id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_7601
(නාලක සංජීව දහනායක)වත්මන් ආණ්ඩුව රටේ ස්වෛරීත්වය, ඒකීය බව විදේශීය බලවේගවලට හා බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පුදමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (1) සඳහන් කළේය.එබැවින් මෙම මැයි දිනය වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ගාලූමෝදර පිටියේදී පෙරේදා (1) පැවත්වූ මැයි රැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන මැයි දිනය අදයි. වරාය නගරය, නෙළුම් කුලූන අපි ඇති කළ සාමයේ ප‍්‍රතිඵලයයි. අපි මේ ජාතියට, අනාගත පරපුරට තිළිණ කළ දේවල්. මගෙන් පළිගන්න  ඕන නිසා ආණ්ඩුව මේ දේවල් නතර කළා.මේ ආණ්ඩුව හැමදාම ණය බරගැන කතා කරනවා. වරායක් ඇතුළු හැමදේම විකුණනවා. ආණ්ඩුව අපිට අභියෝගයක් කළා ගෝල්ෆේස් පිටිය පුරවන්න කියලා. ඒ අභියෝගය භාරගෙන ඔන්න අපි පිට්ටනිය පුරවල පෙන්නුවා. ඒ වගේ අපි කරන අභියෝගයත් ආණ්ඩුව භාරගන්න  ඕන. පුළුවන්නම් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ආණ්ඩුව ඒ අභියෝගයත් භාරගන්න  ඕන. මැතිවරණ ගැන කතාකරන කොට මේ ආණ්ඩුවේ කකුල් ගැහෙනවා. ඡන්ද තියන්නේ නැත්නම් විමල් කිව්ව වැඬේට අපි බහිනවා.අපි නම් මීට වඩා අභියෝග භාරගෙන තියෙනවා. විමල් වීරවංශ, මහින්දානන්ද, ජොන්ස්ටන්, නාමල්, ගම්මන්පිල වගේ අපේ අය අත්අඩංගුවට අරගෙන අපිව බයකරන්න හදනවා. පළාත් පාලන මැතිවරණය කල් දමනවා. ශ්‍රී.ල.නි.පයේ පතාක යෝධයන් ආසන සංවිධායකකම්වලින් පන්නනවා. මේක හැකියාව වෙනුවට නොහැකියාව රජකරන යුගයක්.පසුගිය මහ මැතිවරණයෙන් මම පැරදුන එක වෙනම දෙයක්. එ.ජා.ප.ය එක්ක යන්න ජනතාව ඒ මැතිවරණයේදී අපිට ඡුන්දය දුන්නේ නැහැ. පැරදුණ මිනිස්සු කැබිනට් එකට දාගෙන ආණ්ඩු කරනවා.අපි ගත්ත ණය නිසා නොවෙයි ආණ්ඩුව අමාරුවේ වැටුනේ. ආණ්ඩුව ගත් ණය නිසා තමයි අද ආණ්ඩුව අමාරුවේ වැටිලා ඉන්නේ. මේ රටේ ජනතාවට ලොකුම ද්‍රෝහීකම කළේ කවුද? පක්‍ෂයේ ලේකම්වරුන් අයින් කළා. අඩුම තරමින් විපක්‍ෂනායක කමවත් අපිට නැහැ. ඒක දුන්නේත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 16ක් ඉන්න කණ්ඩායමකටයි. ප‍්‍රධාන සංවිධායකකම දුන්නේ මන්ත‍්‍රීවරුන් 6ක් ඉන්න කණ්ඩායමකටයි.මේ ආණ්ඩුව වගේ ජාතික සම්පත් වෙන කිසිම කෙනෙක් විකුණුවේ නැහැ. අපි ජාතියට දායාද කළ හම්බන්තොට වරයා ඇතුළු ත‍්‍රිකුණාමල වරාය තෙල් ටැංකි, මාදුරු ඔය තවත් බොහෝ ස්ථාන මොවුන් විකුණන්න සූදානම් වෙනවා. ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඉතාම වැදගත්. මේවා පාවා දෙන්න හවුල් වෙන එකටද සංහිඳියාව කියන්නේ.වැඩබිම විනාශ කරලා. ගොවිබිම පාළු කරලා. මව්බිම විකුණලා. වරාය අධිකාරිය, තෙල් සංස්ථාව විකුණලා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුවන්, රණවිරුවන්, ශිෂ්‍යයන්, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍ය මේ ඔක්කෝම ආණ්ඩුවෙන් බැට කනවා. මම වෙඩිනොවදින කාර් ගෙන්නුවේ ත‍්‍රස්තවාදී තර්ජන තිබුණ නිසයි. නමුත් රණවිරුවන්ට පහරදීම ඇතුළු මේ කරන දේවල්වලට ආණ්ඩුවට ගෙන්වන්න සිද්ධ වෙන්නේ හෙණ නොවදින කාර්.එදා එපා කියද්දිත් මම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. බලය ගත්තේ ද්‍රවිඩ සන්ධානයයි. අපි කරපු දේවල්වලින් එක දශමයක්වත් මේ ආණ්ඩුව උතුරට කරලා නැහැ. අපේ ආණ්ඩුව උතුරට දුම්රියක් දුන්න එක ගැනත් දැන් ප‍්‍රශ්න කරනවා.උතුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නේ අපි. ඒදේ කරන්න පුළුවන් වුණේ එක්සත් ජාතික පක්ෂයට නොවෙයි අපිටයි. ආණ්ඩුව හත්වැනිදාට සම්මත කරගන්න සුදානම් වන පනත සම්මත වුණොත් දෙයියන්ගේම පිහිටයි. ඒ නිසා මේ පනත ගේන්න නොදී නතර කරන්න  ඕන. අපි රට නිදහස් කරගත්ත නිසයි පිනුම් ගහන්නේ කියලා මෙයාල තේරුම් ගන්න  ඕන. ඒක අමතක කරන්න එපා.අවුරුදු පහකට බලය අරගෙන අනාගත පරම්පරාවේ අයිතිය අහිමි කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. එට්කා ගිවිසුම අත්සන් කළාම දැනට තිබෙන රැකියා විතරක් නොවෙයි අනාගතයේ රැකියා ටිකත් නැති වෙනවා. ආණ්ඩුවේ නායකයන් විදේශ ගතවන හැම මොහොතකම ජනතාවට බයක් දැනෙනවා. මොනදේ විකුණයිද දන්නේ නැහැ කියලා.එක්සත් ජාතික පක්ෂය සමග ගමනක් නැති නිසයි බණ්ඩාරනායක මහත්තයා එළියට බැහැලා ශ්‍රී.ල.නි.පය හැදුවේ. අද ශ්‍රී.ල.නි.පය හතරගාතෙන්ම වැටිලා ඉවරයි. මේවා කරන්නේ කාගේ වුවමනාවටද? රත්වත්තෙලා, ජනකලා ඉවත් කරන්නේ වෙන කාගෙවත් නෙමෙයි සිරිකොතේ වුවමනාවටයි. රට බෙදන ව්‍යවස්ථාව ගේන දවසට ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනවා.ජාතිවාදීන් සතුටුකරන මේ ආණ්ඩුවට විරුද්ධව පාඩම් උගන්වන්න  ඕන. මේක කුණු ටිකවත් කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක්.කුණු කන්දක් කඩාගෙන වැටිලා මිනිස්සු මැරුණ එකම රට ලංකාවයි. අපි ත‍්‍රිවිධ හමුදාව යොදාගත්තේ රට රකින්නයි. ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදය පරාජය කරන්නයි. ඒත් මේ ආණ්ඩුව වැඩ කරන ජනතාව මර්දනය කරන්න ත‍්‍රිවිධ හමුදාවම යොදාගන්න සුදානම් වෙනවා.අපේ ආණ්ඩුව පෙරළන්නනම් ඇමරිකාව සල්ලි දුන්නා. දැන් කිසිම රටක් මේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ නැහැ. සෞඛ්‍යය, අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ. ඒ අවශ්‍යතාව තියෙන්නේ අපිටයි. දේශීය ව්‍යාපාරිකයන් සුරකින්න බැංකු ක‍්‍රමයක් අපිට  ඕන. විදේශීය ව්‍යාපාරිකයන්ට දෙන පහසුකම් දේශීය ව්‍යාපාරිකයන්ට දෙන්න  ඕන. ඔවුන් ඒ වෙනුවෙන් හඬක් නගනවා. මේ රටට නවීන ආර්ථිකයක් අවශ්‍යයි.අනාගත පරපුර වෙනුවෙන් අභිමානවත් රටක් ගොඩනැගිය යුතුයි. අප රට ඒ දිශාවට ගෙනගියා. එය කරන්න අපිට ශක්තිය තිබෙනවා. අපි ඒ දේවල් කරලා පෙන්වලා තිබෙනවා. මේ ආණ්ඩුව මැතිවරණ අයිතිය උදුරාගෙන. මේවාට විරුද්ධව ජනතාව ඉදිරියට එන්න  ඕන. මෙය කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන මැයි රැලියක් පමණක් නොවෙයි. රටට වැඩ කරන, ජාතික සම්පත් සුරකින ආණ්ඩුවක් ගොඩ නැඟීමට සියලූම දෙනා ජාතිබේදයෙන් තොරව පෙරට පැමිණිය යුතු යැයිද පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය,ප‍්‍රතිගාමීන්ගේ තර්ජනය ඉදිරියේ නොසැලී මහින්ද රාජපක්ෂ මහතා දැවැන්ත මැයි රැලියක් කැඳවූවා. මෙය අලූත් ආණ්ඩුවක් ගොඩනැගීමට අධිෂ්ඨානයෙන් කැපවෙන රැලියක්.මහබැංකුව කොල්ලකෑ, වරායන් විකුණා දැමූ ආණ්ඩුවක් තවදුරටත් තියාගත හැකිද? රටක් තමන්ගේ රටේ වත්කම් වැඩි දියුණු කොට ජනතාවගේ දියුණුවට ආයෝජනය කළ යුතුයි.සියයට 8.6 සංවර්ධන වේගයක් තිබූ රටක් සියයට 4.2 කින් සංවර්ධන වේගය අඩුවෙලා. මේ ආණ්ඩුව ගැන ඒකෙන්ම තක්සේරු කර ගත හැකියි. මේ ආණ්ඩුව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මැතිවරණ කල් දමලා. රට අරාජික වෙලා. නාඩගංකාරයන්ගේ ආණ්ඩුවක් බිහිවෙලා.ජනතාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරියටත් පියවර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපේම ආණ්ඩුවක් ගොඩ නැගීමට කැපවෙමු යැයි පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය,මහබැංකු වංචාවෙන් රුපියල් මිලියන පහළොස් දහසක පාඩුවක් සිදු වුණා. ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. එවිට අප රටේ ජනතාවගේ රැකියා ආරක්ෂාවන්නේ නැහැ. දේශපාලන නායකත්වය විසින් රණවිරුවන් විදේශයන්ට පාවාදෙනවා. ශ්‍රී.ල.නි.පයේ ප‍්‍රබල ආසන සංවිධායකයන් ඉවත් කරනවා. ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ අයිතීන් දෙන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිසිම රටක් මැතිවරණ කල් දමන්නේ නැහැ. මෙම රජය වසර දෙකක් තිස්සේ මැතිවරණ කල් දමනවා. මැතිවරණයක් පැවැත්වුවහොත් අපිට ලැබෙන ප‍්‍රතිපලය ගැන අබමල් රේණුවකවත් අවිශ්වාසයක් නැහැ. මේ සියලූම ජනතාව ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයකින් යුතු ආණ්ඩුවක් යැයි පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය,ගාලූ මුවදොර පිටියට රැස්වූ ජනතාව අත තිබෙන්නේ රටේ ඒකීයභාවය සහතික කරන ජාතික ධජයයි. අද ආණ්ඩුව බෙදුම්වාදී ව්‍යවස්ථාව හදාගෙන යනවා.රණවිරුවන් ලේ හලා රැකගත් මව්බිම ව්‍යවස්ථාවෙන් බෙදන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාව ගේන්න හැදුවොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජනපති, අගමැති මන්දිර වටකරාවි. ගාලූ මුවදොර පිටියෙන් පෙන්නුම් කරන රටේ ජනතා බලය දැකලා පැත්ත මාරුකරන්න කියලා ආණ්ඩුවට රිංගාගෙන ඉන්න ශ්‍රී.ල.නි.ප. මන්ත‍්‍රීවරුන්ට අපි කියනවා.රටේ සංස්කෘතිය විනාශ කරලා අප රට ඉන්දියානුවන්ගෙන් පුරවන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මෝදි ලංකාවට එන්නේ තොරන් බලන්න නෙමෙයි අප රටට එරෙහි ගිවිසුම් ටික හදා ගන්නයි. මේවාට විරුද්ධව මුළුරටම කළුකොඩිවලින් පුරවන්න  ඕන.අවුරුදු දෙකකට පෙර ජනතාව විශාල රැවටීමකට හසුවුණා. රටට වෙච්ච සුගතියක් නැහැ. මේ රට එදා ඉඳලා ආපස්සට ගියා. ජනතාව මත බදු බර වැඩිවුණා. පීඩනය වැඩිවුණා. මැතිවරණය දෙන්නේ තැත්නම් මැතිවරණ ගන්න  ඕන. ඒකට තියෙන්නේ මුළු කොළඹම වටකරලා මැතිවරණයක් ඉල්ලා සිටීමයි.යුධ හමුදා බුදධි අංශ නායකයන් අද ඉන්නේ හිරගෙවල්වල. ඒ අඹුදරුවන් අඬනවා. සිරිසේන-වික‍්‍රමසිංහ රට වෙනුවෙන් සේවයක් කළ මිනිස්සුන්ට දෙන තෑගි තමයි ඒ. ඒත් ජාතියේ හිසමතට ගුවන් ප‍්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ. ගුවන් බළකායේ නිලධාරීන්ට ඇප දෙනවා. මේවා වෙනකොට ස්වභාවධර්මය කම්පාවෙන එක අහන්නත් දෙයක්ද?අවුරුදු දහයක් මේ රට නියම මාර්ගයක ආවා. අද මුළු රටම කුණුවලින් පිරිලා. මහින්ද මහත්තයා රටට, ජාතියට විනයක් ගෙනාවා. ඒවා ඔක්කොම කාබාසිනියා කළා. දැන් රටේ විනය හදන්න හදනවා.2020 වනතුරු හිටියොත් අපිට රටක් නැති වෙනවා. එයට කලින් ප‍්‍රහාරය එල්ල කළ යුතුයි. ඒකට තිබෙන එකම මඟ මේ ජනතා බලයයි. බැඳුම්කර හොරු පත්තර ගහනවා. රූපවාහිනී නාළිකා මිලදීගෙන ඉවරයි. ඒ නිසා බැඳුම්කර හොරුන්ගේ ජනමාධ්‍ය පරීශීලනය කරන්න එපා කියලා අපි ඉල්ලනවා.මේ රට ඉන්දීය කොළණියක් කරන්න දෙන්න බැහැ. එට්කා ගිවිසුම් අත්සන් කරන්න දෙන්න බැහැ. බෙදුම්වාදී ව්‍යවස්ථා ගේන්න දෙන්න බැහැ. ඒවාට විරුද්ධ ප‍්‍රහාර එල්ල කරන්න  ඕන. අපිට මහින්ද මහත්තයාගෙන් දිනය හා වෙලාව විතරයි  ඕන. මේ ජනතාව මුළු කොළඹම වටලන්න ලෑස්තියි. 2020ට පෙර මේ ආණ්ඩුව ගෙදර යවන ජනතා බලය පෙන්වන්න අපි සූදානම් යැයි පැවසීය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය,ආණ්ඩුව අපිට අභියෝගයක් දුන්නා, ගෝල්ෆේස් පිටිය පුරවන්න. අපි අභියෝගය භාරගත්තා. පහුගිය මැයි දින දෙකක් තිස්සේ අපි ආණ්ඩුව පසු බැස්සුවා. සරසවි සිසුන්, වෘත්තීයවේදීන්, ජනතාව ගෙනගිය අරගලවලින් ආණ්ඩුව පසුබස්සවලා තිබෙනවා. ගෝල්ෆේස් පිටියෙන් පෙනෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පරාජයයි. පුළුවන්නම් මැතිවරණය තියන්න. මාස තුනක් ඇතුළත මැතිවරණ පැවැත්වූයේ නැත්නම් දැවැන්ත අරගලයකට යනවා යැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය,ඒකාබද්ධ විපක්‍ෂය මැයි රැලිය පවත්වන්න ගෝල්ෆේස් පිටිය තෝරාගත්තේ ජනතාව ගැන අපිට තිබුණ විශ්වාසය නිසයි. අපි මේ පිට්ටනිය මදි සෙනග බලන්න  ඕන නම් ගෝල්ෆේස් එන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.ලංකා ඉතිහාසයේ ලොකුම මැයි රැලි පවත්වන්න  ඕන නම් ආණ්ඩුව මොකට හුණ්ඩු වැනි පිට්ටනි වෙන්කරගත්තේ. වැඩකරන ජනතාවගේ මුදල් කොල්ල කන, රණවිරුවන්ට පහරදුන් මේ ආණ්ඩුවට මැයි දිනය සමරන්න අයිතියක් නැහැ. දැන් ෆොන්සේකා අයිති අතීතයටයි. සුදුකොඩි කතා කියාපු රණවිරුවන්ට පහරදෙද්දී කටපියාගෙන හිටපු ෆොන්සේකාගේ අණ පිළිපදින්න හමුදාව සූදානම් නැහැ. මේ රට කෑල්ලෙන් කෑල්ල කඩල නොරටුන්ට විකුණන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අගමැතිතුමා ගිය සතියේ ඉන්දියාවේදී අත්සන් කළ ගිවිසුම අනුව ත‍්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙනවා. උතුර ඉන්දියාවට, නැගෙනහිර චීනයට, බස්නාහිර ඇමරිකාවට දුන්නම අනාගත පරපුරට රටක් කොයින්ද?වසර පහක් මේ ආණ්ඩුව තිබුණොත් අපිට රටක් නැති වෙනවා. මේ ජනතාව පාරට බැස්සොත් මැතිවරණයක් පැවැත්වීම හැර වෙනත් විකල්පයක් මෙම ආණ්ඩුවට නැතැයි පැවසීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ මහතා,ගෝල්ෆේස් පිටියට රැස්වූ ඔබ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අභියෝග පරාජයට පත්කර තිබෙනවා. කැම්බල්පිටිය, ගැටඹේ ක‍්‍රීඩාංගණය, බී.ආර්.සී. පිටිය ඒ සියල්ලටම වඩා වැඩි ජනතාවක් ගෝල්ෆේස් පිටියට ඇවිත් ඉන්නවා. අපි මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තොත් මේ රට විකුණන එක නවතාගන්න පුළුවන්යැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසීය.ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන මේ මැයි රැලිය ඓතිහාසික එකක්. 2015 ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනස සිදුනොවුනා නම් ආර්ථිකය ශක්තිමත් කරන වරාය නගරය ඉදිකර අවසන්. කොළඹ පමණක් නෙමෙයි මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කරන්න මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළා. එදා අපි රට සංවර්ධනය කරනවිට වික‍්‍රමසිංහ නඩය රටට බොරු කන්දක් කිව්වා. සිරිසේන-වික‍්‍රමසිංහ මේ රටට ගෙනාපු එකම එක සංවර්ධන මර්මස්ථානයක් පෙන්වන්න.අද රටේ ණය පොලිය ඉහළ ගිහිල්ලා. සියලූම ආර්ථික ක‍්‍රියාවලි ඇනහිටලා. ජීවත්වෙන්න බැරිව මිනිස්සු පාරට බහිනකොට හමුදාව දාලා කම්කරුවන් මර්දනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. එවැනි පසුබිමක ගැටඹේ මැයි රැුලියටයි, කැම්බල් පිටියටයි රෙද්දක් ඇඳගෙන අපිට යන්න පුළුවන්ද? වික‍්‍රමසිංහගේ බටලන්දට, සූරියකන්දට බය නැතිවුණ අපි මේවාට බයවෙන්නේ නැතැයි පැවසීය.දේශවිමුක්ති ජනතා පෙරමුණේ නියෝජ්‍ය සභාපති පුජ්‍ය ගලගම ධම්මරංසි හිමි,හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන විනයාගමූර්ති මුරලිදරන්, රියාර් අද්මිරාල් සරත් වීරසේකර, සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජගත් කුමාර, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ. සනත් නිශාන්ත, ජනක බණ්ඩාර තෙන්නකෝන්, වීරකුමාර දිසානායක, දිළුම් අමුණුගම, ජයන්ත සමරවීර, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සිසිර ජයකොඩි, ශ්‍රීයාණි විජේවික‍්‍රම, ගීතා කුමාරසිංහ, චමල් රාජපක්ෂ, පියල් නිශාන්ත, ශෙහාන් හේමසිංහ, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ, රොෂාන් රණසිංහ, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, විදුර වික‍්‍රමනායක, කනක හේරත් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, වෘත්තියවේදීන්, කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
තෙල් අත්‍යවශ්‍ය සේවයක් කරන්න අනාගතයේදී චීනයෙන් අවසර ගන්න වේවි
0
hp_train_7602
(සමන් විජය බණ්ඩාර)මාවනැල්ලේ ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන් මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පෙබරවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (13) නියෝග කළේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් 17 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ අතර කාන්තාවක්ද සිටියි.සැකකරුවන් දෙදෙනෙක්ට රැකවරණය සැපයු නාවලපිටිය උලපනේ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි අයෙක් අත්අඩංගුවට ගෙන අද (13) වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළේය.මෙම සිද්ධියට සම්බන්ධව වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් සිව්දෙනෙක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.මෙම පුද්ගලයන් සිව්දෙනා ආයුධ තොගයක්ද සමඟ පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර අද (13) වැනි දින එම සැකකරුවන් සිව්දෙනා ඇතුළු සැකකරුවන් 15 දෙනෙක් මාවනැල්ල මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ අදාල සැකකරුවන් රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කර යුතු බවයි.අධිකරණයට ඉදිරිපත් කළ වනාතවිල්ලුව ප‍්‍රදේශයෙන් අල්ලා ගත් සැකකරුවන්ගෙන් රඳවා ප‍්‍රශ්න කිරීමට අවස්ථාව මහෙස්ත‍්‍රාත්වරයා ලබා දුන්නේය.කෑගල්ල බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගෙන්ද ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත‍්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා සිටි අතර බන්ධනාගාර අධිකාරිවරයාට ඒ බව දන්වා අවශ්‍ය පරික්ෂණ පෙබරවාරි 15 වැනිදායින් පසුව සිදු කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස්
0
hp_train_7603
 ටෙලිනාට්‍ය සඳහා රජ ඇඳුම්  ඇඳ රාජ චරිතය රඟපෑ නළුවාට සිදුවූ අකරතැබ්බයක් නිසා රජ ඇඳුමින්ම නගරයේ කාර්යාලයකටත් තම නිවසටත් යාමට සිදුවූ සිදුවීමක් කුරුණෑගල නගරයෙන් වාර්තා විය. ඔහු 60 හැවිරිදි වුවත් මනා තේජස් පෙනුමින් යුතු කලාකාමි පුද්ගලයෙකි. නාට්‍ය රඟපෑමට වැඩි රුචියක් දැක්වූ නිසාම තම යහළුවකුගේ මාර්ගයෙන් ටෙලි නාට්‍යයක රජ කෙනකුගේ චරිතයක් රඟපෑමට ඔහුට අවස්ථාව උදාවිය. දැඩි සතුටට පත් මොහු පුහුණු කටයුතු අවසන් වී නාට්‍ය රූගත කරන දිනයේ රාජ ආභරණ ඇඳුම්  සියල්ල ගමන් මල්ලේ අසුරාගෙන නියමිත ස්ථානයට පැමිණියේය. අසල විහාරස්ථානයේ යාබඳව පිහිටි ගලමත දී ඔහු රාජ චරිතයට පණ දුන්නේය. රූගත කිරීම් අවසානයේ ඔහු  රජ ඇඳුම්  ගලවා තම ඇඳුම් සෙව්වේ නගරයේ කාර්යාලයක මිත්‍රයකුගෙන් හදිසියේ ආ දුරකතන ඇමතුමක් නිසාය.එම දුරකතන ඇමතුමෙන් පැවසුවේ ඔහුගේ අවශ්‍යතාවක් ඉටුකරදීමට නගරයේ කාර්යාලය වෙත වහා පැමිණෙන ලෙසය.වහා කලිසම ඇඳගත් ඔහු තම කමිසය සෙව්වේ තිබූ තැන නොතිබූ නිසාය. විහාරස්ථානයේ සිටි දරුවකු තමා දෙසට දිව එන අයුරු ඔහු දුටුවේය.“සර් සර්ගෙ අර ගහේ එල්ලලා තිබුණ කමිසේ රිලව් වගයක් ගෙනිහිල්ලා කීතු කරලා”සුසුමක් හෙලූ නළුවා වෙනත් කළ යුතු දෙයක් නැති තැන තම කලිසමට උඩින් රජ චරිතයේ කමිසය ඇඳ ගත්තේය. දිස්නය දීමට පබලු හා රිදී, රන් පාටවලින් අලංකාර කරන ලද රාජ කමිසය ඇඳගෙනම ඔහු නගරයේ කාර්යාලය වෙත ගියේ වෙනත් කිසිවක් කළ නොහැකි නිසාමය.කාර්යාලයේ සේවක සේවිකාවන් ඔහු දෙස විමතියෙන් බලන්නට වූයෙන් ඔහු යහළුවාට සියල්ල පැවසීය.“අලුත් පැෂන් එකක්” යාළුවා  කීවේය. (මාවතගම කාන්චනමාල් බණ්ඩාර)
රජ ඇඳුම් ඇඳ කාර්යාල සේවයට ගිහින්
0
hp_train_7604
(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා තෝරා පත්කර ගැනීම හෙට (5)  සිදු කෙරෙන බව පාර් ලිමේන්තු ආරංචි මාර් ග පවසයි.එම කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(5) පෙරවරු 11.00  ට පැවැත්වීමට නියමිතය.නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාව සභාවාරයේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය තිස්ස විතාරණ මහතාය.මෙවර ඔහු එම කමිටුවේ සාමාජික මන්ත්‍රීවරයකු ලෙස වත් පත් කර නොමැතිවීම විශේෂත්වයකි.කෝප් සහ කෝපා  කමිටු සාමාජිකයන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  පෙරේදා (3) නිවේදනය කළේය.මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපතිවරයා තෝරා පත්කර ගැනීමද ඉදිරි දිනවල සිදු කිරීමට නියමිතය.
කෝපා සභාපති පත් කිරීම හෙට
1
hp_train_7605
 මිල වැඩිකිරීමට අවසර නොලැබුණොත් කිරිපිටි ගෙන්වීම නවතා දැමීමට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් පිරිසක් සාමූහික තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.  පවතින තත්ත්වය අනුව කිරිපිටි ආනයනය නවතා දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඔවුහු පැවැසූහ.කිරිපිටි ආනයන සමාගම් මේ වන විට මසකට රුපියල් මිලියන 30 සිට 40 දක්වා පාඩු ලබන බව එම සමාගම් කිහිපයක  ප්‍රධානීහු පැවසූහ.කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන තෙක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කර නොගන්නා බවටත් අලුතින් ඇණවුම් නොකරන බවටත් එම සමාගම් අනතුරු අඟවා ඇත.  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 184ක් දක්වා අවප්‍රමාණයවීම, තීරුබද්ද රුපියල් 15ක් වීම, 15% අගය එකතු කළ බද්ද,  7.5%ක වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද, කිලෝවකට පනවන ජාතිය ගොඩනැගීමේ බද්ද රුපියල් 135 සිට 170ක් දක්වා වැඩි කිරීම ආදී කරුණු හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ වියදම වැඩි වී ඇත. ඊට අමතරව ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් ද ඉහළ ගොස් ඇත. මීට වසර කිහිපයකට පෙර කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස සලකා කිරිපිටි කිලෝවකට අය කරන ලද තීරු බද්ද රුපියල් 2ක් පමණක් විය.ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 3,250ත් 3,350ත් අතර වේ. එය ඩොලර් 3,400ත් 3,500ත් දක්වා ඉහළ යනු ඇතැයි පැවසේ. මෙම තත්ත්වය මත ආනයන පිරිවැය පියවා ගැනීම සඳහා කිරිපිටි කිලෝවේ පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන්නැයි කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සහ ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලා ඇත. කිරිපිටි මත පනවා තිබෙන පාලන මිල සහ එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීම මීට තිබෙන එකම විසඳුම යැයි එම සමාගම් පෙන්වා දී ඇත. (සන්ඬේ ටයිම්ස් ව්‍යාපාරික වාර්තාකරු) 
කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් තොග නිදහස් කර ගැනීම තාවකාලිකව අත්හිටුවයි
0
hp_train_7606
(අමදෝරු අමරජීව)දෙමළ ජාතික සන්ධානයට  බලය හිමි ත්‍රිකුණාමලය නගර සභාවේ 2019 වර්ෂය සඳහා සභාපති නාගරාසා රාසනායගම් මහතා ඉදිරිපත් කළ  අයවැයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුලු පක්ෂ කිහිපයක් එක්ව සහය ලබාදී (13) අයවැය සභා සම්මතකර ගනු ලැබුහ.අයවැයට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු නව දෙනාට අමතරව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරු හතර දෙනා , ස්වාධින  මන්ත්‍රීවරු දෙදෙනා සමඟ එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකුද ,ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයා,  සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයා   සමඟ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ  මන්ත්‍රීවරයාද අයවැයට  පක්ෂව ඡන්දය ප්‍රකාශ  කලහ.පක්ෂව ඡන්ද 19ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.ඒ අනුව වැඩි ඡන්ද 18කින් අයවැය සභා සම්මත විය.විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි  පක්ෂයේ එස්.සිවකුමාර් මහතා පමණි. ඔහු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් මෙය ජනතාවාදි අයවැයක් නොවන බව  කීවේය.එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙක් ඡන්දය දීමෙන්  වැළකි සිටි අතර  තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් සභාවට නොපැමිණියේය.
ත්‍රිකුණාමලය නගර සභාවේ අයවැය සම්මතයි
1
hp_train_7607
( රොමේෂ් මධුෂංඛ) සැමට සෙවන ආදර්ශ නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් වෙනුවෙන් ලබාදෙනු ලබන නිවාස ව්‍යාපෘතියේ පළමු මාධ්‍ය ගම්මානයට වව්නියාව දිස්ත්‍රික්කයේදී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීය.වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඉරට්ටපෙරයිකුලම් ප්‍රදේශයේදී සිංහල මාධ්‍ය වේදීන් 16 දෙනෙකුටත් වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඕමන්ත ප්‍රදේශයේදී දෙමළ හා මුස්ලිම් මාධ්‍ය වේදීන් 28 දෙනෙකුටත් ඉඩමක් හා නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක මුදල් අධාරයක්ද ලබා දීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකරිය මගින් පියවර ගෙන ඇත.වව්නියාවේ ආදර්ශ මාධ්‍ය ගම්මානය වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා මාධ්‍යට අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළේය.‘ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් මේ වන විටත් වතමන් රජය විවිධ වූ සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා  තිබෙනවා.කාලීන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනම වැටුප් ක්‍රමයක් සඳහා සොයා බැලීම වෙනුවෙන් ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද කමිටුවේ වාර්ථාවද මේ වන විට ජනාධිපතිතුමන් වෙතට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු වේවි.
ප්‍රාදේශිය මාධ්‍යවේදී ආදර්ශ ගම්මානයට වව්නියාවේදී මුල්ගල් තබයි
1
hp_train_7608
(*** මුදිතා දයානන්ද)කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ සහනයවත් නොදි අසීමිත ලෙස බදු බරක් පටවමින්  සිටින මේ ආණ්ඩුව බොරුවෙන් ඉපදී, බොරුවෙන් ජීවත් වී, බොරුවෙන්ම මිය යන්න හදන ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) පැවසීය.ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.එහිදී ඔහු මෙසේද පැවසීය.වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය කඩාවැටී පීඩාවට පත්ව සිටිනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ 360,000කට රැකියා අහිමි වෙනවා. ඉදිකිරිම් ක්ෂේත්‍රයේ 178,000 කට එනම් සියයට විසිපහකට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවී තිබෙනවා. මේ වන විටත් කඩසාප්පු ආදි විවිධ ආයතනවල සේවය කළ ලක්ෂ දෙකකට පමණ රැකියා අහිමිවී තිබෙනවා. මෑන්පවර් ආයතනවලින් ලබාගත් සේවකයින් ඉවත් කර තිබෙනවා. 1,113,000කට රැකියා අහිමිවී තිබෙනවා.මාස හයට වඩා අඩුවෙන් වැඩකරන ලද බොහෝ දෙනාට රැකියා අහිමි වෙලා. සමහර ආයතන සේවක ප්‍රමාණය සියයට පනහක් අඩුකර ඉතිරි කණ්ඩායමටද වැටුපෙන් අඩක් ගෙවීමට තීරණය කර තිබෙනවා. සුළු වෙළඳාමක් කරගෙන යාමේ සිට පවත්වාගෙන යනු ලැබු බොහෝ ව්‍යාපාර කඩාවැටිලා. ඒ ජනතාවට සහන දෙනවා වෙනුවට ඒ ජනතාව තවදුරටත් පීඩාවට පත්කරන බදු පැනවීමක් ආණ්ඩුව සිදුකර තිබෙනවා.ලෝක තෙල්මිල අඩුවී තිබෙන ආකාරය අනුව බදු අයකරගෙන වුවත් දැන් තිබෙන මිලට වඩා හරි අඩක් අඩුමිලට තෙල් ලබාදෙන්න පුළුවන්. සහනය ලබාදුන්නා නම් ධීවරයාගේ ගොවියාගේ සිට සෑම නිෂ්පාදන ක්ෂේත්‍රයකටම නිෂ්පාදන පිරිවැය අඩුකරන්න බලපානවා. ප්‍රවාහන වියදම අඩුකරන්න බලපානවා. නමුත් එහෙම නොකර ආණ්ඩුව කෙටිකාලයකට තෙල් වෙනුවට සැමන් හා පරිප්පු මිල අඩුකළා. සති දෙකක් යන්න කලින් පාලන මිලත් අහෝසි කරලා ඒවායේ මිල ඉහළ යන්න ඉඩ දුන්නා. දැන් ඒ මතවු බදු වැඩිකරලා ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරලා. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු මිල වැඩිකළා. දේශීය නිෂ්පාදන ඉහළ දැමීමට තමයි බදු පැනෙව්වේ කියලා ආණ්ඩුව කියනවා. හැම ආණ්ඩුවක්ම බදු පනවලා කිව්වේ ඔය කතාවම තමයි. හැබැයි අපි පරිප්පු නිෂ්පාදනය කරන්නේ නැහැ. පරිප්පු වෙනුවට කව්පි භාවිතා කරන්න පුළුවන් කියලා කිව්වත් ඒවාත් අපි දැන් ආනයනය කරනවා. දඹුල්ලේ ලොකු ලූනු තවම වගාකරන්න පටන් ගත්තා විතරයි. ඒ නිසා මේ වෙලාවේ බදු පැනවීමෙන් ලොකු ලූනු ගොවියා ආරක්ෂා කරන්න බැහැ. ආණ්ඩුව මේ කරන්නේ තමන් මුහුණ දී තිබෙන ආර්ථික අපහසුතාවයෙන් ගොඩ ඒමට ක්‍රියාමාර්ග ගැනීමයි.විදුලි බිල ජලබිල පිළිබඳ ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අප්‍රේල් හා මැයි මාසයේ ජල බිල මිනිස්සු ගෙවල්වලටම වෙලා හිටිය නිසා ඉහළ ගියා. මේ අය බිල ලියද්දී අප්‍රේල් මාසයට බිල පෙර පරිදිම ලියලා එහි වැඩිපුර ගිය ඒකක ප්‍රමාණය මැයි මාසයට එකතු කරලා දරන්න බැරි විශාල බිලක් ජනතාවට ලබාදීලා. විදුලි බිලත් ඒ ආකාරයටමයි කර තිබෙන්නේ.කොරෝනා මර්දනයට තමන්ගේ ජීවිතය පරදුවට තබා වැඩකරපු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වැඩකරන ජනතාව දැන් පාරට බැහැලා තමන්ගේ වැඩකරපු ප්‍රමාණයටවත් ගෙවලා නැහැ කියලා උද්ඝෝෂණ කරනවා. ආණ්ඩුව ඒකත් වංචා කරලා. ජනතාවට දිය යුතු දේ ගෙවන්නේ නැතිව ජනතාව මත බදුබර පටවන්න තීරණය කරනවා. ඒ කැබිනට් මණ්ඩලයම ලක්ෂ අසූදාහකට පිට්ටනි හදන්න තීරණය කරනවා. ඒ කැබිනට් මණ්ඩලයම වාහන ගෙන්වන්න ලක්ෂ තුන්දාහක් වෙන්කරන්න තීරණය කරනවා. පාරවල් හදන්න තීරණය කරනවා. ඩොලර් මිලියන තිස්පහක් යොදා අධිවේගී මාර්ග හදන්න තීරණය කරනවා. විශාල ඉදිකිරීම් කියන්නේ විශාල කොමිස්, විශාල ගසාකෑම්. ආණ්ඩුව කොරෝනා අතරේත් ගසාකෑම හොඳින්ම කරගෙන යනවා.එහිදි අදහස් දැක්වූ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.ද ෆිනෑන්ස් ආයතනය රජයට පවරා ගත්තා 2010දි. එසේ පවරා ගන්නා විට එය බිලියන තිහකට අධික තැන්පත් තිබුණ ලාභ ලැබූ ආයතනයක්. රජයට පවරා ගත් පසු මහබැංකුවේ නියාමනයට යටත්ව රජයන් පත්කළ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කළ එම  ආයතනය පසුගිය විසිදෙවැනිදා වසා දැම්මා. කොරෝනාවෙන් පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් තමයි ආණ්ඩුව කරලා තියෙන්නේ. ආණ්ඩුව මේකට හේතු දැක්වීමක් වත් කරන්නේ නැහැ. ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරනවා වෙනුවට ඒවා වසා දැමීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කිරීම ඉතාමත් භයානකයි.විදේශ රටවල සේවය කළ ජනතාව මෙරටට ගෙන්වා ගෙන නිරෝධායනයට ලක්කර නිවෙස්වලට යොමු කිරීමේ වැඩපිළිවෙළක් රජය මුල්කාලයේ අනුගමනය කළා. ඒක ඉතාමත් හොඳයි. තවත් විශාල පිරිසක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. ඔවුන් ලංකාවට එන්න උත්සාහ කරන්නේ ඒ රටවල සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අපහසුතාව හා රස්සා නැතිවීමෙන් ගෙවල් කුලීවත් ගෙවාගන්න වත්කමක් නැතිවීම වැනි කාරණා නිසයි. එහෙත් දැන් මේ අය ගෙන්වීමේ ක්‍රියාවලිය නැවතිලා. තානාපති කාර්යාල නිලධාරින් පවා ආණ්ඩුව අසරණ කරලා. මේ අයත් අපේ රටට විදේශ විනිමය එවන අපේ රටේම ජනතාවගෙන් කොටසක් බව අමතක නොකරන ලෙස ආණ්ඩුවට අපි පෙන්වා දෙන්න කැමතියි.එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට දිසානායක මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප්‍රශ්නය - මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද මතුවී තිබෙන තත්ත්වය ගැන ජවිපෙ අදහස?පිළිතුර - ආණ්ඩුව හැදුවේ ජනතාව නිවෙස්වලම හිරවී සිටියදි ඡන්දේ පවත්වා මැතිවරණය දිනාගන්නයි. එහෙත් මැතිවරණ කොමිසම පවසන්නේ රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වි මාස දෙකහමාරක්වත් ගත වනතුරු මැතිවරණය පැවැත්විය නොහැකි බවයි. අපි ජවිපෙ ලෙස මැතිවරණයට සූදානම්. එහෙත් අද රටේ පවතින තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් නොකර ඉතා විශාල මුදලක් මැතිවරණයක් වෙනුවෙන් වැය කිරීම සුදුසු නැති බවයි අපේ හැඟීම.
‘‘ආණ්ඩුව බොරුවෙන් ඉපදී බොරුවෙන් ජීවත් වී බොරුවෙන්ම මිය යන්න හදනවා’‘
0
hp_train_7609
(දයාරත්න ඇඹෝගම)නිති විරෝධිව සහ අවධිමත් අයුරින්  උතුරු මැද පළාතේ පාසල් වල විදුහල්පතිවරු ස්ථාන මාරු කිරිමේ ක්‍රියාවලිය වහාම අත් හිටුවන ලෙස උතුරු මැද අධ්‍යාපන බලධාරින්ට නියෝග කරන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඇතුළු වෘත්තිය සමිති අටක නියෝජිතයින් අද (20) මානව හිමිකම් කොමිසමේ අනුරාධපුර ප්‍රාදේශිය කාර්යලයට පැමිණිල්ලක් කළේය.උතුරු මැද පළාතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් නිකුත් කොට ඇති අංක 2017/02 චක්‍ර ලේඛනය උපදෙස් උල්ලංඝණය කරමින් විදුහල්පතිවරු රැසක් ස්ථාන මාරුකර ඇතැයි මෙම ගුරු සංගම් චෝදනා කරති.මානව හිමිකම් කොමිෂම වෙත සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසිය.උතුරු මැද පළාතේ පාසල්වල විදුහල්පතිවරු මාරු කිරිම සදහා මේවන විට අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අතර තුර උතුරු මැද ප්‍රධාන ලේකම්වරිය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ නිර්දේශ මත විදුහල්පතිවරු රැසක් ස්ථාන මාරු කොට තිබෙනවා.ඒ වාගේම නව විදුහල්පතිවරු පත් කොට තිබෙනවා.මේ ක්‍රියාව සම්පුර්ණයෙන්ම නිති විරෝධියි.පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක 2017/02 චක්‍රලේඛනයේ උපදෙස් සියල්ල කඩ කරලා.බලය අයථා ලෙස භාවිතා කිරිමක්.තමන්ට හිතවත් විදුහල්පතිවරුන්ට නගරයේ පහසු පාසල් සදහා ස්ථාන මාරුවිම් ලබාදි තිබෙනවා.පාසල් පරිපාලනය කඩා වැටිලා.මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති 08 ක් පසුගිය 03 වැනි දින හිටපු ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතා හමුවෙලා සාකච්ජා කලා.එහිදි ආණ්ඩුකාරවරයා ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරියටත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරියටත් උපදෙස් දුන්නා මෙම ස්ථාන මාරුවිම් තාවකාලිකව අත් හිටුවන්න. ආණ්ඩුකාරවරයාගේ ඒ උපදෙස්වත් පිලිපැදලා නැහැ.ඒ නිසා මේ මාරුවිම් වහාම අත් හිටුවන්න.නිති විරෝධි ආකාරයට විදුහල්පතිවරු ස්ථාන මාරුකිරිමත් නව පත්විම් ලබාදිමට සම්බන්ධ නිලධාරන්ට විරුද්ධ විනයානුකුල ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසට අපි අද(20)මානව හිමිකම් කොමිෂම වෙත පැමිණිලි කළ බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසිය. 
උතුරු මැද පාසල්වල විදුහල්පති පුරප්පාඩු රැසක්
0
hp_train_7610
පේදුරුතුඩුව, තික්කම් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 91යි ග්‍රෑම් 561 සමඟ පුද්ගලයින් දෙදෙනකු  නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.  උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (17) ඔවුන් අත්අඩංගුවට ගෙන  ඇත.මෙම ගංජා තොගය ශ්‍රී ලංකා දේශසීමාව හරහා මෙරටට රැගෙන ඒමට ඇතැයි සැක කෙරේ.  අත්අඩංගුවට ගත් පුද්ගලයින් 47 සහ 60 වන වියෙහි පසුවන තික්කම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව හඳුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු පේදුරුතුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.  ඒ අනුව, මෙම වර්ෂය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 770 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.(36698)
ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
1
hp_train_7611
ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ ක්‍රමයෙන් වැසි  වැඩි වීමක් සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි.  මන්නාරම සිට කොළඹ  සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු වන අතර පැයට කිලෝ මීටර් 60- 70 පමණ දක්වා සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දන්වා සිටියි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතට  ද මෙම වැසි පැතිර යා හැක. සවස 04.00 න් පමණ පසු නැගෙනහිර සහ ඌව  පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සවස 4.00 න් පසු දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
‘අදත් තද වැසි සහ සුළං‘
0
hp_train_7612
(සනත් ගමගේ) අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය කෙටුම්පත වැඩි ඡන්ද  17 කින් අද(14) සම්මතවිය. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම (14) පැවැත්විණි. මෙහිදී 2020 අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය. අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයෝ  ඡන්ද 22 ක් ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ සභිකයෝ විපක්ෂව ඡන්ද 5 ක්  ලබාදුන්හ. අම්බලන්තොට ප්‍රාදේශීය සභාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය යටතේ පවතින සභාවකි. ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභිකයින් 17 කුද, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභිකයින් 6 දෙනෙකුද, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සභිකයින් 5 දෙනෙකුද,  එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් සභිකයින් 3දෙනෙකුද වශයෙන් සභිකයෝ 31 දෙනෙක් සිටිති. අයවැය ඡන්දය විමසන අවස්ථාවේ දි සභාවේ සභිකයෝ 9  දෙනෙක් සභාවේ නොසිටියහ.
නිවිතිගල ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්ද අටකින් සම්මතයි
0
hp_train_7613
 (මාතලේ මහේෂ් කිර්තිරත්න)මාතලේ මහ නගර සභාවේ පුරප්පාඩු වි තිබු  නගරාධිපති ධුරය සදහා  උප  නගරාධිපති  ලෙස කටයුතු කළ (එ.ජ.නි.ස) සන්දනම් ප්‍රකාශ් මහතා  අද (6)  තේරි පත් විය.එහිදි  සන්දනම් ප්‍රකාශ් මහතා ඡන්ද 10ක් ලබා ගත් අතර පාලිත ජයසේකර මහතා ඡන්ද 09ක් ලබා ගත්හ.මාතලේ මහ නගර සභවේ නගරාධිපති තෝරා පත් කර ගැනිම සදහා මධ්‍යම පළාත් පාලන දෙපාර්තමෙන්තුවේ පළාත් පාලන කොමසාරිස් එම්.එම්.යු බි හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06)දා මාතලේ මහ නගර සභා රැස්විම් ශාලාවේදි  ඡන්ද විමසිම පැවැත්විණි.නගරාධිපති ධුරය සදහා නම් යෝජනා කරන ලෙස සභාවට දැන්වු අවස්ථාවේදි නව නගරාධිපති ධුරය සදහා වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි  ටි.ඇස් මොහන් මහතා යෝජනා කළ අතර එකමුතු ප්‍රගතිශිලා සන්ධානයේ මන්ත්‍රි අයියාවු මාණික්කම් මහතා ස්ථිර කළ අතර සහ නාගරික මන්ත්‍රි පාලිත ජයසේකර මහතාගේ නම මන්ත්‍රි ජයරත්න ලියනගොඩ සහ මන්ත්‍රි තුෂාර ප්‍රනාන්දු මහත්වරුන්ගේ යෝජනා ස්ථිර කළ යෝජනා වු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි අනාස් රියාල් මහතාගේ නම මන්ත්‍රි  කේ.ජි.ආර්.එම්  සෆරුල්ලා මහතා යෝජනා කළ අතර මන්ත්‍රි එම්.සෆරුල්ලා  මහතා ස්ථිර කළ අතර අනාස් රියාල් මහතා විසින් එම නම ඉල්ලා අස්කර ගත්හ.ඉන්පසුව පාලිත ජයසේකර මහතා සහ සන්දනම් ප්‍රකාශ් මහත්වරුන් නගරාධිපති ධුරය සදහා ඡන්ද විමසිම පැවැත්විණ.පසුව ඡන්ද විමසිම රහස් ද විවෘත ඡන්ද විමසිමක්ද  යන්න සභාවෙන් විමසු අතර විවෘත ඡන්දය සදහා මන්ත්‍රි ජයරත්න ලියනගොඩ සහ මන්ත්‍රි තුෂාර ප්‍රනාන්දු මහත්වරුන්ගේ යෝජනා ස්ථිර කළ අතර රහස් ඡන්දයක් අවශ්‍ය බව වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා යෝජනා කළ අතර ටි.එස් මොහන් මහතා ස්ථිර ක‍ළේය.එහිදි නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනිම රහස් ඡන්දයනේ පැවැත්විණි.එහිදි රහස් ඡන්ද ක්‍රමයට මන්ත්‍රිවරුන් දසදෙනෙකු පක්ෂවද විපක්ෂව ඡන්ද 09 ක්ද ලැබුණි.එහිදි නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනිම රහස් ඡන්දයනේ පැවැත්විණි.මාතලේ මහ නගරාධිපති ලෙස කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා ධුරයෙන්  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා විසින් පසුගියදා පහකරනු  ලැබු අතර ඒ මාස තුනක කාලයක් තිස්සේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි විරවර්ධන මහත්මියගේ මුලිකත්වයෙන් සිදු කළ විමර්ශන වාර්තාව පදනම් කරගෙන ධුරයෙන් පහ කිරිම නිසානිසා මෙම නව නගරාධිපතිතනතුර පුරප්පාඩු විය.මෙම ඡන්දය විමසිමේ අවස්ථාවේ නිලධාරින් රැසක් එක්වි සිටියහ.
මාතලේ උප නගරාධිපති ධූරයට මන්ත්‍රී අයි.එන්.ඉන්ද්‍රරත්න
0
hp_train_7614
(ඩයනා උදයංගනී) ජාතික ආණ්ඩුව රටට ගැළපෙන නමුත් පටු පරමාර්ථ ඇතිව කටයුතු කරන ඇතැම් දේශපාලකයන්ට එය නොගැළපීම නිසා යම් යම් ගැටුම් ඇතිවී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (11) පැවසීය. රටට මුල් තැන දී පක්‍ෂය හා තමන් ගැන දෙවනුව සිතන්නට දේශපාලකයන්ට හැකි නම් ජාතික ආණ්ඩුව තුළින් රටට විශාල සේවයක් කළ හැකි බව ද අමාත්‍යවරයා කීවේය.  එක නායකත්වයක්, එක වැඩපිළිවෙළක්, එක රජයක් තේමාව යටතේ රජය ඉදිරියට ගෙන යා යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ රාජිත සේනාරත්න මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය. ප්‍රශ්නය:- අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දුන් 16 දෙනා ඉවත් කළ කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂය කියනවා. ඒත් ඒ අය ජනාධිපතිවරයා කියන තුරු නොයන බව කියනවා. මේ නිසා ආණ්ඩුව දුෂ්කර තත්ත්වයකට පත්වෙලා නේද?පිළිතුර:- නැහැ. ආණ්ඩුව හොඳ තැනකට පැමිණ තිබෙනවා. ඒ පිරිස තීන්දුවක් ගන්නා බව කියා තිබෙනවා.  ප්‍රශ්නය:- දේශපාලන ගැටුම් අවසන් කර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පටන්ගන්නේ කවදාද?පිළිතුර:- අපේ අදහස එක නායකත්වයක්, එක වැඩපිළිවෙළක්, එක රජයක් තේමාව යටතේ ඉදිරියට යන්නයි. ජාතික ආණ්ඩුවක් තිබෙන විට ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයායි. මේක තුළ ඉඳගෙන එක එක අදහස් නොදරා එක් තේමාවක් යටතේ කටයුතු කළ යුතුයි. ප්‍රශ්නය:- ඒත් අගමැතිතුමාගේ අදහස 2020 දී එ.ජා.ප රජයක් පිහිටුවීම නේද?පිළිතුර:- නැහැ. ජාතික රජයක් පිහිටෙව්වේ එතුමාගේ අදහසක් අනුවයි. එය යෝජනා කළේ ජනාධිපතිතුමා නෙවෙයි. රට හැදීම වෙනුවෙන් එතුමා ඒ තීන්දුව ගත්තා. ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසිරෙව්වා නම් අපට මීට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබෙනවා. එම ජයග්‍රහණය නොබලා එදා අගමැතිතුමා කැපවීමක් කළා. එය අමාරු වැඩක්. ඉතිහාසය පුරා වෙන්ව කටයුතු කළ පක්‍ෂ දෙකක් අපි එකතු කළා. ඒත් එහි වාඩි වූ සමහරු මේ දේ කළේ රට හදන්න යන්න වටහාගත්තේ නැහැ. ඒ නිසා අපට ජාත්‍යන්තරය තුළ පවා පිළිගැනීමක් ලැබුණා. මානව හිමිකම් ප්‍රශ්නයට මුහුණදීමේදී පවා එය ශක්තියක් වුණා. උදාර පරමාර්ථයෙන් හැදූ ජාතික ආණ්ඩුවට සම්බන්ධ වූ ඇතැමුන් තුළ ඒ හැඟීම් තිබුණේ නැහැ.  ප්‍රශ්නය:- ජාතික රජය පිහිටුවීම ගැන ඔබතුමා දුක්වෙනවාද? පිළිතුර:- නැහැ. මම ජාතික ආණ්ඩුවක් ගැන මුලින් කතා කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලයේ සිටයි. එය මගේ දීර්ඝකාලීන බලාපොරොත්තුවක්.  ප්‍රශ්නය:- ඒත් මේ ජාතික ආණ්ඩු සංකල්පය රටට නොගැළපෙන බවක් පේනවා නේද?පිළිතුර:- මෙය රටට ගැළපෙනවා. ඒත් දේශපාලකයන්ගේ පටු පරමාර්ථ නිසා ඔවුන්ට එය ගැළපෙන්නේ නැහැ. රටට මුල් තැන දී දෙවනුව පක්‍ෂය ගැන සිතන්නට දේශපාලකයන් සිත හදාගන්නවා නම් මේ දේ කරන්න පුළුවන්.  ප්‍රශ්නය:- එ.ජා.පයේ සමහරුන් තනි ආණ්ඩුවක් ගැන නේද කතා කරන්නේ?පිළිතුර:- ඒ අයගේ බලාපොරොත්තුව හෙට රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීම වෙන්න ඇති. ඒත් මගේ බලාපොරොත්තුව අපි මැරෙන්නට පෙර අපි ගත්ත තැනට වඩා හොඳ තැනකට රට ගේනනයි. අපි දේශපාලනයට ආවේ ඒ අරමුණෙන්.  ප්‍රශ්නය:-  අගමැතිතුමාට විරුද්ධව ඡන්දය දුන් අයත් ආණ්ඩුවේ ඉන්න තීරණය කළොත්?පිළිතුර:- එහෙම වුණොත් එන්න වෙන්නේ ලොකු පාපෝච්චාරණයක් කරලා. එහෙම ආවොත් බලමු. ප්‍රශ්නය:- නව කැබිනට් මණ්ඩලය තුළ එක්ව ගමනක් යා හැකි බවට විශ්වාසයක් තිබෙනවාද?පිළිතුර:- අපි ඉල්ලන්නේ එවැනි ආණ්ඩුවක්. මම පසුගිය කාලයේ ආණ්ඩුවේ කිසිවෙක් පිටතදී විවේචනය කළේ නැහැ. එහෙම මේ ගමන යන්න බැහැ.  ප්‍රශ්නය:- ඉදිරියේදී විපක්‍ෂනායක ධූරය ශ්‍රී.ල.නි.පයට හිමිවෙයිද?පිළිතුර:- ඔය සේරටම වඩා ප්‍රතිපත්තිමය වශයෙන් ගත් විට දෙමළ නායකයෙක් විපක්‍ෂ නායකයා ලෙස සිටීම සුදුසුයි නේද? ජේ.ආර් ජයවර්ධන මහතා අමිර්තලිංගම් මහතාට විපක්‍ෂනායක ධූරය නොදී දොට්ටදාලා අන්තිමේදී ඒ තනතුර ප්‍රභාකරන්ට දුන්නා. අතීතය තියෙන්නේ පාඩම් ඉගෙනගන්නයි. ඒ වැරදි ආපහු කළොත් මේ රටේ අනාගතයට කුමක් වෙයිද? සම්බන්ධන් මහත්මයලා අප සමඟ වාඩි වී සිටීම ගැනත් අප සතුටු විය යුතුයි.  ප්‍රශ්නය:- ඒත් ආණ්ඩු පක්‍ෂයට පසු බහුතරය ඇති පක්‍ෂයට විපක්‍ෂනායක ධූරය දිය යුතුයි නේද?පිළිතුර:- විපක්‍ෂයේ බහුතරය ඔවුන්ට නෙවෙයි. එහි කොටසක් ආණ්ඩුවේත් ඉන්නවා.  ප්‍රශ්නය:- විශ්වාසභංගයෙන් දිනුවේ මහින්ද රාජපක්‍ෂ පාර්ශවය බව ඔවුන් කියනවා නේද?පිළිතුර:-  ඒ කණ්ඩායමේ අයම ලැබුණේ පරාජයක් බව මා සමඟ කියනවා. ඒ අය මෙය ගෙනාවේ තමන්ගේ වැරදි යටගැසීමේ උත්සාහයක් ලෙසයි.  ප්‍රශ්නය:- ඔවුන් කියන්නේ ඔබතුමා සමඟ සාකච්ඡා නොකළ බව නේද?පිළිතුර:- මම ඒ කණ්ඩායමේ පොඩි පොඩි කෑලි සමඟ කතා කරන්නේ නැහැ.  ප්‍රශ්නය:- ශ්‍රී.ල.නි.ප පිරිසකුත් ඒකාබද්ධ විපක්‍ෂයට ගියොත් විපක්‍ෂය ලෙස බහුතරයක් වෙන්න බැරිද?පිළිතුර:- ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවට පත්වී ආ පක්‍ෂයක් නෙවෙයි. ඒ අයට එසේ කටයුතු කරන්නටදීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි. පාර්ලිමේන්තුවේ ලස්සන පේන්නේ එහි නිවැරදි සංයුතියක් තිබුණොත් පමණයි.  ප්‍රශ්නය:- නව කැබිනට්ටුවක් ලෙස දිවුරුම් දෙන්නේ ඇයි?පිළිතුර:- බොහෝ අය වෙනස් වන නිසා ජනාධිපතිතුමා එසේ කරමු කියා යෝජනා කළා. ප්‍රශ්නය:- විශ්වාසභංගය නිසා ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලයත් නැතිවුණා නේද?පිළිතුර:- නැහැ. එම බලය තවම තිබෙනවා. කතානායකවරයා හැර අපට 147 දෙනෙක් ඉන්නවා. තුනෙන් දෙකේ බලයට තුන් දෙනයි අඩු. අපිට එම බලය අවශ්‍ය රටට වැදගත් දේ කරන්නයි. එවැනි දෙයකදී අපට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්‍ෂවල සහය ලැබෙයි.  ප්‍රශ්නය:- ජනතාව වෙනුවෙන් අලුත් අවුරුද්දට සහන නැද්ද?පිළිතුර:- අපි සහන දුන්නේ අද ඊයේ නෙවෙයි. ඉන්ධනවල සිට සහන දුන්නා. අපට වඩා සහන දුන් රජයක් තිබෙනවා නම් සංඛ්‍යා ලේඛන ගෙනත් පෙන්වන්න. දැන් එළවළු ඇතුළු භාණ්ඩ මිල අඩුවී තිබෙනවා.  ප්‍රශ්නය:- කැබිනට් රැස්වීමෙන් පසු ආර්ථික කළමනාකරණ කමිටුව රැස්වුණාද?පිළිතුර:- දැන් එම කමිටුව නැහැ. තිබෙන්නේ ආර්ථික අනුකාරක සභාවක්.  ප්‍රශ්නය:- අගමැතිවරයාට විරුද්ධ වූ අය ඉවත් නොවුණොත් ඉවත් කිරීමේ නීතිමය තත්ත්වයක් තිබෙනවාද?පිළිතුර:- එතරම් දුර නීතිමය තත්ත්වයකට යන එකක් නැහැ.  ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධූරය ගැන ඉදිරියේදී තීන්දුවක් ගනීවිද?පිළිතුර:- මෙම නායකත්වය දිගටම යා යුතු බවට ඒකමතික තීරණයක් ගත්තා. අප්‍රේල් 30 වැනිදා පක්‍ෂ සම්මේලනයට පෙර නව නිලධාරී මණ්ඩලයක් පත් කළ යුතුයි.  ප්‍රශ්නය:- මහනුවර සිද්ධියට සම්බන්ධ බව කියන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නේ නැද්ද?පිළිතුර:- පොලිස්පතිවරයා ඒ කටයුතු ඉක්මන් කරන ලෙස දැනුම් දී තිබුණා. 
ලෝකයේ රටවල් දියුණුවෙලා තියෙන්නේ මෙහෙම නිදහස ලබා දීලා නොවෙයි
0
hp_train_7615
(මනෝප්‍රිය ගුණසේකර)වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 59කට අධික පාඩුවක් කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පෙබරවාරී මස 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (19) තීරණය කළේය.2010 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය. නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පෙබරවාරී මස 28 වනිදා පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා නඩුව එදින යළි කැඳවීමටද නියම කළේය.මෙම නඩුවට අමතරව වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම මෙම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මහාධිකරණය හමුවේ තවත් නඩු කිහිපයක් පවරා ඇත.
ජොන්ස්ටන් එරෙහි නඩුවක් ලබන මස 28ට කල්යයි
1
hp_train_7616
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (4) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 9,304ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (4) පස්වරු 6 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 216,919ක් විය.ඉන්දියාවෙන් දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 9,000ක් වාර්තා වූ පළම දිනය අද දිනය විය.මේ වනවිට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට පත්ව ඇත්තේ ද අසල්වැසි ඉන්දියාව යි.ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 1,04,107ක් වන අතර වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 1,06,737කි. ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 260ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 6,075ක් දක්වා ඉහළ ගියේය.ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ එරට වාණිජ අගනගරය පිහිටි මුම්බායි නුවර අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 74,860 දෙනකු හඳුනාගෙන තිබිණි. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන තමිල්නාඩු ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 25,872 දෙනකු වාර්තා වී තිබිණි. දිල්ලියෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන්ගේ ගණන 23,645කි. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 18,100කි.එන්.ඩී.ටීවී.055 
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 158,300 ඉක්මවයි
0
hp_train_7617
(හැටන් රංජිත් රාජපක්ෂ)          මධ්‍යම කඳුකරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (01)  ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300ක් පමණ මෙසේ  වැසි ජලයෙන් යට වී තිබුණි.වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය.සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යටවීම නිසා එම නගරයට පිවිසෙන පාර්භෝගික ජනතාව ගැටළු රැසකට මුහුණදීමට සිදුවිය
වැසි ජලයෙන් නාවලපිටිය නගරයේ කොටසක් යටවෙයි
0
hp_train_7618
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවා පතිරණ , එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ,වැඩබලන පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න සහ නීතිපති  ඇතුළු හත්දෙනෙකු නම් කරනු  ලැබ සිටිති.නීතිඥ නිලංග පෙරේරා මහතා මාර්ග⁣යෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.පෙත්සම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකි.පෙත්සම්කරු පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කලා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා ගෙන යයි.දැනට පවතින මෙම තත්ත්වය තුළ කුමන හෝ තත්ත්වයක් මත පෙත්සම්කරු අත්අඩංගුවට ගැනමේ අවදානමක් පවතී.එබැවින් පෙත්සම්කරුගේ ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.එහෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් , තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
හිජාස්ගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න නියෝග
0
hp_train_7619
(මනෝප්‍රිය ගුණසේකර)වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 59කට අධික පාඩුවක් කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පෙබරවාරී මස 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (19) තීරණය කළේය.2010 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය. නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පෙබරවාරී මස 28 වනිදා පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා නඩුව එදින යළි කැඳවීමටද නියම කළේය.මෙම නඩුවට අමතරව වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම මෙම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මහාධිකරණය හමුවේ තවත් නඩු කිහිපයක් පවරා ඇත.
ජොන්ස්ටන්ට එරෙහි නඩුව පවත්වා ගෙන යන්න බෑ
0
hp_train_7620
  විනීතා එම් ගමගේ මෙරට වගා කෙරෙන බෝගයන් හි පසු අස්වනු හානියෙන් වාර්ෂිකව රටට රුපියල් මිලියන 18,000 කට අධික මුදලක් අහිමි වන බව මෑතක දී චීන විශේෂඥයින් පිරිසක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත.සතුන්ගෙන් සිදුවන හානි, අස්වනු නෙළා ගැනීම් දී සිදුවන හානි මෙන්ම මිලක් නොමැතිකම නිසා ඇතැම් විට වගාවන් අතහැර දැමීම වැනි කරුණුත් මෙම පසු අස්වනු හානි ලෙස සළකනු ලැබ ඇත.ශ්‍රී ලංකාවේ වගා කරන බෝගවලින් සියයට 30ක් වාර්ෂිකව වන සතුන් විසින් විනාශ කරනු ලබන අතර රිළවා, වඳුරා, අලි ඇතුන් මෙන්ම වල් ඌරන්, ඉත්තෑවන්, මොනරුන් වැනි සතුන් ද වන බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.තවත් සියයට තිහක් පමණ නියඟය හා පසු අස්වනු නාස්තිය නිසා වාර්ෂිකව විනාශ වන අතර භාවිතයට ගත හැකි වන්නේ සමස්ත වගාවෙන් සියයට 40 ක පමණ ප‍්‍රමාණය පමණකැයි ද අමාත්‍යංශය පෙන්වා දෙයි. කෙසේ වෙතත් පසු අස්වනු නාස්තිය වළක්වා ගැනීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග ලෙස නවීන තාක්ෂණය යොදා ගැනීම හා අස්වනු නෙලා ගැනීමේ දී භාවිතා කළ යුතු දියුණු  ක‍්‍රම හා ඒ පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් ගොවීන්ට ලබා දීමට ද පර්යේෂක කණ්ඩායම නිර්දේශ කර ඇත. මෙම පර්යේෂක කණ්ඩායමේ පර්යේෂණ වාර්තාව හා පසු අස්වනු නාස්තිය වළක්වා ගැනීමේ දී ගත යුතු කි‍්‍රයා මාර්ග පිළිබඳ නිර්දේශ ද මෙම පර්යේෂකයින් විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භා දෙනු ලැබ ඇත.  
වගාවන්ගෙන් සියයට හැටක් නාස්ති වෙයි
1
hp_train_7621
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බවත්  වයඹ පළාතේද  තැනින් තැන වැසි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259055ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව34268560දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිකොළඹ31279070වැසිවාර කිහිපයක්.ගාල්ල30259080වැසිවාර කිහිපයක්.යාපනය33278070ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29219565වැසි ස්වල්පයක්.නුවරඑළිය18149580වැසි ස්වල්පයක්.රත්නපුරය30249580වැසිවාර කිහිපයක්.ත්‍රීකුණාමළය36268045ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32278570වැසි ස්වල්පයක්. 
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_7622
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (32) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,441 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 14 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 10 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ. 
කොරෝනා මරණ 21 වාර්තා වෙයි
1
hp_train_7623
(ටී.කේ.ජී.කපිල)රුසියාවේ නිෂ්පාදිත"ස්පුට්නික් - V එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට, එම එන්නත් මාත්‍රා 15,000 ක්  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .මෙම එන්නත් තොගය මුලින්ම රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් රැගෙන විත් තිබුණි .ඉන් පසුව එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මගින් අද අලුයම 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .පසුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ 
ෆයිසර් ඒන්නත් 76,000ක් කටුනායකට
0
hp_train_7624
(හර්ෂණ තුෂාර සිල්වා)ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.මේ වසරේ 6 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව නිවේදනය කළේය.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඔක්තෝබර් 10 වැනිදා රැස්වී එම තීරණය ගෙන තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 7 සහ සියයට 8 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද පවතින සියයට 5 මට්ටමේ පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4ත් 6ත් අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන බවත් මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටම ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි ද හෙතෙම කීය. 
ණය අනුපාතිකය අංක 25කින් අඩු කරයි
0
hp_train_7625
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි ඇති විය හැකියි‘.මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.2015 අප්‍රේල්  මස 24 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කෙරිණි.
අදත් තද වැසි
0
hp_train_7626
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනෙන් ඈතට උතුරු දෙසට ගමන් කරන අතර ඒ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘කෙසේවෙතත්, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, උතුරුමැද පළාත් වල සහ වයඹ පළාතේ ඇතැම් ස්ථානවලත් තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ. තවද දිවයින හරහා (කඳුකර ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 17/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259060වැසි ස්වල්පයක්.මඩකලපුව32259075අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570තැනින් තැන වැසි.ගාල්ල29269075තැනින් තැන වැසි.යාපනය30249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29219565වැසි ස්වල්පයක්.නුවරඑළිය21139075වැසි ස්වල්පයක්.රත්නපුරය32239565අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259565අපරභාගයේදී  හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.මන්නාරම31269575වැසි හෝ ගිගුරුම් සහිත වැසි 
‘තැනින් තැන ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_7627
(ඩී.කේ.රත්න) දෙමෝදර වලස්බැද්ද රක්ෂිතයේ  ඇතිවූ හදිසි ගින්නකින් රක්ෂිතයේ අක්කර 35 ක් පමණ ගින්නෙන් විනාශ වී තිබේ.මේ දිනවල පවතින සුළං තත්ත්වය නිසා ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත.කිසියම් පුද්ගලයෙක් මෙම රක්ෂිතයේ සිටින සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි ඇල්ල පොලීසිය සැක පළ කරයි.මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ තිබූ වටිනා බෙහෙත් පැළෑටි සහ ශාක වර්ග රැසක් හා කෘමි සතුන් විශාල ප‍්‍රමාණයක් විනාශ වන්නට ඇතැයි ද පරිසරවේදීහු කියති. 
වලස්බැද්ද රක්ෂිතයේ ගින්නක්
1
hp_train_7628
ලංකා අයි.ඕ.සී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කිරීම යළි සංශෝධනය කරන බව ලංකා-ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඒ අනුව ලංකා අයි.ඕ.සී පිරවුම්හල්වල එල්.පී 92 (ලංකා අයි.ඕ.සී. 92) පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 142ක් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ක් බවත් එම සමාගම සඳහන් කරයි.ලංකා අයි.ඕ.සී. ඩීසල් ලීටරයක මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සමාන බව එම සමාගම කියයි.එම සමාගම නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.‘‘2020 අප්‍රේල් 06 වැනිදා සිට ක්‍රියාත්මක කරන ලද පෙට්‍රල් (එල්.පී.92) ලීටරයක මිල රුපියල් 5කින් අඩුකිරීම යළි සංශෝධනය කිරීමට ලංකා අයි.ඕ.සී. සමාගම තීරණය කර ඇත. මෙම සංශෝධනයත් සමඟ දැන් ලංකා අයි.ඕ.සී පිරවුම්හල්වල එල්.පී.92 ප්‍රෙට්‍රල් ලීටරයක මිලරුපියල් 142ක් වන අතර, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල එය ලීටරයටරුපියල් 137කි. කෙසේවුවද, ලංකා අයි.ඕ.සී. ඩීසල් මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මිලට සමානය.මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා IOC ප්‍රකාශකයෙක් මෙසේ පැවසීය: “කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ උදාවූ අභියෝත්මක කාලවකවානුව තුළදී ශ්‍රී ලාංකේය ජනතාවගේ ආරක්ෂාව හා සුබසිද්ධිය උදෙසා විවිධ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙරට රජය විසින් දරන ලද උත්සාහයන් අපි ඉතාම අගය කොට සලකනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සාර්ථක මඟපෙන්වීම හා දූරදර්ශී නායකත්වය යටතේ සමස්ත සෞඛ්‍ය සේවක පිරිස්, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඇතුළු සියලු දෙනාගේ සාමූහික කාර්යභාරයන් මඟින් මේ වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකිවී තිබෙනවා.“වැඩිදූරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය: “උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුකොටගෙන බොහෝ ආර්ථික අභියෝග එල්ලවී ඇති අතර,ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කිරීමට රජය හැකි සෑම අයුරින්ම කටයුතු කරමින් සිටිනවා. ආර්ථිකය යළි ගොඩනැංවීමට සැමවිටම අවංක ලෙසම සහයෝගය සහ කැපවීමෙන් යුතු දායකත්වය ලබාදෙන ලංකා අයි.ඕ.සී. සමාගම අවහිරතාවකින් තොරව ඉන්ධන සැපයුම් පවත්වා ගනිමින් දැයට සේවය සැලසීමට කටයුතු කරනවා. ප්‍රසම්පාදන පිරිවැය ඉහළ අගයක තිබියදී වුණත්, 2020 අප්‍රේල් 06 වැනිදා සිට ලංකා අයි.ඕ.සී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකරනු ලැබුවේ ඒ නිසායි. එසේ කරනු ලැබුවේ අපගේ මිල ගණන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා මිල ගණන් සමඟ සමපාත කිරීමටයි. ඩීසල් මිල 2019 මැයි 14 වැනිදා සිට වසරකට වැඩි කාලයක් පුරා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා මිල ගණන් හා සමපාත වන පරිදි පවත්වාගනු ලැබ තිබෙනවා.”2020 මාර්තු සහ අප්‍රේල් කාලය අතරතුරදී ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ගණන් විශාල වශයෙන් පහත බැසීම නිසා ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය සඳහා අදාළ වන අධිභාර ගාස්තු ඇතුළු රේගු තීරුබදු අගයන් 2020 මාර්තු 14 වැනිදා ඉහළ නංවන ලද අතර, 2020 අප්‍රේල් 23 වැනිදා ඒවා තවදුරටත් සංශෝධනය කරනු ලැබිණි. කෙසේවුවද,එයින් පසු විදෙස් මිල ගණන් සියයට 100 කටත් අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.අද වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 31.5ක් වන අතර, 2020 අප්‍රේල් 22 වැනිදා එය ඩොලර් 14.6ක් පමණක් විය. ඇඳිරිනීතිය හා සීමාකාරී තත්ත්වයන් ඉවත්කිරීමෙන් පසු ගෝලීය ආර්ථික යළි ගොඩනැගීමත් සමඟ මෙම මිල ගණන් කාලයත් සමඟ කෙමෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.තවදුරටත් සිය අදහස් පළකරමින් ප්‍රකාශකයා මෙසේද පැවසීය: “දැනට පවතින ජාත්‍යන්තර මිල ගණන් අනුව පෙට්‍රල් වගේම ඩීසල් සම්බන්ධයෙනුත් අප විශාල වශයෙන් පාඩු දරාගනිමින් සිටින නමුත්,කිසියම් සීමිත ප්‍රමාණයකට හෝ එම පාඩු අවම කර ගැනීම සඳහා එල්.පී. 92 පෙට්‍රල් ලීටරයකට ලබාදෙන රුපියල් 5ක මිල අඩුකිරීම ආපසු වෙනස් කිරීමට අපට සිදුව ඇත. 2019 - 20 මූල්‍ය වර්ෂයේ ජනවාරි - මාර්තු කාර්තුව තුළදී ලංකා අයි.ඕ.සී. සමාගම රු. මිලියන 346ක පාඩුවක් ලබා තිබෙනවා. ජාත්‍යන්තර මිල ගණන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් දැනට පවතින තීරුබදු ව්‍යුහය යළි සංශෝධනය කෙරෙනු ඇතැයි අපි ඉතා සුබවාදීව සිතනවා.“ඔහු අවසාන වශයෙන් මෙසේ අවධාරණය කළේය: “පාරිභෝගිකයින්ට හැකි හොඳම මිල පිරිනමන්නටත්,යළි ගොඩනැංවීමේ ක්‍රියාවලියට අපගේ දායකත්වය උපරිම ලෙස ලබාදීමටත් ලංකා අයි.ඕ.සී. සමාගමේ අපි නිබඳව කැපවෙනවා.”055  
අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක් රුපියල් 142යි
0
hp_train_7629
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 693 දෙනකු අද(4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,333 කි. මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,59,459 ක් දක්වා ඉහළ ගොස් ඇත. 
කොරෝනා ආසාදිතයන් අද 3333යි
1
hp_train_7630
(හැටන් රංජිත් රාජපක්ෂ  )ආගරපතන සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අනතුරට පත් විමෙන් මෙම ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහලට ඇතුළු කළ බව නානුඔය පොලිසිය පැවසිය. අද (02) උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වෙන්ඩිකෝනර් හුලං වංගුව ප්‍රදේශයේදිය. අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවි ගොස් ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇත. මේ අතර යාපනය සිට නුවරඑලිය හරහා හැටන් දක්වා නිරෝධායනට ලක් වු රොගියෙකු රැගෙය ධාවනය වු යුධ හමුදා බස් රථයක් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කාර්ල්බේග් වත්ත ප්‍රදේශයේදි මාර්ගයේ කන්දක ගැටි අනතුරක් සිදු වි ඇත. මෙම අනතුර සිදු වි ඇත්තේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කාර්ල්බේග් වත්ත ප්‍රදේශයේදිය. අධික බැවුම් සහිත ප්‍රදේශයේදි බස් රථය ධාවනය වන අවස්තාවේ හදිසියේ බස් රථයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය ප්‍රධාන මාර්ගය අභියස කන්දක ගැටි අනතුර සිදු වි ඇත. අනතුරෙන් බස් රථයේ ගමන් ගත් යුද හමුදා නිලධාරින්ට හෝ නිරෝධානයට ලක් වු පුද්ගලයාට අනතුර සිදු වි නොමැත. අනතුරෙන් බස් රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.
ත්‍රිරෝද රථ අනතුරින් සිව් දෙනකු රෝහලේ
1
hp_train_7631
(ටෝනි කරුණානායක) මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ටි56ගිනි අවියක් සහ මැගසින් 04 ක් එලියට විසි කරන ලද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු  ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ  ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (10) වෙනිදා නියම කළේය. නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචි ලියනගේ උදය සංජිව පෙරේරා නැමැති සැකකරු  මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි . සිද්ධියට සම්බන්ධ මෝටර් රථය පොලිස් බාරයට පත්ව ඇති බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය . සැකකරු දැනට මහර බන්ධනාගාර ගතව සිටින ගනේමුල්ලේ  සංජිව නැමැති පාතාල සාමාජික යාගේහෙරොයින් අලෙවි කරමින් සිට පසුව හෙරොයින් අලෙවි කරන අයගේ මුදල්එකතු කර ඇති බවත් එම මුදල් ගනේමුල්ල සංජිව නැමැති  කඩවත රන්මුතු ගල ප්‍රදේශයේ පදිංචි කාන්තාව කට බාර දීඇති බවත් පැවසු පොලිසිය සැකකරු ටි56ගිනි අවිය සහ මැගසින් 04 රැගෙන ගොස් ඇත්තේ ගනේමුල්ලේ සංජිව නැමැති පාතාල සාමාජික යා ලබා දුන් උපදෙස් මත මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාතාල සාමාජික යෙකු ඝාතනය කිරීම සදහා බව ට සිදු කල පරික්ෂණ වලදි අනාවරණය වී තිබෙන බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසීය . සැකකරු ගේ ප්‍රකාශ මත කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ නීවස පරික්ෂා කර එහි තිබි හෙරොයින් ග්‍රෑම් 500ක් සොයා ගත් බව ද පැමිනිල්ල මෙහෙය වමින් ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශනය අංශයේ  ස්ථානාධිපති ප්‍ර.පො.ප.අසංක රංගන සහ පො.ප.සේනාරත්න ;පො.කො.සුරංග (81859)යන නිලධාරිහු අධිකරණය හමුවේ පැවසූහ.
ගිනිඅවි විසිකළ මෝටර් රථයේ හිමිකරු රිමාන්ඩ්
0
hp_train_7632
(අංජුල මහික වීරරත්න සහ වැල්ලවාය - අයි.ආර්. ඉන්දික)පරණ තාලේ ඉබිගමන් නවතා වේගයෙන් තමා සමග වැඩ කරන්න සියලු දේශපාලකයන් සූදානම් විය යුතුයි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවාය පස්සර බිබිල මැදගම 200 හාලිඇළ සහ දියතලාවෙ ජන රැලි අමතමින් සති අන්තයේදී පැවැසීය.“බොන්න වතුර ඉල්ලන විට ටී-56 ගිනි අවියෙන් වතුර දෙන පාලනය වෙනුවට සමෘද්ධිය සහ ජන සවිය යන ජනතා සහන දෙකම එකට දෙන පැය 24ම ජනතාව ගැන සොයා බලන පාලනය ස්ථාපිත කරන බව ද” අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ජනපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සති අන්තයේ පැවැති ජන රැලි සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ම ජන රැලිය වැල්ලවායේදී පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.මගේ පියා සෙවණ අරමුදල ආරම්භ කර නිවාස වැඩසටහන දියත් කළේ වැල්ලවාය, නුගේගලයාය ගම්මානය කේන්ද්‍ර කරගෙනයි. කුඩා දරුවෙකු ලෙස පියා සමග වැල්ලවාය තණමල්විල පාරේ යනවිට දිවා ආහාරය ගැනීම සඳහා එක් නිවෙසක නතර වුණා. එහිදී පොල් අතු පැළක් ගැන පියාගේ අවධානය යොමු වුණා. ඒ අනුව ප්‍රථම වරට මෙරට නිවාස ලොතරැයිය නිවාස සංවර්ධන අරමුදල, සෙවණ අරමුදල, සෙවණ නිවාස වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ, ඓතිහාසික වැල්ලවාය මැතිවරණ බල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි.අද දවසේ මගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ගාලුමුවදොර රැලියෙන් පසුව අරඹන්නේ සෙවණ නිවාස වැඩසටහන ඇරඹුණු වැල්ලවාය පුරවරයෙනුයි. තව වැව්-අමුණු ශක්තිමත් කරගෙන ගොවිතැන් කටයුතු සාර්ථකව කරමින් වී වගාව, අතුරු බෝග වගා කිරීම ඔබේ අපේක්ෂාවයි.අපේකම, සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා වූ පුරයක් ලෙස වැල්ලවාය හඳුන්වාදිය හැකියි. අධිකරණයේදී බලවේග පරාජය කිරීමට වැල්ලවායේ ජනතාව සමත් වුණා. විදේශීය ආක්‍රමණ සුණු විසුණු කළා. එවැනි පුරයක ජනතා සංවර්ධනය මගේ මූලික යුතුකමයි.ජනපති වී පළමු මාස 48 තුළ වෙල්ලස්ස පුරවරයේ පමණක් නොව මුළු ලංකාවේම මහා වාරි පද්ධති, මධ්‍ය වාරි පද්ධති, සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණ කොට කෙත්වතු සරුසාර කරන යුගය මා අරඹනවා. පිටරටින් ආහාර ගෙන්වනවා වෙනුවට ආහාර සුරක්ෂිත කළ ස්වයංපෝෂිත ලංකාවක් මා බිහිකරනවා.මොණරාගල නිවාස ප්‍රශ්න ඇති ජනතාව සඳහා මේ වනවිටත් විශාල වැඩ කොටසත් ඉටු කරලා. සමස්ත ශ්‍රී ලංකාවේම සියලු ජනතාවට තමාගේ ඉඩමක නිවස හදාගන්න පසුබිම නිර්මාණය කරනවා.සෑම පවුලකම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට රටේ ජනපති ලෙස කටයුතු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත මගේ පෞද්ගලික අධීක්ෂණයෙන් සෑම පවුලක්ම ගොඩගන්නා බව මෙහිදී ප්‍රකාශ කරනවා.මගේ සංකල්පය ගම හදා නගරය හදා රට හැදීමයි. ගම මෙන්ම නගරයත් හැදෙන්න අවශ්‍යයි.ගම් නගර දනව්වල ජීවත් වන ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවිය යුතුයි. ඔවුන්ගේ ජන ජීවිතය උසස් කළ යුතුයි.මගේ මුළු ජීවිතයම කැපකර තිබෙන්නේ පොදුජන සේවයටයි. මට වෙනත් රාජකාරි නැහැ. පවුලේ සාමාජිකයින් රැක බලා ගැනීම මගේ වගකීම නෙවෙයි. මට රැකගන්න පවුල් පරපුර හෝ ඥාති පරපුරක් හෝ නැත. මගේ ඥාති පරපුර මෙරට සමස්ත ජනතාවයි.මෙරට සෑම උප දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත නිර්මාණය කිරීමේ වැඩසටහනක් මා ක්‍රියාත්මක කරනවා. ගමට කර්මාන්තපුර නොව ජාත්‍යන්තර ආයෝජකයින්ට රතු පළසක් දමා ආයෝජන ගැනීමට කටයුතු කරනවා. ආයෝජකයින් බංග්ලාදේශයට, වියට්නාමයට, ඉන්දියාවට යනවා වෙනුවට ලංකාවට පැමිණෙන පසුබිම සකස් කරනවා. එහිදී යෞවන යෞවනියන්ට රැකියා අවස්ථා උදා කළ හැකියි. වෙල්ලස්ස, හම්බන්තොට, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ප්‍රදේශ වෙනම සංස්කෘතික - සංචාරක කලාපයක් ලෙස අප නිර්මාණය කර තිබෙනවා.මොණරාගල ඓතිහාසික සිද්ධස්ථාන සියල්ලක්ම සංවර්ධනය කිරීමට මා කටයුතු කරනවා. බුදුරුවගල, මාලිගාවිල සංවර්ධනය සඳහා පමණක් කෝටි 55ක් වෙන් කළා.ජනතාව රටේ නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද? ඔවුන් ආරක්‍ෂිත, සවර්ධිත නව දියුණුවක් ලබන රට බලාපොරොත්තු වනවා. තරුණ පරපුරේ දියුණුවට මුල්තැන දෙන රට දක්ෂයින්ට ඉහළට යා හැකි රටක් උගතුන්ට ශක්තිය දෙන රට ඔබ බලාපොරොත්තු වෙනවා. අපේම ජනතාව සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීම මගේ අරමුණයි. මගේ ගමනේ එකම අරමුණ ජාති, ආගම්, කුලමල, පක්ෂ බේදවලින් තොරව මෙරට පොදු ජනතාව සඳහා සෞභාග්‍ය උදාකර දීමයි. මගේ රජය තුළ ඥාති සංග්‍රහ කරන්නේ නැහැ. පවුල් දේශපාලනය කරන්නේ නැහැ. දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට නිසි තැන ශක්තිය දීම මගේ අරමුණයි. කාන්තා පරපුර සඳහා ආරක්ෂිත බවක් සැපයිය යුතුයි.අභිමානවත් ආඩම්බරවත් ශ්‍රී ලංකාව ජව සම්පන්න මුළු ලෝකයම ජයගන්නා ශ්‍රී ලංකාව මා නිර්මාණය කරනවා.මා ජනපති වූ පසු ක්‍රියාත්මක කරන වැදගත් වැඩසටහන් දෙකක් ගැන සඳහන් කරන්නම්. ජනපති යනු රටේ සෑම පුරවැසියෙකුම එක්ව පත් කරගත් නායකයායි. රටටම වග කියන්නේ ඔහුයි. ජාතික සංවර්ධන විශේෂ ජනපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. මුළු රටටම වගකියන ඒ බලකාය හරහා ජනාධිපති කාර්යාල නියෝජනය කරමින් සෑම උප දිසාපති කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකක ස්ථාපනය කරනවා.රාජ්‍ය පාලනය සංකල්පය තුළින් සෑම උප දිසාපති කොට්ඨාසයකම සෑම කුඩා ගම්මානයකම දිනපතා අරඹන ව්‍යාපෘති ජනතා ඉල්ලීම් බලාපොරොත්තු ආදී සෑම දෙයක්ම රටේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධීක්‍ෂණය කර ගමට නගරයට දැනෙන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. නිල්පාට, රතුපාට, කොළපාට, පොහොට්ටු බේදයක් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බල කරන්නේ නැහැ. ජනතා ප්‍රශ්න-ගැටලු තිබෙන පුද්ගලයන් උප දිසාපති කාර්යාලයේ ස්ථාපිත සංවර්ධන ඒකකයේ සාමාජිකයන් බවට පත්කර ගන්නවා.නිවාස රැකියා, මාර්ග, පාසල්, රෝහල්, සෞඛ්‍යය, පෙර පාසල් ආදී සෑම ප්‍රශ්නයක් සඳහාම ඍජුවම ක්‍රියාකිරීම මගේ අරමුණයි. ඒ පිළිබඳව රටේ ජනාධිපතිවරයා දැනුම්වත් වී පැය 24 නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලය නිර්මාණය කරනවා. දිවා සහ රාත්‍රී දෙකෙහිම වැඩ කරන්න වැඩසටහන සකසා ශක්තිමත් ජනතා සේවය සඳහා පොදු ජනතා ප්‍රශ්න විසඳන ජනාධිපතිවරයෙකු බවට මා පත්වන බව මෙහිදී අවධාරණය කරනවා. 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා යනු නිකම්ම නිකන් පඹයෙකු යැයි සමහරුන් සිතාගෙන ඇති. පඹයෙකු කියා හදන තනතුරේ පඹ ගාලක පැටළෙන්න සජිත් ප්‍රේමදාස ලෑස්ති නැහැ. මා මෙරට ජනපති වනවිට කොන්ද කෙළින් තබාගෙන ජනතාව බලාපොරොත්තු වන උසස් ජනතා සේවය ඉටු කිරීමට දිවි හිමියෙන් කැපවන බව කිව යුතුයි. ජයග්‍රහණයෙන් පසු අලුත් ගමන මා අරඹනවා. ඒක පරණ තාලේ ගමන නොවෙයි. ඉබි ගමන ද නොවෙයි. ගාටමින් යන ගමනක් ද නොවෙයි. මගේ වේගයට වැඩ කරන්න හැමෝම ලෑස්ති විය යුතුයි. කැපකිරීම් කරන්න සියලු දෙනා ලෑස්ති විය යුතුයි.මා දක්‍ෂයින්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලකයන් මා ඉදිරියට ගෙන එනවා. දූෂිතයන්ට තැනක් නැහැ. දූෂිතයන් මා ගාවගත්තොත් නැහැ. දක්‍ෂ තරුණ පෙළක් තුන්වැනි පෙළක් ඉන්නවා. අත්වල ලේ නොතැවරුණු, අත්වල ජරාව ගාගත්තේ නැති දක්‍ෂයින් පිරිසක් ඉන්නවා. මා නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාව තුළ ඓතිහාසික සංවර්ධන යුගය ක්‍රියාත්මක කරනවා. ආහාර මුද්දර ලාභීන් - ජනසවිලාභීන් බවට පත් කළ යුගය ගැන අප දන්නවා. එය සිදුවුණේ මගේ පියාගේ කාලය තුළයි. දුප්පත් ජනතාවට නොසැලකූ යුගය අතීතයේ නැවතුණා. ඒ අනුව මගේ පියා ජනසවිය වැඩසටහන ආරම්භ කළා. නමුත් ජනසවි වැඩසටහන හරියාකාරව ක්‍රියාත්මක කරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. එතුමා ජීවිතක්‍ෂයට පත්වුණා. අද ක්‍රියාත්මක වන සමෘද්ධි වැඩපිළිවෙළ ඉදිරියෙත් මා ඒ අයුරින්ම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතර සමෘද්ධි වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමින් ඊට තවත් වැඩපිළිවෙළක් එකතු කරනවා. ඒ වැඩපිළිවෙළ වන්නේ ජනසවියයි. මගේ පියා හඳුන්වා දුන් ජනසවිය වැඩසටහන් මා රට පුරා ක්‍රියාත්මක කරනවා. පසුගිය සමයේ රට පාලනය කළ අය විවිධ සංඛ්‍යා ලේඛන ගැන කියමින් රටට බොරු ප්‍රතිරූපයක් පෙන්වා දුන්නා. වැරදි චිත්‍රය පෙන්නුවා. හතර දෙනෙකු සිටින පවුලකට මාසයකට ආහාර හා ආහාර නොවන වියදම් සඳහා රුපියල් 50,000-55,000ක් දළ වශයෙන් වැය වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙවැනි ආදායම නොලබන කීදෙනකු රටේ ඉන්නවාද. එවැනි ජනතාව ලක්‍ෂ ගණනින් ඉන්නවා. ඒ ජනතාවට හඬක් නැහැ. ඔවුන් දෙස කිසිවකුත් බලන්නේ නැහැ. ඒ අහිංසක-අසරණ මෙරට නිහඬ බහුතරයේ හඬ බවට පත්වෙන්න සජිත් ප්‍රේමදාස සූදානම්. ඒ තුළින් දුප්පත් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරන්නට මා සූදානම්. මේ මහා රැලියෙන් ඔබට ගෙදර ගෙන යා හැකි පණිවිඩය තිබෙනවා. සමෘද්ධිය ශක්තිමත් කරන අතර ජනාධිපති වැඩසටහනක් මම ක්‍රියාත්මක කරනවා. ජනතා අපේක්‍ෂා බලාපොරොත්තු හඳුනාගෙන ඒ අනුව මා ක්‍රියා කරනවා. මෙරට ජනතාවගේ ඉල්ලුමට සැපයුම දෙන ජනාධිපතිවරයෙකු ලෙස මා ක්‍රියා කරනවා. දැන් ඉදිරිපත් වී සිටින විකල්පය කුමක්ද? ඔහු ගමක පෙර පාසලකටවත් නොපැමිණි පුද්ගලයෙකි. මධ්‍යම බෙහෙත් ශාලාවක් හෝ ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හෝ තිබෙනවාද නැද්ද කියා නොදන්නා පුද්ගලයෙකි. ගමේ පාසල් පද්ධති, නගරයේ පාසල් කොතැන තිබෙනවාදැයි නොදන්නා පුද්ගලයෙකි. ජනතාවගේ දුක නොතේරෙන පුද්ගලයන් රටේ පාලනයට සුදුසුද? වතුර ඉල්ලන ජනතාවට ටී 56න් වතුර දුන්නේ ඒකයි. ජාතික ආරක්‍ෂාව ගැන කතා වෙන්න කාරණයක් නැහැ. යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා මෙරට නීතිය-සාමය සහ ආරක්‍ෂක ඇමැති ලෙස දැනටමත් නම්කර අවසන් බව කිව යුතුයි. මහ පොළොවේ යුද ජයග්‍රහණය කළ සැබෑ වීරයා ඔහුයි. රටේ නායකයා ලෙස ජාතික ආරක්‍ෂාවට මා වගකිව යුතුයි. මා ඒ සියල්ල ඉටු කරනවා.මෑත ඉතිහාසයේ ප්‍රථම වරට පවුල්වාදය නැති ගජ මිතුරු සංගම් නැති ගෝල බාල සුබ සාධනය ක්‍රියාත්මක නොකරන පොඩි මිනිහා සමග මහ පොළොවේ පය ගසා ජීවත් වන නායකත්වයක් නිර්මාණය කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. පොහොට්ටු හෝ බුලත් කොළ හෝ දෙස බලන්න එපා. ජාති-ආගම්-කුලමල බේද බලන්න එපා. පක්‍ෂ බේද බලන්න එපා. සියල්ල අත්හරින්න. මහා සංවර්ධනයේ උසස් ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන මා ඉදිරි ගමන යනවා. මගේත් එකම ප්‍රතිපත්තිය මිනිසා ජීවත් කරවීමයි. මිනිස් සම්පත සුරක්‍ෂා කිරීමයි. නවෝත්පාදනය තුළින් මව්බිම මහා සංවර්ධන විප්ලවයක් නිර්මාණය කිරීම මාගේ අරමුණයිලෝකය සමග තරගකර අපගේ රට අංක 01 බවට පත් කරමු.ලෝකයම ජයගත හැකියි. අපි එක්ව ඉදිරියට යමු. දූෂණ-වංචා නැති රටක් හදා අපි එක්ව ඉදිරියට යමු.අධ්‍යාපනය ශක්තිමත් කොට අපි එක්ව ඉදිරියට යමු. යහපත් ආකල්පවලින් අපි එක්ව ඉදිරියට යමු. නව නිපැයුම් තුළින් ඉදිරියට යමු. සෞඛ්‍ය සම්පන්න පරපුරක් නිර්මාණය කර එක්ව ඉදිරියට යමු. ජාති-ආගම්-පක්‍ෂ බේද ඉවත දමා එක්ව ඉදිරියට යමු. රට දියුණු කරන්න අපි-ඔබ-හැම එකතු වෙමු යැයිද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා:-ගිනි ගහන අව්වේ ජනතාව රැස්කමින් ඉන්නේ සජිත් ප්‍රේමදාස වෙනුවෙනුයි. වසර 25කින් අප එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරයෙක් පත්කර නැහැ. ජනතාව සජිත් ඉල්ලුවේ අද-ඊයෙක නොවෙයි. අවසානයේ ඒ සටන ජය ගත්තා.දුප්පත් ජනතාව සඳහා අවශ්‍ය නායකයෙකු අප මෙවර පත්කර ගන්නවා. ඔබේ සමෘද්ධි සහනාධාරය දෙගුණයක් කර දෙන්න අප කටයුතු කළා. ගම්පෙරළිය වැඩසටහනින් ගමක්-ගමක් ගානේ සංවර්ධනය ව්‍යාප්ත කරන්නට අපට හැකිවුණා. බුදු සසුන දියුණු කිරීම සඳහා රණසිංහ ප්‍රේමදාස මහතා කළ මෙහෙවර අපමණයි. ඒ මහ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට දැවැන්ත ශක්තියක් තිබෙනවා. සජිත්ට කොහේවත් මිනී මැරුවා යයි, සුදු වෑන් එව්වා යයි හොරකම් කළා යයි චෝදනා නැහැ.සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා:-සජිත් යනු ගොවි-කම්කරු පන්තිය නියෝජනය කරන ජනාධිපති අපේක්‍ෂකයායි. ඔහු කොළඹ දේශපාලනයෙන් ඉවත් වී හම්බන්තොට දිස්ත්‍රික්කය තෝරා ගත්තේ ඇයි? සජිත් එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂක පමණක් නොවෙයි. දුප්පත්කමට පිළිතුරක් ඇත්තේ සජිත් ප්‍රේමදාස ළඟ බව ජනතාව දන්නවා. ගෝඨාභය කියන්නේ කව්ද? යුද සමයේ බයේ ඇමරිකාවට පැන ගිය පුද්ගලයෙකි. එහෙම කෙනෙකුට ජාතික ආරක්‍ෂාව දෙන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාස ජාතික ආරක්‍ෂාව බාර දෙන්නේ සැබෑ විරුවකු වූ සරත් ෆොන්සේකා මහතාටයි. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා:-ජනතාවගේ ඉල්ලීම එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය විසින් දී තිබෙනවා. අප රජය සියලුම ක්‍ෂේත්‍ර ආවරණය කරමින් දැවැන්ත සංවර්ධනයක් කළා.සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩසටහන යටතේ රට පුරා ශීඝ්‍රයෙන් නිවාස ඉදිවෙමින් තිබෙනවා. සංස්කෘතික අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස මහතා යටතට පත් වූ පසුව ඒ ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රබෝධයක් වූ බව කිව යුතුයි.ජන රැලි සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ද විශාල ජනතාවක් ද සහභාගි වී සිටියහ. 
“පැය 24ම ජනතාව ගැන සොයන පාලනයක් ගෙනියනවා“
1
hp_train_7633
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල පවතින වැසි සහිත කාලගුණ තත්වය තව  දුරටත් පවතී. නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථාන  වලට තද වැසිද (මි.මී. 100 ට වැඩි) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 25/11/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය28239585විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.මඩකලපුව29229580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.කොළඹ29239575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල29248575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය30249580වැසි වාර කිහිපයක්.මහනුවර27209580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය18139580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය30239580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය29239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.මන්නාරම29239580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.   පෙරවරු 5ටවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල පවතින වැසි සහිත කාලගුණ තත්වය තව  දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.දිවයිනට බටහිර, දකුණු සහ නැගෙනහිර දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ  ඇති අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. සෙසු මුහුදු ප්‍රදේශ වල ද සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු විය හැක.   
වායුගෝලය කැලඹේ
0
hp_train_7634
(මනෝප්‍රිය ගුණසේකර)මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන වසරේ ජනවාරී මස 27 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද(27) නියම කළේය. 2009 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි හතහමාරකට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බවට චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී කැබිනට් රැස්වීමට සහභාගී වන බව පවසමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් නඩුව කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය. 2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යනුකූල වත්කම් හා ලැබීවලින් උපයාගත නොහැකි රුපියල් 74,480,017 මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ  අධිචෝදනා පත්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලු විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ ජනවාරී මස 27 වැනිදා කැඳවීමට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුනේත්රාව ජයසිංහ මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පෙනී සිටියාය. විත්තිකරු වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියේය.
විමල්ට එරෙහි නඩුව අගෝස්තු 8 දා කැඳවයි
0
hp_train_7635
සීමාසහිත ඇවන්ගාඩ් ආරක්ෂක සේවා පුද්ගලික සමාගමේ ගිනි අවි සඳහා 2016 වසරට බලපත‍්‍ර ලබා නොදීමට එරෙහිව එම සමාගම සහ එහි අධ්‍යක්ෂවරයකු වන මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් අභියාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සම අද (19) අධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය.ඒ අනුව එම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.අභියාචානාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ මහතා සහ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්කෝන් මහත්මිය හමුවේ මෙම පෙත්සම කැඳවිණි.මෙම පෙත්සම ගොනු කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටි සහනය මේවන විට ලැබී ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නැතැයි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.ඒ අනුව පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර දෙන ලෙසද ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සියලු කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල ඒ සඳහා අවසර ලබා දෙන ලදී.සිය සේවා කටයුතු වලට අවශ්‍ය වන ගිනි අවි 91 ක් සඳහා වන බලපත‍්‍ර නිකුත් කරන ලෙස කොළඹ දිස්ත‍්‍රික් ලේකම්වරයාට නියෝග කරන ලෙසද, එම බලපත‍්‍ර ලබා ගැනීම සඳහා වන අයදුම්පත නිර්දේශ නොකිරීමට මිරිහාන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගත් තීරණය අහෝසි කරන ලෙසත් පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති මහතා සිය පෙත්සම මඟින් ඉල්ලා සිටියේය.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මිරිහාන ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි මහේන් ගුණසේකර , පොලිස් ස්ථානාධිපති සමන් ජයලත් , පරිපාලන අංශයේ ස්ථානාධිපති ,ඊ.එන්.පී.ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර , පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් ,ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි , කොළඹ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර සහ නීතිපති නම් කරනු ලැබ තිබිණි. 
සේනාධිපති පෙත්සම ඉල්ලා අස්කර ගනී
1
hp_train_7636
නැගෙනහිර හා ඌව පළාත්වල තැනින් තැන මද වැසි ඇති වන බවත්  සවස 4.00 න් පසුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වල  ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30258075වැසි ස්වල්පයක්.කොළඹ34268555සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල31269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය32237560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර32229050සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය21129560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය36249545සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය32268565ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31278560ප්‍රධාන වශයෙන් වැසි රහිත                   
‘පළාත් කීපයකට මද වැසි‘
0
hp_train_7637
(ඩයනා උදයංගනී)නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් පළාත් කිහිපයකට අද (2) රාත්‍රී කාලයේ සිට අනිද්දා (4 )වැනිදා දක්වා තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් මෙම වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.උතුරු පළාතේත්, මහනුවර, හම්බන්තොට සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්‍ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත්, මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරමක තද සුළං ඇතිවන අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශද රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
පීඩන අවපාතය තමිල්නාඩු දෙසට
0
hp_train_7638
  විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම විදුලිබල අමාත්‍යාංශයේ දී අද (28) සිදු කෙරිණි.මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මැද රාජකාරි ලිපියකට අත්සන් කරමින් අමාත්‍යවරයා වැඩ ඇරඹීය.පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. (රොමේෂ් ධනුෂ්ක සිල්වා ) 
විදුලිබල රාජ්‍ය ඇමැති වැඩ අරඹයි
1
hp_train_7639
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කී මහ ලේකම්වරයා පක්‍ෂය සමග සන්ධානගතව සිටින වෙනත් පක්ෂවලින් ඉල්ලීමක් ලැබුණොත් පමණක් වෙනත් ලකුණක් ගැන සාකච්ඡා කරන බව සඳහන් කළේය.ඒ අනුව එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය තරග කරන්නේ වෙන වෙනම බව ස්ථිර යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.‘‘නිවෙස්වලත් මව්පියන් හා දරුවන් අතරත් මතගැටුම් ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. අපි ඒවා අභ්‍යන්තරයේම සාකච්ඡා කරනවා. පක්‍ෂයේ කවුරුත් තනි තීන්දු ගන්න හදිසි වෙන්නේ නැහැ. අපි ජාතික ආණ්ඩුව ඇති කළේ රටේ සියලූ දෙනා බලා සිටියදී මිස හොර රහසේ නෙවෙයි. මධ්‍යම කාරක සභාවේ තීරණයක් ලෙසයි. ඒ ගිවිසුම දෙසැම්බර් මාසේ අවසන් වෙනවා. අපි ඉන්පසුයි ඉදිරියට යනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ.පක්‍ෂයේ අය යන්න හදන බවට ඇතිකරන මතවාදයෙන් පාඩු වෙන්නේ රටටයි. ඒ නිසා එවැනි ප‍්‍රචාර පතුරුවන්න එපා. එයින් රටවැසියා හා ලෝකය අතර ඇතිවන සැකය රටේ සංවර්ධනයට බාධාවක්. තීන්දුවක් ගන්නා අවස්ථාවේදී ජනතාව දැනුවත් කරනවා. හොර රහසේ තීන්දු ගන්නේ නැහැ. ඒ නිසා රටේ අනව්‍යශ කලබල ඇති නොකරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.‘‘අපේ පක්‍ෂයේ 66 වැනි සංවත්සරය කොළඹ කැම්බල් පිටියේදී සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද දිනයේදීත් අප ඒ පිළිබඳව පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සාර්ථක මෙන්ම ගුණාත්මක, ජනතා ආකර්ෂණය ඇති සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙයට විශාල ජනතා සහභාගීත්වයක් අපි බලාපොරොත්තු වෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු අපේ පළමුවරට පැවැත්වූ පක්‍ෂයේ 64 වැනි සංවත්සර උළෙල පැවැත්වූයේ පොළොන්නරුවෙයි. ඉන්පසු 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල දී පැවැත්වුණා. පොළොන්නරුවේ පැවති සංවත්සර උළෙලට වඩා කුරුණෑගල පැවති උත්සවය සාර්ථක වුණා. එදාටත් වඩා සාර්ථකව 66 වැනි සංවත්සර උළෙල පැවැත්වීමට අපි කටයුතු කරගෙන යනවා.’’පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -‘‘පළාත් පාලන පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව මේ වන විට සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මෙය ඊ ළඟ සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කාරක සභා අවස්ථාවේදීත් මෙයට සංශෝධන ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලූ දේශපාලන පක්‍ෂ එකතු වී කෙටුම්පතේ යම් යම් වෙනස්කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අද වන විට සියලූ දේශපාලන පක්‍ෂ මේ පනතෙහි ඇති ක‍්‍රමවේදය අනුව ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා.සමහරු මැතිවරණය පමාවීම ගැන ආණ්ඩුවට චෝදනා කළත් මේ වන විට ඔවුන් යථාර්ථය තේරුම් ගෙන තිබෙනවා. සීමා නිර්ණය ප‍්‍රශ්න, තාක්‍ෂණික සංශෝධන කරන්නට සිදුවීම, සුළු පක්‍ෂවලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගැනීම ආදිය ඇතුළු මෙම සංශෝධන තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් ස්ථාපිත වෙනවා. එමෙන්ම කාන්තා නියෝජනය සියයට 25ක් වීමත් සිදුවෙනවා.’’පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා‘‘මමත් ආණ්ඩුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මම එවැනි තීරණයක් ගෙන හෝ කවුරුත් සමඟ සාකච්ඡා කර හෝ නැහැ. අපි ඉදිරි මැතිවරණවලදීත් ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.’’උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා -උතුරු මැද පළාත් සභාවේ සිටි සභාපතිවරයා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසිනුයි. 2012 සැප්තැම්බර් මාසයේ පළාත් සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේ අපේ පක්‍ෂයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා සිටියදී ටී.එම්.ආර් සිරිපාල මහතාගේ නම එක්සත් ජාතික පක්‍ෂය යෝජනා කළා. එතුමා ශ්‍රී.ල.නි.පයේ වුවත් සභාපතිකමට පත්වුණේ එ.ජා.පයේ යෝජනාවක් අනුවයි. එ.ජා.පය හා එතුමා අතර එකඟතාවක් තිබුණත් එය කඩකරන නිසා 2014දීත් විශ්වාසභංගයක් ගෙනාවා. එදා විවෘත ඡන්දයක් පැවැත්වූ නිසා බියට සමහරු ඡන්දය සභාපතිවරයාට පක්‍ෂව ලබාදුන්නා. එදා රහස් ඡන්දයකට ගියා නම් ඔය සභාපතිවරයා ඉවත් කෙරෙන්නේ 2014 වසරේදීයි.දැන් යළිත් විශ්වාසභංගයක් ආ අවස්ථාවේ සභාපතිවරයා එය ප‍්‍රතික්‍ෂ්ප කළා. එය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරගත්තේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මතයි. එදා න්‍යායපත‍්‍රයට ඇතුල් කළ විටත් මේ යෝජනාව මගහරින්න උත්සාහ කළා. ඒ අවස්ථාවේයි කලබගෑනියක් ඇතිවුණේ. සභාව කල්දමන්න යද්දීත් එ.ජා.පය විරුද්ධ වුණා. ඉන්පසු ඒකාබද්ධයේ අය මැදිහත් වී ගැටුමක් ඇතිවුණා. සෙංකෝලය පවා කැඞීගියා. සභාව කල්තබා පටන් ගන්න යද්දී ඒකාබද්ධයේ අය සෙංකෝලය තමන් භාරයේ ර`දවා ගත්තා.ඉන්පසු පොලීසියේත් සහය ඇතිව සෙංකෝලය ලබාගෙන සභාව ආරම්භ කළා. ආණ්ඩු පක්‍ෂයේ කිසිවෙක් විශ්වාසභංගයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළෙත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ අය මොනවා කීවත් කවුරුත් විරුද්ධ වුණේ නැහැ. නව සභාපතිවරයෙක් පත්කරන්න නාම යෝජනා ඉදිරිපත් වූ පසුවත් මෙයට විරුද්ධ බව කීවේ සේමසිංහ මන්ත‍්‍රීතුමා පමණයි. කවුරුත් වෙනත් නමක් යෝජනා කළේ හෝ රහස් ඡුන්දයක් ඉල්ලූවේ නැහැ. ඒ කිසිවක් නොකර සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා.එදා පක්‍ෂයේ තීන්දුව ක‍්‍රියාත්මක නොකර එ.ජා.පයේ නියෝජිතයා ලෙස සභාපතිධුරයට පත්වීම ගැන සභාපතිතුමාට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ මහතා විනය පරීක්‍ෂණයක් හෝ පැවැත්වූවේ නැහැ. එදා වැරදි නොදැකපු අය අද වැරදි දකිනවා. අද එතුමා වෙනුවෙන් ඉන්න අයම එදා විවේචන කළා. අද ඔවුන් කතා කරන්නේ එදා හිටියේ නැහැ වගේයි. එදා එ.ජා.පය පත් කළ කෙනා අද එ.ජා.පය විසින්ම විශ්වාස භංගයක් ගෙනත් ඉවත් කළා.ඒකාබද්ධයේ කණ්ඩායමට තම සාමාජිකයා ආරක්‍ෂා කරගැනීමේ සැලැස්මක් තිබුණේ නැහැ. කලබල ඇතිකිරීම පමණයි අදහස වී තිබුණේ. බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව මා කීවත් ඒ දේ ඇසුවේ නැහැ. අපි අපේ පක්‍ෂය ලෙස අපේ කටයුතු කරගෙන යනවා. අපි එ.ජා.පයට උදව් කරන බව ඒකාබද්ධයේ අය කීවත් අපි එසේ කර නැහැ. ඒත් එකඟතාවයක් අනුව කටයුතු කරනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය-පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන්නේ කුමන කාලයේදීද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා-පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු මැතිවරණය පැවැත්වීමට දින 55ක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.ප‍්‍රශ්නය-නව සංශෝධන තුළින් කාන්තා නියෝජනය අඩුවීමක් සිදුවෙනවාද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා -නැහැ. සියයට 25ක කාන්තා නියෝජනය ආරක්‍ෂා කරගැනීම සඳහා අපි සියලූ දෙනා පෙනී සිටිනවා.ප‍්‍රශ්නය -ආණ්ඩුවෙන් යන බව ඇතැම් නියෝජ්‍ය ඇමැතිවරු ප‍්‍රකාශ කර තිබෙනවා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -කවුරුත් යන්නේ නැහැ. ගියොත් බලමු. අපි තීන්දුවත් ගන්නේ දෙසැම්බර් මාසයේ. මෙතෙක් නිල වශයෙන් කිසිම තීන්දුවක් ගෙන නැහැ.ප‍්‍රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? හංසයා ලකුණින් තරග කරන බලාපොරොත්තුවක් තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -අපි අපේක්‍ෂකයින් තේරුවේ මාස ගණනකට පෙරයි. මෙයට මුහුණදීම සම්බන්ධයෙන් අපේ පක්‍ෂයට අසීරුවක් නැහැ. අපි පක්‍ෂයක් ලෙස මැතිවරණයට අත ලකුණින් ඉදිරිපත් වෙනවා. මේ වන විටත් අපේ පක්‍ෂය සමඟ පක්‍ෂ රාශියක් සන්ධානගත වී සිටිනවා. අනුබද්ධ සංවිධාන තිබෙනවා. සන්ධානගත වීමේදී ඒ අයගේ ඉල්ලීම මත ඉතිහාසයේදී මෙන් වෙනත් ලාංඡනයක් ගැන සාකච්ඡා කරන්න වෙන්නත් පුළුවන්. නමුත් දැනට අපි තීරණය කර තිබෙන්නේ අත ලකුණින් තරඟ කරන්නයි. කෙසේ වෙතත් හංසයා ලකුණින් තරඟ කරන්න කිසිම බලාපොරොත්තුවක් අපිට නැහැ. එහිදී එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය වෙනමයි තරඟ කරන්නේ.ප‍්‍රශ්නය-66 වැනි සංවත්සර උළෙලට ඒකාබද්ධ විපක්‍ෂයේ අයටත් ආරාධනා කරනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-පක්‍ෂය නියෝජනය කරන සියලූ අයට අවසාන වතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් ආරාධනා කළාට එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ සම්බන්ධය පවත්වා ගැනීමට අකමැති බවයි. නමුත් කිසිම බෙදීමක් නොකරන ලෙස ජනාධිපතිතුමාත් උපදෙස් දී තිබෙනවා. ඒ අනුව 66 වැනි සංවත්සරයටත් සියලූ දෙනාට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.ප‍්‍රශ්නය-ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලේකම්වරයා බබෙක් කියා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශ කළා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ශ්‍රී.ල.නි.පය විනයක් ඇති පක්‍ෂයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ දරුවා පවා පක්‍ෂයෙන් ඉවත් කළ අවස්ථා තිබෙනවා. පසුගිය වකවානුවේ පක්‍ෂයේ විනය කඩකිරීම් අප දැක්කා. නමුත් පක්‍ෂයේ ලේකම්වරයා ලෙස මම විනය ආරක්‍ෂා කළ යුතුයි. ඒත් අප ඉදිරියේදී පක්‍ෂයේ විනය තදින් ක‍්‍රියාත්මක කළ යුතුයි. පක්‍ෂය නිවැරදි විය යුතුයි. අනාගතයේදී අපේ පක්‍ෂය විශ්වාසනීය පක්‍ෂයක් බවට පත්කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා අප ඉදිරියේදී පක්‍ෂයේ විනය සම්බන්ධව කටයුතු කරනවා. විනය කැඩුණු තැනක් ගැන දැන් කතා කරන්න මම කැමති නැහැ.ප‍්‍රශ්නය-මේ වන විට එවැනි විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා. එතුමා පක්‍ෂයේ විනය කැඩෙන ආකාරයේ ප‍්‍රකාශයක් රූපවාහිනී නාලිකාවකදී ප‍්‍රකාශ කිරීම ගැන දැන් කටයුතු කරගෙන යනවා. මේ පරීක්‍ෂණය අවසානයේ ඉදිරියේ තීන්දුවක් දීමට නියමිතයි. අද එදා මෙන් නොව තීන්දු ගන්නේ සාධාරණ ලෙසයි. ඒ අයටත් හේතු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. කඩිනම් තීන්දු ගැනීමට වඩා සාධාරණ තීන්දු ගැනීමයි වැදගත් වෙන්නේ. පක්‍ෂය තීන්දුවක් ගත්විට ඒ අයගේ මන්ත‍්‍රීකම අහෝසි වෙන්නේ නැහැ. ඒ අයටත් අධිකරණය ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. පක්‍ෂයේ කෙනෙක් විනය කඩකළොත් අවසන් ප‍්‍රතිඵලය මන්ත‍්‍රීධූරය අහිමිවීමයි. අපි ඒ සඳහා නීතිය අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා යම් කාලයක් යනවා. අපි රටට වගේම පක්‍ෂයටත් යහපාලනය පුරුදු කර තිබෙනවා.ප‍්‍රශ්නය-18 දෙනෙක් ඉවතට යන්නේ පක්‍ෂයේ 95 දෙනා ලෙස එක්වීමට බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍යවරයා කියා තිබුණා. ඒකාබද්ධයේ අය කියන්නේ අගමැතිතුමා වෙනස් විය යුතු බවයි. ඔබ දෙපිරිස එක්වුණොත් අගමැතිතුමාට මොකද වෙන්නේ.අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා වෙනස් කිරීම ගැන අපි කිසිම සාකච්ඡාවක් පවත්වා නැහැ. කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. අපි මේ එකඟතාව ඇතිකරගත්තේ රටේ යහපත වෙනුවෙන් මිස පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් නෙවෙයි. මෙයින් අපි ශක්තිමත් කළේ පුද්ගලයින් නෙවෙයි. රටේ වෙනසකුයි ඇති කළේ. තනතුරු නැති වූ අය තමන්ට තනතුරු ගන්න හදනවා. ඒත් කළ යුත්තේ එය නෙවෙයි. අපි අතර මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේත් ප‍්‍රශ්න ඇති බව රොෂාන් රණසිංහ මහතාගේ තීන්දුවෙන් පෙනෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේත් ප‍්‍රශ්න තිබෙනවා. අනෙක් පක්‍ෂවලත් එහෙමයි.ප‍්‍රශ්නය -උතුරු මැද පළාත් සභාවේ ඇති වූ සිද්ධිය ගැන පක්‍ෂයෙන් පරීක්‍ෂණයක් කරන්නේ නැද්ද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -මෙය පරීක්‍ෂණයක් කළ යුතු දෙයක් නෙවෙයි. මෙය 2012 සිට ආ තත්ත්වයක් ගැන පැහැදිලි වුණා. විශ්වාසභංගයක් ගෙනාවා නම් එයට ඉඩදිය යුතුව තිබුණා. යහපාලනය කියන්නේ එයටයි. සෙංකෝලය උස්සා කෑ ගහන්න අවශ්‍ය නැහැ. අන් අය යහපාලනයට විරුද්ධව තක්කඩිකම් කරන විට එයට උදව් කිරීමත් යහපාලනය නෙවෙයි. තක්කඩිකම්වලට පිළිතුරු දීමත් සිදුවිය යුතුයි. මෙහි වූ දේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ජනතාව හොඳින් දන්නවා.බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ඇතුළු පළාත් මැති ඇමැතිවරු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
පොහොට්ටුවෙන් රැස්වීම් පවත්වමින් තමන් තවමත් ශ්‍රීලනිප සභාපති කියා හිටපු ජනපති කියනවා
0
hp_train_7640
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශයෙ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තද සුළං ඇතිවේ. 
අද වැස්ස ගැන කාලගුණය කියූ දේ
0
hp_train_7641
(රංජිත් රාජපක්ෂ)තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් පස්දෙනෙකු අද (17) බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්ලාව පොලිසිය පැවසිය.බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ සහ කැම්පියන් ලින්ෆොඩ් වතු යායේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් මෙසේ බඹර ඇනීමෙන් ලක් වී තිබේ.තුවාල ලැබු වතු කම්කරුවන් සිව්දෙනෙකු සහ එක් වතු කම්කරු කාන්තාවක් රෝහල් ගත කර ඇත.තේ පදුරක් මත තිබු බඹර කුඩුවක් පයට පැගිමෙන් සහ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් මෙසේ ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ඇනීමෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පවසති.
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් 5 දෙනෙකු රෝහලට
0
hp_train_7642
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
ගාලු මහ නගර සබේත් අයවැය සම්මතයි
0
hp_train_7643
(ටී.කේ.ජී.කපිල )ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීයකු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.මොහු ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු අද (26) අලුයම 1.30 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් - 557 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 5 ක රුපියල් ලක්ෂ 22 ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 36,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 182 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
නීතිවිරෝධීව ගෙන ආ දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට
1
hp_train_7644
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 800 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 2,078  කි.මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,00,772 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද ආසාදිතයන් 728 ක්
0
hp_train_7645
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 690 දෙනකු අද (16) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.විදේශයන්හි සිට පැමිණි තිදෙනෙක් ද ඒ අතර වෙති.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,96,347 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. 
කොරෝනා රෝගීන්ගේ අඩුවක් අද පෙන්නයි
0
hp_train_7646
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ  වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/06/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268555ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව27368545ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269575වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල29249585වැසි ස්වල්පයක්යාපනය33288060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238570වැසි ස්වල්පයක් ඇතිවිය හැක.නුවරඑළිය19149575වැසි  ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය31239570වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය34268050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278575වැසි ස්වල්පයක්                 
‘දකුණේ නගර කීපයකට හෙට හිරු ළං වෙයි‘
0
hp_train_7647
(යොහාන් භාසුර)සහල් මිල නැවතත් රුපියල් 10 සිට 30 දක්වා ගණනකින් ඉහළ දැමීමට පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.කීරි සම්බා සහල් කිලෝවක් තවත් රුපියල් 30 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10 කින් ද, ඉහළ දැමූ බව ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගමක නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (28) පස්වරුවේ පැවසීය.ආසන්තම මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා සහල් කිලෝවක නව සිල්ලර මිල රුපියල් 225 ක් ද, සම්බා සහල් කිලෝවක නව මිල රුපියල් 165 ක් ද, නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 140 ක් ද, වන බව ඔහු සඳහන් කළේය.මෙම දෙවැනි මිල ඉහළ දැමීමත් සමඟ මාසයක් තුළ කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 60 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 25 කින් ද, ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෝ කටයුතු කළහ.සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් ද රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ සුදු කැකුළු කිලෝවක නව මිල රුපියල් 125 ක් ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 ක් ද, බවට පත්ව ඇති බව වෙළෙන්දෝ පවසති.රජය සහල් පාලන මිල පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා රාත්‍රී ඉවත්කිරීමෙන් පසුව පොළොන්නරුව මහා පරිමාණ සහල් නිෂ්පාදකයෝ මාධ්‍ය හමුවක් කැඳවමින් නාඩු කිලෝවක් රුපියල් 115 කට, සම්බා කිලෝවක් රුපියල් 140 කට සහ කිරී සම්බා කිලෝවක් රුපියල් 165 කට අළෙවි කරන බව සැප්තැම්බර් 28 වැනිදා පැවසූහ.ඉන් පසුව මේ මස 18 වැනිදා කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 15 කින් ද, ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් කටයුතු කළ අතර ඒ අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 195 ක් ද, සම්බා කිලෝවක මිල රුපියල් 155 ක් ද, නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 130 ක් ද, බවට පත්විය.ප්‍රධාන සුපිරි වෙළෙඳසළකින් අද පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ කිරී සම්බා කිලෝවක් රුපියල් 195 කට ද, සම්බා කිලෝවක් රුපියල් 140 කට ද, නාඩු කිලෝවක් රුපියල් 125 කට ද, අළෙවි කරන බවයි.ලංකා සතොසින් පුද්ගලයකුට වරකට නාඩු සහල් කිලෝ තුනක් පමණක් කිලෝවක් රුපියල් 98 බැගින් මිලදී ගත හැකි බවත් සුදු සහ රතුළු කැකුළු සහල් කිලෝවක් රුපියල් 95 බැගින් මිලදී ගත හැකි බවත් ලංකා සතොස නිලධාරියකු අද පස්වරුවේ කීය.සිල්ලර වෙළෙදුන් පවසන්නේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් මිල වැඩි කරමින් වෙළෙඳපොලට නිකුත් කරන බවත් වෙළෙදුන්ට රුපියල් 5 ක ලාභයක් පමණක් ලබාදෙන බවයි.
ලංකා සතොස සහල් වර්ග 3ක මිල අඩු කරයි
0
hp_train_7648
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30249575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259070වැසි වාර කිහිපයක්ගාල්ල29249580වැසි වාර කිහිපයක්යාපනය29249585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර28219585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘ඉදිරි කාලයේත් ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_7649
පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ තීරණයට එරෙහි වෙමින් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීයැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා විසින් එහි පළාත් සභා මන්ත්‍රීන් තිදෙනකු පක්ෂයෙන්  ඉවත් කරනු ලැබීම නීති විරෝධී බව අභියාචනාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අද තීරණය කළේය.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක දයාරත්න, දකුණු පළාත් සභා මන්ත්‍රී පද්මසිරි ද සිල්වා හා වයඹ පළාත් සභා මන්ත්‍රී මල්හාමි රත්නායක ඔවුහුය.පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ,මැතිවරණ කොමසාරිස් ,එම පළාත් සභා ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.පෙත්සම විභාග කෙරුණේ විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ හා එස්. එච්. මඩවල යන විනිසුරු මඩුල්ල හමුවේ ය.
ෆොන්සේකාට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලති
0
hp_train_7650
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා  ශාක නිරෝධායන බලපත‍්‍ර නොමැතිව ජෙඩා සිට මෙරටට ගෙන ඒමට තැත්කළ කරදමුංගු  තොගයක් සමග ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු  කටුනායකදී  අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා කීවේය.සැකකරුවෝ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෝ  වෙති. අත්අඩංගුවට ගනු ලැබූ  කරදමුංගු  තොගයේ බර කිලෝග‍්‍රෑම් 150 ක් වන අතර  එහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකි.රේගු නිලධාරීන් විසින් ප‍්‍රශ්ණ කිරීමේදි  තමන් මක්කම  වන්දනා මාන කිරීමට ගිය  බවත් ආපසු  එමින් සිටියදී  ජෙඩා ගුවන්තොටුපොළේදී කිසියම් පුද්ගලයෙකු විිසින්  මෙරටට ගෙන ඒම සඳහා මෙම කරදමුංගු  තොගය ලබා දුන් බව රේගුවට පවසා ඇත.සැකකරුවෝ සෞදි අරාබියානු ගුවන්සේවයට අයත් එස්.වී 780 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් එලියට යාමට උත්සහ ගනිද්දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.මේ පිළිබඳ විමර්ශන කටයුතු  රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන්  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඞී.ඞී.එස්.සී මයිකල්,  එම්.අයි රාෂික් සහ සහකාර රේගු අධිකාරීවරුන්වන තනුෂ්ක විජේසූරිය, එන්.ඞී සිරිසේන යන නිලධාරීහු සිදුකරති.
අනුන්ගේ පාර්සලෙන් ලොකු ලෙඩක් දා ගනී
1
hp_train_7651
දැනට  නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අඩු වන නමුත් ,  උතුරු සහ නැගෙනහිර කොටස් වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි  තත්ත්වය වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය. සවස 02.00 න් පමණ පසු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. උදැසන කාලයේදී ද බස්නාහිර, දකුණු සහ සබරගමුව පලාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269055සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව34279060සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259575උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 4.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.ගාල්ල30259580උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 4.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.යාපනය34278065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30229570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249580උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය36268570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278560වැසි ස්වල්පයක්.  
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
0
hp_train_7652
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) වාර්තා වූ අතර එම ගණන 13,586ක් විය.අසල්වැසි ඉන්දියාවෙන් දිනක් ඇතුළත ආසාදිතයන් 13,000 ඉක්මවා වාර්තා වූ පළමු අවස්ථාව ද එය විය.ලොව සිවුවැනියට වැඩිම ‘කොවිඩ්-19’ ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන ඉන්දියාවෙන් අද (19) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,80,532ක් ලෙස දැක්විණි.වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන අද (19) වනවිට 1,63,248ක් වූ අතර සුවය ලබා පිටව ගිය ගණන 2,04,711ක් විය.ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ‘කොවිඩ්-19’ ආසාදිත මරණ 336ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත නව කොරෝනා ආසාදිත මරණ ගණන 12,573ක් දක්වා ඉහළ ගියේය.නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් අද (19) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,20,504ක් දක්වා ඉහළ ගියේය. ඊට පසුව තමිල්නාඩුවෙන් ආසාදිතයන් 52,334 දෙනකු , දිල්ලියෙන් ආසාදිතයන් 49,979 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 25,601 දෙනකු අද පස්වරු වනවිට හඳුනාගෙන තිබිණි. එන්.ඩී.ටීවී. 055  
ඉන්දියාවෙන් ආසාදිතයන් 40,400ක්
0
hp_train_7653
(කාංචන කුමාර ආරියදාස)මොරගහකන්ද ජලාශය සිය ගම්බිම් ඉඩකඩම් දේපළ ලබාදී නැවත පදිංචියට පැමිණි ජනතාවට පොරොන්දු වූ සහන ලබා නොදීම නිසා ඔවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටී.රටේ සංවර්ධනයට සිය ගම්බිම් ගේදොර වතුපිටි පූජා කළ ජනතාවට සහන සලසන්නේ නැතිනම් එම ජනතාව සමග එක්ව අරගලයකට සූදානම් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් 07 දින පස්වරුවේ පැවසීය.මොරගහකන්ද ජලාශයට ඉඩම් ලබාදී නැවත පදිංචි වූ ලග්ගල මාඔය ප්‍රදේශය පදිංචිකරුවන් ඒකරාශී කොට ඔවුන්ගෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනුබද්ධ ගොවි සංවිධානයක් ස්ථාපිත  කරමින් පැවැති මාධ්‍ය හමුවේ දී නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.මොරගහකන්ද ජලාශය සදහා සිය ගම්බිම් ඉඩකඩම් පරිත්‍යාග කොට ලග්ගල  ප්‍රදේශයේ පදිංචියට පැමිණි ජනතාව මෙහිදී සඳහන් කර සිටියේ තමන්ට වගා කිරීමට ඉඩකඩම් ලබා දුන්නද මෙතෙක් වාරි ජලය නොලැබී ඇති බවත් පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා මේ වන තෙක් ජල පහසුකම් ලබා නොදී බවුසර මගින් ඉතා සුළු ජල ප්‍රමාණයක් ලබා දීමෙන් සියලු ජල අවශ්‍යතා සපුරා ගැනීමට සිදුව ඇති බවය. එමෙන්ම ප්‍රවාහන පහසුකම් පාසල් උසස් අධ්‍යාපන පහසුකම් මෙන්ම වන්දි මුදල් නොලැබූ අය ද තවමත් ගම්මානයේ ජීවත් වන බවයි. ඔවුන්ට දැනට ලබාදෙන වියළි සලාක සහල් සහ හාල්මැස්සන් ආහාරයට වත් ගැනීමට නොහැකි ඒවා ලබා දෙන බව ද ජනතාව මෙහිදී සඳහන් කළහ.එමෙන්ම මොරගහකන්ද ජලාශය නැරඹීමට දිවයිනේ විශාල වශයෙන් ජනතාව පැමිණෙන බවත් එහෙත් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට වෙළඳාම් කටයුතු සිදු කිරීමට වත් ජලාශය ප්‍රදේශයට ගමන් කිරීම තහනම් කොට තිබෙන බව ද ගම්මුන් මහවැලි අධිකාරියට චෝදනා එල්ල කළහ.රටේ සංවර්ධනය සඳහා සිය ගම්බිම් පරිත්‍යාග කොට අනාථයන් බවට පත්ව සිටින ජනතාව පිළිබඳව මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව නාමල් කරුණාරත්න මහතා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම  එම ජනතාව ඉදිරියේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මෙම ජනතාව ගම්මානවල සිය දෛනික කටයුතු සිදුකර ගනිමින් ඉතා පහසුවෙන් සිටි ජනතාව  බවය. 
පොරොන්දු වු සහන නොදීමෙන් මොරගහකන්ද වැසියෝ අසීරුතාවක
1
hp_train_7654
(හර්ෂණ තුෂාර සිල්වා)මේ වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.1ක් වනු ඇතැයි  බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (23) පැවසීය.මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 2.1 කින් වැඩිවී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා කීවේය.ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය. මෙහිදි මේ වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ද ඉදිරිපත් කළේය. දැනුම් දී තිබෙන අදාළ කාලරාමුව තුළ අපේක්ෂිත පරිදි ණය පොළී අනුපාතිකවල පහළ යෑම සිදු නොවුණහොත් මූල්‍ය ආයතනවල වෙළෙඳපොළ ණය පොළී අනුපාතික සඳහා සුදුසු සීමා පැනවීමට කටයුතු කරන බව ද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදි කීවේය. ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳපොළ වෙළෙඳපොළ ණය පොළී අනුපාතිකවල ප්‍රවණතා අඛණ්ඩව අධීක්ෂණය කරන බවත් ණය පොළී අනුපාතිකවල පහළ යෑමක් සිදු නොවුණහොත් සුදුසු සීමා පැනවීමට මුදල් මණ්ඩලය නිර්දේශ කරනු ඇති බවත් හෙතෙම කීවේය. අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා බව ද මහ බැංකු අධිපතිවරයා කීය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල නොවූ බවත් එහෙත් සති කිහිපයකදී යම් පසු බැසීමක් වූ බවත් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීවේය. තැන්පතු අනුපාත සහ බැංකු මත දැනටමත් අදාළ සීමා පනවා ඇතැයි ද ඔහු පැවැසීය. මේ අතර මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ප්‍රතිපත්ති පොළී අනුපාතික අඩු කරන බව මහ බැංකුව නිවේදනය කළේය.
පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය අඩු මට්ටමක
0
hp_train_7655
නැගෙනහිර සහ ඌව පළාත්වල  සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.ත්‍රිකුණාමලය සිට පොතුවිල් සහ මාතර හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් අනෙකුත් මුහුදු ප්‍රදේශවල අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.2015 මාර්තු  මස 26 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි  
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_7656
(යොහාන් භාසුර)ජාතික විදුලි පද්ධතියට විදුලිය ජනනය කරන ඉන්ධන විදුලිබලාගාර 10 න් අටක්ම ඉන්ධන නොමැතිවීම නිසා අක්‍රීය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.එම බලාගාර අට අක්‍රීය වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 424 ක් අහිමිවී ඇති බව කී එම නිලධාරියා සපුගස්කන්ද ඒ සහ බී බලාගාර දෙක සහ ‘සොජිට්ස්’ බගාලාරය පමණක් මේ වන විට ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.යුගදනවි බලාගාරය සඳහා ඉන්ධන අද දිනයේ ලබාදෙන බවට ඛනිජ තෙල් සංස්ථාව පවසා තිබූ බවත් නැප්තා මේ වන විට විදුලිබලාගාරයට පොම්ප කරමින් සිටීම නිසා එම ප්‍රමාණය අද දිනයේ පාවිච්චි කළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 
ඉන්ධන විදුලිබලාගාර 8 ක් කොටඋඩ
1
hp_train_7657
(ඉන්දිකා රාමනායක)නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 151 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 52154 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. 
නිරෝධායන නීති කැඩූ 227ක් පොලිස් දැලේ
0
hp_train_7658
(එස් .ඩි. කොඩිකාර )වල්ලාපට්ටා කිලෝ තුනයි ග්‍රෑම් අටසීයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුබෝවිටියන, රුවන්කන්ද ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු බව පොලිසිය කියයි.මොරවක පොලිසියේ බුද්ධි අංශයට අතුඇළ ප්‍රදේශයේ  කැලෑවකින් වල්ලපට්ටා කපන ලද බවට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු පාසල් බෑගයක් මත වල්ලපට්ට බහා බෑගය කරේ එල්ලා ගෙන එය වැසෙන පරිදි පැකට්ටුවක් දමා යතුරු පැදිය ධාවනය කරන අවස්ථාවේ  සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එම බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී පිහියක් සහ අත් කියතක් ද  සොයා ගත් බව  වැටලීම සිදුකර පොලිස්  නිලධාරියෙක් පැවැසීය.අත්අඩංගුවට ගත් වල්ලාපට්ටා සහ  සැකකරු ඇතුළු යතුරුපැදිය  මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (22) ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඇඳීරිනීතියේදී වල්ලපට්ටා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට
0
hp_train_7659
(සමන් පාලිත නානායක්කාර)හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හතරක දූදරුවන් සහ ගුරු මණ්ඩලය කිහිප දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇති  බවට තහවුරුවීම නිසා එක් විදුහලක් වසා තව පාසලක  පන්ති වසා දැමීමට පියවර ගත් බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පවසයි.කොස්ගම විදුහලේ ආසාදිත ගුරුවරුන් දෙදෙනකු හමු වීමත් සමග එම විදුහල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර සොරඟුණේ මහ විදුහලේ පළමු ශ්‍රේණිය, දහය ශ්‍රේණිය සහ එකොලහ ශ්‍රේණිය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව අසංක සම්පත් මහතා පැවසීය.ආසාදිත දරුවකු හමුවීම නිසා අමිලගම විදුහලේ පහ ශ්‍රේණිය මේ වන විට වසා දමා තිබේ. මේ අතර ඉලුක්පැලැස්ස විදුහලේ තුන ශ්‍රේණියෙන් ආසාදිත දරුවකු හමුවී තිබේ. කෝවිඩ් රෝගීන් පාසල්වලින් මතු වීමට පටන් ගෙන තිබුණද දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩා නොවැටෙන අයුරින් දැනට මතුව ඇති කෝවිඩ් අවදානම පාලනය කිරීම සඳහා උපරිමයෙන් උත්සාහ කරන බවද හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
සොරගුණේ විදුහලේ තවත් පස් දෙනකුට කොරෝනා: පන්ති 3 ක් වසයි
0
hp_train_7660
(උපාලි ආනන්ද)අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයාගේ  නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපොළ අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවක්  සම්බන්ධයෙන්  සැකපිට අත් අඩංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් කර සිටි අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා   අද  (22) නියෝග කළේය. ඒ අනුව  සියලු  සැකකරුවන්ට රුපියල් 110000 බැගින් වෙන් වෙන් වශයෙන් මුදල් ඇප නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව  රුපියල් 5 ක් පමණ වටිනා ශරීර ඇප දෙක බැගින් වෙන් වෙන් වශයෙන් සියලු සැකකරුවන්ට නියම කෙරිණි. ඇපකරුවන් පදිංචි සහතික සමග අධිකරණයට ඉදිරිපත් කළ  යුතු බවටද නියෝග කළ   මහාධිකරණ විනිසුරුවරයා සතියේ සෑම ඉරිදා  දිනයකම තඹුත්තේගම පොලිසියට වාර්තා කරන ලෙසටද සැකකරුවන්ට නියෝග කරනු ලැබීය. සාක්ෂිකරුවන්ට  බලපෑම් කිරීමෙන් වළකින  ලෙසටත් සැකකරවැන්ට බලපෑම් කල බවට වාර්තා වුවහොත් නියම කළ ඇප අවලංගු කර යළි බන්ධනාගාර ගත කරන බවටද සැකකරුවන්ට තරයේ දැන්වීය. සියලු  සැකකරුවන්ට  විදේශ ගතවීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා විදෙස් ගමන් බලපත‍්‍ර අධිකරණයට බාර දෙන ලෙසටද සැකකරුවන්ට  නියෝග කළේය. රිමාන්ඩ් කර සිටි අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුළු  සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්නැයි ඉල්ලමින් අනුරාධපුර මහ නගර  සභාවේ  ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුනේ  ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රී නලීන් සිරිවර්ධන මහතා නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මගින් මහාධිකරණයට ඉදිරිපත් කළ  ඇප අයදුම්පත  සළකා  බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කරනු ලැබීය.
රිමාන්ඩ් බාරයේ සිටි උතුරු පළාත් සබේ හිටපු සභාපති ඇතුළු සැකකරුවන්ට ඇප
1
hp_train_7661
( ඩී.කේ.රත්න)                                                 එක්වරක් පරාජයට පත්ව තිබූ ඇල්ල ප්‍රාදේශීය සභා වේ 2021 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල  ප්‍රාදේශීය සභා මහ සභා රැස්වීමේදී දෙවන වතාවටද අද (27) වැඩි ඡන්ද හතකින් පරාජය විය.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැන් විසි එකකින් සමන්විත ඇල්ල ප්‍රාදේශීය සභාවේ එත්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරැන් හත්දෙනා පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරැන් හත්දෙනා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරන් පස්දෙනාද , ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයාද , ස්වාධීන කණ්ඩායම අංක එක මන්ත්‍රීවරයාද අයවැයට විරැද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති බී.එම්. උදයජීව බංඩාර මහතා විසින් මීට පෙර ඉකුත් 18 වන දින 2021 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප්‍රාදේශීය සභා මහ සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව පරාජයට පත්වීමෙන් නැවත එම අයවැය සංශෝධනය කර අද (27) සභාවට ඉදිරිපත් කර තිබිණි.එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුව මෙම සභාව පිහිටුවා තිබූ අතර සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ .එම්. උදයජීව බංඩාර මහතා ද උප සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊ.ඩී. පියදාස මහතාද කටයුතු කළහ.
ඇල්ල ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 6කින් පරාදයි
0
hp_train_7662
(ඩයනා උදයංගනී,ඡායාරූප ශාන්ත රත්නායක)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සිටින ජන බලවේගය අදෘෂ්‍යමාන එකක් බවත්, කිසිම අවස්ථාවක පක්‍ෂයේ ශක්තිය අඩු තක්සේරුවකට නොයා යුතු බව කාන්තා දින සැමරුමට ආ කාන්තාවන් පෙන්නුම් කළ බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (9) පැවසීය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යනු වැටි වැටී නැගිටිමින් ඉදිරියට ගොස් අධිෂ්ඨානශීලීව අවශ්‍ය ඉලක්කය කරා යන දේශපාලන ව්‍යාපාරයක් බව කී ජනාධිපතිවරයා අනාගතයේදී පක්‍ෂය ජයග‍්‍රහණය කිරීම සඳහා ඉතා අත්‍යවශ්‍ය දේ වන්නේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරය බව ද සඳහන් කළේය. කිසිම දේශපාලනඥයකුට හෝ රාජ්‍ය නිලධාරියකුට, වැරැදි, වංචා, දූෂණ කර නිදහසේ සිටීමේ හැකියාවක් නැති බවත් මහජනතාව ඒවා අනිවාර්යයෙන් හඳුනා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළේය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (9) පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාන්තා පෙරමුණ මගින් සංවිධානය කර තිබූ මෙම කාන්තා දින සැමරුම ‘ඇගේ සවිය පක්‍ෂයට හා රටට’ යන තේමාව යටත් පැවැත්විණි.පක්‍ෂයේ කාන්තා පෙරමුණේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාවක වන හිටපු නාගරික මන්ත‍්‍රිනි සෝමා පෙරේරා මහත්මියට සමරු තිළිණයක් පිරිනැමීම හා ශ්‍රී.ල.නි.ප කාන්තා පෙරමුණේ ”ෆේස් බුක්” පිටුව එළිදැක්වීම එහිදී ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.කාන්තාවන් වෙනුවෙන් වූ යෝජනා තුනක් ද එහිදී ඉදිරිපත් කෙරිණි.මේ සඳහාපක්‍ෂ මූලස්ථානයේ පස්වන මහලේ පිහිටි ශ‍්‍රවණාගාරයට දැරිය නොහැකි තරම් කාන්තාවන් පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් පහළ මාලවල මෙන්ම පක්‍ෂ මූලස්ථානයෙන් පිටතද රැඳී සිටිනු දක්නට ලැබිණි.එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.‘‘අද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කාන්තා සංවිධානය පවත්වන මෙම වැදගත් උත්සව සභාවට පැමිණෙන්නට ලැබීම ගැන මම ඉතාමත්  සතුටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, කාන්තාවත්, මේ රටේ දේශපාලනයත් යන මේ සියල්ල ගත් විට සාමූහිකත්වය හා පොදු වගකීම් තුළ අපේ දේශපාලන ඉතිහාසයේ කතා කළ හැකි කරුණු රාශියක් තිබෙනවා.ලොව ප‍්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සම්ප‍්‍රාප්තිය සමඟ ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුවුණා. මේ කාන්තා නායකත්වය තුළ මේ රටේ රාජ්‍ය නායකත්වය නිර්මාණයවීමත්, එතුමිය තැබූ වාර්තාවත් සමඟඅපේ රටට දේශපාලන වශයෙන් මෙන්ම කාන්තාවන්ගේ ගමන් මග පිළිබඳ පරිවර්තනීය යුගයක ආරම්භයත් සිදුවුණා. කාන්තා දිනය, කාන්තා වැඩසටහන්, කාන්තා කාර්යාංශ, කාන්තා අමාත්‍යාංශ, මෙන්ම කාන්තාවන් සඳහාවිවිධ ව්‍යාපෘති සංවිධාන අපේ රටේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල තිබෙනවා.මෙලෙස කාන්තාවන් සඳහාවෙන් වූ දේ තිබුණත් පිරිමින් සඳහාඑවැනි සංවිධාන නිර්මාණය වී නැහැ. එයට හේතුව කාන්තාව සතු වගකීම, වරප‍්‍රසාද, අයිතීන් සහ කාන්තාවගේ ගමන් මග තුළ සමාජයේ ප‍්‍රශ්න රාශියක් තිබීමයි. ලෝකයේ එක් එක් සංස්කෘතීන් ලෙස ගත්විට, ලෝක දේශපාලනය තුළ, දේශපාලන ලෝකයේ වසර දහස් ගණනක ඉතිහාසය පිළිබඳ කතා කරන විට කාන්තාවට හිමි ස්ථානය ලැබුණාද යන ප‍්‍රශ්නය ලෝක ප‍්‍රජාව තුළම තිබෙනවා.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට අන්තර්ජාතික සංවිධාන, ලෝකයේ කාන්තාවන් සඳහාබිහිවූ වෙනත් ජාත්‍යන්තර සංවිධාන මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයන් තුළ බිහිවන රාජ්‍ය පාලන ක‍්‍රම තුළත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සිටත් කාන්තාවන්ට ඇති අයිතීන් සහ වරප‍්‍රසාද පිළිබඳව නීති ඇතුළත් කරන්න අවශ්‍ය වුණේ ඒ නිසයි.අපේ රට මෙන්ම ලෝකය වශයෙන් ගත්විට කාන්තාවගේ ගමන් මගේ අභියෝග රාශියක් තිබෙනවා. එක් පැත්තකින් ගෝත‍්‍රික සමාජයන් මෙන්ම අනෙක් පැත්තෙන් ආගමික සමාජයන්, ඇතැම් රාජ්‍ය පාලනයන් තුළ කාන්තාව නොසලකා හැරීම නිසා තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය තුළ සැමවිටම කාන්තාව වෙනුවෙන් හඬක් නැගෙන්නේ සහ වැඩසටහන් ක‍්‍රියාත්මක වෙන්නේ.කාන්තාව ගැන කතා කරන විට ප‍්‍රධාන වශයෙන්ම එන වචනය වන්නේ මාතෘත්වයයි. මාතෘත්වය තුළ කාන්තාවගේ ආදරය, සෙනෙහස, දයාව, කරුණාව යන සියල්ල පිළිබිඹු වෙනවා. මවගෙන් ලැබෙන සුරක්‍ෂිතභාවය, ආදරය සහ සෙනෙහස ලොව ප‍්‍රබලම ආදරය හා සුරක්‍ෂිතභාවය බව ඔබ අප කවුරුත් දන්නවා. ඒ නිසා සමාජවේදීන්, සමාජ විද්‍යාඥයින් පවසන පරිදි කාන්තාවන්ට සමාජයේ ප‍්‍රධාන වගකීම් පැවරීමේදී ලැබෙන නායකත්වය තුළ සැමවිමට ආදරය, කරුණාව සහ දයාව මූලික වශයෙන් එක්වන බව පවසනවා.අපි නිර්මාණය කරන සමාජයක් තුළ අපේ රට තුළත්,  ලෝකයත් ගත්විට කාන්තාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවීම අවශ්‍යයි. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන රටාවන් තුළ කාන්තාවට දී ඇති ස්ථානය ගත්විට සංවර්ධනය වූ රටවල තත්ත්වය ඉතා විශිෂ්ටයි. කැනඩාව වැනි රටක් ගත්විට ඇමැති මණ්ඩලයෙන් භාගයක් කාන්තාවන්. ලෝකයේ බොහෝ රටවල කාන්තාවන් රාජ්‍ය පාලනයට ගැනීම පිළිබඳව ව්‍යවස්ථාවට ඇතුළත් කර විශාල ශක්තියක් දී තිබෙනවා. අපේ රජයත් පසුගිය දිනවල පළාත් පාලන ආයතනවල පවත්වන මැතිවරණවලදී කාන්තා නියෝජනය වැඩිකිරීම පාර්ලිමේන්තුවේ නීතියක් ලෙස සම්මත කර ගත්තා.අපේ රටේ වඩාත් පිරිසුදු දේශපාලනයක්, සමාජශීලී, අවංක දේශපාලනයක් සඳහාකාන්තාවගේ සහභාගීත්වය අදට වඩා හෙට දවසේදී ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කාන්තා සංවිධාන පිළිබඳව පසුගිය දශක කිහිපයේ ඉතිහාසය ගැන කතා කළොත් මේ තත්ත්වය ඉතා ප‍්‍රබල ලෙස පෙන්වා තිබෙනවා. මේ රටේ ආණ්ඩු හදන්න, ආණ්ඩු වට්ටන්න, ආණ්ඩු වෙනස් කරන්න කාන්තාවන් පෙරමුණ ගැනීම තුළ කාන්තාවන් වැඩිපුර නියෝජනය වෙනවා නම් ඒ මැතිවරණ ව්‍යාපාරයන් ජයගන්නා බව අපි සාක්‍ෂි සහිතව දැක තිබෙනවා.අපේ රටේ ජනගහණයෙන් සියයට 52කට වැඩි පිරිසක් කාන්තාවන්. අපේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ කාන්තා බලවේගය ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කිරීම සඳහාඉතා අත්‍යවශ්‍ය වූ දෙයක්. ඒ නිසා ශ්‍රී.ල.නි.ප.යේ කාන්තා සංවිධානය තුළ මෙන්ම අනෙකුත් සංවිධාන තුළත්, කාන්තාවන්, මව්වරුන්, දියණියන්ගේ සහභාගීත්වය, සහයෝගය සහ අනුග‍්‍රාහකත්වය ලබාගැනීම ඉතාමත්ම අවශ්‍යයි.එමෙන්ම සමාජය තුළ තිබෙන විවිධ ගරාවැටීම්, පසුබෑම්, තාක්‍ෂණය සමඟඇතිවී තිබෙන අඩුලූහුඬුකම්, පසුබෑම් මගහරවා ගැනීමට කාන්තාවන් ශක්තිමත් කිරීම අවශ්‍යයි. සමාජය නිවැරදි කිරීම යනු කෙනෙකුට වගකීමක් පැවරූ විට එය අවංකව සහ නිසිලෙස ඉටුවීමයි. අපි ශ්‍රී.ල.නි.ප.ය ලෙස මේ රටේ හෙට දවස වෙනුවෙන් අනාගත ආණ්ඩුවක් බිහිකිරීම සඳහාකාන්තාවන්ගේ ශක්තිය තුළ පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම මේ යුගයේ අවශ්‍යතාවයක්. මේ රටේ පිරිසිදු දේශපාලන ව්‍යාපාර පිළිබඳ කතා කරනවිට පිරිසුදු දේශපාලනඥයා කවුද? පිරිසුදු දේශපාලන පක්‍ෂය කුමක්ද? අප විසින් බලය දිය යුත්තේ කාටද? බලයෙන් ඉවත් කළ යුත්තේ කවුද? යන්න පොදු ජනතාව තුළ ප‍්‍රශ්නාර්ථයක් බවට පත්වී තිබෙනවා.ශ්‍රී.ල.නි.ප.ය අනාගතයේදී ජයග‍්‍රහණය කිරීම සඳහාඉතා අත්‍යවශ්‍යදේ වන්නේ පිරිසුදු දේශපාලන ව්‍යාපාරයයි. හොරකම, මහජන දේපළ, සම්පත් අනිසි ලෙස භාවිතය, තමාගේ සාක්කු පුරවා ගැනීම යන කරුණුවලින් බාහිරව සමාජයට දියයුතු ආදර්ශය ඉතා වැදගත්. පොදු ජනතාවට වසන් කර කිසි දෙයක් කරන්න බැහැ. සෑම කෙනෙකුගේම චරිතය, වැඩකටයුතු කරන ආකාරය තුළ තමාට වඩාත් සමීප දේශපාලනඥයා කවුද යන්න ජනතාව තීරණය කරනවා. කිසිම දේශපාලනඥයෙකුට, රාජ්‍ය නිලධාරියෙකුට, වැරදි, වංචා, ¥ෂණ කර නිදහසේ ඉන්න පුළුවන්කමක් නැහැ. ඒවා මහජනතාව අනිවාර්යයෙන්ම හ`දුනා ගන්නවා.ඒ නිසා අද රටේ තිබෙන ආර්ථික, සමාජ ප‍්‍රශ්නවලට මූලික වශයෙන්ම පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ සඳහාකැපවීම, ආදර්ශය අවශ්‍යයි. අපේ රටේ දේශපාලනඥයින්ගේ කිසි අඩුවක් නැහැ. අද හැමතැනම පුහු ඝෝෂා ඇහෙනවා. පුහු හඬවල්වලට වඩා ගුණාත්මක දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වන්නේ ගූණාත්මක ගති ලක්‍ෂණයි. පොදු මහ ජනතාව තමන්ගේ සිතුම් පැතුම් ඉටුකරගැනීම සඳහාසැමවිටම නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක නිර්මාණය වන අවංක දේශපාලන ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙනවා.අපි ශ්‍රී.ල.නි.ප.ය ලෙස කාන්තා සංවිධානය ශක්තිමත් කරන්නේ කාන්තාවගෙන් ලැබෙන මගපෙන්වීම, පිටිවහල, කැපවීම, අනුග‍්‍රහය, ආශීර්වාදය, ඒ සියල්ල ඉතාම බලවත් නිසයි. කාන්තාවගේ බලවත්කම තිබෙන්නේ ගේ ඇතුළේ පමණක් නෙවෙයි. ආයතනික වශයෙන්, ගම නගරය තුළ පමණක් නොව මුළු සමාජය වටා ඉතා පරිපූර්ණව ශක්තිමත්ව තිබෙන්නේ කාන්තාවගේ බලවේගය හා ශක්තියයි. ඒ නිසා ශ්‍රී.ල.නි.ප.යේ ඉදිරි දේශපාලන ගමන්මග සඳහා මෙන්ම අනෙකුත් රාජ්‍ය පාලන කටයුතුවලදීත් සැමවිටම කාන්තාවට ප‍්‍රමුඛ ස්ථානයක් හා වගකීමක් ලබාදීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ මෙන්ම පක්‍ෂය ලෙසත් පියවර ගන්නවා.මෙතැනදී පැවසූ ආකාරයෙන් අපි බලාපොරොත්තු වූවාට වඩා පිරිසක් පැමිණ සිටිනවා. මෙච්චර එයි කියා සිතුවේ නැති නිසා මේ වගේ තැනක මේ උත්සවය පැවැත්වූ බව මෙහිදී ප‍්‍රකාශවීම ගැන මා කනගාටු වෙනවා.  ඕක තමයි ප‍්‍රශ්නය. මෙච්චර ඉන්න බව කවුරුත් දන්නේ නැහැ. ඉන්න ගණන් මිනුම් පිළිබඳව කොහේවත් වාර්තා නැහැ. ඉන්න පිරිස පුළුල් බලවේගයක්. ඒ නිසා කිසිම අවස්ථාවක ශ්‍රී.ල.නි.ප.යේ ශක්තිය පිළිබඳව, පක්‍ෂයේ කන්තා බලවේගය, තරුණ බලවේගය හා උගතුන්, බුද්ධිමතුන් හා පරිණතයින්ගෙන් ලැබෙන ශක්තිය පිළිබඳ කිසි වේලාවක අඩු තක්සේරුවකට යන්න එපා. ඒ ගැන හැමවිටම වැඩි කත්සේරුවක ඉන්න.මෙතන ලොකු තදබදයක්, අවහිරකමක්, වාඩිවෙන්න පුටු නැතිකමක් සිදුවී තිබෙනවා. අපේ පක්‍ෂය නොපෙනෙන මහා අදෘෂ්‍යමාන බලවේගයක් ඇති දේශපාලන ව්‍යාපාරයක්. එය දුර්වල කරන්නට කාටවත් පුළුවන්කමක් නැහැ. එය අපි දැනගත යුතුයි.එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මැතිතුමා පක්‍ෂය බිහිකර 1956 ආණ්ඩුව හැදු පසු එතුමාට මොන තරම් ප‍්‍රශ්න ආවද? වැඩ වර්ජන, පෙළපාළි, විරෝධතා වැඩිම ප‍්‍රමාණයක් ආවේ එතුමාගේ කාලයේයි. මේ රටේ පාලකයකුට වැඩිම විරෝධතා තිබූ කාලසීමාව බණ්ඩාරනායක මැතිතුමාගේ පාලනය තිබූ කාලසීමාවයි. එදා දුන්නු නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොතෙක් දුරදිග ගියාද යන්න ඔබ දන්නවා. ඒ වසර තුනක කාලයේ එක දිගටම එතුමා ලැබූ අත්දැකීම් සමඟ එතුමාට මොන තරම් දුෂ්කරතා ආවාද යන්න අපි දන්නවා. එතුමා වෙඩි තබා ඝාතනය කළවිට සමහරු හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙන්ම මේ රටේ වාම ප‍්‍රගතිශීලී ව්‍යාපාරයත් අවසන් බවයි.නමුත් එතුමාගේ ජීවිතය මේ රටේ ජනතාවට අහිමි වූ පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ පක්‍ෂය ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මොනතරම් ගොඩනැගුවාද යන්න අපි කවුරුත් දන්නවා. අපි මැතිවරණ පැරදී තිබෙනවා. ආණ්ඩු හදල තිබෙනවා. බොහෝ වෙලාවට අපි වැටුණු තැන් තිබෙනවා. අපි නැගිටපු තැන් තිබෙනවා. අපි කොතෙක් වැටුණත් වැටි වැටී නැගිට නැගිට ඉස්සරහට ගිහින් අවශ්‍ය ඉලක්කය කරා අධිෂ්ඨානශීලීව යන දේශපාලන ව්‍යාපාරයක්.මේ රටේ අද ජනතාවට අවශ්‍ය පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් ගැන කතා කරන විට ඉතා පැහැදිලි ලෙස ඔබ අප එක් කොඩියක් යට එක්වී අපේ රට, ජනතාව සමඟපිරිසුදු අවංක දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. ඒ තුළ අපි සියලූ දෙනා ඒකරාශී කළ යුතුයි. ඒ ශක්තිය ගොඩනගන්න කතා කළ යුතුයි. නිහඬවීම පිළිතුරක් වෙන්නේ නැහැ. ඒ නිසා සැමවිටම මතය, ගැටලූව ඉදිරිපත් කළ යුතුයි. හඬ නැගිය යුතුයි. නිවැරදි දේ කතා කළ යුතුයි. වැරදි දේ විවේචනය කළ යුතුයි. වරදට විරුද්ධව හඬ නැගිය යුතුයි. සමාජය සුවපත් කළ යුතුයිඅද ජීවත්වන අයට මෙන්ම හෙට උපදින දරුවන් සඳහා හොඳ රටක් හදන්න හොඳ දේශපාලන ව්‍යාපාරයක් තිබිය යුතුයි. ඒ තුළ දෙන ආදර්ශය සමඟතමයි කරන ආණ්ඩුවල පිරිසුදුබව ගොඩනැගෙන්නේ. ලංකාවේ විවිධ දිසාවන්ගෙන් ආ අය මෙතැන ඉන්නවා. සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය, සුමේධා ජී. ජයසේන මහත්මිය කියා තිබෙන්නේ ආසනයෙන් එක්කෙනෙක් දෙන්නෙක් ආවම ඇති කියලයි. ඒත් පොළොන්නරුවෙන් 50ක් ඇවිත්. එවිට ඉඩ නැතිවීම පුදුමයක් නෙවෙයි.අපට පිරිස් ගෙන්වීමේදී 5ද, 10ද, 100ද, 1000ද, 2000ද යන්න ප‍්‍රශ්නයක් නෙවෙයි. අපිට  ඕනෑ තරම් ගෙන්වන්න පුළුවන්. අපි ගාල්ලේ පැවැත්වූ මැයි දිනය ඓතිහාසික එකක්. පක්‍ෂයේ 65 වැනි සංවත්සරයට අති විශාල ජනතාවක් ආවා. දැන් තරුණ, හා කාන්තා බල මණ්ඩල අපි ගොඩනගාගෙන යනවා. ඒවාට විශාල වශයෙන් පිරිස් ඒකරාශී වෙමින් සිටිනවා. පක්‍ෂයේ විය යුතු වෙනස්කම් ගැන ඒ තරුණ පිරිස්වලින් අදහස් ඉදිරිපත්වී තිබෙනවා. කාන්තා සංවිධානවලිනුත් එහෙමයි.දහසක්, දහසක් මත ගැටී එක් නිවැරදි මතයක්, දර්ශනයක් ඇතිවීම සමාජ සිද්ධාන්තයක් බව ඔබ දන්නවා. ඒ නිසා මේ රටේ පුළුල්, උගත් තරුණ බලවේග, උගත්, ප‍්‍රබුද්ධ කාන්තා බලවේග සියල්ල සමඟඑක්වී ශ්‍රී.ල.නි.ප.ය ශක්තිමත් කිරීම තුළ ඔබත්, මමත් බලාපොරොත්තු වෙන ජයග‍්‍රහණය අනාගතයේදී ලබාගත හැකියි. ඒ නිසා ගම, නගරය එකතු කර සංවිධාන ශක්තිමත් කර පක්‍ෂ භේදයකින් තොරව සියලූ දෙනා සමඟමේ සඳහා ආරාධනා කරන්න. ඒ තුළ අපේ පක්‍ෂය ශක්තිමත් කරන්න පුළුවන්.මෙවැනි පුංචි ශාලාවකට විශාල පිරිසක් ගෙන්වීම ගැන මමත් කණගාටු වෙනවා. මෙහි පහළ මාලවල මෙන්ම එළියේත් විශාල පිරිසක් ඉන්නවා. ලබන මාසයේ තරුණ සංවිධානයේ ජාතික තරුණ සමුළුව පැවැත්වෙනවා. මේ සියලූ සංවිධාන කාර්යක්‍ෂම කරගෙන අපි නව, ප‍්‍රබුද්ධ අවංක දේශපාලන ව්‍යාපාරයක, පිරිසුදු රාජ්‍ය පාලනයක් සඳහාජනතාව ඒකරාශී කරමින් මේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය ලෙස නැවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කළ යුතුයි. පැහැදිලි ස්ථිරසාර ජයග‍්‍රහණයක් වෙනුවෙන් අපි සියලූදෙනා එක්ව ඉදිරියට යමු.’’ යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කළේය.හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.‘‘පසුගිය කාලයේ අපි කවුරුත් නොසිතූ තරම් කාන්තා බලවේගයක් අද මෙතැනට පැමිණ සිටිනවා. අපි සංවිධානය වීමේ මහිමය අද පෙනෙන්නට තිබෙනවා. පසුගිය කාලයේ අපි ගොඩනැගූ කාන්තා සංවිධාන ශක්තිය මෙයයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පක්‍ෂය දුර්වලවී ඇති බවට ඇතැමුන් කරන ප‍්‍රකාශ බොරු බව අද මේ කාන්තාවන් පෙන්වා දී තිබෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තරම් කාන්තාවන්ට අවස්ථාව දුන් හා දෙවරක් පක්‍ෂ නායකත්වය කාන්තාවන් දැරූ පක්‍ෂයක් මේ රටේ නැහැ. ඉන්දිරා ගාන්ධි මැතිනිය සහ සෝනියා ගාන්ධි මැතිනිය පක්‍ෂ නායකත්වය දැරූ ඉන්දීය කොංග‍්‍රස් පක්‍ෂය හැර එවැනි තවත් පක්‍ෂයක් ලෝකයේත් නැති බව මගේ විශ්වාසයයි. ඒත් එදා අපේ පක්‍ෂය යටතේවත් කාන්තාවන්ට නිසි නියෝජනයක් ලබාදෙන්න බැරිවුණා. මම වරක් එය කරන්න උපදෙස් දුන්නා. ඒත් අපේක්‍ෂක ලැයිස්තු බලද්දී එය ඉටුවී තිබුණේ නැහැ.ඒත් මේ වන විට පළාත් පාලන ආයතනවල සියයට 25ක කාන්තා නියෝජනයක් අවශ්‍ය බවට නීති සම්මතවී තිබෙනවා. පළාත් සභා සහ පාර්ලිමේන්තුව සම්බන්ධයෙනුත් එම නීතිය ගෙන එන්නට ශ්‍රී.ල.නි.ප.ය නායකත්වය ගන්නා බව මම මේ අවස්ථාවේ ප‍්‍රකාශ කරනවා. අපේ රටට වැඩිම ආදායම් ලබාදෙන වතුකරය, ඇඟලූම් මෙන්ම ගෘහ සේවිකා වෘත්තීන්හි වැඩිම මෙහෙයක් කරන්නේ අපේ අහිංසක කාන්තාවන්. ඔවුන් වෙනුවෙන් තව කළ යුතු දේ තිබෙනවා. ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් කළ යුතු දේ රජය හරහා ඉටුකරවා ගැනීමටත් අපි නායකත්වය ගත යුතුයි.යුද්ධය නිසා විපතට පත්වූ කාන්තාවන් රැසක් සිටිනවා. රට වෙනුවෙන් දිවි දුන් සොල්දාදුවන්ගේ බිරින්දෑවරුන්ට සැමියාගේ වැටුප ලැබුණත් ඔවුන් විවිධ ප‍්‍රශ්නවලට මුහුණපා සිටිනවා. උතුරේ නැගෙනහිර අසරණ වී සිටින කාන්තාවන්ට එවැනි වැටුපක් හෝ ලැබෙන්නේ නැහැ. අද ගෝලීයකරණය යටතේ අපේ රට  ඕනෑවට වඩා විවෘත ආර්ථිකයට විවෘත වී තිබෙනවා. එය නරක බව මා කියන්නේ නැහැ. නමුත් එදා අපේ රට විවෘත ආර්ථිකයට ඇතුළත් වුණේ සංස්කෘතියට ගැළපෙන දේ ගැන තීරණයක් ගෙන නෙවෙයි. සමාජයට යළිත් මනුස්සකම ඇතුළත් කරන්න නම් කාන්තාවන් ඒ සඳහානායකත්වය ගත යුතුයි. මේ දේ ගැන අපේ ඇමැතිවරුන් විරුද්ධ නොවේ යැයි මා සිතනවා.’’ යනුවෙන් ද හිටපු ජනාධිපතිනිය පැවසුවාය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාන්තා පෙරමුණේ නියෝජ්‍ය සභාපතිනි, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පිළිගැනීමේ කතාව සිදුකරමින් මෙසේ පැවසුවාය.‘‘අද මෙම ස්ථානයේ ඉඩකඩ ප‍්‍රමාණවත් නොවන තරමින් මෙතනට පැමිණි අපේ කාන්තාවන් පක්‍ෂය ශක්තිමත් කරන්නට දෙන දායකත්වය ගැන මා ස්තුතිවන්ත වෙනවා. ලොව ප‍්‍රථම අගමැතිනිය බිහිකළේ අපේ පක්‍ෂයයි. එමෙන්ම වසර 17ක එක්සත් ජාතික පක්‍ෂ පාලනය අවසන් කළේ අපේ පක්‍ෂයට නායකත්වය දුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. අපේ පක්‍ෂය හැමදාම කාන්තාවන්ට තැන දුන් පක්‍ෂයක්.අද අම්මාව ආරක්‍ෂා කරන්නට යැයි කියමින් පාරට බහින අය පක්‍ෂයේ මේ කටයුතු වෙනුවෙන් කිසිම සහයක් නොදුන්නත් මේ වනවිට අපි අම්මාව ආරක්‍ෂා කරගෙන තිබෙනවා. ඒ වගේම කාන්තාවන් ගැන කතා කළොත් ඔවුන් නිවසට, කුස්සියට සීමා විය යුතු නැහැ. කාන්තාව දරුවන් හදන මැෂිමක් නෙවෙයි. තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව, දරුවන් අතර තිබිය යුතු පරතරය තීරණය කිරීමේ අයිතිය කාන්තාවට තිබෙනවා.’’තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමැතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී මෙසේ කියා සිටියාය.‘‘නොයෙක් අය නොයෙක් තැන්වල විවිධ කතා කීවත් පක්‍ෂයට ආදරය කරන කාන්තාවන් තවමත් පක්‍ෂය සමඟසිටිනවා. රටේ ආර්ථිකයටත් කාන්තාව විශාල සහයෝගයක් ලබාදෙනවා. අපි මෙය කරන්න සිටියේ සුළුවෙන් වුණත් අපි බලාපොරොත්තු නොවූ තරම් ප‍්‍රමාණයක් අද මෙතනට ආවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, ශ්‍රී.ල.නි.ප. තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්, ආසන සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.     
සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති නිසයි
0
hp_train_7663
 (මහේෂ් කිර්තිරත්න)                                             මහජන මතය කොල්ල කා සභාව පිහිටුවා ඇති බවට උකුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් මන්ත්‍රී (ශ්‍රීලංපොපෙ) සමන්ත ධර්මසේන මහතා සිදුකළ ප්‍රකාශයට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර සභාව දැඩි උණූසුම් තත්වයක් අද (9) උකුවෙල ප්‍රාදේශීය සභා රැස්විමේ දී ඇති විය.උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති (එ.ජ.නි.ස) චේතිය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම උණුසුම් තත්වය ඇති විය.සභාවේ අසුන් පැනවිම පිළිබදව මන්ත්‍රිනි නාලිනි හෙට්ටිආරච්චි මහත්මිය විසින් සභාවට යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම උණුසුම්කාරි තත්වය හැට ගැණිනි.මෙහිදි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හිටපු සභාපතිවරයා ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස බල කරමින් කෑ කෝ ගැසීම නිසා සභාව නොසුන්තාවයට පත්විය.මන්ත්‍රීවරිය සඳහන් කළේ සභා රිති අනුව සභාවේ අසුන් පැනවිය යුතු බවට තමන් සහභාගී වූ පුහුණු වැඩසටහනක දී මෙම කරුණු පිළිබඳව දැනුවත් වූ බවත් ඒ පිළිබඳව සභාවේ අවධානය යොමු විය යුතු බවද පැවසීය.සභාපති චේතිය දිසානායක මහතා හිටපු සභාපතිවරයාට විරුද්ධව තමන් මෙතෙක් කිසිදු දෙයක් සිදු නොකළ බවත් සුහදව කටයුතු කරන නිසා මේ ප්‍රකාශය පිළිබඳව කණගාටුවට පත් වන බවයි.පසුව හිටපු සභාපති සමන්ත ධර්මසේන මහතා සභාව අවසාන තෙක් රැදී නොසිටියහ.
උකුවෙළ ප්‍රා.සභාව උණුසුම් වෙයි
1
hp_train_7664
ශ්‍රී ලංකාවේ මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත්වල බොහෝ ස්ථානවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ද ඇති විය හැකියි. නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් බලාපොරොත්තු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වන බවත් බොහෝ මුහුදු ප්‍රදේශවල දහවල් 12.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
‘පළාත් කීපයකට තද වැසි‘
1
hp_train_7665
(අංජුල මහික වීරරත්න, ගල්නෑව සේනක බණ්ඩාර සහ අතුල බංඩාර නෙළුම්පත්ගම ගල්නෑවේ සිට) ”රට වටේ ගොස් බොරුවට අණ බෙර නොගැසුවාට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා සැබෑ ලෙසම කැපවී කටයුතු කරන්නේ යහපාලන ජාතික රජය යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගල්නෑවේදී පැවැසීය.”සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශ්‍රීක කිරීම සඳහාත් මෙරට බෞද්ධයන්ගේ ආරම්භක ස්ථානය වූ මහා විහාරයේ කැණීම් කටයුතු කර සියල්ල සුරක්ෂිත කරලීමත් මේ වනවිට අරඹා තිබෙන්නේ යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ගල්නෑව කලංකුට්ටිය ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණ පුණ්‍යෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.ඉහළ කලංකුට්ටිය - කැනෝලා කන්ට‍්‍රක්ෂන් ඇන්ඞ් ඉංජිනියරින් අධිපති තිලක් පද්මසිරි බණ්ඩාර මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් චෛත්‍යය ඉදිකෙරිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.මේ විහාරස්ථානයේ කොත නිරාවරණය කිරීමේ පින්කමට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. විහාරාධිපති හිමියන් මට ආරාධනාව බාර දුන්නා. විහාරාධිපති දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේකර නාහිමියන් විහාරාධිපතිත්වය දරන මේ පන්සලට පැමිණීමට මට යුතුකමක් තිබෙන බව කල්පනා කළා.චෛත්‍යය ඉදිකිරීම, වෙහෙර විහාරස්ථාන ඉදිකිරීම ආදිය විශාල පින්කම් බව කිව යුතුයි. පිරිසකට වන්දනාමාන කරගැනීමට ඒ තුළින් අවස්ථාව ලැබෙනවා.මීට කලකට ඉහත මේ ප‍්‍රදේශයට එනවිට අද තිබෙන දියුණුව දකින්න ලැබුණේ නැහැ. තිලක් පද්මසිරි මහතාට චෛත්‍යය ඉදිකිරීම පිළිබඳව ස්තූතිවන්ත විය යුතුයි. එතුමා හොඳම ව්‍යාපාරික සම්මාන ගත් දක්ෂ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටිනවා. ඉදිකිරීම් ව්‍යාපාර කරනවා.විහාරාධිකාරි හිමියන් ප‍්‍රදේශයේ ජනතාවට අධ්‍යාපන පහසුකම් දෙමින් අගනා සේවයක් කරනවා. ගල්නෑව වැනි ප‍්‍රදේශවල අවශ්‍යතා හඳුනාගෙන අවශ්‍ය උපකාර කිරීම අපේ අරමුණයි.මේ ප‍්‍රදේශ වර්තමානයේදී විශාල නියඟයකට ලක්වී තිබෙනවා. මේ පළාතට පමණක් නොව මුළු රටටම නියඟය බලපා තිබෙනවා. අපේ වී නිෂ්පාදනයෙන් 50%ක් අඩු වෙනවා යනු ප‍්‍රදේශයේ ජනතාවගේ ආදායමෙන් 50%ක් අඩුවීමයි. වී මෝල් ගණනාවක් වැඩ නැතිව වසා දමන්න වෙනවා.එහි හානිය ගල්නෑවට පමණක් සීමා වන්නේ නැහැ. අනුරාධපුරයට සීමාවන්නේ නැහැ. එය සමස්ත රටේම ආර්ථිකයට බලපානවා. කෙසේ හෝ ආර්ථික සංවර්ධනය ආරක්ෂා කර ඉදිරියට ගෙන යනවා.ගමේ ආර්ථිකය නැංවීමට ආධාර උපකාර කරන්නේ කෙසේදැයි මා සාකච්ඡුා කළා. දුමින්ද දිසානායක ඇමැතිතුමන් සමගත් ඒ ගැන කතා කළා. ජනාධිපති සහ මුදල් ඇමැති සමගත් මා ඒ ගැන සාකච්ඡ කළා. නොයෙක් ක‍්‍රමවලින් අවශ්‍ය මුදල් මා දෙන්නම්.අපේ ගැමි ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. තේ සහ රබර් වගා කරන ප‍්‍රදේශවල කුඩා වතු හිමියන්ටත් නොයෙක් යෝජනා ක‍්‍රම මගින් ආධාර උපකාර කරන්නත් මා සැලසුම් කර තිබෙනවා. ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් ඇමැතිතුමා සමගත් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළා.කාන්තාවන් ග‍්‍රාමීය ආර්ථිකය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. ස්වශක්ති ක‍්‍රමවේදය හරහා වැඩිපුරම ණය ගෙන තිබෙන්නේ කාන්තාවන් බව කිව යුතුයි. ඒ නිසා කාන්තාවන්ට උදව් උපකාර කිරීමට වනිතා කටයුතු ඇමැතිනිය මගින් වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා.මේ ප‍්‍රදේශය තවත් දියුණු කළ යුතු බව නායක හිමියන් පැවසුවා. අප ඒ දේ කරනවා. දැන් මල්වතු ඔය ව්‍යාපාරය ආරම්භ කරනවා. මල්වතු ඔය යනු අප රටේ ඉතිහාසයේ ආරම්භයයි. සිංහල ජාතියේ නිජබිම මල්වතු ඔයයි. ඊට පෙර විවිධ වර්ගයේ කණ්ඩායම් ලංකාවේ ජීවත් වුණා. ආදී වාසීන් විවිධ ගෝත‍්‍ර විජය කුමරු මෙහි එනවිට සිටියා.සිංහල ජාතිය බිහි වුණේ වී වගාව අරඹමිනුයි. මල්වතු ඔය නිම්නයේ සාර්ථක ලෙස වී වගාව කෙරුණා. අනුරාධගම යනුවෙන් ගම්මානය මුලින්ම ඇති කළා.අනුරාධගම පසුව පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර ලෙස මෙරට අගනුවර බවට පත් කළා. ඊට පසුව වසභ රජතුමාගේ සමයේ සිට වැව් ඉදි කරමින් විශාල දියුණුවක් මේ ප‍්‍රදේශයට පැමිණියා.මල්වතු ඔය වනාන්තරය ඉතා වැදගත් වැඩසටහනක් බව කිව යුතුයි. අධිරාජ්‍ය යුගයේ කලා වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වුණා. මහවැලි වනාන්තර මගින් රටටම විශාල දියුණුවක් ඇති වුණා. නමුත් මල්වතු ඔය ව්‍යාපාරය කරගන්න බැරි වුණා.දැන් මල්වතු ඔයට අවශ්‍ය මුදල් සියල්ල තිබෙනවා. වසර තුනක් ඇතුළත එහි කටයුතු අවසන් කිරීම අපේ අරමුණයි.මා මන්නාරමට ගිය විට එහි ජනතාවත් මල්වතු ඔය ව්‍යාපාරය ගැන කතා කළා. මේ ප‍්‍රදේශයටත්, මන්නාරමටත් මෙතුළින් විශාල සෙතක් ලැබෙනවා. සිංහල ජාතිය බිහිවුණේ මෙතැනයි.සිංහල ජාතිය බිහිවීමෙන් පසුව බෞද්ධයන් ලෙස අභිෂේක ලැබුවේ මහා විහාරයේදීයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමත් සමග උන්වහන්සේ වෙනුවෙන් දේවානම්පියතිස්ස රජතුමා මහා විහාරය ආරම්භ කළා. ථෙරවාදී බුදු දහම ආරක්ෂා වුණේ මහා විහාරයෙන් බව කිව යුතුයි.මහා විහාරයේ පුරාවිද්‍යා කටයුතු සාර්ථක අයුරින් කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. දැන් අප මහා විහාරයේ කැණීම් කටයුතු කරනවා. වර්තමානයේ එහි තිබෙන ගොඩනැගිලි වෙනත් ස්ථානයක ස්ථාපිත කර කැණීම් කටයුතු කරනවා. කැණීම් කටයුතු කළ පසුව බෞද්ධයන්ගේ මූලාරම්භ ස්ථානය වී මහා විහාරය පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කිරීමට හැකියි. අනෙක් අංශයෙන් සිංහල ජනතාවගේ නිජබිම වන මල්වතු ඔය සංවර්ධන කටයුතු කරනවා.සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශී‍්‍රක කිරීම සඳහාත්, බෞද්ධයන්ගේ ආරම්භක ස්ථානය වූ මහා විහාරයේ කැණීම් කටයුතු කර ආරක්ෂා කිරීමටත් මා ක‍්‍රියා කරනවා.මේ වැඩකටයුතු ගැන ඇතැමුන් කතා කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම මේ වැඩ කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් බව සඳහන් කළ යුතුයි. අප රට වටේ ගිහින් මේ ගැන අණ බෙර ගහන්නේ නැහැ. නමුත් වැඩ කරගෙන යනවා. අප ලංකාවේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමෙන් පමණක් නතර වන්නේ නැහැ.ලූම්බිණිය සහ කපිලවස්තුපුර කැණීම් කටයුතු මේ වනවිට කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේත් ඒ වැඩ කරන මහාචාර්ය රොබින් කනින්හැම් මැතිතුමා විසින් ලූම්බිණියේ මායාවතී විහාරස්ථානය හඳුනාගෙන තිබෙනවා. එහි කැණීම් කටයුතු සඳහා නේපාල රජයට ජපානයත් ආධාර කරනවා.ශ්‍රී ලංකාවෙනුත් ඔවුන් සහාය ඉල්ලා තිබෙනවා. ඒ නිසා ජනපති සහ මා සාකච්ඡුා කර කැණීම් කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය දීමට තීරණය කළා.කැණීම් කටයුතු සඳහා පළමු අදියර වශයෙන් 2018-2019 වසර වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් ශ්‍රී ලංකාව දෙනවා. ලූම්බිණියේ සහ කපිලවස්තුපුර වැඩ කටයුතු විය යුත්තේ කෙසේදැයි ඒ අය තීරණය කරාවි. කපිලවස්තු පුරයට යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීම ගැනීමට දැන් ක‍්‍රියා කරගෙන යනවා.මෙවැනි වැඩ කටයුත්තක් කළේ පළමු වතාවටයි. මීට පෙර මේ අයුරින් ඩොලර් මිලියනයක මුදලක් දීමට ශක්තිය තිබුණාද? මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ශක්තිය ලැබුණේ රටට වූ විශාල අලාභ නතර කරගත් නිසයි.හම්බන්තොට වරාය වෙනුවෙන් රුපියල් බිලියන 46ක මුදලක් වියදම් කළා. අප ඒ වියදම නතර කළා. අපට දැන් වරාය වෙනුවෙන් ඩොලර් මිලියන 1100ක මුදලක් ලැබෙනවා. දැන් අප බුදුන් වහන්සේගේ නිජබිම වෙනුවෙන් වියදම් කරන්නේ ඒ ඩොලර් මිලියන 1100ක මුදලින් ඩොලර් මිලියනයක් පමණයි.ඒ මුදල වෙන් කිරීමට හැකි වූයේ රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත් නිසයි. දැන් මේ ව්‍යාපෘති වෙනුවෙන් ජනතාව නිකරුණේ බදු ගෙවිය යුතු නැහැ. එලෙස ලැබුණු මුදලින් කොටසක් ලූම්බිනිය සහ කපිලවස්තු පුරයට පූජා කළා. මින් ඉදිරියට රටේ සංවර්ධනය ඇති වූ විට අපට තවත් මුදල් වෙන් කිරීමට හැකි වේවි.අද ඒ සිද්ධස්ථානවලට ඔබ වන්දනාවේ යනවා. එහි සංරක්ෂණ කටයුතු සඳහා අපත් දායක වුණා යැයි ආඩම්බර වීමට ඔබටද හැකියාව තිබෙනවා.සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යා යුතුයි. අලූත් කෘෂි භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අනාගතයේ ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිතව දියුණු වූ පසු එහි වාසියද මේ ප‍්‍රදේශවලට ලැබෙනවා යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණි සාම ග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියෝ  වර්තමානයේදී හරිහම්බ කරගත් ධනය ආගමික කටයුතු සඳහා යොදවන පින්වතුන් විශාල වශයෙන් සිටිනවා. ඒ ගැන අප පින් අනුමෝදන් කරනවා. මේ විහාරස්ථානය ලබා ඇති දියුණුව ගැන අප ඉතාමත් සතුටට පත් වෙනවා.විහාරාධිපති කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණ ප‍්‍රධාන සංඝනායක දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමියෝ මෙසේ පැවැසූහ.විහාරස්ථානය සඳහා අවශ්‍ය මූලික අංග තුනක් තිබෙනවා. ඒ සියලූ අංගවලින් දැන් මේ විහාරස්ථානයත් සම්පූර්ණ වෙමින් තිබෙනවා. අගමැතිතුමාගේ පැමිණීම අපේ කටයුතු සඳහා ධෛර්යයක් සැපයූ බව කිව යුතුයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා: අපේ ගම් පළාතේ චෛත්‍යයක් විවෘත වනු දැකීම අපට අභිමානයක් වෙනවා. අද මේ ගමේ සැමට එක සිතින් සතුටු විය හැකියි. කිසිදු බේදයකින් තොරව ජනතාව විහාරස්ථානය වටා ඒකරාශී වී සිටිනවා. විය යුත්තේ එයයි.අගමැතිතුමා මෙහි පැමිණ පිංකම වෙනුවෙන් රාජ්‍ය අනුග‍්‍රහය දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙහෙර විහාරස්ථාන ගොඩනැංවීම වෙනුවෙන් එක සිතින් අත්වැල් බැඳ සිටින බව කිව යුතුයි.විහාරාධිකාරි මහියංගණයේ පඤ්ඤානන්ද හිමියෝ පිළිගැනීමේ කතාව කළහ.පුණ්‍යෙත්සවය සඳහා මහා සංඝරත්නය ද ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන්, කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි
1
hp_train_7666
ශ්‍රී ලංකාවට  දකුණු දිග මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 60-70 පමණ තද සුළං බලාපොරොන්තුව  වන බවත් රට අභ්‍යන්තරය හරහා තරමක් තද සුළං ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   
‘පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_7667
(ප්‍රසන්න පත්මසිරි)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබෙන බදුල්ල මහ නගර සභාවේ 2020 අයවැය ලේඛනය වැඩි ඡන්ද එකකින් අද (16) පරාජයට පත්විය.මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද  2020 අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු පැවති ඡන්දයේදී විපක්ෂව ඡන්ද 13 ක් හා පක්ෂව ඡන්ද 12ක් ප්‍රකාශ කළහ.ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හත්දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දසදෙනා  සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ.බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රිවරුන් 25 දෙනෙකු නියෝජනය කරන අතර අයවැයට සියලුම දෙනා පැමිණ සිටියහ.ජන්ද විමසිමෙන් අනතුරුව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා කියා සිටියේ පසු දිනක තවත් වරක් ඡන්දයක් පවත්වන බවයි. 
බදුල්ල මහ නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් පරාදයි
1
hp_train_7668
(ඩයනා උදයංගනී) උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අද (4) වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
උතුරුමැදට, නැගෙනහිරට පොඩි වැස්සක්
1
hp_train_7669
බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249555සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34268065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක්.මහනුවර30209570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20129575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය36259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32269075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘ප්‍රදේශ රැසකට තද වැසි‘
0
hp_train_7670
(කුෂාන් ජයවර්ධන)තිරප්පනේ නාච්චාදූව ප්‍රදේශයේ දී වන සංරක්ෂණ දෙපාරතමේන්තුවේ නිලධාරීන් පිරිසකට අද (24) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.පහරකෑමට ලක් වූ වන නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.මෙලෙස මැර ප්‍රහාරයට ලක්ව ඇත්තේ කැකිරාව අඩවි වන කාර්යාලයට අනියුක්තව සේවය කළ බීට්ටු වන නිලධාරියක් සහ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකි.තිරප්පනේ නාච්චාදූව ප්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාරතමේන්තුවට අයත් රක්ෂිතයක් අනවසරයෙන් එළිපෙහළි කරන බවට ලද තොරතුරක් අනුව වන සංරක්ෂණ නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් තිබේ.එහිදී රක්ෂිතය එළිපෙහළි කරමින් සිටි සැකකරුවෙක් සමඟ ට්‍රැක්ටර් රථයක් වන සංරක්ෂණ දෙපාරතමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු සහ ට්‍රැක්ටර් රථය එම ස්ථානයෙන් රැගෙන යාමට කටයුතු කළ අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට කඩාවැදී  වැටලීම සිදුකළ වන නිලධාරීන්ට පහර දී අත්අඩංගුවේ සිටි සැකකරු සහ ට්‍රැක්ටර් රථය ද රැගෙන පලා ගොස් තිබේ.සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිසිය කීය.සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිරප්පනය පොලිසිය විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 
අඩවි වන නිලධාරීන් පිරිසකට මැර ප්‍රහාරයක්
1
hp_train_7671
ජූනි මාසය අවසාන වනවිට සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.  ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව තුළින් සහ ඒකාබද්ධ ණය පහසුකම තුළින් ලද මුදල් හේතුවෙන් 2017 වසරේ ජූනි  අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පෙන්වා දෙයි. දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.1කට ප්‍රමාණවත් වූ අතර, මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.3කට ප්‍රමාණවත් වන පරිදි ඩොලර් බිලියන 9.1ක් වූ බව ද මහ බැංකුව පෙන්වාදෙයි.  ශ්‍රී ලංකා රුපියල් පසුගිය වසර අවසානයේ සිට මේ වසරේ අගෝස්තු මස 24 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.0 කින් මධ්‍යස්ථ ලෙස අවප්‍රමාණය වී තිබේ.  අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල, අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක වන යුරෝවලට සාපේක්ෂව සියයට 12.5කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 5.9කින් ද, ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 8.1කින් ද කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.8කින් ද ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 10.2කින් ද සහ ඉන්දියානු රුපියලයට සාපේක්ෂව සියයට 7.6කින් අවප්‍රමාණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි. 
ජුනි අවසානයේ සංචිතය බිලියන 7 ක්
1
hp_train_7672
(කටුනායක ටී.කේ.ජී.කපිල)විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.මොහු ගාල්ල, ඉමදුව  ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.ඔහු අද (03) අලුයම 5.40 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ මෙම ඩුබායි හි නිෂ්පාදිත රුපියල් 6,50,000 ක් වටිනා දුම්වැටි 13,000 ක් අසුරා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරිවරුන් වන එච්.ඊ.ඩී. පෙරේරා, ජී.එස්.චන්ද්‍රසිරි, සහකාර රේගු අධිකාරිවරුන් වන උමංග ද සිල්වා, ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්. සමීර, එස්. එච්.එල්. රණසිංහ සහ පී.ඩී.එන්. ගමගේ යන මහත්වරු මෙහෙයවූහ.මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ සමන් රණවන මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ රජිකා ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන පීටර් ගුණවර්ධන සහ තිලක් සුරවීර යන මහත්වරු සිදුකළහ.මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ඒ.ටී.බී. සුරවීර මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මෙම ගුවන් මගියාට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.
නීතිවිරෝධී දුමිවැටි ගෙන්වූ මගියෙකු අත්අඩංගුවට
1
hp_train_7673
සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චිබලන්ගොඩ  රජවක රක්ෂිතයේ  පියන්ගිරිය   කොටසේ  ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ  අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයෙකුට  රුපියල්  45000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (06) දා නියෝග කලේය.රජවක ප්‍රදේශයේ පදිංචි  චිමින්ද පතිරන නැමැත්තෙකුට මෙලෙස දඩ නියම විය. අයුතු ලෙස රක්ෂිතයට ඇතුළු වි  පතල් කපා රක්ෂිතයට හානි සිදු  කිරීමෙි  චෝදනාවට  ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු විය. බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මොහු  අත්අඩංගුවට ගෙන නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළහ. 
ඇඳිරි නීතිය අස්සේ රජවක රක්ෂිතයේ මැණික් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට
0
hp_train_7674
රටපුරාම ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිය ද  සබරගමුවට කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන කීපයකටත් සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.
‘රට පුරාම වැසි රහිත කාලගුණයක්‘
0
hp_train_7675
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,090 දෙනකු අද(21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,884 කි.මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,85,687 ක් දක්වා ඉහළ ගොස් ඇත. 
අද දින ආසාදිතයන් 3844ක්
1
hp_train_7676
(මොහොමඩ්  ආසික්)මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද (09)  පෙරවරුව  දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින්  161  ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා  කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්  2479  දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.අද 09 පෙරවරුව දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  1637ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 625ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  217ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන  අද වනවිට මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයෙන්  වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 346ක් වෙයි.නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම  ආසාදිතයින්  ප්‍රමාණය වාර්තා වී ඇත්තේ  අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණ 264  ක් වෙයි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ   උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එය 56 ක් වෙයි.අද (09) පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින්  161  දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් 140 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද, ආසාදිතයින් 06 දෙනෙකු   නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, 15 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.මේ අතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් මරණ 14 ක්  සහ  මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 02ක්ද ඇතුළුව මධ්‍යම පළාතෙන් කෝවිඩ් මරණ 16ක් වාර්තා වී ඇති බවද සෙඛ්‍ය අංශ කියයි.මේ අතර මධ්‍යම පළාත තුල ස්ථාපිත කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානවල කොව්ඩ 19 වයිරසය ආසාදිතයින් 871 දෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිටින බවද මධ්‍යම පළාත්  සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි
මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන් 862 ක්
0
hp_train_7677
 (ජේ.කේ.එල්.චාමින්ද)අක්මීමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී  දර්ශන නීල්කුමාර මහතා අද (21) පැවති අක්මීමන ප්‍රාදේශීය සභා මාසික රැස්වීමට කඩුවක් රැගෙන පැමිණියේය.මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ කඩුව පෙන්වමින් තණ කොළ කපන්න  කඩු අවශ්‍ය බව ඇමතිවරයකුට කියා ඇති බව පැවසීය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු  කිහිපදෙනෙකු කළු පැහැති කමිසවලින් සැරසී  සභාවට පැමිණ සිටි අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු  අගමැති හා ජනපති යනුවෙන් සදහන් පුවරු දෙකක් පොල්පිති දෙකක එල්ලාගෙන  සභාවට  රැගෙන එනු ලැබීය.එමෙන්ම මංගල සමරවීර ඇමතිවරයා විසින් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට කළ ප්‍රකාශයද හෙළා දකිමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අදහස් දැක්වූහ.අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අක්මීමන මන්ත්‍රීවරයෙක් කඩුවක් ගෙන සභාවට යයි
1
hp_train_7678
(දියතලාව - ඩී.කේ.රත්න)රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 6ක් තබාගෙන සිටි පුද්ගලයෙකු අද (8) තණමල්විල සූරියආර කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.තණමල්විල සූරියආර කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකු මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගෙන ඇත.හම්බෙගමුව පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හම්බෙගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.කේ.බී.සිලෝගම මහතාගේ උපදෙස් පරිදි හම්බෙගමුව පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
ගංජා පාර්සල් කරමින් සිටි 4ක් අත්අඩංගුවට
0
hp_train_7679
(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)‘කුරහන් තලප ගිල්ලට, සාටකය දැම්මට, රටේ ප‍්‍රධාන පෙළේ පාසලකින් ඉගෙන ගත්තට, ටයි කෝට් දැම්මට, පපුවට ගහ ගත්තට, පොළොව ඉම්බට කාට හරි රටක නායකයෙක් වෙන්නත් බැහැ, වෙන්නෙත් නැහැ. රටක් හිඟන රටක් බවට පත් කළ අය නායකයන් නොවෙයි. රටක් ආර්ථික වශයෙන් ගොඩනගන කෙනකුට පමණයි රටක නායකයෙක් වෙන්න පුළුවන් වන්නේ යැයි’ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සෙනසුරාදා (09)  වැනිදා මහරගම දී පැවසීය.දිසානායක මහතා මෙසේ පැවසූයේ දිරිය පුරවැසි කොළඹ දිස්ත‍්‍රික් සමුළුව අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද කීය:අද අපේ රටේ එදිනෙදා සිල්ලර දේවල් තමයි සාකච්ඡාවට ගැනෙමින් තිබෙන්නේ. ඒවායින් මිනිසුන් මුහුණ දෙන සැබෑ ප‍්‍රශ්න යටවෙලා. ඒවා ගැඹුරින් සාකච්ඡාවට ලක්වන්නේ නැහැ. මාධ්‍යවලිනුත් මේ සිල්ලර කෑලිවලට වැඩි ඉඩක් ලබාදෙනවා. කාලයක් රවි කරුණානායක හිටපු ඇමැතිවරයා මාධ්‍යවල ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය බවට පත්වුණා. ඊට පස්සේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ආවා. දැන් ලලිත් වීරතුංග මහතා. නමුත් සමාජය මුහුණ දී සිටින ඇත්ත ගැටලූ මේවා නොවෙයි. රවි ගියාය, මංගල ආවාය, කියලා මුදල් අමාත්‍යාංශයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ආදායම් බදු පනත ඒ විදිහටම එනවා. විජයදාස ගියා, තලතා ආවා කියලා අධිකරණ අමාත්‍යංශයේ කිසිම වෙනසක් සිදුවෙනවාද? නැහැ ඒ දේවල් ටිකම තමයි සිදුවන්නේ.එදිනෙදා වේල ගත කරන ප‍්‍රශ්න වෙනුවට ජනතාව මුහුණ දෙන සැබෑ ප‍්‍රශ්න සාකච්ඡාවට ගත යුතුව තිබෙනවා. මාධ්‍ය වගේම පුරුවසියාත් මේ ගැඹුරු සංවාදයට සූදානම් නැහැ. ඒ නිසා එවැනි සංවාදයක් හදා ගැනීම අභියෝගයක්. අපි සූදානම් වන්නේ මේ ගැඹුරු සංවාදයට පුරවැසියා සූදානම් කිරීමටයි. එයින් තොරව මේ රටට අනාගතයක් හදන්න වෙන්නේ නැහැ. ඕනෑම රටක ස්ථාවරත්වය රඳා පවතින්නේ ඒ රට ආර්ථික වශයෙන් කොතරම් ශක්තිමත් ද යන්න මතයි. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් සමාජීය අපරාධ අඩුයි. රෝහල්වල බෙහෙත් තිබෙනවා. මිනිසුන්ට කන්න බොන්න තිබෙනවා. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. පාසල්වල පහසුකම් තිබෙනවා. තරුණ තරුණියන්ට රැකියා අවස්ථා තිබෙනවා. ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්. නීතිගරුක සමාජයක් විනය ගරුක සමාජයක් ඇති වෙනවා. සෑම ජන කොටසකටම හොඳ ජිවන තත්වයක් ඇති වෙනවා.අපේ රටේ සමාජීය අපරාධ වැඩියි කියන්නේ, පාසල්වල පහසුකම් අඩුයි, අධ්‍යාපනය නිසි පරිදි ලැබෙන්නේ නැහැ, රෝහල්වල බෙහෙත් නැහැ, ඉගෙන ගත්තාට රැකියා අවස්ථා නැහැ, ව්‍යාපාර පවත්වාගෙන යෑම අසීරුයි නම් එයින් කියැවෙන්නේ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් නැති බවයි.මේ තත්වය ඇති වෙන්න බලපා ඇති සැබෑ හේතුව ගැන සාකච්ඡා නොකර අපේ රටේ ජනාධිපතිගේ අගමැතිගේ සිට ආණ්ඩුපාක්ෂික ගමේ සාමාන්‍ය වැසියා දක්වා සෑම කෙනාම කියන්නේ රට දැවැන්ත ණය උගුලක හිරවෙලා කියලයි. රාජපක්ෂ පාලනය අපට භාර දුන්නේ මීතොටමුල්ල කුණු කන්දට වඩා විශාල ණය කන්දක් කියලා මේ හැමෝම කියනවා. රවි කරුණානායක මහතා මුදල් ඇමැති විදිහට හිටපු කාලේ ගහපු පොතක් තිබෙනවා අපේ ආර්ථිකය ගැන. ස්තුතිවන්න වෙනවා මෙවැනි පොතක් කරපු එක ගැන.දැන් මේ පොතේ තිබෙනවා අපේ ණය වැඩි වුණ විදිහ. 1985 දී අපේ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 130යි. 2016 වෙනකොට බිලියන 10,500යි. දැන් අපේ රටේ පාලකයන් සමත් වෙන්න  ඕන මේ ණය අරන් මොනවද කළේ කියලා පෙන්වන්න. අපි බැංකුවකින් නිවාස ණයක් ගත්තා නම් ඒ ණය වියදම් කළ විදිහ බැංකුවට පෙන්වන්න  ඕන. ඒක පෙන්වන්න අපේ පුරවැසියන්ට පුලූවන්. ඉතිහාසයේ අපේ රට පාලනය කළ දැනට ජීවතුන් අතර සිටින පාලකයන්ට පෙන්වන්න පුලූවන්ද අපි රටක් හැටියට ගත් කෝටි දසලක්ෂ පනස් දාහට නැත්නම් බිලියන දහදාස් පන්සීයට මොකද වුණෙ කියලා. දකුණු අධිවේගී මාර්ගය කෝටි අටදාහයි. කටුනායක අධිවේගී මාර්ගය කෝටි හත්දාහයි. නොරොච්චෝලේ කෝටි හත්දාස් පන්සීයයි. මත්තල ගුවන්තොටුපොළ කෝටි තුන්දාස් පන්සීයයි. හම්බන්තොට වරාය කෝටි දාහතර දාහයි. ඔක්කොම කෝටි හතළිස් දාහයි. කෝ ඉතිරි මුදල? කෝ ණය?ඒ ණයවලින් තමයි සජින් වාස්ගේ සිංගප්පූරු ගිණුමට මුදල් ආවේ. ඔහුට හෙළිකොප්ටර ලැබුණේ. ගුවන් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන්න හැකි වුණේ. ඒ ණය වලින් තමයි බැසිල් රාජපක්ෂලා එංගලන්තයේ ඇමෙරිකාවේ ගෙවල් ගත්තේ. මල්වානේ ඉඩම් අරන් මාලිගාවක් හැදුවේ. මහින්දානන්ද අලූත්ගමගේලා එංගලන්තයෙන් ගෙවල් ගත්තේ. රවි කරුණානායකලා ලක්ෂ එකසිය අසූපහකට ගෙවල් ගන්නේ. යෝෂිතලා සී.එස්.එන්. නාලිකා පවත්වාගෙන ගියේ. ඒක එහෙම නෙවෙයි කියනවා නම් ණයවලට කරපු දේ පෙන්වන්න.2009 ආණ්ඩුවේ මුළු ආදායම බිලියන හත්සීයයි. ගහන්න තියෙන සියලූ බදු ගහලා තමයි මේක ගත්තේ.  2009දී ණය පොලී වාරිකය බිලියන 820යි. ආදායම බිලියන 700යි. 2010දී ණය පොලී වාරිකය බිලියන 820යි. ආදායම බිලියන 817යි. 2013දී ණය පොලී වාරිකය 1144යි. ආදායම බිලියන 1137යි. අපේ රටේ රාජ්‍ය සේවකයින්ට සහ විශ‍්‍රාම වැටුප් සඳහා පමණක් මිලියන 620ක්  ඕනෑ.තමන්ගේ ආදායම ණය ගෙවාගන්න බැරි තැනට ආවොත් සාමාන්‍ය නිවසකට කියන්නේ හිඟන ගෙයක් කියලා. ඒ වගේ අපේ රට අද හිඟන රටක් බවට පත්වෙලා. අපේ රට දැන් ණය ගෙවාගන්න බැරි පොලූකාරයෙක් බවට පත්වෙලා. ඒ නිසා දැන් රටේ සම්පත් ටික විකුණනවා. හම්බන්තොට විකුණුවා වගේ තව නොබෝ දිනකින් මේ ආණ්ඩුව මත්තලත් විකුණනවා. රාජපක්‍ෂ කාලෙ කළෙත්  ඕක. චීනෙට එකයි, ඉන්දියාවට එකයි විදිහට ව්‍යාපෘති දුන්නා. අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වුණාම ස්වාධීනත්වය අහිමිවෙලා යනවා.2015 රු. 130ට තිබුණු ඩොලරය අද 155වෙලා. රුපියල කඩා වැටුණා. රුපියල කඩා වැටීම නිසා පමණක් 2015-2016 ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 471කින් වැඩිවුණා. රුපියල කඩා වැටුණේ ඇයි? අපේ රටේ අපනයන ආදායම හා ආනයන වියදම අතර පරතරය වැඩිවීම හා අපනයනය දිගින් දිගටම කඩාවැටීම එයට හේතුවයි.කුරහන් තලප ගිල්ලට වක්කඩෙන් අත හේදුවට, සාටකය දැම්මට කවුරු හරි රටක නායකයෙක් වෙන්නේ නැහැ. ප‍්‍රධාන පාසලකින් ඉගෙන ගත්තට, ටයි කෝට් දැම්මට, කාට හරි රටක නායකයෙක් වෙන්න බැහැ. අපේ රට හිඟන රටක් බවට පත්කරපු මේ අය නායකයොද? පපුවට ගහ ගත්තට පොළොව ඉම්බට නායකයෙක් වෙන්නේ නැහැ. රටක් ආර්ථික වශයෙන් ගොඩනගනවා නම් තමයි රටක නායකයෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අද අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටිලා. දැන් ආණ්ඩු මාරු කිරීමෙන් හරි නායකයන් මාරු කිරීමෙන් හරි මේ රට හදන්න පුළුවන්කමක් නැහැ.අද අධ්‍යාපනය මුහුණදී තිබෙන ඛේදවාචකය මොකක්ද? මීට පෙර සල්ලි තියෙනවාද නැද්ද කියන කාරණය සලකන්නේ නැතිව තමන්ගේ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න  ඕනෑ කියලා වුවමනාවක් මවුපියන්ගේ ලේවලටත් කාවැදී තිබුණා. දොස්තර තමන්ගේ පුතා දොස්තර කෙනෙක් කරන්න උගන්වනකොට තී‍්‍රවීල් රථ රියැදුරා තමන්ගේ පුතා දොස්තර කෙනෙක් කරන්න අධ්‍යාපනය ලබාදෙන්න උත්සාහ කළා. නමුත් අද මොකද වෙලා තිබෙන්නේ. අද දරුවකුගේ අධ්‍යාපනය තීරණය වෙන්නේ මුදල මතයි. ගොවියකුගේ ධීවරයෙකුගේ, රාජ්‍ය සේවකයකුගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන තියෙන බලාපොරොත්තු ඉටු වෙනවද? මවුපියන් දරුවන් අරගෙන ටියුෂන් එකෙන් පාසලට, පාසලෙන් ටියුෂන් එකට යනවා. අද අපේ දරුවන්ට නාට්‍යයක් බලන්න, පොතක් කියවන්න, මළ ගෙදරක යන්න වෙලාවක් නැහැ. දරුවන්ගේ සංස්කෘතියට මොකද වෙලා තිබෙන්නේ.රවී කරුණානායක හදපු වාර්තාවට අනුව කියනවා, මේ කලාපයේ අඩුවෙන්ම අධ්‍යාපනයට වියදම් කරන රට ලංකාව කියලා. වියට්නාමය, රටේ ආදායමින් 6.3%ක් මැලේසියාව 6.2%ක්, මාලදිවයින 5.2%ක්, ඉන්දියාව 3.8%ක්, පිිලිපීනය 3.4%ක්, සිංගප්පූරුව 2.9%ක්, බංගලාදේශය 2.1%ක් අධ්‍යාපනයට වෙන් කරද්දී ශී‍්‍ර ලංකාව වෙන් කරන්නේ 1.2%ක් පමණයි. අපේ රටේ පාලකයන් හොඳද? අපේ රටේ අධ්‍යාපනය මේ වගේ තැනකට පත්කරපු එකම මදිද මේ පාලකයන් ගෙදර යවන්න.අපි හැමෝම එකතුවෙලා ආණ්ඩුවක් හදමු. සහතික කර කියනවා, අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් කරන්න අපිට පුළුවන් කියලා.2016 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව අපේ රටේ ගෙවල් කොල්ලකෑම් 653ක් සිදුවෙලා තිබෙනවා. රුපියල් 25,000ට වඩා කොල්ලකෑම් 3822ක සිදුවෙලා තිබෙනවා. දැරියන් 337ක් දුෂණයට ලක්වෙලා තිබෙනවා. 2016 මුල් මාස 6 තුළ වාහන අනතුරුවලින් 2934ක් මියගිහින් තිබෙනවා. දිනකට 16 දෙනෙක් වාහන අනතුරුවලින් මියගොස් තිබෙනවා. රේල් පාර මාරු වෙන්න ගිහින් 26දෙනෙක් මිය ගිහින් තිබෙනවා. විනයක් නැති රටක් බවට අපේ රටට පත්වෙලා තිබෙනවා. කුණු කඳුවලට යට වෙලා, ගං වතුරට යට වෙලා, පස් කඳු නාය ගිහිල්ලා මිනිස්සු මැරෙනවා. සෑම කෙනෙක්ම අනතුරක් සහිත මරණයක් තිබෙන පුරවැසියන් බවට පත්වෙලා තිබෙනවා. අපේ රට මහා ඛේදවාචකයකට මුහුණ දීලා තිබෙනවා.සමහරු කියනවා, අපිට දේශපාලනයෙන් වැඩක් නැහැ, ‘අපේ හිසට අප අතම සෙවණැල්ල’ කියලා. ඒක වැරදියි. අද අපි මුහුණ දීලා තියෙන මේ අර්බුදය නිර්මාණය වුණේ වැරැදි දේශපාලනය නිසා. මේ අර්බුදය විසඳීම සඳහා පිළිතුරු සොයා ගත හැක්කේ දේශපාලනයෙන්ම පමණයි.අද අපේ රටේ දේශපාලනය ලාභම ව්‍යාපාරය බවට පත්වෙලා. ඒ නිසා මේ ලාභ ලබන ව්‍යාපාරය වෙනුවට දේශපාලනය මහජන සේවයක් බවට පත්කළ යුතුව තිබෙනවා. අපි සහතිකකොට කියනවා, අපේ රටේ දේශපාලනය මහජන සේවයක් බවට පත්කරනවා කියලා.අද අපේ රට වංචාවෙන්, දුෂණයෙන් පිරිලා. ලලිත් වීරතුංග රාජ්‍ය මුදල් අවභාවිතය නිසා අද සිර දඬුවම් විඳිනවා. ඔහු යහපත් රාජ්‍ය සේවකයෙක් කියලා සමහරු කියනවා. ඒක පට්ටපල් බොරුවක්. අග‍්‍රාමාත්‍ය ලේකම් විදිහට ඔහු ඉන්න කාලේ හෙල්පින් හම්බන්තොට ගිණුම පිළිබඳ නඩු තීන්දුව දෙන දවසේ ලලිත් වීරතුංග ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ? ශිරාණි බණ්ඩාරනායක අග‍්‍රවිනිශ්චයකාර ධුරයෙන් නෙරපා දමන විට ඇයට එල්ල වූ ප‍්‍රධාන චෝදනාව වත්කම් බැරකම් හෙළි නොකිරීමයි. ඒ වෙලාවේ වත්කම් බැරකම් නොදුන් ඇමැතිවරුන්ට වත්කම් බැරකම් හදාගන්න උපදෙස් දුන්නේ කවුද කියලා අපි දන්නවා.ජනාධිපතිවරණයේදී සිල් රෙදි බෙදීම නිවන පතා කළ දෙයක් නොවෙයි. මැතිවරණය වෙලාවේදී මැතිවරණ කොමසාරිස් මෙම සිල් රෙදි බෙදීම වළක්වනු ලැබුවා. මැතිවරණයේදී අල්ලස් දෙන්න උදවු කරපු කෙනෙක් කොහොමද පිරිසුදු මහත්තයෙක් වෙන්නේ? ලක්‍ෂ 6,000ක් වියදම් කරලා සිල් රෙදි බෙදන එක විදුලි සංදේශ නියාමන කොමිසමට අයිති වැඩක් නොවෙයි. ලක්‍ෂ 6,000ක සිල් රෙදි කියන්නේ ලංකාව වටේ තුන් සැරයක් ඔතන්න තරම් රෙදි ප‍්‍රමාණයක්. ඒ විතරක් නෙවෙයි, එම රෙදි පාර්සල් ඇතුළේ මහින්ද රාජපක්‍ෂ අපේක්‍ෂකයාගේ ලිපියක් තිබුණා. ඒ නිසා ඒක ඡුන්ද අල්ලසක් බව පැහැදිලියි. ඒ නිසා අපේ රටේ භික්‍ෂූන් වහන්සේලා කිපෙන්න  ඕනෑ සිල් රෙදි බෙදන්නවත් නිදහස නැහැ කියන එකට නොවෙයි සිල් රෙද්දත් ඡුන්ද අල්ලසක් විදිහට යොදා ගත් එකටයි.සිල් රෙදි විතරක් නොවෙයි, අල්ලස් විදිහට දුන්නේ. කී‍්‍රඩා අමාත්‍යාංශය කැරම් බෝඞ් 14,000ක් බෙදුවා. බැසිල් රාජපක්‍ෂ ඡුන්ද රැුස්වීම්වල කොඩි දාන්න දිවි නැගුම අරමුදලින් ලක්‍ෂ 200ක් වෙන් කරලා කොඩි කණු බෙදුවා. අනුර පි‍්‍රයදර්ශන යාපා පෙට්‍රෝලියම් එකෙන් ලක්‍ෂ 61ක් අරගෙන වියළි ආහාර බෙදුවා. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සතොසින් ලක්‍ෂ 60 ක බඩු බෙදුවා. ජගත් පුෂ්පකුමාර වැවිලි සමාගමේ මුදල් වියදම් කරලා රෙදි බෙදුවා. සමෘද්ධිලාභීන්ට 2500 ගානේ බැසිල් රාජපක්‍ෂ බෙදලා දුන්නා. ඒ සඳහා කෝටි 300ක පමණ මුදලක් සමෘද්ධි බැංකුවලින් ගත්තා. ඒ ඡුන්දෙදි ලලිත් වීරතුංග කටයුතු කළේ ලේකම්වරයකු ලෙස නොවේ. ඔහු වැඩ කළේ දේශපාලනඥයකු ලෙසයි.          මෙම නඩුවට මැදිහත් වූ නීතිපති දෙපාර්තමේන්තුවට අපි ස්තුතිවන්ත වෙනවා. මෙම පරීක්‍ෂණය භාරව කටයුතු කළ අරුණ පේ‍්‍රමශාන්ත, රවී විද්‍යාලංකාර ඇතුළු පොලිස් නිලධාරීන්ටත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න  ඕනෑ. මෙම පරීක්‍ෂණය යනකොට අධිකරණයට බලපෑම් ආවා. ලලිත් වීරතුංගට එරෙහිව මෙම පරීක්‍ෂණ සිදුකළේ රාජ්‍ය නිලධාරීන්ම තමයි. එම කටයුත්ත අපි අගය කළ යුතුව තිබෙනවා.යහපාලනය ඇතුළේ අද රාජ්‍ය නිලධාරීන්ට මොකද වෙන්නේ? පුනරුත්ථාපන අමාත්‍යාංශය නව කාර්යාලයට ලක්‍ෂ 30ක තක්සේරුව තිබිය දී ලක්‍ෂ 50ක් ගෙවීමට ඇමැතිවරයා නියෝග කළා. ඒ කි‍්‍රයාවලියට එරෙහි වුණු නිලධාරීන් දෙන්නාම මාරුකරලා. කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් ගත් ගොඩනැගිල්ලට මාසිකව රු. මිලියන 24 ගානේ ගෙවමින් තිබුණා. මාස 8ක් ගිය පසුත් පදිංචියට ගියේ නැහැ. එම බිල්ඩිමට මුදල් ගෙවීමට චෙක්පත අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා අතිරේක ලේකම් වරියකුත් මාරුකරලා.අරුන්දික ප‍්‍රනාන්දුගේ අමාත්‍යාංශයට පාවිච්චි කළ වාහන දෙකක් ගැනීම ප‍්‍රතිකේෂප කළ (රාජ්‍ය ආයතනයකට මිලදී ගත හැක්කේ අලූත් වාහන පමණි)  ප‍්‍රධාන ගණකාධිකාරිවරියකුත් මාරු කරලා දැම්මා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහත්තයා මන්තී‍්‍රවරුන් 58කට මාස 60ක් සඳහා ලක්‍ෂ 7 ගණනේ කුලී පදනම මත වාහන ලබා ගැනීමේ කැබිනට් තීරණය අනුව ඉදිරිපත් කළ චෙක්පත අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කළා. මොකද කළේ ඔහුව මාරුකරලා දැම්ම.ඒ නිසා අද රජයේ නිලධාරීන්ට බලපෑම් එනවා. එම බලපෑම්වලට යට නොවී වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට අපි ගෞරව කළ යුතු වෙනවා. ලලිත් වීරතුංග බලපෑම්වලට යටවී වැඩ කළා නොවේ. ඔහු කැමැත්තෙන්මයි ඒ දේවල් කළේ. ඒ නිසා බලපෑම්වලට යට නොවී වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කිරීමේ වගකීම ජනතාවට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ජනතාව සමඟ එක්වී වංචාවට, දුෂණයට එරෙහිව වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කරන්න.අද අපේ රටේත් දුෂිත වළල්ලක් තිබෙනවා. දේශපාලකයෝ, 2400ක් වූ පරිපාලන ක්‍ෂේත‍්‍රයේ 100ක් පමණ සුළු පිරිසක්, වාස් ගුණවර්ධන, අනුර සේනානායක වගේ පොලිස් නිලධාරීන් සුළු පිරිසක්, හමුදාවේ කුඩා ප‍්‍රමාණයක්, ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්, මාධ්‍ය හිමිකරුවන් කිහිප දෙනෙක්, මාධ්‍යවේදීන් අතළොස්සක්, පාතාල නායකයන් සහ ඇතැම් යුක්තිය පසිඳලීමේ ආයතන කිහිපයක් මේ ¥ෂිත වළල්ලේ ඉන්නවා.මෙහිදි අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා මෙසේ පැවසීය.සියල්ල විකිණෙන ජරාජීර්ණ වූ ඔද්දල් වෙච්ච මඩගොහොරුව ඇතුළේ  මිනිස්කම සහෝදරත්වය සාමුහිකත්වය විකුණන්න බැහැ. විකුණන්න දෙන්නෙත් නැහැ කියන කාරණාව තමයි අද මේ දිරිය පුරවැසි සමිතිවලට එක්ව සිටින ඔබ රටටම දෙන පණිවුඩය.මොන ආගමකට මොන ජාතියකට අයත් වුණත් මොන කුලයකට අයත් වුණත් අපි මේ රටේ මිනිසුන්. එවැනි මිනිසුන් ලෙස මේ රට හදන්න එකතු වුණ පොදු පුරවැසියාගෙන් හැදුන ගම හදන රට හදන දේශපාලන ව්‍යාපාරයකින් මෙහෙයවන පළමු පොදු සමිතිය තමයි මේ දිරිය පුරවැසි සමිතිය.මෙහිදී දිරිය පුරවැසි කොළඹ දිස්ත‍්‍රික් සමුළුවේ සභාපති පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ද දිරිය පුරවැසි කොළඹ දිස්ත‍්‍රික් සමුළුවේ ලේකම් සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලි ගුණසිංහ මහත්මිය ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ද අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන සුනිල් වටගල, සරත් පතිරණ මහත්වරු ද එම පක්ෂයේ පළාත් සභා හා හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරු ද දිරිය පුරවැසි සමිතිවල කොළඹ දිස්ත‍්‍රික් සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් ද එක්ව සිටියහ.
රටක නායකයකු විය හැක්කේ රට ආර්ථික වශයෙන් ගොඩනගන කෙනකුට පමණයි
1
hp_train_7680
(සම්පත් ප්‍රියනන්දන)   පසුගිය දා බලන්ගොඩ දී අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයා ලබන මස 06 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (23) නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ  බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචි නිසාරිඩීන් නිස්ලාන් නැමැති 27 හැවිරිදි තරුණයෙකි.බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවසර පත්‍ර, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලැස්මක්, ජීව උණ්ඩ සහ තවත් සැකකටයුතු භාණ්ඩ සමඟ මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.මොහු බලන්ගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉකුත් මස 27 වැනිදා අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තුන් වතාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරිණි.
පාර්ලිමේන්තු අවසර පත්‍ර සමඟ අත්අඩංගුවට ගත් තරුණයා යළි රිමාන්ඩ්
1
hp_train_7681
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,720 දෙනකු අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,17,914 ක් දක්වා ඉහල ගොස් ඇත.කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1,754 දෙනකු සුවය ලබා අද (4) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,84,524 කි. 
කොවිඩ් ආසාදිතයන් තවත් 980ක්
0
hp_train_7682
( උපාලි ආනන්ද)අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක (387948) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටින සැකකාරියන් දෙදෙනො  සහ සැකකරු තවදුරටත් ලබන සැප්තැම්බර් මස 7  වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා  අද  (24) නියෝග කළේය.මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකාරිය වන අනුරාධපුර මහ නගර සභාෙවි වැටුප් විෂය නිලධාරිණිය වන ඒ  ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ නැමැත්තියට ඇප ලබා දෙන  ලෙස ඉල්ලමින් ජනාධිපති නීතිඥ කරුනරත්න හේරත් මහතා අධිකරණයට දැක්වූ කරුනු සලකා බැලූ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ඇයට ඇප ලබා දෙන්නේද? නැද්ද ? යන්න නියෝගය එදිනට ප‍්‍රකාශයට පත් කිරීමටද නියෝග කෙරිණ.තවදුරටත් රිමාන්ඞ් කලේ  ප‍්‍රධාන සැකකාරිය වන අනුරාධපුර මහ නගර සභාවේ  වැටුප් විෂය බාර නිලධාරිනිය ලෙස සේවය කල  ඒ ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ (36) ඇගේ සහෝදරයෙකු වන අනුරාධපුරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන  අසංක ප‍්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක  වන උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන තිදෙනාය ඔවුන් අනුරාධපුර තිසාවැව නිවාස 60 අංක 4 සහ අනුරාධපුර අභයගිරි පාර කුට්ටම්පොකුණ  අංක 212/2 ලිපිනයන්හී පදිංචිකරුවන්ය.මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ රහස් පොලිසිය මග හරිමින් සැගව සිටින ප‍්‍රධාන සැකකාර වැටුප් විෂය බාර නිලධාරිනියගේ සැමියා වන අනුරාධපුර  මහ නගර සභාවේ ආදායම් පාලක ඩී එම් ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ නැමැත්තාට විදේශ ගතවීම වලකාලමින්   තහනම් නියෝගයක් නිකුත්  කළ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මෙම තහනම් නියෝගය නොපමාව  ආගමන විගමන පාලකරයාට යවන ලෙසට අධිකරණයේ රෙජිස්ට‍්‍රාර් ජයන්ත මහතාට මහේස්ත‍්‍රාත්වරයා මීට පෙර නියෝග කෙරිණි. අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන මෙම මහ පරිමාණ මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් කර සිටින එම මහ නගර සභාෙවි වැටුප් විෂය බාර නිලධාරිනිය විසින් නගර සභාවට අයත් රුපියල්  විසි ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය දෙකක (2074302) මුදලක් ඇගේ සහෝදරයෙකු වන අසංක ප‍්‍රසාද් අමරසිංහ  නැමැතතාගේ  නමින් ඇති බැංකු ගිණුමකට බැර කර ඇති බව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිසිය තවත් රුපියල් දහ නව ලක්ෂ විසි පන්  දහස් තුන් සිය පහක (1925305) මුදලක් අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක වන උඩවත්තේගදෙර ලෝකානන්ද පද්මිනි යන අයගේ ගිණුමකටද වැටුප් විෂය බාර නිලධාරිනිය විසින්  බැර කර ඇති බවද අධිකරණයට සැල කළේය. රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක බස්නායක මහතා සැකකාරිය සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුනු කීවේය.මූල්‍ය වංචාවට අදාලව රිමාන්ඞ් කර සිටින වැටුප් විෂය බාර නිලධාරිනියගේ නමින් විවිධ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල පවත්වා ගෙන යන බැංකු ගිනුම් 110 ක් පරික්ෂා කිරීමට   මීට පෙර රහස් පොලිසියට අධිකරණයේ අවසරය ලබා දුන් අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර මහතා    විමර්ශණ සිදු කිරීමේදී අදාල බැංකු ගිනුම් වලට අදාල  තොරතුර   රහස් පොලිසියට ලබා දෙන ලෙසටද සියලු,  රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල කලමනාකාරිත්වයටද  තවදුරටත් නියෝග කරනු ලැබීය. දැනට රිමාන්ඞ් කර සිටින සැකකාරියන් දෙදෙනා සහ සැකකරු 1982 අංක 12 දරන පොදු දේපල විෂයලා සිදු කරනු ලබන පනතේ 5 වන වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත ප‍්‍රධාන  සැකකාරිය අනුරාධපුර මහ නගර සභාෙවි වැටුප් විෂය බාර නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටියදී   රුපියල් කෝටි 24 කට අධික මුදලක් ඇය විසින් පරිහරණය කර ඇති බවත් ඒ අතරතුර  මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බවත් රහස් පොලිසිය දැනට සිදු කර ඇති මූලික විමර්ශණවලදි අනාවරණය වී තිබේ. ප‍්‍රධාන සැකකාරිය වෙනුවෙන් නීතිඥ රෝහණ පේ‍්‍රමලාල් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කරුනාරත්න හේරත් මහතා පෙනී සිටි අතර 2 වන සැකකරු සහ  3 වන සැකකාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය අනුරාධපුර මහ නගර සභාව වෙනුවෙන් එහි නීති නිලධාරිණි ප‍්‍රියන්ති නිශ්සංක මහත්මිය පෙනී සිටියාය.   මෙම මුල්‍ය  වංචාව සිදුව ඇති බව කියනුයේ 2013 වසරේ සිට 2018 වසර දක්වාය වංචා කර ඇති මුදල රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයක් බවට රහස් පොලිසිය සිදු කල මූලික විමර්ශණවලදි දැනට  හෙළි කර ගෙන තිබුනද වංචා කර ඇති එම මුදල රුපියල් කෝටි හතකට ආසන්න බවට රහස් පොලිසියේ වානිජ අපරාධ විමර්ශණ ඒකකය  සැක පළ කරයි. රහස් පොලිසියේ වානිජ අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි. උතුරු මැද පළාත් පාලන කොමසාරිස් කේ ඒ සංජීවනී මහේෂිකා මහත්මිය සහ අනුරාධපුඅර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුනවර්ධණ මහතා රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිලිබදව විමර්ශන ඇරැඹිණි.
අ‘පුර නගර සභාවේ මුල්‍ය වංචා සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ්
0
hp_train_7683
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, “ලෙන්ගා” කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (02) පෙරවරුවේ  එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් නිසා කාන්තාවන් 13 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ. තුවාල ලබා රොහල් ගත කළ කාන්තාවන් 05 දෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත්, කාන්තාවන් 08 දෙනෙක් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රොහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලියදිපිටිය මහතා පැවසීය. තේ ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිසී තමන්ට පහර දුන් බව රොහල් ගත කර සිටින වතු කම්කරු කාන්තාවන් පැවසූහ. මෙම වතුයායේම ඉකුත් මාසයේදී තෙවරක් වතු කම්කරුවන්ට බඹර ප්‍රහාර එල්ලවීමෙන් රෝහල් ගත කර ඇති බව පවසන එම කම්කරු ප්‍රජාව, කම්කරුවන් පීඩාවට පතක් කරන, තම වතුයායේ ඇති බඹර කූඩු ඉවත් කර දෙන ලෙස වතු පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින බවත් එම කම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා පැවසූහ. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පැවසූහ.  
බඹරු ඇන 11 රෝහලේ
0
hp_train_7684
 බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් සවස 2.00න් පමණ පසු දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.       ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 03/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249560සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33268570සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259570වැසි වාර  කිහිපයක්ගාල්ල30259580වැසි වාර  කිහිපයක්යාපනය31267565සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219560සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139070සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය33239065වැසි වාර  කිහිපයක්ත්‍රීකුණාමළය32269070සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32258575සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘හෙටින් පසු වැස්ස අඩුවන හැඩ‘
0
hp_train_7685
(දියතලාව - ඩී.කේ.රත්න)මොනරාගල කිවුලේආර ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවි 2ක් සමග පුද්ගලයෙකු අද (12) අත්අඩංගුවට ගෙන ඇතැයි මොනරාගල පොලීසිය පැවසීය.මොනරාගල හුලංදාව පදිංචි වයස අවුරුදු 51ක පුද්ගලයෙකු මෙම ගිනි අවි 2ත් සමග අත්අඩංගුවට ගෙන ඇත.කිවුලේආර ප්‍රදේශයේ පුද්ගලයෙකු ගිනි අවි ළඟ තබාගෙන සිටින බවට මොනරාගල පොලීසියට ලැබුණු තොරතුරක් මත මොනරාගල පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මාරාව කිවුලේආර ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගිනිඅවි දෙකත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මොනරාගල මූලස්ධාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි මොනරාගල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට
0
hp_train_7686
මේ දිනවල රටම කතා කරන්නේ පොල් ගැනය. පොල් මැන විකිණීමට අනිවාර්ය කර තිබියදීත් තවත් තැනක පොල් ගැන අපූරු කතා ද අසන්නට ලැබේ. මේ හබරාදුව, පිලාන, කොස්දුව ප්‍රදේශයේ ඉඩම් හිමියෙකුට සිදු වූ සිදුවීමකි. ඉඩම් හිමියාගේ පොල් ගස් කිහිපයක ගෙඩි කඩා ගැනීමට පොල් කඩන්නෙකු සෙව්වත් සොයා ගැනීම අපහසු විය. මේ නිසා අල්ලපු ගමේ සිටින මිතුරකු මගින් පොල් කඩන්නෙකු ගෙන්වා ගත්තේය. පොල් කඩන්නා පැමිණ ගස මුල සිට උඩ බලා ගස් වලට නැංගේය. ඔහු එක ගසකින් පොල් වලු දෙක බැගින් කඩා දැම්මේය. මේ අතර ඉඩම් හිමියා බිම සිට උඩ බලා ඇයි අර පොල් වල්ල පැහිලා කඩන්නේ නැද්ද? කියා විමසුවේය. ‘ඒ වල්ල තවම පැහිලා නැහැ මහත්තයා’ පොල් කඩන්නා ගස උඩ සිටම කෑ ගසා කීවේය. ගස් කිහිපයක පොල්කැඩූ ඔහු කුලිය ද රැගෙන පිටව ගියේය. එහෙත් ගස් කිහිපයක පැහුණ පොල් වලු ඉතිරිව තිබෙන බව ඉඩම් හිමියාට පෙනුණි. මේ අතර පසු දින අලුයම තුනට පමණ කිසියම් ශබ්දයක් ඇසී ඉඩම් හිමියා ජනේලය හැර බැලුවේය. ඔහු දුටුවේ දහවල් කාලයේ පැමිණ පොල් කැඩු පුද්ගලයා ගස්වල ඉතිරි කර තිබූ පැසුණ පොල් කඩාගෙන යන අයුරුය. මේ බව ඔහු බිරිඳට පැවසූ විට බිරිඳ දොර පොල්ල ගෙන සැමියා අතට දුන්නත් බියට පත් වූ සැමියා ජනේලය ද වසා ඇඳේම ගුලි වුණේය. (උණවටුන ඩී.ජී. සුගතපාල)   
‘දවල් මිගෙල් රෑ දනියෙල්’ ට බියවී දොරපොල්ල අරගෙන ඇඳේ ගුලිවෙලා
0
hp_train_7687
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වල ගිගිරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාවේ පළාත් කීපයකට  සවස 2.00 න් පසුව  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. එය මිලි මීටර් 50ට වඩා වැඩි වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘
1
hp_train_7688
කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ කළමනාකාර අධ්‍යක්ෂවරු ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංගකොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු වැනි කාර්තුව තුළදී සමබර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර තිබෙන අතර ඉතාමත් වේගයෙන් රුපියල අවප්‍රමාණය වීම ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට ධනාත්මක සහ ඍණාත්මක ලෙස දැඩිව බලපා ඇතැයි එම බැංකුව කියයි.එම බැංකුව වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි.කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2022 මාර්තු 31 වනදායින් අවසන් වන මෙම කාර්තුව තුළදී රුපියල් බිලියන 54.573 ක දළ ආදායමක්, රුපියල් බිලියන 34.244 ක සමස්ත මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 28.284 ක ශුද්ධ මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව පිළිවෙළින් සියයට 33.41 කින්, සියයට 41.74 කින් සහ සියයට 66.33 කින් වර්ධනය වීමකි.පසුගිය වසරට සාපේක්ෂව ණය පොත වර්ධනය වීමට අමතරව 2022 මාර්තු මාසයේදී අනපේක්ෂිත ලෙස රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීම නිසා විදේශ මුදල් වලින් තිබෙන වත්කම් කළඹෙන් ලැබූ පොලී ආදායමේ දායකත්වයෙන් සමස්ත පොලී ආදායම් සියයට 19.41 කින් රුපියල් බිලියන 37.847 ක් දක්වා අදාළ මාස තුනක කාලය සඳහා වර්ධනය වී ඇත. මේ අතර, මෙම කාලය තුළදී පොලී වියදමද සියයට 17.30 කින් රුපියල් බිලියන 19.024 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ඒ සඳහා හේතුවී තිබෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව තැන්පතු කළඹේ ඇතිවූ වර්ධනය සහ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා විදේශ විනිමය ණය සහ තැන්පතුවල පොලී වියදම වැඩිවීම හේතුවෙනි. මෙම තත්ත්වය තුළ කොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 18.823 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 21.62 ක වර්ධනයකි.    මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 28.284 ක් දක්වා සියයට 66.33 කින් වර්ධනය වී තිබෙන අතර 2021 පළමු කාර්තුවේදී එම ආදායම වාර්තා වූයේ රුපියල් බිලියන 17.005 ක් ලෙසිනි. එසේම, මෙම කාර්තුව තුළදී මෙහෙයුම් වියදම රුපියල් බිලියන 8.721 ක් වූ අතර එය වර්ධනය වී තිබෙන්නේ සියයට 23.66 ක සාපේක්ෂකව  අඩු අනුපාතයකිනි. මේ අනුව, මෙම කාර්තුව තුළදී බැංකු සමූහය විසින් මූල්‍ය සේවා මත බදුවලට පෙර රුපියල් බිලියන 19.563 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 96.56 ක දැවැන්ත වර්ධනයක් වේ.    මේ අතර, සලකා බලන කාර්තුව තුළදී මූල්‍ය සේවා මත ගෙවූ අගය එකතු කිරීමේ බදු දෙගුණයකට වඩා වැඩිවෙමින් රුපියල් බිලියන 3.155 ක් වූ අතර එම වර්ධනයට හේතු වූයේ අගය එකතු කිරීමේ බද්දට යටත් වූ ලාභ වර්ධනය වීම සහ 2022 ජනවාරි 01 වැනිදා සිට අගය එකතු කිරීමේ බදු අනුපාතය සියයට 15 ක සිට සියයට 18 ක් දක්වා වැඩි කිරීමයි. මේ නිසා, ආදායම් බදු වලට පෙර බැංකු සමූහයේ ලාභය සලකා බලන කාර්තුවේදී සියයට 95.21 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.406 ක් වී තිබෙන අතර සමූහය බදු වලට පසුව රුපියල් බිලියන 11.775 ක ලාභයක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 73.23 ක වර්ධනයකි.      කොමර්ෂල් බැංකුව වෙනම ම ගත්විට මෙම කාර්තුව තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 16.089 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය සියයට 96.61 ක වර්ධනයක් වේ. එසේම, කොමර්ෂල් බැංකුව සලකා බලන මෙම කාර්තුව තුළදී බදු වලට පසුව රුපියල් බිලියන 11.548 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 73.44 ක වර්ධනයකි.මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ සහ බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 02 ක සංධිස්ථානය පසුකළ අතර මෙවැනි සංධිස්ථානයක් ශ්‍රී ලංකාව තුළ පසුකළ පළමු පෞද්ගලික අංශයේ බැංකුව කොමර්ෂල් බැංකුවයි. 2022 මාර්තු 31 වනදා වනවිට කොමර්ෂල් බැංකු සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.287 ක් බවට පත්වී තිබේ.-සටහන- චමින්ද මුණසිංහ
කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් වර්ධනයක්
0
hp_train_7689
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (16) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 14,720 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 19 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 15 දෙනකු සහ කාන්තාවන් 7 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොවිඩ් මරණ 23 ක්
0
hp_train_7690
( ඩී.කේ.රත්න) ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ 2019 වර්ෂයේ මංගල ප‍්‍රාදේශීය සභා අයවැය අද (30)  වැඩි ඡන්ද හයකින් පරාජයට පත් විය.ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා (එ.ජා.ප.) විසින් 2019 වර්ෂයේ අයවැය ලේඛනය ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ මාසික මහා සභාවාරයට ඉදිරිපත් කිරීමෙන් පසු විවාදයට ගැනීමෙන් අනතුරුව සිදු කළ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද හයක් සහ විපක්ෂව ඡන්ද දහතුනක් ලැබීමෙන් අයවැය ලේඛනය වැඩි ඡන්ද හයකින් පරාජයට පත්විය.ඡන්දයට පක්ෂව එ.ජා.පක්ෂයේ සභාපතිවරයා ඇතුළුව එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් හත්දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රීවරු හතර දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත‍්‍රීවරයා ඡන්දය ප‍්‍රකාශ කළහ.මෙම සභාව සදහා ලංකා කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරන මන්ත‍්‍රීවරයා මෙදින සභාවට පැමිණ සිටියේ නැත.  
බදුල්ල මහ නගර සභාවේ අයවැය දෙවැනි වරටත් පරාදයි
0
hp_train_7691
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්ක‍යෙත්  සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. ‍හෙට  (29) දහවල් 12.12 කුලමරිප්පුව, ‍තෙන්නියන්කුලම සහ  අම්බනාම යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32258560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව34267545ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31268570 වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29259085සිහින් වැසි වාර කිහිපයක්යාපනය30289070ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238575සිහින් වැසි වාර කිහිපයක්නුවරඑළිය17149585ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය30249070සිහින් වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමලය3326     8055සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම30278575වැසි ස්වල්පයක් ඇති විය හැක
‘පළාත් කීපයකට වැසි‘
0
hp_train_7692
(ප්‍රසන්න පත්මසිරි)බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රදේශය අද (17)  සවස ගිනිගැනිම නිසා අක්කර සියයක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් ඇත.බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ, බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර, බුරුත, ගම්මාලු, ඇතුලු වටිනා දැව ගස් හා අලි, කොටි, වළසුන්,වල්ඌරන්, මිමින්නන්, හාවුන්, මුවන්, ගෝනුන්, පක්ෂීන් හා උරගයින් ඇතුලු දුර්ලබ වර්ගයේ වන සතුන් විශාල වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසක වනයකි.බිබිල අඩවි වන නිළධාරී අතුල දිවාරත්න මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ වනය ගිනි ගන්නා  අවස්ථා වලදී වන අඩවි කාර්යාලයේ නිළධාරීන් එක්ව ගින්න නිවා දමන බවයි. නියං කාලයේදී සුළඟ නිසා  පැතිරී යන ගින්න නිවන්න අසීරු බවද පැවසීය.
නිල්ගල රක්ෂිතයේ ගින්නක්
0
hp_train_7693
(අංජුල මහික වීරරත්න)සම්මුතිවාදී රජයේ උපරිම වාසිය ලබා ගැනීමට නම් තව දුරක් යා යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පෙරේදා (4) පැවැසීය.ජාතික රජය යටතේ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව තම හැඟීම බව ද ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුයේ ‘‘2025 පොහොසත් රටක්’’ දැක්ම එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති උත්සවයේදීය.මෙහිදී අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසුයේ පසුගිය රජය තරුණයන්ගෙන් සොරාගත් අනාගතය නැවත ඔවුනට ලබාදීම ජාතික රජයේ අරමුණ බවයි.තරුණ පරපුර ජාතික රජයෙන් බලාපොරොත්තු වූ අනාගතය ඒ අයුරින්ම ලබාදෙන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.2025 පොහොසත් රටක් දැක්ම ප‍්‍රධාන කරුණු 13කින් සමන්විතය. රජයේ ආර්ථික දැක්ම, වර්ධනය සඳහා පවතින සීමා, තුන් අවුරුදු ආර්ථික වැඩසටහන, වර්ධනයේ නව ප‍්‍රවේශය, සර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම, වර්ධන රාමුව ශක්තිමත් කිරීම, ඉඩම් ශ‍්‍රම හා ප‍්‍රාග්ධන වෙළෙඳ පොළ ප‍්‍රතිසංස්කරණය, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, තාක්ෂණය හා ඩිජිටල්කරණය, සම්පත් ආරක්ෂණ වැඩසටහන, කෘෂිකර්ම හා තිරසාර සංවර්ධනය, වගකීමට බැඳී සිටීම, සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම එම කරුණු පහයි.2025 දැක්ම ජනපති සහ අගමැති විසින් අනාගත පරපුරට පිළිගැන්වීම සංකේතවත් කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.අනතුරුව යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විවිධ දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණියන්ට ජනපතිගෙන් සහ අගමැතිගෙන් ප‍්‍රශ්න විමසීමට ද අවස්ථාව ලැබිණි.තරුණ තරුණියන් ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඇසූ ප‍්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු මෙසේය.ශ්‍රී ලංකා යෞවන සමාජ බල මණ්ඩලයේ උප සභාපති ශෙහාන් කෝකිලප‍්‍රශ්නය - සම්මුතිවාදී රජයේ කැබිනට් මණ්ඩලයට අදට වසර දෙකක් පිරෙනවා. එහි ප‍්‍රගතිය ගැන ඔබේ මතය කුමක්ද?ජනපති - සම්මුතිවාදී ආණ්ඩුව යන සංකල්පය මේ රටට අලූත් දෙයක්. දේශපාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පුරවැසියන්ටත් එය අලූත්. කිසිම කෙනෙකුට අත්දැකීමක් නොතිබූ අලූත් දෙයක් අප නිර්මාණය කළා. අප රටේ සම්මුතිවාදී රජයේ වි්‍යුහය ලෝකයේ වෙනත් රටක දකින්නටත් නැහැ. ඒ නිසා මේ පිළිබඳව විවේචන රාශියක් තිබෙනවා. විරෝධතා තිබෙනවා. චෝදනා තිබෙනවා. නමුත් අප කරන්නේ ඉතා අපහසු අභියෝගාත්මක එහෙත් කළ යුතු කාර්යයක්. සම්මුතිවාදී රජයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අවුරුදු 60කට වැඩි කාලයක් විශාල වෛරයකින් ක්‍රෝධයකින් දේශපාලනය කළා. ගෙවල් ගිනි තැබුවා. දෙපැත්තෙම අයගේ ජීවිත විනාශ වුණා. රැකියා අහිමි කළා. මෙවැනි විශාල විරසකයක් තිබූ දේශපාලන පක්ෂ දෙකක්. ඒ පසුබිම තුළ වසර 60කට ආසන්න කාලයක් පිල් දෙකක සිට එකතු වූ විට අප බලාපොරොත්තු වූ කාරණය සියයට සීයක් පැයකින් මාසයකින් සිදුවන්නේ නැහැ.ජන්මෙට වඩා පුරුද්ද ලොකු යැයි ගමේ කතාවක් තිබෙනවා. අප බලාපොරොත්තු වන මූලික විනයක් හික්මීමක් සමග ඉදිරියට යාමට පසුගිය කාලයේ අභියෝගාත්මක කාර්යයකට උර දුන්නා. ඒ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව මගේ හැඟීමයි. කවුරුන් කෙසේ කීවත් එය සාර්ථකයි. ඒ සාර්ථකත්වය ඇත්තේ සම්මුතිවාදී බව මත ඉදිරියට යාම නිසයි. ඒ අභියෝගාත්මක පසුබිම තුළ අප සාර්ථකත්වය කරා ළඟා වී තිබෙනවා. අත්දැකීම් ලබාගෙන ඉදිරියට යනවිට බොහෝ අඩුපාඩු සමනය වේවි.අගමැති (පිළිතුර) - අලූත් පරපුරට අපි අලූත් දෙයක් දී තිබෙනවා. පක්ෂ දෙක ගහමරා ගැනීමෙන් ඵලක් නැහැ. තරුණයන් සඳහා අප අලූත් දෙයක් ලබාදිය යුතුයි. ඔවුන් අපෙන් බලාපොරොත්තු වූ අනාගතයක් තිබෙනවා. අපි බාර ගත්තේ විශාල අභියෝගයක්. වසර 60ක් ගහමරා ගත් අය දැන් එකතු වී තිබෙනවා. මීට පෙරත් අප එකට වැඩ කරන්නට උත්සාහ කළා. දැන් අපි මේ ගමන ඉදිරියට යමු.අපිට දැනෙන වෙනසක් තිබෙනවා. තරුණයන්ට අද  අනාගතය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. සියලූම දේ ඉටු කරන්නට බැරි වුණත් අපි ඉදිරි ගමනක් යනවා. සම්මුතිවාදී රජයෙන් ඔබට සෙතක් වුණාද නැද්ද යන්න සිතන්න. සෙතක් වී තිබේනම් අපේ වැඩකටයුතු ගෙනයාම සඳහා සහයෝගය දෙන්න. ප‍්‍රශ්නය: යොවුන් පාර්ලිමේන්තුවේ කථානායක සචිත‍්‍ර දුලංජන:- 2025 වන විට විශාල ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට අගමැතිතුමා සැලසුම් කර තිබෙනවා. රැකියා දශ ලක්‍ෂයක් ලබාදීම යථාර්ථයක් කිරීම සඳහා අනුගමනය කරන ක‍්‍රමෝපායන් මොනවාද?අගමැති (පිළිතුර) :- පක්‍ෂයක මන්තී‍්‍ර පිරිසක් සිටි පමණින් අපට වැඩ කරන්නට බැහැ. පක්‍ෂ දෙක එකතු විය යුතුයි. දැන් ඒ තත්ත්වය ඇති වී තිබෙන නිසා ක‍්‍රමෝපායන් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව අපට තිබෙනවා. අප එකට එක්ව සාකච්ඡා කරනවා. ස්ථාවර බවක් නැතිනම් ඉදිරියට යන්න බැහැ. එංගලන්තය, ඇමරිකාව වැනි රටවල හැමවිටම ආර්ථික සමාජ ක‍්‍රම ගැන එකඟතාවයක් තිබෙනවා. අපේ රටේත් එවැනි ක‍්‍රමයක් ඇතිකර වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම පදනම් කරගෙන ඉදිරියට යාම අපේ අරමුණයි. ලෝක තත්ත්වයන් අනුව අප වෙනස් විය යුතුයි. පක්‍ෂ දෙක එකට එක්වී ඉදිරියට යාම ප‍්‍රධානම කාරණයයි. ප‍්‍රශ්නය:- කළුතර දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් පැමිණි දිලූෂි වීරසිංහ:- ප‍්‍රධාන පක්‍ෂ දෙක සම්මුතියක් ඇති කරගෙන ඇති අවස්ථාවක රටට මෙම සම්මුතියෙන් උපරිම වාසි ලැබේවි යැයි සිතනවාද?පිළිතුර ජනපති:- උපරිම වාසිය ගන්න නම් තවදුරටත් යා යුතු වෙනවා. සම්මුතිවාදී ආණ්ඩු සංකල්පය පිළිබඳව අත්දැකීම් නැති මෙන්ම ඊට කැමති නැති අය බලය ඉලක්ක කරගෙන පටු දේශපාලනයක් කරනවා. රට ගැන නොසිතා තමන්ගේ බලය ගැන සිතා සැලසුම් සකසන අය සමාජයේ ජීවත් වෙනවා. මේ කාර්යය සාර්ථක කර ගැනීම දේශපාලනඥයාගේ වගකීමයි. රාජ්‍ය නිලධාරීන්ගේ සහ පුරවැසියන්ගේ වගකීමයි. ව්‍යාපාරිකයන්ගේ වගකීමයි. ඒ සියල්ලන්ගෙන්ම තම වගකීම හරිහැටි ඉටු විය යුතුයි. එමෙන්ම සැමවිටම අපේ ප‍්‍රතිපත්තිය විය යුත්තේ වෙන්වීම නොව එක්වීමයි. කිසිම තැනක වෙන්වීම සුබදායක වන්නේ නැහැ. සැමවිටම එක්වීම තිබිය යුතුයි. සාමුහිකත්වය, පොදු බව තිබෙන්නේ එක්වීම යන සංකල්පය තුළයි. පෞද්ගලිකත්වයෙන් මිදී සාමුහිකත්වය සහ පොදු බව අගයන වැඩපිළිවෙළකට යා යුතුයි. අපේ සමාජයේ මේ තත්ත්වය ගොඩනැගීම එතරම් පහසු කරුණක් නොවේ. කිසියම් දෙයක් අරඹා පළමු වසරේදීම සියයට සියයක සාර්ථකත්වයක් දකින්නට හැකියාවක් නැහැ. සාර්ථකත්වය දකින්නට හැක්කේ පියවර ගණනාවක් ගිය විටදීයි. ගමන් මග හරියාකාරව තේරුම්ගත් විට අපට බලාපොරොත්තු ඉලක්ක කරා යාමට හැකියාව තිබෙනවා. ඒ සඳහා සියලූ පාර්ශවවල  කැපවීම අධිෂ්ඨානය අවශ්‍යයි. ප‍්‍රශ්නය:- අල්ලසින් දුෂණයෙන් තොර සමාජයක් අනාගතයට තිළිණ කිරීම සඳහා වන සැලසුම් මොනවාද? ජනපති:- අල්ලස, දුෂණය, වංචාව ආදී සියලූ දේවලින් පිරුණු සමාජයක් අප විසින් බාරගත්තා. ඒ තත්ත්වය ඉහළ සිට පහළටම ගලාගෙන පැමිණ තිබුණා. ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් කිරීම දවසකින් හෝ දෙකකින් කළ හැකි දෙයක් නොවේ. අල්ලස දුෂණ වංචාව නතර කිරීම සඳහා තීන්දු තීරණ රාශියක් ගෙන තිබෙනවා. අප නීතිය ශක්තිමත් කළා. අල්ලස දුෂණය වංචාව මර්දනය කරන ආයතන ශක්තිමත් කළා. මේ වනවිට සමාජය සකස් වෙමින් ඉදිරියට එන බවක්  පෙනෙන්නට තිබෙනවා. වැරදි කරන්නට දේශපාලකයන්  තුළ  බයක් ඇති වී තිබෙනවා. එදා, අද මෙන්ම හෙට කරන සහ කළ වැරදිවලට දඬුවම් ලැබෙන බවට බයක් ඇති වී තිබෙනවා. සමාජය විනය ගරුක වීමට නම් ලැජ්ජාව සහ බය තිබිය යුතුයි. වැරැද්දක් කළොත් දඬුවමක් ලැබෙන බවට එන බය අද ඇති වී තිබෙනවා. මේ වසර එකහමාරේදී ගත් තීන්දු තීරණ නිසා වගකීම නිසි ලෙස ඉටු කළ යුතු යැයි දේශපාලකයන්ට හැඟීමක් ඇතිවී තිබෙනවා. එසේ හැඟීමක් නැතිනම් අපට නීතියෙන් දඬුවම් කරන්නට වේවි. අනෙක් පැත්තෙන් ජනතාවගෙන් දඬුවම් ලැබේවි. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට දේශපාලකයන්ගේ පෙළගැස්මක් ඇති වී තිබෙනවා.ඇමැතිවරයා සොරකම් කරනවා නම් අමාත්‍යාංශ ලේකම් ද ඊට පෙලඹෙනවා. ඒ අයුරින් සමාජ පද්ධතියම වැරදි පැත්තට යනවා. මේ ආකාරයට සමාජයක් වැරදි පැත්තට ගලාගෙන  යාම නොවැළැක්විය හැකි දෙයක්. නිවැරදි පැත්තට සමාජය හැඩගස්වා ගැනීම ආදර්ශයෙන් කළ යුතු දෙයක්. ඒ ආදර්ශය අපි විසින් දිය යුතුයි. අපේ දේශපාලන සංස්කෘතිය පිරිහීමට හේතු රැසක් බලපෑවා ඒ දේශපාලන සංස්කෘතියේ පිරිහීම නිසා මුළුමහත් සමාජ දේහයම පිරිහුණා. රාජ්‍ය සේවයත් පිරිහුණා.ප‍්‍රශ්නය - ගාල්ලේ තිළිණි මැදගොඩ - ණය බරින් රට මුදා ගැනීමට ඔබ යෝජනා කරන ක‍්‍රමවේද මොනවාද?පිළිතුර - අගමැති: අප රජය බාරගත්තේ අපේ ආදායමෙන් ණය පොලියවත් ගෙවීමට නොහැකි මොහොතකයි. දැන් අප ණය ගෙවීමට හැකි ස්ථාවර ආර්ථික තත්ත්වයකට පැමිණ තිබෙනවා. නමුත් අපට එදිනෙදා කටයුතු සඳහා ණය ගැනීමට සිදුවන අවස්ථා තිබෙනවා. 2025 වනවිට මේ ණය බර අඩුකර ගැනීම අපේ අරමුණයි. මේ වසර තුනේ විශාල ආයෝජන පැමිණි විට 2025 වන විට අපේ ආදායම ශීඝ‍්‍රයෙන් වැඩි වෙනවා. එමෙන්ම අපේ විදේශ විනිමය වැඩි වෙනවා. එවිට ණය ගෙවීම අසීරු වැඩ කටයුත්තක් නොවේ. අපට අවශ්‍ය සාමාන්‍ය ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීමයි. අපේ යුගයේදී මේ ප‍්‍රශ්නය විසඳාගෙන අනාගත පරපුරට ශීඝ‍්‍ර දියුණුවක් ලබාදීම අපේ අරමුණයි. ඊට අවශ්‍ය පදනම මේ වසර පහ තුළ දැමිය යුතුයි.ජනපතිට, මට මෙන්ම ආණ්ඩුවට දොස් කියනවා. අනාගතයට ණය බර නැති රටක් උරුම කිරීම අපේ අරමුණයි. අද වනවිට ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. නියඟ ගංවතුරවලට මුහුණ දීම සඳහා ආදායම අප විසින් සොයා ගත්තා. අසීරුම වසර දෙකට අප මුහුණ දුන්නා. යුද්ධයෙන් නැති වූ උතුරේ ආර්ථිකයත් අප විසින් දියුණු කරනවා.ප‍්‍රශ්නය x ඒකපුද්ගල ආදායම වැඩි කිරීමේ සහ රැකියා බිහි කිරීමේ සැලසුම් මොනවාද?පිළිතුර (අගමැති) - පළමුවෙන්ම ආයෝජන ලබාගත යුතුයි. ආයෝජන නිසා තාක්ෂණය දියුණු වෙනවා. තාක්ෂණය සමග රටේ ආර්ථිකය නවීකරණය වෙනවා. එම නවීකරණය කෘෂිකාර්මික, සේවා, ක්‍ෂෙත‍්‍රවලටත් ගමන් කරනවා. තොරතුරු තාක්ෂණය සෞඛ්‍ය තාක්ෂණය දියුණු වී ඇති ආකාරය බලන්න. අපගේ නිෂ්පාදන ක‍්‍රමවේදය වෙනස් වෙලා. ආයෝජන සඳහා අදාළ ස්ථාවර බව ඇති කළ යුතුයි. ආර්ථික ස්ථාවර බව ඇති කිරීමට පෙර සමාජ සමබර බව ඇති කළ යුතුයි. අප රජයේ ආගමික ජනවාර්ගික ගැටුම් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක කරනවා. ඒ ස්ථාවර බව උඩ අපට අවශ්‍ය වන්නේ පළමුවෙන්ම යටිතල පහසුකම් ලබාදීමයි. රටේ හැම ප‍්‍රදේශයකටම අප මෙම යටිතල පහසුකම් ලබා දෙනවා.අප මිනිස් සම්පත දියුණු කළ යුතුයි. පුහුණුව ලබාදිය යුතුයි. අධ්‍යාපනය තුළින් ඉදිරියට යා යුතුයි. ලෝකය සමග අපත් වෙනස්විය යුතුයි. ජංගම දුරකතනයෙන් දැනුම සොයාගත හැකි තත්ත්වයට යා යුතුයි.ඒ සමගම අප ලෝක වෙළෙඳපොළට ඇතැළු විය යුතුව තිබෙනවා. ඒ සඳහා තාක්ෂණය, ආයෝජන ලබාගත යුතුයි. කර්මාන්තශාලා, සංචාරක ව්‍යාපාරය, සේවා දැනුම ඇති කළ යුතුයි. යුරෝපා වෙළෙඳ පොළටගොස් තරග කළ හැකි තත්ත්වයක් ඇති කිරීම අපේ අරමුණයි. ඉන්දියාව, චීනයට ගොස් තරග කළ හැකි තත්ත්වයක් අප නිර්මාණය කරනවා.අපේ රට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවානම්. ඒ දියුණු බවට සම්බන්ධ වෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා.මඩකළපුවේ එස්. ඉන්දුරාජා මෙනවිය (ප‍්‍රශ්නය):- වත්මන් ආණ්ඩුව අන් කවරදාවත් වඩා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර සහයෝගය මෙරට සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් යොදාගන්නේ කෙසේද?ජනපති (පිළිතුර) - අපට අභ්‍යන්තර සහාය ලැබුණේ මේ වසර කීපයේදී අප ගෙනගිය වැඩපිළිවෙළ නිසයි. පෙර රජයට ජාත්‍යන්තර සහයෝගයක් නොලැබුණේ ඒ රජය ගෙන ගිය වැඩපිළිවෙළේ තිබූ වැරදිසහගත ස්වභාවය නිසයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි සාමාජික රටවල් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියා සංවර්ධන බැංකුව මේ සියලූ දේ ජාත්‍යන්තරයට අයත් එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ තිබෙන කරුණු අපත් පිළිපැදිය යුතුයි.ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතා නිදහස, මානව හිමිකම්, මානව අයිතිවාසිකම්, මූලික අයිතීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තහවුරු විය යුතුයි. මාධ්‍ය නිදහස තහවුරු විය යුතුයි. එය සමාජයේ හොඳ ලක්ෂණයක්. එවිට අප ජාත්‍යන්තර ප‍්‍රසාදයට ලක්වෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කරනවා නම් ඔවුන් රට හැරදමා යනවා නම් මාධ්‍ය ආයතන ගිනි තබනවා නම් ජාත්‍යන්තරය ඒ පාලනය ප‍්‍රතික්ෂේප කරනවා.මිනිසුන්ට නිදහසේ ජීවත්වීම සඳහා අප අයිතිය තහවුරු කොට තිබෙනවා. මිනිසුන්ගේ දුගී බව තුරන් කිරීම සඳහා රජයක් ක‍්‍රියා කරන ආකාරය ඉතා වැදගත්. රටක දුප්පත්කම අවම කරගන්නේ කෙසේද? ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කෙසේද? සංවර්ධනයේදී යටිතල පහසුකම් සම්බන්ධයෙන් වන සැලසුම් මොනවාද? අධ්‍යාපනයේ ගුණාත්මක බව ඇති කරන්නේ කෙසේද? සමාජය යහපත් කිරීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාද? ඒ සඳහා රජයක් ලෙස ගෙන තිබෙන පියවර මොනවාද? යන කරුණු ගැන ජාත්‍යන්තරය බලාපොරොත්තුවෙන් සිටිනවා.නීතියේ ආධිපත්‍ය රැකීමට අප බැඳී සිටිනවා. නීතියට ඉහළින් කිසිවකුත් නැහැ. සෑම කෙනෙකුගේම හිසට උඩින් නීතිය තිබෙනවා යන කරුණු සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින දෙයක්.අධිකරණය ස්වාධීන අපක්ෂපාති විය යුතුයි. රජයක් ලෙස කටයුතු කරන විට දේශපාලන පක්ෂ බේදයෙන් තොරව නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින් මානව හිමිකම්, මුූලික අයිතිවාසිකම් තුළ සියලූ දෙනාට සමාජ සාධාරණත්වය ලබාදිය යුතුයි. එමෙන්ම සැමට සමානාත්මතාවයෙන් කටයුතු කිරීම රජයේ ප‍්‍රතිපත්තිය විය යුතුයි.කෙනකුට නිදහසේ ව්‍යාපාරයක් කරගෙන යාමට ඉඩදිය යුතුයි. අපට මේ වසර කීපයේදී ජාත්‍යන්තර හොඳ හිත ලැබී ඇත්තේ අප කරගෙන පැමිණි වැඩපිළිවෙළ නිසායි.අපට පෙර පාලනයේ ජාත්‍යන්තර හොඳ හිත නැති වූයේ එවැනි වැඩපිළිවෙළක් නැතිව සමාජය උඩු යටිකුරු කොට කටයුතු කළ නිසයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පෙන්නුම් නොකර ආඥාදායක පාලනයක් ගෙන ගියා. 18 වැනි සංශෝධනය අප රටේ උගතුන් බුද්ධිමතුන් පමණක් නොව මුළු ලෝකයේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන අය විසින් ප‍්‍රතික්ෂේප කළා. අප 18 වැනි සංශෝධනය අහෝසි කොට 19 වැනි සංශෝධනය තුළින් නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කොට  අධිකරණ අපක්ෂපාතී බව අල්ලස දුෂණයට විරුද්ධව අනාගත ශක්තිමත් කිරීම කළා. එවිට ඒ පාලනය ගැන ජාත්‍යන්තර ප‍්‍රසාදයක් ඇති වෙනවා. අපට ජාත්‍යන්තර ප‍්‍රසාදයක් ඇතිවී ඇත්තේ රට වෙනුවෙන් තීන්දු තීරණ ගත් නිසයි.ප‍්‍රශ්නය - අපට අහිමි වූ ජාත්‍යන්තර මිතුරු බව යළි ලැබීම ගැන අගමැතිතුමාගේ අදහස කුමක්ද?අගමැති - ලෝකයේ එක් පිලකටවත් නොබැඳි රටක් ලෙස කටයුතු කිරීම අපේ පිළිවෙතයි. ලොව අප පිළිගෙන තිබුණා ඒ පිළිගැනීම අප ආරක්ෂා කරගත යුතුව තිබුණා. නමුත් පසුගිය රජය සමයේ අප ඒ පිළිගැනීම ආරක්ෂා කරගත්තේ නැහැ.  අවසානයේ අපට යුරෝපා සංගමය සමග ගැටෙන්න සිදු වුණා. අපට ජාත්‍යන්තරයෙන් දී තිබූ සහන අප විසින් අහිමිකර ගත්තා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ගැටුණා. ඉන්දියාව, ජපානය සමග ගැටුණා. ඒ අය අප සමග තරහ වෙන්න ආවේ නැහැ. අප යුද සමයේ ඒ රටවල් සමග එකට එක්වී කටයුතු කළා. මානව හිමිකම් රකින්න උපකාර කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න. රට දියුණු කරන්න උපකාර කළා.2010-2015 අතර අපට ජාත්‍යන්තර සහන විශාල වශයෙන් නැති වුණා. ඒ කාලයේ බංගලාදේශය විශාල පිම්මකින් ඉදිරියට ගියා. 2030-2040 වන විට ලෝකයේ ප‍්‍රධාන ආර්ථික 32කෙන් එකක් බවට බංගලාදේශය පත් වෙනවා. වියට්නාමය දියුණුවට පත් වෙනවා. අපට අතට ලැබුණු සහන අතහැර තිබෙනවා.අවසානයේ අපට ගෙවන්න බැරි ණයක් ඉතිරි වුණා. අපගේ අපනයන ආදායම අඩු වුණා. ඇඟළුම් කර්මාන්තශාලා වැසී ගියා. අනාගතයක් සොයා ගන්න නම් මැදපෙරදිග යන්නට සිදුවුණා.2015 ජාතික ආණ්ඩුවෙන් පසු අපි ජාත්‍යන්තර මිත‍්‍රත්වයට එළඹුණ හැම රටක් සමගම අප මිතුරු වී සිටිනවා. ලෝකය සමග අප වැඩ කරනවා.ඞී.එස්. සේනානායක යුගයේ සිට අපට ලෝකය සමග එක්ව ඉදිරියට යාමට හැකි වුණානම් ඇයි අපි ලෝකය සමග හැප්පුනේ. ලෝකය අප සමග හැප්පෙන්න ආවේ නැහැ.ඔවුන් ඔබේ අනාගතයෙන් වසර පහක් සොරකම් කර ගත්තා. අප උත්සහ කරන්නේ එලෙස සොරාගත් අනාගතය නැවත ලබාදීමටයි.ලෝකයේ බලවත්ම ඇමරිකාවටවත් ලෝකය සමග තරහ වී ඉන්නට හැකියාවක් නැහැ. පක්ෂ දෙක එක්වී අප අලූත් පණිවිඩයක් ලබා දුන්නා.මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, කථානායක කරු ජයසූරිය මහත්ම මහත්මීහු යහපාලන රජයේ මැති ඇමැතිවරු ද, සිවිල් සමාජ ක‍්‍රියාකාරීහු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.
“සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා“
0
hp_train_7694
තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් අද (29) මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ ‘කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ තේ විවේකය වන විට ‘මධ්‍යම කිංග්ස්, උතුරු ග්ලැඩියේටර්ස් සහ නැගෙනහිර ඊගල්ස් කණ්ඩායම් තරග දෙක බැගින් ජය ලැබීමට සමත්ව සිටියහ.තරග ප‍්‍රතිඵලසබරගමුව ස්ටැලියන්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (35- 7) මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර එග්ලීස් පිල පරාජය කරන ලදී (36-7)උතුරු මැද ට්‍රෝජන්ස් පිල සහ උතුර ග්ලැඩ්යේටර්ස් පිල අතර තරගය සම විය (21-21) යාපනය චැලෙන්ජර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (22-12) ඌව වයිපර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (19-12)නැගෙනහිර ඊගල්ස් පිල විසින් බස්නාහිර වොරියස් පිල පරාජය කරන ලදි (20-12) උතුර ග්ලැඞ්යේටර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (31-7)උතුරු මැද ට්‍රෝජන්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදි (36-12)මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (45-26)නැගෙනහිර ඊගල්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (22-14) දකුණ ශාර්ක්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (21-14) උතුර ග්ලැඞ්යේටර්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදි (24-14)
බස්නාහිර යාපනය අවසන් මහ තරගයට එති
0
hp_train_7695
(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)කැකිරාව හෝරාපොල ප්‍රදේශයේ වගා බිමක ඇති අඩි 25ක් පමණ ගැඹුරැති අනාරක්ෂිත වගා ළිඳකට අලි දෙදෙනෙකු ඊයේ (02) රාත්‍රී කාලයේදී ආහාර සොයායන අතරේදී වැටී තිබේ.මෙම අලි දෙදෙනා අතර වයස අවුරුදු 04ක් පමණ වන අලි පැටවකු හා අවුරුදු 25ක් පමණ වන අලියෙකු වන බව වනජීවී නිලධාරීහු පවසති.  මේ දිනවල ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණයත් සමග මතුව ඇති ආහාර හා ජලය හිඟය හේතුවෙන් කලාවැව ජාතික උද්‍යානයේ සිටින වල් අලින් නිරන්තරයෙන් ගම් වැදීම සිදුවේ. මෙම අලි දෙදෙනාද එසේ පැමිණෙන්නට ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.ළිඳේ වැටී සිටින අලි දෙදෙනා ගොඩ ගැනීම සඳහා ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ වනවිට මෙහෙයුම් අරඹා තිබේ. කලාවැව ජාතික උද්‍යානයේ කටයුතුද බාර ගල්කිරියාගම වනජීවී කාර්යාලය සතුව ජේ.සී.බී යන්ත්‍රයක් නොමැතිකමින් මේ වනවිට එම මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රමාදයකටද වනජීවී නිලධාරීන්ට මුහුණ දීමට සිදුවී තිබේ.
අලිදෙදෙනෙක් වගාළිඳක
1
hp_train_7696
(දිලීප් ජයසේකර)රුහුණු කතරගම ඇසල මහා පෙරහරට සමගාමීව කතරගම අවට ප්‍රදේශවල අද (9) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 3 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ගෝතමීගම, නාගහවිදි හා පුංචිදඹේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35, 40 හා 53 වයස්වල පසු වන සැකකරුවන් තිදෙනෙකි.සැකකරුවන් මෙම ගිනි අවි නිවෙස්වල සඟවා තිබියදී සොයා ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ දඩයමේ යාම සඳහා මෙම ගිනිඅවි තමන් සන්තකයේ තබාගෙන සිටි බවයි.සැකකරුවන් කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
ගිනි අවි දෙකක් - සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_7697
(මනෝප‍්‍රිය ගුණසේකර) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනය බාරගැනීම ප‍්‍රතික්ෂේප කළ බව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන් මහතා  අද (22) දැනුම් දුන්නේය.වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළැයි රාජපක්ෂ මහතාට චෝදනා ගොනු වී තිබේ.අදාළ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ උත්තරවාද ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා ඒ බව දැනුම් දුන්නේය.ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකොට වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා  චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339  වැය කර වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.දණ්ඩ නිති සංග‍්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකොට ඇති බවද නීතීපතිවරයා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 06 වැනි විත්තිකාර මහින්ද සාලිය නමැත්ති හැර සෙසු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. 
ගෝඨාභයට විදෙස් ගත වීමට අවසර දෙනවාද යන්න පිළිබඳව නීතීපතිගේ ස්ථාවරය 3 වැනිදා
0
hp_train_7698
සබරගමුව පළාතේ ස්ථාන කිපයකට සවස 4.00 න් පසුව වැසි ස්වල්පයක් ඇති වුවද රටේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය37249035ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව32249065ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ33279060ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල32268560ප්‍රධාන වශයෙන් වැසි රහිතයාපනය34257560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර34209545ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය24108025ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය36249060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය35239060ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම33259070ප්‍රධාන වශයෙන් වැසි රහිත         
‘නුවරඑළියට මල් තුහීන‘
0
hp_train_7699
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, “ලෙන්ගා” කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (02) පෙරවරුවේ  එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් නිසා කාන්තාවන් 13 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ. තුවාල ලබා රොහල් ගත කළ කාන්තාවන් 05 දෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත්, කාන්තාවන් 08 දෙනෙක් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රොහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලියදිපිටිය මහතා පැවසීය. තේ ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිසී තමන්ට පහර දුන් බව රොහල් ගත කර සිටින වතු කම්කරු කාන්තාවන් පැවසූහ. මෙම වතුයායේම ඉකුත් මාසයේදී තෙවරක් වතු කම්කරුවන්ට බඹර ප්‍රහාර එල්ලවීමෙන් රෝහල් ගත කර ඇති බව පවසන එම කම්කරු ප්‍රජාව, කම්කරුවන් පීඩාවට පතක් කරන, තම වතුයායේ ඇති බඹර කූඩු ඉවත් කර දෙන ලෙස වතු පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින බවත් එම කම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා පැවසූහ. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පැවසූහ.  
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 13 ක් තුවාල ලබති
0
hp_train_7700
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිනෙන සුළං හමුවන  කලාපය) බලපෑම නිසා රට පුරා වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉතා ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  තවද එහි  බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්  සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර්. 70-80 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‘අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී  බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239560අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259575අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය33268070අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර31219570අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22149580අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය31239575අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33259565අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33249575අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  පෙරවුරු 5.30ටඅන්තර් නිවර්තන අභිසාරී කලාපයේ  බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉතා ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තවද එහි  බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ඒ අවට සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව ද සඳහන් කරයි.‘අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ)  ඇතිවීමට ඉඩ අතර අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි. ශ්‍රීලංකාව වටා  මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.‘ 
‘රට පුරාම අකුණු සහ තද වැසි‘
1