id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_2001
ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා සභාපති ඒ.වී.සරත් කුමාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (11) සභා රැස්වීමට  ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 7 කින් සභා සම්මත විය.සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී  ඩී.ඒ.ලලින්ද්‍ර ලක්මුතු මහතා විසින් ස්ථිර කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු දෙපල අයවැය යෝජනාවට සහාය පළකරමින් සිය ඡන්දය පාවිච්චි කළහ.එක්සත් ජාතික පක්ෂයේ හර්ෂණී කංඩම්බි, පී.කේ.මල්ලිකා පද්මිණි, කේ.එල්.රූපිකා යන මන්ත්‍රීවරියන් තිදෙනා,  සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ  මන්ත්‍රී ටී.ජී.අජිත් ප්‍රේමකුමාර, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී.අරුණ මහත්වරුන් අයවැයට විරුද්ධව සිය ඡන්දය පාවිච්චි කළේය.  
ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 19 කින් සම්මතයි
0
hp_train_2002
නැගෙනහිර, ඌව සහ දකුණු  පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බවත් සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සවස් කාලයේදී ගිගුරුම් සහිතව වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහල මට්ටමක පවතී. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/05/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව32259065විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල30259075විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34278060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30229565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21159575සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය31249570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33259075විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33249070සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.                    
‘සවස් කාලයේ තද වැසි‘
1
hp_train_2003
(ශාන්ත චන්ද්‍රසිරි) තලවකැලේ- ලිඳුල නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ලෙච්චුමන් භාරතිදාසන් මහතා අද (29) වැඩබාරගත්තේය. ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නගර සභාවට තේරී පත් වු ලෙච්චුමන් භාරතිදාසන් මහතා එහි උප  සභාපතිවරයා ලෙස කටයුතු කළේය. මීට පෙර තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු  කරන ලද ඒ. අශෝක සේපාල මහතාගේ සභාපතිධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙම නව පත්වීම සිදු කර තිබේ. හිටපු සභාපතිවරයා සිදු කරන ලදැයි පැවැසෙන වංචා දුෂණ චෝදනා අටක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ කොමිසමක් පත් කර ඇති අතර එම පරීක්ෂණය අවසන් වනතුරු හිටපු සභාපතිවරයා මෙසේ සභාපති තනතුරෙන් තාවකාලිකව දැනට ඉවත් කොට නව සභාපතිවරයෙකු පත් කර ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලිඳුල නගර සභාවේ නව සභාපති වැඩ බාරගනී
1
hp_train_2004
(ඩයනා උදයංගනී)උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (3) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.උතුරු, උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු පැවසීය.සබරගමුව, මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බව ද එම ප්‍රකාශකයා කීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
පළාත් කීපයකට තද වැසි
0
hp_train_2005
(ඔගස්ටින් ප්‍රනාන්දු)              ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පල කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ව්‍යාපාරිකයා  ජුනි   21 වැනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (7) නියම කළේය.සැකකරු වුයේ හලාවත තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි හලාවත කඩ විදියේ රෙදිපිලි වෙළඳ ආයතනයක් පවත්වා ගෙන යන 35 හැවිරිදි අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්වර් නැමැත්තාය. ජාතින් අතර යම් සිත් තැවුලක් ඇතිවි ගැටුම්කාරි තත්ත්වයක්  ඇතිවිය හැකිව තිබු අතර පසුව මෙම සටහන අනුව කුපිත වු පිරිසක් හලාවත නගරය තුළ යම් භිෂණකාරි තත්ත්වයක් මතු කර තිබු බැවින් සැකකරු  අත් අඩංගුවට ගෙන තිබිණි.   ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ හා හදිසි නිති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා නගා තිබිණි. හලාවත නගරයේ ඇතිවු කලබලකාරි වතාවරණය නිර්මාණය වුයේ සැකකරු විසින් මුහුණ පොතකට එක්කර තිබු සටහනක් පදනම් කර ගෙන බවත් ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.සැකකරුට එරෙහිව පැමිණිල්ල හලාවත පොලිසිය ඉදිරිපත් කළ අතර සැකකරු වෙනුවෙන් නිතිඥ පායිස් සාලි නිතිඥ මොහොමඩ් නලින් නිතිඥ දිලාන් සේනාරත්න යන මහත්වරුන් පෙනි සිටියහ.  
මුහුණු පොතේ ගැටුම්කාරී ප්‍රකාශ පළ කළ සැකකරු තවදුරටත් රිමාන්ඩ්
0
hp_train_2006
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශයෙ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තද සුළං ඇතිවේ. 
තද වැස්ස උතුරු, උතුරු මැද කැරකේ
0
hp_train_2007
(ටී.කේ.ජී.කපිල )ඕමානයේ සිට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (16)  කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .කිරිබත්ගොඩ , කුරුණෑගල  පදිංචි කාන්තාවන් තිදෙනකු ,බේරුවල ප්‍රදේශයේ පදිංචි පිරිමි ගුවන් මගියෙකුත් මෙසේ රේගු අත්අඩංගුවට පත් වී තිබේ.කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එක්  කාන්තාව , මීට පෙර අවස්ථාවකදී ද ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන්ට හසු වූ කාන්තාවක් බව රේගුව සදහන් කරයි .  අද(16)  ඕමානයේ සිට පැමිණි , ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 0381 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . ඔවුන් විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ , දුම්වැටි වර්ග 03 කට අයත් , රුපියල් 52,47,800 ( පනස් දෙලක්ෂ හතලිස් හත් දහස් අට සීයයක්) ක් වටිනා දුම්වැටි 90,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 450 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය .
ලක්ෂ 15 ක දුම්වැටි ගෙනත් ගුවන් තොටුපොළේදී අසුවෙයි
0
hp_train_2008
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) ලිඳුල, ෆාමස්ටන් තේ වතුයායේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට අද (16) බඹරු ඇනීමෙන් තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. තමන් තේ දළු නෙළමින් සිටි බවත්, තේ ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සී බඹරු පහර දුන් බවත් තුවාල ලබා රෝහල් ගත කර සිටින වතු කම්කරු කාන්තාවෝ පැවසූහ.තලවාකැලේ පොලීසියේ ස්ථානගත කර ඇති 1990 “සුව සැරිය” හදිසි ගිලන් රථ සේවය මගින් මෙම තුවාලකරුවන් රෝහල් ගත කර ඇත.
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් පිරිසකට තුවාල
1
hp_train_2009
(නාලක සංජීව දහනායක)ජනතාව ගැන කිසිදු අනුකම්පාවක් නැති රජය තවදුරටත් ජනතාව පීඩාවට පත්කිරීමේ අරමුණින් බඩු මිල ඉහළ දැමීමට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (26) පැවැසීය. ජනතාව පීඩාවට පත්කරන රජය  ගෙදර යැවීම සඳහා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාම ඉක්මනින් තීන්දුවක් ගත යුතු යැයි ද මහාචාර්යවරයා කීය.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද පැවැසීය.“අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය දැනටමත් කඩා වැටිලා ඉවරයි. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පෙන්නුම් කර තිබෙනවා. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම හරහා අපි කරන්නේ ජනතාවගේ මතය පර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරීම පමණයි.අගමැතිවරයා සමඟ ආණ්ඩුවේ සිටිය නොහැකි බව මුලින්ම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා වැනි අමාත්‍යවරුන් කණ්ඩායමයි. ඒ නිසා මුලින්ම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතුව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසිනුයි. ඔවුන්ගේ ඒ ප්‍රකාශ ක්‍රියාවට නංවන්න සුදුසු වේලාව දැන් එළැඹී තිබෙනවා. විශ්වාසභංග යෝජනාවට සහාය නොදී අගමැතිවරයාට විරුද්ධව කතා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනය සම්ප්‍රදායානුකූලවම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. දැන් ඒ දේශපාලන භූමිකාව ඉටුකරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ බව පළාත් පාලන මැතිවණ ප්‍රතිඵලයෙන් තහවුරු වුණා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද පදනම දෙදරා ගිහිල්ලා. මැතිවරණ ප්‍රතිඵලය අනුව ආයතන 152ක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ.නමුත් මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සියයට 50ක් සම්පූර්ණ කරගන්න බැරිවුණු ආයතන 71ක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එකසත් ජාතික පක්‍ෂයට බලය හිමිව තිබූ ගාල්ල හා මීගමුව මහනගර සභාවල නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නාගරික මන්ත්‍රීවරුන් මුදලට අපේ පැත්තට නම්මවා ගත්තේ නැහැ. ඒ මන්ත්‍රීවරුන් ජනතාවගේ මතය පිළිබඳව හැඟීමකින් කටයුතු කර තිබෙනවා.ආණ්ඩුවට ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. ජනතාව සම්බන්ධයෙන් අනුකම්පාවක් තිබෙන රජයක් නම් මේ විදියට බඩු මිල වැඩි කරන්නේ නැහැ. මේ වනවිට ආණ්ඩුව අවසන් හුස්ම පොද හෙළන්නට සූදානමින් සිටිනවා. ඒ නිසා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාම ඉක්මනින් තීන්දුවක් ගත යුතුයි. එක්සත් ජාතික පක්‍ෂය රජය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ නැහැ. සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ සම්මත නොකරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා. නමුත් එක්සත් ජාතික පක්‍ෂය හදිස්සියේම ඒ පනත සම්මත කර ගත්තා. විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට එරෙහිව කරුණු 14ක් ඇතුළත් කර තිබෙනවා. ඉන් කරුණු 11ක්ම තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙනුයි. ඉතිරි කරුණු හතර ඇතුළත්ව තිබෙන්නේ තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ     ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධවයි. මේ වනවිට අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව උසාවිය මඟින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. එවැනි තත්ත්වයක් මත ඔහුගේ අත්සන මෙරට මුදල් නෝට්ටුව මත තිබීමෙන් ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටෙනවා.     ත්‍රිවිධ හමුදාව සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා විදේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණ පිහිටුවන බව රජය ජිනීවා මානව හිමකම් කවුන්සිලයේදී පොරොන්දු වුණා. එහෙත් රජය ඒ පොරොන්දු ඉටු නොකරන බැවින් තමන් මෙම ක්‍රියාව අරඹන බව නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.නමුත් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැන්නක් සිදු කළ නොහැකි බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මානව හිමිකම් කවුන්සිලයට දැනුම්දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු නොකරන රජයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආරක්‍ෂා කරන්නේ කෙසේදැයි නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරයා විදේශ අමාත්‍යවරයාට පවසා තිබෙනවා” යැයි ද ඔහු කීය. 
අගමැතිගේ විශ්වාසභංගයට ශ්‍රීලනිපය ඉක්මන් තීන්දුවක් ගත යුතුයි
1
hp_train_2010
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (13) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 15,190 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 10 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු සහ අවුරුදු 30ට අඩු එක් අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොරෝනා මරණ 21 වාර්තා වෙයි
0
hp_train_2011
(නිමල කොඩිතුවක්කු)   අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතාගේ ලේකම්වරයා වශයෙන්  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  විශේෂ ශ්‍රේණියේ විශ‍්‍රාමික ඊ. එම්. එස්. බී   ඒකනායක මහතා පත් කර තිබේ.ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත්තේ තුන් වන වතාවටයි.ඒකනායක මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධරයෙකි.ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  වසර තිහක පලපුරුද්ද ඇති ඒකනායක මහතා එක්සත්  ජාතින්ගේ සංවිධානයේ නිවාස වැඩසටහනේ  ශ්‍රී ලංකා ප‍්‍රධානියා වශයෙන් කටයුතු  කර ඇති අතර මැලේසියාවේ සහ ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල වලද සේවය  කර ඇත.
අගමැති ලේකම් සමන් ඒකනායක
0
hp_train_2012
(නිමන්ති රණසිංහ)කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 3 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 27 උදෑසන සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.ඒ අනුව කළුතර අම්පාර සහ කොළඹ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදා හැරඇත.මෙලෙස හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කැකුළන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස.අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසම.කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ තුන් තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම. 
දිසා කීපයක ගම් කීපයක් නිදහස් කරයි
1
hp_train_2013
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේයඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම ප්‍රකාශකයා පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය.දිවයින හරහා සහ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ, දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය. 
අදත් වැස්ස
0
hp_train_2014
(ඉන්දිකා රාමනායක)නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 227 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 54889 ක් අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් අතරින් 52,000 ට අධික පිරිසකට නඩු පවරා ඇති බව 2000 පිරිසකට නඩු පැවරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය. 
නිරෝධායන නීති කැඩූ තවත් 266ක් පොලිස් දැලේ
0
hp_train_2015
(නිමන්ති රණසිංහ) පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව ලබන ජනවාරි 27 කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (14) නියෝග කළේය.අභියාචනාධිකරණය විසින්  අද (14) දින සිට සති 10 කට එම නඩුව කල් තබන  ලෙසට නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයාට සිදු කරනු ලැබූ නියෝගයක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම  නියෝගය නිකුත් කළේය.අධිකරණයෙන් නිකුත් කල නොතීසි ප්‍රකාරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) අධිකරණය හමුවේ පෙනී සිටියේය.ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොතීසි නිකුත් කළේ  ඉකුත්16 වැනිදාය.පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙන්ම මෙම නියෝගය නිකුත් කළේය.
මෛත්‍රීපාලට එරෙහි පාස්කු නඩුවට දින දෙයි
1
hp_train_2016
රුපියල් ලක්ෂ දහ අටක් පමණ  වටිනා  රන් බිස්කට්  තුනහමාරක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ  මදුරෙයි බලා යාමට උත්සහ කළ ඉන්දියන් ජාතික රෙදිපිලි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කටුනායකදී  රේගු නිලදාරීන් විිසින් අත්අඩංගුවට ගනු ලැබීය.අත්අඩංගුවට ගත් රන් බිස්කටි වල බර ග‍්‍රෑම්  350 කි. සැකරුවන් දෙදෙනා රෙදිපිලි ව්‍යාපාරිකයින් ලෙසින් ඊයේ මෙරටට පැමණ ඇති අතර අද සවස ස්පයිස් ජෙට්  ගුවන් සේවයට අයත් එස්.ජී 3310 ගුවන්යානයෙන් යලි ඉන්දියාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව රේගුව  කියයි.මේ  පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජෙවීර  මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී ටී  වැලිකල මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඩබිලවි.එමි  ප‍්‍රසාදී, එන්.ඞී හෙට්ටිආරච්චි , රුවන් අල්විස්, පී.ජී ගුණවර්ධන, සී.පී බෝපගේ, අසංක ප‍්‍රියදර්ශන යන නිලධාරීහු සිදු කරති.මේ  පිළිබඳ රේගු පරික්ෂනය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්. පාස්කරන් මහතා විිසින් සිදුකිරීමට නියමිතය.     
ලක්ෂ 22 ක රන් මල්ලෙන් එළියට
0
hp_train_2017
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු පෙබරවාරි මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (29)  දා නියෝග කළේය.වත්තල ප්‍රදේශයේ පදිංචි  මොහොමඩ් සන්දින් මොහොමඩ්  නැමැත්තෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.බලන්ගොඩ  කිරිමැටිතැන්න ලංකාබරන ප්‍රදේශයේ දි මොහු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ගංජා සුරුට්ටුවක් ළඟ තබාගත් අයෙක් රිමාන්ඩ්
0
hp_train_2018
හර්ෂණ තුෂාර සිල්වාමීළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර අත්සන් තබා ඇති ගිවිසුම නිසා පක්ෂ දෙකේ ප්‍රබලයන් අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වරාය හා නාවික අමාත්‍යාංශය හෝ මහාමාර්ග අමාත්‍යාංශය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණත් එම අමාත්‍යාංශ දෙකම පක්ෂ දෙක අත්සන් තැබූ ගිවිසුම අනුව ලැබී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.  ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පාර්ශවය දැඩි උත්සහායක නිරත වී සිටින බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය. තවදුරටත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යධුරය දැරීමට තමාගේ අකැමැත්තක් නැති බව පසුගිය සතියේ දිනක පැවැති මාධ්‍ය හමුවක් අවසානයේදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේය. මීළඟ අමාත්‍යාංශ මණ්ඩල සංශෝධනයේදී පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයත් (සාගර විශ්ව විද්‍යාලය) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇතැයි ද පසුගිය සතියේදී වාර්තා විය. මේ අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමාට පැවැරී තිබූ විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පැවැරීමට කටයුතු කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය අද (27) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය 2015 වසරේ අගෝස්තු මාසයේදී අමාත්‍යාංශ 30 පක්ෂ දෙක අතර බෙදා ගනිමින් වසර දෙකක ජාතික ආණ්ඩුවකට මුල පිරීය. එම ගිවිසුම වසර පහක කාලයක් සඳහා දීර්ඝ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරු පසුගිය වසරේ ජූලි මාසයේදී පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ. 
ගිවිසුම නිසා කැබිනට් සංශෝධනය ප්‍රශ්නයක්
1
hp_train_2019
ගනුදෙනුකරුවන් වෙත වඩාත් නව්‍යකරණ මූල්‍ය සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගනිමින් සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට වැලිබල් ෆිනෑන්ස් පසුගියදා කටයුතු කළේය. ඒ බදුල්ල හා කඩුවෙල නව ශාඛා විවෘත කරමිනි. එම ශාඛා විවෘත කිරීමේ අවස්ථා වෙනුවෙන් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශාඛා කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවෝ එක්ව සිටියහ.   ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවන්ගේ ගෞරවය හා විශ්වාසය හිමිකරගත් ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් ලෙස ස්ථාවර තැන්පතු, ලීසිං, ඔටෝ ඩ්‍රාෆ්ට්, රන් ණය, ක්ෂුද්‍ර මූල්‍ය සේවා ඇතුළු ඉහළ ඉල්ලුමක් සහිත පුළුල් පරාසයක විහිදුණු මූල්‍ය සේවා රැසක් බදුල්ල හා කඩුවෙල ජනතාවට මෙම නවතම ශාඛා වෙතින් සලසා ගැනීමේ හැකියාව වැලිබල් ෆිනෑන්ස් ලබා ඇත.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වැලිබල් ෆිනෑන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා මෙසේ පැවැසීය. “වඩාත් විශ්වාසවන්ත හා ශීඝ්‍රයෙන් වර්ධනය වන මූල්‍ය සමාගමක් ලෙස අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ නම්‍යශීලී මූල්‍ය සේවා සලසා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් වෙත නිරන්තර සහයෝගය ලබා දෙමින් අපගේ වෘත්තීයභාවය හා ආර්ථික තත්ත්වය හමුවේ ශක්තිමත්ව කටයුතු කිරීමේ හැකියාව මනාව ප්‍රදර්ශනය කර තිබෙනවා.පසුගිය කාලය පුරා පැවති අභියෝග රැසක් මධ්‍යයේ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත් වූයේ අදාළ කාල පරිච්ඡේදය තුළ සිය ශක්තිමත් බව හා ක්ෂේත්‍රය තුළ සිය පුරෝගාමීත්වය යළි යළිත් තහවුරු කරමිනි. එහිදී 2020/21 මූල්‍ය වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය තුළ වාර්තා කළ රුපියල් බිලියන 2.3 හා සැසඳීමේදී  2021/22 වර්ෂය සඳහා සියයට 67.1 ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 4.7ක පෙර බදු ලාභයක් වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත් විය.  එසේම පැවති ආර්ථික අභියෝග හමුවේ වුවද සිය අක්‍රිය ණය අනුපාතය (NPL) පෙර වසරේ වාර්තා වූ සියයට 4.48 සිට මේ වසරේදී සියයට 2.73ක් දක්වා ශක්තිමත්ව හා ස්ථාවරව පවත්වාගෙන යාමෙන් වැලිබල් ෆිනෑන්ස් සමාගම තමන් සතු  සුවිශේෂී මූල්‍ය කළමනාකරණ හා ස්ථාවරත්ව හැකියාව මනාව ප්‍රදර්ශනය කර ඇත.සාර්ථක වර්ධනය, ස්ථාවර බව, ලාභය මෙන්ම කාර්යක්ෂම හා ඵළදායී ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්වූ අප ආයතනය ශාඛා ව්‍යාප්තිය ඇතුළු ප්‍රධාන කාර්ය සාධන දර්ශක තුළින් විශිෂ්ට සේවාවක් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස The Global Economics UK විසින් පිරිනමනු ලබන "Best Finance Company 2022 සම්මානය අඛණ්ඩව දෙවන වරටත් තමන් සතු කර ගැනීමට සමත් වූයේ සිය විශ්වසනීය හා පුරෝගාමී සේවාව තව දුරටත් සහතික කරමිනි.595
වැලිබල් ෆිනෑන්ස් බදුල්ල සහ කඩුවෙල නගර වෙත පිවිසේ
1
hp_train_2020
දයාරත්න ඇඹෝගම  අනුරාධපුර මහ නගර සභාවේ 2019 වසර වෙනුවෙන් නගරාධිපති එච්. පී. සෝමදාස මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය ලේඛනය අද(14) වැඩි ඡන්ද 10 කින් සභා සම්මත විය.අනුරාධපුර නගර සභාවේ පාලන බලය හිමි පොහොට්ටුවේ මන්ත්‍රිවරු 15 දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු තිදෙනා අයවැයට පක්ෂව ජන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා විරුද්ධව ඡන්දය පළ කළහ.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පස් දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රිවරයා මෙදින සභාවට පැමිණ සිටියේ නැත.
මීගමුව මහ නගර සබේ අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි
0
hp_train_2021
( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)බලන්ගොඩ , මොරහැල සණස බැංකු ශාඛාවේ  තැම්පතුකරුවන්ගේ  රුපියල් කෝටි පහළොවකට ආසන්න  මුදලක්   වංචා කළ බවට   චෝදනා  ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින  හිටපු කළමනාකාරිණිය   නොවැම්බර් මස 19 වැනිදා   දක්වා  යළි  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (05 )දා නියෝග කළේය. 2018 වසරේ  නොවැම්බර් මාසයේ  මොරහැල, උඩවෙල සණස බැංකුවේ තැම්පතු කරුවන්ගේ මුදල් රැගෙන  මෙම කළමණාකාරිනිය  ප්‍රදේශයෙන් පලා ගොස්  සිටියාය. සම්බන්ධයෙන් තැම්පතු කරුවන්ගේ පැමිණිලි මත එම කළමණාකාරිණිය ඉකුත්  අගෝස්තු මස (06) වැනිදා  පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු   මෙම මාසය දක්වා    අවස්ථා   හයකදී  දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එම  නඩුව අද (05) දා බලන්ගොඩ අධිකරණයේදි  යළි කැදවන ලදි. එහිදි නොවැම්බර් මස (19) වැනිදා දක්වා ඇය  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
මුදල් වංචා කළැයි චෝදනා ලැබූ කළමනාකාරිනිය යළි රිමාන්ඩ්
0
hp_train_2022
  බිමල් ශ්‍යාමන් ජයසිංහ කොළඹ ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලයට අයත් වේල්ලවීදිය නවගම්පුර ග්‍රාම නිලධාරීවරයා රුපියල් පන් දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (19) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.පිටකෝට්ටේ පදිංචි පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාර ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.එම පුද්ගලයාට පොලිස් සහතිකයත් ලබාගැනීම  සඳහා පොලිසියට ඉදිරිපත් කිරීම සඳහා පදිංචි සහතිකයක් ලබා ගැනීම සඳහා අදාළ ග්‍රාම නිලධාරිවරයා හමුවට ගිය අවස්ථාවේදී එය ලබාදීම සඳහා මෙම මුදල ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.
අල්ලස් ගත් ග්‍රාම නිලධරයා අත්අඩංගුවට
1
hp_train_2023
(ඩයනා උදයංගනී)වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් දිස්ත‍්‍රික්ක 6කට නායයෑමේ අවදානමක් මතුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.රත්නපුර, මාතර, නුවරඑළිය, කෑගල්ල, ගාල්ල සහ කළුතර යන දිස්ත‍්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි එම සංවිධානය ප්‍රකාශ කරයි.රත්නපුර දිස්ත‍්‍රික්කයේ  ඕපනායක, ඉඹුල්පේ, බලංගොඩ, කහවත්ත, පැල්මඩුල්ල, කුරුවිට, රත්නපුර, ඇලපාත, කිරිඇල්ල, කොලොන්න ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, මාතර දිස්ත‍්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට සහ බුලත්කොහුපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, ගාල්ල දිස්ත‍්‍රික්කයේ නියාගම, යක්කලමුල්ල, නාගොඩ සහ තවලම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ කළුතර දිස්ත‍්‍රික්කයේ වලල්ලාවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නායයෑමේ වැඩි අවදානමක් පවතින ප‍්‍රදේශයන් ලෙස හඳුනාගෙන තිබෙන බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් අද (15) දහවල් නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.එම ප්‍රදේශවල කඳුකර ප‍්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ ඇතිවන්නේද යන්න පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටී.
දිස්ත්‍රික්ක 06කට නාය යෑමේ අවදානමක්
1
hp_train_2024
(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)කොළඹ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී මුහුණු පොතෙන් හඳුනාගෙන ගෙනා මනාලියට කොවිඩ් 19 එන්නත ලබා දී නිවසට ගන්නා තුරු වයෝවෘද්ධ කාන්තාවකගේ නිවසක දින කිහිපයක් තාවකාලිකව නතර කර සිටියදී වෙනත් තරුණයෙකු සමග පෙම් සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත් තරුණයෙක් පිළිබඳ පුවතක් කෑගල්ල දේවාලේගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙක් සිටියි. මෙම තරුණයා කලක සිට කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන්නේය. මෙම තරුණයා මුහුණු පොතෙන් කොළඹ ඇඟලුම් ආයතනයක සේවය කරන අවිවාහක 21 හැවිරිදි තරුණියක් හඳුනා ගත්තේය.තමන්ට මව්පියන් සහෝදර සහෝදරියන් නොසලකා හැරිය අවස්ථාවේ දී අසල්වැසි හිතවතියක් මාර්ගයෙන් කොළඹ ඇඟලුම් කම්හලකට මීට මාස අටකට පමණ ඉහතදී පැමිණි බව දිනක් තරුණිය කෑගල්ලේ තරුණයාට දුරකථනයෙන් තොරතුරු විමසා සිටින අවස්ථාවේ දී පැවසුවාය. ඇගේ ජීවිත කතාව ඇසූ තරුණයා ඇයට අනුකම්පා කර ඉදිරියේ දී විවාහ කර ගන්නා බවට පොරොන්දුවී පරිස්සමෙන් ඇඟලුම් ආයතනයේ රැකියාව කරගෙන ජීවත් වෙන ලෙසට උපදෙස් දුන්නේය.පෙමින් වේලී සිටි තරුණියත් තරුණයාත් මීට දින කිහිපයකට ඉහතදී තරුණියගේ ඇඟලුම් ආයතනයේ කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙක් හමුවීමත් සමග තරුණිය සිටියේ ගාල්ලේ මහ ගෙදර බලා යාමටය.තරුණයා ඒ අදහස් වෙනස් කර   ‘අපි දෙන්නා දැන් විවාහ වෙමු’ යැයි තරුණියට පැවසුවේය. ගාල්ලේ මව්පියන් ළඟට යළි නොගොස්  තමන්ගේ නිවසට පැමිණෙන ලෙසට තරුණයා තරුණියට දුරකතනයෙන් දැනුම් දුන්නේය.තරුණයාගේ දැඩි ඉල්ලීම පරිදි තරුණිය කොළඹ සිට කෑගල්ල දේවාලේගම නගරයට පැමිණියාය. තරුණිය පිළිගත් තරුණයා ඊට පසුව අසල ඇති බස් නැවතුමට එක්කරගෙන ගියාය. දේවාලේගම නගරයේ සිට මීටර් 300 400 ක් ඈතින් පිහිටි නිවසේ සිටින මවට තරුණයා දුරකථන ඇමතුමක් ගෙන පෙම්වතියගේ තොරතුරු පළමු වරට අම්මාට කීවේය. පසුව අම්මත් නිවසේ සිටින බාල සහොදරයාත් කලබලයට පත් වී දැඩි කොරෝනා වසංගතය පවතින අවදියේ දී තරුණිය නි​ෙවස පැත්තටවත් රැගෙන නොඑන ලෙස දැන්වීය. තරුණියට කොරෝනා එන්නත දී ඇද්දැයි දුරකථනයෙන්ම බාල සහෝදරයා වැඩිමල් සහෝදරයාගෙන්  විමසීමක් කළේය. එන්නත් කරගෙන නොමැති බව තරුණයා මවටත් බාල සහෝදරයාටත් කීවේය.කලබලයට පත්වූ බාල සහෝදරයා ඇඟලුම් ආයතනයක සිටියා නම් අනිවාර්යයෙන්ම කොරෝනා ඇති බවත් අම්මා ද අසනීපයෙන් පසුවන හෙයින් වහාම එන්නත් කරගෙන පමණක් නි​ෙවසට රැගෙන එන ලෙසට වැඩිමල් සහෝදරයාට බාල සහෝදරයා දුරකථනයෙන් පවසා ඇති බව වාර්තා වෙයි.  තරුණයා තරුණිය දින කිහිපයකට නතර කිරීමට නිවසක් සොයමින් සිටින අවස්ථාවේ දී එකවර රඹුක්කන පදිංචි හිතවත් කාන්තාවක් පිළිබඳ සිහිපත් වූයේ අහම්බෙනි.පසුව තරුණයා රඹුක්කන කාන්තාවට සිද්ධිය සම්බන්ධයෙන් පැවැසුවේය. පසුව ඇගේ කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව ත්‍රිරෝද රථයකින් යලි දේවාලේගම සිට තරුණිය රැගෙන ගොස් දින කිහිපයකට කාන්තාවගේ නිවසේ නතර කළේය. තරුණියගේ කෑම බීම සම්බන්ධයෙන් තරුණයා රුපියල් 5,000 ක මුදලක් කාන්තාවගේ අත තැබීමට ගිය අවස්ථාවේ දී ඇය මුදල් ප්‍රතික්ෂේප කර කෑම ටිකක් දෙන එක මහ ලොකු දෙයක් යැයි පවසා හැකි අයුරින් කෑම ටිකක් දෙන බවට තරුණයාට පොරොන්දු වුවාය.සතුටු සිතින් නිවසට පැමිණි තරුණයා දිනකට තුන් හතර වරක් ඇගේ දුක සැප සොයමින් එන්නත් කරදීම සම්බන්ධයෙන් සොයා බලන්නට විය. නියමිත දිනට එන්නත් කරන බවට තොරතුරු සොයා ගෙන සිටි තරුණයා එදිනට පෙම්වතිය රැගෙන පැමිණ එන්නත් කිරීමෙන් පසුව නි​ෙවසට රැගෙන එන්නට සිතාගෙන සිටියේය.රඹුක්කන නි​ෙවසේ නතර කළ තරුණිය සතියක් පමණ කල්ගත වූ පසුව ඇගෙන් පෙරට වඩා ආදරයේ වෙනසක් තරුණයාට දැනුණි. කීප අවස්ථාවකදීම දැනුන වෙනස පිළිබඳ තරුණියගෙන් විමසා සිටියත් ඇය කිසිවක් ප්‍රකාශ නොකළාය. පසුව තරුණයා ඉකුත්දා සිය යතුරුපැදියෙන් රඹුක්කන නිවසට ගිය අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇත්තේ නි​ෙවසේ සිටින කාන්තාවගේ තනි නොතනියට 25 හැවිරිදි මුණුපුරකු සෑම දිනකම රාත්‍රියට එන බවත් ඔහුගේ බලවත් ඉල්ලීම පරිදි තමා අනාථ වූ බවත් කදුළු සලමින් පැවසුවාය. පසුව තරුණයා දැඩි සිත් වේදනාවකින් ඕනෑ දෙයක් කර ගන්න යැයි තරුණියට පවසා ආපසු තම නි​ෙවසට පැමිණ ඇති බව වාර්තා වෙයි. 
පෙම්වතාට කොරෝනා හැදුනාම පෙම්වතිය කලන්තෙ දාල වැටිලා
0
hp_train_2025
(විජේරත්න රත්නායක)2020 වසර සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (26) සවස වැඩි ඡන්ද 03 කින් සභා සම්මත විය.හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.නිමල් සේනානායක මහතා විසින් අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව පැය පහක් පමණ පුරා පැවැති අයවැය විවාදයෙන් පසුව සිදුකෙරුණු විවෘත ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 21 ක් හා විපක්ෂව ඡන්ද 18 ක්ද ලැබිණි.එම සභාවේ සභාපතිවරයා ඇතුළු සභිකයින් 40 දෙනා අතරින් එක් මන්ත්‍රීවරියක් අද දින සභාවට පැමිණ නොසිටියාය.මෙම ඡන්ද විමසීමේදී සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයින් 11 දෙනෙක් සහ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 10 දෙනෙකුද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.එම සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 10 දෙනාද ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනාද ස්වාධීන කණ්ඩායම් දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනාද එක්සත් ජාතික පක්ෂයේ කේ.එම්.ප්‍රේමදාස හා පී.බී.සුසන්ත සිල්වා යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අජි බහාර් තුවාන් මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එච්.එච්.ජයන්ති බුද්ධිකා මන්ත්‍රීවරිය සභාවට සහභාගීව නොසිටියාය.
බළන්ගොඩ ප්‍රා:සභාවේ අයවැය වැඩි ඡන්ද 22කින් සම්මතයි
0
hp_train_2026
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)ආවරණයක්  නොමැතිව   තේ  කුඩු  ප්‍රවාහනය  කළ  ලොරි රථ  රියැදුරකු  අද(07)  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි  අයෙකි. බලන්ගොඩ ප්‍රදේශයේ  තේ  කර්මාන්ත ශාලාවක  සිට  රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ  දක්වා ලොරි රථයකින්  එම  තේ  කුඩු ප්‍රවාහන  කරමින් සිටියදී  ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. රියැදුරු  හෙට (08)  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අත්අඩංගුවට ගත් තේ  කුඩු  සාම්පල  ශ්‍රී ලංකා තේ  මණ්ඩලයට  යවා  තත්ත්ව සහතිකයක්  ලබා  ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ආවරණ රහිත ලොරියකින් තේ කුඩු ප්‍රවාහනය කළ රියැදුරු අත්අඩංගුවට
1
hp_train_2027
(ඩයනා උදයංගනී) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් අද (5) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලි  බරව පවතින අතර බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම  ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය. 
වැස්ස අඩුවෙන ලකුණු
0
hp_train_2028
ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට  විටින් විට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 07/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30259580විටින් විට වැසිමඩකලපුව30249085විටින් විට වැසිකොළඹ31269060සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල31249075සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය29249080විටින් විට වැසිමහනුවර31209065සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි .නුවරඑළිය21129575සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය33239570සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය30259080විටින් විට වැසිමන්නාරම29259570වැසි වාර කිහිපයක්                    
‘පළාත් රැසකට අද තද වැසි‘
1
hp_train_2029
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි ඇති විය හැකියි. නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද  වැසි ඇති විය හැකි බවත්  ශ්‍රී ලංකාව වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස 4.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.  
‘ තැනින් තැන අද සවසත් වැසි‘
0
hp_train_2030
(ජේ.කේ.එල් චාමින්ද)මහ මුහුදේදී හදිසියේ රෝගි වූ ධීවර කාර්මිකයකු ගොඩබිම වෙත රැගෙන විත් වෛද්‍ය ප්‍රථිකාර සඳහා අද (15) කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව නාවික හමුදාව පවසයි.මෙම ධීවර කාර්මිකයා  ඇතුළු ධීවරයින් පිරිසක් මීගමුව, ධීවර වරායෙන්  ජූලි මස 26 වන දින‘චතුමිණි 1’ නැමති බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි.ධීවරයෙකු රෝගිව සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව රෝගියා රැගෙන ඒම සඳහා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාව පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 155 ක් පමණ වූ දුරකදි රෝගියා නිරුපද්‍රිතව නෞකාව වෙත ලබා ගෙන රෝගියා හට මූලික වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා එම රෝගියා ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා ‍වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වෙත ලබා දෙන ලදී.ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කළ බව නාවික හමුදාව පවසයි.
රෝගාතුර වු ධීවරයා නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
0
hp_train_2031
( සම්පත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි)ඇඳිරිනීතිය   පනවා  තිබුණ  අද (20)  කාලයේදි  මුදල් ඔට්ටුවට බුරුවා  ගසමින් සිටි  පුද්ගලයන් 6 දෙනෙකු  අත්අඩංගුවට  අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.බලන්ගොඩ  පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හය දෙනෙකු  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (20)දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව බලන්ගොඩ පොලිසිය  පැවැසිය.
ඇඳිරිනීතිය අස්සෙ මුදලට බුරුවා ගැසු හයක් අත්අඩංගුවට
1
hp_train_2032
(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)”වෙට්ටු දාලා තමන්ට  ඕන දේ කරගන්න මේ ආණ්ඩුව දක්ෂයි. නියම බබා එළියට එන්නේ කාරක සභාවේදීයි. පාර්ලිමේන්තුවට එන ව්‍යවස්ථා කෙටුම්පතේ ඒකීය වුණත් නැතත් ඒක කාරක සභාවට ගිහින් එනකොට ෆෙඩරල් රාජ්‍යයක් වෙනවා. මේ ව්‍යවස්ථා මරඋගුල පරාජය කිරීම රටට ආදරේ කරන අපි කාගෙත් වගකීමක්” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඉකුත්දා (14) වැනිදා පැවසීය.වීරවංශ මහතා එසේ පැවසුවේ ව්‍යවස්ථා මර උගුලට එරෙහි ජාතික සමුළුව නමින් ජාතික නිදහස් පෙරමුණ කොළඹ විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වූ ජනරැලියකදී අදහස් දක්වමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.-ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනත් තිබෙනවා. ඒක ව්‍යවස්ථාවක් නෙවෙයි, ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ අතුරු වාර්තාවක් විතරයි කියලා සමහරු කියනවා. මේ අතුරු වාර්තාවට එක්සත් ජාතික පක්ෂයත් මුස්ලිම් කොංග‍්‍රසයත් හැර අනෙක් හැම පක්ෂයකින්ම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අය යෝජනා සංශෝධන එකතු කර නැත්තේ තමන් මේ වාර්තාවේ අඩංගුවට කැමැති නිසයි. එහෙම නම් මේකේ තිබෙන ෆෙඩරල් ව්‍යවස්ථාව නෙවෙයි නම් වෙන එකක් එයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ?අපි පහුගිය කාලය තුළ දැක්කා ඒ විදිහට කියලා ගෙනාපු පනත් කෙටුම්පත් කොහොමද තමන්ට අවශ්‍ය විදිහට සම්මත කරගත්තේ කියලා. පාර්ලිමේන්තුවට එන්නෙ ඒකීය රාජ්‍යයක් සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට එන්නේ ඒකීය රාජ්‍යයක් සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් වුවත් සම්මත වන්නේ ඊට හාත්පසින්ම වෙනස් එකක් වෙන්න අද තිබෙන ඉඩ වැඩියි. මොකද අපිට පහුගිය කාලයේ අත්දැකීම් තිබෙනවා කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් වුණ ආකාරය ගැන. ගෙනාපු පනතේ තිබෙනවාට වඩා වැඩි වගන්ති ප‍්‍රමාණයක්, එහි කිසිම වගන්තියකට අදාළ නොවන කොටස් විශාල ප‍්‍රමාණයක් සංශෝධන හැටියට එනවා. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ගේන වෙලාව වෙනකොට අධිකරණයට යන්න තියා පාර්ලිමේන්තුව තුළදීවත් විරුද්ධ වෙන්න කාලයක් ඉතිරිවන්නේ නැහැ.පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය ගැන කතා කරන්න ඉදිරිපත් කළ පිටු හතරක පුංචි පනතට අපිත් එකඟ වුණා. ඒත් ඒක කාරක සභාවට ගිහින් සංශෝධන හතළිස් තුනක් එක්කරලා ආපහු ආවේ ලොකු පනතක්. එහි කාන්තා නියෝජනය ගැන කතා කරනවා වෙනුවට පළාත් සභා මැතිවරණය කල්දැමීමට හැකිවන පරිදි නව මැතිවරණ ක‍්‍රමය ආදේශ කිරීම, සමෘද්ධි නිලධාරීන්ට ඡන්දේ ඉල්ලන්න බැහැ කියන කරුණු ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් කර තිබෙනවා. මේක තමයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ මේ ආණ්ඩුව පහුගිය කාලේ අනුගමනය කළ පිළිවෙළ. කාරක සභා අවස්ථාවේදී තමයි නියම බබා එළියට එන්නේ. අගමැති දන්නේ වෙට්ටු දාන්න විතරයි. තමන්ගේ වුවමනාව මොකක්ද කියලා ඇයි කෙලින් නොකියන්නේ? වචන වෙට්ටු දාන්නේ ඇයි?මෙවැනි ව්‍යවස්ථා ප‍්‍රශ්නයකට අපි  ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදීත් මුහුණ දුන්නා. එදා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා ඉන්දියාවේ  ඕනකමට. ඉන්දියාවේ බලපෑමට. ඒක ගෙනාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළදාලා. දේශපාලන පක්ෂ කීපයක් තහනම් කරලා. අද ඒක වෙනත් ක‍්‍රමයකට ඒ මාමාගේ බෑනා කරන්න යනවා. අද වුවමනාව හා බලපෑම එන්නේ බටහිරින්.වසර තිහක් පැවැති උතුරේ යුද්ධය අවසන් කළා. අද උතුරෙත් දකුණෙත් බෝම්බ පුපුරන්නේ නැහැ. එදා වගේ අද දෙමළ අම්මාටවත් සිංහල අම්මාටවත් තමන්ගේ දරුවන්ගේ මිනී බදාගෙන වැළපෙන්න අවශ්‍ය නැහැ. ඒ යුගය අවසන් කිරීම ගැන මේ රටේ ජනතාව සතුටු වුණා. හැම කෙනෙක්ම කිරිබත් කැවුම් කාලා ඒ සතුට සැමරුවා. එදා බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන්ට යුද්ධයෙන් ජයගන්න බැරි වුණ ඊළම ව්‍යවස්ථාමය වශයෙන්  ලබාදෙන්නයි ආණ්ඩුව සැරසෙන්නේ. ව්‍යවස්ථාවෙන් රට බෙදන්න අවශ්‍ය නැහැ. ඒක කරන්නේ මේ රටේ නීතියට අනුව නෙවෙයි, ජාත්‍යන්තර නීතියට අනුවයි. අපි කරන්න  ඕන ඒ අයට ඒ ටික කරන්න පුළුවන් වෙන විදිහට වටපිටාව සකස්කර දීමයි.හැත්තෑ හතේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමැති බවට පත්වුණ දේවනායගම් දෙමළ ජාතිකයෙක්. ඔහු ලංකාවේ නැගෙනහිර පළාතේ සිතියම අලූතෙන් හැදුවා. එහිදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් පුල්මුඬේ ත‍්‍රිකුණාමලයට අයත් වන හැටියටයි ඒක ඇන්දේ. ඔහු මේ ඉටුකළේ ඊළාම් බෙදුම්වාදීන්ගේ ඊළාම් සිතියමට අවශ්‍ය භූමිය සකස් කර දීමයි. බෙදුම්වාදීන් එක්වර ගෙඩිය පිටින් කන්න දැන් සූදානම් නැහැ. එහෙම කන්න ගිහින් වෙච්ච දේවල් පිළිබඳව ඔවුන්ට අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා දැන් පියවරෙන් පියවර තමයි ඊළම දිනාගන්න තැනට යන්නේ. මේ නව ව්‍යවස්ථාව එහි එක් පියවරක්.ජේ.ආර්. ජයවර්ධන එදා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙද්දී ඉන්දියාවේ විරෝධය මැද වුවත් ඒකීයත්වය ආරක්ෂා කරගැනීම සඳහා සමගාමී ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඒ වගේම යම් පළාතක් වෙන්ව යාමේ අවදානමක් තිබේ නම් එය පවරා ගැනීමේ බලය එදා විධායක බලතල සහිත ජනාධිපතිවරයාට තිබුණා. එවැනි තත්ත්වයක් තිබියදී වුවත් ගෙනා බලය බෙදීමේ ව්‍යවස්ථා සංශෝධනයට එදා රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වය ලැබූ ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභාවලින් රටේ ඒකීය භාවය නැති වෙනවා කියන ස්ථාවරයේ සිට ඊට එරෙහිව සටන් කළා. දේශද්‍රෝහීන්ට දඬුුවම මරණය කියලා පළාත් සභාවල මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයින් ඝාතනය කළා. ඔවුන් දේශද්‍රෝහීන් කියන පදනමෙන් ඒ ඝාතන සාධාරණීකරණය කළා. එහි ප‍්‍රතිඵල හැටියට මේ රටේ හැටදහසක් තරුණ ජීවිත ඝාතනයට ලක් වුණා. අද අනුර දිසානායකගේ ගජමිතුරාත් මේ ඝාතනවලට හවුල් වුණා.එදා ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් රට බෙදෙනවට එරෙහිව සටන් කරපු පක්ෂයේ වර්තමාන නායකත්වය අද අගමැතිගේ සුරතලා බවට පත්වෙලා. අද අලූත් ව්‍යවස්ථාවෙන් විධායක බලය අහෝසි කරලා, සමගාමී ලැයිස්තුව ඉවත් කරලා, ඒකීය වෙනුවට ෆෙඩරල් නාමය එකතුකරලා, පළාත් සභාවලට පොලිස්, අධිකරණ, ඉඩම් බලතල ලබාදීලා මේ ගේන ව්‍යවස්ථාව එදා ජේ.ආර්.ගෙනා ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා භයානකව තියෙද්දී ජනතා විමුක්ති පෙරමුණ එයට සහාය දක්වනවා. ටිල්වින් සිල්වා කියනවා ඒකීය හා සන්ධීය කියන වචනවල එල්ලිලා ඉන්න එපාලූ. අනේ මෙයාගේ මේ මොළේ විජේවීර සහෝදරයාට එදා තිබුණා නම් හැටදාහකගේ ජීවිත බේරෙනවා. ජවිපෙට සිදුවී ඇති දෙය එයින්ම අපට පැහැදිලියි.මෙතෙක් පරමාධිපත්‍ය බලය තිබුණේ මේ රටේ ජනතාවට. ජනතාව වෙනුවෙන් මන්ත‍්‍රීවරු 225ක් පාර්ලිමේන්තුව තුළ ඒ බලය නියෝජනය කළා. මේ ව්‍යවස්ථාවෙන් ඒ බලය පළාත් සභාවලටත් බෙදෙනවා.බුද්ධාගමට තිබූ තැන නැති කරනවා. එදා සිට අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ මහාසංඝරත්නය කැපවුණා. සටන් කළා. එදා ෆෙඩි‍්‍රක් නෝර්ත් ආණ්ඩුකාරවරයා තමන්ගේ අධිරාජ්‍යයාට දන්වා යවනවා මේ රටේ කහ රෙද්දක් පොරවගත්ත කහකඩ හමුදාවක් ඉන්නවා. ඒ අය මිනිසුන්ගේ දුකට සැපට හැමදේටම මැදිහත්වෙනවා. ඒ අය ඉන්නකම් මේ රට යටත් කරගන්න වෙන්නේ නැහැ කියලා. අද ඒ භික්ෂූන් වහන්සේ රට වෙනුවෙන් කතා කරද්දී උන්වහන්සේලාට ගරහනවා. ව්‍යවස්ථාවෙන් බුදුදහමට තිබුණ තැන නැති කරනවා. නව ව්‍යවස්ථාවේ යම් පළාත් සභාවක් අවශ්‍ය විටක ජනාධිපතිට පවරා ගන්න හැකි බව කියා තිබෙනවා. නමුත් එහෙම කරනවා නම් එසේ කරන්නට හේතු ජනාධිපතිවරයා පළාත් මහ ඇමැතිවරයාට දැනුම් දිය යුතුයි. ඔහු එය පිළිගන්නේ නැතිව අධිකරණයට ගියහොත් අධිකරණය එහිදී ජනාධිපතිගේ පියවර වැරැුදි බවට අර්ථකථනය වෙන්න පුළුවන්. ඒ නිසා මෙහි තිබෙන වාක්‍යවලින් කියවෙන දේ යථාර්ථය බවට පත්වන්නේ නැහැ.අද රටවල්වලට වෙන්වී යාමේ බලය හිමිවන්නේ ඒ රටේ ව්‍යාවස්ථාවට අනුව නෙවෙයි. ජාත්‍යන්තර නීතියට අනුවයි. ස්පාඤ්ඤයේ කැටලෝනියානු ප‍්‍රාන්තය වෙනම රාජ්‍යයක් හැටියට පිළිගන්නේ ඒ නීතියට අනුවයි. ජාත්‍යන්තර නීතියට අනුව යම් රටක කොටසක් ස්වාධීන වෙන්න කරන ඉල්ලීම සාධාරණීකරණය කළ හැකි වටපිටාවක් අපි ව්‍යවස්ථාවෙන් සකස් කරදීම පමණයි සිදුකළ යුත්තේ. මේ කරන්නේ එයයි.මෙහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.”මේ වෙනකොට රට බෙදීම සඳහා ඉතාමත් කූට උපක‍්‍රම යොදමින් ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව එළිදක්වා තිබෙනවා. මෙහි දිශානතිය වැටී තිබෙන්නේ අමාරුවෙන් ගොඩනගාගත් ජාතික සංහිඳියාව සදාකාලිකවම මේ රටේ ජනතාවට අහිමි කිරීමටයි.බලය බෙදීමෙන් සුළු ජාතිකයන්ගේ සියලූ ප‍්‍රශ්න විසඳෙනවා ද? දැන් බලය තිබෙන්නේ සිංහල ජාතිය අතේ නම් සිංහල ජාතීන්ගේ සියලූ ප‍්‍රශ්න විසඳිලා ද? අන්න ඒ විදිහට සිංහල සාමාන්‍ය ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසඳිලා නම් අපිට එකඟ වෙන්න පුළුවන් බලය නැති නිසා තමයි ඒ අයට මේ ප‍්‍රශ්න තිබෙන්නේ කියලා. මේ උත්සාහ කරන්නේ සිංහල සාමාන්‍ය ජනතාව අතේ නෙවෙයි. ඒ වගේම මේ බලය ගන්න හදන්නේ දෙමළ සාමාන්‍ය ජනතාවත් නෙවෙයි. දෙමළ ඉහළ පැලැන්තිය අතටයි මේ බලය ලැබෙන්නේ. ඒ නිසා ප‍්‍රශ්නය එතනින් අවසන් වන්නේ නැහැ. බලය ලබාදිය යුත්තේ රටේ පුරවැසියාටයි.මෙහිදී කලාශිල්පී සමන් ඒකනායක මහතා ව්‍යවස්ථාව පරාජය කළ යුත්තේ ඇයි ද යන්න කවියෙන් පැහැදිලි කළේය.මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහත්වරුන් ඇතුළු එම පක්ෂයේ නායකයන් ඇතුළු පිරිසක් ද සිංහල රාවයේ ප‍්‍රධාන ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ද එක්ව සිටියහ.
අනුපාත ඡන්ද ක‍්‍රමය වෙනස් කර ජනපති ක‍්‍රමය අහෝසි කළොත් රටම අස්ථාවරයි
0
hp_train_2033
(උණවටුන ඩී.ජී. සුගතපාල)පාස්කු ඉරිදා දේවස්ථානවලට පහරදීමෙන් පසු ගාල්ල නගරයේ ද ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය. ගාල්ල පොලිසිය අවට ද කොටුවට පිවිසෙන මාර්ග ද කළුවැල්ල ප්‍රදේශය ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල ද ඇතුළු වැදගත් ස්ථාන රැසක ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුද හමුදාව යොදවා තිබිණ. ඇඳිරි නීතිය පැනවීමත් සමග නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක් ද දක්නට ලැබිණ.රජයේ කාර්යාලවලට සහ අධිකරණයට පැමිණි ජනතාව ද හැකි ඉක්මනින් ගම්බිම් බලා යාමට පියවර ගනු ලැබීය. මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම තමන්ගේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව කම්පනයට පත්ව සිටි පිරිසක් ද සිටිති. ඒ නගරයේ සිඟමනේ යෙදී සිටි යාචක පිරිස්ය. ඔවුන් අතර ගාල්ල පොලිසියේ තාප්පය අයිනේ සිට සිඟමන් යදින පුද්ගලයෙක් සිටියේය. ඔහු දිනපතා රාජකාරියට පැමිණෙන පුද්ගලයකු ලෙස පැමිණ තාප්පය අයිනේ සිට සිඟමනේ යෙදීම සිරිත විය.ආරක්ෂක අංශ විසින් ආරක්ෂාව තර කිරීමත් සමග ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියත් ඔහු ඉවත්වී නැත. පසුව ආරක්ෂක නිලධාරින්ගේ දැනුම්දීම මත පොලිසිය පැමිණ ඔහු පොලිසියට කැඳවාගෙන ගියේය. එහිදී ඔහුගේ බෑග් ඇතුර්‍ළු අනෙකුත් භාණ්ඩ දැඩි සෝදිසියකට ලක්කළේය. පොලිස් නිලධාරින්ගේ දෑස් උඩ ගියේය. නෝට්ටුවලින් පමණක් රුපියල් හතළිස් දෙදහසක මුදලක් යාචකයා සතුවිය.
කොරෝනා මැද හිඟා කෑ යාචකයාගේ බෑගයේ හතළිස්දාහක්
0
hp_train_2034
    රංජිත් රාජපක්ෂ නොර්වුඩ් වතු සමාගමට අයත් යැයි කියන නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ හෙක්ටයාර් ½ ක පමණ වන වගා භූමියක් ගිනිගත්හේන  ප්‍රාදේශීය ලේකම්වරයා ගැසට් නිවේදනයක් මගින් අත්පත් කර ගැනීමට එරෙහිව එම වතු සමාගමේ වතු කම්කරුවෝ උද්ඝෝෂණයක් ඇරඹුහ.හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ඉදිරිපිට කාසල්රි ජලාශයට යාබදව පිහිටි එම ඉඩමට පිවිසෙන මාර්ගය අවහිර කරමිනුයි අද (6) උදෑසන සිට වතු කම්කරුවන් උද්ඝෝෂණයක නිරතව සිටියි.එම වතු සමාගමට අයත් නොර්වුඩ් , නිවිවෙලි , රොක්වුඩ් ,ග්ලැන්කන්  යන වතුවල වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් මෙසේ උද්ඝෝෂණයක නියැලී සිටියි.තමන් වසර ගණනාවක් තේ දළු නෙළු එම ඉඩම මේ වන විට වතු සමාගම විසින් යුකෙලෙප්ස්ටික් වන වගාවක් සිදුකර ඇති බවත් , ඉඩම් කැබැල්ලක් හෝ නොමැති තමන්ට ඉඩම් කැබැල්ලක් ලබා නොදි තම වතුයායේ ඉඩම් ගිනිගත්හේන  ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පිටස්තර අයට ලබා දිමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවෝ පැවසුහ. 
බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක
1
hp_train_2035
(ශාන්ත චන්ද්‍රසිරි) තලවකැලේ, ලිඳුල අග්‍රාකන්ද වතුයායේ වතු ලයිම් නිවාස පේළියක අද (28) ඇති වූ ගින්නකින් වතු නිවාස 10 ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. එම වතු නිවාසවල පදිංචිව සිටි පුද්ගලයන් 75 කු අවතැන්ව ඇති අතර, ඔවුන් එම වතුයායේ සංස්කෘතික මධ්‍යස්ථානයේ හා දේවස්ථාන ගොඩනැගිල්ලක දැනට තාවකාලිකව නවතාලීමට පියවර ගෙන තිබේ. ගිනිගත් එම වතු නිවාසවල තිබු වතු කම්කරුවන් සතු ගෘහ උපකරණ, ළමුන්ගේ පාසල් පොත් හා උපකරණ,  වටිනා ලියකියවිලි   ඇතුළු  දේපල සියල්ලම විනාශයට පත්ව ගොස් තිබිණි. වතු කම්කරු නිවාස පේළියේ එක් නිවසක ඇතිව තිබු ගින්න අනෙකුත් වතු නිවාසවලටද පැතිරී ගොස් ඇති බවත්, ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසයි. ලිඳුල  පොලීසියේ නිලධාරීන් හා වතුයායේ වතු කම්කරුවන් එකතුව ගින්න නිවා දැමීටට දැඩි වෙහසක් ගනු ලැබුවද එය අසාර්ථක වී ඇත. ගින්න සම්බන්ධයෙන් ලිඳුල පොලීසිය  පරීක්ෂණ ආරම්භ කර තිබේ.
තලවකැලේ වතු නිවාස පෙළක් ගිනි ගනියි
0
hp_train_2036
(රංජිත් රාජපක්ෂ)                      බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ලින්ස්ටඩ් වත්ත පහල කොටසින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ කොටසක් හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසූහ.බගවන්තලාව ලිනිස්ටඩ් වත්තේ පහල කොටසේ එකම පවුලේ පස් දෙනෙකු සහ ව්‍යාපාරිකයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම අසාදිතයන් හය දෙනා ඊයේ (01) දින රාත්‍රියේ හම්බන්තොට සහ මාතර කමුරුගමුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට කටයුතු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂක පැවසිය.අසාදිතයන් පදිංචි නිවාස වලට ආසන්නයේම පවුල් 32 කට අයත් සමාජිකයන් 120 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර එම පවුල් 32 පදිංචි වතු නිවාස කොටස (01) දින රාත්‍රියේ සිටම හුදකලා කල බවත් ,එම පවුල් වල සමාජිකයන්ගේ පි.සි.ආර් පරික්ෂණය (02) දින සිදු කල බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සඳහන් කළහ. 
බගවන්තලාවේ පවුල් 32 ක් - සිසුවියන් 11 ක් නිරෝධායනයට
0
hp_train_2037
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා (වියානා - සවීනා) ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමක් අද (04) නාරාහේන්පිට පිහිටි  වෘත්තීය පුහුණු අධිකාරිය  ප්‍රධාන කාර්යාලයේදී  අත්සන් කළේය.එහිදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ සහ EURO Cosmetics ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ගැමුණු වීරවර්ධන යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.(ඡායාරූප - ශාන්ත රත්නායක)  
වෘත්තීය පුහුණු අධිකාරිය වියානා - සවීනා ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට
0
hp_train_2038
(ඩයනා උදයංගනී)දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට බලපා ඇති තද වැසි සහිත කාලගුණය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව අදත් (15) දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර, බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ඔහු කීවේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
වැසි තත්ත්වය දින කීපයක් දිගටම
1
hp_train_2039
මෙලොව උපදින  ඕනෑම මිනිසෙකුට බලාපොරොත්තුවක් ඇත. විටෙක නැගිටීමට හේතුවක් වනු ඇත. බලාපොරොත්තු පෙණ පිටක් සේ වුවත් පිරිසිදු අරමුණක් වී බලාපොරොත්තුව අධිෂ්ඨානය කර ගැනීමට සිත ශක්තිමත් කරගත යුතුය. මාගේ එකම අරමුණ නොනැවතී ගමන් ගන්නා වූ සංසාර ගමනින් මිඳීමයි. එය නම් නිර්වානයයි. බෞද්ධයන් වන අපගේ එකම අරමුණ විය යුතු යුත්තේ නිවන මඟ මඟ පසක් කර ගැනීමයි. ඒ සඳහා දැනගත යුතු දෙය කළ යුතු මෙය බොහෝය. මරණ දැන්වීමක ”නිවන් සැප ලැබේවා.” කියා තිබූ පමණින් නිවන් මඟ යා නොහැකිය. බෞද්ධ යනු බුද්ධිමත් (දැනගත්) යන්නයි. දැනගත් පමණින් බුද්ධිමතකු වන්නේ නැත. දැනගත් දේ අවබෝධ කරගත යුතුය. පිළිපැදිය යුතුය. ඔහු හෝ ඇය බෞද්ධයෙකි. උගතෙක් වූ පමණින් බුද්ධමතකු වන්නේ නැත. බෞද්ධයෙකු වීමට අපට වාසනාව පෑදුනේ කොහොමද? පෙර ආත්මයක කල කුසල් බලයක් හේතුවෙන් නිරෝගි කයක් (ශරීරයක්) ඇතිව ඉපදීමත් නිවැරදි දේ දැනගෙන අවබෝධ කර ගැනීමට හැකි සිතක් ලැබීමත්, සාර්ථක ජීවිතයක් ගත කිරීමට උදව් උපකාර කළ හැකි පින්බර මවක් සහ පියෙක් ලැබීමත් නිවැරදි ගමන් මඟක යාමට බුදුවරයෙකු පහළ වූ කාලයක උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනා සේ ශ්‍රී සද්ධර්මය පවතින රටක ඉපදීම බෞද්ධයකු වීමට හේතුවයි. බෞද්ධයකු වූ අපගේ අරමුණ නිර්වාණය කරා යාම නම්, නිර්වාණය යනු ඉපදීම නැවත්වීමයි. දුකට හේතුව ඉපදීම නිසා වූ හෙයින් එය නැතිකර ගැනීමේ මාර්ගය සොයා 2014 මාර්තු 28 වන දින මාගේ 55 වන උපන් දිනයේදී ගිහි ජීවිතයෙන් මිදී පැවිදි වූයේ ස්වාමි පුරුෂයකු සතු පියෙකු සතු සියලූ වගකීම් යුතුකම් ඉටුකර අවසන් නිසා නමට බෞද්ධයෙකු වී පලක් නැති බව සිතුන නිසාය. ගිහිව සිටි කාලයේත් දහම් කටයුතුවල නිරත වු මාගේ අරමුණ වූයේ පැවිදිව මා කළ යුත්තේ ද මා නිවන් මඟ දැන ගන්න ගමන් මාගේ දැනුම අන් අයටද කියා දි අන් අයවද මේ සසර දුකින් අත්මුදවා ගැනීමය. දින සති මාස ගණන් වලට මාගේ පැවිදි ගමන ඉදිරියට යද්දි මා හට සිතුනේ දුශ්ශීලව ගත කරන චීවරධාරියෙකුට කලින් මස්කඩ මුදලාලි කෙනෙකුට නිවන් දැකිය හැකි බවයි. අහිංසක සතෙකුගේ ජීවිතයක් නැතිකර එය විකුණාගෙන ජීවත්වන මිනිසෙකුට වඩා අප ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ශ්‍රී නාමයටත් නිර්මල අකාලික ශ්‍රී සද්ධර්මයටත් මුළු සතය පරපුරටමත් නිගා කරමින් අපහාස කරමින් තමන්ගේ කායික මානසික පහත් ආශාවන් ඉටුකර ගනිමින් වංචනිකව අහිංසක මිනිසුන් මුලාවේ දමමින් කරන අපරාධය, පාපය පෙර කි සත්ව ඝාතකයාට වඩා කල්ප ගණනාවක් නරකාදියේ ඉපදීමට  කර ගන්නා පාප කර්මයක් බව සිතුනි. නිරයේ කල්ප ගණනාවක් දුක් විඳ මිනිස් ආත්මයක් ලැබුවත් එය ලැබෙන්නේ කල පාපකර්මය විඳවා මරණය සිදුවීමය. (මා මේ කියන දෙය සියලූම ආගම්වල දුශ්ශීල පූජ්‍ය යැයි කියන අය සඳහාය) මාස 07 ක් වැනි කාලයක් තුළ චීවරදාරියෙකුට නුසුදුස කි‍්‍රයාවන් දකිමින් අපායකින් මිදීමට තවත් අපායකට ආ බව සිතුන වාර අනන්තය. රටේ රජවරු පවා වැඳ නමස්කාර කරන වැරදි චීවරධාරින් විටෙක පියවරුන්ය. සීනි තේ කොළ පිරිකර වෙළෙඳුන්ය. ඉඩම් හිමියන්ය. වාහන වෙළඳුන්ය. ආදරවන්තයින්ය. වංචාකාර සම්මාදන්කරුවන්ය. වශී ගුරුකම් පැන්නුම් කරන අයය. මංකොල්ලකරුවන්ය. ස්තී‍්‍ර දූෂකයින්ය. ළමා අපචාරකයින්ය. මාධ්‍යයෙන් ලොවම දකින ආකාරයට පූජනීය කියූ වැදගත් උසස් යැයි කියූ හිමිවරු පාතාලයින් වගේය. සිවුරෙන් ඇඳලා අරගෙන බෙල්ල මිරිකන අවස්ථාද, පොලූ ගල් අරගෙන දේපල කුඩු කරන අවස්ථාද රජයේ වැදගත් ස්තානවලට ගොස් එම උසස් නිලධාරින් ගරු බුහුමන් කරද්දි අශෝබල ලෙස හැසිරෙමින්ද, පාතාල සංවිධාන මෙන් රටට ජාතියට ආගමට ලෙන්ගතුකමක් නැති දේශපාලූවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට වංචනික ලෙස බොදු නම සඳහන් කරගෙන පෙනී සිටීමෙන්ද ආරක්ෂාවට ගස් උඩ නගිමින්, නුසුදුසු ආකාරයට උද්ඝෝෂණවලට සහභාගි වෙමින් පොලිස් බැටන් පොලූ පහරවලට ලක් වෙමින් සිදු කරන්නේ අනුගමනය කරන්නේ බුදු දහමේ න්‍යායට අනුවද මෙවැනි පාපකාරී දුශ්ශීල කි‍්‍රයාවල යෙදෙන්නේ හොඳ නරක කියා දීමට සිටිනා මිනිසුන් වන්දනීයැයි පූජනීයැයි කියන අය නොවේද? දුක නැතිකර ගැනීමේ මාර්ගය කියා දෙන්නේ. අනුකම්පාව, කරුණාව, දයාව පෙර දැඩි වූ බුදු දහම තුළින් අසරණ බෞද්ධයින්ගේ දුක නිවන්නේ මේ ආකාරයටද? අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැමට සෙත සැලසෙන ධර්ම දේශනාවක්, පිරිත් දේශනාවක් කළේ ගමන් වියදම් යැයි කියා බිල්පතක් කඩලාද?මා හිතන විදිහට මෙවැනි දේ සිදු වීමටද  ඉඩදී අප නායක ස්වාමීන් වහන්සේලා නිහඬව සිටීමට හේතු කීපයක් ඇත. මේ පළමු එකනම් ධම්ම පදයේ මුල් ගාථාවේ තේරුම සත්‍ය නිසාද,දෙවෙනි යකඩය නැතිවීමට හේතුව යකඩයෙන්ම ඇතිවන මළකඩ නිසාද, තෙවැනුව නායක ස්වාමින් වහන්සේලාට වඩා බල පුළුවන්කාර කමක් දේශපාලූවන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරන දුශ්ශීල චීවරධාරින්ට ඇති නිසා කළුගලේ ඔළුව ගසා ගන්නේ නැතිව ලැබෙන දේ වළඳා වෙන දේ නොදැක්කා සේ සිටීමද, මාගේ මේ අදහස් ශීලවන්ත හිමිවරුන්ගේ කෝපයට  හේතුවක් නොවන බව සිතමි. එයට හේතුව නම් වැරදි දේ වැරදි ලෙසත් නිවැරදි දේ නිවැරදි ලෙසත් තේරුම් ගැනීමට හැකි බුද්ධිමත් ශීලවන්තකම නිසාය.මේ හේතූන් නිසා, පැවිදි දී බුදු දහම වෙනුවෙන් විශාල දෙයක් කිරීමට හැකියාව ලැබේ යැයි සිතුවත් පැවිදි ජීවිතය පටන් ගත් තැන සිටම ඇතිවූ කලකිරීම මාද මේ පාප කි‍්‍රයාවලට සුළුවෙන් හෝ සම්මාදන් වෙන බව දැනිණි. රැකියාව වශයෙන් හමුදා ජීවිතයක් අවුරුදු 22 ක් ගත කළ මා හට පැවිදිව සිටි කාලයේදි වැරදි දේ දැකීමෙන් ඉවසීම සීමාවන අවස්ථා උදා විය. නිවන් මඟ සොයා පැමිණි මා වැරදි මාර්ගයකට අවතීර්ණ වන බව දැනුණු අතර නිවන් මඟ යාමට ගිහි පැවිදි භේදයක් නොමැති  බවත් මහණකමහෝ උපාසකකම ඇත්තේ කහ සිවුරේවත් සුදු ඇඳුමේවත් නොව පිරිසිදු යහපත් ගුණගරුක නම්‍යශීලි බුද්ධිමත් හදවතක් තුළ බවය. නිවන් යාමටවත් බුදු දහම දන්නා තරමින් කියා දීමටවත් උපවැදි වීම බාධාවක් නොවන නිසා 2014 ඔක්තෝබර් මස පැවිදි ජීවිතයෙන් ඉවත් විය.”ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” හිරු සඳු නොනැවතී බැබලෙනවා සේම මේ වචන විශ්වයේ බැබලෙමින් ප‍්‍රතාහාර්ය පාන බව නමස්කාර පූර්වකව සිහිපත් කළ යුතුය. මීට වසර 2600 ගානට ප‍්‍රථම අප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකය විනාශ වන අවසාන කාලය වන විට බුදු දහම බැබළෙමින් පවතින්නේ ලංකාද්වීපයේ බවයි. ඒ බව ශ්‍රී ලංකා වාසින්ට සනාත වූයේ මීට වසර ගණනාවකට පෙර සිදුවූ සුනාමියයි. එක බුදුපිළිම වහන්සේ නමක්වත් නොසෙල්වී තිබුණ බව බෞද්ධයින් වන අප ගෞරවයෙන් මතක් කළයුතුය. වනවාසි භික්ෂුන් වහන්සේලා බුදු දහමට අනුකූලව ජීවත් වන බවද සඳහන් කරන්නේ  බුදු දහමේ වටිනාකම ගෞරවයෙන් පිළිබදින ගරුතර යැයි කිව හැකි පිරිසක් සිටින බවද ශාසනා ලැදිව සඳහන් කරමින් අනාගතයේදී රහතන් වහන්සේලා ශ්‍රී ලංකා භූමියේදී ලොවටම දකින්නට හැකි වේවි.මාගේ උපවැදි වීමේ ලිපිය බාර දීමට ගිය අවස්ථාවේදී බුද්ද ශාසන අමාත්‍යාංශයේ සිටි හිමිනම මාගෙන් ඇසුවේ උපවැදි වීමට හේතුව කුමක්ද කියාය. මා පැවිදි වූයේ බුදු දහම තුළින් නිවරදි දෙයක් කිරීමට මිස රැකියාව නැති අඩුපාඩුව සම්පූර්ණ කරගැනීමට නොවන බව මාගේ පිළිතුර විය. පිළිතුර එසේ වන විට උන්වහන්සේ පැවසුවේ හැම තැනම එක වගේ නැති බවය. නමුත්, මා හට නිසි තැනක් හමුවූයේ නැත. දුටුවේ නැත. අවසානයේදි පෙර කී වචනය සනාථ කරමින් ගෞරවණීය හිමිනමක් දුටුවේය. උන්වහන්සේ මාව පිළිගත් ආකාරය, කතා කළ ආකාරය, හැසිරුණ ආකාරය ඉතාම විනීතය. ශීලවන්තය, ඒ රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවන ගෞරවණීය නාපාන පේමසර හිමිපාණන්ය. වන සිවුපාවුන් මැද දේවි දේවතාවන් සිටින බව දැනුණි.සියලූ දේ අතහැර නිර්වාණය ශාක්සාත් කර ගැනීමට කසාවත් ඉල් පාවිදි වන අය දුශ්ශීල වන්නේ මා මාතෘකාවෙන් කියූ පරිදි තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා සිත මහණ නොකොට ගත පමණක් මහණ කිරීම නිසාය. වර්තමානයේ වැඩි පිරිසක් මේ ගමනට අවතීරණ වන්නේ දුගි දුප්පත්කම මඟ හරවා ගැනීමට සුදුසුකම් අවශ්‍ය නැති ලාභ ලැබිය හැකි රැකියාවක් ලෙසය. උසස් අධ්‍යාපනයක් කරා යාමට සිතාය. (උපාධිය ගත් පසු සිවුර බණ මඩුවේ මුල්ලකය.) ඥාති සම්බන්ධතාවය අනුව දේපල හිමිකම් බාර ගැනීමටය. වයසට ගොස් අසරණ වූවාට පසුවය. තවත් අභිමතාර්ථයන් මත පැවිදි වන අය ඇත. ”සබ්බ දුක්ක නිස්සරණ නිබ්බාන සච්ජිකරනන්තාය” යන පාඨයේ තේරුම පිළිපැදීමට පැවිදි වන අය නැතුවාම නොව දුර්ලභය. පැවිද වූවාට පසු මහණකමේ පිළිවෙත් ආරක්ෂා කළ යුතුය. එයට ලොකු කුඩා භේදයක් නොකොට ගත යුතුය. රාහුල පොඩි හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් සමඟ කාලය ගත කරන වේලාවක වැසිකිළි  වලක නිදා ගත්තේ පැවිදි වූවාට පස් සාමනේර නමක් මිස ඥාති සම්බන්ධතාවයක් නොදැනුන නිසාය. එයයි අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සසුනේ ආරක්ෂාව ගෞරවය විනීත බව කියාදුන් ආකාරය. වර්තමානයේ පොඩි හාමුදුරුවෝ (සැම ම නොවේ) ලොකු හාමුදුරුවන්ගේ හුරතලාය. නොතේරෙන මේ පොඩි අය සිවුර බිම දමා ගස් නගිති. හැංගි මුත්තං කරති. කි‍්‍රකට් ගසති. ප‍්‍රශ්නයක් වූ විට ඔළු පලා ගනිති. දානය ගන්නා විට මාළු කෑල්ලේ කටු ඇරදීමට ලොකු හාමුදුරුවන්ට සිදුවන අවස්ථා ඇත. රාති‍්‍රයේදී සැතපෙන විට ටෙඩිබෙයා අවශ්‍යය. නොතේරෙන වයසකදී කියා දුන්නත් තේරුම් ගැනීමට නොහැකි පොඩි ළමයෙකු මහණ කිරීම හාස්‍යයට ලක්ව අවස්ථා ඇත. සුදුසු කාලය පැමිණෙන තුරු පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සසුනේ පිළිවෙත් දැන ගනිමින් ගුරු ගෞරවය රැුක ගැනීමට හැකි ස්වාමීන් වහන්සේ නමක් යටතේ ගිහියෙකු වශයෙන් විහාරස්ථානයේ සිට පසුව මහණ කළ යුතුය. හාමුදුරුවන්ගේ  අඩුව පිරිමැසීමට අන්ධයෝ ගොළුවෝ කොරු අබ්බගාතයෝ මෝඩයෝ පැවිදි නොකළ යුතුය. නිසි පිලිවෙත බුදු දහමේ පැහිදිලිව කියා ඇත. එසේ නොවන විට සිදුවන්නේ ”පෑදි දියට බොර දිය එක්කළා සේ” ය. අප බුදු රජාණන් වහන්සේගේ කාලයේත්  මීට අවුරුදු 75 කට පමණ පෙර කාලයේත් පැවිදි අයෙකුගේ ශාන්ත බව සංවර බව නිහතමානී බව ගෞරවයක් ලැබිය යුතු හිමි නමක් බව ඇසින් දැක ගැනීමට හැකි වූ නිසා කුඩා භේදයක් නොවීය. වර්තමානයේ පිරිසක් බුදු දහමේ ගෞරවය කෙලෙසන නිසා කල්පනාකාරි විය යුතුය. නැතහොත් සිදුවන්නේ තවත් අසංවර දුශ්ශීලයින් පිරිසක් බිහි වීමය.මේ සියල්ලටම විසඳුම මා උපවැදි වීමද මා මාගෙන්ම ඇසුවෙමි. නැත. මෙම කි‍්‍රයාවලිය නිවැරදි කිරීමට උත්සාහ කළ යුතුය. මෙම නිවැරදි කිරීමට බැරි වුවත් අපවත් නිවැරදි වීමට උත්සාහ ගත යුතුය. එයට අවශ්‍ය වන්නේ බුදු දහම පිළිබඳ විශ්වාසයයි. මෙතෙක් මා සමඟ සිටි සියලූම දෙනාට මම ආරාධනා කරන්නේ ඇති හැකි අය එකතු වුවොත් නැති බැරි අසරණයින්ට පිහිට වීමට හැකි නිසා අඩුම තරමේ පන්සිල් පද පහේ තේරුම දැනගෙන ජීවත් වීමට මිනිසුන් පිරිසක් බිහි කළ යුතු බවයි. මෙයට අවශ්‍ය වන්නේ මුදලට වඩා දැනුමයි. කීප දෙනෙකුගේ දැනුම තව පිරිසක් දැනුවත් කිරිමට හැකිවනු ඇත. ගිහියෙකුව සිටි කාලයේත් පැවිදිව සිටි කාලයේත් මා සමඟ එකතු වී සිදුකළ ශාසනික හා සමාජීය කටයුතු මින් ඉදිරියටත් කරගෙන යාම මාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා මගේ ධර්ම සාකච්ඡා වලට, ධර්ම දේශනාවලට, දවස පුරා කළ භාවනා වැඩසටහන්වලට, දන්දීම්, පොදු සමාජ සේවාවන් වලට උදව් උපකාර වුත්. අන්තර්ජාලය ඔස්සේ මාගේ දහම් පති‍්‍රකා කියවූ සියලූම පිංවතුන්ට මා සමඟ එකතු වී මේ අප ලබාපු දුර්ලභ මිනිස් ආත්මය තුළින්ම අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ පරිදි දුක නැතිකර ගැනීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන, නිර්වානය සාක්සාත් කරගැනීමට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා යන්න මාගේ මතු ප‍්‍රාර්ථනාව බව ශාසනාලැදිව ප‍්‍රකාශ කර සිටිමි.මා මේ ලිපිය ඉදිරිපත් කරන්නේ මා පිළිබඳව දැන සිටින ශ‍්‍රාවකයින්ට මා උපවැදි වූ බවත් එයට හේතුවත් දැනුම් දීමත් පිරිසිදු නිර්මල බුදු දහම වෙනුවෙන් ඉදිරියටත් ඇපකැප වී සිටින බව ශාසන ළැදිව දැනුම් දීමටයි.සෝමතිලක හෙට්ටිආරච්චි(පැවිදිව සිටි කුලියාපිටියේ ධම්ම ගවේෂි හිමි)
‘මහණ කළ යුත්තේ සිතයි : ගත නොවේ‘
1
hp_train_2040
කොළඹ ප්‍රදේශයේ කලාප 13 කට හෙට (14) පස්වරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.කොළඹ 01,02,03,04,07,08,09,10,11,12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම කප්පාදු කරන බව එම මණ්ඩලය සඳහන් කරයි.කොළඹ 05 සහ 06 යන ප්‍රදේශවලට අඩු පීඩන මට්ටමකින් ජලය සැපයීම සිදුකරනු ලැබේ. 
කොළඹ වතුර කැපීම බරපතල තත්ත්වයක
1
hp_train_2041
පසුගිය බදාදා පාර්ලිමෙන්තුවේදී අයවැය දෙවනවර කියවීම තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීම රජය ඉදිරියේ කොළ එළියක් දක්වා තිබෙන්නකි.මේ අතරම විධායක ජනපතිධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටීමද රටේ අනාගතය සැළකීමේදී වැදගත් කරුණකි.නමුත් මේ සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවේ වැඩි අවදානයක් දැනට යොමුව නැත.හොඳ ලකුණු මධ්‍යෙය්ම ජනපති මෛත්‍රීපාල සිරිසේනට හා අගමැති වික්‍රමසිංහ දෙදෙනාම ඉදිරියේ ඇත්තේ බාධක ගහණ ගමනක් බව කීමේ වරදක් නැත. මෙය ජනපති සිරිසේන සම්බන්ධයෙන් සැළකීමේදී තරමක් බරපතල බව පෙනෙන්නට ඇත.ජනපතිධූරයට පත්වූ දිනයේ පටන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පක්ෂ සාමාජිකයින්ගේ සහය තමන් වෙත දිනාගැනීමේ නිරන්තර උත්සාහයක ඔහු නිරතව සිටියේය.නමුත් අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශවූ ආකාරය දෙස බැලීමේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර බෙදීම තවමත් පවතින බවට ලකුණු හඳුනාගත හැකිය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙල ගැසුණු ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් අතරින් ඇතැමෙක් සිරිසේනගේ නායකත්වය මේ වන විට පිළිගෙන සිටිතත් අනෙක් කොටස තවමත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින බව එයින් පැහැදිලි වුනි.ජනපතිවරයාගේ ඉල්ලීම නොසළකා හැරි ඔවුහු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.දැන් පැනය වන්නේ පෙර කියූ ලෙස ඡන්දය ප්‍රකාශ නොකළ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ජනපති සිරිසේන කටයුතු කරනු ඇතිද යන්නයි.නමුත් පක්ෂ ආරංචි මාර්ග වලට අනුව එවන් පියවරක් ගතහොත් ගැටලු තවත් සංකීර්ණ වනු ඇති බැව් සළකා දැනට එවැනි ක්‍රියාමාර්ගයකට එළැඹීමෙන් වැළකී සිටීමට ජනපතිවරයා කටයුතු කිරීමේ ඉඩක් ඇත. උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජපක්ෂට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නැගී තිබෙන වංචා දූෂණ හා අත්තනෝමතික පාලන කටයුතු චෝදනා සම්බන්ධ පරීක්ෂණ තවත් තදින් ක්‍රියාත්මක වනු ඇතිය යන්න පක්ෂයේ තවත් කොටසකගේ මතයයි. රාජපක්ෂගේ පාර්ලිමෙන්තු කතාවආරක්ෂක අමාත්‍යංශයේ වැයශීර්ෂය සම්බන්ධයෙන් පැවැති කමිටු අදියරේ සාකච්ඡාවේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පලකළ අදහස් වලට වැඩි මාධ්‍ය අවධානයක් හිමිව තිබුණේ නැත.පසුව අභයාරාම පන්සලේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අයවැයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් සිදුකළ අතර ජාතික ආරක්ෂාව දෙවැනි තැනට දමා තිබෙන රජය අන්තර්ජාතික පීඩනය හමුවේ දරුණු ගණයේ ත්‍රස්ත කටයුතු වල නියැළී ඇති බවට සාක්ෂි ඇති පුද්ගලයින් වහවහා නිදහස් කිරීමේ යෙදී සිටින බවට චෝදනා කළේය.මෙවන් පුද්ගයින් අත්ඩංගුවට ගැනීම සඳහා යෙදාගැනුණු ත්‍රස්ත කටයුතු වැළැක්වීමේ පණත අද හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට යොදාගනිමින් තිබෙන බවද කීය. ‘ආරක්ෂක අංශ වලට කුමන හෝ චෝදනාවක් නැගී තිබෙනවානම් ඒ චෝදනා විභාග කරන්න වුවමනා රටේ සාමාන්‍ය නීතිය යටතේ නැතිනම් හමුදා නීතිය යටතේ.අපේ රට වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරලා තියෙන ආරක්ෂක අංශ වලට ඒ විදිහට සළකන එක අපේ යුතුකමක්.‘‘එච්චරක් නොවෙයි.විදේශ රාජ්‍ය නියෝජිතයින් අපේ රටට පැමිණිලා උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ජනපතිට බලපෑම් කරමින් ඉන්න බවටත් තොරතුරු ලැබිලයි තියෙන්නේ.‘ එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපතිනිය වන සමන්තා පවර් මහත්මියගේ ශ්‍රීලංකා සංචාරය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ රාජපක්ෂ ඇයව ත්‍රිකුණාමලයේ නාවික හමුදා මූලස්ථානයේ නීරීක්ෂණ චාරිකාවක රැගෙන ගියේ යැයි රජයට චෝදනා කළේය. ‘විදේශ සංවිධාන වල නිලධාරීන්ට ශ්‍රීලංකාවේ ආරක්ෂක මර්මස්ථාන වලට ලෙහෙසියෙන්ම ඇතුල් වෙන්න අවස්ථාව ලබා දීලා.අපිට මේ වෙලාවේ මතක් වෙන්නේ 2002  මිලේනියම් සිටි පාවාදීම.‘ හිටපු ජනපතිවරයාගේ මේ අදහස් ප්‍රකාශ කිරීම හමුවේ අන්තර්ජාතික අධිකරණ පද්දතියක් මෙරට පිහිටුවීම සම්බන්ධයෙන් නුදුරේදී පැවැත්වීමට නියමිත පාර්ලිමෙන්තු විවාදයේදී රාජපක්ෂ හිතවාදීම් ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ඇත.මේ හමුවේ අදාළ යෝජනාව පරාජයවී රජය අපහසුතාවට පත්වනු ඇත්දැයි සැකයක්ද මතුවේ. වත්මන් ජනපතිවරයා හා හිටපු ජනපතිවරයා දෙදෙනද එකිනෙකාට චෝදනා එල්ල කරගැනීමේ ව්‍යායාමකට නිතරව සිටිනු පසුගිය දින කිහිපයේදී දැකගත හැකිවුනි.ජනපති සිරිසේන එක් අවස්ථාවකදී අදහස් පලකරමින් තම දරුවන්ට හෙලිකොප්ටර යානා වලින් ගමන් යන්නට අවස්ථා ලබාදීම හෝ තමන් විදේශ සංචාර වලට සියගණනක් පිරිවර සහභාගී කරගැනීම හෝ නොකළ බව කියා සිටියේය.මෙය හිටපු ජනපතිවරයාට එල්ල කෙරුණකි.හැරෙන තැපෑලෙන් මෙයට පිළිතුර දුන් රාජපක්ෂ දැන් චෝදනා කරන පුද්ගලයින් එවක තම රජයේද සිටි බවත් නමුත් කිසිඳු චෝදනාවක් නැගූ බවට මතකයක් තමන්ට නැති බවත් පැවසීය.පසුගිය රජයේ සෞඛ්‍යය ඇමැතිවරයා ලෙස කටයුතු කළේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනය. ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පක්ෂයයි.පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණයේදී නිදහස් පක්ෂය තරග වැදුණේද නිදහස් සන්ධාන නාමය යටතේය.සන්ධානයෙන් පාර්ලිමෙන්තුවට මන්ත්‍රීවරු 96 ක් තේරීපත්වුනි.නමුත් අයවැය ඡන්ද විමසීමේදී එයින් අර්ධයකට වඩා පිරිසක් එනම් 46 ක පමණ පිරිසක්, තවතමත් සිරිසේනගේ නායකත්වය පිළිනොගන්නා බව පැහැදිලිව පෙනී ගියේය.ඔවුන් අතර සන්ධානයේ අනෙක් හවුල්කාර පක්ෂ වල සාමාජිකයෝ 11 දෙනෙක්ද සිටියහ.මහින්ද රාජපක්ෂ,මනූෂ නානායක්කාර,ජනක බණ්ඩාර තෙන්නකෝන්,ලොහාන් රත්වත්තේ,ප්‍රේමලාල් ජයසේකර,සිරිපාල ගම්ලත්,හා ගීතා කුමාරසිංහ ඡන්දය විමසන අවස්ථාවේ සභාගර්භයේ නොසිටියහ. රෝහිත අබේගුණවර්ධන,මහින්ද යාපා අබේවර්ධන,දිලුම් අමුණුගම,ඩලස් අලහප්පෙරුම,මහින්දානන්ද අලුත්ගමගේ,චන්ද්‍රසිරි ගජධීර,උදය ගම්මන්පිල,දිනේෂ් ගුණවර්ධන,බන්දුල ගුණවර්ධන,පද්ම උදයශාන්ත ගුණසේකර,එස්.එම්.චන්ද්‍රසේන,ඩී.වී.චානක,සිසිර ජයකොඩි,සී.බී.රණතුංග,නාමල් රාජපක්ෂ, ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායමක් හා අනුර කුමාර දිසානායක,බිමල් රත්නායක,සුනිල් හඳුන්නෙත්ති,සහ විජිත හේරත් යන ජනතා විමුක්ති පෙරමුණු පාරලිමෙන්තු මන්ත්‍රීවරු පිරිස අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. ජනපතිවරණ ජය සමගම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වයද මෛත්‍රීපාල සිරිසේනට හිමිවිය.එසේ වූයේ නිදහස් පක්ෂ සාමාජිකයෙක් රටේ ජනපතිවරයා වන්නේ නම් ඔහුට පක්ෂයේ නායකත්වයද හිමිවන ලෙසට නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තම පාලන සමයේදී මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබීම නිසාය.ඔහු මෙසේ පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධන කළේ එවක ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පක්ෂයේ කටයුතු වලට මැදිහත්වීමට ඇති අවස්ථා ඇහිරීමේ අරමුණෙනි.අවසන දෛවයේ සරදමක් මෙන් ඔහුටම එය අත්විදින්නට සිදුවිය.දින සියයයේ රජයේ ඇතැම් අමාත්‍යධූර මහින්ද හිතවාදීන් ලෙස සැළකුණු ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට ලබාදීමටද ජනපති සිරිසේන කටයුතු කළේය.පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට දින කිහිපයක් ගතවීමට තිබියදී හෙතෙම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි සුසිල් ප්‍රේමජයන්ත හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කරමින් සිටි අනුර ප්‍රියදර්ශන යාපා දෙදෙනව වහාම එම තනතුරු වලින් ඉවත් කළේය.යාපාගෙන් හිස්වූ නිදහස් පක්ෂ මහලේකම් ධූරය පිරැවීමට ජනපති සිරිසේන තෝරාගත්තේ තම හිතෛශීයයෙක් වූ දුමින්ද දිසානායකවය.මෙසේ කටයුතු කළ නමුත් තමන්ට එරෙහිව නැගුණු පීඩනය හමුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරගවැදීමට අවස්ථාව ලබාදීමටත් ඔහුව පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තැනැත්තා ලෙස පිළිගැනීමටත් අවසානයේදී ජනපති සිරිසේනට සිදුවිය. මැතිවරණය අවසානයේ නැවත වරක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තම ස්ථානය තහවුරු කරගැනීමේ කටයුතු වල ජනපති සිරිසේන නැවත වරක් නිරත විය.එක් පියවරක් ලෙස මැතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයින් කිහිප දෙනෙකුටම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තු වරම් ලබාදීමටද,ඔවුන්ගෙන් ඇතැමෙක් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කිරීමටද ඔහු කටයුතු කළේය.මෙයත් සමග ජනපතිවරණ සමයේ ඔහුට හිමිව තිබූ දේශපාලන පිළිගැනීම හා ජනතා ප්‍රසාදය ක්‍රමයෙන් වියැකී යාමට පටන්ගත්තේය.දුන් පොරොන්දු කඩකළ බවට ඔහුට චෝදනා නැගිණ.පසුගිය සතියේද පරාජයට පත්වූ තවත් අපේක්ෂකයින් තිදෙනෙක් හා ප්‍ර‍ෙදෙශීය සභා සභාපතිවරයෙක් අලුතින්ම ඇතිකෙරුණු තනතුරු වලට පත් කෙරිණ.විශේෂ කටයුතු සම්බන්ධ ඇමැතිවරයෙක් ලෙස ලෙස පරාජය වූ සරත් අමුණුගම මහතා පත්කළ අයුරින් මෙම පුද්ගලයින් පිරිසටද අලුතින් ඇතිකෙරුණු තනතුරු ලැබී තිබේ.පරාජය වූ එක් අපේක්ෂකයෙක් ඌව පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත්කර ඇත.පරාජිත එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා මධ්‍යම පළාත් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් ලෙසද,ශාන්ත බණ්ඩාර මහතාව වයඹ පළාත් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් ලෙසද , පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි ප්‍රේමසිරි මුණසිංහ මහතාව පොළොන්නරුව විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් ලෙසද පත්කර ඇත.මෙම පිරිසට පැවරී තිබෙන රාජකාරි මොනවාදැයි මෙතෙක් ප්‍රකාශ කර නොමැත.නිල වාහන,නොමිලේ ඉන්ධන,රියදුරන් හා පෞද්ගලික කාර්යමණ්ඩලයක් යන පහසුකම්ද මොවුන්ට හිමිය. මෙවන් පත්වීම් ලබාදෙනුයේ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහය ජනපති සිරිසේන කෙරේ වන බව තහවුරු කිරීමටය.නමුත් මේවායින් වැඩක් වී නොමැති බවද ජනපති මහින්ද රාජපක්ෂ පරාජය වී සිටියත් තවමත් තරගයෙන් ඉවත්වී නොමැති බවද අයවැය ඡන්ද විමසුමේදී පැහැදිලි විය.රාජපක්ෂ හිතවතුන් ඔහුව දේශපාලනමය වශයෙන් සජීවීව පවත්වාගෙන සිටින අතරේම ජනපති සිරිසේනට ප්‍රබල පණිවුඩයක්ද ලබාදී තිබේ.රාජපක්ෂව ඇතුළු ඔහුගේ හිතවාදීන් මර්දනය කරනවාද එසේ නැතිනම් ක්‍ර මෝපායිකව ඔවුන්ගේ සහය ලබාගෙන ඉදිරියට යනවාද යන තීරණය ඇත්තේ ජනපති සිරිසේන අතය.වත්මන් තත්ත්වය සළකන විටදී නම් ඔවුන්ගේ සහය දිනාගැනීමට ඇති අවස්ථා අල්පය.ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජය අනුගමනය කරන ක්‍රියාපිළිවෙත රාජපක්ෂ කඳවුරේ දැඩි දෝෂදර්ෂණයට ලක්ව තිබෙන්නක් වන අතර මෙනිසාම ඔවුන්ගේ සහය තමන් වෙත දිනාගැනීමට ජනපති සිරිසේන කෙසේ කටයුතු කරනු ඇත්දැයි යන්න ගැටලුවකි.ඉදිරියේ එන පළාත් සභා මැතිවරණය මෙනිසාවෙන්ම දෙපාර්ශවයටම වැදගත්ය.නිදහස් පක්ෂය ලබන ජයග්‍රහණයක් ජනපති සිරිසේනට තම පක්ෂ නායකත්වය තහවුරු කරගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇති ඇත.මැතිවරණයේ ප්‍රතිඵලය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව විපක්ෂයක් ඇතිවීම හෝ නැතිවීමද තීරණය කරනු ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලනය සඳහා වන එක්සත් පෙරමුණටද වත්මන් දේශපාලන පරිසරයේ නිදහසේ හුස්ම ගැනීමට පවා හැකියාවක් නොමැත.ගැටලුවක් ගැන විසඳුමක් ගැනීමට ප්‍රථමයෙන් එම ගැටලුව සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම යනු යහපාලනය වන බව කියමින් බලයට පත්වූවද එය ක්‍රියාවට වඩා වචනයට පමණක් සීමාවී තිබෙන්නක් ලෙස පෙරමුණේ සාමාජිකයින්ට චෝදනා එල්ල වෙමින් තිබේ.මෙය හොඳින්ම දැකගත හැකිවූයේ අයවැයෙහි සඳහන් යෝජනා කිහිපයක් අරබයා  රාජ්‍ය සේවකයින් අතර ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයක් හමුවේය.අයවැයි යෝජනා ගැන අයවැයි ඉදිරිපත් කිරීමට පෙර ජනතාව දැනුම්වත් කිරීමේ හැකියාවක් නොමැති බව සත්‍යයකි.නමුත් මෙම රාජ්‍ය සේවක පිරිස රජයට චෝදනා කරනුයේ යෝජනා සකස් කිරීමට ප්‍රථමයෙන් තම අදහස් විමසා සිටීම හෝ සිදුකළ යුතුව තිබුණු බව පවසමිනි.වාහන බලපත් ලබාදීම සම්බන්ධයෙන් උද්ගතවූ තත්ත්වය මෙයට එක් උදාහරණයකි.රාජ්‍ය සේවකයින්ට මෙතෙක් ලබාදුන් වාහන බලපත් ලබාදීම අත්හිටුවීම රජයේ තීරණය විය.නමුත් මෙයට එරෙහිව නැගුණු විරෝධය හමුවේ බලපත් වෙනුවට රුපියල් ලක්ෂ 10 ක දීමනාවක් ලබා දෙන බවට සඳහන් කෙරුණි.නමුත් එයද ප්‍රමාණවත් නොවුණු තැන අගමැතිවරයා පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ කළේ වසර 10 කට වරක් බැගින් උපරිම දෙවරක් වාහන බලපත්‍ර ලබාගැනීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව ලබාදෙන බවයි.දැනට පවත්නා නීති ප්‍රකාරව වසර 5 කට වරක් වාහන බලපත්‍රයක් ලබාගැනීමට තෝරාගත් වෘත්තීන්හි නියැළෙන රාජ්‍ය සේවකයින්ට හැකිය. මුදල් අමාත්‍යවරයාට ගැටලුවක්දැන් තියෙන විදිහට බලපත්‍ර දෙන එකෙන් වෙන්නේ ලොකු පාඩුවක්.රටේ වියදමට රුපියල් බිලියන 864 ක් වුවමනායි.ඉතින් මෙහෙම වාතාවරණයක් තියෙද්දී කොහොමද මේ විදිහට බලපත්‍ර දෙන්නේ? සන්ඩේ ටයිමස් හා අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.වාහන ආනයනයට කිරීමේදී හා ලියාපදිංචි කිරීමේදී සිදුවන වංචා හා දූෂණ වලින් සැළකිය යුතු මුදලක් රටට අහිමිවන බවද දැනගැනීමට ඇතැයි කියා සිටි ඔහු ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමටද, අගමැතිවරයා පාර්ලිමෙන්තුවේ පවසා සිටි ලෙසම රාජ්‍ය සේවකයින්ට උපරිමය අවස්ථා 2 කට යටත්ව වසර දහයකට වරක් වාහන බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.පාර්ලිමෙන්තු සාමාජිකයින්ට වාහන ලබාදීම සම්බන්ධ වෙනම වැඩපිළිවෙලක් සකස් කිරීමට අවධානය යොමුව තිබෙන බවද මුදල් අමාත්‍යවරයා කීය. මුදල් අමාත්‍යංශය සිදුකර ඇති අධ්‍යනයකින් හෙළිව තිබෙන ආකාරයට මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතව තිබෙන කාලයේ බලපත්‍රලාභී රාජ්‍ය සේවකයින් මෙරටට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 3187 කි.2010 අගෝස්තු සිට 2015 අගොස්තු දක්වා කාලයේ බලපත් යටතේ ආනයනය කර තිබෙන වාහන සංඛ්‍යාව 35963 කි.මෙයින් වාහන 211 ක් එවක මුදල් ඇමැති මහින්ද රාජපක්ෂගේ විශේෂ අවසරයෙන් බද්දෙන් නිදහස් කර මෙරටට ගෙන්වා තිබේ.මෙසේ වාහන ගෙන්වීමෙන් රටට සිදුව ඇති අලාභය පිළිඹද කෙටි සටහනක් පහත දැක්වේ. 2012 - 2014 කාලයේදී බලපත් යටතේ මෙරටට ආනයනය කර ඇති  වාහන සංඛ්‍යාව 25433 කි.එනම් වසරකට වාහන 8477 ක් ප්‍රමාණයකි. මෙම කාල පරතරයේ මෙරට ලියාපදිංචි කර ඇති මුළු පෞද්ගලික රථවාහන සංඛ්‍යාව 98706 කි. මෙම කාල පරතරයේ බලපත් යටතේ වාහන 32287 ක් මෙරටට ආනයනය කර ඇත.එම ආනයනය වල වියදම්,රක්ෂණ හා නෞකා ප්‍රවාහන ගාස්තු වල වටිනාකම රුපියල් බිලියන 84.5 කි.නමුත් එම ගාස්තු ලෙස ලැබී ඇත්තේ රුපියල් බිලියන 63.8 කි.(මුළු ගාස්තුවෙන් සියයට 75 ක ප්‍රමාණයක් පමණ).බලපත් ක්‍රමය යටතේ ගාස්තු සංශෝධනය කෙරෙන නිසා මෙම වාහන ආනයන වලින් රටට අහිමිව ඇති මුදල රුපියල් බිලියන 147. 4 ක් පමණ වේ.එනම් සාමාන්‍ය අවස්ථාවකදී වියදම්,රක්ෂණ හා නෞකා ප්‍රවාහන ගාස්තු ලෙස රටට හිමිවන මුදලින් සියයට 175 ක් පමණම මෙම ක්‍රමය අනුගමනය කළ නිසා අහිමිව ගොස් ඇත. සාමාන්‍යයක් ලෙස ගත් කළ ආනයනය කර ඇති එක් වාහනයකට රුපියල් ලක්ෂ 45.6 ක පමණ බදු සහනයක් මේ අනුව ලැබී තිබේ.මුදල් අමාත්‍යංශයේ අධ්‍යන වාර්තාව බලපත් ලබාගන්නා රාජ්‍ය සේවකයින් ගැනද මෙසේ සඳහනක් කර ඇත. රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙක් ලබාගන්නා වාහන බලපත් විකුණා දමන අතර එම ලැබෙන මුදල් ඔවුන් යොදවන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු,ඉඩකඩම් මිලයට ගැනීම,නිවාස ඉදිරකිරීම වැනි කටයුතු වලටය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ජනයවාහන බලපත් ලබාදීම අත්හිටුවීමට විරෝධය පළකරමින් පසුගිය බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩවර්ජනයක් දියත් කළේය.මෙය තවත් වෘත්තිය සමිතිද වැඩ වර්ජනයන්ට එළැඹෙනු ඇති බවට ලැබුණු සංඥාවක් වැනි විය. වැඩ වර්ජනය නිසා දිවයිනේම රෝහල් වල කටයුතු අඩාළ විය.මේ හමුවේ ජනපති සිරිසේන වහාම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුල් පෙල සාමාජිකයින් පිරිසක් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කළේය.අගමැතිවරයා හා මුදල් අමාත්‍යවරයාද හමුවීමේ අපේක්ෂාවෙන් ජනපතිවරයා හමුවට ගිය එම සාමාජික පිරිසට හමුවිය හැකිවූයේ ජනපතිවරයා පමණකි.සෞඛ්‍යය ඇමැති රාජිත සේනාරත්න මහතාද සාකච්ඡාවට සහභාගී විය.වාහන බලපත් ඇතුළුව තවත් ගැටලු ගණනාවක් පිළිඹදව ඔවුහු කරුණු දැක්වූහ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා අදහස් දක්වමින් ජනපති සිරිසේන සෞඛ්‍යය ඇමැතිවරයාව සිටි සමයේ වෛද්‍යවරුන් වෙනුවෙන් ලබාදී තිබූ පහසුකම් බොහෝමයක් මේ වන විට අත්හිටුවා තිබෙන බව පැවසීය.යෝජිත ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන්ද අදහස් පළකළ ඔහු එම ගිවිසුම ප්‍රකාරව ඉන්දියාවේ ඩිප්ලෝමාධාරීන්ට පවා මෙරටට පැමිණ වෛද්‍ය වෘත්තියේ නිරතවීමට හැකියාව ලැබෙන බව පෙන්වා දුන්නේය.මෙම ගිවිසුම වෛද්‍ය වෘත්තිය පමණක් නොව අනෙක් සියලුම වෘත්තීන් වල අනාගතය අඳුරේ හෙළන්නක් වනු ඇති බවට ඔහු අනතුරු ඇගවීය.යෝජිත විශ්‍රාමික අරමුදල සම්බන්ධයෙන්ද,දෙමුහුන් හා විද්‍යුතයෙන් ධාවනය වන මෝටර්රථ මත පනවා ඇති අධික බදු සම්බන්ධයෙන්ද ඔහු ජනපතිවරයාගේ අවධානය යොමුකළේය.හමුව අවසානයේ අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබාදීම සඳහා ජනපතිවරයා එකඟතාවය පලකළේය.දුන් පොරොන්දු ඉටු වන්නේ නැතිනම් වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයිතිවාසිකමක් තිබෙන බවද ජනපතිවරයා පිළිගත්තේය. වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනයට අමතරව මුල් පෙල වෘත්තිය සමිත 19 ක සාමාජිකයින් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිරතවීම නිසා රාජ්‍ය ආයතන කිහිපයකම වැඩකටයුතු අඩාළ විය.දෙස් විදෙස් දූතයින් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කිහිපයක්ම මේ නිසා කල් දැමීමට සිදුවිය.එවන් එක් සාකච්ඡාවක් වූයේ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සියේ (ජයිකා) නියෝජිතයින් පිරිසක් සමග ශ්‍රීලංකාවේ අධ්‍යාපන ක්ෂේ ත්‍රෙය් දියුණුවට ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමට වෙන්ව තිබූ හමුවකි. ජනපතිවරණ සමයේ හා මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටුකිරීම පැහැර හැරීම නිසා ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති බව යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ තේරුම් ගනිමින් සිටින්නේ දැන්ය.මහා පරිමාණ දූෂණ කටයුතු සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක වෙතත් ඒවාගේ සැළකිය යුතු ප්‍රගතියක් දක්නටද නැත.රැකියා ප්‍රමාණයක් ලබාදී ඇතත් අනපේක්ෂිත ලෙස රාජ්‍ය සේවයෙන් නැගෙන්නට ගෙන ඇති විරෝධයට මුහුණදීමටද රජයට සිදුව තිබේ.මේ සියල්ල අතරේ ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය ප්‍රකාරව කටයුතු කිරීමටද,එම වැඩකටයුතු වල ප්‍රගතිය ලබන මාර්තු මස මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමේ කටයුතු වලද , රජය කාර්යබහුලව සිටී. කෙසේවුවත් ජනතාව අතර අදහස වන්නේ වෛද්‍ය නිලධාරීන් දියත් කළ වර්ජනය සාධාරණීකරණය කළ නොහැකි බවයි.සමාජයේ වරප්‍රසාද හිමි පැලැන්තිය වන ඔවුන් තවත් වරප්‍රසාද දිනාගැනීමට වෑයම් කරන බව මාධ්‍ය වාර්තා වලද පෙන්වා තිබිණ.නමුත් වර්ජනය දියත් කළේ සියලු රාජ්‍ය සේවයකිය්ගේ යහපත සළකා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේය.රාජ්‍ය සේවය නගා සිටුවීම සම්බන්ධයෙන්ද රජය අත ඇත්තේ විශාල වගකීමකි.පොදු ප්‍රවාහන සේවයේ සංවර්ධනය අරබයා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර දුම්රිය සේවය හා බස් සේවාවන් ඒකාබද්ධ කර ප්‍රවාහන සේවයේ කාර්යක්ෂමතාව ඉහළ දැමිය හැකි වැඩපිළිවෙලක් ගැන එහි සඳහන් විය. අලුත්වැඩියා කළ හැකි බස් රථ නැවත සේවයටඅලුත්වැඩියා කළ හැකි තත්ත්වයේ තිබෙන බස්රථ සඳහා ටාටා හා ලේලන්ඩ් වර්ගයේ එන්ජින් 500 ක් හා ගියර පෙට්ටි 500 ක් මිලයට ගැනීමට අවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය.මේ සඳහා ඉන්දියාව ලබාදී ඇති ණයවරයේ ඉතිරිව තිබෙන ඩොලර් ලක්ෂ 400 ක මුදල යොදාගත හැකි බවට ඔහු යෝජනාවක් ඉදිරිපත් කළේය. මුදල් අමාත්‍ය රවී කරුණානායක බස් රථ හා අමතර කොටස් මිලයට ගැනීම සම්බන්ධයෙන් බරපතල ගණයේ චෝදනා රැසක් තිබෙන බව මෙහිදී පැවසීය. දුම්රිය සේවයේ කාර්යක්ෂමතාවද පහළ ගොස් තිබෙන බව ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් විය.යල්පැන ගිය හා අකාර්යක්ෂම යටිතල පහසුකම් මේ සඳහා ප්‍රධානම හේතුව බවත් දුම්රිය යොදාගෙන සිදුවන භාණ්ඩ ප්‍රවාහනය ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවත් එහි වැඩිදුරටත් දැක්විණ. දුම්රිය හා දුම්රිය මැදිරි වල දුබලතාද අමාත්‍යවරයාගේ කැබිනට් වාර්තාවේ අවධානයට ලක්ව තිබිණ.අදටත් භාවිතයට ගැනෙන වසර 30 කට වඩා පැරණි දුම්රිය එන්ජින් හා වසර 33,24 ආදී ලෙස දශක දෙක - තුන පැරණි දුම්රිය මැදිරි භාවිතයෙන් ඉවත්කළ යුතුව ඇතත් පහසුකම් නොමැතිවීම නිසාවෙන් ඒවා මගීන් හා භාණ්ඩ ප්‍රවාහනයට යොදාගැනීම හැරෙන්නට දුම්රිය දෙපාර්තමෙන්තුවට වෙන විකල්පයක් නොමැති බවත් එහි සඳහන් විය.තදබදය වැඩි අවස්ථාවලදී අමතර දුම්රිය යෙදවීමටවත් තිබෙන පහසුකම් යටතේ රටේ දුම්රිය සේවයට කිසිඳු හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා කීවේය.වසර 50 ක් පරණි දුම්රිය සංඥා පද්දතිය වැඩිදියුණු කළ යුතුවීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා නිතර සිදුවන සංඥා බිදවැටීම් දුම්රිය ප්‍රමාදයන්ට ප්‍රධාන හේතුව බව පැහැදිලි කළේය. ඩීසල් ද්විත්ව ධාවක ඒකක  හයක් (එක් ඒකකයකට එන්ජින් දෙකක් හා මැදිරි 12 ක් ඇතුළත්ය.මෙම මැදිරි වායුසමනය කර ඇත),ඩීසල් විදුලි දුම්රිය ඇන්ජින් 10 ක් , මගී මැදිරි 160 ක්,ඉන්ධන ප්‍රවාහන ගැල් 30 ක්,භාණ්ඩ ප්‍රවාහන ගැල් 20 ක් මිලයට ගැනීම,අනුරාධපුර - ඕමන්ත හා මහව අනුරාධපුර අතර කොටස් වල දිවෙන දුම්රිය මාර්ග ත්‍රිත්වයක්,කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම, ප්‍රවාහන අමාත්‍යවරයා දුම්රිය සේවය නගා සිටුවීමට අරබයා ඉදිරිපත් කර තිබෙන යෝජනා අතර වේ. කැලණිවැලි මාර්ගය වැඩිදියුනු කළ හැකි ආකාරය පිළිඹද ශක්‍යතා අධ්‍යනයක් සිදුකළ යුතු බවද ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අතර තිබෙන්නකි. ජනපතිවරයා හා අගමැතිවරයා ඉදිරියේ ඇත්තේ එකිනෙකාට වෙනස් අභියෝගයන්ය.විධායක ජනපතිධූරය අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටුකිරීමට වගබලාගන්නා අතරම ඔහුට ළග එන පළාත් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීම සඳහා නිදහස් පක්ෂයේ තමන්ට හිමි නායකත්වය තහවුරු කර ගැනීමේ කටයුතු වලද නිතරවන්නට සිදුව ඇත.තවමත් ඔහුගේ සහයට සිටින්නේ සීමිත මන්ත්‍රීවරුන් පිරිසකි.වික්‍රමසිංහ ඉදිරියේ තිබෙන්නේ ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීමේ වැඩසටහන් සකස් කිරීමේ අභියෝගයයි.එම අභියෝගය ජයගැනීම එළැඹෙන ප්‍රාෙද්ශීය සභා මැතිවරණයේදී යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණයට වැදගත්ය.
‘වැට් බද්දට රජයේ වැඩි අවධානය‘
0
hp_train_2042
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)වතු කම්කරුවන් පිරිසකට අද (10) එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 45 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.මස්කෙළිය පොලිස් වසමට අයත් ග්ලෙන්ටිල්ට් හා බැනියන් යන තේ වතුවල කම්කරුවන් පිරිසකට මෙම හදිසි බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ වතුවල දෛනික සේවා කටයුතු වල නිරිතවෙමින් සිටියදීය.බැනියන් වතුයායේ කම්කරුවන් 22 කට හා ග්ලෙන්ටිල්ට් වතුයායේ කම්කරුවන් 23 ක් මෙහිදී තුවාල ලබා ඇති අතර එයින් 14 දෙනෙකු මේ වන විට මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ප්‍රධාන වෛද්‍ය නිලධාරි ලියැදිපිටිය මහතා පැවසීය. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද ඒ මහතා පැවසීය. රෝගීන් 31 දෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් අතර ගැහැණු කම්කරුවන් 10 දෙනෙකු සහ පිරිමි කම්කරුවන් 04 දෙනෙකු සිටින බව මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.   
බඹරු ඇන 13 ක් රෝහලේ
0
hp_train_2043
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු පළාතේ උදෑසන කාලයේ වැසි ඇතිවන අතර උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරුද ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය. 
ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි
0
hp_train_2044
( පාලිත ආරියවංශ)බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ නඩුකාරකන්ද හන්දියේදී අද (17) ලෙරියක්, මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ සිව් දෙනකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි හාලිඇල පොලිසිය පවසයි. ඌව පරණගම ලූනුවත්තේ සිට බදුල්ල දෙසට  ධාවනය වී තිබූ ලොරි රථය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී මෝටර් රථයේ පිටුපසින් පැමිණි යතුරු පැදියේද ගැටී මෙසේ අනතුරට ලක්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි. තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ පැමිණි බදුල්ල තොලොගොගස් වත්තේ පදිංචි අඹුසැමි යුවළක්, යතුරුපැදිකරු හා ලොරි රථයේ රියදුරා බව පොලිසිය සදහන් කරයි. ලොරි රථ‍යේ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව විමර්ශනවලදී අනාවරණය වි ඇත.  
වාහන තුනක් එකට ගැටී සිව් දෙනකු රෝහලේ
0
hp_train_2045
(රංජිත් රාජපක්ෂ)                      තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉන් එක් වතු කම්කරුවෙක් මිය ගිය බව හැටන් පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ පොලොන් කොටසේ පදිංචි එස්.විජෙකුමාර් (49) නැමති දෙදරු පියෙකි.බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි වතු කම්කරුවා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන විට මිය ගිය බවත්, මිය ගිය වතු කම්කරුවන්ට බඹරුන් විශාල ප්‍රමාණයක් ප්‍රහාරය එල්ල කර තිබු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා පැවසීය.තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කූඩුවක් එකවරම ඇවිස්සී වතු කම්කරුවන්ට පහර දී ඇති බව එම වතුයායේ පාලන අධිකාරිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
ග්‍රේට්වෙස්ටන් වත්තේ බඹර ප්‍රහාරයකින් 13 ක් රෝහලට
0
hp_train_2046
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (17) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 14,734 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 9 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 9 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
අලුත් කාෙරා්නා මරණ 17 ක්
0
hp_train_2047
ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ  තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (07) දහවල් 12.08 දෙවුන්දර තුඩුව ප්‍රදේශයට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 07/09/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව34268060ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31278570වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29259585වැසි ස්වල්පයක් ඇති විය හැකයාපනය32288570වැසි ස්වල්පයක් ඇති විය හැකමහනුවර30199060වැසි ස්වල්පයක් ඇති විය හැකනුවරඑළිය20129070වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය32239570වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය3625     8050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30268575ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘සූර්යා උතුරට හෙට ළං වෙයි‘
0
hp_train_2048
(  ප්‍රියංකර  ගමගේ) අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ  රණවකගේ ධම්මික නුවන් රණවක  හෙවත් කළුවා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනආරච්ච්චි මෙනවිය අද (07) නියෝග කළාය. මාතර රොටුඹ ප්‍රදේශයේ දී නාලක පුෂ්ප කුමාර යන ව්‍යාපාරිකයා සහ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකයා රොටුඹ ප්‍රදේශය වෙළඳසල තුළදී ටී-56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම  ඔහුට විරුද්ධව ඇති චෝදනාව වේ. එය ඩුබායි සිට මෙහෙයු බවට  දුරකතන විශ්ලේෂණ වාර්තා බුද්ධි තොරතුරු සහ විමර්ශන වලදී  අනාවරණය වීම හේතුවෙන් සේපාල රත්නායකගේ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල රිමාන්ඩ් බන්ධනාගාරයට පත්වූ අතර එම අපරාධය සඳහා සහයදීමේ චෝදනාව යටතේ රණවකගේ ධම්මික නුවන් හෙවත් කළුවා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි. එසේම පසුගිය මැයි මස අට (08) වන දින මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස චෝදනා ලැබ සිටින ඉහලගේ නදීෂාන් ප්‍රදීප් චාමර යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට රොටුඹ පොලිසිය කටයුතු කර ඇත. තවද මෙම අපරාධය සඳහා ආයධ ලබා දීම අනාවරණය වීම හේතුවෙන් ඉදිරියේදී සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදුෂ් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය විසින් අමිල සම්පත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  අතර රණවකගේ ධම්මික නුවන් පසුගිය අප්‍රේල් මස 05 දින රහස් පොලිස් ගුවන්තොටුපල ඒකකය මගින් අත්අඩංගුවට ගෙන මැයි මස 06 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 
රොටුඹ අමිල-කළුවා තවදුරටත් රිමාන්ඩ්
1
hp_train_2049
(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)මේ ඇසෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයේ අවසානයේ කෙඳිරිල්ලයි. හෙට උදාවන්නේ වැඩකරන ජනතාවගේ යුගයයි. ඒ යුගයේ වගකීම භාරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (01) බීආර්සී පිටියේදී පැවසීය.දිසානායක මහතා මෙසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැුලියේදීය. 127 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ එහි නායකයින් පෙරටුකරගත්  මැයි දින පෙළපාළිය පෙරේදා (01) දෙහිවල එස්. ද එස්. ජයසිංහ පාසල් ක‍්‍රීඩාංගණයෙන් ආරම්භ කර හැව්ලොක්ටවුන්හි බී. ආර්.සී. පිටිය දක්වා ගමන් කළ අතර එහිදී රැලියක් පැවැත්වීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද පැවසීය.අද අපි එකසිය විසිහත්වෙනි මැයි දිනය මේ පිටියේ සමරන අවස්ථාවේ තවත් රැලියක් තිබෙනවා බොරැල්ල කැම්බල් පිටියේ. මේ අයට අඩුම තරමින් කම්කරුවා ගැන කතා කරන්නවත් අයිතියක් තිබෙනවාද? රනිල් වික‍්‍රමසිංහ කියන්නේ රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප අහෝසි කරපු නායකයා. ගොවියාගේ පොහොර සහනාධාරය කප්පාදුකළ නායකයා. ඒ වගේම ඔහු මේ රටේ වටිනා සම්පත් විදේශීය සමාගම්වලට කොටස්කර අලෙවි කරන ආයතනයක නැත්නම් දේපළ වෙළඳාම් සමාගමක හිමිකරුවෙක් නැත්නම් බ්‍රෝකර්වරයෙක් වගෙයි. ඔහුට මොකක්ද තියෙන අයිතිය මැයි දිනය සමරන්න?තවත් කෙනෙක් මහා අභිමානවත් කතාත් කියමින් ගෝල්ෆේස්වල මැයි දිනය සමරනවා. අපි මහින්ද මහත්තයාට කියනවා මේක ඔබට අයිති කාර්යයක් නෙවෙයි. මොකද ඔබත් කළේ දැන් මේ ආණ්ඩුව කරන දේවලමයි. ඔබ එය වේදිකාවේ ඉන්න ගමන් වම්පැත්තට හැරිලා බලන්න, අක්කර හයසීයක් මූද ගොඩකරලා තමන්ගේ ව්‍යාපෘතියක් කරගන්න කියලා චීන සමාගමකට දුන්නේ කවුද? දකුණු පැත්තට හැරිලා බලන්න. යුද හමුදා රෝහලත්, හමුදා මූලස්ථානයත් තිබුණ අක්කර විස්සක් ෂැංගිලා හෝටලයට වික්කේ කවුද කියලා මතක් කරගන්න. ඊපීඑෆ් අරමුදල හොරාකන්න වැඩළවෙළක් හැදුව විශ‍්‍රාම වැටුප අහෝසි කරන්න පනත් ගෙනවා. මේවාට එරෙහිවුණ සටන් කළ තරුණයින් වෙඩි කියලා ඝාතනය කළා. බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු ජනතාවට හමුදාව, පොලිසිය ගෙන්වා වෙඩි කියලා මර්දනය කළා. එහෙම කරපු ඔයාට පුළුවන්ද මහින්ද මහත්තයෝ මැයි දිනයක් සමරන්න. තවත් මැයි දිනයක් තිබෙනවා ගැටඹේ. ඒක ගැට අඹයක් තරම්වත් කතා කරන්න වටින එකක් නෙවෙයි.සුද්දා මේ රට දාලා ගියපුදා සිට එක්සත් ජාතික පක්ෂයත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද වනවිට මේ පක්ෂ දෙකම එකතු වෙලාත් මේ රට අරන් ගිහින් තියෙන්නේ කොතැනටද? මේ රටේ අභිමානය, ප්‍රෞඪත්වය නැතිකරලා දුප්පත්, නිහීන, හිඟාකන රටක් බවට පත් කරලා. මෙතෙක් තිබුණේ පාලකයන් වෙනුවෙන් වූ පාලනයක්. අපේ ඡුන්දයෙන් බලයට පත්වන පාලකයින් අපි වෙනුවෙන් නෙවෙයි කටයුතු කළේ. ඔවුන් මේ රට පාලනය කරපුදා සිට කරපු දේවල්වල ප‍්‍රතිඵල අපි කියනකොට පිළිගන්න අකමැතිවුණ අය අද කෙඳිරි ගගා තමන්ගේ වාර්තාවලින් ඒ කතාවම පිළිගන්නවා.පහුගිය දවසක මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා. ඒ වාර්තාවෙන් කියනවා මේ රට ක‍්‍රමයෙන් ලෝකයට ණය වුණේ කොහොමද කියලා. අපිව මහා ණය කන්දක හිර කරලා ගොඩඑන්න බැරි තත්ත්වයට පත්කරලා තියෙන්නේ කොහොමද කියලා. මාසයක් වැඩකරලා වැටුප ගන්නකොට ඒකෙනුත් බද්දක් ගන්න ජාතියේ විවිධාකාරයෙන් ජනතාවට වැට් ගහලා උපයාගන්න මුදල අද ණය පොලී වාරිකයක් ගෙවා ගන්නවත් බෑ කියලා ඒ වාර්තාවෙන් කියනවා. ඒ විතරක් නෙවෙයි දෙදාස්විස්ස වෙනකොට මේ රට මොනම ණයක්වත් ගෙවාගන්න බැරි තත්ත්වයට පත්විය හැකියි කියන අනතුර පෙන්වනවා. එහෙම තිබියදීත් මේ අය නැවත නැවතත් කරන්නේ මොකක්ද? ලෝකය පුරා ගිහින් රාජ්‍ය නායකයින් හමුවෙලා ණය ඉල්ලීමයි කරන්නේ. ජනාධිපති ජපන් ගිහින් රාජ්‍ය නායකයින් සමග කෑම කාලා උදම් ඇනුවා. ඒ කෑම කන ගමන් මොනවද කළේ? කීයක්වත් දෙන්න බැරිද කියලා හිඟපු එකයි කළේ. අලූත් අවුරුද්දේ ජනාධිපතිගේ සුබපැතුම් පණිවුඩය අස්සේ මොනවද කිව්වේ? වොෂිංටනයෙන් ලැබෙන ආරංචි සුබයි කිව්වා. මොනවද ආරංචි. කීයක් හරි දෙන්නම් කියලා කියන එකයි. අපේ රටේ හිඟන්නෝ වැරහැලි ඇඳගෙන කුණු පෙරාගෙන හිඟාකනකොට අපේ නායකයෝ ටයිකෝට් දාලා ඉංග‍්‍රීසියෙන් හිඟා කනවා. දෙකේ කිසිම වෙනසක් නැහැ.මේ පාලකයින් අපේ රටේ පරිසරයත් විනාශ කළා. අපේ මුතුන් මිත්තෝ වැව් හැදුවේ තැන්නේ. ඒ කඳුකරයේ වැව් හදන්න තාක්ෂණය ඔවුන්ට නැති නිසා නෙවෙයි. එයින් සිදුවිය හැකි පරිසර හානිය ඔවුන් දැන සිටි නිසා. ඒත් අපේ පාලකයින්ට ඒවා අදාළ නැහැ. ඒනිසා උමා ඔය වැනි ව්‍යාපෘති ගෙනත් මේ පරිසරය විනාශ කරලා රටේ ජනතාව එයින්ද පීඩාවට පත් කළා. හැම තැනම කසළ කඳු. ඒවා නාය ගිහිල්ලත් ජනතාව පීඩාවට පත්වෙනවා. අපේ ස්වාභාවික ඇළදොළ අද හිඳී ගිහින්. ඒ විතරක් නෙවෙයි අපිට ස්වභාවිකව උරුමවුණ සම්පත් හා අපේ පැරැන්නන් ඉතිරි කළ සම්පත් මේ පාලකයින් වරින් වර විකුණනවා. ත‍්‍රිකුණාමලය වරාය හා තෙල් ටැංකි ටික විකුණන්න හදනවා. මේක නවත්වන්න අපේ වෘත්තීය සමිති අරගල කළා. ඒක ජයගත්තා. නමුත් ධනපති පාලකයන් තමන්ගේ උත්සාහය එතනින් නවත්වන්නේ නැහැ. ඒ නිසා කම්කරු පංතියට තමන්ගේ සටන් නවත්වන්නත් බැහැ. වගකීම අවසන් කියලා අහක බලාගෙන ඉන්නත් බැහැ. තවදුරටත් මේ  පාලකයින්ට මේ විනාශය කරන්න ඉඩඇරලා ඉන්න අපිට බැහැ.ඒ සඳහා කම්කරු බලවේගය පෙළගැසිය යුතුයි. අපේ දරුවන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කළ යුතුයි. නමුත් අද අපේ රටේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ? මේ මුදල් අමාත්‍යාංශය නිකුත්කරපු වාර්තාවට අනුවම අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට එකයි දශම අටයි. ආසියාවේ රටවල් අතරින් අඩුවෙන්ම අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ අපි. අපි අද කප් ගහපු දේවලූත් තිබෙනවා. ඒ තමයි සියදිවි නසා ගන්නන්ගෙන් වැඩිම රට විදිහට. අපේ අධ්‍යාපනය අපිට හුරු කරලා නැහැ අභියෝගවලට මුහුන දෙන්න. ජයග‍්‍රහන ලබන්න විතරයි පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා විභාග ප‍්‍රතිඵල අඩුවුණත් සිය දිවි නසා ගන්නවා.ඒ වගේම තමයි සෞඛ්‍යයත්, ආසියාවේ අඩුවෙන්ම සෞඛ්‍යයට මුදල් වෙන් කරලා තියෙන්නේ අපි. ඒ නිසා ඩෙංගු හා විවිධ වෛරස් රෝගවලින් මේ දවස්වල ජනතාව විශාල පීඩාවකට පත්වෙලා. රෝහල් උණරෝගීන්ගෙන් උතුරනවා. නමුත් අපේ රටේ පාලකයින් අගමැතිගේ සිට මැතිඇමතිවරු වෙනුවෙන් මේ රටේ ජනතා මුදල් යොදවන ආකාරයේ නම් කිසිම අඩුවක් නැහැ. අගමැතිට ගන්න එක වාහනයකට ලක්ෂ තුන්දාස් පන්සීයයි. හෙළිකොප්ටරයක් ගන්නවා වගේයි. හැබැයි මේ අය කාර්වල යන්නේ නැහැ. වැඩිපුරම යන්නේ හෙළිකොප්ටර්වල. මොකට  මේ තරම් වියදම් කරලා වාහන ගන්නවාද අපි දන්නේ නැහැ. ඇමතිවරුත් එහෙමයි. සමහර ඇමතිවරුන්ගේ කාර්වලට ලක්ෂ දෙසීයයි.හොරු අල්ලනවා කියලා බලයට ආපු මේ ආණ්ඩුව ඇවිත් දින පනහෙන් හොරකම පටන්ගත්තා. මහබැංකු බැඳුම්කර වංචාව නිසා අද අපේ රටේ ජනතාවට අලූත්බරක් එකතුවෙලා. අනෙක් අයගේ වංචා ගැන කතා කරන මේ ආණ්ඩුවේ ඇතැමුන් මේ හොරකම් ගැන කෙඳිරිල්ලක්වත් නගන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති වුණේ කොහොමද? පොල් ගාලා තෙල් හින්ඳාම අතුරු ඵලයක් හැටියට තෙල්කා ලැබෙනවා වගේ වැඩක් තමයි ඒකත්. එහෙම ඇවිල්ලාවත් ජනතාවගේ විශ්වාසය දිනාගන්න බැරි වුණා. ඒ නිසා දැන් පළාත් පාලන මැතිවරණය තියන්නේ නැතිව කල්දානවා.අපිට වගකීමක් තිබෙනවා මේ රටේ අභිමානය නැවත ගොඩනගන්න. මේ රටේ ප්‍රෞඪත්වය නැවත ගොඩනගන්න. සමහරු කියනවා ජනතා විමුක්ති පෙරමුණට බලයට එන්න බැහැ කියලා. නමුත් අපි දන්නවා දේශපාලනයේ වෙනස්කම් සිදුවන්නේ එක දෙක තුුන ආදී විදිහට අනුක‍්‍රමිකව නෙවෙයි. එහෙම වුණා නම් අද මෛතී‍්‍රපාල මහතා ජනාධිපති වෙන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්න වෙන්නෙත් නැහැ. දේශපාලන වෙනස්කම් සිදුවන්නේ පිමි වශයෙන්. ඒ පිමි ඇතිවනවිට ඊට මුහුණ දෙන්න අපි සූදානම්ද කියලා බල බලා ඉන්නෙත් නැහැ. ඒ නිසා අපි සූදානම් විය යුතුයි ඒ  ඕනම අවස්ථාවකට මුහුණ දීලා අපේ අතට ඒ කියන්නේ මේ රටේ වැඩකරන ජනතාවගේ පීඩිත ජනතාවගේ පක්ෂය අතට බලය ලබාගන්න. දැන් මේ නිමාවෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයයි. මේ ඇසෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයේ අවසානයේ කෙඳිරිල්ලයි. හෙට උදාවන්නේ වැඩකරන ජනතාවගේ යුගයයි. ඒ යුගය උදාකර ගැනීමට ඒ සඳහා වන අරගලයට නායකත්වය දෙන්න පෙරට එන ලෙස අපි සියලූ කම්කරුවන්ගෙන් පීඩිත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.වසර හැත්තෑවක් මේ රට ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක තනි තනිව හා එකට එක්ව පාලනය කරලා තමන්ගේ අසමත්කම පෙන්වලා අවසන්. ඔවුන් පෙන්වා දී තිබෙනවා තවදුරටත් මේ රට සංවර්ධනය කරන්න අඟලක්වත් ඉදිරියට ගෙනියන්න තමන්ට නොහැකි බව. මේ රටේ ජනතාව තුළ අලූත් දේශපාලනයක අවශ්‍යතාවයක් මතුවෙමින් තිබෙනවා. එවැනි අවශ්‍යතාවයක් සහිත ජනතාවක් තමයි අද මෙතනට එක්වී සිටින්නේ. ඒ ජනතාවට නායකත්වය දෙන්න අපි සූදානම්.අද වැඩකරන ජනතාවගේ, සැබෑ කම්කරුවාගේ මැයි දිනය අපි මෙතන මේ විදිහට සමරද්දී තවත් රැස්වීම් කීපයක් පෙළපාලි කීපයක් රටේ තැනින් තැන තිබෙනවා. ඒවායේ ඉන්නේ බීලා නටන පිරිසක් මිසක් කම්කරු දිනය සමරන්න ආ අය නෙවෙයි. සමහරු ඇවිත් තියෙන්නේ ටි‍්‍රප් යන්න. දළදාව වඳින්න, මල්වත්ත බලන්න වගේ දේවල්වලට. නමුත් මෙතන එවැනි අරමුණු සහිතව ආපු කිසිම කෙනෙක් නෑ. මේ සියලූ දෙනාගේ අවශ්‍යතාව කම්කරුවාගේ දිනය සැමරීමයි. කම්කරුවාගේ අයිතීන් දිනාගත හැකි සමාජයක් බිහිකරගැනීම සඳහා සටන් කිරීමයි.අද අපිට මේ ධනපති දේශපාලකයින්ගෙන් රට වගේම මැයි දිනයත් බේරගන්න සිදුවී තිබෙනවා. දැන් මේක කම්කරුවාගේ දිනය නෙවෙයි. එක එක පක්ෂවල තවත් රැුස්වීමක් බවට පත්වෙලා. මේ මැයි වේදිකාවල තියෙන්නේ කම්කරුවාගේ පාට හෝ ලකුණ නෙවෙයි. සමහරු අද මේ මැයි දිනයේ ලකුණ අත බවට පත් කරගෙන. තවත් අයගේ ලකුණ අලියා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්ෂය දෙකට කඩාගෙන සමගි මැයි රැලියක් කරනවා. අපුරු සමගියක්. ජාති ආගම් භේදවලින් තොරව සියලූ ජනතාව ඒකරාශි කරගත් කම්කරු පංතිය එක මිටකට ඒකරාශි කරගැනීමට හැකියාව ඇති එකම කම්කරු දිනය නිවැරදිව සමරන එකම බලවේගය එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. අපි තනිවම නෙවෙයි මේ මැයි දිනය සමරන්නේ ජාත්‍යන්තර වාමාංශික පක්ෂවල සහයෝගයත් අද මේ වේදිකාවේ නියෝජනය වෙනවා.ධනපති ක‍්‍රමය අද වනවිට කොයි තරම් දුරට කඩාවැටිලාද කියනවා නම් ධනපති ලෝකයේ ලොක්කා වන ඇමරිකාවත් විශාල ආර්ථික අර්බුදයක ගිලිලයි ඉන්නේ. ඔවුන්  ඕක සමනය කර ගන්න හදන්නේ වෙනත් රටවලට බලපෑම් කරලයි. උතුරු කොරියාවට, කියුබාවට බලපෑම් කරන්නේ මේ නිසයි. ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදී රටවල් ආර්ථික වශයෙන් කඩා වැටිලා තිබියදී අපේ ධනපති රටවල් කඩාවැටීම ගැන අහන්නත් දෙයක්ද? ඒ නිසා දැන් කම්කරු ව්‍යාපාරයට හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා මේ ක‍්‍රමය පෙරළා දමන්න. ඒ සඳහා ලෝක කම්කරු ව්‍යාපාරය සංවිධානය කළ යුතුව තිබෙනවා. අපි මේ උත්සාහ කරන්නේ එහි අපේ කොටස ඉටු කරන්නයි.මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටුණ වෙලාවේ දැනුනේ ඒ කුණුගොඬේ ගඳ නෙවෙයි, මේ ධනපති පාලනය කුණුවී හමන ගඳ. කසළ ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්න හැකි වුණත් මේ ධනපති ක‍්‍රමය ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්න බැහැ. දැන් අපිට තිබෙන්නේ මේ ධනපති කසළ කන්ද වළදමා ඒ මත සමාජවාදය රෝපණය කිරීමයි. ධනපති පාලකයන් දුර්වල වෙන්න වෙන්න ඔවුන් තමන්ට එරෙහි සියලූ බලවේග වෙත මර්දනය කැඳවනවා. ඒ නිසා මර්දනය ගෙන එන ආණ්ඩුවකින් පෙන්වන්නේ ඔවුන්ගේ ශක්තිය නෙවෙයි, දුර්වල කමයි.මේ ආණ්ඩුවත් ඒ වගේ දුර්වලයි. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකතුවෙලා ආණ්ඩුවක් හදලා කිව්වා මේක තමයි ශක්තිමත්ම ආණ්ඩුව කියලා. දැන් මොකදවෙලා තියෙන්නේ? ආණ්ඩුව පැරලයිස් වෙලා. වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. අත්දෙකම කරන දේ මොළය දන්නේ නැහැ. මොළයට  ඕන දේ අත පය කරන්නේ නැහැ. හරියට අගමැති කරන දේ ජනාධිපති දන්නේ නෑ. ජනාධිපති කරන දේ අගමැති දන්නේ නැහැ, මේ දෙන්නාම කරන දේ කැබිනට්ටුව දන්නේ නෑ වගේ තමයි.ඛලන් හිටපු කට්ටියත් එහෙම තමයි. තව අවුරුදු දෙකක් තියෙද්දී අපි එපා කියද්දී වසර දෙකකට පෙර මැතිවරණය තිබ්බා. අපි කිව්වා මේක කරන්න එපා, කළොත් අපි ඔබ ගෙදර යවනවා කියලා. ඒ වගේම එයා ගෙදර ගියා. දැන් ආයෙම ඇවිත් අද හෙට ආණ්ඩු පෙරළනවා කියලා කියනවා. මේ අයට තමන්ගේ පාක්ෂිකයන් තියාගන්න පුළුවන් වෙන්නේ බලය අද හෙටම ගන්න පුළුවන් කියලා පෙන්නුවොත් විතරයි. ඒ නිසා හෙට ආණ්ඩුව පෙරළනවා. අනිද්දා පෙරළනවා. තව මාස දෙකකින් පෙරළනවා වගේ කතා කිව්වා. තවම ඒ කිසිම දෙයක් වුණේ නැහැ. ජනතාව වෙනුවෙන් පෝරක හතක යන්න ලෑස්තියි කියපු උපවාස වංශ මාස තුනක් රිමාන්ඞ් කළාම අඬන්න ගත්තා. වාහන අවභාවිතා කර මේ විදිහට අත්අඩංගුවට පත් වූ මේ අය එළියට එන්න තමන්ගේ දුවවත් අවභාවිතා කළා.අපිට අහිමිවන්න කිසිවක් නෑ. ධනපති පංතිය අපිට කිසිවක් ඉතිරි කරලා නැහැ. ඒත් අපිට දිනාගන්න ලෝකයක් තිබෙනවා. අපි සටන් කළ යුත්තේ ඒ වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් පෙරට එන්න. සටන් කරන්න. අපි සූදානම් ඒ සටන්වලට නායකත්වය දීලා මේ රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතීන් දිනාගත හැකි ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම යුතුකම ඉටුකරන්න.ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතාඅපි මේ සමරන්නේ එකසිය විසිහත්වැනි ජාත්‍යන්තර කම්කරු දිනයයි. අපි අද ජනතා විමුක්ති පෙරමුණ හැටියට මෙතන මැයි දින රැලිය පවත්වද්දී කැම්බල් පිටියේ කොළපාට රැස්වීමක් පැවැත්වෙනවා. ඒක මැයි රැලියක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් විතරයි. වැඩකරන ජනතාවගේ පාට රතු පාට. කම්කරු දිනය සමරන පාට රතු පාට. වැඩකරන ජනතාවගේ ලකුණ දැකැත්තයි මිටියයි. ඒ නිසා ඒ පාට හා ලකුණු හැර වෙනත් විවිධ ලකුණුවලින් විවිධ පාටවලින් අද දවසේ පැවැත්වෙන රැස්වීම් කිසිවක් මැයි දින රැලි නෙවෙයි. පක්ෂ රැස්වීම් විතරයි. අපි මෙතන අපේ පක්ෂයේ ලකුණ ප‍්‍රදර්ශනය කර නැහැ. ඒ නිසා වැඩකරන ජනතාව නියෝජනය කරන සැබෑ මැයි රැලිය අද පැවැත්වෙන්නේ මේ බී. ආර්. සී. පිටියේයි.අද අපේ වෘත්තීය සමිති මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක‍්‍රියාවලට එරෙහිව සටනට බැහැලා තිබෙනවා. පහුගිය දවසක තෙල් සංස්ථාවේ සේවකයින් සාර්ථක වැඩවර්ජනයක් දියත් කළා. එක තෙල් බිංදුවක් තෙල් සංස්ථාවෙන් පිටට ගියේ නැහැ. ඔවුන් අරගල කළේ තමන්ගේ වෘත්තීය අයිතියක් වෙනුවෙන් නෙවෙයි. මේ රටේ සම්පතක් වූ ත‍්‍රිකුණාමල තෙල් ටැංකි රැුකගන්නයි. ආණ්ඩුව මේසටන හමුවේ දණගැහුවා. සටන ජයගත්තා. දැන් ආණ්ඩුවේ ලොක්කෝ වෙව්ලලා ඉන්නේ. ඒ නිසා සටන් මර්දනය කරන්න ක‍්‍රම හොයනවා. සරත් ෆොන්සේකාට ති‍්‍රවිධ හමුදාවේ වගකීම ගන්න කියලා කිව්වේ නිකම් නෙවෙයි. ඒක විහිලූවක් කියලා සමහර ඇමැතිවරු කිව්වා. ඒත් මේක විහිලූවක් නෙවෙයි, මුට්ටිය දාලා බැලීමක්. සමාජ කථිකාවක් විරෝධයක් ඇති නොවුණා නම් හිමීට මේ වඬේ කරනවා. දැන් ආණ්ඩුවට මේ තියන මර්දන නීති, අණපතත් මදිවෙලා.අපි ආණ්ඩුවට එක දෙයක් මතක් කළ යුතුයි. ලෝක ඉතිහාසයේ කොතැනකදීවත් අපිට සමාජ අරගල මර්දනය කරලා ජයගත් රාජ්‍යයන් හමුවන්නේ නැහැ. රතුපස්වල වතුර ඉල්ලපු ජනතාවට වෙඩිතිබ්බා. ඊපීඑෆ් අරමුදල රැකගන්න සටන් කරපු කම්කරුවන්ට වෙඩි තියලා රොෂේන් චානක ඝාතනය කළා. හලාවත ධීවර සටන්වලට වෙඩිතියලා ධීවරයෙක් ඝාතනය කළා. එහෙම කරලා මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා දිනුවද? නෑ. ඒගොල්ලෝ පරාදයි. සටන් මර්දනය කරලා වීරයින් වෙන්න කාටවත් බැහැ. ඒ නිසා අපි සරත් ෆොන්සේකාට කියනවා මහත්තයෝ පුළුවන් නම් ඔයාගේ වගකීම් භාර අරන් එන්න සටන් මර්දනය කරන්න. එහෙම ආවොත් ඔයාට වෙනදේ ඔයාවත් දන්නේ නැතිවෙයි. ලෝකයේ තිබෙන විශාලතම හමුදාව තමයි කම්කරු හමුදාව. ඒකට නායකත්වය දෙන්නේ අපි. පුළුවන්නම් මේ හමුදාව පරාජය කරලා බලන්න.ඉදිරියේදී තවත් සටන් කීපයක් සූදානමින් තිබෙනවා. සයිටම්වලට එරෙහි සටන තවමත් අවසන් නැහැ. ඒ වගේම මේ රටේ සම්පත් කුණුකොල්ලයට විකිණීමට එරෙහි සටන් තව ඉදිරියට එන්න තිබෙනවා. සයිටම් ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව අවංක උත්සාහයක් ගන්නා බවක් පේන්නේ නැහැ. ඒ නිසා මැයි 3-0-5 කාලය අතරතුර දැවැන්ත වැඩවර්ජනයක් කැඳවන්න සූදානම් කර තිබෙනවා. වැඩකරන ජනතාවට ජයග‍්‍රහණය හිමිකරදෙන සමාජයක් ගොඩනැගීමෙන් මෙහා මේ සටන් අවසන් වන්නේ නැහැ.ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා දෙමළ භාෂාවෙන් රැුලිය අමතනු ලැබිණ. කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික අබේලාර්ඩෝ රපායල්, ගී‍්‍රසියේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කොන්ස්තන්තිනෝ පපාදකිස්,  ඕල් ඉන්දියා ෆෝවර්ඞ් පක්ෂයේ මධ්‍යම කාරක සභික වී. රාම් මොහාන්,  ඕල් ඉන්දියා ෆෝවර්ඞ් බ්ලොක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් ජී. දේවරාජන්, මහා බි‍්‍රතාන්‍යයේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික සාම්මි ඊබ‍්‍රහිම් ඇතුළු ජාත්‍යන්තර වාමාංශික පක්ෂවල නියෝජිතයන් හත් දෙනෙක් මෙහිදී මැයි දින සුබපැතුම් එක් කළහ.ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, මධ්‍යම කාරක සභික සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ද ගුණසේකර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායක නායිකාවන් රැසක් මෙම රැලියේ වේදිකාවේ අසුන්ගෙන සිටි අතර පක්ෂ සාමාජිකයන්ගෙන් බීආර්සී සිටිය අතුරු සිදුරු නැතිව වැසීගොස් තිබිණ. එසේම එම පිටිය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේද විශාල පිරිසක් රැඳී සිටියහ.
“රෝගී සමාජයක් සමග රටක් ගෙනියන්න බෑ“
0
hp_train_2050
අපරභාගයේ හෝ සන්ධ්‍යා  කාලයේ ශ්‍රී ලංකාවේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දහවල් 2 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේ මද වැසි ඇති වීමටද ඉඩක් ඇත.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36259050දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිමඩකලපුව35259060දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිකොළඹ32278570උදය කාලයේ වැසි ස්වල්පයක් සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසිගාල්ල29269080උදය කාලයේ වැසි ස්වල්පයක් සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.යාපනය34278560දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිමහනුවර30229570දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිනුවරඑළිය19129570දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිරත්නපුරය32259565දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය37269055දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිමන්නාරම31269075දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි 
‘හිතකර වායුගෝලීය තත්ත්වයක්‘
0
hp_train_2051
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳුඳා (11) සිට විවෘත කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතඒ අනුව සඳුඳා, එනම් (11) පෙරවරු 10.30ට කොළඹ වෙළෙඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.උදෑසන 10.30ට පූර්ව සැසියක් ආරම්භ වන අතර උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පැය දෙකක කාලයකට කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික කටයුතු සිදුවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය. සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික කටයුතු සිදු වන්නේ උදෑසන 9.30සිට පස්වරු 2.30 ක් දක්වා පැය පහකට ආසන්න කාලයකි.මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු සියයට 5කින් පහළ වැටුණොත් වෙළෙඳ කටයුතු මිනින්තු 30කට තාවකාලිකව නවතා දැමීම මීට පෙර සිදුවිණි. ඊට වෙනස්කම් කිහිපයක් එක් කර ඇතැයි ප්‍රකාශකයා කීය. ඒ අනුව තවත් 2.5% කින් එනම්, කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු 7.2%  කින් පහළ ගියහොත් තවත් මිනිත්තු 30ක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත. තවත් 2.5% කින් එනම් එම දිනය සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු 10 % කින් පහත වැටුණොත් දිනය සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට තීරණය කර ඇත. (055)
කොටස් වෙළඳපොළ කටයුතු සඳුදායින් ඇරඹේ
0
hp_train_2052
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබෙන පෙත්සම සලකා බැලීම ලබන ජුනි 14 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29)තීන්දු කළේය. වගඋත්තරකාර වරාය හා නාවික කටයුතු පිළිබඳ නව අමාත්‍යවරයාගේ උපදෙස් ලබා  ගැනීමට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමත් සමඟ එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම මෙදිනට කල් තබන ලදී.හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දී ඇති අනුමැතිය අවලංගු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ,චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම ,චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් , ව්‍යවස්ථාදායක සභාව සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලරහිත කරන ලෙසද , මේ සම්බන්ධයෙන් සකස් කර ඇති දළ ගිවිසුම අවලංගු කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා තිබිණි . 
වාසුගේ පෙත්සම ජූනි 14 වැනිදාට කල් යයි
1
hp_train_2053
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ‍ෙ බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි ඇති වීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්   බස්නාහිර පළාතේ උදය කාලයේදී ද වැසි  ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‘මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
‘ඉදිරි 24 පැයේ අකුණු වැඩි වේ‘
0
hp_train_2054
(*** මල්වාන - ඩබ්ලිව්. ඩී. එම්. විතානගේ)එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙසට එක්සත් ජාතික පාක්ෂිකයින් බොහෝ දෙනෙක් තමාගෙන් ඉල්ලා ඇතැයිද ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ විශ්වාසය මා ගැන තිබෙනවා නම් පක්ෂයේ නායකත්වය භාරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යාමට සූදානම් යැයිද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් හා හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවැසීය.රුවන් විජයවර්ධන මහතා එසේ පැවැසුවේ මෙවර මහා මැතිවරණයේදී තමාට සහාය ලබාදුන් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ප්‍රණාමය පුද කිරීම සඳහා පෙරේදා (25) දහවල් මල්වානේ වල්ගම පිහිටි රුවන් විජයවර්ධන මහතාගේ ‘ලේක් ක්‍රසන්ට්’ නිවාස පරිශ්‍රයේ පැවැති එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හමුවකදීය.එහිදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.එක්සත් ජාතික පක්ෂයට ජය පරාජය දෙකම පුරුදුයි. ඒ අනුව අප පක්ෂය පරාජයට පත්වූ පළමුවන අවස්ථාව මෙය නෙමෙයි. 1970 වසරේදි අප පක්ෂය අන්ත පරාජයට පත්වුණා. නමුත් 1977 වසරේ පැවැති මහා මැතිවරණයේදී අප පක්ෂය හයෙන් පහක බලයකින් බලයට පත්වුණා. ඒ නිසා දැන් අපි පක්ෂයේ තිබෙන දුර්වලකම් හා අඩුපාඩුකම් සොයා බලා ඒවා මඟ හරවා ගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. එබැවින් මේ අවස්ථාවේ එක්සත් ජාතික පාක්ෂිකයින් තම මතවාද අමතක කර දමා පක්ෂය වටා ඒකරාශි වන ලෙසට ඉල්ලා සිටිනවා.කවුරු මොනවා කියුවත් අප පක්ෂයේ නායකත්වයේ අර්බුදයක් නැහැ. නායකත්වයට හතර පස් දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ඒ අතර හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නමද ඉදිරිපත්වී තිබෙනවා. මේ සම්බන්ධව කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී සාකච්ඡා කර සුදුසු කෙනෙක් තීරණය කරනවා. අපගේ පාක්ෂිකයින්ගේ මා ගැන විශ්වාසයක් තිබෙනවා නම් පක්ෂයේ නායකත්වය භාරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යාමට මා සූදානම්. අපගේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඕනෑම කෙනෙකුට තම අදහස් හා යෝජනා පක්ෂයට ඉදිරිපත් කරන්නට අවස්ථාව තිබෙනවා. අපට අවශ්‍ය වී තිබෙන්නේ පක්ෂය රැකගෙන ඉදිරියට ගෙනියන්න.එක්සත් ජාතික පක්ෂය මේ රටට විශාල සේවයක් කර තිබෙන පක්ෂයක්. පසුගිය යහපාලන රජය කාලයේ රජයේ සේවකයින්ට මෙන්ම ජනතාවට විශාල සහන රැසක් ලබා දුන්නා. රජයේ සේවක වැටුප් දස දහසින් වැඩි කළා. සුව සැරිය ගිලන් රථ සේවාව ආරම්භ කළා. ඉන්ධන හා ගෑස් මිල අඩු කළා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත දැම්මා. ගම් පෙරළිය වැඩ සටහන යටතේ ගම්වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගත්තා. නමුත් වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව අපගේ යහපාලන රජය කාලයේ ලබාදුන් සහන සියල්ලක්ම නවතා දමලා. රජයේ සේවක වැටුප් වර්ධන නතර කරලා. අත්‍යවශ්‍ය ආහාරවල මිල දෙගුණ තෙගුණ වෙලා. ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා.පාස්කු ප්‍රහාරය ගැන දැන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ජනතාවට වගේම අපටත් දැන ගන්නට ඕනෑ. කොතැනද වරද වුණේ කියලා. එහි වාර්තාව නිකුත් වීමෙන් පසුව එහි නියම තත්ත්වය අප කාටත් දැන ගැනීමට හැකිවේවි.බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා ඇතුළු කීප දෙනෙක්ම කතා කළහ.මේ අවස්ථාවට සහභාගිවූ ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් පක්ෂයේ නව නායකත්වයට රුවන් විජයවර්ධන මහතා පත් කළ යුතු බවට යෝජනාවක්ද සම්මත කර ගත්තේය.
පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම්
1
hp_train_2055
(ක.ග.කරුණාරත්න) අධික වර්ෂාව හේතුවෙන් මින්නේරිය ජලාශය මේවනවිට  වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. මුළු ජල ධාරිතාව අක්කර අඩි 104,000ක් වන  මින්නේරිය වැවේ මේ වනවිට ජල මට්ටම අක්කර අඩි 160,000 ඉක්මවා තිබෙන හෙයින් එහි වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘතකළ බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා  අද(15) පැවැසීය. මේ අතර කවුඩුල්ල ජලාශයේද වාන් දොරටු දෙවන වතාවටත් අද නැවත විවෘත කළ බව  ඒ මහතා කීය. නොකඩවා පතින මහ වැසි හේතුවන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලකම ජල මට්ටම් මේ වනවිට සීග්‍රයෙන් ඉහල යමින් තිබෙන බවද කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.
මින්නේරිය ජලාශය වාන්දමයි
1
hp_train_2056
(ඩයනා උදයංගනී)පැවති වියළි කාලගුණ තත්වයේ තරමක වෙනසක් සමඟ අද (28) පළාත් කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු, උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.සබරගමුව සහ දකුණු පළාත්වලත්, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
කාලගුණයේ යළි වෙනසක්
1
hp_train_2057
(හර්ෂණ තුෂාර සිල්වා) මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 9.1කින් අවප්‍රමාණය වී ඇත. මෙරට ඉතිහාසයේ පළමුවරට ඇමෙරිකා එක්සත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් දා (8) වැනිදා 200 සීමාව ඉක්මවා ගියේය. එදින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.95ක් ලෙසත් දැක්විණි. මේ අතර පෙබරවාරි මස 28 වැනිදා ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් වූ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක් දක්වා අඩු වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි
රුපියල සියයට 9.1 කින් අවප්‍රමාණය වෙයි
1
hp_train_2058
(ඩයනා උදයංගනී)නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් පළාත් කිහිපයකට අද (2) රාත්‍රී කාලයේ සිට අනිද්දා (4 )වැනිදා දක්වා තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් මෙම වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.උතුරු පළාතේත්, මහනුවර, හම්බන්තොට සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්‍ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත්, මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරමක තද සුළං ඇතිවන අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශද රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
බෙංගාල බොක්කේ පීඩනය අවපාතයක් වෙයි
0
hp_train_2059
(නිමල කොඩිතුවක්කු)බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා සියලු නායකයන් මරා දැමූ අවස්ථාවක පක්ෂ නායකත්වය බාරගත් තමා ඊළඟ ජාතික මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.එළැඹෙන ජාතික මැතිවරණයෙන් තමා හදන්නේ වසර 20ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊට අදාළ දෙවැනි පෙළ නායක කණ්ඩායම මේ වනවිටත් හදා ඇතැයි ද කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ඊළඟ වසර 20ම බලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යයි ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.“එක්සත් අපේ මැයි දිනය - පරිණත නායකත්වයට නව ජවයක්” තේමාව යටතේ එත්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය පැවැත්විණි.දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ හැම ගමකම ‘පුංචි සිරිකොත’ බැගින් පිහිටුවීමේ වැඩ කටයුතු ඉදිරි මාස 18 තුළ සම්පූර්ණ කරන බවය.එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.බලාපොරොත්තු වූවාටත් වඩා විශාල ජනතාවක් අද දින එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට පැමිණීම පිළිබඳව මා සතුටට පත් වෙනවා. ඒ වගේම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩකඩ නැතිකම නිසා පිටත රැඳී සිටින ජනතාවට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේතරම් විශාල ජනතාවක් අපේ මැයි රැලිය සඳහා සහභාගි වන බව දැන සිටියා නම් අප තෝරා ගන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොව, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයයි. එක්සත් ජාතික පක්ෂයත්, යහ පාලන ආණ්ඩුවත් ගැන පූර්ණ විශ්වාසය සහ බලාපොරොත්තු තබා සිටින ඔබ සියලු දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ශාලාවෙන් පිටත රැඳී සිටින හතර ගුණයක් පමණ වන ජනතාවගෙන්, වෘත්තිය සමිති සහ පක්ෂය වෙනුවෙන් මා නැවතත් සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ ඔබේ පැමිණීම පිළිබඳව මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වෙනුවට අපට අවශ්‍ය වුණේ කම්කරුවාට උපහාරයක් වන ආකාරයේ මැයි දින රැලිය පැවැත්වීමටයි. විශිෂ්ට සංවිධානයකින් යුතුව මැයි රැලිය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට ස්තූතිවන්ත වෙනවා. අද දිනයේ නියමාකාරයෙන් කම්කරුවාට ප්‍රණාමය පුද කළා. කිසිවකුත් ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගත යුතු නැහැ. අප මෙවැනි මැයි දිනයක් සංවිධානය කළේ ඇයිදැයි බොහෝ දෙනා විමසනවා. ඒ සඳහා වන පිළිතුර ඉතා සරලයි. එනම්, ශ්‍රී ලාංකේය දේශපාලනයේ අලුතෙන් සිතන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වීම ඊට පිළිතුරයි. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට දෝෂාරෝපණය කළ නොහැකියි. දොස් පවරනවා නම් දොස් පැවරිය හැක්කේ, මේ ස්ථානයට ඇතුළු වීමට නොහැකිව පිටත රැඳී සිටින ජනතාවට පමණයි. රටේ කම්කරු දිනය සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් යටතේ කම්කරු ප්‍රජාව විශාල ප්‍රමාණයකින් වර්ධනය වුණා. ඩී.එස්. සේනානායක මැතිතුමා අපේ රටට නිදහස ලබා දුන් පළමු නායකයායි. එතුමා නිදහස දිනා ගන්නා කාලයේ ශ්‍රී ලංකාවේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයි. ජනතාවගෙන් බහුතරය ජීවත් වුණේ ග්‍රාමීය ප්‍රදේශවලයි. නමුත් පසු කාලීනව නිදහස් අධ්‍යාපනය ඔස්සේ තරුණ තරුණියන් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වුණා. ඉන් පසුව ඔවුන් රැකියා අවස්ථා බලාපොරොත්තු වුණා. 1956 සිට පැවැති ආණ්ඩුවලට රටේ කර්මාන්ත ඇති කිරීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ පළමු කර්මාන්ත ශාලා කිහිපය ඇති කළේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේයි. ඉන් පසුව බලයට පැමිණි අනෙකුත් ආණ්ඩු කම්කරුවන් පිළිබඳව කෙතරම් කතා කළත් 1956 ත්, 1977 ත් අතර කාලය තුළ රටේ කම්කරු ප්‍රජාවේ වර්ධනයක් වුණේ නැහැ. රටේ ආර්ථිකය විවෘත කරමින් අපනයන කර්මාන්ත ඇති කිරීමටත්, දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට ඇති සීමා ඉවත් කිරීමටත් අප තීරණය කළේ ඉන් පසුවයි. ඒ වගේම නව කර්මාන්ත සඳහා බදු සහන දීමටත් අප කටයුතු කළා. ඉන් පසුව රට තුළ විශාල වශයෙන් කර්මාන්ත ශාලා ඇති වුණා. කර්මාන්ත ශාලා පමණක් නොව, වෙළෙඳ අංශය, සංචාරක කර්මාන්තය ආදියත් දියුණුවට පත් වුණා. ඒ හරහා රටේ සේවා අංශ දියුණු වුණා. අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ධුර කාලයේත්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළත් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය ගෙන ඒමට හැකි වුණා. ඒ වගේම වරාය දියුණු කිරීමේ කටයුතු ද කළා. ඒ අනුව වැටුප් ලබන සේවක සංඛ්‍යාවේ වර්ධනය ඇති වුණේ එක්සත් ජාතික පක්ෂ යුගවල දී බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දළ දේශීය නිෂ්පාදනය තුළ කෘෂිකර්මාන්තයට වඩා වෙනත් අංශවලට ඉඩක් ලැබුණා. කර්මාන්ත, සේවා සහ වෙළෙඳ අංශ තුළ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය වුණා. ඒ වගේම අපනයන කර්මාන්තය ඇති කිරීමටත් අපට හැකියාව ලැබුණා. පුද්ගලික අංශයේ සේවකයන් ශක්තිමත් කිරීමට අපට හැකි වුණා. සේවානියුක්තිකයන්ගේ භාර අරමුදල ඇති කළා. නව කම්කරු නීති සම්පාදනය කළා. මේ සියලු දේ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා වෙන කාටවත් වඩා කම්කරු දිනය සැමරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය සතු බව කිව යුතුයි. අද බොහෝ දෙනා පෙළපාළි, උද්ඝෝෂණ කරන්නේ අප කර්මාන්ත ශාලා ඇති කර තිබෙන නිසයි. ඒ වගේම ගම්මානවල ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කර තිබෙන නිසයි. රට පුරා හෝටල් ව්‍යාපෘති ආරම්භ කළ නිසයි. වර්තමානයේ සෑම කම්කරුවකුගේම නිවසේ රූපවාහිනී යන්ත්‍රයක්, ශීතකරණයක් ආදී අවශ්‍ය උපකරණ බොහෝ දෑ තිබෙනවා. එසේ නම් අප කම්කරුවාගේ අතට මුදල් ලැබෙන ආකාරයට කටයුතු කළා. ඔවුන්ට ආදායම් මාර්ග ඇති කර දුන්නා. ඒ අනුව පළමු වතාවට කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට පිවිසීමේ දොරටු විවෘත කරදීමට අපට හැකි වුණා. අද කම්කරුවාට පහසුකම් අප දී තිබෙනවා. කම්කරුවාගේ දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසුවා. ඔවුන් අද වෛද්‍ය පීඨ හෝ නීති පීඨවල හෝ අධ්‍යාපනය ලබනවා. සියලු දේ ඉටු කළේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් නොව, එක්සත් ජාතික පක්ෂය බව කිව යුතුයි. 1994 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පැවැතියා. ඒ ආණ්ඩු හරහා රටේ ඇති වූ දියුණුව කුමක්ද? රටේ කර්මාන්තකරණය ඇති වුණා ද? ඔවුන් යටතේ ඇති වූ එක් විශාල කර්මාන්ත කලාපයක් පෙන්විය හැකි ද? අප ඇති කළ සීතාවක වෙළෙඳ කලාපයෙන් පසුව එක් වෙළෙඳ කලාපයක් හෝ ඇති කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. ඔවුන්ගේ පාලනය කාලය තුළ රට වෙනුවෙන් කළේ කුමක්ද? අවසානයේ ඔවුන් රටේ විශාල ඒකාධිපති පාලනය ඇති කළ බව නම් අප දන්නවා. ඒ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. සියලු දෙනා එකතු වී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ රෙජීමයට බිය වුණේ නැහැ. රාජපක්ෂ රෙජීමයට විරුද්ධ, ප්‍රජාතන්ත්‍රවාදයට කැමති සියලුම දෙනා සමග කටයුතු කිරීම සඳහා ඔබ මට අනුමැතිය එදා දුන්නා. ඒ අනුව සියලු දෙනා එකතු වුණා. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් අප ඉදිරියට ගියා. ඉන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවශ්‍ය බහුතරය ගැනීමට අපට නොහැකි වුණා. ඒ නිසා අප ජාතික ආණ්ඩුව ඇතිකර ගත්තා. ඒ තුළ විවිධ අදහස් ඇති අය සිටිය ද අප ඉදිරියටම යනවා. ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක වෙනුවෙන් විවිධ මත පළ වී තිබුණා. එක් අන්තයක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් අන්තයක ද්‍රවිඩ ජාතික සංධානය සහ වෘත්තීය සමිතිත් සිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය සියලු දෙනා එකතු කර ගනිමින් පොදු අපේක්ෂක ඉදිරිපත් කළා. ඉන් පසුව අප ආණ්ඩුව පිහිටුවා ගත්තා. ඒ ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බව අප පිළිගන්නවා. අප පළමුවෙන් ක්‍රියා කළේ රාජපක්ෂ බිය තුරන් කිරීම සඳහායි. සුදු වෑන් තර්ජන ඉවත් කරමින් මාධ්‍ය නිදහස දීමට මා කටයුතු කළා. අද මට මාධ්‍යයෙන් පහර ගසන ආකාරයට එදා මහින්ද රාජපක්ෂට පහර ගැසුවා නම් ඔවුන් සියලු දෙනා අද සිටින්නේ කනත්තේ බව කිව යුතුයි. කෙසේ වුවත් මාධ්‍ය මගින් සෑම දිනකම පහර ගැසීමත් මා ශුභවාදීව දකිනවා. එවිට වස් දොස් පහව යනවා. නමුත් ප්‍රමාණය ඉක්මවා මට පහර ගැසුවොත් ඒ මාධ්‍ය ආයතනය සතු ජනතා ආකර්ෂණය දිනෙන් දින අඩු වන බවත් මතක තබා ගැනීම හොඳයි.අද ජනතාවට බියක් සැකක් නැතිව ජීවත් වීමට හැකියාව ලැබිලා. අපේ ජනාධිපතිතුමා අද ලොව පුරා සංචාරය කරනවා. ලෝකයේ රටවල් අද අපව පිළිගන්නා තත්ත්වයට පැමිණ තිබෙනවා. කිසිදු ජාත්‍යන්තර රටක් අපට විරෝධය පළ කරන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකාව විශේෂ කර සලකනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පිළිගන්නවා යයි පැවසීමට අධික වියදමක් දැරීමට වන  “චෝගම්” වැනි උත්සව පැවැත්වීමේ අවශ්‍යතාවය අද නැහැ. එය ඔප්පු විය යුත්තේ අප ජාත්‍යන්තරයට යන විටයි. අප එය ඉටු කළා. අද අපට ලෝක සහයෝගය ලැබෙනවා. ශ්‍රී ලංකාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය විට කිසිදු රටක් විරෝධය දක්වන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන්නේ සරත් වීරසේකර සහ ලන්ඩනයේ සිටින ද්‍රවිඩ සංවිධානය පමණයි. වෙන කිසිවකුත් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැහැ. ලෝකයේ කොන් වී තිබු ශ්‍රී ලංකාව අප අද ඒ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. රට තුළ නිසි පාලනය ඇති කළා. නීතිය අකුරට අද ක්‍රියාත්මක කරනවා. අපේ රට මුහුණ පා සිටින විශාලතම ගැටලුව නම් රාජපක්ෂ පාලන සමයේ ලබාගත් අති විශාල ණය කන්දරාවයි. ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් එදා මුදල් තිබුණේ නැහැ. 2016 - 17 කාලය තුළ දී ණය ගෙවීමට හැකි පරිදි රටේ ආර්ථිකය සකස් කළා. දැන් අපට අඩුම වශයෙන් රටේ ආදායමින් ණය ගෙවීමටවත් හැකි තත්ත්වය ලැබීලා. රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ඔබ ජීවත් වන්නේ කෙසේ ද? රට තුළට කිසිඳු භාණ්ඩයක් ආනයනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ජංගම දුරකථන, ගෘහ භාණ්ඩ, ආහාර මේ කිසිඳු නිෂ්පාදනයක් රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එවිට ඔබ ජීවත් වන්නේ කෙසේද? නමුත් ඉතා අපහසුවෙන් රටේ ආර්ථිකය මා නැවත ගොඩ නැගුවා. ඇතැම් අවස්ථාවල ආදායම් ඉහළ දැමීම සඳහා බදු වැඩි කිරීමට වුණා. ණය ගෙවීම, ලෝකයේ පිළිගැනීම ලැබීම, අනාගත පරම්පරාව ණය බරින් නිදහස් කිරීම යන අරමුණු ඇතිව මා ආර්ථිකයත්, රටත් සංවර්ධනය කළා. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ගත්තා. ඒ හරහා ඇඟලූම් කර්මාන්තයත්, ධීවර කර්මාන්තයත් නැවත දියුණු කිරීමේ හැකියාව ලැබුණා. ලෝකයේ අපනයන වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙය ආරම්භය පමණයි. මේතරම් වැඩ කොටසක් කර තිබිය දී ඇතැමුන් අපේ ආණ්ඩුව රට වෙනුවෙන් කරන්නේ මොනවාදැයි විමසනවා. අප රට වෙනුවෙන් කර ඇති විශාල කාර්ය භාරය ගොඩනැගිල්ලක් ඉදි කරනවා මෙන් ජනතාවට නොපෙනන බව මා දන්නවා. එය රාජපක්ෂ ආණ්ඩුව සමයේ අඩක් නිම කළ ගොඩනැගිලි මෙන් පෙනෙන්නේ නැහැ. තවමත් වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල මෙන් ජනතාවට නොපෙනෙන බව දන්නවා. නමුත් අපේ කාර්ය භාරය වූයේ විශාල ණය උගුලෙන් රට බේරා ගෙන ඉදිරියට යාමයි. ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය මා ගොඩ නැගුවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වුණා. ඒ වගේම වැඩිම අපනයන ප්‍රමාණයත් පසුගිය වසරේ වාර්තා වුණා. මේ වසරේ දී එය තවත් වර්ධනය කර ගත හැකියි. අපට දෝෂාරෝපණ එල්ල වන බව දන්නවා. නමුත් මේ ස්ථානයට පැමිණියේ රටේ අහිංසක තරුණ තරුණියන්ට අනාගතය නිර්මාණය කර දීමටයි. ඔවුන්ට අනාගතය ඇති කර දිය යුතුයි. ඔවුන්ව රැවටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. හම්බන්තොට වරාය ඔවුන් ඉදි කළද එහි ණය පියවා ගැනීමට ක්‍රමවේදය තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ ණය ගෙවූ පසු දැන් බොරුවට දෝෂාරෝපණය කරනවා. ඔවුන්ට හම්බ කිරීමට හැකියාව නැති නිසා ඔවුන්ම ඉදි කළ හම්බන්තොට වරායට දැන් චෝදනා කරනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දී ඔවුන් සියලුම ඉඩම් චීනයට සින්නක්කරව විකුණා දැම්මා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඒ ඉඩම් 99 අවුරුද්දකට බදු පදනම යටතේ පමණක් දීමට මා කටයුතු කළා. වරාය නගරයට අනාගතය ඇතිවී තිබෙන්නේ අපේ ආණ්ඩුව යටතේ බව වරාය නගර ව්‍යාපෘතිය බාර සමාගම දැන් පවසනවා. අමාරු කාලවල දී ඒ ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඒ වෙනුවෙන් ජනතාවගෙන් දෝෂාරෝපණයට ලක්වීමටත් වෙනවා. 2017 වසරේ ඉහළ ආර්ථික වර්ධනය අප බලාපොරොත්තු වුණා. නමුත්, ඒ වසරේ දී විශාල ගං වතුරකට, නියඟයකට සහ කුණු කන්ද නාය යාමේ ඛේදවාචකයටත් මුහුණ දීමට සිදුවුණා. බොහෝ අය සිතුවේ මේ ස්වභාවික ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථිකය අඩපණ වන බවයි. නමුත් අපහසු අවස්ථාවල අපේ රජය අනුගමනය කළ පියවර නිසා ආර්ථිකය බිඳ වැටීමකට ලක් නොවී පවත්වා ගැනීමට හැකි වුණා. ගංවතුර, නියඟය හේතුවෙන් රටේ කෘෂි නිෂ්පාදන පහත වැටුණා. බඩු මිල ඉහළ ගියා. ඒ වගේම පොහොර හිඟය ද ඇති වුණා. මේ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරනවා. මේ ගැටලු නිසා එක්සත් ජාතික පාක්ෂිකයාට ගම් මට්ටමේ දී චෝදනා එල්ල වූ බවත් අප දන්නවා. ඒ සම්බන්ධයෙන් මා සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ අවසානයේ දී සියල්ලට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. අපට ඒ ශක්තිය හා විශ්වාසය තිබෙනවා. මහින්ද රාජපක්ෂට 2014 වසරේ තමා ගත් ණයවල පොලිය ගෙවීමටවත් මුදල් තිබුණේ නැහැ. ඔහු ගත් ණයවලට වැඩිම පොලී ප්‍රමාණය ගෙවීමට තිබෙන්නේ 2018 - 2019 කාලවලදීයි. ඒ සඳහා අප සූදානම් බවත් පැවසිය යුතුයි. හම්බන්තොට වරායේ සියලු ගෙවීම් ගෙවා අවසානයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවතුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. ඒ කාලය වන විට බඩු මිළ ඉහළ යෑම, පොහොර හිඟය ඇති වීම ආදී කාරණා නිසා අපට පසුබෑමකට ලක්වීමට සිදු වුණා. නමුත් ඒ මැතිවරණය පසුගිය මැයි මාසයේ දී පමණ පැවැත් වුණා නම් එක්සත් ජාතික පක්ෂය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා. එය අපට අවාසනාවන්ත කාලය වුණා. සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එක් දිනක දී පැවැත් වීමට අවශ්‍ය වුණා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඇතැම් බලාපොරොත්තු ඉටු කර තිබුණේ නැහැ. දේශපාලන පළිගැනීම්, රැකියා දීමේ ගැටලු ආදිය තවමත් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවල අපේ මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමට අපට වනවා. තවත් මාස 18ක් ඉදිරියට යාම සඳහා අපට ඉතිරිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම මා සැකසුවා. දැන් ඉතිරිව තිබෙන්නේ ඉදිරියට යාමයි. පසුගිය 70 වැනි සංවත්සරයේ දී මා දුන් පොරොන්දුව ඉටු කළා. ඒ එක්සත් ජාතික පක්ෂයට නව නායක පරපුර ඇති කිරීමේ පොරොන්දුවයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පක්ෂය වෙනුවෙන් නායකයන් තිදෙනෙකු පුහුණු කළා. ඒ සියලු දෙනා රටට අහිමි වුණා. ඒ නායකයන් තිදෙනාට අමතරව මමත් කටයුතු කරමින් සිටියා. එය සරළව කියනවා නම් වාහනයක අමතර රෝදය වැනියි. නමුත් අවසානයේ මා පක්ෂ නායකත්වයට පත් වුණා. එදා මා පිටුපසින් කිසිවෙකුත් සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට වන්නේ කුමක්දැයි 1994 දී ඇතැම් අය විමසුවා. මගෙන් පසුව පක්ෂය ඉදිරියට යාමක් නැති බව කියා සිටියා. පක්ෂයේ ප්‍රධාන පෙළෙහි නායකයන් පමණක් නොව, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් ද පක්ෂයට අහිමි වුණා. බිම් මට්ටමේ නායකයාගේ සිට පක්ෂ නායකයා දක්වා සියලුදෙනා ඝාතනය වුණා. මේ ස්ථානයේ සිටින බොහෝ පිරිසකගේ ඥාතීන් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අවුරුදු 20 ක් තුළ ඉටු කිරීමට නොහැකි වූ සේවා තිබෙනවා. හවුල් ආණ්ඩුව යටතේ කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවීමට අපට හැකි වුණා. කෙසේ නමුත් 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඉටු කිරීමට නොහැකි වූ සියලු දේ ඔබ වෙනුවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය වන්නේ වසර 5 ක් පමණ බලයේ පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොවෙයි. මට අවශ්‍ය වන්නේ වසර 20 - 30 ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ නායකත්වය මට ඉදිරියටත් දැරීමට නොහැකියි. එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකත්ව මණ්ඩලය ඇති කළේ ඒ නිසයි. 2017 දී පළාත් පාලන මැතිවරණයෙන් පසු මේ වෙනස ඇති කිරීමට මා බලාපොරොත්තු වුණත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබුණේ 2018 වසරේදීයි. මේ වන විට නව නායකයන් පිරිස තෝරා ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිරිසක් තෝරා ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ ප්‍රතිසංවිධානයට ලක්කර ඉදිරි වසර 20 පුරාම බලයේ සිටීමට හැකි එක්සත් ජාතික පක්ෂය මා නිර්මාණය කරනවා. ඒ විශාල වැඩ කටයුත්ත මා ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැතිතුමාටත්, හිටපු මහ ලේකම් කබීර් හෂීම් මැතිතුමාටත් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා. අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් කබීර් හෂීම් මැතිතුමාට මැයි රැලියට සහභාගි නොවන ලෙස ඊයේ එතුමාට උපදෙස් දුන්නා. සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි. කණ්ඩායම ලෙස වැඩ කිරීමට දක්ෂ විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එසේ කණ්ඩායම ලෙස වැඩ කරනවා නම් වසර 20 ක් බලයේ සිටීම අපහසු කටයුත්ත නොවෙයි. නමුත් තනි තනිව කටයුතු කරනවා නම් පක්ෂයට ඒ ගමන යාමට නොහැකියි. ඒ නිසා පළමුවෙන්ම කණ්ඩායම ලෙස වැඩ කිරීම තේරුම් ගත යුතුයි. පක්ෂය ජයග්‍රහණය කරවීම මේ ශාලාවේ සිටින ඔබ සියලු දෙනාටම බාරයි. මීට පෙර පැවැති ආකාරයට සෑම ගමකම පුංචි සිරිකොත බිහි කිරීම මගේ අරමුණයි. 1976 දී මා කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස ආසනය පුරා යද්දී ගමේ ඇතැම් ගෙවල් හැඳින් වූයේ පුංචි සිරිකොත ලෙසයි. වර්තමානය වන විට නවීන තාක්ෂණය සහ ජංගම දුරකථන නිසා එය තවත් පහසුයි. ජංගම දුරකථනය හරහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත කාර්යාලය සමගින් සම්බන්ධ වීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ කාලයේ පක්ෂ සංවිධාන වැඩ සදහා තිබුණේ  “සියරට” පුවත් පත පමණයි. එසේ නම් අද සිට  “පුංචි සිරිකොත” නිර්මාණය කිරීමේ වැඩ කටයුත්ත ආරම්භ කිරීමට කැප වෙමු. සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදය වුවත් ඇති කළ හැකියි. සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කරලා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුළු මුදලින් සියයට 53ක් වියදම් කර තිබෙනවා. මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට වූයේ කුමක්ද? ඒ නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ කාර්යාලයටත්  මා එහි කටයුතු බාර දුන්නා. සමෘද්ධි බැංකු කිසිවෙකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයයි. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිදු රෙගුලාසියක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට ගන්නා ලෙස මා උපදෙස් දුන්නා. රටේ අනෙකුත් සියලුම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලුවයි. ඉදිරියේදී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මා මේ අවස්ථාවේ පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස කරන බවත් පැවසිය යුතුයි. උපාධිධාරීන්ට රැකියා දීම ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් මා අමාත්‍යාංශවලට උපදෙස් දෙනවා. ඒ වගේම උපාධිධාරී නොවන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් පිරිසටත් රැකියා දීමට කටයුතු කරනවා. සියලු දේ කරන්නේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහායි. අපට ජයග්‍රහණය කළ හැකියි. පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නොවන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැබූ පරාජය පිළිගෙන ඒ සඳහා හේතු සොයා ගනිමින් ඉදිරියට යා යුතුයි. 2014 වසරේ දී අප්‍රේල් මාසයේ දී එක්සත් ජාතික පක්ෂය සිටියේ මීටත් වඩා පහළ මට්ටමකයි. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂයට රටේ අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැහැ. අප ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළා. ආණ්ඩුවට ඉදිරියට මාස 18 කාලය ඉතිරි වී තිබෙනවා. රටේ දේශපාලනික වශයෙන් අනාගතය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. අනාගත නායකයන් නම් කර තිබෙන වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ නැහැ. වසර 20 - 25 ක් ඉදිරියට යා හැකි නායකත්ව මණ්ඩලය අපට සිටිනවා. රට ස්ථාවර භාවය කරා ගෙන යාමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ නිසා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සියලු දෙනාගේ එකමුතුවෙන් කරමු යයි මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා:-  “යහපාලන රජයේ අප රාජ්‍ය බලය අතට ගෙන විශාල වැඩ කොටස මේ වනවිට කර තිබෙනවා. වැටුප් වැඩි කර රාජ්‍ය සේවකයන්ට දුන් මේ අගය ඓතිහාසිකයි.අප බලයට පත්වෙලා ජීවන බර පහත හෙලුවා. ඉන්ධනවලට පනවා තිබූ දුෂිත බදු ඉවත් කර කම්කරුවන්ටත්, ජනතාවටත් සහන දුන්නා. රාජ්‍ය භීෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කර 2015 ජනවාරි 08 වැනිදා අප ලැබුවේ උතුම් ජයග්‍රහණයයි. අප එය පණටත් වඩා රැක ගත යුතුයි.අගමැතිතුමාට තිබෙන්නේ අපට කොළ එළියක් පෙන්වන්න විතරයි. ජනතාවගේ බඩට කටට දැනෙන සේවාවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ අප ලෑස්තියි. මෙතැනට ඇවිත් තිබෙන්නේ කොළ පාට ලේ තිබෙන එක්සත් ජාතික පාක්ෂිකයිනුයි. අපට තවදුරටත් බල බල ඉන්න බැහැ. අපට තැන ලැබුණේ ජනතාව නිසයි. පාලකයන් දැන් ජනතාව දෙස බැලිය යුතුයි. සහන, සංවර්ධනය, රැකී රක්ෂා දෙමින් පොඩි මිනිසා සුරැකීම සඳහා බඩ කට පිරෙන්න බෙදීම තමයි අද දවසේ අප කළ යුත්තේ.වර්තමාන ආණ්ඩුවේ ආයුෂ තියෙන්නේ මාස 18ක් පමණයි. එක්කෝ අප හැරෙන්න ඕනෑ. නැතිනම් භාර ගන්න ඕනෑ. අවුරුදු ගණනක් විපක්ෂයේ හිටපු අපට හැරෙන්න බැහැ. අගමැතිතුමා කිව්වා වගේ තව අවුරුදු 20ක් 30ක් ආණ්ඩු බලය ගෙන යන තැනට අප හැදෙන්න ඕනෑ.ඊළඟ අයවැයෙන් පොහොර නොමිලේ දීමට පුළුවන් ද කියා බැලිය යුතුයි. ප්‍රේමදාස මහත්තයා දුන්න විදිහටම නිල ඇඳුම දෙන්න ඕනෑ කියා මා යෝජනා කරනවා.2020දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී එක නිල ඇඳුම් කට්ටලයක් වෙනුවට නිල ඇඳුම් කට්ටල දෙකක් සහ සපත්තු කුට්ටමක් දිය යුතුයි.අපේ පාක්ෂිකයන් ගුටි කෑවා. බැට කෑවා. ඉවසුවා ඇති. අපේම ජනාධිපතිවරයකු බිහි කර ගත යුතුයි. අපේ පාක්ෂිකයන් තෘප්තිමත් වුණේ නැතිනම් ඔළු ගෙඩි මාරු වුණාට, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වුණාට වැඩක් නැහැ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් උපරිම තැනට වැඩ කිරීමට කැප වෙන තැනට අප මෙහිදී ප්‍රතිඥා දෙනවා.එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය කමිටු සමිති සභාපති සහ රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරාත්න  සහ  කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මිහු ද මෙහිදි කතා කළහ.විශාල පිරිසක් මැයි රැලියට සහභාගි වී සිටියහ.
සියලු නායකයන් මරා දැමූ විටෙක පක්ෂ නායකත්වය බාරගත් මා ඊළඟ ජාතික මැතිවරණයෙන් තනි ආණ්ඩුවක් හදනවා
1
hp_train_2060
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල  ප්‍රදේශයට  අද (18)  අළුයම  සිට   පවතින  අධික  වර්ෂාව හේතුවෙන්  ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය නාය යෑමේ  අවදානම්  කලාප  ලෙස නම්  කර  ඇති ග්‍රාම සේවා  වසම්  පහකට  අයත්   ජනතාවට   විමසිල්ලෙන් සිටින්නැයි  බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම්  හේමන්ත  බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙයි.පෙටිටිගල ,එගොඩ වලේබොඩ ,රාස්සගල ,ඇල්ලෙවත්ත, සහ ගවරන්හේන  යන  ග්‍රාම සේවා වසම්  වලට  අයත් ප්‍රදේශ  ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  මගින්   නාය යෑමේ අවදානම්   කලාප  ලෙස  නම්  කර  ඇත.ඇල්ලෙවත්ත ග්‍රාම සේවා වසමේ  මැද්දෙක්ද   වත්ත , රාස්සගල  ග්‍රාම සේවා වසමේ හැරමිටිගල ,පෙටිටිගල ග්‍රාම සේවා වසමේ  යද්දෙහිකන්ද  සහ  පෙටිටිගල  වත්ත , ගවරන්හේන හා එගොඩ වලේබොඩ යන   ප්‍රදේශ නාය යෑමේ අවදානම්   කලාප ලෙස නම් කර ඇති බව  බලන්ගොඩ  ආපදා සහන සේවා  නිලධාරී  උපුල්  අනුරසිරි  මහතා  කිය.පෙටිටිගල ප්‍රදේශයට  මිලිමිටර්  84 ක  වර්ෂාපතනයක්   පැවැති බවද  අනුරසිරි සිරි මහතා කිය. නාය යෑමේ අවදානම් තත්ත්වය සම්බන්දයෙන්  ජනතාව  දැනුම් කිරීම   ඇතුළු  මූලික  කටයුතු  සිදුකර  ඇති අතර  හදිසි අවස්ථාවක්  ඇතිවුවහොත්  ජනතාව   ආරක්ෂිත ස්ථාන  වෙත  යොමුකිරීම  සඳහා  සියළුම  කටයුතු ප්‍රදේශිය ලේකම්වරයාගේ  උපදෙස් මත  සුදානම්  කර තිබෙන  බවද  ආපදා සහන සේවා නිලධාරී  උපුල් අනුරසිරි මහතා  වැඩිදුරටත් සඳහන් කළේය. 
බලන්ගොඩ ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්
1
hp_train_2061
(මනෝප‍්‍රිය ගුණසේකර) ‘ඇවන්ට්ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ ‘රක්නා ලංකා’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද? නැද්ද? සම්බන්ධ තීන්දුව ලබන මාර්තු 13 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (6) දැනුම් දුන්නාය.ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක් තුටු පඬුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදුකළ බවට මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.අල්ලස් කොමිෂන් සභාවේ සියලු කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කළ ආකාරය වැරදි බවට විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය අනුව නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද? නැද්ද? සම්බන්ධ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන සහ නීතීඥ අජිත් පතිරණ මහත්වරුන් කරුණු ඉදිරිපත් කරමින් කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක් තුටු පඩුරක් ලෙස පිරිනැමු බවට ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිව ද රුපියල් ලක්‍ෂ 355ක් තුටු පඩුරක් ලෙස ලබාගත් බවට ‘‘රක්නා ලංකා’’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් පවරා ඇති මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා සහ ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයේ පෙනී සිටියහ.ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය මෙම නඩුව ලබන මාර්තු 13 වැනිදා යළි කැඳවීමට නියම කළාය.පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය පෙනී සිටියාය.විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥ මඬුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.
ඇවන්ට්ගාඩ්-රක්නා ලංකා සභාපතිවරුන්ට එරෙහි නඩුව 4 වැනිදා සිට විභාගයට
0
hp_train_2062
  රෝවන් පෙරේරා                                                         ඇතකු පහරදීමෙන් වයස අවරුදු 38 එක්දරු මවක් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වනජීවී නිළධාරීන් කියයි.                                                මෙසේ වන අලි පහර කෑමට ලක්වී ඇත්තේ පුත්තලම අනුරධපුර මාර්ගයේ නවය කණුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ චමිලා ප්‍රියදර්ශණී නැමති කාන්තාවකි.                                               ඇය අලුයම හයට පමණ උදේ ආහාරය සැකසීම සඳහා නිවස අසල ඇති දෙහි ගස ළඟට ගෙඩියක් කැඩීමට ගිය අවස්ථාවේදී පහර දීම සිදුවී ඇත.                                                                                              පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ ඇය කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතෙකු පහර දී මවක් රෝහලේ
1
hp_train_2063
(එප්පාවල - නන්දන සමන් කුමාර සහ මකුලෑව ලේකම්ගේ අනුර)මහජනතාවගේ දේපළ හොරකම් කළ දේශපාලනඥයන්ට එම දේපළ මාස දෙකක් තුළ නැවත රජයට බාරදීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටු වූ පසු අවස්ථාව දෙන බවත් එසේ නොවන්නේ නම් හොරකම් කරන ලද සෑම රුපියලක්ම නැවත රජයටම පවරා ගැනීමට කටයුතු කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (8) පැවැසීය.ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා දීමෙන් පසුව තම උපන් ගම වන තඹුත්තේගම දී මංගල ජන රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ කීය. තඹුත්තේගම බස් නැවතුම්පොළ භූමියේදී මෙම ජන රැලිය පැවැත්විණි.අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.“අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. අපි හොරකම නම් නතර කරනවා. මහජනතාවගෙන් හොරකම් කරන ලද, උදුරාගත් සෑම රුපියලක්ම අපි යළිත් පවරා ගන්නවා.අද දේශපාලන වේදිකාවේ විවිධ අය විවිධ දේවල් කියනවා. හැබැයි කොතැන ද කතා කරන්නේ වෙනස් කරන්න. දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති ගැන විවිධ අදහස් තියෙනවා. හැබැයි කවුරු ආණ්ඩු ගත්තත් ප්‍රථමයෙන් කරන්න ඕනේ හොරකම නැති කරන එක. ඔය අනෙක් පක්ෂ අපේක්ෂකයෝ ඒ ගැන පොරොන්දුවක් දෙනවා ද දෙන්න පුළුවන් ද. මේ රටේ කොයි පක්ෂයට ද කාට ද හොරකම නතර කරන්න පුළුවන් වෙන්නේ. අපි ඔබට එක සහතිකයක් දෙනවා. එක සැරයක් ඔබ අපට බලය දුන්නොත් මේ රටේ හොරකම අපි නියත වශයෙන්ම නතර කරනවා.අපි එක ශතයක්වත් මුදල් හොරකම් නොකරපු මිනිස්සු. මේ වේදිකාවේ ඉන්නේ මහජනයාට අයිති ශත පහක් හොරකම් නොකරපු, නාස්ති නොකරපු උදවිය. ඔබ ගිහින් බලන්න නල්ලච්චිය මගේ අම්මගේ, මගේ නිවස. ඒ නිවසට අත්තිවාරම දැම්මේ අසූ අටේ අවුරුද්දේ රුපියල් 8500ක් බැංකුවෙන් ණයට අරගෙන. දැන් වසර 31ක් ගතවෙලා තියෙනවා. තවමත් සාලෙ කෑල්ල හදනවා. අපි මහජනයාගෙන් ශත පහක්වත් හොරකම් කරලා නැති අය. ඔබ අපේ ජීවිතවලට එබිලා බලන්න ඔබට එය තේරුම් ගන්න හැකිවෙයි.මේ රට ගොඩ ගන්න නම් පාලකයා නාස්තිකාරයෙක් නොවිය යුතුයි, හොරෙක් නොවිය යුතුයි. පාලනය හොරකමට ඉඩ නොදෙන පාලනයක් වෙන්න ඕනේ. ඔය කොයි පක්ෂයේ ද කොයි අපේක්ෂකයාට ද කියන්න පුළුවන් මම හොරකම් කෙරුවේ නැහැ, ජනතාවගේ මුදල් නාස්ති කෙරුවේ නැහැ, ඒ නිසා මම හොරකම් කරන්නෙත් නැහැ කියලා. ඉස්සරහට ජනාධිපතිවරණ රැස්වීම්වල වේදිකාවල ඉන්න පුද්ගලයන් දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබටම තේරෙයි වැලිකඩ හිරගෙදර ඉන්න ඕනේ කී දෙනෙක් ඒ වේදිකාවල ඉන්නව ද කියලා.අපි දන්නවා පොලිසියේ මහත්තුරුන්ට චෝදනාවක් තියෙනවා පාරේ ඉන්නවිට සල්ලි ගන්නවා කියලා. රජයේ ලිපිකාර මහත්තයට චෝදනාවක් තියෙනවා ෆයිල් එක කලින් ගන්න කීයක් හරි ගන්නවා කියලා. පොලිසියේ මහත්තුරුන්ගේ ජීවිතේට මොකද වෙලා තියෙන්නේ. නිශ්චිත වැටුපක් තියෙනවා. නමුත් අතට ලැබෙන්නේ සොච්චම් මුදලයි. අර ණයටයි මේ ණයටයි කැපිලා ගියහම ජීවත්වෙන්න ඒ මුදල මදි. එයා කල්පනා කරනවා පාරේ යන කෙනාගෙන් කීයක් හරි ගන්න. ඒ ලැබෙන වැටුප ජීවත් වෙන්න මදි නිසා. ඒ වගේ ද දේශපාලනඥයො. ඒ අය ජීවත් වෙන්න ද හොරකම් කරන්නේ, නැහැ. මේ මිනිස්සු මහජනතාවගේ දේපළ හොරකම් කරන්නේ සැපට ඉන්න. ලංකාවේ ගෙවල් ද ඕස්ටේ්‍රලියාවේ ද ඇමෙරිකාවේ ද ගෙවල් ගන්න තමා මේ පොදු ජනතාවගේ දේවල් හොරකම් කරන්නේ.ඊළඟට බලන්න මේ පාලකයන් නඩත්තු කරන්න කොච්චර මුදලක් යනවා ද කියලා. රටේ මිනිස්සු දුක්ඛ දෝමනස්සයට පත්වෙලා. ජීවත් වෙන්න විදියක් නැහැ. කුසට අහරක් නැහැ. ලෙඩක් වුණහම බෙහෙත් ටිකක් ගන්න රෝහලේ බෙහෙත් පෙත්තක් නැහැ. වී ටික විකුණා ගන්න විදියක් නැහැ. ඒ වීවලට මුදලක් නැහැ. හැබැයි රටේ නායකයන්ට කොළඹ මාලිගා තියෙනවා, අනුරාධපුර, නුවර, නුවරඑළිය, අර පැත්තෙන් උඩවලව මාලිගා තියෙනවා. පාසිකුඩාවල තවත් මාලිගාවක් හදන්න යනවා. ජනාධිපතිවරයාට ආත්ම හතක් තියෙනවා ද නැත්නම් භූත ආත්ම හතක් තියෙනවා ද. මොකද නුවර එක භූත ආත්මයක් තියෙන විට අනිත් භූත ආත්මේ අනුරාධපුරේ ඉන්න. එහෙම නැහැ. ජනාධිපතිවරයා ගුවන් යානයෙන් එනවා රැස්වීමක් තියෙනවා නම් පැය දෙක තුනක් රැඳෙනවා ආයෙත් හෙලිකොප්ටරයෙන්ම කොළඹ යනවා. මේ ටික වෙලාවට නගරයක් නගරයක් ගානේ මාලිගා හදන්න ඕනේ ද?ජනාධිපතිවරයකුට ලේකම්වරු කීදෙනෙක් ඉන්නවා ද. පහුගිය කාලයේ මතක ඇති මිනිස්සු කිව්වා පඳුරකට ගහනවිට ජනාධිපති ලේකම් කෙනෙක් විසිවෙනවා කියලා. ඒ තරමට ජනාධිපති ලේකම්වරු හිටියා. මම පාර්ලිමේන්තුවේදී පහුගිය කාලයේ ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිවරයකුට කාර්ය මණ්ඩලයේ කීදෙනෙක් ඉන්නව ද කියලා. 1200ක් ඉන්නවා කියලා පිළිතුරු ලැබුණා. මේ අයට කැබ් එකයි, තිස් දාහක ඉන්ධනයි, හැටදාහක වැටුපකුයි ඩ්‍රයිවරුයි ලැබෙනවා. දැන් ඔය සමහරුන්ට කඬේ යන කෑගහන හාමුදුරුවරු කිහිපදෙනකුත් ඔය ගොෙඩ් හිටිය ද? කමක් නැහැ ඒවා පින් තකා කියමු. හැබැයි කවුරු හරි නැහැ කියනවා නම් මම නමත් එක්ක කියන්නම්.මේ ජනාධිපතිවරුන් මහජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කළා. අපි එක් සහතිකයක් ලබා දෙනවා. ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළායින් පසුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සියයට අනූවකට වැඩි ප්‍රමාණයකින් කපා දමනවා. මේ මුදල් රෝහල්, පාරවල් දියුණුවට වගේම ගොවියාගේ වී ටික මිලදී ගැනීමටත් යොදවන්න පුළුවන්කම තියෙනවා. මේ රට හදන්න නම් උඩ ඉඳලම සුද්ධ කරන්න වෙනවා. මේ රටේ රාජ්‍ය ආයතනවලට මොකද වෙලා තියෙන්නේ අද. තමන්ගේ දේශපාලන හිතවතුන්ගෙන් මේ ආයතන පිරෙව්වා. අර්ජුන රණතුංග වරාය ඇමැතිවරයා වනවිට ඔහුගේ මල්ලි වරායේ සභාපති වෙනවා. අයියා වරාය ඇමැති නිසා මල්ලිට ඒ පිළිබඳව හසල දැනුමක් ඇවිල්ලා ද ඒ පත්කිරීම් සිදුකරන්න. ඊට පස්සේ වරායෙන් පෙට්ට්‍රෝලියම් ඇමැතිකමට අර්ජුන ඇමැතිවරයා මාරුවෙන විට ආයෙත් මල්ලි පෙට්ට්‍රෝලියම් එකේ සභාපති වෙනවා. සාගල වරායේ ඇමැති වනවිට ඔහුගේ අයියා කාවන් රත්නායකට වරාය පිළිබඳව හසල දැනුමක් ලැබෙනවා. ඒ නිසා ඔහු ඒකේ සභාපති කරනවා. අයියා ජනාධිපති වනවිට මල්ලි ටෙලිකොම් සභාපති වෙනවා. ඇයි මහින්ද මස්සිනා ජනාධිපති වනවිට ඔහුගේ අනෙක් මස්සිනා එයාර් ලංකා සභාපති වෙනවා. රටට මොකද වෙලා තියෙන්නේ. දේශපාලන ඥාතීන්ගෙන් රටේ රාජ්‍ය ආයතන ටික පිරිලා. ඒ විතරක් නොවෙයි දේශපාලන පත්වීම්වලින් රාජ්‍ය ආයතන ටික පුරවලා. ආයතනවලට ඔරොත්තු නොදෙන සේවකයින් ප්‍රමාණයක් දාපු නිසා රාජ්‍ය ආයතන සියල්ලම කඩා වැටිලා. ඒ නිසා මේ රාජ්‍ය ආයතනවල විශාල බරක් පොදු ජනතාවට දරන්න සිදුවෙලා තියෙනවා.එයාර් ලංකා එකේ විතරක් ගිය අවුරුද්දේ මිලියන 40,000ක වැය බරක් රටේ ජනතාවට දරන්න සිදුවෙලා. දුප්පත් ජනතාවට සමෘද්ධිය දෙන්නම පසුගිය කාලයේ වැය වුණේ කෝටි 1500ක් විතරයි. මේවා ජනතාව දරන්න ඕනේ ද. අපි මේ රාජ්‍ය ආයතන යම් ප්‍රතිසංවිධානයක් කරනවා. මම අමාත්‍යාංශයක් දරුවා. වැඩිම ආයතන සංඛ්‍යාවත් තිබුණ. අපි ඒ ආයතනවලට පත් කළේ ඒ සම්බන්ධව විශේෂඥ දැන්මක් තිබූ පුද්ගලයන්. රුපියල් මිලියන පනහක බැංකු අයිරාවකින් තමා මිල්කෝ ආයතනය දිව්වේ. අපි ආයතනය ලබාගෙන මාස දාහතරකින් එළියට එනවිට රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් හදලයි අපි එළියට ආවේ. ලංකාවේ පළවැනි වතාවට මිල්කෝ ආයතනයට කිරි දීපු ගොවියන්ටම ලාභාංශ වශයෙන් බෝනස් ගෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ විකුණපු කිරි ටිකට සල්ලි දෙන්නේ නැහැ. එදා ලීටරයකට රුපියල් දෙකයි ශත හැත්තෑ පහක් වසර අවසානයේ බෝනස් විදියට ගොවියාට ලබාදුන්නා. අද මොකද වෙලා තියෙන්නේ. එහෙනම් කොයි පාලනය ද හොඳ වෙලා තියෙන්නේ. එහෙමයි පාලනය ගොඩනගන්න ඕනේ.දේශපාලනය අයින් කරලා හොඳ කළමනාකරණයක් ලබාදෙනවා නම් ඕනෑම ආයතනයක් ගොඩනගන්න පුළුවන්. අද වී අලෙවි මණ්ඩලයට මොකද වෙලා තියෙන්නේ කෝටි, ප්‍රකෝටි ගණනක් පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා. මොකක්ද කරන්නේ ගොවි ජනතාවගේ වී ටික ගන්නවා, ගබඩාවල ඒ වී ටික ගබඩා කරනවා. ඊට පස්සේ ගත්ත මිලටත් වඩා මෝල්කාරයන්ට ඒ වී ටික විකුණනවා. එතකොට ආයතනය පාඩු ලබන් නැද්ද. පාඩු ලබන්නේ නැත්තම් තමා පුදුමේ. වී ටික අරගෙන ගබඩාවලින් විකුණන්න බැරි ආණ්ඩුවක් ද මේ. 1994 ඉඳලා වී අලෙවි මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලයි තියෙන්නේ. මහා භාණ්ඩාගාරයෙන් හැමදාම සල්ලි දෙනවා. මේවා අපේ පාසල්, රෝහල් හදනන තියෙන සල්ලි, ලෙඞ්ඩුන්ට බෙහෙත් පෙත්තක් ගන්න තියෙන සල්ලි. මේ පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකියාව තියෙන්නේ අපට විතරයි.හැත්තෑවේ ඇවිදින් කියනවා හා දුප්පත් නේද කන්න නැහැ නේද මම හඳෙන් හාල් ගෙනැවිත් දෙන්නම් කියලා. හැත්තෑ හතේ ඇවිදින් කිව්වා කන්න නැහැ නේද? පෝෂ්‍යදායී ආහාරවේලක් නැහැ නේද? මම ආවම ධාන්‍ය රාත්තල් අටක් දෙන්නම් කිව්වා. දුප්පත් භාවය වික්කා. අසූ නවයේ ප්‍රේමදාස මහත්තයා කිව්වා සෙරෙප්පු දාන කකුල්වලට සපත්තු දෙන්නම්, බත් කෑවට පස්සේ ගස්ලබු කෑල්ලක් කන්න ආර්ථිකයක් හදන්නම් කියලා. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා කිව්වා තුනයි පනහට පාන් ගෙඩිය දෙන්නම් කියලා. ඔය අය අදත් ඇවිදින් කියන්නේ ඔය දේම නේද. අපි සමෘද්ධිය වැඩි කරන්නම්, තහඩු ටිකක් දෙන්නම් කියලා. ඉතිහාසයේ හැම දේශපාලකයෙක්ම මේ දුප්පත් භාවය විකුණලා තමා බලය ලබා ගත්තේ. හැබැයි අපි පාලනයක් හදන්නේ දුප්පත් භාවය විකුණන්න නෙවෙයි, දුප්පත් භාවය තුරන් කරන්න.අපට මතකයි අපේ පොඩි කාලයේ වට්ටක්කා වැලේ ලොකුම වට්ටක්කා ගෙඩිය වැල මැරෙනකම් ඉතුරු කරලා තියනවා. ඒ වළ මැරුණට පස්සේ ගෙනැල්ලා කපලා ඇට ටික අරගෙන වහලේ එල්ලා තියනවා බීජවලට ගන්න. අද වට්ටක්කා බීජ ගන්නේ එහෙමද. අපේ බඩඉරිඟු බීජ හදාගත්තේ කොහොමද. ගහා මැරෙනකම් කරල තියාගෙන ඉඳලා උඩ එල්ලා තියලා බීජවලට ගත්තා. දැන් එහෙම කරනවාද. ඉස්සර ලොකු අක්කා කෙනකු දැකපුවාම කියන්නේ ඒ අක්කා නම් වට්ටක්කා ගෙඩිය වගේ කියලා. දැන් තියෙනවාද ලොකු වට්ටක්කා. දැන් තියෙන්නේ මෙනවාද මීමිනි වට්ටක්කා. අපේ බීජ ටික නැති කළා, ඒ නිසා මුළුමනින්ම බීජ ටික කඩෙන් ගන්න සිදුවණා. හිටපු පාලකයෝ අපේ තිබුණු බීජ සම්පතම අහිමි කරලා දාලා. අද බහුජාතික සමාගම්වල පදේට නටන්න වෙලා.මහඉලුප්පල්ලම ගොවිපොළෙන් මිරිස් බීජ නිෂ්පාදනය කළා. අද මොනා ද මේ ගොවිපොළේ දකින්න ලැබෙන්නේ ඉපිල් ඉපිල්. චීන ගොවිපොළ තිබ්බා. ඒක සී.අයි.සී. කාරයට විකුණුවා. හිඟුරක්ගොඩ අක්කර දෙසිය ගාණක වී වගා කළා බීජවලට. ඒකත් විකුණලා දැම්මා. අපේ බීජ පර්යේෂණ ආයතන විනාශ කළා, බීජ ගොවිපොළවල් විනාශ කළා. ඉතින් මේ අයට කෘෂිකර්මාන්තය ගොඩගන්න පුළුවන්ද. අපි බලයට පැමිණි පසු නැවත පාරම්පරික බීජ සම්පත වර්ධනය කරලා ඒවා ගොවි ජනතාවට ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරනවා, ඒක අපිට කරන්න පුළුවන්. මහවැලි ව්‍යාපාරය හදනවිට කිව්වා කන්න තුනක් වගාකරන්න පුළුවන් කියලා. මහවැලි වතුර ගේනවිට අතරමැදි වැව් පද්ධතියක්ම විනාශ කළා. මේක වැව් බැඳි රාජ්‍යය අපේ රටේ වැව් 32,000ක් තිබුණා. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් තිබුණේ උතුරුමැද පළාතේ. මේ වැව් 32,000න් දැන් ඉතිරි වෙලා තියෙන්නේ 14,000ක් විතරයි.වැව් සම්පත විනාශ කරනවිට කීවා කඳුකරයෙන් ජලය ගෙනැවිත් දෙනවා කියලා. කලා වැවට වතුර දෙනවිටත් කිව්වා කන්න තුනක් වගාකරන්න වතුර ඇති කියලා. මේ යල කන්නයට මොකද වුණේ එච් කලාපයට. වතුර නැහැ. මොකක්ද සිදු වුණේ. අපේ වර්ෂාපතනයේ අඩුවීමක් තිබුණේ නැහැ. අපි මාස් කන්නය වගාකරලා ඉපනැල්ලට කවුපි ගැහුවා දින හතළිස් පහයි. ආපසු යල කන්නයට වී වැපිරුවා. අද එක කන්නයි. මේකයි සිද්ධවෙලා තියෙන්නේ. අපේ වාරිමාර්ග පද්ධතිය සුනු විසුනු කළා පාලකයෝ. අපි ඔක්කොම එකතු වුණොත් වසර 71ක් රට විනාශය කරා ඇදගෙන ගිය පාලනය අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ මිනිස්සුන්ට සැනසුම, සතුට තියෙන මාවතකට ගෙන එන්න වුවමනායි. අන්න ඒකට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ නිසා නොවැම්බර් 16 වැනිදා අපි ඔක්කොම එකතුවෙලා ජයග්‍රාහී තීන්දුවක් ගනිමු. වසර හැත්තෑ එකක මේ ගමන් මග වෙනුවට සුබදායි දේශපාලන තීන්දුවක් රට වෙනුවෙන් ගැනීමට ජාතික ජන බලවේගය සමග එකතු වී කටයුතු කරමු.” යැයි ද අනුර දිසානායක මහතා කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම ජන හමුව ඇමතූහ.මෙම අවස්ථාවට ජාතික විද්වත් සංවිධානයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක, රංගන ශිල්පීන් වන දීපානි සිල්වා, චන්ද්‍රසෝම බිංදුහේවා, ජගත් මනුවර්ණ, සමනලි ෆොන්සේකා, සම්මානනීය සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ. 
“හොරුන්ට දඬුවම් දිය හැක්කේ අපේ කඳවුරට පමණයි“
0
hp_train_2064
සිය පක්ෂ සාමාජිකත්ව අහිමි කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු තිදෙනෙක් එම පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු පක්ෂ බලධාරීන්ට එරෙහිව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් අද (22) ගොනු කළහ.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක දයාරත්න, දකුණු පළාත් සභා පද්මසිරි ද සිල්වා සහ වයඹ පළාත් සභා මන්ත්‍රී මල්හාමි රත්නායක ඔවුහුය.
ෆොන්සේකාගේ තීරණේ උසාවියෙන් විසිවේ
0
hp_train_2065
ලලිත් නවරත්න විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව ආරච්චිකට්ටුව පොලිස් බලප‍්‍රදේශය තුළ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස මෙම මෙහෙයුම සිදු ඇත.මෙම මෙහෙයුමේ දී විවෘත වරෙන්තු කරුවන් සිව්දෙනෙකු සහ දින වරෙන්තුකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.සියලූ වරෙන්තුකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිකරණය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් 6 ක් අත්අඩංගුවට
1
hp_train_2066
 (එස්. ඩි .කොඩිකාර)  විදේශ රටක නිෂ්පාදිත බෝර දොළහේ පතොරම් යෙදිය හැකි ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අද (19) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි . සැකකරු (47) හැවිරිදි අවිවාහක බානගල ,ඕපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොරවක පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත සැකකරුගේ නිවසේ කාමරයක පුටු සෙටියක සඟවා තිබියදී  ගිනි අවිය සොයා ගත් බව පොලිසිය කියයි.  අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
බෝර 12 ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට
0
hp_train_2067
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)මනාලයකු උපක්‍රමශීලී අන්දමින් මනාලියගේ පියා පීඩාවට පත් කරමින් විවාහයට පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබාගනිමින් නිවෙස අලුත්වැඩියා කරන්නට ගත් උත්සාහයක් නිසා මංගල්ලයක් කැඩී බිඳී ගිය පුවතක් පසුගියදා මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය.යුවතියක අසල්වැසි ගමේ තරුණයකු හා පෙමින් වෙලී සිටියාය. මේ හිතවත්කමට තරුණයාගේ පාර්ශ්වයේ වැඩිහිටියන් දැක්වූයේ දැඩි විරෝධයකි. දින, සති, මාස ගණන් ගතවෙද්දී මේ විරෝධය තරමක් අඩු විය. තරුණයාගේ මවුපියන් ඇතුළු වැඩිහිටි පිරිස් තරුණියගේ නිවෙසට ආගියේ මංගල්ලයේ කටයුතු කතාබහ කරගන්නටය.තරුණියගේ වැඩිහිටියන් ද කථිකා කිරීමෙන් පසු මංගල්ලයට දිනයක් ද තීරණය කෙරිණි. තරුණයා නිතර තරුණියගේ නිවෙසට යන්නට එන්නට ද පටන්ගත්තේ දැඩි විශ්වාසයක් ඇති කරගනිමිනි. මේ අතර කොරෝනා වසංගතය නිසා මංගල්ලය දිනෙන් දින කල් දමන්නට සිදු විය.මනාලිය බලන්නට එන තරුණයා මනාලියගේ නිවෙසින් කිසියම් දෙයක් ගෙන යන්නට නිතරම කටයුතු කළේය. පැරැණි යතුරුපැදිය මනාලියගේ නිවෙසේ තබා මනාලයා මාමණ්ඩියගේ නවීන පන්නයේ යතුරුපැදිය ගෙන ගියේ, පසුව ගෙනෙන බව කියමිනි. සතියක් දෙකක් ගත විය. යතුරුපැදිය මනාලයා ඔහුගේ එකක් සේ පාවිච්චි කරන්නට පටන් ගත්තේය.නිතර මාමණ්ඩියගෙන් මුදල් හදල් ඉල්ලාගත් මේ මනාලයා, ඒවා ද අමතක කරන්නට ක්‍රියා කළේ කිසියම් සැලසුමක් මත බව මේ අතර මාමණ්ඩියට තේරුම් ගියේය. මේ අතර, වෙන්න යන බෑනා මාමාට යෝජනාවක් කළේය. ඒ, මංගල්ලයට පෙර ඔහුගේ නිවෙස අලුත්වැඩියා කර දෙන ලෙසය. දැඩි ලෙස අබලන්ව ඇති නිවෙසේ අලුත්වැඩියාව රුපියල් ලක්ෂ දෙක තුනකින්වත් කරන්නට බැරි එකක් විය. ඔහු බිරිය හා පළමුව සාකච්ඡා කළේය. අනතුරුව මනාලියක වෙන්නට පෙරුම් පුරන දියණියට ද ඇගේ අනාගත සැමියාගේ ක්‍රියා කලාපය ගැන කියා දුන්නේය. මනාලයා තරුණියගේ අත තිබූ මුදල් හදල් ද වරින් වර ඉල්ලාගෙන ඇති බව මවුපියන්ට දැනගන්නට ලැබිණි.සියල්ල දැනගත් තරුණිය තීරණයක් ගත්තාය. “තාත්තේ, මම මේ මංගල්ලේ කරගන්නේ නැහැ. දැන්ම මෙහෙම නම් ඉස්සරහට මේ මිනිහා මාව මරලත් දායි” කී ඇය හිත හදා ගත්තේ කපටියකුට රැවටී ජීවිතය සදහටම අඳුරු කරගන්නට බැරි නිසාය.  
බෑනා මඟුලට කලින්ම දෑවැද්දට අනින්න හදලා
1
hp_train_2068
හර්ෂණ තුෂාර සිල්වාමීළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර අත්සන් තබා ඇති ගිවිසුම නිසා පක්ෂ දෙකේ ප්‍රබලයන් අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වරාය හා නාවික අමාත්‍යාංශය හෝ මහාමාර්ග අමාත්‍යාංශය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණත් එම අමාත්‍යාංශ දෙකම පක්ෂ දෙක අත්සන් තැබූ ගිවිසුම අනුව ලැබී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.  ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පාර්ශවය දැඩි උත්සහායක නිරත වී සිටින බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය. තවදුරටත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යධුරය දැරීමට තමාගේ අකැමැත්තක් නැති බව පසුගිය සතියේ දිනක පැවැති මාධ්‍ය හමුවක් අවසානයේදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේය. මීළඟ අමාත්‍යාංශ මණ්ඩල සංශෝධනයේදී පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයත් (සාගර විශ්ව විද්‍යාලය) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇතැයි ද පසුගිය සතියේදී වාර්තා විය. මේ අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමාට පැවැරී තිබූ විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පැවැරීමට කටයුතු කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය අද (27) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය 2015 වසරේ අගෝස්තු මාසයේදී අමාත්‍යාංශ 30 පක්ෂ දෙක අතර බෙදා ගනිමින් වසර දෙකක ජාතික ආණ්ඩුවකට මුල පිරීය. එම ගිවිසුම වසර පහක කාලයක් සඳහා දීර්ඝ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරු පසුගිය වසරේ ජූලි මාසයේදී පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ. 
ධීවර ඇමති අමරවීර වගකීම් රැසක් රාජ්‍ය ඇමතිට පවරයි
0
hp_train_2069
ශ්‍රී ලංකාව ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තත්ත්වය වැඩි වනු ඇතයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.අපරභාගයේදී හා රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ)  ඇතිවීමට ඉඩ ඇති බවත් සඳහන් කරයි.‘දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.‘
‘ඉදිරි 24 පැයේ අකුණු වැඩි වේ‘
0
hp_train_2070
(රොමේෂ් මධුෂංඛ)යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී දේපල වලට හානි කොට පලා යමින් සිටි කඩු කල්ලියක ප්‍රභලයින් තිදෙනෙකු කඩු කෙටේරි සමග අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 30 වනදා කොණ්ඩාවිල්හි පුද්ගලයින් 07 දෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවන් බවට පොලීසිය සැක පල කර සිටියි.අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් කෝපායිහි නිවසකට ඇතුලු වී නිවැසියන්ට තර්ජනය කොට දේපලවලට හානි කොට යතුරුපැදියකින් සහ ත්‍රී රෝද රථයකින් පලා යමින් සිටියදී අදාල පිරිස ලුහුබැඳ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී තියුණු කඩු දෙකක්, කෙටේරි දෙකක් සහ තවත් නවීකරණය කරන ලද තියුණු ආයුධයක්ද යතුරුපැදිය හා ත්‍රී රෝද රථයද අත්අඩංගුවට ගනු ලැබීය.යාපනයේ සිදුවූ පුද්ගල පහරදීම් දේපල හානි කිරීම සහ මංකොල්ල කෑම් ආදි අපරාධ රැසකට අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධවූවන් බවට තොරතුරු ලැබී ඇති අතරම ඔවුන් සමග සෙසු සැකකරුවන් 16 දෙනෙකු පමණ තවත් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පරික්ෂණ අරඹා ඇති බවටද යාපනය පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මාණිප්පායි, කොකුවිල් සහ කොණ්ඩාවිල් ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් අද (05) දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
ආවා කල්ලියේ නායකයා ඇතුළු 8 ක් අත්අඩංගුවට
0
hp_train_2071
(මනෝප‍්‍රිය ගුණසේකර)මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහි චෝදනා පත‍්‍ර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (25) කොළඹ මහාධිකරණයේදී බාර දෙන ලදී.මෙම බැඳුම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ඉදිරියේ එලෙස චෝදනා පත‍්‍ර බාරදීමෙන් අනතුරුව ඔවුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.2016 මාර්තු මස 12 වැනිදාත් මාර්තු මස 03 වැනිදාත් අතර කාලයේ කොළඹදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරීම ඒ අනුව 2016 මාර්තු 31 වනදා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් බැදුම්කර සාපරාධී සාවද්ය පරිහරණය කිරීම, එමඟින් රජයට පාඩු සිදු කිරීම, ඒ සඳහා අධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.මෙලෙස චෝදනා නඟා ඇත්තේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවීන්ද්‍ර සන්දේශ් කරුණානායක හෙවත් රවී කරුණානායක, ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එම සමාගමේ සේවකයින් වන චිත‍්‍රා රංජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා ශ‍්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරී ඉන්දික සමන් කුමාර නමැත්තන්ට එරෙහිවය.මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ 03 වැනි විත්තිකරු ලෙස නම් කොට සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් සහ 09 වැනි විත්තිකරු ලෙස නම් කර සිටින අජාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් විදේශගතව සැඟව සිටින හෙයින් ඔවුන්ට සිතාසි බාරදීමට නොහැකි වු බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය. 
මහ බැංකු විත්තිකරුවන්ට චෝදනා පත්‍ර බාර දෙයි
1
hp_train_2072
මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (11) දිනට කොරෝනා ආසාදිතයින් 568 දෙනෙකු හදුනාගෙන තිබේ.මේ දක්වා වයිරසය ආසාදිත සංඛ්‍යාව 44,903 ක් වූ අතර අද පස්වරුවේදී පැලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 283 ක් වාර්තා විය.ඒ අනුව මේ වන විට වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 45,186 කි. 
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 568 ක්
1
hp_train_2073
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද  (1) උදෑසන වනවිට  1,21,305  දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. අද උදෑසන  වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1718 දෙනෙකු හමුව ඇති බවත් මින් 182 දෙනෙකු වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් එහි සදහන්ව ඇත. දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර  - 179 ක්,  දොම්පෙ  - 156 ක්,  ගම්පහ සහ කටාන කොට්ඨාසයන්ගෙන් - 146 දෙනෙකු බැගින් , දිවුලපිටිය  - 130 ක්,  මීරිගම  - 118 ක්,  අත්තනගල්ල  - 115 ක්,  බියගම  - 111 ක්,  ජාඇල  - 98 ක්,  මීගමුව  - 93 ක්, කැලණිය  - 68 ක්,  සීදූව  - 67 ක්,  වත්තල  - 62 ක් සහ රාගම කොට්ඨාසයෙන්  - 47 දෙනෙකු වශයෙනි.පැය  24 ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 63 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 23 ක්, බියගමින්  - 35 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව පස් දෙනෙකු  වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක කාලය තුල ආසාදිතයින් 528 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 442 දෙනෙකි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 36,682 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත. 
පැය 24කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1125ක්
0
hp_train_2074
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලව ආරච්චිතමන්ගේ රියදුරු බලපත්‍රය පසුම්බියේ තිබියදී එය නැති වූ බව කියා පොලීසියේ පැමිණිල්ලක් සටහන් කළ රියදුරෙකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබිණ.ඔහු වෘත්තීය රියදුරෙකි. ළඟඳී දිනක මංගල උළෙලකට සහභාගී වුණේ සිය දරු පවුලේ පිරිස සමඟය. තැන නොතැන නොබැලූ ඔහු හොඳ හැටි මධු විතින් සප්පායම්වුණේ බිරියගේ අවවාද අනුශාසනා ආදියද ගණනකට නොගනිමින්ය.ට්ක වේලාවක් ගත වෙද්දී ටයි පිටිය ගැලවුණේය. සාක්කුව වරින් වර අස් පස් කරන්නටද පටන් ගත්තේය. බමන මත තිබුණත් බිරියත් දරු දෙදෙනාත් සමඟ යතුරු පැදියේ නැඟී නිවසට එන්නට මේ රියදුරා වාසනාවන්ත වූයේය. පසුදා පහන් විය.බාරගත් කුලී ගමනක් යාමට නියමිතව තිබුණි.පිරිසගෙන් ඇමතුමක්ද  ලැබුණි. ඉක්මනට එනවා කී හෙතෙම තම රියදුරු බලපත්‍රය සොයන්නට වූයේය. එය සොයා ගැනීමට නොැකි විය. කලින්දා මද සිහියෙන් එද්දී එය වැටෙන්න ඇති බව ඔහු අනුමාන කළේය. වෙනත් රියදුරෙකු කැඳවා ගමන පිටත් කර රිය බලපත නැතිවීම ගැන පොලීසියේ පැමිණිල්ලක් ලියන්නට ගියේය.තමන්ගේ රියදුරු බලපත්‍රය නැති වූ බවත් එය අලුතින් ලබා ගැනීමට අවශ්‍ය බව කියා පැමිණිල්ලක් සටහන් කර නිවසට ආයේ ඒ සඳහා යන බර පැන සොයන අන්දමක් ගැන සිතමිනි.නිවසට එන අතරතුර තවත් උගුරකින් සප්පායම්වුණේ සිදුවූ වරද නිසා ඇති වූ පසුතැවිල්ල මකා ගන්නටය. නිසවට ආ ඔහු පුටුවකට බර වූයේ ඇඳ සිටි කම්සය ගලවා බිම දමමිනි. කුඩා පුතු එතනට ආයේ තාත්තා ටොපි ගෙන එන්නට ඇතැයි සිතාගෙනය. සාක්කුව අතපත ගෑ පුතුට එහි වූ පියාගේ රියදුරු බලපත්‍රය හමුවූයේය.නොදන්නා පුතා එය සෙල්ලකමට ගත්තේය.පුතා රිය බලපත ගෙන සෙල්ලම් කරනවා දුටු පියාගේ වෙරි හිදුනේය.තමන්ගේ පැමිණිල්ලට කුමක් කරවාද කියා දකින දකින අයගෙන් උපදෙස් ගනිමින් ඉන්නේ පොලීසිය විමසුවාම කියන්නේ කුමක්දැයි දැනගන්නා අටියෙනි.
තාත්තාට තරු පෙන්වා පුතා අපූරු සෙල්ලමක
0
hp_train_2075
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව කියයි.‘‘‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලද විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි‘‘.‘‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර  වේගය පැයට කිලෝ මීටර්. 20-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘‘.2015 මාර්තු මස 04 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කැරිණි.
‘ඉදිරි 24 පැයේ කාලගුණය‘
0
hp_train_2076
(විජේරත්න රත්නායක)2020 වසර සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (26) සවස වැඩි ඡන්ද 03 කින් සභා සම්මත විය.හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.නිමල් සේනානායක මහතා විසින් අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව පැය පහක් පමණ පුරා පැවැති අයවැය විවාදයෙන් පසුව සිදුකෙරුණු විවෘත ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 21 ක් හා විපක්ෂව ඡන්ද 18 ක්ද ලැබිණි.එම සභාවේ සභාපතිවරයා ඇතුළු සභිකයින් 40 දෙනා අතරින් එක් මන්ත්‍රීවරියක් අද දින සභාවට පැමිණ නොසිටියාය.මෙම ඡන්ද විමසීමේදී සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයින් 11 දෙනෙක් සහ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 10 දෙනෙකුද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.එම සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 10 දෙනාද ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනාද ස්වාධීන කණ්ඩායම් දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනාද එක්සත් ජාතික පක්ෂයේ කේ.එම්.ප්‍රේමදාස හා පී.බී.සුසන්ත සිල්වා යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අජි බහාර් තුවාන් මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එච්.එච්.ජයන්ති බුද්ධිකා මන්ත්‍රීවරිය සභාවට සහභාගීව නොසිටියාය.
ඇල්ල ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 7 කින් පරදී
0
hp_train_2077
“සමහරු අපෙන් අහනවා ඔයාලගේ සැලසුම් ප්‍රතිපත්ති සියලු දේ හොඳයි ඒත් වැඬේ කරන්න පිරිසක් කෝ කියලා. මෙතෙක් රට පාලනය කළ සියලු කණ්ඩායම්වලට වඩා, වඩා හොඳ, උගත් බුද්ධිමත් කණ්ඩායමක් අපට ඉන්නවා මේ වේදිකාව පිරිලා තිබෙන්නේ ඔවුන්ගෙන්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දෙවෙනිදා පැවසීය.ඔහු මේ බව පැවසූවේ තිස්සමහාරාම නගරයේදී පැවති ජනරැලියකට සහභාගී වෙමිනි.ඔහු තවදුරටත් මෙසේද පැවසීය.“රටට නව පාලනයක්, නව පාලකයෙක් තෝරා ගන්න ජනතාවට අවස්ථාව ඇවිල්ලා. මේක ඒ වෙනුවෙන් ආව පළමුවැනි අවස්ථාව නොවෙයි. වැඩි ඈතක නැතිව 2015ට ගියොත්, අපේ රටේ ජනතාවට මේ අවස්ථාව උදා වුණා. ඒ වෙනකොට තිබුණු පාලනයේ හොරකම් නතර කරයි කියලා විශාල අපේක්‍ෂාවන් සහිතව ජනතාව අලුත් පාලනයක් හැදුවා. හොරුන්ට දඬුවම් කරයි කියලා ජනතාව හිතුවා. ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න ටික විසඳලා, රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගනියි කියලා බලාපොරොත්තුවෙන් ජනතාව මේ පාලනය හැදුවා. එතෙක් තිබුණු විනාශකාරී පාලනය ලක්‍ෂ හැටදෙකහමාරක් ජනතාවගේ ඡන්දයෙන් පරාජය කළා. අවුරුදු පහකට ආසන්න කාලයකදී ඔප්පු කර තිබෙන්නේ, දෙදහස් පහළොවේ ජනතාවට දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කරන්න අසමත් බවයි. ඒ නිසා මේ පාලනය බිඳවට්ටන්න ඕනෑ.මේ පාලනය බිඳවට්ටවලා, නැවත බලයට ගේන්නේ දෙදහස් පහළොවේ පරාද කළ කට්ටියමද? එහෙම නම්, ඒක පරාද නොකර ඉන්න තිබුණා. පරාද කිරීම හරි. ආයේ ගේන්න උත්සාහ කරනවා නම්, ඒක වැරැදියි. මේ පාලනය බිඳවැට්ට විය යුතුයි වාගේම පලවා හරින ලද පාලනයට නැවත ඉඩ ලබා නොදිය යුතුයි. අපි ඔබ සැම හමුවෙන්න ආවේ, නොවැම්බර් දහසය වැනිදාට අලුත් පාලනයක් ගෙන එන්න, අලුත් පාලකයෙක් අපේ රටට තෝරා පත් කරගන්න ආරාධනා කරන්නයි. ඇයි ඒ ? මේ රට හදන්න.රටකට වෙන්න පුළුවන් සියලු විනාශයන් මේ රටට අත්කර දී හමාරයි. අපේ රට දුප්පත් කරලා. ණය බර, රටේ නිෂ්පාදනය කඩාවැටීම, රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් දුප්පත්. හැම පැත්තෙන්ම දුප්පත්. හැබැයි, පාලකයෝ පොහොසත්. රජයේ මුළු ආදායම ණය පොළිය, වාරිකය ගෙවන්නත් මදි. අමතරව කෝටි දහතුන්දහස් පන්සියයක් ගිය අවුරුද්දේ ගන්න ඕනෑ වුණා ණය ගෙවන්න. හැබැයි, පාලකයන්ගේ ගිණුම් පිරිලා. අවුරුදු හැත්තෑ එකක් තිස්සේ කළේ රට දුප්පත්භාවයේ පතුලට දාලා, පාලකයෝ පොහොසත්කමේ හිණිපෙත්තට නැඟීම. මේ දුප්පත්භාවයට ඇදලා දාපු රට පොහොසත් රටක් බවට පත් කරන්න අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. අපට එක අවස්ථාවක් දෙන්න. අපි සහතික වශයෙන් මේ රට ගොඩනඟනවා. රට ගොඩනඟන්න නම්, හොරකම, නාස්තිය නතර කරන්න ඕනෑ. එය කළ හැක්කේ, ජාතික ජන බලවේගයට විතරයි.අපේ රටට ණය ගත්තේ, අවශ්‍ය වත්කම් නිෂ්පාදනය කරන්න නොවෙයි. ගාල්ලේ ඉඳලා මාතරට රේල් පාර අධිවේගී කළා. කිලෝ මීටර් හතළිස්අටට රුපියල් කෝටි නවසීයක් වියදම් කළා. වැඬේ පටන් ගන්න කොට ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම. වැඬේ අවසාන කරන කොට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම. රේල් පාර අධිවේගී කරන්න කලින් ගාල්ල- මාතර කෝච්චියට විනාඩි හතළිස් දෙකක් ගියා. අධිවේගී කළාට පස්සේ විනාඩි තිස්නවයක් යනවා කියලා, පාර්ලිමේන්තුවේ මම අහපු ප්‍රශ්නයකට කුමාර වෙල්ගම ඇමැතිවරයා උත්තර දුන්නා. අර තරම් වියදම් දරලා හදපු පාර නිසා විනාඩි තුනයි අඩුවෙලා තියෙන්නේ.  ඉතින්, ණය බරක් වෙන්නේ නැද්ද? අපේ රට විශාල ණය උගුලක හිර කළා. ඒ ගොල්ලෝ ගොඩක් කැමැතියි, වාණිජ වෙළෙඳපොළෙන් ණය ගන්න. හැබැයි, ශක්‍යතා අධ්‍යයන නිසි පරිදි සම්පූර්ණ කරන ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය දෙන්නේ සියයට 0.75 පොලියට. සියයට පහේ පොළියට අවුරුදු හතළිහක විතර දීර්ඝකාලීන ණය ගත්තොත්, ණය මුදල වාගේ තුන්ගුණයක් ගෙවන්න වෙනවා. හැබැයි, සියයට එකේ පොළියට ගත්තොත්, ගන්න ණය මුදලෙන් හරි අඩක් විතරයි පොලිය ගෙවන්න වෙන්නේ. අපේ පාලනයක් යටතේ රට ගොඩනඟන්න මේ වාගේ ණය තමයි ගන්නේ.ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන්නේ, තොරතුරු තාක්‍ෂණ වෙළෙඳපොළයි. ඇමෙරිකාවේ පෙන්ටගන් යුද මධ්‍යස්ථානයේ මෘදුකාංග පද්ධතියේ කොටසක් හයි කරලා තියෙන්නේ, ලංකාවේ ‘මිලේනියම් අයි ටී’ කියන සමාගම. එංගලන්ත කොටස් වෙළෙඳපොළේ මෘදුකාංග පද්ධතියෙන් කොටසක් නිර්මාණය කළේ ලංකාවේ සමාගමක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුළු ආණ්ඩුවේම මෘදුකාංග පද්ධතියෙන් කොටසක් හැදුවේ ලංකාවේ සමාගමක්. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පද්ධතිය ලබා දුන්නේ සිංගප්පූරු සමාගමකට. මේ ක්‍ෂේත්‍රයෙන් ලෝක වෙළෙඳපොළෙන් විශාල කොටසක් අපට අත්පත් කර ගන්න පුළුවන්. ප්‍රතිපත්ති හදන්න ඕනෑ මෙතැනට. තොරතුරු තාක්‍ෂණයෙන් විතරක් අපේ රටට විශාල වත්කමක් උපයා ගන්න පුළුවන්. අපේ රට ලෝකයේ ශක්තිමත්, පොහොසත් රටක් කිරීමේ ආර්ථික සැලැස්මක් හදලා තියෙන්නේ.ජනතාව දුප්පත්භාවයෙන් මුදාගන්න පුළුවන් වෙන්නෙත්, මේ වාගේ ක්‍රියාමාර්ගවලින්. එහෙම නැතිව “සතියකට හාල් සේරු දෙකක් දෙන්නම්, ධාන්‍ය වර්ග රාත්තල් අටක් දෙන්නම්” වගේ පොරොන්දුවලට රැවටෙන්න එපා කියලා අපි ඉල්ලනවා. දිගින් දිගටම සිද්ධ වෙලා තියෙන්නේ, ජනතාවගේ දුප්පත්කම විකුණන එකයි. දුප්පත්කම විකිණීමේ ඔවුන්ගේ දේශපාලනය නැවැත්විය යුතුයි.මේ අවුරුදු තිහේ මුදල් ඇමැතිකම් කළ හැමකෙනාටම වඩා අධ්‍යාපනයෙන් අපේ හඳුන්නෙත්ති සහෝදරයාට සුදුසුකම් තිබෙනවා. මම මේ මුදල් ඇමැති කියලා කියනවා නොවෙයි, අත්දැකීම්වලින්, භාවිතයෙන්, කැප කිරීම්වලින් ඒ බව තහවුරු කර තිබෙනවා. අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනිල් ජයන්ත වාගේ විශාල කණ්ඩායමක් අපේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට දැනුම, හැකියාව සහ දක්‍ෂතාව තියෙන අය ඉන්නවා. අපේ නාමල් කරුණාරත්න සහෝදරයා, මාපලාන කෘෂිවිද්‍යා පීඨයේ ආචාර්ය අබේසිංහ මහත්තයා, බතලේගොඩ පර්යේෂණ ආයතනයේ, ආචාර්ය ධනපාල මහත්තයා, ලංකාවේ මුල්වරට බාස්මතී සොයා ගත් ආචාර්ය සුමිත් වාගේ විශාල පිරිසක් කෘෂිකර්මාන්තය පැත්තෙන් ඉන්නවා. ධීවර කර්මාන්තය, පරිසරය, සාහිත්‍ය කලා ක්‍ෂේත්‍ර මේ ඕනෑම පැත්තකින් මේ ජනතාවගේ ජීවිත එක්ක ගැටෙන අධ්‍යාපනයෙන් ඉහළම සුදුසුකම් පෙන්වූ කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ හැම දේකට ම වැඩිය ස්වේච්ඡාවෙන්, කැප කිරීම් කරන්න පුළුවන් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මෙතෙක් රට පාලනය කළ අයට වඩා හොඳ කණ්ඩායමක් අපට ඉන්නවා. ඒ නිසා අපට බලය දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ රටට අලුත් පාලනයක් හදමු. සහතික වශයෙන්ම අපේ රට පොහොසත් රටක් බවට පත් කර ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගත හැකියි. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු. මැදිහත් වෙමු කියලා ඉල්ලා සිටිනවා”.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවසීය.“මේ ජනාධිපතිවරණය අපේ රට වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂය බවට පත් කරගන්න පුළුවන්. අපේ රටේ වමේ ව්‍යාපාරය තුළ මේ තරම් මහජන සහයෝගයක් ලැබුණු ඡන්දයක් මීට පෙර තිබිලා නැහැ. ජාතික ජන බල වේදිකාව ජනතා විමුක්ති පෙරමුණට අමතරව විද්වතුන්, පරිසරවේදීන්, මාධ්‍යවේදීන්, වමේ පක්‍ෂ, ප්‍රගතිශීලී සිවිල් සංවිධාන, ගොවීන්, ධීවරයන්, කාන්තාවන්, කලාකරුවන් එකතු කර ගත් සියලුම හොඳ මිනිසුන්ගේ බලවේගය ලෙස එකතු වී ඉන්නවා. ජාතික ජන බලවේගයේ හොඳ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් අප වටා ඉන්නවා. ඊට නායකත්වය දෙන්න හොඳ අපේක්‍ෂකයෙක් ඉන්නවා. රට දිනවන්න පුළුවන් එකම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව දැන් ඔප්පු වී හමාරයි.”සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මහතා -“මේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණට, ප්‍රාදේශීය සභාවක බලය ලබා දීපු ගෞරවනීය ජනතාව. ඔබලා අපිට ඉගැන්නුවා, රටට ඉගැන්නුවා. මම ජාතික ජන බලවේගය වේදිකාවට ගොඩ වුණේ, ‘ජන නියමු කලාකරුවන්ගේ’ සංවිධානය වෙනුවෙන්.  අපි මෑතක් වනතුරු නැග්ගේ දේශපාලන වේදිකාවලට නොවෙයි, රඟහල්වල වේදිකාවලට. ඒ වාගේම ටෙලිනාට්‍ය, සාහිත්‍ය නිර්මාණ ඇතුළු නිර්මාණවලින් අපි ජනතාවත් එක්ක සම්බන්ධ වුණේ. නමුත්, මේ රට අධිවේගයෙන් පරිහානියට යන එක වළක්වා ගන්න නිර්මාණකරුවන් හැටියට නිර්මාණ පමණක් කරමින් සිටීම ප්‍රමාණවත් නැති බව තේරුම් ගත්තා. ජනතාව ළඟට ගිහිල්ලා, නිසි ප්‍රවේශයක් ගන්න ඕනෑ බව අපි කල්පනා කළා. ඒ සඳහා සුදුසු දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බව තේරුම් ගත්තා. පිරිසුදු, පැහැදිලි දේශපාලන ව්‍යාපාරය තියෙන්නේ මෙතැන. කොන්දක් තියාගෙන එතැන හිටගන්න පුළුවන් වීම ගැන අපි ආඩම්බර වෙනවා. අපි කලාවෙන් කරපු සේවයට වඩා උතුම් වූ සේවයක් දැන් කරනවා කියලා හැඟීමක් ඇති වෙනවා.”
“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“
1
hp_train_2078
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සේවයට වාර්තා නොකර අද (03) එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී වතු පාලනාධිකාරියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ. මෙම උද්ඝෝෂණය සඳහා ඕල්ටන් තේ වතුයායේ, ඕල්ටන්, කිංකෝරා, නිලාවත්ත හා ඕල්ටන් පහළ යන  කොටස්වල වතු කම්කරුවෝ 700 කට ආසන්න පිරිසක් එක්ව සිටියහ. හොරණ වැවිලි සමාගමට අයත් මෙම තේ වතුයායේ උද්ඝෝෂණයට එක්ව සිටි කම්කරුවන් කියා සිටියේ, අද දින සේවයට වාර්තා කිරීමට ප්‍රථම වතු පාලනාධිකාරිය තමන්ට විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කළ බවත්, එය සමග සේවයට වාර්තා කළ යුතු බවත්, මෙතෙක් කල් නොතිබුණු එම ක්‍රියාව නිසා වතු කම්කරුවන් වන තමන් අපහසුතාවට පත්ව සිටින බවත්ය. තේ වත්තට කාලයක් තිස්සේ වෛද්‍යවරයෙකු හා ගිලන් රථයක් නොමැතිවීම,  තේ වත්ත කැළෑ වැදීම හේතුවෙන් දිවියන්ගේ දැඩි තර්ජනයක් පැවතීම, දිනකට තේ දළු කිලෝ 14 ක් නෙළමින් තිබූ ක්‍රමය වෙනස් කර කිලෝ 18 ක් අනිවාර්යයෙන් නෙළිය යුතු බවට දන්වා තිබීම, රුපියල් ලක්ෂ 67 ක් වැය කර විද්‍යුත් තරාදියක් අමු තේ දලු කිරීම සඳහා මිලදී ගෙන තිබීම, තමන්ගේ හිඟ වැටුප වන රුපියල් 50 වැඩි කර දීමට නොහැකි මෙම වතු සමාගම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම්  ක්‍රමයෙන් කප්පාදු කරමින් සිටීම ආදිය මෙම විරෝධයට හේතු වී ඇති බව ඔවුහු කියති. දැනට වත්තේ සිටින වතු පාලකවරයා මෙම වතුයායෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින මෙම කම්කරුවෝ, තම ඉල්ලීම් ඉටුවන තෙක් වැඩ වර්ජනයක හා උද්ඝෝෂණයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔවුහු කියා සිටිති. අප මේ සම්බන්ධව ඕල්ටන් තේ වතුයායේ පාලනාධිකාරියෙන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, මෙම නව හැඳුනුම්පත හා තරාදිය නිසා වතු කම්කරුවන්ට වාසි රැසක් අත්වන බවත් එය ඔවුන් නිවැරදිව තේරුම් ගෙන නොමැති බවත්ය.
ඕල්ටන් වතුයායේ කම්කරුවෝ විරෝධතාවක
1
hp_train_2079
වසර දෙකකට වරක් පවත්වන ලෝක ප‍්‍රසිද්ධ ගුවන් යානා ප‍්‍රදර්ශනය පසුගියදා පැරීසියේදි පැවැත්විණි. සතියක් පුරාවට පැවැති මෙම ප‍්‍රදර්ශනය මහජනතාව සඳහා දින තුනක් ද ගැනුම්කරුවන් සඳහා දින හතරක් ද ලෙස වෙන්කර තිබුණි.එම ප‍්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඇමති රෙජිනෝලඩ් කුරේ ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඒ අතරතුර පැරිස් එකමුතුව විසින් සංවිධානය කළ සුහද හමුවකට ද සහභාගි ඔහු සහභාගී විය. යහපාලන ක‍්‍රියාවලියත් සමඟ ශ්‍රී ලාංකිකයෝ අන්ද මන්ද වී ඇති බවක් පෙනෙන බව ඔහු කීවේය. කවදාවත් සිදු නොවුණු ලෙස එජාප ඡන්දයෙන් ශ්‍රීලනීප ලේකම් ජනාධිපති විය. ශ්‍රීලනීප ඡන්දයෙන් පක්ෂයේ එවකට සභාපති හිටපු ජනාධිපති පරාජය විය. සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවී තිබුණත් සුළුතරයෙන් අගමැති පත් විය. බහුතරයෙන් විපක්ෂ නායක පත්විය. ප‍්‍රංශයේ ඇති යහපාලනය සියයට සීයකින් භුක්ති විඳින අපේ අයටත් ශ්‍රී ලංකාවේ යහපාලනය ප‍්‍රශ්නයක් වෙලා. ඉතින් අපි ගැන කුමන කථාද ?නමුත් කලබල නොවී ඉවසීමෙන් ඉන්නා ලෙසත් ප‍්‍රංශයේ අද තියෙන යහපාලනය දින සියයකින් ගොඩ නැඟු එකක් නොවන බවත් සුළී සුලඟක් ඇවිත් බිම තිබිය යුතු දේවල් උඩට ගිහිල්ලා උඩ තිබිය යුතු දේවල් බිමට වැටිලා ඇති මොහොතක්. සුළි සුලඟ පහව ගොස් ටිකක් ඝෝෂාව සමනය වනතුරු කලබල නොවී ඉවසන මෙන් ගුවන් සේවා ඇමැති පැරිස් රැස්වීමේදි පැවසීය. පැරීසියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජාත්‍යයන්තර ශාඛාවේ නිල වෙබ් අඩවිය ද එදින එළිදැක් වුයේය. ප‍්‍රශ්නය : ඔබගේ ප‍්‍රංශ සංචාරයේ අරමුණ කුමක්ද?පිළිතුර :ප‍්‍රංශයේ පවත්වන ගුවන් යානා ප‍්‍රදර්ශනයට සහභාගි වීමයි මගේ අරමුණ. ඒ තුළින් ලබන තාක්ෂණික දැනුම හා අත්දැකීම් තුලින් අපේ ගුවන් සේවය ගුවන් තොටුපොළවල  නඩත්තුව ආදි දේවල් මගින් අපේ ගුවන් සේවය වැඩි දියුණුකර ගැනීම මගේ බලාපෙරොත්තුවයි. ප‍්‍රංශයේ ගමනාගමනයට ඉන්නේ එක ඇමතිවරයයි. මම ප‍්‍රංශයේ එම ගමනාගමන ඇමති සමඟ නිලධාරීන් හමුවුණා. ප‍්‍රංශයේ තියෙනවා ගුවන් නියමුවන් හා එම විෂයට අයත් විධායක හා කාර්මික ශිල්පීන් පුරුදු පුහුණු කරන විශ්ව කීර්තියට පත් ආයතනයක්. දැනට එම ආයතනය විසින් ලතින් ඇමෙරිකාවේ එවැනි විදුහලක් ආරම්භ කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ සමඟම මැද පෙරදිග ඩුබායි චීනයේ වගේ රට වලත් එම ආයතනයේ ශාඛා පිහිටුවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. දකුණු ආසියාවේ පිහිටුවන එම ආයතනය අපේ ශ්‍රී ලංකාවේ පිහිටුවන ලෙස මම ඔවුන් ගෙන් ඉල්ලීමක් කළා. දැනට අපේ රටේ එවැනි පුහුණූ කිරීමේ ආයතනයක් තිබෙන අතර එහි ඉගෙනුම අවසන් කළ විශාල පිරිසක් මැදපෙරදිග ගුවන් සේවයන්හී සේවය කරනවා. ඒ වගේම එම විදුහල්වල ඉගෙනීමට දකුණු ආසියාවේ පිරිස් පැමිණෙන තත්ත්වයකුත් තිබෙනවා. එය අපේ රටට කීර්තියක් මෙන්ම හොඳ අවස්ථාවක්. ආසියාවේ ගුවන් කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපේ එක් සැලසුමක්. ඉහත සඳහන් යෝජනාව ඒ සදහා අපේ රටට හොද අවස්ථාවක්. ඒ අනුව ප‍්‍රංශ බලධාරීන් අපේ රටට පැමිණ නිරීක්ෂණ පරීක්ෂණ ඇතුලත් ශාක්‍යතා වාර්තාවක් සකසා එම ඉල්ලීම ඉටුකර දීමට ඔවුන් පොරොන්දුවීම අපේ මෙම සංචාරයේ ලොකු ජයග‍්‍රහණයක්. ඊළඟට අපේ ගුවන් සේවය වගේම අනෙක් විදේශීය ගුවන් සේවයන් අපේ රටට පැමිණිමත් ඉතාම අවශ්‍යය වෙනවා. එබැවින් ප‍්‍රංශ ගුවන් සේවයත් ශ්‍රී ලංකාව සදහා ගමන් වාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එයට යහපත් ප‍්‍රතිචාර ලැබුණා. ඊට අමතරව ජර්මනිය හා සිංගප්පූරුවේ ගුවන් සමාගම් සමඟ ගුවන් යානා කාර්මික ශිල්පීන් පුහුණු කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමටත් සාකච්ඡා කළා. එසේ වුවොත් විශාල ඉඩ කඩක් ඇති මත්තල පිහිටුවීමට අපි බලාපොරොත්තු වෙනවා. එම නිසා ප‍්‍රංශ ගමනාගමන ඇමතිතුමාට ලංකාවට පැමිණෙන ලෙස අපි ඇරයුම් කළා. මා දන්නා පරිදි ගරු ජනාධිපති තුමා නොවැම්බර් මස ප‍්‍රංශයේ චාරිකාවක යෙදීමට නියමිතයි. මැතිවරණයෙන් පසු අපි හිටියොත් එතුමා සමඟ ප‍්‍රංශයට පැමිණ ඉහත ඉල්ලීම් සදහා ගිවිසුම් අත්සන් කිරීමට ලැබේවි යැයි මම සිතමි. ප‍්‍රංශ සංචාරයෙන් ලද අත්දැකීම් තුලින් එය සිදුකර ගැනීමට මම උපරිමයෙන් වෙහෙසෙනවා.ප‍්‍රශ්නය :ඔබගේ අතීතය සමඟ අද දක්වා දේශපාලන ගමන් මග සාරාංශ ගත කළොත් සමාජවාදි න්‍යාය ධර්ම ගරු කොට සලකමින් දේශපාලන අත් පොත තැබූ ඔබ නවීන තාක්ෂණයෙන් දියුණු 21 වෙනි සියවසේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප‍්‍රවාහයේ ඇමැතිවරයෙක්. යහ පාලනය අර්ථ දක්වන්නේ කෙසේද?පිළිතුරදේශපාලනයත් මිනිස් ශරීරයක් වගේ. ශරීරයේ වාතය, පිත, සෙම කියන එක සමනය කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර වෙනවා. මේ තුනම සමතුලිත නොවුණ හොත් ලෙඩ රෝග ඇති වීමට හේතු වෙනවා. දේශපාලනයත් ඒ වගේ. එය යම් ධරනීය හෝ යම් සමතුලිත භාවයකින් දේශපාලනයේ නිරත විය යුතුයි. දැන් අපි එක කාලයක් සමාජවාදය සදහා නිර්ධන පංති විප්ලවය සදහා සටන් කළා. 71 , 88 අරගලය ඒ සෑම දෙයක්ම අසාර්ථක වුණා. ඒ තුලින් ප‍්‍රතිගාමිත්වයට ඉඩකඩ සැලසුවා. යු එන් පිය බලවත් වීමට එය හේතුවක් වුණා. දෙවන පාර ඇන් ඇම්, කොල්වින් පිලිප් වික‍්‍රමසිංහ වගේ අය ආණ්ඩුවට ඇවිත් සභාගිවි ආණ්ඩු ඇති කරමින් සමාජවාදයට යන්න උත්සහා කළා. ඒ තුලින් වරාය, තෙල්, බස් ජනසතු කළා. අවසානයට මරදානේ බුහාරියත් ජනසතු කළා. නමුත් එය කෙළවර වුණේ සමාජවාදයෙන් නොව නිලධාරිවාදයෙන්ය. නිලධාරිවාදය එකතු වීමෙන් දුෂණය සොර කම, වංචාව, පාඩුව ලෙස ඉහත සියලූදේ දුෂිත ආයතන බවට පත්වෙලා මිනිසුන්ට සමාජවාදය සමාජ වධයක් බවට පත්වුණා. එබැවින් රජය සතුදේ මහජනයට ලබා දීමෙන් සමාජවාදයට යන්න බැරි බව ඔප්පු වුණා. එයින් මොකක්ද වුණේ ? මලකඩ කාපු බස් ජනසතු කළාට මහජනයගේ සිත් ජනසතු කිරීමට බැරි වුණා. හැබැයි ඒ දෙකම අසාර්ථක වුණාට සමාජවාදය පිලිබඳ අවශ්‍යතාවය ලෝකයට තිබෙනවා. සමාජවාදයේ මූල ධර්මය තමයි සමාජ සාධාරණත්වය. එය හැමදාම පවතිනවා. එම නිසා අපි සාධාරණ සමාජයක් වෙනුවෙන් කරන සටන අත්හැරිය යුතුද නැතහොත්  එම නිසා පවතින රටාව අනුව එයට අනුකූල වෙමින් එම ස්ථානය ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ ගමන අපි මේ දක්වා පැමිණ තිබෙනවා. අද සිදුවෙන සමහර දේවල් වලට අපි එකඟ නොවුණත් යථාර්තවාදය සමඟ එක් වෙමින් එම පසුබිම වෙනස් කිරීම තමයි අපි කළ යුතු වන්නේ. දැන් ඇතිවී ඇත්තේ එම සටනයි.ප‍්‍රශ්නය :හිටපු රජයේ සමහරක් දේශපාලන ප‍්‍රබලයෝ යහ පාලන ක‍්‍රියාවලියට එතරම් කැමැත්තක් නැති බව ඔවුන්ගේ කථා හා ක‍්‍රියා කලාපයන්ගෙන් පෙනෙනවා. සමහරක් එම ක‍්‍රියාවලිය පණ ගැන්වීමට වෙහෙසෙනවා.සමහරක් අඩපන කිරීමට වෙහෙසෙනවා. ඔබ  ඉන්නේ මොන කොටසේද?පිළිතුරනියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා දේශපාලන පක්ෂ අවශ්‍යය වෙනවා. එම පක්ෂ වලට මැතිවරණ අවශ්‍ය වෙනවා. ඒ අය මැතිවරණ වලට තරඟ කරලා තමයි ආණ්ඩු පිහිටු වන්නේ. එතකොට පක්ෂයකට කෙනෙක් බැදුනා ම; පක්ෂයි කියන්නේ මොකක්ද? මධ්‍යස්ථ නොවෙයි කියන එකයි. පක්ෂයකට උඩින් දෙවියන් බුදුන් සිටිය යුතුයි. පක්ෂයකට උඩින් ඉර හඳ තිබිය යුතුයි. රට ජාතියත් ඒ වගේමයි. ඊට උඩින් පක්ෂයක් තිබිය යුතු වන්නේ නැහැ. ඒ වගේම මිනිසුන්ට හෘද සාක්ෂිය කියලා දෙයකුත් තිබෙන්න  ඕනේ. ඔය හතරට අනුව තමයි දේශපාලනය කළ යුත්තේ. ඒ මම අදහස් කරන දෙයයි. යුඑන්පිය කලත් අපේ එකා කලත් හොරා හොරාම තමයි. එකේ වෙනසක් නැහැ. එම නිසා පක්ෂ බේදයකින් තොරව හොරාට දඩුවම් කළයුතු වන අතර අපේ හොරා හොද වෙන්නත් ඔවුන්ගේ හොරා නරක වෙන්නත් හේතුවක් නැහැ නේද මන්ද සියලූ දෙනා හොරු නිසා. ඊළඟට තොරණක් දෙස බලන්න. තොරනේ ලයිට් පත්තු වෙනවනේ. තොරනෙ ඉස්සරහා රතු පාට, කොල පාට, නිල් පාට, කහ පාට බල්බ් එකට පත්තු වෙනවා. ඒවා වෙන වෙනමත් නිවෙනවා පත්තු වෙනවා. නමුත් තොරනේ පස්සට ගිහිල්ල බලන්න. ඔය හැම පාටකම වයර් එකකට එකක් ඇමිනිලා ඇඹරිලා එතිලා එක පොදියට තිබෙනවා. ඔය දෙගොල්ලම හිටියේ එහෙමනේ. ඒ කියන්නේ යුඑන්පි ආණ්ඩුව ශ්‍රීලංකා හොරුන්ට දඬුවම් කළේ නැහැ. ශ්‍රීලංකා ආණ්ඩුව යුඑන්පි හොරුන්ට දඬුවම් කළෙත් නැහැ. ඔය ටිකනේ මෙතෙක් කල් වුණේ.පක්ෂ බේදයකින් තොරව වැරදි කරන අයට දඬුවම් දිය යුතුයි. එම නිසා මම මේ ආණ්ඩුවේ ඉදගෙන හොරුන්ට දඬුවම් කරමු කියන සටන් පාඨය සමඟ ඉදිරියෙන්ම ඉන්නවා. ඒක කාගේ වුණත් මට කමක් නැහැ. ඒ යහපාලනයට මම එකඟයි. ඒත් අඩුපාඩු දුර්වලකම් තියෙන්න පුළුවන්. නමුත් දාලා දුවන්න බැහැනේ. මේක කොහොම හරි හදාගෙන ඉදිරියට යන්න  ඕනේ. අද එහෙම සටන් පාඨයක් හෝ තිබෙනවා. අද දේශපාලඥයෝ දවස් 15කට හෝ රිමාන්ඩ් එකට යනවා. ඒ වගේම එළියට එනවා. රෝහල් ගත වෙනවා. ඉස්සර එහෙම වුණේ නැහැනේ. එම නිසා යම් දෙයක් සිදු වෙමින් පවතින බව කියන්න  ඕනි. ඊළඟට මේ විධායක ජනාධිපති ක‍්‍රමය අන්තිම හොඳ නැහැ. ජනාධිපති මොන තරම් අසමත් ජාති අසාධාරණ අමානුෂික බලූ වැඩක් කලත්; ඔහුට විරුද්ධව මොනවත් කරන්න බැහැ. ඒක හරි භායනක දෙයක්. 19 වන ආණ්ඩුක‍්‍රම පනතින් ඒ විමුක්තිය අපි ඉවත් කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත්වන ආණ්ඩුවක් අවුරුද්දකින් විසුරුවා හැරීමේ බලය ඔහුට තිබුණා. එය හරි අසාධාරණයි. අපි ඒකත් ඉවත් කළා. දැන් අවුරුදු 4ක් යන තුරු විසුරුවන්න බැහැ. ස්වාධීන කොමිෂන් සභා ඔහුගේ බලයෙන් මුදවා ගෙන ස්වාධීන කොමිෂන් ස්ථාපිත කළා. එම නිසා පැවැතුන තත්වයට වඩා යහපාලනය පැත්තෙන් යම් දෙයක් සිදුකරලා තිබෙනවා. අනෙක 20 වෙනි සංශෝධන පනතට සම්බන්ධ මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම්. මේ සදහා මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. දැන් බලන්න මේ මනාප ක‍්‍රමය නිසා මොකද වුණේ  බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරලා ඒවා අතපය දිග හැරලා වියදම් කරලා ජය ගෙන පාර්ලිමේන්තු එන ක‍්‍රමයක්නේ මනාප ක‍්‍රමය. ඒ නිසා කුඩු කාරයෝ අරක්කු කාරයෝ ගංජා කාරයෝ මාල කාරයෝ පාතාලයෝ පගා කාරයෝ ඔය හැම එකාම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඇතුල් වුණා. මෙවැන්නෝ පාර්ලිමේන්තුවට යැව්වේ කවුද හිතා ගන්නකෝ පාර්ලිමේන්තුව කොහොමට තියෙන්න ඇද්ද කියලා. දැන් පාර්ලිමේන්තුවේ  ඕලෙවල් පාස් නැති අනූ ගණනක් ඉන්නවා. අනෙක් විභාග ගැන මම කියන්න යන්නේ නැහැ. සල්ලිකාර මෝඩයන්ට කීර්තියක් ලබා දෙන මණ්ඩපයක් බවට පාර්ලිමේන්තුව පත්වුණා.මෙය රටකට එතරම් සුභදායක නොවේ. එම නිසා යහපාලනයේ අඩු ලූහුඩුකම් තියෙන්න පුළුවන්. අපි ඒවා නිවැරදි කර ගෙන ඉදිරියටම යනවා.ප‍්‍රශ්නය :පසුගියදා වැලිඅමුණ පරීක්ෂණ කමිටු වාර්තාවක් මගින් හෙළිවූ කරුණු අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයටම අයිති එකම ගුවන් යානයක්වත් නැත. වර්තමානය වන විට මෙම ආයතනයේ පාඩුව රුපියල් මිලියන 81,000ක් පමණ වෙනවා. හිටපු ප‍්‍රධාන හා විධායක නිලධාරීන්ගේ දුෂිත පරිපාලනය ගැන විවිධ කථා ඇසෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මෙහෙම වුණේ ඇයි ගුවන් සේවා ඇමති ලෙස මෙය විස්තර කරන්නේ කෙසේද?පිළිතුරඑකක් මම ගුවන් සේවා ඇමැති මිසක් අධිකරණ ඇමැති නොවේ. එම නිසා මේ සඳහා දඬුවම් දෙන නීතිගත ආයතන තිබෙනවා. අල්ලස් කොමිසම අපරාධ විමර්ෂණ කොමිසම, මූල්‍ය අපරාධ පරීක්ෂණ නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය ආදි ආයතන එම කොටසට අයත් වෙනවා. මේ සෑම ආයතනයකටම ඉහත චෝදනා අඩංගු ලිපිගොනු මම ලබා දීලා තිබෙනවා. එබැවින් ඒ අනුව අවශ්‍ය කටයුතු ඉදිරියේදි සිදුවේවි. යහපාලනය දඬුවම් කිරීමේදිත් යහපත් විධියට සිදුවිය යුතුයි.  මර්වින් සිල්වා මහත්තයා වගේ මිනිස්සු ගෙනැල්ලා ගස් බැදලා ඒවා කරන්න බැහැනේ. ඒකට නෛතික ක‍්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව දැන් කටයුතු සිදුවෙනවා. එය හොඳ ප‍්‍රවණතාවයක්. ඊළඟට මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය යනු සමාගමක්. මිහින් ලංකා යනු සමාගමක් නොහොත් කොම්පැනියක්. මෙහි කොටස් කාරයෝ කවුද මෙහි කොටස් කාරයෝ රාජ්‍ය භාණ්ඩාගාරයයි ලංකා බැංකුවයි, රජය සතු මුදල්. හැබැයි කොම්පැනියක්. ආණ්ඩු මාරු වෙන කොට කොම්පැනියත් මාරු වෙනවා. එහි නිලතල පුරවන්නේ ඊට අදාළ ඇමති වරයා. ඔවුන් ඉන්න ටික කාලයේ කාලා බීලා ජොලි දාලා පැරදුනාම පැනලා යනවා. එතකොට මෙහි වගකීම භාර ගන්නේ කවුද කවුරුවත් නැහැ. මෙය බරපතල වරදක්. දේශපාලන ඇගිලි ගැසීම් වැඩියි. මෙතෙක් කල් සිදුවුණේ ඔය ටිකයි. පවුලේ අය ඥාතියෝ මිත‍්‍රයෝ හෙංචයියෝ මේ ආයතනයේ වගකීම් ඇති නිලතල වලට පත්කළා. පසුගිය කාලේ මගීන් රැගෙන යන ගුවන් යානා තමන් ළඟට නැවත ගෙන්වා ගන්නා සභාපතිවරු ඉඳලා තියෙනවා. හිතලා බලන්න කොහොමට තියෙන්න ඇද්ද කියලා. ඒ වගේම ඉහත කමිටු වාර්තාව ඒ තරම්ම අංග සම්පූර්ණ වාර්තාවක් නොවේ. අඬුලූහුඩුකම් තිබෙනවා. මීට වඩා මේ ගැන සොයා බැලිය යුතුයි. අවශ්‍ය තොරතුරු දත්ත රැස්කර ගතයුතු වෙනවා. ඒ සදහා මම උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ඉදිරි කටයුතු සිදුවෙනවා.ප‍්‍රශ්නය :යුරෝපයේ පාසැල් නිවාඩු සමයට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකිකයන්ගේ ප‍්‍රමාණය ඉතා ඉහළය. මෙම කාලයට අප ගුවන් සේවයේ පැරීසියේ සිට කොළඹ දක්වා මිල ගණන් අනෙක් ගුවන් සේවා මිල ගනන් හා සසඳන විට ඉතාමත් ඉහලයි. එබැවින් වැඩි මගීන් ප‍්‍රමාණයක් වෙනත් ගුවන් සේවයන් විසින් දිනා ගෙන තිබෙනවා. අනෙක් ගුවන් පත‍්‍ර මිලට සමාන මිලකට හෝ අපේ ගුවන් සේවය ප‍්‍රධානය කරයි නම් ශ්‍රී ලාංකිකයෝ බොහෝමයක් අපේ සේවය තෝරා ගන්නවා. මෙම ඉල්ලීම බොහෝ කලක සිට හැම ගුවන් ඇමති කෙනෙකුටම ඉදිරිපත් කළ යෝජනාවක්. නමුත් මේ වනතුරු සලකා බැලීමක්වත් ඉටුවී නැහැ. ඔබ තුමාටත් එය ඉදිරිපත් කරනවා. ඔබ තුමාට කළ හැක්කේ කුමක්ද?පිළිතුරමැදපෙරදිග ගුවන් සේවා ලාභ ලබන්නේ ඇයි ඔවුන්ට- ගුවන් යානා ගොඩක් තිබෙනවා. එබැවින් ඔවුන්ගේ තරඟකාරිත්වය වැඩියි. ඒ සමඟම මෙම රටවල් ලෝකයේ තෙල් බලාධිකාරය සතු රටවල්. එබැවින් ඔවුන්ගේ ගුවන් සේවා සඳහා සහානාධාර ලෙස අඩු මිලකට ඉන්ධන සලාක ලබා දෙනවා. අපිට එහෙම කරන්න පුළුවන් කමක් නැහැනෙ. අනෙක මෙම මැද පෙරදිග ගුවන් සමාගම් කොතරම් ප‍්‍රබලද කීවොත් ප‍්‍රංශ ගුවන් සේවයටවත් ඔවුන් සමඟ තරග කරන්න අමාරුයි. ඔවුන් ඒ අතරින් ප‍්‍රබලයි. 2015 හොදම ගුවන් සේවය ලෙස තෝරා ගෙන තිබෙන්නේ කටාර් ගුවන් සේවයයි. ඉතින් අපිට තරඟ කරන්න වෙලා තිබෙන්නේ මෙවැනි පසුබිමක. අපේ ගුවන් සේවයේ වැරදි කළමණාකරණය අනවශ්‍ය වියදම්,දූෂණය අපේ ගුවන් සේවය කඩා වැටීමට හේතුවී තිබෙනවා . එම නිසා ඔබලාගේ ඉල්ලීම අනුව ටිකට් එක වැඩි බවත් එම මිල අඩුකල යුතු බවත් මම පිලිගන්නවා. ඒ සම්බන්ධව අධ්‍යක්ෂක මණ්ඩලය සමග සාකච්ඡා කොට සහනදායි පිලිතුරක් ලබා දීමට මම වෙහෙසෙනවා. පැරීසියට පැමිණි පසු බොහෝ දෙනෙක් මෙම ප‍්‍රශ්නයම ඉදිරිපත් කළා. එහි සාධාරණ පැත්තකුත් තිබෙනවා. නමුත් ඒ සියලූ දේ අධ්‍යයන කොට අපට පාඩු නොවන ලෙස මැතිවරණයෙන් පසු මම මෙම අමාත්‍යාංශයේ හිටියෝත් ඔබලාට සුභ දායක පියවරක් ගැනීමට මම ඔබට පොරොන්දු වෙමි.ප‍්‍රශ්නය :පසුගිය දිනක ප‍්‍රංශ අගමැති  රාජ්‍ය ගුවන් යානයකින් තම දරුවන් සමඟ බර්ලින් වල මැච් බලන්න ගොස් ඇතිවූ සිද්ධියක් හේතු කොට දරුවන් සදහා ගුවන් ගමනා ගමන ගාස්තුවක් ගෙවීමට සිදුවුණා. එවැනි ගුවන් ගමන් ගැන අපේ රටෙත් පසුගියදා ඇසීමට ලැබුණා. එම නිසා ගුවන් හමුදාවට විශාල මුදලක් පාඩු සිදුවී ඇති බවත් සදහන් වුණා. ගෙවීම කෙසේ වෙතත් ඒ ගැන කෙරෙන පරීක්ෂණ වලට කැඳවීම් කළ විට එයට විරුද්ධව උද්ඝෝෂණ කරනවා. මෙම රටවල් දෙකේ වෙනස ඔබතුමා පැහැදිලි කරන්නේ කෙසේද?පිළිතුර :ප‍්‍රථමයෙන් එම ගුවන් යානයයේ ඉඩ තිබුණා නම් පුතුන් දෙදෙනා තම පියා සමඟ එම ගමනට එක්වීම එතරම් විශාල වරදක් ලෙස සලකන්න අපහසුයි. එලෙස විවේචනය කිරීමත් එතරම් ශීලාචාර නොවේ. එසේ නම් තුන් හතර දෙනෙකුට පමනක් ගමන් කළ හැකි ගුවන් යානයක් ඔවුන් තෝරා ගත යුතුයි. එහෙම කරන්නත් බැහැනේ. ප‍්‍රංශ අගමැති තුමා එම මුදල ගෙවීම සාධාරනයි ඒ ගැන මම සතුටු වෙනවා. නමුත් එවැනිම ප‍්‍රශ්නයකට අපේ රටේ ප‍්‍රතිචාර දැක්වීම අපට වැදගත් වන්නේය. ඒ ගැන සළකා බැලූවොත්; මම අවංකව දරන මතය නම්; සාමාන්‍ය පුද්ගලයෙක් ගෙන් විමර්ශනය කරන ආකාරයටම රාජ්‍ය නායකයෝ හෝවෙන කවුරු හෝ වේවා, ඔවුන්ටද ඒ ආකාරයෙන්ම විමර්ශන පරීක්ෂන සිදුවිය යුතුයි. දැන් බලන්න අපේ අය ප‍්‍රශ්න කිරීමට හෝ කට උත්තර ගැනීමට සුදානම් වෙන විට කෙලින්ම යන්නේ හොස්පිටල් එකට. එහෙම නැත්නම් මර්චන්ට් වෝඩ් එකට. විමර්ශනය වචනය ඇසෙන කොටම ලෙඩ හැදෙනවා. සාමාන්‍ය කෙනෙකුට නම් මොකද වෙන්නේ කෙලින්ම කූඩුවේ දානවා. ඒකනේ ඇත්ත තත්වය. හිර ගෙදරත් ඉස්පිරිතාලයක් තියෙනවා. එහෙම තියෙද්දිත් මර්චන්ට් එකට යනවා. එවැනි වරප‍්‍රසාද දෙන එක වැරදියි. දැන් මේ අය සමඟ මහා ජනතාවක් උද්ඝෝෂණ කරනවනේ. දැන් කොහොමද මහ ජනතාව අර්ථ කථනය කරන්නේ. ජනතාව මහ ජනතාව කියලත් කියනවනේ. මේ රටේ ජනතාවගෙන් යම්කිසි කොටසක් යම් යම් පෙලඹවීම් මත ඔවැනි දේවල් ඇති වෙන්න පුළුවන්. අපට ඒවා වලක්වන්නත් බැහැ. එය හරිද වැරදිද කියලා අපි තීන්දු කළොත් මම නම් දකින්නේ එය වැරදි ප‍්‍රවේශයක් කියලා. නමුත් ඒවා කරන්නත් ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතියක් තියෙනවා. අපි ඒකට ගරු කරනවා. නීතියානු ක‍්‍රියා පිලිවෙතට පරිබාහිරව වැරදි ක‍්‍රමයට අත් අඩංගුවට ගන්නවා නම් , ප‍්‍රශ්න කරනවා නම් ඒක වැරදියි. ඒකට උද්ඝෝෂණ කලාට වරදක් නැහැ. නමුත් නීත්‍යනුකූල ක‍්‍රමයට එම කටයුතු සිදුවෙන විට එහෙම කරන්න එපා කියලා කියනව නම් ඒකත් වැරදියි.   
“රට වෙනුවෙන් තීන්දු ගන්නා තැන්වල කාන්තා නියෝජනය වැඩි කරනවා“
0
hp_train_2080
(ඩයනා උදයංගනී)ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන ඒමේදී එම ගුවන් ගමනට වැය වන වියදම අනුව ඔවුන්ගෙන් මුදලක් අය කෙරන බව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා විශේෂයෙන් ක‍්‍රියාත්මක කරන ලද ගුවන්  ගමන වෙනුවෙන් මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කර ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වී ඇතත් එසේ වැඩි මුදලක් අය කිරීමට සිදුව ඇත්තේ මුළු පිරිවැය අඩු මගීන් සංඛ්‍යාවක් අතර බෙදී යාම හේතුවෙන් බවද එම ගුවන් සමාගමේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට අද  (26) පැවසීය.ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම ගුවන් ගමන් ක‍්‍රියාත්මක කරනුයේ අදාළ සිසුන් සහ ඔවුන්ගේ දෙමාව්පියන් රජයෙන් කළ ඉල්ලීමක් අනුව වන අතර ඒ වෙනුවෙන් වැයවන පිරිවැය සම්බන්ධයෙන් එම දෙමාපියන් දැනුවත් කර කැමැත්ත ලබාගෙන තිබෙන බව ද එම ප‍්‍රකාශකයා සදහන් කළේය.  මෙම සිසුන් නොමිලයේ ගෙන්වන බවට රජය හෝ ගුවන් සමාගම ප‍්‍රකාශ කර නැතැයිද ඔහු ප‍්‍රකාශ  කළේය.ඒ අනුව සිදුවන මෙම ගුවන් මෙහෙයුම්වලදී එක් අයෙකු සඳහා වැයවන පිරිවැය සැලකිය යුතු ලෙස වැඩි වන බව ද ඔහු පැවසීය. ඉකුත් දින කීපයේදී ඉන්දියාවේ සිට පැමිණි සිසුන් එම ගමනට අදාළ මුදල් ගෙවා තිබෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එම ප‍්‍රකාශකයා කීවේය.බොහෝ රටවල ගුවන්තොටුපල වසා දමා සහ ගුවන් මෙහෙයුම් නවත්වා ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ රජය, රජයේ දෙපාර්තමේන්තු, ගුවන්තොටුපල, ගුවන් සේවා සමාගම, සන්නද්ධ හමුදා, සෞඛ්‍ය අංශ සහ විදේශ අමාත්‍යාංශය එක්ව ජාත්‍යන්තර අනුමැතිය ලබාගනිමින් මෙම විශේෂ ගුවන් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැනට පියාසර නොකරන ගමනාන්ත වෙත ගමන් කරන විට,  ගොඩබෑම,  ගුවන් යානා නැවැත්වීම,  භූමිය හැසිරවීම යනාදී මෙහෙයුම් පිරිවැය, සැපයුම්කරුවන් සමඟ සේවා ගිවිසුම් නොමැති විට පවත්නා මිල ගණන් යටතේ එය දැරීමට සිදුවීම ආදිය නිසා වෙනත් ගුවන් ගමන්වලට  සාපේක්ෂව මෙම ගුවන් ගමන් වෙනුවෙන් ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බව ද ඔහු කීවේය.බොහෝ ගුවන්තොටුපලවල් වසා දමා තිබීම නිසා ආපසු පැමිණීමේ දී ආහාර සැපයීමේ සේවා සහ බලාපොරොත්තු නොවූ  ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා ගොඩබිම් සේවා සංවිධානය කිරීම වෙනුවෙන් කොළඹ සිට ඉන්ධන පවා රැගෙන යාමට සිදුවන අතර මෙම ගුවන් ගමන් සදහා අධික පිරිවැයක් දැරීමට වන බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.කොවිඞ්-19 තත්ත්වය යටතේ සිදුවන ගමන්වලදී කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂණ උපකරණ භාවිතා කිරීම, ගැඹුරු පිරිසිදු කිරීම, මතුපිට මීදුම ඉවත් කිරීම් සහ ගුවන් යානා විෂබීජ හරණය ආදිය සිදුකළ යුතු බැවින් වියදම් තවදුරටත් ඉහළ යන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. 
යාපනය-චෙන්නායි ගුවන් ගමන් සඳුදා සිට
0
hp_train_2081
 (යොහාන් භාසුර)ශ්‍රී ලංකාවට ආරක්‍ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නවතම නිෂ්පාදනය වන ‘සූර්යා සුවඳකූරු’ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන ‘සූර්යා සදහම් සැරිසර’ වැඩටහනේ ඊළඟ පියවර බෙල්ලන්විල රජමහා විහාරයේදී වෙසක් පෝය දිනය පුරා (5 වැනිදා) පැවැත්වේ.එදින එම විහාරස්ථානයට පැමිණෙන සැදෑවතුන් වෙනුවෙන් පෙරවරුවේ ශීල සමාදානයේ සිට පස්වරු සිල් පවාරණය සහ බෝධිපූජාව දක්වා සියලු පිංකම් පැවැත්වේ.එම වැඩසටහන යටතේ ප්‍රසිද්ධ ධර්ම දේශකකයන් වහන්සේලාගේ ධර්ම දේශනා, කවිබණ සහ ධර්ම සාකච්ඡා පැවැත්වෙන අතර එම සියලු වැඩසටහන් සජීවීව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ‘සිටි එෆ්.එම්.’ හරහා විකාශය කරයි.‘සූර්යා සදහම් සැරිසර විශේෂ පූජෝපහාර සුගන්ධ ධූප පූජාව’ ද එම විහාරස්ථානයේදී පැවැත්වෙන බවත් එදින එම විහාරස්ථානයේදී ‘සුවඳකූරු’ දන්සැලක් ද සංවිධානය කර ඇති බවත් ‘සන්මැච් පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ ගෞරි රාජන් මෙනවිය පැවසුවාය.සියයට සියක්ම දේශීය නිෂ්පාදනයක් වන ‘සූර්යා සුවඳකූරු’ සුවඳ වර්ග 14 කින් පන්සල, පල්ලිය සහ කෝවිල යන ඕනෑම ස්ථානයකට සුදුසු ලෙස නිෂ්පාදනය කරන බවත් ‘සුගන්ධ ධූප පූජාව’ සහ පස්වරු 3.00 ධර්ම දේශනය ‘ලංකාදීප’ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කරන බවත් ‘සන්මැච් පුද්ගලික සමාගම පවසයි.බෙල්ලන්විල රජමහා විහාරාධීපති බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්වහන්සේ අනුශාසනා පරිදි මෙම පිංකම් මාලාව සංවිධානය කරයි. 
සූර්යා සදහම් සැරිසර’ අනුරාධපුරයේදී
0
hp_train_2082
(ඉන්දිකා  රාමනායක)නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 224 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 50,000ට  ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් අතරින්  41000 ට අධික පිරිසකට  නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.
නීති කැඩු 94ක් අල්ලයි
0
hp_train_2083
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා (වියානා - සවීනා) ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමක් අද (04) නාරාහේන්පිට පිහිටි  වෘත්තීය පුහුණු අධිකාරිය  ප්‍රධාන කාර්යාලයේදී  අත්සන් කළේය.එහිදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ සහ EURO Cosmetics ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ගැමුණු වීරවර්ධන යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.(ඡායාරූප - ශාන්ත රත්නායක)  
වෘත්තීය පුහුණු අධිකාරිය වියානා - සවීනා ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට
1
hp_train_2084
(හැටන් රංජිත් රාජපක්ෂ)                        තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල වූ වතු කම්කරුවන් 8 දෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනාජා වත්තේ තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කූඩුවක් එකවරම ඇවිස්සී තමන් පහර දුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින වතු කම්කරුවෝ පැවසූහ.මෙම බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 7 දෙනෙකුට සහ වතු කම්කරුවෙකුට බඹර ප්‍රහාරය එල්ල වි ඇත.ප්‍රහාරයෙන් තුවාල ලැබු එක් කාන්තාවකගේ තත්වය බරපතල බව  දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු කියති.බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
බඹර ප්‍රහාරයකින් 8ක් රෝහලේ
1
hp_train_2085
රුපියල් දහනම ලක්ෂ තිස්පන්දහසක් වටිනා රන් බිස්කට් හතරක් ගුද මාර්ගයේ සගවාගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ නියම කළ රේගුව එම රන් බිස්කට් හතර රාජ සන්තක කළේය.මේ  පිළිබඳ රේගු පරීක්ෂනය   නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත් බෝපේ ආරච්චි මහතා විසින් අද  සිදු කළේය.මෙසේ දඩ නියම වුයේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පනස් අට හැවිරිදි ත‍්‍රීරෝද රථ රියදුරෙකුටය. රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී පැවසුවේ මෙම පුද්ගලයා මින් පෙර හය වතාවක් පමණ ඉන්දියාවට ගොස් ඇති බවයි. එසේම මීට පෙර අවස්ථාවකදී ද මේ අයුරින්ම රන්  ඉන්දියාවට ගෙන ගිය බව මොහු පිළිගෙන ඇත.අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් වල බර ග‍්‍රෑම් තුන්සිය අසූ හතකි.  මෙම  රන් බිස්කට් දෙක බැගින් ගම් ටේප් සහ කාබන් කොළ  වලින් ඔතා තිබූ බව රේගුව කියයි.මෙම පුද්ගලයා අද  අළුයම හතරට පමණ  එයාර් ඉන්ඩියා ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත් බෝපේ ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ටී.ඒ පේ‍්‍රමචන්ද්‍ර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල ප‍්‍රසාද්, ඒ. ඥානමෝහන්, ආර්.එල්.ඞී රණතුංග, ජේ.ඒ.ඞී.එල් රණසිංහ, ඞී.එම්.එස් කරුණාරත්න, කේ.කේ.ඞී ප‍්‍රියදර්ශනී සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදු කළහ. 
රන් දඩය වැඩිකරයි
1
hp_train_2086
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ තරග පහක් හෙට (12) පැවැත්වේ. එයට ‘ඒ’ කාණ්ඩයේ තරග හතරක් සහ ‘බී’ කාණ්ඩයේ තරගයක් ඇතුළත් වේ. ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුව ශාන්ත පීතර විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයට විශේෂ ස්ථානයක්හෙට (12) පැවැත්වෙන තරග x ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ රාජකීය විදුහල අතර විද්‍යා විද්‍යාලයීය පිටියේදීx ඉසිපතන විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල අතර සී. ආර්. පිටියේදීx ත‍්‍රිත්ව විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදීx ශාන්ත ජෝශප් විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර නිත්තවෙල පිටියේදීx ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ තර්ස්ටන් විදුහල අතර සාන්ත තෝමස් පිටියේදී
බ‍්‍රැඞ්බි පළමු අදියර මේ සති අන්තයේ
0
hp_train_2087
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්  නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට  අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන්  වන විරෝධතා සතියක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) වැඩබලන පොලිස්පතිට සහ නීතිපතිවරයාට නියෝග කළේය . එසේම එම විරෝධතා වලට එරෙහි සීමිත විරෝධතා ද සතියක් ඇතුළතදී ගොනු කරන්නැයිද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට නියම කළේය. මෙම පෙත්සම ත්‍රිපුද්ගල   ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී. එල්.ටී.බී.දෙහිදෙණිය , ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැදවිණි.නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ගොනු කල මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , එහි ස්ථානාධිපති ,නීතිපති ඇතුළු හය දෙනෙකු නම් කරනු ලැබ සිටිති.සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා  ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් , නීතීඥ  හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට  ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයෙකුට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.අප්‍රේල්  14 වන දා රහස් පොලිසිය විසින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගනු ලැබීය.එම අත්අඩංගුවට ගැනීමට හේතු කිසිවක් ඉරිදිපත් නොකර  තිබිණි.නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත් දිනට පසුදා එනම් අප්‍රේල් 15 වැනිදා  මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර තිබිණි.ඊට අමතරව එහිදී මාධ්‍යවේදියෙකු යොමු කල ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ නීතිපති උපදෙස් නොමැතිව මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ හිස්බුල්ලා මහතා ඇතුළු  සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.පෙත්සම්කරුව බැලීමට නීතීඥවරයෙකුට අවසර ලබා දෙන්නේ නැත.එසේම එම නීතීඥවරයා මෙතෙක් කිසිදු මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කොට නැත. තවද පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට කිසිදු හේතුවක් නොමැත.ජනාධිපතිවරයා නොමඟ යවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාව සිදු කර ඇත. එබැවින් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගැනීමට නීතියට පටහැනි වේ.පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් යූසුෆ් ඊබ්‍රාහිම් නැමැත්තගේ සිවිල් නඩු දෙකකට නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙනී සිට ඇත.එම නඩු කොළඹ දිසා අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා "සේව් ද පර්ල් " නැමැති භාරයේ භාරකරු වේ.මෙම සංවිධානය මෙරට මුස්ලිම් ප්‍රජාව පිළිගත් බොහෝ දෙනෙකු මෙම භාරයේ සාමාජිකයන් වෙති.සේව ද පර්ල් භාරයෙන් ආධාර ලබන ළමුන් පිරිසකටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිරිහැර හා තර්ජන සිදු කර අඅති බවද දැනගන්නට තිබේ.ඔහු නිතියට පටහැනි කිසිවක් කර නොමැත එසේම නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සද්භාවයෙන් තමන් දන්නා සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත.ඔහු හිටපු අමාත්‍ය රිෂාද් බදුද්දීන් මහතාගේ නීතීඥවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකි. එසේම ප්‍රකට සිවිල් හා දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙකි. එම අත් අඩංගුවට ගැනීම තුළින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් , මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.තවද රදවා සිටින නීතීඥවරයා හමුවීමට ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයාට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත. එමෙන්ම අත්අඩංගුවේ පසුවන එම නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයෙකු සහ ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට වහාම ඉදිරිපත් කරන ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ,ඔහුව මුදා හැරීමේ නියෝගයක් නිකුත් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කර ඔහුට සුදුසු වන්දි මුදලක් ලබා දෙන්නැයි  පෙත්සම්කාර නීතිඥවරිය සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වැඩිදුරටත් ඉල්ලා තිබේ. පෙත්සම්කාර නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ් , නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ රජයේ නීතීඥ අවන්ති පෙරේරා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.  
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලේ
0
hp_train_2088
(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා ) විවිධ වැරදි සම්බන්ධයෙන්  දිවයිනේ විවිධ බන්ධනාගාර යන්හි සිර දඬුවම්  විඳිමින් සිටි සිරකරුවන් 146 දෙනෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. 73 වැනි  නිදහස් සමරුව නිමිත්තෙන් මොවුන්ට නිදහස ලබා දී තිබිණි. මෙම පිරිස සුළු වැරදි සහ  දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරගත ව සිටි අය සහ වයස අවුරුදු 65ට වැඩි දඬුවම් කාලයෙන් අඩක් ගෙවා සිටි සිරකරුවන්, අවුරුදු 50ට වැඩි දඬුවම් කාලය අවුරුදු 25ක් ගෙවා සිටි සිරකරුවන් සහ අවුරුදු දහ අටත් විසි දෙකක් අතර දඬුවම් කාලයෙන් අඩක් ගෙවා සිටි තරුණ සිරකරුවන් ද වන බව ද බන්ධනාගාර මූලස්ථානය ප්‍රකාශකයා කීය. මෙයින් වැඩිම සිරකරුවන් පිරිසක් නිදහස් කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන් වේ.
74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස
0
hp_train_2089
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය යාපනයට කිලෝමීටර් 200 පමණ උතුරු දෙසින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම ගැඹුරු පීඩන අවපාතය බස්නාහිර දිශාවට ගමන් කරන අතර අද සවස් කාලයවන විට වන විට ඉන්දීය ගොඩබිමට ඇතුළු වනු ඇතයි අනුමාණ කෙරේ.එහි බලපෑමෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු කොටසේ  සහ උතුරු, වයඹ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ වල වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. හෙට සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවට උතුරු, වයඹ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශ වලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
‘පීඩන අවපාතය ඉන්දියාව දෙසට‘
1
hp_train_2090
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259055ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33248570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ33268065වැසි ස්වල්පයක්.ගාල්ල30268575වැසි ස්වල්පයක්.යාපනය32288065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30209560වැසි ස්වල්පයක්.නුවරඑළිය21088540අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය33249555වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය36258550වැසි ස්වල්පයක්.මන්නාරම34258570ප්‍රධාන වශයෙන් වැසි රහිත.   
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_2091
 බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් සවස 2.00න් පමණ පසු දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.       ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 03/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249560සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33268570සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259570වැසි වාර  කිහිපයක්ගාල්ල30259580වැසි වාර  කිහිපයක්යාපනය31267565සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219560සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139070සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය33239065වැසි වාර  කිහිපයක්ත්‍රීකුණාමළය32269070සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32258575සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
0
hp_train_2092
හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේනකාර්යාලයේ තිබූ සීල සමාධි වැඩසටහනට ගිය සැමියා කාන්තාවක සමග ගොස් දන්සලක ආහාර ලබාගන්නා අයුරු රූපවාහිනි ප්‍රවෘත්තිවලින් දුටු බිරිය  සැමියාට ලබාදුන් අපූරු දඩුවමක් පිළිබදව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තාවේ.බිරිය සහ සැමියා යන දෙදෙනාම රජයේ සේවකයන් වන අතර ඔවුහු  ප්‍රදේශ දෙකක කාර්යාල දෙකක සේවය කළහ. සැමියාට රජය විසින් ලබාදෙන ලද යතුරු පැදියක් සහ බිරියට සිය පියා ලබාදුන් මෝටර් රථයක් තිබුණේය. පොසොන් පොහොයට සතියක පමණ කාලයක සිට සැමියා කාර්යාලයේ ඇති සීලසමාධි වැඩසටහනට යාමට සූදානම් වූවේය. බිරිද ඒ සදහා අවශ්‍ය කළමනා සියල්ල අඩුවක් නැතිව සකසා දීමට වගබලා ගත්තාය. දහවල් දානය කාර්යාලයෙන්ම සපයන අතර බිරිදට සහ දරුවන්ට නිවසේ සිටින ලෙස සැමියා පවසා උදේම පෙහෙවස් සමාදන් වීම සදහා පිටව ගියේය. නිවසේදී මල් පූජා කිරීම සදහා සුදානම් කරමින් සිටිද්දී දරුවන්ගේ කෑ ගැසීම නිසා  බිරිය සාලයට දිව ආවාය. අම්මේ තාත්තා නැන්දා කෙනෙක් එක්ක දන්සලේ බත් කනවා දැන් පෙන්නුවා යැයි දරුවන් පැවසීම නිසා ඇයට උන්හිටි තැන් අමතක විය. සැමියාට ඇමතුමක් ගත්තද දුරකතනය ද ක්‍රියා විරහිත කර තිබුණි. දරුවන් එහාට මෙහාට වන්නට හැර අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති වැඩසටහන බාගතකර ඇය නැරඹුවාය. සැමියා කෙල්ලක සමග දන්සලක ප්‍රයිඩ්රයිස් කන  අයුරු පැහැදිලිව දර්ශනය විය.  ඇය නැවත සැමියාට කඩිනමින් ඇමතුමක් ලබා ගත්තාය. ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ නිසා ඇයගේ කේන්තිය දෙගුණ තෙගුණ විය. බිරිය දරුවන් ද මෝටර් රථයට නංවාගෙන  ඇයගේ මහ ගෙදර ගිය අතර ගේට්ටුවට ඉබියතුරු දමා යන්නට අමතක නොකළාය. රාත්‍රී නිවෙසට පැමිණි සැමියා ගේට්ටුව වසා දැමීම ගැන විමසීමට ඇමතුම් ලබාගත්තද බිරිය එයට ප්‍රතිචාර නොදැක්වූවාය.බිරිය මහගෙදර යන්නට ඇතැයි සිතා එහි ගිය සැමියාට බිරිදගේ සහෝදරයන් දෙදෙනාගෙන් මුහුණ දෙකම්මුල් රතුවන සංග්‍රහයක් හිමිවූ අතර පවුලේ අයගේ දැඩිලෙස දෝෂාරෝපණයට ද ලක්විය. නිරුත්තර වූ සැමියාට බිරිය විඩියෝ දර්ශනයද ප්‍රදර්ශනය කර පෙන්නුවාය. සැමියාගේ යතුරු පැදියේ බලපත්‍ර සියල්ල හා යතුර බිරිය ලබාගත් අතර සැමියා සිය මෝටර් රථයේ නංවා ගෙන ගොස් නිවසේ සහ ගේට්ටුවේ යතුරු ඔහුට ලබාදි  නිවස අසලින් බස්සවා ඇය නැවත මහගෙදර ගියාය. බිරිය ඇයගේ මහගෙදර දරුවන් සමග නැවතුණාය. කිලෝ මීටර් හතරක් පමණ පා ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිණ  බස් රථයක නැගී  දිනපතා රාජකාරියට  යාමට සැමියාට පසු දින සිට සිදුවිය.  යතුරු පැදියට කුමක් වුවාදැයි කාර්යාල මිතුරන් විමසූ විට එහි කාර්මික දෝෂයක් නිසා සිල් සමාදන් වීමට ද පැමිණිමට නොහැකි වූවා යැයි බොරුවක් කීවත් සිද්ධිය කාර්යාලයට ද ආරංචි වීමට වැඩි දිනක් ගත නොවීය. කාන්තාව සහ සැමියා ආයතන ප්‍රධානියාගේ දැඩි දෝෂ  දර්ශනයට ද ලක්විය. මිතුරන් ගේ උසුළු විසුළු දරාගත නොහැකිව  සැමියා සතියක් නිවාඩුව ලබාගෙන නිවසේ ගතකරන අතර කාන්තාවට වෙනත් කාර්යාලයකට කඩිනම් ස්ථාන මාරුවීමක් ලැබිණි.
කතක් එක්ක තෙල් ගහන්න ගිහින් වැඩ වරද්දාගෙන
0
hp_train_2093
( තිලකරත්න දිසානායක)ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින්  263 දෙනෙකු හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන්  1,345 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. එම වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස  14 ආශ්‍රිතව ඊයේ උදෑසන වනවිට ආසාදිතයින් හමුවීම  මිනුවන්ගොඩ  - 113 ක්,  කටාන  - 110 ක්,  දොම්පෙ  - 109 ක්,  වත්තල  - 103 ක්,  මහර  - 88 ක්,  බියගම  - 81 ක්,  අත්තනගල්ල සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 80 දෙනෙකු බැගින් , ජාඇල  - 76 ක්,  සීදූව - 63 ක්,  කැලණිය  - 61 ක්,  මීගමුව  - 53 ක්, දිවුලපිටිය  - 40 ක් සහ රාගම  - 25 දෙනෙකු වශයෙන් සිදුව ඇත.දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින්  46 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 31 ක්,   බියගමින්  - 12 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව  තිදෙනෙකු වශයෙනි. අද උදෑසන වනවිට පැය  24 ක් තුල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ආසාදිතයින් - 342 දෙනෙකු සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට සැක සහිත රෝගීන් 14 දෙනෙකු  ඇතුලත් කොට ඇති අතර රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 452 දෙනෙකි.   දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්  35, 129 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.          
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 566ක්
0
hp_train_2094
බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට, විශේෂයෙන් උදයකාලයේදී වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාත් වල, විශේෂයෙන්ම සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැයට කිලෝ මීටර් 70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.
‘පළාත් කීපයකට විටින් විට තද වැසි‘
0
hp_train_2095
බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට, විශේෂයෙන් උදයකාලයේදී වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාත් වල, විශේෂයෙන්ම සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැයට කිලෝ මීටර් 70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.
‘මූදෙත් තද සුළං මූදු යන්නේ බලාගෙනයි‘
0
hp_train_2096
(ජේ.ඒ.එල්. ජයසිංහ සහ මැණික්හින්න ඒ.ජී. වික්‍රමසිංහ)වත්මන් වාණිජ සමාජය තුළ තරගකාරිත්වයට යොමු වී ඇති මවුපියන්ට දරුවන් අමතකවීම හේතුවෙන් නිවෙස් තුළම දරුවන් අනාරක්ෂිත වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ඒ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනුවත් කළ යුත්තේ මවුපියන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී ඉකුත් 8 වැනිදා පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.මේ සුන්දර උදෑසන භාග්‍යවන්ත වූ, පින්වන්ත වූ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ‘දරුවන් රකිමු’ ජාතික වැඩසටහනේ අවුරුදු තුනක සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි මේ උත්සවයේ ප්‍රධාන අරමුණ. මේ වැඩසටහනට සහයෝගය දක්වන සියලුම මැති ඇමැතිවරුන් අමාත්‍යාංශ, රාජ්‍ය නිලධාරීන්, විශේෂඥ කමිටු, අනුග්‍රහය දක්වන සෑම කෙනකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.දරුවන් රකිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් හේතු වූ කරුණු මොනවාද? යන්න මා ඔබට නොකීවාට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. දරුවන් රැකීමට ජාතික වැඩසටහනක අවශ්‍යතාව කුමක් ද? විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජයෙන් එන විවිධ තොරතුරු සමග මෙවැනි වැඩසටහනක අවශ්‍යතාව ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. මූලික වශයෙන් දරුවාට, දරුවා ජීවත්වන නිවසෙහි සුරක්ෂිතතාව තිබෙනවා ද? ඔබත් මමත් දන්නා පරිදි දරුවා මව්පියන් සමග ජීවත්වන නිවසෙහි ප්‍රශ්නයක් තිබෙන බව අද බොහෝ වාර්තා මගින් අපිට පෙන්නුම් කරනවා. මෙහි සිටිනවා පොලිසියේ නිලධාරී මහත්ම මහත්මීන් රාශියක්. පොලිසිවලට ලැබෙන පැමිණිලි වලින්, අවුරුද්දේ දවස් 365න් වැඩිපුරම ලැබෙන පැමිණිලි මොනවාද? මම පසුගිය දිනක උත්සවයක අවසානයේ දී ළඟම තිබෙන පොලිසියකට ගියා.පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මම ඇහුවා වැඩිපුර එන පැමිණිලි මොනවා ද? කියලා. පොලිස් ස්ථානාධිපතිතුමා මා සමග කිව්වා අපිට වැඩිපුරම එන්නේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි බව. පවුලේ ආරවුල් ඇති වෙනවානම් ඒ පවුලේ දරුවන්ට නිවස කොතෙක් දුරට අනාරක්ෂිත ද කියන කාරණය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.සමාජ සමීක්ෂණ ආයතනයක් විසින් පසුගිය වසර දහයක අපේ රටේ විවාහ ජීවිත පිළිබඳව සමීක්ෂණයක් කර වාර්තාවක් රජයට ලබා දුන්නා. අඩු වයසින් විවාහ වන තරුණ පවුල්වලින් 70%ක ගේ පවුල් ජීවිත අසාර්ථක බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පවුලේ මව්පියන්ගේ හැසිරීම් පිළිබඳව ප්‍රශ්න මතුවූ විට එම නිවසේ තත්ත්වය සහ එම නිවසේ ජීවත් වන දරුවන්ගේ මානසික තත්ත්වය කෙසේද යන්න ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එපමණක් නොවේ. අද තිබෙන වාණිජ සමාජයේ තරගකාරිත්වය තුළ මව්පියන් ඒ තරගකාරිත්වයට යොමු වෙලා තිබෙනවා.ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සම්පත් වැඩිපුර ලබා ගැනීමට සමාජය තුළ ගෞරවයට ලක්වීමට එම තරගකාරිත්වයට යොමුවී තිබෙනවා. ඒ අනුව ඇතැම් මව්පියන්ට දරුවන් අමතක වෙනවා. නිවෙස තුළ දරුවාගේ ආරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය අඩුවීම පිළිබඳව තවත් බොහෝ කරුණු සඳහන් කළ හැකියි. ඒ නිසා දරුවාට පාසල සුරක්ෂිත ස්ථානයක් බවට විශේෂයෙන්ම පත්විය යුතුයි. සමාජයෙන් ලැබෙන තොරතුරු අනුව දරුවාට ආරක්ෂිත සහ සුරක්ෂිත ස්ථානය පාසල බවයි අපිට පෙනී යන්නේ. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව පාසල්වලින් ලැබෙන වාර්තා ඉතාමත් අවමයි. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව වැඩිපුර වාර්තා වන්නේ දරුවා පාසලේ සිටින කාලය තුළ නොව, මව්පියන්ගේ භාරකාරත්වයේ සහ ඇසුරේ සිටින කාල සීමාව තුළයි. පාසල් වලින් දරුවන්ට එරෙහි සිදුවීම් පිළිබඳව වන පැමිණිලි සහ ප්‍රශ්න ලක්ෂයකට එකක් පමණ තමයි ලැබෙන්නේ. එවැනි දේ නැතුවාම නොවේ.දරුවාට මහා මාර්ගය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා යන බස් රථය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා පාසල් යන පාසල් වෑන් රථය ආරක්ෂිත ස්ථානයක් ද? විශේෂයෙන්ම දරුවා යන පෞද්ගලික පන්ති, උපකාරක පන්ති ආරක්ෂිත ස්ථානයක්ද? මේ පිළිබඳව ඔබටත් මටත් බොහෝ දේ කතා කළ හැකියි. මෙහි සිටින දරුවන් ප්‍රමුඛ ඔබ සියලු දෙනාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ බොහෝ ස්ථානවල අපි දකින්නේ අනාරක්ෂිතභාවයක්.ඔබට මතක ඇති පසුගිය වසරේ යාපනයේ, විද්‍යා දරුවා පිළිබඳ සිදුවීම. ඒ තරුණ ගැහැනු දරුවා දූෂණයට සහ ඝාතනයට ලක්වූ කාරණාවත් ඔබ දන්නවා ඇති. මොනතරම් සමාජය විෂම ද මොනතරම් සමාජය අකාරුණික ද අපේ රටේ සිටින ජාවාරම්කාර පිරිසක් තරුණ ගැහැනු ළමයෙක් බලහත්කාරයෙන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් චිත්‍රපටයකට නැගීම සඳහායි එම කාර්යය කර තිබෙන්නේ. එසේ සකස්කර ගන්නාවූ සීඩීපට ජාත්‍යන්තර ජාවාරම්කාරයන්ට මේ රටින් පිට විකුණා මුදල් ලබා ගන්නවා. ඒ දරුවා ඝාතනය කළ ආකාරයත් එම අවස්ථාවේදී සිදුවූ දේ මෙවැනි අවස්ථාවක කීමට හැකියාවක් නැහැ.ඔබ දකින්නට ඇති, සති දෙකකට පමණ පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවු. 17ක ගැහැනු දරුවෙක් විභාගය ලියා නිවසට පැමිණ සිටින අවස්ථාවේදී සිදු වූ සිද්ධිය. ඒ වයස අවුරුදු 17ක තරුණ ගැහැනු දරුවා මොනතරම් සිහින මවාගෙන විභාගය අවසන් කර නිවසට එන්නට ඇතිද?. ඒ දරුවා නිවසෙහි සිටියදී ඇගේ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් ගොස්ව තිබුණා. ඒ කෙටි කාලය තුළ දරුවා දූෂණය කරලා මරලා දැම්මා. මීට මාස කිහිපයකට පෙර අවුරුදු නවයක ළමයෙක් නිවසේ සිටියදී අතුරුදන් වෙලා හදිසියේ මව්පියන් සොයන්න පටන් ගත්තා. මව්පියන් දරුවා නිවසේ සෑම තැනකම සෙව්වා. වත්තේ හැම තැනම හෙව්වා. දරුවා යන එන තැන්වලට ගොස් බැලුවා. ඒත් සොයාගන්න බැරි වුණා. මේ පිළිබඳව සොයන්නට යන්න දරුවාගේ තාත්තා නිවසේ තිබෙන කාර් එකේ දොරවල් විවෘත කළා. අවුරුදු නවයක දරුවා කාර් එක ඇතුළේ මැරිලා සිටියා. මේ දරුවා කාර් එකේ ඇතුළට ගොස් දොර වහගත්තා. දොර අරින්න බැරුව ගියා. උදේ කාර් එක ඇතුළට ගිය දරුවා හවස් වන විට මිය ගොස් තිබුණා. පසුගිය අවුරුද්දේ ඔබ දකින්නට ඇති එක්තරා අපරාධකරුවකු නිවසකට ගොස් සිදුවූ සිද්ධියක් පිළිබඳව. ඒ නිවසේ සිටි අම්මා තාත්තා දෙන්නාම අපරාධකරු විසින් ඝාතනය කළා.දරුවාගේ අම්මාත්, තාත්තාත් ඝාතනය කළාට පස්සේ අවුරුදු දහයක පමණ ඒ දරුවා නිවසේ සිටියා. ඒ අපරාධකරුවා ඒ දරුවාව අරගෙන ගියා. දවස් කිහිපයක් හංගලා තියාගෙන හිටියා. ඒ අපරාධකරුවාට දරුවා සඟවා ගෙන තැබීම ප්‍රශ්නයක් වුණා. මේ අපරාධකරුවා දරුවා උස්සාගෙන ගිහින් ළිඳකට දැම්මා. ඒ අපරාධකරුවා පොලිසියට අහුවුණා. පසුව පොලිස් පරීක්ෂණවල දී කිව්වා “මාමේ මාමේ මාව ළිඳට දාන්න එපා” කිව්වා. ඒත් ඒ දරුවාගේ හඬට කන් දුන්නේ නෑ. අපරාධකරුවා දරුවා ළිඳට අතහැරියා දරුවා මිය ගියා. මෙවැනි සිදුවීම් අපිට කොතෙකුත් කියන්න පුළුවන්.“දරුවන් සුරකිමු” යන ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔබට පෙනී යනවා ඇති කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති 2015 වසරේ පහේ ශිෂ්‍යත්වය අසමත් වූ දියණියක් නිවසට ආවිට ඒ දරුවාගේ පියා ඒ දියණියට එළියට විසි වෙන්න ගැහුවා. ඒ වසරේ දී ශිෂ්‍යත්වය අසමත් වු දියණියක් අම්මාත් තාත්තාත් දෙන්නාම දරුවා නිවසට ගන්නේ නැතුව ගෙදර දොරවල් වහගෙන හිටියා. පහුවදා එළිවෙනකල් ඒ ගැහුනු දරුවා හිටියේ එළියේ. පහේ ශිෂ්‍යත්ව ලියු දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 10 ක 11ක දරුවෙක්. තමාගේ දරුවා වුණත් ඒ දරුවාට පයින් ගහලා එළියට දාන්න මව්පියන්ට අයිතියක් තියෙනවා ද? දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව මව්පියන්ගේ වගකීම කුමක්ද?අපේ විශේෂඥ වෛද්‍යතුමන්ලා දේශන කරන විට මේ පිළිබඳව බොහෝ දේ පැහැදිලි කළා. මේ අසාමාන්‍ය විභාග තරගයක් සමග දරුවන් පත්ව තිබෙන ඉතාමත් දුක්ඛදායක තත්ත්වය පිළිබඳව කතා කළා. ඒ නිසා අපි රජයක් විදියට අදහස් කරනවා විශේෂඥ උපදෙස් අනුව පහේ ශිෂ්‍යත්වය විභාගයත් දරුවන්ගේ අධ්‍යාපනයත් පිළිබඳව ජාතික අධ්‍යපන ප්‍රතිපත්තිය සහ සැලැසුම් පිළිබඳව යම් ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අවශ්‍යයි කියලා. “දරුවන් සුරකිමු” කියන ජාතික වැඩසටහනේ අපි අද මෙතනට ඇවිත් ඉන්නේ දරුවෝ. මම හිතන්නේ මේ දරුවන්ගේ මව්පියෝ නම් මෙතන නැහැ. මෙතන ඉදිරියේ ඉන්න විවිධ ක්ෂේත්‍රවල විද්වත් ප්‍රධානීන්. ඒත් මව්පියෝ. අපට අද ප්‍රධාන වශයෙන් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කරන්න වෙලා තියෙන්නේ මූලික වශයෙන් මව්පියන්. ඒ නිසා “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළේ දී අපි දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මව්පියන් දැනුවත් කිරීම සඳහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ විශේෂඥ වෛද්‍යතුමන් දේශනවල දී නව තාක්ෂණයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කළා. ජංගම දුරකථනය, පරිගණකය මානව සමාජයට නිෂ්පාදන කළේ, දයාද කළේ ඉතාමත් වැදගත් අරමුණකිනුයි. ඒත් ඒ නිසා අද යහපත් දේ වගේම අයහපත් දේ කොතරම් සිදුවෙනවා ද? පාරේ යන විට, ඒ වගේම දුම්රිය මාර්ගවල දරුවන්, තරුණ පිරිස් ජංගම දුරකථනයත් සමග වයර් කනේ ගහගෙන යන එක ඔබ දැකලා ඇති. ඒ තුළ කොතරම් ජීවිත විනාශ වෙනවාද කියලා ඔබ අහලා ඇති ?  මෙතන සිටිනවා කැබිනට් මණ්ඩල නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මැතිතුමා. එතුමා දන්නවා ඇති මීට පෙර කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකථන භාවිතය තහනම් කළා. සමහර ඇමැතිවරුන් කැබිනට් සාකච්ජාවේ නෑ. වයර් කනේ ගහගෙන ෆෝන් එකට ඇන ඇන ඉන්න එක තමා කරන්නේ. ඒ ගොල්ලෝන්ට මම කියන දේ ඇහෙන්නෙත් නෑ, කැබිනට් මණ්ඩලේ සාකච්ඡා ඇහෙන්නෙත් නෑ. ඒ නිසා මම කිව්වා කැබ්නට් මණ්ඩලයේදී ජංගම දුරකථනය පාවිච්චි කිරීම තහනම් කියලා. රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් රාශීයක් මෙතන ඉන්නවා.මම පසුගිය අවුරුද්දේ ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියලුදෙනාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙන්වලා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරන වැඩසටහන් කළා. ඒ රැස්වීමට සහභාගි වුණේ අමාත්‍යාංශ ලේකම්වරුන්, කොමසාරිස් ජනරාල්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරුන්, සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් යන අය සහභාගි වුණා. ඒ අවස්ථාවලදීත් මම දැක්කා. ඒ වගේම පසුව මගේ මාධ්‍ය අංශයෙන් ද මට වාර්තා කළා.ආයතන ප්‍රධානීන් තුන් දෙනෙක් ඒ අවස්ථාවේදීත් මොබයිල් ෆෝන් තියාගෙන වයර් කනේ ගහගෙන ඇන ඇන හිටිය බවට. ඒ අය මම කියන දේ ඇහුවෙත් නෑ. අනෙක් දේශකයන් කියන දේ ඇහුවෙත් නෑ. කනේ ගහගෙන හිටපු වයර් වලින් ආපු දේ ගැන තමා ඒ අය ඇහුවේ. ඒ නිසා මම අහනවා දරුවන් ගැන කුමන කතා ද කියලා.ඒ නිසා දරුවන් හැදෙන්න කලින් මම ඔය කියපු දේ ගැන වැඩිහිටියන් හැදෙන්න කියලා මම මතක් කරනවා. මේ දරුවන් රැකීමේ ජාතික වැඩසටහනේ අරමුණ රාශියක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝකයේ ලංකාව ඉහළ තැනක තියෙන්නේ කියලා. ලංකාවේ සියදිවි නසා ගැනීම පිළිබඳව වැඩි පිරිසක් වාර්තා වෙන්නේ තරුණ දරුවන්.ඒ නිසා අපි රටක් විදියට, ජාතියක් විදියට දරුවන් රැකගැනීම සඳහා සෑම කෙනෙක්ම සාමුහික වගකීමක සාමුහික ප්‍රයත්නයක් යෙදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මේ වැඩසටහන ජාතික වශයෙන් සෑම ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීමට අපේ රජය බලාපොරොත්තු වෙනවා. සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මව්පියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.මෙවැනි කටයුතුවල දී ගෞරවනීය මහා සංඝරත්නයේත් අන්‍යආගමික පුජකතුමන්ලාගේත් ඒ සියලුම ආගමික අංශවල සහයෝගය ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා.ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම ධර්ම දේශනා කළේ අපි මේ කියන කාරණාව ගැන පල්ලියේ කෝවිලේ පියතුමා, ස්වාමීතුමා මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ගෞතම බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඒ වගේම මුහම්මද්තුමාත් මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම උන්වහන්සේලාගේ අනුශාසනා තුළ මෙවැනි කටයුතු කිරීම අවශ්‍යයි. අපි මේ “දරුවන් රකිමු” ජාතික වැඩසටහන මේ විදියට සාර්ථකව කරන්න සියලු දෙනාම කටයුතු කරමු. මේ සඳහා සහයෝගය දුන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන විශේෂඥ කමිටුවලට මම ස්තුතිවන්න වෙනවා. ඒ සඳහා දායකත්වය ලබාදෙන ඇමතිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාට ඒ වගේම අනෙකුත් නිලධාරීන්, අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාටත්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, මව්පියන්, දූ දරුවන්ට සියලු දෙනාගේ සහයෝගය මා ඉතා අගය කරනවා. අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වගේම හොඳ රටක් වෙනුවෙන් හොඳ දරුවන් හදමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.මෙහිදී කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා: ශ්‍රී ලංකා ළමා ශ්‍රමය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. දරුවන් සුරැකීමේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් සිදු කරනු ලැබීය.දරුවන් සුරැකීමේ විද්වත් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරි වර්ධන විශේෂඥ වෛද්‍ය නවාස් ජෙෆ්රි යන මහත්වරු  මහනුවර උසස් බාලිකා විදුහලේ ඒ.එන්.කේ. අමුණූගම, ශාන්ත සිල්වෙස්තර විදුහලේ එස්. ෂෙවාන් ප්‍රණීත් යන සිසු සිසුවියෝද මෙහිදී කතා කළහ.මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ සිසු දැරියෝ ‘අපි’ නාට්‍ය රඟ දක්වා උත්සව අවස්ථාව වර්ණවත් කළහ.මෙම අවස්ථාවට අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීහු පළාත් සභාවේ අමාත්‍යවරුද, පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, විදුහල්පතිවරුන්, පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසක් සහභා වූහ.ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හා නිලධාරිනියන් ද උත්සව අවස්ථාවට සහභාගි වූහ. 
දරු පරපුර බේරා ගත යුතුයි - ජනපති
0
hp_train_2097
ලෝක ප්‍රකට Brands Finance ආයතනය විසින්, ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ පසුගියදා නම් කෙරුණි. අඛණ්ඩව 19 වැනි වරටත් සිදුකෙරුණු මෙම ශ්‍රේණිගත කිරීම, ශ්‍රී ලාංකික සන්නාමවල වටිනාකම සහ ශක්තිය අගයනු ලබයි.LMD Brands Annual 2022 හි පළ කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමේදී, විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අදාළ මෙරට ආයතනික සන්නාම 100ක් අතුරින් 11 වැනි ස්ථානය හිමි කරගැනීමට නෙස්ලේ සමාගම සමත්විය. Brands Financeආයතනය විසින් සිදුකළ පුළුල් පර්යේෂණයකට අනුව නෙස්ලේ සන්නාමයේ වටිනාකම 2021 වසරට සාපේක්ෂව 2022 දී සියයට 20කින් වර්ධනය වී තිබීම ද කැපී පෙනේ.නෙස්ලේ සතු සන්නාම තුනක්, ශ්‍රී ලංකාවේ වැඩිම ජනාදරයට පත් සන්නාම අතරට ද පත්විය. මෙම ඇගයීමේදී, විවිධ කාණ්ඩවලට අයත් සන්නාම 140ක් පමණ ආවරණය කෙරුණි. ඒ අනුව, කිරි ආහාර - මෝල්ට් පාන යන කාණ්ඩයේ වැඩිම ජනාදරයට පත් සන්නාමය බවට නෙස්ටමෝල්ට්’ පත්විය.  මේ අතර, එම කාණ්ඩයේම දෙවැනි ස්ථානය දිනාගැනීමට මයිලෝ සන්නාමයට හැකි වූ අතර, නූඩ්ල්ස් සහ වෙනත් තිරිඟු‍ ආහාර යන කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට මැගී‘ සන්නාමය සමත්විය. ″ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය ලෙස ඇගයීමට ලක්වීම අපට විශාල ගෞරවයක්. මෙවන් අභියෝගකාරී කාලසමයකදී අපගේ සන්නාමයේ වටිනාකම සහ ශක්තිය පිළිබඳ මෙබඳු ඇගයීමක් ලැබීම අපට විශාල ධෛර්යයක්. වසර 115කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ කටයුතු කළ සමාගමක් වශයෙන් අපි අඛණ්ඩව ගුණවත් සහ රසවත් ආහාර අපගේ පාරිභෝගිකයන්ට ලබාදීමට බැඳී සිටිනවා. ඒ වගේම නෙස්ලේ සන්නාම තුනක් වැඩිම ජනාදරයට පත් සන්නාම ලෙස නම් වීමත් අපට විශාල සතුටක්. අපගේ සන්නාම කෙරෙහි ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය ඉන් පෙන්නුම් කෙරෙනවා″ යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා ප්‍රකාශ කළේය.595
ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය නෙස්ලේ
1
hp_train_2098
(මුදිතා දයානන්ද)“අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. අපි ණය ගන්නවා. එහෙත් ඒ ණය මුදල් යොදවන්නේ ආදායම් ඉපයිය හැකි අයෝජනයක් ලෙස පමණයි. එයින් රට සංවර්ධනය කිරීම අපේ අරමුණ” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඉකුත්දා (19) පැවසීය.ඔහු මේ බව පැවසුයේ ජාතික ජනබලවේගය මාලබේ නගරයේ පැවැත්වූ ජන රැලියකට සහභාගි වෙමිනි.අනුර දිසානායක මහතා එහිදී තවදුරටත් මෙසේද කීය.ධාරානිපාත වර්ෂාව නොතකා අපට සවන් දෙන්න ඇවිත් ඉන්න ඔබ සැමට ගෞරවය, ප්‍රණාමය පළමුකොට පුද කරනවා.නොවැම්බර් මාසෙ 16දා ජනාධිපතිවරණයට නියමිත ඡන්ද ව්‍යාපාරය ඇතුළේ සිදුකරන දේවල් දැක්කාම අපට හිතෙන්නේ මේක හොඳම නත්තල් පප්පා තෝරන තරගයක් කියලා. එක අපේක්ෂකයෙක් අනුරාධපුරයට ගිහිල්ලා කියනවා, එයා බලයට ආවාම වී ගොවිතැන සඳහා පොහොර නිකං දෙනවා කියලා. අනෙක් අපේක්ෂකයා කියනවා මම ඔක්කෝම ගොවීන්ට පොහොර නිකං දෙනවා කියලා. තව තැනක දී කියනවා බදු විශාල ප්‍රමාණයක් අඩු කරනවා කියලා. අනික් අපේක්ෂකයා එතකොට කියනවා කිරි වීදුරුවක් දෙනවා කියලා. ආයෙත් කියනවා උසස් පෙළ සමත්වෙන සියලුම දෙනාට උපාධියක් දෙනවා කියලා. අනෙක් කෙනා කියනවා ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් දෙනවා කියලා. මේ ගොල්ලන්ගේ මුළු ආර්ථික ප්‍රතිපත්තියම යාචක ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි ජාතික ජන බලවේගය නියෝජනය කරන අපි රටට ඉදිරිපත් කරන්නේ සංවර්ධන ආර්ථික ප්‍රතිපත්තියක්.මේ දවස්වල පුද්ගලයන් එහෙට මෙහෙට බැණ ගන්න, එහෙට මෙහෙට පනින ප්‍රවෘත්ති යනවා. අපිට ඒවා වැඩක් නැහැ. අවුරුදු 71ක් මේ රට ගෙනාපු තැනින් වෙනස් කිරීමේ ප්‍රතිපත්තිය ජනතාවට පැහැදිලි කිරීමේ කාර්ය භාරයක් අපට තිබෙනවා. මේ රට නව දිශාවකට යොමු කළ හැකි නව පාලනයක් ගොඩනගන්න ධෛර්යවන්තව ඉදිරියට එන්න කියලා ආරාධනා කරනවා. මේ වන විට විනාශයේ අන්තයට ගෙන ගොස් තිබෙන, හපයක් බවට පත්කර තිබෙන මේ රට ගොඩනැගිය යුතුයි. අපි නොවැම්බර් 16 වැනිදා බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට අපි සහතික වශයෙන් හදනවා.මේ සඳහා නිීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමත්, මහජනයාගේ දේපළ හොරකම් කරන, වංචා, දූෂණ සිදුකරන දේශපාලනය නතර කිරීමත්, මහජන ආරක්ෂාව, ජාතික සමගිය තහවුරු කිරීමත්, කියන මූලික කුලුනු තුන ශක්තිමත්ව අපි ඉදිරියට ගොඩනඟනවා. දේශපාලනඥයන්ට මහජනයාගේ බදු මුදල්වලින් වරදාන වරප්‍රසාද දීම නතර කිරීමේ සිට රට ගොඩනැඟීම පටන් ගන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවන් අතර, විශ්වාසය සහ අන්‍යොන්‍ය අවබෝධය තහවුරු කිරීමෙන් තොරව මේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. අපේ රටේ ප්‍රගතිශීලීන් අතර විවිධ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. සංවාද තියෙන්න පුළුවන්. හැබැයි මේ තුන ගැන විසංවාදයක් තියෙන්න බැහැ.රජයේ ආදායම ණය පොලී වාරික ගෙවාගන්න ප්‍රමාණවත් නැතිවෙලා තියෙනවා. එහෙම නම් කොහොමද ගොඩ එන්නේ. රටට ලබාගන්නා ණය ආර්ථිකයේ ප්‍රමුඛතාවලට  යොදවන්න ඕන. එහෙම ණය යොදවනවා නම්, අපිට පහසු ණය පොලියට ගන්න පුළුවන්. යොදවන මුදලට සරිලන ප්‍රතිඵල ගන්න පුළුවන්. ව්‍යාපෘතිවලට ණය දෙන්න සූදානම් ආයතන තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව උදාහරණයක්. නමුත් සූරියවැව පිට්ටනිය ණය අරගෙන හැදුවාට තියෙන ප්‍රතිඵලය මොකක්ද? පිට්ටනිය හදලා අවුරුදු දහයක් වෙනවා. මැච් විස්සක්වත් ගැහුවේ නැහැ. ඒ වගේම තමයි මොරගහකන්ද. ශක්‍යතා අධ්‍යයනය අසමත්. නමුත් මෛත්‍රීගේ සිහිනය සැබෑ කරගන්න හැදුවා. මේකෙ ඉලක්ක සපුරාගන්න නම්, අවුරුද්දකට දහපාරක් පිරෙන්න ඕන. නමුත් පිරෙන්නේ දෙපාරයි. හැබැයි මේ වගේ ව්‍යාපෘතිවලට වාණිජ වෙළෙඳ පොළෙන් ණය දෙනවා. ශක්‍යතා අධ්‍යයනය බලන්නේ නැහැ. රට ගොඩනැගීමට නම් මේ වගේ ණය අපි ලබාගන්නේ නැහැ. අද තියෙන ණය අර්බුදය ඇතිවෙලා තියෙන එක හේතුවක් මේ වාණිජ ණය අසාර්ථක ව්‍යාපෘතිවලට යෙදවීම.අපේ පාලනයක් යටතේ අඩු පොලියට ණය අරගෙන ඉතාමත් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවනවා. නැත්නම් වඩාත් කාර්යක්ෂම යටිතල පහසුකම්වලට යොදවනවා. කාර්යක්ෂම යටිතල පහසුකම් ආර්ථිකයට වක්‍රව බලපානවා. අපේ කර්මාන්ත ප්‍රතිපත්තියේ හඳුනාගත් ඉලක්ක කීපයක් තිබෙනවා. එකක් එප්පාවල පොස්පේට් නිධිය. අන්න එතෙන්ට ආයෝජනයත් තාක්ෂණයත් අපි කැඳවනවා. පුල්මුඬේ ඛනිජ වැලි නිධියත් ඒ වගේ. අපේ මිනිරන් සම්පතත් ඒ වගේ. ලෝකයේ හොඳම මිනිරන් සම්පතක් අපට තිබෙන්නේ. හැබැයි අදටත් මිනිරන් කුට්ටි අපනයනය කරනවා. ටොන් එකක් ඩොලර් 2000කට. නමුත් මිනිරන් නිස්සාරණය කළොත් කිලෝ එකක් ඩොලර් 5000කට දෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් තිබෙනවා. මේ කර්මාන්ත දියුණු කරලා රට ගොඩනගන්න පුළුවන්.  ජනතාව මුහුණ දීල ඉන්න ප්‍රධාන ප්‍රශ්නයක් ප්‍රවාහනය. මාලබේ සිට කොළඹට යන වාහනයක සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8 යි. නුවර පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8.2කයි. ගාලු පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 9යි. මේ බව සමීක්ෂණවලින් හෙළිවෙලා තිබෙනවා. විශාල මාර්ග තදබදයක් තියෙන්නේ. මෙතෙන්ට අපි විසඳුම් සොයන්න ඕන. බීබීසී ආයතනය මැතකදී හෙළිකර තිබුණා ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් සියයට 90 කට කවර වර්ගයේ හෝ ලිංගික අඩන්තේට්ටම් සිදුවෙනවා කියලා. ලංකාවේ මේ පොදු ප්‍රවාහනය උපයෝගී කරගන්නේ සියයට 52 යි. සියයට 48 ක්ම තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා පෞද්ගලිකව සපුරා ගන්නවා. පොදු ප්‍රවාහන පද්ධතිය කඩා වට්ටවලා. මේ නිසා ලීසිං වාරිකය ගෙවා ගන්න බැරි ආර්ථික මට්ටමකට ජනතාව වැටිලා. කොළඹ වාණිජ අධිකරණයේ නඩුවලින් සියයට 90ක් ලීසිං ගෙවා ගන්න බැරිවුණු නඩු. ගෙවා ගන්න බැරි වුණේ ආදායම් මාර්ග බිඳවැටීම නිසා.අපේ රටේ ලංගම බස් තියෙන්නේ 5600යි. පෞද්ගලික බස් 21000යි. අද බස් කියන්නේ ස්වයං රැකියාවක්.අයිතිකරුවන් 18000ක් ඉන්නවා. කුකුළු කූඩුවක් දානවා වගේ බස් එකක් අරන් පාරට දානවා. මුලින් කොළඹ දුවන බස් ඈත ප්‍රදේශවලට විකුණලා අන්තිමට පාසල් සේවාවට යොදා ගන්නවා. පෞද්ගලික බස් සේවයේ ගුණාත්මක භාවය අද තීරණය වෙන්නේ අයිතිකරුවාගේ වත්කම් මත. ඒ නිසා පෞද්ගලික බස් සේවය විධිමත් ආයතනගත ව්‍යුහයකට අපි ඇතුල් කරනවා. බස්වල තියෙන ගුණාත්මක භාවය ඉහළ දාන්න ඕන. අද දුම්රිය සේවය යොදා ගන්නේ මගීන්ගේ 5%යි. අවුරුදු 5ක් යනකොට මෙය 20% දක්වා වර්ධනය කර ගන්න අපි සැලසුම් සකස් කර තිබෙනවා. දුම්රිය සේවය ඉතාම කාර්යක්ෂම තත්ත්වයට අපට පරිවර්තනය කළ හැකියි. අන්න එතෙන්ට ආයෝජනය කරන්න ඕන. අද මාලබේ ඉඳලා කොළඹට යන්න පැය එකහමාරක්, එන්න පැය එක හමාරක් යනවා. දවසෙන් පැය තුනක් මහපාරේ. අපි මේ තත්ත්වය වෙනස් කරනවා.මේ රටේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර පළල් කර ගන්නත්, අලුතින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙලක්ෂයකට වැඩි පිරිසක් හඳුන්වා දෙන්නත් සැලසුම් සකස්කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂ දෙකකට වැඩියෙන් නිර්මාණය කරන්න සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා. අද එහෙම මාර්ගෝපදේශනයක් නැහැ.පාර අයිනේ සෑම ගෙදරකම කඩකාමරයකුත් හදනවා. හදලා මාසයක් දෙකක් යනකොට වහනවා. එහෙම වෙන්නේ ඇයි? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් පිළිබඳ මාර්ගෝපදේශනයක් නැහැ. අපේ රටේ කිරි කර්මාන්තය, සම් කර්මාන්තය, අපේ පලතුරු වගාව, බුලත්, කුරුඳු, ගම්මිරිස් ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීමට යොමු කරන ඉලක්කයක් හදලා තියෙනවා. අන්න ඒ  ඉලක්කයට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් යොමු කරනවා. ඔවුන් අර්බුදයකට පත්වුණොත් ආණ්ඩුව මැදිහත්වෙලා නැවත නැගිට්ටවනවා. අද එහෙම නැහැ.  මේ ආයෝජකයන්ගේ ආරක්ෂණය රජයේ වගකීමක් හැටියට භාර ගන්නවා.අන්න ඒ අය අවුරුදු 5ක් 6ක් සාර්ථක වෙනකොට අලුතින් බදු ගෙවන්නන් බවට පත්කර ගන්න පුළුවන්. රජයේ ආදායම වැඩිකර ගන්නේ මේ තුළින්. එහෙම නැතිව ඉන්න ආයෝජකයන් මත අසීමිත බදු බරක් පටවලා මේ යාචක ආර්ථිකය තුළින් අපිට උත්තරයක් හොයන්න බැහැ. පොහොර නිකං දෙනවා කිව්වාට ආහාර වේලක් දෙනවා කිව්වාට සල්ලි හොයා ගන්න විදිහක් නැහැ. නත්තල් පප්පලාගේ කතා විතරයි. අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. මේ තුළින් රටේ ඉහළ ආර්ථිකයේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්. ඒ වගේම ජනතාව නියැලී ඉන්න ආර්ථික ප්‍රභවය කෘෂිකර්ම, ධීවර, කුඩා තේවතු, මල් වගාව, වගේ ක්ෂේත්‍ර සංවර්ධනය කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ සඳහා එකින් එක ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් යනවා.අද මැතිවරණය වෙනුවෙන් බලයේ හිටි මේ කණ්ඩායම් දෙකම ජනතාවගේ දුප්පත් භාවය විකුණමින් යනවා. මේක යාචක ආර්ථිකයක්. ඔවුන් සංවර්ධනය කරන්නේ යාචක භාවය. ඒ වෙනුවට අපි සංවර්ධන ආර්ථිකයක් ගොඩනඟා අවුරුදු 71ක් පුරා හපයක් බවට පත්කර තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න අපි ඔබ සැමගෙන් බලය ඉල්ලා සිටිනවා. නොවැම්බර් 16 දා ඒ වෙනුවෙන් තීරණාත්මක දිනයක්. ඒ දිනයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදී අපි ඔක්කෝම එකතු වී මේ රට ගොඩනඟමු. ලෝකය දියුණු වී තිබෙන්නේ විනාශයන් හමුවේ අත් බැඳගෙන, වකුටුවී හිටපු මිනිසුන්ගෙන් නොවේ. මානවයා ඉතිහාසයේ මේ තරම් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ අර්බුදයට මුහුණ දීලා, ධෛර්යය සම්පන්නව මැදිහත්වීමෙන්. මේ රට කඩා වැටෙමින් තිබෙන ගමන් මාර්ගය වෙනස් කිරීම සඳහා නොවැම්බර් 16 වැනිදා ධෛර්යය සම්පන්නව නැගිට එකතු වෙමු කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා.සාහිත්‍යවේදී කිර්ති වැලිසරගේ, චිත්‍රපට අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිසාසේකර චන්ද්‍රසේකර, ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන්, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර යන මහත්වරුද අදහස් දැක් වූහ.මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, කාටුන් ශිල්පී විනිහෙට්ටිගොඩ, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ, මහත්වරුන් ඇතුළු ජාතික ජනබලවේගයේ නායකත්වය දරන විද්වතුන් විවිධ වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
“ණය මුදල් යොදවන්නේ අදායම් ඉපයිය හැකි ආයෝජනයක් ලෙසයි“
1
hp_train_2099
(ක.ග. කරුණාරත්න)වන සතුන් දඩයම් කිරීම සඳහා මෙරට සාදන ලද බෙහෙත් කොටන තුවක්කුවක්ද සමඟ මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළුව සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරිහු කියති.මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ රත්කිඳ, උමං පිවිසුම කොටසේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.වෙඩිබෙහෙත්, ඊයම්බෝල, පිහියා, විදුලිපන්දම් ආදියද ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත්බව වනජීවි නිලධාරීහු කීහ.සැකකරුවන් ගිරාඳුරු කෝට්ටේ පහළ රත්කිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.මාදුරුඔය වනජීවී කාර්යාලයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.
නීතිවිරෝධීව වනෝද්‍යානයට ඇතුළු වූ 4ක් අත්අඩංගුවට
1
hp_train_2100
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි ඇති විය හැකියි‘.මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.2015 අප්‍රේල්  මස 24 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කෙරිණි.
ඉදිරි 24 පැයේ කාලගුණය
0