id
stringlengths 13
13
| news_content
stringlengths 120
24.3k
| headline
stringlengths 10
171
| is_headline
int64 0
1
|
---|---|---|---|
hp_train_7701 | දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 09/11/2014 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32229050ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මඩකලපුව32228050ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.කොළඹ31239065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.ගාල්ල30249070ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.යාපනය31219060ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මහනුවර30189050ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.නුවරඑළිය2007 8055ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇතිවිය හැක.රත්නපුරය33239055ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.ත්‍රීකුණාමළය32228045ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මන්නාරම31249065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. අලුයම 5.00ට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වේ.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක. ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.ප්‍රධාන වශයෙන් මුහුදු ප්‍රදේශ වල වැසි රහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තුවිය හැක.සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු නොවේ. කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology). | ඉදිරි 24 පැයේ කාලගුණය | 1 |
hp_train_7702 | (නාලක සංජීව දහනායක, අමදෝරු අමරජීව)ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති එකිනෙකට නොගැළපෙන බැවින් දෙදෙනා දෙපැත්තට අදිනවා මිස රටට වැඩක් නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලයේදී පැවැසීය.මෙය එළ හරකා හා මී හරකා එකට බැඳ හානවා වැනි ක්‍රියාවක් බවත් මේ කඹ ඇදිල්ලෙන් රටට කිසිවක් නොලැබෙන බවත් රාජපක්ෂ මහතා කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් ත්‍රිකුණාමලය නගරයේ මැක්හෙයිසර් ක්‍රීඩාංගණයේ දී පෙරේදා (3) පවත්වන ලද ජනරැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.ආණ්ඩුව ආර්ථිකය කාබාසිනියා කරලා රට බෙදන ව්‍යවස්ථා ගේන්න හදනවා. රාජ්‍ය සම්පත් පුද්ගලීකරණය කරනවා. එට්කා වැනි ගිවිසුම් හරහා අපේ රටේ තරුණයන්ගේ රැකියා ටික ඉන්දියාවට දෙන්න හදනවා. මේ නිසා රට එකම අවුල් ජාලාවක් වෙලා.රටේ හැමතැනම උද්ඝෝෂණ. ත්‍රස්තවාදය අවසන් කළ රණවිරුවන්ට දඬුවම් කරනවා. අද රටට නායකයන් වැහිවැහැලා. රටේ ඇත්ත නායකයා කවුද කියලා අපි දන්නේ නැහැ. හැම කෙනාම නායකයන් වීම නිසා රටේ හැමතැනම ප්‍රශ්න. කැබිනට් ප්‍රකාශකවරු තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනා මත තුනක් කියනවා. ඒ නිසා රජයේ මතය මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. මේ ආණ්ඩුවට ප්‍රතිපත්ති ගොඩයි. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති හා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියි ගැළපෙන්නේ නැහැ. දෙන්න දෙපැත්තට අදිනවා. මේක එළ හරකයි, මී හරකයි එකට බැඳලා හානව වගේ වැඩක්. අන්තිමට මුකුත්ම නැහැ.මේ ආණ්ඩුවට ඇමැතිවරුන්ගේ විෂයන් ටිකත් හරියට බෙදාගන්න බැහැ. අවුරුදු දෙකහමාරට මේ ආණ්ඩුව කළේ මට බැණපු එක විතරයි. හැමදාම මට බැන්න. මට තියෙන බය මොකක්ද. මේ ආණ්ඩුව වෙන කරන්න දෙයක් නැති නිසා හිටපු ඇමැතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු ඔක්කොගෙන්ම පළිගන්නවා. මේ රට ගෙනියන්නේ පොලිස් රාජ්‍යයකට. ඒකට ඉඩ තියන්න බැහැ.මේ ආණ්ඩුව ජිනීවාවලදී රණවිරුවන් පාවා දුන්නා. රටේ යුද්ධයක් තිබුණා. ත්‍රස්තවාදය නිමකරලා අත්අඩංගුවට පත් වූ හා බාර වූ ත්රස්තවාදීන් දොළොස්දහස් පන්සියයක් පුනරුත්ථාපනය කළා. දැන් අපිව වෙනත් රටවලට පාවා දෙන්න පනතක් ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ පනත සම්මත වුණොත් යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන්, දේශපාලන නායකයන් සම්බන්ධ නඩු අහන්නේ විදේශීය රටවලට අවශ්‍ය ආකාරයටයි. ඒකාබද්ධ විපක්ෂයේ අපි ඒ පනතට විරුද්ධයි.මට විරුද්ධව ඡන්දය දුන්න ගොවියත්, ජනාධිපතිවරයාට ඡුන්දය දුන්න ගොවියත් අද වැඩිමිලට පොහොර ගන්නවා. පාසල් දරුවන්ට දෙන්නේ බාල රෙදි. ඒ රෙද්දෙන් ෂර්ට් එක මැහුවොත් කලිසම මහන්න බැහැ. කලිසම මැහුවොත් ෂර්ට් එක මහන්න බැහැ.පන්සලේ පිං කැටේට අත තියපු මේ ආණ්ඩුව අනාගතයේදී අනෙකුත් ආගමික ස්ථානවලටත් අත තියාවි. සංහිඳියාව කියමින් රටේ ආගම්වාදය ඉස්මතු කරනවා. මේකට ආණ්ඩුව වග කියන්න ඕන. මේවයි පස්සෙ ඉන්නේ කවුද කියලා හෙළි වෙනවා.අපේ කාලයේ වැඩ කරන්න නිලධාරින්ට බලය දුන්නා. නිලධාරින් වැඩ කළා. ඒකටත් මෙයාල පද හදනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයත් මේ ආණ්ඩුවටම ගැලපෙනවා. විපක්ෂයේ කාර්ය ක්‍රියාවට නංවන්නේත් අපියි.නැගෙනහිරට මේ ආණ්ඩුව කරපු එක වැඩක් කියන්න. නැගෙනහිරට වැඩක් කළේ කවුද? මේ ආණ්ඩුවට වැඩ කරන්න බැහැ.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් වසර දෙකහමාරක් තුළ මේ රටට කළ දෙයක් නැහැ. ජනතාවට වැඩක් කරන්න බැරිනම් ආණ්ඩුවක් තියාගෙන හිටියට වැඩක් නැහැ. පහුගිය රජය කාලේ මේ පළාතේ ආර්ථික සංවර්ධනයක් ඇති වුණා. ඒ සංවර්ධනය කරා අපි නැවත ගමන් කළ යුතුයි.56 බලවේගය විසින් අත්පත්කරගත් ජනතා ජයග්‍රහණ නැවත ආපසු හැරවීමට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුව කටයුතු කරනවා. රට පාවාදෙන මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. ජනතාව ඒකට සූදානම්. ඒ බව දන්නා නිසා ආණ්ඩුව ඡුන්ද තියන්නේ නැහැ. මේකයි මේ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදය. මෙහෙම ආණ්ඩු ප්රජාතන්ත්රවාදී වෙන්නේ කොහොමද? මේක තනිකරම ඒකාධිපතිවාදයක්. මාතෘභූමිය නැවත එක්සේසත් කරගෙන ගම්බද ජනතාවගේ ආදායම් වැඩිකර නවපරපුරට රැකියා ලැබෙන ආර්ථික පරිවර්ථනයකට රට පරිවර්තනය කළ යුතුයි.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තුන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.ඉන්දියාවේ හා බටහිර රටවල වුවමනාව මත 2015 දී රටේ ප්‍රබෝධමත් ගමන අතරමග නතර වුණා. ඒත් අපි මේ රට අනාගත පරපුර වෙනුවෙන් රැකගත යුතුයි. මේ ආණ්ඩුවේ වැඩ නැහැ. කයිවාරුව විතරයි.අද ජනතාවට වගාකරන්න වතුර නැහැ. පොහොර සහනාධාර කැපුවා. රටේ ආර්ථිකය වැටෙනව. ඒ පොදු ව්‍යසනයට මුළු ජාතියම ගොදුරු වෙලා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම ලක්මාතාවගේ දරුවන්. ඒ නිසා අපිට රට වෙනුවෙන් යුතුකමක් තිබෙනවා. මේ ත්‍රිකුණාමල වරාය ඇතුළු ජාතික සම්පත් ඉන්දියාව ඇතුළු බටහිර රටවලට ගිලගන්න දෙන්න බැහැ. ති‍්‍රකුණාමල ජනතාවගේ අභිමානය ත්‍රිකුණාමල වරායයි. මේ වරාය බටහිර ජනතාවගේ තිප්පොළක් වෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ.ත්‍රිකුණාමල වරාය විතරක් නෙමෙයි. නුවරඑළිය තැපැල් කාර්යාලය, මහනුවර දුම්රියපොළ, ගාල්ල දුම්රිය පොළ ඉන්දියාවට දෙනවා. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව කෑගැසූ ජවිපෙ අද මේ ගැන නිහඬයි. අපි නිහඬව හිටියොත් අනාගත පරපුරට රටක් ඉතුරුවන්නේ නැහැ.අලූත් ව්‍යවස්ථාවේ විනාශය නිවැරදිව හඳුනාගෙන අස්ගිරි පාර්ශ්වය නිවේදනයක් නිකුත් කළා. අපි ඒ වෙනුවෙන් මහා සංඝරත්නයට දණ නමා ආචාර කරනවා. යෝජිත නව ව්‍යවස්ථාවෙන් පොලිස් බලය, පරිපාලන බලය, මුදල් බලය පළාත් සභාවලට දුන්නම මධ්‍යම රජයට මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. මේ රට පුංචි රටක්. මේක බෙදන්න දෙන්න බැහැ. එහෙම වුණොත් බටහිර ජාතීන්ට අපිව ගිලගන්න පහසු වේවි.බටහිර ඔත්තු සේවා මුස්ලිම් අන්තවාදී කල්ලි, සිංහල අන්තවාදි කල්ලි නිර්මාණය කරනවා. මේ ආණ්ඩුව හදන සන්ධානයක් නැහැ. ඒ වෙනුවට ජාතිවාදී, අන්තවාදී කල්ලි ශක්තිමත් කරනව.අපේ ආණ්ඩුව රටේ කුණු ප්රශ්නය විසඳුවා. ආණ්ඩුවට දෙකහමාරයි අවුරුදු. මේ ආණ්ඩුව යටතේ රටේම කුණු ප්‍රශ්න වැඩිවුණා. මුළු රටේම රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා. පළාත් පාලන ආයතන සක්‍රියව තිබුණානම් මේ ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක මහින්ද මහත්තය නතර කළා. දැන් ඒ වෙනුවට මේ ආණ්ඩුව ඩෙංගුවලින් මිනිස්සු මරණවා.ඒ නිසා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට එකතුවෙලා මේ ආණ්ඩුව පළවා නොහැරියහොත් මේ රට නොරටුන්ට අයිතිවෙනවා. මේ ආණ්ඩුව යුද හමුදා බුද්ධි අංශය, නාවික හමුදා බුද්ධි අංශය නිලධාරින් හිරකරලා. බුද්ධි අංශ හිරකිරීම නිසා ජාතික ආරක්ෂාව බිඳ වැටිලා.මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල පාකිස්තානයට ගියා. ඒ ගමන නතර කරන්න විදේශ ඇමතිවරයා පුදුම උත්සාහයක් ගත්තා. ඒත් ගමන නතර කරන්න බැරිවුණා. පාකිස්තානය මේ රටේ යුද්ධය නිමකරන්න අමිල දායකත්වයක් ලබාදුන්නා. ඒ රටවල් අද අපිත් එක්ක අමනාපයි. මේ ආණ්ඩුව යටතේ අපි මෙච්චර කල් ක්‍රියාත්මක කළ නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තිය කෙළෙසිලා. විදේශ ප්‍රතිපත්තිය කාබාසිනියා වෙලා යැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.මේ භූමියේ තමයි ප්රභාකරන්ගේ ඊළාම් දේශයේ සිහින නගරය පිහිටුවන්න තීරණය කර තිබුණේ. නමුත් ඊට පෙර ප්රභාකරන් විනාශ කරන්න මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා. ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම අනුව මුළු ත්‍රිකුණාමල නගරයම ඉන්දියාවට පවරා දී තිබෙනවා. දැවැන්ත ආයෝජන ඉන්දියාව කළාම එවා ආරක්ෂා කරන්න ඉන්දියානු හමුදාව ත්‍රිකුණාමල වරායට බස්සනවා. මේ පළාත්වල වැඩිහිටි අය දන්නවා ඉන්දීය හමුදාවේ රඟ. 87 ඉන්දියානු භීෂණය නැවත ත්‍රිකුණාමලයට ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා.මේ ආණ්ඩුව තවදුරටත් තිබුණොත් අපට රටක් ඉතිරි නොවන බව මහා සංඝරත්නය තේරුම් ගෙන තිබෙනවා. අස්ගිරි මහා නායක හිමිගේ සිංහ නාදයෙන් මුළු රටම අවදි වුණා.අපේ රටේ හිඟන්නෙක්වත් පන්සලේ පිං කැටේට අත තියන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව ඒකටත් අත තියන්න හදනවා. මොරගහකන්ද ජනාධිපතිවරයාගේ, ණය මහින්දගේ. අධිවේගය චන්ද්‍රිකාගේ, ඒක හදන්න ගත්ත ණය මහින්දගේ. මේක මාර බෙදිල්ලක්.අද ලක් මෑනියන් හඬනවා. ඔබ ලක් මවගේ සුජාත දරුවන්නම් මව් බිම බේරාගන්න මහින්ද මහතා වටා එක් විය යුතුය.ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.මෙම භූමිය ලෝකයේ වැදගත්ම භූමියයි. ත්‍රිකුණාමල වරායේ පිහිටීම අද්වීතීය පිහිටීමක්. අද මේ වරායට බැල්ම හෙළා ගෙන ඉන්න බටහිර බලවතුන් එදත් බැල්ම හෙළුවා. මෙම වරාය විදේශීය බලවතුන්ට යටත්වුණොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බය වුණාටත් වඩා අපිට බය වෙන්න වෙයි.අපි අපේ රටේ නිදහසට කැමතියි. අපි වෙනත් රටක දේපළ අල්ල ගන්න ගියොත් මහා අවුල් ජාලාවක් ඇති වෙනවා. මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය අහෝසි කරගෙන යනවා. එසේ කරන්නේ අප රටේ ජාතීන් අතර ගැටීම් ඇති කරන්නයි. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඒකයි. අපි එකිනෙකාට ගරු කරන තරමට නැති වී ගිය අයිතිවාසිකම් නැවත දිනා ගත හැකියි.අපි එකිනෙකා අත්වැල් බැඳගෙන හිටියොත් රජය පරාජය කර මේ රට නැවත ජනතාවගේ රටක් කරන්න පුළුවන්. අපට තවම ඡන්ද බලය ලැබී නැහැ. ඡන්ද බලය ලැබුණොත් අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා යැයි පැවසීය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය.මේ රජයේ අ¥රදරශී වැඩ පිළිවෙළ නිසා ත්‍රිකුණාමල ජනතාවට ලොකු විනාශයක් වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ රටෙන් ත්‍රස්තවාදය තුරන් කරලා සියලූම ජන කොටස් අතර සංහිඳියාව ඇති කළා. ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.අද ඒ සියල්ලම කඩා වැටිලා. රටේ කුණු ප්රශ්නය විසඳන්න බැරි ආණ්ඩුවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. රජයක් තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමටයි. නමුත් මේ රජය යටතේ එවැන්නක් සිදු වන්නේ නැහැ.අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා මෙසේ පැවසීය.නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් එළවා මේ ප්‍රදේශය ලෙයින් පෙඟී ගියා. ඒ භූමි සියල්ලම නැවත වගා බිම් බවට පත් කළේ මහින්ද රාපජක්ෂ මහතා මිස මෛත්‍රී - රනිල් ආණ්ඩු නෙමෙයි. නමුත් 2015 ජනාධිපතිවරණයේදී මුස්ලිම්, දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට අඩුවෙන් ඡුන්දය දුන්නා. ඒත් මේ රටේ දහසක් මව්පියන්ගේ දරුවන්ගේ කඳුළු පිස්සේ මහින්ද රාජපක්ෂ මහතායි.නැගෙනහිර පළාතට ප්රජාතන්ත්රවාදය උදා කළේ මහින්ද රාජපක්ෂයි. උතුරු පළාතට ප්රජාතත්ත්රවාදය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා මිස ද්‍රවිඩ සංධානය නෙමෙයි. සයනයිට් කරල කරේ තිබූ දරුවාගේ අතට පෑන දුන්නේ මහින්ද රාජපක්ෂයි. කවුද කියන්නේ මහින්ද රාජපක්ෂ දෙමළ ජනතාවට, මුස්ලිම් ජනතාවට විරුද්ධයි කියලා. මහින්ද රාජපක්ෂ මහතා ඊළඟ ආණ්ඩුවේ නායකයා කිරීමට ත්‍රිකුණාමල ඇතුළු නැගෙනහිර පළාතේ ජනතාව සූදානම්.අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය මෙසේ පැවසීය.අම්පාර දිස්ත්‍රික්කයේ හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක දෙකේම ජනතාවට තිබෙන්නේ එක සමාන අත්දැකීම්. යුද්ධය නිම වෙන්න පෙර නැගෙනහිර අපි ජීවත්වුනේ කොහොමද කියලා අපිට හොඳට මතකයි. ඒ අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. යුද්ධය නිම කරලා නැගෙනහිර පළාතේ මහා සංවර්ධනයක් කළ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාට ආදරෙයි.මහින්ද මහත්තයා එළවලා බලයට ආපු මේ ආණ්ඩුව ජනතාවට මොකද කළේ.මැතිවරණ කල්දාන, ප්රජාතන්ත්රවාදී විරෝධී මේ ආණ්ඩුව එළවා හරින්න දිවිහිමියෙන් කැප වෙනවා.නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා මෙසේ අදහස් දැක්වීය.රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩු හදපු හැමෝටම වැරදුණා. මෛත්‍රීපාල සිරිසේන මහතාටත් වරදින දවස වැඩි ඈතක නෙමෙයි. අපි වැඩි කල් යන්න කලින් මේ ආණ්ඩුව පරදවනවා. අපට යුද්ධය ඉවර කරලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. යුද්ධය අවසන්වුණු නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම දෙනා නැගෙනිහර පළාතේ සතුටින් ජීවත් වෙනවා. යුද්ධය ඉවර කර දීපු මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගේන එක අපේ එකම අරමුණයි. ඒ සඳහා අපි ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙනවා යයි පැවසීය.මෙම ජන රැලිය සඳහා මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, ඞී.වී. චානක, ශෙහාන් හේමසිංහ, සී.බී. රත්නායක, නාමල් රාජපක්ෂ, රංජිත් සොයිසා, පද්ම උදයශාන්ත, නිරෝෂන් පේ‍්‍රමරත්න ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා වෘත්තීය සමිති නියෝජිතයෝද මෙහිදී අදහස් දැක්වූහ. | ’’ප්‍රතිපත්ති පෑහීමක් නෑ : දෙන්නා දෙපැත්තට අදිනවා’’ | 1 |
hp_train_7703 | (දයාරත්න අඹෝගම) කුසපත් ඇදීමෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී එච්.එම්.සේනාරත්න මහතා අද (26) තේරී පත්විය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභාවට පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු 09 දෙනෙකුද එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු 06 දෙනෙකුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 03 දෙනෙක්ද මුස්ලිම් කොංග්රස් පක්ෂයෙන් 01 මන්ත්‍රීවරයෙකුද ජනතා විමුක්ති පෙරමුණෙන් 01 මන්ත්‍රීවරයෙකු සහ එක් ස්වාධීන මන්ත්‍රීවරයෙකු තේරි පත්ව සිටියහ. ඒ අනුව අද (26) දින මැදවච්චිය ප්‍රාදේශිය සභාව සඳහා සභාපතිවරයෙකු පත්කිරිම සඳහා ඡන්දය පැවැත්වුණි. මෙහිදි සභාපතිධුරය සඳහා පොදුජන පෙරමුනෙන් එච්.එම්.සේනාරත්න මහතාද එක්සත් ජාතික පක්ෂයෙන් වසන්ත රණතුංග මහතාද ඉදිරිපත්ව සිටියහ.ඡන්දය විමසිමේදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකි සිටිම නිසා මෙම සභාපතිධුර අපේක්ෂයන් දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබාගැනීම නිසා ඔවුන් දෙදෙනා අතර කුසපත් ඇදීමට සිදුවිය. කුසපත් ඇදීමෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ එච්.එම්.සේනාරත්න මහතා වන අතර ඒ අනුව ඔහු සභාපති ධුරයට පත්විය.උප සභාපති ධුරය සඳහා රහස් ඡන්දයක් පැවැති අතර ඉන් පොදුජන පෙමුණේ මන්ත්‍රී චානක පුෂ්පකුමාර විජේසුරිය මහතා වැඩි ඡන්දයෙන් උප සභාපතිධුරයට පත්විය. | මීගහකිවුල නව සභාපති පුටුව පොහොට්ටුවට | 0 |
hp_train_7704 | උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 02/11/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259575වැසි වාර කිහිපයක්.කොළඹ30259070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249580වැසි වාර කිහිපයක්.යාපනය29248575වැසි වාර කිහිපයක්.මහනුවර28219575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580වැසි වාර කිහිපයක්.මන්නාරම29259075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. | ‘පළාත් රැසකට අද රාත්‍රියේ තද වැසි‘ | 0 |
hp_train_7705 | කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව සිටි 1,018ක් සුවය ලබා අද(16) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.අද දිනය හැරුණුවිට මෑතකාලීනව ආසාදිතයන් සුවය ලබා 1000 ඉක්මවූ සංඛ්‍යාවක් පිටව ගොස් ඇත්තේ, පෙබරවාරි 6 වැනිදාය. එම අගය 1133කි.ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 70,429. එය ප්‍රතිශතයක් වශයෙන් 90.9%කි. ආසාදිතයන් සුවය ලැබීමේ අනුපාතය ප්‍රතිශතයක් ලෙස 92.15%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ.ඉන්දියාවේ එම අගය 97.32%කි. ලෝකයේ කොරෝනා ආසාදිතයන් සුවය ලැබීමේ ප්‍රතිශතය අද වනවිට 76.96%කි.අද දිනයේදී වැඩිම පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 113කි.කෙසේවෙතත් මේ වනවිට ආසාදිතයෝ 5,596දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.අද උදෑසන වනවිට 556දෙනෙකු කොරෝනා බවට සැක සහිතව රෝහල්ගත කර ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය පෙරවරු 10.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන 403ක් වන අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 0.52%කි. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදු වූ කොවිඩ් මරණ ගණන 18කි.සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 76,428කි. එය ප්‍රතිශතයක් ලෙස 8.5%කි.(රූප සටහන - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය)(වගු සටහන- වසංගත රෝග විද්‍යා අංශය) | සුවය ලැබූවන් 69,000 පනී | 0 |
hp_train_7706 | බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි.‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලන් විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 23/05/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33269065ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ32269575වැසි වාර කිහිපයක්.ගාල්ල30269080වැසි වාර කිහිපයක්.යාපනය32288570ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30229565වැසි ස්වල්පයක්.නුවරඑළිය21159575වැසි වාර කිහිපයක්.රත්නපුරය32259580වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35269055ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32288570ප්‍රධාන වශයෙන් වැසි රහිත. | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
hp_train_7707 | (නාලක සංජීව දහනායක)මැතිවරණ පවත්වන ක්‍රමය කුමක් වුවත් මිනිසුන්ට මේ මොහොතේ දී මැතිවරණ අවශ්‍යව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (17) පැවසීය.එබැවින් මැතිවරණ දිනා ගැනීම ස`දහා මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතු යැයි ද කීය.බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී, ඒකාබද්ධ විපක්ෂ විසින් ඊයේ (17) පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙසේ ද පැවසීය:පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පනත සම්මතවීමත් සමඟම මැතිවරණ කල් දැමීමට අමාත්‍යවරයාට හා ආණ්ඩුවට තිබූ බලය අහෝසි වෙනවා. මැතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙනවා. එමෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගෙන ඒමටත් ආණ්ඩුව සූදානම් වෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ප්‍රතික්ශේප කළා. එහෙත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා අනුමැතිය සඳහා යොමුකරන බව කැබිනටි ප්‍රකාශකවරයා සඳහන් කළා. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු පළාත් පාලන මැතිවරණ හකුළා දැමීමේ ඊළඟ පියවරයි. මැතිවරණ කල් දැමීමට එරෙහිව එදා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය අධිකරණයට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය එයයි. ඒ නිසා පක්ෂයේ උත්පත්තිය සිදුවූ සැප්තැම්බර් දෙවැනි දා මැතිවරණ සිතියම හකුළා දැමීමට එරෙහිව හඬ නැඟීමට හොඳම දවසයි. ක්‍රමය නෙවෙයි වැදගත් මිනිස්සුන්ට මැතිවරණ අවශ්‍යයි. ඒ නිසා මැතිවරණ දිනා ගැනීමට මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතුයි. පසුගිය සතියේදී මෙරට දේශපාලනයේ රවී නීච වුණා. ඒ සමගම යම් දේශපාලනයේ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වුණා. අපට හිතෙන හැටියට මීට දෙවසරකට පෙර අගෝස්තු මාසයේ 17 වැනිදාවක දී ලාංකීය දේශපාලනයට සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා. එම මැතිවරණයට පැය හැත්තෑ දෙකකට පෙර මැතිවරණ ප්රථිඵලයට බලපෑම් කිරීම සඳහා පක්ෂයේ මහලේකම්වරුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් කරනවා. ඒ නිසා මැතිවරණ ප්‍රතිඵල කෘතී්රමයි. ඒ වගේම ඡුන්දයෙන් ප්‍රතික්ෂේප වූ අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළා. අද සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිදෙනෙක්ගෙන් එක අයෙක් පැරදුණ මන්ත්‍රීවරයෙක්. ඒ පාර්ලිමේන්තුව රටම පරාජයට පත්වන තීන්දු ගන්නවා. මෙය බරපතළ කාරනාවක්.රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉවත්වීම නව දේශපාලන සංස්කෘතිය ඇරඹුමක් බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඔහු මුදල් ඇමැතිවරයා වශයෙන් පත් කරන විටත් ඔහුට එරෙහිව විනිමය වංචාවක් සම්බන්ධයෙන් නඩුවක් තිබුණා. ඔහු පළමු අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට එන්නේ විනිමය වංචාව සම්බන්ධ නඩුවකට අධිකරණයේ පෙනී ඉඳලයි. එහෙම තමයි මේ ආණ්ඩුවේ යහපාලනය ආරම්භ වෙන්නේ. වර්තමාන ආණ්ඩුව වෛරී දේශපාලනයක නිරතවනවා. රාජපක්ෂවරුන්ට විරුද්ධව නඩු ඇසීමට පමණක් වෙනම අධිකරණයක් පිහිටවන්න ආණ්ඩුව සූදානම් වෙන්නේ ඒ නිසයි. එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව තිලක් මාරපන අමාත්‍යවරයාත් ප්‍රකාශ කරනවා.පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක සභාපතිවරුන් අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුව අහල ඉවර වෙලා මාස තුනයි. තවමත් තීන්දුව ප්‍රකාශයට පත් කර නැහැ. එෆ්.සී.අයි.ඞී ආයතනය නීතිවිරෝධී බව සඳහන් කරමින් ඇල්ලේ ගුණවංශ හිමියන් ප්රමුඛ සිවිල් සංවිධාන අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුවත් අහල ඉවරයි. මේ වනතුරුත් තීන්දුව ප්‍රකාශයට පත් කර නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ගැනත් සාකච්ඡා කරනවා නම් ඉතාම වටිනවා. අධිකරණයත් සමඟ කරන්න සූදානම් වන ක්‍රීඩාව වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.අධිකරණයත් සමඟ හැප්පුණු කිසිම ආණ්ඩුවක් නිරවුල් ගමනක් ගිහිල්ලා නැහැ. ෆීල්ඞ් මාර්ෂල් ඇඳුම අන්දලා ඉතිහාසයේ පළමුවතාවට හමුදා නිලධාරියෙක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ වගේ අවශ්‍යනම් රාජිත සේනාරත්න මහතා හෝ වෙනත් කවුරු හෝ අගවිනිසුරු වශයෙන් පත්කරගෙන ඍජුව පළිගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න. එය වෙනම කතාවක්. යහපාලන මුද්‍රාව ඉදිරියෙන් තබාගෙන ප්රජාතන්ත්රවාදය පිළිබඳව උදේ හවස කතා කරමින් මේ ගෙන යන වැඩ පිළිවෙළ කරුණාකරලා නවත්වන්න.මීට පෙර හිටපු නීතිපති යුවන්ජන් විජේරත්න මහතාගේ ආත්ම ගරුත්වය සි`දලමින් රජයේ අමාත්‍යවරුන් නොයෙකුත් ප්‍රකාශ කළා. එතුමා ධූරයෙන් ඉවත් වුණාම පත්වෙන්නේ සුදුසුකම් ලැයිස්තුවේ ඊළඟට හිටපු කෙනා නෙවෙයි. මේ ආණ්ඩුව යන්න හදන්නේ කොතැනට ද? හිටපු විදේශ අමාත්‍යවරයා ජනාධිපති කොමිසමට කැඳවන්නේ සාක්ක්ෂිකරුවෙක් වශයෙනුයි. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කතාබහක් ගොඩනැගෙන්නේ ඔහු කොමිසමේ දී ලබාදුන් සාක්ෂි අනුවයි. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් කෙළින්ම රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනවා. ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක් ඔප්පුවෙලා නැහැ.එමෙන්ම විජයදාස රාජපක්ෂ මහතාට කිසිම වංචනික චෝදනා, අපචාර පිළිබඳව හෝ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් නැහැ. එහෙත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමේ එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල යෝජනාවට අපිට වග කියන්න බැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයාට එරෙහිව යුද වැදුණු මොහොතේ සිට විජයදාස රාජපක්ෂ මහතාට එරෙහි කැරැල්ල නිර්මාණය වුණා. එම නියෝජිතයාගේ සාක්ක්ෂි පදනම් විරහිත බවට අධිකරණ අමාත්‍යවරයා කළ ප්‍රකාශයත් සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කැළඹිල්ලට පත්වුණා.ඊළඟට ඔහු හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කළ ප්‍රකාශත් මෙයට පදනම් වුණා. අමාත්‍ය භූමිකාවට වඩා තමන්ගේ හෘද සාක්ෂිය ඔහු හැමවිටම ඉහළින් තබනවා. ඔහු එදා අපිට විරුද්ධව දැවැන්ත ප්‍රහාර එල්ල කළා. අද ඔහුට එරෙහිව අවි ඔසවන බොහො දෙනා එදා මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්න ආවා. ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණොත් අපි ඒ කරුණු දිහා බලාගෙන ඉන්නවා යැයි පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ ජනතාව නව රජයක් පත් කර ගැනීමේ කි‍්‍රයාමාර්ගයට දායක වී අදට වසර දෙකක් සපිරෙනවා. ඒ මැතිවරණයේ දී ජනතාව කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබාදුන්නේ නැහැ. අගමැතිකම තියාගෙනත් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 113ක බලයක් ලබා ගන්න බැරි වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව මාස හතක් ඇතුළත දී මහාමැතිවරණයෙන් කරට කර ප්‍රතිඵලයක් දීමට බුලත් කොළයට හැකි වුණා.ඡන්ද දායකයන් දුන් ජන වරමට අත නොතබන බවට දිවුරා පොරොන්දු වුණු එජාපය වසර දෙකක් තිස්සේ මේරටේ පළාත් පාලන මැතිවරණය පවත්වා නැහැ. දැන් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ පළාත් සභා මැතිවරණයත් කල් දාන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව විසිරෙන නැගෙනහිර, උතුරු මැද, සබරගමු පළාත් සභා තුන කල් දැමීමේ පනත් කෙටුම් පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. එය ප්රජාතන්ත්ර විරෝධී කි්රයාවක් නිසා ඒකාබද්ධ විපක්ෂය එය ප්‍රතික්ෂේප කරනවා. අපි මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ වසර දෙක තුළ ප්රජාතන්ත්රවාදයේ මළගම ගේන්න මේ ආණ්ඩුව කටයුතු කළා. අපි ඒ ප්රජාතන්ත්රවාදය නැවත ගේන්න කැප වෙනවා.ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැප වුණු ශිෂ්‍ය ව්‍යාපාරය, ආචාර්යවරු මහාචාර්යවරු සමග ආණ්ඩුව ප්රජාතන්ත්රවාදි සාකච්ඡාවක් මේවනතුරු පවත්වා නැහැ. වැඩ වර්ජනයේ යෙදුණු අයට මැර බලයෙන් පහර දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව ප්රශ්නය විසදාගැනීම වෙනුවට එජාපයේ මැරබලය යොදාගන්නවා. කිසිම හිංසාවක් කිරීමේ බලයක් කිසිවකුටත් නැහැ. අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙන්නේ පොලීසියට පමණයි.සිරිකොත මන්දිරයට ලංකාවේ අධිකරණ බලය පවරා නැහැ. පොලිස් බලය පවරා නැහැ. අද වෙනතුරු මේ වැඩකරන කි‍්‍රයාකාරී වර්ජකයන්ට පහරදුන් පිරිස් අත්අඩංගුවට ගෙන නැහැ. සමාජ වෙබ් අඩවියේ පොලිස්පතිතුමාගේ පින්තූරයක් යනවා. මේ ගැන පොලිස්පති තවම ප්‍රකාශයක් කරලා නැහැ.මේ වනතුරු ස්වභාවික ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන නැහැ. ආර්ථික කළමනාකරණයේ අසාර්ථක මොවුන්ට තිබෙන එකම වැඩපිළවෙළ විදේශිකයන්ට රටේ දේපොළ විකිණිමයි. සෑම ක්ෂේත්රයකම ප්‍රශ්න ඇති වෙලා. ආර්ථික වංචාවන් ඉදිරියේ අදෝනා නැගීමක් මූල්‍යම හා නීතිමය ක්ෂේත්රයේ ඇතිවෙලා. විදේශ ඇමැති විශ්වාසභංගයක් ගෙනාවම අස්වුණා. ගෙදර ගියෙත් නැහැ. පිටුපසට ගියේ. මේ බරපතළ තත්ත්වයන් තුළ රජය ජනතා ප්‍රශ්න විසඳීමට අපොහොසත්. හෙට දිනයේ සාමකාමී විරෝධතාවක් කොළඹ නගරයේදී පවත්වනාව. එයට එක්වන්නැයි අපි ආරාධනා කරනවා.මේ වන විට බරපතළ පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. බද්දෙන් නිදහස් කර තිබුණු කොට්ඨාස 46කට බදු පැනවීම හා පවතින බදු වැඩිකරන දේශීය ආදායම් පනත පිටරටදී සකසා කැබිනට් මණ්ඩලය අනුමත කර සම්මත කර ගැනීමේ උත්සාහයට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි.පන්සලේ, පල්ලියේ, කෝවිලේ මුස්ලිම් දේවස්ථානවලින් නිදහස් කළ බදු සිට ඈත එපිට ගොවියාගේ සිට විදේශ විනිමය උපයා එන අයටත් බදු පනවන්න යන්නේ. මේ රටෙන් මුදල් උපයාගෙන යන අය බද්දෙන් නිදහස් කරන මේ වැඩ පිළිවෙළ අපි අනුමත කරන්නේ නැහැ.ඒ වගේම පළාත් පාලන ආයතන පනත් කෙටුම්පත සම්මත කරන්න සුදානම්ව තිබිය දී සංශෝධන රාශියක් කරන්න තියෙන බව රජය කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග අනුවයි නීති සම්මත කළ යුත්තේ. එහෙත් ඊට පටහැනිව මෙම සංශෝධන ගේන්න ආණ්ඩුව උත්සාහ දරනවා.ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.ඇල් පිරිස් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. | රවී ජංජාලයක | 0 |
hp_train_7708 | (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)අතීතයේ ඇතැම් ආණ්ඩු හවුල් පක්ෂවලට පහරදී ඒවා විනාශ කරගත් බවත් මේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා අත යැයි ඔබ සියලු දෙනාට සිහිපත් කර දෙන බවත් හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය."අපි ගහගන්න ජාතියේ මිනිස්සු නොවෙයි. ඒත් ගැහුවොත් අපි ගහන්නේ ඔය විදියට නොවෙයි. අපි ගහන්න ගිය දාට කාට මොන තුවාල ඇති වේද කියන්න මමවත් දන්නේ නැහැ.." යැයිද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කීවේය.මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසුවේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී මෙයට පෙර ඔහුට විරුද්ධව කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි.හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය."මම ගෙවල් තුනක් එකතු කරලා පදිංචි වෙලා ඉන්නවා කියලා කෘෂිකර්ම ඇමැතිතුමා මේ සභාවේදී ප්‍රකාශයක් කළා. එය ඔප්පු කළොත් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවට මම අභියෝගයක් කළා. ඒත් ඔහු මේ දක්වාම ඒ චෝදනාව ඔප්පු කරල නැහැ. එතුමා කියපු කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යක්. ඊට පස්සේ ජනාධිපති වැය ශීර්ෂය විවාදයට ගත් පසුගිය අඟහරුවාදා මහින්දානන්ද ප්‍රකාශ කළා, හිටපු ජනාධිපතිවරයා වාහන දෙසීයක් පාවිච්චි කළා කියලා. ඒ වගේම ඒ කාලේ ජනාධිපති කාර්යාලයේ වියදම රුපියල් බිලියන 3.5යි කියලත් ඔහු ප්‍රකාශ කළා. වාහන එක ගාණේ පාවිච්චි කළත් දවස් දෙසීයක් යනවා. ඒ කතාවත් සම්පූර්ණයෙන්ම අසත්‍යක්. මට වෙන් කරලා තිබුණේ වාහන හතරයි. මේවා සම්පූර්ණයෙන්ම මඩ ගැහිලි."මම විශාල වශයෙන් මුදල් වියදම් කරලා තියෙනවා කියලා ඔහු සඳහන් කළා. මගේ කාලේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කළා. ඒ ව්‍යාපෘති අද කොහෙත්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. ජාතික පරිසර වැඩසටහන මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන, දරුවන් රකිමු ජාතික වැඩපිළිවෙළ, වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙල යන වැඩසටහන් වලට තමයි මේ මුදල් වියදම් කළේ. ඒ වැඩසටහන් රට පුරා ඉතා සාර්ථක වුණා.මමත් මේ ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක්. ආණ්ඩුවේ ඇමතිවරයකු මට මෙහෙම චෝදනා කිරීම වැරදියි. මේවා දුරදිග යන්න දෙන්න එපා. අපි දාහතර දෙනා පෙරේදා රැස්වෙලා තමයි මේ ප්‍රකාශය කරන්න තීරණය කළේ. මේ මඩ ගැහිලි, වැරදි ප්‍රචාර වලට ඉඩ දෙන්න එපා කියලා කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා:හිටපු ජනාධිපතිතුමාට මෙහෙම මඩ ගහනකොට අපට ඉවසගෙන ඉන්න බැහැ. මහින්දානන්ද අද මොණරෙක් වගේ පිල් විදහාගෙන නටනවා. හැබැයි පස්ස එළියට දාගෙන ඉන්නේ. එතුමා ඔය වළ තව හාරන්න,හාරන්න කුණු ගඳ එනවා.ආණ්ඩුවේ කොටස්කාරයන් විදිහට අපි මේ ආණ්ඩුව රැකගන්න කටයුතු කරලා තියෙනවා. ගහන්න ඕනනම් අපිට ගහන්න. පක්ෂ නායකයාට ගහලා මේක කරගෙන යන්න හැදුවොත් විශාල අර්බුදයකට යනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයෙක්. පොළොන්නරුවෙන් වැඩිම ඡන්ද ලබා ගෙන පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. ජාතික ලැයිස්තුවලින් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් නෙවෙයි.සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:මන්ත්‍රීවරයකු බරපතළ වැරදි ප්‍රකාශයක් කළ හොත් පිළිතුරු දීමට කලින් ඒ මන්ත්‍රීතුමාට දැනුම් දෙන්න කරුණාකරලා සභාවට ඇවිල්ලා ඉන්න කියලා. එහෙම වුණා නම් එතුමාට ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න අවස්ථාව තිබුණා. අඩුපාඩුවක් වෙලා නැතිනම් ඒක පැහැදිලි කරයි කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ නැහැ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම මෙතන සඳහන් වුණා කියලා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති කාර්යාලයේ වියදම් සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන මේ සභාවේදී එදා ඇගයීමට ලක් වුණා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවත් අතර කිසිම ගැටලුවක් මතුවී නැහැ. ඒ විදිහට අර්ථ නිරූපණය කිරීම සාධාරණ නැහැ. ජනාධිපතිතුමා තමන්ගෙ වැය ශීර්ෂය ගැන පැහැදිලි ආදර්ශයක් ලබාදී තිබෙනවා. එතුමා ඒක පැහැදිලිව කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහතා රට එක්කගෙන ගියේ ඉතාම සීමිත නිලධාරින් පිරිසක්.තමන්ගෙ පවුලෙ කෙනෙක් අරගෙන ගියා නම් එතුමා ඒවට අතින් වැය කළා. පක්ෂ අතර අර්බුදයකට මෙය හේතුවක් නොවෙයි.කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා:මම මෙතන නැති වෙලාවෙ දයාසිරි ජයසේකර ඇමැතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා, වළවල් හෑරුවම ගඳ වැඩිවෙයි කියලා. හෑරුවොත් ගොඩක් ඒවයි ගඳ එයි තමයි. ඒක මමත් පිළිගන්නවා. අර්ජුන් ඇලෝසියස්ගේ චෙක්වල ඉඳලා ගොඩක් දේවල් එන්න පුළුවන්. ඒ නිසා මම වළවල් ගැන කතා කරන්නේ නෑ.හිටපු ජනාධිපතිවරයාගේත් වර්තමාන ජනාධිතිවරයාගේත් වැය ශීර්ෂ ගැන මම මෙතනදී කතා කළා. මම කිව්වේ වැය ශීර්ෂ දෙක අතර වෙනසයි. වර්තමාන ජනාධිපතිවරයා රටට ලබා දීපු ආදර්ශය මම කතා කළා.ඒක කියන්න අපිට අයිතියක් තියෙනවා.මට මගේ ජනාධිපතිතුමා ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරයාට වඩා වත්මන් ජනාධිපතිවරයා බිලියන 1.7 ක් ඉතිරි කරල තියෙනවා නම් ඒක කතා කිරීමේ අයිතිය අපට තියෙනවා. මම ඒක තමයි පැහැදිලි කරල තියෙන්නෙ. මම ඒ වියදම් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.මම එතුමාගේ නිලනිවෙස ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විස්තර ලබා ගත්තා. මම මේක කියන්න හිටියේ නැහැ. දොස් කියපු නිසා මම දැන් මේක සභාගත කරනවා. කිසිදු පක්ෂ නායකයකුට ගහන්න අපට අවශ්‍යතාවක් නැහැ. මහින්දානන්දට වෙළේ යන්න බැහැ කියලත් කිව්වනේ. අපි වෙළේ වගේම නියරේත් ගිහිල්ලා තියෙනවා. අපිට ගහන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට ගැහුවොත් අපිත් ගහනවා. අපි වැරදි කරල නැහැ. කොන්ද පස්සට තියාගෙන නපුංසකයෝ වෙන්න අපි ලැහැස්ති නැහැ. අපි නැති වෙලාවෙ මේවා කතා කිරීම වැරදියි.මගේ පඹයෝ නෙමෙයි, මොක පිච්චවත් මම රජයේ තීන්දුව සමග සිටිනවා.මෛත්‍රිපාල සිරිසේන මහතා:මහින්දානන්ද බොහොම වේගවත් සංවේදී කතාවක් කළා. හිටපු ජනාධිපති විදිහට ඒ චෝදනාවලට පිළිතුරු දීමට මටත් අයිතියක් තියෙනවා. අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ. අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. අපි ගහගන්න ජාතියේ මිනිස්සු නෙවෙයි. ආපු ගැහුවොත් ගහන්නේ ඔය විදියට නොවෙයි. වෙන විදියකට. ඒකත් මම කියන්නට ඕන." ජනාධිපති වැය ශීර්ෂ ගැන මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශ ගැන ගැටලුවක් නැහැ. වර්තමාන ජනාධිපතිවරයා ආදර්ශයක් දීල තියෙනවා කියලා දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාත් ප්‍රකාශයක් කළා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ වැය ශීර්ෂයත් වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයත් අරගත්තේ මම අනවශ්‍ය විදිහට මුදල් වියදම් කළා කියලා පෙන්වන්නයි. වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා. මම ඊට කලින් හිටපු ජනාධිපතිවරුන් කටයුතු කළ විදිය ,වියදම් කරපු විදිය, අනුව නම් ආදර්ශයක් ලබාදීලා තියෙනවා. එදා ගුවන් යානා පාවිච්චි කරපු හැටි, හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි වාහන පාවිච්චි කරපු හැටි බලල 2015 ඉඳලා මම ආදර්ශයක් දුන්නා. මම ඒක පැහැදිලිවම කියනවා.ගහගන්න ගියොත් මොන මොන තුවාල ඇතිවෙයිද කියන එක ප්‍රශ්නයක්. අතීතයේ සමහර පක්ෂ ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දාහතර දෙනා අතේ. ආණ්ඩුව ඇතුළේ ගහ ගත්තම වෙන දේ අපි ඉතිහාසය පුරාම දැක්කා. 1947 ඉඳන් මේ රටේ ආණ්ඩු පළමුවැනි මැතිවරණයේදී බලයට පත්වෙන්න පක්ෂවල සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමග කඩා ගත්තා.බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව 64දී. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව හැත්තෑ පහේදී.ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව හයෙන් පහක බලය දික් කරගන්න ගිහිල්ලා ජනමත විචාරණයක් තියලා අන්තිමට ලලිත් ගාමිණීලා යන්න ගිහිල්ලා අද වෙනතුරුත් එක්සත් ජාතික පක්ෂයට නැගිටින්න බැරි වුණු තත්වයට ආවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ කට්ටියක් කඩාගෙන ගියා. ඒකෙන් ඒ ආණ්ඩුව ඉවර වුණා. 2014දී මම සාධාරණ හේතු මත අයින් වෙලා පොදු අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා. ඒ ආණ්ඩුව පරාජය වුණා. තුනෙන් දෙකේ බලය කියන එක සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹුරින් සහ සංකීර්ණව බුද්ධිමත්ව සහ ප්රබුද්ධව හිතන්න ඕන.මීට වඩා බහුශෘත ලෙස හිතන්න ඕන .මේ ආණ්ඩුවත් සන්ධාන ආණ්ඩුවක්. අපිටත් බොහොම වේගයෙන් කතා කරන්න පුළුවන්. අපිට නම් ගහ ගන්න බැහැ. අපි බොහොම අහිංසක මිනිස්සු. මහින්දානන්ද අලුත්ගමගේට අපේ දුමින්ද දිසානායක ඇමතිතුමා හම්බ වෙලා තියෙනවා ඊයේ. ඒ වෙලාවෙදි දුමින්ද අහලා තියනවා, මොනවද මේවැඩක් නැති වාහන කතා කියලා. එතනදි මහින්දානන්ද කියලා තියෙනවා, දන්නෙ නැද්ද අපේ ලොක්කා නඟන්න කියන දේවල්නේ ඕවා කියලා. ලොක්කා නග්ග ගත්තට අපිට කමක් නැහැ. අපිට ගහන්න එපා. අපිට ගහන්නෙ නැතුව ලොක්කා නග්ග ගන්න දේවල් ඕනතරම් තියෙනවනේ. අපිත් ඉන්නේ ඔය ලොක්කාගේ නායකත්වය යටතේ නේ. ආණ්ඩු පක්ෂය ඇතුළේ ප්‍රශ්න හදා ගන්නේ නැතුව අපි මීට වඩා සංවරව කටයුතු කළ යුතුයි. බොක්සිං ගහගන්න ඒවට නම් මම නැහැ . අපි මිත්‍රත්වය තියාගමු. පහළට වැටෙන්න ඕනේ නැහැ. මහින්දානන්ද කැබිනට් ඇමතිවරයෙක්. මම හිටපු ජනාධිපතිවරයෙක්. දයාසිරි ජයසේකර හිටපු මහ ඇමතිවරයෙක්. අපේ මට්ටම්වලට ගැලපෙන විදියට අපි කතාබහ කර ගනිමු.මගේ ගෙවල් ගැන කියනකොට අනිත් අයගෙ ගෙවල් ගැනත් කියනවා නම් හොඳයි. වර්තමාන ජනාධිපතිතුමා ආදර්ශයක් දීල තියෙනවා. මම ඒක හොඳ දෙයක් විදිහට දකිනවා. මම ඊට කලින් හිටපු ජනාධිපතිවරුන් ක්‍රියා කරපු ආකාරය දිහා බලලා ආදර්ශයක් දීල තියෙනවා.අපි ගුණයහපත්, යමක් කමක් තේරෙන මිනිස්සු විදිහට වැඩකරමු කියලා මම යෝජනා කරනවා. මේක දිගට ගෙන යෑම අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න යම් කිසි තැනකට ගන්න එක සභානායකතුමාගේ වගකීම.මහින්දානන්ද ඇමතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා. කැබිනට් එකට බොරු කිව්වා. පාර්ලිමේන්තුවට බොරු කිව්වා. ජනතාවට බොරු කිව්ව. ගොවීන්ට බොරු කිව්වා. පාරිභෝගිකයාට බොරු කිව්වා. ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම අවුලක් ඇති වෙලා ආණ්ඩුව අප්‍රසාදයට පත් වුණේ. ආණ්ඩුව මේ කාලයේදී බරපතළ ලෙස අප්‍රසාදයට පත්වීමට හේතුව ඔබතුමාගේ ක්‍රියාකලාපය. ඒකෙන් තමයි පඹයෝ පුච්චන ඒව ඔක්කොම ආවේ. ඔබතුමාගේ පඹයෝ පුච්ච ගත්තේ ඔබතුමාමයි. මම මේවා උපේක්ෂා සහගතව ඉවසන කෙනෙක්. ආණ්ඩුවක් විදිහට වැඩ කරනව නම් සහයෝගයෙන් වැඩ කරමු. මම ඊට වඩා කියන්නේ නැහැ.කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා:මම ජනාධිපතිතුමා චූන් කරන්න යමක් කිව්වා කියල හිටපු ජනාධිපතිතුමා දැන් මෙතන කිව්වා. ඒක අතේ පැලවෙන බොරුවක්. මහින්දානන්ද නිසයි මේ ඔක්කොම වුණේ කියලා එතුමා තවත් කතාවක් කිව්වා . මම ක්‍රියාත්මක කළේ රජයේ ප්‍රතිපත්තිය. ඒ නිසා මට පාස්කු ප්‍රහාරය ගැනත් මෙතන කියන්න පුළුවන් .එහෙම නම් මම ඒක ගැනත් කියන්නම්.ඒ නිසා මම එතනින් එහාට යන්නෙ නෑ .මෛත්‍රිපාල ජනාධිපතිවරයාට රිදෙන්න පුළුවන්. මම කිසි දවසක බොරුවක් කියලා නැහැ.මම හිටියේ ප්‍රතිපත්තිය වෙනුවෙන්. මම අගමැති දාලා ගිහින් අගමැතිගෙ කකුලෙන් අදින්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ බොරු කියන්න හොඳ නැහැ. | ‘‘අපි ගහන්නේ නෑ හැබැයි ගහපු දාට කාට කාට වදිද දන්නේ නෑ‘‘ | 1 |
hp_train_7709 | (ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14) සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක් ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය. | ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 19 කින් සම්මතයි | 0 |
hp_train_7710 | (හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටින් ප්‍රනාන්දු)වර්ෂාව හේතුවෙන් මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4326 ක පුද්ගලයින් 15830 දෙනෙකු පීඩාවන්ට පත්වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.මෙයින් වැඩිම පීඩාවන්ට පත්වී ඇත්තේ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර පවුල් 1113 ක පුද්ගලයින් 4609 දෙනෙකු වන බව කියයි.මේ සමඟම පුත්තලම පවුල් 946ක පුද්ගලයින් 2988 ක්ද , වෙන්නප්පුව පවුල් 583ක පුද්ගලයින් 2028 ක් , මුන්දලම 522 ක පුද්ගලයින් 1940 ක් , මහවැව පවුල් 476 ක පුද්ගලයින් 1831 ක් , නාත්තන්ඩිය පවුල් 337 ක පුද්ගලයින් 1235 ක් ආරච්චිකට්ටුව පවුල් 215 ක පුද්ගලියන් 733ක් , මහකුඹුක්කඩවල පවුල් 62ක 194 දෙනෙකු , වනාතවිල්ලුව පවුල් 34 ක පුද්ගලයින් 127ක් කල්පිටිය පවුල් 25 ක 96 දෙනෙකු , දංකොටුව පවුල් 9 ක 31 ක් , කරුවලගස්වැව එක් පවුලක සිව් දෙනෙකු ලෙස මෙසේ පිරිස වැඩිවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.මේ සමඟම මෙම පිරිසෙන් පවුල් 1116 ක පුද්ගලයින් 4443 දෙනෙකු ආරක්ෂීත ස්ථාන වල රඳවා ඇති බව කියයි.(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)(ඡායාරූප - ඔගස්ටීන් ප්‍රනාන්දු) | වැස්සෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4326 ක් පීඩාවට | 1 |
hp_train_7711 | මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව පවතින බවත් මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත බව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයිශ්‍රී ලංකාවේ මූලය පද්ධතිය සහ මූලය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදුකරනු ලබන තැන්පතු අහිමිවී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයන් පදනේ විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටින බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.රටේමහජනතාවගේ තැන්පතු බාරගන්නා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන යන වර්ග දෙකේම නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලුම පියවර අඛණ්ඩව ගන්නා බවට ප්‍රතිඥා දෙන බව මහ බැංකු අධිපතිවරයා සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.මහ බැංකු අධිපතිවරයා කළ සම්පූර්ණ ප්‍රකාශය‘‘ශ්‍රී ලංකාවේ මූලය පද්ධතිය සහ මූලය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදුකරනු ලබන තැන්පතු අහිමි වී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයෝ පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටිති.රවට් මහජනතාවගේ තැන්පතු බාරගන්නා බැංකු සහ බැංකු නොවන මූලය ආයතන දෙවර්ගයේම නියාමකයා වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව, මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලුම පියවර අඛණ්ඩව ගන්නා බවට ප්‍රතිඥා දෙයි. මෙම තත්ත්ව යටතේ මූල්‍ය ආයතන සහ ඒවායේ ස්ථාවරභාවයට අදාළ සත්‍ය තත්ත්ව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම ප්‍රකාශයේ අපේක්ෂාවයි.‘කොවිඩ්-19’ වසංගතය සහ එහි ප්‍රතිඵල දෙස දේශීය හා ගෝලීය ආර්ථිකවල ඇති වූ මන්දගාමීත්වය නිසා මූලය අංශයේ පමණක් නොව, ආර්ථිකයේ හැම අංශයකම ආර්ථික ක්‍රියාකරකම් සම්බන්ධයෙන් අභියෝගාත්මක වාතාවරණයක් නිර්මාණය වී ඇත. ආර්ථිකයේ මූර්ත සහ මූල්‍ය අංශවල කාර්යසාධනයේ සමීප සම්බන්ධතාවක් පවතී. මූල්‍ය අංශයේ ඉදිරි කාර්යසාධනය දේශීය ව්‍යාපාරවල පැවැත්ම සහ වර්ධනය මත රඳා පවතී. එම නිසා, විවිධ ආකාරයෙන් ආර්ථිකයට අඛණ්ඩව සහාය වන සේ රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අංශයෙන්, විශේෂයෙන්ම, ශක්තිමත් ශේෂ පත්‍ර මත පදනම් වන බැංකු අංශයෙන් ඉල්ලීම් කර ඇත. මෙහිදි අදාළ අභිවයෝගවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අංශයට අවශය ද්‍රවශීලතාව සහ නියාමන සහාය ලබාදෙයි. ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීමට පෙරද, 2018 සහ 2019 කාලය තුළ, විශේෂයෙන්ම පෞද්ගලික අංශයට සපයන ලද ණයෙහි වර්ධනය ද, සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය ද මන්දගාමී වීම හේතුවෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය අංශ දෙකෙහිම අක්‍රිය ණය ඉහළ යෑමක් දක්නට ලැබිණි.මෙම වසංගතය ඇරැඹුණු කාලය වන විටත්, මූර්ත ආර්ථිකයේ වර්ධනය දිරි ගන්වමින් හිතකර බදු ක්‍රමයක් ස්ථාපිත කිරීමත් සහ යෝග්‍ය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වාගැනීමත් ඇතුළුව ආර්ථිකය යළි පණ ගස්වා නඟාසිටුවීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග රජය සහ මහ බැංකුව විසින් ගෙන තිබිණි.‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් තාවකාලිකව පසුබෑමකට ලක් වුව ද, ශ්‍රී ලංකා ආර්ථිකය සහ මූල්‍ය අංශය අඛණ්ඩව ක්රියාශීලීවද කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව ද පවතිනු ඇතැයි අපි විශ්වාස කරමු. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ඉදිරි කාලපරිච්ඡේදය තුළ මෙම තත්ත්ව වඩාත් ශක්තිමත් වනු ඇත.සියයට 16ට වඩා ඉහළ මට්ටමක පවතින සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය, සියයට 130ට වඩා ඉහළ මට්ටමක පවතින ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය, සියයට 175ට වඩා ඉහළ මට්ටමක පවතින ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ සියයට 32ට වඩා ඉහළ මට්ටමක පවතින ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය සමඟ බැංකු පද්ධතිය ශක්තිමත්ව පවතී. 2020 පළමු කාර්තුව තුළ අක්‍රිය ණය අනුපාතය යේ තරමක පහළ යෑමක් වාර්තා කර ඇති අතර වෙන් කිරීම් ආවරණ අනුපාතය ද ඉහළ ගොස් තිබේ. නව බදු ප්‍රතිපත්තියේ ප්රතිලාභ ලබමින් 2020 පළමු කාර්තුව සඳහා බැංකු අංශයේ බදු පසු ලාභය, පෙර වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙම කාර්යසාධන දර්ශක සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයෙන් සියයට 62වන බැංකු පද්ධතියේ වත්මන් ස්ථායීතාව පිළිබඳව අමතර සහතිකයක් කිසිවකුටත් අවශ්‍ය වේ යැයි මම නොසිතමි.අපි දැන් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත, විශේෂයෙන්ම බලපත්‍රලාභී මුදල් සමාගම් අංශය වෙත අවධානය යොමු කරමු. ආර්ථිකයේ සාපේක්ෂ වශයෙන් අඩු ආදායම් හිමි කාණ්ඩවල විවිධ ගුණත්වයෙන් යුතු ණය අවශ්‍යතා සපුරාලමින් මෙම ආයතන රටේ මූල්‍ය අංශය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෝටර් රථ ආනයනය සීමා කිරීම වැනි සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මඟින් මූල්‍ය සමාගම් කෙරෙහි අසමතුලිත බලපෑමක් ඇති කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීමේ අරමුණෙහි කොටසක් ලෙස බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අවශය ද්‍රවශීලතා සහාය ලබා දී ඇති අතරම හදිසි අවස්ථාවල දී මූල්‍ය පද්ධතිය සඳහා සහාය සැපයීමට ද සූදානම්ව සිටී.මෑතක දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී.හි බලපත්‍රය අවලංගු කිරීමත් සමඟ මෙම ප්‍රකාශය ආරම්භයේදී මා දක්වන ලද පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කිරීම ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීම සහ මෑතකාලීනව තවත් මුදල් සමාගම් කිහිපයකට එරෙහිව නියාමන ක්‍රියාමාර්ග ගනු ලැබුවේ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව තහවුරු කිරීම සඳහා බව මා විසින් අවධාරණය කළ යුතු වේ.ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීවමන් පසු එහි තැන්පත්කරුවන්ගෙන් සියයට 93ක් එනම් තැන්පත්කරුවන් 135,100ක් සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය හරහා පූර්ණ වන්දි ලබාදීමට අපට දැන් හැකියාවක් ඇත. ඉතිරි තැන්පත්කරුවන් 10,072ට මූලික වශයෙන් එක් තැන්පතු හිමියකුට රු. 600,000ක් දක්වා වන්දි මුදලක් ලැබෙනු ඇත. මීට පෙරදී ද මේ හා සමානව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සහ ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් හි බලපත්‍ර අවලංගු කිරීමට කිරීමට අදාළව එම සමාගම්වල තැන්පත්කරුවන්ගෙන් සියයට 95 ක් සඳහා මේ වනවිටත් පූර්ණ වන්දි ලබා දී ඇත.අධිකරණ කටයුතු හේතුවෙන් ටී.කේ.එෆ්. ෆිනෑන්ස් ලිමිටඩ් හි තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම ප්‍රමාද වී මේ වනතෙක් සියයට 26 කට සීමා වී තිබුණු නමුත් මහ බැංකුව වන්දි ගෙවීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති අතර මෙම සමාගමේ සියලුම තැන්පත්කරුවන් ආවරණය කිරීමට අපේක්ෂා කරයි. ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. මුදල් සමාගමේ දිගු කාලයක් පුරාවට පැවති එයටම ආවේණික ගැටලු හේතුවෙන් තැන්පත්කරුවන්ගේ ප්රතිලාභ ආරක්ෂා කිරීම සඳහා එම ආයතනය සම්බන්ධයෙන් නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බව මහජනතාව තේරුම් ගනු ඇතැයි මම විශ්වාස කරමි. ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ගනු ලැබූ එවැනි නිවැරදි කිරීමේ නියාමන ක්‍රියාමාර්ග මඟින් සමස්ත බැංකු නොවන මූල්‍ය ආයතන අංශයම අසාර්ථක වී ඇති බවක් අදහස් නොවේ. ඇතැම් බලපත්‍රලාභී මුදල් සමාගම් කුඩා හෝ මධ්‍ය පරිමාණයේ බැංකු ආයතන හා සම මට්ටමක පවතින බව අප විසින් සැබවින්ම නිරීක්ෂෂණය කර ඇත. එබැවින්, අපගේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ තත්ත්වය පිළිබඳ සැකයට හේතු වන පදනම් විරහිත අදහස් සහ ද්වේශ සහගත අනුමාන මඟින් වැරැදි අවබෝධයක් ඇති කර නොගන්නා ලෙස මම මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිමි.ඉහත කරුණු දැක්වීමට අමතරව මහ බැංකුව අතීතයේදී දැඩිව අවධාරණය කරන ලද බැංකු සහ මූල්‍ය ව්‍යාපාරවල වැදගත් පොදු කරුණක් නැවත අවධාරණය කිරීමට මට ඉඩ ලබාදෙන්න. මහ බැංකුව බලපත්‍ර ලබා දී විවිධ මූල්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණය කළ ද එම ආයතනවල සියලු මෙහෙයුම් කටයුතු මහ බැංකුව විසින් දෛනිකව කළමනාකරණය කරනු ලබන බව එයින් අදහස් නොවේ. මෙම ආයතනවල ව්‍යාපාර ආකෘති එකිනෙකට වෙනස් වන අතර ඉහළ ප්රතිලාභ උපයන ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් ලබාගන්නා ප්රතිලාභ තුළින් තැන්පත්කරුවන්ට විවිධ මට්ටමේ පොලී දීමනා ලබාදීමට ඔවුන්ට හැකි වේ.එබැවින්, තැන්පතු සඳහා ලබාදෙන ඉහළ පොලී අනුපාතික මඟින් සාමාන්‍යයෙන් අදහස් කරනුයේ අදාළ ආයතන වඩාත් අවදානම් සහගත ව්‍යාපාරවල නිරත වන බව පොදු මහජනතාව සැලකිල්ලට ගත යුතුය.බැංකු නොවන මූල්‍ය අංශය සම්බන්ධයෙන් මහ බැංකුවේ පණිවුඩය වනුවේ මූල්‍ය ආයතන ඒකාබද්ධ වීම සඳහා ඇති අවශයතාවයි. කුඩා මූල්‍ය ආයතන ශක්තිමත් මූල්‍ය ආයතන සමඟ ඒකාබද්ධ වීම පිළිබඳ සලකා බැලිය යුතුය. ආර්ථිකයේ විශාලත්වය හා සැසඳීමේදී ශ්‍රී ලංකාව තුළ පමණට වඩා වැඩි මූල්‍ය ආයතන ප්‍රමාණයක් පවතින බවට අප විසින් නැවත නැවතත් අවධාරණය කර ඇත. ඒ අතරම, ආනයන මූල්‍යකරණය සහ ඒ හා සම්බන්ධ වෙනත් සාම්ප්‍රදායික ව්‍යාපාරික ක්‍රියාකාරකම් තුළින් ලබන කෙටිකාලීන ලාභ මත පමණක් පදනම් වීම වෙනුවට විශේෂයෙන්ම දේශීය නිෂ්පාදන කටයුතුවලට සහාය වීමට තම ව්‍යාපාර ආකෘති විවිධාංගීකරණය කරන ලෙසත් අපි මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටිමු. ඉහත යෝජනා කර ඇති පරිදි බැංකු නොවන මූල්‍ය ආයතන මෙන්ම බැංකු ආයතන හැසිරවීම සඳහා මහ බැංකුව අනාගතයේදී සිය අධිකාරිය සහ බලතල භාවිත කරනු ඇත.අවසාන වශයෙන්, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු මෙවලම් මහ බැංකුව විසින් භාවිත කරනු ඇති බවට මම දැඩිව අවධාරණය කිරීමට කැමැත්වතමි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති විය හැකි ආර්ථික හා මූල්‍යමය කඩාවැටීම්වලින් හෝ අනාගතයේ ඇති විය හැකි වෙනත් ඕනෑම අනපේක්ෂිත සිදුවීමකින් මහජනයාගේ තැන්පතු සුරක්ෂිතව තබා ගැනීම සඳහා මහ බැංකුව කැප වී සිටී. තවද, බැංකු හා බැංකු නොවන මූල්‍ය අංශය තුළ අයුක්ති සහගත ලෙස කඩා කප්පල් කිරීම් කිරීමේ අරමුණ ඇතිව ව්‍යාජ හෝ නොමඟ යවන සුළු තොරතුරු පතුරුවා හරින පුද්ගලයන් හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව පසුබට නොවන බව ද සඳහන් කළ යුතුය.’’055 | ජාතික රජයේ 2025 පොහොසත් රටක් එළිදැක්වුණ වගයි | 0 |
hp_train_7712 | කුණකටුවකු සැඟවී සිටි හිස් වැස්මක් දමාගෙන බදුල්ලේ සිට මීගහකිවුලට පැමිණි තරුණයෙකු පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තාවේ. අදාළ තරුණයාගෙන් අසා දැනගත් අන්දමට සිද්ධිය මෙසේය. බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීගහකිවුල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කළේය. රැකියාවට පැමිණියේ යතුරුපැදියෙනි. පසුගිය දිනෙක ද කඩිමුඩියේම හිස්වැසුම දමාගත් ඔහු යතුරුපැදියෙන් වැඩට එන්නට පිටත් වුනේය.මීගහකිවුල නගරය ආසන්න වෙද්දී හිස්වැස්මේ ඇතුළත කිසියම් දෙයක් දඟලන්නාක් මෙන් ඔහුට දැනුනි. එහෙත් ඒ ගැන තැකීමක් නොකළ ඔහු සේවා ස්ථානයටම පැමිණියේ ඒ වනවිටත් සේවයට පැමිණිය යුතු වේලාව ආසන්නව තිබූ නිසාය. ගමන නිමාකොට හිස්වැස්ම ගලවා හිසෙන් ඉවත්කරනවාත් සමගම හිස්වැස්මෙන් එළියට පැන්නේ අඩි එකහමාරක් පමණ දිගැති කුණකටුවෙකි.හිස්වැස්මටත් හිසටත් හිරවීම නිසා කුණකටුවා දැඟලුවත් වාසනාවකට මෙන් ඌ දෂ්ඨ කර නොතිබිණි.(වියලුව වාර්තාකරු) | කුණකටුවෙක් හිසෙන් අරන් වැඩටත් ගිහින් | 0 |
hp_train_7713 | ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (4) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 9,304ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (4) පස්වරු 6 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 216,919ක් විය.ඉන්දියාවෙන් දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 9,000ක් වාර්තා වූ පළම දිනය අද දිනය විය.මේ වනවිට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට පත්ව ඇත්තේ ද අසල්වැසි ඉන්දියාව යි.ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 1,04,107ක් වන අතර වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 1,06,737කි. ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 260ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 6,075ක් දක්වා ඉහළ ගියේය.ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ එරට වාණිජ අගනගරය පිහිටි මුම්බායි නුවර අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 74,860 දෙනකු හඳුනාගෙන තිබිණි. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන තමිල්නාඩු ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 25,872 දෙනකු වාර්තා වී තිබිණි. දිල්ලියෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන්ගේ ගණන 23,645කි. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 18,100කි.එන්.ඩී.ටීවී.055 | ඉන්දියාවෙන් අදත් කොරෝනා ආසාදිතයන් 9,000ක් | 0 |
hp_train_7714 | ජුඩ් සමන්තඋත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම සඳහා ළඟ තබා ගෙන සිටි හලාවත නගරයේ ව්‍යාපාරිකයින් 8 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.ව්‍යාපාරිකයින් 25 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට අවවාද කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.ඊයේ (10) දවස පුරා සිදු කරන ලද මෙහෙයුම පසුව මොවුනට නඩු පවරා ඇත.සුපිරි වෙළඳසල්,අවන්හල්,සිල්ලර අලෙවිසල් සහ කුඩා ප්‍රමාණයේ හෝටල් 80 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.එහිදී ව්‍යාපාරික ස්ථාන 15 ක තිබූ මිනිස් පරිභෝජනයට නුදුසුදු ආහාර තම බාරයට ගෙන විනාශ කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.කල් ඉකුත් වූ ඇසුරුම් කරන ලද ආහාර අලෙවිය සඳහා ළඟ තබා ගෙන සිටීම, කෘමී සතුන්ට සහ දුහුවිල්ලට නිරාවරණය වන පරිදි ආහාර අසුරා තබා ගෙන සිටීම,විවිධ ලේබල් අඩුපාඩු සහිත ආහාර අලෙවිය සඳහා ගබඩා කර තබා ගෙන සිටීම,ඇතුළු චෝදනාවන් යටතේ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත. | පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 13 කට නඩු | 0 |
hp_train_7715 | ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 28/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31229050ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30239070ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ34248555ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල33239070වැසි ස්වල්පයක් ඇතිවිය හැක.යාපනය30238560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර31199050ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය21069560ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය33249560වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ත්‍රීකුණාමළය30248070ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31248565ප්‍රධාන වශයෙන් වැසි රහිත | ‘නුවරඑළියට මල් තුහින‘ | 0 |
hp_train_7716 | ( කාංචන කුමාර ආරියදාස)හඳුනානොගත් රෝගයක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ තක්කාලි වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමකට ලක්ව ඇතැයි තක්කාලි ගොවීහු පවසති. මාතලේ,ලග්ගල , දඹුල්ල, ගලේවෙල, නාඋල , සීගිරිය යන ගොවිජන සේවා බල ප්‍රදේශවල මේ දිනවල විශාල වශයෙන් තක්කාලි වගාව ආරම්භ කර අස්වනු නෙලීමට ආසන්නව තිබියදී එක වරම මෙම රෝගය ව්‍යාප්ත වී වගාවන් විනාශ වෙමින් පවතින බව ගොවීහු වැඩිදුරටත් පෙන්වා දෙති.පසුගිය දින කිහිපයේ පැවැති වර්ෂාවත් සමඟ දීන කිහිපයක් ගත වෙද්දී තක්කාලි ගස කළු පැහැ ගැන්වී මල් , පත්‍ර සහ තක්කාලි ගෙඩි පිළිස්සී යෑමේ තත්ත්වයක් මතුව ඇති බව ගොවීහූ කියති. සීගිරිය, දඹුල්ල, ගලේවෙල, නවුල ආදී ප්‍රදේශයන්හි ගොවීන් කියාසිටියේ තක්කාලි අස්වැන්න නෙලීමට ආසන්න ව තිබියදී වර්ෂාව පතිත වීමත් සමඟ මෙම තත්ත්වය උදා වුවද මීට පෙර මෙවැනි රෝගයක් තක්කාලි වගාවේ දැක නොමැති බවයි. සීගිරියේ ඇතැම් තක්කාලි කොටු අස්වනු නෙලීම සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබෙන බවත් ඇතැම් තක්කාලි වගාවන් කුඩා අවධියේම මෙම හඳුනා නොගත් රෝගයට ගොදුරු වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. විවිධ කෘමි නාශක දියර පොහොර වර්ග සහ විවිධ බෙහෙත් වර්ග විශාල මුදලක් ලබා දී වගාවට යෙදුවද ඉන් කිසිදු පලක් නොවන බව ද තක්කාලි ගොවීන් කියා සිටිති. කෘෂිකර්ම නිලධාරින් පැමිණ තම වගාවන් පරික්ෂා කළ බවත් එහෙත් එම නිලධාරීන්ට ද මෙම රෝගය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. තම අත කනකර බඩු උගසට තබා ඇතැම් ගොවීන් විශාල වශයෙන් බැංකුවලට ණයවී වගාවන් ආරම්භ කළේ දහසක් බලාපොරොත්තු ඇතිව බවත් එහෙත් අවසානයේ දී තමන්ට ක්කාලි වගාවෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකිව විනාශ වී යාම සිදුවන නිසා ඒ පිළිබඳව සොයා බලා යම්කිසි සහනයක් ලබා දෙන්නැයි ඔවුහු කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. | අංගමාර රෝගයෙන් බිබිල තක්කාලි වගාවට බැට | 0 |
hp_train_7717 | (විජේරත්න රත්නායක)2020 වසර සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (26) සවස වැඩි ඡන්ද 03 කින් සභා සම්මත විය.හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.නිමල් සේනානායක මහතා විසින් අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව පැය පහක් පමණ පුරා පැවැති අයවැය විවාදයෙන් පසුව සිදුකෙරුණු විවෘත ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 21 ක් හා විපක්ෂව ඡන්ද 18 ක්ද ලැබිණි.එම සභාවේ සභාපතිවරයා ඇතුළු සභිකයින් 40 දෙනා අතරින් එක් මන්ත්‍රීවරියක් අද දින සභාවට පැමිණ නොසිටියාය.මෙම ඡන්ද විමසීමේදී සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයින් 11 දෙනෙක් සහ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 10 දෙනෙකුද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.එම සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 10 දෙනාද ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනාද ස්වාධීන කණ්ඩායම් දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනාද එක්සත් ජාතික පක්ෂයේ කේ.එම්.ප්‍රේමදාස හා පී.බී.සුසන්ත සිල්වා යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අජි බහාර් තුවාන් මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එච්.එච්.ජයන්ති බුද්ධිකා මන්ත්‍රීවරිය සභාවට සහභාගීව නොසිටියාය. | යක්කලමුල්ල අය වැයත් සම්මතයි | 0 |
hp_train_7718 | (අංජුල මහික වීරරත්න)‘‘රටේ වැඩි ජනගහනය නියෝජනය කරන කාන්තා පරපුරේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම කාන්තා සංවර්ධන සහකාර තනතුරු ඇති කරන බව’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.‘‘පළාත් පාලන ආයතන සහ පළාත් සභා සඳහා කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට තමා විපක්ෂයේ සිටින කාලයේ පටන් හඬ නැගූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, යහපාලන රජය යටතේ කාන්තාවට තැනක් දීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වන බවද’’ කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සහ රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.උත්සවයේදී උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් 99 දෙනකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමද, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දීමද අගමැතිවරයා අතින් සිදුකෙරිණි.උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.‘‘ස්වදේශ කටයුතු ඇමැතිතුමාත්, නියෝජ්‍ය ඇමැතිතුමාත් එක්වී ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඉතා හොඳින් කරමින් සිටිනවා. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. එතුමා රට පුරා යමින් අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා විටින් විට මාත්, ජනාධිපතිතුමාත් දැනුම්වත් කරනවා.එතුමා ඉටු කරන සේවාව පිළිබඳව මගේ ප්‍රශංසාව පළ කිරීමට කැමතියි. ඒ වගේම එතුමාගේ වැඩ කටයුතු සඳහා උපකාර කිරීමට දක්ෂ නියෝජ්‍ය ඇමැතිවරයෙකු ද සිටිනවා. ඒ නිසා නිමල් ලංසා මහතාටත් මා ප්‍රශංසා කරනවා.රජයේ බොහෝ කටයුතු ක්‍රියාත්මක වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහායි. එදා මා බියගම මන්ත්‍රී ලෙස තේරී පත්වූ වහාම පළමුවෙන් කළේ කැලණිය සහ මහර කොට්ඨාස නියෝජනය වන පරිදි බියගමට ප්‍රාදේශීය ලේකම්වරයකු පත් කිරීමයි. ඒ ප්‍රාදේශීය ලේකම්තුමා බියගම ප්‍රදේශයේ විශාල සංවර්ධනය ඇති කිරීමට මා සමග ඉතා හොඳින් කටයුතු කළා.ඒ වගේම ගංවතුර ආපදා වැඩ කටයුතු කිරීමේදී දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේත් ප්‍රාදේශීය ලේකම්වරුන් ගණනාවක් ද මට හමුවුණා.අප දැන් සූදානම් වන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඔබ හරහා අලූත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි. ඒ සම්බන්ධයෙන් මා ජනාධිපතිතුමා සමගත් මේ වන විට සාකච්ඡුා කර තිබෙනවා.රටේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී ජාතික ආණ්ඩුව බිහි කළේ පළමු වතාවටයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වමින් අප ජාතික ආණ්ඩුව බිහි කළේ රටේ සංවර්ධන වැඩකටයුතු වෙනුවෙනුයි. රට මුහුණ දී ඇති ගැටලූවලට විසඳුම් සෙවීමට නම් අප කෙටි කාලයක් හෝ එකට එක්ව වැඩකටයුතු කළ යුතු වෙනවා.ඒ අනුව එතුමා ජනාධිපති ධුරයට තේරී පත් වීමෙන් පසු මා අගමැති ලෙස වැඩ බාරගත් අතර සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී ජාතික ආණ්ඩුව නිර්මාණය කරමින් මේ වැඩකටයුතු ආරම්භ කළා.පක්ෂ දෙකක් එක්ව වැඩ කිරීමේදී බොහෝ විට ගැටලූ පැන නැගිය හැකියි. ගැටලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෙන්ම එක්සත් ජාතික පක්ෂය තුළද ඇති වනවා. විවිධ අදහස් මතු වෙනවා. නමුත් අප කෙසේ හෝ ඉදිරියට යා යුතුයි.අප බොහෝ විට අවධානය යොමු කළේ බි්රතාන්ය පාලන ක්‍රමයට වඩා ජර්මන් ක්‍රමය පිළිබඳවයි. ඇතැම් විට රටක ප්‍රධාන පක්ෂ එකතු වීමත්, ඇතැම් විට බෙදී යාමත් ඒ ක්‍රමය තුළ දකින්න ලැබෙනවා. ප්‍රධාන පක්ෂ එකට එකතු වී වැඩ කළද වෙන්වී වැඩ කටයුතු කළද ඉන් බොහෝ කාර්යභාරයක් පැවරෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීවරුන් වෙතයි.ජාතික ආණ්ඩුව නිර්මාණය කර වසර දෙකක් සපිරෙන සැප්තැම්බර් 04 වැනි දින ‘2025 ආර්ථික සැලසුම’ ඉදිරිපත් කිරීමට අප කටයුතු කළා. මගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් අනෙක් අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කරනවා.ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කරනවා. ‘2025 ආර්ථික දර්ශනයේ’ පිටපතක් සියලූදෙනා වෙත විද්‍යුත් තැපැල් මගින් යොමු කිරීම සුදුසු යයි මා යෝජනා කරනවා.අපේ ආර්ථික දර්ශනය පිළිබඳව ඔබට සාමාන්‍ය දැනුම ගත හැකියි. නමුත් ඊටත් වඩා සවිස්තරාත්මක වාර්තාව මුදල් අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් නිර්මාණය කර තිබෙනවා. ඒ රාජ්‍ය අංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහායි.අප සංවර්ධන ඉලක්ක සඳහා ගමන් කරන්නේ පෞද්ගලික ආයෝජන හරහායි. අපේ මුදල් යොදවන්නේ ඒ සැලසුම් සකස් කිරීමටයි.ආයෝජන මණ්ඩලය හරහා පෞද්ගලික ආයෝජකයන් ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන විට ඒ කටයුතු ඉදිරියට කරගෙන යාමට ඔබේ සහයෝගය අවශ්‍ය වනවා. අදාළ වාර්තා සීඝ්රයෙන් ඔබ හරහා අප වෙත එවිය යුතුයි. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමේ ඇති කුඩා ව්‍යාපාර වෙතත් විශේෂ අවධානය යොමු කළ යුතුයි.මෙහිදී මා තවත් එක් අංශයක් ගැන කතා කරන්න කැමතියි. ඒ කාන්තා වැඩකටයුතු හා සැලසුම් සම්බන්ධවයි. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ කාන්තා සැලසුම් හා වැඩ කටයුතු සම්බන්ධයෙන් අඩුවක් දකින්න ලැබෙනවා. නමුත් රටේ කාන්තා ප්‍රතිශතය 52% ක තරම් අගයක් ගන්නවා.ප්‍රාදේශීය මට්ටමේ, තරුණ සේවා, කෘෂි කාර්මික, වාරි මාර්ග, විදුලි බල, මාර්ග ඉදිකිරීම, අධ්‍යාපනය ආදී සියලූ ක්ෂේත්‍රයන්වල වැඩකටයුතු හොඳින් වුණත් කාන්තා වැඩ කටයුතු හා සැලසුම් සම්බන්ධයෙන් අඩුවක් දකින්න ලැබෙනවා. ආගමික වැඩකටයුතුත් ඉතා හොඳින් කරනවා.නමුත් සියයට 52 ක් වන රටේ කාන්තාවන් වෙනුවෙන් කරන්නේ මොනවාද? ඒ නිසා එය ප්‍රධාන කර සැලකිය යුතුයි.මගේ අමාත්‍යාංශය හරහා කාන්තා කටයුතු සහ සැලසුම් වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුර ඇති කරනවා. වනිතා කටයුතු අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්වී සියලූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත කාන්තා කටයුතු වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුර ලබාදෙනවා.ඒ තනතුර සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගෙන මනා පුහුණුව දීමෙන් අනතුරුව ඒ සඳහා පත්වීම් දීමට නියමිතයි. ඉන් පසුව මේ වැඩකටයුතු සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ද පුහුණුව දිය යුතුයි.පුහුණුවෙන් පසු වැඩකටයුතු ආරම්භ කර ඉදිරියට යා යුතුයි. ඒ ආකාරයට වැඩ කටයුතු කර කාලයක් ගත වන විට දක්ෂතා සහිත නිලධාරීන් හරහා වැඩකටයුතු දිස්ත්‍රික් මට්ටම දක්වා ගෙන ගොස් තවත් ඉදිරියට යා හැකියි.මෙහි තවත් අංශයක් තිබෙනවා. ඒ එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී සියයට 25 ක අනිවාර්ය කාන්තා නියෝජනය ඇති කිරීමයි. ඒ අනුව මැතිවරණවලදී පිරිමි අපේක්ෂකයන්ට 75% ක උපරිම මැතිවරණ නියෝජනය හිමි වනවා. පළාත් පාලන ආයතන තුළ 25% ක කාන්තා නියෝජනය ඇති කර අඩුපාඩු සකසා ගනිමින් ඒ ක්‍රමය ඉදිරියේදී පළාත් සභා තුළද ක්‍රියාත්මක කළ හැකි වෙනවා.කාන්තා කටයුතු වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුර ඇති කිරීම හරහා බිම් මට්ටම තුළ විශාල කාන්තා නියෝජනය ඇති වීමට නියමිතයි. ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළම කාන්තා වැඩකටයුතු සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම කාන්තා නියෝජිතයන් වෙත පැවරෙන රාජකාරියයි.පළාත් පාලන ආයතන සහ පළාත් සභා තුළ කාන්තාවන්ට නියෝජනය අත්‍යවශ්‍ය බව මා පැවසූයේ විපක්ෂයේ සිටින කාලයේ සිටයි. එහිදී යෝජනා ඉදිරිපත් කළද ඒවා ක්‍රියාවට නැංවූයේ නැහැ. නමුත් 2015 වසරේදී කාන්තාවන්ට 25% ක නියෝජනයක් දිය යුතු බවට නීතිය මා සම්මත කරගත්තා.නීතිය සම්මත වුණේ මනාප ක්‍රමය සහ පැරණි මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වෙමින් පැවතියදීයි. පැවැති මැතිවරණ ක්‍රමය අප සංශෝධනය කළා. ඒ අනුව ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ 60% ක් කොට්ඨාස ක්‍රමය යටතේත්, ඉතිරි 40% ක් අනුපාත ක්‍රමය යටතේත් තෝරා පත්කර ගැනීමටයි. පක්ෂ නායකයන් මුණගැසී මේ සම්බන්ධයෙන් මා සාකච්ඡුා කරනවා.ඉදිරියේදී තෝරා පත්කර ගන්නා මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ යනවා. දැන් තිබෙන්නේ මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි.අය වැය සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් කටයුතු දෙසැම්බර් මාසයේ අවසන් වූ පසු මැතිවරණ කටයුතු ජනවාරි මාසයේදී සූදානම් කරන්නැයි මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව එළැඹෙන ජනවාරි මාසයේ මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.මැතිවරණයෙන් කාන්තා නියෝජිතයන් තේරී පත්වූ පසු පෙබරවාරි මාසයේ සිට ඔවුන් තමන්ගේ රාජකාරි ආරම්භ කරනවා. මීට අමතරව කාන්තා වැඩකටයුතු සම්බන්ධයෙන් තවත් වැඩසටහන් කිහිපයක් අය වැයට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යාංශය සමග මා සාකච්ඡුා කරමින් සිටිනවා. එවිට කාන්තා නියෝජිතයන් සහ කාන්තා කටයුතු වෙනුවෙන් පත් කරන සංවර්ධන සහකාරවරුන් යන අංශ දෙකම කාන්තාවන් වෙනුවෙන් රාජකාරි ඉටු කරනවා. නව වැඩ කටයුත්ත වෙනුවෙන් අප ඉදිරියේදී අවධානය යොමු කරනවා.අවුරුදු 8x9 ක් පුරා කාන්තාවන් වෙනුවෙන් මා සැලසුම් කළ මූලික වැඩ කටයුතු මේ අනුව අවසන් වෙනවා. දැන් තිබෙන්නේ ඉදිරියට යාමටයි.ප්‍රාදේශීය ලේකම් ක්ෂේත්රයේ 70% ක් පමණ තනතුරු දරන්නේ කාන්තාවනුයි. ඔවුන් වගකීම් භාරගෙන ඉදිරියට යා යුතුයි. ඒ අනුව මේ වැඩසටහනෙන් පසු ඔබට කාර්යක්ෂමව ඉදිරි වැඩ කටයුතු ඉටු කිරීමට හැකිවේවා යයි මා ප්‍රාර්ථනා කරනවා’’ යයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා‘‘අප ශ්‍රී ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම රාජ්‍ය නිලධාරීන් හමුවුණා. අවසන් වශයෙන් හමුවන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔබයි. රජයේ නව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී රාජ්‍ය නිලධාරියා හා දේශපාලන යාන්ත්‍රණය කෙසේ සම්බන්ධ විය යුතුදැයි අප කල්පනා කළා.රාජ්‍ය සේවකයා කවරකුදැයි ආයතන සංග්‍රහයේ සඳහන් වෙනවා. ආයතන සංග්‍රහය නොසලකන අවස්ථාද තිබෙනවා. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය සේවකයා හරහායි.රාජපක්ෂ යුගයේදීත් රාජ්‍ය සේවකයා ක්‍රියා කළේ එකල ක්‍රියාත්මක ප්‍රතිපත්ති මත සිටයි. දේශපාලනය හා රාජ්‍ය යාන්ත්‍රණය දෙකක් නොවෙයි. සමහරුන් එය දෙකක් ලෙස සිතනවා.ආණ්ඩුවක් මාරු වූ විට අමාත්‍යවරයා ලේකම්වරුන් පත් කරනවා. අප සැමවිටම පත් කිරීම් කරන්නේ පරිපාලන යාන්ත්‍රණය පදනම් කරගෙනයි. තනතුරු සඳහා කිසි විටෙකත් අප බි‍්‍රගේඩියර්වරුන්, ජනරාල්වරුන් පත් කර නැහැ. රාජපක්ෂ යුගයේදී නම් එවැනි පත් කිරීම් කළා. එවිට කිසිවකුත් විරුද්ධව කෑ ගැසුවේ නැහැ.පුරවැසියකුගේ උපතේ සිට මරණය දක්වා සියලූ වගකීම් දරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයයි. පවතින රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම රාජ්‍ය සේවකයාගේ වගකීමයි. මුළු ලොවම දියුණු වී ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්ති මතයි. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී දේශපාලන අධිකාරිය කල්පනාකාරී විය යුතුයි.රාජ්‍ය සේවකයාට විවිධ අදහස් තිබිය හැකියි. නමුත් රජයක් පත්වූ විට රජයේ සේවකයා රජයේ අදහස සමග කටයුතු කළ යුතුව තිබෙනවා. රජයේ සේවකයාට පෞද්ගලික මත තිබුණත් රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට රාජ්‍ය සේවකයා බැඳී සිටිනවා.පසුගිය රජයේ කාලය දැන් අවසානයි. ඇතැම් රාජ්‍ය සේවකයන් තවමත්් පසුගිය රජය මතයේ සිටිනවා නම් එය ආයතන සංග්‍රහයට පටහැණියි. රාජ්‍ය සේවකයා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේ නැතිනම් එය දඬුවම් ලැබිය හැකි වරදක් බව ආයතන සංග්‍රහයේ සඳහන්ව තිබෙනවා.අප රජය රාජ්‍ය සේවක වැටුප් ඉහළ ප්‍රතිශතයකින් වැඩි කළා. 2020 වන විට විශේෂඥ වෛද්‍යවරයකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ විසිදහසක් වෙනවා. මෙය එක් උදාහරණයක් පමණයි. කාර්යාල කාර්ය සහයකයාගේ සිට නීතිපති දක්වා පඩි වැඩිවීම ක්‍රියාත්මකයි.රාජ්‍ය ආයතනයක රියැදුරකුගේ මූලික වැටුප රුපියල් 12,000 යි. 2020 වන විට ඒ මුදල රුපියල් 28000 ක් වෙනවා. වෘත්තීය සමිති මේ කරුණු නැවත කියවා ගත්තොත් හොඳයි. ඔබේ වැඬේ හරිගියා වගේම රටේ වැඬේ හරියාකාරව කිරීමට ඔබ සිතාගත යුතුයි.’’ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා මහතා:‘‘ශ්‍රී ලංකාව පුරා සියලූම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මේ වැඩසටහන පැවැත්වුවා. මේ දැනුවත් කිරීම තුළින් ජනපති - අගමැති ප්රමුඛ රජය රටේ අනාගතය ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් ගැන ඔබට අවබෝධය ගැනීමට හැකියාව ලැබෙනවා.’’කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාද අදහස් දැක්වීය. | යහපාලන රජය යටතේ කාන්තාවට තැනක් ලැබුණා | 1 |
hp_train_7719 | (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල ඇතිවූ නොහික්මුණු සිද්ධීන් ගැන සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (8) පත්කරනු ලැබීය.මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ , ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ගයන්ත කරුණාතිලක,රවුෆ් හකීම්,විජිත හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, ආර්.එම් රංජිත් මද්දුම බණ්ඩාර එම්ඒ සුමන්තිරන් යන මහත්වරු වෙති.මෙම කමිටුව පත් කිරීම පිළිබඳව කතානායකවරයා පාර්ලිමේන්තුවටද අද (8) පෙරවරුවේ දැනුම් දුන්නේය.පාර්ලිමේන්තු සභා ගර්භයේ සහ ඉන් පිටත පරිශ්‍රයේ පසුගිය 3 සහ 4 දිනවල සිදුවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඒවාට ගත ගත යුතු පියවර කවරේද යන්න තීරණය කිරීම සඳහා සහ ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට හැකිවන පරිදි මෙම කමිටුව පත් කර ඇතැයිද කතානායකවරයා මෙහිදී සඳහන් කළේය.මෙම කමිටුව එම සිද්ධීන් පිළිබඳව පුළුල්ව විමර්ශනය කිරීමෙන් පසු කතානායකවරයාට ඉතාම කෙටි කලකින් ඒ පිළිබඳ වාර්තාවක් බාරදීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. | පාර්ලිමේන්තු ගුටි කෙළිය ගැන සොයන කමිටුව නම් කරයි | 0 |
hp_train_7720 | කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 368 දෙනෙකු සුවය ලබා අද (20) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 13271 කි.වයිරසය ආසාදනය වී රෝහල්ගතව පුද්ගලයින් 5497ක් ප්‍රතිකාර ලබයි. අද (20) දිනය වන විට කොරෝනා වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව 18,841 කි. වයිරසයෙන් පුද්ගලයන් 73 දෙනෙකු මිය ගොස් තිබේ. | සුවය ලැබූවෝ 377 ක් ගෙදර යති | 0 |
hp_train_7721 | අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය තවදුරටත් ඈතට ගමන් කරමින් පවතින බැවින් වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ක්‍රමයෙන් අඩුවනු ඇත. නමුත් තද සුළං සහිත කාලගුණ තත්ත්වය විශේෂයෙන් ශ්‍රි ලංකාව අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් පවතිනු ඇත. උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට වැසි මිලි මීටර් 100 ට වැඩි ඇතිවිය හැකියි . අනෙකුත් ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 18/05/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30249585වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259580වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ29269580වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29269580වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය29269590වැසි හෝ ගිගුරුම් සහිත වැසිමහනුවර25239590වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149590වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය26249590වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259585වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259590වැසි හෝ ගිගුරුම් සහිත වැසි. | අඩි පීඩනය ශ්‍රී ලංකාවෙන් ඉවතට | 1 |
hp_train_7722 | සිතුම් චතුරංග කිලිනොච්චිය පොලිස් බලප්‍රදේශය තුළ ගෙවල් බිඳුම් රැසක් සිදුකළ කොල්ල කල්ලියක සාමාජිකයින් හයදෙනකු තියුණු ආයුධ සමඟන් කිලිනොච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.තියුණු ආයුධ රැගෙන ප්‍රදේශයේ හින්දු කෝවිල් හා නිවාස වලට පැන මුදල් හා දේපළ කොල්ලකෑම් සිදුකරන කණ්ඩායමක් පිළිබඳ කිලිනොච්චිය අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.අත්අඩංගුවටගත් සැකකරුවන් නිවාස මංකොල්ලකෑම සඳහා භාවිතා කළ මන්නා පිහි, යකඩ ඉන්නක්, නියන් සහ මිටි ඇතුළු උපකරණ තොගයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.සැකකරුවන් නිවාසවලින් සොරාගත් පරිඝණක යන්ත්‍ර , ටැබ්ලට් පරිගණක, රන්භාණ්ඩ හා ජංගම දුරකථන ද සොයා ගත් බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17ත් 28 අතර වයසේ පසුවන්නෝ වෙති. | කොල්ල කල්ලියක 6 ක් කිලිනොච්චියෙන් අල්ලයි | 1 |
hp_train_7723 | ශ්‍ර උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව පවසයි. ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වීෙම් අවදානමක් පවති. | 'ඉදිරි දිනවල වැසි' | 0 |
hp_train_7724 | (***කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත, ***හික්කඩුව ඥාණදාස රම්මුතු සහ ***බටපොල දීපාල් ද සිල්වා)‘‘හිටපු වීරෝධාර ක්‍රිකට් ක්‍රීඩකයන්ට රටේ වත්මන් ඇමැතිවරයකු එල්ල කළ අභූත චෝදනාව තරයේ හෙළා දකින බවත්, රටේ ප්‍රශ්න අමතක කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව ඈඳාගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත්’’, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී කීවේය.රත්ගම පැවති ජනහමුව අමතා එසේ කී සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කතා කරමින් මෙසේද ප්‍රකාශ කළේය.‘‘රජයේ ඇමැතිවරයකු 2011 පැවති ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගයේදී අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් තරගය පාවා දුන්නා කිව්වා. ඕනෑකමින්ම තරගය පැරදුනා කියනවා. කාටද මේ ඇඟිල්ල දික්කරන්නේ කුමාර සංගක්කාරටයි, මේ කියන්නේ.තරගය පාවා දුන්නයි කියන ක්‍රීඩකයාගේ නම කියන්නේ නැහැ. ක්‍රීඩකයින් අපහසුතාවට පත්කරන්නෙත් නැහැලු. නමුත් එදා ටීම් එකේදී කැප්ටන් කුමාර සංගක්කාරයි. උප නායක මහේල ජයවර්ධනයි, ලසිත් මාලිංග, තිලකරත්න දිල්ශාන්, මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයොත් ටීම් එකේ හිටියා.රජයේ ඇමැතිවරයා දැන් කියන්නේ මොකක්ද? මේ ක්‍රීඩකයින් හිටපු ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන්නාලු. ඕනෑකමින්ම අවසන් මහා තරගය පැරදුණා කියලත් පැවසුවා.2011 දී ලෝක කුසලාන අවසන් මහා තරගයේදී වුණා යයි කියන සිද්ධිය ලෝක ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයට එදා පැමිණිලි නොකළේ ඇයි? ක්‍රිකට් ඒකකයේ ප්‍රධානියා වන මාෂල් මහත්තයට එදා පැමිණිලි නොකළේ ඇයි? මේ ඔක්කොම පිටුපස්සේ මොකක්ද තිබෙන්නේ?කොරෝනාවෙන් රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න බැරි රජය, වැඩ බැරි ආණ්ඩුව අකාර්යක්ෂම ආණ්ඩුව, නන්නත්තාර ආණ්ඩුව මැතිවරණ සමයේ 2011 ලෝකු කුසලානය තරගය කරා ජනතාවගේ අවධානය යොමුකරන්න හදනවා. මැතිවරණ වේදිකාව ඒ දෙසට යොමු කරවන්න බලනවා. මේ අරමුණ මම පැහැදිලිව කිව්වා.කුමාර සංගක්කාරලා, මහේල ජයවර්ධනලා, තිලකරත්න දිල්ශාන්ලා, ලසිත් මාලිංගලා, මුත්තයියා මුරලිදරන්ලා ඇතුළු 2011 වීරෝදාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මඩ ගහන්න එපා. අපහාස කරන්න එපා. බොරු කතා හදන්න එපා. ඒ අයගේ චරිතය ඝාතනය කරන්න එපා.අනුන්ගේ චරිතය ගැන චරිත සහතික දෙන්න පෙර කරුණාකර කණ්ණාඩියක් ඉස්සරහට යන්න. හොඳින් බලන්න ඒ තමන්ගේ අඩුපාඩු දිහායි. තමන්ගේ අඩුපාඩු හදාගෙන අනුන්ගේ අඩුපාඩු දිහා බලන්න.හදිසියේම 2011 ලෝක කුසලානය ඇමැතිවරයාට මතක් වුණේ ඇයි? එතකොට කවුද ක්‍රීඩා ඇමැතිවරයා? මේ වගේ බොළඳ දේශපාලන උප්පරවැට්ටි අප හෙළාදකිනවා.අපේ වීරෝධාර ක්‍රීකට් ක්‍රීඩකයින් තරග පාවා දෙනවා කියලා මා විශ්වාස කරන්නේ නැහැ. එහෙම ක්‍රිකට් ක්‍රීඩකයන් අපේ රටේ නැහැ.රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අභිමානය හෑල්ලු කළ ඇමැතිවරයාට අපේ විරෝධය පළ කරනවා. ඒ වාගේම ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙයින් යම් අපහසුතාවක් ඇතිවුණා නම් කනගාටුව ප්‍රකාශ කරනවා. මේ වගේ බාල-බොළඳ දේශපාලන උපක්‍රම දාලා ජනතාවගේ ප්‍රශ්න අමතක කරන ඇමැතිවරුන් අපේ රටේ ඉන්නවායි ඇසීමත් අපට හරි කණගාටුවක්. දේශපාලනයට ක්‍රීඩාව ගාවාගැනීම පිළිබඳවත් ඇත්තේ දැඩි පිළිකුලක් යයිද’’ සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය. | ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල කළේ අභූත චෝදනාවක් | 1 |
hp_train_7725 | ප්‍රතිපත්ති පොළී අනුපාත නොවෙනස්ව පවත්වා ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිවේදනය කළේය.ඊයේ (4) පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.50 අගයේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 7.50ත් දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4ත් 6ත් අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර මැදිකාලීන ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීමට සහාය වනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.055 | ‘‘බැංකු පොළී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යනවා‘‘ | 1 |
hp_train_7726 | (ඩී.කේ.රත්න) කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේදී කංසා පැළ 2000 ක් සමග පුද්ගලයෙකු බුත්තල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් අද (18) අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පැවසීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයෙකි. බුත්තල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට ලැබුණු කොරතුරකට අනුව කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. කංසා හේනේ කංසා පැළ අඩි 7ක් පමණ උසට ඉතා සරුවට වැවී තිබූ බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොස්ලන්ද පොලීසියට බාරදී ඇත. නොස්ලන්ද පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති. | කාංසා පැළ 2000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට | 1 |
hp_train_7727 | ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී හම්බන්තොට වරාය චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගම් දෙකක් යටතට අද පවරා දෙනු ලැබිණි. හම්බන්තොට වරායේ මෙහෙයුම් සහ සේවා කටයුතු හම්බන්තොට අන්තර්ජාතික වරාය සමාගමට (HIPG) සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමගම යන සමාගම් දෙක වෙත පැවරෙයි.මෙම ගිවිසුම අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමගම විසින්, ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරියේද සහයෝගය ඇතිව එහි තත්ත්වය වැඩිදියුණු කරමින් හම්බන්තොට වරාය වාණිජ වශයෙන් වැදගත්කමක් ඇති වරායක් බවට සංවර්ධනය කෙරෙනු ඇත.මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 794 ක ආයෝජනයකි. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම විසින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී රජයට ලබා ගෙවිය යුතු මුදලෙන් 30% ක් වන අමෙරිකානු ඩොලර් 292,097,400 ක චෙක්පත මහා භාණ්ඩාගරයට බාරදෙනු ලැබිණ. | හම්බන්තොට වරාය පවරාදෙයි | 1 |
hp_train_7728 | බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බවත් දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර්. 50 -60 පමණ දක්වා වැඩි විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 05/08/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35258560වැසි ස්වල්පයක්.මඩකලපුව33268560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31279070වැසි වාර කිහිපයක්.ගාල්ල30258575වැසි වාර කිහිපයක්.යාපනය33278060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය19139570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249570වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35258550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම31278575ප්‍රධාන වශයෙන් වැසි රහිත. | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
hp_train_7729 | (අනීෂා මානගේ)රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය අද (26) නැවත නඩු විභාගය සදහා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි පෙබරවාරි 9 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වැඩබලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා නියෝග කළේය. 2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස් කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඇති චෝදනාවවේ. | වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ් | 0 |
hp_train_7730 | ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ ක්‍රමයෙන් වැසි වැඩි වීමක් සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු වන අතර පැයට කිලෝ මීටර් 60- 70 පමණ දක්වා සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දන්වා සිටියි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතට ද මෙම වැසි පැතිර යා හැක. සවස 04.00 න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සවස 4.00 න් පසු දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. | ‘මන්නාරම් මුහුද රළු වෙයි‘ | 1 |
hp_train_7731 | (*** ජයන්ත සමරකෝන්)‘දහ නව වැනි සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට රට පාලනය කිරීමේ කිසිදු බාධාවක් නැතැයි ද ඒ නමුත් 20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට පත්වීමක් යැයිද’ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (17) පැවසීය.විසිවැනි සංශෝධනය ගෙන ඒමෙන් වන අනතුර ජනතාව දන්නවා නම් 69 ලක්ෂයක් ආණ්ඩුවට ඡන්දය දෙන්නේ නැතැයිද පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී ජයසූරිය මහතා කීවේය.වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කතානායකවරයා, අද වනවිට රටේ ආර්ථිකය කඩා වැටී, ජීවන වියදම අහස උසට නැග ඇතැයි ද, දකුණු ආසියාවේ ඉහළම ජීවන වියදම තිබෙන්නේ ශ්‍රී ලංකාවේ යැයිද කියා සිටියේය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නරක පුද්ගලයකු යැයි කියන්නේ නැතැයි ද 20න් ගෙනෙන බලතල තුළ යම් විදියකින් ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා උන්මන්තකයකු වුවහොත් යකා නටනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.20 වැනි සංශෝධනය ගෙනෙන්නට මේ රටේ කලබලයක් ඇයිදැයි නොදන්නා බවද වසරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෙමගින් ජනාධිපතිවරයාට පැවරෙන බලතල නිසා මහ මැතිවරණයකට වියදම් වූ රුපියල් බිලියන 8ට වෙන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර බලයක් නැති පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීම තුළින් ස්වාධීන කොමිෂන් සභා සඳහාත් අගවිනිසුරු, නීතිපති, පොලිස්පති ඇතුළු අධිකරණයේ ඉහළ ධුරයන් පත් කිරීමේ නිෂේධ බලයක් ජනාධිපතිවරයාට හිමි වනවා.විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් විගණන සේවා කොමිෂන් සභාව අහෝසි වීමෙන් විගණන සේවය අක්‍රිය වී විගණන පනතේ ප්‍රතිපාදන පිළිබඳව අර්බුදයක් මතු වනවා. විදේශයක සුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමටත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට එන්නටත් අවස්ථාවක් හිමිවනවා.ධවල පත්‍රිකාවක් මගින් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනතාවගේ අදහස් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. 19 වැනි සංශෝධනය අරුමපුදුම විකෘතියක් ලෙස හුවාදැක්වීමට දරන උත්සාහය තරයේ හෙළා දකිනවා.මෙම ධවල පත්‍රිකාව 2000 ව්‍යවස්ථාව හැදූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට භාර දෙමු. එවිට හොඳ ව්‍යවස්ථාවක් ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත.හරිදේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් බය නැහැ. කරුණු 24ක් යටතේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව මූලික වෙනස්කම් දකිනවා.20 තුලින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වනවා. ජනාධිපතිවරයාට වගකීමක් වූ ‘ආණ්ඩුක්‍රම’ ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට වන වගකීමත් ඉවත් කරලා.මෙමගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට වූ ප්රතිපාදනය ඉවත් කර ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කරලා.තවද පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක් කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීම, ජනාධිපති අපේක්ෂකයකුගේ අවම වයස අවුරුදු 30 දක්වා අඩු කිරීම, ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම, රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම ඇතුළු සංශෝධන ගණනාවක් 20 තුළින් එළියට එනවා.මේ අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය පාක්‍යසෝනි සරවනමුත්තු, ජාවිඩ් යුසුප්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර යන මහත්වරුද සහභාගි වූහ. | ‘ප්රජාතන්ත්රවාදයට දොර වැසෙන 20 වැනි සංශෝධනය අකුළගන්න’ | 0 |
hp_train_7732 | (අශෝක තිලකරත්න)පහළ අන්දරවැව ගලහිටියේදී වන අලියකුගේ පහරදීමට ලක් වූ ගොවියකු මිය ගිය බව සූරියවැව පොලිසිය පවසයි.මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සූරියවැව මහඉඳිවැව පදිංචි ඈපා කංකානම්ගේ තිලින් අප්පුහාමි (65) යන අයයි.ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (10) හම්බන්තොට මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය. සූරියවැව පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි. | අලියකුගේ පහරදීමකින් අයෙක් මරුට | 0 |
hp_train_7733 | (ඩී.කේ.රත්න) හාලිඇල අඹවක රක්ෂිතයේ අද (30) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් රක්ෂිතයේ අක්කර 20 ක පමණ භූමි භාගයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.වියළි කාලගුණයක් ප්‍රදේශයට නොතිබුණ ද ප්‍රදේශයේ පවතින සුළං තත්වය නිසා ගින්න ඇතිවීමත් සමඟ ප්‍රදේශය පුරා ගින්න සීඝ්රයෙන් පැතිර ගොස් තිබේ.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ විටිනා ශාක පැලෑටි සහ ඖෂධ පැලෑටි රැසක් ද සත්ව විශේෂ රැසක් ද විනාශ වී ඇතැයි පරිසරවේදීහු කියති.කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් වන සතුන් දඩයම් කිරීම හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය කියයි. | දෝව රක්ෂිතයේ ගින්නෙන් අක්කර 10 ක් විනාශයි | 0 |
hp_train_7734 | (බිමල් ෂ්‍යාමන් ජයසිංහ) ගෙවුනු පැය 24 තුළ (අද පස්වරු 6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 558 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 139 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . පසුගිය මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා දින 46 තුලදී ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 46842 ක් අත්අඩංගුවට ගෙන වාහන 12152 දිවයිනේ පොලිසිය ස්ථාන මඟින් සිය බාරයට ගෙන ඇති බව දිවයිනේ පොලිස් ස්ථාන මගින් දෛනික වාර්තා අනුව සඳහන් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාස වැඩි දුරටත් සඳහන් කරයි . | ඇඳිරිය කැඩූ 1392ක් අත්අඩංගුවට | 0 |
hp_train_7735 | ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවට පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන් උරණවී සිය ඥාතියකු කපා කොටා ඝාතනය කර ඔහුගේ පියාට ගල් වලින් පහර දී තුවාල සිදු කිරීමේ වරදට එකම පවුලේ තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය විසින් නියම කර තිබූ මරණ දඩුවම අභියාචනාධිකරණය අනුමත කළේය.පොල්ගහවෙල, පොහොර වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන පී.ඩී. ඩග්ලස් වික්‍රමසිංහ, පී.ඩී. සෙනරත් සමරසිංහ, පී.ඩී. ප්‍රදීප් සංජීව ජයරත්න නමැත්තන් ට නියම වූ මරණ දඩුවම මෙලෙස තහවුරු කරන ලදි.තමාට මරණ දඩුවම් නියම කරමින් මහාධිකරණය ලබා දුන් තීන්දුව බල රහිත කරන්නැයි ඉල්ලා එම විත්තිකරුවන් ඉදිරිපත් කල අභියාචන පෙත්සමක් විභාග කර එහි තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය මේ බව සඳහන් කළේය.අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් යන මහත්වරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.පොල්ගහවෙල, පොහොර වත්ත ප්‍රදේශයේදී 2005 අප්‍රේල් මස 11වැනිදා නිශ්ශංක විජේවීර නමැත්තාගේ ගෙළ හිසින් වෙන්වන තරමට කපා දමා ශරීරයේ ස්ථාන 17කට කැපුම් තුවාල සිදු කර ඔහුගේ පියා ට බර පතල තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ විත්තිකරුවන් සිවු දෙනෙකු ට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.එම නඩුව විභාග කල පූර්වගාමී විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය 2019 ඔක්තෝබර් 02 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුල් විත්තිකරුවන් තිදෙනා චෝදනා වලට වරදකරුවන් බවට තීන්දු කර සිවුවන විත්තිකරු නිදහස් කර තිබුණි.එම නඩු තීන්දුව බල රහිත කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි. | එකම පවුලේ තිදෙනෙකුට දුන් මරණ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි | 1 |
hp_train_7736 | කටාර් ගුවන් යානාවලට තම ගුවන් සීමාව තහනම් කිරිමට සෞදි අරාබිය සහ ඊජිප්තුව පියවර ගෙන තිබේ.කටාර් රාජ්‍යය ත්රස්තවාදයට සහ මූලධර්මවාදී අදහස් ප්‍රචලිත කිරීමට උපකාර සපයන බවට චෝදනා කරමින් සෞදි අරාබිය ප්රමුඛ රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දැමීමට පියවර ගත්තේය.ඒ අනුව එහි පියවරක් ලෙස කටාර් රාජ්‍යයෙන් ගල්ෆ් කලාපීය ගුවන් සීමාවට තර්ජනයක් තිබෙන බව කියමින් ඊජිප්තුව මෙම පියවර ගෙන තිබේ.කලාපය තුළ අන්තවාදය ව්‍යාප්ත කිරීමට කටාර් රාජ්‍යය සහයෝගය දෙන බව පවසමින් සෞදි අරාබිය ප්රමුඛ රටවල් මෙලෙස කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සියල්ල අත්හැර දැමීය.එපමණක් නොව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ බහරේනය කටාර් රාජ්‍ය සමඟ තිබෙන ගුවන්, නාවික සහ ගොඩබිම් ප්‍රවාහන සබඳතා සියල්ල නවතා දැමීමට ද පියවර ගත්තේය.කෙසේ නමුත් මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන කටාර් රාජ්‍යය කටාර් රාජ්‍යයට එරෙහිව අසත්‍ය ප්‍රචාරයක් පතුරවන බවත් මෙවැනි තීරණවලින් කටාරයේ ස්වෛරීත්වය උල්ලංඝණය වන බවටත් චෝදනා කරයි.ඒ.එෆ්.පී/රොයිටර් 055 | කටාර් ගුවන් යානාවලට සෞදි-ඊජිප්තු ගුවන තහනම් | 1 |
hp_train_7737 | ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් අද රාත්‍රී කාලයේදී වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර හෙට දිනයේදී අඩුවී යනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අද රාත්‍රී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සමහර ස්ථානවලට තද වැසිද ඇතිවීමට ඉඩ ඇත.හෙට නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 19/12/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31239570වැසි ස්වල්පයක්.මඩකලපුව29249575වැසිවාර කීහිපයක්.කොළඹ30259570සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. ගාල්ල31249075සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. යාපනය31259070වැසි ස්වල්පයක්.මහනුවර29219570සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21129560වැසිවාර කීහිපයක්.රත්නපුරය32239570සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. ත්‍රීකුණාමළය30239575වැසිවාර කීහිපයක්.මන්නාරම31249070වැසි ස්වල්පයක්. | ‘වැසි සහිත කාලගුණය ඉදිරියටත්‘ | 0 |
hp_train_7738 | (නාලක සංජීව දහනායක)මැතිවරණ පවත්වන ක්‍රමය කුමක් වුවත් මිනිසුන්ට මේ මොහොතේ දී මැතිවරණ අවශ්‍යව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (17) පැවසීය.එබැවින් මැතිවරණ දිනා ගැනීම ස`දහා මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතු යැයි ද කීය.බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී, ඒකාබද්ධ විපක්ෂ විසින් ඊයේ (17) පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙසේ ද පැවසීය:පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පනත සම්මතවීමත් සමඟම මැතිවරණ කල් දැමීමට අමාත්‍යවරයාට හා ආණ්ඩුවට තිබූ බලය අහෝසි වෙනවා. මැතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙනවා. එමෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගෙන ඒමටත් ආණ්ඩුව සූදානම් වෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ප්‍රතික්ශේප කළා. එහෙත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා අනුමැතිය සඳහා යොමුකරන බව කැබිනටි ප්‍රකාශකවරයා සඳහන් කළා. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු පළාත් පාලන මැතිවරණ හකුළා දැමීමේ ඊළඟ පියවරයි. මැතිවරණ කල් දැමීමට එරෙහිව එදා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය අධිකරණයට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය එයයි. ඒ නිසා පක්ෂයේ උත්පත්තිය සිදුවූ සැප්තැම්බර් දෙවැනි දා මැතිවරණ සිතියම හකුළා දැමීමට එරෙහිව හඬ නැඟීමට හොඳම දවසයි. ක්‍රමය නෙවෙයි වැදගත් මිනිස්සුන්ට මැතිවරණ අවශ්‍යයි. ඒ නිසා මැතිවරණ දිනා ගැනීමට මුළු රටම එක මිටකට පෙළ ගැසිය යුතුයි. පසුගිය සතියේදී මෙරට දේශපාලනයේ රවී නීච වුණා. ඒ සමගම යම් දේශපාලනයේ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වුණා. අපට හිතෙන හැටියට මීට දෙවසරකට පෙර අගෝස්තු මාසයේ 17 වැනිදාවක දී ලාංකීය දේශපාලනයට සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවා. එම මැතිවරණයට පැය හැත්තෑ දෙකකට පෙර මැතිවරණ ප්රථිඵලයට බලපෑම් කිරීම සඳහා පක්ෂයේ මහලේකම්වරුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් කරනවා. ඒ නිසා මැතිවරණ ප්‍රතිඵල කෘතී්රමයි. ඒ වගේම ඡුන්දයෙන් ප්‍රතික්ෂේප වූ අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළා. අද සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිදෙනෙක්ගෙන් එක අයෙක් පැරදුණ මන්ත්‍රීවරයෙක්. ඒ පාර්ලිමේන්තුව රටම පරාජයට පත්වන තීන්දු ගන්නවා. මෙය බරපතළ කාරනාවක්.රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉවත්වීම නව දේශපාලන සංස්කෘතිය ඇරඹුමක් බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඔහු මුදල් ඇමැතිවරයා වශයෙන් පත් කරන විටත් ඔහුට එරෙහිව විනිමය වංචාවක් සම්බන්ධයෙන් නඩුවක් තිබුණා. ඔහු පළමු අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට එන්නේ විනිමය වංචාව සම්බන්ධ නඩුවකට අධිකරණයේ පෙනී ඉඳලයි. එහෙම තමයි මේ ආණ්ඩුවේ යහපාලනය ආරම්භ වෙන්නේ. වර්තමාන ආණ්ඩුව වෛරී දේශපාලනයක නිරතවනවා. රාජපක්ෂවරුන්ට විරුද්ධව නඩු ඇසීමට පමණක් වෙනම අධිකරණයක් පිහිටවන්න ආණ්ඩුව සූදානම් වෙන්නේ ඒ නිසයි. එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව තිලක් මාරපන අමාත්‍යවරයාත් ප්‍රකාශ කරනවා.පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක සභාපතිවරුන් අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුව අහල ඉවර වෙලා මාස තුනයි. තවමත් තීන්දුව ප්‍රකාශයට පත් කර නැහැ. එෆ්.සී.අයි.ඞී ආයතනය නීතිවිරෝධී බව සඳහන් කරමින් ඇල්ලේ ගුණවංශ හිමියන් ප්රමුඛ සිවිල් සංවිධාන අධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ නඩුවත් අහල ඉවරයි. මේ වනතුරුත් තීන්දුව ප්‍රකාශයට පත් කර නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ගැනත් සාකච්ඡා කරනවා නම් ඉතාම වටිනවා. අධිකරණයත් සමඟ කරන්න සූදානම් වන ක්‍රීඩාව වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.අධිකරණයත් සමඟ හැප්පුණු කිසිම ආණ්ඩුවක් නිරවුල් ගමනක් ගිහිල්ලා නැහැ. ෆීල්ඞ් මාර්ෂල් ඇඳුම අන්දලා ඉතිහාසයේ පළමුවතාවට හමුදා නිලධාරියෙක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ වගේ අවශ්‍යනම් රාජිත සේනාරත්න මහතා හෝ වෙනත් කවුරු හෝ අගවිනිසුරු වශයෙන් පත්කරගෙන ඍජුව පළිගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න. එය වෙනම කතාවක්. යහපාලන මුද්‍රාව ඉදිරියෙන් තබාගෙන ප්රජාතන්ත්රවාදය පිළිබඳව උදේ හවස කතා කරමින් මේ ගෙන යන වැඩ පිළිවෙළ කරුණාකරලා නවත්වන්න.මීට පෙර හිටපු නීතිපති යුවන්ජන් විජේරත්න මහතාගේ ආත්ම ගරුත්වය සි`දලමින් රජයේ අමාත්‍යවරුන් නොයෙකුත් ප්‍රකාශ කළා. එතුමා ධූරයෙන් ඉවත් වුණාම පත්වෙන්නේ සුදුසුකම් ලැයිස්තුවේ ඊළඟට හිටපු කෙනා නෙවෙයි. මේ ආණ්ඩුව යන්න හදන්නේ කොතැනට ද? හිටපු විදේශ අමාත්‍යවරයා ජනාධිපති කොමිසමට කැඳවන්නේ සාක්ක්ෂිකරුවෙක් වශයෙනුයි. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කතාබහක් ගොඩනැගෙන්නේ ඔහු කොමිසමේ දී ලබාදුන් සාක්ෂි අනුවයි. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් කෙළින්ම රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනවා. ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක් ඔප්පුවෙලා නැහැ.එමෙන්ම විජයදාස රාජපක්ෂ මහතාට කිසිම වංචනික චෝදනා, අපචාර පිළිබඳව හෝ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් නැහැ. එහෙත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමේ එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල යෝජනාවට අපිට වග කියන්න බැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයාට එරෙහිව යුද වැදුණු මොහොතේ සිට විජයදාස රාජපක්ෂ මහතාට එරෙහි කැරැල්ල නිර්මාණය වුණා. එම නියෝජිතයාගේ සාක්ක්ෂි පදනම් විරහිත බවට අධිකරණ අමාත්‍යවරයා කළ ප්‍රකාශයත් සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කැළඹිල්ලට පත්වුණා.ඊළඟට ඔහු හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කළ ප්‍රකාශත් මෙයට පදනම් වුණා. අමාත්‍ය භූමිකාවට වඩා තමන්ගේ හෘද සාක්ෂිය ඔහු හැමවිටම ඉහළින් තබනවා. ඔහු එදා අපිට විරුද්ධව දැවැන්ත ප්‍රහාර එල්ල කළා. අද ඔහුට එරෙහිව අවි ඔසවන බොහො දෙනා එදා මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්න ආවා. ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණොත් අපි ඒ කරුණු දිහා බලාගෙන ඉන්නවා යැයි පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ ජනතාව නව රජයක් පත් කර ගැනීමේ කි‍්‍රයාමාර්ගයට දායක වී අදට වසර දෙකක් සපිරෙනවා. ඒ මැතිවරණයේ දී ජනතාව කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබාදුන්නේ නැහැ. අගමැතිකම තියාගෙනත් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 113ක බලයක් ලබා ගන්න බැරි වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව මාස හතක් ඇතුළත දී මහාමැතිවරණයෙන් කරට කර ප්‍රතිඵලයක් දීමට බුලත් කොළයට හැකි වුණා.ඡන්ද දායකයන් දුන් ජන වරමට අත නොතබන බවට දිවුරා පොරොන්දු වුණු එජාපය වසර දෙකක් තිස්සේ මේරටේ පළාත් පාලන මැතිවරණය පවත්වා නැහැ. දැන් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ පළාත් සභා මැතිවරණයත් කල් දාන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව විසිරෙන නැගෙනහිර, උතුරු මැද, සබරගමු පළාත් සභා තුන කල් දැමීමේ පනත් කෙටුම් පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. එය ප්රජාතන්ත්ර විරෝධී කි්රයාවක් නිසා ඒකාබද්ධ විපක්ෂය එය ප්‍රතික්ෂේප කරනවා. අපි මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ වසර දෙක තුළ ප්රජාතන්ත්රවාදයේ මළගම ගේන්න මේ ආණ්ඩුව කටයුතු කළා. අපි ඒ ප්රජාතන්ත්රවාදය නැවත ගේන්න කැප වෙනවා.ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැප වුණු ශිෂ්‍ය ව්‍යාපාරය, ආචාර්යවරු මහාචාර්යවරු සමග ආණ්ඩුව ප්රජාතන්ත්රවාදි සාකච්ඡාවක් මේවනතුරු පවත්වා නැහැ. වැඩ වර්ජනයේ යෙදුණු අයට මැර බලයෙන් පහර දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව ප්රශ්නය විසදාගැනීම වෙනුවට එජාපයේ මැරබලය යොදාගන්නවා. කිසිම හිංසාවක් කිරීමේ බලයක් කිසිවකුටත් නැහැ. අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙන්නේ පොලීසියට පමණයි.සිරිකොත මන්දිරයට ලංකාවේ අධිකරණ බලය පවරා නැහැ. පොලිස් බලය පවරා නැහැ. අද වෙනතුරු මේ වැඩකරන කි‍්‍රයාකාරී වර්ජකයන්ට පහරදුන් පිරිස් අත්අඩංගුවට ගෙන නැහැ. සමාජ වෙබ් අඩවියේ පොලිස්පතිතුමාගේ පින්තූරයක් යනවා. මේ ගැන පොලිස්පති තවම ප්‍රකාශයක් කරලා නැහැ.මේ වනතුරු ස්වභාවික ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන නැහැ. ආර්ථික කළමනාකරණයේ අසාර්ථක මොවුන්ට තිබෙන එකම වැඩපිළවෙළ විදේශිකයන්ට රටේ දේපොළ විකිණිමයි. සෑම ක්ෂේත්රයකම ප්‍රශ්න ඇති වෙලා. ආර්ථික වංචාවන් ඉදිරියේ අදෝනා නැගීමක් මූල්‍යම හා නීතිමය ක්ෂේත්රයේ ඇතිවෙලා. විදේශ ඇමැති විශ්වාසභංගයක් ගෙනාවම අස්වුණා. ගෙදර ගියෙත් නැහැ. පිටුපසට ගියේ. මේ බරපතළ තත්ත්වයන් තුළ රජය ජනතා ප්‍රශ්න විසඳීමට අපොහොසත්. හෙට දිනයේ සාමකාමී විරෝධතාවක් කොළඹ නගරයේදී පවත්වනාව. එයට එක්වන්නැයි අපි ආරාධනා කරනවා.මේ වන විට බරපතළ පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. බද්දෙන් නිදහස් කර තිබුණු කොට්ඨාස 46කට බදු පැනවීම හා පවතින බදු වැඩිකරන දේශීය ආදායම් පනත පිටරටදී සකසා කැබිනට් මණ්ඩලය අනුමත කර සම්මත කර ගැනීමේ උත්සාහයට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි.පන්සලේ, පල්ලියේ, කෝවිලේ මුස්ලිම් දේවස්ථානවලින් නිදහස් කළ බදු සිට ඈත එපිට ගොවියාගේ සිට විදේශ විනිමය උපයා එන අයටත් බදු පනවන්න යන්නේ. මේ රටෙන් මුදල් උපයාගෙන යන අය බද්දෙන් නිදහස් කරන මේ වැඩ පිළිවෙළ අපි අනුමත කරන්නේ නැහැ.ඒ වගේම පළාත් පාලන ආයතන පනත් කෙටුම්පත සම්මත කරන්න සුදානම්ව තිබිය දී සංශෝධන රාශියක් කරන්න තියෙන බව රජය කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග අනුවයි නීති සම්මත කළ යුත්තේ. එහෙත් ඊට පටහැනිව මෙම සංශෝධන ගේන්න ආණ්ඩුව උත්සාහ දරනවා.ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.ඇල් පිරිස් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. | ’මේ ආණ්ඩුව දැන් තියෙන්නේ මරියානා අගාධයේ : ආයෙත් ගොඩ ඒමක් නෑ’ | 0 |
hp_train_7739 | (ටී.කේ.ජී.කපිල) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද(19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානය මෙසේ ගුවන් තොටුපළ වසා දැමීමට පෙර , අවසාන වශයෙන් පැමිණි ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් යානයෙන් මගීන් 77 ක් පැමිණ තිබූ අතර , එයින් වැඩි පිරිසක් දඹදිව වන්දනාකරුවන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. ඒ අතර සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා දිගටම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන අතර , ගුවන් තොටුපළෙන් පිටත්ව යන ගුවන් යානා ද පෙර සැළසුම් කර ඇති පරිදි සිදු කෙරේ . මෙම සංක්‍රමණික ගුවන් මගීන් ,කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ වෙනත් රටක් කරා ගුවන් ගත වීම සදහා පැමිණෙන ගුවන් මගීන් පිරිසකි. | කටුනායකට පැමිණි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට | 0 |
hp_train_7740 | (නාලක සංජීව දහනායක)බරපතළ ඇමැති මණ්ඩලයක් නඩත්තු කිරීමට ආණ්ඩුව රටේ සම්පත් විකුණා දමමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙරේදා (15) පැවසීය.එබැවින් මෙවන් ආණ්ඩුවකට තවත් හුස්ම ගැනීමටවත් ඉඩක් නොදිය යුතු යැයිද කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් තුම්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පෙරේදා (15) පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. වීරවංශ මහතා මෙසේද පැවසීය. සංවර්ධනයට මුවාවී හොරකම් කරන බවට එදා අපේ ආණ්ඩුවට චෝදනාවක් තිබුණා. ඒ නිසා හොරකමට එරෙහිව එදා විශාල ජනමතයක් හැදුණා. ඒ ජනබලයට මුවාවී මේ ආණ්ඩුව කරපු හොරකම කොහොමද? මේක තනිකරම ණයදෙන ගමන් ගහපු ගැහිල්ලක්. ඉතිහාසයේ පළමු වතාවට මහබැංකුව මුදල් අමාත්‍යවරයාගෙන් ඉවත් කර අගමැතිවරයා යටතට පවරා ගන්නවා. අගමැතිවරයා එසේ ක්‍රියා කළේ ඇයි? මේ දේවල් නිකම්ම සිදුවුණේ නැහැ. මේ සියල්ලක්ම සිදුවුණේ කිසියම් පූර්ව සූදානමක් ඇතුවයි.රාජිත සේනාරත්න ඇමතිතුමාට අනුව නම් මේ වංචාව ලූනු බිකක්. මේ වංචාවෙන් රුපියල් ටි්රලියනයක වංචාවක් සිදුවෙලා තිබෙන බව ලක්ෂමන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා. මෙම වංචාව නිසා රටේ සමස්ත මූල්‍ය ක්ෂේත්රයම කඩාවැටිලා. රටට වැඩි පොලියට ණය ගන්න සිදුවුණේ බැඳුම්කර වංචාව නිසයි. සියලූම රටවැසියන් දිනපතාම මේ වංචාවේ බලපෑම්වලට යටත් වෙනවා. යහපාලනයේ නාමයෙන් බලයට ආවේ චෞර රැලක්. බැඳුම්කර කොමිසම නෙමෙයි මේ වංචාව පිළිබඳව උසාවියෙන් විභාග කළ යුතුයි. බැඳුම්කර කොමිසමට තවම චෝදනාවට නම් කියවෙන ඇමැතිවරුන් ගෙන්වූයේ නැහැ. බැඳුම්කර වංචාව සිදුවීමට පෙර මහබැංකුවට ගිය මැති ඇමැතිවරුන් කවුද? ඒ ගැන රටට හෙළිවිය යුතුයි.මේ චෞර රැල රටේ සම්පත් විකුණමින් ඉතාම බරපතළ ඇමැති මණ්ඩලයක් නඩත්තු කරනවා. දැන් ආණ්ඩුවේ අයට විරුද්ධව ආණ්ඩුවේ අයම විශ්වාසභංග යෝජනා ගේනවා. මුළු ආණ්ඩුවම මුරුගසන් වරුසාවට අහුවෙලා. අපි විශ්වාසභංග යෝජනාව නොගෙනාව නම් රවී කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අස්වෙන්නේ නැහැ. තමන් බිත්තියටම හේත්තුවුණ බව දන්නා නිසයි ඔහු ඉල්ලා අස්වුණේ. බල පෙරළියේ ඩොලර් කුට්ටි හුවමාරු වුණේ සිංගප්පූරුව හරහායි. මේ ආණ්ඩුවේ එවැනි මූල්‍ය ඞීල් පමණක් නෙමෙයි දේශපාලන ඞීල් පවා තිබෙනවා. ඒ දේශපාලන ඞීල් ගැනත් සෙවිය යුතුයි.රට දවසින් දවස අගාධයට යනව. 8 වැනිදා බලපෙරළියට කර ගැසූ සියලූම දෙනා මේ පාපකර්මයට වගකිව යුතුයි. මෙහෙම ආණ්ඩුවකට තවත් හුස්ම ගැනීමටවත් ඉඩක් නොදිය යුතු යැයි ඔහු පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ සියලූම දෙනාට මේ වනතුරුත් දඬුවම් ලැබී නැහැ. ඔවුන් සියලූම දෙනාට ද`ඩුවම් ලබාදීමේ ක්‍රියාවලියකට අපි එළඹිය යුතුයි. බැඳුම්කර වංචාව නිසා රටේ මූල්‍ය ක්ෂේත්රයේ අවුල් ජාලාවක් නිර්මාණයවී තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය බැඳුම්කර වංචාව ගැන නිරන්තරයෙන්ම හාරා ඇවිස්සුවේ නැත්නම් මෙය මෙතරම් දුරක් යන්නේ නැහැ. ආත්ම ගරුත්වයක් තිබුණානම් අර්ජුන් මහේන්ද්‍රන් මුල් අවධියේම මහබැංකු අධිපතිධුරයෙන් ඉවත්විය යුතුව තිබුණා. නමුත් ඔහු ඉල්ලා අස්වුනේ නැහැ. එසේ ඉල්ලා අස්නොවූයේ ඔහු පිටුපස්සෙන් යම් බලයක් තිබූ නිසයි.මුදල් ඇමැති රවී කරුණානායක මහතාට විරුද්ධව අපි මුලින්ගෙනා විශ්වාස භංග යෝජනාව විවාදයට ගත්තේ නැහැ. එය තවමත් කතානායකවරයාගේ ලිපිගොනුවේ තිබෙනවා. මේ වනවිට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය කප්පාදුවෙමින් තිබෙනවා. එපමණක් නෙමෙයි රැකියා අවස්ථාවන් ලක්ෂ ගණනින් කප්පාදු වෙමින් තිබෙනවා. ආණ්ඩුවට ආර්ථිකය කළමනාකරණය කරගන්න බැහැ. දවස ගානේ බදු ගහනවා. අපි අද මෙතන ඉඳගෙන ඉන්න ටිකටත් සීනිවලට බද්දක් ගහලා යැයි ඔහු පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. එකතැන නතරව තිබූ රටක් මහින්ද රාජපක්ෂ යුගයේදී වේගයෙන් සංවර්ධනය වුණා. ඒ නිසා පහළ මැදි ආදායම් ලබන රටක් බවට අපේ රට පත්වුණා. මේ හේතුවෙන් පොළී අනුපාතය, විරැකියාව, උද්ධමනය තනි ඉලක්කමක් බවට පත්වුණා. රටේ සමස්ත සංවර්ධන වේගය සියයට 7,8 ක් පමණ වුණා. පොලී අනුපාතය පහළ යෑම නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල වාසියක් වුණා.නමුත් බැඳුම්කර වංචාව නිසා අපේ රටේ සමස්ත ණය පොලිය රුපියල් බිලියන 167 ක් දක්වා වැඩිවුණා. ඒ මුදලින් මත්තල වගේ ගුවන් තොටුපළක් හා වරායක් හදන්න තිබුණා. එපමණක් නෙමෙයි බැඳුම්කර වංචාව නිසා විදේශීය ආයෝජකයන් විසින් මහබැංකු සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ ආයෝජන නැවත අරගෙන ගියා. ආසන්න වශයෙන් පසුගිය වසර දෙකේදී පමණක් රුපියල් බිලියන දෙදාහකට වඩා ආයෝජන නැවැත අරගෙන ගිහින් තිබෙනවා. විදේශ විනිමය රටින් පිටට යනවිට රුපියල බාල්දු වුණා. 2005 මහින්ද රාජපක්ෂ මහතා රට බාර ගනිද්දි අපි ආමරිකානු ඩොලරයකට රුපියල් 101 ක් ගෙව්වා. 2005 සිට 2015 වසර දක්වා මහින්ද රාජපක්ෂ රජය අර්බුධ රාශියකට මුහුණ දුන්නා. එහෙත් එම වසර දහයේදී ඇමරිකානු ඩොලරය වර්ධනය වී තිබෙන්නේ රුපියල් 30න් පමණයි. එතුමා නැවත රට බාරදෙනවිට අපි ඇමරිකානු ඩොලරයකට රුපියල් 131 මුදලක් ගෙව්වා. දැන් අපි ඇමරිකානු ඩොලරයකට රුපියල් 155ක් ගෙවනවා. ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යනවිට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යනවා. රුපියල බාල්දු වීම නිසා ජාතියේ ණය බර ශීඝ්‍රයෙන් ඉහළ යනවා.මේ හැම දෙයක්ම සිදුවුණේ බැඳුම්කර වංචාව නිසයි. බැඳුම්කරේ සියලූම බර පැටවුණේ මේ රටේ අවිහිංසක ජනතාව මතයි. ඒනිසා බැඳුම්කර වගකීම බාරගෙන මුදල් ඇමැතිවරයා හා අගමැතිවරයා ගෙදර යා යුතුයැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ රවී කරුණානායක මහතා තමන්ගේ ඇමැති තනතුරින් ඉල්ලා අස්වුණා. දැන් මෙම සටන මෙතනින් ඉදිරියට ගෙනියන්නේ කොහොමද? බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමට වැරදිකරුවන්ට දඬුවම් කරන්න බැහැ. සාක්ෂිකරුවකු වශයෙන් ජනාධිපතිවරයා ඕනෑම කොමිසමකට කැඳවිය හැකියි. ඒ නිසා මෙම කොමිසම හමුවට ජනාධිපතිවරයාද කැඳවිය යුතු බව අපේ අදහසයි.තමන්ගේම කැබිනට් මණ්ඩලයම විරුද්ධ වෙද්දිත් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතුයි. එමෙන්ම බැඳුම්කර වංචාව සිදුවීමෙන් පසුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරින් ඉවත් කරන ලෙසට රටේම ලොකු උද්ඝෝෂණයක් ඇති වුණා. නමුත් ඔහු ඉවත් කළේ නැහැ. ඒ නිසා 2016 වසරේ මාර්තු මාසයේදී පෙරටත් වඩා විශාල බැඳුම්කර වංචාවක් සිදුවුණා. නමුත් අඩුම තරමේ අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයගේ විදේශ ගමන් බලපත්‍රයවත් අහෝසි කරන්න ජනාධිපතිවරයා කටයුතු කළේ නැහැ.බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් ප්‍රකෝටි ගණන් මුදල් යොදා ස්කාගාර පටන් ගන්නවා. මේ ගැන කතා කරන උදවියට මඩ ගහන්න මාධ්‍ය ආයතන ආරම්භ කරනවා. එහෙත් ඒ මුදල් රාජසන්තක කිරීමටත් මේ වනතුරු පියවරක් ගෙන නැහැ.ජනාධිපතිවරයා පමණක් නෙමෙයි අගමැතිවරයාත් බැඳුම්කර කොමිසමට කැඳවිය යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත්කිරීමට තමන් විරුද්ධවූ බව රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළා. එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සියලූම වගකීම් තමන් බාරගන්නා බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙම වංචාව ගැන හොයන්න අගමැතිවරයා නීතිඥවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළා. එම කමිටුව නිර්දේශ ක්‍රියාත්මක නොකළේ ඇයි? මේ වංචාවට සම්බන්ධ වූ ලංකා බැංකු ප්‍රධානීන් හා සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රධානීන්ද මෙම කොමිසම හමුවට කැඳවිය යුතුයි. එමෙන්ම කෝප් කමිටු වාර්තාව කඩාකප්පල් කිරීමට ක්‍රියාකළ ”ෆුට්නෝටි” කල්ලියත් බැඳුම්කර කොමිසමට කැඳවිය යුතුයි.ඒ කල්ලියේ සමහරුන් තමන්ගේ නැන්දම්මා, සහෝදර සහෝදරියන්ගේ නම්වලින් දේපළ මිළදී ගෙන තිබෙන බව ආරංචියි. ඒ පිළිබඳවත් සොයා බලා දේපළ රාජසන්තක කිරීමට රජය ක්‍රියා කළ යුතුයි. එවිට මේ බැඳුම්කර වංචාව ගැන දිග පළල සහිත පැහැදිලි චිත්‍රයක් මවා ගත හැකියි. මේ වංචාව නිසා රටේ සමස්ත ආර්ථිකයම පීඩාවට පත්වෙලා. ඒ නිසා රවී කරුණානායක වැලිකඩට ගෙනියනතුරු මේ සටන නවත්වන්නේ නැතැයි ද පැවසීය. ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.බැඳුම්කර වංචාව පිළිබඳව කතාන්දර හඳුනා ගැනීමට අපි කරුණු එකිනෙක පෙළ ගස්වමින් සිටියා. නමුත් ඊට පෙර රවී කරුණානායක මහතා හරහා මේ කතාව එළියට පැන්නා. රවී කරුණානායක මහතා ඉල්ලා අස්වෙන්නේ ඇයි? ඔහු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයත්, ආණ්ඩුව ඇතුළෙත් ලොකු බෙදීමක් තිබුණා. රවී කරුණානායක මහතාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ මේ දේශපාලන අර්බුදය නිසයි.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතා මුලින්ම පැමිණිලි කළා. නමුත් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම මේ ගැන කරුණු ඇවිස්සුවා. පාර්ලිමේන්තු කෝප් කමිටු දෙකකින්ම මෙම වංචාව සම්බන්ධයෙන් එකම නිගමනයකට එළැඹුණා. නමුත් අගමැතිවරයා පත්කළ ත්‍රිපුද්ගල නීතිඥ කමිටුවට මෙම වංචාව හසුවුණේ නැහැ.බැඳුම්කර වංචාව මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා දිග්ගැසී තිබෙනවා. ඒ දේශපාලන අර්බුදය නිසා ආණ්ඩුවට මැතිවරණයකට මුහුණ දීමට නොහැකිව සිටිනවා. ආණ්ඩුවේ පාර්ශවකරුවන් එකිනෙකාට ගහ ගන්නවා. බැඳුම්කර වංචාව නිසා ලංකාවේ මූල්‍ය අර්බුදයක් හා ආර්ථික අර්බුදයක් හටගෙන තිබෙන බව ආර්ථික විශේඥයන් සඳහන් කරනවා. මේ නිසා ආණ්ඩුව හැම පැත්තකින්ම කොටුවී සිටිනවා. දැන් ආණ්ඩුව ගැලවෙන්න විවිධ උපක්‍රම සොයන බව ද පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේ පැවසීය.ආණ්ඩුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අනන්ත අප්‍රමාණව මිත්‍යාව වපුරනවා. මෙම වංචාවට චෝදනා ලැබ සිටින රවී කරුණානායක මහතා තමන්ගේ අවසන් කතාවේදී දේවධර්මය උපුටා දක්වමින් කතා කළා. අද ඔවුන් ජනතාව අතර වීරයන් වීමට උත්සාහ ගන්නවා. මුදල් පනත අනුව මහ බැංකුව අයත් විය යුත්තේ මුදල් අමාත්‍යාංශයටයි. නමුත් මෙම රජය යටතේ මහ බැංකුව අගමැතිවරයා යටතට පත් කළා. මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් වෙනත් අමාත්‍යාංශයකට පවරනවා නම් මුදල් පනත වෙනස් කළ යුතුයි. නමුත් මෙහිදී මුදල් පනත වෙනස් කළේ නැහැ.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා විසින් අංගසම්පූර්ණ වාර්තාවක් සකස් කළා. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එපමණක් නෙමෙයි ළඟදී සිදුවූ කැබිනට් සංශෝධනයේදී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින රවී කරුණානායක මහතාට අයත් විදේශ කටයුතු අමාත්‍යාංශයට සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය පවරනවා. ලෝකයේ කිසිම රටක එවැනි දෙයක් සිදුවී නැහැ. අමාත්‍යංශවලට විෂයන් වෙන්කිරීම ඉතාම විද්‍යානුකූල ආකාරයට සිදුකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එහෙත් ලොතරැුයි මණ්ඩල විදේශ අමාත්‍යාංශයට පැවරීමේ විද්‍යාත්මක පදනම කුමක්ද?බැඳුම්කර වංචාවේ සියලූම පව් රවී කරුණානායක මහතාගේ කරමත පැටවීමේ හැකියාවක් නැහැ. මුළු ආණ්ඩුවම මෙයට වගකිව යුතුයි. විදේශිකයකුවන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපතිකමට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ කිහිපදෙනෙක් විරුද්ධවී තිබෙනවා. නමුත් අගමැතිවරයාගේ තනි කැමැත්තට අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත්කළා.2015 වසරේදී පැවැත්වූ මහ මැතිවරණයෙන් පසුව පත්වූ නව පාර්ලිමේන්තුවේ කෝප්කමිටුවත් මෙම වංචාව ගැන පරීක්ෂණ පැවැත්වූවා. එම පරීක්ෂණ කඩාකප්පල් කිරීමටත් අගමැතිවරයා තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවූවා. මෙම ගනුදෙනුවට ලංකා බැංකුවත් සම්බන්ධ වුණා. ඔවුන් එක දුරකතන ඇමතුමට රුපියල් බිලියන 13ක් මෙම ගනුදෙනුව සඳහා ලබා දුන්නා.නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම්වලට යටත්ව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. නමුත් මේ වනවිට අගමැතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට ලිපි ගොනු 87ක් යවා තිබෙනවා. මෙවැනි කටයුතුවලින් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම විකෘති වෙනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණක් නෙමෙයි ඔවුන්ගේ අඹුදරුවන්ටත් තර්ජනය කරනවා. මෙවන් වාතාවරණයක් තුළ ඔවුන්ට තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කිරීමට හැකියාවක් නැහැ.බැඳුම්කර වංචාව යට ගැසීමට දැන් රාජපක්ෂවරුන් දඩයම් කිරීම ආරම්භ කර තිබෙනවා. චෝදනා තිබුණත් රාජපක්ෂවරුන්ට විරුද්ධව මේවනතුරු කිසිම චෝදනාවක් නැහැ. මෙම පාලන ක්‍රමය වෙනස්කර තමන්ට ආදරය කරන නිර්මල පාලනයක් බිහිකර ගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු යැයි පැවසීය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ මහත්වරුන් හා ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලූරේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. | මැයි නිවාඩුව අහෝසි කිරීම කම්කරු විරෝධී ක්‍රියාවක් | 0 |
hp_train_7741 | (ඉන්දිකා රාමනායක)අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ඇත.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුව පොලිස්පති වරයා අද පස්වරු 2.30 ට පමණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත .පොලිස්පතිවරයාට අමතරව විශේෂ බළකායේ අණදෙන නිලධාරිවරයා සහ, පොලිස් විශේෂ කාර්ය අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර ඔවුන්ගෙන් ද මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.ගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා පහරදුන් පිරිසට නිදහසේ එහි පැමිණිමට ඉඩ ලැබීම, පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයක් වැලැක්වීම, සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටිති. සී.අයි.ඩිය පොලිස්පතිගෙන් පස්වරුවේ ප්‍රකාශ ගනියිප.ව. 02:50(ඉන්දිකා රාමනායක)පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශක ලබා ගැනීමට සූදානමින් සිටීඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් පොලිස් මූලස්ථානය වෙත පැමිණ මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග පවසයිගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා පහරදුන් පිරිසට නිදහසේ එහි පැමිණිමට ඉඩ ලැබීම, පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයක් වැලැක්වීම, සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මේ සම්බන්ධයෙන්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කර ඇති ප්‍රකාශයක් මුල්කරගෙන ප්‍රකාශය ලබා ගන්නා බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ අරලියගහ මන්දිරය දෙස සිට පැමිණි පිරිසට නිදහසේ ගාලු මුවදොර පැත්තට පැමිණිමට අවකාශ උදා වූයේ පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක ලේකම්වරයා විසින් තමන්ට ලබාදුන් නියෝගයක් නිසා බවයි. | පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 කගෙන් හෙට සී.අයි.ඩී යට ප්‍රකාශ | 0 |
hp_train_7742 | නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.2කින් පහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම පුරෝකථන ඇතුළත් මධ්‍ය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් එම සංවිධානය ඒ බව සඳහන් කර ඇත. මෙම ආර්ථික පසුබැසීම, 1930 වසරේ ඇති වූ මහා ආර්ථික අවපාතයෙන් පසු ලෝකය මුහුණ දෙන ‘‘සියුම් ම ආර්ථික හැකිළීම’’ මෙය යැයි ද පැවසේ. ලෝක ආර්ථිකය මෙලෙස කඩා වැටීමෙන් ලොවපුරා මිලියන 34.3කට ආසන්න ජනතාවක් දැඩි දරිද්‍රතාවයට පත්වනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එම පිරිසගෙන් වැඩිදෙනකු ජීවත් වන්නේ අප්‍රිකානු මහද්වීපයේ බව ද පැවසේ. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මේ වසරේ දී හා ලබන වසරේ දී ගෝලීය ආර්ථිකයේ නිමැවුම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 8.5කින් කපාහරිනු ඇතැයි ද පැවසේ. එම මුදල ලෝක ආර්ථිකය වසර හතරක් මුළුල්ලේ එක්රැස් කරගත ආර්ථික ප්‍රතිලාභවලට සමාන වේ. මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 2.5ක සාමාන්‍ය අගයකින් වර්ධනය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වසරේ ජනවාරි මාසයේදී පුරෝකථනය කළේය. අල්ජසීරා (055) | ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට | 0 |
hp_train_7743 | (තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 817 දෙනෙකු හමුව ඇති බවත් ඉන්134 දෙනෙකු වන වැඩිම පිරිස බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර - 133 ක්, අත්තනගල්ල - 90 ක්, ගම්පහ - 87 ක්, ජාඇල - 53 ක්, කැලණිය - 51 ක්, වත්තල - 49 ක්, රාගම - 45 ක්, දොම්පෙ - 44 ක්, දිවුලපිටිය - 39 ක්, මීගමුව - 33 ක්, කටාන - 24 ක්, මීරිගම - 20 ක් සහ මිනුවන්ගොඩ - 15 දෙනෙකු වශයෙන් සිදුව ඇති බවද අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 23 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 326 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. රෝහල් ගත කොට ඇති සැක සහිත රෝගීන් සංඛ්‍යාව 148 දෙනෙකි. නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 16,416 දෙනෙකි. | ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 ක් | 0 |
hp_train_7744 | (පාලිත ආරියවංශ) යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට සහභාගිවූ ආරක්ෂක අංශ වලට අයත් පිරිසක් ගමන් කළ කැබ් රිය බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද,තිඹිරිගස්පිටිය දී අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබු හත් දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.තුවාලකරුවන් අතර යුද හමුදා පොලිසියේ තිදෙනෙක්, යුද හමුදාවේ දෙදෙනක් , පොලිස් නිලධාරියෙක් හා හමුදාවෙන් පලාගිය සෙබළාද වන බව පොලිසිය සඳහන් කරයි.යුද හමුදා වෙන් පලාගිය සෙබළෙකු සොරණාතොට , මීගහවෙල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ . | යුද හමුදා කැබ් රිය පෙරැළි හතක් රෝහලේ | 1 |
hp_train_7745 | හච්, විසින් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මෙම කාලය සඳහා ගැළපෙන, විශේෂිත දීමනා රැසක් සමඟින් සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වාදෙන ලදී.හච් “හරිකේන්” නමින් හඳුන්වන මෙම වැඩසටහන මඟින් සියලුම හච් පාරිභෝගිකයන්ට ඔවුන් රීලෝඩ් කරන සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි වටිනාකමක් සඳහාම ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් ලබා දෙන බව එම සමාගම සඳහන් කරයි.මෙම වැඩසටහනේ සුපිරි ත්‍යාගය වශයෙන් මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් සහ ඉදිරි සති 8 ක කාලය තුළ සතිපතා Yamaha ජෙනරේටර්ස්, Rhoda ස්මාර්ට් ඉලෙක්ට්‍රික් බයික්, සැම්සුන්ග් 5G ස්මාර්ට්ෆෝන්, සැම්සුන්ග් ස්මාර්ට් ඔරලෝසු, Airpods සහ Battery-backed WiFi රවුටර්ස් යන ත්‍යාග දිනාගත හැකි බවද එම සමාගම කියයි.වර්තමානයේ පවතින අභියෝග හමුවේ පුද්ගලයින්ගේ එදිනෙදා කටයුතු පහසු කිරීමේ අරමුණින් ජෙනරේටර්ස්, ඉලෙක්ට්‍රික් ස්මාර්ට් බයික් සහ Battery-backed WiFi රවුටර්ස් වැනි ත්‍යාග හඳුන්වාදී ඇත. හච් “හරිකේන්” වැඩසටහන සියලුම හච් පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක “ගාස්තු රහිත” වැඩසටහනක් වන අතර සුපුරුදු හච් රීචාර්ජ් කිරීම් තුළින් ඔවුන්ගේ ජීවිත පහසු කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි රීලෝඩ් කිරීමක් සඳහා ජයග්‍රාහී ප්‍රවේශයක් හිමිවන අතර වැඩි ප්රවේශයන්, ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩි කරයි.-සටහන- චමින්ද මුණසිංහ | හච් ”හරිකේන්” ජයග්‍රාහකයන්ට තෑගි පිරිනමයි | 0 |
hp_train_7746 | (තලවකැලේ -ශාන්ත චන්ද්‍රසිරි) මධ්‍යම කඳුකර පරිසර පද්ධතිය ආරක්ෂාකර ගැනීමේ හා ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් අද (07) තලවකැලේ, බෙයාවේල් වත්තේ වතුකම්කරු ළමුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.බෙයාවේල් වතුයායේ වතු කම්කරු ළමුන් විශාල පිරිසක් පරිසරය රැක ගැනීමේ හා ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ලියන ලද විවිධ දැනුවත් කිරීමේ සටහන් සහිත පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් හැටන්- නුවරඑළිය මාර්ගයේ බෙයාවේල් වතුයාය අසල සිට ලිඳුල නගර දක්වා මෙසේ පා ගමනේ යෙදිණි.පරිසරය හා ජලය සුරකීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කරන ලද අතර මෙම පරසරය සුරැකීමේ පා ගමන තලවකැලේ, බෙයාවේල් වත්තේ වතු අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් එම වත්තේ වතු වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු වතු නිලධාරීන් එක්ව සංවිධානය කොට තිබිණි.ළමුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම පා ගමන සඳහා බෙයාවේල් වතු කම්කරුවන්ද විශාල පිරිසක් එක්ව සිටියහ. | වතු අධිකාරි ඉවත් කරන්නැයි ඩයරබා වතුකම්කරුවෝ වැඩ වරති | 0 |
hp_train_7747 | ජුඩ් සමන්ත පුත්තලම - හලාවත මාර්ගයේ දුම්කොල නැටි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද (22) මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරු සහ රිය සහායකවරයා බව පොලීසිය කියයි.රෝහල් ගත කර සිටින රිය සහායකවරයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. කටුනායක - නයිකන්දේ සිට පුත්තලම - පාලාවිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් කරා දුම්කොළ නැටි තොගය රැගෙන යමින් සිට ඇත.එම කන්ටේනරයේ දුම්කොල නැටි කිලෝ ග්‍රෑම් 10,600 ක ප්‍රමාණයක් අසුරා තිබී ඇත. රේගු නිලධාරීන් බාරයේ මෙම දුම්කොල නැටි තොගය ප්‍රවාහනය කර ඇති බවත්,ඒවා පුත්තලමේ පිහිටි කාර්මාන්ත ශාලාවේ අධි උදුනකදී පුළුස්සා විනාශ කිරීමට නියමිතව තිබී ඇති බවත් විමර්ශණ වලදී හෙලිවී ඇත. අධික වේගයෙන් පැමිණ ඇති කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අනතුර සිදුවී ඇත.කන්ටේනර් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුව බව පොලීසිය කියයි. | තිරිඟු පිටි කන්ටේනරයක් පෙරැළී 5කට තුවාල | 0 |
hp_train_7748 | (නාලක සංජීව දහනායක)වත්මන් ආණ්ඩුව රටේ ස්වෛරීත්වය, ඒකීය බව විදේශීය බලවේගවලට හා බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පුදමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (1) සඳහන් කළේය.එබැවින් මෙම මැයි දිනය වෙන්දේසිකාර, කොන්ත්රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ගාලූමෝදර පිටියේදී පෙරේදා (1) පැවත්වූ මැයි රැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.වෙන්දේසිකාර, කොන්ත්රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන මැයි දිනය අදයි. වරාය නගරය, නෙළුම් කුලූන අපි ඇති කළ සාමයේ ප්රතිඵලයයි. අපි මේ ජාතියට, අනාගත පරපුරට තිළිණ කළ දේවල්. මගෙන් පළිගන්න ඕන නිසා ආණ්ඩුව මේ දේවල් නතර කළා.මේ ආණ්ඩුව හැමදාම ණය බරගැන කතා කරනවා. වරායක් ඇතුළු හැමදේම විකුණනවා. ආණ්ඩුව අපිට අභියෝගයක් කළා ගෝල්ෆේස් පිටිය පුරවන්න කියලා. ඒ අභියෝගය භාරගෙන ඔන්න අපි පිට්ටනිය පුරවල පෙන්නුවා. ඒ වගේ අපි කරන අභියෝගයත් ආණ්ඩුව භාරගන්න ඕන. පුළුවන්නම් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ආණ්ඩුව ඒ අභියෝගයත් භාරගන්න ඕන. මැතිවරණ ගැන කතාකරන කොට මේ ආණ්ඩුවේ කකුල් ගැහෙනවා. ඡන්ද තියන්නේ නැත්නම් විමල් කිව්ව වැඬේට අපි බහිනවා.අපි නම් මීට වඩා අභියෝග භාරගෙන තියෙනවා. විමල් වීරවංශ, මහින්දානන්ද, ජොන්ස්ටන්, නාමල්, ගම්මන්පිල වගේ අපේ අය අත්අඩංගුවට අරගෙන අපිව බයකරන්න හදනවා. පළාත් පාලන මැතිවරණය කල් දමනවා. ශ්‍රී.ල.නි.පයේ පතාක යෝධයන් ආසන සංවිධායකකම්වලින් පන්නනවා. මේක හැකියාව වෙනුවට නොහැකියාව රජකරන යුගයක්.පසුගිය මහ මැතිවරණයෙන් මම පැරදුන එක වෙනම දෙයක්. එ.ජා.ප.ය එක්ක යන්න ජනතාව ඒ මැතිවරණයේදී අපිට ඡුන්දය දුන්නේ නැහැ. පැරදුණ මිනිස්සු කැබිනට් එකට දාගෙන ආණ්ඩු කරනවා.අපි ගත්ත ණය නිසා නොවෙයි ආණ්ඩුව අමාරුවේ වැටුනේ. ආණ්ඩුව ගත් ණය නිසා තමයි අද ආණ්ඩුව අමාරුවේ වැටිලා ඉන්නේ. මේ රටේ ජනතාවට ලොකුම ද්‍රෝහීකම කළේ කවුද? පක්ෂයේ ලේකම්වරුන් අයින් කළා. අඩුම තරමින් විපක්ෂනායක කමවත් අපිට නැහැ. ඒක දුන්නේත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 16ක් ඉන්න කණ්ඩායමකටයි. ප්‍රධාන සංවිධායකකම දුන්නේ මන්ත්‍රීවරුන් 6ක් ඉන්න කණ්ඩායමකටයි.මේ ආණ්ඩුව වගේ ජාතික සම්පත් වෙන කිසිම කෙනෙක් විකුණුවේ නැහැ. අපි ජාතියට දායාද කළ හම්බන්තොට වරයා ඇතුළු ත්‍රිකුණාමල වරාය තෙල් ටැංකි, මාදුරු ඔය තවත් බොහෝ ස්ථාන මොවුන් විකුණන්න සූදානම් වෙනවා. ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉතාම වැදගත්. මේවා පාවා දෙන්න හවුල් වෙන එකටද සංහිඳියාව කියන්නේ.වැඩබිම විනාශ කරලා. ගොවිබිම පාළු කරලා. මව්බිම විකුණලා. වරාය අධිකාරිය, තෙල් සංස්ථාව විකුණලා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුවන්, රණවිරුවන්, ශිෂ්‍යයන්, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍ය මේ ඔක්කෝම ආණ්ඩුවෙන් බැට කනවා. මම වෙඩිනොවදින කාර් ගෙන්නුවේ ත්‍රස්තවාදී තර්ජන තිබුණ නිසයි. නමුත් රණවිරුවන්ට පහරදීම ඇතුළු මේ කරන දේවල්වලට ආණ්ඩුවට ගෙන්වන්න සිද්ධ වෙන්නේ හෙණ නොවදින කාර්.එදා එපා කියද්දිත් මම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. බලය ගත්තේ ද්‍රවිඩ සන්ධානයයි. අපි කරපු දේවල්වලින් එක දශමයක්වත් මේ ආණ්ඩුව උතුරට කරලා නැහැ. අපේ ආණ්ඩුව උතුරට දුම්රියක් දුන්න එක ගැනත් දැන් ප්‍රශ්න කරනවා.උතුරට ප්රජාතන්ත්රවාදය දුන්නේ අපි. ඒදේ කරන්න පුළුවන් වුණේ එක්සත් ජාතික පක්ෂයට නොවෙයි අපිටයි. ආණ්ඩුව හත්වැනිදාට සම්මත කරගන්න සුදානම් වන පනත සම්මත වුණොත් දෙයියන්ගේම පිහිටයි. ඒ නිසා මේ පනත ගේන්න නොදී නතර කරන්න ඕන. අපි රට නිදහස් කරගත්ත නිසයි පිනුම් ගහන්නේ කියලා මෙයාල තේරුම් ගන්න ඕන. ඒක අමතක කරන්න එපා.අවුරුදු පහකට බලය අරගෙන අනාගත පරම්පරාවේ අයිතිය අහිමි කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. එට්කා ගිවිසුම අත්සන් කළාම දැනට තිබෙන රැකියා විතරක් නොවෙයි අනාගතයේ රැකියා ටිකත් නැති වෙනවා. ආණ්ඩුවේ නායකයන් විදේශ ගතවන හැම මොහොතකම ජනතාවට බයක් දැනෙනවා. මොනදේ විකුණයිද දන්නේ නැහැ කියලා.එක්සත් ජාතික පක්ෂය සමග ගමනක් නැති නිසයි බණ්ඩාරනායක මහත්තයා එළියට බැහැලා ශ්‍රී.ල.නි.පය හැදුවේ. අද ශ්‍රී.ල.නි.පය හතරගාතෙන්ම වැටිලා ඉවරයි. මේවා කරන්නේ කාගේ වුවමනාවටද? රත්වත්තෙලා, ජනකලා ඉවත් කරන්නේ වෙන කාගෙවත් නෙමෙයි සිරිකොතේ වුවමනාවටයි. රට බෙදන ව්‍යවස්ථාව ගේන දවසට ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනවා.ජාතිවාදීන් සතුටුකරන මේ ආණ්ඩුවට විරුද්ධව පාඩම් උගන්වන්න ඕන. මේක කුණු ටිකවත් කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක්.කුණු කන්දක් කඩාගෙන වැටිලා මිනිස්සු මැරුණ එකම රට ලංකාවයි. අපි ත්‍රිවිධ හමුදාව යොදාගත්තේ රට රකින්නයි. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කරන්නයි. ඒත් මේ ආණ්ඩුව වැඩ කරන ජනතාව මර්දනය කරන්න ත්‍රිවිධ හමුදාවම යොදාගන්න සුදානම් වෙනවා.අපේ ආණ්ඩුව පෙරළන්නනම් ඇමරිකාව සල්ලි දුන්නා. දැන් කිසිම රටක් මේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ නැහැ. සෞඛ්‍යය, අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ. ඒ අවශ්‍යතාව තියෙන්නේ අපිටයි. දේශීය ව්‍යාපාරිකයන් සුරකින්න බැංකු ක්‍රමයක් අපිට ඕන. විදේශීය ව්‍යාපාරිකයන්ට දෙන පහසුකම් දේශීය ව්‍යාපාරිකයන්ට දෙන්න ඕන. ඔවුන් ඒ වෙනුවෙන් හඬක් නගනවා. මේ රටට නවීන ආර්ථිකයක් අවශ්‍යයි.අනාගත පරපුර වෙනුවෙන් අභිමානවත් රටක් ගොඩනැගිය යුතුයි. අප රට ඒ දිශාවට ගෙනගියා. එය කරන්න අපිට ශක්තිය තිබෙනවා. අපි ඒ දේවල් කරලා පෙන්වලා තිබෙනවා. මේ ආණ්ඩුව මැතිවරණ අයිතිය උදුරාගෙන. මේවාට විරුද්ධව ජනතාව ඉදිරියට එන්න ඕන. මෙය කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන මැයි රැලියක් පමණක් නොවෙයි. රටට වැඩ කරන, ජාතික සම්පත් සුරකින ආණ්ඩුවක් ගොඩ නැඟීමට සියලූම දෙනා ජාතිබේදයෙන් තොරව පෙරට පැමිණිය යුතු යැයිද පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය,ප්රතිගාමීන්ගේ තර්ජනය ඉදිරියේ නොසැලී මහින්ද රාජපක්ෂ මහතා දැවැන්ත මැයි රැලියක් කැඳවූවා. මෙය අලූත් ආණ්ඩුවක් ගොඩනැගීමට අධිෂ්ඨානයෙන් කැපවෙන රැලියක්.මහබැංකුව කොල්ලකෑ, වරායන් විකුණා දැමූ ආණ්ඩුවක් තවදුරටත් තියාගත හැකිද? රටක් තමන්ගේ රටේ වත්කම් වැඩි දියුණු කොට ජනතාවගේ දියුණුවට ආයෝජනය කළ යුතුයි.සියයට 8.6 සංවර්ධන වේගයක් තිබූ රටක් සියයට 4.2 කින් සංවර්ධන වේගය අඩුවෙලා. මේ ආණ්ඩුව ගැන ඒකෙන්ම තක්සේරු කර ගත හැකියි. මේ ආණ්ඩුව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මැතිවරණ කල් දමලා. රට අරාජික වෙලා. නාඩගංකාරයන්ගේ ආණ්ඩුවක් බිහිවෙලා.ජනතාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරියටත් පියවර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපේම ආණ්ඩුවක් ගොඩ නැගීමට කැපවෙමු යැයි පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය,මහබැංකු වංචාවෙන් රුපියල් මිලියන පහළොස් දහසක පාඩුවක් සිදු වුණා. ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. එවිට අප රටේ ජනතාවගේ රැකියා ආරක්ෂාවන්නේ නැහැ. දේශපාලන නායකත්වය විසින් රණවිරුවන් විදේශයන්ට පාවාදෙනවා. ශ්‍රී.ල.නි.පයේ ප්‍රබල ආසන සංවිධායකයන් ඉවත් කරනවා. ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ අයිතීන් දෙන්නේ නැහැ. ප්රජාතන්ත්රවාදී කිසිම රටක් මැතිවරණ කල් දමන්නේ නැහැ. මෙම රජය වසර දෙකක් තිස්සේ මැතිවරණ කල් දමනවා. මැතිවරණයක් පැවැත්වුවහොත් අපිට ලැබෙන ප්‍රතිපලය ගැන අබමල් රේණුවකවත් අවිශ්වාසයක් නැහැ. මේ සියලූම ජනතාව ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයකින් යුතු ආණ්ඩුවක් යැයි පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය,ගාලූ මුවදොර පිටියට රැස්වූ ජනතාව අත තිබෙන්නේ රටේ ඒකීයභාවය සහතික කරන ජාතික ධජයයි. අද ආණ්ඩුව බෙදුම්වාදී ව්‍යවස්ථාව හදාගෙන යනවා.රණවිරුවන් ලේ හලා රැකගත් මව්බිම ව්‍යවස්ථාවෙන් බෙදන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාව ගේන්න හැදුවොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජනපති, අගමැති මන්දිර වටකරාවි. ගාලූ මුවදොර පිටියෙන් පෙන්නුම් කරන රටේ ජනතා බලය දැකලා පැත්ත මාරුකරන්න කියලා ආණ්ඩුවට රිංගාගෙන ඉන්න ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන්ට අපි කියනවා.රටේ සංස්කෘතිය විනාශ කරලා අප රට ඉන්දියානුවන්ගෙන් පුරවන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මෝදි ලංකාවට එන්නේ තොරන් බලන්න නෙමෙයි අප රටට එරෙහි ගිවිසුම් ටික හදා ගන්නයි. මේවාට විරුද්ධව මුළුරටම කළුකොඩිවලින් පුරවන්න ඕන.අවුරුදු දෙකකට පෙර ජනතාව විශාල රැවටීමකට හසුවුණා. රටට වෙච්ච සුගතියක් නැහැ. මේ රට එදා ඉඳලා ආපස්සට ගියා. ජනතාව මත බදු බර වැඩිවුණා. පීඩනය වැඩිවුණා. මැතිවරණය දෙන්නේ තැත්නම් මැතිවරණ ගන්න ඕන. ඒකට තියෙන්නේ මුළු කොළඹම වටකරලා මැතිවරණයක් ඉල්ලා සිටීමයි.යුධ හමුදා බුදධි අංශ නායකයන් අද ඉන්නේ හිරගෙවල්වල. ඒ අඹුදරුවන් අඬනවා. සිරිසේන-වික්‍රමසිංහ රට වෙනුවෙන් සේවයක් කළ මිනිස්සුන්ට දෙන තෑගි තමයි ඒ. ඒත් ජාතියේ හිසමතට ගුවන් ප්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ. ගුවන් බළකායේ නිලධාරීන්ට ඇප දෙනවා. මේවා වෙනකොට ස්වභාවධර්මය කම්පාවෙන එක අහන්නත් දෙයක්ද?අවුරුදු දහයක් මේ රට නියම මාර්ගයක ආවා. අද මුළු රටම කුණුවලින් පිරිලා. මහින්ද මහත්තයා රටට, ජාතියට විනයක් ගෙනාවා. ඒවා ඔක්කොම කාබාසිනියා කළා. දැන් රටේ විනය හදන්න හදනවා.2020 වනතුරු හිටියොත් අපිට රටක් නැති වෙනවා. එයට කලින් ප්‍රහාරය එල්ල කළ යුතුයි. ඒකට තිබෙන එකම මඟ මේ ජනතා බලයයි. බැඳුම්කර හොරු පත්තර ගහනවා. රූපවාහිනී නාළිකා මිලදීගෙන ඉවරයි. ඒ නිසා බැඳුම්කර හොරුන්ගේ ජනමාධ්‍ය පරීශීලනය කරන්න එපා කියලා අපි ඉල්ලනවා.මේ රට ඉන්දීය කොළණියක් කරන්න දෙන්න බැහැ. එට්කා ගිවිසුම් අත්සන් කරන්න දෙන්න බැහැ. බෙදුම්වාදී ව්‍යවස්ථා ගේන්න දෙන්න බැහැ. ඒවාට විරුද්ධ ප්‍රහාර එල්ල කරන්න ඕන. අපිට මහින්ද මහත්තයාගෙන් දිනය හා වෙලාව විතරයි ඕන. මේ ජනතාව මුළු කොළඹම වටලන්න ලෑස්තියි. 2020ට පෙර මේ ආණ්ඩුව ගෙදර යවන ජනතා බලය පෙන්වන්න අපි සූදානම් යැයි පැවසීය.ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය,ආණ්ඩුව අපිට අභියෝගයක් දුන්නා, ගෝල්ෆේස් පිටිය පුරවන්න. අපි අභියෝගය භාරගත්තා. පහුගිය මැයි දින දෙකක් තිස්සේ අපි ආණ්ඩුව පසු බැස්සුවා. සරසවි සිසුන්, වෘත්තීයවේදීන්, ජනතාව ගෙනගිය අරගලවලින් ආණ්ඩුව පසුබස්සවලා තිබෙනවා. ගෝල්ෆේස් පිටියෙන් පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජයයි. පුළුවන්නම් මැතිවරණය තියන්න. මාස තුනක් ඇතුළත මැතිවරණ පැවැත්වූයේ නැත්නම් දැවැන්ත අරගලයකට යනවා යැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය,ඒකාබද්ධ විපක්ෂය මැයි රැලිය පවත්වන්න ගෝල්ෆේස් පිටිය තෝරාගත්තේ ජනතාව ගැන අපිට තිබුණ විශ්වාසය නිසයි. අපි මේ පිට්ටනිය මදි සෙනග බලන්න ඕන නම් ගෝල්ෆේස් එන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.ලංකා ඉතිහාසයේ ලොකුම මැයි රැලි පවත්වන්න ඕන නම් ආණ්ඩුව මොකට හුණ්ඩු වැනි පිට්ටනි වෙන්කරගත්තේ. වැඩකරන ජනතාවගේ මුදල් කොල්ල කන, රණවිරුවන්ට පහරදුන් මේ ආණ්ඩුවට මැයි දිනය සමරන්න අයිතියක් නැහැ. දැන් ෆොන්සේකා අයිති අතීතයටයි. සුදුකොඩි කතා කියාපු රණවිරුවන්ට පහරදෙද්දී කටපියාගෙන හිටපු ෆොන්සේකාගේ අණ පිළිපදින්න හමුදාව සූදානම් නැහැ. මේ රට කෑල්ලෙන් කෑල්ල කඩල නොරටුන්ට විකුණන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අගමැතිතුමා ගිය සතියේ ඉන්දියාවේදී අත්සන් කළ ගිවිසුම අනුව ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙනවා. උතුර ඉන්දියාවට, නැගෙනහිර චීනයට, බස්නාහිර ඇමරිකාවට දුන්නම අනාගත පරපුරට රටක් කොයින්ද?වසර පහක් මේ ආණ්ඩුව තිබුණොත් අපිට රටක් නැති වෙනවා. මේ ජනතාව පාරට බැස්සොත් මැතිවරණයක් පැවැත්වීම හැර වෙනත් විකල්පයක් මෙම ආණ්ඩුවට නැතැයි පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා,ගෝල්ෆේස් පිටියට රැස්වූ ඔබ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අභියෝග පරාජයට පත්කර තිබෙනවා. කැම්බල්පිටිය, ගැටඹේ ක්‍රීඩාංගණය, බී.ආර්.සී. පිටිය ඒ සියල්ලටම වඩා වැඩි ජනතාවක් ගෝල්ෆේස් පිටියට ඇවිත් ඉන්නවා. අපි මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තොත් මේ රට විකුණන එක නවතාගන්න පුළුවන්යැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසීය.ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන මේ මැයි රැලිය ඓතිහාසික එකක්. 2015 ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනස සිදුනොවුනා නම් ආර්ථිකය ශක්තිමත් කරන වරාය නගරය ඉදිකර අවසන්. කොළඹ පමණක් නෙමෙයි මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කරන්න මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළා. එදා අපි රට සංවර්ධනය කරනවිට වික්‍රමසිංහ නඩය රටට බොරු කන්දක් කිව්වා. සිරිසේන-වික්‍රමසිංහ මේ රටට ගෙනාපු එකම එක සංවර්ධන මර්මස්ථානයක් පෙන්වන්න.අද රටේ ණය පොලිය ඉහළ ගිහිල්ලා. සියලූම ආර්ථික ක්‍රියාවලි ඇනහිටලා. ජීවත්වෙන්න බැරිව මිනිස්සු පාරට බහිනකොට හමුදාව දාලා කම්කරුවන් මර්දනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. එවැනි පසුබිමක ගැටඹේ මැයි රැුලියටයි, කැම්බල් පිටියටයි රෙද්දක් ඇඳගෙන අපිට යන්න පුළුවන්ද? වික්‍රමසිංහගේ බටලන්දට, සූරියකන්දට බය නැතිවුණ අපි මේවාට බයවෙන්නේ නැතැයි පැවසීය.දේශවිමුක්ති ජනතා පෙරමුණේ නියෝජ්‍ය සභාපති පුජ්‍ය ගලගම ධම්මරංසි හිමි,හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන විනයාගමූර්ති මුරලිදරන්, රියාර් අද්මිරාල් සරත් වීරසේකර, සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති වයඹ පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ. සනත් නිශාන්ත, ජනක බණ්ඩාර තෙන්නකෝන්, වීරකුමාර දිසානායක, දිළුම් අමුණුගම, ජයන්ත සමරවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සිසිර ජයකොඩි, ශ්‍රීයාණි විජේවික්‍රම, ගීතා කුමාරසිංහ, චමල් රාජපක්ෂ, පියල් නිශාන්ත, ශෙහාන් හේමසිංහ, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ, රොෂාන් රණසිංහ, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, විදුර වික්‍රමනායක, කනක හේරත් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, වෘත්තියවේදීන්, කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය. | තුනෙන් දෙකෙන් රාජපක්ෂවරුන්ගේත් ආණ්ඩුවේත් අවශ්‍යතා ඉටු කරනවා | 0 |
hp_train_7749 | විදේශ රැකියා සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහය පතයි. කටාර් හි ගෘහ සේවය සඳහා 2016 වසරේදී පිටත්ව ගිය පොලොන්නරුව,කුමුදුපුර අංක 15 දරණ නිවසේ පදිංචිව සිටි ඩබ්ලිව් ජී සන්ධ්‍යා කුමාරි මහත්මිය පිළිබඳව මේ වනතුරු කිසිදු තොරතුරක් දැනගැනීමට ලැබී නොමැති බව කාර්යාංශය පවසයි. එමෙන්ම 2011 වසරේදී ජෝර්දාන් බලා බලා පිටත්ව ගිය වනාලුවාව ,පැලැන, අංක 02/19 ඒ නිවසේ පදිංචි කිරිබත්ගොඩ ලාලානි මහත්මිය පිළිබඳවද මේ වන තුරු කිසිදු තොරතුරක් ලැබී නැතැයි කාර්යාංශය ස ඳහන් කරයි. මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112-864136 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටි.(36698) | විදෙස්ගත ශ්‍රමිකයන්ගේ තොරතුරු සොයයි | 1 |
hp_train_7750 | (සුජිත් හේවාජුලිගේ)ගිය ආණ්ඩුව හම්බන්තොට වරාය සඳහා ගෙන ආ ගිවිසුමේ තිබූ බොහෝ බරපතළ දේවල්වලට තමා එදා දැඩිව විරුද්ධ වුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ගිය ආණ්ඩුව කොළඹ ගෝල්ෆේස් පිටියෙන් අක්කර හයක් ෂැංග්‍රිලා හෝටලයට සින්නක්කරව දුන් බව කී ජනාධිපතිවරයා, වරාය නගරයේ අක්කර 240 ක් චීනයට සින්නක්කරට දීමට ගෙනැවිත් තිබූ ගිවිසුම නව රජය බලයට පත් වී වෙනස් කළ බව ද ප්‍රකාශ කළේය.හම්බන්තොට වරාය බදුදීම සම්බන්ධයෙන් දුන් පාර්ලිමේන්තු විවාදය විපක්ෂය හරියට ප්‍රයෝජනයට ගත්තේ නැතැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේදී පෙරේදා (1) සවස පැවැති වරාය අධිකාරියේ 38 වැනි සංවත්සර උත්සවයේදීය.වරාය අධිකාරියේ දීර්ඝ සේවයක් කළ සේවකයින්ට ජනාධිපතිවරයා අතින් මෙහිදී උපහාර තිළිණ පිරිනැමිණජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය.ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වසර 38 ක ගමන් මග ගැන මා සතුටු වෙනවා. අපි මුහුදින් වට වූ දූපතක් විදියට කල්පනා කරන කොට ඉතිහාසයේ මතක සටහන් රාශියක් සිහියට නැගෙනවා. අද අපේ වරාය ලෝකයේ තාක්ෂණය සහිත සියලූ වරායන් සමග කරට කර තරග වදින තැනක සිටිනවා. වරාය රට වෙනුවෙන් ඉතා ඉහළ සේවාවක් කරනවා. අපේ රට ලෝකය හඳුනා ගන්නේ මූලික වශයෙන් වරායන් නිසයි. මේ හා සම්බන්ධ අවුරුදු හාරසියය පන් සියයක ඉතිහාසයක් අපට කතා කරන්න පුළුවන්. නාවික ගමනාගමනය, විදේශීය ආක්‍රමණ යනාදී කරුණු ගැන, ලෝකය සමග තරගකාරීත්වයට පදනම වැටුණේ ද වරායන් නිසයි. එදා මෙදා තුර සේවය කළ සියලූ සේවකයන්ගේ ගුණ සිහිපත් කිරීම ඔවුන් මතක් කිරීම වැදගත්. කළගුණ දත් ජාතියක් වශයෙන් අප එය කළ යුතුයි.වරායෙන් රටේ ආර්ථිකයට ලැබෙන්නේ ලොකු ශක්තියක්. එදා මෙදා තුර සේවකයන්ගේ ශක්තියෙන් මෙය මනාව ගොඩනැගුණා. වර්තමානයට මග පෙන්වන්නේ අතීතයයි. අප ඒ වර්තමානය ශක්තිමත් කරමින් අනාගතයට මුහුණ දිය යුතුයි.එක් දහස් නවසිය හැත්තෑ නවයේදී මේ වරාය තිබූ තැන මොකද්ද? ඒ අතරේ සිදු වූ වෙනස්කම් අප දන්නවා. මීට වසර 38කට පෙර තිබූ තත්ත්වයට වඩා අද තත්ත්වය වෙනස්. මේ වෙනස තුළ අප දකින්නේ ලොකු සංවර්ධනයක්. 38 වසරක් ඔබ කළ සේවය ඉහළින්ම අගය කරනවා. මම ඔබලට සුබ පතනවා. ඔබලාගේ බුද්ධියේ දැනුම වර්ධනය වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.හම්බන්තොට වරාය බදුදීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 සැප්තැම්බර් 4 වැනිදායි. එවකට තිබූ රජය ඒ කැබිනට් එකේ හිටපු මට එය හොඳට මතකයි. එදා ඒ ගිවිසුමේ කරුණු බොහොම බරපතළයි. පළමු ගිවිසුමට අදාළ කරුණු ප්‍රබලයි. මා එදා ඒ බොහෝ කරුණුවලට එකඟ වුණේ නැහැ. මා ඉදිරිපත් කළ කරුණු අනුව වරායේ කටයුතුවලට තිබුණු ඉඩම් ප්‍රමාණය සියයට පනහකින් අඩු කරන්න හැකිවුණා.වරායේ බිම් අඟලක් හෝ විදේශ සමාගමකට දෙන්න බැහැ කියන වගන්තියක් අප ගිවිසුමට ඇතුළත් කළා. අනාගතේ ප්‍රශ්න ඇති වුණහොත් සංශෝධනයට යටත්ව ගිවිසුම අස්සන් කරනවා කියලත් සඳහන් කළා. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා මම කිව්වා. නමුත් විපක්ෂය ඒ විවාදය ප්‍රයෝජනයට ගත්තේ නැහැ. ඒකට හේතුව මම දන්නවා.ගිය ආණ්ඩුව ෂැංග්‍රිලා සමාගමට ගෝල්ෆේස් එකේ අක්කර 6 ක් දුන්නේ සින්නක්කරව. පෝට් සිටි අක්කර 240 සින්නක්කරව දෙන්න හදලා තිබුණා. අපි ඒක වෙනස් කළා. ෂැංග්‍රිලා ගිවිසුම අවසන් නිසා ඒක වෙනස් කරන්න බැහැ.වරාය වෘත්තීය සමිති නායකයන් මේ ප්රශ්නයේදී අවබෝධයෙන් කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. කවුරු විවේචන කළත් මේ වරායේ එක බිම් අඟලක් පිටරට සමාගමකට දෙන්නේ නැහැ. හම්බන්තොට ණය ගෙවීම නිසා මේ වරාය කොච්චර ණය වුණාද? හම්බන්තොටට ණය ගෙවීමෙන් කොළඹ වරාය ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දුන්නා. නැගෙනහිර පර්යන්තය දෙන්නෙ නැහැ කියල මහින්ද සමරසිංහ ඇමැතිතුමා කිව්වා. ඒ යෝජනාව මා ස්ථිර කරනවා.ජාතික ආර්ථිකයට වරායේ ඔබේ ශක්තිය බලාපොරොත්තු වෙනවා. සමහරුන්ට බලයට එන්න හදිසියක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවුරුදු තුනකට මෙහා ඒ හැකියාව නැහැ. අප රටක් විදියට යහපත් ගමනක් යනවා. රටේ උද්ඝෝෂණ තියෙනවා. ඒවා ප්රජාතන්ත්රවාදයේ ලක්ෂණ, ජන ජීවිතයට බාධා නොවන විදියට ඒ නිදහස භුක්ති විඳිය යුතුයි.වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා :-අද අපට සුවිශේෂි දිනයක්. ගිය සෙනසුරාදා අපි හම්බන්තොට වරාය බදු ගිවිසුම අස්සන් කළා. අප හම්බන්තොට ණය බර අවසන් කර මිලියන 9100 ක් රටට ඉතිරි කර ගත්තා. මේ මුදල හරහා වරාය සේවකයන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරන්න පුළුවන්. වරායන් හයේම සංවර්ධන කටයුතු කඩිනමින් කරන්න විශාල මූල්‍ය සම්පතක් අද අපට තියෙනවා.එක වෘත්තීය සමිතියක් හැර අනෙකුත් වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ගැන හිතුවේ නැහැ. වරාය ගිවිසුම අස්සන් කරන්න කලින් ජනාධිපතිතුමා මට අවවාද කිහිපයක් කළා. එක බිම් අඟලක්වත් පිටරටට විකුණන්න එපා කිව්වා. ජනාධිපතිතුමා වරාය සින්නක්කරව දෙන්න කැමැති වුණේ නැහැ. අපි ජනාධිපතිතුමාගේ නියෝගය පිළිපැද්දා. මේක බදුදීමක් පමණයි.වරාය පනත වෙනස් කරන්න එපා කියලත් ජනාධිපතිතුමා මට කිව්වා. ආරක්ෂක කටයුතු අපේ අතේ තියෙන්න ඕන කියලත් කිව්වා. ආරක්ෂක තීරණ ගන්න කමිටුවකුත් පත් කළා. වෙනත් රටක යුද නැවක් එනවා නම් ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් අවසර ගත යුතුයි. මේ ගිවිසුම ඕනෑම වෙලාවක සංශෝධනය කළ හැකියි කියන වගන්තිය ඇතුළත් කළ යුතුයි කියලා ජනාධිපති කිව්වා. චීන නියෝජිතයන් ඒක පිළිගත්තා. මේ ගිවිසුම හරහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 1000කට වඩා ආදායමක් ලැබෙනවා. ඒවා දැකලා විදේශීය ආයෝජකයෝ රටට ඇදී එනවා.මේ ගිවිසුම රටට වාසියක්. තවත් ඩොලර් මිලියන 600 ක් ආයෝජනය කරන්න ඒ චීන සමාගම සූදානම්. ණය බර ඉවත් වුණා වගේම අලූත් ආදායම් මාර්ගයක් ද නිර්මාණය වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ වරාය සේවකයන්ට විශේෂ බෝනස් එකක් දෙන්න යෝජනාවක් සම්මත කරගන්න කියලා වරාය සභාපතිට මා කිව්වා. මීට අමතරව සේවකයන්ට තවත් වරප්‍රසාද දෙන්න කටයුතු කරනවා. විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 57 සිට 60 දක්වා දිගු කළා. විශේෂ රක්ෂණ ක්‍රමයකුත් හඳුන්වා දෙනවා. නැගෙනහිර පර්යන්තය අපට අවශ්‍යයි. ඒක විකිණුවහොත් ඒක වරායට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ගිය ආණ්ඩුව කාලේ එහෙම උත්සාහයක් දැරුවා. වාහන ගේන නැව් ආපහු කොළඹ වරායට ගෙන්වනවා. ඒ නැව් හම්බන්තොටට යෑමෙන් වාහන ගැණුම්කරුවන්ට අමතර මුදලක් ගෙවන්න වුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කාටවත් දෙන්න බැහැ.වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා :- වරාය අධිකාරිය අවුරුදු 38 ක් පුරා රටේ ආර්ථිකයට කළ මෙහෙවර සුළුපටු නොවේ. මෙය දකුණු ආසියාවේ ප්‍රමුඛතම නාවික කේන්ද්‍රස්ථානය කිරීම අපේ අරමුණයි. ඒ සඳහා තුන් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. කොළඹ වරායට බහාලූම් මෙහෙයුම් අතින් ලෝකයේ 23 වැනි තැන හිමි වී තිබෙනවා. බහාලූම් හුවමාරුව මිලියන හයකට වැඩියි.වරාය අධිකාරියේ සේවක සේවිකාවෝ පිරිසක් සිය ආයතනයේ ගීතය ගායනා කළහ. විවිධ නැටුම් ගැයුම්වලින් උත්සවය විචිත්‍රවත් විය.මේ අවස්ථාවට ඇමැතිවරුන් වන ගයන්ත කරුණාතිලක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජෝන් අමරතුංග, ඒ.එච්.එම්. ෆවුසි, වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන මහත්වරුන් ද විදේශීය තානාපතිවරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වුහ. | අද අපි ඒ ඉතිහාසය වෙනස් කර ලාභ ලබන්න අඩිතාලම දැම්මා | 0 |
hp_train_7751 | (අංජුල මහික වීරරත්න, උඩුගම රවි ලියනගේ සහ ගාල්ල අමල් වික්‍රමරත්න ගාල්ලේ සිට)“ජාතික රජයේ ප්‍රගතිය තව වසර දෙකක් ඇතුළත ජනතාවට සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.ප්‍රධාන පක්ෂ එක්වී ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනතාවට දැනුණු ණය බරට හසු වී සිටින මොහොතේ ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමට බව කී අග්‍රාමාත්‍යවරයා මේ වන විට ඒ අරමුණ ඉටු වී තිබෙන බව ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ගංවතුරින් හානියට පත් කුඩා තේ වතු හිමියන් සහ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මුදල්-චෙක්පත් ප්රදානය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.“වැවිලි සවියට තවත් සවියක්” තේමාවෙන් සංවිධානය කෙරුණු උත්සවය ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහන සංවිධානය කර තිබිණ.කුඩා තේ වතු හිමියන් 5648 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 1670 ක්ද, තේ කම්හල් 17 ක් සඳහා රුපියල් ලක්ෂ 1700 ක්ද වශයෙන් ලක්ෂ 3370 ක් මෙහිදී ප්රදානය කෙරිණි.උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපන් දිනයත් යෙදී තිබෙනවා. ගංවතුරට ලක්වූ කුඩා තේ වතු හිමියන් සඳහා ආධාර උපකාර දීම එක් අතකට ඇමැතිතුමාගේ උපන් දින සැමරුම හැටියටත් අර්ථ දැක්විය හැකියි. නවීන් දිසානායක ඇමැතිතුමා වැවිලි කර්මාන්ත ක්ෂේත්රය දියුණු කිරීම සඳහා විශාල උනන්දුවක් ගන්නවා. රබර්, තේ, පොල් මෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම අපේ අරමුණයි. උත්සවය සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකළේ වජිර අබේවර්ධන ඇමැතිතුමායි. එතුමා ගංවතුරෙන් හානියට පත්වූවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර රාශියක් ගත් බව කිව යුතුයි. එමෙන්ම මෙරට අභ්‍යන්තර පාලන කටයුතු සම්බන්ධවත් එතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයේ වැඩකටයුතු සඳහා උපකාර කරන තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටිනවා. දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ලැබීම විශේෂ වාසියක් බව සඳහන් කළ යුතුයි.චන්දිම වීරක්කොඩි ඇමැතිතුමා මෙහි සංවර්ධන කටයුතු සඳහා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ප්‍රදේශය දියුණු කිරීම සඳහා එතුමා සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් ඉදිරිපත් කළා.රැකියා සඳහා පුහුණුව දීම ඇතුළු සියලුම කරුණුවලට වඩා වැදගත් වන බව සඳහන් කළ යුතුයි. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මෙහි නොසිටියත් එතුමාගේ සහයෝගයත් නිරන්තරයෙන් ලැබෙනවා. ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තේ වගාව පිළිබඳව පොත් දෙක තුනක් රචනා කිරීමට පවා දැනුම ඇති අයකු බව සඳහන් කළ යුතුයි. එතුමාගේ සහයෝගයත් ලැබෙනවා. ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා ප්‍රදේශයේ සියලුම දේශපාලන නියෝජිතයින් සහයෝගය දැක්වූවා. ගංවතුර සමයේ විශාලතම හානියක් වූයේ කුඩා තේ වතු හිමියන්ටයි. හිනිදුම, බද්දේගම, අකුරැස්ස, දෙනියාය, රක්වාන, කලවාන, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශවල තේ වගාවලට වැඩිපුරම හානි වුණා. ඉන් පසුව හානි වූයේ රබර් වගාවටයි. සෙසු භෝගවලට එතරම්ම හානියක් වූයේ නැහැ.කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂයෙන්ම ආධාර උපකාර කරනවා. ඒ ක්ෂේත්රය නඟා සිටුවීම අපේ අරමුණයි.ගංවතුර ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී අප පොහොර සඳහා මූල්‍ය සහනාධාර දීමට එකඟ වී සිටියා. ගෙවා නොතිබූ අය සඳහා රුපියල් කෝටි 47 ක් දුන්නා. ඒ මුදලෙන් රුපියල් කෝටි 16 ක ගෙවීම් කළේ ගාලු දිස්ත්‍රික්කය සඳහායි. අද කුඩා තේ වතු හිමියන් 5600 කටත් ගංවතුරෙන් හානියට පත්වූ තේ කර්මාන්තශාලා 17 ක් සඳහාත් රුපියල් කෝටි 33 ක් දෙනවා. සෑම ආධාරයක්ම දෙන්නේ කුඩා තේ වතු හිමියන්ටත්, ඔවුන්ගේ තේ මිලදී ගන්නා කර්මාන්ත ශාලා ශක්තිමත් කිරීම සඳහාත් බව කිව යුතුයි. පොහොර සඳහා රුපියල් කෝටි 220 දුන්නා. ඒ මුදලින් සියයට හැත්තෑ පහක්-අසූවක් පමණ දැනට ගෙවලා. නොගෙවූ මුදල් ද කඩිනමින් දෙන ලෙස මා අද උදේ මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. තේ වලට අමතරව රබර්, පොල් ආදිය සඳහාත් පොහොර සහනාධාරය දිය යුතුයි.ඊට අමතරව කෘෂිකර්මය සඳහා වන ජාත්‍යන්තර අරමුදල තේ හා රබර් කර්මාන්තයට ආධාර කිරීම සඳහා තවත් රුපියල් කෝටි 100 ක් දුන්නා. ඊට අමතරව කුඩා තේ වතු හිමියන් සඳහා අප තවත් ආධාර දෙනවා. නැවත වගා කිරීම් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 5 බැගින් දෙනවා. එමෙන්ම වගාව හෙක්ටයාරයකට අඩු නම් අහිමි වන මුදල දී තිබෙනවා. මේ ප්‍රමාණය තවත් වැඩි කළ යුතුයි.තේ කර්මාන්තය ගෙන යා යුතු ප්‍රාග්ධන මුදල් ක්‍රම කිහිපයක් යටතේ ණය ආධාර ලෙස දී තිබෙනවා. තේ වගාව තවදුරටත් දියුණු කිරීම වර්තමානයේ අප හමුවේ තිබෙන අභියෝගයයි.තේ සංවර්ධනය කිරීමට, පසෙහි ගුණාත්මක බව දියුණු කිරීමට අලුත් තේ පැළ වර්ග දීමට මීට වඩා සහනාධාර දීමට අපේක්ෂා කරනවා. තේ වගාව සම්පූර්ණයෙන්ම දියුණු කිරීම එහි අරමුණයි.තේ කර්මාන්තශාලා සඳහාත් ක්‍රම කිහිපයකට මුදල් දීමට අප තීරණය කර තිබෙනවා. තේ වගා අක්කර 50 කට අඩු වැවිලිකරුවන් සඳහාත් මුදල් දිය යුතුයි. තේ අක්කර 50 ක් ඇත්තේ දේශීය ඉඩම් හිමියන් සඳහායි. ඒ අයටත් අප ආධාර උපකාර කරනවා. නැවත වගාව දියුණු කිරීම තුළින් ඊළඟ වසර දහය-පහළොව ඇතුළත තේ වගාවේ ශීඝ්‍ර දියුණුව අපේක්ෂා කරනවා. මේ කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. එමෙන්ම ගංවතුර සමයේ වැඩ කටයුතු කළ රජයේ සේවකයින් සඳහා 2002-2005 වසරවල මෙන් විශේෂ දීමනාව දීමටද කටයුතු කරනවා. සියලුම පියවර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රිීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ජාතික රජයට ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබුණු නිසායි.2005-2014 කාලයේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය සියයට 233 කින් වැඩිවුණා. එලෙස වැඩිවුණේ සහනාධාර ණය නොව වාණිජ ණයයි. ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.2013 වසරේ රටේ ණය ගෙවීමට කෝටි එක්ලක්ෂ දහහතර දහස් හත්සියයක් අවශ්‍ය වුණා. නමුත් ඒ වන විට ආදායම කෝටි එක්ලක්ෂ දහතුන් දහස් හත්සියයක් පමණයි. එසේ නම් රටට ලැබෙන ආදායමට වඩා ණය ගෙවීමට අවශ්‍ය මුදල් විශාලයි.නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ ජාතික ආණ්ඩුව යටතේ ගත් ආර්ථිකමය ප්‍රතිපත්ති හේතුවෙන් 2016 වන විට රටේ ණය පියවීමට අවශ්‍ය මුදල කෝටි එක්ලක්ෂ තිස්හත්දහස් හාරසියයක් වූ අතර ඒ වන විට රටේ ආදායම කෝටි එක්ලක්ෂ හතළිස්පන්දහසක් දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව රටේ ආදායම වර්ධනය කර ගැනීමට අපට හැකි වූ බව පැහැදිලියි.වැට් බදු වැඩිකිරීම් ආදිය කරන විට ජනතාවගේ දෝෂාරෝපණ එල්ලවුණත් අවසානයේ රටේ ආදායම වර්ධනය කරගැනීමට හැකි වුණා. 2014 වසරේ අපේ ආදායම් වියදම් මූලික හිඟය වූයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.5 යි. 2016 වන විට එය සියයට 0.2 ක් බවට පරිවර්තනය කරගැනීමට හැකි වුණා. 2020 වන විට එහි අතිරික්තයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.කුඩා තේ වතු සංවර්ධනය කරගැනීම සඳහා මේ ආකාරයට මුදල් ගැනීමට හැකි වී තිබෙන්නේ රජය ලෙස අප කල්පනාකාරීව කටයුතු කරන නිසයි. ඒ සමඟම අධ්‍යාපනය වෙනුවෙන් ද මුදල් වෙන්කර තිබෙනවා.නිවාස ලක්ෂ දෙකක් ඉදිකිරීම සඳහා මුදල් දුන්නා. ඉන්ධන මිල පහළ දැමීමටත් අප කටයුතු කළා. ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාව දුන්නා. රැකියා අවස්ථා ලක්ෂ හතර බිහි කිරීමට අපට හැකි වුණා.මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන දෙකක් දක්වා වර්ධනය කිරීමට හැකි වුණා. මෙවැනි ආර්ථික සංවර්ධන කටයුතු ගණනාවක් අප කළා. ඒ වගේම නීතිය සහ සාමය සුරක්ෂිත කරමින් රටේ බරපතළ ගණයේ අපරාධ සියයට 30 කින් අඩුකර ගැනීමට හැකි වුණා.මේ කටයුතු වලින් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. ආණ්ඩුවක් ලෙස රට වෙනුවෙන් විශාල යුතුකමක් තිබෙනවා. රටේ ආදායම වැඩි කිරීම පමණක් නොවෙයි, රටේ විදේශ විනිමය වර්ධනය කිරීමත් කළ යුතුයි.ඒ වගේම රටේ ණය බර ගෙවා දැමීමත් කළ යුතු වෙනවා. ණය බර පියවීමට නම් රටේ ආදායම ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා රටේ ආයෝජන අවස්ථා වැඩිකළ යුතුය. එය දේශීය හෝ විදේශීය හෝ විය හැකියි. පුද්ගලික අංශයෙන් විය හැකියි. කෙසේ වුවත් සෑම ආයෝජන අවස්ථාවක්ම ඉහළ දැමිය යුතු වෙනවා. දේශීය සහ විදේශීය ආයෝජන සඳහා බදු සහන දී තිබෙන්නේ ඒ නිසයි. සියලුම ආයෝජකයින් දිරිමත් කිරීමට අවශ්‍ය බදු සහන නව දේශීය ආදායම් පනත මගින් සම්මත කළා.සියලු දේ ක්‍රියාත්මක කළ පසු ඉදිරි වසරේ එහි ප්‍රතිඵල ජනතාවට අත්විඳිය හැකියි. ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් නැවත ගැනීමට අපට හැකි වුණා. සිංගප්පූරුව, ඉන්දියාව සහ චීනය සමගත් නිදහස් වෙළඳ ගිවිසුම් එළැඹීමට කටයුතු කරනවා. විදේශ විනිමය සඳහා නව පනත ගෙන ඒමටත් කටයුතු කර තිබෙනවා. ආයෝජන හරහා රට තුළට මුදල් ගෙන ඒමට කටයුතු කරනවා.රටේ ආයෝජන ඇති කිරීම සඳහා සංවර්ධන සැලැස්මක් අවශ්‍යයි. සංවර්ධන සැලැස්මට අනුව අප මේ වන විට වැඩ කටයුතු ආරම්භ කරමින් සිටිනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා. මහනුවර නගරය දියුණුකිරීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, තාක්ෂණය දියුණුකිරීම, මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු ආරම්භකිරීම, කර්මාන්ත කලාප ඇතිකිරීම, කල්පිටිය ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කිරීම, කොළඹ නගරය මහ නගර සංකල්පයට අනුව දියුණුකිරීම, කළුතර ප්‍රදේශයේ විශාල කර්මාන්ත කලාප ඇතිකිරීම ආදී වැඩ කටයුතු රැසක් අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.ඒ වගේම අපේ අවධානය ගාල්ල ප්‍රදේශයටත් යොමුවනවා. මේ ප්‍රදේශය තුළ ඉහළ ආදායම් සහිත සංචාරකයින් සඳහා වන කලාපය ඇතිකරනවා. ඊට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා. එක් පසකින් දේද්දූව, අනික් පසෙන් අකුරණ, චන්දිම වීරක්කොඩි මහතා නියෝජනය කරන කොග්ගල, ආදී ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයත්, කර්මාන්ත කලාපත් ඇතිකරනවා. සාමාන්‍ය ආදායම සහිත සංචාරකයින් සඳහා වෙළඳ පොළ ඇති කිරීමට මේ ප්‍රදේශයේම සාමාන්‍ය ජනතාවටත් අවස්ථාව ලැබෙනවා. මේ වැඩ කටයුතු අප මාතර දක්වා ගෙන යනවා. ඉන් පසුව හම්බන්තොටටත්, වැල්ලවාය දක්වාත් විශාල කර්මාන්තකරණය ඇති කරනවා.හම්බන්තොට වරායෙන් පාඩු ලැබීම නතර කර ගැනීමට අපට හැකිවුණා. එය චීන-ලංකා ඒකාබද්ධ සමාගම හරහා භාරගත්තා. මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීමේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා. තෙල් පිරිපහදු මධ්‍යස්ථානය, එල්.එන්.ජී. විදුලි බලාගාරය, වානේ කර්මාන්ත ශාලාව, සිමෙන්ති කර්මාන්තශාලාව ආදිය ඇතිකිරීමටත් සැලසුම් කර තිබෙනවා.චාර්ලිමන්ට් වත්ත ආශ්රිත ප්‍රදේශයත් කර්මාන්ත කලාපයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. එවැනි විශාල දියුණුව දකුණට ගෙන ඒමට මා බලාපොරොත්තු වෙනවා.අප රටට අනාගතය ඇති කළ යුතුයි. රට දියුණු වූ විට ණය ගෙවීමටත් විදේශ විනිමය ගැනීමටත් හැකියාව ලැබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ඇතිකර ගත් ජාතික ආණ්ඩුව නිසා රට වෙනුවෙන් මේ වැඩ කටයුතු කිරීම පහසු වූවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කඳුකරයේ දෙමළ පක්ෂ, ජාතික හෙළ උරුමය ආදී පක්ෂ සියල්ල එකට එකතු වූයේ තනි දේශපාලන පක්ෂය ලෙස ක්‍රියාකිරීමට නොවෙයි. අප එකට එක් වූයේ ජනතාව ණය බරට හසු වී සිටි මොහොතක ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමටත්, රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමත් අරමුණ කරගනිමිනුයි.පළමුව දෙපිලේම පාක්ෂිකයින් විවේචනය කළා. නමුත් දැන් රටේ ඇති වී තිබෙන ප්‍රගතිය ජනතාවට පෙනෙනවා. 2015-16 කාලයේදී ජනතාව එය දුටුවේ නැහැ. 2017 මේ වන විට ඔවුන් එය යම් තරමකින් තේරුම් ගනිමින් සිටිනවා. 2018-19 වන විට ඒ ප්‍රගතිය ජනතාවට සම්පූර්ණයෙන්ම අවබොධ කරගැනීමට හැකි වේවි. ජාතික ආණ්ඩුව ලෙස එකට එක්වී එළැඹෙන මැතිවරණය තෙක් එක්ව වැඩ කිරීම දේශපාලකයින් ලෙස අප ගත් හොඳ තීරණය බව එදාට ජනතාව පවසාවි. ජනතාවට සහන සැළසීම සඳහා කැපවී ක්‍රියාකිරීම අප හමුවේ ඇති කාර්යයි. දැන් ඒ සඳහා ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්රතිලාභ ලබන කුඩා තේ වතු හිමියන්ට මා සුභ ප්‍රාර්ථනා කරනවා යයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා-“ගංවතුර ව්‍යසනය වූ සැනින් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපට දැනුම් දුන්නා. සෑම දිස්ත්‍රික්කයකම ඒ කටයුතු සාර්ථක ලෙස ක්‍රියාත්මක වූවා.සියලුම දෙනා එක කණ්ඩායම ලෙස මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කළා. ජනපති මෙන්ම අගමැති හැම විටම ජනතාවට කාර්යක්ෂම සේවය සැලසීම සඳහා විමසිලිමත්ව කටයුතු කළා. ඉතිහාසයේ ස්වභාවික ව්‍යසන ඇති වූ කිසිම අවස්ථාවක මෙවැනි කාර්යක්ෂම සේවයක් මා දුටුවේ නැහැ.තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල මුදලක් වැය කරනවා. නමුත් හැමදාම ගංවතුර ආදී විපත්වලට මුහුණ දෙමින් ජීවත්වීමට හැකියාව නැහැ. ගංවතුර ව්‍යසනවලට මුහුණදීම සඳහා ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. ගංවතුර නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අපට හැකියාව තිබෙනවා.වර්තමානයේදී බද්දේගම මාර්ගය ගංවතුරින් යට නොවීමට හේතුව ගංවතුර නැවැත්වීම සඳහා බැම්ම ඉඳිකර තිබීමයි. ඒ නිසා සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ගංවතුර වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා-එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳගෙන ජනතාවගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන ජාතික ආණ්ඩුව යටතේ විශාල සහන සලසා තිබෙනවා. එදා ගාල්ලට සුනාමි ව්‍යසනය ඇතිවූ දවසත්, මහ ගංවතුර ඇති වූ දවසත් අපට මතකයි. ගංවතුර ව්‍යසනය ඇති වූ දවසේ ජනපති-අගමැති ප්රමුඛ ආණ්ඩුව විශාල කැප කිරීමක් කර කඩිනමින් ජනතා සහන සැලසීමට කටයුතු කළා. තේ වතුවලට පමණක් නොව සෑම දෙනෙකුටම පොරොන්දු වූ පරිදි කඩිනම් සහන සැලසීමට අපට හැකි වුණා. වෙනත් තැන්වල ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී උද්ඝෝෂණ තිබුණත් ගාල්ල දිස්ත්‍රික්කයේ එවැනි කිසිදු අර්බුදයකින් තොරව නිසි පරිදි සහන සැලසීමට හැකි වූ බව කිව යුතුයි. අගමැතිතුමා පුළුල් දැක්මක් සහිතව ආර්ථිකය හසුරුවන නායකයෙකු වනවා. එමෙන්ම අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභය ගන්නේ කෙසේ දැයි සෑම වැවිලිකරුවෙකුම කල්පනා කළ යුතුයි.දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා-ශ්‍රී ලාංකික තේ අදටත් ලොව ප්‍රමුඛතම තේ ලෙස සැලකෙනවා. අනෙක් රටවල තේ නිෂ්පාදනය ශ්‍රී ලංකාව අභිබවා ගියත් මෙරට තේ වල තිබෙන ස්වභාවික උත්තේජන නිසා තවමත් සිලෝන් ටී ප්‍රමුඛත්වයේ ලා සලකනවා.සමස්ත වැවිලි කර්මාන්තකරුවන්ගෙන් සියයට 75 ක් කුඩා තේ වතු හිමියන් නම් ඔවුන්ට රජය උපරිම සහාය දිය යුතුයි. වර්තමානයේ කුඩා තේ වතු හිමියන්ගේ අස්වැන්න මසකට කිලෝ තුන් සියයක් හාර සියයක් පමණ වෙනවා. මේ ප්‍රමාණය කිලෝ හත්සියය දක්වා වැඩිකර ගත යුතුයි. අගමැතිතුමාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරුණු මොහොතේ එතුමාට රටට සේවය කිරීමට තවත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා-“ගිංගඟ මිටියාවතේ ජනතාවට අතීතයේ සිටම ගංවතුර සහ නාය යෑම් ඛේදවාචකවලට මුහුණු දීමට වුණා. විපත් අවස්ථාවේදී ජන ජීවිතය නැවත නඟා සිටුවීම සඳහා විශාල වැඩ කොටසක් කළ බව කිව යුතුයි. එදා ජනතාවට දුන් ප්‍රතිඥාව අද ඉටු කරලා. ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතය නඟා සිටුවීම සඳහා තේ දල්ල මහෝපකාරී වුණා. කුඩා තේ වතු හිමියන් තේ නිෂ්පාදන කාර්යයේදී විශාල වැඩ කටයුතුත් කරන බව කිව යුතුයි. අප රටේ පස තේ වගාවට ඉතා සුදුසු බැවින් ලොව හොඳම තේ නිපදවන රටක් ලෙස අපට කීර්තිය හිමි වුණා.”වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ. රංජිත් සහ අඬාරදෙණිය තේ කම්හලේ හිමිකරු ඩබ්ලිව්. ජිනදාස යන මහත්වරු ද සභාව ඇමැතූහ.මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.ඡායාරූප - ඉෂාන් සංජීව | ජාතික ආණ්ඩුව හැදුවේ ණයබර අනාගත පරපුරට ඉතිරි නොකිරීමටයි | 1 |
hp_train_7752 | (අනීෂා මානගේ)තංගල්ල නගරසභාවේ 2021 වර්ෂයට අදාය අයවැය ලේඛනය අද(7) සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතා ඉදිරිපත් කළ අතර ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමක් ලබා නොදීම හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.තංගල්ල නගරසභාවේ 2021 වර්ෂය සඳහා අයවැය ලේඛනය සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතා විසින් අද පැවැති තංගල්ල නගරසභාවේ විශේෂ සභාවාරයේදී ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව අයවැය ලේඛනය සම්බන්ධයෙන් අදහස්, යෝජනා සහ සංශෝදන පවතී නම් ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර ඒවා සටහන් කරන ලෙස ආකෘති පත්‍රයක් සෑම මන්ත්‍රීවරයකුටම ලබා දුන්නේය.ඇතැම් මන්ත්‍රීවරුන් අයවැයට යෝජනා ඉදිරිපත් කර නොතිබුණු බව සභාපතිවරයා පැවසූ අතර චින්තක කැළුම්(ජ.වි.පෙ) සහ ශාන්ත නිහාල් අන්ද්‍රාහැන්නදි(පො.ජ.පෙ) මහතා සිය අසුන්වලින් නැගිට අදහස් ඉදිරිපත් කළේය. ඇතැම් මන්ත්‍රීවරු සිය අදහස් සභාපතිවරයාට ලිඛිතව ලබා දුන්හ.මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ සියලු යෝජනා සහ සංශෝදන 2021 වර්ෂයේදී අනිවාර්යෙන් කළ යුතු දේවල් ලෙස තමා පිළිගන්නා බව සභාපතිවරයා පැවසූයේය. 2012 අංක 21 දරණ පළාත් පාලන ආයතන විශේෂ විදිවිධාන පනතට අනුව 2021 අයවැය ලේඛනය සඳහා ඉදිරිපත් කළ යෝජනා සහ සංශෝදන සඳහා තමා එකඟ වන අතර එම යෝජනා සහ සංශෝදන සියල්ල පවතින නීතිය සහ විෂය පථය තුළ ක්‍රියාත්මක කිරීමට තමා එකඟ වන බව කීවේය. එම යෝජනා සංශෝදන සහිතව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත කරන බව ද සභාපතිවරයා කීවේය.ඉන් අනතුරුව පොදුජන පෙරමුණ කණ්ඩායම් නායක විමල් හේවා දුනුවිල මහතා අයවැය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එලෙස ඡන්ද විමසීමක් ලබා දෙන ලෙස පනතෙහි සඳහන් කර නොමැති බව සභාපතිවරයා කීවේය.2012 අංක 21 දරණ පළාත් පාලන විදිවිධාන පනතේ 12 වැනි වගන්තිය අනුව සංශෝදන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් පසු ඒවා තමා පිළිගන්නවා නම් ඉන් එහාට කිසිවක් කළ නොහැකි බව පවසා සභාපතිවරයා විසින් සභාව අවසන් කරන බව කීවේය.පනතට අනුව සියලු වැඩ තමා කළ බවද කිසියම් කෙනෙකුට අවශ්‍ය නම් නීතිමය ලෙස කටයුතු කරන ලෙස දැන්වූ සභාපතිවරයා මහසභාවේදී නැවත හමුවෙමු ලෙස පවසා මන්ත්‍රීවරුන්ගේ විරෝධය මැද සභාවෙන් පිටව ගියේය.අයවැය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව කියූ මන්ත්‍රීවරු තංගල්ල නගරසභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ.රූපසේන මහතාට සභා ගැබෙන් පිටව යාමට නොදී රඳවාගෙන සිටියහ. නීත්‍යානූකූල නොවන සභාවකට තමාට සහභාගී විය නොහැකි බව ලේකම්වරයා කී අතර බලහත්කාරයෙන් තමා සිය අසුනේ වාඩි කරවීමට සූදානම් වන බව කීවේය. අවශ්‍ය නම් පනතට අනුව සභාපතිවරයාට විරුද්ධව කටයුතු කළ හැකි බව පැවසූ ලේකම්වරයා ඉන් අනතුරුව අනෙක් නිලධාරින් සමග සභා ගැබෙන් පිටව ගියේය.උප සභාපති මොහොමඩ් ශිරාස්(එ.ජා.ප) මහතාගේ මූලිකත්වයෙන් සභාවේ ඉදිරි වැඩ කටයුතු පැවැත්වීමට සූදානම් වුවද සභාගර්භය තුළ නිලධාරින් නොසිටීම හේතුවෙන් එය වැළකිනි. පක්ෂ දෙක අතර පවතින රැස්වීමක් පමණක් බව කියමින් චින්තක කැළුම්(ජ.වි.පෙ) මන්ත්‍රීවරයාද ඉන් අනතුරුව සභාවෙන් පිටව ගියේය.ලේකම්වරයා නැවත සභාවට කැඳවාගෙන ඒම සඳහා මන්ත්‍රීවරුන් ලිපියක් ගෙන ගොස් ලේකම්වරයාට ලබා දුන්නද ඔහු නැවත සභාගැබට නොපැමිණියේය | තංගල්ල නගරසභාවේ කලබලයක් | 1 |
hp_train_7753 | බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්යාෙදපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 28/07/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව35269060අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259075වැසි වාර කිහිපයක්.ගාල්ල29259580වැසි වාර කිහිපයක්.යාපනය33278070ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29209565වැසි ස්වල්පයක්.නුවරඑළිය19149085වැසි ස්වල්පයක්.රත්නපුරය30239575වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35268045වැසි ස්වල්පයක්.මන්නාරම31268575ප්‍රධාන වශයෙන් වැසි රහිත. | ‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘ | 1 |
hp_train_7754 | නැගෙනහිර සහ ඌවවේත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ තැනින් තැන වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ, ගාල්ල, මාතර පුත්තලම දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. | ‘පළාත් කීපයකට අදත් වැසි‘ | 1 |
hp_train_7755 | (හැටන් රංජිත් රාජපක්ෂ) තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයක් නිසා වතු කම්කරුවන් 20 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු පිරිසකට මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇත.බඹර ප්‍රහාරය එල්ල විමෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් නව දෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු බගවන්තලාව රෝහල වෙත ඇතුලත් කර ඇති අතර , ඉන් වතු කම්කරු කාන්තාවන් තිදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සෙසු අය බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව බගවන්තලාව රෝහලේ වෛද්‍යවරයෙකු කීය.තේ පඳුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පෑගීමෙන් පසු බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවක් පැවසුවාය.බඹර ප්‍රහාරය පිලිබදව බගවන්තලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි. | බඹර ප්‍රහාරයකින් 10 ක් රෝහලේ | 0 |
hp_train_7756 | (නාලක සංජීව දහනායක)ආර්ථිකය වර්ධනය කිරීමට නම් සාම්ප්‍රදායික ආර්ථික රාමුවෙන් හැකි ඉක්මනින්ම වෙනස් විය යුතු බවත් එසේ නොවුණහොත් අපට ලැබෙන අවස්ථාවන් ගිලිහී යන බවත් වියත්මඟ සංවිධානයේ සභාපති, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (13) පැවැසීය. රටක ආර්ථිකය ගොඩනැඟෙන්නේ ශ්‍රමය වගුරන ජනතාව අතරින් මිස නිලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන, විශ්ලේෂණය හෝ ප්‍රතිපත්ති මඟින් නොවන බව ද ඔහු කීය.කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ පෙරේදා (13) පැවැති වියත්මඟ සංවිධානයේ වාර්ෂික සම්මේලනයට සහභාගීවෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වියත්මඟ වාර්ෂික සම්මේලනය පැවැත්විණි.මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, ඇල්ලේ ගුණවංශ හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය ද ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, කුමාර වෙල්ගම, චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හැරී ජයවර්ධන, කෙන් බාලේන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන දෙස් විදෙස් විද්වත්හු හා ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මහත්මිය ප්රමුඛ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ පැවැති සටනේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වීමෙන් පසුව පුනරුත්ථාපනය ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයකු වූ ගෝකුළන් නමැති තරුණයා ද්‍රවිඩ හා සිංහල ගීත ගයමින් වියත්මඟ සමුළුව වර්ණවත් කළේය. ඔහු වියත්මඟ සමුළුව වෙනුවෙන්ම යාපනයේ සිට පැමිණ සිටියේය. සමුළුව ඇමතූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.“වසර 2030 වනවිට චීනයේ ආර්ථික වර්ධන වේගය ඇමෙරිකාව මෙන් දෙගුණයක් වෙනවා. ඉන්දියාව තුන්වැනි තැනටත්, ජපානය සිවුවැනි තැනට හා ඉන්දුනීසියාව පස්වැනි තැනටත් පත්වෙනවා. එවිට ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ඉන්දියානු සාගරය පත්වෙනවා. එහෙත් ඒ ගෝලීය ආර්ථික වෙනසට අප රට සූදානම් ද කියන ප්රශ්නය මතුවෙනවා.මේ රටේ සිටින පර්යේෂකයන්, නිර්මාණකරුවන්, වෘත්තීයවේදීන්ට හිමි කාර්යය අප හඳුනාගත යුතුයි. වියත්මඟ සංවිධානයේ අරමුණ ඒ සඳහා රට සූදානම් කිරීමයි. එනම් 2030 වසර සඳහා රට සූදානම් කිරීමයි.ආර්ථිකයේ සංවර්ධනයක් නැතුව කිසිවක් සංවර්ධනය කළ නොහැකියි. ආර්ථිකය නිසි පරිදි වර්ධනය වුවහොත් අද තිබෙන සෑම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්. ඒ සඳහා ගැළපෙන පරිදි ආර්ථික ව්‍යුහය සකස් කරගන්න ඕන. සමාජවාදී වෙළඳෙපොළ ආර්ථිකයක් හරහා ආර්ථිකය වර්ධනය කරන ගමන්ම අපි අපේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුයි. ලෝකයෙන් ඈත්වෙලා අපේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න බැහැ.එමෙන්ම ආර්ථිකය හා සම්බන්ධ ප්‍රතිපත්ති ඉතාම ඉක්මනින්ම වෙනස් කළ යුතුයි. සාම්ප්‍රදායික ආර්ථික ව්‍යුහය වෙනස් කිරීමට අපි ප්‍රමාද වුවහොත් අපිට ලැබෙන අවස්ථාවන් අහිමි වී යනවා. එමෙන්ම අපි ප්‍රමාදවන තරමට මේ ආර්ථික ප්‍රශ්න උග්රවෙනවා. අපේ රටේ බොහෝ වෘත්තීන් තිබෙන්නේ තාක්ෂණයේ ඉතාම පහළ මට්ටමේයි. නව ආර්ථික සැලැස්මක් යටතේ අපි මේවා දියුණු කරගත යුතුයි.දැනුම මුල්වූ ආර්ථිකය ලෝකයේ නව ප්රවණතාවයි. දැනුම මුල්වූ ආර්ථිකය මඟින් වැඩි විදේශ විනිමයක් ඉපයිය හැකියි. ගෝලීය ආර්ථික නිරන්තරයෙන්ම සංක්‍රමණය වෙනවා. වර්තමානය වනවිට දියුණුව පවතින්නේ අන්තර්ජාලය හා සබැඳි ආර්ථිකයයි. අප එයට සූදානම් විය යුතුයි. ඒ සඳහා නව තාක්ෂණයෙන් පිරිපුන් කර්මාන්ත බිහිකළ යුතුයි. අපේ සංස්කෘතිය බැඳී තිබෙන්නේ කෘෂිකර්මාන්තය සමඟයි. නවීන තාක්ෂණය සමඟ කෘෂිකර්මාන්තය එකතු කිරීමෙන් වැඩි ආදායමක් ඉපයිය හැකියි.සංචාරක කර්මාන්තය, ජාත්‍යන්තර අධ්‍යාපනය, සංචාරක වෛද්‍ය ක්ෂේත්රය වැනි ක්ෂේත්රයන් අප තව තවත් දියුණු කරගත යුතුයි. එමෙන්ම විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ තව තවත් වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට රජය ආධාර කළ යුතුයි. ගෝලීය ආර්ථිකයට සාපේක්ෂව අපගේ ආර්ථිකය පරිවර්තනය කිරීමේදී සංවර්ධනයට බලපෑම් කරන රෙගුලාසි හා පුරුදු වෙනස් කරගන්න ඕන. ආර්ථික වර්ධනය සඳහා ආයෝජන ඉතාම වැදගත්. ඒ නිසා පුද්ගලික අංශයට උදව් කරමින්ම ඉහළ තත්ත්වයේ ආයෝජන රටට ගෙන ආ යුතුයි. එසේ නොවුණහොත් අපි දැඩි අර්බුදයකට පත්වෙනවා. ඒ නිසා වෙළෙඳපොළ විශ්ලේෂණයකින් තොරව ආයෝජන ගෙන ඒම සුදුසු නැහැ. ආයෝජන ගෙන ඒම සඳහා නව ප්‍රතිපත්ති සකස් කරන්න ඕන. විදේශ ආයෝජන ගෙන ඒමේදී අපි දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගන්න ඕන.අප විසින් නිදහස් වෙළෙඳ කලාප නිසි කාලයේදී වෙනස් නොකළ නිසා ඒ සම්බන්ධයෙන් පහත් හැඟීමක් අපිට තියෙනවා. ලොව බොහෝ දියුණු රටවල නිදහස් වෙළෙඳ කලාප තිබෙනවා. අපිත් නවීන ලෝකයට ගැළපෙන පරිදි නිදහස් වෙළෙඳ කලාප වෙනස් කරන්න ඕන.එමෙන්ම අප වැනි දියුණු රටවල් සඳහා තාක්ෂණික මිනිසුන් අවශ්‍යයි. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිපත්ති තව තවත් දියුණු කළ යුතුයි. දියුණු අධ්‍යාපන ක්‍රමයක් හරහා නිර්මාණකරුවන් හා පර්යේෂකයන් බිහිකරන්න පුළුවන්. එමෙන්ම නිපුණතාවයෙන් වැඩි කම්කරුවන් බිහිකරන්නත් හැකියි.එමෙන්ම රට සංවර්ධනය කිරීමට නම් පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් ඈත්විය යුතු අතරම සියලුම පුද්ගලයන් හා සංවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොඉක්මවමින් කටයුතු කරන්න ඕන. පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් ඈත්ව කටයුතු කරන්නත් ඕන. රටක ආර්ථිකයක් ගොඩනැගෙන්නේ වැඩබිමේ, ගොවිබිමේ පැය 8ක් හෝ 10ක් ශ්‍රමය වගුරවන කම්කරුවන් අතරින් මිස නිලධාරීන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හෝ සංඛ්‍යාලේඛන මගින් නොවේ.” යැයි ද කීය. ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ පැවැසීය.“ඔබ බොහෝ දෙනකු අත ඇපල් හෝ සැම්සුන් දුරකතනයක් තිබෙනවා. අපේ රටේ මෙම වසරේම සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 84යි. නමුත් ඔබ දන්නේ නැතුව ඇති මෙම වසරේ අවසන් කාර්තුවේ ඇපල් සමාගමේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 88ක් වෙනවා. සැම්සුන් සමාගමේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 174යි. එය ලංකාවේ ආර්ථිකය මෙන් දෙගුණයක් වැඩියි. ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 74යි. මෙම වසරේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.1 වනවිට ෆේස්බුක් සමාගමේ ආර්ථික වර්ධන වේගය සියයට 25යි. මාක් සකර්බර්ග්ගේ වයස අවුරුදු 30යි. අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 70යි. ගෙවී ගිය වසර 70 දී අපේ රට අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. 1977 දී ධනේෂ්වර ක්‍රමය මත පදනම් වූ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ සියල්ල උඩුයටිකුරු වුණා. 70 යුගයේදී හාල් පොල්ලෙන්, මිරිස් පොල්ලෙන් බැටකාපු ජනතාව මේ දෙස බොහොම සතුටින් බලන් හිටියා. නමුත් වැඩිකල් යන්නට මත්තෙන් ඇති නැති පරතරය වැඩිවෙලා සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වුණා. ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් යටපත්වීම නිසා උතුරේත්, දකුණේත් තරුණ තරුණියන් ආයුධ අතට ගත්තා. ප්‍රේමදාස යුගයේදී රටට වේගයෙන් විදේශ ආයෝජන ගලා ආවත් එය ලෙයින් නැහැවුණ යුගයක්. නමුත් ඇඟලුම් කර්මාන්තයට ලංකා ආර්ථිකයේ වැදගත් තැනක් ලැබුණේ මෙම යුගයේදීයි. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ ආර්ථිකය සිව්ගුණයකින් ප්‍රසාරණය වුණා. ඒ නිසා 2015 ජනාධිපතිවරණයේදී ජනතාවගෙන් සියයට 52ක් යහපාලන සංකල්පයට ඡන්දය දුන්නා.පසුගිය වසර තුන තුළදී රටේ ආර්ථික ගමන සම්පූර්ණයෙන් අකර්මන්‍ය වුණා. 2012-2014 කාලයේදී සියයට 7කට ආසන්න ආර්ථික සංවර්ධනයක පැවැති රට මේ වනවිට සියයට 3.1 දක්වා පහළ වැටිලා. රැකියා උත්පාදන සියයට 82 දක්වා අඩුවෙලා. ආසියාවේ තිරසාරම වෙළෙඳපොළ ලෙස සම්මාන ලැබූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද පාඩු ලබන තැනක් බවට පත්වෙලා. රාජ්‍ය ණය බර රුපියල් කෝටි 1,040,000 දක්වා ඉහළ ගිහිල්ලා.එමෙන්ම සියදිවි නසාගැනීම්, කාන්තා දූෂණය, පාතාල ක්‍රියාකාරකම්, වන සංහාරය, මත්ද්‍රව්‍ය භාවිතය ආදී වශයෙන් තවත් සමාජ ගැටලු රාශියක් මතුවෙලා. අතීතය විවේචනය කිරීමෙන් අපේ ගමනට සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා හෙටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ද යන කරුණ ගැන පමණක් අද සාකච්ඡා කළ යුතුයි.” යැයි ද කීය.ආරක්ෂක විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.“1950 දශකය වනවිට අපේ රට ජපානයට වඩා ඉහළ සංවර්ධිත රටක් බවට පත්ව තිබුණා. 1960 දශකයේ සිංගප්පූරුවට වඩා ඉහළ සංවර්ධිත රටක් බවට පත්ව තිබූ අපේ රට 1970 දශකය වනවිට ලංකාව කොරියාවට වඩා ඉහළ සංවර්ධනයක් අත්කරගත් රටක් බවට පත්ව තිබුණා. නමුත් ඒ සමාජ ආර්ථික දියුණුව දිගින් දිගටම පවත්වා ගන්න අපිට නොහැකි වුණා. එහෙම වුණේ අපේම අත්වැරැදීම් නිසයි.කිසිදු ජාතියකට හෝ රටකට ගැතිනොවූ නොබැඳි ප්රතිපත්තියක ඉන්න අපිට බැරි ඇයි? දිගින් දිගටම අපි එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළා නම් මීට වඩා ඉහළ දියුණුවක් අත්කරගන්න තිබුණා. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බොහෝදෙනා එකතු කරන සාමකාමී තැනක්. නොබැඳි ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කළා නම් ලංකාවට ආසියාවේ ජිනීවා නුවර බවට පත්වීමට හොඳ අවස්ථාවක් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාල පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේයි. මේ වනවිට තත්ත්වය වෙනස් වෙලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාල දැන් ඇමෙරිකාවෙන් අප්‍රිකාවට ගෙන යනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහෝ ව්‍යාපෘතීන් අප්‍රිකානු රටවල ක්‍රියාත්මක වන නිසා ඒ ප්‍රධාන කාර්යාල අප්‍රිකානු රටවලට ගෙන ඒම ඉතාම හොඳ දෙයක්. අපේ රටටත් ඒ ප්‍රධාන කාර්යාලයක් ලබාගත හැකි නම් එය ඉතාම වැදගත් වෙනවා.” යැයි ද කීය.ඇත්පවුර සම නිර්මාතෘ එරන්ද ගිණිගේ මහතා මෙසේ පැවැසීය.“සංවර්ධිත යැයි අප හඳුන්වන බොහෝ රටවල් සැබැවින්ම සංවර්ධිත නැහැ. ඒ රටවලත් මූල්‍ය වංචා, දේශපාලන කුමන්ත්‍රණ, යාචකයන් හා දුප්පතුන් ඉන්නවා. සංවර්ධිත නිසාම ඒ රටවල ඉතාම සංකීර්ණ ප්‍රශ්න මතුවෙනවා.ඇතැම්විට අනුරාධපුර යුගයේදීත් අපේ රටේ මෙගා සිටි ව්‍යාපෘතීන් බිහිවෙන්න ඇති. ඒ යුගයේ සිට අද දක්වා අපි ඉතාම දිගු ගමනක් ඇවිල්ල තිබෙනවා. දැන් අපිට අවශ්‍ය ඕස්ටේ්රලියාව, සිංගප්පූරුව වැනි සංවර්ධිත රටක් වෙන්නයි. නමුත් සිදුවිය යුත්තේ අපේ රටේ දේශගුණ හා ස්වාභාවික සම්පත්වලට ගැළපෙන සංවර්ධනයක් ඇතිකිරීමයි. ලෝකයේ හොඳ හා නරක සංකූලතාවන්ට මුහුණ දිය හැකි අලුත් සංවර්ධනයක් නිර්මාණය කර ගැනීමයිද කීය.විද්‍යාජෝති බන්දුල විජේරත්න, ව්‍යාපාරික මනෝ සේකරන් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. | ආර්ථිකය නංවන්න නම් සම්ප්රදායයෙන් පිටපනින්න ඕනෑ | 1 |
hp_train_7757 | කොරෝනා වයිරසය මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය අද (2) අනතුරු ඇඟවීය.ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය හරි අඩකින් 2.4%ක් දක්වා අඩු වනු ඇතැයි ද එම සංවිධානය පුරෝකථනය කළේය. එය 2008-09 වසරවල ඇති වූ මූල්‍ය අර්බුදයෙන් පසු වාර්තා වූ අඩුම අනුපාතයයි.එම තත්ත්වය පුරෝකථනය කර ඇත්තේ මේ වසරේදී වයිරසයේ බලපෑම අඩු වනු ඇතැයි යන අපේක්ෂාව යටතේ ය. එහෙත් මේ වසරේදී වයිරසය ව්‍යාප්ත වෙමින් සිදුවන බලපෑම ඉහළ නැංවුවහොත් ආර්ථිකයට සිදුවන බලපෑම තවත් ඉහළ යනු ඇතැයි ද එම සංවිධානය සඳහන් කළේය.මේ වනවිටත් මේ වසරේ පළමු කාර්තාවේදී ගෝලීය ආර්ථිකය තරමක අවදානම් තත්ත්වයක පත්ව ඇතැයි ලෝකයේ ප්‍රධාන ආර්ථිකවලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් කරමින් එම සංවිධානය සඳහන් කළේය.කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. දෙසැම්බර් මාසයේදී කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මෙම වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනිණි. ඒ වනවිට චීනයේ ආර්ථිකය සියයට 4.9කින් වර්ධනය වන ඇතැයි අපේක්ෂා කර තිබුණු අතර එහෙත් නොවැම්බර් මාසයේදී නිවේදනය කළ අගයට වඩා 0.8%කින් චීනයේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට සිදුවිය.‘‘චීනයේ නිපැයුම සීමාවෙලා. එය ලෝකයේ අනෙකුත් රටවලටත් බලපාවි’’ යැයි එම සංවිධානය සඳහන් කළේය.ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය සාමාජික රටවල් 36කින් සමන්විත අන්තර්රාජ්‍ය සංවිධානයකි. ලෝක වෙළෙඳාම සහ ආර්ථික ප්‍රගතිය ඉහළ නැංවීමේ අරමුණින් 1961 වසරේදී මෙම සංවිධානය ස්ථාපනය කරන ලදි.ඒ.එෆ්.පී.055 | චීන ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අනාවැකියක් | 0 |
hp_train_7758 | (යොහාන් භාසුර)ඉන්ධන වර්ග 3 ක මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ඉහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කළ බවත් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.එම මිල සංශෝධනයත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 348 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 375 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358 ක් බවත් ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 306 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 226 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් පැවසීය. | ඩිසල් - පෙට්‍රල් මිල පහතට | 0 |
hp_train_7759 | උතුරු, බස්නාහිර, මධ්‍යම සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි .සෙසු බොහෝ ප්‍රදේශ වලට සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 07/10/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31259575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30249575වැසි වාර කිහිපයක් හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249580වැසි වාර කිහිපයක් හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය30249075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29219580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19139585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249565වැසි වාර කිහිපයක් හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30248565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. | ‘බස්නාහිරට හෙටත් වැසි‘ | 0 |
hp_train_7760 | සුමතිපාල දීයගහගේ හබරාදුව ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා අද (19) ඉදිරිපත් කළ අයවැය ලේඛනය ඒකමතිකව සභා සම්මත විය.සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා (ශ්‍රීලපොපෙ) විසින් නව වසරේ අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කරනු ලැබීය. මෙම අයවැයට ඡන්දය විමසිමේදී පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද පක්ෂව ඡන්දය දුන්හ.එම අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හයදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනා ද සභාවේ නොසිටියහ. | පූජාපිටිය ප්‍රා. සභාවේ අයවැයත් සම්මතයි | 0 |
hp_train_7761 | දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 09/11/2014 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32229050ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මඩකලපුව32228050ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.කොළඹ31239065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.ගාල්ල30249070ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.යාපනය31219060ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මහනුවර30189050ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.නුවරඑළිය2007 8055ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇතිවිය හැක.රත්නපුරය33239055ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.ත්‍රීකුණාමළය32228045ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මන්නාරම31249065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. අලුයම 5.00ට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වේ.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක. ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.ප්‍රධාන වශයෙන් මුහුදු ප්‍රදේශ වල වැසි රහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තුවිය හැක.සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු නොවේ. කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology). | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
hp_train_7762 | (අංජුල මහික වීරරත්න) අන්තවාදී ත්රස්තවාදයට කිසි විටක රටේ සංවර්ධනය ආර්ථික දියුණුව හෝ එදිනෙදා වැඩසටහන් හෝ නතර කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේදී සහතික වූයේය. ආණ්ඩුවේ සංවර්ධන වැඩ සියල්ලම ඉදිරි සති දෙක ඇතුළත යළි අරඹන ලෙස තමා නියෝග දී ඇති බව කී අග්‍රාමාත්‍යවරයා මීට පෙර පැමිණි අර්බුදවලට සාර්ථක අයුරින් මුහුණ දුන්නා සේම අන්තවාදී ත්‍රස්තවාදය ද මුලිනුපුටා දමන බව අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය රට පුරා ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා ඇරැඹූ රන් මාවත් වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. රන් මාවත් වැඩසටහන අරඹමින් රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ (ශ්‍රීපාද මාවත) වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි. රුපියල් ලක්ෂ 23120ක ආයෝජනයකින් මාර්ගය ඉදි කෙරෙයි. රත්නපුරයේ පැවැති සමාරම්භක උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය. අද රන් මාවත් වැඩසටහන යටතේ රටපුරා මාර්ග 100ක ඉදිකිරීම් ආරම්භ කෙරෙනවා. මේ ප්‍රදේශයේ දෙමුවාවත පාලමක් විවෘත කෙරුණා. පලාබද්දල යනු ශ්‍රී පාදස්ථානය සඳහා යන මාර්ගයයි. මා අධ්‍යාපන අමාත්‍ය ලෙස කටයුතු කළ යුගයේ පලාබද්දල පාසල දියුණු කිරීමට කටයුතු කළා. එය එකල ලංකාවේ හොඳම පාසලක් ලෙස තිබුණා. නමුත් දැන් එවැනි තත්ත්වය නැති බව විජේතුංග මන්ත්‍රීතුමා පැවසුවා.ශ්‍රී පාදස්ථානය වටා දියුණුව ගැන සොයා බැලීමට මා මේ දින දෙක ගතකළා. නල්ලතන්නි ප්‍රදේශයට ගොස් නල්ලතන්නි නගරයේ දියුණුව පිළිබඳව ප්‍රජාව නගරය ඇති කිරීම ගැන නව නගර සංවර්ධනය ගැන සාකච්ඡා කළා. සීත ගඟුල සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා. පළමුවෙන්ම සීත ගඟුල ආරක්ෂා කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒ සැලසුම් සකස් කළා. ඉන් පසුව රත්නපුරයෙන් ශ්‍රීපාදයට පිවිසෙන පලාබද්දල මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැඩ ආරම්භ කළා. ක්‍රමානුකූලව ඊළඟ වසර කිහිපයේදී ශ්‍රීපාදස්ථානය වටා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම අපගේ අරමුණයි. වැසිකිළි දීම ජල යෝජනා ක්‍රම ලබාදීම ආදිය කළ යුතුයි. සනීපාරක්ෂක කටයුතුවල විශාල අඩුවක් තිබෙනවා. වසරකට ශ්රීපාදස්ථානයට මිලියන තුනහමාරක පමණ පිරිසක් වෙනවා. ඒ නිසා මෙහි අඩුපාඩු සෑදීමට ක්‍රියා කරගෙන යනවා. රන් මාවත් වැඩසටහන ඇරැඹීමේ දින තීරණය කළේ මාර්තු මාසයේදීයි. පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා මේ වැඩකටයුත්ත කල් දාන්නදැයි සමහරුන් මගෙන් විමසුවා. කල්දැමීමට කිසිම හේතුවක් නැති බව මා දැනුම් දුන්නා. මා පොලිසිය සහ බුද්ධි අංශ සමඟ කතා කළා. සිද්ධියට සම්බන්ධ බෝම්බ පිපිරවීමට සිටි පිරිස මියගොස් ඇති බවත් අනෙක් අය අත්ඩංගුවට ගෙන සිටින බවත් ඔවුන් මට දැනුම් දුන්නා. දැන් කරන්නේ මොවුන්ට උදව් කළ අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීමයි. තර්ජන නැති නිසා මේ වැඩකටයුතු කරගෙන යාමට අප කටයුතු කළා. නල්ලතන්නියේ දියුණුව සඳහා සැලසුම් සකස් කිරීමේ උත්සවයකටද මා සහභාගී වුණා. ඇල්පිටියේ ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකටද මා සහභාගී වුණා. ජනාධිපතිතුමාත් අම්පාරේ උත්සවයකට සහභාගී වුණා. අප මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. අයි.එස්. ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්රස්තවාදයට වඩා වෙනස් බව කිව යුතුයි. මේ ත්රස්තවාදයේ විශාල කණ්ඩයමක් නැහැ. මේ කණ්ඩායම අවසන් වූ පසුව තවත් කණ්ඩායමක පැමිණීමද නතර කළ යුතුයි. පිපිරවීම්වලින් ත්රස්තවාදීන් බලාපොරොත්තු වන්නේ විශාල ජීවිත හානියක් කිරීමයි. දෙවැනි අරමුණ වන්න් රටේ සංහිඳියාව, සාමය නැති කිරීමයි. ඔවුන්ගේ තුන්වැනි අරමුණ වන්නේ රටේ සංවර්ධනය හා ආර්ථික දියුණුව නැතිකර දැමීමයි. මේ සියල්ල කරන්න බලන්නේ ඒ පිපිරීමේ බලපෑමෙන් පමණක් නොව රට සාමාන්‍ය තත්ත්වයකට පැමිණීමට ඉඩ නොදී කඩාවැටීම ඇති කිරීමටයි. අප මීට මුහුණ දෙනවා නම් පළමුවෙන්ම සාමාන්‍ය තත්ත්වයට යා යුතුයි. මෙරට සාමයත්, සංහිඳියාවත් එදා ආරක්ෂා කිරීමට හැකි වුයේ පූජ්‍ය පක්ෂය නිසයි. එය අප පිළිගත යුතුයි. සිද්ධිය ඇතිවූ කතෝලික පල්ලිවල පූජකතුමන්ලා කාදිනල්තුමා ඇතුළු ක්‍රිස්තියානි පූජක පක්ෂය කළ දේශනා නිසා කිසිවකුත් වෙනත් කණ්ඩායමකට පහරදිය යුතු යැයි සිතුවේ නැහැ. එදා මා මහානායක හිමියන්ට දුරකතනයෙන් කතා කර සාමය ආරක්ෂා කර ගැනීම සඳහා උපකාර කරන්නැයි ඉල්ලීමක් කළා. මෙය වූයේ පල්ලි අතර වුවද වැඩිපුරම සිංහල ජනතාව ඉන්නේ ගම්මානවලයි. ගමේ පන්සලේ උපකාර නැතිව සාමය ආරක්ෂා කරන්න බැහැ. මුස්ලිම් මෞලවි පැමිණ කාදිනල්තුමා හමුවුණා. හින්දු ආගමිකයන්ද තව වැඩකටයුතු කළා. ඒ අනුව එදා අප සාමය ආරක්ෂා කළා. නමුත් දැන් යන එක් එක් ප්‍රවෘත්තිවලට කලබලවී සංහිඳියාව ප්‍රශ්න ඇතිකර ගන්න ඉඩදිය යුතු නැහැ. අප සංහිඳියාවද ආරක්ෂා කළ යුතුයි. ප්‍රධානතම කාරණය වන්නේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන ගොස් මෙරට ආර්ථිකය දියුණු කිරීමයි. ඒ සඳහා අපගේ සංවර්ධන වැඩ පටන් ගත යුතුයි. කිසි දිනෙක අයි.එස්.අයි.එස්. සංවිධානයට අපගේ සංවර්ධනය නතර කිරීමට, ආර්ථික දියුණුව නතර කරන්නවත් එදිනෙදා වැඩසටහන අඩපණ කිරීමටවත් ඉඩදෙන්නේ තැනැයි මා මෙහිදී අවධාරණය කරනවා. අප මීට මුහුණ දෙනවා. ආණ්ඩුවේ සංවර්ධනය අවශ්‍යයි. අප වියදම් කරන මුදල් සියල්ල යන්නේ ගමටයි. අප විශාල ව්‍යාපෘති කළ විට ඒ මුදල් බොහෝවිට යන්නේ ජනතාවගේ අතටයි. ආනයනය හැර අනෙක් සියල්ල මුදල් පරිහරණයට එකතු වෙනවා. මේ කාර්යයන් නතර කරනවා නම් මුදල් නැතිව ආර්ථිකය අඩපණ වෙනවා. ත්රස්තවාදීන් කරන්න උත්සාහ කරන්නේද එයයි. පසුගිය මාස කිහිපය තුළදී අපට ප්රශ්නය වෙනත් ආකාරයකට පැමිණ තිබුණා. දෙසැම්බර් මාසයේදී අයවැය සම්මත නොකළ නිසා අප්‍රේල් මාසයේදී සම්මත කරන්න සිදුවූ නිසා කොන්ත්‍රාත්කරුවන්ගේ සහ අනෙක් අයගේ බිල් ගෙවීමට එදා දුන් මුදල් මදි වුණා. සිංහල අවුරුද්ද වනවිට මෙරට මුදල් නැතිවනු ඇතැයි සමහරුන් සිතුවා. කෙසේ හෝ මා ගත් පියවර නිසා අප්‍රේල් මාසයේ මුල් සතියේ දුන් මුදලින් නැවත මෙරට ආර්ථිකයත් සිංහල අවුරුදු වෙළෙඳාමත් දියුණු වුණා. අපගේ සංවර්ධන වැඩ ඉක්මනින් අරඹන ලෙස දැනුම් දුන්නා. මන්ත්‍රීවරුන්ටත් දැනුම් දුන්නා. එවිට සමාජයට මුදල් ලැබෙනවා. ඔක්තෝබර් කුමන්ත්‍රණය නිසා ආර්ථිකය කඩා වැඩුණා. අප යළිත් බලයට පැමිණ කඩා වැටුණු ආර්ථිකය ඔසවා තැබුවා. සංචාරක ව්‍යාපාරය ඔසවා තැබුවා. දැන් ත්‍රස්තවාදය නිසා ආර්ථිකය කඩා වැටෙන්න ඉඩදෙන්නේ නැහැ. මේ අංශවල සංවර්ධන වැඩ කටයුතු සියල්ලම කරන්නැයි මා දැනුම්දී තිබෙනවා. අමාත්‍යාංශවල වැඩකටයුතු කරන ලෙස දැනුම් දුන්නා. අයි.එස්. ත්රස්තවාදයට සංවර්ධනයවත් ආර්ථික දියුණුවවත් කඩාකප්පල් කරන්නට ඉඩදෙන්න බැහැ එදිනෙදා ජීවිතය නතර කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ආණ්ඩුවේ සංවර්ධන වැඩ සියල්ලම මේ සති දෙක තුළදී කරගෙන යා යුතුයි. සියලු දෙනාට මේ ගැන නියෝග නිකුත් කළා. විවෘත කිරීම් තිබේනම් ඒවා කරන්න. මුල්ගල් තබන වැඩසටහන් ආරම්භ කරන්න තිබේ නම් ඒ කටයුතු කරන්න. රැකියා දෙන්න. ඒ සමඟම ආණ්ඩුව පොද්ගලික අංශ සමඟ වැඩකරනවා. මුදල් පරිහරණය ඇතිකර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනවා. අතැම්විට සිංහල ප්‍රදේශවලට පැමිණ ගනුදෙනු කරන්නට මුස්ලිම් ජනතාවත් බයයි. සිංහල දෙමළ ජනතාව මුස්ලිම් ප්‍රදේශවලට යන්න බයයි. නමුත් අප කටයුතු කරගෙන යා යුතුයි. සාමාන්‍ය තත්ත්වයකට රට පත් කරනවා. එසේ සාමාන්‍ය තත්ත්වයකට පැමිණ එදිනෙදා කටයුතු ගෙනයමු. කුඩා කඩ සාප්පු, ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න මධ්‍යම පරිමාණයේ සහ විශාල ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට ආයෝජන ගැනීමට යළි කටයුතු කළ යුතුයි. විදේශ ආයෝජනවල ඇත්තේ මාසයක දෙකක පසුබෑමක් පමණයි. ලොකුම ප්රශ්නය ඇත්තේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධවයි. ගමනාගමන උපදේශන අනුව ලංකාවට පැමිණීම සුදුසු නැති බවට නිවේදන නිකුත් කෙරුණා. ඒ නිසා සංචාරකයන් රටින් පිටපුණා. ඇතැම් තැන්වල මැයි මාසය වනවිට සංචාරකයන් අඩුවෙනවා. නැගෙනහිර සහ මහනුවර ප්‍රදේශවල තවමත් සංචාරකයන් ඉන්නනවා. පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පනවා ඇති ගමන් උපදේශය ඉවත් කරගත යුතුයි. “අනතුරුයි” යන වචනය ඉවත් කරගත යුතුයි. ජුනි මාසයේ සිට ලංකාවේ සංචාරක වැඩකටයුතු පිළිබඳ ප්‍රචාරයක් ආරම්භ කිරීමට තීරණය කළා. සංචාරක ව්‍යාපාරයේ ඉන්න පිරිසට දැන් ණය සහනදී තිබෙනවා. ගෙවීම් ගැන සහන දී තිබෙනවා. බැංකු වලින් ණය ගෙන තිබේනම් ඊටත් සහන දෙනවා. අගෝස්තු වනවිට සංචාරකයන් නැවත රටට ගෙනැවිත් වැඩකටයුතු ඇරැඹීමට බලාපොරොත්තු වෙනවා. අපට ප්‍රශ්න ගණනාවක් තිබුණා. විශාල ණය බරක් තිබුණා. ණය ගෙවීමට ද සිදු වුණා. ආදායමක් නොලබන අලාභ ලැබූ හම්බන්තොට වරාය තිබුණා. දැන් ඒ වරායේ බර ඉවත් කරලා. දැන් ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇරඹිය යුතුයි. ඒ ප්‍රදේශයේ මහා මාර්ග පද්ධතිය දියුණු කරනවා. වැඩිපුරම විදේශ ණය ගෙවන්න සිදු වුණේ පසුගිය වසරේදීයි. දැන් ණය බර අඩුවන අවස්ථාවේදී හොඳ අස්වැන්නක් ලැබුණු අවස්ථාවේදී අප තවත් අර්බුදයකට මුහුණ දුන්නා. අප මේ අර්බුදයෙනුත් ගොඩ එනවා. ඉකුත් හතරවැනිදා ලැබුණු තොරතුරු ගැන ක්‍රියාත්මක නොවීම ප්රශ්නයයි. අප එය පිළිගත යුතුයි. මේ කඩා වැටීම ඇති වුණේ ඒනිසයි. සිද්ධිය වූදා මා ආරක්ෂක හමුදා සහ පොලිසිය මුණ ගැසුණුවිට ඔවුන් තර්ජනයට මුහුණ දීමට සූදානම් බව දැන ගන්න ලැබුණා. අප ඊට ඉඩ දුන්නා. පැය කිහිපයක් ගතවීමට පෙර දෙමටගොඩදී සිද්ධියේ ප්‍රධානම පිරිස අත්අඩංගුවට ගෙන ඔත්තු සේවා අනුව අනෙක් පිරිසත් අල්ලා ගැනීමට හැකියාව ලැබුණා. අපගේ ආරක්ෂාව දියුණු කරගෙන යා යුතුයි. විදේශ රටවලින් උපදේශ ලැබෙනවා. තාක්ෂණය ගැන කියනවා. මේ ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්රස්තවාදයට වඩා වෙනස් ක්‍රියාවලියයි. ඒ අනුව අප ආරක්ෂක පියවර ගත යුතුයි. සිද්ධිය ගැන සියලුම දෙනා කනගාටු වෙනවා. අපට ඒ ගැන දොස් අසන්න සිදුවී තිබෙනවා. තාමත් අපට බනිනවා. අඩුවක් වූ විට දරුවන් මවුපියන් නැතිවූ විට එවැනි දේ වෙනවා. නමුත් අඩුපාඩුකම් හඳුනාගෙන ඉදිරියට යා යුතුයි. රන් මාවත් වැඩසටහන ඇරැඹීම ගැන කබීර් හෂීම් ඇමැතිතුමාට ස්තුතිය පළ කළ යුතුයි. ඒ අනුව ගමේ කුඩා මාර්ග ඉදිවෙනවා. කබීර් හෂීම් මහතා ඇමැතිකම් කරන්න පමණක් නොව ලෝවැඩ සඟරාවෙත් කවි කියන්නත් දක්ෂයි. එතුමා සමඟ තරගයට කවි කිව්වොත් මා පරදිනවා. ඔහු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකේය යයි අප කියන්නේ ඒ නිසයි. ඒ. ඒ. ජේතුංග මන්ත්රීතුමාත් විශාල වැඩකොටසකට අතගසා තිබෙනවා. ඔහුට අවශ්‍ය රත්නපුර දියුණු කිරීම යයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. මහා මාර්ග සහ මාර්ග සංර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා: රන් මාවත් වැඩසටහන ඇරඹීම සඳහා අප රත්නපුරය තෝරා ගත්තා. පසුගිය රජය සමයේ මාර්ග ඉදිකිරීමට ජනතාවගේ ඉඩම් බලෙන් පවරා ගත්තා. අප ඒ ක්‍රමය නතර කළා. ජනතාවට වන්දි ගෙවීමට කටයුතු කළා. පසුගිය රජය සමයේ හම්බන්තොටින් පවරා ගත් ඉඩම්වලට වන්දි පවා ගෙව්වේ අප විසිනුයි. ගමනාගමනය පිළිබඳව කඩිනම් වැඩපිළිවෙළක් හැදීමට අප කටයුතු කළා. ඒ අනුව ගම්මානවල මාර්ග ද අප ඉදි කරනවා. භෞතික යටිතල පහසුම් පමණක් නොව සමාජ යටිතල පහසුකම් ද අප සංවර්ධනය කරනවා. රුපියල් ලක්ෂ 800 බැගින් අප සෑම මැතිවරණ කොට්ඨාසයකටම මුදල් වෙන්කර තිබෙනවා. වෙහෙර විහාර ප්‍රවේශ මාර්ග සඳහා මුදල් වෙන්කර තිබෙනවා. ශ්රීපාදස්ථානයට යන මාර්ගය පිළිසකර කිරීම ඉතා වැදගත් කාර්යයක්. රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව ගත්තේ ප්‍රශ්න වැළැක් සමගයි. විශාල ණය කන්දක් සමඟයි. ස්වාභාවික ආපදා දේශපාලන කුමන්ත්රණවලට මුහුණ දුන්නා. ගෝලීය ත්රස්තවාදයට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාවට හැකිවුණා. තව සතිකිහිපයක් තුළ එය සහමුලින්ම අතුගා දමනවා. රණවිරු දීමනා 500කින් වැඩි කරන්න අප කටයුතු කළා. 2019 අවසන් වනවිට රට දියුණු කිරීමේ වැඩපිළිවෙළට ලංවීමට හැකියාව ලැබිණි. ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ ආයෝජනය කළ මුදලට වැඩි මුදලක් අප විසින් ආයෝජනය කරනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය: රන් මාවත් සමාරම්භක උත්සවය රත්නපුරයේ පැවැත්වීම ගැන ස්තුතිවන්ත විය යුතුයි. මේ යටතේ ශ්‍රීපාද මාර්ගය ඉදිකිරීම සුවිශේෂියි. ශ්‍රීපාදයට යන මාර්ග තුනක් තිබෙනවා. පැරණිම මාර්ගය පලාබද්දල මාර්ගයයි. යහපාලන රජයේ බිහි කිරීමට අගමැතිතුමන් සියලු ශක්තිය දුන්නා. අද පක්ෂ බේදයෙන් තොරව සංවර්ධන කටයුතු කරනවා. පක්ෂ භේදයෙන් තොරව ජනතාවට වැඩ කරන ලෙස අගමැතිතුමන් උපදෙස් දී තිබෙනවා. පසුගිය කාලයේ අපේ ජනතාවට රැකියාවක් තබා රැකියා ඇබෑර්තු පෝරමයක් දිහා බලන්නවත් ඉඩ දුන්නේ නැහැ. අදමාධ්ය නිදහස අවභාවිත කරමින් සිටිනවා. ළඟදී බලංගොඩ මුස්ලිම් පල්ලියේ කඩු 1000ක් තිබුණා යැයි වැරදි පුවත් පළ කළා. අවසානයේ අපට එය නිවැරදි කරන්න පවා සිදුවුණා. මහින්ද රාජපක්ෂ අද මාධ්‍ය මර්දනයක් ගැන කතා කරනවා. ඔවුන්ගේ යුගයේ ඝාතනය වූ මාධ්‍යවේදීන්ගේ සාක්කි පවා ඔවුන් විසින් විනාශ කරමින් සිටිනවා. අද අධිකරණයට කොන්ද කෙළින් තබාගෙන සිටින්න පසුබිම සකස් කරලා. අන්තවාදී කල්ලියක් විසින් ඇති කළ ත්‍රස්තවාදය නැති කිරීමේ අභියෝග බාරගෙන තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඒ. විජේතුංග මහතා: පසුගිය වසර 20 තුළ මේ ප්‍රදේශයේ කැබිනට් අමාත්‍යවරුන් රැසක් සිටියද ශ්‍රීපාද පිවිසුම දක්වා මාර්ගය ඉදිකරන්න නොහැකි වුණා. නමුත් අප අද ඒ මාර්ගය ඉදිකිරීම ආරම්භ කළා. මාර්ග හදන මුවාවෙන් අප මුදල් සාක්කුවේදා ගන්නේ නැහැ. අගමැතිතුමා කිසි දිනෙක නෑ බෑ කිව්වේ නැහැ. ප්‍රදේශයේ සංවර්ධනය සඳහා නොපැකිලිව සහයෝගය දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා: රන් මාවත් වැඩසටහන යටතේ කුඩා මාර්ග 6000ක් ලංකාව පුරා ඉදි කෙරෙනවා. මේ මාර්ග පද්ධතිය නිසා ගමේ ආර්ථිකය දියුණුවට පත් වෙනවා. අගෝස්තු 31 වනවිට මහා මාර්ග 6000ම ඉදි කිරීම අපගේ අරමුණයි. පළමුවෙන්ම ශ්‍රීපාද පිවිසුම දක්වා මේ මාර්ගය ඉදි කෙරෙනවා. බුදුන් දවසත් ඒදඬු තැනීම, මංමාවත් ඉදිකිරීම, දිවා රෑ පිං ලැබෙන කාර්යයක් ලෙස දක්වා තිබෙනවා. විහාරාරාමවලට යන මාර්ග පවා මේ වැඩසටහන යටතේ සංවර්ධනය කරනවා. මාර්ග ඉදිකිරීමේදී සොරකම් කරන මුදල නැතිකර තිබෙන බව අවධාරණය කළ යුතුයි. මිලියන දස දහසක් පමණ මේ ව්‍යාපෘතියට වෙන් කරලා. උත්සවයට ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. | ‘ත්රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’ | 0 |
hp_train_7763 | කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 708 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 707 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇත.කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 706 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇත.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 516 ක් වේ. මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 182 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත. | කොරෝනා ආසාදිත රෝගීන් ගණන 649 දක්වා ඉහළට | 0 |
hp_train_7764 | (ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට හො ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. | පළාත් රැසකට තවදුරටත් වැස්ස | 0 |
hp_train_7765 | (තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)වර්ෂ 2015 ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් යළි මේ මාසයේ 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (17) නියම කෙළේය.මෙම පෙත්සම් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.එහිදී විනිසුරු මඩුල්ල සදහන් කළේ මෙම අභියාචනාවලට අදාල තීන්දුව සුදානම් කර ඇති බවය. නමුත් මෙම නඩුව අද කැඳවන බව එහි පාර්ශවකරුවන්ට දැනුම් දී නොමැති හෙයින් නඩු තීන්දුව අද දින ප්‍රකාශ නොකරන බව පැවසූ විනිසුරුවරුන් මෙම අභියාචන පෙත්සම් යළි ලබන 20 වනදා කැඳවන ලෙස නියම කරන ලදී.එදින මෙම අභියාචනා කැඳවන බව අදාළ පෙත්සම් බල පාර්ශවකරුවන්ට දැනුවත් කරන ලෙසද විනිසුරුවරු අභියාචනාධිකරණය ලේඛකාධිකාරීවරයාට නියෝග කළහ.මෙම අභියාචන පෙත්සම් පිළිබද අභියාචනාධිකරණ තීන්දුව ඉකුත් 13 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර කොළඹ අලුත්කඩේ බල ප්‍රදේශයට පැවති නිරෝධායන ඇඳිරි නීතිය අනුව එය ප්‍රකාශයට පත් නොකෙරුණි.2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.එම චෝදනා වලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම විය. | ලලිත්- අනූෂ නඩුවේ ලිඛිත දේශන ගොනු කරන්නැයි නියෝග | 0 |
hp_train_7766 | හාසයෝත්පාදක චරිත රංගනයේ යෙදෙන චරිත අතළොස්ස අතර වඩාත් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිණියක් තමයි නිල්මිණී කෝට්ටේගොඩ. ඇය කලා ක්ෂේත්රයට පිවිසෙන්නෙ මෙයට අවුරුදු 30කට පමණ පෙරදී. එලෙසින් ක්ෂේත්රයට පැමිණි ඇය මේවන විට ටෙලි නාට්‍ය 100කට අධික සංඛ්‍යාවකටද, චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවකට ද වේදිකා නාට්‍ය බොහෝ සංඛ්‍යාවකටද රංගනයෙන් දායක වී පේ්රක්ෂකයන් ප්රබෝධයට පත් කිරීමට සමත් වුණා.විටෙක ගායිකාවක් සහ නිවේදිකාවක් ලෙසින් ද පේ්රක්ෂකයන් පිනවූ ඇය මේවන විට කලා ක්ෂේත්රයට නැතිවම බැරි චරිතයක් වී අවසන්. මේ දිනවල අතිශය ප්‍රතිචාර මැද දිවෙන ”මායා” චිත්‍රපටයටත් රංගනයෙන් දායක වී සිටින නිල්මිණී කෝට්ටේගොඩ නම් වූ මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිණිය වෙනුවෙන් මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. ඒ ඇගේ කලා දිවියේ තොරතුරු කතා කරන්නත් සමගින්.මේ ඒ පිළිබඳ සටහනක්. මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවෙන්නේ?මේ දවස්වල නම් ටිකක් කාර්ය බහුලයි. ඒ මගෙ දුවගෙ විවාහ කටයුත්ත නිසා. ඇය මේ මාසෙ විවාහ වෙනවා. ඉතින් ලොකු දුවෙක් විවාහයට පත් කරද්දී තියෙන වැඩ රාජකාරි ඉතා බහුලයිනේ. ඒ වැඩකටයුතු තමයි ප්‍රධානම වශයෙන් තියෙන්නේ. ඒ නිසා මට ලැබුණු ටෙලිනාට්‍ය පවා භාර ගත්තේ නෑ. මේ දවස්වල ”මායා” චිත්‍රපටයෙන් වැඩි කතාබහකට ලක් වෙනවා නේද?ඔව්, ඔව්, ඒ ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. එහි මම කරන්නෙ අම්මා කෙනෙක්ගෙ භූමිකාව. ඒක මම ගොඩක්ම ආසාවෙන් කරපු චරිතයක්. මේ චිත්‍රපටය සඳහා මගෙ නම යෝජනා කරලා තිබුණේ පුබුදු චතුරංග. ඔහුට විශේෂ ස්තූතිය පුද කරන්න අවශ්‍යයි. ඒ හා සමානවම ස්තූතිවන්ත වෙනවා මෙහි නිෂ්පාදක සදේශ් කුමාර් මහතාට. ඔහු අපේ බය නැති කරලා නිෂ්පාදනයෙන් අපිට පුදුමාකාර විදියට නිදහස දීලා තිබුණා මෙහි වැඩ කරන්න. ඔබට මෙම චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයක්ම ලැබීම ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම ගොඩක් සතුටුයි. පුබුදු චතුරංග මෙය අනුවර්ථනය කරද්දී මට කතා කරලා කිව්වෙ එක දෙයයි. ඒ නිල්මිණී අක්කා ඔයාට ප්‍රධාන චරිතයක් ලැබුණොත් මේ චිත්‍රපටයට කැමති ද කියලා. ඉතින් ඒ මොහොතෙදි මම විහිළුත් කළා. මට කව්ද කොල්ලො ප්‍රධාන චරිත දෙන්නෙ කියලා. පසුව ඔහු කිව්වා ඔයාට තමයි මේ චරිතෙ හරියන්නෙ කරමු කියලා. මාව ස්ථාවර කරගත්තා ඒ චරිතෙට. ඉතින් මගෙ චරිතෙ විස්තර කරලා කිව්වම චරිතය සතුටින් භාරගත්තා. නිල්මිණී සිනමාවට ප්රවිශ්ට වෙන්නේ කොහොමද?සිනමාවට මම මුලින්ම ප්රවිශ්ට වෙන්නේ නැටුම්වලින්. මට මතකයි විජය කුමාරතුංග මහත්තයගෙ අවසාන චිත්‍රපටය වුණු ”මධු සිහින” එහි නැටුම් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක් මම. එවකට සුප්‍රසිද්ධ නළු නිළියන් වන විජය කුමාරතුංග, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, වසන්ති චතුරානි, ජීවන් කුමාරතුංග, සනත් ගුණතිලක වගේ ජ්‍යෙෂ්ඨයො ඒ හරහා තමයි අඳුනගන්න පුළුවන් වුණේ. එතනින් ආරම්භ කරපු ගමන් මග මේ වෙද්දී චිත්‍රපට 28 අධික ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. එතකොට පුංචි තිරයෙ වැඩ කටයුතු කොහොමද?මේ දවස්වල නම් ස්වාධීන රූපවාහිනියෙ විකාශය වන ”ශ්වේත ගංතීර” ටෙලිනාට්‍ය හරහා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එහි මම හින්නිහාමි චරිතය කරන්නෙ. ඒ ගැන විශේෂයෙන් කියන්න ඕනෙ මාව තේරුම් ගත්ත එක්තරා අධ්යක්ෂවරියක් තමයි මෙහි අධ්‍යක්ෂිකා තුෂාරි අබේසේකර, ඇය මාව තේරුම් ගත්තෙ කොච්චර ද කීවොත් ඇයගේ දෙවනි ටෙලිනාට්‍යය සඳහාත් වෙනස්ම චරිතෙකින් මාව සම්බන්ධ කරගත්තා. ඒ ”ආරාරිරෝ” කියන ටෙලිනාට්‍යයෙ. එහිදී මම දෙමළ හුරුවට ඉන්න පොඩි පාරම්පරික ගතියක් තියෙන කරුණාබර, විටෙක ගිනි පුපුරක් වගේ සංගීත ගුරුවරියක්ගෙ චරිතයක් කරන්නෙ. ඇත්තටම එය වෙනස්ම චරිතයක්. තවම ඒ ටෙලි නාට්‍ය විකාශය වුණේ නම් නෑ. මම ඇත්තටම හරි ආසාවෙන් ඉන්නෙ ඒ ටෙලි නාට්‍යය විකාශය වෙනකම්. එහිදී පේ්රක්ෂකයන්ට මගෙ වෙනම පැතිකඩක් බලාගන්න පුළුවන් වෙයි.ඒ වැඩ කටයුතු එක්ක මේ දවස්වල හතරෙ කණුව, සුර දුතියෝ, සටකපට, වැනි ටෙලි නාට්‍යවල දකින්න ලැබෙන්නේ. ඊට අමතරව තව ටෙලිනාට්‍ය කිහිපයක්ම එන්නත් තියෙනවා. මේ හැමදේම එක්ක වේදිකාවෙ වැඩ ගැනත් කතා කරමු?වේදිකාවෙන් තමයි මගේ ප්‍රවිශ්ටය සිදුවෙන්නේ. එමගින් ලැබුණු පන්නරය මට වචනවලට ගලපන්න බැරි තරම්. ඉන් ඉගෙන ගත්ත දේවල් සහ මගෙ දක්ෂතා එළියට එන්න තෝතැන්නක් වුණේ වේදිකාව. පාසල් වේදිකාවෙන් පසුව ප්‍රසංග වේදිකාවට ආවේ අයිරාංගනී කළුතන්ත්‍රි ගුරුතුමියගෙ ”දුටු ගැමුණු” වේදිකා නාට්‍යයෙන්. ඒ ආවෙත් අත්වැල් ගායනයට. පසුව පොඩි පොඩි චරිත කරලා මේ වෙද්දී වේදිකා නාට්‍ය ගණනාවකට සම්බන්ධ වෙලා ඉන්නවා.ඒත් එක්කම වේදිකාවෙ දැනට අවුරුදු 24ක් පුරාවටම ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ”අන්දරේලා” නාට්‍යයෙ ප්‍රධාන චරිතය වන බිසවගෙ චරිතය කරනවා. තවමත් එය වේදිකාගත වෙනවා. ඒ වෙනුවෙන් තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එතනින් ආරම්භ කරපු ගමන රන්දෙවොල, සරදම, නරි බෑණා, ශුංගාර නගරය, අන්තඃපුරය හොරු කඩයි වගේ නාට්‍ය ගණනාවකට සම්බන්ධ වුණා. දැන් නම් වේදිකා නාට්‍ය ගොඩක් සීමා කරලා තියෙන්නේ. මොකද කාලය යොදවගන්න ගොඩක් අමාරුයි යාම් ඒම් අපහසුතාවයන් නිසා. ඔබට හාස්‍ය මුසුවුණු චරිතනෙ ගොඩක් ලැබෙන්නේ? හාස්‍යයෙන් තොර චරිත ලැබිලම නැද්ද?මට දැනෙන විදියට හාස්‍යය කියන දේ කෙනකුට පිහිටනවා නම්, හාසේයා්ත්පාදක චරිතයක් මවන්න පුළුවන් කෙනෙක් ඉපදෙනව නම් ඒක ලොකු වාසනාවක්. ඒ දේ හැමෝටම කරන්න බෑ. මම හිතනවා ඒ දේ මම මේවන විටත් අත් විඳින කෙනෙක් විදියට මම පාසල් යන කාලේ පටන් විනෝදයට, විහිළුවට බොහොම ජනප්‍රියයි. ඒ කාලෙ පටන්ම ඒක ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙලා මේ වෙද්දී හැමෝම හිතන් ඉන්නෙ මට විහිළු කරන්න විතරයි පුළුවන් කියලා. නමුත් සම්ප්‍රදායික චරිත, සංකීර්ණ, බැරෑරුම් ඕන චරිතයක් මට කරන්න පුලූවන්.අපේ රටේ දෙයක් තියෙනවා එක දිගට එක රාමුවක චරිත කළාම අපේ යම් කිසි දෙයක් දකිනවනේ. ඉතින් ඒ නිසා එකම රාමුවකට රංගන ශිල්පීන් කොටු කරනවා. ඒ අයගෙ ඇඟ ඇතුළෙ තියෙන දක්ෂතා එළියට ගන්න උත්සාහ කරන්නෙ නෑ. ඒ නිසා විශේෂයෙන් කියන්න ඕනෙ මම ඔය කියන සම්ප්‍රදායික රාමුවේ නෑ. විවිධ චරිත කරන්න පුළුවන් හැකියාව මා තුළ තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ දිනවල විකාශය වන ”ශ්වේත ගංතීර” ටෙලි නාට්‍යය. මාව විහිළුවටම දාලා තියෙන කාට හරි ඒ නාට්‍යය ඇහැ වැටුණා නම් එතනින් නිල්මිණි ගැන දැනගන්න තිබුණා. ඒ නිසා අවධාරණයෙන් කියනවා මම එක රාමුවකට කොටුවෙන්න කැමති නෑ. මොකද මට රංගනය උත්පත්තියෙන් ආපු දෙයක්. එය ඇගයීමට පවා ලක්වෙලා තියෙනවා. නිල්මිණීට ලැබෙන පේ්රක්ෂක ප්‍රතිචාර සහ ආදරය කොහොමද?ආටක නාටක කියන ප්‍රහසන ටෙලිනාට්‍ය හරහා අපිට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. එහිදී අපි යක්කු, හොරු, දෙවියො, වැනි මේ ලෝකයම නියෝජනය වන චරිත ඉදිරිපත් කළා. ඒ පොඩි වෙලාවට පවා මට ඒ විවිධාකාර චරිත රඟපාන්න වුණු නිසා වෙන්න ඇති ඒ කතාමාලාවල් එතරම් ජනප්‍රිය වුණේ. ඉතින් ඒ තුළින් අපි ගොඩක් ජනප්‍රිය වුණා. විදෙස් රටකට ගියත් හොඳ ප්‍රතිචාර ලැබුණා. පසුගිය මාසෙම මම හිටියේ ඕස්ටේ්රලියාවේ. එහිදී ආදරය මම ගොඩක් වින්දා. බොහෝ දෙනෙක් අපේ ටෙලිනාට්‍ය සහ ඒ චරිත පිළිබඳ කතා කළා. හිතාගන්න බැරි තරමට මිනිස්සු අපට ආදරෙයි. ඇත්තටම ඒ ටිකම ඇති ඉදිරි ජීවිතේම සතුටින් ගත කරන්න. පසුගිය කාලෙ රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙලා හිටියනෙ ඒ අත්දැකීම කොහොමද?ඒක නම් මම හිතන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ විවිධ රටවල්වල පිරිස් නරඹලා තිබුණා. ඒ වෙනුවෙන් විවිධ ප්‍රතිචාර ලැබුණා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ දෙරණ නාලිකාව පුදුම විශ්වාසයක් තිබ්බා කලකරුවො ගැන. ඒ විශ්වාසය මත තමයි ඒ රියැලිටි වැඩසටහන කළේ. ඉතින් ඒ කණ්ඩායම් පහේ සාමාජිකාවක් වෙන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. නොයෙකුත් හැල හැප්පීම් මැද්දෙ මට දීපු චරිතවලට සාධාරණීකරණය කළා කියලා මම විශ්වාස කරනවා. නව පරපුර එක්ක වැඩ කරන්න පහසුද?මම හිතනවා අපි මනුෂ්‍යයෝ විදියට හිතනවා නම් වයස් පරතර, ජාති, කුල භේද ඇති කරගන්න අවශ්‍ය නෑ. මනුස්සකමයි වටින්නේ. මොකද අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අලූත් නළු නිළියො කියලා මම භේද කරන්නෙ නෑ. ඕනම කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න කැමතියි සහ මට වැඩ කරන්න පුළුවන්. එහිදී අවශ්‍ය වෙන්නේ තේරුම් ගැනීම පමණයි. ධනු විජේරත්න | කවුරුත් හඳුනන 'සුදු නංගි' | 0 |
hp_train_7767 | (මනෝප්රිය ගුණසේකර) ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොමැතිව නඩුව විභාගය ආරම්භ කිරීමට සුදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාට අද (17) දැනුම් දුන්නේය. ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදුකළ බවට ඔහු චෝදනා ලැබ සිටී. මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයේ පෙනී නොසිටීම සැළකිල්ලට ගනිමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා එසේ පැවසීය. ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සදහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමු බවට ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස ලබාගත් බවට ‘‘රක්නා ලංකා’’ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත. මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාද අධිකරණයේ පෙනී සිටි අතර ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන ඔක්තෝම්බර් මස 22 වැනිදා කැදවීමට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්යක්ෂ තුෂාරී දයාරත්න මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය. | නිශ්ශංක සේනාධිපති නැතුව නඩු විභාගය ඇරැඹීමට යයි | 1 |
hp_train_7768 | ( තිළිණි ද සිල්වා )ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම පසුගිය මාසයේ දී සියයට 19.3 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.ඒ අනුව පෙබරවාරි මාසය තුළ දි සංචාරකයින් ලක්ෂ දෙකක් පමණ මෙරටට පැමිණ ඇති අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී මෙම වර්ධනය පෙන්නුම් කරන බවද එම අධිකාරිය විසින් මාසිකව නිකුත් කරන නවතම දත්ත වාර්තාවක සඳහන් වේ.ඉකුත් පෙබරවාරි මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 36,000ක් පමණ වේ. ඉන්දීයානු සංචාරකයින් 32,000ක් ද බි්රතාන්ය සංචාරකයින් 23,000ක් ද එම කාලය තුළ පැමිණ ඇත.මේ අතර ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් හාර ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ දිවයිනට පැමිණ තිබේ. | මුල් කාර්තුවේ විදෙස් සංචාරකයින් පැමිණිමේ වර්ධනයක් | 0 |
hp_train_7769 | නව රජයේ දින සියයේ වැඩපිළිවෙලින් අර්ධයක්, එනම් දින පනහක් පසුගිය සතිය වන විට ගෙවී අවසානය. ජනපතිවරණයේදී තම ප්‍රචාරණ උපක්‍රමය ලෙස පොදු විපක්ෂය දින සියයක වැඩපිළිවෙලක් යොදාගත් අතර එයින් රටේ ජනතාවට නොයෙකුත් සහන සලසා දෙන බව පැවසුනි. වැඩපිළිවෙලේ වූ ඇතැම් පොරොන්දු නියමිත පරිදි ඉටුකිරීමට රජය සමත්වුවත් බොහෝමයක් තවමත් තිබෙන්නේ පොරොත්තු ලේඛනයේය. මෙය රජයට පාරාවළල්ලක් වෙමින් තිබෙන බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත. තත්ත්වය තවත් බරපතල වූයේ නව රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරි ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ එකඟතාවයන්ට පැමිණීමට ජාතික විධායක කවුන්සිලයේ නියමයෙන් පත් කෙරුණු අනුකමිටුවක කැඳවීමට අනුව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේ යෝජිත ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අසමත් වීමත් සමගය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම නිල නිවස ලෙස භාවිතා කළ අරලියගහ මන්දිරය අද දිනයේ නව රජයේ කාර්යාලයක් ලෙස යොදාගැනේ. ජාතික විධායක කවුන්සිලය ජනපතිවරණ සමයේදී පොදු විපක්ෂය ලෙස අත්වැල් බැඳගෙන සිටි දේශපාලන පක්ෂ වල නායකයින්ගෙන් හා සිවිල් සංවිධාන වල කි‍්‍රයාධරයින්ගෙන් සමන්විත වන්නකි. දින සියයේ වැඩපිළිවෙලේ අන්තර්ගත ව්‍යවස්ථාමය වෙනස්කම්, දූෂණ මර්දන කි‍්‍රයාමාර්ග ආදී යෝජනා කි‍්‍රයාවට නැංවීම ඉක්මන් කරවීම සදහා එම අංශ ආවරණය වන පරිදි අනුකමිටු පත්කර තිබෙන අතර එම අනුකමිටු පත්කර තිබෙන්නේ මේ ජාතික විධායක කවුන්සිලයේ නියමයෙනි.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ගැටුමක්ශී්ර ලංකා නිදහස් පක්ෂයේ වුවමනාව වන්නේ ව්‍යවස්ථාවට සිදුකරන වෙනස්කම් හා සමගම දැනට රටේ තිබෙන සමානුපාතික ඡන්ද ක්රමයද වෙනස් කිරීමය. නමුත් දැනට සිදුකළ යුතුව තිබෙන්නේ ව්‍යවස්ථාමය වෙනස්කම් පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ අදහසයි.මේ සඳහා වන යෝජනා පාර්ලිමෙන්තුවේ සම්මත කරගැනීමට එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බහුතරය අවැසිය. දැනට පාර්ලිමේන්තු අසුන් බෙදී තිබෙන ආකාරය අනුව ආසන 225 න් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආසන 126 කුත් එක්සත් ජාතික පක්ෂය ආසන 41 කුත් හිමිකරගෙන සිටී. අවසාන වරට එක්සත් ජාතික පක්ෂයේ සිට පැති මාරු කළේ හිටපු පක්ෂ මහලේකම් තිස්ස අත්තනායකය. ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අදහස වන්නේ එය මැතිවරණයෙන් පසුවට කල්දැමිය යුතු බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෙන්ම රටේ වත්මන් අගමැතිවරයාද වන රනිල් වික්රමංසිහ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබෙන අතර ඉදිරි මැතිවරණයෙන් පත්වන නව රජය ජාතික රජයක් වනු ඇති බව ඔහු නැවත නැවතත් පවසන්නකි.ගෙවුනු බ්‍රහස්පතින්දා දිනයේ මේ පිළිබඳව දෙපාර්ශවය අතර පැවැත්වුනු සාකච්ඡා විසඳුමක් නොමැතිව අවසන් විය. එතැන් සිට දින 52 ක් වයසැති ඒකාබද්ධ රජයේ ඉදිරි පැවැත්ම ගැන නැගෙමින් තිබෙන්නේ සැකසංකාය. රජයේ ඇතැම් පාර්ශවකරුවන් රජයටම එරෙහි ප්‍රකාශ නිකුත් කරමින් සිටීම තත්ත්වය තවත් නරක අතට හරවා ඇත. ඇමැතිවරු හා නිලධාරීන් වංචා හා දුෂණ ගැන විමර්ෂණ කටයුතු සිදුකරන්නේ ගොළුබෙලි ගමනින් බවත් තෝරු මෝරු ඕනෑ තරම් සිටියදී රජය අල්ලමින් සිටින්නේ හාල්මැස්සන් බවත් ඔවුහු චෝදනා කරති. අනෙක් පසින් රජයේ පිළිතුර වන්නේ වැරදිකරුවන්ට දඬුවම් පැමිණවිය යුතු වන්නේ රටේ නීතියට අනුව හෙයින් ඒ සදහා අවශ්‍ය පරිදි කාලය ලබාදීම වැදගත් බවය. මේ හබයේ අවසානයක් පෙනෙන තෙක් මානයක නොමැත. එමෙන්ම දෙපාර්ශවයම ඔවුන්ගේ කියුම් කෙරුම් නිසා සිටින්නේ වරක් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනතාව අතර කොන්වී යමින්ය.ඒ කෙසේවුවත් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක් ගෙන ඒම රජයේ මුල්පෙළ නායකයින්ගේ අරමුණයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා රැයේ ජනපති මෛති්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පැවැත්වුණු අතර එයට අගමැති වික්රමංසිහ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම, ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක ආදීහු සහභාගීව සිටියහ. ව්‍යවස්ථාමය වෙනස්කම් හා ඡන්ද ක්‍රමයට සිදුකෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වය කෙසේ හෝ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගතයුතුයැයි හමුවේදී තීරණය විය. ඒ අනුව මාර්තු 2 වැනිදා එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් හමුවනු ඇත. සම්පූර්ණයෙන්ම වෙනස් ප්රතිපත්තීන් ඇති පක්ෂ දෙකක් අතර එකඟතාවක් ඇතිකර ගැනීම කෙසේවෙතත් එම ඇතිකරගත් එකඟතාවය ප්‍රකාරව කටයුතු කිරීම නම් කිසිසේත්ම පහසුදෙයක් නොවනු ඇත.පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අනුකමිටු හමුවේදී වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ව්‍යවස්ථා වෙනස්කම් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ලෙස සඳහන්වූ පිටු 4 ක ලියවිල්ලක් ඉදිරිපත් කළ අතර එය කිසිවෙකුත් අපේක්ෂා නොකළ දෙයක් විය. මෙම ලියවිල්ලම පසු අවස්ථාවක පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීමේදී එහි සාමාජිකයින් අතර බෙදාහැරීමටත් ද සිල්වා මහතා කටයුතු කළේය. එහි අන්තර්ගත කරුණු කියවා බලා සංශෝධන සිදුකළ යුතුදැයි තීරණය කිරීම සදහා ඔහු කාරකසභා සාමාජිකයින්ට සතියක කාලයක්ද ලබා දුනි. විධායක ජනාධිපතිධූරයට සිදුකෙරෙන වෙනස්කම් සමගම රටේ ඡුන්ද ක්රමයද වෙනස්විය යුතුව ඇතැයි යන මතයේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය සිටී.මෙය යෝජනා දෙකක් ලෙස නොව එකම යෝජනාවක් ලෙස කි‍්‍රයාත්මක කළ යුතුව ඇතැයි අපගේ අදහසයි.යැයි එහි සඳහන්ව තිබුණි.විධායක ජනපතිධූරය සංශෝධනය කර මේ දක්වා භාවිතයට ගත් සමානුපාතික ඡුන්ද ක්‍රමය එලෙසම පවත්වාගතහොත් රටේ අස්ථාවර තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇත.එනිසා විධායක ජනාධිපතිධූරයට වෙනස්කම් කෙරෙනවා හාම රටේ ඡුන්ද ක්රමයද වෙනස්විය යුතුය.එහි වැඩිදුරටත් දැක්විනි.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මේ හදිසි වෙස් පෙරළිය එක්සත් ජාතික පක්ෂය කෝප ගැන්වීමට සමත්ව තිබේ.අපි ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සමග ස්ථීර එකගතාවයකට පැමිණුනා.දින 100 යේ වැඩපිළිවෙලේ යෝජනා කි‍්‍රයාත්මක කළායින් පසු මැතිවරණයකට යන්නට අප එකඟවුනා.මෙහිදී අප විශේෂයෙන් සදහන් කළ දෙයක් තමයි මැතිවරණ ක්‍රමයට වෙනස්කම් සිදුවෙන්නේ දින 100 වැඩපිළිවෙල අවසානයේ පැවැත්වෙන මැතිවරණයෙන් පස්සේ පත්වෙන නව රජයේ පාලන කාලයේදී කියන එක.දැන් කාටවත් කියන්න බැහැ ඒකට වෙලාවක් නැහැ ඒ නිසා විධායක ජනාධිපතිධූරයේ සංශෝධනත් එක්කම මැතිවරණ ක්‍රමයක් වෙනස් කළ යුතුය කියලා.පාර්ලිමෙන්තුව එළඹෙන අප්‍රෙල් 23 වෙනිදා විසුරුවන්නට අප මුල ඉදන්ම එකඟ වෙලා ඉන්නේ.ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නේ අපේ මතයේම තමයි.එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ එසේය.විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹ සිටින බවද ඔහු පැවසීය.අපේ ස්ථාවරය වෙනස් වෙලා නැහැ.ඔහු අවධාරණය කළේය.ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ප්‍රථමයෙන් මහ මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණට ඇති වුවමනාව තේරුම්ගැනීම පහසුය.නව ඡන්ද ක්‍රමයෙන් යෝජිත පරිදි කේවල ක්‍රමයෙන් වැඩි නියෝජිතයින් ප්‍රමාණයක් පත්කර ගැනීමට ඉඩ සැළසෙන අතර සමානුපාතික ඡුන්ද ක්‍රමයෙන් පත්කර ගැනෙන්නේ සුළු පිරිසකි.මෙය දැනට රටේ තත්ත්වය සැළකූ විට එක්සත් ජාතික පක්ෂයට හා විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට ඉදිරි මැතිවරණයේදී අවාසිදායක තත්ත්වයක් වන බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාව වන්නේ වෙනස්කම් කිහිපයක් සිදුකර විධායක ජනාධිපතිධූරය එළෙසම පවත්වාගැනීමය.පක්ෂය ඉදිරිපත් කර ඇති ලියැවිල්ලේ මෙසේ සදහන් වේ.ප්‍රජාතන්ත්‍රවාදීව කි‍්‍රයාත්මක විය යුතු රජයේ ඇතැම් ආයතනයන් වල කටයුතු වලට ජනපතිවරයා සතු විධායක බලතල එල්ල කරන්නේ මරු පහරකි.එම බලතල භාවිතා කරමින් අදාළ ආයතනයේ කි‍්‍රයාවලිය තමන්ට වුවමනා පරිදි වෙනස් කිරීමේ හැකියාව ජනපතිවරයාට ඇත.එනිසා මෙවන් බලතල හඳුනාගෙන ඒවා වෙනස් කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය.නමුත් ජාතික ආරක්ෂාවට වැදගත් වන විධායක බලතලද ජනාධිපතිවරයා සතුය.එවන් බලතල සංශෝධනය කිරීම නොකළ යුත්තකි.පක්ෂයේ තවත් යෝජනාවක් වන්නේ ජනපතිධූර කාලය අවුරුදු 6 ක සිට අවුරුදු 5 ක් දක්වා අඩු කිරීමය.ජනාධිපතිවරයාට පාර්ලිමෙන්තුවේ කටයුතු වලට ඇගිලි ගැසීමේ හැකියාවක් නොතිබීම පිළිගත හැකි වුවත් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කෙරෙන අවස්ථාවලදී වහාම ඒ සදහා මැදිහත්වීමට ජනාධිපතිවරයාට හැකියාව තිබිය යුතුයැයි ශී‍්‍රලංකා නිදහස් පක්ෂය කියන්නේය.අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේ බලය කැබිනට් මණ්ඩලය වෙත ලබාදීම,වරක් ජනාධිපතිධූරය හෙබවූ පසු ඔහුට හෝ ඇයට නැවත වරක් ජනාධිපති පුටුවට තරග කරන්නට හැකිවන සේ එක් පුද්ගලයෙකුට දෙවරක් ජනාධිපතිධූරය දැරීමට අවස්ථාව සළසා දීම,ජනාධිපතිවරයා රජයේ නායකයා බවට පත්කිරීම මගින් ඔහුව අමාත්‍ය මණ්ඩල රැුස්වීම් වල ප්‍රධානියා බවට පත්කිරීම,වත්මන් ජනාධිපතිවරයා යටතට ඇතැම් අමාත්‍යංශ පත්කිරීම ආදී යෝජනාද ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇත.ඉදිරියේ පත්වෙන ජනාධිපතිවරුන් යටතට පත්විය යුතු අමාත්‍යංශ හා ආයතන සම්බන්ධයෙන්ද ශී‍්‍රලංකා නිදහස් පක්ෂය තම යෝජනාවලියේ විශේෂයෙන් සදහන් කර ඇත. පොලිස් දෙපාර්තමෙන්තුව ඇතුළු ආරක්ෂක අමාත්‍යංශය ජනපතිවරයා යටතට පත්විය යුතු බව පක්ෂයේ අදහසයි.මෙය ජාතික හෙළ උරුමයද අනුමත කරන්නකි.බ්‍රස්පතින්දා දිනයේ සාකච්ඡා අසාර්ථකවීමට පෙර සිටම එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ ඔලූ යකාගේ කම්මල මෙන් තිබුණායැයි කීමේ වරදක් නැත.පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමිය යුතුව ඇතැයි රජයේම නොයෙකුත් පාර්ශවයන් එළිපිටම අදහස් දක්වමින් සිටීම ඊට හේතුවයි.කෙසේවෙතත් පාර්ලිමෙන්තු මැතිවරණය කල්දමන්නේදැයි හෝ අප්‍රෙල් 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමක් සිදුනොවන්නේදැයි සම්බන්ධයෙන් මේ දක්වාම රජය නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.ගෙවුනු බ්‍රහස්පතින්දා දිනයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඔහුගේ පෞද්ගලික මතය හෙළිකරමින් මැතිවරණ ක්‍රමයට අවශ්‍ය වෙනස්කම් සිදුකළ පසු මහ මැතිවරණයකට යෑම යෝග්‍ය බව පැවසීය.කටුනායක ෆුල් මූන් හෝටලේයදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා සංවිධානය කර තිබුණු දෙදින වැඩමුලූවකදී මැතිවරණ පැවැත්වීම පිළිඹදව දීර්ඝ ලෙස සාකච්ඡුාවී තිබේ යැයි අනාවරණය වීමද එක්සත් ජාතික පක්ෂයේ නොසන්සුන්තාව තවත් වර්ධනය කර ඇත.වැඩමුලූවේදී ව්‍යවස්ථාමය වෙනස්කම් හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ශක්තිමක් කිරීමට ගතයුතු පියවර ගැන සාකච්ඡා කෙරී තිබෙන බව සඳහන්ය.ඊට අමතරව පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විශේෂ විශ්ලේෂණයකට ලක්කර ඇති බවද පැවසේ.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන තවත් යෝජනාවලියකින් (අනුකමිටුවට ඉදිරිපත් කෙරුණු ලියවිල්ල නොවේ) කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් ගණන 30 ක උපරිමයකට පත්කිරීමටත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සැලකූ විට එම ප්‍රමාණය 40 ක් දක්වා සීමා කිරීමටත් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.ජාතික රජයක් පත්කෙරෙන අවස්ථාවකදී නම් කැබිනට් අමාත්‍යවරුන් ගණන 45 ක් දක්වාත් නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් ගණන 55 දක්වාත් ඉහළ නැංවිය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු රාජපක්ෂ රජයේ ප්‍රබල ඇමතිවරුයෙකු මෙන්ම ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මුල්පෙල සාමාජිකයෙකුද වන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු පැවසූයේ මෙහි අරමුණ ජාතික රජයක් පිහිටවූ අවස්ථාවක සාපේක්ෂව විශාල කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම බවයි.මේ සදහා වන යෝජනාව ව්‍යවස්ථාවෙන් සම්මත කර ගත යුතුව ඇතැයිද ඔහු කීය.දින 100 යේ වැඩපිළිවෙල හරියට කි‍්‍රයාත්මක වුනේ නැතිනම් අපට වෙන්නේ ජාතික රජයක් පිහිටුවාගන්න තමයි.වැඩිපිළිවෙල හරියට කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ කියන්නේ මැතිවරණය කල් යනවාය කියන එක.එතකොට මැතිවරණය එනකන් පාලන කටයුතු කරන්න ජාතික රජයක් අනිවාර්යයෙන්ම වුවමනා වෙනවා. ඔහු පැවසීය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ අදහස අනුව රටේ පාලන තන්ත්රයට සිදුවිය යුතු වෙනස්කම් අනුසාරයෙන් සකස් කර ඇති යෝජනාවලියට අවශ්‍ය වෙනස්කම් සිදුකර එහි අවසාන පිටපත එළැඹෙන 14 වැනිදා පැවැත්වෙන පක්ෂ මහසමුලූවේදී නිදහස් පක්ෂ සාමාජිකයින් අතර බෙදාදීමට නියමිතය.මැතිවරණය කල්දැමිීමට බහුතර ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් දක්වන්නේ යහපත් ප්රතිචාරයකි.මැතිවරණය කල්යෑම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පක්ෂය ශක්තිමක් කිරීමේ කටයුතු වල නියැළීමටද අනගි අවස්ථාවකි.පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිපදෙනෙකුම පෙන්වා දුන් පරිදි එසේ මැතිවරණය කල්ගියහොත් හිටපු රජයේ ප්‍රබලයින්ගේ වංචා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයන් කලබලයකින් තොරව විමසිලිමත්ව හා නිරවද්‍යව සිදුකිරීමට අවස්ථාවද ලැබෙනු ඇත.පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජාතික රජයක් පිහිටුවීම සිදුවුනොත් ඇතිවෙන නව ඇමතිධූර වලට නිදහස් පක්ෂයේ තරුණ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් පත්කරන්නට ජනපතිවරයා කටයුතු කරනවානම් හොදයි. ඒකෙන් පක්ෂයට හොද ගැම්මක් ලැබෙනවා.යැයි හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුවූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු අදහස් දැක්වීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය යන නම සංශෝධනය කොට නව නායකයෙකු යටතේ ඉදිරියට යෑම සංකේතවත් කිරීම සදහා නව පක්ෂ නාමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන්ද විමසා බැලිය යුතුව තිබෙන බව ඔහු පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ ප්රතිචාරයමැතිවරණය කල්දැමීමක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් නැගෙන්නට ගත් රාවය වඩ වඩාත් තීව‍්‍රවන්නට ගත් පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හා හිමිවරුන් කිහිපනමක් සහභාගීව සිටි විශේෂ රැස්වීමක් ඇමතීමට එක්සත් ජාතික පක්ෂයේ නායක මෙන්ම වත්මන් අගමැතිවරයාද වන රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය. මෙම හමුව පැවැත්වුනේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදීය. එය අවසානයේ විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වුනි. එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර අරලියගහ මන්දිරයේදි පැවැති හමුව අසාර්ථකවී ඇතැයි ඒ වන විටත් ප්රචාරයව තිබීම නිසා මෙම රැස්වීම පැවැත්වෙන්නේ ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි බොහෝ දෙනා සිටියේ වැරදි වැටහීමක් ඇතිකරගෙනය. නමුත් එවැනි අරමුණක් මෙම රැස්වීමට නොතිබුණි.මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා අප්‍රෙල් මස 23 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බැවින් දැන් සිටම මහ මැතිවරණයට සූදානම් වන ලෙස පක්ෂයේ සාමාජිකයින්ට දැනුම්දී ඇතැයි පැවසීය. නිවැරදි ක්‍රමය විය යුතුව තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග මැතිවරණයකට යෑම වුවත් ජනතාව ගැන සිතා තමන් ඇතුළු රජය දින 100 යේ වැඩපිළිවෙල අනුව කටයුතු කිරීමට තීරණය කළ බව ඔහු කීය.හරිනම් ඡන්දය තියන්න තිබ්බේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙලා වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා.නමුත් අපි එහෙම කළේ නැහැ.අප කාලය ඉල්ලා සිටියේ ජනතාවට අප පොරොන්දුවූ සහන ලබාදෙන්න.අනෙක අපට වුවමනා වුනා විධායක ජනපතිධූරය අහෝසි කරලා දාන්න.මැතිවරණයෙන් පත්වෙන්නේ ජාතික රජයක්.එක් එක් ඡන්ද කොට්ඨාශ වලින් වැඩිම ඡන්ද ලබාගන්නා ජනතා නියෝජිතයින්ව තමයි පාර්ලිමෙන්තුවට ගැනෙන්නේ. අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම හා පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් යන මහත්වරුන් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය භාරව කටයුතු කරන බව සඳහන් කළ ඔහු තමා හා නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊට නායකත්වය දෙන බව කීය.බිම් මට්ටමේ සංවිධාන ශක්තිය නගා සිටුවීම එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ තිබෙන විශාලම අභියෝගයයි.පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ මෙම දුර්වලතාවට පිටතට නොපෙනුනේ පැවති මහින්ද රාජපක්ෂ රජය ගැන කළකිරීමෙන් සිටි නිදහස් පක්ෂ සාමාජිකයින් ඔවුන්ගේ පක්ෂයේ මහලේකම්වරයා වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනපති සටනට ඉදිරිපත්වීම දැක ඔහු දිනවීමට බිම් මට්ටමේ සංවිධාන කටයුතු වල වැඩි බරට කරට ගත් නිසාවෙනි.මනා ලෙස සංවිධානය වූ සාමාජිකයින් පිරිසක් සිටින ජනතා විමුක්ති පෙරමුණද මෙහිදී විශාල කාර්යභාරයක් ඉටු කළේය.නමුත් එළැඹෙන මැතිවරණයේදී මේ දෙපිරිස හමුවේ එක්සත් ජාතික පක්ෂයට මොහොතකටවත් සැනසුම් සුසුමක් හෙළීමට නොහැකිය.පක්ෂයට ඇති තවත් ගැටලූවක් වන්නේ අපේ‍්‍රල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවනු ඇතැයි සිතා සියලූම ආකාරයේ ප්‍රතිපාදන වැයකර මැතිවරණ ව්‍යාපාරය දියත් කර තිබියදී අවසාන මොහොතේ මැතිවරණ කල් දැමෙන බවට නිවේදනය කෙරුණහොත් ඒ සියලූ වෙහෙස ගගට කැපූ ඉණි මෙන් වනු ඇති වීමය.අප්‍රේල් මස 23 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හරින බවට වික්‍රමසිංහ මහතා දැඩි ලෙසම අවධාරණය කළත් ඔහු පවසන ලෙසට පාර්ලිමෙන්තුව එදිනට විසිරුවීමේ හැකියාවක් තිබේදැයි ඇත්තේ සැකයකි.දැනට පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතු බව කියන්නේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පමණකි.ඒ සදහා ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ දින 100 යේ වැඩපිළිවෙලට අනුව අප්‍රෙල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමක් ගැන සදහන් වන බැවින් එය එසේම පිළිපැදිය යුතු බවයි.නමුත් මේ කියන දින 100 යේ වැඩපිළිවෙල දැනටමත් සැළසුම් කළ කාලයට වඩා පසුපසින් දිවෙන බව අප මතක තබාගත යුතුය.පාර්ලිමෙන්තුව විසිරුවාහැරෙන බවට සඳහන් වන දිනයටත් එම සෙතම අත්නොවනු ඇතැයි ස්ථීර සහතිකයක් දීමට මේ අනුව කිසිවෙකුටවත් නොහැකිය.පොරොන්දු ඉටු කිරීම පසෙක තබා අදාළ දිනයේදී පාර්ලිමෙන්තු විසිරුවාහැරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළහොත් එජාපය ඉදිරියේ දෙනු ඇති පොරොන්දු වල බර කිරා බැලීමට ජනතාව පෙළඹෙනු ඇත.එය නොවැළැක්විය හැක්කක් සේම පක්ෂයට මහත් අවාසිදායක තත්ත්වවයක්ද වන බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නොවේ.රනිල් වික්‍රමසිංහට රහසිගත සැළැස්මක් තිබෙනවාද? වත්මන් පාර්ලිමෙන්තුවේ බහුතර බලය පැහැදිලිවම රැඳී තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතය.අනෙක් අතට පාර්ලිමෙන්තුව විසිරුවීමේ බලතල ව්‍යවස්ථාවෙන්ම පවරා දී තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාටය. අගමැතිවරයාට හැක්කේ ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට පමණකි.රනිල් වික්‍රමසිංහ මහතාට ජනපති සිරිසේන හෝ හිටපු ජනපතිනි කුමාරතුංග හෝ නියමිත දිනයේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බවට සහතිකයක් දී ඇත්දැයි අපි නොදනිමු. නැතිනම් ඔහු අත තවත් තුරුම්පුවක් තිබෙන්නේදවත් අපි නොදනිමු. ඔහුට ජනපතිවරයා හෝ හිටපු ජනපතිනිය එවන් සහතිකයක් දී ඇතැයි සැලකුවහොත් දේශපාලන ලෝකයේ දෙන ඔවැනි සහතික වල පැවැත්ම කාලයත් සමග වෙනස්වීමට විශාල ඉඩක් තිබෙන බව නම් ස්ථීර වශයෙන්ම කියා සිටීමේ හැකියාව අපට ඇත.1994 වසරේ ජනාධිපතිවරණ සමයේදී එවක ජනපතිනී කුමාරතුංග මහත්මිය තමන් නැවත වරක් බලයට පත්වුවහොත් විධායක ජනාධිපතිධූරය ස්ථීරවම අහෝසි කරන බව සඳහන් කර ඇයම අත්සන් තැබූ ලියවිල්ලක් ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන්නාය.ඇයගේ අරමුණ වූයේ එමගින් ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්ව සිටි නිහාල් ගලප්පත්තිගේ සිත දිනාගෙන ඔහුගේ හා ඔහුගේ පක්ෂයේ සහය තමන්ට ලබා ගැනීමය.ඇය සටනින් දින්නාය.නමුත් පොරොන්දුව ඉටු නොකළාය.මෙවැනි පොරොන්දු කඩකිරීම් මෑත ඉතිහාසයේ ඇති පදම් දැකගත හැකිය.ඒවායේ පිහිට ලැබූ විධායක ජනාධිපතිධූරය අදටත් කි‍්‍රයාත්මකය.පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ තමා යැයි රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.නමුත් අවසානයේ පොදු විපක්ෂයක වේදිකාවෙන් ඉදිරියට ආවේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාය.වර්තමානයේ උද්ගත වෙමින් තිබෙන තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් සිටින්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයයි.එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන හිටපු ඇමතිවරයෙකු සඳහන් කරන ආකාරයට පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීම කල් දමා පාර්ලිමෙන්තුව විසිරුවීම ප්‍රමාද කළ අවස්ථාවක හෝ පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට පෙරම ඉතාම නුදුරු දිනකදී හෝ ජාතික රජයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගීමේ ඉඩ ඇත.මෙය සැබෑ වුවහොත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 17 දෙනෙක් එම ජාතික රජයේ කැබිනට් මණ්ඩලයට එකතු වනු ඇත.මේ හාම දැනට පත්ව සිටින ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් වෙනත් අමාත්‍යංශ වෙත මාරු කිරීමද,තවත් අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන්ම පහ කිරීමද සිදුවනු ඇත.මෙසේ ඉවත් වීමට හෝ වෙනත් අමාත්‍යංශයක් භාරගැනීමට සිදුවනු ඇත්තේ විවිධ චෝදනා ලබා සිටින අමාත්‍යවරුන්ට හා අකාර්යක්ෂමව තමන්ට ලබාදී ඇති අමාත්‍යංශයේ වැඩකටයුතු වල නියැලෙන අමාත්‍යවරුන්ට බව සැළය.මෙවන් තත්ත්වයක් හමුවේ පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමේ බලයක් එක්සත් ජාතික පක්ෂයට නොතිබෙනු ඇත.තවද පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට ඔවුන් ඉදිරිපත් කරන යෝජනාව කිසිවෙකුත් සැලකිල්ලට නොගන්නා තැන ගෞරවයෙකගෙන සම්පූර්ණයෙන්ම රජයෙන් ඉවත්වීම විනා වෙනත් විකල්පයක් ඔවුන්ට නොමැත.එයින් පසු නැවත වාරයක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන ඔවුන්ගේ මෙහෙයවීමෙන් පත්කළ නව රජය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ රජයක් බවට පත්වනු දකිමින් 2016 වසරේ පාර්ලිමෙන්තුවේ ධූර කාලය අවසන්වන තෙක් ඉවසා සිටින්නට එක්සත් ජාතික පක්ෂයට සිදුවනු ඇත.එක්සත් ජාතික පක්ෂය මෙසේ ගැටළුකාරී තත්ත්වයකට මැදිවෙමින් සිටියද පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තමන් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවද දින 100 යේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවද ජනපතිවරණ වේදිකාවේදී නැවත නැවතත් පැවසූ බව අමතක කළ යුතු නැත. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයෙන් පිදුම් ලැබූ දිනයේද ඔහු මෙය නැවත වරක් සඳහන් කරමින් මේ ලද නායකත්වය තමන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට මහත් රුකුලක් වනු ඇති බව පැවසීය. නමුත් දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසද කටයුතු කිරීමට සිදුව ඇති නිසා ඔහුගේ අවධානය වෙනතකට යොමුවෙමින් තිබෙන බවක් පෙනේනන්ට ඇත. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේත් ඇතැම් කණ්ඩායම් පිල් බෙදී සිටින බව සත්‍යයකි. ගෙවුනු සතියේ එම පක්ෂයට අයත් පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් මාතරදී විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කළ යුතුයැයිද,ජාතික රජයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නොමැති යැයිද ආදී එකඟතාවන් ඔවුහු ඇතිකරගත්හ. මෙනිසා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්වද සතුටු කරමින් එක්සත් ජාතික පක්ෂයේ සහයද ලබාගනිමින් මේ යෑමට සිදුව ඇත්තේ පහසු ගමනක් නොවේ.එක්සත් ජාතික පක්ෂයට වැඩි ඇල්මක් දක්වන්නට ගියහොත් ඔහුට තම මව් පක්ෂයේ සහය අහිමිවන අතර එය දේශපාලනමය සියදිවි නසාගැනීමකි. අනෙක් අතට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ඇගෑලූම් පාන්නට ගොස් එක්සත් ජාතික පක්ෂයේ සහය අහිමිවුවහොත් එම පක්ෂයේ පිහිටෙන් අන්තර්ජාතික තලයේ ගොඩනැගෙමින් තිබෙන ශී‍්‍ර ලංකාවේ ප්‍රතිරූපය විනාශ වේ. දෙපිරිස අතර සබඳතාවය සමබර කර ගැනීමට තම පාක්ෂිකයින්ට පක්ෂපාතී වීමටත් ඒ සමගම අවංක දේශපාලඥයෙකු ලෙස තම ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීමටත් ජනපති සිරිසේන මහතාට සිදුව තිබේ.වර්ධනය වෙමින් තිබෙන ගැටලූකාරී තත්ත්වය මර්දනය කිරීමට ඇත්තේ එක් විසඳුමකි. එය නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එහි හවුල්කාර පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවට හිසනමා විධායක ජනපතිධූරය අහෝසි කර අදාළ දිනයේදී පාර්ලිමේන්තුව විසිරුවා හැර දමා අලූතින් පත්වෙන රජය සමයේදී ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එකඟවීමය. නමුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මානසිකත්වය සැලකූ විට ඔවුන් මෙවැන්නකට කිසිලෙසකින්වත් එකගවේයැයි සිතිය නොහැක.දින 100 යේ වැඩපිළිවෙලේ ඇතැම් පොරොන්දු නියමිත දින ගතවී තිබියද ඉටුව නොමැති අවස්ථා රැසක් තිබෙන තැන එය තමන්ගේ වාසියට භාවිතා කරනවා විනා එක්සත් ජාතික පක්ෂයේ යෝජනාව වෙනුවෙන් කැපකිරීමක් සිදුකරන්නට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නොපෙළඹෙනු ඇත.‘‘දින සියයයේ වැඩසටහන - තොරතුරු සවිස්තරව” ලෙස මුල්පිටුවේම මුද්‍රණය කර තිබූ නව රජයේ දින සියයයේ වැඩසටහන පිළිඹද ලියවිල්ල ජනාධිපතිවරණය පැවැත්වූ ජනවාරි මස 8 වැනිදාට පෙර සිටම ජනතාව අතර බෙදා හැරීමට එවක පොදු විපක්ෂය කටයුතු කළේය.එහි සදහන්ව තිබුණු අයුරින්,ජනවාරි 28 - පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කර ඒ වෙනුවට කේවල හා සමානුපාතික ඡන්ද ක්‍රම වල එකතුවක් ලෙස කි‍්‍රයාවට නැංවිය හැකි නව ඡන්ද ක්‍රමයක් ස්ථාපනය කිරීම සදහා සියලූ පක්ෂ නියෝජනය වන පරිදි විශේෂ කමිටුවක් පත්කෙරෙනු ඇත.මෙම නව ක්‍රමයෙන් සියලූ ප්‍රදේශ නියෝජනය වන පරිදි පාර්ලිමෙන්තුවට ජනතා නියෝජිතයින් පත්කරගැනීමට මෙන්ම සමානුපාතික ඡුන්ද ක්‍රමය යටතේද නියෝජිතයින් කිහිපදෙනෙක් පත්කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.අප්‍රෙල් 23 - පාර්ලිමෙන්තුව විසිරුවා වැඩබලන රජයක් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වෙනු ඇත.මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂයට අගමැතිධූරයත් දෙවනුවට වැඩිම ආසන ගණනක් ලබාගන්නා පක්ෂයට නියෝජ්‍ය අගමැතිධූරයත් ප්රදානය කෙරෙනු ඇත.පාර්ලිමෙන්තුවේ සියලූ පක්ෂ නියෝජනය වන අයුරින් පත්කර ගැනෙන ජාතික රජයක් ඉදිරි වසර 2 ක කාලයේදී රට පාලනය කරනු ඇත.මෙම පාලන සමයේදී රට මුහුණදෙන ප්‍රතිපත්තිමය අභියෝග ජයගැනීමට හැකිවන සේ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කෙරෙනු ඇත.මෙම ප්‍රතිපත්ති රාමුවේ පිහිටෙන් නව දේශපාලන සංස්කෘතියක් ඇතිවනු ඇත. එම ලියවිල්ලේ අවසානයට මෙසේ සදහන් වේ,රට පාලනය වන ආකාරය ආඥාදායක පාලන ක්‍රමයක් හා සමය.පවුලක සාමාජිකයින් කිහිපදෙනෙක් රටේ ව්‍යවස්ථාවටද පිටින් යමින් තමන්ට වුවමනා තීන්දු තීරණ ගනිමින් සිටින්නේ රටේ ජනතාව සම්පූර්ණයෙන්ම නොසළකා හරිමිනි.සමාජ සාරධර්ම හා සම්ප්‍රදායන් සියල්ල තිබෙනුයේ බිද වැටීය.එයි ප්‍රතිඵලයක් ලෙස සිදුවෙමින් තිබෙන මහා පරිමාන දුෂණ,වංචා, හමුවේ රට ගමන් කරමින් සිටින්නේ ආගාධයටය.මෙයට එරෙහිව නැගී සිටිය යුතුය.පීඩාවට පත්ව සිටින්නන් වෙනුවෙන් අප පෙරට පැමිණිය යුතුය.සමාජමය හා ආර්ථිකමය ප්‍රතිසංස්කරණය කිරීම් වලින් අපට එය කළ හැකිය.අප වරක් ජීවත්වූ ඒ සමෘද්ධිමත් කාලය නැවත ඇතිකළ හැකිය.පීඩාවට පත්ව සිටින්නන් වෙනුවෙන් රජය පෙරට පැමිණෙමින් සිටියත් එය සිදුවෙමින් තිනේනේ ඉබි ගමනින් බව සදහන් කළ යුතුය.එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම පවසන ආකාරයට දුෂිතයන් එක රැයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කිරීමට රජයට හැකියාවක් නොමැත.නීතිය කි‍්‍රයාත්මකවීමට අවශ්‍ය ඉඩ ලබා දියු යුතු බව ඔහුගේ අදහසයි.දින 100 යෙන් තවත් ගතවීමට තිබෙන්නේ දින 42 කි.එම කෙටි කාලයේදී මේ සා විශාල වැඩකොටසක් කිරීමට රජයට කෙසේ හැකිවේදැයි සිතාගැනීමට පවා නොහැක.අද දිනයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා වැදගත්වන්නේ මේ නිසාය.මෙම පක්ෂ දෙකත්,අනෙකුත් දේශපාලන පක්ෂත්, සිවිල් සමාජ කි්රයාධරයිනුත් එක්ව කටයුතු කළේ හිටපු ජනපතිවරයා බලයෙන් පහකර අලූත් දේශපාලන සංස්කෘතියකට,යහපාලනයට,ශී්රලංකාව විවර කරදීමේ අරමුණ ඇතිවය. ඡන්ද දායකයින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දුන්නේ කිසිදා නොවූ අයුරින් රටේ දේශපාලන පක්ෂ එකම අරමුණකට එක්වූ නිසාය.එසේහෙයින් දැන් බලය ලැබිය යුත්තේ කාහටදැයි විවාද කරමින් නැවත වරක් පක්ෂ පාට මුල් කරගෙන පිල් බෙදීම එම ජනතාවට කරන ද්‍රෝහී කමකට නොඅඩු දෙයකි.අඩුම තරමේ යම් එකඟතාවයකට පැමිණීමට හෝ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් සමත්වන්නේ නම් එය රටේ ජනතාවට අස්වැසිල්ලක්ම වනු ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන යෝජනා වෙනත් තැනක පළව තිබෙන බව කරුණාවෙන් සලකන්න. | ‘ජනපතිට හදිසි නෑ : ඒත් එජාපයට හදිස්සියි‘ | 0 |
hp_train_7770 | (නිමල කොඩිතුවක්කු)රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජනබලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (06) පැවසීය.ප්රජාතන්ත්ර විරෝධී සියලු බාධක පරාජය කරමින් නිදහස ප්රජාතන්ත්රවාදය අගය කරමින් රටම දිනවන වැඩපිළිවෙලක් දියත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.ආර්ථික, දේශපාලන, සමාජීය බලවේග එකට ඒකරාශී කර ජාතික අවශ්‍යතාවයන් සපුරාලමින් රටම බලගන්වා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බවද ඔහු පැවසීය.සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැති සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භය සනිටුහන් කිරීම සහ සමගි ජන බලවේගයේ නිල ජංගම දුරකථන යෙදුවුම ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාදිතයා ලෙස එක්වෙමිණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය. “සමගි ජනබලවේගයේ අපි හරීන් ප්‍රනාන්දු මහතාගේ නිර්මාණයක් තුළ අපගේ මැතිවරණ ව්‍යාපාරය නව මානයකින් ආරම්භ කරලා තියෙනවා. දුරකථනයෙන් තරඟ කරන සමගි ජනබලවේගය මේ රටේ සම්ප්රදානුකූල, යල්පැනගිය දේශපාලන රාමුවෙන් පිට පැනලා රට මුහුණ දෙන නව අභියෝග වලට විසඳුම් සෙවීමට අලුත් ගමනක් ආරම්භ කරලා තියෙනවා.දුරකථනයෙන් තරඟ කරන අපි අපේ ගමනේ ප්‍රධානතම තේමා පාටය විදියට සද්ජාතිකත්වය විදියට හඳුන්වාදෙනවා. මේ රටේ සුවහසක් ජනතාවට සද්ජාතිකත්වය හරහා සියලු දෙනාම ජයග්‍රහණය කරන ජාතික ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා.අපේ රට සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න රටක්. බුද්ධාමට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුවිශේෂී ස්ථානයක් ලබාදී තිබෙනවා. එය ආරක්ෂා කරමින් සෙසු ආගම් සෙසු ජාතින් සදහා නිවැරදි ආරක්ෂාවක් ලබාදිමේ ජාතික වගකීමක් තිබෙනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ සඳහන් කරලා තියෙනවා.මේ වැඩපිළිවෙල තුළ අපි පැහැදිලිවම ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය, ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා විතරක් නෙමෙයි අපේ මාතෘභූමිය තුළ එවන් ක්‍රියාවන් සිදු නොකරන තැනට අපි වගබලාගන්නවා.සද්ජාතිකත්වය තුළ සද්භාවයෙන් නිවැරදි චින්තනයක් ඔස්සේ අපේ රට තුළ දේශාභිමානය ආරක්ෂා කරමින් වෙනත් කිසිම ජාතියකට, ආගමකට එදිරිවාදිකම් නොකර සැබෑ ඒකිය මාතෘභූමියක් තුළ ජාතික ආරක්ෂාව සුරකිමින් සහෝදරත්වය සංහිදියාව තුලින් මාතෘභූමිය සුරකින නව ගමනක් ආරම්භ කරනවා. මේ සද්ජාතිකත්වය තුළ ආර්ථික සෞභාග්‍ය, සමාජීය ශක්තිය, දේශපාලන සිවිල් අයිතිවාසිකම් සංස්කාතික, ආගමික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න අපි බැදි සිටිනවා.සද්ජාතිකත්වය තුළ වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එම වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන නීති විරෝධී ක්‍රියාවන් හැටියට හඳුන්වන එවන් ක්‍රියාවල යෙදෙන අය අපි නීතිය හමුවට ගෙනයාමට කටයුතු කරනවා.අපේ රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවිට එහි ප්‍රමුඛතම කාරණාව වන්නේ මිලිටරි ආරක්ෂාවයි. මිලිටරි ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා රට සුරකින ආරක්ෂක අංශ ධනාත්මක මානසිකත්වයකින් නවීන උපාංග හා නවීන පුහුණු රටාවන් තුලින් ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් අපි නිර්මාණය කරනවා.ජාතික ආරක්ෂාව අප විග්රහ කරන ආකාරයට එය මිලිටරි ආරක්ෂාවට පමණක් සීමා වෙන්නේ නැහැ. අපි රටක් විදියට ආර්ථික ආරක්ෂාව, දේශපාලන ආරක්ෂාව, සමාජිය ආරක්ෂාව දෙස බැලිය යුතුයි. අපි හදුන්වන සද්ජාතිකත්වය තුළ ජාතික ආරක්ෂාවේ පැතිකඩ ගණනාවක් තිබෙනවා. අප නිර්මානය කරන සද්ජාතිකත්වය තුළ සැබවින්ම ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා.අද වනවිට අපේ රටේ ආර්ථික ආරක්ෂාව පලුදුවෙලා තියෙනවා. ආර්ථිකය කඩාවැටීම තුළ සමාජ ආරක්ෂාවත් හීන වෙලා තියෙනවා. මේ නිසා දේශපාලන ආරක්ෂාවත් අද රට තුළ ක්ෂය වෙමින් පවතිනවා. ආර්ථික ආරක්ෂාව තහවුරු කරන්නනම් අපේ රටේ කඩා වැටුනු ආර්ථිකය අපි ගොඩනැගිය යුතුයි. ඒ සඳහා රටේ ජනතාවගේ ජනජිවිතය සුඛිත මුදිත කළ යුතුයි.අක්‍රිය වූ ආර්ථික චක්‍රය නැවතත් සක්‍රීය කිරීම සඳහා ජනතාව අතට මුදල් ලබාදිය යුතුයි. ඒ මුදල් ලබාදීම තුළින් නිර්මාණය වන ඉතිරිකිරීම, පාරිභෝජනය, ආයෝජනය යන ආර්ථික ක්‍රියාවන් තුළගරා වැටුණූ ආර්ථිකය නැවත වරක් ශක්තිමත් ස්ථාවරයට ගෙනඒට අපට හැකිවෙනවා. ඒ සඳහා නව ආර්ථික ක්රමෝපායන් අනුගමනය කිරීමට අපි අදහස් කරනවා. මෙම ක්‍රමවේදයන් අනුගමනය කරමින් වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටින්නට අපි අදහස් කරනවා.අපේ උපායමාර්ගික සැලැස්මවල් තුල ප්‍රධානතම අරමුන වන්නේ ජාතික අවශ්‍යතාවයන් සපුරාලිමයි. මේ මගින් මුලු රටම බලගන්වලා සියලුම ආර්ථික, දේශපාලන, සමාජීය බලවේග එකට ඒකරාශි කරලා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. සැමට සෞභාග්‍යය හිමිවන සමාජ සාධාරණත්වය උදාකරන මාතෘභූමියක් නිර්මාණය කිරීම සද්ජාතිකත්වය පෙරදැරිකරගෙන ඉදිරියට යන අපගේ ඒකායන ගමන් මාර්ගයයි.මහජන හමු දහසක් තුළින් අපි මේ වැඩසටහන රටපුරා ගෙනයනවා. මේ මගින් අපි අසමසම ජනබලවේගයක් නිර්මානය කරනවා. ජන සවියෙන් අපි විශිෂ්ඨ ජයග්රහනයක් කරා අපි මේ ගමන මෙහෙයවනවා.සාම්ප්‍රදායික මාධ්‍ය තුළ අපිට නොලැබෙන ඉඩ නවීන තාක්ෂණය ඔස්සේ ලබාගෙන නව තාක්ෂනය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් අපි කටයුතු කරනවා. ඒ සඳහා හරීන් ප්‍රනාන්දු මහතා ප්රමුඛ පිරිසක් කටයුතු කරනවා.එක කණ්ඩායමක් කෘතිමව ඔක්සිජන් ලබාදීලා ඉහළට ඔසවන්නට යන යුගයක ජන ප්‍රජාව ඒකාබද්ධ කරගත් නවීන ක්‍රමවේදයන් මගින් ජනතාව සමඟ අත්වැල් බැඳගෙන ප්රජාතන්ත්රවාදය අගය කරමින් සමගි ජනබලවේගය රටම දිනවන ගමන් මාර්ගය බවට අපි පත් කරගන්නවා” යැයිද ඔහු එහිදි සඳහන් කළේය. | ‘‘සියලුම බලවේග සමඟ එක්ව මැතිවරණය ජයග්‍රහණය කරනවා‘‘ | 1 |
hp_train_7771 | (ක.ග.කරුණාරත්න)මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් ලැප්ටොප් ස්මාර්ට්, දුරකථන, පරිගණක ආදිය අඩුමිලට ලබාදෙන බවට පුද්ගලයින් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන අයකු අද (2) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශණ සිදු කළ එහි පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු මාතර බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වී ඇත. 25 හැවිරිදි එක්දරු පියෙකු වන මොහු වැඩිපුරම මුදල් වංචාකර ඇත්තේ විහාරස්ථානවල වැඩ වසන ස්වාමින් වහන්සේලාගෙන් බවද කියති.භාණ් අඩුමිලට ලබාදෙන බව පවසා සැකකරු ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් ගෙන්වාගෙන මෙලෙස වංචාකර තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. | හිමිනමක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට | 1 |
hp_train_7772 | නිශාන්ත කුමාරඇඳිරිනීතිය පවත්නා අවස්ථාවේ මුදලට කන්දකැටිය බුබුල ප්‍රදේශයේ අතුරු මාර්ගයක මුදලට සූදු කෙළින ලද බව කියන තරුණයින් තිදෙනකු අද (07) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය බුබුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28, 32 සහ 35 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි.ඇඳිරිනීතිය පවත්නා අවස්ථාවේ බුබුල ප්‍රදේශයේ මාර්ගයක් අසල පිරිසක් එක්ව මුදලට සූදු කෙළිමින් සිටින බවට පොලීසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් නිලධාරීන් එහි පැමිණෙන දුටු තවත් පිරිසක් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.අත්අඩංගුවටට ගත් පුද්ගලයින් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි | ඇඳිරිය අස්සේ සුදු කෙළියේ යෙදුණු තරුණයෝ 3 ක් අල්ලති | 1 |
hp_train_7773 | චීනය සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජූලි 1 වෙනි දා සිට කොළඹ සිට චොංකින් වෙත මෙහෙයුම් ඇරඹීමට සැලසුම් කර ඇත. කොළඹ සිට චොංකින් වෙත ගමන් ගන්නා ගුවන් යානා නැවත පැමිණීමේ දී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම කොළඹ දී අත්සන් කළහ.මේ වන විට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ශැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියක දී ගුවන් ගමන් 15 ක් සිදුකරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රීලංකන් ගුවන් යානා පියාසර කිරීමද මේ අනුව සනිටුහන් වනු ඇත.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ මේ වන විට චීනය මෙරට ප්‍රධාන වෙළපොළක් ලෙස හඳුනා ගෙන ඇති බැවින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරන්තරයෙන් කටයුතු කරන බවයි.ඒ අනුව මෙම නව කුලී ගුවන් සේවා යෙදවීමත් සමඟ නව පාරිභෝගික කාණ්ඩවල සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවා භාවිත කරමින් සුව පහසු සහ ආරක්ෂාකාරී සංචාරයක යෙදීමේ අවස්ථාව සැලසෙන අතර ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරයද අත්වීඳීමට හැකි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී ජෙයසීලන් මහතා ප්‍රකාශ කළේ බීජිං, ශැන්හයි සහ ගුවන්සූ යන ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සිචුවාන් කලාපය වෙත සාර්ථක ප්රතිලාභ ඉපයීමට හැකි වෙළඳපොළක් නිර්මාණය වූ බවයි.එසේම විවිධ ඇගයුම් සිදුකරමින් සංචාරක ප්‍රවර්ධන අභිවෘද්ධිය සඳහා වූ ක්‍රියාකාරකම් සිදුකරමින් ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවත්වනු ලැබූ විවිධ සංචාරක ක්‍රියාකාරකම් වලින්ද මෙම තේරීම තව දුරටත් තහවුරු වූ බවද හෙතෙම පැවසීය.තවද මේ ආකාරයට ප්‍රථමයෙන් විශේෂයෙන් වෙන්කරවා ගත් කුලීගුවන් සේවා මෙහෙයුම් සිදු කිරීමේ සාර්ථක පරීක්ෂාවලින් පසු කාල සටහනකට අනුකූලව විධිමත් ගුවන් සේවා ආරම්භ කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.ජාත්‍යන්තර දෙපාර්තමේන්තු කළමනාකාර අයිරිස් හුවං මහතා ප්‍රකාශ කළේ “ මගේ පළමු සංචාරයේදීම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන ඉතාමත් පැහැදුණා.මෙම නව ගිවිසුම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟින් චොංකින් සිට ශ්‍රීලංකාව දක්වාත් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම දේශීය සහකරු වන වෝකස් ට්‍රැවල්ස් මෙම නව සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මම සිතනවා. චොංකින් වෙත සහ නිරිත දිග චීනයට ගුවන් ගමන් ශක්තිමත් කිරීමට හැකියාව මෙයින් ලැබෙන බවට මා විශ්වාස කරනවා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාව තුළ චොංකින් හුවාපොන්ඩ් ජාත්‍යන්තර සංචාරක සමාගමේ නියෝජිත වශයෙන් කටයුතු කරනුයේ වෝකස් ට්‍රැවල්ස් ආයතනයයි.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම 2002 වසරේ ජූලි මාසයේ දී හුවාපොන්ට් නියුට්‍රිච්මි සමාගම් හිමිකාරීත්වයෙන් සහ Shenzhen කොටස් වෙළඳපොළේ ලියාපදිංචියෙන් පිහිටුවන ලදී. සංචාරක කර්මාන්තය ආශිතව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සංචාරක ස්ථාන සංවර්ධනය හා කළමනාකාරීත්වය,හොටල් සහ රිසෝට්ස්, විදේශ සංචාර හා රට වෙත පැමිණීම් යනාදිය ඇතුළත්ය.ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී වසන්ත ලීලානන්ද මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ නිරිත දිගචීනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට සහ චොංකින් හුවාපොන්ට් සංචාරක සේවා සමාගමට සහයෝගය ලබා දීමට ලැබීම සතුටට කරුණක් බවයි.තවද චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ව්‍යාප්ත කිරීම තුළින් නව ගුවන් කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති අතර ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට අපගේ චීනයේ පාර්ශ්‍රවකරු සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ස්තූති කරන අතර මෙම නව ගමනාන්තය පිළිබඳව විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් ද ස්තූතිවන්ත වන බවද හෙතෙම සඳහන් කළේය.කුලී පදනම මත පළමු වරට විධිමත් සතිපතා ගුවන් ගමන් සේවා දියත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා සත්කාරය මෙම ව්‍යාපෘතියට සහයෝගයක් වනු ඇති බවද හෙතෙම පැවසීය.ඒ අනුව මෙම ගුවන් ගමන් කොළඹ සිට දේශීය වේලාවෙන් පැය 0130 පිටත් වී චීනයේ චොංකින් වෙත පැය 0915 ලඟා වීමට නියමිතයි.එසේම චොංකින් සිට පැය 1030 ට පිටත් වන ගුවන් යානය බැංකොක් හරහා පැය 1605 ට කොළඹට ලඟාවීමට ද සැලසුම් කර තිබේ.මෙම ගුවන් යානා ජූලි මස 1 වෙනි දා සිට 2014 නොවැම්බර් මස 25 වෙනි දින දක්වා සේවා සපයන අතර එය නැවතවරක් 2015 ජනවාරි මස 13 වෙනි දින සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A320 ගුවන් යානා යොදවා තිබේ.මේ වසරේ අප්‍රේල් මස සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම බීජිං හා ශැන්හයි දක්වා සතියකට ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මත කරන අතර එයින් ගුවන් යානා 4 ක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පිටත්ව යන ලදී. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගම අතීතයේ සිට චීනයේ කුන්මින් සහ චෙන්ඩු යන ගමනාන්ත සඳහා මේ ආකාරයට ගුවන් ගමන් සිදුකර ඇති අතර මේ ගිවිසුමත් සමග චීනයට විශේෂයෙන් යෙදවූ කුලී ගුවන් සේවා සපයන තුන්වන අවස්ථාවද සනිටුහන්වේ. | ශ්‍රී ලංකන් පැරීසියට ගුවන් ගමන් ආරම්භ කරයි | 0 |
hp_train_7774 | ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 7කට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම මේ මස 26 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (12) දින නියම කළේය. මෙම පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා තමන්ට නොතීසි නොලැබුණු බව පැවසීය. එහෙත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ තමන් නොතීසි නිකුත් කළ බවයි. එය කූරියර් තැපෑල ඔස්සේ වගඋත්තරකරුවන්ට යැවූ බවද ජනාධිපති නීතීඥවරයා කියා සිටියේය. ඒ අනුව නීතීපතිට යළි නොතීසි නිකුත් කරන ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ අධිකරණය පෙත්සම මෙම මස 26 දින සලකා බැලීමට දින නියම කළේය. මෙම පෙත්සම අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන්, එම්. එස්. කේ. බී. විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති. නීතීඥ සහන් විජේවර්ධන මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.මෙම සිද්ධියට සම්බන්ධ චෝදනා විභාගයට ගැනීමට ස්ථර ත්‍රී පුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට පෙත්සම්කරු විරෝධතාවයක් මතු කළේය. එම විරෝධතාව සලකා බලා එය ප්‍රතික්ෂේප කෙරිණි. මෙය නීතියට පටහැනි වේ. එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශිත නියෝගය බලරහිත කරන ලෙසද , මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත. | කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සම ඉවතට මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණය අත්හිටුවන්නැයි ඉල්ලලා | 0 |
hp_train_7775 | ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය ව්‍යාපාරික සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම පසුගිය මාස හයක කාලයේ දී රුපියල් බිලියන 8.5 ක වාර්තාගත පෙර බදු ලාභයක් පෙන්වා තිබේ. මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස 6 ක කාලය වෙනුවෙන් වාර්තා කරන ලද මෙම පෙර බදු ලාභය, පසුගිය වසරේදී එම කාලය වෙනුවෙන් අත්පත් කරගත් පෙර බදු ලාභය වන රුපියල් මිලියන 266.7 හා සංසන්දනය කිරීමේ දී ඉලක්කම් හතරක, සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමක් බව එම සමාගම සඳහන් කරයි.මූල්‍ය වර්ෂයේ පළමු භාගය සඳහා, පොලී වියදම්, බදු, ක්ෂය වීම් සහ ක්ෂයවීම් වලට පෙර කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම්වල එකතුව රුපියල් බිලියන 17.0 කි. පසුගිය වසරේ මෙම කාලසීමාව වෙනුවෙන් පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්ෂයවීම්වලට පෙර කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම්වල එකතුව රුපියල් බිලියන 4.6 ක් විය. ඒ අනුව මේ වසරේදී එය සියයට 272 කැපී පෙනෙන වර්ධනයකි.මෙම සුවිශේෂී කාර්ය සාධනය සඳහා දායකත්වය සැපයූයේ එයිට්කන්ස් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මෙහෙයුම් අංශ 16 කි. ඒවා රටවල් අටක විසිරී පැතිරී තිබේ.පසුගිය වසරේ පැවති අඩු පොලී අනුපාතයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළ, ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකානු ඩොලරය වෙනුවෙන් වූ ඉහළ පොලී අනුපාත හේතුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මූල්‍ය පිරිවැය සියයට 150 කට වඩා ඉහළ ගොස් තිබිණ. එවන් තත්ත්වයක් තිබියදීත් ගත වූ මාස හයක කාලය ඇතුළත මෙවන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම විශේෂත්වයකි.මූල්‍ය වර්ෂයේ පළමු භාගයේදී, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය සඳහා ආදායම රුපියල් බිලියන 43.3 කි. එය පෙර වසරේ එම කාලය තුළ වාර්තා කළ රුපියල් බිලියන 18.6 ක ආදායමට වඩා සියයට 133.3 ක වර්ධනයකි.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය පසුගිය මාස හයක කාලයක් සඳහා, පෙර බදු ලාභයේ ඉහළම පංගුව ලෙසින්, රුපියල් බිලියන 5.1 ක් පෙන්නුම් කර තිබේ. එය සියයට 188.6 ක ආකර්ෂණීය වර්ධනයකි. වැඩි දියුණු කරන ලද විදේශීය වරාය කළමනාකරණ මෙහෙයුම්, කර්මාන්තය පුරා දක්නට ලැබුණු භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සහ විදේශ මුදල් ප්‍රකාශිත ආදායමේ ප්රතිලාභ මෙම අංශයෙන් සුවිශේෂී කාර්ය සාධනයක් සඳහා ප්‍රධාන හේතු විය. මෙම අංශයේ සියලුම සමාගම්වල වැඩි දියුණු වූ කාර්ය සාධනය ප්‍රශංසනීය මට්ටමක පැවතිණ.සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශයේ පෙර බදු ලාභය රුපියල් බිලියන 4.4 කි. එය 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා සියයට 703.3 ක වර්ධනයක් පෙන්නුම් කරයි. එයම වෙනත් ආකාරයකින් විග්රහ කරන්නේ නම්, පෙර බදු ලාභයේ දී පෙන්නුම් කරන්නේ ඉලක්කම් තුනක වර්ධනයකි.ව්‍යාපාර සමූහයේ වැඩි දියුණු කළ කාර්ය සාධනය සඳහා එයිට්කන් ස්පෙන්ස් කණ්ඩායමට අයත් වැවිලි, මුද්‍රණ සහ ඇසුරුම් මෙන්ම ඇඟලුම් නිෂ්පාදන අංශ විසින් ද විශාල දායකත්වයක් සපයනු ලබයි. එමෙන්ම සමාගම තුළ රැඳුණු සැලකිය යුතු විනිමය සංචිතය, උපායමාර්ගික ආයෝජන අංශ ලාභයේ වැඩිවීම සඳහා සුවිශේෂී දායකත්වයක් ඉසිලීය.සමාලෝචනයට භාජන වන කාර්තුව තුළ සමූහයේ පුනර්ජනනීය බලශක්ති බලාගාර පුළුල් කරන ලදි. ඒ වෙනුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය විසින් සැලකිය යුතු ආයෝජනයක් කරමින්, දිවයිනේ විශාලතම සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක සියයට 100 ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගන්නා ලදී. ඒ වෙනුවෙන් කරන ලද සම්පූර්ණ ආයෝජනය රුපියල් බිලියන 1.4 කි.සංචාරක කර්මාන්තයට සෘජුවම බලපෑ බහුවිධ අර්බුද මධ්‍යයේ වුව ද, 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය සියයට 42.5 ක් වූ අලාභ අඩුවීමක් පෙන්නුම් කළේය. එමගින් සංචාරක ව්‍යාපාර අංශය සැලකිය යුතු ප්‍රගතියක් ප්‍රකාශිත වේ.ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමත් සමඟ එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයට අයත් විදේශීය හෝටල් අංශයේ දිරිගන්වන ආකාරයේ යළි නැඟී සිටීමක් පෙන්නුම් කළේය. එයම ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශයේ කැපී පෙනෙන වෙනසකට පාදක වූ අතර මෙම අංශයේ දියුණුව වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ද ඇති කළේය.2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා රක්ෂණ සහ දේපළ සංවර්ධන අංශ විසින් මෙහෙයවන ලද සමූහයේ සේවා අංශය, පෙර බදු ලාභයේ සියයට 7.9 වර්ධනයක් පෙන්නුම් කළේය.“අඛණ්ඩව පවතින කැලඹිලි සහගත ආර්ථික අභියෝග මැද්දේ වුණත්, මෙම මූල්‍ය වසරේ පළමු මාස හය තුළ පෙන්වනු ලබන කැපී පෙනෙන වර්ධනය, පවතින තත්ත්වයට අනුගතවීමේ සහ ඔරොත්තු දීම සම්බන්ධයෙන් අපේ ව්‍යාපාර සමූහයට තිබෙන හැකියාව පෙන්නුම් කරනවා”“තවමත් විශාල අවිනිශ්චිත තත්ත්වයක් තිබුණත්, අපේ ව්‍යාපාරික ආකෘතී තිරසාර වන අතරම අපගේ ප්‍රජාව සහ පරිසරය වෙනුවෙන් අප පෙනී සිටින බවත් අපි සහතික කරනවා” යැයි ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම කළමනාකාර අධ්යක්ෂවරයා ද වන ආචාර්ය පරාක්‍රම දිසානායක ප්‍රකාශ කළේය.කාබන් විමෝචනය සහතික වශයෙන්ම ශුන්‍ය (0.00) අගයක් සාක්ෂාත් කිරීම සඳහා විද්‍යාව පදනම් කරගත් ඉලක්ක කරා යමින්, මහජන කැපවීමක් කරන ශ්‍රී ලංකාවේ පළමුවැනි සමූහ ව්‍යාපාරය වන්නේ එයිට්කන් ස්පෙන්ස් සමාගමයි. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අවකාශයේ ප්‍රමුඛයා වෙමින්, පුනර්ජනනීය මූලාශ්‍ර හරහා රටේ උපරිම බලශක්ති ඉල්ලුමෙන් සියයට 1.2 ක් සැපයීමට ද එයිට්කන් ස්පෙන්ස් සමාගම සමත්ව සිටී.1983 වසරේ සිටම, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති එයිට්කන් ස්පෙන්ස්’ සමාගම වසර 150 කට වැඩි විශිෂ්ටත්වයේ උරුමයකට හිමිකම් කියයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමාන්, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක, විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ආකෘති 16 ක් ඊට ඇතුළත් වෙයි. 12,500 කට අධික එයිට්කන් ස්පෙන්ස් පවුලේ සමස්ත සේවක සංඛ්‍යාව විසින් එහි කාර්ය සාධනය දිනෙන් දින වැඩි දියුණු කෙරෙනු ඇත.595දේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන - සභාපති (එයිට්කන් ස්පෙන්ස් සමාගම)ආචාර්ය පරාක්‍රම දිසානායක - නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ (එයිට්කන් ස්පෙන්ස් සමාගම) | එයිට්කන් ස්පෙන්ස් පළමු කාර්තුවේ බිලියන 7.2ක ඓතිහාසික ලාභයක | 0 |
hp_train_7776 | බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශ වලට සවස 2.00න් පමණ පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 10/10/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249060සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32269075සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259575වැසි වාර කිහිපයක්.ගාල්ල30259075වැසි වාර කිහිපයක්.යාපනය32278570සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය20139575වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්.රත්නපුරය32239565වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය34269060සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278070සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. | ‘වැසි සහිත කාලගුණය ඉදිරියටත්‘ | 0 |
hp_train_7777 | (රංජිත් රාජපක්ෂ) බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් තේ වත්තේ විශාල වළක් හාරා අනවසරෙන් මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දමමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අද (5) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රසෝ තේ වත්තේ සැකකරුවන් පිරිස අනවසරෙන් මැණික් ඉල්ලම් පස් ගොඩ දමමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක්, ගොඩ දමා තිබූ ඉල්ලම් පස් තොගයක් ද පොලිස් බාරයට ගැණිනි.සැකකරුවන් අවුරුදු 50ත් 55ත් වයස් කාණ්ඩවල පසුවන එම වතුයායේම පදිංචිකරුවන් බවත්, ඔවුන් පෙට්රසෝ තේ වත්තේ ස්ථාන කිහිපයකම අනවසරෙන් මැණික් ගැරීමේ ජාවාරමේ නිරතව සිටි අය බවත් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇත.සැකකරුවන්ට එරෙහිව පෙබරවාරි 11 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව බගවන්තලාව පොලිසිය සඳහන් කළේය. | තේ වත්තේ අනවසරෙන් මැණික් ගැරූ 4 ක් අත්අඩංගුවට | 0 |
hp_train_7778 | (නිමල කොඩිතුවක්කු) කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලාභීන් 664කට මිලියන 275ක මුදලක් ලබාදී තිබේ.ණය යෝජනා ක්‍රමය පිළිබදව ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.මෙම ණය ව්‍යාපෘතිය මගින් මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස ව්‍යවසායක ණය නිකුත් කර ඇති අතර දිස්ත්‍රික් හා පළාත් වශයෙන් ව්‍යවසායකයින් දැනුවත් කරමින් ක්‍රියාකාරී ලෙස ව්‍යවසායක ණය නිකුත් කරමින් පවතී. ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම සතිය වන විට ව්‍යාවසායක ණය 104ක් සම්පුර්ණ කිරීමට සමත් වී ඇති අතර එය එක් දිස්ත්‍රික්කයක් මගින් මෙතෙක් නිකුත් කළ ඉහළම ණය සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි. සබරගමුව පළාත ව්‍යවසායක ණය 131ක් නිකුත් කරමින් පළාත් අතර ඉදිරියෙන්ම සිටියි.උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් වයාපාරයේ නියැලි සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.ලංකා බැංකුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළුව දිවයිනේ සියළුම ප්‍රදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හි මැදිහත් වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. | තුරුණු දිරියෙන් ණයලාභීන්ට මිලියන 275ක් | 1 |
hp_train_7779 | (ඩයනා උදයංගනී)ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (10) පැවසීය.ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාවක් මගින් රට දෙකඩ කිරීමට සිදුව ඇතැයි කී සරත් වීරසේකර මහතා එයට ඡන්දය ලබාදෙන මන්ත්‍රීවරුන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරගෙන යන බවට තොරතුරු ඇතැයි ද කියා සිටියේය.රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ නාවල, රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේදී පෙරේදා (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ ද කියා සිටියේය.”අපි මෙවර ජිනීවා සමුළුවට සහභාගී වුණා. මේ ජිනීවා යෝජනාවට පාදක වුණේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාවයි. ඒ වාර්තාව මත පාදක වී මේ ජිනීවා යෝජනාව සකස් කර තිබෙනවා. වත්මන් රජය මේ දිනවල එකින් එක කරගෙන යන්නේ ජිනීවා යෝජනාවේ ඇති කරුණුයි.අතුරුදන්වීමේ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත, ව්‍යවස්ථා සංශෝධනය ආදී සියල්ලක් කෙරෙන්නේ ජිනීවා යෝජනාව අනුවයි. මේ ජිනීවා යෝජනාවට පදනම් වූ සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව අසත්‍ය ඒවා බව අපි මේ කොමිසමේදී කරුණු සහිතව ඔප්පු කළා. එහි ඇති චෝදනා අන්තර්ගත වාර්තාව අපේ විදේශ අමාත්‍යාංශයට ආවේ ජිනීවා යෝජනාව ඉදිරිපත්වීමට දින 10කට පෙරයි. අපේ විදේශ අමාත්‍යාංශය කිසිම විමර්ශනයක් නැතිව අගය කරමින් පිළිගෙන අපිට එරෙහි මේ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වා තිබෙනවා.ගෝලීය ශ්‍රී ලංකා සංසදය තමයි මෙයට විරුද්ධව අදහස් දැක්වීම සඳහා අපිට අනුග්‍රාහකත්වය ලබාදුන්නේ. එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති එංගලන්තයේ බර්මිංහැම් නුවර කස්සප හාමුදුරුවන්ගේ පන්සල හරහායි අපි මේ කටයුතු ආරම්භ කළේ. අපි යුද අපරාධ නොකළ බවට ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ජෙෆ්රි නයිස් වැනි ලෝකය පිළිගත් යුද විශේෂඥයින් හය දෙනෙකුගේ වාර්තා 7ක් විදේශ අමාත්‍යාංශයට ඇවිත් තිබුණා. ඒවා ඇතුළු වාර්තා අපි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් ලබාදුන් සහය ගැන අපි ගෝලීය ශ්‍රී ලංකා සංසදයට ස්තුතිවන්ත වෙනවා.මේ කරන්න යන ව්‍යවස්ථා සංශෝධනය ලංකාවට අවශ්‍ය එකක් නෙවෙයි. මෙය ජිනීවා යෝජනාවේ තිබූ එක් යෝජනාවක් අනුගමනය කිරීමක්. ව්‍යවස්ථා සංශෝධනයකින් දේශපාලන විසඳුමකට එන ලෙස එහි යෝජනාවක් තිබෙනවා. ප්රභාකරන්ට යුද්ධයෙන් ගන්න බැරි වූ දේ තමයි මේ ව්‍යවස්ථාවෙන් දෙන්න හදන්නේ. මෙය හැදුවේ ජයම්පති වික්‍රමරත්න මහතා සහ සුමන්දිරන් මහතා එක්වයි.ජයම්පති වික්‍රමරත්න මහතා මෙය අනාගමික රාජ්‍යයක් විය යුතුය යන මතයේ සිටින ෆෙඩරල්වාදියෙක්. සුමන්දිරන් මහතා සිංගප්පූරුවේදී කියා තිබෙන්නේ අපේ සිංහලයාට හා හාමුදුරුවරුන්ට අවශ්‍ය ලේබල් පමණයි. අපි අවශ්‍ය දේ කරමු කියලයි. ඒකීය ලේබලය තුළ ඔවුන් උපරිම ලෙස බලය විමධ්‍යගත කර ස්වාධීන පළාත් 9ක් බවට පත්කිරීමට ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සකස් කරගෙන යනවා.මේ ව්‍යවස්ථාවට අත උස්සන සෑම මන්ත්‍රීවරයෙක්ම දේශයට ද්‍රෝහීවන දේශද්‍රෝහීන් ලෙසයි අපි සලකන්නේ. දැනටමත් දෙමළ ඩයස්පෝරාව මෙයට ඡුන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන 300 බැගින් ලබාදීමට යන බවට අපිට ආරංචිමාර්ග ලැබී තිබෙනවා. මෙයට අත උස්සන අය මුදලට තමන්ගේ මාතෘභූමිය විකුණන අය ලෙසයි අපි සලකන්නේ.රණවිරුවන් 26,000ක් මියගොස් 14,000ක් ආබාධිත වුණේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. මෙයට අත උස්සන අය කරන්නේ ඒ රණවිරුවන් පාවාදීමක්. අපි මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්ගෙනුත් ඉල්ලන්නේ මන්ත්‍රීවරුන්ට මෙයට අත උස්සන්නට නොදෙන ලෙසයි. රටට අපහාස වන ප්‍රකාශ නිකුත් කර රටට අපහාස කරන අවස්ථාවක ඉඩෝරයට පොද වැස්සක් සේ රටට යම් තත්ත්වයක් මානව හිමිකම් සංසදය තුළ ලබාදීමට අපිට හැකිවුණා.මම අවුරුදු 35ක් නාවික හමුදාවේත්, වසර 4ක් සිවිල් ආරක්ෂක බළකායේත් වශයෙන් යුද්ධය ආරම්භ වූ දා සිට අවසානය තෙක් සේවයේ සිටියා. බෙංගමුවේ නාලක හිමියන් ඒ කාලයේ රණවිරුවන් දිරිමත් කරන්නට විවිධ කටයුතු කළා. උන්වහන්සේගේ ජිනීවා නුවරටත් ගොස් අපට ආශීර්වාදය ලබාදුන්නා.” යැයි සරත් වීරසේකර මහතා සඳහන් කළේය.ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට සහභාගී වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙහිදී මෙසේ පැවසීය.”අපි මේ ප්රශ්නය නිවැරදිව වටහා ගත යුතුයි. මතුපිටින් බලා සරලව මෙය තේරුම් ගත නොහැකියි. අද සිදුවෙමින් පවතින්නේ මානව හිමිකම් ප්‍රශ්නයක් විසඳීම පමණක් නෙවෙයි. ලංකාවේ ඉතිහාසය පුරා බොහෝ කාලයක් නොබැඳි රටක් ලෙස තිබුණා. ජාත්‍යන්තරයේ එදා ලංකාව එතරම් වැදගත් රටක් වුණේ නැහැ. නමුත් පසුගිය දශක කිහිපයේදී චීනය හා රුසියාව බලවත් වීගෙන එද්දී ලෝක බල තුලනය තුළ ලංකාවට අනාගතයේ යම් කාර්යයක් ඉටු කළ හැකි බව පේනවා. මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර කණ්ඩායම්වලට ලංකාවේ ස්ථාවර දේශපාලන වාතාවරණයක් පැවතීම හිතකර දෙයක් ලෙස පේන්නේ නැහැ. ඒ නිසා මානව හිමිකම් කොමිසම හරහා ලංකාව අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.මේ සඳහා ඔවුන්ට සිටින හොඳම කණ්ඩායම දෙමළ ඩයස්පෝරාවයි. ඒ අයට මුදල් වියදම් කරන්න පුළුවන් සේම රට බෙදීමේ උවමනාවත් තිබෙනවා. රට අස්ථාවර කළ හැකි හොඳම ක්‍රමය රට බෙදීමයි. ඒ නිසා බෙදුම්වාදයට උඩගෙඩිදීම මේ කොමිසම හරහා සිදුවෙනවා. මේ කොමිසම තුළ සිටින රටවල් සියල්ල අපිට එරෙහි රටවල් නෙවෙයි. අපි ඉදිරියේදීත් කොමිසමට ගොස් අපේ ප්රශ්නය ගැන කතා කරනවා නම්, අපිට ඇති බොරු චෝදනාවලට නිසි ලෙස පිළිතුරු දෙනවා නම් අපිට මේ රටවලින් උදව් ලබාගන්න පුළුවන්.නමුත් අවාසනාවකට මෙන් 2015 සැප්තැම්බරයේ අපට විරුද්ධව ගෙනා වැරදි වාර්තාවක් අපේ රජය අගය කරමින් පිළිගත්තා. අරගෙන ඡුන්දයකින් තොරව සම්මත කළා. අපි වැරදි කළ බව පිළිගත් නිසයි අපි මානව හිමිකම් කොමිසම තුළ අසරණ වී සිටින්නේ. ඒ නිසා අද අපි ඉතා ඛේදනීය තත්ත්වයකට පත්වෙලා. ඉන්දියාවේ වයිකෝ වැනි කණ්ඩායම් පැමිණ දිගින් දිගටම රටට විරුද්ධව කතා කරද්දී ජාත්‍යන්තරයට යන්නේ ඔවුන්ගේ පණිවුඩය පමණයි. අපේ රජය මේවා බොරු බව කියන්නේ නැහැ. අපේ තානාපති නිලධාරීන්වත් කතා කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළයි අපි ස්වේච්ඡාවෙන් ගොස් රට වෙනුවෙන් කතා කළේ.ජිනීවා ගිහින් වැඩක් නැති බව ඇමතිවරයෙක් කියා තිබුණා. එහෙනම් ඩයස්පෝරාව වියදම් කරගෙන ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? ලංකාවේ තිබෙන්නේ සුළු ජාතීන් විනාශ කරන පසුබිමක් බව කියන විට ඒ පණිවුඩය ලෝකයට යනවා. අපි ගිහින් කතා කළේ රට වෙනුවෙන් මිස අපිට දේශපාලනයක් නැහැ. අපි ජිනීවාවලදී නැගුවේ මේ රටේ ජනතාවගේ හඬයි.අපි ජිනීවා යෝජනාවලට එකඟ වූ නිසා ලෝකයම අපි සමඟ සිටින බව රජය කියනවා. නමුත් නිවටකමට ලෝකයේ රටවල් අපිව අගය කරන්නේ නැහැ. මේ ප්රශ්නය මෙතනින් නතර වෙනවා කියා සිතනවා නම් එය මෝඩකමක්. වයිකෝලා කතා කරන්නේ ආරක්ෂක මණ්ඩලය හරහා සම්බාධක පනවන්නයි. අපි ජිනීවා සටන හරියට නොකළොත් ආරක්ෂක මණ්ඩලය හරහා රටට විරුද්ධ තීන්දු ගන්න පුළුවන්. අපි ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එක් නොවුණොත් මේ රට මොවුන් දෙකඩ කරනවාමයි. එසේ වුණොත් නිර්මාණය වන්නේ වසර දහස් ගණනක අර්බුදයක්.” ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපති බෙංගමුවේ නාලක හිමියෝ මෙහිදී මෙසේ අදහස් දැක්වූහ.”ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස අපි ජිනීවා නුවරට ගොස් කළ දේ ගැන විවිධ අය විවිධ දේ ප්‍රකාශ කරනවා. අපි ඒ සමුළුවට සහභාගී වුණේ අපේ රට වෙනුවෙනුයි. මේ අවස්ථාව වන විට යහපාලන ආණ්ඩුව යටතේ රට මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා. දැනටත් රට වැටිලා.දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් මානව හිමිකම් සමුළුවේදී රටට විරුද්ධව විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරනවා. මානව හිමිකම් සමුළුවේ ප්‍රධානීන් හමුවට ගොස් අපි හෝ සත්‍ය කිව යුතුයි යන අරමුණෙනුයි අපි කණ්ඩායමක් ඒ වෙත යොමු කළේ. අපි රටට හිතවත් සංවිධානයක්. ලෝකය පුරා සිටින රටට හිතැති අය ඒකරාශී කිරීම අපි මේ වන විට කරගෙන යනවා. වෙනත් රටවල අයත් තමන්ගේ රටවල මානව හිමිකම් කඩවන බවට මෙහි පැමිණ ප්‍රකාශ කරනවා. ඉන්දියාවෙනුත් කිහිප දෙනෙක් එලෙස අදහස් දැක්වූවා.නමුත් දෙමළ බෙදුම්වාදීන් මෙහිදී කියන්නේ උතුරු ප්‍රදේශය හමුදාවෙන් අල්ලාගෙන ඔවුන්ට හිරිහැර කරනවා. යුද අපරාධ කරනවා වැනි කරුණුයි. අපි එක්කෙනෙක් කතා කරද්දී ඔවුන් 15 දෙනෙකු පමණ රටට විරුද්ධව කතා කරනවා. අපි මෙහිදී පැහැදිලිව කීවේ රට බෙදන්න දෙන්න නොහැකි බවයි. හමුදාව එවැනි දේ නොකළ බව යුද සමයේත් හමුදාව සම`ගම බංකර්වල පවා සිටි මා දන්නවා. අපේ හමුදාව පහත් දේ කරන්නේ නැහැ. ඒ නිසාම දෙමළ ජනතාව අපේ හමුදාවට ආදරෙයි.මේ කණ්ඩායම සාප්පු සවාරි ගිය බව මහින්ද අමරවීර ඇමතිවරයා කියා තිබෙනවා. මෙහේ මැති ඇමතිවරු ගිහින් කරන්නේ මලූ පිරවීම පමණක් බව ඒ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියා තිබෙනවා. දැන දැනත් මේවාට දඬුවම් නොකිරීමේ විපාකයි දැන් මේ විඳින්නේ. අපි ගියේ අපි සොයාගත් මුදල් වියදම් කරලයි. ආණ්ඩුව හරිනම් අපිට ගරු කළ යුතුයි. ඒත් කරන්නේ රට වෙනුවෙන් පෙනී සිටි අපිට අගෞරව කිරීමයි.මේ දේශද්‍රෝහී ආණ්ඩුව පෙරළා දැමීම හැර අපට දැන් වෙන විකල්ප නැහැ. ව්‍යවස්ථා ගෙනැවිත් රට බෙදන්න හදන මේ ආණ්ඩුව මැතිවරණ පවා කල්දමමින් සිටිනවා. එයත් මානව හිමිකම් කඩකිරීමක්. අපි මීළ`ග වාරයේදීත් ජිනීවා ගොස් රට වෙනුවෙන් පෙනී සිටිනවා.”ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.”මේ රජය පත්වුණේ ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතාව අනුවයි. දෙමළ ඩයස්පෝරාවේ බලය ජාත්‍යන්තරයට කොතරම් දැනී ඇද්ද යන්න අපිට වැටහුණොත් ජිනීවා නුවරට ගිය පසුවයි. එරික් සෝල්හයිම් මහතා පසුගිය දිනක කියා තිබුණේ ලෝකයේ ඩයස්පෝරා අතුරින් ශක්තිමත්ව ඩයස්පෝරාව දෙමළ ඩයස්පෝරාව බවයි. ඔවුන්ගේ ඉල්ලීම්වල සාධාරණත්වය ගැනත් කතා කර තිබුණා. ඔවුන් ඉදිරිපත් කරන අභූත චෝදනාවල අරමුණ මේ රට දෙකඩ කිරීමයි. අපි යුද්ධය ජයගත් පසුවත් ව්‍යවස්ථාවකින් රට දෙකඩ කිරීමේ උත්සාහයක් ඇති බව පෙනෙනවා. එය සිදුවුවහොත් නැවතත් සිදුවන්නේ රට යුද්ධයක් කරා යොමුවීමයි. ලේඛනගත වී රට විනාශ වෙන්න වැඩි කාලයක් නැති බව දැන් අපිට පේනවා. එවැන්නක් සඳහා අපි ඉඩ නොතැබිය යුතුයි.” ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙසේ සඳහන් කළේය. ”මේ රටේ දේශපාලනයෙන් යැපෙන මිනිස්සු අපි කළ දේ ගැන අපහාසයෙන් කතා කළත් අපි මේ දේ කළේ රට වෙනුවෙන් පමණයි. අපි ගියේ සාප්පු සවාරියක් නෙවෙයි. සරත් ෆොන්සේකා වැනි සමහර ඇමතිවරු තමන්ගේ දේශපාලන යැපීම සඳහා අපි කළ දේ අවතක්සේරු කරනවා. එදා එක්සත් ජාතික පක්ෂය කීවේ ඕනෙ ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කියලයි. එදා මහින්ද රාජපක්ෂ මහතායි යුද්ධය කළේ. එදා එයට උදව් කළේ දේශප්‍රේමීනුයි. අපි රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමේ යුද්ධයකුයි කළේ.මානව හිමිකම් කොමිසම තුළ රටේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා 8ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අපරාධ හා සරත් ෆොන්සේකා මහතා කියන අපරාධ කියන්නේ එකක් නෙවෙයි දෙකක්.රටේ නීතියට අනුව වැරදි කළ අයට දඬුවම් දිය හැකියි. නමුත් යුද අපරාධ ඊට වඩා වෙනස්. පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස යම් ජනතාවක් ඉලක්ක කරගෙන කරන අපරාධයකටයි යුද අපරාධ කියන්නේ. අපි එල්ල කර ඇති චෝදනා අසත්‍ය බව කරුණු සහිතව මෙහිදී පැහැදිලි කළා. අපි මේ රට වෙනුවෙන් පෙනී ඉන්නේ ඡුන්ද බලාපොරොත්තුවෙන් නෙවෙයි.” | ජාතික රජය යටතේ අභියෝගාත්මක වෙනස ඉතාමත් සාර්ථකයි | 0 |
hp_train_7780 | (අනීෂා මානගේ) අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ පිහිටි කුලුනක් මත නැඟ උද්ඝෝෂණයක් අරඹා ඇත.ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු අද (21) උදෑසන 7 ට පමණ බන්ධනාගාරයේ කුලුනක් මතට නැඟ ඇති අතර මේ වන විටත් උද්ඝෝෂණයේ නිරතව සිටිති.රැඳවියෝ 75 ක් පමණ මේ සඳහා එක්ව සිටිති.“එස්ටීඑෆ් අපිට එපා” ලෙස සදහන් පුවරුවක්ද විරෝධතාකරුවන් කුළුන මත ප්‍රදර්ශනය කර ඇත. කුළුන මත නැගි රැඳවියන් හූ කියමින් එස්ටීඑෆ් අපි අපිට එපා යනුවෙන්කෑ ගසමින් විරෝධතාවයේ නිරත වෙති.බන්ධනාගාරය තුළ ආරක්ෂාව තර කිරීමට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරින් යොදවා ඇති ආකාරය දක්නට හැකිය. | බන්ධනාගාරයේ කුලුන මත සිට සිංදු කියති | 0 |
hp_train_7781 | (සිටිනාමළුව - අනීෂා මානගේ)බහුතරයක් සභා කාසියේ වාසියෙන් පිහිටුවන බවද ඇතැම් සභාවල මේ වන විට ආප්ප න්‍යාය ක්‍රියාත්මක කර ඇති බවද හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුයේ ඉකුත් (26) සවස තංගල්ල කාල්ටන් නිවෙසේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීය.නගරසභාවේ බහුතර ඡන්දයත් අපි දිනලා. හැබැයි නගරාධිපති තෝරන්නේ ටොස්ට් එකෙන්. කාසියේ වාසියෙන් තමයි නගරාධිපති තෝරන්නේ. අපට අහිමි වුණේ නැහැ. ටොස්ට් එකෙන් අපි පැරදුණා. ජනතාවගේ බහුතරය තියෙන්නේ පොදුජන පෙරමුණට. මේ යහපාලන ආණ්ඩුවෙන් අසීමිත ප්රජාතන්ත්රවාදය කියල ලැයිස්තු ක්‍රමයක් හඳුන්වලා දුන්නනේ. සියයට හතළිහක් ලැයිස්තුවෙන් දෙනවා කියල. අන්තිමට මොකද වුණේ. එක සභාවක්වත් පිහිටුවාගන්න බැහැ. පිහිටගන්න පුළුවන් බහුතරයක් සභා දැන් ටොස්ට්වලින් පිහිටුවන්නේ. සමහර සභා අපිට ආරංචියි දැන් ආප්ප න්‍යායත් ක්‍රියාත්මක කරලා. අද රටේ මිනීමැරුම් වැඩිවෙලා.අදත් උදේ මම දැක්කා ගෙදරකට වෙඩි තියලා. රාජපක්ෂලා හොරු, මිනීමරුවෝ කියල කෑ ගහපු අය. ගෙවල්වලට වෙඩි තියල යනවා. එදා කළා නම් කොහොමද. මේකට අහුවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. හැප්පිලා මැරුණු තාජුඩීන්වත් ඝාතනය කළා කිව්වනේ. එහෙම ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුන්ගේ ගෙවල්වලට ඇවිත් වෙඩි තියල යනවා. ආණ්ඩුවට හයියක් නැහැ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරලා දෙන්න.ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරුන්ට හැකියාවක් නැහැ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. ඒ නිසයි අපි කියන්නේ විශ්වාසභංගය අපි ගේනවා. අගමැතිතුමාව අපි එළියට දානවා. ඊට පස්සේ අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. ජනතාවට ජීවත්වීමේ අයිතිය දෙන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවන්න කියල අපි කියනවා.මේ ආණ්ඩුව යටතේ කිසිම කෙනෙක්ට සාධාරණ පරීක්ෂණයක් නැහැ. තනිකර බොරුව කරන්නේ. එෆ්සීඅයිඩීය කියන්නේ මේ ආණ්ඩුවේ දඩයම් මන්දිරය. අන්න ගිය සතියේත් මගේ කාර්ය මණ්ඩලයේ හිටපු අය, යාළුවෝ, හිත මිත්‍රයෝ පෝලිමට දැන් විශ්වාසභංගය ළංවෙනකොටත් ගේනවා. තාම බෝලෙ පාස් කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කට්ටිය කියනවා රනිල් මහත්තයගේ කට්ටිය කරන්නේ කියලා. රනිල් මහත්තය කියනවා මෛත්‍රීපාල මහත්තයගේ කට්ටිය කරන්නෙ කියලා. හැබැයි කවුරු කෙරුවත් මේ රටේ ජනතාව තමයි අන්තිමට මේකෙන් බැට කන්නේ.අද විශ්වවිද්‍යාල වහලා මේ වෙනකොට. එක කාලයක් සයිටම් එකට විශ්වවිද්‍යාල වහල තිබ්බා. දැන්නම් ඇකඩමික් ස්ටාෆ් එක නිසා විශ්වවිද්‍යාල වහල තියෙනවා. දැන් මේ සීයට හයක් විශ්වවිද්‍යාලවලට දෙන්න ආපු ආණ්ඩුවනේ. සීයට හය කෙසේවෙතත් මාස හයක් විශ්වවිද්‍යාල වහල අවුරුද්දට. රනිල් මහත්තයගේ උපන්දිනේට ලොකූ තෑග්ගක් දුන්නා. රටේ අගමැතිතුමාගේ උපන්දින තෑග්ගට පෙට්‍රල් මිල රුපියල් නවයකින් වැඩිකළා. අද පැහැදිලියි ආණ්ඩුවට ආර්ථිකය හසුරුවාගන්න බැහැ.ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරල දෙන්න බැහැ. අපි ජනතාවාදී අරගලයක් කරනවා. මැතිවරණ කාලේ වෙනකල් තෙල් මිල, පිටි මිල අල්ලන් හිටියා. මැතිවරණය ඉවර වුණාම මුළු රටමපාවෙනවා. ඩොලර් එක එකසිය පනස් අටයි අද. කිරිපිටි අසූවකින් වැඩි කරලා. පෙට්‍රල් නවයකින් වැඩි කරලා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් කරන්නේ ජනතාව නොමග යනව එකයි. ජනතාවට බොරු කරන එකයි.රටක ආර්ථිකය වර්ධනය වෙනකොට යම්කිසි බඩු මිල වැඩිවීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අසාධාරණ වෙන්න බැහැ. ඒක ජනතාවට දරාගන්න බැරි වෙන්න බැහැ. දැන් තව ටික දවසක් ගියාම අපේ ගම්වල ඉන්න අම්මල තාත්තලා හැරමිටියෙන් ගහනවා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට. | සමහර සභා පිහිටුවන්නේ ආප්ප න්‍යායයට | 1 |
hp_train_7782 | (නාලක සංජීව දහනායක, මතුගම - බන්දු තඹවිට, තුසිත කුමාර ද සිල්වා)මහින්ද රාජපක්ෂ රජය කිසිවිටකත් මුස්ලිම් ජනතාවට හා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බේරුවලදී පැවසීය.එහෙත් පසුගිය කාලයේ ගෙනගිය එවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳවැටී රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබෙන බවද ඔහු කීය.බේරුවල, වෙරළ ක්‍රීඩාංගණයේ පෙරේදා (6 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක රැළියකට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා:අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.රට නඟන සෞභාග්‍යයේ දැක්ම අපි ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය වසර ගණනාව තුළ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් විසින් සකස් කළ වැඩසටහනක් ලෙස තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශය සැලසුම් කළේ. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න, රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ප්‍රතිඥා දී තිබෙනවා. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා රටේ ආර්ථිකය ගොඩනගන්න. ජනතාව ජීවත් කරවන්න ජනතා කේන්ද්‍රීය වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. රටේ සෑම කෙනෙකුගේම ජීවන තත්ත්වය නඟා සිටුවීමට අපි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.වසර තිහක යුද්ධයක් එදා අපි කෙටි කාලයකින් අවසන් කර රටට සාමය උදා කළා. ඒවායින් දෙස් විදෙස් ආයෝජකයන් දිරි ගන්වා රටේ විශාල සංවර්ධනයක් ඇති කළා. අද කොළඹ නගරයේ දක්නට ලැබෙන සියලුම ව්‍යාපෘති ඇති කළේ මහින්ද රාජපක්ෂ රජයයි. ආසියාවේ සීඝ්රයෙන්ම දියුණු වන නගරය බවට කොළඹ නගරය පත් කරන්න අපට හැකියාව ලැබුණා. මේ දියුණුව නිසා ව්‍යවසායකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණා. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළා. ඒත් මේ රජය බාර ගත්තට පසුව සංවර්ධන කටයුතු නතර වුණා. ව්‍යාපාර නැති වුණා. එම ව්‍යාපෘති නතර කිරීමෙන් රැකියා ලක්ෂ හතරක් අහිමි වුණා.යුද්ධය නිමවූ පසුවත් අපි රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කළා. ප්රජාතන්ත්රවාදය තහවුරු කර පළමු වතාවට උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වූවා. යුද්ධය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය මිස අපි නෙවෙයි. ඒ යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධයක් තිබෙන කාලයකදී සෑම කෙනෙකුම අපහසුතාවකට පත් වුණා. රටට වටිනා ජීවිත ගණනක් අහිමි වුණා. යුද්ධය අවසන් කරන්න රණවිරුවන් කොපමණ පරිත්‍යාගයක් කළාද කියන අවබෝධය මට තිබෙනවා. දිනාගත් සාමය කඩවන කිසිදු ක්‍රියාවක් නැවැත මේ රටේ ඇති නොවිය යුතුයි.යුද්ධය නිමාවූ පසුවත් අප ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ එකතු කර සුවිශේෂී ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ විමර්ශන කොට්ඨාසය යොදාගෙන ත්රස්තවාදීන් ගැන හොයන්න කටයුතු කළා. ඒත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නිතර සොයා බැලීමක් නොකළ නිසා පාස්කු ඉරුදින රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. රටේ නැවත බෝම්බ පුපුරන තත්ත්වයක් ඇති කළේ මෙම රජයයි. ජනතාව අතර අවිශ්වාසයක් ඇති වුණේ මේ රජයේ කටයුතු නිසයි.අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.දේශීය හා විදේශීය ආයෝජකයාට මෙරට ආරක්ෂාව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඇතුළු රටේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටිලා. ආයෝජකයන්ට හා සංචාරකයන්ට රටට එන්නට නම් රටේ ආරක්ෂාව සුරක්ෂිත විය යුතුයි. අපි සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න විශේෂ අවධානයක් යොමු කරනවා. රටේ යළිත් සියලු ජාතීන්ට සුරක්ෂිත ලෙස ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා. යළිත් මේ රටේ ත්‍රස්තවාදයකට, අන්තවාදයකට ඉඩක් නොතබන බවට පොරොන්දු වෙනවා. පන්සලට, කෝවිලට, පල්ලියට බියෙන් යන තත්ත්වය නැති කරනවා.රටක ආරක්ෂාව තහවුරු වනවිට, නිවැරදි නායකයෙක් ඉන්න විට රට ස්ථාවර වෙනවා. අයෝජකයන් එනවා. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන අතරම ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම සංචාරකයන්ට වීසා ලබා ගැනීමට පහසුකම් සැලසිය යුතුයි. රජය මැදිහත් වෙලා මේ කාර්යයන් කළ යුතු වෙනවා. මිලියන හතක සංචාරකයන් පිරිසක් මේ රටට ගෙන්වන්න අවශ්‍යයි. එමගින් රටට ඩොලර් බිලියන දහයක් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. මැණික් කර්මාන්තය වැදගත් ක්ෂේත්රයක්. අනවශ්‍ය බදු පනවා තිබෙනවා. හොඳ රැකියා අවස්ථා බිහිකළ හැකි විදේශ විනිමයක් ගෙනෙන ක්ෂේත්රයක්. සංකීර්ණ බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. බොහෝ අයට බදු ගෙවන්න විදිහක් නැහැ. අපේ රජයක් යටතේ බදු ක්‍රමය සරල කරනවා. වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කරනවා. නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, දිරිගන්වන්න කටයුතු කරමින් ආර්ථිකය නගාසිටුවනවා. සරල බදු ක්‍රමයක් තිබෙන විට බදු ගෙවන්න පුළුවන්. දූෂණයක් නැහැ.ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව, චීනය අද ඉහළට ගිහින් තිබෙන්නේ තාක්ෂණය අතින් ඉහළ නිසයි. අපගේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ සීමිත පිරිසක් පමණයි. මේ සියලුම තරුණ තරුණියන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා, ආචාර්ය මණ්ඩලය වැඩි කරලා සමත් වන සියලුම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට පාඨමාලා හඳුන්වා දීලා, වෘත්තීය පුහුණුවක් ලබාදීලා හොඳ වේතනයක් ලැබෙන රැකියා අවස්ථා උදාකරනවා. පෞද්ගලික අංශයේද සහාය මේ සඳහා ලබා ගන්නවා. බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතිව අපේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපේ ගෙදර දානයක් තියෙනවා. හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කියනවා ඒ දානය දෙන්න එපා කියලා. මේ වෙලාවේ දානය දෙන එක මැතිවරණ නීතියට තහනම් බව ඔහු කියනවා. ඒ දානේ අද ඊයේ දෙන දානයක් නෙවෙයි. අවුරුදු හැට ගානක් තිස්සේ අපි ඒ දානය දෙනවා. මේ වැඬේ තේරුම මොකක්ද කියලා මම මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඇහුවා. මෙහෙම නීති ඇති කළේ කාගේ වාසියටද කියල අපි ආණ්ඩුවෙන් අහනවා.මේ ආණ්ඩුව මැතිවරණ කල් දාලා ප්රජාතන්ත්රවාදය විනාශ කරනවා. මේ ආණ්ඩුවෙන් තිබ්බේ පළාත් පාලන මැතිවරණය විතරයි. එකෙන් අන්ත පරාජයක් ලැබුවා. ඊට පස්සේ මැතිවරණ තියන්න ආණ්ඩුව බය වුණා. ආණ්ඩුව මොන උප්පරවැට්ටි දැම්මත් මේ ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලබනවා.පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ සංචාරක කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ කර්මාන්තය ආශ්රයෙන් බිහිවූ රැකියා බොහෝ ප්‍රමාණයක් අපට අහිමි වුණා. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් වෙනස් කළ යුතුයි. අපේ ආණ්ඩුව කාලේ බේරුවල යම් සිද්ධියක් සිදු වුණා. ඒ සිද්ධිය මුල් කරගෙන අපිට විරුද්ධව මුළු රටේම වැරදි ප්‍රචාරයක් ගෙනිච්චා. එකේ ප්‍රතිඵලයක් විදියට මේ කාලකන්ණි ආණ්ඩුව බිහිවුණා. ජාතීන් අතර අවිශ්වාසය ඇති කරලා මේ ආණ්ඩුව මුළු රටම විනාශ කළා. මේ අවසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පමණයි.ආණ්ඩුව තවමත් කතා කරන්නේ අපේ කාලේ බේරුවල සිද්ධ වුණ සිද්ධිය ගැනයි. හැබැයි තමන්ගේ කාලේ ගිංතොට, අම්පාර වැනි ප්‍රදේශවල සිද්ධ වුණ දේවල් ගැන ආණ්ඩුව කතා කරන්නේ නැහැ. එදා බේරුවල යම් දේපළකට හානියක් සිද්ධ වුණා නම් අපි ඒ සියල්ලම නැවැත සකස් කර දුන් බවද අපි කියන්න ඕනෑ.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.මේ රටේ මුස්ලිම් ජන සමාජයෙන් කවදත් ත්රස්තවාදයක් නිර්මාණය වුණේ නැහැ. මේ පරගැති ආණ්ඩුව නොතිබ්බ ත්‍රස්තවාදයකට ඉඩ දෙන්න වාතාවරණය හැදුවා. සහරාන්ලා නිකම්ම බිහි වුණේ නැහැ. ආණ්ඩුව සුළුතර අන්තවාදීන්ව ආරක්ෂා කළා මිස සාමාන්‍ය සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව ආරක්ෂා කළේ නැහැ. ලේ තැවරිච්ච ආණ්ඩුව, සාමාන්‍ය ජනතාව අතර සැකය වපුරපු, භීතිය වපුරපු ආණ්ඩුව ගෙදර යවන දවස නොවැම්බර් 16 වැනිදායි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි. ආරක්ෂිත රටක් තිබ්බොත් රටට සංචාරකයන් එනවා. ව්‍යාපාර දියුණු වෙනවා.මේ අය බලයට ඇවිත් මොකද කළේ? ජීවන බර වැඩි වුණා. බදු වැඩි කළා. ගෑස් තෙල් ටික වෙලාවට දීගන්න බැරිවුණා. අද රට ඉල්ලන්නේ වගකිව යුතු නායකත්වයක්. මං පොර ජාතකයක් රටට වැඩක් නැහැ. කඩා වැටිච්ච ආර්ථිකයට, රටකට දැක්මක් ඇති නායකත්වයක් රටකට අවශ්‍යයිද ඔහු කීය.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් කියනවා දූෂිතයන්ගෙන් තොර පාලනයක් හදනවලු. මහ බැංකු හොරු, ගල්අඟුරු, ෆුට්නෝට් කල්ලි වේදිකාවෙන් බැහැලා ගියොත් ඉතුරු වෙන්නේ සජිත් විතරයි. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය මුදල් ලක්ෂ ගණනක් අවභාවිතා කළා කියලා ජනාධිපති විමර්ශන කොමිසමෙන් සජිත්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. අවසානයේ සජිත්ට සජිත්වත් නැහැ. ඒක නිසා සජිත් දැන්වත් වේදිකාවෙන් බැහැලා යන්න කියල අපි කියනවා යැයිද ඔහු කීය.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:වෙලාවට ගෑස් ටික දීගන්න බැරි සජිත් ජනාධිපති අපේක්ෂකයා කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන කතා කරනවා. එහෙම අපේක්ෂකයෙක් මීට පෙර දැකලා තියෙනවද? මේ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ආර්ථිකය බිංදුවට වැටිලා. ජනතාව ආර්ථිකයෙන් හෙම්බත් වෙලා. මේ ආණ්ඩුවේ අවසන් මළගම යමින් සිටිනවා.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය.අද වනවිට රට නන්නත්තාරයි. රට විනාශ කළේ රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමයි. දැන් සජිත් හරියට නින්දෙන් නැගිටලා වගේ විවිධ පොරොන්දු දෙනවා. අමු සොහොන් පිට්ටනියක් වෙලා තිබූ රට බේරා ගත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න කුමන්ත්‍රණය කළේ කවුදැයි ජනතාව දැන් හොඳටම දන්නවා.සංචාරක, ධීවර කර්මාන්තය කඩා වැටිලා. මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මාන්තය නැති වෙලා. සංචාරක හෝටල් වැහිලා. ධීවර කර්මාන්තයට ස්වර්ණමය යුගය ඇති කළේ මහින්ද රාජපක්ෂ මහතා. අද බේරුවල වරාය අක්‍රීය වෙලා. මේ ප්‍රදේශයට වැවක් හැදුවොත් කෘෂිකර්මාන්තයට සෙතක් වෙයි කියලා විශ්වාස කරනවා.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, බේරුවල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සුගත් මතුගමගේ, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු වන සුරේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු එජාප පාක්ෂිකයෝ කිහිප දෙනෙක් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් එම ජන රැළියට එක්වූහ. | “සෑම ජන කොටසකටම බය නැතිව ජීවත්වෙන්න පරිසරය හදනවා“ | 0 |
hp_train_7783 | ඩයනා උදයංගනී) ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. නැගෙනහිර, උතුරු, උතුරුමැද, සබරගමුව, දකුණු පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. | ගිනිකොණ කැළඹේ වැස්ස වැඩි වේ | 1 |
hp_train_7784 | මෙලොව උපදින ඕනෑම මිනිසෙකුට බලාපොරොත්තුවක් ඇත. විටෙක නැගිටීමට හේතුවක් වනු ඇත. බලාපොරොත්තු පෙණ පිටක් සේ වුවත් පිරිසිදු අරමුණක් වී බලාපොරොත්තුව අධිෂ්ඨානය කර ගැනීමට සිත ශක්තිමත් කරගත යුතුය. මාගේ එකම අරමුණ නොනැවතී ගමන් ගන්නා වූ සංසාර ගමනින් මිඳීමයි. එය නම් නිර්වානයයි. බෞද්ධයන් වන අපගේ එකම අරමුණ විය යුතු යුත්තේ නිවන මඟ මඟ පසක් කර ගැනීමයි. ඒ සඳහා දැනගත යුතු දෙය කළ යුතු මෙය බොහෝය. මරණ දැන්වීමක ”නිවන් සැප ලැබේවා.” කියා තිබූ පමණින් නිවන් මඟ යා නොහැකිය. බෞද්ධ යනු බුද්ධිමත් (දැනගත්) යන්නයි. දැනගත් පමණින් බුද්ධිමතකු වන්නේ නැත. දැනගත් දේ අවබෝධ කරගත යුතුය. පිළිපැදිය යුතුය. ඔහු හෝ ඇය බෞද්ධයෙකි. උගතෙක් වූ පමණින් බුද්ධමතකු වන්නේ නැත. බෞද්ධයෙකු වීමට අපට වාසනාව පෑදුනේ කොහොමද? පෙර ආත්මයක කල කුසල් බලයක් හේතුවෙන් නිරෝගි කයක් (ශරීරයක්) ඇතිව ඉපදීමත් නිවැරදි දේ දැනගෙන අවබෝධ කර ගැනීමට හැකි සිතක් ලැබීමත්, සාර්ථක ජීවිතයක් ගත කිරීමට උදව් උපකාර කළ හැකි පින්බර මවක් සහ පියෙක් ලැබීමත් නිවැරදි ගමන් මඟක යාමට බුදුවරයෙකු පහළ වූ කාලයක උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනා සේ ශ්‍රී සද්ධර්මය පවතින රටක ඉපදීම බෞද්ධයකු වීමට හේතුවයි. බෞද්ධයකු වූ අපගේ අරමුණ නිර්වාණය කරා යාම නම්, නිර්වාණය යනු ඉපදීම නැවත්වීමයි. දුකට හේතුව ඉපදීම නිසා වූ හෙයින් එය නැතිකර ගැනීමේ මාර්ගය සොයා 2014 මාර්තු 28 වන දින මාගේ 55 වන උපන් දිනයේදී ගිහි ජීවිතයෙන් මිදී පැවිදි වූයේ ස්වාමි පුරුෂයකු සතු පියෙකු සතු සියලූ වගකීම් යුතුකම් ඉටුකර අවසන් නිසා නමට බෞද්ධයෙකු වී පලක් නැති බව සිතුන නිසාය. ගිහිව සිටි කාලයේත් දහම් කටයුතුවල නිරත වු මාගේ අරමුණ වූයේ පැවිදිව මා කළ යුත්තේ ද මා නිවන් මඟ දැන ගන්න ගමන් මාගේ දැනුම අන් අයටද කියා දි අන් අයවද මේ සසර දුකින් අත්මුදවා ගැනීමය. දින සති මාස ගණන් වලට මාගේ පැවිදි ගමන ඉදිරියට යද්දි මා හට සිතුනේ දුශ්ශීලව ගත කරන චීවරධාරියෙකුට කලින් මස්කඩ මුදලාලි කෙනෙකුට නිවන් දැකිය හැකි බවයි. අහිංසක සතෙකුගේ ජීවිතයක් නැතිකර එය විකුණාගෙන ජීවත්වන මිනිසෙකුට වඩා අප ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ශ්‍රී නාමයටත් නිර්මල අකාලික ශ්‍රී සද්ධර්මයටත් මුළු සතය පරපුරටමත් නිගා කරමින් අපහාස කරමින් තමන්ගේ කායික මානසික පහත් ආශාවන් ඉටුකර ගනිමින් වංචනිකව අහිංසක මිනිසුන් මුලාවේ දමමින් කරන අපරාධය, පාපය පෙර කි සත්ව ඝාතකයාට වඩා කල්ප ගණනාවක් නරකාදියේ ඉපදීමට කර ගන්නා පාප කර්මයක් බව සිතුනි. නිරයේ කල්ප ගණනාවක් දුක් විඳ මිනිස් ආත්මයක් ලැබුවත් එය ලැබෙන්නේ කල පාපකර්මය විඳවා මරණය සිදුවීමය. (මා මේ කියන දෙය සියලූම ආගම්වල දුශ්ශීල පූජ්‍ය යැයි කියන අය සඳහාය) මාස 07 ක් වැනි කාලයක් තුළ චීවරදාරියෙකුට නුසුදුස කි්රයාවන් දකිමින් අපායකින් මිදීමට තවත් අපායකට ආ බව සිතුන වාර අනන්තය. රටේ රජවරු පවා වැඳ නමස්කාර කරන වැරදි චීවරධාරින් විටෙක පියවරුන්ය. සීනි තේ කොළ පිරිකර වෙළෙඳුන්ය. ඉඩම් හිමියන්ය. වාහන වෙළඳුන්ය. ආදරවන්තයින්ය. වංචාකාර සම්මාදන්කරුවන්ය. වශී ගුරුකම් පැන්නුම් කරන අයය. මංකොල්ලකරුවන්ය. ස්තී‍්‍ර දූෂකයින්ය. ළමා අපචාරකයින්ය. මාධ්‍යයෙන් ලොවම දකින ආකාරයට පූජනීය කියූ වැදගත් උසස් යැයි කියූ හිමිවරු පාතාලයින් වගේය. සිවුරෙන් ඇඳලා අරගෙන බෙල්ල මිරිකන අවස්ථාද, පොලූ ගල් අරගෙන දේපල කුඩු කරන අවස්ථාද රජයේ වැදගත් ස්තානවලට ගොස් එම උසස් නිලධාරින් ගරු බුහුමන් කරද්දි අශෝබල ලෙස හැසිරෙමින්ද, පාතාල සංවිධාන මෙන් රටට ජාතියට ආගමට ලෙන්ගතුකමක් නැති දේශපාලූවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට වංචනික ලෙස බොදු නම සඳහන් කරගෙන පෙනී සිටීමෙන්ද ආරක්ෂාවට ගස් උඩ නගිමින්, නුසුදුසු ආකාරයට උද්ඝෝෂණවලට සහභාගි වෙමින් පොලිස් බැටන් පොලූ පහරවලට ලක් වෙමින් සිදු කරන්නේ අනුගමනය කරන්නේ බුදු දහමේ න්‍යායට අනුවද මෙවැනි පාපකාරී දුශ්ශීල කි‍්‍රයාවල යෙදෙන්නේ හොඳ නරක කියා දීමට සිටිනා මිනිසුන් වන්දනීයැයි පූජනීයැයි කියන අය නොවේද? දුක නැතිකර ගැනීමේ මාර්ගය කියා දෙන්නේ. අනුකම්පාව, කරුණාව, දයාව පෙර දැඩි වූ බුදු දහම තුළින් අසරණ බෞද්ධයින්ගේ දුක නිවන්නේ මේ ආකාරයටද? අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැමට සෙත සැලසෙන ධර්ම දේශනාවක්, පිරිත් දේශනාවක් කළේ ගමන් වියදම් යැයි කියා බිල්පතක් කඩලාද?මා හිතන විදිහට මෙවැනි දේ සිදු වීමටද ඉඩදී අප නායක ස්වාමීන් වහන්සේලා නිහඬව සිටීමට හේතු කීපයක් ඇත. මේ පළමු එකනම් ධම්ම පදයේ මුල් ගාථාවේ තේරුම සත්‍ය නිසාද,දෙවෙනි යකඩය නැතිවීමට හේතුව යකඩයෙන්ම ඇතිවන මළකඩ නිසාද, තෙවැනුව නායක ස්වාමින් වහන්සේලාට වඩා බල පුළුවන්කාර කමක් දේශපාලූවන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරන දුශ්ශීල චීවරධාරින්ට ඇති නිසා කළුගලේ ඔළුව ගසා ගන්නේ නැතිව ලැබෙන දේ වළඳා වෙන දේ නොදැක්කා සේ සිටීමද, මාගේ මේ අදහස් ශීලවන්ත හිමිවරුන්ගේ කෝපයට හේතුවක් නොවන බව සිතමි. එයට හේතුව නම් වැරදි දේ වැරදි ලෙසත් නිවැරදි දේ නිවැරදි ලෙසත් තේරුම් ගැනීමට හැකි බුද්ධිමත් ශීලවන්තකම නිසාය.මේ හේතූන් නිසා, පැවිදි දී බුදු දහම වෙනුවෙන් විශාල දෙයක් කිරීමට හැකියාව ලැබේ යැයි සිතුවත් පැවිදි ජීවිතය පටන් ගත් තැන සිටම ඇතිවූ කලකිරීම මාද මේ පාප කි‍්‍රයාවලට සුළුවෙන් හෝ සම්මාදන් වෙන බව දැනිණි. රැකියාව වශයෙන් හමුදා ජීවිතයක් අවුරුදු 22 ක් ගත කළ මා හට පැවිදිව සිටි කාලයේදි වැරදි දේ දැකීමෙන් ඉවසීම සීමාවන අවස්ථා උදා විය. නිවන් මඟ සොයා පැමිණි මා වැරදි මාර්ගයකට අවතීර්ණ වන බව දැනුණු අතර නිවන් මඟ යාමට ගිහි පැවිදි භේදයක් නොමැති බවත් මහණකමහෝ උපාසකකම ඇත්තේ කහ සිවුරේවත් සුදු ඇඳුමේවත් නොව පිරිසිදු යහපත් ගුණගරුක නම්‍යශීලි බුද්ධිමත් හදවතක් තුළ බවය. නිවන් යාමටවත් බුදු දහම දන්නා තරමින් කියා දීමටවත් උපවැදි වීම බාධාවක් නොවන නිසා 2014 ඔක්තෝබර් මස පැවිදි ජීවිතයෙන් ඉවත් විය.”ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” හිරු සඳු නොනැවතී බැබලෙනවා සේම මේ වචන විශ්වයේ බැබලෙමින් ප්රතාහාර්ය පාන බව නමස්කාර පූර්වකව සිහිපත් කළ යුතුය. මීට වසර 2600 ගානට ප්‍රථම අප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකය විනාශ වන අවසාන කාලය වන විට බුදු දහම බැබළෙමින් පවතින්නේ ලංකාද්වීපයේ බවයි. ඒ බව ශ්‍රී ලංකා වාසින්ට සනාත වූයේ මීට වසර ගණනාවකට පෙර සිදුවූ සුනාමියයි. එක බුදුපිළිම වහන්සේ නමක්වත් නොසෙල්වී තිබුණ බව බෞද්ධයින් වන අප ගෞරවයෙන් මතක් කළයුතුය. වනවාසි භික්ෂුන් වහන්සේලා බුදු දහමට අනුකූලව ජීවත් වන බවද සඳහන් කරන්නේ බුදු දහමේ වටිනාකම ගෞරවයෙන් පිළිබදින ගරුතර යැයි කිව හැකි පිරිසක් සිටින බවද ශාසනා ලැදිව සඳහන් කරමින් අනාගතයේදී රහතන් වහන්සේලා ශ්‍රී ලංකා භූමියේදී ලොවටම දකින්නට හැකි වේවි.මාගේ උපවැදි වීමේ ලිපිය බාර දීමට ගිය අවස්ථාවේදී බුද්ද ශාසන අමාත්‍යාංශයේ සිටි හිමිනම මාගෙන් ඇසුවේ උපවැදි වීමට හේතුව කුමක්ද කියාය. මා පැවිදි වූයේ බුදු දහම තුළින් නිවරදි දෙයක් කිරීමට මිස රැකියාව නැති අඩුපාඩුව සම්පූර්ණ කරගැනීමට නොවන බව මාගේ පිළිතුර විය. පිළිතුර එසේ වන විට උන්වහන්සේ පැවසුවේ හැම තැනම එක වගේ නැති බවය. නමුත්, මා හට නිසි තැනක් හමුවූයේ නැත. දුටුවේ නැත. අවසානයේදි පෙර කී වචනය සනාථ කරමින් ගෞරවණීය හිමිනමක් දුටුවේය. උන්වහන්සේ මාව පිළිගත් ආකාරය, කතා කළ ආකාරය, හැසිරුණ ආකාරය ඉතාම විනීතය. ශීලවන්තය, ඒ රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවන ගෞරවණීය නාපාන පේමසර හිමිපාණන්ය. වන සිවුපාවුන් මැද දේවි දේවතාවන් සිටින බව දැනුණි.සියලූ දේ අතහැර නිර්වාණය ශාක්සාත් කර ගැනීමට කසාවත් ඉල් පාවිදි වන අය දුශ්ශීල වන්නේ මා මාතෘකාවෙන් කියූ පරිදි තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා සිත මහණ නොකොට ගත පමණක් මහණ කිරීම නිසාය. වර්තමානයේ වැඩි පිරිසක් මේ ගමනට අවතීරණ වන්නේ දුගි දුප්පත්කම මඟ හරවා ගැනීමට සුදුසුකම් අවශ්‍ය නැති ලාභ ලැබිය හැකි රැකියාවක් ලෙසය. උසස් අධ්‍යාපනයක් කරා යාමට සිතාය. (උපාධිය ගත් පසු සිවුර බණ මඩුවේ මුල්ලකය.) ඥාති සම්බන්ධතාවය අනුව දේපල හිමිකම් බාර ගැනීමටය. වයසට ගොස් අසරණ වූවාට පසුවය. තවත් අභිමතාර්ථයන් මත පැවිදි වන අය ඇත. ”සබ්බ දුක්ක නිස්සරණ නිබ්බාන සච්ජිකරනන්තාය” යන පාඨයේ තේරුම පිළිපැදීමට පැවිදි වන අය නැතුවාම නොව දුර්ලභය. පැවිද වූවාට පසු මහණකමේ පිළිවෙත් ආරක්ෂා කළ යුතුය. එයට ලොකු කුඩා භේදයක් නොකොට ගත යුතුය. රාහුල පොඩි හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් සමඟ කාලය ගත කරන වේලාවක වැසිකිළි වලක නිදා ගත්තේ පැවිදි වූවාට පස් සාමනේර නමක් මිස ඥාති සම්බන්ධතාවයක් නොදැනුන නිසාය. එයයි අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සසුනේ ආරක්ෂාව ගෞරවය විනීත බව කියාදුන් ආකාරය. වර්තමානයේ පොඩි හාමුදුරුවෝ (සැම ම නොවේ) ලොකු හාමුදුරුවන්ගේ හුරතලාය. නොතේරෙන මේ පොඩි අය සිවුර බිම දමා ගස් නගිති. හැංගි මුත්තං කරති. කි‍්‍රකට් ගසති. ප්‍රශ්නයක් වූ විට ඔළු පලා ගනිති. දානය ගන්නා විට මාළු කෑල්ලේ කටු ඇරදීමට ලොකු හාමුදුරුවන්ට සිදුවන අවස්ථා ඇත. රාති‍්‍රයේදී සැතපෙන විට ටෙඩිබෙයා අවශ්‍යය. නොතේරෙන වයසකදී කියා දුන්නත් තේරුම් ගැනීමට නොහැකි පොඩි ළමයෙකු මහණ කිරීම හාස්‍යයට ලක්ව අවස්ථා ඇත. සුදුසු කාලය පැමිණෙන තුරු පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සසුනේ පිළිවෙත් දැන ගනිමින් ගුරු ගෞරවය රැුක ගැනීමට හැකි ස්වාමීන් වහන්සේ නමක් යටතේ ගිහියෙකු වශයෙන් විහාරස්ථානයේ සිට පසුව මහණ කළ යුතුය. හාමුදුරුවන්ගේ අඩුව පිරිමැසීමට අන්ධයෝ ගොළුවෝ කොරු අබ්බගාතයෝ මෝඩයෝ පැවිදි නොකළ යුතුය. නිසි පිලිවෙත බුදු දහමේ පැහිදිලිව කියා ඇත. එසේ නොවන විට සිදුවන්නේ ”පෑදි දියට බොර දිය එක්කළා සේ” ය. අප බුදු රජාණන් වහන්සේගේ කාලයේත් මීට අවුරුදු 75 කට පමණ පෙර කාලයේත් පැවිදි අයෙකුගේ ශාන්ත බව සංවර බව නිහතමානී බව ගෞරවයක් ලැබිය යුතු හිමි නමක් බව ඇසින් දැක ගැනීමට හැකි වූ නිසා කුඩා භේදයක් නොවීය. වර්තමානයේ පිරිසක් බුදු දහමේ ගෞරවය කෙලෙසන නිසා කල්පනාකාරි විය යුතුය. නැතහොත් සිදුවන්නේ තවත් අසංවර දුශ්ශීලයින් පිරිසක් බිහි වීමය.මේ සියල්ලටම විසඳුම මා උපවැදි වීමද මා මාගෙන්ම ඇසුවෙමි. නැත. මෙම කි‍්‍රයාවලිය නිවැරදි කිරීමට උත්සාහ කළ යුතුය. මෙම නිවැරදි කිරීමට බැරි වුවත් අපවත් නිවැරදි වීමට උත්සාහ ගත යුතුය. එයට අවශ්‍ය වන්නේ බුදු දහම පිළිබඳ විශ්වාසයයි. මෙතෙක් මා සමඟ සිටි සියලූම දෙනාට මම ආරාධනා කරන්නේ ඇති හැකි අය එකතු වුවොත් නැති බැරි අසරණයින්ට පිහිට වීමට හැකි නිසා අඩුම තරමේ පන්සිල් පද පහේ තේරුම දැනගෙන ජීවත් වීමට මිනිසුන් පිරිසක් බිහි කළ යුතු බවයි. මෙයට අවශ්‍ය වන්නේ මුදලට වඩා දැනුමයි. කීප දෙනෙකුගේ දැනුම තව පිරිසක් දැනුවත් කිරිමට හැකිවනු ඇත. ගිහියෙකුව සිටි කාලයේත් පැවිදිව සිටි කාලයේත් මා සමඟ එකතු වී සිදුකළ ශාසනික හා සමාජීය කටයුතු මින් ඉදිරියටත් කරගෙන යාම මාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා මගේ ධර්ම සාකච්ඡා වලට, ධර්ම දේශනාවලට, දවස පුරා කළ භාවනා වැඩසටහන්වලට, දන්දීම්, පොදු සමාජ සේවාවන් වලට උදව් උපකාර වුත්. අන්තර්ජාලය ඔස්සේ මාගේ දහම් පති‍්‍රකා කියවූ සියලූම පිංවතුන්ට මා සමඟ එකතු වී මේ අප ලබාපු දුර්ලභ මිනිස් ආත්මය තුළින්ම අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ පරිදි දුක නැතිකර ගැනීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන, නිර්වානය සාක්සාත් කරගැනීමට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා යන්න මාගේ මතු ප්‍රාර්ථනාව බව ශාසනාලැදිව ප්‍රකාශ කර සිටිමි.මා මේ ලිපිය ඉදිරිපත් කරන්නේ මා පිළිබඳව දැන සිටින ශ්රාවකයින්ට මා උපවැදි වූ බවත් එයට හේතුවත් දැනුම් දීමත් පිරිසිදු නිර්මල බුදු දහම වෙනුවෙන් ඉදිරියටත් ඇපකැප වී සිටින බව ශාසන ළැදිව දැනුම් දීමටයි.සෝමතිලක හෙට්ටිආරච්චි(පැවිදිව සිටි කුලියාපිටියේ ධම්ම ගවේෂි හිමි) | ‘දුක්ඛ සමුදය සත්‍යය හා දුක්ඛ නිරෝධ්‍ය සත්‍යය‘ | 0 |
hp_train_7785 | (***රංජන් කටුගම්පොළ හා ***තිළිණි ද සිල්වා)ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් සංසන්දනය කිරීමේදී එක කරුණකින් සමානයි. එනම් ඒ ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් විසුරුවා හැරියවිට එය අවසන්වන බව යැයි මැතිවරණයට පක්ෂව සහ විපක්ෂව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ (27) සලකා බැලූ අවස්ථාවේදී මානව හිමිකම් ක්‍රියාධර ජේ. ත්‍යාගරාජා මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නිතීඥ උදිත ඉහලහේවා මහතා කියා සිටියේය.අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ සිසිර ආබෲ ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.මෙම පෙත්සම් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුනිද සිල්වා මහත්මිය තෙවැනි දිනටත් කරුණු දක්වමින් මෙසේ පැවැසුවාය.ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවට ප්‍රකාශය නිකුත් කර මාස 3 ක් ගතවුව යැයි සිතමු. එම ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් හෙයකින් අවලංගු කළ හොත් මැතිවරණ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නතරවනවා.අදාළ ප්‍රකාශය නිකුත් කර මාස 3 ක් ගතවූ පසුවත් එය අවලංගුවන්නේ නැහැ.දෙවියන්ගේ යම් ක්‍රියාවක් හේතුවෙන් හෝ යම් හේතුවක් නැතුව අදාළ දිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් අදාළ දිනය මැතිවරණ කොමිසමට වෙනස් කළ හැකියි. මේ පිළිබඳව පූර්වාදර්ශ නඩු කිහිපයක් ඉදිරිපත් කළ හැකියි. අයි.ටී.ඇස්. නඩුව හා ඉන්දු - ලංකා ගිවිසුම පිළිබඳ නඩුව.ඊට අමතරව අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලබන මෙම නඩුදෙකෙන් ඉතා පැහැදිලිව සඳහන් වන දේ තමයි සර්වජන ඡන්දබලයේ වැදගත්කම. ඒ කියන්නේ මැතිවරණය පැවැත්වූයේ නැත්නම් මූලික අයිතිවාසිකම් අහිමිවනවා. ශ්‍රේෂ්ඨාධිකරණය එය අයිතිවාසිකම් කඩ වීමක් හැටියට තින්දුකර තිබනෙවා. මින් එක නඩුවක විනිසුරු හැටියට විනිසුරු මලල්ගොඩ මහතා කටයුතු කර තිබෙනවා. එම නඩුවේ තින්දුව අනුව ඌව පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම මූලික අයිතිවාසිකම් කඩ වීමක් හැටියට තීන්දුකර තිබෙනවා.මේ සම්බන්ධයෙන් අනෙක් ප්‍රකට පූර්වාදර්ශ නඩුව චන්ද්‍රසේකර නඩුවයි. ඒ අනුව මෙම පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දමන ලෙස ඉල්ලා සිටිනවා. ඒ අනුව මාගේ දේශනය අවසන් කරනවා.ඉන්පසු අතරමැදි පෙත්සම්කාර ඇස්.ඩී.වයි. නාගස්වත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය. අධිකරණයට ඉදිරිපත් කර ඇති සමහර පෙත්සම්වලින් කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීමේ විධිවිධාන නීතිගත කිරිම සඳහා පාර්ලිමේන්තුව කැඳවිමට නියෝගයක් ඉල්ලා සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව එවැනි දේකට යළි පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයාට කොහෙත්ම බලයක් නැහැ. මැතිවරණ පැවැත්වීමේ පූර්ණ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමටය. ඒත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට සාමූහික වගකීමක් නැහැ. එක් සාමාජිකයෙකු අනෙක් සාමාජිකයන්ට එරෙහිව කරුණු දක්වන්න උසාවිත් එනවා. මින් සිදුවන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංගණය වීමයි. සෞඛ්‍ය බලධාරින් මැතිවරණය පැවැත් වීම සුදුසුයැයි තීරණය කර තිබෙනවා. එහෙත් මැතිවරණ කොමිෂම ඒ පිළිබඳ නිශ්චිත දින වකවානු ප්‍රකාශ කරන්නේ නැහැ.මහාචාර්ය පණ්ඩුල ඇඳගම මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ මනෝහර ද සිල්වා මහතා මෙසේ පැවැසීය.මූලික අයිතිවාසිකම් පෙත්සමක වග උත්තරකරුවන්ට සිදු කළ වරද අධිකරණයෙන් සඳහන් කළ යුතුයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3 ක් ඇතුළත දිනකට මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කළ යුතුය.එදින මැතිවරණය පැවැත්වීමට බැරිවුණොත් මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකියි.මේ සඳහා කිසිවකු පූර්වාදර්ශ නඩු තීන්දුවක් ලබා දුන්නේ නැහැ. මේ සඳහා කදිම පූර්වාදර්ශයක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හමු වනවා. 2002 වසරේදී ගුජරාටි ප්‍රාන්තයේ පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණ පැවැත්වීමට ජනාධිපතිවරයා දින නියම කළා. එම දිනයේදී එම ප්‍රදේශයේ බෝම්බයක් පිපිරීමෙන් නියමිත දිනට මැතිවරණය පැවැත්විමට නොහැකි වුණා. ඉන්පසු ජාතිවාදී කළකෝලාහල ඇතිවුණා.‘‘අද පවතින ආකාරයටම එදාත් පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමු කළා. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක්ද? දැන් මැතිවරණ දින නියම කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කළ නොහැකියි. ඒ පිළිබඳව පූර්ණ බලධාරියා මැතිවරණ කොමිසමයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. අද ඇති වී ඇති තත්ත්වයත් මේ හා සමානයි. මැතිවරණය මාස 3ක් ඇතුළත අනිවාර්යයෙන් පැවැත්විය යුතුද? යන්නට උත්තරය ‘‘නැත’’ යන්නයි.මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට මාස 2ක කාලයක් ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙනවා. එය අනිවාර්ය නැහැ ඒ අනුව ව්‍යවස්ථාපිත කාලය අනිවාර්ය නැහැ.රාජස්ථාන් නඩුවට එදිරිව යුනියන් ඔෆ් ඉන්දියා නඩුවේදී සිදුවූ දෙයක් පැහැදිලි කරන්නම්. ඒ පාර මැතිවරණයෙන් දිනුවේ ජනතාඩාල් පක්ෂයයි. ඉන්දිරා කොංග්‍රසය මැතිවරණයෙන් පරාජය වුණා. ඒ අවස්ථාවේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා ගැනීමේ අරමුණින් අලුත් මැතිවරණයක් ඉල්ලා පිරිසක් අධිකරණයේ පිහිට පැතුවා. ඒ අවස්ථාවේදී දේශපාලන ප්‍රතිපත්තිවලට අධිකරණය මැදිහත් වීමේ අවශ්‍යතාවක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.දැන් මා පාර්ලිමේන්තුව කල් දැමීම පිළිබඳ කරුණු දැක්වීමට බලාපොරොත්තු වනවා. ජනාධිපතිවරයාට මේ පිළිබඳව බලය ලැබී ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 72 වගන්තිය යටතේය. පාර්ලිමේන්තුව කැඳවීමේ බලය දී ඇත්තේ ජනාධිපතිවරයාට පමණයි. එහෙම සිදුකර ඇත්තේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර සමෝධානිත තත්ත්වයක් ඇති විම සඳහායි.අනෙක් අතට මෙහිදී තවත් එක් වැදගත් කරුණු ඉදිරිපත් කළ යුතුය. නීතිපතිවරයාත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙහි අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් නම් කර නොමැති බවය. නීතිපතිවරයා කියා සිටියේ යටත් පිරිසෙන් පක්ෂ ලේකම්වරුන්ගේ නම් සඳහන් කළ යුතු බවයි. එහෙත් කොබ්බෑකඩුවට එදිරිව ජයවර්ධන නඩුවේ එක්සත් ජාතික පක්ෂය නම් නොකිරීම හේතුවෙන් පෙත්සම ඉවත දැමුණි.ඉන්පසු මානව හිමිකම් ක්‍රියාධරයකු වන ජේ. ත්‍යාගරාජා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා මෙසේ පැවසීය.මනෝහර ද සිල්වා සහ රොමේෂ් ද සිල්වා මහත්වරුන්ගේ කරුණු වලට මා එකඟවනවා. මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ද්වේෂ සහගතවය. පෙත්සම්කරු සිය කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එංගලන්තයේ සහ ඉන්දීය ආන්ඩුක්රම ව්‍යවස්ථාවන්ට සමාන කිරීමට උත්සාහ කරනවා.මෙම ව්‍යවස්ථා තුනම සමාන වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව එය අවසන් වනවා යන්නට පමණයි.ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් සංසන්දනය කිරීමේදී එක කරුණක් සමාන වනවා. ඒ ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය විට එය අවසන් වනවා.නීතිඥ චරිත ගුණරත්න, රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජනබලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් මේ දෙදින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.ජාතික වැදගත්කමින් යුත් පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය.මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.එසේම ජූනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලා තිබිණි.කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20 වැනිදා මහ මැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත් දා 2072/3 දරන අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බව ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් කියා සිටිති.ඉකුත් මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් කොවිඩ් වසංගතය පැතිරී ඇති නිසා එදින මැතිවරණය පැවැත්වීමට නොහැකි බව සඳහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන ලදී.පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර, එසේ නොකිරීම නීති විරෝධී බව කියමින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.එමඟින් මූලික අයිතිවසිකම් උල්ලංඝනය වන බව ද පෙත්සමේ සඳහන් කර තිබේ.එබැවින් මෙම මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා තිබිණි.එසේම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට එරෙහිව නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත, ව්‍යාපාරිකයකු වන සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු 11 දෙනකු ද අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන්, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ විරාන් කොරයා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිඥ වී.කේ. චොක්සි මහතා පෙනී සිටියේය.ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.වැඩිදුර විභාගය අද (28) පැවැත්වේ. | ජනපතිට අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි | 0 |
hp_train_7786 | ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) තමන්ට එරෙහිව මහාධිකරණය විසින් පනවා ඇති වසර තුනක සිර දඩුවම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශය නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු ඉදිරිපත් කළ අභියාචනා ජුලි මස 10 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය. මෙම අභියාචනා පෙත්සම් අද(08) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු සඳහන් කර සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 650 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පැවරූ බවයි.එම නඩු විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම චෝදනාවලට තමන් වරදකරුවන් කොට වසර තුනක සිර දඬුවම් නියම කර දඩ මුදල්ද නියම කළ බව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට අධිකරණ හමුවේ කියා සිටියේය.එම දඬුවම නියම කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් මේ හේතුවෙන් තමන්ව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් අභියාචනාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබේ. | ලලිත්- අනූෂ නඩුවේ ලිඛිත දේශන ගොනු කරන්නැයි නියෝග | 0 |
hp_train_7787 | සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චිබලන්ගොඩ රජවක රක්ෂිතයේ පියන්ගිරිය කොටසේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයෙකුට රුපියල් 45000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (06) දා නියෝග කලේය.රජවක ප්‍රදේශයේ පදිංචි චිමින්ද පතිරන නැමැත්තෙකුට මෙලෙස දඩ නියම විය. අයුතු ලෙස රක්ෂිතයට ඇතුළු වි පතල් කපා රක්ෂිතයට හානි සිදු කිරීමෙි චෝදනාවට ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු විය. බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගෙන නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළහ. | රක්ෂිතයේ මැණික් ගැරු පුද්ගලයකුට දඩ | 0 |
hp_train_7788 | අද (17) සහ හෙට( 18) දිනයන්හිදී, දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැක. සබරගමුව, මධ්‍යම, ඌවසහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.(36698) | 'පළාත් රැසකට වැසි' | 0 |
hp_train_7789 | (රංජිත් රාජපක්ෂ) තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉන් එක් වතු කම්කරුවෙක් මිය ගිය බව හැටන් පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ පොලොන් කොටසේ පදිංචි එස්.විජෙකුමාර් (49) නැමති දෙදරු පියෙකි.බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි වතු කම්කරුවා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන විට මිය ගිය බවත්, මිය ගිය වතු කම්කරුවන්ට බඹරුන් විශාල ප්‍රමාණයක් ප්‍රහාරය එල්ල කර තිබු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා පැවසීය.තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කූඩුවක් එකවරම ඇවිස්සී වතු කම්කරුවන්ට පහර දී ඇති බව එම වතුයායේ පාලන අධිකාරිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි. | වතුකම්කරුවන් පිරිසකට බඔර ප්‍රහාරයක් | 0 |
hp_train_7790 | අංග රචනා කලා හා තාක්ෂණ පුහුණු විද්‍යායතනයේ (ඇමට්) ජාතික නිපුණතා සහතික මට්ටම් ලත් සිසුන්ට ඩිප්ලෝමා සහතික ප්රදානය පසුගියදා සිදු කැරිණි.දේශීය සිනමා හා රූපවාහිනී නිර්මාණ සඳහා අංග රචනා කලා හා තාක්ෂණ අංශයෙන් දස්කම් දැක්වූ ජයන්තා රණවක මහතා ආරම්භ කළ මෙරට එකම ආයතනය වන එහි වෙබ් අඩවියද එදින විවෘත කැරුණු අතර අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. | ඇමට් සිසුහු ඩිප්ලෝමා සහතික ලබති | 0 |
hp_train_7791 | (ඩයනා උදයංගනී)උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, අනුරධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (13) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. | ප්‍රදේශ කිහිපයකට වැසි | 0 |
hp_train_7792 | ශ්‍රී ලංකාව හා අවට මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් විට සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50 -70 දක්වා වැඩිවනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේවෙතත්, මෙම තත්ත්වය හෙට (18) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇත. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල මද වැසි වාර කිහිපයක් ඇති වේ.මීගමුව සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැයට කිලෝ මීටර් . 70-80 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි. | ‘පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි‘ | 0 |
hp_train_7793 | (සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙටිටිආරචිචි)බලන්ගොඩ රජවක රක්ෂිතයේ පාරක් කැපීම සඳහා රක්ෂිතට බැකෝ යන්ත්‍රයක් ඇතුළු කළ පුද්ගලයෙකු අද (12) දහවල් අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ අඩවි වන නිලධාරි කාර්යාලය පවසයි.අත්අඩංගුවට ගත් තැනැත්තා ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.රජවක රක්ෂිතයේ නෙළුයාය ප්‍රදේශයට මොහු බැකෝ යන්ත්‍රය අනවසරයෙන් ඇතුළු කර ඇතැයි බලන්ගොඩ අඩවි වන නිලධාරි විජයන්ත උපුල් මහතා කීය. මොහුට එරෙහිව නඩත්තු පවරා හෙට (13) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට කටයුතු කරන බවද විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් පැවැසීය. | රජවක රක්ෂිතයට බැකෝ යන්ත්‍රයක් ඇතුළු කළ අයෙක් අත්අඩංගුවට | 1 |
hp_train_7794 | (නිමල කොඩිතුවක්කු)බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා සියලු නායකයන් මරා දැමූ අවස්ථාවක පක්ෂ නායකත්වය බාරගත් තමා ඊළඟ ජාතික මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.එළැඹෙන ජාතික මැතිවරණයෙන් තමා හදන්නේ වසර 20ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊට අදාළ දෙවැනි පෙළ නායක කණ්ඩායම මේ වනවිටත් හදා ඇතැයි ද කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ඊළඟ වසර 20ම බලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යයි ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.“එක්සත් අපේ මැයි දිනය - පරිණත නායකත්වයට නව ජවයක්” තේමාව යටතේ එත්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය පැවැත්විණි.දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ හැම ගමකම ‘පුංචි සිරිකොත’ බැගින් පිහිටුවීමේ වැඩ කටයුතු ඉදිරි මාස 18 තුළ සම්පූර්ණ කරන බවය.එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.බලාපොරොත්තු වූවාටත් වඩා විශාල ජනතාවක් අද දින එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට පැමිණීම පිළිබඳව මා සතුටට පත් වෙනවා. ඒ වගේම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩකඩ නැතිකම නිසා පිටත රැඳී සිටින ජනතාවට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේතරම් විශාල ජනතාවක් අපේ මැයි රැලිය සඳහා සහභාගි වන බව දැන සිටියා නම් අප තෝරා ගන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොව, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයයි. එක්සත් ජාතික පක්ෂයත්, යහ පාලන ආණ්ඩුවත් ගැන පූර්ණ විශ්වාසය සහ බලාපොරොත්තු තබා සිටින ඔබ සියලු දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ශාලාවෙන් පිටත රැඳී සිටින හතර ගුණයක් පමණ වන ජනතාවගෙන්, වෘත්තිය සමිති සහ පක්ෂය වෙනුවෙන් මා නැවතත් සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ ඔබේ පැමිණීම පිළිබඳව මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වෙනුවට අපට අවශ්‍ය වුණේ කම්කරුවාට උපහාරයක් වන ආකාරයේ මැයි දින රැලිය පැවැත්වීමටයි. විශිෂ්ට සංවිධානයකින් යුතුව මැයි රැලිය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට ස්තූතිවන්ත වෙනවා. අද දිනයේ නියමාකාරයෙන් කම්කරුවාට ප්‍රණාමය පුද කළා. කිසිවකුත් ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගත යුතු නැහැ. අප මෙවැනි මැයි දිනයක් සංවිධානය කළේ ඇයිදැයි බොහෝ දෙනා විමසනවා. ඒ සඳහා වන පිළිතුර ඉතා සරලයි. එනම්, ශ්‍රී ලාංකේය දේශපාලනයේ අලුතෙන් සිතන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වීම ඊට පිළිතුරයි. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට දෝෂාරෝපණය කළ නොහැකියි. දොස් පවරනවා නම් දොස් පැවරිය හැක්කේ, මේ ස්ථානයට ඇතුළු වීමට නොහැකිව පිටත රැඳී සිටින ජනතාවට පමණයි. රටේ කම්කරු දිනය සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් යටතේ කම්කරු ප්‍රජාව විශාල ප්‍රමාණයකින් වර්ධනය වුණා. ඩී.එස්. සේනානායක මැතිතුමා අපේ රටට නිදහස ලබා දුන් පළමු නායකයායි. එතුමා නිදහස දිනා ගන්නා කාලයේ ශ්‍රී ලංකාවේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයි. ජනතාවගෙන් බහුතරය ජීවත් වුණේ ග්‍රාමීය ප්රදේශවලයි. නමුත් පසු කාලීනව නිදහස් අධ්‍යාපනය ඔස්සේ තරුණ තරුණියන් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වුණා. ඉන් පසුව ඔවුන් රැකියා අවස්ථා බලාපොරොත්තු වුණා. 1956 සිට පැවැති ආණ්ඩුවලට රටේ කර්මාන්ත ඇති කිරීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ පළමු කර්මාන්ත ශාලා කිහිපය ඇති කළේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේයි. ඉන් පසුව බලයට පැමිණි අනෙකුත් ආණ්ඩු කම්කරුවන් පිළිබඳව කෙතරම් කතා කළත් 1956 ත්, 1977 ත් අතර කාලය තුළ රටේ කම්කරු ප්‍රජාවේ වර්ධනයක් වුණේ නැහැ. රටේ ආර්ථිකය විවෘත කරමින් අපනයන කර්මාන්ත ඇති කිරීමටත්, දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට ඇති සීමා ඉවත් කිරීමටත් අප තීරණය කළේ ඉන් පසුවයි. ඒ වගේම නව කර්මාන්ත සඳහා බදු සහන දීමටත් අප කටයුතු කළා. ඉන් පසුව රට තුළ විශාල වශයෙන් කර්මාන්ත ශාලා ඇති වුණා. කර්මාන්ත ශාලා පමණක් නොව, වෙළෙඳ අංශය, සංචාරක කර්මාන්තය ආදියත් දියුණුවට පත් වුණා. ඒ හරහා රටේ සේවා අංශ දියුණු වුණා. අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ධුර කාලයේත්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළත් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය ගෙන ඒමට හැකි වුණා. ඒ වගේම වරාය දියුණු කිරීමේ කටයුතු ද කළා. ඒ අනුව වැටුප් ලබන සේවක සංඛ්‍යාවේ වර්ධනය ඇති වුණේ එක්සත් ජාතික පක්ෂ යුගවල දී බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දළ දේශීය නිෂ්පාදනය තුළ කෘෂිකර්මාන්තයට වඩා වෙනත් අංශවලට ඉඩක් ලැබුණා. කර්මාන්ත, සේවා සහ වෙළෙඳ අංශ තුළ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය වුණා. ඒ වගේම අපනයන කර්මාන්තය ඇති කිරීමටත් අපට හැකියාව ලැබුණා. පුද්ගලික අංශයේ සේවකයන් ශක්තිමත් කිරීමට අපට හැකි වුණා. සේවානියුක්තිකයන්ගේ භාර අරමුදල ඇති කළා. නව කම්කරු නීති සම්පාදනය කළා. මේ සියලු දේ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා වෙන කාටවත් වඩා කම්කරු දිනය සැමරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය සතු බව කිව යුතුයි. අද බොහෝ දෙනා පෙළපාළි, උද්ඝෝෂණ කරන්නේ අප කර්මාන්ත ශාලා ඇති කර තිබෙන නිසයි. ඒ වගේම ගම්මානවල ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කර තිබෙන නිසයි. රට පුරා හෝටල් ව්‍යාපෘති ආරම්භ කළ නිසයි. වර්තමානයේ සෑම කම්කරුවකුගේම නිවසේ රූපවාහිනී යන්ත්‍රයක්, ශීතකරණයක් ආදී අවශ්‍ය උපකරණ බොහෝ දෑ තිබෙනවා. එසේ නම් අප කම්කරුවාගේ අතට මුදල් ලැබෙන ආකාරයට කටයුතු කළා. ඔවුන්ට ආදායම් මාර්ග ඇති කර දුන්නා. ඒ අනුව පළමු වතාවට කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට පිවිසීමේ දොරටු විවෘත කරදීමට අපට හැකි වුණා. අද කම්කරුවාට පහසුකම් අප දී තිබෙනවා. කම්කරුවාගේ දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසුවා. ඔවුන් අද වෛද්‍ය පීඨ හෝ නීති පීඨවල හෝ අධ්‍යාපනය ලබනවා. සියලු දේ ඉටු කළේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් නොව, එක්සත් ජාතික පක්ෂය බව කිව යුතුයි. 1994 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පැවැතියා. ඒ ආණ්ඩු හරහා රටේ ඇති වූ දියුණුව කුමක්ද? රටේ කර්මාන්තකරණය ඇති වුණා ද? ඔවුන් යටතේ ඇති වූ එක් විශාල කර්මාන්ත කලාපයක් පෙන්විය හැකි ද? අප ඇති කළ සීතාවක වෙළෙඳ කලාපයෙන් පසුව එක් වෙළෙඳ කලාපයක් හෝ ඇති කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. ඔවුන්ගේ පාලනය කාලය තුළ රට වෙනුවෙන් කළේ කුමක්ද? අවසානයේ ඔවුන් රටේ විශාල ඒකාධිපති පාලනය ඇති කළ බව නම් අප දන්නවා. ඒ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. සියලු දෙනා එකතු වී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ රෙජීමයට බිය වුණේ නැහැ. රාජපක්ෂ රෙජීමයට විරුද්ධ, ප්රජාතන්ත්රවාදයට කැමති සියලුම දෙනා සමග කටයුතු කිරීම සඳහා ඔබ මට අනුමැතිය එදා දුන්නා. ඒ අනුව සියලු දෙනා එකතු වුණා. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් අප ඉදිරියට ගියා. ඉන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවශ්‍ය බහුතරය ගැනීමට අපට නොහැකි වුණා. ඒ නිසා අප ජාතික ආණ්ඩුව ඇතිකර ගත්තා. ඒ තුළ විවිධ අදහස් ඇති අය සිටිය ද අප ඉදිරියටම යනවා. ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක වෙනුවෙන් විවිධ මත පළ වී තිබුණා. එක් අන්තයක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් අන්තයක ද්‍රවිඩ ජාතික සංධානය සහ වෘත්තීය සමිතිත් සිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය සියලු දෙනා එකතු කර ගනිමින් පොදු අපේක්ෂක ඉදිරිපත් කළා. ඉන් පසුව අප ආණ්ඩුව පිහිටුවා ගත්තා. ඒ ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බව අප පිළිගන්නවා. අප පළමුවෙන් ක්‍රියා කළේ රාජපක්ෂ බිය තුරන් කිරීම සඳහායි. සුදු වෑන් තර්ජන ඉවත් කරමින් මාධ්‍ය නිදහස දීමට මා කටයුතු කළා. අද මට මාධ්‍යයෙන් පහර ගසන ආකාරයට එදා මහින්ද රාජපක්ෂට පහර ගැසුවා නම් ඔවුන් සියලු දෙනා අද සිටින්නේ කනත්තේ බව කිව යුතුයි. කෙසේ වුවත් මාධ්‍ය මගින් සෑම දිනකම පහර ගැසීමත් මා ශුභවාදීව දකිනවා. එවිට වස් දොස් පහව යනවා. නමුත් ප්‍රමාණය ඉක්මවා මට පහර ගැසුවොත් ඒ මාධ්‍ය ආයතනය සතු ජනතා ආකර්ෂණය දිනෙන් දින අඩු වන බවත් මතක තබා ගැනීම හොඳයි.අද ජනතාවට බියක් සැකක් නැතිව ජීවත් වීමට හැකියාව ලැබිලා. අපේ ජනාධිපතිතුමා අද ලොව පුරා සංචාරය කරනවා. ලෝකයේ රටවල් අද අපව පිළිගන්නා තත්ත්වයට පැමිණ තිබෙනවා. කිසිදු ජාත්‍යන්තර රටක් අපට විරෝධය පළ කරන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකාව විශේෂ කර සලකනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පිළිගන්නවා යයි පැවසීමට අධික වියදමක් දැරීමට වන “චෝගම්” වැනි උත්සව පැවැත්වීමේ අවශ්‍යතාවය අද නැහැ. එය ඔප්පු විය යුත්තේ අප ජාත්‍යන්තරයට යන විටයි. අප එය ඉටු කළා. අද අපට ලෝක සහයෝගය ලැබෙනවා. ශ්‍රී ලංකාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය විට කිසිදු රටක් විරෝධය දක්වන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන්නේ සරත් වීරසේකර සහ ලන්ඩනයේ සිටින ද්‍රවිඩ සංවිධානය පමණයි. වෙන කිසිවකුත් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැහැ. ලෝකයේ කොන් වී තිබු ශ්‍රී ලංකාව අප අද ඒ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. රට තුළ නිසි පාලනය ඇති කළා. නීතිය අකුරට අද ක්‍රියාත්මක කරනවා. අපේ රට මුහුණ පා සිටින විශාලතම ගැටලුව නම් රාජපක්ෂ පාලන සමයේ ලබාගත් අති විශාල ණය කන්දරාවයි. ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් එදා මුදල් තිබුණේ නැහැ. 2016 - 17 කාලය තුළ දී ණය ගෙවීමට හැකි පරිදි රටේ ආර්ථිකය සකස් කළා. දැන් අපට අඩුම වශයෙන් රටේ ආදායමින් ණය ගෙවීමටවත් හැකි තත්ත්වය ලැබීලා. රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ඔබ ජීවත් වන්නේ කෙසේ ද? රට තුළට කිසිඳු භාණ්ඩයක් ආනයනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ජංගම දුරකථන, ගෘහ භාණ්ඩ, ආහාර මේ කිසිඳු නිෂ්පාදනයක් රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එවිට ඔබ ජීවත් වන්නේ කෙසේද? නමුත් ඉතා අපහසුවෙන් රටේ ආර්ථිකය මා නැවත ගොඩ නැගුවා. ඇතැම් අවස්ථාවල ආදායම් ඉහළ දැමීම සඳහා බදු වැඩි කිරීමට වුණා. ණය ගෙවීම, ලෝකයේ පිළිගැනීම ලැබීම, අනාගත පරම්පරාව ණය බරින් නිදහස් කිරීම යන අරමුණු ඇතිව මා ආර්ථිකයත්, රටත් සංවර්ධනය කළා. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ගත්තා. ඒ හරහා ඇඟලූම් කර්මාන්තයත්, ධීවර කර්මාන්තයත් නැවත දියුණු කිරීමේ හැකියාව ලැබුණා. ලෝකයේ අපනයන වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙය ආරම්භය පමණයි. මේතරම් වැඩ කොටසක් කර තිබිය දී ඇතැමුන් අපේ ආණ්ඩුව රට වෙනුවෙන් කරන්නේ මොනවාදැයි විමසනවා. අප රට වෙනුවෙන් කර ඇති විශාල කාර්ය භාරය ගොඩනැගිල්ලක් ඉදි කරනවා මෙන් ජනතාවට නොපෙනන බව මා දන්නවා. එය රාජපක්ෂ ආණ්ඩුව සමයේ අඩක් නිම කළ ගොඩනැගිලි මෙන් පෙනෙන්නේ නැහැ. තවමත් වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල මෙන් ජනතාවට නොපෙනෙන බව දන්නවා. නමුත් අපේ කාර්ය භාරය වූයේ විශාල ණය උගුලෙන් රට බේරා ගෙන ඉදිරියට යාමයි. ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය මා ගොඩ නැගුවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වුණා. ඒ වගේම වැඩිම අපනයන ප්‍රමාණයත් පසුගිය වසරේ වාර්තා වුණා. මේ වසරේ දී එය තවත් වර්ධනය කර ගත හැකියි. අපට දෝෂාරෝපණ එල්ල වන බව දන්නවා. නමුත් මේ ස්ථානයට පැමිණියේ රටේ අහිංසක තරුණ තරුණියන්ට අනාගතය නිර්මාණය කර දීමටයි. ඔවුන්ට අනාගතය ඇති කර දිය යුතුයි. ඔවුන්ව රැවටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. හම්බන්තොට වරාය ඔවුන් ඉදි කළද එහි ණය පියවා ගැනීමට ක්‍රමවේදය තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ ණය ගෙවූ පසු දැන් බොරුවට දෝෂාරෝපණය කරනවා. ඔවුන්ට හම්බ කිරීමට හැකියාව නැති නිසා ඔවුන්ම ඉදි කළ හම්බන්තොට වරායට දැන් චෝදනා කරනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දී ඔවුන් සියලුම ඉඩම් චීනයට සින්නක්කරව විකුණා දැම්මා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඒ ඉඩම් 99 අවුරුද්දකට බදු පදනම යටතේ පමණක් දීමට මා කටයුතු කළා. වරාය නගරයට අනාගතය ඇතිවී තිබෙන්නේ අපේ ආණ්ඩුව යටතේ බව වරාය නගර ව්‍යාපෘතිය බාර සමාගම දැන් පවසනවා. අමාරු කාලවල දී ඒ ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඒ වෙනුවෙන් ජනතාවගෙන් දෝෂාරෝපණයට ලක්වීමටත් වෙනවා. 2017 වසරේ ඉහළ ආර්ථික වර්ධනය අප බලාපොරොත්තු වුණා. නමුත්, ඒ වසරේ දී විශාල ගං වතුරකට, නියඟයකට සහ කුණු කන්ද නාය යාමේ ඛේදවාචකයටත් මුහුණ දීමට සිදුවුණා. බොහෝ අය සිතුවේ මේ ස්වභාවික ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථිකය අඩපණ වන බවයි. නමුත් අපහසු අවස්ථාවල අපේ රජය අනුගමනය කළ පියවර නිසා ආර්ථිකය බිඳ වැටීමකට ලක් නොවී පවත්වා ගැනීමට හැකි වුණා. ගංවතුර, නියඟය හේතුවෙන් රටේ කෘෂි නිෂ්පාදන පහත වැටුණා. බඩු මිල ඉහළ ගියා. ඒ වගේම පොහොර හිඟය ද ඇති වුණා. මේ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරනවා. මේ ගැටලු නිසා එක්සත් ජාතික පාක්ෂිකයාට ගම් මට්ටමේ දී චෝදනා එල්ල වූ බවත් අප දන්නවා. ඒ සම්බන්ධයෙන් මා සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ අවසානයේ දී සියල්ලට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. අපට ඒ ශක්තිය හා විශ්වාසය තිබෙනවා. මහින්ද රාජපක්ෂට 2014 වසරේ තමා ගත් ණයවල පොලිය ගෙවීමටවත් මුදල් තිබුණේ නැහැ. ඔහු ගත් ණයවලට වැඩිම පොලී ප්‍රමාණය ගෙවීමට තිබෙන්නේ 2018 - 2019 කාලවලදීයි. ඒ සඳහා අප සූදානම් බවත් පැවසිය යුතුයි. හම්බන්තොට වරායේ සියලු ගෙවීම් ගෙවා අවසානයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවතුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. ඒ කාලය වන විට බඩු මිළ ඉහළ යෑම, පොහොර හිඟය ඇති වීම ආදී කාරණා නිසා අපට පසුබෑමකට ලක්වීමට සිදු වුණා. නමුත් ඒ මැතිවරණය පසුගිය මැයි මාසයේ දී පමණ පැවැත් වුණා නම් එක්සත් ජාතික පක්ෂය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා. එය අපට අවාසනාවන්ත කාලය වුණා. සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එක් දිනක දී පැවැත් වීමට අවශ්‍ය වුණා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඇතැම් බලාපොරොත්තු ඉටු කර තිබුණේ නැහැ. දේශපාලන පළිගැනීම්, රැකියා දීමේ ගැටලු ආදිය තවමත් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවල අපේ මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමට අපට වනවා. තවත් මාස 18ක් ඉදිරියට යාම සඳහා අපට ඉතිරිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම මා සැකසුවා. දැන් ඉතිරිව තිබෙන්නේ ඉදිරියට යාමයි. පසුගිය 70 වැනි සංවත්සරයේ දී මා දුන් පොරොන්දුව ඉටු කළා. ඒ එක්සත් ජාතික පක්ෂයට නව නායක පරපුර ඇති කිරීමේ පොරොන්දුවයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පක්ෂය වෙනුවෙන් නායකයන් තිදෙනෙකු පුහුණු කළා. ඒ සියලු දෙනා රටට අහිමි වුණා. ඒ නායකයන් තිදෙනාට අමතරව මමත් කටයුතු කරමින් සිටියා. එය සරළව කියනවා නම් වාහනයක අමතර රෝදය වැනියි. නමුත් අවසානයේ මා පක්ෂ නායකත්වයට පත් වුණා. එදා මා පිටුපසින් කිසිවෙකුත් සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට වන්නේ කුමක්දැයි 1994 දී ඇතැම් අය විමසුවා. මගෙන් පසුව පක්ෂය ඉදිරියට යාමක් නැති බව කියා සිටියා. පක්ෂයේ ප්‍රධාන පෙළෙහි නායකයන් පමණක් නොව, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් ද පක්ෂයට අහිමි වුණා. බිම් මට්ටමේ නායකයාගේ සිට පක්ෂ නායකයා දක්වා සියලුදෙනා ඝාතනය වුණා. මේ ස්ථානයේ සිටින බොහෝ පිරිසකගේ ඥාතීන් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අවුරුදු 20 ක් තුළ ඉටු කිරීමට නොහැකි වූ සේවා තිබෙනවා. හවුල් ආණ්ඩුව යටතේ කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවීමට අපට හැකි වුණා. කෙසේ නමුත් 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඉටු කිරීමට නොහැකි වූ සියලු දේ ඔබ වෙනුවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය වන්නේ වසර 5 ක් පමණ බලයේ පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොවෙයි. මට අවශ්‍ය වන්නේ වසර 20 - 30 ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ නායකත්වය මට ඉදිරියටත් දැරීමට නොහැකියි. එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකත්ව මණ්ඩලය ඇති කළේ ඒ නිසයි. 2017 දී පළාත් පාලන මැතිවරණයෙන් පසු මේ වෙනස ඇති කිරීමට මා බලාපොරොත්තු වුණත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබුණේ 2018 වසරේදීයි. මේ වන විට නව නායකයන් පිරිස තෝරා ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිරිසක් තෝරා ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ ප්‍රතිසංවිධානයට ලක්කර ඉදිරි වසර 20 පුරාම බලයේ සිටීමට හැකි එක්සත් ජාතික පක්ෂය මා නිර්මාණය කරනවා. ඒ විශාල වැඩ කටයුත්ත මා ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැතිතුමාටත්, හිටපු මහ ලේකම් කබීර් හෂීම් මැතිතුමාටත් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා. අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් කබීර් හෂීම් මැතිතුමාට මැයි රැලියට සහභාගි නොවන ලෙස ඊයේ එතුමාට උපදෙස් දුන්නා. සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි. කණ්ඩායම ලෙස වැඩ කිරීමට දක්ෂ විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එසේ කණ්ඩායම ලෙස වැඩ කරනවා නම් වසර 20 ක් බලයේ සිටීම අපහසු කටයුත්ත නොවෙයි. නමුත් තනි තනිව කටයුතු කරනවා නම් පක්ෂයට ඒ ගමන යාමට නොහැකියි. ඒ නිසා පළමුවෙන්ම කණ්ඩායම ලෙස වැඩ කිරීම තේරුම් ගත යුතුයි. පක්ෂය ජයග්‍රහණය කරවීම මේ ශාලාවේ සිටින ඔබ සියලු දෙනාටම බාරයි. මීට පෙර පැවැති ආකාරයට සෑම ගමකම පුංචි සිරිකොත බිහි කිරීම මගේ අරමුණයි. 1976 දී මා කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස ආසනය පුරා යද්දී ගමේ ඇතැම් ගෙවල් හැඳින් වූයේ පුංචි සිරිකොත ලෙසයි. වර්තමානය වන විට නවීන තාක්ෂණය සහ ජංගම දුරකථන නිසා එය තවත් පහසුයි. ජංගම දුරකථනය හරහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත කාර්යාලය සමගින් සම්බන්ධ වීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ කාලයේ පක්ෂ සංවිධාන වැඩ සදහා තිබුණේ “සියරට” පුවත් පත පමණයි. එසේ නම් අද සිට “පුංචි සිරිකොත” නිර්මාණය කිරීමේ වැඩ කටයුත්ත ආරම්භ කිරීමට කැප වෙමු. සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදය වුවත් ඇති කළ හැකියි. සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කරලා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුළු මුදලින් සියයට 53ක් වියදම් කර තිබෙනවා. මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට වූයේ කුමක්ද? ඒ නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ කාර්යාලයටත් මා එහි කටයුතු බාර දුන්නා. සමෘද්ධි බැංකු කිසිවෙකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයයි. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිදු රෙගුලාසියක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට ගන්නා ලෙස මා උපදෙස් දුන්නා. රටේ අනෙකුත් සියලුම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලුවයි. ඉදිරියේදී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මා මේ අවස්ථාවේ පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස කරන බවත් පැවසිය යුතුයි. උපාධිධාරීන්ට රැකියා දීම ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් මා අමාත්‍යාංශවලට උපදෙස් දෙනවා. ඒ වගේම උපාධිධාරී නොවන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් පිරිසටත් රැකියා දීමට කටයුතු කරනවා. සියලු දේ කරන්නේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහායි. අපට ජයග්‍රහණය කළ හැකියි. පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නොවන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැබූ පරාජය පිළිගෙන ඒ සඳහා හේතු සොයා ගනිමින් ඉදිරියට යා යුතුයි. 2014 වසරේ දී අප්‍රේල් මාසයේ දී එක්සත් ජාතික පක්ෂය සිටියේ මීටත් වඩා පහළ මට්ටමකයි. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂයට රටේ අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැහැ. අප ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළා. ආණ්ඩුවට ඉදිරියට මාස 18 කාලය ඉතිරි වී තිබෙනවා. රටේ දේශපාලනික වශයෙන් අනාගතය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. අනාගත නායකයන් නම් කර තිබෙන වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ නැහැ. වසර 20 - 25 ක් ඉදිරියට යා හැකි නායකත්ව මණ්ඩලය අපට සිටිනවා. රට ස්ථාවර භාවය කරා ගෙන යාමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ නිසා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සියලු දෙනාගේ එකමුතුවෙන් කරමු යයි මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා:- “යහපාලන රජයේ අප රාජ්‍ය බලය අතට ගෙන විශාල වැඩ කොටස මේ වනවිට කර තිබෙනවා. වැටුප් වැඩි කර රාජ්‍ය සේවකයන්ට දුන් මේ අගය ඓතිහාසිකයි.අප බලයට පත්වෙලා ජීවන බර පහත හෙලුවා. ඉන්ධනවලට පනවා තිබූ දුෂිත බදු ඉවත් කර කම්කරුවන්ටත්, ජනතාවටත් සහන දුන්නා. රාජ්‍ය භීෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කර 2015 ජනවාරි 08 වැනිදා අප ලැබුවේ උතුම් ජයග්‍රහණයයි. අප එය පණටත් වඩා රැක ගත යුතුයි.අගමැතිතුමාට තිබෙන්නේ අපට කොළ එළියක් පෙන්වන්න විතරයි. ජනතාවගේ බඩට කටට දැනෙන සේවාවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ අප ලෑස්තියි. මෙතැනට ඇවිත් තිබෙන්නේ කොළ පාට ලේ තිබෙන එක්සත් ජාතික පාක්ෂිකයිනුයි. අපට තවදුරටත් බල බල ඉන්න බැහැ. අපට තැන ලැබුණේ ජනතාව නිසයි. පාලකයන් දැන් ජනතාව දෙස බැලිය යුතුයි. සහන, සංවර්ධනය, රැකී රක්ෂා දෙමින් පොඩි මිනිසා සුරැකීම සඳහා බඩ කට පිරෙන්න බෙදීම තමයි අද දවසේ අප කළ යුත්තේ.වර්තමාන ආණ්ඩුවේ ආයුෂ තියෙන්නේ මාස 18ක් පමණයි. එක්කෝ අප හැරෙන්න ඕනෑ. නැතිනම් භාර ගන්න ඕනෑ. අවුරුදු ගණනක් විපක්ෂයේ හිටපු අපට හැරෙන්න බැහැ. අගමැතිතුමා කිව්වා වගේ තව අවුරුදු 20ක් 30ක් ආණ්ඩු බලය ගෙන යන තැනට අප හැදෙන්න ඕනෑ.ඊළඟ අයවැයෙන් පොහොර නොමිලේ දීමට පුළුවන් ද කියා බැලිය යුතුයි. ප්‍රේමදාස මහත්තයා දුන්න විදිහටම නිල ඇඳුම දෙන්න ඕනෑ කියා මා යෝජනා කරනවා.2020දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී එක නිල ඇඳුම් කට්ටලයක් වෙනුවට නිල ඇඳුම් කට්ටල දෙකක් සහ සපත්තු කුට්ටමක් දිය යුතුයි.අපේ පාක්ෂිකයන් ගුටි කෑවා. බැට කෑවා. ඉවසුවා ඇති. අපේම ජනාධිපතිවරයකු බිහි කර ගත යුතුයි. අපේ පාක්ෂිකයන් තෘප්තිමත් වුණේ නැතිනම් ඔළු ගෙඩි මාරු වුණාට, පක්ෂ ප්රතිසංවිධාන කටයුතු වුණාට වැඩක් නැහැ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් උපරිම තැනට වැඩ කිරීමට කැප වෙන තැනට අප මෙහිදී ප්‍රතිඥා දෙනවා.එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂ වෘත්තීය කමිටු සමිති සභාපති සහ රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරාත්න සහ කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මිහු ද මෙහිදි කතා කළහ.විශාල පිරිසක් මැයි රැලියට සහභාගි වී සිටියහ. | පුද්ගලයකුගේ ජාතිය-ආගම සමාජ තත්වය යොදාගෙන වෛරය පතුරවන්න ඉඩ නොදිය යුතුයි | 0 |
hp_train_7795 | (අනීෂා මානගේ) බලපත්‍ර නොමැතිව කපා ප්‍රවාහනය කරමින් තිබූ බව කියන තේක්ක දැව තොගයක් සමඟ සැකකරුවකු අද(2) බෙලිඅත්තේදී අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. බලපත්‍ර නොමැතිව කපා ට්‍රැක්ටරයක පටවාගෙන තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු බෙලිඅත්ත මාළිගාතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. තේක්ක දැව තොගය සහ ට්රැක්ටරය පොලිස් බාරයට ගෙන තිබේ. | නීතිවිරෝධීව තේක්ක දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට | 1 |
hp_train_7796 | රොමේෂ් මධුෂංඛවව්නියාව ඕමන්ත ඉලමරදන්කුලම් ප්‍රදේශයේ කැලෑවකින් හමුවූ බෝම්බ සහිත පොහොර උරයක් අද (30) අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහය ඇතිව පරික්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.ඉලමරදන්කුලම් කැලෑවට ගිය අයෙකු විසින් මෙම බෝම්බ උරය දැක ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාළ ස්ථානයට ඕමන්ත පොලිස් නිලධාරීන් ගොස් පරික්ෂා කර ඇත.එහිදී ආර්.පී.ජී.උණ්ඩයක් ද සමඟ බිම්බෝම්බ 10 කට ආසන්න ප්‍රමාණයක් අදාළ පොහොර බෑගයේ ඇති බවට සැකකරන අතර එම බෝම්බ උරය අනාරක්ෂිත හෙයින් එම ස්ථානයෙන් ඉවත් නොකර ඒ බව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙතට දැනුම් දීමට ඕම්න්ත පොලීසිය විසින් පියවර ගෙන ඇත.යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ බෝම්බ උරය මෙම ස්ථානයේ සඟවා යන්නට ඇති බවටත් කාලයක් ගතවීමෙන් උරය දිරාපත්වීම හේතුවෙන් උරය තුළ තිබූ බෝම්බ ඉවතට වැටී ඇති බවටත් සැකකරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. | ඕමන්තේ කැලෑවකින් බෝම්බ පොහොර උරයක් හමුවෙයි | 0 |
hp_train_7797 | සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චිබලන්ගොඩ රජවක රක්ෂිතයේ ලියන්ගිරිය කොටසේ අද (03) දා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන දිනයේ අනවසරයෙන් පතල් කපා මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා පැවැසිය.රජවක ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙි.රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු විි රක්ෂිතයට හාන කරමින් පතල් කැපිම යන චෝදනා යටතේ මොහුට එරෙහිව නඩු පවරා ලබන (06) වැනිදා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් සදහන් කලේය. | රජවක රක්ෂිතයට බැකෝ යන්ත්‍රයක් ඇතුළු කළ අයෙක් අත්අඩංගුවට | 0 |
hp_train_7798 | (සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)විනාශකාරී කටුපොල් වගාවට මින් ඉදිරියට මේ රටේ එක් බිම් අඟලක් නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (24) පෙරවරු 10.30ට රැස් විය.වාර්තා හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය.නව ක්‍රියාකාරී අධ්‍යක්ෂකරයෙකු පත්කර ප්‍රචාර කටයුතු විධිමත් කරනවා. තේ මණ්ඩලය වඩා විධිමත් කිරීම අරමුණයි.පත්කළ මන්ත්‍රී (ජවිපෙ) සුනිල් හඳුන්නෙත්ති මහතා:- ආයතනවල ප්‍රචාරණ කටයුතු කියා වැඩිපුර වෙන්නේ ඇමැතිවරයාගේ ප්‍රචාරණ කටයුතුයි. එමෙන්ම දේශපාලන ප්‍රචාරණ කටයුතුත් වෙනවා. තේ මණ්ඩලය ගතහොත් ප්‍රචාරණ කටයුතු එහි දියුණුව උදෙසා විය යුතුයි.කනක හේරත් මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.හඳුන්නෙත්ති මහතා:- තේ මණ්ඩලය මගින් තේ මංගල්‍යය කියලා කරන්නෙත් දේශපාලන මංගල්‍යයක්. එහි ප්‍රවර්ධන නොවෙන්නේම තේ පමණයි. තේ නැවත වගාව පහළ වැටිලා. ඒනිසා අලුත් පැළ ලබා ගැනීමේ ගැටලුවක් තිබෙනවා.එමෙන්ම තේ ප්‍රවර්ධන අරමුදල හැදූ දා සිට එය භාවිතයට ගත් ආකාරය ගැනත් සොයා බලන්නැයි මා ඉල්ලා සිටිනවා.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:- ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරන්නේ ඍණාත්මක කතා. ඔවුන් මොනවා කීවත් අද තේ මණ්ඩලයේ නිලධාරීන් සාමූහිකව කටයුතු කරනවා. 2015 දී අඩුවූ තේ නිෂ්පාදනය හා මිල මේ වන විට ඉහළ නංවා ගැනීමට අපට හැකිවී තිබෙනවා. එය සිදුකළේ පොහොර සහනාධාරයේ කප්පාදුවක් හා ග්ලයිෆොසෙට් තහනමක් තිබියදීයි.ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කිරීම නිසා වගාවට අහිතකර බලපෑමක් සිදුවුණා. මේ සම්බන්ධව ජපානය කීවේ ග්ලයිෆොසෙට් නිසා ඔවුන්ගේ ජනතාවට හානි නොවූ බවයි. එමෙන්ම ග්ලයිෆොසෙට්වලට විකල්ප ලෙස අප යොදාගත් එම්.ආර්.සී.පී. වල් නාශකයෙන් ජනතාවට හානියක් නොවන බව කීවා. ජනාධිපතිතුමා හමුවී එය පැහැදිලි කිරීමෙන් පසු තේ වගාවට පමණක් ග්ලයිෆොසෙට් භාවිතයට අවසර ලැබී තිබෙනවා. ඉදිරියේ දී එහි ගැසට් නිවේදනය නිකුත් කරනවා.නැවුම් තේ මංගල්‍යය අපි ඇරඹුවේ දේශපාලකයින් ප්‍රවර්ධනයට නොවන බවත් කිව යුතුයි.මහනුවර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී මහිදානන්ද අලුත්ගමගේ මහතා:-තේ කර්මාන්තය විශාල විදේශ විනිමයක් ගෙනෙන ශ්‍රමිකයන් විශාල පිරිසක් සිටින ක්ෂේත්රයක්. නමුත් අපේ රජය ඇතුළු මේ රට පාලනය කළ කිසිම රජයකට මේ ක්ෂේත්රය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ රටේ තේ වගාව අඩුවෙමින් තිබෙනවා.ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.ගම්පහ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා:- අද අපේ රට ගොඩ නැගීමට ණය බර බාධාවක් වී තිබෙනවා. එම බර අඩු කරගැනීමට නම් විදේශ විනිමය ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා තේ නිෂ්පාදනය වෙළෙඳපොළ අපනයනය රැක ගැනීම අපේ ජාතික යුතුකමක්.ඇමැතිතුමා අද තේ කර්මාන්තයේ දියුණුවට තවත් එක් පියවරක් ගෙන තිබෙනවා. එය ඉතිහාසගත පියවරක් වේවි. එමෙන්ම එතුමා පක්ෂ ජාතික සංවිධායක ලෙස පක්ෂයත් ශක්තිමත් කරාවි යන විශ්වාසය අපට තිබෙනවා. වන්නි දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා:- තේ මණ්ඩලයට වැඩ අධ්යක්ෂවරයෙක් පත්කිරීම ඉතා වැදගත්. තේ කර්මාන්තයේ නියුතු අයගේ ගැටලු විසඳිය යුතුයි. තනතුරු සඳහා පත් කිරීමේ දී රට වෙනුවෙන් කටයුතු කරන අය පත් කළ යුතුයි.කෑගල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී කනක හේරත් මහතා:- පොහොර සහනාධාරය කප්පාදුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ වගේම වතු හිමියන් නියමිත ආකාරයෙන් පොහොර නොයෙදීමත් ගැටලුවක්. සමහරු ඒ සඳහා අජිනමොටෝත් යොදනවා.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:- තේ කර්මාන්තය නැංවිය යුතුයි. දැනට විනාශ වී යන තේ වතු කොටස් කර කම්කරුවන්ට හෝ වගා කිරීම සඳහා ලබාදිය යුතුයි. එමෙන්ම වගා නොකළ ඉඩම් කම්කරුවන්ට නිවාස තනාදීම සඳහා පර්චස් 7 බැගින් ලබාදීමට තීන්දු කර තිබෙනවා.මඩකළපුව දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී ජී. ශ්‍රීනේෂන් මහතා:- මෙය රටේ කාන්තාවන් වැඩි වශයෙන් නියැලී සිටින ක්ෂේත්රයක්. ඒ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිකිරීමත් තේ නිෂ්පාදනය වැඩිකිරීම සමගම සිදුවිය යුතුයි. ක්ෂේත්රය දියුණු වන්නේ කම්කරුවන් තෘප්තිමත් වූ විටයි.පත්කළ මන්ත්‍රී (එජාප) මහාචාර්ය ආශු මාරසිංහ මහතා:- තේ මණ්ඩලය නියෝජනය කරමින් පිටරට යන අපේ සමහර නිලධාරීන් ඒ රටවල දී බොන්නේ කෝපි. තේ බොන නිලධාරීන් යැව්වා නම් හොඳයි. ලංකා තේ ප්‍රචලිත කරන්න ලෝකය පුරා සිලෝන් ටී ඇම්බසිඩර්ස් පත් කරන්න.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- තේවල කළු පැහැය ඇති කිරීමට දාන සෝඩියම් නිසා දියවැඩියාව හැදෙනවා. බාල තේ වැටලීමට ක්‍රියා කළ යුතුයි. සීනි කළවම් කරන කම්හල් 82 ක් හඳුනා ගෙන තිබෙනවා. මේවාට ගත්තු ක්‍රියාමාර්ග මොනවා ද?රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප):-සමහර වතු සමාගම් තේ වවන්න ඉඩම් අරගෙන වෙනත් කටයුතුවලට ඒ ඉඩම් බදු දෙනවා. අද කවුරුත් තේ මිල කතා කරන්නේ නැහැ. අද තේ සීයයි. එකසිය පහයි.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):- එදා තේ පර්යේෂණාගාරය හොඳ තේ පැළ හැදුවා. අද ඒක නැවතිලා. තේ කර්මාන්තය රැඳිලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ අතේයි. තවම දලු කඩන්නේ පරණ ක්‍රමයටමයි. නාය යෑම නිසා සමහරුන්ගේ තේ වතු අද තියෙන්නේ වෙනත් අයගේ තේ වතුවලයි.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා:- තේ නාමය ආරක්ෂා කර ගැනීමට අපට අද සිදුවී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල තේ, රබර් වගා ඉවත් කර කටුපොල් වගාව සිදු කරනවා. එයින් වගාවන්ට මෙන්ම ජන ජීවිතවලටත් අහිතකර බලපෑම් ඇතිවෙලා.රත්නපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:- පෞද්ගලික සමාගම්වලට දී ඇති රජයේ වතුවලට අත්වූ ඉරණම අප දන්නවා. ඒවායේ ලාභය ඔවුන් ආයෝජනය කළ ආකාරය සෙවිය යුතුයි. ඒනිසා රැකියා අවස්ථා අඩුවෙලා. වගා කරන්න බැරි සමාගම් කාරයින්ට මේවා දුන්නේ ඇයි? ඔවුන් රටේ ජාතික සම්පත් වංචා කරනවා.ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය. වාසුදේව නානායක්කාර මහතා:-කටුපොල් වගාකිරීම රටට සාපයක්. කටුපොල් වගාවට දී ඇති සීමාව තවත් අඩු කළ යුතුයි.නවීන් දිසානායක මහතා:- ඒ අනුමැතිය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේයි. එතැනින් එහා අඟලක්වත් දෙන්නේ නැහැ. දැනට අක්කර 20,000ක තිබෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- ග්ලයිෆොසෙට් තහනම තේවලට අහිතකර ලෙස බලපෑවා. එදා කටුපොල්වලට අත උස්සපු අය අද ඒවට විරුද්ධ වෙනවා.පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.වර්ෂාව සමග වසංගත රෝග පැතිර යාමේ අවදානමක් තිබුණත් දකුණු පළාතේ පවතින උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ජනතාව ඒ පිළිබඳ බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වැඩ බලන අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.වැඩබලන අමාත්‍යවරයා මේ බව පැවැසුවේ දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මෙසේ පැවසීය.මෙවැනි රෝගයක් පැතිරෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශය එය මැඩපැවැත්විය යුතුයි. වසංගත රෝග අංශය හරහා නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් මෙතරම් විනාශයක් වෙන්නේ නැහැ. අපි දන්න විදියට අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් තිබෙනවා. වසංගත රෝග අංශයට එන අය ඉල්ලා අස්වෙනවා. ඇමැතිතුමා ජනාධිපති වගේ හැම අමාත්‍යාංශයකම දේවල් සොයමින් ඉන්නවා. ගං වතුර සමග තවත් වසංගත ඇතිවිය හැකියි.ගම්පහ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය:- යෝජනාව ස්ථිර කරනවා. කරාපිටිය, කඹුරුගමුව දකුණු පළාතේ රෝහල් රැසක උණ රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. වසංගත රෝග අංශයේ ප්‍රධානියා වසංගත රෝග ගැන කිසිම පලපුරුද්දක් නැති කෙනෙක්. අපි සෞඛ්‍ය දර්ශකවලින් ලෝකයේ ඉදිරියට ගියේ විශේෂඥ වෛද්‍යවරු අවශ්‍ය සුදුසු තැන්වලට පත් කළ නිසයි.අද රෝග වැළැක්වීමේ අංශය කඩා වැටිලා. පවුල් සෞඛ්‍ය අංශයේ ප්රධානියාත් ඊට නොගැලපෙන පරිපාලන සේවයේ විශේෂඥ වෛද්‍යවරයෙක්.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:-අපි ආසියාවේ ඉහළ සෞඛ්‍ය මට්ටමක් හිමි රටක්. මෙවැනි වසංගත පාලනයට රජය සියලු පහසුකම් ලබාදී තිබෙනවා.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා (එජනිස):- මේ රෝගය ජාතික මට්ටමින් පැතිර යා හැකියි. බෝ වෙන රෝග මර්දනය කිරීමේ ජාත්‍යන්තර ක්‍රම හුවමාරු කර ගැනීමත් වැදගත් වෙනවා.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි:-දරුවන් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා. නමුත් මේ වන විට රෝගීන් ප්‍රමාණය අඩුවෙලා.ගාල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී චන්දිම වීරක්කොඩි:-කුඩා දරුවන් අට දෙනෙකුට අත්වූ ඉරණම කනගාටුදායකයි. මෙම තත්ත්වය පාලනයට කටයුතු කිරීම ගැන කරාපිටිය ඇතුළු රෝහල්වල වෛද්‍යවරුන්ට ස්තුති වන්ත වෙනවා. රෝහල්වල ඖෂධ හිඟයක් තිබියදීයි ඔවුන් කටයුතු කළේ.වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා:- ඉන්ෆ්ලුවන්සා වෛරසය වසරකට දෙවරක් පැතිරෙනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 19 ක් පිහිටුවා ඒ ගැන අධ්‍යයනය කරනවා. රෝගය පැතිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගත් බවට සහතිකයක් දෙනවා.මෙය පාසල්වලින් පැතිරීමේ අවදානම වැඩියි. මහජනතාවගේ සහය නැතිව පාලනය කරන්න බැහැ. වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වසංගත රෝග අංශයේ 2011 වසරේ සිට කටයුතු කළා. විදේශගතවී ඇය නැවත ආවත් රාජ්‍ය සේවා කොමිසම ඒ තනතුරට වෙනත් අයෙකු පත් කර තිබුණා. අපට එය අවලංගු කරන්න බැහැ. එය අමාත්‍යාංශයේ වරදක් නෙවෙයි. | චැනල් දොස්තරවරු - ටියුෂන් ගුරුවරු - නීතිඥවරු රජයට සත පහක බද්දක් ගෙවන්නේ නෑ | 0 |
hp_train_7799 | (නාලක සංජීව දහනායක, මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල යැපෙන්නන්ට මාසික වැටුප හා විශ්‍රාම වැටුප දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (8) දඹුල්ල නගරයේදී පැවැසීය.තම රජය රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැප වී ක්‍රියාකරන බව ද ඔහු කීය.දඹුල්ල, ගම් උදා ක්‍රීඩාංගණයේදී ඉකුත්දා (8) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව කීය. දඹුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් රැලිය සංවිධානය කර තිබිණි.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීවේය.ත්‍රස්තවාදය අවසන් කර නැවත මේ රටේ ත්රස්තවාදයක් ඇති නොවීමට ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදුවා. ඒ නිසා අපේ කාලයේදී මේ රටේ කිසිම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව අප රටට සංවර්ධන යුගය උදා කළා. නමුත් වත්මන් රජය අප විසින් ක්‍රියාත්මක කළ ආරක්ෂක සැලසුම් ඉවත් කළා. රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාමට විදේශීය රටවල් සමග එක්වී කටයුතු කළා. රණවිරුවන් සිරගත කරලා ඔවුන්ගේ මානසිකත්වය කඩා දැම්මා.විදේශීය බලපෑම්වලට හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවන් වෙනුවෙන් ක්‍රියාකරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දී ක්‍රියා කළේ නැහැ.ජාතීන් අතර අවිස්වාසයක් ඇතිවී ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයක් නිර්මාණය වූයේ රජයේ දුර්වලතාවන් නිසයි.විශේෂයෙන්ම යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් හා යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් හා මාසික වැටුප දිගටම ලබාදීමට අපගේ රජය ක්‍රියා කරනවා.අපි පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. අවුරුදු හතරක් පුරා විද්වතුන්, ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන්ගේ අදහස් ලබාගෙන එය සකස් කළා. එය ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක්. මාගේ ධුර කාලයේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලුම පොරොන්දු ඉටු කරනවා. මහින්ද රාජපක්ෂ රජය කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දුන්නා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දී තිබෙනවා.වත්මන් රජය ගොවියා ගැන අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසා වැවිලිකරුවන්ට ආදායම් නැති වෙලා.අපගේ රජයක් යටතේදී රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමට ගොවියාට නොමිලයේ පොහොර සහනාධාරය ලබා දෙනවා. එමෙන්ම සියලුම ගොවි ණය කපා හරිනවා. ගොවි රක්ෂණය හා ගොවි විශ්‍රාම වැටුප හඳුන්වා දෙනවා.අඩු වියදමකින් වැඩි ආදායමක් ලබාගැනීමට හැකි බීජ වර්ග ජල කළමනාකරණය හා නව තාක්ෂණය ගොවියාට හඳුන්වා දෙනවා.දඹුල්ලේ වැඩිපුරම ඉන්නේ ලූනු ගොවීන්. වත්මන් රජය පිටරටින් ලූනු ගෙන්වීම නිසා දැන් ගොවීන් ලූනු වගාකරන්නේ නැහැ. නමුත් අපගේ රජය වීවලට මෙන්ම අල හා ලූනු අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙනවා.ගොවියා ව්‍යවසායකයකු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. කොමඩුවලින් පැණි හදන්න, තක්කාලිවලින් සෝස් හදන්න ගොවීන් පොළඹවනවා. මේ මඟින් අප බලාපොරොත්තු වන්නේ දේශීය ගොවියා නගාසිටුවීමටයි.පිටරටින් බාල තේ, කුරුඳු, ගම්මිරිස් මෙරටට ගෙන්වා නැවත ප්‍රති අපනයනය කිරීම නිසා එම වගාවන් කඩා වැටිලා. ඒවා නතර කරනවා. ගුණාත්මක හා උසස් අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් බලයට පත් වූ මුල් වසරේ සිටම දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.දීර්ඝකාලීන අධ්‍යාපන සැලසුම් අනුව 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වාත් දරුවන්ට වෘත්තීය දැනුමක් ලබාදෙනවා. විශේෂයෙන්ම එම ශ්‍රේණිවල දරුවන්ට ඉංග්‍රීසි හා ගණිතය දැනුම ලබාදෙන්නටත් ක්‍රියා කරනවා. කෙටි කාලීන සැලසුම් අනුව උසස් පෙළ සමත් සෑම දරුවකුටම විශ්වවිද්‍යාල උපාධිය ලබාගත හැකි ක්රමයන් සකසනවා.කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට තොරතුරු තාක්ෂණය මූලික කරගත් පාඨමාලා හඳුන්වා දෙනවා. ඒ අනුව ඉතාම කෙටි කාලයකින් ඔවුන්ට හොඳ රැකියා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම කලා අංශය සඳහාත් තොරතුරු තාක්ෂණය විෂයන් හඳුන්වා දෙනවා.ඉන්දියාවේ සිට චීනය දක්වා විශාල මධ්‍යම පාංතියක් සිටිනවා. අද ලෝකය පුරාම සංචාරය කරන්නේ ඔවුන්. ඔවුන්ව අප රටට ගෙන්වා ගැනීමට අප පහසුකම් සලසනවා. සංචාරකයන් ලක්ෂ හතක් මෙරටට ගෙන්වා ඉතාම කෙටි කලකින් ඇමරිකානු ඩොලර් බිලියන හතක ආදායමක් ලබා ගැනීමට අප අදහස් කරනවා.සමෘද්ධිය ලබන ආබාධිත අයට හා දුප්පත් අයට නොමිලයේ පෝෂණ මල්ලක් ලබාදෙනවා. ජලය හා විදුලියට පනවා තිබෙන බදු අඩු කරලා අනෙකුත් ක්ෂේත්රවලටත් සහන ලබාදෙනවා.එමෙන්ම රාජ්‍ය සේවයේ ඇබෑර්තු පුරවනවා. ඊට අමතරව නිපුණත්වයක් අවශ්‍ය නොවන රජයේ රැකියාවන් සඳහා දුප්පත් පවුල්වල සාමාජිකයන් බඳවා ගන්නවා.රට සංවර්ධනය කරන්නත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ආර්ථිකය ගොඩනැගීමටත් අපට පැහැදිලි දැක්මක් වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ නිසා ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. මම ඔබ බලාපොරොත්තු වන ආරක්ෂාකාරී රට, ආර්ථික සංවර්ධනයක් රටට ලබාදෙන බව ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.දේශීය ගොවියා සම්පූර්ණයෙන්ම බිමට ඇදලා දැම්මේ මේ ආණ්ඩුවයි. අපගේ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් සුවිශේෂි අවධානයක් යොමු කරනවා. අපේ කාලයේදී මේ රට සහලින් ස්වයංපෝෂිත කළා. ඒක කොච්චරද කියනවා නම් මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කරන තරමට මේ රටේ වී ගබඩා පිරිලා තිබුණා.ගුවන්තොටුපළ වී ගබඩා කළ ලෝකයේ එකම ආණ්ඩුව වත්මන් රනිල් - සජිත් ආණ්ඩුවයි.මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ නඩු පැවරිය හැකි බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. තවම ඒ වාර්තාව එළියට දාලා නැහැ.දඹුල්ල සංවර්ධනය වුණේ අපේ කාලයේදීයි. අපි දඹුල්ලට හැදූ අධිවේගී මාර්ගය අද නතර වෙලා. අපි සිටියා නම් ඒ මාර්ගය දඹුල්ල පහුකරලා මේ වෙනකොට පොලොන්නරුව පැත්තට ගිහිල්ලා.රට පාවාදෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් කරන බව ආණ්ඩුව කියනවා. ඒ ගිවිසුම අත්සන් කළොත් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික කොරිඩෝවක් හැදෙනවා. අපේ රටේ ඉඩම්වල අයිතිය පිටරටට යනවා. ජනාධිපතිවරණයක් පැවැත්වෙන පසුබිමකදී හා මහා මැතිවරණයට මාස තුනක් තියෙන වෙලාවකදී අත්සන් කරන ගිවිසුම් අපි පිළිගන්නේ නැහැ.මේ මොහොතේදී මොන දේශපාලන කඳවුරේ හිටියත් තමන් ගැන නෙවෙයි රට ගැන හිතල කතා කරන්න ජනතාව සූදානම්. වසන්ත සේනානායක ඇමැතිතුමා අපේ වේදිකාවට ආවා. තවත් කට්ටිය මඟ එනවා. ඒ සාකච්ඡා පැවැත්වෙනවා යැයිද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.රට, ජාතිය, ආගම බේරාගත හැකි අන්තවාදීන්ට ඉඩ නොදෙන නායකත්වයක් මේ මව්පොළොව ඉල්ලනවා. කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගත හැකි නායකත්වයේ පිපාසාවකින් මව්පොළොව පෙළෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂට පමණයි.පරාජය පෙනි පෙනී සජිත්ලා ගෝඨාභයට මඩ ගහනවා. හෙට අනිද්දාට සහරාන්ගේ බිරිඳ මාධ්‍ය ඉදිරියට ගෙනත් සහරාන් හා ගෝඨාභය අතර සම්බන්ධකමක් තිබූ බව ප්‍රකාශ කරවීමට උත්සාහ ගන්නවා. රාජිත, මංගල, සහරාන්ගේ නෝනා කොළඹට ගෙනත් මාධ්‍ය හමුවට ඇය සූදානම් කරවනවා.පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය පිළිගෙන ඉවරයි. රාජිත, චම්පික ඇතුළු මැති ඇමැතිවරුන් දැනටමත් අමාත්‍යංශවල බඩු භාණ්ඩ අයින් කරනවා.තමන් ජනාධිපති වී පිරිසුදු ආණ්ඩුවක් හදන බව සජිත් කියනවා. බැඳුම්කර හොරු, අන්තවාදීන්, කැලෑ හොරුන් ඔක්කොම ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉරහඳ හැරුණුකොට අනිත් සේරම දෙන්න පොරොන්දු වෙනවා. ප්‍රබල ඇමැතිවරයෙක්ව සිට කිසිම වැඩක් නොකළ කෙනෙක් ජනාධිපති වී වැඩ කරන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප.) අතුරලියේ රතන හිමියෝ මෙසේ පැවැසූහ.රට භයානක අර්බුදයකට මුහුණ දී සිටිනවා. 2015 දී අප ජනාධිපති තනතුරට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කළත් ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. මේ ආණ්ඩුව ඉදිරි දින කිහිපයේදී මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරලා රටට කළ හැකි ලොකුම හතුරුකම කරන්න සූදානම් වෙනවා.මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේ පැවැසීය.මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර හදන්න අපි හුඟාක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් ලේ, කඳුළු, දහඩිය හෙළන්න වුණා. අද ඒ කඳවුරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්නව දැක්කම මට හුඟක් සතුටුයි.දඹුල්ලේ දරුවන්ට ටැබ්, තට්ටු ගොඩනැගිලි දෙන්න කලින් ගණිත, විද්‍යා, ඉංග්‍රීසි ගුරුවරු දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. එමෙන්ම දඹුල්ලේ ගොවි ජනතාව වෙනුවෙන් නියමිත වෙලාවට වතුර ටික, බීජ, අස්වැන්නට නියමිත මිලක් ලබා දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. ඔබගේ රජයක් යටතේ මේ කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා යැයිද ඔහු කීය.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. | “තරුණයන්ට තාක්ෂණික, කාර්මික පුහුණුව දී රැකියා ප්රශ්නය විසඳනවා“ | 0 |
hp_train_7800 | බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වන බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක, සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 19/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32258560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව32258570සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ30269570වැසි ස්වල්පයක්ගාල්ල28269080වැසි ස්වල්පයක්යාපනය32278570ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28219065වැසි ස්වල්පයක්නුවරඑළිය20139575වැසි ස්වල්පයක්රත්නපුරය31239075වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය33258060සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමන්නාරම30278575වැසි ස්වල්පයක් | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |