id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_1801
අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ (2013) සිවුවැනි සති අන්තය වන මෙම සති අන්තයේ අද (24 වැනිදා) අවසන් වූ තරගවලදී බදුරලිය පිල කඩුලූ 7 කින් පරාජය කරමින් ද්‍රවිඩ සංගම පිල පිට පිටම සිවුවැනි පූර්ණ ජයත් වාර්තා කළේය.සිවුවැනි සතියේ එකම ද්විත්ව ශතක ලාභියා බවට පත්වෙමින් රාගම පිල නියෝජනය කරන ටෙස්ට් ක‍්‍රීඩක මයිකල් වැන්ඩොට් ලකුණු 251 ක් රැස්කිරීමට සමත්විය. මෙය මෙවර පළමු පෙළ තරගාවලියේදී වාර්තා වූ පස්වැනි ද්විත්ව ශතකය වන අතර පිතිකරුවකු විසින් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි.මුවර්ස් පිලේ පා දග පන්දු යවන ක‍්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර සතියේ පන්දුයවන්නා බවට පත්වෙමින් ලකුණු 94 කට කඩුලූ 12 ක් දවාගැනීමට සමත් විය.පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 7 ක ජයක්)බදුරලිය පිල පළමු ඉනිම 310 (මාලිංග මාලිගස්පේ 22, පබසර වඩුගේ 111, අලංකාර අසංක 81, රොෂාන් ලක්සිරි 35, ශාමින්ද එරංග 44/2, ජීවන් මෙන්ඩිස් 67/4) සහ දෙවැනි ඉනිම 153 (නිලූෂාන් නෝනිස් 75, චානක වෙළගෙදර 12/2, ජීවන් මෙන්ඩිස් 54/4, ශාමින්ද එරංග 23/3)ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 250 (ජීවන් මෙන්ඩිස් 56, රුමේෂ් බුද්ධික 23, කිත්රුවන් විතානගේ 52, තිලකරත්න සම්පත් 80, සාලිය සමන් 50/3, අලංකාර අසංක 92/2, රොෂාන් ලක්සිරි 39/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 214 (අෂේන් සිල්වා 40, මහේල උඩවත්ත නොදැවී 124, සචිත‍්‍ර සේරසිංහ නොදැවී 31)බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 92 ක ජයක්)බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 278 (ඩිල්ෂාන් මුරවීර 40, නදීර නාවල 37, මාධව වර්ණපුර 21, තරංග ලක්‍ෂිත 53, උපුල් ඉන්ද්‍රසිරි 54, සොහාන් බෝවල 63/3, මංජුල ද සිල්වා 60/2, අමිල අපෝන්සු 81/4) සහ දෙවැනි ඉනිම 183 (ඩිල්ෂාන් මුරණවීර 22, මාධව වර්ණපුර 33, දමින්ද රණවීර 57, සුරාජ් රන්දීව් 21, සොහාන් බෝවල 52/4, අමිල අපෝන්සු 68/4)ලන්කන් පිල පළමු ඉනිම 210 (තාරක වඩුගේ 22,  ඕෂධ ප‍්‍රනාන්දු 70, දේශාන් ඩයස් 21, තුෂිර මදනායක 21, සජීව සල්ගාදු 26, ඉම්රාන් ඛාන් 52/3, සුරාජ් රන්දීව් 39/2, උපුල් ඉන්ද්‍රසිරි 39/4) සහ දෙවැනි ඉනිම 159 (ග්‍රෙග් ස්මිත් 23, දිල්හාන් කුරේ 29, සජීව සල්ගාදු 81, සුරාජ් රන්දීව් 69/6, උපුල් ඉන්ද්‍රසිරි 52/4)බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට ඉනිමක සහ ලකුණු 172 ක ජයක්) මුවර්ස් පිල පළමු ඉනිම කඩුලූ 8 ට 519 (ෂෙහාන් ජයසූරිය 123, හර්ෂ කුරේ 44, ඉන්දික ද සේරම් 66, චතුරංග ද සිල්වා 113, ජනක ගුණරත්න 80, දිල්හාර ලොකුහෙට්ටිගේ 38, රොමේෂ් එරංග 100/2, මාලන් මධුසංඛ 133/2, නිමේෂ් පෙරේරා 70/4)බී. ආර්. සී. පිල පළමු ඉනිම 225 (නිමේෂ් පෙරේරා 26, රොස්කෝ තටිල් 87, ෂෙහාන් පෙරේරා 62, මාලින්ද පුෂ්පකුමාර 70/7) සහ දෙවැනි ඉනිම 61 (රොස්කෝ තටිල් නොදැවී 25, මාලින්ද පුෂ්පකුමාර 24/5, ජනක ගුණරත්න 27/4)ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (ගාල්ල පිලට ලකුණු 104 ක ජයක්)ගාල්ල පිල පළමු ඉනිම 235 (චානක විතානගේ 49, රුමේෂ් රංගන 49, කෞෂල්‍ය ගජසිංහ 24, අනිල් රිදීගම්මනගෙදර 42, නන්දික අබේසිංහ 29/3, චාමිකර එදිරිසිංහ 42/3, දර්ශන මහවත්ත 12/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 226 (චමිදු ඉෂංක 56, රුමේෂ් රංගන 48, කෞෂල්‍ය ගජසිංහ නොදැවී 53, ඉරෝෂ් සමරසූරිය 42, අනුරුද්ධ රාජපක්‍ෂ 37/3, ප‍්‍රසාද් කැල්ලෙපත 66/2)කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම 130 (චාමිකර එදිරිසිංහ 43, චින්තක ජයබණ්ඩාර 29, උමේග චතුරංග 47/4, කෞෂල්‍ය ගජසිංහ 29/5) සහ දෙවැනි ඉනිම 227 (සමන් ප‍්‍රියන්තක 75, චින්තක ජයබණ්ඩාර 55, ප‍්‍රසාද් කැල්ලෙපත නොදැවී 27, උමේග චතුරංග 88/4, කෞෂල්‍ය ගජසිංහ 41/3, ෆෙෆ්රි වැන්ඩසේ 33/2)පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට ඉනිම සහ ලකුණු 75 ක ජයක්)පානදුර පිල පළමු ඉනිම 470 (ලසිත් ප‍්‍රනාන්දු 50, ප‍්‍රසන්න ජයවර්ධන 79, චතුර පීරිස් 25, ඩිල්රුවන් පෙරේරා 79, මලිත් චතුරංග 123, චරිත බුද්ධික 50, අමිල මෙන්ඩිස් 88/3, මොහොමඞ් අස්ලාම් 119/3)සැරසන්ස් පිල පළමු ඉනිම 174 (ලසිත් අබේරත්න 69, මොහොමඞ් අස්ලාම් 70, ඩිල්රුවන් පෙරේරා 30/5, චරිත බුද්ධික 30/2, චතුර පීරිස් 36/2) සහ දෙවැනි ඉනිම 221 (රුක්‍ෂාන් වීරසිංහ 109, ලක්‍ෂිත ද සිල්වා 29, ළහිරු ශ‍්‍රී ලක්මාල් 23, චතුර පීරිස් 34/3, ඩිල්රුවන් පෙරේරා 82/2, ගයාන් සිරිසෝම 25/3)එස්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට ඉනිමක සහ ලකුණු 42 ක ජයක්)නාවික හමුදා පිල පළමු ඉනිම 163 (බුද්ධික හසරංග නොදැවී 79, සචිත‍්‍ර සේනානායක 51/5, කසුන් මධුසංඛ 41/2) සහ දෙවැනි ඉනිම 296 (සිතාර පෙරේරා 20, ඩිලාන් චන්දිම 22, චානක රුවන්සිරි 33, ලක්මාල් කීර්තිරත්න නොදැවී 71, රනිල් රසාංග 83, යොහාන් කුමාර 20, ධම්මික ප‍්‍රසාද් 54/3, කසුන් මධුසංඛ 35/2, තිළිණ කණ්ඩම්බි 47/2)එස්. එස්. සී. පිල කඩුලූ 7 ට 501 (කෞෂාල් සිල්වා 109, දිමුත් කරුණාරත්න 20, තිළිණ කණ්ඩම්බි 51, තිලාන් සමරවීර 118, භානුක රාජපක්‍ෂ 25, දසුන් ශානක 55, ධම්මික ප‍්‍රසාද් 34, සචිත‍්‍ර සේනානායක නොදැවී 50, දුලංජන මෙන්ඩිස් 140/3)කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට ඉනිම සහ ලකුණු 27 ක ජයක්)ගුවන් හමුදා පිල පළමු ඉනිම 355 (සජිත් කැඵම්ප‍්‍රිය 81, රජිත රත්නායක 52, රාජු ගයාෂාන් 95, අචිර එරංග 48, අජිත් කුමාර 21, මාලිංග බණ්ඩාර 107/6, නිලංක පේ‍්‍රමරත්න 69/2) සහ දෙවැනි ඉනිම 209 (රජිත රත්නායක 29, යශෝධ ලංකා 82, අචිර එරංග 47, කෞෂල්‍ය වීරරත්න 23/2, මිලින්ද සිරිවර්ධන 44/5)රාගම පිල පළමු ඉනිම කඩුලූ 9 ට 591 (මයිකල් වැන්ඩොට් 251, ඉයන් ඩැනියල් 48, මිලින්ද සිරිවර්ධන 90, ශාලික කරුණානායක 79, කෞෂල්‍ය වීරරත්න 46, ප‍්‍රිෂාන් හේවගේ 139/3, අකිල ඉෂංක 165/4) කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට ලකුණු 101 ක ජයක්)එන්. සී. සී. පිල පළමු ඉනිම 287 (දිනේෂ් චන්දිමාල් 47, චාමර කපුගෙදර 79, කෝසල කුලසේකර 36, චමින්ද විදානපතිරණ 26, චානක කොමසාරු 77/6) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 178 (උපුල් තරංග 38, දිනේෂ් චන්දිමාල් 73, ඇන්ජලෝ පෙරේරා 31, මුතුමුදලිගේ පුෂ්පකුමාර 63/2, චානක කොමසාරු 69/2)වරාය අධිකාරි පිල පළමු ඉනිම 120 (යොහාන් ද සිල්වා 22, ගයාන් මනීෂාන් 37, චමින්ද විදානපතිරණ 28/2, තරිදු කෞෂාල් 30/5) සහ දෙවැනි ඉනිම 244 (යොහාන් ද සිල්වා 24, ශාන්ත කළවිටිගොඩ 24, අෂාන් ප‍්‍රියංජන් 89, ගයාන් මනීෂාන් 20, ඉසුරු උදාන 28, සොහාන් බෙරලැස්ස 50/2, ෆර්විස් මහරුෆ් 23/2, තරිදු කෞෂාල් 57/2, ජෙහාන් මුබාරක් 37/3)පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (තරගය විසදුමකින් තොරව අවසන්)කෝල්ට්ස් පිල පළමු ඉනිම 387 (ෂෙහාන් ප‍්‍රනාන්දු 47, කුසල් ජනිත් 31, ඇන්ජලෝ මැතිව්ස් 155, මලින්ද වර්ණපුර 34, තිසර පෙරේරා 26, අනුක් සිල්වා 43, කනිෂ්ක ඇල්විටිගල 22, ජනිත් සිල්වා 58/2, අජන්ත මෙන්ඩිස් 119/2, සීකුගේ ප‍්‍රසන්න 110/3, අසේල ගුණරත්න 34/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 69 (තිසර පෙරේරා 32, ෂෙහාන් ප‍්‍රනාන්දු නොදැවී 27)යුද හමුදා පිල පළමු ඉනිම 151 (රිෂාන් කාවිංග 33, ලක්‍ෂිත මධුෂාන් 20, අසේල ගුණරත්න 49, කනිෂ්ක ඇල්විටිගල 21/2, අකිල ධනංජය 53/2, සජීව වීරකෝන් 48/4) සහ දෙවැනි ඉනිම 469 (රිෂාන් කාවිංග 125, සුලින් ජයවර්ධන 21, අසේල ගුණරත්න 118, සීකුගේ ප‍්‍රසන්න 81, අජන්ත මෙන්ඩිස් 54, මලින්ද වර්ණපුර 52/2, සජීව වීරකෝන් 167/5) 
පානදුර - ද්‍රවිඩ සංගම් පෙරමුණේ
0
hp_train_1802
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් පුත්තලම දිස්ත්‍රීක්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවත්  සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව30259570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32249575වැසි වාර  කිහිපයක්.ගාල්ල30259075වැසි වාර  කිහිපයක්.යාපනය30249080සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29209570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20139575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32229570වැසි වාර  කිහිපයක්.ත්‍රීකුණාමළය32249070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම30259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.   
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1803
නිශාන්ත කුමාර                                            කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ   2019 වාර්ෂික අයවැය ලේඛනය අද (18) වැඩි ජන්දයකින් සම්මත විය.                               කන්දකැටිය ප්‍රාදේශීය   සභාවේ   අයවැය ලේඛනය     අද (18) එහි සභාපති කමල්  රාජපක්ෂ   මහතා විසින් සභාව වෙත ඉදිරිපත් කළ අතර එයට පක්ෂව එක්සත්  ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ.          ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් හත් දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.                                                 ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අනුව අයවැයට පක්ෂව සහ විපක්ෂවව  සමාන ඡන්ද සංඛ්‍යාවක් ලැබීම නිසා   ප්‍රාදේශීය  සභා  පනතින්   සභාපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව තීරක ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවිය.                                  ඒ  අනුව සභාපතිවරයා අයවැය ලේඛනයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ අයවැයට පක්ෂව ඡන්ද නමයක් (09) හා විපක්ෂව ඡන්ද අටක් (08) වශයෙන් එක් වැඩි ඡන්දයකින්  සභාවේ අයවැය එහි පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගනු ලැබීය.
කන්දකැටිය ප්‍රා සබේ අයවැය සම්මතයි
1
hp_train_1804
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (14) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 251 කි.ගාල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක්ද, දුම්මලසූරිය, ගල්ගමුව සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචි 47, 72 සහ 53 හැවිරිදි පිරිමි පුද්ගලයන් තිදෙනෙක්ද මිය ගිය අය අතර වෙති. 
තවත් කොරෝනා මරණ 4 ක්
0
hp_train_1805
(අංජුල මහික වීරරත්න)සම්මුතිවාදී රජයේ උපරිම වාසිය ලබා ගැනීමට නම් තව දුරක් යා යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පෙරේදා (4) පැවැසීය.ජාතික රජය යටතේ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව තම හැඟීම බව ද ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුයේ ‘‘2025 පොහොසත් රටක්’’ දැක්ම එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති උත්සවයේදීය.මෙහිදී අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසුයේ පසුගිය රජය තරුණයන්ගෙන් සොරාගත් අනාගතය නැවත ඔවුනට ලබාදීම ජාතික රජයේ අරමුණ බවයි.තරුණ පරපුර ජාතික රජයෙන් බලාපොරොත්තු වූ අනාගතය ඒ අයුරින්ම ලබාදෙන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.2025 පොහොසත් රටක් දැක්ම ප‍්‍රධාන කරුණු 13කින් සමන්විතය. රජයේ ආර්ථික දැක්ම, වර්ධනය සඳහා පවතින සීමා, තුන් අවුරුදු ආර්ථික වැඩසටහන, වර්ධනයේ නව ප‍්‍රවේශය, සර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම, වර්ධන රාමුව ශක්තිමත් කිරීම, ඉඩම් ශ‍්‍රම හා ප‍්‍රාග්ධන වෙළෙඳ පොළ ප‍්‍රතිසංස්කරණය, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, තාක්ෂණය හා ඩිජිටල්කරණය, සම්පත් ආරක්ෂණ වැඩසටහන, කෘෂිකර්ම හා තිරසාර සංවර්ධනය, වගකීමට බැඳී සිටීම, සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම එම කරුණු පහයි.2025 දැක්ම ජනපති සහ අගමැති විසින් අනාගත පරපුරට පිළිගැන්වීම සංකේතවත් කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.අනතුරුව යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විවිධ දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණියන්ට ජනපතිගෙන් සහ අගමැතිගෙන් ප‍්‍රශ්න විමසීමට ද අවස්ථාව ලැබිණි.තරුණ තරුණියන් ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඇසූ ප‍්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු මෙසේය.ශ්‍රී ලංකා යෞවන සමාජ බල මණ්ඩලයේ උප සභාපති ශෙහාන් කෝකිලප‍්‍රශ්නය - සම්මුතිවාදී රජයේ කැබිනට් මණ්ඩලයට අදට වසර දෙකක් පිරෙනවා. එහි ප‍්‍රගතිය ගැන ඔබේ මතය කුමක්ද?ජනපති - සම්මුතිවාදී ආණ්ඩුව යන සංකල්පය මේ රටට අලූත් දෙයක්. දේශපාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පුරවැසියන්ටත් එය අලූත්. කිසිම කෙනෙකුට අත්දැකීමක් නොතිබූ අලූත් දෙයක් අප නිර්මාණය කළා. අප රටේ සම්මුතිවාදී රජයේ වි්‍යුහය ලෝකයේ වෙනත් රටක දකින්නටත් නැහැ. ඒ නිසා මේ පිළිබඳව විවේචන රාශියක් තිබෙනවා. විරෝධතා තිබෙනවා. චෝදනා තිබෙනවා. නමුත් අප කරන්නේ ඉතා අපහසු අභියෝගාත්මක එහෙත් කළ යුතු කාර්යයක්. සම්මුතිවාදී රජයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අවුරුදු 60කට වැඩි කාලයක් විශාල වෛරයකින් ක්‍රෝධයකින් දේශපාලනය කළා. ගෙවල් ගිනි තැබුවා. දෙපැත්තෙම අයගේ ජීවිත විනාශ වුණා. රැකියා අහිමි කළා. මෙවැනි විශාල විරසකයක් තිබූ දේශපාලන පක්ෂ දෙකක්. ඒ පසුබිම තුළ වසර 60කට ආසන්න කාලයක් පිල් දෙකක සිට එකතු වූ විට අප බලාපොරොත්තු වූ කාරණය සියයට සීයක් පැයකින් මාසයකින් සිදුවන්නේ නැහැ.ජන්මෙට වඩා පුරුද්ද ලොකු යැයි ගමේ කතාවක් තිබෙනවා. අප බලාපොරොත්තු වන මූලික විනයක් හික්මීමක් සමග ඉදිරියට යාමට පසුගිය කාලයේ අභියෝගාත්මක කාර්යයකට උර දුන්නා. ඒ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව මගේ හැඟීමයි. කවුරුන් කෙසේ කීවත් එය සාර්ථකයි. ඒ සාර්ථකත්වය ඇත්තේ සම්මුතිවාදී බව මත ඉදිරියට යාම නිසයි. ඒ අභියෝගාත්මක පසුබිම තුළ අප සාර්ථකත්වය කරා ළඟා වී තිබෙනවා. අත්දැකීම් ලබාගෙන ඉදිරියට යනවිට බොහෝ අඩුපාඩු සමනය වේවි.අගමැති (පිළිතුර) - අලූත් පරපුරට අපි අලූත් දෙයක් දී තිබෙනවා. පක්ෂ දෙක ගහමරා ගැනීමෙන් ඵලක් නැහැ. තරුණයන් සඳහා අප අලූත් දෙයක් ලබාදිය යුතුයි. ඔවුන් අපෙන් බලාපොරොත්තු වූ අනාගතයක් තිබෙනවා. අපි බාර ගත්තේ විශාල අභියෝගයක්. වසර 60ක් ගහමරා ගත් අය දැන් එකතු වී තිබෙනවා. මීට පෙරත් අප එකට වැඩ කරන්නට උත්සාහ කළා. දැන් අපි මේ ගමන ඉදිරියට යමු.අපිට දැනෙන වෙනසක් තිබෙනවා. තරුණයන්ට අද  අනාගතය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. සියලූම දේ ඉටු කරන්නට බැරි වුණත් අපි ඉදිරි ගමනක් යනවා. සම්මුතිවාදී රජයෙන් ඔබට සෙතක් වුණාද නැද්ද යන්න සිතන්න. සෙතක් වී තිබේනම් අපේ වැඩකටයුතු ගෙනයාම සඳහා සහයෝගය දෙන්න. ප‍්‍රශ්නය: යොවුන් පාර්ලිමේන්තුවේ කථානායක සචිත‍්‍ර දුලංජන:- 2025 වන විට විශාල ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට අගමැතිතුමා සැලසුම් කර තිබෙනවා. රැකියා දශ ලක්‍ෂයක් ලබාදීම යථාර්ථයක් කිරීම සඳහා අනුගමනය කරන ක‍්‍රමෝපායන් මොනවාද?අගමැති (පිළිතුර) :- පක්‍ෂයක මන්තී‍්‍ර පිරිසක් සිටි පමණින් අපට වැඩ කරන්නට බැහැ. පක්‍ෂ දෙක එකතු විය යුතුයි. දැන් ඒ තත්ත්වය ඇති වී තිබෙන නිසා ක‍්‍රමෝපායන් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව අපට තිබෙනවා. අප එකට එක්ව සාකච්ඡා කරනවා. ස්ථාවර බවක් නැතිනම් ඉදිරියට යන්න බැහැ. එංගලන්තය, ඇමරිකාව වැනි රටවල හැමවිටම ආර්ථික සමාජ ක‍්‍රම ගැන එකඟතාවයක් තිබෙනවා. අපේ රටේත් එවැනි ක‍්‍රමයක් ඇතිකර වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම පදනම් කරගෙන ඉදිරියට යාම අපේ අරමුණයි. ලෝක තත්ත්වයන් අනුව අප වෙනස් විය යුතුයි. පක්‍ෂ දෙක එකට එක්වී ඉදිරියට යාම ප‍්‍රධානම කාරණයයි. ප‍්‍රශ්නය:- කළුතර දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් පැමිණි දිලූෂි වීරසිංහ:- ප‍්‍රධාන පක්‍ෂ දෙක සම්මුතියක් ඇති කරගෙන ඇති අවස්ථාවක රටට මෙම සම්මුතියෙන් උපරිම වාසි ලැබේවි යැයි සිතනවාද?පිළිතුර ජනපති:- උපරිම වාසිය ගන්න නම් තවදුරටත් යා යුතු වෙනවා. සම්මුතිවාදී ආණ්ඩු සංකල්පය පිළිබඳව අත්දැකීම් නැති මෙන්ම ඊට කැමති නැති අය බලය ඉලක්ක කරගෙන පටු දේශපාලනයක් කරනවා. රට ගැන නොසිතා තමන්ගේ බලය ගැන සිතා සැලසුම් සකසන අය සමාජයේ ජීවත් වෙනවා. මේ කාර්යය සාර්ථක කර ගැනීම දේශපාලනඥයාගේ වගකීමයි. රාජ්‍ය නිලධාරීන්ගේ සහ පුරවැසියන්ගේ වගකීමයි. ව්‍යාපාරිකයන්ගේ වගකීමයි. ඒ සියල්ලන්ගෙන්ම තම වගකීම හරිහැටි ඉටු විය යුතුයි. එමෙන්ම සැමවිටම අපේ ප‍්‍රතිපත්තිය විය යුත්තේ වෙන්වීම නොව එක්වීමයි. කිසිම තැනක වෙන්වීම සුබදායක වන්නේ නැහැ. සැමවිටම එක්වීම තිබිය යුතුයි. සාමුහිකත්වය, පොදු බව තිබෙන්නේ එක්වීම යන සංකල්පය තුළයි. පෞද්ගලිකත්වයෙන් මිදී සාමුහිකත්වය සහ පොදු බව අගයන වැඩපිළිවෙළකට යා යුතුයි. අපේ සමාජයේ මේ තත්ත්වය ගොඩනැගීම එතරම් පහසු කරුණක් නොවේ. කිසියම් දෙයක් අරඹා පළමු වසරේදීම සියයට සියයක සාර්ථකත්වයක් දකින්නට හැකියාවක් නැහැ. සාර්ථකත්වය දකින්නට හැක්කේ පියවර ගණනාවක් ගිය විටදීයි. ගමන් මග හරියාකාරව තේරුම්ගත් විට අපට බලාපොරොත්තු ඉලක්ක කරා යාමට හැකියාව තිබෙනවා. ඒ සඳහා සියලූ පාර්ශවවල  කැපවීම අධිෂ්ඨානය අවශ්‍යයි. ප‍්‍රශ්නය:- අල්ලසින් දුෂණයෙන් තොර සමාජයක් අනාගතයට තිළිණ කිරීම සඳහා වන සැලසුම් මොනවාද? ජනපති:- අල්ලස, දුෂණය, වංචාව ආදී සියලූ දේවලින් පිරුණු සමාජයක් අප විසින් බාරගත්තා. ඒ තත්ත්වය ඉහළ සිට පහළටම ගලාගෙන පැමිණ තිබුණා. ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් කිරීම දවසකින් හෝ දෙකකින් කළ හැකි දෙයක් නොවේ. අල්ලස දුෂණ වංචාව නතර කිරීම සඳහා තීන්දු තීරණ රාශියක් ගෙන තිබෙනවා. අප නීතිය ශක්තිමත් කළා. අල්ලස දුෂණය වංචාව මර්දනය කරන ආයතන ශක්තිමත් කළා. මේ වනවිට සමාජය සකස් වෙමින් ඉදිරියට එන බවක්  පෙනෙන්නට තිබෙනවා. වැරදි කරන්නට දේශපාලකයන්  තුළ  බයක් ඇති වී තිබෙනවා. එදා, අද මෙන්ම හෙට කරන සහ කළ වැරදිවලට දඬුවම් ලැබෙන බවට බයක් ඇති වී තිබෙනවා. සමාජය විනය ගරුක වීමට නම් ලැජ්ජාව සහ බය තිබිය යුතුයි. වැරැද්දක් කළොත් දඬුවමක් ලැබෙන බවට එන බය අද ඇති වී තිබෙනවා. මේ වසර එකහමාරේදී ගත් තීන්දු තීරණ නිසා වගකීම නිසි ලෙස ඉටු කළ යුතු යැයි දේශපාලකයන්ට හැඟීමක් ඇතිවී තිබෙනවා. එසේ හැඟීමක් නැතිනම් අපට නීතියෙන් දඬුවම් කරන්නට වේවි. අනෙක් පැත්තෙන් ජනතාවගෙන් දඬුවම් ලැබේවි. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට දේශපාලකයන්ගේ පෙළගැස්මක් ඇති වී තිබෙනවා.ඇමැතිවරයා සොරකම් කරනවා නම් අමාත්‍යාංශ ලේකම් ද ඊට පෙලඹෙනවා. ඒ අයුරින් සමාජ පද්ධතියම වැරදි පැත්තට යනවා. මේ ආකාරයට සමාජයක් වැරදි පැත්තට ගලාගෙන  යාම නොවැළැක්විය හැකි දෙයක්. නිවැරදි පැත්තට සමාජය හැඩගස්වා ගැනීම ආදර්ශයෙන් කළ යුතු දෙයක්. ඒ ආදර්ශය අපි විසින් දිය යුතුයි. අපේ දේශපාලන සංස්කෘතිය පිරිහීමට හේතු රැසක් බලපෑවා ඒ දේශපාලන සංස්කෘතියේ පිරිහීම නිසා මුළුමහත් සමාජ දේහයම පිරිහුණා. රාජ්‍ය සේවයත් පිරිහුණා.ප‍්‍රශ්නය - ගාල්ලේ තිළිණි මැදගොඩ - ණය බරින් රට මුදා ගැනීමට ඔබ යෝජනා කරන ක‍්‍රමවේද මොනවාද?පිළිතුර - අගමැති: අප රජය බාරගත්තේ අපේ ආදායමෙන් ණය පොලියවත් ගෙවීමට නොහැකි මොහොතකයි. දැන් අප ණය ගෙවීමට හැකි ස්ථාවර ආර්ථික තත්ත්වයකට පැමිණ තිබෙනවා. නමුත් අපට එදිනෙදා කටයුතු සඳහා ණය ගැනීමට සිදුවන අවස්ථා තිබෙනවා. 2025 වනවිට මේ ණය බර අඩුකර ගැනීම අපේ අරමුණයි. මේ වසර තුනේ විශාල ආයෝජන පැමිණි විට 2025 වන විට අපේ ආදායම ශීඝ‍්‍රයෙන් වැඩි වෙනවා. එමෙන්ම අපේ විදේශ විනිමය වැඩි වෙනවා. එවිට ණය ගෙවීම අසීරු වැඩ කටයුත්තක් නොවේ. අපට අවශ්‍ය සාමාන්‍ය ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීමයි. අපේ යුගයේදී මේ ප‍්‍රශ්නය විසඳාගෙන අනාගත පරපුරට ශීඝ‍්‍ර දියුණුවක් ලබාදීම අපේ අරමුණයි. ඊට අවශ්‍ය පදනම මේ වසර පහ තුළ දැමිය යුතුයි.ජනපතිට, මට මෙන්ම ආණ්ඩුවට දොස් කියනවා. අනාගතයට ණය බර නැති රටක් උරුම කිරීම අපේ අරමුණයි. අද වනවිට ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. නියඟ ගංවතුරවලට මුහුණ දීම සඳහා ආදායම අප විසින් සොයා ගත්තා. අසීරුම වසර දෙකට අප මුහුණ දුන්නා. යුද්ධයෙන් නැති වූ උතුරේ ආර්ථිකයත් අප විසින් දියුණු කරනවා.ප‍්‍රශ්නය x ඒකපුද්ගල ආදායම වැඩි කිරීමේ සහ රැකියා බිහි කිරීමේ සැලසුම් මොනවාද?පිළිතුර (අගමැති) - පළමුවෙන්ම ආයෝජන ලබාගත යුතුයි. ආයෝජන නිසා තාක්ෂණය දියුණු වෙනවා. තාක්ෂණය සමග රටේ ආර්ථිකය නවීකරණය වෙනවා. එම නවීකරණය කෘෂිකාර්මික, සේවා, ක්‍ෂෙත‍්‍රවලටත් ගමන් කරනවා. තොරතුරු තාක්ෂණය සෞඛ්‍ය තාක්ෂණය දියුණු වී ඇති ආකාරය බලන්න. අපගේ නිෂ්පාදන ක‍්‍රමවේදය වෙනස් වෙලා. ආයෝජන සඳහා අදාළ ස්ථාවර බව ඇති කළ යුතුයි. ආර්ථික ස්ථාවර බව ඇති කිරීමට පෙර සමාජ සමබර බව ඇති කළ යුතුයි. අප රජයේ ආගමික ජනවාර්ගික ගැටුම් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක කරනවා. ඒ ස්ථාවර බව උඩ අපට අවශ්‍ය වන්නේ පළමුවෙන්ම යටිතල පහසුකම් ලබාදීමයි. රටේ හැම ප‍්‍රදේශයකටම අප මෙම යටිතල පහසුකම් ලබා දෙනවා.අප මිනිස් සම්පත දියුණු කළ යුතුයි. පුහුණුව ලබාදිය යුතුයි. අධ්‍යාපනය තුළින් ඉදිරියට යා යුතුයි. ලෝකය සමග අපත් වෙනස්විය යුතුයි. ජංගම දුරකතනයෙන් දැනුම සොයාගත හැකි තත්ත්වයට යා යුතුයි.ඒ සමගම අප ලෝක වෙළෙඳපොළට ඇතැළු විය යුතුව තිබෙනවා. ඒ සඳහා තාක්ෂණය, ආයෝජන ලබාගත යුතුයි. කර්මාන්තශාලා, සංචාරක ව්‍යාපාරය, සේවා දැනුම ඇති කළ යුතුයි. යුරෝපා වෙළෙඳ පොළටගොස් තරග කළ හැකි තත්ත්වයක් ඇති කිරීම අපේ අරමුණයි. ඉන්දියාව, චීනයට ගොස් තරග කළ හැකි තත්ත්වයක් අප නිර්මාණය කරනවා.අපේ රට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවානම්. ඒ දියුණු බවට සම්බන්ධ වෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා.මඩකළපුවේ එස්. ඉන්දුරාජා මෙනවිය (ප‍්‍රශ්නය):- වත්මන් ආණ්ඩුව අන් කවරදාවත් වඩා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර සහයෝගය මෙරට සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් යොදාගන්නේ කෙසේද?ජනපති (පිළිතුර) - අපට අභ්‍යන්තර සහාය ලැබුණේ මේ වසර කීපයේදී අප ගෙනගිය වැඩපිළිවෙළ නිසයි. පෙර රජයට ජාත්‍යන්තර සහයෝගයක් නොලැබුණේ ඒ රජය ගෙන ගිය වැඩපිළිවෙළේ තිබූ වැරදිසහගත ස්වභාවය නිසයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි සාමාජික රටවල් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියා සංවර්ධන බැංකුව මේ සියලූ දේ ජාත්‍යන්තරයට අයත් එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ තිබෙන කරුණු අපත් පිළිපැදිය යුතුයි.ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතා නිදහස, මානව හිමිකම්, මානව අයිතිවාසිකම්, මූලික අයිතීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තහවුරු විය යුතුයි. මාධ්‍ය නිදහස තහවුරු විය යුතුයි. එය සමාජයේ හොඳ ලක්ෂණයක්. එවිට අප ජාත්‍යන්තර ප‍්‍රසාදයට ලක්වෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කරනවා නම් ඔවුන් රට හැරදමා යනවා නම් මාධ්‍ය ආයතන ගිනි තබනවා නම් ජාත්‍යන්තරය ඒ පාලනය ප‍්‍රතික්ෂේප කරනවා.මිනිසුන්ට නිදහසේ ජීවත්වීම සඳහා අප අයිතිය තහවුරු කොට තිබෙනවා. මිනිසුන්ගේ දුගී බව තුරන් කිරීම සඳහා රජයක් ක‍්‍රියා කරන ආකාරය ඉතා වැදගත්. රටක දුප්පත්කම අවම කරගන්නේ කෙසේද? ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කෙසේද? සංවර්ධනයේදී යටිතල පහසුකම් සම්බන්ධයෙන් වන සැලසුම් මොනවාද? අධ්‍යාපනයේ ගුණාත්මක බව ඇති කරන්නේ කෙසේද? සමාජය යහපත් කිරීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාද? ඒ සඳහා රජයක් ලෙස ගෙන තිබෙන පියවර මොනවාද? යන කරුණු ගැන ජාත්‍යන්තරය බලාපොරොත්තුවෙන් සිටිනවා.නීතියේ ආධිපත්‍ය රැකීමට අප බැඳී සිටිනවා. නීතියට ඉහළින් කිසිවකුත් නැහැ. සෑම කෙනෙකුගේම හිසට උඩින් නීතිය තිබෙනවා යන කරුණු සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින දෙයක්.අධිකරණය ස්වාධීන අපක්ෂපාති විය යුතුයි. රජයක් ලෙස කටයුතු කරන විට දේශපාලන පක්ෂ බේදයෙන් තොරව නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින් මානව හිමිකම්, මුූලික අයිතිවාසිකම් තුළ සියලූ දෙනාට සමාජ සාධාරණත්වය ලබාදිය යුතුයි. එමෙන්ම සැමට සමානාත්මතාවයෙන් කටයුතු කිරීම රජයේ ප‍්‍රතිපත්තිය විය යුතුයි.කෙනකුට නිදහසේ ව්‍යාපාරයක් කරගෙන යාමට ඉඩදිය යුතුයි. අපට මේ වසර කීපයේදී ජාත්‍යන්තර හොඳ හිත ලැබී ඇත්තේ අප කරගෙන පැමිණි වැඩපිළිවෙළ නිසායි.අපට පෙර පාලනයේ ජාත්‍යන්තර හොඳ හිත නැති වූයේ එවැනි වැඩපිළිවෙළක් නැතිව සමාජය උඩු යටිකුරු කොට කටයුතු කළ නිසයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පෙන්නුම් නොකර ආඥාදායක පාලනයක් ගෙන ගියා. 18 වැනි සංශෝධනය අප රටේ උගතුන් බුද්ධිමතුන් පමණක් නොව මුළු ලෝකයේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන අය විසින් ප‍්‍රතික්ෂේප කළා. අප 18 වැනි සංශෝධනය අහෝසි කොට 19 වැනි සංශෝධනය තුළින් නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කොට  අධිකරණ අපක්ෂපාතී බව අල්ලස දුෂණයට විරුද්ධව අනාගත ශක්තිමත් කිරීම කළා. එවිට ඒ පාලනය ගැන ජාත්‍යන්තර ප‍්‍රසාදයක් ඇති වෙනවා. අපට ජාත්‍යන්තර ප‍්‍රසාදයක් ඇතිවී ඇත්තේ රට වෙනුවෙන් තීන්දු තීරණ ගත් නිසයි.ප‍්‍රශ්නය - අපට අහිමි වූ ජාත්‍යන්තර මිතුරු බව යළි ලැබීම ගැන අගමැතිතුමාගේ අදහස කුමක්ද?අගමැති - ලෝකයේ එක් පිලකටවත් නොබැඳි රටක් ලෙස කටයුතු කිරීම අපේ පිළිවෙතයි. ලොව අප පිළිගෙන තිබුණා ඒ පිළිගැනීම අප ආරක්ෂා කරගත යුතුව තිබුණා. නමුත් පසුගිය රජය සමයේ අප ඒ පිළිගැනීම ආරක්ෂා කරගත්තේ නැහැ.  අවසානයේ අපට යුරෝපා සංගමය සමග ගැටෙන්න සිදු වුණා. අපට ජාත්‍යන්තරයෙන් දී තිබූ සහන අප විසින් අහිමිකර ගත්තා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ගැටුණා. ඉන්දියාව, ජපානය සමග ගැටුණා. ඒ අය අප සමග තරහ වෙන්න ආවේ නැහැ. අප යුද සමයේ ඒ රටවල් සමග එකට එක්වී කටයුතු කළා. මානව හිමිකම් රකින්න උපකාර කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න. රට දියුණු කරන්න උපකාර කළා.2010-2015 අතර අපට ජාත්‍යන්තර සහන විශාල වශයෙන් නැති වුණා. ඒ කාලයේ බංගලාදේශය විශාල පිම්මකින් ඉදිරියට ගියා. 2030-2040 වන විට ලෝකයේ ප‍්‍රධාන ආර්ථික 32කෙන් එකක් බවට බංගලාදේශය පත් වෙනවා. වියට්නාමය දියුණුවට පත් වෙනවා. අපට අතට ලැබුණු සහන අතහැර තිබෙනවා.අවසානයේ අපට ගෙවන්න බැරි ණයක් ඉතිරි වුණා. අපගේ අපනයන ආදායම අඩු වුණා. ඇඟළුම් කර්මාන්තශාලා වැසී ගියා. අනාගතයක් සොයා ගන්න නම් මැදපෙරදිග යන්නට සිදුවුණා.2015 ජාතික ආණ්ඩුවෙන් පසු අපි ජාත්‍යන්තර මිත‍්‍රත්වයට එළඹුණ හැම රටක් සමගම අප මිතුරු වී සිටිනවා. ලෝකය සමග අප වැඩ කරනවා.ඞී.එස්. සේනානායක යුගයේ සිට අපට ලෝකය සමග එක්ව ඉදිරියට යාමට හැකි වුණානම් ඇයි අපි ලෝකය සමග හැප්පුනේ. ලෝකය අප සමග හැප්පෙන්න ආවේ නැහැ.ඔවුන් ඔබේ අනාගතයෙන් වසර පහක් සොරකම් කර ගත්තා. අප උත්සහ කරන්නේ එලෙස සොරාගත් අනාගතය නැවත ලබාදීමටයි.ලෝකයේ බලවත්ම ඇමරිකාවටවත් ලෝකය සමග තරහ වී ඉන්නට හැකියාවක් නැහැ. පක්ෂ දෙක එක්වී අප අලූත් පණිවිඩයක් ලබා දුන්නා.මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, කථානායක කරු ජයසූරිය මහත්ම මහත්මීහු යහපාලන රජයේ මැති ඇමැතිවරු ද, සිවිල් සමාජ ක‍්‍රියාකාරීහු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.
සමහර විදේශ තානාපතීන් සීමාව ඉක්මවා මට බලපෑම් කළා
0
hp_train_1806
රට ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය නිසා වැසි තත්ත්වය යම්තාක් දුරකට වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.නැගෙනහිර, ඌව සහ දකුණු  පළාත්වල විටින්විට වැසි ඇතිවිය වේ. සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් ‍100 ට වැඩි ඇතිවිය හැකිබවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/05/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව35269065විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259575සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල31259080විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය35278065සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමහනුවර31219565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21139575සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය33239565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33269060විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33259070සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
‘ඉදිරි දිනවල වැස්ස වැඩිවන හැඩ‘
1
hp_train_1807
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
ජනපති - අගමැති මූලිකත්වයෙන් නව දැනුමකින් රට නංවනවා
0
hp_train_1808
ශ්‍රී ලංකාව ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තත්ත්වය වැඩි වනු ඇතයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ‘අපරභාගයේදී හා රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ)  ඇතිවීමට ඉඩ ඇත‘.‘මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකිය.දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  
අද සවස ගිගුරුම් සහිත වැසි
1
hp_train_1809
(ඩයනා උදයංගනී)බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (18) දින ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් දිනයේත් මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවන බවද එම ප්‍රකාශකයා පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
අද දවසේ කාලගුණය
1
hp_train_1810
(සුජිත් හේවාජුලිගේ)දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සෑම අංශයකම විනය පිරිහී ඇති බවත්, රටේ බොහෝ ප්‍රශ්න මතුවී ඇත්තේ විනය පිරිහීම නිසා බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ලෝකයේ බොහෝ දියුණු රටවල් ඉහළට ගොස් ඇත්තේ විශිෂ්ට වූ විනය නිසා බව කී ජනාධිපතිවරයා, රටේ ප්‍රශ්න අභියෝග බොහොමයකට බෞද්ධ දර්ශනයෙන් විසඳුම් ගත හැකි බව ද ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී  පැවැති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක ධුරයට පත්වුණු මාතලේ ධම්මකුසල මාහිමියන් වහන්සේට අක්තපත්‍ර පිරිනැමීමේ උත්සවයේ දී ය.නාපාන පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක හිමියෝ මාතලේ ධම්මකුසල හිමියන්ට පිරිනැමෙන අනුනායක පදවියට අදාළ අක්තපත්‍රය පිරිනැමූහ.ධම්මකුසල අනුනායක හිමියන්ට විජිනිපත පිරිනමනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.උන්වහන්සේට ප්‍රසාද තිළිණ පිරිනැමීමක් ද එහිදී සිදුවිය.ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.මේ වැදගත් උත්සවයට සහභාගිවීමට ලැබීම ගැන මා අතිශයින්ම සතුටු වෙනවා. මා දීර්ඝ කාලයක සිට මාතලේ ධම්මකුසල හිමියන් දැන හැඳින ගෙන සිටියා. බොහෝ බෞද්ධ කටයුතුවල දී උන්වහන්සේ මට මුණගැසුණා. ඒ සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ කාරුණික බවත්, සෙනෙහෙබර බවත් අප හොඳින් හඳුනාගත්තා. උන්වහන්සේ බෞද්ධ සමාජයට විශාල ශක්තියක්. ධර්මධර, විනයධර බහුශ්‍රැත ස්වාමීන් වහන්සේ නමක් විදියට උන්වහන්සේගේ චරිතයෙන් දෙන ආදර්ශය විශේෂයෙන් නව තරුණ භික්ෂු සමාජයට වැදගත් වෙනවා. අප බෞද්ධ රටක් විදියට අපට තියෙන මහා දායාදය තමයි බෞද්ධ දර්ශනය. ඈත අතීතයේ සිට උදම්ඇනිය හැකි තත්ත්වයක් ඇතිවුණේ අපේ රටේ තිබෙන බෞද්ධ දර්ශනය නිසයි. අපට එමගින් ලොකු ගෞරවයක් ලැබුණා. සමාජයේ විවිධ ප්‍රශ්න ගැටලු අභියෝගවලට බෞද්ධ දර්ශනයේ විසඳුම් තියෙනවා. කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමියන්ගේ අනුශාසනාවේ දී වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළා. භික්ෂු සමාජයේ වගකීම් හා යුතුකම් ගැන උන්වහන්සේ කතා කළා.වත්මන් රජය බලයට පත්වූ අවස්ථාවේ දී 2015 දී ඒ මුල් මාස කිහිපයේ දී මේ සම්බන්ධයෙන් මූලික වැඩකොටස් රාශියක් ක්‍රියාත්මක කළා. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අණ පනත්, යෝජනා අපි පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. එහෙත් ඒ එක්කම ඇතිවුණු භික්ෂුන් වහන්සේලාගේ විවිධ ප්‍රශ්න, ගැටලු, ඒ වගේම නිකායික වශයෙන් ඇතිවූ විවිධ අදහස් නිසා අපිට ඒ කරගෙන ආ වැඩකටයුතු තාවකාලිකව නවත්වන්න සිදුවුණා. ඔබවහන්සේලාගේ අනුශාසනා පරිදි නැවතත් අපි ඒ වැඩපිළිවෙළ ආරම්භ කරන්න කැමතියි. බැණුම් අහන්න සිදුවුණත් කමක් නැහැ. අප රජයක් විදියට වැඩ කරන්නේ ඔබවහන්සේලාගේ මගපෙන්වීම් අනුවයි. ඒ නිසා භික්ෂු සමාජය ශක්තිමත් කිරීමට රජයක් විදියට අප කටයුතු කරනවා.පසුගිය අවුරුද්දේ එක්සත් ජාතීන් නම් කළ ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවේ පැවැත්වුවා. ජාත්‍යන්තර නායකයන් රැසක් ඊට සහභාගි වුණා. පසළොස්වක දිනයක දී බෞද්ධයන් විදියට අප ප්‍රමාණයකට සිල්වත් භාවයක් ඇති කර ගන්නවා. අද රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි විනය පිරිහීම. විනය පිළිබඳ ප්‍රශ්නය භික්ෂු සමාජයේ පමණක් නොවෙයි දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, සාමාන්‍ය පුරවැසියන් යනාදී සෑම කොටසකම විනය පිළිබඳ ප්‍රශ්නය තියෙනවා. රටේ බොහෝ ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ විනය පිරිහීම නිසයි. ලෝකයේ දියුණු රටවල තාක්ෂණයේ දියුණුව සමග විනයක් ද ඇතිවී තිබුණා. ඒ රටවල් දියුණු වුණේ ඒ නිසයි. මා මීට දින දෙකකට කලින් ඉරානයේ සංචාරය කළා. ඉරානය ජාත්‍යන්තරය හමුවේ මොන විදියේ අභියෝගයන්ට ලක්ව තිබුණත් ඒ රටේ සියලු දෙනා එක මතයක් තුළ එක වැඩපිළිවෙළක ඉන්නවා. ඒ නිසා ඒ රටේ ඉතා ඉහළ දියුණුවක් තියෙනවා. ඒ මුළු ජාතියම විනයක් ඇතිව වැඩ කරනවා. අපිට ඇතිවී තිබෙන සියලු ප්‍රශ්නවලටත් බෞද්ධ දර්ශනය තුළ විසඳුම් තියෙනවා.කතානායක කරු ජයසූරිය මහතා:- අප කාගේත් ගෞරවයට පාත්‍ර වුණු හිමිනමක්. බහුශ්‍රැතභාවයෙන් සිල්වත්කමින් පිරිපුන් යතිවර නමක්. අප උන්වහන්සේ සමග ළඟින් කටයුතු කළා. සෑම ජාතියකම ගෞරවයට පාත්‍ර වුණු මේක ඉල්ලලා ගත්තු තනතුරක් නොවෙයි. භික්ෂුන් වහන්සේලා ඒකච්ඡන්දයෙන් තෝරා පත් කර ගත්තා. මහා සංඝයා ඉදිරියට ඇවිත් රටේ විනයක් ඇති කළ යුතුයි. රටේ සෑම අංශයකම විනය පිරිහිලා තියෙනවා. ඒ ගැන අප කනගාටු වෙනවා. විනයක් තියෙනවා නම් මේ රටට උසාවි, පොලිසි අවශ්‍ය නැහැ.වැඩ වර්ජන නිසා අසරණ රෝගීන් මියයන අවස්ථා අප දැකලා තියෙනවා. මිනිස්කම අපේ හදවතට ආවොත් මේක වෙනස් කරන්න පුළුවන්. කොටුගොඩ හිමියන් කියපු කරුණු ඉතා වැදගත්.අප එදා කතිකාවක් ලියාපදිංචි කරන්න කටයුතු කළා. වෙහෙර දේවාලගම් පනත ගෙනාවා. ඔලුබක්කෝ ප්‍රදර්ශනය නැවැත්තුවා. නඩු ඇසීම, දඬුවම් කිරීම සංඝ සභාව කළ යුතුයි. ගිහියන් ඒ කටයුතුවලට අත ගහන්න අවශ්‍ය නැහැ. එක නිකායක කතිකාවතක් වසර 75ක් පරණයි. තවත් එකක 50ක් පරණයි. නීතිගත වෙන්නේ නැති නම් මේවායේ කිසිම නීතිමය බලයක් නැහැ. අද තියෙන ප්‍රශ්නය ඒ නීතිය මහා නායක හිමිවරුන්ට නොදෙන එක.අටපිරිකරවලත් ප්‍රශ්න තිබුණා. සමහර ඒවායේ යකඩ, ගෝනි වගේ දේවලුත් තිබුණා. අපි ඒ දේවල් නැවැත්තුවා. කතිකාවල් ගෙන එද්දී සමාජයේ කොටසක් විරුද්ධ වුණා.නාපානේ පෙමසිරි රාමඤ්ඤ නිකායේ මහ නායක හිමියෝ:ධම්මකුසල හිමියන්ගේ ජීවිතය අප කාටත් ආදර්ශයක්. විශේෂයෙන්ම අපේ දරු පරපුරට උන්වහන්සේගෙන් උගෙන ගත හැකි පාඩම් බොහොමයි. ශාසනය වෙනුවෙන් උන්වහන්සේ විශාල සේවයක් කළා. ශාස්ත්‍රීය ලෝකයටත් ලොකු වැඩකොටසක් කළ හිමිනමක්.කොටුගොඩ ධම්මාවාස අමරපුර මහ සංඝ සභාවේ මහ නායක හිමියෝ:-සිල්වත් ගුණවත් හිමිනමක්. ශාසනය රැකෙන්නේ මේ වගේ භික්ෂුන් නිසයි. සංඝ සමාජය අද ප්‍රපාතයට වැටීගෙන යන බව පේනවා. වැරැදි වැඩ කරන භික්ෂුන් ගැන අපි දෙන යම් යම් තීරණ උන්වහන්සේලා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා සංඝ කතිකාවතක් අවශ්‍යයි. දැනටමත් ඒ සඳහා ප්‍රමාද වැඩියි. 56 ඉඳලම අප මේ ගැන කතා කළා. නමුත් වැඩක් වුණේ නැහැ. අප යහපත් සැලසුමක් ක්‍රියාත්මක කරමු.දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමි:මාතලේ ධම්මකුසල හිමි මේ සංඝ සභාවට ලොකු කාර්යභාරයක් කළ හිමිනමක්. සුපේෂල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක්. කරුණාබර ජීවිතයක් ගත කරන හිමිනමක්. හොඳ ගුරුවරයෙක්. අභිනව නාහිමියන්ට දළදා සමිඳුන්ගේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටාරක්ෂාව ලැබේවා.මාතලේ ධම්මකුසල රාමඤ්ඤ මහ නිකායේ අභිනව අනුනායක හිමියෝ:-ශාසනයේ ප්‍රශ්න විසඳන්න ගිහි නායකයන් කටයුතු  කළා. අප ඉවසිලිවන්ත වුණොත් යමක් කළ හැකියි. ඒ එකමුතු වුණොත් කළ නොහැකි දෙයක් නැහැ. මට අද පටන් ලොකු වගකීමක් පැවරෙනවා. ඒ වගකීම ඉටු කිරීමට අධිෂ්ඨාන කර ගන්නවා.ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක හිමියන් ඇතුළු නායක හිමිවරුන්, දේශපාලන නායකයන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ. 
දේශපාලකයන්ගේ-රාජ්‍ය නිලධාරීන්ගේ විනය පිරිහිලා
1
hp_train_1811
(ගම්පහ - තිලකරත්න දිසානායක)විපක්ෂයෙන් ආ බලවේගය මත මහ බැංකු මංකොල්ලය සඳහා පත්කළ ජනාධිපති කොමිසම හරහා හසුවූ ගනුදෙනුවක් මත ඉල්ලා අස්වීමක් සිදු වුණා. අස්වන්නා වූ කෙනාට අධිකරණය හමුවේ කෙසේ වෙතත්. ජනතා අධිකරණය හමුවේ දඬුවම් ලැබී ඇති බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා දිවුලපිටියේදී පැවැසීය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නීතීඥ සංගමය පිහිටුවීම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිවුලපිටිය මන්දාකිණි ශාලාවේදී පැවැති අවස්ථාවේ එසේ කීය.සංගමයේ සභාපති ලෙස සරල කරුණාරත්න, ලේකම් මිරෙන්ඩා කනංකේ, භාණ්ඩාගාරික චානක කපුරුබණ්ඩාර, ප්‍රධාන සංවිධායක තිස්ස ගුණවර්ධන, උප ලේකම් ලෙස සරණ කරුණාරත්න යන මහත්ම මහත්මීහු පත්කර ගනු ලැබූහ.සංගමයෙහි මිනුවන්ගොඩ, අත්තනගල්ල, ගම්පහ, පූගොඩ, මහර, මීගමුව සහ වත්තල යන අධිකරණ බල ප්‍රදේශ වෙනුවෙන් කියාකාරී කමිටුවක්ද පත් කර ගැනිණි.මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.“මේ රජය යහපාලනය පිළිබඳව නීතියේ ආධිපත්‍යය පිළිබඳව මහා හඬක් නැඟුවා. ඒ වගේම බලපෑම් කළා එය රැකගන්න ඕනෑ කියලා. ඒත් මේ ආණ්ඩුව ආපු ගමන්ම අගමැතිවරයා පත් කළ ආකාරයත්, ඒ වගේම අග්‍රවිනිශ්චයකාරයා අස්කරල අග්‍රවිනිශ්චයකාරවරයකු පත්කළ ආකාරයත් ගැන අපට ඇති වන්නේ කනගාටුවක්. මේ නීතියේ ආධිපත්‍යය රැකගැනීමක්ද ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමක්ද කියන එක අපි අමුතුවෙන් සිතන්නට ඕනෑ නැහැ.එතැනින් තමයි පටන් ගත්තේ නීතිය කඩන්න. අධිකරණය පිළිබඳව තිබෙන විශ්වාසය, ක්‍රමානුකූලව ජනතාවගෙන් ඈත් කරන්න මෙවන් ක්‍රියා හේතු වුණා ඔවුන්ගේ දේශපාලන වුවමනාව ඉටුකරගන්න. පළිගැනීම, දේශපාලන සතුරන් අධිකරණය ඉදිරියට ගෙන එන්න නොයෙක් ක්‍රමයේ උපක්‍රම ඔවුන් භාවිතා කළා. අපි දන්නවා ඇප දීම දඬුවමක් නොවෙයි. රිමාන්ඞ් කිරීම දඬුවමක් නොවෙයි. අද රිමාන්ඞ් කිරීමක් දඬුවමක් බවට පත් වෙලා තිබෙනවා.රාජ්‍ය දේපළ කියලා, පෞද්ගලික දේපළත් ඇතුළු කරල එයින් ඇප නොදෙන්න මහේස්ත්‍රාත්වරයාගේ අත බැඳ තබන්නට අද පොලීසිය සමත් වෙලා තිබෙනවා. පොලීසියේ ක්‍රියාවලිය දේශපාලන ක්‍රියාවලියක් බවට පත්වෙලා. පරීක්ෂණ තියනවා. මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට ගැසට් මගින් අගමැතිවරයා යොමු කරන දේවල් විභාග කෙරෙනවා. අගමැතිවරයාට තිබෙන බලය මොකක්ද? එතකොට මේ මුළු නීති පද්ධතියෙම හරය බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම බිඳවැටිලා. මේ අය කළේ ඒකට ගැසට් එකක් තිබෙන දේ පොලීසියකට කරන්න බැහැනෙ. අගමැතිවරයා පොලීසියෙ, පොලිස්පතිවරයා නොවෙයිනෙ. එහෙමත් නැතිනම් පොලිස් ස්ථානාධිපති නොවෙයිනෙ. ඉතින් මේ තත්ත්වය තමයි අද මේ රටේ උද්ගතවෙලා තිබෙන්නෙ.දැන් ඒක අහෝසි කරලා මූල්‍ය අපරාධ කොට්ාසය ක්‍රියාත්මක වෙනවා. දැන් මොනවද හොයාගෙන තිබෙන්නෙ. අපේ නඩු හැත්තෑ ගණනක්ද කොහෙද අවසන් කළාලු. යැව්වලු නීතිපතිට. දැන් මොනවටද නඩු දාල තියෙන්නෙ? ප්‍රාදේශීය සභාවට බට කණු බෙදුවයි කියල. උපාසක අම්මලට සිල් රෙදි බෙදුවයි කියල. මේවට නඩු පවරල. මේවා රාජ්‍ය දේපළ නෙමෙයි කියල ආවට පස්සෙ තර්කානුකූලව ඒක වෙනස් වුණා. දැන් මේ චෝදනා නැහැ.ඉතින් මේ විදියට තමයි හැම එකක්ම. එක්කො ලිතක් ගැහුවයි කියල. දැන් මේ හැම ඇමැතිවරයාම ලිත් නෙමෙයි, කැලැන්ඩර් ගහගන්නව, පින්තූර දාගෙන. ඒවට නඩු නැහැ. හැබැයි ලිතට නඩු. ලිත කියන්නෙ මොකක්ද? ලිත කියන්නේ ගමේ සංස්කෘතියේ එක් අංගයක්. අවුරුදු නැකැත් ආදිය තිබෙන. ඉතින් ඒක ගමේ ලිත. කැලැන්ඩරය, ඩයරිය එහෙම නෙමෙයිනෙ. ඒව ගැහුවට කමක් නැහැ. ලිත ගැහුවොත් වැරදි. දැන් මෙයාලගෙ මානසිකත්වය පේනවනෙ.අද ලැම්බොගිනි ආදිය හොයන්න ගිහින් මොකක්ද වුණේ. දැන් මගේ ඩොලර් බිලියන දහ අටක් ගැන කියනවා. තව ඇමැතිවරයෙක් කියනව. ඩොලර් බිලියන 218ක් නාමල්ගෙ නමටත් තියනවලු. වගකිව යුතු කැබිනට් ඇමැතිවරුයි මේ කියන්නේ. මේව තියෙන්නේ ඩුබායි බැංකු වලලු. මම කිව්ව නාමල් ළඟ තියෙන ඒව ලියල දෙන්නම්, අපිට වරාය බේරල දෙන්නයි කියලා. වරාය ගන්නෙ නැතුව, මේව විකුණනනේ නැතුව, අපි ළඟ තියනවයි කියන ගණන නිකම් දෙන්න දෙන්නම්. තියෙන බැංකුවක් හොයා ගෙන එන්න. මේ බොරු කියන එකේ සීමාවක් තිබිය යුතුයි. බිලියන ගණන්, මිලියන ගණන් කිය කියා.දැන් මොකද අන්තිමට වුණේ? අද එළියට ඇවිල්ල තිබෙනවා. ලංකාවෙම නොවෙයි, මුළු ආසියාකරේම කරපු මහා මංකොල්ලය තමයි මේ එළියට ආවේ. මහ බැංකුවෙ මංකොල්ලය.ඒ මංකොල්ලය ගැන කොමිසම සොයා ගෙන යන කොට මේ වෙන ගනුදෙනුවකුයි අහුවුණේ. කොල්ලයේ සැකකරුවන් පිළිබඳ සොයා ගෙන යන කොට ඒ අයගෙන් ගත්තු ණයක් දැන් එළියට ඇවිල්ල අන්තිමට එයාට ජනතාවගේ විරෝධය ආවා. මේ කොමිසන් දැම්මෙත් විපක්ෂයෙන් ආපු බලවේගයට. මේකෙ ගෞරවය එන්න ඕනෑ විපක්ෂයට.මට මතකයි බන්දුල ගුණවර්ධන මහත්තයා දවස ගාණේ, මේ ගැන හඬ නැගුවා. මුළු විපක්ෂයේම කෑ ගැහීමේ ප්‍රතිඵලය තමයි කොමිසම පත් කිරීම. කොමිසමේ ප්‍රතිඵලය උඩ තමයි, අරයට ඉල්ලා අස්වෙන්න වුණේ.මම බැලුව අර මාරපන මහත්තයා අස්වුණා එයා නීතීඥවරයෙකු ලෙස දුන්නු උපදෙසක් දීම නිසා මේ ගැන ඇති වූ සැකයක් නිසා මහත්තයකු ලෙස ඉල්ලා අස්වුණා. එයා පාර්ලිමේන්තුවෙ කතා පැවැත්තුවද? කට්ටිය මහා වීරයයි කියල අත්පුඩි ගැහුවද? ඇත්ත වශයෙන් මාරපන මහත්තයයි වීරය වෙන්න ඕනෑ.එහෙම නම් මෙයා නෙවෙයි වීරයා. මෙයාට සිද්ධ වුණා ජනතා මතයට හිස නමන්න. ජනතා අධිකරණයෙන් මෙයා වැරදිකාරයෙක් කරලා ඉවරයි. දක්ෂ නීතීඥ මහත්වරුන් උපදෙස් දෙන්න ඇති, ඒක නිසා නෝන පිට දැම්මා. නෝනා ගත්ත එක මම දන්නේ නැහැ, මතකත් නැහැ කියනවා.සිද්ධාන්තයක් තිබෙනව නේද ස්වාමිපුරුෂයාට විපක්ෂව බිරිඳට සාක්කි දෙන්න බැහැ කියලා. නීතීඥයෝ විදියට ඔබතුමාලා දන්නවනෙ. ඉතින් ඒකෙනුත් බේරෙනවා. බොහොම දක්ෂ නීතීඥ මහත්තයෙක් මෙයාට උපදෙස් දීල තිබෙනවා. අධීකරණය ඉදිරියේ කෙසේ වෙනත් ජනතා අධිකරණයෙන් මෙයාට දඬුවම් ලැබෙනවා. ඒක ලැබීල ඉවරයි.මෙයාගෙන් සාක්කි විමසීම ආදිය ගැන මෙයා නීතිපති දෙපාර්තමේන්තුවේ අභියෝගයට ලක් කළ සමහර අය, නීතීයේ අකුරක්වත් නොදන්නා මන්ත්‍රීවරුන් නීතිපති දෙපාර්තමේන්තුවටම අපහාස කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ බුද්ධියට හා ඔවුන්ගේ හැකියාවට පහර දෙනවා නම් ඒක වැරදියි. ඒක වැරදි ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ.අපටත් නීතිපති දෙපාර්තමේන්තුව ගැන යම් යම් විවේචන තිබෙනවා. ඒත් අධිකරණයක් පිළිබඳව නීතිපතිවරයා පිළිබඳව කතා කරන විට කැබිනට් ඇමැතිවරුන් වශයෙන් වඩාත් කල්පනාකාරී විය යුතුයි. මොකද විපක්ෂයේ ඉන්නා විට ඕනෑම දෙයක් කියන්නට පුළුවන්. ඒත් රජයේ අයට අයිතියක් තිබෙනවාද කියා කල්පනා කර බලන්න.ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවත් හෑල්ලුවට පත් කළායින් පස්සෙ, අධිකරණයත් හෑල්ලුවට පත් කළායින් පස්සෙ, කොමිසමත් හෑල්ලුවට පත් කළායින් පස්සෙ මොකක්ද රටේ ඉතුරු වෙන්නෙ. ඉතින් ඒක තමයි මේ ආණ්ඩුවේ කෙරුවාව.එහෙම නම් අපට වගකීමක් තිබෙනවා, නීතීයේ ආධිපත්‍ය රැකගන්නට. ආරක්ෂා කරගන්න. ඒ නිසා නීතීඥවරුන් වශයෙන් එම අයිතිය තහවුරු කරන්න. ස්වාධීනත්වය තහවුරු කරන්න ඔබ පියවර ගනියි කියන විශ්වාසය තිබෙනවා.මේ රජය බලයට පත්වී ඉතා කෙටි කාලයක් තුළ පත්ව තිබෙන තත්ත්වය ඔබලා ඉතාමත් හොඳින් දන්නව. වෘත්තීන් පිළිබඳව, ආර්ථිකය පිළිබඳව ඔබලාට හොඳින් දැනෙනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ.”පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා:- “ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු විරෝධී පක්ෂයක් ලෙස රට පුරාම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ලක්ෂ විස්සකට අධික සාමාජික පිරිසක් බඳවාගෙන තිබෙනවා.2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තය පැරදිල ගෙදර ගිය පසුව මෙතුමා සොයා ගිය ජනතාව යළිත් දේශපාලනයට ගෙන ආවා. අතීතයේ රටේ නායකයන් විශ්‍රාම ගියාට පස්සෙ එම නායකයන් දෙස ජනතාව බැලුවේ නැහැ. ඉන්නවා කියාවත් සොයා බැලුවේ නැහැ.චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයෙන් විශ්‍රාම ගියාට පස්සේ, මට පෞද්ගලික අත්දැකීමක් තිබෙනවා. මම එතුමිය බලන්න හොරගොල්ලට ගියාම මොකක්ද දන්නවද කිව්වේ. “ප්‍රසන්න ඔයා ආවාද? මාත් එක්ක හිටිය එක බල්ලෙක්වත් මාව බලන්න ආවෙ නැහැ”යි කිව්වා. මම කිව්ව ඔබතුමිය ආශ්‍රය කරල තියෙන්නේ ඒ වගේ අයනෙ කියලා. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තය පරාජයට පත් වුණාම රටේ ලොකු වෙනසක් ඇති වුණා.අද රාජපක්ෂ පවුලෙ අයගෙ හොරකම් හොයන්න ගිහිල්ල ආණ්ඩුවෙ අයගෙම හොරකම් එළිවෙන තත්ත්වයකට පත්ව තිබෙනවා. ලැම්බොගිනි, මාලිගාවල් හොයන්න ගිහිල්ලා මේ රජයේ සමහර ඇමැතිවරුන්ගේ හොරකම් අහුවෙලා තිබෙනවා. අද අහුවෙලා තිබෙන්නෙ ලූනු බිකක් තමයි. මහා හොරු ටික තවම එළියෙ.අපි ජනාධිපති සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසූ අන්දමට ලූනු බික පමණක් නොව මීට සම්බන්ධ සියලු දෙනාම හෙළි කළ යුතුයි කියලයි. මේවා යට ගහන්න දෙන්න බැහැ.ඒවාගේම වරාය සම්බන්ධනේ අද ආණ්ඩුව තුළ බෙදීම් සිදුව තිබෙනවා. අද ආණ්ඩුව දුර්වල තැනකට වැටිලා තිබෙනවා. ඉන් ගොඩ එන්න බැරුව තිබෙනවා. අපි ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ආණ්ඩුව පිහිටුවන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ සඳහා ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශීව කරන වැඩපිළිවෙළ තුළ පොදුජන පෙරමුණ අද බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ මේ කටයුතු ඉතාමත්ම ශක්තිමත්ව ගෙනි යනවා.අපි දන්නවා. සමහර අයට විවේචන තියෙන්න පුළුවන් ඒත් පසු ගිය අප රජය කාලෙ අපි මැතිවරණ විසි නවයක් ජයග්‍රහණය කළා. මැතිවරණ විසිනවයක් ජයග්‍රහණය කරන විට අද ඔය මාධ්‍යවලට කතා කරන ශ්‍රී ලංකා නායකයන් කවදාවත්ම කිව්වෙ නැහැ ඒ විසිනවයම දිනුවෙ බැසිල් රාජපක්ෂ මෙහෙයවපු නිසාය කියලා. එකක් පැරදුණාම එහි වගකීම එතුමාට පැවරුව. එතුමා ඒ වගකීම බාර ගත්තා. බාරගෙන පසුගිය දවසක ප්‍රකාශ කළා. මහින්ද පැරදුවේ මමයි කියනවා වගේම මහින්ද ජයග්‍රහණය කරවන්නේ මමයි. ඒ සඳහා ගම්මට්ටමින් සංවිධානය කරන බව. ඒ නිසා අපි අතර මොන ගැටුම් ප්‍රශ්න තිබුණත් අපගේ පොදු අරමුණ විය යුත්තේ මේ ආණ්ඩුව පෙරළල රටට හිතවාදී ආණ්ඩුවක් පිහිටුවීමයි. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් අවශ්‍ය සහාය අපි ලබා දෙනවා.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතීඥ මව් සංගමයේ සභාපති ඩබ්ලිව්. දයාරත්න මහතා:- “අප සංගමයේ මව් සංගමය පිහිටුවීමේදී තුන්සීයක් බලාපොරොත්තු වුණත් නීතීඥයින් අටසිය අනූ අට දෙනෙකු සහභාගී වුණා නොසිතූ ලෙසින්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් නීතීඥවරුන්ගේ සහභාගීත්වය ඉහළ මට්ටමකින් පැවැතීම සතුටට කරුණක්. අපි මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වී ඉදිරි ගමනක් යමුය කියා ඉල්ලා සිටිනවා.”මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර සහ පළාත් සභා මන්ත්‍රී සුසාර දිනාල් යන මහත්වරු ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතීඥ මව් සංගමයේ ලේකම් අතුල ද සිල්වා සහ ජයන්ත වීරසිංහ යන මහත්වරු ද සහභාගී වී සිටියහ.
ඉල්ලා අස්වෙන්න සිදුවූ කෙනාට ජනතා අධිකරණය හමුවේ දඬුවම් ලැබුණා
1
hp_train_1812
(රංජිත් රාජපක්ෂ )                                                                     තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් පස් දෙනෙක් අද (06)  බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.  බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා කිලානි තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය  එල්ල වී තිබේ . තේ වත්තේ ගල් තලාවක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේය. රෝහල්ගත කළ වතු කම්කරු කාන්තාවෝ පස්දෙනාම බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.
බඹර ප්‍රහාරයකින් 5 ක් රෝහලේ
1
hp_train_1813
“ජන සංගීතයෙන් ජනප්‍රිය වෙනවා කියන අදහස තිබ්බොත් එක ප්‍රශ්නයක්" සහන් රන්වල “මුල් කාලේ ජන සංගීතය මාකට් කර ගත්තේ ජනප්‍රිය වෙන්න" තුසිත් නිරෝෂන් ජන සංගීතය සමාජ ගත කිරීම සඳහා වර්තමානය වනවිට රන්වල බළකාය නිතර වෙහෙස මහන්සිවෙයි. මේ වනවිට එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ සහන් රන්වලය.ජන සංගීතය පාදක කර ගනිමින් සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමද විවිධ නිර්මාණ සිදු කළේය. එම කණ්ඩායමේ මූලිකයා ලෙස කටයුතු කරන්නේ තුසිත් නිරෝෂන්ය.තාක්ෂණය, මාකටින් හා ජනප්‍රියත්වය ගැන ජන සංගීතය ඇසුරින් කතා කිරීමට මෙවර අප හා සම්මුඛ වන්නේ ඔවුන් දෙදෙනාය. සහන් රන්වලසංගීතයෙ පුළුල් විෂය පරාසයක් තියෙනවා. හරියට ආහාර වගේ, හැම ජාතියෙන්ම තියෙනවා. හැම ආහාරයක්ම කන්න කැමති වුණත්, ඒ අතර අප කල්පනා කළ යුතු දෙයක් තිබෙනවා. ඒ හැම රටක්ම තමන්ට අනන්‍යවූ දෙයක් කරනවා. ආහාර ගැනම කතා කළොත් ඒ රටවලට ආවේණික ආහාර වගේම සුවඳ පවා තියෙනවා. හැඩයක් තියෙනවා, කලස් තියෙනවා. සංගීතයත් ඒ වගේමයි. ඉන්දියාව කිව්වම මතක් වෙන හඬ නෙමෙයි, ජපානය කිව්වාම මතක් වෙන්නේ. ජපානය කිව්වම මතක් වෙන හඬ නෙමෙයි බටහිර රටවල් කිව්වම අපිට මතක් වෙන්නේ. ඒ හඬම නෙමෙයි ආරාබි කිව්වම මතක් වෙන්නේ. ඒ හැම එකකටම අනන්‍යයතාවයක් තියෙනවා. ජන සංගීතය කියන්නේ අපේ හඬ, අපේ අනන්‍යතාවය, අපේ රිද්මය.ලෝකය එක්ක ගනුදෙනු කරද්දී ජාතික කොඩිය ගෙන යනවා. ඒ අප ගෙන යා යුතු සංකේතයයි. අපි ජන සංගීතය ගැන කතා කරන කොට අපි අදහස් කරන්නෙ නැහැ මේ රටේ තියෙන්න ඕන ජන සංගීතය විතරයි කියලා. අපි අදහස් කරන්නේ අපිට ජාතික කොඩියක් කියනවා වගේ, අපිට ජාතික සංගීතයක් තිබිය යුතුයි. ඒ ජාතික සංගීතය අපට විදේශ රටවල නාදමාලා පදනම් කරගෙන හදන්න බැහැ. මේ රට තුළ වසර සිය ගණනකට වඩා වර්ධනවූ තාලානුරූපීව ගලාගෙන ආ රිද්මයෙන් ජන සංගීතය නිර්මාණය කළ හැකියි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත පදනම්ව මකුලොලුව මහත්තයා, සී.ඩී.එස්.ගුණතිලක, බැද්දගේ මහත්තයා කරගෙන ආ වැඩ පිළිවෙළ වර්තමානයට ගෙන ඒම අපේ බළකායේ අරමුණ. මේ ජන ගීතය තුළින් ජාතික සංගීතයක් නිර්මාණය කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ.ඉස්සර හොඳයි, දැන් හරි නෑ කියන අදහස තුළ මම නැහැ. මම දකින්නෙ මේ වෙනකොට අපේ රටේ ඉතිහාසය ගැන හොයන තරුණ පරම්පරාවක් රටේ ඉන්නවා කියලයි. හැමවිටම මිනිස්සු කියන දෙයක් තමයි ‘“ඒ කාලේ හොඳයි අප්පා... දැන් බලන්න කෝ....* කියන එක. හැමදේකටම එහෙම දෙයක් කියනවා.එහෙම දෙයක් කියන්නේ අපි තුළ තියෙන කුහකත්වය නිසයි. වර්තමාන පරම්පරාව රටට ආදරේ කරනවා කියන එක පිළිගන්න අපි සූදානම් නෑ. දැන් තරුණ පරම්පරාවට ඉස්සරට වඩා මේ ගැන ගැන ආදරයක්, උනන්දුවක් තියෙනවා. ඒ වගේ අය ලංකාවෙත් ලෝකෙ පුරාත් හමුවෙලා තියෙනවා. තුසිත් නිරෝෂන්ජන සංගීතයත් එක්ක තාක්ෂණය මිශ්‍ර කරන එක ගැන කතා කරද්දි සහන් අයියේ, අපි මුලින්ම නිර්මාණයක් ආරම්භ කළෙත් ජනසංගීතය පදනම් කරගෙන. "සෙන්ට්‍රිගේඩ්" කියන බෑන්ඩ් එක නිර්මාණය වන අවධියේ ජන සංගීතය ඇසුරින් කිසියම් නිර්මාණයක් කරන්න ඕන කියලා ආසාවක් අපිට තිබුණා. අපේ අවධියෙදි අපට එහෙම දෙයක් ඇසුනෙ භාතිය සන්තුෂ්ගේ "මනුසත් කැලේ" කියන ගීතය. පසුව බටහිර ගීත අහන්න ලැබුණා. ලංකාවෙ තිබෙන බෙර උපයෝගී කරගෙන නිර්මාණයක් කිරීමේ කැමැත්ත පාසල් කාලෙම තිබ්බා. ඒක මගේ ඔළුවේ බොහෝ කාලයක ඉඳන් තිබුණු හීනයක්. සහන් රන්වලපටිගත කිරීමේදී වාදන භාණ්ඩවල නාදය ඒ ආකාරයෙන්ම පටිගත කිරීමට තමයි අවශ්‍ය වුණේ. තාක්ෂණයත් එක්ක ඒ දේ කරන්න අපි සැලකිලිමත් වුණා. ජන සංගීතය විකෘති නොකර, බැනුම් අහන්නෙ නැතිව නිර්මාණයක් කරන්නෙ කොහොමද කියන එක මගේ ඔළුවෙ තිබුණා. සහන් රන්වලතාක්ෂණය කියන කාරණයෙදි සමහර අය චෝදනා කරනවා. සමහර අය කියනවා අපේ කාලේ රෙකෝඩ් කළේ ගායකයෝ, වාදකයෝ ඔක්කෝම එකට. දැන් එහෙම නැහැ. කියලා කියනවා. ඒක ඇත්ත. එහෙත් එදා බස් ධාවනය වෙන විදිහයි, අද ධාවනය වෙන විදිහයි වෙනස්. ඒ වගේ තාක්ෂණයත් භාවිත කළ යුතුයි. ඒ තාක්ෂණයට වෛර කරන්න හොඳ නෑ. හැබැයි තාක්ෂණයේ වහලුන් බවට පත්ව නිර්මාණාත්මක බව නැති කර ගන්නවා නම්, එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. තාක්ෂණය නෙමෙයි ප්‍රශ්නය, ඒ තාක්ෂණය යොදා ගන්නේ කොහොමද කියන කාරණාව. අපේ තාත්තගේ උදාහරණයකින් මට කියන්න පුළුවන් මේක. තාත්තාගේ දැනුම, සංගීත ඥානය, පරිණත බව කියන මොකුත් නැතුවයි මම වැඩකරන්නේ.ඔහුගේ ආභාසය විතරයි මට තියෙන්නේ. මම නිතරම කල්පනා කරන්නේ වැරදීම් වෙන්න පුළුවන්. ඒ වැරදීම් අවම කර ගන්න මම හිතන්නේ තාත්තා මේ වගේ තැනක දී කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව. ඔහු තව වසර 100කින් ජය ගීතයට එන්න පුළුවන් ප්‍රශ්නවලටත් උත්තරදීලා තිබ්බා. සමහර අයට තාක්ෂණය යොදා ගත්තම ගීතය විනාශ වෙනවා කියලා ජනතාව ප්‍රශ්න කරනවා. අපි ජන ගීතයට ආදරය කරමින් කරන වැඩක් නම් එයට කරන විනාශය අවම වෙනවා. අපි මේ ජන ගීතයෙන් ජනප්‍රිය වෙනවා කියන අදහස තිබ්බොත් ඒක ප්‍රශ්නයක්. තාත්තා නිතරම කියන්නේ අපේ බෙර නිර්මාණයකට යොදා ගන්න කියලා. ඒක අපේ ආනන්‍යතාවය. සර්පිනාව අපේ නෙමෙයි. තබ්ලා, සර්පිනා, කීබෝඩ් අපේ දේවල් නෙමෙයි. මේ දේවල් භාවිත කරලා කරන නිර්මාණ දේශීය දෙයක් වුණොත් එය සංගීත භාණ්ඩය තියෙන රටට අයිති නෑ. වාදනය කරන ස්වර ප්‍රස්තාර කියන රටටයි අයිති. සංගීතාත්මක තාක්ෂණයක් ලෝකයේ අනිත් දේ වලින් අරගෙන හදාගත්තොත්, ගැටලු නැහැ. තුසිත් උදාහරණයක් කිව්වා. අපි අපේ දේශනවල ජන ගීයෙන් හදපු නිර්මාණ ගැන කතා කරනවා. එහිදී අලුත් පරපුරේ අයගේ නිර්මාණ ගැනත් කතා කරනවා.හැබැයි මාකටින්වලටත් යොදා ගන්නේ ජන සංගීතයඒක එක කාලයක් මාකට් වුණා. ජන සංගීතය විකුණගෙන ඒක මත්තෙම යැපෙනවා කියන එක වැරදියි. බොහෝ කාලයක් මේක මාකට් වෙලා තිබ්බා සහන් අයියේ, මම කියපු කාලේ, ඒ කිව්වේ ජනප්‍රිය වෙන්න මාකට් කරපු කාලේ ගැන. ජන සංගීතයේ මෙලඩි එකක් අරගෙන නිර්මාණ කළා. හිපොප්වලට වුණත් මෙලඩි දානවා. ඒ කාලේ ට්‍රේන්ඩ් එක ජන ගී තැල්ලක් දාගන්න එක. ඒ දවස්වල මාකට් එක ඒක. ඉන් මම මුදල් උපයා ගත්තා කියලා කියන්නෙ නැහැ. මුල් කාලෙ ජන සංගීතය මාකට් කර ගත්තේ ජනප්‍රිය වෙන්න. සහන් අයියා කියයි ඉතුරු ටික මාකට් කර ගත්ත විදිහ. සහන් රන්වලමෙහෙමයි, අපි උත්සහ කරන්නේ ජන සංගීතය මිනිසුන් අතර ප්‍රචලිත කිරීමට. එය ගෙන යන්න සිදුවෙලා තියෙන්නේ පවතින ප්‍රවාහයන් ඔස්සේ. ඒ ප්‍රවාහයන්වලට අපි මේ දේ නිර්මාණාත්මකව ඉදිරිපත් කරනවා. ඒ ප්‍රවාහයත් කොතරම් දුරට අපේ දේවල් භාවිත කරනවද කියන එක හරියට අවබෝධ කරගෙනද කියන ප්‍රශ්නය තිබෙනවා. මාකටින් එහෙම නැත්නම් මේක විකුණනවාද කියලා ඇහුවොත් විකිණීම හොඳ නැති දෙයක් වගේ අදහසක් එන්නෙ. ජන සංගීතය විකුණන් කන්න හොඳ නැහැ. නමුත් අපි දැන් ඉන්නේ භාණ්ඩ හුවමාරු ආර්ථිකයක නෙමෙයි. ජන සංගීතයතය හදාරන, ජන ගායනා කරන ශිල්පීනුත් මේ පාරිභෝගික සමාජයෙන් භාණ්ඩ මිලදී ගත යුතුයි. කඩේකට ගිහින් ඇඳුමක් අරගෙන ඒ මුදලට හරියන්න කවි දෙකක් කියන්නම් කියලා කියන්න බැහැ.ඒ නිසා ඔවුන් මුදල් උපයන්න ඕන. හැබැයි මුදල් ඉපැයීම සඳහාම ජන සංගීතය භාවිත කිරීම භයානකයි. ජන සංගීතය සමාජ ගත කිරීමේ මෙහෙවරේ ඉන්න අයට වෘත්තීය භාවයක් ඇති විය යුතුයි. සිනමාව තුළ කාම රැල්ල එනවා. ළමා සිනමා රැල්ල එනවා. තව කාලෙක කොමඩි සිනමා රැල්ල. තවත් කාලෙක රජ කතා රැල්ල එනවා. ඒ ඒ කාලෙට චිත්‍රපට හදනවා වගේ මේ කාලෙට ජන ගී කරනවා. තව කාලෙක වෙස්ටන් කරනවා. තවත් කාලෙක ඉන්දියන් කරනවා කියන එක හිතන්නෑ. අපි කරන්නේ ජන සංගීතය සමාජ ගත කිරීම. ඒක ඒ කාලවලට ගැළපෙන ලෙස ජන ගීතයට හානියක් නොකර කොහොමද කරන්නේ කියන එක තමයි හිතන්නේ. තුසිත් නිරෝෂන්මාකට් කරන්න වෙනවා. මාධ්‍ය උපයෝගි කර ගන්න වෙනවා. සහන් අයිය ජන ගී කොන්සට් එකක් කළත්, අනෙක් අය මාකට් කරන තැන්වල තමයි මාකට් කරන්න වෙන්නේ. සහන් රන්වලමේ කියන ප්‍රවාහයන් ඔස්සේ තතමයි යන්න වෙන්නෙ.තුසිත් නිරෝෂන් කවුරු හරි කියන්න පුළුවන් මාකට් කරනවා කියලා. නමුත් ඒක වචනයක් විතරයි. සහන් අයියා උත්සහ කරන්නේ මාකට් එකෙන් සේවයක් කරන්න. ජනප්‍රිය වෙන්න ජන සංගීතය භාවිත කිරීම ගැටලුවක් කියලා සහන් අයියා සඳහන් කළා.ජන සංගීතය භාවිත කිරීමේදී එහි නාදමාලාවල ගුණය නොනසන්න කටයුතු කළ යුතුයි. ඉන්දියානු සංගීතය ගත්තොත් මෙහි දුර ගමනක් ඇවිත් තිබෙනවා. අපේ සංගීතය තවම එතරම් දුර ඇවිත් නැහැ. එය සමහර දේවල් එක්ක එකතු කිරීමේදී අපි කල්පනාකාරි විය යුතුයි. අපි තවම ළදරු වයසේ ඉන්නේ. ළදරු වයසේදී දෙන කිරිපිටි, තරුණයාට දෙන කිරිපිටියි වෙනස්. ළදරු අවධියේදී ජන සංගීතය පරිස්සමෙන් බලාගත යුතුයි. අනාගත පරම්පරාවට මෙය මීට වඩා භාවිත කළ හැකි වෙයි. අපි ආදරේ කරන දරුවෙක් බලාගන්නවා වගේ බලාගන්න ඕන. තුසිත් කලින් කිව්වා ජන සංගීතය භාවිත කළේ ජනප්‍රිය වෙන්න කියලා. හැදෑරීමක් කරලද ජනප්‍රිය වෙන්න පාවිච්චි කළේ?අපේ මුල් අවධියේ තමයි එය ගොඩක් සිද්ධ වුණේ කියලා මම හිතනවා. මුල් කාලේ ඉරාෂ් මෙය භාවිත කර තිබුණා. මම හිතනවා ඒ නිර්මාණය සාර්ථකයි කියලා. මේක අපේ දෙයක් විදේශ රටකට ගෙනයාම සඳහා කළ එක් උත්සාහයක් විදිහට දකින්න පුළුවන්. %මනුසත් කැලේ^ වගේ නිර්මාණ දකින්න පුළුවන්. සහන් අයියේ මම ජන සංගීතය ගැන දන්නෙ නැහැ, ඉස්කෝලෙදි බොහෝ දුරට සංගීතය හදාරලා තියෙනවා. නමුත් මං මේ ජන සංගීතය භාවිත කරලා ගැටලුවක් ඇති වුණොත්, එය මට වගේම මගේ කණ්ඩායමටත් බලපානවා. මම ඒ නිසා කළේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටිය ධම්මිකා, තුෂාරි කියන අක්කලා දෙන්නගෙන් උපදෙස් ලබාගෙන නිර්මාණය සිදුකළ එක. තව තවත් සංගීත කණ්ඩායම් නිර්මාණය වුණා. ඒ අයත් භාවිත කළේ ජන සංගීතය. මං හිතන්නෑ දැන් ඒක කියනවා කියලා. වාසනාවකට අපේ සංගීත කණ්ඩායමට ජන සංගීතය ආශ්‍රයෙන් කරන නිර්මාණවලට කිසිම චෝදනාවක් එල්ලවෙලා නැහැ. සහන් රන්වලචිත්‍රපටයක් කරන්න යනවා කියමු. අපි කරන්න යන්නේ කරාටි චිත්‍රපටයක් නම් කරාටි උපදේශකවරයෙක්ගෙන් උපදෙස් ගන්න ඕන. ඒ වගේ ජන සංගීතයෙන් නිර්මාණයක් කරන්න යද්දී දැනුමක්, අත්දැකීමක් තියෙන කෙනෙක් ගෙන් උපදෙස් ගත යුතුයි. තරුණ පරම්පරාවට තුසින් කළේ දේ හොඳ දෙයක්. ඒකියි තුසිත් තාම ඒ ගැන බැනුම් අහන්නේ. තුසිත් නිරෝෂන්ලංකාවෙ ජන සංගීතය ගැන කතා කරනවා නම්, අංක 1 සහන් අයියගේ නිර්මාණ. අපි ඒවත් අහනවා. රන්වල බළකායේ නිර්මාණයක් කරන්න ඕන නැහැ. මම ඒ තුළින් දෙයක් ගන්නවා. අදහස් ගන්න නව දේවල් දැකලා ඉන්න ඕන. සහන් රන්වලජන සංගීතය පාවිච්චි කරන්න ඕන. මේක කෞතුක භාණ්ඩයක් නෙමෙයි, මේ ජන සංගීතය භාවිත විය යුතුයි. මගේ අදහස ලංකාවෙ සැම ශිල්පියෙකුට වගකීමක් තියෙනවා. තමන් ගීත 12ක් 14ක් හදන කොට එක ගීතයක්වත් ජන සංගීතයෙන් නිර්මාණය කරන්න හැම මාධ්‍යකටම වගකීමක් තියෙනවා. පැය 24න් විනාඩි පහක්වත් එවැනි ගීත ප්‍රචාරය කරන්න ඕන. ඉල්ලුමක් තියෙන කොට ජන ගීයෙන් නිර්මාණ කරන්න පෙළඹෙයි. කවුරුත් රියලිටි ඕන කියලා උද්ඝෝෂණය කළේ නැහැ. මිනිස්සු ඉල්ලන දේ කියලා අදහස් කරන්නේ %රේඩින්^ එක ඇත්තම නෙමෙයි. ලංකාවෙ යූටියුබ් එකේ ලක්ෂ තිහකට වඩා බලපු ගීත තියෙන්නෙ දෙක තුනයි. ඒකත් “ලොකු වුණාම වෙන්නේ කවුද^ ඒක මාධ්‍ය‘යේ ප්‍රචාරය වෙන්නෙත් නෑ. තුසිත් නිරෝෂන්සහන් අයියා, දැන් මාධ්‍යයෙ ඉඩකඩ තියෙනවා. ජන සංගීතය ආරක්ෂාකර ගැනීම වැදගත් කියලා සහන් අයියා කිව්වා. ජන ගී ආශ්‍රිත නිර්මාණ කිව්වම මතක් වෙන්නෙ ගමයි, පන්සලයි, වැවයි දාගැබයි. ගොඩක් අයට හිතන්නේ ඒ සංකල්ප ටික. සහන් රන්වලකුඹුරයි, වෙලයි, බන්ඩි ගොයමයි තමයි හිතන්නෙ. තුසිත් නිරෝෂන්රොක්, හිපොප්, මියුසික්වලටත් මේක යොදා ගන්න පුළුවන් නම්, තව විදිහකට ජන සංගීතය මිනිස්සු අතරට යන ක්‍රමයක් වෙයි. සහන් රන්වලමම විශ්වාස කරන දේ තමයි රන්වල බළකායට ජන සංගීතය මිනිසුන් අතරට ගෙන යනවාට වඩා වැඩි ඉඩක් තුසිත්ලට තියෙනවා. අපිට වඩා වැඩි තරුණ පිරිසක් ඉන්නවා. හැම තරුණ ශිල්පියෙකුටම මේ වැඩේ කරන්න පුළුවන්. සින්දු 10කින් 12කින් එකක් ජන සංගීතය කළ හැකියි. තුසිත්ටත් චෝදනාත්මකව කියනවා මුලින් භාවිත ජන සංගීතය භාවිත කළ තරම්, දැන් වැඩ කරන්නෙ නැහැ කියලා. තුසිත් නිරෝෂන්මම හිතල තමයි ජන සංගීතයෙන් මිදුණෙ. ජන සංගීතය ආශ්‍රිතව වැඩකරන ලෙස එක තැනකට කොටු කරනවා කියලා මට හිතුණා. ඉදිරියේදි ආනිවාර්යයෙන් ඒ නිර්මාණ කරනවා. සහන් රන්වලබටහිර සංගීතය හෝ ඉන්දියානු රාගධාරී සංගීතය විෂයක් ලෙස වර්ධනය වී හමාරයි. ජන සංගීතය ඉගෙන ගන්න. සිනමාව ඇමෙරිකාවේ ගිහින් ඉගෙන ගත්තා කියලා ඒ නිර්මාණ කරන්න බැහැ. ඒ රටේ ඥානය අරන් අපේ දේ පෝෂණය කරමු. අපේ ගේ ලස්සන කර ගත්තොත් අපිට නම්බුව. අපි අනුන්ගෙ ගෙවල් කොතරම් අලංකාර කළත් අපිට යන්න වෙනවා. ලංකාවෙ හොඳටම නටන බ්‍රේක් ඩාන්ස් වුණත් විදේශ රටක බ්‍රේක් ඩාන්ස් කරන කෙනා එක්ක බැලුවම පහළ මට්ටමක ඉන්නෙ. අපි කොච්චර ටයි දැම්මත්, අපිට සරම ඕන. අපි මේ රටේ මිනිස්සු.අපි කිමෝනාව ඇන්ද කියලා ජපනෙක් වෙන්නෙ නැහැ. අපි ඉපදුන දවසේ අම්මා අතට අරන් ප්‍රාර්ථනා කරන්නේ මේ රටට වැඩදායී මිනිසෙක් වෙන්න කියන එක. එහෙම නැතුව පොෂ් කොල්ලෙක් වෙයන් කියන්නෙ නැහැ. අපේ රටේ දේවල් සඳහා කාලය, ශ්‍රමය, ධනය වියදම් කරන්න නිර්ලෝභි විය යුතුයි. නිදුක් මධුෂික/ඡායාරූප මිහිර බණ්ඩාර   
වර්තමාන පරම්පරාව රටට ආදරේ කරනවා කියන එක පිළිගන්න අපි සූදානම් නෑ
0
hp_train_1814
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කළුතර රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වැසි වාර කිපයක් ඇති වේ.ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
අද වහින පළාත් මෙන්න
0
hp_train_1815
(*** ජේ.ඒ.එල්. ජයසිංහ)පක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් ඉදිරි කටයුතු සාර්ථක කර පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ වගකීම යැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ.මල්වතු මහනාහිමියන් එසේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවේය.රුවන් විජයවර්ධන මහතා ඇමතූ මහ නාහිමියෝ එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන නායකත්වය අර්බුදයට තවම විසඳුමක් නැද්ද? පක්ෂයේ අර්බුද තවම තිබෙනවා දැයි ප්‍රශ්න කළහ.ඒ අවස්ථාවේදී මල්වතු මහානායක හිමියන් හමුවේ කරුණු දැක් වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීවේය.පක්ෂයේ පවතින ප්‍රශ්නවලට හෙට අනිද්දා වන විට විසඳුම් ලැබේවි. ඉක්මණින්ම පක්ෂය හදාගන්න ඕනෑ. එක පැත්තකින් දැන් හොඳ අවස්ථාව උදාවී තිබෙනවා.අපෙන් ඈත් වී ගිය අය සියලු දෙනා එකතු කරලා සාකච්ඡා කරමින් පියවර ගත යුතු වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ පක්ෂයෙන් ඈත් වී නැහැ. සේරම අය ඉන්නවා. මල්වතු මහානායක හිමියන් සමග දීර්ඝ වේලාවක් පෞද්ගලික සාකච්ඡාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු නියෝජිතයා කඩිනමින් පත් කිරීමට පියවර ගන්නවා. ඉදිරි දින කීපයේදී ඒ කටයුත්ත නිමා කෙරෙනවා. මේ අවස්ථාවේ එජාපයේ අප ලැබූ පරාජයන් ඉදිරි ජයග්‍රහණය සඳහා ශක්තියක් වෙනවා. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කර සියලුම පාක්ෂිකයන් ඒකරාශී කරමින් පක්ෂයේ වෙනසක් සමග පක්ෂය ඉදිරියට ගෙන යාමේ වගකීම අප සතුව තිබෙනවා. ඒ සඳහා අප පියවර ගන්නවා.අපේ පක්ෂය තුළ අඩුපාඩු තිබුණා. අපේ පක්ෂයෙත් යම් යම් වැරදි සිදු වුණා. ඒවා සියල්ල අවධානයට යොමුකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් මැතිවරණයේදී අපට කියා දුන් පාඩම හොඳින් අධ්‍යයනය කර පාක්ෂිකයන්ගේ හිත දිනාගෙන පක්ෂය නැන්වීම අපේ එකම අපේක්ෂාවයි.පක්ෂයේ ක්‍රියාකාරීන්, සංවිධායකයන් මේ අවස්ථාවේ පක්ෂය ඉදිරියට ගෙන යන්න, පක්ෂය ඔසවා තබන්නට සෑම අතින්ම ශක්තිමත් නායකත්වයක් දෙන්න, මට පක්ෂ නායකත්වයට එන ලෙස ඉල්ලීම් කළා. පාක්ෂිකයන්ගේ අදහස්වලට සවන් දිය යුතුයි.පක්ෂයට නව නායකත්වයක් අවශ්‍යයි කියා පාක්ෂිකයන් ඉල්ලා සිටියා. පක්ෂයේ නායකයන් හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් කවුද? පක්ෂයේ නායකයා ලෙස පත් කරන්නේ කියලා තීරණය කරනවා.පක්ෂයේ නායකත්වයට සුදුසු බොහෝ අය ඉදිරිපත් වී ඉන්නවා. ඒ අය දක්ෂයි. ඒ අය පක්ෂය වෙනුවෙන් කැප වූ අයයි. ඒත් මමත් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙනවා. රටේ සමස්ත එජාප පාක්ෂිකයෝත් ඉල්ලීමක් කළා. ඒ මටත් පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වෙන්න කියලයි. මහා සංඝරත්නයත් මහානායක හිමිපාණන් වහන්සේලාත් ඉල්ලීමක් කළේ පක්ෂයේ නායකත්වය බාර ගන්න කියලයි. මහාසංඝරත්නයේ ආශිර්වාද ගෙන මමත් පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් වෙනවා.බෞද්ධ ඡන්ද පදනම තහවුරු කරගෙන රටට දැවැන්ත සේවයක් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. රටට විශාල සංවර්ධනයක් විශාල සේවයක් කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල පක්ෂයයි. මේ පක්ෂය නිකන්ම දියකර හරින්න බැහැ. ඒ නිසා පක්ෂය ගොඩ ගත යුතුයි.එක්සත් ජාතික පක්ෂය යළි ගොඩගන්න පක්ෂයට යළි පුනර්ජීවය දෙන්න ග්‍රාමීය මට්ටමට ගොස්, පක්ෂයේ පුංචි පුංචි සාමාජිකයා අතරට ගොස් සාමාන්‍ය ජනතාව හා සම්බන්ධ වෙමින් බෞද්ධ පදනම ස්ථාවර කරගෙන සියලු පාක්ෂිකයන් ඒකරාශී කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යෑම මගේ අපේක්ෂාවයි.රනිල් වික්‍රමසිංහ මහතාව අමතක කරන්න බැහැ. එතුමා පක්ෂය වෙනුවෙන් විශාල කැපවීම් කළා. පක්ෂයේ අර්බුද නිරාකරණය කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළ නායකයායි. එතුමාගේ ද අවවාද අනුශාසනා ගෙන අපෙන් වෙන් වී කැඩී ගිය පාක්ෂිකයන් ඒකරාශී කර ගැනීමට කටයුතු කරනවා.පක්ෂයේ තරුණ පිරිස ශක්තිමත් කරගනිමින් විශාල කැපවීමක් කර පක්ෂය හදාගන්න උපරිමව මා කැප වෙනවා.සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ද බැහැ දුටු රුවන් විජයවර්ධන මහතා උන්වහන්සේගේ ද ආශිර්වාද ගත්තේය.එහිදී රුවන් විජයවර්ධන මහතා හමුවේ අනුශාසනාවක් කළ අස්ගිරි මහා ලේඛකාධිකාරි හිමියෝ මෙසේ පැවසූහ.අපේ අදහස මුල සිට ඔබතුමා වැනි අයෙකු ගැනයි. ඔබට උරුමයකුත් තිබෙනවා. ඔබ වැනි තැන්පත් ගුණාංග තිබෙන අයෙකු නායකත්වයට සුදුසු කෙනෙකු බව අපේ හැඟීමයි. බෙදී වෙන් වී තිබෙන එක්සත් ජාතික පක්ෂය ගැන හිතා සියලු දෙනා ඒකරාශී කර ගෙන පක්ෂය ඉදිරියට ගෙන යා යුතුයි. එය ඔබට කළ හැකි බවට අප තුළ විශ්වාසයක් තිබෙනවා. පක්ෂයකට නායකත්වයක් අවශ්‍යයි. එහෙම නායකත්වයක් තිබෙන පක්ෂයක් වටා සේරම දෙනා එකතු වෙනවා. රටට අහිතකර දේ වෙනවා නම් ඒවා ගැන කතා කරන්න ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි.ප්‍රශ්න හා අවුල් වියවුල් කලින් කලට වෙනස් වේවි. බිම් මට්ටමේ සිටින ජනතාවගේ සිත් දිනාගෙන පක්ෂයට නායකත්වය දී ඉදිරි වැඩ කරගෙන යන්න.රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන අත්දැකීම්, එතුමාගේ දක්ෂතා, පරිපාලන දක්ෂතා, මනා කළමනාකරණය ගැන අප දන්නවා.විරුද්ධ පාක්ෂිකයන් හා වෙනත් පාර්ශ්ව මොනවා කීවත් රනිල් වික්‍රමසිංහ මහතාව අනුශාසක මට්ටමේ තියාගෙන කටයුතු කරන්න.ඩී.එස්. සේනානායක පරපුරෙන් එන ඔබ රටේ ගෞරවයක් දිනා ගත් පවුලක සාමාජිකයෙකු වනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා රටට, එක්සත් ජාතික පක්ෂයට විශාල සේවයක් කළා. බුදු දහම මූලික කර ගනිමින් සියලු කටයුතු කරගෙන යන්න. 
පසුගිය වසර 20 දුර්වලතා ගැන වජිර අබේවර්ධන කියයි
0
hp_train_1816
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 93 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 53359 ක් අත්අඩංගුවට ගෙන ඇත. 
නීති කැඩු 94ක් අල්ලයි
0
hp_train_1817
(ඩයනා උදයංගනී)දිවයිනේ නිරිතදිග කොටස්වල අද (15) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු පළාතේත්, අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40ක 50 ක පමණ වේගවත් සුළං හැමිය හැකි බව ඔහු පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
කාලගුණයේ වෙනසක් අද
0
hp_train_1818
(හර්ෂණ තුෂාර සිල්වා) රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය.   රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 11 වැනිදා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.29ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.  මේ වසරේ ජනවාරි 1 වැනිදා මැයි 11 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.   රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය.  පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.    (ඡායාරූප රොයිටර්)  
රුපියල පහළටම වැටෙයි
1
hp_train_1819
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ භාණ්ඩාගාරය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.  බලධාරීන් ප්‍රශ්නය විසඳීම වෙනුවට එය තවත් දිග්ගස්සමින් සිටින බැවින් කිරිපිටි ආනයනය කිරීම, අලුතෙන් ඇනවුම් කිරීම සහ දැනට තිබෙන තොග නැවැත්වීම හැර වෙනත් තේරීමක් නැතැයි ද කිරිපිටි ආනයනකරුවෝ අනතුරු ඇඟවූහ.  රජය කිරිපිටි මිල ගණන් ඉහළ නැංවීමට ඉඩ ලබා නොදෙන්නේ නම් ඉදිරි සති දෙක තුනක කාලයේදී රට තුළ කිරිපිටි හිඟයක් ඇති වනු ඇතැයි ද කිරිපිටි සමාගම් කිහිපයක ප්‍රධානීහූ කීහ.   කිරිපිටි සමාගම් වර්තමානයේදී මසකට රුපියල් මිලියන 30ත් 40ත් අතර පාඩුවක් ලබන බවත් කිරිපිටි මිල ගණන් රුපියල් 100කින් වැඩි කිරීමට රජය අවසර ලබා නොදෙන්නේ නම් ව්‍යාපාර කටයුතු නැවැත්වීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඔවුහු පැවැසූහ.   රුපියල අවප්‍රමාණය වීම, රුපියල් 15ක තීරු බද්ද, සියයට 15ක එකතු කළ අගය මත බද්ද (වැට්), සියයට 7.5ක වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද, කිලෝවකට පනවන ජාතිය ගොඩනැගීමේ බද්ද රුපියල් 135 සිට 170ක් දක්වා වැඩි කිරීම යනාදිය ද ඇතුළුව සියලු බදු වැඩි වීම් හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ පිරිවැය වැඩි වී ඇති බවත් ඔවුහු පෙන්වාදුන්හ.  ඊට අමතරව ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් ද ඉහළ ගොස් ඇත.  (සන්ඬේ ටයිම්ස් ව්‍යාපාරික වාර්තාකරු )(055) 
කිරිපිටි ගෙන්වීම අර්බුදයක
0
hp_train_1820
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 13/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36278055ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ32278570වැසි ස්වල්පයක්.ගාල්ල30259080වැසි වාර කිහිපයක්.යාපනය34288060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29239070වැසි ස්වල්පයක්.නුවරඑළිය19149575වැසි ස්වල්පයක්.රත්නපුරය32259570වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35288050ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32279070ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
‘තැනින් තැනට සුළු සුළු වැසි‘
0
hp_train_1821
(අජිත්ලාල්  ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුව වැඩි ඡන්ද 22කින්  අද (21) සම්මත විය.බළන්ගොඩ දිගදුරේ පිහිටි ප්‍රදේශීය සභා කාර්යාල ශ්‍රවණාගාරයේදි සභාපති එම්.එම්.සුනිල් ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. පසුගිය මාසයේ අයවැය ලේඛනය ඉදිරිත් කෙරුණු අතර එහිවූ යම් යම් කොටස් සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස සභිකයන් කළ දැනුම්දීම මත මෙදින එකී කොටස් සංශෝධනය කර සභාවට ඉදිරිපත් කරන ලදි. එහිදී අයවැයට පක්‍ෂව සභාපතිවරයා ඇතුලු පාලක ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 17 දෙනාද, එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන උප සභාපති නිහාල් විජයානන්ද මහතා ප්‍රමුඛ සභිකයන් 04 දෙනාද, ශ්‍රීලංකා ප්‍රගතිශීලී පෙරමුණේ සභිකයන් දෙදෙනාද ඇතුලුව සභිකයන් 23 දෙනෙක් පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ සභික එම්.බී.කේ. ගුණරත්න මහතා මෙම අයවැය හරයක් හෝ තේරුමක් ඇති අයවැයක් නොවන නිසා ඊට විරුද්ධවන බව පවසා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. විපක්‍ෂනායක එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සහන් බෝපිටිය මහතා මේ අවස්ථාවේ සභාවේ නොසිටියේය. එහෙත් සභාවේ සිටි එජාප සභිකයන් 10 දෙනා ඡන්දය දීමෙන් වළකී සිටියේය. ඒ අනුව බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 22කින් සම්මත විය. ඡන්ද විමසීම අවසන් වූ පසු විපක්‍ෂනායක එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සහන් බෝපිටිය මහතා සභාවට පැමිණීම කාගේ අවදානයට ලක්විය.
බලන්ගොඩ නගර සභා අයවැය පරාදයි
0
hp_train_1822
  (රොමේෂ් මධුෂංඛ)මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය හා දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකර ඇති නඩුව අද (22) දිනයේ කැඳවූ අවස්ථාවේදී නඩුව 28 වැනිදා දක්වා කල්දැමීමට මුලතිව් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා  නියෝග  කළේය.මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා අද (22) දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් වැඩ බලන විනිසුරුවරයාට නඩුව විභාගය කිරීමට හෝ තීන්දුවක් ලබා දීමට අවස්ථාවක් නොමැති හෙයින් මෙසේ නඩුව ලබන 28 වනදා දක්වා කල් දැමීමට මුලතිව් වැඩබලන මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.පෙබරවාරි 12 වනදා මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වාර්තාවක් කැඳවා තිබූ අතර ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී. බී.මණ්ඩාවල මහතා විසින් මුලතිව් අධිකරණයේදී පෙනී සිටිමින් අදාළ වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරය පුරාවිද්‍යා පනත මගින් නියාමනය වන පුරා විද්‍යා ස්ථානයක් බවටත් ගුරුකන්ද රජමහා විහාරය පවතින් ස්ථානයේ මුලතිව් කෝකිලායි මාර්ගය දෙපසම මැනුම්ගත කරන ලද පුරාවිද්‍යා ස්මාරක සහිත ප්‍රදේශයක් වන බවත්ය.
ගුරුකන්ද රජමහා විහාරයේ නඩුව කල් යයි
1
hp_train_1823
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, කලවාන - උපේන්ද්‍ර ජාතුන්ගම, වේවැල්කඳුරේ - පත්ම බන්දු, අම්බලන්ගොඩ - හේමන්ත සිල්වා සහ ගෝනාපීනුවල - දයා සිරිල් ධම්මික)“දූෂණ-වංචා සහ ජාතික සම්පත් කොල්ලකෑම්වලට සම්බන්ධ කිසිවකුත් තම රජයට ඇතුළත් කරගන්නේ නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කලවානේදී පැවැසීය.“යල් පැනගිය ඇටුවන් බැහැපු අය සමඟ නොව අලුත් ජවය ශක්තිය සහිත සමස්ත පුරවැසි පරපුර ශක්තිමත් කරන රජයක් බිහිකරන බවද” ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.කලවාන ජන රැලියට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් මෙදින හිනිදුම, බෙන්තර, ඇල්පිටිය, රජ්ගම, බලපිටිය සහ බණ්ඩාරගමදී ද ජන රැලි පැවැත්විණි.කලවාන ජනරැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.“රත්නපුර දිස්ත්‍රික්කයේ දියුණුව ගැන සිතන සැමගේ සිහිනය වන්නේ ආපදා නොවන ආකාරයට, පරිසර හානියක් නොවන ආකාරයට රුවන්පුර අධිවේගී මාර්ගය නිර්මාණය කිරීමයි. 16 වැනිදායින් පසුව වැඩක් කරන, වැඩක් කළ හා දැවැන්ත වැඩක් කරන්න සිටින පුද්ගලයකු ලෙස රුවන්පුර අධිවේගී මාර්ග සිහිනය සැබෑ කරනවා.ගංවතුරෙන් යටවන අයගම හරහා දිවෙන ඉඩංගොඩ කලවාන මාර්ගය මංතීරු දෙකක් සහිතව සංවර්ධනය කරනවා. කුකුළේ ගඟ විදුලි යෝජනා ක්‍රමය ස්ථාපිත කිරීම තුළ පීඩාවට අසහනයට පත්වූ ජතතාවට සහන මා දෙනවා. කුකුළේ ගඟ ව්‍යාපෘතිය හරහා අසාධාරණයට ලක් වූ සැමට සුදුසු වන්දි ගෙවනවා.රබර්, තේ, කර්මාන්තය, පතල් කර්මාන්තය, සුළු අපනයන භෝග හා ගම්මිරිස් වගාව යන කර්මාන්තවල බොහෝ දෙනෙකු නිරතව සිටිනවා. මෙරට කෘෂි විප්ලවයක් මා අරඹනවා. මෙරට ජනතාවට අවශ්‍ය ආහාර ඉල්ලුම මෙරටින් සපුරනවා. පිටරටින් ආනයනය කරනවා වෙනුවට අපේ වගා විප්ලවය තුළ රටේ ඉල්ලුමට සැපයුම දෙනවා පමණක් නොව මෙරට කෘෂි නිෂ්පාදන අපනයනය කරන්න ද කටයුතු කරනවා.වී වගාව හෝ වේවා තේ-පොල්-රබර් වගාව වේවා එළවළු-පලතුරු ගොඩ භෝග වගාව ශක්තිමත් කරන්න නිෂ්පාදන වියදම පහත හෙළන්න සියලු පොහොර වර්ග නොමිලේ දෙනවා. ඊට අමතරව තේ සඳහා හොඳ සහතික මිලක් දෙනවා. ගම්මිරිස්වලට හොඳ මිලක් දෙනවාසේම ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කරනවා.තේ කර්මාන්තය නඟා සිටුවීම සඳහා විශේෂ අවධානය යොමු කරනවා. තේ කර්මාන්තය සශ්‍රික කරනවා. තේ කර්මාන්ත ශාලා නැවතත් ශක්තිමත් කර කුඩා තේ වතු හිමියන්ගේ නිෂ්පාදන කටයුතු ජව සම්පන්න කරනවා.පතල් කර්මාන්තයේ නිරත වෙන සියලු දෙනාට මා කියන්නේ 16 වැනිදා නිර්මාණය වන්නේ නව යුගයක්. ඒ නව යුගය තුළ පරිසරය ආරක්‍ෂා කරමින් පතල් කර්මාන්තය කරගෙන යන්න අවශ්‍ය ශක්තිය දෙනවා.මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පත් කිරීම මේ කර්මාන්තයේ නිරත සියලු දෙනාට දෙනවා. පතල් කර්මාන්තයේ නිරතවන අයට අවසරය ගන්න එක එක තැන්වලට යන්න වෙලා. එකම තැනක සිට ඒ අවසරය දෙන ක්‍රියාවලිය මා ක්‍රියාත්මක කරනවා. පතල්කරුවන් ව්‍යාපාරිකයන් රස්තියාදු වූ යුගයට මා තිත තබනවා.මේ බල ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නය විසඳන්න දිය හැකි උපරිම සහයෝගය මා දෙනවා. නිවාස ඉදි කරන්න, ඉඩම් ගන්න ගැටලුවක් තිබෙනවා. රටේ ජනාධිපතිවරයා ලෙස 2025 සියලු දෙනාට සෙවන දෙන අවස්ථාවේදී මේ ප්‍රදේශයටත් නිවාස දෙනවා.සංචාරක කර්මාන්තය හොඳින් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මකයි. එය තවදුරටත් ශක්තිමත් කර බලප්‍රදේශය ඍජු සංචාරක කලාපයක් බවට පත් කරනවා. ලෝක උරුමයක් වන සිංහරාජයට ඍජු සම්බන්ධතාවක් කලවානට තිබෙනවා. දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණය වන බලප්‍රදේශයක් ලෙස කලවාන දියුණු කිරීමේ වගකීම මා භාර ගන්නවා. මේ බල ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස පත් කොට ප්‍රදේශයේ ජනතාවගේ අතමිට සරු කරනවා.පතල් කර්මාන්තයේ නිරතව සිටින කම්කරුවන් ඉතා ලොකු අවදානමක් ගෙන තමයි පතල් කර්මාන්තයේ නිරත වන්නේ. පතල් කර්මාන්තයේ නිරත අය වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ඇතිකර පතල්කරුවන්ගේත් ඔවුන්ගේ පවුල්වලත් ආරක්ෂාව සුරක්ෂිත කරනවා.මෙරට දුගී - දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කර එය දිරි ගන්වනවා. එතැනින් නතර නොවී හැමදාම රටේ දුප්පත්කම තිබිය නොහැකියි. දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා.පාසල් යන දුවා දරුවන්ට මගේ පියාණන් නිල ඇඳුම්, දිවා ආහාරය දුන්නා. නමුත් මගේ ප්‍රතිවාදියාගේ කණ්ඩායම පාසල් දූ දරුවන්ගේ දිවා ආහාරය කපා දැමුවා. මෙරට පාසල් දරුවන් වෙනුවෙන් කළ යුතු නොනිමි මෙහෙවරක් තිබෙනවා. මෙරට 44 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි, දිවා ආහාරයයි, සපප්තු කුට්ටමයි තුනම මා ජනාධිපති වූ පසු දෙනවා.කිසිවකු පෙර පාසල් අධ්‍යාපනයට අවධානය යොමු කරන්නේ නැහැ. දරුවෙකුගේ මොළය වර්ධනය වෙන්නේ ඉපදුනදා සිට අවුරුදු පහක් යන තුරුයි. එය වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. සියයට 80ක මොළය වර්ධනය වන්නේ අවුරුදු පහක කාලය තුළයි. නමුත් මේ කාලය තුළ නොමිලේ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඒ දරුවන්ට වෙනම ශක්තිය දෙන්නේ නැහැ. ඒ නිසා පෙර පාසල් ගුරුවරුන්ගේ, සහාය පාලිකාවන්ගේ ගෞරවය රැක ඔවුන්ගේ වැටුප් - චේතන රාජ්‍ය අනුග්‍රහය යටතේ සෑම පෙර පාසල් අධ්‍යාපනය නිදහස් නිවහල් අධ්‍යාපන ක්‍රමය බවට පත් කරනවා.හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක කර්මාන්තපුර හදනවා. එවිට තරුණ - තරුණියන්ට ගමේ ඉඳගෙනම රැකියා කිරීමේ අවස්ථාව උදාවෙනවා.අපේ රටට එන්න තිබෙන ඍජු විදේශ ආයෝජන කාම්බෝජයට, ඉන්දියාවට, වියට්නාමයට, බංග්ලාදේශයට යනවා වෙනුවට මෙරටට ගෙන්වා ගන්නවා. එමගින් තරුණ-තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් දෙනවා.පොලිස් නිලධාරීන් ගැන වචනයක් කිව යුතුයි. කණගාටුවෙන් වුවද කිව යුත්තේ ඔවුන්ට ලැබිය යුතු රුපියල් 20,000 බටා එක දෙන්න යනකොට අපේ විරුද්ධවාදීන් මැතිවරණ කොමිසමට කියා එය නතර කළ බවයි. මා පොලිස් නිලධාරීන්ට කියනවා ජනාධිපති වී පැය 72ක් තුළ බටා එක පමණක් නොව ආහාර දීමනාව ද දෙන්න මා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. උස් පහත් බේදයකින් තොරව ඒ ආහාර දීමනාව දෙනවා. තනතුරු අනුව එය වෙනස් විය නොහැකියි. ලබන 16 වැනිදා මා ආරම්භ කරන්නේ නව යුගයක නව ආරම්භයයි. අලුත් ගමනක් බොරු නොකියන ගමනක් මර්දනය නැති ගමනක් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් පොදුජන අයිතිය ශක්තිමත් කරන ගමනක් පනස් දෙහැවිරිදි ජනාධිපතිවරයෙකු පත්කර ගෙන දිවා රෑ නොබලා ශීඝ්‍රගාමී සංවර්ධන යුගය නිර්මාණය කරන්න සියලු දෙනාම හයිය දෙන්න.මෙරටට අවශ්‍ය යල් පැන ගිය, ඇටුවන් බැහැපු අය නොව අලුත් ජවය අලුත් හයිය සමඟ තරුණ කාන්තා පරපුරට, සමස්ත පුරවැසි පරපුරටම ශක්ති දෙන නව රජයක් දූෂණය මර්දනය කළ කොල්ල කෑම කළ ජාතික සම්පත් විනාශ කළ කිසිවකු මගේ රජයට ඇතුළත් කර ගන්නේ නැහැ. පිරිසුදු ගමනක් පවිත්‍ර දර්ශනයක් ජනතාවාදී ජනහිතකාමී පිළිවෙතක් හරහා අනිවාර්යෙන්ම මා රට දියුණු කරනවා. එමෙන්ම පුරවැසි පරපුරම රැක ගන්නවා. අපේ මාතෘ භූමිය දිවි හිමියෙන් සුරකිනවා.මා ජනතාවට කියන්නේ ගෙයක් - ගෙයක් ගානේ ගොස් පක්ෂ පන්ති පාට බේදයකින් තොරව අලුත් - අවංක - පිරිසුදු ගමන, භීෂණයෙන් තොර ගමන, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් තොර ගමන, සුදු වෑන් වලින් තොර ගමන, මිනීමැරුම්වලින් තොර ගමන ජනතාව ජීවත් කරවන ගමනට ශක්තිය දෙන්න කියලයි.වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500ක් කරමින් රටේ සියලු දෙනාට සෞභාග්‍ය සම්පන්න අනාගතය නිර්මාණය කරනවා යයි”ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය සමුළුව ඇමතූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා :-“මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි. මෙය ජනාධිපතිවරණයක් පමණක්ම නොවෙයි. ජනාධිපතිවරණයෙන් තේරී පත් වන ජනාධිපතිවරයා ලබන මාර්තු මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට තීරණයක් ගත යුතුයි. ඒ වගේම පළාත් පාලන මැතිවරණ පැවැත්වීමටත් අවශ්‍ය පියවර ගත යුතුයි.ඒ නිසා ජනාධිපතිවරණයේදී නිවැරදි හා බුද්ධිමත් තීරණය ගැනීම වෙනුවෙන් ජනතාව මෙහෙය වීමේ වගකීම මාධ්‍යවේදීන් සතුයි.රාජපක්‍ෂ යුගයේදී මිනිස් නිදහස හෙමින් - හෙමින් ඇකිලිගෙන යන ආකාරය අප දුටුවා. කතා කිරීමේ නිදහස පාලනය වෙන ආකාරය දැක්කා. එරෙහිව කටයුතු කරන මාධ්‍ය ආයතනවලට කළ කී දෑ අප දැක්කා. ඒ වගේම විරුද්ධවාදීන් මර්දනය කිරීමට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිරගෙට දැම්මා”.නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග සහ හේෂා විතාන, එක්සත් ජාතික පක්‍ෂ කලවාන ආසන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක යන මහත්වරු ද අදහස් දැක්වූහ.අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ද ජන රැලියට සහභාගි වී සිටියාය.
“තම නීති රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි මට බලකරන්න කිසිදු රටකට හැකියාවක් නෑ“
0
hp_train_1824
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)බැඳුම්කර වංචාව නමැති නිධානය ගොඩගත්ත අය රවි කරුණානායක බිල්ලට දීලා ඇඟ බේරගන්න හදනවා නම් ඒකට ඉඩ දෙන්න බැහැ. නිධානය ගොඩගත්ත අයයි ඒකට උදවු කරපු අයයි, ඔත්තු බලපු අයයි සියලූදෙනාම නීතිය හමුවට ඉදිරිපත් කර දඬුවම් කළ යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ඊයේ (08) පැවසීය.පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ විජිත හේරත් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.ජනාධිපතිවරණය වෙලාවේ ප‍්‍රධාන සටන් පාඨය වුණේ රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් වංචාවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම. මේ ආණ්ඩුව බලයට එද්දි ප‍්‍රධාන සටන් පාඨය වුණෙත් හොරකම් වංචාවලට එරෙහි වීම හා යහපාලනය ඇති කිරීමයි. නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් මාසයක් යන්න කලින් මේ රටේ දැවැන්තම වංචාව මහබැංකු බැඳුම්කර වංචාව සිදුකළා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනකොට රාජපක්ෂ පාලනයේ හොරකම් පවා යටගහමින් ඒ අයත් එකතු කරගෙන ආණ්ඩුව වැඩකරගෙන ගියා. ප‍්‍රධානම සිදුවීම තමයි ඇවන්ගාඞ් සිදුවීම. ඇවන්ගාඞ් වංචාව පිළිබඳ තොරතුරු හෙළිවී තිබියදී මේ ආණ්ඩුවේ ඇමැතිවරු තුන්දෙනෙක් ඒවා යට ගහන්න හැදුවා. අපි ඒවා හෙළිදරව් කළා. ඒ සමග මේ අයට එරෙහිව ජනතා විරෝධය ඇති වුණා. තිලක් මාරපන ඇමැතිවරයා ඉල්ලා අස්වෙලා මේක තාවකාලිකව යටපත් කරන්න උත්සාහ කළා. දැන් නැවතත් එතුමාට ඇමති ධූරයක් ලබාදී තිබෙනවා. ඒ වගේම මෙම සිදුවීමට අදාළ ප‍්‍රධාන චූදිතයන්ට නීතිය ක‍්‍රියාත්මක කර නැහැ. බරපතළ චෝදනා ලද එදා හිටි ඇමතිවරු මේ ආණ්ඩුවෙත් ඇමැතිවරු වෙලා තිබෙනවා.මහබැංකු බැඳුම්කර වංචාව ගැනත් දැන් සියල්ල හෙළි වී අවසන්. අධිකරණයක් මගින් වැරැදිකරුවන් කවුද කියලා තීන්දු නොකළාට ජනතා අධිකරණය හමුවේ වැරැදිකරුවන් කවුද කියලා තීන්දු කර හමාරයි. කෝප් කමිටුව මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරද්දී එයත් යටපත් කරන්න ඇතැම් මන්ත‍්‍රීවරු කෝප් කමිටුව තුළදීත් උත්සාහ කළා. කෝප් වාර්තාව පදනම් කරගෙන නීතිපතිට නඩු පැවරිය හැකියි. නමුත් එසේ කළේ නැහැ. ජනාධිපති කොමිසම පත්කළේ ඒ අතරයි. එයින්ද අලූත් කරුණු ඇවිත් තිබෙනවා. මේ තරම් තොරතුරු හෙළිවී තිබියදීත් රවි කරුණානායක මහතා අතින් වරදක් සිදුවී නැහැයි කියන්න ඇතැම් මැති ඇමැතිවරුන් කටයුතු කරමින් ඉන්නවා. බැඳුම්කර වංචාව නිසා රුපියල් කෝටි පන්දාස් පන්සීයකට වැඩි මුදලක් මේ රටේ ජනතාවට අහිමි වුණා. පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ අර්ථසාධක අරමුදලේ මුදල් තමයි මේ හොරකම් කරලා තමන්ගේ සුඛ විහරණයට මේ ඇමැතිවරු හා නිලධාරින් යොදාගෙන තිබෙන්නේ. රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් එක්ක බැලූවාම මේක ලූනු බිකක් වගේ කියලා. එතුමාත් ඒ ආණ්ඩුවේ හිටියා. එදා ඒ හොරකම් ගැන කිව්වේ නැහැනේ. රාජපක්ෂ ආණ්ඩුව කියන්නේ රාජිත නැති එකක් නෙවෙයි. ඒ ආණ්ඩුව කාලේ තමයි රාජිත සේනාරත්න ධීවර ඇමැති හැටියට සිටියදී මසකට රුපියල් ලක්ෂ දාහතකට බදු දෙන්න පුළුවන් මෝදර ධීවර වරාය මසකට රුපියල් දෙලක්ෂ පනස්දාහකට බි‍්‍රතාන්‍ය සමාගමකට වසර විසිපහකට බදු දෙන්නේ. එහි පාඩුව කීයද? රුපියල් කෝටි හතළිස් හතක්. මේක ලූනු බිකක්ද? ඒවත් ලොකු හොරකම්. මේවත් ලොකු හොරකම්.එදා රාජපක්ෂලා කරපු හොකරම් අබිබවා යාමේ තරගයක මේ ආණ්ඩුව ඉන්නවාද කියලා අපිට හිතන්න වෙලා තිබෙනවා. ලොකු හොරුන්ට දඬුවම් ලබාදී පොඩි හොරුන් නිදහස් කිරීමද රාජිතලාගේ න්‍යාය? ඒ ආණ්ඩුවේ සිටියදී නැව් ගිලපු මේ ආණ්ඩුවේත් සිටින ඇමැතිවරුන්ට මේ හොරකම් ලූනු බිකක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් මේ මහාපරිමාණ හොරකම් එදා වුණත් අද සිදුවුණත් ඒ හොරුන්ට නීතීය ක‍්‍රියාත්මක කළ යුතුයි. ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා කියනවා හොරු නැති ආණ්ඩුවක් මෙතෙක් බිහිවෙලා නැහැ කියලා. ඒ කියන්නේ එතුමා පිළිගන්නවා අවුරුදු හැට නවයක් තිස්සේ මේ රට පාලනය කරපු හැම ආණ්ඩුවක්ම හොරුන්ගෙන් පිරි තිබුණා කියලා. ඒ කියන්නේ ජනතාව පත්කරලා තිබෙන්නේ හොරුන්ගේ ආණ්ඩු. දැන් ජනතාවට අවස්ථාව ලැබිලා තිබෙනවා හොරුන්ගෙන් තොර ආණ්ඩුවක් බිහිකර ගන්න.බැසිල් රාජපක්ෂ කියනවා ජනතාවගේ මුදල්වලින් පෞද්ගලිකව ප්ලේන්ටියක් වත් බීලා නැහැ කියලා. මල්වානේ මාලිගාව හැදුවේ කොහොමද? මේ හොරකමින් ඒ හොරකම් වහන්න බැහැ. අද විශ්වාසභංගය ගේන්නේ ඒ වගේ චෝදනා තිබෙන අය. ඒ අයට මෙවැන්නක් ඉදිරිපත් කරන්න සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද කියලා ප‍්‍රශ්නයක් තිබෙනවා. එහෙත් මෙවැනි විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි කියලා අපිත් අදහසක සිටියා. ඒකාබද්ධයෙන් එය ගෙනත් තිබෙනවා. ගෙනාපු කෙනා කවුරු වුණත් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි එයට සහයෝගය ලබාදෙන්න තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය කියනවා අපි කරපු හොරකම මේ තරම් විශාල ඒවා නෙවෙයි කියලා. මේ ආණ්ඩුව කියනවා අපේ අයගේ හොරකම් ඒදා ඒවා තරම් ලොකු නැහැ කියලා. මුට්ටිය කේතලේට කියනවා අපිට වඩා ඔයා කළුයි කියලා. කේතලේ මුට්ටියට කියනවා නෑ අපිට වඩා ඔයාලා කළුයි කියලා. ජනතාවට පේන්න  ඕන දැන් මේ දෙකම කළුයි, දෙකම එකයි කියලා. දෙක දෙකෙන් බෙදුවාම ශුන්‍ය වෙන්නේ නැහැ වගේ එක වරදක් තවත් වරදකින් ශුන්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ හොරකම් වංචා නැවැත්වීමට ආණ්ඩුව පැත්තෙන් ක‍්‍රියාමාර්ග ගත යුතුයි.ආණ්ඩුව බලයට එද්දී මැතිවරණ පොරොන්දුවක් දුන්නා හොකරම් වංචා පිළිබඳව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන්න විශේෂ අධිකරණයක් පත් කරනවා කියලා. දැන් අජිත් පෙරේරා ඇමැතිවරයා කියනවා ඒක කරන්න බැරි වෙලා තිබෙන්නේ අධිකරණ ඇමැතිවරයාගේ විරෝධය නිසා කියලා. එක ඇමැතිවරයෙක් විරුද්ධ වුණා කියලා කළ යුතු දේ පස්සට දමන්න අවශ්‍ය නැහැ. දැන් හම්බන්තොට වරාය විකුණනවාට ඇමැති විරුද්ධ වුණා කියලා නොකර හිටියාද? නැහැනේ. ඇයි ඒ ආදර්ශය මේවාට අදාළ නොවන්නේ? බැඳුම්කර කොමිසමටත් බැහැ දඬුවම් දෙන්න. කොමිසම වාර්තාව යවනවා නීතිපතිට. නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නඩු පවරලා නඩු අහන්න ගන්නකොට තව වසර දෙකක්වත් යනවා. එතකොට මේ ආණ්ඩුවේ කාලය අවසන්. ඒ නිසා විශේෂ අධිකරණයක් පිහිටුවීම වැනි ව්‍යාවස්ථා සංශෝධනයකට යන්නේ නැතිව වෙනම අධිකරණයක් පිහිටුවා මේ හොරකම් පිළිබඳ නඩු විභාග කඩිනම් කරන්න කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.දැන් ආණ්ඩුව උත්සාහ කරනවා මේ වැරැද්ද සම්පූර්ණයෙන්ම රවීගේ පිටින් යවලා නිදහස් වෙන්න. නිධානය ගන්න භාවිත කරන බිල්ල බවට අද රවි කරුණානායක අමාත්‍යවරයා පත්වෙලා පත් කරලා නිධානය ගත්ත අය පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා බිල්ල විතරක් නොවෙයි නිධානය ගත්ත අයත් අල්ලලා නීතිය හමුවට පැමිණවිය යුතුයි. මේ විශ්වාසභංගය ගෙනත් එය ජයගත්තොත් එය ආණ්ඩුවේද පරාජයක් වන නිසා රවි කරුණානායක ඇමැතිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා බල කරමින් තිබෙන බව දැනගන්න තිබෙනවා. එහෙම නිදහස් වෙන්න ආණ්ඩුවට අපි ඉඩ තියන්නේ නැහැ. මේ වංචාවට සම්බන්ධ ආණ්ඩුවේ ප‍්‍රබලයන්වත් නීතිය හමුවට ගෙන ආ යුතුයි. අපි ඒ වෙනුවෙන් දිගින් දිගටම අරගල කරන්න සුදානම්.මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සහභාගී වූ අතර මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට විජිත හේරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප‍්‍රශ්නය - අගමැතිවරයා කියනවා තමන්ගේ කැබිනට්ටුවේ හොරු තියාගන්නේ නැහැ කියලා. එතුමාට අගමැති ලෙස මේ හොරකම් පිළිබඳව වගකීමක් නැද්ද?පිළිතුර -- මහබැංකුව තවමත් තිබෙන්නේ අගමැතිවරයා යටතේ. ඒ වගේම මේ වංචාවට අදාළ වගකිව යුත්තන් පත් කිරීමට අගමැති මැදිහත් වුණා. ඒ නිසා එතුමාට මේ චෝදනාවෙන් නිදහස් වෙන්න බැහැ.ප‍්‍රශ්නය -- රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය ගේන්නේ පහුගිය ආණ්ඩුවේ හිටපු මේ වගේම චෝදනා ලබපු පිරිසක්. එවැනි පිරිසක් ගේන විශ්වාසභංගයකට ඔබතුමන්ලා සහාය දක්වන්නේ කොහොමද?පිළිතුර -- මේ හොරකමෙන් පරණ හොරකම් වහගන්න බැහැ. එහෙම වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි විශ්වාසභංගයට සහාය දැක්වීමෙන් අදහස් වෙන්නේ නැහැ හොරු සමඟ හිටගත්තා කියලා. මේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුත් මෙයට පක්ෂව ඡන්දෙ දෙන බව කියනවා. නමුත් ඒ අය ඒකාබද්ධයත් සමග එකතු වෙලා නැහැනේ.ප‍්‍රශ්නය -- මේ සමග රවි කරුණානායක, අගමැති, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම් වගේ අයගෙත් නම් සම්බන්ධ වි තිබෙනවා. මේ සියලූ දෙනා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන්. මොකක්ද මේ ගැන හිතන්නේ?පිළිතුර -- කොතැන හිටියත්, තරාතිරම මොකක් වුණත් වංචාවට සම්බන්ධ සියලූ දෙනාට දඬුවම් දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.මෙහිදී අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රවි කරුණානායක ඇමැතිවරයාගේ පිටින් රිස්ස ඇරලා කාටවත් බේරෙන්න බැහැ. මේ වංචාවට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයින් සම්බන්ධයි වගේම ඔවුන් සමග ගනුදෙනු කරලා අල්ලස් ගත්තේ රවි කරුණානායක මහතා පමණක් නෙවෙයි. කෝප් කමිටුවට සහභාගී වු ෆුට්නෝට් කල්ලියේ දුරකථන පරීක්ෂා කර බැලූවොත් ඒ අයගේ ගනුදෙනුත් හොයාගන්න පුළුවන් යැයි කීය.ප‍්‍රශ්නය -- ඔබතුමාලා දිගින් දිගටම මල්වානේ ඉඩම ගැන කතා කරනවා. පාර්ලිමේන්තුව තුළත් කතා කරනවා. නමුත් තවම කිසිම හැකියාවක් ලැබිලා නැහැ නේද බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගන්න?පිළිතුර -- හොරුන්ගේ ආණ්ඩුවකින් හොරුන්ට දඬුවම් කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එක හොරෙක් ඉවත් කරලා තවත් හොරෙක් ගේන්නේ නැතිව ජේවීපී එකට බලය දෙන්න අපි දඬුවම් දිලා පෙන්වන්නම්. හොරකම දුෂණය වංචාව නවත්වන හැටි අපි පෙන්වන්නම්. අපි අමාත්‍යංශ හතරක් කරලා පෙන්නුවා. අල්පෙනෙත්තක තරම් දෙයක් අපි හොරකම් කළා කියලා චෝදනාවක් නැහැ. අපි තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව පාලනය කළා. හොරකමක් කරලා නැහැ.ප‍්‍රශ්නය -- මේ ආණ්ඩුවේ සාධනීය බවක් දකින්නේ නැද්ද? කලින් වගේ නෙවෙයි හොරකම් හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරලා තිබෙනවා.පිළිතුර -- කතාවෙන් වැඩක් නැහැ, ක‍්‍රියාවෙන් පෙන්වන්න තමන් වංචාවට දුෂණයට විරුද්ධයි කියලා. කොමිසම් පත්කරලා වැඩක් නැහැ. ඒවායින් හෙළිවන කරුණු අනුව වැරැදිකරුවන් නීතිය හමුවට පමුණුවන්න. නමුත් එවැනි කිසිදෙයක් තවම සිදුවී නැහැ.ප‍්‍රශ්නය -- තව වසර දෙකකින් මේ ආණ්ඩුව පැරදුණාම මේ ආණ්ඩුවෙන් හොරුන්ට දඬුවම් කිරීමක් සිදුවන්නේ නැහැ කියලා ඔබතුමා කිව්වා. මේ ආණ්ඩුව වසර දෙකකදී පරදියි කියලා විශ්වාසයක් තිබෙනවාද?පිළිතුර -- අනිවාර්යයෙන්ම පරදිනවා. ජනතාව මේ ආණ්ඩුවට තවත් වසර පහක් බාරදෙන්න සූදානම් නැහැ. ඔවුන් බලා සිටින්නේ මේ අය ගෙදර යවන්නයි.ප‍්‍රශ්නය -- ඊළඟට මොනවගේ ආණ්ඩුවක්ද එන්නේ?පිළිතුර -- අලූත් හොරු වෙනුවට පරණ හොරු ගේන්නේ නැතිව හොරකම් කරන්නේ නැති පිරිසක් බලයට ගේන්න ජනතාව කල්පනා කළ යුතුයි. අපි ජනතාවට කියනවා හොරකමට වංචාවට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් පිිහිටුවා වෙනස තේරුම් ගන්න කියලා.
’බැඳුම්කර වංචාව නමැති නිධානය ගොඩගත්ත අය රවි බිල්ලට දී ඇඟ බේරාගන්න හදනවා’
1
hp_train_1825
(ප්‍රින්ස් රත්නායක)බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් ඌව කොස්ගම දක්වා ධාවනය කිරීමේදී පසුගියදා සිදුවූ අනතුරෙන් පසු මේ වන තුරු බස්රථයක් නොදැමීම නිසා ප්‍රදේශවාසීහු අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.ඉකුත් ඔක්තෝම්බර් මස 4 වැනිදා බණ්ඩාරවෙල සිට ඌව කොස්ගම දක්වා ධාවනය කළ ලංගම බස්රථය හපුතලේ උඩ විහාරගල දී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට පත්වූ අතර රියදුරු එච්.එම්. කීර්ති බණ්ඩාර ඇතුළු තිදෙනකුට ජීවිත අහිමි කරමින් තවත් පිරිසකට තුවාල සිදු කරමින් වූ අනතුරින් පසු මේ වනතෙක් එම ගමට බසයක් ලබාදීමට බණ්ඩාරවෙල ඩිපෝව අසමත්ව තිබේ. මේ හේතුවෙන් ගමේ පිරිස් තම අවශ්‍යතා ඉටුකරගැනීමට කිලෝමීටර් 7 කට ආසන්න දුරක් පයින් ගමන් කිරීමට සිදුව තිබෙන බවද පැවසේ. වනඅලි ගම්වැදීම  හේතුවෙන් මේ තත්වය තවත් උග්‍රව පවතින බව හා මගතොට  පයින් ගමන් කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවද ගම්වාසීහු පෙන්වාදෙති. මේ සම්බන්ධව බණ්ඩාරවෙල ඩිපෝඅධිකාරී ටී.එච්. සෝමපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ බස්රථවල හිඟයක් පසුගිය දිනවල පැවති බවත් මේ වෙන විට බස් රථ කීපයක් ලැබී තිබෙන බැවින් ඒවා අලුත්වැඩියා කරගෙන යන බවයි.කෙසේ වෙතත් ජනවාරි පළමුවැනිදා සිට බස්රථයක් ලබාදීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය. 
බණ්ඩාරවෙල - ඌව කොස්ගම බසය තවමත් නෑ
1
hp_train_1826
(රොමේෂ් මධුෂංඛ)වව්නියාව ඕමන්ත ඉලමරදන්කුලම් ප්‍රදේශයේ කැලෑවකින් හමුවූ  බෝම්බ සහිත පොහොර උරයක් අද (30) අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහය ඇතිව පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.ඉලමරදන්කුලම් කැලෑවට ගිය අයෙකු විසින් මෙම බෝම්බ උරය  දැක ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාළ ස්ථානයට ඕමන්ත පොලිස් නිලධාරීන් ගොස් පරීක්ෂා කර ඇත.එහිදී ආර්.පී.ජී.උණ්ඩයක් ද සමඟ බිම්බෝම්බ 10 කට ආසන්න ප්‍රමාණයක් අදාළ පොහොර බෑගයේ ඇති බවට සැකකරන අතර එම බෝම්බ උරය අනාරක්ෂිත හෙයින් එම ස්ථානයෙන් ඉවත් නොකර ඒ බව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙතට දැනුම් දීමට ඕම්න්ත පොලීසිය විසින් පියවර ගෙන ඇත.යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ බෝම්බ උරය මෙම ස්ථානයේ සඟවා යන්නට ඇති බවටත් කාලයක් ගතවීමෙන් උරය දිරාපත්වීම හේතුවෙන් ඒ තුළ තිබූ බෝම්බ ඉවතට වැටී ඇති බවටත් සැකකරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 
ඕමන්තේ කැළෑවකින් බෝම්බ පොහොර උරයක් හමුවෙයි
0
hp_train_1827
(හර්ෂණ තුෂාර සිල්වා)මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට මැයි 4 දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව වසරේ මුල් මාස තුන අවසානයේදී සියයට 3කින් අවප්‍රමාණය වී තිබූ රුපියල මුල් මාස හතර අවසන් වනවිට සියයට 3.2කින් අවප්‍රමාණය වී තිබේ. අප්‍රේල් මස 25 වැනි දා රුපියල මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළ අතර රුපියල තවදුරටත් අවප්‍රමාණය විය. එදින ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.04ක් දක්වා ඉහළ ගියේය. ඉහත කාලයේදී ස්ටලින් පවුමකට සාපේක්ෂව රුපියල සියයට 4.1කින් ද, යූරෝවකට සාපේක්ෂව රුපියල සියයට 3.6කින් ද අවප්‍රමාණය වී තිබේ. පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.99ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
රුපියල මාස තුනට 3% කින් බහී
0
hp_train_1828
(ඩී.කේ.රත්න) මල්වත්ත වැවිලි සමාගමට අයත් වැලිමඩ ඩයරබා වතුයායේ වතුකම්කරුවන් පිරිසක් අද (1) සිට වැඩ වර්ජනයක නිරත වී සිටිති.මෙම වතුයායේ සේවයේ නියුතුව සිටි වතු අධිකාරිවරයා වෙනත් වතුයායකට මාරු කර යවා මෙම වතුයායේ වැඩ බැලීම සඳහා ඇටම්පිටිය වතුයායේ වතු අධිකාරිවරයා මාරුකර එවා ඇති අතර එයට විරෝධය පා වතුකම්කරුවන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.මෙම වතුයායේ වතු කම්කරුවන් 325 දෙනෙකු සේවයේ නියුතුව සිටින අතර මෙම වතු කම්කරුවන් සියලූ දෙනාම වැඩ වර්ජනයට එක්වී ඇත.මෙම වතුයායේ වතු අධිකාරිවරයා ලෙස සේවයේ නියුතුව සිටි වතු අධිකාරිවරයා නැවත පත් කරන තුරුම මෙම වැඩ වර්ජනයේ නිරත වී ඇතැයි ඩයරබා වතුයායේ වතු කම්කරුවෝ පවසති.
වතු අධිකාරි ඉවත් කරන්නැයි ඩයරබා වතුකම්කරුවෝ වැඩ වරති
1
hp_train_1829
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (4) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 9,304ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (4) පස්වරු 6 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 216,919ක් විය.ඉන්දියාවෙන් දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 9,000ක් වාර්තා වූ පළම දිනය අද දිනය විය.මේ වනවිට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට පත්ව ඇත්තේ ද අසල්වැසි ඉන්දියාව යි.ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 1,04,107ක් වන අතර වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 1,06,737කි. ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 260ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 6,075ක් දක්වා ඉහළ ගියේය.ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ එරට වාණිජ අගනගරය පිහිටි මුම්බායි නුවර අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 74,860 දෙනකු හඳුනාගෙන තිබිණි. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන තමිල්නාඩු ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 25,872 දෙනකු වාර්තා වී තිබිණි. දිල්ලියෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන්ගේ ගණන 23,645කි. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 18,100කි.එන්.ඩී.ටීවී.055 
ඉන්දියාවෙන් ආසාදිතයන් 13,000ක්
0
hp_train_1830
(ඩයනා උදයංගනී)දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (2) සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රිකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
පළාත් හතරකට හෙට සහ අනිද්දා තද වැසි
0
hp_train_1831
(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)නොසැලකිලිමත්කමින් සිදුවීමට ගිය මහ විපතක් වළක්වා ගැනීමට උත්සාහ ගත් අයෙකුට ඉවක් බවක් නැතුව පහර දීමේ සිද්ධියක් මහනුවර නගරාසන්නයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. කුඩා දරුවන් තිදෙනා සමගින් සිය ත්‍රිරෝද රථයෙන් ඔහු මහනුවර නගරයට පැමිණියේ නිවසට අවශ්‍ය අඩුම කුඩුම මිලදී ගැනීමේ අරමුණෙනි. තම බිරිඳගෙන් ලැබුණු ලැයිස්තුවට අනුව ඒ සියල්ල එකම වහලක් යටින් මිලදී ගැනීමට නොහැකි බව දත් ඔහු තැන තැන තම ත්‍රිරෝද රිය නවත්වමින් අවශ්‍ය කළමනා ලබා ගැනීමට යුහුසුළු වූවේය. කෙසේ නමුත් එසේ නවතා ගිය ත්‍රිරෝද රිය එක් ස්ථානයකදී පසුපසට යෑමට පටන්ගෙන ඇත්තේ එහි සිටි දරුවන්ගේ මර ළතෝනි හඬ මධ්‍යයේය. ඒ සමඟම ඒ ආසන්නයෙන් ගමන් කළ තරුණයකු වහා ත්‍රිරෝද රියට නැගී  එය නවතා දැමීමට උත්සාහ කර තිබේ. ඒ මොහොතේම දරුවන්ගේ කෑගැසීම ඇසී අදාළ ත්‍රිරෝද රථ හිමිකරු ද එතැනට දිව ආ පසු ඔහුට වැටහී ඇත්තේ තම දරුවන් තිදෙනාද සමගින් එම ත්‍රිරෝද රිය පැහැර ගැනීමට එම තරුණයා උත්සාහ ගන්නා බවකි. එම දර්ශනයෙන් කුපිත වූ ඔහු තරුණයාට දිගට හරහට පහර දීමට පටන්ගෙන ඇත්තේ  එම දරුවන්ගේ හැඬීමද තවත් තීව්‍ර කරවමිනි.කෙසේ නමුත් එම සිදුවීම මුල සිට දුටු අවට පිරිස් අදාළ තරුණයා වහා ඔහුගෙන් මුදාගෙන සිදුවූ සියල්ල පැවැසීමෙන් පසු ත්‍රිරෝද රථ හිමිකරු තම දරුවන්ගේ නාමයෙන් තමාගෙන් සිදුවූ වරදට සමාව අයැද දණ ගසා වැඳ ගිය බව වැඩිදුරටත් අනාවරණය වේ. 
විපතක් වළක්වද්දී බඩකට පුරා ගුටිකාලා ගහපු අයම සමාවත් අරන්
1
hp_train_1832
සූදුපොළක් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට යැවූ උපාය දූතයකු ග‍්‍රාම නිලධාරියාටද කොකා පෙන්වා මාරුවී යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ කඳුකරය ආශ‍්‍රිත ප‍්‍රදේශයකිනි.තම ප‍්‍රදේශයේ නිවෙසක විශාල පරිමාණයෙන් පවත්වාගෙන යන සූදුපොළක් පිළිබඳව ආරංචියක් ලද ග‍්‍රාම නිලධාරියකු එය තම ඥාති නිවෙසක් නිසා නිවැරදි තොරතුරු දැන ගැනීම සඳහා ගමේම හිතවත් අයකුට රුපියල් පන්සියයක් දී සූදු පොළ ක‍්‍රියාත්මක වන ආකාරය රහසේ බලා ගැනීමට එහි උපාය දූතයකු ලෙස යැවීය.ඔහු ගොස් පැය ගණනාවක් ගතවුවත් කිසිදු ආරංචියක් නොලැබීමෙන් කෝපයට පත් ග‍්‍රාමනිලධාරියා ඒ ගැන සෙවූ විට දැනගන්නට ලැබී ඇත්තේ ග‍්‍රාම නිලධාරී දුන් මුදලින් සුදු ක‍්‍රීඩා කොට විශාල මුදලක් දිනාගෙන ඒ ගෙදර අයටද ග‍්‍රාමනිලධාරී කියූ දේවල් පවසා මාරුවී ඇති බවලූ.
සූදුපොළේ හොර අල්ලන්න යැවූ ඉත්තා රාලහාමිටත් කොකා පෙන්නලා
0
hp_train_1833
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයේද තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු පළාත්වල බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය‘‘. ‘‘පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙයි‘‘‘‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 20-40 අතර  වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘‘.ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  2015පෙබරවාරි මස 25 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_1834
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)දේශීය වෙදකමට මුල් තැන දෙන නැන්දම්මා කෂායක් සැකසීම  සදහා පොළෙන් මිලදී ගෙනා වෙනිවැල් ගැට කැබලි ලිපට දැමූ ලේලියක පිළිබඳ පුවතක් නිට්ටඹුවට නුදුරු ගම්මානයකින් වාර්තාවිය.තිදරු මවකි. දරු තිදෙනාම විවාහකය. සියල්ලෝම පදිංචිය මහ ගෙදරය. ගෙදර විය පැහැදම් පිරිමසන්නේ මවය. සති අන්තයේ ඇය පොළට ගියේ ලොකු පුතා සමගය. සතියකට අවැසි කළමනා මිලදී ගත් මව වෙනිවැල්ගැට කැබලි කිහිපයක්ද මිලදී ගත්තේ අවශ්‍ය විටක තම්බා බීම සඳහාය. ගෙදර ගෙනා එළවළු අස්පස් කළ මව වෙනිවැල්ගැට කැබලි මේසය මත තිබ්බේ පසුව වෙනත් තැනකින් තියන අදහසිනි. පැය කිහිපයකට පසුව කුස්සියට ආ මව වෙනිවැල්ගැට කැබලි සෙව්වාය. ඒවා නැත. ඇය ලේලියන් ගෙන් විමසද්දී බාල ලේලිය පැවසුවේ අම්මේ පොඩි දර කෑලි ටිකක් මේසේ උඩ තිබුණා. මම ඒවා ලිපට දැම්මා කියාය. වෙනිවැල් ගැටත් දරත් අඳුනන්නේ නැති උඹලා මගේ අත පයත් ලිපට දාන දවස වැඩි ඈතක නැතැයි  කියා බැන වදිද්දී අසල්වැසියන්ටද මේ සියල්ල දැන ගන්නට ලැබිණි.
නැන්දම්මා කසායට ගෙනා වෙනිවැල්ගැට ලේලි ළිපට දාලා
0
hp_train_1835
මොබිටෙල් සංකල්පයකට අනුව සිරස ටීවී එක්ව කළ ‘කෝටියක් වටින අදහසක්’’ රියැලිටි ටීවී වැඩසටහන් අතර පෙරළිකාර වෙනසක් සිදු කළේය. කෝටියක් වටින අදහසක් යනු නවෝත්පාදන දිරි ගැන්වීමේ අරමුණ පෙරදැරි කරගත් වැඩසටහනක් වේ.මෙහි අවසන් මහා තරගය පසුගිය 21 වැනි සෙනසුරාදා ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අති උත්කර්ශවත් අයුරෙන් පැවැත්විණි. මොරටුව විශ්ව විද්‍යාල උපකුලපති තුමන් වන මහාචාර්ය ආනන්ද ජයවර්ධන විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උළෙලට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී. කුමාරසිංහ මහතා සහ ශ්‍රි  ලංකා ටෙලිකොම් සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර මහතා සහ මොබිටෙල් ප‍්‍රධාන මෙහෙයුමි නිළධාරි නලින් පෙරේරා මහතා ඇතුළු ව්‍යාපාරික ආයතනික සහ මාධ්‍ය ප්‍රධානීන් රැසක් සහභාගී වූ මෙම උ‍ත්කර්ශවත් අවස්ථාව සංස්කෘතික අපූර්වත්වය සහ නවීන සුපිරිත්වය මනාව උකහා ගත් සංකලනයක් ලෙසින් වේදිකා ගත විණි.මෙම අවස්ථාවේදී සභාව ඇමතූ මහාචාර්ය ආනන්ද ජයවර්ධනයන් පවසා සිටියේ මෙම වැඩසටහන දිවයිනේ නව නිපැයුම්කරුවන්ට ඉදිරියට යාමට නියත දිරියක් වනු ඇති බවයි.මූලික වශයෙන් තරගකරුවන් දහසකට ආසන්න පිරිසක් ඉදිරිපත් වූ කෝටියක් වටින අදහසක් වැඩසටහන දේශයේ අවධානය රටට වැඩදායී පිරිසක් වෙතට යොමු කරන්නට සමත් විය. වෙනස් අදහස් වලින් සන්නද්ධ 125 ක පිරිසක් මූලික පරීක්ෂාවකින් පසු වැඩමුළුවක් සදහා යොමු කෙරුණි.තරගයේ ඊළග අදියරට යොමු වූයේ මෙම වැඩමුළුව තුළින් දැනුවත් භාවයට පත් වූ තරගකරුවන් වීම මෙහි විශේෂත්වයකි. පියවරෙන් පියවර තරගකරුවන්ට අවශ්‍ය දැනුම ප්‍රායෝගිකව සපයමින් ඔවුන්ගේ අදහස් නිර්මාණකරණය තෙක් ගෙන යාම මෙම තරගයෙහි මූලික අපේක්ෂාවක් විණි. මූලිකව තෝරාගත් තරගකරුවන් 125 දෙනා අතරින් අවසන් තරගකරුවන් 24 දෙනෙක් තරගාවලියේ අභියෝගාත්මක බවට මුහුණ දීම සදහා තෝරා ගත් අතර ඉන් 12 ක්දල පසුව එය 8 ක්ද සහ අවසන් වශයෙන් තරගකරුවන් 4 ක්ද දක්වා ක්‍රම ක්‍රමයෙන් අඩු වන සේ තෝරාගැනීම් සිදු විණි.මෙම තේරීම් ක්‍රියාවලිය පුරාවට තරගකරුවන් හා රැදෙමින් ඔවුන්ට අවශ්‍ය දැනුම සහ දිරිගැන්වීම් සැපයූ විනිශ්චය මණ්ඩල සාමාජිකයින් වන ඉන්ටෙල් ශ්‍රී  ලංකා ව්‍යාපාර කළමනාකාර ඉන්දික ද සොයිසා මහතා, කප්රුක නිර්මාතෘ දුලිත් හේරත් මහතා, ව්‍යාපාර උපදේශක ෆයාස් හුදා මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් සහ විදුලි සන්දේශ ඉංජිනේරු අංශයේ ප්‍රධානී මහාචාර්ය රොහාන් මුණසිංහ, ක්‍රවුඩ් අයිලන්ඩ් හි ප්‍රධාන විධායක නිලධාරී චලින්ද අබේකෝන් මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඉංජිනේරු නලීන් කරුණාසිංහ,වැඩිම ජාත්‍යන්තර සම්මානයට ප්‍රාත ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරු මංජු ගුණවර්ධන මහතා යන විද්වතුන් තරගයට සැබෑ අරුතක් එක් කිරීමට සමත් වූහ.වෙනත් රියැලිටි ටීවී වැඩසටහන් අතරින් වෙනස් ආරක් ගන්නා කෝටියක් වටින අදහසක් වැඩසටහන හරහා සමාජය පෝෂණය කළ හැකි අදහස් රැසක් ඉස්මතු වුණි. මෙහිදී කැපී පෙනෙන යමක් වූයේ බලශක්ති පිරිමැසුම,ජල සම්පත සහ වන සතුන් සුරැකීම, මාර්ග ආරක්ෂණය ආදී සමාජයට වැඩදායී සංකල්පයන් කතා බහට ලක් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට තරගකරුවන් මෙන්ම විනිශ්චය මණ්ඩලයද දැක්වූ සැළකිල්ලයි.නව අදහස් නිර්මාණකරණයට ගෙන යාමටත් ඉන් නොනැවතී ඒවා වෙළදපොළට ඇතුළත් කිරීමට පවා මුල්‍යමය සහ දැනුම් දායකත්වයක් තරගකරුවන් හට සැපයීම අවසන් තරගකරුවන් 12 දෙනාගෙන් ඇරඹිණි. අවසන් තරගකරුවන් 12 දෙනා හට ඔවුන්ගේ ව්‍යාපෘති දියුණු කරගැනීම සදහා රුපියල් ලක්ෂය බැගින් පිරිනැමුණේ වඩාත් හොද නිර්මාණයන් අපේක්ෂාවෙනි.අදහසක් නිර්මාණයක සිට වෙළදපොළ භාණ්ඩයක් දක්වාත්, ඉන් නොනැවතී ආකර්ෂණීය වෙළද නාමයක් දක්වාත් ගෙන ඒමට තරගකරුවන් මෙහෙයවූ කෝටියක් වටින අදහසක් වැඩසටහන සිරස ටීවී සහ මොබිටෙල් සුසංයෝගයෙන් නිර්මාණය වූ කාලෝචිත වැඩසටහනකි.පසුගියදා පැවැත්වූ අවසන් තරගය සදහා සිය නිර්මාණයන් ඉදිරිපත් කළ තරගකරුවන් වන්නේ ශෂී සම්පත්, සුනිල් ජයසිංහ, ආසිරි ද සිල්වා සහ අරුණ ප්‍රසාද්ය. ශෂී සම්පත් විසින් නිර්මාණය කරනු ලැබුවේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, අනතුරු අවම කරනා බොයිලේරු ආරක්ෂිත පද්ධතියකි. බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූ එහෙත් කාර්මික ක්ෂේත්‍රය තුළ අන්තරාදායකත්වය අතින් ඉදිරියෙන්ම සිටිනා බොයිලේරුව වඩාත් ආරක්ෂිත පද්ධතියක් යටතේ නිර්මාණය කිරීම ශෂීගේ වෑයම විණි. පහසුවෙන් බැංකුවක මුදල් තැන්පත් කිරීමේ ක්‍රමවේදයක් වන වන ඊසි ඩිපොසිට් නිර්මාණය කරනු ලැබුවේ සුනිල් ජයසිංහ විසිනි. වෙළද සැලකින් මිලදී ගත හැකි කාඩ් පතක් හරහා ඕනෑම බැංකුවකට මුදල් බැර කිරීමේ හැකියාව මේ හරහා සැපයෙනු ඇත.ආසිරි ද සිල්වාගේ නිර්මාණය වූයේ ඕනෑම මුදල් වර්ගයකින් පහසුවෙන් ව්‍යාජ මුදල් හදුනාගත හැකි උපකරණයක් වූ අතර එහි විශේෂත්වය වූයේ දැනට පවතින ව්‍යාජ මුදල් හදුනාගැනීමේ උපකරණවල නොමැති අංග සහ වැඩි විශ්වසනීයත්වයක් මෙහි පැවතීමය. විද්‍යාත්මක සංකල්පයක් ඔස්සේ සිය චින්තනය මෙහෙයවා අරුණ ප්‍රසාද් වඩාත්ම නිවැරදිව සහ සූක්ෂ්මව ලේසර් විදුමක් සිදු කරගත හැකි ක්‍රමවේදයක් ලොවට හදුන්වා දුන්නේය. මෙම අදහස් සහ නිර්මාණයන් සියල්ලේම විශේෂත්වය වන්නේ මෙම නිර්මාණයන් ලොව පළමු වරට හදුන්වාදෙන නිර්මාණයන් වීමය.තීරණාත්මක අවසන් තරගයේදී ජයග්‍රහණය හිමි කරගත් ඊසි ඩිපොසිට් නිර්මාතෘ සුනිල් ජයසිංහ වෙත මුදලින් රුපියල් මිලියනයක කූසලානයක්ද පිරිනැමිණි. මෙම තරගයේදී දෙවන ස්ථානය දිනා ගත් ආසිරි ද සිල්වා වෙත රුපියල් ලක්ෂ පහක්, තෙවන ස්ථානය දිනා ගත් අරුණ ප්‍රසාද්  වෙත රුපියල් ලක්ෂ දෙකක් සහ සිව්වැනි ස්ථානය දිනා ගත් ශෂී සම්පත් වෙත රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග පිරිනැමිණි. අවසන් තරගකරුවන් සිව්දෙනා හට වටිනා සහතිකයන්ද පිරිනැමුවේ ඔවුන්ගේ දක්ෂතා ඇගයීමේ පියවරක් ලෙසිනි.අතිශය උත්කර්ශවත් ලෙස කෝටියක් වටින අදහසක් පළමු වැඩසටහනේ පළමු වාරය නිමාවට පත් වූයේ සමස්ත දේශයක අවධානය දිනාගනිමිනි. වෙනස් ලෙසින් සිතන්නට සමත්කම් ඇති නවෝත්පාදකයින් දිරිගැන්වීම සදහා සිරස ටීවී සහ මොබිටෙල් විසින් සැපයූ දායකත්වය මෙම අගනා වැඩසටහන හරහා මනාව පිළිබිඹු කෙරුණි.
‘ඊසි ඩිපොසිට්’ කෝටියක් වටින අදහසක්
0
hp_train_1836
( තිලකරත්න දිසානායක)දුම්රියයන්හි සිගමන් යදිමින්  ගම්පහ අවට ග්‍රාමීය ප්‍රදේශයන්හි තරුණයින්ට  මත් කුඩු අලෙවියෙහි යෙදී සිටි 49 හැවිරිදි කාන්තාවක් ගම්පහ පොලිස් කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.මෙම කාන්තාව ළග තිබී රුපියල් 15000 ක් පමණ වටිනා ග්‍රෑම් එකක ප්‍රමාණයෙන් යුත් කුඩු පැකට් 13 ක් සොයා ගෙන ඇති අතර මෙම පැකට්ටුවක් රුපියල් 1200 වැනි මිලකට අලෙවි කරනු ලබන බවද හෙළිව තිබේ.වතුරුගම ප්‍රදේශයේ පදිංච් කාන්තාවක් වන බවත් දෙදරු මවක වන ඇගේ සැමියා මිය ගොස් ඇති අතර කලක පටන් මෙම ජාවාරම සිදු කොට ඇති බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වු බවත් පොලීසිය පවසයි. ඇතැම්විට දුම්රියයන්හි ගමන් ගනිමින් සිගමන් යෙදීමද මැය සිදු කරන බවද හෙළිව ඇත. මෙම කාන්තාව දෙමටගොඩ ප්‍රදේශයේ සිට දුම්රියෙන් හෙරොයින් රැගෙන එන බවට බුද්ධි අංශයට ලැබී ඇති තොරතුරක් මත ගම්පහ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් වනසිංහ මහතා දෙමටගොඩ දුම්රිය ස්ථානයෙහි සිට මැය පැමිණි දුම්රියට ගොඩවී එන අතරතුර කාන්තා පොලිස් නිලධාරිනියන් කණ්ඩායමක් සුදානම් කරන ලෙස දැනුම්දී ඒ අනුව ගම්පහ දුම්රිය පොලේදී මැය අත් අඩංගූවට ගැනීම සිදු කර තිබේ. අනතුරුව පොලිස්ථානය වෙත රැගෙනවිත් පොලිස් නිලධාරිනියන් විසින් කාන්තාව පරීක්ෂාවට ලක්කිරීමේදී ඇගේ යට ඇදුම් තුළ සඟවා ගෙන තිබී මත් කුඩු පැකට් 13  සොයා ගැනීමට හැකිව තිබේ. මෙම කාන්තාවට වැඩිහිටි පුතෙකු සිටින බවත් ඔහුද මත්කුඩු පානයට ඇබ්බැහි වුවෙකු බවද අනාවරණය වීයැයි පොලීසිය කියයි.
තරුණයින්ට මත් කුඩු විකිණු කාන්තාවක් ගම්පහදී අත්අඩංගුවට
1
hp_train_1837
සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චිඇඳිරිනීතිය  පනවා  තිබෙන  අද  (02)  දා   මුදල් ඔටිටුවට තබා  බුරැවා  ගැසු   අටදෙනෙකු    අත්අඩංගුවට  ගත් බව බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශය  පවසයි.බලන්ගොඩ රාස්සගල  හැරමිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් අටදෙනෙකුට  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.ඔවුහු   ඇඳිරිනීතිය   ක්‍රියාත්මක  වන අද දිනයේ   එය  උල්ලංඝනය  කරමින්   මුදල්  ඔටිටුවට     හැරමිටිගල  ප්‍රදේශයේ  නිවසට  බුරැවා  ගසමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙි.අපරාධ අංශයේ ස්ථානාධිපති  ආර්.ආර්. ජි.කේ. බණ්ඩාර මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින්  එම  වැටලිම සිදුකර තිබෙන අතර සැකකරැවන් බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
ඇඳිරියේ මුදල් ඔට්ටුවට බුරුවා ගැසු 8ක් අත්අඩංගුවට
1
hp_train_1838
(චන්ද්‍රසිරි ගුණසේකර)ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්වීම අද (08) පැවැත්වෙමින් තිබියදී දහවල් 11.45 ට සභාපතිවරයා විසින් සභාව විනාඩි දහයකට කල්තබා උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරුන් සමග සභාවෙන් පිටව යාමෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධය පළකරමින් කෑ කෝ ගැසමින් සභාවේම රැදී සිටියහ.අද පෙරවරුවේ ඇල්පිටිය ප්‍රාදේශිය සභා රැස්වීම සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට ආරම්භ විණි.න්‍යාය පත්‍රයට අනුව සභාපතිවරයා විසින් 2021 වර්ෂයේ අය වැය ලේඛණය සභා සම්මත කිරීම සදහා සභාවට ඉදිරිපත් කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් අයවැය ලේඛනය සභා සම්මත කිරීමට විරෝධය පළකළේය.සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කර තිබුණේ අයවැය කෙටුම්පතකි.එය එසේ සම්මත කළ නොහැකි බවත් සභා සම්මත කිරීමට නම් මන්ත්‍රී වරුන් විසින් සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය ලේඛණයක් ඉදිරිපත් කළයුතු බවත් පවසමින් විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරු විරෝධය පළකළහ.අය වැය කෙටුම්පත පිළිබදව සාකාච්චා කිරීමෙන් පසු (රහසිගත ලෙස මන්ත්‍රීවරුන් සමග සාකච්චා කිරීමෙන් පසු) සභාපතිවරයා විසින් විනාඩි දහයකට සභාව කල්තබමින් මන්ත්‍රීවරු සමග සභාවෙන් පිටව ගියහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු ඇතුළු මන්ත්‍රීවරු විස්සම සභාවෙන් පිටව ගිය අතර විපක්ෂයේ මන්ත්‍රීවරු නවදෙනා විවිධ දේ පවසමින් කෑකෝ ගසමින් සභාවේ රැදීසිටියහ.විනාඩි දහයකට පසුව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරු විසිදෙනා සභාරැස්වීමට පැමිණි අතර ඒ වනවිට මන්ත්‍රී වරුන් අතට 2021 අය වැය ලේඛණය රීතියට අනුව ලැබෙන්නට කටයුතු කර තිබුණි.මේ අවස්ථාවේ විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා ඊට විරෝධය පලකරමින් අදහස් පළකළහ.ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 17 කි.පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 03  කි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරු  07 කි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු දෙදෙනෙකි.සභාපතිවරයා ඇතුළු මුළු මන්ත්‍රීවරු ගණන 29 කි.
බෝපේ පෝද්දල ප්‍රා.සබේ එකම කාලගෝට්ටියක්
0
hp_train_1839
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.වයඹ පළාතෙත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි  සමග තාවකාලික ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
බස්නාහිරට අද තද වැසි
0
hp_train_1840
(සිරංගිකා ලොකුකරවිට)බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය  අද (03) පැවති විශේෂ  ප්‍රාදේශීය සභා රැස්විමේ දී වැඩි ඡන්ද එකොලහකින් සම්මත විය. අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද දෙකක් ලැබිණි. මන්ත්‍රීවරු හයදෙනෛක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කරණු ලැබීය. අයවැය යෝජනාවට පක්ෂව  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11දෙනා සහ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු  දෙදෙනා ඡන්දය ලබා දුන්හ.අයවැය යෝජනාවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා ඡන්දය ලබා දුන්හ. විපක්ෂ නායක හුසේන් කියාස්  මහතා සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු හය දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. ඒ අනුව  අයවැය යෝජනාව වැඩි ඡන්ද  11කින් සභා සම්මත විය.අද (03) පැවති ප්‍රාදේශිය සභා රැස්වීමේ අයවැය සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයා සභාවේ නොසිටි අතර මෙම සභාව නීත්‍යානුකූල නොවන බවට රීති ප්‍රශ්නයක් මතු කරමින් අයවැය යෝජනා සාකච්ඡාවට ගැනීමට පෙර හෙතෙම සභාවෙන් පිටවී ගියේය.ප්‍රාදේශිය සභා රැස්වීම කලේගාන ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දී සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
බෝපේ පෝද්දල ප්‍රා.සභා අය වැයත් සම්මතයි
1
hp_train_1841
(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)  භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකළ රහස් පොලිස් නිලධාරීන්ගෙන් සාක්කි ලබා ගැනීමට කොමිසම තීරණය කොට ඇතැයි එහි ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා අද (27) පැවසීය.මෙම සිද්ධිය පිළිබඳව විමර්ශණ කළ රහස් පොලිස් නිලධාරීන්ගෙන් සාක්කි ලබා ගැනීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම ලබන 2 වැනි දා විශේෂ සැසිවාරයක් පැවත්වීමටද තීරණය කොට ඇති බව උඩුගමසුරිම මහතා කීවේය.කොමිසමේ කාලය දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ලබන දෙසැම්බර් 08 වැනිදා දක්වා කොමිසමේ කාලය දීර්ඝ කොට ඇති අතර ඒ කාලය තුළදී  විමර්ශණ නිලධාරීන්ගෙන්ද සාක්කි ලබා ගැනීමට කොමිසම තීරණය කොට ඇත.මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති) ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විතය.
බැඳුම්කර නිකුතුව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ
0
hp_train_1842
 (නිමල කොඩිතුවක්කු)එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගිලිහී ගිය  ජයග්‍රහණය සහ අභිමානය යළි ලබා ගැනීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු “සමගි ජන බලවේගය” බිහිකිරීමේ අරමුණ  බව  පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවැසීය.පාක්ෂිකයන් වෙනුවෙන් එකමුතුබව ඇතිව නව සංධානය හා එක්ව ඉදිරියට යාමට අලියට මුවාවී තමන්ගේ පටු වාසි වෙනුවෙන් කුමන්ත්‍රණ සිදුකරන කිහිපදෙනාට ආරාධනා කර සිටින බවද මන්ත්‍රීවරයා  සඳහන් කළේය.කොළඹ, මාර්කස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙසේද කීය.“මේ ආණ්ඩුව බලයට පත්වෙලා දින සීයකට ආසන්න වෙලා තියෙනවා. අපි දින 100 යේ ආණ්ඩුවේ කරපු වැඩයි මේ ආණ්ඩුව දින 100 න් කරපු වැඩයි උරගා බලන්න දැන් ජනතාවට අවස්ථාව උදාවෙලා තියෙනවා.2015 ජනවාරි 08 වැනිදා අපේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරලා අපි දින 100 ආණ්ඩුව එදා හැදුවා.  දින 100 ආණ්ඩුව යටතේ අපි ඉන්ධන මිල අඩු කළා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා, ජනතාවට සහන දුන්නා.  19 වැනි සංශෝධනය ඉදිරිපත් කර ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කරන්න ඒ කෙටි කාලය තුළ අපිට හැකි වුණා.මේ සියල්ල සිදුකළේ අපි මන්ත්‍රී ධුර 42ක් තියාගෙනයි. දැන් මේ පත්වෙලා ඉන්න ආණ්ඩුව රටේ ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකක් ඉල්ලා සිටිනවා. ජනතාවට සහන දෙන්න  අවශ්‍ය බහුතරය ලබාදෙන්න අපි කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහය දෙන්න ඉදිරිපත් වුණා. නමුත් මේ ආණ්ඩුවට කිසිදු ජනතාවාදී වැඩපිළි​වෙළක් නොමැති බවට දැන් ජනතාවට පැහැදිලිව පෙනී යනවා.මේ ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණා. මේ අය හිතන් ඉන්නේ මේ ලක්ෂ 69 ම රාජපක්ෂ පස්සෙ යන බයියො පිරිසක් කියලා. හැබැයි ඒ අය දන්නේ නැහැ මෙතන ලක්ෂ 25ක් පමණ මධ්‍යස්ථ මතධාරීන් පිරිසක් ඉන්නවා කියලා. අද ඒ සියලු දෙනාම පාහේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කරමින් සිටිනවා. අද ඔවුන්ට මේ ආණ්ඩුව වහකදුරු ගානයි.ගෝඨාභය රාජපක්ෂ මහතා  රටේ ජනාධිපති වුණාට මේ අර පරණ සෙට් එකම තමයි මැති ඇමතිකම්  කරගෙන ඉන්නේ. 2015ට පෙර තිබුණු පරණ තැටියම දැන් වාදනය වෙමින් තිබෙනවා.ගෝඨාභය රාජපක්ෂ  මහතා දිවුරුම් දෙන්න තනි වාහනේ ආවට රාජපක්ෂ මහතා  ඉන්දියාවට ගියේ විශාල පිරිසක් පිරිවරාගෙනයි. අද ඥාති පරම්පරාව විතරක් නෙමෙයි  විහිළුකාරයො, කිරිහාමිලා, අප්පුහාමිලා  සියලු දෙනාම පිරිවරාගෙන තමයි රට යන්නේ. මේ ආණ්ඩුවට  විදේශ රටවලින් ඇවිල්ලත් මිනිස්සු ඡන්දය දුන්නලු. මේ අයටත් අද මුහුණ දෙන්න බැරි විදියටයි මේ ආණ්ඩුව වැඩකරගෙන යන්නේ.සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායකයා විදියට  මේ සංධානයට නායකත්වය ලබාදෙනවා. කෘත්‍යාධිකාරි  මණ්ඩලයෙන් මේකට අනුමැතිය ලැබුණහම  බොහෝම සද්භාවයෙන්  අපේ නායකකාරකාදීන් මේ වැඩේට උදව් කරාවි කියලා  අපිත් හිතුවා. නමුත් සද්භාවයෙන් නෙමෙයි ඒ කටයුත්ත මේ අය කරන්නේ කියලා දැන් අපිට පැහැදිලි වී තිබෙනවා.දැන් මේ අය අපේ අලුත් සංධානයට දුස්රා පන්දු  දානවා. අලියා ලකුණට  මුවාවෙලා මේ අය තමන්ගේ න්‍යායපත්‍රය යළි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. අපි සියලු දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයන්.  ඒත් අපිට මේ අලියට මුවාවෙලා කරන මේ කුමන්ත්‍රණයට හසුවෙන්න බැහැ.ඔය අලියා ඉදිද්දීම තමයි සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන  සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ජනාධිපතිවරණයට හංසයාගෙන් ඉල්ලුවේ.  දැන් අලියා ගැන කිඹුල් කඳුළු හෙලන අය එදා  කිඹුල් කඳුළු හෙලුවේ නැහැ.අපි මේ පුළුල් සංධානය හදන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට  ජයග්‍රහණය සහ අභිමානය  ලබාගන්නයි. අපි අලියගෙන් වසර ගණනාවක් ඉල්ලුවා. හැබැයි  අපිට ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස් කරගන්න බැරුව ගියා.  පාක්ෂිකයන් තුළ අලියට  තියෙන ආදරය දඩමීමා කරගෙන  සමහරු උත්සාහ  කරනවනම් තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ඉටු කරගන්න ඒකට අවස්ථාව දෙන්න බැහැ.එක්සත් ජාතික පක්ෂය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයවත්, අකිල විරාජ් කාරියවසම්වත්, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි කීප දෙනාවත් නෙමෙයි.  සිරිකොතේ යතුර, ව්‍යවස්ථාපිත බලය තියෙන්න පුළුවන්, අලියා තියෙන්න පුළුවන් නමුත් පාක්ෂිකයන් රැකගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි.අපි මේ හදන  පුළුල් සංධානය ජනගත කළහම මේ ආණ්ඩුවට විරුද්ධ සියලු දෙනා  ඒකරාශී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 113 ඉලක්කයට  අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.යැයිද ඔහු එහිදී පැවැසීය.
යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට දුන් නිදහස වන නිළධාරිනියගේ ක්‍රියාවෙන් පේනවා
0
hp_train_1843
ලක්ෂ්‍යමත පදනම සැලකීමේදී අගෝස්තු මාසයේ දී සියයට 7.9ක් වූ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 8.6ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩයද දායක වී ඇත.  ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය පදනම් කර ගනිමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය ගණනය කරයි.  වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මේ වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 6.5ක් වූ අතර එය සැප්තැම්බර් මාසයේදී සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් තිබේ.  මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වූ දර්ශක අංක 122.3 සිට සැප්තැම්බර් මාසයේදී දර්ශක අංශ 123.3ක් දක්වා ඉහළ ගොස් ඇත. ආහාර කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.  ආහාර කාණ්ඩය තුළ පොල්, රතුළූණු, සහල්, දෙහි, ඇතැම් පළතුරු වර්ග, ලොකු ළූණු සහ සීන මිල ගණන් මාසය තුළ දී ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.  එළවළු, මාළු, සුදුළූණු සහ මයිසූර් පරිප්පුවල මිල ගණන් සුළු පහළ යෑමක් වාර්තා කරන ලද අතර රෙදිපිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, අධ්‍යාපන, විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබේ.  ඉකුත් සැප්තැම්බර් මාසයේදී සන්නිවේදන උපකාණ්ඩයේ මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙන අතර මධ්‍යසාර පාන හා දුම්කොළ උපකාණ්ඩයේ ඇතුළත් අයිතමවල මිල ගණන් ද මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ දී ඉහළ ගොස් තිබේ.සෞඛ්‍ය, ප්‍රවාහන, විනෝදාත්මක හා සංස්කෘතික සහ ආපනශාලා හෝ හෝටල් උපකාණ්ඩවල මිල ගණන් මාසය තුළ නොවෙනස්ව පැවැති ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.  ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මේ වසරේ අගෝස්තු මාසයේ පැවැති සියයට 4.8 ක අගය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 4.6ක් දක්වා පහළ ගොස් තිබේ.  වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය මේ වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 5.8 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 5.7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව තවදුරටත් වාර්තා කරයි.  055
අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 7.9ක් දක්වා ඉහළට
0
hp_train_1844
(ටී.කේ.ජී.කපිල ) ඉරාන ජාතික ගුවන් මගීන් 86 දෙනෙකු රැගෙන ඉරාන ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ටෙහෙරාන් නුවර සිට අද (15) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.මෙම පිරිස උමා ඔය ජල යෝජනා ක්‍රමයේ සේවය කරන ඉරාන ජාතිකයන් පිරිසක් බව කටුනායක ගුවන් තොටුපළ කාර් ය භාර නිලධාරීවරයා සඳහන් කළේය.කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කළ බවත් එම පරීක්ෂණ සිදු කිරීම සඳහා කොළඹ ආසිරි රෝහලේ කාර් ය මණ්ඩලයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවත් ගුවන් තොටුපළ කාර් ය භාර නිලධාරීවරයා පැවසීය .
ඉරාන ජාතික ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට
1
hp_train_1845
(ඉන්දිකා රාමනායක)රුපියල් ලක්ෂ  70 ට  අධික වටිනා  අයිස් මත්ද්‍රව්‍ය තොගයක්  ත්‍රිරෝද රථයකින් ප්‍රවාහණය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු තලේමන්නාරම ස්වාමිතෝට්ටුම්  ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.  සැකකරුවන් පිරිසක්  අයිස් මත්ද්‍රව්‍ය තොගයක්   ප්‍රවාහන කරන බවට  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ  නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත    ඊයේ  (13)  පස්වරුවේ     මොවුන් අත්අඩංගුවට ගත් බව    පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යාංශය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයා  මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය  සිය  උකුල මත තබාගෙන  ගමන් ගනිමින් සිටි  ඇත.අත්අඩංගුවට ගත්  සැකකරුවන් දෙදෙනා මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ පදිංචිකරුවන්  බවද කියති.ඉන්දියාවේ සිට බොට්ටු මගින්  නීති විරෝධී ලෙස තලේමන්නාරමට රැගෙන ආ මෙම අයිස් තොගය සැකකරුවන් විසින් චංකාලේ ප්‍රදේශය වෙත ප්‍රවාහනය කරමින් සිට ඇත.අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය හා සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා  තලේමන්නාරම පොලිසියට බාර දී ඇත.  
ලක්ෂ 17 ක මත්ද්‍රව්‍ය සමඟ ‘වැල්ලේ සුරංගේ’ ගෝලයෙක් අල්ලයි
0
hp_train_1846
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප‍්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග‍්‍රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත‍්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප‍්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත‍්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ  ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත‍්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප‍්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප‍්‍රාදේශීය සභා දෙකම ජයග‍්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප‍්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප‍්‍රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප‍්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප‍්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ.  ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප‍්‍රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප‍්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප‍්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප‍්‍රදේශයේ වඩා ශීඝ‍්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක‍්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත‍්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක‍්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ‍්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක‍්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප‍්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත‍්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත‍්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක‍්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප‍්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප‍්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප‍්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප‍්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප‍්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අදහස් කරනවා.  තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින්  දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත‍්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප‍්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක‍්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප‍්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග‍්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත‍්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග‍්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප‍්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක‍්‍රියා කළා.ජනප‍්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය  දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත‍්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ.
තරගකාරී අගය වැඩි කිරීමට ශ්‍රී ලංකාව වේදිකාවක් කරනවා
0
hp_train_1847
(මනෝප‍්‍රිය ගුණසේකර)                              හෙරොයින් ග්‍රෑම්  හතක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද  (05) නියම කළේය.මීට වසර පහකට පෙර කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 7.21 ක් ළඟ තබාගත් බවට වු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ කොළඹ 14 ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහුමාන් මොහොමඩ් ෆයිසර් නමැති 46 හැවිරිදි පුද්ගලයකුටය.විත්තිකරු ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ ආපන ශාලාවක් හා නවාතැන්පොළක් පවත්වාගෙන යන අතරතුර මෙම හෙරොයින් ජාවාරම ද කරගෙන ගොස් ඇතැයි නඩු විභාගයේ දී අනාවරණය විය.2013 මාර්තු මස 22 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2.18 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.විත්තිකරුට එරෙහි හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහු චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ අතර හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ ඔහුට ඒ සඳහා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 
හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට සිරදඬුවම්
0
hp_train_1848
(ගම්පහ - තිලකරත්න දිසානායක)විපක්ෂයෙන් ආ බලවේගය මත මහ බැංකු මංකොල්ලය සඳහා පත්කළ ජනාධිපති කොමිසම හරහා හසුවූ ගනුදෙනුවක් මත ඉල්ලා අස්වීමක් සිදු වුණා. අස්වන්නා වූ කෙනාට අධිකරණය හමුවේ කෙසේ වෙතත්. ජනතා අධිකරණය හමුවේ දඬුවම් ලැබී ඇති බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා දිවුලපිටියේදී පැවැසීය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නීතීඥ සංගමය පිහිටුවීම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිවුලපිටිය මන්දාකිණි ශාලාවේදී පැවැති අවස්ථාවේ එසේ කීය.සංගමයේ සභාපති ලෙස සරල කරුණාරත්න, ලේකම් මිරෙන්ඩා කනංකේ, භාණ්ඩාගාරික චානක කපුරුබණ්ඩාර, ප්‍රධාන සංවිධායක තිස්ස ගුණවර්ධන, උප ලේකම් ලෙස සරණ කරුණාරත්න යන මහත්ම මහත්මීහු පත්කර ගනු ලැබූහ.සංගමයෙහි මිනුවන්ගොඩ, අත්තනගල්ල, ගම්පහ, පූගොඩ, මහර, මීගමුව සහ වත්තල යන අධිකරණ බල ප්‍රදේශ වෙනුවෙන් කියාකාරී කමිටුවක්ද පත් කර ගැනිණි.මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.“මේ රජය යහපාලනය පිළිබඳව නීතියේ ආධිපත්‍යය පිළිබඳව මහා හඬක් නැඟුවා. ඒ වගේම බලපෑම් කළා එය රැකගන්න ඕනෑ කියලා. ඒත් මේ ආණ්ඩුව ආපු ගමන්ම අගමැතිවරයා පත් කළ ආකාරයත්, ඒ වගේම අග්‍රවිනිශ්චයකාරයා අස්කරල අග්‍රවිනිශ්චයකාරවරයකු පත්කළ ආකාරයත් ගැන අපට ඇති වන්නේ කනගාටුවක්. මේ නීතියේ ආධිපත්‍යය රැකගැනීමක්ද ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමක්ද කියන එක අපි අමුතුවෙන් සිතන්නට ඕනෑ නැහැ.එතැනින් තමයි පටන් ගත්තේ නීතිය කඩන්න. අධිකරණය පිළිබඳව තිබෙන විශ්වාසය, ක්‍රමානුකූලව ජනතාවගෙන් ඈත් කරන්න මෙවන් ක්‍රියා හේතු වුණා ඔවුන්ගේ දේශපාලන වුවමනාව ඉටුකරගන්න. පළිගැනීම, දේශපාලන සතුරන් අධිකරණය ඉදිරියට ගෙන එන්න නොයෙක් ක්‍රමයේ උපක්‍රම ඔවුන් භාවිතා කළා. අපි දන්නවා ඇප දීම දඬුවමක් නොවෙයි. රිමාන්ඞ් කිරීම දඬුවමක් නොවෙයි. අද රිමාන්ඞ් කිරීමක් දඬුවමක් බවට පත් වෙලා තිබෙනවා.රාජ්‍ය දේපළ කියලා, පෞද්ගලික දේපළත් ඇතුළු කරල එයින් ඇප නොදෙන්න මහේස්ත්‍රාත්වරයාගේ අත බැඳ තබන්නට අද පොලීසිය සමත් වෙලා තිබෙනවා. පොලීසියේ ක්‍රියාවලිය දේශපාලන ක්‍රියාවලියක් බවට පත්වෙලා. පරීක්ෂණ තියනවා. මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට ගැසට් මගින් අගමැතිවරයා යොමු කරන දේවල් විභාග කෙරෙනවා. අගමැතිවරයාට තිබෙන බලය මොකක්ද? එතකොට මේ මුළු නීති පද්ධතියෙම හරය බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම බිඳවැටිලා. මේ අය කළේ ඒකට ගැසට් එකක් තිබෙන දේ පොලීසියකට කරන්න බැහැනෙ. අගමැතිවරයා පොලීසියෙ, පොලිස්පතිවරයා නොවෙයිනෙ. එහෙමත් නැතිනම් පොලිස් ස්ථානාධිපති නොවෙයිනෙ. ඉතින් මේ තත්ත්වය තමයි අද මේ රටේ උද්ගතවෙලා තිබෙන්නෙ.දැන් ඒක අහෝසි කරලා මූල්‍ය අපරාධ කොට්ාසය ක්‍රියාත්මක වෙනවා. දැන් මොනවද හොයාගෙන තිබෙන්නෙ. අපේ නඩු හැත්තෑ ගණනක්ද කොහෙද අවසන් කළාලු. යැව්වලු නීතිපතිට. දැන් මොනවටද නඩු දාල තියෙන්නෙ? ප්‍රාදේශීය සභාවට බට කණු බෙදුවයි කියල. උපාසක අම්මලට සිල් රෙදි බෙදුවයි කියල. මේවට නඩු පවරල. මේවා රාජ්‍ය දේපළ නෙමෙයි කියල ආවට පස්සෙ තර්කානුකූලව ඒක වෙනස් වුණා. දැන් මේ චෝදනා නැහැ.ඉතින් මේ විදියට තමයි හැම එකක්ම. එක්කො ලිතක් ගැහුවයි කියල. දැන් මේ හැම ඇමැතිවරයාම ලිත් නෙමෙයි, කැලැන්ඩර් ගහගන්නව, පින්තූර දාගෙන. ඒවට නඩු නැහැ. හැබැයි ලිතට නඩු. ලිත කියන්නෙ මොකක්ද? ලිත කියන්නේ ගමේ සංස්කෘතියේ එක් අංගයක්. අවුරුදු නැකැත් ආදිය තිබෙන. ඉතින් ඒක ගමේ ලිත. කැලැන්ඩරය, ඩයරිය එහෙම නෙමෙයිනෙ. ඒව ගැහුවට කමක් නැහැ. ලිත ගැහුවොත් වැරදි. දැන් මෙයාලගෙ මානසිකත්වය පේනවනෙ.අද ලැම්බොගිනි ආදිය හොයන්න ගිහින් මොකක්ද වුණේ. දැන් මගේ ඩොලර් බිලියන දහ අටක් ගැන කියනවා. තව ඇමැතිවරයෙක් කියනව. ඩොලර් බිලියන 218ක් නාමල්ගෙ නමටත් තියනවලු. වගකිව යුතු කැබිනට් ඇමැතිවරුයි මේ කියන්නේ. මේව තියෙන්නේ ඩුබායි බැංකු වලලු. මම කිව්ව නාමල් ළඟ තියෙන ඒව ලියල දෙන්නම්, අපිට වරාය බේරල දෙන්නයි කියලා. වරාය ගන්නෙ නැතුව, මේව විකුණනනේ නැතුව, අපි ළඟ තියනවයි කියන ගණන නිකම් දෙන්න දෙන්නම්. තියෙන බැංකුවක් හොයා ගෙන එන්න. මේ බොරු කියන එකේ සීමාවක් තිබිය යුතුයි. බිලියන ගණන්, මිලියන ගණන් කිය කියා.දැන් මොකද අන්තිමට වුණේ? අද එළියට ඇවිල්ල තිබෙනවා. ලංකාවෙම නොවෙයි, මුළු ආසියාකරේම කරපු මහා මංකොල්ලය තමයි මේ එළියට ආවේ. මහ බැංකුවෙ මංකොල්ලය.ඒ මංකොල්ලය ගැන කොමිසම සොයා ගෙන යන කොට මේ වෙන ගනුදෙනුවකුයි අහුවුණේ. කොල්ලයේ සැකකරුවන් පිළිබඳ සොයා ගෙන යන කොට ඒ අයගෙන් ගත්තු ණයක් දැන් එළියට ඇවිල්ල අන්තිමට එයාට ජනතාවගේ විරෝධය ආවා. මේ කොමිසන් දැම්මෙත් විපක්ෂයෙන් ආපු බලවේගයට. මේකෙ ගෞරවය එන්න ඕනෑ විපක්ෂයට.මට මතකයි බන්දුල ගුණවර්ධන මහත්තයා දවස ගාණේ, මේ ගැන හඬ නැගුවා. මුළු විපක්ෂයේම කෑ ගැහීමේ ප්‍රතිඵලය තමයි කොමිසම පත් කිරීම. කොමිසමේ ප්‍රතිඵලය උඩ තමයි, අරයට ඉල්ලා අස්වෙන්න වුණේ.මම බැලුව අර මාරපන මහත්තයා අස්වුණා එයා නීතීඥවරයෙකු ලෙස දුන්නු උපදෙසක් දීම නිසා මේ ගැන ඇති වූ සැකයක් නිසා මහත්තයකු ලෙස ඉල්ලා අස්වුණා. එයා පාර්ලිමේන්තුවෙ කතා පැවැත්තුවද? කට්ටිය මහා වීරයයි කියල අත්පුඩි ගැහුවද? ඇත්ත වශයෙන් මාරපන මහත්තයයි වීරය වෙන්න ඕනෑ.එහෙම නම් මෙයා නෙවෙයි වීරයා. මෙයාට සිද්ධ වුණා ජනතා මතයට හිස නමන්න. ජනතා අධිකරණයෙන් මෙයා වැරදිකාරයෙක් කරලා ඉවරයි. දක්ෂ නීතීඥ මහත්වරුන් උපදෙස් දෙන්න ඇති, ඒක නිසා නෝන පිට දැම්මා. නෝනා ගත්ත එක මම දන්නේ නැහැ, මතකත් නැහැ කියනවා.සිද්ධාන්තයක් තිබෙනව නේද ස්වාමිපුරුෂයාට විපක්ෂව බිරිඳට සාක්කි දෙන්න බැහැ කියලා. නීතීඥයෝ විදියට ඔබතුමාලා දන්නවනෙ. ඉතින් ඒකෙනුත් බේරෙනවා. බොහොම දක්ෂ නීතීඥ මහත්තයෙක් මෙයාට උපදෙස් දීල තිබෙනවා. අධීකරණය ඉදිරියේ කෙසේ වෙනත් ජනතා අධිකරණයෙන් මෙයාට දඬුවම් ලැබෙනවා. ඒක ලැබීල ඉවරයි.මෙයාගෙන් සාක්කි විමසීම ආදිය ගැන මෙයා නීතිපති දෙපාර්තමේන්තුවේ අභියෝගයට ලක් කළ සමහර අය, නීතීයේ අකුරක්වත් නොදන්නා මන්ත්‍රීවරුන් නීතිපති දෙපාර්තමේන්තුවටම අපහාස කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ බුද්ධියට හා ඔවුන්ගේ හැකියාවට පහර දෙනවා නම් ඒක වැරදියි. ඒක වැරදි ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ.අපටත් නීතිපති දෙපාර්තමේන්තුව ගැන යම් යම් විවේචන තිබෙනවා. ඒත් අධිකරණයක් පිළිබඳව නීතිපතිවරයා පිළිබඳව කතා කරන විට කැබිනට් ඇමැතිවරුන් වශයෙන් වඩාත් කල්පනාකාරී විය යුතුයි. මොකද විපක්ෂයේ ඉන්නා විට ඕනෑම දෙයක් කියන්නට පුළුවන්. ඒත් රජයේ අයට අයිතියක් තිබෙනවාද කියා කල්පනා කර බලන්න.ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවත් හෑල්ලුවට පත් කළායින් පස්සෙ, අධිකරණයත් හෑල්ලුවට පත් කළායින් පස්සෙ, කොමිසමත් හෑල්ලුවට පත් කළායින් පස්සෙ මොකක්ද රටේ ඉතුරු වෙන්නෙ. ඉතින් ඒක තමයි මේ ආණ්ඩුවේ කෙරුවාව.එහෙම නම් අපට වගකීමක් තිබෙනවා, නීතීයේ ආධිපත්‍ය රැකගන්නට. ආරක්ෂා කරගන්න. ඒ නිසා නීතීඥවරුන් වශයෙන් එම අයිතිය තහවුරු කරන්න. ස්වාධීනත්වය තහවුරු කරන්න ඔබ පියවර ගනියි කියන විශ්වාසය තිබෙනවා.මේ රජය බලයට පත්වී ඉතා කෙටි කාලයක් තුළ පත්ව තිබෙන තත්ත්වය ඔබලා ඉතාමත් හොඳින් දන්නව. වෘත්තීන් පිළිබඳව, ආර්ථිකය පිළිබඳව ඔබලාට හොඳින් දැනෙනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ.”පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා:- “ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු විරෝධී පක්ෂයක් ලෙස රට පුරාම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ලක්ෂ විස්සකට අධික සාමාජික පිරිසක් බඳවාගෙන තිබෙනවා.2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තය පැරදිල ගෙදර ගිය පසුව මෙතුමා සොයා ගිය ජනතාව යළිත් දේශපාලනයට ගෙන ආවා. අතීතයේ රටේ නායකයන් විශ්‍රාම ගියාට පස්සෙ එම නායකයන් දෙස ජනතාව බැලුවේ නැහැ. ඉන්නවා කියාවත් සොයා බැලුවේ නැහැ.චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයෙන් විශ්‍රාම ගියාට පස්සේ, මට පෞද්ගලික අත්දැකීමක් තිබෙනවා. මම එතුමිය බලන්න හොරගොල්ලට ගියාම මොකක්ද දන්නවද කිව්වේ. “ප්‍රසන්න ඔයා ආවාද? මාත් එක්ක හිටිය එක බල්ලෙක්වත් මාව බලන්න ආවෙ නැහැ”යි කිව්වා. මම කිව්ව ඔබතුමිය ආශ්‍රය කරල තියෙන්නේ ඒ වගේ අයනෙ කියලා. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තය පරාජයට පත් වුණාම රටේ ලොකු වෙනසක් ඇති වුණා.අද රාජපක්ෂ පවුලෙ අයගෙ හොරකම් හොයන්න ගිහිල්ල ආණ්ඩුවෙ අයගෙම හොරකම් එළිවෙන තත්ත්වයකට පත්ව තිබෙනවා. ලැම්බොගිනි, මාලිගාවල් හොයන්න ගිහිල්ලා මේ රජයේ සමහර ඇමැතිවරුන්ගේ හොරකම් අහුවෙලා තිබෙනවා. අද අහුවෙලා තිබෙන්නෙ ලූනු බිකක් තමයි. මහා හොරු ටික තවම එළියෙ.අපි ජනාධිපති සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසූ අන්දමට ලූනු බික පමණක් නොව මීට සම්බන්ධ සියලු දෙනාම හෙළි කළ යුතුයි කියලයි. මේවා යට ගහන්න දෙන්න බැහැ.ඒවාගේම වරාය සම්බන්ධනේ අද ආණ්ඩුව තුළ බෙදීම් සිදුව තිබෙනවා. අද ආණ්ඩුව දුර්වල තැනකට වැටිලා තිබෙනවා. ඉන් ගොඩ එන්න බැරුව තිබෙනවා. අපි ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ආණ්ඩුව පිහිටුවන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ සඳහා ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශීව කරන වැඩපිළිවෙළ තුළ පොදුජන පෙරමුණ අද බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ මේ කටයුතු ඉතාමත්ම ශක්තිමත්ව ගෙනි යනවා.අපි දන්නවා. සමහර අයට විවේචන තියෙන්න පුළුවන් ඒත් පසු ගිය අප රජය කාලෙ අපි මැතිවරණ විසි නවයක් ජයග්‍රහණය කළා. මැතිවරණ විසිනවයක් ජයග්‍රහණය කරන විට අද ඔය මාධ්‍යවලට කතා කරන ශ්‍රී ලංකා නායකයන් කවදාවත්ම කිව්වෙ නැහැ ඒ විසිනවයම දිනුවෙ බැසිල් රාජපක්ෂ මෙහෙයවපු නිසාය කියලා. එකක් පැරදුණාම එහි වගකීම එතුමාට පැවරුව. එතුමා ඒ වගකීම බාර ගත්තා. බාරගෙන පසුගිය දවසක ප්‍රකාශ කළා. මහින්ද පැරදුවේ මමයි කියනවා වගේම මහින්ද ජයග්‍රහණය කරවන්නේ මමයි. ඒ සඳහා ගම්මට්ටමින් සංවිධානය කරන බව. ඒ නිසා අපි අතර මොන ගැටුම් ප්‍රශ්න තිබුණත් අපගේ පොදු අරමුණ විය යුත්තේ මේ ආණ්ඩුව පෙරළල රටට හිතවාදී ආණ්ඩුවක් පිහිටුවීමයි. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් අවශ්‍ය සහාය අපි ලබා දෙනවා.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතීඥ මව් සංගමයේ සභාපති ඩබ්ලිව්. දයාරත්න මහතා:- “අප සංගමයේ මව් සංගමය පිහිටුවීමේදී තුන්සීයක් බලාපොරොත්තු වුණත් නීතීඥයින් අටසිය අනූ අට දෙනෙකු සහභාගී වුණා නොසිතූ ලෙසින්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් නීතීඥවරුන්ගේ සහභාගීත්වය ඉහළ මට්ටමකින් පැවැතීම සතුටට කරුණක්. අපි මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වී ඉදිරි ගමනක් යමුය කියා ඉල්ලා සිටිනවා.”මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර සහ පළාත් සභා මන්ත්‍රී සුසාර දිනාල් යන මහත්වරු ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතීඥ මව් සංගමයේ ලේකම් අතුල ද සිල්වා සහ ජයන්ත වීරසිංහ යන මහත්වරු ද සහභාගී වී සිටියහ.
පාර්ලිමේන්තුව 29 වැනි දා තෙක් කල් තබයි
0
hp_train_1849
 ඩි.ජී.සුගතපාල හම්බන්තොට බෙරලිහෙල යාය 4 උදාගම්මානයේ පදිංචි පුද්ගලයකු ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියදී හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  61 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරු අද (20) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
0
hp_train_1850
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (13) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 15,190 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 10 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු සහ අවුරුදු 30ට අඩු එක් අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොවිඩ් මරණ 16 ක්
1
hp_train_1851
(මනෝප‍්‍රිය ගුණසේකර)මහරගම ප‍්‍රදේශයේ වෙළඳසැළකට කඩාපැන ගිනි අවි එල්ල කර එහි තිබූ රුපියල් ලක්‍ෂ 1 1/2කට ආසන්න මුදල් හා රන් ආභරණ කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වූ කොල්ලකරුවන් දෙදෙනකුට වසර 27 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා රුපියල් 90,000/- බැගින් දඩ මුදල් ද නියම කළේය.කොල්ලකරුවන්ගේ ක‍්‍රියා හේතුවෙන් සමාජය භීතියට පත් වන බවත් මෙම විත්තිකරුවන් මීට පෙර අවස්ථාවලදී කොල්ලකෑම් සිදුකිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වී ඇතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය.විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය.චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ ජගත් සුරංග පෙරේරා සහ නිශාන්ත පෙරේරා නමැති විත්තිකරුවන්ටය.2007 දෙසැම්බර් 4 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මහරගමදී වෙළඳසැළකට කඩාවැදී ගිනි අවි පෙන්වා රුපියල් 148,000ක්  හා රන් අබරණ කොල්ල කෑ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් වෙන වෙනම නඩු පවරා තිබිණි.මේ සම්බන්දයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන් විසින් මහරගම ප‍්‍රදේශයේ වෙළඳසැළකට කඩාවැදී හිමිකරුට ගිනි අවි පෙන්වා එහි තිබූ රුපියල් 35,000 ක් හා රුපියල් 1,13,000 ක් වටිනා රන් අබරණ කොල්ල කෑ බවට සාක්කි අනාවරණය විය.නඩු විභාගය අවසානයේ දී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් කළේය.
මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
0
hp_train_1852
(නාලක ජේ. හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)  ගංජා සුරුට්ටුවක්  ළඟ තබා  ගත් පුද්ගලයකු අගෝස්තු 6 වැනිදා   දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එම්. එම්. රෆික්  මහතා අද (04) නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ  බලන්ගොඩ තුඔගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි  පුද්ගලයෙකි.  සැකකරු බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන  මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ස්වර්ණාභරණ සොරකම් කළ අයෙක් රිමාන්ඩ්
0
hp_train_1853
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 512 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,45,768 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.කොවිඩ් ආසාදිත 16,417 දෙනකු මේ වන විට රෝහල් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද එහි සඳහන් වේ.කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 312 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,15,495 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා ආසාදිතයන් 582ක් වාර්තා වෙයි
0
hp_train_1854
(හර්ෂණ තුෂාර සිල්වා, ගෝනාපීනුවල දයාසිරිල් ධම්මික සහ ගාල්ල සිරංගිකා ලොකුකරවිට)“ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වූ වහාම එහි සහනය කෙලින්ම ශ්‍රී ලාංකේය ජනතාවට දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුවේදී පැවසීය.“ජාතික ආණ්ඩුව පසුගිය වසර දෙක-තුනක කාලයේදී අති විශාල ණය කන්දක් නැති කිරීමට උත්සාහ ගත් බව කී අග්‍රාමාත්‍යවරයා, ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කරගත් සැණින් තවත් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවිණැයි” ද කීවේය.හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ කරුණු කීය. “රට සංවර්ධනය නොවන්නේ නම් තරුණයන්ගේ ද දියුණුව නැතිවන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක ක්ෂේත්‍රය මුල් කර ගනිමින් තරුණ-තරුණියන්ට රැකියා නිර්මාණය කරන සංවර්ධන ව්‍යාපෘති රැසක් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. “රටටත් රටේ ආර්ථිකයටත් එදා විශාල ප්‍රශ්න තිබුණා. වසර 2013 දීත්, 2014 දීත් රාජ්‍ය ආදායම් ණය පොළිය ගෙවීමට පවා මදි වුණා. අපට විශාල ණය කන්දරාවක් තිබුණා. ඒ නිසා 2015 බලයට පත්වූ විගස ණය ගෙවීමට හැකියාව ඇති කර ගැනීමට අවශ්‍ය වුණා. අප මුලින්ම අවධානය යොමු කළේ ඒ දෙසයි. අය-වැයෙන් මොනවද කරන්න පුළුවන් කියන දේ අප බැලුවා. ණය ගෙවන්න පුළුවන් ආර්ථිකය මා හැදුවා. ආර්ථිකයේ ස්ථාවරය ඇති කර ගත්තා විතරයි, 2017 දී තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න වුණා. කොළඹ කුණු කන්ද කඩා වැටුණා. ඊට පසු ගංවතුර ආවා. ඊටත් පසු නියඟය ද ආවා. හතරවැනි කන්නයේ දී ඇති වූ නියඟය නිසා කෘෂිකර්මය කඩා වැටුණා. අස්වැන්න අඩු වුණා. ග්‍රාමීය ආර්ථිකය කඩා වැටුණා. වී වගාව සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. ගංවතුර නිසා ද එවැනිම හානිය වුණා. අපට තවමත් මුදල් දෙන්න තිබෙනවා. ගාල්ලටත්, මාතරටත් තවමත් මුදල් දෙන්න තිබෙනවා. ඒවායේ ද යම් හිරවීම් වුණා. මේ කරුණුත් ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තෙල් මිල වැඩි වීමත් නිසා තෙල් මිල වැඩි කරන්න වුණා. රජයක් විදියට ඉහත ප්‍රශ්න නිසා තෙල් සංස්ථාවට සහනාධාරය දෙන්න බැරි වුණා. ඒ වගේම තෙල් සංස්ථාවට, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ආයතන මුදල් ගෙවා නැහැ. ඛනිජ තෙල් සංස්ථාවට ඒ බරත්, වියදමත් දරන්න වෙලා. මේ කරුණු නිසා රටේ ආර්ථිකයෙන්වත් රජයේ අය-වැයෙන්වත් ඛනිජ තෙල් සංස්ථාවට යම් සහනයක් දෙන්න බැරි වුණා. අමාරුවෙන් හරි ඛනිජ තෙල් සංස්ථාවට සහන දෙන්න ගියා නම් බැංකු පොළී වැඩි වෙනවා. දැනටත් අපට බැණුම් අහන්න වෙලා. ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් බැංකු පොළිය වැඩියි කියා දොස් කියනවා. උදව් කරන්න ගිහින් බැංකු පොළිය තවත් සියයට 5කින්, 7කින් වැඩි වුණා නම් මොකද කරන්නේ සියලු විකල්ප දිහා බලා තෙල් මිල වැඩි කළා. බොරතෙල් මිල අඩුවූ ගමන් අප ජනතාවට ඒ සහනය දෙනවා. ලෝකයේ තෙල් මිල නැවත වැඩි වෙන්න පටන් ගෙන තිබෙනවා. ලබන වසර වෙද්දි තෙල් මිල අඩු වේවි කියා බලාපාරොත්තු වෙනවා. තෙල් මිල අඩු වූ ගමන් අප ජනතාවට එහි සහනය දෙනවා. මෙතැනට මුදල් යෙදෙව්වා නම් රටේ සංවර්ධනයට මුදල් නැති වෙනවා. අද ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කරල. කොග්ගල වෙළෙඳ කලාපය ආරම්භ කළාට පසු කිසිම වෙළෙඳ කලාපයක් ගාල්ලේ ඇති කර නැහැ. ගාල්ලට යාබද ශාලින්දවත්ත හඳුනාගෙන ආණ්ඩුවට ඒ ඉඩම් අත්පත් කරගෙන යනවා. එහි සම්පූර්ණ වෙළෙඳ කලාපය ආරම්භ කරනවා. නිෂ්පාදන කර්මාන්තවලට අමතරව එහි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.දෙද්දූවේ විශාල සංචාරක කලාපය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉඩම් අක්කර 1800ක් අත්පත් කර ගැනීමට මුදල් දුන්නා. සංචාරක කලාප තුනක් සහ වෙළෙඳ කලාපයක් ආරම්භ කිරීමට බලාපොරාත්තු වෙනවා. අකුරණ, කොග්ගල වගේම හම්බන්තොට දියුණු කිරීමටත් අප මුදල් යොදවනවා.සංවර්ධනයට මුදල් යොදවන්නේ නැතිනම් රට දියුණු කරන්න බැහැ. පසුගිය වසර දෙකෙහිදී අප විශාල ණය බරක් නැති කරන්න උත්සාහ ගත්තා. කොහොම හරි ආණ්ඩුවේ වියදම් සීමා කළා. ජල ගැලීම්, නියඟය යන අභියෝග හා දුෂ්කරතාවලට අප මුහුණ දුන්නා. අප කොහොමින් කොහොම හරි මුදල් සොයා ගත්තා. අද අප සතුව මුදල් තිබෙනවා. දැන් සංවර්ධනය කරන්න ඕනෑ. සංවර්ධනය කරන්නේ නැතිනම් තරුණයන්ට අනාගතය උදාවන්නේ නැහැ.ගුවන් තොටුපොළවල් දෙකක් අතරේ තිබෙන සංවර්ධිතම නගරය බවට ගාල්ල පත් කරනවා. කටුනායකත්, මත්තලත් අතර තිබෙන ගාල්ල සංවර්ධනය කරන අතරවාරයේදී හික්කඩුව, හබරාදූව, කොග්ගල යන ප්‍රදේශ දියුණු කරන්න ඕනෑ. හික්කඩුව, උණවටුනේ තිබෙන ප්‍රශ්න විසඳන්න ඕනෑ. අපේ තිබෙන සංචාරක කලාප දියුණු කරන ගමන් අලුත් සංචාර කලාප පිහිටුවන්න ඕනෑ.තරුණ තරුණියන්ට රැකියා දෙන්න ඕනෑ. සංචාරක කර්මාන්තයේ රැකියා අවස්ථා බිහි කරන්න ඕනෑ. ස්වයං රැකියා ආරම්භ කරන්න ඕනෑ. ඒවාට ණය මුදල් දෙන්න ඕනෑ. ඒ වැඩසටහන් අප ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ගාල්ලේ සංවර්ධනය ඉදිරියට ගෙන යන ගමන් අවට ප්‍රදේශ දියුණු කළ යුතුයි. ඒ සංවර්ධනය සඳහා මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන පියවර රැසක් ගෙන තිබෙනවා. ඉදිරියටත් තවත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.මෙහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීය.“හික්කඩුවේ ප්‍රශ්න ගොඩයි. හැබැයි වැරැද්ද මහජනතාවගෙයි. හික්කඩුවේ අර්බුද රැසක් තිබෙනවා. එහි වැරැද්ද ජනතාව බාර ගන්න ඕනෑ. එහෙම කිව්වා කියා තරහා වෙන්න එපා. අපේ ආණ්ඩුව 2001 දී මිනිස්සුන්ට වතුර දෙන්න ජලාශ හතර ඉදි කළා. මේ ජලාශවලින් වතුර දෙන්න පුළුවන් සීමාවක් තිබුණා. බිලියන 30ක් වියදම් කළා. කිලෝමීටර 800ක් දෙන්න පුළුවන් විදියට අපි හැදුවාම දැන් කිලෝමීටර 3000ක් දක්වා ඒවා වැඩි කරලා. එකකින් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. උත්සව සභාව ඇමතූ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය. “අප අණ බෙර ගසා කිව්වේ නැති වුණාට බොහෝ දේවල් කර තිබෙනවා. කොග්ගල හා හික්කඩුව අධි සංචාරක කලාපය බවට පත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. හික්කඩුවේ හෝටල් හිමියන් නිරන්තරයෙන් පැමිණිල්ලක් කළා. හෝටල් තිබෙන මාර්ගයේ අනතුරු වැඩි බව ඔවුන් කීවා. සංචාරකයන්ට ශබ්දයෙන් වන හිරිහැර ගැන කිව්වා. ඒ නිසා අලුත් මාර්ගයක අවශ්‍යතාව මතුවෙලා. ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගන්නවා. හැමදාමත් සංචාරක කර්මාන්තය ඉදිරියට ගියේ, හෝටල් ආරම්භ කළේ අපේ ආණ්ඩු තිබූ කාලයේදියි.ප්‍රාදේශීය ලේකම් කාර්යාල දියුණු කරන ගමන් “සේවා පියස” ආරම්භ කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ග්‍රාම රාජ්‍ය සංකල්පයට සමගාමීව යන ගමන් සේවා පියස ඇති කරනවා. මිනිස්සුන්ට අද එක තැනකින් වැඩක් කරගන්න බැහැ. ග්‍රාම සේවක එක තැනයි. සමෘද්ධි නිලධාරී වෙනත් තැනකයි. කෘෂිකර්ම නිලධාරියා තවත් කොහේ හරියි. ආණ්ඩුවේ නිලධාරීන් හොයා ගෙන තැන් තැන්වල යන්න වෙලා. ඒ නිසා ගමේ, ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ නිලධාරීන් එක තැනකට ගේන්න අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සේවා පියස ඇති කරනවා. අප බෝඞ් ගහලා නැහැ. ටී වී පැය 24 පුරා පම්පෝරි ගහලා නැහැ. හැම තැනම කිය කිය ගිහින් නැහැ. එහෙත් අප නිහඬව වැඩ රැසක් කරනවා. අප සුරක්ෂා රක්ෂණාවරය දුන්නා. 1990 ගිලන් රථ සේවය ආරම්භ කළා. එදා විරුද්ධ වුණා. අද මේ ගිලන් රථ සේවය ජීවිත රැසක් බේරා දෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව රට සංවර්ධනය කරන බව නැවත නැවතත් කිව යුතු”යි. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන බන්දුලාල් බණ්ඩාරීගොඩ සහ විජයපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. 
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවුණාම සහනය ජනතාවට
1
hp_train_1855
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 512 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,45,768 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.කොවිඩ් ආසාදිත 16,417 දෙනකු මේ වන විට රෝහල් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද එහි සඳහන් වේ.කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 312 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,15,495 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පළමු වටයේ රෝගීහු 500 සීමාව පනිති
0
hp_train_1856
සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකික අංශය රාමසාන් මාසය පුරා උපවාසය (නෝම්බි) අවසන් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.දමාම් නගර මධ්‍යයේ පිහිටි උපවාසය ඇත හැරීමේ මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව සදහා දිනපතා ආගමික වතාවත් භාරව කටයුතු කරනුයේ ශ්‍රී ලාංකික මව්ලවී වරයකු වන මොනරාගල මව්ලවී අබ්දුල් අසීස් මහතා ශ්‍රී ලාංකික මෙන්ම දමිල බස කතාකරන ඉන්දියා  මුස්ලිම්වරුන් ද දිනපතා මෙහි එති.සහජීවනය ගැන  මව්ලවි අබ්දුල් අස්සේ දේශනයක් ද පැවැත්වීය.   
දමාම් රාමසාන්
1
hp_train_1857
(චන්ද්‍රසිරි ගුණසේකර)ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්වීම අද (08) පැවැත්වෙමින් තිබියදී දහවල් 11.45 ට සභාපතිවරයා විසින් සභාව විනාඩි දහයකට කල්තබා උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරුන් සමග සභාවෙන් පිටව යාමෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධය පළකරමින් කෑ කෝ ගැසමින් සභාවේම රැදී සිටියහ.අද පෙරවරුවේ ඇල්පිටිය ප්‍රාදේශිය සභා රැස්වීම සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට ආරම්භ විණි.න්‍යාය පත්‍රයට අනුව සභාපතිවරයා විසින් 2021 වර්ෂයේ අය වැය ලේඛණය සභා සම්මත කිරීම සදහා සභාවට ඉදිරිපත් කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් අයවැය ලේඛනය සභා සම්මත කිරීමට විරෝධය පළකළේය.සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කර තිබුණේ අයවැය කෙටුම්පතකි.එය එසේ සම්මත කළ නොහැකි බවත් සභා සම්මත කිරීමට නම් මන්ත්‍රී වරුන් විසින් සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය ලේඛණයක් ඉදිරිපත් කළයුතු බවත් පවසමින් විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරු විරෝධය පළකළහ.අය වැය කෙටුම්පත පිළිබදව සාකාච්චා කිරීමෙන් පසු (රහසිගත ලෙස මන්ත්‍රීවරුන් සමග සාකච්චා කිරීමෙන් පසු) සභාපතිවරයා විසින් විනාඩි දහයකට සභාව කල්තබමින් මන්ත්‍රීවරු සමග සභාවෙන් පිටව ගියහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු ඇතුළු මන්ත්‍රීවරු විස්සම සභාවෙන් පිටව ගිය අතර විපක්ෂයේ මන්ත්‍රීවරු නවදෙනා විවිධ දේ පවසමින් කෑකෝ ගසමින් සභාවේ රැදීසිටියහ.විනාඩි දහයකට පසුව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරු විසිදෙනා සභාරැස්වීමට පැමිණි අතර ඒ වනවිට මන්ත්‍රී වරුන් අතට 2021 අය වැය ලේඛණය රීතියට අනුව ලැබෙන්නට කටයුතු කර තිබුණි.මේ අවස්ථාවේ විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා ඊට විරෝධය පලකරමින් අදහස් පළකළහ.ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 17 කි.පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 03  කි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරු  07 කි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු දෙදෙනෙකි.සභාපතිවරයා ඇතුළු මුළු මන්ත්‍රීවරු ගණන 29 කි.
‘පලාගල ප්‍රා. සභා රැස්වීමට ජංගම දුරකතන තහනම් ‘
0
hp_train_1858
( ඩී.කේ.රත්න) කෙසෙල් වගා කරන මුවාවෙන් තණමල්විල බලහරුව ප්‍රදේශයේ අක්කර කාලක ඉඩමක ගංජා වගා කළ පුද්ගලයෙකු අද (21) ගංජා ගස් 2079 ක් සමග මොනරාගල දිසා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.තණමල්විල ඌව කුඩාඔය සමගිපුර ප්‍රදේශයේ පදංචි වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙකු මෙම ගංජා ගස් සමග අත්අඩංගුවට ගෙන තිබේ.මොනරාගල දිසා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් විසින් තණමල්විල බලහරුව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කෙසෙල් වගා කරන මුවාවෙන් ගංජා වගා වගා කළ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට තණමල්විල පොලීසියට බාරදී තිබේ.තණමල්විල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
කංසා පැළ 700ක් සමඟ පුද්ගලයෙකු එස්ටීඑෆ් දැලේ
0
hp_train_1859
(ජේ.ඒ.එල්. ජයසිංහ, තෙල්දෙණිය - චන්දන උඩුවාවල සහ කුණ්ඩසාලේ - ඒ.ජී. වික්‍රමසිංහ)හෘදය සාක්ෂියට අනුව අවංකව සහ කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරීන් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (19) ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ පැවැති වික්ටෝරියා සහ කොත්මලේ කලාපවල ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය අමතමිනි.එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහවැලි ගම්මානවල ජිවත්වන අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ දීර්ඝකාලීන බලාපොරොත්තුවක්ව තිබූ තම ඉඩමේ අයිතිය, උරුමය හිමිවන අවස්ථාවට ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.අපේ රටේ ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව තිබෙන්නේ දීර්ඝතම වූ ඒවගේම කීර්තිමත් ඉතිහාසයක්. බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුවත්, බි්‍රතාන්‍ය පාලනය තිබුණු අවස්ථාවලදීත්, මේ රටේ ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව ඉතිහාසය සහ ඒ මතක සටහන් ඔබ අප කාගේත් හදවත් තුළ සටහන්ව තිබෙනවා.රාජ්‍ය මන්ත්‍රණ සභාව කාලේ කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සිටි ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා තමයි මේ රටේ මහ ගොවිජනපද ව්‍යාපාර පටන් ගත්තේ. අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල එදා මහ ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කිරීම මේ රටේ ගොවිජනපද ශිෂ්ටාචාරයක් සහ ගොවිජනපද සංස්කෘතියක් වගේම ජාතික ආර්ථිකය ශක්තිමත් කරන පුළුල් පදනමක් ඇති කෘෂි ආර්ථිකයක් ආරම්භ කිරීම සඳහා මූලික පදනමක් සහ අඩිතාලමක් ඒ තුළ ඇති වුණා. එදා මෙදා කාලය තුළ මේ රටේ බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තම කාලසීමාව තුළ ගොවි ජනපද ව්‍යාපාරවල ජීවත්වන ජනතාව ආර්ථික සමෘද්ධිමත් ජනතාවක් විදියට ගොඩනැගීමට ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කරනු ලැබුවා. 1977 අලුත් ආණ්ඩුව කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගාමිණී දිසානායක ඇමතිතුමාගේ නායකත්වය තුළ මහවැලි ව්‍යාපාරයේ නව නැම්මක් සමග නව ගමනක් ආරම්භ කළ බව ඔබ දන්නවා. මේ රටේ මහවැලි ව්‍යාපාරය පිළිබඳව ඓතිහාසික පසුබිම 1930 දශකයේ සිට 40, 50, 60 දශක දක්වා දිව එනවා. 1965 පමණ පොළොන්නරුවෙන් එදා නායකත්වය දුන් සී.පී ද සිල්වා ඇමතිතුමා තමයි මේ රටේ මහවැලි විෂය භාර පළවෙනි අමාත්‍යවරයා විදියට පත් වුණේ.ඉන්පසුව මහවැලිය උතුරට හැරවීමේ කාර්යයේදී 1969 සී.පී. ද සිල්වා ඇමතිතුමා මහනුවර පොල්ගොල්ලෙන් ජලය උතුරට හැරවීමේ වේල්ලට මුල්ගල තබලා ආරම්භ කළා. 1970 ආණ්ඩු වෙනසින් පසුව රජරට නායකයෙක් වූ මෛත්‍රීපාල සේනානායක මැතිතුමා එම විෂයභාරව කටයුතු කළා. 1976 ජනවාරි මාසේ 08 වෙනිදා පොල්ගොල්ලෙන් රජරටට ජලය හරවනු ලැබුවා. 1977 ආණ්ඩු වෙනසත් සමග කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වුණේ ඉන්පසුවයි. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය මේ මහා ජලාශ සමග එදා මූලිකත්වය දුන්නේ කෘෂි ආර්ථිකයට වඩා මේ රටේ කර්මාන්ත සංවර්ධනය සඳහා විදුලිබල උත්පාදනය වෙනුවෙන්. 77 බලයට පත් වූ ආණ්ඩුව විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග රටට අවශ්‍ය කර්මාන්ත සංවර්ධනයේදී මූලික වශයෙන් අවශ්‍ය වූ විදුලිබල නිෂ්පාදනයට මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ප්‍රමුඛත්වය දුන්නා. ඒවගේම කෘෂිකාර්මික සංවර්ධනය සඳහා මහවැලි නව ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරනු ලැබුවා. 1994 බලයට පත් වූ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මහවැලි සංවර්ධන මහා සැලැස්මේ ඉදිරි කටයුතු සාර්ථකව ඉටු කරගෙන එනු ලැබුවා. 2005 ජනවාරි මාසේ 25 වෙනිදා තමයි මහවැලි සංවර්ධන මහා සැලැස්මේ ප්‍රධානතම කෘෂිකාර්මික යෝජනා ක්‍රමය වූ මොරගහකන්ද කළු ගඟ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණේ.නමුත් ඔබ දන්නවා එක්දහස් නවසිය තිස් ගණන්, හතළිස් ගණන් වල සිට ආ වැඩසටහනට අපි බලාපොරොත්තු වූ කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ ඉලක්කත් ඒ වගේම විදුලිබල උත්පාදනයත් කර්මාන්තකරණයත් මේ සියල්ල එක්ව එක දිගට කරගෙන ආවා වගේම ඇතැම් අංශවල යම් යම් අඩුපාඩුකම් දුර්වලකම් සිදු වුණා. 2007 ජනවාරි 25 වෙනිදා මොරගහකන්ද මුල්ගල තැබුවත් අවුරුදු 05 ක් යනතෙක් ඒ ව්‍යාපෘතියේ කටයුතු කෙරුණේ නැහැ. විෂය භාර ඇමතිවරයා විදියට මම හිටියේ. ඒ සඳහා අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. රජරට ජනතාව ඒ පිළිබඳව කරන ලද නොයෙකුත් ඉල්ලීම් ආණ්ඩුව ඇතුළේ අප විසින් කරන ලද නොයෙකුත් බලපෑම් උඩ තමයි 2012 වනවිට මුදල් ලබාගන්න පු`ථවන්කම ලැබුණේ. 2007 වැඩ ආරම්භ කළ අවස්ථාවේ සිට මොරගහකන්ද කළු ගඟ ජලාශයේ ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව කෙරී ගෙන ගියා නම් 2012 උතුරමැදට සහ වයඹට ජලය ලබාදෙන්න පු`ථවන්කම තිබුණා. කළු ගඟ ඇතුළු වයඹ ඇළ සංවර්ධනය ඒ වගේම උතුරු මැද මහ ඇළ සංවර්ධනය තුළ වැව් 600 ක් ප්‍රතිසංස්කරණය වගේම ජල කළමනාකරණය සම්බන්ධයෙන් ඓතිහාසික පරිවර්තනයන් රාශියක් ඒ තුළ සිදුවෙනවා.මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ එදා මෙදා ඒ ඓතිහාසික කීර්තිමත් කතාවත් සමග වසර ගණනාවක් මේ ජනපදවල ඔබ වැනි පිරිස් ඔබේ ඉඩමේ අයිතිය, ඔප්පුව, බලපත්‍රය, දීමනා පත්‍රය සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්නවලට ඔබ සෑම කෙනෙක්ම මුහුණ දුන්න බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඉඩමේ බලපත්‍රය ගන්න මහවැලි කාර්යාලවලට ඔබ කොතෙක් යන්න ඇද්ද? කොට්ඨාස කාර්යාලවලට කොතෙක් යන්න ඇද්ද? ඒ ඇතැම් වෙලාවට ගොවි ජනතාව විදියට ඔබට රසවත් වූ මිහිරි සුන්දරවූ කතා වගේම අසුන්දර, අශීලාචාර සිද්ධීන්වලටත් මුහුණ දීමට සිදුවූ බව රහසක් නොවන බව ඔබත් මමත් දන්නා වූ කරුණක්. මහවැලි ජනපදවල පමණක් නොව මුළු රටක් වශයෙන් ගත්තොත් ඉඩම් කටයුතුවලදී බලපත්‍ර දීම, දීමනා පත්‍ර, ඔප්පු ලබා ගැනීමේදී මහවැලි ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශ, පළාත් සභාවල ඉඩම් අංශවල ජනතාව ඒ අංශවල කටයුතු කිරීම ගැන ජනතාවගේ පැත්තෙන් පැහැදීමක් නොමැති බව අප සෑම කෙනෙක්ම වටහා ගැනීම අත්‍යවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. බොහෝවෙලාවට ඉඩමේ ඔප්පුව, ඉඩමේ බලපත්‍රය ලබාගැනීමට ගිහිල්ලා මුදල් දෙන්න වුණු අවස්ථා කොතෙක් ද කියන එක ඔබ වගේම මේ රටේ ගොවි ජනපදවල ජීවත් වන ජනතාව දන්නවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා මහවැලියේ ඉහළම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාගේ සිට අවසාන කම්කරුවා දක්වා ඒ සෑම කෙනෙක්ම රටේ ජාතික සංවර්ධනය සඳහා ලබාදී ඇති දායකත්වය හා කැපවීම ඉතාමත් විශිෂ්ටයි. ඒ පිළිබඳව මුළුමහත් ජාතියේ ගෞරවය මහවැලි සංවර්ධන ව්‍යපාරයේ එදා මෙදා කටයුතු කළ සියලුදෙනාට හිමි වෙනවා.එහෙත් ඉඩම් අංශවල කටයුතු සම්බන්ධයෙන් ජනතාවගේ පැහැදීමක් නොමැති බව කණගාටුවෙන් වුණත් කිව යුතුයි. ඇතැම් ඉඩම්වලට එකම ඉඩම තුන් හතර දෙනෙකුට දීපු අවස්ථාවල් මහවැලි ගොවිජනපද වල තිබෙනවා. ඉඩම් බලපත්‍රය, දීමනා පත්‍රය නැත්නම් ඔප්පුව ලබා ගන්න ගිහිල්ලා බොහෝ දුක්ගැහැට, ප්‍රශ්නවලට මුහුණ දුන්න බව ඔබ මෙන්ම මේ රටේ මහවැලි ජනපදවල ජීවත්වන ගොවි ජනතාව ඉතාමත් පැහැදිලිව දන්නවා. ඒ නිසා අපේ හෘද සාක්ෂිය තුළ කල්පනා කරන්නට ඕනෑ අපි හිතන්නට ඕනෑ රාජ්‍ය සේවය වේවා අනිකුත් රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල ඒ ඕනෑම ආයතනයක වැඩ කරන කෙනෙක් ජනතාවගේ හිතසුව සඳහා ජනතාකාමී ලෙස ජනතාවගේ හදවත් දිනා ගනිමින් ඔවුන්ට සේවය කිරීමේ ඒ අවංක අත්‍යවශ්‍ය වූ කාර්යය රට සහ ජනතාව විසින් ඉටු කළ යුතුයි. යම් කිසි අංශයක ජනතාවගේ විරෝධය, අප්‍රසාදය පිළිකුල්සහගත බවක් ඇති වෙනවා නම් ඒ අංශවල ප්‍රධානීන් ඒ සඳහා වගකීම ඉතාම අවශ්‍යයයි කියන එක ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා අපේ රටේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරන සෑම ආයතනයක්ම මහවැලි, ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් සභාවේ ඉඩම් අංශය වගේම නාගරික සංවර්ධන අධිකාරිය ඇතළු ඉඩම් පිළිබඳව ජනතාව සමග කටයුතු කරන සෑම ආයතනයකම අක්‍රමිකතා දූෂණ වංචා පිළිබඳව ජනතාව තුළ ඇත්තේ අප්‍රසාදයක් කියන එක පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි. මෙය පසුගිය දශක කිහිපය තුළ සිදුවුණු දෙයක්. ජනතාවගේ එවැනි අප්‍රසාදයට පත් වුණු ඇතැම් අය සේවාවන්වල නැහැ. වැඩි පිරිසක් විශ්‍රාම ගිහිල්ලා. ඒ වගේම සමහර අය ජීවතුන් අතර නැහැ. රාජ්‍ය සේවයේ සෑම තැනකම ඉඩම් අංශවල සේවය කරන රාජ්‍ය සේවයේ පිරිස් ඉතා අවකංව තමාගේ වගකීම ඉෂ්ට කිරීම තුළ ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීම තමාගේ හෘද සාක්ෂිය තුළ කටයුතු කිරීම ඉතාම අත්‍යවශ්‍යයි කියන එකයි මම එහිදී සඳහන් කරන්නේ.මම මේ චෝදනාව එල්ල කරන්නේ සෑම කෙනෙකුටම නෙවෙයි. නමුත් මේ කටයුතුවල වගකීමෙන් ක්‍රියාකරන සෑම කෙනෙක් තුළම ඉන්න එවැනි චෝදනාවලට ලක්වන්නාවූ අයගේ හෘද සාක්ෂිය දන්නවා තමන් එවැනි වැරදි කළාද නැද්ද කියන කාරණාව. දිගන නැත්නම් වික්ටෝරියා ව්‍යාපෘතිය තුළ ඉඩම් දීමේදී ඉඩම් ලබා ගැනීමේදී පසුගිය අවුරුදු කිහිපය තුළ අවුරුදු 20 ක 25 ක කාලය පිළිබඳව ගත්තොත් බොහෝ අප්‍රසන්න සිද්ධීන් තිබෙන බව මෙහි සිටින ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මම මහවැලි ඇමතිවරයා විදියට දීර්ඝ කාලයක් වරින් වර කටයුතු කරලා තිබෙනවා. නමුත් ඇතැම්වෙලාවට ඇමතිවරයා නොමග යවමින්, අමාත්‍යාංශයේ ලේකම්වරයා නොමග යවමින්, අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නොමග යවමින්, ඉඩම් ලබාගැනීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය සම්බන්ධව ඇතැම් නිලධාරීන් ඉතාමත් බරපතළ වැරදි දිගන සහ ඒවගේම වික්ටෝරියා, කොත්මලේ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම සිදුකර ඇති බව මෙහි සිටින සෑම කෙනෙක්ම දන්නා වූ කවුරුත් විශ්වාස කරන දෙයක්. ඒ නිසා එවැනි අමිහිරි අත්දැකීම් රාශියක් මේ ඉඩම් ලබාදීම් පසුබිම තුළ තිබෙනවා. මම මේවා කියන්නේ මේවා කිව්වේ නැත්නම් වෙන කියන්න තැනක් නැහැ. මේවා නිවැරදි කරගැනීම අවශ්‍යයි. අද දවසේ කාර්යය වගේම හෙට දවසේ රටේ මහජනයා වෙනුවෙන් ඉෂ්ට කරන්නා වූ කාර්යයේ නිවැරදිභාවය අවශ්‍යයි. වැරැද්ද කොතැනක හෝ සිදුවෙනවා නම් ඒ වැරැද්ද කොතැනින් හෝ නිවැරදි වීම ඉතාම අත්‍යවශ්‍යයයි.මහවැලි අධිකාරිය තුළ වැඩ කරන නිලධාරීන් අවස්ථා ගණනාවක් තුළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා එවැනි අපකීර්තිමත් තත්ත්වයන් ඇති කර ගන්නේ නැතිව ජනතාවගේ සේවාවන් ඉටු කිරීමේදී අපේ වගකීම් සහ යුතුකම් නිසිලෙස ඉටුකිරීම ඉතාම අත්‍යවශ්‍යයයි කියන එක අප පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඉඩම් පිළිබඳව ආරවුලක් ඇති වූ විට ඉඩම් නිරවුල් කිරීමේ කාර්යයේදී කිසිදු අවස්ථාවක දේශපාලනඥයෙක් වේවා රාජ්‍ය නිලධාරියෙක් වේවා දේශපාලන පක්ෂ භේදයෙන් ඉඩම් නිරවුල් කිරීම සඳහා ඒ දෙස බැලීම ඉතාමත්ම අන්‍යවශ්‍ය කාරණයක්. ඉඩමක් පිළිබඳව අයිතිය පරම්පරාගත ප්‍රශ්නයක්. තමාගේ පරම්පරාවේ අයිතිය පිළිබඳව ප්‍රශ්නයක්. තමාගේ ජීවත්වීම පිළිබඳව ප්‍රශ්නයක්. තමාගේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ප්‍රශ්නයක්. තමන්ට ජීවත්වෙන්න හදාගන්න තිබෙන ගෙයක් දොරක් පිළිබඳව තිබෙන ප්‍රශ්නයක්. මහපාරේ ජීවත් වෙනවාද තමන්ට අයිති ඉඩමක ජීවත් වෙනවාද කියන ප්‍රශ්නය මේ ඉඩමක අයිතිය කියන ඒ සැබෑ ඉඩම්වල හිමිකරුවන් තුළ අවංකවම තිබෙනවා. ඒ නිසා අපි හිතන්නට ඕනෑ මෙය අපි නිවැරදි කරනවා නම් එය ඉතාමත්ම පින්වන්ත වූ භාග්‍යවන්ත වූ කාර්යයක් කියන එක. එමෙන්ම ඒ වැරදියට කරනවා නම් එය අකුසලයක් වගේම බෞද්ධයින් විදියට ඒ කරන්නා වූ වැරදි බොහෝ වෙලාවට තමන් වෙතම යම් කිසි කාලයක පසුපස එනවා. ඒ නිසා අපිට මේ දේවල් නිවැරදි කරගෙන අපේ සංවර්ධන කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයයි.මම නැවතත් කියනවා අවංකව කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරී කාර්ය මණ්ඩල එවැනි වැරදි නොකරන ඒ සෑම කෙනෙකුටම මුළුමහත් රජයේත් ජනතාවගේ ගෞරවය සැමවිටම හිමිවෙන බව. ඒ අය වෙනුවෙන් අපි සැමවිටම පෙනී සිටිනවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය විදියට මෙතෙක් ආ ගමනේ තව බොහෝ දුර යායුතුව තිබෙනවා. මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපාරය වගේම මින් ඉදිරියට එවැනි ව්‍යාපෘති ආරම්භ කරන්නට අපි අපේක්ෂා කරනවා. අද දවසේ ඔබ සෑම කෙනෙකුටම දීර්ඝ කාලයක සිටම බලාපොරොත්තුව තිබූ මෙම ඉඩම්වල ඔප්පුව ලබා ගැනීමේ කාර්යය ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ රජයේ ජාතික වැඩසටහන තුළ අද ඉතාමත්ම සාර්ථකව ඉටු කරන්න ලැබීම ගැන ඉතාමත් සතුටු වෙනවා. මේ ඔප්පු ලබාදීම වෙනුවෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටු කළ සියලු නිලධාරී මහත්ම මහත්මීන්ට මගේ ගෞරවණීය ස්තූතිය පුද කරනවා. රටක් විදියට අපේ වගකීම් සහ යුතුකම් සමග සංවර්ධනය මනුෂ්‍යත්වය යහපත් සමාජය සැබෑ වූ අවංක වූ සේවාව මේ සියල්ල අප විසින් ඉටු කළ යුතු වෙනවා.රජයක් විදියට වැඩ කරන විට බොහෝ චෝදනා විවේචන ඇති වෙනවා. ඒ විවේචන නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබෙන ලක්ෂණ විදියටයි මම සැමවිටම සලකන්නේ. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නැත්නම් ඒ විවේචන ඇති වෙන්නේ නැහැ. බියෙන් ජීවත්වන සමාජයක් රට තුළ නිර්මාණය වෙන්නේ. මේ රටේ එක්තරා කාලයක් තිබුණා. එක්තරා යුගයක් තිබුණා. තමන්ගේ අතේ තිබුණු දුරකතනයෙන් තමන්ගේ හිතවතෙකුට කතා කරන්න බයක් තිබුණු කාලයක්. රජයේ නිලධාරීන් තමන්ගේ දුරකතනයෙන් තවත් තමන්ගේ සහෝදර නිලධාරියෙකුට යම් කිසි ප්‍රශ්නයක සැබෑ තත්ත්වය කතා කරන්න බියෙන් ජීවත් වුණු කාලයක් තිබුණා.දේශපාලනඥයින් තමන්ගේ දේශපාලන මතය නිවැරදිව ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව කතා කරන්න බියක් තිබුණු යුගයක් තිබුණා. මේ රටේ කම්කරු පන්තිය වගේම වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම්, ඉල්ලීම් සම්න්ධයෙන් උද්ඝෝෂණය කරන්න පාරට බහින්න, විරෝධතා කරන්න, උපවාස කරන්න, සත්‍යග්‍රහ කරන්න බියෙන් ජීවත් වුණු කාලසීමාවක් තිබුණා. එවැනි යුගයක් අපි අවසන් කරලා තිබෙනවා. ලබාදී ඇති නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය නිසි ලෙස භුක්ති විඳීම ඒ ජනතාවගේ අයිතියක් වගේම ඒ භුක්ති විඳින නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය නිසිලෙස අවබෝධ කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසාම අපි රජයක් විදියට මොන විදිහේ චෝදනා, බලපෑම්, උද්ඝෝෂණ කොපමණ ආවත් අපි රජයක් විදියට රට සහ මහජනතාව වෙනුවෙන් අවංකව ඒ අපේ වගකීම් ඉටු කරන බව සඳහන් කරන්නට ඕනෑ.අනාගතය වඩාත් සුබවාදී අනාගතයක් විදියටයි අපි දකින්නේ. රටක අනාගතය සඳහා සෑම කෙනෙකුගේම සහයෝගය තිබෙන්නට ඕනෑ. දේශපාලනඥයින්ද, රාජ්‍ය නිලධාරීන්ද, රාජ්‍ය නොවන ආයතනද, රටේ සාමාන්‍ය පොදු මහජනතාවද, තමාගේ රට, තමාගේ මව්බිම, තමාගේ වගකීම සහ යුතුකම කියන ඒ අවංක චේතනාවෙන් වැඩ කිරීම ඉතාමත් අවශ්‍යයි. එවැනි පසුබිමක් තුළ රජයක් විදියට කටයුතු කරගෙන යාමේදී අපේ ගෞරවණීය පූජනීය මහා සංඝරත්නය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. උන්වහන්සේලාගේ අනුශාසනා උපදෙස් මත තමයි අපි සැමවිටම කටයුතු කරන්නේ. ගෞරවණීය මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා, මගපෙන්වීම් අපට ඉතාමත්ම අවශ්‍ය වෙනවා. රටක් කර ගෙන යාමේදී රාජ්‍ය පාලනය තුළ අද දවසේ පමණක් නොවෙයි අපේ රටේ මුළු ඉතිහාසය පුරාම ගෞරවණීය මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා ලබා ගනිමින් තමයි සෑම රාජ්‍ය පාලකයෙක්ම කටයුතු කරලා තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීවේය.උසස් අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- 1977 බලයට පත්වූ එජාප රජයේ කඩිනම් මහවැලි ව්‍යාපාරය ගැන මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළා. 1977ට කලින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරය දරමින් සිටියදී, පොල්ගොල්ල ජලාශය මහවැලියට සම්බන්ධව ඉදිකළා. වසර 30ක් තිස්සේ සකස් කළ යුතු මහවැලි ව්‍යාපාරය වසර පහක් ඇතුළත සකස් කරන්න එක්සත් ජාතික පක්ෂ රජයට හැකිවූවා. මහවැලි ව්‍යාපාරය රජයට විශාල ආර්ථික සංවර්ධනයක් ගෙන දෙන ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකියි. රටට බත සපයන රටට විදුලිය සපයන ව්‍යාපාරයක් ලෙස මහවැලි ව්‍යාපාරය හැඳින්විය හැකියි.කොත්මලේ කුණ්ඩසාල තෙල්දෙණිය යන ප්‍රදේශවල ජනතාව මේ ප්‍රදේශවල රජ දවසේ සිට ජීවත් වූ අයයි. සංවර්ධන කටයුතු සඳහා හැමවිටම ව්‍යාපාර ආරම්භ කරනවිට අද රටේ හැමතැනම විරෝධතා, ඒත් එදා මහවැලි වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී ප්‍රදේශයේ ඉඩම් ඒ ජලාශයට යටවන විට ඒ ප්‍රදේශයේ ජනතාව විරෝධතා නොකර රටේ සංවර්ධනය උදෙසා ලබාදුන් වන්දි අරගෙන තවත් ප්‍රදේශවල පදිංචියට සතුටින් ගියා. ජනාධිපතිතුමා පසුගිය මැතිවරණයේදී දුන් පොරොන්දුවකට අනුව අද ඔබ සැමට ඔප්පු සින්නක්කරව ලැබෙනවා. අද මේ ඔප්පුව ඔබ සැමට ඉතා වටිනවා.මහවැලි රාජ්‍ය අමාත්‍යතුමාටත්, නියෝජ්‍ය ඇමැතිතුමාටත් මම ප්‍රශංසා කරනවා මේ කටයුත්ත ජනතාව වෙනුවෙන් ඉටු කිරීම ගැන.මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මෙසේ කීය.වික්ටෝරියා, කොත්මලේ කලාපයට අද ඉතාමත් වැදගත් දවසක්. අපි මේ මහවැලි කලාපය පුරා ඉඩම් ඔප්පු 4500ක් පමණ ලබා දීලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ මහවැලි ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ සංකල්පය යටතේ අද ඉඩම් ඔප්පු 1300ක් හදලා ලබාදීමට හැකිවූවා. මේ ඔප්පු පිළිබඳව ගැටලු හා ඉඩම්වල අයිතිය සමග ඔබ සැමට මුහුණපෑමට සිදුවන ගැටලු ප්‍රශ්න අපි දන්නවා. ඔබගේ ඉඩම්වල අයිතිය තහවුරු කරගන්න ඔබ බොහෝ නිලධාරීන් වෙත යන්න ඇති. ඒත් අද තමන්ගේ ඉඩමේ අයිතිය තහවුරු කරගන්න හැකි තත්ත්වයට ඔබ සැම පත්වූවා. එදා මහවැලි අමාත්‍ය ධුරය හෙබවූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වත්මන් ජනාධිපති ධුරයට පත්වීම නිසා අද මහවැලි කලාප ඉඩම්වල වසර ගණනාවක් පදිංචි වී සිටි ජනතාව සඳහා ස්ථිර ඉඩම් ඔප්පු හිමිකම ලැබුණා.දිගන නගරය අද හොඳම වාණිජ නගරයක් බවට පත්වී තිබෙනවා. දිගන නගරය සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමා කැබිනට් අනුමැතිය ලබාගෙන විශේෂ මුදලක් වෙන්කර දීලා තිබෙනවා. දිගන අඹකොටේ ජනතාවගේ ප්‍රශ්න හා ඉඩම් අවුල් විසඳාගන්න අද හැකිවී තිබෙනවා. කොත්මලේ කලාපයේත් වැඩි සංවර්ධන වැඩ කොටසක් සිදුවෙනවා. මහවැලි කලාප ඉඩම්වල පදිංචි ජනතාවට ඔවුන්ගේ ඉඩම් සඳහා අද අයිතිය හිමිවී මේ ඉඩම් ඔප්පු ලැබී තිබෙන බව සතුටින් කිව යුතුයි.විහාරමහාදේවී බාලිකා විදුහලේ සහ මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ දැරියෝ නර්ථන අංග ඉදිරිපත් කරමින් උත්සවය වර්ණවත් කළහ. 
හෘද සාක්ෂියට අනුව අවංකව කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරින් වෙනුවෙන් රජය පෙනී සිටිනවා
1
hp_train_1860
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16දෙනකු ඊයේ (25) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 15,346 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 12 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 4 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොරෝනා මරණ 12ක් වාර්තා වෙයි
0
hp_train_1861
උණවටුන ඩී.ජී. සුගතපාලඔහු ව්‍යාපාරිකයෙකි. කලක් එක්තරා සුළු පක්ෂයක ආසන සංවිධායකවරයකු ලෙසද ඔහු කටයුතු කළ නිසා එම පළාතේ බොහෝ දෙනෙක් ඔහු දැන සිටියහ. ඔහු කිසිදු ලෝබකමක් නැතිව මත්පැනට  අත දිගහැර වියදම් කළ පුද්ගලයෙක්ද වූයේය. මිතුරන්ගේ ඕනෑම හදිසි කරදරයකදී පෙරමුණ ගත්තේද ඔහුය. ඔහු සමග මත්පැන් පානය කරන මිතුරෝ පිරිසක්ද සිටියහ.රටේ ඇතිවූ කලබලකාරී තත්ත්වය සමග ඔහුගේ ව්‍යාපාර කටයුතුවලටද යම් බලපෑමක් සිදුවිය. එහෙත් සිරිත් පරිදි මිතුරන් සමග ‘සෙට්’ වීමට ඔහු අමතක නොකළේය.පසුගිය කාලයේ රටේ තිබූ අයහපත් තත්ත්වයෙන් පසුව පළමු වරට මිතුරන් හමුවූයේ එදිනය. ඔහු මිතුරන්ද කැටුව අවන්හලට ගියේය. බොහෝ වේලාවක් කතාකළේ රටේ වත්මන් ආරථික අහේනිය ගැනය.දැන් දැන් ඔවුන්ගේ කටහඬ උස්ය. එකිනෙකා පරයමින් තම අදහස් ප්‍රකාශ කරන්නට විය. වරෙක එය උණුසුම් විය. වේටර් පැමිණ “සර් වහන්නයි හදන්නේ’’ කිවේය.“එහෙනම් ගේනව අපේ බිල“ ඔහු කීවේය. වේටර් බිල ගෙනාවේය. ඔහු පසුම්බිය හැර බිල ගෙව්වේය. වේටර්ද බිල ගෙවා  තැටියක තබා ඉතිරි මුදල් ගෙනාවේය. එහි වූයේ රුපියල් විස්සේ නෝට්ටුවකි.ඔහු යළිත් පසුම්බිය දිග හැරියේය. ඒ හැමදාම වේටර්ට සන්තෝසමක් දීම ඔහුගේ සිරිත නිසාය. ඔහු නෝට්ටුවක් ගෙන විස්සේ නෝට්ටුව මතින්ම තැබුවේය. වේටර්ගේ දැස් උඩ ගියේය. එහෙත් වේටර් ඒ බව කිසිවකුටත් නොහැඟවෙන ලෙස “තෑඤාවන්ක් යූ සර්’’ කියමින් ඉවත්ව ගියේය. ඒ සමගම පිරිසද විසිර ගියේය.පසුදින උදෑසන ඔහු කිසියම් කටයුත්තකට මුදලක් ගෙවීම සඳහා පසුම්බිය දිග හැරියේය. එහි තිබූ රුපියල් පන් දහසේ නෝට්ටුවක් අඩුය. ඔහු බොහෝ වේලාවක් කල්පනා කළේය. වේටර්ට සන්තෝසමට දුන්නේ පන් දහසේ නෝට්ටුව බව පසුව මතක්විය. ඉන්පසුව ඔහු එම අවන්හලට යාම නතර කළේ ලැජ්ජාව නිසාය. 
බෝතලේ සැරට වේටර්ට ඉල්ලමක් පෑදිලා
1
hp_train_1862
මුළු රට පුරාම අද රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  මධ්‍යම, සබරගමුව,  වයඹ  සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක හෙට සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇත.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/12/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30259575සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.  මඩකලපුව30249575වැසි ස්වල්පයක්කොළඹ31259570සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  ගාල්ල31249560සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  යාපනය30258570වැසි ස්වල්පයක්මහනුවර30219575සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20139580සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. රත්නපුරය32249570සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. ත්‍රීකුණාමළය32249570වැසි ස්වල්පයක්මන්නාරම29269075වැසි ස්වල්පයක් 
‘පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_1863
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වල අද (8) සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසිද ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 14 වැනිදා දක්වා සිදු වන අතර ඒ අනුව අද (8) දහවල් 12.12 ට බෝලවත්ත, වෑදෙණිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, ඕලුවිල් සහ අම්පාර කලපුව යන ප්‍රදේශයන්ට ඍජුවම හිරු මුදුන්වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 
පවතින කාලගුණයේ වෙනසක්
0
hp_train_1864
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,751 ක් දක්වා ඉහළ ගොස් ඇත.මියගිය අයගෙන් 56 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 14දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු අයෙක් ද ඒ අතර වෙති.මියගිය අය අතරින් 32 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 39 දෙනෙක් ද වෙති 
දෛනික කොවිඩ් මරණ 66ක් දක්වා අඩුවෙයි
0
hp_train_1865
(ඩයනා උදයංගනී) කොවිඩ් ආසාදිතයින් තව 1,217ක් අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 631,816ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලුත් ආසාදිතයෝ 1217 ක්
1
hp_train_1866
(සුජිත් හේවාජුලිගේ)දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සෑම අංශයකම විනය පිරිහී ඇති බවත්, රටේ බොහෝ ප්‍රශ්න මතුවී ඇත්තේ විනය පිරිහීම නිසා බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ලෝකයේ බොහෝ දියුණු රටවල් ඉහළට ගොස් ඇත්තේ විශිෂ්ට වූ විනය නිසා බව කී ජනාධිපතිවරයා, රටේ ප්‍රශ්න අභියෝග බොහොමයකට බෞද්ධ දර්ශනයෙන් විසඳුම් ගත හැකි බව ද ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී  පැවැති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක ධුරයට පත්වුණු මාතලේ ධම්මකුසල මාහිමියන් වහන්සේට අක්තපත්‍ර පිරිනැමීමේ උත්සවයේ දී ය.නාපාන පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක හිමියෝ මාතලේ ධම්මකුසල හිමියන්ට පිරිනැමෙන අනුනායක පදවියට අදාළ අක්තපත්‍රය පිරිනැමූහ.ධම්මකුසල අනුනායක හිමියන්ට විජිනිපත පිරිනමනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.උන්වහන්සේට ප්‍රසාද තිළිණ පිරිනැමීමක් ද එහිදී සිදුවිය.ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.මේ වැදගත් උත්සවයට සහභාගිවීමට ලැබීම ගැන මා අතිශයින්ම සතුටු වෙනවා. මා දීර්ඝ කාලයක සිට මාතලේ ධම්මකුසල හිමියන් දැන හැඳින ගෙන සිටියා. බොහෝ බෞද්ධ කටයුතුවල දී උන්වහන්සේ මට මුණගැසුණා. ඒ සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ කාරුණික බවත්, සෙනෙහෙබර බවත් අප හොඳින් හඳුනාගත්තා. උන්වහන්සේ බෞද්ධ සමාජයට විශාල ශක්තියක්. ධර්මධර, විනයධර බහුශ්‍රැත ස්වාමීන් වහන්සේ නමක් විදියට උන්වහන්සේගේ චරිතයෙන් දෙන ආදර්ශය විශේෂයෙන් නව තරුණ භික්ෂු සමාජයට වැදගත් වෙනවා. අප බෞද්ධ රටක් විදියට අපට තියෙන මහා දායාදය තමයි බෞද්ධ දර්ශනය. ඈත අතීතයේ සිට උදම්ඇනිය හැකි තත්ත්වයක් ඇතිවුණේ අපේ රටේ තිබෙන බෞද්ධ දර්ශනය නිසයි. අපට එමගින් ලොකු ගෞරවයක් ලැබුණා. සමාජයේ විවිධ ප්‍රශ්න ගැටලු අභියෝගවලට බෞද්ධ දර්ශනයේ විසඳුම් තියෙනවා. කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමියන්ගේ අනුශාසනාවේ දී වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළා. භික්ෂු සමාජයේ වගකීම් හා යුතුකම් ගැන උන්වහන්සේ කතා කළා.වත්මන් රජය බලයට පත්වූ අවස්ථාවේ දී 2015 දී ඒ මුල් මාස කිහිපයේ දී මේ සම්බන්ධයෙන් මූලික වැඩකොටස් රාශියක් ක්‍රියාත්මක කළා. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අණ පනත්, යෝජනා අපි පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. එහෙත් ඒ එක්කම ඇතිවුණු භික්ෂුන් වහන්සේලාගේ විවිධ ප්‍රශ්න, ගැටලු, ඒ වගේම නිකායික වශයෙන් ඇතිවූ විවිධ අදහස් නිසා අපිට ඒ කරගෙන ආ වැඩකටයුතු තාවකාලිකව නවත්වන්න සිදුවුණා. ඔබවහන්සේලාගේ අනුශාසනා පරිදි නැවතත් අපි ඒ වැඩපිළිවෙළ ආරම්භ කරන්න කැමතියි. බැණුම් අහන්න සිදුවුණත් කමක් නැහැ. අප රජයක් විදියට වැඩ කරන්නේ ඔබවහන්සේලාගේ මගපෙන්වීම් අනුවයි. ඒ නිසා භික්ෂු සමාජය ශක්තිමත් කිරීමට රජයක් විදියට අප කටයුතු කරනවා.පසුගිය අවුරුද්දේ එක්සත් ජාතීන් නම් කළ ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවේ පැවැත්වුවා. ජාත්‍යන්තර නායකයන් රැසක් ඊට සහභාගි වුණා. පසළොස්වක දිනයක දී බෞද්ධයන් විදියට අප ප්‍රමාණයකට සිල්වත් භාවයක් ඇති කර ගන්නවා. අද රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි විනය පිරිහීම. විනය පිළිබඳ ප්‍රශ්නය භික්ෂු සමාජයේ පමණක් නොවෙයි දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, සාමාන්‍ය පුරවැසියන් යනාදී සෑම කොටසකම විනය පිළිබඳ ප්‍රශ්නය තියෙනවා. රටේ බොහෝ ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ විනය පිරිහීම නිසයි. ලෝකයේ දියුණු රටවල තාක්ෂණයේ දියුණුව සමග විනයක් ද ඇතිවී තිබුණා. ඒ රටවල් දියුණු වුණේ ඒ නිසයි. මා මීට දින දෙකකට කලින් ඉරානයේ සංචාරය කළා. ඉරානය ජාත්‍යන්තරය හමුවේ මොන විදියේ අභියෝගයන්ට ලක්ව තිබුණත් ඒ රටේ සියලු දෙනා එක මතයක් තුළ එක වැඩපිළිවෙළක ඉන්නවා. ඒ නිසා ඒ රටේ ඉතා ඉහළ දියුණුවක් තියෙනවා. ඒ මුළු ජාතියම විනයක් ඇතිව වැඩ කරනවා. අපිට ඇතිවී තිබෙන සියලු ප්‍රශ්නවලටත් බෞද්ධ දර්ශනය තුළ විසඳුම් තියෙනවා.කතානායක කරු ජයසූරිය මහතා:- අප කාගේත් ගෞරවයට පාත්‍ර වුණු හිමිනමක්. බහුශ්‍රැතභාවයෙන් සිල්වත්කමින් පිරිපුන් යතිවර නමක්. අප උන්වහන්සේ සමග ළඟින් කටයුතු කළා. සෑම ජාතියකම ගෞරවයට පාත්‍ර වුණු මේක ඉල්ලලා ගත්තු තනතුරක් නොවෙයි. භික්ෂුන් වහන්සේලා ඒකච්ඡන්දයෙන් තෝරා පත් කර ගත්තා. මහා සංඝයා ඉදිරියට ඇවිත් රටේ විනයක් ඇති කළ යුතුයි. රටේ සෑම අංශයකම විනය පිරිහිලා තියෙනවා. ඒ ගැන අප කනගාටු වෙනවා. විනයක් තියෙනවා නම් මේ රටට උසාවි, පොලිසි අවශ්‍ය නැහැ.වැඩ වර්ජන නිසා අසරණ රෝගීන් මියයන අවස්ථා අප දැකලා තියෙනවා. මිනිස්කම අපේ හදවතට ආවොත් මේක වෙනස් කරන්න පුළුවන්. කොටුගොඩ හිමියන් කියපු කරුණු ඉතා වැදගත්.අප එදා කතිකාවක් ලියාපදිංචි කරන්න කටයුතු කළා. වෙහෙර දේවාලගම් පනත ගෙනාවා. ඔලුබක්කෝ ප්‍රදර්ශනය නැවැත්තුවා. නඩු ඇසීම, දඬුවම් කිරීම සංඝ සභාව කළ යුතුයි. ගිහියන් ඒ කටයුතුවලට අත ගහන්න අවශ්‍ය නැහැ. එක නිකායක කතිකාවතක් වසර 75ක් පරණයි. තවත් එකක 50ක් පරණයි. නීතිගත වෙන්නේ නැති නම් මේවායේ කිසිම නීතිමය බලයක් නැහැ. අද තියෙන ප්‍රශ්නය ඒ නීතිය මහා නායක හිමිවරුන්ට නොදෙන එක.අටපිරිකරවලත් ප්‍රශ්න තිබුණා. සමහර ඒවායේ යකඩ, ගෝනි වගේ දේවලුත් තිබුණා. අපි ඒ දේවල් නැවැත්තුවා. කතිකාවල් ගෙන එද්දී සමාජයේ කොටසක් විරුද්ධ වුණා.නාපානේ පෙමසිරි රාමඤ්ඤ නිකායේ මහ නායක හිමියෝ:ධම්මකුසල හිමියන්ගේ ජීවිතය අප කාටත් ආදර්ශයක්. විශේෂයෙන්ම අපේ දරු පරපුරට උන්වහන්සේගෙන් උගෙන ගත හැකි පාඩම් බොහොමයි. ශාසනය වෙනුවෙන් උන්වහන්සේ විශාල සේවයක් කළා. ශාස්ත්‍රීය ලෝකයටත් ලොකු වැඩකොටසක් කළ හිමිනමක්.කොටුගොඩ ධම්මාවාස අමරපුර මහ සංඝ සභාවේ මහ නායක හිමියෝ:-සිල්වත් ගුණවත් හිමිනමක්. ශාසනය රැකෙන්නේ මේ වගේ භික්ෂුන් නිසයි. සංඝ සමාජය අද ප්‍රපාතයට වැටීගෙන යන බව පේනවා. වැරැදි වැඩ කරන භික්ෂුන් ගැන අපි දෙන යම් යම් තීරණ උන්වහන්සේලා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා සංඝ කතිකාවතක් අවශ්‍යයි. දැනටමත් ඒ සඳහා ප්‍රමාද වැඩියි. 56 ඉඳලම අප මේ ගැන කතා කළා. නමුත් වැඩක් වුණේ නැහැ. අප යහපත් සැලසුමක් ක්‍රියාත්මක කරමු.දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමි:මාතලේ ධම්මකුසල හිමි මේ සංඝ සභාවට ලොකු කාර්යභාරයක් කළ හිමිනමක්. සුපේෂල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක්. කරුණාබර ජීවිතයක් ගත කරන හිමිනමක්. හොඳ ගුරුවරයෙක්. අභිනව නාහිමියන්ට දළදා සමිඳුන්ගේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටාරක්ෂාව ලැබේවා.මාතලේ ධම්මකුසල රාමඤ්ඤ මහ නිකායේ අභිනව අනුනායක හිමියෝ:-ශාසනයේ ප්‍රශ්න විසඳන්න ගිහි නායකයන් කටයුතු  කළා. අප ඉවසිලිවන්ත වුණොත් යමක් කළ හැකියි. ඒ එකමුතු වුණොත් කළ නොහැකි දෙයක් නැහැ. මට අද පටන් ලොකු වගකීමක් පැවරෙනවා. ඒ වගකීම ඉටු කිරීමට අධිෂ්ඨාන කර ගන්නවා.ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක හිමියන් ඇතුළු නායක හිමිවරුන්, දේශපාලන නායකයන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ. 
තොරතුරු තාක්ෂණය දියුණුයි, මාධ්‍යත් දියුණුයි, නිදහසත් තියෙනවා - ජනපති
0
hp_train_1867
(ජේ.කේ.එල් චාමින්ද)පාසල් විවෘත කිරීම හා කාර්යාල සේවකයින් සිය කාර්යාලවලට වාර්තා කිරීමත් සමග දකුණු පළාතේ ලංගමයේ දිනක ආදායම ලක්ෂ 6කින්  වැඩි වී ඇති බැව්  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු  පළාත් කාර්යාලයේ ප්‍රධාන කළමණාකරු ආර්.වී  ප්‍රභාත් කුමාර මහතා පවසයි. පාසල් ගුරුවරු, කාර්යමණ්ඩල, කාර්යාල සේවකයින් හා පාසල් දරු දැරියන්  පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම මිට හේතුව බවද හෙතෙම පවසයි. කොරෝනා වසංගතයත් සමග දිනක ආදායම රුපියල් ලක්ෂ 25 දක්වා පහත වැටුණු බවත් මේ වනවිට එම ආදායම ලක්ෂ 30, 31 දක්වා වැඩිවෙමින් තිබෙන බවත් ප්‍රභාත් කුමාර මහතා පවසයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් ඩිපෝ 11ක් පාලනය වන අතර සැම ඩිපෝවක් මගින් බස්රථයක් පිටවීමේ දි හා යලි ඩිපෝව තුලට ඇතුලත්වීමේ දි එම බස්රථ විෂබීජහරණය කරණ බවද ඒ මහතා පවසයි. කොරෝනා වසංගත තත්වය හමුවේ දකුණු පළාත තුල පසුගිය සතියේ ලංගම බස්රථ 325ක් දෛනිකව ධාවනය වු බවත් අද(30) දින ධාවනය කරන බස්රථ සංඛ්‍යාව 400 දක්වා වැඩිකිරීමට සැලසුම්කොට ඇති බවද හෙතෙම පවසයි. මිට අමතරව කොළඹ නගරය බලා සෑම ඩිපෝවකින්ම බස්රථ 04ක් යෙදවිමට සැලසුම්කොට ඇති බවද මගින්ගේ අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයතු කරණ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය. 
දකුණට නව ලංගම බස් රථ 65ක් එක්කරයි
0
hp_train_1868
ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව හෙට දිනයෙන් පසු තාවකාලිකව තරමක් අඩුවේ යයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.එතෙක් රට අභ්යින්තර පළාත්වල සවස 02.00න්  පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව ඒවා බස්නාහිර, වයඹ සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ කරා පැතිර යනු ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
'වැස්ස අඩුවන ලකුණු'
1
hp_train_1869
ඔලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමින් ලෝක වාර්තාවක් පිහිටු වු ඇමරිකානු ජාතික පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස්, සිය 20 වැනි ඔලිම්පික් පදක්කම දිනා ගත්තේය. පෙල්ප්ස් ඊයේ (2) පැවැති මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්ව විනාඩි 1. තත්පර 54.27 ක කාලයකින් තරගය නිමකර රන් පදක්කම දිනා ගත්තේය.බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 8 ක් දිනාගත් පෙල්ප්ස්, මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනාගත් පළමු කේවල ඉසව්ව මෙය වේ. පෙල්ප්ස්, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී දිනාගත් 16 වැනි රන් පදක්කම ද මෙය වන අතර ඔහු රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන තිබේ.මෙවර ක‍්‍රීඩා උළෙලේදී පෙල්ප්ස් මේ දක්වා දිනාගෙන ඇත්තේ රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකකි. මෙවර ඔහු මීටර 200X4 නිදහස් ආර කණ්ඩායම් ඉසව්වෙන් පළමු රන් පදක්කම දිනා ගත්තේය.පෙල්ප්ස්ට මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්ව ඉසව්වේදී අභියෝගයක් වු ඔහුගේම කණ්ඩායම් සගයා වන රයාන් ලොච් රිදී පදක්කම දිනා ගත්තේය. කෙසේ වෙතත් බදාදා පැවැති මෙම ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී පෙල්පස් පරදවා ලොච් ජය ලැබීය.මෙම ඉසව්වේ ලෝක වාර්තාවේද හිමිකරුවා වන රයාන්, විනාඩි 1. තත්පර 54.90 කින් තරගය නිම කළේය. හන්ගේරියාවේ ලැස්ලෝ කැෂී විනාඩි 1. තත්පර 56. 22 ක කාලයකින් තරගය නිමකර  ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
පෙල්ප්ස් සිය 20 වැනි ඔලිම්පික් පදක්කම රනින් සරසවයි
1
hp_train_1870
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)පුද්ගලයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන අනුරාධපුරය පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (05) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නඩු මෙහෙයුම් අංශයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.නිවසක දේපලවලට අලාභ හානි කරන ලද වගඋත්තරකරුවකුට එරෙහිව තිබෙන චෝදනා වෙනස් කර ඔහුට විරුද්ධ චෝදනා නගා ඇති පැමිණිලිකරු සමඟ සමතයකට පත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසමින් මෙම මුදල් ඉල්ලා තිබූ බව පොලිස් අධිකාරීවරයා පැවසීය.සැකකාර කොස්තාපල්වරු දෙදෙනා එම මුදල අනුරාධපුර ප්‍රදේශයේදී වග උත්තරකරුගෙන් ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
අල්ලස් ගත් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට
1
hp_train_1871
(ආරියරත්න රණබාහු, අම්පාර වසන්ත චන්ද්‍රපාල, හිඟුරාන නවරත්න සමරතුංග සහ මධ්‍යම කඳවුර ප්‍රියන්ත තිලකරත්න අරන්තලාවේ සිට)ආධ්‍යාත්මික සංවර්ධනය මඟින් රටක තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අම්පාර අරන්තලාවේදී සිකුරාදා (2) පැවැසීය.එහිදී අවස්ථාවාදය, අන්තවාදය සහ බලය පිළිබඳව සිතීම පසෙකලා ජාතියක් විදියට ඉදිරියට යෑම සඳහා අපගේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසුවේ ඉකුත් සිකුරාදා (2) පස්වරුවේ අම්පාර අරන්තලාව ශ්‍රී ඉන්දසාර බෞද්ධ මධ්‍යස්ථානයේදී හෑගොඩ ඉන්දසාර නාහිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා 31ක් නමක් සැමරීම සඳහා පැවැති 30 වැනි සමරු උත්සවය අමතමිනි.1987 ජූනි 2 වැනිදා මෙම ස්ථානයේ දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් නාහිමියන් ප්‍රමුඛ 31 නමක් භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් තිදෙනකු කපා කොටා ඝාතනය කෙරිණි.සමරු උත්සව සභාව ආරම්භ කරමින් මහියංගණ රාජමහා විහාරාධිපති ඌරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියෝ පිරිස පංච ශීලයේ පිහිටු වූහ.ජනාධිපතිවරයා මෙසේ ද කීය.මීට වසර 30කට පෙර අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම ජනතාවගේ සිත්සතන් කම්පාවට පත්කරමින් සිදු වූ ඒ මහා ශෝකජනක සිද්ධියත් සමග අපවත් වී වදාළ හෑගොඩ ඉන්දසාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ගුණ සමරන අවස්ථාවක ඊට එක්වීමට ලැබීම ගෞරවයක් කොට සලකනවා.අපේ රටේ වසර දහස් ගණනක ඉතිහාසය ගත්විට ඒ ඉතිහාස මතක සටහන් තුළ සැම තැනම ගැබ්වී තිබෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේලා එදා මෙදා කාලය තුළ ඉටුකළ ශාසනික සහ ජාතික සේවාව වගේම මවුබිම වෙනුවෙන් දිවි පිදූ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් පිළිබඳවයි.වසර 30කට ආසන්න තිබූ ඒ ම්ලේච්ඡ යුද්ධය තුළ මුළු ලෝකයම කම්පා කරමින් තමයි මේ අරන්තලා මහා සංඝ පීතෘවරුන් වහන්සේලාගේ ඛේදවාචකය සිදුවුණේ. එහිදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විශේෂයෙන්ම බලාපොරොත්තු වුණේ අපේ බෞද්ධ ජනතාව නොසන්සුන් කිරීමයි. නමුත් ත්‍රස්තවාදීන් එදා බලාපොරොත්තු වූ දේ සිදුවුණේ නැහැ. ජනතාව තුළ වේදනාව, කනගාටුව ඇතිවුණත් බෞද්ධාගමික පරිසරයක් තුළ ජීවත්වන ජනතාව ඉන් නොසන්සුන් වුණේ නැහැ.ඔවුන් සෑම දෙනෙක්ම ඉවසීමෙන් යුතුව ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ ඒ සටනට දායකත්වයක් දුන්නා. ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබුණා. ඒ නිසා මෙවැනි සිද්ධියක් පිළිබඳ අපි අනුස්මරණය කරනවා සේම, උන්වහන්සේලාට පින් පමුණුවනවා වගේම අපි සෑම අවස්ථාවකම මෙවන් සිදුවීම් ගත යුත්තේ ජාතියක් ලෙස ඉදිරියට යාමට ශක්තිමත් වීම සඳහා.මිනිසුන් විදියට අපි සෑමවිටම වේදනාව සහ කඳුළ ජාතියක් ගොඩනගන්න ශක්තියක් කරගත යුතුයි. අපේ ඉතිහාසය සැමවිටම සටන්කාමී ඉතිහාසයක් බව අපි දන්නවා. දූපත් රාජ්‍යයක් විදියට විදේශ ආක්‍රමණවලට එරෙහිව ඉතිහාසය පුරා සටන් කළ ජනතාවක් තමයි අපේ රටේ ජනතාව. එම සටන් තුළින් සැමවිටම අපි අධිෂ්ඨානශීලී වුණා. ඇතැම් විට රට තුළ ඇති වූ අභ්‍යන්තර යුදමය අවස්ථාවන්වලදී අපි අපහසුතාවන්ට පසුබෑම්වලට ලක්වුණා.එම ශ්‍රේෂ්ඨ ඉතිහාසයෙන් ගොඩනැඟෙන කතාවත් සමඟ අද දවසේ වගකීම සහ හෙට දවස වෙනුවෙන් කළ යුතු කාර්යයන් සහ වගකීම් පිළිබඳව සැමවිටම අපිට අවබෝධයක් තිබිය යුතුයි. ජාතියේ යහපත සහ අනාගතය සඳහා ඉතිහාසය පුරා ගෞරවනීය මහා සංඝරත්නය පෙරමුණ ගත්තා සේම, ඉදිරියෙන් සිටියා සේම, අවවාද අනුශාසනා දුන්නා සේම අපි සෑම කෙනෙක්ම හෙට දවස වෙනුවෙන් උන්වහන්සේලාගේ අනුශාසනා බලාපොරොත්තු වෙනවා.වර්තමාන රජය විදියට අපිට කුමනාකාරයේ චෝදනා සහ විවේචන එල්ලවුණත් අපි විශාල උත්සාහයක් ගන්නේ මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වළක්වා රට තුළ සන්සුන්භාවය ඇති කරන්නයි. ජාතීන් අතර සමගිය ගොඩනඟන්නයි. ඒ සඳහා මේ රටේ සෑම කෙනෙක්ම කැපකිරීමක් කළ යුතු වෙනවා. සිංහල බෞද්ධ වේවා දමිල හින්දු වේවා මුස්ලිම් ඉස්ලාම් වේවා මැලේ බර්ගර් වේවා මේ සෑම කෙනෙක්ම මේ රටේ තම වගකීම් සහ යුතුකම් පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.යුද්ධය පිළිබඳව වේදනාකාරී මතක සටහන් අප අවදි කරනවා වගේම ගමක් ගානේ අපේ තරුණයන්ගේ මිනී පෙට්ටි එනවිට අපි හඬා වැළපුණා වගේම පාරේ යනවිට රණවිරු ස්මාරකයක් දුටු විට එය සිහිපත් කරනවා වගේම මේ සියල්ල තුළින් අපි ඉගෙන ගතයුතු පාඩම වන්නේ අනාගතය සඳහා අපි සකස්වීමයි. මේ රටේ යුද්ධයක් ඇති වුණේ ඇයි? මේ රටේ එල්ටීටීඊ ත්‍රස්තවාදය ඇති වුණේ ඇයි? මේ රටේ ජාතීන් අතර අසමගිය ගොඩනැඟුණේ ඇයි? අපි බෞද්ධයන් විදියට ආධ්‍යාත්මිකව සියල්ල කල්පනා කළ යුතු වෙනවා. ආධ්‍යාත්මික සංවර්ධනය තුළ රටක තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු වෙනවා. මුහුණදිය යුතු වෙනවා. අවස්ථාවාදය, අන්තවාදය බලය පිළිබඳව සිතීම පසෙකලා අපි ජාතියක් විදියට ඉදිරියට යන්නට අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු වෙනවා.මෙම උතුම් පූජනීය ස්ථානයට පැමිණ හෑගොඩ ඉන්දසාර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත්වී වදාළ ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් ඉටුකිරීමට ලැබීම මා ලද ගෞරවයක් ලෙස සලකනවා. අපේ ගෞරවනීය කිරිඳිවැල සෝමරතන ස්වාමීන් වහන්සේ නැගෙනහිර පළාත අම්පාර ප්‍රදේශයේ විශාල ශාසනික, ආගමික, සමාජයීය සේවාවන් රාශියක් ඉටුකිරීමට කැපවී කටයුතු කරනවා.රට තුළ යහපත් සාමකාමී නිදහස් පරිසරයක් ගොඩනැඟීමට ජාතීන් අතර සමගිය ගොඩනගමින් රටේ ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් මේ රටේ සෑම කෙනෙකුටම නිදහසේ සතුටින් ජීවත්විය හැකි සමාජයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවයි අපි දකින්නේ. ඒ සඳහා ඔබවහන්සේ ඇතුළු අපි සෑම කෙනෙක්ම කැපවී සිටිනවා.හෑගොඩ ඉන්දසාර නායක ස්වාමීන් වහන්සේගේ ගුණසමරන මෙම ස්ථානය ඉදිරියේ දී වැඩිදියුණු කිරීම සඳහා රජය විදියට අපට කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බව සඳහන් කරන්නට ඕන. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ තිබෙන්නා වූ කැපවීම, ධෛර්යය, අධිෂ්ඨානශීලීභාවය අපි බෞද්ධයන් විදියට අගය කළ යුතු වෙනවා.උතුරු නැගෙනහිර පිරිවෙන් සම්බන්ධීකාරක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ, අම්පාර විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂ, මහාවාපි විහාරාධිපති පුළුකුණාව සහ අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝ.අරන්තලා භික්ෂූ ඝාතන සැමරුම පැවැත්වීමේදී ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේදීයි. ඒ අනුව දහවැනි සමරු උත්සවය සඳහා ඇමැතිවරුන් විශාල පිරිසක් සහභාගි වුණා. ඒ අතර පොළොන්නරුවේ සිට වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස උත්සව සභාවේ කොනක මෛත්‍රීපාල සිරිසේන මහතාත් වාඩි වී සිටියා මට අද වගේ මතකයි.එදා ඒ 10 වැනි සංවත්සරයට පැමිණි එතුමා ඉන් අවුරුදු 20කට පසුව අද 30 වැනි සමරු උළෙලට සහභාගි වන්නේ මේ රටේ රාජ්‍ය නායකයා ලෙසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මේ උත්සවයට සහභාගි කර ගැනීමට ලැබීම අප මහත් භාග්‍යයක් කර සලකනවා.මීට අවුරුදු 20කට පෙර මෙතුමාගේ ඡායාරූප මා ළඟ තිබෙනවා. එදා කොණ්ඩය හරිම ලස්සනයි. නිල්පාට කලිසමක් සහ සුදුපාට ෂර්ට් එකක් ඇඳලා හිටියේ. ඒ ඡායාරූප තවම මා ළඟ තිබෙනවා. එදා අක්බඹරු වගේ තිබුණු කොණ්ඩය අද චුට්ටක් අඩු වෙලා. අවුරුදු 20කට පස්සේ නිසා එතුමා දන්නවා අනිත්‍යයේ ස්වභාවය.මේ රටේ පැවැති ත්‍රස්තවාදී බිහිසුණු ස්වභාවය අපි අමතක කළ යුතු නැහැ. අපි මේ බෞද්ධ මධ්‍යස්ථානය පටන් ගත්තේ මතු පරම්පරාවට මේ දේවල් මතක් කිරීමටයි. යළිත් මේ රටේ මේ වගේ අපරාධ නොවන්නයි. ජාතික හා ජාත්‍යන්තරයේ අවධානය යොමු වෙන්නයි. අපවත් වූ හාමුදුරුවන් වහන්සේලාට දිවා රාත්‍රී පින් ලැබෙන්නයි. මේ වාගේ වටිනා අරමුණු රාශියක් තිබෙනවා.මෙහි තිබෙන ස්මාරකය හදන්න මුල් වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි.සෑම වසරකම ජුනි 2 වැනිදාට අප යමක් කරනවා. ඒ අතර සන්ධිස්ථානවලදී අප රටට දැනෙන යමක් මේ වෙනුවෙන් කරනවා.මේක මගේ පෞද්ගලික දෙයක් නොවෙයි. ජාතික කර්ත්‍යවයක්. මම මගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට කියල තියෙන්නේ මා අපවත්වූ දවසක මට පින්කම් නොකළත් හෑගොඩ ඉන්දසාර අපේ නායක හාමුදුරුවන් සහ මේ අපවත් වූ සියලු හාමුදුරුවන් සිහිකර මේ පින්කම කරන ලෙසයි.මෙහිදී “අරන්තලා සඟවත” සමරු කලාපය එහි ගිහි සංස්කාරක පාඨලි රෝහණ ජයන්ත මහතා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වන ලදී.මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ. (ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
අවස්ථාවාදය අන්තවාදය බලය ගැන නොසිතා ජාතියක් ලෙස පෙරට යෑමට වගකීම් යුතුකම් ඉටුකරමු
1
hp_train_1872
ප්‍රසාද් මුතුකුඩ  මීගමුව මහා නගර සභාවේ නගරාධිපති දයාන් ලාන්සා මහතා විසින් 2019 වර්ෂයට ඉදිරිපත් කළ  අයවැය ලේඛනය අද (14) ඡන්ද 40 සභා සම්මත විය . අයවැයට  පක්ෂව ජොදුජන පෙරමුණේ ඡන්ද 25 සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද 15 ලැබිණි. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 3 ක් ද ඊට විපක්ෂව ඡන්දය භාවිතා කළේය. නගරාධිපති දයාන් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව මහා නගර සභා  ශාලාවේ දී පැවැත්විණි.නියෝජ්‍ය  නගරාධිපති   මොහොමඩ්  අන්සාර් ෆරිස් මහාතා මෙයට සහභාගී වු අතර මීගමුව  එජාප සහ ශ්‍රිලනිප පක්ෂ නායකවරුන් වන රොයිස් විජිත ප්‍රනාන්දු  සහ ලලිත් ටෙන්සිල්  යන මහත්වරුන්  ඇතුළු නාගරික  මන්ත්‍රිවරුන් පස්දෙනෙකු  මෙම අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා සහභාගී නොවූහ.
මීගමුව මහ නගර සබේ අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි
1
hp_train_1873
(ටී.කේ.ජී.කපිල )ඕස්ට්‍රේලියාවේ සිටි බංගලාදේශ ජාතිකයන් 165 දෙනෙකු ,  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංග්ලාදේශය වෙත යැවීම සදහා අද (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ.ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන එම විශේෂ ගුවන් යානය අද රාත්‍රී 8.05 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට බංග්ලාදේශයේ ඩකා නුවර වෙත ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගයක් නොමැති බැවින් මෙසේ එම ගුවන් මගීන් ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ පසුව යළිත් බංග්ලාදේශයේ ඩකා වෙත රැගෙන යෑම සිදු කෙරේ.මෙම ගුවන් යානයෙන් පැමිණි බංගලාදේශ ජාතික ගුවන් මගීන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු සියල්ල කටුනායක ගුවන් තොටුපළේ දී විශබීජ හරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලක් කෙරුණි.ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළේ සිට බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරන විශේෂ ගුවන් යානය වෙත 165 දෙනෙකුගෙන් සමන්විත මෙම  මගීන් පිරිස ඇතුළු කරනු ලැබීය.ඊට අමතරව මෙම වසංගත රෝග තත්වය නිසා බංග්ලාදේශය වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටි තවත්  බංගලාදේශ ජාතිකයන් 11 දෙනෙකු ද , මෙම ගුවන් යානය තුළට ඇතුළු කරනු ලැබීය .ඒ අනුව බංගලාදේශ ජාතිකයන් 176 දෙනෙකු රැගෙන මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය අද රාත්‍රී 10.05 ට කටුනායක ගුවන් තොටුපළෙන් , බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගියේය . 
ඩකා නුවර අතරමංව සිටි සිසුන් 73ක් ලංකාවට රැගෙන එති
0
hp_train_1874
(හර්ෂණ තුෂාර සිල්වා) රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය.   රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 11 වැනිදා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.29ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.  මේ වසරේ ජනවාරි 1 වැනිදා මැයි 11 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.   රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය.  පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.    (ඡායාරූප රොයිටර්)  
රුපියල මාස තුනට 3% කින් බහී
0
hp_train_1875
( ටෝනි කරුණානායක )පොලිස් නිලධාරි න් ලුහු බදින අවස්ථා වේදි මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි මෝටර් රථයකින් ටි56 ගිනි  අවියක් සහ මැගසින් 04 ක් එලියට විසි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ යට ඉදිරිපත් කෙරුණු මෝටර් රියේ  හිමිකරු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා 08 වෙනිදා නියම කලේය . නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි අමන්ද කාවින්ද නැමැති වාහන හිමිකරු  මෙසේ රිමාන්ඩ්  බාරයට පත් කෙරුණි . සැකකරු අවිය ප්‍රවාහන ය සදහා ආදාරඅනුබල දුන්නේ ද යන්න පරික්ෂණ සිදු කරන බවට ගම්පහ පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය .ඉකුත් 06 වෙනිදා ගම්පහ කොට්ටාශයේ විශේෂ යතුරු පැදි ඒකකයේ නිලධාරි න්  ගම්පහ උග්ගල්බඩ ප්‍රදේශයේ වාහන පරික්ෂා කරන අවස්ථාවේ වැගන් ආර්  වර්ගයේ මෝටර් රථයක් නවතා එහි බලපත්‍ර පරික්සා කර ඇත.එම අවස්ථාවේ මෝටර් රථය පලා ගොස්  ඇති බවත් පලාගිය මෝටර් රතයෙන් ට්56 ගිනි අවිය සහ මැගසින් 04 ක් සහිත බැගය අතහැර  ගොස් ඇති බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය . සැකකරු සැකකරුගේ සොහොයුරෙකුට වාහනය අරන් දි ඇති බවත් නය ලබා ගැනිමේ දි සැකකරු ට තිබූ පහසු කම් මත සොහොයුරා ට මෙසේ වාහනය අරන් දි ඇති බව සැකකරු වෙනුවෙන්  පෙනි සිටි නිති වේදින් අධිකරණය හමුවේ පැවසිය . සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කර අධිකරණ යට  ඉදිරි දිනයයේ දි ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසිය ට නියම කෙරුණි . 
මෝටර් රියෙන් ගිනිඅවි විසි කළ සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
0
hp_train_1876
ජාතික රජයේ ‘2025 -  පොහොසත් රටක්’ දැක්ම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති අභිමානවත් උත්සවයකදී එළිදැක්විණි.‘2025 - පොහොසත් රටක්’ දැක්ම ප‍්‍රධාන කරුණු 13කින් සමන්විතය.2025 වසර වනවිට රට ගොඩනගන ජාතික රජයේ සැලසුම කොටස් වශයෙන් මෙසේ පළ කෙරෙයි.2015 වර්ෂයේ ජනවාරි සහ අගෝස්තු යන මාසවලදී ශ්‍රී ලාංකික ජනතාව සිය ඡුන්ද අයිතිය දෙවතාවක්ම තීරණාත්මක ලෙස භාවිතා කරනු ලැබුවේ අප ජාතියේ ඉදිරි ගමන පිළිබඳව ඉතිහාසගත සන්ධිස්ථානයන් සනිටුහන් කරමිනි. ජාතීන් හා ආගම් අතර බෙදීම් ඇති කරවන දේශපාලනයට හා සෑම පාර්ශ්වයකම අන්තවාදයට එරෙහිව ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට, නීතියේ ආධිපත්‍යයට, යහපාලනයට, සංහිඳියාවකට සහ තිරසාර සාමයකට, සමානාත්මතාවට සියලූ දෙනාගේම මානව අයිතිවාසිකම් හා අප සමාජයේ බහුවාර්ගික ස්වභාවය පිළිගැනීම, ප‍්‍රවර්ධනය කිරීම සහ ආරක්‍ෂා කිරීම උදෙසා හා සියලූ ජනතාවට ප‍්‍රතිලාභ අත්වන සහ සමානාත්මතාව පදනම් වූ සංවර්ධනයක් සඳහා ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ නව වෙනසක් උදෙසා උතුරු, දකුණු, නැගෙනහිර, බස්නාහිර හා මධ්‍යම පළාත්වල ජනතාව ඡන්දය භාවිතා කළහ. මේවා ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන, සංහිඳියාව, තිරසාර සාමය හා සංවර්ධනය සඳහා ප‍්‍රතිඥා දුන් මහජන නියෝජිතයන් පත් කිරීමට ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන් වන අතර ඒවා ඔවුන් විසින් ඉටු කළ යුතු වන්නේය.අපි සමහර පොරොන්දු දැනටමත් ඉටුකර ඇත්තෙමු. අන්තර්ජාතික වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය යළි ස්ථාපිත කිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කරන ලද 19 වන සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, තොරතුරු දැනගැනීමේ පනත, අදහස් ප‍්‍රකාශනයේ නිදහස යළි ස්ථාපනය කිරීම, යෝජිත සංහිඳියා යාන්ත‍්‍රණයට මහජන අදහස් ලබා ගැනීම, ව්‍යස්ථාදායක සභාවක් ඇති කිරීම, අපගේ ජාතිය දුෂණයෙන් නිදහස් කිරීම සඳහා වූ ක‍්‍රමවේදයන් සකස් කිරීම සහ යහපාලන සංස්කෘතිය මත පදනම් වූ ප‍්‍රවේශයක් තුළින් ඉදිරියට ගමන් කිරීම ප‍්‍රධාන වේ. ජනතාවගේ ණය බර අඩු කිරීම තුළින් ජීවන බර හෑල්ලූ කිරීම සඳහා ඔවුන් ආර්ථික වශයෙන් නඟාසිටුවීම සඳහා වැදගත් පියවර ගණනාවක් අප විසින් ගත්තෙමු. ඉතිහාසයේ කවරදාවත් නොසිදුවුණු අයුරින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් සහ සමෘද්ධි ගෙවීම් වැඩි කිරීම, විශ‍්‍රාම වැටුප් වැඩි කිරීම, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධවල මිල අඩුකිරීම. ඉහත අරමුණු සපුරා ගැනීම සඳහා සැලසුම් කර ඇති පියවරවලින් කිහිපයක් පමණි. ඒ අනුව රැකියා දසලක්‍ෂයක් ඇති කිරීමේ වෑයමේදී මේ වනවිට රැකියා අවස්ථා 430,000කට අධික ප‍්‍රමාණයක් බිහිකිරීමට හැකිව තිබේ.අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ප‍්‍රතිලාභ අත්කරගෙන නොමැති වුව ද එම කාර්යයන් උද්‍යෝගයෙන් හා අඛණ්ඩව පවත්වාගෙන යමු. අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යවල මෙන්ම මෙම කරුණු සම්බන්ධව ප‍්‍රගතියක් අත්කරගැනීම ඍජු සහ සරල ක‍්‍රියාවලියක් නොවන්නේ ශ්‍රී ලංකාව ද ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම ගෝලීය ප‍්‍රවණතාවයන්, ස්වභාවික උවදුරු ආශ‍්‍රිත අභියෝගවලට ලක්වන නිසා වන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සිදුවන පසුබෑම්වලට ද ලක්වන හෙයිනි. නූතන තාක්‍ෂණය භාවිතා කරමින් දියුණු ආරක්‍ෂක උපක‍්‍රම සහිත නවීන ආරක්‍ෂක සැලසුම් හරහා ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් හැටියට ගොඩනැගීමට වගබලා ගන්නෙමු.කෙසේ වුව ද අප ජාතියේ හැත්තෑවෙනි නිදහස් සංවත්සරයේ අභිමුඛයට ළඟා වී සිටින මොහොතේ අපගෙන් වසර ගණනාවක් ගිලිහී ගිය සිහිනයන් වන ස්ථාවර, සාමකාමී, සංහිඳිත හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සමස්ත ජනතාව උදෙසා බිහිකිරීම සඳහා වන අප අභිලාෂය සැබෑවක් කරගැනීම සඳහා අප නිරන්තර සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නෙමු.01. රජයේ ආර්ථික දැක්මශ්‍රී ලංකාව 2025 වසර වනවිට පොහොසත් රටක් බවට පත් කිරීම අපගේ දැක්ම වේ. ඒ සඳහා අවශ්‍ය දැනුම පදනම් කරගත් සමාජ වෙළෙඳපොළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට අප ශ්‍රී ලංකාව පරිවර්තනය කරන්නෙමු. තව ද අප දේශයේ සියලූ පුරවැසියන්ට ඉහළ ආදායමක් සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට හැකි පරිසරයක් අපි නිර්මාණය කරන්නෙමු. මෙම දැක්ම ළඟා කර ගැනීමට අවශ්‍ය වන ව්‍යුහාත්මක වෙනස්කම් දැනටමත් සිදුකරමින් පවතී. සියලූ පුරවැසියන්ගේ ආදායම ඉහළ නැංවීම, රැකියා සුරක්‍ෂිතභාවය හා සැමට නිවාස සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ප‍්‍රමුඛතා ලෙස හඳුනා ගැනීම හරහා මෙම වෙනස්කම් සඳහා බලගතු ශ්‍රී ලංකාවක් තුළින් පදනම සකස් කර ඇත.අපි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි අපනයනාභිමුඛ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නෙමු. මිලියන 20ක් පමණක් වන පාරිභෝගිකයන්ගෙන් සමන්විත දේශීය වෙළඳපොළක් ශ්‍රී ලංකාව සතුව ඇති අතර, තිරසාර, ඉහළ සහ දිගුකාලීන වර්ධනයක් සඳහා වන විදේශීය අංශයේ ඉල්ලූම මත රඳාපැවතීමට සිදුවන බව මූලික යථාර්ථයක් ලෙස අපි හඳුනාගෙන ඇත්තෙමු. ගෝලීය නිෂ්පාදන ජාල තුළ දේශීය ව්‍යාපාර සඳහා අවස්ථා සුරක්‍ෂිත කිරීම උදෙසා අපි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට උපායමාර්ගිකව පත් කරන්නෙමු. මෙම පුළුල් දැක්මක් සහිත ප‍්‍රවේශය දේශීය ආර්ථිකයේ කාර්යක්‍ෂමතාවය ඉහළ නංවනු ලබන අතර, සියලූ ශ්‍රී ලාංකිකයන්ට සුබසෙත සලසනු ඇත.02.      වර්ධනය සඳහා පවතින සීමාඅපගේ ආර්ථිකයේ ඵලදායීතාව, කාර්යක්‍ෂමතාව සහ ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, නිෂ්පාදන හා වෙළඳපොළ විවිධාංගීකරණය නොමැති වීම ආදී සාධක වෙළෙඳපොළ සංරෝධක, දුර්වල දේපළ අයිතිය, ප‍්‍රමාණවත් නොවන යටිතල පහසුකම්, මූල්‍ය පහසුකම්වලට ප‍්‍රවේශවීමේ අසමානතා වැනි ව්‍යුහාත්මත කරුණු මෙන්ම ආයතනික දුර්වලතා සහ මිල ගණන්වල විෂමතාව පැවතීම වැනි සාර්ව ආර්ථික ගැටලූවලට අපි මුහුණ දී සිටින්නෙමු.- ආර්ථික වර්ධනය මඟින් සැලකිය යුතු ව්‍යුහාත්මක දුර්වලතා පෙන්නුම් කර ඇත.අපගේ වර්ධනය, මූලික වශයෙන් විශාල වාණිජ්‍ය ණය ගැනීම් මත පදනම් වූ රජය විසින් සිදු කරනු ලබන යටිතල පහසුකම් සඳහා වන වෙළෙඳ නොවන කටයුතු මඟින් සිදු වී ඇත. අඛණ්ඩව පවතින රාජ්‍ය මූල්‍ය හිඟය සහ විදේශීය වර්තන ගිණුමේ හිඟය, ආයෝජකයන්ගේ විශ්වාසය හීන කිරීමට සහ ඍජු විදේශ ආයෝජන හා පෞද්ගලික දේශීය ආයෝජන අඩු මට්ටමක පැවතීමට හේතු වී ඇත. දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජන බොහොමයක් දේපළ වෙළෙඳාම හා ඒ සම්බන්ධ අංශ මෙන්ම තරගකාරීත්වයෙන් තොර ආනයන ආදේශක සඳහා යොදා ගෙන ඇත.- අපනයන ක‍්‍රියාකාරීත්වය අඩු වී තිබේ. නිරතුරුව පවතින තරගකාරී නොවන විනිමය අනුපාතික සහ ඉහළ සඵල ආරක්‍ෂක අනුපාතිකවල ප‍්‍රතිඵලයක් ලෙස ආර්ථිකය තුළ අපනයන දුර්වලවීමේ නැඹුරුවක් පවතී. ශ්‍රී ලංකාවේ අපනයන ව්‍යුහය තවමත් අපනයන නිෂ්පාදිත කිහිපයක් මත රඳා පවතී. ශ්‍රී ලංකාවේ විදේශීය අංශය බොහෝ සෙයින් රඳා පවතිනුයේ වාණිජමය ණය ගැනීම්, දේපළ වෙළෙඳාම් සංවර්ධනයට සම්බන්ධ විදේශීය ඍජු අයෝජන ගලා ඒම් සහ නුපුහුණු විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන පේ‍්‍රෂණ මඟිනි. දැනුම පදනම් කරගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පවතින ආයෝජන ප‍්‍රතිපත්ති අසමත් වී ඇත.- රාජ්‍ය මූල්‍ය ක‍්‍රියාකාරීත්වයෙන් දුර්වලතා වර්ධනය සඳහා බාධාවක් වී ඇත. ප‍්‍රධාන වශයෙන්ම ඉහළ පිරිවැයක් සහ ඉහළ අවදානමක් සහිත සහනදායී නොවන විදේශීය ණය ගැනීම් හේතුවෙන් දිගින් දිගටම රාජ්‍ය ණය ඉහළ යෑමත්, රාජ්‍ය ආදායම පහළ යෑමත් එකවිට සිදු වී ඇත. රාජ්‍ය ණය ඉහළ මට්ටමක පැවතීම තුළින් අවිනිශ්චිතතාවය ඉහළ යෑම, සීමාව ඉක්මවා බදු පැනවීම, ඍජු බදුවලට වඩා වක‍්‍ර බදු අධික වීම, සමාජ හා යටිතල පහසුකම් සංවර්ධනයට යොදාගත යුතු සම්පත් වෙනත් අංශ වෙත යෙදවීම, රාජ්‍ය ණය ගැනීම් අධිකවීම හේතුවෙන් පෞද්ගලික අංශය වෙත ණය ලබාදීමේ හැකියාව අඩුවීමෙන් ආයෝජන අඩුවීම සහ කම්පන සඳහා ඔරොත්තු දීමේ හැකියාව දුර්වලවීම හරහා වර්ධනයට බාධා මතුවී තිබේ. දුර්වල මූල්‍ය තත්ත්වය සහ රජය සතු ව්‍යවසායයන් මඟින් සපයනු ලබන සේවාවන් ගුණාත්මකභාවයෙන් අඩුවීම ද ඵලදායීතාව සහ වර්ධනය සඳහා පවතින අමතර බාධාවන් වේ.- නියාමන බාධක මඟින් වර්ධනය අඩාල වී ඇත. මෙම බාධාවන් මඟින් විදේශීය සහ දේශීය පෞද්ගලික ආයෝජන සීමාකර ඇත. ඉතා උග‍්‍ර බාධාවන් වී ඇත්තේ වාණිජ සහ වෙනත් ඵලදායී ක‍්‍රියාවලි සඳහා පවතින ඉඩම් හිඟය ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ ආර්ථිකයක අවශ්‍යතා සපුරාලිය හැකි පුහුණුවක් සහිත ශ‍්‍රමබළකායක් නොසිටීම යල්පැනගිය කම්කරු නීති සහ ශ‍්‍රම වෙළෙඳපොළ තුළ ඇති අකාර්යක්‍ෂමතාව හේතුවෙන් ශ‍්‍රමබළකාය සඳහා කාන්තා සහභාගීත්වය අඩුවීම විදේශ වෙළෙඳාමට සහාය දීම වළක්වන දැඩි බදු නීති බලශක්තිය, ප‍්‍රවාහන සහ විදුලි සංදේශ වැනි යටිතල පහසුකම් සඳහා වන ප‍්‍රවේශය, ගුණාත්මක බව හා මිල නියම කිරීම ප‍්‍රමාණවත් නොවීම සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා මූල්‍ය සම්පත් හිඟවීම වඩාත් උග‍්‍ර වූ බාධාවන්ගෙන් සමහරක් වේ.03.      තුන් අවුරුදු ආර්ථික වැඩසටහන2025 දැක්ම තුළ, මීළඟ තෙවසර තුළ සංවර්ධනය සඳහා ඇති ගැටලූ විසඳීමට පුළුල් ආර්ථික ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කරනු ඇත. ඒක පුද්ගල ආදායම වසරකට එ.ජ. ඩොලර් 5,000ක මට්ටමක් තෙක් ඉහළ නැංවීම, රැකියා දස ලක්‍ෂයක් උත්පාදනය, වසරකට විදේශීය ඍජු ආයෝජන එ.ජ. ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීම සහ වසරකට අපනයන ආදායම එ.ජ. ඩොලර් බිලියන 20ක් දක්වා දෙගුණ කිරීම අප ඉලක්ක කර ඇත. මෙම අතරමැදි ඉලක්ක මඟින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කිරීමේ අපගේ 2025 දැක්මට අවශ්‍ය පදනම සකස් කරයි.04. වර්ධනයේ නව ප‍්‍රවේශයවර්ධනය සඳහා අපගේ නව ප‍්‍රවේශය, දැනුම් පදනම් කරගත්, ඉහළ තරගකාරීත්වයක් සහිත, සමාජීය වෙළෙඳපොළ ආර්ථික ආකෘතියක් මත සකස්වනු ඇත. දැනුම පදනම් කරගත් ආර්ථිකයක් තුළින් බුද්ධිමය හැකියාවන්ගෙන් සන්නද්ධ වීමට ඉඩ ලබා දෙයි. නූතන ඒකාබද්ධ වූ ගෝලීය ආර්ථිකය තුළ සාර්ථකත්වයට පත්වීම සඳහා අත්‍යවශ්‍ය වන ඉහළ තරගකාරීත්වයකින් යුතු පරිසරයක් සැකසීමට එමඟින් හැකි වනු ඇත.සමාජීය වෙළෙඳපොළ ආර්ථික මූලධර්මයන්, සාර්ථක ආයතන හා ප‍්‍රතිපත්තීන් සහ ශක්තිමත් වෙළෙඳපොළ ව්‍යුහයන් වඩා සාධාරණ සමාජයක් උදෙසා දායකවනු ඇත. ඉහළ ඵලදායීතාවකින් කටයුතු කිරීම, නවෝත්පාදන ඇති කිරීම, ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම මෙන්ම ආයෝජනය කිරීම සහ නව රැකියා අවස්ථා බිහි කිරීම යන අංශයන් ඔස්සේ පෞද්ගලික අංශ ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ගෝලීය පරිසරය තුළ අපගේ ආර්ථිකයෙහි තරගකාරීත්වය සහ සාර්ථකත්වය ඉහළ නැංවීම සඳහා අප පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරනු ඇත. වෙළෙඳපොළ මූලධර්ම, ආර්ථික තරගකාරීත්වය සහ සමාජීය ප‍්‍රතිලාභ පිළිබඳව සිහියෙහි තබාගනිමින් අප විසින්, වත්මන් සහ අනාගත පරම්පරාවන්හි ප‍්‍රතිලාභ උදෙසා සමෘද්ධිමත්භාවය තහවුරු කිරීමට යෝග්‍ය ආර්ථික සහ සමාජීය ප‍්‍රතිපත්තීන් ක‍්‍රියාවට නංවනු ඇත. විවිධත්වයකින් සහ ඉහළ වටිනාකමකින් යුත් වෙළෙඳ අංශයේ වර්ධන ක‍්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා දේශීය පෞද්ගලික ආයෝජන සමඟ තාක්‍ෂණික හා කළමනාකරණ දැනුම සහිත නිවැරදි ආකාරයේ විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කරගත යුතු වේ.රජය විසින් ආර්ථික වර්ධනය මෙහෙයවනු ලබන සාධක ශක්තිමත් කරනු ඇති අතර, වඩාත් සාර්ව සහභාගීත්වයක් සහිත ආර්ථික වර්ධනයක් ගොඩනගනු ඇත. ආර්ථිකයේ ඵලදායීතාව සහ තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වන සාර්ව ආර්ථික, සාධක වෙළෙඳපොළ, ආයතනික හා නියාමන ප‍්‍රතිසංස්කරණ රජය විසින් ඉටු කරනු ලබයි. මෙම ප‍්‍රතිසංස්කරණ මඟින් භාණ්ඩ හා සේවා අපනයන වර්ධනය කිරීම උදෙසා විශේෂයෙන්ම දැනුම වැඩිදියුණු කිරීම සහ තාක්‍ෂණය පදනම් කරගත් විදේශීය ඍජු ආයෝජන ලෙස වන පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීමට අපේක්‍ෂා කෙරේ.සාර්ව සහභාගීත්ව සමාජයක් උදෙසා ශක්තිමත් සහ බලවත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම සඳහා රජය විසින් විශාල පරිශ‍්‍රමයක් ගනු ඇත. සමාජ ආර්ථික හිණිපෙත්ත කරා ගමන් කිරීම තුළින් ජනතාවට ඉහළ ආදායම් සහ ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සියලූම ජනතාවට වඩා සාධාරණ ලෙස පොදු සේවාවන්, රැුකියා අවස්ථාවන් සහ ජීවන තත්ත්වයන් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කරන්නෙමු.වඩාත් හිතකර නීති ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නෙමු. විශේෂයෙන්ම නව දේශීය ආදායම් පනත, විදේශ විනිමය පනත, ස්වේච්ඡාවෙන් ආදායම හෙළිදරව් කිරීමේ පනත, රාජ්‍ය බැංකු පනත, ප‍්‍රපාතනය වැළැක්වීමේ පනත, රාජ්‍ය වාණිජ ව්‍යවසාය පනත, වරාය හා ගුවන් තොටුපොළ පනත, රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත, ඉඩම් (විශේෂ විධිවිධාන) පනත, තිරසාර සංවර්ධන පනත, වගකීම් කළමනාකරණ පනත සහ ජාතික ණය කාර්යාල පනත මඟින් ව්‍යාපාර සඳහා වන හිතකර පරිසරය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇත.05.      සාර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම.ජාතික සාර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ රජයේ උපායමාර්ගය තුළ රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාව, මිල ස්ථායීතාව තහවුරු කිරීම හා වෙළෙඳපොළ පදනම් වූ තරගකාරී විනිමය අනුපාතයක් පවත්වා ගැනීම යන ප‍්‍රධාන අංග තුන ඇතුළත් වේ.රාජ්‍ය මූල්‍ය වගකීම් විරහිතභාවය, අයවැය හිඟය සහ රාජ්‍ය ණය වර්ධනය කෙරෙහි බාධාකාරී වේ. අනෙකුත් මැදි ආදායම් කාණ්ඩයේ රටවල් සහ සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ බදු ආදායම 2015 වන තෙක් අඛණ්ඩව පහළ යෑමක් පෙන්නුම් කළේය. අයවැය හිඟය මූල්‍යනය කිරීම සඳහා රජය ණය මත පදනම්වීමත් සමඟ ශ්‍රේණිගත කිරීම්වලදී සලකා බැලෙන සෙසු සමාන රටවල් අතර ශ්‍රී ලංකාව වෙනස්ම රටක් බවට පත් කරමින් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 79.3ක් දක්වා ඉහළ ගොස් ඇත. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් මහා භාණ්ඩාගාරයට විශාල බරක් බවට පත්ව ඇති අතර, එය සමස්ත ආර්ථිකය පුරා මිල ගණන් විකෘති කිරීමකට ද හේතු වේ. 2018 වසරේ සිට විදේශ ණය පියවීම සඳහා ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතා ක‍්‍රියාමාර්ග අවශ්‍ය කෙරෙන අතර, එය ණය තිරසාරත්වය හා වර්ධනයට හේතු වනු ඇත.මැදිකාලීනව රාජ්‍ය ණය අඩුකර ගැනීම සඳහා ආදායම් පදනම් රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාවක් අපි අනුගමනය කරන්නෙමු. බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 16ක් දක්වා තහවුරු කිරීම සඳහා බදු පදනම පුළුල් කෙරෙනු ඇත. බදු සහන, බදු නිදහස් කිරීම් සහ විශේෂ අනුපාත පැනවීම් කිරීම තුළින් බදු පද්ධතිය සාධාරණ හා සඵලදායී බදු පරිපාලනයක් කරා වැඩිදියුණු කරනු ඇත. බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම සඳහා පරිපාලන ශක්‍යතාව ශක්තිමත් කරනු ඇති අතර, මූල්‍ය සැලසුම්කරණය හා විනය හා විධාන පාලන වැනි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා අපි සහාය ලබා දෙන්නෙමු. ආදායම වැඩි වනවිට බදු ඉහළ යන පරිදි සාධාරණ බදු ක‍්‍රමයක් තහවුරු කිරීම සඳහා දැනට 20:80 ලෙස පවත්නා ඍජු බදු හා වක‍්‍ර බදු අතර අනුපාතය මැදිකාලීනව 40-60 දක්වා ගෙන ඒමට කටයුතු කරනු ඇත. රාජ්‍ය ආදායම් වැඩිකිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස බදු නොවන ආදායම් වැඩි වශයෙන් උත්පාදනය සඳහා කටයුතු කරනු ඇත.රාජ්‍ය වියදම් ක‍්‍රමවත් කරන්නෙමු. අයවැය හිඟය සහ සමස්ත ණය මට්ටම් සඳහා අනිවාර්යය ඉලක්ක සහිතව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ශක්තිමත් කිරීමට රජය කටයුතු කරනු ඇත. අපගේ මැදිකාලීන ප‍්‍රමුඛතාවන් වන්නේ ඵලදායී නොවන වියදම් අවම කරන අතර රාජ්‍ය වියදම් ක‍්‍රමවත් කිරීමයි. වගවීමක් සහිත වාණිජ වශයෙන් ශක්තිමත් ව්‍යවසායයන් ලෙස ක‍්‍රියාත්මක වීමට හැකි පරිදි, රාජ්‍ය ව්‍යවසායයන් ප‍්‍රතිව්‍යුහගත කරනු ඇත. රාජ්‍ය ව්‍යවසායයන් මඟින් සපයන භාණ්ඩ හා සේවා මිල කිරීම් වෙළෙඳපොළ සමතුලිතය මත පදනම් වන අතර,  ඕනෑම ආකාරයේ සහනාධාරයක් ඉලක්කගත ජනතාව සඳහා විනිවිදභාවයකින් යුතුව ඍජුව සපයනු ඇත. තෝරාගත් ප‍්‍රධාන රාජ්‍ය ව්‍යවසාය අදාළ සාමූහික අභිප‍්‍රාය පිළිබඳ ප‍්‍රකාශනය තුළින් මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය රාමුව සපයයි.වර්ධන වැඩපිළිවෙළකට සහායවීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාවක් අඛණ්ඩව පවත්වා ගනු ඇත. සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මැදිකාලයේ සිට දිගුකාලය දක්වා වූ ඉලක්ක ළඟාකර ගැනීමට සහ වැඩිදියුණු වූ ආයෝජන පරිසරයක් පවත්වා ගැනීම යනාදිය ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිසංස්කරණය සිදුකරනු ඇත. කෙසේ වෙතත්, 2018 සිට විදේශ ණය ආපසු ගෙවීමේ ඒකරාශීකරණය හේතුවෙන් දැඩි රාජ්‍ය මූල්‍ය පාලනයක් තිබීම අවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය අවකාශය සීමිතවීම හේතුවෙන්, රාජ්‍ය වියදම් හරහා තවදුරටත් ආර්ථික වර්ධනයක් ඇති නොවන අතර, ඒ වෙනුවට වර්ධනය සඳහා පෞද්ගලික ආයෝජන මත පදනම් වාණිජමය ක‍්‍රියාකාරකම් ප‍්‍රසාරණය වීම අවශ්‍ය වේ.දේශීය සහ විදේශීය ණය සඳහා වගකීම් කළමනාකරණ උපායමාර්ග අපි ආරම්භ කරන්නෙමු. 2020 වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය සියයට 70 දක්වා ක‍්‍රමානුකූලව අඩු කිරීමට අපි අපේක්‍ෂා කරමු. මැදිකාලීන ණය කළමනාකරණ ක‍්‍රමෝපාය යටතේ දේශීය සහ විදේශීය ණය සඳහා ඉදිරි දැක්මකින් යුතු වගකීම් කළමනාකරණ උපායමාර්ග තුළින් ඉහළ රාජ්‍ය ණය තොගය පාලනය කිරීම සඳහා කටයුතු කරනු ඇත. ඒ අනුව දේශීය හා විදේශීය ණය උපකරණ සහ පරිණත කාලයන්වල සුදුසු සංයෝගයක් භාවිත කරමින් රජයේ මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට අවධානය යොමු කරනු ඇත.පුළුල් රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළක් යටතේ සංවර්ධනය සඳහා ප‍්‍රාග්ධන වියදම් ප‍්‍රමුඛතා අනුව වැය කරන්නෙමු. වසර 15ක් තුළ ප‍්‍රථම වතාවට, රජය විසින් 2017-2020 සඳහා වූ විස්තරාත්මක පුළුල් රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළක් ප‍්‍රකාශයට පත් කර ඇත. එම ප‍්‍රකාශනයෙහි ලැයිස්තුගත කර ඇති දැනට පවතින, වාර්ෂික පරිණත සහ අනාගත ව්‍යාපෘති 1,000 අතුරින් සීමිත සංඛ්‍යාවක් මෙහි ඇතුළත් කර ඇත. මෙම කාලපරිච්ජේදය තුළ රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5-6 අතර පවත්වා ගැනීමට අපේක්‍ෂා කරයි. පසුගිය කාලයේ මෙන් ගොඩනැගිලි පමණක් ඉදිකිරීමෙන් තොරව ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය තුළ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘති, සෞඛසේවා, පර්යේෂණ හා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සඳහා මෙම අරමුදල් භාවිතා කරනු ඇත.ඉහළ රාජ්‍ය මූල්‍ය හිඟයක් පැවති යුගයක් තුළ ක‍්‍රියාවට නංවන ලද මුදල් හා විදේශ විනිමය ප‍්‍රතිපත්ති මෙහෙයුම් හේතුවෙන් දිගුකාලීන වර්ධනය අඩපණ වී ඇත. රාජ්‍ය මූල්‍ය හිඟය පියවීම සඳහා විශාල වශයෙන් ණය ලබා ගැනීම හේතුවෙන් උද්ධමනය ඉහළ යෑම පාලනයෙන් තොර විය. ඉහළ රාජ්‍ය මූල්‍ය ආධිපත්‍යය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය පරිදි ප‍්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීම දුෂ්කර විය. අවශ්‍ය කෙරෙන ව්‍යුහාත්මක ගැළපීම් සිදු නොකොට කෙටිකාලීනව ආර්ථික වර්ධනය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් අනුගමනය කළ ලිහිල් රාජ්‍ය මූල්‍ය, මුදල් සහ විනිමය අනුපාත ප‍්‍රතිපත්ති හේතුවෙන් තියුණු ණය චක‍්‍ර සහ නිරන්තරව ගෙවුම් ශේෂ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. ප‍්‍රමාදවී ගනු ලැබූ නිවැරදි කිරීමේ ක‍්‍රියාමාර්ගය හේතුවෙන් අහිතකර ආර්ථික උච්ඡාවචන ඇති වූ අතර ආයෝජන විශ්වාසය දුර්වල විය.මිල ස්ථායිතාව සහතික කිරීම සඳහා අපි පියවර ගන්නෙමු. අපගේ උපායමාර්ගය වන්නේ ආහාර මිල විචලතාව පාලනය කිරීම සහ අදියර දෙකක් යටතේ ජනතාවගේ දුෂ්කරතා සඳහා පිළියම් යෙදීමයි. කෙටිකාලීන මිල විචලනයන් අවම කිරීම සඳහා, දේශීය සැපයුම් ඉහළ නැංවීමට සහ බෙදාහැරීමේ ජාල ශක්තිමත් කිරීමට දිරිගන්වනු ලබන අතර, තරගකාරී වෙළඳපොළ රාමුවක් තුළ සාධාරණ පිරිවැයක් යටතේ ආහාර නිෂ්පාදන හා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ඉඩ ලබා දෙනු ඇත.මැදිකාලයේ සිට දිගුකාලය දක්වා මිල ස්ථායිතාව ළඟාකර ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් වෙත ගමන් කරනු ඇත. ආර්ථික ක‍්‍රියාකාරීත්වයට සහ තරගකාරීත්වයට සහාය වන අතර අඛණ්ඩව අඩු උද්ධමන මට්ටමක් පවත්වා ගැනීම ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකු 2017 වසර අවසානයේදී උද්ධමන ඉලක්කකරණ ගමන් මඟ පිළිබඳව පුළුල්ව ඉදිරිපත් කරනු ඇත. මිල ස්ථායිතාව, එනම් අඩු, ස්ථායී සහ පුරෝකතනය කළ හැකි මට්ටමේ උද්ධමනය මඟින් නාමික පොලී අනුපාතික අඩු මට්ටමක පවත්වා ගන්නා අතර, එය ආයෝජනයට සහ දිගුකාලීන ආර්ථික වර්ධනයට සහාය වෙයි. මේ සඳහා රජය විසින් නෛතික සහ මෙහෙයුම් වෙනස්කම් අවශ්‍ය පරිදි ක‍්‍රියාවට නංවනු ඇත.වෙළඳපොළ අනුව විනිමය අනුපාතික තීරණය කිරීමට අපි ඉඩ හරින්නෙමු. මෙමගින් ආර්ථිකයේ නිපදවනු ලබන සහ අලෙවි කරනු ලබන සියලූ භාණ්ඩ හා සේවා සඳහා පිරිවැය පිළිබිඹු කරන මිල ගණන් නියම කිරීමට හැකි වන අතර, ගෝලීය ආර්ථිකය තුළ ලාංකික අපනයනවල තරගකාරීත්වය ශක්තිමත් කරනු ඇත. වඩා නම්‍යශීලී විනිමය අනුපාතික විදේශීය සංචිත වර්ධනය කිරීමට සහ බාහිර කම්පනවලට ඔරොත්තු දීමට ආර්ථිකයට ඇති හැකියාව ශක්තිමත් කිරීම උපකාරී වනු ඇත. 
මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් - මහ බැංකු අධිපති
0
hp_train_1877
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )ප‍්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක‍්‍රමිකතා සිදුවූ බවට කරන විමර්ශන වලට අදාළව තමා අත්අඩංගුවට ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 05 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.මෙම පෙත්සම ඊවා වනසුන්දර සහ විජිත් මළල්ගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (15) කැඳවූ අතර එහිදී පෙත්සම ෂලකා බැලීම මෙදිනට කල් තැබිණි. ප‍්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාට චෝදනා එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වන ලදී. හිටපු ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානධිපති , නීතිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති. මොටර් රථ අමතර කොටස් ගෙන්වීමේදී අක‍්‍රමිකතාවයක් සිදුවන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳව තමන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් බී වාර්තා 3 ක් අධිකරණයට ඉදිරිප්ත කර ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී. මෙම චෝදනා සම්පූර්ණ අසත්‍යයක් වන බවත්, මේ නිසා තමන් කිසියම් මොහොතක අත්අඩංගුවට ගැනීමේ ඉඩක් ඇතැයි ද පෙත්සමේ සඳහන්වේ.එබැවින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බැව් ප‍්‍රකාශ කරන ලෙසද, තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර ප‍්‍රවාහන අමාත්‍යවරයා පෙත්සමේ සඳහන් කර ඇත. පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නලීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමීණී මාරපන මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.
වෙල්ගමගේ පෙත්සම ජූනියේ
0
hp_train_1878
(මොහොමඩ් ආසික්)හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද( 26 )වනදා වැඩි ඡන්ද හතකින් පරාජයට  පත්විය.හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ  සභාපති ආනන්ද ජයවිලාල් මහතා විසින් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ  2021 වසර සඳහා වන  අයවැය අද 26 වනදා  ඉදිරිපත් කරනු ලැබීය.හාරිස්පත්තුව  බරිගම පිහිටි ප්‍රාදේශිය සභා රැස්වීම් ශාලාවේදී  පැවැති එහි මහ සභා රැස්වීමේදී මෙම අයවැය ඉදිරිපත් කරනු ලැබූ අතර අයවැය ඉදිරිපත් කරන අවස්ථාව්දීම එක්සත් ජාතික පක්ෂයේ සහ  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් බෙදීමක් ඉල්ලා සිටි බැවින් සභාව තුල උණුසුම් තතවයක් හට ගත්තේය.කෙසේ නමුත් දීර්ග වේලාවක් පැවැති වාද විවාදවලින් පසුව අයවැය කෙටුම්පත සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් විවෘත  ඡන්ද විමසීම සිදු කරනු ලැබීය. ඒ අනුව අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 14 ක් සහ විපක්ෂව ඡන්ද 21 ක් ලැබී  ඇති බව ලේකම්වරිය සභාව වෙත දැන්වූවාය. ඒ අනුව වැඩි ඡන්ද හතකින්  අයවැය පාජයට පත්විය.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්  දස දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්  තිදෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු, සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්  21 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණ.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරිය ඡන්දය විමසන අවස්ථාවේ සභාව තුල නොසිටියාය.අයවැයට පක්ෂව පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන්  දහ තුන් දෙනෙකු  සහ ප්‍රජාතාන්ත්‍රවාදී එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයාද ඇතුළුව මන්ත්‍රිවරුන් දහ හතර දෙනෙකු ඡන්දය  භාවිතා කර තිබිණ.
මාවනැල්ල ප්‍රා. සබේ අයවැය සම්මතයි
0
hp_train_1879
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියයි.‘බටහිර වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකිය‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/04/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239555සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32249070සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249565වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල31258575සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32259555වැසි ස්වල්පයක්.මහනුවර31209560සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129555සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය34239555සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33249060සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32259065වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘අපර භාගයේ ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_1880
ජුඩ් සමන්ත සහ එච් චන්දන පුත්තලම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී එහි ලේකම්වරයා විසින් සභිකයකුට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සිද්ධියට මුහුණ දුන් සභිකයා විසින් මුන්දලම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.ජල බෝතල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන නිමල් බමුණුආරච්චි මහතාය.පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ඊයේ (28) රැස්විය. ඒ මදුරන්කුලියේ පිහිටි පුත්තලම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ දීය.පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් ට්‍රැක්ටරයක් ඇතුළු යන්ත්‍ර අළුත්වැඩියා කිරීම සඳහා පසුගිය කොමසාරිස් පාලන සමයේ විශාල මුදලක් වැයකර ඇති බව උප සභාපති ජයම්පතී බන්දුරාජා මහතා සභාවේ දී කියා සිටියේය.මෙම වැය කිරීම සිදුවී ඇත්තේ පසුගිය කොමසාරිස් පාලන සමයේදී බවත්, ඒ සම්බන්ධයෙන් ලේකම්වරයා කරුණු දැක්විය යුතු බැවින් සභාව කාරක සභා අවස්ථාවක් ලෙස සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.පුත්තලම ප්‍රාදේශීය සභාව විසින් ඉදිකර ඇති මදුරන්කුලිය වෙළඳ සංකීර්ණයේ  කඩ කාමර බදු දීමේදී අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව සභික (හිටපු සභාපති) නිමල් බමුණුආරච්චි මහතා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ලදී.එම අවස්ථාවේදී සභා ලේකම් සෝමසිරි ජයසිංහ මහතා සහ සභිකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. අවසානයේදී තම මේසය මත තිබූ ජල බෝතලයෙන් සභාවේ ලේකම්වරයා විසින් නිමල් බමුණුආරච්චි සභිකයා වෙත ප්‍රහාරයක් එල්ල කරන ලදී.ඒ සමගම සභාව උණුසුම් වී ගියේය. ලේකම්වරයාට  තව දුරටත් එම තනතුර දැරීමට නොහැකි බවත්,සභාවේ වැඩබලන ලේකම්වරයා ලෙස ප්‍රධාන ලිපිකරු පත් කළ යුතු බවත් උප සභාපති ජයම්පතී බන්දුරාජා මහතා විසින් යෝජනාවක් ගෙන එන ලදි.එම යෝජනාව සභාක සුනිල් පෝරුතොට මහතා විසින් ස්ථීර කරන ලද අතර ඊට සියළුම සභිකයින්ගේ සහාය හිමි විය.ජල බෝතල් ප්‍රහාරයට ලක්වූ ප්‍රාදේශීය සභා සභික නිමල් බමුණුආරච්චි මහතා විසින් මේ සම්බන්ධයෙන් මුන්දලම පොලීසියට පැමිණිළි කර ඇත.සභාවේ ලේකම්වරයා සම්බන්ධයෙන් වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බව සෙසු සභිකයින් කියා සිටියේය. 
පුත්තලමේ හිටපු සභාපතිට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරිම ගැන විමර්ශනයක් ඉල්ලයි
1
hp_train_1881
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/08/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34268550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36268040ප්‍රධාන වශයෙන් වැසි රහිත.කොළඹ31278570වැසි ස්වල්පයක්.ගාල්ල30269075වැසි ස්වල්පයක්.යාපනය34278060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29239065වැසි ස්වල්පයක්..නුවරඑළිය19149580වැසි ස්වල්පයක්.රත්නපුරය31269065වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය36278045ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32279070ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
‘පළාත් කීපයකට සුළු වැසි‘
0
hp_train_1882
 (එම්.සුසිල් ප්‍රියන්ත)මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොළ ආසන්නයේදී පුද්ගලයකු අද (18 ) පස්වරුවේදී දුම්රියේ ගැටී මරුමුවට පත්වී ඇතැයි අම්බලන්ගොඩ  පොලීසිය කියයි.මෙසේ මිය ගොස් ඇත්තේ බඹරවාන මත්තක පදිංචි අයි.කේ.සුමිත් පියරත්න නමැති තිස්හත් හැවිරිදි එක්දරු පියෙක් බවද පොලීසිය කියයි.අලුත්ගම  සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියක මේ පුද්ගලයා ගැටී ඇති බවද පොලීසිය කියයි.අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දුම්රියේ ගැටී අයෙක් මරුට
0
hp_train_1883
(උණවටුන – ඩී.ජී. සුගතපාල)මේ දිනවල පොල් මිල ඉහළය. පසුගිය කාලයේ පොල් මැන විකිණීමටද නියම කර තිබියදී තවත් තැනක පොල් ගැන අපූරු කතාද අසන්නට ලැබේ. මේ හබරාදුව, පිලාන, කොස්දූව ප්‍රදේශයේ ඉඩම් හිමියකුට සිදුවූවකි.ඉඩම් හිමියාගේ පොල් ගස් කිහිපයක ගෙඩි කඩා ගැනීමට පොල් කඩන්නෙකු සෙව්වත් සොයා ගැනීම අපහසු විය.මේ නිසා අල්ලපු ගමේ සිටින මිතුරකුට දුරකතන ඇමතුමක් දී පොල්කඩන්නකු ගෙන්වා ගත්තේය. පොල් කඩන්නා පැමිණ ගස මුල සිට උඩ බලා ගස්වලට නැග්ගේය. ඔහු එක ගසකින් පොල්  වලු දෙක බැගින් කඩා දැම්මේය. මේ අතර ඉඩම් හිමියා බිම සිට උඩ බලා ‘‘ඇයි අර පොල් වල්ල පැහිලා කඩන්නේ නැද්ද’’ කියා කෑ ගසා විමසුවේය.‘‘ඒ වල්ල තවම පැහිලා නැහැ. මහත්තයා’’ පොල් කඩන්නා ගස උඩ සිටම කෑ ගසා කීවේය. ගස්  කිහිපයක පොල් කැඩූ කුලියද රැගෙන පිටව ගියේය. එහෙත් ගස් කිහිපයක පැහුණ පොල් වලු ඉතිරිව තිබෙන බව ඉඩම් හිමියාට පෙනින.මේ අතර පසුදින අලුයම තුනට පමණ කිසියම් ශබ්දයක් ඇසී ඉඩම් හිමියා ජනේලය හැර බැලුවේය. ඔහු දුටුවේ දහවල් කාලයේ පැමිණ පොල් කැඩු පුද්ගලයා ගස්වල ඉතිරි කර තිබූ පැසුණ පොල් කඩාගෙන යන අයුරුය. මේ බව ඔහු බිරිඳට පැවසූ විට බිරිඳ දොර පොල්ල ගෙන සැමියා අතට දුන්නත් බියට පත්වූ සැමියා ජනේලයද වසා ඇඳට ගුලි වූවේය.  
‘දවල් මිගෙල් රෑ දනියෙල්’ ට බියවී දොරපොල්ල අරගෙන ඇඳේ ගුලිවෙලා
1
hp_train_1884
( තිළිණි ද සිල්වා )මේ වසරේ මුල් මාස තුනේදී පමණක් විදෙස් සංචාරකයින් 474 540ක් දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එය ඉකුත් වසරේ මුල් මාස තුනේ පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසැඳීමේදී සියයට 13.8 ක වර්ධනයක් යැයි එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා වල සඳහන් වේ.මේ අතර පසුගිය මාර්තු මස මුලදී මහනුවර ප්‍රදේශයේ වාර්ගික ගැටුම් පැවතියද එම මාසය තුළඳී සංචාරකයින් 233,382ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී සියයට 24.1 ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තා වල සඳහන් වේ.ජනවාරි මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් 238,924 ක්ද , පෙබරවාරී මාසය තුළ දි සංචාරකයින් 235,618 ක්ද හා මාර්තු මාසයේදී සංචාරකයින් 233,382 දෙනෙකුද වශයෙන් ගතවූ මාස තුනේදී විදේශිකයින් මෙරටට පැමිණ ඇතැයි සඳහන් වේ.2018 වසර සඳහා සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ඉකුත් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වන අතර එම සංඛ්‍යාව 43,643 කි. මෙය ගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේ දී 40% ක තරම් විශාල වර්ධනයකි. මේ අතර චීන ජාතකයින් 24,819 ක් පැමිණ ඇති අතර එම පැමිණීම පසුගිය ජනවාරි මාසයේදී සියයට 22 කින් පහළ ගොස් ඇතැයි ද සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.ජනවාරි මාසයේදී තෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ජර්මනියෙන් වන අතර එලෙස පැමිණි සංඛ්‍යාව 14,985 කි. එය 2017 ජනවාරි මාසයේදී පැමිණි ජර්මන් සංචාරකයින්ගේ සංඛ්‍යාවට වඩා සියයට 20 ක වැඩිවීමකි.මීට අමතරව ප්‍රංශ සංචාරකයින් 12,209 ක්ද ,රුසියානු සංචාරකයින් 11,634 ක්ද ,ඕස්ට්‍රේලියාවෙන් 9948 ක්ද , ඇමෙරිකාවෙන් 7277 ක්ද , යුක්රේනයෙන් 6544 ක්ද , මාලදිවයිනෙන් 6194 ක් ලෙසින් සංචාරකයින් ඉකුත් ජනවාරි මාසයේදී දිවයිනට පැමිණ තිබේ.ඉකුත් පෙබරවාරි මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 36,000ක් පමණ වේ.ඉන්දීයානු සංචාරකයින් 32,000ක් ද බ්‍රිතාන්‍ය සංචාරකයින් 23,000ක් ද එම කාලය තුළ පැමිණ ඇත.මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 30 ,583 ක් වේ.බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 30 ,366 ක්ද , ජර්මනියෙන් 24 ,423 ක්ද , චීනයෙන් 21,101 ක්ද , ප්‍රංශයෙන් 14,818 ක්ද , ඇමෙරිකාවෙන් 9701 ක්ද ,රුසියාවෙන් 9089 ක්ද ,ඕස්ට්‍රේලියාවෙන් 8932 ක්ද , මාලදිවයිනෙන් 7239 ක් සහ කැනඩාවෙන් 5113 ක් වශයෙන් සංචාරකයින් පැමිණ ඇත.
සංචාරක පැමිණිම ඉහළට
0
hp_train_1885
(හර්ෂණ තුෂාර සිල්වා) ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (27) ඉතිහාසගත ලෙස පහළ ගියේය. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (27) 191.99 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඊයේ ඇමෙරි අද ඩොලරයක විකුණුම් අගය රුපියල් 191.99 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 187.10ක් ලෙසත් දැක්විණි. ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් කොරෝනා වයිරසයෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහන පැකේජ ලබාදී ඇත. මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.8කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ ජාත්‍යන්තර බොරතෙල් මිල ගණන්වලට අනුව ‘බ්‍රෙන්ට්’ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 26.09ක් ලෙසත් ඔපෙක් (තෙල් අපනයන කරන රටවල) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 26.04ක් ලෙසත් දැක්විණි.   ( 055)   
ඩොලරය 200 කඩඉම පනී
0
hp_train_1886
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, “ලෙන්ගා” කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (02) පෙරවරුවේ  එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් නිසා කාන්තාවන් 13 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ. තුවාල ලබා රොහල් ගත කළ කාන්තාවන් 05 දෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත්, කාන්තාවන් 08 දෙනෙක් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රොහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලියදිපිටිය මහතා පැවසීය. තේ ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිසී තමන්ට පහර දුන් බව රොහල් ගත කර සිටින වතු කම්කරු කාන්තාවන් පැවසූහ. මෙම වතුයායේම ඉකුත් මාසයේදී තෙවරක් වතු කම්කරුවන්ට බඹර ප්‍රහාර එල්ලවීමෙන් රෝහල් ගත කර ඇති බව පවසන එම කම්කරු ප්‍රජාව, කම්කරුවන් පීඩාවට පතක් කරන, තම වතුයායේ ඇති බඹර කූඩු ඉවත් කර දෙන ලෙස වතු පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින බවත් එම කම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා පැවසූහ. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පැවසූහ.  
බඹරු ඇනීමෙන් සිව් දෙනෙක් රෝහලේ
0
hp_train_1887
 (ටී.කේ.ජී.කපිල) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද(19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.           ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානය මෙසේ ගුවන් තොටුපළ වසා දැමීමට පෙර , අවසාන වශයෙන් පැමිණි  ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.    මෙම ගුවන් යානයෙන් මගීන් 77 ක් පැමිණ තිබූ අතර , එයින් වැඩි පිරිසක් දඹදිව වන්දනාකරුවන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.            ඒ අතර සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා දිගටම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන අතර , ගුවන් තොටුපළෙන් පිටත්ව යන ගුවන් යානා ද පෙර සැළසුම් කර ඇති පරිදි සිදු කෙරේ .            මෙම සංක්‍රමණික ගුවන් මගීන් ,කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ වෙනත් රටක් කරා ගුවන් ගත වීම සදහා පැමිණෙන ගුවන් මගීන් පිරිසකි.
මාලේ-ලන්ඩන්-මෙල්බන් වලට ශ්‍රීලන්කන් සීමිත ගුවන් ගමන් අරඹයි
0
hp_train_1888
ශ්‍රීලංකන් ගුවන් සමාගම කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය සීෂෙල්ස් වෙත පියාසර කිරීමෙන් පසු නැගෙනහිර අප්‍රිකාවේ මෙහෙයුම් සිදුකරන දෙවැනි ගමනාන්තය ලෙස කෙන්යාව එක්වනු ඇත.ඒ අනුව නැගෙනහිර අප්‍රිකාවේ විශාලතම හා කාර්යබහුලම ගුවන්තොටුපළ වන ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ (NBO) සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල (BIA) අතර 22 වැනි දින සිට මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම බ්‍රහස්පතින්දා දිනකම නයිරෝබි වෙත සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා පිරිමැසුම් පන්තියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 ක් සහිත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානා යොදවා ඇත. යූඑල් 1715 ගුවන් යානය පැය 10:45 ට කොළඹින් පිටත් වී පැය 14:40 ට ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබසිනු ඇත. පසුව යූ.එල්. 1716 නයිරෝබි සිට පැය 04:40 ට පිටත් වී පැය 13:55 ට නැවත කොළඹට ළඟාවීමට සැලසුම් කර ඇත.නව ගමනාන්තය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් ගුවන් සේවය අප්‍රිකානු කලාපයට ව්‍යාප්ත කරමින් කෙන්යාවේ අගනුවර වෙත ගුවන් ගමන් දියත් කිරීම ගැන අපි සතුටු වෙනවා. නව මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ ගෝලීය මාර්ග ජාලය හරහා බාධාවකින් තොරව සම්බන්ධතා ලබා ගනිමින් බොහෝ අය කෙන්යාවට ගොස් ලෝකයේ විශ්මයජනක වන සතුන් ගවේෂණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ”නැගෙනහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ව්‍යාපාරික හා විවේක කේන්ද්‍රස්ථානයක් ලෙස නයිරෝබි හඳුන්වා දිය හැකි අතර ඉන් පිටතට ප්‍රවාහනය සඳහා ඇති ඉල්ලු‍ම ද විශාල ලෙස ඉහළ ගොස් තිබේ. නයිරෝබි පිහිටා තිබෙන්නේ පුළුල් ජල පෝෂක ප්‍රදේශයකට අයත්ව ගොඩබිම සහ ගුවන් සම්බන්ධතා ඇති උපාය මාර්ගිකව වන අතර එමගින් උගන්ඩාව, ඉතියෝපියාව, ටැන්සානියාව, රුවන්ඩාව, මලාවි, සැම්බියාව සහ මැඩගස්කරය වෙත ඉතා පහසු සම්බන්ධතා සපයයි. කෙන්යාවේ මසායි මාරා ජාතික රක්ෂිතය, සෙරෙන්ගෙටි ජාතික උද්‍යානය සහ ටැන්සානියාවේ සැන්සිබාර් ඉතා ජනප්‍රිය සෆාරි සහ ජාතික උද්‍යාන ලෙස හැඳින්විය හැක.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවැසීය. නැගෙනහිර අප්‍රිකාව, ඈත පෙරදිග සහ ඉන්දියානු උප මහද්වීපය අතර සැලකිය යුතු මාර්ග තදබදයක් ඇති කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මෙම නව මාර්ගය ඉඩ සලසනවා. එසේම මෙම නව මාර්ග ජාලය හරහා ප්‍රධාන ගමනාන්ත වෙත සම්බන්ධ වීමට කාලසටහන මඟින් ඉඩ ලබා දී තිබුණ ද, චීනයට සහ ඉන්දියාව වෙත ශක්තිමත් මෙහෙයුම් සිදු වනු දැකීමට අපේක්ෂා කරනවා. 
ශ්‍රී ලංකන් පැරීසියට ගුවන් ගමන් ආරම්භ කරයි
0
hp_train_1889
(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට අද (29) පස්වරුව වනවිට ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 74 ක් ලැබී ඇතැයි එම කාර්යාලය කියයි.මෙයින් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වූ පැමිණිල්ල හික්කඩුවෙන් වාර්තා වී තිබූ අතර වැඩිම මැතිවරණ නීති උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වූ පැමිණිලි ලැබී ඇත්තේ බෝපෙ පෝද්දල සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්ගෙන් බවද ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අතරින් නීති විරෝධි අයුරින්  පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කිරීම් යනාදිය කැපී පෙනෙන බව ද මැතිවරණ කළමනාකාරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයා කීය.
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 74 ක්
1
hp_train_1890
(අංජුල මහික වීරරත්න සහ වැල්ලවාය - අයි.ආර්. ඉන්දික)පරණ තාලේ ඉබිගමන් නවතා වේගයෙන් තමා සමග වැඩ කරන්න සියලු දේශපාලකයන් සූදානම් විය යුතුයි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවාය පස්සර බිබිල මැදගම 200 හාලිඇළ සහ දියතලාවෙ ජන රැලි අමතමින් සති අන්තයේදී පැවැසීය.“බොන්න වතුර ඉල්ලන විට ටී-56 ගිනි අවියෙන් වතුර දෙන පාලනය වෙනුවට සමෘද්ධිය සහ ජන සවිය යන ජනතා සහන දෙකම එකට දෙන පැය 24ම ජනතාව ගැන සොයා බලන පාලනය ස්ථාපිත කරන බව ද” අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ජනපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සති අන්තයේ පැවැති ජන රැලි සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ම ජන රැලිය වැල්ලවායේදී පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.මගේ පියා සෙවණ අරමුදල ආරම්භ කර නිවාස වැඩසටහන දියත් කළේ වැල්ලවාය, නුගේගලයාය ගම්මානය කේන්ද්‍ර කරගෙනයි. කුඩා දරුවෙකු ලෙස පියා සමග වැල්ලවාය තණමල්විල පාරේ යනවිට දිවා ආහාරය ගැනීම සඳහා එක් නිවෙසක නතර වුණා. එහිදී පොල් අතු පැළක් ගැන පියාගේ අවධානය යොමු වුණා. ඒ අනුව ප්‍රථම වරට මෙරට නිවාස ලොතරැයිය නිවාස සංවර්ධන අරමුදල, සෙවණ අරමුදල, සෙවණ නිවාස වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ, ඓතිහාසික වැල්ලවාය මැතිවරණ බල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි.අද දවසේ මගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ගාලුමුවදොර රැලියෙන් පසුව අරඹන්නේ සෙවණ නිවාස වැඩසටහන ඇරඹුණු වැල්ලවාය පුරවරයෙනුයි. තව වැව්-අමුණු ශක්තිමත් කරගෙන ගොවිතැන් කටයුතු සාර්ථකව කරමින් වී වගාව, අතුරු බෝග වගා කිරීම ඔබේ අපේක්ෂාවයි.අපේකම, සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා වූ පුරයක් ලෙස වැල්ලවාය හඳුන්වාදිය හැකියි. අධිකරණයේදී බලවේග පරාජය කිරීමට වැල්ලවායේ ජනතාව සමත් වුණා. විදේශීය ආක්‍රමණ සුණු විසුණු කළා. එවැනි පුරයක ජනතා සංවර්ධනය මගේ මූලික යුතුකමයි.ජනපති වී පළමු මාස 48 තුළ වෙල්ලස්ස පුරවරයේ පමණක් නොව මුළු ලංකාවේම මහා වාරි පද්ධති, මධ්‍ය වාරි පද්ධති, සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණ කොට කෙත්වතු සරුසාර කරන යුගය මා අරඹනවා. පිටරටින් ආහාර ගෙන්වනවා වෙනුවට ආහාර සුරක්ෂිත කළ ස්වයංපෝෂිත ලංකාවක් මා බිහිකරනවා.මොණරාගල නිවාස ප්‍රශ්න ඇති ජනතාව සඳහා මේ වනවිටත් විශාල වැඩ කොටසත් ඉටු කරලා. සමස්ත ශ්‍රී ලංකාවේම සියලු ජනතාවට තමාගේ ඉඩමක නිවස හදාගන්න පසුබිම නිර්මාණය කරනවා.සෑම පවුලකම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට රටේ ජනපති ලෙස කටයුතු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත මගේ පෞද්ගලික අධීක්ෂණයෙන් සෑම පවුලක්ම ගොඩගන්නා බව මෙහිදී ප්‍රකාශ කරනවා.මගේ සංකල්පය ගම හදා නගරය හදා රට හැදීමයි. ගම මෙන්ම නගරයත් හැදෙන්න අවශ්‍යයි.ගම් නගර දනව්වල ජීවත් වන ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවිය යුතුයි. ඔවුන්ගේ ජන ජීවිතය උසස් කළ යුතුයි.මගේ මුළු ජීවිතයම කැපකර තිබෙන්නේ පොදුජන සේවයටයි. මට වෙනත් රාජකාරි නැහැ. පවුලේ සාමාජිකයින් රැක බලා ගැනීම මගේ වගකීම නෙවෙයි. මට රැකගන්න පවුල් පරපුර හෝ ඥාති පරපුරක් හෝ නැත. මගේ ඥාති පරපුර මෙරට සමස්ත ජනතාවයි.මෙරට සෑම උප දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත නිර්මාණය කිරීමේ වැඩසටහනක් මා ක්‍රියාත්මක කරනවා. ගමට කර්මාන්තපුර නොව ජාත්‍යන්තර ආයෝජකයින්ට රතු පළසක් දමා ආයෝජන ගැනීමට කටයුතු කරනවා. ආයෝජකයින් බංග්ලාදේශයට, වියට්නාමයට, ඉන්දියාවට යනවා වෙනුවට ලංකාවට පැමිණෙන පසුබිම සකස් කරනවා. එහිදී යෞවන යෞවනියන්ට රැකියා අවස්ථා උදා කළ හැකියි. වෙල්ලස්ස, හම්බන්තොට, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ප්‍රදේශ වෙනම සංස්කෘතික - සංචාරක කලාපයක් ලෙස අප නිර්මාණය කර තිබෙනවා.මොණරාගල ඓතිහාසික සිද්ධස්ථාන සියල්ලක්ම සංවර්ධනය කිරීමට මා කටයුතු කරනවා. බුදුරුවගල, මාලිගාවිල සංවර්ධනය සඳහා පමණක් කෝටි 55ක් වෙන් කළා.ජනතාව රටේ නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද? ඔවුන් ආරක්‍ෂිත, සවර්ධිත නව දියුණුවක් ලබන රට බලාපොරොත්තු වනවා. තරුණ පරපුරේ දියුණුවට මුල්තැන දෙන රට දක්ෂයින්ට ඉහළට යා හැකි රටක් උගතුන්ට ශක්තිය දෙන රට ඔබ බලාපොරොත්තු වෙනවා. අපේම ජනතාව සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීම මගේ අරමුණයි. මගේ ගමනේ එකම අරමුණ ජාති, ආගම්, කුලමල, පක්ෂ බේදවලින් තොරව මෙරට පොදු ජනතාව සඳහා සෞභාග්‍ය උදාකර දීමයි. මගේ රජය තුළ ඥාති සංග්‍රහ කරන්නේ නැහැ. පවුල් දේශපාලනය කරන්නේ නැහැ. දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට නිසි තැන ශක්තිය දීම මගේ අරමුණයි. කාන්තා පරපුර සඳහා ආරක්ෂිත බවක් සැපයිය යුතුයි.අභිමානවත් ආඩම්බරවත් ශ්‍රී ලංකාව ජව සම්පන්න මුළු ලෝකයම ජයගන්නා ශ්‍රී ලංකාව මා නිර්මාණය කරනවා.මා ජනපති වූ පසු ක්‍රියාත්මක කරන වැදගත් වැඩසටහන් දෙකක් ගැන සඳහන් කරන්නම්. ජනපති යනු රටේ සෑම පුරවැසියෙකුම එක්ව පත් කරගත් නායකයායි. රටටම වග කියන්නේ ඔහුයි. ජාතික සංවර්ධන විශේෂ ජනපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. මුළු රටටම වගකියන ඒ බලකාය හරහා ජනාධිපති කාර්යාල නියෝජනය කරමින් සෑම උප දිසාපති කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකක ස්ථාපනය කරනවා.රාජ්‍ය පාලනය සංකල්පය තුළින් සෑම උප දිසාපති කොට්ඨාසයකම සෑම කුඩා ගම්මානයකම දිනපතා අරඹන ව්‍යාපෘති ජනතා ඉල්ලීම් බලාපොරොත්තු ආදී සෑම දෙයක්ම රටේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධීක්‍ෂණය කර ගමට නගරයට දැනෙන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. නිල්පාට, රතුපාට, කොළපාට, පොහොට්ටු බේදයක් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බල කරන්නේ නැහැ. ජනතා ප්‍රශ්න-ගැටලු තිබෙන පුද්ගලයන් උප දිසාපති කාර්යාලයේ ස්ථාපිත සංවර්ධන ඒකකයේ සාමාජිකයන් බවට පත්කර ගන්නවා.නිවාස රැකියා, මාර්ග, පාසල්, රෝහල්, සෞඛ්‍යය, පෙර පාසල් ආදී සෑම ප්‍රශ්නයක් සඳහාම ඍජුවම ක්‍රියාකිරීම මගේ අරමුණයි. ඒ පිළිබඳව රටේ ජනාධිපතිවරයා දැනුම්වත් වී පැය 24 නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලය නිර්මාණය කරනවා. දිවා සහ රාත්‍රී දෙකෙහිම වැඩ කරන්න වැඩසටහන සකසා ශක්තිමත් ජනතා සේවය සඳහා පොදු ජනතා ප්‍රශ්න විසඳන ජනාධිපතිවරයෙකු බවට මා පත්වන බව මෙහිදී අවධාරණය කරනවා. 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා යනු නිකම්ම නිකන් පඹයෙකු යැයි සමහරුන් සිතාගෙන ඇති. පඹයෙකු කියා හදන තනතුරේ පඹ ගාලක පැටළෙන්න සජිත් ප්‍රේමදාස ලෑස්ති නැහැ. මා මෙරට ජනපති වනවිට කොන්ද කෙළින් තබාගෙන ජනතාව බලාපොරොත්තු වන උසස් ජනතා සේවය ඉටු කිරීමට දිවි හිමියෙන් කැපවන බව කිව යුතුයි. ජයග්‍රහණයෙන් පසු අලුත් ගමන මා අරඹනවා. ඒක පරණ තාලේ ගමන නොවෙයි. ඉබි ගමන ද නොවෙයි. ගාටමින් යන ගමනක් ද නොවෙයි. මගේ වේගයට වැඩ කරන්න හැමෝම ලෑස්ති විය යුතුයි. කැපකිරීම් කරන්න සියලු දෙනා ලෑස්ති විය යුතුයි.මා දක්‍ෂයින්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලකයන් මා ඉදිරියට ගෙන එනවා. දූෂිතයන්ට තැනක් නැහැ. දූෂිතයන් මා ගාවගත්තොත් නැහැ. දක්‍ෂ තරුණ පෙළක් තුන්වැනි පෙළක් ඉන්නවා. අත්වල ලේ නොතැවරුණු, අත්වල ජරාව ගාගත්තේ නැති දක්‍ෂයින් පිරිසක් ඉන්නවා. මා නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාව තුළ ඓතිහාසික සංවර්ධන යුගය ක්‍රියාත්මක කරනවා. ආහාර මුද්දර ලාභීන් - ජනසවිලාභීන් බවට පත් කළ යුගය ගැන අප දන්නවා. එය සිදුවුණේ මගේ පියාගේ කාලය තුළයි. දුප්පත් ජනතාවට නොසැලකූ යුගය අතීතයේ නැවතුණා. ඒ අනුව මගේ පියා ජනසවිය වැඩසටහන ආරම්භ කළා. නමුත් ජනසවි වැඩසටහන හරියාකාරව ක්‍රියාත්මක කරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. එතුමා ජීවිතක්‍ෂයට පත්වුණා. අද ක්‍රියාත්මක වන සමෘද්ධි වැඩපිළිවෙළ ඉදිරියෙත් මා ඒ අයුරින්ම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතර සමෘද්ධි වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමින් ඊට තවත් වැඩපිළිවෙළක් එකතු කරනවා. ඒ වැඩපිළිවෙළ වන්නේ ජනසවියයි. මගේ පියා හඳුන්වා දුන් ජනසවිය වැඩසටහන් මා රට පුරා ක්‍රියාත්මක කරනවා. පසුගිය සමයේ රට පාලනය කළ අය විවිධ සංඛ්‍යා ලේඛන ගැන කියමින් රටට බොරු ප්‍රතිරූපයක් පෙන්වා දුන්නා. වැරදි චිත්‍රය පෙන්නුවා. හතර දෙනෙකු සිටින පවුලකට මාසයකට ආහාර හා ආහාර නොවන වියදම් සඳහා රුපියල් 50,000-55,000ක් දළ වශයෙන් වැය වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙවැනි ආදායම නොලබන කීදෙනකු රටේ ඉන්නවාද. එවැනි ජනතාව ලක්‍ෂ ගණනින් ඉන්නවා. ඒ ජනතාවට හඬක් නැහැ. ඔවුන් දෙස කිසිවකුත් බලන්නේ නැහැ. ඒ අහිංසක-අසරණ මෙරට නිහඬ බහුතරයේ හඬ බවට පත්වෙන්න සජිත් ප්‍රේමදාස සූදානම්. ඒ තුළින් දුප්පත් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරන්නට මා සූදානම්. මේ මහා රැලියෙන් ඔබට ගෙදර ගෙන යා හැකි පණිවිඩය තිබෙනවා. සමෘද්ධිය ශක්තිමත් කරන අතර ජනාධිපති වැඩසටහනක් මම ක්‍රියාත්මක කරනවා. ජනතා අපේක්‍ෂා බලාපොරොත්තු හඳුනාගෙන ඒ අනුව මා ක්‍රියා කරනවා. මෙරට ජනතාවගේ ඉල්ලුමට සැපයුම දෙන ජනාධිපතිවරයෙකු ලෙස මා ක්‍රියා කරනවා. දැන් ඉදිරිපත් වී සිටින විකල්පය කුමක්ද? ඔහු ගමක පෙර පාසලකටවත් නොපැමිණි පුද්ගලයෙකි. මධ්‍යම බෙහෙත් ශාලාවක් හෝ ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හෝ තිබෙනවාද නැද්ද කියා නොදන්නා පුද්ගලයෙකි. ගමේ පාසල් පද්ධති, නගරයේ පාසල් කොතැන තිබෙනවාදැයි නොදන්නා පුද්ගලයෙකි. ජනතාවගේ දුක නොතේරෙන පුද්ගලයන් රටේ පාලනයට සුදුසුද? වතුර ඉල්ලන ජනතාවට ටී 56න් වතුර දුන්නේ ඒකයි. ජාතික ආරක්‍ෂාව ගැන කතා වෙන්න කාරණයක් නැහැ. යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා මෙරට නීතිය-සාමය සහ ආරක්‍ෂක ඇමැති ලෙස දැනටමත් නම්කර අවසන් බව කිව යුතුයි. මහ පොළොවේ යුද ජයග්‍රහණය කළ සැබෑ වීරයා ඔහුයි. රටේ නායකයා ලෙස ජාතික ආරක්‍ෂාවට මා වගකිව යුතුයි. මා ඒ සියල්ල ඉටු කරනවා.මෑත ඉතිහාසයේ ප්‍රථම වරට පවුල්වාදය නැති ගජ මිතුරු සංගම් නැති ගෝල බාල සුබ සාධනය ක්‍රියාත්මක නොකරන පොඩි මිනිහා සමග මහ පොළොවේ පය ගසා ජීවත් වන නායකත්වයක් නිර්මාණය කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. පොහොට්ටු හෝ බුලත් කොළ හෝ දෙස බලන්න එපා. ජාති-ආගම්-කුලමල බේද බලන්න එපා. පක්‍ෂ බේද බලන්න එපා. සියල්ල අත්හරින්න. මහා සංවර්ධනයේ උසස් ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන මා ඉදිරි ගමන යනවා. මගේත් එකම ප්‍රතිපත්තිය මිනිසා ජීවත් කරවීමයි. මිනිස් සම්පත සුරක්‍ෂා කිරීමයි. නවෝත්පාදනය තුළින් මව්බිම මහා සංවර්ධන විප්ලවයක් නිර්මාණය කිරීම මාගේ අරමුණයිලෝකය සමග තරගකර අපගේ රට අංක 01 බවට පත් කරමු.ලෝකයම ජයගත හැකියි. අපි එක්ව ඉදිරියට යමු. දූෂණ-වංචා නැති රටක් හදා අපි එක්ව ඉදිරියට යමු.අධ්‍යාපනය ශක්තිමත් කොට අපි එක්ව ඉදිරියට යමු. යහපත් ආකල්පවලින් අපි එක්ව ඉදිරියට යමු. නව නිපැයුම් තුළින් ඉදිරියට යමු. සෞඛ්‍ය සම්පන්න පරපුරක් නිර්මාණය කර එක්ව ඉදිරියට යමු. ජාති-ආගම්-පක්‍ෂ බේද ඉවත දමා එක්ව ඉදිරියට යමු. රට දියුණු කරන්න අපි-ඔබ-හැම එකතු වෙමු යැයිද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා:-ගිනි ගහන අව්වේ ජනතාව රැස්කමින් ඉන්නේ සජිත් ප්‍රේමදාස වෙනුවෙනුයි. වසර 25කින් අප එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරයෙක් පත්කර නැහැ. ජනතාව සජිත් ඉල්ලුවේ අද-ඊයෙක නොවෙයි. අවසානයේ ඒ සටන ජය ගත්තා.දුප්පත් ජනතාව සඳහා අවශ්‍ය නායකයෙකු අප මෙවර පත්කර ගන්නවා. ඔබේ සමෘද්ධි සහනාධාරය දෙගුණයක් කර දෙන්න අප කටයුතු කළා. ගම්පෙරළිය වැඩසටහනින් ගමක්-ගමක් ගානේ සංවර්ධනය ව්‍යාප්ත කරන්නට අපට හැකිවුණා. බුදු සසුන දියුණු කිරීම සඳහා රණසිංහ ප්‍රේමදාස මහතා කළ මෙහෙවර අපමණයි. ඒ මහ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට දැවැන්ත ශක්තියක් තිබෙනවා. සජිත්ට කොහේවත් මිනී මැරුවා යයි, සුදු වෑන් එව්වා යයි හොරකම් කළා යයි චෝදනා නැහැ.සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා:-සජිත් යනු ගොවි-කම්කරු පන්තිය නියෝජනය කරන ජනාධිපති අපේක්‍ෂකයායි. ඔහු කොළඹ දේශපාලනයෙන් ඉවත් වී හම්බන්තොට දිස්ත්‍රික්කය තෝරා ගත්තේ ඇයි? සජිත් එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂක පමණක් නොවෙයි. දුප්පත්කමට පිළිතුරක් ඇත්තේ සජිත් ප්‍රේමදාස ළඟ බව ජනතාව දන්නවා. ගෝඨාභය කියන්නේ කව්ද? යුද සමයේ බයේ ඇමරිකාවට පැන ගිය පුද්ගලයෙකි. එහෙම කෙනෙකුට ජාතික ආරක්‍ෂාව දෙන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාස ජාතික ආරක්‍ෂාව බාර දෙන්නේ සැබෑ විරුවකු වූ සරත් ෆොන්සේකා මහතාටයි. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා:-ජනතාවගේ ඉල්ලීම එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය විසින් දී තිබෙනවා. අප රජය සියලුම ක්‍ෂේත්‍ර ආවරණය කරමින් දැවැන්ත සංවර්ධනයක් කළා.සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩසටහන යටතේ රට පුරා ශීඝ්‍රයෙන් නිවාස ඉදිවෙමින් තිබෙනවා. සංස්කෘතික අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස මහතා යටතට පත් වූ පසුව ඒ ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රබෝධයක් වූ බව කිව යුතුයි.ජන රැලි සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ද විශාල ජනතාවක් ද සහභාගි වී සිටියහ. 
’’සියලු ජාතීන්ට සාමයෙන්-සංහිඳියාවෙන් ජීවත් විය හැකි රටක් ගොඩනඟනවා’’
0
hp_train_1891
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)බැඳුම්කර වංචාව නමැති නිධානය ගොඩගත්ත අය රවි කරුණානායක බිල්ලට දීලා ඇඟ බේරගන්න හදනවා නම් ඒකට ඉඩ දෙන්න බැහැ. නිධානය ගොඩගත්ත අයයි ඒකට උදවු කරපු අයයි, ඔත්තු බලපු අයයි සියලූදෙනාම නීතිය හමුවට ඉදිරිපත් කර දඬුවම් කළ යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ඊයේ (08) පැවසීය.පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ විජිත හේරත් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.ජනාධිපතිවරණය වෙලාවේ ප‍්‍රධාන සටන් පාඨය වුණේ රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් වංචාවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම. මේ ආණ්ඩුව බලයට එද්දි ප‍්‍රධාන සටන් පාඨය වුණෙත් හොරකම් වංචාවලට එරෙහි වීම හා යහපාලනය ඇති කිරීමයි. නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් මාසයක් යන්න කලින් මේ රටේ දැවැන්තම වංචාව මහබැංකු බැඳුම්කර වංචාව සිදුකළා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනකොට රාජපක්ෂ පාලනයේ හොරකම් පවා යටගහමින් ඒ අයත් එකතු කරගෙන ආණ්ඩුව වැඩකරගෙන ගියා. ප‍්‍රධානම සිදුවීම තමයි ඇවන්ගාඞ් සිදුවීම. ඇවන්ගාඞ් වංචාව පිළිබඳ තොරතුරු හෙළිවී තිබියදී මේ ආණ්ඩුවේ ඇමැතිවරු තුන්දෙනෙක් ඒවා යට ගහන්න හැදුවා. අපි ඒවා හෙළිදරව් කළා. ඒ සමග මේ අයට එරෙහිව ජනතා විරෝධය ඇති වුණා. තිලක් මාරපන ඇමැතිවරයා ඉල්ලා අස්වෙලා මේක තාවකාලිකව යටපත් කරන්න උත්සාහ කළා. දැන් නැවතත් එතුමාට ඇමති ධූරයක් ලබාදී තිබෙනවා. ඒ වගේම මෙම සිදුවීමට අදාළ ප‍්‍රධාන චූදිතයන්ට නීතිය ක‍්‍රියාත්මක කර නැහැ. බරපතළ චෝදනා ලද එදා හිටි ඇමතිවරු මේ ආණ්ඩුවෙත් ඇමැතිවරු වෙලා තිබෙනවා.මහබැංකු බැඳුම්කර වංචාව ගැනත් දැන් සියල්ල හෙළි වී අවසන්. අධිකරණයක් මගින් වැරැදිකරුවන් කවුද කියලා තීන්දු නොකළාට ජනතා අධිකරණය හමුවේ වැරැදිකරුවන් කවුද කියලා තීන්දු කර හමාරයි. කෝප් කමිටුව මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරද්දී එයත් යටපත් කරන්න ඇතැම් මන්ත‍්‍රීවරු කෝප් කමිටුව තුළදීත් උත්සාහ කළා. කෝප් වාර්තාව පදනම් කරගෙන නීතිපතිට නඩු පැවරිය හැකියි. නමුත් එසේ කළේ නැහැ. ජනාධිපති කොමිසම පත්කළේ ඒ අතරයි. එයින්ද අලූත් කරුණු ඇවිත් තිබෙනවා. මේ තරම් තොරතුරු හෙළිවී තිබියදීත් රවි කරුණානායක මහතා අතින් වරදක් සිදුවී නැහැයි කියන්න ඇතැම් මැති ඇමැතිවරුන් කටයුතු කරමින් ඉන්නවා. බැඳුම්කර වංචාව නිසා රුපියල් කෝටි පන්දාස් පන්සීයකට වැඩි මුදලක් මේ රටේ ජනතාවට අහිමි වුණා. පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ අර්ථසාධක අරමුදලේ මුදල් තමයි මේ හොරකම් කරලා තමන්ගේ සුඛ විහරණයට මේ ඇමැතිවරු හා නිලධාරින් යොදාගෙන තිබෙන්නේ. රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් එක්ක බැලූවාම මේක ලූනු බිකක් වගේ කියලා. එතුමාත් ඒ ආණ්ඩුවේ හිටියා. එදා ඒ හොරකම් ගැන කිව්වේ නැහැනේ. රාජපක්ෂ ආණ්ඩුව කියන්නේ රාජිත නැති එකක් නෙවෙයි. ඒ ආණ්ඩුව කාලේ තමයි රාජිත සේනාරත්න ධීවර ඇමැති හැටියට සිටියදී මසකට රුපියල් ලක්ෂ දාහතකට බදු දෙන්න පුළුවන් මෝදර ධීවර වරාය මසකට රුපියල් දෙලක්ෂ පනස්දාහකට බි‍්‍රතාන්‍ය සමාගමකට වසර විසිපහකට බදු දෙන්නේ. එහි පාඩුව කීයද? රුපියල් කෝටි හතළිස් හතක්. මේක ලූනු බිකක්ද? ඒවත් ලොකු හොරකම්. මේවත් ලොකු හොරකම්.එදා රාජපක්ෂලා කරපු හොකරම් අබිබවා යාමේ තරගයක මේ ආණ්ඩුව ඉන්නවාද කියලා අපිට හිතන්න වෙලා තිබෙනවා. ලොකු හොරුන්ට දඬුවම් ලබාදී පොඩි හොරුන් නිදහස් කිරීමද රාජිතලාගේ න්‍යාය? ඒ ආණ්ඩුවේ සිටියදී නැව් ගිලපු මේ ආණ්ඩුවේත් සිටින ඇමැතිවරුන්ට මේ හොරකම් ලූනු බිකක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් මේ මහාපරිමාණ හොරකම් එදා වුණත් අද සිදුවුණත් ඒ හොරුන්ට නීතීය ක‍්‍රියාත්මක කළ යුතුයි. ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා කියනවා හොරු නැති ආණ්ඩුවක් මෙතෙක් බිහිවෙලා නැහැ කියලා. ඒ කියන්නේ එතුමා පිළිගන්නවා අවුරුදු හැට නවයක් තිස්සේ මේ රට පාලනය කරපු හැම ආණ්ඩුවක්ම හොරුන්ගෙන් පිරි තිබුණා කියලා. ඒ කියන්නේ ජනතාව පත්කරලා තිබෙන්නේ හොරුන්ගේ ආණ්ඩු. දැන් ජනතාවට අවස්ථාව ලැබිලා තිබෙනවා හොරුන්ගෙන් තොර ආණ්ඩුවක් බිහිකර ගන්න.බැසිල් රාජපක්ෂ කියනවා ජනතාවගේ මුදල්වලින් පෞද්ගලිකව ප්ලේන්ටියක් වත් බීලා නැහැ කියලා. මල්වානේ මාලිගාව හැදුවේ කොහොමද? මේ හොරකමින් ඒ හොරකම් වහන්න බැහැ. අද විශ්වාසභංගය ගේන්නේ ඒ වගේ චෝදනා තිබෙන අය. ඒ අයට මෙවැන්නක් ඉදිරිපත් කරන්න සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද කියලා ප‍්‍රශ්නයක් තිබෙනවා. එහෙත් මෙවැනි විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි කියලා අපිත් අදහසක සිටියා. ඒකාබද්ධයෙන් එය ගෙනත් තිබෙනවා. ගෙනාපු කෙනා කවුරු වුණත් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි එයට සහයෝගය ලබාදෙන්න තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය කියනවා අපි කරපු හොරකම මේ තරම් විශාල ඒවා නෙවෙයි කියලා. මේ ආණ්ඩුව කියනවා අපේ අයගේ හොරකම් ඒදා ඒවා තරම් ලොකු නැහැ කියලා. මුට්ටිය කේතලේට කියනවා අපිට වඩා ඔයා කළුයි කියලා. කේතලේ මුට්ටියට කියනවා නෑ අපිට වඩා ඔයාලා කළුයි කියලා. ජනතාවට පේන්න  ඕන දැන් මේ දෙකම කළුයි, දෙකම එකයි කියලා. දෙක දෙකෙන් බෙදුවාම ශුන්‍ය වෙන්නේ නැහැ වගේ එක වරදක් තවත් වරදකින් ශුන්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ හොරකම් වංචා නැවැත්වීමට ආණ්ඩුව පැත්තෙන් ක‍්‍රියාමාර්ග ගත යුතුයි.ආණ්ඩුව බලයට එද්දී මැතිවරණ පොරොන්දුවක් දුන්නා හොකරම් වංචා පිළිබඳව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන්න විශේෂ අධිකරණයක් පත් කරනවා කියලා. දැන් අජිත් පෙරේරා ඇමැතිවරයා කියනවා ඒක කරන්න බැරි වෙලා තිබෙන්නේ අධිකරණ ඇමැතිවරයාගේ විරෝධය නිසා කියලා. එක ඇමැතිවරයෙක් විරුද්ධ වුණා කියලා කළ යුතු දේ පස්සට දමන්න අවශ්‍ය නැහැ. දැන් හම්බන්තොට වරාය විකුණනවාට ඇමැති විරුද්ධ වුණා කියලා නොකර හිටියාද? නැහැනේ. ඇයි ඒ ආදර්ශය මේවාට අදාළ නොවන්නේ? බැඳුම්කර කොමිසමටත් බැහැ දඬුවම් දෙන්න. කොමිසම වාර්තාව යවනවා නීතිපතිට. නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නඩු පවරලා නඩු අහන්න ගන්නකොට තව වසර දෙකක්වත් යනවා. එතකොට මේ ආණ්ඩුවේ කාලය අවසන්. ඒ නිසා විශේෂ අධිකරණයක් පිහිටුවීම වැනි ව්‍යාවස්ථා සංශෝධනයකට යන්නේ නැතිව වෙනම අධිකරණයක් පිහිටුවා මේ හොරකම් පිළිබඳ නඩු විභාග කඩිනම් කරන්න කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.දැන් ආණ්ඩුව උත්සාහ කරනවා මේ වැරැද්ද සම්පූර්ණයෙන්ම රවීගේ පිටින් යවලා නිදහස් වෙන්න. නිධානය ගන්න භාවිත කරන බිල්ල බවට අද රවි කරුණානායක අමාත්‍යවරයා පත්වෙලා පත් කරලා නිධානය ගත්ත අය පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා බිල්ල විතරක් නොවෙයි නිධානය ගත්ත අයත් අල්ලලා නීතිය හමුවට පැමිණවිය යුතුයි. මේ විශ්වාසභංගය ගෙනත් එය ජයගත්තොත් එය ආණ්ඩුවේද පරාජයක් වන නිසා රවි කරුණානායක ඇමැතිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා බල කරමින් තිබෙන බව දැනගන්න තිබෙනවා. එහෙම නිදහස් වෙන්න ආණ්ඩුවට අපි ඉඩ තියන්නේ නැහැ. මේ වංචාවට සම්බන්ධ ආණ්ඩුවේ ප‍්‍රබලයන්වත් නීතිය හමුවට ගෙන ආ යුතුයි. අපි ඒ වෙනුවෙන් දිගින් දිගටම අරගල කරන්න සුදානම්.මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සහභාගී වූ අතර මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට විජිත හේරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප‍්‍රශ්නය - අගමැතිවරයා කියනවා තමන්ගේ කැබිනට්ටුවේ හොරු තියාගන්නේ නැහැ කියලා. එතුමාට අගමැති ලෙස මේ හොරකම් පිළිබඳව වගකීමක් නැද්ද?පිළිතුර -- මහබැංකුව තවමත් තිබෙන්නේ අගමැතිවරයා යටතේ. ඒ වගේම මේ වංචාවට අදාළ වගකිව යුත්තන් පත් කිරීමට අගමැති මැදිහත් වුණා. ඒ නිසා එතුමාට මේ චෝදනාවෙන් නිදහස් වෙන්න බැහැ.ප‍්‍රශ්නය -- රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය ගේන්නේ පහුගිය ආණ්ඩුවේ හිටපු මේ වගේම චෝදනා ලබපු පිරිසක්. එවැනි පිරිසක් ගේන විශ්වාසභංගයකට ඔබතුමන්ලා සහාය දක්වන්නේ කොහොමද?පිළිතුර -- මේ හොරකමෙන් පරණ හොරකම් වහගන්න බැහැ. එහෙම වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි විශ්වාසභංගයට සහාය දැක්වීමෙන් අදහස් වෙන්නේ නැහැ හොරු සමඟ හිටගත්තා කියලා. මේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුත් මෙයට පක්ෂව ඡන්දෙ දෙන බව කියනවා. නමුත් ඒ අය ඒකාබද්ධයත් සමග එකතු වෙලා නැහැනේ.ප‍්‍රශ්නය -- මේ සමග රවි කරුණානායක, අගමැති, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම් වගේ අයගෙත් නම් සම්බන්ධ වි තිබෙනවා. මේ සියලූ දෙනා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන්. මොකක්ද මේ ගැන හිතන්නේ?පිළිතුර -- කොතැන හිටියත්, තරාතිරම මොකක් වුණත් වංචාවට සම්බන්ධ සියලූ දෙනාට දඬුවම් දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.මෙහිදී අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රවි කරුණානායක ඇමැතිවරයාගේ පිටින් රිස්ස ඇරලා කාටවත් බේරෙන්න බැහැ. මේ වංචාවට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයින් සම්බන්ධයි වගේම ඔවුන් සමග ගනුදෙනු කරලා අල්ලස් ගත්තේ රවි කරුණානායක මහතා පමණක් නෙවෙයි. කෝප් කමිටුවට සහභාගී වු ෆුට්නෝට් කල්ලියේ දුරකථන පරීක්ෂා කර බැලූවොත් ඒ අයගේ ගනුදෙනුත් හොයාගන්න පුළුවන් යැයි කීය.ප‍්‍රශ්නය -- ඔබතුමාලා දිගින් දිගටම මල්වානේ ඉඩම ගැන කතා කරනවා. පාර්ලිමේන්තුව තුළත් කතා කරනවා. නමුත් තවම කිසිම හැකියාවක් ලැබිලා නැහැ නේද බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගන්න?පිළිතුර -- හොරුන්ගේ ආණ්ඩුවකින් හොරුන්ට දඬුවම් කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එක හොරෙක් ඉවත් කරලා තවත් හොරෙක් ගේන්නේ නැතිව ජේවීපී එකට බලය දෙන්න අපි දඬුවම් දිලා පෙන්වන්නම්. හොරකම දුෂණය වංචාව නවත්වන හැටි අපි පෙන්වන්නම්. අපි අමාත්‍යංශ හතරක් කරලා පෙන්නුවා. අල්පෙනෙත්තක තරම් දෙයක් අපි හොරකම් කළා කියලා චෝදනාවක් නැහැ. අපි තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව පාලනය කළා. හොරකමක් කරලා නැහැ.ප‍්‍රශ්නය -- මේ ආණ්ඩුවේ සාධනීය බවක් දකින්නේ නැද්ද? කලින් වගේ නෙවෙයි හොරකම් හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරලා තිබෙනවා.පිළිතුර -- කතාවෙන් වැඩක් නැහැ, ක‍්‍රියාවෙන් පෙන්වන්න තමන් වංචාවට දුෂණයට විරුද්ධයි කියලා. කොමිසම් පත්කරලා වැඩක් නැහැ. ඒවායින් හෙළිවන කරුණු අනුව වැරැදිකරුවන් නීතිය හමුවට පමුණුවන්න. නමුත් එවැනි කිසිදෙයක් තවම සිදුවී නැහැ.ප‍්‍රශ්නය -- තව වසර දෙකකින් මේ ආණ්ඩුව පැරදුණාම මේ ආණ්ඩුවෙන් හොරුන්ට දඬුවම් කිරීමක් සිදුවන්නේ නැහැ කියලා ඔබතුමා කිව්වා. මේ ආණ්ඩුව වසර දෙකකදී පරදියි කියලා විශ්වාසයක් තිබෙනවාද?පිළිතුර -- අනිවාර්යයෙන්ම පරදිනවා. ජනතාව මේ ආණ්ඩුවට තවත් වසර පහක් බාරදෙන්න සූදානම් නැහැ. ඔවුන් බලා සිටින්නේ මේ අය ගෙදර යවන්නයි.ප‍්‍රශ්නය -- ඊළඟට මොනවගේ ආණ්ඩුවක්ද එන්නේ?පිළිතුර -- අලූත් හොරු වෙනුවට පරණ හොරු ගේන්නේ නැතිව හොරකම් කරන්නේ නැති පිරිසක් බලයට ගේන්න ජනතාව කල්පනා කළ යුතුයි. අපි ජනතාවට කියනවා හොරකමට වංචාවට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් පිිහිටුවා වෙනස තේරුම් ගන්න කියලා.
’බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව හම්බන්තොට වරාය විකුණා ලැබූ ආදායම වගේ අට ගුණයක්’
0
hp_train_1892
  (නිමල කොඩිතුවක්කු)ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළැඹෙන ශීත සෘතුවේ සිය  දිගු ගුවන් ගමන්  කාලසටහනේ  සැළකිය යුතු වෙනස්කම් රැසක් සිදුකර තිබේ.ඒ අනුව ජාතික ගුවන් සේවයට අයත් 330- 300 යානා ඔක්තෝබර් 28 වන දින සිට දිනපතා මෙල්බර්න් මෙහෙයුම් සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ආයතනික සන්නිවේදන අංශය සඳහන් කරයි. එමෙන්ම ඔක්තෝබර් 29 වන දින සිට කොළඹ සිට  -සිංගප්පූරුව - දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් වාර පුළුල් කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ.සතිපතා ගුවන් මෙහෙයුම් වැඩි කිරීමත් සමග වත්මන් කාලසටහනට අනුව සතියකට සිදුකරන ගුවන් ගමන් වාර 17 සිට  21  ක් දක්වා ඉහළ යන බව  ආයතනික සන්නිවේදන අංශය සදහන් කරයි.එහිදී ගුවන් මෙහෙයුම් 7 ක් එයාර්බස් 330-300 ගුවන් යානා මගින් මෙහෙයවනු ලබන අතර ඉතිරි ගුවන් මෙහෙයුම් 14  නවතම - 320 / 321 ගුවන් යානා මගින් ක්‍රියාත්මක කරනු ඇත.  මෙම ධාරිතා වැඩිදියුණු කිරීමත් සමග සතියකට අතිරේක ආසන 2400 ක් පමණ  පිරිනැමීමට සමාගම අපේක්ෂා කරයි.මේ අතර  ඔක්තෝබර් 27 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි හොංකොං මෙහෙයුම් අත්හිටුවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. හොං කොං වෙත යාමට සහ පැමිණීමට දැනටමත් ටිකට්පත් මිලදී ගෙන ඇති මගීන්ට අනෙකුත් ගුවන් සමාගම් ඔස්සේ ගුවන් ගමන් සිදුකිරීමට කටයුතු සලසා දී ඇති බවද ආයතනික සන්නිවේදන අංශය සදහන් කරයි.ශ්‍රී ලංකන්  ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන්  සේවා  සන්ධානයේ  සාමාජික  ගුවන්  සේවයක්  ලෙස  කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ  රටවල් 48 ක ගමනාන්ත 114 දක්වා සිය  ගුවන් ගමන්  සිදුකරනු ලබයි. 
එමිරේට්ස් ගුවන් ගමන්වාර වැඩි කරයි
0
hp_train_1893
මුළු රට පුරාම අද රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  මධ්‍යම, සබරගමුව,  වයඹ  සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක හෙට සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇත.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/12/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30259575සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.  මඩකලපුව30249575වැසි ස්වල්පයක්කොළඹ31259570සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  ගාල්ල31249560සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  යාපනය30258570වැසි ස්වල්පයක්මහනුවර30219575සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20139580සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. රත්නපුරය32249570සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. ත්‍රීකුණාමළය32249570වැසි ස්වල්පයක්මන්නාරම29269075වැසි ස්වල්පයක් 
‘පළාත් කිපයකට හෙට දවසේ වැසි‘
0
hp_train_1894
  සුමතිපාල දීයගහගේ   නෙදර්ලන්ත ජාතික  අඹුසැමි යුවලක් ගමන් කළ වෑන් රථයක් අහංගම කබලානේ දී පෞද්ගලික බස් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම විදේශීය  කාන්තාව මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නෙදර්ලන්ත ජාතික චෙරිල් ජර්පුඩිස් නැමැති 30 හැවිරිදි විදේශීක කාන්තාවකි.පසුගිය 5 වැනි දා අලුයම මෙරටට පැමිණි මෙම යුවල එදිනම කටුනායක සිට වෑන් රථයකින් වැලිගම සංචාරක හෝටලයක් වෙත ගමන් කරමින් සිට ඇත. එසේ එන විට අහංගම කබලානේදී ඔවුන් ගමන් කළ වෑන් රථය අර්ධ සුඛෝපභෝගී බස් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු  මිය ගොස් තිබිණි.අනතුරින් තුවාල ලැබූ විදේශීක අඹුසැමි යුවල ද කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කරන ලද අත්ර එහි ප්‍රතිකාර ලබමින් සිටින විට තුවාලකාරිය මිය ගොස් තිබේ. 
වෑන් - බස් අනතුරින් විදේශීය කාන්තාවක් මරුට
1
hp_train_1895
(ඩී.ජී.සුගතපාල) රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ  සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා ඇතුලු සැකකරුවන්  17දෙනා තවදුරටත් ලබන මස 8 වන දින  දක්වා  රිමාන්ඩ්  බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25)නියෝග කළේය. මෙසේ තව දුරටත් රිමාන්ඩ් කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවෝ දාහත් දෙනාවෙති. රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින  පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. පැමිණිල්ල  මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් එවකට  දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රවි විජේගුණවර්ධන මහතා දින පසුගිය 19වන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට කැඳවා ප්‍රකාශයක් ලබාගත් බවත් රජයේ රස පරික්ෂකවරයා වෙත යවන ලද භාණ්ඩ සම්බන්ධයෙන් තවම වාර්තා ලැබී නොමැති බවත් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු වන මනොර නමැත්තා අත්අඩංගුවට ගැනීමට සිටින බවත් කියා සිටියේය. එයට අමතරව 2සහ 3 සැකකරුවන් හැර අනෙක් සැකකරුවන් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත්‍ර දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියා සිටියේය.
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ්
0
hp_train_1896
(ක.ග.කරුණාරත්න) හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද(14) පැවති මාසික රැස්වීමේදී 2020 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 21කින් සභාසම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්හ.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්.උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රැස්වීම ආරම්භ විය. ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය. ප්‍රාද්ශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 8දෙනා අයවැය කෙටුම්පත සඳහා ජන්දය විමසීමට පෙර රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 10 දෙනා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනා එක්ව අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළහ. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය 33 කින් සමන්විතය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර 13 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙයේ මන්ත්‍රී ධූර 10 ක්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ධූර 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර 2ක් වශයෙනි.
හාරිස්පත්තුව ප්‍රා.සබේ අයවැය පරාදයි
0
hp_train_1897
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) පයාගල මලේගොඩ  ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී  තියුණු ආයුධ හා , ගිනි අවියක් සමග  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්  බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. එම සැකකරුවන් සමඟ මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවියක් හා කඩු දෙකක් පොලිස් බාරයට ගෙන ඇත. 
ගිනි අවි හා තියුණු ආයුධ සමග දෙදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_1898
 (එම් .සුසිල් ප්‍රියන්ත)මාසික සභා රැස්වීම නීත්‍යනුකූල නැතැයි කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව හේතුවෙන් අද (6) උදේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම ආරම්භ කොට විනාඩි 10 කින් පමණ අවසන් කිරීමට සභාපති අරුණ ප්‍රදීප් මහතාට සිදුවිය.මාසික සභා රැස්වීම ආරම්භයේ සිටම පාලක පක්ෂය නියෝජනය කරන සරත් ශ්‍රී ලාල් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමණ යන ඒකාබද්ධ විපක්ෂයේ සියලුම බහුරත මන්ත්‍රීවරුන් මෙවර රැස්වීම නීත්‍යානුකූලව නැතැයි කියමින් කෑකෝ ගැසීමත් සමගම දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවුහ.මේ විරෝධතාවයේ යෙදී සිටි සියලුම මන්ත්‍රීවරුන්ට සභාව පවත්වා ගෙන යාමට වාඩිවන ලෙස අවස්ථා කිහිපයකදීම  සභාපති අරුණ ප්‍රදීප් මහතා ඉල්ලීම් කළත් නෑසු කන් ඇති අයමෙන් ඔවුහු අඛණ්ඩව විරෝධතාවයේ යෙදී සිටියහ.මේ සමගම විරෝධතාවයේ යෙදී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා සුළුතරයක්වූ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම් කතාබස් ඇතිවූ අතර එක මන්ත්‍රීවරයකු පානීය වතුර බෝතලයකින් තවත් මන්ත්‍රීවරයෙකුට පහරදීමට උත්සහ කළ අයුරු ද දක්නට ලැබිණ. පැවති මේ උණුසුම් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකිවූ සභාපති අරුණ ප්‍රදීප් මහතා සභා රැස්වීමේ වැඩ කටයුතු අවසන් බව දන්වමින් සභා ගර්ඹයෙන් ඉවත්ව ගියේය.
කරන්දෙණිය ප්‍රා.සභාව උණුසුම් වෙයි
0
hp_train_1899
 රොමේෂ් මධුෂංඛ යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මර්ගයේ ඕමන්ත මංසන්ධියේ දී සුඛෝපභෝගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 924 ක ප්‍රමාණයක් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.කිලිනොච්චියේ සිට ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයට අදාළ වෑන් රථයෙන් තරුණයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර අදාළ වෑන් රථයේ කේරල ගංජා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව වවුනියාව පොලිස් නිලධාරීන් සිදුකරන ලද වැටලීමකදී වෑන් රථය තුළ සඟවා තිබූ අදාළ කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් කින්නියා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19, 26, 32, යන වයස්  පසුවන්නෝ වෙති.  
සැප රියෙන් කේරල ගංජා ඇද්ද තිදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_1900
කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) තෙවැනි දිනයටත් වර්ධනයක් පෙන්නුම් කළේය.සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී ඒකක 45.50ක එනම් සියයට 1.04ක වර්ධනයක් පෙන්නුම් කළේය. දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,439.04ක් ලෙස දැක්විණි.‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය අද දින ඉහළ යෑමක් පෙන්නුම් කළේය. දිනය අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඒකක 1,755.51ක් ලෙස දැක්වුණු අතර සියයට 2.84ක වර්ධනයක් පෙන්නුම් කළේය . එය ඒකක 48.49ක වර්ධනයකි.දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.27ක් ලෙස දැක්විණි. 055 
කොළඹ කොටස් වෙළෙඳපොළ - සියලු කොටස් මිල දර්ශකය ඉහළට
0