id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_2101
ආර්ථිකය නගා සිටුවීමට ගෙන ඇති පියවර ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට රජය පසුගිය සතියේ කටයුතු කළේය.එවන් අවස්ථාවක් පසුගිය සිකුරාදා දිනයේදී දැකගත හැකිවූ අතර , මින් පෙර අවස්ථා කිහිපයකදීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් සමග මෙරටට පැමිණ අත්දැකීම් ඇති ටොඩ් ෂ්නයිඩර් ප්‍රමුඛ අන්තර්ජාතික මූල්‍ය අරමුදල් නියෝජිත කණ්ඩායමක් අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා,සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා,මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රරන් මහතා,අගමැති උපදේශක ආර්.පස්කාරලිංගම් මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වූයේය. රජයේ ආරංචි මාර්ගයක් සඳහන් කළ පරිදි මෙහිදී සාකච්ඡාවී ඇත්තේ අවශ්‍ය වුවහොත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට නියමිතව ඇති ණය මුදලක් පිළිඹදවය.එය ඩොලර් බිලියන 1.5 ක් හෝ ඩොලර් බිලියන 2ක් විය හැකි බව එම ආරංචි මාර්ගය කීවේය.ගෙවුණු සෙනසුරාදා දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දූත පිරිස රජයේ නිලධරයින් කිහිපදෙනෙක් සමග විශේෂ හමුවක් පැවැත්වූ බවද එහිදී මෙම ණය ලබාදීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කෙරුණු බවද සන්ඩේ ටයිම්ස් සම්බන්ධ කරගත් මෙම ආරංචි මාර්ගය පැවසුවේය.මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙම මස 10 වැනිදා වන විට ගත හැකිවනු ඇතැයි එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේය අනවශ්‍ය වියදම් කපා හැරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ලබා දෙන ලෙස කළ ඉල්ලීමකටද අන්තර්ජාතික මූල්‍ය අරමුදල එකඟතාවය පළකර ඇතැයි අගමැති වික්‍රමසිංහ කීවේය.‘රාජපක්ෂ පාලන සමයේ රජයේ ආයතන ඉතාම විශාල වශයෙන් පාඩු ලබා තිබීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.’ අගමැතිවරයා පැවසුවේය.මෙවන් අලාභ ලැබීමට හේතුව අවිධිමත් අයුරින් සිදුව තිබෙන කලමණාකරණ කටයුතු බව කියා සිටි අගමැතිවරයා එය කිසිසේත්ම නොසළකා හැරිය නොහැකි බව අවධාරණය කළේය.අවශ්‍ය වේලාවකදී ණය ගැනීමට නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන න්‍යාය පත්‍රයේ අන්තර්ගතව ඇති ප්‍රධාන කරුණක් වන්නේ රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීමට පියවර ගත යුතු බවයි. ශ්‍රීලන්කන් ගුවන්නියමුවෝ පෙරට එතිපසුගිය ඉරිදා රාජගිරිය දියවන්නා පෙදෙසේ පිහිටි කාර්යාලයේදී රැස්වුණු ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ගුවන් නියමුවෝ එදින සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවේ ශ්‍රීලන්කන් ගුවන්සේවයේ අලාභ සම්බන්ධයෙන් පළව තිබූ වාර්තාව පිළිඹඳව සාකච්ඡා කළහ.නමුත් ගුවන් නියමුවන්ගේ මෙම හමුව කැඳවා තිබුණේ වෙනත් කරුණක් අරබයාය.මෙම වසර සඳහා වැටුප් වර්ධක ලබා නොගෙන සේවය ලබාදිය හැකිදැයි ගුවන්සේවා කලමණාකාරීත්වය ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.ශ්‍රීලන්කන් හි සිටින 300 ක් පමණ වන ගුවන් නියමුවන්ගෙන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මෙම හමුවට සහභාගීව සිටියහ.රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සතියකට ඉහතදී පාර්ලිමෙන්තුව හමුවේ කියා සිටියේ ශ්‍රීලන්කන් හි අධික ණය බර දැරීමට සිදුව තිබෙන නිසා රාජ්‍ය බැංකු වලට කෘෂිකර්මාන්තය හා කුඩා හා මධ්‍යම පරිමාන කර්මාන්තයන්ට අවැසි වන ණය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවය. ශ්‍රීලන්කන් මුහුණදී සිටින අර්බුදයට සම්පූර්ණයේම වගකිව යුතු වන්නේ එහි කලමණාකාරීත්වය බවට ගුවන්නියමුවෝ චෝදනා කළහ.නව සභාපතිවරයකු , අධ්‍යක්ෂකවරයකු හා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්ව මාස 15 කට ආසන්න කාලයක් ගතව ඇතත් කිසිඳු ආකාරයක ප්‍රගතියක් වාර්තා කිරීමට ඔවුන්ට හැකිව නොමැති බව ඔවුහු පැවසූහ.එයට ප්‍රධානම හේතුව වන්නේ කලමණාකාරීත්වයේ අකාර්යක්ෂමභාවය බව ගුවන්නියමුවන්ගේ අදහස විය.මෙම අවස්ථාවේදී වැටුප් වර්ධක නොලබා සේවයේ යෙදීමට කර ඇති ඉල්ලීම නොසළකා හැරීම සුදුසු නොවන බව එක් ගුවන් නියමුවකුගේ අදහස විය.එසේ නොකළහොත් ගුවන්සේවයේ අලාභ වලට ගුවන් නියමුවන්ද වගකිව යුතුව ඇතැයි රජය චෝදනා කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. අගමැති වික්‍රමසිංහ ඉදිරිපත්ව ගුවන්සේවයේ වත්මන් අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්නේ නම් ගුවන් නියමුවන් පමණක් නොව, ගුවන් යානා සේවක පිරිස්ද, ඇතැම් විට ඉංජිනේරුවන්ද පවා මෙම වසර සඳහා අර්ධ වැටුප් ලබා සේවය ලබාදීමට කැමැත්ත පළකරනු ඇති බව තවත් ගුවන් නියමුවෙක් පැවසුවේය.ගුවන්සේවය නගා සිටුවීමට සුළු හෝ දෙයක් කර නොමැති වත්මන් අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කළහොත් මිස මෙවන් කැපකිරීමක් කිරීමට ශ්‍රීලන්කන් සේවක මඩුල්ල කිසිසේත්ම එකගතාවය පළනොකරනු ඇති බවද ඔහු කිවේය.මේ සම්බන්ධයෙන් ශ්‍රීලන්කන්හි ක්‍රියාත්මක වෙනත් වෘත්තිය සමිති හා සාකච්ඡා කිරීමට කමිටුවක් පිහිටුවීමට එකඟතාවය පළවිය.නමුත් ගුවන්සේවයේ ඉංජිනේරුවන්ගේ සංගමය වැටුප් කප්පාදුවකට කිසිසේත්ම එකඟ නොවන බවට දැනටමත් තීරණය කර ඇත. කලමණාකාරීත්වයේ වගකීම් දරන ඇතැම් සාමාජිකයින් සියලු සුඛ විහරණයන්ගෙන් සපිරි ජීවිත ගතකරමින් සිටීමද ගුවන් නියමුවෝ දැඩිව විවේචනය කළහ.ගුවන්සේවය නගා සිටුවීමට කිසිදු කැපකිරීමක් නොකරන ඔවුන් ගුවන්සේවය නගා සිටුවීමට යැයි කියමින් රජයෙන් තවත් මුදල් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ මෙම ජීවිත එළෙසම පවත්වාගැනීමට බවද ගුවන් නියමුවෝ පැවසූහ.මැයි මස පළමුවැනිදා සිට රෝමයේ ශ්‍රීලන්කක් ගුවන්සේවා කාර්යාලය වසාදමා තිබෙන බවද මෙහිදී සඳහන් විය.පැරිස් හා ෆ්‍රැන්ක්ෆර්ට් නුවර වල ඇති ශ්‍රීලන්කන් කාර්යාල වසා දැමීමටද අවධානය යොමුව තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.කල්බදු පදනම යටතේ මිලයට ගෙන ඇති එයාර්බස් ඒ 350 යානා හතරක් එම බදු පදනම යටතේම තුරකි ගුවන්සේවය වෙත ලබාදීමට එම යානා නිශ්පාදනය කරන එයාර්බස් සමාගම සමග සාකච්ඡා පැවැත්වන බවද නිල නොවන ආරංචි මාර්ගයන්ගෙන් දැනගැනීමට හැකිවිය. අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ ආර්ථික කලමණාකරන කටයුතු පිළිඹඳ කැබිනට් උප කමිටුව පසුගිය අගහරුවාදා ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සභාපති අජිත් ඩයස් හා එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙක් හමුවිය.ඇගලුම් අපනයනකරුවකු වන අජිත් ඩයස්ට කොළඹ පිහිටි කෝපි අවන්හල් ජාලයක්ද අයත්ය.හමුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අජිත් ඩයස් ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයට දැඩිව දෝෂාරෝපණය කළෝය.මෙම අවස්ථාවේදී අවධානය යොමුකළ යුතුව තිබෙන්නේ වහාම පියවිය යුතු ණය වලට බව කරුණානායක කීවේය.හෂීම් අදහස් දක්වමින් ගුවන් සේවය නගාසිටුවීමට මූලෝපායික වශයෙන් වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටියද දැනට ඇති තත්ත්වය සැළකීමේදී එය කිසිසේත්ම පහසු දෙයක් නොවන බව පැවසුවේය.ශ්‍රීලන්කන් කලාපීය වශයෙන් පමණක් ක්‍රියාත්මක වන ගුවන්සේවයක් ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ.ශ්‍රීලන්කන් ගුවන් මෙහෙයුම් කටයුතු භාරගැනීමට විදෙස් ගුවන් සේවයක හෝ වෙනත් පාර්ශවයක සහය ලබාගැනීමට රජයට හැකිවනු ඇතිදැයි යන්න ගැටලුවකි. අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට ශ්‍රීලන්කන් ගුවන්සේවය ලබා ඇති මුළු අලාභය රුපියල් ලක්ෂ 2119.64 කි.එය රටේ රාජ්‍ය ආයතන එම දිනය වන විට ලබාඇති මුළු ණය ප්‍රමාණයෙන් සියයට 20.33 ක ප්‍රමාණයකි.අලාභ ලැබීම අතින් පළමු ස්ථානයේ සිටින්නේ ශ්‍රීලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි.එහි අලාභය රුපියල් ලක්ෂ 3650.47 කි.දෙවැනි ස්ථානයේ සිටින්නේ ශ්‍රීලංකා වරාය අධිකාරියයි.එහි අලාභය රුපියල් ලක්ෂ 2602.21 කි.ශ්‍රීලන්කන් ගුවන්සේවය සිටින්නේ තෙවැනි තැනය. බදු අකුලාගනී2016 අයවැය යෝජනාවලිය සකස් කිරීමෙන් පසු ඊට පෙර අනාවණය නොවූ ණය විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බව පැවසූ අගමැතිවරයා එම ණය ගැනීම් පිළිඹද වාර්තා හෝ ක්‍රමවේද හෝ නොමැති බවද කීවේය.වානිජ බැංකු,ආර්ථික කලමණාකරණ පණත ප්‍රකාරව රජය දී ඇති වගකීම්,රාජ්‍ය ආයතන විදේශයන්ගෙන් ලබාගෙන ඇති මුදල්, ආදී ලෙස මෙම ණය ලබාගෙන තිබෙන බව අගමැතිවරයා අනාවරණය කළේය. මේ හමුවේ පසුගියදා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් කල්‍යාණි දහනායක නිකුත් කළ චක්‍රෙල්ඛයක් අරබයා රට පුරා කලබලයක් ඇතිවිය.2016 අයවැය යෝජනාවලට අගමැතිවරයා සිදුකරන බව පවසා තිබූ සංශෝධන චක්‍රලේඛයේ සඳහන්ව තිබිණ. ‘ 2016 මාර්තු මස 4 වැනිදා පැවැත්වුණු කැබිනට් මණ්ඩල හමුවේදී ගත් තීරණ ප්‍රකාරව මුදල් අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2016 අයවැය යෝජනාවලියේ සඳහන්වූ ආදායම් බදු යෝජනා සංශෝධනය කෙරෙනු ඇත.එම සංශෝධිත යෝජනා 2016 අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.’‘සමාගම් වලට අදාළ වන ආදායම් බද්ද 2015 නොවැම්බර් මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.බැංකු හා මූල්‍ය කටයුතු පිළිඹඳ සමාගම් සඳහා වන ආදායම් බද්ද සියයට 28 කි.මත්පැන්,දුම්කොළ,ලොතරැයි,රේස් ඔට්ටු හා සූදු යන ක්ෂේත්‍ර මත බලපැවැත්වෙන ආදායම් බද්ද සියයට 40 කි.’ ‘සමාගම් ආදායම් බද්දට යටත් නොවන ක්ෂේත්‍ර මත බලපැවැත්වෙන ආදායම් බද්ද සියයට 17.5 කි.’ සමාගම් නොවන ආදායම් බද්ද 2015 නොවැම්බර් මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වූ අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කළ චක්‍රෙල්ඛයේ සඳහන් විය. ‘ආදායම් බදු අනුපාතික ප්‍රගමණය වීම, බදු වලින් නිදහස් වීමේ අවසරය,වෘත්තියේ නියැළීමෙන් ලැබෙන ලාභය මත තීරණය වන බදු කප්පාදු කිරීම් හෝ බදු වලින් නිදහස් කිරීම්, බදු අයකරගෙන මාසික වේතනය ලබාදීමේ ක්‍රමවේදය ආදිය දිගටම ක්‍රියාත්මක වනු ඇත.මාසික වේතනයෙන් බදු ලෙස අයකරගැනෙන ප්‍රතිශතය සොයාගැනීම සඳහා දැනට සිදුකර තිබෙන ගණනය කිරීම් ඒ අයුරින්ම 2016 අප්‍රේල් මස 1 වැනිදා සිට යොදාගැනීමේ හැකියාව ඇත.’දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරියගේ චක්‍රෙල්ඛයට අනුව මාසික වේතනයෙන් අයකරගත යුතු බදු ප්‍රතිශතය තීරණය වනු ඇත්තේ කිසියම් පුද්ගලයකු මසකට උපයන මුදල මතය.මාසික වේතනයෙන් බදු නොගෙවා සාමාන්‍ය පරිදි මුදල ලබාගැනීම සඳහා රැකියා නියුක්තිකයන්ට අවස්ථාව ලබාගත හැකි මාර්ගයන්ද තීරණය කිරීමට නියමිතය.මත්පැන්,දුම්කොළ,ලොතරැයි,ඔට්ටු දැමීම් හා සූදු යන ක්ෂේත්‍ර වල ආදායම් අවස්ථා ඇති තනි පුද්ගලයින් හෝ හවුල්කරුවන් උපයන ලාභය මත ක්‍රියාත්මක වන සියයට 40 ක බදු ප්‍රතිශතය එළෙසම ක්‍රියාත්මක වුවද වෙනත් ක්ෂේත්‍ර වල තනි පුද්ගලයකු උපයන ලාභය මත ක්‍රියාත්මක වන බද්ද සියයට 17.5 ක උපරිමයකට යටත් කෙරෙනු ඇති බවද එහි දැක්විණ.බැංකු හා වෙනත් මූල්‍ය ආයතන වල ඇති තැන්පතු වලින් මේ දක්වා අයකර ගත් සියයට 2.5 ක බද්ද ඒ අයුරින්ම අයකර ගැනෙන බවද කොමසාරිස්වරියගේ චක්‍රෙල්ඛයේ වැඩිදුරටත් සඳහන් විය. නමුත් පසුගිය සිකුරාදා මුදල් අමාත්‍යංශය දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරියට නියෝග කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රෙල්ඛය බල රහිත කරන ලෙසය.එය දෙපාර්තමෙන්තුවේ වෙබ් අඩවියෙන්ද ඉවත් කරන ලෙස ඇයට උපදෙස් ලැබිණ.ඒ අනුව චක්‍රෙල්ඛයේ සඳහන්වූ පරිද්දෙන් එහි යෝජනා අප්‍රෙල් 1 වැනිදා සිට ක්‍රියාත්මක නොවුණි.එය කිසිසේත්ම මෝඩයාගේ දිනයේ විහිලුවක් නොවීය.මේ හමුවේ මහත් අපහසුතාවට පත්ව සිටි බදු නිලධරයෝ කිහිපදෙනෙක් පසු අවස්ථාවක කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගැනුණද එම තීරණ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනෙන තෙක් ඒවා බලාත්මක කළ නොහැකි බවය.මෙම ක්‍රියාවලිය ගැන දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ හෝ මුදල් අමාත්‍යංශයේ හෝ නිලධරයෝ දැන නොසිටින්ට කිසිසේත්ම ඉඩක් නැත.එවැනි තත්ත්වයක මෙවැනි තත්ත්වයක් උද්ගතවූයේ කෙසේදැයි යන්න ගැටලුවකි. වැට් බද්ද සියයට 11 ක අගයේ තැබීමට දැනට තීරණයක් ගෙන තිබේ.2016 අයවැය යෝජනාවලියෙන් නිර්දේශ කර තිබුණේ සියයට 8 ක හා සියයට 12.5 ක වැට් බදු වර්ග දෙකක් පවත්වාගැනීමටය.නමුත් මාර්තු හතරවැනිදා පැවැත්වුණු විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවකදී අගමැතිවරයා පැවසුවේ මෙළෙස වැට් බදු වර්ග දෙකක් පවත්වාගැනීම සංකීර්ණ හා ගැටලුකාරී බවය.සියයට 15 ක වැට් බදු අගයක් පවත්වාගැනීම සුදුසු බව ඔහුගේ යෝජනාව විය.ජනසන්නිවේදන,පෞද්ගලික අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා වලට ලබාදී තිබූ බදු නිදහස අහෝසි වන බවද ඔහු කියා සිටියේය.මෙලෙස සියයට 15 ක වැට් බදු අගයක් ගැන නොයෙක් අවස්ථා වලදී සඳහන් වුවද එය ක්‍රියාත්මක වන දිනය ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැත.සන්ඩේ ටයිම්ස් හට සම්බන්ධකරගත හැකිවූ රජයේ ආරංචි මාර්ගයක් කියා සිටියේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා සාකච්ඡා අවසන් කිරීමෙන් පසු මෙම බදු සංශෝධන පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කෙරෙනු ඇති බවය.තවත් බදු සංශෝධන සිදුවනු ඇතිදැයි සන්ඩේ ටයිම්ස් ප්‍රශ්න කළ විට පිළිතුරු ලබාදීම එම ආරංචි මාර්ගය ප්‍රතික්ෂේප කළේය. චීන සංචාරයවිශේෂ දූත පිරිසක් සමග අගමැති වික්‍රමසිංහ ලබන 6 වැනිදා චීනයේ සංචාරයක යෙදීමට නියමිතය.මලික් සමරවික්‍රම,සජිත් ප්‍රේමදාස,නිමල් සිරිපාල ද සිල්වා,සරත් අමුණුගම,රවුෆ් හකීම්,මංගල සමරවීර යන අමාත්‍යවරුද මෙම සංචාරයට එක්වනු ඇත. රටවල් දෙක අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුම් කිහිපයකි.පිටුවහල් කිරීම සම්බන්ධ එකගතාවක්ද ඇතුළුව ආයෝජන ප්‍රවර්ධනය හා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා වැඩිදියුණු කිරීම පිළිඹද ගිවිසුම්,ජංගම වකුගඩු සේවා රථ ව්‍යාපෘතියක්,ක්‍රීඩා කටයුතු ආශ්‍රීත සහයෝගීතාව වර්ධනය කෙරෙන ව්‍යාපෘතියක්,සංචාරක කටයුතු ප්‍රවර්ධනය,දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර,චීනයේ හා ශ්‍රීලංකාවේ මහ බැංකු අතර සහයෝගීතාවක් ඇති කිරීම සදහා වන ව්‍යාපෘති,ගම්පහ,අත්තනගල්ල,මිනුවන්ගොඩ ආදී ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත ජල ව්‍යාපෘතියක් සදහා ණය, දෙරටේ ජාතික විද්‍යා පදනම් අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන වැඩපිළිවෙලක් ,හම්බන්තොට අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා වන ගිවිසුමක් ආදී ලෙස දෙරට අතර නව සබදතා රැසක් ඇතිකරගැනීමට සැළසුම් කර ඇත.චීනය හා ශ්‍රීලංකාව අතර නිදහස් වෙළද ගිවිසුමක් ඇතිකගැනීම සදහා මූලික අදියරේ සාකච්ඡා පැවැත්වීමද එරට බලා යන ශ්‍රීලංකා දූත පිරිසේ අපේක්ෂාවයි. චීනය මෙරටට ලබාදී ඇති ඇතැම් ණය කපා හරින ලෙසද දූත පිරිස එරට බලධරයින්ගෙන් ඉල්ලා සිටිනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවේය.මෙම ඉල්ලීම සිදුකිරීමට යන්නේ චීනය වරක් නේපාලයට ලබාදී තිබූ ණය කපාහැරීමට පියවර ගැනීම සැළකිල්ලට ගෙන බවද එම ආරංචි මාර්ග කියා සිටියේය. ගෙවුණු සති කිහිපය මුළුල්ලේම මුදල් ඇමැති රවී කරුණානායක රටේ වත්මන් බදු තත්ත්වය පිළිඹඳව කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළේය.පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු අවස්ථාවේදී ඛනිජ තෙල් සංස්ථාවේ බොරතෙල් මිලදී ගැනීම් පිළිඹඳ සොයාබැලීමට එකඟත්වය පළවිය.ඉන්දියාවෙන් හුවමාරු ණයක් ලබාගැනීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු අතර උතුරේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීමට ඉන්දියාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවක් ආර්ථික කටයුතු පිළිඹඳ කැබිනට් උප කමිටුව හමුවට යොමුකිරීමටද තීරණය විය. තම තමන්ගේ මැතිවරණ කොට්ටාශ වල ජනතාවගේ අදහස් විමසීමට හා ඔවුන්ගේ අදහස් හඳුනාගැනීමට පහසුවන පරිදි කැබිනට් මණ්ඩල හමුව පැවැත්වෙන දිනය වෙනස්කරන ලෙස අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා සිටියේය.ඒ අනුව ඉදිරියේදී කැබිනට් මණ්ඩල හමුව සුපුරුදු බදාදා දිනයේ නොව අගහරුවාදා දින උදෑසන පැවැත්වීමට එකගත්වය පළවිය.තමන් යෙදීමට නියමිත චීන සංචාරය සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ අමාත්‍යවරුන්ව දැනුම්වත් කළේය.මෙහිදී සාකච්ඡාවට එක්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන විජයදාස රාජපක්ෂ සහ ෂීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දෙපළ ඔවුනොවුන්ගේ ගැටලු විසඳාගත යුතුව ඇතැයි පැවසුවේය.එක් අයකු පවසන දෙය අනෙකාට නොතේරෙන බවක් පෙනී යන හෙයින් හොඳම දෙය වන්නේ රාත්‍රී ආහාර වේලක් වැනි අවස්ථාවක් සැළසුම් කර දෙදෙන එක්වී සාකච්ඡා කිරීම බව ජනපතිවරයා යෝජනා කළේය.එවන් අවස්ථාවකට අනෙක් අමාත්‍යවරුන්ටද සහභාගීවිය හැකි බව ඔහු පැවසුවේය.ඊට සියලුදෙනාගේ එකගතාවය පළවිය. ව්‍යවස්ථාව සකස් කිරීමේ වැඩපිළිවෙලනව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීමේ මුල් පියවර ලබන අගහරුවාදා දිනයේදී තැබීමටද රජය සූදානම්ය.එම පියවර වන්නේ 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුව පත්කිරීමය.මෙම මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් විය යුත්තේ කවුරුන්දැයි තීරණය කිරීමේ අයිතිය හිමි ව්‍යවස්ථා සභාවටය.එක්සත් ජාතික පක්ෂය ජනපතිවරණ සමයේ මෙන්ම පාර්ලිමෙන්තු මැතිවරණ සමයේදීද විධායක ජනපතිධූරය අහෝසි කිරීමක් ගැන සඳහන් කළද ව්‍යවස්ථා සභාව පත්කිරීමටත්,ව්‍යවස්ථාවක් සකස් කිරීමටත් ඉදිරිපත් කෙරුණු යෝජනාවලියේ විධායක ජනපතිධූරය අහෝසි කිරීමක් ගැන සදහන් නොවීම විශේෂය. ව්‍යවස්ථා කවුන්සිලයට තම කණ්ඩායමේ සාමාජිකයින්ගේ නම්ද යෝජනා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සන්ඩේ ටයිම්ස් හා පැවසුවේය.මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගයද කතානායක කරූ ජයසූරිය මහතාට භාරදී තිබෙන බවද ඔහු කීවේය.අගහරුවාදා පක්ෂ නායකයින් හා සාකච්ඡා කිරීමෙන් පසු විශ්වාසභංගය විවාදයට ගත හැකි දිනය කතානායකවරයා දැනුම්දෙනු ඇත.එක පිටුවකට සීමාවී ඇති මෙම විශ්වාසභංගයෙන් මුදල් අමාත්‍යවරයා වන කරුණානායක 2016 අයවැය යෝජනාවලියෙන් පාර්ලිමෙන්තුවත් ජනතාවත් හමුවේ රට ගැන වැරදි චිත්‍රයක් මවා ඇතැයි චෝදනා නගා තිබේ.රටේ ආර්ථික කටයුතු සම්බන්ධ අවසන් තීරණය ගන්නේ පාර්ලිමෙන්තුවෙන් බවත් ඒ හමුවේ මුදල් ඇමතිවරයා හිටපු ජනපති සමයේ ගත් රුපියල් කෝටි ගණනක ණයක් සම්බන්ධව කිසිදු වාර්තාවක් නැතැයි කියා තිබීමෙන් පාර්ලිමෙන්තුව හෑල්ලුවට ලක්කර ඇති බවටත් විශ්වාසභංගයෙන් චෝදනා නගා ඇත.තමන් මේ හමුවේ කිසිදු ආකාරයකින් කලබලයට පත්ව නොමැති බවත් චෝදනා නගන්නවුන්ට ඉදිරියේදී නිසි පිළිතුරු දෙන බවත් කරුණානායක පැවසුවේය. කරුණානායකට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේද ඇතුළු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 34 දෙනෙක් අත්සන් තබාඇති බව ගුණවර්ධන පැවසුවේය.අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි විශ්වාසභංගයකටද මේ වන විට අත්සන් එකතුකරගැනෙමින් පවතින බවද ඔහු කීවේය.මෙය තමන්ට මඩ ගැසීමට ගන්නා උත්සාහයක් බවත් පළා නොගොස් ඊට මුහුණදෙන බවත් මේ සම්බන්ධයෙන් විමසූ විට රණවක පැවසුවේය. බලමණ්ඩලය නොසන්සුන්මහින්ද කඳවරු හා මෛත්‍රී කඳවුර ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතිව තිබෙන බෙදීම පක්ෂයේ පහළ මට්ටම් දක්වාද ව්‍යාප්තව ඇති බව පසුගිය සතියේ වූ සිදුවීමකින් පැහැදිලිව පෙනී ගියේය.නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ති මුතුහෙට්ටිගම අක්මීමනදී සංවිධානය කර තිබූ පක්ෂ බලමණ්ඩල රැස්වීමකට සහභාගීවීවූ එක්සත් ජනතා නිදහස් සනධානයේ අභිනව මහ ලේකම් මහින්ද අමරවීර මහතාට ඔහුගේ දේශනය අවසන් කිරීමට පැමිණ සිටියෝ අවස්ථාවක් නොදුන්හ.ආහාර ලෙස ලබාදී තිබූ මාළු පාන් ඔවුහු අමරවීර වෙත විසිකළහ.මේ හමුවේ ආරක්ෂකයින්ගේ පිහිටෙන් එතැනින් එවත්ව යෑමට ඔහුට සිදුවිය. එදිනම අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් අරණායක හා මාවනැල්ල ප්‍රෙද්ශවල පැවති පක්ෂ බලමණ්ඩල රැස්වීම් වලට සහභාගීවිය.පක්ෂයේ බෙදීම් ඇතිකිරීමට කැසකවන පුද්ගලයින්ට අසුනොවන ලෙස සාමාජිකයින්ව දැනුම්වත් කරන ලෙස ජනපති සිරිසේන ඔවුනට උපදෙස් දී තිබිණ. මෙම සියලු හමුවන්ලදී එක් දෙයක් පැහැදිලි විය.එනම් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බිම් මට්ටමෙහි කැමැත්ත තවමත් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවය.මෙය නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද වත්මන් නායකයා වන මෛත්‍රීපාල සිරිසේන හමුවේ දැල්වෙමින් තිබෙන රතු එළියකි.පක්ෂයේ හා සන්ධානයේ නායකත්වය තමන් වෙත දිනාගැනීමට ඔහු දියත්කර තිබෙන මෙහෙයුම් අසාර්ථකව ඇති බව මේ හමුවේ පැහැදිලිය.ඔහු නායකත්වය දිනාගැනීමට වෙහෙසවෙමින් සිටින අතර රාජපක්ෂ පක්ෂයේ හා සන්ධානයේ බිම් මට්ටමේ ශක්තිය තමන් වෙත නතුකරගනිමින් සිටී.බලමණ්ඩල රැස්වීම් වලදී මෙය මනාව සනාථ විය. ළග එන අවුරුදු සමය පිළිගැනීමට රට සූදානම්ද යන්න ගැටලුවකි.පසෙකින් විදුලිය කප්පාදු කිරීම්ය.අනෙක් පසින් දිනෙන් දින ඉහළ යමින් තිබෙන භාණ්ඩ මිලය.පිටි මිල ඉහළ ගිය නිසා ඒ ආශ්‍රීත නිශ්පාදනය මිලද මේ වන විට ඉහළ ගොස්ය.ඒ අතර නව බදු පැනවීම් ගැන කතාබහය.ශ්‍රීලාංකිකයන් වන අපට විනෝද වීමට ඇති කාලය තවත් දුරය. තදව ඇති පටි තවත් තද කරගන්නවා හැරෙන්නට වෙන කළයුතු දෙයක් දැනට පෙනෙන්නට නැත.
මහින්දගේ මැයි අභියෝගයට ජනපති මුහුණ දෙයි
0
hp_train_2102
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“අප රජයක් යටතේ ගොවි ජනතාව නගා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා“
0
hp_train_2103
( තිළිණි ද සිල්වා ) සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිව සිටින සංචාරක සේවා සපයන ආයතන හා සංචාරක මග පෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සදහා අය නොකිරීමට රජය  තිරණය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී. කොරෝනා  වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලීමේ අරමුණෙන් සංචාරක  හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මකයි. ඊට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අදාළ ආයතන වලට ලබා දෙන තාවකාලික බලපත්‍රය මාස 06 ක කාලයක් සදහා ලබා දිමට කටයුතු යොදා තිබේ. ඊට අදාළ ලියාපදිංචි ගාස්තු ද ලිහිල් කළ ඇතැයි ඇමතිවරයා කියයි. ඒ අනුව ආගන්තුක නිවාස සංචාරක හෝටල්, අවන්හල් තාවකාලික බලපත්‍ර ලබාදිමට අය කරන මුදල රුපියල්  2200 ක් පමණ වන අතර සංචාරක නිවාස, බංගලා , කුලියට ගත් මහල් නිවාස, සංචාරක හිතකාමී ආහාර ලබා ගැනීමේ ස්ථාන සදහා තාවකාලික බලපත්‍ර ලබා දිමට අය කරනු ලබන ගාස්තුව රුපියල් 1100 දක්වා අඩු කර ඇතැයි ද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.   මීට පෙර මේ සදහා ගාස්තු අය කෙරුණේ අදාළ ආයතන වල ඇති කාමර ගණන, පහසුකම් සැලකිල්ලට ගනිමිනි. එහෙත් කොවිඩ් 19 වසංගතයෙන් පසු සංචාරක ව්‍යාපාරයේ බිද වැටීම් සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹී බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය. මීට අමතරව මෙම ආයතන ලියාපදිංචිය සදහා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ලබා ගන්නා ලියකියවිලි ද ලිහිල් කර ඇත. ව්‍යාපාරික ස්ථානයේ අයිතිය සනාථ කරනු ලබන ඔප්පුව හෝ ඒ වෙනුයට බදු ගිවිසුම හෝ අදාළ ස්ථානයේ ව්‍යාපාරික කටයුතු ද තහවුරු කිරිම සදහා ඉඩම පිහිටි ස්ථානය අයත් රාජ්‍ය ආයතනය මගින් එකගතා ලියවිල්ලක් ලබා ගැනීම, වෙළද බලපත්‍රය හෝ ඒ වෙනුවට පළාත් පාලන ආයතනය විසින් ව්‍යාපාරික කටයුතු තහවුරු කරනු බලන ලිපියක් ඇත්නම් එම ලියාපදිංචිය දීර්ඝ කිරීමට ප්‍රමාණවත් වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී   එමෙන්ම මුද්‍රාව සහිත අනුමත ගොඩනැගිලි සැලැස්ම හෝ ඒ වෙනුවට මධ්‍යම පරිසර අධිකාරිය හෝ පළාත් පරිසර අධිකාරිය හෝ පළාත් ගැන ආයතනය විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබා ගැනිම ඊට ප්‍රමාණවත් බව ද සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .  
සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය වසරකට නොමිලේ
0
hp_train_2104
(ටී.කේ.ජී.කපිල )රන් බිස්කට් 40 ක් තම කලිසමේ දෙපස සාක්කු දෙකේ සඟවා ගෙන ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපළ සේවකයකු අද (20) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.අත්අඩංගුවට ගත් සේවකයා කොළඹ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ගුවන් තොටුපළින් පිට කිරිමට ගිය රන් බිස්කට්වල වටිනාකම රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වේ.ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මගියකු විසින්  සංක්‍රමණික මගී පර්යන්තයේ දී  ඔහුට මෙම රන් බිස්කට් තොගය ලබා දී තිබිණි.එහි ග්‍රෑම් 100 ක බරින් යුතු රන් බිස්කට් 40 ක් තිබූ අතර ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 4 ක් බව රේගුව ප්‍රකාශ කරයි. 
රන් බිස්කට් 7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
0
hp_train_2105
 ’‘ අපේ කම්පැනිය ඉස්සරහට බෝම්බ වැටුනා.   මගේ  ඇස්  ඉදිරිපිටම  බෝමබ පිපිරුණා. අපි ඉදිරිපිට තිබුන කදුවලට උඩින් බෝම්බ දැම්මා.  මම වැඩ කරපු ආයතනය  ඒ කදු අතරයි තිබුනේ බෙහොම පුංචි ඉඩ ප‍්‍රමාණයක්.  බෝම්බ උඩින් ඇවිත්  අපි ලගම පිපිරෙනකොට ඇත්තටම අපිට  ජීවිතේ ඉවරයි කියා දැනුනා. ඒ තරමටම   බයක් දැනුනා. අපේ රටේ  තිබුන යුද්දෙත් එක්ක බලද්දී මේක දරුණුම යුද්ධයක්. දරුණුකම කොච්චරද කියනවා නම් ජීවිතයත් මරණයත්  කියන එක අතරේ වෙනසක් නැති තරම්‘‘.  යැයි   යේමනයේ යුධ ගැටුම් වලට මැදි වී දිවිගලවාගෙන  දිවයිනට පැමිණි අවසන්  කණ්ඩායමේ  සිටි රෝහිත නිශාන්ත පෙරේරා   මහතා කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී   පැවසුවේය.යේමනයේ යුධ ගැටුම්වලට මැදිවී  සිටියදී චීන යුධ නැව මගින් බේරාගත් අවසන්  ශ‍්‍රී  ලාංකිකයෝ 16 දෙනාද  පෙරේදා දිවයිනට පැමිණියහ. පැමිණි සිටි පිරිස අතර අවුුරුදු එකයි මාස දෙකක් වයසැති  කුඩා දරුවෙකු හා  තරුණ මවක්ද විය.පසුගිය 6 වෙනිදා චීන නෞකාව මගින් ශ‍්‍රී ලාංකිකයෝ  44 දෙනෙක්  මුදවාගනු ලැබුහ.  ඉන් 29 දෙනෙක් පසුගිය 8 වෙනිදා රාත‍්‍රියේ දිවයිනට පැමිණියහ. ඒ අනුව චීන නෞකාව මගින් බේරාගත් සියළු දෙනා මේ වන විට දිවයිනට පැමිණ අවසන්ව ඇත.මෙම පිරිස යේමනයේ සනා නගරයේ සිට කිලෝමීටර් 222 ක්  පමණ  දුරින් පිහිටි  හොදෙයිදා වරාය නගරයට පැමිණ ඇත්තේ ගොඩබිමිනි.   එතැන් සිට චීන නාවික හමුදාවට අයත් යුධ නැවකින් ජිබුති වරායට පැමිණ ඇත. පසුව එතැන් සිට යළි ගුවනින්  දෝහා - කටාර් හරහා දිවයිනට පැමිණියහ.මෙලෙස දිවි ගලවාගෙන දිවයිනට පැමිණි ශ‍්‍රී  ලාංකිකයන්ගේ සුව දුක්  බැලීම සදහා   පසුගිය 8 වෙනිදා යේමනයේ සිට දිවයිනට  පැමිණි ශ‍්‍රී ලාංකිකයෝ පිරිසක්ද, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතාද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියහ.දිවයිනට පැමිණි බොහෝ දෙනෙකු පැවසුවේ  යේමනයේ සනා නුවර පිහිටි ටොයොටා ආයතනයේ පරිඝණක අංශයේ  ප‍්‍රධානියා  වන උජාල පෙරේරා මහතා එහි සිටි ශ‍්‍රී  ලාංකිකයෝ සියළු දෙනා සම්බන්ධීකරණය කරමින් කණ්ඩායමක් වශයෙන් ඒක රාශීකොට  ශ‍්‍රී ලංකා රජයට මෙන්ම  ඕමාන සහ කෙන්යා තානාපති කාර්යාල වලටද දන්වා  ශ‍්‍රී ලාංකිකයින් බේරා ගැනීමට විශාල මෙහෙයක් කළ බවයි.  ඔහුගේ  මෙහෙයුමට අනුව සනා නගරයේ කොටු වී සිටි සියළු ශ‍්‍රී ලාංකිකයින්  කණ්ඩායමක් ලෙස  වාහනවලින් සුරක්ෂිතව හොදෙයිදා වරාය නගරය වෙත රැුගෙන විත් ඇත. ඔහු ඇතුළු ටොයොටා ආයතනයේ නිලධාරීන් යේමන රජය සමගද, හවුති කැරළිකරුවන් සමගද නගරයෙන් පිටවීම සදහා සාකච්ඡාකොට ඇත.   එසේ නොවන්නට තමන් යේමනයේ යුධ ගැටුම් වලට මැදිව මිය යන්නට පවා ඉඩ තිබුනු බවත් දිවයිනට පැමිණි මෙම පිරිස පැවසුහ.තවද චීන රජයේ නිලධාරීන් හොදෙයිදා වරායට පැමිණ තමන් සාදරණයෙන් පිළිගත් බවත් ඔවුන් ශ‍්‍රී ලාංකිකයින්ට ආහාර, පාන මෙන්ම වෛද්‍ය පහසුකම් ඇතුළු සියලූ පහසුකම් සපයමින්  හොදෙයිදා වරායේ සිට ජිබුති වෙත තමන් රැුගෙන ඒමට ගත් පියවර ගැනත් ඔවුහු චීන රජයට බෙහෙවින් ස්තුති කළහ.එමෙන්ම  කෙන්යා තානාපති ඩබිලිව් ක‍්‍රිෂණමුර්ති  මහතා නොකා නොබී මහත් කැපවීමකින්  ශ‍්‍රී ලාංකිකයන්ට උදව් කළ බවත්  සමහර කටයුතු වලදී ඔහු ඔහුගේ පෞද්ගලික ධනය පවා වැය කරමින් ශ‍්‍රී ලාංකික හැගීමෙන්, කැපවීමෙන් කටයුතු කළ බවත් ඔවුහු කීහ.තමන්ට මේ අයුරින් සුරක්ෂිතව පැමිණීමට සහය වු පිරිස අතර  ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති  අබ්දුල් හලීම් මහතාද  සිටින බව කී ඔවුහු ශ‍්‍රී ලංකා රජයටද, මෙරට  විදේශ කටයුතු අමාත්‍යංශයටද, විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයටද  ස්තුති කළහ.වෘත්තියෙන් තාක්ෂණික ඉංජිනේරුවෙකු වු රෝහිත නිශාන්ත මහතා තිදරු පියෙකි. ඔහු තම අත් දැකීම් තව දුරටත් විස්තර කරමි්න මෙසේද පැවසීය. ’‘ මම වැඩකරන තැන වටේටම කදු තියෙනවා.  එක පාරටම කදු අතරින් බෝමබ දාන්න පටන් ගත්තා. හරියට ගිනි බෝල කැරකෙනවා වගේ. උඩින් ඇවිත් අපේ වහලයට වැටෙනවා වගේ දනෙනවා. ගොඩනැගිලි දෙදරුම් කෑවා. මම එදා මගේ ජීවිතය අවසන් කියා සිතුවා. පැය ගණනක් ඒ විදිහට විශාල පිපිරීම් ශබ්ද තිබුනා. මම මහා පුදුම දේවල් දැක්කේ. තවමත් මට හිතාගන්න බැහැ.  එදා කොහොම හරි  පන බේරාගෙන ගෙදර ගියා.  මගේ කම්පැනියේ ඉදලා මම දැකපු දේවල් වල  හැටියට මට ගෙදර ගියහම නින්ද යන්නේ නැහැ. මම යුද්දෙට මැදිවෙලා හිටපු කෙනෙක් විදිහට ඇස් පනාපිටම දැක්කා කදුවලට බෝම්බ වැටෙනවා. මම වැඩ කරපු ආයතනයයි ඒ කදු අතරයි තිබුනේ බෙහොම පුංචි ඉඩ ප‍්‍රමාණයක්.  බෝම්බ උඩින් ඇවති ලගම පිපිරෙනකොට ඇත්තටම අපිට  ජීවිතේ ඉවරයි කියා දැනුනා. ඒ තරමටම   බයක් දැනුනා.ඔය අතරෙදි  අපේ ටොයොටා කම්පැනියේ උජාල පෙරේරා මහත්තයා අපිට හමු උනා. ඔහු  අපි ඔක්කොම රැුස්කරගෙන මේ ප‍්‍රශ්නෙන් ගැලවෙන්න උත්සහ කළා. ඔහු ලංකා රජය දැනුවත් කරලා, මාධ්‍ය දැනුවත් කරලා අපි කොහොම හරි ලංකාවට එන්න ලෑස්ති කරගත්තා.  කෙන්යාවේ තානාපති ඩබ්ලිවි. ක‍්‍රිෂ්ණමුර්ති මහත්මයා අපිට විශාල සහයෝගයක් දුන්නා. ඔහු අපේ   හැම අඩු පාඩුවක්ම සොයා බැලූවා. ඒ දවස් ටිකේම ඔහු නොකා,නොබී අපිව මුදා ගන්ඩ උත්සහ කළා. ඔහුගේ පෞද්ගලික ධනය පවා අප වෙුනවෙන්  වැය කළා.  අපේ ඇස්  පනාපිටම අපි ඒක දැක්කා.ඒ වගේ මහත්තුරු තමයි මේ රජයට ඉන්න  ඕනේ.  නිකම් පුටු රත්කර කර ඉන්නේ නැතුව මිනිස්සුන්ට කරදරයක් උනහම ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ හිත සනසන්න පුලූවන් උදවියයි ඉන්න  ඕනේ.  ඔහු වගේ තානාපතිවරුන් අපේ රටට හරි ආඩම්බරයක්. අපි ගොඩක් ගෞරව කරනවා ඒ තානාපතිතුමාට.ඒ වගේම චීන රජය අපිව බඩගන්නේ තිබ්බේ නැහැ. ඇත්තටම කිලෝමීටර් 220 ක් විතර දුරක්  ගෙවාගෙන අපි හොදෙයිදා කියන වරායට ආවේ.  එතනදී  චීන රජය අපිව ගොඩක් හොදින් පිළිඅරගෙන චිබුති වරායට අරන් ආවා. චීන නැවේදි අපිට කන්න බොන්න හැම දේම දුන්නා. නාවිකයන්ගේ කාමරවල අපිට සැප පහසුවට ඉන්න දුන්නා. චිබුති වරයාට  එන අතරෙදි එයාලා අපිව මනසින් වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. සිංදු කියලා ඉතා ආදරයෙන් අපිත් එක්ක හිටියා.අපි  මුලින්ම ඉන්දියාව ගැන බලාපොරොත්තු තියාගෙන හිටියේ. නමුත් ඉන්දියාව අපිව ගනන් ගත්තේ නැහැ. ඉන්දියාව අපේ නෑදෑයෝ නෙමෙයි චීනය තමයි අපේ නෑදෑයෝ.  මේ වෙලාවේ චීන රජයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.ඇත්තටම මේ යුද්ධය පටන් ග්තතේ මීට මාස දෙකකට උඩදි විතර.  හවුති කැරළිකරුවන්  යේමන් ජනාධිපති මන්දිරයට දැඩි ප‍්‍රහාර එල්ල කළා.  ඉන්පසු ජනාධිපතිවරයා එම මන්දිරයෙන් ගියා. ඉන්පසු මාසයක් විතර ඒඞ්න් කියන ස්ථානය ඔහු මුලස්ථානය කරගත්තා.හවුති කැරළිකරුවන් එතනටත් ගියා. ඉන්පස්සේ ජනාධිපතිවරයා එතනින් සෞදි අරාබියට ගිහින් තියෙනවා. ජනාධිපතිවරයා සෞදියට ගියාට පස්සේ තමයි මේ ගුවන් ප‍්‍රහාර එල්ල කරන්න ගත්තේ.යේමන යුද්ධයට මැදි උන කෙනෙක් විදිහට මම දකින්නේ අපේ රටේ  තිබුන යුද්දෙත් එක්ක බලද්දී මේක දරුණුම යුද්ධයක්. දරුණුකම කොච්චරද කියනවා නම් ජීවිතයත් මරණයත්  කියන එක අතරේ වෙනසක් නැති තරම්.  එලිවෙනකම් ප‍්‍රහාර එල්ල කරනවා. අපේ වහලයට උඩින් වැටෙනවා වගේ දැනෙන්නේ. ලග ලගම බෝම්බ වැටෙයි කියලා දැනෙනවා. එහෙම තත්වයක් තියේද්දී මේ විදියට එන්න ලැබුන එක ගැන හරිම සතුටුයි.‘‘බංඩාරගම සිරිවර්ධන පෙරේරා මහතා තම අත්දැකීම් විස්තර කල අයුරු‘අපි  ගෙදර නිදාගෙන ඉන්නකොට උඩ ඉදලා බෝම්බ වැටෙනවා.  එතකොට හවුති කැරළිකරුවන් උඩට ගහනවා. තත්වය එන්න එන්නම දරුණු උනා. ඔවුන්ගේ ආයුධ ගබඩා ගොඩක් තිබුනේ අපි හිටපු සනා නගරය ඇතුලේ.   ඒ නිසා නගරය වටේට බෝම්බ දානවා. ලොකු කදවුරු වලට ගහනවා. ලොකු ආයුද ගබඩා වලට ගහනවා. ආයුධ ගබඩා මුලූ දවසම පුපුරුනවා.  හමුදාව වෙඩි තියනවා. ?ට නිදාගන්න බැහැ. එක දිගටම ඒ ක‍්‍රියාවලිය සිදුවෙනවා. අන්තිම දවස් වෙනකොට සනා නගරය මුළු මනින්ම කැරළිකරුවන්ගේ පාලනයේ තිබුනේ. යේමනය  අපිට වැටුප් ගෙවන්නේ ඩොලර් වලින්. අන්තිම දවස් වෙනකොට ඩොලර් හැංගුවා. මුදල් හිග උනා.අපි හැම පැත්තෙන්ම කොටු උනා.මුලින්ම අප  හිතුවේ නැහැ මේ යුද්ධය මෙච්චර දුර දිග යයි කියලා. ඒ නිසා අපි මුලින්ම හිතුවේ ලංකාවට ආපසු යන්න  ඕන වෙන එකක් නැහැ කියලා.   පස්සේ තේරුනා  ජෙට් යානා ඇවිත් උඩින් බෝම්බ දානකොට තවත් රටවල් මේකට මැදිහත් වෙලා කියා.  මම ගොඩක් අසරණ වෙලා හිටපු මොහොතක ටොයොටා ආයතනයේ උජාල පෙරේරා මහත්තා මාව සම්බන්ද  කරගත්තා.  ඔහු නැතිනම් මම  තවමත් යේමනයේ. ඔහු ටොයොටා ආයතයේ දෙන්නෙක් මාව හොයාගෙන එව්වා. ඔහු මාව විතරක් නෙමෙයි සනා නගරය අවට ඉන්න සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ නම් ලැයිස්තුවක් හදලා දුරකතන නොම්මර හොයාගෙන ලොකු මෙහෙයුමක් කළා.ඉන් පස්සේ  ඕමාන් තානාපති කාර්යලයත් සම්බන්ධකරගෙන ටොයොටා ආයතනයේ සහයෙන්   වාහන වලින් ඔදෙයිදා වරාය නගරයට ආවා. සනා වල ඉදලා කිලෝමීටර් 222ක් තියෙනවා. ඒ මග දිගට සටන්කරුවන්ගේ චෙක් පොයින්ටි තිබුනා. ජීවිතයත් මරණයත් අතර ගමනක් ඒක.  කියන්න සතුටුයි අද ඒ 44 දෙනාම ලංකාවට කරදරයක් නැතුව ඇවිත් ඉන්නවා.චීන නෞකාවෙන් අපිව බාරගත්තට පස්සේ අපිට හොදට සැලකුවා. නැවියන්ගේ කාමර අපිට නිදාගන්න දුන්නේ. පැය 10 යක් නැවේ ආවා. ජිබුති වල දවසක් හිටියා.  එතනදි කෙන්යා තානාපති ක‍්‍රිෂ්ණමුර්ති මහත්තයා අපිට උදව් කළා.‘‘   ශ‍්‍රී ලාංකිකයන්ට යළි මව්බිමට පා තැබීමට මහා මෙහෙවරක් සිදු කළ යේමනයේ ටොයෙටො ආයතනයේ පරිඝණක තාක්ෂණ  අංශයේ ප‍්‍රධානියා වන උජාල පෙරේරා මහතා‘‘මම යේමනයේ ටොයොටා ආයතනයේ වැඩ කළේ. එහි  ශ‍්‍රී ලාංකිකයෝ 13 දෙනෙක් හිටියා. මම අවුරුදු 10 යකට වැඩිය මෙහෙ වැඩ කළා. කළින් පොඩි පොඩි සටන් ඇති වෙලා තියෙනවා. නමුත් මේ වගේ තත්වයක් ඇති උනේ නැහැ. ඒ අත් දැකීම් අනුව අපි තේරුම් ගත්තා මේක හරියන්නේ නැහැ මේ ගැන ශ‍්‍රී ලංකා රජයට දැනුම් දෙමු කියා.  අපි සාකච්ඡුා කළා. අපි කිහිප දෙනෙක් එකතුවෙලා සනා  නගරයේ ඉන්න ශ‍්‍රී ලාංකිකයෝ ගැන තොරතුරු හෙව්වා.ඉන්පසු අපි ශ‍්‍රී ලංකා රජයට දැනුම් දුන්නා. මේ අතරෙදි සනා ගුවන් තොටුපල වානිජ ගුවන්යානා පැමිණීම තහනම් කළා. පසුව ගුවන්තොටුපල වසා දැමුවා. ගුවන් යානා ගොඩ බස්සන එක නතර උනා.අපේ ආයතනයේ හිටපු හතර පස් දෙනෙක් එකතුවෙලා මෙහි සිටින ශ‍්‍රී  ලාංකිකයින්ගේ පිළිබද දත්ත සෙවීම ඉක්මන් කළා.  ඉන්පසු ශ‍්‍රී ලංකා රජයට ඒ දත්ත යැව්වා.පස්සේ  ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා සහ කෙන්යා තානාපතිවරයා අපිට සම්බන්ධ  උනා. ඒ අනුව අපි  යේමනයේ පිහිටි ඉන්දියා  මහ කොමසාරිස් කාර්යාලයට කිහිප විටක්ම ගියා. කාගෙත් බලාපොරෙත්තුව තිබුනේ ඉන්දියාව එයාලගේ අයව බේරගන්න ගමන්  අපිවත් බේරගනියි  කියා.  අපිට තේරුනා ඉන්දියාව එයාලගේ ප‍්‍රශ්ණ ටික නිරාකරණය කරගන්න බලනවා මිසක් අපේ ප‍්‍රශ්ණ වලට මැදිහත්වෙන්න උනන්දුවක් නැති බව.අපි මේ බව ශ‍්‍රී ලංකා රජයට දැන්වුවා. පසුව අපිට චීනය සම්බන්ධ කර දුන්නා. විදේශ කටයුතු අමාත්‍යංශයත්, විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයත් සම්බන්ධ උනා. ශ‍්‍රී ලංකාවේ සිටින චීන නියෝජ්‍ය තානාපතිවරයා නිතරම අපි සමග කතා කළා. මේ වෙලාවෙදි චීනයේ සහයෝගය අපි හිතුවටත් වැඩිය ඉහලින් අපිට ලැබුනා.  ඇත්තටම චීනයෝ සහයෝගය නොලැබුනා නම් මොනවා වෙයිද කියාහිතාගන්න බැරි තත්වයක් තිබුනේ.‘‘   (යුද්ධයට මැදි වී සිටි තාක්ෂණික ඉංජිනේරු රෝහිත නිෂාන්ත පෙරේරා මහතා)(යේමනයේ සිට පැමිණි සිරිවර්ධන පෙරේරා මහතා)(යේමනයේ යුධ ගැටුම් වලට මැදිවු ශ‍්‍රී ලාංකිකයෝ සම්බන්ධීකරණය කරගෙන දිවයිනට රැුගෙන ආ යේමනයේ ටොයොටා ආයතනයේ පරිඝණක තාක්ෂනික අංශයේ ප‍්‍රධානී උජාල පෙරේරා මහතා)      
චීනය නැත්නම් අපි මරුවා සමඟ යේමනයේ
0
hp_train_2106
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර ඇති බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සිදුවීමට නියමිත පසුගිය වංචා දූෂණ පරීක්ෂණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය පතන බවද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකළපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත්වෙනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මට ආශිර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලු දෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලු දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජිවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වනවිට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරියකු කැඳවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණාද?සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනි තබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලු දෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවකුත් විරුද්ධ වුණේ නැහැ.අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවාද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.අපි දැන් ඇමෙරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්ෂණ කීයක් තිබෙනවාද? මාධ්‍යයෙන් කොංග්‍රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමෙරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලුත් දෙයක් නොවේ.යම් යම් දේ සිදුවුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඬේ ගියා. ලංකාදීපේ කඬේ ගියා. දිවයින කඬේ ගියා. අද පත්තරේ කඬේ ගියා. ලක්බිම කඬේ ගියා. දිනමිණ කඬේ ගියා. සිළුමිණ කඬේ ගියා. දෙරණ කඬේ ගියා. කඬේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඬේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා දූෂණ, වහගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තියවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප කළ යුතුදේ සියල්ල කර තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒ නිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.එමෙන්ම අප තවත් පරීක්‍ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දූෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයේ හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇති වී තිබෙනවා.හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදුවුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදු වූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජිමය විසින් ඒ 332 සුබෝපභෝගී ගුවන් යානා 8 ක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාබ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදුවුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඬේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කිව්වා යැයි ඬේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්ෂණ පැවැත්වූවා. ඒ ආකාරයේ සිදුවීම් 2008 සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලුම චෝදනා සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමි වූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතාට මා ස්තූතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ.කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි. හම්බන්තොට වරාය නිසා සිදුවූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලුතෙන් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා : - 1977 වසරේ විප්ලවීය වෙනසක් කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ කැපී පෙනෙන චරිතයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියා. එක්සත් ජාතික පක්‍ෂය වැනි දැවැන්ත පක්‍ෂයක සාමාජිකයන් බවට පත්වීමම අපට අභිමානයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන  මහතා දැමූ අත්තිවාරම මත අද වනවිට ශක්තිමත් සමාජයක්  ගොඩනැඟී තිබෙනවා. අගමැතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමට අප කැපවී ක්‍රියා කරනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා :-  රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන දිවියේ 40වසරට පා තැබීමෙන් පසුව පළමු දේශපාලන රැස්වීම පවත්වන්නේ හැටන් නගරයේදීයි. වතුකරයේ ජනතාව හැමදාම අගමැතිතුන් විශ්වාස කරනවා. සරත් ෆොන්සේකා මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන ලෙස එතුමා කළ ඉල්ලීමට වතුකරයේ ජනතාව ඇහුම්කන් දුන්නා. 1948 වසරේ දී ලංකාව නිදහස ලැබුවත් වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ පුළුල් අධ්‍යාපන සංකල්පය නිසා වතුකරයේ  ජනතාවට අධ්‍යාපනයේ දොර විවෘත වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ ප්‍රදේශවලින් බිහි වුණා. සියලුම ජාතීන් සම අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය යුතු යැයි සිතන එකම නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.රනිල් වික්‍රමසිංහ මහතා තරම් අභියෝග මැද දේශපාලනයේ ඉහළට පැමිණි තවත් නායකයකු නැති බව මගේ හැඟීමයි. වතුකරයේ වත්මන් දේශපාලන ගමන ශක්තිමත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා :- මහ වැසි නොතකා අධික ජනකායක් මෙහි පැමිණ තිබෙනවා. අගමැතිතුමන් පාර්ලිමේන්තු දිවියේ 40 වන වසර සමරමින් සිටිනවා. එතුමන් මුලින්ම මස්කෙළියට පැමිණීම අප සැමට කළ ගෞරවයක් බව කිව යුතුයි. අප රජය යටතේ වැඩ කටයුතු රැසක් අරඹා තිබෙනවා. වසර ගණනාවක් නොසලකා හැර තිබූ මාර්ග රාශියක් දැන් ඉදිවෙමින් තිබෙනවා. ශීඝ්‍ර සංවර්ධනයත් සමග රැකි රක්‍ෂා රාශියක් ඉදිරියේදී බිහිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂ රජයකින් හැර වෙනත් ආණ්ඩුවලින් වතුකරයට සේවයක් සිදුවී නැහැ. ඉතා හොඳ  චරිතයක් ඇති ජනතා නියෝජිතයන් පිරිසක්  අප සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් කරමු. ඉදිරි මැතිවරණවලදීත් කුණුකන්දල් ඉවතලා හොඳ ජනතා නියෝජිතයන්  පත්කරගනිමු. සත පහක දෙයක් මා කිසිදු වංචාවක් කර තිබේ නම් ඔබ මට ඇඟිල්ල දිගු කරන්න. මා එසේ කරන්නේ සැබෑ ජනතා මෙහෙවරක් කිරීම සඳහායි යැයිද කීය.(ඡායාරූප - ශාන්ත රත්නායක)
පැරදුමෙන් ජය සොයන හැටි දයාන් ජයතිලක කියයි
0
hp_train_2107
බස්නාහිර, සබරගමුව,  මධ්‍යම හා වයඹ පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
‘පළාත් කීපයකට විටින් විට වැසි‘
0
hp_train_2108
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යෘ දෙපාර්තමේන්තුව කියයි.දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා පැ. කි. මි. 60-70 පමණ දක්වා වූ නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැකියි. විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වලට මෙම තත්ත්වය ඇතිවේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 30/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34268560අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259575විටින් විට වැසි.ගාල්ල29249575විටින් විට වැසි.යාපනය32268570වැසි ස්වල්පයක්.මහනුවර28239570වැසි වාර කිහිපයක්.නුවරඑළිය19149585වැසි වාර කිහිපයක්.රත්නපුරය30249580විටින් විට වැසි.ත්‍රිකුණාමළය35269055අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32279075වැසි ස්වල්පයක්.  
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
1
hp_train_2109
(මොහොමඩ් ආසික්)මධ්‍යම පළාත තුළ  පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන්  පළාතේ  මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය  ලේකම්  කොට්ඨාස  දෙකකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය අද (25) සවස පහ දක්වා දීර්ග කරනු ලැබ තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම  නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය , , සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ   අඹගමුව කොරළය ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස දෙක සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ. මෙයින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය සඳහා නිකුත් කර ඇත්තේ දෙවන අදියරේ අවදානම් නිවේදනයයි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයින්  ගල් පෙරළීම් බෑවුම් කඩා වැටීම්,  පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් පූර්ව නායයෑමේ අවදානම්  ඇති ප්‍රදේශ ලෙස පූර්වයෙන් හඳුනා  ගෙන ඇති ප්‍රදේශවල ජීවත්වන පිරිස්ද වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිල් පර්යේෂණ සංවිධානය කියයි. දෙවන අදියරේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශයේ ජනතාව නායයෑම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයටක යාමට සූදානම් වන ලෙසත් ඉල්ලා සිටියි.
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ කොට්ඨාස 7කට තවදුරටත් නායයෑමේ අවදානම්
0
hp_train_2110
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“
0
hp_train_2111
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  වැසි ස්වල්පය හැර සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයට හා හම්බන්තොට  මොනරාගල දිසාවල තරමක තද සුළං ඇති වේ.   
අදත් මහ වැස්සක් නෑ
0
hp_train_2112
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1808 දෙනකු ඊයේ (25) වාර්තාවිය.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,686,980 ක් දක්වා ඉහළ ගොස් ඇත.මෙම ආසාදිතයන් දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලට අයත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.මේ වන විට මෙරට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,39,947 කි. 
මුල් වටයේදීම ආසාදිතයින් 3000 පනී
0
hp_train_2113
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු පෙබරවාරි මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (29)  දා නියෝග කළේය.වත්තල ප්‍රදේශයේ පදිංචි  මොහොමඩ් සන්දින් මොහොමඩ්  නැමැත්තෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.බලන්ගොඩ  කිරිමැටිතැන්න ලංකාබරන ප්‍රදේශයේ දි මොහු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
රිය අනතුරකින් දරුවකු මියයාම සම්බන්ධයෙන් රියදුරෙකු යළි රිමාන්ඩ්
0
hp_train_2114
(නිකවැරටිය ප‍්‍රියාණි මංගලිකා)පසුගිය ආණ්ඩුවේ අය සොරකම් කළා කියමින් මේ ආණ්ඩුවේ අයට සොරකම් කිරීමට කිසිඳු සඳාචාරාත්මක අයිතියක් නැති බව, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.ජාතික ආණ්ඩුව තුළ කවුරුන් හෝ සොරකම් කරනවා නම්, ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිකවැරටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද  පැවසීය.”බැදුම්කර කොමිසම ගැන අද බොහෝ දෙනා කතා කරනවා. ඒ අය දිගින් දිගටම අහනවා මොකද වෙන්නේ කියලා, බැඳුම්කර සිද්ධිය අල්ලස් කොමිසමට ගෙන ගියේ මමයි. අපි අඛණ්ඩව ඒ වෙනුවෙන් පෙනී සිටියා. මෙතන වංචාවක් වෙලා තියනවා මේක විමර්ශනය කරන්න කියලා අපි කීවා.ඒ වෙනුවෙන් කොමිසමක් පත්කළාම සමහරු කෑගැහුවා කොමිසම පත්කළේ එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරන්න කියලා. කොමිසම එපා කීවා. නඩු දානවා කීවා. අයින් කරනවද, අයින් වෙනවද කියලා ජනතාව බලාගෙන ඉන්නවා.මට මේ වගේ චෝදනාවක් ආවා නම් මම එක දවසක්වත් ඉන්නේ නෑ. ජනතාව බලාපොරොත්තු වන දේවල් ඉෂ්ඨ වෙලා ඉදිරියේදී පත්තර වල මුල්පිටුවල දැකගන්න හැකිවේවි.මේ ආණ්ඩුවේ ඉන්න විට සමහර අය විවිධ දේවල් කල්පනා කරනවා. අවුරුදු 20ක් විතර විපක්‍ෂයේ ඉන්න විට දේශපාලනය කරන විදිහ අමතක වෙන අයත් ඉන්නවා. බලය නැතිව ඉඳලා බලයට ආවාම, පහුගිය ආණ්ඩුව ඩොලර් මිලියන ගණන් හොරකම් කරා කියලා, අපි රුපියල් බිලියන වලින් ගහනවා කියලා වැඩකරන අයත් ඉන්නවා. ඒ හොරු අල්ලන්න  ඕනෑ. ඒ අය සොරකම් කළා කියලා මේ අයට එහෙම කරන්න කිසිම සඳාචාර අයිතියක් නෑ. සත පහක හොරකමක් කරන්න බලයක් නෑ.එහෙම කරන්න බෑ. මේ ආණ්ඩුවේ දුෂිතයන්ට ඉඩක් නෑ. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියන්නේ ඔහු දුෂිතයන් සමඟ ආණ්ඩු හදන්නේ නෑ කියලයි.සොරකම් කළ අය මොන තරාතිරමෙද, ළගින් හිටියාද, දුරින් සිටියාද කියලා ජනාධිපතිවරයාට ඒවා වලංගු නෑ එතුමා නිසි දඬුවම් ලබා දේවි.ඉතිහාසයේ පළමු වරට බිහිවුණු පිරිසිඳුම නායකයෙක් තමයි වත්මන් ජනාධිපතිවරයා දුෂිතයන් සමඟ ඉඳගෙන එතුමා ආණ්ඩු කරන්නේ නෑ. වැරදි කරලා අහුවෙන්න එපා කියලයි කියන්නේ. ඉදිරියේදී නම් කිසිම දේශපාලනඥයෙක් වත් කිසිම නිලධාරියෙක්වත් සොරකම් කරන එකක් නැති වේවි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ ශක්තිමත් බලවත් පක්‍ෂයක් වෙනත් පක්‍ෂ අටවා ගත්තාට හරියන්නේ නෑ. එක්සත් ජාතික පක්‍ෂයට ජය ලබාදීම සඳහා මිස වෙන කිසිම ප‍්‍රතිඵලයක් එයින් සිදු වන්නේ නෑ. ඉදිරියේදී එන පළාත් පාලන මැතිවරණය පළාත් සභා මැතිවරණය වගේම මහා මැතිවරණයක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කරන්න  ඕනෑ.අපි හවුලේ ආණ්ඩු හැදුවට, හවුලේ මැතිවරණයකට යන්නේ නෑ. අපි තනිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියටයි මැතිවරණයට යන්නේ. අපි හවුල් ආණ්ඩුවක ඉන්නවා කියලා සමහරු විවිධ මත පළකරනවා නමුත් අපි හවුල් ආණ්ඩුවට එකතු නොවුණ නම්, දෙමළ සංධානය සමග එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවක් පිහිටුවාවි. ඒ නිසයි ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවක් සඳහා අපිට ආරාධනා කළේ.අපි ජාතික ආණ්ඩුවට එකතු නොවුණ නම් එක්සත් ජාතික පක්‍ෂය අපේ අයගේ ගෙවල් ගිනි තියන හැටි පළිගන්න හැටි අපි දන්නවා. සමහරු ජනතාවට වැරදි ආකල්පයක් ඇතිකරන්න උත්සාහ කරනවා. ඔබම හිතන්න අපි ජාතික ආණ්ඩුවට ගිය එක වැරදිද?.අපි මේ ඉන්නේ මැතිවරණ දෙකක් පරාජය වෙලා. එදා අපි ජනාධිපතිවරණය දිනන්න නොකළ දෙයක් නෑ. කෝටි ගණන් සල්ලි වියදම් කළා. අපිට සල්ලි දුන්නා. අපි සංවර්ධන කටයුතු කළා. මිනිස්සුන්ට දෙන්න පුළුවන් හැමදේම කළා. මැතිවරණයට ආණ්ඩුව අපිට සියලූම දේ දුන්නා.ඒත් අන්තිමට අපි පරාදයි. බැනර් කටවුට් පෝස්ටර් නෑ. ප‍්‍රචාර නෑ. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළා.මහින්ද රාජපක්‍ෂ මහත්තයා තිස්වසරක යුද්ධය දිනුවා. එතුමා වැරදිකළා කියලා මම කියන්නේ නෑ. නමුත් එතුමාගේ වටේ සිටිය ගෝල - බාලයින් නෑයන්. වේයන් නිසයි එතුමාට මේ ශාපය අත් වුණේ.පරාජය වුණ අපි කැන්ද කොළෙන් හරි මොන කොළෙන් හරි ඉල්ලලා මහින්ද අගමැති කරලා මේකෙන් ගොඩ එමු කියලා මහ මැතිවරණයට ගියා. අපි එකත් පරාදයි.එදා අපි විදුලි පුටුව ගැන හරිම බයෙන් හිටියේ. විමල් වීරවංශ සහෝදරයා ගිරිය පුප්පලා වේදිකාවල ජාත්‍යන්තරයේ විදුලි පුටුව ගැන කියද්දි අපිව ඉඳන් ඉන්න පුටුවලින් නැගිට්ටුණා හිටපු ජනාධිපතිවරයා විදුලි පුටුවට ගෙනියයිද, රණවිරුවන් ගෙනියයිද කියලා අපි බයෙන් හිටියා. නමුත් අපි සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවලා වත්මන් ජනාධිපතිවරයා ඒ සියල්ල ජය ගත්තා. ජාත්‍යන්තරය ජයගෙන එකින් එක තහනම් ජයගත්තා.සමහරු කියනවා ඔන්න ඉන්දියාවට වික්කා, චීනයට වික්කා, ජපානයට වික්කා කියලා, අපි මේ රටේ එක බිම් අඟලක් විකුණන්නේ නෑ. විකුණලා කියන දේවලූත් බද්දට හරවනවා. අපි ඉන්න තාක් කල් මේ රටේ එක බිම් අඟලක් විකුණන්න දෙන්නෙත් නෑ. වත්මන් ජනාධිපති වරයා යටතේ එවැනි කිසිම දෙයක් සිදුවන්නේ නෑ.එතුමා රටට අහිතකර කිසිම තීන්දුවක් ගන්නේ නෑ. අපේ එකම අරමුණ ඉදිරි මැතිවරණ වලදී, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග‍්‍රහණය කරවලා ශ්‍රී ලංකා පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමයි. ඒ සඳහා අප සියලූ දෙනාම අත්වැල් බැඳගෙන සමගියෙන් කටයුතු කරමු කියාත් අපගේ අරමුණ ඉටුකර ගනිමු කියාත් මා ඔබට සිහිපත් කරනවා යැයිද ඔහු පැවසීය.ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක පළාත් සභා මංත‍්‍රී නිලන්ත රාජපක්‍ෂ යන මහත්වරුද සභාව ඇමතූහ.මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය ඇමති ලක්‍ෂමන් වේඬරුව, ශ්‍රී ලංකා පක්‍ෂ ජාතික තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බංඩාර යන මහත්වරුද ආසන සංවිධායක වරුන් හිටපු ප‍්‍රාදේශීය සභා මංත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ඉකුත් රජයේ අය සොරකම් කළා කියමින් ආණ්ඩුවේ අයට සොරකම් කිරීමේ අයිතියක් නෑ
1
hp_train_2115
(අජන්ත කුමාර අගලකඩ)වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කරනු ලැබ සිටී.ඔහුට හිමි පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පිරිනමන ලදී.හිටපු පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා ආරක්ෂක අමාත්‍යංශ උපදේශක ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරන ලදී.ඊට අමතරව අගවිනිසුරු ලෙස නීතිපති ජයන්ත ජයසුරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.වැඩබලන නීතිපති ලෙස සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ද නව විගනකාධිපති ලෙස චූලන්ත වික්‍රමරත්න මහතා ද පත්කර ඇත.
නව ජනාධිපති නීතීඥවරු තිදෙ⁣නෙක්
0
hp_train_2116
ශ්‍රී ලංකාව  හරහා නිරිත දිග  මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපනය වෙමින් පවතින නිසා  නිරිතදිග ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවලට සහ අවට මුහුදු ප්‍රදේශවලට විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකියි‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259065වැසි ස්වල්පයක්මඩකලපුව33268565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269575වැසි වාර කිහිපයක්.ගාල්ල30269075වැසි වාර කිහිපයක්.යාපනය32278575වැසි ස්වල්පයක්මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය20149575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32259575වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය34269060අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31278575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  පෙරවුරු 5.30ටශ්‍රී ලංකාව ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වය ස්ථාපිතව ඇති බැවින් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් කඳුකර ප්‍රදේශ සහ මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් සඳහන් කරයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
‘වැසි වළාකුළු ඈතට ගමන් කරයි‘
0
hp_train_2117
(මොහොමඩ් ආසික්)පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වශයෙන් ආණ්ඩු පක්ෂයට ලබා දෙන සහාය ඉවත් කර ගෙන සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් මින් ඉදිරියට කටයුතු කරන බව පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ඒ. එල්. එම්. රසාන් මහතා අද  (09) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ප්‍රකාශ කළේය.සභාපති අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පූජාපිටියේ පිහිටි ප්‍රාදේශිය සභාවේ රැස්වීම් ශාලාවේදී  අද  මෙම රැස්වීම පැවැත්විණ. මෙයට වසරකට පෙර පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා ගැනීම සදහා තීරණාත්මක සාධකය වූ ශ්‍රී ලංකා මුස්ලිම්  කොංග්‍රසයේ මන්ත්‍රි ඒ. එල්. එම්. රසාන් මහතා අද (09) ආණ්ඩු පක්ෂයට ලබා දෙන සහාය ඉවත් කර ගැනීම සඳහා බලපෑ ආසන්නතම හේතුව වූයේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ වැඩමුළුවක් සඳහා පරිසර කමිටුවේ සභාපතිවරයා වශයෙන් උප සභාපතිවරයා සහ පරසර නිලධාරිනිය  ඉන්දියාවට යැවීම සඳහා ඉදිරිපත්ව තිබූ යෝජනාවකට මන්ත්‍රවරුන්  පිරිසක් විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි. සභාව ආරම්භයේදී මෙම යෝජනාව  සභාපතිවරයාගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් වුවද සභාපතිවරයා සඳහන් කළේ මෙය තමාගේ යෝජනාවක් නොවන බවය. ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ වැඩමුළුව සඳහා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මැයි මස 30 සහ 31 දිනවල සහභාගි වීම සඳහා  පරිසර කමිටුවේ සභාපතිවරයා ලෙස උප සභාපතිවරයාත් පරිසර නිලධාරිණියත් යැවීම සදහා මහ සභාවේ අනුමැතියට ඉදිරිපත් කළ බවය. කෙසේ නමුත් මෙම යෝජනාවට ඇතැම් මන්තත්‍රීවරුන් විරුද්ධ වීම නිසා යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීමක් අවශ්‍ය බව ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ. කෙසේ නමුත් ඡන්දයක් විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සභාව විනාඩි 10 කට කල් තැබූ අතර ඉන් අනතුරුව උප සභාපතිවරයා ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරුන්ගේ විරුද්ධාතාවය මත විදෙස් ගතවීමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බවත්  ලබන සතියේ තමන් පෞද්ගලික ගමනක් එම රටටම යන බවත් එවැනි ගමන් රැසක් තමන් ගොස් අති බවත් කීය. එම නිසා එම යෝජනාව ඉල්ලා අස් කර ගන්නා බවත් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම යෝජනාව සභාපතිවරයා ඉල්ලා අස් කර ගත්තේය.
පූජාපිටිය ප්‍රා. සභාවේ උප සභාපති ඉවත් වෙයි
1
hp_train_2118
(දිලීප් ජයසේකර)හම්බන්තොට නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන් සිදුකළ වැටලිමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග හම්බන්තොට ගොන්නොරුව පහළ අන්දරවැවදී පුද්ගලයෙකු අද  (22) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්සමහාරාම ,දෙබරවැව ,පොල්ගහවැලෑන පදිංචි 52 හැවිරිදි සැකකරුවෙකි. මෙම සැකකරු තිස්සමහාරාමයේ සිට පැමිණ ගොන්නොරුව අන්දරවැව ප්‍රදේශයේ කෙසෙල් කොරටුවක් කරන මුවාවෙන් කැලයක සකස්කර ඇති වාඩියක සිට දඩ මස් ජාවාරමේ නිරත වී ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත. අන්දරවැව ප්‍රදේශයේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේද සහාය ඇතිව මෙම සැකකරු කලක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ. සැකකරු සම්බන්ධයෙන් හම්බන්තොට නාවික හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද ඔත්තුවකට අනුව හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන් මෙම වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
1
hp_train_2119
රුපියල් ලක්ෂ පහලොවක්  පමණ වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන  ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිනි කොරියානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සහ රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.සැකකරු 40 හැවිරිදි  වියේ පසුවන පුද්ගලයෙකි. ඔහු පසුගිය සිකුරාදා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව රේගුව කියයි.අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් ප‍්‍රමාණය  ඇමරිකානු ඩොලර් එකොලොස් දහස් හත්සීයකි.  සැකකරු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 123 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.එහිදී  සහකාර රේගු අධිකාරී අසංක ප‍්‍රියදර්ශක මහතාට ඇති වූ සැකයක් මත ඔහුගේ  ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මෙම මුදල් තොගය සොයාගෙන ඇත.මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් පේ‍්‍රමරත්න මහතා විසින් එම මුදල් රාජසන්තක කර කොරියානු ජාතිකයාට තරයේ අවවාද කර ඔහු මුදා හැරියේය.මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අදිකාරී රංජිත් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන  අසංක ප‍්‍රියදර්ශන,  ඩබ්ලිව්.එල්.ඞී.ආර් දි අල්විස්, ටී.ඒ.ඞී.පී පෙරේරා,  එච්.ඒ.ඞී.ඞී දේවනාත්, ඞී.එම්.පී ප‍්‍රනාන්දු, ජී.කේ.එන් පෙරේරා, ආර්.සී.ඞී ගම්ලත්, ඒ. ඥානමොහාන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.
හොර ගල් ඇහිලුවත් හොරේ එළියට
0
hp_train_2120
(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)ස්වභාව ධර්මයත් ආණ්ඩුවට එරෙහි වෙලාද, අන්තවාදී පිරිස් කවුද, ආණ්ඩුව ඇතුලේ සංහිඳියාව, ඇමැති සංශෝධනයට ශ්‍රීලංනිපය කළ බලපෑම, හම්බන්තොට වරාය විකුණනවාද, කළුතර ගංවතුර වෙලාවේ දී සිටියේ කොහේද යනාදී කරුණු ගැන වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළි දක්වමු. ප්‍රශ්නය:- ජනතාව අතරින් මතුවන විරෝධය වගේම ස්වභාව ධර්මයත් ආණ්ඩුවට එරෙහි වෙලා නේද?පිළිතුර:- ඔය වගේ විහිළු කතා දැන් නිතර ඇසෙනවා. මේ ආණ්ඩුවට වසර දෙක හමාරක් වුවත් ජනතාවගේ පැත්තෙන් පුදුම නිදහසක්. සහනයක් ලබාදී තිබෙනවා. බියෙන් සැකෙන් තොරව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න මාධ්‍යයට දී තිබෙන නිදහස කොපමණද? ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් තහවුරු කර තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමට අපේ රට ලක්වන තැනට කටයුතු කර තිබීමම සුළුකොට තකන්න පුළුවන්ද?මේ අනුව මේ ආණ්ඩුවට ඇති පිළිගැනීම දෙස බැලුවාම ඔය අන්තවාදීන් පිරිස් අතරින් එන විරෝධතාව මිසක් කලින් තිබු පාලන තන්ත්‍රයට වඩා තමන්ට නිදහසේ ජීවත් වෙන්න හැකියාව ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවෙන් ශක්තිමත් කරන ආණ්ඩුවක් අද තිබෙන බව සමස්ත ජනතාව දන්නවා.මේ ආණ්ඩුවට වෙනත් විකල්ප නෑ. ගෝල්ෆේස් එකට ලක්ෂයක් මිනිස්සු පිරෙව්වට ජනතාව එහෙම ගිහින් නෑ. වෙන ආණ්ඩුවක් ඕන කියා මේ රටේ බහුතරය කියන්නේ නෑ. එහෙම නම් ඔය අය ගිය ජනාධිපතිවරණයේදී කොතරම් සෙනග පෙන්නුවද? සමහර මාධ්‍ය අල්ලගෙන ඉදිරිපත් කරන චෝදනා, අන්තවාදී අදහස් වැටුප් ගෙවා සමාජ ජාල මාධ්‍ය හරහා ගෙනයන වැඩපිළිවෙළ මත ආණ්ඩුවට විරෝධතාවක් තියෙනවා කියා තක්සේරු කරන්න බැහැ. හැබැයි ආණ්ඩුවට අභියෝග තිබුණා. ඇතැම් ඒවා දවසින් දෙකෙන් ජයගන්න බැහැ. ඉතින් ඒවා ජයගන්න වැඩ කරගෙන යනවා. මැතිවරණයකට යන අවස්ථාවේ ජනතාව මේවා තේරුම් අරන් ප්‍රසාදය, අප්‍රසාදය තිබෙන්නේ කාටද කියා පෙන්නාවි.ප්‍රශ්නය:- අන්තවාදී පිරිසක් ගැන ඔබ කිව්වා. මේ ඔබ ඇඟිල්ල දිගුකරන්නේ ඔබේම පක්ෂයේ එකට සිටි පිරිසකට ද?පිළිතුර:- නෑ මම සමස්තයක් හැටියටයි කිව්වේ. දේශපාලන පක්ෂ දිහා බැලුවේ නැහැ. අපේ සමාජයේ සෑම ජන කොටසකම අන්තවාදී පිරිස් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මේවා අපි බලාපොරොත්තු වෙන්නත් ඕන. අපි අමාරුවෙන් ගොඩනගා තිබෙන දේශපාලන, සමාජ, ආර්ථික ස්ථාවරභාවය අස්ථාවර කරන්න, ජනතාව කුපිත කරන්න, ජනතාව බෙදන්න, ජනතාව අතර වෛරයක් පතුරුවන්න දේශපාලන න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක වීම ව්‍යවස්ථා විරෝධී වැඩක්. රටේ නීති රීතිවලට පටහැනියි. එවැනි වැඩට ඉඩ දෙන්න බෑ. ඒවාට ඉඩ දුන්නොත් අපි ගොඩනගන්න යන සමගිය කඩාකප්පල් වෙනවා. සුළු ජන කොටස් ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳින්න සංවිධානාත්මක වැඩ කෙරෙනවා. වැරැදි පණිවිඩ යවන්න හදනවා. මේවා කඩාකප්පල් කියා. මේවායේ තිබෙන්නේ දේශපාලන ඉලක්කයක්. එවැනි දේට ආණ්ඩුව තදින්ම කටයුතු කරන්න සූදානම්. අදාළ කටයුතු පොලිසිය හරියට කරන්නේ නැත්නම් හමුදාවටත් ඒ වගකීම් පවරන්න සුදානම් කියා ජනාධිපතිතුමා තදින්ම කිව්වා. සමගිය ශක්තිමත් කර සංහිඳියාවට යන ගමන සාර්ථක කරගන්න අවශ්‍ය පියවර කිසිදු බියකින් තොරව ගන්න අපි සූදානම්.ප්‍රශ්නය:- ආණ්ඩුව ඇතුළේ සංහිඳියාවක් ගොඩනගා ගන්න බැරි නම් පිටත සමාජයේ, රටේ සංහිඳියාවක් ඇති කරන්නේ කොහොමද?පිළිතුර:- ප්‍රධාන පක්ෂ දෙක එකතු වී තිබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. මේ ආණ්ඩුවට පෙරහුරුවක් නෑ. විටින් විට ප්‍රශ්න ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි අතර හොඳ අවබෝධයක් තිබෙනවා. හොඳ සහයෝගයෙන් වැඩ කරන අධිෂ්ඨානයක් තිබෙනවා. ප්‍රශ්න ඇතිවුණාම නායකයන් දෙන්නා අවශ්‍ය වෙලාවට මැදිහත් වී සමථයකට පත් කරනවා. රට ඉදිරියට ගෙනයන්න නායකයන් දෙදෙනා අතර තිබෙන අවංක වුවමනාව කඩාකප්පල් කරන්න කාටවත් ඉඩ ලැබේවි කියා මම සිතන්නේ නෑ.ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි බරපතළම ප්‍රශ්න ඇතිවෙලා නැහැනේ. සමහර සිදුවීම් සමහර මාධ්‍ය විකෘති කරනවා. ලොකු ප්‍රශ්න ඇති බව පෙන්වන්න හදනවා. නායක දෙපළ එකට සිටිනවා නම් අපිටත් තිබෙන්නේ එහෙම කටයුතු කරන්නයි.ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ඇමැති සංශෝධනය වී සෑහෙන දවසක් ගත වුවත් අදාළ විෂය ගැසට් කිරීමට නොහැකි වුණේ දෙපාර්ශ්වයේ පවතින අර්බුදයේ ප්‍රතිඵලයක් නිසා නොවේද?පිළිතුර:- එහෙම කිසිම ප්‍රශ්නයක් තිබෙනවා කියා මම සිතන්නේ නෑ. ගිය සතියේ අගමැතිතුමා රටේ සිටියේ නැහැ. ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් අනුමැතියෙන් දැන් ගැසට් එක නිකුත් වුණා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ලොකු ප්‍රමාදයක් නැහැනේ.ප්‍රශ්නය:- ඇමැති සංශෝධනයම ආණ්ඩුවේ අභ්‍යන්තර අරගලයේ පිපිරී යාමක් නේද?පිළිතුර:- නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. තනි ආණ්ඩුවක් තිබුණත් මේ සම්මුති ආණ්ඩුවේ වුණත් ඇමැති සංශෝධන කළ යුතු නම් කරන්න වෙනවා. ඉතිහාසයේදීත් විටින් විට ඇමැති සංශෝධන කළා. ඒවා කරන්නේ වැඩි කාර්යක්ෂමතාවකින් නව මුහුණුවරකින් ජනතාව බලාපොරොත්තු වන වැඩ පිළිවෙළක් සමග ඉදිරියට යන්නයි.මම නිපුණතා සංවර්ධන ඇමැති හැටියට මගේ කාලයේ ලොකු විප්ලවයක් කළා. දැන් මට විශාල අභියෝග තිබෙන අමාත්‍යාංශයක් බාර දී තිබෙනවා. යම් යම් ප්‍රශ්න තිබේ නම් ඒවා විසඳන්න කළ යුතු වෙනස්කම් කරන්න පක්ෂ දෙකේ නායකයන් දෙන්නා එකට වාඩි වී කතා කර තීන්දු ගන්නවා. මට දුන්නේ එජාපයට දී තිබූ ඇමැති කමක්. රවී කරුණානායක ඇමැතිතුමාට දී තිබෙන්නේ හොඳම ඇමතිකමක්. මංගල ඇමැතිතුමාටත් ඉහළම ඇමැතිකමක් දී තිබෙනවා. ඒ අය අඩු තක්සේරුවකට ලක්කර නෑ. පොඩි වෙනසක් කළා. ඒ වෙනස හරහා අලුත් මුහුණුවරකින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. කාවවත් වැට්ටුවේ නැහැ.ප්‍රශ්නය:- මේ වෙනස කරන්න වැඩියෙන්ම බලපෑම් කළේ ඔබේ පක්ෂයයි. ඇයි එතරම් අවශ්‍යතාවයක් තිබුණේ?පිළිතුර:- සංශෝධනයකට ගියොත් හොඳයි කියා අපිත් කිව්වා. හැබැයි අරයා මාරු කරන්න මෙයා මාරු කරන්න කියා අපි කිව්වේ නැහැ. ජනාධිපතිතුමත් ඒ මතයේ හිටියා. මේ රටේ  සිවිල් සමාජය, ජනතාව ඒ මතයේ හිටියා.අගමැතිතුමත් ඒ මතයට ආවා. ජනතා බලාපොරොත්තු වඩා හොඳින් ඉටු කරන්න පුළුවන් කියා එතුමත් සිතුවා. ශ්‍රීලනිපය මන්ත්‍රීවරු හැටියට අපි ලොකු බලපෑමක් කළේ නැහැ. එජාපයේ සමහර මන්ත්‍රීවරු පවා ජනාධිපතිතුමා හමුවී ඇමැති සංශෝධනයක් ජනතාව බලාපොරොත්තු වන බව කියා තිබුණා. මේ හැමෝටම ඇහුන්කන් දී තමයි නායකයන් දෙදෙනා මේ තීරණය ගත්තේ.ප්‍රශ්නය:- හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව අර්ජුණ රණතුංග ඇමැතිවරයා දැඩි ස්ථාවරයක සිටියා. ඔහුගෙන් බැරි වූ දේ ඔබ ලවා කර ගන්නද මේ ඇමැති ධුරය මාරු වුණේ.පිළිතුර:- හම්බන්තොට වරාය විකුණන්න කිසිම අවස්ථාවක රජය තීරණයක් ගෙන තිබුණේ නැහැ. බදු දීමක් ගැන පමණක් සාකච්ඡා කළා. අර්ජුන ඇමැතිතුමා වරාය පැත්තෙන් සිතා අදහස්, යෝජනා ඉදිරිපත් කළා. මේ ගනුදෙනුවට යනවාට එතුමා විරුද්ධ වුණේ නැහැ. ගනුදෙනුවට යනව නම් යම් යම් කොන්දේසි ගිවිසුමේ තිබිය යුතු බව එතුමා කිව්වා. මම ඉන්නෙත් ඒ මතයෙම තමයි. මේ වරාය අයිති ශ්‍රී ලංකා වරාය අධිකාරියට. එය ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ නීතියට අනුව. වරාය අධිකාරියේ පනත අනුව. ඒ පනත උල්ලංඝනය කරන්න කාටවත් බැහැ. කෙරෙන ආයෝජනයක් කෙරෙන්න ඕන රටේ නීති රාමුව තුළයි.ඒ වගේම අපේ ජාතික අවශ්‍යතාවක් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවට න්‍යෂටික බලය තිබෙනවා. චීනය කියන්නේ තවත් න්‍යෂ්ටික බලයක් තිබෙන රටක්. පාකිස්තානයත් එහෙමත් ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂක කටයුතු ගැන නිරන්තරයෙන්ම ඇමෙරිකාව පසු විපරමෙන් ඉන්නවා. න්‍යෂ්ඨික බලයක් තිබෙන රටකට මේ රටේ මෙවැනි ආයෝජනයක් කරන්න ඉඩ දෙන විට ආරක්ෂක පැත්ත ගැන විශේෂයෙන් බලන්න ඕන. අපි මේ ආයෝජනයට ඉඩ දෙන්නේ සම්පූර්ණයෙන් ආර්ථික පැත්ත බලලා. ඒකෙන් ඉවත් වෙන්න ඉඩදෙන්න බැහැ. අපේ නාවික හමුදාවේ වගකීම පැහැර හරින්න බැහැ. හාබර් මාස්ටර්ගේ නීත්‍යානුකූල බලතල ඒ විධියටම තියෙන්න ඕන. රේගුව ආගමන විගමන ක්‍රියාවලි ක්‍රියාත්මක වෙන්න ඕන. මේ සියල්ලක්ම අපි මේ ගිවිසුමට ඇතුළත් කරනවා.මේ සාකච්ඡා තිබෙන්නේ මගේ අතේ. කවුරුවත් ඒකට ඇඟිලි ගසන්නේ නෑ. චීන සමාගම සමග මම සාකච්ඡාවට දෙකක් පැවැත්වුවා. තව සාකච්ඡා කරනවා. ඒ අතර මේවා ගැන නායක දෙපළක් දැනුවත් කරනවා.අවසන් තීරණවලට එන්නේ ඒ දෙන්නාගේ අදහස් අනුවයි. නීතිපතිගේ අනුමැතිය කැබිනට් අනුමැතිය ලැබුණට පසුවයි ගිවිසුමක් අත්සන් කරන්නේ. මෙවැනි කෙටි මාර්ග නැහැ. ජාතික අවශ්‍යතාව කප්පාදු නොවන ලෙස අඩපණ නොවන ආකාරයට රටේ නීති රීති ක්‍රියාත්මක කළ හැකි ආකාරයට ගිවිසුමේ සියලු කොන්දේසි සාකච්ඡා ගිවිසුමක් අත්සන් කරනවා. මම මෙතනට පත් කර තිබෙන්නේ තිබුණු හැටියටම මේක දීලා දාන්න නෙමෙයි. දැන් මම වගකීම දරනවා.ප්‍රශ්නය:- විදේශ ඇමැති වෙන්න බලා සිටි ඔබ වරාය ඇමැති වීම ගැන මොකද කියන්නේ?පිළිතුර:- මේ ඇමැතිකම ලැබෙයි කියා නොසිතූ අවස්ථාවක එය ලැබී තිබෙනවා. මම වෘත්තියෙන් ආර්ථික විද්‍යාඥයෙක්. මෙවැනි අමාත්‍යාංශයක් මෙහෙයවන්න මට දැනුම තියෙනවා. අධ්‍යාපනය තිබෙනවා. පළපුරුද්ද තිබෙනවා. කොළඹ  වරාය දැන් තිබෙන්නේ ලෝකයේ වරාය අතර 23 වැනි තැන. එය තවත් හොඳ තැනකට ගෙන යාම මගේ අරමුණයි. වෘත්තීය සමිති සමග ඉතා සුහදව කටයුතු කරමින් වරායේ කාර්යක්ෂමතාව, ඵලදායීතාව නැංවීමට කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපට අයිති අනෙක් වරායවල් ද සංවර්ධනය කර මෙරට ආර්ථිකය ශක්තිමත් කරන්න ලොකු සේවයක් මේ අමාත්‍යාංශයෙන් කරන්න පුළුවන්. ඒ නිසා මේ අමාත්‍යාංශය ලැබීම ගැන සතුටු වෙනවා. වෙන දෙයක් මම බලාපොරොත්තු වුණේ නැහැ.ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ දිනවන්න වැඩ කළ ඔබලා අද මේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිකමක් දරනවා. මොකද්ද ඔබගේ ස්ථාවරය?පිළිතුර:- හැම විටම පක්ෂයේ නායකයා සමග සිටීමයි මගේ ස්ථාවරය. කවුද නායකයා ඔහුත් සමග ඉන්න ඕන. පක්ෂක නායකයො දෙන්නෙක් නැහැ. ඒ වෙලාවෙ මම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හිටියේ එතුමා එවෙලේ පක්ෂයේ නායකයා සහ නිල අපේක්ෂකයා වූ නිසයි. හැබැයි මෛත්‍රී ජනාධිපතිතුමාට පක්ෂය බාර දුන්නට පස්සෙ මම මහින්ද මහත්තයත් එක්ක ඉන්නෙ කොහොමද? මම ඉන්නේ නිල පක්ෂයත් එක්ක. හැම පාක්ෂිකයෙක්ම එහෙම සිතුව නම් ශ්‍රීලනිපයෙ බෙදීමක් ඇති වෙන්නෙත් නෑ. අපි දැන් එතැනට ගමන් කරමින් සිටිනවා. පළමු මැයි දින රැලියේ දී අපට හයිඞ් පිටිය පුරවන්නත් බැරිවුණා. සමහරු ඇවිත් මූණ පෙන්නලා කිරුළපනට ගියා. හැබැයි ගාල්ලට විශාල පිරිසක් ආවා. මෙවර ගැටඹෙට ඓතිහාසික සෙනඟක් ආවා. දැන් පාක්ෂිකයන් පක්ෂයට එන්න පටන් ගෙන බව පැහැදිලි වෙනවා. පක්ෂය බෙදුණොත් වෙනත් අයට වාසිය යන බව මේ අය තේරුම් අරන්. ශ්‍රීලනිපය කැඩුණොත් ඒක රටේ අනාගතයටත් බලපානවා. එදා මහින්ද මහත්තයට තිබූ සියයට අනූවේ ප්‍රතිශතය දැන් ගොඩක් බැහැලා. ඉදිරියේ දී අපට ආණ්ඩුවක් පිහිටුවන්න ශක්තිය තිබෙන්නේ මහින්ද මහත්තය ළඟ නෙමෙයි. මෛත්‍රී ජනාධිපතිතුමා ළඟ බව පාක්ෂිකයන් වටහා ගෙන තිබෙනවා. මහින්ද මහත්තය දෙවරක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා. පක්ෂයට නව බලයක් වත්මන් ජනාධිපතිතුමා යටතේ ලැබී තිබෙනවා. 2020දී අපේ ආණ්ඩුවක් මෛත්‍රී ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා.ප්‍රශ්නය:-තෙවරප්පෙරුමලා, වෙල්ගමලා ගංවතුරේ බැහැගෙන කළුතර ජනතාව බේරා ගනිද්දී මහින්ද සමරසිංහලා සිටියේ කොහේද?පිළිතුර:- ඔය පිංතූරවලට පෙනී සිටීමේ ගේම් එකේ මම නැහැ. දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රධානියා හැටියට පාන්දර 5.30 සිට ක්‍රියාත්මක වී ආරක්ෂක අංශ සමග කතා කර කළුතරට අවශ්‍ය උපකරණ හා පිරිස් බලය ලබා දුන්නේ මම. කළුතර කච්චේරියේ වාඩිවී සාකච්ඡා පවත්වා සියල්ල මෙහෙයවීම කළා. බඩු බෙදන්න කියා බත් පැකට් එකක් තබා ශත පහක් මම වරායෙන් ගත්තේ නැහැ. හැබැයි සෑහෙන බඩු තොගයක් ජනතාවට ලබා දුන්නා. හැබැයි මම වතුරෙ බැහැලා පිංතූර ගත්තෙ නැහැ. සමහරු ඒවට දක්ෂයි. පාලිත හොඳ වැඩ කොටසක් කළා. ඒක තමයි එතුමගෙ චරිතය. හැම වෙලාවෙම එතුම එහෙම කරනවා. හැබැයි සමහරු එක දවසක් සරම ටිකක් උස්සගෙන වතුරට බැහැලා පිංතූරයක් අරගෙන මාධ්‍යයේ පළ කළා. හැබැයි කරපු දෙයක් නෑ. ඒ වගේ අයත් ඉන්නවා. මම දිස්ත්‍රික්කයට අවශ්‍ය නායකත්වය දුන්නා. වන්දි ගෙවීම සහ අනෙක් අවශ්‍යතා ඉටුකර දීමටත් කටයුතු කරනවා.ප්‍රශ්නය:- විපතින් මියගිය අයකුට ලක්ෂයක වන්දියක් ගෙවන්න. ආණ්ඩුව මියගිය ත්‍රස්තවාදියකුට ලක්ෂ 20ක් ගෙවීම සාධාරණ ද?පිළිතුර:- මුලින් දුන්නෙ රුපියල් 15,000යි. ඒක ලක්ෂයක් කළේ අපේ ආණ්ඩුව. ලක්ෂයක් ගැන කතා නොකර අවශ්‍යතාව අනුව කටයුතු කරන්න තීරණයක් ගෙන තිබෙනවා. සමහර දේවල් කියන්නේ ඉතිහාසය අමතක කරලා. 15,000දාහ  ලක්ෂයක් කළා කියා කවුරුවත් කියන්නේ නෑ.
ඇමැති මාරුවෙන් කවුරුත් වැටුණේ නෑ
1
hp_train_2121
දෙවුන්දර, වැල්ලමඩම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර 60 ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.   සැකකරු බිත්තර තොගය රැගෙන යමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා 50 වැනි වියෙහි පසුවන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.  අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කැස්බෑබිත්තර තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු ගන්දර, පොලිසිය  සිදු කරනු ලබන අතර  නාවික හමුදාව විසින් කළ දැනුම්දිමකට අනුව ගන්දර පොලිසියේ නිලධාරින්  අත්අඩංගුවට ගෙන තිබේ.(36698)
කැස්බෑ බිත්තර සමඟ අයෙක් අත්අඩංගුවට
1
hp_train_2122
බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  කියයි.  ඇතැම් ස්ථාන වලට මිලි මීටර් ‍50 ට වඩා වැඩි විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. 
‘ප්‍රදේශ රැසකට අදත් ගිගුම් සහිත වැසි‘
0
hp_train_2123
ගුවන්තොටුපළ හා ගුවන් සේවා  (ශ්‍රී ලංකා) සමාගම වාර්ෂිකව පවත්වනු ලබන නත්තල් වෙළද සැණකෙළියේ   ප‍්‍රථම ත්‍යාගය වු  අයිඩියල් චෙරි ඔටෝ මොබයිල්  නව චෙරි ජේ3 මෝටර් රථය  මෙවර හිමිකරගැනීමට ඉන්දියන් ජාතිකයෙකු වු දීපේෂ් ප‍්‍රදාන් මහතා සමත් විය.කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සේද මාවතේදී  අද  පැවැති  නත්තල්  වෙළද සැණකෙළියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති ආනන්ද විමලසේන මහතා විසින් ජයග‍්‍රාහී මෝටර් රථයේ යතුර  දිනේෂ් ප‍්‍රදාන් මහතාට බාර දුන්නේය.ගුවන්තොපොළෙහි පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්තයන්හි තීරු බදු රහිත අලවිසැල් සමග ඇතිකරගත් සහයෝගීතාවයෙන් මෙම ප‍්‍රවර්ධණ වැඩසටහන පැවැත්වුණි.මෙවර මෙම සැනකෙළියේ සජීවී අත්දැකීම් ලබා ගැනීමට මෙරටට ඇතුළුවන ප‍්‍රධාන දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා මෙරටට පැමිණෙන හා මෙරටින් පිටවන මගීන් හට මෙන්ම  දෙවන ජාත්‍යන්තර  ගුවන්තොටුපල වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිතා කරන මගීන් සඳහාද ලබා දීමට කටයුතු යොදා තිබුණි.ගුවන්තොටුපලවල් දෙකෙහිම ඇතුල්වීමේ හා පිටවීමේ පර්යන්තයන්හි තීරුබදු රහිත අලෙවි සැලකින් ඇමරිකානු ඩොලර් 10 ක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් මිලදී ගැනීමක් කරනු ලැබූ සෑම ගුවන් මගියෙක්ම මෙම විශේෂ දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබු අතර එයින් වාසනාවන්තයින් නව දෙනෙකු තෝරාගන්නා ලදී.මෙහි ප‍්‍රථම ත්‍යාගය ලෙස අයඩියල් චෙරි ඔටෝ මෝබයිල් පුද්ගලික සමාගම විසින් පිරිනැමුන නවතම චෙරි ජේ3 මෝටර් රථය ඉන්දියන් ජාතිකයෙකු වන දිනේෂ් ප‍්‍රදාන් මහතාට හිමිවුණි.කැනඩාවේ පදිංචි ශ‍්‍රී ලාංකිකයෙකු වන කේ.ජී ලහිරු ඉෂාන් සමරනායක රුපියල් ලක්ෂ පහක ත්‍යාගයක්ද,  ඕස්ටෙ‍්‍රිලියාවේ පදිංචි ශ‍්‍රී ලාංකිකයෙකු වන බර්නඞීන් ද සිල්වා රුපියල් දෙලක්ෂ පනස් දහසක්ද, කැළණියේ ජී.එමි.ඒ.ඒ.අයි පෙරේරා රුපියල් එක් ලක්ෂ පනස් දහසක්ද ඉන්දියන් ජාතිකයෙකු වන සංජීව කුමාර් අගර්වාල් රුපියල් ලක්ෂයක්ද හිමිකරගත්තේය.මීට අමතරව බත්තරමුල්ලේ සුනිල් ජයවර්ධන 40‘‘ සැම්සුන්ග් රූපවාහිණී යන්ත‍්‍රයද, කඩුවෙල ජී.කේ.එල් විජේතිලක එල්.ජී දොර දෙකේ ශීතකරනයක්ද, කොළඹ 03 නිශාන්ති රත්වත්ත සිංගර් ලැප්ටොප් යන්ත‍්‍රයක්ද, දුම්මලසුරිය කේ.පී.ජී පෙරේරා අරිස්ටන් ලිප් පහේ උඳුනක්ද හිමිකරගත්තාය.මෙම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා අයිඩියල් චෙරි ඔටෝ මෝබයිල් සමාගම, නේෂන් ට‍්‍රස්ට් බැංකුව සහ ඩයලොග් සමාගම අනුග‍්‍රාහකත්වය දැරීය.මෙම  වෙළඳ සැණකෙළියට සමාගාමීව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම තීරුබදු රහිත අලෙවිසැල් සමගින් එක්ව  ආබාධිත දරුවන් දස දෙනෙකුට විශේෂ රෝද පුටු සහා රුපියල් 135,000 ක මුදල් පරිත්‍යාගයක්ද මෙහිදී සිදුකරනු ලැබීය.මෙම අවස්ථාවට ගුවන්තොටුපල සහ ගුවන් සේවා ශ‍්‍රී ලංකා සමාගමේ සභාපති ආනන්ද විමලසේන, උප සභාපති සංජීව විජේරත්න සමග අයිඩියල් චෙරි ඔටෝ මොබයිල් සමාගමේ උප සභාපති අරවින්ද ද සිල්වා මහතා ඇතුලූ අනුග්‍රාහකයෝ රැසක් එක් වුහ.       
ගුවන්තොටේ ලොතරැයි කාරය ඉන්දියාවට
1
hp_train_2124
(ඩයනා උදයංගනී)නිරිතදිග මෝසම් කාලගුණ තත්වය ස්ථාපිත වෙමින් පවතින නිසා පළාත් කිහිපයකට ඉදිරි දිනවලදීත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු පළාතේත්, අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40ක 50 ක පමණ වේගවත් සුළං හැමිය හැකි බව ඔහු පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
නිරිතදිග මෝසම නිසා තද වැසි
1
hp_train_2125
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක  මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා.   අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා.   මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්.  ජෝන් අමරතුංග  මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය.  සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන්  මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  එඩ්වඩ් ගුණසේකර  මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි.  එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන්  මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්.  මුජිබර් රහුමාන්  මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.    ගයන්ත කරුණාතිලක  මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා.   කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම  මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.  හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.  රිෂාඩ් බදුයුදීන්  මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතාන‍ගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක  මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා.  පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන.  යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්.  ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා.    එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා.  බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා.  කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ.  රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්.  අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර්  මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.  විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා  මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා   මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා.   මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.   රවුෆ් හකීම්  මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්.  අජිත් මාන්නප්පෙරුම  මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා.  කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.  මරික්කාර්  මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද?  රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර  මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය  ගැටලු වලට  මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්.   වඩිවෙල් සුරේෂ්  මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා  - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා.    කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.  (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ.   ( ඡායාරූප ලහිරු හර්ෂණ)    
මිනීමරුවන් රකින්නේ නෑ
0
hp_train_2126
(ක.ග.කරුණාරත්න)ගෝන මස් කිලෝ 50 ක් මාදුරුඔය ජලාශය හරහා ඔරුවකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (07) අත් අඩංගුවට ගත් බව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු කියති.වනෝද්‍යානයේ සූරිය පොකුණ ජලාශය කොටසේදී මෙම වැටලීම සිදුකර තිබේ.සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය කුඩාගල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වන සතුන් දඩයම්කර මුදලට මස් විකිණීමේ ජාවාරමක නිරතවන පිරිසක් බවත් විමර්ශන වලදී හෙළි වූ බව ඒ නිලධාරීහු පැවැසූහ.වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අඩවි ආරක්‍ෂක නිලධාරී ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී.වීරසේන මහතා ඇතුලූ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල කොටසේ වනජීවී නිලධාරීහු කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර ඇත.අත්අඩංගුවට ගනුලැබූ ගෝන මස් තොගය සමඟ සැකකරුවන් අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 
ගෝන මස් සමඟ දෙදෙනකු අත්අඩංගුවට
0
hp_train_2127
උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත්  ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කොටසේ උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැක.ත්‍රීකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල වැසි ස්වල්පයක් ඇතිවේ.
'අද වහින පාටක් නෑ'
0
hp_train_2128
(චන්ද්‍රසිරි ගුණසේකර)ඇල්පිටිය විවිධ සේවා සමූපකාර සංගමයට අයත් ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයන් ගේ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් මෙම සදුදා ඔවුන්ගේ ඉල්ලිම ඉටු කර දෙන බවට  සංගමයේ සාමන්‍යාධිකාරිවරිය එම සේවකයන්ට පොරොන්දු වීම නිසා අද උදෑසන සිට ඔවුන් යළිත් පුරුදු පරිදි සේවය ආරම්භ කළ බව එම සේවකයෝ පවසති . අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ඉන්ධන පිරවුම් හලේ සේවකයන් කරන සේවය සදහා තමන්ට අමතර දීමනාවක් ලබාදෙන ලෙස ඔවුන් සිය පාලනාධිකාරිය වෙත ඉදිරිපත් කල ඉල්ලිමට යහපත් ප්‍රතිචාර යක් නොලැබීම නිසා ඊයේ එම සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.එම දීමනාව ලබා දෙන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පවා ලැබී තිබියදී පාලනාධිකාරිය එම දීමනාව ලබා නොදිමට විරෝධය  පලකිරීමට ඔවුන් එම වැඩ වර්ජනය අරඹා තිබිණි. පොලිසිය ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන් සදහා ඇල්පිටිය නගරයේ ඉන්ධන සපයන එකම ඉන්ධන පිරවුම් හල මෙය නිසා මෙම වැඩ වර්ජනය එම සේවාවන් ට බෙහෙවින් බලපාන්නක් වී තිබුණි.ඉන්ධන පිරවුම් හලේ සේවකයන් 11 දෙනෙකු මෙම වර්ජනයට ඊයේ එක්ව සිටි අතර අද සිට ඔවුන් සියලු දෙනාම සේවයේ යෙදෙන බව එම සේවකයෝ පැවසූහ
ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයෝ වැඩ වරති
0
hp_train_2129
(ඩී.කේ.රත්න)හපුතලේ දඹේතැන්න වතුයායේ තේ කර්මාන්තශාලා කොටසේදී වතු කම්කරුවන් පිරිසකට අද (21) දහවල් එල්ල වූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් 13 දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් හපුතලේ ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇතැයි හපුතලේ පොලීසිය පවසයි.බඹර ප‍්‍රහාරයට ලක්වූ සියලූම දෙනා හපුතලේ දඹේතැන්න වතුයායේ දලූ නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකි.එම කාන්තාවන් පිරිස දලූ නෙලමින් දිටියදී දඹේතැන්න වතුයායේ තේ කර්මාන්තශාලා කොටසේ ගසක බැද තිබූ බඹරයක් ඇවිස්සීමෙන් මෙම පිරිසට පහරදී තිබේ.
බඹර ප්‍රහාරයකින් වතුකම්කරුවෝ 20ක් රෝහලේ
0
hp_train_2130
සිරංගිකා ලොකුකරවිට බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම අද (10) පැවැති අතර එහි දී සභාවේ මන්ත්‍රීවරුන්ට මුදල් ප්‍රතිපාදන වෙන්කරන ආකාරය සාකච්ඡාවීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එහි දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ තමන්ට නිශ්චිත ප්‍රතිපාදන ප්‍රමාණයක් සභාවෙන් නොලැබෙන්නේනම් දෙපැත්ත බෙදී සභාව කරගෙන යාමට සිදුවන බවයි. බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ පාලන බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබෙන අතර එම කණ්ඩායමට මන්ත්‍රීවරු 11 දෙනකු ඇතුළත් වෙති. විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ද 11 දෙනෙකි.  සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ආරම්භවිය. යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදුන් විට නැගී සිටි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන් සඳහා සභාවෙන් යම් නිශ්චිත ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර දෙන ලෙසයි. එයට පිළිතුරු ලෙස ප්‍රාදේශීය සභාවේ සභපති දිල්රුක් අබේකෝන් මහතා විසින් පැවසුවේ පෙර කිසිම දිනක මෙම සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා ප්‍රතිපාදන ලබා නොදුන් බවයි. සභාවේ උප සභාපති සුමිත් ජයසේකර මහතා මෙසේ පැවසුවේය. "මහින්ද අමරවීර ඇමතිවරයා කියලා තිබුණා පොදුජන පෙරමුණට බලය තිබෙන සභාවලට ප්‍රතිපාදන දෙන්නේ නැහැ කියලා. එහෙම කියලා තියෙද්දී අපි මොකටද අපිට බලය තිබෙන සභාවල විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන වෙන් කරන්නේ? මේක කාලකන්නි ජන්ද ක්‍රමයක්. මහජන මුදල් විනාශ කරන ක්‍රමයක්.‘‘ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් කියාස් මහතා - ‘‘කළින් අවුරුදු වල සභාවත් ඔයාලගේ, ආණ්ඩුවත් ඔයාලගේ, දැන් සභාව ඔයාලගේ, ආණ්ඩුව අපේ, එතකොට විපක්ෂයට දුන්නෙත් නැහැ. දැන් දෙන්නෙත් නැහැ. මෙකෙ සාධාරණයක් තියෙන්න ඕන.‘‘ ප්‍රේමලාල් අබේසේකර මහතා - සභාපති තුමාගේ තීරණය ඒක නම් අපි දෙපැත්තට බෙදිලා විපක්ෂයේ වාඩි වෙමු. ඊට පස්සේ බලමු මේ සභාව ගෙනියන්නේ කොහොමද කියලා. මේ සභාවේ ආණුඩු පක්ෂයට මන්ත්‍රීවරු 11ක් සහ විපක්ෂයට මන්ත්‍රීවරු 11ක් ඉන්නවානේ" මොහොමඩ් කියාස් මහතා - "එක අවුරුද්දකින් සභාපතිකම වෙනස් කරන්න පුළුවන්" සභාපති දිල්රුක් අබේකෝන් මහතා - ‘‘මම රස්සාවත් දාලා ආවේ මේ සභාපතිකම බලාගෙන නෙවෙයි. ඔබතුමාලා යෝජනා ඉදිරිපත් කරන්න. අපි ඒවාට ප්‍රතිපාදන දෙන්නම්. නැතුව මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන වෙන් කරන්න බැහැ.‘‘
බෝපේ පෝද්දල ප්‍රා.සබේ එකම කාලගෝට්ටියක්
0
hp_train_2131
 රුපියල්  දාහතර ලක්ෂ අසු පන්දහසක් වටිනා වටිනා රත්තරන් කැබැලි තුනක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර  බලා යාමට පැමිණි ශ්‍රී   ලාංකිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්   අත් අඩංගුවට ගනු ලැබීය.සැකකරු  මීගමුව  ප්‍රදේශයේ පදිංචි  24  හැවිරිදි තරුණයෙකි.අත්අඩංගුවට ගනු ලැබු රන් කැබැලි වල බර  ග්‍රෑම් 297  කි.ඔහු ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.මේ පිළිබඳ රේගු පරික්ෂණය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා  විසින් සිදු කර සැකකරුට රුපියල්  පනස්දහසක දඩයක් නියම කොට  එම රන් කැබලි රාජසන්තක කළේය.මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩග්ලස් සිල්වා, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එස්. මහේෂ්, චින්තක ශ්‍යාමාල්, මංජුල කුමාර, නුවන් ජයසුන්දර, නිරෝෂා විජේතුංග යන නිලධාරීහු සිදු කරති.  
රන් කුට්ටිය කටෙන් එළියට ගනී
0
hp_train_2132
(ඩයනා උදයංගනී)සබරගමුව පළාතත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වේ.ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.   
‘‘අදත් ලොකු වැස්සක් නෑ‘‘
0
hp_train_2133
(අනීෂා මානගේ) අභාවප්‍රාප්ත වූ චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහය තැන්පත් කර තිබූ තංගල්ල ජයසිරි මල්ශාලාව වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පැමිණ දේහයට ගෞරව දැක්වීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා අද (21) දහවල් තංගල්ල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්විය. ටියුඩර් රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වන විට 70 වියෙහි පසුවූ අතර මාස කිහිපයක සිට රෝගාතුරව සිට ඇත. චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහය තංගල්ල ජයසිරි මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මල්ශාලාව වෙත පැමිණ චන්ද්‍රා රාජපක්ෂ මහතාට ගෞරව දැක්වූහ.
මියගිය සොහොයුරාට ගෞරව දැක්වීමට හිටපු ජනපති තංගල්ලට
1
hp_train_2134
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී  සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 02/12/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය28239575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29249570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30239575අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල29249070අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය27249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර26219585අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය19129575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය29229575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය29239575විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම28239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. පෙරවරු 5.30ටදිවයිනේ උතුර, උතුරු මැද සහ වයඹ ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද  තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.මාතර සිට ගාල්ල හා කොළඹ හරහා මීගමුව දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමළය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු තීරයේ සුළං ඊසාන දෙසින් හමන අතර වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
අපර භාගයේ දී තද වැසි
0
hp_train_2135
(රංජිත් රාජපක්ෂ)                       මස්කෙලිය පොලිස් වසමට අයත් තේ වතු දෙකක දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට අද (23) බඹරු ඇනීමෙන් කම්කරුවන් 20 දෙනෙකු මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය. මස්කෙලිය ගවරවිල සහ සාමිමලේ යන තේ වතුවල කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් සිව්දෙනෙකුට මෙම බඹර ඇන ඇත. බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකු පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, වතු කම්කරුවන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් මස්කෙලිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියෙක් කියා සිටියේය. බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බඹරු ඇන 13 ක් රෝහලේ
0
hp_train_2136
( නිශාන්ත කුමාර) මීගහකිවුල ප්‍රාදේශීය  සභාවේ වාර්ෂික අය අයවැය අද (21) වැඩි ඡන්දයෙන්  සම්මත විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාලනය  වන  මීගහකිවුල ප්‍රාදේශීය  සභාවේ වාර්ෂික අයවැය ලේඛනය එහි  සභාපති ලලිත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේය.ලේඛනයට පක්ෂව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පස් දෙනෙකු ,එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු  සිව්දෙනෙකු , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු තිදෙනා ජන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආර්.එම්.නාමල් රත්නායක  මහතා පමණක් විරුද්ධව ජන්දය ප්‍රකාශ කලේය. මීට අමතරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන් වන   රංගන මධුමාල් සමරකෝන් ,  ඩී එම් ශ්‍රියාණි  දිසානායක, නිෂාදි ශිරන්තිකා විජේසුන්දර  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඩී එම්  චමින්ද ප්‍රදීප් යන මහත්ම මහත්මීහු ජන්දය දීමෙන් වැළකී සිටියහ.  මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද සමග  සමස්ථ මන්ත්‍රී සංඛ්‍යාව 17 ක් වන අතර එය  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  අටක්, එක්සත් ජාතික පක්ෂයේ පහක් , එක්සත් ජනතා නිදහස් සංධානයේ තුනක් ක් හා ජනතා විමුක්ති පෙරමුණේ  එකක්  වශයෙනි.
ඉමදූව ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
0
hp_train_2137
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ  බලපෑම නිසා ශ්‍රී ලංකාව අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බවත්.  එහි  බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයින සහ ඒඅවට සුළං වේගය ක්ෂණිකව  පැයට කිලෝ මීටර් 70-80 පමණ ඉහළ  යාමට හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ‘. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30249560අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32249065අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ29259575උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29259575උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය33278570වැසි ස්වල්පයක්.මහනුවර28229570අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19139580අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය29249570අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259060අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32259075අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_2138
(ඩබ්. ඒ. පියතිලක) ජලය හිඟකමින්  පොළොන්නරුවේ  කිසිඳු කුඹුරක් විනාශ වී නොමැති බවත්,  යල කන්නය සඳහා අවශ්‍ය තරම් ජලය ඇති  බවත් පොළොන්නරුව කලාප වාරි මාර්ග අධ්‍යක්ෂක එස්. කේ. හේවගේ මහතා  පවසයි. මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය නිසා මෙවර පොළොන්නරුවේ වගා කර ඇති කුඹුරු අක්කර අසුපන්දාහ සඳහා කිසිදු ජල හිඟයකින් තොරව අවශ්‍ය තරම් ජලය ඇති   බව  ඒ මහතා කියයි.   වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මෙසේ ද කියාසිටියි.‘පොළොන්නරුවේ වගා කර ඇති මුළු ගොවිබිම්  ප්‍රමාණය වන අක්කර 85,000 සදහා කිසිඳු ජල හිඟයක් නැහැ. වගා බිම් කිසිවක් ජලය නොමැතිව විනාශ වී නැහැ.  බොහෝ දෙනා තමන්ගේ කුඹුරු මැරුණා  කියලා කීවාට ඒ මැරිලා තියෙන්නේ පහත් වතුරෙන් වැඩ කරන කුඹුරු. ඒවාට කියන්නේ අගාවත් කියලා. මීට පෙර කන්න කිපයක්ම යල කන්නයේ  පොළොන්නරුවේ ගොවීන් වගා කළේ බෙත් ක්‍රමයට. නමුත් ජනාධිපතිතුමාගේ මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය නිසා කිසිදු බාධාවකින්  තොරව වගා කටයුතු කරනවා.   ජලය සම්බන්ධයෙන් කුඩා ගැටලුවකට පත්ව සිටින්නේ කවුඩුල්ල වැව මුල් කරගෙන වගා කරන ගොවීන්. නමුත් කිසිදු ගොවියෙකු ඒ පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නැහැ. මොකද මොරගහකන්ද ජලාශයෙන්  අක්කර අඩි එක්ලක්ෂ  දහදාහක ජලය ප්‍රමාණයක් අපට ගැනීමට තිබෙනවා.  ඒ අනුව  ඇළහැර ව්‍යාපාරයට අක්කර අඩි  40,000ක් ද  ගිරිතලේ වැවට අක්කර අඩි 12,000ක් ද ලබා දී මින්නේරිය වැවට ඉතිරිය ලබා දී,  එයින් අක්කර අඩි 4000ක් කවුඩුල්ල  වැවට ලබා දීමට කටයුතු  කරනවා.  මේ වනවිට අපි මොරගහකන්දේ සිට ජලය ලබා ගනිමින් සිටන්නේ.  මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ  අක්කර අඩි 57,000ක් ද  මින්නේරිය වැවේ අක්කර අඩි 57,000ක් ද   ගිරිතලේ අක්කර අඩි 8200ක්  සහ  කවුඩුල්ල වැවේ අක්කර අඩි 25,000ක් තියෙනවා. මදි අඩුපාඩු සඳහා අපි වැව්වලට ජලය ලබා ගනිමින් සිටින්නේ.  වගාවයි දේශපාලනයයි  පටලවා ගන්නේ නැතුව  ගොවියෙකුට හෝ ගොවි සංවිධානයකට ගැටලුවක් ඇත්නම් ඒ ඒ ප්‍රදේශය භාර වාරි මාර්ග ඉංජිනේරුවරයා හෝ මාව හමු වෙන ලෙස ඉල්ලා සිටිනවා ” යැයිද ඒ මහතා පවසයි.
පොළොන්නරුවේ ගොවීන්ට වගාවට ඇති තරම් වතුර තියෙනවා‘
1
hp_train_2139
(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)කොවිඩ් ආසාදිතවූ තවත් 215 දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 9,400 ක් දක්වා ඉහළ ගොස් ඇත.මියගිය අයගෙන් 167 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 46 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද ඒ අතර වෙති.මියගිය අය අතරින් 115 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 100 දෙනෙක් වෙති 
කොවිඩ් මරණ 215ක්
1
hp_train_2140
   ( ගම්පහ තිලකරත්න දිසානායක.)ගම්පහ පිළිකුත්තුව ආනන්ද අනුස්මරණ යෝගාශ්‍රමයෙහි විහාරාධිකාරී පදවියේ පඤ්ඤාලෝක හිමියන් වහන්සේගේ වැඩ වසන ආවාසයට හානි කොට විහාර ගෙයිහි බුදු පිළිමද කඩා බිද දමා ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.අසනීපව සිටින සිය පියා ගැන සොයා බැලීමට  විහාරාධිකාරී හිමියන්  පදවියට ගොස්  ඇති අතර  අද (12) අලුයම 2.15 ට පමණ ආපසු එද්දී විහාරස්ථානයට හානි කර තිබූ බව පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ. 
පිළිකුත්තුවේ විහාරයක් කඩලා
1
hp_train_2141
(අංජුල මහික වීරරත්න)‘‘එක් පැත්තකින් ආගම් අතර සංහිඳියාව ඇති කරන අතරම අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තව තවත් ආරක්ෂාකර දියුණුවට පත්කිරීම යහපාලන රජයේ ප‍්‍රතිපත්තිය බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.‘‘ආදායම් මාර්ග නොමැති ඈත ගම්දනව්වල විහාරස්ථාන හඳුනාගෙන අතීත ශ්‍රී විභූතිය රැුකෙන පරිදි සංරක්ෂණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යොදවන බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ථෙරවාදී බුදු දහම ආරක්ෂා කර ලෝකයට දුන් ශ්‍රී ලංකාවේ තව බොහෝ කලක් බුදු දහම සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය වන සෑම ක‍්‍රියා මාර්ගයක්ම ගන්නේ යයිද?” අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.මෙහි පළමු අදියර යටතේ වෙහෙර විහාරස්ථාන 150ක් සංරක්ෂණය සඳහා ආධාරදීම සිදු කෙරිණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.‘‘පුරාණ විහාරස්ථානත්, රජමහා විහාරස්ථානත් සිංහල බෞද්ධ උරුමයේ වැදගත් ස්ථාන බව සඳහන් කළ යුතුයි. අපේ උරුමය ඒ හා සම්බන්ධයි. අපේ උරුමය ලියනවා නම් ලංකාවේ ඉතිහාසය ලියනවා නම් ලංකාවේ සංස්කෘතිය ගැන ලියනවා නම් මේ කරුණු සඳහන් නොකර ඉන්න හැකියාවක් නැහැ.පුරාණ විහාරස්ථාන යනු අතීතයේදී ප‍්‍රදේශයේ ජනතාව සඳහා ඇති කළ ප‍්‍රධාන විහාරස්ථාන බව කිව යුතුයි. සෑම ගමකම, සෑම ප‍්‍රදේශයකම විහාරස්ථාන තිබුණා. අනුරාධපුර යුගයේ සිට මහනුවර, කෝට්ටේ යුගය වනතෙක් ගම්මානවල ආරම්භ කෙරුණු ප‍්‍රධාන විහාරස්ථාන තිබෙනවා.අද මෙරට ජනගහනය මිලියන 22ක් වුවත් අතීත යුගයේදී ලක්ෂ 22ක ජනගහනයක්වත් සිටියා යයි මා සිතන්නේ නැහැ. එකල ආරම්භ කෙරුණු විහාරස්ථාන මෙරට ජනගහනය වැඩිවීමත් සමඟ තවත් සංඛ්‍යාවෙන් වර්ධනය වුණා. වැඩිපුරම විහාරස්ථාන ඉදි කෙරුණේ පසුගිය වසර 50 ඇතුළතයි. මේ විහාරස්ථාන සම්බන්ධව ප‍්‍රදේශයට අදාළව විවිධ කතා තිබෙනවා. ඒ කතා ඇතැම්විට එක් කාලයකට  අයත් වෙනවා. රජවරුන්ගේ අනුග‍්‍රහය මත දියුණුවූ විහාරස්ථාන ද තිබෙනවා.මධ්‍යම සංස්කෘතික අරමුදල මුල්කරගෙන කටයුතු කරන්නේ මේ උරුමය ආරක්ෂාකර ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශාල උත්සායක් ගන්නවා. අපගේ පුරාවිද්‍යා උරුමය, රටේ සංස්කෘතිය ආරක්ෂාකර ගැනීම සඳහා ක‍්‍රියාත්මක විය යුතුයි.මෙලෙස අප ආධාර උපකාර කරන විහාරස්ථාන ගණනාවකට වෙනත් ආදායම් මාර්ග නැහැ. එසේ නම් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පවතින මුදල් ඒ විහාරස්ථාන ආරක්ෂා කිරීම වෙනුවෙන් යොදවනවා.අප ආධාර දෙන විහාරස්ථාන පිළිබඳව වැදගත් ග‍්‍රන්ථයක් කියවීමට මට අවස්ථාව ලැබුණා. ඒ විහාරස්ථානවල අවශ්‍ය සංරක්ෂණ කටයුතු කිරීමට මුදල් නැහැ. ඒ මුදල්දීම අපේ යුතුකමයි. අතීත විහාරස්ථාන ආරක්ෂා කර ගත යුතුයි. ඒ වෙනුවෙන් කැපවී සිටින අකිල විරාජ් කාරියවසම් මහතාටත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්ටත් නිලධාරී මහත්වරුන්ටත් ප‍්‍රශංසා කළ යුතුයි.රටේ උරුමය ආරක්ෂා කරනවා නම් පුරා විද්‍යා සහ සංස්කෘතික අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි. මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කළ මහාචාර්ය රෝලන්ඞ් ද සිල්වා මහතාත්, හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ශිරාන් දැරණියගල මහතාත් මෙහි සිටීම සතුටක්. අතීතයේ සිට විද්වතුන් සමඟ කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත්, ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමාත් අපේ ඉතිහාස මතුකර ගැනීමට උනන්දුවෙන් කටයුතු කළා.අප රජය බදුදහටම ප‍්‍රමුඛස්ථානය දෙන අතර, සෑම ආගමක්ම ආරක්ෂා කිරීමට ක‍්‍රියා කරනවා. ඒ නිසා ජෝන් අමරතුංග, ඞී.එම්. ස්වාමිනාදන් ඇමැතිවරුන් මේ අවස්ථාවට පැමිණීම පිළිබඳව මා විශේෂයෙන් සතුටට පත්වෙනවා. එස්.බී. නාවින්න සංස්කෘතික ඇමැතිතුමාත් එක් කරගෙන ඉතා සුහදව මේ කටයුතු ඉදිරියට ගෙන යනවා. සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වෙනවා.බුදුන් වහන්සේගේ ධර්මය අනුව සෑම ධර්මයකටම ගරු කරන්නැයි අශෝක අධිරාජයා සෙල් ලිපිවල සඳහන් කළා. ඒ අනුව අපට ආඩම්බරයෙන් මේ පිළිබඳව සඳහන් කිරීමට හැකියාව තිබෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුව බිහි කළේ මේ වැඩකටයුතු ඉදිරියට ගෙනයාම සඳහායි. එක් අතකින් ආගම් අතර සංහිඳියාව ඇති කරනවා. අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තවත් ආරක්ෂාකර දියුණුවට පත් කරනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් විශාල උන්නදුවකින් කටයුතු කරනවා. එමෙන්ම අමාත්‍යවරුන්, මන්ත‍්‍රීවරුන් උනන්දු වෙනවා. මේ වැඩ කටයුත්ත අපේ යුතුකම ලෙස සලකා ඉටු කරමින් ඉදිරියට යාම අරමුණයි.වර්තමානය වන විට ශ්‍රී ලංකාවට විශේෂිත තැනක් හිමිවී තිබෙනවා. ථෙරවාදී බුදු දහම ආරක්ෂා කළේ ශ්‍රී ලංකාවයි. එලෙස ආරක්ෂා කර ගත් බුදු දහම අග්නිදිග ආසියාවට පතුරුවා හැරීමට අපට හැකියාව ලැබුණා. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලා ඕසය, දකුණු වියට්නාමය ආදී රටවලට බුදු දහම ව්‍යාප්ත කිරීමට හැකි වුණා. බුදු දහම ශ්‍රී ලංකාවේ ආරක්ෂා නොවුණා නම් ඒ රටවලට වන්නේ කුමක්ද? අද ඒ ප‍්‍රශ්නය විමසිය යුතුයි.ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා රජය වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක කරනවා. සංස්කෘතික අමාත්‍යංශය ඒ ආකාරයෙන්ම වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. අපේ අවධානය යොමු වූ විශේෂ කාරණා ගැන මා සඳහන් කරන්නම්. එවැනි ක‍්‍රියා මීට පෙර වූයේ නැහැ. මෙරට පුරාණ රජ මහා විහාරස්ථාන ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ වැඩසටහන පළමු වැන්නයි. එහි පළමු අදියර යටතේ විහාරස්ථාන 150ක් සංරක්ෂණය කිරීම සඳහා ආධාර දෙනවා. ඒ වැඩ කටයුත්ත මෙතැනින් අවසන් වන්නේ නැහැ. තවත් ඉදිරියට ගමන් කරනවා. ක‍්‍රමානුකූලව ඉතිහාසයේ කොටසක් වන විහාරස්ථාන ආරක්ෂා කර ගත යුතුයි.ඈත ගම්මානවල තිබෙන විහාරස්ථානවල විවිධ උත්සව සඳහා මා ගොස් තිබෙනවා. ඒවායේ පවතින දුෂ්කරතා පිළිබඳ හිතාගන්නවත් බැහැ. ඒවාට ආධාර කළේ නැති නම් ඉදිරියට පවත්වා ගෙන යාමට හැකියාව නැහැ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එදා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන් යටතේ බෞද්ධ පුනරුත්ථාපන වැඩපිළිවෙළ ඇති කළ අවස්ථාවේදීත් බොහෝ අය මුදලින් ඊට උපකාර කළා. කැලණිය විහාරස්ථානය පිළිබඳව මා දන්නවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එලෙස ආධාර උපකාර නොකළා නම් අද ඒ විහාරස්ථාන නැහැ. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු රජය ඒ සඳහා කැපවී සිටිනවා.දෙවැනි කාරණය නම් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව සඳහා රන් වියන ලබා දුන්නා. එල්.ටී.ටී.ඊ. බෝම්බයෙන් පසුව රන්වියන අලූත්වැඩිය කිරීම සඳහා එදා මා උපකාර කළා. නැවත වරක් රන් වියන අලූත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන සම්පූර්ණ මුදල රජය විසින් භාර ගත්තා. මෙරට බෞද්ධයන් පමණක් නොව වෙනත් රටවල බෞද්ධයන් ද ථෙරවාද, මහායාන, වජ‍්‍රයාන ආදී සම්ප‍්‍රදායන්හි බෞද්ධයන් ද ශ්‍රී දළදා මාලිගාවට පැමිණ වැඳුම් පිදුම් කරනවා. වෙනත් ආගම්වල පුද්ගලයන් ද පැමිණෙනවා. එසේ නම් දන්ත ධාතූන් වහන්සේ අපේ උපරිම ශක්තිය යොදවා ආරක්ෂා කර ගත යුතුයි. දෙවැනි කටයුත්ත ලෙස මා ඒ කාර්යය ඉටු කරනවා.ආර්ථික ප‍්‍රශ්න පැවැතිය හැකියි. නමුත් වාර්තමානය වන විට ආර්ථිකය සම්බන්ධව යම් පාලනයක් ඇති කර තිබෙන නිසා රට සංවර්ධනය කරන අතරතුර එයින් කොටසක් මේ වැඩ කටයුතු සඳහා ද යෙදවිය යුතුයි.මෙරට බුදු දහම ආරක්ෂා වී අග්නි දිග ආසියාව දක්වා ගමන් කළේ මහා විහාරයෙනුයි. ඒ නිසා මහා විහාරයේ සංරක්ෂණ කටයුතු කළ යුතුව තිබෙනවා. මෙතෙක් කල් මහා විහාරයේ කැණීම් කටයුතු වූයේ නැහැ. මා 2002x2003 වසරවල අග‍්‍රාමාත්‍යවරයාව සිටියදී එහි කැණීම් ඇරැඹූ පසු නැවත කිසිදු වැඩකටයුත්තක් වී නැහැ.ඒ නිසා මහා විහාරයේ කැණීම් ඇරැුඹීමට මා විශේෂයෙන්ම කල්පනා කළා.වර්තමානයේ ඉස්ලාම් භක්තිකයන් මක්කම බලා යනවා. කතෝලික බැතිමතුන් වතිකානුවට යනවා. එමෙන්ම කි‍්‍රස්තුස් වහන්සේ උපන් ස්ථානය දැක ගැනීමට ජෙරුසලමට යනවා. ඒ ආකාරයට අපත් ථේරවාදී බුදු දහම ආරක්ෂා වූ මහා විහාරය සොයාගත යුතුයි. සීගිරියේ කැණීම් කටයුතු නම් අප විසින් ආරම්භ කර තිබෙනවා. මහා විහාරයේ වැඩ කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටත්, මධ්‍යම සංස්කෘතික අරමුදලටත් භාර දුන්නා. නායක ස්වාමීන් වහන්සේ තම සංඝාවාසය එතැනින් ඉවත් කර කැණීම් සඳහා ඉඩ දුන්නා. උන්වහන්සේලාට වැඩ විසීමට වෙනත් ස්ථානයක් දෙනවා.ථේරවාදී බුදු දහමේ ආරම්භක ස්ථානය වන මහා විහාරයේ වැඩ ඊළඟ වසර 10 ඇතුළතදී ඉටු කරනවා. එවිට අපට අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බර විය හැකියි. අප මෙතැනින් නතර කර නැහැ. බුදුන් වහන්සේ උපත ලැබූ මෙන්ම ජීවත් වූ ලූම්බිණිය, කපිලවස්තුපුරය ප‍්‍රදේශවල සංරක්ෂණ කටයුතු සඳහා ආධාර උපකාර කරනවා.නේපාලයට උදව් උපකාර කළේ ජපානයෙන් පමණයි. ජපාන ආධාරවලට අනුව අපත් ආධාර දීමට තීරණය කළා. 2018 හා 2019 වර්ෂ වෙනුවෙන් ඩොලර් දසලක්‍ෂයක් හෙවත් රුපියල් කෝටි 15ක් ඒ වෙනුවෙන් දෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලත් ඒ වෙනුවෙන් දායක වෙනවා. බුදුන් වහන්සේ උපත ලැබූ, ජීවත් වූ කපිල වස්තු පුරය, ලූම්බිණිය සංරක්ෂණය කරනවා යනු අපේ බෞද්ධ ප‍්‍රබෝදයක් ඇති වන කටයුත්තයි. බුදු දහම ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා නම් ඒ වැඩ කටයුතු කළ යුතුයි. බුදු දහම ආරක්ෂා කරන බව කියමින් බෙර ගැසීමෙන් පමණක් පලක් වන්නේ නැහැ. නේපාල රජය සමඟ සාකච්ඡා කර මුදල් දීමට අප තීරණය කළා.2015 වසරේ නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් විහාරස්ථාන ගණනාවක් විනාශයට පත් වුණා. ඉන් එක් විහාරස්ථානයක් සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා අප කැපවී සිටිනවා. බෞද්ධ වැඩසටහන් සඳහා රජය නව අදහස් දෙනවා. පුරාණ විහාර සහ මහාවිහාර සංරක්ෂණය ද එවැන්නක් බව කිව යුතුයි. ශ්‍රී දළදා මාලිගාවේ රන්වියන අලූත්වැඩියා කිරීම මෙන්ම මහා විහාරයේ සංරක්ෂණ කටයුතු, කපිල වස්තු, ලූම්බිණිය සංරක්ෂණය සඳහා ආධාර උපකාර කිරීම තුළින් බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට පියවර ගන්නවා යයි’’ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නාහිමියෝ:”අද අරඹන්නේ ඉතා වැදගත් පරිත්‍යාගයයි. කහ සිවුරු නැතිනම් සසුන රැක ගන්න බැහැ. ඒ බව අතීත රජවරුන් නම් ඉතා හොඳින් තේරුම් ගෙන තිබුණා. අගමැතිතුමාගේ මිත්තනිය වන හෙලේනා විජයවර්ධන මැතිනිය වෙහෙර විහාර ආරක්ෂා කිරීම සඳහා මූලික වී ක‍්‍රියා කළා. අන්තවාදී අදහස් ඇති අය ලොව සෑම රටකම ඉන්නවා. අපේ බාල පරපුරට යහපත් මඟ පෙන්වා දෙමින් කටුයතු කළ යුතුයි.රටේ කුඩා දරුවන්ගේ සිට යහ මඟට ගැනීමේ වගකීම පැවරී තිබුනේ භික්ෂූන් වහන්සේලාටයි. අගමැතිතුමාගේ පාර්ලිමේන්තු දේශපාලනයට 40 වසරක් පිරෙන අවස්ථාවේ වෙහෙර විහාරස්ථාන දියුණු කිරීම ගැන අප කෘතඥතාව පළ කරනවා.’’අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:කිසිදු ආධාර උපකාර නොලැබෙන විහාරස්ථාන තිබෙනවා. අප රටේ විහාරස්ථාන 13,000කට වඩා තිබෙනවා. විදේශිකයන්ට දෙන පුරා විද්‍යා ටිකට්පත් මඟින් ලැබෙන ආදායමින් මේ උපකාරය කරනවා. විහාර 13,000න් සංරක්ෂණය කළ යුතු සියලූම විහාර රැකීම අපේ අරමුණයි.පසුගිය දිනවල මේ අරමුදල ගැන දේශපාලන කතා පැතිරී ගියා. පිං පෙට්ටිවලට රජය අත තබන බව කියමින් ඇතැමුන් විවිධ කට කතා ගෙන ගියා. එය අලූත් දෙයක් නොවෙයි. මුදල් ගණනය කර නැවත විහාරස්ථානවලට බාරදීම සිරිතක් වශයෙන් කෙරෙනවා. බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය කිරීමට අප කැපවී ක‍්‍රියා කරනවා.දඹුල්ල සිද්ධිය දැන් විසඳෙමින් තිබෙනවා. දඹුල්ලේ ආදායමෙන් 15% විහාරයට දෙන්නත් ඉතිරි 85% වෙහෙර විහාරස්ථානවලට පැවරීමටත් අප ගිවිසුම අත්සන් කළා. ඒ කටුයතු කරන්නේ මහා නායක හිමිවරුන්ගේ අනුදැනුම ඇතිවයි.ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුනේ සුමංගල නාහිමියෝ:‘‘ආණ්ඩුව පාතබා ඇත්තේ උත්තරීතර අවස්ථාවකටයි. අතීතයේ සිටි රජ දරුවන් බුදු දහම සුරැකි ආකාරය පිළිබඳව වංශ කතාවල සඳහන්ව තිබෙනවා. දළදා වහන්සේගේ රන් වියන නැවත සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අගමැතිතුමන් විසින් බාරගත්තා. ඞී.එස් සේනානායක මහතා ඇරඹූ ගොවි ජනපද ව්‍යාපෘතිය නිසා කැලෑවෙන් වැසුණු පුරාණ වෙහෙර විහාරස්ථාන රැසක් යළි මතු කර ගැනීමට හැකියාව ලැබුණා. සෝමාවතී විහාරය වත්මන් තත්ත්වයට පත් කිරීමේ පුරෝගාමියා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළ යුතුයි. අගමැතිතුමන් කරන මෙහෙවර නිසා රටට ශාසනයට වන මෙහෙවර පිළිබඳව තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් මා සමඟ සිහිපත් කළා.’’මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිය ශාන්ත ගුණවර්ධන මහතා ද අදහස් දැක්වීය.මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද සහභාගී වූහ.
ගම්වල විහාර සංරක්ෂණය කරන්න මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යොදවනවා
1
hp_train_2142
    (සුදත් එච්. එම්. හේවා )කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් එම පවුලේ 11 දෙනකු ඇතුළු කොවිඩ් 19 ආසාදිතයන් 28 දෙනකු අද(03) ලැබුන පි. සි. ආර්. වාර්තා මත සොයා ගැනිමට හැකිවු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.මෙම ආසාදිතයන් 28 දෙනා,  කොටගල නගරය ආසාදිතයන් 05ක්,හැරින්ටන් වතුයාය ආසාදිතයන් 04ක්, ෆොරස්ට් කුවික් වතුයාය ආසාදිතයන් 11ක්, මවුන්ට් වර්නන් වතුයායෙන් ආසාදිතයන් 06ක් ස්ටෝනි ක්ල්ප් වතුයායෙන් ආසාදිතයන් 02ක් වශයෙන් හමුව ඇති සෞඛ්‍ය නිලධාරි කාර්යාලය කියයි.මෙම ආසාදිතයන් අතරින් ‍ෆෝරට් කුවික් වතුයායෙන් හමුවු ආසාදිතයන් 11 දෙනාම එකම පවුලේ අය බවත් කොටගල නගරයේ හමුවු ආසාදිතයන් 05 දෙනාද එම පවුලේ අය බවත් එම පවුලේ අවුරුදු දෙකක පමණ ගැහැනු දරුවකුද සිටින අනාවරනය වී ඇතැයි කාර්යාලය කියයි.මෙම ආසාදිතයන් සියලුම දෙනා මෙයට පෙර මෙම ප්‍රදේශවලින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල අය බවත් මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි     
බගවන්තලාවේ වතු 5 කින් ආසාදිතයින් 46 ක්
0
hp_train_2143
බොහෝ පළාත්වලට  සවස 2.00 න් පසුව  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විහ හැකි බවත්බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් කාලගුණය කියයි.  ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි  ඇති ෙව්ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි
'පළාත් රැසකට තද වැසි'
1
hp_train_2144
තරුණියකගෙන් මාස කිහිපයක් තිස්සේ ඉල්ලූ ආලය නොලැබුණැයි කනස්සල්ලට පත් තරුණයෙක් දින ගණනාවක් නිරාහාරව සිටිය දී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසුව නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයාගේ වයස අවුරුදු 22කි. තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වන එකී තරුණයා අධ්‍යාපන සුදුසුකම්වලට අනුව මේ වන විට රැකියාවක් බලාපොරොත්තුවෙන් නිවසේ පසු වෙයි. තරුණයාගේ පියා විදේශ රටක රැකියාවක් කරන අතර මව දරුවන් තිදෙනා රැක බලා ගෙන නිවසේ වෙසෙන්නීය.තරුණයා මාස ගණනාවක සිට කෑගල්ල නගරයේ අමතර ඉංග්‍රීසි පන්තියකට සහභාගි වෙයි. එම පන්තියට එන සුරූපී 21 හැවිරිදි තරුණියකට තරුණයා පංතියට සහභාගි වූ මුල් අවස්ථාවේ දී සිටම සිතින් පෙම් කර ඇති බව වාර්තා වෙයි. තරුණිය පංතියට පැමිණි අවස්ථාවේ සිටම පන්තිය අවසන් වනතුරුම තරුණයා තරුණිය දෙස බලා සිටිනවා මිස අධ්‍යාපන කටයුතු නිසි අයුරින් සිදු කර ගැනීමට උත්සාහ දරා නැත.දිනක් පංති අවසන්වීමෙන් පසුව තරුණිය බස් නැවතුම්පොළ වෙත පා ගමනින් ගමන් කරන අවස්ථාවේ දී තරුණිය ළඟට දිවගොස් ‘නංගි මම ඔයාට මාස කිහිපයක සිට සිතින් ආදරය කරනවා. ඔයා ඒකට මොකද කියන්නේ?’ යනුවෙන් විමසීමක් කළේය. තරුණිය පසුව තරුණයාගේ මූණ දෙස බලා ‘මට කෙනෙක් ඉන්නවා’ යනුවෙන් ප්‍රකාශ කරමින් ගස්සාගෙන විගස බස් නැවතුම්පොළ වෙතට දිව ගියාය. තරුණයා ද එදා වේදනාවෙන් සිය නිවස වෙත ගිය බව වාර්තා වෙයි.තරුණිය එසේ තරුණයාට ප්‍රකාශ කළ ද තරුණයා අබමල් රේණුවක් තරමින් ඇයට ඇති ආදරය අඩුවක් කළේම නැත. පංතියට පැමිණි තරුණයා පංති අවසන්වී යන අවස්ථාවේ දී තරුණිය අසලට ගොස් ‘නංගි සමාවෙන්න ඔයාට කෙනෙක් හිටියට කමක් නෑ තාම ඔයා බැඳලා නෑනේ මමත් ඔයාට ගොඩාක් ආදරෙයි’ යනුවෙන් පැවැසීය.තරුණිය එදිනද ගස්සාගෙන කේන්තියෙන් ගියාය. එදින තරුණියගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබුණු තරුණයා සිතේ වේදනාවෙන් නිවසට පැමිණ තිබුණි. දින කිහිපයක් තරුණයා නිරාහාරව සිටින අවස්ථාවේ දී මව කෑම කන්නේ නැත්තේ මන්දැයි ඔහුගෙන් විමසුවා. මවට කිසිම පිළිතුරක් ලබා නොදුන් තරුණයා ද නිරාහාරව සිටියදී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න) 
තරුණයා ‘ලව් හීනෙන්’ නොකා නොබී රෝහලේ
1
hp_train_2145
(නාලක සංජීව දහනායක,ඡායාරූප ගයාන් අමරසේකර)දේශපාලනඥයන්ට පමණක් රට පාලනය කිරීමට ඉඩනොදී රාජ්‍ය පාලනයට විද්වතුන් සක‍්‍රීයව මැදිහත් විය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (4) පැවසීය.රාජ්‍ය සේවකයන් බියවැද්දීම නිසා සංවර්ධනය සම්පූර්ණයෙන්ම නතරවී තිබෙන බවත්, රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක් බවත් කී රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළදී රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කිරීමට ඉඩ දුන් බවත් සෑම විටම ඔවුන් ආරක්ෂා කළ බවත් සඳහන් කළේය.බොරලැස්ගමුව, ගෝල්ඩන් රෝස් හෝටලයේ පෙරේදා (4) පැවැති වියත්මඟ සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙස්ද කීය.සමහරු හිතාගෙන ඉන්නේ පොලීසියත් හිරගෙයත් තිබුණම රටක් පාලනය කළ හැකියි කියලයි. එහෙම රටක් පාලනය කරන්න බැහැ. ඒ නිසා ඇමැතිගේ අනුමැතියක් නැතුව තීන්දු ගන්න අද රජයේ සේවකයන් බයයි. රාජ්‍ය සේවය බියවැද්දුවාම රට සංවර්ධනය වෙන එක එහෙමපිටින්ම නතර වෙනවා. මේ වන විට රජයේ සේවකයෝ දෙදහසකට වැඩි පිරිසකගෙන් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරල. රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක්. දේශපාලනඥයන් හිරේ ගියාට කමක් නැහැ. රටේ වෙන දේවල් ගැන පාලකයන් දැනගෙන ඉන්න  ඕන. ජනතාවට පොරොන්දු දීලා සමයංටයි, ලොක්කෙටයි එකතුවෙලත් ආණ්ඩුකරන්න පුළුවන්. රටේ වෙන සිදුවීම් පත්තරවලින් දැනගන්න පාලකයන් වැඩක් නැහැ. රාජ්‍ය සේවකයන් කරන දේවල් වැරදි දේවල් නොවෙයි. අපි එදා රාජ්‍ය සේවකයන්ට වැඩ කරන්න නිදහස දුන්නා. අපේ කාලේ අපි රාජ්‍ය සේවකයන් ආරක්ෂා කළා.මට මතකයි තරුණයන් හමුදාවට බෙදන්න අදිමදි කළ යුගයක් තිබුණා. ඒ නිසා රට රකින්න හමුදා සේවයට බැඳෙන්න කියලා මම තරුණයන්ට ආයාචනය කළා. ඒ අනුව යෝෂිත කිව්වා එයාටත් හමුදාවට බෙදන්න  ඕන කියලා. රටවෙනුවෙන් හමුදාවට බැඳෙන්න කියලා  රටේ දරුවන්ගෙන් ඉල්ලීම් කරල මට මගේ දරුවව ගෙදර තියාගෙන ආරක්ෂා කරගන්න බැහැ. ඒ නිසා මම යෝෂිතට හමුදාවට බෙදන්න ඉඩ දුන්නා. මැරෙන්න මොන සුදුසුකම් ද? ඒත් එදා සමහරු යෝෂිතගේ සුදුසුකම් ගැන ඇහුවා.අපි එදා යුද්ධය මෙහෙයවද්දී මේ රටෙන් වගේම විදේශයන්ගෙනුත් නොයෙකුත් බලපෑම් ආවා. ඒත් අපි එදා ඒවාට මුහුණ දුන්නා. රට ලබාගත් ජයග‍්‍රහණ ආපසු හරවන්න දෙන්න බැහැ. රට කෑලිවලට කඩන්න අපි ඉඩ දෙන්නේ නැහැ.දේශපාලනඥයන්ට විතරක් මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. රාජ්‍ය පාලනයට විද්වතුන්  සක‍්‍රීයව මැදිහත් වෙන්න  ඕන. එවිට දියුණු රටක් ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා යැයි පැවසීය.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.අපේ රටේ උගත් බුද්ධිමත් සියලූම දෙනාම රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතුයි. රාජ්‍ය පාලනයට සම්බන්ධ වන සියලූම දෙනා දේශපාලනයට සම්බන්ධ විය යුතු බව අපි විශ්වාසකරන්නේ නැහැ. පසුගිය වසර නවයේදී අපි යම් ප‍්‍රමාණයකට මේ දේවල් ක‍්‍රියාත්මක කළා. මගේ අමාත්‍යාංශය තුළ වැඩකිරීමේදී විද්වතුන්ගේ අදහස්වලට ඉඩ දුන්නා. ඒ නිසා රටේ විශාල වෙනසක් කරීමට අපිට හැකියාව ලැබුණා. විද්වතුන්ගේ අදහස්වලට ඉඩනොදෙනවා නම් අපිට කවදාවත් දියුණු වෙන්න බැහැ. මේ රටේ රාජ්‍ය අංශය නොදකින දේවල් පුද්ගලික අංශය දකිනවා. ඇවන්ගාඞ් ව්‍යාපාරය ආරම්භ වුණේ එහෙමයි. ඒ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟම විදේශ විනිමය විශාල වශයෙන් අපේ රටේ ඉතුරුවුණා. අද ඔවුන්ගෙනුත් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරනවා.අපේ රටේ තිබෙන නීති රීති අනුව තීරණ ගත්තත් නොගත්තත් හිරේ යනවා. මේ වගේ රාජ්‍ය තන්ත‍්‍රයක් තුළ රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. නිලධාරීන්ට තීරණ ගැනීමේ ශක්තිය දිය යුතුයි. විද්වතුන්ගේ, වෘත්තීයවේදීන්ගේ දැනුම ලබාගත්තේ නැත්නම් කවදාවත් අපිට නිර්මාණශීලී ගමනක් යන්න බැහැ. අද නිලධාරීන් තීරණ ගන්න බයයි. තීරණ ගන්න පුද්ගලයන්ට එරෙහිව විවිධ බාධාවන් ක‍්‍රියාත්මක වෙනවා. ඒ කාලේ මට හිතුණා දියත උයනේ මාර්ගවල ත‍්‍රීඞී චිත‍්‍ර අඳින්න  ඕන කියලා. ඒ වැඬේ කරන්න නිලධාරීන් මට තරුණයකු හොයල දුන්නා. අපි තීන්ත අරන් දුන්නා. ඔහු ගාස්තු අයකිරීමකින් තොරව ඉතාම හොඳට මට ඒ වැඬේ කරලා දුන්නා. ඒ තරුණයාගෙන් පවා එෆ්.සී.අයි.ඞී. ය ප‍්‍රශ්න කරලා.යමක් කිරීමේදී තමන් කරන වැඬේ ඉහළ ප‍්‍රමිතියෙන් කරන්නත්  ඕන. විශේෂයෙන්ම නාගරික සංවර්ධනයේදී නිලධාරීන්ට නිර්මාණශීලීව වැඩ කරන්න ඉඩ දෙන්න  ඕන. අලූතෙන් හිතන්න දෙන්න  ඕන. නීති රීතිවලින් ඔවුන්ව බැඳ තැබීම සුදුසු නැහැ. හොඳම උදාහරණය තමයි ෂැංග‍්‍රිලා හෝටල් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අයෝජකයන් ඉල්ලා සිටියේ කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටි භූමියයි. නමුත් ඒ භූමිය ලබාදීම මට ප‍්‍රශ්නයක් වුණා. යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදිකරන්න වසර ගණනාවකට පෙර ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා සැලසුමක් හදල තිබුණත් මුදල් නොමැති කමින් වසර ගණනාවක් ඒ ව්‍යාපෘතිය නතරවෙලා තිබුණා. ෂැංග‍්‍රිලා ව්‍යාපෘතියෙන් ලැබුණ මුදල් යොදවා අකුරේගොඩ ප‍්‍රදේශයේ යුද හමුදා මූලස්ථානය ඉදිකිරීම ආරම්භ කළා. මේ වැඩ ටික කරන්න අපිට ගතවුණේ හරියටම සතියයි. ඒ නිසා ආයෝජනයට ඉතාම සුදුසු රට ලංකාව බව ෂැංග‍්‍රිලා ව්‍යාපාරයේ සභාපතිවරයා නිතරම කිව්වා.යුද්ධයේදී රණවිරුවන්ගේ ඉදිරි ගමන නවත්වන්න නොයෙකුත් බාධකයන් ඉදිකර තිබුණා. ඒ කාලෙදි නිතරම අහන්න ලැබුණේ අගලක් හා බැම්මක් කියන වචන දෙකයි. මේ බාධක කඩාගෙන තමයි රණවිරුවන් ඉදිරියට ගමන් කළේ. තමන් තුවාල වෙන බව හෝ තමන් මැරෙන බව ඒ බාධක කඩාගෙන ඉදිරියට යන සෙබළා දන්නවා. ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපේ රට යහපත් මාර්ගයකට ගෙන ඒමට ඔහු තමන්ගේ ජීවිතය පූජා කළා. යුද්ධයෙන් අතපය අහිමිවූ සෙබළුන් තවමත් මේ සමාජයේ ජීවත් වෙනවා.අපේ රටේ ඉන්න විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන විද්වතුන්ට එකට එකතු වෙලා තමන්ගේ අදහස් බෙදා හදාගන්න තිබෙන අවස්ථා අඩුයි. අපි වියත්මඟ සංවිධානය බිහි කළේ ජීවත් වීමට සුදුසු රටක් සකස් කිරීමටයි. ඉදිරියේ බිහිවන රජයක තනතුරු ගන්න බලාපොරොත්තුවක් නැතැයිද පැවසීය.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ පැවසීය.අපිට උදේ ඉඳන් ? වෙනකම් ඇහෙන්නේ සංහිඳියාව කියන වචනයයි. අද මේ වචනය ගැන කතා කරන නායකයන්ට වඩා අපි ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මේ රටේ විසිහත් වසරක් දරුණු යුද්ධයක් තිබුණා. අපි නිවැරැදි නායකත්වයක් යටතේ මේ යුද්ධය අවසන් කළා. ඒකට දැන් අයිතිකාරයන් ගොඩක් ඉන්නවා. අපි සටන්බිමේ ගහ ගත්තා. සිවිල් සංවිධාන, ආගමික නායකයන් ඇතුළු මේ රටේ ජනතාව නිරන්තරයෙන්ම අපිට ආශීර්වාද කළා. මේ ජයග‍්‍රහණය ඒ සියල්ලන්ටම අයිතියි.යුද්ධය පටන් ගත්ත කාලේ හමුදාවට බොහෝ පරාජයන් අත් වුණා. මම  ජයග‍්‍රාහී යුද හමුදාව වගේම ඒ පරාජිත හමුදාවත් නියෝජනය කළා. නමුත් මේ රටේ ක‍්‍රියාත්මක වූ සිවුවන ඊළාම් යුද්ධය තමයි රටේ මහා පෙරළියක් කළේ. අපිට පතුරමේ සිට මිසයිලය දක්වා සියලූම දේවල් ලැබුණා. සෙබළුන්ගේ චිත්ත ශක්තිය වැඩි කළා. මාවිල්ආරු සිට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් අවසන් කරන තුරු යුද්ධයට ලැබුණ නායකත්වය ගැන මට කියන්න වචන නැහැ. ළ`ගදී එක නායකයෙක් කියලා තිබුණා එයා යුද්ධයෙන් සියයට අසූවක් ඉවර කළා කියලා. නමුත් ඒ කාලේදි හමුදාවට සියයට අසූවකට වඩා වැඩි දේවල් නැති වුණා.යුද්ධයේදී රණවිරුවන් කළ කැපකිරීම අනන්තයි අප‍්‍රමාණයි. අප ලැබූ අපහාස හා උපහාසත් ඒ වගේමයි. යුද්ධය පැවැති අවසන් අවුරුදු දෙකයි මාස දහයක කාලයේදී නිලධාරීන් හා සෙබළුන් 5900ක් මිය ගියා. අවසන් වසර තුනේදී සෙබළුන් හා නිලධාරීන් 2900ක් තුවාල ලැබුවා. ඉන් 1000ක් පමණ බරපතළ තුවාල ලැබුවා. පොඞ්ඩක් හිතන්න වයස අවුරුදු 18දී යුද හමුදාවට බැඳුණ තරුණයෙක් අවුරුදු 20 දී අබාධිත තත්ත්වයට පත් වුණොත් ඉතිරි මුළු ජීවිත කාලයම ඔහු ඉන්නේ ඇඳක් උඩ. ඒ දරුවාව දකින වාරයක් වාරයක් පාසා ඔහුගේ දෙමාපියන් මැරි මැරී උපදිනවා. එහෙම කැප කිරීමක් කරල ලබාගත් ජයක් මේක.2009 මැයි 19 වැනිදා උදේ 10.30 ට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් හා ඔහුගේ ත‍්‍රස්තවාදී සඟයන් මෙලොවින් තුරන් කිරීමත් සමඟම ත‍්‍රස්තවාදය මේ භූමියෙන් සියයට සියයක්ම තුරන් කරලා දැම්මා. අපි ත‍්‍රස්තවාදීන් 6000ක් අත්අඩංගුවට ගත්තා. තවත් ත‍්‍රස්තවාදීන් හයදහසක් සිවිල් වැසියන් අතර සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්තා. මට මතක විදියට ත‍්‍රස්තවාදීන් 12,200ක් පුනරුත්ථාපනය කළා. ඔවුන් අද සිවිල් සමාජයේ අනෙකුත් සිවිල් වැසියන් සමඟ උරෙනුර ගැටෙමින් ජීවත් වෙනවා. ප‍්‍රභාකරන් මරාදාපු දවසේ ඉඳලා මේ රටේ බෝම්බ පිපුරුණේ නැහැ. ත‍්‍රස්තවාදී ක‍්‍රියා වාර්තා වුණේ නැහැ. පාතාලය හා එක එක්කෙනාගේ හෙංචයියන් තමයි බෝම්බ පිපිරුවේ, තුවක්කු පත්තු කළේ.මම අත්දැකීම් සහිත නිලධාරියෙක්. බුද්ධි අංශය තමයි හමුදාවක විශාලතම සම්පත. අද බුද්ධි අංශ අකර්මණ්‍ය කරලා. දැන් රට යන තත්ත්වය එතරම් සුබ නැහැ. 2010 වසරේ සිට 2014 වසර දක්වා මහාවීර දිනයට පහනක් පත්තු කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. රට බෙදන්න ක‍්‍රියාකළ ත‍්‍රස්තවාදීන් මහා වීරයන් වෙන්නේ කොහොමද?. නමුත් කියන්න කනගාටුයි 51 වැනි සේනාංකය ඉදිරිපිට මහාවීර දිනය සමරනකොට ඒ නිලධාරීන් ඔහේ බලාගෙන හිටියා. සාම්පූර් නාවික හමුදා කඳවුරේදී නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධාරියකුට බැණ වැදුණා. ඒ නාවික හමුදා නිලධාරියා එතැනදී කටයුතු කළේ සංහිඳියාව අනුවයි. සිලාවතුර නාවුක හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනව කියන ප‍්‍රවෘත්තිය තමයි  මම මගේ ජීවිතයේදී අහපු අමිහිරිම ප‍්‍රවෘත්තිය. එමෙන්ම අබාධිත සෙබළුන්ට කොළඹදී පහර දීම තමයි මම දැකපු හිරිකිතම දර්ශනය. අපි නිල ඇඳුම් ඇඳපු සොල්දාදුවෝ. තවමත් ඒ නිල ඇඳුමේ උණුසුම අපිට දැනෙනවා. මේව දකින කොට අපිට හරි කළකිරීමක් දැනෙනවා. අපි හදවතින් හඬාවැටෙනව.ඊනියා සංහි`දියාවක් හදලා රට බෙදන්න සූදානම් වන විට ඒකට එරෙහිව නැඟී සිටීම අපේ යුතුකමක්. ඒක නූපන් පරපුරට අපි කරන ලොකුම මෙහෙවරක්. අපි ලබාගත් ජයග‍්‍රහණය පාවාදෙනවා නම් අපේ නම් දේශද්‍රෝහී ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් කරන්න  ඕන. ඒ නිසා බලය බෙදීමෙන් රටට හානියක් වෙනවා නම් අපි නැඟී සිටිය යුතුයි. අද වන විට ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවෝ ජීවත්වෙලා හිටිය නම් උන්වහන්සේත් අද ජාතිවාදී ලැයිස්තුවට ඇතුළත් වනවා යැයි පැවසීය.ප‍්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙසේ පැවසීය.වෙනස්වන ලෝකයේ අද වනවිට ලංකාව ස්ථානගතවී තිබෙන්නේ කොතැනද?. ලංකාව අසාර්ථක රාජ්‍යයක් බව විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලය අමතමින් ප‍්‍රකාශ කළා. මගේ ජීවිත කාලයේදී නම් ලංකාව එවැනි අවනම්බුවක් විඳ නැහැ. ලංකාවට ලෝකයේ ගෞරවනීය ස්ථාන හිමිවූ යුග තුනක් තිබුණා. පළමු යුගය තමයි 1956 සිට 1979 දක්වා වූ කාලය. දෙවැනි යුගය තමයි චන්ද්‍රිකා මැතිනිය යටතේ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයේදී ජාතික අවශ්‍යතාවන් අනුව අපේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගයයි.ලංකාවට ලෝකයේ නම්බුකාර තත්ත්වයක් ස්ථාවරව පවත්වාගෙන යන්නේ කෙසේද. ලංකාව කුඩා දුපතක්. මේ භූගෝලීය පිහිටීම නිසාම අපේ දෛවය හුදු දේශීය සාධකවලින් නිර්මාණය වූවක් නොවෙයි. ජාතික හා ජාත්‍යන්තරය කියන සම්බන්ධතා අතර තිබෙන්නේ ඉතාම සියුම් පටලයක්. ජාත්‍යන්තරයට ජාතික වශයෙන් පිළිතුරු දෙන්න බැහැ. අපේ ජාතික අවශ්‍යතාවන්වලට ලෝකය යටකරන්න දෙන්න බැහැ. ලෝකයට අපිව යටකරන්න දෙන්නත් බැහැ.මේ සමාජය ප‍්‍රබුද්ධ යැයි කියා සිතන පුද්ගලයන්ගේ දේශපේ‍්‍රමයක් නැහැ. ඔවුන් ජාත්‍යන්තර දැනුමට පිටුපාල, දුපත් මානසිකත්වයෙන් ඉන්නේ. අපි මේක වෙනස් කරන්න  ඕන. මේ දේශපේ‍්‍රමය දියුණු දේශපේ‍්‍රමයක් වෙන්න  ඕන. අපේ සංස්කෘතිය ලෝක සංස්කෘතියේ කොටසක් කරගන්න  ඕන. අපේ ජාතිකත්වය ජාත්‍යන්තරයට පහදා දෙන්න අපිට පුළුවන් වෙන්න  ඕන. ඒක තමයි ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමය කියන්නේ. එහෙම ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමීන් ලංකාවේ ඉඳලා තියෙන බවද පැවසීය.ආචාර්ය නාලක ගොඩහේවා, අරූන් තම්බි මුත්තු, නීතිඥ පේ‍්‍රමනාත් දොළවත්ත, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ ශ්‍රීමාල් විජේසේකර, වෛද්‍ය සීතා අරඹේපොළ, ප‍්‍රවීණ කලාකරු සුදත් රෝහණ යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, රමේෂ් පතිරණ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ මහත්වරුද, ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ගලගම ධම්මරංසි හිමිවරුද කලාකරුවන් ඇතුළු වෘත්තිකයෝ විශාල පිරිසක්ද සහභාගී වූහ.
රටක නායකයකු විය හැක්කේ රට ආර්ථික වශයෙන් ගොඩනගන කෙනකුට පමණයි
0
hp_train_2146
චන්ද්‍රසිරි ගුණසේකරඇල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයන් අද (1)වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි .අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඇදිරිනීතිය දිනවලදී පවා අඛණ්ඩව සේවයේ යෙදී සිටින තමන්ට මේ සදහා අමතර දීමනාවක් ලබාදෙන ලෙස එම සේවකයන් සමිතියෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතත් සමිතිය ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සේවකයන් අද වැඩ වර්ජනයක නිරතව ඇත .මෙම දීමනාව ගෙවීමට සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇතත් ඔවුන්ට පාලනාධිකාරිය විසින් මෙතෙක් එම දීමනාව ගෙවීමට කටයුතු කර නැති බවයි ඔවුහු පවසති.එහෙත් පසුගිය දිනවල වියළි ආහාර පාර්සල් කිරිමේ කටයුතු කල එම සමිතියේ සේවකයන්ට අමතර දීමනාවක් ගෙවා ඇති බවද ඉන්ධන හල් සේවකයෝ පවසති .මෙම ඉන්ධන පිරවුම් හලේ සේවය කරන සේවකයන් 11 දෙනෙකු මෙසේ වර්ජනයට එක්ව සිටිති .පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සදහා ඉන්ධන සපයන්නේ මෙම ඉන්ධන හලෙන් නිසා මෙය ලොකු ගැටලුවක් වී ඇති බවද පොලිසිය පවසයි .
ඇල්පිටිය සමූපකාර ඉන්ධන පිරවුම්හලේ වර්ජනය අවසන්
0
hp_train_2147
බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර සහ සබරමුව පළාත්වලත් ගාල්ල,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක වැසි ඇති වේ.අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්,ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ,වයඹ සහ උතුරු - මැද පළාත්වලත් විටින විට තද සුළං ඇති විය හැකිය බව ද කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව අනතුරු අඟවයි.
තැනින් තැනට අදත් තද වැසි
1
hp_train_2148
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 693 දෙනකු අද(4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,333 කි. මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,59,459 ක් දක්වා ඉහළ ගොස් ඇත. 
අද ආසාදිතයන් 581ක්
0
hp_train_2149
(රංජිත් රාජපක්ෂ)                       හැටන් වටවල හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වී ඇති බව වටවල පොලිසිය පැවසීය.මෙම අනතුර සිදු වි ඇත්තේ අද (06) පස්වරු 2 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදී බව පොලිසිය කීය.හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීමට රියදුරා උත්සහ කිරීමේදි බස් රථය රියදුරාගේ පාලනයෙන් මිදි පසු පසුට ධාවනය වීම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන කන්දක ගැටී අනතුර පත් වී ඇති බව වටවල පොලිසිය සඳහන් කළේය.අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 15 දෙනෙකු පමණ ගමන්කර ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය පැවසීය. 
ත්‍රිරෝද රථ අනතුරින් සිව් දෙනකු රෝහලේ
0
hp_train_2150
(සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි)(පරිවර්තනය - කෝවිද ගුණසේකර)සති දෙකක කාලයක් කොළඹ කාලය ගත කළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දුත පිරිස පසුගිය සතියේ වොෂින්ටන් නුවර තම මූලස්ථානය බලා ගියේය. ඔවුන් දිවයිනෙන් නික්ම ගියේ හිස් අතින් නොව ණය අර්බුදය විසදීම සදහා ඉදිරියේ ගැනෙන පියවර සම්බන්ධයෙන් රජයේ නායකයන් දුන් නව පොරොන්දු රැසක්ද අතැතිවය. මූලෝපායික නොවන සම්පත් වහාම විකුණා දමා ඩොලර් බිලියනක් උපයා ගැනීම එවැනි එක් පියවරකි. ඒ යටතේ සම්පත් හයක් සම්බන්ධයෙන් දැනටමත් රජයේ අවධානය යොමුව ඇත. ඉදිකිරීම් කටයුතු නිම වෙමින් තිබෙන හයාට් හෝටලය, වෝටර්ස් එජ්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය සහ කොළඹ හිල්ටන් හෝටලය ඉන් හතරකි. අනෙක් දෙක විකිණීම සදහා සිදුකළ යුතු කටයුතු සම්පාදන මේ වන විට අවසන් අදියර කරා ළගා වෙමින් පවතී. රජයේ ආරංචි මාර්ගයකට අනුව එම කටයුතු, පෙර සදහන් කළ හතරෙහි කටයුතු වලට වඩා වෙනස්ය.චීන රජයට අයත් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම සමග හම්බන්තොට වරාය අරබයා ඇති කරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුමෙන් ඩොලර් බිලියනයක් උපයා ගැනීම තවත් පියවරකි. ඉදිරි දින දහයක කාලය ඇතුළත ගිවිසුම සම්බන්ධ කටයුතු අවසන් කරන බව රජයේ නායකයෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ පැවසූහ. එහෙත් රජයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය තවමත් මෙම අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් අවසන් ප‍්‍රකාශයක් සිදුකර නොමැත. හම්බන්තොට වරායට අදාළව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යන්නේ යැයි රජය නිවේදනය කළ දිනයේ සිට ඒ සම්බන්ධයෙන් වූ විවිධ කරුණු අධ්‍යයනය කිරීමට පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල උප කමිටු වල කි‍්‍රයාකාරීත්වය හමුවේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය. ගිවිසුමේ කෙටුම්පත අද (13) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය. කැබිනට් හමුව පැවැත්වෙන්නේ සතියේ අගහරුවාදා දින වුවද, ගෙවුණු සතියේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන ඉන්දුනීසියාවේ සංචාරයක නියැළී සිටි හෙයින්, කැබිනට් මණ්ඩල හමුව පැවැත්වීමට නොපැවැත්වීමේ අඩුපාඩුව සපුරනු වස් මෙම සතියේ රැස්වීම දිනයකින් ඉදිරියට ගැනීම සිදුවිය. හම්බන්තොට වරාය ගිවිසුම අරබයා වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඔහුගේ අමාත්‍ය සගයකු වන විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා සමග වාග් සංග‍්‍රාමයක පැටලී සිටින්නේය. පහත දැක්වෙන්නේ ගිවිසුම සම්බන්ධයෙන් වන අමාත්‍ය උප කමිටුවක ප‍්‍රධානීත්වය හෙබවූ අමුණුගමට යැවුනු ලිපියකි.’‘ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා 2017 පෙබරවාරි 24 වැනිදා ඉදිරිපත් කළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සදහා වන අවබෝධතා ගිවිසුමෙහි අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් මාගේ විමර්ශන සහ අදහස් පහත දැක්වේ.‘‘1. මා හට ලබාදී ඇති වරාය පිළිබද වන අවබෝධතා ගිවිසුමට අනුව හම්බන්තොට වරාය පැවරෙන්නේ පෞද්ගලික සමාගමකටය.ඇති කිරීමට යෝජිත එම පෞද්ගලික සමාගම වෙනම වරාය අධිකාරියක් ලෙස කටයුතු කරනු ඇත.මෙයට මා එකග නැත.2. මට ලබාදී ඇති අවබෝධතා ගිවිසුමෙහි හම්බන්තොට වරාය නැවත පවරාදීමක් ගැන සදහන් වන්නේ නැත. එහෙත් පෙර අවස්ථාවල ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය එහි පර්යන්ත සම්බන්ධයෙන් ඇතිකරගත් රාජ්‍ය - පෞද්ගලික ගිවිසුම් වල, එවැනි කොන්දේසි අන්තර්ගත විය.මෙය යෝජිත ගිවිසුමේ ඇති බරපතළ හිඩැසකි.3. මාගේ දැනීමට අනුව වරාය අධිකාරී පනත සංශෝධනය කිරීමකින් තොරව මෙම ගිවිසුම අත්සන් තැබිය නොහැකිය.4. චීන සමාගමට සියයට 80 කුත්, වරාය අධිකාරියට සියයට 20 කුත් හිමිවන පරිදි වරාය බෙදා දීමට ගිවිසුමෙන් නිර්දේශ කර තිබීම ගැන මා හට එකගවීමට නොහැකිය. එයට හේතුව වන්නේ පළමු වසර 20 ඇතුළත හම්බන්තොට වරාය ඉහළ ලාබ ලැබිය හැකි තත්ත්වයට පත්කළ හැකි බැවිනි. මේ නිසා මම යෝජනා කරන්නේ වරායේ හිමිකාරීත්වය සියයට 65 ක් චීන සමාගමකටත්, සියයට 35 ක් වරාය අධිකාරියටත් හිමිවන සේ ගිවිසුම සංශෝධනය විය යුතු බවටය. යෙදවීමට යෝජිත ආයෝජනය සැළකිල්ලට ගැනීමේ දී වරාය අධිකාරියට හිමිවන කොටස අඩු කළ නොහැකිය.5. වසර 99 ක සහනයක් ගැන අවබෝධතා ගිවිසුමෙහි සදහන්ව තිබීමෙන්, පෙර සපයන ලද තාක්ෂණික නියාමන වාර්තා සැළකිල්ලට ගැනීමක් සිදුව නොමැති බව පැහැදිලිය. ඒ නිසා මෙම කාලය සීමාව පහත දැමිය යුතුය. ව්‍යාපෘතිය අවසානයේ කිසිදු අමතර ගෙවීමකින් තොරව සියලූ නිශ්චල දේපළ වරාය අධිකාරියට අයත් විය යුතුය.6. ඉදිකිරීම් සදහා වැය වන මුදලින් සියයට 80 ක් ව්‍යාපෘති බාර සමාගම ගෙවිය යුතුය. එහෙත් මෙහිදී ඉඩමෙහි වටිනාකම සැළකිල්ලට ගෙන නොමැත. එහෙත් අවබෝධතා ගිවිසුමට ඉඩමෙහි වටිනාකමද එකතු කර ඇත. මෙය නිවැරදි නොවන බැවින් සංශෝධනයක් සිදුවිය යුතු බව මාගේ අදහසයි.7. ජාතික ආරක්ෂාව කඩවන අයුරින් කටයුතු සිදුවුවහොත් ගැනෙන පියවර සම්බන්ධයෙන් කිසිදු සදහනක් නොමැත. ජාතික හා කලාපීය ආරක්ෂාව සැළකිල්ලට ගෙන, හම්බන්තොට වරාය දැනට රටේ පවත්නා නීතිමය ව්‍යුහයට ඇතුළත් කරගැනීමට කටයුතු කළ යුතුය.8. ඉඩමේ ප‍්‍රමාණය අඩු කළහොත් ගෙවන මුදල ද අඩුවනු ඇති බව මෙහි සදහන්ය.  එහෙත් සමාගම එකගත්වය පළකර තිබෙන්නේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ අදියර 1 සහ අදියර 2 සදහා පමණක් මුදල් ගෙවීමටය. මේ අනුව සැළකූ විට ඉඩමේ ප‍්‍රමාණයට ගෙවන මුදල හා සමාගම ගෙවීමට එකගත්වය පළකර තිබෙන මුදල අතර සම්බන්ධයක් නොමැත. එමෙන්ම ඉඩමේ වර්තමාන වටිනාකම සහ අනාගත වටිනාකම පිළිබද ඇගයීමක් ද සිදුව නොමැත.9. ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් වනු ඇති බවට අවබෝධතා ගිවිසුමෙහි තැන් කිහිපයකම ඉගි පළකර ඇත.ඒ හමුවේ වරායේ මුළු වටිනාකම ලෙස ව්‍යාපෘතියේ වටිනාකම වන මෙම ඩොලර් බිලියන 1.4 ගෙනහැර දැක්වීම නිවැරැුදි නොවේ. එම සදහන ඉවත්විය යුතුය. මුලූ වටිනාකම ගණනය කිරීම සදහා ආර්ථික හෝ වෙළෙද මට්ටමින් තක්සේරුවක් සිදුව නොමැත. ව්‍යාපෘතිය දියත් කෙරෙන භූමියේ මූලෝපායික වශයෙන් ඇති වැදගත්කමද මෙහිදී සැළකිල්ලට ගෙන නොමැත.10. අවබෝධතා ගිවිසුමට අනුව බදු පැනවිමේ බලය ලබාදී ඇත්තේ පෞද්ගලික සමාගමටය. මෙම කාර්යය පෞද්ගලික සමාගමක ට පවරා දීම කොළඹ වරායට විශේෂයෙන් දේශීය ව්‍යාපාරිකයන්ට, සහ ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට බලවත් තර්ජනයක් වනු ඇත. (ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය වරාය ගාස්තු සම්බන්ධයෙන් ස්වාධීන තීරණ නොගන්නා අතර, මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මත පමණක් එම ගාස්තු හදුන්වාදීම සිදුකරයි)11. මාගම්පුර වරාය කළමනාකරන සමාගමට බදවාගනු ලබන සේවකයන්ගේ රැකියා සුක්ෂිතභාවය පිළිබද සදහනක් නොමැත. අනාගතයේ ඇතිවිය හැකි ගැටලූ වළක්වාගැනීම සදහා ඒ පිළිබද සදහනක් එකතු කිරීම වැදගත්ය.12. හම්බන්තොට වරායේ තෙවැනි අදියර දැනට සීමාවන්නේ සංකල්පයකටය.මේ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යනයක් සිදුවිය යුතු නිසා, එවැනි සංකල්පයක් අවබෝධතා ගිවිසුමට ඇතුළත් කිරීමේ හැකියාවක් නැත. සමාගම ගෙවීම් සිදුකරන බව සදහන් කර ඇත්තේ ද අදියර 1 සහ අදියර 2 ට පමණකි.මේ නිසා අදියර 3 පිළිබදව ඇති සදහන ගිවිසුමෙන් ඉවත් කළ යුතුය.13. අක්කර 100 ක කෘති‍්‍රම භූමිය හම්බන්තොට වරායට අයත් කොටසක් නොවේ.එම භූමිය ව්‍යාපෘතිය බාර සමාගමට පවරා දෙන බවට අවබෝධතා ගිවිසුමෙහි සදහනක් ඇත.එවැන්නක් සිදුකළ නොහැකිය.14. පෞද්ගලික සමාගමකට වරාය අධිකාරියේ බලතල පවරාදිය නොහැකිය. තෙවැනි පාර්ශවයකට හෝ එළෙස බලය පවරාදීමක් සිදුකළ නොහැකිය. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සතුව පවතින ඇතැම් සුවිශේෂී සේවා පෞද්ගලික සමාගමකට පවරා දිය නොහැකිය.15. ගිවිසුමට අදාළ වන ඇතැම් ඇමුණුම්, අමුණා නොමැති අතර ඒ නිසා සම්පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත.රණතුංගගේ මෙම ලිපියට අමුණුගමගෙන් ද ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇත. උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී ද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙනු ඇතැයි සිතීම උගහටය. අමාත්‍ය රණතුංග නීතිපතිවරයා සමගද වාදයක පැටලී සිටින අතර, තමා ඉල්ලා සිටි පරිදි කඩිනමින් නීති උපදෙස් සහ අවවාද ලබාදීමට නීතිපතිවරයා කටයුතු කළේ නැතැයි ඔහු නගන චෝදනාවයි. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර ඇත. පෙර අවස්ථාවක ඔහු ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය, අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සම්බන්ධයෙන් ඇති නෛතික පසුබිම නීතිපතිවරයාගෙන් විමසා සිට අතර, නීතිපතිවරයා ඔහුට දැනුම්දුන්නේ වරාය අධිකාරිය ගිවිසුමට අත්සන් කිරීම අරබයා කිසිදු නෛතික හෝ ව්‍යවස්ථාමය ගැටලූවක් නොමැති බවය.මූලෝපායික නොවන සම්පත් විකුණා දැමීමත්, හම්බන්තොට වරාය අවබෝධතා ගිවිසුමක් හරහා ලබාගන්නා මුදල් මේ වන විට ඩොලර් බිලියන 5.4 ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති මූල්‍ය පිරිවැය පියවා ගැනීමට සෑහෙනු ඇතැයි රජයේ විශ්වාසයයි. මුදල් උපයා ගැනීමට අනුගමනය කිරීමට යන්නේ යැයි රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලයට දැනුම්දී ඇති අනෙක් පියවරන් අතර, ඒකාබද්ධ ණය ක‍්‍රමයක් මාර්ගයෙන් ඩොලර් මිලියන 650 ක මුදලක් ලබාගැනීම, අන්තර්ජාතික ස්වෛරී බැදුම්කරයක් මාර්ගයෙන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් උපයා ගැනීම, සහ වෙළෙදපොළෙන් සිදුකරන ඍජු මිලදී ගැනීම් වලින් ඩොලර් මිලියන 500 ක් උපයා ගැනීම ප‍්‍රධානය. එහෙත්  අන්තර්ජාතික මූල්‍ය අරමුදල නැවත නැවතත් ප‍්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ ණය ක‍්‍රමයක් මාර්ගයෙන් මුදල් ලබාගැනීම සහ අන්තර්ජාතික ස්වෛරී බැදුම්කරයක් මාර්ගයෙන් මුදල් උපයා ගැනීම දළ ජාතික සංචිතයන් ශක්තිමක් කරගැනීම සදහා භාවිතා කළ හැකි කි‍්‍රයාමාර්ගයක් ලෙස පිළිගැනීමේ හැකියාවක් නොමැති බවය. වෙළදපොළෙන් කෙරෙන සෘජු මිලදී ගැනීම් සම්බන්ධයෙන්ද අනතුරු අගවා ඇති මූල්‍ය අරමුදල, එසේ කළහොත් රුපියල ඉතා ශීඝ‍්‍රයෙන් අවප‍්‍රමාණය වීම කිසිසේත්ම වළක්වාගත නොහැකි වනු ඇතැයි පවසා තිබේ.විමර්ශනය අවසානයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස නිකුත් කළ ප‍්‍රකාශයට අනුව ශී‍්‍ර ලංකාවේ ආර්ථික පරිහානියට මේ දිනවල පවතින දැඩි නියං කාලගුණය ද ප‍්‍රධාන හේතුවක් බව ඔවුන් පිළිගෙන තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාදී ඇති අමතර අරමුදල් පහසුකමක් මත රටේ ආර්තික වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වන ආකාරය විමර්ශනය කිරීමට මෙම නියෝජිත පිරිස ශී‍්‍ර ලංකාවට පැමිණි අතර, අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හමුවට ප‍්‍රථමයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි නියෝජිතයන් හමුවීමට වොෂින්ටන් නුවර බලා යනු ඇතැයි දැනගන්නට ඇත.නියගයත්, ඒ හමුවේ බරපතළ ලෙස හානියට පත්ව ඇති වී නිෂ්පාදනයත්, නියගයේ වාසිය තමන් වෙතට හරවාගත් ඇතැම් පිරිස් කි‍්‍රයාත්මක කරමින් සිටින සහල් මාෆියාවත් හමුවේ රජය අවසානයේ අවදිව සිටින බවක් පෙනෙන්නට ඇත. ඉදිරි යල කන්නයේ සහ 2017 2018 මහ කන්නයේ අත්විදීමට සිදුවිය හැකි අනතුර කල්තියාම හදුනාගෙන ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය ඊට සූදානම් වීමේ පියවරක් ලෙස වී බීජ බුසල් ලක්ෂ 250 ක ප‍්‍රමාණයක් මිලයට ගෙන ගොවියන් අතර බෙදා හැරීමට සැළසුම් සකස් කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ සදහා රජයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින අතර වී මිලයට ගැනීම සදහා වැයවනු ඇතැයි ගණන් බලා තිබෙන මුදල රුපියල් බිලියන පහකි.සාමාන්‍යයෙන් කන්නයකදී හෙක්ටයාර ලක්ෂ අටක පමණ ප‍්‍රමාණයක් අස්වද්දන නමුත් නියගය නිසා 2016-2017 යල කන්නයේ අස්වැද්දීමට හැකිව ඇත්තේ හෙක්ටයාර ලක්ෂ තුනක ප‍්‍රමාණයක් බවත් අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව ඇත. මේ නිසා වී බීජ නිෂ්පාදනය අවදානම් තත්ත්වයක පවතින බව හදුනාගෙන ඇති ඔහු, 2017 යල කන්නය ඉලක්ක කර සුදුසු ප‍්‍රදේශවල බීජ ගොවිපොළවල් ආරම්භ කිරීමට සැළසුම් තිබේ. අමාත්‍යවරයා මෙසේ සැළසුම් සකස් කරමින් සිටින්නේ ජීවන වියදම සම්බන්ධයෙන වන කැබිනට් උප කමිටුව, ප‍්‍රසම්පාදන වැඩපිළිවෙළ යටතේ රජය වී කිලෝග‍්‍රෑමයක ප‍්‍රමාණයක් වෙනුවෙන් හදුන්වාදී ඇති මුදල නැවත සළකා බැලීමකට ලක්කරමින් සිටින අවස්ථාවකය. එම සළකා බැලීම සිදුවන්නේ තාවකාලිකව හෝ වී මිලදී ගැනීමේ මිල ඉහළ දැමිය හැකිදැයි අධ්‍යයනය කිරීම සදහාය.අවධානයට ලක්ව ඇති තවත් කරුණක් වන්නේ රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ශී‍්‍ර ලන්කන් එයාර්බස් ඒ 350 - 900 ගුවන්යානා කල්බදු ගෙවීම් අවලංගු කිරීම මැයෙන් ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාවයි.මෙම කැබිනට් පති‍්‍රකාවේ අන්තර්ගතය පිළිබද සවිස්තර තොරතුරු පසුගිය 26 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවේ පළවිය. ශී‍්‍ර ලන්කන් කළමනාකාරීත්වය තමන් දැනුම්වත් කිරීමකින් තොරව මුදල් අමාත්‍යාංශය හා කටයුතු කර ඇතැයි හකීම් චෝදනා කළේය. පෙබරවාරි 21 වැනිදා මේ පැවති කැබිනට් හමුවේදී තීරණය වූයේ හෂීම්ගේ කැබිනට් පති‍්‍රකාව අධ්‍යයනය කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් උප කමිටුවක් පත්කරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු බවටය.මෙම තීරණයේ ප‍්‍රතිඵලයක් ලෙස එයාර්බස් ගුවන්යානා තුනහි ඇණවුම් අවලංගු කිරීම නිසා සිදුවූ අගතියට සහනයක් ලෙස ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් වෙත ගෙවීමට මින් පෙර එකගත්වය පළව තිබූ ඩොලර් ලක්ෂ 1540 ක මුදල ගෙවීම, දැනට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා රජය තීරණය කර තිබේ. ශී‍්‍ර ලන්කන් ගුවන්සේවය, ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා ගිවිසුම් ඇතිකරගත් ඩෙන්මාර්ක සමාගමක් වන අර්කැප් සමාගමට ගෙවා ඇති, ප‍්‍රමාණය මේ දක්වාම අනාවරණයව නොමැති මුදල ද, පෙර අවස්ථාවක තැන්පත් කරන ලද ඩොලර් ලක්ෂ 75 ක් වන ආරක්ෂිත තැන්පතුව ද, ඉහත සදහන් කළ ඩොලර් ලක්ෂ 1540 ක මුදලට අයත් නැත. මුල් අවස්ථාවේ සියලූම සාකච්ඡුා සිදුව ඇත්තේ අර්කැප් සමාගම සමග වන අතර, හෂීම් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවට අනුව ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා ගෙවීම් ලෙස එම සමාගම හා එකගතාවට පැමිණ තිබී ඇති මුදල වන්නේ ඩොලර් ලක්ෂ 980 කි.සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ පරිදි ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් හා ශී‍්‍ර ලන්කන් අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුමට ශී‍්‍ර ලන්කන් පාර්ශවයෙන් අත්සන් තබා ඇත්තේ ශී‍්‍ර ලන්කන් ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේය. ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එහි ප‍්‍රධාන විධායක නිලධාරී ෂෝන් සුලෙයිවන්ය.මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති කැබිනට් උප කමිටුව ගෙවීම් වල වෙනස්වීමක් සිදුව ඇත්තේ කෙසේදැයි සහ එසේ කිරීමෙන් රටට අලාබයක් සිදුව ඇතිදැයි සොයා බලනු ඇත.මෙම ගුවන්යානා ඇණවුම් කර ඇත්තේ මෙම රජය නොව පැවැති රජය බවද සදහන් කළ යුතුය.ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටුව නිර්දේශ කර ඇත්තේ වඩා අඩු ගෙවීමකි. අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතාට ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටු හමුවක් අවසානයේ ලිපියක් යවමින් සිදුකර තිබෙන දැනුම්දීම මෙවැනිය.‘‘ ඉතා දීර්ඝ සාකච්ඡාවකින් පසු ඩොලර් ලක්ෂ 750 - 800 සීමාව අතර මුදලක් ගුවන්යානා තුනෙහි ඇණවුම් අවලංගු කිරීමේ සහන මුදල ලෙස ගෙවීම සදහා සාකච්ඡුා කර එකගතාවකට පැමිණීමේ අවසරය ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය වෙත ලබාදීමට තීරණය විය. 2016 සැප්තැම්බර් නව වැනිදාට ප‍්‍රථමයෙන් එකගතාවක් ඇතිකරගත යුතු විය. මාධ්‍ය අවධානය මෙයට යොමු නොවිය යුතු බවටද තරයේ අවවාද කෙරිණි.‘‘මෙහි අවසන් වගන්තියෙන් පැහැදිලි වන්නේ සහන මුදල් ගෙවීම රහසිගතව සිදුකිරීමට අවශ්‍ය වූ බවද? රත්වත්තේ  ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මසය.එනම් මෙම ලිපිය යවා මසකට පමණ පසුවය.පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් අනාවරණය කෙරුණු,  වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයක් මත 1996 ලෝක කුසලානය දිනූ කි‍්‍රකට් කණ්ඩායමේ සාමාජිකයන්ට අතට මුදල් සහ රජයේ ඉඩමක ඉදිකෙරෙන සුඛෝපබෝගී නිවාස සංකීරණයක නිවාස ලබාදීමට අවශ්‍ය අවසරය ලබාගනු වස් මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය හරහා ඔහු ඉදිරිපත් කර තිබූ කැබිනට් පති‍්‍රකාව පිළිබද තොරතුරු හමුවේ යම් කතිකාවකත් ඇතිව තිබේ. ලබාදී තිබූ තොරතුරු සාවද්‍ය වූ හෙයින් ඉදිරිපත් කළ පළමු කැබිනට් පති‍්‍රකාව ඉල්ලා අස්කරගත් බවත්, පසුව දෙවැනි කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ බවත්, මෙගාපොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය. එසේ දෙවැනි කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන ලෙස තමාට කිසිවකුගෙන් වත් ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බවත්, තමාම එය ඉදිරිපත් කළ බවත් ඔහු කීවේය.ඉදිරියේ එන සති කිහිපය රජයට අතිශයින්ම වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. දුන් සහතික සහ පොරොන්දු වෙනුවෙන් පෙනී සිටිමින්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු කටයුතු හා ගෙවීම් රජය හමුවේ ඇති ප‍්‍රධාන කාර්යභාරයි. ගෙවීම් සිදුකිරීම සදහා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රජය කටයුතු කිරීමට යන ආකාරය දැනටමත් දැඩිව විවේචනයට ලක්වෙමින් පවතී. තවත් කරුණක් වන්නේ මූලෝපායික නොවන සම්පත් විකුණා දැමීමෙන් අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජය ගෙන ඇති තීරණයයි. මෙය විපක්ෂයට උණු කැවුම් වැනි මාතෘකාවක් වීම වැළැක්විය නොහැකි වනු ඇත. එහෙත් එසේ යැයි කියා රජය කලබල විය යුතු තත්ත්වයක් ද නැත. මන්ද, විපක්ෂයට තවමත් ප‍්‍රබල හඩක් නැගීමට තරම් ශක්තියක් ළගා කරගැනීමට නොහැකිව ඇති නිසාය.රජය නව කෙටුම්පතකට එකග වෙයි - ශී‍්‍ර ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශී‍්‍ර ලංකාවට තවත් වසරක කාලයක් හිමිවන ලකුණු2014 ජගත් මානව හිමිකම් කොමිසම සම්මත කළ යෝජනාවලියට අනුව වඩාත් ශක්තිමත්ව කටයුතු දියත් කිරීම සදහා ශී‍්‍ර ලංකාවට තවත් වසරක කාලයක් ලබාදීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය සූදානමින් සිටී.මෙම අවසරය ලබාදෙන නව යෝජනාවලියක් ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ මැසිඩෝනියාවේ මැදිහත් වීමෙන් මෙම මස අග භාගයේ දී ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම යෝජනාවලිය ඉදිරිපත් කෙරෙනු ඇත්තේ මාර්තු 22 වැනිදා මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් ඔහුගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.ඉහත සදහන් කළ අනුග‍්‍රාහකයන් ලබාදී තිබූ මෙම යෝජනාවලියට අදාළ කෙටුම්පත පසුගිය ඉරිදා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී සිදුවූ රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමේ අදහස් විමසීමකට යොමු කරනු ලැබූ අතර එහිදී එක්ව සිටි සියලූ දෙනාගේ අනුමැතිය ඊට හිමිවිය. ඇමරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප්, බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් ප‍්‍රධාන වශයෙන් මෙම අදහස් විමසීමට එක්ව සිටි අතර, ඉන්දියා මහකොමසාරිස් ටරන්ජිත් සිං සන්දු මහතාගෙන් ද එක් එක් අවස්ථාවල දී අදහස් විමසිණි. ඉන්දුනීසියාවේ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබුණු අතර, ඔහු වෙනුවට නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මේ සදහා තම සම්පූර්ණ දායකත්වය ලබාදුන්නේය. කෙටුම්පත සම්බන්ධයෙන් එකගතාවකට පැමිණීමෙන් අනතුරුව ජනපති අනුමැතිය ලබාගැනීම සදහා එය ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඉරිදා සන්ධ්‍යාව වන විට යොමු කිරීමට අගමැති වික‍්‍රමසිංහ කටයුතු කළේය.පහත දැක්වෙන්නේ එහි සම්පූර්ණ පිටපතකි.‘‘ ශී‍්‍ර ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම.‘‘‘‘ දෙක කොටස යටතේ‘‘මානව හිමිකම් කවුන්සිලයමානව හිමිකම් පිළිබද විශ්වීය ප‍්‍රකාශනයෙන්, මානව හිමිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති සහ වෙනත් අදාළ කටයුතු මගින්, සපයනු ලබන මාර්ගෝපදේශනය යටතේ් කි‍්‍රයාත්මක වන එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි අරමුණ සහ ප‍්‍රතිපත්තීන් එලෙසම පවත්වාගන්නා බව නැවත සහතික කරමින්ද,2015 ඔක්තෝබර් පළමුවැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වුණු අංක 30 රැු1 දරන ශී‍්‍ර ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබද යෝජනාවලිය (නව) නැවත සහතික කරමින්ද,2012 මාර්තු  22 වැනිදා, 2013 මාර්තු  21 වැනිදා සහ 2014 මාර්තු 27 වැනිදා, පිළිවෙළින් අංක 19/2, 22/1 සහ 25/1 යටතේ ඉදිරිපත් වූ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලීන් සිහිපත් කරමින්ද,සමස්ත ජනගහණය මත බලපැවැත්වෙන පරිදි මානව හිමිකම් සම්පූර්ණයෙන්ම ස්ථාපිත කිරීමත්, මූලික අයිතිවාසිකම් භුක්ති විදීමේ නිදහස තහවුරු කිරීමත්, සාමාජික සියලූ රාජ්‍යයන් අත ඇති වගකීමක් බව නැවත සහතික කරමින්ද,ශී‍්‍ර ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, එක්සත්භාවය සහ හෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගැනීමට මානව හිමිකම් කවුන්සිලයට ඇති කැපවීම නැවත සහතික කරමින්ද,2016 පෙබරවාරි 6 වැනිදා සිට 9 වැනිදා දක්වා සිදුවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය සහ 2016 අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා සිදුවූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ (නව) ශී‍්‍ර ලංකා සංචාරය ගෞරවයෙන් පිළිගනිමින්ද,2015 නොවැම්බර් 9 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදුවූ සංවිධානාත්මක හෝ බලහත්කාරයෙන් සිදුකරන ලද අතුරුදන්වීම් පිළිබද සේවා කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා සිදුවූ සත්‍ය හා යුක්තිය සුරක්ෂිත කිරීම, වන්දි ගෙවීම් සහ නැවත ගැටුම් ඇති නොවන බවට දුන් සහතිකයන් පිළිබද වාර්තා කිරීම සදහා පැමිණි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවාගේ  ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 අපේ‍්‍රල් 29 වැනිදා සිට මැයි 9 වැනිදා දක්වා සිදුවූ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය වාර්තා කිරීම සදහා පැමිණි විශේෂ වාර්තාකරුවාගේ සහ වද දීම් සහ වෙනත් දරුණු, අමානුෂික සැළකීම්, නොසළකා හැරීම් සහ දඩුවම් කිරීම් පිළිබද වාර්තා කිරීම සදහා පැමිණි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවාගේ ඒකාබද්ධ ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 ඔක්තෝබර් 10 සිට 20 දක්වා සිදුවූ සුළුතර ජනකොටස් සම්බන්ධයෙන් වන ගැටලූ විමර්ෂණය කිරීම සදහා පැමිණි විශේෂ වාර්තා කරුවාගේ ශී‍්‍ර ලංකා සංචාරයද ගෞරවයෙන් පිළිගනිමින්ද,2015 ඔක්තෝබර් 1 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවලියට අනුව අදාළ පියවර ගැනීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කිරීම අගය කරමින්ද, වඩා වැඩි ප‍්‍රගතියක් අත්වන පරිදි එම කටයුතු දියත් කිරීමේ අවශ්‍යතාවක් ඇති බව හදුනාගනිමින්ද,1. අංක 30 1 දරන ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියෙන් ඉල්ලා තිබූ පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා, මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අතිශයින් කෘතඥවෙමින්ද, 30 රැු 1 දරන ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් කර ඇති ඉල්ලීම පිළිගනිමු.2. ශී‍්‍ර ලංකා රජයත්, ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාත්, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයත්, 2015 ඔක්තෝබර් සිට මේ දක්වාම පවත්වාගෙන යනු ලබන ශක්තිමත්, ධනාත්මක සම්බන්ධතාවද, ඒ සමගම වෙනත් විශේෂ පාර්ශවකරුවන් සමග පවත්නා එවැනිම වූ සම්බන්ධතා, ගෞරවාන්විතව පිළිගනිමින්, ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, සත්‍ය, නීතිය, සංහිදියාව සහ වගවීම තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම සදහා මෙම සම්බන්ධතා එළෙසම පවත්වාගැනීමට අනුබල දෙන්නෙමු.3. ශී‍්‍ර ලංකා රජයේ උපදේශනයට සහ අවබෝධයට යටත්ව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, සත්‍ය, නීතිය, සංහිදියාව සහ වගවීම ශක්තිමත් කිරීම සදහා වන උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදීමේ කි‍්‍රයාවලිය තවදුරටක් ශක්තිමත් කරන ලෙස මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් සහ වෙනත් විශේෂ පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.4. මානව හිමිකම් කවුන්සිලය යෝජනාවලියට අනුව සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සදහා සිදුකර ඇති නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය ඉදිරියටත් විමර්ශනය කරන ලෙසත්, ඒ පිළිබද ලිඛිත වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේ දී ඉදිරිපත් කරන ලෙසත්, යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවකින් පසු සකස් කෙරෙන සම්පූර්ණ වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී ඉදිරිපත් කරන ලෙසත්, මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටිමු.නිල නොවන මට්ටමින් පැවැති සැසියේ දී දේශනයක් සිදුකරමින් ඔබාමා පරිපාලනය යටතේ පත්වීම් ලැබූ නියෝජ්‍ය සහයක ලේකම් එරින් බාක්ලේ පවසා සිටියේ මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයට ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට කටයුතු කළ මුල් පාර්ශවකරුවන් මැදිහත්ව බවය.කෙටුම්පත සකස් කිරීමේ දී ශී‍්‍ර ලංකා රජයේ උපදේශනය ද ලබාගත් බව ඔහු කීවේය.‘‘අපි දන්නවා මේ කියන දේවල් ඉතාම සංකීර්ණ බව.රජය සැළකිය යුතු ප‍්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව ඇත්ත. ඒත් තව බොහෝමයක් දේ සිදුවිය යුතුව තිබෙනවා. අංක 30 1 යෝජනාවලියේ කිසිදු කරුණක් වෙනස් කර නැහැ. අපි අනුග‍්‍රාහකයන් කණ්ඩායම ශී‍්‍ර ලංකා රජය සමග ඉතා සමීපව මේ සම්බන්ධයෙන් කටයුතු කළා. අද ඉදිරිපත් කරන මෙම කෙටුම්පත එහි ප‍්‍රතිඵලයක්.‘‘ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා, මෙම නව යෝජනාවලියට ශී‍්‍ර ලංකාව සම අනුග‍්‍රහත්වය දක්වන බව නිල වශයෙන් ප‍්‍රකාශ කළේය.සාකච්ඡාවේ දී අදහස් දක්වමින් යුරෝපා සංගමයේ,  ඕස්ටේ‍්‍රලියාවේ සහ ස්විට්සර්ලන්තයේ දූත පිරිස් අවධාරණය කර සිටියේ අන්තර්ජාතික ප‍්‍රජාවද නියෝජනය වන අංගයක් ඇති වගවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතුව තිබෙන බවය. දෙමුහුන් අධිකරණයක් ලෙස එය හදුන්වාදීමෙන් ඔවුහු වැළකී සිටියහ.එක්සත් ජාතීන්ගේ විවිධ අංශ සමග ශී‍්‍ර ලංකාව දිගින් දිගටම සහයෝගයෙන් කටයුතු කරමින් සිටීම  ඕස්ටේ‍්‍රලියාවේ අගය කිරීමට ලක්විය. සංහිදියාව ඇති කිරීමට ගෙන ඇති පියවර වලින් සිදුව ඇති ප‍්‍රගතිය ඕස්ටේ‍්‍රලියාව පිළිගන්නා නමුත් තවත් සිදුවිය යුතුව ඇති දේ බොහෝමයක් තිබෙන බවත්, එරට නියෝජිතයා වැඩිදුරටත් පැවසුවේය.යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජයට කි‍්‍රයාකාරී සැළැස්මක් තිබිය යුතු බවටත්, එය කාලානුරූපීව, සැළසුම් සහගතව සිදුවන අයුරු එම සැළැස්මේ දැක්විය යුතු බවටත්, යෝජනාවලියෙන්ම නිර්දේශයක් ඉදිරිපත් විය යුතුව තිබෙන බව ස්විට්සර්ලන්තයේ අදහස විය.යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ප‍්‍රගති වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදීත්, සවිස්තර වාර්තාවක් 2019 මාර්තු පැවැත්වෙන 40 වැනි කවුන්සිල සැසිවාරයේදීත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කරනු ඇතැයි, යෝජනාවලියෙන් නිර්දේශ කර තිබුණද, ඒ වන තෙක් නොසිට කවුන්සිලයේ 36 වැනි සැසිවාරයේදී මානව හිමිකම් මහකොමසාරිස්වරයා යෝජනාවලියේ ප‍්‍රගතිය පිළිබද මුඛ්‍ය අදහස් දැක්වීමක් සිදුකිරීම සුදුසු බව කැනඩා නියෝජිතයාගේ අදහස විය. ඒ අනුව අදාළ සංශෝධන සිදුකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.නවසීලන්තය - 2014 යෝජනාවලියේ අන්තර්ගතය සමග නව යෝජනාවලිය අනුගත විය යුතුය.අංක 34 1 කෙටුපතෙහි ඇති නිර්දේශ පිළිගනිමු.ජපානය - යෝජනාවලිය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකාව කැපවිය යුතුය.ප‍්‍රගතියක් දැකිය හැකි මුත් කි‍්‍රයාත්මක කළ යුතුව තිබෙන දේ බොහෝය. මේ සදහා සම අනුග‍්‍රහකත්වය ලබාදීමට ජපානය සූදානම්ය.යුරෝපා සංගමය - මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිගනිමු. වගවීමේ යාන්ත‍්‍රණයට අන්තර්ජාතික ප‍්‍රජාව නියෝජනය වන අංගයක් ඇතුළත් වීම ඉතාම වැදගත්ය. යෝජනාවලියට සම අනුග‍්‍රහය දැක්වීමට ශී‍්‍ර ලංකාව එකගත්වය පළකර තිබීම ප‍්‍රශංසනීයය.අයර්ලන්තය - සංහිදියාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබද සෑහීමකට පත්විය නොහැකිය. සංහිදියා කි‍්‍රයාවලිය වඩා කඩිනම් කිරීමේ අවශ්‍යතාව ඇතුළත් වන පරිදි යෝජනාවලි කෙටුම්පත සංශෝධනය කරන මෙන් ඉල්ලමු.
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
1
hp_train_2151
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)අද දවසේ රට හමුවේ ඇති ප්‍රශ්නවලට සැබෑ විසඳුම සොයා ගැනීමට බෞද්ධ දර්ශනය ශක්තිමත් පදනමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.අපේ රටේ ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, ජනවාර්ගික ප්‍රශ්න, ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්න ආදී සියලුම ප්‍රශ්නවලට විසඳුම ලෙස අපි තේරුම් ගත යුත්තේ සෑම දෙනා තුළම තිබිය යුතු බැඳීම, සහෝදරත්වය, විශ්වාසය හා සැකයෙන් තොරව සමාජයේ  ජීවත් වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම බවද ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ ප්‍රකාශ කළේ මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානයේදීය.දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් නැදිමාල සංස්කෘතික බෞද්ධ මධ්‍යස්ථානාධිපති වෙහෙරහේන සිරි රේවත මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී කිරම විමලජෝති නාහිමියන් පිළිගැනීම සඳහා සංවිධානය කළ උත්සවයේදී ජනාධිපතිවරයා ඒ බව කීය.මාතර වෙහෙරහේන පූර්වාරම විහාරස්ථානයේදී ඉකුත් සිකුරාදා (11) මෙම උත්සවය පැවැත්විණි.කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව කිරම විමලජෝති නාහිමියන්ට සංඝ නායක පදවිය පිරිනමා තිබුණි.දර්ශනීය පෙරහරකින් උන්වහන්සේ උත්සව සභාවට වැඩම කළ අතර දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කිරම විමලජෝති නාහිමියන්ට ධීවර අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් විජිනිපත පිළිගන්වන ලදී.රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රධාන විහාරස්ථ දායක සභාව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.ජනාධිපතිවරයා මෙසේද කීය.ගෞරවනීය කිරම විමලජෝති නාහිමියන්ගේ නම අද මේ රටේ සෑම දෙනා තුළම රැඳී තිබෙනවා. උන්වහන්සේගේ ථෙරවාදී බෞද්ධ දර්ශනයෙන් පෙන්නුම් කරන ලද සමාජ මෙහෙවර, ශාසනික මෙහෙවර දිගුකලක සිට රටේ ව්‍යාප්ත වී තිබෙනවා. මේ රටේ කිසිවකුට හෝ ඔබවහන්සේ මග තොටේදී මුණගැසුණ විට මේ කිරම විමලජෝති හිමියන් යයි හඳුනා නොගත්තත් ඔබ වහන්සේගේ නාමය රටේ පාසල් දරුවාගේ සිට සෑම කෙනෙකුගේම හදවත් තුළ නොමැකිව තිබෙනවා. මෙවැනි ධර්ම පුත්‍රයෙකු සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වන්නේ ඇයි? ලෝකයේ අනෙක් රටවල් උන්වහන්සේ පිළිගන්නේ ඇයි? උන්වහන්සේගේ විනය ධර, ධර්ම ධර, බහුශ්‍රැත භාවය ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. බෞද්ධාගමික සමාජය ප්‍රබුද්ධ ගුණවත් නැණවත් සමාජයක් බවට පත් කිරීමට කිරම විමලජෝති හිමියන් විශාල කාර්ය භාරයක නිරත වී සිටිනවා. ථෙරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානය ශ්‍රී ලංකාවයි. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල් අපට ගෞරවය දක්වනවා. ඒ සඳහා ථෙරවාදී බෞද්ධ දර්ශනය ප්‍රචලිත කරන භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගෙන තිබෙනවා.බෞද්ධ සමාජය, ලාංකීය සමාජය, අපගේ දේශීය සංස්කෘතිය, අපේ කම, ආදී සියල්ල කැටිකර ගත් හොඳ සමාජයක් බිහි කරන්න අප සෑම කෙනෙක්ම කළ යුතු වගකීම් හා යුතුකම් තිබෙනවා. කිරම විමලජෝති නාහිමියන්ට මේ උතුම් පදවිය ලැබීම ගැන රජයක් ලෙස අපි සතුටට පත්වෙනවා. ශ්‍රී ලාංකිකයකු ලෙස ගෞරවය පුද කරනවා.උන්වහන්සේට ඇති සමාජ පිළිගැනීම ගොඩනැගුනේ උන්වහන්සේ සමාජයට දායාද කළ දේවල් නිසාය. ඒ දායාද කළ දේවල් ලෙස මා අදහස් කළේ භෞතික දේවල් නොව අධ්‍යාත්මික ගුණ වගාවන් තුළින් බෞද්ධ දර්ශනය ජනතාව තුළ ප්‍රචලිත කිරීමයි. දැනුම ලබා දීමයි. අද දවසේ රට හමුවේ තිබෙන ප්‍රශ්නවලට සැබෑ විසඳුම සොයා ගැනීමට බෞද්ධ දර්ශනය ශක්තිමත් පදනමක් බව කිව යුතුයි. අපේ රටේ ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්න, අපේ රටේ ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්න ආදී මේ සියලුම ප්‍රශ්නවලට විසඳුම ලෙස අපි තේරුම් ගත යුත්තේ සෑම කෙනා තුළම තිබිය යුතු බැඳීම, සහෝදරත්වය, විශ්වාසය, සැකයෙන් තොරව සෑම කෙනෙක් සමගම සමාජය තුළ ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය ප්‍රධාන වශයෙන් ඉවහල් වෙනවා. එසේ නොවන විට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා.අද අපේ රටේ හිරගෙවල්වලට ගියාම ඔවුන්ගේ පසුබිම සොයා බැලුවම එහි බොහෝ උගතුන්, බෙහෝ සමාජ නායකයින් ඉන්නවා. හිරගෙයක් කීවාම අපිට බොහෝ විට මතකයට එන්නේ අපරාධකාරයින් ඉන්න තැනක් ලෙසයි. අපරාධකරුවන් වගේම සමාජයේ උගත් දැනුවත් පිරිස පවා ඉන්නවා. ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා සිටිනවා. අපේ රට බෞද්ධ රටක් ලෙස අධ්‍යාත්මක සමාජයක් ගොඩනැගීමට  අප සෑම කෙනෙක්ම කොතෙක් දුරට සමාජ යුතුකම් හා වගකීම් ඉටු කරනවාද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. බොහෝ වෙලාවට අද තොරතුරු තාක්ෂණය සමඟ මාධ්‍ය දියුණුව තුළ නිදහස තුළ අපි සත්‍ය දේට වඩා බොහෝ විට දකින්නේ අසත්‍ය දෙයයි.යහපත් දෙයට වඩා අයහපත් දෙයයි. හොඳ දෙයට වඩා නරක දෙයයි. බොහෝ වෙලාවට සියලු කරුණු කාරණාවලදී අපි ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත රාජකාරියත් පෞද්ගලික ජීවිතයත් ගත කරනවා. සිංහල බෞද්ධ රටක් ලෙස අපි ගැන ලොව පුරා තිබෙන ගෞරවය අපි හැම විටම රැකිය යුතුයි. ඒ වගේම ගෞරවනීය භික්ෂු සමාජයද ඒ පිළිබඳව වගකීමකින් කටයුතු කළ යුතුයි. අද ඇතැම් විට කොළඹ විරෝධතා අරගලවලදී ඇතැම් තරුණ භික්ෂුන් වහන්සේ කටයුතු කරන ආකාරය මාධ්‍ය මගින් ප්‍රචාරය වෙද්දී ලෝකයේ වෙනත් රටවල පිරිස් අපේ භික්ෂූන් වහන්සේ දෙස වැරදි ආකාරයකින්  බලනවා. වැරදි මතයක් පතුරුවනවා. ඒ නිසා මේ සෑම සමාජ කරුණක් පිළිබඳවම තේරුම් අරගෙන වැඩ කිරීම වැදගත් වෙනවා.රජයක් ලෙස කටයුතු කිරීමේදී අපේ රට විතරක් නොවෙයි ලෝකයේ වෙනත් රටවල් පවා අද විවිධ ගැටලු හා ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අපේ රටේ එක පැත්තක ගංවතුර පැවතියා. අද රටේ ප්‍රදේශයක නියං තත්ත්වයක් පවතිනවා. අසල්වැසි ඉන්දියාවේ පවා අද කෝටි ගණනකට බොන්න වතුර නැතිව දැඩි නියඟයක් පවතිනවා. ඒ වගේම කලාපීය වශයෙන් ගත් විට අනෙක් රටවලත් එහෙමයි. එක් පැත්තක නියඟය, අනෙක් පැත්තෙන් ගංවතුර. මේ කාලගුණික හා දේශගුණික විපර්යාස එක්ක ජීවත්වීම පිළිබඳ අභියෝගයක් පවතිනවා. මිනිසා සෑම විටම දියුණුවට ගියේ ස්වභාවධර්මයාගේන් එන අභියෝගවලට මුහුණ දීලා ස්වභාවධර්මයා සමග සටන් කිරීම නිසයි. මිනිසාගේ පරිණාමය ගත් විට මිනිසා දියුණුව කරා ගියේ පාරිසරික වෙනස්කම්වලට මුහුණ දීම සඳහා ගන්නා ලද තීන්දු තීරණ නිසයි. තාක්‍ෂණය මිනිසා සොයා ගියතේ ඒ නිසයි. දෛනික ජීවිතයට අවශ්‍ය දේවල් සොයා ගත්තෙත් අභියෝගයට මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙසයි.ඒ නිසා වඩා හොඳ රටක් ලෙස ඉදිරියට යාමට භික්‍ෂූන් වහන්සේලාගේ අවශ්‍ය අවවාද අනුශාසනා අපි හැමවිටම අගය කරනවා. ඒ වගේම අප රටට  විශාල මෙහෙවරක් සිදුකරන කිරම විමලජෝති නාහිමියන්ට තව දුරටත් එම කටයුතු ලෝකය පුරා ගෙනයන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරනවා.මූලාසනයේ සිටි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධම්ම මහ සංඝ සභාවේ රාජකීය පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාමියෝ මෙසේ කීහ.“කිරම විමලජෝති නාහිමියන් පුරප්පාඩු වූ මේ ධුරයට අවශ්‍ය සියලුම සුදුසුකම් සම්පූර්ණ කරලයි සිටියේ. ඒ නිසා සංඝ සභාව ඒකමතිකව තීරණය කළා, උන්වහන්සේට මේ තනතුර දිය යුතුයි කියලා. විමලජෝති හිමියන් රටටත් ලෝකයටත් සිදුකළ සේවාව මෙපමණයි කියා කියන්න බැහැ. ත්‍රිපිටක ධර්මයට අයත් පොතපත සොයා ගැනීමට දුෂ්කර වූ යුගයක උන්වහන්සේ එම භාරදූර වගකීම කරට ගෙන එම කටයුත්ත මැනවින් ඉටු කළා. රටේ ධර්ම විනය සාහිත්‍යයට අවශ්‍ය පොතපත තිළිණ කළා. අද වන විට උන්වහන්සේගේ පොතක් නොමැති පුස්තකාලයක් සොයාගන්න අපහසුය. විදෙස් රටවල මෙරට භික්‍ෂූන් වහන්සේ පාලනය කරන බෞද්ධ ආයතනවල පවා විමලජෝති හිමියන් රචනා කළ ධර්ම ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් තිබෙනවා. උන්වහන්සේ දශක කිහිපයක සිට රටටත් ලෝකයටත් සිදු කළ මෙහෙවර අප අගය කරනවා.”දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කිරම විමලජෝති නාහිමියෝ මෙසේ කීහ.“මම 1960 දී පැවිදි වුණේ වෙහෙරහේන මේ පින් බිමේදියි. 1966 උපසම්පදා වුණෙත් මෙහෙදීමයි. ඒක නිසා මම වෙහෙරහේනට හරි ආදරෙයි. මට මේ විහාරස්ථානයේ විහාරාධිපතිකම ගන්න තිබුණත් මම පරිත්‍යාග කරලා මැලේසියාවට ගියා. එහිදී මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අවුරුදු 13ක්ම මම මැලේසියාවේ ගත කළා. ඇමරිකන් පුරවැසිභාවය පවා මට තිබුණා. ඇමරිකාවෙදී මට ලොතරැයියක් පවා දිනන්න පුළුවන් වුණා. ඒ වන විට මා ළඟ කෝටි හැත්තෑපහක මුදලක් තිබුණා. මම කල්පනා කළා ඒ සල්ලි ටිකට මොකද කරන්නේ කියලා. 1989 මම යළි ලංකාවට වැඩම කළා. කොළඹ හැම පොත් සාප්පුවකම ඇවිද්දා ඉංග්‍රීසියෙන් ලියපු බෞද්ධ පොතක් සොයා ගන්න. ඒත් හමුවුණේ නැහැ. ඒ නිසා මම තීරණය කළා අර මුදල් සියල්ලම වියදම් කරලා ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කරන්න. පළමුව අටුවා ටිකා එකතු කර ගන්න විතරක් දස කෝටියක් වැය කළා. අද ඒ ග්‍රන්ථ කියවා ධර්මය අවබෝධ කරගත් මාර්ගඵලලාභීන් පවා මේ රටේ බිහිවී තිබෙනවා. ඉදිරි කාලයේ දී රහතුන්වහන්සේ දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන බව කියන්න ඕන. ඒ වගේම සංඝරාජ තනතුරක් මේ රටේ ඇති කළ යුතුයි. බුදු දහමේ අනාගත පැවැත්ම වෙනුවෙන් එය ගොඩක් වටිනවා.”රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා:-“අද වන විට කිරම විමලජෝති නාහිමියන් මේ රටට ලෝකයට වැදගත් ධර්ම ග්‍රන්ථ අටසීයකට වඩා මුද්‍රණය කර දී තිබෙනවා. උන්වහන්සේ ජාතික හැඟීමෙන් කටයුතු කළ හිමිනමක්. කිසිවිටෙක ජාතිවාදීව කටයුතු කළේ නැහැ. බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළා. මේ රටේ පුරවැසියන් ලෙස ජීවත් වන බොහෝ දෙනෙකු ජාතිවාදී නැහැ. එහෙත් සුළුතරයක් ජාතිවාදී ප්‍රශ්න ඔවුන්ගේ වාසිය වෙනුවෙන් ඇති කරන්න උත්සාහ කරනවා.මාතර මහ දිසාපතිතුමා කතෝලිකයෙක් නිසා බොහෝ අය ඔහුව ප්‍රතික්ෂේප කරන්න කීවා. නමුත් එතුමා මාතරට ඇවිත් පළමු වතාවට තොරණක් ඉදි කළා. ඒ ආකාරයට වැරදි මත පැතිරවීම එතරම් හොඳ දෙයක් නොවෙයි. අපේ රට ජාතිය ආගම ආරක්‍ෂා කර ගෙනයි අපි ඉදිරියට යන්නේ.”මෙම උත්සවයට සමගාමීව සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක අලව්වේ ගුණරතන නාහිමියන් විසින් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් එක්දහස් පන්සියයක් සඳහා රුපියල් කෝටියක් වටිනා ද්‍රව්‍යධාර ප්‍රදානය කිරීමද සිදු විය.ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක දෙවුන්දර රජ මහා විහාරාධිපති දෙවුන්දර සිරි සුනන්ද, වැලිගම අග්‍රබෝධි රාජ මහා විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත, වෙහෙරහේන පූර්වාරාම රජ මහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර, සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන යන නාහිමිවරුන් ඇතුළුව මහා සංඝරත්නය මෙම උත්සවයට වැඩම කර සිටියහ.නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
දේශපාලකයන්ගේ-රාජ්‍ය නිලධාරීන්ගේ විනය පිරිහිලා
0
hp_train_2152
(හැටන් රංජිත් රාජපක්ෂ)                                       සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලිය සංචාරය සදහා පැමිණි තරුණයන් 24 දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ජෙ.එල්.ජමිල් මහතා පැවසිය.හැටන් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදී අද (22) උදෑසන සිට පස්වරු 6 දක්වා හදිසි වැටලීමකදි මෙම තරුණයින් සැකපිට අත්අඩංගුවට ගැනිමට හැකි වි තිබේ.එහිදී තරුණයන් 23දෙනෙක් ගංජා ලග තබා ගැනිම චෝදනා යටතේත්, තවත් තරුණයන් දෙදෙනෙකු සන්තකයේ නීති විරෝධි දුම්වැටි ලග තබා ගැනිම යටතේත් අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20-25 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ඔවුන් කොළඹ, ගාල්ල, මාතර, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව හැටන් පොලිසිය පවසයි.සැකකරුවන් සන්තකයේ තිබී කේරල ගංජා මිලිග්රුම් 45200 අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (23) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මත්ද්‍රව්‍ය සමඟ සිරිපා කරුණා කරන්න ගිය 60ක් අල්ලයි
0
hp_train_2153
හර්ෂණ තුෂාර සිල්වාමේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 15.5කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එමෙන්ම පසුගිය වසරේදී (2017) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වූයේ සියයට 2.0කින් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වාදෙයි. මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා කාලයේදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ආයෝජන පිටතට ගලායෑම සහ ආනයන ගෙවීම් වෙනුවෙන් විනිමය වෙළෙඳපොළ තුළ පැවැති ඉල්ලුම යනාදි කරුණු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට වැඩි වශයෙන් බලපෑවේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.විදෙස් ව්‍යවහාර මුදල් ඒකක හා සැසඳීමේදී ශ්‍රී ලංකා රුපියල වැඩිම අගයකින් අවප්‍රමාණය වී ඇත්තේ ජපන් යෙන්වලට එරෙහිවය. ජපන් යෙන් හා සැසඳීමේදී ශ්‍රී ලංකා රුපියල සියයට 16.6කින් අවප්‍රමාණය වී ඇත.ඉහත සඳහන් කාලයේදී යුරෝවට සාපේක්ෂව සියයට 11.9කින්, ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව සියයට 10.2කින්, කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සියයට 9.2කින්, ඕස්ටේ්‍රලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.5කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.  
මාස 12ට රුපියල සියයට 15කින් බාල්දු වෙලා
1
hp_train_2154
(ඩයනා උදයංගනී)දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (2) සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රිකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
පළාත් කීපයකට අදත් ගිගුරුම් සහිත වැසි
0
hp_train_2155
(නිමල කොඩිතුවක්කු)අධ්‍යාපන ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සහ  අධ්‍යාපන  අමාත්‍යාංශය එක්ව අධ්‍යාපන ප්‍රමිති පනතක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (20) පැවසීය.එයට සමගාමීව ගුරුවරුන් බඳවා ගැනීම, ගුරුවරු පුහුණු කිරීම, නුපුහුණු  ගුරුවරුන් බඳවා ගැනීම තහනම් කිරිම, අවුරුදු 13 ක අධ්‍යාපනය සහතික  කිරීම ඇතුලු වැඩසටහන්  සියල්ලම නීතිගත කිරීමට අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ  පැවති උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ  උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.“ අද දිනයේ වෘත්තීය විෂයන් සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමෙන් වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ වැඩසටහන අපි යථාර්ථයක් බවටපත් කරනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 50% පමණ පිරිසක් පාසල් අධ්‍යාපනය අතහැර යනවා. එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ  විශාල අඩුපාඩුවක් වනවා.රටේ ප්‍රධාන පාසල්වල සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය 90% - 100% පමණ වුවත් රටේ අනෙකුත් පාසල්වල  සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු උසස් පෙළ සඳහා යොමුවුණ ශිෂ්‍ය සංඛ්‍යාව 50% අඩු ප්‍රතිශතයක් ගන්නවා.එවිට රැකියා අහිමිවීමෙන් බොහෝ පිරිසක් අතරමං වෙනවා. අද ශ්‍රී ලංකාවේ විරැකියාව විශාල ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන්නේ සාමාන්‍ය පෙළ අසමත්වීමේ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා නිසයි.රටේ මිනිස් සම්පත මෙලෙස අපතේ යැවීම විශාල අපරාධයක් වනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ අපේ රජය බලයට පත්වීමෙන් පසුව වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අප තීරණය කළේ ඒ නිසයි.සාමාන්‍ය පෙළ විභාගය සමත්, අසමත් භාවය  තීරණය කරන විභාගයක් බවට පත්වනවා නම් බොහෝ දෙනෙකුගේ අධ්‍යාපනය වසර 11 කින් නිමාවට පත්වෙනවා. එම නිසා සාමාන්‍ය  පෙළ විභාගය සමත් අසමත් භාවය තීරණය නොකරන විභාගයක් බවට පත්කිරීමට අප තීරණය කර තිබෙනවා.සාමාන්‍ය පෙළින් පසුව තමා විශ්වවිද්‍යාල සඳහා තේරීපත්වීමට උසස් පෙළට යොමු වෙනවාද නැතහොත් වෘත්තීය විෂයන් සඳහා යොමු වෙනවාද, යන්න  තීරණය කිරීමට හැකියාව ලැබි තියෙනවා. වෘත්තීයවේදී විෂයන් අලූතින් හඳුන්වාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ මගින් තම දක්ෂතාවය අනුව  වසර 13ක් පාසල තුල අධ්‍යාපනය ලබාගැනීමට ශෂ්‍යයන්ට හැකියාව ලැබෙනවා.ක්‍රීඩාවට, කාර්මික ක්ෂේත්‍රයට, කලාවට දක්ෂ නමුත් උසස් පෙළ අධ්‍යාපනය ලබා ගැනීමට වරම් නොලැබූ බොහෝ පිරිසක් රටේ සිටිනවා.අප වෘත්තියෙන් මහාචාර්යවරයෙකු වුවත් භාවිත කරන යතුරුපැදිය හෝ මෝටර් රථය අලූත්වැඩියා කර ගත යුත්තේ සාමාන්‍යපෙළ අසමත් කාර්මික ශිල්පියෙක් හරහා විය හැකියි. එසේ නම් රටක පැවැත්මට මහාචාර්යවාරයාත්, කාර්මිකයාත් යන දෙදෙනාම අවශ්‍යවෙනවා.අපේ රටේ පෙර පැවති අධ්‍යාපනය ක්‍රමයට අනුව කාර්මික අධ්‍යාපනයට ඇල්මක් දක්වන ශිෂ්‍යයන්ට සාමාන්‍ය  පෙළ අසමත් වුවහොත් ඉදිරියට යෑමක් තිබුණේ නැහැ. නමුත් අපේ රජය යටතේ ඔවුන්ට එම අවස්ථාව ලබාදී තිබෙනවා. මේ හරහා ජීවිතයේ ඉදිරියට යාමට ඔවුන්ට මාර්ගයක් නිර්මාණය වී තිබෙනවා. මේ හරහා අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක් ඇති වෙනවා.වෘත්තීය උසස් පෙළ හා සාමාන්‍ය පෙළ යනුවෙන් එංගලන්තයේ අංශ දෙකක් තිබෙනවා. අපෙත් සාමාන්‍ය  පෙළ විභාගයෙන් පසුව උසස් පෙළ විෂය ධාරාව තුල විශ්ව විද්‍යාලයට  යාමට අවශ්‍ය විෂයන් සහ වෘත්තීය දැනුම ලබාගැනීම සඳහා අවශ්‍ය විෂයන් යන කාණ්ඩ දෙකම ඊට ඇතුලත් වෙනවා.මෙහිදී අප භාවිත කරන්නේ එංගලන්ත ක්‍රමවේදය නොවෙයි. අප භාවිත කරන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය සහිත ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයයි. ෆින්ලන්තය තුල සියලූම දෙනා අධ්‍යාපනය ලබාගත යුතුයි.ඒ අනුව උදාහරණයක් ලෙස සිංහල හෝ දෙමළ ලෙස එක් විෂයක් තෝරා ගෙන අනෙක් විෂයන් සඳහා වෘත්තීය විෂයන් තෝරා ගැනීමට ඉදිරියේදී හැකියාව ලැබෙනවා. මෙම වැඩසටහන හරහා තෝරා ගැනීමට පහසු විෂයන්වල මිශ්‍රණයක් ශිෂ්‍යයන්ට ලැබෙනවා.තම අනාගතය සාර්ථක කර ගැනීමට මෙය ශිෂ්‍යයන්ට ලැබෙන විශාල අවස්ථාවක් වනවා. වෘත්තීය විෂයන් සඳහා අනාගතයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදීමටත් අප බලාපොරොත්තු වෙනවා.වෘත්තීය දැනුම සහිත ගුරුවරුන් අපට අවශ්‍ය වෙනවා. එවැනි ගුරුවරුන්ගේ හිඟයක් පැවතුණා. ඒ අනුව වෘත්තීය විෂයන් සමත් උපාධිධාරින් බඳවා ගැනීමට විෂය භාර අමාත්‍යවරයා යෝජනා කළා.මෙතන ඉන්න උපාධිධාරින් කවුරුවත් වෘත්තිය උපාධියක් කරලා නැහැ. මෙතන ඉන්න කණ්ඩායමත් සමඟ තමයි අපි මේ  වැඩසටහන ආරම්භ කරන්නේ. ඉදිරියේදී වෘත්තීය විෂයන් ඉගැන්වීම සඳහා ඔබට වෙනම පුහුණුවක් ලබාදෙනවා. ඒ වෙනුවෙන් සියලූ දෙනාටම සහතිකයක් ද ලබා දෙනවා.විශ්ව විද්‍යාලයේ උපාධියක් සහිත ගුරුවරුන්ට වෘත්තීය විෂය පිළිබඳව පශ්චාත් උපාධියක් ලබාදීමට අප කටයුතු කරනවා. තම උසස්වීම් ආදියට එය ඉදිරියේදී වැදගත් වෙනවා.මෙම වැඩසටහනට අපට ගුරුවරුන් 2000ක් අවශ්‍ය වුණා. මේ ස්ථානයේ 1100ක් සිටිනවා. ඉදිරියේදී අනෙක් පිරිස බඳවා ගැනීමත් අප සිදු කරනවා.අද දිනයේ පත්වීම් ලබා ගන්නා ඔබ හරහා මේ රටේ අධ්‍යාපනය නව මාර්ගයකට යොමු වෙනවා. රටේ ලක්ෂ සංඛ්‍යාත  දරු පරපුරකට ඔබ හරහා දැනුම ලැබෙනවා. ඒ හරහා අවසානයේ මේ රට දියුණුව කරා ගමන් කරනවා” යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි වැඩිදුරටත් පැවසිය.
අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට අධ්‍යාපන ප්‍රමිති පනතක් ගේනවා - අගමැති
1
hp_train_2156
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 708 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 707 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇත.කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 706 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇත.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 516 ක් වේ. මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 182 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත. 
කොරෝනා ආසාදිතයින් 915 දක්වා ඉහළට
0
hp_train_2157
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) රාජස්ථාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර දෙවැනි වටයේ තීරණාත්මක අවසන් තරගය අද (24) කොල්කටාහිදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.චෙන්නායි සුපර් කිංග්ස් පිල මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින අතර අවසන් මහ තරගය කොල්කටාහිදී අනිද්දා (26) පැවැත්වේ. 
රාජස්ථාන් - මුම්බායි
1
hp_train_2158
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259055ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33248570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ33268065වැසි ස්වල්පයක්.ගාල්ල30268575වැසි ස්වල්පයක්.යාපනය32288065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30209560වැසි ස්වල්පයක්.නුවරඑළිය21088540අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය33249555වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය36258550වැසි ස්වල්පයක්.මන්නාරම34258570ප්‍රධාන වශයෙන් වැසි රහිත.   
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_2159
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ  වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/06/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268555ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව27368545ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269575වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල29249585වැසි ස්වල්පයක්යාපනය33288060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238570වැසි ස්වල්පයක් ඇතිවිය හැක.නුවරඑළිය19149575වැසි  ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය31239570වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය34268050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278575වැසි ස්වල්පයක්                 
‘හෙට දිනයේ වියළි කාලගුණයක්‘
0
hp_train_2160
(මනෝප්‍රිය ගුණසේකර)සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට රුපියල් ලක්ෂ 11 කට අධික පාඩු සිදු කළ බවට  හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අධිචෝදනා භාර දුන්නේය.අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව  රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ඇපකරුවන් දෙදෙනකු ගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන්ගේ විදේශ ගමන්  තහනම් කළේය.විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට දීමටත් සෑම මසකම අවසන් ඉරුදින අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකය වෙත වාර්තා කිරීමටත් විත්තිකරුවන්ට ඇප කොන්දේසි පනවනු ලැබීය.අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙලෙස කොන්දේසි සහිතව මත මුදා හරින ලද්දේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන මහත්වරුන්ය.2013 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට එකොළොස් ලක්ෂ අනූ තුන් දහසකට අධික පාඩුවක් සිදු කළ  බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.මීට පෙර වතාවක අධිකරණයෙන් නිකුත් කළ සිතාසියට අනුව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීමෙන් පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 30 වනදා නඩුව කැඳවීමට නියම කළේය.
ජොන්ස්ටන් එරෙහි නඩුවක් ලබන මස 28ට කල්යයි
0
hp_train_2161
(අනීෂා මානගේ) බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේ නිවෙසක් පිටුපස ගස්ලබු වගාවක සඟවා තිබූ, ගිනි අවි සහ පතුරොම් තොගයක් සමඟ පුද්ගලයකු  අද(20)   අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකි. සොයාගත් අවි සහ පතුරොම් අතර, බෝර-12 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර-12 ජීව පතුරොම් 6ක්, ටී-56 ජීව පතුරොම් 31ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව පතුරොමක්, වර්ගය හඳුනා නොගත් ජීව පතුරොමක් සහ සුදු යකඩ කිණිස්සක් වූ බව නිලධාරීහු කියාසිටිති.
ආයුධ තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
0
hp_train_2162
 මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (1) පස්වරු 8.25 වනවිට එක්වූ ආසාදිතයන් 235 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 555 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 40,126 දක්වා ඉහළ ගොස් ඇත.අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.‍
අද කොරෝනා ආසාදිතයන් 852 ක්
0
hp_train_2163
(දියතලාව - ඩී.කේ.රත්න)බණ්ඩාරවෙල දෝව රක්ෂිතයේ අද (01) හවස ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 2ක භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක සහ සත්ව විශේෂ රැසක් ගින්නට හසුවීමෙන් විනාශ වී තිබේ.කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම හෝ විනෝදය හෝ සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි පොලිසිය සඳහන් කරයි.බණ්ඩාරවෙල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක යෙදී ඇතත්, පවතින වියළි කාලගුණික තත්වය සහ සුළං තත්වය හේතුවෙන් මෙම ගින්න රක්ෂිතය පුරා පැතිර ගොස් තිබේ.බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
දික්අරාව රක්ෂිතයේ ගින්නක්
0
hp_train_2164
(ටී.කේ.ජී.කපිල) රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා ශ්‍රී ලංකාවේ  දෙදින නිල සංචාරයක් සඳහා අද(14) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.ඒ මහතා සමග නිලධාරීන් 42කගෙන් යුතු දූත පිරිසක්ද පැමිණ සිටියහ.මෙම පිරිස රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඔවුන් පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තානාපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ . 
ජපාන විදේශ ඇමැති අද දිවයිනට
0
hp_train_2165
(විනීතා එම්. ගමගේ)ආණ්ඩුව රණවිරු දඩයමේ යෙදෙන බවට ඒකාබද්ධ විපක්ෂය කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඊයේ (23) ප්‍රකාශ  කළේය.තම ආණ්ඩුවට අභූත චෝදනා නැගුවත් දරුණු අන්දමින් රණවිරු දඩයම සිදුවූයේ කලින් පැවැති රජය සමයේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින වත්මන් රජය කිසිවිටෙකත් මිනීමරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ යැයි ද විජයවර්ධන මහතා සඳහන් කළේය.රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී විජයවර්ධන මහතා මෙසේ ද කීය.“අපේ රජය අස්ථාවරයි කියා විවිධාකාර කටකතා මේ දවස්වල පතුරුවනවා. කවුරුත් දන්නවා ඒකාබද්ධ විපක්ෂය තමයි මේ කටකතා පැතිරවීමට කටයුතු කරන්නෙ කියලා. මේ ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් බුද්ධාගමට හිමි තැන නැති කරන්නයි හදන්නේ කියල කියනවා. ඒකීයභාවය ඉවත් කරනවා කියලත් කියනවා.මේ කතා ඔක්කොම අපි ප්‍රතික්ෂේප කරනවා. අපේ ආණ්ඩුවේ කිසිම අස්ථාවරභාවයක් නැහැ. බුදධාගමට හිමිතැන නැති කරන්නෙ නැහැ. මේ පතුරුවන කතා සියල්ල බොරු. මේ ජාතික ආණ්ඩුව තුළ පක්ෂ ගණනාවක් එකතු වෙලා තියෙනවා. මේ පක්ෂයේ ඉතිහාසය දිහා බැලුවම ඡන්ද පිටියේ දෙපැත්ත බෙදිල සටන් කරපු පක්ෂ දෙකක්. ඉතින් නොයෙක් මතවාද තියෙන්න පුළුවන්. ඒ මතවාද තිබුණට රටේ ජනතාවගේ ජය වෙනුවෙන් අපි ඒ මතවාද අතරින් ආණ්ඩුව ආරක්ෂා කරගෙන පෙරට යනවා.පුංචි පුංචි ගැටලු ආපු වෙලාවට ඒවා විසඳ ගන්නවා මිස ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නැහැ. මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ රට ඉදිරියට ගෙනයන්නයි. ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්නේ.මම දැක්කා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විශේෂයෙන් විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ ගම්මන්පිල මන්ත්‍රීතුමා ප්‍රබල ලෙස මේ රජය විවේචනය කරනවා. ඔවුන්  කියන්නේ අපේ ආණ්ඩුව රණවිරුවන් දඩයමේ යනවා කියලයි. පැහැදිලිවම කියන්න ඕන අපට කිසි වුවමනාවක් නැහැ කිසිම රණවිරුවෙක් අත්අඩංගුවට ගන්න. ඒක අපේ රජයේ ප්‍රතිපත්තිය නොවෙයි. මේක මට දිගින් දිගට කතා කරන්න බැහැ. මොකද මේක නඩු විභාගයක් පවතින ප්‍රශ්නයක්.  කොමදෝරු දසනායකගේ ප්‍රශ්නය ඇත්තෙන්ම ඇති වුණේ 2009 දි. හිටපු නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩ නාවික හමුදාවේ නිලධාරී සම්පත් කියන පුද්ගලයාට විරුද්ධව දාපු පැමිණිල්ලේ දීර්ඝකාලීනව පැවැති නඩු විභාගයකින් පසුවයි මේ කොමදෝරු දසනායක අත්අඩංගුවට ගත්තේ.අපි දේශපාලන වශයෙන් කිසිම මැදිහත්වීමක් නැහැ. කොටින්ම මමත් කනගාටුවෙනවා මෙම නිලධාරියා අත්අඩංගුවට ගැනීම ගැන. ඔහු ඉතා හොඳ දක්ෂ නිලධාරියෙක්.මම හිතනවා එතුමා වරදක් කර නැත්නම් අධිකරණයේ දී නිදහස් වේවි කියලා. ඒ වගේම නීතියට මුහුණ දීලා වරදක් කළා නම් දඬුවම් විදින්නත් වේවි. මේකෙදි කිසිම දේශපාලන පළිගැනීමක් හෝ මැදිහත්වීමක් නැහැ.අපි නිරන්තරව රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් මිනීමරුවන් වෙනුවෙන් පෙනීසිටින්නේ නැහැ. ඉස්සර නම් අපි දන්නවා අධිකරණ තීන්දු දුන්නේ කොහෙන්ද කියලා. එදා අධිකරණයෙන් නොවෙයි තීන්දු දුන්නේ, අරලිය ගහ මන්දිරයෙන් හෝ ජනාධිපතිවරයා ඉන්න තැනකින් කියා එදා මිනිස්සු කිව්වේ.අද අධිකරණය ස්වාධීනයි. ඊට කවුරුවත් ඇඟිලි ගහන්නේ නැහැ. අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. යුද සමයේ අපරාධ චෝදනා ලබල තියෙනවා නම් අනිවාර්යයෙන් නීතිය ඉදිරියට යන්න වේවි. රත්නායක කියන හමුදා නිලධාරියා ඔබට මතක ඇති. ඔහු අවුරුදු 20 කට හිරේ දැම්මා. ඔහුට අවුරුදු විස්සක සිරදඬුවමක් ලැබුණා. ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ ඒකත් අපේ ආණ්ඩුව කළ එකක් කියලයි. නමුත් ඒ විමර්ශනය ඇරඹුණේ 1998 දියි. චන්ද්‍රිකා මැතිනිය ඉන්න කාලෙදි ඇරඹුණු එකක්.විමල් වීරවංශ සහ ගම්මන්පිල මහත්වරුන් කරන චෝදනා අපි ප්‍රතික්‍ෂේප කරනවා. හෙළා දකිනවා. ඔවුන් මේ චෝදනා කරන්නේ දේශපාලන වුවමනාවටයි. බලයට තියෙන කෑදරකමටයි. ජනතාව අවුස්සලා, චෝදනා කරලා කුමන්ත්‍රණ දියත් කරන්නේ බලය ගන්නයි. විවිධාකාර චෝදනා එල්ල කළත් කිසි සත්‍යතාවයක් නැහැ.අපි රණවිරුවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරල තියෙනවා. මේ අවුරුදු දෙකහමාරෙදි ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීල තියෙනවා. හැම ප්‍රශ්නයකටම නොවෙයි, නමුත් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීලා තියෙනවා. ඔවුන්ගේ වයස අවුරුදු 55න් පසුවත් වැටුප අනුව විශ්‍රාම වැටුප සේවා කාලය අවසානයේ දි සියයට 85 කින් වැඩිවෙන විදියට ලබාදෙනවා. එය මුලික ගැටලුවක් හැටියට ඔවුන් ඉදිරිපත් කළ එකක්.ඒ වගේම ආබාධිත රණවිරුවෙක් පැවැති දුබලතාව උත්සන්න වී මිය ගියොත් යුද්ධයේ දී මියගිය රණවිරුවෙක් සේ සලකා ඔවුන්ගේ යැපෙන්නන් වෙත සියලු හිමිකම් සමීපතම ඥාතීන් වෙත ලබාදෙනවා. වසර 10ක් හෝ දොළහකට අඩු සේවා කාලයක් තිබිය දී ආබාධිත වෙලා ඉන්න අයටත් තම සේවා කාලය සම්පූර්ණ කළ අය සේ සලකා විශ්‍රාම වැටුප් ලබාදෙනවා.ඒ වගේම සිවිල් ආරක්ෂක බළකායේ හිටපු 40000ක් රජයේ සේවකයින් ලෙස සලකා ඒ අයට හිමිකම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ සියල්ලම අවුරුදු දෙක හමාරක් තුළ කළ දේවල්. අපේ අමාත්‍යාංශය හා නිවාස අමාත්‍යාංශය එකතුවෙලා රණවිරු සුමිතුරු කියල නිවාස වැඩපිළිවෙළක් ආබාධිත රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතාව වෙනුවෙන් ඉදිකරමින් පවතිනවා.මේවා අවුැරුදු දෙක හමාරකින් කළාට අපි කිසිදෙයක් කරන්නේ නැහැ, රණවිරුවන්ගෙන් පළිගන්න කටයුතු කරනවා කියලයි ඒකාබද්ධ විපක්ෂයේ අය කියන්නේ. මම ගම්මන්පිල මන්ත්‍රීතුමාගෙන් හා වීරවංශ මන්ත්‍රීතුමාගෙන් අහන්නේ 2009 දීයි යුද්ධය අවසන් වුණේ. 2015 දී ඒ අයට බලය අහිමිවුණේ. ඒ කාලය තුළ ඇයි රණවිරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාදෙන්න බැරිවුණේ. ඇයි පාර්ලිමේන්තුවේ හඬක් නැගුවෙ නැත්තේ මේ අයගෙ විශ්‍රාම වැටුප  ලබාදෙන්න කියලා. අද කෑ ගහනවා. ඒ කාලෙ කිසිම දෙයක් නොකර ඉඳල දැන් අපට චෝදනා කරනවා.මේකෙන් පෙනෙන්නේ මේ අය රණවිරුවන්ට ආදරයක් ඇති නිසා මේවා කරනවා නොවෙයි, බලය ලබාගැනීමට මේ කටයුතු කරන බවයි. මෙතුමාලගේ මේ දේශපාලනය ගැන අපි කනගාටුවෙනවා. අපි මේ ජාතික ආණ්ඩුවක් හැටියට එකතුවෙලා කටයුතු කරද්දි අපට සහාය දෙනවා නම් ජනතාව ඔවුන් දකින්නේ රටට ආදරය ඇති ජනතාවක් ලෙසයි. දැන් බලයට තියෙන කෑදරකමට මේ කතා කරන්නේ.සමහර රණ බිමේ සිටි අය හමුදාවෙන් පැන ගිහින් විවිධ අපරාධවලට හවුල් වෙලා තිබෙනවා. එහෙම නම් ඒ අයටත් දඬුවම් කරන්න එපා ද? රණවිරුවො කියල අතහරින්න ද? රටේ නීතියක් තියෙනවා නේ. ඒ අය නීතියට පිටින් ගිහින් නිදහස් කරන්නද? රටේ නීතියට අනුගතව කටයුතු කරන්න ඕන.  අපි මැදිහත් වෙන්නේ නැහැ. අධිකරණයට ස්වාධීනව එහි කටයුතු කරගෙන යන්නට ඉඩ දීල තිබෙනවා. ඒවාට රජය ඇඟිලි ගහන්නේ නැහැ. අපට කිසිසේත්ම රණවිරුවන් අත්අඩංගුවට ගන්නවත්, රණවිරුවන් දඩයම් කරන්න වත් උවමනාවක් නැහැ.ඇත්ත වශයෙන්ම රණවිරු දඩයම පටන් ගත්තේ ඒ අයගෙ පාලන කාලයෙදීයි. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා කියලනේ කකුලෙන් ඇදන් ගිහින් හිරේ දැම්මේ. ඊළඟට මහේෂ් සේනානායක මහතා විශේෂ බළකායේ විශාල වැඩ කොටසක් කළ නිලධාරියෙක්. ඔහුටත් ඉන්න බැරිවුණා. අන්තිමට යුද හමුදාවෙන් එළියට දාල රට හැර යන්නත් වුණා.ඒ වගේම තමයි ටේ‍රවි සින්නයියා මහතා. පාවෙන අවි ගබඩාවක් විනාශ කළ පුද්ගලයෙක්. එතුමාටත් ඉන්න බැරිවෙන්න කටයුතු කරල රටෙනුත් යන තැනට කටයුතු කළා. අපි මේ රට හැර  ගිය අය යළි ගෙන්වල ඔවුන්ගේ සේවය ගන්න කටයුතු කරල තියෙනවා. යුද හමුදාපති ලෙස මහේෂ් සේනානායක පත්කරල තියෙනවා. ටේ‍රවි සින්නයියා නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කරනවා.මේ දේශලපාලන පළිගැනීම්වලට ලක් වූ රණවිරුවන් සියලු දෙනා අපි හමුදාවට අරගෙන තියෙනවා. නාවික හමුදාවට අරගෙන තියෙනවා. ගුවන් හමුදාවට අරගෙන තියෙනවා. ඒවගේම හමුදාවේ ගෞරවය රැකගන්නත් කටයුතුකරල තියෙනවා. හමුදාවේ ගෞරවය නැතිවන කටයුතු කරන්න අපි සූදානම් නැහැ. කවුරු හරි වරදක් කරල තියෙනවා නම් දඬුවම් විඳිය යුතුයි. කොමදෝරු දසනායක වුණත් එහෙමමයි.කීප දෙනෙක් කළ වැරැදිවලට හමුදාවට චෝදනා නගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රකින්න ඕන. ඉදිරියේ දී සාම සාධක හමුදාවේ සේවය සඳහා අපේ හමුදාවන්හි අය යවන්න ඕනෑ. ඒ නිසා කීර්තිනාමය රකින්න කටයුතු කළ යුතුයි.සිවිල් සංවිධානයකින් චෝදනා ආවත් එය කළු පැල්ලමක්. ඒ නිසා ඒ වැනි පැල්ලම් ඇති වන්නට අපි ඉඩ දිය යුතු නැහැ. ඒ නිසයි චෝදනාවක් ආවාම පරීක්ෂණයක් කරන්නේ. ” යැයි ද හෙතෙම සඳහන් කළේය.මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඊට රාජ්‍ය අමාත්‍යවරයා දුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය- ඔබ කියන්නේ සුදු වෑන් දැන් නැහැ කියලයි. එහෙනම් ඇයි මහ දවල් සයිටම් විරෝධයේ සිටිය විශ්වවිද්‍යාල සිසුවා පැහැර ගන්න හැදුවේ.  පිළිතුර- ඇත්තෙන්ම ඒ සිද්ධිය පිළිබඳව මමත් කනගාටුවෙනවා. ඒ සිද්ධිය මම හෙළා දකිනවා. එම නිලධාරින්ට තිබුණා නිල ඇඳුමක් ඇඳන් ගිහින් ඒ අත්අඩංගුවට ගැනීම කරන්න. ඒ  ගැන සාගල ඇමැතිතුමා පරික්ෂණයක් කරන්න පටන් අරන් තිබෙනවා. කොහොම වුණත් අපේ ආණ්ඩුවේ සුදු වෑන් සංස්කෘතියක් නැහැ.ප්‍රශ්නය- යාපනයේ යළිත් සිද්ධියක් වෙලා තිබෙනවා. මේවායින් තහවුරු වෙනවා නේද යාපනයේ අවි ගත් කණ්ඩායම් ඉන්නවා කියලා.  පිළිතුර- අවි ගත් කණ්ඩායමක් එතන හිටිය ද කියල පොලිසිය තවම පරීක්ෂණ කරගෙන යනවා. මම හිතනවා ඉතාමත් ඉක්මනින් අත්අඩංගුවට ගනියි කියලා. අද උදේ ආරංචි වුණා පොලිස් නිලධාරියෙක් මියගියා කියලා ඒ අයගේ පවුලේ සාමාජකයින්ට කනගාටුව පළකළ යුතුයි. කොහොම  වුණත් යාපනයේ අවි ගත් කල්ලි නැහැ කියන එක කිව හැකියි. ඒ පොලිස් නිලධාරියා ගේ අවිය උදුරගෙනයි වෙඩි තියල තියෙන්නේ.ප්‍රශ්නය- පසුගිය සති දහය දොළහ තුළ යාපනයේ සිද්ධීන් කිහිපයක් වුණා. ඒ සිද්ධි සම්බන්ධව කිසි කෙනෙක් අත්අඩංගුවට ගෙනත් නැහැ. ඇයි ඒපිළිතුර- ඒ  ගැන කෝස්ට් ගාඞ් ගැන නාවික හමුදාවත් පොලිසියත් එක්ව පරීක්ෂණ කර අත්අඩංගුවට ගන්න කටයුතු කරමින් සිටිනවා. එස්. අයි. මහතා ගැනත් මේ වනවිට කටයුතු  කරමින් ඉන්නවා.  ප්‍රශ්නය- ඇයි යාපනයේ ආරක්ෂක කැමරා සවි නොකරන්නේ. බලපෑමක් තියෙනවද?පිළිතුර- නෑ කිසිම බලපෑමක් නැහැ. ඒ කැමරා සවිකරන්නේ නීතිය සාමය පිළිබඳ අමාත්‍යංශයෙන්. එය හොඳ යෝජනාවක් ඉදිරියේ දී කරන්න බලමු.ප්‍රශ්නය- ඉතා වටිනා යුධ නෞකාවක් ළඟදී ලබාගත්තා නේද? මේ තරම් වටිනා නැව් අපට අවශ්‍ය ද?  පිළිතුර- ඔව්. දැන් අපි බලන්නේ අපේ මුහුද ආරක්ෂා කරගන්න. මේ ලබාගෙන තිබෙන්නෙත් මුහුදු නාවික ආරක්ෂක කටයුතු සඳහා සුදුසු බලය සහිත නෞකාවක්. අපි ඉදිරියේ දී නාවික හමුදාව නූතන නාවික හමුදාවක් ලෙස ගොඩනගා ගත යුතුයි. මෙය දැනට අපේ නාවික හමුදාවට තිබෙන ලොකුම නෞකාව.ප්‍රශ්නය- ඔබ ආණ්ඩුව ස්ථාවරයි කිව්වට ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ආණ්ඩුව අස්ථාවරයි. කොටසක් කඩාගෙන ඒ අයට එකතුවෙනව කියලයි නේද?පිළිතුර- නැහැ. අපේ ආණ්ඩුවේ අස්ථාවර බවක් නැහැ. ආණ්ඩුව ස්ථාවර නිසා ඒ අයගෙන් කඩාගෙන මෙහේට එනව. ඒකාබද්ධ විපක්ෂය අස්ථාවරවීම නිසා යැයිද ඔහු කීය.
මිනීමරුවන් රකින්නේ නෑ
1
hp_train_2166
(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)වසර දෙකක් ඇසුරු කළ පෙම්වතිය තවත් තරුණයකු සමඟ පැන ගියා යැයි කනස්සල්ලට පත් තරුණයකු හැට්ට කටුවක් රත්කර පෙම්වතියගේ නම ඉංග්‍රීසි අකුරෙන් වම් අතේ කොටාගෙන ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවෙයි.වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 23 හැවිරිදි තරුණයෙක් සිටියි. මෙම තරුණයා උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටියද විශ්ව විද්‍යාල වරම් අහිමි විය. තරුණයා මීට වසර දෙකකට පමණ ඉහතදී කෑගල්ල නගරයේ රෙදිපිළි අලෙවි වෙළෙඳ සලකට ගිය අවස්ථාවේදී එහි සුරූපී වෙළෙඳ සේවිකාවක ගැන සිතක් පහළ වී ඇයගේ ජංගම දුරකථනයේ අංකය ද ඉල්ලා ගත්තේය. පසුව දෙදෙනා වැඩි කලක් යන්නට පෙර පෙම්වතුන් බවට පත් වූහ.ඇය වයස දැනට අවුරුදු 21 ක තරුණියකි. තරුණිය උසස් පෙළ විභාගය අවසන් වූ විගසම ඇය කෑගල්ලේ රෙදිපිළි අලෙවි සලක සේවයට පැමිණ තිබිණි.මෙම තරුණයාත් තරුණියත් වසර දෙකකට ආසන්න කාලයක් පෙමින් වෙලී සිටින අවස්ථාවේදී මීට මාස තුනකට පමණ ඉහතදී තරුණිය තරුණයාට ප්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මනින්ම තමන් ළඟට ගන්නා ලෙසය.එහිදී තරුණයා තරුණියට බැගෑපත්ව ප්‍රකාශකර ඇත්තේ බාල සහෝදරයාත් සහෝදරියත් පාසල් අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින බවත් නිවසට කැන්දාගෙන යන්න තරම් සුදුසු පසුබිමක් නිවස තුළ නැති බවත් තවදුරටත් ඉවසන ලෙසය.පසුව තරුණියගෙන් තරුණයාට පෙර තිබූ ආදරය ටිකෙන් ටික අඩුවේගන ගිය අතර පෙම්වතියට වෙනත් සම්බන්ධතාවක් ඇති බවට තරුණයාට සැකයක්ද පහළ වී තිබුණි. එම සැකය සම්බන්ධයෙන් තරුණයා මීට සති දෙකකට පමණ ඉහතදී තරුණියගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක්ද කර තිබිණි.එහිදී තරුණිය තරුණයාට කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ආදර සම්බන්ධතාව ටිකෙන් ටික අඩු වී යන්නට විය.මීට සතියකට පමණ ඉහතදී තරුණියගේ ජංගම දුරකතනය එකවර ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් තරුණයා දැඩි වේදනාවට පත්විය. පසුව බැරිම තැන තරුණයා පෙම්වතිය සේවය කළේ යැයි කියන වෙළෙඳ ආයතනයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් සෙසු සේවිකාවකගෙන් විමසීමක්ද කළේය. එහිදී තරුණයාට දැනගන්නට හැකි වී ඇත්තේ ඇය වෙනත් තරණයෙකු සමඟ පැන ගොස් ඇති බවත් දින කිහිපයක සිට වෙළෙඳසලේ රැකියාවටද නොපැමිණි බවත්ය.දැඩි වේදනාවට පත් තරුණයා පසුව නිවසට පැමිණ වේදනාව තුනී කර ගැනීමේ අරමුණෙන් කාමරයට ගොස් ඉටිපන්දමක් මේසය මත දල්වාගෙන හැට්ට කටුවක් ගෙන එය ගිනියම් වෙනතුරු රත්කරගෙන වම් අතේ පෙම්වතියගේ නමේ මුල් වචනයේ ඇති අකුරු තුන ඉංග්‍රීසියෙන් පිළිස්සී පිළිස්සී හඬ හඬා කොටාගෙන ඇති බවද වාර්තා වෙයි.
තනියට ආ තරුණයාට වහවැටී පෙම්වතා එපාවෙලා
0
hp_train_2167
(අම්පාර වසන්ත චන්ද්‍රපාල)රට කඩන, රට බෙදන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අම්පාරේදී ඉකුත්දා (29) ප‍්‍රකාශ කළේය.78 ව්‍යවස්ථාවේ බුද්ධාගම සම්බන්ධයෙන් තිබෙන ජේද, අදහස්, වගන්ති ඉවත් කිරීමක් හෝ බාල කිරීමක් කිසිසේත්ම සිදුනොවන බවද ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ගිරාඹේ මංගල මහනාහිමියන්ට උඩරට අමරපුර සාමග‍්‍රී සංඝ සභාවේ මහානායක පදවිය පිළිබඳ සන්නස් පත‍්‍රය පිළිගැන්වීම වෙනුවෙන් අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සව සභාව අමතමිනි.එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.නැගෙනහිර පළාතේ වැඩවෙසෙන ගිරාඹේ මංගලාභිධාන මහා ස්වාමීන් වහන්සේට මේ මහානායක ධුරය ලැබුණු අවස්ථාවේ උන්වහන්සේට ගරු කරමින්, ගෞරවාභිමානය ලබාදෙමින් විජිනිපත් පිළිගන්වන්නට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. අපේ ඉතිහාසය තුළ නැගෙනහිර පළාත සැමවිටම මහා ගෞරවණීය වංශ කතාවකට හිමිකම් කියන ප‍්‍රදේශයක්. සිංහල රජ දවසින් පසුව නැගෙනහිර පළාත් ගෙවීගිය දශක කිහිපයේ මහාමාන්‍ය ඞී.එස් සේනානායක මැතිතුමාගේ ජනපද ව්‍යාපාරයත් සමග නව සංවර්ධනයක් හා නව පුනර්ජීවයක් ලැබුවා. සෑම රජයක්ම මේ රටේ සංවර්ධන ක්ෂේත‍්‍රයේ පුළුල් ලෙස කටයුතු කරමින් සිටින විට අපි සෑම කෙනෙක්ම මුහුණ දුන් ම්ලේච්ඡ යුද්ධය අපේ රටේ සංවර්ධනය පසුපසට ඇදගෙන ගියා. අපේ රටේ ආර්ථිකයේ බිඳ වැටීමක් ඇතිවුණා. යුද්ධයත් සමග අපේ සමාජය හා මිනිසාගේ විනය, හැදියාව පිරිහුණා. අපි අද ඒ සියල්ලෙන් නිදහස්ව සාමකාමී රටක ජීවත් වන විට මෙවැනි උතුම් ස්වාමීන් වහන්සේ නමක් පිදීමට ලැබීම ගැන මා නැවතත් සතුටු වෙනවා. මේ මහා පුණ්‍ය කටයුත්තට සහභාගී වීමට මාහට ආරාධනා කිරීම ගැන මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියලූ දෙනාට මාගේ ස්තුතිය පුදකරනවා. අපිට රටක් විදියට අපේ ඉතිහාසය සැමවිටම ශ්‍රේෂ්ඨත්වය තුළ ගොඩනැගෙන්නේ මහා සංඝරත්නයේ මගපෙන්වීම තුළයි. ඉතිහාසය තුළ සැමවිටම ගැබ් වී තිබෙන සටන්කාමීත්වය, රණවීරත්වය අපිට දුපත් රාජ්‍යයක් විදියට උරුම වූ දෙයක්. විදේශීය ආක‍්‍රමණ, බලපෑම් පිළිබඳව අපේ අතීතය අවදි කළහොත් අපි දන්නවා ඒ ඉතිහාසයේ අපට කියවන්න බොහෝ දේවල් තිබෙනවා. ඒ සියල්ලත් එක්ක මේ රට ගොඩනැගුණේ, හරවත් වුණේ මහා සංඝරත්නය නිසයි. සැමවිටම යහපත් සමාජයක් ගොඩනගන්න ගමේ පන්සල මූලික වුණේ අද ඊයේ ඉඳලා නෙමේ. එදා පෙර රජ දවස මහරජුන්ට උපදෙස් දුන් මහා සංඝරත්නය සැමවිටම මේ රට යහපත් රටක් කරන්න අමිල සේවයක් කළා. ඒ කැපවීම ලාංකිකයින් විදියට කිසිසේත්ම අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සැමවිටම මහා සංඝරත්නය, ගමේ පන්සල, වෙහෙර විහාර, පුරාවස්තු සියල්ලම ආරක්ෂා කිරීම අපේ වගකීමක් වගේම යුතුකමක් වෙනවා. ගෞරවණීය නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ධර්මදේශනා වගේම ඔබ වහන්සේගේ ප‍්‍රකාශන මගින් සමාජයට ථේරවාද බෞද්ධ දර්ශනය පිළිබඳව හා යහපත් සමාජය පිළිබඳව ලබාදෙන්නා වූ මගපෙන්වීම ඉතාමත් අගය කළ යුතුයි. ඒ වගේම ඔබ වහන්සේ සමාජය යහපත් කරන්න, හරවත් කරන්න, ලෝකයේ ආදර්ශමත් රටක් බවට අපේ රට පත් කරන්න, ඔබ වහන්සේ කළ කැපවීම අපි ඉතාමත් අගය කරනු ලබනවා. බුදුන්  වහන්සේ දේශනා කළා චරථ භික්ඛවේ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය. ඒ අනුව අපේ උතුම් බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේලාගේ වගකීම නිසිලෙස ඉටුකරමින් බෞද්ධ රටක් විදියට මේ රට ගොඩනගන්න සැමවිටම කටයුතු කරලා තිබෙන බව අපි දන්නවා.  ඒ නිසා ඔබ වහන්සේ වැනි ඉතාමත් උතුම් ස්වාමීන් වහන්සේ නමකට මහනායක පදවියක් පිරිනැමීම බෞද්ධයින් විදියට අපි ඉතාමත් සතුටට පත්වෙන පින්වත් අවස්ථාවයි. මෙවැනි අවස්ථාවක ඔබ වහන්සේගේ මේ උතුම් නායක පදවිය පිළිබඳ අප සතුටු වෙනවා වගේම ඉන් බාහිරව දෙයක් සඳහන් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. අද උදේ මම ගාල්ලේ ඉඳලා පොළොන්නරුවට ඇවිත් තමයි මේ පූජනීය ස්ථානයට පැමිණියේ. පුවත්පත්වල මුල් පිටුවේම තිබුණා ගෞරවණීය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා කිහිප නමක් විසින් නිකුත් කරන ලද නිවේදනයක්. ත‍්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ගෞරවණීය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ, ගෞරවණීය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ, ගෞරවණීය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහානායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ නිවේදනයක්. ඒ නිවේදනයේ සඳහන් වෙලා තිබෙනවා අපේ රජය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති වාර්තාව.  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තවම හදලා නැහැ. කෙටුම්පතක් හදලත් නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සම්බන්ධයෙන් සමාජය තුළ ජනතාවට, විද්වතුන්ට සියලූ ක්ෂේත‍්‍රවල අයට සංවාදයට, සාකච්ඡාවට ලක් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන, වෙනස්කම්, ඇතුළත් කිරීම් ඒ සියල්ලට ඉඩකඩ තබමින් නව ව්‍යවස්ථාවක් සෑදීම පිළිබඳව දේශපාලන පක්ෂවල අදහස් දැක්වූ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තිබෙන කරුණුවල අපේ රට සන්ධීය රාජ්‍ය සංකල්පයක් තුළ ආණ්ඩුක‍්‍රම නව ව්‍යවස්ථාව සෑදීමට එම වාර්තාවේ තිබෙන බව උන්වහන්සේලාගේ නිවේදනයේ සඳහන් කර තිබුණා. මහ නායක හාමුදුරුවනේ, මම ඒ නිවේදනය කියවූ විටම මෙම ව්‍යවස්ථා කටයුතු පිළිබඳව ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතාට මම උදේ කතා කළා. එතුමාගෙන් මම ඇහුවා මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා විසින් නිකුත් කර තිබෙනවා නිවේදනයක්, සන්ධීය රාජ්‍ය සංකල්පයක් මේ ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබෙනවා කියා. මේ පිළිබඳව මොකක්ද කියන්නේ කියා. අනේ, ජනාධිපතිතුමා එවැනි දෙයක් කිසිසේත්ම වෙන්නේ නැහැ. උන්වහන්සේලාට කවුරුන් හෝ මේ පිළිබඳව කළ පැහැදිලි කිරීමේ වරදක් තිබෙන්න පුළුවන්. උන්වහන්සේලාගේ මේ අදහස පිළිබඳව මමත් සොයා බලනවා. කිසිසේත්ම එවැනි දෙයක් මේ ව්‍යවස්ථාව ඇතුළත් වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ කියා ඔහු සඳහන් කළා. නැගෙනහිර පළාතට අවුරුදු තිහකට ආසන්න එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ යුද්ධය පැවතුණා. ඒ යුද්ධය නිසා උතුරු නැගෙනහිර පමණක් නොවේ මේ සතර දිග්භාගයෙන් ඇතිවූ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සමග අපි ලැබූ දීර්ඝ කාලීන අත්දැකීම අප කාටත් අමතක වන්නේ නැහැ. රජයක් විදියට මම පැහැදිලිව සඳහන් කරන්නට  ඕන, මේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් ඇතිවී ඇති අදහස් සහ යෝඡනා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී, රට කඩන, රට බෙදන එවැනි කිසිදු ආකාරයක ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඉඩ තබන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව ඔබවහන්සේලාට ගෞරවපූර්වකව මේ අවස්ථාවේ මා සඳහන් කරනවා. අපිට ප‍්‍රශ්නයක් මේ රටේ තිබෙනවා. ඒ ප‍්‍රශ්නය කුමක්ද? ඒ ප‍්‍රශ්නය ඔබවහන්සේලා අපි සෑම කෙනෙක්ම දන්නවා. අවුරුදු දහස් ගානක ඉතිහාසය තුළ අපි ආක‍්‍රමණවලට ලක්වුණා. තවත් පැත්තකින් අපි අභ්‍යන්තර යුද්ධයන්ට ලක්වුණා. එක් එක් යුග ගත් විට එදා සිංහල රජ දවසේ පටන් මේ රට කැඩුණු වෙන්වූ අවස්ථාවන් ගණනාවක් තියෙනවා. අද අපි ඒකීය ශ‍්‍රී ලංකාවක්. මේ ඒකීය ශ‍්‍රී ලංකාව කිසිසේත්ම ඒකීය ශ‍්‍රී ලංකාවක් නොවන ආකාරයට ව්‍යවස්ථාවක් සෑදීමට අපි ඉඩතියන්නේ නැහැ, අපේ හාමුදුරුවනේ. බොහෝ වේලාවට බුද්ධාගම සම්බන්ධයෙන් නොයෙකුත් ප‍්‍රචාරයන් සිදුකරනවා. 1978 සිරිමාවෝ මැතිනියගේ නායකත්වයෙන් බිහිවූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඡේද පිළිබඳව නොයෙකුත් ප‍්‍රචාරයන්, අදහස් තිබෙනවා. 1978 ව්‍යවස්ථාවේ බුද්ධාගම සම්බන්ධයෙන් තිබෙන ඡේද, අදහස්, වගන්ති කිසිසේත්ම ඉවත් කිරීමක් හෝ බාල කිරීමක් සිදුනොවන බව නොකරන බව ඉතාම පැහැදිලිව ඔබවහන්සේලාට මම ගෞරවයෙන් මතක් කරන්නට  ඕන. අපේ රට වශයෙන් ගත් විට ඇයි මේ රටේ යුද්ධයක් ඇති වුණේ? යුද්ධයක් ඇති වෙන්න හේතු මොනවාද? යුද්ධය අවසන් වූ පසුව බලය බෙදීමක් පිළිබඳව අදහසක් ඉදිරිපත්වී ඇත්තේ කුමන හේතු කාරණා නිසාද? යුද්ධය අවසන්වූවාට පසු එක්සත් ජාතීින්ගේ මහලේකම්වරයා බෑන් කී මූන් මහතා එවකට ලංකාවට ආවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින කාලයේ. එවකට මම ඇමැතිවරයෙක්. මහලේකම් බෑන් කී මූන් මහතා සමග හිටපු ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව සඳහන් කළා බලය බෙදීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයකට යාම ඉතා අවශ්‍ය බව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය රජයට වෙනත් රාජ්‍ය නායකයින්ට බලය බෙදීමක් බොහෝම පැහැදිලිව සඳහන් කරනු ලැබුවා. ඒ තත්ත්වයන් කොතෙක් දුරට උග‍්‍ර වූවාද කියන හේතුව නිසා එතුමාට තව අවුරුදු දෙකක් බලයේ සිටීමට ඉඩකඩ තිබියදීයි එතුමා මැතිවරණයකට ගියේ. 2015 ජනාධිපතිවරණය කිසිසේත් පවත්වන්න එපා කියා එදා ආණ්ඩුව තුළ තදින්ම කියපු කෙනෙක් මම. මහින්ද රාජපක්ෂ මහත්මයාට ලිඛිතව දුන්න කෙනෙක් මම ජනාධිපති ඡන්දයක් තියන්න එපා කියා. එදා ආණ්ඩු කරපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ, එම නායකයින් සියලූ දෙනා එකට වාඩිවී එතුමාට කිව්වා ජනාධිපති ඡන්දයක් තියන්න එපා කියා. නමුත් අපි කියන කිසි දෙයක් ඇහුවේ නෑ. හැබැයි එහෙම කියන කොට මම දැනගෙන හිටියේ නැහැ ඡන්දයක් තිබ්බොත් මමයි ජනාධිපති වෙන්නේ කියා. එහෙම දෙයක් මගේ ඔළුවේ තිබුණෙත් නැහැ. අපි ඉතා පැහැදිලිව මේ කියන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී අද උතුරු නැගෙනහිර තිබෙන ප‍්‍රශ්නත් බලය බෙදීම සම්බන්ධයෙන් තිබෙන ඉල්ලීම් සැලකිල්ලට ගැනීමත්, මේ රට ස්ථිර සාමකාමී රටක් විදියට පවත්වාගෙන යාමත්, මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමත්, සියලූ ජාතීන් තුළ සමගිය, සංහි`දියාව, සහෝදරත්වය ගොඩනැගීමත් ඒ සියල්ල ඉතා ප‍්‍රමුඛ වූ කාර්යයන් බවට පත්වෙනවා. යුද්ධයක් නැවත මේ රටේ ඇති වෙනවා යැයි කියා යම්කිසි අදහසක් රටේ ජනතාව තුළ ඇති වුණොත් එය මේ රට නැවත විශාල ප‍්‍රපාතයකට ඇද වැටෙනවා. ඒ අදහසම පමණක් ඇති. එවැනි අදහසක් අපේ සමාජය තුළ ඇතිවීම සම්පූර්ණයෙන් අපි තුරන් කළ යුතුයි. ඉවත් කළ යුතුයි. මේ බෞද්ධ රටේ සිටින සියලූ ජනකොටස් සමග සාමයෙන්, සමගියෙන්, මිත‍්‍රත්වයෙන්, සහෝදරත්වයෙන්, විශ්වාසයෙන්, සැකයක්, බියක් නොමැතිව ජීවත්වන සමාජයක් ගොඩනගන්නයි අපි කැපවී තිබෙන්නේ. එහිදී කිසිසේත්ම මේ රට විනාශ වන ආකාරයට බෙදෙන්න, කැඩෙන්න, ව්‍යවස්ථාවක් හදන්න අපි ඉඩකඩ තබන්නේ නැහැ කියන එක බොහෝම පැහැදිලිව සඳහන් කරන්නට  ඕන. මල්වතු අස්ගිරි හා ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාටත් පසුගිය දිනවල උන්වහන්සේලා බැහැදැකපු වෙලාවේ මේ කටයුතු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී මම උන්වහන්සේලාගෙන් ඉල්ලීමක් කළා. මේ බලය පිළිබඳව දැඩි ඉල්ලීම් කරන දේශපාලන පක්ෂ, නායකයින් ඒ සියලූ දෙනා සමග ඔබ වහන්සේලාත් සාකච්ඡා කරන්න. ඒ ඉදිරිපත් කරන යෝඡනා පිළිබඳව එක මේසයකට ඇවිත් ඒ සාකච්ඡා ආරම්භ කරන්න. අපි බෞද්ධ ද හින්දු ද කි‍්‍රස්තියානි ද ඉස්ලාම් ද ගෞරවනීය පූජකතුමන්ලාත් අපේ මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ප‍්‍රමුඛව විවිධ ක්ෂේත‍්‍රවල සමාජ දේශපාලන වගකීම් දරන අයත් මේ සෑම කෙනෙක්ම එකතුවී අපි සාකච්ඡා කරමු මේ තිබෙන ප‍්‍රශ්න අපි කොහොමද විසඳගන්නේ කියා. ඒ තුළ අපිට සාමකාමී රටක්, දේශයක් ගොඩනගන්න පුළුවන් වන්නේ කියායි අපි දැඩි ලෙස විශ්වාස කරන්නේ. මේ උතුම් අවස්ථාවේ ඔබ වහන්සේලා බැහැ දකින්නටත්, මේ ආදරණීය ජනතාව හමුවන්නටත් ගෞරවනීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගිරාඹේ මංගල මහ නායක ස්වාමීන් වහන්සේට මහ නායක පදවියට පත්වන අවස්ථාවේ උන්වහන්සේ ප‍්‍රමුඛ වන්දනීය මහා සංඝ රත්නයට ගරු කරනවා. ඔබේත් මගෙත් මේ උතුම් දේශය සරු සාර කරන්නට, ගොඩනගන්න, ශක්තිමත් කරන්නට ලෝකයේ ශ්‍රේෂ්ඨ උතුම් ජාතියක් විදියට ඉදිරියට යමින් සමෘද්ධිමත් ආර්ථිකයක් සහිත සමකාමී දේශයක් ගොඩනගන්න අප සියලූ දෙනාම එක්වෙමු කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා යැයිද ජනාධිපතිවරයා කීවේය.දොඩම්පහල චන්ද්‍රසිරි අමරපුර මහා  නිකායේ මහා නාහිමියෝ අනුශාසනාව පවත්වමින් මෙසේ පැවැසූහ.පිදිය යුත්තන් පිදිම මංගල කාරණයක් හැටියට සදහන් වෙනවා. අද මහානායක ධූරයෙන් සම්මාන ලබනගිරාඹේ මංගලාභිදාන නායක ස්වාමිපාදයාණන් වහන්සේ එම නිකාය මගින් දෙන්න පු`ඵවන් උපරිම ගෞරවය ලබා දී තිබෙනවා. උඩරට සාමග‍්‍රී සංඝ සභාව ගැන කතා කරන විට අපවත් වි වදාළ රාජකීය පණ්ඩිත, අග්ගමහා පණ්ඩිත භාෂාන්තර විශාරද දවුල්දෙන ඥානිස්සරාභිදාන මහානායක ස්වාමීන් වහන්සේ හෙබවු ඒ උත්තරීතර පදවිය ඒ මහානායක ස්වාමීන් වහන්සේට පත් කරන්නට එම නිකාය මගින් තිරණය කීරීම ඉතාම උතුම් කාරණයක් හැටියට සලකන්න පු`ඵවන්. උන් වහන්සේලා මේ තනතුර වෙනුවෙන් පත් කර ගත යුත්තේ කවරෙක් ද යන කාරණය හොදින් තීරණය කරලා ඒ මහා කාරක සංඝ සභාව මගින් උන් වහන්සේ මේ උත්තරීතර තත්වයට පත් කරගෙන ශාසනය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් කළ යුතු උසස්ම කාරණය සම්පූර්ණ කළා. ඒ වෙනුවෙන් අද ජනාධිපතිතුමාණන් ප‍්‍රධාන මැති ඇමතිවරුන්, දිසාපතිතුමා ඇතු`ඵ රජයේ නිලධාරීන් මේ හැම දෙනාම ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරියේ තබාගෙන උන්වහන්සේ වෙනුවෙන් කළ යුතු කාර්යයන් සම්පූර්ණ කළා. ජනාධිපතිතුමන් බොහොම කාරුණිකව මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපදිනවා.  ඕනෑම තීරණයක් ලබා දෙන්නට එතුමාණන් ඉතාම ප‍්‍රකටවම උත්සහවත් වන බව අපි හැමදෙනාම දන්නා වු කාරණයක්. විශේෂයෙන් අපි මේ අවස්ථාවේ දී සිහි කරන්න  ඕන ගරුතර මහා සංඝරත්නයේ පරිපාලනය පිළිබදව. බුදුරජාණන් වහන්සේ ඒ සියලූ කාර්යයන් පිළිබදව අපට දේශනා කොට වදාළා. පැවිදි වන අවස්ථාවේ දි ශබ්ද, දුක්ඛ, නිස්සරණ ආදි වශයෙන් මහා පොරොන්දුවක් දීලා පැවිදි වෙලා ඊට පස්සේ සාමණේර භික්‍ෂූන් වහන්සේ නමක් හැටියට පිලිපැදිය යුතු කරුණු පිළිබඳවත් උපසම්පදා සීලයෙහි පිහිට වු පසු ඒ සතර පාරජඡ්කාව්‍ය පටන් බුද්ධානු බුද්ධක සික්ඛාපදයන් පිළිබදවත් උන්වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පනවා වදාළා. භික්‍ෂූන් වහන්සේලාට අන්න ඒවා පිළිබදව පරිපාලන ඒ අවස්ථාවල දී භාර දුන්නා. සැරියුත් මුගලන් උත්තමයාණන් වහන්සේලා ප‍්‍රධාන මහා සංඝරත්නය එදා ඒ කාර්යයන් සම්පූර්ණ කළා. අද ත්‍රෛනිකායික  මහා සංඝරත්නය ඒ කාර්යයන් ඉටුකරනවා. අපට කනගාටුවෙන්න තියෙන කාරණයක් අද ගරුතර මහා සංඝරත්නයට යම් තීරණයක් ගැනීමේ අපහසුතාවයන් තිබෙනවා. ඒ සංඝ සභාවල යම් තීරණයක් ගත්තා නම් ඇතැම්විට මහානායක ස්වාමීන් වහන්සේලා ප‍්‍රධාන සංඝ සභාවන් ඉතා අපහසු තත්ත්වයන්ට, අපකීර්තියට පත් වෙන අවස්ථාවන් තිබෙනවා. මෙන්න මේ කාරණාවන් පිළිබදව හොදින් සිහියට ගන්න  ඕන. රජය විසින් මෙන්න මේ කාරණා පිළිබදව සිහි කරන්නට  ඕන. බුරුමය, සියමය ආදී රටවල් පිළිබදව සිහි කරන විට කතා කරන විට එහි තිබෙන්නා වූ මහා සංඝ සභාව මගින් යම් තීරණයක් ගත්තා නම් ඒක ඒ ආකාරයෙන්ම ක‍්‍රීයාත්මක වෙන්න  ඕනේ. ඒ ක‍්‍රියාත්මක නොවී නම් ඒ අවවාද අනුශාසනාවට අවනත වෙන්නේ නැත්නම් රජය මගින් ඉදිරිපත් වෙලා ඒ අයට යෙදිය යුතු දඬුවම් ලබා දෙනවා. යැයිද මහානාහිමියෝ සඳහන් කළහ.දොඩම්පහළ චන්ද්‍රසිරි මහනාහිමි, නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමි, කරගහඋල්පත සුගතානන්ද නාහිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නයද, ඇමැති දයා ගමගේ, හිටපු ඇමැති පී. දයාරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
අවස්ථාවාදය අන්තවාදය බලය ගැන නොසිතා ජාතියක් ලෙස පෙරට යෑමට වගකීම් යුතුකම් ඉටුකරමු
0
hp_train_2168
(ජේ.කේ.එල් චාමින්ද)විදුලි කප්පාදුවට විරෝධය පලකරමින් අක්මීමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අද (9) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමට ඉටිපන්දම් දල්වාගෙන පැමිණියහ.අද අක්මීමන ප්‍රාදේශීය සභා රැස්වීම ආරම්භ කරන අවස්ථාවේ විදුලිය ඇනහිට තිබිණි. පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඉටිපන්දම් දල්වාගෙන  සභා ගර්භයට පැමිණ විදුලි කප්පාදුවට එරෙහිව සිය විරෝධය පළකරණු ලැබීය.සභාපතිවරයා ඇතුළු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මේස මත ඉටිපන්දම් දැල්වෙමින් තිබිණි.ප්‍රාදේශීය සභාවේ  විදුලි ජනක යන්ත්‍රය මගින් විදුලිය ලබාගෙන ප්‍රාදේශීය සභා රැස්වීමේ කටයුතු කරගෙන යනු ලැබීය.මද වේලාවකට පසු විදුලි බලය ලැබුණු අතර අක්මිමන ප්‍රාදේශීය සභා රැස්වීම සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්  අක්මීමන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
අක්මීමන ප්‍රා. සබේ මන්ත්‍රීවරු රංජන්ගේ ප්‍රකාශය හෙළා දකිති
0
hp_train_2169
(අංජුල මහික වීරරත්න)1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.අදාළ පනත සංශෝධනය කිරීම සඳහා 2023.1.2 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබෙන බව රජය පවසයි.එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වරාය අධිකාරිය පනත සංශෝධනය කරයි
1
hp_train_2170
‘බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන අතර. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට  තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 11/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව33269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259075වැසි ස්වල්පයක්.ගාල්ල31279075වැසි ස්වල්පයක්.යාපනය32278065වැසි ස්වල්පයක්.මහනුවර30219565වැසි ස්වල්පයක්.නුවරඑළිය22129060වැසි ස්වල්පයක්.රත්නපුරය33249565වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය35259055අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278070වැසි ස්වල්පයක්.  
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_2171
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36278045ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ32278570වැසි ස්වල්පයක්.ගාල්ල30268580වැසි වාර කිහිපයක්.යාපනය34287565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29239070වැසි ස්වල්පයක්.නුවරඑළිය171310080වැසි ස්වල්පයක්. උදෑසන මීදුම් සහිත.රත්නපුරය31259070වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය37278050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම31279075ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
‘තැනින් තැනට සුළු සුළු වැසි‘
1
hp_train_2172
( තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (8) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1255 දෙනෙකු හමුව ඇති අතර මින් 180 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම ගම්පහ කොට්ඨාසයෙන් - 131 ක්, බියගම - 126 ක්, කටාන - 124 ක්, මහර - 116 ක්, දිවුලපිටිය - 114 ක්, මීරිගම - 91 ක්, ජාඇල - 89 ක්, දොම්පෙ - 71 ක්, අත්තනගල්ල - 60 ක්, වත්තල - 38 ක්, රාගම - 37 ක්, කැලණිය - 33 ක්, මීගමුව - 27 ක් සහ සීදූව කොට්ඨාසයෙන් - 18 වශයෙන් සිදුව ඇත.අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල රෝගීන් 281 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සැක සහිත ආසාදිතයින් 41 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 464 දෙනෙකි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් අන්දමට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 35, 673 දෙනෙකි. 
පැය 24කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1255ක්
1
hp_train_2173
(යොහාන් භාසුර)ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල අද (16) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව අර්තාපල් කිලෝවක් රුපියල් 20 කින් ද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 10 කින් ද, ආනයනික සම්බා සහල් කිලෝවක් සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 7 බැගින් ද, දේශීය රතු කැකුළු කිලෝවක් සහ දේශීය සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 බැගින් ද, අඩු කළ බවත් ඒ අනුව අර්තාපල් කිලෝවක් රුපියල් 375 කට, ලොකු ලූණු කිලෝවක් රුපියල් 149 කට, ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 198 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 358 කට, දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 164 කට සහ දේශීය සුදු කැකුළු සහල් කිලෝවක් 179 කට මිලදී ගතහැකි බවත් සතොස පවසයි.
සතොස භාණ්ඩ 5ක මිල අඩු කරයි
1
hp_train_2174
(උපාලි ආනන්ද) බාල වයස්කාර දැරියක රවටා අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් තිදෙනෙකු 19 වැනිදා තෙක් යළි බන්ධනාගාර ගතකරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය අද(10) නියෝග කළාය. එම සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ඔවුන්ගේ නීතීඥයින් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය. තඹුතේගම පදිංචි බී. ඒ. සුදර්ශන බුද්ධික සඳරුවන්, අනුරාධපුර පදිංචි චතුර කුමාර අබේනායක සහ අනුරාධපුර මයිලගස්හංදිය පදිංචි ඩී. ආර්.ඉෂාන්ත නදීෂාන් ශානික දිසානායක  යන සැකකරුවන් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි. අනුරාධපුර නගරයේ  ළමා නිවාසයකින් පැන ගොස් අනුරාධපුර පැරණි  බස් නැවතුම්පොළේ  අතරමංව සිටි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් රවටා ගෙන හෝටලයකට රැගෙන ගොස් වරින් වර ඇය බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන තිබිණි. අද අධිකරණයට නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවමත් අවසන්ව නැති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.සැකකරුවන් මීට පෙර තඹුත්තේගම වැඩබලන මහේස්ත‍්‍රාත් කිත්සිරි ද සිල්වා මහතා හමුවට ඉදිරිපත් කර, එහිදී පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී දැරිය විසින් සැකකරුවන් හඳුනාගන්නා ලදී. සිද්ධිය පිළිබඳව කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළාය. තඹුත්තේගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අතුකෝරල මහතාගේ උපදෙස් මත එම පොලිසියේ ළමා හා කාන්තා  කාර්යංශයේ නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී  සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතීඥ බුද්ධික ලෙව්කෝ බණ්ඩාර මහතා පෙනී සිටියේය.  
බාල වයස්කාර දැරිය අපයෝජනය කළ තිදෙනා යළි රිමාන්ඩ්
1
hp_train_2175
(ඩයනා උදයංගනී)දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයින පුරා අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි
1
hp_train_2176
(කාංචන කුමාර ආරියදාස)දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල යාපනය අර්ධද්වීපයේ වගාකර ඇති අර්තාපල් අල සහ රතුලූනු තොග විශාල වශයෙන් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.රුපියල් 120 කින් පමණ ඉහළ මිලකට අලෙවි වූ දේශීය හා විදේශීය අර්තාපල් අල කිලෝවක තොග මිල රුපියල් 75 ත්  80 ත් අතර මිලකට පහත වැටී ඇති බවත් රුපියල් 500 ත් 600 ත් අතර ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ රතු ලූනු කිලෝව රුපියල් 230 ත් 250 ත් අතර මිලකට පහත වැටී ඇති බව ඔවුහු කියති.යාපනය අර්ධද්වීපයේ මෙවර ලැබී ඇති අර්තාපල් අස්වැන්න වැඩි වී තිබෙන බවත්  වීදේශීය රටවලින් අර්තාපල් අල ගෙන්වීම ප්‍රමාද කළ හොත් දේශීය අර්තාපල් සඳහා මිලක් තිබෙන බවත් ඔවුහු පැවසූහ.විදේශීය අර්තාපල් මිල පහත වැටී තිබෙන බවත් දේශීය රතුලූනු සඳහා ඉල්ලුමක් පවතින බවත් ව්‍යාපාරිකයෝ පවසති.   
දඹුල්ලේ අර්තාපල් - රතුලූනු මිල පහළට
1
hp_train_2177
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1305 දෙනකු අද දින හඳුනාගෙන ඇත. ඒ අනුව අද වාර්තා වූ ගණන 2530 දක්වා ඉහළ ගියේය.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 131060 ක් දක්වා ඉහළ ගොස් ඇත.එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,030 දෙනෙක් සුවය ලබා අද (11) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,06,641 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 
කොරෝනා ආසාදිතයෝ 2500 සීමාව අදත් පනිති
1
hp_train_2178
(යොහාන් භාසුර)ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.ඔම ඉහළ දැමීමත් සමඟ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.50 ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6.50 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ණය පහසුකම් අනුපාතිකය පහළට
0
hp_train_2179
(කාංචන කුමාර ආරියදාස) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වලට ගොවීන් රැගෙන එන එළවළු අලෙවි නොවීම නිසා විශාල වශයෙන් මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.එලවලු තොග මිල මෙයාකාරයෙන් පහත වැටුණ ද ‍ප්‍රධාන නගරවල හා තදාසන්න ප්‍රදේශවල එළවළුවල සිල්ලර මිලෙහි කිසිදු අඩුවක් දක්නට නැතැයි පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ද පහත රට එළවළු රැසක් මේ දිනවල ලැබෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පැවසීය.ඒ අනුව වම්බටු කැකිරි පිපිඤ්ඤා තක්කාලි මෑකරල් නෝකෝල් රාබු වට්ටක්කා ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් පහේ සිට රුපියල් 25 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අවස්ථාවෙන් අවස්ථාව වෙනස් වෙමින්  අලෙවිවන බව විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන ගොවීන් කියා සිටියේ අලුයම 4 සිට  රාත්‍රී 0 8 දක්වා තම නිෂ්පාදන රැගෙනවිත් ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට තමන්ට සිදු වන බව ය.ඇතැම් දිනවලදී උදේ සිට සවස් කාලය දක්වාම නිරාහාරව සිට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව හිස් අතින් නිවෙස්වලට යෑමට සිදුව තිබෙන බවද එළවළු ගොවීහු වැඩිදුරටත් සඳහන් කර සිටිති.
දඹුල්ලේ එලවලු තොග මිල පහතට - සිල්ලර මිල ඉහලට
1
hp_train_2180
 (යොහාන් භාසුර)‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17) පස්වරුවේ තහවුරු කළේය.මියගිය පුද්ගලයන් පස්දෙනාගෙන් සිවුදෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එක පුද්ගලයෙක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අයකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.එම පුද්ගලයන් අතර පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් තිදෙනකු සිටින බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.
කොවිඩ් මරණ තවත් 5ක්
0
hp_train_2181
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී නගරාධිපතිවරයාට සහ කැබ් රථයට පහරදී අනර්ථය සිදු කළ බව කියන කුකුල් මස් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.දිවයින පුරා ඉකුත් මැයි 9 වෙනි දින  පැවැති ප්‍රචණ්ඩකාරි සහ කලහාකාරී සිදුවීම් අතරතුරදී අත්අඩංගුවට ගත් සැකකරු ඇතුළු පිරිසක් නගරාධිපතිවරයා ගමන්ගත් කැබ් රථයට මඟ හරස් කර පහර දීම සිදුකර තිබූ බව පොලිසිය සඳහන් කරයිපහරදීමට සම්බන්ධ තවත් පිරිසක් හඳුනාගෙන ඇති අතර ඔහුන් ද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයිඅත්අඩංගුවට ගත් සැකකරු තලංගම උතුර හීනටිකුඹුර පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි සැකකරු කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය  
නාවලපිටිය නගරාධිපතිගේ පිස්තෝලය පැහැගත් ත්‍රිවිල් රියැදුරා මාට්ටු
0
hp_train_2182
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කඳුකරයෙන් මුහුදු ප්‍රදේශෙවලින් විටින් විට  තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද සඳහන් කරයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34269065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32279070වැසි වාර කිහිපයක්.ගාල්ල31258575වැසි වාර කිහිපයක්.යාපනය32278075ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31229560වැසි ස්වල්පයක්.නුවරඑළිය22129065වැසි ස්වල්පයක්.රත්නපුරය33259565වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35268060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32288575ප්‍රධාන වශයෙන් වැසි රහිත.   
‘පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි‘
1
hp_train_2183
(සම්පත් ප්‍රියනන්දන) පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවසර පත්‍ර සහ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලැස්මක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි මුස්ලිම් තරුණයා ජුනි 20  දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා  අද (6)   නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචි නිසාරිඩින් නිස්ලාන්  නැමති 27 හැවිරිදි තරුණයෙකි.මෙම  තරුණයා බලන්ගොඩ  පොලිසිය  විසින් ඉකුත්  අප්‍රෙල් 24   වැනිදා   අත්අඩංගුවට ගෙන  අධිකරණට  ඉදිරිපත්  කිරීමෙන්  පසුව  මීට පෙර අවස්ථා  කිහිපයකදී දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පාර්ලිමේන්තු අවසර පත් ළඟ තබා ගත් තරුණයා යළි රිමාන්ඩ්
1
hp_train_2184
 චීනය  සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ජූලි  1 වෙනි දා සිට  කොළඹ සිට චොංකින් වෙත මෙහෙයුම් ඇරඹීමට සැලසුම් කර ඇත. කොළඹ සිට චොංකින් වෙත ගමන් ගන්නා ගුවන් යානා   නැවත පැමිණීමේ දී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම  හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම  කොළඹ දී අත්සන් කළහ.මේ වන විට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ශැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියක දී ගුවන් ගමන් 15 ක් සිදුකරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රීලංකන් ගුවන් යානා පියාසර කිරීමද මේ අනුව සනිටුහන් වනු ඇත.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ මේ වන විට චීනය මෙරට  ප්‍රධාන වෙළපොළක් ලෙස හඳුනා ගෙන ඇති ‍බැවින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම  නිරන්තරයෙන් කටයුතු කරන බවයි.ඒ අනුව මෙම නව කුලී ගුවන් සේවා යෙදවීමත් සමඟ නව පාරිභෝගික කාණ්ඩවල සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවා භාවිත කරමින් සුව පහසු සහ ආරක්ෂාකාරී සංචාරයක යෙදීමේ අවස්ථාව සැලසෙන අතර ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරයද අත්වීඳීමට හැකි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී ජෙයසීලන් මහතා ප්‍රකාශ කළේ බීජිං, ශැන්හයි සහ ගුවන්සූ   යන ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සිචුවාන් කලාපය වෙත  සාර්ථක ප්‍රතිලාභ ඉපයීමට හැකි වෙළඳපොළක් නිර්මාණය වූ බවයි.එසේම විවිධ ඇගයුම් සිදුකරමින් සංචාරක ප්‍රවර්ධන අභිවෘද්ධිය සඳහා වූ ක්‍රියාකාරකම් සිදුකරමින් ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවත්වනු ලැබූ විවිධ සංචාරක ක්‍රියාකාරකම් වලින්ද මෙම තේරීම තව දුරටත් තහවුරු වූ බවද හෙතෙම පැවසීය.තවද මේ ආකාරයට ප්‍රථමයෙන් විශේෂයෙන් වෙන්කරවා ගත් කුලීගුවන් සේවා මෙහෙයුම් සිදු කිරීමේ සාර්ථක පරීක්ෂාවලින් පසු  කාල සටහනක‍ට අනුකූලව විධිමත් ගුවන් සේවා  ආරම්භ කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.ජාත්‍යන්තර දෙපාර්තමේන්තු කළමනාකාර අයිරිස් හුවං මහතා ප්‍රකාශ කළේ “ මගේ පළමු සංචාරයේදීම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන ඉතාමත් පැහැදුණා.මෙම නව ගිවිසුම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟින් චොංකින් සිට ශ්‍රීලංකාව දක්වාත්  ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම දේශීය සහකරු වන වෝකස් ට්‍රැවල්ස්   මෙම නව සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි  මම සිතනවා. චොංකින් වෙත සහ නිරිත දිග චීනයට ගුවන් ගමන් ශක්තිමත් කිරීමට හැකියාව මෙයින් ලැබෙන බවට මා විශ්වාස කරනවා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාව තුළ චොංකින් හුවාපොන්ඩ් ජාත්‍යන්තර සංචාරක සමාග‍මේ නියෝජිත වශයෙන් කටයුතු කරනුයේ වෝකස් ට්‍රැවල්ස් ආයතනයයි.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම 2002 වසරේ ජූලි මාසයේ දී හුවාපොන්ට් නියුට්‍රිච්මි  සමාගම් හිමිකාරීත්වයෙන් සහ Shenzhen කොටස් වෙළඳපොළේ ලියාපදිංචියෙන් පිහිටුවන ලදී. සංචාරක කර්මාන්තය ආශිතව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සංචාරක ස්ථාන සංවර්ධනය හා කළමනාකාරීත්වය,හොටල් සහ රිසෝට්ස්, විදේශ සංචාර හා ර‍ට වෙත පැමිණීම් යනාදිය ඇතුළත්ය.ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී   වසන්ත ලීලානන්ද මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ නිරිත දිගචීනය ප්‍රවර්ධනය කිරීම සඳහා  ශ්‍රීලංකන් ගුවන් සමාගමට සහ චොංකින් හුවාපොන්ට් සංචාරක සේවා සමාගමට සහයෝගය ලබා දීමට ලැබීම සතුටට කරුණක් බවයි.තවද චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ව්‍යාප්ත කිරීම තුළින් නව ගුවන් කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති අතර ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට අපගේ චීනයේ පාර්ශ්‍රවකරු සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ස්තූති කරන අතර මෙම නව ගමනාන්තය පිළිබඳව විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් ද ස්තූතිවන්ත වන බවද හෙතෙම සඳහන් කළේය.කුලී පදනම මත පළමු වරට විධිමත් සතිපතා ගුවන් ගමන් සේවා දියත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා සත්කාරය මෙම ව්‍යාපෘතියට සහයෝගයක් වනු ඇති බවද හෙතෙම පැවසීය.ඒ අනුව මෙම ගුවන් ගමන් කොළඹ සිට දේශීය වේලාවෙන් පැය 0130 පිටත් වී චීනයේ චොංකින් වෙත පැය 0915 ලඟා වීමට නියමිතයි.එසේම  චොංකින් සිට පැය 1030 ට පිටත් වන ගුවන් යානය බැංකොක් හරහා පැය 1605 ට කොළඹට ලඟාවීමට ද සැලසුම් කර තිබේ.මෙම ගුවන් යානා ජූලි මස 1 වෙනි දා සිට 2014 නොවැම්බර් මස 25 වෙනි දින දක්වා සේවා සපයන අතර එය නැවතවරක් 2015 ජනවාරි මස 13 වෙනි දින  සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A320 ගුවන් යානා යොදවා තිබේ.මේ වසරේ අප්‍රේල් මස සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම බීජිං හා ශැන්හයි දක්වා සතියකට ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මත කරන අතර එයින් ගුවන් යානා 4 ක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පිටත්ව යන ලදී. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගම අතීතයේ සිට චීනයේ කුන්මින්  සහ චෙන්ඩු  යන ගමනාන්ත සඳහා මේ ආකාරයට ගුවන් ගමන් සිදුකර ඇති අතර මේ ගිවිසුමත් සමග චීනයට විශේෂයෙන් යෙදවූ කුලී ගුවන් සේවා සපයන තුන්වන අවස්ථාවද සනිටුහන්වේ. 
30 වැනිදා සිට මොස්කව් නුවරට යළි ගුවන් ගමන් අරඹයි
0
hp_train_2185
(ඩයනා උදයංගනී)සබරගමුව පළාතේත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත.සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 14 වැනිදා දක්වා සිදු වන අතර ඒ අනුව අද (6) දහවල් 12.13 ට දොඩංගොඩ, ඉද්දගොඩ, අගලවත්ත, අක්වෙල්තොට, රන්වල, ගොඩවැලිපොකුණ හෙළ සහ කුමන යන ප්‍රදේශයන්ට ඍජුවම හිරු මුදුන්වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 
පවතින කාලගුණයේ වෙනසක්
1
hp_train_2186
(මනෝප‍්‍රිය ගුණසේකර) කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එම නඩුව විභාග කිරීම සඳහා පත්කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සදහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී. නීතීපතිවරයාගේ ඉල්ලීම මත මෙම නඩුව විභාග කිරීම සඳහා චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්  අගවිනිසුරුවරයා විසින් පත් කරන ලදී.මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.මේ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට අමතරව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්රකාශක ඩී. කේ. පී. දසනායක, නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව චෝදනා නඟා ඇත.චෝදනා 667 ක් යටතේ විත්තිකරුවන් 14 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති බවට නීතීපතිවරයා නිකුත් කළ ලිපියක් කොළඹ මහාධිකරණයේ ප‍්‍රදර්ශනය කෙරේ.
වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට සිතාසි
1
hp_train_2187
(ඩයනා උදයංගනී)දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (2) සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රිකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
අද දවසේ කාලගුණය
0
hp_train_2188
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත්  ස්ථාන කිහිපයක අද රාත්‍රියේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් හෙට දිනයේදී සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ  ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
‘දකුණු පළාතට තද සුළං‘
0
hp_train_2189
(ඩබ්.ඒ. පියතිලක)ගොවිතැන් සඳහා ජලය ලබා ගැනීමට නොහැකිව පීඩා විදිමින් සිටි පොළොන්නරුව ගොවින්හට  යල් කන්න වගා කිරීම සඳහා ජලය සපයා ගැනීමට  මොරගහකන්ද  ජලාශයෙන් ගිරිතලේ ,කවුඩුල්ල සහ මින්නේරිය යන වැව්වලට ජලය ලබා දීමට පොළොන්නරුව කලාපභාර වාරිමාර්ග කාර්යාලය පියවර ගෙන තිබේ.වගා බිම් සදහා අවශ්‍ය ජලය නොමැති කම හේතුවෙන් ගොවිතැන් කටයුතු කර ගත නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවයකින් සිටි අතර  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එම ජල ගැටළුව විසදීම සඳහා  මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා දීමට වාරි මාර්ග නිලධාරීන් කටයුතු කර ඇත.ඉදිරි යල් කන්නය නියමිත පරිදි කිසිදු ජල හිගයකින් තොරව වගා කිරීමට අවශ්‍ය පරිදි සියළු වැව්වල ජලය රැස්කරමින් පවතින බව පොළොන්නරුව කලාපභාර වාරි මාර්ග අධ්‍යක්ෂ එස් කේ හේවගේ මහතා සඳහන් කර සිටියේය.වැඩිදුර අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවැසිය- ‘ගිරිතලේ  මින්නේරිය සහ කවුඩුල්ල වැව්වල ගොවිජනපද  වාසීන්  සදහා වැව්වල  ජලය නොමැතිකම මත සිය වගා බිමිවලින් අඩක්   වැඩ කිරිමට සහ ඇතැම් කන්නවල වගාව අතහැර දැමිමටත් සිදු වුණා. මෙසේ විමට ප‍්‍රධාන හේතුව වුණේ  කාලගූණික විපර්යාස නිසා.  මේ නිසා  ගිරිතලේ මින්නේරිය සහ කවුඩුල්ල ගොවිජනතාව දැඩි අපහසුතාවකට පත් වුණා. කෙසේ නමුත් පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය අක්කර අඩි එක් ලක්ෂ දහතරදාක් ද ගිරිතලේ අක්කර අඩි දහදාස් එක සියකුත් මින්නේරිය අක්කර අඩි  72000 සහ කවුඩුල්ල වැවෙහි අක්කර අඩි  27000ක් තිබෙන බවත් කවුඩුල්ල වැවෙන්  මේවන විට කන්තලේ වැවට ජලය මුදා හරිමින් පවතින බවයි. මෙම ලබා ගන්නා ජලයෙන් පොලොන්නරුවේ අක්කර අසුදාහකට වැඩි අක්කර ප‍්‍රමාණයක් කිසිදු ජල හිගයකින් තොරව මෙවර යල් කන්නය වගා කළ හැකි බවද කීවේය.
පොළොන්නරුව ගොවීන්ට මොරගහකන්දෙන් ජලය
1
hp_train_2190
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (2) ඒකක 21.92කින් ද ‘එස් ඇන්ඞ් පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 12.64කින් ද පහත වැටිණි.අද (2) දිනය අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,092ක් ලෙස දැක්වුණු අතර ඊයේ (1) එම දර්ශකය ඒකක 6,114.13ක් ලෙස දැක්විණි. ‘එස් ඇන්ඞ් පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඊයේ (1) දිනය අවසන් වනවිට ඒකක 3,221.07ක් ලෙස දැක්වුණ අතර එය අද (2) ඒකක 3,208.43ක් දක්වා පහත වැටිණි.මේ අනුව සියලු කොටස් මිල දර්ශකය සියයට 0.36කින් ද එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය සියයට 0.39කින් පහත වැටිණි.055 
කොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්
1
hp_train_2191
පරිවර්තනය  - කෝවිද ගුණසේකරසන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනිමෙම ලිපියේ ‘‘හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල් භාවිත කර නීති විරෝධී අයුරින් මිලයට ගෙන තිබෙන දේපළ සම්බන්ධයෙන් වන විමර්ශනය‘‘ යනුවෙන් නිවැරදි විය යුතුය. මේ සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නම ඇතුළත්වූයේ ප්‍රමාද දෝෂයකිනි. ඒ පිළිබඳව මහින්ද අමරවීර ඇමැතිවරයාට අපෙග් කනගාටුව පළ කරමු.පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා කැබිනට් මණ්ඩල හමුවේ දී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ නැවත වතාවක් සාකච්ඡා කැරිණ. එම කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට එම සාකච්ඡා අවසානයේ දී තීරණය විය. පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ ප්‍රධාන මාතෘකාව වූයේ ද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වුවත් එක්සත් ජාතික පක්ෂය හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ගනුදෙනුවක් ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කිරීම හමුවේ එම සාකච්ඡාව වෙනතක යොමුවිය.එතැනින් නොනැවතුනු ඔහු මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නැගී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සිතාමතාම ප්‍රමාද කරමින් සිටින්නේ යැයි ද ඔහු කීවේ ය.පසුගිය සතියේ මෙන් මෙම සතියේ ද කැබිනට් මණ්ඩලයේ පැවැතියේ නොසන්සුන්කාරී වාතාවරණයකි. අගමැතිවරයාගේ අදහස වූයේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ ධුර කාලය දීර්ඝ කිරීම සුදුසු බවය. පසුගිය කැබිනට් මණ්ඩල හමුවේ දී ඔහු ඒ සම්බන්ධයෙන් වූ ලියැවිල්ලක් ද ඉදිරිපත් කළේ ය. කමිටු ලේකම් කාර්යාලයේ ධුර කාලය දීර්ඝ කිරීම අරභයා කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් “සුදුසු තීරණයක්“ බලාපොරොත්තු වන බව එහි සඳහන් විය.එකඟතාවයක් ඇති කරගැනීමේ අරමුණින් අගමැති වික්‍රමසිංහ එක් අවස්ථාවක දී කියා සිටියේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තමන් යටතට ගත හැකි බවය. එහෙත් ජනපති සිරිසේන එය ප්‍රතික්ෂේප කළේ ය.ලේකම් කාර්යාලයේ ධුර කාලය පසුගිය ජූනි මස 30 වැනිදායින් අවසන් වූ අතර, ඒ දක්වා එම කාර්යාලයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් සීමාසහිත වගකීමක් අගමැති ලේකම් කාර්යාලය ද සතුව පැවැතින. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සේවය කළවුන්ට වැටුප් ගෙවීම සිදුවූයේ එම පුද්ගලයින් මින් පෙර සේවය කරමින් සිටි දෙපාර්තමේන්තුවලින් වුව ද, අගමැති ලේකම් කාර්යාලය මැදිහත්ව අවදානම භාර ගැනීමේ දීමනාවක් ලෙස, එම පුද්ගලයින්ට හිමි වූ අමතර දීමනාවලින් හරි අඩක්ම ගෙවීමට කටයුතු සලස්වා තිබිණ.එයට අමතරව කාර්යාලයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බඳවාගෙන සිටින විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන්ට ද ගෙවීම් සිදුකළේ අගමැති ලේකම් කාර්යාලය මැදිහත්වය. එහෙත් මාස කිහිපයක සිට අගමැති ලේකම් කාර්යාලය සහ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අතර සබඳතා ක්‍රමයෙන් බිඳවැටෙමින් පැවැති තත්ත්වයක් හඳුනාගත හැකි විය. පරීක්ෂණයක් පවත්වන ලෙස දූෂණ මර්දන ලේකම් කාර්යාලය, පොලිස්පතිවරයාට යොමුකරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් අගමැති ලේකම් කාර්යාලයේ එක්තරා නිලධරයකු අනවශ්‍ය අතපෙවීමක් සිදුකිරීම එයට හේතුව බව පැවැසින.දූෂණ මර්දන ලේකම් කාර්යාලය අගමැතිවරයා යටතට ගෙන ඒමට අකැමැත්ත ප්‍රකාශ කරමින් ජනපති සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ එසේ කළහොත් තවදුරටත් චෝදනාවලට මුහුණදීමට අගමැතිවරයාට සිදුවනු ඇති බවය. මහජන පැමිණිලි භාර ගැනීමට සහ ඒවා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට හැකියාව ඇති ස්වාධීන රාජ්‍ය ආයතන කිහිපයක්ම පවතින හෙයින් මෙවැනි කාර්යාලයක් තවදුරටත් අවශ්‍ය නොවන බව ඔහුගේ අදහස විය. සිදුවීම් එකක්, දෙකක් තෝරාගැනීම හැරෙන්නට වෙනත් කිසිවක් දූෂණ මර්දන ලේකම් කාර්යාලය සිදුකර නොමැති බවට ද ජනපතිවරයා චෝදනා කළේ ය.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දක්වමින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එකවර වසා දමනවාට වඩා ක්‍රමානුකූලව එහි කාර්යයන් සීමා කිරීම වඩා සුදුසු බව පැවසුවේ ය. එසේ කළහොත් චෝදනා නැගීමට හෝ විවේචනය කිරීමට හෝ කිසිවෙකුටත් අවස්ථාව නොලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද විදේශ අමාත්‍යවරයා සමග එකඟ විය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, තමා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරයා සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන පිළිබඳ සොයා බැලූ බව ද, එම විමර්ශනවලට අදාළ චෝදනා ගොනුකර ඇත්තේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය නොව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යැයි එහිදී සොයාගැනීමට හැකි වූ බව ද, කියා සිටියේ ය. සුනාමි සමයේ විදේශයකින් ලැබුණු විශේෂ රථයක් අවභාවිත කළේ යැයි ෆවුසිට ද, තමන් හෙබවූ අමාත්‍යංශයේ රැකියාවක් තම දියණියට ලබාදුන්නේ යැයි ජයරත්නට ද, චෝදනා නැගී තිබේ. මෙම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දෙදෙනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති සිරිසේන පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ දී පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වීම නිසාවෙන්ම ඔවුන්ට මෙවැනි ඉරණමක් අත්ව තිබෙන බවය.“දන්නැති කතා කියන්න එපා” ජනපති සිරිසේන හඬ නැගීය. ෆවුසි හා ජයරත්න යන දෙදෙනාට එරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමුකර ඇත්තේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය බව ඔහු පැවසුවේ ය. මේ අවස්ථාව වන විට කැබිනට් මණ්ඩලයේ බොහෝ සාමාජිකයන්ගේ තීරණය දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට විය. නියමිත පරිදි එය වාර්තාගත කැරිණ.දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂක ආනන්ද විජේපාල මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.“අපට ලැබුණු පැමිණිලි කාණ්ඩ වශයෙන් ගත්තහම රාජ්‍ය අමාත්‍ය ෆවුසි සහ හිටපු අමාත්‍ය ජයරත්න සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අපේ කිසිම සම්බන්ධයක් නැති බව මට පැහැදිලිවම කියන්න පුලුවන්. ඔය කියන කාලයේ අපිට මේ දෙදෙනා සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණෙත් නැහැ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එක්ක සම්බන්ධතා තිබුණෙත් නැහැ.“කාර්යාලය පවත්වාගැනීම සඳහා රජයෙන් යෙදවූ රුපියල් ලක්ෂ 650ක මුදලක් නිකරුණේ නාස්ති කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දූෂණ මර්දන ලේකම් කාර්යාලයට එරෙහිව නැගූ චෝදනාවට ද ඔහු පිළිතුරු දුන්නේ ය.“අගමැතිවරයාගේ ඉල්ලීමකට, කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව අපට වෙන්වූයේ රුපියල් ලක්ෂ 75ක මුදලක් විතරයි. නමුත් එක මාසයකට අපි රුපියල් ලක්ෂ 12කට වඩා වැය කළේ නැහැ.“තොරතුරු දැනගැනීමේ පනත යටතේ තම කාර්යාලය වෙනුවෙන් වෙන්කරන ලද මුදල් භාවිතා කෙරී ඇත්තේ කෙසේදැයි විස්තරාත්මක වාර්තාවක් ලබාගැනීමට, දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩලය දැන් සූදානම් වෙමින් සිටින අතර, එහි කටයුතු පිළිබද දැනුම්වත් ආරංචිමාර්ගයක් සඳහන් කළ ආකාරයට, කාර්යාලය මෙසේ වසා දමා තිබෙන්නේ වත්මන් රජයේ සිටින බලවත් හා කතාවට දක්ෂ දේශපාලනඥයකු (පසුගිය රජයේ සිටි අමාත්‍යවරයෙක් ද වන) සිදුකර තිබෙන සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබියදීය.කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී සේනාරත්න මහතා අදහස් දැක්වූයේ මෙලෙසය.“දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය, දූෂණ සීමා කිරීමේ අරමුණින් ඇති කෙරුණු එකක් නොවෙයි. දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ලියැකියැවිලි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලබාදීම විතරයි එහි කාර්යභාරය වූයේ. වංචාවට එරෙහිව පියවර ගැනීමේ බලය හිමි ආයතන 14ක්ම තියෙනවා.පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය තියෙනවා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තියෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ වගේම ජනපති විශේෂ කාර්ය බලකායක් ඇතුලු තවත් ආයතන කිහිපයක්ම ඒ වෙනුවෙන් තියෙනවා. විගණකාධිපතිවරයා, අපරාධ බුද්ධි විමර්ශන බියුරෝව, මුල්‍ය කටයුතු පිළිබඳ බුද්ධි ඒකකය, අන්තරායකර ඖෂධ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය, රාජ්‍ය බුද්ධි ඒකකය, කොළඹ අපරාධ ඒකකය, කෝප් කමිටුව යන ආයතනත් දූෂණ මර්දනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසයි තවත් දූෂණ මර්දන ඒකකයක් පවත්වාගැනීමේ තේරුමක් නැහැ කියා තීරණය කර තිබෙන්නේ.“සේනාරත්නගේ තර්කය, රජයේ ස්ථාවරය වන නිසාම, එසේ නම් මෙවැනි ආයතන ගණනාවක් තිබිය දී, දූෂණ මර්දන ලේකම් කාර්යාලයක් පිහිටැවූයේ ඇයි ද යන පැනය නැගීමට මග පාදයි. මෙවැනි කාර්යාලයක් ඇති කිරීමට වුවමනා වූයේ අද එවැන්නක් අවශ්‍ය නොමැත යැයි කියන කලුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේම නායකයා වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහය. පැමිණිලි ගොනු කිරීමට වුවමනාව තිබූ පාර්ශ්වයන්ට ඉහත සඳහන් කළ ආයතන ඕනෑම එකක් වෙත යෑමේ පහසුව තිබුණ ද, මෙවැනි ලේකම් කාර්යාලයක් ඇති කෙරුණේ, රජය බලයට පත්වූ දිනයේ සිට නැවත නැවතත් සඳහන් කළ පරිදි වංචා හා දූෂණ මර්දනය කිරීමට ප්‍රමුඛස්ථානය ලබාදීමට අවැසි වූ බැවින්ය. ඒ නිසාම, දැන් එවැනි කාර්යාලයක් අවශ්‍ය නැතැයි ස්ථාවරය වෙනස් කරගැනීමට රජය කටයුතු කර තිබීම හමුවේ පිළිතුරුවලට වඩා මතුවන්නේ පැනයන්ය.“සුළු සිදුවීම් පිළිබඳ විමර්ශනය කරන්න පොලිසිය තියෙනවා. නමුත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට සිදුවෙලා තිබුණේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබෙන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න. ලේකම් කාර්යාලයේ කටයුතුවලට වසරකට රුපියල් ලක්ෂ 122.6 බැගින් වෙන් කෙරුණා. 2015 දී රුපියල් ලක්ෂ 260කුත්, 2017 දී රුපියල් ලක්ෂ 260කුත් සහ මෙම වසරේ ජූනි දක්වා ගෙවුණු මාස හයේ දී රුපියල් ලක්ෂ 120කුත් බැගින්, රුපියල් ලක්ෂ 650ක මුදලක් මෙම කාර්යාලය වියදම් කර තිබෙනවා” යැයි සේනාරත්න වැඩිදුරටත් කිීවේ ය.2015 වසරේ ජනවාරි මස 21 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ කැබිනට් පත්‍රිකාවෙන්, මෙවන් කාර්යාලයක් ඇතිකිරීමේ වැදගත්කම සඳහන් කර තිබේ. එහි කාර්යභාරය ලෙස “බරපතළ වංචා, මුල්‍ය අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කිරීම“ දක්වා තිබෙන අතර, මේ හමුවේ රජයේ කැබිනට් ප්‍රකාශක සේනාරත්නගේ, දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය දූෂණ සීමා කිරීමේ අරමුණින් ඇති කෙරුණක් නොවේ යන ප්‍රකාශය අතිශයින් නොමග යවනසුළුය. පදනමක් නොමැති මෙවැනි ප්‍රකාශවලින් සිදුවන්නේ රජයේ කටයුතු කෙරෙහි ජනතාවගේ විශ්වසනීයත්වය තව තවත් වියැකී යාම පමණකි.වික්‍රමසිංහගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදෙමින්ම, තවත් තීරණ රැසක්ම ගැනීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළේය. එලෙස ගැණුනු තීරණයක් මෙවැනිය.“මුදල් විශුද්ධිකරණය සහ වෙනත් නීති විරෝධී ආකාරවලින් සිදුවන මුදල් ගනුදෙනු හා බැඳී තිබෙන දූෂණවලට, කිසියම් ප්‍රදේශයක භෞමික සීමාවට පමණක් සීමා නොවී, ලොව සියලුම ආර්ථිකයන්ට බලපෑම් එල්ල කිරීමේ සමත් සංක්‍රාන්තිමය හැකියාවක් තිබෙන හෙයින් ද, එවැනි දූෂණ මර්දනය කිරීම සඳහා අන්තර්ජාතිකමය වශයෙන් සහයෝගීතාවක් ඇති කරගැනීමේ කාලීන අවශ්‍යතාවයක් මතුව තිබෙන හෙයින් ද, මුල්‍ය අංශයේ නොයෙක් අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට හැකි වන පරිදි රජයේ නිලධාරීන්ගේ සහ නියාමන ආයතයන්ගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා, ඉන්දියා තැන්පතු බැංකුවේ මුල්‍ය බුද්ධි අංශය වැනි අන්තර්ජාතික ආයතනයන්ගේ සහය ලබාගැනීම සඳහා අගමැතිවරයාට අවසරය හිමිවිය.“දූෂණ පිටුදැකීම සඳහා පුළුල් බලතල හිමි ආයතනයක් පිහිටුවීම සඳහා නීතියක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ද එදින කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය. මෙවැනි තීරණයක් ගැනුණේ පදනමක් නොමැති මූලාශ්‍රවලින් මුදල් උපයාගෙන ඇති පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් අවසරයක් රටේ වත්මන් නීති පද්ධතියෙන් ලබා දී නොමැති බව කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්වීම හමුවේය. නමුත් බලයට පත්ව ධුර කාලයෙන් හරි අඩක්ම ගතව ඇතත්, මේ දක්වාම එවැනි නීතියක් සකස් කිරීමට පියවර ගැනීමක් හෝ පියවර ගැනීමට සූදානම් වීමක් හෝ දැකගැනීමට නොහැකිය.මෙම ගැටලුවල ප්‍රතිවිපාකයන් සහ රාජපක්ෂවරුන් සමග ගනුදෙනු කරන්නේ යැයි ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව හමුවේ එක්සත් ජාතික පක්ෂය අතිශය අපහසුතාවයට පත්විය. කැබිනට් මණ්ඩල හමුව පැවැති අඟහරුවාදා සන්ධ්‍යාවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සිව්දෙනෙක් හානි පූර්ණය කරගැනීමේ උත්සාහයක් ලෙස ජනපති සිරිසේන හමුවට ගියේ ඒ නිසාය. මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ මංගල සමරවීර, අගමැතිවරයාගේ කණ්ඩායමේ සිටි අනෙක් සාමාජිකයෝය. දෙපාර්ශ්වයම සාකච්ඡාවේ දී අවධානයට යොමුවූ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටියේ ය.කෙසේවුවත් මෙම හමුව පිළිබඳ දැනුම්වත් ආරංචිමාර්ගයක් අදහස් දක්වමින් කියා සිටියේ, වුවමනාවෙන්ම විමර්ශන කටයුතු ප්‍රමාද කරමින් සිටින්නේයැයි කැබිනට් මණ්ඩලයේ දී ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව, මෙහිදී මතුකළ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ඉතා ආචාරසම්පන්නව එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවය. ඔවුන්ගේ අදහස් අවබෝධයට ගනිමින්, නමුත් ඉතා දැඩිව අදහස් දැක්වූ ජනපති සිරිසේන මහා පරිමාන දූෂණ වංචා හා සම්බන්ධ යැයි චෝදනා නැගී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්ව නොමැති හෙයින් එසේ අදහස් දැක්වීමට තමාට සිදුවූ බව පැවසූයේ යැයි එම ආරංචිමාර්ගය කීවේ ය. ඉදිරියට යාමට ඇති එකම මාර්ගය වංචා හා දූෂණ මර්දනය කරමින් ඉදිරියට යන මාර්ගය පමණක් බව ජනපතිවරයා අවධාරණය කර ඇත. මේ බව ජනපතිවරයා හා සමීප ආරංචිමාර්ගයක් ද සනාථ කළේ ය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ලබන සැප්තැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 71වන සංවත්සර උත්සවයට සහභාගී වන ලෙස ජනපතිවරයාට ආරාධනා කර තිබේ.මෙවර පක්ෂ සංවත්සරය මහා පරිමානයෙන් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු සංවිධානය කරමින් සිටින අතර, පසුගිය වසරේ සැප්තැම්බර් මස 10 වැනිදා බොරැල්ල කැම්බල් පිටියේ පැවැති පක්ෂ සංවත්සරයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූයේ ජනපති සිරිසේනය.ජනපතිවරයාගේ චෝදනාවට ලක්වීමට මෙම කාලය තරම් වෙන නුසුදුසු කාලයක් එක්සත් ජාතික පක්ෂයට නොමැත. එහි නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙමින් සිටින්නේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යළිත් ආරම්භ කිරීමටය. එය මාර්ගයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඉලක්කකර ගත් බලවත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීම ඔහුගේ අරමුණය. අනතුරුව පක්ෂයේ සැළැස්ම වන්නේ ඉදිරියේ එන ජනපතිවරණයට සූදානම් වීමය. විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සැකසංකා මතුව තිබෙන වාතාවරණයක, එක්සත් ජාතික පක්ෂයේ සැළසුම 2020 ජනපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීමය. මේ සඳහා දිගු කාලීන සැළසුම් සකස් කැරෙමින් පවතින අතර, ඒ අරභයා විදෙස් මාධ්‍ය ආයතනයන්ගෙන් පවා අදහස් විමසෙමින් පවතී. පසුගිය මාස කිහිපය මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂය නියැළී සිටියේ මේ කටයුතුවල නම්, සිරිසේනගේ චෝදනාව හමුවේ, දෙපාර්ශවය අතර බෙදීම තවත් පුළුල්ව ඇත.කොළඹ හිල්ටන් හෝටලයේ පසුගියදා පැවැති සම්මන්ත්‍රණයක දී එක්සත් ජාතික පක්ෂයේ අනාගත සැළසුම්වලින් කොටසක් අනාවරණය විය. පක්ෂය මේ දක්වා ලබාගෙන ඇති ජයග්‍රහණයන් සම්බන්ධයෙන්, වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ජනතාව අතරට යෑම සම්බන්ධයෙන්, පක්ෂයේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම මෙහිදී සිදුවිය.මෙම වසර අගභාගයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වෙන හෙයින් ඒ සඳහා සූදානම් විය යුතු බව වික්‍රමසිංහ මෙහිදී පැවසුවේ ය. 2020 දී එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්කිරීම සියලුමදෙනාගේ සිත්හි පැවැතිය යුතුව තිබෙන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව සිටින වත්මන් පරිපාලනයෙන් රටට හා ජනතාවට අත්ව තිබෙන වාසි සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අමාත්‍යවරුන් සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවත්, ඔහු කීවේ ය. ඖෂධ මිල පහත දැමීම, රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ දැමීම, ඉන්ධන මිල පහළ දැමීම, ගම්මානවල පැහැදිලි වෙනසක් ඇතිකරමින් සිදුවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්, රැකියා අවස්ථා වර්ධනය කිරීම්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබා ඇති ජයග්‍රහණයන් ආදිය ඒවාට උදාහරණ ලෙස අගමැති වික්‍රමසිංහ ගෙන හැර දැක්වූයේ ය.පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැහැමැතිවරණ පැවැත්වෙන බව අගමැති වික්‍රමසිංහ පැවසුව ද, ඒකාබද්ධ විපක්ෂයේ මතය වන්නේ මෙම වසරේ දී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් රජයට නොමැති බවය. පළාත් පාලන ආයතන සඳහා පත්වන ජනතා නියෝජිත සංඛ්‍යාව 9000 සිට 4500 දක්වා අඩු කිරීමටත්, ඔවුන් තෝරාගැනීම කේවල සහ සමානුපාතික යන ක්‍රම ද්විත්වයම යටතේ සිදුකිරීමටත්, හැකිවන පරිදි පවත්නා නීති සංශෝධනය කිරීමට රජය සැළසුම් කර ඇත. කාන්තා නියෝජන අනුපාතය ඉහළ දැමෙන ක්‍රමවේදයක් ඇති කිරීමට ද නියමිතය. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අගමැති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.“අපි මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ. අපි අපේ පදනම පැහැදිලිව ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. මේ යෝජනාවලින් ඉදිරිපත් කර තිබෙන සංශෝධන ඒ පරිද්දෙන් ක්‍රියාත්මක කරන්න තවත් මාස දෙකක් තුනක් ගතවෙනවා. එතකොට පළාත් පාලන මැතිවරණය කොහොමත් ලබන අවුරුද්දට කල් යනවා. අපි මැතිවරණ කොමිසමේ නිලධාරීන් එක්ක කතා කළා. ඔවුන් පැහැදිලිව කියා සිටියා මේ වසර් දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති බව. මොකද ඒ මාසයේ පාසල්වල විභාග ඇතුලු වසරාවසන්න ක්‍රියාකාරකම් පැවැත්වෙන නිසා.“ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් පැවසුවේ ය.ආදායම් ඉහළ දැමීමේ අරමුණින් හඳුන්වාදෙන ණය පහසුකම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන ලෙස අගමැති වික්‍රමසිංහ තම පක්ෂයේ අමාත්‍යවරුන්ට සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේ ය. පාසල් වෑන් රථ හිමිකරුවන් සඳහා ද මෙවැනි ණය ක්‍රමයක් හඳුන්වාදීමට නියමිත අතර, ඒ යටතේ රුපියල් ලක්ෂ 40ක ණය මුදලක්, සියයට 3.5ක පොළී අනුපාතියක් යටතේ වසර පහක් ඇතුළත ගෙවීමට පහසුකම් සලසා දෙනු ඇත. භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මෙහිදී ඉදිරිපත් කිරීමක් සිදුකරමින් රට වර්තමානයේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය සහ රටට ලැබෙමින් තිබෙන ආයෝජනයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ය. මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කැරුණු දේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කමිටුව ද දැනුම්වත් කිරීමට අගමැතිවරයා කටයුතු කළේය.එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ සැලකිය යුතු ස්ථානයක් වෙන්වී ඇත්තේ 2020 ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහාය. වික්‍රමසිංහ, මෙම වසරේ දී තම දේශපාලන දිවියේ 40 වැනි කඩඉම සමරයි. පසුගිය දා පැවැති රැස්වීමක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී කණ්ඩායමේ අදහස වූයේ පක්ෂ නායකයාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම නිමිති කොටගෙන ගාලුමුවදොර පිටියේ දී මහා පරිමාන සංගීත සංදර්ශනයක් පැවැත්විය යුතු බවය. ඒකාබද්ධ විපක්ෂ මැයි දිනයට සහභාගී වූ ජන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ඊට සහභාගී විය යුතු බවත්, වැයකළ යුතු මුදල සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කර නොගත යුතු බවත්, එක් සාමාජිකයෙක් පැවසුවේය. ඉන්දියා නලු නිළියන් සහ ගායක ගායිකාවන් ද මෙම සංදර්ශනයට සහභාගී කරගැනීමට සැලසුම් සකස් කර ඇත. රනිල් වික්‍රමසිංහගේ 40 වසරක දේශපාලන දිවිය පිළිඹිඹු කැරෙන ඡායාරූප දැක්මක් මහරගම තරුණ සේවා සභාවෙන් පටන් ගෙන දිවයින පුරා ප්‍රධාන නගරවල ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.පසුගිය සතියේ පෙන්වා දුන් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඇති අවබෝධතා ගිවිසුම 2020 වසරේ හෝ ඊට පෙර අවසන් කිරීම හමුවේ එක්සත් ජාතික පක්ෂයට බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇත. ඉන් එකක් වන්නේ මහබැංකු බැඳුම්කර ගැටලුවයි. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදී ද නැවත නැවතත් ප්‍රකාශ කර සිටිය ද, එම සිදුවීම සම්බන්ධයෙන් පත්කර ඇති කොමිසම පවත්වමින් සිටින විමර්ශනයෙන් අනාවරණය වෙමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතයට සම්පූර්ණයෙන්ම විරෝධී කරුණුය. එම කරුණු ප්‍රකාරව මහා පරිමාන මහජන මුදල් අවභාවිතයක් සිදුව තිබෙන බව සහතිකය.එම කොමිසමේ සාමාජිකයන් වන විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජෙනරාල් වේලුපිල්ලේ කන්දසාමි පසුගිය සතියේ ජනපති සිරිසේන හමුවිය. විමර්ශන කටයුතු අවසන් කිරීම සඳහා කොමිසමේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ඔවුහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. වහාම එම දීර්ඝ කිරීම ලබාදෙන ලෙසත්, එය රජයේ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කරන ලෙසත්, ජනපතිවරයා නියෝග කළේය. බැඳුම්කර විමර්ශනයෙන් අනාවරණය වන කරුණු හා බැදුණු රාජපක්ෂවරුන්ට ආධාර කරන්නේයැයි ජනපතිවරයා නැගූ චෝදනාව, එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු තවත් ව්‍යාකූල කරනු ඇත. මෙම කරුණු විපක්ෂ දේශපාලඥයින් ඔවුන්ගේ වාසියට භාවිතා කරනු ඇත යන්න නිසැකය.තනිව යන්නට කැමතිශ්‍රී ලංකා නිදහස් පක්ෂයඑක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ක්‍රමයෙන් සබඳතා බිඳවැටෙමින් පවතින ආකාරයන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ද සබඳතා බිඳවැටෙමින් පවතී. මෙය පසුගිය බ්‍රහස්පතින්දා ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී තවදුරටත් පැහැදිලි විය. ජනපතිවරයා මෙම හමුවට සහභාගීව සිටියේ නිල සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්වීමට පැය කිහිපයක් තිබියදීය. තමන්ට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කිරීමට නොහැකි බව කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම එතැනිදු නොනැවතී එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැඩිව විවේචනය කළේ ය. ගමන යා යුත්තේ තනිව යැයි ඔවුන්ගේ අදහස විය.ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා අදහස් දක්වමින් තමාට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කළ නොහැකි බව කීවේ ය. දෙපාර්ශ්වය අතර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වන කිසිදු සෙතක් නැතැයි ද, මේ පිළිබඳව යමක් කළ යුතුව තිබෙන බවද, ඔහු පැවසුවේ ය. කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා හඬ අවදි කරමින්, තමන් මේ සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන යාපා හා අනෙක් අය සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බව කීවේ ය. රජයෙන් ඉවත්ව රාජපක්ෂ සමග එක්වීමට තමන්ගේ කිසිදු අරමුණක් නොමැති බව ඔහු අවධාරණය කළේය.රජයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් බලා සිටිය නොහැකි බැවින්, ඉන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සාකච්ඡා කැරුණු බව සෙනෙවිරත්න අනාවරණය කළේ ය. නමුත් ගැටලුව වූයේ රජයෙන් ඉවත්වුවහොත් ජනපති සිරිසේනට මුහුණදෙන්නේ කෙසේද යන්න බව ඔහු පැවසුවේය. ජනපතිවරයා සමග ඇති සම්බන්ධතාවය එලෙසම පවත්වාගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබිණ. අදහස් දැක්වූ බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයක් ඇති බව පිළිගත්හ.“ඔබට අගමැති රනිල් වික්‍රමසිංහ සමග වැඩකිරීමට බැහැ කියන එක මත පමණක් පිහිටා අපට රජයෙන් ඉවත් වෙන්න බැහැ. ඒක වෙන්න ඕනේ ප්‍රතිපත්තියක් වශයෙන්. එහෙමත් නැතිනම් බරපතළ මට්ටමේ ගැටලුවක් නිසා” යන මතය ද මෙහිදී ඉස්මතු විය. මේ නිසා තත්ත්වය ප්‍රවේසමින් සලකා බැලිය යුතු බව කියා සිටි කණ්ඩායමේ මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ප්‍රධාන විය.විවාදාත්මක තත්ත්වයක් ද හමුවේ ඇති විය. අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වන ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ, හිටපු ජනපති රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක  කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට රජය අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ගය නවතා දැමිය යුතුව තිබෙන බවයි. එය සාධාරණ නොවන බව ඔහුගේ මතය විය. මේ හමුවේ ඔහු හා විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා අතර දැඩි වාග් හුවමාරුවක් සිදුවිය.බොහෝ දේ සිදුවෙමින් තිබෙන බවත්, ඒ සියල්ල දැන් අනාවරණය කළ නොහැකි බවත්, ජනපතිවරයා කියා සිටීම හමුවේ සියලුම දෙනා නිශ්ශබ්ද වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත්ව සිටිමින්, මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට තීරණයක් ගත යුතුව තිබෙන බව ඔහු පැවසුවේ ය. 2020 දක්වා රජය ගෙනයන බවට ජනපතිවරයා සිදුකර තිබූ ප්‍රකාශය හා මෙය ගැළපෙන්නේ නැත.ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනා තමන් සමග සම්බන්ධතා පවත්වන බවද, අද දිනයේ පවා ඔවුන් කිහිපදෙනෙක් තමන් හා අදහස් හුවමාරු කරගත් බවද ජනපතිවරයා පැවසුවේ ය. දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ඉවසිලිවන්තව සිටින ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි ඔහු, විපක්ෂයේ සාමාජිකයන් දිනා ගැනීමට සුදුසුම කාලය මෙය බව පැවසුවේ ය.සියලුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේ දී සිටින්නේ කුමන හෝ ව්‍යාකූල තත්ත්වයකට මුහුණ දී බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකීමේ දී විසඳා ගත යුතුව තිබෙන්නේ ඔවුන් හා සාපේක්ෂව ඉතා සුළු ගැටලු කිහිපයක් බවත්, ජනපතිවරයා කීවේ ය. කරදර වීමට කාරණයක් නොමැති යැයි ඔහු පැවසුවේ ය.කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් රජයෙන් ඉවත්ව නොයනු ඇති බවට විශ්වාස යැයි ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ ද, බංගලාදේශ සංචාරයේ යෙදී සිටින අතරතුර දී සාමාජිකයන් පිරිසක් පක්ෂයෙන් ඉවත්වීමට යන්නේ යැයි පළ වූ වාර්තා ඔහුගේ අවධානයට යොමු විය. මෙම වාර්තා පළවීමට ප්‍රධානම හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු කර තිබූ ප්‍රකාශයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට අවශ්‍ය නම් රජය හැරයා හැකි බවත්, එවන් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන බවත්, ඔහු කියා තිබිණ.මෙම අමාත්‍යවරයා හා සම්බන්ධවීමට ජනපතිවරයා උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. අනතුරුව වෙනත් අමාත්‍යවරයකු ඇමතූ ඔහු, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂයට දැනුම්දෙන ලෙස උපදෙස් දුන්නේ ය. තමන් නැවත පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු කීවේ ය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කිසිදු අදහස් දැක්වීමකින් වළකින ලෙසට සඳහන් වූ කෙටි පණිවුඩයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර හුවමාරු වීමය.මහා පරිමාන සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ප්‍රමාද කරමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළ දිනයේ සිට, සෘජුවම අදාළ විමර්ශන ආයතන හා සම්බන්ධ වෙමින්, විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දීමට ජනපති සිරිසේන කටයුතු කරමින් සිටී. කිසියම් ආකාරයක බාහිර බලපෑමක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කරන ලෙසද ඔහු එම විමර්ශන ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. තෝරාගත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා මේ සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කළ අතර, ආරාධනා ලැබ සිටි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු එයට සහභාගීව සිටියේ නැත. එහෙත් විශේෂ කාරණය වූයේ මෙම කටයුතු හා සෘජුවම සම්බන්ධව සිටින එක්තරා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුට මෙම හමුවට සහභාගීවන ලෙස කිසිදු ආරාධනයක් කර නොතිබීමය.නීතිපති දෙපාර්තමේන්තුවට යැවුණු ලිපිගොනුඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වමින් සිටින විමර්ශනවලට අදාළව, එම දෙපාර්තමේන්තුව නගන චෝදනාව වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කැරෙන විමර්ශන තොරතුරු සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවෙන් අවසන් තීරණයක් ලැබීමේ ප්‍රමාදයයි. එම විමර්ශන තොරතුරු ඇතුළත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් පිළියෙල කර ඇති අතර, පහත දැක්වෙන්නේ ඒ අතරින් වැදගත් යැයි සැලකිය හැකි විමර්ශන කිහිපයක තොරතුරුය.පැමිණිලි කළ දිනය - 2015 ජනවාරි 142015 ජනවාරි මස 10 වැනිදා අලුයම් සමයේ දී අරලියගහ මන්දිරයේ දී සිදුවුනේ යැයි කියන කුමණ්ත්‍රණය සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව -නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 ජනවාරි 27අංකය සීආර් - 108 2015පැමිණිලි කළ දිනය - 2015 පෙබරවාරි 4වරාය අධිකාරියේ හිටපු සභාපති බන්දු වික්‍රමමුණිගේ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 මැයි 5අංකය සීආර් - 1 271 2015පැමිණිලි කළ දිනය - 2015 ජනවාරි 14ජනපති ලේකම් කාර්යාලයේ තිබී අතුරුදන්ව තිබෙන රථවාහන සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය 2016 ජූනි 1අංකය සීආර් - 1 1 16පැමිණිලි කළ දිනය - 2015 මාර්තු 11රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 මාර්තු 11අංකය සීආර් - 1 91 2015පැමිණිලි කළ දිනය - 2015 ඔක්තෝබර් 13ශ්‍රී ලංකා නාවික හමුදාව ගාලු වරායේ තිබී සොයාගත්, අවි හා උණ්ඩ ගබඩා කර තිබූ එම්.වී. ඇවන්ගාඞ් නෞකාව සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය 2016 පෙබරවාරි 2අංකය සීආර් - 1 08 2016හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල් භාවිතාකර නීති විරෝධී අයුරින් මිලයට ගෙන තිබෙන දේපළ සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2016 ජූලි 21අංකය - සීආර් 1 ඒම්සී සීඑෆ්ටී 5 2016පැමිණිලි කළ දිනය - 2015 පෙබරවාරි 4මුදල් විශුද්ධිකරණ පනත යටතේ සජිත් වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2016 සැප්තැම්බර් 13අංකය සීආර් - 01 ඒම්ල් සීඑෆ්ටී 12 16පොලිස් මුල්‍ය අපරාධ ඒකකයේ නිලධරයෙක් සඳහන් කළ ආකාරයට පැමිණිලි ලිපිගොනු 80කට ආසන්න ප්‍රමාණයක් නීතිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ. තවත් ලිපිගොනු විශාල ප්‍රමාණක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඉල්ලීම පරිදි ඔහු වෙත ද යවා ඇත.විමර්ශන වාර්තා යොමු කළ ද, තීරණයක් ලබාදීමට ප්‍රමාද වන්නේ එම විමර්ශන වාර්තා බොහෝම
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
1
hp_train_2192
(සුමතිපාල දියගහගේ)දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් ඊයේ දින අලුතෙන් කොරෝනා ආසාදිතයන් 1448 හඳුගෙන ඇතැයි වාර්තා වෙයි.ඒ අනුව දකුණේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 47219 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්ධන මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පැවසීය.ඒ අනුව ගාල්ල දිසාවෙන් ආසාදිතයින් 506 ක් මාතර දිසාවෙන් ආසාදිතයින් 503 ක් හම්බන්තොට දිසාවෙන් ආසාදිතයින් 438 ක් වශයෙන් එම රෝගීන් වාර්තා වී ඇත.
ගෙවුණු පැය 24 දී කොරෝනා අසාදිත වු 172 දකුණෙන්
0
hp_train_2193
අගෝස්තු මාසය හා සැසඳීමේදී සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 0.9කින් පහළ ගියේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරනු ලබන මතුපිට ලක්ෂ්‍යමය පදනම මත මේ වසරේ අගෝස්තු මාසයේ පැවැති සියයට 2.5ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී සියයට 0.9කින් පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013-100) යන විචලනය මගින් ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය ගණනය කරනු ලබයි. ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම එසේ මතුපිට උද්ධමනය අඩු වීමට බලපෑම බව ද මහ බැංකුව පෙන්වා දෙයි. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 4.7 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 4.0ක් දක්වා පහළ ගිය බව ද මහ බැංකුව කියයි.  මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගෝස්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 125.4 සිට සැප්තැම්බර් මාසයේදී දර්ශක අංක 124.4 දක්වා පහළ ගිය බවත් ආහාර  මිල ගණන් පහළ යෑම ප්‍රධාන වශයෙන් ඊට හේතු වූ බවත් මහ බැංකුව සඳහන් කරයි.එහිදි විශේෂයෙන්ම එළවළු, පොල්, අමු මිරිස් සහ  මත්ස්‍ය හි මිල ගණන් පහළ යෑම හේතු වී තිබේ. ආහාර නොවන කාණ්ඩය තුළ මිල ඉහළ යෑම දක්නට ලැබුණු අතර විශේෂයෙන්ම මත්පැන් වර්ග, දුම්කොළ, ප්‍රවාහන හා ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩ ඊට දායක වී ඇත.  ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත අගෝස්තු මාසයේදී සියයට 2.7ක් වූ අතර එය සැප්තැම්බර් මාසයේදී සියයට 3.1ක් දක්වා ඉහළ ගොස් ඇත.  මේ අතර අගෝස්තු මාසයේදී සියයට 2.5ක් වූ වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 2.4ක් දක්වා පහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.    (055)
සැප්තැම්බර් මාසයේදී උද්ධමනය පහළට
1
hp_train_2194
එක්සත් ජාතික පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.මෙම අවස්ථාව ආවරණය කිරීමට ජනමාධ්‍ය වෙත අවස්ථාව ලැබී නැත. දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙසේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා - ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා - සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා - බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය මංගල සමරවීර මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා -  නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය තිලක් මාරපන මහතා - විදේශ කටයුතු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රවී කරුණානායක මහතා - විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා -  කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා - මහනගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය නවීන් දිසානායක මහතා - වැවිලි කාර්මාන්ත අමාත්‍ය පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර  මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා - නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය පී දිගම්බරන් මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය - ළමා හා කාන්තා කටයුතු  සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා - අධ්‍යාපන අමාත්‍ය අබ්දුල් හලීම් මහතා - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්  , විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය දයා ගමගේ මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා - සංවර්ධන, උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය)(තරිඳු ජයවර්ධන)අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ.ජනාධිපතිවරයා හා අගමැතිවරයා හැරුණු විට මන්ත්‍රීවරුන් 28 දෙනකු දිවුරුම් දීමට නියමිත බව දැනගන්නට තිබේ.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.
නව අමාත්‍යංශ ලේකම්වරු 44ක්
0
hp_train_2195
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සමබ්නධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සය දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම්  ලබන වසරේ ජනවාරි  මස 29 දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  නියෝග කළේය. මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය ලබා දුන් එම තීන්දුව ඉවත් කොට ,තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම   පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතව තිබුණද එය  ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීම හේතුවෙන් එම විශේෂ අභියාචන පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි. මෙම අභියාචන පෙත්සම් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන මහත්මවරුන් ඉදිරියේ කැඳවිණි. කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් වන බවත් ,එබැවින් අදාළ දඬුවමින් තමන් මුදා හරින ලෙසත් ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ලක්මිණි ඉන්දික බමුණුසිංහ , පොලිස් සැරයන් ගාමිණී අතපත්තු සරත්චන්ද්‍ර ,පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ද ප‍්‍රියන්ත සංජීව ,කැලූම් රංග දිසානායක යන පෙත්සම්කාර චූදිතයින් සිය අභියාචන පෙත්සම් වලින් ඉල්ලා තිබිණි. මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතීපතිවරයා නම් ඇත. 2013 අපේ‍්‍රල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේදී කොළමදී මොහොමඞ් ෆවුස්ඞීන් සහ ක‍්‍රිෂාන්ත කොරළගේ නැමැත්තන් සමඟ එක්ව මොහොමඞ් අහමදීන් මොහොමඞ් සියාම් නැමැත්තා මරා දැමීමට කුමන්ත‍්‍රණය කරන ලදැයි මෙම සියලූම විත්තිකරුවන්ට එරෙහිව නීතිපති අධි චෝදනා නඟා තිබිණි. තවද මොහොමඞ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් දොම්පේ ප‍්‍රදේශයේදී ඝාතනය කරන ලදැයි 2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිව ද , ඒ සඳහා ඔවුන් ආධාර අනුබල ලබා දෙන ලදැයි වාස් ගුණවර්ධන මහතාට එරෙහිව 2014.04.17 වැනිදා නීතිපති අධිචෝදනා ගොනු කර තිබිණි.
වාස් ඇතුළු 6කගේ අභියාචනා පෙත්සම කල් යයි
0
hp_train_2196
 (රංජිත් රාජපක්ෂ)                     හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි තේ වතු යායට අයත් බ්‍රොඩොක් කොටසේ ගසක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට  බඹරු ඇනීමෙන් 8 දෙනෙකු දික්ඔය මුලික රෝහලට අද (7) ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය සමඟ තේ වත්තේ ගසක බැද තිබූ බඹර කුඩුවක් එකවරම කඩා වැටී තිබේ.තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ වතු කම්කරුවන් තිදෙනෙකුට මෙලෙස බඹරු ඇන ඇතැයි වතුයායේ පාලන අධිකාරිය කියා සිටී.තේ වත්තේ බැද තිබූ බඹර කුඩුව දුමාරයක් ඇති කර ඉවත් කිරිමට ගිය වතු කම්කරුවන් දෙදෙනෙකුට ද පසුව බඹරුන් ඇන තුවාල සිදුකර තිබේ.එම වතු යායේ  විශාල  ගස් වල බඹරුන් විශාල වශයෙන් කුඩු බැද තිබිමෙන් වතු කම්කරුවන් අද (7) එම වතු යායේ දෛනික වැඩ කටයුතු වලින් වැළකී සිටිමට පියවර ගනු ලැබුහ.
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 10 ක් රෝහලේ
0
hp_train_2197
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව කැලණි කේබල්ස් සමාගම හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව පවත්වන්නකි.විශ්ව විද්‍යාලීය සහතිකයක් පිරිනමන ‘කැලණි සවිය’ වැඩසටහන මෙම වසරේදී (2022) දී අවසන්වීමට නියමිතව තිබුණ ද එමගින් සුදුසුකම් ලබන්නන්ට මෙරට හා විදේශීය සමාගම්වල කදිම ඉල්ලු‍මක් නිර්මාණයවී තිබීම එය තවත් පස් වසරකින් දීර්ඝ කිරීමට හේතු විණි.මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව තවත් වසර 5කින් දීර්ඝ කිරීමේ ආයතනික ගිවිසුම කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය, එම්.ඩී. ලමාවංශ අතර පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යලීය සනාතන මන්දිරයේ දී අත්සන් කෙරුණි.පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේ සහයෝගීතාවෙන් කැලණි කේබල්ස් සමාගම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ජේ.බී. ඒකනායකගේ අදහසකට අනුව 2007 වසරේදී දියත් කළ මෙම ‘කැලණි සවිය’ වැඩසටහන මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයන් එක්ව පැවැත් වූ පළමු වැඩසටහන ද විය. ‘කැලණි සවිය’ එක් වසරක පාඨමාලාව යටතේ පසුගිය වසර 15 තුළ සහතික ලත් විදුලි කාර්මිකයන් 500කට අධික සංඛ්‍යාවක් බිහිකර ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් දේශීය හා විදේශීය ආයතනයන්හි සේවය කරනු ලබයි.‘කැලණි සවිය’ වැඩසටහන තවත් වසර 5කින් දීර්ඝ කිරීමේ ආයතනික ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වූ කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල පැවසුවේ මෙම වකවානුව මූල්‍යමය වශයෙන් දැඩි පීඩාවකට පත්ව තිබුණද ශ්‍රී ලංකාවේ දීර්ඝතම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවෙන් පැවැත්වෙන සමාජ සත්කාරයවන ‘කැලණි සවිය’ ඉදිරියට ගෙන පවත්වාගෙන යෑමට තම සමාගම තීරණය කළ බවය.‘කැලණි සවිය’ වැඩසටහන දීර්ඝකිරීමේ අවස්ථාවට එක්වූ කැලණි කේබල්ස් සමාගමේ අලෙවි සාමාන්‍යාධීකාරී, ආචාර්ය, අනිල් මුණසිංහ මහතා මෙසේ පැවසීය. මෙම කැලණි කේබල්ස් සමාගමට මෙම ‘කැලණි සවිය’ සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහනක්. මන්ද මෙමගින් සරසවි සහතික ලද කුසලතාපූර්ණ තරුණ පිරිසක් සමාජයට තිළිණ කෙරෙනවා. එහෙයින් අංගසම්පූර්ණ හා ඵලදායි පාඨමාලාවක් ලෙසින් එය පවත්වාගෙන යන පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට මම මෙහි දී ප්‍රණාමය පුද කරන්න කැමතියි’.595
‘කැලණි සවිය’ට තවත් සිසුන් 55ක්
0
hp_train_2198
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 915 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 22 දෙනෙකු වාර්තා වී ඇත.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 524 ක් වේ. මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 382 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
කොරෝනා ආසාදිතයින් ගණන 708 දක්වා ඉහළට
0
hp_train_2199
 (අනීෂා මානගේ) මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළ වීරකැටිය, බෙලිඅත්ත, අම්බලන්තොට,අගුණුකොළපැලැස්ස, කටුවන හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් අතරින් තෝරාගත් සභාපතිවරු හා උපසභාපතිවරු අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ තංගල්ල කාල්ටන් නිවසේදී දිවුරුම් දුන්හ.බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සිරිල් මුණසිංහ, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පියසේන ලියනාරච්චි, උප සභාපතිවරයා ලෙස අනුර අල්විස්, කටුවන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද ගමාච්චි, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ගාමිණී වීරබද්දන උප සභාපතිවරයා ලෙස නිශාන්ත නාමල්, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මානික්කු රත්නවීර පටබැඳිගේ දර්ශන සංජීව හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස අමිල මීගස්කුඹුර මහත්වරු මෙලෙස දිවුරුම් දුන්හ.
රාජ්‍ය ආයතන 8 කට නව සභාපතිවරු
0
hp_train_2200
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වය ස්ථාපිතව ඇති නිසා උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත සඳහන් කරයි.‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/05/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33258565වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269080වැසි වාර කිහිපයක්.ගාල්ල30259085වැසි වාර කිහිපයක්.යාපනය31268575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය19139575වැසි වාර කිහිපයක්.රත්නපුරය32249575වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය33269065වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31278575වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
අඩි පීඩනය ශ්‍රී ලංකාවෙන් ඉවතට
0