනක් හිමි වෙනවා. විදේශ රැකියා ක්ෂේත්රයේදී ඇය අවමාන විඳිමින් විශාල මෙහෙවරක් කරනවා. ඇඟලූම් කම්හල්වල වැඩිපුර කාර්යක් කරන්නේ කාන්තාවයි. එමෙන්ම තේ දළු නෙළන කාන්තාව ආර්ථිකයට විශේෂ මෙහෙවරක් කරනවා.ලොව දරා සිටීමේ ශක්තිය ඇති එකම සත්වයා කාන්තාවයි. ජනවාරි 8 වැනිදා වෙනස කිරීමේදී සුජීව සේනසිංහ මුල් තැනක් ගත් අයෙකු බව කිව යුතුයි.ලොවක් ඉදිරියට ගත යුත්තේ නිෂ්පාදන කාර්යයෙනුයි. කාන්තාව ඊට හවුල්කර ගැනීමට කරන මෙම වෑයම ප්‍රසංශනීය බව කිව යුතුයි.”මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. | ජාතික ආණ්ඩුව වැඩ කරන්නේ වාසි බලාගෙන නෙමෙයි | 0 |
hp_train_0224 | වැල්වැටිතුරෛයි ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. මෙම ගංජා තොගය අලෙවි කිරීම සඳහා ඔවුන් පැමිණි යතුරු පැදියද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැල්වැටිතුරෛයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 38 සහ 27 වන වියෙහි පසුවන දෙදෙනකි. අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරෛයි පොලිසිය වෙත භාර දීමට නියමිතය. නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව යාපනය, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.(36698) | ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට | 0 |
hp_train_0225 | මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (12) දිනට කොරෝනා ආසාදිතයින් 584 දෙනෙකු හදුනාගෙන තිබේ.මේ දක්වා වයිරසය ආසාදිත සංඛ්‍යාව 45,496 ක් වූ අතර අද රාත්රියේදී පැලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 274 ක් වාර්තා විය.ඒ අනුව මේ වන විට වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 45,770 කි. | අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 568 ක් | 0 |
hp_train_0226 | (සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි) බලන්ගොඩ රාස්සගල මාර්ගයේ බුලත්ගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයෙකුගේ ගෙල කපා බරපතල තුවාල සිදුකළ සැකකරුවෙකු අගෝස්තු 8 වැනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද (24) දා නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බලන්ගොඩ බුලත්ගම ප්‍රදේශයේ පදිංචි 33හැවිරිදි පුද්ගලයෙකි. | විශ්‍රාමික විදුහල්පතිගේ ගෙල කපා තුවාල කළ අයෙක් රිමාන්ඩ් | 1 |
hp_train_0227 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල පවතින වැසි සහිත කාලගුණ තත්වය තව දුරටත් පවතී. නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථාන වලට තද වැසිද (මි.මී. 100 ට වැඩි) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/11/2014 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය28239585විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.මඩකලපුව29229580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.කොළඹ29239575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල29248575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය30249580වැසි වාර කිහිපයක්.මහනුවර27209580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය18139580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය30239580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය29239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.මන්නාරම29239580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. පෙරවරු 5ටවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල පවතින වැසි සහිත කාලගුණ තත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.දිවයිනට බටහිර, දකුණු සහ නැගෙනහිර දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. සෙසු මුහුදු ප්‍රදේශ වල ද සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු විය හැක. | ඉදිරි 24 පැයේ කලගුණය | 1 |
hp_train_0228 | රටවල් 8ක් පුරා, විවිධාංගීකරණය වූ ව්‍යාපාරික මෙහෙයුම් පද්ධතියකින් සමන්විත, එයිට්කන් ස්පෙන්ස් සමාගම, පසුගිය ජුනි 30 වැනි දිනෙන් අවසන් වූ පළමු වැනි කාර්තුව තුළ අතිවිශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කර තිබේ. එයිට්කන් ස්පෙන්ස් සමාගම, එම කාලය තුළ සිය බදුපෙර ලාබයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේ රුපියල් බිලියන 7.2 ක ලාභයක් පෙන්නුම් කරමිනි.මෙම රුපියල් බිලියන 7.2 ක ලාභය, ඊට පෙර වසරේ පැවැති රුපියල් මිලියන 467 ක අලාභයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි. එමෙන්ම වසර 150 ක් පුරා විහිදුණු අනභිබවනීය උරුමයක් හිමි එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය, සිය කීර්තිමත් ඉතිහාසයේ පළමුවැනි කාර්තුව වෙනුවෙන් වාර්තා කළ ඉහළම සාර්ථකත්වය ද මෙය වේ.වත්මන් ආර්ථික අර්බුදයෙන් පැන නගින බහුවිධ බාධක මධ්‍යයේ වුවද මෙවන් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම සමාගමේ සේවකයන්ගේත් පරිපාලන නිලධාරීන්ගේත් අද්වීතීය කැපවීම මෙන්ම ඉහළ කාර්ය සාධනය සහතික කිරීමකි.ඉපැයීම්-කොටස්, ගිණුම්ගත ආයෝජකයන් ඇතුළුව පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්රමාණුකූල ක්ෂයවීම් හරහා ශුන්‍යයට ළඟාවීම් යන සියල්ල ගණනය කිරීමෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය පෙර වසරේ වාර්තා කළ ලාභය රුපියල් බිලියන 1.7 කි. එහෙත් මෙවර පළමු කාර්තුවේ දී ලබාගත් රුපියල් බිලියන 10.9 පසුගිය වසරට සාපේක්ෂව සියයට 553 ක වර්ධනයකි.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 6.3 ක් හෙවත් මිලියන 6300 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය වසරේදී විඳගැනීමට සිදුවූ රුපියල් මිලියන 683 ක අලාභයට සාපේක්ෂව අතිවිශාල වර්ධනයකි.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයට අයත් සමුද්‍රීය හා භාණ්ඩ ප්‍රවාහන අංශයෙන් වාර්තා වූ බදු පෙර ලාභය රුපියල් බිලියන 2.7 කි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 221.9 වර්ධනයකි. එය විදේශීය මෙහෙයුම්, ලයිනර් නැව් අංශ සහ සමුද්‍රීය උසස් අධ්‍යාපන අංශයෙන් වැඩිදියුණු වූ කාර්ය සාධනයක් මගින් අත්කරගන්නා ලද ලාභයකි.උපාය මාර්ගික ආයෝජන අංශයේ පෙරබදු ලාභය රුපියල් බිලියන 4.5 කි. එය ඇඟලුම්, වැවිලි කර්මාන්ත, මුද්‍රිත නිෂ්පාදන සහ ඇසුරුම් අංශයේ දායකත්වය මත හිමිකාර සමාගමෙහි වාර්තා වූ සැලකිය යුතු විනිමය ලාභයකි. එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සේවා අංශයේ කාර්ය සාධනය ද ප්‍රශංසනීය මට්ටමක වාර්තා විය. එහි බදු පෙර ලාභය රුපියල් මිලියන 307 ක් එනම් සියයට 162.8 වර්ධනයකි. එ් අතුරින් ශක්තිමත් දායකත්වයක් දැක්වූයේ මුදල් හුවමාරු අංශයයි.සමූහයේ සංචාරක අංශය ද ප්‍රබල පෙරළියක් කරමින් සියයට 205.9 ක දියුණුවක් පෙන්වීය. එහි ආදායම රුපියල් බිලියන 10.1 කි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකයක් වන පවතින ඉන්ධන හිඟය තිබියදීත්, පාඩුව අවප්‍රමාණවීම සියයට 80.2 කින් නවතා ගැනීමට සමාගම සමත්ව තිබේ.මෙම අභියෝග මධ්‍යයේ වූවත්, සමූහයේ සංචාරක අංශය විදේශයන්හි ඔවුන්ගේ සමහර හෝටල්වලින් සහ ගමනාන්ත කළමනාකරණ මෙහෙයුම්වලින් ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබේ. රුපියල අවප්රමාණයවීම ද මෙම අංශයේ ආදායම වැඩිවීමට සහ පාඩු අඩුවීමට තවදුරටත් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය.මේ සම්බන්ධයෙන් අතිශය ප්‍රසාදයට පත්ව සිටින එයිට්කන් ස්පෙන්ස් සමූහයේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය.“මේක තවත් අතිශය අභියෝගාත්මක කාර්තුවක්. ඒත් අපගේ වෙහෙස මහන්සි වී වැඩ කරන කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරන ලද, ඕනෑම තත්ත්වයක් යටතේ පවත්වාගෙන යා හැකි පරිවර්තනීය සහ ඔරොත්තු දෙන උපාය මාර්ග අපගේ ඉහළ මෙන්ම පහළ මට්ටමේ ක්‍රියාකාරිත්වයට දායක වී තිබෙනවා”“අපි මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න ඕනා. අපි අපේ ක්‍රියාමාර්ග දිගටම කරගෙන ඉදිරියට යනවා. එහෙම ඉදිරියට යද්දී, සමූහයේ සහ විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්රය ප්‍රකෘති තත්ත්වයට ගත හැකි බවට අපට විශ්වාසයක් තිබෙනවා,”ඉතාම මෑතකදී, එනම් ජූලි මාසයේදී, එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් දේශීය හා ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක කරා යමින් සූර්ය බලාගාරයක් අත්පත් කරගත්තේය. එහි වටිනාකම රුපියල් බිලියන 1.4 ක් හෙවත් මිලියන 1400 කි. මෙම ආයෝජනය පුනර්ජනනීය බලශක්තිය මගින්, ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීමට මෙන්ම පිරිසුදු බලශක්තියට ප්රවේශවීම සහ ඉහළ යන බලශක්ති ඉල්ලුමට ධනාත්මක ලෙස දායකවීමටය. මේ සඳහා එයිට්කන් ස්පෙන්ස් සමූහයේ කැපවීම අතිමහත්ය.එයිට්කන් ස්පෙන්ස් සමාගම යනු ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක පැතිරී ඇති දැවැන්ත ව්‍යාපාර සමූහයකි. එම රටවල කර්මාන්ත 16 ක් පුරා සේවකයෝ 12,500 කට අධික සංඛ්‍යාවක් සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙසීමෙන් කටයුතු කරති.595 | එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 2.9 ක ආදායමක් දෙවැනි කාර්තුවේ සියයට 388ක වර්ධනයක් | 0 |
hp_train_0229 | කොළඹ-කුලියාපිටිය සුඛෝපභෝගි සේවා බස්රථයක් කුලියාපිටියට යළි පැමිණීමේදි මීගමුව ප්‍රදේශයේදී අත දැමූ විදේශිකයකු ඉංග්‍රීසි බසින් තමන්ට යායුතු ගමනාන්තය විමසීමේදී බස්රථයේ කොන්දොස්තර තැන තමන්ට හැකි අයුරින් අදහස් හුවමාරු කරගෙන විදේශිකයා බසයට නංවාගෙන කුලියාපිටියට පැමිණියත් විදේශිකයා තලවිල යාමට අවශ්‍ය බැව් පැවසීමෙන් බස් කොන්දොස්තර පමණක් නොව මගීහු පවා අන්දුන් කුන්දුන් වූහ. බසය අලුයම කොළඹින් පිටත්ව ඇති අතර විදේශිකයාද තලවිල පල්ලියට යාම සඳහා බසයට අත දමා තිබිණ. එහිදි බසය නවතා කොන්දොස්තර තැනගෙන් විදේශිකයා කැන් අයි ගෝ ටු කල්පිටි යනුවෙන් අසා ඇත.කොන්දොස්තර තැන එසැනින්ම “යස් යස් කියත්ම කම් කම් සර් කම් කියමින් බසයට නංවාගෙන ආසනයක්ද පිරිනමා පැමිණියද ගමනාන්තයේදී විදේශිකයා තමා අතැති ජංගම දුරකථනයේ ආධාරයෙන් සිතියම් පරීක්ෂාවක් කොට දිස් ඊස් නොට් කොල්පිටි දිස් ඉස් ආ කුල්පිටි කියමින් අපහසුතාවට පත්ව ඇති බව දුටු හා සිදුව ඇත්තේ වංචාවක් නොව අදහස් හුවමාරුවේ අඩුපාඩුවක් බවත් මනාව තේරුම් ගත් අනෙක් බස්රථ හිමියන් නිවැරදි ඉංග්‍රීසි භාවිත කරමින් විදේශිකයා නැවත තෝප්පුව මංසන්ධියට නොමිලයේම කැඳවාගෙන වුත් කල්පිටිය බස් රථයකට නැංවීමට පියවර ගනු ලැබිණි.ඉන්පසු එම බස්රථ රියදුරන් හා සහෝදර කොන්දොස්තරවරුන් අදාළ කොන්දොස්තරවරාට මිස්ටර් කොල්පිටි යන අන්වර්ත නාමයෙන් අමතන බවත් දැනගන්නට ඇත.(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර) | කල්පිටි යන්න බසයට නැගුණ සුද්දා කුලියාපිටියට ගෙනිහින් | 0 |
hp_train_0230 | (විමුක්ති එස් රුද්‍රිගු)මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 316වූ අතර විකුණුම් මිල 327 ලෙස සටහන් විය.මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ස්ථිර නොවූ ගණුදෙනුව සිදු කරන අවස්ථාවේ විය හැකි විකුණුම් මිල ලෙස රුපියල් 311.67 ලෙස සටහන් වීම විශේෂත්වයක් විය. ප්‍රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්‍ය බැංකු වල දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 330 ක අගයක් ගනු ලැබීය. | ඩොලරය ටිකක් ගණන් උස්සයි | 0 |
hp_train_0231 | (පැතුම් දර්ශන)හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා වූ අයවැය අද (16) දෙවන වරටත් ඉදිරිපත් කළ අවස්ථාවේ දී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරුක උදයංග විජේරත්න මහතා විසින් අද (16) දහවල් පැවැති සභා රැස්වීමට අයවැය ඉදිරිපත් කොට මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු ඡන්ද විමසීමක් ලබා නොදී රැස්වීම් භූමියෙන් පලායාමත් සමග මෙම උණුසුම්කාරී තත්වය ඇතිවිය.එහිදී උරණ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැය ලේඛන, මන්ත්‍රීවරුන් ට බීමට ලබාදී තිබු ජල බඳුන් සහ පුටු බිම ගසා දැඩි විරෝධයක් දැක්වූහ.හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව නියෝජනය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් අට දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හතරදෙනෙකු, සභාපති වරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හයදෙනෙකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රීවරයෙකු සහ ස්වාධීන එක් මන්ත්‍රී ධුරයක් වශයෙනි. | හොරවිපොතාන ප්‍රා.සභාව උණුසුම් වෙයි | 1 |
hp_train_0232 | බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/06/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36268545අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259065වැසි ස්වල්පයක්.ගාල්ල31269075වැසි ස්වල්පයක්.යාපනය32287565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31219560වැසි ස්වල්පයක්.නුවරඑළිය21149070වැසි ස්වල්පයක්.රත්නපුරය34249060වැසි ස්වල්පයක්.ත්රිකුණාමළය36269050අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33278570ප්‍රධාන වශයෙන් වැසි රහිත. | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
hp_train_0233 | (අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, ගම්පහ තිලකරත්න දිසානායක, උඩුගම්පොල එල්.ඩබ්ලිව්. ආරියරත්න, කිරිඳිවැල උපාලි රණවීර සහ දෙහිවල එච්.එම්. ධර්මපාල)“ජනපතිගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වා කරන සියලු නාස්තිකාර වියදම් සම්පූර්ණයෙන්ම කපා හැර ‘සජිත් සමාජ විප්ලවය’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් හැම පොරොන්දුවක්ම අකුරක් - අකුරක් නෑර ඉටු කරන බව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා 2019 ප්රචාරක ව්‍යාපාරය සමාප්ත කරමින් පැවැසීය.සරල බදු ප්‍රතිපත්තිය නිර්මාණය කර මධ්‍යම පන්තියේ අසහනය සම්පූර්ණයෙන්ම අවසන් කරන අතරම ජනතාව මත පීඩනය කිසිලෙසකින් වත් ඇති නොකරන පාලනය ජනාධිපතිවරණ ප්‍රතිඵලත් සමගම මෙරට බිහි වෙතැයිද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා රැලි අමතා ප්‍රකාශ කළේය.“ඇමෙරිකාවේ - එංගලන්තයේ ඉගෙන ගත්තද මගේ මාතෘ භූමියේ පුරවැසිභව අහිමි කර ගත්තේ නැහැ. මම සීයට සීයක්ම ශ්‍රී ලංකිකයි. රට අතහැර පලා නොයන, ඔර්ජනල් ශ්‍රී ලාංකිකයා මම” යැයිද, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවැසීය.දේශපාලකයන් දුක් විඳින සහ ජනතාව සැප විඳින පාලනය අරඹන බව කී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය මුදල් යනු ජනපතිගේ හෝ අගමැතිගේ හෝ සල්ලි නොව ජනතාවගේ සහ රටේ සම්පත් බව සිහි තබාගෙන රාජ්‍ය පාලනය ගෙන යතැයිද අවධාරණය කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් ගල්ගමුව, ආනමඩුව, මීගමුව, කඩවත, පූගොඩ, දෙහිවල, මොරටුව, පොළොන්නරුව, අනුරාධපුරය, කුලියාපිටිය, මාතලේ, මහනුවර, මොනරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල, කළුතර සහ මැද කොළඹ යන අවසන් ජනරැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.“ගම්පහ දුම්රිය ස්ථානය වැඩි ජනගහනයක් සිටින දුම්රිය ස්ථානය බව කිව යුතුයි. ඒ දුම්රිය ස්ථානය ප්‍රදේශයේ මගීන්ගේ පහසුව වෙනුවෙන් කඩිනම් සංවර්ධනයකට ලක්කරනවා. 16 වැනිදා ජයග්රහණයෙන් පසු දුම්රිය ස්ථානය ක්ෂණික සංවර්ධනයකට ලක්කිරීම මගේ අරමුණයි.ගම්පහ රෝහල ලංකාවේ ප්‍රධානම රෝහලක් බවට පත් කර භෞතික සහ මානව සම්පත් දීමට ද කටයුතු කරනවා. මා ජනාධිපති වී පැය 48ක් ඇතුළත ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමටද කටයුතු කරනවා.දෑත් පිරිසුදු හොඳ තීන්දු තීරණ ගන්නා ජනතා රජයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය යි. ජනතාවට දැනෙන, ජනතා සේවයක් කරන රජයක් අපට අවශ්‍යයි. ඒ පාලනය තුළ මනුස්සකමට මුල් තැන දිය යුතුයි. මනුස්ස වර්ගයාගේ ඕනෑ එපාකම්වලට විසඳුම් දෙන පාලනයක් බිහි කළ යුතුයි.16 වැනිදා බිහි කරන නව පාලනය තුළ මෙතෙක් කල් පැවති ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක් වෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණ ජයග්රහණයෙන් පසු පාලකයන් රජ වන තත්ත්ව පසුගිය සමයේ ක්‍රියාත්මක වුණා. දේශපාලකයන් සුර සැප ලැබුවා. මහජන සම්පත්වලින් පාලකයන් ඉහළ වරප්‍රසාද වින්දා.මම පිහිටුවන රජය තුළ දේශපාලකයන්ට දුක් විඳින්න වෙනවා. දුෂ්කර ක්‍රියා කරන්න වෙනවා. සජිත් ප්‍රේමදාස ජනපති වීමත් සමග දේශපාලකයන් සුර සැප වින්ද යුගය අනිවාර්යෙන්ම අවසන් වෙනවා.මගේ දේශපාලන ගමන තුළ උපරිමයෙන් ම දුක් විඳිනවා. උපරිම කැප කිරීම් කරනවා. රාජ්‍ය පාලනය යනු ස්ථිර දෙයක් නොව තාවකාලික භාරකාරත්වය පමණයි. මෙය වසර පහෙන් පහට අලුත් වෙනවා. එලෙස වන්නේ ජනතා අභිලාෂය අනුවයි. රාජ්‍ය මුදල් යනු ජනපතිගේ - අගමැතිගේ හෝ මැති - ඇමති ඇමතිවරුන්ගේ හෝ මුදල් නොවෙයි. ඒ ජනතාවගේ මෙන්ම රටේ ද සම්පත් බව සිහි තබාගත යුතුයි.වඩා වැදගත් වන්නේ වෙඩි නොවදින වාහනය ද දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමද කියා පාලකයා තේරුම් ගත යුතුයි. මා වැටුප් දීමනා නොලබන ජනාධිපතිවරයකු බවට පත් වෙනවා.එමෙන්ම මා රජයේ නිල නිවාස භාවිත කරන්නේ ද නැහැ. රට පුරා ගොස් මහජන සේවය කරන්න මට ජනාධිපති මාලිගා අවශ්‍ය නැහැ. ජනතා මුදලින් නඩත්තුවන සියල්ල පරිහරණය කළ යුත්තේ රටට සේවයක් වන ආකාරයටයි.ජනපති - අගමැති ප්රමුඛ සියලුම මහජන නියෝජිතයන් සඳහා තීරු බදු රහිත වාහන පර්මිට් දීම අත්හිටුවනවා නොව අහෝසි කරන බව මෙහිදී අවධාරණය කරනවා. පාර්ලිමේන්තු නීතියෙන්ම එය අහෝසි කරනවා. කාට හෝ නැවත වාහන පර්මිට් දිය යුතු නම් රටේ නීතිය වෙනස් කරන්න වෙනවා.රට ගැන සිතා මගේ ගමන ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. රටට අවශ්‍ය වන්නේ දැනුම් කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ජන සමාජය බුද්ධිමතුන්ගෙන් පිරුණු සමාජයක් බවට පත් කිරීම මගේ අරමුණයි. ඒ සඳහා පාසල් දරුවන්වත් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට යොමු කළ යුතුයි. පාසල් දරුවන් සඳහා වැඩි සහන දීමට මා අරමුණු කළේ ඒ නිසයි.මේ සහන දෙන්නේ දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහායි. බුද්ධිමතුන්ගේ ජන සමාජය නිර්මාණය කිරීම සඳහායි.දුප්පත්කම ගැන හැමදාම මැතිවරණ වේදිකාවල කතා කරනවා. ග්‍රාමීය දුප්පත්කම පමණක් නොව නාගරික දුප්පත්කමත් දිනෙන් දින විශාල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබෙනවා. හතර දෙනෙකු සිටින පවුලක් නඩත්තු කිරීම සඳහා 55,000 අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. අප සහන දෙන්නේ ජනතාව හැම හැමදාම දුප්පත්කම තුළ රඳවා ගන්න නොව ජනතාව දුප්පත්කමින් මුදවා ගන්නයි.දැනට තිබෙන අවුල් - වියවුල් බදු ප්‍රතිපත්තිය නිසා රටේ මධ්‍යම පන්තිය අසහනයට පත් වී සිටිනවා. සරල බදු ප්‍රතිපත්තියක් මා නිර්මාණය කරනවා. ජනතාව මත පීඩනය ඇති කරන ආණ්ඩුව වන්න බලාපොරොත්තු වන්නේ නැහැ.මගේ පියාගේ පාලන සමයේදී සෑම විටම උත්සාහ කළේ ජීවන බර අඩු කරන්නයි. රටක් පවතින්න නම් මනුෂ්‍යයන් ජීවත්ව සිටිය යුතුයි. වර්ධන වේගය උද්ධමනය ආදී ඉතා බරපතළ වචන දේශපාලකයන් විසින් පාවිච්චි කරනවා. මොන වචන පාවිච්චි කළත් පොදු ජනතාව සතුටින් ජීවත් විය යුතුයි. ජනතාවට ආත්ම තෘප්තිය තිබිය යුතුයි.පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ කෘෂිකර්මාන්තය ක්‍රියාත්මකයි. කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ මෙරට ඉතිහාසයේ කිසිදු නායකයකු ක්‍රියාත්මක නොකරපු ඓතිහාසික විප්ලවයක් කරන්න මා සූදානම්. රටේ ජාතික ආහාර නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමකට ගෙනෙනවා. රටේ අවශ්‍යතාවට පමණක් සීමා නොවී අපේ බව භෝග අපනයනය කරන්නත් ජාතික සැලැස්ම හදනවා.වී වගාව, එළවළු, පළතුරු බව භෝග වගාව, හේන් වගාව, තේ - පොල් - රබර් වගාව, කුරුඳු - ගම්මිරිස් - කරාඹු නැටි වැනි සුළු අපනයන භෝග වගාව යන සෑම වගාවකටම ඉතිහාසයේ පළමු වතාවට නොමිලේ පොහොර දෙනවා.වල් අලි - මිනිස් ගැටුමට ස්ථිර විසඳුම දෙනවා. කරදිය - මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනඟනවා පමණක් නොව සහනාධාර ක්‍රමවේදයට උපකරණ මෙවලම් දෙන්න කටයුතු කරනවා. ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කරනවා. සංස්කෘතික ක්ෂේත්රය පදනම් කර ගත් සංස්කෘතික සංචාරක කර්මාන්තය මා ගොඩ නඟනවා.පුත්තලම හරහා අනුරාධපුර දක්වා යන අධිවේගී මාර්ගය ද නිර්මාණය කරනවා. මහව සිට ශාන්ත ආනා දේවස්ථානය දක්වා වූ දුම්රිය මාර්ගයද පුළුල් කරනවා.දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පළමු මාස 5 තුළ වන්දි ගෙවා අවසන් කරනවා. පුත්තලමට කොඩිවිනයක් වෙලා තිබෙන කුණු ප්රශ්නය සජිත් ප්‍රේමදාස අතට ගෙන පුත්තලම ජනතාව අසහනයට පීඩාවට ලක්කරනවා වෙනුවට කුණු ප්‍රශ්නයට ස්ථිර විසඳුම දෙනවා.දහසය වැනිදා ජනතාව පොදුජන යුගය ආරම්භ කරනවිට පාසල් දූ දරුවන් 44 ලක්ෂයට මා ආයෝමය ශක්තිය වෙනවා. මගේ පියා තමයි, දිවා ආහාර හා නිල ඇඳුම දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ කල්ලිය දිවා ආහාරය කපා හැරියා. ලබන 16 වැනිදා ජනතාව මා ජනාධිපති කළ පසු රටේම පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි. දිවා ආහාරයයි. සපත්තු කුට්ටමයි දෙනවා. යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ ගම්පහ සංවිධායක මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්වරු ද කතා කළහ. | “පැය 24ම ජනතාව ගැන සොයන පාලනයක් ගෙනියනවා“ | 0 |
hp_train_0234 | (සිතුම් චතුරංග) නීතිවිරෝධීව ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝ 952 ක් සමඟ පුද්ගලයකු අද(28) මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මන්නාරම පොලිසිය කියයි. නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය සඳහා සූදානම්කර තිබූ වියළි කහ තොගය අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙම කහ තොගය ධීවර බෝට්ටු ඔස්සේ මෙරටට රැගෙනවිත් ඇති බවද පොලිසිය සඳහන් කළේය. ජලය කාන්දු නොවන ලෙස සකස්කරන ලද ඇසුරුම් 27 ක් තුළ මෙම කහ තොගය අසුරා තිබූ බවද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 ධීවරයෙකි. සැකකරු හා කහ තොගය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. | කහ කිලෝ 952ක් මන්නාරමෙන් අල්ලයි | 1 |
hp_train_0235 | (මොහොමඩ් ආසික්)මධ්‍යම පළාත තුළ පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය හෙට (28) වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (27) පස්වරුවේ නිකුත් කර ඇති එම නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය ,සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුවකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.මෙයින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය සඳහා නිකුත් කර ඇත්තේ දෙවන අදයරේ අවදානමින් සිටීමේ නිවේදනයයි.මෙම ප්‍රාදේශීයලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයින් ගල් පෙරළීම් බෑවුම් කඩා වැටීම්, පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු බවත් පූර්ව නායයෑමේ අවදානම් ඇති ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති ප්‍රදේශවල ජීවත්වන පිරිස්ද වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිල් පර්යේෂණ සංවිධානය කියයි.දෙවන අදියරේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශයේ ජනතාව නායයෑම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයටක යාමට සූදානම් වන ලෙසත් ඉල්ලා සිටියි. | මධ්‍යම පළාතේ ප්‍රා.ලේ කොට්ඨාස 7කට තවදුරටත් නායයෑමේ අවදානම් | 0 |
hp_train_0236 | චීනය සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජූලි 1 වෙනි දා සිට කොළඹ සිට චොංකින් වෙත මෙහෙයුම් ඇරඹීමට සැලසුම් කර ඇත. කොළඹ සිට චොංකින් වෙත ගමන් ගන්නා ගුවන් යානා නැවත පැමිණීමේ දී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම කොළඹ දී අත්සන් කළහ.මේ වන විට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ශැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියක දී ගුවන් ගමන් 15 ක් සිදුකරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රීලංකන් ගුවන් යානා පියාසර කිරීමද මේ අනුව සනිටුහන් වනු ඇත.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ මේ වන විට චීනය මෙරට ප්‍රධාන වෙළපොළක් ලෙස හඳුනා ගෙන ඇති බැවින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරන්තරයෙන් කටයුතු කරන බවයි.ඒ අනුව මෙම නව කුලී ගුවන් සේවා යෙදවීමත් සමඟ නව පාරිභෝගික කාණ්ඩවල සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවා භාවිත කරමින් සුව පහසු සහ ආරක්ෂාකාරී සංචාරයක යෙදීමේ අවස්ථාව සැලසෙන අතර ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරයද අත්වීඳීමට හැකි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී ජෙයසීලන් මහතා ප්‍රකාශ කළේ බීජිං, ශැන්හයි සහ ගුවන්සූ යන ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සිචුවාන් කලාපය වෙත සාර්ථක ප්රතිලාභ ඉපයීමට හැකි වෙළඳපොළක් නිර්මාණය වූ බවයි.එසේම විවිධ ඇගයුම් සිදුකරමින් සංචාරක ප්‍රවර්ධන අභිවෘද්ධිය සඳහා වූ ක්‍රියාකාරකම් සිදුකරමින් ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවත්වනු ලැබූ විවිධ සංචාරක ක්‍රියාකාරකම් වලින්ද මෙම තේරීම තව දුරටත් තහවුරු වූ බවද හෙතෙම පැවසීය.තවද මේ ආකාරයට ප්‍රථමයෙන් විශේෂයෙන් වෙන්කරවා ගත් කුලීගුවන් සේවා මෙහෙයුම් සිදු කිරීමේ සාර්ථක පරීක්ෂාවලින් පසු කාල සටහනකට අනුකූලව විධිමත් ගුවන් සේවා ආරම්භ කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.ජාත්‍යන්තර දෙපාර්තමේන්තු කළමනාකාර අයිරිස් හුවං මහතා ප්‍රකාශ කළේ “ මගේ පළමු සංචාරයේදීම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන ඉතාමත් පැහැදුණා.මෙම නව ගිවිසුම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟින් චොංකින් සිට ශ්‍රීලංකාව දක්වාත් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම දේශීය සහකරු වන වෝකස් ට්‍රැවල්ස් මෙම නව සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මම සිතනවා. චොංකින් වෙත සහ නිරිත දිග චීනයට ගුවන් ගමන් ශක්තිමත් කිරීමට හැකියාව මෙයින් ලැබෙන බවට මා විශ්වාස කරනවා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාව තුළ චොංකින් හුවාපොන්ඩ් ජාත්‍යන්තර සංචාරක සමාගමේ නියෝජිත වශයෙන් කටයුතු කරනුයේ වෝකස් ට්‍රැවල්ස් ආයතනයයි.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම 2002 වසරේ ජූලි මාසයේ දී හුවාපොන්ට් නියුට්‍රිච්මි සමාගම් හිමිකාරීත්වයෙන් සහ Shenzhen කොටස් වෙළඳපොළේ ලියාපදිංචියෙන් පිහිටුවන ලදී. සංචාරක කර්මාන්තය ආශිතව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සංචාරක ස්ථාන සංවර්ධනය හා කළමනාකාරීත්වය,හොටල් සහ රිසෝට්ස්, විදේශ සංචාර හා රට වෙත පැමිණීම් යනාදිය ඇතුළත්ය.ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී වසන්ත ලීලානන්ද මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ නිරිත දිගචීනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට සහ චොංකින් හුවාපොන්ට් සංචාරක සේවා සමාගමට සහයෝගය ලබා දීමට ලැබීම සතුටට කරුණක් බවයි.තවද චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ව්‍යාප්ත කිරීම තුළින් නව ගුවන් කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති අතර ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට අපගේ චීනයේ පාර්ශ්‍රවකරු සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ස්තූති කරන අතර මෙම නව ගමනාන්තය පිළිබඳව විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් ද ස්තූතිවන්ත වන බවද හෙතෙම සඳහන් කළේය.කුලී පදනම මත පළමු වරට විධිමත් සතිපතා ගුවන් ගමන් සේවා දියත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා සත්කාරය මෙම ව්‍යාපෘතියට සහයෝගයක් වනු ඇති බවද හෙතෙම පැවසීය.ඒ අනුව මෙම ගුවන් ගමන් කොළඹ සිට දේශීය වේලාවෙන් පැය 0130 පිටත් වී චීනයේ චොංකින් වෙත පැය 0915 ලඟා වීමට නියමිතයි.එසේම චොංකින් සිට පැය 1030 ට පිටත් වන ගුවන් යානය බැංකොක් හරහා පැය 1605 ට කොළඹට ලඟාවීමට ද සැලසුම් කර තිබේ.මෙම ගුවන් යානා ජූලි මස 1 වෙනි දා සිට 2014 නොවැම්බර් මස 25 වෙනි දින දක්වා සේවා සපයන අතර එය නැවතවරක් 2015 ජනවාරි මස 13 වෙනි දින සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A320 ගුවන් යානා යොදවා තිබේ.මේ වසරේ අප්‍රේල් මස සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම බීජිං හා ශැන්හයි දක්වා සතියකට ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මත කරන අතර එයින් ගුවන් යානා 4 ක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පිටත්ව යන ලදී. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගම අතීතයේ සිට චීනයේ කුන්මින් සහ චෙන්ඩු යන ගමනාන්ත සඳහා මේ ආකාරයට ගුවන් ගමන් සිදුකර ඇති අතර මේ ගිවිසුමත් සමග චීනයට විශේෂයෙන් යෙදවූ කුලී ගුවන් සේවා සපයන තුන්වන අවස්ථාවද සනිටුහන්වේ. | ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිගු ගුවන් ගමන් කාල සටහන වෙනස් කරයි | 0 |
hp_train_0237 | මහජන බැංකුව, 2023 වසරේ ජූනි 30 න් අවසන් වූ වර්ෂයේ ප්‍රථම අර්ධය සඳහා සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාබය පිළිවෙලින් රුපියල් බිලියන 48.2 ක් සහ රුපියල් බිලියන 9.4 ක් ලෙස වාර්තා කර ඇති බව නිවේදනය කර තිබේ. (2022 වසරේ ප්‍රථම අර්ධයේ දී සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාබය පිළිවෙලින් රුපියල් බිලියන 80.7 සහ රුපියල් බිලියන 15.2 වූ බවද එම නිවේදනයේ සඳහන්ය.ඉහළ පොලී පිරිවැය හේතුවෙන් මහජන බැංකුවේ කාලීන තැන්පතු අරමුදල් ආශ්රිත පිරිවැය ඉහළ යාම නිසා 2022 වර්ෂයට සාපේක්ෂව 2023 ප්‍රථම අර්ධය තුළ වාර්තා වූ ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 31.4 දක්වා පහත වැටුණි. එහි දී වාර්තා වූ ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 7.9 ක් වූ අතර, එය 2022 අදාළ කාල සීමාවට සාපේක්ෂව එක් වරක් පමණක් බලපාන අයිතමයන් හැරුණු කොට සියයට 6.0 කට ආසන්න වර්ධනයකි.2022 වසරේ ප්‍රථම අර්ධයේ අවසාන භාගයේ දී අධික උද්ධමනය නිසා ඇති වූ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් වියදම් සියයට12.98 කින් ඉහළ ගිය අතර, එහි අගය රුපියල් බිලියන 30.2කි. (2022 ප්‍රථම අර්ධයේ රුපියල් බිලියන 26.7). මෙරට මූල්‍ය ක්ෂේත්රයේ අනෙකුත් ආයතනවලට සාපේක්ෂව මෙම අගයන් සංසන්දනය කරන විට, පිරිවැය පාලනය කිරීම සඳහා මහජන බැංකු සමූහයේ කැප වී ඇති බව පෙනේ.සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකාර තැන්පතු රුපියල් බිලියන 2,565.4 දක්වා වර්ධනය වූ අතර, එය සියයට 4.7 ක ප්රතිශතයකි. එමෙන්ම ඒකාබද්ධ ශුද්ධ ණය සියයට6.7 කින් පහත වැටුණු අතර, එහි අගය රුපියල් බිලියන 1,788.0 කි. මෙය මූලික වශයෙන් මහජන බැංකුවේ විදේශ මුදල් ආශ්රිත ණය සඳහා රුපියලේ අගය ඉහළ යාමේ බලපෑම පිළිබිඹු කළ අතර, ණය වර්ධනයේ දී බැංකුව සහ සමූහය යන දෙකම අනුගමනය කළ 'පූර්ව ආරක්ෂක ක්‍රමවේදවල සාර්ථකත්වය ද පෙන්නුම් කරයි. ඒ අනුව 2023 වසරේ ප්‍රථම අර්ධය අවසානයේ මහජන බැංකුව වාර්තා කළ මුළු ඒකාබද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 3,047.5 ක් ලෙස වාර්තා විය. (2022 ප්‍රථම අර්ධය අවසානයේ : රුපියල් බිලියන 3,133.1 කි).2023 ජූනි 30 දිනෙන් අවසන් වූ වසරේ ප්‍රථම අර්ධය තුළ මහජන බැංකුව වාර්තා කළ පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණත්මතා අනුපාත පිළිවෙලින් සියයට11.7 සහ සියයට15.9 කි.බැංකු ක්ෂේත්රයේ අවදානම අඩු කිරීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ජාත්‍යන්තර නියාමන ගිවිසුමක් වන බාසල් 111 ක්‍රියාත්මක කිරීම 2017 ජූලි 1 වැනි දින සිට ආරම්භ කිරීමත් සමඟ මහජන බැංකුවේ ණය ආපසු ගෙවීමේ හැකියාව ඉතා ප්රශස්ත මට්ටමක පවතින අතර, මහජන බැංකුවේ නියාමන ප්රාග්ධනය ඉහළ නැංවීමේ අනෙකුත් වැඩසටහන් ද වර්තමානය වන විට සාර්ථක ව ක්‍රියාත්මක වෙමින් පවතී. මීට අමතරව, අදාළ කාල සීමාව තුළ මහජන බැංකුව, සිය සියලු මූලික නියාමන ක්‍රියාමාර්ග සාර්ථකව සපුරා ඇත.මහජන බැංකුව සහ සමූහය වාර්තා කළ ප්‍රතිඵල 'පිළිබඳ ව අදහස් දැක්වූ එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. සංකීර්ණ අභියෝග රැසක් සහ ඉතා වේගයෙන් වෙනස් වන සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ මහජන බැංකුව වාර්තා කළ ප්‍රතිඵල පිළිබඳව අපි සතුටට පත්වෙනවා. වර්තමානය වන විට උද්ගත වී ඇති බොහෝ සීමාකාරී සාධක නොතකමින්, 'අපගේ ව්‍යාපාරික 'අංශ ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්රතිලාභ අපි අත්විඳිමින් සිටිනවා. අනාගතය දෙස බලන විට, ධනාත්මක ඉදිරි ගමනක ලකුණු පෙන්නුම් කරන අතර, ආර්ථිකයේ තීරණාත්මක ක්ෂේත්‍ර වර්ධනය කිරීම වෙනුවෙන් මහජන බැංකුව අඛණ්ඩව රජයට සහයෝගය ලබා දෙන බවත් අවධාරණය කිරීමට කැමතියි. මූල්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම වෙත 'ප්‍රමුඛතාව ලබා දෙමින් ක්‍රියාත්මක වන මහජන බැංකුව විශේෂයෙන් අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනතාව වෙත නව්‍ය මූල්‍ය සේවා සහ ඩිජිටල් සේවා ගෙන යාමට මූලික අවධානය යොමු කරනවා.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම්වලට සහ රුපියල් ට්‍රිලියන 2.5ක ඒකාබද්ධ තැන්පතුවලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 747ක ජාලය සමඟින් මිලියන 14.7 කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවය සපයයි.595ඡායා - මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි, සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා | මහජන බැංකුවට රු.බි. 9.4 ඒකාබද්ධ බදු පෙර ලාබයක් | 1 |
hp_train_0238 | ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග්රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග්රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප්රජාතන්ත්රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත් ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක්රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල් ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි්රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප්‍රශ්නෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප්රශ්නය මොකද්ද? ඉඩම් ප්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින් ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක් ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප්‍රතිපත්තිය හැදෙන්න ඕනෑ චීනයට හෝ ඉන්දියාවට ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප්‍රතිපත්තියට ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ) | “නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුමයි“ | 0 |
hp_train_0239 | (සිරංගිකා ලොකුකරවිට)බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය අද (03) පැවති විශේෂ ප්‍රාදේශීය සභා රැස්විමේ දී වැඩි ඡන්ද එකොලහකින් සම්මත විය. අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද දෙකක් ලැබිණි. මන්ත්‍රීවරු හයදෙනෛක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කරණු ලැබීය. අයවැය යෝජනාවට පක්ෂව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු දෙදෙනා ඡන්දය ලබා දුන්හ.අයවැය යෝජනාවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා ඡන්දය ලබා දුන්හ. විපක්ෂ නායක හුසේන් කියාස් මහතා සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු හය දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. ඒ අනුව අයවැය යෝජනාව වැඩි ඡන්ද 11කින් සභා සම්මත විය.අද (03) පැවති ප්‍රාදේශිය සභා රැස්වීමේ අයවැය සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයා සභාවේ නොසිටි අතර මෙම සභාව නීත්‍යානුකූල නොවන බවට රීති ප්‍රශ්නයක් මතු කරමින් අයවැය යෝජනා සාකච්ඡාවට ගැනීමට පෙර හෙතෙම සභාවෙන් පිටවී ගියේය.ප්‍රාදේශිය සභා රැස්වීම කලේගාන ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දී සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. | හික්කඩුව නගර සභාවේ අයවැය සම්මතයි | 0 |
hp_train_0240 | ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක්‍රමිකතා සිදුවූ බවට කරන විමර්ශන වලට අදාළව තමා අත්අඩංගුවට ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 05 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.මෙම පෙත්සම ඊවා වනසුන්දර සහ විජිත් මළල්ගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (15) කැඳවූ අතර එහිදී පෙත්සම ෂලකා බැලීම මෙදිනට කල් තැබිණි. ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට චෝදනා එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වන ලදී. හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානධිපති , නීතිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති. මොටර් රථ අමතර කොටස් ගෙන්වීමේදී අක්‍රමිකතාවයක් සිදුවන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳව තමන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් බී වාර්තා 3 ක් අධිකරණයට ඉදිරිප්ත කර ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී. මෙම චෝදනා සම්පූර්ණ අසත්‍යයක් වන බවත්, මේ නිසා තමන් කිසියම් මොහොතක අත්අඩංගුවට ගැනීමේ ඉඩක් ඇතැයි ද පෙත්සමේ සඳහන්වේ.එබැවින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බැව් ප්‍රකාශ කරන ලෙසද, තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර ප්‍රවාහන අමාත්‍යවරයා පෙත්සමේ සඳහන් කර ඇත. පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නලීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමීණී මාරපන මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය. | කුමාර වෙල්ගමගේ පෙත්සම කල් යයි | 0 |
hp_train_0241 | වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා, අද රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි වැඩි වශයෙන් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.'අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ'.'කඳුකර ප්‍රදේශවල ඉතා තද වැසිද (මිලී මීටර් 150 කට වඩා වැඩි) බලාපොරොත්තු විය හැකියි . දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැකියි'.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 21/04/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249565සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259565සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249570වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය33259560වැසි ස්වල්පයක්.මහනුවර29219570සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21129575සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249570සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259565සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31269565සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. | වායුගෝලය කැළඹිලි ස්භාවයක් | 1 |
hp_train_0242 | පැවතුන වැසි රහිත කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකයේත් සවස 4.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. | ‘කාලගුණයේ වෙනසක් හෙට සිට‘ | 0 |
hp_train_0243 | (මොහොමඩ් ආසික්)පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද (17) එහි සභාපති අනුර ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අයවැය ඡන්ද 16 කින් සම්මත විය.මෙම අයවැය විවාදයට එක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ, වත්මන් රජයේ පළමු වන අයවැය ඉදිරිපත් කරන අද දිනයේ දී පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ තුන්වන අයවැය ඉදිරිපත් කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී ප්‍රකාශ කළේ, මෙවර අයවැය මගින් ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමක් සිදු නොවන බැවින් අයවැය ඡන්ද විමසීමේදී ස්වාධින වන බවයි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ස්වාධීන වන බව ප්‍රකාශ කිරීමත් සමඟ අයවැය කෙටුම්පත සම්බන්ධයෙන්ව මතය විමසූ අතර, එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 5දෙනෙක් ස්වාධිනව සිටියහ. මෙම මතය විමසන අවස්ථාවේදී උප සභාපති ඒ.එල්.එම්.රසාන්( ශ්‍රිලමුකො) පොදු ජන පෙරමුණ මන්ත්‍රී අජිත් සමරතුංග, ජවිපෙ මන්ත්‍රී දිල්ශාන් රූපසිංහ යන මන්ත්‍රීවරුන් සහ එක්සත්ජාතික පක්ෂයේ එස් .එම්.කලීල් සහ සුනිල් කොටුගොඩැල්ල යන මන්ත්‍රීවරු ද සභාව තුල නොසිටියහ. | ඇල්ල ප්‍රා. සබේ උණුසුම් වෙයි | 0 |
hp_train_0244 | (කැලණිය - ලාල් එස්. කුමාර සහ වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)“අපේ ආණ්ඩුව කාලේ ගොවියාට පොහොර සහනාධාර ලබාදීලා අස්වැන්න වැඩි කළා. අපේ කාලයේ වී අස්වැන්න කොහොම තිබුණ ද කිව්වොත් මේ ආණ්ඩුව ඇවිල්ලා මත්තල ගුවන්තොටුපළෙත් වීවලින් පිරෙව්වා. එහෙම තිබුණ මේ රටට අද පිටරටට අතපාන්න වෙලා. ඒ තත්ත්වය ඇති කළ මේ ආණ්ඩුවේ අපේක්ෂකයකුට කෘෂිකර්මය ගැන කතා කරන්න බැහැ.” යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (19) පැවැසීය.කිරිබත්ගොඩ නගරයේදී පෙරේදා (19) පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැලියේදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැලණිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා විසින් මෙම රැලිය සංවිධානය කර තිබිණි.විපක්ෂ නායකවරයා මෙසේ ද පැවැසීය.“මේ ආණ්ඩුවේ අපේක්ෂකයාට දැන් කෘෂිකර්මය මතක් වෙලා. අපි පොහොර සහනාධාරය කෘෂිකාර්මික කටයුතුවලට දෙනවා කිව්වහමයි එයාටත් මතක් වෙලා තිබෙන්නේ.මේ අපේක්ෂකයා හිටපු ආණ්ඩුව කෘෂිකර්මය විනාශ කරලා දැම්මා. රට තුළ කුඹුරු වගා කිරීම නතර කෙරෙව්වා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා අක්කර ලක්ෂයක් මුඩු කෙරෙව්වා.අපේ කාලයේ ගොවියාට පොහොර සහනාධාර දීලා කෘෂිකාර්මික කටයුතු නගාසිටෙව්වා. අපේ කාලයේ වී අස්වැන්න කොහොම තිබුණා ද කිව්වොත් මේ ආණ්ඩුව ඇවිල්ලා මත්තල ගුවන්තොටුපළෙත් වී අස්වැන්න පිරෙව්වා. එහෙම තිබ්බ රටට පිටරටට අතපාන්න වෙලා. එවැනි තත්ත්වයක් ඇති කරපු මේ ආණ්ඩුවේ අපේක්ෂකයකුට කෘෂිකර්මය ගැන කතා කරන්න බැහැ.මේ අවුරුදු හතරේ කරපු වැඩ මේ රටේ ජනතාව දන්නවා. විරැකියාවෙන් පෙළෙනවා. උපාධිධාරීන්ට රැකියා නැහැ. අපේ ආණ්ඩුව කාලේ උපාධිධාරීන් 55000කට රැකියා දුන්නා. මේ ආණ්ඩුව අද හෙංචයියලාට රක්ෂා දෙනවා. මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරනවා. මේ ආණ්ඩුව අද තැපෑලෙන් පත්වීම් ලබාදෙනවා. අපේ ගමටත් ඈත පළාත්වලින් එවලා තිබෙනවා. ඒ අයට ඉන්න තැනක් නැහැ. බෝඩිම් සොය සොයා ඇවිදිනවා. දේශපාලනඥයන් පස්සේ යන්නේ නැතිව රක්ෂා ලබාදීම අපේ වගකීම වශයෙන් අපි සලකනවා.අද මම කැලණිය පාලම පැනලා මේ පැත්තට එනකොට පැල්පත් පෙනුණා. එහා පැත්තේ පැල්පත් නැති කරපු අපි මෙහා පැත්තේ (කැලණියේ) පැල්පත් නැති කිරීමේ වැඩපිළිවෙළත් අප ක්‍රියාත්මක කරනවා.මේ දවස්වල බොරු ප්‍රචාර යවනවා. ෆේස්බුක්, කටකතා, බොරු කියනවා. ඒවට රැවැටුණු යුගය ඉවරයි. 2015 දී රැවැටුණා. දෙපාරක් රැවැටෙන්නේ නැහැ. අපි දැම්මේ නිකන් මිනිහෙක් නොවේ. අපේ නායකයෝ එක්ක කතා කරලා හොඳට හිතලා බලලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් දැම්මේ. මේ වෙලාවට රටට අවශ්‍ය වැඩ කරන මිනිහෙක්. නිදි මරාගෙන යාල කැලේ අලි කොටි දිහා බලාගෙන ඉන්න මිනිහෙක් නොවෙයි.අපි වැඩ කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ දාලා තිබෙනවා. 16 වැනිදා උදේ පාන්දර ගිහිල්ලා අර ඈත පෙනෙන පොහොට්ටුව මතක තබාගෙන ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරලා පොහොට්ටුව දිනවන්න කටයුතු කරමු.” යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.“අද රටේ ජනතාව ඉල්ලා සිටින්නේ අපට ආරක්ෂිත රටක් ලබාදෙන්න, රට ආරක්ෂා කරදෙන්න. එදා ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක රණවිරුවන් දිනාගත් රට නැවතත් බෝම්බ පුපුරණ තත්ත්වයකට පත් වුණා. අපේ රජයක් යටතේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙනවා. නැවතත් මේ රට සෛවරී සුරක්ෂිත රටක් කරන බවට මම පොරොන්දු වෙනවා.අපි එදා අණ දුන්නේ ආර්ථිකයෙන් ඉහළ සංවර්ධිත රටක්. අද සෑම ක්ෂේත්රයක් වාගේම පරිහානියට පත්වෙලා. අපි මේ රට සංවර්ධනය කිරීමට නිසැකවම ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරනාව. ලෝකයේ තිබෙන ආර්ථිකයත් සමග ඉදිරියට යන විශේෂයෙන්ම ආසියාවේ දැනුම මුල් කරගත්තු ආර්ථිකයක් ඔස්සේ රට සංවර්ධනය කිරීමට ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අපි විශේෂයෙන් මේ රටේ මිනිස් සම්පත කෙරෙහි විශ්වාසය තබනවා.අද තරුණ තරුණියන් අතරමං වෙලා තිබෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න පුළුවන්කමක් නැතිව අතරමං වෙලා.ඒ වගේම උසස් පෙළ අසමත් වූ සෑම ක්ෂේත්රයකම විශාල තරුණ පිරිසක් අතරමං වෙලා සිටිනවා. අපේ රජයක් යටතේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ඒ අනුව උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට සුදුසු සියලු අයට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම ලබාදෙනවා.ඒ වගේම තාක්ෂණ විද්‍යාල, කාර්මික විද්‍යාල, වෘත්තිය විද්‍යාල ඇති කර ඔවුන්ට හොඳ වේතනයක් ලබන්නට හැකි රැකියා ලබා දෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය රැකියා කේන්ද්‍රස්ථානයක් බවට අපේ රජයක් යටතේ පත් කරනවා.කැලණිය විශ්වවිද්‍යාලයේ ධාරිතාව වැඩි කරනවා. ඒ හා සම්බන්ධ උපාධි ආයතන, වෘත්තීය පුහුණු හා තාක්ෂණ මධ්‍යස්ථාන ඇති කරනවා.ගම්පහ දිස්ත්‍රික්කය පාරම්පරික වෙදකම වෙනුවෙන් ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අපි විශ්වවිද්‍යාලයක් බවට උසස් කළ යුතුයි. ඒ වගේම මේ දිස්ත්‍රික්කය පලතුරු වගා කරන ප්‍රදේශයක්. ඒ අනුව නව තාක්ෂණ ක්‍රමවේද හඳුන්වලා දීලා කෘෂිකර්මය දියුණු කරන්න පුළුවනි. ඒ වගේම පුරන් වූ කුඹුරු කාබනික පොහොර යොදවලා අස්වැද්දීම කරනවා.අපේ රජයක් යටතේ ජාතික ආරක්ෂාව, ඒ වගේම ආර්ථිකය, අධ්‍යාපනය වැනි ක්ෂේත්රවලට ප්‍රමුඛතාව දීම හරහා සුරක්ෂිත රටක්, සෞභාග්‍යවත් රටක් ලබා දෙන්න මා පොරොන්දු වෙනවා. ඒ සඳහා තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න. මම මගේ යුතුකම ඉටු කරලා සෞභාග්‍යවත් රටක් බිහි කරනවා.” යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.“එදා 2005 මහින්ද රාජපක්ෂ එනකොට මේ රට තිබුණේ සෝල්හයිම් අතේ. මේ රට දෙමළ ඊළම නිර්මාණය කරලා අසරණ වෙලා තිබුණේ. බෙදලා තිබුණ රටේ ආරක්ෂාව සහතික කරලා මාතෘ භූමියට පණ දෙන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන් වුණා.අන්තවාදීන් සහරාන්ලා හුරතල් කරපු වීඩියෝ පටයක් දැන් පෙන්වලා තිබෙනවා. එහි හකීම් සහරාන්ලාට අතට අත දෙනවා. සාකච්ඡා පවත්වනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන්න ආණ්ඩුව පත් කරපු තේරීම් කාරක සභාවේ එක නඩුකාරයෙක් තමයි හකීම්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඒ හකීම් දැන් සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ. සහරාන්ගේ අවතාරය ඉන්නේ සජිත්ගේ වේදිකාවේ.මහ බැංකුව මහ දවල් සුද්ධ කරපු කඳවුරේ සජිත්ට වම් පැත්තෙන් සුජීව සේනසිංහ ඉන්නවා. බැඳුම්කරයේ ග්රන්ථ කතුවරයා ෆුට් නෝට් කල්ලියේ අජිත් පී. පෙරේරා දකුණු පැත්තේ. රවී කරුණානායක පිටුපස්සේ ඉන්නවා. කබීර් හෂීම් එක් තවත් චූදිතයෙක්. ඒ ඔක්කොටම වඩා නායක රනිල් බැබලි බැබලී ඉන්නවා.අද භේදයකින් තොරව මුළු රටම ගෝඨාභය රාජපක්ෂ ඕනෑ කියනවා. මත්ද්‍රව්‍ය මාෆියාවට, හොර ජාවාරම්කාරයින් වැනි කොටස්වලට අද ගෝඨා බය කියනවා. මහජනතාවට පාට් පෙන්වන රාජ්‍ය සේවයේ සමහරුන්ටත් ගෝඨා බය තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් අපි කාටවත් ගෝඨා බය නැහැ. අපේ ජනතාව ඉල්ලන්නේ ගෝඨා තමයි. රටේ විනය හදන්න පුළුවන් ගෝඨාභයටයි.මේ 16 වැනිදා ජාතික ආරක්ෂාවට පණ දෙන්න අලුත් රටක් හදන්න පටන් ගන්න දිනයයි. ඒ සඳහා ඔබගේ ඡන්දය පොහොට්ටුවට ලබා දෙන්න.” යැයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මෙසේ පැවැසීය.“මහින්ද රාජපක්ෂ සමග යන අපිට වහල්ලු කියනවා. මේ රටට ආදරය කරන මේ මාතෘ භූමියට ආදරය කරන මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති මහින්ද රාජපක්ෂ පස්සෙන් යන අපිට නම්බුයි. මේ රටේ ජාතික සම්පත් විකුණන් කන, මේ රට පිටරටට පාවලා දෙන, මේ රටේ ත්රස්ත්රවාදය අන්තවාදය පස්සේ යනවාට වඩා අපි මහින්ද රාජපක්ෂ සමග මේ ගමන ඉදිරියට යනවා. ඒක අපට ලොකු නම්බුවක්. අපි සියලු දෙනා එකතු වෙලා 16 වැනිදා මේ ආණ්ඩුව පෙරළන්න පෙළගැසෙමු.”මෙම අවස්ථාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, සිසිර ජයකොඩි මහත්වරුන් ද පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල ජනතාවක් ද එක්ව සිටියහ.ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක රෙහෙනසිරි වරාගොඩ මහතා ඇතුළු එම පක්ෂයේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළ කරමින් එම වේදිකාවට එක් වූහ.එලෙස එක්සත් ජාතික පක්ෂයෙන් කැලණිය ප්‍රාදේශීය සභාවට තරග කළ බුද්ධික මිහිපති මහතා ද පොදු ජන පෙරමුණට එක්විය. | තුනෙන් දෙකෙන් රාජපක්ෂවරුන්ගේත් ආණ්ඩුවේත් අවශ්‍යතා ඉටු කරනවා | 0 |
hp_train_0245 | (ඉන්දිකා රාමනායක)සහරාන් හෂීම්ගේ අන්තවාදී පන්ති පැවැත්වීම සහ ඒවා සංවිධානය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු මාවනැල්ල හෙම්මාතගම දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙම්මාතගම පාරේ පදිංචි මොහොමඩ් සහීම් (29) නැමැත්තා බව පොලිසිය කියයි.මොහු 2018 වසරේ දී මුතූර් ,මාවනැල්ල, ඔලුවිල් යන ප්‍රදේශ වල දී මෙම පන්ති පවත්වා ඇති බව ලැබුණු තොතොරතුරු අනුව මොහුව අත්අඩංගුවට ගෙන තිබිණි.සහරාන්ගේ අන්තවාදී පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හය දෙනෙකු දෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. | සහරාන්ගේ පන්තිවලට සහය දුන් අයෙක් අල්ලයි | 0 |
hp_train_0246 | බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි..විශේෂයෙන් කඳුකර ප්‍රදේශවලින් සහ අවට මුහුදු ප්‍රදේශවලන් හමන තද සුළං බලාපොරොත්තු විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 17/06/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34268555අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30269075විටින් විට වැසි.ගාල්ල30269075විටින් විට වැසි.යාපනය32278070වැසි ස්වල්පයක්.මහනුවර29229575විටින් විට වැසි.නුවරඑළිය20149575විටින් විට වැසි.රත්නපුරය31249575විටින් විට වැසි.ත්‍රීකුණාමළය35278555අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්. | ඉදිරි 24 පැයේ කාලගුණය | 1 |
hp_train_0247 | (දිලීප් ජයසේකර)අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී අවි පෙන්වා බිය ගන්වා දේපළ කොල්ලකා දෙදරු මවක සමුහ දුෂණයට ලක් කළ දෙදෙනෙකුට වසර 17 බැගින් වසර 34ක සිර දඬුවමක් හා වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක්ද ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නියෝග කළේය.මෙලස බරවැඩ සහිත සිරදඩුවම් නියමු වුයේ හුංගම,දෙනිය,හන්දිය කඩේ පදිංචි කරුවන් දෙදෙනෙකු වන ඩී.කේ.පී.නිශාන්ත කුමාර නොහොත් මද්දු හා ටී.ජී.පියරත්න නැමති සැකකරුවන් දෙදෙනාටය.සැකකරුවන් දෙදෙනා 1994.10.02 වන දින අලුයම 02ට පමණ ඩී 02 ඇල, නුගේවෙල, මාමඩල, අම්බලන්තොට ප්‍රදේශයේ නිවසකට පැමිණ පොලීසියෙන් ආ බව පවසා නිවසේ නිදා සිටි අය ඇහැරවා අත් පා ගැට ගසා අවි පෙන්වා බිය ගන්වා ඔවුන් සන්තකයේ තිබු මුදල් හා රණ් භාණ්ඩ කොල්ල කා තිබේ.පසුව සැකකරුවන් නිවසේ සිටි 28 හැවිරිදි ගෙහිමියා මිදුලේ ගැටගසා සිටියදී 22 හැවිරිදි දෙදරු මව නිවස තුළට රැගෙන ගොස් සමුහ දුෂණයට ලක් කර සැකකරුවන් පලා ගොස් තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් අම්බලන්තොට පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.සැකකරුවන්ට එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු අදාල චෝදනාවන් සදහා සැකකරුවන් වැරදි කරුවන් බවට ඔප්පු විය.සැකකරුවන්ට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේ නඩු විභාගය ආරම්භයේ පටන්ම එක් සැකකරුවෙකු අධිකරණය මග හැර සිටි අතර එක් සැකකරුවෙකු පමණක් අධිකරණය හමුවේ පෙනි සිටියේය.සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු නොමැතිව පැවති දීර්ඝ නඩු විභාගයේදි අවි පෙන්වා භිය ගන්වා මංකොල්ල කැම හා සමුහ දුෂණය යන චෝදනාවන් දෙක සදහා වැරදි කරුවන් බවට එප්පු විය.ඒ අනුව සැකකරුවන්ට දඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරු වරයා පළමු සැකකරු වන ඩී.කේ.පී.නිශාන්ත කුමාර යන අයට පළමු චෝදනාව සදහා වසර 12ක බරවැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක්ද, තුන්වන චෝදනාව සදහා වසර 05ක බරවැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 5000ක දඩු මුදලක් හා අගතියට පත් කාන්තාවට රුපියල් 150,000/=ක වන්දි මුදලක්ද නියම කෙරුණි.දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 04ක සිර දඬුවමක්ද පළමු චුදිතට නියම කෙරුණි.දෙවන සැකකරු වන ටී.ජී.පියරත්න යන අයට දෙවන චෝදනාව සදහා වසර 12ක බර වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක් නියම කෙරුණි අතර, තුන් වන චෝදනාව සදහා වසර 05ක බර වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් 5000ක සිර දඩුවමක් නියම කෙරුණි.මිට අමතරව වින්දිත තැනැත්තිය සදහා රුපියල් 150,000/= වන්දි මුදලක්ද ගෙවන ලෙස නියෝග කෙරුණි.වන්දි මුදල් හා දඩ නොගෙවන්නේ නම් තවත් වසර 04ක සිර දඩුවමක්ද නියෝග කෙරුණි.අදාල චෝදනාවන් සදහා එක් එක් සැකරුවන්ට වසර 17 බැගින් වසර 34 සිර දඩුවම් නියම කල මහාධිකරණ විනිසුරු වරයා එය වසර 12කින් ගෙවා අවසන් වෙන ලෙස දඩුවම් නිකුත් කෙරුණි.අධිකරණය මග හැර සිටින සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණි අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරපත් කර දඩුවම ක්‍රියාත්මක කරන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා පොලීසියට නියෝග කළේය. | දේපොළ කොල්ල කා දෙදරු මව සමූහ දුෂණය කළැයි වසර 34ක සිර දඬුවමක් | 1 |
hp_train_0248 | ( තිළිණි ද සිල්වා )කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය අද (27) පැවසුවාය.මෙලෙස මිය ගොස් ඇත්තේ පුන්කුඩිතිව් ප්‍රදේශයේ පදිංචිව සිට එරටට පැමිණි ලාංකික පිරිමි පුද්ගලයෙකි.එම පුද්ගලයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවු අයෙක් යැයිද අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.ඔහු මිය යන විට ස්විට්සර්ලන්තයේ සෙන් ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.ඔහු එරට ස්ථිර පදිංචිකරුවෙකු යැයිද අමාත්‍යාංශය ප්‍රකාශිකාව කීවාය.මෙම ලාංකිකයා ඉකුත් 25 වැනිදා ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගිය බව ස්විස් සෞඛ්‍ය බලධාරීන් ඊයේ (26) දැනුම් දුන් බව විදේශ සබදතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය .මෙම පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා වයිරසය ආසාදනය වීම යැයිද ස්විස් බලධාරීන් එහිදී දැනුම් දී ඇති බවද ඇය පැවසුවාය .ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය. | කොරෝනා ආසාදනය වී මියගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම | 0 |
hp_train_0249 | ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 09/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35268555ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31268570වැසි ස්වල්පයක්ගාල්ල30269075වැසි ස්වල්පයක්යාපනය33278565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29209060වැසි ස්වල්පයක්නුවරඑළිය18149065ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය31249060වැසි ස්වල්පයක්ත්‍රිකුණාමලය35268050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31279075ප්‍රධාන වශයෙන් වැසි රහිත | ‘පළාත් කීපයකට මද වැසි‘ | 0 |
hp_train_0250 | ( නිශාන්ත කුමාර ) රිදීමාලියද්ද පොලිස් වසමට අයත් කණුගොල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ බලපත්‍රයක් නොමැති නීතිවිරෝධි ගිනි අවියක් සැකකරුවෙකුද සමඟ අද (12) කළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගත්බව රිදිමාලියද්ද පොලිසිය පවසයි. අත් අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද , ඇටඹේවෙල දඹේලගවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයෙකි.සැකකරු පොලිස් ඇප මත මුදාහැරීමට නියමිත අතර, නඩු පැවරීමට ද නියමිතය. | ගිනි අවි 4 ක් සමඟ අයෙක් අත්අඩංගුවට | 0 |
hp_train_0251 | ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළු වශයෙන් වර්ෂාව ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/06/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36278045ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30279075වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල29269585වැසි ස්වල්පයක්යාපනය31277565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28228575වැසි ස්වල්පයක්නුවරඑළිය18149580වැසි ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය31249575වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය34267560ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31278575ප්‍රධාන වශයෙන් වැසි රහිත | ‘හෙට දිනයේ වියළි කාලගුණයක්‘ | 0 |
hp_train_0252 | (නිශාන්ත කුමාර)කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය අද වැඩි ඡන්ද පහකින් කින් පරාජයට පත්විය.කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා විසින් අද (12) 2020 වාර්ෂික අයවැය ලේඛනය සභාව වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අයවැය ලේඛනයට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා පමණක් ඡන්දය ප්‍රකාශ කළහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හත්දෙනා , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.කන්දෙකැටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එස්.එම් සෙනවිරත්න මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. | කන්දකැටිය අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි | 0 |
hp_train_0253 | ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග්රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග්රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප්රජාතන්ත්රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත් ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක්රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල් ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි්රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප්‍රශ්නෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප්රශ්නය මොකද්ද? ඉඩම් ප්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින් ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක් ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප්‍රතිපත්තිය හැදෙන්න ඕනෑ චීනයට හෝ ඉන්දියාවට ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප්‍රතිපත්තියට ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ) | රූපවාහිනියයි පත්තරයි බලද්දි හිතෙන්නේ රටේ ආණ්ඩුවක් නැති පාටක් | 0 |
hp_train_0254 | (***නිමල කොඩිතුවක්කු)‘පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩිකර කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවට ආණ්ඩුව තුනෙන් දෙක සොයමින් සිටින බව’ සමගි ජනබලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවනැල්ලේදී පැවැසීය.‘තම නොහැකියාව සහ වැඩ බැරිකම දිනෙන් දින ඔප්පු කළ රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට සහ රටට ආදරය නොකරන බව මේ මාස නමය තුළ ඔප්පු කර ඇතැයිද’, ප්‍රේමදාස මහතා සඳහන් කළේය.සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවේ මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය මාවනැල්ල ප්‍රදේශයේ සංවිධානය කළ ජනහමුවට එක්වෙමිනි.වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.‘වර්තමාන ආණ්ඩුව දේශපාලන පලිගැනීම ආරම්භ කරලා. තරුණයන් විශාල පිරිස රැකියාවලින් එළියට දමලා. අප බලයට පත්වෙලා සති දෙකක් තුළ සියලු දෙනාටම නැවත රැකියා දෙන බව මම කියන්න කැමැතියි.රට පුරා තිබෙන ග්‍රාම සේවා වසම් දාහතර දහස් විසි දෙකේම අඩුම තරමේ එක ග්‍රාම සේවා වසමකින් දහදෙනා බැගින් රැකියා ගත කිරීමේ වැඩ පිළිවෙළක් අපි ආරම්භ කරනවා.පසුගිය ජනාධිපතිවරණයේදී තිබුණ ආණ්ඩුව පරාජයට පත් කර අලුත්ම ආණ්ඩුවක් නිර්මාණය කළේ මීළඟට සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ගෙන එනවා කියලයි. ඒක විශ්වාස කළ හැට නම ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නා.වර්තමාන ආණ්ඩුවට රට ගොඩ නගන්න, රටට සෞභාග්‍යය ගේන්න, ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියා දැන් අප අහනවා.ගෙවුණ මාස අට තුළ ඒ අය ඔප්පු කර තිබෙන්නේ නොහැකියාව, වැඩ බැරිකම, අසමත්කම ඇතුළු දේ නොවේද? දිනෙන් දිනම ඔප්පු කර තිබෙන්නේ ඔවුන්ට ජනතාව වැදගත් නෑ කියන එකයි.කොරෝනා දෙවැනි රැල්ල පටන්ගෙන ඉවරයි. මේ ව්‍යසනය මුළු රටටම පැතිරීමේ අවදානම ආරම්භ වෙලා ඉවරයි. අප දිගින් දිගටම, පුන පුනා කියපු දේ ආණ්ඩුවවත්, ආණ්ඩුවේ බලධාරීන්වත් තුට්ටුවකට මායිම් කළේ නැහැ.පහුගිය ජනවාරි 24 වැනිදා කොරෝනා අනතුර පිළිබඳව මුලින්ම මම පාර්ලිමේන්තුවේදී කිව්වා. එතකොට ආණ්ඩුව හිනා වුණා. විහිළුවකට ගත්තා. ඊට පසු පෙබරවාරි පස් වැනිදා මා පාර්ලිමේන්තුවේදී මේ අවදානම ගැන නැවත වතාවක් ප්‍රකාශ කළා. ඒ වෙනකොට චීනයම ව්‍යසනයෙන් පීඩා විඳිමින් සිටියා. ආණ්ඩුව ඒ පිළිබඳවත් සැලකිල්ලක් දැක්වූයේ නෑ.දිනෙන් දින අප මේ ගැන රටට කිව්වා. ආණ්ඩුවට කිව්වා. හැබැයි ආණ්ඩුව ගණන් ගත්තෙ නෑ. වර්තමාන ආණ්ඩුව පී.සී.ආර්. පරීක්ෂණ කරනවා වෙනුවට ඡන්ද සමීක්ෂණ කරනවා. මේ අවදානම තුරන් කරන්න වෑයම් කරනවා වෙනුවට මැතිවරණ දිනන්න මෙහෙයුම් කරනවා. ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න කැප වෙනවා වෙනුවට තුනෙන් දෙක ගන්න මහන්සි වෙනවා. අද වනවිට මුළු රටම අවදානමට ලක්වෙලා තිබෙනවා.කොවිඩ් තාක්ෂණ ඇගයීමේ කමිටුව මාස එකහමාරකින් රැස්වෙලා නෑ කියා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියනවා. අනතුර ගැන කළ අනතුරු ඇඟවීම්ද ආණ්ඩුව ගණන් ගත්තේ නෑ කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා.මේ වෙලාවේ මැතිවරණය එපා. ඡන්ද වැඩට සහාය දෙන්නේ නැහැ කියලා පී.එච්.අයි. මහත්වරුන් කියනවා. ජීවිත අනතුරේ දාගෙන රෑ දවල් මහන්සි වෙච්ච සෞඛ්‍ය සේවකයන්ට අතිකාල නැහැ කියා ඒ අය උද්ඝෝෂණය කරනවා. මේ ආණ්ඩුව රට කොතැනටද ගෙන ගිහින් තියෙන්නේ?මැතිවරණයයි, තුනෙන් දෙකයි බලය ගැනීම පමණක් රජය අරමුණු කරගත්තා. ආණ්ඩුව මිනිස් ජීවිතය සම්බන්ධව තඹ සතයකට මායිම් කරන්නේ නැහැ. ඔවුන්ගේ නොහැකියාව, වැඩ බැරිකම ඔප්පු කළා පමණක් නොවේ. මේ මාස අට තුළ ඔවුන් ජනතාව ගැන හිතන්නේ නැහැ කියන එකත් ඔප්පු කර ඉවරයි.ඉදිරියේදී පත්වෙන අපේ ආණ්ඩුව ඒකාන්ත වශයෙන්ම රටේ ජනතාවාදීම ආණ්ඩුවයි, කියා මා තමුන්නාන්සේලාට කියනවා.ලෝකය පිළිගත්ත ක්‍රමවේදය තමයි, ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් ජනතාව අතට මුදල්දීම. එහෙම මුදල් දුන්නාම ජනතාව පරිභෝජනය කරනවා, ආයෝජනය කරනවා. ඉතිරි කරනවා එයින් ආර්ථිකය ඉහළට එනවා.මේක තමයි, ලෝකෙම පිළිගත් ක්‍රමවේදය. ජන සමාජය තුළ ජීවත්වෙන අන්ත අසරණ ජනතාව එදිනෙදා කුලී වැඩ කරන ජනතාව, සාමාන්‍ය ස්වයං රැකියාවක් කරන ජනතාව සමාජයේ පහළ පීඩිත තත්ත්වයෙන් ගොඩ නැංවීම වෙනුවෙන් අප බලයට පත් වූ වහාම රුපියල් විසි දහස බැගින් මාසයකට දෙන බවට සහතික වෙන්න කැමැතියි.අප රුපියල් විසිදහස දෙන්නේ අවිධිමත් විදිහට යොදවන්න නොවෙයි. ගෙදර ගෘහණිය මූලික කරගත්ත විශේෂ වැඩ පිළිවෙළක් හරහා ඔවුන්ගේ ගෘහයේ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම වෙනුවෙන් මුදල අප දෙනවා. දේශපාලන කුහකයන් දැන් එහෙම දෙන්න සල්ලි කෝ කියා අහනවා.ඒ වැඩ පිළිවෙළ හරහා අප කාර්යක්ෂම රාජ්‍ය සේවය නිර්මාණය කරනවා. කොමිස් ගහන්න හුරුවෙච්ච, අල්ලස් ගන්න හුරුවෙච්ච හොරකම් කරන්න හුරුවෙච්ච සමහර කොටස් මේ වැඩ සටහනට විරුද්ධව එක එක කතා කියනවා. හැබැයි අපේ ආණ්ඩුව ආරම්භ කළ වහාම රටේ පහළ පීඩිත ජනතාව ගොඩ නංවන රුපියල් විසිදාහ දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරනවා.මේ වනවිට මුළු ලෝකයේම තෙල් මිල පහළ බැහැලා. අප දිගින් දිගටම ආණ්ඩුවට කිව්වා මේ සහනය ජනතාවට දෙන්න. මාස 12 කට තෙල් මිල අඩු කරන්න බැහැ කියා. ආණ්ඩුව මුළු රටම මහා ව්‍යසනයක තිබෙද්දිත් තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොදී ආණ්ඩුව අධික ලාභයක් ලබනවා. අප බලයට පත්වූ වහාම පැය විසි හතරක් ඇතුළත තෙල් මිල පහළ දානවා.පහුගිය දවස්වල පොල් ගෙඩි අකුරෙන් පත්තරවල හෙඩ්ලයින් ගැහුවා 4% සහන ණය ජනතාවට දෙනවා කියලා. මුළු රටම හිතුවා ජනතාවට ඒ සහනය ලැබෙයි කියලා. ඔය කියන සහනය ලැබුණු අය ඉන්නවද?ඒ වගේම මාර්තු අප්‍රේල් විදුලි බිලට සහන දෙනවා කීවා. අප අහනවා එහෙම සහන දුන්නද?මේ ආණ්ඩුව ජනතාද්‍රෝහී ආණ්ඩුවක් කියන එක ඔප්පු කර ඉවරයි. ඒ නිසා තකතීරු ආණ්ඩුව එළවමු යයිද මා ප්‍රකාශ කරනවා.මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. | කොරෝනා මට්ටු නොකර ආණ්ඩුව තුනෙන් දෙක විතරක් හොයනවා | 1 |
hp_train_0255 | අනීශා මානගේ 2019 වර්ෂය සදහා තංගල්ල නගර සභාවේ අයවැය ඡන්ද විමසීම අද (5) පැවැති අතර එය වැඩි ඡන්ද 3කින් පරාජයට පත් විය. තංගල්ල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු අයවැයට පක්ෂව ද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 7දෙනාත් ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්‍රීවරුන් දෙදෙනාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙක් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. | ත්‍රිකුණාමලය නගර සභාවේ අයවැය සම්මතයි | 0 |
hp_train_0256 | රුපියල් දාහත් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රත්තරන් ගාංචුවක් සහිත පටියක් ඉනෙහි බැඳගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.සැකකරු පනස් අට හැවිරිදි ව්‍යාපාරිකයෙකි. අත්අඩංගුවට ගනු ලැබු රන් ගාංචුවේ බර ග්‍රෑම් තුන්සිය පනහක් බවත් කිසිවෙකුටත් සැක නොසිතෙන ලෙසින් ගාංචුවේ මතුපිට රිදී ආලේප කර තිබු බව රේගුව කියයි.සැකකරු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් මේ බව රේගුවට දන්වා ඇත.රේගුව විසින් ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ දියණියගේ විවාහ මංගල්‍ය සඳහා මෙය ඩුබායි වලදී මිලට ගත් බවයි.මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී.එන් හෙට්ටි ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබයි. | තිස් එක් ලක්ෂයක රන් කටුනායකදී අල්ලයි | 0 |
hp_train_0257 | (කුෂාන් ජයවර්ධන) කැකිරාව මඩාටුගම දුනුමඬලාව ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ගල් තලාවක නිධන් සොයා අනවසර කැනීමක් සිදුකරමින් සිටි කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙක් කැනීම් උපකරණ රැසක් සමඟ අද (28) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. අදාල නිවස පසුපස අනවසර කැනීමක් සිදුවන බවට කැකිරාව පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් අනුව සිදුකළ වැලීමකදී සැකකරැවන් හා අදාළ කැණීම් උපකරණ තොගය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ. වැටලීම සිදුවන අවස්ථාවේදී එක් සැකකරැවකු පලා ගොස් ඇති අතර එම සැකකරු මේ වනවිට පොලිසිය හඳුනාගෙන ඇති අතර පලාගිය එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ. මඩාටුගම දුනුමඬලාව ප්‍රදේශෙය් පදිංචි 56 හැවිරිදි කාන්තාවක්, හිඟුල ඕවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් , දෙහිඕවිට පිටිදෙනිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාව මින් පෙරද නිධන් සොයා අනවසර කැනීම් සිදු කිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත් තැනැත්තියක් බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත් කාන්තාව ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට (29) කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. | නිදන් හැරූ 3 ක් අත්අඩංගුවට | 1 |
hp_train_0258 | (නිමල කොඩිතුවක්කු)බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා සියලු නායකයන් මරා දැමූ අවස්ථාවක පක්ෂ නායකත්වය බාරගත් තමා ඊළඟ ජාතික මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.එළැඹෙන ජාතික මැතිවරණයෙන් තමා හදන්නේ වසර 20ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊට අදාළ දෙවැනි පෙළ නායක කණ්ඩායම මේ වනවිටත් හදා ඇතැයි ද කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ඊළඟ වසර 20ම බලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යයි ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.“එක්සත් අපේ මැයි දිනය - පරිණත නායකත්වයට නව ජවයක්” තේමාව යටතේ එත්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය පැවැත්විණි.දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ හැම ගමකම ‘පුංචි සිරිකොත’ බැගින් පිහිටුවීමේ වැඩ කටයුතු ඉදිරි මාස 18 තුළ සම්පූර්ණ කරන බවය.එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.බලාපොරොත්තු වූවාටත් වඩා විශාල ජනතාවක් අද දින එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට පැමිණීම පිළිබඳව මා සතුටට පත් වෙනවා. ඒ වගේම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩකඩ නැතිකම නිසා පිටත රැඳී සිටින ජනතාවට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේතරම් විශාල ජනතාවක් අපේ මැයි රැලිය සඳහා සහභාගි වන බව දැන සිටියා නම් අප තෝරා ගන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොව, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයයි. එක්සත් ජාතික පක්ෂයත්, යහ පාලන ආණ්ඩුවත් ගැන පූර්ණ විශ්වාසය සහ බලාපොරොත්තු තබා සිටින ඔබ සියලු දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ශාලාවෙන් පිටත රැඳී සිටින හතර ගුණයක් පමණ වන ජනතාවගෙන්, වෘත්තිය සමිති සහ පක්ෂය වෙනුවෙන් මා නැවතත් සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ ඔබේ පැමිණීම පිළිබඳව මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වෙනුවට අපට අවශ්‍ය වුණේ කම්කරුවාට උපහාරයක් වන ආකාරයේ මැයි දින රැලිය පැවැත්වීමටයි. විශිෂ්ට සංවිධානයකින් යුතුව මැයි රැලිය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට ස්තූතිවන්ත වෙනවා. අද දිනයේ නියමාකාරයෙන් කම්කරුවාට ප්‍රණාමය පුද කළා. කිසිවකුත් ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගත යුතු නැහැ. අප මෙවැනි මැයි දිනයක් සංවිධානය කළේ ඇයිදැයි බොහෝ දෙනා විමසනවා. ඒ සඳහා වන පිළිතුර ඉතා සරලයි. එනම්, ශ්‍රී ලාංකේය දේශපාලනයේ අලුතෙන් සිතන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වීම ඊට පිළිතුරයි. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට දෝෂාරෝපණය කළ නොහැකියි. දොස් පවරනවා නම් දොස් පැවරිය හැක්කේ, මේ ස්ථානයට ඇතුළු වීමට නොහැකිව පිටත රැඳී සිටින ජනතාවට පමණයි. රටේ කම්කරු දිනය සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් යටතේ කම්කරු ප්‍රජාව විශාල ප්‍රමාණයකින් වර්ධනය වුණා. ඩී.එස්. සේනානායක මැතිතුමා අපේ රටට නිදහස ලබා දුන් පළමු නායකයායි. එතුමා නිදහස දිනා ගන්නා කාලයේ ශ්‍රී ලංකාවේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයි. ජනතාවගෙන් බහුතරය ජීවත් වුණේ ග්‍රාමීය ප්රදේශවලයි. නමුත් පසු කාලීනව නිදහස් අධ්‍යාපනය ඔස්සේ තරුණ තරුණියන් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වුණා. ඉන් පසුව ඔවුන් රැකියා අවස්ථා බලාපොරොත්තු වුණා. 1956 සිට පැවැති ආණ්ඩුවලට රටේ කර්මාන්ත ඇති කිරීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ පළමු කර්මාන්ත ශාලා කිහිපය ඇති කළේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේයි. ඉන් පසුව බලයට පැමිණි අනෙකුත් ආණ්ඩු කම්කරුවන් පිළිබඳව කෙතරම් කතා කළත් 1956 ත්, 1977 ත් අතර කාලය තුළ රටේ කම්කරු ප්‍රජාවේ වර්ධනයක් වුණේ නැහැ. රටේ ආර්ථිකය විවෘත කරමින් අපනයන කර්මාන්ත ඇති කිරීමටත්, දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට ඇති සීමා ඉවත් කිරීමටත් අප තීරණය කළේ ඉන් පසුවයි. ඒ වගේම නව කර්මාන්ත සඳහා බදු සහන දීමටත් අප කටයුතු කළා. ඉන් පසුව රට තුළ විශාල වශයෙන් කර්මාන්ත ශාලා ඇති වුණා. කර්මාන්ත ශාලා පමණක් නොව, වෙළෙඳ අංශය, සංචාරක කර්මාන්තය ආදියත් දියුණුවට පත් වුණා. ඒ හරහා රටේ සේවා අංශ දියුණු වුණා. අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ධුර කාලයේත්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළත් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය ගෙන ඒමට හැකි වුණා. ඒ වගේම වරාය දියුණු කිරීමේ කටයුතු ද කළා. ඒ අනුව වැටුප් ලබන සේවක සංඛ්‍යාවේ වර්ධනය ඇති වුණේ එක්සත් ජාතික පක්ෂ යුගවල දී බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දළ දේශීය නිෂ්පාදනය තුළ කෘෂිකර්මාන්තයට වඩා වෙනත් අංශවලට ඉඩක් ලැබුණා. කර්මාන්ත, සේවා සහ වෙළෙඳ අංශ තුළ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය වුණා. ඒ වගේම අපනයන කර්මාන්තය ඇති කිරීමටත් අපට හැකියාව ලැබුණා. පුද්ගලික අංශයේ සේවකයන් ශක්තිමත් කිරීමට අපට හැකි වුණා. සේවානියුක්තිකයන්ගේ භාර අරමුදල ඇති කළා. නව කම්කරු නීති සම්පාදනය කළා. මේ සියලු දේ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා වෙන කාටවත් වඩා කම්කරු දිනය සැමරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය සතු බව කිව යුතුයි. අද බොහෝ දෙනා පෙළපාළි, උද්ඝෝෂණ කරන්නේ අප කර්මාන්ත ශාලා ඇති කර තිබෙන නිසයි. ඒ වගේම ගම්මානවල ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කර තිබෙන නිසයි. රට පුරා හෝටල් ව්‍යාපෘති ආරම්භ කළ නිසයි. වර්තමානයේ සෑම කම්කරුවකුගේම නිවසේ රූපවාහිනී යන්ත්‍රයක්, ශීතකරණයක් ආදී අවශ්‍ය උපකරණ බොහෝ දෑ තිබෙනවා. එසේ නම් අප කම්කරුවාගේ අතට මුදල් ලැබෙන ආකාරයට කටයුතු කළා. ඔවුන්ට ආදායම් මාර්ග ඇති කර දුන්නා. ඒ අනුව පළමු වතාවට කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට පිවිසීමේ දොරටු විවෘත කරදීමට අපට හැකි වුණා. අද කම්කරුවාට පහසුකම් අප දී තිබෙනවා. කම්කරුවාගේ දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසුවා. ඔවුන් අද වෛද්‍ය පීඨ හෝ නීති පීඨවල හෝ අධ්‍යාපනය ලබනවා. සියලු දේ ඉටු කළේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් නොව, එක්සත් ජාතික පක්ෂය බව කිව යුතුයි. 1994 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පැවැතියා. ඒ ආණ්ඩු හරහා රටේ ඇති වූ දියුණුව කුමක්ද? රටේ කර්මාන්තකරණය ඇති වුණා ද? ඔවුන් යටතේ ඇති වූ එක් විශාල කර්මාන්ත කලාපයක් පෙන්විය හැකි ද? අප ඇති කළ සීතාවක වෙළෙඳ කලාපයෙන් පසුව එක් වෙළෙඳ කලාපයක් හෝ ඇති කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. ඔවුන්ගේ පාලනය කාලය තුළ රට වෙනුවෙන් කළේ කුමක්ද? අවසානයේ ඔවුන් රටේ විශාල ඒකාධිපති පාලනය ඇති කළ බව නම් අප දන්නවා. ඒ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. සියලු දෙනා එකතු වී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ රෙජීමයට බිය වුණේ නැහැ. රාජපක්ෂ රෙජීමයට විරුද්ධ, ප්රජාතන්ත්රවාදයට කැමති සියලුම දෙනා සමග කටයුතු කිරීම සඳහා ඔබ මට අනුමැතිය එදා දුන්නා. ඒ අනුව සියලු දෙනා එකතු වුණා. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් අප ඉදිරියට ගියා. ඉන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවශ්‍ය බහුතරය ගැනීමට අපට නොහැකි වුණා. ඒ නිසා අප ජාතික ආණ්ඩුව ඇතිකර ගත්තා. ඒ තුළ විවිධ අදහස් ඇති අය සිටිය ද අප ඉදිරියටම යනවා. ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක වෙනුවෙන් විවිධ මත පළ වී තිබුණා. එක් අන්තයක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් අන්තයක ද්‍රවිඩ ජාතික සංධානය සහ වෘත්තීය සමිතිත් සිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය සියලු දෙනා එකතු කර ගනිමින් පොදු අපේක්ෂක ඉදිරිපත් කළා. ඉන් පසුව අප ආණ්ඩුව පිහිටුවා ගත්තා. ඒ ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බව අප පිළිගන්නවා. අප පළමුවෙන් ක්‍රියා කළේ රාජපක්ෂ බිය තුරන් කිරීම සඳහායි. සුදු වෑන් තර්ජන ඉවත් කරමින් මාධ්‍ය නිදහස දීමට මා කටයුතු කළා. අද මට මාධ්‍යයෙන් පහර ගසන ආකාරයට එදා මහින්ද රාජපක්ෂට පහර ගැසුවා නම් ඔවුන් සියලු දෙනා අද සිටින්නේ කනත්තේ බව කිව යුතුයි. කෙසේ වුවත් මාධ්‍ය මගින් සෑම දිනකම පහර ගැසීමත් මා ශුභවාදීව දකිනවා. එවිට වස් දොස් පහව යනවා. නමුත් ප්‍රමාණය ඉක්මවා මට පහර ගැසුවොත් ඒ මාධ්‍ය ආයතනය සතු ජනතා ආකර්ෂණය දිනෙන් දින අඩු වන බවත් මතක තබා ගැනීම හොඳයි.අද ජනතාවට බියක් සැකක් නැතිව ජීවත් වීමට හැකියාව ලැබිලා. අපේ ජනාධිපතිතුමා අද ලොව පුරා සංචාරය කරනවා. ලෝකයේ රටවල් අද අපව පිළිගන්නා තත්ත්වයට පැමිණ තිබෙනවා. කිසිදු ජාත්‍යන්තර රටක් අපට විරෝධය පළ කරන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකාව විශේෂ කර සලකනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පිළිගන්නවා යයි පැවසීමට අධික වියදමක් දැරීමට වන “චෝගම්” වැනි උත්සව පැවැත්වීමේ අවශ්‍යතාවය අද නැහැ. එය ඔප්පු විය යුත්තේ අප ජාත්‍යන්තරයට යන විටයි. අප එය ඉටු කළා. අද අපට ලෝක සහයෝගය ලැබෙනවා. ශ්‍රී ලංකාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය විට කිසිදු රටක් විරෝධය දක්වන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන්නේ සරත් වීරසේකර සහ ලන්ඩනයේ සිටින ද්‍රවිඩ සංවිධානය පමණයි. වෙන කිසිවකුත් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැහැ. ලෝකයේ කොන් වී තිබු ශ්‍රී ලංකාව අප අද ඒ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. රට තුළ නිසි පාලනය ඇති කළා. නීතිය අකුරට අද ක්‍රියාත්මක කරනවා. අපේ රට මුහුණ පා සිටින විශාලතම ගැටලුව නම් රාජපක්ෂ පාලන සමයේ ලබාගත් අති විශාල ණය කන්දරාවයි. ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් එදා මුදල් තිබුණේ නැහැ. 2016 - 17 කාලය තුළ දී ණය ගෙවීමට හැකි පරිදි රටේ ආර්ථිකය සකස් කළා. දැන් අපට අඩුම වශයෙන් රටේ ආදායමින් ණය ගෙවීමටවත් හැකි තත්ත්වය ලැබීලා. රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ඔබ ජීවත් වන්නේ කෙසේ ද? රට තුළට කිසිඳු භාණ්ඩයක් ආනයනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ජංගම දුරකථන, ගෘහ භාණ්ඩ, ආහාර මේ කිසිඳු නිෂ්පාදනයක් රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එවිට ඔබ ජීවත් වන්නේ කෙසේද? නමුත් ඉතා අපහසුවෙන් රටේ ආර්ථිකය මා නැවත ගොඩ නැගුවා. ඇතැම් අවස්ථාවල ආදායම් ඉහළ දැමීම සඳහා බදු වැඩි කිරීමට වුණා. ණය ගෙවීම, ලෝකයේ පිළිගැනීම ලැබීම, අනාගත පරම්පරාව ණය බරින් නිදහස් කිරීම යන අරමුණු ඇතිව මා ආර්ථිකයත්, රටත් සංවර්ධනය කළා. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ගත්තා. ඒ හරහා ඇඟලූම් කර්මාන්තයත්, ධීවර කර්මාන්තයත් නැවත දියුණු කිරීමේ හැකියාව ලැබුණා. ලෝකයේ අපනයන වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙය ආරම්භය පමණයි. මේතරම් වැඩ කොටසක් කර තිබිය දී ඇතැමුන් අපේ ආණ්ඩුව රට වෙනුවෙන් කරන්නේ මොනවාදැයි විමසනවා. අප රට වෙනුවෙන් කර ඇති විශාල කාර්ය භාරය ගොඩනැගිල්ලක් ඉදි කරනවා මෙන් ජනතාවට නොපෙනන බව මා දන්නවා. එය රාජපක්ෂ ආණ්ඩුව සමයේ අඩක් නිම කළ ගොඩනැගිලි මෙන් පෙනෙන්නේ නැහැ. තවමත් වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල මෙන් ජනතාවට නොපෙනෙන බව දන්නවා. නමුත් අපේ කාර්ය භාරය වූයේ විශාල ණය උගුලෙන් රට බේරා ගෙන ඉදිරියට යාමයි. ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය මා ගොඩ නැගුවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වුණා. ඒ වගේම වැඩිම අපනයන ප්‍රමාණයත් පසුගිය වසරේ වාර්තා වුණා. මේ වසරේ දී එය තවත් වර්ධනය කර ගත හැකියි. අපට දෝෂාරෝපණ එල්ල වන බව දන්නවා. නමුත් මේ ස්ථානයට පැමිණියේ රටේ අහිංසක තරුණ තරුණියන්ට අනාගතය නිර්මාණය කර දීමටයි. ඔවුන්ට අනාගතය ඇති කර දිය යුතුයි. ඔවුන්ව රැවටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. හම්බන්තොට වරාය ඔවුන් ඉදි කළද එහි ණය පියවා ගැනීමට ක්‍රමවේදය තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ ණය ගෙවූ පසු දැන් බොරුවට දෝෂාරෝපණය කරනවා. ඔවුන්ට හම්බ කිරීමට හැකියාව නැති නිසා ඔවුන්ම ඉදි කළ හම්බන්තොට වරායට දැන් චෝදනා කරනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දී ඔවුන් සියලුම ඉඩම් චීනයට සින්නක්කරව විකුණා දැම්මා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඒ ඉඩම් 99 අවුරුද්දකට බදු පදනම යටතේ පමණක් දීමට මා කටයුතු කළා. වරාය නගරයට අනාගතය ඇතිවී තිබෙන්නේ අපේ ආණ්ඩුව යටතේ බව වරාය නගර ව්‍යාපෘතිය බාර සමාගම දැන් පවසනවා. අමාරු කාලවල දී ඒ ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඒ වෙනුවෙන් ජනතාවගෙන් දෝෂාරෝපණයට ලක්වීමටත් වෙනවා. 2017 වසරේ ඉහළ ආර්ථික වර්ධනය අප බලාපොරොත්තු වුණා. නමුත්, ඒ වසරේ දී විශාල ගං වතුරකට, නියඟයකට සහ කුණු කන්ද නාය යාමේ ඛේදවාචකයටත් මුහුණ දීමට සිදුවුණා. බොහෝ අය සිතුවේ මේ ස්වභාවික ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථිකය අඩපණ වන බවයි. නමුත් අපහසු අවස්ථාවල අපේ රජය අනුගමනය කළ පියවර නිසා ආර්ථිකය බිඳ වැටීමකට ලක් නොවී පවත්වා ගැනීමට හැකි වුණා. ගංවතුර, නියඟය හේතුවෙන් රටේ කෘෂි නිෂ්පාදන පහත වැටුණා. බඩු මිල ඉහළ ගියා. ඒ වගේම පොහොර හිඟය ද ඇති වුණා. මේ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරනවා. මේ ගැටලු නිසා එක්සත් ජාතික පාක්ෂිකයාට ගම් මට්ටමේ දී චෝදනා එල්ල වූ බවත් අප දන්නවා. ඒ සම්බන්ධයෙන් මා සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ අවසානයේ දී සියල්ලට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. අපට ඒ ශක්තිය හා විශ්වාසය තිබෙනවා. මහින්ද රාජපක්ෂට 2014 වසරේ තමා ගත් ණයවල පොලිය ගෙවීමටවත් මුදල් තිබුණේ නැහැ. ඔහු ගත් ණයවලට වැඩිම පොලී ප්‍රමාණය ගෙවීමට තිබෙන්නේ 2018 - 2019 කාලවලදීයි. ඒ සඳහා අප සූදානම් බවත් පැවසිය යුතුයි. හම්බන්තොට වරායේ සියලු ගෙවීම් ගෙවා අවසානයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවතුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. ඒ කාලය වන විට බඩු මිළ ඉහළ යෑම, පොහොර හිඟය ඇති වීම ආදී කාරණා නිසා අපට පසුබෑමකට ලක්වීමට සිදු වුණා. නමුත් ඒ මැතිවරණය පසුගිය මැයි මාසයේ දී පමණ පැවැත් වුණා නම් එක්සත් ජාතික පක්ෂය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා. එය අපට අවාසනාවන්ත කාලය වුණා. සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එක් දිනක දී පැවැත් වීමට අවශ්‍ය වුණා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඇතැම් බලාපොරොත්තු ඉටු කර තිබුණේ නැහැ. දේශපාලන පළිගැනීම්, රැකියා දීමේ ගැටලු ආදිය තවමත් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවල අපේ මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමට අපට වනවා. තවත් මාස 18ක් ඉදිරියට යාම සඳහා අපට ඉතිරිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම මා සැකසුවා. දැන් ඉතිරිව තිබෙන්නේ ඉදිරියට යාමයි. පසුගිය 70 වැනි සංවත්සරයේ දී මා දුන් පොරොන්දුව ඉටු කළා. ඒ එක්සත් ජාතික පක්ෂයට නව නායක පරපුර ඇති කිරීමේ පොරොන්දුවයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පක්ෂය වෙනුවෙන් නායකයන් තිදෙනෙකු පුහුණු කළා. ඒ සියලු දෙනා රටට අහිමි වුණා. ඒ නායකයන් තිදෙනාට අමතරව මමත් කටයුතු කරමින් සිටියා. එය සරළව කියනවා නම් වාහනයක අමතර රෝදය වැනියි. නමුත් අවසානයේ මා පක්ෂ නායකත්වයට පත් වුණා. එදා මා පිටුපසින් කිසිවෙකුත් සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට වන්නේ කුමක්දැයි 1994 දී ඇතැම් අය විමසුවා. මගෙන් පසුව පක්ෂය ඉදිරියට යාමක් නැති බව කියා සිටියා. පක්ෂයේ ප්‍රධාන පෙළෙහි නායකයන් පමණක් නොව, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් ද පක්ෂයට අහිමි වුණා. බිම් මට්ටමේ නායකයාගේ සිට පක්ෂ නායකයා දක්වා සියලුදෙනා ඝාතනය වුණා. මේ ස්ථානයේ සිටින බොහෝ පිරිසකගේ ඥාතීන් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අවුරුදු 20 ක් තුළ ඉටු කිරීමට නොහැකි වූ සේවා තිබෙනවා. හවුල් ආණ්ඩුව යටතේ කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවීමට අපට හැකි වුණා. කෙසේ නමුත් 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඉටු කිරීමට නොහැකි වූ සියලු දේ ඔබ වෙනුවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය වන්නේ වසර 5 ක් පමණ බලයේ පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොවෙයි. මට අවශ්‍ය වන්නේ වසර 20 - 30 ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ නායකත්වය මට ඉදිරියටත් දැරීමට නොහැකියි. එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකත්ව මණ්ඩලය ඇති කළේ ඒ නිසයි. 2017 දී පළාත් පාලන මැතිවරණයෙන් පසු මේ වෙනස ඇති කිරීමට මා බලාපොරොත්තු වුණත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබුණේ 2018 වසරේදීයි. මේ වන විට නව නායකයන් පිරිස තෝරා ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිරිසක් තෝරා ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ ප්‍රතිසංවිධානයට ලක්කර ඉදිරි වසර 20 පුරාම බලයේ සිටීමට හැකි එක්සත් ජාතික පක්ෂය මා නිර්මාණය කරනවා. ඒ විශාල වැඩ කටයුත්ත මා ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැතිතුමාටත්, හිටපු මහ ලේකම් කබීර් හෂීම් මැතිතුමාටත් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා. අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් කබීර් හෂීම් මැතිතුමාට මැයි රැලියට සහභාගි නොවන ලෙස ඊයේ එතුමාට උපදෙස් දුන්නා. සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි. කණ්ඩායම ලෙස වැඩ කිරීමට දක්ෂ විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එසේ කණ්ඩායම ලෙස වැඩ කරනවා නම් වසර 20 ක් බලයේ සිටීම අපහසු කටයුත්ත නොවෙයි. නමුත් තනි තනිව කටයුතු කරනවා නම් පක්ෂයට ඒ ගමන යාමට නොහැකියි. ඒ නිසා පළමුවෙන්ම කණ්ඩායම ලෙස වැඩ කිරීම තේරුම් ගත යුතුයි. පක්ෂය ජයග්‍රහණය කරවීම මේ ශාලාවේ සිටින ඔබ සියලු දෙනාටම බාරයි. මීට පෙර පැවැති ආකාරයට සෑම ගමකම පුංචි සිරිකොත බිහි කිරීම මගේ අරමුණයි. 1976 දී මා කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස ආසනය පුරා යද්දී ගමේ ඇතැම් ගෙවල් හැඳින් වූයේ පුංචි සිරිකොත ලෙසයි. වර්තමානය වන විට නවීන තාක්ෂණය සහ ජංගම දුරකථන නිසා එය තවත් පහසුයි. ජංගම දුරකථනය හරහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත කාර්යාලය සමගින් සම්බන්ධ වීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ කාලයේ පක්ෂ සංවිධාන වැඩ සදහා තිබුණේ “සියරට” පුවත් පත පමණයි. එසේ නම් අද සිට “පුංචි සිරිකොත” නිර්මාණය කිරීමේ වැඩ කටයුත්ත ආරම්භ කිරීමට කැප වෙමු. සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදය වුවත් ඇති කළ හැකියි. සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කරලා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුළු මුදලින් සියයට 53ක් වියදම් කර තිබෙනවා. මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට වූයේ කුමක්ද? ඒ නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ කාර්යාලයටත් මා එහි කටයුතු බාර දුන්නා. සමෘද්ධි බැංකු කිසිවෙකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයයි. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිදු රෙගුලාසියක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට ගන්නා ලෙස මා උපදෙස් දුන්නා. රටේ අනෙකුත් සියලුම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලුවයි. ඉදිරියේදී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මා මේ අවස්ථාවේ පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස කරන බවත් පැවසිය යුතුයි. උපාධිධාරීන්ට රැකියා දීම ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් මා අමාත්‍යාංශවලට උපදෙස් දෙනවා. ඒ වගේම උපාධිධාරී නොවන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් පිරිසටත් රැකියා දීමට කටයුතු කරනවා. සියලු දේ කරන්නේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහායි. අපට ජයග්‍රහණය කළ හැකියි. පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නොවන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැබූ පරාජය පිළිගෙන ඒ සඳහා හේතු සොයා ගනිමින් ඉදිරියට යා යුතුයි. 2014 වසරේ දී අප්‍රේල් මාසයේ දී එක්සත් ජාතික පක්ෂය සිටියේ මීටත් වඩා පහළ මට්ටමකයි. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂයට රටේ අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැහැ. අප ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළා. ආණ්ඩුවට ඉදිරියට මාස 18 කාලය ඉතිරි වී තිබෙනවා. රටේ දේශපාලනික වශයෙන් අනාගතය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. අනාගත නායකයන් නම් කර තිබෙන වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ නැහැ. වසර 20 - 25 ක් ඉදිරියට යා හැකි නායකත්ව මණ්ඩලය අපට සිටිනවා. රට ස්ථාවර භාවය කරා ගෙන යාමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ නිසා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සියලු දෙනාගේ එකමුතුවෙන් කරමු යයි මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා:- “යහපාලන රජයේ අප රාජ්‍ය බලය අතට ගෙන විශාල වැඩ කොටස මේ වනවිට කර තිබෙනවා. වැටුප් වැඩි කර රාජ්‍ය සේවකයන්ට දුන් මේ අගය ඓතිහාසිකයි.අප බලයට පත්වෙලා ජීවන බර පහත හෙලුවා. ඉන්ධනවලට පනවා තිබූ දුෂිත බදු ඉවත් කර කම්කරුවන්ටත්, ජනතාවටත් සහන දුන්නා. රාජ්‍ය භීෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කර 2015 ජනවාරි 08 වැනිදා අප ලැබුවේ උතුම් ජයග්‍රහණයයි. අප එය පණටත් වඩා රැක ගත යුතුයි.අගමැතිතුමාට තිබෙන්නේ අපට කොළ එළියක් පෙන්වන්න විතරයි. ජනතාවගේ බඩට කටට දැනෙන සේවාවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ අප ලෑස්තියි. මෙතැනට ඇවිත් තිබෙන්නේ කොළ පාට ලේ තිබෙන එක්සත් ජාතික පාක්ෂිකයිනුයි. අපට තවදුරටත් බල බල ඉන්න බැහැ. අපට තැන ලැබුණේ ජනතාව නිසයි. පාලකයන් දැන් ජනතාව දෙස බැලිය යුතුයි. සහන, සංවර්ධනය, රැකී රක්ෂා දෙමින් පොඩි මිනිසා සුරැකීම සඳහා බඩ කට පිරෙන්න බෙදීම තමයි අද දවසේ අප කළ යුත්තේ.වර්තමාන ආණ්ඩුවේ ආයුෂ තියෙන්නේ මාස 18ක් පමණයි. එක්කෝ අප හැරෙන්න ඕනෑ. නැතිනම් භාර ගන්න ඕනෑ. අවුරුදු ගණනක් විපක්ෂයේ හිටපු අපට හැරෙන්න බැහැ. අගමැතිතුමා කිව්වා වගේ තව අවුරුදු 20ක් 30ක් ආණ්ඩු බලය ගෙන යන තැනට අප හැදෙන්න ඕනෑ.ඊළඟ අයවැයෙන් පොහොර නොමිලේ දීමට පුළුවන් ද කියා බැලිය යුතුයි. ප්‍රේමදාස මහත්තයා දුන්න විදිහටම නිල ඇඳුම දෙන්න ඕනෑ කියා මා යෝජනා කරනවා.2020දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී එක නිල ඇඳුම් කට්ටලයක් වෙනුවට නිල ඇඳුම් කට්ටල දෙකක් සහ සපත්තු කුට්ටමක් දිය යුතුයි.අපේ පාක්ෂිකයන් ගුටි කෑවා. බැට කෑවා. ඉවසුවා ඇති. අපේම ජනාධිපතිවරයකු බිහි කර ගත යුතුයි. අපේ පාක්ෂිකයන් තෘප්තිමත් වුණේ නැතිනම් ඔළු ගෙඩි මාරු වුණාට, පක්ෂ ප්රතිසංවිධාන කටයුතු වුණාට වැඩක් නැහැ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් උපරිම තැනට වැඩ කිරීමට කැප වෙන තැනට අප මෙහිදී ප්‍රතිඥා දෙනවා.එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂ වෘත්තීය කමිටු සමිති සභාපති සහ රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරාත්න සහ කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මිහු ද මෙහිදි කතා කළහ.විශාල පිරිසක් මැයි රැලියට සහභාගි වී සිටියහ. | කොළඹ අලංකාර කළැයි කෑගහන අය කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන්කර තිබුණේ නෑ | 0 |
hp_train_0259 | (පුත්තලම - ජුඩ් සමන්ත)යතුරු පැදියක් පා පැදියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් පා පැදිකරු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය කියයි.පසුගිය 14 වැනිදා රාත්‍රීයේ ආණමඩුව - පුත්තලම මාර්ගයේ කජු වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.අනතුරින් මියගොස් ඇත්තේ කොට්ටුකච්චිය - කජුවත්ත පදිංචිව සිටි මුදියන්සේලාගේ රත්නායක (අවු:64) නම් අයෙකි.මිය ගොස් ඇති අය පා පැදියකින් පුත්තලම දෙස සිට ආණමඩුව දෙසට ගමන් කරමින් සිට ඇත.පා පැදිය මාර්ගයේ දකුණු පසට හරවන අවස්ථාවේදී පුත්තලම දෙස සිට පැමිණ ඇති යතුරු පැදියක එය ගැටී ඇත.අනතුරින් පා පැදිකරු සහ යතුරු පැදිකරු යන දෙදෙනාම තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.බරපතල තත්ත්වයේ පසුවූ පා පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යැවීමට ආණමඩුව දිසා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.පුත්තලම මූලික රෝහලේදී පා පැදිකරු මිය ගොස් ඇත.අනතුරට පත්ව ඇති යතුරු පැදිය පැදවූ මාම්පූරිය - දළුව පදිංචිකරුවෙකු වන අසංක ප්‍රසාද් (අවු:21) යන අය පොලිස් ආරක්ෂාව යටතේ ආණමඩුව දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.ආණමඩුව පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. | ආණමඩුව අනතුරකින් පාපැදිකරුවෙක් මරුට | 0 |
hp_train_0260 | බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඌව සහ නැගෙනහිර පළාත් වල, සවස 2.00න් පසු ස්ථාන කීපයක ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි. | ‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘ | 0 |
hp_train_0261 | නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, චැපල් දූපත අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් 23, 26, 29, 30, 32, 35, 36, 37 සහ 38 වන වියෙහි පසුවන කින්නියා සහ ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අල්ලන ලද අලගුඩු වර්ගයේ මසුන් කිලෝග්‍රෑම් 50 ක්, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ මිටර් 250 ක් දිගැති නීති විරෝධී ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි. | නීති විරෝධීව මසුන් ඇල්ලූ 09ක් අත්අඩංගුවට | 1 |
hp_train_0262 | (අනුරාධපුර දයාරත්න ඇඹෝගම)බඩගින්න දේශපාලන, භාෂා, ආගම් භේදයක් නැති සියලුදෙනාට එක සමාන දෙයක් බැවින් සියලු වාදභේද අමතක කර රටේ දුප්පත්කම තුරන් කිරීමට, ආහාර නිෂ්පාදනය වර්ධනය කර ආහාරවලින් ස්වයංපෝෂිත, සමෘද්ධිමත් රටක් බවට පත්කරන්නට, දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය හා එක්වන්නැයි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ආර්ථික සමෘද්ධිය ඇති කරන්න රජය ගෙනියන වැඩපිළිවෙළ තුළ ගොවියා ණය බරින් මුදවා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර යහපත් සමාජ පිළිගැනීමක් ඇතිකිරීම ආදිය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.වර්තමානයේ සහල්, පොල් මිල ඉහළයාමට බලපා ඇත්තේ නිවාස ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්රතිපත්තියකින් තොරව පොල් වගා ඉඩම් හා කුඹුරු ඉඩම් නිවාස ඉදිකිරීමට යොදාගැනීමෙන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ ‘එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව කැකිරාව තිබ්බටුවැව වෙල්යායේ දී ඉකුත් 6 වැනිදා පැවැති වප්මඟුල් උත්සවය සඳහා සහභාගී වෙමිනි.ගොයම් සිටුවීමේ යන්ත්‍රයක් භාවිතයෙන් පැළ සිටුවීමේ කාර්යය සඳහා ද මෙහිදී එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ගොවීන් සඳහා ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි පවුල්වල දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සඳහා ද එක්විය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.“ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු අනිකුත් පූජකතුමන්ලාගේත් ආශිර්වාදය ලබාගෙන මේ ඓතිහාසික රජරට උරුමයේ හිමිකරුවන් වන ගොවි ජනතාව ප්රමුඛව ඔබ සියලුදෙනා හා එක්වී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ගොවිජන ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහාත් මේ රටේ නිදහස් ආර්ථිකයත් සමඟ රට පුළුල් ලෙස සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම සඳහාත් විවිධ බාධාවන්, ගැටලු, අභියෝග සියල්ල යටපත් කර ගනිමින්, රටේ පොදු මහජනතාවගේ ප්‍රධාන අරමුණු, ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම සඳහා ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඔබ අප සියලුදෙනා එක්ව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.මෙම ආහාර නිෂ්පාදන සංග්‍රාමය උත්සවයක් නෙවෙයි. මෙය ජාතියේ යහපත සඳහා අනාගතය වෙනුවෙන් ගොවිජන ජීවිතය ශක්තිමත් කිරීමටත් රටට නිදහස් ගොවි කෘෂි ආර්ථික පදනමක් ඇති කිරීම සඳහාත් ගොවි ජනතාව පෙරටු කර ගත් පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක් විදියටයි මා මෙය හඳුන්වන්නේ.කෘෂිකර්මාන්තයේ සමෘද්ධිය තුළයි අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කතාන්දරය කියැවෙන්නේ. එදා දේශීය කෘෂිකර්මාන්තය මුල් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම තුළයි අනුරාධපුර යුගයේ සිට මේ දක්වාම මෙරට ආර්ථිකය ශක්තිමත් වුණේ. ඒ නිසා කෘෂිකර්මාන්තයට අදාළ ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමය පිළිබඳව ඔබටත් මටත් අත්දැකීම් ඇත්තේ අද ඊයේ දවසේ පමණක් නොව වසර දහස් ගණනක් අතීතයට ඇදී ගිය මේ ශ්‍රේෂ්ඨ වූ ඉතිහාසයත් සමඟයි.අපේ රටේ පළාත් 09ක වැව් 10,000කට වැඩිය තිබෙනවා. රජරට, වයඹ මේ ප්‍රදේශ ඉතිහාසයේ සිට හඳුන්වන්නේ වැව් බැඳි රාජ්‍යය විදියටයි. රටේ ජන ජීවිතය ශක්තිමත් කළ ප්‍රධාන වශයෙන් ආර්ථික සමෘද්ධිය ඇති කරන්න පෙරමුණ ගත්තේ කෘෂිකර්මාන්තයයි. වැවයි කෙත් යායයි පන්සලයි සැමවිටම එක්වූ බව ඔබ දන්නවා. දාගැබත් වැවත් කෙත්යායත් මේ රටේ ජන ජීවිතයේ මහා සංස්කෘතිය ගොඩනැගූ බව ඔබ දන්නවා. ඒ නිසා ඉතිහාසයේ අත්දැකීම් සමඟ ඉතිහාසයේ මතක සටහන් සමඟ අද තිබෙන්නා වූ අභියෝග ජයගැනීම සඳහා නව තාක්ෂණයත් සමඟ බද්ධ වෙමින් ගොවි ජනතාව ශක්තිමත් කරමින්, මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය අඛණ්ඩව ඉදිරියට ගෙනියන පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක් වශයෙන් අද මේ වැඩසටහන පැවැත්වෙන්නේ. අද මේ රටේ ජනතාවට තිබෙන්නා වූ අභියෝග මොනවා ද? අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාත් දැනුවත් පරිදි රටේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව අවුරුදු එකහමාරක් තිස්සේ දැඩි නියඟයකින් පෙළෙනවා. ඒ නිසා කෘෂිකර්මාන්තයේ සියයට 50ක නිෂ්පාදනය පහළ වැටීමක් ඇති වෙලා තිබෙනවා. වී, ධාන්‍ය, එළවළු, පලතුරු මේ සියල්ල මේ මහා නියඟය නිසා නිෂ්පාදනයේ පසු බැසීමක් ඇති වුණා. ඒ වගේම ගංවතුර තත්ත්වය සමඟ ඒ ප්‍රදේශවල ගංවතුර විනාශයෙන් කෘෂි ආර්ථිකයට බරපතළ හානි සිදු වුණා. මේ කලාපයේ අපේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් මේ තත්ත්වයට මුහුණ පාලා තිබෙනවා. බටහිර රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මුළු ලෝකය පුරා සිදුවන කාලගුණික දේශගුණික විපර්යාසයන් තුළ සෑම රටකම අද විශාල ව්‍යසනයන් සහ බරපතළ ඛේදවාචකයන් සිදුවෙනවා. මුළු ලෝකය පුරාම සිදුවන මහා ගංවතුර, සුළි සුළං, ලැව් ගිනි, භූමිකම්පා වැනි ස්වභාවික ව්‍යසන ඔබ මාධ්‍ය තුළින් දකිනවා. ඒ නිසා මේ ස්වාභාවික ව්‍යසන අපට පමණක් සීමා වූ දෙයක් නොවෙයි.අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් මේ දිස්ත්‍රික්කයේ මොනතරම් ජල හිඟයක් තියෙනව ද කියලා ඔබ දන්නවා. නියඟය නිසා මේ දිස්ත්‍රික්කයේ පසුගිය අවුරුදු එකහමාර තුළ සංවර්ධනය කෙතරම් පසුබෑමකට ලක්වුණා ද. පොළොන්නරු දිස්ත්‍රික්කයේ තත්ත්වයත් එයයි. කුරුණෑගල තත්ත්වයත් එයයි. උතුරු පළාත බරපතළ ලෙස මේ නියං තත්ත්වයට මුහුණ දීලා තිබෙනවා. ඒ වගේම නැගෙනහිර පළාත, ඌව පළාතේ කොටසක්, දකුණු පළාතේ කොටසක් මේ තත්ත්වයට මුහුණ දුන්නා. බස්නාහිර, සබරගමුව ප්‍රදේශ තමයි නියඟයෙන් බේරුණේ. එහෙත් ගංවතුරත් එක්ක බරපතළ ව්‍යසනයන්ට එම පළාත් මුහුණ දුන්නා. පසුගිය අවුරුදු එකහමාරක ඇති වුණ තත්ත්වයන් එක්ක විශාල වශයෙන් සහල් පිටරටින් ගෙන්වන්න සිද්ධ වුණා. දැනුත් සහල් පිටරටින් ගේනවා.මම පසුගිය සතියේ නිලධාරී මහත්වරුන්ට උපදෙස් දුන්නා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක් වරින් වර ගෙන්වීමට. අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ මස අන්තිම සිට අපේ භූමිය සාරවත් සහ සමෘද්ධිමත් කරන්න අපිට වර්ෂාව ලැබෙයි කියලා. උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්, උතුම් දළදා වහන්සේගෙන්, ත්‍රිවිධ රත්නයේ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අපේක්ෂා කරනවා මේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරලා දුගී බවෙන් රට නිදහස් කරලා සමෘද්ධිමත් ශක්තිමත් ආර්ථික පදනමක් රට තුළ ගොඩනගන්න ස්වභාවධර්මයාගේ ආශිර්වාදය ලැබේවායි කියලා.මේ කාර්යය කෘෂිකර්ම අමාත්‍යාංශයට, මහවැලි හා පරිසර අමාත්‍යාංශයට, වාරිමාර්ග අමාත්‍යාංශයට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසා අපේ රජය තීන්දුවක් ගත්තා සියලු රාජ්‍ය ආයතන, සියලු අමාත්‍යාංශ, සියලු දෙපාර්තමේන්තු, සියලු සංස්ථා සියල්ල මේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට එක් කර ගැනීමට. අපේ සටන් පාඨය වුණේ ‘එක්වෙමු නැගිටිමු’ කියලා, ‘සිය රට දේ සිරි සැපදේ’ කියලා වගේම, ‘අපි වවමු රට නගමු’ වගේම ‘අපි යළි නැගිටිමු’ කියන සටන් පාඨයත් එක්ක මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය අපි ආරම්භ කළා.ඒ තුළ දේශපාලන පක්ෂ භේදයක් නැහැ. භාෂාව, ආගම් කියලා භේදයක් නැහැ. කිසිදු සංස්කෘතික භේදයකුත් නැහැ. බඩගින්න සියලුදෙනාට එක හා සමානයි. ඒ නිසා අපි සියලු වාදභේද අමතක කරලා මේ රටේ දුප්පත්කම තුරන් කරන්න මේ රටේ ආහාර නිෂ්පාදනය වර්ධනය කරන්න පිටරටින් ගේන ආහාර නවත්වන්න මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න සමෘද්ධිමත් රටක් බවට පත් කරලා, මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න අප සියලුදෙනාම එක්වී දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය අද සිට ඉදිරියට ගෙනිහිල්ලා ජයග්‍රහණය කරමුයි කියලා රටේ සමස්ත ජනතාවගෙන්ම මා ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිනවා.අපේ ගොවි ජනතාවට මොනතරම් ප්‍රශ්න තියනව ද මොනතරම් ණය බර තියනව ද කියන එක අපි දන්නවා. අපි බැංකුවලින් ඇහුවොත් අපේ ගොවි ජනතාවගේ ණයවල තත්ත්වය අපි ඉතා හොඳින් දන්නවා. ගෙදර දරුවන්ගේ බිරිඳගේ රත්තරන් බඩු බැංකුවලට උකස් තියලා දෛනික ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ගොවි ජනතාව කියන්නේ සැප විඳින ජනතාවක් නොවෙයි. ඔවුන්ගේ දහඩියෙන්, කඳුළෙන්, සුසුමෙන්, ලෙයින් සහ ජීවිත පරිත්‍යාගයෙන් සැමවිටම මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සපයන්නේ ඈත අතීතයේ සිටයි.ආර්ථික සමෘද්ධිය ඇති කරන්න රජය ගෙනියන වැඩපිළිවෙළවල් තුළ මූලික වශයෙන්ම ගොවියාව ණය බරින් මුදවා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර යහපත් සමාජ පිළිගැනීමක් එක්ක ප්රබුද්ධ සමාජයක කොටස්කරුවන් බවට අපේ ගොවි ජනතාව පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.ආහාර නිෂ්පාදනය පහත වැටීම පිළිබඳව අද මුහුණ දෙන අභියෝගයන්වලදී කරුණු කිහිපයක් සිතට ගත යුතු වෙනවා. තවත් පැත්තකින් අධ්‍යයනය කළ යුතු වෙනවා. තවත් පැත්තකින් ඒවාට විසඳුම් සෙවිය යුතු වෙනවා. නියඟය අවුරුදු එකහමාරක් අපේ ගොවිතැන් බත් නැති කෙරුවා. ආහාර නිෂ්පාදනය පහත දැම්මා. මේ දිනවල දේශපාලන වශයෙන් මම දැක්කා සමහර තැන්වල පෝස්ටර් ගහලා තියෙනවා, හාල් සීයයි පොල් සීයයි කියලා. ඇත්ත. ඒවා ඒ ගාණට ගියා.අපි පසුගිය සතියේ හදිසියේ ජීවන වියදම් අමාත්‍යාංශ කමිටුව රැස් කළා. මම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට කිව්වා ඒ අයගේ ආයතනවල තිබෙන පොල් ගෙනැල්ලා කොළඹ දාන්න කියලා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පොල් ලොරිවල ගෙනැල්ලා සතොසට රුපියල් 65 ගාණේ විකුණන්න දැම්මා. ඒ වගේම සතොස විකුණන සහල් මිල අඩු කෙරුවා. පුද්ගලික අංශයට අපි කිව්වා හාල් ගෙන්වන අයටත් රටේ සහල් දෙන ආයතනවලටත් මිල පහත හෙළන්න නැත්නම් අපිට පාලන මිලකට යන්න සිද්ධ වෙනවයි කියලා. ඒ අතරේ තමයි සහල් මෙටි්රක් ටොන් ලක්ෂ 05ක් ගෙන්වන්න අපි තීන්දු කළේ.පොල් නිෂ්පාදනය සහල් නිෂ්පාදනය පහළ වැටුණේ ආණ්ඩුවේ වැරැද්දක් නිසා ද? රටේ පසුගිය ආණ්ඩු ගණනාවක් මේ දක්වාම පැහැදිලි නිවාස ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැති නිසයි මෙහෙම වුණේ. පොල් ත්‍රිකෝණය ඇතුළු සියලු පළාත්වල මහා පොල් වතු නිවාස හදන්න, ඉඩම් වෙන්දේසිය කරමින් පසුගිය අවුරුදු 25ක 30ක කාලය තුළ බරපතළ තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. කිසිදු ජාතික ප්‍රතිපත්තියක් නැතිව පොල් අක්කර ලක්ෂ ගණනක් සම්පූර්ණයෙන්ම කඩලා ඒවා නිවාස යෝජනා ක්‍රම බවට පත් වුණා. තවම මේ රටේ නිවාස ඉදිකිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඕනෑම තැනක ගෙයක් හදනවා. නමුත් ලෝකයේ සංවර්ධනය වුණු රටවල් එහෙම පුළුවන්කමක් නැහැ. වෙල්යායක් තිබෙනවා නම් ඒ වෙල්යාය සම්පූර්ණයෙන් නිදහස් කරනවා. මහා වතු ඉඩකඩම්වලට සැලසුම් සකස් කරනවා නිවාස ඉදිකළ යුත්තේ මේ මේ ප්‍රදේශවල පමණයි කියලා. කිසිදු වගකීමක් නැතිව රජයේ ආයතන මේ සඳහා ඉඩ දෙනවා. දේශපාලනඥයෝ මේවාට ඉඩ දෙනවා. රජයේ නිලධාරීන් මේවාට ඉඩ දෙනවා. ඒ නිසා පසුගිය අවුරුදු විසිපහකට තිහකට වැඩි කාලය තුළ පොල් අක්කර ලක්ෂ ගණනක් රටට අහිමි වෙලා තිබෙනවා. මේ නිසා ගෙවල් හදන්න ඉඩම් දීමේ ප්‍රතිපත්තිය වෙනස් විය යුතුයි. ගෙවල් සෑදීම ඉතාමත් අත්‍යවශ්‍ය නමුත් ඒ සඳහා රජය විසින් තීන්දු කළ යුතු වෙනවා. රටේ නිවාස සෑදිය යුත්තේ කුමන ප්‍රතිපත්තියක් තුළ ද කුමන වැඩපිළිවෙළක් තුළ ද කුමන සැලැස්මක් තුළ ද කියලා.කවුරුවත් කතා නොකරන ගොවි මහත්වරු සහ රජයේ නිලධාරීන් නිතර කියන ප්‍රශ්නයක් තමයි අපිට වවන්න පුළුවන්. නමුත් අපි කොහොම ද ඒවා සත්තුන්ගෙන් බේර ගන්නේ කියන ගැටලුව. මේ රටේ වඳුරන් සහ රිළවුන් ලක්ෂ 10කට වැඩිය සිටිනවා. තමුන්නාන්සේලා දන්නවා වඳුරන්, රිළවුන් පොල් ගහකට නැග්ගහම විශේෂයෙන්ම පොල් ඇට්ටි කාලා මුළු පොල් වල්ලම විනාශ කරනවා. දවසකට වඳුරන් රිළවුන් ලක්ෂයක් පොල් වලු ලක්ෂයක් විනාශ කළොත් පොල් නිෂ්පාදනයේ තත්ත්වය කුමක් ද? මේවා ගැන කතා කරන්නේ නැහැ. මේවාට සැලසුම් නැහැ. ඒ වගේම තමයි වල් අලින්ගෙන් වන විනාශය. වල් ඌරන්ගෙන් වන විනාශය. ඒ වගේම දෙවියන්ගේ වාහනය විදියට අපි බොහොම ගරු කරන සතෙක් මොනරා. මොනරුන් දහස් ගණනක් මේ රටේ ඉන්නවා. මේ මොනරුන් පීදිලා තියෙන කුඹුරකට බැස්සහම වී බුසල් දෙකක් කටට දාගෙන තමයි ඉගිලිලා යන්නේ. රටේ ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම සතුන් විසින් විනාශ කරනවා.ඒ වගේම ගොවි ජනතාවට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. නියඟයත් එක්ක බොහෝ ප්‍රදේශවල බිත්තර වී නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන විදියට ලංකාවේ මාස් කන්නයට හෙක්ටයාර් අට ලක්ෂයක් වගා කළ යුතුයි. ඒ සඳහා බිත්තර වී තිබෙනවා. බිත්තර වී නොමැති ප්‍රදේශවලට රජය බිත්තර වී දෙන්න බලාපොරොත්තු වෙනවා. නියඟයෙන් පිඩා විඳි ප්‍රදේශවල ගොවි මහත්වරුන්ට කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය එක්වී යම් සහනදායී තත්ත්වයකින් බිත්තර වී සැපයීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.මම කලින් කිව්වා වගේ අද දවස පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක්. මෙය ගොවි සතිය, කෘෂි සතිය, මහවැලි සතිය ආදී ලෙස නම් කරලා තිබෙනවා. මේක සතියකට දෙකකට සීමා වෙන දෙයක් නෙවෙයි. මේක තුන් අවුරුදු සැළැස්මක් එක්ක සම්පූර්ණයෙන් අඛණ්ඩව ඉදිරියට යන වැඩපිළිවෙළක්. ඒ තත්ත්වය තුළ කෘෂිකර්ම ක්ෂේත්රයට අවශ්‍ය පහසුකම්, සම්පත් ලබාදීලා ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීලා මේ නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ආණ්ඩුවක් විදියට ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.අපි සියලු අමාත්‍යාංශවලට සියලු දෙපාර්තමේන්තුවලට අදාළ චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. දිසාපතිතුමාලත් එක්ක දිසාපති සමුළුවේ සාකච්ඡා කරලා අවශ්‍ය උපදෙස් දීලා තිබෙනවා. මේ රටේ සියලු ප්‍රාදේශීය ලේකම්තුමාලා, සියලු දිසාපතිතුමාලා ප්රමුඛව සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන් තමන්ගේ කාර්යය මණ්ඩල සමඟ මේ ආහාර නිෂ්පාදන වැඩසටහනට එක්වෙලා තමාගේ වගකීමට වඩා යුතුකම ඉෂ්ට කරන්නැයි කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා.මේ වැඩසටහනේදී රජයේ සියලු ඉඩම් වගා කළ යුතු වෙනවා. අපි මේ පිළිබඳ අදාළ චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. එක් පැත්තකින් රජයේ ගොඩනැගිලි පරිශ්‍ර තුළ ගෙවතු වගාවට ප්රමුඛත්වයක් දීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික ක්‍රියාකාරකම් පිළිබඳව මේ වනවිට උපදෙස් දීලා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන ඇමැතිතුමා පාසල් දරුවන් ප්රමුඛව ගෙවතු වැඩසටහන් සහ අනිකුත් කෘෂිකාර්මික වැඩසටහන් පිළිබඳව පුළුල් කෘෂිකාර්මික සැලැස්මක් මේ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකත කරන්නට අවශ්‍ය මූලික තීන්දු තීරණ අරන් තිබෙනවා. මෙහිදී කිසියම් දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, ආයතනයක් කෘෂිකර්ම ක්ෂේත්රයට අපි අදාළ නැහැයි කියලා නිදහස් වෙන්න පුද්වන්කමක් නැහැ.මේ රටේ රාජ්‍ය ආයතනවලට විශාල වශයෙන් ආයතනික වශයෙන් වෙන්වුණු ඉඩම් තිබෙනවා. ඒ සියලුම ඉඩම්වල වගා කළ යුතු වෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංශයේ පුරන් කුඹුරු නොයෙකුත් සමාගම්, වතු සියල්ලම අනිවාර්යයෙන් වගා කළ යුතු බවට අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. අනිවාර්යයෙන්ම වගා කරන්නේ නැත්නම් ගොවිජන සේවා පනත යටතේ තිබෙන බලතල පාවිච්චි කරලා අපිට සිද්ධ වෙනවා වගා නොකරන පෞද්ගලික ඉඩම් වගා කිරීම සඳහා වගා කරන අයට ලබාදීමට. ඒ ගැන අපි පසුබට වන්නේ නැහැයි කියන එක විශේෂයෙන්ම මතක් කළ යුතුයි.ඒ නීති රීති ප්‍රමාණවත් නැහැයි කියලා පෙනී ගියොත් වගා නොකරන ඉඩම් වගා කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ තිබෙන වගන්ති පාවිච්චි කරලා ගැසට් කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව කිසි කෙනකුට ඉන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ.වැවිලි ක්ෂේත්රයේ සංවර්ධනය නොකරන, පුරන් වෙලා තිබෙන කුඹුරු වගා නොකරන ගොඩඉඩම් විශාල වශයෙන් තිබෙනවා. කොළඹ ඉන්න මහා ව්‍යාපාර අයිතිකරුවන්ගෙන් ඇතැම් අය ඒ අයගේ ඉඩකඩම් තිබෙන ප්‍රදේශ දන්නෙත් නැහැ. නමුත් රාජ්‍ය අංශය වගේම අක්කර දෙක තුනක් තිබෙන දුප්පත් ගොවි ජනතාව ඒවායේ වගා කටයුතු කරනවා. නමුත් වගා නොකරන ඉඩම් සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ අරගෙන මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරමින් බලාපොරොත්තු වන ඉලක්ක කරා යන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම කෘෂිකර්ම ක්ෂේත්රයට අයිති පෞද්ගලික සමාගම්වල සියලුදෙනාට මේ වැඩසටහනට එක්වන්නැයි කියලා අපි ආරාධනා කරලා තිබෙනවා.රාජ්‍ය බැංකු හා රාජ්‍ය නොවන බැංකු සියල්ලටම මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සමගාමීව ගොවීන්ට දෙන පහසුකම් මොනවා ද? ගොවීන්ට දෙන සුබසාධන ණය පහසුකම් මොනවා ද? ඒ වගේම කෘෂි භාණ්ඩ සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවා ද? ආහාර නිෂ්පාදන සංග්‍රාමය සම්බන්ධයෙන් බැංකුවල වැඩසටහන කුමක් ද කියන එක රජයට ඉදිරිපත් කරන්න කියලා ඒ සෑම බැංකුවකටම අපි දන්වලා තිබෙනවා. ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කිරීම සඳහා පෞද්ගලික ආයතන විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මොනවා ද? අලෙවිකරණ කෘෂිකර්මාන්තයට නියමිත උපකරණ, භාණ්ඩ, තාක්ෂණික භාණ්ඩ, ඒවායේ මිල අඩු කිරීම්, ඒවා වැඩි පහසුවට ලබාදීම ඒ කටයුතු පිළිබඳව කෘෂි ක්ෂේත්රයේ පෞද්ගලික ව්‍යාපාරික අංශවලට අපි උපදෙස් දීලා තිබෙනවා. මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කිරීම සඳහා රටට පිටරටින් ගෙන්වන සියලුම කෘෂිකාර්මික නිෂ්පාදනයන් බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට අපි කටයුතු කරනවයි කියන එක මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එහිදී ට්‍රැක්ටර්, වතුර පොම්ප, ඒ වගේම අනිකුත් යන්ත්‍ර සූත්‍ර කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනයට බලපාන කෘෂි උපකරණ විශාල වශයෙන් අඩු මිලකට දෙන්න පුළුවන්.මෙය සෑම කෙනෙක්ම එකට එකතු වෙලා ජාතියේ යහපත සඳහා ඉටු කළ යුතු කාර්යයක්, පෙළපාළි යන, පෝස්ටර් ගහන, විරෝධතා කරන සත්යග්රහ කරන, උපවාස කරන, කොළඹ නගරය කළම්බන ඒ සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඔය වැඩ නෙවෙයි මේ රටට ආදරයක් තියෙනවා නම් මිනිස්සුන්ට ආදරයක් තියනවා නම් මේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරන්න ඔබේ කාලය සම්පූර්ණයෙන් යොමු කරන්න කියලා. මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන මේ වැඩසටහන සාර්ථක කරනවා නම් මේ රට වෙනුවෙන් ඉතාම විශිෂ්ට වූ මෙහෙවරක් ඉටු කරන්නට පුළුවන්.මේ 2017 වසර දුගී බවෙන් නිදහස් කිරීමේ වර්ෂය විදියට නම් කරලා කටයුතු කළේ. 2018 රජය නම් කරනවා දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය කියලා. මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය එක්ක දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.කෘෂිකර්මාන්තයට බලපාන, ගොවියා ශක්තිමත් කරන ඉතා වැදගත් යෝජනා කිහිපයක් ලබන මාසේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලට ඉදිරිපත් කරන්න මේ වනවිට තීරණය කරලා තිබෙනවා. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන සමෘද්ධිමත් රටක් විදියට මේ රට ගොඩනගලා මේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලා සමෘද්ධිමත් ආර්ථිකයක් එක්ක ලෝකයේ ප්රබුද්ධ රාජ්‍යයක් විදියට තවත් රටකට දෙවැනි වෙන්නේ නැතිව පස්සට යන්නේ නැතිව පුංචි රටක් වුණත් ගෞරවනීය රටක්, විශිෂ්ට රටක්, ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගෙන හෙට උපදින දරුවන් සඳහා හොඳ රටක් හදමු. දුගී බවෙන් නිදහස් වෙමින් අපි නැගිටිමු. සමෘද්ධිමත් මව්බිමක් ගොඩනගමු. ජාතියේ අනාගත යහපත සඳහා සාමූහිකත්වයෙන් යුතුව එක්වෙමුයි කියලා ඉල්ලා සිටිමින් මේ වැඩසටහන සාර්ථක කරන්න එක්වුණු සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා.”එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා“පසුගිය දවස්වල එක පැත්තක මේ මහ පොළව ඉරි තලලා තියෙන කොට, තවත් පැත්තක් ජලයෙන් පිරිලා ඉතිරිලා ගියා. ඉතිහාසයේ සිටම මේ වැනි දුර්භික්ෂයන්වලට මෙවැනි ආපදාවලට මුහුණ දී තිබෙනවා. ජනපතිදුන් මේ අභියෝගවලට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් සකස් කළා. එහි ආරම්භක උත්සවයයි මේ රටේ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙන්නේ.රටේ රාජ්‍ය නායකයාගේ ඇල්ම බැල්ම ගොවියාට තියෙනවා නම්, රටේ රාජ්‍ය නායකයාගේ උනන්දුව වුවමනාව ගොවියා වෙනුවෙන් හා අනාගත පරපුර රැකගන්න තියෙනවා නම් ඒක තමයි මේ රටේ අනාගතය. රටේ රාජ්‍ය නායකයා අභියෝගවලින් පැනලා යන්නේ නැතිව, අභියෝගවලට අභියෝගයක් වෙන වැඩපිළිවෙළක් සූදානම් කරලා තියෙනවා. මෙම වැඩසටහනට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සැලසුම් හදලා තිබෙනවා. වගා සංග්‍රාමයේ පළමු මෙහෙයුමයි මේ දියත් කරන්නේ. වසර 3ක් ඇතුළත මේ රටේ කෘෂිකාර්මික පවුලක දැනට ලැබෙන ආදායම දෙගුණ කිරීමේ ඉලක්කයක් ඇතිවයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. රටේ අටුකොටු පිරවෙනවා පමණක් නොවෙයි, ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ අරමුණ බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ 27,000ක් පමණ වන සියලුම නිලධාරීන්ගේ ගෙවතු වගා කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිතමු ගොවි කාන්තා සමිති යටතේ රටේ කාන්තාවන් ලක්ෂ 05ක් සිටිනවා.මේ කාන්තාවන් ලක්ෂ 05ක් තමන්ගේ ගෙවතු වගා කරන්න ආරම්භ කරනවා. පුරන් කුඹුරු තිබුණා ඒක ලක්ෂ තිස්දහසක්. ඒ පුරන් කුඹුරු වගා කරවන්න අපි සූදානම්. මේ වනවිට විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපි ආරම්භ කරලා තියෙනවා. බඩඉරිඟු හෙක්ටයාර් 80,000ක් වගා කරන්න, ඉපනැල්ල වගා කරන්න, තුන්වැනි කන්නය වගා කරන්න, මේ රටේ ගොවිජනතාවගේ ආර්ථිකය දෙගුණ කරන්න සියලු සැලසුම් හදලා ක්‍රියාත්මක කරමින් යනවා. මේ වගා සංග්‍රාමය රටේ රාජ්‍ය නායකයාට පමණක් කරන්න බෑ. ආණ්ඩුවට පමණක් කරන්න බෑ. සියලු ගොවි මහත්වරු මේක හදවතට ගත යුතු වෙනවා. මේක ජාතික වැඩපිළිවෙළක්, ජාතික සංග්‍රාමයක්, අනාගත ආයෝජනයක් කියලා හිතාගෙන ජාති ආගම්, කුල මළ බේදයකින් තොරව, පක්ෂ භේදයකින් තොරව සියලු ජනතාව වගා කිරීම ආරම්භ කළ යුතුයි. වගා කිරීම ගොවියාට පමණක් සීමා නොකර මල් පැළයක් වෙනුවට ආහාර භෝගයක් වගා කරන ලෙසට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අයට කාලය, දැනුම නැත්නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම්” යැයිද පැවසීය.වප් මඟුල් කටයුතු අවසන් වීමෙන් අනතුරුව ගෙවිලියන් ගෙන එනු ලැබූ ඇඹුල ගොවි ගෙදරදී ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයන් විසින් රස බැලීමට ද එක්විය.මෙම උත්සවය අමතමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ද අදහස් දැක්වීය.මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළුව පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ යන මහත්වරු ද උතුරු මැද පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ. | පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එකපාරම ලොකු තැනට යාම හොඳ නෑ | 0 |
hp_train_0263 | (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)ජනාධිපතිවරයාගේ යෝජනාවක් පරිදි ස්ථාපිත කිරීමට නියමිත බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සහ ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව යන විශේෂ කාරක සභා දෙකට අදාළ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවේ වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදරිපත් කළේය.මෙම කාරක සභා දෙකේ, බලතල සහ කාර්යයන් මෙම වාර්තාවට ඇතුළත් වේ.ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව 2022 නොවැම්බර් 16 වන දින රැස්වූ අතර එහිදී මෙම කාරක සභා දෙකස්ථාපිත කිරීම සහ ඊට අදාළ ස්ථාවර නියෝග පිළිවෙළින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 122 සහ 123 වශයෙන් සංශෝධිත ස්ථාවර නියෝගවලට ඇතුළත් කිරීම අනුමත කළේය. | ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පිහිටුවයි | 0 |
hp_train_0264 | (ඩී.ජී.සුගතපාල) මන්ත්‍රීවරුන්ගේ මේස මත, සභාව ආරම්භ වීමට පෙර තබා තිබු ලිපියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කරුණු විමසීම හේතුවෙන් අද (20) පැවති ගාල්ල මහ නගර සභා රැස්වීම එකම ගාල ගෝට්ටියක් බවට පත්විය. නගරාධිපති ප්‍රියන්ත සහබන්දු(පො.පෙ) මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. සභාව ආරම්භයේදිම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් ගමගේ මහතා ලිපියක් සභාවට පෙන්වමින් එය මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා ඇති බවත් එය තබා ඇත්තේ කවුරුන්දැයි යනුවෙනුත් විමසා සිටියේය. මෙය බරපතල දෙයක් බවත් බෝම්බයක් වුවත් මේ ලෙස තබා යාහැකි නිසා මේ පිළිබඳ සොයා බලන ලෙසත් ඉල්ලා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපය විවේචනය කරමින් මන්ත්‍රීවරුන්ගේ මේස මත එම ලිපිය තබා තිබිණී. මෙහිදි නගරාධිපතිවරයා මෙම ලිපිය ගෙනැවිත් තබන ලද පුද්ගලයා සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බව කියා නිහඬව සභාව පවත්වා ගෙන යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ජනතා විමක්ති පෙරමුණේ සුනිල් ගමගේ කතා කරමින් තමන්ට කතා කිරීමට අයිතියක් තිබෙන බවත් මෙවැනි ලිපියක් සභාව ආරම්භයට පෙර මේස මත ගෙනැවිත් තැබීම බරපතල දෙයක් බවත් කියා සිටියේය. මෙහිදි පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය. පසුව මෙයට විරෝධය පළ කරමින් තමන් පිටව යන බව පවසා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරිය සභා ගැබෙන් පිටවු අතර එම අවස්ථාවේ සභාවේ සිටි අනෙක් මන්ත්‍රීවරු එම තිදෙනාට හූ කියන්නට වුහ.පසුව එම තිදෙනා සභා ගැබෙන් පිටතට පැමිණි අවස්ථාවේ පිටත සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු සමග ද වචන හුවමාරුවක් සිදු විය. | ගාල්ල මහ නගර සභා රැස්වීමේ ගාල ගෝට්ටියක් | 1 |
hp_train_0265 | බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි..විශේෂයෙන් කඳුකර ප්‍රදේශවලින් සහ අවට මුහුදු ප්‍රදේශවලන් හමන තද සුළං බලාපොරොත්තු විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 17/06/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34268555අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30269075විටින් විට වැසි.ගාල්ල30269075විටින් විට වැසි.යාපනය32278070වැසි ස්වල්පයක්.මහනුවර29229575විටින් විට වැසි.නුවරඑළිය20149575විටින් විට වැසි.රත්නපුරය31249575විටින් විට වැසි.ත්‍රීකුණාමළය35278555අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570වැසි ස්වල්පයක්. | ‘නිරිත දිග මෝසමෙන් නිරිත දිගට වැසි‘ | 0 |
hp_train_0266 | (නිමල කොඩිතුවක්කු)ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකෙන් ජනතා අභිලාෂයන් ඉටු කරනවා වෙනුවට රාජපක්ෂවරුන්ගේ සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතා ඉටු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කොළඹදී අද(2) පැවසීය.ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකේ බලය උපයෝගී කරගනිමින් රටට නව දේශපාලන ගමනක් ආරම්භ කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.වත්මන් ආණ්ඩුවේ මෙන්ම හිටපු ආණ්ඩුවේ හොරුන්ට දඩුවම් කිරීම ප්‍රමාද කිරීම ගැන සමගි ජන බලවේගය විමතියට පත්ව සිටින බවද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මයන්ත දිසානායක මහතා මෙසේ ද කීය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්ව මාස දහයක් ගත වනවා. ඒ අවස්ථාවේදී අපේ ආණ්ඩුව ඉවත් වෙමින් අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් පත් කරමින් රටේ පාලනය කිරීමට ජනාධිපතිතුමාට අවස්ථාව අපි ලබා දුන්නා. නව අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර රටට අවශ්‍ය මුදල් වෙන්කර ගන්නා ලෙසත් අපි දැනුම් දුන්නා. නමුත් ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස මුදල් වෙන් කර ගනිමින් ඔවුන් රටේ පාලනය ගෙන ගියා.කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය විනාශ කිරීම ගැනත් අපි අපේ විරෝධය මතු කළා. ඒ වගේම පුත්තලම පරිසර පද්ධතියට සිදු කරල තියෙන විනාශයක් සිංහරාජ වනාන්තරයට සිදු කරලා තියෙන විනාශය පිළිබඳ අපි විශාල හඬක් නැගුවා. ආණ්ඩුව තමන්ට ලැබුණු තුනෙන් දෙකේ බලයෙන් ජනතා අපේක්ෂා ඉටු කරනවා වෙනුවට තමන් සහ තමන්ගේ මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතා ඉටුකරදෙමින් සිටිනවා.ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනිකුත් පක්ෂවල ඉන්න මැති ඇමතිවරු සන්තෝෂයෙන් තියා ගන්නත් ආණ්ඩුව අද කටයුතු කරමින් යනවා. මේ සියල්ලටම පලිහක් වෙලා තියෙන්නේ අද තමන්ට ඡන්දය දීපු ජනතාවයි.මේ ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ජනතා විරෝධී කටයුතු වලට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව වගකිව යුතු පක්ෂයක් විදියට අපි කටයුතු කරනවා.ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඒ කණ්ඩායම මේ රටේ පාලන බලය ගෙන යන ආකාරය පිළිබඳව අපි ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.අද ආර්ථිකය කඩාගෙන වැටිලා. උද්ධමනය 6.1 ත් 6.3ත් අතර දෝලනය වෙනවා. ආර්ථික වර්ධන වේගය සෘණ මට්ටමට අද ඇවිත් තියෙනවා. බඩු මිල දවසින් දවස අහස උසට නගිනවා.මහබැංකු චෝදනාව පිළිබඳව තවමත් කතා කරනවා විතරයි. ඒ හොරු ටික අල්ලන්න කියලා මේ ආණ්ඩුවට අපි ඉතා පැහැදිලිව කියනවා. පිරිසුදු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉන්න සමගි ජනබලවේගයේ අපි ආන්ඩුවේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්ව සිටිනවා.මේ ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මේ රටේ අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න. ඒ බලය යොදාගනිමින් රට විනාස කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.අපේ මහගෙදර වෙච්ච එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ ගැන අපි කණගාටු වෙනවා. මේ සතිය තුලත් එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පත් කරනු ඇතැයි කියා මම හිතන්නේ නැහැ.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය :19 අහෝසි කිරීම ගැනත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැනත් නොයෙකුත් කතන්දර මේ දිනවල කියවෙනවා. ප්රජාතන්ත්රවාදී අතින් රටට යහපතක් සිදු වුණොත් ඒ 19 වන සංශෝධනය නිසා කියලා මම විශ්වාස කරනවා.රාජපක්ෂ පාලන සමයේ වචනයට පමණක් සීමාවුනු ප්රජාතන්ත්රවාදය ක්‍රියාවෙන් ඔප්පු කිරීමට හැකි වුණේ දහනවවන සංශෝධනය නිසයි.රටේ ජනතාවගේ සිට මාධ්‍යවේදීන් දක්වා 19 වන සංශෝධනයෙන් විශාල නිදහසක් ලැබුණා. 19 තිබියදීත් රාජපක්ෂ පාලනය යටතේ මාධ්‍යවේදීන්ට අද විශාල බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා. 19 අහෝසි කළොත් මාධ්‍යවේදීන්ට රටවැසියන්ට විපක්ෂයේ පිරිස් වලට කුමක් සිදුවේවි ද කියලා අපිට හිතාගන්නවත් බැරි වේවි. ඒ නිසා මේ ගැන අවධානයෙන් ඉන්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. | තුනෙන් දෙකෙන් රාජපක්ෂවරුන්ගේත් ආණ්ඩුවේත් අවශ්‍යතා ඉටු කරනවා | 1 |
hp_train_0267 | ( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (26) සභා වාරයට සහභාගිවීම සඳහා විරෝධතා පුවරු රැගෙන සභා ගැබට පැමිණීමත් සමඟම සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා සභාව අවසන් කර අනෙකුත් මන්ත්‍රීවරු සමඟ සභා ගැබෙන් පිටවී ගියේය.විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස විරෝධතා පුවරු අතැතිව පැමිණ මද වේලාවක් සභා ගර්භය තුළ විරෝධතාවය යෙදීමින් සිටියදී විපක්ෂ නායක දර්ශන පීරිස් මහතා සභාපති පුටුවේ අසුන්ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස සමග විනාඩි කීපයක් සභාව පැවැත්වීමට පියවර ගත්හ.විරෝධතාකරුවෝ ප්‍රාදේශීය සභාවේ තල් පිටි බද්ද උප කාර්යාලයට පැමිණෙන මාර්ගය අවහිර කරමින් බිම වාඩිවී , විරෝධතාවක නියැලී සිටි අතර සභා වාරය ආරම්භ කිරීම සඳහා තල් පිටි බද්ද උප කාර්යාලයට සභාපතිවරයා සහ පාලක පක්ෂයේ මන්ත්‍රීවරු රැගත් කැබ් රථයට මෙන්ම ලේකම්වරයා සහ අනෙකුත් නිලධාරීන්ට පැමිණි වාහන වලට ද ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන ලදී .අනතුරුව සභාපතිවරයා ප්රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පැමිණි වාහන වලින් බැස මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ හඬ නගමින් තල පිටි බද්ද උප කාර්යාලය වෙත පා ගමනින් ගොස් සභාව ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.අනතුරුව විරෝධතාවේ යෙදුණු විපක්ෂයේ මන්ත්‍රීවරු විනාඩි 45කට පමණ පසු සභා ගැබට විරෝධතා පුවරු රැගෙන කඩාවදින අවස්ථාවේදී සභාපතිවරයා සභාව අවසන් කරන බව දැනුම් දීමත් සමගම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිය අසුන් වලින් නැගිට පිටවී ගියහමෙහිදී විපක්ෂයේ විරෝධතාවයට සහභාගී නොවී සිටි එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජනය කරන මහේෂ් කොතලාවල,චම්පා කන්නන්ගර ,හා දයා නන්දනි ,මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒ ජේ එම් සිම්සාර් යන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සභා ගැබෙන් පිටවී පිට වී ගිය අතර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් සිටින රොෂාන් රාජිත මෙන්ම නව වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් සිටින බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සරත් ආර් රණසිංහ මහත්වරු ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිට අනතුරුව සභා ගැබෙන් පිටවී ගියහ. | විරෝධතා පුවරු ඔසවාගෙන හා කළු පටි පැළඳ මන්තීවරු සභාවට එති | 0 |
hp_train_0268 | බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. | ‘ස්ථාන කීපයකට අද රාත්‍රී වැසි‘ | 0 |
hp_train_0269 | (අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“විදේශ පුරවැසියෙකු ලංකාවේ ජනපති වුවහොත් විදෙස් රටවල් කියන පදයට නටන්න සිදුවෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.“ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නැති සෑම උපාධිධාරියෙකුටම රැකියා දෙන බව”ද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් වෙනුවෙන් ඇපයක් සහ පොලී නැතිව රුපියල් ලක්ෂ තුනක ණය මුදල දෙන්නේ යැයි”ද කීවේය.නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුයේ මාවනැල්ල, ගම්පොල, අරණායක, රඹුක්කන සහ පොල්ගහවෙල පැවැති ජන රැලි අමතමිනි.ජනරැලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මාව අපේක්ෂක ලෙස පත් කරන්න බෙල්ල තියපු කෙනකු තමයි කබීර් හෂීම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවද කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 වැනිදාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹලා, තිබෙනවාට වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාව අතරට මා ගේනවා.මාවනැල්ල පුරවරයේ ඉඩම්, නිවෙස් නැති විශාල පිරිසක් ඉන්නවා. රටේ නිවාස වැඩපිළිවෙළ අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 වැනි දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දී රටට සෙවණ දෙන වැඩපිළිවෙළ රටටම ක්‍රියාත්මක කරනවා.රබර් ආර්ථිකයක් ස්වයං රැකියා ආර්ථිකයක් වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි තිබෙනවා. මේ ආර්ථිකවල කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මූල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහළ තලයට ගෙනෙන්න කටයුතු කරනවා.අලුත්නුවර පූජා භූමිය සංවර්ධනය කළේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙනුයි. මේ වනවිට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මෙරට ජනාධිපති ලෙස අලුත්නුවර උතුම් පුදබිම අංගසම්පූර්ණව වැඩි දියුණුකර ඉතිරි වැඩ කොටසත් නිමා කරනවා.ජාතික වශයෙන් අප දැවැන්ත වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි-වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවිය යුතුයි. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහන ද යළිත් ක්‍රියාත්මක කරනවා.කෙටි කාලය තුළ මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා. මගේ පියා තමයි, පාසල් දරුවන් ලක්ෂ 43කට දිවා ආහාරය හා නිල ඇඳුම් දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාට දරුවන් වෙනුවෙන් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ලබන 16 වැනිදා ජනාධිපති වූ පසු මා නිල ඇඳුම් කට්ටල දෙකක්, දිවා ආහාර වගේම සපත්තු ජෝඩුවකුත් දෙනවා.ඇයි පාසල් දූ-දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ? දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත්-බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගෙන්න ඕනෑ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහිවෙන්න නම් දරුවන් පාසල් යන්න උනන්දු කළ යුතුයි.මගේ ප්‍රතිවාදියෝ මේක මුදල් නාස්තියක් කියනවා. නුඹලාට කෝටි ගණනක් ණය ගිනිපොළියට ගෙන නෙළුම් කුලුණ නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුණා නම් මා පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න පැකිළෙන්නේ නැහැ.සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්රදේශයක්ම මූලික කරගෙන කර්මාන්තපුර අරඹනවා. කර්මාන්ත පුරවර වැඩසටහන තුල යොවුන් පරපුරට රැකී-රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට යන ඍජු විදේශ ආයෝජන අපේ මාතෘභූමියට රැගෙන එනවා.යොවුන් පරපුර ලොකුවට ඩිජිටල් විප්ලවය ගැන කතා කරනවා. එය කතාවට පමණක් සීමා නොකර මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා. ඒවායේ බයෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා - සාක්ෂරතාව වැනි දැනුමද ලබා දෙනවා.මේ විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මේ උද්‍යානයන්හි ආරම්භ කරනවා.තරුණ ප්රඥප්තියක් මා එළි දැක්වූවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට මා එළැඹුණා. කාන්තාවන් සමඟ කාන්තා ප්රඥප්තියට එළැඹුනා. කාන්තා ප්රඥප්තියේ තිබෙන්නා වූ සියලුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න මා කටයුතු කරනවා.ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු-මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝදාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැක බලා ගන්නවා.රටේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීමට එහි වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙනවා. සුදුස්සාට සුදුසුතැන මා දෙනවා.ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයත් සුනුවිසුණු කරනවා. ත්රස්තවාදීන් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් ද විනාශ කරනවා. ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, ළමා අපචාරකරුවන් විනාශ කර යුක්තිගරුක-විනයගරුක ශිෂ්ඨසම්පන්න ජන සමාජය බිහි කරනවා.මේ කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමඟ වාද කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෙහෙම වාද-විවාද කළාම ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත්වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරු හරි ලියා දුන්නු එකක් ද කියා බලා ගත හැකියි. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තිබෙනවාද, දැනුම තිබෙනවාද, මොළයක් තිබෙනවා ද බුද්ධියක් තිබෙනවාද කියලා ඔක්කොම හොයා බලන්නත් පුළුවනි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස මගේම දර්ශනයයි. වෙන කව්රුවත් ලියපු එකක් නොවෙයි. හැම එකක්ම ප්‍රසිද්ධ විවාදයක් තියා බලන්න පුළුවනි. අපේ හිතවත් මාධ්‍යයට ඒ වෙලාවට කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්වන්නත් පුළුවනි. එතකොට ටෙලිප්‍රෝම්ටර් එකේ වීදුරු කෑලි එහාට-මෙහාට යනවා බලා ගන්නත් පුළුවනි. මට නම් ටෙලිප්‍රෝම්ටර්වලින් කතා කර පුරුදු නැහැ. මොකද, සියලු කරුණු මගේ ඔලුවේ තිබෙනවා. හැබැයි ප්‍රතිවාදියා තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.කොහේ විවාද කරන්න බැරි වුණත් ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මා කැමැතියි. තනිවම එන්න අකමැති නම් ළඟපාත තිබෙන කිහිළිකරු අත්වාරු ටික ගෙන එන්න පුළුවනි.ඕනෑ නම් හිටපු ජනාධිපති අයියාවත් අඬ ගහගෙන එන්න.හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි. ඕනෑ නම් රුපියල් 2500න් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයත් ගෙන එන්න. එහෙමත් බැරිනම් පවුල් ගහම ගෙන එන්න. එය පන්දාහද, පහළොස් දාහද, විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.මාවනැල්ල නගරයේ තනිව සිට දහ දාහද, විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න මා ලෑස්තියි. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායක ලෙස මා කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම දෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවාදෙන්නේ නැහැ.මගේ ඔලුවට කරපිටට වෙනත් රටවල නීති-රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තිබෙනවාද කියලා කියන්න මා දන්නේ නැහැ. කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඔයා අපේ රටේ පුරවැසියේ ලෙස හිටියා, දැනුත් ඉන්නවා ඔයා අපේ රටේ නීතිරීතිවලට අනුව ඉන්න ඕනෑද කියා සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් කරන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.රට තුළ ත්‍රීරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක් පොලිය නැතුව ලක්ෂ 3 ක ණය මුදල දෙනවා.පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක පවතිනවා. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථමවරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ද දෙනවා.රණවිරු සුබසාධන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පෞද්ගලිකව මා සොයා බලනවා. රැකියා නැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා දෙනවායැයි” සජිත් ප්‍රේමදාස මහතා කීවේය.එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා -“අප වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කළේ ජනතාව රජ කරවන්නයි.ගෝඨාභයගේ කඳවුර දෙස බලනවිටත් හිරිකිතයි. ඒ කඳවුර අලුතින් තීන්ත ගෑ හිර ගෙදරකට සමානයි. ඒ කල්ලිය ජාතිවාදය අවුලවමින්, ජනතාව කොටවමින් ඡන්ද ගන්න උත්සාහ කරනවා.මහින්ද අද උතුරට වෙන කතාවක් කියා දකුණට ඇවිත් තව කතාවක් කියනවා. මේ දේශපාලනය තේරුම් ගත යුතුයි”.මහනුවර රණවිරු සමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -“යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා බොහෝ දෙනෙකු කීවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය දිනන්න පුළුවන් බව කිව්වා. ගම්වල තරුණයන් තම ජීවිතය පූජා කර යුද්ධය ජයග්‍රහණය කළා. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පිංකමක් බව බුද්ධ ධර්මයෙහි පවා සඳහන් වෙනවා.රණවිරුවන් ගැන විවිධ අර්ථකතන මාධ්‍ය දෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් යුද්ධ කළේ වැටුප බලා ගෙනම නොවෙයි”.කොළඹ පැවැති ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ සමුළුව ඇමතූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -“නොවැම්බර් 17 වැනිදාට හිරු උදාවන විට රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතායි.නිදහස් මාධ්‍ය ව්‍යපාරය සමඟ මා 1980 වසරේ සිට සම්බන්ධ වී කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ විවිධ අවශ්‍යතා, පහරදීම්, ආදි සියල්ල වෙනුවෙන්ම එදා මුලින්ම පාරට බැස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උදවියයි.පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින් මාධ්‍යවේදීන් මර්දනය කළා. ඒ යුගයේදී මාධ්‍යව්දීන් කී දෙනෙකුට ජීවිත අහිමි වුණාද? මාධ්‍යවේදීන් කී දෙනෙකුගේ අතපය අහිමි වූවාද? මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ මාධ්‍ය මර්දනය ද අපගේ ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහසක් දුන්නා. දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. ඇතැම් මාධ්‍ය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන කතා කරනවා වෙනුවට තවමත් රාජපක්ෂ රෙජිමයට ගුණ වයමින් සිටිනවා”.දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුද කතා කළහ.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති එඞ්වඞ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි ද සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. | “කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි රටක් හදනවා“ | 0 |
hp_train_0270 | (රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් තුනක් අඩි දෙක බැගින් ඊයේ (15) සවස සිට විවෘත කර ඇත.ඊයේ දිනයේදී ජලාශය නැවතත් පිටාර මට්ටමට පැමිණි බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.දොරටු තුන විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 4200 ක ජල පරිමාවක් දැදුරුඔයට මුදාහැරේ. මෙම තත්වයෙන් දැදුරුඔය පහල ප්‍රදේශවලට කිසිදු ගංවතුර තත්ත්වයක් ඇති නොවන බවද වාරි ඉන්ජිනේරුවරයා කීය.ඊයේ රාත්‍රියේ දැදුරුඔය ඉහල ප්‍රදේශ වලට දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම ජලය ජලාශයට එක්වීමත් සමග ඉදිරි පියවර ගන්නා බව වාරියපොල ප්‍රාදේශීය වාරි ඉන්ජිනේරු කාර්යාලය කියයි. | දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කෙරේ | 0 |
hp_train_0271 | (රොමේෂ් මධුෂංඛ)උතුරු පළාතට බලපා ඇති වර්ෂාව සමඟ ජල ගැලීම් වලින් මේ වන විය සාමාන්‍ය වැසියන් පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64,448 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි. විපතට පත් ජනතාවගෙන් පවුල් 2611 කට අයත් පුද්ගලයින් 8478 දෙනෙකු උතුරේ දිස්ත්‍රීක්ක පහේ පිහිටුවා ඇති ආරක්ෂිත කඳවුරු 56 ක රඳවා ඇති අතර වර්ෂාපතනය හා ජල ගැලීම් හේතුවෙන් නිවාස අර්ධ හානි 319 ක් හා පූර්ණ හානි 6ක් හානි වී තිබේ. උතුරේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එය පවුල් 9297 කට අයත් පුද්ගලයින් 30,020 දෙනෙකු විපතට පත්ව ඇති අතර විපතට පත් ජනතාව ආරක්ෂිත කඳවුරු වෙතට රැගෙන ඒම හා සහන සැලසීමට මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මියගේ අධීක්ෂණයෙන් ආපදාකලමනාකරන නිලධාරින් හා මුලතිව් ආරක්ෂ සේනා ආඥාපති මේජර් ජෙනරල්ජයන්ත සෙනවිරත්න මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විසින් දායකත්වය ලබා දෙයි. එමෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවුල් 7225 කට අයත් පුද්ගලයින් 23,344 දෙනෙකු විපතට පත්ව ඇති අතර විපතට පත් ජනතාව වෙනුවෙන් කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතාගේ අධික්ෂණයෙන් ආපදාකලමනාකරන නිලධාරීන් හා කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාව දිවා රාත්‍රී සේවයේ යොදවා ඇත. ඊට අමතරව යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 1858 කට අයත් පුද්ගලයින් 6298 ක්ද මන්නාරම් දිස්ත්‍රීක්කයේ පවුල් 1051 කට අයත් පුද්ගලයින් 3478 ක්ද වවුනියාව දිස්ත්‍රීක්කයේ පවුල් 400 කට අයත් පුද්ගලයින් 1308 ක්ද විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන කාර්යාල මගින් පෙනවා දෙයි.වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ ප්‍රදේයන්හි පිහිටි වැව් වාන්දැමීම හේතුවෙන් වන අතර පහත්බිම් වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දැනුම් දී ඇත. | ජල ගැලීම් වලින් උතුරේ පවුල් 198,831 අවතැන් | 1 |
hp_train_0272 | (රංජිත් රාජපක්ෂ) බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ ඉහළ කොටසේ තේ වත්තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් 15 දෙනෙකු අද(18) බඹරු ඇනීමෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇත. තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකුගේ තත්වය බරපතල බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසුවේය. තුවාල ලැබූවන් අතර, කාන්තාවෝ 13 දෙනෙක් සහ වතු කම්කරුවන් දෙදෙනෙක් සිටිති. බගවන්තලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි. | බඹරු ඇනීමෙන් වතු කම්කරුවන් 15ක් රෝහලේ | 1 |
hp_train_0273 | (ඩයනා උදයංගනී)ප්‍රදේශ රැසකට අද (24) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.උතුරුමැද පළාතේ මද වැසි ඇතිවන බව ද ඔහු කීවේය.දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් තරමක තද සුළං ඇතිවන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ,උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 60 පමණ වේගවත් සුළං ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.(ඩයනා උදයංගනී) ප්‍රදේශ රැසකට අද (24) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. උතුරුමැද පළාතේ මද වැසි ඇතිවන බව ද ඔහු කීවේය. දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් තරමක තද සුළං ඇතිවන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ,උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 60 පමණ වේගවත් සුළං ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. | පළාත් පහකට අදත් තද වැසි | 0 |
hp_train_0274 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 479 දෙනකු අද(28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,84,586 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. | අලුත් කොරෝනා රෝගීහු 623 ක් | 0 |
hp_train_0275 | 2011 දී ගෘහ සේවිකාවක ලෙස සිංගප්පූරුවට ගිය ශ්‍රී ලංකා තරුණියක් ඉන් වසර පහළොවකට පමණ පසුව සාර්ථක ව්‍යාපාරිකාවක් බවට පත්වී ඇතැයි සිංගප්පූරුවේ පළවන ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි.සිය දෙමාපියන්ගේ වියෝවෙන් පසු අනාථ නිවාසයක වාසය කළ නිලූෂිකා ජයවීර (36) දිරිය තරුණිය මුලින්ම සිංගප්පූරුවට පිවිසෙන්නේ සිය ජීවිකාව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහායි.නමුත් ඇය සිය දිවිය නව මානයකට යොමු කරමින් සිංගප්පූරුවේ ව්‍යාපාරිකාවක බවට පත්වූවාය. එසේම ඇය සිංගප්පූරුවේ විවිධ අවස්ථාවලදී ධනාත්මක චින්තනය පිළිබඳ හා ව්‍යවසායික ක්ෂේත්රයන් හි දේශනද පැවැත්වූවාය. නිලූෂිකා ශ්‍රී ලංකාවේ තේ වතුවලින් ලබාගන්නා තේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නීය. එසේම ඇයට ඒ සඳහා 500ට අධික ජාත්‍යන්තර ගැනුම්කරුවෝ සංඛ්‍යාවක් සිටිති.සිංගප්පූරුවේ පැවැති ටී.ඊ.ඩී නම් වැඩසහටනකදී ඇය සිය ජීවිත කතාව පිළිබඳව දැක්වූ අදහස් සිංගප්පූරු මාධ්‍ය ඉහළ වටිනාකමකින් වාර්තා කළේය.මෙම වැඩසටහනේ දේශකයන් ලෙස නිලූෂිකාට අමතරව ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වන බිල් ගේට්ස්, හිටපු ඇමෙරිකා උප ජනපති අල් ගෝ හා පර්යේෂක ජේන් ගුඩාල් සහභාගිවී සිටියහ.දෙමාපියන්ගේ වියෝවෙන් පසුව තම කුඩා සහෝදර සහෝදරියන් සිවු දෙනකු ජීවත් කරවීමට ඇය තෝරා ගන්නේ සිංගප්පූරු ගෘහ සේවයයි. සිංගප්පූරුවේ ගත කළ කාලයේදී ඇය අයිඩා නම් රාජ්‍ය නොවන සංවිධානයකට එක්ව තම මුදල් කළමනාකරණය කරගන්නා අයුරු හා ව්‍යාපාරයක් ආරම්භ කරන අයුරු ඉගෙන ගත්තාය.සිය දැනුම වර්ධනය කරගැනීමට ඇය මූල්‍ය සාක්ෂරතාව, ව්‍යාපාර හා නායකත්ව ගුණාංග පිළිබඳව හැදෑරීම් කළාය. ඉන් අනතුරුව ඇය සිය සැමියා සමග එක්ව ක්‍රමයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කළාය.ඇය ශ්‍රී ලංකාවේ සිටින ගැමි කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ද කටයුතු කළාය. ඒ සඳහා ඇය රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඇති අතර ඒ හරහා ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය පිළිබඳව කාන්තාවන්ට උගන්වන්නීය. එසේම දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට ද උදව් කරයි. | මෙහෙකාරකමට ගිහින් ලොවම දිනයි | 0 |
hp_train_0276 | දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.ඉදිරි දින වලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපෙක්ෂා කළ හැක.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.2015 ජනවාරි මස 10 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වය තව දුරටත් පවතී.සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.කන්කසන්තුරේ සිට පුත්තලම සහ මන්නාරම හරහා ගාල්ල දක්වා සහ මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං විටෙක පැ. කි. මී. 50-55 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology). | ‘වැසි රහිත කාලගුණයක්‘ | 0 |
hp_train_0277 | කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (14) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 251 කි.ගාල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක්ද, දුම්මලසූරිය, ගල්ගමුව සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචි 47, 72 සහ 53 හැවිරිදි පිරිමි පුද්ගලයන් තිදෙනෙක්ද මිය ගිය අය අතර වෙති. | කොරෝනා මරණ සංඛ්‍යාව 250 පසුකරයි | 1 |
hp_train_0278 | (ඩී.කේ.රත්න)කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ තුනක් පමණ වන වියළි ගංජා කිලෝ ග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් අද (02) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලිසිය පැවසීය.කොස්ලන්ද මහලන්ද පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් මෙම ගංජා සමඟ අත්අඩංගුවට ගෙන ඇත.අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගැණුම්කරුවකුට අලවි කිරීම සඳහා රැගෙනයමින් තිබූ මෙම ගංජා තොගය සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සහ ගංජා තොගය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොස්ලන්ද පොලිසියට බාරදී තිබේ. | ලක්ෂ තුනක ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට | 1 |
hp_train_0279 | ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල සහ රට අභ්‍යන්තරයේ අද සහ හෙට දිනවලදී විටින් විට පැයට කිලෝ මීටර් 50-60 පමණ තද සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් ස්ථාන ස්වල්පයක මද වැසි ඇති වුවත් බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 11/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34238545ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36258055සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ31268065වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල28259080වැසි ස්වල්පයක්යාපනය31277565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30249055සිහින් වැසි වාර කිහිපයක්නුවරඑළිය19139080ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය31239560වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය3624 8040සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම30268070ප්‍රධාන වශයෙන් වැසි රහිත | ‘අද සහ හෙට මුහුදේ තද සුළං‘ | 0 |
hp_train_0280 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 529දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,60,134 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 471 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,28,400 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. | කොවිඩ් ආසාදිතයන් තව 538ක් | 0 |
hp_train_0281 | ( ටෝනි කරුණානායක) බිමත්ව රිය ධාවනය කිරිමේ වරද පැහැදිලි කර එම රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් ට පහරදිමට තැත් කර පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ සැකකරු 27 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය අද ( 23) නියම කළාය. කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කරන ලද මිගමුව තිබිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි එන්.ජි.සම්පත් කුමාර නැමැති සැකකාර යතුරු පැදිකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි . කටුනායක පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අද (23)අලුයම කටුනායක කෝවින්න ප්‍රදේශයේ පිහිටි පාලම අසළ මාර්ග බාධක යොදා වාහන පරික්සා කරන අවස්ථාවේ සැකකරු යතුරු පැදි යකින් පැමිණ ඇති බවත් සැකකරු සන්තකයේ රියදුරු බලපත්‍රය හෝ යතුරු පැදි යට අදාළ බලපත්‍ර කිසිවක් නොතිබු බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය . සැකකරු බිමත්ව සිටින හෙයින් සැකකරු ට වරද කියාදිඅත්අඩංගුවට ගැනීම ට සුදානම් වු අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින් ට පරුෂ වචනයෙන් බැනවැදි පහරදී මටතැත් කර පොලිස් නිලධාරීන් ව තල්ලුකර පලායාමට තැත්කරමින් එම පොලිස් නිලධාරීන් ගේ රාජකාරියට බාදා කර ඇති බව පොලිසිය අධිකරණ ය හමුවේ වැඩිදුරටත් පැවසිය . | බුද්ධි අංශ නිලධාරියකු ලෙස පෙනී සිටි අයෙක් රිමාන්ඩ් | 0 |
hp_train_0282 | (ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 124 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 1172 දරන මෙම ගුවන් යානය අද උදෑසන 9.10 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගියේය.මෙම ගුවන් යානයෙහි කිසිදු ගුවන් මගියෙකු ගමන් නොගත් අතර ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 08 දෙනෙකු පමණක් එහි ගමන් ගත්හ.ලොව පුරා ගුවන් ගමන් අත්හිටුවා ගුවන් තොටුපළවල් වසා දමා ඇති තත්වය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් යානය තම ආපසු ගමන සඳහා ද අවශ්‍ය වන ආහාර පාන මෙන්ම ඉන්ධන ද කටුනායක ගුවන් තොටුපළේ සිට රැගෙන යෑම සිදු කර තිබේ.මෙම ගුවන් යානය පෙරවරු 10.30 ට බැංගලෝර් වෙත ළගා වීමට නියමිත අතර එය දහවල් 12.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය. | ව්‍යාජ ගමන් බලපත් භාවිතා කළ තිදෙනකු අල්ලයි | 0 |
hp_train_0283 | ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතුනත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් ස්ථාන කිහිපයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 16/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36249040ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව32249060ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ33269060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.ගාල්ල32258065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.යාපනය34239555ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර34209040සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.නුවරඑළිය24069540සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.රත්නපුරය35249545සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.ත්‍රීකුණාමළය33239560ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම34239070ප්‍රධාන වශයෙන් වැසි රහිත | ‘ඉදිරියටත් වැස්ස නෑ‘ | 1 |
hp_train_0284 | (යොහාන් භාසුර)ලිට්රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1,257 කින් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,750 ක් බවට පත්වූ බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.මෙම මිල වැඩි වීමට පෙර ලිට්රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරයක් රුපියල් 1,493 ක මිලක පැවතුණි.ලිට්රෝ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 1,101 ක් බවට ද, කිලෝ 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ දැමීමත් සමඟ එම සිලින්ඩරය රුපියල් 520 ක් දක්වා ද, ඉහළ ගියේය.ලාෆ් ගෑස් සමාගමේ නිලධාරියකුගෙන් ඊයේ රාත්‍රී කළ විමසුමකදී පැවසුවේ එම සමාගම මේ දක්වා නව මිල තීරණය කර නොමැති බවයි. | ලිට්රෝ ගෑස් මිල ඉහළ යයි | 0 |
hp_train_0285 | (දියතලාව - ඩී.කේ.රත්න)බණ්ඩාරවෙල දෝව රක්ෂිතයේ අද (01) හවස ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 2ක භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක සහ සත්ව විශේෂ රැසක් ගින්නට හසුවීමෙන් විනාශ වී තිබේ.කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම හෝ විනෝදය හෝ සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි පොලිසිය සඳහන් කරයි.බණ්ඩාරවෙල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක යෙදී ඇතත්, පවතින වියළි කාලගුණික තත්වය සහ සුළං තත්වය හේතුවෙන් මෙම ගින්න රක්ෂිතය පුරා පැතිර ගොස් තිබේ.බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති. | දෝව රක්ෂිතයේ ගින්නක් | 1 |
hp_train_0286 | ක.ග කරුණාරත්න පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වැඩිම මන්ත්‍රී කොට්ඨාස සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජයග්‍රහණය කර තිබූ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය අද කටයුතු කළේය. සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා පත්කරගැනීමේ මංගල සැසිවාරය උතුරු මැද පලාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවේදී මුලින්ම සභාපති ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කවිඳු අබේසූරිය මහතාගේ නමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිමල් අධිකාරි මහතාගේ නමත් යෝජනාවූ අතර ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 10 ක් ලබා ගනිමින් එ.ජා.ප මන්ත්‍රීවරයා වැඩි ඡන්ද 05 කින් සභාපතිවරයා විය. ප්‍රතිවාදී අපේක්ෂක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් අධිකාරී මහතාට හිමි වූයේ ඡන්ද 05 ක් පමණි. වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ඒ.එම් සමන්ත බණ්ඩාර මහතා නිතරඟයෙන් තේරීපත්විය. වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 16 ක් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධූර 06 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 05 ක් සහ එක්ස්ත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 05 ක් වශයෙන් හිමිව තිබේ. | ලංකාපුර ප්‍රා.ස පුටුව එජාපයට | 0 |
hp_train_0287 | වැට් බදු ඉහළ යෑම අරබයා දිවයිනේ මතුවෙමින් පවතින විරෝධතා රජයේ අවධානය දිනාගැනීමට සමත්ව ඇති බවක් දැකගන්නට ඇත.අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ද වැඩි තැනක් වෙන්වූයේ මේ සම්බන්ධයෙන්ය.එහිදී අමාත්‍යවරුන්ට, ඔවුනොවුන් යොදාගෙන තිබෙන විදෙස් සංචාර වහා අවලංගු කර, තම තමන්ගේ ඡන්ද බල ප්‍රදේශවලට ගොස් මෙම විරෝධතා වලින් ඇතිවිය හැකි අයහපත් ප්රතිවිපාකයන් සමනය කරගැනීමට වගබලාගන්නා ලෙස ජනපති මෛතී‍්‍රපාල සිරිසේන උපදෙස් දුන්නේය.ජනපති සිරිසේන මෙම මාසය ඇතුළත ජන හඩට ඇහුම්කන් දුන්නේ පිට පිටම දෙවැනි වතාවටය.පළමු වතාවේ ඔහු සිවිල් සංවිධාන වල අදහස් විමසා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ධූර කාල දිගුවක් ලබාදීම වෙනුවට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කළේය.විවිධ කරුණු මුල් කරගෙන රට පුරා නැගෙමින් පවතින විරෝධතා එක්සත් ජාතික පෙරමුණු රජය හමුවේ ඇති නවතම අභියෝගය බවට පත්ව තිබේ.2011 වසරේ මැද පෙරදිග ඇතිවුණු අරාබි වසන්තය හා සමාන තත්ත්වයක් මෙරටද ඇතිවන්නට යන බවක් මෙම විරෝධතා වල ස්වභාවය අධ්‍යනය කිරීමේදී හදුනාගත හැකිය.මහින්ද රාජපක්ෂ සමයේ මෙන් නොව ඕනෑම පාර්ශවයකට නිදහසේ විරෝධතා වල යෙදීමට දැන් අවස්ථාව තිබෙන බව රජය පවසන්නේය.නමුත් එසේ යැයි කියා කිසිත් නොකර සිටීමට රජයට හැකියාවක් නැත.විරෝධතා පැවැත්වීමට මුල්වී ඇති කරුණු සැළකිල්ලට ගැනීමේදී පැහැදිලි වන්නේ වත්මන් පාලන කටයුතු ගැන ජනතාවගේ පැහැදීමක් නොමැති බවයි.එනිසා විරෝධතා පැවැත්වීමට නිදහස තිබෙනවායැයි එකිනෙකාට සුභපතා ගැනීමට රජයට දැන් කිසිදු හැකියාවක් නැත.යහපාලන න්‍යායන් අනුව ඇත්තෙන්ම සිදුවිය යුත්තේ විරෝධතා පැවැත්වීමට අවශ්‍යතාවක් නොමැති හෝ සුලූවෙන් පමණක් විරෝධතා පැවැත්වීමට සිදුව තිබෙන වාතාවරණයක්, රටේ ඇතිවීමය. බස්නාහිර පළාත - ජූලි 7 පානදුර, මීගමුව, මහරගම, කිරිබත්ගොඩ, ජූලි 8 - ජා ඇල, කලූතර, දකුණු පළාත - ජූලි 7 තංගල්ල, හුංගම, බෙලිඅත්ත, වලස්මුල්ල, වීරකැටිය, කටුවන, මිද්දෙනිය, ඇල්පිටිය, තිස්සමහාරාම, හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර, අම්බලන්තොට, ඌව පළාත - ජූලි 8 වැල්ලවාය, මධ්‍යම පළාත - ජූලි 8 නුවර, සබරගමුව පළාත - ජූලි 7 කුරුවිට, රත්නපුර, බලන්ගොඩ, ඕපනායක, නිවිතිගල, ගොඩකවල, කලවාන, ඇහැළියගොඩ, කිරිඇල්ල, රක්වාන, අස්ගම, වැලිගෙපොල, කෑගල්ල, ඇඹිලිපිටිය, උඩමලූව, වයඹ පළාත - ජූලි 7 කුරුණෑගල, නැගෙනහිර පළාත, ජූලි 8 අම්පාර, යනාදිය වැට් බදු ඉහළ යෑමට එරෙහිව ගෙවුණ දින කිහිපයේ පමණක් විරෝධතා පැවැත්වුණු ප්‍රදේශ වේ.පිළිතුරු දැක්වීමක් ලෙස එක්සත් ජාතික පක්ෂය බ්‍රහස්පතින්දා රත්නපුරදී රජය ඔවුන්ගේම විරෝධතාවක් සංවිධානය කළේය.රජයට එරෙහිව නැගෙන විරෝධතා පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය නම්, ජනතා විමුක්ති පෙරමුණද රජයට එරෙහිව අවි අතට ගෙන ඇති බවක් පැවැසිය හැකිය.දින හයක් පුරා දිවෙන විරෝධතා මාලාවක් එම පක්ෂය සංවිධානය කර තිබෙන අතර එහි අවසන් විරෝධතාවය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (10* දිනයේදීය. විරෝධතා මතුවෙමින් තිබෙන්නේ වැට් බදු ඉහළ යෑමට එරෙහිව පමණක් නොවේ.සිකුරාදා අලූයම හයිලෙවල් පාර අවහිර කළ කොස්ගම වැසියෝ සාලාව හමුදා අවි ගබඩා ගින්නෙන් විනාශ වූ තම නිවෙස් හා වෙනත් බඩු බාහිරාදියට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ,ඒ අය අපෙන් තොරතුරු අරගෙන, පොරොන්දු දීලා යන්න ගියා.අපි තවමත් බලාගෙන ඉන්නවා., නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ කොස්ගම වෙසෙන රජයේ නිලධරයෙක් පැවසූවේය.ගින්නෙන් ඔහුගේ නිවස හා පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල විනාශව ගොසිනි. අනෙක් පසින් වෙරළබඩ දුම්රිය මාර්ගය අවහිර කළ දකුණේ ධීවරයෝ ධීවර යාත්‍රා ගැඹුරු මුහුදට යොමු කිරීම පහසු වන සේ වෙරළ ආසන්නයේ ඇති ගල් කඩා දමන බවට මුලින් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.මේ හමුවේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවිය.ශී‍්‍ර ජයවර්ධනපුර සරසවි ශිෂ්‍යයෝ සිකුරාදා දිනයේදීත් නුගේගොඩ නගරයේ විරෝධතාවක නියැලූණහ. මෙම විරෝධතා වල අනිටු ප්‍රතිවිපාක කිහිපයකි.එයින් ප්‍රධානම වන්නේ නීතිය හා සාමය සුරැුකීමට පැවරී තිබෙන වගකීම පසෙකලා විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසියට මැදිහත් වන්නට සිදුව තිබීමය.බොහෝ විට කාර්යබහුල වේලාවන්හි දී පැවැත්වෙන මෙම විරෝධතා නිසා වටිනා කාලය නාස්ති කරමින් මහමග රැුදී සිටින පොදු ජනතාවට සිදුවන අපහසුතාවයන්ද ඊට දෙවැනි නැත. අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුවට ප්‍රථමයෙන් ජනපති සිරිසේන, සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා වෙළඳුන් කණ්ඩායමක් සමත විශේෂ සාකච්ඡුාවක් පැවැත්වූහ.වැට් බදු ඉහළ යාම ගැන වැඩි අවධානයක් යොමුවුනු මෙම හමුවේදී තමන් කිසිසේත්ම රාජ්‍ය විරෝධී නොවන බව අවධාරණය කර සිටි වෙළද පිරිස, ව්‍යාපාර වල මෙන්ම පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය තකා වැට් බද්දට සංශෝධන සිදුකරන මෙන් ඉල්ලා සිටින බව පැවසූහ.ජනපති සිරිසේන බලයට පත්කිරීමට රටේ ව්‍යාපාරික ප්‍රජාව විශාල මෙහෙයක් ඉටුකළ බව මුදල් ඇමැතිවරයා මෙම අවස්ථාවේදී පැවසුවේය.නමුත් පසුගිය පාලන සමයේ වැට් බද්ද සියයට 11 ක මට්ටමේ පැවති බවත්, මෙම රජය යටතේ එය ඉහළ නංවා ඇත්තේ සියයට 15 ක් දක්වා පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.හමුවට පසුව ජනපති සිරිසේන වැට් බදු ඉවත් කළ හැකි, බදු අලූතින් හදුන්වාදිය හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව දැනගන්නට ඇත.පෙට්‍රල් මිල සංශෝධනය කිරීමක් ඇතුලූ යෝජනා කිහිපයක් ජනපතිවරයාට ඉදිරිපත්ව තිබෙන අතර ඒවායින් කුමක් කි‍්‍රයාත්මක කෙරෙනු ඇතිද යන්න මෙම මාසය ඇතුළත නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය. වැට් බදු සංශෝධනය නිසා අහස උසට ගැන ඇති ජීවන වියදමද සාකච්ඡුාවට බදුන් විය.අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහතට ගෙන ආ හැක්කේ කෙසේදැයි සොයාබැලීමට විශේෂ කැබිනට් උප කමිටුවක් ඒ අනුව පත් කැරිණ.අපනයනකරුවන් ඔවුන්ගේ භාණ්ඩ වලට මිල නියම කරන ක්‍රමවේදය අධ්‍යනය කිරීමටත්, ඒ ඔස්සේ ඔවුන් තබාගන්නා ලාභය මදක් අවම කර එහි සහනය ජනතාව වෙත ලබාදීමට ඇති හැකියාව සොයාබැලීමටත්, මෙම කමිටුව කටයුතු කරනු ඇත.මුදල් ඇමැති කරුණානායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මලික් සමරවික්‍රම, රිෂාද් බදුර්ධීන් එහි සාමාජිකයෝය.තම තමන්ගේ ඡුන්ද බල ප්‍රදේශ වලට ගොස් ජනතාව ඉදිරිපත් කරන නව අදහස් මෙම කමිටුවට යොමුකරන ලෙසද ජනපතිවරයා සියලූම අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය. දිවයිනට ලැබී තිබෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති වල කටයුතු ඉක්මන් කිරීමෙන් නව රැුකියා අවස්ථා උත්පාදනය කිරීමට ඇති හැකියාවද අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡුාවට බදුන්විය.ව්‍යාපෘති විශාල ගණනක් දිවයිනට ලැබී තිබුණද, නිල වශයෙන්ම පත්කර ඇති ටෙන්ඩර් මණ්ඩලයක අනුමැතිය ඒවාට ලැබී තිබුණද, තවමත් එම ව්‍යාපෘති කි‍්‍රයාත්මකව නොතිබීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය.නිසි අධ්‍යනයකින් පසු වරද නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය පිරිස තීරණය කළෝය. පොළොන්නරුව නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමක් ජනපති ලේකම් කාර්යාලයේදී පසුගියදා හමුවූ අවස්ථාවේදී, තම පාලන කටයුතු වලට බාධා කිරීමට කිසිදු අයෙකුට අවස්ථාව නොදෙන බව ජනපති සිරිසේන අවධාරණය කළේය.එක්සත් ජාතික පක්ෂය හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අයත් රජයක් නොමැති බවත්, දැනට කි‍්‍රයාත්මක ඒකාබද්ධ රජය දිගටම පවත්වාගැනෙන බවත් ඔහු පැවසුවේය.මාධ්‍ය රජය අත්වැල් බැදගෙන සිටින්නේයැයි කිසිලෙසකවත් නොසිතන ලෙස පවසා සිටි ජනපතිවරයා මාධ්‍ය සහ රජය පාර්ශවයන් දෙකකට අයත් බව කීවේය.මේ අරබයා වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු රජයට අයත් පුවත්පත් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පලකළේය.හමුවට එක්ව සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද අදහස් දක්වමින්, සන්ඬේ ටයිම්ස් පුවත්පත තමා හා ජනපති සිරිසේන අතර කඹ ඇදිල්ලක් ඇතැයි අභූත කරුණක් ඉස්මතු කර තිබෙන බවට චෝදනා කළේය.එවැනි දෙයක් නොමැති බවත්, කඹ ඇදිල්ලකට කඹයක් පවා නොමැති බවත් ඔහු අවධාරණය කළේය. ජනතාව ගැන පමණක් නොව තමන් නායකත්වය දරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමුකිරීමට ජනපති සිරිසේනට සිදුවිය.රටේ ජනපතිධූරයට පත්වුවද, පක්ෂයේ නායකත්වය හිමිවුවද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස සවිමත් ස්ථාවරයක් ගොඩනගා ගැනීමට ඔහුට තවමත් හැකිව නොමැත.මේ සම්බන්ධයෙන් ජනපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡුාවක්ද පැවැත්විය.පසුව තම නිවසේදී පක්ෂයේ ජේ්යෂ්ඨයන් පිරිසක් හමුවූ අමරවීර ඉදිරියට ගතයුතු කි‍්‍රයාමාර්ගයන් පිළිබදව ඔවුන් හා සාකච්ඡුා කළේය.වැඩි අවධානයට ලක්වූ කරුණු දෙකක් වූ අතර ඉන් පළමුවැන්න වූයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නව දේශපාලන බලවේගයක් නිර්මානය කිරීම අරබයා ගෙන ඇති පියවරයන්ය.ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර නව දේශපාලන පක්ෂයක් කලඑළි බැසීමේ සූදානමක් ඇතැයි මෙයින් යම්තරමකට තහවුරු වන බව හමුවට සහභාගීව සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස විය.එක්සත් ජාතික පක්ෂය තම සාමාජික පිරිස ඉහළ නංවා ගනු වස් නව තාක්ෂණික උපක්‍රම අනුගමනය කරමින් සිටීමත්, ඒ සදහා වෙනම මෘදුකාංගයක් (ඇප්) හදුන්වාදී තිබීමත් මෙහිදී අවධානයට ලක්වූ දෙවැනි කරුණ විය.මේ කරුණු සැළකීමේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පසුගාමිීව ඇතැයි හමුවේදී අදහස් පලවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියට ගතයුතු පියවර පිළිබදව එකඟතාවයකට පැමිණීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විශේෂ හමුවක් බදාදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.එහිදී දීර්ඝ අදහස් දැක්වීමක නිතරවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මහලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා රජය ජනතාව අතර අප්‍රසාදයට පත්ව තිබෙන බවක් පෙන්වන විරෝධතා රැල්ලක් ඇතත්, රජය බිඳ වැටෙන කිසිඳු සළකුණක් නොමැති බව පැවසුවේය.තවත් කිහිප දෙනකුගේ අදහස් දැක්වීමෙන් පසුව පැවැත්වුණු දීර්ඝ සාකච්ඡුාවක් අවසානයේ පක්ෂය සවිමත් කිරීම සදහා දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත්, පක්ෂය දෙකඩ කිරීමට ගන්නා උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට පියවර ගැනීමටත් තීරණය විය.මෙහි පළමු පියවර ලෙස නුවරදී ජන හමුවක් පැවැත්වීමට නියමිත අතර ඉදිරි ජනහමු පැවැත්වෙන්නේ කුමන ස්ථානවලදැයි තීරණයක් නැත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව සියලූම දෙනා සිටිනුයේ අවධානයෙන්ය.ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් හැකිතාක් බැහැරව සිටීමට රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව ඉතාම පැහැදිලිය.මුදල් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගයට පවා ඔහු අත්සන් නොකළේය.පසුගියදා ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සෙවණැලි කැබිනට් මණ්ඩලයට එක්වීමේ අවශ්‍යතාවක් රාජපක්ෂට නොතිබිණ.ඒකාබද්ධ විපක්ෂය නිකුත් කරන මාධ්‍ය නිවේදන වල පවා හිටපු ජනපතිවරයා ගැන සදහනක් නැත.ඒ කෙසේවුවත් තමන්ට සහය දක්වමින් සිට පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තැත් කළ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් නැවත තමන් කෙරේ නම්මා ගැනීමට ඔහු මැදිහත්ව තිබෙන බවක් දැනගන්නට තිබේ.හිටපු ජනපතිවරයාගේ හිතවතකුට අනුව ඔහු මෙසේ කටයුතු කරමින් සිටින්නේ නව දේශපාලන බලවේගය රටේ මුල් බැස නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මාර්ගය සකස් කර දෙන තෙක්ය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනාගතය අස්ථාවර යැයි සාමාජිකයින් අතර ඇතිව තිබෙන බිය හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අවධානයට ලක්වීමටද වැඩි කලක් නොගියේය.අගහරුවාදා අහුංගල්ල ද හෙරිටන්ස් හෝටලයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් හමුවූ ඇය මේ සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළාය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය බව කියා සිටි හිටපු ජනපතිනිය, පක්ෂය සවිමත් කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ හිටපු ජනපතිවරයා ඇතුලූ හය දෙනෙක්, එනම් ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන, වහාම කි‍්‍රයාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපා හැරීම යැයි පැවසුවාය.නමුත් මෙහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර එවැන්නක් සිදුකිරීමට සුදුසු කාලය නොවන බවද, එවැනි කි‍්‍රයාමාර්ගයකට ගියහොත් තවත් ගැටලූ ඇතිවනු ඇති බවද, කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කිරීමට ජනපති සිරිසේන හා හමුවක් සංවිධානය කළ යුතුයැයි අවසානයේ තීරණය විය. මහින්ද රාජපක්ෂ මේ අතර සිටින්නේ දකුණු කොරියාවේ සංචාරයක් සදහා සූදානම් වෙමින්ය.එරට වෙසෙන ශී‍්‍ර ලංකා ජාතිකයින් හමුවීමටද ඔහු සැළසුම් කර ඇත. විරුද්ධ මත දරන දෙපාර්ශවයක් අතර ඇතිවන එකගතාවයකට අනන්‍ය වන පරිදි ඇතැම් කරුණු සම්බන්ධයෙන් එම දෙපාර්ශවය විවිධ අදහස් දරන අවස්ථා වත්මන් එක්සත් ජාතික පක්ෂ - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සභාග රජයේද හදුනාගත හැකිය.මෙය පක්ෂ දෙක අතර ඇති එකගතාවය බිද වැටෙමින් පවතින ලෙස බවට හෝ, රාජ්‍ය විරෝධී අදහස් දැක්වීමක් ලෙස හෝ වරදවා වටහාගත යුතු නැත. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සදුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියට අනුව ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට සකස් කෙරෙන යාන්ත්‍රණය වගවීම් සහගත ලෙස කි‍්‍රයාත්මක කිරීමට ගතයුතුව තිබෙන පියවර මොනවාදැයි මේ දිනවල සොයාබැලෙමින් පවතින බව පැවසුවේය.මෙය තවදුරටත් පැහැදිලි කළහොත් දැන් සිදුවෙමින් පවතින්නේ එම යාන්ත්‍රණය කි‍්‍රයාත්මක කිරීම සදහා යොදාගැනෙන්නේ දේශීය විනිසුරුවරුන්ද, එසේත් නැතිනම් විදේශීය විනිසුරුවරුන්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමේ කටයුතුය. දිනකට පසු ජනපති සිරිසේන මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක නිරත විය.විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රකාශය ගැන සෘජුවම සදහන් නොකළ ජනපතිවරයා අවධාරණය කර සිටියේ රටේ අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට හා අධිකරණ පද්දතියට අතපෙවීමට, විදෙස් අධිකරණයකට, විනිසුරුවරයකුට හෝ සංවිධානයකට කිසිදු අවසරයක් නොදෙන බවයි. ,කවුරු කොහේ කියා තිබුණත් යුද සමයේ මානව හිමිකම් කඩවෙලා කියන චෝදනා විමර්ෂණය කරන්න විදෙස් විනිසුරුවරුන් එනවාය, විදෙස් යුද අපරාධ අධිකරණ පිහිටුවනවාය කියලා, එහෙම දෙයක් වෙන්නේ නැහැ., යැයි ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය පසුගිය සිකුරාදා පානදුරයේදී සංවිධානය කර තිබූ 70 වන ජාතික උපසම්පදා විනයකර්මයට සහභාගීවූ අවස්ථාවේදී ජනපතිවරයා පැවසුවේය. විදෙස් විනිසුරුවරුන් පිළිබද ජනපතිවරයාගේ ස්ථාවරය එදා සිටම නොවෙනස්ය.සන්ඬේ ටයිම්ස් හා පසුගිය වතාවක අදහස් දැක්වූ අවස්ථාවේදී පවා ඔහු අවධාරණය කර කියා සිටියේ චෝදනා විමර්ෂණය කිරීමට අවැසි තාක්ෂණික සහය විදෙස් රටවලින් ලබාගත්තද, එම විමර්ෂණ කටයුතු සදහා විදෙස් විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.සුදුසුකම් ඇති විනිසුරුවරු දිවයිනේම සිටින බව ඔහු පැවසුවේය.මැයි මස 26 වැනිදා යුද හමුදා නිලධරයින් කණ්ඩායමක් සමග පැවති හමුවකදී අගමැති වික්රමසිංහද කියා සිටියේ මෙයයි. ,අධිකරණ යාන්ත්‍රණය සකස් කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන්., යැයි ඔහු පැවසුවේය. සමරවීර මෙම අදහස් දැක්වූයේ ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරයට සහභාගීව නැවත දිවයින බලා පැමිණ පසුවය.විනිසුරුවරුන්ගේ ගැටලූව විවිධ රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවේ නැවත නැවතත් පැහැදිලි කරදීමටද ඔහුට සිදුවිය.යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන සාකච්ඡුා පැවැත්වීම ඉතාම වැදගත්ව තිබියදී පසුගියදා රැුස්වූ බි්රතාන්යය පාර්ලිමෙන්තුවේදීද මානව හිමිකම් කඩවීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ වත්මන් ප්‍රගතිය ගැන සාකච්ඡුාවට බදුන් විය.දෙමළ ජාතිකයින් බහුතරයක් සිටින ඡුන්ද කොට්ටාශ වල නියෝජිතයෝ ශී‍්‍ර ලංකාවට එරෙහිව අදහස් දැක්වූහ.ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය, විදේශ කටයුතු, හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල භාර ඇමැති හියුගෝ ස්වයර්ය.චෝදනා විමර්ෂණය කිරීම අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයන් යටතේ සිදුවිය යුතු බව බි්රතාන්යය රජය නැවත නැවතත් පෙන්වාදී ඇතැයි කියා සිටි ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ යෝජනාවලිය ඒ අයුරින්ම කි‍්‍රයාත්මක විය යුතුව තිබෙන බව පසුගියදා පැවැති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදීද අවධාරණය කළ බව පැවසුවේය. පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ශී‍්‍ර ලංකා රජයේ ස්ථාවරය ගැන වැඩි කලබලයක් විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයින් අතර නැත.ඒ කෙසේවුවත් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සහ තවත් දේශකයින් කිහිපදෙනෙක්ම තම තමන්ගේ දේශන අතරතුරදී විදෙස් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ස්ථාවරය ගැන දැඩිව අදහස් දැක්වූහ.යෝජිත යුද අපරාධ චෝදනා විමර්ෂණ යාන්ත්‍රණය කි‍්‍රයාත්මක කිරීමට බලයක් ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ට ඇතිදැයි යන්න පවා ගැටලූවකි.නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් තත්ත්වය වෙනස් වීමට ඉඩ ඇති බවට මත පලව තිබේ.නමුත් ඇතැමුන් පවසන්නේ ජනපතිවරයා වෙනස්්වුවද ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් නොවනු ඇති බවය. එළැඹෙන අගහරුවාදා ආරම්භ වන දකුණු හා මධ්‍යම ආසියා කලාප භාර ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල්ගේ ශී‍්‍ර ලංකා සංචාරයේදී යෝජනාවලිය කි‍්‍රයාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයට අනාවරණය වනු ඇත.බිස්වාල්ගේ සංචාරයෙන් පසු රුසියා විදේශ ඇමැති සර්ගෙයි ලාව්රොව් මෙරටට පැමිණීමට නියමිත අතර, ද්විපාර්ශවික සාකච්ඡුා වලට අමතරව කොළඹ බුලර්ස් පාරේ අභිනවයෙන් ඉදිකෙරුණු රුසියා තානාපති කාර්යාලය ඔහුගේ අතින් විවෘත කිරීමටද සැළසුම් කර ඇත.අතීතයේ කොළඹ සෝවියට් තානාපති කාර්යාලයේද සේවය කර තිබෙන ඔහු සිංහල බස හැසිරවීමේද සමතෙකි.අනතුරුව ජපාන ආරක්ෂක ඇමැති ජෙනරල් නකටානිද, කැනඩා විදේශ කටයුතු ඇමැතිනී ස්ටෙෆනී ඩියෝන්ද, දිවයිනට පැමිණීමට නියමිතය.සාමාන්‍යයෙන් වසරකට රාජ්‍ය තාන්ති‍්‍රක සංචාර දෙකක් හෝ තුනක් සංවිධානය කරන විදේශ කටයුතු අමාත්‍යංශයට මේ සා රාජ්‍ය තාන්ති‍්‍රකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව තිබීම හමුවේ පැවරී තිබෙන්නේ සුවිශාල වගකීමකි. විදේශ කටයුතු අමාත්‍යංශය අපේක්ෂා නොකළ අයුරින් චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී මෙරට සංචාරයකට පැමිණීමට අපේක්ෂා කරන බව දැක්වූයේය.එක්සත් ජාතික පෙරමුණු රජය රට භාරගැනීමෙන් පසු දිවයිනට පැමිණෙන ඉහළම පෙළේ චීන රාජ්‍ය තාන්ති‍්‍රකයා ඔහු වූ අතර ඔහුගේ සංචාරයේ අරමුණ කුමක්දැයි පැනයන් මතුවිය.විදේශ කටයුතු ඇමැති සමරවීර හා යී අතර පැවැති සාකච්ඡුා වලින් අනාවරණය වූ පරිදි ඔහුගේ අරමුණ වී ඇත්තේ දෙරට අතර ද්විපාර්ශවික ගැටලූ කිහිපයක් පිළිබද සාකච්ඡුා කිරීම සහ චීනයේ ආධාර මත මෙරට කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති වල ප්‍රගතිය අධ්‍යනය කිරීමය.මහින්ද රාජපක්ෂ සමයේ කි‍්‍රයාත්මක වෙමින් තිබී, පසුව නව රජය බලයට පත්වූ පසු තාවකාලිකව නතර කෙරුණු ව්‍යාපෘති නැවත බලගන්වා ඇතැයිද ඔහු සොයාබලා තිබේ.දෙදෙන අතර පැවති සාකච්ඡුා වලදී දකුණු චීන මුහුද අරබයා දීර්ඝ කාලයක් මුලූල්ලේ චීනය හා පිලිපීනය අතර පවතින ගැටලූ සම්බන්ධයෙන්ද යී අදහස් පලකර ඇත. අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇමැති දෙදෙන අතර සාකච්ඡුා වූ කරුණු අනාවරණය කැරිණ.යී චීන බසින් පලකළ අදහස් පරිවර්තනය කිරීමේ යෙදුණු කාන්තාව, චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙන බව කීවාය.වහා ඇයව නිවැරදි කළ යී පැවසුවේ චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙනවා ලෙස නොව බීජිං ස්ථාවරය, ශී‍්‍ර ලංකාව වටහාගෙන සිටින බව පවසන ලෙසටය.ඇත්ත වශයෙන්ම දෙදෙන අතර පැවති සාකච්ඡුාවේදී සමරවීර පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අදහස වන්නේ චීන මුහුදේ ගැටලූව සාකච්ඡුා මාර්ගයෙන් විසදා ගැනීම සුදුසු බවය.දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම චීන විදේශ ඇමැතිවරයා කැලණිය රජමහා විහාරයටද පැමිණියේය. රජයේ එක්සත් ජාතික පාර්ශවය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය පොදු ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා පිහිටුවාගෙන තිබෙන ඒකාබන්ධ අමාත්‍ය කවුන්සිලයේ හමුවක් පසුගියදා පැවැත්විණ.එහිදී නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුා කෙරුණු අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ අදහස වූයේ ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස නව මැතිවරණ ක්‍රමය හදුන්වාදිය යුතුව තිබෙන බවයි.නමුත් මෙයට ප්රතිවිරුද්ධව අදහස් දැක්වූ එක්සත් ජාතික පාර්ශවය කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව පදනම් වන කරුණු තුන අතරට නව මැතිවරණ ක්රමයද ඇතුළත් වන බවය.බලය බෙදීම, විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාව පදනම් වන අනෙක් කරුණුය.පළාත් පාලන ඒකකයන්හි පරිපාලන කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි සම්බන්ධයෙන්ද සාකච්ඡුා පැවැත්වුණු අතර එම කටයුතු වල වැඩි බර තමන්ට හිමිවිය යුතුයැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය යෝජනා කළේය. ඒකාබද්ධ කවුන්සිලය හමුවේ මෙම කරුණු සාකච්ඡුාවට බදුන්වූයේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වල නියැලී සිටින මෙහෙයුම් කමිටුව පළාත් පාලන මහ ඇමැතිවරුන්ගේ අදහස් ලබාගැනීමෙන් පසුවය.අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතව සිටින උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් වෙනුවට මෙහෙයුම් කමිටුව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණ සිටියේ උතුරු පළාත් විපක්ෂ නායක එස්.තවරාසා සහ පළාත් අධ්‍යාපන ඇමැති තම්බියරාජා ගුරුකුලරාජා යන මහත්වරුන්ය. නව ව්‍යවස්ථාව වෙනුවෙන් උතුරු පළාත් සභාවේ යෝජනා සම්බන්ධව ඔවුහු අදහස් පලකළහ.සභාවේ සියලූමදෙනාගේ එකගත්වයෙන් හිමිවූ යෝජනා මාලාවක් මිීට පෙර අවස්ථාවකදී අගමැති වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ට භාරදීමට ඔවුහු කටයුතු කර තිබිණ. උතුරු පළාත් සභාවේ යෝජනාව වන්නේ උතුර හා නැගෙනහිර පළාත් ෆෙඩරල් ව්‍යුහයක් යටතේ එක් පළාතක් ලෙස සැළකීම බව තවරාසා පැවසුවේය.නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙස් වලට අසාධාරණයක් නොවන පිරිදි කටයුතු කිරීමටද ෆෙඩරල් ව්‍යුහයක් යටතේ අවස්ථාව තිබෙන බවද ඔහු පෙන්වාදුන්නේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුකම් පෙන්වා දෙමින් සිටි අවස්ථාවේදී තවරාසාට බාධා කළ බස්නාහිර පළාත් සහ මෙගාපොලිස් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,අපිටයි 13 න් වැදුණේ, යැයි කීවේය.ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය බවත්, පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස්, අදහස් වලටම පමණක් සීමාවන බවත් ඊට පිළිතුරු ලෙස තවරාසා පැවසුවේය. අගමැති වික්රමසිංහටද පසුගිය සතිය කාර්යබහුල විය.එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය හමුවක් කැදවූ ඔහු පක්ෂය ඉදිරියට ගෙනයාමට ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළේය.ඒ සදහා ඉදිරි පත්වූ යෝජනා කිහිපයක්ද අවධානයට බදුන්වූ අතර, අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අනාගත දැක්ම සහ වැඩසටහන් පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට පස් සාමාජික කමිටුවක් පත් කැරිණ.එක්සත් ජාතික පාර්ලිමෙන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට දැන් සිටම සූදානම් වන ලෙස වික්‍රමසිංහ ඔවුන්ට දැනුම්දුන්නේය.පාර්ලිමෙන්තු කණ්ඩායමෙන් නැගුණු ගැටලූ රැුසකට පිළිතුරු ලබාදීමටද ඔහු කාලය වැය කළේය. ජූනි මස 26 වැනිදා මෙම තීරුවේ සදහන් වූ අගයන් ටි්රලියන නොව බිලියන විය යුතු බව මුදල් ඇමැතිවරයා සන්ඬේ ටයිම්ස් වෙත දැනුම් දුන්නේය.නියම අගය මේ දිනවල ගණනය කෙරෙමින් පවතින බවත් ඔහු කීවේය. විරෝධතා හරහා ඇතැම් කරුණු සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානය යොමුව ඇතත් වංචා, දුූෂණ විමර්ෂන තවමත් සිදුවන්නේ ගොලූබෙලි ගමනින්ය.නුදුරේදීම මෙයට එරෙහිවද ජනතාව අතරින් විරෝධයක් මතුවනු ඇත.එදා දුන් පොරොන්දු අනුව වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒම රජය සතු යුතුකමකි.ප්‍රමාදය හමුවේ ජනතාවට රජය ගැන ඇති විශ්වසනීයත්වය ක්‍රමයෙන් හීන වෙමින් පවතින බව සදහන් කිරීමේ වරදක් නැත. | ‘වැට් බද්දට රජයේ වැඩි අවධානය‘ | 1 |
hp_train_0288 | (හර්ෂණ තුෂාර සිල්වා)ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (25) රැස්වූ අතර එහිදි එම තීරණය ගෙන තිබේ. ඒ අනුව දැනට තිබෙන බැංකු පොලී අනුපාත එම අගයවල ම පවත්වාගෙන යනු ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වසරේ අවස්ථා පහකදී බැංකු පොලී අනුපාත අඩු කර ඇත.බැංකු පොලී අඩු කිරීම තුළින් වාණිජ බැංකු අතර කෙරෙන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන බවත් එම නිසා අඩු පොලියට ණය නිකුත් කිරීමට වාණිජ බැංකුවලට අවස්ථාව සැලසෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.මේ වසරේ මේ දක්වා කාලයේදී පෙර නොවූ විරූ අයුරින් ක්‍රියාත්මක කරන ලද ලිහිල් මුදල් ප්‍රතිපත්තිය හේතුවෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් ඇතැයි ද ඉදිරියේදී ද පොලී අනුපාත පහළ යනු ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑම හේතුවෙන් දැනට පවත්නා අඩු උද්ධමන තත්ත්වය තුළ ද ආර්ථිකයේ පලදායී අංශ වෙත අඩු පොලී යටතේ ණය ලබාදීමට හැකියාව ලැබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 4.50%ක, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 5.50%, බැංකු අනුපාතිකය 8.50% ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය සියයට 2.00 යන දැනට පවතින අගයවල ම පවතිනු ඇත.මේ වසරේ මෙතෙක් අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී පෞද්ගලික අංශයට දුන් ණය අඛණ්ඩුව තෙවැනි මාසයටත් ඉහළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.පොලී අනුපාතික අඩු කිරීමේ සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ ප්රතිලාභ නව සහ පවත්නා ණය පහසුකම් සඳහා කඩිනමින් ලබාදෙන්නැයි ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු සියලු මූල්‍ය ආයතනවලට මුදල් මණ්ඩලය අවධාරණය කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි. | ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරයි | 0 |
hp_train_0289 | කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22 වැනිදා) තහවුරු කරයි.ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 450 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මියගිය පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක් සහ පිරිමි 2 දෙනෙක් වෙති.මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 267 දෙනෙකු අද රාත්රියේදී හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.00 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 490 කි. | අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 317 යි | 0 |
hp_train_0290 | (රංජිත් රාජපක්ෂ) තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 35 දෙනෙකු අද (7) ආගරපතන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ආගරපතන පොලිසිය පවසයි.ආගරපතන පොලිස් වසමට අයත් වෙන්මොර් වතු යායේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනීමට උකුස්සෙකු අද (7) පස්වරු 1 ට පමණ පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් තමන්ට පහර දුන් බව බඹර ඇනීමෙන් තුවාල ලබා ආගරපතන ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පවසති.බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 30 දෙනෙකු සහ වතු කම්කරුවන් පස්දෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇත.බඹර ඇනීමෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ආගරපතන රෝහලේ වෛද්‍යවරු පවසති. | බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 35 ක් රෝහලේ | 1 |
hp_train_0291 | (විමුක්ති එස් රුද්‍රිගු)ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද(17) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 25 කින් පහළ ගියේය.ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.73 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.76 ලෙස සටහන් විය. | රුපියල ඉහළට | 0 |
hp_train_0292 | හර්ෂණ තුෂාර සිල්වාදිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල අද (14) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 160.92ක් දක්වා පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 160.92ක් වූ අතර ගැනුම් අගය 157.82ක් විය. මේ අනුව රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. ඉකුත් පෙබරවාරි මස පැවැති පළාත් පාලන ඡන්දයෙන් පසු දේශපාලන ක්ෂේත්රයේ ඇති වූ අස්ථාවරත්වයත් සමඟ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබේ. මේ අනුව පසුගිය 7 වැනිදා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 160.00ක් ලෙස සටහන් විය.ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ජූනි 8 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.8කින් අවප්‍රමාණය වී තිබේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර දින එනම් පෙබරවාරි 9 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 156.18ක් ලෙස දැක්විණි. | රුපියලේ අගය ඉහළට | 0 |
hp_train_0293 | උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 28/10/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය29239585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව27239580විටින් විට වැසි.කොළඹ29259570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249080විටින් විට වැසි.යාපනය30258565විටින් විට වැසි.මහනුවර27219575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය18129575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30239570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580විටින් විට වැසිමන්නාරම30269075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. | ‘උතුරුට සහ නැ‘හිරට තව දුරටත් වැසි‘ | 0 |
hp_train_0294 | (දමින්ද විජේසූරිය) මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළෙමින් පවතින වර්ෂාව හේතුවෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයේ ආරම්භය ප්‍රමාද වී තිබේ. පස්වරු 6.30 ට කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබුණද, එය ප්‍රමාද කිරීමට ක්‍රිස් බ්‍රවුන් සහ ජොයෙල් විනිසුරුවරු දෙදෙනාත්, තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාත් තීරණය කළහ. රාත්‍රී 7.30 ට තවත් වතාවක් ක්‍රීඩාංගණය පරීක්ෂා කිරීමට නියමිතය. වැඩිදුර විස්තර සඳහා වෙත පිවිසෙන්න | එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගය ප්‍රමාදයි | 1 |
hp_train_0295 | උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකාව පුරා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 06/11/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31239570විටින් විට වැසි.මඩකලපුව30249580විටින් විට වැසිකොළඹ30249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය31249075විටින් විට වැසිමහනුවර28209575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20119575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය31229570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30249575විටින් විට වැසිමන්නාරම30258565සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. | හෙට කාලගුණය | 0 |
hp_train_0296 | අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනෙන් ඈතට උතුරු දෙසට ගමන් කර ඇති බැවින් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ‘කෙසේ වෙතත්, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 16/05/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259070ප්‍රධානවශයෙන් වැසි රහිත.මඩකලපුව32259575අපරභාගයේදී හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570තැනින් තැන වැසි.ගාල්ල30259080තැනින් තැන වැසි.යාපනය31269575ප්‍රධානවශයෙන් වැසි රහිත.මහනුවර30219565වැසි ස්වල්පයක්.නුවරඑළිය20139580වැසි ස්වල්පයක්.රත්නපුරය33249570වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය32259570අපරභාගයේදී හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.මන්නාරම31269575ප්‍රධානවශයෙන් වැසි රහිත. | ‘වැස්ස ක්‍රමයෙන් අඩු වන ලකුණු‘ | 1 |
hp_train_0297 | (ඩයනා උදයංගනී)නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (26) දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියයි.ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. | අදත් වැස්ස | 0 |
hp_train_0298 | (පුෂ්පකුමාර මල්ලවආරච්චි) මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාසික රැස්වීමට ඉදිරිපත් කළ 2020 වසර සදහා වන අයවැය ලේඛනයට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් සභා ගර්භයේ පුවරු ඔසවා විරෝධය දැක්වූ අතර පක්ෂව ඡන්ද 31 ක් හා විපක්ෂව ඡන්ද 15 ලබා වැඩි ඡන්ද 16 කින් අයවැය යෝජනා අද (16) සභා සම්මතවිය. මීරිගම ප්‍රාදේශීය සභාවේ 2020 වසර සදහා වන අයවැය ලේඛනය සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා (පො.ජ.පෙ) සභාවට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් අදහස් දැක්වීමෙන් පසුව ඡන්ද විමසීම සිදු කෙරිණි. පාලක පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්ති‍්‍රවරු සිව් දෙනා සමග ජාතික ජනතා පක්ෂයේ ජනක පුෂ්පකුමාර මහතා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ් හා ජාතික ජනතා පක්ෂයේ සුසන්ත ගජනායක මහතා විපක්ෂව ඡන්දය භාවිතා කරනු ලැබීය. විපක්ෂ නායක ඒ.ආර්.තිලක් අශෝක (එ.ජාප.) මහතා අයවැය යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවට ටික වේලාවකට පෙර සභා ගර්භයෙන් පිටව ගියේය. පාලක පොදු ජන පෙරමුණේ කීර්ති ගුණසේකර මහතා අයවැය විවාදය අතර හදිසියේ අසනීපවීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබීය. එක්සත් ජාතික පකෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් දෙදෙනා බැගින් සභා රැස්වීට පැමිණ සිටියේ නැත. | මීරිගම ප්‍රා.සබේ වාර්තාව පිළිගැනීමට රහස් ඡන්දයක් | 0 |
hp_train_0299 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 36 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,844 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 30 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 6 දෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 20 දෙනකු සහ කාන්තාවන් 16 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ. | කොරෝනා මරණ 16,000 පනී | 0 |
hp_train_0300 | ගුවන් සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට බලාපොරොත්තු වන තරුණ පරපුර සඳහා අවස්ථා ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි නවතම ගුවන් සේවා පුහුණු ආයතනය වන ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල පසුගියදා විවෘත කළේය.ගුවන් සේවා වෘත්තීයවේදීන් පුහුණු කිරීම සඳහා වසර 30 අත්දැකීම් සමූදායක් තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගුවන් සමාගමේ මානව සම්පත් පුහුණු කිරීමේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ශ්‍රීලංකන් තාක්ෂණික පුහුණුව සහ ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය එකතුව පහසුකම් සපයනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සතුව විශේෂයෙන් සකස් කරන ලද ජාත්‍යන්තරව පිළිගත් පුහුණු වැඩසටහන් සඳහා ක්ෂේත්රයේ ප්රවණතාවන්ට ගැළපෙන අයුරින් අති නවීන පන්නයේ පංති කාමර පහසුකම්,රැකියා පුහුණුකිරීම් සහ අත්දැකීම් සහිත උපදේශක මණ්ඩලයක් ඇත. මේ අනුව සෑම අතින්ම නවීන පහසුකම් රැසක් සමගින් ඉගෙන ගැනීමේ අත්දැකීමක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල පහසුකම් ලබාදෙනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ “ජාතික ගුවන් සේවාව වශයෙන් ලාභ උපයීම සහ ගුවන් මගීන් රැගෙන යාමට වඩා වැඩි ජාතික මෙහෙවරක් ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල තුළින් අපගේ අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා සිදුකරන ප්රයන්තයන් ද ක්ෂේත්රයේ අභිවෘද්ධිය සඳහා අඛණ්ඩව දක්වන සහයෝගය ද පෙන්නුම් කරයි. නවීන පහසුකම් වලින් සමන්විත ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රීලංකන් පුහුණු අංශයන් හි සංකලනයක් වන මෙම පාසල තුළින් පසුගිය වසර 35 පුරාවට උසස් නිපුණතාවයන් ඇති වෘත්තීයවේදීන් බිහිකිරීම සඳහා කටයුතු කර ඇත. අප රටේ තරුණ පරපුර මෙන්ම කලාපයේ බොහෝ දෙනෙක් මෙම අනර්ඝ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සෑම අතින්ම සාර්ථක වීමට ප්‍රාර්ථනා කර සිටිමි” ශ්‍රීලංකන් ඉදිරි ව්‍යාප්ත සැලසුම් පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ “ අප රට ගුවන් සහ නාවික ප්‍රවාහනය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් සිටින අවස්ථාවක ශ්‍රීලංකන් ගුවන් සමාගම රජයේ දැක්ම වන ශ්‍රී ලංකාවේ පංච ආර්ථික කේන්ද්‍රස්ථාන සංවර්ධනය කිරීම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කැපවීමෙන් සහයෝගය දැක්වීමට කටයුතු කරනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු අංශ ඒකාබද්ධ වීම තුළින් ලබාදෙන උසස් තත්වයේ පුහුණු පහසුකම් වෙනුවෙන් කිර්තිමත් පිළිගැනිමක් ඇති අතර විදේශ සිසුන් රැසක් මේ සඳහා ආකර්ෂණය කර ගැනීම තුළින් විදේශ විනිමය වැඩිකර ගැනීමටත් ජාතික ආර්ථිකය සඳහා ලබාදෙන දායකත්වය වැඩිකරීමටත් අපි ඉලක්ක කරගෙන සිටිමු.” ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල විවිධ ආකාරයේ වෘත්තීය පාඨමාලා රැසක් ලබාදෙමින් ලෝකයේ කොතැනකදී වුවත් අපගේ සිසුන්ට මේ ක්ෂේත්රයේ හැකියාවන් පෙන්වීමට පහසුකම් සපයා ඇත. වෘත්තීමය වශයෙන් ගුවන් සේවා ක්ෂේත්රයේ සුදුසුකම් ලබා ගැනීමට ගෝලීය වශයෙන් දැඩි ඉල්ලුමක් පවතී .මෙවැනි අවස්ථාවක විශේෂයෙන් මැද පෙරදිග කලාපය සඳහා පුහුණු ශ්‍රමිකයන් ලබාදීම වෙනුවෙන් අප රට ප්රමුඛව සිටින අවස්ථාවක මිනිස් ශ්‍රමයේ ගුණාත්මක බව වැඩි කිරීමට අපට අවස්ථා උදාවී ඇති අතර පුහුණු ශ්‍රමය සැපයීමට නව මංපෙත් ද විවර වී ඇත. ” වසර 30 අධික කාලයක් පුරාවට ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය පුහුණු කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගෝලීය ප්රමිතීන් සහ එක් එක් ගුවන් සේවාවන්ට අනන්‍ය වූ විශේෂ අවශ්‍යතා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු ලැබේ. මෙම අසමසම අත්දැකීම් සමූදාය තුළින් සිසුන්ට විශේෂ වු පුහුණු පහසුකම් සැපයීමට ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සමත් වී ඇති අතර ගුවන් සේවා ක්ෂේත්රයේ අනාගතය කරා පියමැනීමට මෙය කදිම ස්ථානයක් වනු ඇත.ශ්‍රී ලංකාව,ඕමානය,පකිස්ථානය සහ මාලදිවයිනේ සිවිල් ගුවන් සේවා අධිකාරි සහ යුරෝපීය නිරුපද්‍රතා ඒජන්සිය විසින් සහතික කරන ලද ශ්‍රීලංකන් තාක්ෂණික පුහුණුව සතුව ක්ෂේත්රයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් පුහුණු වෘත්තීයවේදීන් බිහිකිරීමේ විශිෂ්ට ඉතිහාසයක් තිබේ.ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය දකුණු ආසියාවේ ප්‍රමුඛතම පුහුණු අංශයක් වශයෙන් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය(IATA) විසින් 2013 ප්‍රිමියර් කවය යටතේ ලෝකයේ ප්‍රමුඛතම බලයලත් ගුවන් සේවා පුහුණු අංශ 10 අතරට පැමිණීමට හැකි වූ අතර මෙය රටවල් 90 ක ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථාන 440 ක් ඇගයීමෙන් පසු හිමිවිය. එහි කාර්ය දර්ශනය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රවාහන සංගමය විසින් (IATA ) ලෝකයේ විශිෂ්ටතම සම්මානය ද වසර 3ක් පුරාවට ආසියාවේ විශිෂ්ටතම පුහුණු ආයතනය සඳහා ද ඇගයුම් ලබාගන්නා ලදී. මෙම විශිෂ්ට ඇගයුම් සැළකිල්ලට ගනිමින් IATA හි කලාපීය පුහුණු පාර්ෂවකරු (RTP) වශයෙන් ශ්‍රීලංකන් ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය මේ වසරේ දී පත්වීම් ලැබීමට සමත් විය.ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලින් විවිධ ආකාරයේ IATA පුහුණු වැඩසටහන් රැසක් ලබාදෙන අතර විශේෂිත වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රි ලංකා කාර්ය සම්පාදන සහ ප්‍රවාහන වරළත් ආයතනය (CILT-SL) , කොළඹ විශ්ව විද්‍යාලය, සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකාරිත්ව ආයතනය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහයෝගයෙන් මෙහෙයවනු ලැබේ. ජාත්‍යන්තර පාර්ෂවකරුවන් හා එක්ව දැනුම හුවමාරු කිරීමේ කටයුතු සිදුකරමින් එහි සේවා ව්‍යාප්ත කිරීමට අමතරව ගෝලීය වශයෙන් පිළිගැනීමක් ඇති පාඨමාලා සිසුන්ට හදුන්වා දීමට හැකිවනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල වෙතින් ඕනෑම සිසුවෙකුගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැළපෙන පරිදි පාඨමාලා හදුන්වා දී ඇති අතර උසස් අධ්‍යාපනය තුළින් රැකියා අවස්ථා ලබාගැනීමට සිසුන්ට නිසි අවබෝධයක් ලබාදෙනු ලැබේ.පංති කාමර අධ්‍යාපන ක්‍රමයට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල වෙතින් වර්තමාන ගම්බද තරුණ පරපුරට රැකියා අවස්ථා සදහා මාර්ගෝපදේශකත්වය සපයනු ලැබේ. කොළඹ විශ්ව විද්‍යාලය,රජරට විශ්ව විද්‍යාලය සහ සබරගමුව විශ්ව විද්‍යාලය සඳහා ප්රතිරූප උපදේශකත්ව වැඩසටහන් ද ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලින් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන් තුළින් ගුවන් සේවා ක්ෂේත්රයේ රැකියා සඳහා පැමිණීමට අපේක්ෂිත සිසුන්ගේ ආත්ම විශ්වාසය හා ධනවාදී ආකල්ප වර්ධනය කිරීමට හැකියාව ලැබිනි. මෙම ඒකාබද්ධ වීම තුළින්, ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල විසින් රටේ පාසල් වල ගුවන් සේවා සංගම් සඳහා මුදල් අයකිරීමකින් තොරව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙවැනි ප්රයන්තයන් තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල රටේ තරුණ ප්‍රජාව ගුවන් සේවා ක්ෂේත්රය සඳහා අවශ්‍ය හැකියාවන්,දැනුම සහ ආකල්ප තුළින් ධෛර්යමත් කිරීමට කටයුතු කර ඇත. | ගුවන් සේවා පුහුණු පැසැලක් එයි | 1 |