id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_1101
හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට (19) රාත්‍රී 9.00 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.ඒ අනුව, හෝමාගම, පන්නිපිටිය, මත්තේගොඩ සහ පෙලන්වත්ත යන පෙදෙස්වලට සිකුරාදා(20) පෙරවරු 7.00 වන තුරු ජල සැපයුම අත්හිටුවනු ලැබේ.සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
0
hp_train_1102
( ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංක්‍රමණික ගුවන් මගීන් 289 ක් යොදා ගෙන අද (28) දින කටුනායක ගුවන් තොටුපළේ සිට  මාලේ , ලන්ඩන් සහ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත සීමිත ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.ඒ අනුව අද දින දහවල් 11.41 ට මාලදිවයින , මාලේ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය , ගුවන් මගීන් 120 ක් කටුනායක ගුවන් තොටුපළ රැගෙන පැමිණියේය.මෙසේ රැගෙන පැමිණි සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තොටුපළ තුළ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජහරණය කිරීමට ලක් කෙරුණි.ඉන් පසුව දහවල් 1.31 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන විශේෂ ගුවන් යානය මගින් ගුවන් මගීන් 107 දෙනෙකු එංගලන්තයේ , ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත රැගෙන ගියහ.මෙම ගුවන් මගීන් අතර මාලේ සිට පැමිණි ගුවන් මගීන් මෙන්ම , ශ්‍රී ලංකාවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීහු ද වූහ .පසුව අද 28 දින රාත්‍රී 6.14 ට මාලේ සහ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් 62 ක් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .මෙම ගුවන් යානා දෙක හෙට 29 දින එංගලන්තයේ ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළෙන් සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළෙන් එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතය .මේ අතර අද 28 දින රාත්‍රී 11.05 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය  බෙලරෑස් රාජ්‍යයේ මින්ස්ක් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 278 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
කටුනායකට පැමිණි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට
0
hp_train_1103
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
“නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුමයි“
0
hp_train_1104
(සුමිත් ප්‍රේමතිලක)පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය කාන්තා බූරු පිටියක් වටලා කාන්තාවන් 06 දෙනකු සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.මොරවින්න මාදුපිටිය ගොළු කොටුව වත්ත සහ දිබ්බැද්ද ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සග 48 අතර වයසේ පසුවන බව ද පොලිසිය පවසයි .පොලිස් කණ්ඩායම නිවස වටලන විට සැකකාරියන් පැනයාමට උත්සාහ දරා ඇති අතර , කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ලවා සැකකාරියන් හයදෙනා සහ සුදු ක්‍රීඩා වේ නියැලී සිටි පුද්ගලයකු පොලිස් නිලධාරීන් අත්තඩංගුවට ගෙන ඇත.ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන හයක් සහ බූරු ගැසීම සඳහා භාවිතා කළ බූරු කුට්ටමක් සම මුදල් පොලිස් භාරයට ගෙන තිබේ . 
කාන්තා බූරු පිටියක් වටලා හයක් අල්ලයි
1
hp_train_1105
තරිඳු ජයවර්ධන වසරක වැඩ තහනමකින් පසු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග මත  සේවයේ පිහිටවූ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි යළි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. පොලිස් කොමිෂන් සභාව මගින් සේවයේ පිහිටුවා දින 20ක් පමණ රාජකාරි කිරීමෙන් පසු පොලිස්පතිවරයා විසින් මෙලෙස වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත නොවන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි මුල් වරට අත්හිටවනු ලැබුවේ 2017 වසරේ දීය. වසරකට ආසන්න කාලයක් තිස්සේ වැඩ තහනම් කර ඇතත් චෝදනාපත්‍රයක් හෝ ලබා දී නැතැයි කියමින් ඒ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට කළ අභියාචනයක් අනුව 2018 ජනවාරි 18 වැනි දා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ මහතා යළි සේවයේ පිහිටුවීමට තීරණය කළේය. ඒ බව 2018 පෙබරවාරි දෙවැනි දා   නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට හා පොලිස්පතිට ලිඛිතව දැන්වූ බව කොමිසමේ ප්‍රකාශකයෙක් කීවේය. පොලිස්පතිවරයා කොමිෂන් සභා තීරණය ක්‍රියාත්මක නොකර ඇතැයි කියමින් එම තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී එම් එස් දිසානායක මහතා අප්‍රේල් නව වැනි දා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට හා පොලිස්පතිවරයට දෙවැනි වරටත් ලිඛිතව දැනුම් දීමෙන් පසු මැයි මාසයේ දී ප්‍රියදර්ශන හේරත් මහතා රාජකාරියේ පිහිටුවා ඇත.   2009 සැප්තැම්බර් මස නව වැනි දා ප්‍රියදර්ශන හේරත් මහතා සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා යළිත් වරක් ඒ මහතාගේ වැඩ තහනම් කර එම නියෝගය නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා තිබේ. මෙම චෝදනාව සම්බන්ධයෙන් 2016 වසරේ දී එවකට විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් අධිකාරීවරයාට අවවාද පත්‍රියාවක් ලබා දී තිබිය දී මෙම වැඩ තහනම් කිරිම සිදු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු පැවසුවේ  සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ නිලධාරියකුගේ වැඩ තහනම් කළ යුත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව වුවත් තම කොමිෂන් සභාව එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.  පොලිස්පතිවරයා මෙලස වැඩ තහනම් කිරීම ගැන එම පොලිස් අධිකාරීවරයා අද ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළ බව ද එම නිලධාරියා කීවේය.මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථන විය. 
පොලිස්පතිත් කොමිසමත් ව්‍යවස්ථා සභාව හමුවට
0
hp_train_1106
අපරභාගයේදී ගිගුරුම් සහිතව වැසි ඇතිවීමේ හැකියාව හෙට දිනයෙන් පසු යම් තරමකට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිදහවල් 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල වර්ධනය වී පසුව බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශ කරා පැතිරෙනු ඇත.උදය කාලයේ දී  බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන මද වැසි ද අපේක්ෂා කල හැකිය.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35249055දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිමඩකලපුව33259065දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිකොළඹ31259565උදය කාලයේ මද වැසි සහ සවස 6 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිගාල්ල30259580උදය කාලයේ මද වැසි සහ සවස 6 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසියාපනය34258060දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිමහනුවර30209565දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිනුවරඑළිය20129580දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිරත්නපුරය32239575දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය35249560දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිමන්නාරම32249570දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි 
‘අපර භාගයේ ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_1107
(මනෝජ් හර්ෂික)මෙරට ප්‍රධාන ඇඟලුම් අපනයන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමාගම වසරේ අපනයනකරු ජනාධිපති සම්මානය නැවත වරක් හිමිකර ගෙන තිබේ.2018/2019 කාල සීමාව තුළ විශිෂ්ටතම අපනයනකරුවන් ඇගයීමට ලක්කළ මෙම සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානාත්වයෙන් පැවැත්විණි.බ්‍රැන්ඩික්ස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන රංගා මඩුගල මහත්මිය සහ ඩේව් රණසිංහ මහතා විසින් වසරේ අපනයනකරු ජනාධිපති සම්මානය පිළිගන්නා ලදී.(ඡායාරූප - ගයාන් අමරසේකර)  
වසරේ අපනයනකරු සම්මානය බ්‍රැන්ඩික්ස් සමාගමට
1
hp_train_1108
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැක.දිවයින වටා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 21/10/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239570අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33259575උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.කොළඹ30249575උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249585උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.යාපනය30249585උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.මහනුවර29209575අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139580අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.රත්නපුරය31239580අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය31249550උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.මන්නාරම30259580උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).   
තද වැසි සමග මුහුදත් රළු වෙයි
0
hp_train_1109
(නාලක ජේ. හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)  ගංජා සුරුට්ටුවක්  ළඟ තබා  ගත් පුද්ගලයකු අගෝස්තු 6 වැනිදා   දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එම්. එම්. රෆික්  මහතා අද (04) නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ  බලන්ගොඩ තුඔගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි  පුද්ගලයෙකි.  සැකකරු බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන  මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ අයෙක් අත්අඩංගුවට
0
hp_train_1110
(තිලකරත්න දිසානායක)ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 150 ක් සමඟ අද (24) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ගම්පහ පොලිසිය පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරු ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු බවත් කඳාන ප්‍රදේශයේ සිට ගණේමුල්ල ප්‍රදේශයට මත්කුඩු රැගෙන බස් රථයකින් ගමන් කරමින් සිටියදී  අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසිය කීය.මෙම ජාලයට සම්බන්ධ 4 දෙනෙකු මත්කුඩු ප්‍රවාහනය සඳහා යොදා ගත් වාහන දෙකක්ද සමඟ මීට පෙර අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.රැඳවුම් නියෝග මත සැකකරු රඳවා තබා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කීය.  
හෙරොයින් ග්‍රෑම් 150 ක් සමඟ අයෙක් අත්අඩංගුවට
1
hp_train_1111
(ශාන්ත චන්ද්‍රසිරි) හෝර්ටන්තැන්න රක්ෂිත වනෝද්‍යානයට ගිනි දැල්විය හැකි උපකරණ රහසේ රැගෙනයාමේ චෝදනාවට   වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (31) නියෝග කළේය.එක් අයෙකුට රුපියල් 25,000 බැගින් දඩ මුදලක් ගෙවන  ලෙස මෙසේ මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද්දේ  මහරගම ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයන්  දෙනෙකුටය. අනවසර ලෙස හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්වීමේ උපකරණ රැගෙන ගොස් වනෝද්‍යානය තුළ තබාගෙන සිටියදී වනෝද්‍යාන නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සහකාර භාරකරු පී. ටී. දයාරත්න, අඩවි සහකාර පී. එම්. පිත පනාවලගේ, වන සත්ව නියාමකධාරක ලක්මාල් සමරකෝන්, කේෂ්ත්‍ර සහායකවරුන්වන රවීන් ලක්මාල්, උදය කුමාර යන නිලධාරී මහත්වරුන් මෙම වැටලීම සිදුකර එම පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙනතිබිණි.    
හෝර්ටන්තැන්නට ගිනි දැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ
0
hp_train_1112
උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රිකක්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදය කාලයේදී මීදුම ඇති වීමේ හැකියාව පවතී.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රෙද්ශවලට  තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව අනතුරු අඟවයි         
‘පළාත් කීපයකට අදත් වැසි‘
0
hp_train_1113
(*** නාලක සංජීව දහනායක)ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට දියුණුවේ මාවතට ගෙනඒමට අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම අත්‍යවශ්‍ය තිබෙන බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (8) පැවැසීය.මේ වන විට ජනතාව විශ්වාසය තබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිළිබඳව පමණක් යැයිද ඔහු කීය.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (8) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.අමාත්‍යවරයා මෙසේද පැවසීය. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි තැබූ විශ්වාසය කිසිම ලෙසකින් අපි පළුදු කරන්නේ නැහැ. අලුත් පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීමට අපි උත්සාහ ගන්නේ ඒ නිසයි. නමුත් කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා නියමිත දිනයේදී මැතිවරණය පවත්වන්නට නොහැකි වුණා. කොරෝනා වයිරස ව්‍යාප්තිය අවමවීමත් සමග මහමැතිවරණය පැවැත්විය යුතුය යන මතයේ අපි දැඩිව සිටියා. මේ වනවිට කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය වෙලා.මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පැනනැගුණ නීතිමය ගැටලු විසඳිලා. ඒ නිසා ජාතික මැතිවරණ කොමිසම මහමැතිවරණය පවත්වන දිනය ඉතාම ඉක්මනින් ප්‍රකාශයට පත්කරාවියැයි අපි බලාපොරොත්තුවෙනවා.රටට අහිතකර නීති ඉවත්කරලා රටට හිතකර අලුත් නීති පනවන්නේ පාර්ලිමේන්තුවයි. ඒ නිසා පාර්ලිමේන්තුව උත්තරීතරයි. රට දියුණුවේ මාවතට ගේන්න අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ජනතාව විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුව ගැන පමණයි.පසුගිය මාස දෙකක පමණ කාලයේදී අපි රටත් ජනතාවත් ආරක්‍ෂාකරන්න කටයුතු කළා. වසා දැමුණු රට දැන් විවෘතයි. බොහෝ අංශ නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ නිසා අපි දැන් මහමැතිවරණයට සූදානම් වෙනවා. ඒ නිසා සෞඛ්‍ය නිර්දේශවලට අනුව මහ මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම කටයුතු කළ යුතුයැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේ පැවසීය.කොරෝනා වයිරසය ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීම නිසා මේ වනවිට ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා මහමැතිවරණය තවදුරටත් කල්දැමීම සාධාරණ නැහැ. සෞඛ්‍ය අංශ නිර්දේශවලට යටත්ව මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කරන මෙන් අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. එමෙන්ම නාමයෝජනා බාරගැනීමෙන් පසුව අපේක්‍ෂකයන්ට මනාප අංක නිකුත් කළ යුතුයි. මනාප අංක නිකුත්කිරීම හා මැතිවරණය පවත්වන දිනය අතර කිසිම සම්බන්ධකමක් නැහැ. දැනටමත් මනාප අංක නිකුත් කිරීම මාසයක් පමණ ප්‍රමාදවී තිබෙනවා. මනාප අංක නිකුත් කිරීම ප්‍රමාදකරන ලෙසට උසාවිය නියෝග කළේ නැහැ. ඒ නිසා මේ ප්‍රමාදයට උසාවිය වග කියන්නේ නැහැ.මහමැතිවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රටේ පවතින බවත්, යම් යම් නිර්ණායකයන්ට යටත්ව එය පැවැත්විය යුතු බවත් සඳහන් කරමින් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දුන්නා. එය මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැල්වූ කොළ එළියක් ලෙස සැලකිය හැකියි. ජාතික මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාපය නිසා කොමිසම තුළ බරපතළ ප්‍රශ්නයක් මතුවෙලා.ඔහු හැසිරෙන්නේ ස්වාධීන කොමිසම සාමාජිකයෙක් හැසිරෙන ආකාරයට නෙවෙයි. සිංහලෙන් ලියන කුණු ගොඩවල් තමන්ට කියවිය නොහැකි බව ඔහු පසුගිය දිනෙක ප්‍රකාශ කළා. එමෙන්ම අපේ රට නිර්වස්ත්‍ර බව අපිට හැර මුළු ලොවකට පෙනෙන බවත් ප්‍රකාශ කර තිබුණා. අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්කරමින් කතා කරනවා. ඒ විතරක් නෙවෙයි මැතිවරණයේ අපේක්‍ෂකයෙක් වන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ තර්ජනය කිරීමක් නිසා තමන්ට රටින් පිටව සිටීමට සිදුව තිබුණ බවත් මහාචාර්ය හූල් මහතා ප්‍රකාශ කර තිබෙනවා. මහාචාර්ය හූල්ගේ ප්‍රකාශ සහ හැසිරීම නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකිවේදැයි සැකයක් මතුවෙනවා. මෙම බලපෑම් හේතුවෙන් දණ්ඩනීති සංග්‍රහයේ 169 සී වගන්තිය යටතේ සාපරාධීවගකීම මහාචාර්ය රත්නජීවන් හූල්ට ආරෝපණය කිරීමට හැකියාව තිබෙනවා.මැතිවරණයේදී සෑම දේශපාලන පක්‍ෂයකටම සමාන අවස්ථා ලබාදීමට මාධ්‍ය කටයුතු කළයුතු බව ජාතික මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් දැනුම්දී තිබෙනවා. ජාතික මැතිවරණ කොමිසම එසේ ක්‍රියාකරන විට පොහොට්ටුවට ඡන්දය නොදන ලෙස ඒ කොමිසමේම සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ප්‍රකාශ කරනවා. ඒ නිසා මොහුගේ හැසිරීම ස්වාධීන කොමිෂන් සභාවකට ගැළපෙනවාද, එසේ නොගැළපෙනවානම් ඒ සම්බන්ධයෙන් කොමිසම ගනුලබන ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව කොමිසම ප්‍රකාශ කළ යුතුයි. එමෙන්ම මහාචාර්ය හූල්ගේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලවත් අසාධාරණයක් සිදුවූ බව කොමිසම පිළිගන්නවාද?, එසේ පිළිගන්නවානම් පොහොට්ටුවට සාධාරණය ඉටුකිරීමට ජාතික මැතිවරණ කොමිසම ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව විමසීම් මහලේකම්වරයා විසින් දැනටමත් කොමිසමට ලිපියක් යොමුකර තිබෙන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.  සාමාන්‍යයෙන් මැතිවරණයකට  නාමයෝජනා භාර ගැනීම අවසන් වී දින තුනක් ඇතුලත එක් එක් අපේක්ෂකයාගේ මනාප අංකය ප්‍රසිද්ධ කිරීම මෙතෙක් මැතිවරණ කොමිසම විසින් අනුගමනය කළ පිළිවෙතයි.  පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම 2020 මාර්තු 19 වැනිදා දින අවසන් වුවත් එයින් මාස තුනකට ආසන්න කාලයක් ගත වී තිබිය දී තවමත් අපේක්ෂකයින්ගේ මනාප අංක කොමිසම විසින් ප්‍රසිද්ධ කරලා නෑ.නාමයෝජනා භාර ගැනීමේ නීත්‍යානුකූලත්වය පිළිබඳ නීතිපතිගේ මතය විමසූ අවස්ථාවේ දී නීතිපති පැවසුවේ පවතින ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කරන ලෙයසි‘ ඒ නිසා මැතිවරණ කොමිසම විසින් මනාප අංක ප්‍රසිද්ධ කිරීම ඇතුළු මැතිවරණයට අදාළව සිය රාජකාරි කටයුතු මාස තුනකට ආසන්න කාලයක් නවතා දමා තිබුණේ කිසිම සාධාරණ හේතුවක් නොමැතිවයි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103 වගන්තිය යටතේ මැතිවරණය සාධාරණව පැවැත්වීම මැතිවරණ කොමිසම සතු ව්‍යවස්ථාපිත වගකීමක්.  මැතිවරණ කොමිසම එම වගකීම පැහැර හැරලා  මැතිවරණය තව දුරටත් කල් දමා රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවන් වී ඇති බවට ජනතා මතයක් තිබෙනවා.ඒ නිසා වහාම මනාප අංක ප්‍රසිද්ධ කරන ලෙසත් මැතිවරණයට ඉක්මන් දිනයක් නියම කරන ලෙසත් ඉල්ලා සිටිමින් මැතිවරණ කොමිසමට මම ලිපියක් යැව්වා. මොකද මැතිවරණ නොපැවැත්වීම හරහා මේ රටේ ජනතා පරමාධිපත්‍යයට තමයි මැතිවරණ කොමිසම අභියෝග කරන්නේ. මැතිවරණ කොමිසම ද මැතිවරණ නොපැවැත්වීමේ කොමිසම ද යන ප්‍රශ්නය අද සමාජයට මතුවී තිබෙනවා. මේ නිසා මැතිවරණ කොමිසම වහාම මනාප අංක ප්‍රසිද්ධ කිරීමටත් යුහුසුළුව හැකි ඉක්මනින් මැතිවරණ පැවැත්වීමටත් කටයුතු කළ යුතුයි.අපට රජකාරි ගොඩක් කරන්නට තිබෙනවා ඒ නිසා ඔය කියන ඉක්මනින් මැතිවරණය පවත්වන්න බෑයයි මැතිවරණ කොමිසමට කියන්න හැකියාවක් නැහැ.  මොකද මාර්තු මස දෙවැනි දා තමයි ජනාධිපතිතුමා ගැසට් නිවේදනයකින් මෙම ඡන්දය ප්‍රකාශයට පත් කළේ.  දැන් මාස තුනකට වැඩි කාලයක් මැතිවරණ කොමිසම නිදාගෙන ඉඳලා හදිසියේ නැගිටලා මේ කියන ඉක්මනින් මැතිවරණ තියන්න බෑ කියන කතාව අපට පිළිගන්නට බැහැ. ඒ නිසා තවදුරටත් බොරු හේතු ඉදිරිපත් නොකර මේ රටේ ජනතාවගේ පරම අයිතිය වන ඡන්ද බලය පාවිච්චි කිරීමට ජනතාවට අවස්ථාව සලසා දෙන්න කියලා අප මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.ගෝඨාභය ජනාධිපතිතුමා පත් වුණේ මාස 60කට.  දැන් එතුමාගේ ධූර කාලයෙන් සියයට 10ක් ඉවරයි.  මැතිවරණ කල් දැමීම නිසා එතුමාට සහය දක්වන පාර්ලිමේන්තුවක් නොතිබීම නිසා එතුමාගේ ධූර කාලයෙන් සියයට 10ක් නාස්ති වුණා.  රටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සඳහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක කෙතරම් අසාධාරණ ද?  මේක හරියට අධිබලැති විදුලි පන්දමක් අතේ තියාගෙන ඒකට බැටරි දාන්නේ නැතුව අඳුරේ ඉන්නවා වගේ වැඩක්නෙ. ඒ නිසා ජනාධිපති තුමාට බලාත්මක වෙලා මේ හැට නම ලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරවීමට එතුමාට සහාය දෙන පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට ජනතාවට තිබෙන අයිතිය තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු නොකළ යුතුයි කියන එක අප මැතිවරණ කොමිසමට සිහිපත් කරනවා.පසුගිය ආණ්ඩුවට ඇමෙරිකානු එක්සත් ජනපදය සමග සෝෆා ගිවිසුම අත්සන් කරන්නට එම්සීසී ගිවිසුම අත්සන් කරන්නට අපි ඉඩ දුන්නා නම් අද අපේ රටත් එකම මළ ගෙයක් බවට පත්වෙලා. එම්.සී.සී ගිවිසුමේ 6.8 වගන්තිය අනුව එහි නිලධාරින් ශ්‍රී ලංකාව තුල කරන කිසිම අපරාධයකට එරෙහිව නඩු පවරන්න දඬුවම් කරන්න බෑ.  ඒ වගේම සෝෆා ගිවිසුමේ තුන් වන වගන්තිය අනුව ලංකාවට පැමිණෙන ඇමෙරිකානු හමුදාව රට තුළ කුමන අපරාධ කළත් ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න බෑ.ඇමෙරිකානු නිලධාරියකු රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද වලට මුවා වෙලා ගුවන් තොටුපළේ දී පීසීආර් පරීක්ෂණයකට ලක් වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමන්ගේ උද්දච්ච භාවය ප්‍රදර්ශනය කර තියෙනවා.  අර ගිවිසුම් අත්සන් තැබුවා නම් බුරුතු පිටින් ලංකාවට ගොඩ බහින්නේ මෙවැනි උද්ධච්ඡ නිලධාරින් නේද කියන එක මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුයැයි විපක්ෂයේ සිට හඬ නගන මංගල සමරවීර මහතාට සිහිපත් කරනවා යැයිද ඔහු සඳහන් කළේය’.
ජනපතිට අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි
1
hp_train_1114
(රංජිත් රාජපක්ෂ)                       බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ තේ වත් පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු සැකපිට අද(18) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව  පොලිසිය පවසයි. කොටියාගල වතුයායේ තේ වත්ත මැද තේ ගස් ගලවා, විශාල වලවල් හාරා මෙම ජාවාරම්කරුවන් පිරිස මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය විසින් වැටලීමක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවෝ එම වතුයායේම පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ 8 ක් අත්අඩංගුවට
0
hp_train_1115
උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සිවුවතාවක් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කර ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (6) රැස්වූ අතර එම විශේෂ රැස්වීමේදී වාර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.50ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.50 දක්වාත් පදනම් අංක 50කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.මෙම තීරණයත් සමඟ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ගන්නා ලද අනෙකුත් ක්‍රියාමාර්ගවලට අමතරව මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත පදනම් අංක 150කින් අඩු කර ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.වසර තුළ මේ දක්වා කාලය තුළ මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුකූලව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් ඇති බව මුදල් මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වී ඇති බවත් ඒ මණ්ඩලය කනස්සල්ලට පත්වන බවත් මහ බැංකු පෙන්වාදෙයි.එම නිසා තවදුරටත් ප්‍රමාදයකින් තොරව ණය අනුපාතික අඩු කරන ලෙස මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටින අතර එසේ නොවුණහොත් වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ දැමීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇති බව ද එම බැංකුව සඳහන් කරයි.055 
ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල වෙනසක් නෑ
0
hp_train_1116
 චීනය  සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ජූලි  1 වෙනි දා සිට  කොළඹ සිට චොංකින් වෙත මෙහෙයුම් ඇරඹීමට සැලසුම් කර ඇත. කොළඹ සිට චොංකින් වෙත ගමන් ගන්නා ගුවන් යානා   නැවත පැමිණීමේ දී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම  හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම  කොළඹ දී අත්සන් කළහ.මේ වන විට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ශැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියක දී ගුවන් ගමන් 15 ක් සිදුකරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රීලංකන් ගුවන් යානා පියාසර කිරීමද මේ අනුව සනිටුහන් වනු ඇත.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ මේ වන විට චීනය මෙරට  ප්‍රධාන වෙළපොළක් ලෙස හඳුනා ගෙන ඇති ‍බැවින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම  නිරන්තරයෙන් කටයුතු කරන බවයි.ඒ අනුව මෙම නව කුලී ගුවන් සේවා යෙදවීමත් සමඟ නව පාරිභෝගික කාණ්ඩවල සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවා භාවිත කරමින් සුව පහසු සහ ආරක්ෂාකාරී සංචාරයක යෙදීමේ අවස්ථාව සැලසෙන අතර ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරයද අත්වීඳීමට හැකි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී ජෙයසීලන් මහතා ප්‍රකාශ කළේ බීජිං, ශැන්හයි සහ ගුවන්සූ   යන ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සිචුවාන් කලාපය වෙත  සාර්ථක ප්‍රතිලාභ ඉපයීමට හැකි වෙළඳපොළක් නිර්මාණය වූ බවයි.එසේම විවිධ ඇගයුම් සිදුකරමින් සංචාරක ප්‍රවර්ධන අභිවෘද්ධිය සඳහා වූ ක්‍රියාකාරකම් සිදුකරමින් ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවත්වනු ලැබූ විවිධ සංචාරක ක්‍රියාකාරකම් වලින්ද මෙම තේරීම තව දුරටත් තහවුරු වූ බවද හෙතෙම පැවසීය.තවද මේ ආකාරයට ප්‍රථමයෙන් විශේෂයෙන් වෙන්කරවා ගත් කුලීගුවන් සේවා මෙහෙයුම් සිදු කිරීමේ සාර්ථක පරීක්ෂාවලින් පසු  කාල සටහනක‍ට අනුකූලව විධිමත් ගුවන් සේවා  ආරම්භ කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.ජාත්‍යන්තර දෙපාර්තමේන්තු කළමනාකාර අයිරිස් හුවං මහතා ප්‍රකාශ කළේ “ මගේ පළමු සංචාරයේදීම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන ඉතාමත් පැහැදුණා.මෙම නව ගිවිසුම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟින් චොංකින් සිට ශ්‍රීලංකාව දක්වාත්  ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම දේශීය සහකරු වන වෝකස් ට්‍රැවල්ස්   මෙම නව සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි  මම සිතනවා. චොංකින් වෙත සහ නිරිත දිග චීනයට ගුවන් ගමන් ශක්තිමත් කිරීමට හැකියාව මෙයින් ලැබෙන බවට මා විශ්වාස කරනවා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාව තුළ චොංකින් හුවාපොන්ඩ් ජාත්‍යන්තර සංචාරක සමාග‍මේ නියෝජිත වශයෙන් කටයුතු කරනුයේ වෝකස් ට්‍රැවල්ස් ආයතනයයි.චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම 2002 වසරේ ජූලි මාසයේ දී හුවාපොන්ට් නියුට්‍රිච්මි  සමාගම් හිමිකාරීත්වයෙන් සහ Shenzhen කොටස් වෙළඳපොළේ ලියාපදිංචියෙන් පිහිටුවන ලදී. සංචාරක කර්මාන්තය ආශිතව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සංචාරක ස්ථාන සංවර්ධනය හා කළමනාකාරීත්වය,හොටල් සහ රිසෝට්ස්, විදේශ සංචාර හා ර‍ට වෙත පැමිණීම් යනාදිය ඇතුළත්ය.ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී   වසන්ත ලීලානන්ද මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ නිරිත දිගචීනය ප්‍රවර්ධනය කිරීම සඳහා  ශ්‍රීලංකන් ගුවන් සමාගමට සහ චොංකින් හුවාපොන්ට් සංචාරක සේවා සමාගමට සහයෝගය ලබා දීමට ලැබීම සතුටට කරුණක් බවයි.තවද චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ව්‍යාප්ත කිරීම තුළින් නව ගුවන් කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති අතර ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට අපගේ චීනයේ පාර්ශ්‍රවකරු සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ස්තූති කරන අතර මෙම නව ගමනාන්තය පිළිබඳව විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් ද ස්තූතිවන්ත වන බවද හෙතෙම සඳහන් කළේය.කුලී පදනම මත පළමු වරට විධිමත් සතිපතා ගුවන් ගමන් සේවා දියත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා සත්කාරය මෙම ව්‍යාපෘතියට සහයෝගයක් වනු ඇති බවද හෙතෙම පැවසීය.ඒ අනුව මෙම ගුවන් ගමන් කොළඹ සිට දේශීය වේලාවෙන් පැය 0130 පිටත් වී චීනයේ චොංකින් වෙත පැය 0915 ලඟා වීමට නියමිතයි.එසේම  චොංකින් සිට පැය 1030 ට පිටත් වන ගුවන් යානය බැංකොක් හරහා පැය 1605 ට කොළඹට ලඟාවීමට ද සැලසුම් කර තිබේ.මෙම ගුවන් යානා ජූලි මස 1 වෙනි දා සිට 2014 නොවැම්බර් මස 25 වෙනි දින දක්වා සේවා සපයන අතර එය නැවතවරක් 2015 ජනවාරි මස 13 වෙනි දින  සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A320 ගුවන් යානා යොදවා තිබේ.මේ වසරේ අප්‍රේල් මස සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම බීජිං හා ශැන්හයි දක්වා සතියකට ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මත කරන අතර එයින් ගුවන් යානා 4 ක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පිටත්ව යන ලදී. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගම අතීතයේ සිට චීනයේ කුන්මින්  සහ චෙන්ඩු  යන ගමනාන්ත සඳහා මේ ආකාරයට ගුවන් ගමන් සිදුකර ඇති අතර මේ ගිවිසුමත් සමග චීනයට විශේෂයෙන් යෙදවූ කුලී ගුවන් සේවා සපයන තුන්වන අවස්ථාවද සනිටුහන්වේ. 
ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය FITS සමඟ නඩත්තු ගිවිසුමක
0
hp_train_1117
(හර්ෂණ තුෂාර සිල්වා) ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (03) ඉතිහාසගත ලෙස පහළ ගියේය.ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (03) 193.75 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 193.75 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 188.55ක් ලෙසත් දැක්විණි.ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ. මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 27 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4% කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ ජාත්‍යන්තර ඛනිජතෙල් මිල ගණන්වලට අනුව ‘බ්‍රෙන්ට්’ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 32.54ක් ලෙසත් ඔපෙක් (තෙල් අපනයන කරන රටවල) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 18.93ක් ලෙසත් දැක්විණි. 055
රුපියලේ අගය තවත් පහළට
1
hp_train_1118
(ඩයනා උදයංගනී)කොරෝනා ආසාදිත තවත් රෝගීන් 568 දෙනෙක් අද (12) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙරටින් අද දින වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1488කි.ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,76,026 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 
අද කොවිඩ් ආසාදිතයන් 1488ක්
1
hp_train_1119
(ක.ග. කරුණාරත්න)වන සතුන් දඩයම් කිරීම සඳහා මෙරට සාදන ලද බෙහෙත් කොටන තුවක්කුවක්ද සමඟ මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළුව සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරිහු කියති.මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ රත්කිඳ, උමං පිවිසුම කොටසේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.වෙඩිබෙහෙත්, ඊයම්බෝල, පිහියා, විදුලිපන්දම් ආදියද ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත්බව වනජීවි නිලධාරීහු කීහ.සැකකරුවන් ගිරාඳුරු කෝට්ටේ පහළ රත්කිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.මාදුරුඔය වනජීවී කාර්යාලයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.
මාදුරුඔයට දඩයමේ ගිය තුනක් අල්ලයි
0
hp_train_1120
(ඩී.ජී.සුගතපාල)රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් ජනවාරි මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (30) නියෝග කළේය.මෙසේ තව දුරටත් රක්ෂිතබන්ධනාගාර ගතකරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරීක්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරීක්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරීක්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන්ය.රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නැමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනිදින  පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පරීක්ෂණ තවමත් අවසන් නොමැති බවය.   
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ 17 දෙනා යළි රිමාන්ඩ්
0
hp_train_1121
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඌව සහ නැගෙනහිර පළාත් වල,  සවස 2.00න් පසු ස්ථාන කීපයක  ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.
‘පළාත් කීපයකට විටින් විට තද වැසි‘
0
hp_train_1122
(  සිතුම් චතුරංග)  මන්නාරම ,පේසාලේ ප්‍රදේශයේ නිවසක හා පාළු ඉඩමක්තුල වළදමා තිබූ රුපියල් ලක්ෂ අසූවක් වටිනා කේරළ ගංජා 50යි ග්‍රෑම් 780 ක් සමඟ පුද්ගලයකු අද (03) අලුයම ගොඩගත්  බව මන්නාරම පොලිසිය කියයි.මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ දහයයි ග්‍රෑම් 780ක් සැකකරු පදිංචිව සිටි නිවසෙහි සඟවා තිබියදී සොයාගත් බව පැවසීය. අනෙක් කේරළ ගංජා කිලෝ 40 ප්‍රමාණය පේසාලේ ප්‍රදේශයේ සුසාන භූමියක් අසල වලදමා තිබියදී සොයාගත් බවද පැවසීය.අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් කිසියම් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කොට තිබියදී සොයාගත් බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.සැකකරු මන්නරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක පුද්ගලයකු වේ.අත්අඩංගුවටගත් සැකකරු හා කේරළ ගංජා තොගය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලිසිය හා පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ලක්ෂ 80 ක කේරළ ගංජා මන්නාරමේ ඉඩමකින් ගොඩට
1
hp_train_1123
(විනීතා එම් ගමගේ)කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය බැලීමේ දී ලෝකයේ පවතින සාමාන්‍ය අගය මිලියනයකට රෝගීන් 546 ක් වූවත් ශ්‍රී ලංකාවේ එම අගය පවතින්නේ ජනගහනයෙන් මිලියනයකට රෝගීන් 40 ක් වශයෙන් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උයද ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා සංඛ්‍යා ලේඛණ විග‍්‍රහයක් කර ගන්න බැරි විපක්ෂයේ පුංචි පුතාලා දුවලාගේ පහසුව පිණිස කොවිඞ් 19 සංඛ්‍යා ලේඛණ විග‍්‍රහ කර  දීමට බලාපොරොත්තු වන බවත්  ඉන්දියාවෙන් ඇරඹුවහොත් මාර්තු 24 වැනිදා ඉන්දියාව වසා දමන විට රෝගීන් 499 ක් සිටි අතර දැන් 70,780 කට අධික පිරිසක් සිටින බවත් එය 142 % ක වර්ධන වේගයක් බවත් කීය.ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිට කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය පහල මට්මටමක පවතින්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ පරිපාලන කාර්යක්ෂමතාව සහ ජනතාව ආණඩුවට සවන්දීම කොතරම් දුරට සිදුවෙනවා ද යන්න යැයි කී ගම්මන්පිල මහතා එම අගය ශ්‍රී ලංකාවේ හතලිහක් වෙද්දී කටාර්වල 8199 ක් වී ඇතැයි ද එයින් ම ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති තත්ත්වය පෙන්නුම් කරන්නේ යැයි ද පැවැසීය.ආසියාවේ ආදර්ශය වන සිංගප්පූරුව අප්‍රේල් 3දා ලොක් ඩවුන් කරන විට රෝගින් ගණන 1144 සිටි අතර  දැන් රෝගින් ගණන 23,822 ක් වන බවත් එය 21ක් ගුණයකින් රෝගීන් ප‍්‍රමාණය වර්ධනය වීමක් බවත් පෙන්වා දුන්නේය.හොඳට ඉඩකඩ තියෙන සමාජ පරතරය හොදින්ම රකින්න පුළුවන් ලෝකයේ ලොකුම රටවන රුසියාව ලොක් ඩවුන් කළ මාර්තු මාසයේ 30දා රෝගින් සිිටියේ 1,462ය ක් වන බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා දැන් 221,344 වී ඇති බවත් එයින් කියැවෙන්නේ 151ක් ගුණයකින් රෝගින් වැඩි වීම බවත් හෙතෙම කියා සිටියේය. මේ අනුව නිදසුනට ගත් එම රටවල් දෙස බලද්දී රෝගීන් 151 ගුණයකින් පවා වැඩි වී ඇති බව පෙනී යන බව ද ඔහු සදහන් කළේය.රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව පවා මනින්නේ මරණ අනුපාතයෙන් සහ සුව වූ අනුපාතයෙන් බව ද ලෝකයේ මරණ අනුපාතය සියයට හතක් වෙද්දී ලංකාවේ එම ප‍්‍රමාණය සියයට 1 වන බව ද ලොව අඩුම රටවල් කිහිපය අතරේ ශ්‍රී ලංකාව සි්ටින බව ද ඔහු කීවේය. සුව වූ අනුපාතය බලද්දී ද ලෝකයේ සාමාන්‍යය අගය සියයට 36 ක් වෙද්දී එය ශ‍්‍රී ලංකාවේ සියයට 39 වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.මේ නිසා ජාත්‍යන්තර දර්ශක සකසන අය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයත් ශ්‍රී ලංකාව කොවිඞ් 19 මර්දනය සඳහා ගත් ක‍්‍රියාමාර්ග අගය කරමින් ලංකාව ලෝකයට ආර්දශයක් යැයි පෙන්වා දෙන බව ද  එය දරාගන්නට බැරි විපක්ෂය, මෙහි කොටස්කරුවෙක් නොවුණු විපක්ෂය, මේ ක‍්‍රියාවලියේ දී කකුලෙන් අදිමින් බොරු කියමින් ආණ්ඩුව රටට ලබාදුන් ජයග‍්‍රහණය හෑල්ලූ කිරීමට සාර්ථක උත්සාහයක නියැළි සිටින්නේ යැයි ද ඔහු ස`දහන් කළේය.තව දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා කොවිඞ් 19 වසංගතය හේතුවෙන් බංකොලොත් වීමේ අවදානමකට ලක් වී ඇති ව්‍යාපාර සරණ පතා යන්නේ තමන්ගේ බැංකුව වෙත  යන නමුත්  පසුගිය මාස දෙකේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා විවිධ මූල්‍යමය සහන ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නැයි රජය විසින් ඉල්ලීමට පවා සමහර බැංකු නම්‍යශීළී නොවී ඇතැයි ද කීය.නමුත් බැංකු නම්‍යශීලී නොවී ශයිලොක් න්‍යායෙන් මස් රාත්තලම ඉල්ලන බවට ව්‍යාපාරිකයින් චෝදනා නගන්නේ යැයි ද, ණය ලබාදීම ප‍්‍රමාද කිරීම හරහා ව්‍යාපාර දහස් ගණනක් වසාදැමීමට ලක්ව රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අනතුරක් මතුවී ඇතැයි ද, සම්ප‍්‍රදායික ලෙස මේ අවස්ථාවේත් ඇප පිළිබඳ තදින් ක‍්‍රියා නොකර නම්‍යශීලි වෙන්නැයි බැංකු වලින් ඉල්ලා සිටින්නේ යැයි ද ඔහු කියා සිටියේය.ඉකුත් වසරේ බදු ගෙවීමෙන් පසු ලැබූ ලාභය බැලූවිට කොමර්ෂල් බැංකුව මිලියන 18,057 ක්ද, ලංකා බැංකුව මිලියන 17,590 ක්ද, මහජන බැංකුව 13,012 ක්ද,  සම්පත් බැංකුව මිලියන 11,983 ක්ද,  හැටන් නැෂනල් බැංකුව 11,558ක්ද උපයා ඇතැයි පැවසු ගම්මන්පිල මහතා  මේ දැවැන්ත ලාභය උපයා දුන් ගනුදෙනුකරුවන් දැන් අමාරුවේ වැටී සිටින නිසා බැංකු විසින් යම් අවදානමක් අරගෙන ආර්්ථික අර්්බූදයෙන් ගොඩ ඒමට ව්‍යාපාරිකයින්ට සහන සැලසිය යුතු යැයි තමන් යෝජනා කරන බව ද කියා සිටියේය.පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උපුල් විජේසේකර සහ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ යන මහත්වරුන්ද මාධ්‍ය හමුවට එක්ව සිටියහ. 
විපක්ෂයේ පහසුවට සංඛ්‍යා ලේඛණ විග‍්‍රහයක්
0
hp_train_1124
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 528 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,24,719 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.කොවිඩ් ආසාදිත 32,308 දෙනෙක් රෝහල් සහ නිවෙස්වල තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව ද එහි සඳහන් වේ.කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 421 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,79,182ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයන් 528ක්
1
hp_train_1125
(*** ජේ.ඒ.එල්. ජයසිංහ)පක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් ඉදිරි කටයුතු සාර්ථක කර පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ වගකීම යැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ.මල්වතු මහනාහිමියන් එසේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවේය.රුවන් විජයවර්ධන මහතා ඇමතූ මහ නාහිමියෝ එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන නායකත්වය අර්බුදයට තවම විසඳුමක් නැද්ද? පක්ෂයේ අර්බුද තවම තිබෙනවා දැයි ප්‍රශ්න කළහ.ඒ අවස්ථාවේදී මල්වතු මහානායක හිමියන් හමුවේ කරුණු දැක් වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීවේය.පක්ෂයේ පවතින ප්‍රශ්නවලට හෙට අනිද්දා වන විට විසඳුම් ලැබේවි. ඉක්මණින්ම පක්ෂය හදාගන්න ඕනෑ. එක පැත්තකින් දැන් හොඳ අවස්ථාව උදාවී තිබෙනවා.අපෙන් ඈත් වී ගිය අය සියලු දෙනා එකතු කරලා සාකච්ඡා කරමින් පියවර ගත යුතු වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ පක්ෂයෙන් ඈත් වී නැහැ. සේරම අය ඉන්නවා. මල්වතු මහානායක හිමියන් සමග දීර්ඝ වේලාවක් පෞද්ගලික සාකච්ඡාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු නියෝජිතයා කඩිනමින් පත් කිරීමට පියවර ගන්නවා. ඉදිරි දින කීපයේදී ඒ කටයුත්ත නිමා කෙරෙනවා. මේ අවස්ථාවේ එජාපයේ අප ලැබූ පරාජයන් ඉදිරි ජයග්‍රහණය සඳහා ශක්තියක් වෙනවා. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කර සියලුම පාක්ෂිකයන් ඒකරාශී කරමින් පක්ෂයේ වෙනසක් සමග පක්ෂය ඉදිරියට ගෙන යාමේ වගකීම අප සතුව තිබෙනවා. ඒ සඳහා අප පියවර ගන්නවා.අපේ පක්ෂය තුළ අඩුපාඩු තිබුණා. අපේ පක්ෂයෙත් යම් යම් වැරදි සිදු වුණා. ඒවා සියල්ල අවධානයට යොමුකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් මැතිවරණයේදී අපට කියා දුන් පාඩම හොඳින් අධ්‍යයනය කර පාක්ෂිකයන්ගේ හිත දිනාගෙන පක්ෂය නැන්වීම අපේ එකම අපේක්ෂාවයි.පක්ෂයේ ක්‍රියාකාරීන්, සංවිධායකයන් මේ අවස්ථාවේ පක්ෂය ඉදිරියට ගෙන යන්න, පක්ෂය ඔසවා තබන්නට සෑම අතින්ම ශක්තිමත් නායකත්වයක් දෙන්න, මට පක්ෂ නායකත්වයට එන ලෙස ඉල්ලීම් කළා. පාක්ෂිකයන්ගේ අදහස්වලට සවන් දිය යුතුයි.පක්ෂයට නව නායකත්වයක් අවශ්‍යයි කියා පාක්ෂිකයන් ඉල්ලා සිටියා. පක්ෂයේ නායකයන් හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් කවුද? පක්ෂයේ නායකයා ලෙස පත් කරන්නේ කියලා තීරණය කරනවා.පක්ෂයේ නායකත්වයට සුදුසු බොහෝ අය ඉදිරිපත් වී ඉන්නවා. ඒ අය දක්ෂයි. ඒ අය පක්ෂය වෙනුවෙන් කැප වූ අයයි. ඒත් මමත් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙනවා. රටේ සමස්ත එජාප පාක්ෂිකයෝත් ඉල්ලීමක් කළා. ඒ මටත් පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වෙන්න කියලයි. මහා සංඝරත්නයත් මහානායක හිමිපාණන් වහන්සේලාත් ඉල්ලීමක් කළේ පක්ෂයේ නායකත්වය බාර ගන්න කියලයි. මහාසංඝරත්නයේ ආශිර්වාද ගෙන මමත් පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් වෙනවා.බෞද්ධ ඡන්ද පදනම තහවුරු කරගෙන රටට දැවැන්ත සේවයක් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. රටට විශාල සංවර්ධනයක් විශාල සේවයක් කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල පක්ෂයයි. මේ පක්ෂය නිකන්ම දියකර හරින්න බැහැ. ඒ නිසා පක්ෂය ගොඩ ගත යුතුයි.එක්සත් ජාතික පක්ෂය යළි ගොඩගන්න පක්ෂයට යළි පුනර්ජීවය දෙන්න ග්‍රාමීය මට්ටමට ගොස්, පක්ෂයේ පුංචි පුංචි සාමාජිකයා අතරට ගොස් සාමාන්‍ය ජනතාව හා සම්බන්ධ වෙමින් බෞද්ධ පදනම ස්ථාවර කරගෙන සියලු පාක්ෂිකයන් ඒකරාශී කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යෑම මගේ අපේක්ෂාවයි.රනිල් වික්‍රමසිංහ මහතාව අමතක කරන්න බැහැ. එතුමා පක්ෂය වෙනුවෙන් විශාල කැපවීම් කළා. පක්ෂයේ අර්බුද නිරාකරණය කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළ නායකයායි. එතුමාගේ ද අවවාද අනුශාසනා ගෙන අපෙන් වෙන් වී කැඩී ගිය පාක්ෂිකයන් ඒකරාශී කර ගැනීමට කටයුතු කරනවා.පක්ෂයේ තරුණ පිරිස ශක්තිමත් කරගනිමින් විශාල කැපවීමක් කර පක්ෂය හදාගන්න උපරිමව මා කැප වෙනවා.සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ද බැහැ දුටු රුවන් විජයවර්ධන මහතා උන්වහන්සේගේ ද ආශිර්වාද ගත්තේය.එහිදී රුවන් විජයවර්ධන මහතා හමුවේ අනුශාසනාවක් කළ අස්ගිරි මහා ලේඛකාධිකාරි හිමියෝ මෙසේ පැවසූහ.අපේ අදහස මුල සිට ඔබතුමා වැනි අයෙකු ගැනයි. ඔබට උරුමයකුත් තිබෙනවා. ඔබ වැනි තැන්පත් ගුණාංග තිබෙන අයෙකු නායකත්වයට සුදුසු කෙනෙකු බව අපේ හැඟීමයි. බෙදී වෙන් වී තිබෙන එක්සත් ජාතික පක්ෂය ගැන හිතා සියලු දෙනා ඒකරාශී කර ගෙන පක්ෂය ඉදිරියට ගෙන යා යුතුයි. එය ඔබට කළ හැකි බවට අප තුළ විශ්වාසයක් තිබෙනවා. පක්ෂයකට නායකත්වයක් අවශ්‍යයි. එහෙම නායකත්වයක් තිබෙන පක්ෂයක් වටා සේරම දෙනා එකතු වෙනවා. රටට අහිතකර දේ වෙනවා නම් ඒවා ගැන කතා කරන්න ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි.ප්‍රශ්න හා අවුල් වියවුල් කලින් කලට වෙනස් වේවි. බිම් මට්ටමේ සිටින ජනතාවගේ සිත් දිනාගෙන පක්ෂයට නායකත්වය දී ඉදිරි වැඩ කරගෙන යන්න.රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන අත්දැකීම්, එතුමාගේ දක්ෂතා, පරිපාලන දක්ෂතා, මනා කළමනාකරණය ගැන අප දන්නවා.විරුද්ධ පාක්ෂිකයන් හා වෙනත් පාර්ශ්ව මොනවා කීවත් රනිල් වික්‍රමසිංහ මහතාව අනුශාසක මට්ටමේ තියාගෙන කටයුතු කරන්න.ඩී.එස්. සේනානායක පරපුරෙන් එන ඔබ රටේ ගෞරවයක් දිනා ගත් පවුලක සාමාජිකයෙකු වනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා රටට, එක්සත් ජාතික පක්ෂයට විශාල සේවයක් කළා. බුදු දහම මූලික කර ගනිමින් සියලු කටයුතු කරගෙන යන්න. 
2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා
0
hp_train_1126
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ  බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සමහර ස්ථාන වලට මිලී මීටර් 100 ක පමණ  වැසි ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‘උදය කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැකිය. වන මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විමට ඉඩ ඇත.‘
‘ඉදිරි 24 පැයේ අකුණු වැඩි වේ‘
1
hp_train_1127
(නිමල කොඩිතුවක්කු)පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබා දිමේ ක්‍රමවේදයක් සකස් නොකළහොත් හෙට (01) සිට බස් රථ ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බවට බස් සංගම්  සඳහන් කරයි.ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් ඇතුලු පෞද්ගලික බස් රථ ධාවනයට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද එම සංගම් සඳහන් කරති.ඉන්ධන නොමැති වීමෙන් මගීන් සමග බස් රථ අතරමග නතරවීමේ අවස්තාවන් සහ  බස් රථය එක් ගමනාන්තයකට පැමින අනෙක් ගමනාන්තය සඳහා යාමට නොහැකි වූ අවස්ථාවන් විශාල ප්‍රමාණයක් අද (28) දිනයේ වාර්තා වූ බවද බස් සංගම් පවසති.විසිදහසක් පමණ ධාවනය වූ පොෟද්ගලික බස්රථ වලින් අද (28) ධාවනය වූයේ අට දහසකටත් අඩු සංඛ්‍යාවක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.ඉන්ධන නොමැතිවීමෙන් එම ධාවනය වන බස් රථවල ගමන්වාර සියයට 50 කින් අඩු කිරීමට පියවර ගත්  බවත්  ඔහු කීවේය.ඉන්ධන නොමැතිවීමේ බස් රථ විශාල ප්‍රමාණයක් මග නැවතුන බවද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.ඇතැම් බස් රථ වලට මගීන් සමග පැය ගණන් ඉන්ධන පෝලිම් වල රැඳී සිටීමට සිදුවූ බවත් හෙතෙම කීවේය.මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔහු කීවේය.ඇතැම් ඉන්ධන පිරවුම් හල් වලින් රුපියල් 2000ක පමණක් ඩීසල් නිකුත් කළ බවත් විජේරත්න මහතා ප්‍රකාශ කළේය.කාර්්‍යාල වේලාවන්, අපොස උසස් පෙල විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් ඊයේ දිනයේදී බස් රථ ධාවනයට පියවර ගත් බවද විජේරත්න මහතා පැවසීය.අනවශ්‍ය ගමන්වාර සහ දිවා කාලයේ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට කටයුතු කළ බවත් ඔහු කීවේය.
ඩීසල් හිඟය බස් ධාවනයටත් බලපායි
0
hp_train_1128
දිවයින පුරා අද (8) සහ හෙට (9) වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව සහ මධ්‍යම පළාත්වල විවිධ ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්මවු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අපේක්ෂා කරයි. බස්නාහිර, උතුරුමැද, දකුණ, ඌව පළාත්වල විවිධ ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.සාමාන්‍යයෙන් උතුරු මැද පළාතේ මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ක තරමක තද වැසි ඇතිවිය හැකි බව අපේක්ෂා කරයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තරමක තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පුර්වාරක්ෂාවකට යොමුවන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි. (28535)
දිවයින පුරා අද සහ හෙට වැස්ස වැඩිවන ලකුණු
1
hp_train_1129
උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත්  ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කොටසේ උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259060වැසි ස්වල්පයක්.මඩකලපුව31268570වැසි වාර කිහිපයක්.කොළඹ34258560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල34259055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය32248060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර32229055සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය21149560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය35249550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය32209070වැසි ස්වල්පයක්.මන්නාරම33269060වැසි ස්වල්පයක්.
‘අලුයම් කාලයේ මීදුම් තත්ත්වයක්‘
0
hp_train_1130
(ටී.කේ.ජී.කපිල )නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ලාඕස ජාතික ගුවන් මගියකු අද (8) අලුයම කටුනායක ගුවන් තොටුපළේ  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.රුපියල් කෝටි හතරක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති රසායනික විද්‍යාත්මක නාමයෙන් මෙම මත්ද්‍රව්‍ය හඳුන්වයි.  ඔහු විසින් ගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක වෙනම පාර්සල් ලෙස කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 623 ක් බර මෙම මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය තොගය සඟවා ගෙන තිබියදී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගැණිනි.මෙම ලාඕස ජාතිකයා සමඟ මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය තොගය අද (8) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගෙන ආ ලාඕස ජාතිකයෙක් අත්අඩංගුවට
0
hp_train_1131
(ගල්ගමුව නිහාල් ජයවීර )             ගල්ගමුව ,පාළුකඩවල වැව් ඉස්මත්තේ සිදු කරන්නේ යැයි කියන වන විනාශයට විරෝධය පා නිහඩ උද්ඝෝෂණයක් පාළුකඩවල වැව් බැම්ම මත පැවැත්විණි.           පරිසර සංවිධාන එකමුතුව හා සමාජවාදී තරුණ සංගමය ඇතුළු ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන එක්ව මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි ."මතු පරපුරට වින කටින පරිසර විනාශය නවතනු ", "රටට ආදායම් ගෙනෙන අලි සම්පත රැක ගනිමු " ," කැලේ බදු දෙයි.අලි ගම් වදිති " , " ගල්ගමුව ජනතාව නිහඩ නෑ" , " වැවක ජීවය වැව් ඉස්මත්තයි."," ඔක්සිජන් නැතිව මැරිලා පාංශුකූලේ මොකටද ." ආදි සටන් පාඨ සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කෙරිණි.මේ උද්ඝෝෂණයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පරිසරවේදීහු ,ස්වෙච්ඡා සංවිධානවල නියොජිතයෝ, පාළුකඩවල ඇතුළු ගම්මානවල ජනතාව සහභාගි වූහ . 
වන විනාශය එපා පාළුකඩවල ගැමියෝ පාරට බසිති
0
hp_train_1132
සීමාසහිත ලංකා පොහොර සමාගමට හා මිල්කෝ ආයතනයට නව සභාපතිවරුන් පත් කර තිබේ. සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස සෝමචන්ද්‍ර ජයකොඩි මහතා පත්කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන ජයකොඩි මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් ද වේ.ශ්‍රී ලංකා රේගුවේ වසර 39 ක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා ජාතික පශු සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් ද සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කර ඇත.   ලංකා පොහොර සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජෙරම් සමරතුංග මහතා පත් කර ඇත ජෙරම් සමරතුංග මහතා සමෘද්ධි මූල්‍ය බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයෙහි සහ සමූපකාර අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකයෙකු වශයෙන් මීට පෙර කටයුතු කර ඇත. ප්‍රමුඛ පුද්ගලික ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලයේ ද ජෙරම් මහතා කටයුතු කරනු ලබයි සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස මීට පෙර මිල්කෝ සමාගමේ 2015 -2018 දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කළ කීර්ති මිහිරිපැන්න මහතා පත් කර ඇත. ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකි. මිල්කෝ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස එම්.එච්.එම්. පසාල් මහතා පත් කර  ඇති අතර ඔහු මිල්කෝ සමාගමේ මෙන්ම සමාජ ආරක්ෂණ මණ්ඩලය, සමෘද්ධි මූල්‍ය මණ්ඩලය නියෝජනය කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇත.කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා මෙම පත්වීම් ප්‍රදානය සිදුකළේය.(36698) 
ලිට්‍රෝ ලොක්කන්ට එරෙහිව පෙත්සමක්
0
hp_train_1133
සුප්‍රකට ව්‍යාපාර සන්නාම ඇගයීමේ ආයතනයක් වන Brands Finance ආයතනයල LMO සමඟ එක්ව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන පාරිභෝගික සන්නාම ශ්‍රේණිගත කිරීමෙහිල අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ සම්මානයට පාත්‍ර විය.මේ සමඟ මෙරට වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම අතර 8 වැනි ස්ථානය දිනා ගැනීමට ද නෙස්ලේ සමත් වූ අතරල එම සන්නාම 10 අතරට අයත් එකම ආහාරපාන සන්නාමය නෙස්ලේ වීම ද විශේෂත්වයකිග දේශීය ව්‍යාපාර ප්‍රජාව අතර මහත් ගෞරවයක් දිනා සිටින මෙම ශ්‍රේණිගත කිරීම මගින් සන්නාමවල වටිනාකම සහ ශක්තිය මැනබැලීම සිදුකරයි.ඊට අමතරව නෙස්ලේ සන්නාම හතරක් මේ වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත් සන්නාම අතරට එක්වීම ද කැපීපෙනෙයි. 2022 වසර මෙන්ම මෙවරත් කිරි ආහාර- මෝල්ට් පාන අංශයේ පළමු ස්ථානය දිනාගැනීමට නෙස්ටොමෝල්ට් සන්නාමයට හැකිවිය. එම අංශයේම දෙවැනි ස්ථානය මයිලෝ සන්නාමයට හිමි වූ අතරල ආහාර අමුද්‍රව්‍ය අංශයේ දෙවැනි ස්ථානය මැගී සන්නාමයට දල ජෑම් සහ සෝස් අංශයේ දෙවැනි ස්ථානය මිල්ක්මේඩ් සන්නාමයට ද හිමිවිය.අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමයට බවට පත්වීම අපට විශාල ගෞරවයක්ග මේ හරහා උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පිළිගැන්වීමටත්, සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් පිරිනැමීමටත් අප සතු කැපවීම පෙන්නුම් කරන අතරම, අපගේ පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් සතු විශ්වාසය සහ ළබැඳියාවත් මැනවින් පිළිබිඹු වෙනවා. එමෙන්ම අපගේ සන්නාම හතරක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත් සන්නාම අතරට පත්වීම පිළිබඳවත් මම බොහෝ සේ සතුටු වෙනවාග මේ සෑම සන්නාමයක්ම ගොඩනැංවීම සඳහා අපි විශාල පරිශ්‍රමයක්ල උනන්දුවක් සහ කැපවීමක් සිදුකොට තිබෙනවාග  එවන් පසුබිමක ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ පාරිභෝගිකයන් සහ අපගේ සන්නාම අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟී තිබෙනු දක්නට ලැබීම මහත් සතුටක්ග මෙවැනි බුහුමුන් මගින් විශිෂ්ටත්වය සඳහා අප සතු කැපවීමට ලැබෙන්නේ මහත් දිරියක්ග අපි ඉදිරියටත් නව්‍යතාව තුළින් උසස් ප්‍රමිතියේ නිෂ්පාදන හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ටල ප්‍රජාවට මෙන්ම පරිසරයටත් ධනාත්මක දායකත්වයක් ලබාදෙනවා, යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් මහතා ප්‍රකාශ කළේය.595
ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය නෙස්ලේ
0
hp_train_1134
අල් ජසීරා පුවත් සේවය වසා දැමීම සහ ඉරානය සමඟ තිබෙන සබඳතා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 13කට එකඟ වන්නේ නම් කටාර් රාජ්‍ය සමඟ නැවත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන බව සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ප්‍රකාශ කර ඇත.ත්‍රස්තවාදය සහ මූලධර්මවාදය ප්‍රචලිත කිරීමට සහාය දෙන බවට චෝදනා කරමින් සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ජූනි 5 වැනිදා කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවත දැමීමට පියවර ගත්තේය.  ඒ අනුව යමින් තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමටත් ජෝර්දානය ඇතුළු තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඩු කිරීමටත් පියවර ගත්තේය.වසර ගණනාවකට පසු ගල්ෆ් කලාපයේ ඇති වූ දරුණුතම අර්බුදය මේ වූ අතර ඒ හේතුවෙන් දශක දෙකක් පැරැණි කටාර් රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තියට ද චෝදනා එල්ල විය. මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන රටවල අර්බුද නිරාකරණය කිරීමේදී කටාර් රාජ්‍යය ඊට මැදිහත් වීම ද එම විදේශ ප්‍රතිපත්තියේ අංගයක් විය. කෙසේ නමුත් කිසිම හේතුවකට තම ස්වාධීන විදෙස් ප්‍රතිපත්තිය වෙනස් නොකරන බව කටාර් රාජ්‍යය මෙම නව අර්බුදය ඇති වී දින කිහිපයකට පසු නිවේදනය කළේය.රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීමට අමතරව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ ආර්ථික සහ ප්‍රවාහන සබඳතා ද නවතා දැමීය. කටාර් රාජ්‍යයේ ස්ථාපිත තුර්කි හමුදා කඳවුර ඉවත් කළ යුතු යැයි සෞදිය ප්‍රමුඛ රටවල් කරන ලද ඉල්ලීම් අතර වෙයි.මුස්ලිම් සහෝදරත්වය, අයි.එස් සංවිධානය, අල්කයිඩා සංවිධානය, හිස්බුල්ලා, ජබාත් ෆාටා අල් ෂාම් ආදී ත්‍රස්තවාදී, අන්තවාදී, මූලධර්මවාදී සහ නිකායවාදී සංවිධානවලට තිබෙන සබඳතා සියල්ල නවතා දැමිය යුතු බව ද සෞදිය කටාර් රාජ්‍යයට දැනුම් දී තිබේ. කටාරයත් සෞදි අරාබියත් අතර දේශ සීමාවේ අබු සම්රා පිවිසුම (ඡායාරූප අනුග්‍රහය - ඒ.එෆ්.පී)(රොයිටර් අනුග්‍රහයෙනි - 055)
කටාර් ගුවන් යානාවලට සෞදි-ඊජිප්තු ගුවන තහනම්
0
hp_train_1135
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 915 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 22 දෙනෙකු වාර්තා වී ඇත.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 524 ක් වේ. මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 382 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
කොරෝනා ආසාදිතයින් 981 දක්වා ඉහළට
0
hp_train_1136
දිවයින පුරා  ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.ඉදිරි දින  වලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපෙක්ෂා කළ හැක.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.2015 ජනවාරි මස 10 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වය තව දුරටත් පවතී.සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.කන්කසන්තුරේ සිට  පුත්තලම සහ මන්නාරම හරහා ගාල්ල  දක්වා සහ මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං විටෙක පැ. කි. මී. 50-55 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
‘වැසි රහිත කාලගුණයක්‘
0
hp_train_1137
(ජේ.ඒ.එල්. ජයසිංහ සහ මැණික්හින්න ඒ.ජී. වික්‍රමසිංහ)වත්මන් වාණිජ සමාජය තුළ තරගකාරිත්වයට යොමු වී ඇති මවුපියන්ට දරුවන් අමතකවීම හේතුවෙන් නිවෙස් තුළම දරුවන් අනාරක්ෂිත වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ඒ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනුවත් කළ යුත්තේ මවුපියන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී ඉකුත් 8 වැනිදා පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.මේ සුන්දර උදෑසන භාග්‍යවන්ත වූ, පින්වන්ත වූ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ‘දරුවන් රකිමු’ ජාතික වැඩසටහනේ අවුරුදු තුනක සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි මේ උත්සවයේ ප්‍රධාන අරමුණ. මේ වැඩසටහනට සහයෝගය දක්වන සියලුම මැති ඇමැතිවරුන් අමාත්‍යාංශ, රාජ්‍ය නිලධාරීන්, විශේෂඥ කමිටු, අනුග්‍රහය දක්වන සෑම කෙනකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.දරුවන් රකිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් හේතු වූ කරුණු මොනවාද? යන්න මා ඔබට නොකීවාට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. දරුවන් රැකීමට ජාතික වැඩසටහනක අවශ්‍යතාව කුමක් ද? විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජයෙන් එන විවිධ තොරතුරු සමග මෙවැනි වැඩසටහනක අවශ්‍යතාව ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. මූලික වශයෙන් දරුවාට, දරුවා ජීවත්වන නිවසෙහි සුරක්ෂිතතාව තිබෙනවා ද? ඔබත් මමත් දන්නා පරිදි දරුවා මව්පියන් සමග ජීවත්වන නිවසෙහි ප්‍රශ්නයක් තිබෙන බව අද බොහෝ වාර්තා මගින් අපිට පෙන්නුම් කරනවා. මෙහි සිටිනවා පොලිසියේ නිලධාරී මහත්ම මහත්මීන් රාශියක්. පොලිසිවලට ලැබෙන පැමිණිලි වලින්, අවුරුද්දේ දවස් 365න් වැඩිපුරම ලැබෙන පැමිණිලි මොනවාද? මම පසුගිය දිනක උත්සවයක අවසානයේ දී ළඟම තිබෙන පොලිසියකට ගියා.පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මම ඇහුවා වැඩිපුර එන පැමිණිලි මොනවා ද? කියලා. පොලිස් ස්ථානාධිපතිතුමා මා සමග කිව්වා අපිට වැඩිපුරම එන්නේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි බව. පවුලේ ආරවුල් ඇති වෙනවානම් ඒ පවුලේ දරුවන්ට නිවස කොතෙක් දුරට අනාරක්ෂිත ද කියන කාරණය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.සමාජ සමීක්ෂණ ආයතනයක් විසින් පසුගිය වසර දහයක අපේ රටේ විවාහ ජීවිත පිළිබඳව සමීක්ෂණයක් කර වාර්තාවක් රජයට ලබා දුන්නා. අඩු වයසින් විවාහ වන තරුණ පවුල්වලින් 70%ක ගේ පවුල් ජීවිත අසාර්ථක බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පවුලේ මව්පියන්ගේ හැසිරීම් පිළිබඳව ප්‍රශ්න මතුවූ විට එම නිවසේ තත්ත්වය සහ එම නිවසේ ජීවත් වන දරුවන්ගේ මානසික තත්ත්වය කෙසේද යන්න ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එපමණක් නොවේ. අද තිබෙන වාණිජ සමාජයේ තරගකාරිත්වය තුළ මව්පියන් ඒ තරගකාරිත්වයට යොමු වෙලා තිබෙනවා.ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සම්පත් වැඩිපුර ලබා ගැනීමට සමාජය තුළ ගෞරවයට ලක්වීමට එම තරගකාරිත්වයට යොමුවී තිබෙනවා. ඒ අනුව ඇතැම් මව්පියන්ට දරුවන් අමතක වෙනවා. නිවෙස තුළ දරුවාගේ ආරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය අඩුවීම පිළිබඳව තවත් බොහෝ කරුණු සඳහන් කළ හැකියි. ඒ නිසා දරුවාට පාසල සුරක්ෂිත ස්ථානයක් බවට විශේෂයෙන්ම පත්විය යුතුයි. සමාජයෙන් ලැබෙන තොරතුරු අනුව දරුවාට ආරක්ෂිත සහ සුරක්ෂිත ස්ථානය පාසල බවයි අපිට පෙනී යන්නේ. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව පාසල්වලින් ලැබෙන වාර්තා ඉතාමත් අවමයි. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව වැඩිපුර වාර්තා වන්නේ දරුවා පාසලේ සිටින කාලය තුළ නොව, මව්පියන්ගේ භාරකාරත්වයේ සහ ඇසුරේ සිටින කාල සීමාව තුළයි. පාසල් වලින් දරුවන්ට එරෙහි සිදුවීම් පිළිබඳව වන පැමිණිලි සහ ප්‍රශ්න ලක්ෂයකට එකක් පමණ තමයි ලැබෙන්නේ. එවැනි දේ නැතුවාම නොවේ.දරුවාට මහා මාර්ගය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා යන බස් රථය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා පාසල් යන පාසල් වෑන් රථය ආරක්ෂිත ස්ථානයක් ද? විශේෂයෙන්ම දරුවා යන පෞද්ගලික පන්ති, උපකාරක පන්ති ආරක්ෂිත ස්ථානයක්ද? මේ පිළිබඳව ඔබටත් මටත් බොහෝ දේ කතා කළ හැකියි. මෙහි සිටින දරුවන් ප්‍රමුඛ ඔබ සියලු දෙනාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ බොහෝ ස්ථානවල අපි දකින්නේ අනාරක්ෂිතභාවයක්.ඔබට මතක ඇති පසුගිය වසරේ යාපනයේ, විද්‍යා දරුවා පිළිබඳ සිදුවීම. ඒ තරුණ ගැහැනු දරුවා දූෂණයට සහ ඝාතනයට ලක්වූ කාරණාවත් ඔබ දන්නවා ඇති. මොනතරම් සමාජය විෂම ද මොනතරම් සමාජය අකාරුණික ද අපේ රටේ සිටින ජාවාරම්කාර පිරිසක් තරුණ ගැහැනු ළමයෙක් බලහත්කාරයෙන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් චිත්‍රපටයකට නැගීම සඳහායි එම කාර්යය කර තිබෙන්නේ. එසේ සකස්කර ගන්නාවූ සීඩීපට ජාත්‍යන්තර ජාවාරම්කාරයන්ට මේ රටින් පිට විකුණා මුදල් ලබා ගන්නවා. ඒ දරුවා ඝාතනය කළ ආකාරයත් එම අවස්ථාවේදී සිදුවූ දේ මෙවැනි අවස්ථාවක කීමට හැකියාවක් නැහැ.ඔබ දකින්නට ඇති, සති දෙකකට පමණ පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවු. 17ක ගැහැනු දරුවෙක් විභාගය ලියා නිවසට පැමිණ සිටින අවස්ථාවේදී සිදු වූ සිද්ධිය. ඒ වයස අවුරුදු 17ක තරුණ ගැහැනු දරුවා මොනතරම් සිහින මවාගෙන විභාගය අවසන් කර නිවසට එන්නට ඇතිද?. ඒ දරුවා නිවසෙහි සිටියදී ඇගේ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් ගොස්ව තිබුණා. ඒ කෙටි කාලය තුළ දරුවා දූෂණය කරලා මරලා දැම්මා. මීට මාස කිහිපයකට පෙර අවුරුදු නවයක ළමයෙක් නිවසේ සිටියදී අතුරුදන් වෙලා හදිසියේ මව්පියන් සොයන්න පටන් ගත්තා. මව්පියන් දරුවා නිවසේ සෑම තැනකම සෙව්වා. වත්තේ හැම තැනම හෙව්වා. දරුවා යන එන තැන්වලට ගොස් බැලුවා. ඒත් සොයාගන්න බැරි වුණා. මේ පිළිබඳව සොයන්නට යන්න දරුවාගේ තාත්තා නිවසේ තිබෙන කාර් එකේ දොරවල් විවෘත කළා. අවුරුදු නවයක දරුවා කාර් එක ඇතුළේ මැරිලා සිටියා. මේ දරුවා කාර් එකේ ඇතුළට ගොස් දොර වහගත්තා. දොර අරින්න බැරුව ගියා. උදේ කාර් එක ඇතුළට ගිය දරුවා හවස් වන විට මිය ගොස් තිබුණා. පසුගිය අවුරුද්දේ ඔබ දකින්නට ඇති එක්තරා අපරාධකරුවකු නිවසකට ගොස් සිදුවූ සිද්ධියක් පිළිබඳව. ඒ නිවසේ සිටි අම්මා තාත්තා දෙන්නාම අපරාධකරු විසින් ඝාතනය කළා.දරුවාගේ අම්මාත්, තාත්තාත් ඝාතනය කළාට පස්සේ අවුරුදු දහයක පමණ ඒ දරුවා නිවසේ සිටියා. ඒ අපරාධකරුවා ඒ දරුවාව අරගෙන ගියා. දවස් කිහිපයක් හංගලා තියාගෙන හිටියා. ඒ අපරාධකරුවාට දරුවා සඟවා ගෙන තැබීම ප්‍රශ්නයක් වුණා. මේ අපරාධකරුවා දරුවා උස්සාගෙන ගිහින් ළිඳකට දැම්මා. ඒ අපරාධකරුවා පොලිසියට අහුවුණා. පසුව පොලිස් පරීක්ෂණවල දී කිව්වා “මාමේ මාමේ මාව ළිඳට දාන්න එපා” කිව්වා. ඒත් ඒ දරුවාගේ හඬට කන් දුන්නේ නෑ. අපරාධකරුවා දරුවා ළිඳට අතහැරියා දරුවා මිය ගියා. මෙවැනි සිදුවීම් අපිට කොතෙකුත් කියන්න පුළුවන්.“දරුවන් සුරකිමු” යන ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔබට පෙනී යනවා ඇති කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති 2015 වසරේ පහේ ශිෂ්‍යත්වය අසමත් වූ දියණියක් නිවසට ආවිට ඒ දරුවාගේ පියා ඒ දියණියට එළියට විසි වෙන්න ගැහුවා. ඒ වසරේ දී ශිෂ්‍යත්වය අසමත් වු දියණියක් අම්මාත් තාත්තාත් දෙන්නාම දරුවා නිවසට ගන්නේ නැතුව ගෙදර දොරවල් වහගෙන හිටියා. පහුවදා එළිවෙනකල් ඒ ගැහුනු දරුවා හිටියේ එළියේ. පහේ ශිෂ්‍යත්ව ලියු දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 10 ක 11ක දරුවෙක්. තමාගේ දරුවා වුණත් ඒ දරුවාට පයින් ගහලා එළියට දාන්න මව්පියන්ට අයිතියක් තියෙනවා ද? දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව මව්පියන්ගේ වගකීම කුමක්ද?අපේ විශේෂඥ වෛද්‍යතුමන්ලා දේශන කරන විට මේ පිළිබඳව බොහෝ දේ පැහැදිලි කළා. මේ අසාමාන්‍ය විභාග තරගයක් සමග දරුවන් පත්ව තිබෙන ඉතාමත් දුක්ඛදායක තත්ත්වය පිළිබඳව කතා කළා. ඒ නිසා අපි රජයක් විදියට අදහස් කරනවා විශේෂඥ උපදෙස් අනුව පහේ ශිෂ්‍යත්වය විභාගයත් දරුවන්ගේ අධ්‍යාපනයත් පිළිබඳව ජාතික අධ්‍යපන ප්‍රතිපත්තිය සහ සැලැසුම් පිළිබඳව යම් ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අවශ්‍යයි කියලා. “දරුවන් සුරකිමු” කියන ජාතික වැඩසටහනේ අපි අද මෙතනට ඇවිත් ඉන්නේ දරුවෝ. මම හිතන්නේ මේ දරුවන්ගේ මව්පියෝ නම් මෙතන නැහැ. මෙතන ඉදිරියේ ඉන්න විවිධ ක්ෂේත්‍රවල විද්වත් ප්‍රධානීන්. ඒත් මව්පියෝ. අපට අද ප්‍රධාන වශයෙන් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කරන්න වෙලා තියෙන්නේ මූලික වශයෙන් මව්පියන්. ඒ නිසා “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළේ දී අපි දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මව්පියන් දැනුවත් කිරීම සඳහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ විශේෂඥ වෛද්‍යතුමන් දේශනවල දී නව තාක්ෂණයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කළා. ජංගම දුරකථනය, පරිගණකය මානව සමාජයට නිෂ්පාදන කළේ, දයාද කළේ ඉතාමත් වැදගත් අරමුණකිනුයි. ඒත් ඒ නිසා අද යහපත් දේ වගේම අයහපත් දේ කොතරම් සිදුවෙනවා ද? පාරේ යන විට, ඒ වගේම දුම්රිය මාර්ගවල දරුවන්, තරුණ පිරිස් ජංගම දුරකථනයත් සමග වයර් කනේ ගහගෙන යන එක ඔබ දැකලා ඇති. ඒ තුළ කොතරම් ජීවිත විනාශ වෙනවාද කියලා ඔබ අහලා ඇති ?  මෙතන සිටිනවා කැබිනට් මණ්ඩල නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මැතිතුමා. එතුමා දන්නවා ඇති මීට පෙර කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකථන භාවිතය තහනම් කළා. සමහර ඇමැතිවරුන් කැබිනට් සාකච්ජාවේ නෑ. වයර් කනේ ගහගෙන ෆෝන් එකට ඇන ඇන ඉන්න එක තමා කරන්නේ. ඒ ගොල්ලෝන්ට මම කියන දේ ඇහෙන්නෙත් නෑ, කැබිනට් මණ්ඩලේ සාකච්ඡා ඇහෙන්නෙත් නෑ. ඒ නිසා මම කිව්වා කැබ්නට් මණ්ඩලයේදී ජංගම දුරකථනය පාවිච්චි කිරීම තහනම් කියලා. රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් රාශීයක් මෙතන ඉන්නවා.මම පසුගිය අවුරුද්දේ ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියලුදෙනාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙන්වලා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරන වැඩසටහන් කළා. ඒ රැස්වීමට සහභාගි වුණේ අමාත්‍යාංශ ලේකම්වරුන්, කොමසාරිස් ජනරාල්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරුන්, සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් යන අය සහභාගි වුණා. ඒ අවස්ථාවලදීත් මම දැක්කා. ඒ වගේම පසුව මගේ මාධ්‍ය අංශයෙන් ද මට වාර්තා කළා.ආයතන ප්‍රධානීන් තුන් දෙනෙක් ඒ අවස්ථාවේදීත් මොබයිල් ෆෝන් තියාගෙන වයර් කනේ ගහගෙන ඇන ඇන හිටිය බවට. ඒ අය මම කියන දේ ඇහුවෙත් නෑ. අනෙක් දේශකයන් කියන දේ ඇහුවෙත් නෑ. කනේ ගහගෙන හිටපු වයර් වලින් ආපු දේ ගැන තමා ඒ අය ඇහුවේ. ඒ නිසා මම අහනවා දරුවන් ගැන කුමන කතා ද කියලා.ඒ නිසා දරුවන් හැදෙන්න කලින් මම ඔය කියපු දේ ගැන වැඩිහිටියන් හැදෙන්න කියලා මම මතක් කරනවා. මේ දරුවන් රැකීමේ ජාතික වැඩසටහනේ අරමුණ රාශියක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝකයේ ලංකාව ඉහළ තැනක තියෙන්නේ කියලා. ලංකාවේ සියදිවි නසා ගැනීම පිළිබඳව වැඩි පිරිසක් වාර්තා වෙන්නේ තරුණ දරුවන්.ඒ නිසා අපි රටක් විදියට, ජාතියක් විදියට දරුවන් රැකගැනීම සඳහා සෑම කෙනෙක්ම සාමුහික වගකීමක සාමුහික ප්‍රයත්නයක් යෙදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මේ වැඩසටහන ජාතික වශයෙන් සෑම ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීමට අපේ රජය බලාපොරොත්තු වෙනවා. සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මව්පියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.මෙවැනි කටයුතුවල දී ගෞරවනීය මහා සංඝරත්නයේත් අන්‍යආගමික පුජකතුමන්ලාගේත් ඒ සියලුම ආගමික අංශවල සහයෝගය ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා.ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම ධර්ම දේශනා කළේ අපි මේ කියන කාරණාව ගැන පල්ලියේ කෝවිලේ පියතුමා, ස්වාමීතුමා මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ගෞතම බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඒ වගේම මුහම්මද්තුමාත් මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම උන්වහන්සේලාගේ අනුශාසනා තුළ මෙවැනි කටයුතු කිරීම අවශ්‍යයි. අපි මේ “දරුවන් රකිමු” ජාතික වැඩසටහන මේ විදියට සාර්ථකව කරන්න සියලු දෙනාම කටයුතු කරමු. මේ සඳහා සහයෝගය දුන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන විශේෂඥ කමිටුවලට මම ස්තුතිවන්න වෙනවා. ඒ සඳහා දායකත්වය ලබාදෙන ඇමතිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාට ඒ වගේම අනෙකුත් නිලධාරීන්, අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාටත්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, මව්පියන්, දූ දරුවන්ට සියලු දෙනාගේ සහයෝගය මා ඉතා අගය කරනවා. අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වගේම හොඳ රටක් වෙනුවෙන් හොඳ දරුවන් හදමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.මෙහිදී කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා: ශ්‍රී ලංකා ළමා ශ්‍රමය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. දරුවන් සුරැකීමේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් සිදු කරනු ලැබීය.දරුවන් සුරැකීමේ විද්වත් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරි වර්ධන විශේෂඥ වෛද්‍ය නවාස් ජෙෆ්රි යන මහත්වරු  මහනුවර උසස් බාලිකා විදුහලේ ඒ.එන්.කේ. අමුණූගම, ශාන්ත සිල්වෙස්තර විදුහලේ එස්. ෂෙවාන් ප්‍රණීත් යන සිසු සිසුවියෝද මෙහිදී කතා කළහ.මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ සිසු දැරියෝ ‘අපි’ නාට්‍ය රඟ දක්වා උත්සව අවස්ථාව වර්ණවත් කළහ.මෙම අවස්ථාවට අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීහු පළාත් සභාවේ අමාත්‍යවරුද, පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, විදුහල්පතිවරුන්, පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසක් සහභා වූහ.ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හා නිලධාරිනියන් ද උත්සව අවස්ථාවට සහභාගි වූහ. 
දරුවන් ගැන දෙවියන්ට විතරක් කියලා බැහැ: දෙවියන් මෙන් දරුවන් රැකගත යුතුයි
0
hp_train_1138
ගිගිරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතතින බැවින් අද රටේ බොහෝ පළාත්වලට   සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි වැසි ඇතිවිය හැකියි. නැගෙනහිර, ඌව සහ දකුණු  පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවේ.
‘අද සවසත් තද වැසි‘
1
hp_train_1139
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 09/11/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32229050ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මඩකලපුව32228050ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.කොළඹ31239065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.ගාල්ල30249070ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.යාපනය31219060ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මහනුවර30189050ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.නුවරඑළිය2007 8055ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්. ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇතිවිය හැක.රත්නපුරය33239055ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.ත්‍රීකුණාමළය32228045ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.මන්නාරම31249065ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.  අලුයම 5.00ට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වේ.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැක. ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.ප්‍රධාන වශයෙන් මුහුදු ප්‍රදේශ වල වැසි රහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තුවිය හැක.සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු නොවේ.  කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
සඳු දා කාලගුණය
0
hp_train_1140
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30249575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259070වැසි වාර කිහිපයක්ගාල්ල29249580වැසි වාර කිහිපයක්යාපනය29249585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර28219585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1141
(මොහොමඩ් ආසික්) මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය වෙනුවෙන් තාවකාලිකව ගව ඝාතනය සඳහා බලපත්‍ර ලබා දීම ගැන හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී  විජිත කුමාර නඳුන්ගේ මහතා කතා කරමින් සිටින අතර තුර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක් සභාවෙන් පිටත්ව ගියහ. හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) මාසික මහ සභා රැස්වීම ආරම්භ වූ අතර එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව සිටින ජාතික හෙළ උරුමය නියෝජනය කරන මන්ත්‍රී ධනුෂ්ක මල්වැව මහතා මේ ඇසළ පෙරහැර පැවැත්වෙන සමයේ මහනුවර නගරය තුළ ගව ඝාතනය තහනම් කර ඇති නිසාත් හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මහනුවර නගර සීමාවේ පිහිටා තිබීම නිසාත් හාරිස්පත්තුවට ගව ඝාතනාගාරයක් නොමැති වීම නිසාත් ගව ඝාතනයට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.  කෙසේ නමුත්  මේ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි කළ සභාපති ආනන්ද ජයවිලාල් මහතා කියා සිටියේ පනත අනුව මෙවන් ඉල්ලීම්වලදී තාවකාලික බලපත් ලබා දීමට සිදු වන බැවින්  එය තනර කිරීමට හැකියාවක් නැති බවයි. කෙසේ නමුත් සභාපතිවරයා  පෞද්ගලික අවශ්‍යතාවයක් මත මූලාසනයෙන් ඉවත්ව යාමෙන් පසුව උප සභාපති විජේසේකර මැදගෙදර මහතා මූලාසනයට පැමිණි අතර සභාව තව දුරටත් පැවැත්විණ. මෙහිදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තේරී පත්ව  සිටින විජිත කුමාර  නඳුන්ගේ මහතා කියා සිටියේ මහනුවර  ඇසළ පෙරහැර පැවැත්වෙන මෙවන් අවස්ථාවක ගව ඝාතනය සඳහා බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් නොකළ බව කියමින් දිගින් දිගටම කතා කිරීම නිසා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක චන්න ලියනගේ,  තිලක් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන්   සහ මන්ත්‍රීවරියන්   පිරිසක් සභාවෙන් පිටව ගිය අතර ඉන් පසුවත් සභාවේ රැඳී සිටි එක්සත් ජාතික පක්ෂයේ  ලලිත් රණරාජා මහතා  මුලාසනයේ සිටි  වැඩ බලන සභාපතිවරයාට දන්වා  සභාවෙන් පිටව ගිය අතර එජාපය නියෝජනය කරන මන්ත්‍රීවරියන් දෙදෙනාද සභාවෙන් පිටව ගියහ. කෙසේ නමුත්  ජාතික හෙළ උරුමය නියෝජනය කරන එජාපයෙන් පත්ව සිටින ධනුෂ්ක මල්වැව මහතා සභාව අවසන් වන තුරුම සභාවේ රැදී සිටියේය.
ගව ඝාතනයට බලපත්‍ර දීම ගැන පොහොට්ටුවේ මන්ත්‍රී කතා කරද්දී එජාප මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති
1
hp_train_1142
දුප්පත් පංතියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලූ වැටෙන කාලය අත ළඟ යයි නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ලූණුගම්වෙහෙරදී පැවසීය.39 වැනි උදා ගම්මානය වන ලූණුගම්වෙහෙර-පහළ මත්තල, -සිරිබරගම” ජනතා අයිතියට පත් කිරීම සඳහා පැවැති උත්සවයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එසේ ප‍්‍රකාශ කළේය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.වසර 2015 මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව යළි පිබිදෙන ‘උදා ගම්මාන’ වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරෙන්නේ 39 වැනි ආදර්ශ ගම්මානයයි. දුෂ්කර ලූණුගම්වෙහෙර කොට්ඨාසයේ පහළ මත්තල ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකළ -සිරිබරගම” විදුලිබල පහසුකම්, පානීය ජලය, මාර්ග ඇතුළු සියලූ පහසුකම් සහිතව ජනතා අයිතියට පත් කෙරෙනවා.‘‘සිරිබරගම” අවට තවත් උදා ගම්මාන 2ක් ඉදිවෙමින් පවතිනවා. ඉන් පළමුවැන්න නම් නිදහස් දිනය සමරමින් ආරම්භ කළ -සියත්ලංකාගම”යි. දෙවැන්න නම් රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යතුමාගේ උපන් දිනය දා ආරම්භ කළ -ඇත්රජගම” ගම්මානයයි. මේ ගම්මාන 3 එක් වන මාර්ග පද්ධතිය ලබන වසර වන විට කාපට් ඇතිරූ අංග සම්පූර්ණ එකක් බවට පත් කරන ලෙස මා උපදෙස් දුන්නා.ජනාධිපති කාර්ය සාධක බලකා සතරකින් ගම්මානවලට අලූත් ශක්තිය ලැබෙනවා. ඒනම්, පරිසර සංරක්‍ෂණය උදෙසා රුක් රෝපණය, පවුලේ ආහාර සුරක්‍ෂිතභාවය තහවුරු වන ගෙවතු වගාව, මත් ද්‍රව්‍ය නිවාරණය සහ භයංකාර වකුගඩු රෝග නිවාරණයයි.ඇතැමුන් අපේ උදා ගම්මාන වැඩපිළිවෙළ විවේචනය කරනවා. උදා ගම්මාන වැඩපිළිවෙළ වෙනුවෙන් කැලෑ කපා පරිසර විනාශයක් ගෙන යන බවට සාවද්‍ය චෝදනා නැගෙනවා. අප සියලූ ගම්මාමාන හරිත ගම්මාන’ බවට පත් කරන බව ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරනවා. සියලූ ගම්මාන තිරසර සංවර්ධනය වෙත අප යොමු කරනවා.හැම ගම්මානයක්ම වන සංරක්ෂණ, වනජීවී ආරක්ෂණ හා ජනතා සෞඛ්‍ය තහවුරු වන පරිපූර්ණ ජීවිත නිර්මාණය වන කේන්ද්‍රස්ථාන බවට පත් කරනු ලබනවා. මේ වැඩපිළිවෙළ විවේචනය කරන්නේ පවතින සංවර්ධනය බලා සිටීමට බැරි පුද්ගලයන් විසිනුයි. ඔවුන් කියන්නේ යහපාලන රජය බලයට පත්වූ පසු සංවර්ධනය නොවන බවයි.නිවාස සංවර්ධනය මැනවින් වන විට පුහු විවේචනයන් කියන්නේ මේ වැඩපිළිවෙළ නිසා පරිසර විනාශය වන බවයි.පසුගිය ආණ්ඩු කාලයේ මේ ප‍්‍රදේශයෙන්ම බිහිවූ රාජ්‍ය නායකයා සිය බලතල ක‍්‍රියාත්මක කරමින් සිය ගැත්තන්ට, හිතවතුන්ට, සුවච කීකරු ගෝල බාලයන්ට අක්කර 100-200 බෙදා දෙන විට පරිසර විනාශය, කැළෑ එළි කිිරීම ගැන කවුරුන් හෝ කතා කළේ නැහැ. එසේ කතා කළා නම් කට කපා දැමීමට හෝ සුදු වෑන් එකෙන් ගොස් හෝ දඬුවම් විඳීමට වෙනවා.උදා ගම්මාන වැඩපිළිවෙල හරහා ක‍්‍රියාත්මක කරන්නේ දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ ‘මිනාසා ජීවත් කරවීමේ සංකල්පය’ යි. ගම්මානවල නිවාස ලැබී තිබෙන්නේ නමට රටේ පුරවැසියන් වුවත් එක බිම් අඟලක් හෝ නැති පවුල්වලටයි. ඔවුන්ට සර්වජන ඡුන්දයත් තිබෙනවා. එහෙත් තමන්ටම යයි කිව හැකි බිම් කොටසක අයිතියක් නැහැ.ගම්මානයට නුදුරින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තනා තිබෙනවා. එයට ගුවන් යානා පැමිණෙන්නේ නැහැ. ඒ ගුවන් තොටුපළ වෙනුවෙන් කැලෑ අක්කර දහස් ගණන් විනාශ කළා.ගුවන් තොටුපොළක් ඉදි කිරීමට මා විරුද්ධ වන්නේ නැහැ. එහෙත් එය තිරසර සංවර්ධන ක‍්‍රියාදාමයකට යොමු නොවන සේ සැලසුම් විරහිතව ඉදි කළ එකක් වනවා. මේ අකර්මණ්‍ය ව්‍යාපෘතියේ අයිතිය අපේ රටට තබා ගනිමින් එය විදේශීය රටවල වානිජ ආයතන සමඟ බද්ධ ව්‍යාපාරය හැටියට නැවත සක‍්‍රීය කිරීමට අප බලාපොරොත්තු වනවා. එසේ කළහොත් ඒ සංවර්ධන ක‍්‍රියාදාමයක් සමඟ තවත් රැුකියා විශාල ප‍්‍රමාණයක් බිහිවනවා.ගම්මානයේ ප‍්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ජාති, ආගම්, පංති, පක්ෂ, කුල-මල භේදයෙන් තොරව වගකීම් නිසිලෙස ඉටු කර තිබෙනවා. සමෘද්ධියෙන් හිමි වන්නේ මසකට වරක් මූල්‍ය ආධාරය පමණයි. මාසිකව සමෘද්ධි මුද්දරය ලැබෙන විට යම් පවුල් ප‍්‍රමාණයක් සෑම මසකම රජයේ දීමනාව බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ ඔවුන්ගේ නැති - බැරිකම හා අග - හිඟකම නිසායි.පසුගිය රජය සමයේ මැතිවරණයක් එළඹෙන විට සමෘද්ධිලාභියාට ‘සෙනසුරු ඒරාෂ්ඨකය’ එළඹුණා වගේ ඡන්දය නොදුන්නොත් සමෘද්ධිය කැපෙන බවට දුප්පත් ජනතාව බය කරමින් දොරින් - දොරට යන රජයේ පඩි ලබන පුද්ගලයන් පත්කර තිබුණා. සමෘද්ධි ප‍්‍රතිලාභීන් තමන්ගේ දීමනාව කැපේදෝ යි හූල්ල හූල්ලා බියෙන් ජීවත් වුණේ.උදා ගම්මාන වැඩපිළිවෙළ යනු මාසික දීමනා වෙනුවෙන් දුප්පත් ජනතාව වහලූන් බවට පත් කරන එකක් නොවෙයි. අපට ඉඩම් නොමැති පවුල්වලට රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඉඩම් කොටස දෙන්නේ නොමිලයේයි. ඒ අනුව බිම් අඟලක්වත් නැති පවුලකට හිමි වන්නේ ප‍්‍රාග්ධන සම්පතක අයිතියයි. එයින් ඒ පවුලේ වටිනාකම ඉහළ නැංවෙනවා.ඉඩම පමණක් නොව එහි නිවස ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා මූල්‍ය ආධාරත් දෙනවා. නිවාස ඉදිකළ පසුව බිම් කොටසේ වටිනාකම දෙතුන් ගුණයකින් ඉහළ යනවා. සමෘද්ධිය  ඕනෑම මොහොතක නතර කළ හැකියි. එනමුත් තමන් ඉදිකරගත් නිවස කිසි කෙනෙකුට ආපසු උදුරා ගත නොහැකියි. අපේ නිවාස සංවර්ධන වැඩසටහන සහ සමෘද්ධිය අතර වෙනස එයයි.හැම නිවසක් වෙනුවෙන්ම ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කරනවා. ඒ අනුව හැම ප‍්‍රතිලාභියකුටම ඉඩමක් නමැති ප‍්‍රාග්ධන සම්පත, නිවස, ගමට විදුලිය, ජලය ලැබෙනවා, මාර්ග පද්ධතිය සකස් වනවා. තිරසර පරිසර සංවර්ධනය වනවා.ගෙවතු වගා වැඩපිළිවෙළ නිසා පවුලේ ආහාර සුරක්‍ෂිතභාවය තහවුරු වනවා. මත්ද්‍රව්‍ය නිවාරණයත්, වකුගඩු රෝග නිවාරණයත් වනවා. සියල්ල නිසා ගම්මානවල ජීවත්වන පුද්ගලයන්ට දෙපයින් නැඟී සිටීමට හැකි වටපිටාවක් නිර්මාණය වනවා.අප මෙසේ සවිබල ගන්වන්නේ මොන බලවතකුට හෝ කෙරුමකුට හෝ ඒ හිමිකම් නැවත ඔබෙන් උදුරා ගන්න නොහැකි වන ලෙසයි. භූමියකට, නිවසකට අයිතිය ඇති විට ඔබට ජන සමාජය පිළිගැනීම ඇති වනවා. එසේ තමන්ගේම යයි කිව හැකි නිවසක ජීවත් වීමේ මානව අයිතිය තහවුරු කර තිබෙනවා.ජනාධිපතිතුමාත්, අග‍්‍රාමාත්‍යතුමාත් ඉදිරි වසර තුන තුළ ක‍්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන මහා සංවර්ධන සැලැස්ම ප‍්‍රකාශයට පත් කළා. මහා සංවර්ධන පිම්මකට අදාළ සැලසුම් සහ වැඩපිළිවෙළ එහි ගැබ් වී තිබෙනවා.ඉකුත් මහ මැතිවරණයෙන් පසුව නව උදා ගම්මාන 454ක වැඩ අප ආරම්භ කළා මේ වසර අවසාන වන විට ඒ සංඛ්‍යාව 500බවට පත් වනවා.එපමණක්ද නොව අද වන විට දිවයින පුරා පවුල් 222,000 කගේ නිවාස ගැටලූවලට විසඳුම් දෙමින් ඒ යටතේ නිවාස, නිවාස ණය, සිමෙන්ති ආධාර දී තිබෙනවා. ඉදිරි වසර 3 තුළදී තවත් උදා ගම්මාන 2,000ක් ඉදිකර ජනතා අයිතියට පත් කරනවා. මීළඟ ජන වරම සඳහා ජනතාව අතරට අප යන්නේ ඉන් පසුවයි.මේ උත්සවයට සමගාමීව රුපියල් ලක්ෂ 950ක සහන පවුල් 700 කට ආසන්න ප‍්‍රමාණයක් අතර බෙදී යන වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක වනවා.සියල්ල අනුව අපට පෙනී යන්නේ ඉදිරියේදී වීමට නියමිත දැවැන්ත සංවර්ධනයේ අරුණලූ ගමේ ගොවියාගේ, ධීවරයාගේ, කම්කරුවාගේ, මධ්‍යම පාන්තිකයාගේ, රාජ්‍ය සේවකයාගේ දරු පවුල්වලට ලැබෙන කාලය ඉතා ආසන්න බවයි.
දුප්පත් පන්තියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලු අත ළඟයි
1
hp_train_1143
(ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි සිට අද (30) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් අතුරින් වැඩි පිරිසක් එරට රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන්ය.ඩුබායි සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන මෙම ගුවන් යානය අද  සවස 6.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි. 
සීෂෙල්ස්හි සිටි ලාංකිකයන් 254දෙනෙකු කටුනායකට
0
hp_train_1144
(සිතුම් චතුරංග)අත්තනෝමතික ලෙස උසස්වීම් ලබාදී ඇති වවුනියාව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ උසස්විම් අවලංගු කරන ලෙස ඉල්ලා වවුනියාව ඩිපෝ සේවකයෝ, රියදුරුවරු සහ කොන්දොස්තරවරු අද (2) සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක නිරතවූහ.දේශපාලන හිතවත්කම් මත නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියකින්  තොරව වවුනියාව ඩිපෝ‍වේ ලංගම සේවකයින් 10 දෙනකුට පමණ ඩිපෝ කළමනාකරු හිතුමතේ උසස්වීම් ලබාදී ඇති බවත් එයින් ජ්‍යෙෂ්ඨ සේවකයින්ට  දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් ඔවුහු මෙලෙස වැඩවර්ජනයේ නිරත වූහ.වැඩවර්ජනය හේතුවෙන් වවුනියාව ඩිපෝවෙන් ධාවනය වීමට නියමිතව තිබූ බස්රථ සියල්ල ඊයේ දිනයේ ධාවනය නොවූ අතර එම හේතුවෙන් පාසල් සිසුන් හා රැකියා සඳහා පිටත්වයන විශාල පිරිසක් අපහසුතාවටයට පත්වූහ.දෙවන පාසල් වාරය ඇරඹීමත් සමඟ පාසල් යෑමට සිටි පාසල් සිසුහු විශාල පිරිසක් වැඩවර්ජනය හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටියහ.ලංගම සේවකයින් පවසා සිටියේ වවුනියාව ඩිපෝ කළමනාකාරවරයා අත්තනෝමතික ලෙස දේශපාලන බලය භාවිතා කරමින් මෙම සේවක උසස්වීම් ඔහුට හිතවත් පිරිසකට පමණක් ලබාදී ඇති බවත් එමගින් සේවාකාලය සපුරා උසස්වීම් ලැබිය යුතු පිරිසට උසස්වීම් මේ වන තෙක් ලැබී නොමැති බවයි.
වවුනියාව ලංගම බස් වර්ජනය අවසන්
0
hp_train_1145
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම පාහේ  වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30199560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30258065ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ33228050ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල30229075ප්‍රධාන වශයෙන් වැසි රහිතයාපනය30208060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29189560ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය21079560ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය33229560ප්‍රධාන වශයෙන් වැසි රහිතත්‍රීකුණාමළය31229065ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30228060ප්‍රධාන වශයෙන් වැසි රහිත                
‘හෙට වැස්ස නෑ‘
0
hp_train_1146
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 4සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33258565සවස 4 සිට ගිගුරුම් සහිත වැසි.කොළඹ31259070වැසිවාර කිහිපයක්.ගාල්ල30268575වැසිවාර කිහිපයක්.යාපනය34278065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30219560වැසි ස්වල්පයක්.නුවරඑළිය21139570වැසි ස්වල්පයක්.රත්නපුරය32249560වැසිවාර කිහිපයක්.ත්‍රීකුණාමළය33248565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම34258070ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
‘පළාත් කීපයකට සුළු වැසි‘
1
hp_train_1147
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී 2015 ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්  වී මරණ දඩුවම් නියම ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙක්  එම දඩුවම ඉවත් කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු ඇති අභියාචන පෙත්සම්   විභාගය   අද (08) අභියාචනාධිකරණයේදී   ආරම්භ කෙරිණි.මෙම අභියාචන පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරු සිංහ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.එහිදී  විත්තිකාර  අභියාචකයන්  වන නිලන්ත  ජයසිංහ, සහ වජිර  දර්ශන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමලාල් ජයසේකර  වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතීඥවරු  සිය කරුණු  දැක්වීම්  සිදු   කළහ.අභියාචනා පෙත්සම් පිළිබද වැඩිදුර   විභාගය ලබන  25වැනිදා ට කල් තැබීමට අභියාචනාධිකරණය නියම කෙරිණි. 2015 වර්ෂයේ ජනාධිපතිවරණය අතරතුර කහවත්ත  ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා  වෙඩි තබා  මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලූ විත්තිකරු වන් තිදෙනෙකු ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.එහි තීන්දුව 2020 ජූලි මස 31  ලබා දෙමින්  රත්නපුර මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු  විත්තිකරුවන් වැරදිකරුවන්  බවට තීරණය කරමින්   මරණ දඩුවම නියම කළේය.එකී නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා  මෙම පෙත්සම ගොනු කළහ.අභියාචන පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු වන නලීන් ලද්දුවහෙට්ටි,  අනූජ ප්‍රේමරත්න, නීතීඥ   බුද්ධික චන්ද්‍රසේකර,  යන මහත්වරු  පෙනී සිටියහ.නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ සුදර්ශන සිල්වා  පෙනී සිටියේය.      
ප්‍රේමලාල් ජයසේකරගේ පෙත්සම සළකාබැලීම අරඹයි
1
hp_train_1148
බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර වයඹ සහ දකුණු පළාත්වලවත් රත්නපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වේ. සවස 04.00 න් පමණ පසු මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සවස 2 න් පසු ශ්‍රි ලංකාව වටා සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.   පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.  
‘අද කොළඹට වැසි‘
0
hp_train_1149
(දිලීප් ජයසේකර)හම්බන්තොට ධීවර වරායේ හෙරොයින් මත් කුඩු අලෙවි කිරීමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 935ක් සමඟ තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට සමගිපුර පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු හා හම්බන්තොට කෝවිල්වත්ත පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.හම්බන්තොට ධීවරවරාය තුළ සිට පුද්ගලයෙකු හෙරොයින් මත් කුඩු අලෙවි කරන බවට කොට්ඨාස අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 485 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලට අනුව හම්බන්තොට සමගිපුර පදිංචි පුද්ගලයෙකුද හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 450ක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනා කලයක සිට හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු යන ධීවරයන් සඳහා හෙරොයින් මත් කුඩු අලෙවි කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ෂණ සඳහා හම්බන්තොට පොලිසියට බාර දි ඇති අතර සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හම්බන්තොට ධීවර වරායට මත්කුඩු ගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට
0
hp_train_1150
 ලෝකයේ කර්මාන්තකරුවන් ශ්‍රේණිගත කිරීමේදී, එහි පළමු 100 දෙනා අතරට ඇතුළත් වූ එකම ශ්‍රී ලාංකීය සමාගම වන, එයිට්කන් ස්පෙන්ස් සමාගම 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 14.2 ක ලාභයක් වාර්තා කර තිබේ. එය එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම ලාභය ලෙසින්, සමාගමේ වසර 150 ක සාඩම්බර ඉතිහාසයට එක්වෙන බව එම සමාගම කියයි.අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමක් ඇති, එමෙන්ම මූල්‍ය වශයෙන් ඉතාමත් ස්ථාවර තත්ත්වයක පිහිටි විවිධාංගීකරණය වූ සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම, 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා, බදු ගෙවීමට පෙර රු. බිලියන 14.2 ක ලාභයක් පෙන්වා තිබේ. ඒ මේ වසරේ මාර්තු මස 31 වැනිදායින් අවසන් වූ මාස 12 ක කාලය වෙනුවෙනි.පසුගිය වසරේ මෙම කාලය වෙනුවෙන් විඳිමට සිදුවූ පාඩුව රුපියල් බිලියන 2.8 ක් විය. එම කාලය හා සංසන්දනය කිරීමේදී මෙම අතිවිශිෂ්ට කාර්ය සාධනය මෙහෙයවනු ලැබුවේ රටවල් අටක් පුරා පැතිරී පවතින මෙහෙයුම් 16 ක කාර්යශූරත්වය විසිනි.එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහයේ මෙහෙයුම්වල විවිධත්වය සහ පවතින තත්ත්වයන්ට අනුවර්තනය වන සුවිශේෂී නායකත්වය මෙම ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීමේදී කැපීපෙනෙන මෙහෙවරක් කර තිබේ.වත් පොහොසත්කම්වලින් අනූන සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම, ගෙවී ගිය මූල්‍ය වර්ෂය තුළදී සිය මුළු වත්කම් පදනම සියයට34.3 කින් වර්ධනය කරගත්තේය.2022 මාර්තු 31 වැනිදායින් නිමා වූ මූල්‍ය වර්ෂය අවසානයේදී එහි අගය රු. බිලියන 197.3 ක් වී තිබිණ. මෙම වත්කම්වලින් බිලියන 127.9 ක් ක්‍ෂණිකව මුදලට පරිවර්තනය (තක්සේරු) කළ නොහැකි වත්කම් වේ. ඒවා ප්‍රධාන වශයෙන් දේපල, කම්හල් සහ උපකරණ මෙම ක්‍ෂණිකව තක්සේරු කළ නොහැකි සම්පත්වලට අයත් වේ. සමූහයේ විවිධත්වය තවදුරටත් වර්ධනය වන්නේ එම මුළු වත්කම්වලින් සියයට 46.7ක් විදේශීය මෙහෙයුම්වලින් පැමිණෙන බැවිනි.මේ වසරේ මාර්තු 31 වැනිදා වන විට එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහයේ ශුද්ධ වත්කම් කොටසක වටිනාකම රුපියල් 162.44 ක් වී තිබිණ. එය පෙර වසරට වඩා සියයට33.3 ක වර්ධනයකි.සමාගමක ප්‍රධාන ලාභදායිතා අගය යනු එහි මූල්‍ය ශක්තිය සහ මුදල් උත්පාදනය කිරීමේ හැකියාව පිළිබඳ මිණුම් දණ්ඩකි.  මේ වසරේ මාර්තු 31 වැනිදා වන විට එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහයේ ප්‍රධාන ලාභදායිතා අගය, රුපියල් බිලියන 23.1 ක් විය. එය පසුගිය වසරේ අගය වූ රුපියල් බිලියන 4.9 ට සාපේක්‍ෂව ඉතාමත් ඉහළ වර්ධනයකි.සමුද්‍රී සහ භාණ්ඩ ප්‍රවාහන අංශය සමාගමේ ඉහළම ලාභය වාර්තා කළේය. එය රුපියල් බිලියන 4.9 ක් වූ අතර, 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ මාස දොළහ සඳහා සියයට92.1 ක වර්ධනයක් පෙන්නුම් කළේය.එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහයේ සංචාරක අංශයද කැපී පෙනෙන පෙරළියක් පෙන්නුම් කර තිබේ. 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ මාස දොළහ සඳහා, බදු ගෙවීමට පෙර, රුපියල් බිලියන 2.5 ක ලාභයක් පෙන්නුම් කිරීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහයේ සංචාරක අංශය සමත්ව ඇත. එය පසුගිය වසරේදී, බදු ගෙවීමට පෙර ලැබුවා වූ රුපියල් බිලියන 7.9 ක අලාභයට සාපේක්ෂව කැපී පෙනන වර්ධනයකි.2022 මාර්තු 31 න් අවසන් මාස දොළහ සඳහා සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශය බදු ගෙවීමට පෙර වාර්තා කළ ලාභය රු. බිලියන 6.1 කි. එය පසුගිය වසරේ වාර්තා වූ රුපියල් බිලියන 2 ක ලාභයට වඩා රුපියල් බිලියන 4.1 ක පැහැදිලි වර්ධනයකි.ඉතාම උසස් තත්ත්වයක පැවැති කාර්යක්‍ෂමතාව නිසාම, එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහයට අයත් වතුවලින් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ලාභය ගෙන එන ලදී.අපද්‍රව්‍ය බලශක්ති බලාගාරයේ සම්පූර්ණ වසරක ක්‍රියාකාරිත්වය සහ මෑතකදී අත්පත් කරගත් ජල විදුලි බලාගාර තුන මෙම අංශයේ ලාභාංශවල ප්‍රධාන ගාමක බලවේග විය. ඊට අමතරව, සමාගම විසින් වාර්තා කරන ලද විදේශ මුදල් හුවමාරුවද ලාභදායීතාවය ඉහළ නැංවීය.සමූහයේ සේවා අංශය, 2022 මාර්තු 31 න් අවසන් මාස දොළහ සඳහා, බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 708 ක ලාභයක් පෙන්නුම් කළේය. එය පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබූ ලාභය වන මිලියන 392 ට සාපේක්‍ෂව, (මිලියන 316 ක) කැපී පෙනෙන වර්ධනයකි. එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහයට අයත් විදුලි සෝපාන නිමැවුම් අංශයද, සමාගමේ මූල්‍ය ධාරිතාවට හොඳින් දැනෙන දායකත්වයක් දුන් තවත් එක අංශයකි. විදුලි සෝපාන අංශයේත් ඉතාමත් විශිෂ්ට කාර්යක්‍ෂමතාවක් දක්නට ලැබිණ.“තවත් නොසන්සුන්කාරී වසරක් තුළදී, අපි ගෝලීය සහ දේශීය අභියෝග කිහිපයකටම මුහුණ දුන්නා. ඒත් එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහය සිය සමස්ත ඉතිහාසයේ බදු ගෙවීමට පෙර ඉහළම ලාභය වාර්තා කර තිබෙනවා. මේ තත්ත්වය, අපේ ව්‍යාපාර සමූහයට වැදගත් සන්ධිස්ථානයක්”“භූගෝලීය වශයෙන් අපගේ ව්‍යාපාර සමූහයේ පවතින විවිධත්වයත් අපට මේ තත්ත්වය ළඟාකරදීමට මහෝපකාරී වී තිබෙනවා. ‘අපි කිසිවක් අවදානමට ලක් නොකරන්නේ නම්, අපි ඊටත් වඩා අවදානමට ලක්ව සිටිමු’ යන්න අපගේ ආකල්ප මගින් අවධාරණය කරන ලද සත්‍යයි. අප මේ විශිෂ්ට ප්‍රතිඵල අත්කරගැනීමේදී එය තීරණාත්මක සාධකයක් වී තිබෙනවා. අවස්ථා අත්පත් කර ගැනීම සඳහා ඉක්මන් තීරණ මෙන්ම නිර්භීත තීරණ ගැනීමේදීත් එය අපගේ ආචාර ධර්ම සහ මාර්ගෝපදේශය වී තිබෙනවා”“අපගේ උපායමාර්ග හොඳින් ක්‍රියාත්මක කරන, අපගේ ආදරණීය සේවක මණ්ඩලය හෙවත් ‘ස්පෙන්සෝනියානුවන්ගේ’ කඩිසරකම, අනුවර්තනය වීමේ හැකියාව සහ ඔවුන් විසින් පෙන්නුම් කරනු ලබන වෘත්තීයභාවය, ඔවුන් ප්‍රශංසාවට ලක්විය යුතු තත්ත්වයක්. ඒ වගේම අපගේ සභාපති, දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාගේ තීක්ෂණ නායකත්වය, ප්‍රතිපත්තිමය මඟපෙන්වීම සහ උපායමාර්ගික මගපෙන්වීම වෙනුවෙන් ද අපි ස්තූතිවන්ත වෙනවා”“එකම ජාතියක් සඳහා වන අරගලය මධ්‍යයේත්, අපගේ ප්‍රතිපත්ති සමගින් එකඟව, සහයෝගීව කටයුතු කරන ව්‍යාපාරික හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පුද කිරීමටත් මා කැමතියි. අලු‍ත් වගේම, වඩාත් සාර්ථක සහ තිරසාර අවස්ථා නිර්මාණය කරමින්, අපි ඉදිරියටම යමු” යයි එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහයේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවසීය.ගෙවී ගිය මූල්‍ය වර්ෂය තුළදී, අන්තර්ජාතික වශයෙන් කීර්තිනාමයක් හිමි ප්‍රකාශනයක් වන ‘සස්ටේනබිලිටි’ සඟරාව විසින් කරන ලද ස්වාධීන තක්සේරුවකදී, එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහය, වසර 2022 තිරසාරත්වය සම්බන්ධයෙන් වන ලෝකයේ හොඳම  සමාගම් 100 අතරට එක්විය. ලෝකයේ කර්මාන්තකරුවන් ශ්‍රේණිගත කිරීමේදී එහි පළමු 100 දෙනා අතරට ඇතුළත් වූ එකම ශ්‍රී ලාංකීය නාමය එයිට්කන් ස්පෙන්ස් සමාගම් සමූහයයි.-සටහන- චමින්ද මුණසිංහදේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන - සභාපති (එයිට්කන් ස්පෙන්ස් සමාගම)ආචාර්ය පරාක්‍රම දිසානායක - නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ (එයිට්කන් ස්පෙන්ස් සමාගම)
එයිට්කන් ස්පෙන්ස් සමාගමට බිලියන 14.2 ක ලාභයක්
1
hp_train_1151
(කුෂාන් ජයවර්ධන)ඇදිරිනීතිය බලපැවැත්වෙන අතරතුරදී කහල්ල පල්ලෙකැලේ අභයභූමියේ පවත්වාගෙන ගිය මහ පරිමාණ දඩමස් ජාවාරමක් කොටුකර ගැනීමට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද (25) සමත්ව වුහ.ජාවාරමේ නිරත වූ සැකකරැවන් දෙදෙනෙකු හා මුවමස් කිලෝ 70කට ආසන්න ප්‍රමාණයක් ද බෝර 12 වර්ගයේ ගිනි අවියක් ද වනජීවී නිලධාරීන් විසින් සිදුකළ එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.ගල්කිරියාගම වනජීවී කාරයාලයේ නිලධාරීන් විසින් සිදුකරන ලද ක්ෂණික වටලිමකදී එම සැකකරැවන් මුව තොගය හා ගිණි අවිය අත්අඩංගුවට ගෙන තිබේ.වටලිමේ දී සැකකරැවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර තවත් සැකකරැවන් දෙදෙනෙකු පලා ගොස් තිබිණි.අත්අඩංගුවට පත් සැකකරැවන් සන්තකයේ තිබී දඩයමට යොදාගත් බව කියන විදේශ රටක නිෂ්පාදිත අංක 04029286 දරණ බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා ජීව පතොරම් 3ක් හා හිස් කොපු 01ක් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.තවද සැකකරැවන් විසින් දඩයම් කරන ලද මුුවන් දෙදෙනෙකුගේ මස් තොග හා ඝාතනය කරන ලද එක් මුවකුගේ හිස පාද හම ඇතුලු ශරීර කොටස් ද වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මස් තොගය කිලෝ 70ක් පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති.දඩයම් කළ මුවන් මස් කිරීමට යොදා ගත් පොරොවක් පිහික් මස් කිරීමට යොදා ගත් තරාදියක් විදුලි පන්දම් ඇතුළු තවත් බඩු බාහිරාදිය රැසක් ද මෙහිදී වනජීවී නිලධාරීන් සිය බාරයට ගෙන තිබේ.සැකකරැවන් කහල්ලපල්ලෙකැලේ අභයභූමියේ පරවහගම ප්‍රදේශයේදී මෙම මුවන් ඝාතනය මස් කර ඇති බව වනජීවී නිලධාරීහු පවසති.පලාගිය සැකකරැවන් දෙදෙනා මේ වනවිට හදුනා ගෙන ඇති බවත් ඔවුන් පරවහගම පදිංචිකරැවෝ බවත් වනජීවී නිලධාරීහු පවසති.අත්අඩංගුවට පත් සැකකරැවන් දෙදෙනා දඹුල්ල හා පරවහගම ප්‍රදේශවල පදිංචිකරැවෝ වෙති.  
බූන්දල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ට වෙඩි තැබු සැකකරුවෙක් අත්අඩංගුවට
0
hp_train_1152
( තිළිණි ද  සිල්වා සහ රංජන් කටුගම්පොළ )පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු හා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (04) විශේෂ පෙත්සම් දෙකක් ගොනු කර ඇත. මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල , සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත යන මහත්වරුන්ය. පෙත්සම්හි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කරනු ලැබ ඇත. පෙත්සම්කාර මන්ත‍්‍රීවරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් වලින් පෙන්වා දෙන්නේ ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජිත රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තුළින් බලපත‍්‍ර  හිමි ඉඩම්ලාභීන්ට ඒවායේ අයිතිය පවරා දීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.එම යෝජනා ප‍්‍රගතිශීලී ඒවා ලෙස බැලූ බැල්මට පෙනී ගිය ද ඇමරිකාව සමග ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා පිහිටුවීමට යෝජිත ආර්ථික තීරුව සඳහා ඉඩම් සම්පාදනය කර ගැනීමේ අරමුණෙන් රජය මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට සූදානම් වන බවට තොරතුරු දැන ගන්න ලැබී තිබෙන බවද පෙත්සම්කරුවෝ පෙන්වා දේ. ඉඩම් විෂයට අදාළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිවයිනේ සියලූ පළාත් සභා වලින් ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව යටතේ සිදුකළ යුතු  අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද එසේ පළාත් සභාවලින් අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව ද පෙත්සම්කරුවන් කියා සිටිති. ආණ්ඩුකම ව්‍යස්ථාවට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයකින් මූලික අයිතීන්ද උල්ලංඝනය වන බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන්නැයිද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
හානිපූර්ණ කාර්යාල කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්
0
hp_train_1153
(සිතුම් චතුරංග)           කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලැබුණ තොරතුරක් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර කේරළ ගංජා කිලෝ එකයි  150ක්, හෙරොයින් මිලිග්‍රෑම් 170 හා මත්ද්‍රව්‍ය අලෙවිකර ලබාගත් රුපියල් 308,000 ක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.පොලිසිය පැවසූයේ හෙරොයින් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ප්‍රධාන ජාවාරම්කරු පිළිබඳ තොරතරු අනාවරණය වූ බවයි.ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ යතුරුපැදියේ අසුන යට තිබී මුදල් හා කේරළ ගංජා සොයා ගත් බව පොලිසිය පවසයි.එක් සැකකරුවකු මුලතිව්,වැලිඔය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුද්ගලයකු බවද පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිලිනොච්චිය භාරතීපුරම් හා මුලතිව්, වැලිඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ත් 32ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
ලොරියකින් මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_1154
කොළඹ දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතින අතර තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර දකුණු සහ සබරගමුව පළාත්වලත් කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අනෙකුත්  ප්‍රදේශවල සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල විටන් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන අතර සවස 2.00 න් පසු දිවයින වටා බොහෝ මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
‘වැසි සහිත කාලගුණය තවදුරටත් පවති‘
0
hp_train_1155
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (02) තහවුරු කළේය.ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගියේය.මියගිය පිරිස අතර පිරිමි තිදෙනෙක් සහ කාන්තාවෝ සිවුදෙනෙක් වෙති. 
කොරෝනා මරණ 500 ඉක්මවයි
0
hp_train_1156
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඌව පළාවතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලවේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.මධ්‍යම කඳුකරහේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු - මැද පළාවතෙත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් විටින විට පැයට කිලෝ මීටර්හ 40-45 ක තද සුළං ඇති වේ.
අද වහින පළාත් මෙන්න
1
hp_train_1157
(මොහොමඩ් ආසික්)මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද (17) ඇද හැළුණ  අධික වර්ෂාව හේතුවෙන්  මහවැලි ගඟේ ජල මට්ටම  ඉහළ යමින් පවතියි.මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇති වීම හේතුවෙන්  මහවැලි ගඟේ ජල මට්ටම පාලනය කර ගැනීම සඳහා පොල්ගොල්ල  ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත.පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ අද සවස 3.30 වන විට ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බවත් ජලාශයට තත්පරයකට ඝණ අඩි 7600 ක ජල ධාරිතාවක් ලැබෙමින් ඇති බවත් එයින් විවෘත කර ඇති වාන් දොරටු තුන හරහා තත්පරයකට ඝණ අඩි 4600 ක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවත්ය.තත්පරයකට ඝණ අඩි 2000 ක තවත් ප්‍රමාණයක් උමං මාර්ගය හරහා බෝවතැන්න ජලාශය වෙත මුදා හරින බවත් ඒ මහතා සඳහන් කළේය.කෙසේ නමුත් ජලාශයේ ජල මට්ටම නිතරම වාන් මට්ටමට පහළින් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද කාර්යභාර ඉංජිනේරු පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් කීය.  
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී
1
hp_train_1158
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)මාසිකව ලොකු මුදලක් හරිහම්බ කරන චැනල් කරන දොස්තර මහත්වරුන් ටියුෂන් ගුරුවරුන් හා නීතිඥවරුන් දහස් ගණනක් රජයට සත පහක බද්දක් ගෙවන්නේ නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (7) පෙරවරු 9.30ට රැස්විය.වාර්තා හා ලිපිලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.සුරාබදු ආඥා පනත යටතේ නිවේදන තුනක් ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.ජීවන වියදම වැඩිවෙලා කියන කතාව බොරුවක්. හාල් වර්ග ගණනාවක මිල අඩුවෙලා. පිටි මිලත් අඩු වෙලා. සීනිත් එහෙමයි. අද අල කිලෝවක් 89යි. පරිප්පු 147යි. වෙනසක් තියෙන්නේ පොල්වල විතරයි. ඒකත් අඩු වෙනවා. එහෙනම් ඔබතුමාලා බඩු මිල වැඩියි කියල කෑගහන්නේ ඇයි?චැනල් කරන බොහෝ දොස්තර මහත්වරු, ටියුෂන් මහත්වරු නීතිඥවරු බදු ගෙවන්නේ නැහැ. 41,000ක් ස්වේච්ඡාවෙන් පැමිණ බදු ලිපි ගොනු විවෘත කරලා තියෙනවා.පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ):- ඇලෝසියස්ගේ ස්කාගාරයක් මන්ත්‍රීවරුන්ට සල්ලි ගෙව්වා. ඒ ස්කාගාරවලින් ඒ මුදල් ආණ්ඩුවට ගන්න වැඩපිළිවෙළක් හදන්න. මන්ත්‍රීවරුන්ට ගෙව්වට ඒ මුදල් ආණ්ඩුවට යන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවි කරුණානායක මහතා (එජාප):- අද අපේ රට විතරක් නොවෙයි, ලෝකයම ගමන් කරන්නේ ආර්ථික අමාරුවෙන්. අපි ණයෙන් පෙළුණු ආර්ථිකය වෙනස් කළා. අද රටේ විනයක් නැහැ. හැම තැනම බෝඞ් ලෑලි අල්ලනවා. ඉතින් ආයෝජකයෝ රටට ඒවිද?රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):-සුරාබදු ආඥා පනතේ 51 (2) සංශෝධනය කරන්න.මුදල් ඇමැති:- එය ඉදිරියේදී කරනවා.සොයිසා මහතා:- දෙදහස් විස්ස වන විට රජය සුරාබදුවලින් කිසිම ආදායමක් නොබලන තත්ත්වයට පත් කරන බව ජනාධිපතිතුමා කිව්වා. නමුත් අද වෙන්නේ ඒක නොවෙයි.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා:-රටේ මත්පැන් පානය වැඩිවෙලා තියෙනවා. සැර මත්පැන්වල මිල අඩු කිරීමට අප එකඟ විය යුතුයි.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- අද අපේ ගම්බිම්වල සුරාව තදින් පැතිරිලා. මේක ලොකු පිළිලයක්.අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා (එජනිස):-කසිප්පු ජාවාරම්කරුවන්ට සමහර දේශපාලනඥයන් උදව් කරනවා. මේ වගේ අවස්ථාවලදී පොලිසිය පස්ස ගහනවා. මේවට සම්බන්ධ වන බොහෝ දෙනකු රජයේ දේශපාලනඥයෝ.ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල:- මංගල සමරවීර මේ රටේ මුදල් කොල්ලකාපු කෙනෙක් නොවෙයි. මත්පැන්වල බදු කිහිපයක් අප වැඩි කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. හොරු ගැන කතා කරනවා නම් සියලු හොරු ගැන කතා කළ යුතුයි. හොරු නම් හොරු  මත්පැන් පාලනය බදු වැඩි කරලම කරන්න බැහැ.ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා:- වැටලීම්, දඩ මුදල් නිසා දකුණේ සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. රට බීම මිල වැඩි කරලා ගල් අරක්කු බෝතලයේ මිල අඩු කරන්න.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එජනිස):- මිරිස්ස වෙරළ කලාපයේ සංචාරක ව්‍යාපාරය අද විනාශවෙලා. සංචාරක ගොඩනැගිලි 23ක් කඩලා ඉවත් කරලා.පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා (එජාප):- හොර සුරා නිසා අපේ ප්‍රදේශවල දුප්පත්කම, අපරාධ වැඩිවෙනවා. සමහර පොලිස් නිලධාරීන් හොර මත්පැන් ජාවාරම්වලට සම්බන්ධයි.ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා (එජාප):- පොහොය දිනවල නිවාඩු දිනවල බාර් වැහුවට මත්පැන් පානය අඩු වුණේ නැහැ. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී වේලු කුමාර් මහතා:- වතුකරය ආශ්‍රිතව මත්පැන් හල් බිහිවීම සිදුවුණේ පසුගිය අවුරුදු දහයක දොළහක කාලයේ සිටයි.නිවේදන සම්මත කෙරිණි.පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 9.30ට යළි රැස්වේ.ජනතාවගේ මුදල් ගසා කෑ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවැසීය.වික්‍රමරත්න මහතා මේ බව පැවැසුවේ කඩාවැටුණු මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පැවැත්වුණු සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ කීය.මුදල් තැන්පත් කළ ආයතන කඩා වැටුණාම මහ බැංකුව කියනවා ඒ ආයතනවල කොටස් ගන්න කියලා. ජනතාව මුදල් තැන්පත් කළේ එහෙම කොටස් ගන්න නොවෙයි. මහ බැංකුව මේ කඩා වැටුණු ආයතන ගැන ජනතාව දැනුවත් කළේ නැහැ.ජනතාව මේ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කළේ ඒ ආයතන ගැන මහ බැංකුව දුන් නිර්දේශ නිසයි සී.එෆ්.එල්.අයි. ආයතනය අර්බුදයකට පත්වී තිබියදීත් මුදල් තැන්පත් කිරීම් බාර ගත්තා. යූ.බී. ෆිනෑන්ස් ගත්තේ එෆ්.එන්.ජී. ආයතනයයි. ජනතාවට පොලිය එක්ක මේ මුදල දෙන්න. අපේ රටේ මූල්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ජනතාවගේ මුදල් සූරාගෙන විරාජමානව වැජඹෙනවා. ඊ.ටී.අයි. සල්ලි ඇද්දේ කොහොමද? පින් දහම්වලට යටවී සමහර ආයතන ජනතාව මුලා කරනවා.ණය හේතුවෙන් ගිය වසරේ 195 දෙනෙක් සියදිවි හානි කර ගෙන තියෙනවා. අද පවුල් ලක්ෂයක් කඩා වැටුණු මුදල් ආයතන ඇතුළේ කඩා වැටිලා. මෙතැනදී මහ බැංකුව කාර්යභාරය අත්හැරලා. මහ බැංකුවේ සමහර නිලධාරීන් ජාවාරම්කරුවන් පැත්තේ ඉන්නවා. තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි.නිහාල් ගලප්පත්ති මහතා (ජවිපෙ) යෝජනාව ස්ථිර කළේය.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා:- කාලෝචිත යෝජනාවක්. අනුර කිව්ව බොහෝ කරුණු එක්ක මම  එකඟයි. (වේලුකුමාර් මහතා (එජාප) මුලසුනට පැමිණියේය)සමරවීර මහතා:- ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් රටේ ඇති කර ඇති තත්ත්වය ඛේදජනකයි. එන සතියේ මන්ත්‍රීතුමන්ලා කැඳවලා පක්ෂ පාට නැති කමිටුවක් හදල මහ බැංකු, භාණ්ඩාගාර නිලධාරීන් සමග සාකච්ඡා කරනවා. මේ ආයතන බොහොමයක් කඩාවැටී ඇත්තේ දුර්වල කළමනාකරණය, දූෂණ, වංචා යනාදිය නිසයි. මෙවැනි වංචනික අයට දැඩි දඬුවම් පැනවීමට කළ පනත සංශෝධන කිරීමට අවධානය යොමුවී තිබෙනවා. මෙවැනි වංචනික නිලධාරීන් 155 දෙනකු හඳුනාගෙන තියෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජාප):- අද අපේ රටේ කාන්තාවන් ණය පියවා ගන්න ණය ගන්නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පාලනය කරන්න අද මේ කවුරුත් නැහැ. මහ බැංකුව අද මේ ප්‍රශ්නයේදී කරඇරලා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා (එජාප):- නීති ගේන්න කලින් ඒ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන සමීක්ෂණයක් කරන්න. පරීක්ෂණ අවසන් වුණු සිද්ධිවල වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න.වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිරිකරන් මහතා (දෙජාසං):- ක්ෂුද්‍ර ණය නිසා උතුරු නැගෙනහිර කාන්තාවන් 56 දෙනකු සියදිවි හානි කර ගෙන තියෙනවා. මේක භයානක තත්ත්වයක්.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):- සිය දිවි නසා ගැනීමට පෙළඹවීමත් අපරාධයක්. මේ සියදිවි හානි කරගන්න අස්සේ අවතාර මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ මහ බැංකුවේ අයට පේන්න පටන් ගනීවි. මේක සමාජ ව්‍යසනයක්. මහ බැංකුව මේ මිනිසුන්ව සියදිවි නසාගන්න පෙළඹවූවා. මේ ප්‍රශ්නයෙන් මහ බැංකුවට ගැලවෙන්න බැහැ. එයාලගේ නියාමනය මොන බම්බුවක් ද?ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප):- අද රටේ නීතිය මකුළුදැලක් වගෙයි. ලොකු හොරු අහුවෙන්නේ නැහැ. කඩා වැටුණු ආයතන රැසක් මහ බැංකුව මැදිහත්වී ස්ථාවර තත්ත්වයට ගත්තා. නමුත් මහ බැංකුව ක්‍රියාත්මකවීම ප්‍රමාදයි. මූල්‍ය ආයතන කඩා වැටෙනවා නොවෙයි. කඩා වට්ටවනවා. අයිතිකාරයා සතුටින් ඉන්නවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- මහ බැංකුවේ නියාමනය හරියට වෙන්නේ නැහැ. මේ ආයතන නියාමනයට රටේ හොඳ නීතියක් තිබිය යුතුයි. තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප):- මේ ලියුම බැලුවම මහ බැංකුවේ අයත් සම්බන්ධ දැයි මටත් හිතෙනවා. මේ ආයතන සල්ලි එකතු කරද්දී මහ බැංකුව හිටියේ කොහේද? නිදාගෙන ද හිටියේ?කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (එජාප):- 2015 ඉඳලා අලුතින් මූල්‍ය සමාගම් වැඩි ගණනක් බිහිවී තිබෙනවා. අතීතයේ මූල්‍ය සමාගම් කිහිපයක් වඩා වැටුණත් මහ බැංකුව හංගාගෙන හිටියා. නිවාඞ් කබ්රාල් කාලේ වෙච්ච දේවල්.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා (එජනිස):- එදා පොලී මුදලාලි කළුකෝට් දාපු කෙනෙක්. නමුත් අද ඉන්නේ සුදු ඇඳුම් ඇඳගත් සුහදශීලී මිනිහෙක්. මේ මිනිස්සු නිසා ජනතාවට සම්බසකලමනාව අහිමිවෙලා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (දෙජාසං):- වාරික මුදල් අයකරගැනීමට සමහර ආයතන මැරයන් යොදවලා තියෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- මූල්‍ය ආයතන කඩා වැටුණේ 2002 ඉඳලයි. දඬුවම්ලා බිහිවුණේ මහින්දලගේ ගමෙනුයි. වම්බොට්ටා ආවෙත් එහෙන්.මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:- එදා සුදු වෑන් අද නැහැ. අද රටේ ලොකු වෙනසක් තියෙනවා. මේ ආයතන ඈවර කිරීමෙන් බිලියන 25ක් ගන්න පුළුවන්. නමුත් තැන්පත් මුදල බිලියන 35ක්. මේ ආයතන බොහොමයක් කඩා වැටුණේ පසුගිය රජය කාලයේදියි. බැඳුම්කරවල දානවා කියලා හොරකම් කළා. අප මේ ආයතන ගැන නීතිමය පියවර ගන්නවා.එස්. යෝගේෂ්වරන් (දෙජාස), ඉන්දික අනුරුද්ධ (එජනිස), කාංචන විජේසේකර (එජනිස), ආචාර්ය ජයම්පති වික්‍රමරත්න (එජාප) මහත්වරු ද කතා කළහ.   
මූල්‍ය විනයක් සඳහා විගණනයේ කාර්යක්ෂමතාව රටට වැදගත්
0
hp_train_1159
(ඩී.ජී.සුගතපාල)රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් 15 දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා තවදුරටත් පෙබරවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (9) නියෝග කළේය.මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන්  17 දෙනා වෙති.රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනිදා  පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
රත්ගම නඩුවේ ජංගම දුරකතන 6 ක් මුදාහරී
0
hp_train_1160
x ඡන්දෙට සුමානයයි. ජවිපෙ කට්ටිය ලෑස්ති ද පාර්ලිමේන්තු යන්න?අපේ කට්ටිය කලිනුත් පාර්ලිමේන්තුවේ හිටියා. මේ වතාවෙ තවත් වැඩි පිරිසක් පාර්ලිමේන්තු යන්න සූදානම් කියලා පේනවා. ජනතාවත් ඒ සඳහා සූදානම්. අපි මේ සැරේ අලූත් තේමාවක් එක්ක අපේ ප‍්‍රචාරක කටයුතු කළා. ඒක ඉතාම සාර්ථකයි. ඒකෙ ප‍්‍රතිඵල මේ වනවිටත් අපිට පේනවා.x ජවිපෙ ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මිනිස්සුන්ට අල්ලලා ගිහිල්ලද?අපි මේක ඡුන්දෙටම ඉදිරිපත් කරපු දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ විවිධ පිරිස්වල අදහස් එකතු කරමින් ඒවාත් සලකා බලලා තමයි අපි මේක සකස් කළේ. ඇත්තටම ඒක ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් මේ සඳහා ලැබෙන ප‍්‍රචාර ඉහළයි. එක්සත් ජාතික පක්ෂයයි, නිදහස් සන්ධානයයි ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ දෙක නම් ඡුන්දෙන් පස්සෙ කුණු කූඩෙට දානවනේ. ඒත් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එහෙම එකක් නෙවෙයි. අපි හදලා තියෙන්නේ රට හදන වැඩපිළිවෙලක්.x සමහරු කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ලොකු කතා තිබුණට වැඬේ බාර දුන්නම කර ගන්න අමාරුයි කියලා. පෙට්ටි කඩයක් කළාට සුපර් මාර්කට් එකක් කරන්න ජවිපෙට පුළුවන්ද කියලා ඒ අය අහන්නේ?ඔය වගේ සැකයක් තියෙන  ඕන මහත්තයකුට අපි කියන්නේ  අවුරුදු පහක් අපට දීලා බලන්න කියලා. අපි තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව කරලා පෙන්නුවා. අපි ඒක හොඳට කරගෙන යනකොට බලෙන් ඒක උදුර ගත්තා. අපි අවුරුද්දක් ඇමැතිකම් හතරක් කරලා පෙන්නුවා. ඒවා හරියට කරන්නේ කොහොමද කියලා. අපි අවුරුදු පනහක් තිස්සේ පක්ෂය පවත්වාගෙන යනවා තර්ජන ගර්ජන මැද්දේ. අපි  ඕන දෙයක් පිළිවෙලට කරන හැටි පෙන්නලා තියෙන්නේ. අපි මැයි දිනේ වුණත් සමුළුවක් වුණත් ආකර්ශණීය විදියට කරනවා. අපේ පක්ෂයේ අයට කැපවීමෙන් වැඩ කිරීමේ ශක්තිය  ඕනවටත් වැඩිය තියෙනවා. ඒ ගැන කවුරුවත් සැකයක් තියා ගන්න  ඕන නෑ. අපි කියන්නේ වැඩිය  ඕන නෑ අවුරුදු පහක් අපට බලය දීලා බලන්න අපට හරියට රට කරන්න පුළුවන්ද බැරිද කියලා.x ඔබ කියන්නේ අවුරුදු පනහක් තිස්සේ ශක්තිමත්ව පක්ෂය පවත්වාගෙන එනවා කියලා එහෙනම් සැරින් සැරේට පක්ෂයේ ජනප‍්‍රිය චරිත ගැලවිලා යන්නේ ඇයි?එවැනි චරිත ගැලවිලා යද්දිත් අපි පක්ෂය ශක්තිමත්ව මේ දක්වා පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. අපිට  ඕනම දුෂ්කර තත්ත්වයක් තුළ වැඩ කරන්න පුළුවන්. පක්ෂයට  කැපවීමෙන් වැඩ කරන්න බැරි අය පක්ෂයෙන් අයින් වෙලා යනවා. ඒක ස්වභාවිකයි.x ජවිපෙ කිය කිය හිටියේ මේ ඡුන්දෙට හොඳම අය තමයි දාලා තියන්නේ කියලා. ඒත් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ ජවිපෙ කණ්ඩායම් නායක සමන්ත කෝරළේ ආරච්චි ඡුන්ද නීති කඩලා මාට්ටු වුණා නේද?අපි ඔහුගෙන් මේ ගැන ප‍්‍රශ්න කළා. ඔහු දැන් මානව හිමිකම් කොමිසමට ගිහින් තියෙනවා. මෙතන තියෙන්නේ ආයතන ගැටුමක්. ඔහු අපේ පක්ෂයේ සෞඛ්‍ය වෘත්තීය සමිතියේ ප‍්‍රධානියා. ඔහු ඔය කියන රෝහලට යන්න එතන ප‍්‍රධානියාගෙන් අවසර අරගෙන තියෙනවා. නමුත් එතන ඉදපු අපිට විරුද්ධ කෙනෙක් දීපු කෝල් එකකට තමයි ඔහුව ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. එතන පත‍්‍රිකා බෙදීමක් හෝ ඡුන්ද නීති කැඞීමක් වෙලා නෑ. ඔහුත් එක්ක පක්ෂයේ තවත් කීප දෙනෙක් ඉඳලා තියෙනවා. ඔවුන් පත‍්‍රිකා බෙදන්න යන අතරතුර තමයි ඉස්පිරිතාලෙට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔවුන් ළඟ පත‍්‍රිකා තිබිලා තියෙනවා. ඒත් ඔවුන් එතන ඒවා බෙදලා නෑ. ඒක අනවබෝධය නිසා වෙච්ච සිදුවීමක්. දැන් ඔහුට පොලිසියෙන් ඇප ලැබිලා තියෙනවා. දැන් ඔහු ඔහුගේ මානව හිමිකම් කඩ වුණා කියලා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරලා තියෙනවා.x ඔබලා පසුගිය සති අන්ත පත්තර එක්ක දැන්වීම් අතිරේකයක් පළ කළා ”ඒ විසල් සීනු නාදය” කියලා. ඒත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කියන්නේ දැන් සීනුව අලියගෙ හොඬවැලෙත් නෙවෙයි ඒක දැන් අලියගෙ නැට්ටෙ එල්ලලා කියලා.දැන් එයා දේශපාලනයෙන් බංකොලොත්ම අඩියට වැටිලනේ ඉන්නේ. දැන් එක එක කතා විකාරෙන් වගේ කියවනවා. එයා ජනාධිපති කාලේ එක එක්කෙනාට මඩ ගහන්න කට්ටිය වටේ තියාගත්තා. මිනිස්සුන්ට ගහන්නත් තව කට්ටිය තියාගත්තා. එයාලා දැන් ඔහුත් එක්ක නෑ. දැන් මඩ ගහන වැඩෙත් එයාටම කරන්න සිද්ධ වෙලා. දැන් මහින්ද රාජපක්ෂ මිනිස්සුන්ට ගහන වැඩෙයි මඩ ගහන වැඩෙයි දෙකම කරනවා. අකුරැුස්සේදී එයාගෙ රැුස්වීම් බලන්න ආපු කෙනෙකුටම ගහන්න පැන්නා. අපිට මඩ ගහන මහින්ද මහත්තයට තියන්නේ තමන් ගැන කල්පනා කරලා බලන්න කවුද බංකොලොත් වෙලා තියෙන්නේ කියලා. රනිල් වික‍්‍රම සිංහලගෙ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තෙ මහින්ද රාජපක්ෂගෙ පක්ෂෙ මහත්වරුනේ. අලියගේ නැට්ටේ එල්ලූනේ මහින්ද එක්ක හිටපු අය. රාජිතලා, අර්ජුනලා අද කොහේද ඉන්නේ. නිදහස් පක්ෂෙ හිටපු භාණ්ඩාගාරික නාවින්න අද කොහේද ඉන්නේ. අපි මහින්ද මහත්තයාගෙන් අහන්නේ අලියගෙ නැට්ටේ එල්ලිලා ඉන්නෙ එයාගෙ අයද අපිද කියලා.x මේ සැරේ ජවිපෙට දෙන හැම මනාපයක්ම අලියට දෙන මනාපයක් කියලා ඔබලගෙ පක්ෂෙ හිටපු මුසම්මිල්ලා එහෙම කියන්නේ?අපේ ප‍්‍රතිපත්ති ගැන වැරැද්දක් අල්ල ගන්න බැරි වුණාම අපිට අවලාද ගහනවා. අපි යු.එන්.පීය. එක්ක සම්බන්ධයක් තියෙනවා නම් තනියම ඡන්දෙට ඉල්ලන්නෙ නැතුව එයාලගෙ පෙරමුණට යන්න තිබුණානේ. දින 100 ආණ්ඩුවෙ ඇමැතිකම් ගන්නත් තිබුණනෙ එහෙනම්. පසුගිය ඡුන්දෙ පැරදිලා මහින්ද රාජපක්ෂ ගෙදර ගියෙත් රනිල්ට කතා කරලා. රාජපක්ෂ නෝනගෙන් පසුගිය දවසෙ කට උත්තරයක්  ගන්න  ඕන වුණාම ඒකත් වෙන තැනකදී කරන්නේ මේ දෙගොල්ලො කතාබහ කරලා. ඒක නිසා ඞීල් ගහන්නේ ඒ දොගොල්ලෝ. ඒගොල්ලො ඞීල් දාගන්න ගමන් අපට බොරු අවලාද ගහනවා. අපිට නම් මහින්දයි, රනිලූයි දෙන්නම එකයි. ඒ දෙන්න එකම කාසියේ දෙපැත්ත. ඔය පක්ෂ දෙකත් එක වගේ. අලියා දිනුවොත් බලන්නකො බුලත්කොලකාරයො කී දෙනෙක් අලියාගෙ පැත්තට බල්ටිය ගහනවද කියලා.x රෝහණ වීරසිංහ කියන සංගීතකරුවා පසුගිය දවසක කිව්වා ජවිපෙට රටේ මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම පිළිබඳ අබමල් රේණුවක හැඟීමක් නෑ කියලා.රෝහණ වීරසිංහ ගැන අපිට නම් තියන්නේ කණගාටුවක්. දක්ෂ කලාකරුවෙක් මහින්ද රාජපක්ෂට විකිණිලා එක එක පැත්තට අවලාද කියනවා. රෝහණ වීරසිංහ තාම ජීවත් වෙන්නේ අවුරුදු විසිපහකට විතර එහා අතීතයේ. අපි කියනවා ඔහුට ඔය නින්දෙන් අවදි වෙන්න කියලා. හෘද සාක්ෂියක් තියෙන කලාකරුවෝ දැන් ඉන්නේ ජවිපෙ වටා. එදා නන්දා මාලනීගේ ”පවනේ” ”සත්‍යයේ ගීතයේ” සිංදු හදපු රෝහණ වීරසිංහමද මේ කතා කරන්නේ කියලා අපට සැකයි. එදා එයාලා නියෝජනය කරපු අතීතයට අද එයාලම පස්ස හරෝපු එක ඉතිහාසයේ සරදමක් කියලයි අපට නම් හිතෙන්නේ.x දැන් ආපහු ෆෙඩරල් කතා බහක් කරළියට ඇවිත් ජවිපෙ අදහස  මොකක්ද?අපි නම් පැහැදිලිවම ඒ මතයට විරුද්ධයි. අපි ඒක ප‍්‍රතික්ෂේප කරනවා. මේක මේ ආපහු ජන්දේදී ජාතිවාදය අවුස්සන වැඩක්. ටී.එන්.ඒ. එකට උතුරෙන් ඡුන්ද ගන්න බෑ ජාතිවාදය අවුස්සන්නෙ නැතුව. ඒ අය දකුණෙ  බිල්ලෙක් පෙන්නලා උතුරෙන් ඡුන්ද ගන්න හදනවා.  ඒකම දකුණෙදී මහින්ද රාජපක්ෂලා කරනවා. උතුරේ බිල්ලෙක් පෙන්නලා ඒ අය දකුණෙ ඡුන්ද ටික මංකොල්ල කන්න සූදානම් වෙනවා. ජාතිවාදය අවුස්සන මේ කාලකන්නි වැඬේ කාට කාටත් නතර කරන්න කියලා අපි මතක් කරනවා.x ජවිපෙ ජාතික ලැයිස්තුවේ එන්.ජී. ඕ. කාරයො ඉන්නවා කියලා සමහරු චෝදනා කරනවා.පළවෙනි කාරණය ඔය චෝදනාවලට ඇත්තක් නෑ. එය කිසිම පක්ෂයකට අප ඉදිරිපත් කරපු ජාතියේ ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසයි මේ අවලාද කියන්නේ. අනික රාජ්‍ය නොවන සංවිධාන ඔක්කොම නරක ඒවා නෙවෙයි. රටට අහිතකර දේවල් කරන එන්.ජී. ඕ. වලට අපිත් විරුද්ධයි.x ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට කුඩු පට්ටං වෙන්න ගහනවනේ. ඒත් පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිරූපය පුම්බන්න සුළං ගහපු කලාකාරයෝ එහෙට පැනලා මෙහෙට පැනලා අන්තිමට ඔබලගෙ ජාතික ලැයිස්තුවටත් පැනලා ඉන්නවා.මහින්ද රාජපක්ෂ ගැන විශ්වාසය තියලා යම් යම් කලාකරුවො පිරිසක් ඔහු වටා  හිටියා. ඒ විශ්වාසය නැති වුණාම සමහරු එතනින් අයින් වුණා. ඒ අයට පහුවෙලා  හරි සත්‍ය අවබෝධ වීම ගැන සතුටුයි. අපි අනික් අයටත් කියන්නෙ සත්‍ය අවබෝධ කරගෙන රටේ යහපතට වැඩ කරන පාර්ශ්වයක් එක්ක එකතු වෙන්න කියලා.x මහින්ද ළඟ ඉඳගෙන ලාභ ප‍්‍රයෝජන අරගෙන ඔහු පරදින්න ඔන්න මෙන්න තියෙද්දී පැනලා ආපු අය බදාගන්න තරම් ජවිපෙ බංකොලොත්ද?අන්තිම මොහොතේ හරි නරක තැනකින් කවුරුහරි ගැලවිලා එනවා නම් ඒක හොඳයිනේ. අපට කලාකරුවො අතින් හිඟයක් නෑ. අද වෙද්දී රටේ ප‍්‍රගතිශීලී කලාකරුවො බහුතරයක් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණ එක්ක.x රනිල් වික‍්‍රමසිංහ කිව්වේ ඊළඟ පාර්ලිමේන්තුවේදී සැම දෙනාම ආණ්ඩුවේ කොටස්කාරයො වේවි කියලා. දැන් නෑ නෑ කිව්වට ජවිපෙත් ඒ හවුලට නොයාවි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ. හවුල් ගහපු අතීතයක් ඔබලට තියෙනවනේ.කිසිසේත්ම අපි ඒ වගේ හවුලකට යන්නේ නෑ. ඉතිහාසයේ අපි හවුලකට ගියේ ජාතික අවශ්‍යතාවක් උඩ අනාගතේ මතුවිය හැකි අවශ්‍යතාවන් ගැන දැන් අනාවැකි කියන්න අපට බෑ. ඒත් මේ මොහොතේ හවුලකට යෑමේ  කිසිම අවශ්‍යතාවයක් නෑ.x ප‍්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ඔබ කියෙව්වද?ඔව්. ඒ දෙකම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ කියලා හඳුන්වනවාට වඩා පොරොන්දු මාලාවන් දෙකක් කිව්වොත් නිවැරදියි. රට ගැන දැක්මක්, රට ගැන විග‍්‍රහයක් රටේ ප‍්‍රශ්න විසඳන මූලධර්මයක් ඒ එකකවත් හරි හැටි නෑ. දෙකේම තියන්නේ අරවා දෙන්නම් මේවා දෙන්නම් කියලා. ඔය වගේ පම්පෝරි අවුරුදු කීයක් තිස්සේ අපි අහලා තියෙනවද? සන්ධානෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ රජයේ සේවකයින්ට රුපියල් විසිපන්දාහක් දෙනවා කියනකොට අපට හිනා යනවා. කසාද බඳින ගාස්තුව රුපියල් පන්දාහක් කරපු මහින්ද කසාද බඳින අයට ලක්ෂ දෙකක් දෙනවලූ. මරු පොරොන්දු තමයි. යු.එන්.පී. එකෙත් රැුකියා පොරොන්දු අරව මේවා විතරයි තියන්නේ. ඔය දෙන පොරොන්දු ඉටු කරන්නේ කොහොමද කියන එක කවුරුවත් කියලා නෑ. දෙකේම ලස්සන කැරට් අල තියෙනවා. ඔය දෙකම 17  වෙනිදායින් පස්සේ පැත්තකට විසි වෙනවා.x මහනායක හාමුදුරුවො කිව්වා වගේ ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂෙ වැඩ ටික හරියට කරන්න පුළුවන් වෙයිද?කොහොමත් පසුගිය පාර්ලිමේන්තුවෙත් විපක්ෂයේ ඇත්ත  කාර්යභාරය කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු තුන් දෙනා තමයි. අනුර සහෝදරයා තමයි හරියට විපක්ෂ නායකගෙ ජොබ් එක කළේ. ඉතින් තුන් දෙනෙක්   ඉඳලා එහෙම නම් පහළොවක් විස්සක් ගියාම ඊට වඩා වැඩ ටිකක් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම.x ඒ කියන්නේ අනුර දිසානායක ද ඊළඟ විපක්ෂ නායක?දැනට එහෙම කිසිම අදහසක් නෑ. මැතිවරණය ප‍්‍රතිඵලයෙන් පස්සේ ඒක තීරණය වේවි. කොහොමත් අපි නායකකම් බලාගෙන වැඩ කරන අය නෙවෙයි. නායකකම් තිබ්බත් නැතත් අපේ වගකීම  අපි අකුරටම ඉටු කරනවා.x කවදාවත් දැකපු නැති අගමැති පොරයක් මේ ඡුන්දෙදී අපි දකිනවා.  ඉදිරි පාර්ලිමේන්තුවෙ අගමැති ධුරය ගැන ජනතා විමුක්ති පෙරමුණ  හිතන්නේ මොකක්ද?මේ අගමැති පොරය දැක්කම ඇත්තටම ලැජ්ජයි. තමන්ගෙ පක්ෂය දිනවන්න මිසක් තමන්ගේ පෞද්ගලික ජයග‍්‍රහණම බලාගෙන වැඩ කරන අයගෙන රටට යහපතක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අගමැති පත්වීමේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් තියෙනවා. ඒකට අවනත නොවී මේ කරන බලූ පොරය අපි නම් ප‍්‍රතික්ෂේප කරනවා. මේ අගමැති පොරේ හැදුවෙත් මහින්ද රාජපක්ෂ.x ඔබලගෙ ඡුන්දෙට ඉදිරිපත් වෙච්ච අයගෙන් පාර්ලිමේන්තුවට යවන්නේ පක්ෂය තීරණය කරන අයද මනාප වැඩිපුර ගත්තු අයද?එහෙම විශේෂ ක‍්‍රමවේද නෑ. පක්ෂය තීරණය කරන්නෙත් නෑ. මනාප ගත්ත අරගෙන පාර්ලිමේන්තුවට තේරෙන අය පාර්ලිමේන්තු යනවා.x මනාප වැඩිපුර ගත්තු අය ඉල්ලා අස්වෙලා පක්ෂය තීරණය කරන අයට චාන්ස් එකක් දෙන ක‍්‍රමයක් ඉස්සර ඔබලගෙ පක්ෂයෙ තිබුණානේ?ඔව්. එහෙම ක‍්‍රමයක් තිබුණා. එහෙම අවශ්‍යතාවයක් ආපු වෙලාවට එවැනි ක‍්‍රියාමාර්ගයක් ගත්තා. දැන් අපට එහෙම කරන්න අවශ්‍ය නෑ. මුල් කාලෙ ඔබ කියපු විදයට එහෙම කළා.x ටිල්වින් සිල්වා පක්ෂයේ දැන් ඉන්න ජ්‍යෙෂ්ඨයෙක්නෙ. නැද්ද පාර්ලිමේන්තු යන්න අදහසක් එහෙම?අපි කවුරුවත් පාර්ලිමේන්තු යන්නෙ පෞද්ගලික කැමැත්තට හෝ ආසාවට නෙවෙයි. පක්ෂයෙන් පැවරෙන වැඩක් විදියටයි ඒක කෙරෙන්නේ. මම පක්ෂයේ ප‍්‍රධාන ලේකම්නේ. පක්ෂ ව්‍යවස්ථාවෙම තියෙනවා පක්ෂ  ලේකම් පාර්ලිමේන්තුවට පළාත් සභාවලට යා යුතු නෑ කියලා. පක්ෂ ලේකම්ට පක්ෂය පිළිබඳ විශාල වගකීම් ටිකක් පැවරෙනවා. මම ඒක කරනවා.x ඔය වගේම පක්ෂ ගැන බොක්කෙන්ම කතා කර කර ඉඳපු සෝමවංශ අමරසිංහට දැන් ඇමැතිකමකුත්  ඕනලූ. ඔබලත් ආසාවන් හංගගෙන නෙවෙයිද ඉන්නේ?එහෙම අය ඉන්නවද කියන්න දන්නේ නෑ. අපි නම් එහෙම නෑ. පක්ෂය වෙනුවෙන් අපි කැපවෙලා ඉන්නවා. පුද්ගලික ආසාවන් පස්සෙ යන අය පක්ෂයෙන් එළියට ගියානේ. ඒ අයට වෙච්ච දේත් දැන් අපිට පේනවනේ. 
අපි දැන් ඕනෑම පිච් එකක බැට් කරන්න ලෑස්තියි
0
hp_train_1161
( පැතුම් දර්ශන)හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද(26) ඉදිරිපත් කළ අවස්ථාවේ සභා රැස්වීමෙ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. සභාපති චාරුක උදයංග විජයරත්න මහතා විසින් අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කොට මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් පසු සංශෝධන වලට යටත්ව අයවැය සම්මත වූ බව පවසා හෙට(27) උදෑසන 10 වන තෙක් සභාව කල්තබා රැස්වීම් භූමියෙන් පිටව යාමත්, ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයත් හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්වය ඇති විය. හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අය වැය පළමුවරට සභාපතිවරයා විසින් අද (26)දහවල් සභාවට ඉදිරිපත් කළේය.  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධය හමුවේ සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙ සියලු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටි.එම්.ඩිල්ෂාන්, ස්වාධින මන්ත්‍රි බණ්ඩාරවෙල සංඝානන්ද, සහ ප්‍රාදේශීය සභා ලේකම් වරයා සමග කාර්ය මණ්ඩලය ද එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර ඒ හේතුවෙන් තත්ත්වය තවත් උණුසුම් විය. සභාපති වරයා සභාවෙන් ඉවත් වුවද ලේකම්වරයා සිටිය යුතු බව  විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ ද එහිදී ප්‍රාදේශීය සභා ලේකම්වරයා පැවසුවේ සභාපති වරයා නොමැතිව සභාව පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට රැඳී සිටිය නොහැකි බවත් ය. අනතුරුව විපක්ෂ නායක සනත් කත්‍රිආරච්චි මහතා විසින් උප සභාපති ආර්. ජයතිස්ස මහතා වැඩබලන සභාපති වරයා ලෙස නම් කොට එතෙක් සභාපති චාරුක උදයංග විජයරත්න මහතා වාඩි වී සිටී සභාපති පුටුවේ වාඩි කිරීමට කටයුතු කල අතර පසුව ඔවුහු අදහස් දැක්වීම් ද සිදු කළහ. එහිදී අදහස් දැක්වූ උප සභාපති ජයතිස්ස මහතා මෙසේ කීය. " සභාපතිවරයා අයවැය ඉදිරිපත් කරලා ඉතාම නිර්ලජ්ජිත ලෙස සභාවෙ  න්‍යාය පත්‍රය අවසන් නොකර අයවැය සම්මත වූ බව කියමින් නැගිටලා ගියා. මේක නීතියානුකූලව අනුමත වුණේ නෑ. සභාවේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක් මේ සඳහා සම්පූර්ණ විරුද්ධයි. සභාපතිවරයාගේ කූට වැඩවළට අපි ඉඩ තියන්නේ නෑ." විපක්ෂ නායක සනත් කත්‍රිආරච්චි මහතා ද මෙසේ කීය. " මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් අයවැයට විරුද්ධයි. අපි ඡන්දයක් ඉල්ලද්දී ඡන්දෙ නොදී පිළිකුල් සහගත විදිහට නැගිටලා ගියා සභාපතිවරයා. ඒත් එක්කම සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයත් නැගිටලා ගියා. පිළිකුල් සහගත ලෙස අපි මේක හෙළා දකිනවා. සභාපති වරයා මේ පුටුවෙන් ඉවත් කරන තුරු සටන අත හරින්නෙ නෑ අපි නීතියානුකුල ක්‍රියාමාර්ග ගන්නවා. මෙම චෝදනා සම්බන්ධයෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවෙ සභාපති චාරුක උදයංග විජයරත්න මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු මෙසේ කීය. " මම අයවැය ඉදිරිපත් කරලා ඒ   සඳහා සියලු මන්ත්‍රීවරුන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව ගරු උප සභාපති තුමා ගරු විපක්ෂ නායක තුමා ඇතුළු සියලු මන්ත්‍රීවරු ලිඛිතව හා වාචිකව මට අදහස් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීමෙන් අවසානයේ 2012 අංක 21 දරණ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව මා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය මන්ත්‍රීවරුන්ගේ යෝජනා හා අදහස් වලට එකගව සම්මත වූ අයවැයක් සේ නිවේදනය කොට සභාවේ වැඩ කටයුතු හෙට (27) උදෑසන 10 වනතුරු අඩාලව කල් තැබුවා. සභා රැස්වීම අඩාළව කල් තැබුවාට පස්සේ ලේකම්වරයා සභාවෙන් ඉවත් වුණාට පස්සේ ක්‍රියාත්මක වන රැස්වීම් නීතියානුකූල වන්නේ නෑ.
ගව ඝාතනයට බලපත්‍ර දීම ගැන පොහොට්ටුවේ මන්ත්‍රී කතා කරද්දී එජාප මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති
0
hp_train_1162
(දියතලාව - ඩී.කේ.රත්න)හාලිඇල උඩුවර හයේ කණුව ජල පෝෂිත රක්ෂිතයේ අද (23) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර තිහක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.මෙම ගිනි ගැනීම නිසා මෙම රක්ෂිතයේ තිබූ වටිනා ඖෂධ පැලෑටි ගසක් සමග ශාඛ විශේෂ රැසක්ද විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු කියති.කිසියම් පුද්ගලයෙකු විසින් විනෝදය සඳහා හෝ සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි හාලිඇල පොලීසිය කියයි.රාත්‍රී කාලයේ ගින්න හටගැනීම නිසා සීඝ්‍රයෙන් ගින්න පැතිරීයාමෙන් මෙම ගින්න නිවා දැමීමට නොහැකිවී තිබේ.හාලිඇල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
සිංහපුර රක්ෂිතයේ හදිසි ගින්නක්
0
hp_train_1163
ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයයේ හිටපු විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්න මහත්මියට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් කෙටුම්පත් කර රාජ්‍ය සේවා කොමිසමට යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.එම විද්‍යාලයය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පැවැත්වූ අභ්‍යන්තර විගණනයකින්   හිටපු විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීමට එම අංශය නිර්දේශ කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි සදහන් කරයි.විදුහල්පතිනියට එරෙහිව ගත යුතු ක්‍රියාමර්ගය ගැන තීන්දුව අගහරුවාදා (05) අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කරන බව රාජ්‍ය සේවා කොමිසමේ ආරංචි මාර්ග කියයි.මෙම විද්‍යාලයයේ හිටපු විදුහල්පතිනිය වූ ශාන්ති සෙනවිරත්න මහත්මිය මාර්තු 17 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශය මගින් දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයයට අනියුක්ත කළ අතර නව විදුහල්පතිනිය ලෙස නියෝජ්‍ය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සන්ධ්‍යානි පතිරවසම් මහත්මිය පත් කරනු ලැබුවාය. ඇය වැඩ බාර ගැනීමට ගිය අවස්ථාවේ හිටපු විදුහල්පතිනිය වැඩ බාර නොදුන් බව කියමින් නව විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කළාය.‍අනෙක් විදුහල්පතිවරුන්ට ක්‍රියාත්මක වන නීතියට සවුත්ලන්ඩ්ස් හිටපු විදුහල්පතිනියට ක්‍රියාත්මක නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. ස්ථාන මාරු කළ ඇය මේ වන තෙක් වැඩ බාර දී නැති බවත්, ඇයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම රාජ්‍ය සේවා කොමිසමද හිතා මතා පමා කරන බවත් ස්ටාලින් මහතා කීවේය.රාජ්‍ය සේවා කොමිසම එම විදුහල්පතිනියට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පමා කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්   දුරකතනයෙන් කළ විමසීමක දී රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ගාමිණී සෙනරත් මහතා කීවේ දුරකතනයෙන් විස්තර කතා කළ නොහැකි බවයි.නව විදුහල්පතිනියට වැඩ බාර නොදීම ගැන විමසීමට ශාන්ති සෙනවිරත්න මහත්මිය දුරකතනයෙන් සම්බන්ධකරගත් විට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව කියමින් දුරකතනය විසන්ධි කළාය.නව විදුහල්පතිනි සන්ධ්‍යානි පතිරවසම් මහත්මියට සමීප ආරංචිවලින් දැනගන්නට ලැබුණේ හිටපු විදුහල්පතිනිය වැඩ බාර දී පිටව ගොස් ඇති බවත් අද සවස්වන තුරුත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දී නැති බවයි.
රාහුලෙත් අලුත් විදුහල්පති එපා කියයි
0
hp_train_1164
(මුදිතා දයානන්ද)මේ ජනාධිපතිත් අගමැතිත් බලයේ සිටින තාක් ඇමැතිකම් බෙදීම විද්‍යාත්මක හෝ තාර්කික හෝ එකම ක්‍රමයකටවත් සිදුවන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කරන්න තිබෙන්නේ මේ තනතුරු දෙක වෙනස් කිරීම යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (01) පැවසීය.ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍යහමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකතු වෙලා අද දවසේ විද්‍යාත්මක ක්‍රමයට ඇමති මණ්ඩලයක් පත් කරනවාලු. පළමුව කියන්න ඕනෑ මේ ආණ්ඩුව අවම වශයෙන්වද්‍යාත්මක  ක්‍රමය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. පරීක්ෂණයක් කරලා දකින නිරීක්ෂණ අනුව නිගමනයකට එළැඹීම තමයි විද්‍යාත්මක ක්‍රමය කියන්නේ. ඒක දැනුම ලබා ගන්නා එක ක්‍රමයක්. ඇමැතිවරුන්ට විෂයන් වෙන් කළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමයකට නොවේ. තාර්කික ක්‍රමයකට. මුලින්ම ඔය පොරොන්දුව දුන්නේ පසුගිය ජනපතිවරණයේ දී. 2015 ජනවාරි මාසයේ ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කරලා අගමැතිට දුන්නා. 2015 සංශෝධනයේදී උසස් අධ්‍යාපන සහ මහාමාර්ග කියලා අපූරු අමාත්‍යාංශයක් ඇති කළා. ඒක බිහි කළ දා ඉඳලා උසස් අධ්‍යාපන සිසුන් මහා මාර්ගයේ. 2017 ඇමති මණ්ඩල සංශෝධනයේ දී ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පවරලා ලොව ලොතරැයි විකුණන එකම විදේශ ඇමැති බවට ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා පත්වුණා. 2018 මාර්තු මාසයේ ඇමැති මණ්ඩල සංශෝධනයේ දී තරුණ කටයුතු රාජ්‍ය ඇමැති ලෙස හැට පැන්න තරුණයකු පත් කළා. මේ ජනපතියි අගමැතියි එකතු වෙලා ඇමති මණ්ඩල පත් කිරීමේ දී විද්‍යාත්මක ක්‍රමයක්වත් තාර්කික ක්‍රමයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. මුලින්ම කළ යුත්තේ තාර්කික ක්‍රමවේදයකට හිතන්න පුළුවන් ජනපති කෙනෙක් සහ අගමැති කෙනෙක් පත් කර ගැනීමයි. මේ වතාවේදීවත් පොරොන්දු වුණු පරිදි තිස් දෙනකුගේ ඇමති මණ්ඩලයක් පත් කිරීමට ජනපති සහ අගමැතිට චේතනාව පහළ වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියන අය අවම වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ කුමක්ද කියාවත් දන්නේ නැති බව මේ අයගේ කියුම් කෙරුම් වලින් පැහැදිලියි. මේ අය යෝජනා කරන්නේ 1978ට පෙර තිබුණු වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට යළි යෑමටයි. ඒ නිසා ඒ අයගේ දැනුම වර්ධනය වෙන්නත් එක්ක ප්‍රශ්න පහක් යොමු කරනවා. ලෝකයේ රටවල් 95ක් විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක කරද්දී වෙස්ට්මින්ස්ටර් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ රටවල් 44ක පමණයි. විධායක ජනාධිපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් නම් ලොව බහුතරයක් එය වැළඳගන්නේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය අහිතකර නම් ලොව පුරා රටවල් එම ක්‍රමයට මාරු වෙන්නේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය පීඩාකාරී නම් එයින් පීඩාවට පත් විය යුත්තේ වසර 229ක් පුරාවට එය ක්‍රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපදයේ. ඒ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියා ඉතිහාසයේ කිසිම දවසකඋද්ඝෝෂණයක් තබා මැසිවිල්ලක් වත් මතු නොවන්නේ ඇයි? නැවත පැරැණි ක්‍රමයට ගිහින් නාමමාත්‍ර ජනාධිපති කෙනකු නඩත්තු කරන්න රුපියල් බිලියන ගණනක් වෙන් කරන්න වෙර දරන්නේ ඇයි? “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු” කියන සටන් පාඨය සමස්ත ලෝකයෙන්ම ලංකාවේ පමණක් තිබෙන්නේ ඇයි? මෙන්න මේ ප්‍රශ්න පහට පිළිතුරු සොයා ගත්තොත් ඒ තිත්ත ඇත්ත අවබෝධ කරගෙන 20 වන සංශෝධනය හකුළා ගනීවි කියල අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය දා ගෑස් සිලින්ඩරයක මිළ රු 245කින් වැඩිවුණා. 2018 අප්‍රේල් මාසයේ ගෑස් ටොන් එකක මිල ඩොලර් 475යි. ඒ කියන්නේ මිල වැඩි වෙලා නොවේ අඩු වෙලා. 2018 ජනවාරි මාසයේ දී ඩොලර් 580ට තිබුණු ගෑස් ටොන් එකක් මේ වන විට ඩොලර් 105කින් අඩු වෙලා. ලෝක වෙළෙඳපොළේ මිල අඩුවන අතරේ ලංකාවේ මිල වැඩි කරන්නේ ඇයි? මේකට කිසිම තාර්කික පදනමක් නැහැ.ප්‍රශ්නය:- - ඔබතුමාලගේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවටපොරොන්දු වී බලයට ආව කෙනෙක්. ඒ ආණ්ඩුවේ ඔබත් හිටියා. ඇයි දැන් මේ ක්‍රමය අහෝසි කිරීම සුදුසු නැහැකියන්නේ?පිළිතුර: - මහින්ද රාජපක්ෂ මහතා සමග 2005 දී මුලින්ම අවබෝධතා ගිවිසුමකට එළැඹෙන්නේ අපි. අප සමග එකඟ වුණා විධායක බලතල අහෝසි කරන්නේ නැහැ කියලා. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් ගිවිසුමකට පසුව ජවිපෙ සමග අත්සන් කළා. එය වැරැදි බව අප අවබෝධ කර දුන් නිසා 2009න් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිම විටෙක විධායක බලතල අහෝසි කරන බවට පොරොන්දු දී නැහැ.ප්‍රශ්නය: - එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනසක් කරන්න කියලා ලොකු උද්ඝෝෂණයක් පහුගිය කාලයේ ඇති වුණා. පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් කිව්වා. දැන් මොකද වෙලා තිබෙන්නේ? වෙනත්තනතුරු වෙනස් වෙලා නායකයා එහෙමම ඉන්නවා නේද?පිළිතුර: - අපි යකඬේ රත්කරලා දුන්නා. ඒ වෙලාවේ තලාගන්නේ නැතිව දැන් නිවුණට පස්සේ උඩ පැන පැන තැලුවත් වැඩක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ සිටීම අපිට වාසියි. ඒ නිසා මේ විශ්වාසභංගය ගෙන ඒම සුදුසු නැහැ කියලා ඒකාබද්ධ විපක්ෂයේම ඇතැමුන් කිව්වා. නමුත් අපි බැලුවේ අපිට ඇතිවන වාසියට වඩා රටට ඇතිවන පාඩුව ගැනයි. ඒ නිසා අපි විශ්වාසභංගය ගෙනාවා. එජපයේ මීරැල තැන තැන කුටු කුටු ගානවා මිසක් අඩුම තරමින් බළලාගේ කරේ ගෙජ්ජියක් බැඳගන්නවත් සමත් වුණේ නැහැ. මෙහිදී පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ද අදහස් දැක්විය. අද මේ ආණ්ඩුව දේශද්‍රෝහීන් බවට පත්වෙමින්ත්‍රස්තවාදීන්ගේ නම්වලින් උතුරේ පාරවල් නම් කරන්න සුදානම් වෙනවා. මෙහෙම ගියොත් මේ රට විනාශ වීම නවත්වන්න බැහැ. ඇමරිකාව බිල්ලාඩන් වෙනුවෙන් පාරවල් නම් කරන්නේ නැහැ. කිසිම රටක් එහෙම කරන්නේ නැහැ. ලංකාව තමයි පළමු වතාවට තමන්ට රටට ජාතියට එරෙහිව සටන් කළ ත්‍රස්වාදීන්ගේ නමින් පාරවල් නම් කරන්නේ.කඩුවෙල මහනගර සභා මන්ත්‍රිනී කාංචනා දමයන්ති මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූවාය.  මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප්‍රශ්නය: - එජාප ප්‍රතිසංවිධානය ගැන මොකද හිතන්නේ? තරුණයන්ට තැනක් දීලා තියෙනවා නේද?පිළිතුර: - රෝයල් හිතවතුන්ට තමයි බලය දීලා තියෙන්නේ. රෝයල් නෙවෙයි ඕනම පක්ෂයක් එකම පාසලක මිතුරන් අතරේ නිලතල බෙදාගන්නවා නම් ඒ පක්ෂයට හෝ සංවිධානයට ඉදිරියට යන්න බැහැ. ඒ පවුලෙන් බිහිවන්නේ මොංගල් දරුවන්. මොකද එකම විදිහට හිතන පතන අයගෙන් වෙනස් සමාජ දැක්මක් ලබාගන්න බැහැ.ප්‍රශ්නය: අනෙක් පක්ෂ බෙදිලා කියලා කෑ ගැහුවට දැන් විධායක ජනාධිපති ක්‍රමය ගැන සංවාදයත් එක්ක ඒකාබද්ධවිපක්ෂයත් කෑලි කැලි වලට කැඩිලා ගිහින් නේද?පිළිතුර: - අපි සන්ධානයක්. විවිධ මත දරන පක්ෂ මෙතැන ඉන්නවා. නමුත් අපි බොහොම සමගි සම්පන්න සන්ධානයක්. ඒ නිසා විවිධ මත දැරුවත් අපි වාද විවාද කරලා අවසානයේ බහුතරයේ අදහසට එකඟ වෙලා එය ක්‍රියාවට නැගීමට කටයුතු කරනවා. ඒ නිසා බෙදීමක් ඇති වන්නේ නැහැ. එන්න එන්නම අපි ශක්තිමත් වෙලා තිබෙනවා. අපෙන් ආණ්ඩුවට යනවා වෙනුවට ආණ්ඩුවෙන් අපේ පැත්තට එන්නේ ඒ නිසයි.ප්‍රශ්නය: මහින්ද අමරවීර මහතා කියනවා විශ්වාසභංගය ගෙන ඒම අපරාධයක් කියලා.පිළිතුර: - ඒ ගැන එතුමා හමුවුණ වෙලාවකම කතා කරලා බලන්න ඕන. මොකද විශ්වාසභංගයක් ගෙන ඒම ගැන මුලින්ම අපිත් සමග සාකච්ඡා කළේ එතුමායි. අනෙක් අය ආවේ ඊට ගොඩක් පසුවයි. එතුමා මේ තරම් වෙනසකට ලක්වුණ හේතුව අපිට දැනගන්න වෙන්නේ හමු වී කතා කළ පසුවයි
ඉතිහාසයේ වූ පොරොන්දු ඉටුකරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව එක්වන්න
0
hp_train_1165
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 685 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,16,209 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 770 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,56,857ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා ආසාදිතයන් 3555ක් අද දින වාර්තා වෙයි
0
hp_train_1166
(මනෝප‍්‍රිය ගුණසේකර)මහරගම ප‍්‍රදේශයේ වෙළඳසැළකට කඩාපැන ගිනි අවි එල්ල කර එහි තිබූ රුපියල් ලක්‍ෂ 1 1/2කට ආසන්න මුදල් හා රන් ආභරණ කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වූ කොල්ලකරුවන් දෙදෙනකුට වසර 27 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා රුපියල් 90,000/- බැගින් දඩ මුදල් ද නියම කළේය.කොල්ලකරුවන්ගේ ක‍්‍රියා හේතුවෙන් සමාජය භීතියට පත් වන බවත් මෙම විත්තිකරුවන් මීට පෙර අවස්ථාවලදී කොල්ලකෑම් සිදුකිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වී ඇතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය.චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ ජගත් සුරංග පෙරේරා සහ නිශාන්ත පෙරේරා නමැති විත්තිකරුවන්ටය.2007 දෙසැම්බර් 4 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මහරගමදී වෙළඳසැළකට කඩාවැදී ගිනි අවි පෙන්වා රුපියල් 148,000ක්  හා රන් අබරණ කොල්ල කෑ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් වෙන වෙනම නඩු පවරා තිබිණි.මේ සම්බන්දයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන් විසින් මහරගම ප‍්‍රදේශයේ වෙළඳසැළකට කඩාවැදී හිමිකරුට ගිනි අවි පෙන්වා එහි තිබූ රුපියල් 35,000 ක් හා රුපියල් 1,13,000 ක් වටිනා රන් අබරණ කොල්ල කෑ බවට සාක්කි අනාවරණය විය.නඩු විභාගය අවසානයේ දී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් කළේය.
කොල්ලකරුවන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවම්
1
hp_train_1167
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර ඇති බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සිදුවීමට නියමිත පසුගිය වංචා දූෂණ පරීක්ෂණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය පතන බවද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකළපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත්වෙනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මට ආශිර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලු දෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලු දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජිවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වනවිට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරියකු කැඳවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණාද?සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනි තබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලු දෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවකුත් විරුද්ධ වුණේ නැහැ.අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවාද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.අපි දැන් ඇමෙරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්ෂණ කීයක් තිබෙනවාද? මාධ්‍යයෙන් කොංග්‍රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමෙරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලුත් දෙයක් නොවේ.යම් යම් දේ සිදුවුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඬේ ගියා. ලංකාදීපේ කඬේ ගියා. දිවයින කඬේ ගියා. අද පත්තරේ කඬේ ගියා. ලක්බිම කඬේ ගියා. දිනමිණ කඬේ ගියා. සිළුමිණ කඬේ ගියා. දෙරණ කඬේ ගියා. කඬේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඬේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා දූෂණ, වහගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තියවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප කළ යුතුදේ සියල්ල කර තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒ නිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.එමෙන්ම අප තවත් පරීක්‍ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දූෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයේ හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇති වී තිබෙනවා.හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදුවුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදු වූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජිමය විසින් ඒ 332 සුබෝපභෝගී ගුවන් යානා 8 ක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාබ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදුවුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඬේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කිව්වා යැයි ඬේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්ෂණ පැවැත්වූවා. ඒ ආකාරයේ සිදුවීම් 2008 සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලුම චෝදනා සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමි වූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතාට මා ස්තූතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ.කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි. හම්බන්තොට වරාය නිසා සිදුවූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලුතෙන් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා : - 1977 වසරේ විප්ලවීය වෙනසක් කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ කැපී පෙනෙන චරිතයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියා. එක්සත් ජාතික පක්‍ෂය වැනි දැවැන්ත පක්‍ෂයක සාමාජිකයන් බවට පත්වීමම අපට අභිමානයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන  මහතා දැමූ අත්තිවාරම මත අද වනවිට ශක්තිමත් සමාජයක්  ගොඩනැඟී තිබෙනවා. අගමැතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමට අප කැපවී ක්‍රියා කරනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා :-  රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන දිවියේ 40වසරට පා තැබීමෙන් පසුව පළමු දේශපාලන රැස්වීම පවත්වන්නේ හැටන් නගරයේදීයි. වතුකරයේ ජනතාව හැමදාම අගමැතිතුන් විශ්වාස කරනවා. සරත් ෆොන්සේකා මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන ලෙස එතුමා කළ ඉල්ලීමට වතුකරයේ ජනතාව ඇහුම්කන් දුන්නා. 1948 වසරේ දී ලංකාව නිදහස ලැබුවත් වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ පුළුල් අධ්‍යාපන සංකල්පය නිසා වතුකරයේ  ජනතාවට අධ්‍යාපනයේ දොර විවෘත වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ ප්‍රදේශවලින් බිහි වුණා. සියලුම ජාතීන් සම අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය යුතු යැයි සිතන එකම නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.රනිල් වික්‍රමසිංහ මහතා තරම් අභියෝග මැද දේශපාලනයේ ඉහළට පැමිණි තවත් නායකයකු නැති බව මගේ හැඟීමයි. වතුකරයේ වත්මන් දේශපාලන ගමන ශක්තිමත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා :- මහ වැසි නොතකා අධික ජනකායක් මෙහි පැමිණ තිබෙනවා. අගමැතිතුමන් පාර්ලිමේන්තු දිවියේ 40 වන වසර සමරමින් සිටිනවා. එතුමන් මුලින්ම මස්කෙළියට පැමිණීම අප සැමට කළ ගෞරවයක් බව කිව යුතුයි. අප රජය යටතේ වැඩ කටයුතු රැසක් අරඹා තිබෙනවා. වසර ගණනාවක් නොසලකා හැර තිබූ මාර්ග රාශියක් දැන් ඉදිවෙමින් තිබෙනවා. ශීඝ්‍ර සංවර්ධනයත් සමග රැකි රක්‍ෂා රාශියක් ඉදිරියේදී බිහිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂ රජයකින් හැර වෙනත් ආණ්ඩුවලින් වතුකරයට සේවයක් සිදුවී නැහැ. ඉතා හොඳ  චරිතයක් ඇති ජනතා නියෝජිතයන් පිරිසක්  අප සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් කරමු. ඉදිරි මැතිවරණවලදීත් කුණුකන්දල් ඉවතලා හොඳ ජනතා නියෝජිතයන්  පත්කරගනිමු. සත පහක දෙයක් මා කිසිදු වංචාවක් කර තිබේ නම් ඔබ මට ඇඟිල්ල දිගු කරන්න. මා එසේ කරන්නේ සැබෑ ජනතා මෙහෙවරක් කිරීම සඳහායි යැයිද කීය.(ඡායාරූප - ශාන්ත රත්නායක)
දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජික ඇමැති තනතුරුවලින් ඉවත්කරන්න
0
hp_train_1168
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින නව ව්‍යාපාරික අදහස් ඇති උපාධිධාරි ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිලාභ ලබාදීමේ ජාතික වැඩසටහන අද (08) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ  මූලිකත්වයෙන්  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.සෞභාගයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව රට තුළ ශක්තිමත් දේශීය ව්‍යවසායක පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කොට ගනිමින්, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කොට ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් මෙම ප්‍රතිලාභ ලබාදෙන ලදී.රට තුළ නව ව්‍යවසායකයින් බිහි කිරීම, විවිධාංගීකරණය සහ ප්‍රමිතිය ඔප් නැංවීම තුළින් පවතින ව්‍යාපාර සවිබල ගැන්වීම යන අරමුණු සදහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.ඒ අනුව උපාධිධාරි ව්‍යවසායකයන් 146 දෙනෙක් වෙත රු 150,000ක අවමයකට සහ රුපියල් 400,000ක උපරිමයකට යටත්ව මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කෙරිණි. ඔවුන් දේශීය ව්‍යවසායකයින් ලෙස බලගැන්වීමේ ඇති වැදගත්කමත්, ඉදිරියේදී තවත් උපාධිධාරි ව්‍යවසායකයින් වැඩි ප්‍රමාණයකට සිය ආයතනයේ සහාය ලබාදීමට සුදානමින් සිටින බවත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා අදහස් දක්වමින් පැවසිය.මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චුලානන්ද පෙරේරා, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
ජාතික ව්‍යවසාය සංසදය පිහිටුවයි
0
hp_train_1169
ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද  සංවිධානය කර තිබිණි. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340  ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස්  330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ.  මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ  WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල  හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “   පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත්  සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබඳව අදහස් දක්වමින්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග  මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා  ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස්  330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල  ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ්  L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස්  330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී.ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද  සංවිධානය කර තිබිණි. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340  ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස්  330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ.  මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ  WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල  හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “   පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත්  සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබඳව අදහස් දක්වමින්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග  මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා  ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස්  330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල  ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ්  L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස්  330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී.    
ලෝකයේ හුදෙකලා හස්තියා ‘‘කාවන්‘‘ට මිතුරෙක්
0
hp_train_1170
බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට, විශේෂයෙන් උදයකාලයේදී වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාත් වල, විශේෂයෙන්ම සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැයට කිලෝ මීටර් 70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.
‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘
0
hp_train_1171
(සුමිත් ප්‍රේමතිලක)මන්නා පිහි පෙන්වා කාන්තාවන් බියගන්වා ගෙල බැඳි රන්මාල කොල්ල කෑ " පානදුර මන්නයා" නමැති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ ගෝලයා  ජීව අත්බෝම්බයක් , කඩුවක්, මන්නාපිහි දෙකක් සමග අත්අඩංගුවට ගෙන  කොල්ල කෑ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ  සහ යතුරුපැදියක් ද අද  (25) සොයාගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ පාණදුර, කලුදෑවල  සහ දිබ්බැද්ද ප්‍රදේශවල පදිංචි 29 සහ 43 හැවිරිදි   පුද්ගලයින් දෙදෙනෙකු බව පැවසේ.ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම පානදුර , මෝදරවිල ක්‍රීඩාංගණය අසලදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වලට අලෙවි කර තිබූ රන්මාල හයක්, පෙන්ඩන් දෙකක් සොයාගෙන ඇති අතර , ඔවුන් පැමිණි යතුරුපැදියද පිළියන්දල ප්‍රදේශයෙන් සොරකම් කල එකක් බැව් හදුනාගත් බව වැටලීමට එක්වූ පොලිස් නිලධාරීයෙක් කීය.මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙල මන්නයකින් කපා ඝාතනය කිරීමේ වරදට වසර 27 කට අච්චු විද එය වසර 17 කින් ගෙවීයාමෙන් පසු නිදහස්ව ඇති "මන්නයා" යන අන්වර්ත නාමයෙන් හදුන්වන  ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ සහායකයාට එරෙහිව  ගල්කිස්ස, පිලියන්දල, මොරොන්තුඩුව, පානදුර සහ හිරණ ඇතුළු පොලිස් බල ප්‍රදේශවල රන්මල් කොල්ලකෑම් සහ යතුරුපැදි සොරකම් සම්බන්ධ චෝදනා දහයකට ආසන්න ප්‍රමාණයක් පවතින  බැව් පොලිසිය කීය.ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙලබැදි රන්මාලය කොල්ලකන මොහොතේ එයට මැදිවූ ඇයගේ ස්වාමිපුරුෂයාගේ අත්දෙකට මන්නයකින් පහරදීම  සහ පින්වත්ත ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට මන්නයක් පෙන්වා බියගන්වා රුපියල් තිස්තුන් දහසක් කොල්ලකෑම ඇතුළු චෝදනා සැකකරුවන්ට එල්ලවී ඇතැයිද පොලිසිය කියයි . සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .පානදුර කොට්ඨාස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ,පොලිස් අධිකාරී 1 උදය අමරතුංග සහ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.සී.එස්. අමරසිංහ  යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක එම්.එස්.පී. ලිවේරා , සැරයන් අබේසේකර (39811), කොස්තාපල්වරුන් වන තුෂාර (79335), මධුරංග (88245), ප්‍රියසමර (35145), ගුණරත්න (29631) වැටලීමට එක්වූහ .  
කාන්තාවන් බිය ගන්නවා කොල්ල කෑ තිදෙනකු අල්ලයි
0
hp_train_1172
(ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර් හි රැදී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් 122 ක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය.ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1193 දරන මෙම ගුවන් යානය උදෑසන 9.05 ට ඉන්දියාවේ කොයිම්බතූර් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් විය.ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු  මෙම ගුවන් යානයේ ගමන් කළහ.ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙම ගුවන් ගමන සඳහා ඒ.- 321- 251 එන් වර්ගයේ එයා බස් ගුවන් යානාවක් යොදවා තිබුණි.මෙම ගුවන් යානය මගීන් පිරිස ද රැගෙන  යළි දහවල් 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය. 
ශ්‍රී ලංකා - රුසියා ගුවන් ගමන් වසර හයකට පසු නැවත අරඹයි
0
hp_train_1173
සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චිබලන්ගොඩ  රජවක රක්ෂිතයේ  පියන්ගිරිය   කොටසේ  ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ  අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයෙකුට  රුපියල්  45000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (06) දා නියෝග කලේය.රජවක ප්‍රදේශයේ පදිංචි  චිමින්ද පතිරන නැමැත්තෙකුට මෙලෙස දඩ නියම විය. අයුතු ලෙස රක්ෂිතයට ඇතුළු වි  පතල් කපා රක්ෂිතයට හානි සිදු  කිරීමෙි  චෝදනාවට  ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු විය. බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මොහු  අත්අඩංගුවට ගෙන නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළහ. 
ඇඳිරිය වේලාවේ රක්ෂිතයේ මැණික් ගැරූ අයෙකුට දඩ
1
hp_train_1174
 (බිමල් ෂ්‍යාමන් ජයසිංහ)  ගෙවුනු පැය 24  තුළ  (අද පස්වරු  6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 558 දෙනෙකු අත්අඩංගුවට  ගෙන වාහන  139 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . පසුගිය මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා දින 46 තුලදී  ඇඳිරි නීතිය උල්ලංඝණය  කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 46842  ක්  අත්අඩංගුවට ගෙන  වාහන 12152   දිවයිනේ පොලිසිය ස්ථාන මඟින් සිය බාරයට ගෙන ඇති බව දිවයිනේ පොලිස් ස්ථාන මගින් දෛනික වාර්තා අනුව සඳහන් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාස වැඩි දුරටත් සඳහන් කරයි . 
පැය 24 තුල දී ඇදිරිය කඩ කළ පුද්ගලයන් 558 ක් අත්අඩංගුවට
1
hp_train_1175
මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ  පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක‍වලත් වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවකියයි.දකුණු පළාතේ  විටින් විට පැයට කිලෝ මීටර්  50 පමණ දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35258550සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමඩකලපුව35268565සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ31278070වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29269080වැසි ස්වල්පයක් ඇති විය හැකයාපනය33278060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර31229060සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකනුවරඑළිය21139580වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය32249065වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය35259060සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම31269070ප්‍රධාන වශයෙන් වැසි රහිත                               
‘පළාත් කීපයට හෙට වැසි‘
1
hp_train_1176
 (කුෂාන් ජයවර්ධන) පලාගල ප්‍රාදේශීය සභාවේ ඉදිරි වර්ෂය සදහා වන අයවැය අද (17) සභාගත කෙරිණ. එහිදි එම අයවැය වැඩි ඡන්දයකින් සම්මත විය. පලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඒ.වික්‍රමසිංහ මහතා විසින් අය වැය සභාවට ඉදිරිපත් කරනු ලැබීය. අයවැයට පක්ෂව ඡන්ද 09ක් හිමිවු අතර ඊට විපක්ෂව හිමි වුයේ ඡන්ද 08කි. අයවැය සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදි පලාගල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිපි.එල්.ඒරසිදු(ශ්‍රිලංනිප),  ආණ්ඩු පක්ෂයේ සභිකයින් වන ඩි.එම්.ජයන්ත රාජපක්ෂ(පොජපෙ) හා ඩී.එම්.නන්දන දිසානායක (ශ්‍රිලංනිප) යන මහත්වරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. විපක්ෂය නියෝජනය කරන  ජේ.අෆිස්දීන්(එජාප) හා එච්.එල්.ඉර්ෂාද් (එජාප) යන සභිකයින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම ද විශේෂත්වයකි. ජනතා විමුක්ති පෙරමුණේ සභිකයාද අය වැය සදහා විරුද්ධව ඡන්දය භාවිතා කළ සෙසු පිරිස අතර වූයේය.
පස්සර ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 20 කින් සම්මතයි
0
hp_train_1177
(මනෝජ් හර්ෂික)කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනක කාලය තුළදී ජල සැපයුම විටින් විට අත් හිටුවීමට හා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.කෙත්හේන ජල පවිත්‍රාගාරයේ වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන්  ජලාපවාහන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.ඒඅනුව වාද්දුව, කළුතර(උතුරු/දකුණු), කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල,මග්ගොන,බේරුවල,කළුවාමෝදර,මොරගල්ල,අළුත්ගම,දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන් වෙත මෙම තීරණය බලපැවැත්වේ.කෙත්හේන ජල පවිත්‍රාගාරයේ වැඩි දියුණු කිරීමෙන් පසුව පැය 24 පුරාම අඛණ්ඩව ජල සැපයුම පාරිභෝගිකයන්ට ලබා දිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි
0
hp_train_1178
(ඩයනා උදයංගනී)විදේශ වලින් ගෙන්වන ආහාර සහ අනෙකුත් භාණ්ඩ ගැන වහා සමීක්‍ෂණයක් සිදුකර රටට සුදුසු හා අවශ්‍ය දේ පමණක් ගෙන්වීමට තීරණයක් ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බ්‍රහස්පතින්දා (4) පැවසීය.රටේ ආර්ථිකයටද එය වැදගත් බව කී ජනාධිපතිවරයා රටේ දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙළේදී දේශීය නිෂ්පාදනවලට මුල්තැන දෙමින් අදාළ සියලූ අංශ ඒකාබද්ධ කරගත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතු බව ද සඳහන් කළේය.රටක පොහොසතුන් සිටිය යුතු නමුත් ඔවුන් රට පාලනය නොකළ යුතු බව කී ජනාධිපතිවරයා රටක පාලනය තිබිය යුත්තේ මධ්‍යම පාන්තිකයන් අතර බවත්, තියෙන මිනිසුන්ගේ වත් පොහොසත්කම් නැති මිනිසුන් අතරේ බෙදීයාම සිදුවිය යුතු බවත් කියා සිටියේය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ දිළි`දුකම පිටුදැකීමේ වර්ෂය ලෙස 2017 වසර නම් කිරීමෙන් අනතුරුව රජය විසින් ක‍්‍රියාත්මක කරන ‘ග‍්‍රාම ශක්ති’ ජනතා ව්‍යාපාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී බ්‍රහස්පතින්දා (4) පැවති වැඩසටහනට සහභාගී වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය.‘‘මේ වර්ෂය දුගී බවින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස නම් කිරීමත්, මේ වර්ෂය තුළ කළ යුතු කාර්යයන් ආරම්භ කරන්නට ලැබීමත් ගැන මා ඉතාමත් සතුටු වෙනවා. අපේ රටේ, දුගී භාවය සහ දුගීබවින් නිදහස්වීම පිළිබඳව, ආර්ථික දරිද්‍රතාවය පිළිබඳව කතා කළොත් ඉන් නිදහස්වීම සඳහා ගෙවී ගිය දශක කිහිපයේ, විශේෂයෙන්ම නිදහසින් පසු ලංකාවේ ක‍්‍රියාත්මක වූ විවිධ වැඩසටහන් ජාතික ව්‍යාපාර, ව්‍යාපෘති පිළිබඳව අප කාටත් අත්දැකීම් හා අවබෝධය තිබෙනවා. අපේ රටේ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන්ට පසුගිය දශක 5ක 6ක කාලය ගත් විට මේ පිළිබඳව ඉතා පුළුල් අවබෝධයක් ඇති බව දන්නවා. අපේ රටේ සහනාධාර, අඩු ආදායම්ලාභී පවුල්වලට දෙන පහසුකම්, ශුභසාධන කටයුතු මේ කාර්යයන් ගත් විට මුල් කාලසීමාවේදී හාල් පොතෙන් ආරම්භ වුණා. ඉන් පසුව 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය බලයට පත් වී පළමු අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමති රොනී ද මැල් මහතා හාල් පොත අහෝසි කිරීම අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා.ඉන්පසු රණසිංහ ප්‍රේමදාස මහතා නායකත්වය දුන් ජනසවිය වැඩසටහන රටට ආවා. ඉන්පසු 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පාලනය ආරම්භවීමත් සමඟ සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වුණා. පසුගිය කාලයේදී සමෘද්ධි ව්‍යාපාරය ගැමි දිරිය බවට පත්වුණා. මේ අංශ, ව්‍යාපෘති, ජාතික වැඩසටහන් මෙන්ම ඉන් බාහිරව විවිධ අමාත්‍යාංශ, ආයතන යටතේ ජාතික වශයෙන්, පළාත් වශයෙන් සහ දිස්ත‍්‍රික්, ප‍්‍රාදේශීය වශයෙන් ක‍්‍රියාත්මක වූ වැඩසටහන් ගැන ඔබ අප කාටත් අතීත අත්දැකීම් තිබෙනවා. ඒ අතීත අත්දැකීම් හා අවබෝධය සමඟ අපි ආරම්භ කළ මේ ‘ග‍්‍රාම ශක්ති’ නව වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා මම ඔබ සියලූ දෙනාගේ සහය ඉල්ලා සිටිනවා.මේ වැඩසටහන කැපවීමෙන්, වුවමනාවෙන්, උනන්දුවෙන්, ආත්ම විශ්වාසයකින්, ධෛර්යවත්ව ක‍්‍රියාත්මක කර අප බලාපොරොත්තු වන ඉලක්ක කරා යාමට සහය දේ යැයි රටේ රාජ්‍ය සේවයේ සිටින අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට කේෂ්ත‍්‍රයේ සිටින සියලූම කේෂත‍්‍ර නිලධාරීන් දක්වා සෑම කෙනෙක් කෙරෙහිම මම විශ්වාසයක් තබනවා. අපේ රට යුද්ධය නිසා පීඩා විඳි රටක් ලෙස ආර්ථිකයේ ඇති වූ අඩාළවීම්, දුගීභාවය වැඩිවීම තුළ ප‍්‍රධාන වශයෙන්ම අද අපි රටක් ලෙස දුගී බවින් නිදහස්වීමට උත්සාහයන් ගනිමින් සිටිනවා.ඒ සඳහා මෙම වැඩසටහන් මෙන්ම ඉන් බාහිරවත් විවිධ තවත් බොහෝ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. අපේ එස්.බී දිසානායක මැතිතුමා සමෘද්ධි, ගැමිදිරිය ව්‍යාපාරය තුළ නායකත්වය දෙනවා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනවා. අපි මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමේ දී අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කර සරත් අමුණුගම ඇමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විද්වතුන් රාශියක් ද ඒ වෙනුවෙන් එක්කරගෙන තිබෙනවා. එමෙන්ම ලෝක බැංකුව ඇතුළු අපට මුදල් දෙන ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී ආයතනවල සහයෝගය තුළ මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.මෙම වසරේ දී ග‍්‍රාම ශක්ති වැඩපිළිවෙළට අමතරව බොහෝ අමාත්‍යාංශවලට මෙම විෂය කේෂ්ත‍්‍රයට අදාළ බොහෝ ව්‍යාපෘති සඳහා අරමුදල් වෙන් කර තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස, කෘෂිකර්මය, වාරිමාර්ග, සමාජ ශුභසාධනය, පානීය ජල ව්‍යාපෘති ආදී රාශියක් ඒ අතර තිබෙනවා. මේ සියල්ලේම මූලික ඉලක්කය වන්නේ මේ රටේ පොදු ජනතාවට, විශේෂයෙන්ම දුප්පත් ජනතාවට ප‍්‍රතිලාභය ලබාදීමයි. ‍මේ වැඩසටහන අද හඳුන්වා දෙනවා මෙන්ම ලබන මාසයේ සිට සෑම දිස්ත‍්‍රික්කයකටම පැමිණෙන්නත් මා බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනේ ආරම්භක අවස්ථාවන් හා තිබෙන තත්ත්වයන් ගැන ආයතන ප‍්‍රධානීන් හා කේෂ්ත‍්‍ර නිලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.අපේ රට වශයෙන් මෙවැනි වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේදී අපේ කලාපය තුළ තිබෙන මෑත භාගයේ දී දියුණුවක් ලැබූ තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවලට ගිය විට අපි දකින දේවල් තිබෙනවා. විශේෂයෙන්ම දේශීය, ග‍්‍රාමීය කර්මාන්ත තුළ ආදායම් තත්ත්වයන් වැඩිවීම, අපනයන පිළිබ`දව ඇතිවී ඇති වර්ධනයන්, විදේශ වත්කම් ඉහළයාම ආදී ආදර්ශයන් ලබාගත හැකියි.මීට මාසයකට පමණ පෙර අපි මෙම ස්ථානයේම තිරසර සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව කෘෂිකාර්මික ජාතික ප‍්‍රදර්ශනය පැවැත්වුවා. එහිදී එක් එක් පළාත්වලින් පැමිණ සිටි හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල කුඩා ව්‍යවසායකයන්ගේ බොහෝ නිෂ්පාදන තිබුණා. කාන්තා සංවිධානයක් විසින් නිෂ්පාදනය කළ විදේශ වෙළෙඳපළට සුදුසු තත්ත්වයේ කාන්තා අත්බෑග් මා දුටුවා. මේවා වෙළෙඳපොළට යැවීම ගැන මා ඔවුන්ගෙන් ඇසූ විට ඔවුන් කීවේ තවමත් ඒ සඳහා නිසි මගපෙන්වීම නොලැබුණු බවයි.හැකියාව, දක්‍ෂතාවය, නිර්මාණශීලීබව, කුසලතාව තිබෙන හැකියාවන් හා දැනුම ඇති පිරිස් මේ රටේ විශාල වශයෙන් ග‍්‍රාමීය හා නාගරික ප‍්‍රදේශවල සිටිනවා. නමුත් අපේ ඇතැම් අංශයන්හි ඇති අඩුපාඩුකම් නිසා ඔවුන් ඉදිරියට එන්නේ නැහැ. මේ මාසයේ සිට පිටරටින් මල් ගෙන්වන්න  ඕන කෙනෙකුට අවස්ථාව දී ඇති බව මට දැනගන්නට ලැබුණා. මම ඊයේ මහ බැංකුවේ අධිපතිතුමා ගැන සාකච්ඡා කරන අතර විදේශවලින් ගෙන්වන ආහාර සහ අනෙකුත් භාණ්ඩ ගැන වහා සමීක්‍ෂණයක් සිදුකර සුදුසු හා අවශ්‍ය දේ පමණක් ගෙන්විය යුතු බව කීවා.  මල් වගාකරන අය විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ නිසා පිටරටින් මල් ගෙන්වීමේ කිසිම උවමනාවක් නැහැ. අපි විදේශ වත්කම් ගැන කතා කරද්දී මල් වගේ දෙයක් ගෙන්වන්න යන්නේ පොඩි ගණනක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් ලොකු ගණන හැදෙන්නේ පොඩි ගණන් එකතු කළ විටයි.ගිය මාසයේදී මේ ස්ථානයේ පැවැත්වූ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ කුටියේ තිබුණෙ විදේශවලින් ගෙන්වන පලතුරුවල හැඩයට ප්ලාස්ටික් ආවරණවල ඇති කුඩා දරුවන් ප‍්‍රිය කරන පානයක්. මෙය කිසිම තැනකදී පරීක්‍ෂාවට ලක් නොවන බව එතැන සිටි වෛද්‍යවරුන් මට පැවසුවා. ලස්සන දොඩම් ගෙඩි, කෙසෙල් ගෙඩි, මිදි පොකුරු හැඩයට ඇති මේවා දරුවන් කටේ තියාගෙන පානය කරනවා. මේවා අපේ විදේශීය වත්කම් වැයවන දේවල්. ඔය විදියට ගත් විට අපි අපිට නුසුදුසු දේ කොපමණ ගෙන්වනවාද කියා සිතිය යුතුයි.‘ග‍්‍රාම ශක්ති’ වැනි ජාතික ව්‍යාපාරයක් අපි පටන්ගත යුත්තේ දේශීය කර්මාන්ත නැංවීමත් අරමුණු කරගෙනයි. මෙය ක‍්‍රියාත්මක කරන ග‍්‍රාමනිලධාරී කොට්ඨාසවල ජනතාව දුගීභාවයෙන් නිදහස් කරගැනීමේ වැඩසටහනේ දී සියලූ අංශවල පුළුල් ඒකාබද්ධ වැඩසටහනක් අවශ්‍ය වෙනවා. එස්.බී දිසානායක මහතාගේ අමාත්‍යාංශය ඉතා සමීපව මේ විෂයට අදාළව කටයුතු කරන අමාත්‍යාංශයක්. ඒ සියලූ ව්‍යාපාර මේ හා සම්බන්ධ වී කටයුතු කිරීම වැදගත් වෙනවා.මා පොළොන්නරුවේ ගිය විට එහි සිටින මගේ පියා පමණ වයසේ හිතවත් අයෙක් මුණගැසෙන්න යනවා. මීට මාස එක හමාරකට පමණ පෙර මා ඔහු බලන්න යද්දී ඒ නිවසේ සිටින ඔහුගේ වැඩිමහලූ පුතා තාත්තා නිවසේ නැහැ කීවා, ඔහු නැති අවස්ථාවක මල්ලී පැමිණ ඉඩමත්, කුඹුරත් ලියාගැනීම සඳහා ඇදේ සිටි තාත්තා උස්සාගෙන ගොස් ඇති බව කීවා. දුගීභාවය තුළ මෙවැනි සමාජ තත්ත්වයනුත් ඇතිවෙනවා. සමහර විට ඔහු මේ වන විට පියාගේ අත්සන අරන් ඇති.දුගීභාවය පිළිබඳ කතා කරන විට සමාජයේ ඇති සියලූ තත්ත්වයන් සැලකිල්ලට ගත යුතුයි. මේ සඳහා ග‍්‍රාම නිලධාරී වසම් තෝරාගැනීමේදී එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් ග‍්‍රාම නිලධාරී වසම් දෙකක් තෝරාගැනීම කරනවා. මෙතැන සිටින කවුරුත් දරිද්‍රතාව වැඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මොනවාද යන්න දන්නවා. ඒ තෝරාගැනීම මෙන්ම ඊට අවශ්‍ය මෙහෙයවීම මෙන්ම මෙවැනි කාර්යයකදී ආර්ථික සංවර්ධන නිලධාරී. ග‍්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරී ආදී කේෂ්ත‍්‍රයේ නිලධාරීන් සියලූ දෙනා ඒකරාශී කරගැනීම වැදගත්.මේ කටයුත්ත කිරීමේදී අපේ සම්පත්, ජනතාව, රජය, පෞද්ගලික ආදී මේ සියලූ දෙනා ඒකාබද්ධව ඇති කරගත යුතු එක`ගතාවන් සම්පත් හුවමාරුකර ගැනීම ඉතාමත් වැදගත්. අපි වැඩි වැඩ කොටසකුත් එක්ක වැඩි කාර්යක්ෂමතාවකින් කටයුතු කර ඉදිරියට යාමේ අවශ්‍යතාව අපි හැම කෙනෙක්ම පිළිගන්නවා. රටක ඇති නැති පරතරය දුගී භාවය වත්පොහොසත්කම් ආදිය ගත්විට අපේ රටත් ලෝකයේ අනෙක් රටවල් වගේමයි.සරත් අමුණුගම ඇමතිතුමා පැවසුවා රටක පොහොසතුන් ඉන්න  ඕනෑ කියලා. රටක පොහොසතුන් සිටිය යුතුයි. නමුත් පොහොසතුන් රට පාලනය නොකළ යුතුයි කියන එකයි මගේ අදහස. මධ්‍යම පාන්තිකයන් අතේ තමයි රටක පාලනය තිබිය යුත්තේ. දාර්ශනිකයන් කියන දෙයක් තමයි පොහෙසතුන් රාජ්‍ය පාලනය නොකළ යුතුයි කියන එක. තියෙන මිනිසුන්ගේ වත්පොහොසත්කම් නැති මිනිසුන් අතරේ බෙදීයාමත් සිදුවිය යුතුයි.ග‍්‍රාම ශක්ති මේ වැඩපිළිවෙළ වඩාත් සාර්ථකව ඉදිරියට ගෙන ගොස් මේ රටේ දුගී භාවය නැතිකර තිරසර සංවර්ධන වැඩපිළිවෙළ තුළ අපි බලාපොරොත්තු වන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට ඔබ සෑම කෙනෙකුගේම සහය ඉල්ලා සිටිනවා. මේ වැඩසටහන සකස් කිරීමේදී සරත් අමුණුගම ඇමතිතුමා ඇතුළු අමාත්‍ය අනු කාරක සභාව, විශේෂඥ මණ්ඩලය ඇතු`එ කාර්ය මණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා.’’ යැයි ද ජනාධිපතිවරයා පැවසීය.ග‍්‍රාම ශක්ති වැඩසටහනේ මෙහෙයුම් කමිටු සභාපති, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.‘‘මේ වර්ෂය දිළි`දුකම පිටුදැකීමේ වර්ෂය ලෙස නම්කිරීම හා එය ජාතික ප‍්‍රතිපත්තියක් බවට පත්කිරීම ගැන මම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමේදී දිළි`දුකමේ ප‍්‍රමාණය, රජය මෙයට පිළිතුරු සොයන්නේ කෙසේද?, ගැමි ජනතාව මෙයට පිළිතුරු සෙවිය යුත්තේ කෙසේද?, මෙම ව්‍යාපාරය දියත් කිරීමේදී සැලකිලිමත් විය යුතු දේ ආදී සියල්ල ගැන අවධානය යොමු කළ යුතුයි.මහබැංකුව විසින් ලබාදුන් 2016 වසරේ වාර්තාව හා තවත් වාර්තා අනුව දිළිඳුකම පිටුදැකීම අතින් දියුණුවන රටවල් අතර අපි ඉදිරියෙන් සිටිනවා. අපේ රටේ ජනගහණයෙන් සියයට 0.4ක් අති දරිද්‍රතාවෙන් පෙළෙනවා. ඒ ප‍්‍රමාණය අනුව එය ලංකාවේ විශාල ප‍්‍රශ්නයක් නෙවෙයි. නමුත් සියයට 14ක් පමණ සාපේක්‍ෂ දුප්පත්කමින් පෙළෙනවා. හදිසි ආපදා ආදිය නිසා එම ප‍්‍රමාණය සියයට 20ක් පමණ වෙනවා. අපි මේ පිරිස වෙනුවෙන් මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ යුතුයි.යුද්ධයෙන් පීඩාවට පත් මුලතිව්, මඩකළපුව, මන්නාරම, කිලිනොච්චි ආදී දිස්ත‍්‍රික්කවල මෙන්ම මොනරාගල, බදුල්ල වැනි දිස්ත‍්‍රික්ක දරිද්‍රතාව වැඩි දිස්ත‍්‍රික්ක ලෙස හඳුනාගෙන තිබෙනවා. රජය දැනටමත් මේ ප‍්‍රජාව වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කරනවා. රජය මුදල් හා නිලධාරීන් ද ලබාදී තිබුණත් දෙපාර්තමේන්තු අතර ඇති තරගය නිසා මෙම වැඩපිළිවෙළ නිසි ලෙස ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙන්කරන සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජන ලබාගත යුතුයි.’’පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් සහ සමාජ සවිබලගැන්වීම් හා ශුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
’රටට සුදුසු අවශ්‍ය දෑ විතරක් රටින් ගෙන්වීමට තීරණයක් ගන්න ඕනෑ’
1
hp_train_1179
(සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි)(පරිවර්තනය - කෝවිද ගුණසේකර)සති දෙකක කාලයක් කොළඹ කාලය ගත කළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දුත පිරිස පසුගිය සතියේ වොෂින්ටන් නුවර තම මූලස්ථානය බලා ගියේය. ඔවුන් දිවයිනෙන් නික්ම ගියේ හිස් අතින් නොව ණය අර්බුදය විසදීම සදහා ඉදිරියේ ගැනෙන පියවර සම්බන්ධයෙන් රජයේ නායකයන් දුන් නව පොරොන්දු රැසක්ද අතැතිවය. මූලෝපායික නොවන සම්පත් වහාම විකුණා දමා ඩොලර් බිලියනක් උපයා ගැනීම එවැනි එක් පියවරකි. ඒ යටතේ සම්පත් හයක් සම්බන්ධයෙන් දැනටමත් රජයේ අවධානය යොමුව ඇත. ඉදිකිරීම් කටයුතු නිම වෙමින් තිබෙන හයාට් හෝටලය, වෝටර්ස් එජ්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය සහ කොළඹ හිල්ටන් හෝටලය ඉන් හතරකි. අනෙක් දෙක විකිණීම සදහා සිදුකළ යුතු කටයුතු සම්පාදන මේ වන විට අවසන් අදියර කරා ළගා වෙමින් පවතී. රජයේ ආරංචි මාර්ගයකට අනුව එම කටයුතු, පෙර සදහන් කළ හතරෙහි කටයුතු වලට වඩා වෙනස්ය.චීන රජයට අයත් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම සමග හම්බන්තොට වරාය අරබයා ඇති කරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුමෙන් ඩොලර් බිලියනයක් උපයා ගැනීම තවත් පියවරකි. ඉදිරි දින දහයක කාලය ඇතුළත ගිවිසුම සම්බන්ධ කටයුතු අවසන් කරන බව රජයේ නායකයෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ පැවසූහ. එහෙත් රජයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය තවමත් මෙම අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් අවසන් ප‍්‍රකාශයක් සිදුකර නොමැත. හම්බන්තොට වරායට අදාළව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යන්නේ යැයි රජය නිවේදනය කළ දිනයේ සිට ඒ සම්බන්ධයෙන් වූ විවිධ කරුණු අධ්‍යයනය කිරීමට පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල උප කමිටු වල කි‍්‍රයාකාරීත්වය හමුවේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය. ගිවිසුමේ කෙටුම්පත අද (13) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය. කැබිනට් හමුව පැවැත්වෙන්නේ සතියේ අගහරුවාදා දින වුවද, ගෙවුණු සතියේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන ඉන්දුනීසියාවේ සංචාරයක නියැළී සිටි හෙයින්, කැබිනට් මණ්ඩල හමුව පැවැත්වීමට නොපැවැත්වීමේ අඩුපාඩුව සපුරනු වස් මෙම සතියේ රැස්වීම දිනයකින් ඉදිරියට ගැනීම සිදුවිය. හම්බන්තොට වරාය ගිවිසුම අරබයා වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඔහුගේ අමාත්‍ය සගයකු වන විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා සමග වාග් සංග‍්‍රාමයක පැටලී සිටින්නේය. පහත දැක්වෙන්නේ ගිවිසුම සම්බන්ධයෙන් වන අමාත්‍ය උප කමිටුවක ප‍්‍රධානීත්වය හෙබවූ අමුණුගමට යැවුනු ලිපියකි.’‘ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා 2017 පෙබරවාරි 24 වැනිදා ඉදිරිපත් කළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සදහා වන අවබෝධතා ගිවිසුමෙහි අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් මාගේ විමර්ශන සහ අදහස් පහත දැක්වේ.‘‘1. මා හට ලබාදී ඇති වරාය පිළිබද වන අවබෝධතා ගිවිසුමට අනුව හම්බන්තොට වරාය පැවරෙන්නේ පෞද්ගලික සමාගමකටය.ඇති කිරීමට යෝජිත එම පෞද්ගලික සමාගම වෙනම වරාය අධිකාරියක් ලෙස කටයුතු කරනු ඇත.මෙයට මා එකග නැත.2. මට ලබාදී ඇති අවබෝධතා ගිවිසුමෙහි හම්බන්තොට වරාය නැවත පවරාදීමක් ගැන සදහන් වන්නේ නැත. එහෙත් පෙර අවස්ථාවල ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය එහි පර්යන්ත සම්බන්ධයෙන් ඇතිකරගත් රාජ්‍ය - පෞද්ගලික ගිවිසුම් වල, එවැනි කොන්දේසි අන්තර්ගත විය.මෙය යෝජිත ගිවිසුමේ ඇති බරපතළ හිඩැසකි.3. මාගේ දැනීමට අනුව වරාය අධිකාරී පනත සංශෝධනය කිරීමකින් තොරව මෙම ගිවිසුම අත්සන් තැබිය නොහැකිය.4. චීන සමාගමට සියයට 80 කුත්, වරාය අධිකාරියට සියයට 20 කුත් හිමිවන පරිදි වරාය බෙදා දීමට ගිවිසුමෙන් නිර්දේශ කර තිබීම ගැන මා හට එකගවීමට නොහැකිය. එයට හේතුව වන්නේ පළමු වසර 20 ඇතුළත හම්බන්තොට වරාය ඉහළ ලාබ ලැබිය හැකි තත්ත්වයට පත්කළ හැකි බැවිනි. මේ නිසා මම යෝජනා කරන්නේ වරායේ හිමිකාරීත්වය සියයට 65 ක් චීන සමාගමකටත්, සියයට 35 ක් වරාය අධිකාරියටත් හිමිවන සේ ගිවිසුම සංශෝධනය විය යුතු බවටය. යෙදවීමට යෝජිත ආයෝජනය සැළකිල්ලට ගැනීමේ දී වරාය අධිකාරියට හිමිවන කොටස අඩු කළ නොහැකිය.5. වසර 99 ක සහනයක් ගැන අවබෝධතා ගිවිසුමෙහි සදහන්ව තිබීමෙන්, පෙර සපයන ලද තාක්ෂණික නියාමන වාර්තා සැළකිල්ලට ගැනීමක් සිදුව නොමැති බව පැහැදිලිය. ඒ නිසා මෙම කාලය සීමාව පහත දැමිය යුතුය. ව්‍යාපෘතිය අවසානයේ කිසිදු අමතර ගෙවීමකින් තොරව සියලූ නිශ්චල දේපළ වරාය අධිකාරියට අයත් විය යුතුය.6. ඉදිකිරීම් සදහා වැය වන මුදලින් සියයට 80 ක් ව්‍යාපෘති බාර සමාගම ගෙවිය යුතුය. එහෙත් මෙහිදී ඉඩමෙහි වටිනාකම සැළකිල්ලට ගෙන නොමැත. එහෙත් අවබෝධතා ගිවිසුමට ඉඩමෙහි වටිනාකමද එකතු කර ඇත. මෙය නිවැරදි නොවන බැවින් සංශෝධනයක් සිදුවිය යුතු බව මාගේ අදහසයි.7. ජාතික ආරක්ෂාව කඩවන අයුරින් කටයුතු සිදුවුවහොත් ගැනෙන පියවර සම්බන්ධයෙන් කිසිදු සදහනක් නොමැත. ජාතික හා කලාපීය ආරක්ෂාව සැළකිල්ලට ගෙන, හම්බන්තොට වරාය දැනට රටේ පවත්නා නීතිමය ව්‍යුහයට ඇතුළත් කරගැනීමට කටයුතු කළ යුතුය.8. ඉඩමේ ප‍්‍රමාණය අඩු කළහොත් ගෙවන මුදල ද අඩුවනු ඇති බව මෙහි සදහන්ය.  එහෙත් සමාගම එකගත්වය පළකර තිබෙන්නේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ අදියර 1 සහ අදියර 2 සදහා පමණක් මුදල් ගෙවීමටය. මේ අනුව සැළකූ විට ඉඩමේ ප‍්‍රමාණයට ගෙවන මුදල හා සමාගම ගෙවීමට එකගත්වය පළකර තිබෙන මුදල අතර සම්බන්ධයක් නොමැත. එමෙන්ම ඉඩමේ වර්තමාන වටිනාකම සහ අනාගත වටිනාකම පිළිබද ඇගයීමක් ද සිදුව නොමැත.9. ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් වනු ඇති බවට අවබෝධතා ගිවිසුමෙහි තැන් කිහිපයකම ඉගි පළකර ඇත.ඒ හමුවේ වරායේ මුළු වටිනාකම ලෙස ව්‍යාපෘතියේ වටිනාකම වන මෙම ඩොලර් බිලියන 1.4 ගෙනහැර දැක්වීම නිවැරැුදි නොවේ. එම සදහන ඉවත්විය යුතුය. මුලූ වටිනාකම ගණනය කිරීම සදහා ආර්ථික හෝ වෙළෙද මට්ටමින් තක්සේරුවක් සිදුව නොමැත. ව්‍යාපෘතිය දියත් කෙරෙන භූමියේ මූලෝපායික වශයෙන් ඇති වැදගත්කමද මෙහිදී සැළකිල්ලට ගෙන නොමැත.10. අවබෝධතා ගිවිසුමට අනුව බදු පැනවිමේ බලය ලබාදී ඇත්තේ පෞද්ගලික සමාගමටය. මෙම කාර්යය පෞද්ගලික සමාගමක ට පවරා දීම කොළඹ වරායට විශේෂයෙන් දේශීය ව්‍යාපාරිකයන්ට, සහ ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට බලවත් තර්ජනයක් වනු ඇත. (ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය වරාය ගාස්තු සම්බන්ධයෙන් ස්වාධීන තීරණ නොගන්නා අතර, මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මත පමණක් එම ගාස්තු හදුන්වාදීම සිදුකරයි)11. මාගම්පුර වරාය කළමනාකරන සමාගමට බදවාගනු ලබන සේවකයන්ගේ රැකියා සුක්ෂිතභාවය පිළිබද සදහනක් නොමැත. අනාගතයේ ඇතිවිය හැකි ගැටලූ වළක්වාගැනීම සදහා ඒ පිළිබද සදහනක් එකතු කිරීම වැදගත්ය.12. හම්බන්තොට වරායේ තෙවැනි අදියර දැනට සීමාවන්නේ සංකල්පයකටය.මේ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යනයක් සිදුවිය යුතු නිසා, එවැනි සංකල්පයක් අවබෝධතා ගිවිසුමට ඇතුළත් කිරීමේ හැකියාවක් නැත. සමාගම ගෙවීම් සිදුකරන බව සදහන් කර ඇත්තේ ද අදියර 1 සහ අදියර 2 ට පමණකි.මේ නිසා අදියර 3 පිළිබදව ඇති සදහන ගිවිසුමෙන් ඉවත් කළ යුතුය.13. අක්කර 100 ක කෘති‍්‍රම භූමිය හම්බන්තොට වරායට අයත් කොටසක් නොවේ.එම භූමිය ව්‍යාපෘතිය බාර සමාගමට පවරා දෙන බවට අවබෝධතා ගිවිසුමෙහි සදහනක් ඇත.එවැන්නක් සිදුකළ නොහැකිය.14. පෞද්ගලික සමාගමකට වරාය අධිකාරියේ බලතල පවරාදිය නොහැකිය. තෙවැනි පාර්ශවයකට හෝ එළෙස බලය පවරාදීමක් සිදුකළ නොහැකිය. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සතුව පවතින ඇතැම් සුවිශේෂී සේවා පෞද්ගලික සමාගමකට පවරා දිය නොහැකිය.15. ගිවිසුමට අදාළ වන ඇතැම් ඇමුණුම්, අමුණා නොමැති අතර ඒ නිසා සම්පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත.රණතුංගගේ මෙම ලිපියට අමුණුගමගෙන් ද ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇත. උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී ද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙනු ඇතැයි සිතීම උගහටය. අමාත්‍ය රණතුංග නීතිපතිවරයා සමගද වාදයක පැටලී සිටින අතර, තමා ඉල්ලා සිටි පරිදි කඩිනමින් නීති උපදෙස් සහ අවවාද ලබාදීමට නීතිපතිවරයා කටයුතු කළේ නැතැයි ඔහු නගන චෝදනාවයි. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර ඇත. පෙර අවස්ථාවක ඔහු ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය, අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සම්බන්ධයෙන් ඇති නෛතික පසුබිම නීතිපතිවරයාගෙන් විමසා සිට අතර, නීතිපතිවරයා ඔහුට දැනුම්දුන්නේ වරාය අධිකාරිය ගිවිසුමට අත්සන් කිරීම අරබයා කිසිදු නෛතික හෝ ව්‍යවස්ථාමය ගැටලූවක් නොමැති බවය.මූලෝපායික නොවන සම්පත් විකුණා දැමීමත්, හම්බන්තොට වරාය අවබෝධතා ගිවිසුමක් හරහා ලබාගන්නා මුදල් මේ වන විට ඩොලර් බිලියන 5.4 ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති මූල්‍ය පිරිවැය පියවා ගැනීමට සෑහෙනු ඇතැයි රජයේ විශ්වාසයයි. මුදල් උපයා ගැනීමට අනුගමනය කිරීමට යන්නේ යැයි රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලයට දැනුම්දී ඇති අනෙක් පියවරන් අතර, ඒකාබද්ධ ණය ක‍්‍රමයක් මාර්ගයෙන් ඩොලර් මිලියන 650 ක මුදලක් ලබාගැනීම, අන්තර්ජාතික ස්වෛරී බැදුම්කරයක් මාර්ගයෙන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් උපයා ගැනීම, සහ වෙළෙදපොළෙන් සිදුකරන ඍජු මිලදී ගැනීම් වලින් ඩොලර් මිලියන 500 ක් උපයා ගැනීම ප‍්‍රධානය. එහෙත්  අන්තර්ජාතික මූල්‍ය අරමුදල නැවත නැවතත් ප‍්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ ණය ක‍්‍රමයක් මාර්ගයෙන් මුදල් ලබාගැනීම සහ අන්තර්ජාතික ස්වෛරී බැදුම්කරයක් මාර්ගයෙන් මුදල් උපයා ගැනීම දළ ජාතික සංචිතයන් ශක්තිමක් කරගැනීම සදහා භාවිතා කළ හැකි කි‍්‍රයාමාර්ගයක් ලෙස පිළිගැනීමේ හැකියාවක් නොමැති බවය. වෙළදපොළෙන් කෙරෙන සෘජු මිලදී ගැනීම් සම්බන්ධයෙන්ද අනතුරු අගවා ඇති මූල්‍ය අරමුදල, එසේ කළහොත් රුපියල ඉතා ශීඝ‍්‍රයෙන් අවප‍්‍රමාණය වීම කිසිසේත්ම වළක්වාගත නොහැකි වනු ඇතැයි පවසා තිබේ.විමර්ශනය අවසානයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස නිකුත් කළ ප‍්‍රකාශයට අනුව ශී‍්‍ර ලංකාවේ ආර්ථික පරිහානියට මේ දිනවල පවතින දැඩි නියං කාලගුණය ද ප‍්‍රධාන හේතුවක් බව ඔවුන් පිළිගෙන තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාදී ඇති අමතර අරමුදල් පහසුකමක් මත රටේ ආර්තික වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වන ආකාරය විමර්ශනය කිරීමට මෙම නියෝජිත පිරිස ශී‍්‍ර ලංකාවට පැමිණි අතර, අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හමුවට ප‍්‍රථමයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි නියෝජිතයන් හමුවීමට වොෂින්ටන් නුවර බලා යනු ඇතැයි දැනගන්නට ඇත.නියගයත්, ඒ හමුවේ බරපතළ ලෙස හානියට පත්ව ඇති වී නිෂ්පාදනයත්, නියගයේ වාසිය තමන් වෙතට හරවාගත් ඇතැම් පිරිස් කි‍්‍රයාත්මක කරමින් සිටින සහල් මාෆියාවත් හමුවේ රජය අවසානයේ අවදිව සිටින බවක් පෙනෙන්නට ඇත. ඉදිරි යල කන්නයේ සහ 2017 2018 මහ කන්නයේ අත්විදීමට සිදුවිය හැකි අනතුර කල්තියාම හදුනාගෙන ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය ඊට සූදානම් වීමේ පියවරක් ලෙස වී බීජ බුසල් ලක්ෂ 250 ක ප‍්‍රමාණයක් මිලයට ගෙන ගොවියන් අතර බෙදා හැරීමට සැළසුම් සකස් කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ සදහා රජයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින අතර වී මිලයට ගැනීම සදහා වැයවනු ඇතැයි ගණන් බලා තිබෙන මුදල රුපියල් බිලියන පහකි.සාමාන්‍යයෙන් කන්නයකදී හෙක්ටයාර ලක්ෂ අටක පමණ ප‍්‍රමාණයක් අස්වද්දන නමුත් නියගය නිසා 2016-2017 යල කන්නයේ අස්වැද්දීමට හැකිව ඇත්තේ හෙක්ටයාර ලක්ෂ තුනක ප‍්‍රමාණයක් බවත් අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව ඇත. මේ නිසා වී බීජ නිෂ්පාදනය අවදානම් තත්ත්වයක පවතින බව හදුනාගෙන ඇති ඔහු, 2017 යල කන්නය ඉලක්ක කර සුදුසු ප‍්‍රදේශවල බීජ ගොවිපොළවල් ආරම්භ කිරීමට සැළසුම් තිබේ. අමාත්‍යවරයා මෙසේ සැළසුම් සකස් කරමින් සිටින්නේ ජීවන වියදම සම්බන්ධයෙන වන කැබිනට් උප කමිටුව, ප‍්‍රසම්පාදන වැඩපිළිවෙළ යටතේ රජය වී කිලෝග‍්‍රෑමයක ප‍්‍රමාණයක් වෙනුවෙන් හදුන්වාදී ඇති මුදල නැවත සළකා බැලීමකට ලක්කරමින් සිටින අවස්ථාවකය. එම සළකා බැලීම සිදුවන්නේ තාවකාලිකව හෝ වී මිලදී ගැනීමේ මිල ඉහළ දැමිය හැකිදැයි අධ්‍යයනය කිරීම සදහාය.අවධානයට ලක්ව ඇති තවත් කරුණක් වන්නේ රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ශී‍්‍ර ලන්කන් එයාර්බස් ඒ 350 - 900 ගුවන්යානා කල්බදු ගෙවීම් අවලංගු කිරීම මැයෙන් ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාවයි.මෙම කැබිනට් පති‍්‍රකාවේ අන්තර්ගතය පිළිබද සවිස්තර තොරතුරු පසුගිය 26 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවේ පළවිය. ශී‍්‍ර ලන්කන් කළමනාකාරීත්වය තමන් දැනුම්වත් කිරීමකින් තොරව මුදල් අමාත්‍යාංශය හා කටයුතු කර ඇතැයි හකීම් චෝදනා කළේය. පෙබරවාරි 21 වැනිදා මේ පැවති කැබිනට් හමුවේදී තීරණය වූයේ හෂීම්ගේ කැබිනට් පති‍්‍රකාව අධ්‍යයනය කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් උප කමිටුවක් පත්කරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු බවටය.මෙම තීරණයේ ප‍්‍රතිඵලයක් ලෙස එයාර්බස් ගුවන්යානා තුනහි ඇණවුම් අවලංගු කිරීම නිසා සිදුවූ අගතියට සහනයක් ලෙස ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් වෙත ගෙවීමට මින් පෙර එකගත්වය පළව තිබූ ඩොලර් ලක්ෂ 1540 ක මුදල ගෙවීම, දැනට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා රජය තීරණය කර තිබේ. ශී‍්‍ර ලන්කන් ගුවන්සේවය, ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා ගිවිසුම් ඇතිකරගත් ඩෙන්මාර්ක සමාගමක් වන අර්කැප් සමාගමට ගෙවා ඇති, ප‍්‍රමාණය මේ දක්වාම අනාවරණයව නොමැති මුදල ද, පෙර අවස්ථාවක තැන්පත් කරන ලද ඩොලර් ලක්ෂ 75 ක් වන ආරක්ෂිත තැන්පතුව ද, ඉහත සදහන් කළ ඩොලර් ලක්ෂ 1540 ක මුදලට අයත් නැත. මුල් අවස්ථාවේ සියලූම සාකච්ඡුා සිදුව ඇත්තේ අර්කැප් සමාගම සමග වන අතර, හෂීම් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවට අනුව ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා ගෙවීම් ලෙස එම සමාගම හා එකගතාවට පැමිණ තිබී ඇති මුදල වන්නේ ඩොලර් ලක්ෂ 980 කි.සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ පරිදි ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් හා ශී‍්‍ර ලන්කන් අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුමට ශී‍්‍ර ලන්කන් පාර්ශවයෙන් අත්සන් තබා ඇත්තේ ශී‍්‍ර ලන්කන් ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේය. ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එහි ප‍්‍රධාන විධායක නිලධාරී ෂෝන් සුලෙයිවන්ය.මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති කැබිනට් උප කමිටුව ගෙවීම් වල වෙනස්වීමක් සිදුව ඇත්තේ කෙසේදැයි සහ එසේ කිරීමෙන් රටට අලාබයක් සිදුව ඇතිදැයි සොයා බලනු ඇත.මෙම ගුවන්යානා ඇණවුම් කර ඇත්තේ මෙම රජය නොව පැවැති රජය බවද සදහන් කළ යුතුය.ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටුව නිර්දේශ කර ඇත්තේ වඩා අඩු ගෙවීමකි. අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතාට ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටු හමුවක් අවසානයේ ලිපියක් යවමින් සිදුකර තිබෙන දැනුම්දීම මෙවැනිය.‘‘ ඉතා දීර්ඝ සාකච්ඡාවකින් පසු ඩොලර් ලක්ෂ 750 - 800 සීමාව අතර මුදලක් ගුවන්යානා තුනෙහි ඇණවුම් අවලංගු කිරීමේ සහන මුදල ලෙස ගෙවීම සදහා සාකච්ඡුා කර එකගතාවකට පැමිණීමේ අවසරය ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය වෙත ලබාදීමට තීරණය විය. 2016 සැප්තැම්බර් නව වැනිදාට ප‍්‍රථමයෙන් එකගතාවක් ඇතිකරගත යුතු විය. මාධ්‍ය අවධානය මෙයට යොමු නොවිය යුතු බවටද තරයේ අවවාද කෙරිණි.‘‘මෙහි අවසන් වගන්තියෙන් පැහැදිලි වන්නේ සහන මුදල් ගෙවීම රහසිගතව සිදුකිරීමට අවශ්‍ය වූ බවද? රත්වත්තේ  ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මසය.එනම් මෙම ලිපිය යවා මසකට පමණ පසුවය.පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් අනාවරණය කෙරුණු,  වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයක් මත 1996 ලෝක කුසලානය දිනූ කි‍්‍රකට් කණ්ඩායමේ සාමාජිකයන්ට අතට මුදල් සහ රජයේ ඉඩමක ඉදිකෙරෙන සුඛෝපබෝගී නිවාස සංකීරණයක නිවාස ලබාදීමට අවශ්‍ය අවසරය ලබාගනු වස් මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය හරහා ඔහු ඉදිරිපත් කර තිබූ කැබිනට් පති‍්‍රකාව පිළිබද තොරතුරු හමුවේ යම් කතිකාවකත් ඇතිව තිබේ. ලබාදී තිබූ තොරතුරු සාවද්‍ය වූ හෙයින් ඉදිරිපත් කළ පළමු කැබිනට් පති‍්‍රකාව ඉල්ලා අස්කරගත් බවත්, පසුව දෙවැනි කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ බවත්, මෙගාපොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය. එසේ දෙවැනි කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන ලෙස තමාට කිසිවකුගෙන් වත් ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බවත්, තමාම එය ඉදිරිපත් කළ බවත් ඔහු කීවේය.ඉදිරියේ එන සති කිහිපය රජයට අතිශයින්ම වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. දුන් සහතික සහ පොරොන්දු වෙනුවෙන් පෙනී සිටිමින්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු කටයුතු හා ගෙවීම් රජය හමුවේ ඇති ප‍්‍රධාන කාර්යභාරයි. ගෙවීම් සිදුකිරීම සදහා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රජය කටයුතු කිරීමට යන ආකාරය දැනටමත් දැඩිව විවේචනයට ලක්වෙමින් පවතී. තවත් කරුණක් වන්නේ මූලෝපායික නොවන සම්පත් විකුණා දැමීමෙන් අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජය ගෙන ඇති තීරණයයි. මෙය විපක්ෂයට උණු කැවුම් වැනි මාතෘකාවක් වීම වැළැක්විය නොහැකි වනු ඇත. එහෙත් එසේ යැයි කියා රජය කලබල විය යුතු තත්ත්වයක් ද නැත. මන්ද, විපක්ෂයට තවමත් ප‍්‍රබල හඩක් නැගීමට තරම් ශක්තියක් ළගා කරගැනීමට නොහැකිව ඇති නිසාය.රජය නව කෙටුම්පතකට එකග වෙයි - ශී‍්‍ර ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශී‍්‍ර ලංකාවට තවත් වසරක කාලයක් හිමිවන ලකුණු2014 ජගත් මානව හිමිකම් කොමිසම සම්මත කළ යෝජනාවලියට අනුව වඩාත් ශක්තිමත්ව කටයුතු දියත් කිරීම සදහා ශී‍්‍ර ලංකාවට තවත් වසරක කාලයක් ලබාදීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය සූදානමින් සිටී.මෙම අවසරය ලබාදෙන නව යෝජනාවලියක් ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ මැසිඩෝනියාවේ මැදිහත් වීමෙන් මෙම මස අග භාගයේ දී ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම යෝජනාවලිය ඉදිරිපත් කෙරෙනු ඇත්තේ මාර්තු 22 වැනිදා මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් ඔහුගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.ඉහත සදහන් කළ අනුග‍්‍රාහකයන් ලබාදී තිබූ මෙම යෝජනාවලියට අදාළ කෙටුම්පත පසුගිය ඉරිදා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී සිදුවූ රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමේ අදහස් විමසීමකට යොමු කරනු ලැබූ අතර එහිදී එක්ව සිටි සියලූ දෙනාගේ අනුමැතිය ඊට හිමිවිය. ඇමරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප්, බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් ප‍්‍රධාන වශයෙන් මෙම අදහස් විමසීමට එක්ව සිටි අතර, ඉන්දියා මහකොමසාරිස් ටරන්ජිත් සිං සන්දු මහතාගෙන් ද එක් එක් අවස්ථාවල දී අදහස් විමසිණි. ඉන්දුනීසියාවේ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබුණු අතර, ඔහු වෙනුවට නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මේ සදහා තම සම්පූර්ණ දායකත්වය ලබාදුන්නේය. කෙටුම්පත සම්බන්ධයෙන් එකගතාවකට පැමිණීමෙන් අනතුරුව ජනපති අනුමැතිය ලබාගැනීම සදහා එය ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඉරිදා සන්ධ්‍යාව වන විට යොමු කිරීමට අගමැති වික‍්‍රමසිංහ කටයුතු කළේය.පහත දැක්වෙන්නේ එහි සම්පූර්ණ පිටපතකි.‘‘ ශී‍්‍ර ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම.‘‘‘‘ දෙක කොටස යටතේ‘‘මානව හිමිකම් කවුන්සිලයමානව හිමිකම් පිළිබද විශ්වීය ප‍්‍රකාශනයෙන්, මානව හිමිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති සහ වෙනත් අදාළ කටයුතු මගින්, සපයනු ලබන මාර්ගෝපදේශනය යටතේ් කි‍්‍රයාත්මක වන එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි අරමුණ සහ ප‍්‍රතිපත්තීන් එලෙසම පවත්වාගන්නා බව නැවත සහතික කරමින්ද,2015 ඔක්තෝබර් පළමුවැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වුණු අංක 30 රැු1 දරන ශී‍්‍ර ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබද යෝජනාවලිය (නව) නැවත සහතික කරමින්ද,2012 මාර්තු  22 වැනිදා, 2013 මාර්තු  21 වැනිදා සහ 2014 මාර්තු 27 වැනිදා, පිළිවෙළින් අංක 19/2, 22/1 සහ 25/1 යටතේ ඉදිරිපත් වූ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලීන් සිහිපත් කරමින්ද,සමස්ත ජනගහණය මත බලපැවැත්වෙන පරිදි මානව හිමිකම් සම්පූර්ණයෙන්ම ස්ථාපිත කිරීමත්, මූලික අයිතිවාසිකම් භුක්ති විදීමේ නිදහස තහවුරු කිරීමත්, සාමාජික සියලූ රාජ්‍යයන් අත ඇති වගකීමක් බව නැවත සහතික කරමින්ද,ශී‍්‍ර ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, එක්සත්භාවය සහ හෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගැනීමට මානව හිමිකම් කවුන්සිලයට ඇති කැපවීම නැවත සහතික කරමින්ද,2016 පෙබරවාරි 6 වැනිදා සිට 9 වැනිදා දක්වා සිදුවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය සහ 2016 අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා සිදුවූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ (නව) ශී‍්‍ර ලංකා සංචාරය ගෞරවයෙන් පිළිගනිමින්ද,2015 නොවැම්බර් 9 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදුවූ සංවිධානාත්මක හෝ බලහත්කාරයෙන් සිදුකරන ලද අතුරුදන්වීම් පිළිබද සේවා කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා සිදුවූ සත්‍ය හා යුක්තිය සුරක්ෂිත කිරීම, වන්දි ගෙවීම් සහ නැවත ගැටුම් ඇති නොවන බවට දුන් සහතිකයන් පිළිබද වාර්තා කිරීම සදහා පැමිණි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවාගේ  ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 අපේ‍්‍රල් 29 වැනිදා සිට මැයි 9 වැනිදා දක්වා සිදුවූ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය වාර්තා කිරීම සදහා පැමිණි විශේෂ වාර්තාකරුවාගේ සහ වද දීම් සහ වෙනත් දරුණු, අමානුෂික සැළකීම්, නොසළකා හැරීම් සහ දඩුවම් කිරීම් පිළිබද වාර්තා කිරීම සදහා පැමිණි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවාගේ ඒකාබද්ධ ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 ඔක්තෝබර් 10 සිට 20 දක්වා සිදුවූ සුළුතර ජනකොටස් සම්බන්ධයෙන් වන ගැටලූ විමර්ෂණය කිරීම සදහා පැමිණි විශේෂ වාර්තා කරුවාගේ ශී‍්‍ර ලංකා සංචාරයද ගෞරවයෙන් පිළිගනිමින්ද,2015 ඔක්තෝබර් 1 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවලියට අනුව අදාළ පියවර ගැනීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කිරීම අගය කරමින්ද, වඩා වැඩි ප‍්‍රගතියක් අත්වන පරිදි එම කටයුතු දියත් කිරීමේ අවශ්‍යතාවක් ඇති බව හදුනාගනිමින්ද,1. අංක 30 1 දරන ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියෙන් ඉල්ලා තිබූ පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා, මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අතිශයින් කෘතඥවෙමින්ද, 30 රැු 1 දරන ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් කර ඇති ඉල්ලීම පිළිගනිමු.2. ශී‍්‍ර ලංකා රජයත්, ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාත්, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයත්, 2015 ඔක්තෝබර් සිට මේ දක්වාම පවත්වාගෙන යනු ලබන ශක්තිමත්, ධනාත්මක සම්බන්ධතාවද, ඒ සමගම වෙනත් විශේෂ පාර්ශවකරුවන් සමග පවත්නා එවැනිම වූ සම්බන්ධතා, ගෞරවාන්විතව පිළිගනිමින්, ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, සත්‍ය, නීතිය, සංහිදියාව සහ වගවීම තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම සදහා මෙම සම්බන්ධතා එළෙසම පවත්වාගැනීමට අනුබල දෙන්නෙමු.3. ශී‍්‍ර ලංකා රජයේ උපදේශනයට සහ අවබෝධයට යටත්ව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, සත්‍ය, නීතිය, සංහිදියාව සහ වගවීම ශක්තිමත් කිරීම සදහා වන උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදීමේ කි‍්‍රයාවලිය තවදුරටක් ශක්තිමත් කරන ලෙස මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් සහ වෙනත් විශේෂ පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.4. මානව හිමිකම් කවුන්සිලය යෝජනාවලියට අනුව සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සදහා සිදුකර ඇති නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය ඉදිරියටත් විමර්ශනය කරන ලෙසත්, ඒ පිළිබද ලිඛිත වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේ දී ඉදිරිපත් කරන ලෙසත්, යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවකින් පසු සකස් කෙරෙන සම්පූර්ණ වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී ඉදිරිපත් කරන ලෙසත්, මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටිමු.නිල නොවන මට්ටමින් පැවැති සැසියේ දී දේශනයක් සිදුකරමින් ඔබාමා පරිපාලනය යටතේ පත්වීම් ලැබූ නියෝජ්‍ය සහයක ලේකම් එරින් බාක්ලේ පවසා සිටියේ මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයට ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට කටයුතු කළ මුල් පාර්ශවකරුවන් මැදිහත්ව බවය.කෙටුම්පත සකස් කිරීමේ දී ශී‍්‍ර ලංකා රජයේ උපදේශනය ද ලබාගත් බව ඔහු කීවේය.‘‘අපි දන්නවා මේ කියන දේවල් ඉතාම සංකීර්ණ බව.රජය සැළකිය යුතු ප‍්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව ඇත්ත. ඒත් තව බොහෝමයක් දේ සිදුවිය යුතුව තිබෙනවා. අංක 30 1 යෝජනාවලියේ කිසිදු කරුණක් වෙනස් කර නැහැ. අපි අනුග‍්‍රාහකයන් කණ්ඩායම ශී‍්‍ර ලංකා රජය සමග ඉතා සමීපව මේ සම්බන්ධයෙන් කටයුතු කළා. අද ඉදිරිපත් කරන මෙම කෙටුම්පත එහි ප‍්‍රතිඵලයක්.‘‘ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා, මෙම නව යෝජනාවලියට ශී‍්‍ර ලංකාව සම අනුග‍්‍රහත්වය දක්වන බව නිල වශයෙන් ප‍්‍රකාශ කළේය.සාකච්ඡාවේ දී අදහස් දක්වමින් යුරෝපා සංගමයේ,  ඕස්ටේ‍්‍රලියාවේ සහ ස්විට්සර්ලන්තයේ දූත පිරිස් අවධාරණය කර සිටියේ අන්තර්ජාතික ප‍්‍රජාවද නියෝජනය වන අංගයක් ඇති වගවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතුව තිබෙන බවය. දෙමුහුන් අධිකරණයක් ලෙස එය හදුන්වාදීමෙන් ඔවුහු වැළකී සිටියහ.එක්සත් ජාතීන්ගේ විවිධ අංශ සමග ශී‍්‍ර ලංකාව දිගින් දිගටම සහයෝගයෙන් කටයුතු කරමින් සිටීම  ඕස්ටේ‍්‍රලියාවේ අගය කිරීමට ලක්විය. සංහිදියාව ඇති කිරීමට ගෙන ඇති පියවර වලින් සිදුව ඇති ප‍්‍රගතිය ඕස්ටේ‍්‍රලියාව පිළිගන්නා නමුත් තවත් සිදුවිය යුතුව ඇති දේ බොහෝමයක් තිබෙන බවත්, එරට නියෝජිතයා වැඩිදුරටත් පැවසුවේය.යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජයට කි‍්‍රයාකාරී සැළැස්මක් තිබිය යුතු බවටත්, එය කාලානුරූපීව, සැළසුම් සහගතව සිදුවන අයුරු එම සැළැස්මේ දැක්විය යුතු බවටත්, යෝජනාවලියෙන්ම නිර්දේශයක් ඉදිරිපත් විය යුතුව තිබෙන බව ස්විට්සර්ලන්තයේ අදහස විය.යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ප‍්‍රගති වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදීත්, සවිස්තර වාර්තාවක් 2019 මාර්තු පැවැත්වෙන 40 වැනි කවුන්සිල සැසිවාරයේදීත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කරනු ඇතැයි, යෝජනාවලියෙන් නිර්දේශ කර තිබුණද, ඒ වන තෙක් නොසිට කවුන්සිලයේ 36 වැනි සැසිවාරයේදී මානව හිමිකම් මහකොමසාරිස්වරයා යෝජනාවලියේ ප‍්‍රගතිය පිළිබද මුඛ්‍ය අදහස් දැක්වීමක් සිදුකිරීම සුදුසු බව කැනඩා නියෝජිතයාගේ අදහස විය. ඒ අනුව අදාළ සංශෝධන සිදුකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.නවසීලන්තය - 2014 යෝජනාවලියේ අන්තර්ගතය සමග නව යෝජනාවලිය අනුගත විය යුතුය.අංක 34 1 කෙටුපතෙහි ඇති නිර්දේශ පිළිගනිමු.ජපානය - යෝජනාවලිය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකාව කැපවිය යුතුය.ප‍්‍රගතියක් දැකිය හැකි මුත් කි‍්‍රයාත්මක කළ යුතුව තිබෙන දේ බොහෝය. මේ සදහා සම අනුග‍්‍රහකත්වය ලබාදීමට ජපානය සූදානම්ය.යුරෝපා සංගමය - මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිගනිමු. වගවීමේ යාන්ත‍්‍රණයට අන්තර්ජාතික ප‍්‍රජාව නියෝජනය වන අංගයක් ඇතුළත් වීම ඉතාම වැදගත්ය. යෝජනාවලියට සම අනුග‍්‍රහය දැක්වීමට ශී‍්‍ර ලංකාව එකගත්වය පළකර තිබීම ප‍්‍රශංසනීයය.අයර්ලන්තය - සංහිදියාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබද සෑහීමකට පත්විය නොහැකිය. සංහිදියා කි‍්‍රයාවලිය වඩා කඩිනම් කිරීමේ අවශ්‍යතාව ඇතුළත් වන පරිදි යෝජනාවලි කෙටුම්පත සංශෝධනය කරන මෙන් ඉල්ලමු.
ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්
0
hp_train_1180
(සුජිත් හේවාජුලිගේ, මැණික්හින්න ඒ.ජී. වික‍්‍රමසිංහ හා චමිල් රූපසිංහ සහ සෙංකඩගල සිසර කුමාර බණ්ඩාර මහනුවර සිට)තමා ජනාධිපති ධුරයට පැමිණියේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (1) පැවැති මැයි රැලියේදී පැවැසීය.අනාගත සිහින ලෝක දිනා බලා වැඩ කිරීමෙන් රටට ජනතාවට කිසිම පළක් නැතැයි කී ජනාධිපතිවරයා තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ශක්තිමත් කර මේ රට ප‍්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.රටේ නිපුණ ශ‍්‍රමිකයාගේ හඬට දේශපාලනඥයා යටත් විය යුතු බවද ජනාධිපතිවරයා කීය.මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම මැයි රැලියේදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.අපි මේ ඓතිහාසික මහනුවර පුරවරය තුළ අද සාර්ථක මැයි රැලියක් පැවැත්තුවා. පාරවල් දෙකකින් පස්වරු 1 ට පෙළ පාළිය ඇරඹුවා. පෙළපාළිය අවසන් කරන්න පැය හයකට වඩා කාලයක් ගත වුණා. මේ පෙන්නුම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, කම්කරු ජනතාවගේ, වාම ප‍්‍රගතිශීලී ව්‍යාපාරයේ ගොවි ජනතාවගේ, ධීවර ජනතාවගේ බල වේගයයි. මෙය පුළුල් ජාතික බලවේගයක එක අවස්ථාවක් හැටියටත් සැලකිය හැකියි. රැලිය යද්දී මහනුවරට අද ලොකු වැස්සක් වැටුණා. මහනුවර තිබුණේ වියළි කාලගුණයක්. අපි ඇවිල්ල වැස්ස දුන්න එක ගැන සතුටු වෙනවා. අපි ගිය අවුරුද්දේ ගාල්ලේ මැයි රැලිය පැවැත්වුවා. එදත් මහ වැස්සක් වැස්සා. ලබන අවුරුද්දේ නියඟය තියෙන පැත්තකට මැයි රැලිය ගෙන ගොස් නැවතත් වස්සවනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමවිටම වැඩ කළේ කම්කරුවාගේ යහපත වෙනුවෙනුයි. ලෝකයේ අධිතාක්ෂණය සමග රටක් දියුණු කිරීමේදී දැනුම බුද්ධිය සහිත නිපුණ ශ‍්‍රමිකයා වැදගත්. අපිට අපේ රටට ඒ නිපුණ ශ‍්‍රමයේ අද අඩුවක් නැහැ. වැඩ කරන ජනතාවගේ නිපුණ ශ‍්‍රමිකයාගේ හඬට දේශපාලනඥයා යටත් විය යුතුයි. ඒ හඬ සමග රජය කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය එයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරන ජනතාව වෙනුවෙන් හැමවිටම කටයුතු කළ සංවිධානයක්. අනාගත සිහින ලෝක දිහා බලල වැඩක් නැහැ. හෙට දවසේ කාර්ය භාරය අද දවසේ කළ යුතුයි.ජාත්‍යන්තරවාදය අද ලෝකය තුළ කෙමෙන් කෙමෙන් වියැකෙමින් යනවා. ජාත්‍යන්තර අත පෙවීම් අද වනවිට අඩු වෙමින් පවතිනවා. අද අපට කිසිම රටකින් බලපෑමක් නැහැ. 2015 දී අප ලැබු ජය සමග ජාත්‍යන්තරය දිනා ගත්තා.ප‍්‍රබල රටවලින් ඈත්වීම නිසා එදා අපේ රට කොන් වුණා. අප රට ජාත්‍යන්තරය ඉදිරියේ විත්තිකරුවකු බවට පත්වුණා.අද අපේ රට විත්තිකාරයකු නොවෙයි. අද අපට තියෙන්නේ නිදහස් රටක්. ජාතික සංහිිඳියාව ශක්තිමක් කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. ආණ්ඩුවේ ඇතැම් අයගේ වැරදි නිවැරදි කර ගන්න මේ මැයි රැලිය අද හොඳ සංඥාවක් දුන්නා.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටත් යන්න කියලත් නෑ. එන්න එපා කියලත් නැහැ. පක්ෂය විවෘතයි. මධ්‍යම කාරක සභාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද හොඳට තියෙනවා. ඒක ඇතුළේ විවේචන, ස්වයං විවේචන කරන්න පුළුවන්. අපේ පවුලට තවත් පුටුවක් හදන්න මම මෙතනට ඇවිල්ලා  නැහැ.අද පක්ෂයේ තරුණ, කාන්තා සංවිධාන ඉදිරියට ඇවිත් තියෙනවා. ශක්තිමත් වී තියෙනවා. පැරදුණු පක්ෂය යළි ජයග‍්‍රහණය දක්වා ගෙන යා යුත්තේ කෙසේ දැයි අප කල්පනා කළ යුතුයි. අපිට තියෙන අභියෝගය, දුගී බව අපි ඉවත් කිරීමට කටයුතු කරන්නේ කොහොමද? කියන ඒකයි.දුගී භාවය නැති කිරීමට අප පුළුල් සංවර්ධන වැඩ පිළිවෙළක් රට පුරා ගෙන යනවා.මේ රට ගොඩ නගන්න අපි කවුරුත් එකාවන්ව කැප විය යුතුයි. ඒ සඳහා සියලූ ජාතීන් වාද භේද අමතක කර එකමුතු විය යුතුයි. අනෙක් ජාතීන් අමතක කරලා මේ රට දියුණු කරන්න බැහැ. එදා මේ රට නිදහස ගත්තේ පොදු අරමුණකින් සටන් කරලයි. කලක් අප යුද්ධයෙන් බරපතළ වධ වේදනා වින්දා. රණවිරුවන්ට පින්සිදු වෙන්න අපිට සාමය ලැබුණා. ඉදිරියට මේ රටට ජාතික සංහිදියාව අවශ්‍යයි. රටට ඉදිරියට ගමන් කිරීමට එය අවශ්‍යයි. අපි රට දෙනවා. පාවා දෙනවා ගිවිසුම් ගහනවා කියලා අද සමහරු චෝදනා කරනවා. මම මේ පුටුවට ආවේ ජාතික සංහිදියාව ශක්තිමත් කරන්නත් විදේශීය බලපෑම්වලින් තොරව ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ඇති කරන්නයි. අපේ භූමියෙන් කොටසක් විදේශ රටවලට දෙන්න මා සූදානම් නැහැ. පෝට්සිටි චීනයට දීමත් එක්ක දොන් ජුවන් ධර්මපාලලා ඇතිවුණා. අපි ඒ ගිවිසුම වෙනස් කළා. අපිට නොගැළපෙන දේ වෙනස් කළා.වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා. මම ඒවාට උත්තර දෙන්න සූදානම්. මම මේ පක්ෂයේ සභාපතිකම බලෙන් බාරගත්තේ නැහැ. හිටපු ජනාධිපතිතුමා මට සුහදව බාර දුන්නා. කොතෙක් බාධා ආවත්, කුමන්ත‍්‍රණ ආවත් පැරදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනැවිත් මම පෙන්නලා තියෙනවා. ඉතිහාසය පුරා මෙවැනි අභියෝගවලට අපි මුහුණ දීලා තියෙනවා.මා එය ජයග‍්‍රාහී දේශපාලන පක්ෂයක් කරනවා.අප අලූත් ආසන සංවිධායකවරුන් පත් කළා. අද සමහරු පක්ෂයේ දේට එන්නේ නැතිව වෙනත් මැයි රැලි පවත්වනවා. මොන චෝදනා ආවත් සම්මුතිවාදී ප‍්‍රතිපත්ති නිසා අප රට කෙරෙහි ලෝකයේ තිබුණු අප‍්‍රසාදය මග හැරුණා. අපි ගැන ජාත්‍යන්තර විශ්වාසය ඇතිවුණේ ඒ නිසයි. කාර්යාල සේවිකාවන්ට ඇති අයිතිය අද සාප්පු සේවිකාවන්ට නැහැ. කාර්යාල හා සාප්පු සියලූ සේවිකාවන්ට දින 84 ප‍්‍රසූත නිවාඩුවක් දෙන්න අපි ස්ථීර තීන්දුවක් ගත්තා. සෙනසුරාදා නිවාඩු දින අත හැරලා එය දෙනවා.අද ඔබ වැස්සේ තෙමුණා. ඔබ ඒ කැප කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ජයග‍්‍රහණය වෙනුවෙනුයි. උතුරෙන් වැඩිම ජනතාවක් අද අපේ මැයි රැලියට ආවා. නැගෙනහිරිනුත් වැඩිම පිරිසක් ආවා. එය ලොකු ජයග‍්‍රහණයක්. ප‍්‍රගතිශීලි වාමාංශික ව්‍යාපාරයට ජයවේවා.එක්සත් ජාතික නිදහස් සන්ධානයේ ප‍්‍රධාන ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා.ගාල්ලේ පළමු මැයි රැුලියේ වාර්තාව කඩලා අද වැඩිම ජනගඟ ගැටඹේට ගලලා ඉවරයි. තවමත් පෙළපාලි මහ මග. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරේ වැඩ බාර ගත්ත ගමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කිරීමට කටයුතු කළා. ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩපිළිවෙළ සාර්ථකව එතුමා ඉදිරියට ගෙන යනවා. අද මේ රටට විදුලි පුටුව එන්නේ නැහැ. රණවිරුවා අද ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා ගැන අද ලෝකය විශ්වාසය තබල තියෙනවා. එතුමා ගැන ලෝකයේම විශ්වසය ගොඩනැගුණා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වුණේ ජී.එස්.පී. ප්ලස් ලැබුණේ ඒ විශ්වාසය නිසයි.ඒ සහන ගත්තේ කිසිම අහිතකර කොන්දේසියකට එකඟ වෙලා නොවෙයි. දැවැන්තම මැයි රැලිය වගේම දැවැන්තම පෙළපාළි දෙකක් අද සාර්ථකව පැවැත්තුවා. හම්බන්තොට වැඩිම ජනකායක් ආවේ අපේ මේ රැලියටයි. ඉදිරි පළාත් මැතිවරණ දිනනවා. 2020 දී අපේ ආණ්ඩුවක් පිහිටුවනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා:-කම්කරුවාගේ අයිතීන් දිනා දීමට කටයුතු කළේ අපේ ජනාධිපතිතුමායි. ඔහු කම්කරුවා රකින නායකයායි. විශ්ව විද්‍යාල ශක්තිමත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ජනසතු ව්‍යාපාර හරහා ජනතාවට සේවය සැලසුවේ අපේ පක්ෂයයි. සියලූ කම්කරු අරගලවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබ සමග සිටින බවට පොරොන්දු වෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා:-කම්කරුවා වෙනුවෙන් දැවැන්තම සේවය කරපු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මැයි දිනය නිවාඩු දිනයක් කළේ සේවක අර්ථ සාධක අරමුදල දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. රාජ්‍ය දේපළ විකිණීම නැවැත්තුවේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒවා ආරක්ෂා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කම්කරු අයිතීන් සුරැකීමට නම් මෙම පක්ෂය ආරක්ෂා කර ගත යුතුයි. පක්ෂය නොබෙදා අලූත් පක්ෂ නොහදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිය දෙන්න. 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට අපි කවුරුත් අදිටන් කර ගත යුතුයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා:-වැඩ කරන ජනතාවට ප‍්‍රතිලාභ රැසක් දීමට අප කටයුතු කරනවා. කම්කරු නීතිවල පවතින අඩුපාඩු මග හැරවීමට කටයුතු කරනවා. අපේ පිරිසක් අද කොළඹත් මැයි දිනයක් පවත්වනවා. ලබන මැයි දිනයේදී එකම මැයි දිනයක් පවත්වන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. හාම්පතුන්ට බරක් නොවන විදියට කම්කරු වන්දි දෙනවා. පෞද්ගලික අංශයේ නිවාඩු ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ යුතුයි.ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා:-අවම ජාතික වැටුපක් හඳුන්වාදීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුපක් හඳුන්වාදීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීම වාර්තාවක්. අද ඒවා බොහෝ දෙනකුට අමතකයි. මාතෘ නිවාඩු විෂමතාව ඉවත් කර ගන්න අපි ලොකු අරගලයක් කළා. මම සියලූ කම්කරු සංවිධාන සාධාරණයි කියල කියන්නේ නැහැ. සාධාරණ සටන් තියෙනවා. සමහරු පාරට බැහැලා ඔහෙ කරන්නම්වාලේ කරන උද්ඝෝෂණ රටට අහිතකරයි. එහෙම කළාම ආයෝජකයෝ මේ රටට එන්නේ නැහැ. අරගලය සාධාරණ හේතු මත විය යුතුයි. පෞද්ගලික අංශයේ උපරිම සේවා කාලය අවුරුදු පනස් පහ වැඩි විය යුතුයි.මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා:-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැයි දිනේ උරුමයේ තියෙනවා. අද අපේ පක්ෂයට නායකත්වය දෙන්නේ කැත්ත උදැල්ල හුරු ගොවි පුතකුයි. පක්ෂයට සැබෑ නිදහස දෙන නායකයා ඔහුයි. අද නිල්පාට තියෙන්නේ ගැටඹේ පමණයි. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අද ඉන්නේ ගැටඹේයි.හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අගමැති දි.මු. ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මැයි රැලියට සහභාගි වූහ.
“පොහොට්ටුවත් අතත් එක්වීමෙන් දෙපැත්තේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ“
0
hp_train_1181
(මනෝප‍්‍රිය ගුණසේකර)කුඹුරු ඉඩමක් පවරා දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා ගොවියකුගෙන් රුපියල් 8000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ අක්කරේපත්තු හිටපු ගොවිජන සංවර්ධන නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (19) නියම කළේය.මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ හිටපු ලිපිකරුට ද වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 30000 ක දඩයකටද යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් ලබාගත් ගොවි මහතාට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශි‍්‍රකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬවම නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඬුවම නියම කළේය.චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අක්කරේපත්තු ගොවිජන සංවර්ධන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අබ්දුල් ලතීෆ් අබ්දුල් ගනී නමැත්තාට සහ මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ ලිපිකරු ලෙස කටයුතු කළ සුලෙයිමාන් ලෙබ්බේ මුනාෆ් නමැත්තාටය.
අල්ලස් ගත් උපදේශකට සිරදඬුවම්
0
hp_train_1182
එක්සත් ජාතික පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.මෙම අවස්ථාව ආවරණය කිරීමට ජනමාධ්‍ය වෙත අවස්ථාව ලැබී නැත. දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙසේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා - ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා - සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා - බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය මංගල සමරවීර මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා -  නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය තිලක් මාරපන මහතා - විදේශ කටයුතු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රවී කරුණානායක මහතා - විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා -  කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා - මහනගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය නවීන් දිසානායක මහතා - වැවිලි කාර්මාන්ත අමාත්‍ය පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර  මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා - නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය පී දිගම්බරන් මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය - ළමා හා කාන්තා කටයුතු  සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා - අධ්‍යාපන අමාත්‍ය අබ්දුල් හලීම් මහතා - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්  , විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය දයා ගමගේ මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා - සංවර්ධන, උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය)(තරිඳු ජයවර්ධන)අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ.ජනාධිපතිවරයා හා අගමැතිවරයා හැරුණු විට මන්ත්‍රීවරුන් 28 දෙනකු දිවුරුම් දීමට නියමිත බව දැනගන්නට තිබේ.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි
1
hp_train_1183
(සුනිල් ජයසිරි ලන්ඩන් නුවර සිට)ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ අසත්‍ය තොරතුරු ලෝකයට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී පෙරේදා (17) පැවසීය.ලබා දෙන නිදහස යහපත් මිනිසුන් විසින් යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිසුන් එය අයහපත් ලෙස භාවිත කිරීම සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.මහනුවර ඇතිවූ සිදුවීමේදී ඇඳිරි නීතිය, හදිසි නීතිය දමමින් රජය අවශ්‍ය පියවර ගනිද්දී මෙරට සිටින තානාපතිවරුන් ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් හා සීමාව ඉක්මවමින් කටයුතු කළ බවකී ජනාධිපතිවරයා ඒ කිසිවකට නොසැලී තීන්දු තීරණ ගත් නිසා සිදුවීමට ගිය විශාල විනාශයක්  වළක්වා ගැනීමට හැකිවූ බව ද කීවේය.ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීය.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය. “ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. වැඩබලන මහ කොමසාරිස්තුමා සඳහන් කළ ආකාරයට මෙහි සිටින ලක්ෂ හතරකට ආසන්න වූ ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජිත පිරිසක් වශයෙනුයි මම මේ සන්ධ්‍යාවේ ඔබව දකින්නේ. සියලු දෙනාටම එකම ස්ථානයක කතා කිරීමට, සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණත් ඒ සියලු දෙනා නියෝජනය කරන ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේ මේ හමුවීම මා ඉතාමත් වැදගත් කොට සලකනවා. ඔබ එක්සත් රාජධානිය තුළ වෘත්තිකයන් වශයෙන් වෘත්තීන්වල, ව්‍යාපාරිකයන් වශයෙන් විවිධ ක්ෂේත්‍රවල සේවය කරනවා. එයින් එක්සත් රාජධානියට ඔබ සේවයක් කරනවා වගේම ඔබේත් මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඒ කරන සේවාවේ ගෞරවය ඔබ ලබා දෙනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කුමන රටක කුමන ආකාරයේ යහපත් වූ සේවාවක සිටියත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය තවත් පැත්තකින් ඔවුන් සිටින රාජ්‍යයේ සාර්ථකත්වය එමෙන්ම ආදරණීය මවුබිම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ සේවාව තුළ ඔවුන් පෙන්වන විවිධ හැකියාවන්, දක්ෂතාවන්, විශිෂ්ටත්වයන් පෙන්නුම් කිරීම අපි කවුරුත් දකින දෙයක්. ශ්‍රී ලාංකිකයන් ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, විශේෂඥයන්, බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වශයෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කිරීම මගින් අපේ ආදරණීය මාතෘභූමියට ඒ සියලු දෙනා ලබා දෙන්නාවූ ගෞරවය අපිට කිසිවිටකත් අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ විවිධ රටවල්වල විවිධ ජාතීන් අතරේ ශ්‍රී ලාංකිකයන් සැමවිටම කැපී පෙනෙන හැකියාවන් සහ දක්ෂතාවන් පෙන්නුම් කරනවා. දීර්ඝ කාලයක් සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය අපි පිරිනමනවා. ඔබ මෙහි ජීවත් වූවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරැදි තොරතුරු ඔබ වෙත ගලා එනවා ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම දකිනවා. අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මා හමුවීමට පැමිණ සිටියා. බොහෝ වේලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා මගින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරදි තොරතුරු ඔබ අහනවා ද දකිනවා ද කියන කාරණාව.අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්‍රවෘත්ති තුළ පැහැදිලි ලෙසම සියයට 75කට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. අසත්‍ය වූ දේවල්. නිමල් සිරිපාල ඇමතිතුමාත් මමත් අද සාකච්ඡා කිහිපයකම එකට වාඩි වුණා. ඇමැතිතුමාත් ළඟ සිටි නිසා සමහර දේවල්වලට මට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම්වලදී සිදුවූ සිද්ධීන් සහ එම පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා කොතරම් අසත්‍ය දේ පැතිර ගොස් තිබෙනවාද. එමෙන්ම රජය කළ කාර්යයන් පිළිබඳව නිවැරැදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තාවී තිබෙනවාද. වැරැදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවා ද කියන කාරණාව මම දැකපු දෙයක්. ඔබ සමහරවිට ඔබේ මවුපියන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට දිනපතා දුරකතනයෙන් කතා කරනවා ඇති. අන්තර්ජාලය හරහා කතා කරනවා ඇති. නමුත් සත්‍යය යටපත්වී අසත්‍යය ඉස්මතුවී අසත්‍යය වේගයෙන් සමාජය තුළ ගලා යාමයි මම දකින්නේ. රටේ සිදුවන දේ පිළිබඳ නිවැරැදි තොරතුරු නොලැබීම සහ නොදැකීම. රජය සිදුකරන කටයුතු සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීම වැනි කරුණු ගණනාවක් මම දකිනවා. නව තාක්ෂණික මෙවලම් නිර්මාණය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයන් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහායි එම මෙවලම් නිර්මාණය කර තිබෙන්නේ. එහෙත් ඒවා මොනතරම් දුරට අයහපත් ලෙස භාවිත වනවාද කියන කාරණය අද අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයම දකින දෙයක්. සමාජ වෙබ් අඩවි ඇමෙරිකා එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවකට එම තත්ත්වය ඇතිවී තිබෙනවා. මහනුවර ඇතිවූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතාවන් මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරන කොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැලුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපිට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා.එක්සත් ජාතීන්ගේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කළා ඇමෙරිකාවටත් බැරි වූ දේ ශ්‍රී ලංකා රජය සමාජ වෙබ් අඩවි වසා දැමීම ඉතා විශිෂ්ට විදියට සිදු කළා කියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තවත් අනු සංවිධානයක් කියා සිටියා, මහනුවර සිදුවීමේදී ශ්‍රී ලංකා රජය කළ දේ මියන්මාරයේ පළමුවැනි සිදුවීම ඇතිවූ අවස්ථාවේදී මියන්මාරය කළා නම්, මියන්මාරයේ අද සිදුවන මහා ඛේදවාචකය ඒ රටේ අද සිදුවෙන්නේ නැහැ කියා. ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කළ දේ නිවැරදියි කිව්වා. අපේ රටේ මවුපියන්, ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා කිව්වා. මගෙන් ඉල්ලා සිටියා පුළුවන්නම් හැමදාටම වෙබ් අඩවි වසා දමන්න කියා. ළමයි හදා ගන්න බැහැ කියා. අ.පො.ස සාමාන්‍ය/පෙළ හා අ.පො.ස උසස්/පෙළ ලියන ළමයින්ගේ මවුපියන් මට කතා කළා, ටෙලිග්‍රෑම් එව්වා, ලිපි එව්වා ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා. අපි යහපත් සමාජයක් ගොඩනගන්න ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ සියලු දේවල්වලින් ලබා දෙන නිදහස යහපත් මිනිස්සු යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිස්සු ඒවා අයහපත් ලෙස භාවිත කරනවාද යන ප්‍රශ්නය මුළු සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක්වී තිබෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥානයෙන්, ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා භාවිත කරන අය කොතෙක්ද කියා අප දකින දෙයක්. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බවත් ඔබ දන්නවා. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ මහා භාරතයේ සමාජය තුළ තිබුණු සංකීර්ණ ස්වභාවය ඔබ හොඳින් කියවා ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම මහම්මත්තුමා, ක්‍රිස්තුන්වහන්සේ උන්වහන්සේලා බිහිවූ සමාජ පසුබිම පිළිබඳ යම් අවබෝධයක් ඔබට තිබෙනවා. අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුදු දහම රැක ගැනීම වෙනුවෙන් අතිමහත් වූ මෙහෙවරක් ඉටු කළා. අවසානයේ රට තුළ ඇතිවුණු විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇමරිකාවට ගියා. අනගාරික ධර්මපාලතුමත් රට දාලා ඉන්දියාවට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ඉන්න රටේ පැත්තටවත් ඔළුව දාගෙන නිදාගන්නේ නැහැ කියලා කිව්වා. ඒ මොකද එදා ඒ සමාජයේ තිබුණු පිරිහීම නිසා. අපේ රටේ ඇතැම් අය හිතනවා දේශපාලන ඝට්ඨන තිබෙන්නේ අපේ රටේ විතරයි කියලා. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිණිය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණේ අද දහවල් 12.00 ට පමණ. නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්ක හදිසියේම එම හමුව අවලංගු කළා.නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමයි මමයි පසුගිය මාසේ ජපානයේ ගිය අවස්ථාවේ ජපන් අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ සාකච්ඡාවලට ගියා. ඒ යනකොට 2000 ක් විතර ජපන් අගමැතිතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉස්සරහ ජපන් අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බෝඞ් උස්සගෙන ඉන්නවා. මම බැලුවා මේ ලංකාවේ කට්ටියක්වත් වැරදිලා එහේ ගිහිල්ලද කියලා. ඒ නිල සාකච්ඡා අවසන් වෙලා ආපසු එන විට 5000 ක් විතර බෝඞ් උස්සගෙන ඉන්නවා. වර්තමානයේ සෑම රටකම වගේ මෙවැනි දේශපාලන ගැටුම්, ආර්ථික ගැටුම් තිබෙනවා.රජයක් විදියට අපේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කළ හැකි වගකීම් නොපිරිහෙලා වගකීමකින් ඉෂ්ට කරනවා. සියලු ජාතීන්ගේ සමගිය ගොඩනගන්න, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ සැබෑ සහජීවනයක් ඇති කරන්න, සැබෑ සමගියක් ඇති කරන්න, ගැටුම්වලින් තොර සමාජයක් ගොඩනගන්න, නැවත යුද්ධයක් ඇති නොවන විදියට කටයුතු කරන්න අපි කටයුතු කරනවා.  අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වැරදි විදියට භාවිත කරනවද කියන ප්‍රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්. ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම නිසා රටේ ඇතිවෙන පසුබෑම් වෙනුවෙන් ඒ සෑම අංශයකම කෙනෙක් ඒ වගකීම ගත යුතු වෙනවා.අපේ මාතෘභූමියේ අනාගතය සඳහා දැනට අවසන් කර ඇති සහ කරගෙන යන ආර්ථික සැලසුම් පැහැදිලිවම ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. රටේ සංවර්ධන කටයුතුත් ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැහැ. ඒවගේම පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අන්තර්ජාතික වශයෙන් අපි ලබා ඇති ජයග්‍රහණ රාශියක් තිබෙනවා. ඔබ දන්නවා මම 2015 එක්සත් රාජධානියට ආවා. 2015, 2016 වර්ෂවල සම්පූර්ණයෙන් කැප වුණේ ජාත්‍යන්තර වශයෙන් අපෙන් ඈත් වෙලා තිබුණු රටවල් වල හොඳ හිත දිනා ගැනීම සඳහායි. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි කිසිම කෙනෙක් අමනාප කරගෙන නැහැ. සෑම කෙනෙක්ම අපේ හිතවතුන්. මිත්‍රයන්. සෑම කෙනෙක්ම අපිට සලකනවා. යුරෝපය, අමරිකාව, මහ බි්‍රතාන්‍ය වගේම චීනය, ඉන්දියාව, රුසියාව, ජපානයත් මැද පෙරදිග රටවලුත් අපේ මිත්‍රයෝ. නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික සබඳතා මේ තරම් ශක්තිමත්ව තිබුණු කාලයක් මම දකින්නේ නැහැ. මෙය මම ජනාධිපති නිසා කියනවා නෙවෙයි. ඒ මොකද බොහෝ වෙලාවට ලෝකයේ තිබුණු දේශපාලන බලකඳවුරු දෙකෙන් එක් පාර්ශ්වයක හොඳ හිත දිනා ගැනීමත් අනික් පාර්ශ්වය ඈත් වීමක් තමයි අතීතයේ සිටම සිදුවුණේ. පනහේ දශකය හැටේ දශකය වගේ කාලය තුළ ලෝකයේ දේශපාලන බලකඳවුරුවාදය ඉතාමත්ම ප්‍රබලයි. ඇමරිකා එක්සත් ජනපදය සහ ධනවාදී රටවල් එක පැත්තකින් ඒවගේම සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් රටවල් තවත් පැත්තකින්. ඒ කාලයේ බලකඳවුරුවාදය තුළ අපි වගේ පුංචි රටවල්වලට ලෝකයේ තැනක් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වුණත් අපේ පුංචි රටවල්වල ඡන්දයට වැඩි වටිනාකමක් තිබුණා. ලෝකය තනි බලයකට යටත් වීමත් සමග ඉරාකය, ලිබියාව වැනි රටවල් මුළුමනින්ම කඩාදමනු ලැබුවා. ඉරාකයේ අදත් මොනතරම් මිනිස්සු මැරෙනවද කියලා ඔබ දන්නවා. මේ වන විට ලක්ෂ විස්සකට වැඩිය ඉරාකයේ මිය ගිහින් තිබෙනවා. ලිබියාව රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඉරාකය රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල නිසා තමයි අද තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන එක නිර්මාණය වුණේ කියලා අපි නම් විශ්වාස කරන්නේ. ඒක නිසා මේ බලවතුන්ගේ තිබෙන බලවත්කම් එක්ක ජනගහනය අඩු වුණාම භූමියෙන් පුංචි රටක් වුණාට ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ගෞරවාන්විත ජාතියක් විදියට අපි සෑම විටම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ ප්‍රතිපත්තීන් තුළ රැඳීසිටිය යුතු වෙනවා. ඒ තුළ අපිට ලෝකයේ සෑම කෙනෙක්ම දිනා ගන්න පුළුවන්. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ බලකඳවුරු වාදයෙන් බැහැරව විශේෂයෙන්ම නොබැඳි ප්‍රතිපත්තීන් තුළ. අපේ රජය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන තිබෙනවා. අපිට සෑම කෙනෙක්ම සලකනවා. සෑම කෙනෙක්ම උදව් කරනවා. අපි සුබවාදී ලෙස අපේ රට දිහා බැලිය යුතුයි. මාධ්‍ය තුළ පළවෙන අයහපත් දේ සහ අසුබවාදී දේ ප්‍රතික්ෂේප කරමින් රටේ අනාගතය සඳහා අපේ මාතෘභූමියේ හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න අපි සැමවිටම කැපවීම් කළ යුතු වෙනවා. යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අභියෝගයට ආදරය කර අවදානම බාරගත්තොත් රට දිනවන්න පුළුවන්
0
hp_train_1184
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 365 දෙනකු අද (3) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.විදේශයන්හි සිට පැමිණි හයදෙනෙක් ද ඒ අතර වෙති.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,88,300 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.කොවිඩ් ආසාදිත 12,135 දෙනකු මේ වන විට රෝහල් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද එහි සඳහන් වේ.කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 179 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,61,128 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 
කොරෝනා ආසාදිතයන් අදත් 300 සීමාවේ
1
hp_train_1185
ගෙවුණු පැය 12 ක කාලය තුලදී  බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 104 ක  නිලධාරීන් කළ විශේෂ වරෙන්තු මෙහෙයුමකදී  වරෙන්තු කරුවන්  515 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.මොවුන් අතර විවෘත වරෙන්තුකරුවන් 286 දින වරෙන්තුකරුවන් 229 ක්  අත්අඩ්ගුවට ගෙන ඇත. මෙම වරෙන්තුකරුවන් විවිධ  වැරදි සඳහා පොලිසියට හා අධිකරණයට අවශ්‍ය වූවත්  පොලීසිය හා අධිකරණය මගහරිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය  පොලිස්පති  දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම සිදු කර තිබිණි. සැකකරුවෝ අදාල ප්‍රදේශන්හි අධිකරණ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
පැය 12 කදී බස්නාහිරින් වරෙන්තුකරුවෝ 515 අත්අඩංගුවට
1
hp_train_1186
(ෂෙහාන් චාමික සිල්වා)හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග කළාය.2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරිණි.මේ සම්බන්ධ නඩුව නැවත මාර්තු 6 වැනිදා කැඳවීමට නියමිතය.Head - මාලක සිල්වා අල්ලන්න වරෙන්තු
මාලක සිල්වා අල්ලන්න වරෙන්තු
1
hp_train_1187
(ඩයනා උදයංගනී) ජාතික ආණ්ඩුව රටට ගැළපෙන නමුත් පටු පරමාර්ථ ඇතිව කටයුතු කරන ඇතැම් දේශපාලකයන්ට එය නොගැළපීම නිසා යම් යම් ගැටුම් ඇතිවී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (11) පැවසීය. රටට මුල් තැන දී පක්‍ෂය හා තමන් ගැන දෙවනුව සිතන්නට දේශපාලකයන්ට හැකි නම් ජාතික ආණ්ඩුව තුළින් රටට විශාල සේවයක් කළ හැකි බව ද අමාත්‍යවරයා කීවේය.  එක නායකත්වයක්, එක වැඩපිළිවෙළක්, එක රජයක් තේමාව යටතේ රජය ඉදිරියට ගෙන යා යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ රාජිත සේනාරත්න මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය. ප්‍රශ්නය:- අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දුන් 16 දෙනා ඉවත් කළ කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂය කියනවා. ඒත් ඒ අය ජනාධිපතිවරයා කියන තුරු නොයන බව කියනවා. මේ නිසා ආණ්ඩුව දුෂ්කර තත්ත්වයකට පත්වෙලා නේද?පිළිතුර:- නැහැ. ආණ්ඩුව හොඳ තැනකට පැමිණ තිබෙනවා. ඒ පිරිස තීන්දුවක් ගන්නා බව කියා තිබෙනවා.  ප්‍රශ්නය:- දේශපාලන ගැටුම් අවසන් කර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පටන්ගන්නේ කවදාද?පිළිතුර:- අපේ අදහස එක නායකත්වයක්, එක වැඩපිළිවෙළක්, එක රජයක් තේමාව යටතේ ඉදිරියට යන්නයි. ජාතික ආණ්ඩුවක් තිබෙන විට ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයායි. මේක තුළ ඉඳගෙන එක එක අදහස් නොදරා එක් තේමාවක් යටතේ කටයුතු කළ යුතුයි. ප්‍රශ්නය:- ඒත් අගමැතිතුමාගේ අදහස 2020 දී එ.ජා.ප රජයක් පිහිටුවීම නේද?පිළිතුර:- නැහැ. ජාතික රජයක් පිහිටෙව්වේ එතුමාගේ අදහසක් අනුවයි. එය යෝජනා කළේ ජනාධිපතිතුමා නෙවෙයි. රට හැදීම වෙනුවෙන් එතුමා ඒ තීන්දුව ගත්තා. ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසිරෙව්වා නම් අපට මීට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබෙනවා. එම ජයග්‍රහණය නොබලා එදා අගමැතිතුමා කැපවීමක් කළා. එය අමාරු වැඩක්. ඉතිහාසය පුරා වෙන්ව කටයුතු කළ පක්‍ෂ දෙකක් අපි එකතු කළා. ඒත් එහි වාඩි වූ සමහරු මේ දේ කළේ රට හදන්න යන්න වටහාගත්තේ නැහැ. ඒ නිසා අපට ජාත්‍යන්තරය තුළ පවා පිළිගැනීමක් ලැබුණා. මානව හිමිකම් ප්‍රශ්නයට මුහුණදීමේදී පවා එය ශක්තියක් වුණා. උදාර පරමාර්ථයෙන් හැදූ ජාතික ආණ්ඩුවට සම්බන්ධ වූ ඇතැමුන් තුළ ඒ හැඟීම් තිබුණේ නැහැ.  ප්‍රශ්නය:- ජාතික රජය පිහිටුවීම ගැන ඔබතුමා දුක්වෙනවාද? පිළිතුර:- නැහැ. මම ජාතික ආණ්ඩුවක් ගැන මුලින් කතා කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලයේ සිටයි. එය මගේ දීර්ඝකාලීන බලාපොරොත්තුවක්.  ප්‍රශ්නය:- ඒත් මේ ජාතික ආණ්ඩු සංකල්පය රටට නොගැළපෙන බවක් පේනවා නේද?පිළිතුර:- මෙය රටට ගැළපෙනවා. ඒත් දේශපාලකයන්ගේ පටු පරමාර්ථ නිසා ඔවුන්ට එය ගැළපෙන්නේ නැහැ. රටට මුල් තැන දී දෙවනුව පක්‍ෂය ගැන සිතන්නට දේශපාලකයන් සිත හදාගන්නවා නම් මේ දේ කරන්න පුළුවන්.  ප්‍රශ්නය:- එ.ජා.පයේ සමහරුන් තනි ආණ්ඩුවක් ගැන නේද කතා කරන්නේ?පිළිතුර:- ඒ අයගේ බලාපොරොත්තුව හෙට රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීම වෙන්න ඇති. ඒත් මගේ බලාපොරොත්තුව අපි මැරෙන්නට පෙර අපි ගත්ත තැනට වඩා හොඳ තැනකට රට ගේනනයි. අපි දේශපාලනයට ආවේ ඒ අරමුණෙන්.  ප්‍රශ්නය:-  අගමැතිතුමාට විරුද්ධව ඡන්දය දුන් අයත් ආණ්ඩුවේ ඉන්න තීරණය කළොත්?පිළිතුර:- එහෙම වුණොත් එන්න වෙන්නේ ලොකු පාපෝච්චාරණයක් කරලා. එහෙම ආවොත් බලමු. ප්‍රශ්නය:- නව කැබිනට් මණ්ඩලය තුළ එක්ව ගමනක් යා හැකි බවට විශ්වාසයක් තිබෙනවාද?පිළිතුර:- අපි ඉල්ලන්නේ එවැනි ආණ්ඩුවක්. මම පසුගිය කාලයේ ආණ්ඩුවේ කිසිවෙක් පිටතදී විවේචනය කළේ නැහැ. එහෙම මේ ගමන යන්න බැහැ.  ප්‍රශ්නය:- ඉදිරියේදී විපක්‍ෂනායක ධූරය ශ්‍රී.ල.නි.පයට හිමිවෙයිද?පිළිතුර:- ඔය සේරටම වඩා ප්‍රතිපත්තිමය වශයෙන් ගත් විට දෙමළ නායකයෙක් විපක්‍ෂ නායකයා ලෙස සිටීම සුදුසුයි නේද? ජේ.ආර් ජයවර්ධන මහතා අමිර්තලිංගම් මහතාට විපක්‍ෂනායක ධූරය නොදී දොට්ටදාලා අන්තිමේදී ඒ තනතුර ප්‍රභාකරන්ට දුන්නා. අතීතය තියෙන්නේ පාඩම් ඉගෙනගන්නයි. ඒ වැරදි ආපහු කළොත් මේ රටේ අනාගතයට කුමක් වෙයිද? සම්බන්ධන් මහත්මයලා අප සමඟ වාඩි වී සිටීම ගැනත් අප සතුටු විය යුතුයි.  ප්‍රශ්නය:- ඒත් ආණ්ඩු පක්‍ෂයට පසු බහුතරය ඇති පක්‍ෂයට විපක්‍ෂනායක ධූරය දිය යුතුයි නේද?පිළිතුර:- විපක්‍ෂයේ බහුතරය ඔවුන්ට නෙවෙයි. එහි කොටසක් ආණ්ඩුවේත් ඉන්නවා.  ප්‍රශ්නය:- විශ්වාසභංගයෙන් දිනුවේ මහින්ද රාජපක්‍ෂ පාර්ශවය බව ඔවුන් කියනවා නේද?පිළිතුර:-  ඒ කණ්ඩායමේ අයම ලැබුණේ පරාජයක් බව මා සමඟ කියනවා. ඒ අය මෙය ගෙනාවේ තමන්ගේ වැරදි යටගැසීමේ උත්සාහයක් ලෙසයි.  ප්‍රශ්නය:- ඔවුන් කියන්නේ ඔබතුමා සමඟ සාකච්ඡා නොකළ බව නේද?පිළිතුර:- මම ඒ කණ්ඩායමේ පොඩි පොඩි කෑලි සමඟ කතා කරන්නේ නැහැ.  ප්‍රශ්නය:- ශ්‍රී.ල.නි.ප පිරිසකුත් ඒකාබද්ධ විපක්‍ෂයට ගියොත් විපක්‍ෂය ලෙස බහුතරයක් වෙන්න බැරිද?පිළිතුර:- ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවට පත්වී ආ පක්‍ෂයක් නෙවෙයි. ඒ අයට එසේ කටයුතු කරන්නටදීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි. පාර්ලිමේන්තුවේ ලස්සන පේන්නේ එහි නිවැරදි සංයුතියක් තිබුණොත් පමණයි.  ප්‍රශ්නය:- නව කැබිනට්ටුවක් ලෙස දිවුරුම් දෙන්නේ ඇයි?පිළිතුර:- බොහෝ අය වෙනස් වන නිසා ජනාධිපතිතුමා එසේ කරමු කියා යෝජනා කළා. ප්‍රශ්නය:- විශ්වාසභංගය නිසා ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලයත් නැතිවුණා නේද?පිළිතුර:- නැහැ. එම බලය තවම තිබෙනවා. කතානායකවරයා හැර අපට 147 දෙනෙක් ඉන්නවා. තුනෙන් දෙකේ බලයට තුන් දෙනයි අඩු. අපිට එම බලය අවශ්‍ය රටට වැදගත් දේ කරන්නයි. එවැනි දෙයකදී අපට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්‍ෂවල සහය ලැබෙයි.  ප්‍රශ්නය:- ජනතාව වෙනුවෙන් අලුත් අවුරුද්දට සහන නැද්ද?පිළිතුර:- අපි සහන දුන්නේ අද ඊයේ නෙවෙයි. ඉන්ධනවල සිට සහන දුන්නා. අපට වඩා සහන දුන් රජයක් තිබෙනවා නම් සංඛ්‍යා ලේඛන ගෙනත් පෙන්වන්න. දැන් එළවළු ඇතුළු භාණ්ඩ මිල අඩුවී තිබෙනවා.  ප්‍රශ්නය:- කැබිනට් රැස්වීමෙන් පසු ආර්ථික කළමනාකරණ කමිටුව රැස්වුණාද?පිළිතුර:- දැන් එම කමිටුව නැහැ. තිබෙන්නේ ආර්ථික අනුකාරක සභාවක්.  ප්‍රශ්නය:- අගමැතිවරයාට විරුද්ධ වූ අය ඉවත් නොවුණොත් ඉවත් කිරීමේ නීතිමය තත්ත්වයක් තිබෙනවාද?පිළිතුර:- එතරම් දුර නීතිමය තත්ත්වයකට යන එකක් නැහැ.  ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධූරය ගැන ඉදිරියේදී තීන්දුවක් ගනීවිද?පිළිතුර:- මෙම නායකත්වය දිගටම යා යුතු බවට ඒකමතික තීරණයක් ගත්තා. අප්‍රේල් 30 වැනිදා පක්‍ෂ සම්මේලනයට පෙර නව නිලධාරී මණ්ඩලයක් පත් කළ යුතුයි.  ප්‍රශ්නය:- මහනුවර සිද්ධියට සම්බන්ධ බව කියන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නේ නැද්ද?පිළිතුර:- පොලිස්පතිවරයා ඒ කටයුතු ඉක්මන් කරන ලෙස දැනුම් දී තිබුණා. 
දේශපාලකයන්ට පටු අරමුණු නැත්නම් ජාතික ආණ්ඩු ක්‍රමය මේ රටට හොඳටම ගැලපෙනවා
1
hp_train_1188
(නිශාන්ත කුමාර) මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වැරදි  සම්බන්ධයෙන් උසාවිය මග හරිමින් වරෙන්තු පිට  සැඟවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා නීතිවිරෝධීව මත්පැන් අලෙවි කරමින් සිටි දෙදෙනෙකු  අද (22) අත්අඩංගුවට   ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය කිරිවෙහෙර හා පරණ මහියංගන පාර පදිංචි වයස අවුරුදු 30-52  අතර පුද්ගලයින් සිව්දෙනෙකි. අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකුට වරෙන්තු දෙකක් පවතින බවද පොලිසිය පවසයි. සැකකරුවන් සතුව තිබූ මත්පැන් බෝතල් 3 ක් ද පොලිසිය බාරයට ගෙන තිබේ. කන්දකැටිය පොලිසිය කළ   විශේෂ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් හෙට (23)  බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කන්දකැටිය පොලිසිය වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.
බීමතින් දෙමව්පියන්ට පහර දුන් අයෙකු අත්අඩංගුවට
0
hp_train_1189
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 25/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36268545අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259065වැසි ස්වල්පයක්.ගාල්ල31269075වැසි ස්වල්පයක්.යාපනය32287565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31219560වැසි ස්වල්පයක්.නුවරඑළිය21149070වැසි ස්වල්පයක්.රත්නපුරය34249060වැසි ස්වල්පයක්.ත්‍රිකුණාමළය36269050අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33278570ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_1190
ප්‍රධාන වශයෙන් සිසිල්, වියළි කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැකියි‘‘.‘‘හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපෙක්ෂා කළ හැකියි‘‘‘‘දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයක් පවතී‘‘.‘‘සුළං ඊසාන දෙසින් හමන අතර  වේගය පැ.කි.මී. 20-40 අතර වේ‘‘.‘‘දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවේ‘‘. 2015පෙබරවාරි මස 16 වැනි දින දහවල්  12.00 ට නිකුත් කැරණි.
‘රට පුරා දැඩි මීදුමක්‘
0
hp_train_1191
(විමුක්ති එස් රුද්‍රිගු)ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල  සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355-360 ලෙස  අද (27) සටහන් විය.ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ  මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 337.82 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල්  350.49 ක් විය.ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක අද දින යාවත්කාලීන කළ විදේශ විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල  රුපියල් 355 ලෙස සටහන් විය.
දින දින බාල්දු වෙන රුපියලේ අද අගය
0
hp_train_1192
(රංජිත් රාජපක්ෂ)                     නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය  ටැප්ලෝගම ප්‍රදේශයේ ගල් පර්වතයක් කඩා නිධානයක් ගැනීමට උත්සහ කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සැකපිට ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.     ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (28) රාත්‍රි එම ගල් පර්වතය පුපුරුවා හැර නිධානයක් ගොඩ ගැනීමට උත්සාහ දරන බවට ප්‍රදේශවාසින් ලබා දුන් තොරතුරක් මත සැකකරුවන්  අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නිධානය ගොඩ ගැනීමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ පූජා භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (29) ඉදිරිපත් කෙරේ.
නිධන් ගන්න ආ දෙදෙනෙක් අල්ලයි
1
hp_train_1193
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු පෙබරවාරි මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (29)  දා නියෝග කළේය.වත්තල ප්‍රදේශයේ පදිංචි  මොහොමඩ් සන්දින් මොහොමඩ්  නැමැත්තෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.බලන්ගොඩ  කිරිමැටිතැන්න ලංකාබරන ප්‍රදේශයේ දි මොහු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
හෙරොයින් ළඟ තබාගත් 4 ක් රිමාන්ඩ්
0
hp_train_1194
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන යටතේ එයාර්බස්  330-300 පුළුල් බඳ සහිත දෙවැනි ගුවන් යානය ඊයේ(19)  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.‘සිටි ඔෆ් සිහගිරි‘ ලෙස නම් කර ඇති මේ යානය ඈත පෙරදිග ගමනාන්ත වන කැන්ටන්, ෂැන්හයි, බීජිං සහ හොංකොං වෙත මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙම වර්ගයේ පළමු  ගුවන් යානය මෙරටට ගෙන්වීමෙන් පසු  ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන ආරම්භ විය. 2015 වසරේදී මෙම වර්ගයේ තවත් ගුවන් යානා පහක් මෙරටට ගෙන්වීමට නියමිතය.මීට අමතරව  A350-900 ගුවන් යානා 8ක් ක් ද ලබා ගැනීමට නියමිතය. මින්  ගුවන් යානා 3ක් 2016 ලබා ගැනීමට නියමිත අතර   2017 වන විට ඉතිරි යානා 4 ගෙන්වා ගැනීමට නියමිතය.  ‘වන්වර්ල්ඩ්‘ ගෝලීය ගුවන් සේවා සන්ධානයේ නවතම සාමාජිකයා වශයෙන් ශ්‍රී ලංකන් සිය ගුවන් සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.ගුවන් මගීන් 297 සඳහා  ව්‍යාපාර පංතියේ ආසන 28 ක් සහ පිරිමැසුම් පංතියේ ආසන 269  ක් ද මෙම යානයේ ඇත. නවීන අභ්‍යන්තර පහසුකම් සහ සුවපහසු  ගුවන් මැදිරි වලින් සමන්විත මෙහි  ‘තැලස් ඇවන්ට්‘ යන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හදුන්වා දී ඇත. එමෙන්ම  උසස් තාක්ෂණික පහසුකම් සහ වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාවයන් ඇතුළත්ය.    ව්‍යාපාර පංතියේ සැප පහසු හෙරින්බෝන් හැඩයේ අති සුඛෝපභෝගී නිදන ආසන, ස්වාභාවික අවස්ථා වන ඉර බැසීම, ඉර පෑයීම මෙන්ම රාත්‍රී අහස යනාදියේ ආලෝකනය  උද්දීපනය වන අයුරින් මේවා සකස් කර  ඇත.   සෑම ගුවන් මගියකුටම සෘජු ප්‍රවේශ මාර්ග, පුද්ගලයන් සඳහා  පී.සී විද්‍යුත් සොකට් භාවිතයට  හැකියාව,  වයි-ෆයි  සම්බන්ධතාව මගින් ව්‍යාපාර පංතියේ ගුවන් මගීන් සඳහා පුද්ගලිකත්වය සහ සුවපහසුව  එක් වූ  ගමනක ආශ්වාදය අත්විඳගැනීමේ අවස්ථා මෙමගින් උදා වෙනු ඇත.  පිරිමැසුම් පංතියේ  ගුවන් මගීන් සඳහා ද මේ හා සමාන සුවපහසුවක් අත්විඳමේ හැකියාව ඇත.ගුවන් යානයේ අභ්‍යන්තර  වයි-ෆයි  සහ ජංගම දුරකථන භාවිතය සඳහා පහසුකම් සපයා දෙන ඉන්දියා උප මහද්වීපයේ ප්‍රථම ගුවන් සේවාව බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙයින්ඉතිහාසයට එක්වනු ඇත. එමඟින් ගුවන් මගින්ට ඵලදායි ලෙස ගුවන්ගත වීමට සහ තම හිතවතුන් හා සම්බන්ධ වී ගුවනේ දී මෙම පහසුකම් අත්විදීමට අවස්ථා ලැබී ඇත.   ඈත පෙරදිග  ගමන් මාර්ග සඳහා ගුවන් මගීන් ප්‍රමාණය වැඩි කිරීම, පැටවුම් ධාරිතාව වැඩිකිරීම, කලාපයේ ප්‍රමුඛ වෙළෙඳපොලවල් සහ ශ්‍රී ලංකාවට ප්‍රධාන ලෙස සංචාරක ප්‍රතිලාභ අත්පත් කරදෙන වෙළෙඳපොලවල්  වෙත වෙළෙඳපොල කොටස් වැඩිකිරීමට මෙයින්  බලාපොරොත්තු  වේ.      ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ  මාස 2ක් වැනි කෙටි කාලයක දී තවත් නවතම ඒ330-300 ගුවන් යානාවක් ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට එකතු වීම තුළින් ශ්‍රී ලංකන් සතුව ඇති අනෙකුත්  ගුවන් යානා නවීකරණය කිරීමට හැකියාව ලැබුණු බවයි.මෙම නවතම ඒ330-300 ගුවන් යානා  තුළින් ගුවන් මෙහෙයුම් හි සාර්ථක කාලපරිච්ඡේදයක් ආරම්භ වනු ඇතැයි ගුවන් සමාගම තරයේ විශ්වාස කරන බවද ඔහු  සඳහන් කළේය.     
මත්තල ගුවන ලොවටම ඇරෙයි
0
hp_train_1195
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා, ශ්‍රී ලංකාවේ  ‍ ප්‍රදේශ රැසකට සහ  මුහුදු ප්‍රදේශයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් සමහර ස්ථානවලට මිලී මීටර් 100 ට වඩා තද වැසි  ඇතිවීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වුවත්, හෙට දිනයෙන් පසු පවතින කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩු වනු ඇත.   ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 26/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව28249585විටින් විට වැසි.කොළඹ30259570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249080විටින් විට වැසි.යාපනය31258565වැසි වාර කිහිපයක්.මහනුවර29229575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20139580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය30259580විටින් විට වැසිමන්නාරම31269075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘හෙටින් පසු වැස්ස අඩුවන හැඩ‘
1
hp_train_1196
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කී මහ ලේකම්වරයා පක්‍ෂය සමග සන්ධානගතව සිටින වෙනත් පක්ෂවලින් ඉල්ලීමක් ලැබුණොත් පමණක් වෙනත් ලකුණක් ගැන සාකච්ඡා කරන බව සඳහන් කළේය.ඒ අනුව එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය තරග කරන්නේ වෙන වෙනම බව ස්ථිර යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.‘‘නිවෙස්වලත් මව්පියන් හා දරුවන් අතරත් මතගැටුම් ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. අපි ඒවා අභ්‍යන්තරයේම සාකච්ඡා කරනවා. පක්‍ෂයේ කවුරුත් තනි තීන්දු ගන්න හදිසි වෙන්නේ නැහැ. අපි ජාතික ආණ්ඩුව ඇති කළේ රටේ සියලූ දෙනා බලා සිටියදී මිස හොර රහසේ නෙවෙයි. මධ්‍යම කාරක සභාවේ තීරණයක් ලෙසයි. ඒ ගිවිසුම දෙසැම්බර් මාසේ අවසන් වෙනවා. අපි ඉන්පසුයි ඉදිරියට යනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ.පක්‍ෂයේ අය යන්න හදන බවට ඇතිකරන මතවාදයෙන් පාඩු වෙන්නේ රටටයි. ඒ නිසා එවැනි ප‍්‍රචාර පතුරුවන්න එපා. එයින් රටවැසියා හා ලෝකය අතර ඇතිවන සැකය රටේ සංවර්ධනයට බාධාවක්. තීන්දුවක් ගන්නා අවස්ථාවේදී ජනතාව දැනුවත් කරනවා. හොර රහසේ තීන්දු ගන්නේ නැහැ. ඒ නිසා රටේ අනව්‍යශ කලබල ඇති නොකරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.‘‘අපේ පක්‍ෂයේ 66 වැනි සංවත්සරය කොළඹ කැම්බල් පිටියේදී සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද දිනයේදීත් අප ඒ පිළිබඳව පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සාර්ථක මෙන්ම ගුණාත්මක, ජනතා ආකර්ෂණය ඇති සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙයට විශාල ජනතා සහභාගීත්වයක් අපි බලාපොරොත්තු වෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු අපේ පළමුවරට පැවැත්වූ පක්‍ෂයේ 64 වැනි සංවත්සර උළෙල පැවැත්වූයේ පොළොන්නරුවෙයි. ඉන්පසු 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල දී පැවැත්වුණා. පොළොන්නරුවේ පැවති සංවත්සර උළෙලට වඩා කුරුණෑගල පැවති උත්සවය සාර්ථක වුණා. එදාටත් වඩා සාර්ථකව 66 වැනි සංවත්සර උළෙල පැවැත්වීමට අපි කටයුතු කරගෙන යනවා.’’පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -‘‘පළාත් පාලන පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව මේ වන විට සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මෙය ඊ ළඟ සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කාරක සභා අවස්ථාවේදීත් මෙයට සංශෝධන ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලූ දේශපාලන පක්‍ෂ එකතු වී කෙටුම්පතේ යම් යම් වෙනස්කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අද වන විට සියලූ දේශපාලන පක්‍ෂ මේ පනතෙහි ඇති ක‍්‍රමවේදය අනුව ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා.සමහරු මැතිවරණය පමාවීම ගැන ආණ්ඩුවට චෝදනා කළත් මේ වන විට ඔවුන් යථාර්ථය තේරුම් ගෙන තිබෙනවා. සීමා නිර්ණය ප‍්‍රශ්න, තාක්‍ෂණික සංශෝධන කරන්නට සිදුවීම, සුළු පක්‍ෂවලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගැනීම ආදිය ඇතුළු මෙම සංශෝධන තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් ස්ථාපිත වෙනවා. එමෙන්ම කාන්තා නියෝජනය සියයට 25ක් වීමත් සිදුවෙනවා.’’පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා‘‘මමත් ආණ්ඩුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මම එවැනි තීරණයක් ගෙන හෝ කවුරුත් සමඟ සාකච්ඡා කර හෝ නැහැ. අපි ඉදිරි මැතිවරණවලදීත් ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.’’උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා -උතුරු මැද පළාත් සභාවේ සිටි සභාපතිවරයා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසිනුයි. 2012 සැප්තැම්බර් මාසයේ පළාත් සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේ අපේ පක්‍ෂයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා සිටියදී ටී.එම්.ආර් සිරිපාල මහතාගේ නම එක්සත් ජාතික පක්‍ෂය යෝජනා කළා. එතුමා ශ්‍රී.ල.නි.පයේ වුවත් සභාපතිකමට පත්වුණේ එ.ජා.පයේ යෝජනාවක් අනුවයි. එ.ජා.පය හා එතුමා අතර එකඟතාවක් තිබුණත් එය කඩකරන නිසා 2014දීත් විශ්වාසභංගයක් ගෙනාවා. එදා විවෘත ඡන්දයක් පැවැත්වූ නිසා බියට සමහරු ඡන්දය සභාපතිවරයාට පක්‍ෂව ලබාදුන්නා. එදා රහස් ඡන්දයකට ගියා නම් ඔය සභාපතිවරයා ඉවත් කෙරෙන්නේ 2014 වසරේදීයි.දැන් යළිත් විශ්වාසභංගයක් ආ අවස්ථාවේ සභාපතිවරයා එය ප‍්‍රතික්‍ෂ්ප කළා. එය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරගත්තේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මතයි. එදා න්‍යායපත‍්‍රයට ඇතුල් කළ විටත් මේ යෝජනාව මගහරින්න උත්සාහ කළා. ඒ අවස්ථාවේයි කලබගෑනියක් ඇතිවුණේ. සභාව කල්දමන්න යද්දීත් එ.ජා.පය විරුද්ධ වුණා. ඉන්පසු ඒකාබද්ධයේ අය මැදිහත් වී ගැටුමක් ඇතිවුණා. සෙංකෝලය පවා කැඞීගියා. සභාව කල්තබා පටන් ගන්න යද්දී ඒකාබද්ධයේ අය සෙංකෝලය තමන් භාරයේ ර`දවා ගත්තා.ඉන්පසු පොලීසියේත් සහය ඇතිව සෙංකෝලය ලබාගෙන සභාව ආරම්භ කළා. ආණ්ඩු පක්‍ෂයේ කිසිවෙක් විශ්වාසභංගයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළෙත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ අය මොනවා කීවත් කවුරුත් විරුද්ධ වුණේ නැහැ. නව සභාපතිවරයෙක් පත්කරන්න නාම යෝජනා ඉදිරිපත් වූ පසුවත් මෙයට විරුද්ධ බව කීවේ සේමසිංහ මන්ත‍්‍රීතුමා පමණයි. කවුරුත් වෙනත් නමක් යෝජනා කළේ හෝ රහස් ඡුන්දයක් ඉල්ලූවේ නැහැ. ඒ කිසිවක් නොකර සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා.එදා පක්‍ෂයේ තීන්දුව ක‍්‍රියාත්මක නොකර එ.ජා.පයේ නියෝජිතයා ලෙස සභාපතිධුරයට පත්වීම ගැන සභාපතිතුමාට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ මහතා විනය පරීක්‍ෂණයක් හෝ පැවැත්වූවේ නැහැ. එදා වැරදි නොදැකපු අය අද වැරදි දකිනවා. අද එතුමා වෙනුවෙන් ඉන්න අයම එදා විවේචන කළා. අද ඔවුන් කතා කරන්නේ එදා හිටියේ නැහැ වගේයි. එදා එ.ජා.පය පත් කළ කෙනා අද එ.ජා.පය විසින්ම විශ්වාස භංගයක් ගෙනත් ඉවත් කළා.ඒකාබද්ධයේ කණ්ඩායමට තම සාමාජිකයා ආරක්‍ෂා කරගැනීමේ සැලැස්මක් තිබුණේ නැහැ. කලබල ඇතිකිරීම පමණයි අදහස වී තිබුණේ. බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව මා කීවත් ඒ දේ ඇසුවේ නැහැ. අපි අපේ පක්‍ෂය ලෙස අපේ කටයුතු කරගෙන යනවා. අපි එ.ජා.පයට උදව් කරන බව ඒකාබද්ධයේ අය කීවත් අපි එසේ කර නැහැ. ඒත් එකඟතාවයක් අනුව කටයුතු කරනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය-පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන්නේ කුමන කාලයේදීද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා-පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු මැතිවරණය පැවැත්වීමට දින 55ක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.ප‍්‍රශ්නය-නව සංශෝධන තුළින් කාන්තා නියෝජනය අඩුවීමක් සිදුවෙනවාද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා -නැහැ. සියයට 25ක කාන්තා නියෝජනය ආරක්‍ෂා කරගැනීම සඳහා අපි සියලූ දෙනා පෙනී සිටිනවා.ප‍්‍රශ්නය -ආණ්ඩුවෙන් යන බව ඇතැම් නියෝජ්‍ය ඇමැතිවරු ප‍්‍රකාශ කර තිබෙනවා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -කවුරුත් යන්නේ නැහැ. ගියොත් බලමු. අපි තීන්දුවත් ගන්නේ දෙසැම්බර් මාසයේ. මෙතෙක් නිල වශයෙන් කිසිම තීන්දුවක් ගෙන නැහැ.ප‍්‍රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? හංසයා ලකුණින් තරග කරන බලාපොරොත්තුවක් තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -අපි අපේක්‍ෂකයින් තේරුවේ මාස ගණනකට පෙරයි. මෙයට මුහුණදීම සම්බන්ධයෙන් අපේ පක්‍ෂයට අසීරුවක් නැහැ. අපි පක්‍ෂයක් ලෙස මැතිවරණයට අත ලකුණින් ඉදිරිපත් වෙනවා. මේ වන විටත් අපේ පක්‍ෂය සමඟ පක්‍ෂ රාශියක් සන්ධානගත වී සිටිනවා. අනුබද්ධ සංවිධාන තිබෙනවා. සන්ධානගත වීමේදී ඒ අයගේ ඉල්ලීම මත ඉතිහාසයේදී මෙන් වෙනත් ලාංඡනයක් ගැන සාකච්ඡා කරන්න වෙන්නත් පුළුවන්. නමුත් දැනට අපි තීරණය කර තිබෙන්නේ අත ලකුණින් තරඟ කරන්නයි. කෙසේ වෙතත් හංසයා ලකුණින් තරඟ කරන්න කිසිම බලාපොරොත්තුවක් අපිට නැහැ. එහිදී එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය වෙනමයි තරඟ කරන්නේ.ප‍්‍රශ්නය-66 වැනි සංවත්සර උළෙලට ඒකාබද්ධ විපක්‍ෂයේ අයටත් ආරාධනා කරනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-පක්‍ෂය නියෝජනය කරන සියලූ අයට අවසාන වතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් ආරාධනා කළාට එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ සම්බන්ධය පවත්වා ගැනීමට අකමැති බවයි. නමුත් කිසිම බෙදීමක් නොකරන ලෙස ජනාධිපතිතුමාත් උපදෙස් දී තිබෙනවා. ඒ අනුව 66 වැනි සංවත්සරයටත් සියලූ දෙනාට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.ප‍්‍රශ්නය-ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලේකම්වරයා බබෙක් කියා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශ කළා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ශ්‍රී.ල.නි.පය විනයක් ඇති පක්‍ෂයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ දරුවා පවා පක්‍ෂයෙන් ඉවත් කළ අවස්ථා තිබෙනවා. පසුගිය වකවානුවේ පක්‍ෂයේ විනය කඩකිරීම් අප දැක්කා. නමුත් පක්‍ෂයේ ලේකම්වරයා ලෙස මම විනය ආරක්‍ෂා කළ යුතුයි. ඒත් අප ඉදිරියේදී පක්‍ෂයේ විනය තදින් ක‍්‍රියාත්මක කළ යුතුයි. පක්‍ෂය නිවැරදි විය යුතුයි. අනාගතයේදී අපේ පක්‍ෂය විශ්වාසනීය පක්‍ෂයක් බවට පත්කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා අප ඉදිරියේදී පක්‍ෂයේ විනය සම්බන්ධව කටයුතු කරනවා. විනය කැඩුණු තැනක් ගැන දැන් කතා කරන්න මම කැමති නැහැ.ප‍්‍රශ්නය-මේ වන විට එවැනි විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා. එතුමා පක්‍ෂයේ විනය කැඩෙන ආකාරයේ ප‍්‍රකාශයක් රූපවාහිනී නාලිකාවකදී ප‍්‍රකාශ කිරීම ගැන දැන් කටයුතු කරගෙන යනවා. මේ පරීක්‍ෂණය අවසානයේ ඉදිරියේ තීන්දුවක් දීමට නියමිතයි. අද එදා මෙන් නොව තීන්දු ගන්නේ සාධාරණ ලෙසයි. ඒ අයටත් හේතු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. කඩිනම් තීන්දු ගැනීමට වඩා සාධාරණ තීන්දු ගැනීමයි වැදගත් වෙන්නේ. පක්‍ෂය තීන්දුවක් ගත්විට ඒ අයගේ මන්ත‍්‍රීකම අහෝසි වෙන්නේ නැහැ. ඒ අයටත් අධිකරණය ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. පක්‍ෂයේ කෙනෙක් විනය කඩකළොත් අවසන් ප‍්‍රතිඵලය මන්ත‍්‍රීධූරය අහිමිවීමයි. අපි ඒ සඳහා නීතිය අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා යම් කාලයක් යනවා. අපි රටට වගේම පක්‍ෂයටත් යහපාලනය පුරුදු කර තිබෙනවා.ප‍්‍රශ්නය-18 දෙනෙක් ඉවතට යන්නේ පක්‍ෂයේ 95 දෙනා ලෙස එක්වීමට බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍යවරයා කියා තිබුණා. ඒකාබද්ධයේ අය කියන්නේ අගමැතිතුමා වෙනස් විය යුතු බවයි. ඔබ දෙපිරිස එක්වුණොත් අගමැතිතුමාට මොකද වෙන්නේ.අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා වෙනස් කිරීම ගැන අපි කිසිම සාකච්ඡාවක් පවත්වා නැහැ. කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. අපි මේ එකඟතාව ඇතිකරගත්තේ රටේ යහපත වෙනුවෙන් මිස පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් නෙවෙයි. මෙයින් අපි ශක්තිමත් කළේ පුද්ගලයින් නෙවෙයි. රටේ වෙනසකුයි ඇති කළේ. තනතුරු නැති වූ අය තමන්ට තනතුරු ගන්න හදනවා. ඒත් කළ යුත්තේ එය නෙවෙයි. අපි අතර මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේත් ප‍්‍රශ්න ඇති බව රොෂාන් රණසිංහ මහතාගේ තීන්දුවෙන් පෙනෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේත් ප‍්‍රශ්න තිබෙනවා. අනෙක් පක්‍ෂවලත් එහෙමයි.ප‍්‍රශ්නය -උතුරු මැද පළාත් සභාවේ ඇති වූ සිද්ධිය ගැන පක්‍ෂයෙන් පරීක්‍ෂණයක් කරන්නේ නැද්ද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -මෙය පරීක්‍ෂණයක් කළ යුතු දෙයක් නෙවෙයි. මෙය 2012 සිට ආ තත්ත්වයක් ගැන පැහැදිලි වුණා. විශ්වාසභංගයක් ගෙනාවා නම් එයට ඉඩදිය යුතුව තිබුණා. යහපාලනය කියන්නේ එයටයි. සෙංකෝලය උස්සා කෑ ගහන්න අවශ්‍ය නැහැ. අන් අය යහපාලනයට විරුද්ධව තක්කඩිකම් කරන විට එයට උදව් කිරීමත් යහපාලනය නෙවෙයි. තක්කඩිකම්වලට පිළිතුරු දීමත් සිදුවිය යුතුයි. මෙහි වූ දේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ජනතාව හොඳින් දන්නවා.බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ඇතුළු පළාත් මැති ඇමැතිවරු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
විශ්වාසභංගය පැරදවීමට කිසිවකුත් නොසිතන බලවේග එ.ජා. පෙරමුණ හා අත්වැල් බැඳ ගන්නවා
0
hp_train_1197
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘මධ්‍යම,  උතුරු සහ උතුරු මැද පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයෙත්   තැනින් තැන වැසි ඇති වේ‘.‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘. ‘දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.‘සුළං ඊසාන දෙසින් හමන අතර එහි වේගය පැයට කිලෝ මීටර් 30-40 ත් අතර   වේ‘.‘කොළඹ සිට  පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං විටෙක පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි‘.2015පෙබරවාරි මස 12 වැනි දින දහවල්  12.00 ට නිකුත් කැරිණි  
‘තැනින් තැට මඳ වැසි‘
0
hp_train_1198
(අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ)  අඟුණකොළපෑලැස්ස මැදආරේ දී අද (3) දහවල් 67 හැවිරිදි කාන්තාවක් නිවස ඉදිරිපිට ඇති ඇළකට වැටී දියේ ගිලීමෙන් මරණයට පත් වී ඇතැයි පොලිසිය පවසයි. අඟුණකොළපෑලැස්ස පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.
වලවේ ගඟේ දිය නාමට ගිය තරුණයෙකු මරණයට
0
hp_train_1199
(අනුරාධපුර දයාරත්න ඇඹෝගම සහ අනුරාධපුර බී.පී. චතුරංග)ආණ්ඩුවට කුමන විදියේ විවේචන චෝදනා තිබුණත් තම ප්‍රතිපත්තිය තුළ මුල්තැන දී තිබෙන්නේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදවච්චියේදී ඉකුත් (04) ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මැදවච්චිය බර්ටි ප්‍රේමලාල් දිසානායක ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ  උත්සවයට සහභාගි වෙමිනි.එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.මා ඉතාමත් සතුටුවෙනවා මැදවච්චිය ප්‍රදේශයට එන්න ලැබීම ගැන. මේ ප්‍රදේශයට පමණක් නොව අපේ රටේ ගොවි ආර්ථිකයටත් පාරිභෝගික ජනතාවටත් ඉතා වටිනා මධ්‍යස්ථානයක් වන මෙම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම පිළිබඳවත් මා සතුටුවෙනවා. මේ ගොඩනැගිලිවල බොහෝ වැඩ අවසන් කරලා, තවත් වැඩ ඉතිරිව අවුරුදු 09ක ට වඩා වැඩි කාලයක් භාවිතයට නොගෙන තිබුණා. මේ දක්වා රජයේ මුදල් වැයකර ප්‍රයෝජනයක් නොගත් ව්‍යාපෘතියක් බවට පත්වෙලා තිබුණා.  මේ තත්ත්වය තුළ තමයි මහඇමතිතුමා, දුමින්ද දිසානායක ඇමතිතුමා ඇතු`එ නිලධාරීන් සෑම කෙනෙක්ම මෙය රජය කළ යුතු ආයෝජනයක් වගේම ප්‍රදේශයේ මෙන්ම රටේ ජනතාවගේ සුබසිද්ධියට අවශ්‍ය සම්පතක් නිසා මුදල් ලබාදීලා අද විවෘත කරන්න කටයුතු සූදානම් කළේ. මෙවැනි ව්‍යාපෘතියක් වැඩ අවසන් නොකළ අවුරුදු නමයක් ප්‍රමාද වුණේ ඇයි කියන කාරණයත් සොයා බැලිය යුතු කාරණයක්. සංවර්ධනය පිළිබඳ විශාල වෙනසක් ඇතිවූවායි කියන යුගයේදී එවකට රජය මුදල් වෙන්කළේ යෝධ ව්‍යාපෘතිවලට. ගමේ ගොවියා, ගමේ ජනතාව, පොදු ජනතාවගේ ආර්ථිකය මේ රටේ ගොවියාගේ ජීවන තත්වය නංවාලීමේ ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාවයක් ලබාදුන්නේ නැහැ.  මේ රට අතීතයේ කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවය ලබාදී ආර්ථික සමෘද්ධියත්, ශ්‍රී විභූතියත් ළඟා කරගත් අද මේ රටේ ගොවි ජනතාවට තවමත් සිය ආර්ථික නිදහස නැහැ දුගීභාවය, අඩු ආදායම වගේම දෛනික ජීවිතයට අවශ්‍ය පහසුකම් නොමැතිකමෙන් අපේ රටේ ගොවිජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකයි සිටින්නේ. නමුත් අනුරාධපුර, පොළොන්නරු, රජරට ප්‍රදේශය පෙර රජ දවසත් ඒ වගේම ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ගොවි ජනපද ව්‍යාපාරය පැවති සමයේත් මේ ප්‍රදේශය වගේම මුළු රටක වශයෙන් පැවැති බව අපි දන්නවා. කෘෂිකර්මාන්තය පදනම් කරගත් දියුණු ආර්ථිකයක් ඇති රටක්.මා හිතවත් අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමාගේ නමින් මේ ආර්ථික මධ්‍යස්ථානය නම්කිරීම පිළිබඳව මා සතුටුවෙනවා. එතුමා දේශපාලනඥයෙක් විදියට කටයුතු කළ කාලයේ මේ ප්‍රදේශවලට ඉතාමත් හොඳ විශිෂ්ට සේවාවක් ඉටු කළා. රජරට පළාත ගත්විට ගෙවීගිය දශක කිහිපයේ ගොවි ආර්ථිකය ගොඩගන්න, ගොවිජනතාවගේ දුප්පත්කම නැතිකරන්න තිබෙන්නා වූ අභියෝග මොනවාද කියලා අපි හඳුනාගන්න අවශ්‍ය වෙනවා. වගාවට අවශ්‍ය ඉඩම් නිසිපරිදි ලබානොදීම, ලබාදී ඇති ඉඩම් නිසිපරිදි භාවිතා නොකිරීම, ගොවියාට අවශ්‍ය ජලය නිසිලෙස නොදීම, ජල කළමනාකරණයේ දී තිබෙන බොහෝ අඩුපාඩු, ගොවි නිෂ්පාදනයට හොඳ මිලක්, වෙළෙඳපොළක් නොමැතිවීම යනාදි කරුණු නිසා තමයි මූලික වශයෙන්ම ගොවි ආර්ථිකය දුර්වල වුණේ.  එදාට වඩා අද ලෝකය වෙනස්. ඩී.එස්. සේනානායක මැතිතුමා ගොවි ජනපද ආරම්භ කළ යුගය, මෛත්‍රීපාල සේනානායක මැතිතුමා රජරට නායකයෙක් සහ විශිෂ්ට දේශපාලනඥයෙක් විදියට කටයුතු කළ ආකාරයට වඩා අද රට, ලෝකය වෙනස් වෙලා. අද අධිතාක්ෂණය සමග තමයි ජනතාව බද්ධ වෙලා සිටින්නේ. ගමේ, නිවසේ තිබෙන ජංගම දුරකථනයත්, පරිගණකය, රූපවාහිනිය, ගුවන්විදුලිය මගින් ඒ යුගයන්ට වඩා අද ජනතාව ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙලා තිබෙන්නේ. අද නව පරපුරට විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව සැලසුම් සමග ඉදිරියට යාමේ ගමන්මග සකස් කළයුතු වෙනවා. ඒ සඳහා රජය කැපවෙලා සිටිනවා. රාජ්‍ය සේවයේ රැකියාවලට වඩා රටක් දියුණු වෙන්නත් තමාගේ දියුණුවටත් අවශ්‍ය වන්නේ ස්වශක්තියෙන් ගොඩනගාගන්නා ආර්ථිකයක් සැලසුම් කරගැනීමයි.ඒ තුළින් අලුත් පරපුරට කෘෂිකර්මාන්තයේ වැදගත්කම පැහැදිලි කිරීම, තවත් පැත්තකින් උගත් තරුණ පිරිස්වලට කෘෂිකර්මාන්තයේ නව තාක්ෂණයත් සමග ඉදිරියට යාමට අවශ්‍ය පහසුකම් ලබාදීම. අලුත් උගත් තරුණයෙක් අද තම ජංගම දුරකථනයෙන් මැදවච්චියේ ඉඳලා කොළඹ වෙළෙඳපොළ හඳුනාගන්නවා වගේම අපේ අසල්වැසි රටවල්වල වෙළෙඳපොළ හඳුනාගන්න පු`එවන්කම තිබෙනවා. එය කළයුතු වෙනවා. එහිදී විවිධ ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් කොපමණද ආදිය සොයාගන්න අද ගෙදර ඉඳලා පුළුවන්.  බොහෝ වෙලාවට අද වාණිජ ලෝකයේ විවිධ අක්‍රමිකතා, තිබෙනවා. ඒ නිසා තමයි මෙවැනි ව්‍යාපාරයකට එන කෙනෙක්ට වෙළෙඳපොළ හඳුනාගැනීම අවශ්‍ය වන්නේ.   මේ ආර්ථික මධ්‍යස්ථානයේ කඩකාමර කිහිපයකට  මම ගියා. මම සතුටු වෙනවා හුඟාක් හිටියේ තරුණ අය. ඒ තරුණ පිරිස්වලට අපේ තාක්ෂණික දැනුම තිබෙන විශේෂඥයින් සම්බන්ධ වෙන්න අවශ්‍යයි. ඒ තුළ තමයි මෙයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතුව ගොවිබිමේ ඉඳලා එළවළු ටික අරන් ඇවිත් කීයට හරි මෙතනට දීලා එහෙම නැත්නම් මෙතන ඉන්න අය කීයක් හරි ගොවියාට දීලා ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මෙතන ඉන්න ව්‍යාපාරික මහත්තුරු තරුණ පිරිස් ඒ අයට පුළුවන්කම තියෙන්න  ඕනෑ කොළඹ වෙළඳපොළ හඳුනාගන්න. ඒ කොළඹ වෙළඳපොළ හඳුනාගත්තාම ඔවුන් එක්ක කතා කරන්න, පුළුවන් තර්ක කරන්න පුළුවන් අද කොළඹ මිල තත්වය මේකයි, අපේ මිල තත්වය මේකයි, අපි බඩු ගෙනාවානම් ගෙන්නේ මේ විදිහටයි.ඒ විදියට තමයි මේ ව්‍යාපාරික අංශවලට ප්‍රධාන වශයෙන්ම පුහුණුවෙන්න ඕනෑ. ඒ නිසා රජය මේ සඳහා පහසුකම් දෙනවා. මේ සඳහා සම්පත් දෙනවා. මුදල් වෙන් කරනවා. ප්‍රතිපාදන වෙන් කරනවා. ඒ  කෘෂි කර්මාන්තය තුළ එක්ක නව සමාජයක් මේ රටේ ගොඩ නැගෙන්න අවශ්‍යයි. සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ  යහපත් දේ රැක ගත යුතුයි වගේම  සම්ප්‍රදායික  කෘෂි කර්මාන්තයේ දී පැවති අදට නොගැළපෙන අයහපත් දේ අප විසින් බැහැර කළ යුතු වෙනවා.මැදවච්චිය, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රමුඛ රජරට පළාතේ දශක කිහිපයක සිට තිබුණු ගොවි ජනතාවගේ ජල ගැටලුව අදත් තිබෙන මේ පළාතේ ජල ප්‍රශ්නය.මේ ප්‍රදේශය නියෝජනය කරපු  මේ රටේ විශිෂ්ට දේශපාලනඥයෙකු වූ මෛත්‍රීපාල සේනානායක මැතිතුමා එදා මහවැලි  සංවර්ධන ඇමතිවරයා විදියට මූලික පළවෙනි ශක්‍යයතා අධ්‍යයන කරලා, මොරගහකන්දෙන් නැත්නම් මහවැලි ගඟේ ජලය උතුරට ගෙන එන්න එදා ප්‍රධාන වශයෙන් මූලිකත්වය ගත්තා. එතුමාට කළින් ඊට නායකත්වය දුන්නේ පොළොන්නරුව  දිස්ත්‍රික්කය නියෝජනය කරපු එවක සිටි සී.පී. සිල්වා ඇමතිතුමා. මෛත්‍රීපාල සේනානායක මැතිතුමා 1973, 1974 කාලේ ශක්‍යතා අධ්‍යයන කළේ මොරගහකන්ද ජලාශයේ වතුර මේ ප්‍රදේශවලට ගේන්න. උතුරට ගේන්න. රජරටට ගෙන්න. නමුත් දේශපාලන හේතූන් මත රජයන්වල වෙනස්වීම් සමග මූලික වශයෙන්ම 1977 විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් එදා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ව්‍යාපෘතිවල ප්‍රමුඛත්වය දුන්නේ කෘෂි කර්මාන්තයට වඩා විදුලිබල නිෂ්පාදනයට. විවෘත ආර්ථිකය තුළ කර්මාන්ත වර්ධනය සඳහා විදුලි බලය අවශ්‍ය නිසා කොත්මලේ, රන්දෙණිගල, රන්ටැඹේ, වික්ටෝරියා, මාදුරුඔය ජලාශ ප්‍රධාන වශයෙන් බිහිවුණේ විදුලි බල උත්පාදනයට.ඒ ව්‍යාපෘතිවල දෙවෙනි අංශය තමයි කෘෂි කර්මාන්තය. නමුත් මහවැලි මහ සංවර්ධන සැලැස්මේ  කෘෂි කර්මාන්තයට ප්‍රමුඛත්වය දුන් ව්‍යාපෘතිය තමයි මොරගහකන්ද. සියයට 99 ක්ම  කෘෂි කර්මාන්තය සඳහා. විදුලි බල උත්පාදනයට තියෙන්නේ මෙගා වොට් 35, 36ක්. ඒ නිසා මේ ව්‍යාපෘති පිළිබඳව රජරට ජනතාවගේ ලොකු උනන්දුවක් තිබුණා. හැම ආණ්ඩුවක්ම උනන්දු වුණා. හැම ඡන්දයකදීම, මැතිවරණයකදීම කතා කළා. නමුත් ඒ කාර්යය ඉටුවුණේ නැහැ.1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධුරයට තරග කරපු වේලාවේ පොළොන්නරු ඡන්ද රැස්වීමට ඇවිත් මගෙන් ඇහුවා මේ ප්‍රදේශයේ ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද කියලා.  මම කිව්වා පළවෙනි ප්‍රශ්නය ගොවීන්ගේ ජලය ප්‍රශ්නය.  ඒ නිසා මොරගහකන්ද කරන්න ඕනෑ කියලා මම කිව්වා. එතුමිය වේදිකාවේ කතා කරන ගමන් කිව්වා අපි ඇවිත් මොරගහකන්ද කරනවා කියලා. නමුත් එතුමියගේ කාලේත් කෙරුණේ නැහැ. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු වේලාවේත් ඒ වගේම මගෙන් ඇහුවා පොළොන්නරුව, අනුරාධපුර මැතිවරණ ව්‍යාපාරයේ  අපි ජනතාවට කිව යුත්තේ මොනවද කියලා. ගොවීන්ගේ ජල ප්‍රශ්නය ඉතාමත් බලවත් ගැටලුව බව මා එහිදීත් කිව්වා.2007 වසරේ දී ව්‍යාපෘතියට සතයක් වෙන් කළේ නැතුව අපි විශේෂයෙන් රජරට මැති ඇමතිවරු ඒ වේලාවේ ආණ්ඩුව  තුළ කරපු එක්තරා උද්ඝෝෂණයක් වගේම අරගලයක ප්‍රතිඵලයක්  හැටියට 2007 ජනවාරි 25 දා මුල් ගල් තිබ්බා මොරගහකන්ද කළුගග ව්‍යාපෘති ජලාශයට. 2007 ජනවාරි 25 මුල්ගල් තියලා පැය 48ට පස්සේ මාව ඇමතිකමෙන් අයින් කෙරුවා. මට වෙන අමාත්‍යාංශයක් දුන්නා. මන් කිව්වා නැත්නම් දවස් දෙකකට කලින් මුල්ගල් තියලා රජරටට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරන්න කැපවුණු මම වෙන අමාත්‍යාංශයක් භාර ගන්න කැමති වුණේ නැහැ. මම නිකං පොළොන්නරු යනවා කියලා කිව්වා. නැවත මට මහවැලි අමාත්‍යාංශය දුන්නා. දුන්නාට සල්ලි දුන්නේ අමාත්‍යාංශයේ වැඩවලට. මොරගහකන්ද ජලාශයේ කටයුතු අවුරුදු පහක් යනකන් වැඩ කෙරුණේ  නැහැ. මුදල් හොයා ගත්තා. චීනය එක්ක කතා කළා. ජපානය එක්ක කතා කළා. ඒ ඔක්කොම කඩදාසි හදලා මම ඉහළට ඉදිරිපත් කළා. අවුරුදු පහක් යන කල් ඒ ඔක්කොම නැවතුණා. 2007 පටන් ගත්ත වැඬේ අඩු වශයෙන්  ඒ අවුරුද්දේ නැත්නම් 2008  ව්‍යාපෘතිය කරන්න පටන් ගත්තා නම් අද තමුන්නාන්සේලාට ජල හිඟයක් ඇති වෙන්නේ නැහැ.මීට අවුරුදු පහකට කලින් 2012, 2013 මොරගහකන්දේ ජලය මේ ප්‍රදේශවලට එන්න තිබුණේ. ඒ විදිහේ අවුරුදු 05 ගතවෙලා, අමාත්‍යාංශ වෙනස් වෙලා අවසානයේ 2015 ජනවාරි මාසේ ජනාධිපතිවරණයට මම පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වුණහම මට සහයෝගය දුන්න මාව තෝරා ගත්ත එක්සත් ජාතික පක්ෂයත්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සදහා එකතු වුණු මන්ත්‍රී කණ්ඩායම් අනෙක් දේශපාලන පක්ෂ ඒ සියලු සංවිධාන පක්ෂ 49 ක්. ඒ 49 ප්‍රධානීන් තමයි තීන්දු තීරණ ගත්තේ මැතිවරණය සහ ආණ්ඩුවක් හදලා කරන වැඩ. දින 100 වැඩසටහන. එතැනදී මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ජයග්‍රහණය කළාට පස්සේ ඔබතුමා භාර ගන්න අමාත්‍යාංශය මොනවාද කියලා.ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේන්ම තියෙනවා. මම කිව්වා මම කැමති අනෙක් අමාත්‍යාංශය මහවැලි සහ පරිසර අමාත්‍යාංශය කියලා. මම ඒ ඉල්ලීම කළේ එකම හේතුවක් නිසා. රජරට ජනතාවගේ ජල ප්‍රශ්නය විසඳන්න මේ මහවැලි ව්‍යාපාරය තුළ මොරගහකන්ද ජලාශය වැඩ ඉවර කරලා ජල ප්‍රශ්නය විසඳලා මේ ජනතාවට ජලය ලබාදෙනවා කියලා මගේ තිබුණු පරමාර්ථය.  අපි ඒ ජයග්‍රහණය කරලා වැඩ කටයුතු කඩිනම් කළා. නිදා සිටි නිලධාරීන් වෙනස් කළා. අලුත් ඉංජිනේරුවරු දැම්මා. ආයතන වෙනස් කළා. වැඩ කාර්යක්ෂම කළා. ඒ අනුව තමයි මාස කිහිපයට කලින් මොරගහකන්දේ වේල්ලේ වැඩ අවසන් කරන්න පුළුවන්කම ලැබුණේ.  කළුගඟ ජලාශයේ ඉඳලා මොරගහකන්ද ජලාශයට වතුර එන කිලෝමීටර් හත හමාරක උමගයක් තියෙනවා. අපි ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ සඳහා මුදල් ලබා ගෙන තියෙනවා. දැන් ඒ වැඩ කටයුතු පටන් ගන්නවා. මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය තුළ අනුරාධපුර, පොළොන්නරුව ව්‍යාපෘතිවල කුරුණෑගලින් කොටසක වැව් 600 ප්‍රතිසංස්කරණය වෙනවා. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්, පෙර රජදවස සිට තිබූ වැව්. තමුන්නාන්සේලා දකින්න ඇති මම සති දෙකකට කලින් ත්‍රිකුණාමලයේ ගිහින් වැව් 25 වැඩ කටයුතු අවසන් කරලා, විවෘත කරලා ආවා.  මොරගහකන්ද ජලාශයේ ජලය එන්නේ පොළොන්නරුවට, අනුරාධපුරයට  විතරක් නොවෙයි ත්‍රිකුණාමලයටත් යනවා. වයඹටත් කුරුණෑගලටත් ජලය යනවා.මොරගහකන්දේ දැනට තිබෙන ජලය තාක්ෂණික විශේෂඥයින්ගේ උපදෙස් අනුව නිකුත් කරන්න බැහැ. ජලාශයේ වතුර පිරෙන්නට ඕනෑ. ජලාශයේ වතුර පිරිලා තමයි වේල්ලේ ශක්තිය, ප්‍රමිතිය හොඳයි කියලා ඉංජීනේරුවරු සෑහීමකට පත්වුණොත් තමයි වතුර දෙන්න පුඑවන්. වේල්ලේ වැඩ අවසන් කළාට වැස්ස ලැබුණේ නැහැ. වැස්ස ලැබිලා වැව පිරුණම මේ වතුර ප්‍රශ්නය විසඳෙනවා.අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල දිස්ත්‍රික්කවල වැව්වල ප්‍රතිසංස්කරණයට මේ වනවිට ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රමුඛත්වය අරන් තියෙනවා.  ජලය නොලැබුණු කුඹුරක ගොවියෙකුගේ පුතෙක් විදියට මේ ජල ප්‍රශ්නය මමත් අත්විඳ තිබෙනවා. තමුන්නාන්සේලාට මේ තියෙන ප්‍රශ්න ඉතාම සංවේදී විදියට දැනෙන කෙනෙක් මම. කුඹුර, නියරට මගේ ජීවිතයේ සම්බන්ධතාවයන් තියෙනවා. ආණ්ඩුවට මොන විදියේ විවේචන තිබුණත් චෝදනා තිබුණත් මගේ ප්‍රතිපත්තිය තුළ මම මූලිකත්වය දීලා තියෙන්නේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමටයි. මේ කරන සංවර්ධන සැලසුම් එක්ක ආර්ථික හා සමාජීය ප්‍රශ්න විසඳීමේ පසුබිම ඇතිවෙයි කියලා මම විශ්වාස කරනවා.  මම පසුගිය දිනවල ජලය නැති මේ දිස්ත්‍රික්කයේ ගම්මානවලට ගියා. පානීය ජල ප්‍රශ්නය, ආහාර හිඟය ආදී ප්‍රශ්න ගණනාවක් තිබුණා. මම එදා කොළඹට කතාකරලා කිව්වා මේ ප්‍රදේශවල ජනතාවට ආහාර ප්‍රශ්නයක් තියෙන නිසා වියළි ආහාර සලාකයක් ලබාදීමට කටයුතු කරන්න කියලා. ඒ අනුව ගිය අඟහරුවාදා අපි කැබිනට් මණ්ඩලයේදී තීරණය කළා ලක්ෂ 05 ක් වන ජලය නැතිකමින් පීඩාවට පත්වී සිටින ජනතාවට ආහාර සලාකයක් දෙන්න කියලා.ගිය සතියේ ඉඳලා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සම්බන්ධ කරනවා ප්‍රාදේශීය ලේකම්තුමන්ලාට සහයක් වශයෙන්. මේ නියඟ තත්ත්වය තුළ ජනතාවගේ සුබසාධන කටයුතු අධීක්ෂණය සඳහා. හමුදාව යුද්ධ කරන්න විතරක් නෙවෙයි දක්ෂ. ජාතියේ ගෞරවය අපි ඔවුනට පුදකරන්නේ යුද ජයග්‍රහණයට ඔවුන් කළ කැපකිරීම් වගේම රට තුළ හදිසි ආපදා තත්ත්වයකදී වුව ද ඒවා සමනය කර ගැනීමට ත්‍රිවිධ හමුදාව පෙරමුණ ගන්නවා.අපි විතරක් නෙවෙයි අසල්වැසි රටවලුත් ආපදා තත්ත්වයන්ට මුහුණ දීලා තියෙනවා. අසල්වැසි ඉන්දියාවෙත් කලාපයේ බොහෝ රටවලත් මේ අයහපත් කාලගුණික හා දේශගුණික තත්ත්වය තිබෙනවා.  ඒ නිසා ස්වභාව ධර්මයාගේ අභියෝගය මුළුමහත් ලෝකයටම තිබෙන දෙයක්. මේ අභියෝගයට අපි මුහුණ දිය යුතුයි. අපේ ජීවිත කාලය තුළ නියං තත්ත්වයන් කීයකට අපි මුහුණ දී තිබෙනවාද? ගංවතුර කීයකට අපි මුහුණ දී තියෙනවාද? මට මතකයි 2012 උතුරු මැද පළාත් සභා ඡන්ද දිනවල මෙහි දැඩි නියඟයක් තිබුණා. රජය විදියට අපි තමුන්නාන්සේලා වෙනුවෙන් අවශ්‍ය සියලු දේ කරනවා.  මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව නැවතත් සතුටුවෙනවා යැයි ජනාධිපතිවරයා කීවේය.කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, මහඇමැති පේෂල ජයරත්න, පළාත් අමාත්‍යවරුන් වන සරත් ඉලංගසිංහ, සුසිල් ගුණරත්න, එම්. හේරත් බංඩා, පළාත් සභාවේ සභාපති ඩී.එම්. අමරතුංග යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආණ්ඩුවට මොන චෝදනා තිබුණත් මම මුල්තැන දෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමටයි
1
hp_train_1200
(හර්ෂණ තුෂාර සිල්වා)ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.මේ වසරේ 6 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව නිවේදනය කළේය.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඔක්තෝබර් 10 වැනිදා රැස්වී එම තීරණය ගෙන තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 7 සහ සියයට 8 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද පවතින සියයට 5 මට්ටමේ පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4ත් 6ත් අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන බවත් මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටම ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි ද හෙතෙම කීය. 
ප්‍රතිපත්ති පොළී අනුපාතිකය වෙනස් කරන්නේ නැති බව මහබැංකුව කියයි
0