id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_1601
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
0
hp_train_1602
 (යොහාන් භාසුර)ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දෙන කොමිස් මුදල සියයට 3 ක කොටස සියයට 1 ක් දක්වා අඩු කිරීම හේතුවෙන් ඉන්ධන බෙදුම්කරුවන් ඒකාබද්ධව ඇනවුම්කිරීම අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම හේතුවෙන් මෙසේ කොමිස් මුදල අඩුකර ඇතැයි දැනගන්නට තිබෙන බව කී ඉන්ධන බෙදුම්කරුවන්ගේ නියෝජිතයෙක් පැවසුවේ පාඩුව අවම කරගැනීමට බෙදුම්කරුවන්ගේ කොමිස් මුදල අඩු කිරීම අසාධාරණ බවත්ය.ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන තොග ඇනවුම් නොකිරීම හේතුවෙන් ජනතාවට ඉන්ධන නොමැති තත්වයක් ඇතිවිය හැකි බවත් මෙම තත්වයෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වනු ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති. 
ඉන්ධන බෙදුම්කරුවෝ ඇනවුම් කිරීම අත්හිටුවති
1
hp_train_1603
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,228 දෙනකු අද (24) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,47,337 කි.එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,639 දෙනෙක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,12,825 කි. 
කොරෝනා ආසාදිතයන් 1228ක්
1
hp_train_1604
 (නිමල කොඩිතුවක්කු)පක්ෂයේ  අනාගතය ගැන සිතා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන  නව නායකයන්  සමග නව එක්සත් ජාතික පක්ෂයක් බිහිකරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද(22) පැවැසීය.ජනාධිපතිවරණ  ප්‍රථිඵල ගැන විග්‍රහයක් කර  පක්ෂයට අහිමි වූ සිංහල බෞද්ධ පදනම යළි ලබා ගැනීම වෙනුවෙන් නව වැඩපිළවෙළක්  සකස් කරන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරණය  වෙනුවෙන් කටයුතු කළ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කිරිමෙන් අනතුරුව  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.“අගමැති කාර්‍යාලයටත් අමාත්‍යාංශයටත්  සමුදීලා  මගේ කටයුතු අවසන් කළා. සිරිකොතටත් පැමිණ  මේ වැඩ කරපු ඔබ සියලු දෙනාටමත් ස්තූති කරන්න මගේ  යුතුකමක් තිබෙනවා. මේ ජනාධිපතිවරණයේදී  සිරිකොත මන්දිරයත් පක්ෂ යාන්ත්‍රණයත් කරපු සේවයට මම ඒ සියලු දෙනාටම ස්තූති කරනවා.  විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයේදී අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා මම යෝජනා කළා. අපි ඒකච්ඡන්දයෙන් ඒ යෝජනාව පිලිඅරගෙන අනික් පක්ෂ සමග මේ ඡන්දෙට ගියා.මේ ඡන්දය තිබුණු  අවස්ථාවේදී ඒ යාන්ත්‍රණයත් ඒ ඡන්ද ව්‍යාපාරයට භාර දුන්නා. මේ යන්ත්‍රණයත් සිරිකොතත් ඒ වැඩකටයුතු කරපු  බවට මට සහතික වෙන්න පුලුවන්. විශේෂයෙන්ම මේ මැතිවරණ  ව්‍යාපාරය අඩපන කරා කියන චෝදනා මම  ප්‍රතික්ෂේප කරනවා. ඒක මගෙන්වත් මේ යන්ත්‍රණයෙන්වත් සිදුවුනේ නැහැ.අපි අපේ ප්‍රධාන සාමාජිකයන්ට, ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට සියලු දෙනාටම එක එක  වගකීම් භාරදුන්නා. මම බාර ගත්තේ  උතුරු  නැගෙනහිර ඡන්ද වල වගකීමයි.  ඒ ඡන්ද  ප්‍රතිශතය  මට වැඩි කරන්න අවස්ථාව ලැබුණා. ඒත්  අවාසනාවකට අනික් දකුණු පලාත් හතේ අපේ ඡන්ද ප්‍රමාණය අඩු වුණා. ඒක මේ පරාජයට  හේතුවුණා. සමහර දිස්ත්‍රික්ක  අපි ජයග්‍රහණය කරාට  සමස්තයක් විදියට  අපි ඒ පරාජයට පත්වුණා.දැන් විශේෂයෙන්ම අපිට පේන හැටියට  අපි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, විශාල  සංවර්ධනයක් ඇති කිරීම, නීතිය හා සාමය ඇති කිරීම, සමාජ සේවා දියුණු  කිරිම යන කාරණා එකකින්වත්  අපිට බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබුනේ නැහැ. මේ පක්ෂයට සිංහළ බෞද්ධ පදනම  නැති වූ එක ගැන මීටත් වඩා අපේ අවධානය යොමුවෙන්න වුවමනායි.  මේවගේ දෙයක් මීට ඉස්සෙල්ලා අපිට සිදුවෙලා නැහැ. ඒ ගැන  විශේෂයෙන්ම අපි සොයා බැලිය යුතුයි. මේ නිසා  අපි අනාගතය ගැන තීරණ ගැනීමත් සමගම   මේ ප්‍රථිඵල ගැන විග්‍රහයක් කරන්න වුවමනායි.  ඒ ගැන විග්‍රහයක් කරලා තමයි අපිට ඉදිරියට යන්න පුලුවන් වෙන්නේ.  අන්න ඒ ගැන මම විශේශයෙන් මතක් කරන්න කැමතියි.අපි මේ ගැන එකිනෙකාට  ඇඟිලි දික් කර කර  චෝදනා කිරීමෙන්  මේක සාර්ථක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පක්ෂයටවත්  මේ නිලධාරින් කාටවත්  මූල්‍ය කටයුතු ගැන වගකීමක් තිබුනේ නැහැ. ඇත්ත  වශයෙන්ම අපි මූල්‍ය කටයුතු බාර ගත්තෙත් නැහැ.  එහෙම චෝදනාත් මම ප්‍රතික්ෂේප කරනවා. පක්ෂය පිළිබඳ මේ වගේ චෝදනා කරනවනම් ඒ ගැන  විභාග කරලා ඒවා අසත්‍යයයි  නම් ඒ ගැන අපි තදින්  ක්‍රියාකරනවා.මේ අවස්ථාවේ අපිට පක්ෂයේ අනාගතය ගැන හිතන්න තිබෙනවා. පක්ෂයේ  අනාගතය ගැන හිතලා නව නායකයන්  ඉදිරිපත් කරන්න අපිට තිබෙනවා. ඒ වගේම මේ විග්‍රහය අනුව අලුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න අපි මේ අයට  භාර දෙන්න ඕන. එතන දිනන නායකත්වයක් ඇති කරන්න තිබෙනවා. ඒ පරිවර්ථනය එතකොට අවසන් වෙනවා. අපිට භය නැතුව ඒ නායකත්වය  එක්ක ඉදරියට යන්න අවසතාව ලැබෙනවා.බෞද්ධයෙක් හැටියට අපිට තියෙන්නේ යම්කිසි වැරුද්දක්  වුනහම ඒ පිලිබඳ ඇඟිල්ල දිගු කරන එක නෙමෙයි. බෞද්ධයන් හැටියට ඒ වරද වටහා ගන්න ඕන. ඒ වරද  වටහා ගත්තට පස්සේ ඒ වරද නිවැරදි කරගන්න අපිට  පියවර ගන්න තිබෙනවා. එහෙම  නිවැරදි බෞද්ධ  ප්‍රතිපත්තියක්  අපි වටහා ගත්තම තමයි අපිට ඉදිරියට  යන්න තිබෙන්නේ. ඒ නිසා අපි මේ වැඩසටහන ගැන හිතලා  මේ වැඩසටහනට මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන  නව එක්සත් ජාතික පක්සයක් විදියට ඉදිරියට යමු. මෙතෙන්ට පැමිණි මේ සේවය කරපු  ඔබ සියලු දෙනාටම මම යලිත් මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා”යැයිද ඔහු එහිදී සඳහන් කළේය.මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.(ඡායාරූපය ලහිරු හර්ෂණ)
‘නව එජාපයක් බිහි කරනවා‘
1
hp_train_1605
නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. ත්‍රිකුණාමලය සහ  බැක්බේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.  නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින්  කළ සෝදිසියකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වු බව නාවික හමුදාව සඳහන් කළේය.  ඔවුන් සතුව තිබී තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ අල්ලන ලද මසුන් කිලෝ ග්‍රෑම් 43 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.    අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල, යාත්‍රාව, මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කර ඇත.(36698)
නීතී විරෝධීව මසුන් ඇල්ලු 5 ක් අත්අඩංගුවට
1
hp_train_1606
 (සුජිත් හේවාජුලිගේ)ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) මහතා ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පැවසීය.ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද (1) පෙරවරුවේ හමු වූ අවස්ථාවේදීය.ඕමාන්  තානාපතිවරයා සේවය අවසන් කර දිවයිනෙන් පිටව යෑමට නියමිත අතර ජනාධිපති වරයා හමුවූයේ ඒ පිළිබඳව දැනුම් දීමටය.ශ්‍රී ලාංකිකයෝ  25,000ක පමණ පිරිසක් මේ වනවිට ඕමානයේ රැකියාවන්හි නිරතව සිටිති.පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩිකර ගැනීමටද  සහාය වන ලෙස ජනාධිපතිවරයා  තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.සයීඩ් අල් රෂ්ඩ් මහතාගේ වසර 08ක සේවා කාලයේදී  ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා  මෙරට වෙළෙඳ සහ ආයේජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳවද සාකච්ඡා කළේය.තමා ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට නියමිත බවත්   දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට එහි සිටද කටයුතු කරන බවත්  රෂ්ඩ් මහතා ජනාධිපතිවරයා  සමග සඳහන් කළේය.මේ අවස්ථාවට  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතාද සහභාගී විය.
ශ්‍රී ලංකාව හා චීනය අතර ගුවන් ගමන් වැඩි කෙරේ
0
hp_train_1607
(ඩයනා උදයංගනී) කොවිඩ් ආසාදිතයින් තව 1,254 ක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 639,297 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලුත් අසාදිතයෝ 1,254 ක්
1
hp_train_1608
(*** මුදිතා දයානන්ද)කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ සහනයවත් නොදි අසීමිත ලෙස බදු බරක් පටවමින්  සිටින මේ ආණ්ඩුව බොරුවෙන් ඉපදී, බොරුවෙන් ජීවත් වී, බොරුවෙන්ම මිය යන්න හදන ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) පැවසීය.ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.එහිදී ඔහු මෙසේද පැවසීය.වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය කඩාවැටී පීඩාවට පත්ව සිටිනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ 360,000කට රැකියා අහිමි වෙනවා. ඉදිකිරිම් ක්ෂේත්‍රයේ 178,000 කට එනම් සියයට විසිපහකට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවී තිබෙනවා. මේ වන විටත් කඩසාප්පු ආදි විවිධ ආයතනවල සේවය කළ ලක්ෂ දෙකකට පමණ රැකියා අහිමිවී තිබෙනවා. මෑන්පවර් ආයතනවලින් ලබාගත් සේවකයින් ඉවත් කර තිබෙනවා. 1,113,000කට රැකියා අහිමිවී තිබෙනවා.මාස හයට වඩා අඩුවෙන් වැඩකරන ලද බොහෝ දෙනාට රැකියා අහිමි වෙලා. සමහර ආයතන සේවක ප්‍රමාණය සියයට පනහක් අඩුකර ඉතිරි කණ්ඩායමටද වැටුපෙන් අඩක් ගෙවීමට තීරණය කර තිබෙනවා. සුළු වෙළඳාමක් කරගෙන යාමේ සිට පවත්වාගෙන යනු ලැබු බොහෝ ව්‍යාපාර කඩාවැටිලා. ඒ ජනතාවට සහන දෙනවා වෙනුවට ඒ ජනතාව තවදුරටත් පීඩාවට පත්කරන බදු පැනවීමක් ආණ්ඩුව සිදුකර තිබෙනවා.ලෝක තෙල්මිල අඩුවී තිබෙන ආකාරය අනුව බදු අයකරගෙන වුවත් දැන් තිබෙන මිලට වඩා හරි අඩක් අඩුමිලට තෙල් ලබාදෙන්න පුළුවන්. සහනය ලබාදුන්නා නම් ධීවරයාගේ ගොවියාගේ සිට සෑම නිෂ්පාදන ක්ෂේත්‍රයකටම නිෂ්පාදන පිරිවැය අඩුකරන්න බලපානවා. ප්‍රවාහන වියදම අඩුකරන්න බලපානවා. නමුත් එහෙම නොකර ආණ්ඩුව කෙටිකාලයකට තෙල් වෙනුවට සැමන් හා පරිප්පු මිල අඩුකළා. සති දෙකක් යන්න කලින් පාලන මිලත් අහෝසි කරලා ඒවායේ මිල ඉහළ යන්න ඉඩ දුන්නා. දැන් ඒ මතවු බදු වැඩිකරලා ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරලා. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු මිල වැඩිකළා. දේශීය නිෂ්පාදන ඉහළ දැමීමට තමයි බදු පැනෙව්වේ කියලා ආණ්ඩුව කියනවා. හැම ආණ්ඩුවක්ම බදු පනවලා කිව්වේ ඔය කතාවම තමයි. හැබැයි අපි පරිප්පු නිෂ්පාදනය කරන්නේ නැහැ. පරිප්පු වෙනුවට කව්පි භාවිතා කරන්න පුළුවන් කියලා කිව්වත් ඒවාත් අපි දැන් ආනයනය කරනවා. දඹුල්ලේ ලොකු ලූනු තවම වගාකරන්න පටන් ගත්තා විතරයි. ඒ නිසා මේ වෙලාවේ බදු පැනවීමෙන් ලොකු ලූනු ගොවියා ආරක්ෂා කරන්න බැහැ. ආණ්ඩුව මේ කරන්නේ තමන් මුහුණ දී තිබෙන ආර්ථික අපහසුතාවයෙන් ගොඩ ඒමට ක්‍රියාමාර්ග ගැනීමයි.විදුලි බිල ජලබිල පිළිබඳ ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අප්‍රේල් හා මැයි මාසයේ ජල බිල මිනිස්සු ගෙවල්වලටම වෙලා හිටිය නිසා ඉහළ ගියා. මේ අය බිල ලියද්දී අප්‍රේල් මාසයට බිල පෙර පරිදිම ලියලා එහි වැඩිපුර ගිය ඒකක ප්‍රමාණය මැයි මාසයට එකතු කරලා දරන්න බැරි විශාල බිලක් ජනතාවට ලබාදීලා. විදුලි බිලත් ඒ ආකාරයටමයි කර තිබෙන්නේ.කොරෝනා මර්දනයට තමන්ගේ ජීවිතය පරදුවට තබා වැඩකරපු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වැඩකරන ජනතාව දැන් පාරට බැහැලා තමන්ගේ වැඩකරපු ප්‍රමාණයටවත් ගෙවලා නැහැ කියලා උද්ඝෝෂණ කරනවා. ආණ්ඩුව ඒකත් වංචා කරලා. ජනතාවට දිය යුතු දේ ගෙවන්නේ නැතිව ජනතාව මත බදුබර පටවන්න තීරණය කරනවා. ඒ කැබිනට් මණ්ඩලයම ලක්ෂ අසූදාහකට පිට්ටනි හදන්න තීරණය කරනවා. ඒ කැබිනට් මණ්ඩලයම වාහන ගෙන්වන්න ලක්ෂ තුන්දාහක් වෙන්කරන්න තීරණය කරනවා. පාරවල් හදන්න තීරණය කරනවා. ඩොලර් මිලියන තිස්පහක් යොදා අධිවේගී මාර්ග හදන්න තීරණය කරනවා. විශාල ඉදිකිරීම් කියන්නේ විශාල කොමිස්, විශාල ගසාකෑම්. ආණ්ඩුව කොරෝනා අතරේත් ගසාකෑම හොඳින්ම කරගෙන යනවා.එහිදි අදහස් දැක්වූ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.ද ෆිනෑන්ස් ආයතනය රජයට පවරා ගත්තා 2010දි. එසේ පවරා ගන්නා විට එය බිලියන තිහකට අධික තැන්පත් තිබුණ ලාභ ලැබූ ආයතනයක්. රජයට පවරා ගත් පසු මහබැංකුවේ නියාමනයට යටත්ව රජයන් පත්කළ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කළ එම  ආයතනය පසුගිය විසිදෙවැනිදා වසා දැම්මා. කොරෝනාවෙන් පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් තමයි ආණ්ඩුව කරලා තියෙන්නේ. ආණ්ඩුව මේකට හේතු දැක්වීමක් වත් කරන්නේ නැහැ. ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරනවා වෙනුවට ඒවා වසා දැමීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කිරීම ඉතාමත් භයානකයි.විදේශ රටවල සේවය කළ ජනතාව මෙරටට ගෙන්වා ගෙන නිරෝධායනයට ලක්කර නිවෙස්වලට යොමු කිරීමේ වැඩපිළිවෙළක් රජය මුල්කාලයේ අනුගමනය කළා. ඒක ඉතාමත් හොඳයි. තවත් විශාල පිරිසක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. ඔවුන් ලංකාවට එන්න උත්සාහ කරන්නේ ඒ රටවල සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අපහසුතාව හා රස්සා නැතිවීමෙන් ගෙවල් කුලීවත් ගෙවාගන්න වත්කමක් නැතිවීම වැනි කාරණා නිසයි. එහෙත් දැන් මේ අය ගෙන්වීමේ ක්‍රියාවලිය නැවතිලා. තානාපති කාර්යාල නිලධාරින් පවා ආණ්ඩුව අසරණ කරලා. මේ අයත් අපේ රටට විදේශ විනිමය එවන අපේ රටේම ජනතාවගෙන් කොටසක් බව අමතක නොකරන ලෙස ආණ්ඩුවට අපි පෙන්වා දෙන්න කැමතියි.එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට දිසානායක මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප්‍රශ්නය - මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද මතුවී තිබෙන තත්ත්වය ගැන ජවිපෙ අදහස?පිළිතුර - ආණ්ඩුව හැදුවේ ජනතාව නිවෙස්වලම හිරවී සිටියදි ඡන්දේ පවත්වා මැතිවරණය දිනාගන්නයි. එහෙත් මැතිවරණ කොමිසම පවසන්නේ රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වි මාස දෙකහමාරක්වත් ගත වනතුරු මැතිවරණය පැවැත්විය නොහැකි බවයි. අපි ජවිපෙ ලෙස මැතිවරණයට සූදානම්. එහෙත් අද රටේ පවතින තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් නොකර ඉතා විශාල මුදලක් මැතිවරණයක් වෙනුවෙන් වැය කිරීම සුදුසු නැති බවයි අපේ හැඟීම.
තෙල් සහනය නොදී බදුබර පැටවූ ආණ්ඩුව කටයුතු කරන්නේ බොරුවෙන්මයි
1
hp_train_1609
(දිලීප් ජයසේකර)හම්බන්තොට ධීවර වරායට විකිණීමට හෙරොයින් මත්කුඩු රැගෙන යමින් සිටි පුද්ගලයකු මාතර හම්බන්තොට දිසා වැටලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (21) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජපක්ෂ මාවත, සාමෝදාගම, හම්බන්තොට ලිපිනයේ පදිංචි 30 හැවිරිදි සැකකරුවෙකි.අත්අඩංගුවට පත් සැකකරු කාලාන්තරයක් තිස්සේ හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු යන ධීවරයින්ට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වුවෙකු බව මුලික පොලිස් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 490 ක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අධික ලෙස හෙරොයින් සඳහා ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බවත් ඒ හේතුව නිසාම බිරිඳ සැකකරු අතහැර ගොස් ඇති බවත් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
හම්බන්තොට ධීවර වරායට මත්කුඩු ගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට
1
hp_train_1610
(ජේ.කේ.එල්.චාමින්ද) යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා වු අයවැය ලේඛනය අද (21) පැවති ප්‍රාදේශීය සභා මාසික රැස්විමේ දී වැඩි ඡන්ද හයකින් සභා සම්මතවිය.ප්‍රාදේශීය සභාවේ සභාපති යු.ජි.පියදාස මහතා  2019 වර්ෂයට  සඳහා වු අයවැය ලේඛනය පැවති ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 12ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 6ක් ලැබුණි. අයවැය ලේඛනය වැඩි ඡන්ද හයකින් සභා සම්මත විය.ප්‍රාදේශීය සභා රැස්වීම යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති යු.ජි.පියදාස මහතාගේ  ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
යක්කලමුල්ල ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි
1
hp_train_1611
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව කියයි.‘‘‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලද විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි‘‘.‘‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර  වේගය පැයට කිලෝ මීටර්. 20-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘‘.2015 මාර්තු මස 04 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කැරිණි.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1612
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,928 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,31,922ක් දක්වා ඉහල ගොස් ඇත.කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2,161 දෙනකු සුවය ලබා අද (9) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,95,518කි. 
කොරෝනා ආසාදිතයන් 1022ක් වාර්තා වෙයි
0
hp_train_1613
(සමන් පාලිත නානායක්කාර)හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය තීරක ඡන්දයෙන් අද (19) සභා සම්මත විය.අයවැයට පක්ෂව හා විපක්ෂව ඡන්ද හත බැගින් ලැබීම නිසා සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සභා සම්මත විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලන බලය  හිමි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත වෙයි.අයවැයට පක්ෂව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කළහ.අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයකු හා ස්වාධීන මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශ කළහ .එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු , ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු ඡන්දය දෙන අවස්ථාවේ සභාවේ නොසිටියහ.2020 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම 58985357.23   ක් වේ . රුපියල් 55861608.64 ක් වියදම් කිරීමට අපේක්ෂා කරන අතර රුපියල් 3123748.59 ක් සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කෙරේ .
කන්තලේ ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 13කින් සම්මතයි
0
hp_train_1614
(ඩී.ජී.සුගතපාල) රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ  සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා ඇතුලු සැකකරුවන්  17දෙනා තවදුරටත් ලබන මස 8 වන දින  දක්වා  රිමාන්ඩ්  බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25)නියෝග කළේය. මෙසේ තව දුරටත් රිමාන්ඩ් කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවෝ දාහත් දෙනාවෙති. රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින  පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. පැමිණිල්ල  මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් එවකට  දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රවි විජේගුණවර්ධන මහතා දින පසුගිය 19වන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට කැඳවා ප්‍රකාශයක් ලබාගත් බවත් රජයේ රස පරික්ෂකවරයා වෙත යවන ලද භාණ්ඩ සම්බන්ධයෙන් තවම වාර්තා ලැබී නොමැති බවත් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු වන මනොර නමැත්තා අත්අඩංගුවට ගැනීමට සිටින බවත් කියා සිටියේය. එයට අමතරව 2සහ 3 සැකකරුවන් හැර අනෙක් සැකකරුවන් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත්‍ර දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියා සිටියේය.
රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්
0
hp_train_1615
( රංජිත් රාජපක්ෂ  )                     තම දෛනික මුලික වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙලිය ස්තැස්පි වතු යායේ කොටස් හයක වතු කම්කරුවෝ මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ගවරවිල මංසන්ධියේ අද  (11) උද්ඝෝෂණයක නිරත වුහ.වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර වසර දෙකක් බල පැවැත්වෙන සේ මීට ප්‍රථම අත්සන් කළ අවබෝධතා ගිවිසුම කල් ඉකුත් වි මාස දෙකක පමණ කාලයක් ගත වි ඇත. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර යළි සාකච්ඡා වට කිහිපයක් පවත්වා එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වි ඇත.වෘත්තිය සමිති භේදයකින්  තොරව අද උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් පැවසුයේ  වතු යායෙන්  මාසිකව ලබාදෙන වැඩ දින ගණනට අනුව වැඩට පැමිණෙන අයට සහ වතු යාය මගින් දිනක වැටුප සදහා අනුමත කරන තේ දළු ප්‍රමාණය පමණක් නෙළන අයට රු 730  ක දිනක වැටුප ලැබෙන බවත්, එසේ නොකරන අයට දිනක වැටුප වශයෙන් රු 530 වැටුපක් ලැබෙන බවයි. දැනට තමන්ට ගෙවන රු 530 මුලික වැටුප කොන්දේසි විරහිතව දෛනික මුලික වැටුප රු 1000 දක්වා ඉහළ දමන ලෙස උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවෝ ඉල්ලා සිටිති. 
බෘවුන්ස්වික් වතුකම්කරුවෝ වතු සමාගමට එරෙහිව උද්ඝෝෂණයක්
0
hp_train_1616
තම දරුවාට අකුරු කියවීම සඳහා විශ‍්‍රාමික විදුහල්පතිවරයකු හමුවීමට ගිය පියකු ඔහුට ගෙන ගිය අපූරු තෑග්ගක් නිසා ඔහු යක්‍ෂාරූඪවූ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණේ වෙරළබඩ ප‍්‍රදේශයකිනි.පසුගිය දා මේ පියාගේම බාල මල්ලී බීමත්ව නගරයේ පිස්සු නටනු දුටු මෙකී විදුහල්පතිවරයා ඔහුට එරෙහිව කතාකොට පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක්කිරීම නිසා ඔහු මෙකී විදුහල්පති සමඟ දැඩි වෛරයකින් පසුවිය.තම දරුවාට අකුරු කියවා ගැනීමට මේ විදුහල්පති හමුවට සහෝදරයා යන බව දැනගත් මල්ලී එයාට තෑග්ගක් ගෙන යනවා නම් හොඳම දේ අරක්කු බෝතලයක් බව පවසා ඔහු ඊට දැඩිව රුචිකරන බව පවසමින් බෝතලයක් ද ඔතා දුන්නේය.දරුවාට අකුරු කියවීමෙන් පසු තෑගි පාර්සලය ලියා බැලූ විදුහල්පතිවරයා යක්‍ෂාරූඪවී වහාම එය රැුගෙන යන ලෙස කීවේ වෙවුලමින්ලූ.
දරුවාට අකුරු කරවූ සතුටට විදුහල්පතිට අරක්කු බෝතලයක්
1
hp_train_1617
රටේ බොහෝ පළාත්වලට  සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් නැගෙනහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති  වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල තරමක තද වැසි ඇතිවිය හැකියි.රට වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වේ
'පළාත් කීපයකට තද වැසි'
1
hp_train_1618
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි‘පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි ඇති විය හැකියි‘.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.‘සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර් 20-30 ක් පමණ වේ. කෙසේවෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘.2015 අප්‍රේල්  මස 23 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1619
 (ජූඩ් සමන්ත) ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේ.තෙච්චනාමුර්ති මහතා හා උපසභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ එච්.ඒ.උදය ශාන්ත මහතා තේරී පත් විය.වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙම ඡන්ද විමසීම පැවැත්විණි.හලාවත මහාධිකරණයෙන් කරන ලද නියෝගයක් අනුව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම  අවස්ථාවට කැඳවාගෙන එන ලදී.පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සභාපතිවරයා පත් කිරීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව සභාපති ලෙස ජගත් සමන්ත පෙරේරා යන අයගේ සහ කේ.තෙච්චනාමුර්ති මහතාගේ නම් යෝජනා විය.ඒ සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී  දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබා ගත්තේය. පසුව කුසපත් ඇදීමකින් කේ.තෙන්නාමුර්ති මහතාට ජය හිමි විය.උප සභාපතිවරයා ලෙස එච්.ඒ.උදයශාන්ත මහතාගේ සහ ආර්.පී.විජේතුංග යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. එහිදී විවෘත ඡන්දයක් විමසු අතර දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබා ගත්තේය. පසුව කුසපත් ඇදීමෙන් එච්.ඒ.උදයශාන්ත මහතා උපසභාපති ලෙස තේරී පත්විය. මෙම අවස්ථා දෙකේදීම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියේය.
ආරච්චිකට්ටුව ප්‍රා.සභා සභාපති පුටුව ශ්‍රීලනිපයට
1
hp_train_1620
බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  කියයි.  ඇතැම් ස්ථාන වලට මිලි මීටර් ‍50 ට වඩා වැඩි විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. 
‘පළාත් කීපයකට තද වැසි‘
0
hp_train_1621
දූෂණයට, වංචාවට, හොරකමට එරෙහිව කටයුතු කරද්දී යූඑන්පී ද ශ්‍රී ලංකා ද කුමන පක්ෂයේ ද යන්න තමාට වැදගත් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුරදී පෙරේදා (27) පැවැසීය.තමාගේ ඇඟේ තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ රත්නපුරේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයින්ට සහාය පළකිරීම සඳහා රත්නපුර නගරයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය.“දේශපාලනඥයෙක් කළ යුතු දේ වගේම නොකළ යුතු දේත් තියනවා. පසුගිය අවුරුදු තුන තුළ මම ජනාධිපති වෙන්න කලින් මේ රට පත්වෙලා තිබුණ තැනින් බේරාගත්තා. එදා අපේ රට අන්තර් ජාතික මට්ටමෙන් පත්ව තිබුණ තැන ගමේ සාමාන්‍ය ජනතාවට දැනුණේ නෑ. දේශපාලන නායකයින්, මේ රටේ විවිධ අංශ ප්‍රධානීන් ඒ සියල්ල තිබුණ තත්ත්වය දැනගෙන හිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලෝකයේ රටවල් 194ක් තිබෙනවා. 2015 ජනවාරි වනවිට මේ රටවල් අතරින් අතේ ඇඟිලි ගාණටවත් අපට හිතවත්ව රටවල් හිටියේ නෑ.ජාත්‍යන්තර දේශපාලනයේ අපට තිබූ අවමානය, නොපිළිගැනීම, අගෞරවය මම ඉවත් කළා කියන එක පැහැදිලිව කියන්න ඕනෑ.අපිට කියනවා රණවිරු දඩයම කියලා. මම ජනාධිපති ධුරයට පත්වනවිට අපේ යුද, නාවික, ගුවන් කියන අංශ ජාත්‍යන්තරය විසින් පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරලා තිබුණේ. යුද්ධය දිනවපු මහා රණවිරුවා වූ සරත් ෆොන්සෙකා 2010 ජනාධිපතිවරණයට ඉල්ලුවා කියලා දීපු දඬුවම තමුන්නාන්සේලා දන්නවා. හිරේදාලා, තරුපටි ගලවලා, ජම්පරය අන්දවලා, ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවට දඬුවම් දුන්නේ කවුද කියලා තමුන්නාන්සේලාගෙන් වගේම මේ රටේ ජනතාවගෙනුත් මම අහනවා.මගේ මිත්‍ර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට පත්කරන්න පළවෙනි ඡන්දෙදි, පක්‍ෂයේ ලේකම්වරයා විදියට එදා මම තරම් කර ගහපු කෙනෙක් ඉන්නව ද කියලා අහනවා. 2005 ඡන්දෙදි සමහර කැබිනට් ඇමැතිවරු එතුමාව දාලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානේ දොරවල් වැහුණා. රහසක් නෙවෙයි හිටපු ජනාධිපතිතුමියත් සහයෝගය දුන්නේ නෑ. පක්‍ෂයේ ලේකම් විදියට මම ඒ මැතිවරණය කරට ගත්තා.එදා ඒ යුගයේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මට කතා කළේ මල්ලී කියලා. මම එතුමාව අගමැති වෙනකම් කතා කළේ අයියේ කියලා. එතුමයි අපියි එකට යුද්දේ කළා. යුද ජයග්‍රහණය තනි පුද්ගලයකුගේ ජයග්‍රහණයක් නොවෙයි. දුටුගැමුණු මහ රජ්ජුරුවෝ එළාර පරාද කළේ දස මහා යෝධයොත් එක්ක. මහින්ද රාපක්‍ෂ මහත්තයට එදා යුද්දේ කරන්න අපි වගේ දස මහා යෝධයෝ හිටියා. මෛත්‍රීපාල සිරිසේනලා, ජෝන් සෙනෙවිරත්නලා, නිමල් සිරිපාල ද සිල්වලා, අනුර යාපලා, සුසිල් ප්‍රේම්ජයන්තලා, එවැනි සෙන්පතියෝ හිටියා. කරදුන්නා, උරදුන්නා.මට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පස් සැරයක් ගැහුවා. ඒ පස් සැරේම ඔවුන් විනාශ වුණා. අහිංසක මිනිස්සු මැරුණා. ගහන්න ආපු සමහරු අත්අඩංගුවට ගත්තාම සයනයිඞ් කාලා මැරුණා. මම හින්දා එල්ටීටීඊකාරයෝ හය දෙනෙක් මියගියා.අපි ලස්සනට ආණ්ඩු කළා. 2010 මැතිවරණයෙන් පස්සේ අපිව ටිකක් ඈත් කරලා, වටේ හිටපු බමුණොයි, කේවට්ටයොයි එතුමාව මහ රජාණෝ කළා. ඒ කාලේ බොහොම සුන්දර මිනිහෙක් එතුමා. එතුමා මහ රජාණෝ වෙනකොට අපි ඈත් වුණා. රට වෙන පැත්තකට ගියා. යුද්දෙන් පස්සෙත් රටේ අතුරුදන්වීම්, ඝාතන, බෙදීම්, සිංහල, දමිළ, මුස්ලිම් ජනකොටස් අතර අසමගිය, විරෝධය, ප්‍රතිවිරෝධය, ගැටුම්, හැප්පිලි ඔබට මතක ඇති.මම ඒ සමාජය වෙනස් කළා. මට රට හදාගන්න ඉඩ දෙන්න කියලා ලෝකයට කියලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ සහතික කළා. අද මිනිස් ඝාතන, අතුරුදන්වීම් නැහැ. අද මාධ්‍ය ආයතන ගිනි ගන්නේ නැහැ. මාධ්‍යවේදියෝ රට හැරදාලා යන්නේ නැහැ. අද අපේ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම සාධක හමුදාව ලෙස මුළු ලෝකයේම අරගෙන යනවා. ගහගන්න තැන්වලට අරගෙන ගිහිං සාමය සඳහා මැද හිටවනවා. ඒ විදියට මේ රට වෙනස් වුණා. රණවිරු දඩයම් නෑ.අපිට කියනවා රට විකුණනවා, රට බෙදනවා, රට කඩනවා කියලා. මම මේ ජනාධිපති ධුරයේ සිටිනතාක් කල් මේ රට කඩන්න, බෙදන්න මොන යෝජනා ආවත්, මම ඒවාට ඉඩ දෙන්නේ නැහැ. මව්බිමේ උරුමය වෙනුවෙන් ජීවිත පූජා කරලා මේ රට ආරක්‍ෂා කරනවා.2015 මහ මැතිවරණයෙන් පස්සේ අපේම පාර්ලිමේන්තු කණ්ඩායම අපි ඔක්කොම එකට රැස්වුණා. ඒ වෙලාවේ ඉල්ලීමක් ආවා, ආණ්ඩුවත් එක්ක නොයන අයට විපක්‍ෂයේ විදියට ඉන්න ඉඩ දෙමු කියලා අපේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී. මම කිව්වා ඔව් කැමතියි. කැමති අය ආණ්ඩුවට එකතු වෙන්න. අකමැති නම් විපක්‍ෂයට ගිහින් ඉන්න කියලා. මගේ විරුද්ධත්වයක් නෑ. ඕන තරම් ආණ්ඩුව විවේචනය කරන්න. අපි ශ්‍රීලනිපය විදියට වැඩ කරමු. මොකද වුණේ? ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දන්නෙම නැහැ, යට ඉන්න ගෝලයෝ ටිකක් අලුත් පක්‍ෂයක් හැදුවා.අපිට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගෝස්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරු අනූහය දෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලෑස්තියි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න.ඔය කුණු කන්දල් අලුත් දේශපාලන කුණු කූඬේ, ඔය වසංගතේ, ජී.එල්. පීරිස්ගේ කුණු කාණුව, ඕක දාලා එන්න. මං ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහයම මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.මගේ ඇඟේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ දේ.අද මහ බැංකු කොමිෂන් වාර්තාව ගැන හැම කෙනෙක්ම වේදිකාවල්වල කතා කරනවා. ජී.එල්. පීරිස්ගේ කට්ටියත් උඩ පැන පැන කතා කරනවා. හැබැයි ඒ ගොල්ලෝ දන්නේ නෑ, මහ බැංකු වාර්තාවේ තියෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු අත්සන් කරපු වාර්තාවේ තියෙන්නේ, මේ මහ බැංකුවෙ බරපතළ දූෂණ වංචා සිදුව තියෙන්නේ 2008 සිට 2016 දක්වා කියන එක, බොහොම පැහැදිලිව සඳහන් කරලා තියනවා.ඒ එක්කම මම පත්කරපු බරපතළ වංචා දූෂණ කොමිසම. මේ වාර්තා දෙකම ඉල්ලලා කෑගැහුවා. දෙන්න දෙන්න ජනාධිපති ඔක්කොම හංගාගෙන අතේ තියාගෙන ඉන්නවා කියලා. මම දෙකම ඇරියා. කෝ අර කෑගහපු මිනිස්සු. සද්ද නෑ. පොත වැහුවා. දෙගොල්ලම කතාවෙලා පොත වැහුවා. මොකද කතා කළා නම් දෙගොල්ලන්ගෙම රෙදි බුරුල් වෙනවා කියලා දන්න නිසා.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම පැහැදිලිව කිව්වා විවාදයක් තියන්න කියලා. නමුත් පක්‍ෂ නායක රැස්වීමේ වැඩි බලය තියෙන්නේ ඔය වාර්තාවේ කියන පක්‍ෂ දෙකට අයත් නායකයෝ තමයි ඉන්නේ. පාර්ලිමේන්තුවේ 225න් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්නේ 42යි. අනිත් ඔක්කෝම කිව්වා මේක වහමුයි කියලා. විවාද එපා කියලා.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්තියට, බණ්ඩාරනායක දර්ශනයට නැතුව ඒකාධිපතිත්වයෙන්, මිනිස් ඝාතන, අතුරුදන්වීම් එක්ක මේ රට යනකොට, 2014 නොවැම්බර් මාසෙ මම ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදියට ඉදිරිපත් වෙච්ච වෙලාවේ, ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ, ඔබ ඇඟිල්ල දිගු කරලා කිව්වා, ඇයි තමුසේ අපිට ඔහොම කරන්නේ කියලා.අපේ රත්නපුරේ මිත්‍රයෝ මට ගලුත් ගැහුවානේ. (ජනාධිපතිවරයා සිනහව පළ කරයි.) දේශපාලනයේ සදාකාලික හතුරන් ද නැත. මිතුරන් ද නැත. ඒ නිසා ඕනෑ වෙලාවක වෙන් වෙන්න පුළුවන්. ඕනෑ වෙලාවක එක් වෙන්න පුළුවන්. දූෂණය වංචාව නාස්තියත් එක්ක අද ආණ්ඩුව තුළ සිදුවන වැරදි නිසා, ඇතිවන බරපතළ දූෂණ මහ බැංකු මංකොල්ලත් එක්ක මම ප්‍රකාශ නිකුත් කළා වගේම ක්‍රියා කරන්නත් ගත්තා. කොමිසමේ සාක්කි යනකොට, ඒවා පත්තරවල යනකොට මමත් ජනතාවගේ පැත්තටයි වැටුණේ. කොමිසමට මම පැහැදිලිව ආශිර්වාද කළා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ 2014 නොවැම්බර් මාසෙ මට ඇඟිල්ල දික්කරලා ඇයි උඹ අපිට මෙහෙම කරන්නේ කියලා ඇහුවා වගේ, පසුගිය මාසයක් දෙකක් තුළ එක්සත් ජාතික පාක්‍ෂිකයො අහන්න පටන් ගත්තා, ජනාධිපතිව කරන්න ඉස්සරහින් හිටිය අපි තමුසෙව ජනාධිපති කළා. ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා.  මම එදා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට ද්‍රෝහි වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එදා ද්‍රෝහි වුණේ නැහැ. මම අද එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට ද්‍රෝහි වෙලා නැහැ. මම එක්සත් ජාතික පක්‍ෂයට ද්‍රෝහි වෙලා නැහැ. මම ද්‍රෝහි වෙන්නේ, විරුද්ධ වෙන්නේ, මම දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට හා පවුල්වාදයටයි. ඒ අය ඉන්නේ යූඇන්පී ද ශ්‍රී ලංකා ද මොන පක්‍ෂය ද මොන පාට ද මොන වර්ණය ද මට ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනෑ කරන කෙනකුට දෙන්න තියන ඉහළම දඬුවම් දෙන්න නීතිය ඉස්සරහට ගෙනියන්න, හිරේ දාන්න, අපායට ගෙනියන්න ඕනෑ කරන වැඩකටයුතු ටික අඩුවක් නැතුව ඉෂ්ට කරනවයි කියන එක මම තමුන්නාන්සේලාට බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ.හත්දෙයියනේ, හැමුදුරුවනේ, මේ රට හොර ගුහාවක් වෙලා. ලෝකෙන් උතුම් රට. බෞද්ධයන් අන්‍ය ආගමිකයන් සමඟ සමගියෙන් ඉන්න රට. ඇයි මෙහෙම මේ රට පත්වුණේ. මම ඊයේ ප්‍රකාශයක් කළා ඔබ මාධ්‍ය තුළ දැක්කා. පහුගිය අවුරුදු දහය ඇතුළත මුදල් අමාත්‍යාංශය විදේශ ණය ගත්ත ඒවා, ටි්‍රලියන් දහයකට වැඩියි. ටි්‍රලියනයක් කියන්නේ රුපියල් කෝටි දාහක්. භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ පොත්පත්වල දැනගන්න තියෙන්නේ ටි්‍රලියන් එකක වත්කම් විතරයි. අනෙක් ටි්‍රලියන් නවය රටට ගත්තා තමයි වුණේ මොකද කියලා පොත්පත්වල සටහන් වෙලා නෑ.මේ අවුරුදු දෙකේ තුනේ රජයේ ආදායම්, ආණ්ඩුවට ආපු සල්ලි, ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ තියන සල්ලි ආණ්ඩුවෙන් කඩලා පෞද්ගලික සමාගම්වලට දුන්නා. කාට ද මේවා කියන්නේ. මිහින් එයාර්, ශ්‍රීලන්කන් ගුවන් සේවය, අලුත් ජනාධිපති කොමිසම මම ලබන සුමානේ අලුතින් ගැසට් කරනවා. කාගෙ කාගෙත් තත්ත්වය හෙළිවෙයි.මේ රටේ නාස්තියට, වංචාවට, දූෂණයට කොමිෂන් සභා පත්කරනව නම්, පඳුරක්, පඳුරක් ගානේ කොමිෂන් සභා පත්කරන්න වෙනවා. පත්කළ යුතු ඒවාට කොමිෂන් සභා පත්කරනවා. පත්කරපු ඒවායේ වාර්තා අනුව කටයුතු කරනවා. දෙන්න තියන ඉහළම දඬුවම් දෙනවා. නැති වෙච්ච සල්ලි ටික හොයා ගන්නවා.රටක් හදන්න හිරගෙවල් පුරවලා වැඩක් නෑ. හිරගෙවල්වලින් රට හදන්න බැහැ. හිරගෙවල්වලට යන වැරදි නොකරන මිනිස්සු ඉන්න රටක් අපි හදන්න ඕනෑ. ඒකයි අවශ්‍ය වෙන්නේ. වැරදි කළ මිනිහාට දඬුවම් දීම එකක්. මිනිසුන් අතින් වැරදි නොවන ලෙස ආයතන, නීතිය හැදීම වැරදි කරන්න තියන ඉඩ ඇහිරීම අනිත් එක.ඒ නිසයි මම මුළු රටටම කියන්නේ පෙබරවාරි 10 මේ සටන අවසන් වන දවස නෙවෙයි. ඡන්ද පොළට ගිහිල්ලා බුලත් කොළේට කතිරය ගහලා මේ ජාතික වගකීම ඉෂ්ට කරන්න. නගර සභාව, ප්‍රාදේශීය සභාව අපේ බලයට ගැනීම පමණක් නොවෙයි, එතැන සිට මේ රටේ පිරිසුදු දේශපාලනයක් සඳහා අවශ්‍ය පිරිසක් හදන්න මම පෙරමුණ ගන්නවා. මම 2015 බාරගත්තෙ ජනාධිපතිවරණයෙන් පරාද වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයක්. එය මහ මැතිවරණයෙන් පරාදයි. ජී.ඇල්. පීරිස්ගේ පක්‍ෂයෙ කට්ටිය මහින්ද රාජපක්‍ෂ මහත්තයත් නොදැන ශ්‍රීලනිපය පරාද කළා. අවුරුදු දෙකක් තිබියදී හිටපු ජනාධිපතිතුමා ඡන්දයකට ගියේ බැරි නිසයි කියලා තේරෙනවා. පරාද වුණ පක්‍ෂයක් මට බාරදුන්නේ. පක්‍ෂය ගොඩගන්න මම පක්‍ෂයේ ව්‍යවස්ථාව පවා වෙනස් කළා. පක්‍ෂ සංවත්සරවල, මැයි රැලිවල 2015ට වැඩිය 2016, 2017 පක්‍ෂය උඩට ආවා. ප්‍රාදේශීය සභාවලට නාමයෝජනා මෙදා දෙනකොට එදා ශ්‍රීලනිපය තිබුණ තැන නෙවෙයි මෙදා තියෙන්නේ.”සමාජ සවිබල ගැන්වීමේ, උඩරට ගැමි පුනරුත්ථාපන සහ උඩරට සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා:“1969න් පස්සේ කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය පවත්වනවා. කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය ගේනවට බොහෝ දේශපාලන පක්‍ෂ දිගින් දිගටම විරුද්ධ වුණා. ගමේ කොල්ලෙක් කෙල්ලෙක් මන්ත්‍රී වෙනවට ඒ අය කැමති නෑ.මේ අපේක්‍ෂකයෝ තමයි ජනාධිපතිතුමාගේ ගැමි ආර්ථිකය ඉහළ නංවන ජාතික වැඩසටහනේ ඔබේ ගමේ නියෝජිතයා. ඉදිරියේ දී ගමේ සියලු සංවර්ධන වැඩ කෙරෙන්නේ ඒ නියෝජිතයා හරහා.”ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා:“බැඳුම්කර වංචාව ගැන පෙබරවාරි 10 දාට කලින් පාර්ලිමේන්තුවේ විවාදය තිබ්බොත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජනතාව දැන ගනීවි.”හිටපු ඇමැති චන්ද්‍රසේන විජේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල යන මහත්වරු ද නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැති ආරියවතී ගලප්පත්ති මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අතුල කුමාර රාහුබද්ධ, භාණු මුණිප්‍රිය, සලිත කරුණාරත්න, සරත් සඳනායක, මියුරු භාෂිත ලියනගේ, වරුණ ලියනගේ යන මහත්වරු ද පළාත් පාලන අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ ද ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.(අජිත්ලාල් ශාන්තඋදය, රත්නපුරේ පී.ඒ.කේ. විජයසුන්දර සහ අප්සරා යෝසිත් විජේසූරිය) 
‘මම උතුරට එකක් කියලා දකුණට තව එකක් කියන නායකයෙක් නෙමේ‘
0
hp_train_1622
(ඩයනා උදයංගනී) පවතින තද වැසි සහිත තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායයෑමේ අවදානමක් මතුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම දිස්ත‍්‍රික්කයේ රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල සහ ඇලපාත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මෙම අවදානම පවතින බව එම සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.
රත්නපුරයට නායයෑම් අවදානමක්
1
hp_train_1623
(අංජුල මහික වීරරත්න, නිවිතිගල ආරියරත්න මාමුහේවා සහ පැල්මඩුල්ල ඉන්දික නිරෝෂණ)වැඩිවන බඩු මිලට මුහුණදීම සඳහා රජය දෙන සහන බඩුමල්ල නගරයේ සුපිරි වෙළෙඳ සලෙන් මෙන්ම ගමේ සිල්ලර කඩයෙන් ද ගැනීමට හැකි ක්‍රමවේදය තව සති තුනක් ඇතුළත සකස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවිතිගල දී පෙරේදා (16) පැවැසීය.දේශගුණික විපර්යාස නිසා ශ්‍රී ලංකාවේම ආහාර නිෂ්පාදනය පහත බැස ඇති බව කී අග්‍රාමාත්‍යවරයා අසීරු කාලයක් වුවද රජයේ මූලික යුතුකම ඉටුකරමින් සාධාරණ මිලට අත්‍යවශ්‍ය ආහාර වර්ග දීමේ වැඩසටහන ඇරඹුයේ යැයි ද කීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ නිවිතිගල සති පොළ සහ බස් නැවැතුම්පොළ විවෘත කිරීම නිමිත්තෙන් පැවැති ජනහමුවේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.නිවිතිගල සතිපොළ භූමියේ දී ජන හමුව පැවැත්විණි.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය රුපියල් ලක්ෂ 1600ක ප්‍රතිපාදන වැයකර සති පොළ සහ බස් නැවැතුම්පොළ ඉදිකර තිබිණි.ජනහමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.නිවිතිගල සතිපොළ ගොඩනැගිල්ල සහ බස් නැවැතුම්පොළ විවෘත කරන්නේ 2015 වසරේදී දුන් පොරොන්දුවට අනුවයි. මෙහි පැවැති මැතිවරණ රැස්වීමේ දී මේ වැඩකටයුත්ත ඉටුකර දෙන බව මා පොරොන්දු වුණා. ඒ පොරොන්දුවට දීර්ඝ ඉතිහාසයක්ද තිබෙනවා.මගේ මිත්‍ර නිවිතිගල නියෝජනය කළ ගාමිණී අතුකෝරළ මහතාට ප්‍රදේශය දියුණු කිරීමට විශාල උවමනාව තිබුණා. 1977 සමයේදීත් මා එතුමා සමග නිවිතිගලට පැමිණියා. එකල නිවිතිගල ඉතා නොදියුණු ප්‍රදේශයයි. මෙවැනි දියුණුව තිබුණේ නැහැ.ගාමිණී අතුකෝරළ මහතාගේ  ජීවිත කාලයේ කහවත්ත ප්‍රදේශය දියුණුවට පත් වුණා. අවසාන වශයෙන් 2000-2001 වසරවල නිවිතිගල දියුණු කරන බව එතුමා පැවැසුවා. නමුත් ඊට පෙර ඔහු අප අතරින් වියෝ වුණා.නිවිතිගල දියුණු කරන වැඩසටහන මට අමතක වූයේ නැහැ. තලතා අතුකෝරළ ඇමැතිතුමිය ඒ වැඩකටයුතු ඉදිරියට ගෙන ගියා. දැන් එතුමියට විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා. එක් පැත්තකින් නීතිය ආරක්ෂා කිරීමයි. විදේශ රැකියා අංශයෙනුත් විශාල වැඩකොටසක් පැවරිලා.නීතිය ක්‍රියාත්මක කරන අතරතුර එතුමියට තවත් වගකීමක් පැවරී තිබෙනවා. ලංකාවේ පළමු අධිකරණ ඇමැතිනිය වන්නේ ඇයයි. කාන්තාවන් සාමාන්‍යයෙන් පිරිමි අයට වඩා තදින් කටයුතු කරන නිසා අධිකරණ අමාත්‍ය ලෙස කාන්තාවක් පත් කරමු යැයි මා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන විටත් පැවැසුවා. දැන් සාර්ථකව වැඬේ කර පෙන්වීම එතුමියට බාරයි.සිංහරාජ අඩවියට අයත් ප්‍රදේශ දියුණු කිරීම සඳහා වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සිංහරාජය ආරක්ෂා කරන අතරතුර වටේ ඇති ගම්මාන දියුණු කළ යුතුයි.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන මත මේ ගොඩනැගිලි ඉදිවූවා. ප්‍රතිපාදන ලැබුණේ තලතා අතුකෝරළ මහත්මිය රාජ්‍ය අමාත්‍ය නිරෝෂණ පෙරේරා මහතාගෙන් කළ ඉල්ලීමේ ප්‍රතිඵලය ලෙසයි.මමත් ඉතා සතුටින් ඉදිකිරීම් සඳහා ආධාර උපකාර කරන්න එකඟ වුණා. බස් නැවතුම් පොළ සහ සතිපොළ ඉතා අලංකාර අයුරින් ඉදිකර තිබෙනවා. නමුත් එක් අඩුපාඩුවක් පවතිනවා.සතිපොළ ගොඩනැගිල්ල පාවිච්චි කරන්නේ සතියට එක් දිනක් පමණයි. ඉතිරි දින හය කරන්නේ මොනවාද? එසේ නම් මේ ගොඩනැගිලිවලින් සම්පූර්ණ ප්‍රයෝජනය ගත යුතුයි. මෙයින් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාවලිය ගැන නිවිතිගල වෙළඳ සංගමයට තීරණය කළ හැකියි.වෙළඳාමට අමතරව වෙනත් වැඩසටහන් කරනවාද? මෙතරම් මුදලක් වියදම් කළ විට එයින් මුළු සතිය පුරාම ප්‍රයෝජන ගන්න. ඒ වැඩකටයුත්ත තිරණය කරන්න නිවිතිගල ජනතාවටත් වෙළෙඳ සංගමයටත් බාර දෙන්නම්. ඇමැතිතුමිය සමග සාකච්ඡා කර යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න.මෙවැනි වෙළෙඳ සල් සතිපොළ දියුණු කිරීම ඉතා වැදගත් කාර්යයක් වන බව කිව යුතුයි. ජනතාවට ආහාර ලැබෙන්නේ ඒ මාර්ගයෙනුයි. ජනපතිගේත්, මගේත් කැබිනට් මණ්ඩලය ඇතුළු රජයෙත් එක් පරමාර්ථයක් වී ඇත්තේ මෙරට ජනතාවට සාධාරණ මිලක බඩු භාණඩ දීමයි. එය අපේ වගකීමයි. ඒ සඳහා බඩු භාණ්ඩ බෙදා හැරීමේ හොඳ ක්‍රමවේදයක් අවශ්‍යයි.මේ දිනවල බඩු මිල ඉහළ ගිහිල්ලා. බොහෝ අය ජීවත් වන්නේ අමාරුවෙනුයි. හාල් මිල, පොල් මිල ගැන බොහෝ අය කතා වෙනවා. මෙවැනි දෙයක් කාලෙකින් වුණේ නැහැ.තම රජය බලයට පත්වූ විට අපේ ප්‍රතිපත්තිය වුණේ බඩු මිල අඩු කිරීමයි. ලෝකවෙළෙඳ පොළෙහි මිල අඩු වූ විට එහි වාසිය ජනතාවට දීමත් ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වූ විට ඒ අනුව මිල වෙනස් කිරීම අපේ ප්‍රතිපත්තියයි. ඉන්ධන මිල අඩු කළේ ඒ ප්‍රතිපත්තියට අනුවයි.නමුත් අද එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ මිල ශිඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා. මේ සමයේ දී මිල අඩු වේවි යැයි බලාපොරොත්තු වුණා. නමුත් දැන් රජයට දේශගුණයට සම්බන්ධ ප්‍රශ්නයකට මුහුණදීමට වෙලා.හාල්, පරිප්පු, හාල්මැස්සන්, ටින් මාළු, අර්තාපල්, ලූනු ආදි භාණ්ඩ සඳහා සහන මිලක් නියම කිීමට අප තීරණය කළා. මේ තීරණය ලබන සිංහල, හින්දු අවුරුද්ද දක්වා ක්‍රියාත්මකයි.පසුගිය සඳුදා ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් අනු කමිටුව රැස්වුණා. ඉන්පසුව මගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්වී සහන මිලට මේ භාණ්ඩ දීමට තීරණය කළා.දැන් ඒ වැඩ කටයුත්ත ඇරඹිලා. මේ ගමට තවම අඩු මිලට බඩු ඇවිත් නැතිව ඇති.අතීතයේ අප බඩු භාණ්ඩ බෙදා හැරියේ සතොස මාර්ගයෙනුයි. නමුත් රට පුරා සතොස ශාඛා ඇත්තේ තුන් දහසයි. ඒ නිසා කාගිල්ස්, කීල්ස්, ලාෆ්ස්, රිචඞ් පීරිස් ආදී වෙළෙඳ ආයතන ද හවුල් කරගෙන බඩු බෙදා හැරීමට මා තීරණය කළා. සියලුම ආයතන එකතු කර ගැණුනද බඩු බෙදා හැරීමට හැකි වන්නේ රටෙන් තුනෙන් එකක ජනගහනයකට පමණයි. එනම් නගරයේ සිටින මධ්‍යම පන්තියේ අයට පමණයි.මේ නිසා බෙදාහැරීමේ සමාගම් සමග ද අපේ අය සම්බන්ධ වුණා. බිස්කට්, දත් බෙහෙත්, ආදිය ගම්මානවලට ගෙනෙන්නේ බෙදා හැරීමේ සමාගම් හරහායි. සියලු ආර්ථික මධ්‍යස්ථාන එකතු කර ඊළඟ සති දෙක තුන ඇතුළත භාණ්ඩ සියල්ල ගම්වලට ගෙනයාමට වැඩසටහනක් සකස් කෙරෙනවා.අඩු ගණනේ ගමේ එක් සිල්ලර කඩයකින් බඩු භාණ්ඩ අලෙවි කිරීමේ පසුබිම නිර්මාණය කිරීම අපේ අරමුණයි. එවිට හැම ගමකටම සහන මිලට බඩු ලැබෙනවා.කාගිල්ස් සමාගම සැනෙකින් ඉහත භාණ්ඩවල මිල අඩු කරන බව දැනුම් දුන්නා. මෙරට ඇති රජයේ සහ පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් සියලුම දෙනා එකතු කරගෙන සහන ජනතාවට දීමට මම කටයුතු කරනවා. ලබන අප්‍රේල් මාසය දක්වා මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා.සාමාන්‍යයෙන් ජනවාරියේ බඩු මිල වැඩි වෙනවා. ඒ කාලයේදී තවත් බඩු මිල වැඩි වෙනවා නම් ආදායමට විශාල ප්‍රශ්නයක් විය හැකියි. විශාලතම ණය ප්‍රමාණය ගෙවා දමන්න වන්නේත් ලබන වසරේ සහ ඊළඟ වසරේදීයි.ලංකාවේ විශාලතම ණය බර ගෙවා දමන්න මුදල් සොයන අවස්ථාවේ දී උද්ධමනය වැඩි විය හැකියි. නමුත් ණය බරින් ජනතාව කෙසේ හෝ මා නිදහස් කරනවා. එය අතපසු කළොත් විශාල හානියක් විය හැකියි.මෙරට කෘෂිකර්මාන්තය රඳාපවතින්නේ වැස්ස මතයි. ශ්‍රී ලංකාවේ වගා කරන්නේ මෝසම් වැසි ක්‍රමයට අනුගතවයි. මෝසම් වැස්ස මත වසරකට වරක් හෝ දෙවරක් හෝ වගා කරනවා. දැන් අපේ දේශගුණික රටාවේ අර්බුද ඇතිවෙලා. පසුගිය වසර කීපයේදී බලාපොරොත්තු වූ පරිදි වර්ෂාව ලැබුණේ නැහැ. දේශගුණික රටාව සිතූ පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ කාරණය 2015 වසරේදී මෙන්ම 2016 වසරේදීත් අත්දුටුවා. ඒ තත්ත්වය මේ වසරේදී තවත් උග්‍ර වුණා.තිබූ නියඟය මේ වසරටත් පැමිණියා. කන්න හතරක් ගොවිතැන් කිරීමට නොහැකි වූ ප්‍රදේශ පවා තිබෙනවා. පොල් වගාවටත් ඒ ප්‍රශ්නය බලපෑවා.වැස්ස තිබිය යුතු කාලයේ නියඟය තිබුණා. නියඟය තිබිය යුතු කාලයේ ගංවතුර උවදුර ඇති වුණා. මේ ප්‍රදේශයත් ගංවතුරට යට වුණා. දේශගුණ රටාවේ විශාල වෙනසක් ඇති වුණා.මෙරට දේශගුණ විපර්යාසය වෙනවාද? නැද්ද යන කාරණය හරියටම කියන්න බැහැ. මේ තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව සමග මා සාකච්ඡා කරනවා. අපේ දේශගුණය පැරණි ක්‍රමයට නැවත පරිවර්තනය වේ යැයි බලාපොරොත්තු තබා ගන්න බැහැ. එලෙස පරිවර්තනයක් වෙනවා නම් හොඳයි.බලාපොරොත්තු නොවූ ආකාරයට ගොවිතැන් කිරීමේ රටාව බිඳවැටුණා. රජරට ජල හිඟකම නිසා වී ගොවිතැන නැවතුණු අතර, නුවරඑළිය ජල හිඟය නිසා ඇතැමුන් එළවළු වගාව අතහැරියා. විවිධ ප්‍රදේශවල මේ ආකාරයේ ප්‍රශ්න මතුවුණා.මේ සංසිද්ධි වාර්තා මත ටික කලක් ගත වුණා. ලංකාවේම සමස්ත ආහාර නිෂ්පාදනය අඩුවුණා. අද වෙළෙඳපොළෙහි අත්දකින්න වී ඇත්තේ ඒ කාරණයයි.නිෂ්පාදනය අඩුවීමත් සමග වී මිල ඉහළ යනවා. ඉල්ලුම වැඩි වෙනවා. අප උත්සාහ කරන්නේ නිෂ්පාදනය වැඩි කිරීමටයි. නිෂ්පාදනය වැඩි කරන්නේ කෙසේ ද? නිෂ්පාදනය වැඩි කිරීමට නොහැකි වුවත් මූලික ආහාර ද්‍රව්‍ය ලංකාවේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා විදේශයන්ගෙන් ආනයනය කරන්න වෙනවා.සහල් අවශ්‍ය තරම් ගෙනෙන්න අප තීරණය කළා. දැනටමත් ටොන් 50,000ක් ගෙනෙනවා. අවශ්‍ය නම් තවත් ගෙන්වනවා. එළවළු අවශ්‍ය නම් ගෙන්විය හැකියි. එලෙස අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ආනයනය කරන්න ජනතාවට අප සහන දෙනවා.නමුත් පොල් ආනයනය කිරීමට හැකියාවක් නැහැ. පොල් ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තහනම් කරලා. අනෙක් සෑම භාණ්ඩයක්ම ආනයනය කිරීමට හැකියි. අවශ්‍ය නම් ආනයන කළ යුතු භාණ්ඩ වර්ග වෙනස් කරන්න හැකියාව තිබෙනවා.බෙදාහැරීමේ ඒකාබද්ධ ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කළොත් අනාගතයේදී අවශ්‍ය බඩු භාණ්ඩ පහසුවෙන් දිය හැකියි. මීට පෙර එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණේ නැහැ. රජය ලෙස ක්‍රියා කර ඇත්තේ සහනදායක ආහාර මිලක් ජනතාවට දීම සඳහායි.එමෙන්ම සැමට සමාන අධ්‍යාපනයක් දීම සඳහා ද අප කටයුතු කරනවා. යහපත් සෞඛ්‍ය සේවය ඇති කිරීම සඳහා ක්‍රියා කර තිබෙනවා.නිවාස පහසුකම් වර්ධනය කිරීම සඳහා කටයුතු කරනවා. ඒ පහසුකම් දෙනවා නම් දක්ෂයාට ඉදිරියට යාමට හැකියි. අදක්ෂයා හාමතේ මැරෙන්නේ නැහැ. සෑම දෙනාටම ඉදිරියට යාමට හැකි සමාජය මා ඇති කරනවා.සාධාරණ මිලට ප්‍රධාන ආහාර වර්ග දීමේ වැඩසටහන ආරම්භ කළා. අසීරු කාලය වුවත් ආණ්ඩුවේ මූලික යුතුකම වන්නේ එයයි. රජය කැපවී ඉන්නේ ඒ යුතුකම ඉටු කරන්නයි.දෙසැම්බරයේ ඇරැඹූ මේ වැඩසටහන මාසය අවසන් භාගය එළැඹෙන විට නිවිතිගල වැනි ගම්මානවලට ව්‍යාප්ත කිරීමට මා බලාපොරොත්තු වෙනවා. සිංහල හින්දු අවුරුද්ද දක්වා එහි වාසිය භුක්ති විඳින්න හැකියාව ලැබෙනවා.සිංහල අවුරුදු සමයේ දී අපට නැවතත් බඩු මිල පිළිබඳව සලකා බලන්න වේවි.මේ කන්නය සඳහාත් බලාපොරොත්තු වුණ වැස්ස ලැබී නැහැ. කෙසේ හෝ අපේ වී ප්‍රමාණය මීට වඩා වැඩි විය යුතුයි. සමහර ප්‍රදේශවල එළවළු වගාවද දියුණු කළ යුතුව තිබෙනවා.ලංකාවේ පොල් නිෂ්පාදනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා 2019-2020 දක්වා බලා ඉන්න වේවි. එතෙක් ගත යුතු පියවර කුමක් දැයි මේ වන විට සාකච්ඡා කරනවා.සෙසු අංශවලින් සාධාරණ මිලකට ආහාර දීමේ වැඩසටහන කොතරම් ප්‍රශ්න තිබුණ ද ඉදිරියට ගෙන යනවා. අනාගතයේ දී මීටත් වටා හොඳ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න හැකිවේවි. මෙරට මෙන්ම සෙසු රටවලත් දේශගුණය කෙරෙහි අවධානය යොමු කර නිෂ්පාදන නාස්තිය දෙස අවධානය යොමු කර ආහාරදීමත්, සැපයුම් ක්‍රමවේදය සකස් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.රජය කැපවී ඉන්නේ ඒ මූලික වැඩසටහන ක්‍රියාත්මක කරන්නයි. සාධාරණ මිලකට ආහාර දීමේ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා” යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.එක්සත් ජාතික පක්ෂ නිවිතිගල සංවිධායක අධිකරණ සහ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළමහත්මිය:-“කෙටි කාලයක් තුළ නිවිතිගල නගරයේ වෙනසක් ඇති කරන්න හැකි වුණා. මහ මැතිවරණය සමයේ හිස් ඉඩමක අප රැස්වීම් තැබුවා.1994දී මේ ඉඩම රජයට පවරා ගත්තා. 2002 වසරේ ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවා ඉඩම අත්පත් කර ගත්තා. මැණික් පුරය වුවත් මේ ප්‍රදේශයේ ජනතාවට පහසුකම් තිබුණේ නැහැ.ජනතා සිතුම්-පැතුම් ඉටු කර ගන්න හැකි වුණේ අගමැතිතුමා දුන් යෝධ ශක්තිය නිසයි.මෙහි තිබුණු මහජන පොළෙහි තත්ත්වය ගැන කවුරුත් දන්නවා. වසර 20ක් කරගන්නට නොහැකි වූ දේ වසර දෙකෙන් කරන්න අපට හැකි වුණා. ලක්ෂ 1600කට ආසන්න මුදලක් මේ ව්‍යාපෘති සඳහා වැය කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ ලස්සනම සති පොළ මෙයයි.ස්වභාවික උවදුරුවලට පසුගිය කාලයේ අපට මුහුණදීමට සිදුවුණා. අගමැතිතුමා මැදිහත් වී මිනිස් ජීවිත සිය ගණනක් බේරා ගැනීමට හැකියාව ලැබුණා. 2015 ජනවාරි 8 වැනිදායින් පසු ස්වභාවික විපතකින් මියයන අයකුට ගෙවන මුදල ලක්ෂය දක්වා වැඩි කළා”සබරගමුව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා:- නිවිතිගල බස් නැවතුම්පොළ සහ සති පොළ ඉතා අලංකාර ලෙස ඉදිකර තිබෙනවා. මේ කටයුතු කරන්නේ දේශපාලන නායකයන්ගේ හෝ නිලධාරීන්ගේ හෝ සුබසිද්ධිය සඳහා නොවෙයි. පොඩි මිනිසුන්ගේ සුබසිද්ධිය සඳහායි. දේශපාලන බේදයකින් තොරව මෙවැනි කටයුතු සඳහා සහාය දිය යුතුයි”නිවිතිගල ප්‍රාදේශීය ලේකම් අවන්ති සේනාරත්න මහත්මිය පිළිගැනීමේ කතාව කළාය.ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, එක්සත් ජාතික පක්ෂ රත්නපුර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග, රක්වාන සංවිධායක හේෂා විතානගේ යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද, විශාල ජනතාවක් ද ජන හමුවට සහභාගි වූහ.ඡායාරූප - චතුර එස් කොඩිකාර
සහන බඩු මල්ල තව සති තුනකින් ගමේ කඩෙනුත් ගන්න පහසුකම් සලසනවා
1
hp_train_1624
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) වාර්තා වූ අතර එම ගණන 13,586ක් විය.අසල්වැසි ඉන්දියාවෙන් දිනක් ඇතුළත ආසාදිතයන් 13,000 ඉක්මවා වාර්තා වූ පළමු අවස්ථාව ද එය විය.ලොව සිවුවැනියට වැඩිම ‘කොවිඩ්-19’ ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන ඉන්දියාවෙන් අද (19) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,80,532ක් ලෙස දැක්විණි.වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන අද (19) වනවිට 1,63,248ක් වූ අතර සුවය ලබා පිටව ගිය ගණන 2,04,711ක් විය.ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ‘කොවිඩ්-19’ ආසාදිත මරණ 336ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත නව කොරෝනා ආසාදිත මරණ ගණන 12,573ක් දක්වා ඉහළ ගියේය.නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් අද (19) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,20,504ක් දක්වා ඉහළ ගියේය. ඊට පසුව තමිල්නාඩුවෙන් ආසාදිතයන් 52,334 දෙනකු , දිල්ලියෙන් ආසාදිතයන් 49,979 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 25,601 දෙනකු අද පස්වරු වනවිට හඳුනාගෙන තිබිණි. එන්.ඩී.ටීවී. 055  
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 158,300 ඉක්මවයි
0
hp_train_1625
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, සාමිමලේ, ඕල්ටන් තේවතුයායේ  තේදළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (6) බඹරු ඇනීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගෙන් තිදෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.බඹරු ඇනීමෙන් බරපතල තත්වයේ සිටි අයෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.තමන් තේ වතුයායේ, දෛනික වැඩ මුරයේ තේ දළු නෙළමින් සිටියදී තේ පඳුරක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා සිටින වතුකම්කරුවන් පවසයි.
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 13 ක් තුවාල ලබති
0
hp_train_1626
 (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)“පුනරුත්ථාපන කාර්යාංශය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් හයක පිටපත් තමා වෙත ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද පැවසීය.මෙම පෙත්සම් ඉදිරිපත්ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව බවද කතානායකවරයා කීවේය.
පුනුරුත්ථාපන පනතට එරෙහිව පෙත්සම් හයක්
1
hp_train_1627
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි අැති වන බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 08/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව34259070අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259570වැසි වාර කිහිපයක්.ගාල්ල31269080වැසි වාර කිහිපයක්.යාපනය33278075ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය22128565වැසි වාර කිහිපයක්.රත්නපුරය33249575වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35259570අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278570ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
'කඩින් කඩ වැසි'
1
hp_train_1628
(ටෝනි කරුණානායක) මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ටි56ගිනි අවියක් සහ මැගසින් 04 ක් එලියට විසි කරන ලද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු  ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ  ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (10) වෙනිදා නියම කළේය. නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචි ලියනගේ උදය සංජිව පෙරේරා නැමැති සැකකරු  මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි . සිද්ධියට සම්බන්ධ මෝටර් රථය පොලිස් බාරයට පත්ව ඇති බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය . සැකකරු දැනට මහර බන්ධනාගාර ගතව සිටින ගනේමුල්ලේ  සංජිව නැමැති පාතාල සාමාජික යාගේහෙරොයින් අලෙවි කරමින් සිට පසුව හෙරොයින් අලෙවි කරන අයගේ මුදල්එකතු කර ඇති බවත් එම මුදල් ගනේමුල්ල සංජිව නැමැති  කඩවත රන්මුතු ගල ප්‍රදේශයේ පදිංචි කාන්තාව කට බාර දීඇති බවත් පැවසු පොලිසිය සැකකරු ටි56ගිනි අවිය සහ මැගසින් 04 රැගෙන ගොස් ඇත්තේ ගනේමුල්ලේ සංජිව නැමැති පාතාල සාමාජික යා ලබා දුන් උපදෙස් මත මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාතාල සාමාජික යෙකු ඝාතනය කිරීම සදහා බව ට සිදු කල පරික්ෂණ වලදි අනාවරණය වී තිබෙන බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසීය . සැකකරු ගේ ප්‍රකාශ මත කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ නීවස පරික්ෂා කර එහි තිබි හෙරොයින් ග්‍රෑම් 500ක් සොයා ගත් බව ද පැමිනිල්ල මෙහෙය වමින් ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශනය අංශයේ  ස්ථානාධිපති ප්‍ර.පො.ප.අසංක රංගන සහ පො.ප.සේනාරත්න ;පො.කො.සුරංග (81859)යන නිලධාරිහු අධිකරණය හමුවේ පැවසූහ.
මෝටර් රියෙන් ගිනිඅවි විසි කළ සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
1
hp_train_1629
(සිරංගිකා ලොකුකරවිට)බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය  අද (03) පැවති විශේෂ  ප්‍රාදේශීය සභා රැස්විමේ දී වැඩි ඡන්ද එකොලහකින් සම්මත විය. අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද දෙකක් ලැබිණි. මන්ත්‍රීවරු හයදෙනෛක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කරණු ලැබීය. අයවැය යෝජනාවට පක්ෂව  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11දෙනා සහ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු  දෙදෙනා ඡන්දය ලබා දුන්හ.අයවැය යෝජනාවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා ඡන්දය ලබා දුන්හ. විපක්ෂ නායක හුසේන් කියාස්  මහතා සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු හය දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. ඒ අනුව  අයවැය යෝජනාව වැඩි ඡන්ද  11කින් සභා සම්මත විය.අද (03) පැවති ප්‍රාදේශිය සභා රැස්වීමේ අයවැය සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයා සභාවේ නොසිටි අතර මෙම සභාව නීත්‍යානුකූල නොවන බවට රීති ප්‍රශ්නයක් මතු කරමින් අයවැය යෝජනා සාකච්ඡාවට ගැනීමට පෙර හෙතෙම සභාවෙන් පිටවී ගියේය.ප්‍රාදේශිය සභා රැස්වීම කලේගාන ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දී සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
ඇල්ල ප‍්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
0
hp_train_1630
(ඉන්දිකා රාමනායක)නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 151 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 52154 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. 
නිරෝධායනය කැඩූ 151ක් අල්ලයි
1
hp_train_1631
(*** අංජුල මහික වීරරත්න)‘‘ආණ්ඩුව ජනතා අභිලාෂ පසෙක දමා ජන වරම පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට යොදවමින් සිටින හෙයින් එකට එක්ව ආණ්ඩුවට විරුද්ධව ජන මතය පෙළ ගසන්න කාලය එළැඹ ඇතැයි’’ සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ 7 වැනිදා පැවසීය.‘‘එක්සත් ජාතික පක්ෂය ද ජයග්‍රහණය කරා ගෙන යාමට අවශ්‍ය නම් සමගි ජන බලවේගය සමග එක්වීමට හෝ පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට බාරදීමට හෝ කටයුතු කළ යුතු බව ද’’ තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.‘‘එක්සත් ජාතික පක්ෂයට වසර හැත්තෑ හතරක් පිරුණා. මේ වසරේ දී සමරනු ලැබූයේ පක්ෂයේ බිඳ වැටීම සනිටුහන් වූ සංවත්සරයයි. එක්සත් ජාතික පක්ෂය මේ තරම් පරිහානියට ලක් වූයේ ඇයි? පක්ෂය නිසි කලට තීන්දු තීරණ ගත්තා නම් මෙවැනි ඉරණමකට ලක්වන්නේ නැහැ.එක්සත් ජාතික පක්ෂය නායකයන් හත් දෙනකු යටතේ පාලනය වී තිබෙනවා. එයින් දිගු කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා පාලනය කළා. එතුමා යටතේ විටින් විට ජයග්‍රහණ කිහිපයක් ගත්තත් ස්ථාවර දේශපාලන තත්ත්වයක් ගොඩනගා ගන්නට බැරි වුණා. ජනතා කැපවීම තේරුම් ගෙන පාක්ෂිකයන්ට හා රටට ගැළපෙන පරිදි කටයුතු කිරීමට ඔවුන් අපොහොසත් වුණා.එක්සත් ජාතික පක්ෂයට අත්වීමට නියමිත ඉරණම පිළිබඳව සඳහන් කර මීට වසර පහකට පෙර මා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් බාර දුන්නා. පක්ෂය ජයග්‍රහණය සඳහා ගත යුතු තීන්දු ගැන එහිදී අවධානය යොමු කළා. ඒ අදහස් කිසිවක් රනිල් වික්‍රමසිංහ නායකතුමා හෝ සෙසු නායකයන් හෝ පිළිගත්තේ නැහැ.එමෙන්ම 2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම වැරදි තීරණයක්. එක්සත් ජාතික පක්ෂයේ අභිමානය රැක  ගැනීම සඳහා පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් බිහි කළ යුතු බව මා එහිදී අවධාරණය කළා. ඒ උපදෙස් නොපිළිපැදීම උද්දච්චකම නිසා අද මෙවැනි ශෝචනීය තත්ත්වයකට පත්ව තිබෙනවා.රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ එක්සත් ජාතික පක්ෂය රැකෙනවා  නම් අප සතුටුයි. අප එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලන්නේ  එක දෙයයි. ජනතාව දුන් තීන්දුව ගැන නැවත නැවතත් සිතා බලන්න.පළමු වරට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.එක්සත් ජාතික පක්ෂය යළි ජය ගැනීමට නම් සමගි ජන බලවේගය සමග එක් විය යුතුයි. නැතිනම් එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට බාර දෙන්න. එසේ නොකළහොත් පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන්ට එය දැවැන්ත අසාධාරණයක්. අප සැම එකට එක්ව ආණ්ඩුවට විරුද්ධව ජන මතය පෙළ ගසන්නට කාලය එළැඹ තිබෙනවා.20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ බරපතළ කාරණා රැසක් තිබෙනවා. ද්විත්ව පුරවැසි බව තිබෙන අයට පාර්ලිමේන්තුවට එන්නට පමණක් නොව ජනාධිපති ධුරයට පත් වීමට පවා විසිවැනි සංශෝධනයෙන් ඉඩ හදා තිබෙනවා. මේ අය ලැබූ ජන වරම ද්විත්ව පුරවැසි බව රකින්නට පාවිච්චි කරනවා නේද?ජනතාව අපේක්ෂා කරන්නේ තම අභිලාෂ ඉටු කරන ව්‍යවස්ථාවක්. එමෙන්ම විසිවැනි සංශෝධනය හරහා හිතුවක්කාර ලෙස පත් කිරීම් කරන්නට ජනපතිට අයිතිය දී තිබෙනවා.ව්‍යවස්ථාදායක සභාවේ කාර්යභාරය මේ වන විට හෑල්ලු‍ කරමින් සිටිනවා. එමෙන්ම ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරය හෑල්ලුවට ලක් කර තිබෙනවා. විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු පුරවැසි බලය නැවත පාලකයන් සතු කර ගන්න දරන උත්සාහය බව කිව යුතුයි.මෙම ක්‍රියාවලියට එරෙහිව අප අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. දහනව වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගත්තේ සමස්ත පාර්ලිමේන්තුවේම එකඟතාවයෙනුයි. දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත එසවූ අය විසි වැනි සංශෝධනයට අත ඔසවන්නේ කෙසේ දැයි මට නම් තේරෙන්නේ නෑ. මෙම සංශෝධනයට එරෙහිව අප පාර්ලිමේන්තුවේ දී ශක්තිමත්ව විරෝධය පළ කරනවා. එමෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත් සියලු‍ම ජන කණ්ඩායම් ඒකරාශී කරගෙන විරෝධතා පළ කරනවා.අද වන විට රටේ ආර්ථිකය ඍණ තත්ත්වයට පත් වෙමින්  තිබෙනවා. ණය බර වැඩි වෙමින් තිබෙනවා. රටේ ආදායම වගේ දෙගුණයක් ණය ගෙවන්න වෙලා.කඩා වැටෙමින් තිබෙන රට ගොඩනැඟීමට ජන ජීවිතය ශක්තිමත් කිරීමට ප්‍රමුඛතාව දෙනවා වෙනුවට මේ අය කරන්නේ කුමක්ද? ඔවුන්ගේ අරමුණ තම බලය රැක ගැනීම සඳහා නීති සම්පාදනය කර ගැනීමයි. මෙය ඉතා නරක තත්ත්වයක්.ජනතාව තුනෙන් දෙකක බලයක් දී ආණ්ඩුව පත් කරගෙන  මාසයක් යන්නටත් පෙර රජය උද්දච්ච තත්ත්වයෙන් හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා:- ‘‘ආණ්ඩුව හැසිරෙන ආකාරය දකින විට අපට මාදුළුවාවේ සෝභිත හිමියන් මතක් වෙනවා. සෝභිත හිමියන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම සඳහා දැවැන්ත අරගලය ගෙන ගියා.මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දර්ශනය රැකීමට කැපවන බවට සමගි ජන බලවේගය අද (8) කෝට්ටේ සෝභිත හිමියන්ගේ පිළිරුව අසල දී ප්‍රතිඥාවක් දීමට කටයුතු කරනවා. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙන පුරවැසියන් සහභාගිවීමට නියමිතයි.19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කෙරුණ ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම විසි වැනි සංශෝධනය යටතේ ඉවත් කරනවා. සෙසු කොමිෂන් සභාවලටත්  සාමාජිකයන් පත් කරන්නේ ජනාධිපතිවරයායි.ප්‍රසම්පාදන කොමිසම ඉවත් කරන්නේ සොරකම් කරන්න ඉඩ  දෙන්න ද? විගණනය අවශ්‍ය නොවන්නේ ඇයි? විසි වැනි සංශෝධනය යනු හොරකම් කරන්නෙත් හොරා හොයන්නෙත් විධායකයයි වැනි තත්ත්වයක් යැයි ද ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 
ආණ්ඩුවට එරෙහිව ජනමතය පෙළගැස්මට කාලය ඇවිත්
1
hp_train_1632
(ප්‍රසාද් රුක්මල්)ඌව පළාතේ ගුරු විභාගය සමත් තරුණ තරුණියෝ ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව අද(17) පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2017 වසරේ පැවැත්වූ ගුරු විභාගය අසාධාරණ එකක් යැයි පවසා ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ අනුශාසක විද්‍යාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුව වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස උද්ඝෝෂකයෝ කියා සිටියහ.
ගුරු විභාගය ඉල්ලා ඌවේ උද්ඝෝෂණයක්
0
hp_train_1633
උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන  අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට මිලිමීටර්. 100 පමණ තද වැසි ද ඇති විය හැකියි.සමහර ස්ථාන වලට උදය කාලයේදීද වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259060දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32258570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30259080දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32278570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20129575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249565දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33259570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31269580දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘අද රාත්‍රියේ සහ හෙට තද වැසි‘
0
hp_train_1634
(ඩයනා උදයංගනී)       නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති වැසි තත්ත්වය මෙම මස අවසානය දක්වාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දැනට පවතින වැසි තත්ත්වයේ සුළු අඩුවීමක් හෙට (22) දිනයේදී බලාපොරොත්තු විය හැකි නමුත් යළිත් 23 -  24 දිනවල තද වැසි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.  ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ද පස්වරු 2. 00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු ස`දහන් කළේය.ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 පමණ වැසි ඇතිවිය හැකි බවද මෙරිල් මෙන්ඩිස් මහතා කීවේය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල ද තද වැසි හෝ සුළං ඇතිවන අතර  එම මුහුදු ප‍්‍රදේශයන්හි පැයට කිලෝමීටර 70 80 පමණ වේගවත් ඉතා තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එබැවින් එම මුහුදු ප‍්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි නිසා ධීවර හා නාවික කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප‍්‍රකාශකයා පැවසීය. මේ අතර අද (21) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්ට මිලිමීටර 300 ඉක්මවා වැසි ලැබී තිබිණි. වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 353. 8 ක වර්ෂාපතනයක් පුත්තලම දිස්ත‍්‍රික්කයේ ආණමඩුව ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබිණි.
මැයි මස අවසන් වන තුරුම වැසි
1
hp_train_1635
(ජුඩ් සමන්ත) හලාවත - කොළඹ මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි.අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත - මල්වත්ත පදිංචිව සිටි අඛිල ශිරන්ත ප්‍රනාන්දු (අවු:33) නම්වූ අයෙකි. ඔහු හලාවත ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක ගායකයකු ලෙස කටයුතු කළ අයෙකි.තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කරන විට ඉදිරියෙන් පැමිණ ඇති ලොරියක යතුරු පැදිය ගැටී ඇති බව පොලීසිය කියයි.අනතුරින් තුවාල ලබා සිටි යතුරුපැදිකරු එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇත.අනතුරට සම්බන්ධ ලොරිය සහ එය පැදවූ රියදුරු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත අනතුරකින් අයෙක් මරුට : තිදෙනෙක් රෝහලේ
0
hp_train_1636
(ක.ග.කරුණාරත්න)මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් ලැප්ටොප් ස්මාර්ට්, දුරකථන, පරිගණක ආදිය අඩුමිලට ලබාදෙන බවට පුද්ගලයින් රවටා ලක්‍ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන අයකු අද (2) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශණ සිදු කළ එහි පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු මාතර බෙලිඅත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වී ඇත. 25 හැවිරිදි එක්දරු පියෙකු වන  මොහු වැඩිපුරම මුදල් වංචාකර ඇත්තේ විහාරස්ථානවල වැඩ වසන ස්වාමින් වහන්සේලාගෙන් බවද කියති.භාණ් අඩුමිලට ලබාදෙන බව පවසා සැකකරු ඊෂි කෑෂ් ක‍්‍රමයට මුදල් ගෙන්වාගෙන මෙලෙස වංචාකර තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචාකළ අයෙක් අත්අඩංගුවට
0
hp_train_1637
(එම්.සුසිල් ප්‍රියන්ත)       තෙවැනි වරටත් අයවැයට ඡන්දයක් ඉල්ලා පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමත් සමගම අද(19 ) පැවති අම්බලන්ගොඩ මාසික සභා රැස්වීම උණුසුම් විය.             මීට පෙර පැවති සභා රැස්වීම් දෙකේදී මෙන්ම මෙවර සභා රැස්වීමද අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාට සභාව කල් දැමීමට සිදුවිය. ගිය අවස්ථා දෙකේදී සති දෙකකින් කල් දැමුණු සභා රැස්වීම අද (19) පස්වරු 2.00 දක්වා කල් දැමීය.      මාසික සභා රැස්වීම නීතී විරෝධී සභා රැස්වීමක් යයි කියමින් පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු 12දෙනෙක් කෑකෝ ගැසූහ. සභා රැස්වීම නීත්‍යනුකූලනම් අය වැය සභා සම්මතකර ගත යුතු යැයි  පාලක පක්ෂයේ මන්ත්‍රී සරත් ශ්‍රී ලාල් මහතා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 12ක් කෑකෝ ගසමින් කියා සිටියහ. දිගින් දිගටම සභාවේ වැඩකටයුතුවලට බාධා කරමින් සිටි මේ මන්ත්‍රීවරුන්ගේ පිරිසට මාසයක් සභා රැස්වීම තහනම් කරන ලෙස සභාපති අරුණ ප්‍රදීප්  මහතා  විසින් යෝජනා කෙරුණත් එය ක්‍රියාත්මක නොකෙරුණි.    සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරු 10දෙනා අය වැය සදහා ඡන්දයක් අනවශ්‍ය බව කීහ. අය වැය සදහා ඡන්දයක් නොවිමසා සභාවේ ගෙවීම් ඇතුළු අනෙක් යෝජනා සදහා සභාපතිවරයා ඡන්ද විමසීම හාස්‍යට කරුණක් බව කී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීනි ඩබ්ලිව්.එම් .නිලානි මෙනවිය කීවාය.මේ සමගම සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ ගෙවීම් ඇතුලු අනෙක් යෝජනාවලට බහුතරයක් වූ මන්ත්‍රීවරු විරුද්ධවෙමින් ඒ සදහා ඡන්දවිමසීමේදී එම යෝජනා වැඩි ඡන්දයෙන්  පරාජය කිරීමට සමත්වූහ.       මේ අනුව සභාවේ අනියම් සේවකයින්ට රුපියල් 4000ක අත්තිකාරම් මුදලක් ලබාදීමේ යෝජනාව ද වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි උණුසුම් වාග් ප්‍රහාරයන් මධ්‍යයේ සභාව රැස්වීම අද (19) පැවති මාසික සභා රැස්වීම පස්වරු 2.00 දක්වා සභාපති අරුණ ප්‍රදීප් මහතා මහතා කල් දැම්මේය.
අම්බලන්ගොඩ නගර සභා රැස්වීම උණුසුම් වෙයි
0
hp_train_1638
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)“ආර්ථික අර්බුදයෙන් ගොඩ එන සැලැස්මක් මේ රජයට ඇත්තේ නැහැ. මුදල් ඇමතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති හදද්දී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුනට බනිනවා. රට වැටී ඇති  ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් අවශ්‍ය බව ජනතාව තේරුම් ගෙන සිටීම සතුටට කරුණක්..“ යැයි හිටපු ආරක්ෂක හා ජනමාධ්‍ය ඇමති හා පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා පැවසීය.රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මීරිගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් අද (04) වේවැල්දෙනිය ප්‍රදේශයේ පැවති ජන හමුවේදීය.විජයවර්ධන මහතා මෙසේද කීය.“ආණ්ඩුවත් එක්ක හැප්පෙන අතරේ පිරිසක් පක්ෂයෙන් කඩාගෙන යාම එක්සත් ජාතික පක්ෂයට මහත් අභියෝගයක් වෙලා. ප්‍රබලයන් හදන්නේ එක්සත් ජාතික පක්ෂයයි. අලුත් පක්ෂයේ අය ප්‍රබලයැයි කිව්වත් කිසිවෙක් ප්‍රබල නැහැ. ඒ අය ප්‍රබලයන් වුනේ එක්සත් ජාතික පක්ෂය නිසයි. සිරිකොත අල්ලන්න කියා ඡන්දය ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්න යන්නයි.කිසිවෙකුට කිසිදා එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න බැහැ. ඩී. ඇස්. සේනානායක මහතා මේ පක්ෂය හැදුවේ දර්ශනයක් ඇතිවයි.  යූ.එන්.පී. ය කියන්නේ රනිල්, රුවන්, සජිත් නොවෙයි. ගමේ සංවිධානය කරන ජනතාවයි. පක්ෂය රකින ජනතාව සියලු අභියෝග මැද ඉදිරියට යනවා.එක්සත් ජාතික පාක්ෂිකයන් කලකිරිලා ඉන්නේ.  පසුගිය වසර හතරමාරේ පාක්ෂිකයාට කිසිවක් වුනේ නැහැ. රැකියාවක් දෙන්න ලැබුනේ නැහැ.  ඒ නිසා ජනතාවගේ වේදනාව කලකිරීම සාධාරණයි. මමත් කලකිරුණා. රැකියාවක් දෙන්න බැරි වුණාට වසර හතරහමාරේ රටට විශාල සේවයක් කළා. සුවසැරිය, බෙහෙත් මිල, සිසු රක්ෂණය, වැටුප් වැඩිවීම,  පාසල් දියුණුවට වැඩ කටයුතු ඒ අතරින් කිහිපයක් විතරයි.මාධ්‍ය නිදහස දුන්නා. ඒ නිසාම වැඩියෙන්ම ගැහුවෙත් අපේ රජයටයි. අද ඒ නිදහස නැහැ. රාජපක්ෂලා විවේචනය කරන්න බැහැ.  අපි ගැබිනි මවට දුන් පෝෂණ මල්ලට පයින් ගහලා. ඉන්ධන සහනය ජනතාවට දුන්නේ නැහැ. විදුලි බිල තුන් ගුණයකින් වැඩි කළා.  රට පුරා කම්හල් වැහෙනවා. සේවකයින් එළියට දානවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන සැලැස්මක් මේ රජයට ඇත්තේම නැහැ. එහෙම සැලැස්මක් එළිදක්වාත් නැහැ.  ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති හදන්නේ රටේ මුදල් ඇමති. එහෙම තිබියදී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුනට බැනලා වැඩක් නැහැ. මේ රටේ ආර්ථිකය ගොඩ නැගුණේ සැමදා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ පමණයි. ජනතාව ඒ බව තේරුම් ගනිමින් ඉන්නවා.  සම්පත් සූරාකන සාක්කු පුරවා ගන්නා දේශපාලඥයින් නිසා ජනතාවට දේශපාලනයත් එපා වේගන යනවා. ඒ අතරේ අපේ වනාන්තර පද්ධතිය බහු ජාතික සමාගම් වලට දෙන්න මේ රජය පිඹුරුපත් හදනවා. ඒවා වලක්වන්න ඕනෑ.“ යැයි පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක හිටපු ඇමති අර්ජුන රණතංුග මහතාද මෙසේ සඳහන් කළේය. “මේ රටේ 2015 ට පෙර බියෙන් හිටි හැටි, ජීවත් වෙච්ච හැටි බොහෝ දෙනාට අමතක වෙලා.  උද්ඝෝෂණය කරපු අය මැරුණු හැටි දැන් මතක නැහැ. අපේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩිවුණා. මොනවා  කිව්වත් මාධ්‍යයට තර්ජනය කළේ නැහැ. වසර හතර හමාරක් පුරා රටට කළ සේවය සලකා මමත් එක්සත් ජාතික පක්ෂයට එක්වුණා. ජනතාව පක්ෂයට බැන්නත් කිසිදා පක්ෂ්‍ය දාලා යන්නේ නැහැ. ඔවුන් ඒ තරමට පක්ෂයට ආදරෙයි. ක්‍රිකට් කතාවට මහින්දානන්ද සමාව ගන්න ඕනෑ. එහෙම නැත්නම් කරුණු කියන්න ඕනෑ. රාජපක්ෂ ක්‍රමවේදයට ජනතා  අවධානය කඩන්න හෙට තව එකක් කියයි.“ යැයි සඳහන් කළේය.මේ පිළිබඳව අදහස් දැක්වූ මීරිගම ආසන සංවිධායක අපේක්ෂක ඒ.ආර්. තිලක් අශෝක මහතා “ප්‍රේමදාස එදා නායකත්වයට ආවේ ජේ.ආර්. ටත් පිටුපාලා.. එතුමා ජනතාවට සේවයක් කළත් උදුරා ගැනීමේ යෙදුණා. පස් වෙනිදායින් පස්සේ සජිත්ට යන්න තැනක් නැතිවෙනවා. දුරකතනය විසන්ධි වෙනවා. බුරන්න හරි ගමේ බල්ලට ඡන්දය දෙන්න පැරෂුට් කාරයින්ට දෙන්න එපා...“ යැයි පැවසීය.  මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර චාමින්ද විතාන මහතා ඇතුලු කීප දෙනෙක්ද සිය අදහස්  දැක්වූහ. 
‘‘කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් එජාපයේ ආණ්ඩුවකට පමණයි‘‘
0
hp_train_1639
(තිලකරත්න දිසානායක.)කොරෝනා ආසාදිතයින් 460 දෙනෙකු අද (6) ගතවූ පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති අතර ඉන් 73 දෙනෙකු වන වැඩිම පිරිසක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව තිබිණි.ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ගතවූ පැය  24 ක් තුල මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් ආසාදිතයින්  - 68 දෙනෙකුද, අත්තනගල්ල  - 60 ක්, ජාඇල  - 53 ක්,  මහර  - 41 ක්, බියගම  - 33 ක්,  දොම්පෙ  - 32 ක්, කැලණිය  - 24 ක්,  දිවුලපිටිය - 21 ක්, වත්තල  - 16 ක්,  ගම්පහ  - 13 ක්,  මීගමුව  - 11 ක්,  කටාන   - 9 ක්,  මීරිගම  - 4 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් දෙදෙනෙකු හමුවී ඇතැයි සඳහන්ය.එම කාලය තුල ප්‍රතිකාර සඳහා දිස්ත්‍රික්කයෙහි රෝහල් වෙත ඇතුලත් කොට ඇති ආසාදිතයින් සංඛ්‍යාව 294 දෙනෙකු වන අතරආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,651 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි ද එහි සඳහන්ය.                         
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 460
1
hp_train_1640
( ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 3 ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදුකෙරිණි.මගීන් 319දෙනකුට එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහය ලැබුණු අතර, ගුවන් යානා 5 ක් යොදා ගැණිනි.පළමුව, ගුවන් මගීන් 221 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය එංගලන්තයේ ලන්ඩන් නුවර, හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට දහවල් 12.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. එයින් පැමිණි මගීන් පිරිස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 866 දරන ගුවන් යානයෙන් අද 15 දින සවස 3.00 ට චීනයේ ෂැංහයි නුවර වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හරිනු ලැබිණි.ඉන් අනතුරුව කොරෝනා වසංගත රෝගී තත්වය නිසා චීනය වෙත යෑමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ගුවන් මගීන් 35 දෙනෙකු රැගෙන ,  සවස 3.47 ට මාලදිවයින් ගුවන් සේවයට අයත් කිව්.2- 6940 දරන ගුවන් යානය මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.ඊට අමතරව තවත් එවැනිම ගුවන් මගීන් 63 දෙනෙකු රැගෙන සවස 5.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 116 දරන ගුවන් යානය ද මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.මාලදිවයිනේ සිට ආ එම ගුවන් මගීන් චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව යන චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන්  රාත්‍රී 8.30 රැගෙන යෑමට නියමිතය.මේ අතර ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 237 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානය හෙට 16 දින අලුයම 4.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
බංගලාදේශ ජාතිකයන් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක් පිටත් වෙයි
0
hp_train_1641
    (සුදත් එච්. එම්. හේවා )කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් එම පවුලේ 11 දෙනකු ඇතුළු කොවිඩ් 19 ආසාදිතයන් 28 දෙනකු අද(03) ලැබුන පි. සි. ආර්. වාර්තා මත සොයා ගැනිමට හැකිවු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.මෙම ආසාදිතයන් 28 දෙනා,  කොටගල නගරය ආසාදිතයන් 05ක්,හැරින්ටන් වතුයාය ආසාදිතයන් 04ක්, ෆොරස්ට් කුවික් වතුයාය ආසාදිතයන් 11ක්, මවුන්ට් වර්නන් වතුයායෙන් ආසාදිතයන් 06ක් ස්ටෝනි ක්ල්ප් වතුයායෙන් ආසාදිතයන් 02ක් වශයෙන් හමුව ඇති සෞඛ්‍ය නිලධාරි කාර්යාලය කියයි.මෙම ආසාදිතයන් අතරින් ‍ෆෝරට් කුවික් වතුයායෙන් හමුවු ආසාදිතයන් 11 දෙනාම එකම පවුලේ අය බවත් කොටගල නගරයේ හමුවු ආසාදිතයන් 05 දෙනාද එම පවුලේ අය බවත් එම පවුලේ අවුරුදු දෙකක පමණ ගැහැනු දරුවකුද සිටින අනාවරනය වී ඇතැයි කාර්යාලය කියයි.මෙම ආසාදිතයන් සියලුම දෙනා මෙයට පෙර මෙම ප්‍රදේශවලින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල අය බවත් මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි     
බගවන්තලාවේ වතු 4 කින් අසාදිතයින් 51 ක්
0
hp_train_1642
(ටී.කේ.ජී.කපිල )නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ලාඕස ජාතික ගුවන් මගියකු අද (8) අලුයම කටුනායක ගුවන් තොටුපළේ  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.රුපියල් කෝටි හතරක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති රසායනික විද්‍යාත්මක නාමයෙන් මෙම මත්ද්‍රව්‍ය හඳුන්වයි.  ඔහු විසින් ගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක වෙනම පාර්සල් ලෙස කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 623 ක් බර මෙම මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය තොගය සඟවා ගෙන තිබියදී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගැණිනි.මෙම ලාඕස ජාතිකයා සමඟ මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය තොගය අද (8) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කෝටියක කොකේන් සමඟ ඉන්දීය ගුවන් මගියකු අත්අඩංගුවට
0
hp_train_1643
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 579 දෙනකු අද (14) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 2259 කි.මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,25,897 කි.
කොරෝනා ආසාදිතයන් 1228ක්
0
hp_train_1644
(මනෝප්‍රිය ගුණසේකර) අඩු වටිනාකමක් යෙදු තක්සේරු වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 10,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකට ද යටත් කළ විනිසුරුවරයා මෙම සිද්ධියේ පැමිණිලිකරුට රුපියල් 25,000/-ක වන්දියක් ගෙවීමටද නියම කළේය. විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 10,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ නියම කළ දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසර 6 ක සිරදඬුවමක්ද නියම කළේය. සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට දඩුවම් නියම කළේය. විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය. චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු වශයෙන් සේවය කළ එච්.බී. ජගත් නමැත්තාටය. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 10ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය. අල්ලස් කොමිසමේ පොලිස් පරීක්‍ෂක සී.ඒ. ගුණවර්ධන මහතා මෙහි විමර්ශන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය පෙනී සිටියාය.
අල්ලස් ගත් හිටපු ආදායම් බදු තක්සේරුකරුවකුට වසර 20 ක සිරදඬුවමක්
1
hp_train_1645
(තුසිත කුමාර ද සිල්වා)ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් පානීය නළ ජලය බෙදාහරින ප්‍රදේශ රැසකට හෙට (27) පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 තෙක් ජල සැපයුම අත්හිටුවන බව කළුතර ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එල්. ඩී සමරනායක මහතා අද (26)  පැවසීය.ජල පවිත්‍රාගාරය අවට විදුලිබල මණ්ඩලයේ හදිසි අලුත්වැඩියාවන් හා  නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි සඳහන් හෙතෙම සඳහන් කරයි.ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වනුයේ බෙන්තොට, අලුත්ගම, දර්ගානගරය, වරාපිටිය, මීරච්චිකන්ද, කළුවාමෝදර, මොරගල්ල, කන්දෙ විහාරය අවට, හෙට්ටිමුල්ල, බේරුවල, මග්ගොන, පයාගල උතුර හා දකුණ, ඈතගම, කටුකුරුන්ද, උතුරු කළුතර හා දකුණු කළුතර, දොඩංගොඩ, පිලමිනාවත්ත, නාගොඩ, වස්කඩුව, වාද්දුව  හා පානදුර යන ප්‍රදේශ වේ.මේ හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කර සිදු විය හැකි අපහසුතාවය වලක්වා ගන්නයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 
කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්
0
hp_train_1646
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259575වැසි වාර කිහිපයක්.කොළඹ30259070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249580වැසි වාර කිහිපයක්.යාපනය29248575වැසි වාර කිහිපයක්.මහනුවර28219575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580වැසි වාර කිහිපයක්.මන්නාරම29259075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1647
(  සිතුම් චතුරංග)ඉන්දියාවේ සිට ධිවර බෝට්ටු ඔස්සේ තලෙයිමන්නාරම උරුමලෙයි වෙරළ තීරයට රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 20 ආසන්න වටිනාකමින් යුත් කේරළ කිලෝ 14යි ග‍්‍රෑම් 690 සමඟ ගංජා ජාවාරම්කරුවකු  අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම ප‍්‍රදේශයේ සිට කොළඹට කේරළ ගංජා ප‍්‍රවාහනය කරන ප‍්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවද පොලීසිය කියයි. ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.ජාවාරම්කරු මා ප‍්‍රවාහනය කරන ලොරි රථවල පටවා  කොළඹට කේරළ ගංජා තොගය ප‍්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ බවට තොරතුරු අනාවරණයවූ බව කීය. අත්අඩංගුවටගත් සැකකරු තලෙයිමන්නාරම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 පුද්ගලයකු වේ.සැකකරු හා කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදී ඇති අතර ඔහු මන්නාරම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මන්නාරම කොට්ඨාස භාර පොලිස් අධිකාරී ශ‍්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් මත මන්නාරම විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජීව ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති. 
‘අයිස්‘ ප්‍රවාහනය කළ බස් රියදුරුට-කොන්දොස්තරට වැඩ වරදී
0
hp_train_1648
(සමන් විජය බණ්ඩාර)මාවනැල්ලේ ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන් මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පෙබරවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (13) නියෝග කළේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් 17 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ අතර කාන්තාවක්ද සිටියි.සැකකරුවන් දෙදෙනෙක්ට රැකවරණය සැපයු නාවලපිටිය උලපනේ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි අයෙක් අත්අඩංගුවට ගෙන අද (13) වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළේය.මෙම සිද්ධියට සම්බන්ධව වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් සිව්දෙනෙක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.මෙම පුද්ගලයන් සිව්දෙනා ආයුධ තොගයක්ද සමඟ පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර අද (13) වැනි දින එම සැකකරුවන් සිව්දෙනා ඇතුළු සැකකරුවන් 15 දෙනෙක් මාවනැල්ල මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ අදාල සැකකරුවන් රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කර යුතු බවයි.අධිකරණයට ඉදිරිපත් කළ වනාතවිල්ලුව ප‍්‍රදේශයෙන් අල්ලා ගත් සැකකරුවන්ගෙන් රඳවා ප‍්‍රශ්න කිරීමට අවස්ථාව මහෙස්ත‍්‍රාත්වරයා ලබා දුන්නේය.කෑගල්ල බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගෙන්ද ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත‍්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා සිටි අතර බන්ධනාගාර අධිකාරිවරයාට ඒ බව දන්වා අවශ්‍ය පරික්ෂණ පෙබරවාරි 15 වැනිදායින් පසුව සිදු කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
මිනුවන්ගොඩ සිද්ධියේ 15 කට ඇප - 4 ක් නිදහස්
0
hp_train_1649
(චමිල් රූපසිංහ)එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද නවයකින් අද (05) පරාජයය පත්විය.එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය සභාවේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.2020 වර්ෂය සඳහා වූ මුදල් ප්‍රකාශය එහි සභාපති ගාමිණි තෙන්නකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ඉන් පසුව පැවැති අයවැය විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකරනු ලැබීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විපක්ෂ නායක යු.ජි විජේකොන් මහතා ඇතුලු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ අය වැය පිළිගත නොහැකි බව පැවැසීම හේතුවෙන් විවෘත ඡන්දයකට යා යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පැවැසූහ.විවෘත ඡන්ද විමසීමේදී අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 14 ක් ද  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 17ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාගේ ඡන්දය සමඟ 23දෙනෙක් විපක්ෂව  ඡන්දය ප්‍රකාශ කළහ.ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 14 ක් හා විපක්ෂව ඡන්ද 23 ක් ලැබුණු බැවින් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය පරාජය විය.අයවැය දෙවන වර කියවීම මෙම මස 17 වැනිදා පැවැත්වෙන බව සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. 
මහනුවර මහ නගර සභාවේ දෙවැනිවර අයවැය කියවීම සම්මතයි
0
hp_train_1650
(සුජිත් හේවාජුලිගේ)කොමිෂන් සභා, සංස්ථා සහ අධිකාරි සඳහා පත් කෙරුණු සභාපතිවරු  26 දෙනෙක් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබ සිටිති.ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනු ලැබීමත් සමඟ බොහෝ කමිටු අහෝසිවී ගොස් ඇතත් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අහෝසිවී නොයන්නේය.සුදුසුකම් පරීක්ෂාකර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට මෙසේ කැඳවනු ලැබ සිටින්නේ  ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සේනානායක, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන,ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ සභාපති තිලක් දේවගිරි බණ්ඩාර, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන, ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ස්ටෙලා මාරපන, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල්  ධර්මදාස, සීමාසහිත ගුවන්තොටුපළ  හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සභාපති අධිකාරියේ සභාපති ජී.කේ රාජදාස, රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් සභාපති මේජර්(විශ්‍රාමික) දුලත් විජේතිලක, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන් කේ සේනාධීර,මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ,රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සභාපති අරුණ  රත්නකුමාර, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමචන්ද්‍ර ඈපා, මිල්කෝ  ආයතනයේ සභාපති එල්බී වික්‍රමසිංහ,නෝර්ත් සී ලිමිටඩ් සභාපති තිස්ස වීරසිංහ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස් මාගමගේ, සීමාසහිත ගල්ඔය වැවිලි සමාගමේ සභාපති ගයාන් දිසානායක, ලංකා ලුණු සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ, ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති සාරංගා රත්නායක, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අධිකාරියේ සභාපති ජයන්ත  විජේරත්න මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස්,ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති රාසික් සාරුක්, සීමාසහිත  ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර, ජාතික පසු අස්වනු කළමනාකරණ  ආයතනයේ සභාපති මහාචාර්ය ඒ.පී වීරක්කොඩි, ලංකා බැංකුවේ සභාපති කේ රත්වත්තේ සහ  ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සභාපති ගාමිණී ඒකනායක  යන මහත්ම මහත්මීහු වෙති.මෙම පත්කිරීම් සම්බන්ධයෙන්  කරුණු දැක්වීමට කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු කැමැත්තේ නම් ඒ සම්බන්ධයෙන්වූ ලිඛිත සන්දේශ ලේකම්, උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය හැක. මෙයට අමතරව 0112777300 යන ෆැක්ස් අංකය මගින් හෝ highposts_c@parliament .lk යන විද්‍යුත් ලිපිනය මගින් හෝ එම සංදේශ ඉදිරිපත් කළ හැකි බව පාර්ලිමේන්තු  මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
කොමිෂන් සභා, සංස්ථා, අධිකාරි සභාපතිවරු 26ක් උසස් නිලතල සභාවට
1
hp_train_1651
(නාලක සංජීව දහනායක)කම්කරුවන්ට හිමි මැයි පළමුවැනිදා නිවාඩුව අහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී ක්‍රීයාවක් යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (23) පැවැසීය.ජාත්‍යන්තර වශයෙන් කම්කරු දිනය යෙදෙන මැයි පළමුවැනිදා හා මෙරට මැයි දිනය පවත්වන හත් වැනිදා යන දින දෙකම නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය ක්‍රියාකළ යුතුව තිබූ බවද මන්ත්‍රීවරයා කීය.බොරැල්ල, ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී සමාජවාදී ජනතා පෙරමුණ ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙසේද පැවසීය.වාමංශික පක්‍ෂ යනු කම්කරු පංතිය පදනම් කරගත් පක්‍ෂයි. එක්සත් ජාතික පක්‍ෂය අධිරාජ්‍යවාදයේ ඉත්තෙක් ලෙස කටයුතු කරනවා. ඒ විරෝධීන් එක්තැන් කරගනිමින් මැයි දිනය පවත්වන්නට තිබුණා නම් හොඳයි. නමුත් මෙවර මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. මැයි පළමුවැනිදා හා මැයි හත් වැනිදා යන දවස් දෙකේම නිවාඩුව දිය යුතුව තිබුණා. එසේ නොකර කම්කරුවන්ට හිමි මැයි පළමු වැනිදා නිවාඩුව ආහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී වැඩක්.කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය ආරම්භ කිරීමෙන් අප බලාපොරොත්තු වුණේ  ආරක්‍ෂක අංශවලට මුල්තැන දෙන පාඨමාලා පවත්වාගෙන යන විද්‍යාපීඨයක් වශයෙන් පවත්වා ගෙන යන්නයි. දැන් මෙය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට රජය උත්සාහ ගන්නවා. විශ්වවිද්‍යාලයක් බවට පත්කර සියලුම පාඨමාලා සඳහා මුදල් අයකිරීමට රජය උත්සාහ ගන්නවා. පාඨමාලා සඳහා මුදල් අයකිරීමෙන් නිදහස් අධ්‍යාපනය අහෝසි වෙනවා. සයිටම් ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ උත්සාහය වැළකී ගියාම ආණ්ඩුව ඒ සඳහා කොතලාවල විද්‍යාපීඨය යොදා ගන්නවා. කොතලාවල විද්‍යාපීඨය විශ්වවිද්‍යාලයක් බවට පත් කළාට කමක් නහැ. ඉසෙඞ්කෝ ලකුණු යටතේ සිසුන්ට එයට ඇතුළත් වෙන්න ඉඩ දෙන්න. එමෙන්ම ඒ ආයතනය නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයක් වශයෙන් තියන්නත් අවශ්‍යයි.එමෙන්ම සිංගප්පූරුවත් සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබීමට රජය සූදානම් වෙනවා. ඒ ගිවිසුම අත්සන් තැබීමෙන් අපේ රටට ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක පාඩුවක් සිදුවෙන බව වෘත්තිකයන්ගේ ජාතික සභාව කරුණු  සහිතව පෙන්නුම් කර තිබෙනවා. නමුත් ඒ ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම සඳහා නිලධාරීන් පිරිසක් සිංගප්පූරුවට ගොස් තිබෙන බව මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. රටට අවාසිවන ආකාරයට ගිවිසුම් අත්සන් තැබීමට රජය සූදානම් වෙනවා.ඛනිජ තෙල් සංස්ථාව මැලේසියාව සමඟ ලිහිසිතෙල් නිෂ්පාදනය හා අලෙවි කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබුණා. ඒ ගිවිසුම පසුගිය කාලයේදි සංශෝධනය කර තිබුණා. ඒ සංශෝධිත ගිවිසුමෙන් රටට පාඩු සිදුවෙන බැවින් ගිවිසුමේ ක්‍රියාකාරීත්ව අහෝසි කිරීමට ක්‍රියාකළ බව ඛණිජතෙල් අමාත්‍යවරයාම සඳහන් කර තිබුණා. රටේ සම්පත් ජාත්‍යන්තර ධනපති පංතියේ උවමනාවන් වෙනුවෙන් පාවාදීමේ ක්‍රියාවලියක් එක්සත් ජාතික පක්‍ෂය හැමදාම ක්‍රියාත්මක කළා. රටේ ස්වෛරීබව ඇපයට තියා රජය පසුගිය කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ණයක් ගත්තා. රටේ ණයබර වැඩියි කියමින් රජය දිගින් දිගටම මේ ආකාරයට ණය ගන්නේ ඇයි? මේ ණය සියල්ලම රටේ ස්වෛරී බවට තර්ජනයක්. එමෙන්ම දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මේ අතරට ඉන්ධන මිලත් ඉහළ දැමීම සම්බන්ධයෙනුත් ආණ්ඩුව කල්පනා කරනවා. ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟම ජීවන වියදමත් අධිකව ඉහළ යෑමට පටන් ගන්නවා. මේ සියල්ලම සිදුවෙන්නේ විධායක ජනාධිපති ධුරය තිබිය යුතුද නැද්ද කියන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවට මුලාවෙලයි. අපිට පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි. එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීයි. ජේ.ආර්. විසින් නිර්මාණය කළ තනි පුද්ගල බලයට වඩා සාමූහික බලය හොඳයි. එහෙත් තමන්ට තනිබලයක් ලබාගැනීම සඳහා අගමැතිවරයා ජනතා විමුක්ති පෙරමුණ ඉත්තන් බවට පත්කරගෙන තිබෙනවා. ජනපති හා අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරයේදී අපිට අගමැතිවරයාගේ පැත්තේ සිටිමින් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වී විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ කටයුත්තට දායක වෙන්න බැහැ. පසුගිය කාලයේදී ජනපති හා අගමැතිවරයා අතර බල පොරයක් තිබුණා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. අගමැතිවරයත් ඒ බව දන්නවා. නමුත් අවසන් මොහොතේ දී ජනාධිපතිවරයා අඩියක් පස්සට ගත්තා.දැන් අගමැතිවරයාගේ වාරයයි. ඔහු ජනාධිපතිවරයාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණත් හවුල් කරගෙන මෙම යෝජනාව ගෙනත් තිබෙනවා. සිංහල ජාතිවාදි කොටස්වලට අවශ්‍යව තිබෙන්නේ තනි පුද්ගලයකුට බලය තිබෙන ආණ්ඩුවක්. ඒ ඉල්ලිමට අපි එකඟ නැහැ. නමුත් සිරිසේන - රනිල් බල පොරයේදී රනිල්ගේ පැත්තට වැටෙන්න අපිට සූදානමක් නැහැ. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව නිසා ඒකාබද්ධ විපක්‍ෂය බෙදෙන්න දෙන්නත් බැහැ. ඒ නිසා ඒකාබද්ධ විපක්‍ෂය මේ ගැන කල්පනා කර බලාවි යැයි විශ්වාස කරන බවද කීය.ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ පැවැසීය.වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත හිතුවක්කාරී ලෙස ක්‍රියාකළා. මේ හිතුවක්කාරී වැඩ පිළිවෙළ නිසා ආර්ථික අර්බුදය මෙන්ම අධිරාජ්‍යවාදී අර්බුදයත් වැඩි වුණා. ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ 2/3 බලයක් තිබූ නිසා මේ හිතුවක්කාරී වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම පහසු වුණා. නමුත් අපි විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිසා දැන් ආණ්ඩුවට හිමි 2/3 බහුතර බලය අහිමිවී තිබෙනවා.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා මෙසේ පැවසීය.ආණ්ඩුවේ ඉදිරිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර මත ගැටීමක් ඇතිවී තිබෙනවා. මේ මෙහොතේදී එක්සත් ජාතික පක්‍ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීම සුදුසු බව විජයදාස රාජපක්‍ෂ මහාත් ප්‍රකාශ කර තිබුණා. මේ මත ගැටීම් අනුව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම ඉතාම අසීරු තත්ත්වයක් වෙනවා. මේ අර්බුද මඟ හැරීමට නම් ඉතාම ඉක්මනින් මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි.  
මැයි නිවාඩුව අහෝසි කිරීම කම්කරු විරෝධී ක්‍රියාවක්
1
hp_train_1652
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)මාසිකව ලොකු මුදලක් හරිහම්බ කරන චැනල් කරන දොස්තර මහත්වරුන් ටියුෂන් ගුරුවරුන් හා නීතිඥවරුන් දහස් ගණනක් රජයට සත පහක බද්දක් ගෙවන්නේ නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (7) පෙරවරු 9.30ට රැස්විය.වාර්තා හා ලිපිලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.සුරාබදු ආඥා පනත යටතේ නිවේදන තුනක් ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.ජීවන වියදම වැඩිවෙලා කියන කතාව බොරුවක්. හාල් වර්ග ගණනාවක මිල අඩුවෙලා. පිටි මිලත් අඩු වෙලා. සීනිත් එහෙමයි. අද අල කිලෝවක් 89යි. පරිප්පු 147යි. වෙනසක් තියෙන්නේ පොල්වල විතරයි. ඒකත් අඩු වෙනවා. එහෙනම් ඔබතුමාලා බඩු මිල වැඩියි කියල කෑගහන්නේ ඇයි?චැනල් කරන බොහෝ දොස්තර මහත්වරු, ටියුෂන් මහත්වරු නීතිඥවරු බදු ගෙවන්නේ නැහැ. 41,000ක් ස්වේච්ඡාවෙන් පැමිණ බදු ලිපි ගොනු විවෘත කරලා තියෙනවා.පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ):- ඇලෝසියස්ගේ ස්කාගාරයක් මන්ත්‍රීවරුන්ට සල්ලි ගෙව්වා. ඒ ස්කාගාරවලින් ඒ මුදල් ආණ්ඩුවට ගන්න වැඩපිළිවෙළක් හදන්න. මන්ත්‍රීවරුන්ට ගෙව්වට ඒ මුදල් ආණ්ඩුවට යන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවි කරුණානායක මහතා (එජාප):- අද අපේ රට විතරක් නොවෙයි, ලෝකයම ගමන් කරන්නේ ආර්ථික අමාරුවෙන්. අපි ණයෙන් පෙළුණු ආර්ථිකය වෙනස් කළා. අද රටේ විනයක් නැහැ. හැම තැනම බෝඞ් ලෑලි අල්ලනවා. ඉතින් ආයෝජකයෝ රටට ඒවිද?රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):-සුරාබදු ආඥා පනතේ 51 (2) සංශෝධනය කරන්න.මුදල් ඇමැති:- එය ඉදිරියේදී කරනවා.සොයිසා මහතා:- දෙදහස් විස්ස වන විට රජය සුරාබදුවලින් කිසිම ආදායමක් නොබලන තත්ත්වයට පත් කරන බව ජනාධිපතිතුමා කිව්වා. නමුත් අද වෙන්නේ ඒක නොවෙයි.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා:-රටේ මත්පැන් පානය වැඩිවෙලා තියෙනවා. සැර මත්පැන්වල මිල අඩු කිරීමට අප එකඟ විය යුතුයි.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- අද අපේ ගම්බිම්වල සුරාව තදින් පැතිරිලා. මේක ලොකු පිළිලයක්.අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා (එජනිස):-කසිප්පු ජාවාරම්කරුවන්ට සමහර දේශපාලනඥයන් උදව් කරනවා. මේ වගේ අවස්ථාවලදී පොලිසිය පස්ස ගහනවා. මේවට සම්බන්ධ වන බොහෝ දෙනකු රජයේ දේශපාලනඥයෝ.ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල:- මංගල සමරවීර මේ රටේ මුදල් කොල්ලකාපු කෙනෙක් නොවෙයි. මත්පැන්වල බදු කිහිපයක් අප වැඩි කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. හොරු ගැන කතා කරනවා නම් සියලු හොරු ගැන කතා කළ යුතුයි. හොරු නම් හොරු  මත්පැන් පාලනය බදු වැඩි කරලම කරන්න බැහැ.ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා:- වැටලීම්, දඩ මුදල් නිසා දකුණේ සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. රට බීම මිල වැඩි කරලා ගල් අරක්කු බෝතලයේ මිල අඩු කරන්න.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එජනිස):- මිරිස්ස වෙරළ කලාපයේ සංචාරක ව්‍යාපාරය අද විනාශවෙලා. සංචාරක ගොඩනැගිලි 23ක් කඩලා ඉවත් කරලා.පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා (එජාප):- හොර සුරා නිසා අපේ ප්‍රදේශවල දුප්පත්කම, අපරාධ වැඩිවෙනවා. සමහර පොලිස් නිලධාරීන් හොර මත්පැන් ජාවාරම්වලට සම්බන්ධයි.ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා (එජාප):- පොහොය දිනවල නිවාඩු දිනවල බාර් වැහුවට මත්පැන් පානය අඩු වුණේ නැහැ. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී වේලු කුමාර් මහතා:- වතුකරය ආශ්‍රිතව මත්පැන් හල් බිහිවීම සිදුවුණේ පසුගිය අවුරුදු දහයක දොළහක කාලයේ සිටයි.නිවේදන සම්මත කෙරිණි.පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 9.30ට යළි රැස්වේ.ජනතාවගේ මුදල් ගසා කෑ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවැසීය.වික්‍රමරත්න මහතා මේ බව පැවැසුවේ කඩාවැටුණු මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පැවැත්වුණු සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ කීය.මුදල් තැන්පත් කළ ආයතන කඩා වැටුණාම මහ බැංකුව කියනවා ඒ ආයතනවල කොටස් ගන්න කියලා. ජනතාව මුදල් තැන්පත් කළේ එහෙම කොටස් ගන්න නොවෙයි. මහ බැංකුව මේ කඩා වැටුණු ආයතන ගැන ජනතාව දැනුවත් කළේ නැහැ.ජනතාව මේ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කළේ ඒ ආයතන ගැන මහ බැංකුව දුන් නිර්දේශ නිසයි සී.එෆ්.එල්.අයි. ආයතනය අර්බුදයකට පත්වී තිබියදීත් මුදල් තැන්පත් කිරීම් බාර ගත්තා. යූ.බී. ෆිනෑන්ස් ගත්තේ එෆ්.එන්.ජී. ආයතනයයි. ජනතාවට පොලිය එක්ක මේ මුදල දෙන්න. අපේ රටේ මූල්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ජනතාවගේ මුදල් සූරාගෙන විරාජමානව වැජඹෙනවා. ඊ.ටී.අයි. සල්ලි ඇද්දේ කොහොමද? පින් දහම්වලට යටවී සමහර ආයතන ජනතාව මුලා කරනවා.ණය හේතුවෙන් ගිය වසරේ 195 දෙනෙක් සියදිවි හානි කර ගෙන තියෙනවා. අද පවුල් ලක්ෂයක් කඩා වැටුණු මුදල් ආයතන ඇතුළේ කඩා වැටිලා. මෙතැනදී මහ බැංකුව කාර්යභාරය අත්හැරලා. මහ බැංකුවේ සමහර නිලධාරීන් ජාවාරම්කරුවන් පැත්තේ ඉන්නවා. තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි.නිහාල් ගලප්පත්ති මහතා (ජවිපෙ) යෝජනාව ස්ථිර කළේය.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා:- කාලෝචිත යෝජනාවක්. අනුර කිව්ව බොහෝ කරුණු එක්ක මම  එකඟයි. (වේලුකුමාර් මහතා (එජාප) මුලසුනට පැමිණියේය)සමරවීර මහතා:- ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් රටේ ඇති කර ඇති තත්ත්වය ඛේදජනකයි. එන සතියේ මන්ත්‍රීතුමන්ලා කැඳවලා පක්ෂ පාට නැති කමිටුවක් හදල මහ බැංකු, භාණ්ඩාගාර නිලධාරීන් සමග සාකච්ඡා කරනවා. මේ ආයතන බොහොමයක් කඩාවැටී ඇත්තේ දුර්වල කළමනාකරණය, දූෂණ, වංචා යනාදිය නිසයි. මෙවැනි වංචනික අයට දැඩි දඬුවම් පැනවීමට කළ පනත සංශෝධන කිරීමට අවධානය යොමුවී තිබෙනවා. මෙවැනි වංචනික නිලධාරීන් 155 දෙනකු හඳුනාගෙන තියෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජාප):- අද අපේ රටේ කාන්තාවන් ණය පියවා ගන්න ණය ගන්නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පාලනය කරන්න අද මේ කවුරුත් නැහැ. මහ බැංකුව අද මේ ප්‍රශ්නයේදී කරඇරලා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා (එජාප):- නීති ගේන්න කලින් ඒ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන සමීක්ෂණයක් කරන්න. පරීක්ෂණ අවසන් වුණු සිද්ධිවල වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න.වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිරිකරන් මහතා (දෙජාසං):- ක්ෂුද්‍ර ණය නිසා උතුරු නැගෙනහිර කාන්තාවන් 56 දෙනකු සියදිවි හානි කර ගෙන තියෙනවා. මේක භයානක තත්ත්වයක්.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):- සිය දිවි නසා ගැනීමට පෙළඹවීමත් අපරාධයක්. මේ සියදිවි හානි කරගන්න අස්සේ අවතාර මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ මහ බැංකුවේ අයට පේන්න පටන් ගනීවි. මේක සමාජ ව්‍යසනයක්. මහ බැංකුව මේ මිනිසුන්ව සියදිවි නසාගන්න පෙළඹවූවා. මේ ප්‍රශ්නයෙන් මහ බැංකුවට ගැලවෙන්න බැහැ. එයාලගේ නියාමනය මොන බම්බුවක් ද?ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප):- අද රටේ නීතිය මකුළුදැලක් වගෙයි. ලොකු හොරු අහුවෙන්නේ නැහැ. කඩා වැටුණු ආයතන රැසක් මහ බැංකුව මැදිහත්වී ස්ථාවර තත්ත්වයට ගත්තා. නමුත් මහ බැංකුව ක්‍රියාත්මකවීම ප්‍රමාදයි. මූල්‍ය ආයතන කඩා වැටෙනවා නොවෙයි. කඩා වට්ටවනවා. අයිතිකාරයා සතුටින් ඉන්නවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- මහ බැංකුවේ නියාමනය හරියට වෙන්නේ නැහැ. මේ ආයතන නියාමනයට රටේ හොඳ නීතියක් තිබිය යුතුයි. තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප):- මේ ලියුම බැලුවම මහ බැංකුවේ අයත් සම්බන්ධ දැයි මටත් හිතෙනවා. මේ ආයතන සල්ලි එකතු කරද්දී මහ බැංකුව හිටියේ කොහේද? නිදාගෙන ද හිටියේ?කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (එජාප):- 2015 ඉඳලා අලුතින් මූල්‍ය සමාගම් වැඩි ගණනක් බිහිවී තිබෙනවා. අතීතයේ මූල්‍ය සමාගම් කිහිපයක් වඩා වැටුණත් මහ බැංකුව හංගාගෙන හිටියා. නිවාඞ් කබ්රාල් කාලේ වෙච්ච දේවල්.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා (එජනිස):- එදා පොලී මුදලාලි කළුකෝට් දාපු කෙනෙක්. නමුත් අද ඉන්නේ සුදු ඇඳුම් ඇඳගත් සුහදශීලී මිනිහෙක්. මේ මිනිස්සු නිසා ජනතාවට සම්බසකලමනාව අහිමිවෙලා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (දෙජාසං):- වාරික මුදල් අයකරගැනීමට සමහර ආයතන මැරයන් යොදවලා තියෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- මූල්‍ය ආයතන කඩා වැටුණේ 2002 ඉඳලයි. දඬුවම්ලා බිහිවුණේ මහින්දලගේ ගමෙනුයි. වම්බොට්ටා ආවෙත් එහෙන්.මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:- එදා සුදු වෑන් අද නැහැ. අද රටේ ලොකු වෙනසක් තියෙනවා. මේ ආයතන ඈවර කිරීමෙන් බිලියන 25ක් ගන්න පුළුවන්. නමුත් තැන්පත් මුදල බිලියන 35ක්. මේ ආයතන බොහොමයක් කඩා වැටුණේ පසුගිය රජය කාලයේදියි. බැඳුම්කරවල දානවා කියලා හොරකම් කළා. අප මේ ආයතන ගැන නීතිමය පියවර ගන්නවා.එස්. යෝගේෂ්වරන් (දෙජාස), ඉන්දික අනුරුද්ධ (එජනිස), කාංචන විජේසේකර (එජනිස), ආචාර්ය ජයම්පති වික්‍රමරත්න (එජාප) මහත්වරු ද කතා කළහ.   
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුවෙලා : තරමක් වැඩිවී ඇත්තේ පොල් මිල පමණයි
0
hp_train_1653
( පැතුම් දර්ශන)හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද(26) ඉදිරිපත් කළ අවස්ථාවේ සභා රැස්වීමෙ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. සභාපති චාරුක උදයංග විජයරත්න මහතා විසින් අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කොට මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් පසු සංශෝධන වලට යටත්ව අයවැය සම්මත වූ බව පවසා හෙට(27) උදෑසන 10 වන තෙක් සභාව කල්තබා රැස්වීම් භූමියෙන් පිටව යාමත්, ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයත් හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්වය ඇති විය. හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අය වැය පළමුවරට සභාපතිවරයා විසින් අද (26)දහවල් සභාවට ඉදිරිපත් කළේය.  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධය හමුවේ සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙ සියලු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටි.එම්.ඩිල්ෂාන්, ස්වාධින මන්ත්‍රි බණ්ඩාරවෙල සංඝානන්ද, සහ ප්‍රාදේශීය සභා ලේකම් වරයා සමග කාර්ය මණ්ඩලය ද එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර ඒ හේතුවෙන් තත්ත්වය තවත් උණුසුම් විය. සභාපති වරයා සභාවෙන් ඉවත් වුවද ලේකම්වරයා සිටිය යුතු බව  විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ ද එහිදී ප්‍රාදේශීය සභා ලේකම්වරයා පැවසුවේ සභාපති වරයා නොමැතිව සභාව පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට රැඳී සිටිය නොහැකි බවත් ය. අනතුරුව විපක්ෂ නායක සනත් කත්‍රිආරච්චි මහතා විසින් උප සභාපති ආර්. ජයතිස්ස මහතා වැඩබලන සභාපති වරයා ලෙස නම් කොට එතෙක් සභාපති චාරුක උදයංග විජයරත්න මහතා වාඩි වී සිටී සභාපති පුටුවේ වාඩි කිරීමට කටයුතු කල අතර පසුව ඔවුහු අදහස් දැක්වීම් ද සිදු කළහ. එහිදී අදහස් දැක්වූ උප සභාපති ජයතිස්ස මහතා මෙසේ කීය. " සභාපතිවරයා අයවැය ඉදිරිපත් කරලා ඉතාම නිර්ලජ්ජිත ලෙස සභාවෙ  න්‍යාය පත්‍රය අවසන් නොකර අයවැය සම්මත වූ බව කියමින් නැගිටලා ගියා. මේක නීතියානුකූලව අනුමත වුණේ නෑ. සභාවේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක් මේ සඳහා සම්පූර්ණ විරුද්ධයි. සභාපතිවරයාගේ කූට වැඩවළට අපි ඉඩ තියන්නේ නෑ." විපක්ෂ නායක සනත් කත්‍රිආරච්චි මහතා ද මෙසේ කීය. " මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් අයවැයට විරුද්ධයි. අපි ඡන්දයක් ඉල්ලද්දී ඡන්දෙ නොදී පිළිකුල් සහගත විදිහට නැගිටලා ගියා සභාපතිවරයා. ඒත් එක්කම සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයත් නැගිටලා ගියා. පිළිකුල් සහගත ලෙස අපි මේක හෙළා දකිනවා. සභාපති වරයා මේ පුටුවෙන් ඉවත් කරන තුරු සටන අත හරින්නෙ නෑ අපි නීතියානුකුල ක්‍රියාමාර්ග ගන්නවා. මෙම චෝදනා සම්බන්ධයෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවෙ සභාපති චාරුක උදයංග විජයරත්න මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු මෙසේ කීය. " මම අයවැය ඉදිරිපත් කරලා ඒ   සඳහා සියලු මන්ත්‍රීවරුන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව ගරු උප සභාපති තුමා ගරු විපක්ෂ නායක තුමා ඇතුළු සියලු මන්ත්‍රීවරු ලිඛිතව හා වාචිකව මට අදහස් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීමෙන් අවසානයේ 2012 අංක 21 දරණ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව මා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය මන්ත්‍රීවරුන්ගේ යෝජනා හා අදහස් වලට එකගව සම්මත වූ අයවැයක් සේ නිවේදනය කොට සභාවේ වැඩ කටයුතු හෙට (27) උදෑසන 10 වනතුරු අඩාලව කල් තැබුවා. සභා රැස්වීම අඩාළව කල් තැබුවාට පස්සේ ලේකම්වරයා සභාවෙන් ඉවත් වුණාට පස්සේ ක්‍රියාත්මක වන රැස්වීම් නීතියානුකූල වන්නේ නෑ.
හොරොව්පොතාන ප්‍රා සබේ උණුසුම් තත්ත්වයක්
1
hp_train_1654
(මොහොමඩ්  ආසික්)මධ්‍යම  කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට  ඇද හැළෙන  අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ  යමින් පවතින බැවින් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක්  අඩි දෙක බැගින් අද (07) විවෘත කර ඇති බව පොල්ගොල්ල ජලාශය භාර  විධායක ඉංජිනේරු  කාර්යාලය කියයි.පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් සහ ඉදිරියේදී ජල ධාරිතාවය වැඩි විය හැකි බැවින්  ජලාශයට පහළ ප්‍රදේශවල පදිංචි මහවැලි ගඟ භාවිතා කරන පිරිස් අවධානයෙන් සිටිය යුතු බව පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී
0
hp_train_1655
(හර්ෂණ තුෂාර සිල්වා)ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මේ වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) ප්‍රකාශ කළේය.ඒ අනුව ප්‍රතිපත්ති පොළී අනුපාත දැනට පවතින මට්ටමේ පවත්වා ගනිමින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඉදිරියටත් පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව දෙනුම් දෙන ලද අතර එය මහාචාර්ය ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා පැවැති පළමු මාධ්‍ය හමුවද විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දෙසැම්බර්  26 වැනිදා රැස්වී මේ බව තීරණය කර තිබෙන අතර ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය  7% ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8% ක් ලෙසත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.එමෙන්ම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5%ක අගයක පවත්වාගෙන යෑමට ද මුදල් මණ්ඩලය තීරණය කර ඇත. දේශීය ආර්ථිකයේ පවතින තත්ත්වය සහ අපේක්ෂිත තත්ත්වය, මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැළකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. මුදල් මණ්ඩලයේ ඉහත තීරණය උද්ධමනය 4%ත් 6%ත් අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන බවත් මධ්‍යකාලීන ආර්ථිකයට එහි විභව වර්ධන මට්ටමට ළඟා වීමට සහාය වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කළේය. 
ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට මහ බැංකුව තීරණය කරයි
0
hp_train_1656
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත් කෙරුණු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න  අද වැඩ බාර ගත්තේය. නව නාවික හමුදා පතිවරයා පිළිගැනීමට සහ  හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා සේවයට සමුදීම වෙනුවෙන් උත්සවයක් ද නාවික හමුදා මූලස්ථානයේ දී අද පැවැත්විණි.    
ගුවන් හමුදාපති නාවික හමුදාපති හමුවෙයි
0
hp_train_1657
ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල විශේෂයෙන් සවස 04.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සහ  නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී ද තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 17/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය27249585සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව28249585සවස4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ27249580උදැසන තැනින් තැන වැසි සහ සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල28249585උදැසන තැනින් තැන වැසි සහ සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය26249585උදැසන තැනින් තැන වැසි සහ සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර25219585සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20139580සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය27239580සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය26239585සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම26239585උදැසන තැනින් තැන වැසි සහ සවස 4.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
අද සවස 2.00 පසු පළාත් රැසකට තද වැසි
0
hp_train_1658
(ඩයනා උදයංගනී)දිවයිනේ පුරා දිස්ත්‍රික්ක ගණනාවකට මාස කිහිපයක් තිස්සේ බලපා ඇති දැඩි වියළි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 57,388 කට අයත් පුද්ගලයින් 2,39,295 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.දිවයිනේ දිස්ත්‍රික්ක 8කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 23ක ජනතාව මෙයින් දැඩි පීඩාවට පත්ව සිටින අතර බදුල්ල, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, කළුතර, ගම්පහ, හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.මෙයින් වැඩිම පීඩාවකට පත්ව සිටින්නේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වන අතර කළු ගඟේ ජල මට්ටම පහළ ගොස් එයට ලවණ මුසුවීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර හා දොඩංගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පවුල් 50,497 කට අයත් 2,12,728 දෙනෙක් පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.එම දිස්ත්‍රික්කයේ මිල්ලනිය, මතුගම හා හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 723 කට අයත් 2797 දෙනෙක් ද වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව කොඩිප්පිලි මහතා කීවේය.ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 2,538කට අයත් 10,045 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,510කට අයත් 9,517 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රිකක්යේ පවුල් 900කට අයත් 2,973 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 350කට අයත් 1,213 දෙනෙක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව හෙතෙම සඳහන් කළේය.මේ අතුරින් පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවල ජනතාවට ජල බවුසර් හා ටැංකි යොදාගනිමින් ජලය සැපයීමට පියවර ගෙන ඇතැයි ද කොඩිප්පිලි මහතා කීවේය. 
ප්‍රදේශ කිහිපයකට නියඟයෙන් පීඩා
0
hp_train_1659
(අජන්ත කුමාර අගලකඩ නිව්යෝක් නුවර සිට)‘‘ශ‍්‍රී ලංකාවට සමෘද්ධියත්, සහජීවනයත් උදා කිරීම උදෙසා රජය පසුගිය වසර දෙකහමාර තුළ කළ කැපවීමෙහි සාර්ථක ප‍්‍රතිඵල මේ වන විට ලැබී ඇතැයි’’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිව්යෝක් නුවරදී පැවසීය.ඇතැම් සමාජ වෙබ් අඩවි සහ අන්තර් ජාලය ඔස්සේ විදේශගත ශ‍්‍රී ලාංකිකයන් වෙත ගෙන යන්නේ රටේ සැබෑ තත්ත්වය නොව අසත්‍ය ප‍්‍රචාර බව පැවසූ ජනාධිපතිවරයා, තම එකම අභිලාෂය ශ‍්‍රී ලංකා මාතෘභූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනැඟීම යැයිද ස`දහන් කළේය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් සමග පැවැති හමුවට එක්වෙමිනි.දුගීභාවයෙන් රට නිදහස් කර ගැනීම, පසුගිය යුද සමයේ සිදුවූවා යයි පැවසෙන මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ අභියෝගාත්මක තත්ත්වයට මුහුණදීම, උසුලන්න බැරි අධික ණය බරින් රට නිදහස් කර ගැනීම, ජාතික සංහි`දියාව ගොඩනැගීම යන කාර්ය සඳහා පසුගිය වසර දෙක හමාර තුළ රජය කැපවීමෙන් කටයුතු කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.පශ්චාත් යුද සමයේ රජය විසින් ඉටුකළ යුතු කාර්යය නිසිලෙස ඉටු නොකිරීම නිසා වත්මන් රජයට ගැටලූ රැසකට මුහුණදීමට සිදුවූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, 2015 ජනවාරි 08 වැනි දා තමා ජනාධිපති ධුරයට පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා පියවරෙන් පියවර ඉටු කරමින් රජය ඉදිරියට ගමන් කරන්නේ යැයි” ද කීවේය.සියලූ ජන කොටස් අතර අවිශ්වාසය සහ බිය තුරන් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් නිදහසත් තහවුරු කර සියලූ ශ‍්‍රී ලාංකිකයන් සතුටින් ජීවත්වන රටක් ගොඩනැගීමට රජය සියලූ වගකීම් ඉටුකරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ස`දහන් කළේය.නිව්යෝක් නුවර ක්වින්ස් බෞද්ධ විහාරස්ථානයට ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැ`ද පුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන්ගේ හමුවට එක්විය.ක්වින්ස් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් සිදු කරන ශාසනික සහ සමාජයීය මෙහෙවර අගයමින් උන්වහන්සේ වෙත ශ‍්‍රී ලංකා රජය විසින් පිරිනමන ලද උපහාර සන්නස් පත‍්‍රය පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ බෞද්ධ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් කරන මහඟු මෙහෙවර මෙහිදී අගැයීමට ලක්කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, උන්වහන්සේ බෞද්ධ සමාජයේ පමණක් නොව බෞද්ධ නොවන සමාජයේ ද ගෞරවයට ලක්වූ මහා යතිවරයාණන් වහන්සේ නමකැයි ප‍්‍රකාශ කළේය.මහා සංඝරත්නය ප‍්‍රමුඛ හින්දු, ක‍්‍රිස්තියානි, ඉස්ලාම් පූජකතුමන්ලාද  ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ‍්‍රී ලාංකික විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවට සමෘද්ධියත් සහජීවනයත් උදා කිරීම උදෙසා රජය පසුගිය වසර දෙක හමාර තුළ කැපවුණා
1
hp_train_1660
(ඩයනා උදයංගනී) දකුණු සහ සබරගමුව පළාත්වලත්, කළුතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (14) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා  ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
ප්‍රදේශ කිහිපයකට වැසි
1
hp_train_1661
(මනෝප‍්‍රිය ගුණසේකර)හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි හෙරොයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණ දඬුවම අද (13) නියම කළේය.35 හැවරිදි දෙදරු පියෙකු වූ විත්තිකරුගේ ක‍්‍රියාවෙන් සමාජයට සිදුවී ඇති ඛේදජනක තත්වය සැළකිල්ලට ගන්නා බව විත්තිකරුට දඬුවම් පමුණුවමින් විනිසුරුවරයා සඳහන් කළේය.හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට මෙලෙස දඬුවම් නියම කළේය.චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකු වු මුණියන්ඩි උපුල් චමින්ද නමැත්තාටය.2016 අගොස්තු මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 13.23 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේ දී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට විනිසුරුවරයා තීරණය කළේය.ඒ අනුව විත්තිකරුට මරණ දඬුවම නියම කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවකදී මෙම මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.
කුඩු ජාවාරම්කරුවකුට මරණ දඬුවම
0
hp_train_1662
(ජුඩ් සමන්ත)පවතින දැඩි නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 66,448 ක පුද්ගලයින් 2,16,670 ක් සහ මුහුද රළු වීම නිසා පවුල් 25 ක පුද්ගලයින් 78 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ හලාවත සහ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7769 ක පුද්ගලයින් 29,252 කු පීඩාවට පත්ව සිටී.ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10,174 ක පුද්ගලයින් 26,715 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7162 ක පවුල් 22497 කුද,පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7013 ක පුද්ගලයින් 22446 කුද,නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6170 ක පුද්ගලයින් 22694 දෙනෙකුද පීඩාවට පත්ව සිටී.මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 22694 කුද,වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3181 ක පුද්ගලයින් 12796 ක්ද,මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3379 ක පුද්ගලයින් 10113 කුද පීඩාවට පත්ව සිටින අතර මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4194 ක පුද්ගලයින් 14206 දෙනෙකුද පීඩාවට පත්ව සිටී.පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3458 ක පවුල් 12257 ක් සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6591 ක පුද්ගලයින් 25628 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මහවැව,නාත්තන්ඩිය,දංකොටුව,වෙන්නප්පුව,සහ කල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නියඟය හේතුවෙන් එල්ලවී ඇති පීඩාව සම්බන්ධයෙන් තොරතුරු එම සටහනේ දක්වා නැත.මීට අමතර පසුගිය දිනවල මුහුද රළු වීම නිසා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25 ක පුද්ගලයින් 78 දෙනෙකුද පීඩාවට පත්ව සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
පුත්තලමේ නියඟයෙන් ලක්ෂ 2 ක් පීඩාවට
0
hp_train_1663
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.යාපනය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති වන අතර, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, වවුනියව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
බස්නාහිර සහ සබරගමුවට වැසි
1
hp_train_1664
 මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(01) පස්වරු 6.30 වනවිට ආසාදිතයන් 193දෙනෙකු එකතු වී තිබේ.නිරෝධායන මධ්‍යස්ථානවලින් 6දෙනෙකු සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයන් 187දෙනෙකු ඊට අයත් ය.මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 7185ක් වන අතර, අද දිනයේදී හඳුනාගත් පිරිස සමඟ 7378 දක්වා ඉහළ ගොස් ඇත. 
අද දිනයට කොරෝනා ආසාදිතයන් 633 ක්
0
hp_train_1665
(එම්.ආර් ප්‍රියශාන්ත) කොවිඩ් 19  නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වු   රඹුක්කන පින්නවල  ඇගලුම් ආයතනය කොවිඩ් - 19 ප්‍රතිකාර රෝහලක් ලෙස ස්ථාපිත කර ඇති අතර එහි ආසාදිතයින් 230 ක් දැනට ප්‍රතිකාර ලබයි. දිවයිනේ විවිධ ප්‍රදේශ වල පී.සී.ආර්. පරික්ෂණ  මගින් තහවුරු වන  කොවිඩ් - 19 ආසාදිතයින් හට ප්‍රතිකාර ලබාදීම සදහා මෙම ඇගලුම් ආයතනයේ කොවිඩ් ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක කෙරේ . මේ අතර නොවැම්බර් 1 දින මාවනැල්ලේ වාර් තා වු ආසාදිතයින් 18 දෙනාත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ මුළු ආසාදිතයින්ගේ ගණන 104 දක්වා වැඩිවී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි . මාවනැල්ල , හෙම්මාතගම , ගලිගමුව ,බුලත්කොහුපිටිය , ගලිගමුව සංචරණ සීමා ක්‍රියාත්මක වන බවද වෛද්‍යවරයා පැවසීය. මේ වන දිස්ත්‍රික්කය පුරා පුද්ගලයින් 3501 ක් නිරෝධායනයට ලක් කර ඇති බවද වෛද්‍යවරයා පැවසීය. කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ කොවිඩ් රෝගීන් 77 දෙනෙකු  හා  උදුගොඩ රෝහලේ  ආසාදිතයින් 97 දෙනෙකු  ප්‍රතිකාර ලබන බවද දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරයා සදහන් කලේය. කිතුල්ගල , වරකාපොල , බෙලිගල රෝහල් 3 ද හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රතිකාර කිරිම සදහා සුදානම් කර ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය .
පින්නවල නිරෝධාන මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර රෝහලක් කරයි
1
hp_train_1666
(ඩයනා උදයංගනී)කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,102දෙනෙක් අද (2) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,62,074 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.එමෙන්ම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 1,701 දෙනෙක් සුවය ලබා අද (2) රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,29,541 දක්වා ඉහළ ගොස් ඇත. 
කොරෝනා ආසාදිතයන් තවත් 1102ක් වාර්තා වෙයි
1
hp_train_1667
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, සාමිමලේ, ඕල්ටන් තේවතුයායේ  තේදළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (6) බඹරු ඇනීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගෙන් තිදෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.බඹරු ඇනීමෙන් බරපතල තත්වයේ සිටි අයෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.තමන් තේ වතුයායේ, දෛනික වැඩ මුරයේ තේ දළු නෙළමින් සිටියදී තේ පඳුරක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා සිටින වතුකම්කරුවන් පවසයි.
ක්වීන්ස්ලන්ඩ් වතුයායේ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 15 කට තුවාල
0
hp_train_1668
කලා ක්ෂේත‍්‍රයේ මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන දෙපළක් තමයි ටානියා සහ ඩොක්ටර් නාරම්පනාව කියන්නෙ.මේ දෙන්නා පැටලිලා තියෙන අනියම් සම්බන්ධය ගැන අද වන විට බොහෝදෙනා කතා කරන්න පටන් අරන්. ඒ නිසාමයි නාරම්පනාව හොස්පිට්ල් එක පැත්තට ගිහින් අපිටත් ඒ ගැන හොයන්න හිතුණෙ.ඉතින් මේ හොස්පිට්ල් එකේ සුරූපී හෙදිය ‘‘ටා’’ කව්ද කියලා ඔබ දැනටමත් දන්නවා ඇති.ඇය තමයි අපි කව්රුත් දන්න හඳුනන ආදරය කරන ජනප‍්‍රිය රංගන ශිල්පිනී පියුමි ශානිකා බොතේජු.අපි ඇයගෙන්ම අහලා දැනගමු මේ හොර සම්බන්ධෙ මොකක්ද කියලා... මොකද්ද මේ ඩොක්ටර් නාරම්පනාව එක්ක තියෙන හොර සම්බන්ධය? ඩොක්ටර් නාරම්පනාව ටානියාට ආදරේ කරනවානෙ. ඒ ඇයගෙ තියෙන නැලවිලි ගැස්සිලිවලට කතාවට සහ ඇගේ රූප ස්වභාවයට. ඉතින් එහෙම වෙන්නෙ ‘‘මෙඩි සිනා’’ නාට්‍යයෙ තමයි. මෙඩිසිනා සඳහා කොහොමද පියුමිට ආරාධනා ලැබෙන්නෙ? ඒ සඳහා මට ආරාධනා ලැබෙන්නෙ අපේ නිෂ්පාදකතුමිය ඇන්ජලා කුරුප්පු මහත්මිය හරහා. ඇය මට ආරාධනා කරනවා මේ චරිතය උපරිමයෙන් කරලා දෙන්න කියලා. ඉතින් මම මගෙ උපරිමය ඒ වෙනුවෙන් ලබාදුන්නා. ඉතින් මම හිතනවා අද වෙද්දි ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක ඒ චරිතය වෙනුවෙන් උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා. ටානියා චරිතය ගැන කතා කළොත්? ටානියා චරිතයෙ තිර පිටපත පළමුවෙන්ම අතට ගත්ත මොහොතෙ ඇය බර්ගර් කාන්තාවක් කියලා සඳහන් වෙලා තිබුණෙ නෑ. ඉතින් මම එය අතට ගත්තම දැනුණා මේ සඳහා මම කතා කරන විදිය ටිකක් වෙනස් කරගන්න ඕනෑ කියලා. ඉතින් මම පළමුවෙන්ම අධ්‍යක්ෂතුමාට ඒ චරිතයෙදි කතා කරන විලාසය කියලා පෙන්නුවා. එතකොට එහි අධ්‍යක්ෂ වශයෙන් හිටියෙ ශිවා අයියා. ඉතින් ඒ වොයිස් එකෙන් කතා කරලා පෙන්නුවම ඔහු කීවෙ ෂා... ඒ විදිය මරු නංගි දිගටම ඒ වොයිස් එකම වර්ධනය කරගෙන යමු... ඒක ගොඩක් ලස්සනයි කියලා. ඊට පසුව මෙහි තිර පිටපත් රචක ගාමිණී එස්. බංඩාර ඒ චරිතය බර්ගර් කාන්තාවක් ලෙසම රචනා කළා.ඉන් අනතුරුව ‘‘ටානියා’’ කියන නමත් එක්ක මගෙ ස්වරූපය, ඇවිදින ආකාරය ඒ හැමදේම වෙනස් කරන්න වුණා. ඇය කිසිම දෙයක් නොතේරෙන බබා පාර්ට් එකේ ඉන්න කෙනෙක්. ඒ ටානියාගෙ ඇත්ත ස්වරූපය. ඒ විදියට වෙනස්වීම් මත තමයි චරිතය ගොඩනැගිලා තියෙන්නෙ. ඒ චරිතය එතරම් සාර්ථක කරගන්න ඩොක්ටර් නාරම්පනාවගෙනුත් හොඳ සහයක් ලැබෙනවා නේද? ඇත්තටම ඔව්. මගෙ පළමු වේදිකා නාට්‍යය ‘‘මල්සර බිසව්’’ කරන්නෙත් ඩොක්ටර්ගෙ චරිතය නිරූපණය කරන සම්පත් ජයවීර අයියත් එක්ක. ඔහු තමයි ඒ සඳහා මාව හේමන්ත ප‍්‍රසාද්ට හඳුන්වලා දෙන්නෙත්. ඉතින් මට ලොකු පහසුවක් වුණා සම්පත් අයියා ඩොක්ටර්ගෙ චරිතයට ඒම. මොකද කාලාන්තරයක් තිස්සේ දන්න හඳුනන යාළුවෙක් නිසා. අපි දෙන්නා මේ නාට්‍යයේ චරිතයන් තුළ යම් යම් දේවල් කරන්නෙ දෙන්නා කතා කරගෙන. ඉතින් මම හිතනවා අපේ තිබුණු ඒ සහසම්බන්ධතාවයක් එක්ක මේ චරිත තව තවත් මිනිස්සු අතරට යන්න හේතුවෙන්න ඇති කියලා. ඔයාට කෙණෙහිලිකම් කරන දෙන්නා ගැනත් කතා කරමු?නිරෝෂායි, නිර්මලායි තමයි එහෙම කරන්නෙ. මේ නාරම්පනාව හොස්පිට්ල් එකේ ඉන්න නර්ස්ලා තුන්දෙනා තමයි අපි. ඉතින් ඒ විදියෙ කෙණෙහිලිකම් එයාලා මට කරන්නෙ ඩොක්ටර් මට හැම සපෝට් එකක්ම කරන නිසා. මම මොනාත්ම වැඩක් කරන්නෙත් නෑ. ඩොක්ටර්ව නලව නලවනෙ ඉන්නෙ. මගෙ අතින් ලෙඩෙක් පවා මැරෙනවා පැය 16 කට දෙන්න තියෙන බෙහෙතක් පැයයි විනාඩි 6 කින් දීලා.ඒ වගේ ලොකු වැරැුදි වුණත් ඩොක්ටර් මට මොනවත්ම කියන්නෙ නෑ. ඒවා තමයි අනිත් අයට දරාගන්න බැරි. ඉතින් තිරයෙදි ඒ කෙණෙහිලිකම් කළාට අපි තුන්දෙනාම හොඳ යාළුවො. එතකොට පෙරේරා?පෙරේරා තමයි මිහිර සිරිතිලක අයියා. ඔහු සමඟත් මම කාලයක් වැඩ කරලා තියෙනවා. මේ සඳහා රංගනයෙන් දායක වුණු සියළුදෙනාම නිතර දෙවේලෙ මුණගැහුණු හොඳ හිතවතුන්. මේ නාරම්පනාව හොස්පිට්ල් එකට මේ හිතවතුන් පිරිස එක්රැුස් වීමෙන් හොඳ නිර්මාණයක් පේ‍්‍රක්ෂකයන්ට දෙන්න හැකිවුණා. පේ‍්‍රක්ෂකයන් වුණු අපිට මේ තරම් හිනායනව නම් රූගත කරන අතරතුරදී ඔබ ඒ සඳහා මුහුණදෙන්නෙ කොහොමද? ඇත්තටම මට නම් කොමඩි රංගනයක් කරද්දි කවදාවත් හිනායන්නෙ නෑ. අපි තිරෙන් එහා විහිළු කරගන්නවා. ඒ වෙලාවට අපි ඇතිවෙන්න හිනාවෙනවා. නමුත් චරිත නිරූපණය කරද්දි හිනායන්නෙ නෑ. රූගත කිරීම්වලින් පසුව නම් ඉබේම හිනායනවා කරපු ඒවාට. මොකද මගෙ රංගනයෙ හැමවෙලේම කියන දෙයක් තමයි ‘‘ඩොක්ටර් මට ලොකු බොරුවක් තමා කියන්නෙ කියලා.’’එතකොට ඒ කියන විදියත් එක්ක හිනා යනවා. ඒ විදියට එක එක්කෙනාගෙ වචන සෙට් එකක් තියෙනවා. ඒවා කියද්දි නම් ඉතින් හිනා යනවා. ‘‘ටා’’ ට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?අම්මෝ... ලැබෙන ප‍්‍රතිචාර ඉතා ඉහළයි. මම මේ ළඟදි කොළඹ තිබුණු මැච් ඒක බලන්න ගියා. ඒ ගියෙ මම ක‍්‍රිකට් කණ්ඩායමට සහ ක‍්‍රිකට් වලට තියෙන ආසාවට. නමුත් මැච් එක දිනුවෙ නම් නෑ. මැච් එක බලන්න ඇවිල්ලා හිටපු ගොඩක් අය ඒ මොහොතෙ මාව දැකලා ‘‘ටා’’ කියලා කෑ ගැහුවා. ‘‘ටා’’ අනේ අත වනන්නකෝ කියලා කෑ ගහනවා. ඒ විදියට ප‍්‍රතිචාර ගොඩක් ලැබුණා.ඒ හැමදේත් එක්කම ලොකුම සතුට තමයි අපේ ක්ෂේත‍්‍රයේ ඉන්න අයගෙන් ප‍්‍රතිචාර ලැබෙන එක. මොකද ඇත්තටම අපට තියෙන වැඩත් එක්ක තමන්ගෙ නාට්‍යයක්වත් බලන්න වෙලාවක් නෑනෙ. නමුත් සංගීත ක්ෂේත‍්‍රයේ සහ රංගන ක්ෂේත‍්‍රයේ ගොඩක් අයගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඒ විදියට ප‍්‍රතිචාර ලැබෙද්දි ගොඩක් ආසයි. මීට කලින් පබා ටෙලිනාට්‍යයෙ හිමාලිට බොහෝ පිරිසක් ආදරේ කළා. ඉතින් එතනින් මිදිලා දැන් ‘‘ටානියා’’ ට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ පිළිබඳ හරිම සතුටුයි. අනිත් රංගන කටයුතු කොහොමද? බුද්ධිනි ජයවර්ධනගෙ ‘‘මේ මමයි’’ නාට්‍යයෙ වැඩ කටයුතු කළා. ඊට අමතරව ඇයගේම අළුත් නාට්‍ය ‘‘විහාරා’’ හි වැඩ කටයුතු ඉදිරියෙදි පටන් ගන්නවා. මෙඩිසිනා රූගත කිරීම් සිදුවෙනවා. අළුත් වේදිකා නාට්‍යයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම තව ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පේ‍්‍රක්ෂකයන්ට පුදුම හිතෙන රියැලිටි අත්දැකීමක් ලබාදෙන්න. ඒ සඳහා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ධනු විජේරත්න 
කවුරුත් හඳුනන 'සුදු නංගි'
0
hp_train_1669
 රංජිත් රාජපක්‍ෂ  බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලැබු 10 දෙනෙකු අද (26) බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව පොලිසිය පවසයි.තේ වතුයායේ ගසක් මත බැඳ තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහරදීමෙන් බඹරු ඇවිස්සි තමන්ට පහරදුන් බවත් තුවාල ලබා නේවාසිකව ප‍්‍රතිකාර ලබන වතුකම්කරුවෝ පවසති. 
වතුකම්කරුවන් 16 කට බඹර ප්‍රහාරයක්
1
hp_train_1670
දයාරත්න ඇඹෝගම  අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් පාලන ආයතන සඳහා පත් වූ  මන්ත්‍රීවරු  51 දෙනෙක් අද (28) උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද   ආණ්ඩුකාර පී.බී දිසානායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක   මහත්වරුන් ඉදිරියේ දිවුරුම් දුන්හ. අනෙකුත් නවක මන්ත්‍රිවරුන් මීට පෙර එම ප්‍රෙද්ශීය සභාවන්වලදි දිවුරැදි තිබුණි. මෙම දිවුරුම් දිමේ අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ හිටපු මැති ඇමිවරු කිහිප දෙනෙක්ම එක්ව සිටියහ.
අනුරාධපුර ශ්‍රීලනිප නියෝජිතයෝ 51ක් දිවුරුම්දෙති
1
hp_train_1671
(නිශාන්ත කුමාර)ගංජා හා අබිං මිශ්‍ර  මත් ගුලි විශේෂයක් රැගෙන බිබිල මහියංගන මාර්ගයේ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණයින් සිව්දෙනෙකුට ඇප නියම කළ මහියංගන මහේස්ත්‍රාත්  ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා ඔවුන්ව යළි අගොස්තු 21 වන දින අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙස නියෝග කළේය. මොනරාගල ප්‍රදේශයේ  අවුරුදු  22-28  වයස්වල පසුවන තරුණයින් සිව්දෙනෙකුට මෙලෙස ඇප නියම විය. මොනරාගල සිට මහියංගණය බලා ගමන් ගනිමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. රිදීමාලියද්ද පොලිස්  ස්ථානාධිපති රොෂාන් එස් බන්දුලසේන මහතාගේ උපදෙස්  මත මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීහු පිරිසක් සැකකරුවන්  අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. රිදීමාලියද්ද පොලිසිය  වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 
මත්ගුලි සමඟ 4ක් අත්අඩංගුවට
0
hp_train_1672
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාල‍යේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඌව පළාතේත්, මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.කන්කසන්තුරය සිට පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
පළාත් කීපයකට අද තද වැසි
0
hp_train_1673
(ජයරත්න වික්‍රමාරච්චි)නවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළට අනවසරයෙන් ඇතුළු වී ඡායාරූප ගත් බව කියන පුද්ගලයන් සිව් දෙනකු ජංගම දුරකතන දෙකක්ද  සමග අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටළීම සිදුකර තිබේ.සැකකරුන් සමග අත් අඩංගුවට ගත් ජංගම දුරකතනවල ඡායාරූප දත්ත මූලික විමර්ශවලට අනුව නිදන් ඇති ස්ථාන සෙවීමේ අරමුණෙන් ඔවුන් මෙසේ රක්ෂිතයට ඇතුළු වන්නට ඇති බවට පොලීසිය සැකකරයි.අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ආඬිගම ප්‍රදේශයේ  අයකු නවගත්තේගම ප්‍රදේශයෙත් පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි. 
කළහකාරීව හැසිරුණු 6 ක් අත්අඩංගුවට
0
hp_train_1674
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) පයාගල මලේගොඩ  ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී  තියුණු ආයුධ හා , ගිනි අවියක් සමග  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්  බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. එම සැකකරුවන් සමඟ මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවියක් හා කඩු දෙකක් පොලිස් බාරයට ගෙන ඇත. 
පයාගල වැටලීමකින් ආයුධ සමඟ දෙදෙනකු අත්අඩංගුවට
1
hp_train_1675
(විමුක්ති එස් රුද්‍රිගු)ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 342.16 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල්  354.99 ක් විය.ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ  මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල  සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 360-365 ලෙස  අද (28) සටහන් විය.
දින දින බාල්දු වෙන රුපියලේ අද අගය
1
hp_train_1676
(අශෝක තිලකරත්න) 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු   අත්අඩංගුවට ගත් බව ගන්දර    පොලිසිය පවසයි.  අත්අඩංගුවට පත්  මෙම සැකකරු අද (06) පෙරවරුවේ මාතර  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධියට අදාල බාලවයස්කාර දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කර ඇත. ගන්දර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි. 
දැරියක අපයෝජනය කළ අයෙකු අත්අඩංගුවට
1
hp_train_1677
(අංජුල මහික වීරරත්න)“ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින බව”, එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (24) පැවැසීය. “එක්සත් ජාතික පක්ෂයට විකල්ප ලෙස ඉදිරිපත්වී සිටින පක්ෂවල සිටින්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කෑගසන මන්ත්‍රීවරුන් කිහිප දෙනා පිටත සිට පඹයන් ලෙස හසුරුවන තත්ත්වය දැන් දැන් පෙන්නුම් කෙරෙතැයිද” ප්‍රකාශ කළේය. “ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද? “රාජපක්ෂ රෙජීමය 2” දැයි”, තීරණය කිරීම අසීරු කරුණක් නොවන බවද”, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ අභිනව ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ භාර ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. පක්ෂයේ අභිනව නායකයන් සියලුම දෙනා මේ අවස්ථාවට සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.“අපේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවින් දිසානායක මහතා අද වැඩ භාර ගන්නවා. එතුමා පක්ෂයට පැමිණ විශාල සේවයක් කරනවා. අමාත්‍යවරයකු ලෙස දක්ෂකම් පෙන්වනවා. තරුණ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු විවාදවලදී දක්ෂතා දක්වනවා. මාධ්‍ය සාකච්ඡාවලදී තම කාර්ය භාරය නිවැරැදිව ඉටුකර තිබෙනවා.එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා යොමු කිරීම සඳහා ක්‍රියා කළා. අපගේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය වන්නේ එවැනි තරුණ නායකයන් බව කිව යුතුයි. එවැනිම වූ විශාල සේවයක් එතුමා එක්සත් ජාතික පක්ෂයට ද කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. නවින් දිසානායක ඇමැතිතුමා පිළිබඳව මා දීර්ඝ වශයෙන් කතා කළ යුතු වන්නේ නැහැ. එතුමාට ඇති ශක්තිය සහ කැපවීම පිළිබඳව මා හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවා. එමෙන්ම පක්ෂය ඉදිරියට ගෙනගොස් බලයේ තබා ගැනීම සඳහා එතුමාට තිබෙන ශක්තිය ගැන මා දන්නවා. මෙවර ප්‍රතිසංවිධානයේදී නිලධාරීන් ලෙස පත්කර ඇත්තේ එවැනි කැපවීම ඇති නිලධාරීන් බව කිව යුතුයි. 1970 වසරේ පක්ෂය ලැබූ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා නවින් දිසානායක මහතාගේ පියා ඉදිරිපත් වුණා. ගාමිණි දිසානායක මහතා එදා නුවරඑළියට තරග කර පසුව ඡන්ද පෙත්සමක් නිසා ආසනය අහිමි වුණා. එතුමා නැවතත් ආසනය දිනාගෙන ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා එක්ව ඉදිරියෙන්ම කටයුතු කළා.ප්‍රේමදාස මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා මෙන්ම ගාමිණී දිසානායක මහතා, සිරිල් මැතිව් මහතා වැනි බොහෝ දෙනකු ඉදිරියට පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කළා. අලුතෙන් පක්ෂය ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළා.ගාමිණී දිසානායක මහතා සමඟ ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. අප පක්ෂය ගොඩනැගීමේ ව්‍යාපාර කිහිපයකම එකට වැඩ කළා.1971 වසරේ සිට මා එතුමා දැන හඳුනාගෙන සිටියා. අවසානයේදී ගාමිණී දිසානායක මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සිටියදී පක්ෂය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. ඒ කාරණය අපට කෙළෙසකවත් අමතක කරන්න බැහැ. අමාරු කාලයේ අපේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළේ ඒ අයයි. නවින් දිසානාක ඇමැතිතුමාටත් පියාගේ ගති ලක්ෂණ බොහොමයක් පිහිටා තිබෙනවා. පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථක වන බවට මගේ නම් කිසිම සැකයක් නැහැ.නවින් දිසානායක මහතා මෙන්ම මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තරුණ පිරිසක් සිටිනවා. නියෝජ්‍ය නායක, උප නායක, නව මහලේකම්, භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ලේකම් ආදී අලුත් කණ්ඩායමට පක්ෂයේ වගකීම් භාර දුන්නා. එමෙන්ම තවත් තනතුරු භාර ගැනීම සඳහා තරුණ මන්ත්‍රීවරුන් සිටිනවා.පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිනවා. ඒ අනුව ඊළඟ මාස තුනේදී විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ලබන සතියේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.තරුණ පරපුර ඊළඟ නායක පරම්පරාව ලෙස ඉදිරිපත්විය යුතුයි. පක්ෂයට නායකත්වය දෙන පුද්ගලයන් මේ අය අතරත්, පක්ෂයට අලුතෙන් එක්වන පිරිස අතරත් සිටිනවා. ප්‍රාජාතන්ත්‍රවාදය යනු ජනතා ඡන්දයෙන් පත්වීමයි.ජනතා ඡන්දයෙන් පත්වෙනවා නම් පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කෙසේද, දෙැවනි පෙළ සහ තුන්වැනි පෙළ නායකයන් කවුද? අනාගත නායකයන් කවුද යන කාරණය පෙන්වා දිය හැකියි. එලෙස පෙන්වා දිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. 2020 දක්වා පමණක් නොව 2030 දක්වා නායකයන් කවුදැයි පෙන්වා දිය හැකියි. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ලෙස නායකයන් යම් ප්‍රතිපත්තියක් පෙන්වා තිබෙනවා. ඒ අනුව වැරැදි හදාගෙන ඉදිරියට යා යුතුයි. සාර්ථක දේශපාලනය යනු එයයි. රට දියුණු වීමට නම් එකම පක්ෂයක නායකත්වය විටින් විට ඉදිරියට ගෙන යා යුතුයි. රටක් දියුණුවට පත් කළ හැක්කේ එවිටයි. මේ කණ්ඩායම මා ඉදිරිපත් කර ඇත්තේ රට ගැන සිතීමෙනුයි. අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව ඔබට රට වටා ගොස් කිව හැකියි. අලුත් පරපුර සමඟ රට හදන බව බය නැතිව කිව හැකියි. වෙන කිසිම පක්ෂයකට මේ හැකියාව නැහැ. හැකිනම් එකම පක්ෂයක් හෝ පෙන්වා දෙන්න.පොහොට්ටුවට තිබෙන හැකියාව කුමක්ද? පොහොට්ටුවේ සිටින අලුත් මුහුණු මොනවාද? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණයි. ඔවුන් උත්සාහ කරන්නේ නැවත රෙජිමයක් ඇති කරන්නයි. පොහොට්ටුව දෙස බැලූ විට බැලූ බැලූ අත පෙනෙන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පමණයි. පොහොට්ටුවේ පෝස්ටරයක එක මන්ත්‍රීවරයකු හෝ මුහුණක් පෙන්වන්න. හොඳ වුනත්, නරක වුණත් කමක් නැහැ. අලුත් මුහුණක් දැක තිබේද? සියලුම දෙනා ඉන්නේ විශ්‍රාමලත් හමුදා නිලධාරීන් පමණයි. ඒ එදා රාජපක්ෂ රෙජිමය පිහිටුවීමට ගිය පිරිසයි.පාර්ලිමේන්තුවේ ඔවුන් කොපමණ කෑ ගැසුවත් ඒ අය විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ පඹයන් පමණයි. මොවුන් සිටින්නේ දෙවැනි පෙළේයි. අපේ අය පාර්ලිමේන්තුවේදී පක්ෂයේ නායකයන් ලෙස නැගිට අභිමානයෙන් කතා කරනවා. මේ අය එතැන කෑ ගැසුවාට පක්ෂයේ තීරණ ගන්නේ කවුද? මොවුන්ගේ අරමුණ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජීමය නැවත ගෙන ඒම පමණයි. වර්තමානයේදි එක් පැත්තකින් තරුණ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය සිටිනවා. අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කළ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පිරිස සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් කළා.මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණියහොත් අතුරුදන්වන්න සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.” මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබාගන්න. නැවත හමුදා පාලනය ළඟා නොකිරීම අපේ අරමුණයි. මේ කණ්ඩායම වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජීමය ඇති කිරීමයි. එය රාජපක්ෂ “රෙජීමය-2” ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්‍රජාතන්ත්‍රවාදය ද රාජපක්ෂ රෙජීමය-2” අවශ්‍ය කියා තීරණය කරන්න.තරුණ පිරිස එක්ව අපේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටිනවා. තරුණයන්ට වගකීම භාර දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයද, ඒකාධිපතිවාදයද යන්න තීරණය කිරීම සඳහා තරුණ පිරිසට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා. නව නිලධාරි මණ්ඩලයට මා සුබ ප්‍රාර්ථනා කරනවා. යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“එක්සත් ජාතික පක්ෂය අලුත් මාවතක හැරවුම් ලක්ෂ්‍යය කරා යන මොහොතේ පක්ෂ නායකගේ ආශිර්වාදය මත මා වැඩ භාර ගත්තා.පැරැණි සිරිකොත මන්දිරයට මා පියා සමඟ ගිය අයුරු තවම මතකයි. පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මුහුණු මතකයි. පොඩි කොල්ලකු ලෙස පියා සමඟ මා එහි ගියා.එක්සත් ජාතික පක්ෂයේ හද ගැස්ම මට ඉගැන්වූයේ මගේ පියායි. එතුමා පක්ෂය ජයග්‍රාහී මාවතකට ගැනීමට විශාල කැපවීමක් කළා. කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළා. පක්ෂයට ආවේණික ගුණාංගවලින් අප පෝෂණය වී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය, සුදුස්සාට තැන දීම, සියලු ජාතීන්ට, ආගමිකයන්ට වෙනසක් නොකිරීම ආදී ගුණාංගවලින් අප පොහොසත්. වෙනත් පක්ෂවල එවැනි ලක්ෂණ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනි පෙළක් නිර්මාණය කළා. කොටි සංවිධානය විසින් ඒ නායකයන් ඝාතනය කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළා. ඔහු නව පරපුරට දක්ෂතා දැක්වීමට අවස්ථාව දෙනවා.අපේ පක්ෂය රටේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරයයි. නමුත් යම් පසුබෑමකට ලක්වී ඇති බව පිළිගත යුතුයි. එයින් ගොඩ ඒමට නම් පොදු න්‍යාය පත්‍රයක් අනුව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි.සුදු වෑන් හඳුන්වා දුන් අය නැවත සුදනන් වී ජනතාව අන්දමින් සිටිනවා. මෙය විහිළුවක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට නොගතහොත් හොරුන් නැවතත් කරළියට එනවා. ඊට ඉඩ දෙන්න බැහැ.පාක්ෂිකයන්ගේ හදවතට දැනෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කළ යුතුයි. අපට පැහැදිලිව ජයගත හැකියි. නායකයන් සියල්ල එක රොත්තක්සේ වැඩ කළ යුතුයි. එලෙස වැඩ කිරීමේ ශක්තිය මා සතුයි.අද අප අලුත් මාවතකට යමින් සිටිනවා. ඉදිරි මාස තුන හතර ඉතා වැදගත් වෙනවා. පාක්ෂිකයා අමතක නොකිරීම මගේ පියා මට ඉගැන්වූ පාඩමයි. අපේ හදවත පාක්ෂිකයන් ලවා අමතක කළ යුතු නැහැ.”එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ඉදිරියේ අප හමුවේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අප ඒ වෙනුවෙන් විධිමත් සැලසුම් හැදුවා. දේශපාලන මණ්ඩලය විසින් ඒ වැඩ පිළිවෙළ අනුමත කළා. අපට මේ ගමන යාමට හැකියි. ඉතා වේගයෙන් සංවිධාන ගතවී ඉදිරි මැතිවරණ ජය ගන්නවා.මේ අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති-ඇමැතිවරුද, නවින් දිසානායක මහතාගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක මහත්මිය ද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.  
ජේ.ආර්ගේ ස්වර්ණමය යුගය එජාපයට යළි ගේනවා
0
hp_train_1678
(සිතුම් චතුරංග)           කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලැබුණ තොරතුරක් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර කේරළ ගංජා කිලෝ එකයි  150ක්, හෙරොයින් මිලිග්‍රෑම් 170 හා මත්ද්‍රව්‍ය අලෙවිකර ලබාගත් රුපියල් 308,000 ක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.පොලිසිය පැවසූයේ හෙරොයින් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ප්‍රධාන ජාවාරම්කරු පිළිබඳ තොරතරු අනාවරණය වූ බවයි.ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ යතුරුපැදියේ අසුන යට තිබී මුදල් හා කේරළ ගංජා සොයා ගත් බව පොලිසිය පවසයි.එක් සැකකරුවකු මුලතිව්,වැලිඔය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුද්ගලයකු බවද පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිලිනොච්චිය භාරතීපුරම් හා මුලතිව්, වැලිඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ත් 32ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට
1
hp_train_1679
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල විටින් විට ඇති ‍වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු  ප්‍රදේශ වල සවස 2.00න් පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258560සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව35267545සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ30268570වැසි වාර කිහිපයක්ගාල්ල28269080විටින් විට වැසියාපනය32278055වැසි ස්වල්පයක්  ඇතිවිය හැකමහනුවර29238565වැසි වාර කිහිපයක්නුවරඑළිය17139580වැසි වාර කිහිපයක්රත්නපුරය30259060විටින් විට වැසිත්‍රීකුණාමලය34258055සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම32268575වැසි ස්වල්පයක්
‘රට පුරාම අද රාත්‍රී තද වැසි‘
0
hp_train_1680
ඉන්දියාවෙන් අඛණ්ඩව දෙවැනි දිනටත් දිනක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 11,929ක් අද (14) වාර්තා විය.එම ආසාදිතයන් 11,929දෙනා ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන ද විය.ඉන්දියාවෙන් සෙනසුරාදා පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ආසාදිතයෝ 11,458 දෙනෙක් වාර්තා වූහ. මේ අනුව ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,20,922ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ 1,49,348ක් වන අතර සුවය ලැබූ පිරිසගේ ගණන 1,62,379කි.ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 311ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 9,195කි.නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් අද වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,04,568ක් විය. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 42,687ක් ද දිල්ලියෙන් ආසාදිතයන් 38,958ක් ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 23,038ක් ද මේ වනවිට වාර්තා වී ඇත.(එන්.ඩී.ටීවී. )055 
ඉන්දියාවෙන් ආසාදිතයන් 13,000ක්
0
hp_train_1681
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘නැගෙනහිර සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.‘මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති වේ‘‘සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර්.20-30 ක් පමණ වේ.‘2015 අප්‍රේල්  මස 21 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1682
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.  මධ්‍යම කඳුකරය, වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි වීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇතිවේ.
තැනින් තැනට අදත් තද වැසි
0
hp_train_1683
( ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 3 ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදුකෙරිණි.මගීන් 319දෙනකුට එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහය ලැබුණු අතර, ගුවන් යානා 5 ක් යොදා ගැණිනි.පළමුව, ගුවන් මගීන් 221 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය එංගලන්තයේ ලන්ඩන් නුවර, හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට දහවල් 12.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. එයින් පැමිණි මගීන් පිරිස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 866 දරන ගුවන් යානයෙන් අද 15 දින සවස 3.00 ට චීනයේ ෂැංහයි නුවර වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හරිනු ලැබිණි.ඉන් අනතුරුව කොරෝනා වසංගත රෝගී තත්වය නිසා චීනය වෙත යෑමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ගුවන් මගීන් 35 දෙනෙකු රැගෙන ,  සවස 3.47 ට මාලදිවයින් ගුවන් සේවයට අයත් කිව්.2- 6940 දරන ගුවන් යානය මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.ඊට අමතරව තවත් එවැනිම ගුවන් මගීන් 63 දෙනෙකු රැගෙන සවස 5.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 116 දරන ගුවන් යානය ද මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.මාලදිවයිනේ සිට ආ එම ගුවන් මගීන් චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව යන චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන්  රාත්‍රී 8.30 රැගෙන යෑමට නියමිතය.මේ අතර ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 237 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානය හෙට 16 දින අලුයම 4.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට
0
hp_train_1684
(නිශාන්ත කුමාර)මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (07) පස්වරුවේ ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මීගහකිවුල සහ කන්දකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ පවුල් දෙකක කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.සුළු සිද්ධියක් හේතුවෙන් ඇතිවූ බස් වීමක් දුරදිග ගොස් අතින් පයින් හා පොලු වලින් පහර දීමෙන් මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මීගහකිවුලේ ගැටුමකින් හතරක් රෝහලේ
1
hp_train_1685
(නිමන්ති රණසිංහ)කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 3 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 27 උදෑසන සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.ඒ අනුව කළුතර අම්පාර සහ කොළඹ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදා හැරඇත.මෙලෙස හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කැකුළන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස.අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසම.කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ තුන් තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම. 
වැසූ ගම් කීපයක් අරී
0
hp_train_1686
(ඩයනා උදයංගනී)  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත්, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
පළාත් කීපයකට අදත් ගිගුරුම් සහිත වැසි
0
hp_train_1687
ලෝකයේ පැරණිම වෘත්තියේ පහස ලාභයට ගැනීමට දෙවැනි වතාවටත් සූදානම් වූ තරුණයකු සුරූපිනියකගේ උගුලට හසුවී බඩ කට පුරා ගුටි සංග‍්‍රහයක් ලැබීමේ අපූරු පුවතක් බස්නාහිරින් වාර්තා වේ.20 හැවිරිදි ඇය සුරූපිනියක් කීවොත් නිවැරදිය. වරක් දුටුවකු දෙවරක් ඇය දෙස බලන්නට තරමට ඇය ඉටි රූපයක් මෙනි.ඇයගේ වෘත්තිය ලෝකයේ පැරණිම වෘත්තිය වුවත් එය ඉතා ඉහළ මිලකට අලෙවි කරන්නට ඇය සැදී පැහැදී සිටියේ ගැනුම්කරුවන්ගෙන් කිසිදු අඩුවක් නැති නිසාය.මේ අතර මීට මාසයකට පමණ ඉහතදී මහරගම නගරයේදී ධනවත් තරුණයකු මුණගැසුණේ අහම්බෙනි. ඔහු මඩපාත ප‍්‍රදේශයේය.දෙදෙනොගේ නෙත් එකිනෙක ගැටුණු සැණින් තරුණයාට තරුණිය කවුද යන්නත්, තරුණියට තරුණයා සොයන්නේ මොනවාද යන්නත් වටහා ගැනීමට හැකි වූයේ වසර කිහිපයක සිට රැුකියාවෙන් ලද පන්නරය නිසාවෙනි.තරුණියගේ මුවින් ප‍්‍රථමයෙන් පිට වුණේ අය කරන මුදලය. එය තඹයකටවත් ගණන් නොගත් තරුණයා හිස වනා එයට අවනත වූයේ ගණන් ප‍්‍රශ්නයක් නැතැයි යන්න තරුණියට ඒත්තු ගන්වමිනි. තරුණයාගේ ඇරියුම මත පිළියන්දල මඩපාත නිවෙසට තරුණියට ආරාධනා කළේ දුටු පළමු දිනයේදීමය.තරුණිය සුපුරුදු ලෙසට තමන්ගේ ආරක්‍ෂකයා සමග ත‍්‍රිරෝද රථයෙන් තරුණයා පැවසූ නිවෙස සොයා ගියේ කිසිදු අපහසුවකින් තොරව යන ගමනේදී තරුණයාගේ ජංගම දුරකථන හරහා නිවසට පැමිණෙන මාර්ගය පැවසූ නිසාය. එදින අඳුර වැටෙත්ම තරුණිය නිවෙසට පැමිණීම ගැන තරුණයා ද පසු වූයේ දැඩි සතුටකිනි.කෙමෙන් කෙමෙන් රැය පහන් වෙත්ම තරුණයාගේ නිවසින් තරුණිය පිටවූයේ පොරොන්දු වූ පරිදි ගතමනාව තරුණයා විසින් නොදීම පිළිබඳ සිතෙහි කහටක් තියාගෙනය. ත‍්‍රීරෝද රථයට ආ සුරූපී තරුණිය  ඕකා කවදා හරි මාව හොයාගෙන ආපු දවසට බලාගන්නම් යනුවෙන් මුමුනන්නට වූයේ ආරක්‍ෂකයාටද ඇසෙන නොඇසෙන ගණනටය.කාලය දින සති මාස දෙකකට වඩා යාමට මත්තෙන් සුරූපිනියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේ මඩපාත තරුණයාගෙනි. ඒ පෙර පරිදිම නිවෙසට පැමිණෙන ඇරියුමද සමගිනි.තරුණයාගෙන් පළිගැනීමට හොඳම වේලාව මෙය යැයි සිතූ සුරූපිනිය තම ආරක්‍ෂක ත‍්‍රීරෝද රථ රියදුරාට මේ බව පවසා තවත් අයකු සූදානම් කර ගන්නා ලෙස පැවසුවේ යන ගමනේ තිබෙන තොරතුරු දන්වමිනි.කිසිදු අපහසුවකින් තොරවම තරුණිය තරුණයාගේ නිවෙස කරා ගියේ ටිකක් ? බෝවූ පසුවය.තරුණිය නිවෙස තුළට පිවිස ටික වේලාවක් ගත වෙද්දී තරුණයා නාන කාමරයට පිවිසියේ ඇඟ පත සෝදා පිරිසුදු වන්නටය.ඔහුට එයින් එළියට පිවිසීමටවත් ඉඩක් ලැබුණේ නැත. නාඳුනන තරුණයන් දෙදෙනකු පැමිණ පහර පිට පහර දෙන්නට වූයේ කිසිදු කතා බහක් නැතිවමය. හොඳ හැටි තරුණයාට පහරදුන් තරුණයන් සුරූපී තරුණියද කැටුව නිවසින් පිට වූයේ කිසිදු දෙයක් නොවූ ආකාරයටය.මේ අතර රාත‍්‍රී 12 ට පමණ පිළියන්දල පොලිසියේ දුරකථනයට ආ පණිවුඩයකින් කියවුණේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් නිවසට පැමිණ පහරදී ලැප් ටොප් පරිගණකයක් අත්ඔරලෝසුවක් හා ජංගම දුරකථනයක් පැහැරගෙන ත‍්‍රීරෝද රථයෙන් පලාගිය බවත් පලාගිය ත‍්‍රීරෝද රථයේ කාන්තාවක් සිටි බවත්ය.පැමිණිල්ල අනුව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සෝමරත්න විජයමුනි මහතාගේ මගපෙන්වීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නන්දසිරි ගමගේ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පහර කෑ තරුණයාගේ ජංගම දුරකථනයට එදින ලද දුරකථන ඇමතුම් සියල්ල පිළිබඳ එකින් එක අවධානයට ලක් කරමින් කළ පරීක්‍ෂාවලදී තරුණයාට පහරදීමට උපදෙස් දුන් සුරූපී තරුණියගේ ජංගම දුරකථන අංකය අනුව ඇය අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරීමේදී පහරදීමට හේතුව හා පහරදීමට පැමිණි තරුණයන් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වී යැයි පොලිසිය කියයි.ඒ අනුව සැකකාර සුරූපී තරුණිය හා සැකකාර තරුණයන් දෙදෙනා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කළ අතර සත්‍ය වසන් කර බොරු පැමිණිල්ලක් කළ තරුණයාට අවවාද කිරීමට පිළියන්දල පොලිසිය මගින් පියවර ගෙන තිබිණි.
සූරූපිනියගේ පහස පැතූ තරුණයාට ගුටි පූජාවක්
1
hp_train_1688
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 690 දෙනකු අද (16) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.විදේශයන්හි සිට පැමිණි තිදෙනෙක් ද ඒ අතර වෙති.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,96,347 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. 
අද දින නව ආසාදිතයන් 690යි
1
hp_train_1689
(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සමිපත් ප්‍රියනන්දන)බලන්ගොඩ  බෙලිහුල්ඔය  හතරභාගේ  රජයේ  වනයට අනවසරයෙන් ඇතුළු වි  එළිපෙහෙළි  කළ සහ ගිනි  තබා වනයට හානි  කල පුද්ගලයන්  තුන්දෙනෙකුට  රුපියල්  105,000ක  දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (19) දා නියෝග කලේය.බලන්ගොඩ  බෙලිහුල්ඔය කිංචිගුනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකුට මෙලෙස දඩ නියම විය.ඉන් දෙදෙනකු රක්ෂිතයට ඇතුළු වි රක්ෂිතයේ  අනවසරයෙන්  එළිපෙහෙළි කර  වගා කටයුතු  කිරිම සදහා  කමිබි වැටවල්  ගසා  තිබෙන  අතර  ඔවුන්  දෙදෙනාට එක් අයෙකුට රැපියල්  40,000 ක බැගින් දඩ නියම විය.රක්ෂිතයට ගිනි තබා ඉඩමි අත්පත් කර ගත් අනිත් පුද්ගලයාට රුපියල්  25,000 ක  දඩ මුදලක් නියම විය.බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතාගේ උපදෙස් පරිදි බලන්ගොඩ වන සංරක්ෂණය කාර්ලයාලයේ නිළධාරීන් විසින් මොවුන්ට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළහ.
සමනල වැව රක්ෂිතයේ මැණික් ගැරූ දෙදෙනාට දඩ
0
hp_train_1690
අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50 ට වැඩි විය හැකියි.මෙම අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් සූර්යා ගමන් කරයි. හෙට (05), දහවල් 12.13ට අම්බලන්ගොඩ,  මිද්දෙනිය සහ පලටුපාන යන නගර වලට හිරු මුදුන්වේ.  ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/04/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36269040සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව32269070සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකකොළඹ34269055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල33259060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය34257555ප්‍රධාන වශයෙන් වැසි  රහිතමහනුවර31229560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  නුවරඑළිය24    099055සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය35239550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය33259055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකමන්නාරම34269055ප්‍රධාන වශයෙන් වැසි  රහිත
‘පළාත් කීපයකට හෙට ගිගුරුම් සහිත වැසි‘
1
hp_train_1691
උතුරු, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු බොහෝ ප්‍රදේශවලට සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය31249075විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249565විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33268565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘වැස්ස වැඩි වෙයි‘
0
hp_train_1692
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයේද තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු පළාත්වල බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය‘‘. ‘‘පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙයි‘‘‘‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 20-40 අතර  වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘‘.ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  2015පෙබරවාරි මස 25 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි.
පළාත් රැසකට අද තද වැස්ස
0
hp_train_1693
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන ප‍්‍රධානතම සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතය. ක‍්‍රීඩා සමාජ 20 ක් සහභාගි වන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජනවාරි මස 5 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.තරගාවලියට සහභාගි වන කණ්ඩායම්: ‘ඒ’ කාණ්ඩය: එන්.සී.සී., කෝල්ට්ස්, ද්‍රවිඩ සංගම්, මුවර්ස්, බදුරලිය, වරාය අධිකාරිය, සැරසන්ස්, සී.සී.සී., පානදුර සහ කුරුණෑගල තරුණ‘බී’ කාණ්ඩය: එස්.එස්.සී., හලාවත මේරියන්ස්, බ්ලූම්ෆීල්ඞ්, ලන්කන්, රාගම, නාවික හමුදා, යුද හමුදා, ගුවන් හමුදා, බී.ආර්.සී. සහ ගාල්ල
පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ
0
hp_train_1694
උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත්  ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කොටසේ උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259060වැසි ස්වල්පයක්.මඩකලපුව31268570වැසි වාර කිහිපයක්.කොළඹ34258560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල34259055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය32248060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර32229055සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය21149560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය35249550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය32209070වැසි ස්වල්පයක්.මන්නාරම33269060වැසි ස්වල්පයක්.
‘පළාත් කීපයකට අද රෑ ගිගිරුම් සහිත වැසි‘
0
hp_train_1695
(චන්ද්‍රසිරි ගුණසේකර)ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්වීම අද (08) පැවැත්වෙමින් තිබියදී දහවල් 11.45 ට සභාපතිවරයා විසින් සභාව විනාඩි දහයකට කල්තබා උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරුන් සමග සභාවෙන් පිටව යාමෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධය පළකරමින් කෑ කෝ ගැසමින් සභාවේම රැදී සිටියහ.අද පෙරවරුවේ ඇල්පිටිය ප්‍රාදේශිය සභා රැස්වීම සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට ආරම්භ විණි.න්‍යාය පත්‍රයට අනුව සභාපතිවරයා විසින් 2021 වර්ෂයේ අය වැය ලේඛණය සභා සම්මත කිරීම සදහා සභාවට ඉදිරිපත් කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් අයවැය ලේඛනය සභා සම්මත කිරීමට විරෝධය පළකළේය.සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කර තිබුණේ අයවැය කෙටුම්පතකි.එය එසේ සම්මත කළ නොහැකි බවත් සභා සම්මත කිරීමට නම් මන්ත්‍රී වරුන් විසින් සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය ලේඛණයක් ඉදිරිපත් කළයුතු බවත් පවසමින් විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරු විරෝධය පළකළහ.අය වැය කෙටුම්පත පිළිබදව සාකාච්චා කිරීමෙන් පසු (රහසිගත ලෙස මන්ත්‍රීවරුන් සමග සාකච්චා කිරීමෙන් පසු) සභාපතිවරයා විසින් විනාඩි දහයකට සභාව කල්තබමින් මන්ත්‍රීවරු සමග සභාවෙන් පිටව ගියහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු ඇතුළු මන්ත්‍රීවරු විස්සම සභාවෙන් පිටව ගිය අතර විපක්ෂයේ මන්ත්‍රීවරු නවදෙනා විවිධ දේ පවසමින් කෑකෝ ගසමින් සභාවේ රැදීසිටියහ.විනාඩි දහයකට පසුව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරු විසිදෙනා සභාරැස්වීමට පැමිණි අතර ඒ වනවිට මන්ත්‍රී වරුන් අතට 2021 අය වැය ලේඛණය රීතියට අනුව ලැබෙන්නට කටයුතු කර තිබුණි.මේ අවස්ථාවේ විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා ඊට විරෝධය පලකරමින් අදහස් පළකළහ.ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 17 කි.පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 03  කි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරු  07 කි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු දෙදෙනෙකි.සභාපතිවරයා ඇතුළු මුළු මන්ත්‍රීවරු ගණන 29 කි.
අක්මීමන ප්‍රා. සභාවෙත් ගාලගෝට්ටියක්
0
hp_train_1696
(ඩයනා උදයංගනී)සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කර ඇති කොවිඩ් වසංගතයෙන් බේරී නැවත ජීවිත ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත යැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.අගමැතිවරයා මේ බව පැවසුවේ ඉතාලියේ බොලොඤ්ඤා නුවර දී ඊයේ (12) ආරම්භ වූ ජී 20 අන්තර් ආගමික සමුළුවේ පළමු සැසි වාරය අමතමිනි.ජී 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝබර් මස 30-31 දෙදින ඉතාලියේ රෝම අගනුවර දී පැවැත්වීමට නියමිත අතර ඊට සමඟාමීව G20 අන්තර් ආගමික සමුළුව පැවැත්වෙයි.එහි දී අගමැතිවරයා මෙසේ ද පැවසීය." මගේ රට වන ශ්‍රී ලංකාවටත් දකුණු ආසියාවේ භූගෝලීය කලාපයටත් මෙම සංසදයේ තේමාව අදාළ වීම නිසා මෙම අවස්ථාව වඩාත් අගය කරමි.අපේ කලාපයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ජනවාර්ගික, ආගමික හා සංස්කෘතික විවිධත්වයයි. අපේ රටවල විවිධ ආගම් අදහන සහ විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වූ විවිධ ජනවාර්ගික පසුබිම් සහිත ජනතාව ජීවත්වෙති. මෙම වෙනස්කම් සමග නැගී සිටිමින්, විවිධ ජනකොටස් එක්සේසත් කරමින්, පරිණත ජාතිකත්වයක් පිළිබඳ හැඟීමක් ගොඩනැගීමේ අභියෝගයට අපි ප්‍රතිචාර දක්වා ඇත්තෙමු.ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කර ගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මතය.අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය අපේ යුගයේ ඇති බරපතලම අභියෝගයයි. හරියට ම මීට විසි වසරකට පෙර සිදුවූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම අප මෙහි දී සිහිපත් කළ යුතුය. ඊට ගොදුරු වූ පවුල් වෙනුවෙන් සමස්ත මානව වර්ගයා ලෙස අප ඔවුන් සමඟ ශෝකය බෙදාගත යුතුය.වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් මෙම සිදුවීම සියලු ම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වයි. කලාව සහ බුද්ධිමය ක්‍රියාකාරකම්වලට සෑම අතින්ම කීර්තියක් දිනාගනිමින් ලෝක මට්ටමේ සංස්කෘතික නායකත්වයක් දරන ඓතිහාසික බොලොඤ්ඤා නගරය මෙවැනි සුවිශේෂී තේමාවක් යටතේ සමුළුවක් පැවැත්වීමට කදිමට ගැලපෙයි.සිත් ඇඳගන්නා සුළු මෙම නගරය ඉතාලි පුනරුදය සහ ශිෂ්ටාචාරයේ වර්ධනය විදහාපානවා මෙන්ම ලොව දියුණුවට බලපෑ එකල ඉතාලි ස්වාමිවරුන්ගේ විශිෂ්ට දක්ෂතාවන් සහ නිර්මාණාත්මකභාවය ද පිළිඹිබු කරයි. අපේ කාලයේ සංස්කෘතීන් තුළ සාමය හා සමගිය උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටුකරන අංශ කෙරෙහි ඔබ දැඩි අවධානයක් යොමු කර ඇති බව ඉතා පැහැදිලි ලෙස සකස් කළ මෙහි සම්මන්ත්‍රණ ලේඛනවලින් මා නිරීක්ෂණය කළා.අධ්‍යාපනය මෙම ක්ෂේත්‍රයන්ගෙන් වැදගත්ම ක්ෂේත්‍රය ලෙස හඳුනා ගැනීමට මා කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. තරුණ මනස සිත් ඇදගන්නා සුළු වන අතර නිවැරදි ආකල්ප හා සාරධර්ම වර්ධනය කර ගැනීමට වැඩි ම අවස්ථාවක් ඇත්තේ ළමා වියේදී ය. පැහැදිලිව ම, විවිධ ආගම්වල හරය තුළ විවිධ වෙනස්කම් ඇතත්, සෑම ආගමකටම පොදු වූ විශ්වාසයන් හා එම විශ්වාසයන්හි හරයක් ද ඇත.ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ අධ්‍යාපනඥයන්ගේ යුතුකම විය යුත්තේ අපේ පාසල් හා විශ්වවිද්‍යාල විෂය මාලාව සහ ඉගැන්වීමේ ක්‍රමවේදයන් තුළින් වෙනස්කම් ඉස්මතු කරන කරුණුවලට වඩා එකඟතාව තිබෙන සෑම ආගමකටම පොදු කරුණු පිළිබඳ අවධාරණය කිරීමයි.අපේ අධ්‍යාපන ආයතනවල තරුණයින්ට පවුරුවලට වඩා පාලම් තැනීමට සහ ජීවිතය පුරා පවතින මිත්‍රත්වයන් ඇති කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් තිබේ. ශ්‍රී ලංකා රජය දැන් ප්‍රමුඛතාව දෙමින් සිටින්නේ අධ්‍යාපනයේ අන්තර්ගතය නවීන අවශ්‍යතාවන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට සහ අපගේ තරුණයින් තෘප්තිමත් ජීවනෝපාය මාර්ගයක් සඳහා සන්නද්ධ කිරීමටයි.මේ මොහොතේ ලෝකය අත්විඳින බරපතල සෞඛ්‍ය අර්බුදය, අප සියලු දෙනා එක්සත් කිරීමට උපකාරී වී ඇත.කොවිඩ් 19 අර්බුදය විවිධ ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කරයි. වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය.නූතන වෛද්‍ය විද්‍යාව මඟින් ලබා ගත හැකි එන්නත් සහ අනෙකුත් ආරක්‍ෂාව ලොව පුරා තිබිය යුතු අතර ජාත්‍යන්තර සංවිධාන සහ ශක්තිමත් ආර්ථිකයක් පවතින රටවලින් ආධාර ලබා ගැනීමට ධනවත් නොවන රටවල් සඳහා විශේෂ විධිවිධාන යෙදිය යුතුය. මෙය යම් පිරිසක් පමණක් නොව සියලු දෙනා ම ජයගත යුතු සටනකි.වෛරසය හේතුවෙන් රටවල් සිය දේශසීමා තාවකාලිකව වසා දැමීම සුදුසු වුවත්, හුදෙකලා වීම ඊට පිළිතුර නොවේ. අප ජීවත් වන ලෝකයේ එක් යථාර්ථයක් නම් රටවල්වල මායිම් හරහා භාණ්ඩ, සේවා සහ මිනිසුන්ගේ නිදහස් සංචලනයයි. යහපත් ජීවිතයක් සෙවීම වෙනුවෙන් සිදුවන සංක්‍රමණයට අද පවතින වාතාවරණය අභියෝගයක් වන නමුත් සාධාරණ පදනමක් මත රැකියා ලබා ගැනීමේ අවස්ථා නිදහස්ව තිබිය යුතුයි.මෙය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ ගරුත්වය කෙරෙහි විශේෂ වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයකි. සමාජයක සදාචාරාත්මක ගුණය තක්සේරු කළ යුත්තේ එහි වඩාත් අවදානමට ලක්විය හැකි සාමාජිකයින් කෙරෙහි දක්වන කරුණාව සහ දයානුකම්පාවෙන් බව ගෞතම බුදුරජාණන් වහන්සේ සිය අවසාන දේශනාව වන මහා පරිනිබ්බාන සූත්‍රයේ දී දේශනා කළහ.නිවසේ දී, රැකියා කරන ස්ථානවල සහ සමාජය තුළ සූරාකෑමට සහ විවිධාකාර වෙනස්කම්වලට එරෙහිව කාන්තාවන්ගේ හා ළමයින්ගේ ආරක්‍ෂාව කෙරෙහි අපේ රජය දැඩි අවධානයකින් පසුවේ. විවාහය, භාරකාරත්වය සහ උරුමය සම්බන්ධ යල්පැනගිය නීති දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යාවත්කාලීන කරමින් පවතී. අපේ ආකල්පය මිනිස් ජාවාරම මුළුමනින් ම බැහැර කිරීමයි.දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික ගැටලු අපගේ මනසෙහි ඉදිරියෙන්ම ඇත. මානව සංවර්ධනය සඳහා සමබර ප්‍රවිෂ්ටයක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව උපරිම උත්සාහයක් දරයි. වේගයෙන් වර්ධනය වන ජනගහනයට සහය දැක්වීම සඳහා ආර්ථික ගැටලු පිළිබඳ ප්‍රගතිය අවශ්‍ය වුවද පවතින පරිසරය තුළ මෙය කළ නොහැක.අපේ රටට බුදු දහමේ වටිනා දායාදය රැගෙන පැමිණි ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ, දේවානම්පියතිස්ස රජු අමතා "රජතුමනි, ඔබ අපේ භූමියේ කඳුකරය, වනාන්තර, ගංගා සහ ඇළ දොළ, සතුන් හා වෘක්ෂලතාවල පරම හිමිකරු නොව තාවකාලික භාරකරු පමණයි. මෙම වත්කම් ඔබේ මුතුන් මිත්තන්ගෙන් ඔබට උරුම වූ පරිද්දෙන් අනාගත පරපුරට පැවරීමට ඔබ බැඳී සිටිනවා" යැයි පවසා තිබේ. අපේ සංස්කෘතිය හා බැඳී පවතින මෙම වදන් පරිසරය කෙරෙහි අපගේ අඛණ්ඩ ප්‍රතිපත්තිය මනාව අර්ථ දක්වයි.සංහිඳියාව අපේ කාලයේ තීරණාත්මක අවශ්‍යතාවකි. ගැටුම් සහ උත්සන්න වන කලබලකාරී ස්වභාවයන් අප වටා බොහෝ ලෙස දක්නට ලැබේ. සාමය සහ ස්ථාවරත්වය ඇති වන්නේ අප සමඟ දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව අපේ රටවල ජීවත් වන සියලු දෙනා සමඟ පවත්නා යහපත් සබඳතාවලිනි.මෙතැනදීත්, අපේ ආගම අපට උගන්වන්නේ වෛරය ජයගන්නේ වෛරයෙන් නොව ආදරය තුළින් පමණක් බවයි. අතීතයෙන් හිමි වූ දුක්ගැනවිලි මත වාසය කරනවාට වඩා, අප වර්තමානය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමඟ එකඟතාවක අවශ්‍යතාව, සහෝදරත්වයේ සහ අවබෝධාත්මක සම්බන්ධතා ගොඩනගා ගතහොත් අප සැවොම බලා සිටින ආශ්වාදජනක නව මායිම වෙත ළඟා විය හැකියි.යුරෝපයේ පැරණිතම ඉගෙනුම් මධ්‍යස්ථානය වන බොලොඤ්ඤාහි පැවැත්වෙන මෙම ප්‍රබෝධමත් සමුළුව ඊට වටිනා දායකත්වයක් සපයයි. අවුරුදු හතක් පුරා අඛණ්ඩව පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සමුළුව, අන්තර් සංස්කෘතික සංවාදය සඳහා ද දුර්ලභ අවස්ථාවකි." 
අපේ අනාගතය රඳාපවතින්නේ එකමුතුකම හා සහජීවනය මතයි
1
hp_train_1697
( තිලකරත්න දිසානායක.)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (2) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 280 ක් වන වැඩිම කොරෝනා  ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර එම කාලය තුල දිස්ත්‍රික්කයෙන්ම ආසාදිතයින් 1726 දෙනෙකුත් හමුව ඇත.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි මේ බව සඳහන් වන අතර පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම වත්තල - 198 ක්,  මිනුවන්ගොඩ  - 160 ක්,  බියගම  - 159 ක්, මහර - 138 ක්,  අත්තනගල්ල  - 125 ක්,  දොම්පෙ  - 122 ක්,  මීරිගම  - 104 ක්,  මීගමුව  - 102 ක්, ජාඇල  - 97 ක්,  රාගම  - 79 ක්,  කටාන  - 78 ක්,  කැලණිය - 33 ක්,  දිවුලපිටිය  - 31 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින්  - 20 දෙනෙකු වශයෙන් සිදුව ඇත. පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින්  40 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 21 ක්,  බියගමින් - 10 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව  - නව දෙනෙකු වශයෙනි. වෙබ් අඩවියෙහි සදහන් අන්දමට අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 454 දෙනෙකු ප්‍රතිකාර පිනිස දිස්ත්‍රික්කයේ රෝහල්වලට ඇතුලත් කොට ඇති අතර  සැක සහිත රෝගීන් 7 දෙනෙකු   ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව  483  දෙනෙකි. නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 37,557 දෙනෙකි.  
පැය 24 කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1726 ක්
1
hp_train_1698
(රංජිත් රාජපක්ෂ)                       හැටන් දිඹුල රොසිටා වතුයායේ වතු නිවාස පේලියක අද (02) හටගත් ගින්නකින් වතු නිවාස අටක් ගිනිගෙන විනාශ වී ඇති බව දිඹුල පොලිසිය පැවසීය.අද පස්වරු 5 පමණ එම වතු නිවාස පේලියේ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බව පොලිසිය සඳහන් කරයි.ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කීය.පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් , දිඹුල පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින්  එක්ව පාලනය කර ඇත.ගින්න පැතිර යාමත් සමඟ එම වතු නිවාස පේලියට ලබා දී තිබූ විදුලි බලයද තාවකාලිකව විසන්ධි කර ඇති අතර ගින්නෙන් වතු නිවසක තිබූ යතුරුපැදියක් සහ වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදියද විනාශ වී ඇති බව පොලිසිය පැවැසීය.ගින්නෙන් වතු නිවාස 8 කට සමාජිකයන් 20 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර ඔවුන් වතුයායේ වෙනත් ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය කීය.ඡායාරූප - සුදත් එච්. එම්. හේවා     
වතු නිවාස 8 ක් ගින්නකින් විනාශ වෙයි
0
hp_train_1699
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයෙත් සිහින් වැසි වැසි වාර කීහිපයක් ඇති ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං  තවදුරටත් බලාපොරොත්තු වේ.දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (04) දහවල් 12.10 හේනෙගම ,කුඹුක්ගොල්ල ,යටියන්තොට සහ කන්දෙගෙදර යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට  දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ මන්නාරම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ‍හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ.
‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘
1
hp_train_1700
බස්නාහිර, වයඹ ,මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන කීපයකට  සවස 2.00 න් පසු  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි .නැගෙනහිර හා දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ.
බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක්
0