id
stringlengths 13
13
| news_content
stringlengths 120
24.3k
| headline
stringlengths 10
171
| is_headline
int64 0
1
|
---|---|---|---|
hp_train_2201 | (අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, ගම්පහ තිලකරත්න දිසානායක, උඩුගම්පොල එල්.ඩබ්ලිව්. ආරියරත්න, කිරිඳිවැල උපාලි රණවීර සහ දෙහිවල එච්.එම්. ධර්මපාල)“ජනපතිගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වා කරන සියලු නාස්තිකාර වියදම් සම්පූර්ණයෙන්ම කපා හැර ‘සජිත් සමාජ විප්ලවය’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් හැම පොරොන්දුවක්ම අකුරක් - අකුරක් නෑර ඉටු කරන බව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා 2019 ප්රචාරක ව්‍යාපාරය සමාප්ත කරමින් පැවැසීය.සරල බදු ප්‍රතිපත්තිය නිර්මාණය කර මධ්‍යම පන්තියේ අසහනය සම්පූර්ණයෙන්ම අවසන් කරන අතරම ජනතාව මත පීඩනය කිසිලෙසකින් වත් ඇති නොකරන පාලනය ජනාධිපතිවරණ ප්‍රතිඵලත් සමගම මෙරට බිහි වෙතැයිද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා රැලි අමතා ප්‍රකාශ කළේය.“ඇමෙරිකාවේ - එංගලන්තයේ ඉගෙන ගත්තද මගේ මාතෘ භූමියේ පුරවැසිභව අහිමි කර ගත්තේ නැහැ. මම සීයට සීයක්ම ශ්‍රී ලංකිකයි. රට අතහැර පලා නොයන, ඔර්ජනල් ශ්‍රී ලාංකිකයා මම” යැයිද, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවැසීය.දේශපාලකයන් දුක් විඳින සහ ජනතාව සැප විඳින පාලනය අරඹන බව කී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය මුදල් යනු ජනපතිගේ හෝ අගමැතිගේ හෝ සල්ලි නොව ජනතාවගේ සහ රටේ සම්පත් බව සිහි තබාගෙන රාජ්‍ය පාලනය ගෙන යතැයිද අවධාරණය කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් ගල්ගමුව, ආනමඩුව, මීගමුව, කඩවත, පූගොඩ, දෙහිවල, මොරටුව, පොළොන්නරුව, අනුරාධපුරය, කුලියාපිටිය, මාතලේ, මහනුවර, මොනරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල, කළුතර සහ මැද කොළඹ යන අවසන් ජනරැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.“ගම්පහ දුම්රිය ස්ථානය වැඩි ජනගහනයක් සිටින දුම්රිය ස්ථානය බව කිව යුතුයි. ඒ දුම්රිය ස්ථානය ප්‍රදේශයේ මගීන්ගේ පහසුව වෙනුවෙන් කඩිනම් සංවර්ධනයකට ලක්කරනවා. 16 වැනිදා ජයග්රහණයෙන් පසු දුම්රිය ස්ථානය ක්ෂණික සංවර්ධනයකට ලක්කිරීම මගේ අරමුණයි.ගම්පහ රෝහල ලංකාවේ ප්‍රධානම රෝහලක් බවට පත් කර භෞතික සහ මානව සම්පත් දීමට ද කටයුතු කරනවා. මා ජනාධිපති වී පැය 48ක් ඇතුළත ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමටද කටයුතු කරනවා.දෑත් පිරිසුදු හොඳ තීන්දු තීරණ ගන්නා ජනතා රජයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය යි. ජනතාවට දැනෙන, ජනතා සේවයක් කරන රජයක් අපට අවශ්‍යයි. ඒ පාලනය තුළ මනුස්සකමට මුල් තැන දිය යුතුයි. මනුස්ස වර්ගයාගේ ඕනෑ එපාකම්වලට විසඳුම් දෙන පාලනයක් බිහි කළ යුතුයි.16 වැනිදා බිහි කරන නව පාලනය තුළ මෙතෙක් කල් පැවති ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක් වෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණ ජයග්රහණයෙන් පසු පාලකයන් රජ වන තත්ත්ව පසුගිය සමයේ ක්‍රියාත්මක වුණා. දේශපාලකයන් සුර සැප ලැබුවා. මහජන සම්පත්වලින් පාලකයන් ඉහළ වරප්‍රසාද වින්දා.මම පිහිටුවන රජය තුළ දේශපාලකයන්ට දුක් විඳින්න වෙනවා. දුෂ්කර ක්‍රියා කරන්න වෙනවා. සජිත් ප්‍රේමදාස ජනපති වීමත් සමග දේශපාලකයන් සුර සැප වින්ද යුගය අනිවාර්යෙන්ම අවසන් වෙනවා.මගේ දේශපාලන ගමන තුළ උපරිමයෙන් ම දුක් විඳිනවා. උපරිම කැප කිරීම් කරනවා. රාජ්‍ය පාලනය යනු ස්ථිර දෙයක් නොව තාවකාලික භාරකාරත්වය පමණයි. මෙය වසර පහෙන් පහට අලුත් වෙනවා. එලෙස වන්නේ ජනතා අභිලාෂය අනුවයි. රාජ්‍ය මුදල් යනු ජනපතිගේ - අගමැතිගේ හෝ මැති - ඇමති ඇමතිවරුන්ගේ හෝ මුදල් නොවෙයි. ඒ ජනතාවගේ මෙන්ම රටේ ද සම්පත් බව සිහි තබාගත යුතුයි.වඩා වැදගත් වන්නේ වෙඩි නොවදින වාහනය ද දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමද කියා පාලකයා තේරුම් ගත යුතුයි. මා වැටුප් දීමනා නොලබන ජනාධිපතිවරයකු බවට පත් වෙනවා.එමෙන්ම මා රජයේ නිල නිවාස භාවිත කරන්නේ ද නැහැ. රට පුරා ගොස් මහජන සේවය කරන්න මට ජනාධිපති මාලිගා අවශ්‍ය නැහැ. ජනතා මුදලින් නඩත්තුවන සියල්ල පරිහරණය කළ යුත්තේ රටට සේවයක් වන ආකාරයටයි.ජනපති - අගමැති ප්රමුඛ සියලුම මහජන නියෝජිතයන් සඳහා තීරු බදු රහිත වාහන පර්මිට් දීම අත්හිටුවනවා නොව අහෝසි කරන බව මෙහිදී අවධාරණය කරනවා. පාර්ලිමේන්තු නීතියෙන්ම එය අහෝසි කරනවා. කාට හෝ නැවත වාහන පර්මිට් දිය යුතු නම් රටේ නීතිය වෙනස් කරන්න වෙනවා.රට ගැන සිතා මගේ ගමන ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. රටට අවශ්‍ය වන්නේ දැනුම් කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ජන සමාජය බුද්ධිමතුන්ගෙන් පිරුණු සමාජයක් බවට පත් කිරීම මගේ අරමුණයි. ඒ සඳහා පාසල් දරුවන්වත් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට යොමු කළ යුතුයි. පාසල් දරුවන් සඳහා වැඩි සහන දීමට මා අරමුණු කළේ ඒ නිසයි.මේ සහන දෙන්නේ දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහායි. බුද්ධිමතුන්ගේ ජන සමාජය නිර්මාණය කිරීම සඳහායි.දුප්පත්කම ගැන හැමදාම මැතිවරණ වේදිකාවල කතා කරනවා. ග්‍රාමීය දුප්පත්කම පමණක් නොව නාගරික දුප්පත්කමත් දිනෙන් දින විශාල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබෙනවා. හතර දෙනෙකු සිටින පවුලක් නඩත්තු කිරීම සඳහා 55,000 අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. අප සහන දෙන්නේ ජනතාව හැම හැමදාම දුප්පත්කම තුළ රඳවා ගන්න නොව ජනතාව දුප්පත්කමින් මුදවා ගන්නයි.දැනට තිබෙන අවුල් - වියවුල් බදු ප්‍රතිපත්තිය නිසා රටේ මධ්‍යම පන්තිය අසහනයට පත් වී සිටිනවා. සරල බදු ප්‍රතිපත්තියක් මා නිර්මාණය කරනවා. ජනතාව මත පීඩනය ඇති කරන ආණ්ඩුව වන්න බලාපොරොත්තු වන්නේ නැහැ.මගේ පියාගේ පාලන සමයේදී සෑම විටම උත්සාහ කළේ ජීවන බර අඩු කරන්නයි. රටක් පවතින්න නම් මනුෂ්‍යයන් ජීවත්ව සිටිය යුතුයි. වර්ධන වේගය උද්ධමනය ආදී ඉතා බරපතළ වචන දේශපාලකයන් විසින් පාවිච්චි කරනවා. මොන වචන පාවිච්චි කළත් පොදු ජනතාව සතුටින් ජීවත් විය යුතුයි. ජනතාවට ආත්ම තෘප්තිය තිබිය යුතුයි.පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ කෘෂිකර්මාන්තය ක්‍රියාත්මකයි. කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ මෙරට ඉතිහාසයේ කිසිදු නායකයකු ක්‍රියාත්මක නොකරපු ඓතිහාසික විප්ලවයක් කරන්න මා සූදානම්. රටේ ජාතික ආහාර නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමකට ගෙනෙනවා. රටේ අවශ්‍යතාවට පමණක් සීමා නොවී අපේ බව භෝග අපනයනය කරන්නත් ජාතික සැලැස්ම හදනවා.වී වගාව, එළවළු, පළතුරු බව භෝග වගාව, හේන් වගාව, තේ - පොල් - රබර් වගාව, කුරුඳු - ගම්මිරිස් - කරාඹු නැටි වැනි සුළු අපනයන භෝග වගාව යන සෑම වගාවකටම ඉතිහාසයේ පළමු වතාවට නොමිලේ පොහොර දෙනවා.වල් අලි - මිනිස් ගැටුමට ස්ථිර විසඳුම දෙනවා. කරදිය - මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනඟනවා පමණක් නොව සහනාධාර ක්‍රමවේදයට උපකරණ මෙවලම් දෙන්න කටයුතු කරනවා. ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කරනවා. සංස්කෘතික ක්ෂේත්රය පදනම් කර ගත් සංස්කෘතික සංචාරක කර්මාන්තය මා ගොඩ නඟනවා.පුත්තලම හරහා අනුරාධපුර දක්වා යන අධිවේගී මාර්ගය ද නිර්මාණය කරනවා. මහව සිට ශාන්ත ආනා දේවස්ථානය දක්වා වූ දුම්රිය මාර්ගයද පුළුල් කරනවා.දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පළමු මාස 5 තුළ වන්දි ගෙවා අවසන් කරනවා. පුත්තලමට කොඩිවිනයක් වෙලා තිබෙන කුණු ප්රශ්නය සජිත් ප්‍රේමදාස අතට ගෙන පුත්තලම ජනතාව අසහනයට පීඩාවට ලක්කරනවා වෙනුවට කුණු ප්‍රශ්නයට ස්ථිර විසඳුම දෙනවා.දහසය වැනිදා ජනතාව පොදුජන යුගය ආරම්භ කරනවිට පාසල් දූ දරුවන් 44 ලක්ෂයට මා ආයෝමය ශක්තිය වෙනවා. මගේ පියා තමයි, දිවා ආහාර හා නිල ඇඳුම දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ කල්ලිය දිවා ආහාරය කපා හැරියා. ලබන 16 වැනිදා ජනතාව මා ජනාධිපති කළ පසු රටේම පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි. දිවා ආහාරයයි. සපත්තු කුට්ටමයි දෙනවා. යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ ගම්පහ සංවිධායක මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්වරු ද කතා කළහ. | “හංසයාගේ සෙවණ සමස්ත ජනතාවටම හිමිවෙනවා “ | 0 |
hp_train_2202 | (ඉන්දිකා රාමනායක)රුපියල් කෝටි 2 ට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරකඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකි.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් කිලෝ ග්‍රෑම් 1 යි, ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් තිබී ඇත.මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව මොහු අත්අඩංගුවට ගැණිනි. | ලක්ෂ 233ක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට | 0 |
hp_train_2203 | (ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)බෙදුම්වාදී දොළ පිදේනිය සමග සම්බන්ධ නොවී එය තීරණාත්මකව පරාජය කිරීමට ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවලින් හා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (9) පිටකෝට්ටේ දී පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විරවංශ මහතා මේ බව පැවසූ අතර එහි දී ඔහු මෙසේ ද පැවසීය.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න ආණ්ඩුවට ජනවරමක් නැහැ කියලා මහා සංඝරත්නය ඉදිරිපත් කළ සංඝ විධානය පිළිබඳව අද විවිධ කතා බහ ඇති වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව හදන්න උදේ පාන්දරම නැගිටලා වැඩකරපු රතන හාමුදුරුවොත් කියනවා නව ව්‍යාවස්ථාවක් හදන්න ආණ්ඩුවට ජනවරමක් නැහැ කියලා. එහෙම කියද්දි රතු අලිපැටියා කියනවා ආණඩුවට ජනවරමක් තිබෙනවා. මහානායක හිමිවරුන්ට තමන්ගේ අදහස දක්වන්න අයිතියක් තිබෙනවා. නමුත් ආණුඩුව වැඩ කළ යුත්තේ ජනවරමට අනුව කියලයි.හරිම පුදුමයි ජනතා විමුක්ති පෙරමුණේ මේ වෙනස. ඉස්සර ජවිපෙ තමයි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනකොට මුලින්ම ඒකට විරුද්ධව පාරට බැස්සේ. දැන් ඒ අය ෆෙඩරල් ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටිනවා.ජනාධිපතිවරයා බලය ඉල්ලා සිටි ප්‍රතිපත්ති ප්රකාශනයේ එහෙම ජනවරමක් ඉල්ලා නැහැ. සමහර විට එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයට ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනයේ එවැනි දෙයක් ඇති. නමුත් ඔවුන්ට එකසිය දහතුනක් ලැබිලා නැහැ. ඒ නිසා ඒ අයටත් ජනවරමක් ලැබිලා නැහැ.සමහරු කියනවා දරුවා බිහිවෙන්න කලින් දරුවාගේ කේන්දර කියනවා කියලා. එහෙම නැහැ. මේ දරුවා තාම ඇවිදින්න පටන් අරන් නැතිවෙන්න පුලුවන්. නමුත් ඉපදිලා ඉන්නේ. මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තාව කියලා අගමැතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මේකේ සාමාජිකයෝ දෙන්නෙක්ම කියනවා මේ වාර්තාවේ තිබෙන්නේ මෙහෙයුම් කමිටුවේ කතා කරපුවා නෙවෙයි කියලා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මහතාත් ප්‍රසන්න රණතුංග මහතාත් මේ කමිටුවට සහභාගී වුණා. ඔවුන් මේ පිළිබඳව මෙහෙයුම් මණ්ඩලයේ සභාපතිට ලිපියක් නිකුත් කර තිබෙනවා. ඒ වගේම අකුකමිටු වාර්තා පදනම් කරගෙන ප්‍රධාන අතුරු වාර්තාව සකස් කළ යුතු වුවත් අගමැතිවරයා තනිව කෙටුම්පතක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ උපලේඛනයක් ගැන සඳහන් වුණත් එවැනි උපලේඛනයක් නැති බවද මෙහෙයුම් කමිටුවත් නොදන්නා, කාටවත් පෙන්වා නැති උපලේඛනය මොකක්ද? එහි අඩංගු වන්නේ මොනවාද කියලා නොදැන මේ කමිටුවල ඉදිරියට වැඩ කරන්නේ කෙසේද?මහානායක හිමිවරුන් ඉල්ලා සිටිනවා ව්‍යවස්ථාවේ ඒකීය භාවය කියන වචනය ඉවත් කරන්න එපා කියලා. ඒ වගේම බුදුදහමට හිමි තැන නැති කරන්න එපා කියලා. සුද්දා මේ රට පාලනය කරන කාලයේ පවා බුදුදහම ආරක්ෂා කරන බවට පොරොන්දු වුණා. දැන් මේ කළු සුද්දන්ට ඒක කරන්න බැරි ඇයි? රටේ නායකයා මහානායක හිමිවරුන් හමුවී සාකච්ඡා පවත්වනකොට ආණ්ඩුව තමන්ගේ බල්ලෝ ටික ලෙහා දාලා මහානායක හිමිවරුන්ට එරෙහිව බුරවන්න පටන් අරන්. ත්‍රාඩ ප්‍රතිචාර දැක්වීමකට පෙළඹී තිබෙනවා. මේ රට බෙද්ධ සංස්කෘතියක් සහිත රටක්. අපේ රජවරු පවා මහා සංඝරත්නයට ඇහුම් කන් දුන්නා. මේ විදිහට අපහාස කළේ නැහැ. අද මේ පොළොවට මුල් ඇදලා නැති නායකයෝ කරන මේ කාර්යය වහා නවත්වන්න. දැන් සඳහිරු සෑය හදපු එකේ වැරැද්ද ගැන කතා කරනවා. ඒ පාපය නැති කරන්න හිටපු ජනාධිපතිතුමාට ඉරටු තිබෙන කොස්සකින් මහමළු අතුගාන්නලු. එතුමාට ඒක කොහොම හරි කරන්න බැරියෑ. ඒත් මේ කතා කියන්නේ මේ රටේ හැම තැනම ටයර් සෑයවල් හදපු අය. ඒ සෑයවල් හදපු එකේ පාපය ඉරටු කොස්සකින් අතුගාලා දුරු කරන්න බෑ.බුදුදහමට හිමි තැන වෙනස් කරන්නේ නැත්නම් බුදුදහමට ප්රමුඛත්සථානය දෙන බව කියමින් තවත් විකල්ප හතක් යෝජනා කර තිබෙන්නේ ඇයි? දළදාව හිමිකරගත් අයට තමයි එදා රටේ නායකත්වය හිමිවුණේ. ඒ ඉතිහාසය මත තමයි අදත් මේ රට ගමන් කරන්නේ. ඒ ඉතිහාසය වෙනස් කරන්න කාටවත් බැහැ. කාටවත් මේක දිරවන්නේ නැහැ කියලා ඒ අයට අවශ්‍ය විදිහට මේවා වෙනස් කරන්න දෙන්න බැහැ. මෙහෙයුම් කමිටුව සිටිය දී එළියේ ඉන්න කණ්ඩායමක් අතුරු වාර්තා සකස් කරන්නේ නම් මොකට ද එවැනි තැනක තවත් ඉන්නේ? ඒ නිසා මේ අනුකමිටුවලිනුත්, මෙහෙයුම් මණ්ඩලයෙනුත් ඉවත් වෙන්න කියලා අපි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ජාතික නිදහස් පෙරමුණේ එකම මන්ත්‍රීවරයෙක්වත් මේ කමිටුවල නැහැ. අපි මේවාට සම්බන්ධ වෙන්නේ නෑ කියලා මුල සිටම හිටියා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් බවටත් අපි පත් වන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්වන්නේ නැහැ. දැන් අපි ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ ඉල්ලිම ඉදිරිපත් කර තිබෙනවා. තවදුරටත් මේ බෙදුම්වාදී දොළපිදේනිය සමග සම්බන්ධ නොවී එය තීරණාත්මකව පරාජය කිරීමට කටයුතු කරන්න කියා.මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහතා ද සහභාගී විය. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට වීරවංශ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප්රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කියනවා මීළග මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දෙන්නේ නෑ කියලා.පිළිතුර - එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. ඉල්ලන්නේ නැති දෙයක් දෙන්නේ නෑ කියලා කියනවා. කිසිම තේරුමක් නැති කතාවක්.ප්රශ්නය - ඔබතුමන්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ ඉල්ලීම මීට පෙර කර තිබෙනවාද?පිළිතුර - අපි මේක අවස්ථා කීපයකදී කතා කර තිබෙනවා. පක්ෂ නායකයින් සමග මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන කතා කළාම පක්ෂ තුනක නායකයෝ තවත් ටික කලක් ඉමු කියලා අදහස් දැක්වුවා. මහින්ද රාජපක්ෂ මහතා මේ තීරණය ඒකමතිකව ගන්න අදහස් කරන නිසා තමයි තවම පක්ෂයක් හැටියට මේ තීරණය ඇවිත් නැත්තේ.ප්රශ්නය - මේ පක්ෂ තුන පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ද?පිළිතුර - එක් පක්ෂයක් පාර්ලිමේන්තුවේ නැහැ. දෙකක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.ප්රශ්නය - ආණ්ඩුව යළිත් වතාවක් ඇමතිවරුන්ට වාහන ගන්න ලක්ෂ දෙදාහක් වෙන්කරගන්න පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා.පිළිතුර - මම ඒ වෙලාවේ හිටියේ නැහැ. නමුත් සාමසර කන්ද නායයාමෙන් විපතට පත් ජනතාව, සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතාව තවමත් ඉන්න තැනක් නැතිව දුක් විඳිනවා. වන්දි නැතිව දුක් විඳිනවා. එහෙම තියෙද්දී තමයි මේ විදිහට අමැතිවරුන්ට වාහන ගන්න මිලියන ගණනින් මුදල් වෙන්කරන්නේ. අද පොල් පවා පිටරටින් ගේන තත්ත්වයක් ඇති වෙලා. කලින් ආණ්ඩුවත් පොල් ගේන්න හැදුවා. නමුත් එයින් සිදුවිය හැකි හානිය අපි පෙන්වා දුන් පසු ඒක නැවැත්තුවා. දැන් මේ ආණ්ඩුව පොල් ගෙන්වනවා. මෙයින් අපේ තිබෙන වගාවටත් හානිකර උපද්‍රව එන්න පුලුවන්.ප්රශ්නය - උමාඔය ප්රශ්නය ගැන මොකද හිතන්නේ?පිළිතුර - මේක කරගෙන ආපු වැඩ කොටස නවත්තලා බොහොම කලක් නිකම් තිබුණා. ඒකෙන් තමයි මේ අනතුර වැඩිවුණේ. මේක අවශ්‍ය ව්‍යාපෘතියක්. වෙල්ලස්ස අස්වද්දන්න පුලුවන් මේ ව්‍යෘපෘතිය නැති කරනවා වෙනුවට මේ විෂය පිළිබඳ දැනුමක් ඇති විශේෂඥයන්ගෙන් යුත් කමිටුවකින් පර්යේෂණ වාර්තාවක් සකස් කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි කියන අදහසේ තමයි අපි ඉන්නේ. | බෙදුම්වාදී දොළපිදේනිය තීරණාත්මකව පරදවන්න ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඉවත්වෙන්න | 1 |
hp_train_2204 | (නිමල කොඩිතුවක්කු)ජාතික ගුවන් සේවය වන ශ්‍රි ලංකන් ගුවන් සමාගම අපේ‍්‍රල්(01) වැනිදා සිට එයාර් සීෂෙල්ස් ගුවන් සමාගම සමග විශේෂ ගුවන් සබඳතා ගිවිසුමක් වෙත එළැඹ ඇත. මෙම නව ගිවිසුම මගින් ගුවන් මාර්ග ජාලය වැඩිදියුණුකර ගුවන් සමාගම් දෙකෙහිම ගුවන් මගීන්ට සංචාරක අවස්ථා රැසක් සුව පහසු ආකාරයෙන් ලබාදීමට ගුවන් සමාගම අපේක්ෂා කරනු ලබයි.මේ සමඟ ශ්‍රි ලංකන් ගුවන් මගීන්ට සීෂෙල්ස් හරහා දකුණු අප්‍රිකාව, මොරිෂස් සහ මැඩගස්කරය ඇතුළු නව ගමනාන්ත තුනක් සඳහා ගුවන් පහසුකම් සැලසෙනු ඇති බව ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේය.ඊට සමගාමීව එයාර් සීෂෙල්ස්හි පාරිභෝගිකයින්ට ශ්‍රි ලංකන් ගුවන් සේවය හරහා ඉන්දියාව සහ ඈත පෙරදිග ගමනාන්ත වෙත ගමන් කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.ශ්‍රි ලංකන් ගුවන් සමාගම රටවල් 47 ක ගමනාන්ත 105 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. මෙයට අමතරව වන්වර්ල්ඞ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඞ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රි ලංකන් ගුවන් මගීන්ට හිමිවේ. | කොළඹ චොංකින් ගුවනින් එක් වේ | 0 |
hp_train_2205 | (ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ, කිංකෝරා කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (05) පස්වරු 02.00 ට පමණ එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 11 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ. තුවාල ලැබූවන් අතර වතු කම්කරු ගැබිණි කාන්තාවක් සමග කාන්තාවන් 08 දෙනෙක් හා පිරිමි කම්කරුවන් 03 දෙනෙක් සිටින බවත්, ගැබිණි කාන්තාව සහ තවත් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය දිස්ත්‍රික් රෝහල වෙත යැවූ බවත් මස්කෙලිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ. තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව රෝහල් ගතකර සිටින තුවාලකරුවන් පැවසූහ. | බඹරු ඇන 11 රෝහලේ | 1 |
hp_train_2206 | (පැතුම් දර්ශන) එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර තියුණු තරඟයක් නිර්මාණය වී ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අතර මෙම තරඟය පවතින බවද ඒ වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමට ඔවුන් දැඩි උත්සාහයක නිරතවන බවද වැඩිදුරටත් අනාවරණය වෙයි. හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ වර්තමාන සභාපතිවරයා ලෙස චාරික උදයංග විජෙරත්න මහතා කටයුතු කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාසයෙන් තේරී පත්විය. 2018 වසරේ අප්‍රේල් 8 වනදා සිට මේ දක්වා ඔහු සිය තනතුර හොබවනු ලබයි.ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළ අතර එහිදී ඔවුන්ට මන්ත්‍රී ධූර 8ක් හිමිවිය. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 7ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීධුර 4ක් සහ එක් ස්වාධීන මන්ත්‍රීධූරයක් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවට හිමිවිය.පසුව සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී වර්තමාන සභාපති චාරික උදයංග විජෙරත්න මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහ ස්වාධීන මන්ත්‍රී හිමිනමගේ ඡන්දය හිමිවීමෙන් ඔහු සභාපති ධුරයට පත්විය.මේ වන විට කෙසේ හො වර්තමාන සභාපතිවරයා ඉවත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානතම අරමුණ වී ඇතිමුත්, පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාපතිධූරය ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ගැටලු පැන නැගී ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම තත්වය හමුවේ වත්මන් සභාපතිවරයා 2020 වසර වෙනුවෙන් වන අයවැය කෙටුම්පත ලබන 28 වනදා සභාවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.මේ සම්බන්ධයෙන් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරික උදයංග විජේරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය. "ප්‍රාදේශීය සභා පනත අනුව ඉල්ලා අස්වීමකින් තොරව සභාපතිවරයෙකු වෙනස් කිරීමේ ක්‍රමවේදයක් නෑ. මම ඉදිරියේදී ක්‍රියා කරන්නේ ප්‍රාදේශීය සභා පනත අනුව. එයින් පිට කිසිදු ක්‍රියාමාර්ගයකට මම එකඟ වෙන්නෑ"යැයි සභාපතිවරයා කීය. | ඉමදූව ප්‍රා.සභාවේ ගැටුමක් | 0 |
hp_train_2207 | (නාලක සංජීව දහනායක, අම්පාර වසන්ත චන්ද්‍රපාල, නාමල්ඔය පියසේන වතුදුර, දමන රවී මැදගෙදර, දිගාමඩුල්ල කුමාර සී. ලියනරාච්චි, හිඟුරාන නවරත්න සමරතුංග අම්පාර සිට)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (29) අම්පාරේ දී පැවැසීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්වීම එම ජයග්‍රහණයට විශාල ශක්තියක් සපයන බව ද ඔහු කීය.අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ පෙරේදා (29) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.විපක්ෂනායකවරයා එහි දී මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්කර ගැනීම ගැන මේ ආණ්ඩුව පත්කරගන්න සටන් කළ උදවියත් අද දුක්වෙනවා. අම්පාරට විතරක් නෙමෙයි මුළු රටටම වැඩ කළේ අපේ ආණ්ඩුවයි.යහපාලන ආණ්ඩුව බලයට පත්වුණ දවසේ ඉඳලම රටට මොනවද කළේ. ප්‍රේමදාස යුගය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. පොලිස් නිලධාරීන් 600ක් මරා දැම්මේ එජාප රජය කාලයේයි. අපි ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා.නමුත් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා අද අපි එකිනෙකාට බියෙන් ජීවත් වෙනවා. ඒ තත්ත්වය වෙනස් කරන්න නම් නැවත අපගේ රජයක් බලයට පත්කර ගත යුතුයි.මේ රටේ තත්ත්වය ගැන ජීවන වියදම ගැන මම ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. කන බොන දේවල්වල මිල මට වඩා හොඳට ඔබ දන්නවා. මේ තත්ත්වය වෙනස් කරන්න ප්‍රේමදාස මහත්තයට බැහැ.අපි හදපු සම්පත් විදේශිකයන්ට විකුණා දැමීම හැර මේ ආණ්ඩුව රටට මොනවද කළේ. ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති හැම එකකටම සජිත් ප්‍රේමදාස මහත්තයා අත ඉස්සුවා.තමන් ජනාධිපති වුවහොත් ගොවි ජනතාවට දෙන සහන ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැහැදිලිවම රටට ප්‍රකාශ කර තිබෙනවා. වීවලට ස්ථිර මිලක්, පොහොර සහනාධාරය නොමිලයේ ලබාදීම ගැන ඔහු ප්‍රකාශ කළා.ශ්‍රීලනිප එජාපය සමග එක්වීමත් සමග අපි ශ්‍රීලනිපයෙන් වෙන්වෙලා වෙනම පක්ෂයක් ගොඩනගා ගත්තා. දැන් අපි නැවත එකතුවෙලා තිබෙනවා. ඒ එකතුවීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් සියලුම දෙනා එකතුවී වැඩ කළ යුතු යැයි ද හෙතෙම පැවසීය.ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපගේ රජය යටතේ ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක බළකායට විශාල අභිමානයක් ලබාදුන්නා. ගම්බට්ටා යැයි හැඳින් වූ ආරක්ෂක භටයාට සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙක් වශයෙන් කටයුතු කිරීමට හැකි වාතාවරණය ලබාදුන්නේ අපගේ රජයයි.එදා අපි අභිමානයක් ලබාදුන් රණවිරුවාගේ ගෞරවය වත්මන් රජය කෙළෙසලා දැම්මා. වත්මන් රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. රජය පසුගිය කාලයේ කටයුතු කළේ රණවිරුවාගේ මානසිකත්වය කඩා වැටෙන ආකාරයටයි.අභූත චෝදනා නගමින් රණවිරුවොත් බුද්ධි අංශ නිලධාරියාත් සිරගත කළා. අප යෙදූ ආරක්ෂක විධිවිධාන නොසලකා හැරීම නිසා පාස්කු ඉරු දින බෝම්බ පුපුරා ගියා.විදේශ රාජ්‍යයන්වල අවශ්‍යතාවන් මත කටයුතු කරන වත්මන් රාජ්‍යයට ජාතික ආරක්ෂාවට වගකියන්න බැහැ. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැක්කේ අපගේ රජයකට පමණයි.අපගේ රජය විසින් ආරක්ෂක අංශ වෙත ලබාදුන් හා ලබාදීමට නියමිතව තිබුණ වරප්‍රසාද මෙම රජය අහිමි කළා. නමුත් අපගේ රජයක් යටතේ ආරක්ෂක අංශවලට වරප්‍රසාද ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් අප දැනටමත් සාකච්ඡා කර තිබෙනවා.හමුදාව, පොලිසිය වැඩ කළේ කවුද කියන්න ඔබ දන්නවා. ඔබට වැඩියෙන්ම වරප්‍රසාද ලබාදුන්නේ කවුද කියලා ආරක්ෂක අංශ දන්නවා. ඒ නිසා බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මම කියනවා.අපගේ රජය යටතේ ගොවි ජනතාව නගා සිටුවන්න පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. වගා හානිය ලබාදෙන්නත්, ගොවි ණය කපා හරින්නත් අප කටයුතු කරනව මෙන්ම පොහොර සහනාධාරයත් නොමිලයේම ලබා දෙනවා.ගුණාත්මක බවින් යුතු බීජ නව තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දෙනවා. රට ආහාරයෙන් සුරක්ෂිත කිරීමට එම යෝජනා ඉතාම වැදගත්.සෑම ක්ෂේත්රයක්ම දියුණු කරන්න කටයුතු කරනවා. ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් කරනවා. ඒ වෙනුවෙන් විනිවිධ පෙනෙන බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. ආයෝජන අවස්ථා පුළුල් කරන්නත්, ව්‍යාපාරයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමටත් බදුසහන ලබාදීම හරහා අප බලාපොරොත්තු වෙනවා.උසස් පෙළ සමත් සියලුම දෙනාට විශ්වවිද්‍යාල පහසුකම් ලබාගත හැකි වන පරිදි අධ්‍යාපනය වෙනුවෙන් අප විශාල ආයෝජනයක් කරනවා.මේවා කළ හැක්කේ අභියෝග බාරගත් අයට පමණයි. ත්‍රස්තවාදය නිම කිරීමේ අභියෝගය ජයගත්තාක් මෙන් ජනාධිපතිවරණය ජයගෙන රටට එල්ලවී තිබෙන අභියෝග ජයගැනීමට තමන් සූදානම් යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.ඔබ අපි මරණයේ හෙවණැල්ල මැද ජීවත් වූ යුගය නිම කරලා රටට සාමය උදා කළේ මහින්ද - ගෝඨා සුසංයෝගයයි. ඒ කෘතවේදීත්වය හදවතේ දරාගත් මිනිස්සු ඔබයි.මරණයේ බිය පහකළ රටට නැවතත් මරණයේ සෙවණැලි කැඳවාගෙන ආවේ වත්මන් ආණ්ඩුවයි. සහරාන්ලා ගැන 97 වතාවක් බුද්ධි අංශ දැනුම්දීලත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ පාස්කු ඉරුදින මිනිස් ජීවිත 400 ගණනක් රටට අහිමි වුණා.සහරාන්ලා හැදුවේ ගෝඨාභය බවට දැන් කතාවක් හදලා තියෙනවා. යුද හමුදා නාවික හමුදා බුද්ධි අංශ හිරේ දැම්මේ ගෝඨාභය ද? මෙම ප්‍රහාරය ගැන තමන් නොදැන සිටි බව හිටපු හමුදාපතිවරයා ප්‍රසිද්ධියේ රටට කීවා.ත්‍රස්තවාදය නිමකරන්න සහයෝගය දුන් බුද්ධි අංශ හිරගත කරනවිට සජිත්ගේ කට ඇරුණේ නැහැ. තමන් රණවිරුවන් වෙනුවෙන් හිස දන්දෙන්න වුණත් සූදානම් බව සජිත් කියනවා. ඉතිහාස කතාවට අනුව සිරිසඟබෝ රජ්ජුරුවෝ හිස දන් දුන්නම රජ වුණේ ගෝඨාභය රජ්ජුරුවොයි.මේ රට නැවතත් ආරක්ෂාව සුරක්ෂිත බව ඉල්ලා සිටිනවා. එදා වගේම රටටත්, ජනතාවටත් සුරක්ෂිත බවක් දෙන්න හැකියාව තිබෙන්නේ මහින්ද - ගෝඨා සුසංයෝගයට පමණයි.තමන්ගේ රජය යටතේ ආරක්ෂක අමාත්‍යංශයට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පත් කරන බවට සජිත් කියනවා. හමුදාපති කාලෙදි හමුදා මූලස්ථානයේ දීම එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට මුහුණ දුන්න සරත් ෆොන්සේකාට රට ආරක්ෂා කරන්න බැහැ.පසුගියදා සේරුනුවර දී තීපන් නමැති හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් අත්අඩංගුවට පත් වුණා. මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හතර දෙනෙක් ඝාතනය කරන්න ස්නයිපර් වෙඩික්කරුවන් පුහුණු වන බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවී තිබෙනවා. දැන් ආණ්ඩුව ඒ පරික්ෂණ අඩපණ කර තිබෙනවා.පොලිස් නිලධාරීන්ට බටා දීමනාව දෙනවට අපි විරුද්ධ බව සජිත් කියනවා. අපි විරුද්ධ නැහැ. ඒ දීමනාව හෙට උණත් දෙන්න අපි අත් දෙකම උස්සන්න සූදානම් යැයි ද ඔහු කීය.ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවැසීය.මෙය ආණ්ඩු පෙරලියක් ඇති කරන ජනාධිපතිවරණයක්. ඒ අනුව මෙම ජනාධිපතිවරණයෙන් රටට අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. මේ ආණ්ඩුව ආර්ථික සංවර්ධනය කළේ ඉලක්කම්වලින් පමණයි. අධිරාජ්‍යවාදී රටවල වුවමනාවන් වෙනුවෙන් රට පාලනය කළ වික්‍රමසිංහලා හා ප්‍රේමදාසලා වෙනුවට රටට හිතැති පාලනයක් බිහිකරගත යුතුයි.එජාප අපේක්ෂක ප්‍රේමදාස මහතා අද කවටයෙක් වෙලා. තමන් ජනාධිපති වුවහොත් මාලිගාවල නොසිටින බව ඔහු කියනවා. රටේ ජනාධිපති මාලිගාවක ඉන්නවද, එහෙමත් නැත්නම් මුඩුක්කුවක ඉන්නවද කියන එක රටට ප්‍රශ්නයක් නෙවෙයි. විහිළු කතා කීම නවතා රට සංවර්ධනය කරන ආකාරය ජීවන ප්‍රශ්න විසඳන ආකාරය ගැන ඔහු කියන්නේ නැහැ.නමුත් ගෝඨාභයගේ කතා ඇසෙන විට අපට දීප්තිමත් අනාගතයක පෙර නිමිති පේනවා. ඔහුගේ කතා විද්වත් ස්වරූපයක් ගන්නවා. රට සංවර්ධනය කරන ආකාරය, ජීවන ප්‍රශ්න විසඳන ආකාරය ගැන ඔහු තමන්ගේ දැක්ම රටට හෙළිකරනවා මිස වේදිකාවල නිකරුණේ කතා කරන්නේ නැතැයි ද ඔහු කීය.අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා:අම්පාරේ අපි එදා කුඹුරට ගියේ පාරේ ගියේ මර බයෙන්. ඒ තත්ත්වයෙන් අපි මුදාගෙන නිදහස ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ රජයයි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නා.ලබාදුන් නිදහස වෙනුවෙන් අම්පාරේ අපි ඔබ දෙපළට ණයගැති යැයි ද ඔහු කීය.දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය:ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය නියත ජයග්‍රහණයක් වූයේ ශ්‍රීලනිපයත් එකතුවීම නිසයි. මහින්ද රාජපක්ෂ මහතා 2015 පරාජය වෙලා ගියාම ඔහුව නැවත දේශපාලනයට ගේන්න සටන් කළ එකම කාන්තාව මමයි.අපිට එදා අසාධාරණකම් වුණා. ඒවාට උත්තර දෙන්න කවුරුවත් හිටියේ නැහැ. මම හැමදාම සටන් කළේ අම්පාරේ ජනතාවගේ ජයග්රහණයන් වෙනුවෙනුයි. ජනතාවට ජයග්‍රහණ ලබාදීම මිස පුද්ගලිකව මා දිනාගත්ත දෙයක් නැහැ. තමන් හැමදාම කොන්ද කෙළින් තියාගෙන සිටි කාන්තාවක් යැයි ද ඇය සඳහන් කළාය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාසජිත් ප්‍රේමදාසට රණවිරුවන් ගැන අනුකම්පාවක් ඇතිවී තිබෙන්නේ දැනුයි. බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරනවිට, රණවිරුවන්ගේ පුද්ගලික මුදලින් ත්රස්තවාදීන්ට වන්දිගෙවන්න නියම කරනවිට ඔහු සිනහාසිසී සිටියා මිස රණවිරුවන් වෙනුවෙන් කිසිවක් කීවේ නැහැ.සිවිල් ආරක්ෂක සෙබළුන් ස්ථිර කළේ මහින්ද රාජපක්ෂ රජයයි. දැන් එයත් තමන්ගේ ආණ්ඩුව කළ වැඩක් බවට සජිත් ප්‍රේමදාස වේදිකාවල කියනවා. ග්රාමාරක්ෂක නිලධාරියා සිවිල් ආරක්ෂක සෙබළුන් බවට පත්කර ඔවුන්ට අභිමානවත්ව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගා දුන්නේ මහින්ද රාජපක්ෂ රජයයි. අද සිවිල් ආරක්ෂක සෙබළු බේරේ වැවේ කුණු අදින්න දාලා.මේ ආණ්ඩුව පසුගිය අවුරුදු හතරහමාරට කළ එකම දෙය රට විදේශයන්ට විකිණීම පමණක් යැයි ද ඔහු කීය.ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා:නැගෙනහිර පළාතේ සම්පත් විකුණාගන්න ආණ්ඩුව සැලසුම් කළා. විපක්ෂයේ කටයුතු නිසා එය තාවකාලිකව නතරවී තිබෙනවා. මේ රට බේරාගන්න නම් අප සියලුම දෙනා එකතුවී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවිය යුතුයි.අම්පාරේ එදා මායිම් ගම්මාන තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවට නිදහසේ ගමන් බිමන් යන්න බැරි තත්ත්වයක් එදා ඇතිවෙලා තිබුණා. ඒ තත්ත්වයෙන් රට නිදහස් කරගෙන රටට නිදහස ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ රජය යැයි ද ඔහු කීය.එක්සත් ජාතික පක්ෂයේ කල්මුණේ ආසන සංවිධායක එස්.එම්. මුනිස් මහතා මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහාය පළකරමින් මෙම වේදිකාවට ගොඩවිය.ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයෝ කිහිපදෙනෙක් ද මෙම රැලිය ඇමතූහ. | “ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“ | 0 |
hp_train_2208 | (ජුඩ් සමන්ත සහ ඔගස්ටීන් ප්‍රනාන්දු)හලාවත - කුරුණෑගල මාර්ගයේ මුන්නේෂ්වරම් ප්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් එක් පුද්ගලයකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව හලාවත පොලීසිය කියයි.අද (15) අලුයම 5.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත - විලත්තව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල ලබා ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.ඔවුන් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.කුඩා ප්‍රමාණයේ ලොරියක්,වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. මාළු රැගෙන ඒම සදහා ගමන් කරමින් තිබූ කුඩා ලොරියක් මාර්ගය හරහා දිව ගිය ගවයෙකුගේ ගැටීමෙන් පසුව ඉදිරියෙන් පැමිණ ඇති වෑන් රථයේ සහ යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් ගවයාද මිය ගොස් ඇත. | හලාවත අනතුරකින් අයෙක් මරුට : තිදෙනෙක් රෝහලේ | 1 |
hp_train_2209 | (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ආඥාව පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය. | රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක් | 0 |
hp_train_2210 | ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )පහසුකම් ගාස්තු සහ ශිෂ්‍ය නේවාසික ගාස්තු ලෙස වසර තුනක කාලයකදී පාසලට ලැබුණු රුපියල් ලක්ෂ 30 අධික මුදලක් සාපරාධි පරිහරණය කිරීමේ චෝදනාවකට වරදකරු වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක මුදල් අයකැමි ලෙස කටයුතු කළ සුනිල් ධම්මික සෝමසුන්දර නැමැත්තාට වසර 3 1/2 ක සිරදඬුවම් නියම කරමින් අභියාචනාධිකරණ ලබා දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය.එම සිරදඬුවම අභියෝගයට ලක් කරමින් ගොනු කළ චූදිත සුනිල් ධම්මික සෝමසුන්දර නැමැත්තා ගොනු කළ අභියාචනා පෙත්සම නිෂ්ප්රභා කරමින් , අභියාචනාධිකරණය විසින් නියම කළ දඬුවම වහාම ක්‍රියාත්මක කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.සිසිර ද ආබෲ , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.1998 ජූනි 1 වැනිදා සිට 2000 වසරේ දෙසැම්බර් 31 වැනිදා කාලය තුළදී බණ්ඩාරවෙල ගුරුතලාව ප්‍රදේශයේ විදුහලක මුදල් අයකැමිවරයා ලෙස සේවය කරමින් සිටියදී, එම විදුහලට පහසුකම් ගාස්තු සහ ශිෂ්‍ය නේවාසික ගාස්තු ලෙස ලැබුණු රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව නඩු තුනක් පවරා තිබිණි.එම නඩු විභාග වන අතරතුර විත්තිකාර සුනිල් ධම්මික සෝමසුන්දර නැමැත්තා වරද පිළිගත් අතර එක් නඩුවකට බරපතල වැඩ සහිත සහිත වසර පහක බැගින් සිරදඬුවම් නියම කර, එය වසර පහක කාලයකට අත්හිටුවීමට බදුල්ල මහාධිකරණය විසින් නියම කර තිබිණි.එසේම විත්තිකරුට රුපියල් 10,000ක් බැගින් දඩයක් ගෙවීමට ද නියම කළේය.බදුල්ල මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් 2015 /06/23 දින නියම කළ එම දඬුවම ප්‍රමාණවත් නොවන බව පවසමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කළේය.නීතිපතිවරයාගේ අභියාචන පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය බදුල්ල මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව ඉවත් කර විත්තිකරුට වසර 3 1/2 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කළ අතර එම විත්තිකාර අභියාචන පෙත්සම ඉවත දමමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.නීතිපති වරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩුවට පෙනී සිටියේය. | බණ්ඩාරවෙල පාසලක මුදල් අයකැමිවරයකුට සිරදඬුවම් | 1 |
hp_train_2211 | බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/06/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36268545අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259065වැසි ස්වල්පයක්.ගාල්ල31269075වැසි ස්වල්පයක්.යාපනය32287565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31219560වැසි ස්වල්පයක්.නුවරඑළිය21149070වැසි ස්වල්පයක්.රත්නපුරය34249060වැසි ස්වල්පයක්.ත්රිකුණාමළය36269050අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33278570ප්‍රධාන වශයෙන් වැසි රහිත. | ‘ඉදිරි 24 පැයේ කාලගුණය‘ | 0 |
hp_train_2212 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,928 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,31,922ක් දක්වා ඉහල ගොස් ඇත.කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2,161 දෙනකු සුවය ලබා අද (9) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,95,518කි. | කොරෝනා ආසාදිතයෝ මේ වන විට 1077ක් | 0 |
hp_train_2213 | (ඩයනා උදයංගනී)උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. | ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි | 1 |
hp_train_2214 | (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ තවත් පනත් කෙටුම්පත් පහකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය.කතානායකවරයා මෙසේ සහතිකය සටහන් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) යන පනත් කෙටුම්පත් සදහාය.පාර්ලිමේන්තුවේදී පසුගිය 9 සහ 10 යන දෙදින මෙම පනත් කෙටුම්පත් සම්මත විය.මේ අනුව මෙම පනත් කෙටුම්පත් ඊයේ සිට බලාත්මකවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. | අධිකරණ පනත් අටක් බලාත්මක වේ | 0 |
hp_train_2215 | (සමන් පාලිත නානායක්කාර)හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය තීරක ඡන්දයෙන් අද (19) සභා සම්මත විය.අයවැයට පක්ෂව හා විපක්ෂව ඡන්ද හත බැගින් ලැබීම නිසා සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සභා සම්මත විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලන බලය හිමි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත වෙයි.අයවැයට පක්ෂව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කළහ.අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයකු හා ස්වාධීන මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශ කළහ .එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු , ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු ඡන්දය දෙන අවස්ථාවේ සභාවේ නොසිටියහ.2020 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම 58985357.23 ක් වේ . රුපියල් 55861608.64 ක් වියදම් කිරීමට අපේක්ෂා කරන අතර රුපියල් 3123748.59 ක් සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කෙරේ . | අ’පුර මහ නගර සබේ අයවැයත් සම්මතයි | 0 |
hp_train_2216 | පෞද්ගලික ආයතනයක ආරක්ෂාවට සිටියේ ආරක්ෂක නිලධාරියෙකි. දිනකට වරක් ආරක්ෂක කටයුතු පරීක්ෂා කිරීම සඳහා එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් ආයතනයට පැමිණියේය. ආරක්ෂක නිලධාරියා තම වියදමෙන් සීනි, තේකොළ කිරිපිටි ගෙනැවිත් තේ සාදා බීම සිරිතය. ආරක්ෂක කටයුතු පරීක්ෂා කිරීමට පැමිණෙන නිලධාරියාට කිරි යහමින් දමා තේ කෝප්පයක් සාදා දීමට ආරක්ෂක නිලධාරියා කටයුතු කළේ ඔහුගේ හිත දිනාගැනීමටය.සමහර දිනවල නිලධාරියා “එස්.ඕ. මට තේ එකක් දෙන්නැයි” පැවසූ අතර, ආරක්ෂක නිලධාරියාද තේ කෝප්පයක් සාදා දෙයි. පැමිණෙන නිලධාරියාට නොමිලේ තේ කෝප්පයක් ලැබුණත් ආරක්ෂක නිලධාරිගේ සුළු අතපසුවීමකදී ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කිරීම ඔහුගේ සිරිතය.ආරක්ෂක නිලධාරියාගේ සපත්තුවක ලේසයක් ගැලවී තිබීම නිසා රුපියල් පන්සියයක දඩයක් ගෙවීමට ඔහුට සිදුවිය. ඉන්පසු ආරක්ෂක නිලධාරියා කළේ පෙර කී නිලධාරියා පැමිණීමට පෙර තේ සාදා බීමය. දිනක් නිලධාරියා පැමිණ “එස්.ඕ. මට තේ එකක් දෙන්නැයි” පැවසීය.“සර්, තේකොළ සීනි ඉවර වෙලා” යැයි පැවසූ ආරක්ෂක නිලධාරියා වැසිකිළියට ගිය අතර, ආරක්ෂක කුටිය පරීක්ෂා කළ නිලධාරියාට දක්නට ලැබුණේ තේකුඩු, කිරිපිටි, සීනි සඟවා ඇති බවය.පසුදින සංචාරක නිලධාරියා ආරක්ෂක නිලධාරියා අමතා “ඔයා හරියට ඩියුටි කරන්නැති නිසා මාරුකරන්නලු” යැයි කීය.“මාව මාරු කළේ තේ එකක් නුදුන් නිසා” ආරක්ෂක නිලධාරියා පැවසීය. ක්‍රිස්ටෝපර් සිපියන් | තේ කෝප්පයෙන් ස්ථාන මාරුවක් | 1 |
hp_train_2217 | ‘බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන අතර. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 11/06/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව33269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259075වැසි ස්වල්පයක්.ගාල්ල31279075වැසි ස්වල්පයක්.යාපනය32278065වැසි ස්වල්පයක්.මහනුවර30219565වැසි ස්වල්පයක්.නුවරඑළිය22129060වැසි ස්වල්පයක්.රත්නපුරය33249565වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය35259055අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278070වැසි ස්වල්පයක්. | ‘දකුණු සහ බටහිට මුහුදෙන් තද සුළං‘ | 0 |
hp_train_2218 | (ඩී.කේ.රත්න)ඇල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය දෙවනවර සම්මත කිරිමෙන් සභාවේ අද (19) උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් පැමිණීමට පෙර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 7 දෙනා පමණක් අයවැය සම්මත කිරිමෙන් මෙලෙස සභාව උණුසුම් විය.එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ඇල්ල ප්‍රාදේශීය සභාව බලය පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂය ලෙස කටයුතු කරයි.සභා රැස්වීම පෙ.ව.9.00 ට පවත්වන බව දන්වමින් සියලූ මන්ත්‍රීවරුන්ට කැදවීම් ලිපි යවා තිබියදී අනෙකුත් මන්ත්‍රීවරුන් පෙ.ව.9.03 ට සභා රැස්වීම් ශාලාවට පැමිණෙන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 9.00 ට පැමිණ අයවැය සම්මත කර සභා රැස්වීම අවසන් කර සභාවෙන් පිටව ගොස් ඇත.මීට පෙර පැවති සභා වාරයේදී මෙම සභාවේ අයවැය වැඩි ඡන්ද 14 කින් පරාජයට පත්වීමෙන් දෙවන වර අයවැය සම්මත කර ගනීම සඳහා අද දින සභාව රැස්කර තිබිණි.මෙම තත්වය මත අනෙකුත් මන්ත්‍රීවරුන් සියලූ දෙනා එක්ව මේ පිළිබදව පළාත් පාලන කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ.ඇල්ල ප්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 7 දෙනෙකුගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු ප5 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනෙකුගෙන් ජනතා විමුක්ති පෙරමුණ 1 මන්ත්‍රීවරයකුගෙන් හා ස්වාධීන කණ්ඩායම අංක එක එක් මන්ත්‍රීවරයකුගෙන් ඇතුළු මන්ත්‍රීවරු 21 කින් සමන්විතය. | රත්ගම අයවැය සම්මතයි | 0 |
hp_train_2219 | රංජිත් රාජපක්ෂ ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2019 අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡාව අද (04) එම සභාවේ සභාපතිවරයා සහ පාලන පක්ෂය හොබවන ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභාවට නොපැමිණීම නිසා එම සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.2019 වර්ෂය සඳහා එම ප්‍රාදේශීය සභාවේ අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡා කිරිම සඳහා එම සභාවේ සභාපති එස්.කදිර්සෙල්වම් මහතා විසින් සියළුම මන්ත්‍රීවරුන්ට අද සභාපති පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දී ඇත.පාලන පක්ෂයේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සභාවට නොපැමිණි බව එම සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂය වි.සිවනාදන් මහතා පැවසීය.සභාපතිවරයා නොපැමිණිම නිසා විපක්ෂයේ මන්ත්‍රිවරුන් 8 දෙනෙකු එක් වී යෝජනාවක් සම්මත කරගනිමින් එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ඩබ්ලිව්.ජි.ජයලත් විජේතුංග මහතා එම සභාවේ ස්ථිර සභාපතිවරයා වශයෙන් පත් කරගනිමින් ඒ සඳහා වු අත්සන් සහිත ලිපියක් පළාත් පාලන කොමසාරිවරයා වෙත යොමු කිරිම සඳහා එම සභාවේ ලේකම් සි.ජයප්‍රකාශ් මහතාට සභා රැස්විම් ශාලාවේදී බාරදෙනු ලැබීය. | බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි | 0 |
hp_train_2220 | (ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)කොරෝනා වසංගතය හේතුවෙන් ඇප ලබා පැමිණ, රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් හා නිවසක් බිඳ රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා මුදල් සොරාගත් ලියාපදිංචි අපරාධකරුවන් දෙදෙනෙකු අද (1) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන කූඹිකැලේ ප්‍රදේශයේ පදිංචි කූඹිකැලේ "අප්පු" සහ "බෘස්ලී" නමින් හඳුන්වන (39 - 44 ) වයසේ පසුවන දෙදෙනකු බව පොලිසිය කියයි.කිරුළපන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි තිබූ රුපියල් 46,000ක මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ සිදු කළ විමර්ශනයකදී එහි තිබී හමු කෙස් ගසක් ඔස්සේ කළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම්වල දී පාමංකඩ ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් හා කිරුළපන ප්‍රදේශයේ නිවෙසක් බිඳ රුපියල් ලක්ෂ පහකට ආසන්න දේශීය හා විදේශීය මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් දෙකක් අනාවරණය වූ බව පොලිසිය පවසයි.එහිදී කොරෝනා හේතුවෙන් වසා දමා තිබූ පාමංකඩ ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක බිත්තියක් පසාරු කර ඇතුළු වී එහි දින තුනක් රැඳී සිටිමින් සේප්පුව කැඩීමට උත්සාහ දරා එය ව්‍යාර්ථ වීමත් සමග ලාච්චුවක බහා තිබූ රන් භාණ්ඩ තොගයක් හා ඕස්ට්‍රේලියානු ඩොලර් 1000ක් සොරාගෙන ගොස් තිබු බව අනාවරණය කරගෙන ඇත.යම් හෙයකින් සේප්පුව කඩා ගැනීමට සැකකරුවන්ට හැකි වූයේ නම් රුපියල් කෝටි 15කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සොරා ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය කියයි.ඒ අනුව සැකකරුවන්ගෙන් ලද තොරතුරු වලට අනුව සොරාගත් රන් භාණ්ඩ පිටකොටුව ප්‍රදේශය උකස් මධ්‍යස්ථානයකට උකස්කර තිබියදී සොයාගත් බවත් විදේශ මුදල් අලෙවි කළ ස්ථානය සොයා විමර්ශන ක්‍රියාත්මක වත් බවත් පොලිසිය කියයි.එලෙස උපයා ගත් මුදලින් සැකකරුවන් දෙදෙනා අධික ලෙස අයිස් සහ හෙරොයින් පානය කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අලූත්කඩේ අංක 3 සහ ගල්කිස්ස අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය. | ’කූඹිකැලේ ’අප්පු’-’බෘස්ලී’ ලක්ෂ 5ක රන්භාණ්ඩ සමඟ අල්ලයි | 1 |
hp_train_2221 | (නාලක සංජීව දහනායක පන්නල සිට)තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය.එම අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් තමන් සමග සිටින බවද ඔහු සඳහන් කළේය.පන්නල ප්‍රජා ශාලා භුමියේ සිකුරාදා (1) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද පැවැසීය.අප පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. එය සකස් කිරීමේදී ගමන් මග පිළිසඳරක් වැඩසටහනේදී ඔබලාගෙන් ලබාගත් අදහස් හා විද්වතුන් හා වෘත්තිකයන්ගේ අදහස් ලබා ගත්තා. එහි ඇතුළත් වන්නේ ප්‍රායෝගික විසඳුම්. මාගේ ධුර කාලය ඇතුළතදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියල්ලම ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.අපගේ රජය යුද්ධය අවසන් කළා. නමුත් ඉන් පසුවත් රටේ ආරක්ෂාව වෙනුවෙන් අප සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපගේ පාලන කාලයේදී කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.නමුත් මෙම රජය බලයට පත් වීමත් සමග ජාතික ආරක්ෂාව ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අප යොදා තිබූ ආරක්ෂක සැළසුම් ඉවත් කළා. ඒ නිසා රටත්, ජනතාවත් අනාරක්ෂිත වුණා.නමුත් අපගේ රජයක් යටතේ මේ රට සුරක්ෂිත කරනවා. නැවත මේ රටේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තියන්නේ නැහැ. අන්තවාදීන් සමග එකතුවිය නොහැකි නිසා දෙමළ පක්ෂවල ඉල්ලීම් අප ප්‍රතික්ෂේප කළා.අප බලයට පත්වී රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් නොමිලයේ පොහොර සහනාධාරය ලබාදෙනවා. ගොවි ණය කපා හරිනවා. ගොවි විශ්‍රාම වැටුප, ලබා දෙනවා. ගුණාත්මක බීජ, උසස් බීජ ගොවීන්ට ලබාදෙනවා. ගොවි ජනතාව දුප්පත් කමින් මුදවාගත යුතුයි.එමෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. ඒ නිසා සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරනවා. මේ හරහා රටට වැඩියෙන් ආයෝජන ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.එමෙන්ම අපගේ රජය පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් දීර්ඝකාලීන හා කෙටි කාලීන සැලසුම් සකස් කරනවා.උසස් පෙළ විභාගයෙන් ලක්ෂ දෙකක සිසුන් පිරිසක් සමත් වුවත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නේ 35000ක සිසුන් පිරිසක් පමණයි. ඒ නිසා සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට හැකි වන පරිදි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. නව පාඨමාලා හඳුන්වා දෙනවා. උපාධිධාරියාට රස්තියාදු නොවී රැකියාවක් ලබාගැනීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයන් සකස් කරනවා.තොරතුරු තාක්ෂණය අංශයෙන් රැකියා ලබා ගැනීමට උපාධියක් අවශ්‍ය වන්නේ නැහැ. අද තොරතුරු තාක්ෂණය අංශයෙන් රටට රුපියල් බිලියන දෙකක පමණ ආදායමක් ලැබෙනවා. මෙය රුපියල් බිලියන තුනක පමණ ආදායමක් ලබා ගැනීමට පුහුණු ප්‍රජාවක් අවශ්‍යයි. ඒ නිසා තරුණ පරපුරට අතරමංවීමට ඉඩ නොදී අවශ්‍ය පුහුණුව ලබාදීමට මා කටයුතු කරනවා.තේ, කුරුඳු, ගම්මිරිස් වැනි අපනයන බෝග හරහා රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකියි. නමුත් වත්මන් රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා ඒ කර්මාන්ත කඩා වැටිලා.අප අභියෝග බාර ගත් කණ්ඩායමක්. බාරගත් සෑම අභියෝගයක්ම සාර්ථකව ජයගත් කණ්ඩායමක්. ඒ නිසා ඔබ මා ගැන විශ්වාසය තබන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මම ඔබට සුරක්ෂිත රටක් බිහිකර දෙනවා යැයිද ඔහු සඳහන් කළේය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.රට සංවර්ධනය කරන්න තමන් ආරම්භ කරන වැඩපිළිවෙළ ගැන අපේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කතා කළා. ඔහුට පැහැදිලි සැලැස්මක් තිබෙනවා.විශේෂයෙන්ම රටේ ආර්ථිකය ගොඩ නැගීමේදී අප කෘෂිකර්මාන්තය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. කෘෂිකර්මාන්තයට වැඩියෙන්ම පහසුකම් සැලසුවේ අපගේ රජයයි. රුපියල් 350ට පොහොර සහනාධාරය දුන්නා. රට සහලින් ස්වයංපෝෂිත කළා. ගුවන් තොටුපොළක වී ගබඩා කරන්න වෙන තරමටම රට සහලින් ස්වයංපෝෂිත වුණා.නමුත් මේ රජය බලයට පත්වී කෘෂිකර්මාන්තයට මොනවද කළේ. අපි දීපු පොහොර සහනාධාරය නතර කළා. කුඹුරු ඉඩම් ලක්ෂයක් වගාකිරීම නතර කළා. ඒ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අද පිටරටින් සහල් ගෙන්වනවා.සංවර්ධන කාර්යයන්වලදී කර්මාන්ත සංවර්ධනය කිරීම ගැනත් අපි අවධානය යොමු කරනවා. එහිදී විශාල වශයෙන් රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි කර්මාන්ත රටට ගෙනඑනවා. ඇඟලුම් කර්මාන්තය අද ගමට ඇවිල්ලා තියෙනවා. ඒ සේවක සේවිකාවන්ට අභිමානයෙන් ජීවත් විය හැකි වටපිටාවක් අප ඇති කරනවා. එමෙන්ම තරුණ පරපුර එයට ආකර්ෂණය වන රැකියාවක් බවට අපි එය පත් කරනවා.වත්මන් රජය මේ ප්‍රදේශයේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කළා. නමුත් තවම වාහන නිෂ්පාදනය වෙන්නේ නැහැ. මාස 6ක් ඇතුළත ඉන් වාහනයක් නිපදවුණේ නැත්නම් අප ඒ ඉඩම නැවත රජයට පවරා ගන්නවා. රටේ ඉඩම් නිකරුණේ පිට අයට දෙන්න බැහැ.ජනතාව බලාපොරොත්තු වුණ දේවල් මේ ආණ්ඩුවෙන් ලැබුණේ නැහැ. ජනතාවට නොලැබුණ දේවල් හුඟාක් තියෙනවා. රටේ සම්පත් විකුණුවා. මහ බැංකුව මංකොල්ලකෑවා. රටට මුකුත් කළේ නැහැ.සජිත් ප්‍රේමදාස අද රටට විහිළු සපයනවා. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව, තමන්ගේ ආසනය දිස්ත්‍රික්කය දිනාගන්න බැරි කෙනාට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්දැයි ප්‍රශ්නයක් තිබෙන බවද විපක්ෂනායකවරයා කීය. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.මේ ආණ්ඩුවට ආයුෂ තියෙන්නේ තවත් මාස 6යි. ඊට පස්සේ රට බාර ගන්නේ ගෝඨාභය රාජපක්ෂයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය දිනන බව ඇමරිකාවත් දන්නවා. ඒ නිසා ඡන්දයට කලින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ලෙසට ඔවුන් රජයට බලකරනවා.මේ පණ අදින ආණ්ඩුව එක්ක අත්සන් කරන ගිවිසුම් ඔට්ටු නැහැ. ඒ නිසා ඕනෑම ගිවිසුමක් ගැන 17 වැනිදායින් පසුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක සාකච්ඡා කරන ලෙසට අප ඇමරිකාවට කියනවා.පසුගියදා සජිත් ප්‍රේමදාස තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ඒකේ සිංහල පිටපතේ තියෙන එක නෙවෙයි ඉංග්‍රීසි පිටපතේ තියෙන්නේ. ඉංග්‍රීසි පිට පතේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඕන දේයි. ඒ කියන්නේ සජිත් දින්නොත් ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි පිටපතේ තියෙන දෙයයි.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස වෙලා රටේ ජනාධිපති නොවුණ නම් අඩුම තරමේ සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නෙවත් නැහැ. නමුත් ඔහු අද රාජපක්ෂලාගේ පවුල් දේශපාලනය ගැන කතා කරනවා. මේ රටේ පවුල් දේශපාලනය හැමදාම තිබුණා.මුළු රටම මහින්දට - ගෝඨාට ආදරය කරන්නේ ඔවුන් රටට වැඩක් කළ නිසයි. ඒ ආදරයට ඊර්ෂියා කරලා වැඩක් නැහැ. වෛර කරලා වැඩක් නැහැ.එදා සජිත්ගේ පියා බලයෙන් වියරු වැටුණා. අන්තිමට මිනිස්සුන්ට ප්‍රේමදාස එපා වුණා.අද සජිත් යන්නෙත් තමන්ගේ පියා ගිය මාර්ගයේමයි. ඔහුගේ රැස්වීමකදී ආධාරකරුවන් පිරිසක් තරුණයකුට පහරදුන්නා. ඒ වෙලාවේ සජිත් වේදිකාවේ හිටියත් ඒ පහරදීම නවත්වන්න කටයුතු කළේ නැහැ. ඔහුගේ මානසිකත්වය ඉන් තේරුම් ගත හැකියැයිද ඔහු කීය.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවැසීය.මේ රටේ ජාතිභේද ඇති වුණේ ඉකුත් රජය කාලේ බවට මතයක් පැතිරෙනවා. ඒක බොරුවක්. මේ රටේ ජාති භේදය ඇති වුණේ ජේ.ආර්. ජයවර්ධන රජය කාලයේදීයි. යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ ඒ රජය සමයේදීයි.එක්සත් ජාතික පක්ෂය පාලනය කළ හැම කාලයකදීම මේ රටේ මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. අපි ජාතිවාදය වපුරන රටේ සමගිය නැතිකරන පක්ෂයක් නෙමෙයි. ජාතීන් අතර සමගිය ඇති කළ පක්ෂයක්.ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධනය තිබූ මේ රට එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ලොව දුප්පත්ම රට බවට පත්වුණා. අද මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ මාර අවුලක. රටේ මිනිස්සු අනාගතය ගැන හිතන්නත් බයයැයිද ඔහු සඳහන් කළේය.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.යහපාලන ආණ්ඩුව බලයට පත් වී සති දෙකක් යනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්න අගමැතිවරයා උත්සාහ කළා. මම එයට විරුද්ධ වුණා.එමෙන්ම ආයෝජන මණ්ඩලයේ හිටපු දූෂිතම නිලධාරියා නැවත රටට ගෙනත් මහ බැංකු අධිපති ධුරයට පත් කළා. ඒ පත්කිරීම කළේ මහ බැංකුව කොල්ල කන්නයි. ලොව කිසිම රටක අගමැතිවරයෙක් තමන්ගේ රටේ මහ බැංකුව කොල්ල කෑවේ නැහැ. නමුත් අගමැතිවරයා ඒ දේ කළා.එමෙන්ම යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලුම රණවිරුවන්ට විරුද්ධව ජිනීවා නුවරදී ගිවිසුම් අත්සන් කළා. ඇමතිකම් පැත්තකට දාලා මම ඒවාට විරුද්ධව සටන් කළා.තමන් බලයට පත්වුවහොත් පිටරට පදයට නටන්නේ නැති බව සජිත් ප්‍රේමදාස කියනවා. නමුත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම හරහා මේ රට ඇමරිකාවට පාවාදෙන්න රජය උත්සාහ ගන්නවා.එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 15,000ක් විදේශිකයන්ට විකුණනකොට ඇමතිකම පැත්තකට දාලා මම ආණ්ඩුවෙන් එළියට ආවා. නමුත් රට ගැන මහා කැක්කුමකින් කතා කරන සජිත් ප්‍රේමදාස මහතා ඒවාට විරුද්ධව වචනයක්වත් කතා කළේ නැහැ. ඔහු රටට එරෙහි හැම යෝජනාවටම අත ඉස්සුවා.මේ ආණ්ඩුව බලයට පත් වූ දවසේ සිටම රටත් ජනතාවත් අනාරක්ෂිත වුණා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර එල්ල වීමට මාස ගණනකට කලින් එවැනි ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවදානම ගැන මම පාර්ලිමේන්තුවේදී කතා කළා. නමුත් ආණ්ඩුව තමන් ජාතිවාදියෙක් කළා මිස ප්රශ්නය විසඳන්න ක්‍රියා කළේ නැහැ.ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.අපි කුඩා කාලේ ආච්චිලා සීයලාගෙන් රස කතා ඇසුවා. අද අපි රස කතා අහන්නේ සජිත් ප්‍රේමදාස මහතා ගෙනුයි. රටට විශාල අනතුරක් එල්ල වී තිබෙන මොහොතකදී රට සුරක්ෂිත කිරීම ගැන කතා කරනවා වෙනුවට ඔහු කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා ගැන කතා කරනවා.නමුත් ගෝඨානය රාජපක්ෂ මහතා රට හදන ආකාරය, අධ්‍යාපනය, ආර්ථිකය සංවර්ධනය කිරීම ගැන කතා කරනවා. ඔහු වේදිකාවල හිස් වචන කතා කරන්නේ නැහැ. ගෙම්බෝ සජිත්, සජිත් කියල කෑගැහුවට මිනිස්සු කෑගහන්නේ ගෝඨා... ගෝඨා කියලා යැයිද ඔහු කීය.පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර මහතා මෙසේ පැවැසීයරට විකුණපු, රණවිරුවන් මහා සංඝරත්නයට අපහාස කළ මේ වගේ කාලකන්නි ආණ්ඩුවක් රටට අවශ්‍ය නැහැ. මේ රට ගොඩගන්න අලුත් නායකත්වයක් අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ නිකරුණේ කතා කරන කෙනෙක් නෙවෙයි. ඔහු කතා කරන හැම වචනයකම වටිනාකමක් තිබෙනවා යැයිද හෙතෙම සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වූ උපාලි දසනායක මහතා මෙහිදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වමින් වේදිකාවට එක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතාද ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ. | “ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“ | 1 |
hp_train_2222 | (ඩයනා උදයංගනී)කොරෝනා ආසාදිත තවත් රෝගීන් 568 දෙනෙක් අද (12) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙරටින් අද දින වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1488කි.ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,76,026 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. | කොවිඩ් ආසාදිතයන් තවත් 642ක් | 0 |
hp_train_2223 | (චන්ද්‍රසිරි ගුණසේකර)ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්වීම අද (08) පැවැත්වෙමින් තිබියදී දහවල් 11.45 ට සභාපතිවරයා විසින් සභාව විනාඩි දහයකට කල්තබා උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරුන් සමග සභාවෙන් පිටව යාමෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධය පළකරමින් කෑ කෝ ගැසමින් සභාවේම රැදී සිටියහ.අද පෙරවරුවේ ඇල්පිටිය ප්‍රාදේශිය සභා රැස්වීම සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට ආරම්භ විණි.න්‍යාය පත්‍රයට අනුව සභාපතිවරයා විසින් 2021 වර්ෂයේ අය වැය ලේඛණය සභා සම්මත කිරීම සදහා සභාවට ඉදිරිපත් කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් අයවැය ලේඛනය සභා සම්මත කිරීමට විරෝධය පළකළේය.සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කර තිබුණේ අයවැය කෙටුම්පතකි.එය එසේ සම්මත කළ නොහැකි බවත් සභා සම්මත කිරීමට නම් මන්ත්‍රී වරුන් විසින් සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය ලේඛණයක් ඉදිරිපත් කළයුතු බවත් පවසමින් විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරු විරෝධය පළකළහ.අය වැය කෙටුම්පත පිළිබදව සාකාච්චා කිරීමෙන් පසු (රහසිගත ලෙස මන්ත්‍රීවරුන් සමග සාකච්චා කිරීමෙන් පසු) සභාපතිවරයා විසින් විනාඩි දහයකට සභාව කල්තබමින් මන්ත්‍රීවරු සමග සභාවෙන් පිටව ගියහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු ඇතුළු මන්ත්‍රීවරු විස්සම සභාවෙන් පිටව ගිය අතර විපක්ෂයේ මන්ත්‍රීවරු නවදෙනා විවිධ දේ පවසමින් කෑකෝ ගසමින් සභාවේ රැදීසිටියහ.විනාඩි දහයකට පසුව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරු විසිදෙනා සභාරැස්වීමට පැමිණි අතර ඒ වනවිට මන්ත්‍රී වරුන් අතට 2021 අය වැය ලේඛණය රීතියට අනුව ලැබෙන්නට කටයුතු කර තිබුණි.මේ අවස්ථාවේ විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා ඊට විරෝධය පලකරමින් අදහස් පළකළහ.ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 17 කි.පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 03 කි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරු 07 කි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු දෙදෙනෙකි.සභාපතිවරයා ඇතුළු මුළු මන්ත්‍රීවරු ගණන 29 කි. | ඇල්පිටිය ප්‍රා.සභාව නොසන්සුන් | 1 |
hp_train_2224 | (ඉන්දිකා රාමනායක)ඡන්දහිමි නාමලේඛනයට නම් ඇතුළත් කිරීම සදහා අතුරුගිරියේ පුද්ගලයකුගෙන් රුපියල් 3000 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජාකාරි කරමින් සිටි ග්‍රාම නිලධාරිවරයකු අද(17) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව කියයි.පැමිණිලිකරු ගේ සහ ඔවුගේ බිරිඳ ගේ නම් ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා සැකකරු මෙම මුදල් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.මේ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් මත අල්ලස් නිලධාරීන් සැකකරුට මෙම මුදල ලබා දීමට පැමිණිළිකරුවන් එකඟ කරවාගෙන ඇති අතර අද දහවල් එම කාර්යාලයේ දී සැකකරු පැමිණිලිකරුගෙන් මෙම මුදල ලබාගත් අවස්ථාවේ අල්ලස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. | ජල බිල්පත අඩුකරන්න 5000 ක අල්ලසක් ඉල්ලයි | 0 |
hp_train_2225 | වේගයෙන් ගලායන පිරිසිදු දියපහර සහිත ස්ථානයන්හි ගල්වලට ඇලී සිටින මෙම වැලිගොව්වන් හඳුන්වන්නේ රතු තොල් වැලිගොව්වා යනුවෙනි. ඉංග්‍රීසි බසින් ලිප්ස්ටික් ගෝබි Lipstick Goby ලෙසත් සිසියෝපස් ජෝන්ක්ලාසි Sicyopus jonklaasi යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව මේ මත්ස්‍යයා හදුන්වයි. ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ මත්ස්‍යයකු වන මොවුන්ට නම් දී ඇත්තේ කීර්තිමත් ශ්‍රී ලාංකික කිමිදුම්කරුවකු වූ රොඩ්නි ජෝන්ක්ලාස් මහතාට ගෞරවයක් ලෙසිනි.රතු තොල් වැලිගොව්වාගේ පිරිමි මසුන්ගේ තොල් වඩාත් දීප්තිමත් රතු පැහැයෙන් යුක්තය. ඉදිරිපස වරල් යුගලය චූසකර බවට පරිවර්ථනය වී ඇත. කැලණි ගඟ ආශ්රිත සීතාවක රක්ෂිතයේත්, කළු ගඟේ පහළ කොටසේත්, ගිං ගංඟ නිම්නයේ අතු ගංඟා කිහිපයක හා නිල්වලා ගඟේ ඕපාත රක්ෂිතයේත් දක්නට ලැබෙයි.අධික වර්ෂා කාලයේ දී ඇළ පත්ලේ වැලි හාරා එහි බිත්තර දැමීම සිදුකරයි. ඉන් බිහිවන පැටව් සැඩ දිය පහරත් සමග ගංඟා පහළට ගසාගෙන යයි. ගංඟා පහළ වැඩෙන මේ මසුන් පරිනත වෙත්ම දිය පහරට ප්රතිවිරුද්ධව ගංඟාව ඔස්සේ ඉහළට සංක්‍රමණය වෙයි.වන විනාශය, වැලි ගොඩදැමීම හා ගංඟා ඉවුරු විනාශ කිරීමත් කෘමි නාශක ඇතුළු අපද්‍රව්‍ය දැමීමෙන් ජලය අපිරිසිදු වීමත් මොවුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වී ඇත. වඳවී යාමේ දැඩි තර්ජනයට මුහුණ දී ඇති රතු තොල් වැලිගොව්වන් තුරුලතා සහ වනසත්ත්ව ආරක්ෂණ පනත යටතේ ආර්ෂිත සත්ත්වයෙකි.ඡායාරූපය - සමන්ත ගුණසේකර මහතා.Threatened Sri Lanka's Biodiversity නමැති පොතෙන් මෙම ඡායාරූපය උපුටා ගන්නා ලදීඅපේ යාළු මාළුවෝ - 01http://www.lankadeepa.lk/index.php/articles/269354අපේ යාළු මාළුවෝ - 02http://www.lankadeepa.lk/index.php/articles/269724අපේ යාළු මාළුවෝ - 03http://www.lankadeepa.lk/index.php/articles/271330අපේ යාළු මාළුවෝ - 04http://www.lankadeepa.lk/index.php/articles/271559අපේ යාළු මාළුවෝ - 05http://www.lankadeepa.lk/index.php/articles/271675අපේ යාළු මාළුවෝ - 06http://www.lankadeepa.lk/index.php/articles/276731අපේ යාළු මාළුවෝ - 07http://www.lankadeepa.lk/index.php/articles/277013අපේ යාළු මාළුවෝ - 08http://www.lankadeepa.lk/index.php/articles/277332අපේ යාළු මාළුවෝ - 09http://www.lankadeepa.lk/index.php/articles/277576 | අපේ යාළු මාළුවෝ - 10 | 1 |
hp_train_2226 | ඩයනා උදයංගනී)ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් අද (30) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු, නැගෙනහිර,බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. | ගිනිකොණ කැළඹේ වැස්ස වැඩි වේ | 0 |
hp_train_2227 | (නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්ෂේත්රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්ෂේත්රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. | “රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“ | 0 |
hp_train_2228 | බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 13/08/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36278055ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ32278570වැසි ස්වල්පයක්.ගාල්ල30259080වැසි වාර කිහිපයක්.යාපනය34288060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29239070වැසි ස්වල්පයක්.නුවරඑළිය19149575වැසි ස්වල්පයක්.රත්නපුරය32259570වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35288050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32279070ප්‍රධාන වශයෙන් වැසි රහිත. | ඉදිරි 24 පැයේ කාලගුණය | 1 |
hp_train_2229 | (ජූඩ් සමන්ත)වයඹ පළාත තුළ සේවය කරන සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට ක්ෂෙත්ර රාජකාරි වලින් ඉවත්වී සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.තලවිල දේවස්ථානයේ මාර්තු මංගල්‍යය අවස්ථාවේ සෞඛ්‍ය රාජකාරි සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිමි අතිකාල දීමනා මෙතෙක් ලබා දීමට වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර නැත. ඊට විරෝධය පල කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තලවිල දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යයේ සෞඛ්‍ය රාජකාරි වර්ජනය කිරීම මුලින්ම සිදු කරන ලදී. පසුගිය 03 වැනිදා ඔවුන් ලෙඩ නිවාඩු වාර්තා කළ අතර,04 වැනිදා සිට ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත් විය.මෙම තත්ත්වය නිසා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන අවට ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා සිදු කරන දූමායන කටයුතුද ඇණ හිට ඇත.මේ දිනවල ආරම්භ කර ඇති හලාවත - මුන්නේෂ්වරම් දේවාලයේ සෞඛ්‍ය රාජකාරි වලින් ඉවත් වීමටද පසුගිය 07 වැනිදා රැස්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුත්තලම දිස්ත්‍රික් සංගමය තීරණය කරන ලදි.පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන තම සාමාජිකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගයට සහාය පල කිරීම සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 10 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරන ලදි.අද 11 පෙරවරුවේ සිට රාජකාරියට වාර්තා කරන නමුත් ක්ෂෙත්ර රාජකාරි වලින් බැහැර වීමට ඔවුන් තීරණය කර ඇත.පවතින ගැටළුව විසදීම සදහා සෞඛ්‍ය බලධාරීන් තව දුරටත් කටයුතු නොකරන්නේ නම් ඉදිරි සතිය තුළ දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්ෂෙත්ර රාජකාරි වලින් ඉවත් වීමටත්,අතුරු වෛද්‍ය සේවා සමග එක්ව වැඩ වර්ජනයක් කරා යාමටත් තම සංගමය සුදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.පුත්තලම දිස්ත්‍රික්කය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 65 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 137 දෙනෙක් සේවය කරති. | වයඹ පීඑච්අයිලා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති | 0 |
hp_train_2230 | (කටුනායක ටී.කේ.ජී.කපිල )ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි වර්ග දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීම සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව ඔස්සේ රැගෙන යමින්, එහි ආවේක්ෂණ රාජකාරීයේ නියැලී සිටි ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.මොහු මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.ඔහු අද (08) ඩුබායි සිට පැමිණි ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 341 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.ඔහු විසින් ගෙන ආ විශාල ගමන් මලු දෙකක් තුළ බිස්නස් රෝයල් වර්ගයේ දුම්වැටි 17,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 88 ක් සහ ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 6,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 32ක් ද සඟවාගෙන තිබුණි.එහි රුපියල් පහලොස් ලක්ෂ හැට දහසක් (15,60,000) ක් වටිනා දුම්වැටි 24,000ක් අඩංගු දුම්වැටි කාටූන් 120 ක් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීවරයෙකු පැවසීය.මෙම ගුවන් මගියා මේ වනවිට පොලිස් ඇප මත නිදහස් කර යවා ඇති අතර, ඔහු සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගය ලබන 14 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. | නිතීවිරෝධීව දුම්වැටි ගෙනආ අයෙකු අත්අඩංගුවට | 1 |
hp_train_2231 | පුත්තලම - ජුඩ් සමන්ත.පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක පවුල් 66436 ක පුද්ගලයින් 2,16,018 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි. දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ට හැර සෙසු සෑම ප්‍රදේශයකම ජනතාව නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇත. ඒ අනුව නවගත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 6170 ක පුද්ගලයින් 18066 ක්ද,කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7162 ක පුද්ගලයින් 22497 ක්ද,පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7013 ක පුද්ගලයින් 22446 ක්ද පීඩාවට පත්ව සිටී. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3181 ක පුද්ගලයින් 12796 ක්ද,මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7197 ක පුද්ගගයින් 22694 ක්ද පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි. ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10174 ක පුද්ගලයින් 26715 ක්ද,පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3458 ක පුද්ගලයින් 12259 ක්ද පීඩාවට පත්වී සිටින අතර,මුන්දලම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාසයේ පවුල් 4194 ක පුද්ගලයින් 14206 දෙනෙකු නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6591 ක පුද්ගලයින් 25628 ක්ද,හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7769 ක පුද්ගලයින් 29252 ක් සහ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3167 ක පුද්ගලයින් 9461 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි. පීඩාවට පත්ව සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක ජනතාව සදහා පානීය ජලය බෙදා හැරීම මේ වන විට දිස්ත්‍රික් ආපදා සහන සේවා අංශය විසින් ආරම්භ කර ඇත.ඒ සදහා ජල බව්සර් 35 ක් යොදා ගෙන ඇති බවද දිසා ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේය. දැඩි ලෙස නියගයට ගොදුරුවී සිටින ජනතාවට අවශ්‍ය සහනාධාර බෙදා දීමද ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව අප කළ විමසුමකදී පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේය. | පුත්තලමේ නියඟයෙන් ලක්ෂ 2 ක් පීඩාවට | 1 |
hp_train_2232 | කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි 516දෙනෙකු සුවය ලබා අද(14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 24,309 දක්වා ඉහළ ගොස් තිබේ.අද දිනයේදී වැඩිම පිරිසක් පිටව ගොස් ඇත්තේ, හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. එම අගය 58කි.දෙසැම්බර් මාසය තුළදී වැඩිම ආසාදිතයන් ගණනක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, දෙසැම්බර් 3වැනිදා වන අතර, එම ගණන 728කි.අද උදෑසන 10.00 වනවිට රෝහල්ගත කර ඇති කොරෝනා බවට සැකසහිත රෝගීන් ගණන 510කි. මේ වනවිට ආසාදිතයෝ 8,329ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙතිශ්රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ සමස්ත ගණන 32,790කි. මිය ගිය සංඛ්‍යාව 152කි. | 765 ක් සුවය ලබා පිටව යති | 0 |
hp_train_2233 | ( උපාලි ආනන්ද)අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටින අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය ආදායම් පාලක ඇගේ සැමියා ඇගේ සහෝදරයා සහ ඇගේ මිතුරියක ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කළ ඉල්ලීමක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා අද (7) තරයේ ප්‍රතික්ෂේප කළේය.ඒ අනුව සැකකාරියන් දෙදෙනා සහ සැකකරුවන් දෙදෙනා තවදුරටත් මේ මස 21 වන දින දක්වා රිමාන්ඩ් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ මූල්‍ය ප්‍රධාන සැකකාරිය වන අනුරාධපුර තිසාවැව ගෙවල් 60 අංක 4 ලිපිනයේ පදිංචි අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය වන ඒ ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ සැමියා වන අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පාලක ඩී එම් ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ ඇගේ සහෝදරයෙකු වන අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අසංක ප්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාවේ සේවය කරන ඇගේ මිතුරියක වන අනුරාධපුර අභයගිරිය පාර කුට්ටම්පොකුන අංක 212/2 ලිපිනයේ උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන සැකකරුවන් සහ සැකකාරියන් සිව් දෙනාය. පළමු සැකකාරිය වෙනුවෙන් නීතිඥ රෝහණ පේ‍්‍රමලාල් මහතා පෙනී සිටි අතර දෙවන සහ තුන් වන සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය සිව් වන සැකකාරිය වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිටියේ නැත.මෙම මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින එම මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනි ඒ ඩබ් ශාලිකා එරන්දි නැමැත්තිය විසින් නගර සභාවට අයත් මුදල් වලින් රුපියල් හැත්තෑ දෙලක්ෂයක් (7200000) ඇගේ සැමියා වන නගර සභාවේ ආදායම් පාලක සම්පත් අනුරාධ නැමැත්තාගේ නමින් ඇති බැංකු ගිණුම් කිහිපයකටත් තවත් රුපියල් විසි ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය දෙකක (2074302) මුදලක් ඇගේ සහෝදරයෙකු වන අසංක ප්‍රසාද් අමරසිංහ නැමැතතාගේ නමින් ඇති බැංකු ගිණුමකටත් බැර කර ඇති බව රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේය. | අ‘පුර නගර සභාවේ මූල්‍ය වංචා නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ් | 0 |
hp_train_2234 | කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4 වැනිදා) තහවුරු කරයි.ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 489 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මියගිය පිරිස අතර කාන්තාවෝ සිවුදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් වෙති.මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 147 දෙනෙකු අද රාත්රියේදී හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 351 කි. | කොරෝනා මරණ 450 ට නගී | 0 |
hp_train_2235 | ( රොමේෂ් මධුෂංඛ)ඉන්දියාවේ සිට ගෙන එන ලද රුපියල් ලක්ෂ 120 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 118 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු හා යාත්‍රාවක් යාපනය පේදුරුතුඩුව වෙරළ තීරයේදී උතුරු නාවික විධානය විසින් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට සැතපුම් 10ක් දුරින් වූ මුහුදු තීරයේදී උතුරු නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයට අයත් නාවික හමුදා භට පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසියකදී මෙම කේරල ගංජා තොගය රැගත් යාත්‍රාව නිරීක්ෂණය වී ඇති අතර එහිදී ජාවාරම්කරුවන් ධීවරයින් සේ වෙස් වලාගෙන සිට ඇති අතර පසුව නාවික හමුදා නිලධාරීන් විසින් අදාල යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.එහිදී ඇසුරුම් 48 ක් කේරල ගංජා කිලෝ 118 ක් තිබී ඇති අතර සැකකරුවන් තිදෙනා යාපනය හා මන්නාරම් ප්‍රදේශයන්හි පදිංචි 32 සහ 36 වයස් සීමාවන්හි පසුවන අතරම අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කේරල ගංජා තොගයත් සමඟ මුහුදු යාත්‍රාවද ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත. | මන්නාරමේදී කේරල ගංජා කිලෝ 126 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට | 0 |
hp_train_2236 | (අංජුල මහික වීරරත්න සහ වැල්ලවාය - අයි.ආර්. ඉන්දික)පරණ තාලේ ඉබිගමන් නවතා වේගයෙන් තමා සමග වැඩ කරන්න සියලු දේශපාලකයන් සූදානම් විය යුතුයි.නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවාය පස්සර බිබිල මැදගම 200 හාලිඇළ සහ දියතලාවෙ ජන රැලි අමතමින් සති අන්තයේදී පැවැසීය.“බොන්න වතුර ඉල්ලන විට ටී-56 ගිනි අවියෙන් වතුර දෙන පාලනය වෙනුවට සමෘද්ධිය සහ ජන සවිය යන ජනතා සහන දෙකම එකට දෙන පැය 24ම ජනතාව ගැන සොයා බලන පාලනය ස්ථාපිත කරන බව ද” අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ජනපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සති අන්තයේ පැවැති ජන රැලි සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ම ජන රැලිය වැල්ලවායේදී පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.මගේ පියා සෙවණ අරමුදල ආරම්භ කර නිවාස වැඩසටහන දියත් කළේ වැල්ලවාය, නුගේගලයාය ගම්මානය කේන්ද්‍ර කරගෙනයි. කුඩා දරුවෙකු ලෙස පියා සමග වැල්ලවාය තණමල්විල පාරේ යනවිට දිවා ආහාරය ගැනීම සඳහා එක් නිවෙසක නතර වුණා. එහිදී පොල් අතු පැළක් ගැන පියාගේ අවධානය යොමු වුණා. ඒ අනුව ප්‍රථම වරට මෙරට නිවාස ලොතරැයිය නිවාස සංවර්ධන අරමුදල, සෙවණ අරමුදල, සෙවණ නිවාස වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ, ඓතිහාසික වැල්ලවාය මැතිවරණ බල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි.අද දවසේ මගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ගාලුමුවදොර රැලියෙන් පසුව අරඹන්නේ සෙවණ නිවාස වැඩසටහන ඇරඹුණු වැල්ලවාය පුරවරයෙනුයි. තව වැව්-අමුණු ශක්තිමත් කරගෙන ගොවිතැන් කටයුතු සාර්ථකව කරමින් වී වගාව, අතුරු බෝග වගා කිරීම ඔබේ අපේක්ෂාවයි.අපේකම, සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා වූ පුරයක් ලෙස වැල්ලවාය හඳුන්වාදිය හැකියි. අධිකරණයේදී බලවේග පරාජය කිරීමට වැල්ලවායේ ජනතාව සමත් වුණා. විදේශීය ආක්‍රමණ සුණු විසුණු කළා. එවැනි පුරයක ජනතා සංවර්ධනය මගේ මූලික යුතුකමයි.ජනපති වී පළමු මාස 48 තුළ වෙල්ලස්ස පුරවරයේ පමණක් නොව මුළු ලංකාවේම මහා වාරි පද්ධති, මධ්‍ය වාරි පද්ධති, සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණ කොට කෙත්වතු සරුසාර කරන යුගය මා අරඹනවා. පිටරටින් ආහාර ගෙන්වනවා වෙනුවට ආහාර සුරක්ෂිත කළ ස්වයංපෝෂිත ලංකාවක් මා බිහිකරනවා.මොණරාගල නිවාස ප්‍රශ්න ඇති ජනතාව සඳහා මේ වනවිටත් විශාල වැඩ කොටසත් ඉටු කරලා. සමස්ත ශ්‍රී ලංකාවේම සියලු ජනතාවට තමාගේ ඉඩමක නිවස හදාගන්න පසුබිම නිර්මාණය කරනවා.සෑම පවුලකම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට රටේ ජනපති ලෙස කටයුතු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත මගේ පෞද්ගලික අධීක්ෂණයෙන් සෑම පවුලක්ම ගොඩගන්නා බව මෙහිදී ප්‍රකාශ කරනවා.මගේ සංකල්පය ගම හදා නගරය හදා රට හැදීමයි. ගම මෙන්ම නගරයත් හැදෙන්න අවශ්‍යයි.ගම් නගර දනව්වල ජීවත් වන ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවිය යුතුයි. ඔවුන්ගේ ජන ජීවිතය උසස් කළ යුතුයි.මගේ මුළු ජීවිතයම කැපකර තිබෙන්නේ පොදුජන සේවයටයි. මට වෙනත් රාජකාරි නැහැ. පවුලේ සාමාජිකයින් රැක බලා ගැනීම මගේ වගකීම නෙවෙයි. මට රැකගන්න පවුල් පරපුර හෝ ඥාති පරපුරක් හෝ නැත. මගේ ඥාති පරපුර මෙරට සමස්ත ජනතාවයි.මෙරට සෑම උප දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත නිර්මාණය කිරීමේ වැඩසටහනක් මා ක්‍රියාත්මක කරනවා. ගමට කර්මාන්තපුර නොව ජාත්‍යන්තර ආයෝජකයින්ට රතු පළසක් දමා ආයෝජන ගැනීමට කටයුතු කරනවා. ආයෝජකයින් බංග්ලාදේශයට, වියට්නාමයට, ඉන්දියාවට යනවා වෙනුවට ලංකාවට පැමිණෙන පසුබිම සකස් කරනවා. එහිදී යෞවන යෞවනියන්ට රැකියා අවස්ථා උදා කළ හැකියි. වෙල්ලස්ස, හම්බන්තොට, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ප්‍රදේශ වෙනම සංස්කෘතික - සංචාරක කලාපයක් ලෙස අප නිර්මාණය කර තිබෙනවා.මොණරාගල ඓතිහාසික සිද්ධස්ථාන සියල්ලක්ම සංවර්ධනය කිරීමට මා කටයුතු කරනවා. බුදුරුවගල, මාලිගාවිල සංවර්ධනය සඳහා පමණක් කෝටි 55ක් වෙන් කළා.ජනතාව රටේ නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද? ඔවුන් ආරක්ෂිත, සවර්ධිත නව දියුණුවක් ලබන රට බලාපොරොත්තු වනවා. තරුණ පරපුරේ දියුණුවට මුල්තැන දෙන රට දක්ෂයින්ට ඉහළට යා හැකි රටක් උගතුන්ට ශක්තිය දෙන රට ඔබ බලාපොරොත්තු වෙනවා. අපේම ජනතාව සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීම මගේ අරමුණයි. මගේ ගමනේ එකම අරමුණ ජාති, ආගම්, කුලමල, පක්ෂ බේදවලින් තොරව මෙරට පොදු ජනතාව සඳහා සෞභාග්‍ය උදාකර දීමයි. මගේ රජය තුළ ඥාති සංග්‍රහ කරන්නේ නැහැ. පවුල් දේශපාලනය කරන්නේ නැහැ. දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට නිසි තැන ශක්තිය දීම මගේ අරමුණයි. කාන්තා පරපුර සඳහා ආරක්ෂිත බවක් සැපයිය යුතුයි.අභිමානවත් ආඩම්බරවත් ශ්‍රී ලංකාව ජව සම්පන්න මුළු ලෝකයම ජයගන්නා ශ්‍රී ලංකාව මා නිර්මාණය කරනවා.මා ජනපති වූ පසු ක්‍රියාත්මක කරන වැදගත් වැඩසටහන් දෙකක් ගැන සඳහන් කරන්නම්. ජනපති යනු රටේ සෑම පුරවැසියෙකුම එක්ව පත් කරගත් නායකයායි. රටටම වග කියන්නේ ඔහුයි. ජාතික සංවර්ධන විශේෂ ජනපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. මුළු රටටම වගකියන ඒ බලකාය හරහා ජනාධිපති කාර්යාල නියෝජනය කරමින් සෑම උප දිසාපති කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකක ස්ථාපනය කරනවා.රාජ්‍ය පාලනය සංකල්පය තුළින් සෑම උප දිසාපති කොට්ඨාසයකම සෑම කුඩා ගම්මානයකම දිනපතා අරඹන ව්‍යාපෘති ජනතා ඉල්ලීම් බලාපොරොත්තු ආදී සෑම දෙයක්ම රටේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධීක්ෂණය කර ගමට නගරයට දැනෙන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. නිල්පාට, රතුපාට, කොළපාට, පොහොට්ටු බේදයක් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බල කරන්නේ නැහැ. ජනතා ප්‍රශ්න-ගැටලු තිබෙන පුද්ගලයන් උප දිසාපති කාර්යාලයේ ස්ථාපිත සංවර්ධන ඒකකයේ සාමාජිකයන් බවට පත්කර ගන්නවා.නිවාස රැකියා, මාර්ග, පාසල්, රෝහල්, සෞඛ්‍යය, පෙර පාසල් ආදී සෑම ප්‍රශ්නයක් සඳහාම ඍජුවම ක්‍රියාකිරීම මගේ අරමුණයි. ඒ පිළිබඳව රටේ ජනාධිපතිවරයා දැනුම්වත් වී පැය 24 නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලය නිර්මාණය කරනවා. දිවා සහ රාත්‍රී දෙකෙහිම වැඩ කරන්න වැඩසටහන සකසා ශක්තිමත් ජනතා සේවය සඳහා පොදු ජනතා ප්‍රශ්න විසඳන ජනාධිපතිවරයෙකු බවට මා පත්වන බව මෙහිදී අවධාරණය කරනවා. 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා යනු නිකම්ම නිකන් පඹයෙකු යැයි සමහරුන් සිතාගෙන ඇති. පඹයෙකු කියා හදන තනතුරේ පඹ ගාලක පැටළෙන්න සජිත් ප්‍රේමදාස ලෑස්ති නැහැ. මා මෙරට ජනපති වනවිට කොන්ද කෙළින් තබාගෙන ජනතාව බලාපොරොත්තු වන උසස් ජනතා සේවය ඉටු කිරීමට දිවි හිමියෙන් කැපවන බව කිව යුතුයි. ජයග්රහණයෙන් පසු අලුත් ගමන මා අරඹනවා. ඒක පරණ තාලේ ගමන නොවෙයි. ඉබි ගමන ද නොවෙයි. ගාටමින් යන ගමනක් ද නොවෙයි. මගේ වේගයට වැඩ කරන්න හැමෝම ලෑස්ති විය යුතුයි. කැපකිරීම් කරන්න සියලු දෙනා ලෑස්ති විය යුතුයි.මා දක්ෂයින්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලකයන් මා ඉදිරියට ගෙන එනවා. දූෂිතයන්ට තැනක් නැහැ. දූෂිතයන් මා ගාවගත්තොත් නැහැ. දක්ෂ තරුණ පෙළක් තුන්වැනි පෙළක් ඉන්නවා. අත්වල ලේ නොතැවරුණු, අත්වල ජරාව ගාගත්තේ නැති දක්ෂයින් පිරිසක් ඉන්නවා. මා නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාව තුළ ඓතිහාසික සංවර්ධන යුගය ක්‍රියාත්මක කරනවා. ආහාර මුද්දර ලාභීන් - ජනසවිලාභීන් බවට පත් කළ යුගය ගැන අප දන්නවා. එය සිදුවුණේ මගේ පියාගේ කාලය තුළයි. දුප්පත් ජනතාවට නොසැලකූ යුගය අතීතයේ නැවතුණා. ඒ අනුව මගේ පියා ජනසවිය වැඩසටහන ආරම්භ කළා. නමුත් ජනසවි වැඩසටහන හරියාකාරව ක්‍රියාත්මක කරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. එතුමා ජීවිතක්ෂයට පත්වුණා. අද ක්‍රියාත්මක වන සමෘද්ධි වැඩපිළිවෙළ ඉදිරියෙත් මා ඒ අයුරින්ම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතර සමෘද්ධි වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමින් ඊට තවත් වැඩපිළිවෙළක් එකතු කරනවා. ඒ වැඩපිළිවෙළ වන්නේ ජනසවියයි. මගේ පියා හඳුන්වා දුන් ජනසවිය වැඩසටහන් මා රට පුරා ක්‍රියාත්මක කරනවා. පසුගිය සමයේ රට පාලනය කළ අය විවිධ සංඛ්‍යා ලේඛන ගැන කියමින් රටට බොරු ප්‍රතිරූපයක් පෙන්වා දුන්නා. වැරදි චිත්‍රය පෙන්නුවා. හතර දෙනෙකු සිටින පවුලකට මාසයකට ආහාර හා ආහාර නොවන වියදම් සඳහා රුපියල් 50,000-55,000ක් දළ වශයෙන් වැය වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙවැනි ආදායම නොලබන කීදෙනකු රටේ ඉන්නවාද. එවැනි ජනතාව ලක්ෂ ගණනින් ඉන්නවා. ඒ ජනතාවට හඬක් නැහැ. ඔවුන් දෙස කිසිවකුත් බලන්නේ නැහැ. ඒ අහිංසක-අසරණ මෙරට නිහඬ බහුතරයේ හඬ බවට පත්වෙන්න සජිත් ප්‍රේමදාස සූදානම්. ඒ තුළින් දුප්පත් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරන්නට මා සූදානම්. මේ මහා රැලියෙන් ඔබට ගෙදර ගෙන යා හැකි පණිවිඩය තිබෙනවා. සමෘද්ධිය ශක්තිමත් කරන අතර ජනාධිපති වැඩසටහනක් මම ක්‍රියාත්මක කරනවා. ජනතා අපේක්ෂා බලාපොරොත්තු හඳුනාගෙන ඒ අනුව මා ක්‍රියා කරනවා. මෙරට ජනතාවගේ ඉල්ලුමට සැපයුම දෙන ජනාධිපතිවරයෙකු ලෙස මා ක්‍රියා කරනවා. දැන් ඉදිරිපත් වී සිටින විකල්පය කුමක්ද? ඔහු ගමක පෙර පාසලකටවත් නොපැමිණි පුද්ගලයෙකි. මධ්‍යම බෙහෙත් ශාලාවක් හෝ ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හෝ තිබෙනවාද නැද්ද කියා නොදන්නා පුද්ගලයෙකි. ගමේ පාසල් පද්ධති, නගරයේ පාසල් කොතැන තිබෙනවාදැයි නොදන්නා පුද්ගලයෙකි. ජනතාවගේ දුක නොතේරෙන පුද්ගලයන් රටේ පාලනයට සුදුසුද? වතුර ඉල්ලන ජනතාවට ටී 56න් වතුර දුන්නේ ඒකයි. ජාතික ආරක්ෂාව ගැන කතා වෙන්න කාරණයක් නැහැ. යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා මෙරට නීතිය-සාමය සහ ආරක්ෂක ඇමැති ලෙස දැනටමත් නම්කර අවසන් බව කිව යුතුයි. මහ පොළොවේ යුද ජයග්‍රහණය කළ සැබෑ වීරයා ඔහුයි. රටේ නායකයා ලෙස ජාතික ආරක්ෂාවට මා වගකිව යුතුයි. මා ඒ සියල්ල ඉටු කරනවා.මෑත ඉතිහාසයේ ප්‍රථම වරට පවුල්වාදය නැති ගජ මිතුරු සංගම් නැති ගෝල බාල සුබ සාධනය ක්‍රියාත්මක නොකරන පොඩි මිනිහා සමග මහ පොළොවේ පය ගසා ජීවත් වන නායකත්වයක් නිර්මාණය කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. පොහොට්ටු හෝ බුලත් කොළ හෝ දෙස බලන්න එපා. ජාති-ආගම්-කුලමල බේද බලන්න එපා. පක්ෂ බේද බලන්න එපා. සියල්ල අත්හරින්න. මහා සංවර්ධනයේ උසස් ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන මා ඉදිරි ගමන යනවා. මගේත් එකම ප්‍රතිපත්තිය මිනිසා ජීවත් කරවීමයි. මිනිස් සම්පත සුරක්ෂා කිරීමයි. නවෝත්පාදනය තුළින් මව්බිම මහා සංවර්ධන විප්ලවයක් නිර්මාණය කිරීම මාගේ අරමුණයිලෝකය සමග තරගකර අපගේ රට අංක 01 බවට පත් කරමු.ලෝකයම ජයගත හැකියි. අපි එක්ව ඉදිරියට යමු. දූෂණ-වංචා නැති රටක් හදා අපි එක්ව ඉදිරියට යමු.අධ්‍යාපනය ශක්තිමත් කොට අපි එක්ව ඉදිරියට යමු. යහපත් ආකල්පවලින් අපි එක්ව ඉදිරියට යමු. නව නිපැයුම් තුළින් ඉදිරියට යමු. සෞඛ්‍ය සම්පන්න පරපුරක් නිර්මාණය කර එක්ව ඉදිරියට යමු. ජාති-ආගම්-පක්ෂ බේද ඉවත දමා එක්ව ඉදිරියට යමු. රට දියුණු කරන්න අපි-ඔබ-හැම එකතු වෙමු යැයිද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා:-ගිනි ගහන අව්වේ ජනතාව රැස්කමින් ඉන්නේ සජිත් ප්‍රේමදාස වෙනුවෙනුයි. වසර 25කින් අප එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත්කර නැහැ. ජනතාව සජිත් ඉල්ලුවේ අද-ඊයෙක නොවෙයි. අවසානයේ ඒ සටන ජය ගත්තා.දුප්පත් ජනතාව සඳහා අවශ්‍ය නායකයෙකු අප මෙවර පත්කර ගන්නවා. ඔබේ සමෘද්ධි සහනාධාරය දෙගුණයක් කර දෙන්න අප කටයුතු කළා. ගම්පෙරළිය වැඩසටහනින් ගමක්-ගමක් ගානේ සංවර්ධනය ව්‍යාප්ත කරන්නට අපට හැකිවුණා. බුදු සසුන දියුණු කිරීම සඳහා රණසිංහ ප්‍රේමදාස මහතා කළ මෙහෙවර අපමණයි. ඒ මහ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට දැවැන්ත ශක්තියක් තිබෙනවා. සජිත්ට කොහේවත් මිනී මැරුවා යයි, සුදු වෑන් එව්වා යයි හොරකම් කළා යයි චෝදනා නැහැ.සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා:-සජිත් යනු ගොවි-කම්කරු පන්තිය නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයායි. ඔහු කොළඹ දේශපාලනයෙන් ඉවත් වී හම්බන්තොට දිස්ත්‍රික්කය තෝරා ගත්තේ ඇයි? සජිත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක පමණක් නොවෙයි. දුප්පත්කමට පිළිතුරක් ඇත්තේ සජිත් ප්‍රේමදාස ළඟ බව ජනතාව දන්නවා. ගෝඨාභය කියන්නේ කව්ද? යුද සමයේ බයේ ඇමරිකාවට පැන ගිය පුද්ගලයෙකි. එහෙම කෙනෙකුට ජාතික ආරක්ෂාව දෙන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාස ජාතික ආරක්ෂාව බාර දෙන්නේ සැබෑ විරුවකු වූ සරත් ෆොන්සේකා මහතාටයි. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා:-ජනතාවගේ ඉල්ලීම එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් දී තිබෙනවා. අප රජය සියලුම ක්ෂේත්‍ර ආවරණය කරමින් දැවැන්ත සංවර්ධනයක් කළා.සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩසටහන යටතේ රට පුරා ශීඝ්‍රයෙන් නිවාස ඉදිවෙමින් තිබෙනවා. සංස්කෘතික අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස මහතා යටතට පත් වූ පසුව ඒ ක්ෂේත්රයේ විශාල ප්රබෝධයක් වූ බව කිව යුතුයි.ජන රැලි සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ද විශාල ජනතාවක් ද සහභාගි වී සිටියහ. | “වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“ | 0 |
hp_train_2237 | නිශාන්ත කුමාර රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය වැඩි ඡන්ද 10 කින් සම්මත විය. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය එහි සභාපති නිශාන්ත ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අයවැය ලේඛනයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 12 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු දෙදෙනා විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පස්දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. | මීගහකිවුල ප්‍රා.සභාවේ අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි | 0 |
hp_train_2238 | නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (19) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ මුර සංචාරයක දී නිතිවිරෝධිව මසුන් ඇල්ලීමට යොදා ගත් තහනම් ධීවර දැල් තොගයක් සොයා ගනු ලැබීය.එහිදී දැල් අඩි 150 ක් පමණ දිගකින් යුත් තහනම් දැල් 57 ක් සොයා ගැණිනි.එම ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත බාර දීමට කටයුතු කෙරිණි.(28535) | නීතීවිරෝධී ධීවර දැල් 25 ක් සොයාගනී | 0 |
hp_train_2239 | “ඒකාබද්ධ විපක්ෂය බොරු ව්‍යවස්ථා බිල්ලෙක් මවමින් ජාතිවාදය අවුස්සා බලයට ඒමට දඟලන බවට ආණ්ඩුවෙන් චෝදනාවකි. මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි. ප්රශ්නය:- මේ මොහොතේ ලංකාවේ දේශපාලනය ඔබ විග්රහ කරගන්නේ කොහොමද?පිළිතුර:- මේ මොහොතේ ලංකාවේ දේශපාලනය අපි දකින විදියට ඉතාම තීරණාත්මක තැනක තියෙන්නේ.ප්රශ්නය:- තීරණාත්මක තැනක කිව්වේ?පිළිතුර:- එකක් තමයි ඒකාබද්ධ විපක්ෂයට බරපතළ අභියෝගයක් වගේම වගකීමක් පැවරිලා තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න යට ගහන්න අවශ්‍ය කරන වාතාවරණය ගොඩ නගන්න. ඒක තමයි ආණ්ඩුවේ උපාය.ප්රශ්නය:- මොනවද ඒ ප්‍රධාන ප්‍රශ්න?පිළිතුර:- ඔව්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඔවුන්ට අවශ්‍ය පරිදි හා බෙදුම්වාදයට අවශ්‍ය පරිදි ඔවුන්ගේ පැවැත්ම පිණිස හා බලයට ඒමට බෙදුම්වාදීන්ට දුන් පොරොන්දු වෙනුවෙන් ඒවා ඉටු කරන්න පරිසරයක් හදාගන්න. ඒ වගේම ආර්ථික වශයෙන් දැවැන්ත අභියෝගයක් රට ඉස්සරහා තියෙනවා. හාල් ඇටයක්වත් හොයාගන්න බැරි රටක්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක යට ගහන්න ඕනෑකම තියෙනවා. අනික් පැත්තෙන් වෛද්‍යවරුයි නීතියයි හප්පනවා. මේවා ආණ්ඩුවේ උපායන්. මේවාට අමතරව පුළුවන් නම් ජාතිවාදී ගැටුම් ටිකකුත් හදාගෙන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න බලනවා.ප්රශ්නය:- ඔබ කිව්වා ඒකාබද්ධ විපක්ෂයට බරපතළ අභියෝගයක් හා වගකීමක් තියෙනවා කියලා?පිළිතුර:- ඔව්. මම අර කියපු තත්ත්වය පරාජය කරන්න ඉන්න නායකයෝ සිරගත කරනවා. අපේ පක්ෂයේ නායක විමල් සහෝදරයව සිරගත කරලා තියෙන්නේ ඒ අර්ථයෙන්ම තමයි. තව තව නායකයන් හිරගෙදරට දක්කන්න, ඒ හරහා භය කරන්න, භය කරලා නිහඬ කරන්න, යටත් කරගන්න උත්සාහ ගන්නවා. මෙන්න මේ විදියට ආණ්ඩුව සැලසුම් සහගතව හා උපාය මාර්ගිකව මේ අවස්ථා පියමන් කරන්න උත්සාහ කරනවා. මේකට අභියෝගාත්මක වන දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ යුතුව තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයට ඒ වගකීම පැවරිලා තියෙනවා. වෙන විපක්ෂයක් නෑනේ මේ රටේ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයට ඒ වගකීම පැවරිලා තියෙනවා. අපි ඒ වගකීම කොතෙක් දුරට ඉටු කරනවාද නැද්ද කියන එක මත තමයි ඉදිරි දේශපාලනය තීරණය වෙන්නේ.ප්රශ්නය:- ඔබ ආණ්ඩුවට චෝදනා කළා ජාතිවාදය අවුස්සනවා කියලා. නමුත් ජාතිවාදය අවුස්සන්නේ ඒකාබද්ධ විපක්ෂය බවටයි චෝදනා කරන්නේ?පිළිතුර:- ඒකාබද්ධ විපක්ෂයට ජාතිවාදය ඇවිස්සීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. අපි ඉන්නේ බෙදුම්වාදයට එරෙහිවයි. විශේෂයෙන්ම ජාතික නිදහස් පෙරමුණේ අපි හිටියෙත් ඉන්නෙත් බෙදුම්වාදයට එරෙහිවයි. ඒකාබද්ධ විපක්ෂයෙ විවිධ මත තියෙන පක්ෂ හිටියත් ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් වෙනස් මත තිබුණත් පොදුවේ බෙදුම්වාදයට විරුද්ධයි. අපි විශ්වාස කරනවා මේක ජාතිවාදය අවුස්සල විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි කියලා. මේක මේ කිහිප දෙනෙකුගේ උවමනාවට දෙමළ දේශපාලනඥයන්ගේ හරි, සිංහල දේශපාලනඥයන්ගේ හරි ඕනෑ එපාකම් මත ආණ්ඩු බලය ගන්න එහාට මෙහාට කරගන්න හෝ බලය තබා ගැනීම සඳහා ජාතිවාදය පාවිච්චි කරන තත්ත්වයක් තියෙනවා. ඒක අපි වෙනම හඳුනා ගන්න ඕනෑ. ඒ නිසා අපි ජාතිවාදීන් නොවෙයි.ප්රශ්නය:- නමුත් ඔබලාගේ ප්‍රකාශ පැත්තෙන් ඒවා ඉතා පටු ජාතිවාදියි කියලා චෝදනා කරන්න පුළුවන්.පිළිතුර:- මට එහෙම එක ප්‍රකාශයක් පෙන්වන්න. මෙහෙමයි උතුර වෙන් කරනවාට විරුද්ධ වීම ජාතිවාදය නොවෙයි. උතුර වෙන් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා නම් මේ ආණ්ඩුවට එරෙහි වීම ජාතිවාදය නොවෙයි. ඒකට එරෙහි වීම තමයි මේ රටේ ජාතික සමගියට තියෙන හොඳම දේ. අපි යෝජනා කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ මේ සියලු දෙනා එකට සිටිය හැකි රටක්. හැබැයි ඒක ව්‍යවස්ථාවකින් හරි නීතියකින් හරි බෙදන්න ගියොත් නේද බෙදීම තියෙන්නේ? දැන් අපි එකට ඉන්නවා හැළ හැප්පිලි මැද්දේ හරි. තියෙන ප්‍රශ්න ටික මේසයකට අරන් ඇවිත් සාකච්ඡා කරලා විසඳ ගන්නනේ තියෙන්නේ. එහෙම නැතිව ඒක බෙදිලා විසඳන්න බෑ.ප්රශ්නය:- ජාතිවාදීන් නොදුටු ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් බොරු බිල්ලෙක් මවන බවට ජනාධිපති මෛත්‍රී චෝදනා කළා.පිළිතුර:- එතකොට කමිටු වාර්තාවල මොනවද තියෙන්නේ. ඒ කමිටු වාර්තාවල තියෙන ඒවා ඔබ බැලුවොත් එහෙම ඒ වායේ තියෙන්නේ බෙදීමට අවශ්‍ය නීති හැදීම, ඒ වගේම මනෝ විද්‍යාත්මකව කල්පනා කරනවා නම් යම් යම් දේවල්වලින් ඈත් කරලා තිබ්බට පස්සේ ටික කාලයක් යනකොට මිනිසුන්ගේ චින්තනය හැදෙනවා, ඒ බෙදීම ඇතුළේ ජීවත් වෙන්න. ඊට පස්සෙ අවදියකදී තමයි බෙදීම නිසා ගැටුම් හැදෙන්නේ. උදාහරණයක් ගත්තොත් ඔවුන් කල්පනා කරනවා කොහොමද ජල මූලාශ්‍ර ටික බෙදාගන්නේ. එතැනට පත් වෙනවා කියෙන්නෙම බෙදීමනේ. ඒ වෙනුවෙන් තමයි මේ නව ව්‍යවස්ථාව එන්නේ. ඒ නිසා ජාතිවාදීන් අපි නොවෙයි. නමුත් මේ වෙලාවේ අපිට ජාතිවාදීන් කියන ලේබලය අලවන්න ඕනෑ අපට ජාතිවාදීන් කියලා කිව්වොත් තමයි ඔවුන්ට ඒ අරමුණට යන්න පුළුවන් වෙන්නේ. ජාතික සමගිය වෙනුවෙන් කතා කරන අපව ජාතිවාදීන් බවට පත් කළ යුතුයි.ප්රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු කියන දෙයක් තමයි විමල්ලා වැනි ජාතිවාදීන් සමඟ නම් සන්ධාන ගත වෙන්නේ නෑ කියලා?පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සමහරු එහෙම කියලා තිබුණා. හැබැයි ඔවුන් ජාතිවාදීන් කියලා අපට කියනවා නම් මම යෝජනා කරනවා අපිත් එක්ක ඇවිත් කතා කරන්න කියලා. අපි මොකක්ද කියන්නේ කියලා හරියට අහගන්න කියලා. විමල් වීරවංශ, රණවිරුවන් ගැන කතා කිරීම ජාතිවාදී නොවෙයි. විමල් වීරවංශ රණවිරුවන් කියලා කියන්නේ යුද්ධයට ගිය භටයන්ට, රටට සාමය ගේන්න ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කළේ ඔවුන්. ඒ වගේම ඔවුන් යුද්ධ කළේ ප්රභාකරන්ට එරෙහිව මිසක් දෙමළ ජනතාවට එරෙහිව නොවෙයි. ප්රභාකරන්ට එරෙහිව ආණ්ඩුව යුද්ධ කළේ. ඒ මිනිසුන්ට විරුද්ධව දෙයක් වෙනකොට ඒකට එරෙහිව කතා කිරීම ජාතිවාදය නොවෙයි. ඒ වගේම විමල් වීරවංශ උතුරේ දරුවන් ගැන ඒ ජනතාව වෙනුවෙන් කතා කරනවා. කැබැතිගොල්ලෑවේ දරුවන් ගැන මම කතා කරන එක ජාතිවාදි නෑ. ඒ ළමයින්ව මැරුවෙ දෙමළ ජනතාව නොවෙයි. එල්ටීටීඊ එකයි. ඒකට ජාතිවාදය කියලා කියන්න පුළුවන් වෙන්නේ මෝඩයන්ට විතරයි. මේ රටේ රණවිරුවො, ත්‍රස්තවාදය පරාජය කළ අභිමානවත් පුරවැසින් ගැන කතා කිරීම ජාතිවාදය නොවෙයි. එහෙම නම් ඉතින් ඔක්කොම ජාතිවාදීන් විය යුතුයි. එහෙම නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත් ජාතිවාදී විය යුතුයි. මොකද ඒ වෙලාවෙ එතුමත් ඒ ආණ්ඩුවේ හිටියේ. එහෙම නම් ඒ ආණ්ඩුවම ජාතිවාදියි. ත්‍රස්තවාදය පරාජයට පත් කළාට පස්සේ ඒ රණවිරුවාට සිද්ධ වෙන අසාධාරණය කතා කිරීම ජාතිවාදය නොවෙයි. ත්රස්තවාදියාට ත්රස්තවාදියා කියන එක ජාතිවාදය නොවෙයි. එල්ටීටීඊ එකට ත්රස්තවාදීන් නොකියා අපි මොකක්ද කියන්න ඕනෑ.? අපි දෙමළ ජනතාවට ත්රස්තවාදීන් කිව්වොත් ඒක වැරදියි. දෙමළ දේශපාලන නායකයන්ට අපි ත්රස්තවාදීන් කියලා කියන්නේ නැහැනේ. අපි කියන්නේ ඔවුන් රට බෙදන්න උඩගෙඩි දෙන පිරිසක් කියලයි. එදා එල්ටීටීඊ යට උඩගෙඩි දුන්න පිරිසක්. ඒ ගැන කීම ජාතිවාදය නොවෙයි. අපි කියන දේ හරිම සරලයිනේ. වෙනම ඉන්න ඉල්ලන එකනේ ජාතිවාදය. අපි කියන්නේ එකට ඉමු කියලා. ඉතින් අපි ජාතිවාදීන් වෙන්නේ කොහොමද?ප්රශ්නය:- ඔබ උතුරේ දෙමළ දේශපාලන නායකයන්ට ජාතිවාදීන් කියලා කියනවා. ඔබෙයි ඔවුන් අතර ඇති වෙනස?පිළිතුර:- මම ඒක පැහැදිලි කළානේ. ඔය උතුරේ ඉන්න නායකයෝ ජාතිවාදය වැපුරුවේ නැත්නම් පාර්ලිමේන්තුවට තියා ප්‍රාදේශීය සභාවකටවත් යන්න බෑ. ඔවුන් උතුරේ සංවර්ධනය බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම මේ ගැන පාර්ලිමේන්තුවේදි කතා කළා. උතුර සංවර්ධනයට දීපු සල්ලි උතුරු පළාත් සභාව සතයක්වත් වියදම් කරලා තිබුණේ නෑ. ඒකට මොකක්ද කියන්නේ.ප්රශ්නය:- ඔබ රණවිරුවා ගැන කතා කළා. ඒ කාලේ බොහෝ අනීතික ක්‍රියා කළ බවට සැක කරන හමුදා නිලධාරින් සෙබළුන් අත්අඩංගුවට ගැනෙනවා. එවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැරදියි කියලද ඔබ කියන්නේ?පිළිතුර:- නෑ. නීතිය රටක ක්‍රියාත්මක කිරීම අපට ප්‍රතික්ෂේප කරන්න බෑ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනැනේ. නීතියක් නැත්නම් ඒක රටක් නොවෙයිනේ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරද්දී එය විනිවිදභාවයෙන් මෙන්ම අපක්ෂපාතීව විය යුතුයි. මොකද රණවිරුවන් සම්බන්ධ ප්රශ්නය තීරණාත්මක වෙන්නේ ත්‍රස්තවාදය පරාජය කරපු රටක්. සාමය ගොඩ නගපු රටක්. ඒ සාමය ගොඩ නගපු රට ඇතුළේ විශාල කැප කිරීමක් කළේ රණවිරුවෝ. එතකොට රණවිරුවා කියන්නේ බලවේගයක් මේ රටේ. රණවිරුවා කියන්නේ නිකම් හුදකලා මිනිසෙක් නොවෙයි. ඔවුන් බලවේගයක්. රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් විරුවන්. එතකොට ඔවුන් සම්බන්ධයෙන් කවුරු හරි පැමිණිල්ලක් කරනවා නම් එසැණින් රිමාන්ඞ් කරලා පරික්ෂණ පටන් ගන්න බෑ. නිවැරැදි විමර්ශනයක් කළ යුතුයි. ඊට පස්සේ එපැයි ඊළඟ පියවරට යන්න. නමුත් මෙතැන වෙන්නේ ඒ දෙය නොවෙයි කියලා ඉතාම පැහැදිලියි. දේශපාලන කෝණයකින් මේක සිද්ධ වෙන්නේ.ප්රශ්නය:- ඔබ කොහොමද එහෙම කියන්නේ?පිළිතුර:- මේ ආණ්ඩුව හදන්න එකතු වුණු බලවේග මොනවාද? දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය, එතකොට ආණ්ඩුවේ දැන් ඉන්න අනෙකුත් පාර්ශ්වයන්. ඒ පාර්ශවයන්ගේ මූලික ඉල්ලීම් මොනවාද? ඒ ඉල්ලීම්වලට අනුවනේ අද මේ ආණ්ඩුව හැසිරෙන්නේ. හමුදා කඳවුරු ඉවත් කළ යුතුයි. උතුරේ තිබුණු පරිපාලනමය තත්ත්වය වෙනස් කරන්න ඕනෑ. එහෙම ඉල්ලීම් කරන අයගේ ප්‍රධාන ඉල්ලීම වෙලා තිබුණෙ රණවිරුවා දඩයම් කිරීම. මේ සිද්ධ වෙන්නේ ඒක තමයි.ප්රශ්නය:- අනීතික වැඩ කරපු සෙබළාට නීතිය ක්‍රියාත්මක කරන කොට ඒක රණවිරු දඩයම කියලා කියනවා. මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරපු දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනකොට ඒක දේශපාලන දඩයම කියලා කියනවා. මේක අවස්ථාවාදයෙන් වෙනස් වෙන්නේ කොහොමද?පිළිතුර:- රණවිරුවාට එරෙහි දරුණු මෙහෙයුමක් තියෙනවා. රටක් විදියට මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුව තියෙනවා. මේ රණවිරු දඩයමෙන් සතුටු වෙන්නේ වෙන කවුරුවත් නොවෙයි දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය අපට රටට එරෙහි බලවේග, විදේශීය බලවේග, මෙය අප තේරුම් ගත යුතුයි.ප්රශ්නය:- වැරදි කරපු දේශපාලනඥයන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතු නෑ කියලා ඔබ කියනවද?පිළිතුර:- නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑනේ. හැබැයි දේශපාලන උවමනාවක් වෙනුවෙන්. දැන් බලන්න අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා.ප්රශ්නය:- ඔබ කියන්නේ ඒක දේශපාලන දඩයමක්?පිළිතුර:- ඒක දේශපාලන දඩයමක් වෙන්නේ. ඔහුට තියෙන චෝදනාව මොකක්ද? උපදෙස් දීම හා අනුබල දීම. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මම කෝප් කමිටුවේ ඉන්නකොට අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දුන්නේ “මට මේකට උපදෙස් දුන්නේ අගමැතිතුමා” කියලා. එතකොට මහ බැංකු බැඳුමකරය වංචාවක් නම් ඒකට උපදෙස් දුන්න අගමැති එළියෙ ඉන්නේ කොහොමද? දැන් අර්ජුන් මහේන්ද්‍රන් එළියෙ. රටක් සංවර්ධනය කරනකොට, අමාත්‍යාංශයක වැඩ කරනකොට ඇමැතිවරයකුට උපදෙස් දෙන්නත් බැරිනම් අනුබල දෙන්නත් බැරිනම්, ඒ සඳහා මැදිහත් වෙන්නත් බැරිනම් එහෙම නම් ඇමැති කෙනෙක් මොනවද කරන්නේ කියලා කියන්න. ඇමැතිට මොනවද කරන්න තියෙන්නේ? එහෙම නම් දැන් කැබිනට් එක ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඇයි හිටියට වැඩක් නෑනේ. පහුගිය ආණ්ඩුව වැඩ කළේත් මේ ආණ්ඩුව වැඩ කරන්නෙත් ඒ ඒ අමාත්‍යාංශවල ඇමැතිවරුන්ගේ අනුමැතියෙන් තමයි. ඇමැතිවරයාට ඒ බලය පවරලා තියෙන්නේ පනතෙන්. එහෙම තිබියදී කොහොමද මෙවැනි චෝදනා කරන්නේ. මේ චෝදනා තමන්ට අවශ්‍ය පරිදි හදපුවා. මේක දේශපාලන දඩයමක් කියලා කියන්නේ ඒකයි.ප්රශ්නය:- නමුත් මෙතැන නීතිය?පිළිතුර:- පොඞ්ඩක් ඉන්න. අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නේ පොලිසිය. පොලිසිය හසුරුවන්නේ ආණ්ඩුව. නීතිය නමනවා කියලා පොලිස්පතිතුමාම කියනවා. මේ ඒක තමයි කරළියට ඇවිත් තියෙන්නේ. මෙතැන නීතියක් නෑ. යහපාලනයක් නෑ.ප්රශ්නය:- 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා. දැන් මාස දෙකක් ගෙවිලා.පිළිතුර:- තව මාස 10 ක් තියෙනවනේ. 2017 පටන් ගත්තා විතරයිනේ. දෙසැම්බර් වෙනකම් කල් තියෙනවනේ.ප්රශ්නය:- එහෙම වැඩපිළිවෙළකුත් නෑ. හැකියාවකුත් නෑ. නමුත් තමන් සමග ඉන්න කණ්ඩායම තියාගන්න කියන කතාවක් කියලා ආණ්ඩුව කියනවා.පිළිතුර:- එහෙම බෑනේ. එහෙම නම් එහෙම කියා ගැනීමේ හැකියාව මේ අවුරුද්දෙන් ඉවර වෙනවනේ. වැඩපිළිවෙළවල් ක්‍රියාමාර්ග කියන ඒවා එකවර එළියට දාන්නේ නෑනේ. එහෙම කරන්නත් බෑනේ. මතුවන දේශපාලන තත්ත්වයන් විසින් සියල්ල වේගවත් කරාවි. විශේෂයෙන්ම කිවයුතුව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යමක් ආවට ගියාට කියන්නේ නෑ කියලයි. | ලෝකයේ රටවල් දියුණුවෙලා තියෙන්නේ මෙහෙම නිදහස ලබා දීලා නොවෙයි | 0 |
hp_train_2240 | (ටී.කේ.ජී.කපිල) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද(19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානය මෙසේ ගුවන් තොටුපළ වසා දැමීමට පෙර , අවසාන වශයෙන් පැමිණි ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් යානයෙන් මගීන් 77 ක් පැමිණ තිබූ අතර , එයින් වැඩි පිරිසක් දඹදිව වන්දනාකරුවන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. ඒ අතර සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා දිගටම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන අතර , ගුවන් තොටුපළෙන් පිටත්ව යන ගුවන් යානා ද පෙර සැළසුම් කර ඇති පරිදි සිදු කෙරේ . මෙම සංක්‍රමණික ගුවන් මගීන් ,කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ වෙනත් රටක් කරා ගුවන් ගත වීම සදහා පැමිණෙන ගුවන් මගීන් පිරිසකි. | ලංකාව - තායිලන්තය අතර නව ගුවන් සේවාවක් | 0 |
hp_train_2241 | (ඉන්දිකා රාමනායක) සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) දෙවන දිනටත් පැය 4 ට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව එම දෙපාර්තමේන්තුව කියයි. රාජිත සේනාරත්න මහතා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සමග අද පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර ප්‍රශ්න කිරීම පස්වරු 1.30 දක්වා පැවැත්විණි. ඉකුත් (14) දින ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාගෙන් පැය 3 හමාරක් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තේය. සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තුන්වන සැකකරු වු රාජිත සේනාරත්න මහතාට රෝහලින් පිටවු පසු සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මෙහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබිණි. ඒ අනුව, ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමෙන් පසු රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් ලබා නොදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිටව ගියේය. | අශෝක් අබේසිංහ අදත් සීඅයිඩිය මඟහරී | 0 |
hp_train_2242 | (තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (26) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.මේ අනුව කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 61,511 දෙනෙකි.දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට පැය 24ක් තුල ආසාදිතයින් හමුවීම, මහර කොට්ඨාසයෙන් - 67ක්, වත්තල - 65 ක්, මීරිගම සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් - 57 දෙනෙකු බැගින්, අත්තනගල්ල - 50ක්, බියගම - 49ක්, දොම්පෙ - 48 ක්, කැලණිය - 37ක්, ජාඇල - 23ක්, දිවුලපිටිය - 22ක්, සීදූව - 17ක්, මිනුවන්ගොඩ සහ රාගම - 15 දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් සිව් දෙනෙකු වශයෙන් සිදුව ඇත.පැය 24 ක කාලය තුල ආසාදිතයින් 336 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්යස්ථානයන්ටත් , ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 169 දෙනෙකු රෝහල්වලටත් ඇතුලත් කොට ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.එම කාලය තුල දිස්ත්‍රික්කයෙහි කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 48 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 23 ක්, බියගමින් - 8 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 17 දෙනෙකු වශයෙනි.ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,139 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත. | ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 566ක් | 1 |
hp_train_2243 | ( ගම්පහ තිලකරත්න දිසානායක.)ගම්පහ පිළිකුත්තුව ආනන්ද අනුස්මරණ යෝගාශ්‍රමයෙහි විහාරාධිකාරී පදවියේ පඤ්ඤාලෝක හිමියන් වහන්සේගේ වැඩ වසන ආවාසයට හානි කොට විහාර ගෙයිහි බුදු පිළිමද කඩා බිද දමා ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.අසනීපව සිටින සිය පියා ගැන සොයා බැලීමට විහාරාධිකාරී හිමියන් පදවියට ගොස් ඇති අතර අද (12) අලුයම 2.15 ට පමණ ආපසු එද්දී විහාරස්ථානයට හානි කර තිබූ බව පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ. | පිළිකුත්තුවේ විහාරයක් කඩලා | 0 |
hp_train_2244 | බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ගිගුරුම් සහිත වැසි සේම ඇතිවිය හැකි තාවකාලික තද සුළං ද ඇති වේ. | අද කාලගුණයේ වෙනස | 0 |
hp_train_2245 | (සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේදී අද (05) යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.බලන්ගොඩ ඕලුගංතොට ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත.යතුරු පැදිය ලොරි රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට විසිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කීය. | ලොරි - යතුරු පැදි අනතුරින් අයෙක් මරුට | 1 |
hp_train_2246 | (ඩී.කේ.රත්න) ඇල්ල රාවණාඇල්ල අභයභූමියට ඉහලින් පිහිටි ඇල්ල රොක් රක්ෂිතයේ අද (30) හවස ඇතිවූ හදිසි ගින්නකින් මේ වන විට එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. දේශීය විදේශීය සංචාරකයින් මෙම ඇල්ල රොක් ප්‍රදේශයේ බහුලව සංචාරයේ යෙදෙන අතර මෙම ගින්න නිසා දැඩි අවදානම් තත්වයක්ද මතු වී තිබේ. ඇල්ල පොලීසිය , දියතලාව යුද හමුදා කඳවුරේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට උත්සහ කළද ප්‍රදේශයට පවතින දැඩි විලළි කාලගුණික තත්වය හා දැඩි සුළං තත්වය හේතුවෙන් ද මෙම ගින්න ප්‍රදේශයේ දැඩි බෑවුම් ප්‍රදේශයක පැවතීම හේතුවෙන් ද ගින්න නිවා දැමීමට අපහසුවී තිබෙන අතර මේ වන විටත් ගින්න පැතීරී යමින් ඇතැයි පොලීසිය කියයි. කිසියම් පුද්ගලයකු විසින් වන සතුන් දඩයම් කිරීමට හෝ විනෝදය සදහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි පොලීසිය කියයි. | ඇල්ල රොක් රක්ෂිතයේ ගින්නක් | 1 |
hp_train_2247 | ( රංජිත් රාජපක්ෂ)තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා අද (01) පැවසිය.මෙසේ බඹර ප්‍රහාරයකට ලක් වි තුවාල ලබා ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකි.තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහරදුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේය. | බඹර ප්‍රහාරයකින් 19ක් රෝහලේ | 0 |
hp_train_2248 | ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,56,611ක් ලෙස දැක්වුණු අතර ඉන්දියාව ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.ඉන්දියාව මේ වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.ඉතාලියෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,34,998ක් වූ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 2,41,550ක් ලෙස දැක්විණි.ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,381ක් වන අතර සුව වූ ගණන 1,24,095කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7,135කි.එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 85,975කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 31,667කු, දිල්ලියෙන් ආසාදිතයන් 27,654 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 20,070 කු වාර්තා වී තිබිණි.අසල්වැසි පාකිස්තානයෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 98,943ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,769ක් ලෙස දැක්විණිඑන්.ඩී.ටීවී.055 ඉන්දියාවෙන් අදත් කොරෝනා ආසාදිතයන් 9,000ක්ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,56,611ක් ලෙස දැක්වුණු අතර ඉන්දියාව ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.ඉන්දියාව මේ වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.ඉතාලියෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,34,998ක් වූ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 2,41,550ක් ලෙස දැක්විණි.ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,381ක් වන අතර සුව වූ ගණන 1,24,095කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7,135කි.එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 85,975කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 31,667කු, දිල්ලියෙන් ආසාදිතයන් 27,654 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 20,070 කු වාර්තා වී තිබිණි.අසල්වැසි පාකිස්තානයෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 98,943ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,769ක් ලෙස දැක්විණි. එන්.ඩී.ටීවී.055 | ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයන් 9,000ක් | 0 |
hp_train_2249 | ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත් කෙරුණු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න අද වැඩ බාර ගත්තේය. නව නාවික හමුදා පතිවරයා පිළිගැනීමට සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා සේවයට සමුදීම වෙනුවෙන් උත්සවයක් ද නාවික හමුදා මූලස්ථානයේ දී අද පැවැත්විණි. | පොලිස්පති නාවික හමුදාපති හමුවෙයි | 0 |
hp_train_2250 | ශ්‍රී ලංකාවේ පවතින වැසි තත්ත්වය අද රාත්‍රියේ සහ හෙට දින වැඩිවීමේ ලකුණු දක්නට ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ උතුරු පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 කට වඩා තද ඇති විය හැකියි .සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/10/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249560සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව30249570විටින් විට වැසි.කොළඹ31259570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249080සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32258565වැසි වාර කිහිපයක්.මහනුවර30229570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259575විටින් විට වැසිමන්නාරම32269070සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. | ‘හෙටින් පසු වැස්ස අඩුවන හැඩ‘ | 0 |
hp_train_2251 | (*** නාලක සංජීව දහනායක සහ *** සූරියවැව - දිලිප් ජයසේකර)ඉකුත් රජය සමයේ විජිතපුර පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරන විට නිහඬව සිටි එවකට සංස්කෘතික අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන් තමන්ට මඩගැසීමට උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බඩල්කුඹුරේදී පැවසීය.පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට තම රජය ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් වරදක් කර ඇත්නම් ඊට සම්බන්ධ අයට දඬුවම් කිරීමට පසුබට නොවන බවද සඳහන් කළේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට සහාය පළකරමින් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බඩල්කුඹුර, සෙවනගල ප්‍රදේශවල සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට එක්වෙමින් හෙතම මේ බව පෙරේදා (19) සඳහන් කළේය.අගමැතිවරයා මෙසේද පැවසීයමොනරාගල කියන්නේ විශාල දිස්ත්‍රික්කයක්. වන වගාව විතරක් සියට 50 වැඩියි නිල්ගල රක්ෂිතය පිහිටා තිබෙන්නේ මොනරාගලයි. අපේ ජනතාවගෙන් සියයට 75ක් යැපෙන්නේ කෘෂිකර්මාන්තය මඟින්. මොනරාගලට පානීය ජලය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුම් දෙන්න අපේ කාලයේ උමාඔය ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒත් කට්ටිය කිව්වේ මැදමුලනට වතුර ගෙනියන්න උමාඔය ව්‍යාපෘතිය කරනවා කියලා.ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙන්න ප්‍රධාන හේතුවක් ලෙස පිරිසිදු පානීය ජලය නොමැතිකම හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා පිරිසිදු පානීය නළ ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා. අපි කටයුතු කරන්නේ රටේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ඇතිවයි.සෙවණගල කිව්වම අපිට මතක් වෙනේනේ උක් වගාව. මේ වනවිට සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ උක් ටොන් 1200ක් ඇඹරීමකට ලක්කර සීනි නිෂ්පාදනය කරනවා. වහාම දෙවැනි පියවර ගැනීම අපේ වගකීමක්. උක් ටොන් 2400ක් ඇඹරීමේ පහසුකම් සහිතව සීනි කර්මාන්තය දේශීය කර්මාන්තයක් විදියට ගොඩනගනවා. අපි දේශීය කර්මාන්තයට ප්‍රමුඛතාවය දෙනවා. පිටරටින් හැම දෙයක්ම ගේනකල් බලන් ඉන්න බැහැ. හම්බන්තොට ලුණූ තියාගෙන ඉන්දියාවෙන් ලුණු ගේනවා. මේවා වෙනස් විය යුතුයි. හැම දෙයක්ම පිටරටින් ගේනකල් බලන් හිටපු යුගය අවසන් කරන්න ඕනෑ.මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අපි ආරම්භ කළා. අපි අපේ ආර්ථිකය ගොඩනඟලා, ඒක පුද්ගල ආදායම වැඩිකළා. ජනතාව අතේ මුදල් ගැවසෙන්න පටන් ගත්තා. අලුත් මධ්‍යම පන්තියක් බිහිවුණා. අපි අලුතෙන් වරායක්, ගුවන්තොටුපොළක් හැදුවා. අධිවේගී මාර්ගය බිහිකළා. වරාය විකුණූවා. ගුවන්තොටුපොළ බේරගන්න පුළුවන් වූණේ අපි බලයට ආපු නිසයි. වරාය විකුණන වෙලාවේ හම්බන්තොට ජනතාවගේ ඡන්දයෙන් පත්වූණූ ඇමැතිවරු කැබිනට් මණ්ඩලයේ හිටියත්, එක ඇමැති කෙනෙකුට පණ තිබුණේ නැහැ වරාය විකුණන්න එපා, මේක ජනතාවගේ වස්තුවක් කියන්න. ඒ වුණාට කිසිදෙයක් විකුණන්න දෙන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස දැන් කියනවා. අපි මේ රටේ දේපළ කිසිකෙනකුට විකුණන්න ඉඩ තියන්නේ නැහැ. ඒ දේපළ ඔබට, ඔබේ දරුවාට සහ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් රැකගන්න ඕනෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගන්න කියලා මට ආරාධනා කරනවා කියලා පත්තරේ තිබුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු අය බණ්ඩාරනායක මහත්තයා, ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා වගේ අය තමයි එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිත් පක්ෂය හැදුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරලා, පක්ෂය ශක්තිමත් කරලා, පක්ෂය බලයට ගේන්නත් අපිට හැකි වුණා.2015 ජනාධිපතිවරණය පරාජය වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට පලා බෙදන්න ගත්තා. ඊට පස්සේ තමයි අපි නෙළුම් පොහොට්ටුව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරලා, ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කළේ. අපිට දැන් පක්ෂයක් තියෙනවා. දැන් ඒ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට යනවා.මෛත්‍රීපාල සිරිසෙන මහතා මට කතා කරලා අගමැතිකම දුන්නා. ඊට කලින් ආසන 54ක් තිබුණත්, අපිට විපක්ෂ නායකකම දුන්නේ නැහැ. ආසන දහසයක් තිබුණු දෙමළ ජාතික සංවිධානයට විපක්ෂ නායකකම දීලා ආසන හයක් තිබුණු ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම දුන්නා. අපිත් උපක්‍රම පාවිච්චියට ගත්තා. අගමැතිකම භාර අරගෙන දවස් 51ට පස්සේ අගමැතිකමෙන් ඉවත්වෙලා විපක්ෂ නායකකම ගත්තා. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙනවා. අපි බලයට ඇවිත් කෙටි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට හරි පවත්වන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා.අද අපි නැවත එකතුවෙලා පෙරමුණකට ඇවිත් ඉන්නවා. ඡන්දෙ දෙන්නේ කාටද කියන එක හදවතේ තියාගන්න. අපේ අය අතර ගැටුම් ඇතිවෙන ආකාරයට කටයුතු කරන්න එපා. වසර පනස් ගණනක දේශපාලන ඉතිහාසයක් තිබෙන මම උපදේශයක් විදියට ඔබට කියනවා මනාප පොරයකට යන්න එපා. අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. ප්‍රේමදාස පිල සහ රනිල් පිල කියලා බෙදුණු ඒ දෙගොල්ලෝ සූදානම් වෙන්නේ සිරිකොත අල්ලන්න. මේ රටේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ඡන්දේ දෙන්න ඕනේ සිරිකොත අල්ලන එකටද ඒක ඉඩම් නඩුවක් දාලා බේරගන්න පුළුවන්. පහුගිය දවස්වල මම රට වටේම ඇවිද්දා. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් මාත් එක්ක කියන්නේ ඒ අයට ඡන්දේ දෙන්න කෙනෙක් නැහැ කියලයි. එක්සත් ජාතික පක්ෂය රට අල්ලන්න සූදානමක් නැහැ. පක්ෂය අල්ලන්න විතරයි සූදානම්.අද එජාප පාක්ෂිකයනුත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ හොඳයි. පැහැදිලියි. ශක්තිමත් කියලා. ඒ අය සියලු දෙනා එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් මේ මැතිවරණයේදී ලබාගැනීමට අවශ්‍යයි. ව්‍යවස්ථාව වෙනස් කරන්න. රටට ගැළපෙන, දේශයට ගැළපෙන, ඒකීයභාවය සුරකින නව ව්‍යවස්ථාවක් ගෙන්න අපි සූදානම්.ප්රභාකරන් තුවක්කුවෙන් ගන්න හදපු රට පෑනෙන් දෙන්න අපි සූදානම් නැතැයිද ඔහු සඳහන් කළේය.ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත බේරුගොඩ, පද්ම උදයශාන්ත, ජගත් පුෂ්ප කුමාර යන මහත්වරුද, සුමේධා ජී. ජයසේන මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. | ‘මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකර ගත්තා‘ | 0 |
hp_train_2252 | (අශෝක තිලකරත්න) සූරියවැව වැලිවැව දී වන අලියෙකු පහරදීම හේතුවෙන් ගොවියෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සූරියවැව වැලිවැව පදිංචි කෝනාර මුදියන්සේලාගේ රසික (42) යන අයයි. ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (21) පෙරවරුවේ හම්බන්තොට මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය. සූරියවැව පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි. | වනඅලි පහරදීමකින් ගොවියකු මරුට | 0 |
hp_train_2253 | නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249060සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව32259570වැසි වාර කිහිපයක්කොළඹ33249060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල34258560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය33258065වැසි ස්වල්පයක්මහනුවර32209560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23119545සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය36239555සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය32248575වැසි වාර කිහිපයක්මන්නාරම33259575සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
hp_train_2254 | (මනෝප්රිය ගුණසේකර) ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (10) නඩු පවරන ලදී. නීතීපති දප්පුල ද ලිවේරා මහතාගේ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පවරන ලදී. චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක මෙවැනි අධිචෝදනා ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත්තේ ප්‍රථම වතාවටය. මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය. 2014 අපේ‍්‍රල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ළඟ තබාගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යනුකූල බලපත්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප්රවාහණය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ සදහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත. 2015 සැප්තැම්බර් 21 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා අතර කාල සීමාව තුළදී නිශ්ශංක සේනාධිපති, සමන් දිසානායක සහ පේ‍්‍රමචන්ද්‍ර නමැත්තන් ‘රතු මුහුදේ සිට ගාලූ වරයා දක්වා ගිනි අවි 816 ක් සහ උණ්ඩ 2,02,935 ක් ප්රවාහණය සඳහා ඉල්ලූම්පතක් ඉදිරිපත් කළ බවත් එය 2015 සැප්තැම්බර් 28 වැනිදා ආරක්ෂක අමාත්‍යංශයට ලැබුණු බවත්’ යනුවෙන් පරවේෂණයක නීතී කටයුත්තට බලපාන ආකාරයට බොරු සාක්කි ගෙතීමට කුමන්ත්‍රණය කළ බවටද ආරක්ෂ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වශ්‍යයෙන් කටයුතු කරමින් සමන් දිසානායක නමැත්තා විසින් එලෙස බොරු සාක්කි ගෙතූ බවටද එලෙස බොරු සාක්කි ගෙතීම සඳහා ඔහුට ආධාර හා අනුබල දුන් බවට නිශ්ශංක සේනාධිපති හා පේ‍්‍රමචන්ද්‍ර නමැත්තන්ට එරෙහිවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නැඟීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා දැනුම් දී ඇත.ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත්‍රයේ සදහන් කොට ඇත. | පාවෙන අවි ගබඩාව සම්බන්ධ චෝදනා 7573 කට නඩු | 1 |
hp_train_2255 | (අජන්ත කුමාර අගලකඩ)වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය. ඒවා කළ අය මෙන්ම ඊට සහාය දුන් සහ එය දැක දැකත් බලා සිටි අය සම්බන්ධයෙන් රටක් ලෙස කෙසේ සිතිය යුතු ද යන්න කල්පනා කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.තමාගේ හෙට දවස ගැන නොසිතා මේවාට විරුද්ධවීමට සිදුවී තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.තමා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේද නැද්ද යන්න මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපතිවරයා කීවේය.තමා දේශපාලන ජීවියකු බවත්, තමාගේ පණ තිබෙන තෙක් දේශපාලනයේ සිටින බවත් කී ජනාධිපතිවරයා, තමාට තනතුරු තිබුණත් නැතත් නිල කාලයෙන් පසුව ද දේශපාලනය කරන බව සඳහන් කළේය. තමාගේ පණ සහ ලේ හැදී තිබෙන්නේ දේශපාලනයත් සමග යැයි ද ජනාධිපතිවරයා පැවැසීය.පසුගිය වසර තුනේ රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් පුද්ගලික සමාගම්වලට ගොස් ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.රජයට සම්බන්ධව සිටි සහ හිටපු සමහර අයගේ ඡන්ද ව්‍යාපාරවලට මෙම මුදල් ගොස් ඇති බවත්, අවුරුදු තුන තුළ මෙම මුදල් ඉතා සූක්ෂ්ම ලෙස ගොස් ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.රවි කරුණානායක මහතා මහබැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් කරන්නට තිබූ ප්‍රකාශය කළේ නම් එය ඔහුගේ සියදිවි හානිකර ගැනීමක් වන බව ද ජනාධිපතිවරයා පැවසීය. මහ බැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවට ඉදිරිපත් වූ සාක්ෂි ඇතුළත් ලිපි ගොනු ලොරි දෙකක් ගබඩා කර ඇතැයිද ජනාධිපති සිරිසේන මහතා කියා සිටියේය.පසුගිය වසර දහයේ විදේශ ණය ලෙස ලැබෙන ටි්රලියන 10 ක ණයවලින් වත්කම් ලෙස පෙන්වන්නට ඇත්තේ ටි්රලියනයක් පමණක් බව කී ජනාධිපතිවරයා ඉතිරි මුදල්වලට සිදුවූ දේ පෙන්වීමට ලිපි ලේඛන නැති බවද පැවසීය.ඉදිරියේදී එන නඩුවලින් බේරීම සඳහා ප්‍රභූ-චෞර-අශුද්ධ සන්ධානයක් දේශපාලන බේදයෙන් තොරව බිහිවී ඇති බව ද ජනාධිපතිවරයා කීය.මහ බැංකු බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසුව එහි පිටු අඩු බවට කරන ප්‍රකාශ තමා ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.බැඳුම්කර වාර්තාව ලැබී සති දෙකකින් පමණ ප්‍රකාශයක් කිරීමට තමා සිතා සිටියද, එය වහා ඉදිරිපත් කළ යුතු බවට කළ ඉල්ලීම් නිසා තමා කල් ඇතිව ප්‍රකාශයක් කළ බව කී ජනාධිපතිවරයා, සමහරුන්ට අවශ්‍ය වූයේ එය දේශපාලන වශයෙන් පමණක් යොදා ගැනීමට බව කීවේය.තමා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ගේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ හා නීතිඥයින්ගේ අදහස් විමසීමෙන් පසුව බව කී ජනාධිපතිවරයා, තවත් පිරිසකගේ අදහස් ලබාගැනීමෙන් පසුව තමා මෙවැනි ප්‍රකාශයක් කළේ ජීවිතයේ පළමු වතාවට බව පැවැසීය. මෙම වාර්තාවේ කිසිම අඩුවක් නැති බව තමා වගකීමෙන් කියන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.වාර්තාව පාර්ලිමේන්තුවට යැවීමෙන් පසුව ඊට පසුබිම් වූ වාර්තා ලිපි ලේඛන ලොරි දෙකකට වැඩිය ගබඩා කර තිබෙන බව කී ජනාධිපති සිරිසේන මහතා, ඉදිරියේදී නඩු පැවරීමට අවශ්‍ය සහ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු ලිපි ලේඛන රැසක් එහි තිබෙන බව ද පැවසීය. පාඩු වූ මුදල් අයකර ගැනීමටත්, නඩු පැවරීමටත් අවශ්‍ය ලිපි ලේඛන රැසක් එහි තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.මෙම වාර්තාව නිවැරැදිව තේරුම් ගැනීමට නම් ගබඩාවල තිබෙන එම ලිපි ලේඛන ද යම් ප්‍රමාණයකට පරිශීලනය කළ යුතු යැයි කී ජනාධිපති සිරිසේන මහතා, වාර්තාවේ පිටු අඩුවී ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන්නේ යැයි සඳහන් කළේය.බැඳුම්කර කොමිසමේ වාර්තාවත් බරපතළ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවත් එකට ඉදිරිපත් කළේ සැලසුම්සහගතව නොවන බව කී ජනාධිපතිවරයා, අහඹු ලෙස ලැබුණු වාර්තා දෙකම එකවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව කීවේය.තමා වාර්තා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, වාර්තාව ඉදිරිපත් කළ යුතු බවට පසුව හඬ නැගූ අය වාර්තාව දුන් පසු පුදුම ආකාරයට නිහඬ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.වාර්තාව ඉල්ලා කෑ ගැසූ අය වාර්තා දෙකම ඡන්දයට පෙර පාර්ලිමේන්තුවේ දින දෙක තුනක් විවාද කළේ නම් ඒ පිළිබඳව රටට දැනගන්නට හැකිව තිබූ බව කී ජනාධිපතිවරයා දෙගොල්ලන්ම එකතු වී පොත වසා දැමූ බව කීවේය.තමාගේ ප්‍රතිපත්ති හේතුවෙන් හිටපු අය මෙන්ම ආණ්ඩුවේ දැන් සිටින අය ද තමා දෝෂදර්ශනයට ලක් කරන බව කී ජනාධිපතිවරයා කොමිසමේ වාර්තාවක් බොරුවක් බව රවි කරුණානායක හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව කීවේය.රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ කරන්නට ගිය පළමු ප්‍රකාශය අගමැතිවරයා වැළැක්වූයේ එම ප්‍රකාශය කළොත් ලොකු අමාරුවක වැටෙන බව ප්‍රකාශ කරමින් යැයි කී ජනාධිපතිවරයා රවි කරුණානායක මහතා දෙවැනියට කරන්නට ගිය ප්‍රකාශය නතර කළේ කතානායකවරයා විසින් බව සඳහන් කළේය.ඔහු එම ප්‍රකාශය කළේ නම් එය සිය දිවි නසා ගැනීමක් වනු ඇතැයි ද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.තමා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය බොරු යැයි රවි කරුණානායක මහතා ප්‍රකාශ කළ ද, තමා එම ප්‍රකාශය කළේ නීතිඥයන්ගේ ද අදහස් විමසීමෙන් පසුව බව කී ජනාධිපතිවරයා රට යහපත් පැත්තට ගෙනයෑමේ බරපතළ අභියෝගයක් මතුව තිබෙන බව කීවේය.මෙහි කෙළවර කොතැක දැයි තමා නොදන්නා බව කී ජනාධිපතිවරයා එසේ වුවද තමා කරන්නට ඕන දේ කරන බව පැවැසීය.කොමිෂන් සභා දෙකේ වාර්තා අනුව වගකිවයුතු අයට නඩු පැවරීමේදී ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් වළක්වා ගැනීමට කළ හැකි සෑම දෙයක්ම තමා කරන බව ජනාධිපතිවරයා කීවේය.පසුගිය ආණ්ඩුවේ බලවත් අයට එරෙහිව නඩු පැවැරුවේ දැයි ජනතාව අසන බව කී ජනාධිපතිවරයා තාජුඩීන් ඝාතන සිද්ධිය, ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සහ ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය ආදිය පිළිබඳ වාර්තා කටයුතු 2016 වන විට අවසන් කර ඇති බව නීති අංශ ප්‍රකාශ කර තිබූ බව ද ජනාධිපතිවරයා කීය.බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු කරද්දී පරීක්ෂණ කළ නිලධාරීන්ට කරදර සිදුවූ බව කී ජනාධිපතිවරයා ඇලෝසියස් ගේ දුරකථනයේ තොරතුරු සොයා බැලුවේ යැයි මැති ඇමැතිවරුන් කලබලවූ බවද සඳහන් කළේය.ඔවුන් පරීක්ෂා කළේ ඇලෝසියස්ගේ දුරකථනයට ආ සහ එමගින් ගත් ඇමතුම් පිළිබඳ තොරතුරු මිස මැති ඇමැතිවරුන්ගේ දුරකථන තොරතුරු පරීක්ෂා නොකළ බවද ජනාධිපතිවරයා පැවැසීය.එසේ වුවද එම තොරතුරු පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට අවසානයේ ඒ පිළිබඳව කරුණු කියන්නට සිදුවූ බවද ජනාධිපති සිරිසේන මහතා කීය.එවැනි ක්‍රියාවලින් ඇතැම් නිලධාරීන් බිය වුවද සියලුම නිලධාරීන් බිය නොවූ බව කී ජනාධිපතිවරයා එසේ වුවද එමගින් පරීක්ෂණවලට බාධා එල්ලවූ බව කීවේය.චෞර ප්‍රභූ සන්ධානයක් දේශපාලන බේදයෙන් තොරව බිහිවී ඇති බව තමා මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළේ යැයි කී ජනාධිපති සිරිසේන මහතා එයට පක්ෂයක් පාටක් නැතැයි සඳහන් කළේය.ඉදිරියේදී එන නඩු ටිකෙන් බේරීමට අශුද්ධ සන්ධානයක් බිහිවී අවසන් බවත් මෙම පරීක්ෂණ කරන නිලධාරීන් බිය ගැන්වීමට ඉඩ නොදෙන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා කීය.ආර්ථිකය හැසිරවීමේ බලය තමා යටතට මේ වසරේ සිට ගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති සිරිසේන මහතා තමා එමගින් අදහස් කළේ ආර්ථිකය කඩාවැටීමක් නොව ආර්ථිකය කඩාවැටීමට හේතුවන කාරණා ගැන යැයි කීවේය.පසුගිය අවුරුදු තුනේදී ආර්ථිකය ගොඩනැගීමට රජයක් ලෙස කටයුතු කළද ඇතැම් පාර්ශ්වයන් ඊට වෙනස්ව කටයුතු කළේ යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ දැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති සිරිසේන මහතා තමා මන්ත්‍රීවරයෙකු වූයෙත්, ජනාධිපති වූයෙත් බලාපොරොත්තු නොවූ ආකාරයට බවත් තමා නැවත ජනාධිපතිධුරයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න මෙතෙක් පැහැදිලිව තීන්දුවක් ගෙන නැති බවත් කීවේය.තමාට තිබෙන්නේ අද තිබෙන දේ කිරීම බව කී ජනාධිපතිවරයා අභියෝග රැසක් තිබෙන බව සඳහන් කළේය.තව අවුරුදු දෙකකින් එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි තීන්දුවක නැති බව කී ජනාධිපතිවරයා දැනට එන තත්ත්වයන් කොතනින් කෙළවරවේද යන්න ගැටලුවක් බවත් කීවේය.තමා ආණ්ඩුව තුළ සටන් කරන නමුත් ඒවා විස්තරාත්මකව කිව නොහැකි බව ජනාධිපතිවරයා කීවේය.ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ ජනාධිපතිවරයා නොවේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවෙන් එවන ලිපි ගොනු නැවත පරීක්ෂා කර තහවුරු කර ගැනීමෙන් පසුව නඩු පවරන ලෙස තමා අගමැතිවරයාට උපදෙස් දී තිබෙන බව පැවැසීය.පර්පෙචුවල් ටේරෂරිස් සමාගමට බැඳුම්කර ගනුදෙනුවෙන් ලැබුන ලාභය එහි වෙනත් සමාගමකට මුදල් වශයෙන් ලබාදී ඇති බවත් අල්ලස් හා සන්තෝෂම් වශයෙන් එක් එක් අයට ලබාදී ඇත්තේ එම මුදල් බවත් ජනාධිපතිවරයා පැවැසීය.මේ අතර බැඳුම්කර වාර්තාව ගැන තවදුරටත් යමක් දැනගත යුතුයි පක්ෂ නායකයින් ලබන සඳුදා (29) ජනාධිපති කාර්යාලයට කැඳවා ඇතැයි කී ජනාධිපතිවරයා කාට හෝ ගැටලුවක් ඇත්නම් එය විසඳාගත හැකි යැයි පැවසීය.ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස් සහ අන්නාසි ප්‍රති අපනයනයේදී බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි කී ජනාධිපතිවරයා තමා කැබිනට් මණ්ඩලයේදීද මේ ගැන නිතර පවසා ඇතැයි කීවේය.අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුව ආණ්ඩුවේ සිටින සමහරුන්ගේ ක්‍රියා කලාපය බව කී ජනාධිපතිවරයා තමා ඒ ගැනද නිතර පවසා ඇති බව සඳහන් කළේය.මේ අතර පළාත් පාලන මැතිවරණය ඡන්ද කොට්ඨාස මට්ටමේ ඡන්ද පොළවලදී ගණන් කිරීමට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව කී ජනාධිපතිවරයා පළාත් පාලන ආයතන මට්ටමින් ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමේ වැදගත්කම තමා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇතැයි සඳහන් කළේය.තමා පැවැති ආණ්ඩුවෙන් එළියට බැස්සේ දූෂණයට හා වංචාවට විරුද්ධව බව කී ජනාධිපතිවරයා කොතරම් අභියෝග ආවද දූෂණයට එරෙහි ගමන නතර නොකරන බව කීවේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පියවරක් ගන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ඡන්දයෙන් පසුව මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව කීවේය. | 'දේශපාලන අර්බුදය දින 7කින් අවසන් කරනවා’ | 0 |
hp_train_2256 | රංගන ක්ෂේත්රය තුළ සිය නිසඟ කලා හැකියාවන් තුළින් පේ්රක්ෂක අවධානය සේම විචාරක අවධානයද දිනාගන්නට සමත් වූ රංගන ශිල්පිනියක ලෙස දුලීකා මාරපන හැඳින්විය හැකියි. විශේෂයෙන් ඇය මේ දිනවල රංගනයෙන් දායක වන ‘මලී’ හි ඩිංගිරි අම්මාගේ චරිතය තුළින් වැඩි කතාබහකට ලක්ව තිබෙනවා. එසේම ඇය රංගනයෙන් දායකවන ‘වසන්තයක් ඇවිදින්’, ‘බාගෙට නෑයෝ’, ‘ද සැලූන්’ ආදී ටෙලි නාට්‍යද මේ වකවානුවේ විකාශය වනු ලබනවා.‘මලී’ හි ඩිංගිරි අම්මාගේ චරිතය තුළ ඔබ අධි රංගනයක් ඉදිරිපත් කරන ආකාරයක් දක්නට ලැබෙනවා නේද?‘මලී’ හි පිටපතට අනුව ඩිංගිරි අම්මාගේ චරිතය සමාජගත කළයුතු ආකාරයක් තිබෙනවා. ඒ අනුව මේක අධි රංගනයක් නෙවෙයි. සාමාන්‍යයෙන් මම ගැන දන්න කෙනෙකුට හිතන්න පුළුවන් ඔය චරිතය තුළ ඉන්නෙ මම නෙවෙයි කියලා. හැබැයි ඩිංගිරි අම්මා කියන තැන ඉඳල බැලූවොත් වැටහේවි මේක අධි රංගනයක් නෙවෙයි කියලා.ඩිංගරි අම්මාගේ චරිතය මිනිසුන්ට වඩාත් සමීප චරිතයක් බවට පත්ව තිබෙන්නේ එහි පිටපත නිසාද, නැත්නම් ඔබේ රංගනය නිසාද?මම හිතන්නෙ ඔය දෙකම බලපාල තියෙනවා කියලා. ‘මලී’ කියන ටෙලි නාට්‍ය සුනන්ද සිල්වා මහතා අතින් ලියැවුණු ඉතාම හොඳ පිටපතක්. ඒ වගේම මෙය අපේ රටේ මිනිස්සුන්ට ගොඩක් සමීප චරිත රැගත් ටෙලි නාට්‍යයක්.මම ගමේ මනුස්සයෙක් වීම හා ඒ අත්දැකීම් ඔස්සේ මගේ මේ චරිතය නිරූපණය කිරීම තුළ පේ්රක්ෂකයන් බොහෝ ආදරණීය ලෙස මේ චරිතය පිළිගෙන තිබෙනවා.ඔබේ රංගන දිවිය තුළ නිරූපනය කළ චරිත අතරින් වෙනස් ආරක චරිතයක් ලෙස මේ චරිතය බොහෝ අය හඳුන්වනවා. මේ වෙනස ඔබට හැගෙන්නේ මොන විදිහටද?ඩිංගිරි අම්මා කියන චරිතයට මම පෞද්ගලිකව ආදරෙයි. විශේෂයෙන්ම අපේකමට, ගහට කොළට තිබෙන ආදරය අපේ හිත් ඇතුළෙ කොහොමත් තිබෙනවනේ. ඒ තුළ තමයි සෙසු කාරණා කටයුතු ඒ විදිහට සිදුවෙන්නෙ.හාස්‍ය රංගනයන් තුළින් ඔබට යමක් කළහැකි වේ යැයි ඔබ විශ්වාස කරනවාද?කොමඩි චරිතයක් කියලා කරන්න යනවාට වඩා සාමාන්‍ය සමාජයේ ජීවත්වන චරිත ඇසුරින් තමයි හාස්‍ය මතුකළ යුත්තේ. එහෙම නැතුව අමුතුවෙන් කොමඩි කරන්න ගියොත් ඒක අතාත්ත්වික වෙනවා විතරක් නෙවෙයි මිනිස්සුන්ට ඒක දැනෙන්නෙ නැහැ. ‘ද සැලූන්’ හි චරිතය මම ඇත්තටම දැකලා තියෙන චරිතයක්. ඒ නිසා එම චරිතය තමයි මම ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කළේ. ‘වසන්තයක් ඇවිදින්’ හි චරිතය ගත්තොත් අඩු අධ්‍යාපනයක් සහිත, තමන්ගේ දරුවා ගැන හිතන, තට්ටු නිවාසයක වෙසෙන කාන්තාවකගේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නෙ. ඒ කාලය තුළ මං ඒ චරිතය තුළ ජීවත් වුණා සහ ඒ චරිතය වින්දා.මේ වනවිට ඔබේ වයස හෝ බාහිර ස්වරූපය අනුව ‘අම්මා’ කියන චරිතයට සීමා වූ නිළියක් බවට පත්වෙලා නේද?මම අදටත් විශ්වාස කරනවා එහෙම වෙන්න ඕන නැහැ කියලා. නමුත් අපේ රටේ තිබෙන ප්රශ්නය වන්නේ යම් ශිල්පියෙක් හෝ ශිල්පිනියක් තම වයසින් එහා ගිය හෝ මුහුකුරා ගිය චරිතයක් කළාම සෙසු අධ්‍යක්ෂකවරුන් දිගින් දිගටම ඔය වගේ චරිත අරගෙන තමයි ඒ ශිල්පියා හෝ ශිල්පිනිය ළඟට එන්නෙ.නමුත් අපට තියෙනවා හොඳ චරිතයක් කිරීමේ පිපාසයක්. විශේෂයෙන් විශාල වපසරියක රංගනයක යෙදෙන්නට හැකි චරිත ලැබුණම ලෝබකමකින් වැළඳ ගන්නවා. ඔය කියන ලෝබකම ඇතිවුණ නිසා තමයි ඩිංගිරි අම්මාගේ චරිතය බාර ගත්තෙ. ඒ වගේම පිටපත් රචකයා සහ නිෂ්පාදකයා ඉතාම අවධාරණයෙන් කිව්වා මාවම තමයි මේ චරිතයට අවශ්‍ය කියලා.හැබැයි මම එවැනි චරිතවලට කොටුවෙන්න කොහෙත්ම සූදානම් නැහැ. මගේ වයසට අවුරුදු හැට හැත්තෑවක තැනැත්තියකගේ චරිතයක් කරන්න හදන්නෙ ඇයි කියන කාරණය ගැන සමහර අවස්ථාවල මටම ලෝබයි. ඒ වයසේ සිටින ප්‍රවීණ ශිල්පියෙක් මගෙ ඇහුව දෙයක් තමයි ඔයා ඔවැනි චරිත කළාම අපි මොනාද කරන්නෙ යන්න. හැබැයි මගේ වයස හෝ මගේ වයසට වඩා අඩු චරිත මට ලැබෙනවා නම් කිසිදු අපහසුතාවයකින් තොරව නියැළීමේ හැකියාව තිබෙනවා.අද දවසේ ටෙලි නාට්‍ය ක්ෂේත්රයට එන නළුවන් හෝ නිළියන් හරි සිල්ලර වෙලා තිබෙනවා. මෙලෙස සිල්ලර විදිහට එන බොහෝ අය හැසිරෙන්නේ කිසිදු විනයකින් තොරව බව සියලූදෙනාම දන්නා සත්‍යයක් බවට පත්ව තිබෙනවා. වේදිකාව තුළින් රංගන පරිචය ලබා ටෙලි හා සිනමා රංගනයට පැමිණි ඔබ මේ තත්ත්වය දකින්නේ මොන විදිහටද?අපේ රටේ සමහර නිෂ්පාදකවරුන් හා සමහර අධ්යක්ෂවරුන් රාත්‍රී සමාජශාලාවල ගැවසිලා ඒවායේ සිටින තරුණ කාන්තාවන් ඊට පසුදින නිළියන් බවට පත්කරන අවස්ථා තිබෙනවා. ඔවුන් මේ ක්ෂේත්රයට පිවිසෙන්නේ මේ විෂය දැනගෙන හෝ විෂය ගැන අධ්‍යයනය කර හෝ කලාවට තිබෙන ආදරයකින් නෙවෙයි. ඔවුන් මෙතෙන්ට එන්නෙ හෙට දවසේ ඔවුන්ගේ වෙළඳපළ මිල ඉහළ නංවා ගැනීමටයි.එහෙම අයව රංගන ශිල්පිනියන් කියලා හඳුන්වන්න බැහැ. හැබැයි නිළියන් කියල නම් හඳුන්වන්න පුළුවන්. අතීතයේ රාජ සභාවල රජවරු ඇමතිවරු පිනවීමට නර්තනයේ යෙදුණ අයටත් නිළියන් කියනවා. ඒ වගේම එකල නගර ශෝභනියන්වත් නිළියන් කියලා හඳුන්වනවා. එවැනි නගර ශෝභනියන් අද දවසේ මේ ක්ෂේත්රයට ඇවිත් නිළියන් බවට පත්වීම තුළ තමයි කලාවේ පසුබෑමක් මම දකින්නෙ.මෙවන් තත්ත්වයක් ඇතිවීම නිසා කාලයක් තිස්සෙ වේදිකා නාට්‍යවල පුහුණුවීම් කරලා, ක්ෂේත්රය පිළිබඳ අධ්‍යනය කරලා මේ ක්ෂේත්රයට පිවිසෙන අයට ලොකු අසාධාරණයක් වෙලා තිබෙනවා. මොකද ඉබේ එන නගර ශෝභනියන් හෙට දවසේ ඉතා වැඩි මිලකට ක්ෂේත්රය තුළ කරණම් ගහනවා. නමුත් අවුරුදු ගාණක් තිස්සේ ක්ෂේත්රයේ පුහුණු වූ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ඉතා අඩු මුදලකට වැඩ කරවා ගන්න නිෂ්පාදකවරුන් උත්සාහ දරනවා. ඔතන තමයි ඛේදවාචකය තියෙන්නෙ. ඒ නිසා මම ඔය තත්ත්වයන්ට ඉතා විරුද්ධයි.විශේෂයෙන් ඔය කියන නිළියන් මාත් එක්ක රංගනයේ යෙදෙන්න එන විට මම මුලින්ම විනය කියන්නෙ මොකක්ද කියලා මතක් කරල දෙනවා. මොකද ඔවුන් විනයක් දන්නෙ නැහැ. මේ ක්ෂේත්රයේ හැසිරෙන්න ඕන විදිය දන්නෙ නැහැ. කලාවෙ වටිනාකම දන්නෙත් නැහැ. ඔවුන් රංගන පසුතලයට ඇවිල්ලා හැසිරෙන්නෙත් රාත්‍රී සමාජ ශාලාවක හැසිරෙන ආකාරටයි.මේ නිසා මම අපේ රටේ ටෙලි අධ්‍යක්ෂවරුන්ට හා නිෂ්පාදකයන්ට අවධාරණයෙන් කියා සිිටින්නේ මෙවැනි සමාජශාලාවල හැසිරෙන රාත්‍රී නිශාචර පිරිස් මේ ක්ෂේත්රයට ගේන්න එපා කියලයි. මොකද කලාව කියන්නේ පූජනීය දෙයක්, උතුම් දෙයක්. කලාව කියන්නෙ රටක් යහමගට ගැනීමට උරදිය හැකි තවත් එක් මාධ්‍යයක්. ඒ මාධ්‍යයට අර වගේ තැනැත්තියන් ගෙනාපුවම සිද්ධවෙන්නේ සමාජයේ ජීවත් වන මිනිසුන් අපේ මූණට කෙළ ගහන එකයි.ඇයි ඔය ඛේදවාචකයට විසඳුමක් සොයා නොගන්නෙ. ඔය ගැන තීන්දු තීරණ ගතහැකි බලධාරීන් හා එක්ව කටයුතු කරන කලාකරුවන් ඕනතරම් ඉන්නවා නේද?නළු නිළියන් අතරේ ඉන්න රජයට සම්බන්ධ අය ආපසු කලාව දිහා හැරිලා බලන්නෙ නැහැ. ඒක කොයි කාලෙත් එහෙමයි. ඔවුන්ගෙන් යම් සේවයක් වුණා නම් එය ඉතා සීමිතවයි.කලාව සඳහා හිතවාදියි කියලා දේශපාලනයට යොමු වූ අය තම බඩ වඩාගන්නවා මිස කලාව වෙනුවෙන් කළ දෙයක් ඇත්නම් ඒ අතේ ඇඟිලි ගානටත් අඩුවයි.ඒ නිසා මේ අවස්ථාවේ ස්වාධීන කලාකරුවන් එක්රැස් විය යුතුයි. අපිත් කලාකරුවන්ට උදව් කරලා තිබෙනවා අපේ නියෝජිතයන් යැයි හිතලා. නමුත් එහෙම නියෝජිතයන් නැහැ. හිටියත් අතළොස්සයි.කොහොම වුණත් වර්තමානයේ කලාව වෙනුවෙන් කළහැකි දේ කවරක්ද යන්න ගැන අවධානය යොමු කිරීමට ස්වාධීන කලාකරුවන් එක්රැුස් වෙමින් සිටිනවා. මේ තුළ අපි යෝජනා කරන කාරණය වන්නේ මේ ක්ෂේත්රයට ආධුනිකයන් ලෙස එන අය මාස හයකවත් පුහුණු කාලයක් ගත කළ යුතුයි. ඒ සඳහා ඔවුනට පුහුණුවන්නට පුහුණු මධ්‍යස්ථානයක් රජයේ අනුමැතිය ඇතිව ඇතිකළ යුතුයි යන්නයි. මේ පුහුණුවෙන් පසුව තමයි මේ අය රංගනයේ රඳවා තබාගත යුතුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ. මේ කටයුත්ත වෙනුවෙන් හෙට දිනයේදී ස්වාධීන ප්‍රවීණ කලාකරුවන් පිරිසක් එළියට ඒවි.ටෙලිනාට්‍ය නිසා වේදිකාව හා සිනමාව තුළින් ඔබ තරමක් බැහැර වෙමින් තිබෙනවා නේද?මම තාමත් වේදිකා නාට්‍යවල ඉන්නවා. අවසන් වශයෙන් රඟපෑ වේදිකා නාට්‍ය වූයේ ‘බර්නාඞ්ගේ සිපිරිගෙය’ නාට්‍යයයි. ලබන මාසේ සිට ළමා නාට්‍ය දෙකක පුහුණුවීම් ඇරඹිමට නියමිතයි. විශේෂයෙන් මගේ පළමු වේදිකා නාට්‍ය වූ ‘සපත්නි’ හි අධ්යක්ෂවරයා වූ කුසුම්සිරි ලියනආරච්චි විසින් ළමා වේදිකා නාට්‍යයක් නිර්මාණය කර තිබෙනවා. මේ ළමා නාට්‍යය ළමා ලෝකයට වැඩිහිටියන්ගෙන් විය හැකි දේ කුමක්ද යන්න පසක් කරන නාට්‍යයක් වේවි.සිනමාව සම්බන්ධව ගත්තොත් ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමට නියමිතයි. ඒ එක්කම කසුන් කංකානම් ලියූ ‘කුලසක්මන’ සිනමා තිර පිටපත මම මේ දිනවල කියවමින් සිටිනවා. නොවැම්බර් මාසයෙන් පසුව එහි රූගත කිරීම් ආරම්භ කරනවා. මෙවැනි හොඳ පිටපත් කීපයක් මට ලැබිලා තිබෙනවා. වෙනස්ම විදියේ චරිත සමග හෙට දිනයේ එළියට ඒවි.ඔබ මීට වසරකට පමණ පෙර කිව්වා අඩක් හදාරා පැමිණි රංගන පාඨමාලාව හැදෑරීම සඳහා යළි විදේශගත වන බව. ඒකට මොකද වුණේ?මගේ අධ්‍යාපන කටයුතු අවසන්කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ලබන වසරේදී විදේශගත වෙන්න. මම හිතනවා එය සාර්ථකව අවසන් කරගැනීමට හැකිවේවි කියලා.සටහන නිරෝෂාන් පේ්රමරත්නජායාරූප මිහිර බණ්ඩාර | අවුරුදු විසි හතරක් තිස්සේ රජ බිසව මමයි | 0 |
hp_train_2257 | (ක.ග.කරුණාරත්න) සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ ගෝනෙකු වෙඩි තබා මරා මස් කිලෝ 60ක පමණ තොගයක් මුදලට විකිණීම සඳහා යතුරුපැදි දෙකකින් රැගෙන යමින් සිටි දඩයක්කරුවෝ දෙදෙනෙකු මැදිරිගිරිය,වඩිගවැව ප්‍රදේශයේදී අද(03)අලූයම අත් අඩංගුවට ගත් බව වන නිලධාරිහු කියති. වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මැදිරිගිරිය,නවනගරය වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදුකර තිබේ. සැකකරුවන් මැදිරිගිරිය,වඩිගවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වන සතුන් දඩයම්කර මස් විකිණිමේ ජාවාරමක නිරත පුද්ගලයන් බවද අනාවරණයවී ඇත. මස් තොගය සමඟ සැකකරුවන් අද(03) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විමර්ශන සිදුකරන වනජීවී නිලධාරීහු ප්‍රකාශ කළහ. | ගෝන මස් සමඟ දෙදෙනකු අත්අඩංගුවට | 1 |
hp_train_2258 | (ක්‍රිෂාන් ජීවක ජයරුක්)මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයට ඇතුළු වීමට ඇති ප්‍රධාන දොරටුව අවහිර කර රථ ගාලක් සාදා වාහන වලින් පැමිණෙන අයගෙන් මුදල් අය කර ගැනීම වහාම නතර කරන්නැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර නාගරික කොමසාරිස්වරයා වෙත දැනුම් දී කර ඇත.විශේෂයෙන්ම ශරීර සුවතා කටයුතු සදහා පැමිණෙන තමන්ගෙන් ඒ ආකාරයට මුදල් අය කර ගැනීම හා ප්‍රධාන දොරටුව අවහිර කිරීම අසාධාරණ බවත් ඒ තුලින් තමන් දැඩි දුෂ්කරතාවයට පත් වන බවත් මාතර සුව කවය සංවිධානය ඇතුළු ජනතාව අමාත්‍ය මංගල සමරවීර මහතාට පැමිණිලි කිරීමෙන් පසු එම නියෝගය ලබා දී තිබේ. | උයන්වත්තේ බාධකය ඉවත් කරන්නැයි මුදල් ඇමැති දැනුම් දෙයි | 1 |
hp_train_2259 | නැගෙනහිර සහ ඌව පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 16/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249560වැසිවාර කිහිපයක්මඩකලපුව29259570විටින් විට වැසිකොළඹ31259570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ගාල්ල30259570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .යාපනය29239060වැසි ස්වල්පයක්මහනුවර29219550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය21119550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය32249560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය29239570වැසිවාර කිහිපයක්.මන්නාරම31259065වැසි ස්වල්පයක් | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
hp_train_2260 | ( හිරාන් ප්‍රියංකර ජයසිංහ )මිල පහත වැටිමෙන් කල්පිටිය අර්ධද්විපයේ රතු ළුණු වගාකරුවන් තමන් වගාවට වැය කල මුදල පවා උපයා ගැනිමට නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි.මෙවර කල්පිටිය අර්ධද්විපයේ තලවිල ,පුලච්චේන, දළුව ,මාම්පුරිය , කන්දකුලිය , ඒත්තාල, පනිඅඩිය , ඇතුළු ප්‍රදේශ රැසක අක්කර 6000 ක් පමන රතු ළුණු වගා කර ඇති බව වගාකරුවන් කියයි. මෙම කාලය කල්පිටියේ රතු ළුණු අස්වැන්න නෙළන කාලය වන බවත් එසේ අස්වැන්න වෙළද පොලට එමින් සිටියදී මේ වන විට කිලෝව රුපියල් 120 සිට 140 දක්වා පහත මිලකට වැටිමත් සමග තමන් වගාවට වැය කල ලක්ෂ ගනනක් මුදල පියවා ගැනිමට පවා නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි. කල්පිටිය පුත්තලම දිස්ත්‍රික්කයේ සුවිශේෂ භු විෂමතාවයකට මැදිවු ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයක් වන අතර ග්‍රාම නිළධාරි බල ප්‍රදේශ 31 කින් සමන්විත වෙයි .ගොවි පවුල් 7500 කින් සමන්විත මෙම කලාපයේ ගොවින් 22048 ක් වගා කටයුතු වන නිරත අතර වියළි දේශගුණයකට හිමිකම් කියන කලාපයකි. ශ්‍රී ලංකාවේ එළවළු අවශ්‍යතාවයෙන් 30% කට වඩා වැඩි දායකත්වයක් දක්වන පසුබිමක රතු ළුණු ද එහි ප්රමුඛත්වයක් ගනි.මේ නොරෝච්චෝල ප්‍රදේශයේ වගාකරුවකු වන ජේ. ඒ . අජීත් නිශාන්ත මහතා පවසන්නේ මෙවැන්නකී .“අපි රතු ළුණු අක්කරයක රතු ළුණු වගාවක් වගාකර අස්වැන්න නෙළා වෙළද පොලට යනු තුරු ලක්ෂ ගනනක් වැය කරනවා . ඒ නිසා අපි ජීවත් වන වගාව තුළ තවත් බොහෝ පිරිසකට රැකියාව දිලා තමයි මේ වගාව කරන්නේ . ඒ නිසා දිගින් දිගටම පවත්වාගෙන පවත්වාගෙන යාමට නම් වගාකරුවන්ට අතර අඩුම තරමින් රතු ළුණු කිලෝවක් සදහා රුපියල් 200 ක මිලක් වත් ලැබිය යුතු බවයි. ඔහු පවසයි .නොරෝච්චෝල ආර් ථීක මධ්‍යස්ථානය තුළ රතු ළුණු මිළදි ගැනිම වල නිරත වන ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ආසිර් මහතා මෙසේ පවසන්නට විය .“කල්පිටියේ වගා කිරිමට බිජ සපයා ගැනිම සිදුවන්නේ යාපනයෙන් බිජ රතු ළුණු වල අධික මිළ හමුවේ අපේ වගාකරුවන් අසරණ වෙනවා .නමුත් කොහොම හරි වගාව කරලා වෙළද පොලට අරන් එද්දි මිළ පහලට වැටිලා .ඒ වෙනකොට වගාකරුවා නොවෙයි අපිත් අසරණයි .මොකද වැඩි මිලක් තිබුනොත් අපිටත් හොද කොමිස් මුදලක් ලැබෙන්වා නමුත් මේ මිළ හමුවේ අපිට තිබේන්නේත් සුලු ලාභයක් .ඒ නිසා සාධාරණ මිලක් කල්පිටියේ රතු ළුණු වලට ලැබිය යුතුයි කියන එකයි අපි කියන්නේ ,,මේ පිළිබදව අදහස් දැක්වු රතු ළුණු වගාකරුවකු වන තලවිල ඉෂාර මධුවන්ත මහතා මෙසේ පවසන්නට විය .“ කල්පිටියේ රතු ළුණු වගාවට බිජ රැගෙන එන්නේ යාපනයෙන් .නමුත් මේ ළුණු වල විශේෂත්වය තමා තද රතු පැහැයට තිබිම .එය යාපනයේ ළුණු වල නැහැ .ඒ වාගේම අපි අවුරුද්දේ 365 ම එළවළු පළතුරු හා රතුළුණු හා මිරිස් වගා කරන ගොවින් මේ නිසා කල්පිටිය ගොවියා වසර පුරාම ගොවිතැන තුළයි ඉන්නේ .එය අනිත් ප්‍රදේශ තුලින් දැක ගන්න අමාරුයි .මේ නිසා අපි ඒ කාල අනුව වගාවන් තොරා ගෙන වගාකරනවා .අපි ඉල්ලා සිටින්නේ අපේ රතු ළුණු වලට සාධාරණ මිලක් දෙන්න කියලා යැයි ඔහු පවසයි .මෙහිදි අදහස් දැක්වු ඔවුන් පවසන්නේ යාපනය හා කල්පිටියේ රතු ළුණු අස්වැන්න වෙළද පොලට ලැබෙන සමයන් වලදි විදේශ රතු ළුණු රැගෙන එම නවතා දැමිම සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. | අක්කර දහසකට වැඩි ප්‍රමාණයක රතු ලූණු වගාව විනාශයි - ගොවිහු පවසති | 0 |
hp_train_2261 | මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව එම පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කරන විමර්ශන තවදුරටත් කරගෙන යෑමේ අරමුණින් පර්පෙචුවල් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු කරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකින් අත්හිටුවීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ. අදාළ අත්හිටුවීම පෙරේදා (5) පස්වරු 4.30 සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව 2017 ජූලි මස 6 වැනිදා මුල් වරට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ අතර එතැන් පටන් අඛණ්ඩව මාස හයෙන් හයට එම අත්හිටුවීම දීර්ඝ කරන ලදි. 055 | පර්පෙචුවල් ව්‍යාපාර අත්හිටුවන්න ගත් තීරණය තවත් මාස 6 කින් දිගු වෙයි | 1 |
hp_train_2262 | (*** අංජුල මහික වීරරත්න සහ *** ක්‍රිෂාන් ජීවක ජයරුක්)උගත් පාඩම් උපකාරී කර ගනිමින් රටේ ප්රජාතන්ත්රවාදය රැකීම උදෙසා එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දික්වැල්ලේදී පැවසීය.එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා තමා නායකත්වය දෙන බවද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.මාතර – දික්වැල්ල, වැවුරුකන්නල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.එක්සත් ජාතික පක්ෂය, පාක්ෂිකයන් මෙන්ම සියලු ජනතාව දිනා ගත හැකි අයුරින් නව්‍යකරණයට ලක් කළ යුතුයි. පසුගිය කාලවකවානුවේ පාක්ෂිකයන්ට වූ අසාධාරණය වෙනුවෙන් සමාව අයදින අතර ඒ අතපසුවීම් ආපසු ඇති නොවන අයුරින් කටයුතු කරමින් පාක්ෂිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරනවා.කුමන අභියෝග මධ්‍යයේ වුවද එක්සත් ජාතික පක්ෂය ජනතාවත් රටත් වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළා. එවැනි වටිනා දේශපාලන පක්ෂයක් නිකරුණේ විනාශ වී යාමට මා කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. මෙවැනි වටිනා පක්ෂයක් විනාශ වී යාමට ඉඩ දීම ජාතික අපරාධයක් බව කිව යුතුයි.අවශ්‍ය ප්රතිසංවිධාන කටයුතු කරමින් පක්ෂය හැර ගිය සියලු කණ්ඩායම් පක්ෂය සමග එක් කර ගැනීමට කටයුතු කරනවා.වත්මන් රජයේ ක්‍රියා කලාපය සමග රටේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එක් පුද්ගලයකුට බලය දෙමින් රටේ ඒකාධිපති පාලන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටිනවා. මේ තත්ත්වය හේතුවෙන් ආණ්ඩුවේ අභ්‍යන්තරයේද ගැටුම් නිර්මාණය වී තිබෙනවා.රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන් දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර වත්මන් රජය ඉදිරිපත් කිරීමට සූදානම් වන විසි වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය රටේ ගැටලු රැසක් නිර්මාණය කරමින් තිබෙනවා.එමෙන්ම ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය රජය ගෙන ගිය මාර්ගය සම්පුර්ණයෙන් ආපසු හැරවීමට වත්මන් රජය සුදානම් වන බව කිව යුතුයි.ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් විගණකාධිපතිවරයාගේ බලය අහෝසි කරමින් රට නීතියක් නැති තත්ත්වයට රට පත් කරමින් සිටිනවා. මේ වනවිට ඇතැම් ඇමැතිවරුන් පොල් ගස් උඩ සිටිමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන අතරවාරයේ ජනතාවට වට ප්‍රමාණය මනිමින් වෙළෙඳ පොළෙන් පොල් මිලදී ගැනීමට සිදුව තිබෙනවා.ආයතන සංග්‍රහය, චක්‍රලේඛ සහ රාජ්‍ය සේවයේ ක්‍රමවේද පිළිබඳ කිසිදු දැනුමක් නැති අයුරින් ජනාධිපතිවරයා පවා හැසිරීමට පටන්ගෙන තිබීම බරපතළ කරුණක්.මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව ගොඩනැංවීම අත්‍යවශ්‍යයි. | රටේ ප්රජාතන්ත්රවාදය රැකගන්න එජාපය ශක්තිමත් කරනවා | 1 |
hp_train_2263 | ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) සිල් රෙදි නඩුවෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා වලට අදාළ ලිඛිත දේශන ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද (26) පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන්ට නියම කරන ලදී.ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු විසින් ඉදිරිපත් කළ අභියාචනා දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) කැඳවනු ලැබුවේය.එහිදී අභියාචනාධිකරණය ඉදිරිපත් කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් ඔවුන්ගේ ලිඛිත දේශන ජනවාරි මස 03 වැනි දාට පෙර හෝ එදිනටද ලිඛිත දේශන ජනවාරි 17 දාට පෙර හෝ එදිනට ඉදිරිපත් කරන මෙන් ද අභියාචනාධිකරණය දෙපාර්ශවයටම නියම කළේය.ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කළේ යැයි කියන චෝදනාවට වරදකරු කෙරුණු ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය මඟින් වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කරනු ලැබුවේය.එම දඬුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙන ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු එම දඬුවම් වලින් තමන්ව නිදොස්කොට නිදහස් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබේ. | ලලිත්- අනූෂ නඩුවේ ලිඛිත දේශන ගොනු කරන්නැයි නියෝග | 1 |
hp_train_2264 | (සුනිල් ජයසිරි ලන්ඩන් නුවර සිට)ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්රජාතන්ත්රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ අසත්‍ය තොරතුරු ලෝකයට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී පෙරේදා (17) පැවසීය.ලබා දෙන නිදහස යහපත් මිනිසුන් විසින් යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිසුන් එය අයහපත් ලෙස භාවිත කිරීම සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.මහනුවර ඇතිවූ සිදුවීමේදී ඇඳිරි නීතිය, හදිසි නීතිය දමමින් රජය අවශ්‍ය පියවර ගනිද්දී මෙරට සිටින තානාපතිවරුන් ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් හා සීමාව ඉක්මවමින් කටයුතු කළ බවකී ජනාධිපතිවරයා ඒ කිසිවකට නොසැලී තීන්දු තීරණ ගත් නිසා සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකිවූ බව ද කීවේය.ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීය.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය. “ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. වැඩබලන මහ කොමසාරිස්තුමා සඳහන් කළ ආකාරයට මෙහි සිටින ලක්ෂ හතරකට ආසන්න වූ ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජිත පිරිසක් වශයෙනුයි මම මේ සන්ධ්‍යාවේ ඔබව දකින්නේ. සියලු දෙනාටම එකම ස්ථානයක කතා කිරීමට, සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණත් ඒ සියලු දෙනා නියෝජනය කරන ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේ මේ හමුවීම මා ඉතාමත් වැදගත් කොට සලකනවා. ඔබ එක්සත් රාජධානිය තුළ වෘත්තිකයන් වශයෙන් වෘත්තීන්වල, ව්‍යාපාරිකයන් වශයෙන් විවිධ ක්ෂේත්රවල සේවය කරනවා. එයින් එක්සත් රාජධානියට ඔබ සේවයක් කරනවා වගේම ඔබේත් මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඒ කරන සේවාවේ ගෞරවය ඔබ ලබා දෙනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කුමන රටක කුමන ආකාරයේ යහපත් වූ සේවාවක සිටියත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය තවත් පැත්තකින් ඔවුන් සිටින රාජ්‍යයේ සාර්ථකත්වය එමෙන්ම ආදරණීය මවුබිම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ සේවාව තුළ ඔවුන් පෙන්වන විවිධ හැකියාවන්, දක්ෂතාවන්, විශිෂ්ටත්වයන් පෙන්නුම් කිරීම අපි කවුරුත් දකින දෙයක්. ශ්‍රී ලාංකිකයන් ලෝකයේ සෑම ක්ෂේත්රයකම උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, විශේෂඥයන්, බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්රවල විද්වතුන් වශයෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කිරීම මගින් අපේ ආදරණීය මාතෘභූමියට ඒ සියලු දෙනා ලබා දෙන්නාවූ ගෞරවය අපිට කිසිවිටකත් අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ විවිධ රටවල්වල විවිධ ජාතීන් අතරේ ශ්‍රී ලාංකිකයන් සැමවිටම කැපී පෙනෙන හැකියාවන් සහ දක්ෂතාවන් පෙන්නුම් කරනවා. දීර්ඝ කාලයක් සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය අපි පිරිනමනවා. ඔබ මෙහි ජීවත් වූවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරැදි තොරතුරු ඔබ වෙත ගලා එනවා ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම දකිනවා. අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මා හමුවීමට පැමිණ සිටියා. බොහෝ වේලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා මගින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරදි තොරතුරු ඔබ අහනවා ද දකිනවා ද කියන කාරණාව.අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්රවෘත්ති තුළ පැහැදිලි ලෙසම සියයට 75කට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. අසත්‍ය වූ දේවල්. නිමල් සිරිපාල ඇමතිතුමාත් මමත් අද සාකච්ඡා කිහිපයකම එකට වාඩි වුණා. ඇමැතිතුමාත් ළඟ සිටි නිසා සමහර දේවල්වලට මට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම්වලදී සිදුවූ සිද්ධීන් සහ එම පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා කොතරම් අසත්‍ය දේ පැතිර ගොස් තිබෙනවාද. එමෙන්ම රජය කළ කාර්යයන් පිළිබඳව නිවැරැදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තාවී තිබෙනවාද. වැරැදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවා ද කියන කාරණාව මම දැකපු දෙයක්. ඔබ සමහරවිට ඔබේ මවුපියන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට දිනපතා දුරකතනයෙන් කතා කරනවා ඇති. අන්තර්ජාලය හරහා කතා කරනවා ඇති. නමුත් සත්‍යය යටපත්වී අසත්‍යය ඉස්මතුවී අසත්‍යය වේගයෙන් සමාජය තුළ ගලා යාමයි මම දකින්නේ. රටේ සිදුවන දේ පිළිබඳ නිවැරැදි තොරතුරු නොලැබීම සහ නොදැකීම. රජය සිදුකරන කටයුතු සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීම වැනි කරුණු ගණනාවක් මම දකිනවා. නව තාක්ෂණික මෙවලම් නිර්මාණය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයන් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහායි එම මෙවලම් නිර්මාණය කර තිබෙන්නේ. එහෙත් ඒවා මොනතරම් දුරට අයහපත් ලෙස භාවිත වනවාද කියන කාරණය අද අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයම දකින දෙයක්. සමාජ වෙබ් අඩවි ඇමෙරිකා එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවකට එම තත්ත්වය ඇතිවී තිබෙනවා. මහනුවර ඇතිවූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතාවන් මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරන කොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැලුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපිට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා.එක්සත් ජාතීන්ගේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කළා ඇමෙරිකාවටත් බැරි වූ දේ ශ්‍රී ලංකා රජය සමාජ වෙබ් අඩවි වසා දැමීම ඉතා විශිෂ්ට විදියට සිදු කළා කියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තවත් අනු සංවිධානයක් කියා සිටියා, මහනුවර සිදුවීමේදී ශ්‍රී ලංකා රජය කළ දේ මියන්මාරයේ පළමුවැනි සිදුවීම ඇතිවූ අවස්ථාවේදී මියන්මාරය කළා නම්, මියන්මාරයේ අද සිදුවන මහා ඛේදවාචකය ඒ රටේ අද සිදුවෙන්නේ නැහැ කියා. ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කළ දේ නිවැරදියි කිව්වා. අපේ රටේ මවුපියන්, ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා කිව්වා. මගෙන් ඉල්ලා සිටියා පුළුවන්නම් හැමදාටම වෙබ් අඩවි වසා දමන්න කියා. ළමයි හදා ගන්න බැහැ කියා. අ.පො.ස සාමාන්‍ය/පෙළ හා අ.පො.ස උසස්/පෙළ ලියන ළමයින්ගේ මවුපියන් මට කතා කළා, ටෙලිග්‍රෑම් එව්වා, ලිපි එව්වා ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා. අපි යහපත් සමාජයක් ගොඩනගන්න ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ සියලු දේවල්වලින් ලබා දෙන නිදහස යහපත් මිනිස්සු යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිස්සු ඒවා අයහපත් ලෙස භාවිත කරනවාද යන ප්රශ්නය මුළු සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක්වී තිබෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥානයෙන්, ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා භාවිත කරන අය කොතෙක්ද කියා අප දකින දෙයක්. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බවත් ඔබ දන්නවා. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ මහා භාරතයේ සමාජය තුළ තිබුණු සංකීර්ණ ස්වභාවය ඔබ හොඳින් කියවා ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම මහම්මත්තුමා, ක්‍රිස්තුන්වහන්සේ උන්වහන්සේලා බිහිවූ සමාජ පසුබිම පිළිබඳ යම් අවබෝධයක් ඔබට තිබෙනවා. අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුදු දහම රැක ගැනීම වෙනුවෙන් අතිමහත් වූ මෙහෙවරක් ඉටු කළා. අවසානයේ රට තුළ ඇතිවුණු විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇමරිකාවට ගියා. අනගාරික ධර්මපාලතුමත් රට දාලා ඉන්දියාවට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ඉන්න රටේ පැත්තටවත් ඔළුව දාගෙන නිදාගන්නේ නැහැ කියලා කිව්වා. ඒ මොකද එදා ඒ සමාජයේ තිබුණු පිරිහීම නිසා. අපේ රටේ ඇතැම් අය හිතනවා දේශපාලන ඝට්ඨන තිබෙන්නේ අපේ රටේ විතරයි කියලා. බි්රතාන්ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිණිය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණේ අද දහවල් 12.00 ට පමණ. නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්ක හදිසියේම එම හමුව අවලංගු කළා.නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමයි මමයි පසුගිය මාසේ ජපානයේ ගිය අවස්ථාවේ ජපන් අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ සාකච්ඡාවලට ගියා. ඒ යනකොට 2000 ක් විතර ජපන් අගමැතිතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉස්සරහ ජපන් අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බෝඞ් උස්සගෙන ඉන්නවා. මම බැලුවා මේ ලංකාවේ කට්ටියක්වත් වැරදිලා එහේ ගිහිල්ලද කියලා. ඒ නිල සාකච්ඡා අවසන් වෙලා ආපසු එන විට 5000 ක් විතර බෝඞ් උස්සගෙන ඉන්නවා. වර්තමානයේ සෑම රටකම වගේ මෙවැනි දේශපාලන ගැටුම්, ආර්ථික ගැටුම් තිබෙනවා.රජයක් විදියට අපේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කළ හැකි වගකීම් නොපිරිහෙලා වගකීමකින් ඉෂ්ට කරනවා. සියලු ජාතීන්ගේ සමගිය ගොඩනගන්න, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ සැබෑ සහජීවනයක් ඇති කරන්න, සැබෑ සමගියක් ඇති කරන්න, ගැටුම්වලින් තොර සමාජයක් ගොඩනගන්න, නැවත යුද්ධයක් ඇති නොවන විදියට කටයුතු කරන්න අපි කටයුතු කරනවා. අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්රජාතන්ත්රවාදය කොතරම් වැරදි විදියට භාවිත කරනවද කියන ප්රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්. ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්රශ්නය තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම නිසා රටේ ඇතිවෙන පසුබෑම් වෙනුවෙන් ඒ සෑම අංශයකම කෙනෙක් ඒ වගකීම ගත යුතු වෙනවා.අපේ මාතෘභූමියේ අනාගතය සඳහා දැනට අවසන් කර ඇති සහ කරගෙන යන ආර්ථික සැලසුම් පැහැදිලිවම ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. රටේ සංවර්ධන කටයුතුත් ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැහැ. ඒවගේම පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අන්තර්ජාතික වශයෙන් අපි ලබා ඇති ජයග්‍රහණ රාශියක් තිබෙනවා. ඔබ දන්නවා මම 2015 එක්සත් රාජධානියට ආවා. 2015, 2016 වර්ෂවල සම්පූර්ණයෙන් කැප වුණේ ජාත්‍යන්තර වශයෙන් අපෙන් ඈත් වෙලා තිබුණු රටවල් වල හොඳ හිත දිනා ගැනීම සඳහායි. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි කිසිම කෙනෙක් අමනාප කරගෙන නැහැ. සෑම කෙනෙක්ම අපේ හිතවතුන්. මිත්‍රයන්. සෑම කෙනෙක්ම අපිට සලකනවා. යුරෝපය, අමරිකාව, මහ බි්රතාන්ය වගේම චීනය, ඉන්දියාව, රුසියාව, ජපානයත් මැද පෙරදිග රටවලුත් අපේ මිත්‍රයෝ. නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික සබඳතා මේ තරම් ශක්තිමත්ව තිබුණු කාලයක් මම දකින්නේ නැහැ. මෙය මම ජනාධිපති නිසා කියනවා නෙවෙයි. ඒ මොකද බොහෝ වෙලාවට ලෝකයේ තිබුණු දේශපාලන බලකඳවුරු දෙකෙන් එක් පාර්ශ්වයක හොඳ හිත දිනා ගැනීමත් අනික් පාර්ශ්වය ඈත් වීමක් තමයි අතීතයේ සිටම සිදුවුණේ. පනහේ දශකය හැටේ දශකය වගේ කාලය තුළ ලෝකයේ දේශපාලන බලකඳවුරුවාදය ඉතාමත්ම ප්‍රබලයි. ඇමරිකා එක්සත් ජනපදය සහ ධනවාදී රටවල් එක පැත්තකින් ඒවගේම සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් රටවල් තවත් පැත්තකින්. ඒ කාලයේ බලකඳවුරුවාදය තුළ අපි වගේ පුංචි රටවල්වලට ලෝකයේ තැනක් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වුණත් අපේ පුංචි රටවල්වල ඡන්දයට වැඩි වටිනාකමක් තිබුණා. ලෝකය තනි බලයකට යටත් වීමත් සමග ඉරාකය, ලිබියාව වැනි රටවල් මුළුමනින්ම කඩාදමනු ලැබුවා. ඉරාකයේ අදත් මොනතරම් මිනිස්සු මැරෙනවද කියලා ඔබ දන්නවා. මේ වන විට ලක්ෂ විස්සකට වැඩිය ඉරාකයේ මිය ගිහින් තිබෙනවා. ලිබියාව රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඉරාකය රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල නිසා තමයි අද තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන එක නිර්මාණය වුණේ කියලා අපි නම් විශ්වාස කරන්නේ. ඒක නිසා මේ බලවතුන්ගේ තිබෙන බලවත්කම් එක්ක ජනගහනය අඩු වුණාම භූමියෙන් පුංචි රටක් වුණාට ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ගෞරවාන්විත ජාතියක් විදියට අපි සෑම විටම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ ප්රතිපත්තීන් තුළ රැඳීසිටිය යුතු වෙනවා. ඒ තුළ අපිට ලෝකයේ සෑම කෙනෙක්ම දිනා ගන්න පුළුවන්. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ බලකඳවුරු වාදයෙන් බැහැරව විශේෂයෙන්ම නොබැඳි ප්රතිපත්තීන් තුළ. අපේ රජය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන තිබෙනවා. අපිට සෑම කෙනෙක්ම සලකනවා. සෑම කෙනෙක්ම උදව් කරනවා. අපි සුබවාදී ලෙස අපේ රට දිහා බැලිය යුතුයි. මාධ්‍ය තුළ පළවෙන අයහපත් දේ සහ අසුබවාදී දේ ප්‍රතික්ෂේප කරමින් රටේ අනාගතය සඳහා අපේ මාතෘභූමියේ හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න අපි සැමවිටම කැපවීම් කළ යුතු වෙනවා. යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. | අපේ දරුවන් දැනුමෙන් උගත්කමින් සන්නද්ධ කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටුකරනවා ඔක්කොටම මුල විනයක් නැතිකම - ජනපති | 0 |
hp_train_2265 | (එස්.ඒ.වයි. ද සිල්වා)තෙමහල් ගොඩනැගිල්ලක් බලපිටිය නගරයේ ඉදිකළ යුතුයැයි බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (20) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව එක් ඡන්දයකින් සම්මත වීම හේතුවෙන් යෝජනාවට විරුද්ධ වූ මන්ත්‍රීවරු පිරිසක් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූහ.සභාපති එන්.සමන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේ දී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ලබාදීමට නියමිත අතිරේක ප්‍රතිපාදන යොදවා ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය පිටුපස වාහන ගරාජය තිබෙන ස්ථානයේ සභා රැස්වීම් ශාලාවක්, සම්මන්ත්රණ ශාලාවක් , මාතෘ සායනය, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයක් ඇතුළත් වන පරිදි තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට සුදුසු බවට සභාපතිවරයා යෝජනා කළේය.එම මුදල යොදවා කොස්ගොඩ උප කාර්යාලය සංවර්ධනය කරන ලෙස ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිලන්ත ද සොයිසා මහතා ඉල්ලා සිටියේය.එම ප්‍රකාශයට පක්ෂව සංජය මධුසංඛ මුතුමුණි, ටොරී තාබ්‍රෙව්, දිල්හානි තාබ්‍රෙව් යන පිරිස පක්ෂව කතා කළහ.කොස්ගොඩට විය යුතු සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළොත් තමා මැදිහත් වී වජිර අබේවර්ධන ඇමැතිවරයා දන්වා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දිය හැකි බව ගාමිණී යසරත්න මහතා ප්‍රකාශ කර සිටියද ඊට මන්ත්‍රීවරු පිරිස එකඟත්වය පළ නොවූයෙන් ඇති වූ නොසන්සුන්තාවය නිසා විනාඩි දහයකට සභාව කල් දැමුවේය.නැවත රැස්වීම ආරම්භ වීමෙන් පසු කළ ඡන්ද විමසීමේ දී සභාපතිවරයා ගෙනෙන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 13 ක්ද, විපක්ෂව ඡන්ද 12 ක්ද, ලැබුණු අතර හය දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඒ අනුව එක ඡන්දයකින් යොජනාව සභා සම්මත විය.එම යෝජනාවට විරුද්ධ වූ මන්ත්‍රීවරු පිරිස සභාව ඉදිරිපිට බිම වාඩි වී විරෝධතාවයකද නිරත වූහ. | බලපිටිය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක | 1 |
hp_train_2266 | (හැටන් රංජිත් රාජපක්ෂ )මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් හැට දෙනෙකු පොලිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත.කේරල ගංජා, සහ මදන මෝදක ගුලි රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් හැටදෙනෙකු ගතවු දෙදින තුළ දී සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් සහ හැටන් පොලිසිය එක්ව වටවල දියගල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකරන ලදී.මෙසේ අත්අඩංගුවට ගත් තරුණයන් ගාල්ල, මාතර, ගම්පහ, කොළඹ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසයි. | නුවරඑළිය සංචාරයේ පැමිණි තරුණයන් 25 දෙනෙකු අත්අඩංගුවට | 0 |
hp_train_2267 | (ඉන්දිකා රාමනායක)නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 227 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 54889 ක් අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් අතරින් 52,000 ට අධික පිරිසකට නඩු පවරා ඇති බව 2000 පිරිසකට නඩු පැවරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය. | නිරෝධායන නීති කැඩූ 124ක් පොලිස් දැලේ | 0 |
hp_train_2268 | (නාලක සංජීව දහනායක)කම්කරුවන්ට හිමි මැයි පළමුවැනිදා නිවාඩුව අහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී ක්‍රීයාවක් යැයි ප්රජාතන්ත්රවාදී වාමංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (23) පැවැසීය.ජාත්‍යන්තර වශයෙන් කම්කරු දිනය යෙදෙන මැයි පළමුවැනිදා හා මෙරට මැයි දිනය පවත්වන හත් වැනිදා යන දින දෙකම නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය ක්‍රියාකළ යුතුව තිබූ බවද මන්ත්‍රීවරයා කීය.බොරැල්ල, ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී සමාජවාදී ජනතා පෙරමුණ ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙසේද පැවසීය.වාමංශික පක්ෂ යනු කම්කරු පංතිය පදනම් කරගත් පක්ෂයි. එක්සත් ජාතික පක්ෂය අධිරාජ්‍යවාදයේ ඉත්තෙක් ලෙස කටයුතු කරනවා. ඒ විරෝධීන් එක්තැන් කරගනිමින් මැයි දිනය පවත්වන්නට තිබුණා නම් හොඳයි. නමුත් මෙවර මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. මැයි පළමුවැනිදා හා මැයි හත් වැනිදා යන දවස් දෙකේම නිවාඩුව දිය යුතුව තිබුණා. එසේ නොකර කම්කරුවන්ට හිමි මැයි පළමු වැනිදා නිවාඩුව ආහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී වැඩක්.කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය ආරම්භ කිරීමෙන් අප බලාපොරොත්තු වුණේ ආරක්ෂක අංශවලට මුල්තැන දෙන පාඨමාලා පවත්වාගෙන යන විද්‍යාපීඨයක් වශයෙන් පවත්වා ගෙන යන්නයි. දැන් මෙය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට රජය උත්සාහ ගන්නවා. විශ්වවිද්‍යාලයක් බවට පත්කර සියලුම පාඨමාලා සඳහා මුදල් අයකිරීමට රජය උත්සාහ ගන්නවා. පාඨමාලා සඳහා මුදල් අයකිරීමෙන් නිදහස් අධ්‍යාපනය අහෝසි වෙනවා. සයිටම් ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ උත්සාහය වැළකී ගියාම ආණ්ඩුව ඒ සඳහා කොතලාවල විද්‍යාපීඨය යොදා ගන්නවා. කොතලාවල විද්‍යාපීඨය විශ්වවිද්‍යාලයක් බවට පත් කළාට කමක් නහැ. ඉසෙඞ්කෝ ලකුණු යටතේ සිසුන්ට එයට ඇතුළත් වෙන්න ඉඩ දෙන්න. එමෙන්ම ඒ ආයතනය නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයක් වශයෙන් තියන්නත් අවශ්‍යයි.එමෙන්ම සිංගප්පූරුවත් සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබීමට රජය සූදානම් වෙනවා. ඒ ගිවිසුම අත්සන් තැබීමෙන් අපේ රටට ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක පාඩුවක් සිදුවෙන බව වෘත්තිකයන්ගේ ජාතික සභාව කරුණු සහිතව පෙන්නුම් කර තිබෙනවා. නමුත් ඒ ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම සඳහා නිලධාරීන් පිරිසක් සිංගප්පූරුවට ගොස් තිබෙන බව මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. රටට අවාසිවන ආකාරයට ගිවිසුම් අත්සන් තැබීමට රජය සූදානම් වෙනවා.ඛනිජ තෙල් සංස්ථාව මැලේසියාව සමඟ ලිහිසිතෙල් නිෂ්පාදනය හා අලෙවි කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබුණා. ඒ ගිවිසුම පසුගිය කාලයේදි සංශෝධනය කර තිබුණා. ඒ සංශෝධිත ගිවිසුමෙන් රටට පාඩු සිදුවෙන බැවින් ගිවිසුමේ ක්‍රියාකාරීත්ව අහෝසි කිරීමට ක්‍රියාකළ බව ඛණිජතෙල් අමාත්‍යවරයාම සඳහන් කර තිබුණා. රටේ සම්පත් ජාත්‍යන්තර ධනපති පංතියේ උවමනාවන් වෙනුවෙන් පාවාදීමේ ක්‍රියාවලියක් එක්සත් ජාතික පක්ෂය හැමදාම ක්‍රියාත්මක කළා. රටේ ස්වෛරීබව ඇපයට තියා රජය පසුගිය කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ණයක් ගත්තා. රටේ ණයබර වැඩියි කියමින් රජය දිගින් දිගටම මේ ආකාරයට ණය ගන්නේ ඇයි? මේ ණය සියල්ලම රටේ ස්වෛරී බවට තර්ජනයක්. එමෙන්ම දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මේ අතරට ඉන්ධන මිලත් ඉහළ දැමීම සම්බන්ධයෙනුත් ආණ්ඩුව කල්පනා කරනවා. ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟම ජීවන වියදමත් අධිකව ඉහළ යෑමට පටන් ගන්නවා. මේ සියල්ලම සිදුවෙන්නේ විධායක ජනාධිපති ධුරය තිබිය යුතුද නැද්ද කියන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවට මුලාවෙලයි. අපිට පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි. එය වඩාත් ප්රජාතන්ත්රවාදීයි. ජේ.ආර්. විසින් නිර්මාණය කළ තනි පුද්ගල බලයට වඩා සාමූහික බලය හොඳයි. එහෙත් තමන්ට තනිබලයක් ලබාගැනීම සඳහා අගමැතිවරයා ජනතා විමුක්ති පෙරමුණ ඉත්තන් බවට පත්කරගෙන තිබෙනවා. ජනපති හා අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරයේදී අපිට අගමැතිවරයාගේ පැත්තේ සිටිමින් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වී විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීමේ කටයුත්තට දායක වෙන්න බැහැ. පසුගිය කාලයේදී ජනපති හා අගමැතිවරයා අතර බල පොරයක් තිබුණා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. අගමැතිවරයත් ඒ බව දන්නවා. නමුත් අවසන් මොහොතේ දී ජනාධිපතිවරයා අඩියක් පස්සට ගත්තා.දැන් අගමැතිවරයාගේ වාරයයි. ඔහු ජනාධිපතිවරයාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණත් හවුල් කරගෙන මෙම යෝජනාව ගෙනත් තිබෙනවා. සිංහල ජාතිවාදි කොටස්වලට අවශ්‍යව තිබෙන්නේ තනි පුද්ගලයකුට බලය තිබෙන ආණ්ඩුවක්. ඒ ඉල්ලිමට අපි එකඟ නැහැ. නමුත් සිරිසේන - රනිල් බල පොරයේදී රනිල්ගේ පැත්තට වැටෙන්න අපිට සූදානමක් නැහැ. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව නිසා ඒකාබද්ධ විපක්ෂය බෙදෙන්න දෙන්නත් බැහැ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය මේ ගැන කල්පනා කර බලාවි යැයි විශ්වාස කරන බවද කීය.ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ පැවැසීය.වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත හිතුවක්කාරී ලෙස ක්‍රියාකළා. මේ හිතුවක්කාරී වැඩ පිළිවෙළ නිසා ආර්ථික අර්බුදය මෙන්ම අධිරාජ්‍යවාදී අර්බුදයත් වැඩි වුණා. ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ 2/3 බලයක් තිබූ නිසා මේ හිතුවක්කාරී වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම පහසු වුණා. නමුත් අපි විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිසා දැන් ආණ්ඩුවට හිමි 2/3 බහුතර බලය අහිමිවී තිබෙනවා.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා මෙසේ පැවසීය.ආණ්ඩුවේ ඉදිරිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මත ගැටීමක් ඇතිවී තිබෙනවා. මේ මෙහොතේදී එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීම සුදුසු බව විජයදාස රාජපක්ෂ මහාත් ප්‍රකාශ කර තිබුණා. මේ මත ගැටීම් අනුව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම ඉතාම අසීරු තත්ත්වයක් වෙනවා. මේ අර්බුද මඟ හැරීමට නම් ඉතාම ඉක්මනින් මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. | අගමැතිගේ විශ්වාසභංගයට ශ්රීලනිපය ඉක්මන් තීන්දුවක් ගත යුතුයි | 0 |
hp_train_2269 | (ජුඩ් සමන්ත සහ ඔගස්ටීන් ප්‍රනාන්දු) යතුරු පැදි දෙකක් අනතුරකට ලක්ව තිබූ අවස්ථාවක වේගයෙන් පැමිණි ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් එහි ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව හලාවත පොලීසිය කියයි. ඊයේ (16) වැනිදා සවස 6.30 ට පමණ හලාවත - ආණමඩුව මාර්ගයේ කුමාරකට්ටුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ පල්ලම - මගුරන්කඩවල පදිංචි වර්ණකුලසූරිය ආරච්චිලාගේ ගයාන් ප්‍රදීප් නමැති 35 හැවිරිදි එක් දරු පියෙකි. බස් රථය පැදවූ රියදුරුද කම්පනය හේතුවෙන් ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි. | යතුරුපැදි - බස් රථ අනතුරකින් යතුරුපැදිකරු මරුට | 1 |
hp_train_2270 | (උණවටුන ඩී.ජී. සුගතපාල)රජයේ ප්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීම බවත්, ගමේ පාසලට සියලූ සම්පත් ලබා දීම සඳහා අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බද්දේගමදී සෙනසුරාදා (01) ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සිවයස් සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි. සියවස් සැමරුමවට සමගාමීව ඉදි කරන ලද නව තාක්ෂණ පීඨය හා ප්‍රදර්ශනය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.”නගරයේ තියෙන හොඳම පාසල කියන දෙමව්පියන් තුළ මිථ්‍යාව මේ තරගකාරීත්වයට හේතු වෙලා තියෙනවා. පාසල් පිළිබඳ තරගකාරීත්වයේ මිථ්‍යාව අපි ඉවත් කරගත යුතු වෙනවා. ඇතැම් වෙලාවට ජනප්‍රිය යැයි කියන පාසලට වඩා ගමේ පාසලෙ හොඳින් අධ්‍යාපන කටයුතු කරන බව නම් අපි දන්නවා.බොහෝ වේලාවට ලොකු නමක් තියෙන ජනප්රියයැයි කියන පාසල්වලට වඩා ග්‍රාමීය පාසල්වල අධ්‍යාපන කටයුතු වඩා විධිමත්ව කරන බව අපට ලැබෙන තොරතුරු වාර්තා අනුව කියන්න පුළුවන්. ඇයි මේ තරගකාරීත්වය අපි තේරුම් නොගන්නේ. අපේ රටේ පාර්ලිමේන්තුවට පත් වෙන්න මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් වූ ගමන්ම ගොඩක් අය කරන්නේ ගමේ පාසලට ගිය තමන්ගේ දරුවන් කොළඹ පාසලකට දාගන්න එක තමයි. එය සාමාන්‍ය දෙයක් හා සම්ප්රදායක් බවට පත් වෙලා තියෙනවා.අසූනවය වර්ෂයේ මුල් වරට පාර්ලිමේන්තුවට පත් වනවිට මට දියණියන් දෙදෙනකු හිටියා. මගේ දුවලා දෙන්නා ඒ වනවිට අධ්‍යාපනය ලැබුවේ මගේ දෙමවුපියන්ගේ ගම් ප්‍රදේශය වන ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය යැයි කියන පාසලක. අසූනවයේ පාර්ලිමේන්තුවට පත් වූ වහාම මා දරුවන් දෙදෙනා ඒ පාසලෙන් අස් කරගෙන විත් පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට දැම්මා. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. මා ඒ අයට කීවේ මම පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට ඒ කාලයේ ගිහින් මන්ත්‍රීවරයකු වූවා නම් ඇයි දරුවනේ අධ්‍යාපනය වඩාත් හොඳ තත්ත්වයක් ඇති කර ගන්න මා ගිය පාසලට යන්න බැරි කියලා.බද්දේගමට පැමිණන හැම අවස්ථාවකදීම මට මතක් වෙන්නේ මීට වසර තිස් තුනකට පෙර ඉතිහාසයක්. අමරසිරි දොඩංගොඩ මහතාගේ අතුරු මැතිවරණයේදී මා බද්දේගමට ඇවිත් ගෙයින් ගෙට ගියා. ඒ විතරක් නෙමෙයි, අක්මීමන අතුරු මැතිවරණයේදීත් මා රිචඞ් පතිරණ මහතා වෙනුවෙන් ඇවිත් මාස එක හමාරක් පමණ බද්දේගම අකමීමන මැතිවරණ කොට්ඨාසවල නතර වී ගෙයින් ගෙට ගියා. සියවසක් පිරෙන ඔබ පාසලේ ගමන් මඟ හා කීර්තිමත් ඉතිහාසය පිළිබඳ විදුහල්පතිතුමා කරුණු පැහැදිලි කළා. මීට වසර සියයකට පෙර මේ පාසල් භූමිය කෙසේ තිබෙන්නට ඇත්ද? එදා හා අද දවසේ බද්දේගමත් මේ ගමත් ගාලූ දිස්ත්‍රික්කයත් මේ රටත්, ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික හා සමාජීය වශයෙන් හා දේශපාලන වශයෙන් මොන තරම් වෙනස්වීම්වලට භාජනය වී ඇත්ද?එක් දහස් නවසිය දාහත කියලා කියන්නේ යටත් විජිතයක් වශයෙන් ඉංග්‍රීසීන් විසින් මේ රට පාලනය කරපු කාලය. වසර සියයක් ගත වනවිට මේ රටේ නිදහස් ප්රජාතන්ත්රවාදී සමාජයක් හා නිදහස් අධ්‍යාපනයක් සමග අපේ රටේ විවිධ වෙනස්කම් රාශියක් ඇති වෙලා තියෙනවා. යටත් විජිත යුගයේ පිරිවෙන් අධ්‍යාපනය මුල් කර ගත් දේශීය පාසල්වල තිබුණු තත්ත්වය ඒ දුන්නු තරගකාරීත්වය, මිෂනාරි අධ්‍යාපනය තුළ වඩාත් මේ රටේ උගතුන් බිහි කරන්න ශක්තියක් ඇති වුණා. ඒ ඉතිහාසය තුළ අධ්‍යාපනයේ එදා මෙදා වෙනස්කම් ගත් විට අපට අද නව ලෝකයත් සමග අධිතාක්ෂණික යුගයේ මේ දරුවන්ට වඩා යහපත් අනාගතයක් සඳහා අභියෝගාත්මක අනාගතයක් සඳහා අපේ දරුවන් සූදානම් කළ යුතු වෙනවා.ගෙවුණු සියවසට වඩා එළඹෙණ සියවස සෑම අයුරින්ම ඔබටත් මටත් සියලූ දෙනාටම අභියෝගාත්මකයි. ඒ අභියෝගාත්මක වූ නව තාක්ෂණික ලෝකය ජයග්‍රහණය කරන්නට ගුරු මෑණිවරුන්, පියවරුන්, දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්, දෙමවුපියන්, ආගමික පූජකතුමන්ලා ඇතුළු සියලූ දෙනාම කැප වී සිටිනවා. දරුවන්ගේ සුන්දර ලෝකය දරුවන්ගේ අභිමානය, දරුවන්ගේ බලාපොරාත්තු ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කිරීමට ඇප කැප වී සිටිනවා. දරුවා පාසල් අධ්‍යාපනය ලබා වඩා හොඳ සහතික ලබාගෙන විභාග ප්‍රතිඵල පෙන්වලා විභාගයෙන් හොඳ සමතුන් වෙනවා වගේම මම හැමවිටම හැම තැනම කියන දේ තමයි අද අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ස්ථානය තමයි පාසල කියලා.පාසල තුළ දරුවන්ට යම් යම් කරදර පිළිබඳ වාර්තා වන්නේ ඉතාමත් කලාතුරකින්. මේ රටේ ලක්ෂ හතළිහකට අධික දරු පිරිසක් පාසල්වල ඉගෙන ගන්නවා. ඊයේ සන්ධ්‍යාවේ දකින්නට ඇති සිඟිත්තෙක් සරුංගල් අරින්න ගිහින් ළිඳකට වැටිලා මිය ගියා. පසුගිය කාලයේ මාධ්‍යවල වාර්තා වුණා තරුණ වයසේ දරුවන් මෙන්ම කුඩා වයසේ දරුවන් ජංගම දුරකතනයත් එක්ක කර ගන්නා වූ බොහෝ විනාශකාරී දේවල්. සෙල්ෆි ඡායාරූප ගන්න ගිහින් පසුගිය සති කිහිපය තුළ ජීවිත කීයක් විනාශ වූවා ද කියන කාරණාව දන්නවා. අපේ රටේ දරුවන්ට පාසල්වල පැය පහේ තියන ආරක්ෂාව දෙමවුපියන් සමග සිටින කාලය තුළ නොමැති බව ඉතා පැහැදිලිව පේන කාරණයක්.බොහෝ දරුවන් පිළිබඳ ඇති වන ප්‍රශ්න හා ගැටලූවලදී දරුවන් අපචාරයට ලක්වීම, හදිසි අනතුරුවලින් සිදුවන කරදර විපත්තිදායක තත්ත්වයන් සමාජයේ අනවශ්‍ය පුද්ගලයන් සමග එකතු වීම මෙවැනි කරුණු සියල්ලම සිදු වන්නේ දරුවා පිළිබඳ ආරක්ෂාව හා වගකීම දෙමව්පියන් සතුව තියෙන කාල සීමාව තුළයි කියන එක ආදරණීය දෙමව්පියන් අමතක කරන්න එපා.අද දරුවන්ගේ අධ්‍යාපනයට තියෙන තරගකාරීත්වය වගේම, ජීවත් වීම සඳහා ජනතාවට තරගකාරීත්වයක් තියෙනවා. ජීවත් වීම පිළිබඳ සටන නිසා එහිදී ප්‍රධාන වශයෙන් දෙමව්පියන්ට දරුවන්ව අමතක වන වෙලාවල් තියෙනවා. එක් පැත්තකින් එය සාධාරණ වෙන්න පුළුවන්. තිබෙන ජීවන සටන හා ජීවන අමාරුකම් නිසා ඒ අමාරුකම් තිබෙන පිරිස වගේම ජීවත් වීම පිළිබඳ දැඩි ආර්ථික ප්‍රශ්න නොමැති දෙමවුපියන් අවශ්‍ය සම්පත්, ධනය හා ඒ පිළිබඳ තියෙන තරගකාරීත්වය තුළ මනස වැඩ කරන්නේ එකම දිශාවකටයි. මේ නිසා දරුවන් පිළිබඳ තියෙන අවධානය අඩු වෙනවා. ඒ නිසා දරුවන් පිළිබඳ දෙමවුපියන්ගේ වගකීම මීට වඩා අත්‍යවශ්‍ය බව කිව යුතු වෙනවා.අපි රජයේ ප්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමට වගේම, තරගකාරීත්වයට තියෙන හොඳම විසඳුම ලෙස ගමේ තියෙන පාසල සියලූ සම්පත්වලින් සම්පූර්ණ කිරීමට අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කළේ. චන්දිමා රාසපුත්ර ඇමැතිතුමා කීවා මුදල් ප්‍රතිපාදන අඩුවෙන් ලැබීම ගැන. නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිතුමා හා බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා මේ පාසලේ තියෙන අඩුපාඩුකම් ගැන හා ප්‍රදේශයේ තියෙන අඩු පාඩු ගැන සඳහන් කළා. ඒ අයට මා කීවේ පාසලේ ගොඩනැගිල්ල හා පිට්ටනිය ගැන අවශ්‍ය සැලසුම් හදලා දෙන්න මුදල් ප්‍රතිපාදන වෙන් කරලා දෙන්න පුළුවන් කියලා.බද්දේගම නගරයේ විධිමත් භාවය අලංකාර පිළිබඳ පරිසර සංරක්ෂණය මීට වඩා සැලසුම් සහගත අවශ්‍යතාව ගැන මා මතක් කළා. අධ්‍යාපනයට තියෙන තරගකාරීත්වය වගේම ප්‍රාදේශීය සංවර්ධනයට තියෙන තරගාරීත්වය අපි හැම විටම තේරුම් ගන්න ඕන.සෑම පාසලකම විදුලහල්පතිවරුන් වගේම ගුරුවරු ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ආචාර්ය මණඩලය කැප වෙනවා. දරුවන්ට අධ්‍යාපනය දීමේදී රාජකාරි සීමාවෙන් එහාට ගිහින් තමයි ඒ අය කැපවෙන්නේ. එය වැටුපට කරන දෙයක් නෙවෙයි. වැටුපට නම් බොහේ සීමාවන් තියෙනවා. යහපත් පුරවැසියන් බිහි කරන්න, හොඳ රටක් හදන්න ඕන නිසා තමයි ඒ අය මේ විදිහට තම වගකීමක් හා යුතුකමක් කියලා හිතාගෙන වැඩ කරන්නේ. රජයක් විදියට මේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරිමට අප කටයුතු කරන්වා.”වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා”මාසයක් තිස්සේ මෙම උත්සවයට සූදානම් වුණා. නමුත් පසුගියදා ඇති වූ ගංවතුර නිසා ප්‍රමාද වුණා. බද්දේගම ළමයි ජාතික පාසල්වලට දාගන්න මගේ ළඟට එන්නේ නැහැ. මහජන හමුවීම් දිනවල ළමයි දාගන්න පෝලිමේ එනවා අඩුයි. විදුහල්පතිතුමා ඒ තත්ත්වයට වැඩ කරලා.අද කුම්මේ පිට්ටනිය ළඟට ජනතාව ඇවිල්ල හිටිය ජනාධිපතිතුමාට ආචාර කරන්න. මහින්ද මහත්තයටත් එහෙමයි. හැබැයි අද ඊට වඩා ජනතාව ඇවිල්ලා හිටියා ජනධිපතිතුමාට ආචාර කරන්න. බද්දේගමට නගර සැලසුමක් හදලා දීර්ඝ කාලයක් වෙනවා කරන්න බැරි වුණා. ආණ්ඩු මාරු වුණා. නමුත් ජනාධිපතිතුමා කිව්ව හදමු කියලා.”ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා”මේ පාසල මිෂනාරි යුගයේ ආරම්භ කරපු පාසලක්. අද වනවිට විදුහලේ චෙස්, කබඩි, කරාටේ ආදිය තිබෙනවා. විදුහලට ප්‍රමාණවත් රැස්වීම් ශාලාවක් නැහැ. ඒ නිසා ප්‍රමාණවත් රැස්වීම් ශාලාවක් ලබා දෙන්න. ඒ වගේම බද්දේගම ක්‍රීඩාංගණයට ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. ”දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත්ර මහතා ද කතා කළේය. විදුහල්පති ඉන්ද්‍රිජිත් ප්රීයන්ත මහතා පිළිගැනීමේ කතාව කළේය.(ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය) | ඇතැමුන් රට අවුල් කරනවා | 0 |
hp_train_2271 | (ජූඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු)හලාවත නගර සභාවෙි සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ කුෂාන් අබේසේකර මහතාද, උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාදුල්කීන් වහාබ් අමීන් මහතාද තේරී පත් විය.වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) හලාවත නගර සභාවේ පිහිටි සභා ශාලාවේදී රැස්වීම පැවැත්විණි.පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී හලාවත නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 7 ක්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභිකයින් 6 ක්,පොදුජන පෙරමුණ පක්ෂයෙන් සභිකයින් 6 ක් සහ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් 1 සභිකයෙක් තේරී පත්වී ඇත.සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවැත්විණි.සභාපති ධූරයට තරග වැදණු එක්සත් ජාතික පක්සයේ කුෂාන් අබේසේකර මහතාට ඡන්ද 12 ක්ද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදුණු හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතාට ඡන්ද 07 ක්ද ලැබිණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කුෂාන් අබේසේකර මහතා හලාවත නගර සභාවේ සභිපතිවරයා ලෙස තේරී පත් විය.උප සභාපති ධූරය සඳහා තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාදුල්කීන් වහාබ් අමීන් මහතාට ඡන්ද 12 ක්ද,පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග වැදුණූ චින්තක ජයසේකර මහතාට ඡන්ද 5 ක් ද ලැබිණි.ඒ අනුව සාදුල්කීන් වහාබ් අමීන් මහතා උප සභාපතිවරයා ලෙස තේරී පත් විය.ජනතාවිමුක්ති පෙරමුණ පක්ෂය නියෝජනය කළ සභිකයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි,අශෝක ප්‍රියන්ත, ශාන්ත සිසිර අබේසේකර,අරුන්දක ප්‍රනාන්දු, වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන පාලිත රෝහණ,සන්නද සන්ධ්‍යා කුමාර රාජපක්ෂ,ට්‍රෙවින් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වුහ. | කල්පිටි ප්‍රා.සභාවේ සභාපති ශ්‍රීලනිපයෙන් | 0 |
hp_train_2272 | ”සුදු නංගි” චරිතය හරහා මට ලැබුණු පේ්රක්ෂක ආදරය අද දක්වාම නොවෙනස්ව පැවතීම තමයි මගේ ජීවිතේට ලැබුණු ලොකුම වටිනාකම. ඒ විදියට තමා රඟපෑ පළමු නාට්‍යය ”ජීවිතය ලස්සනයි” පිළිබඳ අභිමානයෙන් යුතුව කතා කරන්නෙ ඒ ”සුදු නංගි” නම් විශේෂ චරිතයට පණ පෙවූ අයෝමි ශානිකා.ඇය තුළ සාර්ථක රංගන ශිල්පිනියක් සිටිනවා යැයි ඇය හඳුනා ගන්නෙත් මේ චරිතය හරහා කියලයි අයෝමි සඳැල්ලට පැවසුවේත්.ඒ පිළිබඳ වැඩිදුරටත් කතා කරන්නට මෙවර ”සිත්ගත් රංගනය” වෙන්වන්නේ ඒ සොඳුරු රංගන ශිල්පිනිය අයෝමි ශානිකා වෙනුවෙන්. අයෝමිගේ ජීවිතේ ලස්සන වුණු ”ජීවිතේ ලස්සනයි” ටෙලිනාට්‍යයට කොහොමද සම්බන්ධ වෙන්නෙ?මම මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ පුබුදු චතුරංග හරහා. ඔහු ගාල්ලෙ ඉගෙන ගන්න කාලෙ ඉඳන් අපි එකට පන්ති එහෙම ගියේ. ඉතින් ඔහු දන්නවා ඒ කාලේ ඉඳන්ම මට රඟපාන්න පුළුවන් කියලා. ඒ නිසාම තමයි මගෙන් ඇහුවෙ රඟපාන්න කැමැතිද කියලා. එතනින් පසුව තමයි පුබුදුම මේ කතාවෙ අධ්යක්ෂවරයාට මාත් එක්ක කතා කරන්න දෙන්නෙ.ඒ අනුව තමයි සුසිල නිෂ්පාදන ආයතනයට ගිහින් ඔවුන්ව හමුවුණේ. එතනින් පසුව ඔවුන් විශේෂ වැඩමුළු කළා ඒ කතාවෙ චරිතවලට කට්ටිය ගන්න. ප්‍රවීණ පිරිස සහ නවකයන් හැමෝම දාලා වැඩමුළුවක් කළා. ඒ විදියට තමයි ටෙලිනාට්‍යයට අවශ්‍ය පිරිස තෝරාගත්තෙ. මේක හරි අමුතු ටෙලිනාට්‍යයක්නෙ? එක පවුලක කතාවක්. ඉතින් කතාව ගැන මොකද හිතෙන්නේ?එදා මෙදා තුර බිහිවුණු ටෙලිනාට්‍ය අතර විශිෂ්ටම ටෙලිනාට්‍යයක් විදියට මම අදටත් සලකන නාට්‍යයක් තමයි මේ.ඒ මගෙ චරිතය සහ නාට්‍යය ජනපි‍්‍රය වීම නිසාම නෙමෙයි. මොකද මේ සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් හොඳ ප්‍රශංසා ලැබුණා. මම මේ නාට්‍යය රඟපාන කාලෙදී ස්වාධීන රූපවාහිනී සේවයේ නිවේදිකාවක් ලෙස සේවය කළා. එහිදී මට විවිධ තරාතිරම්වල පිරිස් සමඟ ගැටෙන්නට ඉඩක් ලැබුණා. ඒ දවස්වල ඒ හැමෝම කතා කළේ මේ නාට්‍යය ගැන. ඒ සඳහා සම්මාන උළෙලවල සම්මාන නොලැබුණත් බය නැතිව කියන්න පුළුවන් එය පුදුමාකාර ජනපි‍්‍රයත්වයක් ලැබුවා කියලා. අදටත් ඒ සඳහා ප්‍රතිචාර ලැබෙනවද?අනිවාර්යයෙන්ම, අදටත් ඒ නාට්‍යය ගැන ගොඩක් පිරිසක් කතා කරනවා. තවමත් මට ”සුදු නංගි” කියලා බොහෝ දෙනෙක් කතා කරන්නෙ. අනිත් එක ඒක පවුලේ කතාවක්නෙ. වැඩිහිටියො දරුවො කාටත් එකට ඉඳන් බලන්න පුළුවන්. ඒ වගේම එහි තිබුණු චරිතවලින් එක්කෙනෙක් හෝ පවුලක ඉන්නවා. ඒ නිසා ඒක අදටත් මිනිසුන්ට සමීපයි. මිනිසුන්ට රසවින්දනයක් වගේ පණිවිඩයකුත් මෙමඟින් ලබා දුන්නනේ. ඒකත් ලොකු විශේෂත්වයක්. අයෝමිට තිබුණෙ අනිත් අයට වඩා විශේෂ චරිතයක් කරන්නනේ? කොහොමද ඒ අද්දැකීම.ඇත්තටම මුලදී බය හිතුණා. මොකද මම රඟපාන්න ආසාවෙන් හිටපු කෙනෙක්. ඉස්කෝලෙ යන කාලෙත් රංගනය කළා. ඇත්තටම පුබුදු චතුරංග කතා කරලා මේ සඳහා සම්බන්ධ නොකරන්න මම සමහරවිට අදටත් නිළියක් නෙමෙයි. ඉතින් මට හිතුණා මම රඟපාන පළවෙනි චරිතයම අසාමාන්‍ය වුණාම මේ රඟපෑම මට කොහොම වෙයිද කියලා. පළවෙනි රඟපෑමම අසමත් වුණොත් මට නැවත රඟපාන්නත් හිතෙන්නෙ නැතිවෙයි කියලා හිතුණා. ඒ නිසා හරිම අභියෝගයක් වුණා. මේ චරිතෙ කොහොමද කරන්නෙ කියලා. සාමාන්‍ය චරිතයක් නම් දෙබස් කියන එක පහසුයි. නමුත් අපි පාසල් යන කාලෙවත් අසාමාන්‍ය චරිත කරලා නෑනේ. ඉතින් කොහොමද ඒ අභියෝගය භාරගත්තේ.මම කරපු එකම දේ තමයි අධ්යක්ෂවරයා එක්ක දීර්ඝව ඒ චරිතය ගැන කතා කරපු එක. ඔහු මට කිව්වෙ මේ අවුරුදු 18ක ගෑනු ළමයෙක් සතුටෙදි උපරිම සතුටවෙන, දුකේදි උපරිම දුක්වෙන හැඟීම්බර ළමයෙක්. නමුත් ඇයගෙ මොලේ වැඩිලා නෑ. පොඩි ළමයෙක් වගේ තමයි හැසිරෙන්නෙ. එච්චරම තමයි මගෙ ඔළුවට දාලා තිබුණෙ.නමුත් රූගත කිරීම් පටන් ගත්තම අපේ රංගනයන් කරගෙන ගියා.ඒ රංගනයන් කරගෙන යද්දී තුන්වෙන් දවසෙ තිබුණු දර්ශනයක තිබුණා මගේ අයියා කෙනෙක් විදේශ ගතවෙනවා කියලා අඬන සිදුවීමක්. ඉතින් ඒ දර්ශනය කරලා අවසන් වුණාම මෙහි අධ්යක්ෂවරයා මට කියපු එකම දේ තමයි හොඳට මතක තියාගන්න මේ නාට්‍යය යම්කිසි දවසක විකාශය වෙද්දී ”සුදු නංගි” චරිතය තමයි කතාවෙ චරිත සියල්ල අභිබවා ජනපි‍්‍රය වෙන්නෙ කියලා සහ රඟපැමෙන් දිගු ගමනක් යන්නට හැකි වෙනවා කියලත් කිව්වා. ඔහු ඒ කරපු දිරිමත් කිරීම මට ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒ කතාව සැබෑවක් වුණාද?මට ලැබුණු ප්‍රතිචාර අනුව අනිවාර්යයෙන්ම ඒ කතාව සැබෑවක්. මොකද මේ කතාවෙම තිර පිටපත් රචකයෝ 5 දෙනෙක් හිටියා.ඒ අතර අනෝමා විජයවර්ධන, ඉන්දික ෆර්නිනැන්ඩු, අසංක සායක්කාර වගේ අය හිටියා. එහිදී අනෝමා විජයවර්ධන කියපු දෙයක් තමයි ඇයගේ බෝඩිම අසල සුදු නංගි වගේ ළමයෙක් ඉන්නවා කියලා. නමුත් මම අද වෙනකම් ඒ ළමයව දැකලා නැ. ඒ ළමයව දැකපු ඒ හැමෝම කිව්වෙ මගෙ ඇතුළත ඒ බලාපොරොත්තු වුණු කෙනා ඉන්නවා. චරිතෙ මොනවත් හදන්න දෙයකුත් නෑ කියලා. එතනින් එහාට ඒ විශ්වාසය මත මම අවුරුද්දයි මාස හතක් රඟපෑවා. කතාවක් ජනපි‍්‍රය වෙන්නේ සාමාන්‍යයෙන් තරුණ පෙම්වතා, පෙම්වතියගෙ චරිත වගේ වුණත් සුදු නංගිගෙ චරිතය මෙතරම් ජනපි‍්‍රය වීම ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම හරි සතුටුයි. එදත් අදත් මඟතොටේ ගියත් ඒ ප්‍රතිචාර ඒ විදියටම තියෙනවා. ඒක හරි වාසනාවක්. හැම රංගන ශිල්පිනියටම ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ. මිනිසුන්ට එපා වෙන්නෙ නැති වෙන්න ආදරේ දිනාගෙන පවුලෙම සමීප චරිතයක් බවට මේ චරිතය පත්වුණා. ඒ තරමට පේ්රක්ෂකයන් ආදරේ කළා?ඔව්. ගොඩක්ම ආදරෙයි. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනෑ. මේ කතාවෙ එක තැනක සුදු නංගි මැරුණා කියලා අතුරුදන් කළා. ඉතින් ඒ මොහොතේදී ගොඩක් දෙනෙකුට දරාගන්න බැරි දුකක් ඇතිවෙලා තියෙනවා. එක අම්මා කෙනෙක් මගේ දුරකථන අංකය කොහොම හරි හොයාගෙන කතා කරලා කියනවා සුදු නංගි මැරුණා කියලා ඒ දුකට එක පෙරපාසල් යන දරුවෙකුට උණ අරන් දවස් තුනක් පෙර පාසල් ගියෙ නෑ කියලා. ඉතින් ඒ අම්මා මට කියනාව ඒ දරුවත් එක්ක කතා කරන්න කියලා සුදු නංගිගෙ කටහඬින්. ඉතින් මම කතා කළා. ඒ තරමට පොඩි ළමයාගේ ඉඳන් වැඩිහිටියා දක්වාම මේ චරිතෙට ආදරේ කළා. ඒ චරිතය අයෝමිටම ලැබීම ගැන මොකද හිතෙන්නේ?ඒක ලොකු වාසනාවක් දෛවයෙන් ලැබුණු.මොකද මම හිතන්නෙ නෑ වෙන චරිතයක් කළා නම් මේ තරම් ප්‍රතිචාරයක් ජනපි‍්‍රයත්වයක් ලැබෙයි කියලා. හැකියාව, දක්ෂතාවය ඇරුණම ඒක දෛවයෙන් ලැබුණු දෙයක්. ඒකට මම ස්තූතිවන්ත වෙනවා සුසිල නිෂ්පාදන ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියට. ඒ වගේම රවින්ද්‍ර විජේරත්න, තරංග දිසානායක ඒ හැම දෙනාම නිසා තමයි මම මේ තැනට ආවේ. ධනු විජේරත්න | ගැමුණු මහරජ වූ මලින්ද පෙරේරා | 0 |
hp_train_2273 | ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. | 'පළාත් කිහිපයකට වැසි' | 0 |
hp_train_2274 | අත් යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.එම කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නඟා සිටුවමින් ඒවාට තවත් නිෂ්පාදකයන් ආකර්ශනය කරගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබේ.රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ අද (15) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන ඇත.ආනයනික රෙදි භාවිතයෙන් නිපදවන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳපොළ අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එමඟින් විදේශවලට ඇචී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට ද හැකියාව ලැබේ.පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡවේදී පෙන්වා දුන්නේය. ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යොදවන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.කිහිපදෙනකු සතු රෙදිපිළ නිෂ්පාදන වෙළෙඳපොළ ඊට කැමැත්තක් දක්වන වෙනත් ආයෝජකයන්ට ද විවෘත කිරීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් පෙන්වාදුන්නේය.නිමි ඇඳුම් නිෂ්පාදකයන් සහ දේශීය වෙළෙඳ ආයතන සාමූහිකව රැස්ව තීරණ ගැනීමෙන් පුළුල් වෙළෙඳපොළක් නිර්මණය කළ යුතු බවත්, සෙසු රටවල ගැනුම්කරුවන්ට ඇඟළුම් තොග වශයෙන් මිලදී ගැනීමට වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.විදේශවලින් ගෙන්වන නූල් සහ රසායනික වර්ණවල ප්‍රමිතිය සහ මිල ගණන් ආශ්රිත ගැටළු නිරාකරණය පිළිබඳව ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.අමාත්‍ය විමල් වීරවංශ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහූ සහ ඇගළුම් සහ රෙදි පිළී ක්ෂේත්රයේ ව්‍යාපාරිකයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 055 | අත්යන්ත්‍ර - බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනපති තීරණය කරයි | 1 |
hp_train_2275 | (ඩයනා උදයංගනී)උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (27) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරුමැද, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. | පළාත් කිහිපයකට තැනින් තැන වැසි | 1 |
hp_train_2276 | (එම් .සුසිල් ප්‍රියන්ත සහ වයි.එස්.ඒ.ද .සිල්වා) ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශයේ පූජක පක්ෂය හා ප්‍රාදේශීය සභා සේවකයින් මියගිය පසු ආදාහන කටයුතු සිය සභාවට අයත් ආදාහනාගාරවලින් නොමිලයේ කර දිය යුතු යයි විපක්ෂ නායක අජිත් අසේල මහතා (එ.ජා.ප) අද (18 ) පැවති මාසික සභා රැස්වීමට ගෙන ආ අවස්ථාවේදී බලපිටිය මාසික සභා රැස්වීම දැඩි උණුසුම් විය. ප්‍රාදේශීය සභාපති එන් .සමන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.බලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ,සේවකයින් හා බල ප්‍රදේශයේ පූජක පක්ෂය මියගිය හොත් සිය සභාවේ ආදාහනාගාර වලින් නොමිලයේ ආදාහන කටයුතු සිදු කිරීමේ යෝජනාව තමා අද (18 ) ගෙන ආවේ මරණීය තර්ජනය හමුවේ බව පවසමින් මේ යෝජනාව ගෙන ආ විපක්ෂ නායක අජිත් අසේල මහතා පැවසීමත් සමඟම සභාව උණුසුම්වී වෙනස් මගකට ගමන් ගත්තේය.එහිදී නැගී සිටි පොදු ජන පෙරමුණ මන්ත්‍රී අනිල් ප්‍රියන්ත මහතා වේගවත්ව කතා කරමින් පැවසුවේ මේ යෝජනාවේ මන්ත්‍රීවරුන් නොමිලයේ පිච්චීම පිළිබදව තමා විරුද්ධ වන බවත් දැන්ම සභාවේ කටයුතු නතර කර දමා විපක්ෂ නායකවරයාට මරණීය තර්ජන එල්ල කර පුද්ගලයින් නීතියේ රැහැනට කොටුකර ගැනීම සදහා සියලුදෙනාම එකතුවී පොලීසියට යායුතු බවත්ය.සභාව මදකට නතර කර දමා අජිත් අසේල මහතාට මරණීය තරජනය කළ අයවලුන්ට වහාම නීතිය ගන්නට යයි බල කිරීමේ උද්ඝෝෂණයක් පාරට බැස කරයුතු යයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එම්.ඩබ්ලිව්.සෙනරත් මහතා කීවේය.තමාත් සභාවේ වියදමින් පිච්චීමට අකමැති බවද ඒ මහතා කීවේය.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක අජිත් අසේල මහතා ගෙන ආ මේ යෝජනාවට එම පක්ෂයේම පවරසිරි ද සොයිසා,එම්.ඩබ්ලිව්.සෙනරත් ඇතුළු මන්ත්‍රීවරුන්ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ද ස්වාධීන එක කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ද,පාලක පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද සභාවේ වියදමින් තමන් මළ පසු පිච්චීමට අකමැති බව ප්‍රකාශ කළහ.මේ යෝජනාවත් සමග පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ උණුසුම් වාග් ප්රහාරයන් හමුවේ උණුසුම් වෙමින් තිබූ සභා රැස්වීම නිවා දැමීමට මෙන් සභාපති මේ යෝජනාව සදහා ඡන්ද විමසීමක් පැවැත්විණි.විපක්ෂනායක අජිත් අසේල මහතා ගෙන ආ යෝජනාවට සභාපති එන් .සමන් ද සිල්වා මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 13දෙනෙකු යෝජනාවට පක්ෂවද තවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 8ක් යෝජනාවට විරුද්ධව ද තවත් 5 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන්ද වැළකී සිටියහ.මේ යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේදී උප සභාපති සුනිල් විජේරත්න ,හිටපු විපක්ෂ නායක ගාමිණී යසරත්න හා චමිදු කුමාර සභා ගර්භයේ රැදී නොසිටියහ.ඒ අනුව සභාවේ ආදාහනාගාරවලින් මන්ත්‍රීවරුන් පිච්චීමේ යෝජනාව වැඩි ඡන්ද 5කින් සභා සම්මත විය. | අම්බලන්ගොඩ නගර සභා රැස්වීම උණුසුම් වෙයි | 0 |
hp_train_2277 | (විජේරත්න රත්නායක) එස්.එල්.එස්.තත්ත්ව සහතිකය නොමැති ආරක්ෂිත හිස්වැසුම් අලෙවි කළ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙළඳසැල් හිමියන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් එම කාර්යාලයීය නිලධාරීන් විසින් කරන ලද වැටලීම්වලට අනුව බදුල්ලේ වෙළෙන්දන් සිව්දෙනෙකුට, බණ්ඩාරවෙල සිව්දෙනෙකුට හා වැලිමඩ දෙදෙනෙකුට මෙසේ නඩු පැවරීමට කටයුතු කර ඇත. අදාළ වෙළඳසැල්වල අලෙවියට තිබූ ප්‍රමිතියෙන් තොර ආරක්ෂිත හිස්වැසුම් 56 ක් පමණ නිලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇති අතර දිස්ත්‍රික්කය පුරා තවදුරටත් මේ සම්බන්ධ වැටලීම් කෙරෙන බව එම කාර්යාලය පවසයි. බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ අනුමැතිය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් ප්‍රධානී කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන ඒ.එම්.ඒ.බී.දිසානායක, ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.ආර්.එම්.ෆස්ලි, එස්.එම්.නජාත්, එන්.එම්.රිෆ්කි, එම්.මුත්තුසිවනු යන නිලධාරීහු අදාළ වැටලීම් සිදුකළහ. | තත්ත්ව සහතිකය නැතිව ආරක්ෂිත හිස්වැසුම් විකිණූ 10 කට නඩු | 1 |
hp_train_2278 | (ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 124 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 1172 දරන මෙම ගුවන් යානය අද උදෑසන 9.10 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගියේය.මෙම ගුවන් යානයෙහි කිසිදු ගුවන් මගියෙකු ගමන් නොගත් අතර ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 08 දෙනෙකු පමණක් එහි ගමන් ගත්හ.ලොව පුරා ගුවන් ගමන් අත්හිටුවා ගුවන් තොටුපළවල් වසා දමා ඇති තත්වය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් යානය තම ආපසු ගමන සඳහා ද අවශ්‍ය වන ආහාර පාන මෙන්ම ඉන්ධන ද කටුනායක ගුවන් තොටුපළේ සිට රැගෙන යෑම සිදු කර තිබේ.මෙම ගුවන් යානය පෙරවරු 10.30 ට බැංගලෝර් වෙත ළගා වීමට නියමිත අතර එය දහවල් 12.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය. | ශ්‍රී ලංකා - රුසියා ගුවන් ගමන් වසර හයකට පසු නැවත අරඹයි | 0 |
hp_train_2279 | ජාතික රජයේ ‘2025 - පොහොසත් රටක්’ දැක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති අභිමානවත් උත්සවයකදී එළිදැක්විණි.‘2025 - පොහොසත් රටක්’ දැක්ම ප්‍රධාන කරුණු 13කින් සමන්විතය.2025 වසර වනවිට රට ගොඩනගන ජාතික රජයේ සැලසුම කොටස් වශයෙන් මෙසේ පළ කෙරෙයි.2015 වර්ෂයේ ජනවාරි සහ අගෝස්තු යන මාසවලදී ශ්‍රී ලාංකික ජනතාව සිය ඡුන්ද අයිතිය දෙවතාවක්ම තීරණාත්මක ලෙස භාවිතා කරනු ලැබුවේ අප ජාතියේ ඉදිරි ගමන පිළිබඳව ඉතිහාසගත සන්ධිස්ථානයන් සනිටුහන් කරමිනි. ජාතීන් හා ආගම් අතර බෙදීම් ඇති කරවන දේශපාලනයට හා සෑම පාර්ශ්වයකම අන්තවාදයට එරෙහිව ශක්තිමත් ප්රජාතන්ත්රවාදයකට, නීතියේ ආධිපත්‍යයට, යහපාලනයට, සංහිඳියාවකට සහ තිරසාර සාමයකට, සමානාත්මතාවට සියලූ දෙනාගේම මානව අයිතිවාසිකම් හා අප සමාජයේ බහුවාර්ගික ස්වභාවය පිළිගැනීම, ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම උදෙසා හා සියලූ ජනතාවට ප්රතිලාභ අත්වන සහ සමානාත්මතාව පදනම් වූ සංවර්ධනයක් සඳහා ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ නව වෙනසක් උදෙසා උතුරු, දකුණු, නැගෙනහිර, බස්නාහිර හා මධ්‍යම පළාත්වල ජනතාව ඡන්දය භාවිතා කළහ. මේවා ශක්තිමත් ප්රජාතන්ත්රවාදය, ප්රජාතන්ත්රවාදී ආයතන, සංහිඳියාව, තිරසාර සාමය හා සංවර්ධනය සඳහා ප්‍රතිඥා දුන් මහජන නියෝජිතයන් පත් කිරීමට ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන් වන අතර ඒවා ඔවුන් විසින් ඉටු කළ යුතු වන්නේය.අපි සමහර පොරොන්දු දැනටමත් ඉටුකර ඇත්තෙමු. අන්තර්ජාතික වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යළි ස්ථාපිත කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 19 වන සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, තොරතුරු දැනගැනීමේ පනත, අදහස් ප්රකාශනයේ නිදහස යළි ස්ථාපනය කිරීම, යෝජිත සංහිඳියා යාන්ත්රණයට මහජන අදහස් ලබා ගැනීම, ව්‍යස්ථාදායක සභාවක් ඇති කිරීම, අපගේ ජාතිය දුෂණයෙන් නිදහස් කිරීම සඳහා වූ ක්‍රමවේදයන් සකස් කිරීම සහ යහපාලන සංස්කෘතිය මත පදනම් වූ ප්‍රවේශයක් තුළින් ඉදිරියට ගමන් කිරීම ප්‍රධාන වේ. ජනතාවගේ ණය බර අඩු කිරීම තුළින් ජීවන බර හෑල්ලූ කිරීම සඳහා ඔවුන් ආර්ථික වශයෙන් නඟාසිටුවීම සඳහා වැදගත් පියවර ගණනාවක් අප විසින් ගත්තෙමු. ඉතිහාසයේ කවරදාවත් නොසිදුවුණු අයුරින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් සහ සමෘද්ධි ගෙවීම් වැඩි කිරීම, විශ්‍රාම වැටුප් වැඩි කිරීම, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධවල මිල අඩුකිරීම. ඉහත අරමුණු සපුරා ගැනීම සඳහා සැලසුම් කර ඇති පියවරවලින් කිහිපයක් පමණි. ඒ අනුව රැකියා දසලක්ෂයක් ඇති කිරීමේ වෑයමේදී මේ වනවිට රැකියා අවස්ථා 430,000කට අධික ප්‍රමාණයක් බිහිකිරීමට හැකිව තිබේ.අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ප්රතිලාභ අත්කරගෙන නොමැති වුව ද එම කාර්යයන් උද්යෝගයෙන් හා අඛණ්ඩව පවත්වාගෙන යමු. අනෙකුත් ප්රජාතන්ත්රවාදී රාජ්‍යවල මෙන්ම මෙම කරුණු සම්බන්ධව ප්‍රගතියක් අත්කරගැනීම ඍජු සහ සරල ක්‍රියාවලියක් නොවන්නේ ශ්‍රී ලංකාව ද ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම ගෝලීය ප්රවණතාවයන්, ස්වභාවික උවදුරු ආශ්රිත අභියෝගවලට ලක්වන නිසා වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන පසුබෑම්වලට ද ලක්වන හෙයිනි. නූතන තාක්ෂණය භාවිතා කරමින් දියුණු ආරක්ෂක උපක්‍රම සහිත නවීන ආරක්ෂක සැලසුම් හරහා ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් හැටියට ගොඩනැගීමට වගබලා ගන්නෙමු.කෙසේ වුව ද අප ජාතියේ හැත්තෑවෙනි නිදහස් සංවත්සරයේ අභිමුඛයට ළඟා වී සිටින මොහොතේ අපගෙන් වසර ගණනාවක් ගිලිහී ගිය සිහිනයන් වන ස්ථාවර, සාමකාමී, සංහිඳිත හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සමස්ත ජනතාව උදෙසා බිහිකිරීම සඳහා වන අප අභිලාෂය සැබෑවක් කරගැනීම සඳහා අප නිරන්තර සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නෙමු.01. රජයේ ආර්ථික දැක්මශ්රී ලංකාව 2025 වසර වනවිට පොහොසත් රටක් බවට පත් කිරීම අපගේ දැක්ම වේ. ඒ සඳහා අවශ්‍ය දැනුම පදනම් කරගත් සමාජ වෙළෙඳපොළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට අප ශ්‍රී ලංකාව පරිවර්තනය කරන්නෙමු. තව ද අප දේශයේ සියලූ පුරවැසියන්ට ඉහළ ආදායමක් සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට හැකි පරිසරයක් අපි නිර්මාණය කරන්නෙමු. මෙම දැක්ම ළඟා කර ගැනීමට අවශ්‍ය වන ව්‍යුහාත්මක වෙනස්කම් දැනටමත් සිදුකරමින් පවතී. සියලූ පුරවැසියන්ගේ ආදායම ඉහළ නැංවීම, රැකියා සුරක්ෂිතභාවය හා සැමට නිවාස සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ප්‍රමුඛතා ලෙස හඳුනා ගැනීම හරහා මෙම වෙනස්කම් සඳහා බලගතු ශ්‍රී ලංකාවක් තුළින් පදනම සකස් කර ඇත.අපි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි අපනයනාභිමුඛ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නෙමු. මිලියන 20ක් පමණක් වන පාරිභෝගිකයන්ගෙන් සමන්විත දේශීය වෙළඳපොළක් ශ්‍රී ලංකාව සතුව ඇති අතර, තිරසාර, ඉහළ සහ දිගුකාලීන වර්ධනයක් සඳහා වන විදේශීය අංශයේ ඉල්ලූම මත රඳාපැවතීමට සිදුවන බව මූලික යථාර්ථයක් ලෙස අපි හඳුනාගෙන ඇත්තෙමු. ගෝලීය නිෂ්පාදන ජාල තුළ දේශීය ව්‍යාපාර සඳහා අවස්ථා සුරක්ෂිත කිරීම උදෙසා අපි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට උපායමාර්ගිකව පත් කරන්නෙමු. මෙම පුළුල් දැක්මක් සහිත ප්‍රවේශය දේශීය ආර්ථිකයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවනු ලබන අතර, සියලූ ශ්‍රී ලාංකිකයන්ට සුබසෙත සලසනු ඇත.02. වර්ධනය සඳහා පවතින සීමාඅපගේ ආර්ථිකයේ ඵලදායීතාව, කාර්යක්ෂමතාව සහ ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, නිෂ්පාදන හා වෙළඳපොළ විවිධාංගීකරණය නොමැති වීම ආදී සාධක වෙළෙඳපොළ සංරෝධක, දුර්වල දේපළ අයිතිය, ප්‍රමාණවත් නොවන යටිතල පහසුකම්, මූල්‍ය පහසුකම්වලට ප්රවේශවීමේ අසමානතා වැනි ව්‍යුහාත්මත කරුණු මෙන්ම ආයතනික දුර්වලතා සහ මිල ගණන්වල විෂමතාව පැවතීම වැනි සාර්ව ආර්ථික ගැටලූවලට අපි මුහුණ දී සිටින්නෙමු.- ආර්ථික වර්ධනය මඟින් සැලකිය යුතු ව්‍යුහාත්මක දුර්වලතා පෙන්නුම් කර ඇත.අපගේ වර්ධනය, මූලික වශයෙන් විශාල වාණිජ්‍ය ණය ගැනීම් මත පදනම් වූ රජය විසින් සිදු කරනු ලබන යටිතල පහසුකම් සඳහා වන වෙළෙඳ නොවන කටයුතු මඟින් සිදු වී ඇත. අඛණ්ඩව පවතින රාජ්‍ය මූල්‍ය හිඟය සහ විදේශීය වර්තන ගිණුමේ හිඟය, ආයෝජකයන්ගේ විශ්වාසය හීන කිරීමට සහ ඍජු විදේශ ආයෝජන හා පෞද්ගලික දේශීය ආයෝජන අඩු මට්ටමක පැවතීමට හේතු වී ඇත. දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජන බොහොමයක් දේපළ වෙළෙඳාම හා ඒ සම්බන්ධ අංශ මෙන්ම තරගකාරීත්වයෙන් තොර ආනයන ආදේශක සඳහා යොදා ගෙන ඇත.- අපනයන ක්‍රියාකාරීත්වය අඩු වී තිබේ. නිරතුරුව පවතින තරගකාරී නොවන විනිමය අනුපාතික සහ ඉහළ සඵල ආරක්ෂක අනුපාතිකවල ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය තුළ අපනයන දුර්වලවීමේ නැඹුරුවක් පවතී. ශ්‍රී ලංකාවේ අපනයන ව්‍යුහය තවමත් අපනයන නිෂ්පාදිත කිහිපයක් මත රඳා පවතී. ශ්‍රී ලංකාවේ විදේශීය අංශය බොහෝ සෙයින් රඳා පවතිනුයේ වාණිජමය ණය ගැනීම්, දේපළ වෙළෙඳාම් සංවර්ධනයට සම්බන්ධ විදේශීය ඍජු අයෝජන ගලා ඒම් සහ නුපුහුණු විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන පේ‍්‍රෂණ මඟිනි. දැනුම පදනම් කරගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පවතින ආයෝජන ප්‍රතිපත්ති අසමත් වී ඇත.- රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වයෙන් දුර්වලතා වර්ධනය සඳහා බාධාවක් වී ඇත. ප්‍රධාන වශයෙන්ම ඉහළ පිරිවැයක් සහ ඉහළ අවදානමක් සහිත සහනදායී නොවන විදේශීය ණය ගැනීම් හේතුවෙන් දිගින් දිගටම රාජ්‍ය ණය ඉහළ යෑමත්, රාජ්‍ය ආදායම පහළ යෑමත් එකවිට සිදු වී ඇත. රාජ්‍ය ණය ඉහළ මට්ටමක පැවතීම තුළින් අවිනිශ්චිතතාවය ඉහළ යෑම, සීමාව ඉක්මවා බදු පැනවීම, ඍජු බදුවලට වඩා වක්‍ර බදු අධික වීම, සමාජ හා යටිතල පහසුකම් සංවර්ධනයට යොදාගත යුතු සම්පත් වෙනත් අංශ වෙත යෙදවීම, රාජ්‍ය ණය ගැනීම් අධිකවීම හේතුවෙන් පෞද්ගලික අංශය වෙත ණය ලබාදීමේ හැකියාව අඩුවීමෙන් ආයෝජන අඩුවීම සහ කම්පන සඳහා ඔරොත්තු දීමේ හැකියාව දුර්වලවීම හරහා වර්ධනයට බාධා මතුවී තිබේ. දුර්වල මූල්‍ය තත්ත්වය සහ රජය සතු ව්‍යවසායයන් මඟින් සපයනු ලබන සේවාවන් ගුණාත්මකභාවයෙන් අඩුවීම ද ඵලදායීතාව සහ වර්ධනය සඳහා පවතින අමතර බාධාවන් වේ.- නියාමන බාධක මඟින් වර්ධනය අඩාල වී ඇත. මෙම බාධාවන් මඟින් විදේශීය සහ දේශීය පෞද්ගලික ආයෝජන සීමාකර ඇත. ඉතා උග්‍ර බාධාවන් වී ඇත්තේ වාණිජ සහ වෙනත් ඵලදායී ක්‍රියාවලි සඳහා පවතින ඉඩම් හිඟය ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ ආර්ථිකයක අවශ්‍යතා සපුරාලිය හැකි පුහුණුවක් සහිත ශ්රමබළකායක් නොසිටීම යල්පැනගිය කම්කරු නීති සහ ශ්‍රම වෙළෙඳපොළ තුළ ඇති අකාර්යක්ෂමතාව හේතුවෙන් ශ්රමබළකාය සඳහා කාන්තා සහභාගීත්වය අඩුවීම විදේශ වෙළෙඳාමට සහාය දීම වළක්වන දැඩි බදු නීති බලශක්තිය, ප්‍රවාහන සහ විදුලි සංදේශ වැනි යටිතල පහසුකම් සඳහා වන ප්‍රවේශය, ගුණාත්මක බව හා මිල නියම කිරීම ප්‍රමාණවත් නොවීම සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා මූල්‍ය සම්පත් හිඟවීම වඩාත් උග්‍ර වූ බාධාවන්ගෙන් සමහරක් වේ.03. තුන් අවුරුදු ආර්ථික වැඩසටහන2025 දැක්ම තුළ, මීළඟ තෙවසර තුළ සංවර්ධනය සඳහා ඇති ගැටලූ විසඳීමට පුළුල් ආර්ථික ක්රමෝපායන් ක්‍රියාත්මක කරනු ඇත. ඒක පුද්ගල ආදායම වසරකට එ.ජ. ඩොලර් 5,000ක මට්ටමක් තෙක් ඉහළ නැංවීම, රැකියා දස ලක්ෂයක් උත්පාදනය, වසරකට විදේශීය ඍජු ආයෝජන එ.ජ. ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීම සහ වසරකට අපනයන ආදායම එ.ජ. ඩොලර් බිලියන 20ක් දක්වා දෙගුණ කිරීම අප ඉලක්ක කර ඇත. මෙම අතරමැදි ඉලක්ක මඟින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කිරීමේ අපගේ 2025 දැක්මට අවශ්‍ය පදනම සකස් කරයි.04. වර්ධනයේ නව ප්රවේශයවර්ධනය සඳහා අපගේ නව ප්‍රවේශය, දැනුම් පදනම් කරගත්, ඉහළ තරගකාරීත්වයක් සහිත, සමාජීය වෙළෙඳපොළ ආර්ථික ආකෘතියක් මත සකස්වනු ඇත. දැනුම පදනම් කරගත් ආර්ථිකයක් තුළින් බුද්ධිමය හැකියාවන්ගෙන් සන්නද්ධ වීමට ඉඩ ලබා දෙයි. නූතන ඒකාබද්ධ වූ ගෝලීය ආර්ථිකය තුළ සාර්ථකත්වයට පත්වීම සඳහා අත්‍යවශ්‍ය වන ඉහළ තරගකාරීත්වයකින් යුතු පරිසරයක් සැකසීමට එමඟින් හැකි වනු ඇත.සමාජීය වෙළෙඳපොළ ආර්ථික මූලධර්මයන්, සාර්ථක ආයතන හා ප්රතිපත්තීන් සහ ශක්තිමත් වෙළෙඳපොළ ව්‍යුහයන් වඩා සාධාරණ සමාජයක් උදෙසා දායකවනු ඇත. ඉහළ ඵලදායීතාවකින් කටයුතු කිරීම, නවෝත්පාදන ඇති කිරීම, ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම මෙන්ම ආයෝජනය කිරීම සහ නව රැකියා අවස්ථා බිහි කිරීම යන අංශයන් ඔස්සේ පෞද්ගලික අංශ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ගෝලීය පරිසරය තුළ අපගේ ආර්ථිකයෙහි තරගකාරීත්වය සහ සාර්ථකත්වය ඉහළ නැංවීම සඳහා අප පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරනු ඇත. වෙළෙඳපොළ මූලධර්ම, ආර්ථික තරගකාරීත්වය සහ සමාජීය ප්රතිලාභ පිළිබඳව සිහියෙහි තබාගනිමින් අප විසින්, වත්මන් සහ අනාගත පරම්පරාවන්හි ප්රතිලාභ උදෙසා සමෘද්ධිමත්භාවය තහවුරු කිරීමට යෝග්‍ය ආර්ථික සහ සමාජීය ප්රතිපත්තීන් ක්‍රියාවට නංවනු ඇත. විවිධත්වයකින් සහ ඉහළ වටිනාකමකින් යුත් වෙළෙඳ අංශයේ වර්ධන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා දේශීය පෞද්ගලික ආයෝජන සමඟ තාක්ෂණික හා කළමනාකරණ දැනුම සහිත නිවැරදි ආකාරයේ විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කරගත යුතු වේ.රජය විසින් ආර්ථික වර්ධනය මෙහෙයවනු ලබන සාධක ශක්තිමත් කරනු ඇති අතර, වඩාත් සාර්ව සහභාගීත්වයක් සහිත ආර්ථික වර්ධනයක් ගොඩනගනු ඇත. ආර්ථිකයේ ඵලදායීතාව සහ තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වන සාර්ව ආර්ථික, සාධක වෙළෙඳපොළ, ආයතනික හා නියාමන ප්‍රතිසංස්කරණ රජය විසින් ඉටු කරනු ලබයි. මෙම ප්‍රතිසංස්කරණ මඟින් භාණ්ඩ හා සේවා අපනයන වර්ධනය කිරීම උදෙසා විශේෂයෙන්ම දැනුම වැඩිදියුණු කිරීම සහ තාක්ෂණය පදනම් කරගත් විදේශීය ඍජු ආයෝජන ලෙස වන පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.සාර්ව සහභාගීත්ව සමාජයක් උදෙසා ශක්තිමත් සහ බලවත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම සඳහා රජය විසින් විශාල පරිශ්‍රමයක් ගනු ඇත. සමාජ ආර්ථික හිණිපෙත්ත කරා ගමන් කිරීම තුළින් ජනතාවට ඉහළ ආදායම් සහ ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සියලූම ජනතාවට වඩා සාධාරණ ලෙස පොදු සේවාවන්, රැුකියා අවස්ථාවන් සහ ජීවන තත්ත්වයන් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කරන්නෙමු.වඩාත් හිතකර නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නෙමු. විශේෂයෙන්ම නව දේශීය ආදායම් පනත, විදේශ විනිමය පනත, ස්වේච්ඡාවෙන් ආදායම හෙළිදරව් කිරීමේ පනත, රාජ්‍ය බැංකු පනත, ප්රපාතනය වැළැක්වීමේ පනත, රාජ්‍ය වාණිජ ව්‍යවසාය පනත, වරාය හා ගුවන් තොටුපොළ පනත, රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත, ඉඩම් (විශේෂ විධිවිධාන) පනත, තිරසාර සංවර්ධන පනත, වගකීම් කළමනාකරණ පනත සහ ජාතික ණය කාර්යාල පනත මඟින් ව්‍යාපාර සඳහා වන හිතකර පරිසරය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇත.05. සාර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම.ජාතික සාර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ රජයේ උපායමාර්ගය තුළ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව, මිල ස්ථායීතාව තහවුරු කිරීම හා වෙළෙඳපොළ පදනම් වූ තරගකාරී විනිමය අනුපාතයක් පවත්වා ගැනීම යන ප්‍රධාන අංග තුන ඇතුළත් වේ.රාජ්‍ය මූල්‍ය වගකීම් විරහිතභාවය, අයවැය හිඟය සහ රාජ්‍ය ණය වර්ධනය කෙරෙහි බාධාකාරී වේ. අනෙකුත් මැදි ආදායම් කාණ්ඩයේ රටවල් සහ සාපේක්ෂව ශ්‍රී ලංකාවේ බදු ආදායම 2015 වන තෙක් අඛණ්ඩව පහළ යෑමක් පෙන්නුම් කළේය. අයවැය හිඟය මූල්‍යනය කිරීම සඳහා රජය ණය මත පදනම්වීමත් සමඟ ශ්‍රේණිගත කිරීම්වලදී සලකා බැලෙන සෙසු සමාන රටවල් අතර ශ්‍රී ලංකාව වෙනස්ම රටක් බවට පත් කරමින් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 79.3ක් දක්වා ඉහළ ගොස් ඇත. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් මහා භාණ්ඩාගාරයට විශාල බරක් බවට පත්ව ඇති අතර, එය සමස්ත ආර්ථිකය පුරා මිල ගණන් විකෘති කිරීමකට ද හේතු වේ. 2018 වසරේ සිට විදේශ ණය පියවීම සඳහා ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග අවශ්‍ය කෙරෙන අතර, එය ණය තිරසාරත්වය හා වර්ධනයට හේතු වනු ඇත.මැදිකාලීනව රාජ්‍ය ණය අඩුකර ගැනීම සඳහා ආදායම් පදනම් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් අපි අනුගමනය කරන්නෙමු. බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 16ක් දක්වා තහවුරු කිරීම සඳහා බදු පදනම පුළුල් කෙරෙනු ඇත. බදු සහන, බදු නිදහස් කිරීම් සහ විශේෂ අනුපාත පැනවීම් කිරීම තුළින් බදු පද්ධතිය සාධාරණ හා සඵලදායී බදු පරිපාලනයක් කරා වැඩිදියුණු කරනු ඇත. බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම සඳහා පරිපාලන ශක්‍යතාව ශක්තිමත් කරනු ඇති අතර, මූල්‍ය සැලසුම්කරණය හා විනය හා විධාන පාලන වැනි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා අපි සහාය ලබා දෙන්නෙමු. ආදායම වැඩි වනවිට බදු ඉහළ යන පරිදි සාධාරණ බදු ක්‍රමයක් තහවුරු කිරීම සඳහා දැනට 20:80 ලෙස පවත්නා ඍජු බදු හා වක්‍ර බදු අතර අනුපාතය මැදිකාලීනව 40-60 දක්වා ගෙන ඒමට කටයුතු කරනු ඇත. රාජ්‍ය ආදායම් වැඩිකිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස බදු නොවන ආදායම් වැඩි වශයෙන් උත්පාදනය සඳහා කටයුතු කරනු ඇත.රාජ්‍ය වියදම් ක්‍රමවත් කරන්නෙමු. අයවැය හිඟය සහ සමස්ත ණය මට්ටම් සඳහා අනිවාර්යය ඉලක්ක සහිතව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ශක්තිමත් කිරීමට රජය කටයුතු කරනු ඇත. අපගේ මැදිකාලීන ප්‍රමුඛතාවන් වන්නේ ඵලදායී නොවන වියදම් අවම කරන අතර රාජ්‍ය වියදම් ක්‍රමවත් කිරීමයි. වගවීමක් සහිත වාණිජ වශයෙන් ශක්තිමත් ව්‍යවසායයන් ලෙස ක්‍රියාත්මක වීමට හැකි පරිදි, රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කරනු ඇත. රාජ්‍ය ව්‍යවසායයන් මඟින් සපයන භාණ්ඩ හා සේවා මිල කිරීම් වෙළෙඳපොළ සමතුලිතය මත පදනම් වන අතර, ඕනෑම ආකාරයේ සහනාධාරයක් ඉලක්කගත ජනතාව සඳහා විනිවිදභාවයකින් යුතුව ඍජුව සපයනු ඇත. තෝරාගත් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය අදාළ සාමූහික අභිප්‍රාය පිළිබඳ ප්රකාශනය තුළින් මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය රාමුව සපයයි.වර්ධන වැඩපිළිවෙළකට සහායවීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් අඛණ්ඩව පවත්වා ගනු ඇත. සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මැදිකාලයේ සිට දිගුකාලය දක්වා වූ ඉලක්ක ළඟාකර ගැනීමට සහ වැඩිදියුණු වූ ආයෝජන පරිසරයක් පවත්වා ගැනීම යනාදිය ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණය සිදුකරනු ඇත. කෙසේ වෙතත්, 2018 සිට විදේශ ණය ආපසු ගෙවීමේ ඒකරාශීකරණය හේතුවෙන් දැඩි රාජ්‍ය මූල්‍ය පාලනයක් තිබීම අවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය අවකාශය සීමිතවීම හේතුවෙන්, රාජ්‍ය වියදම් හරහා තවදුරටත් ආර්ථික වර්ධනයක් ඇති නොවන අතර, ඒ වෙනුවට වර්ධනය සඳහා පෞද්ගලික ආයෝජන මත පදනම් වාණිජමය ක්‍රියාකාරකම් ප්‍රසාරණය වීම අවශ්‍ය වේ.දේශීය සහ විදේශීය ණය සඳහා වගකීම් කළමනාකරණ උපායමාර්ග අපි ආරම්භ කරන්නෙමු. 2020 වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය සියයට 70 දක්වා ක්‍රමානුකූලව අඩු කිරීමට අපි අපේක්ෂා කරමු. මැදිකාලීන ණය කළමනාකරණ ක්‍රමෝපාය යටතේ දේශීය සහ විදේශීය ණය සඳහා ඉදිරි දැක්මකින් යුතු වගකීම් කළමනාකරණ උපායමාර්ග තුළින් ඉහළ රාජ්‍ය ණය තොගය පාලනය කිරීම සඳහා කටයුතු කරනු ඇත. ඒ අනුව දේශීය හා විදේශීය ණය උපකරණ සහ පරිණත කාලයන්වල සුදුසු සංයෝගයක් භාවිත කරමින් රජයේ මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට අවධානය යොමු කරනු ඇත.පුළුල් රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළක් යටතේ සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම් ප්‍රමුඛතා අනුව වැය කරන්නෙමු. වසර 15ක් තුළ ප්‍රථම වතාවට, රජය විසින් 2017-2020 සඳහා වූ විස්තරාත්මක පුළුල් රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර ඇත. එම ප්රකාශනයෙහි ලැයිස්තුගත කර ඇති දැනට පවතින, වාර්ෂික පරිණත සහ අනාගත ව්‍යාපෘති 1,000 අතුරින් සීමිත සංඛ්‍යාවක් මෙහි ඇතුළත් කර ඇත. මෙම කාලපරිච්ජේදය තුළ රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5-6 අතර පවත්වා ගැනීමට අපේක්ෂා කරයි. පසුගිය කාලයේ මෙන් ගොඩනැගිලි පමණක් ඉදිකිරීමෙන් තොරව ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය තුළ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘති, සෞඛසේවා, පර්යේෂණ හා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සඳහා මෙම අරමුදල් භාවිතා කරනු ඇත.ඉහළ රාජ්‍ය මූල්‍ය හිඟයක් පැවති යුගයක් තුළ ක්‍රියාවට නංවන ලද මුදල් හා විදේශ විනිමය ප්‍රතිපත්ති මෙහෙයුම් හේතුවෙන් දිගුකාලීන වර්ධනය අඩපණ වී ඇත. රාජ්‍ය මූල්‍ය හිඟය පියවීම සඳහා විශාල වශයෙන් ණය ලබා ගැනීම හේතුවෙන් උද්ධමනය ඉහළ යෑම පාලනයෙන් තොර විය. ඉහළ රාජ්‍ය මූල්‍ය ආධිපත්‍යය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය පරිදි ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීම දුෂ්කර විය. අවශ්‍ය කෙරෙන ව්‍යුහාත්මක ගැළපීම් සිදු නොකොට කෙටිකාලීනව ආර්ථික වර්ධනය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් අනුගමනය කළ ලිහිල් රාජ්‍ය මූල්‍ය, මුදල් සහ විනිමය අනුපාත ප්‍රතිපත්ති හේතුවෙන් තියුණු ණය චක්‍ර සහ නිරන්තරව ගෙවුම් ශේෂ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. ප්‍රමාදවී ගනු ලැබූ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගය හේතුවෙන් අහිතකර ආර්ථික උච්ඡාවචන ඇති වූ අතර ආයෝජන විශ්වාසය දුර්වල විය.මිල ස්ථායිතාව සහතික කිරීම සඳහා අපි පියවර ගන්නෙමු. අපගේ උපායමාර්ගය වන්නේ ආහාර මිල විචලතාව පාලනය කිරීම සහ අදියර දෙකක් යටතේ ජනතාවගේ දුෂ්කරතා සඳහා පිළියම් යෙදීමයි. කෙටිකාලීන මිල විචලනයන් අවම කිරීම සඳහා, දේශීය සැපයුම් ඉහළ නැංවීමට සහ බෙදාහැරීමේ ජාල ශක්තිමත් කිරීමට දිරිගන්වනු ලබන අතර, තරගකාරී වෙළඳපොළ රාමුවක් තුළ සාධාරණ පිරිවැයක් යටතේ ආහාර නිෂ්පාදන හා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ඉඩ ලබා දෙනු ඇත.මැදිකාලයේ සිට දිගුකාලය දක්වා මිල ස්ථායිතාව ළඟාකර ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් වෙත ගමන් කරනු ඇත. ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ තරගකාරීත්වයට සහාය වන අතර අඛණ්ඩව අඩු උද්ධමන මට්ටමක් පවත්වා ගැනීම ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකු 2017 වසර අවසානයේදී උද්ධමන ඉලක්කකරණ ගමන් මඟ පිළිබඳව පුළුල්ව ඉදිරිපත් කරනු ඇත. මිල ස්ථායිතාව, එනම් අඩු, ස්ථායී සහ පුරෝකතනය කළ හැකි මට්ටමේ උද්ධමනය මඟින් නාමික පොලී අනුපාතික අඩු මට්ටමක පවත්වා ගන්නා අතර, එය ආයෝජනයට සහ දිගුකාලීන ආර්ථික වර්ධනයට සහාය වෙයි. මේ සඳහා රජය විසින් නෛතික සහ මෙහෙයුම් වෙනස්කම් අවශ්‍ය පරිදි ක්‍රියාවට නංවනු ඇත.වෙළඳපොළ අනුව විනිමය අනුපාතික තීරණය කිරීමට අපි ඉඩ හරින්නෙමු. මෙමගින් ආර්ථිකයේ නිපදවනු ලබන සහ අලෙවි කරනු ලබන සියලූ භාණ්ඩ හා සේවා සඳහා පිරිවැය පිළිබිඹු කරන මිල ගණන් නියම කිරීමට හැකි වන අතර, ගෝලීය ආර්ථිකය තුළ ලාංකික අපනයනවල තරගකාරීත්වය ශක්තිමත් කරනු ඇත. වඩා නම්‍යශීලී විනිමය අනුපාතික විදේශීය සංචිත වර්ධනය කිරීමට සහ බාහිර කම්පනවලට ඔරොත්තු දීමට ආර්ථිකයට ඇති හැකියාව ශක්තිමත් කිරීම උපකාරී වනු ඇත. | ශ්‍රීලංකාවේ ගෝලීය පිහිටීමේ වාසිය ආයෝජකයන්ට | 0 |
hp_train_2280 | (අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය.ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට තමා ජනතා ප්‍රශ්න හඳුනා ගනිමින් ඊට විසඳුම් දීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා ඒ ප්‍රතිපත්ති මාලාව කියවා තීරණය ගන්නා ලෙස මුළු රටටම ආරාධනා කරන්නේ යයි ද සඳහන් කළේය.හාරිස්පත්තුව ජන රැලියට අමතරව මෙදින සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් කුණ්ඩසාලේ, තෙල්දෙණිය, තලාතුඔය, හඟුරන්කෙත සහ වලපනේදී ජනරැලි පැවැත්විණි.ජන රැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීිවේය.සුළු අපනයන භෝග වන සාදික්කා, කරාඹු නැටි, ගම්මිරිස් වගාවලින් ප්‍රදේශයේ බොහෝ දෙනෙකු ජීවිකාව කරගෙන යනවා. රටේ හැම භෝගයකටම ආයතන දෙපාර්තමේන්තු තිබුණද සුළු අපනයන භෝග සඳහා අපේ රටේ එකම රාජ්‍ය ආයතනයක්වත් නැහැ.ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ලංකාවේ සුළු අපනයන භෝග වගාකරුවන් වෙනුවෙන් වෙනමම අධිකාරියක් පිහිටුවනවා. ගම්මිරිස්, සාදික්කා, කරාඹු නැටි වැනි භෝගවලට සහතික මිල දීලා මේ කර්මාන්ත කරගෙන යන සියලු දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරනවා.රටේ ආහාර අවශ්‍යතාව ගොවි පරපුරෙන් පමණක් සපයා ගන්නට අපි සැලසුම් සකස් කරනවා. පිටරටින් රටට භව බෝග ආනයනය කරන්න අවශ්‍ය නැහැ. රට තුළින්ම දේශීය ඉල්ලුමට සැපයුම සකසන්න පුළුවනි. ඉන් නතර නොවී අතිරික්තය අපට පිටරට යවන්න පුළුවනි.මෙරට නිපදවිය හැකි දේශීය වෛද්‍ය ක්ෂේත්රයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු පවා පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු මෙරට වගා කරන්න බැරිද? රටක් ලෙස අපට බැරිද, දේශීය වෛද්‍ය ක්ෂේත්රයට අවශ්‍ය කටුවැල්බටු මෙරට හදන්න. අපට ඇත්තටම පුළුවනි.කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ හැම වගාවක්ම ඉහළට ගේනවා. ඒ සැලැස්ම තුළ වී වගාව, එළවළු පලතුරු වගාව, ගොඩ භෝග වගාව, සුළු අපනයන භෝග වගාව, තේ- පොල්-රබර් වගාව යනාදී හැම වගාවකටම 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ නොමිලේ පොහොර දෙනවා.මෙරට ඉතිහාසයේ කිසිම දවසක මහා වගා ව්‍යාපෘතිය වෙනුවෙන් නොමිලේ පොහොර දී නැහැ. නමුත් මා ඒ යුතුකම ඉටු කරනවා. යුතුකම ඉටු කරන්නේ රටේ ජාතික ආහාර විප්ලවය ක්‍රියාත්මක කරන්නයි.මේ ප්‍රදේශයේ පවතින ජල ප්‍රශ්නයට විසඳුම් දෙන්න වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. රටේ ජනාධිපති ලෙස ජල ව්‍යාපෘතිය විවෘත කරන්න මා එනවා.කළුගල් කර්මාන්තය, රතිඤ්ඤා ආශ්රිත ව්‍යාපාර විවිධ ප්‍රශ්න නිසා චක්‍ර ලේඛ හරහා පැනවූ නීතිරීති රෙගුලාසි තුළ මේ කර්මාන්තවලට අගතියක් වූවා.ජනාධිපති ලෙස මා වගකීම් බාර ගත්තාට පසු තිබෙන්නා වූ සීමා ලිහිල් කර පරිසරයට අහිතක් හානියක් නොවන ලෙස කළුගල් කර්මාන්තයත්, රතිඤ්ඤා කර්මාන්තයත් නඟාසිටුවන්න කටයුතු කරනවා.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවහම ජනතාවට මා ඉදිරිපත් කළ වැඩසටහන ගැන අවබෝධය ලැබෙනවා. දුප්පත්කම නැති කරන සමෘද්ධි ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර ඊට වැඩි වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. සැමදා අප දුප්පත්කම ගැන කතා කරකර ඉඳලා වැඩක් නැහැ. දුප්පත්කමින් මිදෙන්න ශක්තිමත් කෙටි කාලීන විසඳුමක් අවශ්‍යයි.මෙරට පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුම් දිවා ආහාර දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මගේ ප්‍රතිවාදී දේශපාලන කල්ලිය පාසල් දරුවන්ගේ දිවා ආහාරය අහෝසි කළා. තුන් ආකාරයකින් පාසල් දූ දරුවන් 44 ලක්ෂයකට දැවැන්ත වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා.දැනුම මත කේන්ද්‍ර වූ ආර්ථිකය බිහිකරන අතර ජන සමාජයේ උගතුන්-බුද්ධිමතුන් බිහිකරන්න මා කටයුතු කරනවා. මෙරට ජනතාව 16 වැනිදාට පොඩි මිනිහගේ යුගය බිහි කරනවිට පාසල් දරුවන් 44 ලක්ෂයටම නිල ඇඳුම් දෙකයි, දිවා ආහාරයයි, සපත්තු කුට්ටමයි දෙනවා.රටේ යොවුන් පරපුරට හොඳ අනාගතය අවශ්‍යයි. ඒ වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි කර්මාන්තපුර ආරම්භ කරනවා.මේ හාරිස්පත්තුව ආසනයට කර්මාන්ත පුර 3 ක් දෙනවා. එමගින් රැකියා නැති තරුණ තරුණියන්ට ගමේම නගරයේම ඉඳගෙන රැකියා කිරීමේ අවස්ථාව උදා වෙනවා.ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරන්න යෞවන-යෞවනියන් කැමැත්ත දක්වනවා. තමන්ගේ අයි ෆෝන්වලින් වට්ස් ඇප්, පණිවුඩවලින්, වයිබර් ට්විටර් පණිවුඩවලින් මුළු ලෝකයම ඉදිරියට යන ආකාරය ඔබ දකිනවා. අපේ තරුණ තරුණියන්ටත් ලෝකයේ ක්‍රියාත්මක වන ඩිජිටල් විප්ලවය අපේ රටේ මහපෙළොවේ ක්‍රියාත්මක කරන්න තරුණ ඔබට අවශ්‍යයි. ඒ නිසා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නව තාක්ෂණ විද්‍යාලයක් හදන්න මා කටයුතු කරනවා.මෙරට 25%ක් වූ යොවුන් සම්පත වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන්නේ හංසයාගෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාසයි.කාන්තාවන් වෙනුවෙනුත් මා වැඩපිළිවෙළක් දියත් කළා. මෙරට සීයට 51.8 ක් වන කාන්තාවන් වෙනුවෙන් කාන්තා ප්රඥප්තියක් අපි ආරම්භ කළා. තරුණයන් වෙනුවෙන් තරුණ ප්රඥප්තිය මා ඇති කළා.කාන්තා ප්රඥප්තිය තුළ කාන්තා පරපුරේ ආර්ථික-සමාජීය-දේශපාලන අයිතිවාසිකම් මෙන්ම කාන්තාවට දියයුතු සැලකිල්ල ශක්තිය සියල්ලක්ම ඇතුළත් කළා. මෙරට දරු පරපුර රැක ගන්නේ කාන්තාවයි. කාන්තාව අරපිරිමැස්මෙන් ගෘහයේ ආර්ථිකය කළමනාකරණය කරගෙන මෙරට ජීවය- ප්‍රාණය බවට පත්ව සිටිනවා.ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා කරන කාන්තාවන්ගේ නිෂ්පාදන පිටරට යවලා විදේශ විනිමය අතිවිශාල ප්‍රමාණය මෙරටට ගේනවා. මැදපෙරදිග හා අනෙක් රටවල විදේශ සේවයට යන සහෝදරියන්-මව්වරුන් රටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එනවා. ඒ නිසා මා කාන්තා පරපුර වෙනුවෙන් වෙනම ප්රඥප්තිය ක්‍රියාත්මක කරනවා.මට ඕනෑම විවේචනයක් දරා ගන්න ශක්තිය ජවය-තියෙනවා. නමුත් මට දුක මගේ ප්‍රතිවාදියාට මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන අබමල් රේණුවක දැනුමක්, අවබෝධයක් නොතිබීම ගැනයි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ මගේම සංකල්ප විතරයි. එයින් ටිකක් මා මෙතන කිව්වෙ. ඉතින් මේ කාරණා ගැන වාදයට එන්න කියා මා ප්‍රතිවාදියාට ආරාධනා කළා. මොකද, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන දේ මා දන්නවා. මේවා මට වෙන කව්රුත් ලියා දුන්නු ඒවා නොවෙයි.රටට වින කරන, රට විනාශ කරන පරදේසක්කාර බලවේගවලට දේශීය සංස්කෘතිය ගැන නොදන්න දූෂිත කම්බහොරුන්ට තනතුරු දෙන පත්වීම් ලිපියට අත්සන් කරන්නේ නැතැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-ආණ්ඩුව කරන්න නොහැකිව 2015 වසරේදී පැනගිය කල්ලිය නැවත බලය ඉල්ලාගෙන ඇවිත් ඉන්නවා. ඒ යුගයේදී ආර්ථික සම්බාධක පවා පැනවීමට ජාත්‍යන්තරය සූදානමින් සිටියා. රාජපක්ෂ වසර දෙකකට පෙර එදා මැතිවරණය පැවැත්වූයේ ඒ නිසයි.ඇමරිකා පුරවැසියන් වූ අය මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන කතා කරනවා. බිය විය යුත්තේ රටට ආධාර ලැබෙන ගිවිසුම් ගැන නොව ඇමරිකන් පුරවැසියන් මැතිවරණයට ඉදිරිපත්වීම ගැනයි.එක්සත් ජාතික පක්ෂ හාරිස්පත්තුව ප්‍රධාන සංවිධායක තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා:-වාද භේද ඉවතලා මේ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජනපති බවට පත් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මෙන්ම එතුමාගේ පියාණන් කළ මෙහෙවර ගැන ජනතාව හොඳින් දන්නවා.තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ, නගර සැලසුම් සහ ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුද අදහස් දැක්වූහ.විශාල ජන ගංගාවක් රැලිවලට සහභාගිවී සිටියහ. | “දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“ | 0 |
hp_train_2281 | වැසි සහිත කාලගුණයේ වැඩි වීමක් හෙට (13) සවස් කාලයේ සිට අපේක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල, සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 13/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව37277040ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31268575වැසි ස්වල්පයක්ගාල්ල29278580සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේයාපනය32287565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර27238570වැසි ස්වල්පයක්නුවරඑළිය17139585වැසි ස්වල්පයක්රත්නපුරය31258070වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය35277550ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31278575ප්‍රධාන වශයෙන් වැසි රහිත | ‘වැස්ස හෙට සිට වැඩිවෙන හැඩ‘ | 1 |
hp_train_2282 | (එස් .ඩී .කොඩිකාර )මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අද (12) කිරිවැල්දොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව දෙනියාය පොලිසිය කියයි .මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි කිරිවැල්දොළ ,දෙනියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලිසිය කියයි .පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත සැකකරුගේ නිවසේ දර මඩුවේ සඟවා තිබියදී පොලිසිය විසින් මෙම ගිනි අවිය සොයා ගෙන ඇත.සැකකරු අදාළ ගිනි අවිය යොදාගෙන වන සතුන් දඩයම් කරන බවට තොරතුරු ලැබී ඇති අතර අදාළ ගිනි අවිය විදේශ රටක නිෂ්පාදනය කර ඇති ආකාරයට නිෂ්පාදනය කර ඇතැයි පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. | ගිනි අවියක්-උණ්ඩ-කඩු සමඟ අයෙක් අත්අඩංගුවට | 0 |
hp_train_2283 | ඉදිරි දිනවලදී නිරිත දිග ප්‍රදේශයට වැඩිපුර වැසි ඇති වීමට සහ මෝසම් සුළං මදක් වැඩි වීමේ හැකියාවක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් අනෙක් පළාත්වල ස්ථාන කීහිපයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/09/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35259050සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33268570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269570උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.ගාල්ල30269080උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.යාපනය34278065ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30219565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249570උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය35269055සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32269070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. | ‘පළාත් කීපයකට හෙටත් වැසි‘ | 1 |
hp_train_2284 | මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 7.45 වනවිට ආසාදිතයන් 314 දෙනෙකු එක් වී ඇත.මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ගණන 6313 කි. අද දිනයේදී අලුතින් හඳුනාගත් පිරිස සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6627 ක් වේ.අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් පිරිසෙන් 55 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර, සෙසු 259 දෙනා පෑලියගොඩ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයෝ වෙති. | මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 85ක් | 0 |
hp_train_2285 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 107 දෙනකු අද(3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 581 කි.මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,42,793 ක් දක්වා ඉහළ ගොස් ඇත. | කොවිඩ් ආසාදිතයන් තවත් 800ක් | 0 |
hp_train_2286 | පාරිභෝගික සේවා වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම ‘පියාසැරියට සුදානම්‘ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙමගින් ශ්‍රී ලන්කන් ගුවන් ගමන් නියමිත වේලාවට ක්‍රියාත්මක කිරූමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නිසි වේලාවට ගුවන් යානය වෙත පැමිණෙන්නැයි ගුවන් සමාගම සිය ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරයි. පිටත්වීමේ දොරටුව වෙත ගුවන් ගමනට විනාඩි 40 ට පෙර පැමිණ ගුවන් සමාගමට මෙන්ම සෙසු ගුවන් මගීන් වෙතත් සහයෝග ලබා දීමට පියාසැරිය සුදානම් බවද ගුවන් සමාගම නිවේදනය කරයි. ගුවන් මගීන්ගේ මූලික අරමුණ වී ඇත්තේ ඔවුන්ගේ ගමන නියමිත වෙලාවට පිටත් වීම බැවින් ඒ සඳහා මෙම වැඩසටහන උපරිම වශයෙන් බැඳි සිටී. ගුවන් සමාගමේ “පියාසැරියට සූදානම්” ඉලක්ක වෙත ළඟා වීම සඳහා පිටත්වීමේ දොරටු ගුවන් යානය පිටත්වීමේ වේලාවට විනාඩි 20 ට පෙර වසා දැමීමට කටයුතු කළ යුතු අතර මෙම කාල සීමාවෙන් පසු කිසිදු ගුවන් මගියෙකු ගුවන් යානය තුළට පිළිනොගන්නා අතර ඔවුන්ගේ පරීක්ෂා කළ ගමන් මලු ගුවන් යානයෙන් පිටතට ගැනීමට කටයුතු කරන බවද ගුවන් සමාගම දන්වා සිටී. සියලුම ගුවන් මගීන් ගුවන් තොටුපළ වෙත වේලාසන පැමිණීමෙන් ගුවන් තොටුපළ කාර්යයන් සහ තම පෞද්ගලික අවශ්‍යතා වන ආහාර පාන ගැනීම සහ භාණ්ඩ මිළඳී ගැනීම් යනාදිය නියමිත වේලාවට සිදුකරහැකි වනු අතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි. (36698) | ‘නියමිත වේලාවට පිටත් වෙන්න ගුවන් තොටට කළින් එන්න‘ | 1 |
hp_train_2287 | (නාලක සංජීව දහනායක)මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේදී නිරායුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12) පැවසීය.ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බවද මන්ත්‍රීවරයා කීවේය.බොරැල්ල, ආචාර්ය ඇන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා එසේ කීය.දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.ජාතික සම්පත් විකිණීමට එරෙහිව හම්බන්තොට පැවැති උද්ඝෝෂණයට සහභාගී වූ මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළ කරනවා. ඒ පහර දීමෙන් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්වලට බලවත් තර්ජනයක් එල්ල වුණා. එමෙන්ම මේ පහර දීමට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් රජයට අනතුරු හැඟවීම් කර තිබෙනවා. මෙම පහරදීම සිදුකළ නිලධාරියාට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක කර නැහැ. රජය ඔහුට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ මහජනතාවගේ නියෝජිතයන්. මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. නමුත් මෙම රජය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන එම අයිතිය උදුරාගෙන තිබෙනවා. ඒ අනුව ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම නිසා නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණවීර ඞී.ඞී. චානක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාත් පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරායුධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තරයට යනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් තිබෙනවා.හම්බන්තොට උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයන් විශාල පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමන්ගේ දරුවා බැලීමට රෝහලට යමින් සිටි 74 හැවිරිදි කාන්තාවක් පවා මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා. ඇය කළ වරද ඇයවත් දන්නේ නැහැ. මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 34 දෙනෙක් අත්අඩංගුවට පත්ව මෙම රජය නියෝජනය කරන දකුණු පළාතේ අමාත්‍යවරයකුගේ කිට්ටුම ඥාතියෙක්ද මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා.එමෙන්ම රජයේ සේවකයන්ට ලබාදෙන බව පැවසූ රුපියල් දසදහසේ දීමනාව තවමත් ලබාදී නැහැ. දීපවාලි සමරන රජයේ සේවකයන් සඳහා එම මුදල ඉතාම ඉක්මනින් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා විසින් කළ සංවර්ධනයට වඩා වැඩි සංවර්ධනයක් කරන්න, යහපාලනයෙන් අපේ රට සුඛිත මුදිත කරන්න මේ රටේ මිනිස්සු හංසයාට කතිරය ගැසුවා. එදා හංසයාට කතිරය ගැසූ මිනිස්සු අද මූණ හංග ගන්නවා. දවසින් දවස මේ යහපාලන ආණ්ඩුවේ හොරුන්ගේ තොරතුරු එළියට එනවා. බලය ලැබුණු ගමන්ම මේ උන්දලා මහබැංකුව කොල්ලකෑවා. එතැනින් නතර නොවී දැන් මේ උන්දලා ජාත්‍යන්තර බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන. ඒ නිසා ජාත්‍යන්තරයේ අපේ රට බැංකු කොල්ලකරුවන්ගේ නිජබිමක් ලෙස හංවඩු ගැහිලා තිබෙනවා. මේ යහපාලන ආණ්ඩුව අපේ රටට ලබාදුන් ගෞරව නාමය ඒකයි.දේශපාලනයේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන මේ ආණ්ඩුව ප්‍රශ්න කළා. එහෙම ප්‍රශ්න කරපු අයම මහබැංකු අධිපතිකමත්, ලිට්ට්‍රෝගෑස් සමාගමේ සභාපති කමත් දීලා තියෙන්නේ විදේශීය පුරවැසියන්ටයි. ඒ විතරක් නෙවෙයි විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්ෂ පිහිටුවා ගන්නත් අවසර දී තිබෙනවා. ඒ දේශපාලන පක්ෂවලින් මැතිවරණ සඳහා ඉදිරිපත්වීමටත් අවස්ථාවක් දී තිබෙනවා. විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්ෂ හැදීම, එවැනි දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම හා ඒ දේශපාලන පක්ෂවලින් මැතිවරණ සඳහා තරග කිරීම ආදිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අපි ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්නවලට එතුමා පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.මේ සියලූම පාපතර ක්‍රියා අතරේ මේ වසරේ අවසනයේදී එට්කා ගිවිසුම අස්සන් කරන බවත් ඉන්දියානු ආරංචි මාර්ග ඔස්සේ අපිට ආරංචි වෙමින් තිබෙනවා. ඒ අතරදීම බෙදුම්වාදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නත් රජය උත්සාහ ගන්නවා. රට දවසින් දවස ප්‍රපාතයට යනවා. බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආණ්ඩුවට කඬේ යන පිරිසයි, රතු අලි පැටවු ටිකයි නිසා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 2/3 බලය රැකගෙන ඉන්නවා. බෙදුම්වාදී ව්‍යවස්ථාවේ ඒකීය, සංධීය කියන වචන සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් නැති බව ටිල්වින් සිල්වා කියනවා. ඒ වචන නිසා 88/89 යුගයේ විශාල ජීවිත ප්‍රමාණයක් නැති වුණා. එහෙමනම් විජේවීරගේ මතයද, ටිල්වින් සිල්වාගෙ මතයද වඩාත් නිවරැදි කියලා කිවයුතුයි යැයිද පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේ කීය.මේ වනවිට බැඳුම්කර මගඩියේ සියලූම තොරතුරු එකින්එක හෙළිදරවු වෙමින් තිබෙනවා. මහබැංකු බැඳුම්කර කොල්ලය ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ විශාලතම කොල්ලයයි. පාර්ලිමේන්තු කෝප්කමිටු වාර්තා දෙකක් මගින් මේ වංචාව සම්බන්ධ තොරතුරු හෙළි කළා. එහෙත් අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර වංචාවක් සිදුනොවූ බවට කරුණු දක්වමින් 2015 මාර්තු 17 වැනිදා පාර්ලිමේන්තුවේ කතාවක් කළා.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසම මේ වනවිට මාස නවයක් රැස්වී තිබෙනවා. හිටපු මුදල් ඇමැතිවරයාගේ සිට විවිධ පුද්ගලයන් මේ කොමිසමට කැඳවා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති, මහලේකම්වරයාත් මෙම කොමිසමට කැඳෙවුවා. නමුත් ඔවුන්ගෙන් කිසිම හරස් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. කෙසේ නමුත් දැන් මුළු රටම බලාගෙන ඉන්නේ අගමැතිවරයා මෙම කොමිසමට කැඳවනතුරුයි. එසේ වුවහොත් පමණයි ජනතාවට මේ කොමිසම සම්බන්ධයෙන් විශ්වාසය ඇතිවන්නේ. රුපියල් ලක්ෂය, ලක්ෂ දෙක වංචාකළ පුද්ගලයන් සිරගතකර සිටියදී බිලියන ගණනිං වංචා කළ පුද්ගලයන් නිදහසේ සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ කීය.පළාත් පාළන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පවත්වන බව රජය ප්‍රකාශ කර තිබෙනවා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැහැ. වසර දෙකහමාරක් තිස්සේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම නිසා මේ ආණ්ඩුවට එරෙහිව තමන්ගේ අප්‍රසාදය පළ කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු ජනතාව මඟ බලා සිටිනවා. නමුත් ඒ මැතිවරණ සඳහා මුහුණ දීමට අප සූදානම් වෙනවා. ජනතාව වෙනුවෙන් හඬනඟන එකම විපක්ෂය අපියි. අපි මේ මැතිවරණ සඳහා වෙනම තරග කරනවා. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් සාමාජික පක්ෂ සමඟ අපි මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.මේ රජය යටතේ ඳුෂණයන්ට සීමාවක් නැහැ. තාක්ෂණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ජපානයේ ෆුජීකා නමැති සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදෙන්න රජය කටයුතු කරනවා. එමෙන්ම මහබැංකු කොල්ලයෙන් නොනැවතී තායිලන්තයේ බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන තිබෙනවා. ඒ මංකොල්ලයෙන් කොටසක් කාම්බෝජයටත්, තවත් කොටසක් ඇමරිකා එක්සත් ජනපදයටත් ලැබී තිබෙන බවට ආරංචි පළවෙමින් තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ විකිණීමෙන් ලැබෙන මුදලින් රුසියාවෙන් යුද නැවක් මිලදී ගැනීමට සූදානම් වෙනවා. මහබැංකු මඟඩිය නිසා පොළී අනුපාතය ඉහළ ගිහල්ලා. මේ අර්බුදවලට විසඳුම ලෙස රජය මුදල් අච්චුගහනවා. ඒ නිසා උද්දමනය ඉහළ යනවා. මේ නිසා ජීවන වියදම ඉහළ ගොස් ජනතාවට ජීවත්වීමට අසීරු තත්ත්වයක් මතුවී තිබෙන බවද පැවසීය. | දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජික ඇමැති තනතුරුවලින් ඉවත්කරන්න | 0 |
hp_train_2288 | (රොමේෂ් මධුෂංඛ) වව්නියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේ දී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පලා ගිය සැකකරු සමඟ සෘජු සම්බන්ධතා පැවත්වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.අදාළ සැකකරුවන් වව්නියාව නගරයෙන් හා අනෙක් සැකකරු පූවර්සන්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් ද වව්නියාව අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක රඳවාගෙන ප්‍රශ්න කිරීම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට පුලියන්කුලම් පොලීසිය පියවර ගෙන ඇත.මීට පෙරද බෝම්බ බෑගය දමා ගිය ප්‍රධාන සැකකරුට උදව් කරන ලද සැකකරුවන් තිදෙනෙකු පුලියන්කුලම් පොලීසිය විසින් ද තවත් එක් සැකකරුවෙකු වව්නියාව පොලිස් කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය විසින් ද අත්අඩංගුවට ගනු ලැබිණි.සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව පුලියන්කුලම් පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට මුළු සකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි. | බෝම්බ-ගිනි අවි සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට | 0 |
hp_train_2289 | දෛනික ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (28) ඒකක 169.16 කින් ඉහළ ගියේය.ඒ අනුව දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,028.20ක් ලෙසින් දැක්විණි. සියලු කොටස් මිල දර්ශකයේ අද දිනයේ වර්ධනය ප්‍රතිශතයක් ලෙස සියයට 2.89කි.කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 ඉක්මවා ගියේ මාස අටකට පසුවය. අවසන් වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 ඉක්මවා ගියේ ජනවාරි මස 7 වැනිදා ය.දෛනික ගනුදෙනු අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ දර්ශකය ද සියයට 0.55කින් එනම් ඒකක 13.64කින් ඉහළ ගියේය. දිනයේ ගනුදෙනු අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ දර්ශකය ඒකක 2,495.72ක් ලෙස දැක්විණි.මේ අනුව අද දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙදපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.89ක් ලෙස සටහන්ව තිබිණි.055 | සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගය වාර්තා කරයි | 0 |
hp_train_2290 | සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චිඇඳිරිනීතිය පනවා ඇති කාලයේ බලන්ගොඩ සමනල වැව රක්ෂිතයේ අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් 40000 බැගින් රුපියල් 80000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (30)නියෝග කලේය.මෙිි අතර රක්ෂිතයට කල අලාභය වෙනුවෙන් තවත් රැපියල් දසදහස දඩ මුදලක්ද නියම විය.ඒ අනුව මොවුන් දෙදෙනාට ගෙවිමට සිදු වු මුළු දඩ මුදල රුපියල් 90000 කි.බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරැවරයකුට සහ බලන්ගොඩ හතරභාගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස දඩ නියම විය.බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) වැනිදා මොවුන් සමනල වැව රක්ෂිතයේ මැණික් ගරමින් සිටියදී අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කලේය. | බෙලිහුල්ඔය හතරභාගේ රජයේ රක්ෂිතය එළිපෙහෙළි කළ අයට දඩ | 0 |
hp_train_2291 | වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත්, අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඇතැයි ද සඳහන් කරයි.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. ‘‘‘‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති වේ‘‘.සුළං නැගෙනහිර දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 20-30 ක් පමණ වන බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.2015 මාර්තු මස 06 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කෙරිණි. | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
hp_train_2292 | (මනෝප්රිය ගුණසේකර) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 20 ක අල්ලසක් ගත් අවස්ථාවේ සීසීටීවී කැමරා දර්ශන ලබාදෙන ලෙස ට්රාජ් සමුද්‍රා හෝටලයෙන් ඉල්ලීම් කළත් මේ දක්වා ලබාදී නැතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය. කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් අත්තිකාරමක් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණයේ කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ කිහිපයක් ලබාගැනීමට අවශ්‍ය යැයි දැනුම් දුන් අසිත ඇන්තනි මහතා දුරකථන ඇමතුම් වලට අදාළ විස්තර වලින් කොටසක් ලබාගෙන තිබේ. | ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ් | 0 |
hp_train_2293 | බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිනැගෙනහිර සහ ඌව තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තව දුරටත් පවතී. | ‘වැසි සහිත කාලගුණය තවදුරටත් පවති‘ | 0 |
hp_train_2294 | (ඩයනා උදයංගනී)සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.(ඩයනා උදයංගනී) සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. | තැනින් තැන වැසි වාර කිපයක් | 1 |
hp_train_2295 | (මනෝප්රිය ගුණසේකර)ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (09) වරෙන්තු නිකුත් කළේය.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම මොහුට විරුද්ධව ඇති චෝදනා වේ.අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මුල් අවස්ථාවේදීම වරෙන්තු නිකුත් කරන්නැයි මෙම නඩුව මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක් පිළිගත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහු අත්අඩංගුවට ගැනීම ස`දහා වරෙන්තු නිකුත් කළ අතර එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද නියම කළේය.මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මීට පෙර දිනයේදී අධිකරණය විසින් සිතාසිද නිකුත් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පියවර ගත්තේය.මෙම නඩුව සදහා අධිකරණයේ පෙනී සිටින ලෙස කළ නියෝගයකට අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවු අහිතකාර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.පළමු ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ලද්දේ සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් මෙම නඩුවේ විනිසුරුවරුන් වශ්‍යයෙන් කටයුතු කරයි. | බැඳුම්කර නඩුවේ 10 වැනි විත්තිකරුට සිතාසි | 0 |
hp_train_2296 | (කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)වසර දෙකක් ඇසුරු කළ පෙම්වතිය තවත් තරුණයකු සමඟ පැන ගියා යැයි කනස්සල්ලට පත් තරුණයකු හැට්ට කටුවක් රත්කර පෙම්වතියගේ නම ඉංග්‍රීසි අකුරෙන් වම් අතේ කොටාගෙන ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවෙයි.වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 23 හැවිරිදි තරුණයෙක් සිටියි. මෙම තරුණයා උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටියද විශ්ව විද්‍යාල වරම් අහිමි විය. තරුණයා මීට වසර දෙකකට පමණ ඉහතදී කෑගල්ල නගරයේ රෙදිපිළි අලෙවි වෙළෙඳ සලකට ගිය අවස්ථාවේදී එහි සුරූපී වෙළෙඳ සේවිකාවක ගැන සිතක් පහළ වී ඇයගේ ජංගම දුරකථනයේ අංකය ද ඉල්ලා ගත්තේය. පසුව දෙදෙනා වැඩි කලක් යන්නට පෙර පෙම්වතුන් බවට පත් වූහ.ඇය වයස දැනට අවුරුදු 21 ක තරුණියකි. තරුණිය උසස් පෙළ විභාගය අවසන් වූ විගසම ඇය කෑගල්ලේ රෙදිපිළි අලෙවි සලක සේවයට පැමිණ තිබිණි.මෙම තරුණයාත් තරුණියත් වසර දෙකකට ආසන්න කාලයක් පෙමින් වෙලී සිටින අවස්ථාවේදී මීට මාස තුනකට පමණ ඉහතදී තරුණිය තරුණයාට ප්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මනින්ම තමන් ළඟට ගන්නා ලෙසය.එහිදී තරුණයා තරුණියට බැගෑපත්ව ප්‍රකාශකර ඇත්තේ බාල සහෝදරයාත් සහෝදරියත් පාසල් අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින බවත් නිවසට කැන්දාගෙන යන්න තරම් සුදුසු පසුබිමක් නිවස තුළ නැති බවත් තවදුරටත් ඉවසන ලෙසය.පසුව තරුණියගෙන් තරුණයාට පෙර තිබූ ආදරය ටිකෙන් ටික අඩුවේගන ගිය අතර පෙම්වතියට වෙනත් සම්බන්ධතාවක් ඇති බවට තරුණයාට සැකයක්ද පහළ වී තිබුණි. එම සැකය සම්බන්ධයෙන් තරුණයා මීට සති දෙකකට පමණ ඉහතදී තරුණියගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක්ද කර තිබිණි.එහිදී තරුණිය තරුණයාට කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ආදර සම්බන්ධතාව ටිකෙන් ටික අඩු වී යන්නට විය.මීට සතියකට පමණ ඉහතදී තරුණියගේ ජංගම දුරකතනය එකවර ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් තරුණයා දැඩි වේදනාවට පත්විය. පසුව බැරිම තැන තරුණයා පෙම්වතිය සේවය කළේ යැයි කියන වෙළෙඳ ආයතනයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් සෙසු සේවිකාවකගෙන් විමසීමක්ද කළේය. එහිදී තරුණයාට දැනගන්නට හැකි වී ඇත්තේ ඇය වෙනත් තරණයෙකු සමඟ පැන ගොස් ඇති බවත් දින කිහිපයක සිට වෙළෙඳසලේ රැකියාවටද නොපැමිණි බවත්ය.දැඩි වේදනාවට පත් තරුණයා පසුව නිවසට පැමිණ වේදනාව තුනී කර ගැනීමේ අරමුණෙන් කාමරයට ගොස් ඉටිපන්දමක් මේසය මත දල්වාගෙන හැට්ට කටුවක් ගෙන එය ගිනියම් වෙනතුරු රත්කරගෙන වම් අතේ පෙම්වතියගේ නමේ මුල් වචනයේ ඇති අකුරු තුන ඉංග්‍රීසියෙන් පිළිස්සී පිළිස්සී හඬ හඬා කොටාගෙන ඇති බවද වාර්තා වෙයි. | මැණිකේගේ අම්මා පොල්ලකුත් අරන් කොල්ලා ළඟට ඇවිත් | 0 |
hp_train_2297 | ඩී.කේ.රත්නඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් දෝව රක්ෂිතයේ අද (21) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි පරබූ දේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.පවතින දැඩි සුළං තත්වය නිසා මෙම ගින්න සීගරවේයෙන් පරන් දේශය පුරා පැතිර ගොස් තිබෙන අතර මෙම ගින්න හටගැනීමත් සමඟ ඇල්ල පොලීසිය දියතලාව යුද හමුදා කඳවුරේ නිළධාරීන්ගේ සහ පරන් දේශවාසීන්ගේ සහයෝගය මත මෙම ගින්න නිවා දමා තිබේ.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක සහ ඖෂධ පැළෑටි රැසක් සහ වන සතුන් හා කෘමි වර්ග රැසක් විනාශ වෙන්නට ඇතැයි පරිසරවේදීහු කියති.කිසියම් පුද්ගලයකු විසින් සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. | හාලිඇල අඹවක රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි | 0 |
hp_train_2298 | මත්ස්‍ය අපනයනයෙන් මේ වසරේ පළමු මාස 5ක කාලය තුළ ලද ආදායම රුපියල් මිලියන 11,088ක් යැයි ද එය 2015ට වසරට වඩා සියයට 6.4ක වැඩිවීමක් යැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. යුරෝපා සංගමය මෙරටට පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසු ජූනි 21 වැනිදා සිට අගෝස්තු මස 14 දක්වා කාලය තුළ ද මසුන් ටොන් 600ක් යුරෝපා රටවලට අපනයනය කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මෙම වසරේ ජනවාරි මස සිට අගොස්තු මාසය දක්වා කාලය තුළ යුරෝපා සංගමය අයත් රටවලට මෙන්ම සෙසු රටවලට ද මත්ස්‍ය ටොන් 7490ක් අපනයනය කරන ලදැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කියයි. | මාස 21 ක් ඇතුළත මත්ස්‍ය අපනයන ඉහළට | 0 |
hp_train_2299 | (නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මාළබේ, අරංගල දී පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය. මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හා අපේ අපේක්ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක් දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්ෂේත්රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත් පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා. අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්ෂ සූදානම් නැහැ.ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්රජාතන්ත්රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ. | ‘මම උතුරට එකක් කියලා දකුණට තව එකක් කියන නායකයෙක් නෙමේ‘ | 0 |
hp_train_2300 | ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල පවතී. කෙසේ වුවත්, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ස්වල්පයක් ඇති විය හැකියි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 16/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30199555ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව29229065වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකකොළඹ32229050ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල31239055ප්‍රධාන වශයෙන් වැසි රහිතයාපනය29188560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28179560ප්‍රධාන වශයෙන් වැසි රහිත (උදෑසන මීදුම් සහිත)නුවරඑළිය21079030ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය32209560ප්‍රධාන වශයෙන් වැසි රහිත (උදෑසන මීදුම් සහිත)ත්‍රීකුණාමළය30228565ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30249055ප්‍රධාන වශයෙන් වැසි රහිත | ‘ මල්තුහින නුවරඑළිය වසා ගනී‘ | 1 |